මේඝ දූතය - i

Wikibooks වෙතින්

1

එක් යක් - දෙවියෙක් සිය නිලයේ නො රැඳියේ , වසරක් මුළුල්ලේ විරහ විඳුව ’ යි හිමියාණන් කළ සාපයෙන් බෙල හීන ව ‍ගියේ , ජානකිය දිය සැනැහූයෙන් පිවිතුරු ව තුරු සේ - වළල්ලෙන් පියකරු ව ගිය රම් - ගිරි අසපු අඩවියේ විසී .


කශ්විත් කාන්තාවිරහගුරුණා ස්වාධිකාරාත් ප්රයමත්තඃ ශාපෙනාස්තඞ්ගමිත මහිමා වර්ප භොග්යෙිණ භර්තුඃ යක්ෂශ්චක්රේ ජනකතනයාස්නාන පුණ්යොකදකෙපු ස්නිග්ධච්ඡායාතරුෂු වසතිං රාමගිර්යාශ්රොමෙෂු.


2

පිය ’ ඹාගන් පිට - වී මස් ගණනක් ම ගෙවුයෙන් බාහුයේ රන් වළල්ල ද අත ’ ගින් ගෙන - එ තරම් ම වැහැරුණෙන් දුඹුල් ව ගිය - හේ තෙමේ , ඉවුරු බිඳ හෙළන ඇත් රජකු බඳු කඳු කුළක් අරා සිටි මේ කුළක් ඇසළ පැළවිය දා දිටි .



තස්මින්නද්රො කතිවිදබාලවිප්ර යුත්තඃ ස කාමි නිත්වා මාසාන්කනක වලයහ්රංතශරික්තප්ර්කොෂ්ඨඃ ආෂාඪස්යම ප්ර්ථමදිවසෙ මෙෂමාග්ලිෂ්ටානුං වප්රසක්රී ඩාපරිණතගජප්රෙෂක්ෂණීයං දදර්ශ



3

සිත දුක් තර කරවන ඒ මේ කුළ අබිමුවේ වැර වඩා සිට ගත් හේ තෙමේ - යක් ඉසුරාණ ගේ සේවකයා - දෙ‍ නෙත් කඳුලැලි සඟවා ගෙන සිතන්නට වී. මේ කුළක් දැක්ම සුවැ ’ ත්තනට දු සිත් පෙළා , ගෙල පහස ලබනු රිසි පිය ’ ඹ වෙන් වූ කල කියනු කිම ?



තස්යු ස්ථිත්වා කථමපි පුරඃ කෞතුකාධානහෙතො - රන්තර්බාප්පශ්විරමනුවරො රාජරාජස්යෞ දධ්යෞල. මෙසාලොකෙ භවති සුඛීනො ප්යොන්යතථාවෘත්ති වෙතඃ කණ්ඨාශ්ලෙෂප්ර ණයිනි ජනෙ කිම්පුනර්දූරසංස්ථෙ !



4

වැසි සමය ළං වි ය. එහෙයින් තමන් සුව තතු දන්වා පිය ’ ඹ ගේ දිවි ගලවා ගනුව මේ කුළ අතේ හස්නක් යවන්නටැ ’ යි සිතා නව කෙළිද මලින් දූතයා පුදා සොම්නස් ව අදර වදනින් සෙත් පැතී.



ප්ර ත්යපසන්නෙ නහසි දයිතාජිවිතාලම්බනාර්ථි ජිමූතෙන ස්වකුශලමයිං හාරයිෂ්යනන් ප්රවවෘත්තිම් ස ප්රෙත්යයග්රෛඃ කුචජකුසුමෛඃ කල්පිතාර්ඝයා තස්මෛ ප්රීරතඃ ප්රීාතිප්ර මුඛවචනං ස්වාගතං ව්යාතජහාර.



5

දුම් - ගිනි - දිය - සුළං - මේ මුළුව ය මේ කුළ නම් සිහි යුතු පණැ ’ ත්තන් අත යැවෙන හසුන් මේ කුළ කෙලෙස්නෙන් ගෙන යේ ද ? පෙමින් බර වූ හේ මෙ පමණකුදු නො තකා ම යැදී.

පෙමින් අඳ වූවෝ සිත් ඇති නැති පමණ වත් කෙ සේ දනිති ද ?



