මුවදෙව් ‍දා විවරණය-මුව දෙව් දා ව i

Wikibooks වෙතින්
නමවු මුණි සරණ

¬¬¬____

1 නුවණ නි ස යු ‍රා විනේ කුමුදු නිස යු රා කෙලෙස් තුසර දිව යු රා බව දුක් ළැවු අග යු රා

2 සත් තිසර ස රා ගුණ බිඟු පෙළ මහ ස රා විසා දල නිදු ප ස රා කිත් ගජන් කැන් කෙ ස රා

3 රා වස ම තු රා සග මොක් සුව’ග ය තු රා උවදුරු අඳුරු මි තු‍ රා නමවූ තිලොවෙකැ මි තු රා


                                                 සැසැඳිලි

2. (1) ‘සපුරා’ යනු පිටපත්හි එයි. එළිය කෙලෙසයි. ‘ඒ පසරා’ විය හැකි. ව්යා.කරණ විවරණය බලන්නැ.

(2) ‘ගජ කැන්’ යනු පිටපත්හි එයි. විරිත බිඳී ‘කැනට’ යැ යි ගත භග්න - ප්රාක්රගම දොෂය වෙයි. ප්රිබන්ධොපදෙශය බලන්නැ.

(3) ‘සුව සතුරා’ යනු යැ පිටපත්හි එනුයේ විරිත බිඳි. ‘ සුවට සතුරා’ යැ යි ගත භග්න - ප්රදක්රයම යි.

2 මුවදෙව් දාව

4. හඟිම් මා මෙනෙන් - ගුණ හිමියා කියන්නට පොහොම් නෙළුඹැ සින ‘වුණා - පලඳුත් හොත් තුසර හර 5. ඉතිඳු හොත් කියම් - ගුණ ලොබිනි ලෝ හිමියා මෙනෙහි වරද නො බජවු - ගුණෙකැත් නම් මෙහි බජ වූ 6. අප මුනිඳෙක් කලක් - රජ සිරි පැමිණි යෙහෙන් වෙසෙ මිනිසැ නරක් දුටු - කෙණෙහි ඉසි වෙස් රිස්වී 7. ඉති තුරුණු පැළෙව් - මෙ දා සැකෙවින් දක්වා පලු පල මල් සසිරි - තුරුවත් විතර ප‍ානෙමි 8. අනෙ නුවර දෙලෙ - නුදුල දඹදිව් තල විමල් රත් පියුමැත් කෙමි එව් - බිජි නුවර මියුලු නම් 9. පහා උස් බවට - තොස් වී රිවි එ පුරවරු දැකැ සී මැඳුරෝරේ - වුවන් පියුම් වරඟනන් 10. දොරටු හලු මිණි වැණි - රැස ලෙසිනෙ පුර වෙරේ හැලී ‍හිරු මෙරජ රජ - රැයි දු නිතොර වි මෙන් 11. පිලිබිඹු හුණු මරා - මිණි තොරණින් ‍ෙවාරජනා පිළි මිනි කැට බිත් පෑ - සස ලපිනුදුළ පුනු සඳ 12. පළ හෙළ කෙලෙස නො - යි ළැගෙන රුදු පහා කුස් හර දළ ලකළ අසර - සිසි රස්නි ලද අවසර 13. පුර‍ ‍යොනන් වූවන් - නුවන් පිළිබිඹු දිස්නා මිණි කැට බිතෙ පුර වෙරේ - පියුමුපුල ‘වුල් විල් පැ 14. වුවන් සිසිනෙ පුර - යෙනන් කවළියැ කවළියැ බැලී පුන් සසි තමා - පිළි බිඹු හොයි ඉබොහො වු




සැසැදිලි 3 4. හහිම්ද (පිටපත්)

5. (1) වරදක් (පිටපත්)

(2) එකාර්ථ යෙහි ‘බජචු’ ‘බජවු’ යැ යි දෙ තැනෙකැ යෙදිම නො වැනැවි.

