Jump to content

මුවදෙව් ‍දා විවරණය-විවරණය i

Wikibooks වෙතින්

මුවදෙව් දා විවරණය ____________________



නමං සර්ව_ඥාය. _______



ප්ර_ඥායා දීපත්යෙ සම්යඑකප්රවණම්යෙදවයවාදිනම් ලඝවිං කූර්වෙ_ මඛාදෙවජාතකස්යා ර්ථළවර්ණ නාම’

සවසති ශ්රිවඝන සුගත තථාගතයන් ගේ පූර්වානවදාන චරිතයක් කවිභාෂායෙන් දක්වනු කැමැති වැ, මඛාදෙව ජාතකය කථා ශරීර කොටැ ගෙනැ කාව්‍ය ප්රෙබන්ධ්යක් කරන්නා වූ ආචාර්යඝ පාදයෝ, විඝෙනාපශමනය පිණිසැ ඉෂ්ට දෙවතානුස්මරණය කරන්නාහු, ‘නුවණ ති සයුරා’ යනාදිය කියත්.

1. සිටැ 3.

අන්වය: [1] නුවණ නි සයුරා, විනේ කුමුදු තිසයුරා, කෙලෙස් තුසර දිවයුරා, බව දුකු ළැවු අග අයුරා, [2] සත් තිසර සරා, ගුණ බිගු පෙළ මහ සරා, විසා දල තිදු පසාරා, තිත් ගජන් කැන් කෙසරා, [3] රා වස මතුරා, සග මොක් සුව අග යතුරා, උවදුරු අඳුරු මිතුරා, තිලොව් එක මිතුරා නමවු.

පදාර්ථා : [1] ඥනා [නමැති ] තදීනට සාගර [වූ,] විනෙය [ජන නමැති] කුමුදයනට නිශාකර [වූ, ] ක්ලේශ [නමැති] තුෂාර යට දිවාකර [වූ,] භව දූඃඛ [නමැති] දාවයට අග්නි ආකාර [වූ,] [2] සත්පුරුෂ [නමැති] හංසයනට සරසි [වූ,] ගුණ [නමැති] හෘඬග පංක්තියට මහා පද්ම [වූ,] විෂය [නමැති ] ජලනිදධියට උඩුප [වූ,] තිර්ථචක [නමැති] හස්ති සමූහ‍යට කෙසරි [වූ, ] [ 3 ] රාග [නමැති] විෂයට මන්ත්රර [වූ,] ස්වර්ගා මොක්ෂි සුඛයට අග්රස යාත්රාු [වූ,] උපද්රධව [නමැති] අන්ධ]කාරයට ප්රිදීප [වූ,] ත්රිවලොකයට එක මිත්රොයා වඳිමු.





34 මුවදෙව් දා විවරණය [1,2,3

විස්තර: බුදුන් වදනට මේ කි සැටිය. නුවණින් අග්ර වන හෙයින් ද , විනෙය ජනයන් පුබුදුවන හෙයින් ද, ක්ලෙශන් දුරු කරන හෙයින් ද, සසර දුක් නසන හෙයින් ද, සත්පුරුෂ යන් පිනවන හෙයින් ද, ගුණයන් ඇදැ ගන්නා හෙයින් ද, පංච කාමාශායෙන් මිදීමට වහල් වන හෙයින්ද, තිර්වරකයන් පරදවන හෙයින් ද, රාගය නසන හෙයින් ද, දිව සැපතට නිවන් සැපතට පමුණුවන හෙයින් ද, උපද්ර්ව නසන හෙයින් ද, බුදු හු වැදුම් ලැබි මට සුදුස්සෝ යැ.

තමන් මැ ඉටු දෙවියන් වැදැ කාර්ය්ය ඇරැඹිව බොහෝ කවින් ගේ සිරිත යැ එහෙත් මේ කවිහු වැඳිමෙහි අනුන් යොදති. හෙ ද නිවරද යැ. තමන් බුදුන් වැඳැ එහි විශිෂ්ට ඵල ‍ දන්නා කලැ අනුනුදු එහි යෙදිම සත්පුරුෂ ගුණයෙකි.

ටිප්පණි

1 නුවණ නියයුරා - කෙතෙක් තදීන් ගලා අව ද සයුරෙහි ඉ‍ඩ ඇති. ඒ එකෙකිනිඳු සයුර වැඩීමෙක් නැති. එ මෙන් ලොකයෙහි කො තරම් නුවණක් ඇති වුව ද, බුදු නුවණට වඩනෙක් නම් නැති. එ හෙයින් බුදුහු සර්වඇඥායෝ යැ.

‘නුවණ නි සයුරා’ යි කියැ යුතු තන්හි, ‘නුවණ නි සයුරු’යි කියෙන් ඡන්රෙුවණ හෙතුයෙන් වූ මාත්රා් හානියට මේ නිදසුනි.

2. වි‍ෙන් කුමුදු තිසයුරා - විනයකට - හික්මැවීමට - නිවන් මග දක්වනු ලැබීමට - සුදුස්සෝ විනෙය නම් වෙත්. කුමුදු නම් රාත්රිම කාලයෙහි පුබුදුනා පුෂ්ප විශෙෂයෙකි. ‘හෙළ උපුල්’ (ඵළ මානෙල්) යනු දු නම්. රාත්රි ය කරන්නෙන් - රාත්රිහ යට අධිපති හෙයින් - චන්ද්රත නිශාකර නම් වෙයි. ඒ අර්ථතයෙන් මෑ යැ නිසයුරු නමුදු වනුයේ. රෑ පුබුදුනා කුසුමයන් චන්ර්රත්යා විසින් ද දාවල් පුබුදුනවුන් සූර්යා විසින් ද පිබිදැවෙති යි කවීහු ගනිත්. නිසයුරා කුමුදු පුබුදුවයි. බුදුහු විනෙ දනන් පුබුදුවත් මෙහි පිබිදැවිම නම් මාර්ග් ඵලාවබොධය කැරවීම යැ. විනෙ දනෝ කුමුදු නම් බුදුහු ඔවුන් පුබුදුවන නිසයුරු යැ. සෙසු තන්හි දු මෙ ලෙසින් සමාන භාවය සලකන්නේ යැ.

3 කෙලෙස් තුසර දිවයුරා - සිත කෙලෙසන්නෝ ක්ලෙශයෝ යැ. රාග වෙෂ මොහ මද මාන යන ආදිහු යි





1,2,3] මුවදෙව් දා විවරණය 35

තුෂාර නම් පිනි යි. දවාල කරනුයෙන් සූය්ය්ලෙ දිවාකර නමි. හිරු දුටු පිනි වැනැසේ.

4 බව දුක් ළැවු අග යුරා- ‘භව’ නම් වීම යි, සංසා‍රය යි ජාති ජරා මරණ ආදිය එහි දුකි ‘ළැවු’ නම් වනය යි. ‘දාව’ යනු දු නම් ගිනි ඇවුළුණු කලැ වනය දා යෙයි.

5. සත් තිසර සරා - මෙහි ‘සත්’ යනු සත්වාීර්ථනයෙහි නො වැ සදර්ථාුයෙහි (‘සත්පුරුෂ’ යන අර්ථ යෙහි) යෙදේ. සියලු සත්වසයෝ බුදු විලට නො යෙත් සත්පුරුෂයෝ මැ යෙන්. අසත්හු ඔවුනට වෛරි වෙති. ‘තිසර’ යනු හාස පර්යාිය යි. ‘සරස්’ යනු ද ‘සරසි’ යනු ද විලට සංස්කෘත නාම යි සිංහලයෙහි ‘සර’ යනු වෙයි. ‘සර’ යන්නෙන් පද්මාර්ථසය ද ලැබේ. මෙහි මැ ‘මහ සරා’ යන තන්හි ‘සරා’ යනු නිදර්ශසන යි.

6 . ගුණ බිඟු පෙළ මහ සරා - හෘඩගයන් මහ පියුමෙහි කෙ‍ළනාක් මෙන් ගුණයෝ බුදුන් කෙරෙහි කෙළිති. සියලු උතුම් ගුණයනට බුදුන් ආධාර බව මෙයින් කියැවිණ. දයාක්ෂරමාදිහු ගු‍ණයෝ යැ. සංස්කෘතයෙහි ‘සරස්’ යනු විලට නම් විලෙහි වනු යෙන් පියුම ‘සාරස’ නම් වේ. සිංහලයෙහි විල යැ පියුම යැ යන දෙකට මැ නම් ‘සර’ යනු යි.

7. වියා දල නිදු පසරා ‍- විෂයයෝ (කාමයෝ) සාගරය වෙත් නම්, ඒ සාගරය ඉක්මැ යෑමට බුදුහු පසුර වෙත්. රූප ශබ්ද ගන්ධෝ රස ස්පර්ශු යන මොහු විෂයයෝ යැ. සිංහලයෙහි ‘විසා’ යනු නම්. ජලයට නිධි (නිධාන) වූයේ ජලනිධි යි ‘පසුරා’ සද විබත් ගෙනැ, ‘පසරා’ යැ යි වීම ව්යාධකරණ විරොධ නො වේ. මධ්ය ‘උ’ කාරය මෙසේ ‘අ’ කාර බවට පමුණුවා ගන්නා ශබ්ද ගණයෙකි. මෙහි මැ ‘‍ෙකසුරු’ සද ‘කෙසරා’ යැ යි වූ සැටි බලන්නේ යැ. ‘අතුරු’ ‘අකුරු’ ‘සතුරු’ ‘තෙපුල්’ යනාදිහු ද ‘උම්’ ප්ර්ත්යාමනත ‍ බොහෝ කාදන්තයෝ ද මේ ගණයට අයත් හ.

ඔරු නැව් ආදිය ඇත ද, සසරින් එ තෙර වීමට පසුර වහල කැරැ ගැන්ම සුදුසු සේ නො පෙන්. එළි වැට රක්නට යාමෙන් මේ වරද සිදු වී යැ.

8. තිත් ගජන් කැන් කෙසරා ‍- තිර්ථ්යෝ නම් මිථයා දෘෂ්ටිකයෝ යැ ‘කැන්’ යනු සමුහාර්ථ්වාචි යි. ‘කෙසරු’ සද








36 මුවදෙව් දා විවරණය [1,2,3……

‘අ’ විබත් ගොනැ ‘කෙසරා’යැ යි සිටී ‘උ’ කාරය ‘ආ’ කාර බවට පැමිණේ. කේසර - ගෙලෙහි දික් ලොම් - ඇත්තෙන් සිංහ ‘කේසරින්’ නම් වේ.

9. රාවය මතුරා (සර්ප ) විෂය බැස්සීමට මතුරනු පෙර කල්හි ද සිරිති.

10 සග මොක් සුව අග යතුරා - යතුරු (යාත්රාැ) නම් රථ නෞකාදිය යි. කිසිවකට දෙවැනි නො වන්නා වූ යතුරු අග යතුර යි බුදුහු දම් දෙසා සතුන් සගට මොකට පමුණුවති. එ හෙයින් එයට අග යතුරු වෙත්

11 උවදුරු අඳුරු මිතුරා - බුදුහු උපද්රයවයන් දුරු කෙරෙත්. දැනුදු උපද්රිව නිවාරණයට ඔවුන් ගේ පිරිත් බණවති. ‘මිතුරු’ (මිත්රස යනු සූය්ය්පද් ප්රේදිප යන අර්ථ දෙක්හි දු වැටේ. ‘කෙලෙස් තුසර දිවයුරා’ යන තන්හි සූය්ය්ට යා ගැනුණු හෙයින් මෙහි ප්රුදීපාර්ථ ය සම්භාවිත යැ. එහෙත් අන්ධහකාර විධ්වංසනයක් අබිමත තන්හි සූය්ය්්ර යා සිටියැ දී ප්රිදිපය ගැනීම සුදුසු මැ නො වේ.

12. නමවු තිලොවෙක මිතුරා - සසර දුකින් මිදෙනු කැ‍මැත්තකු හට බුදුන් සමාන මිත්රමයකු තුන් ලොවැ මැ නැති හෙයින් බුදුහු තුන් ලොවට එක මිතුරු යැ (1) කාම ලොක, (2) රූප ලොක, (3) අරූප ලොක යැ යි ද, (1) සත්ව‍ ලොක, (2) සංස්කාර ලොක, (3) අවකාශ ලොක යැ යි ද, (1) ස්වර්ග ලොක, (2) මනුෂ්යල ලොක, (3) පාතාල ලොක යැ යි ද, ලොකය වනාහි නානාප්රුකාරයෙන් ත්රි විධ වේ.

13. වෘත්තය  :- ‘නුවණ නි සයුරා’ යනාදි පද්යා ත්ර යය ගජගාමි නම් වාත්තයෙන් බැඳුණේ යැ. එහි ලක්ෂ-ණ -

‘වසමැ අටෙකොළොස් සම පෙදෙහි ඇරබව්නෙත් සම එද්රිව කොටින් බැඳියේ ගජගැමි නමැ යි දන්නේ’ ෴

යනුයෙන් දැක්වණ. ‘විෂම පාදයෙහි මාත්රාි අටෙකින් හා එකොළොසෙකින් හා ද, සම පාදයෙහි මාත්රා එකොළොසෙ-




4] මුවදෙව් දා විවරණය 37


කින් ද යුක්ත කොටැ එළි සම කොටැ බඳනා ලද්දේ ගජගාමී නමැ යි දන්නෙ යැ’ අනු අර්ථු යි. විෂම පාද නම් පළමු වැනි තුන් වැනි පාද යි. සෙස් සම පාද යි.

14. මෙ ගී තුන මැ එක් වාක්යෂයක් වේ. එක් වාක්යසයක් පද්යා ත්රයයකින් ප්ර කාශ වන කලැ එයට ‘විශෙෂක’ යනු නමි. කීයේ මැ නො -


‘ද්විභ්යංර තු යුග්මකං ඥෙයං ත්රිදහිඃ ශ්ලොකෛර්විශෙෂකම් චතුර්භිසතු සකාපං ස්යාෂ- තත්දූර්ධතවංකුලකං මතම්෴යි?

(ශ්ලොක ද්වයෙකින් යුග්මකය ද ශ්ලොක ත්රදයයෙකින් විශෙෂකය ද දත යුත්තේ යැ. ශ්ලොක සකරකින් කාලාපය වේ. ඉන් වැඩි වූයේ කුලක යැ යි දක්නා ලදි

වාක්යේය එක් ශ්ලොකයෙකින් මැ අන්ත වූ විටැ එයට නම ‘මුක්තක’ යනු යි.


4.

අන්වය: හිමියා ගුණ කියන්නට මහ මෙනෙන් හගිම් නෙළුඹු ඇසින් අවුණා තුසර හර පලඳුන් හොත් පොහොම්.

පදාර්ථත: ස්වාමියා ‍ගේ (බුදු හිමියා ගේ) ගුණ කියන්නට මහා මානයෙන් සිතමි. ( එසේ සිතනා වූ මම) නෙළුම් නූලින් අමුණා පිනි (බිඳු) මාලාවක් පලඳිත හොත් සමර්ථ(යෙමි.

විස්තර: බුදු ගුණ කීම නම් මැනැවින් නො කළ හැක්කෙකි. ඒ එ තරම් මහත් යැ. එහෙත් මම බුදු ගුණ කියන්නට සිතමි. එ සේ සිතනුයේ මා ගේ මහා මානය හේතු කොටැ ගෙනැ යැ. මට බුදු ගුණ කියැ හැකි නම්, නෙළුම් දඬුයෙහි නූලින් පිනි බිඳු අමුනා භාරයක් (දාමයක්) කොටැ පැලැඳීම ද කළ හැකි ය.

නෙළුම් නූල අදුත් මැ කැඩී යන්නේ යැ. එහෙයින් ඉන් කිසිවක් ඇමිනියැ හැකි නො වේ. පිනි බිඳ අතට ගන්නා හා මැ බිඳී යෙයි. කෙසේ නම් ඇමිණියැ හැකි ද? මෙ සේ වන හෙයින් පිනි බිඳු ඇමිණිම නම් නො කළ හැක්කේ ‍මැ යැ නෙළුම් නූලින් ඇමිණිම ගැනැ කවර කථා ද? බුදු ගුණ නො කිය හැකි මැ යැ යනු මෙයින් හැඟ වූහ.


38 මුවදෙව් දා විවරණය [4

ටිප්පණි:

1. මෙනෙන් - මන් + එන් = මනෙන් = මෙනෙත්. ස්වර පර රූප යි. මන් නම්, ‘මට මෙ නම් දැයක් කළ හැකි යැ. මම් උසස්මි’ යනාදීන් කැරෙන මානය යි.

2. ඇසින් - ‘අස් (සංස්කෘත ‘අංශු’) යනු ඉතා සිහින් කෙන්දට නම්. ඇතැම් ශබ්දයන් තුන් වන පස් වන විභක්ති ගන්නා කලැ අලුප්ත ස්වරෙයෝ අනම්ය භාවයට පෙරැළෙති. අස් + ඉන් = ඇසින්. කම් , දම්, ගම්, දහම්, බව්, මුව යන ශබ්දයෝ මෙ නයින් කැමින්, දැමින්, ගැමින්, දැහැමින්, බැවින්, මියෙන්, යන රූපයන් නිපදවෙත්.

3. හර - මුතු අමුණා කළ වැල හර නමි. හර යනු අවිශෙෂ යෙන් දාමයෙහි ද වැටේ.

4. වෘත්තය - මෙ තන් පටන් එකුන් පනස් වැන්න හැරැ සියල්ල යොන් ගී නම් විරිතින් බැඳුණේ යැ යි හැ‍ඟේ. එහි ලක්ෂ ණ කී හු මෙ සේ-

‘අටින් දෙසෙන් වසමැ අරිනෙ ‘කොළොසින් සෙමෙහි සම හලිනි බඳ යොන් ගී නමින් පළ වේ හෙ මෙ සේ ෴ යි.

(විෂම පාදයෙහි (මාත්රාි) අටින් ද දසයෙන් ද සම පාදයෙහි එකොළොසින් ද එකොළොසින් දැ යි මෙ සේ මාත්රාි සම සතලිසෙ කින් බඳ හොත් යොන් ගී නමින් පළ වෙයි. ඒ මෙ සේ යැ.)

5. පොහොම් නෙළුඹැසිනවුණා- මෙහි මාත්රාත එකොළොසෙකි. එහෙත් තුන් වන පාදයෙහි වියැ යුත්තේ දසයෙහි. වාත්ත භඩෘයෙක් නො වේ ද? නො වේ.

‘යති හෙයිනි කිසි ගුරු - ලුහු වේ ලුහු දු ගුරු වේ.

යනුයෙන් යති හෙතුවෙන් කිසි ගුරක් ලුහු වන බව ද කිසි ලුහුවක් ගුරු වන බව ද කියැවුණ හෙයිනි. යතිය නම් විරාමය යි. (නැවැත්ම යි.) පාදාන්තයෙහි යතිය වෙයි. එ‍ හෙයින් එහි වූ ‘ණා’ යන ගුර ලුහුවක් සේ ගිණියැ හැකි යැ. එ සේ කළ කලැ මාත්රාය දසය වෙයි. මත්තෙහි දු මෙ බදු තන්හි මෙය සලකන්නේ යැ.



6] මුවදෙව් දා විවරණය 39

අන්වය: ඉතිදු හොත, ලෝ හිමියා ගුණ ලොබිනි කියම් මෙනෙහි වරද නො බජවු. මෙහි ගුණෙක් ඇත් නම් බජවු.

පදාර්ථු: එසේ ද වූවත්, ලොක ස්වාමියා ගේ ගුණය ලොභයෙන් කියමි. මානයෙහි වරද නො ගනිවු. මෙහි ගුණ‍යෙක් ඇත් නම් ( එය, ගනිවු.

විස්තර: නො කියැ හැකි වන නමුදු බුදුන් ගේ ගුණ ( ඒ ගුණයට කළ) ලොභයෙන් තමන් කියන බව ද, කියන්නට පුළුවනැ යි තමන් කළ මානයේ වරද නො සලකා, මේ ගුණ කිමෙහි සුළු වුවත් යම් කිසි සුන්ද රත්වනයක් වේ නම් එය ගත යුතු බව ද මෙයින් කියැවිණ.


6.

අන්වය: නො වෙනසි.