ධූමජ්යොනතිඃසලිලමරුතාං සන්නිපාතඃ ක්ව මේඝ ඃ සන්දෙශාර්ථාඃ ක්ව පටුකරණෛඃ ප්රා්ණිහිඃ ප්රා පණියාඃ ; ඉත්යෞශත්සුක්යාණදපරිගණයන් ගුහ්ය්කස්තං යයාචේ. කාමාර්තා හි ප්ර්කෘතිකෘපණාශ්චෙතනාචෙතනෙපු.


6

පුස්කර - ආවර්තක - ඈ ලෝ පසිඳු වුවන්ගේ කුලයෙහි දිනුයෙහි. සක් දෙවිඳුන් ළ - ගත් මහනිලමේ වූයෙහි. එ බඳු වූ ඔබට දයිවයෙන් විරහා විඳුනා මම මේ ලෙසින් අයදිමි. පලයක් නැත දු ගුණවන්නට ම යදිමි. පුරා පල ලද දු නු ගුණවත්නට නම් නො යෙදිමි.



ජාතං වංශෙ භුවනවිදිතෙ පුෂ්කරාවර්තකානාං ජානාමි ත්වාං ප්රදකෘතිපුරුෂං කාමාරූපං ‍මඝොනඃ ; තෙනරේථිත්වං ත්වයි විධිවශාද්දුරබන්ධුර්ගතො ’ හං යාවිඤා මොඝා වරමධිගුණෙ නාධමෙ ලබ්ධකාමා.


7

මේ කුළ . තැවුලේ හොත්නට ඔබ ම ය සරණ ! කිපුණු දන - දා මගෙන් වෙන් කළ මා පිය ඹට ද මා හසුන් ගෙන යන්න. යක් ඉසුරනට නිවෙස් වූ අලකා නම් පුරයට ය යා යුතු.

ඉන් පිටි උයන්හි රැඳි මෙහෙසුරාගේ හිසැ වන් ළ - සඳින් එහි පහා හොබී.



සන්තප්තානාං ත්වමසි ශරණං ; තත්පයොද ප්රි යායාඃ සන්දෙශං මෙ හර ධනපතික්රො ධවිශ්ලෙෂිතස්ය . ගන්තව්යාම තෙ වසතිරලකා නාම යක්ෂෙහ්වරාණාං බාහ්යොයද්යා නස්ථිතහරශිරශ් චන්ද්රිංකා ධෞතහර්මතා.



8

බැහැර ගිය හිමියන් ගේ අඹුහු අහස් අරා යෙන ඔබ තුටු සිතින් දැක පෙම්බරයන් නියතින් එතැ ’ යි හදවතින් දැන අලකාව අතින් නඟා ඔබ දෙස නෙත් නඟති. ඔබ වැසි බරින් බර ව ගිය කල තමන්ගෙන් වෙන් වූ පිය ’ ඹුන් - හා ! අනුන් වසඟයට වන් මා වැන්නකුන් විනා -

කවරෙක් නම් පෙළා ද ?



ත්වාමාරූඪං පවනපදවිමුද්ගෘ හීතාලකාන්තාඃ ප්රෙමක්ෂිෂ්ය්න්තෙ පථිකවනිතාඃ ප්රකතය්යාසදාශ්වසන්ත්යඃ( . කඃ පන්නඩෙ විරහවිධුරාං ත්වය්යුනපෙක්ෂෙත ජායාං න ස්යානදන්යොා ප්ය්හමිව ජනො යඃ පරාධීනවෘත්තිඃ ?



9

මඳ මඳ ව හමන මරු ඔබ ඔබ - රිසි දෙසට ගෙන යෙත් ම සහදප් ව ගිය කැඳැත්තකු ඔබ වම් පසින් හිඳ ගයත් ම ගැබ් ගැන්ම උදෙසා පුරුදු සේ පෙළ ගැසී හොත් කොක වැළ ඒ මොහොතේ උදව්වට ආ ඔබ තුටු සිතින් නමදිති.