6. වෙසෙමින් ඉසැ - (පිටපත්)

7. පැළකෙව් - (පිටපත්) ‘තුරක්’ යැ යි පසු වැ නො කියැවෙන හෙයින් භග්න - ප්රකක්ර ම යි

8. දල දුල - (ඇතැම්) ‘දෙලෙන් උදුළ - පත්රුයෙන් උප්පල වු’ යැ යි අරුත් පවසන්නැ.

(2) රුවන් - (පිටපත්) ‘ස්වණර්‍’ යන අර්ථපය හා නො ගැළැපේ

(3) මියුලු නුවර නම් - (පිටපත්.)

9. (1) ‘පහ’ - (පිටෙපත් ) එ කල ‘පහා’ යනු මැ යැ යෙදුණේ.

10. ‘හැලි නිතොර වි - මෙන් රැයිදු එ පුර ‍ෙව‍රේ. හිරු මෙරජ රජ දොරටු - හලු මිණි වැනි රස් ලෙසින්’ මෙ සේ ගත විරිත නොබි‍ඳේ.

11. ප්රනථම පාදය මාත්රාි 9 යි. අග ගුරු හෙයින් පිරිමැසේ.

12. පළ හෙළ කෙලෙස හොයි ළැහෙන රැදු පහ කුස් හර දළ ලකළ සර සිසි රස්නි ලද වසරා - (පිටපත්.) ‍’රෙඛා මාත්රා වූ චන්ද්ර තෙමේ ප්රා සාදයෙහි ශුභ්රා රශ්මින් කරණ කොටැ ගෙනැ සම්පූර්ණඛ වූවාක් ‍වැනි වී’ (සන්න.)

13. ‘යෝනත්’ - (පිටපත්.) එ කලැ ‘යෝන’ ශබ්දයෙක් ‘යුවති’ අර්ථ යෙහි නො යෙදුණු සේ යැ.

14. කවුළුවලියේ - (ඇතැම්.) ‘කාවාටයක් කවාටයක් පාසා’ -(සන්න.)



4 මුවදෙව් දාව

15. කෙණෙහි කෙණෙ හි සරා - සිසි බිඹු නොයෙක්‍ වෙස් පෑ හෙම් මරා පියුම් රා -- සියන ‘හෙහි ලා එ පුරේ 16. කෙළිතු මත ‘ඹුවන් - පෙද ‘ සා නුරු වළා රැවු දැහැ දිගු විල් තිසර පෙළ - දැවැ වන් රුදු පහා කුස් 17. නන් රුවනුදුළැගෑ - රස් දිළියෙත අඹරෙහි රැයි දු පෑ ඒ පුර වර - පැහැ සර දෙව් දුනු කලබ 18. සුනිල් වලා සිරි - පෑ ලෙළ බලා වැළ සහ මරා මිනි තොරණෙ පුරේ - සල මුතු ලැල් වැජඹනා 19. නරුතුරු රුදු පහා - කන සැත්තේ ගැහැටමෙන් සිසුහු සස ලේ ලෙස්තෙන් - කර හුන් වනෙව් ඇඟෙහි 20. රුසිරු සී මැඳුරේ - පුර යොනන් වූවන සඳ පැකිල්වි සළඑළුවන් - නරතුරු අතුරු වෙහි 21. සරා වෙළෙහි ද්රරවි - කොමළ විදු ලිය හුණු වන් තල පත රන් කෙහෙල්ලෙ - පහන් පැහැ කිඳු හුණුයෙන් 22 රෙදෙ සන්හිනෙ පුරේ- තුරග කුර ගසිනුදුහු ගජ මේ කුළින් වස්නා - පබඳ මද පොද වැසසෙන් 23 කෙවුලී එහි මරා - මිණි තොරණෙරුණු පුනු සඳ පිරිසුදුහු දු මිලින් හා - මිලියෙන් සසඟනෙත් වී 24. පුර ‘ඹුවන් වූවන් - සිසිනුදුළ එ පුර නුබේ දෙනෙ දත් සොමි සරා සඳ - සස ලේ සනින් තොර කොටැ 25. ගුණ කඳ ගත පිළි - මිණි තුඟු ඇගෑ ලෙස්නෙන් පලු කුසුම් දිනි මෙන් - ද මුතු - ලැලින් එ පුරේ