පදාර්ථව: අප ගේ මුනීන්ර් ව යා කාලයෙකැ රාජ්යන ශ්රීියට පත් ව සුව සේ වාසය කෙරෙමින් හිසෙහි පලිතයක් දුටුවා වූ ක්ෂමණයෙහි ඍෂි වෙශය රුචි කරවි යැ.

විස්තර: බුදුන් පූර්ව ජන්මයෙකැ රජ වැ සුව සේ වසමින් හිසෙහි පැසුණු කෙසක් දන්නා හා මැ පැවිදි වන්නට රිසි වූ බව මේ කී සැටි යැ.

ටිප්පණි:

1. කලක් - ද්විතීයා විභක්ත්යටන්ත යි. අධාරාර්ථ යෙහි යැ.

2. නරක් - නර යනු පැසුණු කෙසට නම්. දෙමළයෙහි ද ‍නරෛ යනු වේ.

3. කෙණෙහි - කණ + එහි = කණෙහි = කෙණෙහි. ස්වර පර රූප යි.

4. ඉසි වෙස්- ඍෂි වෙශය නම් තවුස් වෙස යි. පැවිදි වීම මෙහි අභිමත යි.

5. රස්වි - ‘රුස්’ දයින් වූ අතීතෘඛ්යාිත යි. මෙ බඳු තන්හි ප්රෙයුක්ත රූපය සම්ප්රනදායානුකූල යි 131 වැන්න බලන්නේ ය.




40 මුවදෙව් දා විවරණය [7-

අන්වය: නො වනසි. ‘පැළ + එව්’ යන තන්හි සන්ධිය සැලැකිය යුතු.

පදාර්ථ: මෙ සේ තරුණ පැලයක් මෙන් මේ ජාතකය සංක්ෂෙිපයෙන් දක්වා පල්ලව - ඵල - පුෂ්පයන් සශ්රීකක වූ ගසක් මෙන් විස්තර ප්රතකාශ කෙරෙම්.

විස්තර: ‘අප මුනිඳු’ යනාදි ගීයෙන් ජාතක කථාව සංක්ෂෙවප විසින් දැක්විණ. ඒ ඉතා කුඩා පැළයක් දැක්විම වැන්නැ. ඉක්බිති ජාතක කථාව විස්තර විසින් දක්වනු ලැබේ. ඒ පෙරැ කී කුඩා පැළය දළු පල මල් යන මෙයින් සශ්රිතක වූ ගසක් කොටැ පනා වැන්නැ.

සස දායෙහි -

‘මෙදා බඳ අලෙවු පටැ වැටි සතෙ ‘ව් දක්වා විසිතුරු රඟ තවරෙ ‘ව් පිළි මෙහි විතර පානෙම්’

යනු ද, කුස දායෙහි -

‘ළද පිය පියොවුරු බිඳු එව් මේ දා දක්වා පින් පියොවුරු මඬලෙ ‘ව් පිලි මෙහි විතර පානෙම්’

යනු ද ආයේ යැ.

ටිප්පණි.

1. සැකෙවින් - සැකෙව් + ඉන්.

2. තුරුවත් - තුරු මෙන් තුරුවත්. තද්ධිත අව්ය්ය පදයෙකි. වත් යනු මෙහි සාමානාර්ථ් තද්ධිත ප්රතත්‍රුයයෙකි. අසත්යදර්ථි යෙහි දු වත් යි. තද්ධිත ප්රිත්‍‍ියයෙක් වේ. එයින් නිපදිනුයේ නාම යි. ගුණ ඇතියේ ගුණවත්. ‘අ’ වර්ණිය නුවු ස්වරයෙකින් පර කලැ ඒ ‘මන්’ යි වෙයි. එ හෙයින් තුරු ඇතියේ තුරුමත් යැ. රූ ඇතීයේ රූමත් ය. ඉසි ඇතියේ ඉසිමත් යැ. සිදතෙහි ‘ඉසිවත්’ යනු අපපාඨ යි.


‘වත්’ යැ යි සමානාර්ථක නිපාතයෙක් ද වේ. එ ද මෙ තන්හි යෙදේ. -9] මුවදෙව් දා විවරණය 41

                                                  8.

අන්වය: අනේ නුවර දල දුල දඹ දවි තල විමල් රන් පියුම් ඇත් කෙමි එව්, මියුලු නම් නුවර බිජි.

පදාර්ථ : අනෙක නගර (නමැති) පත්රමයන් උජ්වලිත වූ ජම්බුද්වීප (නමැති) විමල (නර්ම:ල) වූ ස්වර්ණ පද්මයෙහි මහා කර්ණිකාව මෙන් මිථිලා නම් නගරය භ්රා ජිත වි.

විස්තර: ජම්බු ද්වීපය පිරිසුදු වූ රන් පියුමෙකි. අනෙක ( අවශෙෂ) නග‍රයෝ එහි පත්රුයෝ යැ. මිථිලාව ඒ පියුමෙහි මහත් වූ කෙමිය යි.

මෙයින් ජම්බු ද්වීපයෙහි සකල නගරයන් අතුරින් මිථිලාව ශ්රෙෙෂ්ඨ බව් සූචිත යි. ‘රන් පියුමැ’ යි කීමෙන් උපමෙයය වූ ජම්බු ද්විපයා ගේ ආඪ්යචත්වෂය හැඟැවූ හු.

ටිප්පණි

1. රන් පියුම් - මේ තාක් සම්භාවිත වූ පාඨය ‘රුවන් පියුම්’ යනු යි. එ හෙත් පුරාණ සන්නයෙහි එනුයේ ‘ස්වර්ණෝ පද්මයෙහි’ යන අර්ථනය මැ යි. එ හෙයින් ‘රුවන්’ යනු ‘සැයල්ල යහ ගී වියැ යුතු යැ’ යි සිතුවකු විසින් කැරුණු අශුද්ධියක් බව පෙනේ

2. ඇතැම් කෙමි - මෙහි ‘ඇත්’ ශබ්දය විශාලාර්ථියෙහි වැටේ. ‘ඇත් ‍තෝර’ ‘ඇත් දෙමට’ යනාදි තන්හි දු ඒ සේ මැ යි ග්රා මිණ ව්යපවහාරයෙහි ‘අලි’ යනු ද ඒ අර්ථදයෙහි එයි.

                                              9.	

අන්වය: රිවි, එ පුර වරැ සී මැඳුරෝරේ වර අහනන් වූවන් පියුම් දැකැ පහා උස් බවට තොස් වී.

පදාර්ථට: සූර්ය , ඒ පුරවරයෙහි සීහපඤ්ජ රොදරයෙහි උත්ත මාඬගනාවන් ගේ වදන නමැති පද්මයන් දැකැ, ප්රීසාදයන් ගේ උච්ච භාවයට තුෂ්ට වී.

විස්තර: මෙයින් ප්රා සාදයන් ගේ ඉතා උස් බව ද ස්ත්රීභන් ගේ මුහුණු පද්මයනට අතිශයින් සමාන බව ද දැක්වූ හු. සී මැඳු රෝරෙහි වුවන් පියුම් දැකීමට ප්රාශසා‍දයෝ සූර්යා පථ්ය දක්වා උස් වියැ යුත්තෝ යැ. පද්මයහ යි සිතා සතුටු වීමට වරඟනන් ගේ



42 මුවදෙව් දා විවරණය [10

වක්ත්රවයන් නො හැඳිනියැ හැකි තරම් පද්මාකාරයෙන් යුක්ත වියැ යුතු වේ. සූර්යවයා ගේ සනේතාෂයට හෙතුව තමා ගේ බන්ධුැ වූ පද්මයන් එ තරම් තමාට ආසන්න වීම යි. නෑයන් දැක්ම කා හට නම් ප්රීයත්යාමවහ නො වේ ද?

ටිප්පණි:

1. පුර වරැ - ‘වර’ යනු උත්තමාර්ථ යි.

2. සී මැඳුරෝරේ - සී මැඳුරු නම් කවුළු වෙසෙයෙකි. සිංහ මුඛාකාර කළ හෙයින් මේ නම් යෙදුණහ යි සිතේ. ‘උදර’ යනු ‘ඇතුළත’ යන අර්ථ්යෙහි වැටේ. ‘සී මැඳුරෝර’ යනු සී මැඳුරු + උදර’ යන ශබ්ද ද්වයය මධ්යවයෙහි සන්ධිරය වීමෙන් සිද්ධ යි. මෙහි පූර්වු ස්වර ලොපයෙන් ‘සී මැඳුරුදර’ යනු වූ කලැ ‘උ’ කාරයෙන් පර වු ‘ද’ කාරය ලොප් වීමෙන් ‘සී මැඳුරු+ අර’ යි සිටි. ඉක්බිති ‘උ +අ’ දෙදෙනා හට ‘ඕ’ යනු ආදෙශ වීමෙන් ‘සී මැඳුරෝර’ යනු වේ. මුහුදෝර, මොවිට, පෝරු. දමොරා, යනාදිය ද මේ ක්රහමයෙන් සිද්ධ යි. “දමෝරා ඈ නියම් විදි” යි කීමට හෙතුව නම් මේ සිංහල සන්ධිා ක්රදමය නො සැලකීම යි. 10.

අන්වය: හිරු මෙ රජ රජ, එ පුර වරැ දොරටු හලු මිණි වැණි රස් ලෙසින් හැලී, රැයි දු නොතොර වීමෙන්.

පදාර්ථ්: සූර්ය යා ගේ මරීවි රාජිය ( රස් රොද) ඒ නගර වරයෙහි ද්වාරාට්ටශාලායෙහි මණි ශෘඞගයන්හි රශ්මි ආකාරයෙන් සංසක්ත වැ (ඇලී ගෙනැ) රාත්‍රි කාලයෙහි දු තොර නුවූවා මෙනි.

විස්තර: ඒ නගරය ඉතා ආඪ්යෙ යැ. ද්වාරාට්ටශාලායෙහි ද ඇත්තෙ රත්න ශෘඞ්ග යි. රත්න ශෘඞ්ගයා ගේ රශ්මිය සූර්යා රශ්මිය වැන්නැ. රාත්රිනයෙහි දු එ සේ මැ යැ. එ හෙයින් සිතෙනුයේ සූය්ය්ශ්ම රශ්මිය දොරටු හලුහි ඇලී රෑ ද තොර නො වී සිටුනා සේ යැ

ටිප්පණි:

1. දොර ‘ටු හලු - (දොර + අටු හලු) සංස්කෘතයෙහි ‘අට්ට’ යනු ‘උස්’ යන අර්ථසයෙහි ද, ප්රා සාදයෙකැ මතු මහලෙහි ගබඩා-



-11] මුවදෙව් දා විවරණය 43

ව යැ, නගරද්වාරාදීන් ගේ මුඳුනෙහි රැකවල් පිණිස කැරුණු ශාලාව යැ, යනාදි අථර්ය1න්හි ද යෙදේ. මෙහි ගැනෙනුයේ ද්වාර මස්තකයෙහි කැරුණු ශාලා යැ.

2 මිණි වැනි - මෙහි ‘වැණි’ යනු ශෘඞගයට (කොතට) නම් වේ. ‘ථූපිකාය’ යන්නට ‘වැණියෙහි’ යැයි කාශ්යඇපයෝ අරුත් පවසති

4 මෙරජ රජ - ‘මෙරජ’ (මරිවි) නම් රශ්මිය යි. ‘රජ’ (රාජි) යනු ‍ ‘රෙඛා’ පඞකති’ යනාදි අර්ථම ඇත්තේ යැ. රශ්මි ලනු මෙන් ඇදී යන හෙයින් ‘රස් රද’ යි කියැ හැකි‍ වේ. ‘රොම රාජි’ ‘වන රාජි’ යනාදිය ද විමසන්නේ යැ.

5 රැයි - රෑ + හි = රෑ + රැයි = යි ස්වරයෙන් පර වු ‘හි’ යන්නට ‘යි’ යනු ආදෙශ වීම සිංහල රීති යි. ‘යි’ පර කල්හි පූර්වව වූ දීර්ඝුය භ්රේස්ව වේ. ගෙහි = ගෙයි. වෙහි=වෙයි.

6. වීමෙන්- ආඛ්යාෙතයට පරවැ සමානාර්ථ නිපාතයන් ගේ යෙදීමක් වර්ත.මාන ව්යහවහාරයෙහි නො ලැබෙතුදු පුරාණ භාෂායෙහි ඒ අවිරල යැ. මෙහිමැ-

(25) ‘පලු කුසුම් දිනිමෙන්’ (26) ‘වී එව් රත’ (70) ‘නගා ලි එව් පුන් සඳ’ (73) ‘විරීමෙන් සුපුන් සඳ’

යනාදී අනෙක ස්ථානයෙන් ඒ බව පෙන්.

11

අන්වය: මරා මිණි තොරණින් පිළිබිඹු පුණු වොරජනා පිළි මිණි කැට බිත් සස ලපින් උදුළ පුන් සඳ පෑ

පදාර්ථය: මරකත (නිල්) මිණි තොරණින් ප්රුතිබිම්බය (ඡායාව) වැටුණා වූ බබළන්නාවූ ස්ඵටික (පළිඟු) දර්ථපණ හිත්තිය (තෙමේ) ශශ ලාඤඡනයෙන් උප්වලිත වූ පූර්ණ් චන්ර්ළිඟයා ප්රුකාශ ‍ෙක ළේයැ. විස්තර: ප්රා සාදයන් ගේ හිත්ති ස්ඵටික මණි දර්පශණයෙන් යුක්ත යැ. ඉදිරියෙහි නිල් මිණින් කැරුණු තො රණ වෙයි. තොරණෙහි සේයාව පළිගු දපණෙහි වැටේ. ඒ සේයායෙන් යුත්


44 මුවදෙව් දා විවරණය [12-

සුදු දර්පවණ හිත්තිය සස ලිපින් යුත් සඳ වැන්නැ. පළිඟු කැට බිත සඳ බඳු යැ. එහි නිල් මිණි තොරණ සේයාව සස ලපය බඳු යැ.

පිළිමිණි කැට බිත් නම්, මරා මිණි තොරණ නම්, එ ගෙයි ‍ වසන්නෝ කො තරම් ධනවත්තු ද? උන් ඉන්නා නුවර කො තරම් ආඪ්ය, ද?

ටිප්පණි

1 මරා මිණි- ගැමි වහරෙහි ‘පච්ච ගල්’ යන්නෙන් ගැනේ.

2 තොරණින් - තොරණ නම් බහිද්වාරය ( බිහි දොරපිටතැ දොර) යි ‘තොරණ’ සද ආකාරාන්ත මැ යැ. කිසි ලෙසෙකිනුදු ‘තොරන්’ යැ යි නො සිටී.

12

අන්වය: පළ හෙළ කෙලෙස නො යි රුදු පහා කුස් ළැගෙත හර දළ ලකළ අසර සිසි රස්නි අවසර ලද

පදාර්ථර: ව්යනක්ත (ප්රදකාශ) වූ ධවල වූ කෛලාසය නො වේ දැ යි මහත් වූ ප්රා්සාද කුක්ෂිරයට සමීප වත් මැ , ඊශ්වර ( තෙමේ’ ජටාව දලඞකෘත කළා වූ අසාර වූ චන්ර්ථරණයා ගේ රශ්මියෙන් අවසර ලද්දේ යැ.

විස්තර: ඒ නග‍රයෙහි ප්රා්සාද සුදු යැ. ඉතා මහත් යැ ඊශ්වර මේ ප්රාවසාදයක් දැකැ, මේ ව්යණක්ත වැ (ඉතා පැහැදිලි ලෙස) පෙනෙනුයේ කෛලාසය නො ‍ෙ ව් දැ යි ඒ ප්රා‍සාද කුක්ෂිසයට ළං වෙයි. එ සේ ළං වන කලැ හේ මේ තාක් පැවැති මහත් කරදරයෙකින් අවසර ලබයි. කරදරය නම් ඔහු ගේ මැ ජටායෙහි වූ චන්ර්ං්වයා ගේ රශ්මිය යි. ඒ චන්ර්ාසා කලාවෙකි. සම්පූර්ණ චන්ර්ෛලායාගෙන් ෂොඞශාංශයෙකි. (සොළොසින් කොටසෙකි) එ හෙයින් අසාර යැ. රශ්මිය ද අසාර මැ යි. කෙසේ නම් ඊශ්වර යාට කරදරයෙක් නො වේ ද? ප්රා සාදයට ළං වත් මැ ඊශ්වරයා මේ මහත් කරද‍රයෙන් කෙ සේ අවරස ලබා ද? ප්රා සාදය ඉතා රශ්මිමත් යැ, පූර්ණේ චන්ර්ොළොයාට දෙ වැනි නො වේ යි. ඊශ්වර ජටායෙහි චන්ර්යටණ කලාව එ කලැ ඇති බව පවා නො දැනෙයි. එ හෙයින් කො තරම් අවසරයෙක් ද?




-13] මුවදෙව් දා විවරණය 45

ප්රා1සාදයන්‍ ගේ උස් බව ද මහත් බව ද සුදු බව ද කාන්තිමත් බව ද මෙයින් වැනිණ, ඊශ්වරයා ද ‘මේ කෛලාසය යැ’ යි රැ‍වටේ නම් අන් කවර කථා ද?

ටිප්පණි:

1 ළැගෙත- ‘ළඟ’ ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි.

2. පළ - ‘ස්ඵුට’ (පැහැදිලි) යන අර්ථ්යෙහි මේ යෙදෙයි.

3. කෙලෙස - හිමාලයයෙහි දක්ෂිැණ පාර්ශහවයෙහි වූ පර්ව තයෙකි. සියලු කල්හි හිමයෙන් වැසුණු හෙයින් මේ අතිධවල යැ. ඊශ්වරයා මෙහි වෙසෙති යි යෙති

4. නො යි - නො වේ දැ යි, මෙහි ‘නො’ යනු නිශ්චයයෙහි වෙයි.

5. හර දළ- බ්රුහ්ම විෂ්ණු මහෙශ්වර යන ත්රි‘මූතීතින් අතුරින් බ්රේහ්ම ලොව මවයි, විෂ්ණු රකී, ඊශ්වර නසයි. ඊශ්වරයාට ඇස් තුනෙකි. එකෙක් නළලෙහි යැ. කෙහෙ ගෙති ජටා වැ සිටී. ඒ ජටායෙහි චන්ර්න්ම කලාව වෙයි.

6. ලකළ - ‘ලකුරු’ ධාතුයෙන් වූ අතිත කෘදන්ත නාම යි. ‘ලකුරු’ ධාතු ‘බස්’ ආදි ගණ යි.

7. අසාර සිසී - අසාර චන්ර්ෙන්යා. චන්ර්තහි කලාව. පුරාණ සන්න යෙහි ‘සරා සිසි’ යි ගෙනැ, ‘ප්රීභා සහිත චන්ර්න්රයා’ යැ යි ද, ‘ශරච්චන්ර්ස්ියා’ යැ යි ද අරුත් පැවැසිණ. ඒ එකෙකුදු මෙ තන්හි නො යෙදේ.

13.

අන්වය : එ පුර වරැ පුර යොනන් වුවන් නුවන් පිළිබිඹු දිස්නා මිණි කැට බිත්, පියුම් උපුල් අවුල් විල් පෑ.

පදාර්ථණ: ඒ පුර වරයෙහි පුර යුවතීන් ගේ වදනනයනයන්ගේ (මුහුණුවලැ ද ඇස්වලැ ද) ප්රකතිබිම්බයන් පෙනෙන්නා වූ මණි දර්ප්ණ හිත්ති (තොමෝ) පද්මමොත්පලාකුල වූ තඩාගය දැක් වූ යැ.

විස්තර : පුර යුවතින් ගේ මුහුණ ද ඇස් ද මිණි දර්ප ත භිත්තියෙහි පිළිබිඹු වැ වැටේ. මෙහි මණි නම් නිල මණි යි.


46 මුවදෙව් දා විවරණය [14-

මුහුණු පිළිබිඹු පියුම් වැන්නැ. ඇස් පිලිබිඹු උපුල් වැන්නැ. භික්තියෙහි නීල කාන්තිය ජලය වැන්නැ. එ හෙයින් එ භිත්තිය පියුම් උපුල් අවුල් වූ විල් පෑ හ යි කයනු යෙදේ.