මන්දං මන්දං නුදති පවනශ්වානුකූ ලො යථා ත්වාං : වාමශ්වායං නදති මධුරං වාතකය්තෙ සගන්ධඃ : ගර්භාධානක්ෂණපරිචයාන් නූනමාඩඞමාලාඃ සෙවිෂ්යනන්තෙ නයනසුභගං ඛෙ භවන්තං බලාකාඃ








10

මහ මඟ නො රැඳ යුහු යුහු ව ගමන් ගත , විරහයේ දින ගණන ගණිමින් නො නැසී , පතිවතින් හෙබෙමින් , සිටුනා ඇය - - ඔබ සෝයුරා ගේ පිය ’ ඹ - ඉඳුරා දක්නෙහි. වියෝහි මැලෑ - ගිය ඉතිරි හදවත නටුයෙන් රැඳෙන මලක් සේ මතු පැතුම් විසින් නො නසා රැඳැවෙයි නු ?




තාං වාවශ්යංව දිවසගණනාතත්පරොමෙක පත්නී - මව්යාාපන්නාමවිහතගතිරිද්රොක්ෂ්යඃසි හෘතෘජායම්. ආශාබන්ධඃ කුසුමසදෘශං ප්රාගයශො හ්යකඞ්ගනානාං සද්යනපාති ප්ර්ණයි හෘදයං විප්ර‍යොගෙ රුණඩි.








11

සරු බිම හතු දනවන්නට වත් වූ ඔබෙ ගිගුරුම ඇසූ රජ හස් පෙළ මානස විල් තෙරේ හඹන්නාහු මඟට අහර විසින් ළා නෙළුම් දඬු රැගෙන කෙලෙස් කුළ තෙක් ම ඔබ හා ම යෙනු ඇති.





කර්තුං යච්ච ප්රකභවති මහීමුච්ඡිලීන්ධ්රාඃමවන්ධ්යාංෛ තව්ජ්රැ ත්වා තෙ ශ්රභවණසුහගං ගර්ජිතං මානසොත්කාඃ ආ කෙකලාසාද්බිසකිසලයච්ඡෙදපාථෙයවන්තඃ සම්පත්ස්යදන්තෙ නහසි භවතො රාජහංසාඃ සහායාඃ.








12

මිනිස්නගෙන් පුද ලබන රගු පති පා සටහනින් සැදුම් ලද බෑවුම් ඇති , දිගු කලක් තිස්සේ බැහැර වැස වරින් වර පෙරළා එන ඔබ නිසා ආදරයේ උණු කඳුළු එන ඔබ නිසා ආදරයේ උණු කඳුළු වගුරුවන ඒ උස් කඳු කුළ නැවතත් සිප වැළඳ , ඉක්බිති , ඔබේ මේ සුහදාණගෙන් සමු ගන්න.





ආපාච්ඡස්ව ප්රිෙයසඛමමුං තුඞ්ගමාලිඞ්ග්ය ශෛලං වන්ද්යෛඃ පුංසාං රඝුපතිපදෛරඃකිතං මෙඛලාසුං කාලෙ කාලෙ භවති භවතො යස්යඝ සංයොගමෙත්ය ස්නෙහව්යෙක්තිශ්විරවිරහජං මුඤ්වතො බාෂ්පමුෂ්ණම්.







13

යු යුතු මහ සැටිය ද අස ඒ දැන් කියමි. ඔබ සවන් දෝතින් පිය යුතු මා අස්න, එම්බා , මේ කුළ , පැසුළු කියමි. විඩා වත් වත් කඳු මත්තේ සරතස නිවන්න. දිය සිහින් වත් වත් දිය හෙප් මත්තේ දී සැනැහෙන්න.




මාර්ගං තාවව්ජ්රැ ණු කථයතස්ත්වන් ප්ර්යාණානුරූපං ; සන්දෙශං මෙ තදනු ජලද ශ්රෙරෂ්යවසි ග්රොරත්රයපෙයම් , ඛින්නඃ ඛින්නඃ ශිඛරිෂු පදං න්යකස්ය‍ ගන්තාසි යත්රය ක්ෂීණඃ පරිලඝු පයඃ න්යනස්යය ගන්තාසි යත්රස ක්ෂීණඃ ක්ෂීණඃ පරිලඝු පයඃ ස්රොකතසාං චොපභුජ්ය්.








14

ඔබ දැක මවිත පත් බොළඳ සිඳ ’ ඟනන් ‘ සුළඟෙකින් කඳු කුළක් බිඳ හෙන ස් දැ ’ යි උඩු බලා මුව අයා අසද් දි අර පෙනෙන කොළ පැහැති බට කැලෙන් උතුරු දෙස් බලා අහස් නැඟ දිගු ගජන් සොඬ පහර වළකා ගෙන යන්න.