සැසැදිලි 5


15. ප්ර ථම පාදයේ අගැ ගුරෙකි. විරිත නො බිඳේ

16. තුන් වැනි සතර වැනි පාද මාරු කළ කලැ විරිත රැකේ. ‘තිසර පෙළ දැහැ දිගු විල්’ යැ යි තුන් වැන්න ගත ද පිරිමැසේ

17. මුල් පාදයෙහි අගැ ගුරක් ද දෙ වැනි පාදයෙහි අගැ ලුහුවක් ද වන හෙයින් විරිත රැකේ.

‘දිළියෙත අඹරෙහි - නන් රුවනුදුළැගෑ රස්’ යි ගත පිරිමැසුම් නුවූවමනා යැ.

18. වැජැඹෙනා - (ඇතැම්.)

19. (11) ගැහැටෙමින් -(ඇතැම්.)

(2) 2 වැනි 3 වැනි පාද මාරු කලා පිරිමැසුම් නැති වෑ මැ විරිත රැකේ.

20. ‘පුර යොනන් වූවන් - සඳ රුසිරු සි මැඳුරේ’ යැ යි ගත විරිත පියෙවින් මැ පිරේ.

22. (1) සන්හුනෙ - (ඇතැම්.) (2) කුළෙන් - (ඇතැම්.)

24 (1) සසිනුදුළේ පුර - (පිටපත්.) එ කලැ ‘ඒ’ යනු විශෙෂණ වැ නෙ සිටි සේ යැ.

(2) ‘සොමි සරා සඳ දෙනෙ දත්’ යන විසින් හෝ ‘දෙන දත් සොමි සොඳ සරා’ යන විසින් හෝ 3 වැනි පාදය ගත විරිත රැකේ.






6 මුවදෙව් දාව

26. වී එව් රත පුර - යොනන් වුවනට කෝ කොටැ කන තොරණැ පියුම්රා - මිණි කැල්මේ කුමුටු සඳ 27. ගන කල්හි දු වලා - සරා වලා විලස් පෑ පැහැ වතුරේ කුමුඳුමින් - මහ අවුරේ පුර වෙරේ 28. සුනිල් මිණි ගෙ රුදු - මිහිඟු පහරින් නුඑසේ නො හඹල පිල් ගෙ මොනර - වාරේ කලා කල්හිදු 29. රුදු පහා අගැ වතළ - සොමි සරා වලා රද සුළගිනි යන මඳ මඳ - කේලි කෙවුලී එ පුරේ 30. දහවල් සෙයින් රැයි - දු නො ගත් සිතෙ පුර වර අබිසරුවන් පියුම්රා - මිණි වැණි රස් දිදුලින් 31. දල නිදු හොයි සැකී - නො එක නො ද දෙ ගමන්හි දු සැහී බටෙ පුර වරට - ගුරුළුදදා ගුරුළු රද 32. මන දොළ හළ සලළු - සුර කැන් බදෙව් කෙළියේ නුවන් රසයින් සසිරි - සිරි පැමිණැ ඒ පුරැ පිරි

ඉති පුර වැනුම් _______

33. වි මුවදෙව් නම් - නිරිඳු තුමෙක් පුර වෙරේ කළෙක හෙළ මුළු පොළෝ - යස වතුරින් නරතුරින් 34. උවිඳු උරෙහි තමා - පිලිබිඹු දිසුත් නුසුහූ සතුටු වැ එ නර වරා - වුසු සිරි පා මුල්හි 35. එ රජ පුන් සිසින් - විමල් යස රස් පැතිරෙත් රුපුන ‘ඹුවනෙස් සඳකැන් - මිණින් මිමී ඇස් දර තෝ



සැසැඳලි 7

29. ‘රුදු පහ අගැ වතළ සොමි සරා වලා රද’ -(පිටපත්) විරිතට පිහිට නැති. ‘වතළ සොමි සරා - වලා රද රුදු පහසගැ’ යි ගත විරිත ‍පිරේ. පහ + අගැ = පහයගැ

30. (1) ‘රැයිදු නො ගත්සිත් - එ පුර වර අබිසරුවක් පියුම් රා මිනි වැළණි රස් - දුදුලින් දහවල් සෙයින්’ මෙ සේ ගත විරිත රැකේ.

