Jump to content

මුවදෙව් ‍දා විවරණය-උපග්‍රන්ථය

Wikibooks වෙතින්

උපග්රේන්ථය _______

මඛාදෙව ජාතය ____ ( : ) _____

නමො තස්ස භගවතො අරහතෝ සම්මාසම්බුද්ධස්ස

තවද එක් සමයෙක්හි සර්ව ලොකෛක දීපයාමාන වූ තිලේ ගුරු බුදු ර‍ජානන් වහන්සේ සැවැත් නුවරැ ජෙතවන මහා විහාරයෙහි වැඩැ වාසය කරන සේක් මහබිනික්මන් අරභයා මේ ජාතකය දාළ සේකැ.

එක් සමයෙක්හි භික්ෂුවන් වහන්සේ් සර්වරඥයන් වහන්සේගේ මහබිනික්මන් වර්ණනනා කොටැ කොටැ උන් සේකැ. එ කල්හි සර්ව ඥයන් වහන්සේ දම් සභා මණ්ඩපයට අවුත් බුද්ධාසත මස්ත‍කයෙහි වැඩැ උන් සේක් භික්ෂූ්න් වහන්සේට ආමන්ත්ර්ණය කොටැ ‘මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්ත වැ උනු ද? කිනම් කථාවක් තොපට අඩාළා වී දැ’ යි වදාරා ස්වාමිණි. අනෙක් කථාවෙකින් යුක්ත වැ උනුමෝ නො වම්හ, යි කී කල්හි, ‘මහණෙනි සර්ව ඥයන් මහබිනික්මන් නික්මුණේ දැන් මතු නො වෙයි. පළමුත් නික්මුණේ මැ වේ දැ’ යි වදාළ සේකැ. භික්සුණන් වහන්සේ එ අර්ථවය ප්රයකාශ කරනු සඳහා සර්ව ඥයන් වහන්සේට ආරාධනා කළ සේකැ. භාග්යාවත් බුදු රජාණන් වහන්සේ භාවාන්තර ප්රකතිච්ඡන්න වූ කාරණය ප්ර්කාශ කොටැ වධාල සේකැ.

යට ගිය දවැසැ විදෙහ රාජ්යයයෙහි මියුලු නුවරැ මඛාදෙව නමු රජ්ජුරු කෙනෙක් දශරාජ ධර්ම ය ‍ අකොප්යා කොටැ සර්ව ධර්මිෂ්ඨ වැ, රාජ්යම කරන්නේ යැ. එ රජ්ජුරුවෝ සුවසූ දහසක් හුවුරුදු ක්මාර ක්රීයඩා කොටැ, සුවසු දහසක් හවුරුදු යුව රජ කම් කොටැ, සුවාසූ දහසක් හවුරුදු එක රාජ්ය්ය කොටැ , බොහෝ කල් යවා එක් දවසක් කපුවා බණවා කියන්නාහු, ‘යහළු වූ කපුව යම් දවයක් මා හිසැ නර කෙසක් දුටුයේ වී නම් එ දවස් මට කියව’ යි කී හ. කපුවාත් බොහෝ කල් යවා, එක් දවසක් රජ්ජුරුවන්




230 උපග්රවන්ථ

ගේ අඳුන් වන් කෙස් අතුරෙහි තුබූ එක මැ නර කෙසක් දැක. රජ්ජුරුවන් වහන්සල, කෙස් අතුරෙහි නර කෙන්දෙක් පෙනෙන්නේ යැ’යි කී යැ. ‘ එ සේ වී නම්, සබඳ කපුව, නර ගෙස් උදුරා මා අත්ලෙහි තබව’ යි කී කල්හි, රන් අඬුයෙන් නර කෙස උදුරා රජ්ජුරුවන් ගේ අත්ලෙහි තිබී යැ.

ඒ සමයෙහි රජ්ජුරුවනට සුවාසූ දහසක් හවුරුදු ඉතිරි වැ, සිටියේ යැ. එ සේ වී නමුත් නර කෙස් දැකැලැ මා, මෘත්යුු රාජයා ඇවිත් සමීපයෙහි සිටියා මෙන් ද, .තමන් ගිනි ගත් පන්සලකට වන්නාක් මෙන් ද සිතමින්, සංවේගයට පැමිණැ, තුමු මැ තමනට අවවාද කරන්නෝ, ‘අඥාන වූ මඛාදෙවයෙනි, නුහුණුයෙහි ද, තොප සේ වූ අඥනයෙක් නැත’යි තමනට නින්දාු කළෝ යැ.