අද්රෙඃජ ශෘඞ්ගං හරති පවනඃ කිංස්විදිත්ර්ගන න්මුඛිගී - ර්දෘෂ්ටොත්සාහශ්චකිතවකිතං මුග්ධසිඞාඞ්කනාහිඃ ස්තානාදස්මාත්සරසනිචුලාදුත්පතො දඩ්මුඛඃ බං දිඞ්නොගානාං පථි පරිහරන්ස්ථූල හස්තාව ලෙපාන්








15

බලන්න - ඔබ ඉදිරියේ තුඹසක් අගින් පුරඳරා ගේ දුනු බඳ රුවන් පැහැ කළඹක් සේ පෙනෙයි. උවිඳා ගොපලු වෙස් ගත් දා ලූ සැට්ටය මොනර පිල් කළඹින් බැබළුණාක් මෙන් ඒ දෙව් ‍දුන්නෙන් ඔබේ ඉ - තර සිරුර ද හෙබෙනු ඇති.




රත්නච්ඡායාව්යිතිකර ඉව ප්රොක්ෂ්යනමෙතත්පුරස්තා - ද්වල්මීකාග්රාිත්ප්රවභවති ධනුඃ ඛණ්ඩමාඛණ්ඩලස්යය යෙන ශ්යාාමං වපුරතිතරාං කාන්තිමාපත්ස්ය තෙ තෙ බර්හෙනෛව ස්ඵුරිතරුවිනා ගොපවෙශස්යක විෂ්ණොඃ.








16

බැම නඟන ආර දු නො දත් ගැමි කෙල්ලන් ‘ ඔබ නිසා ම නු අපේ කෙත් පලදාව ’ ය යි ළ - බඳ පිවිතිර සොම්නසින් ඔබ නුවන් දෝතින් බොද් දී , සානු ලැබ නවමු සුවඳ වහන ‘ මාල ’ කෙත් අඩවිය අරා ලැසි ගමනින් අවරට නතු ව ඉක්බිති උතුරු දෙස් බලා පිය නඟන්න.




‘ ත්වය්යදයත්තං කෘෂිඵලම් ’ ති භ්රෑෙවිලාසනාහිඥෛඃ ප්රී තිස්නිග්ධෛර්ජනපදවධුලොවනෛඃ පීයමානඃ සද්ඃ ඟ සීරොක්තෂණසුරහි ක්ෂෙත්රපමාරුහ්ය‍ මාලං කිඤ්චිත්පශ්වාද්වජ ලඝුගතිර්භූය එවොත්තරෙණ.








17 කුළු - බර ‘ අඹ කන්ද ’ ඔබේ පොද පතරින් ළැව් ගිනි නිවා ගෙන මහ විඩා පත් ඔබ මැනැවින් මුදුනින් පිළිගෙන සනහනු ඇති. පෙර කරන ලද ගුණ සමරන කුල හීනයකු වුව ද තමන් පිහිට පතන මිතුරා පිටු දකී යැ ? එ බඳු උස් කුලවතකු ගැන කියනු ම කිම ?




ත්වාමාසාරප්රලශමිතවනොපප්ලවං සාධු මූර්ධනා චක්ෂ්යසත්ය‍ධ්වග්රලමපරිගතං සානුමානාමුකූටඃ . න ක්ෂුද්රෝ ’ පි ප්රුථමසුකෘතාපෙක්ෂයා සංග්රමයාය ප්රාෂප්තෙ මිත්රෙධ භවති විමුඛඃ කිං පුනර්යස්තථොවේවෛඃ !










18 රන්වන් සුපක් පලින් බර වල් අඹ තුරු පෙතින් සන් ඉවුරු ඇති ඒ කන්ද මත්තේ සුනිල් වරලසක් වන් ඔබ හිඳුත් ම දෙව් දම් පතිනුදු ඔබ දෙස නෙත් නඟනු ඇති : - ඔබ නිසා මැද කළුවන් වූයෙන් සෙස්ස පඬුවන් වූයෙන් ඒ කන්ද පොළෝ කත ගේ පියෝරක් බඳු වූයෙනි.