(2) දිදුලෙන් - (ඇතැම්.)

31. නො එක නො ද ගමන්හි -(පිටපත්.) ‘විතීය තෘතීය ගමනයෙහි දු’ –(සන්න) ‘නො එක නො දෙ ගමන්හි දු’ යැ යි ගෙනැ එසේ අර්ථ කිව ද යෙදෙයි.

32. (1) ‘මන දොළ හළ මදොව් - කෙළියේ සලඵ සුර කැන්’ යි ගත විරිත රැකේ.

(2) මුදෙව් - (ඇතැම්) (3) රසයෙන් - (පිටපත්) ‘නයන රසායන බැවින්’ (සන්ත.)

(4) පැමිණි - (පිටපත්.) ‘සම්ප්රානප්ත වැ’ – (සන්න)

33. වතුරෙන් නරතුරෙන් - (පිටපත්)

35. මිමී ඇස් (පිටපත්.) ‘මිමියැස්’ යැ යි ගත හැකි. මිමි + ඇස් = මිමියැස්.







8 මුවදෙව් දාව

36 නරනිඳුහු සරණ - නියරැස් අහස්ගඟ තෝ නහා රපු රාජ විජ මුළු - සුවදා සැපවත් මොක් පත් 37 දසනුදසැ පතළොහු - විමල් යස රස් වතුරේ ගැලී හිරු නිසයුරා - සස ලේ සුන් විලස් පෑ 38 පෙදෙසි නිරිඳුන් මුඳුන් - ලකුළු හිමි කිරුළු කුළු මිණි රස් ලෙසින් බැබැළි - නරතුරු තෙදෙ ‘නර වරා 39 නරතුරු නිතොර වැ - එ නර වරා බැම ලියෙන් මිමී විපත් සුපක්නට - කුරිරු මරණ පිය කරණ 40 වසතෙ ‘නර වරණ - මුව පුල් තඹුර ගැබෙහි මහ බඹ නො ලද විදුනා - සරසවිය වල් විදුනා 41 නිරිඳු සඳ ගිරිඳු - බුජ කුළු ලකුළු ගස සී හී රුපු ඇත් මුඳුනේ - දළ දප් මුල කලබ ගත් 42 කො ගිනි එ නිරිඳු - විපක් අසි පතිනි දලු නිවී ඔවුන් සෙ පියන් - නුවන් කෙළෙනාස්දරතො 43 නුමුත් මඩ නරනි - ඳුහු වත් දොරින් ගිම්හි දු පඬුරට අළ වරණන් - පබඳ මද පොද වැස්සෙන් 44 සැපැමිනි නරනිඳුහු - එ වත් දොරට ගුණ ලොල් සලළු දෙනෙ ලද සිත් දොළ - ‍අනේ නිරිඳුන් දැක්මෙන් 45 ඔබා සතැවුලිය - මුළු ලෙව්හි දත් දෙමිනි දු දොර ද නො දිනෙ ‘නරනිඳු - නරතුරු දුගී ගරහට 46 නටන දෙව’ඹුවන් - යස යි ගා එ නර වරා හළ පුවළ අමර සෙත් - අසි ගත් දිග’ත්හි තමා



සැසඳලි 9

36 ‘රුපු රජ විප් මුළු නහා’ යැයි ගත විරිත රැකේ.

37. විරිත නට සේ යැ.

‘දස ‘නුදසොහු විමල් - පතළ යස රස් වතුරේ’ යැ යි ගත විරිත රැකේ.