ප්‍ාතිසා‍දයන් ගේ භිත්ති නිල මණියෙන් කැරුණු හෙයින් නගරය ඉතා ආඪ්ය බව ද, පුර යුවතීන් ගේ වත් නෙත් පියුමුපුල් වැනි වූයෙන් අතිමනොහර රූප සෞන්දිර්ය,යෙන් යුක්ත බව ද මෙයින් හැඟැවිණ.

ටිප්පණි

1. පුර යොනන් - ‘යොන’ යනු ‘සුවති’ (තරුණ ස්ත්රි්) යන අර්ථ යෙහි වෙයි. මේ මැ තෙකැ දි ‘යොන’ යි ද සිටින්නට වියැ.

‘දද යෝන හා එදවස්’

යනු කාව්යෝශෙඛර පාඨයි. ‘එ පුර වරැ යනු යොදමින් මැ ‘යොනන්’ යන්නට ද ‘පුර’ යනු විශෙෂණ කිරීම යෙදේ ද? යෙදෙයි. ‘එ පුර වරැ යනුයෙන් ‘මිණිකැට බිත්’ එ පුරට අයත් බව ද, ‘පුර’ යනුයෙන් යුවතින් බැහැරින් ආවවුන් නො වැ පුර යට මැ අයත් වූවන් බව ද හැඟැවෙයි.

2. මිණි කැට බිත් - ‘මිණි’ යනුයෙන් මෙහි නිල් මිණි ම ගැනිණ නිල් නුවුව හොත් බිත විල වැනි නො වන හෙයිනි.‍ මෙ බඳ තන්හි මිණි නම් ‘මණිශිලා’ නමින් ගැනෙන පාෂාණ වර්ග ය යි. Marble

‘කැට’ යනු දර්ඵවණ වාචි වෙයි.

14.

අන්වය: පුන් සිසි , කව්ළියැ කවළියැ එ පුර යොනන් වූවන් සිසින්, ඉබො‍ෙහාවූ තමා පිළිබිඹු හො යි, බැලී

පදාර්ථට: පූර්ණි චන්ර්යයි (තෙමේ) කවාටයෙක්හි කවාටයෙක්හි (කවුළුවක් කවුළුවක් පාසා) එ පුරයුවතීන් ගේ චක්ත්රr චන්ර්වාටයන්, ඉතා බොහෝ වූ තමා ගේ ප්රළතිබිම්බ දො හො යි, බැලී යැ.

විස්තර : එ පුරයෙහි තරුණියන්‍ ගේ මුහුණු කවුළුවක් කවුළුවක් පාසා පෙනෙන්නට වෙයි. අහස්හි පූර්ණර චන්ර්ේ්තයා ‍ඒ දැකැ ඉතා බොහෝ වූ තාමා ගේ මෑ පිළිබිඹු දො හො යි බලයි.

-15] මුවදෙව් දා විවරණය 47

පුර යුවතියන් පරම රමණීය රූප සෞන්දරය්ය්ුර්යෙුන් යුක්ත බව මෙයින් හැගැවිණ. මුහුණු මැ චන්ර්ලයියා හා එ තරම් නොවෙනස් යැ.

ටිප්පණි:

1. සිසි - සස (සාවා) ඇතියේ සිසි සඳ මඬලෙහි සා රුවක් වෙති යි යෙති.

2. කවලියැ කවලියැ - ‘කවළු’ යනු කවාට’ යන අර්ථස ඇත්ාතේ යැ. ‘ව’ කාරයෙහි වූ ‘අ’ කාරය පර රූ ගැන්මෙන් ‘කවුළු’ යනු ද වෙයි. කවළු මැ කවළි ස්වාර්ථු තද්ධිත යි. ‘ක’ ‘ව’ යන දෙ තන්හි ස්වරයෙන් අනම්ය් වියැ යුතු හෙයින් මේ ‘කවැළි’යි නො වනුයේ ‘කිම? මේ අනම්යනය නොවන තැනෙකි. ‘තොටි’ ‘දඬි’ යනාදිය ද එ බඳු තැනි. කවළි + ඇ = කවළියැ.

3. පුන් - ‘පුර’ ‍දයින් වූ අතීත කෘදන්ත නාම යි. ‘පුනු යන්නෙහි අන්ත්යු ස්වර ලොපයෙන් ‘පුන්’ යනු වෙයි.

4. හො යි - හෝ + යි. ‘යි’ පර කල්හි පූර්වි දීර්ඝො ස්වරයෝ භ්රුස්ව වෙති. ‘හෝ’ යනු ශඞ්කායෙහි නිපාත යි. ‘යි’ යනු වාක්යර සම්බන්ධ්යෙහි නිපාත යි.

5 ඉබොහො - අති බොහෝ. අදිකාර්ථයයෙහි ‘ඉ’ උපසර්ගු යි.

15.

අන්වය : එ පුරේ හෙම් මරා පියුම්රා සියන් දාහෙහි ලා සරා සිසි බිඹු කෙණෙකෙණෙහි නොයෙක් වෙස් පෑ

පදාර්ථණ : ඒ පුරයෙහි හෙමමය (ස්වර්ණ්මය වූ ද) මරකත මය ( වූ ද) පද්මරාගමය (වූ ද) ඡදනාග්රරයන්හි දී (පියසි අගැ දී) ශරච්චන්ර්යෙහ (තෙමේ ) ක්ෂමණක්ෂිණයෙහි අනෙක වෙශ දැක් වි යැ.

විස්තර: ඒ නගරයෙහි ඇතැම් පහයෙකැ ඡදනය රනින් කැරුණෙ’ ය, ඇතැමෙකැ මරා මිණින් කැරුණේ යැ. ඇතැ‍ෙමකැ රන් මිණින් කැරුණේ යැ. ප්රාතසාදයෝ චන්ර්ිණියා ඉතා ළං වන තරම් උස් යැ. චන්ර්තැහයා රන් පියසි අගට පැමිණි කලැ රන් වන රස් වැදී රන් වන් වෙයි, මරා මිණි පියසි අගට පැමිණැ නිල් වෙයි, රත් මිණි පියසි අගට පැමිණැ රත් වෙයි. එහෙයින් කෙණෙන් කෙණෙහි නොයෙක් වෙස් දක්වයි.


48 මුවදෙව් දා විවරණය [16-

ඡදන රශ්මිය චන්ර්ිණි මන්ඩලයට වදී නම් ඒ ප්රාකසාදයෝ ඉතා උස් වියැ යුත්තෝ ය. ඡදන හෙම්මුවා ද මරාමුවා ද පියුම්රාමුවා ද වේ නම්, ඒ ප්රාඉසාදවලැ වසන්නාහු ඉතා ධනවත් වියැ යුත්තෝ යැ එහෙයින් මෙයින් වැනුණේ ඒ නගරයේ ආඪ්යඉත්වදය යි.

ටිප්පණි :

1. කෙණෙහි කෙණෙහි - කණ ද කණ ද කණකණ. එහි කෙණෙහිකෙණෙහි. කණකණ + එහි = කණකණෙහි = කෙණෙකෙණෙහි. මුල් තුන් තන්හි මැ ස්වර පර රූප යි.

2. පියුම්රා - පියුමෙහි රා (රාගය = පැහැය) යමෙක්හි ද ඒ පියුම්රා රක්ත මාණික්යෙය යි. මෙහි පියුමැ යි කියැවුණේ රත් නෙළුම් මලට යැ.

3. සීයන් ‍ අගෙහි ලා - ‘සියන්’ යනු ඡදනයට (පියස්සට) නමි.

මෙහි ‘ලා’ යනු ද, ‘ගමෙහි දි’ ‘නුවරැදි’ යනාදි තන්හි ‘දි’ යනුද එකාර්ථා යි. දෙක මැ පූර්ව ක්රි යා නිපාත යි. ප්රැථමය ‘ල’ (ලීමෙහි) දයින් ද, ද්විතීයය ‘දෙ’ (දීමෙහි) දයන් ද නිපන. සිදත් සඟරායෙහි ‘දි’ පසයි කියැවුණේ නො දැන්මෙනි.

16.

අන්වය: මත් අඹුවන් පෙ‍ඳ කෙළුතු නුරු වළා රැවු අසා, තිසර පෙළ දිගු විල් දැහැ දැවැ, රුදු පහා කුස් වන්.

පදාර්ථම : මත් වූ අම්බාවන් (ස්ත්රීරන්) කන්දුක (පන්දු) ක්රිපඩාකරත් මැ (ක්රියඩා කරන කල්හි ) නූපුර වලය ධ්වනිය (පා වළලුයෙහි හඬ) අසා, හංස පංක්තිය ගාහ) දීර්ඝිකා තටාකයන් හැරැ දිවැ ගොස් මහත් වූ ප්රායසාද කුක්ෂිහයට වන් හ.

විස්තර : ඒ නගරයෙහි ගෙවල් අසලැ විල් වෙයි. එහි හංසයෝ වෙති. ඒ විල් පියුමින් ගැවැසී ගත් බව එයින් හැඟැවෙයි. පුර ස්ත්රීාහු ප්රාඒසාද මස්තකයන්හි පන්දු කෙළිති. එ කලැ උන් ගේ පා වළලුයෙන් නැඟෙන හඩ හංසයන් ගේ හඬට අතිශයින් සමාන යැ. එ හෙයින් ඒ අසා හංසයෝ ගෙවිල් හැරැ හංසියන් සොයා ගෙ තුළට වදිත්.




-17] මුවදෙව් දා විවරණය 49

පුර ස්ත්රීවන් මත් බැවිනුදු කෙළියෙන් දවස් යවන බැවිනුදු ඒ නුවරැ සතුරු වියවුල් නැති වැ සමාධානය පවත්නා බව හැඟෙයි. ගෙවල් අසලැ විල් ඇති බැවිනුදු, එහි හංසයන් ඉන්නා බැවිනුදු මහත් ප්රාහසාද ඇති බැවිනිදු ඒ නගරයා ගේ ආඪ්යනත්ව ය පළ වෙයි.

නුරු වළ රැවු හංසයෙන් ගේ නාදයට සමාන බව හංස සන්දෙැශ‍ෙයහි ද කියැවිණ -

         “	අ	ප	ස	ර	ගත් වළලුන් ලා තමන් ද	ගා

අ ප ස ර ගෙනැ සරමින් නිතර වේ ම ගා අ ප ස ර ගත් නෙතටන් බැඳැ දෙතී නි ගා අ ප ස ර වෙති හසඟන පුරඟනන් ම ගා”෴යි.

ටිප්පණි :

1. මත් - යෞවන මද ‍ ආරොග්යද මද ආදියෙන් ස්ත්රීිහු මත් වෙති. ප්ර්ශස්තාර්ථෙයෙහි දු ‘මත’ සඳ යෙදේ.

2. පෙඳ - දැන් ‘පත්දු’ යි ව්ය්වහාර යි.

3. නුරුවළා - නුපුර නමි. පයැ ලන වළලු වෙසෙසකි. ‘සලඹ’ යනු දු නමි. යන කලැ ගිගිරි දෙන සේ තැනුණෙකි. එයින් කී හ-

‘නි‍තොර ගිගිරි‍ දෙන පයැ සළඹ ලාගෙන’ ෴යි.

4. වන් - ‘වද’ ධාතුවෙන් වූ අතීත කෘදන්ත නාම යි.

5. දිගු විල් - දිගු වූ විල. ගෘහ සමීපයෙහි වූ විලට දීර්ඝිකා යනු සංස්කෘත නාම යි.


17.

අන්වය : නන් රුවන් උදුළ ඇගෑ රස් අඹරෙහි දිළියෙතා එ පුර වර රැයි දු පැහැ සර දෙව් දුනු කලබ පෑ.

පදාර්ථ‍ - නානාරත්නයන් උජ්ජවල වූ අග්ඝිකා රශ්මි ආකාශයෙහි බබළත් මැ, ඒ පුර වරය (තෙමේ) රාත්රිදයෙහි දු ප්රශභාසාර වූ ඉන්ද්ර්චාප කලාපයන් දැක්වී යැ.


50 මුවදෙව් දා විවරණය [18-

විස්තර : ඒ නගරයෙහි නානාවිධ රත්නයන් දිළියෙන්නා වූ සිවුරැස් තොරණ වෙයි. නානාවිධ රත්නයන් ගෙන් නානාවිධ රශ්මිහු නිකුත් වැ අහසට වදිති එයින් ආකාශයෙහි දෙව් දුනු සමූහ ඇති වෙයි. දෙව් දුනු ඇති වනුයේ සූය්ය්ර් රශ්මියෙනි; එ හෙයින් දිවා භාගයෙහි යැ. එහෙත් එ නුවරැ සිවුරැස් තොරණ නිසා රාත්රි‍යෙහි දු ඇති වියැ. එ ද එක දෙව් දුන්නෙක් නො වේ; දෙව් දුනු කලප් යැ. සූය්ය්‍ යා ගෙන් උපදනා දෙව් දුනු මෙන් මඳ පැහැ ඇත්තෙක් නො වේ. ප්රුභාසාර ‍ වූවෙකි.

මෙයිනුදු ඒ නගරයා ගේ ශ්රිා සමෘධිය වරෟණිත යැ. චතුරශ්ර් තොරණයෝ නානාරත්නොජ්ජවලිතය හ. සෙස්ස ගැනැ කවර කථා ද?

ටිප්පණි:

1. ඇගැ  - පාලියෙහි මේ අග්ඝිකා නමි. සමාන නාමයෙක් සංස්කෘතයෙහි නැති. හතරැස් කොටැ එක් මුඳුනක් වන සේ බැඳි තොරණ ‘අගෑ’ නම් වේ. Arch

2. අඹරේ - අඹුරු + ඒ = අඹු‍රේ = අඹරේ. (ප්රයථම ගී තුනට ලියු 7 වන ටිප්පණිය බලන්නේ යැ.) ප්රැකෘතිය ‘අඹුරු’ යනුයි, අඹර, යනු නො වේ පාලි සංස්කෘත දෙක්හි මැ ‘අම්බරා’ යනු යි.

3. රැයි - රෑ + හි = රෑයි = රැයි. ‘යි’ පර කලැ දීර්ඝුය භ්ර්ස්ව වෙයි.

4. පැහැසර - සාමාන්ය් දෙව් දුන්නට ද වඩා කින්තිමත් බව හැඟවීමට මේ විශෙෂණය යෙදිණ.

5. දෙව් දුනු- ඉන්ර්)ලියා ගේ (ශක්රවයා ගේ) දුන්න යැ යන අර්ථ යෙන් මෙයට ‘ඉඳු දුනු’ (ඉන්ර්)ලි ධනු - ඉන්ර්ඩානචාප) යනු දු නමි.


18.

අන්වය : එ පුරැ සල මුතු ලැල් වැජඹනා මරා මිණි තොරණ, ලෙළ බලා වැළ සහ සුනිල් වලා සිරි පෑ.

පදාර්ථු : ඒ පුරයෙහි චඤ්චල වූ මුක්තා ලතිකාවන් විජෘම්භනය (ප්රටකාශ) වන්නාවූ මරකත මණි තොරණය (තෙමේ) ලලිත වන්නා වූ බලාකාවලීන් සහිත වූ අතිනීල වලාහක ශ්රි ය දැක්වී යැ.


-19 ] මුවදෙව් දා විවරණය 51

විස්තර : එ පුරෙහි මරා මිණි තොරණ වෙයි. එහි ලෙලෙමින් ප්රඹකාශ වන මුතු ලැල් ද වෙයි. මරා මිණි තොරණ ඉතා නිල් වලා කුළ වැන්නැ. සුදු මුතු වැල් ලෙලෙන කොක් පෙළ වැන්නැ.

තොරණ මරා මිණි නම්, එහි මුතු ලැලුදු වේ නම්, නුවර ශ්රි සෘද්ධිය කො තරම් දැ යි මැනැ ගත හැකි වේ.

සුනිල් වලා නම් වැසි වලාව යි. වැසි කලට කොක්කු එති කීයේ මැ නො-

‘බලා වැළ දළ යුතු විදු දිව් දහර ලඹ කෙස් මහ මේ රකුසු හමු වත පිය නම් මතුරු දප වන’෴යි?

ටිප්පණි :

1. සිරි - ශොභාව යැ ආකාරය යැ ‍යන අර්ථ ඇත්තේ යැ.

2. ලෙල - මෙය ‘ලෙළ’ යි ලියුව ද නිවරද යැ.

3. මුතුලැල් - ‘ලැල් යනු ‘වැල යැ යන අර්ථර ඇත්තේ යැ. එහෙත් මෙය යෙදෙනුයේ මුතුයෙන් වූ වැලට මැ යැ.

19.

අන්වය : රුදු පහා කන සැත්තේ නරතුරු ගැහැටමෙන්, සිසිහු ඇහෙහි සස ලේ ලෙස්නෙන් කර හුන් වන් එව්.

පදාර්ථල : මහත් වූ ප්රා සාදයන් ගේ කනකච්ඡත්ර යෙහි නිරන්තරයෙන් ගැහැටීම හෙතු කොටැ ගෙන චන්ර්ුර යා ගේ ශරීරයෙහි ශශ ලෙඛා ආකාරයෙන් කිණය ඇති වූ වර්ණවය වැන්නැ.

විස්තර : ඒ නගරයෙහි මහාප්රානසාදවලැ මුදුනෙහි ස්වර්ණරච්ඡත්රහයෝ වෙති. ප්රාතසාදයන් චන්ර්ෙහ යා යන මඟ අවුරා උස් වැ සිටි හෙයින්, චන්ද්රත ඒ ඡත්රපයන්හි නිරන්තරයෙන් ගැටෙයි. මෙ සේ නිතර නිතර ගැටීමෙන් චන්ද්ර යා ගේ ශරීරයෙහි සස ලපය ලෙසින් කර ඇති වූ වර්ණේය වැන්නැ. නිතර නිතර රළු ‍තැනෙකැ ගැටීමෙන් මිනිස් සිරුරෙහි ද කර අති වේ නු?

52 මුවදෙව් දා විවරණය [20-

ප්රා2සාද නො හැදැහියැ හැකි තරම් උස් බව ද එහි මුඳුනෙහි රනින් කළ ඡත්ර ඇති බව ද පැවැසීමෙන් ඒ නග‍රයෙහි අප්ර මෙය වූ ශ්රීන සමෘද්ධිය වර්ණිත යැ.

ටිප්පණි:

1. කණ සැත්තේ - සිංහලයෙහි කනා, යනු මෙන් මැ ‘කන’ යනු ද රනට නමි. ‘සැති’ නම් ප්රාාසාදයෙකැ ඡත්රා කාරයෙන් (කුඩයෙකැ ආකා‍රයෙන්) කළ මුඳුන යි සත් ඇතියේ සැති.

2. ගැහැටමෙන් -- ‘ගහට’ ධාතුයි. ගහට + උම් = ගැහැටුම්. භාව කෘදන්ත නාම යි. ‘උම්’ ප්රාත්යයයාන්තයන් වරනැඟෙන කලැ (ලොප් නොවන්නෙක් වී නම් ) ‘උ’ කාරයට ‘අ’ කාරදෙශ විම සිංහල රීත්යැනුකූල යැ. එහෙයින් ‘ගැහැටුම්’ සද ගැහැට ම - ගැහැටමෙන් - ගැහැටමට - ගැහැටමෙහි - යි ද වරනැහේ. (වැඩුම්) වැ‍ඩම - (යැදුම්) යැදම - (වැඳුම්) වැඳම - (වැජැඹුම්) වැජඹම - යනාදිය ද නිදසුනි. ධාතු ස්වර අකාර නුවු තන්හි මෙය වන බවෙක් නො පෙනේ.

3. කර - නිතර ගැහැටීමෙන් ශරීර ප්රරදෙ‍ශයක් රළු වැ කෘෂ්ණ වූ විටැ ‘කර ගැට’ යි දන් කියති. Callosity

4. හුන් -- ‘හිද’ (ඉපැදිමෙහි) ධාතු යි. ‘හුනු’ යන්නෙහි අන්ත්යේ ස්වර ලොපයෙන් ‘හුන් යනු වෙයි. මේ මෙහි අතිත කෘදන්ත රූප යි වර්තකමාන ව්යයවහාරයෙහි දු ‘ඉදේ’ ‘ඉදෙන’ ‘ඉදි’ යනාදි ප්රුයොගයෝ ලැබෙති.