ඡන්නොපාන්තඃ පරිණතඵලද්යොවතිහිඃ කානනාම්රෛ - ස්ත්වය්යාතරූඪෙ ශිඛරමවලඃ ස්නිග්ධවෙණිසෙව‍ර්ණෙ නූනං යාස්යඃත්යඪමර මිථුන ප්රෙික්ෂණියාමවස්ථාං මධ්යෙය ශ්යායමඃ ස්තන ඉව භූවඃ ශෙෂවිස්තාරපාණ්ඩුඃ .










19

වනසර කතුනට නිවෙස් වූ ලියමඬුලු අස මොහොතක් රැඳී . වැසි හෙළා , බර මුදා , යුහු යුහුව ගමන් අරඹා යෙත , ගල් පතරින් පිරි වින්ද්යත කඳු පා මුල හැපී පෙණ උතුරුවන රේවා නදිය - - දිලිසෙන දිය දහර නිසා ඈතක්හු සිරුරේ සිතුවම් පොටක් සේ - ඇද හැලෙනු දක්නෙහි.




ස්ථිත්වා තස්මින් වර වරව ධූභුක්තකුඤ්ජෙ මුහුර්තං තොයොත්සර්ගාද්දෘතතරගතිස්තත් පරං වර්ත්ම තීර්ණඃ රෙවාං ද්රොක්ෂ්යතස්යුපපලවිෂමෙ වින්ධ්යුපාදෙ විශිර්ණාං භක්තිච්ඡෙදෛරිව විරවිතාං භූතිමඞ්ගෙ ගජස්යව.








20

වැසි හෙළූයෙන් බර නො - බර කළ ඔබ වල් ඇතුන් මඳ පොදින් සුවඳවත් ව දඹ ගස් අරඹෙන් ඇවුරුණු දිය පහර ඇති ව ගලන ඒ ගඟින් දිය උරා ගන්නෙහි. එයින් දියෙන් බර වූ ඔබ ඉවත ඇද - ලන්නට සුළඟට හැකියාවෙක් නැති. – හිස් සියල්ල සැහැල්ලු ය. එහෙත් පිරුණු බව බර බවට ලකුණු ය.



තස්යාුස්තික් තෛර්වනගජමදෛර්වා සිතං වාන්තවෘෂ්ටි ර්ජම්බුකුඤ්ජ ප්රතතිහතරයං තොයමාදාය ගච්ඡෙඃ. අන්තඃසාරං ඝන තුලයිතුං නානිලඃ හක්ෂ්යදනි ත්වාං ; රික්තඃ සර්වො භවති හි ලඝුඃ පූර්ණතා ගෞරවාය.








21

කොළ - දුඹුරු පැහැ මුසු මල් කෙසුරුයෙන් සැදී පිපුණා නොපිපුණු තරමේ කොළොම් මල් ද මඩ බිම් ඉවුරු මත්තේ නාඹුල් මලින් සැදුම් ලත් වන කෙසෙල් වනය ද දුටු , - ළැව ’ ගින් දෑ පොළොවේ සුවඳ උරන , - මුවෝ , පොද පතර හෙළමින් ඔබ යන මඟ ‘ මේ ය ’ යි පෙන්වන්නවුන් සේ ය.



නීපං දෘෂ්ටිවා හරිතකපිශං කෙසරෛරර්ධරූඪෛ - රාවිර්භූතෙ ප්රහථමමුකුලාඃ කන්දලීශ්වානුකච්ඡම් ජග්ධ්වාරණ්යේෂ්වධිකසුරභිං ගන්ධමාඝ්රා්ය චොර්ච්යාඃප සාරඞ්ගාස්තෙ ලජජවමුවඃ සුචයිෂ්යුන්ති මාර්ගම්.








22

සුහද , ඔබ මා පිය ’ ඹ උදෙසා වෙයන් යනු රිසි වුව ද කඳු කුළක් පාසා රැඳි කෙළිඳ මල් සුවඳට ඇදී පමාවනු දනිමි. මයුරයන් සොම්නස් කඳුලින් බර ව ගීයෙන් ‘ ආයුබෝවන් ’ කියතු දු කෙ සේ හෝ වෙයින් ම යා ගන්න.




උත්පග්යා මි ද්රැවතමපි සඛෙ මත්ප්රිවයාර්ථං යියාසොඃ කාලක්ෂෙපං කකුහසුරභො පර්වතෙ පර්වතෙ තෙ ; ශුක්ලාපාඞ්ගෛඃ සජලනයනෛඃ ස්වාගතිකෘත්යෙ කෙකාඃ ප්ර්ත්යුනද්යිතඃ කථමපි භවාන්ගන්තුමාශු ව්ය වස්යෙංත්.