38. (1) ‘හිමි පෙදෙසි නිරිඳුන් - මුදුන් ලකුළු කිරුළු කුළු’ යැ යි ගත විරිත නො නසී

‘පෙදෙසි රදුන් මුදුන් - ලකුළු හිවි කුරුළු කළු යි ද ගත හැකි පදෙස නිරිඳුන් යන්නට ‘ප්රසදෙශ රාජයන් ගේ’ යනු සත්ත යි ‘නිරිඳුන්’ යන්නට නම් සන්න වනුයේ ‘නරේන්ර්ශ යන්ගේ’ යනු යි. එ හෙයින් ‘රදුන්’ යන්න මැතෙකැ දී ‘නිරිඳුන්’ යන්නට පෙරැළුණු සැටි යැ.

(2) පදෙස (පිටපත්)

39. ‘විපක්සුපක්නට මිමි’ යැ යි ගත විරිත රැකේ.

43. (1) ‘නරනි’ - යන්නෙන් ප්ර ථම පාදය නවතී.

(2) ‘පඬුරු කොට’ ළ - (ඇතැම්)

44. ‘නරනිඳු හු එ වත් - දොරට සැපැමිනි ගුණ ‍ලොල්’ යැයි ගත විරිතට අනියම් පිහිට නුවුමනා යැ.







10 මුවදෙව් දාව

47 මහගු ගුණෙන් මුළු - ලො මුදුන් වැ දේ නිරිඳු සඳ අනා ගුණෙනි කෙණෙක්හි - දු දිහියැ නො හිණි ලොල් බව්

ඉතිරි රද වැනුම් ____

48

       සරා සිරි එළැඹි - එ නිරිඳුහු ලෝ රක්නා

සෙමෙහි සිය තික් තෙද රද - දලන ගිනි පවුරු සියෙන් 49 සමග ගිය ඇවිළී - විළී බලා වැළ සරා සරා නුබ කුස්හි දුනු - දුනු තිසර වැළ සිරින් 50 සරා රිවි කෙසරා - සුනිල් ගුවන් මිනි තෙලේ වජඹුතු එ කල්හි පැලෑ - මහ මෙ තෙ ගිජිඳු මුළු

                         	     	51

කෙරෙමින් මෙන් නිහිය - වන වමියන් මන් පෙරටු ගමළ කොමළ මඳ මඳ - මුවරඳ ගඳ ‘වල පටන් 52 නො ලදිනෙ ‘කල් සොමි - පහස් ‍පියොවුරු මඬලේ මහ ගල් කල් නො පලන් - සිකි කැන් නිලිපුල් කලබ 53 මත ගජ රජ කට - කසත ළ සල් යටියෙහි දැහැ ලොල් මත් බමර මුමු - මෙහොතක් අහස්හි බුමු 54 විල් කල් සෙරෙනා - තිසර යෙහෙළියන් පෙවු සුපුල් පියුම් පියුම්රා -මිණි තැටියෙන් මී මියුරු 55 නො හඹළ දැ සිකි පිල් - සඳැස් බෙයද මඬලේ ගිරි නිල් මල් කෙළෙ දියුණු - වියොව ‘ඹුවනට තැවුලී 56 නෙලෙනෙත පුල් පියුම් - මුවරඳිනි වත රන්වන් කල හස නො සැදිනැ පියා - මොහොතක් මුළා වැ බුමු




සැසඳිලි 11

47. (1) ‘දිහියැ නො හිණි ලොල් බව් - අනා ගුණෙති කෙණෙක්හි දු’ යැ යි. පාදමාරු කළ කලැ විරිත රැකේ.

(2) ‘දනා’ යන්නට සන්නයෙහි ‘ජනයා ගෙ’ යැ යි අරුත පැවැසිණ. එද නො ගැළැපෙන්නේ නො වේ. තමා ජනයා ගේ රජ වැ ගුණයෙන් අග්රැ වැ ජනයා ගේ ගුණයෙහි ලොල භාවය හැරියැ නො හැකි‍ වී.