5. වන් - ‘වර්ණඉය’ යන අර්ථතයි. කිණ (කර) ද කළු යැ. ශශ ලෙඛාව ද කළු යැ. එහෙයින් චන්ද්රේයා ගේ ඇගෙහි ශශ ලෙඛාකාරයෙන් කර හිදුණු වර්ණකය වැනි යැයි කියනු යෙදෙයි.

6. සස ලේ - ශශ ලෙඛා. ‘ලෙඛා’ යනු ද ‍ ‘රෙඛා’ යනු ද සමානාර්ථ් යි.

7. ලෙස්නෙන් = ලෙස් + එන්. ‘න’ කාරාගම යි.

20.

අන්වය : රුසිරු සීමැඳුරැ එ පුර යොනන් වුවන් සඳ ‍සලෙළුවන් අතුරු වෙහි නරතුරු පැකිල් වී.


-20] මුවදෙව් දා විවරණය. 53

	පචාර්ථ : රුචිර වු ( සිත්කලු වූ ) සීහ පඤ්ජරයෙහි ඒ පුර යුවතීන් ගේ වදන නමැති චන්ර්ි   (තෙමේ) (ක්රීසඩා සක්ත) තරුණයන් අන්තර වීථීයෙහි නිරන්තරයෙන් ප්රිස්ඛලිත කැරවී ය.

විස්තර : පුර යුවතීහු සීමැඳුරනට වී වීථිය දෙස බලා සිටිති. අතුරු විථියෙහි යන තරුණයෝ උන්ගේ සඳ වැනි මුහුණු දැකැ. නිරන්තරයෙන් පැකිලෙත්. (ගලෙකැ මුලෙකැ හැපුණාක් මෙන් ගැස්සී සිටිත්.)

නගරයෙහි යුවතින් එක සේ අග්රන වූ රූප සෞන්දය්ය්රර්යෙඩන් යුක්ත බව මෙයින් කියැවිණ ඔවුන් කො තරම් දුට ද තරුණයෝ තෘප්තියට නොපැමිණෙත්. නිරතුරු මැ පැකිළෙත්

මෙ මැ කි හු, කුමාරදාසයෝ ද -

යත්රැ වාතායනාසන්නවාරමුඛ්යා-මුඛෙන්දයවා රථ්යාංක සඤ්චාරිණෙ යුනඃ සඛලයන්ති පදෙ පදෙ’ ෴යි.

(යත්ර‍ - යම් පුරියෙක්හි, වාතායන - කවුළුවට, ආසන්ත - ළඟ වූ වාර මුඛ්යාි - වාරමුඛ්යා වන්ගේ (ප්ර ධාන වෛශ්යා්ව‍න් ගේ) මුඛෙන්ර්හි ව:- මුඛ චන්ර්ළම්යෝ, රථ්යාූම් - විර්ථඛයෙහි, සංචාරිණි :- හැසිරෙන්නා වූ, යුත :- ළ දරුවන්, (තරුණයන්,) පදෙ පදෙ - පදෙහි පෙදෙහි, ස්ඛලයන්ති- පකුළුවත්ද -යනු සන්න යි.)

ටිප්පණි :

1. රුසිරු - (රුවිර) සිත්කලු රූප ශ්රී අර්ථ‍යෙහි ‘රූ සිරි’ යනු වෙයි. ඇතැම්හු මෑතෙකැ දි එය ද ‘රුසිරු’ යන්නට ‍ෙපරළා ගත් හ.

2. පැකිල්වී - ‘පකුලු’ ධාතු යි. ‘පකුඵ’ යි ද සිටී ‘පැකිල්වී’ යනු ප්රමයුක්ත රූප යි.

3. සලළුවන් - ‘සලළු’ සද ‘සලෙළු’ යි ද සිටී. ක්රීපඩා සක්ත වූ (කෙළි ලොල්) තරුණයනට මේ නමි. සංස්කෘතයෙහි ‘සලීල’ යන්නෙක් වේ.

4. වේහි - ‘වේ’ යනු වීථියට නම් මේ පස් වන විබත් ගත් තැනි


54 මුවදෙව් දා විවරණය [21-

21.

අන්වය: නල පත රන් කෙහෙල්ලේ පහන් පැහැ කිඳු හුණුයෙන් සරා වෙලෙහු දු කොමළ විදු ලිය හුණු වන් වී.

පදාර්ථ  : සුළඟ වැදුණ‍ු රන් කො‍ඩියෙහි ප්රවසන්න වූ ප්රීභා සමූහය වැටුණු හෙයින් ශරද්වලාහකයෙහි ද කොමල වූ ව්යුදල්ල තාව වැටුණාක් මෙන් වි යැ.

විස්තර : සුළඟ හමා රන් කොඩි ලෙල දෙන කලැ, රන් පැහැය අවට සැණින් සැණැ විහිදෙයි ඒ පුරයෙහි ප්රාලසාද වලා කුළු පැහැර සිටුනා තරම් උස් වන හෙයින්, මේ රන් පැහැ වලා කුළට වදී. එ කල්හි සුදු වලායෙහි ද විදු ලිය කොටන්නාක් මෙන් වේ.

ප්රා්සාද එ තරම් උස බව ද; රන් දද බැඳි බව ද‍ කීමෙන් මෙයිනුදු වැ‍නුණේ ඒ නගරයේ ශ්රීා විභූතිය යි.

ටිප්පණි :

1. සරා වෙලෙහි - ශරත් කාලයෙහි වැසි නැති. වළා කුළු ඉතා සුදු යැ, අහසෙහි ඉතා ඉහළ යෙයි එ කලැ වැසි නැති ‍ෙහයින් විදුලිය ද නැත.

වෙල + එහි = වෙලෙහි ‘වලා’ යනු ද ‘වෙල යනු ද සමානාර්ථ‍ යි.

2. කොමළ - රමණීය , සුන්දර, මෘදු, සුකුමාර, යන මේ ආදි අර්ථෙයන්හි යෙදේ.

3. හුණු - ‘හෙ’ වැටී‍මෙහි ධාතු යි.

4. පත - ‘පතු’ යන්නෙහි අන්ත්යව ස්වර ලොපයෙන් ‘පත්’ යනු ද එ තන්හි ‘අ’ කාර වීමෙන් ‘පත’ යනු ද වේ. ‘පත’ යනු මෙහි කෘදන්ත නාම යි. ‘පමුණු’ ධාතු යි.

5. කෙහෙල්ලේ - කෙහෙලි’ (සංස්කෘත ‘කදලී’) යනු ධ්වජ පර්ධාෙය යි.

6. පහන් - ‘පහද’ ධාතු යි.

7. කිඳු - සමූහාර්ථ යි. ‘කඳ’ යනු ද එයින් මැ වූ ස්වාර්ථන තද්ධිත ‘කැඳි’ යනු ද මේ හා සමානාර්ථ යැ.

-23] මුවදෙව් දා විවරණය 55

අන්වය: එ පුරැ තුරග කුර ගසින් උදුහූ රෙදෙ, ගජ මේ කුළින් වස්නා පබඳ මද පොද වැස්සෙන් සන්හින්

පදාර්ථ  : ඒ පුරයෙහි තුරඟයන් ගේ (අශ්වයන් ගේ) ක්ෂුවර ඝෂ්ණයෙන් (කුර ගැසීමෙන්) උද්ධූත වූ (උඩට නංගන ලද්දා වූ) රජස (ධූලි) හස්ති නමැති මේඝ කූටයෙන් වසින්නා වූ ප්ර්බන්ධය ( අච්චඡින්න = නොකඩ වූ ) මඳ බින්දුැ වර්ෂයණයෙන් සන්හිදිණ.

විස්තර : දිවෙන්නා වූ අශ්වයන් ගේ කුර ගැසීමෙන් ධූලි නගී. වළා කුළින් පොද වැසි වසින්නාක් මෙන් ඇතුන් ගෙන් වැහෙන මදයෙන් ඒ ධූලි සන්හිඳෙයි.

මහත් අශ්ව සෙනාවක් ද මහත් හස්ති සෙනාවක් ද එ නුවරැ වූ බව මේ කී සැටි යැ.

මේ වර්ණ්නා මාර්ගහය බොහෝ කවීන් විසින් ආශ්රිකත යැ.

‘භය කුර රොන් ග සින් ගිජිඳු ගිජිඳුන් වෙසෙ සින් හළ පොකුරඹර සින් තුරඟ සැනැසෙති එ පුරැ වෙසෙ සින්

යනාදිය එ බවට සාධක යි.

5. පබඳ - මේ ‘අඛණ්ඩ’ යන අර්ථට ඇත්තේ යැ.

6. මඳ - හස්තීන් ගේ කපොල කොෂ යන ආදි ස්ථානයන් ගෙන් වැහෙන ද්රඳව්ය මද නමි.

23.

අන්වය: එහි මරා මිණි තොරණැ එරුණු පුන් සඳ, පිරිසුදුහු දු මිලින් හා සසහනෙන් මිලියෙත් වී කෙවිලී.

පදාථර්‍ : ඒ නගරයෙහි මරකත මණි තොර‍ණයෙහි නිමග්න වූ පූර්ණි චන්ද්රල (තෙමේ) පාරිශුද්ධයෝ ද මලිනයන් හා සංසගීයෙන් මලින වෙත් යනු ප්ර කාශ කළේ යැ.

	විස්තර :  ඒ නගරයෙහි මරකත මිණි තොරණය චන්ද්රවයා යන මගත් ඉක්මැ සිටී. එ හෙයින් ඒ මගින් යන කලැ චන්ද්රචයා

56 මුවදෙව් දා විවරණය [24—

තොරණෙහි එරෙයි. තොරණ නිල් යැ. ඒ නිල් රස් වැදැ චන්ද්රායා ද නිල් වෙයි. පිරිසුදු වූ චන්ර්ණ යාට ගිය කලක් බැලුව මැනැවි. මේ චන්ර්්ද්යා මෙයින් කුම්ක් දක්වා ද? “පරිශුද්ධයෝ ද, පවා කලිෂ්ටයන් (කිලුටුවූවන්) හා එක් වීමෙන් ක්ලිෂ්ට වෙති” යනු දක්වයි.

තොරණ එ තරම් උස බව ද නිල් මිණින් කැරුණු බව ද කීමෙන් නගරයෙහි ශ්රී විභූතිය අධික ලෙස වැනූහු.

ටිප්පණි :

1. කෙවුලි - ‘කෙවුල’ (දැක්වීමෙහි) ධාතු යි.

2. එරුණු - ‘එර’ ධාතුයි.

3. පිරිසුදුහු - ‘පිරිසුදු’ සද පෙර විබත් බුහු බස ගත් තැති

4. මලින් - මලින වූවන්, ‘මල’ ධාතු යි, ‘පිහිට’ ආදි ගණයි ‘මලා’ යනු ද ධාතු වේ.

5. මලියෙන් - ‘මිලි’ යනු ධාතුව වැ, ආත්මතෙපදයෙහි වරනැඟීමෙන් සිද්ධ වු ආඛ්යා්ත පදයෙකි. මලියේ - මලියෙති- මලියිණි - මිලියුණු. රිසි - දුලු සුලු - යනාදිය ද මෙ සේ වරනැගේ.

6. සසඟනෙන් - සසඟ + එන්. ‘න’ කාරාගම යි. ‘සසඟ’ නම් සංසගීය (එකතු වීම )යි.

7. වී - යනු ‘කියා’ යන අර්ථයෙහි නිපාත පදයෙකි. ‘යි’ නිපාතයෙන් මේ අන්ය. යි.


24.

අන්වය: දෙතෙ, පුර අඹුවන් වූවන් සිසින් උදුළ එපුර නුබේ සොමි සරා සඳ සස ලේ සනින් තොර කොටැ දත්.

පදාර්ථත : ජන තෙමේ පුර අම්බාවන්ගේ (පුර ස්ත්රී න් ගේ) වදත නමැති චන්ද්රතයන් උජ්ජවලිත වූ ඒ පුරයේ ආකාශයෙහි සෞම්යර වූ ශරච්චන්ර්ේය යා ශශ ලෙඛා විග්නයෙන් (ලකුණෙන්) වෙන් කොටැ දත්තේ යැ. -25] මුවදෙව් දා විවරණය 57

විස්තර : ඒ නගරයෙහි ආකාශයෙහි පුර ස්ත්රී.න්ගේ මුහුණු නමැති චන්ද්ර යෝ පෙනෙති, සෞම්ය  වූ ශරච්චන්ද්රටයා ද පෙනේ. ජනයෝ, ‍ ‘මේ ගැහැනුන් ගේ මුහුණු යැ, මේ සඳ යැ’ යි කෙසේ දත්තු ද? ‘ශශ ලෙඛාව නැත්තේ මුහුණු යැ, ඇත්තේ සඳ යැ’ යි මෙසේ ශශ ලෙඛාව කරණ කෙටැ ගෙනැ වෙන් කොටැ දත් හ. ශශ ලෙඛාව චන්ද්රේයා හැඳිනැ ගැනීමට සන (හන) වී.

චන්ද්රසයා සමඟ මැ ගැහැනු මුහුණ ද අහසෙහි පෙනෙනුයේ කෙසේ ද? ඒ ගැහැනුන් ඉන්නා සී මැඳුරු එ තරම් උස් යැ. ගැහැනුන් ගේ මුහුණු කො තරම් චන්ද්රා්කාර ද යත හොත්, ශශ ලෙඛාව නො වී නම්, ‘මේ සඳ යැ, මේ මුහුණු යැ’යි දත නොහැක්කේ මැ යැ.

ප්රාොසාදයන් ‍ගේ උස ද ස්ත්රීෙන් ගේ රූප සෞන්දර්ය‘ය ද මෙයින් වැනිණි. ‘කැළැල් ඇත්තේ සඳ යැ, කැළැල් නැත්තේී මුහුණු යැ’යි හැඟැවීමෙන් ගැහැනු මුහුණු සඳට ද වඩා රමණීය බව පැවැසිණි.

ටිප්පණි:

1. දෙනෙ - දන + එ = දනෙ = දෙනෙ සමූහාර්ථමයෙහි එක වචන යි. ප්රා.ණිවාචි ‘දන’ සද වූයෙන් ආඛ්යා තය බහු වචන වියැ යුතු යැ. එහෙත් මෙහි ‘එ’ විබත යෙදුණෙන් එසේ නොවේ.

මහ දෙනෙ කෙලෙසුන් වැනැහි බමර ගෙණෙ පොබෙයා (87)

2. දත්- ‘දත්’ (දැනුමෙහි) ධාතු යි.

3. සනින් - හැඳිනැ ගැනීමට කැරෙන ලකුණ ‘සන්’ (හන්) නම්. හන ගැසීම දැනුදු සිරිති.

4. සරා සඳ - ශරත් කාලයෙහි වැසි නැති, ආකාශය අතිශයින් පිරිසුදු යැ. එ හෙයින් චන්ද්ර්යා ද අතිශයින් ප්රාභා සම්පන්න යැ. එබඳු වූ ද චන්ර්ෙ යා ගැහැනු මුහුණට පැරැදිණ.

25.

අන්වය: එ පුරේ තුඟු පිළි මිණි ඇගෑ ලෙ‍ස්නෙන් කඳ ගත ගුණ, දද- මුතු - ලැලින් පලු කුසුම් දිනී මෙන්


58 මුවදෙව් දා විවරණය [25-

පදාර්ථ : ඒ පුරයෙහි තුඞ්ග ( උස්) වූ ස්ඵ ටික මණි අග්ඝික, ආකාරයෙන් ස්කන්ධ ග්ර්හණය කළා වූ (මූර්තිමත් වූ) ගුණයා ගේ’ ධ්වජමුක්තාලතිකාවන් කරණ‍ කොට ගෙනැ, පල්ලව කුසුම ජනිත වූවාක් මෙනි

විස්තර : ඒ නගරයෙහි පළිඟු මිණින් කරන ලද සිවුරැස් තොරණ උස් යැ. එහි ඵල්ලන ලද කොඩි ද මුතු ලැල් ද වෙයි. ගුණය නම් අශරීර යැ ඒ අශරිර ගුණය සිවුරැස් තොරණ ලෙසින් ශරීරවත් වූ සේ යැ. ශරීරවත් වූ ඒ ගුණයෙහි කොඩි එ මුතු ලැල් ද කොබඳු ද? දළු ද මල් ද ඇති වූ මෙනි.

කවිහු මෙයින් ධ්වජයන් බැඳි මුක්තා ලතිකාවන් එල්ලු චතුරශ්රු තොරණයන් වනමින් මැ, ඒ නගරයා ගේ සෞඛ්යාකරත්වාශදි උත්තම ගුණය රුකක් මෙන් වැඩී සමෘද්ධ වූ බව ද හැඟු වූ හු.

ටිප්පණි:

1. ගුණ - නගරයෙකැ ගුණ බොහෝ වියැ යුතු. ඉන් ප්රණධාන ලෙස සැලැකියැ යුත්තේ නගරවාසීන් ගේ ස්වස්ථතාව රක්නා බව යි.

2. කඳ ගත - කඳ ගැන්ම (මූර්තිමත් වීම) නම් අශරීර වූ දැයක් ශරීර භාවයට පැමිණිම යි. ගුණය අශරීර යැ. ඉදින් ඒ ගුණය ඇගෑවෙක් වී නම් ඒ කඳ ගැන්මෙකි. (මූර්තිමත් වීමෙකි ශරීරවත් වීමෙකි.)

3. දිනි - ‘උපනි’ – ‘හට ගති’ යනු අර්ථ යි. මෙයින් ‘පලු කුසුම්’ යනු උක්ත යි. ‘දන’ (ඉපැදීමෙහි ) ධාතු යි.

4. මෙන් - තුල්යානර්ථවයෙහි නිපාත යි. ‘දිති මෙන්’ යනු වත්මන් වහරෙහි ‘දුනු මෙන්’ යැ යි වියැ යුතු.

දදමුතුලැලින් - මුතු ලැල් = මුතුලැල් දද ද මුතුලැල් ද දදමුතුලැල්, ඉන් දදමුතුලැලින්.මුතුලැල් යනු විබත් වෙසෙසුන් සමසි. ‘මුතුලැල්’ යන තන්හි මුතු යනු සබඳ අරුතැ දෙ වන විබත් ගන්නේ යැ. ‘දදමුතුලැල්’ යනු දකාරාර්ථන සමාස යි. දදමුතුලැල්’ යනු එක් වැ විබත් ගත් හෙයින් සමාස පදයෙක් මැ යැ. නො එසේ නම් ‘මුතු’ යනු ‘ලැල්’ යන්නට විශෙෂණ වූ පදයෙක් වේ. ‘දද’ යනුවෙන් වූ පදයෙකි.




-26] මුවදෙව් දා විවරණය 59

26.

අන්වය: කන තොරණ පියුම්රා මිණි කල්මේ කුමුටු සඳ පුර යොනන් වූවනට කෝ කොටැ රත වී එව්

පදාර්ථක : කනක තොරණයෙහි පද්මරාග මණි කාන්තියෙහි නිමග්න වූ චන්ර් ථ (තෙමේ) පුර යුවතීන් ගේ චක්ත්රපයනට ක්රොුධ කොට රතු වූ වැන්නැ.

විස්තර : රත් මිණි බැඳි රන් තොරණ චන්ද්රය පථය පැහැර සිටී. එහි රත් මිණි රැස්හි සඳ එරී රතු වෙයි. ඒ කෙ බඳු ද යත් :- එ පුරෙහි තරුණියන් ගේ මුහුණුවලට ක්රො ධ කිරීමෙන් රතු වූ වැන්නැ. කුමට ක්රොිධ කෙ‍රේද යත් :- තරුණියන් ගේ මුහුණු සඳට වඩා පැහැපත් යැ සිත්කලු යැ. මේ බව සඳට මැ පෙනේ. එ හෙයින් බලවත් ක්රොයධ උපදී. එ‍ සේ වූ කලැ රතු වනු සබා දහමි.