මෙ සේ ඒ රජ්ජුරුවන් නර කෙස් පහළ වූ නියාව කල්පනා කරත් කරත් අභ්යතන්තරයේ දාහ වැදැ ගත. සකල ශරීරයෙන් ඩා වැගිරෙන්නට පටන් ගත්තේ යැ. එ වේලෙහි රජ්ජුරුවෝ අද මැ නික්මැ මහණ දම් කරන්නට වටනේ යැ’ යි, කපුවාට ලක්ෂ යක් වස්තු උපදනා ගම් වරක් දී, ප්‍රධාන පුත්රැ වූ රාජ කුමාරය්න කැඳවා, ‘පුත, මා හිසැ නර කෙසක් පහණ වී යැ. එ සේ හෙයින් මම මහළු වැ ගියෙමි. මා විසින් මනුෂ්යද ලොකයෙහි අනුභළු කළ මනා සම්පතුන් අනුභළු කරන ලද්දේ යැ. මතු දිව්යර සම්පතුන් අනුභව කරනු කැමැත්තෙමි. එ සේ හෙයින් මහණ වන්නට දැන් මට කල් වන්නේ යැ. තෙපි මේ රාජ්ය්ය පාවා ගනුව මම මහණ වැ මඛාදෙව් නම්, අඹ උයනෙහි වැසැ මහණ දම් කෙරෙමි’ යි කී හ. මෙ‍ සේ මහණ වනු කැමැත්තා වූ රජ්ජුරුවන් කරා අමාත්යපයෝ එළැඹැ ‘ස්විමීනි නුඹ වහන්සේ කවර කාරණයෙකින් මහණ වන සේක් ද? යි විචාළෝ යැ. රජ්ජුරුවෝ නර කෙස ඇතින් ගෙනැ, තමන් මහණ වන කාරණය කියන්නාහු, ‘ප්ර්ථම වයස යැ මධ්ය ම වයස යැ පශ්චිම වයස යැ යි කියන ලද තුන් වයස මැ නසන හෙයින් වසය පැහැරැ ගන්නා වූ මේ නර කෙස මා ගේ හිසැ හට ගත්තේ යැ. හිසැ නර කෙස් හටැ ගත් විටැ මැ මරුවා අවුත් නළල් තෙළෙහි සිටියේ නම් වෙයි. නර කෙස නම් යම රජ්ජුරුවන් විසින් එවන ලද දෙව දූතයකු වැන්නෙයි. එ සේ







උපග්රරන්ථය 231

හෙයින් අද මැ මහණ වන්නට කල් වන්නේ යැ’යි අමාත්යනයනට කියා, එ දවස් මැ රාජ්ය්ය හැරැ ඍෂි ප්ර්ව්රකජ්යානයෙන් පැවිදි වැ, මඛාදෙව නම් අඹ උයනෙහි වෙසෙමින් සුවාසූ දහසක් හවුරුදු මුළුල්ලෙහි මෛත්රීය කරුණා, මුදිත, උපෙක්ෂා් යැ යි කියන ලද චතුර්විධි බ්රනශ්මවිහාර භාවනා කොටැ, නොපිරිහුණා වු ධ්යා‍නයෙන් ගොස්, බ්රාහ්ම ලොකයෙහි ඉපැදැ. නැවැතැ එයින් ව්යු ත වැ අවුත් මියුලු නුවරැ මැ ඉපැ, පසුබස්නාවූ තමන්ගේ වංශය ගළපා, එම අඹ උයනෙහි දී මහණ වැ බ්ර්හ්මවිහාර භාවනා කොටැ, නැවතැ බ්රාහ්මලොකයෙහි උපන්නැහු යැ.

ශාස්තෘ වූ බුදු රජාණන් වහන්සේ ‘මහණෙනි’ සර්වඋඥයන් මහබිනික්මන් නික්මුනේ දැන් මතු නො වෙයි. පෙරත් නික් මුණෝ මැ වේ දැ’යි කියා මේ ධර්ම දෙශනාව ගෙනැ ඇරැ දක්වා වදාරා චතුරාර්ය්සත්යොය ප්රුකාශ කළ සේකැ. චතුස්සත්යේ ධර්මා දෙශනාව ගේ කෙළවරැ ඒ බික්ෂුයවන් ‍වහන්සේ අතුරින් සමහර කෙනෙකුන් වහන්සේ සෝවාන් ඵලයෙන් පිහිටි සේකැ, සමහර කෙනෙකුන් වහන්සේ සකෘදාගාමි ඵලයෙහි පිටිහි සේකැ, සමහර කෙනෙකුන් වහන්සේ ආනාගාමි ඵලයෙහි බිහිවි සේකැ.

මෙසේ බුදු රජාණන් වහන්සේ අතීත කථාවත් වර්ත මාන කථාවත් දෙක එක් ටකාටැ සන්ධිි ගළපා මේ මඛාදෙව ජාතකය නිමවා වදාළ සේකැ. ‘එ සමයෙහි කපුවා නම් දැන් මේ ආනන්දත ස්ථවිරයෝ යැ. එසමයෙහි ප්රිධාන පුත්රි නම් දැන් මේ රාහුල ස්ථවි‍රයෝ යැ. එ සමයෙහි මඛාදෙව රජ නම් දැන් මේ තිලොගුරු සම්යලක් සම්බුදු රජ වු මම් මැ වේ දැ’ යි තමන් වහන්සේ දක්වා වදළ සේක.

මඛදෙව ජාතකය නිමි.