48. ‘සිය තික් තෙද රද - දලන ගිනි පවුරු සියෙන් එ නිරිඳුහු ලෝ රක්නා - සෙමෙහි සරා සිරි එළැ‍ඹි’ මෙ සේ ගත් කලැ විරිත පිරේ.

51. ‘නිහිය කෙරෙමින් මෙන්’ යැ යි ගත් කලැ ප්රුථම පාදයෙහි විරත රැකේ.

53. (1) යටියේ - (පිටපත්.)

(2) ‘මොහොතකහස්හි බුමු - දැහැ ලොල් මත් බමර මුළු’ මෙ සේ ගත් කලැ අපරාර්ධලයෙහි විරිත නො නසී.

54. ‘පෙවු විල් සෙරෙනා - කල් තිසර යෙහෙළියන්’ (පිටපත්.) ‘විල් කල් - සරසී නමැති කාන්තා තොමෝ’ (සන්න.)

55. ‘නො හඹළ ද සඳැස් - පිල් සිකි බෙයද මඬලේ වියොව ‘ඹුවනට තැවුලි - දියුණු කෙළෙ ගිරිනිල් මල්’ මෙ සේ ගත් කලැ විරිතට හානි නැති







12 මුවදෙව් දාව

57. අවුදු ගිරා පෙළ - වන හිස්හි ලොලිනැවිසි සදමිති මෙන් පුල් ලෙළ - ලියනහලා ලියෙන් වල් 58. නැඟි බැසැ බමන - බමර කැලන ‘වල විමල් සුපුල් පියුමිළු බැබැළි - සහදුම් දුම්කෙහෙල්ලෙව් 59. උපුල් නෙතින් තඹුරු - කැකුළු පින් ‍ පියොවුරින් තිසර වැළ ලෙළ මෙවුලින් - මන ගත්හු විල් කොනො 60. හෙබි ගුවන් සරා - මල ‘වල සිසි බිඹු පුලින් පියැවී මැසි පියන් ළේ- වනනැස් ගැලී කඳළේ

ඉති සරා වැනුම් _______

61 සරා සිරින’ද පුන් - සරා සිසිනු සෙපියන් මන දොළ පුරන්නසිනෙව් - රිවි පත් අත් ගිරි තල 62 දවසුවිඳු සුරිඳු - දස අත්නි හිරු සක් ලා ගැසූ අත් ගිරි අසුරා - හුරිර ‘ද මෙන් අවර දිගු 63. නික්මෙරජ කිමිඳැ - අවර දල නිදු මැදෙහි දිය පිටු ලකුළු රස් කිඳු - කෙරෙන් දිය මින් පෑ මෙන් 64. මුළු ලෝ නිවෙමිනි - මෙන් රිවිහු තෙදිනි දුලු වජඹුත් සඳ පැහැ තැවැරැ - තම පැළ පැදුම් දෙ දෙ‍ෙසන් 65. සදෑ පුදන්නට - විහිරූ දිව ඉසි ගණා දල බිඳු මෙන් ගුවන්හි - සහතර තරු වැළ බිජි 66. ලොඳුළු වන් වන හිස - උදුළ සැඳෑ කැල්මෙන් නරතුරු අඳුරු පැතිරෙත් - සමඟ මුහුකුළු වන් වී



සැසැඳිලි 13


67. ලොලිනවුසී - (පිටපත්.) අවුසී - සඤ්චාරණය කළේ යැ -(සන්න)


59. ‘තඹුරු කැකැළු පින් - පියොවුරින් උපුල් නෙතින් මන ගත්හු විල් යොනෝ - තිසර වැළ ලෙළ මෙවුලින්’ -මෙ සේ ගත් කැලැ විරිත නො නසී


61. තලා - (බොහෝ පිටපත්)


63. දියමින් පැ මෙන් - දිය පිටු ලකුළු රස් කිඳු කෙරෙන් අවර දල නිදු - මැදෙහි කිමිඳැ තික්මෙරද’ - මෙ සේ ගත් කලැ විරිත නොබිඳේ.