එ පුරෙහි තොරණ රන්මුවා යැ. එහි බැඳුණේ රත් මිණි යැ. එ බඳු වූ තොරණ ද කො තරම් උස් ද යත් :- සඳ යන මඟ අවුරා සි‍ටියේ යැ. මෙ සේ නුවරෙහි ශ්රීම විභූතිය උත්කර්ෂසණයෙන් වැනිණ

තරුණියන් ගේ මුහුණු සඳට ද වඩා කාන්තිමත් යැ, දර්ශටනිය යැ. මේ අර්ථහය ස්ත්රීින් ගේ ලාවණ්යටය වැනීමට ගැනිණ. කී හු මැ යි, කුමාරදාසයෝ -

‘යතෙසෟධශෘඞගාග්රේසරොජ රාග- රත්නප්රසභාවිවජුරිතඃ ශශාඞකඃ පෞරාංගනාවක්ත්රභකෘතාවමානො ජගාම රොෂාදිව ලෞහිතත්වවම්’෴ යි.

(‘යත් -යම් පුරයෙක්හි , ‍‍ෙසාධ - ප්රා සාදයන්ගේ, ගෘඬගාත්ර - කැරැලි අග්හි, සෙරොජරාගරත්න - පියුම්රා මිණින් ගේ, ප්රූභා -ශොභායෙන්, විර්ව ජුරිත :- ඔවිදුනා ලද්දා වූ, ශශාඞක :- චන්ද්රධ තෙමේ, පෞරාංගනා - පුරස්ත්රී න් ගේ, වක්ත්ර - මුඛයෙන්, කෘත - කරන ලද, අවමානඃ - පරිභව ඇත්තේ, රොෂාත් ඉව - රොෂයෙන් මෙන්, ලෞහිතත්වම් - රත් බවට, ජගාම - ගියේ ද ‍-’ යනු සන්න යි.)

ටිප්පණි:

1. එව් - තුල්යාහර්ථර නිපාත යි.


60 මුවදෙව් දා විවරණය [27-

2. වූවනට - ‘මුහුණුවලට’ යි අරුත් පැවැසිණ. එකවචන වූව ද ලැබෙනුයේ මේ රූපය මැ යි. නපුංසක ලිංග ශබ්දයන්, විබත් ගත් කලැ එකවචන බහුවචන විශෙෂයෙක් නැති.

පුස් කොළ පත්හි ගීය ලියූ තැනැ ‘වුවනතට’ යනු පෙනේ. එහෙත් සන්නයට ගැනුණේ ‘වුවනට’ යනු මැ යැ. ගී පෙළෙහි වැඩි ‘ත’ යන්න යහ ගි විරිත පුරවන්නට ගියවුන් ‍ගේ හෙළුමක් බව මෙයින් ප්රයත්යික්ෂ‘ වෙයි. සන්නයෙහි ‘තොරණ’ යනු මැ එතු දූ, ගී පෙළෙහි ‘තොරණග යන්නක් වන්නට හේතුත් මෙයින් මැ හැඟෙයි.

3. කැල්මේ - කැලුම් + ඒ =කැලුමේ= කැල්මේ. මධ්යග ස්වර ලොප යි. මෙය නොදන්නෝ ‘කැල්ම’ සඳක් ඇතැයි භ්රාරන්ත වෙති; ලක්ණෙන් - ලැක්මට (ලැගුමට) - බෙත්ම (බෙදුම) ‍-ගැම්ම (ගැනුම) - සුස්ම - සැතැප්ම -බම්ම - පිම්ම - මිම්ම - අල්ල - පල්ල - යනාදිය සිදු වූ පරිදි නො දැනැ මුළා වෙති, බෙත්මවල් - සැතැප්ම පහ - බැමි - පිමි - මිමි - අලු - පලු යනාදි මහා අඥ ව්ය වහාරයන් ද නිපදවති.

කුමුටු - අතීත කෘදන්ත නාම යි. ‘කුමුඳු (ගැලීමෙහි) ධාතු යි. ‘කුමුද’ ධාතු දක්වන්නන් ගේ මුළාව-

‘කෙළෙ එ පුවතින් විඳුනා - සිස කැලුමැස කුමුඳුනා’

‘දළ ලොබ සිඳු කුමුන්දා’ –

යනාදි මහා කවි ප්ර්යොගයන් ගෙන් දුරු වියැ යුතු

27.

අන්වය : පුර ‍ෙවරේ, ගන කල්හි දු වලා, මහ අවුරේ පැහැ වතුරේ කුමුඳුමින්, සරා වලා විලස් පෑ.

පදාර්ථම : (ඒ) පුර වරයෙහි, මෙඝ කාලයෙහි ද [ පවා ]වලාහකයෝ, මහා ප්රා්කාරයා ගේ ප්රාභා ප්රලවාහයෙහි නිමග්න වැ ශරද්වලාහක විලාසය ප්රේකාශ කළ හ.

	විස්තර : ඝන [ වැසි ] කාලයෙහි වලා කුළු කළු යැ. ශරත් කාලයෙහි වලා කුළු සුදු යැ. ඒ නගරය වටා කළ ප්රාසකාරය පළිඟු මුවා යැ, වලා මඟ පැහැර [එ තරම් උස් වැ ] සිටි. වැසි කල්හි වලා ද මෙ පවුර අසලට පැමිණි කලැ, පවුරෙහි ඉතා සුදු වූ


-12] මුවදෙව් දා විවරණය 61

මහෞඝයක් මෙන් නිකුත් වන්නා වූ පැහැයෙහි ගැලී, සුදු වෙයි. එයින් සරා වලා ආකාරය පානු වේ.

පවුර ඉතා උස් බව ද මෙයින් හැඟවූහු.

ටිප්පණි :

1. වතුරේ - ‘වතුරු’ සඳ ප්ර වාහ අර්ථ යි. ගලන දිය පහර ප්රාවාහ නම්. දැන් ඇතැමෙක් ජලාර්ථෙයෙහි ද ‘වතුර’ සද යොදති. නො මැනවි.


28.

අන්වය: රුදු සුනිල් මිණි ගෙ මිහිගු පහරන් නුඑයේ ගෙ මොනර , වාරේ කල් ආ කල්හි දු පිල් නො හඹල.

පදාර්ථත : මහත් වු ඉන්ර්ු පනීලමණී ගෘහයෙහි මෘදඞග (භෙරි) ප්රලහාරයෙන් වඤ්චිත වූයේ (රැවටුණේ) ගෘහ මයූර (තෙමේ) වර්ෂාය ඍතුව පැමිණි කාලෙයෙහි ද පිච්ඡයන් ආවතීනය නො කෙළ් යැ.

විස්තර: ඒ නගරයෙහි ඇතැම් ගෘහයෝ ඉතා නිල් මිණින් කැරුණෝ යැ. ඉතා උස් හ; ඉතා මහත් හ; එහෙයින් මහත් කළු වලා කුළු මෙන් පෙනෙති. ගෘහාභ්ය න්තරයෙහි ද මාදඞග භෙරි නාදය ‍ඇසේ. ගම්භීර වූ ඒ නාදය මේඝ ගර්ජනය වන්නැ ගෘහ මයූර තෙමේ ඒ පහස බලා, මෘදඞග නාදය අසා, ‘මේ මහා මේඝ කූටයෙක් ගර්ජනය කරන්නේ යැ’යි සිතා, පිල් හඹරා, කෙකා ගෙනැ, නටන්නට වෙයි. එ හෙත් වැසි නො වට හෙයින්, තමා රැවටුණු බව් දැනැ ගනී. මෙ සේ දිනෙන් දිනැ මැ වඤචිත වූයේ, හේ පිලැඹැරම් කෙකා ගැනුම් නැටුම් හැරැ පියයි. සැබැවින් ‍මැ මෙඝ කාලය පැමිණි කල්හි ද සැබැ මැ මෙඝ කූටය බලා. සැබැ මැ මෙඝ ගර්ජනය අසා, ‘පෙනෙන්නේ නිල් මිණි ගෙයෙකැ. ඇසෙන්නේ මිහිඟු බෙර හඬ යැ. මම නො නැළැවෙමි’යි හේ විල් නො හඹරා මැ යැ, කොකා නො ගනි මැ යැ, නැටුම් නො කෙරේ මැ යි.





62 මුවදෙව් දා විවරණය [28-

නගර වාසීන් මහා මණි ප්රා,සද‍යන්හි වෙසෙමින් දිනැ දිනැ මැ නෘත්යාගීතවාද්යාරදියෙන් අභිරමණය කරන බව ද, එ නුවරැ අඛණ්ඩ වැ සමාධානය පැවැති බව ද, මෙයින් ධ්වතිති යි.

“නිල් මිණි පැහැති තුභු පහ මිහිගු තිනද නේ කුල් මත් මෙනෙන් රැවැටුණු මැඳුරු සිකි කැ නේ තුල් ගන ගිගුම් අසමින් නො මඳ හැම දි නේ පිල් ‍ නො මැ හඹත් දිනිඳුට මුත් උදාස නේ”

යි’රහල් හිමියෝ ද මේ අර්ථමය පැවැසූ හ.

ටිප්පණ්:

1. සුනිල් මිණි - ඉන්ද්ර්නීල මණි යි.

2. මිහිඟු - දැන් ‘දෙමළ බෙර යැ’ යෙති.

3. නුඑයේ - ‘නළ’ (රැවටුම්හි) ධාතුයි. ‘නුළූ’ යන අතිත කෘදන්ත රූපය පෙර විබත් එක බස ගෙනැ ‘නුඑයේ’යි සිටී. ‘ඒ විබත භ්රනස්ව වැ ද සිටී ‘දෙනෙ’ ‘රෙදෙ’ යනාදිය නිදසුනි.

4. හඹළ - ‘හඹර’ ධාතු යි. කතුකරු අයුහි දෙබස් හි මැ ‘හඹළ’ යන රූපය නිපතිත වෙයි.

5. ගෙ මොනර - මිනිසුන් විසින් (ගෙහි) වඩනු ලබන මොනර ගෙ මොනර යැ.

මොනරු මෙඝප්රිනයයෝ යැ. එ හෙයින් මේ කුළු දැකැ, මේ නද අසා, පිලඹරනු රවිනු නටනු උන් සිරිති.

6. වාරේ - ‘වහරේ’ යනු වැස්සට නමි. ‘ඒ’ කාරාන්ත ප්රවකෘතියි. වහරේ = ව+ අරේ - වාරේ. සවර්ණි ස්වර දෙකක් අතරෙහි වූ ‘හ’ කාර ලොප් වේ. සවර්ණව ස්වර දෙකට එක් දීර්ඝඋයක් වෙයි.

7. ආ - ‘එ’ (ඊමෙහි) ධාතු යි. අතිතයෙහි ධාතු ප්රවත්යලය දෙකට මැ ‘ආ’ යනු අදෙසි දෙ බස්හි මැ මෙ සේ යැ.


-29] මුවදෙව් දා විවරණය 63

29.

අන්වය එපු රේ රුදු පහා අහැ වතළ සොමි සරා වලා රද මඳ මඳ සුළගිනි යන කේලි කෙවුලී.

පදාර්ථි: ඒ පුරයෙහි මහත් ප්රා සාදාග්රරයෙහි විස්තෘත වු (පැතුරුණ වූ) සෞම්යථ වූ ශරද්වලාහක රාජිය (තෙමේ) අතිමන්දි වූ මාරුතයෙන් යන්නා වු කදලිය (කොඩිය) හැඟැවී යැ.

විස්තර : ප්රා)සාදාග්රරයෙහි සෞම්ය වූ සරත් වලා රොද වැතිරෙයි. එක් භාගයක් පහා කොතෙහි ඇලී වලා රොද අනෙක් පසින් දික් වැ සිටි කලැ ඉතා මඳ වූ සුළඟින් යන්නා වූ කොඩියෙකැ ආකාරය ප්රනකාශ වෙයි.

මෙයිනුදු නගර ප්රා සාදයන් ඉතා උස් බව මැ හැඟැවිණ. වලා ‍රද පහා අගැ වැතිරෙන්නට නම් පහා මුඳුන් එ තරම් මැ ඉහළ වියැ යුතු.

කියැවිණි මැ නො, කුමාරදාසයන් විසිනුදු- ‘ලාගෛනකහාගා සිතහම්යුශෘඩෙග විකෘෂ්යෛ මන්දෙයන සමිරණෙන දීර්ඝිකෘතං බාලමෘණාලශුභ්රංස කරොති යනු ධ්වජකෘත්යමම්භ්රරම්’ ෴ යි.

( සිත - සුද වූ, හම්ය ශාඩෙග - ප්රාැසාද ශෘංගයෙහි, ලග්න - සක්තවූ, එක භාගම් - එක් කොටසක් ඇති, මන්දෙම - මඳවූ, සමීරණෙන - පවනින්, විකෘෂ්යන ඇදැ, දීර්ඝිකැතං -දිග් කරන ලද, බාලාමාණාල -ළා නෙළුඹු දැළියක්සේ - ශුභ්ර ම් - සුදු වූ, අභ්රම් -වලා, යත්ර, - යම් පුරියෙක්හි , ධවජ කෘත්ය ම් - ධවජ ක්රිසයා, කරොති - කෙරේ ද?)

ටිප්පණි:

1. රද - රාජි සාමාන්ය, ව්යාවහාරය ‘රොද’ යනු යි.

2. වතළ - ‘වතුරු’ (වැතිරීමෙහි ) ධාතු යි.

3. මඳ මඳ - ඉතා මඳ. අධික වචනය අධිකාර්ථ ය හඟවයි. (ඇධිකවචනමධිකාර්ථා- ගමයති.)

4. කේලි - කෙහෙලි = කෙ + එලි = කේලි. 64 මුවදෙව් දා විවරණය [30-

අන්වය : එ පුර වර පියුම්රා මිණි මණි රස් දිදුලින්, දහවල් සෙයින් රැයි දු අබිසරුවන් සිත් නො ගත්.

පදාර්ථව : ඒ පුරවරය තෙමේ පද්මරාග මණි ශෘඞගයන් ගේ රශ්මි දිප්තිය කරණ‍ කොටැ ගෙනැ, දිවා කාලයෙහි මෙන්රාත්රිනයෙහි ද අභිසාරිකාවන්ගේෙ විත්තය නොගත්තේ යැ.

විස්තර : දිවා භාගයෙහි නගරය අභිසාරිකාවන්ගේ සිත නො ගනී. කවර හෙයින් ද? ඒ භාගයෙහි උන් රිසි රිසි තෙනට නො පෙනී යනු නොහැකි හෙයිනි. ඒ නගරය වානාහි රාත්රිඒ කාලයෙහි ද අභිසාරිකාවන් ගේ සිත් නො ගනි. කවර හෙයින් ද? එහි රත් මිණි කොත්වලැ රශ්මි දීප්තිය කරණ කොටැ ගෙනැ මාර්ග ය ආලොක වන බැවින් එ විටැ ද උන් රිසි රිසි තෙනට නො පෙනී යනු නොහැකි හෙයිනි.

එ පුර පුරා පැතිරෙන රශ්මි දිප්ති ඇති පියුම් රා මිණි කොත්කැරැලි ඇති බව හැ‍ඟැවීමෙනුදු ශ්රි විභූතිය මැ වැනූ හු.

මෙ මැ කිහ, කුමාරදාසයෝ-

‘කෘත්වා පි සර්වුස්යෝ මුදං සමාද්ධ්යාැ හර්ෂාෘය නාභූදහිසාරිකාණාම් නිශාසු යා කාඤචනතොරණස්ථ- රත්න‍ාංශුර්භින්නතමිශ්රයරාශිඃ’ ෴ යි.

( ‘යා - යම් පුරියක් තොමෝ, සමෘද්ධ්ය෴ - සම්පත්ති කරණ කොටැ ගෙනැ සර්ව‍ශ්යර - සියලු ජනයා හට, මුදාං - හර්ෂ, කාත්ථාග අපි - කොටැ ද, කාඤචන තොරණස්ථ - රන් තොරණෙහි පිහිටියා වූ, රත්තාංශුභිඃ - රුවන් ශොභායෙන්, නිශාසු, රාත්රීරයෙහි, හින්න - බිඳනා ලද තමිශ්රෂ රාශි :- අන්ධ කාර සමූහ ඇත්තී, අභිසාරිකානාම් - අභිසරුවනට, හර්ෂය - සතුටු පිණිසැ, න අභූත්නො වු ද’)

ටිප්පණි :

1. රැයිදු - රෑ + හි - රෑ +යි =රැයි




-31] මුවදෙව් දා විවරණය 65

2. දහවල් - දව + කල් ‘ක’ කාරයට ‘හ’ කාරාදෙශය බොහෝ තන්හි පෙනේ. නවහම් - බලහම් - වෙණෙදම් - යනාදිය ද නිදසුනි. ‘සමහම්’ යන තන්හි ‘ග’ කාරයට ‘හ’ කරා දෙශ වූ පරිදි යි. දහවල් = (වර්ණ‘ විපය්‍් තන නේ) දහවල්.

3. සෙයින් - සේ + ඉන්. ‘සේ’ යනු ආකාරාර්ථ නම පදයි.

4. අබිසරුවන් - ‘බිසරු’ යී ද සිටී.

‘කාන්තාර්ථිනි තු යා යාති ‍සඬෙක්තං සා ‘හිසාරිකා’ ෴ යි යු බැවින්, යමක් ‍තමෝ කාන්තයා කැමැත්ති ස‍ෙඞක්තයට යා ද, ඕ අභිසාරික නමි.

5. දිදුලින් - දිප්තිය ‘දිදුල්’ නමි.

31

අන්වය: ගුරුළුදදා ගුරුළු රද, නො එක නො ද දෙ ගමන්හි දු, දලනිදු හො යි සැකි, එ පුර වරට සැහී බට.

පදාර්ථ : ගරුඞද්වජයා ගේ ගරුඞ රාජ (තෙමෙ’) ප්ර ථම නො වු ද විතීය නො වූ ද ගමනයන්හි ද ගමනයන් හි දී පවා, ජලතිධිය දොහො යි ශඞකා කොටැ ඒ පුරවරයට සාහසික වැ බුටය් යැ.

විස්තර : විෂ්ණුහුගේ ‍වාහනය ගරුඩ රාජයා යැ. සිය හිමියා පිටින් ගෙනැ ඔබ මොබ යන ගරුඩ රාජයා ඇතැම් විට මෙ පුරය මහිනුදු යෙයි. එසේ යන කලැ මේ පුරය දැකැ, ‘මේ මහා සමුද්ර ය දොහො’ යි සැකැ කොටැ වහා බටුයේ යැ. එ සේ බටුයේ එක් ගමනෙකැ දි පමණක් නො වේ. බොහෝ ගමන්හි දී බටුයේ යැ.

විෂ්ණු දෙවයා ගේ වාහනය වු ගරුඩ රාජ අන්යබ ගරුඩයනට වඩා ගුණ නුවනින් යුක්ත යැ, පරීක්ය්ස කාරි යැ, සමුද්රියට නිතර යන්නේ යැ. එබදු වූ ගරුඩ රාජයා ද මෙ නගරය දැකැ මහා සමුද්රකය යැ’ යි සැක වැ ආයේ නම්, නගර සමුද්රන යන දෙකෙහි සාම්ය ය නො මහත් වියැ යුතු. ඔහු පිටැ යන විෂ්ණු දෙවයා ද නගරයට බැස්ම නො නැවැත් වී නම් ඒ දෙවයාට පවා නගර සමුද්ර දෙකෙහි වෙනස නො පෙනුණු බව හැඟෙයි. මෙ සේ සමාන බව හැකි තරම් මහත් කොටැ හඟවනු සඳහා ‘ගුරුළුදදා ගුරුළු රද’ මැ ගත් හ.


5

66 මු‍වදෙව් දා විවරණය [31-

එ සේ වූ ගුරුළු රජකු වූව, එ සේ වූ දෙවියකු වූව, එක් වරක් මුත් දෙ වක් රැවටීම මහ පුදුමයෙකි. එහෙත් උන් දෙදෙනා මැ රැවැටුණේ එක් වරක් නො වේ, දෙ වරකුත් නො වේ. බොහෝ වාරයක් මැ දෙදෙන මැ රැවැටුණෝ යැ. මෙ සේ සාම්ය,ය තව ද මහත් බව හඟවනු වස්, ‘ නො එක නො ද දෙ ගමන්හි දු’ යි කීහ.