64. ‘වජඹුතු තැවැරැ සද පෑ - යැ යි තුන් වැනි පාදය ගත් කලැ විරිතට හානි නැති


66. ‘ළොඳුළු වන් උදුළ - වන හිස සැදෑ කැල්මෙන්’ ‘මෙ සේ ගත් කලැ විරිත පිරේ.








14 මුවදෙව් දාව

67. හිරු පිය හට සෙවින් - ලු වන විල් වමියන් සවස නල මෙන් සසිනිඳු - සවස නල හ‍මළෙ මොළො 68. සලත දිය වැඩෙති - කිරි සයුර ගෙවිඳුහු උරැ වතළ කිරි සිසලිල් බිඳු - වැනි වි තරු නුබ තෙලේ 69. හෙබි සමහර දිසි -- සුපුන් සිසි එ සමාහි මුහුදිඳුහු රද්රද වොටුනේ -- විලසින් කඩා මල් කඩ

ඉති සැඳැ වැනුම්. _______

70. පැහැරැ පැහරැ මුහුදු -- දළ රළ අතින් මඳ මඳ තහා ලී එව් පුන් සඳ -- සුනිල් විමල’ ඔරොරට 71. පළ කැලුම’ළු සස ලේ -- පුන් සඳ මඩලෙ කල්හි බිජි මුහුදොරේ හුන් -- පැහැ නඳ සෙවෙල් හරණින් 72. සොමි සිසි රස් පතර -- වතුරු රැගත් නුබ තල නුඹ ගහ පඩෙර තෝ හුණු -- දල නිදු කැලුම් ඉසිලි 73. තික්මෙරජ මෙරජින් -- දුලු කිමිඳැ නුඹ තෙල් විරි මෙන් සුපුන් සඳ -- දස බින්හි රස් පැතිරෙත් 74. දිසුන් හොත් පළ වැ -- සුනිල් සස ලේ පුන් සඳ මැද’ තුරෙහි මෙරජ රජ -- පළමු මැ විරූ වන් වී 75. මලිගිය මල් දම් -- විලසින් සොමි සරා සඳ කලුන් සැදි වරල්හි -- පැහැ කොමළ’තින් ගත් වන් 76. සොමි සුනිල් ගුවන් -- තල ඉඳුනිල් මිණි තෙලේ සිසි ඌලින් කිරණ කිරි -- සිලිලෙ’ක් වන් මිමි මෙන් 77. දිය නැත් මැ යි දියැ -- සහතෙදනට ද තොසහා වියොවග එ දා සඳහා -- දුනු ගතු නු පුන් සඳහා


සැසඳිලි 15

67. (1) ‘වන විල් වමියන් - හිරු පිය හට සෙවින් ලූ. සවස නල මෙන් සිනිඳු - සවස තල හ‍මලෙ මොළොක්’ -මෙ සේ ගත් කැලැ විරිත නොබිඳේ.

(2) සොවින් - (ඇතැම්)

70. ‘පැහැරැ පැහැරැ දළ- රළ තින් මුහුදු මද මද විමල’ඹරෝරට සුනිල් - නගා ලී එව් පුන් සඳ’ මෙ සේ ගත විරිතට විරිදු නො වේ.

71. ‘පළ කැලු’ මලු සස - ලේ පුන් සඳ මඬලෙ කල්’ මෙ සේ ගත විරි පිරෙයි.

72. ‘නුඹ තන සොමි සිසි - රස් පතර වතුරු රැගත් දල නිදු කැලුම්සිලී - නුබ ගඟ පඬෙර තෝ හුණු’ -විරිත පිරෙන්නට මෙ මෙ සේ ගත යුතු.

74. (1) දිසුත් හොත් - ‘දෘශ්යතමාන වූවහොත්’යැ යි අරුත් හන්නැ.

(2) පළමු වැ - (පිටපත් ) ‘ප්රනථමයෙන් මැ’ – (සන්න)

76. (1) ‘සිසි ඌලින් මිමී මෙන් - කිරණ කිරි සිලිලෙක් වන්’ -විරිත රක්නට මෙ සේ ගත යුතු යැ.

(2) ඌලෙන් - (ඇතැම්.)

77. දිය නැත් මැ යි දියෙහි - (පිටපත්.) විරිත බිඳේ ‘දියේ’ යැ යි කිව රැකෙයි.






16 මුවදෙව් දාව

78. බැරි මුළු ලෝ සගන්නෙ -හුදු පිරිසුදුනුදු හොත් නො ගත් ළ සුපුන් සඳ - අබිසරු‍වනෙ සමාහි 79. කලුන් සොසුළු වුවත් - ඉගිලී ගිය වරල් (හා) බලා එදා මල්හී - තම හට මැ ලී මල් හි 80. ලළන කියඹු වැළින් - ගලතැස්හි සිඳුවර රොන් එතර නුදුටු හු පියෝ - පැහැ සර වටොර සෙපියන් 81. අප සිසිහු දිනි - පුර අඹුවන් වුවන් සඳ වී සිසි කත් තොරණෝ - මමන දිය ලෙසිනෙරුණෝ 82. කලුන් කන් මහනෙල් - ගෙල් ලැබැ වැට මැඬිය ද මන දොළ පිරී පියන් - රසන් දම් මිණි මෙ රජ රජ 83. වුවන් සියොවියොවුන් - සැදු මෙනෙ සමාහි නිස කත් පුන් සිසි මෙ රජ - සුනිල් සස ලේ කැල්මෙන් 84. නිස කත කෙළුතු ඉති - මන දොළ පුරා සෙපියන් දැකැ විළිනෙව් හැකිළි - ගිය වන් වූ කෙණෙක්හි

ඉති නිස වැනුම්. ______

85. මරා මිනි තැටියොත - කොමළ මුතු සිරි බිජි තෙළුඹු දල ගබැ සසිනිඳු - පැහැ සර සැදි තුසර බිඳු 86. අදින් කලුන් කෙළි - සරතඟ නොදක්මි වී ගිය එව් වඩා තැවුලි - පියා පැහැ වැට වෙවුලා 87. රවන බමන ගෙණෙ - මඳ මුහුලු කුමුදුහි හි පිඹැ නරතුරු සක් ලා - පො‍බයා මෙන් නිරිඳු සඳු



සැසැඳිලි 17

78. විරිත නැසුණේ යැ. ‘හුදු පිරිසුදුනුදු හොත්’ යන්නට සියලු පිට පත් ‘කෙවල පරිශුද්ධයෝ ද වි නමුත්’ යැ යි ව්යාහකරණ විරොධ වාක්යනයෙකින් අර්ථය දෙයි. ‘ළ නො ගත් සඳ සුපුන් - අබිසරූවනෙ සමාහි හුදු පිරිසුදුනුදු හොත් - බැරි මුළු ලෝ සගන්නේ’ යනු නම් විරිතට පිරිමසී.

79. (1) සෙසිළු - සේසිළු - සොසිළු - යන ඈ විසින් පිටපත්හි පාඨය ‍ නානාවිධ වෙයි. ‘සෙවද ජලය දැරූ’ යනු සන්නයි. (2) ඉහිල් ගිය -‍ (පිටපත්) ‘ශිථීල වැ ගියා වූ’ – (සන්න) (3) ‘හා’ යනු පි‍ටපත්හි නො ඒ. එ නැත විරිත නැසේ (4) ජානකි හරණ 7 – 18 බලන්නේ යැ.

82. (1) වැඩිය ද - (බොහෝ.) (2) සේපියන් - (හැම පිටපත්) (3) අපරාර්ධියෙහි විරිත තටුයේ යැ. අවසන්හි ‘රජ’ යනු හළ හොත් පිරිමැසේ. ඇතැම් පිටපත්හි ‘රජ’ යනු කපා හළ ලෙසෙක් පෙන්.