දෙවයා ද පිටින් ගෙනැ ගුරුළු රද සෙමෙන් සෙමෙන් පිරික්සනු පිණිසැ බටුයේ නො වේ, සාහසික වැ මැ බටුයේ යැ. මෙ‍ සේ, ‍ ‘මෙ නම් සමුද්රබය නො වියැ හැකි යැ’යි කෙණෙක්හි දු සිතීමට හෙතුවක් නුවූ බව හඟවනු පිණිසැ ‘සැහී’ යනු යෙදු හ.

1. දල නිදු - දලට (ජලයට) නිදු (නිධාන) වනුයෙන් සමුද්ර ය ‘දල නිදු’ නම් වේ.

2. සැකී - ‘සක්’ ධාතු යි.

3. නො එක නො ද දෙ - මෙහි ‘ද’ යනු ‘එක’ ‘දෙ’ යත දෙකම සමුච්චය කරනු වස් යෙදුණු නිපාත යි. ‘ද’ යනු ‘දු’ නිපාත යෙහි මැ විකෘතියෙකි. ස්වර ලොපය වැ ‘අ’ කාර වීමෙන් නිපන ‘ඇසුද්’ (ඇස් ද) යන තන්හි ස්වර ලොපය වු නිපාතය පෙනේ. වර්තවමාන ව්ය‘වහා‍රයෙහි එයට අඝොෂාදෙශය වෙයි. එහෙයින් ‘ඇසුත්’ යනු සාධු යි.

4. සැහී - ‘සහස්’ (සැහැසීමෙහි) ධාතු යි. සැහැසී = සැහැහී = සැහිහී = සැහි + ඊ = සැහී.

5. බට - ‘බස්’ ධාතු යි.

6. ගුරුළු දදා - ගුරුළා දද වූයේ යමක්හු හට ද හේ ගුරුළුදද ‘දද’ යනු මෙහි අංකයෙහි හෙවත් හැඳිනැ ගැන්මට යෙදෙන ලකුණෙහි යෙදේ. විෂ්ණු දෙවයා හැඳිනැ ගන්නැ ලකුණු නම් ගරුඩාංකය යි.

ගරුඩධ්වජ (විෂ්ණු) තෙමේ ත්රිකමූර්තියෙහි ද්විතියයා යැ. බ්රිහ්මයා මැවූ ලොව හේ රකී. ඔහුට අත් සතරෙකි. හේ නිල්වන් යැ. සමුදුර දියට වැදැ නත නා දරණ වැළ පිටැ’ සැතැපේ. ඔහු ගේ ප්රිූයාව ලක්ෂ්මි (ශ්රීුකාන්තා) යැ.




-32] මුවදෙව් දා විවරණය 67

7. ගුරුළු රද - මේ පක්ෂිඔ වර්ගියන් ගේ රාජයා යැ. පුරාණ කථායෙහි ඔහු ගේ පියා කාශ්යැපයා යැ, මව විනතා යැ අරුණ ඔහු ගේ කණිෂ්ඨ භ්රාවතා යැ. විනතාව ද සපත්නී වූ කද්රැ ව ද අතරෙහි, ඉන්ර් ඔහයා ‍ගේ උවෛවශ්රඃ වස් නම් අශ්වයා ගේ වර්ණ ය ගැනැ විවාදයක් ඇති වැ, කද්රැිව විනතාව පරදවා, ගිවිසුම් ලෙස තමා ගේ දාසී භාවයට පත් කළා යැ. විනතා පුත්රා වූ ගරුඩ තෙමේ; ශක්රස භවනයෙන් අමෘතය ගෙනවුත් කද්රැිවට දී, තමා ගේ මව නිදහස් කොටැ ගත. කද්රැ ව හා ඇය ගේ පුත්රරපුත්රීරන් හා අමෘතය අනුභව කරන්නට පෙරැ, ඉන්ර්ේ ා එය පැහැරැගෙනැ ගියේ යැ. ගරුඩ තම මවට කළ අවමානය පළි ගනිමැ යි කද්රැහව ගේ දරු වු නාගයන් කෙරෙහි වෛර බැඳැ එ තන් පටන් නාගයන් මරා කන්නට වියැ.

ගරඩයා ගේ මුහුණ සුදු යැ, කාසිකාව ශුකතුණ්ඩාකාර යැ. හේ රක්තවර්ණර වූ පක්ෂි පත්‍ුදයන් ගෙන් ද ස්වර්ණකවර්ණ වූ දෙහයෙකින් ද යුක්ත වේ.

බෞද්ධයන් ගේ කථාවලැ ගරාඩයා නයින් මරා කමින් හිමාල‍යයෙහි වෙසෙන සියක් යොදුන් පක්ෂිායෙකැ යි දැක්විණි.

32

අන්වය : සලළු සුර කැන්, නුවන් රසයින් සසිරි එ පුර පිරි සිරි පැමිණි, ‍මඳොවූ කෙළි යැ මන දොළ හළ

පදාර්ථ : (ක්රීූඩාසක්ත) තරුණ දිව්යර සමූහයා නයන රසායන යෙන් සශ්රීඅක වූ ඒ පුර පරිඛා ශ්රීපයට සම්ප්රාරප්ත වැ, මන්දාකිනී ක්රීසඩායෙහි මනොදොහලය දුරු කළෝ යැ.

විස්තර : ඒ පුර පරිඛායෙහි (දිය අගළෙහි) නයන රසායනයෝ සශ්රිීකයෝ යැ. ඒ අත බැලුව ද, මේ අත බැලුව ද නෙත් පිනවන දෙයෙක් මැ පෙනේ. එ හෙයින් ඒ පරිඛායෙහි රමණිය භාවයට පැමිණැ, කෙළි ලොල් දිව්යන සමූහයා තෘප්තියට නො පැමිණෙති, දිව්යී නදියෙහි ක්රීදඩනයට සිතෙහි පෙරැ පැවැති ආශාව දුරු කෙරෙති.

ඒ පුර පරිඛාව අහස් ගඟට ද වඩා රමණිය බව මෙයින් හැඟැවිණ ‘සලළු සුර කැන්’ යි කී හෙයින් ඔවුන් ගේ නෙත් සිත් පිනවන බව හැ‍ෙඟයි. ඒ සඳහා යුවතීන් වුව මනා හෙයින් උන් එහි කෙළනා බව හැඟෙයි. දිව්යට යුවතිවන් කෙළනා අහස්




68 මුවදෙව් දා විවරණය [32-

ග‍ඟෙහි කෙළීමට ඇති මන දොළ හරවා සලළු සුර කැන් මෙහි රැඳැවූ හෙයින් මෙහි යුවතීන් රූප සෞන්දය්‍්තිර ෙයන් දිව්යු යුවතීනුදු පරදවන බව හැ‍ඟෙයි. කීයේ මැ නූ, සසදා යෙහි -

‘එ පුර පිරි සිසිල් කෙළි දොළින් බට සුර කැන් දැකැ කෙළනෙහි වමියන් නිසලැස්හි පල විඳියෝ’෴ යි?

ටිප්පණි :

1. මදොවු - මන්දාකිනි අහස් ගහ.

‘මන්දාකිනී වියද්ගඞගා ස්වණීදි සුරදිර්ඝිකා’ යනාදිය ආකාශ ගඞගා නාම යි.

2. මන දොළ - සිතෙහි බලවත් ආශාව.

3. හළ - ‘හර’ ධාතු යි.

4. රසයින් - මේ ශබ්ද ප්රඝකෘතිය යි. රසායනයට නම්. ‘රසායනය’ නම් රසය පැමිණිම යි. කවර ඉන්රිලවත යයක් වූව ද අතිශයින් පිනවන්නා වූ දැ ඒ ඒ ඉන්ර්ැ යට රසායන නම් වේ. මෙහි ගැනුණෝ නයන රසායනයෝ යැ. ‘රසයින්’ සද විබත් ගෙනැ, රසයින - රසයින් - රසයිනින් - රසයිනට - රසයිනෙහි - යන ඈ විසින් සිටී.

5. සසිරි - යමෙක් අතිශයින් සාර නම්. සමෘද්ධ නම්, ඒ සශ්රීනක යැ. මෙහි නයන රසායනයෝ අතිශයින් සාරයෝ යැ. සමෘද්ධයෝ යැ.

6. පැමිණි - ‘පමුණු ධාතු යි.

7. පිරි - පරිඛා. නගරයේ පවුර වටා කණින ලද අගළ ‘පරිඛා’නමි.

8. සිරි -ශ්රී- සමෘද්ධිය, සෞභාග්යද, සම්පත්ති, ශොභා, අලංකාර, රමණීයත්ව-, දිප්ති, ආකාර යන මේ ආදී අනෙකාර්ථ යෙහි ‘සිරි’ යනු යෙදේ.


ඉති පුර වැනුම්.

පුර වර්ණ.නය මෙ සේ යැ. -34] මුවදෙව් දා විවරණය 69

අන්වය : එ පුර වෙ‍රේ. යස වතුරින් මුළු පොළෝ නරතුරින් එක හෙළි කළ මුවදෙව් නම් නිරිඳු තුමෙක් වි.

පදාර්ථ  : ඒ පුර වරයෙහි, යශඃප්රයවාහයෙන් සකල පෘථිවිය නිරන්තරයෙන් එකාලොක කළා වූ මඛාදෙව නම් නරෙන්ද්රොතත්තමයෙක් වූයේ යැ.

විස්තර : මඛාදෙව නම් රජ තුමෙක් ඒ නගරයෙහි වි. ඔහු ගේ කීර්තිය සියලු කල්හි මුළු ලොවැ පතළේ යැ.

ඒ රජුගේ ගුණ සමූහය ගැනැ නො දත්පෙදෙසක් ලොකයෙහි නුවූ හ යි මෙ කී සැටි යැ.

ටිප්පණි

1. එක හෙළි - එක සේ හෙලි කිරීම එක හෙළි කිරීම .

2. යස - කීර්තිය. යමක්හු ගැනැ රටෙහි පැතිරී යන ගුණ කථාව යස නමි. කවි සම‍යයෙහි ඒ සද රස් මෙන් සිසිල් යැ, සුදු ය. එ යින් කි හ. කුමාරදාසයෝ -

‘දිශො යශොභිඃ ශරදභ්රතශුභ්රෛ් - ශ්වකාර රාජා රජතාවදාතඃ’ ෴ යී.

රාජා - රජ තෙ‍ම, ශරද් අග්ර ශූග්රෛඃි - සරා වලා සේ සුදු වූ, යශොහිඃ - යසසින්, දිගඃ - දිශාවන්, රජතාවදාතාඃ - රිදී මෙන් සුදු වූවන්, වකාරකළේ)

3. වතුරින් - කීර්තිය ප්ර්වාහයක් මෙන් පතළ බව හඟවන්නට ‘වතුර’ සද ගැනිණ. 34.

අන්වය : සිරි, උවිඳු උරෙහි තම පිළිබිඹු දිසුත් නුදුහු, එ නර වරා පා මුල්හි සතුටු වැ වූසු.

පදාර්ථශ : ශ්රී (තොමෝ,) උපෙන්ද්ර යා ගේ වක්ෂ සෙහි තම ගේ ප්රලතිබිම්බය දෘශ්යදමාන වත් මැ සහනය නො කරන්නී, ඒ නරවරයා ගේ පාදමූලයෙහි සන්තුෂ්ට වැ වාසය කළා යැ.

විස්තර  : විෂ්ණු ‍ තෙමේ කෘෂ්ණවර්ණර යැ. කෘෂ්ණවර්ණූ දර්පුණයෙක්හි මෙන් ඔහුගේ වක්ෂ ස්හි පෙනෙන කලැ, පරම රූප සෞන්දැය්‍්ාදු ෙයන් විශිෂ්ට වූ  ලක්ෂාමිය  ගේ ද ප්රිතිබිම්බය කෘෂ්ණවර්ණෙ මැ යැ. ‘මේ කළු වූවකු ගේ සහවා‍සයෙන් 


70 මුවදෙව් දා විවරණය [34-

මා ගේ රූපය ද කිලිටි වැ පෙනෙති යි ස‍ිතෙනු, ලක්ෂ මිය ‍ ගේ අසහනයට ( නො ඉවැසිල්ලට ) එක් හෙතුවෙකි. තමා ගේ මැ ප්රිතිබිම්බය දැකැ කෘෂ්ණවර්ණේ වන හෙයින් ඒ නො හැඳිනැ ‘ඒ අන්යග ස්ත්රිනයකැ’යි ගෙනැ, ‍ ‘මේ තෙමේ අන්යඅ කාන්තාවක ද රමණය කෙරෙයි’ යනුයෙන් ඇති වන සපත්නී රොෂය තවත් හෙතුවෙකි.

උවිඳු උරෙහි වුසූ සිරි මේ රාජයා ගේ පා මුල්හි වුසූ හ යි කිමෙන්, ‘මේ රාජයා විසින් ලක්ෂණමී ද ගරු කොටැ සලකනු නොලද්දී යැ’ යනු ධවනිත යි. ‘විෂ්ණු’ දෙවයා ලක්ෂෂමිය උරින් උසුලා ඇයට දාස වි ය. එ හෙත් මඛාදෙව රජ ඇය තමාට දස් කොටැ පා මුල වැස්වී යැ. එ හෙයින් මු‍වදෙව් රජ විෂ්ණු දෙවයාට ද වඩා අනුභාවසම්පන්න යැ’ යනු ද මෙයින් මැ ප්ර්තීත යි.

ශ්රී (තොමෝ) ‍ මඛාදෙව රාජයා ගේ පාද මුලයෙහි වසන්නී යැ. රාජයා සෙවනය කරන්නෝ ඔහු ගේ පාදයන් වඳිති. එ කලැ ඔවුනට ශ්රීය සම්මුඛ වන්නී යැ. ශ්රීය යමක්හු හට සමු වේ නම් හේ සෞභාග්යය සම්පන්න වෙයි, ධනවත් වෙයි. ඒ හෙයින් මඛාදෙව රාජයා ගේ පාද සෙවාව කරන්නවුන් ශ්රී සෞභාග්ය් සම්පන්න් වන බව ද මෙයින් මා හැඟැවිණ.

ටිප්පණි :

1. උවිඳු - උපෙන්ර්ි බ්රැහ්මයා විසින් මැවූණු ලොකය රක්නා විෂ්ණු දස වරෙකැ දස ලෙසෙකින් පෙනී ස්වයිකාය්ය්ැ ය කෙරෙයි. ඒ දස ලෙස දශ අවතාර නමින් ගැනේ. පස් වන වරැ ලෝ වැඩ පිණිසැ හේ ඉන්ර්සකයයාට (ශක්රරයාට) මල් බෑවා උපන. එ හෙයින් උපෙන්ර්ි ‍ නම් වි යැ. ඉතා මිටි වූ ශරීරය වූයෙන් වාමන’ නමුදු වී.

2. උරෙහි - වක්ෂ්සෙහි ළයෙහි (පපුයෙහි.)

3. දිසුන් - දිස් + තු = දිසුතු = දිසුත්. ආචස්ථික කෘදන්ත නිපාත යි.

4. නසුහූ - නො + සුහු = නුසුහු. ස්වරපර රූප යි ‘සුහු’ යනු අතීත කෘදන්ත නාම යි.





-34] මු‍වදෙව් දා විවරණය 71

‘සහ’ (ඉවැසුම්හි ) ධාතු යි.

5. වූසු - ‘වස්’ ධාතු යි.

‘සිරි’ යන ස්ත්රී්ලිඞග නාමය උක්ත වන හෙයින් ඒ එකවචන වූව ද ආඛ්‍යාතය බහුවචන වියැ. මේ සිංහල භාෂා රීති යි. රහල් හිමියන් ගේ -

‘දැරූ දොළ දුක් ලකුණු දද දු’ ‘බැමිණි ලිය සසො බා එ පුත් රුවනග වැදු මහ බා

යනාදි ප්රැයෝග ද, පැරකුම්බා රජුන් ගේ - කළු ‘තුමඟ සමඟ සරණ තල පුල් තඹරන් අවුදු එ දූනට යුත් පියැසු බිසෝ මෙ වදන්’ ෴ ‘දවත රිසී කලක් තමා පබවත දස්නට පුළුලුකුලැ දිමුත් හර මණි මෙවුලෙකසැ රැඳැ වූ’ ෴

යනාදි යෙදුම් ද, ගුරුළුගෝමීන් ගේ -

‘රජ කුමරි යු’ ‘තොමෙහො ළඟ වූ’ ‘එ රාජ දූ පුත් රුවනක් ලදු’

යනාදි පියෝ ද, ඒ බව ස්ඵුට කෙරෙයි.

6. සිරි - ශ්රීඒ ලක්ෂ්කමී.

ශ්රී.සෞභාග්යඟයට ද, ධනයට ද, රූප සම්පත්තියට ද අධිපති වූ දෙවතා යැ මො විෂ්ණු දෙවයා ගේ භාය්යාරෙ වන්නී යැ. දෙවාසුරයන් විසින් අමෘතය සඳහා ක්ෂී.ර සාගර මථනය කරනු ලබන කල්හි උද්භූත වූ චතුර්දශ රත්නයන් අතුරින් මෝ එකෙකැ. විෂ්ණු දෙව (තෙමේ’) මැය උරින් උසුලා සිටින්නේ යැ. යමකු ‘ශ්රී.සෞභාග්යු සම්පන්නයැ. ධනවත් යැ’යි හැඟුවුව මනා කලැ, කවීහු “ලක්ෂශමි ඔහු සෙවුනී යැ” යි යෙති, කී හු මැ යි, රහල් හිමියෝ ද-

‘නමින් පැරැකු ම් බා තෙදැති රුපුන ‘දත ම් බා රුදු විරුදු පු ම් බා වැජැඹි පුළුලු රැ සිරි ඔලො ම් බා’ ෴ යි 72 මුවදේව් දා විවරණය [35-

35.

අන්වය : එ රද පුන් සිසින් විමල් යස රස් පැතිරෙත් රුපුන් අඹුවන් ඇස් සඳකැන් මිණින් ඇස්දර තෝ මිමී.

පදාර්ථ : ඒ රජ නමැති පිරුණු සඳින් නිර්‍මල වූ යශස් නමැති රශ්මි ව්යා ප්ත වන් මැ, ශත්රැජ වනිතාවන් ගේ අක්ෂි නමැති වන්ර්ිමිකාන්ත මණියෙන් ආශ්රැතධාර නමැති ජලය වහනය වි යැ.

විස්තර : ‘මුවදෙව් රජු ගේ කීර්තිය පැතිරෙනු දැක සතුරු රජුන් ගේ අඹුවෝ හැඬු හ” යනු මේ කී සැටි යැ.

පුන් සඳින් නිර්මුල වූ රශ්මි පැතිරෙන කල්හි චන්ද්රැකාන්ති මණියෙන් ජලය වැහෙන්නා සේ, මේ රජු ගෙන් නිර්මැල වූ කීර්තිය පැතිරෙන කල්හි සතුරු රජුන් ගේ අඹුවන් ගේ ඇසින් කඳුළු දහර වැහිණ.

මොහු ගේ කීර්තිය පැතිරෙනු බලා සතුරන් අඹුවෝ සිතිවිල්ලට වැටෙති. ‘මෙ මුවදෙව් රජ‍ු ගේ කීර්තිය දැන් මුළු ලොව පැතිරෙයි. මෙ බඳු කීර්තියක් පැතිරෙනුයේ ඔහු අතිශයින් ගුණවත් හෙයිනැ. ගුණවතා ගේ පක්ෂ බල දිනෙන් දිනැ වැඩෙයි. එ හෙයින් නො බෝ දිනෙකින් මහ සෙනඟ පිරිවරා අවුත්, අප ගේ රට ද ගෙනැ, අප ගේ සැමියනු දු ව්යෙසනයට පත් කොටැ, අප අනාථ කෙරෙයි’ මෙ‍ සේ සිතත් මැ ඔවුනට බලවත් ශොක උපදී, ඇසින් කඳුළු දහර වැහෙන්නට වෙයි.

කුමාර දාසයෝ ද මෙ මැ කී හු -

‘නරෙන්ර්ද චන්ර්ිශ ස්ය යශොවිතාන - ජ්‍ෙනරාත්සනා මහීමණ්ඩලමණ්ඩනස්ය තස්යනරිනාරිනයනෙන්දුනකානත - නිෂ්යරන්දාහෙතුර්භුවනං තතාන’ ෴ යී.

(මහිමණ්ඩල - පාථීවිමණ්ඩලයට, මණ්ඩනස්ය෴, -ආභරණවූ, නස්යර නරෙන්ද්ි‍ර චන්ද්රිස්ය - ඒ නිරිඳු සඳු ගේ, යශොවිතාන - යස පතර නමැති. ජ්යෙමතසනා - සඳ රස්, අරිනාරි - සතුරඹුවන් ගේ, නයන - ඇස් නමැති, ඉන්ර් කාන්ත - සඳ කත් මිණියෙහි, නිෂන්ද - වැහීමට, හෙතුඃ - කාරණ වූයේ, භුවනම් - ලෙවැ, නතාන - පතළේ)



-36] මුවදෙව් දා විවරණය 73

ටිප්පණි : 1. සිසින් - ‘සිසි’ හබ්දය නපුංසක ලිංග ද වෙයි. මේ තුන් වන විබත් ගත් තැනි. සිසි + ඉන්. මෙහි තුන් වන විබත අවධි අර්ථම යි.

2. පැතිරෙත් - ආවසරික කෘදන්ත නිපාත යි.

3. සඳකැන් මිණින් - ‘දියතරිප්පු’ යි ග්රා ම්යව ව්යිවහාරයෙහි එන පාෂාණ වර්ග.ය යි. සඳ රැස් ඇදැ ගන්නා හෙයින් ‘චනදර ර්කාන්ත’ යනු නමි. චන්ර්ිණි රශ්මිය වැටුණු කලැ . මේ පාෂාණ වර්ග යෙන් ජල වහනය වෙති යි යෙති. මේ කියැවිණ, භවභූතින් විසින් -

‘ද්රමවිති ච හිමරශ්මාවුද්ගතෙ චන්ර්3රණකාන්තඃ’ ෴ යි (හිමරශ්මිහු හෙවත් චන්ර්තොයා උද්ගත වූ කල්හි චන්ර්ියිකාන්තය දිය වෙයි)

4. ඇස් - දර - අශ්රැ් ධාරා. සංස්කෘතයෙහි ‘අශ්රැි’ යනු කඳුළට නමි.ඇසින් ගලන හෙයින් කදුළු ‘ඇස් දර’ නම් වෙති යි ද යෙති.

5. තෝ - ජලය. සංස්කෘතයෙහි ‘තොය’ යනු වේ.

6. මිමි - ‘මම’ (වැහිමෙහි) ධාතුයි.


36.

අන්වය : රුපු රජ විප් මුළු, එ නරනිඳ සරණ නිය රස් අහස් ගඟ නෝ නහා, සුවදා සැපත් මොක් පත්.

පදාර්ථම : ශතැ රාජ නමැති විප්රය සමූහයා, ඒ නරෙන්ර්ි යා ගේ චරණ නඛ රශ්මි නමැති ආකාශ ගඞගා ජලයෙහි ස්නානය කොටැ, සුඛදායක වූ සම්පත්ති නමැති මොක්ෂථයට පැමිණියහ.

විස්තර : විප්රි (බ්රාසහ්මණ ) සමූහයා ආකාශ ගඞගා ජලය නහා සුඛදායක වූ මොක්ෂරයට (සසර දුකින් මිදීමට) පැමිණෙන්නාක් මෙන්, ශත්රැි රාජ සමූහයා ඒ රජහු ගේ පාදයෙහි නඛ රශ්මිය නගා සුඛදායක වූ සම්පත්තියට පැමිණිය හ.



74 මුවදෙව් දා විවරණය [36-

රුපු රජුන් මෙ රජුට අවනත වැ මොහු ගේ පා වැඳැ, රාජ්යැ සම්පත්ති ආදිය ලැබූ බව මෙයින් කීහ. පා වැඳැ මොහු ගේ ප්රහසාදය දිනා නො ගත්තු නම්, රුපු රජුනට අයත් වනුයේ රජ සැපත් නො වේ, වනයෙහි මහත් දුකින් විසීම යි. රාජ්ය6යෙන් පලවා හරිනු ලැබිම එකාන්ත හෙයිනි.

කාලිදාසයෝ ද කී හ, සිය ගණන් නිරිඳුන් දශරථයා ගේ පාද ප්ර‍ණාමය කළ පරිදි-

‘චරණයොර්නඛරාගසමෘද්ධිහි - ඊමුකුටරත්නමරීවිහිරස්පෘශන් නෘපතයඃ ශතශො මරුතො යථා ශතම්ඛං තමඛණ්ඩින පෞරුෂම්’ ෴ යි.

(ශතශඃ නාපතයඃ - සිය ගණන් නිරි‍ඳෝ, අඛණ්ඩිතපෞරුෂම් = නොසිඳුනා ලද පුරිස් බල ඇති, තං - ඒ දශරථයා, නඛරාග - නිය පැහැ‍යෙන් සමෘදධිහිඃ - සමුර්ධ වූ, බුකුටරත්නමරිවිහිඃ = මුහුළු රවන් මෙරජින් චරණයො:-දෙපතුල්ය, අස්පෘශන් - ස්පර්ශර කළෝ; (කෙසේ ද යත හොත්), - මරුත :- දෙවයෝ, ශතමඛං ඉන්ර්ඃෙනයා, යථා - යම් සේ ස්පර්ශි කළෝ ද එමෙනි)

ටිප්පණි :

1. නිය රස් - පා වැදුම් වැනුමෙහි ලා පාද නඛ රශ්මි ග්ර‍හණය කවි සම්ප්රපදාය යි. ඒ ගෞරවාධික්යරය පිණිස වේ. රහල් හිමියෝ ද කී හ -

‘සිය සරණ නිය පෙ ළ රසින’න් රජ’ බිසෙස් ක ළ’ ෴ යි.

ගුත්තිලයෙහි ද ආයේ යැ -

‘නිරිඳු පද නිය ර ස් පිරිසිදු දියෙන් සිහිල ස් කැරැ මුදුනත’බිසෙ ස් එ නර බෝසත් තමා ගෙට ගො ස්’ යනු.

2. අහස් ගඟ -‍ මේ ගඞගා නදියට නමි. අහසින් එනුයෙන් එ නම් වී. මේ ගඟ පෙරැ සුර ලොකයෙහි වියැ. එ ය භූම්යිවතීණි වූ පරිදි, රාමායණයෙහි බාල කාණ්ඩයෙහි කියැවිණ

-36] මුවදෙව් දා විවරණය 75

පෙරැ අයොධ්යවයෙහි සගර නම් රජෙක් වී. හේ කෙශිනි නම් බිසොවක ගෙන් අසමඤ්ජස් සම් පුත්රැයෙකු ද, සුමති නම් බිසොවක‍ෙගන් සැට දහසක් පුත්ර6යන් ද ලද්දේ යැ අශ්වමෙධ මහා යාගයක් ආරම්භ කළා වු සගර රජ හු ගේ යාගාශ්වයා සැට දහසක් පුත්ර්යෝ රැකැ සිටියෝ යැ. එසේ ද වූවත් ‘මේ යාගයෙන් සගර රජ මා ගේ පදවිය පතන්නේ යැ’යි තැති ගත් ඉන්ද්රව ඒ අශ්වයා සොරා ගෙනැ ගොස්, පාතාලයෙහි ධ්යායන සුඛයෙන් දවස් යවමින් සිටි කපිල ‍මහර්ෂින් ගේ සමීපයෙන් හැරැ පී යැ.

සගර රජහු ගේ සැට දහසක් පුත්රියෝ අශ්වයා සොයන්නාහු, පොළොව කැණැ පාතාලයට වැදැ මහර්ෂින්ගේ පිටු පසැ සිටි අසු දැක, ‘අප ගේ අසු සොර කම් කළෝ මොහු යැ’යි ඔවුනට වරදනට වන් හ. එයින් කොපාවිෂ්ට වූ මහර්ෂිහු ශාපකොටැ, ඒ සැට දහස් දෙනා මැ භස්ම කළ හ. ඔවුන්ගේ ස්වර්ග් ගමනය ද ඍෂින් ගේ ශාප හෙයින් වැළැකිණ.

අයමඤ්ජස්හු ගේ පුත්රැ වූ අංශුමත් පාතාලයට ගියේ භස්ම රාශිය හැඳිනැ, සගර පුත්රේයන් ස්වර්ගණයට යැවීමට නම් දෙව නදි ජලයෙන් ඒ භස්ම තෙත් කළ යුතු බව ද සුපර්ණ්යා ‍ ගේ බසින් දැනැ ගෙනැ, පෙරළා නුවර‍ට අවුත් සගර රජුට සියලු පවත් දැන්වී යැ. හේ යාගය නිමවා සිය පුතුන් දෙව් ‍ ලොව යවනු සඳහා දෙව් ලොවින් සුර නදිය ගෙන්වන්නට තපස් කොටැ, මෙළ් යැ.

අංශුමත් ද ඔහු ගේ පුත්රප වූ දිලිප ද සිය මුත්තන් ගේ ස්වර්ගු ගමනය සිද්ධ කිරිම පිණිස ජිවිතාවසානය දක්වා මැ දැඩි වූ තපස් කළෝ යැ. ඔවුන් ගේ ප්රියත්නයන් සඵල නුවු නමුදු දිලිපයා ගේ පුත්රෙ වූ භගිරථ ස්වකීය තපස් තේජසින් දිව්යත නදිය පහදවා, භූම්යකවතීණි කොටැ පාතාලයට ගෙනැ, සිය මුත්තන් ගේ භස්ම රාශිය ගඩගා ජලයෙන් ශුද්ධ ‍ කැරැවී යැ. තත්ක්ෂනණයෙහි එ සැට දහස් සගර පුත්රතයෝ සකල පාපයන් සෝදා හැරැ ස්වර්ගි ප්රාතප්ත වූහ.

සගර පුතුන් කැණි වළ දෙව නදි ජලයෙන් පිරුණේ සාගර නම් වී . භගිරථයා ගේ නමින් ගහ භාගිරර්ථ නමුදු වි යැ

3. තෝ - ‘නාහා’ යන්නට මේ කාරණය යි. එ හෙත් දෙ වන විබත් ගෙනැ සිටියේ යැ




76 මුවදෙව් දා විවරණය [37

4. විප් - විප්රය බ්රාමහ්මණ විප්රායෝ නම් කවරහු ද යනු -

‘ජන්මනා බ්රා හ්මණො ඥෙයඃ සංස්කාරෛර්දවිජ උච්යොතෙ විද්යනයා යති විප්රහත්වං් ත්රි හිඃ ග්රො තිය උව්ය තෙ’ ෴

යනුයෙන් දැක්විණ උත්පත්තියෙන් බ්රාංහ්මණයැ යි දත යුත්තේ යැ. සංස්කාරයන් ගෙන් (උපනයනයෙන්) ද්විජ යැ යි කියැවේ. විද්ය්යෙන් (ශාස්ත්රැ ඥානයෙන්) විප්රෙත්වතයට යෙයි. මේ තුනින් ‍ ශ්රොතතිය යැ යි කියැවේ. විද්යා්ව වපුරත් නු යි බ්රා‍හ්මණයෝ විප්රෙ නම් වෙත්.

5. මුළු - සමූහාර්ථරවාචි ශබ්දයෙකි

6. පත් - ‘පමුණු’ ධාතුයි. බහුවචනාන්ත ආඛයාත පද යි. ‘පතු’ යන්නෙහි අන්ත්යප ස්වර ලෝපයෙන් වී . ‘මුළු’ යනු උක්ත වූයෙන් බුහුබසි.

37.

අන්වය : හිරු, දසනුදසැ පතළ ඔහු විමල් යස රස් වතුරැ ගැලී, නිසයුරා සස ලේ සුන් විලස් පෑ.

පදාර්ථි : සූර්යර (තෙමේ) දිශානුදිශායෙහි ව්යා ප්ත වූ ඒ රජහු ගේ නිර්මමල වූ කීර්ති රශ්මි ප්ර්වාහයෙහි නිමග්න වැ, චන්ද්රදයා ගේ ශශ ලෙඛාව නැති වූ ආකාරය ප්රයකාශ කෙළේ යැ.

විස්තර : මුවදෙව් රජුගේ කීර්තිය සකල දිශායෙහි පතළේ යැ. ඒ ඉතා සුදු වූ රශ්මි ප්රගවාහයෙකි. ස්වර්ණ්වර්ණෙ වූ සූර්යතයා ද ‍ඒ රශ්මි ප්රයවාහයෙහි ගැලී සුදු වෙයි. චන්ද්රියා මෙන් මෑ සුදු වෙයි. වෙනස නම් සස ලපය නැති වීම යි. එහෙයින් එ විටැ සූය්ය්ිය යා චන්ද්රමයා ගේ සස ලපය සුන් වූ ආකාරය දැක්වී යැ.

එ රජු ගේ කීර්තිය සකල ලොකයෙහි අතරක් නො තබා පැතිරී ගිය බව මෙයින් කියැවිණ.

ටිප්පණි :

1. දසනුදසැ - දස ද අනුදස ද දසනුදස එහි දසනුදසැ.

2. ගැලි - ‘ගල’ ධාතු යි.


-38] මුවදෙව් දා විවරණය 77

(1) නිමිජ්ජනාර්ථ ‘ගල’ ධ‍ාතුව ‘බල’ ආදි ගණ යි, සකර්මැක යි (කතු කරු) ගලා - ගලති - ගැලී - ගැලු. (කම් කරු) ගැලේ - ගැලෙනි - ගැලිණි - ගැලුණු ‘තන අග තෙලෙහි ගලා’ යන ආදි තන්හි මේ අර්ථ’ය ලැබේ

‘පෙරැ දල නිදු දිය කඳැ රට බිම ගනත’ ෴

යන ‘තන්හි ද මෙහි මැ 122 යන ගීයෙහි ද ‘ගල’ ධාතු මේ අර්ථ යෙහි යෙදිණ.

(2) මහනාර්ථහයෙහි ‘හල’ ධාතුව ද ‘බල’ ආදී ගණ යි. එහෙත් අකර්මික යැ. ‘ගඟ ගලා’ යන තන්හි මේ අර්ථදය ‍ හැගේ.

(3) ගිලනාර්ථ’යෙහි ‘ගල’ ධාතු ‘බම’ ආදි ගණ යි, සකර්මහක යි (කතු කරු) ගලා - ගලති - ගිලී - ගුලු . (කම්කරු ) ගැලේ - ගැලෙති - ගැලිණි - ගැලුණු . සද්ධර්මැරත්නාවලියෙහි - ‘කියා ලු දැය ගැලැ පියැද් නො හි චමාරා පියැද් නො ගි -’ යන තන්හි මේ අර්ථ ය පැවැසේ.

(5) මොවන (මිදිම්) අර්ථඅයෙහි ‘ගල’ ධාතු ද ‘බම’ ආදි ගණයි. එ හෙත් ඒ අකර්ම්ක යැ. ‘නැටි‍යෙන් ගැලැ හුණු පල ‍.............’ යන ආදි තන්හි මේ අර්ථඅය දැක්වෙයි. ප්රලයෝජ්යහයෙහි ගලවා’ යනාදිය වේ. මේ බව නොදන්නෝ ‘ගලව’ ධාතුවක් රුසිති.

3. සුන් - ‘සිඳු’ ධාතු යි.

‘ශූන්යැ’ යන අථර්යෙෙහි ‘සුන්’ සදෙක් ද වෙයි.

38.

අන්වය: එ නර වරා තෙද, පෙදෙසි නිරිඳුන් මුදුන් ලකුළු කිවි කිරුළු කුළු මිණි රස් ලෙසින් නරතුරු බැබැළි.

පදාර්ථන : ඒ නරොත්තමයා ගේ තෙජස් (තෙමේ) ප්රානදෙශික රජයන් ගේ මස්තකයක් අලංකෘත කළා වූ ගැවැසී ගත්තා වූ කිරීට කූටයන්හි මණි රශ්මි ආකාරයෙන් නිරන්ත‍රයෙන් බැබැළුණේ යැ.

විස්තර : මේ රජු ගේ තේජස (යටත්) ප්‍රදෙශවලැ රජුන් ගේ මුඳුනෙහි සියලු කල්හි බැබළුණේ යැ. කෙසේ බැබැළුණේ ද? ඔවුන්ගේ හි‍ෙසහ‍ි වු වොටුනුවලැ ගැවසී ගත්තා වූ මුඳුන්වලැ මිණි රුවන්හි රශ්මිය ලෙසින් බැබැළුණේ යැ.

78 මුවදෙව් දා විව‍රණය [38-

සාමන්ත රාජයන් මේ රජු ගේ අණ හිසින් පිලිගෙනැ ඉතා මහත් ගෞරවයෙන් සැලැකු බව කී සැටි යෑ මේ.

‘සමස්තසාමමන්තනෘපොතනමාඞග - න්යවධ්යනස්යක තස්යෙණන්නවෘත්ති තෙජඃ ජජ්වාල චූඩාගපද්මරාග - රාගච්ඡටාවිසඵුරණච්ඡලෙන’ ෴ යි.

කුමාර දාසයෝ ද  මෙ මැ කී හු

(තස්යර = ඒ දශරථයා ගේ. උන්නත වෘත්ති = උඩඟු වූ පැවතුම් ඇති ; තෙජඃ = ‍ෙතජෙස් තෙමේ. සමස්ත = සියලු, සාමන්තතෘප = පෙදෙසි රජ දරුවන් ගේ, උත්තමාඞගානී = හිස් (හි) , අධ්යසස්ය = පිහිටා , චූඩාගත = කිරීටස්ථ වූ, පද්මරාග = පියුම්රා මිණින් ගේ, රාගච්ඡටා = ශොභා සමූහයා ගේ විස්පුරණච්ඡලෙන - බැබළිමෙහි ව්යානජයෙන්, පජ්වජල - දිලිහී ගියේ)

ටිප්පණි : 1. පෙදෙසි නිරිඳුන් - පෙදෙස්හි වූයේ පෙදෙසි. තද්ධිත යි . පෙදෙසක් (ප්රහදෙශයක්) නම් කොටසෙකි. රටෙකැ කොටසක් අනුශාසනය කරනුයේ පෙදෙසි රජෙකි.

2. හිවි - ගැවැසී ගත්තා වු. කීමෙක් ගැවැසි ගති ද. කුළු ගැවසි ගත . පෙදෙසි රජුන් ගේ වොටුන්නෙහි බොහෝ කූටයන් (මුඳුන්) වූ බව මෙයින් පෙනේ. කූට බොහෝ ගණනෙකැ බොහෝ මිණි රුවන් වෙයි. එයින් රශ්මිය ද බොහෝ යැ.


‘හිව’ යනු හුව (ගැවසීමෙහි) දයින් නිපන් අතිත කෘදන්ත නාම පද යි.

3. කුළු - කූටය . මුදුන

4. බැබැළි - අතීත ප්රුථම පුරුෂ එකවචන ආඛ්යාේත පද යි. ‘බබළ’ ධාතු යි.

5. තෙදෙ - තෙද + එ.

6. නරතුරු - මේ පුරාණ ව්යෝවහාර යි. නවින ව්ය්වහාරය ‘නිරතුරු’ යනු මැ යි.


-39] මුවදෙව් දා විවරණය 79

39.

අන්වය : එ නර වරා බැම ලියෙන් විපක්සුපක්නට කුරිරු මරණ පිය කරණ නරතුරු නොතොර වැ මිමී.

පදාර්ථව : ඒ නරොත්තමයා ගේ භ්රෑ ලතායෙන් විපක්ෂණසූපක්ෂනයන් හට ක්රෑ ර වූ මරණය ද ප්රිවය කාරණය ද නිරන්තරයෙන් තොර නො වී වහනය වී යැ.

විස්තර : විපක්ෂරයනට ක්රෑකර වූ මරණය ද සුපක්ෂුයනට ප්රිකය කාරණය ද ‍(මනොනුකුල වූ සම්පත්තිය ද) මු‍වදෙව් රජු ගේ භ්රෑක ලතායෙන් (ඇස් බැමින්) පැමිණියේ යැ, නිතර මැ නො සිඳි මැ පැමිණියෙ යැ. කෙසේ මරණ පැමණියේ ද කෙ සේ පිය කරණ පැමිණියේ ද යනු සලකා ගත යුතු.

විපක්ෂයයන් ඇති වූ කලැ රජු ගේ බැම බි‍ඳෙයි (හැකිලෙයි.) එ නම් රජු කිපුණු බවට ලකුණෙකි. ඒ බව දත් රාජාමාත්යේයෝ ‘අප’ ස්වාමිහු අසුවල් විපක්ෂමයන් කෙරෙහි කිපුණාහු යැ එව යම්හ. උන් සාධා ස්වාමීන් සතුටු කරවම්හයි’යි සිවුරඟ සෙනඟ පිරිවරා ගෙ‍ස්, විපක්ෂුයන් යම පුරයට යවති. මේ ‘එ නර වරා බැම ලියෙන් විපක්නට කුරිරු මරණ’ මමන පරිදි යි.

සුපක්‍ටේයන් කෙරෙහි ලා රජ බැම විදහයි. ඒ ප්රුසාදයේ ලකුණෙකි. ඒ බව දත් රජාමාත්ය‍යෝ, ‘අප ගේ ස්වාමීහු අසුවල් සුපක්ෂවයක් කෙරෙහි පහන් හ. උන් පිනවම්හ’ යි ස්වර්ණණ - රජත - මණි - හස්ත්යෙශ්ව - ග්රා ම -‍ ක්ෂෙබත්රත ‍- ස්ථානාන්තරා දීන් දෙති. මේ ‘සුපක්නට පිය කරණ’ මමන පරිදි යි.

රජුනට දශරථයා ගෙන් වෘද්ධි විනාශ දෙක ලැබෙන සේ කාලිදාසයෝ ද කී හු ‘උදයමස්තමයං ච රඝුද්වහා - දුභයමානශිරෙ වසූධාදිපාඃ ස හ නිදෙශමල්ඞඝයතා මභු - තසුහෘදයොහෘදයඃ ප්රතතිජිනාමි’ ෴ යි.

(වසුධාවිපාඃ - රජහු , රඝුද්වහාත් - රඝුනායකයා (දශරථයා) කෙරෙන්, උදයං - වෘද්ධිය ද, අස්තමයං - විනාශය ද, (යන) උභයං - දෙක, අනාශිරෙ ලැබූහ සඃ හි- ඒ දශරථ තෙමේ වනාහි, නිදෙශා - අඥාව , අලංඝයතාම් - උල්ලංඝනය නොකරන්නට, සුහත් අභූත් - මිත්රවයෙක් වී , ප්රාතිගර්ජනාම්-


80 මුවදෙව් දා විවරණය [39-


පිළිමල් වැ සිටින්නට, අයොහෘදයඃ - යකඩින් කළ හාදයය ඇත්තෙක් හෙවත් දැඩි සිත් ඇත්තෙක්, අභූත් - වී, සිය අණ පිළිපදිනුවන් රකී. සෙස්සන් මරසි යනු යූ ‍ සේ යි.)

සසදාවත්හි දු-

‘ එනිරිඳ සිර සර - ලඹ ‘ත විපක්සුපක්නට යම් දඬු කප් තුරු සිරින් - බිය තොස කෙළෙ නරතුරින්, ෴ යි

බ්රාහ්මදත්ත රාජයා ගේ හස්තය විපක්ෂඩසුපක්ෂපයනට මරු මුගුරු සුරතුරු සෙයින් බිය ද‍ තොස ද කළ සේ කීහු.

‘බිමී විපක් සුපක් - දියැ එ විරුහු පබඳ තෙද දළ සෝ හුනැස් ලෙස්නෙන් - හිදා නුරා විලස්නෙන් ෴ යි

පරාක්රමමබාහු රජාණෝ ද කුස රජු ගේ තෙජස විපක්ෂතසුපක්ෂම ලොකයාට දෘඪශොකාග්නිජ්වලාකාරයෙන් ද, හෘදයානුරාගාකාරයෙන් ද භ්රපමණය කළ සේ කී හු-

රක්ෂොණාපෙක්ෂානව අලකෙශ්වරයා ගේ බැම ලියෙන් පැමිණෙන සැටි මයුරසන්දෙනග කාර‍යෝ ද කි හු -

කො කු ම් වැ කු ම් වන් තෙද දිගඹුවන් ග ත වි කු ම් එ කු ම් යැයි තෙවිකුම් වනන ස ත දැ කු ම් ඇ කු ම් කළ රූ රැසඟනන් නෙ ත රැ කු ම් තැ කු ම් ලොවැ ඔහු බැම ලියෙන් ප ත’෴ යි.

විභිෂණ දෙවයා ගේ සම්පත්ති - විපත්ති - දායකත්වක වර්ණ න - යෙහි දි රහල් හිමියෝ ද කී හු -

නම කළ ස ත හැ ලේ සිහිලේ සැප සිලි ලී බිය සෙණ රුපු කැ ලේ තුමුලේ දෙන නොක ලී නළලත ගිරි තෙ ලේ සුනිලේ රැසිනිපි ලී සුර රද දෙ බැම ලේ ගනලේ සිරි කියෙ ලී’ ෴ යි

ටිප්පණි : 1. බැම ලිය - - මෙ තන්හි ලිය යනු බැමෙහි නමුත්වෂ දීර්ඝයත්ව සුන්දුරත්වාුදිය හැඟැවීම පිණිස යෙදේ. මේ සංස්කෘතයෙහි දු භ්රැබලතා යි සිටී. භ්රෑ‍, බාහු, අලකා, බඞ්ග, විද්යුණත් ආදි අර්ථ වාචි ශබ්දයන් කෙරෙන් පර වැ ලතා ශබ්දය සෞක්ෂ්ම්ය‍ සෞන්දීර්යව

-40] මුවදෙව් දා විවරණය 81

සෞකුමාරද්යිර්ථෙඥපක වෙයි. එ හෙයින් ‘බැම ලි‍යෙන්’ යන්නට ‘භ්රෑ. නමැති ලතිකායෙන්’ යී අර්ථ කථනය අනුචිත යි. ලතිකා වෙකින් වන මරණ පියකරණ ආදිය කිම කවි සමයයට ද විරුද්ධ වේ.

2 නරතුරු නොතොර - එකාර්ථවවාචි පද ද්වයයෙක් කවර හෙයින් යෙදිණි ද? නරතුරු යන්නෙන් සතනයෙන් මේ රාජයා ගේ භ්රෑණ ලතායෙන් ‘කුරිරු මරණ පිය කරණ’ මමන බව කී හු. මෙයින්. ‘වරක් කුරිරු මරණ ද වරක් පිය කරණ ද මමයි’ යන අර්ථ ය ද ගත හැකි වන හෙයින් එ සේ නො වැ එක් වරැ මැ විපක්නට කුරිරු මරණ ද, සුපක්නට පිය කරණ ද මමන බව හැඟැවීමට නොතොර යනු යෙදු හ. කුරිරු මරණ මිමිමෙන් පිය කරණ තොර විමෙක් හෝ, පිය කරණ මිමිමෙන් කුරිරු මරණ තොර වීමෙක් හෝ නො වෙයි.

3. විපක්සුපක්නට - විපක් ද සුපක් ද විපසුපක්. උනට විපක් සුපක්නට

4. පිය කරණ - මෙහි ‘කරණ’ යනු ‘කා‍රණ’ (හොතු) යන අර්ථව ඇත්තේ යැ. ‘කර’ ධාතුයෙන් වූ සේ සලකා ‘කරණ’ යන තන්හි ‘ක’ කාරයෙහි ‘අ’ කාරය වවෘත කොටැ නො කියැවියැ යුතු.


40.

	අන්වය :  එ නර වරණ මුව පුල් තඹුරු ගැබෙහි වසත මහ බඹ සරසවිය විදුනා වල් විදුනා නො ලද.
	පදාර්ථය  :  ඒ නරොත්තමයා ගේ මුඛ නමැති ඵුල්ල නාමරසයෙහි (ස්රස්වතිය) වාසය කරන කල්හි මහාබ්රුහ්ම (තෙමේ) (ඒ) සරස්වතිය විසින් විජනය කරනු (සලනු) ලබන්නා වූ වාල ව්යමජනය වල් විදුනාව නො ලද්දේ යැ.

විස්තරස : සරස්වතී, පිපුණු පියුමෙකැ සෙයින්, ඒ රජු ගේ මුඛයෙහි වාසය කෙරයි. ඇය එ හි වසන හෙයින් මහා බ්රෙහ්ම (තෙමේ) ඇය විසින් සලනු ලබන්නා වූ වල් විදුනාව නො ලද්දේ යැ. එ රජු ගේ මුවෙහි විසීම යැ මහ බඹුට පවන් සැලීම යැ යන දෙක මැ එක සරස්වතිය කෙසේ කෙරේ ද?



6 82 මුවදෙව් දා විවරණය [40-

මුවදෙව් රජ කීමෙහි බිණිමෙහි අතිශයින් දක්ෂර වු මහා විවක්ෂඛණයකු බව මෙයින් හැඟැවිණ. සරස්වතිය වචනයට අධිපති දෙවතා යැ. ඕ යමක්හු ගේ මුඛයෙහි වෙසේ නම්, කීමෙහි බීණිමෙහි ඔහුට වඩා සමතෙක් කොහි වේ ද?

ටිප්පණි :

1. වසත - ( වස +තු) ආවස්ථික කෘදන්ත නිපාත යි.

2. නර වරණ - මෙහි ‘වරණ’ යනු හස්ති පාර්ඨාවය යි. සංස්කෘතයෙහි ‘වාරණ’ යනු වේ. සිංහ - වාරණ - වෘෂභ - ව්යුඝ්ර. - ශාර්දූල - හංස- චන්ර්ූෘ් යනාදි අර්ථවයෙකැ යෙදෙන නාමය අන්ය‘ නාමයෙකින් පර වැ ඒ නාමය තුල්යාිධිකරණ විශෙෂණ කොටැ ගෙනැ සිටියේ, ඒ නාමයට උත්තමාර්ථතයක් ගෙනැ දේ.

‘තොප නම ඉදිරි කළ නමටත් උතුමැ යෙති’ ෴ යනු හංසයාට කළ පැසැස්මෙකි.

3. මුව පුල් තඹුරු - සරස්වතිය ගේ ආසනය පියුමෙකි එ හෙයින් රජුගේ ‘මුඛයට තඹර (පියුම) උපමිත යැ.

4 ගැබෙහි - ගබ + එහි

5. මහ බඹ - ලොකය මවන්නේ මෙයැ යනු පරසමය යි. මේ විෂ්ණු ගේ නාභ‍ි පද්මයෙහි උපන්නේ ල. මොහුට මුහුණු සතරෙකි , අත් අටෙකි. එක් අතෙකැ සතෙකි. (කූ‍ඩයෙකි.) මොහු ගේ භාර්යාව සරස්වති යැ

6. ලද - ‘ලබ’ ධාතු යි.

7 . විඳුනා - ‘විදු’ – (සැලුම්හි) ධාතුයෙන් වු කෘදන්ත නාමයි. විදු + නා වර්ත මාන ව්යාවහාරයෙහි ‘ඉ’ විකරණ වැ ‘විඳිනා’ යනු දු වෙයි.

බුදුගුණ අලංකාරයෙහි -

‘ගමනොත මුනි ඳු නා සුරිඳු සඳු සිරි වි ඳු නා සිහිල් තල වී ඳු නා සලති සුදු සෙමෙර වල් වි දු නා

යන තන්හි මේ ධාතුව විජනාර්ථ යෙහි යෙදිණ.

-41] මුවදෙව් දා විවරණය 83

මේ ‘විදුනා’ යන්නට ‘විද්යාිනාථත්ව ය’ යි පුරාණ සන්නයෙිහ අරුත් පැවැසිණ. මේ අර්ථයය දිමට ශබ්දය නො වේ.

8 සරසවිය - සරස්වතී වචනයට අධිපති දෙවතා යැ. ඒ හෙයින් ඇයට භරති - වාග්දේවි - වාණි - යනාදි නාමයෝ ද වෙති. යමක්හු ගේ වාක්වාතුර්යය හැඟැවුව මනා කලැ, ඔහු ගේ මුව තඹරෙහි සරසවිය වෙති යි කවීහු යෙති. ඇය ගේ ආසනය පියුමෙකි. කීයේ මැ නො -

‘යා කුන්දෙගන්දුයතුෂාරහාරධවලා යා ශෙවතපද්මාසනා යා වීණා වරදණ්ඩමණ්ඩිතකරා යා ශුභ්රාවස්ත්රාපවාතා යා බ්රාකහ්මාව්යුිතශඞකර ප්රටභාතිහිදෙවෛඃ සදා පූජිතා සා මං පාතු සරස්වති භගවතී නිශෙෂජාඩ්යාඃපහා’ ෴ යි?

ය‍මක් ‍ ‍‍ තොමෝ කොඳ සඳ තුසර මුතු හර සේ හෙළ ද, යමක් තොමෝ සුදු පියුම් අසුන් ඇත්තී ද යමක් තොමෝ උතුම් වූ වෙණ දඬුවෙකින් හෙබි අතක් ඇත්තී ද, යමක් තොමෝ සුදු වතින් වැසුණු ද, යමක් තොමෝ අට කර හර හර ඈ දෙවියන් විසින් සදා පුදන ලද ද ඒ පින්වත් සරසවි තොමෝ සියළු ජඩ බව දුරු කෙරෙමින් මා රකී වා)

9 වල් විදුනා - වාල ව්යනජනය සෙමෙර වලගින් කළ චාමරය

41. අන්වය : නිරිඳු ........ රුපු ඇත් මුඳුනේ ගී ....................

පදාර්ථන : නරෙන්රොත ත්තමයා නමාති ගිරීන්ර් මකයා (පර්ව ත රාජයා) ගේ භුජ (බාහු ) නමැති කූටය අලංකෘත කළා වු බඩග නමැති සිංහ (තෙමේ) ශත්රැර නමැති හස්තීන් ගේ මසතකයෙහි පතිත වැ දාස දර්පන නමැති මස්තිෂ්කය එක් කටට ගත්තේ යැ.

විස්තර : මහා පර්වවත කූටයෙකැ සිටි සිංහයකු ඇතකු ගේ මුඳනට පැනැ මොළය එක් කටට කෑවක් මෙන්. මේ රජු අතෙහි වූ කඩුව සතුරන් මුඳුනට පැනැ ඔවුන් ගේ දැඩි එ‍ඩිය එක් පහරින් මැ නැති කෙළේ යැ.

	මුවදෙව්  රජ බඩ්ග ශිල්පයෙහි අති සමර්ථි වූ යෝධයකු බව ද’ සතුරු රජුන් අතුරෙහි ඔහුට සමාන කළ හැකි එකකුත් නූවු බව ද මෙයින් හැඟැවිණ.



84 මුවදෙව්දා විවරණය [42-

ටිප්පණි:

1. නිරිඳු සඳ - ‘සද’ යනු මෙහි චන්ර්ූතිපර්යාය යි. ‘නිරිඳු’ යන්නට උත්තමාර්ථරය ගෙනැ දෙන පිණිස යෙදින. (40 වන ගීයට ලියු 2 ටිප්පණිය බලන්නේ යැ. මින් මතු මෙබන්දක් දැක්වෙනුයේ 40 – 2 යන මේ ලෙසිනි.

2. ගිරිඳු- ගිරි + ඉඳු ‘ඉන්ද්රය’ යනු ‘ඉන්ද්රය’ (ප්රතධාන - අධිපති) යන අර්ථ ඇත්තේ යැ.

3. හී - හෙ + ඊ = හි +ඊ = හී.

4. කබල - එක් වරට මුවට ගත හැකි පමණ ‘කබල’ නමි. සංස්කෘතයෙහි මේ ‘කබල’ යී ද ‘කවල’ යි ද සිටි.

5. ගත් - ‘ගන්’ ධාතු යි.


42.

අන්වය : ඔවුන් සෙපියන් නුවන් කෙළෙන් ඇස් දර තෝ එ නිරිඳු විපක් අසි පත්නි දුලු කො ගිනි නිවී.

පදාර්ථක : ඔවුන්ගේ (ඒ විපක්ෂුයන් ගේ) සෙව්යීප්රිියාවන්ගේ නයන නමැති ඝටයෙන් අශ්රැව ධාරා නමැති තොයය (ජලය තෙමේ) ඒ නරෙන්ද්රවයා ගේ විපක්ෂයයන් ගේ කඩු නමැති පත්රධයෙන් ජ්වලිත වූ ක්රොතධ නමැති ගින්න නිවූ යේ යැ.

විස්තර : කළයෙන් වත්කළ ජලය, (වියැළි) පත්රරයෙන් දැල්වුණු ගින්න යම් සේ නිවා ද, එමෙන් මැ සතුරන් ගෙ භාය්යාමේ වන් විසින් ඇසින් හෙළන ලද කඳුළු, එ රජු‍ගේ (ඒ) සතුරන් ගේ කඩු කරණ කොටැ ගෙනැ දල්වන ලද ක්රෝධ්යි සන්හිඳැ වි ය.

වියැළි පත්ර යන් ලා ගිනි දල්වනු සිරිති. මෙ රජු ගේ විපක්ෂරයන් මොහුට විරුද්ධ වැ නැගූ කඩු මොහු ගේ ක්රො ධ නමැති ගින්න දැල්වීමට ලූ වියැළි කොළ වැන්නැ.

ඇතැම් සතුරන් මේ රජුට විරුද්ධ වැ කඩු ගත් බව ද (යුද්ධයට පැමිණි බව ද) එයින් මොහු ගේ ක්රොරධය නැඟී, සතුරන් පරදවා ජිවග්‍ාල්හයෙන් ගත් බව ද, ඔවුන් සුදුසු දඬුවම් ලබන්නට

-43] මුවදෙව් දා විවරණය 85

පෙරැ ඔවුන් ගේ භාය්යාුට වන් අවුත් මේ රජු ගේ පා වැඳ හඬා වැලැපැ ක්ෂුමාව ඇයැදැ මොහු ගේ කොපය සන්හිඳුවා සිය සැමියන් ගේ දිවි රැකැ දුන් බව ද මේ කියු සැටි යැ.

‘පරෙෂුවාත්යාි පරිවෘංහිතො ‘ස්යක ක්රොපධාබිධානො යුධි චිත්රනභානුඃ ආතා මුනෙත්රාව්යුුතවාරිව‍ෛ ර්ෂව - රානායි ශානතිං රිපුකාමිනීනාමි, ෴ යි.

කුමාරදාස‍යෝ  ද කී හු මැ යි.

(යුධි - යුද්ධයෙහි ලා, පර - සතුරන්ගේ, ඉෂුවාත්යාි - ශර පවන සමුහ යෙන් පරවෘහිත - වඩනා ලද්දා වූ, අස්යන - මේ දශරථයා ගේ, ක්රො ධාභිධාන - ක්රොයධය යන නම් ඇති, විතහානුඃ - වත්ති තෙමේ, රිපුකාමිනීතාම් - සතුරඹුවන්‍ ගේ, අතාමු - මඳ රත් වූ , නෙත්රි ඇසින්; ව්යු‍ත - ගිලිහුණා වු, වරිව‍ර්ෂෛඃ - ජල වර්ෂුයෙන්, ශාන්තිං - සන්හිදීමට, අනායි - පමුණුවන ලදි.)

ටිප්පණි

1. අසි පත්නි - ‘අසි පත් ‘යනු ද කඩුවට මැ නමෙකි. මෙහි කඩුව සඳහා යෙදුණේ ‘අසි’ යනු පමණෙකි. ‘පත්’ යනුයෙන් ගැනුණේ තණ පරණල ආදි පත්ර යි.

2. දුලු - ‘දල’ ධාතු යි.

3. නිවි - ‘නිව’ ධාතු යි.

4. සෙපියන් - බොහෝ පුරාණ සන්නවලැ මෙයට කියැවුණේ ‘සෙව්යෙ ප්රිියාවන්’ යන අර්ථ ය යි. ‘සෙව්යන’ යන්නෙන් සෙවනයට සුදුසු බව පැවැසෙයි. ‍මනොහර රූපසම්පත්තීන් යුක්ත වූවාහු ‍ෙසවනයට සුදුස්සෝ යැ එ හෙයින් සෙපියෝ නම් රමණි ය වූ රූප සෞන්දපය්‍්් ය යෙන් යුත් ප්රිෙයාවෝ යැ.

5. කෙළෙන් - කළ + එන් = කළෙන් = කෙළෙන්.