23

ඔබ සැපත් වත දසර්ණ දනව්ව අඩක් පුබුදු කැකුළින් මුදු වන වැට කේ මලින් සෑදී මායිම් වැයෙන් හෙබෙනු ඇති. – එහි ගැමියන ගෙන් පිදුම් ලද මහ ගස් කැදලි සාදන කවුඩනට නිවෙස් වනු ඇති. – පැසුණු පල බර ව , සම්වනින් බබලන දඹ වනය ගමන් පත් හස්නට මඳ දිනක් ගෙවන්නට නවාතැන් වනු ඇති.



පාණ්ඩුච්ඡායොපවනවෘතයඃ කෙතකෛඃ සූචිහින්නෛර් නිඩාරම්හෛර්ගෘහබලිභුජාමාකුලග්රාෛමචෛත්යාඃභ ත්වය්යාහසන්නෙ පරිණතඵලශ්යාඃමජම්බුවනාන්තාඃ ස්මපත්ෂ්යරන්තෙ කතිපයදිනස්ථායිහංසා දශාර්ණාඃ








24

ඒ දනව්වේ ලෝ පතළ අග නුවරට - විදිසා රජ දහනට - ගොස් පෙම්වතකු ලබන පිළිතුර ඔබ ද ලබහි. වේත්රනවති නදියෙහි සුළි නඟමින් පෙණ උතුරුවා දෙ ඉවුරැ හැපෙමින් ළ - ගන්මින් ගලන මිහිරි දිය දහර බොන ඔබට එය බැම බිඳිමින් පිළිවදන් දෙන පමේ වතියක ගේ වතක් සේ දිසෙනු ඇති.



තෙෂාං දික්ෂු ප්රතථිතවිදිශා ලක්ෂණාං රාජධානීං ගත්වා සද්යඃු ඵලමවිකලං කාමුකත්වස්යණ ලබ්ධ්වා තීරොපාන්තස්තනිතසුහගං පාස්යංසි ස්වාදු යස්මා - ත්සභ්රෑ්ඞ්ගං මුඛමිව පයො වෙත්ර වත්යාලශ්වලොර්මි.








25

සරතස නිවා ගන්නට නීචෛර් පව්වේ රැ‍ඳෙන්න. ඔබ පහස ලද්දෙන් ලොමු දැහැගත් සෙයින් එහි කොළොම් මල් පිබිදේවි. වෙස ’ ඟනන් ඇඟ ලූ අඟරායෙන් සුවඳ පත් එහි ගල් ලෙන් එපුර වැසි තරුණන ගේ යොවුන් බව පළ කරාවි.



නීචෛරාඛ්යංත ගිරිමධිවසෙස්තත්ර විශ්රා මහෙතො - ස්ත්වත්සම්පර්කාත්පුලකිතමිව ප්රෞතඪපුෂ්පෛඃ කදම්බෛඃ යඃ පණ්යසස්ත්රීමරතිපරිමලොද්ගාරිභිර්නාගරාණා - මුද්දාමානි ප්රාථයති ශිලාවෙශ්මභිර්යෞවනානි.










26

ගිමන් නිව‍ාගෙන වන නදී තෙර වූ උයන්හි දෑ සමන් කැකුළු මත්තේ නව දිය බිඳු ඉස ඉස ගමන් ගන්න. කොපුල් තෙලේ ඩහ බිඳු දැතින් පිස ලද්දී තැළුණු කනු ’ පුල් පියැල්ලෙන් යුතු මල් කරු කෙල්ලන් - උනට සෙවණ දී සිට ගෙන - නරඹන්න.




විශ්රාුන්තඃ සන්ව්රෙජ වනනදීතිරජාතනි සිඤ්ච - න්නුද්යා‍නානාං නවජලකණෛර්යුථිකාජාලකානි ගණ්ඩ ස්වෙදාපනයනරුජාක්ලාන්තකර්ණොත් පලානාං ජයාදානාත්ක්ෂණපරිචිතඃ පුෂ්පලාවිමුඛානාම්.








27

උතුරු දෙස් බලා යෙත වක් ම‍ඟෙකින් යා යුතු වුව ද , උදේනි පුරයේ මැඳුරු සැදු සඳලු නෙත් පත් කරන්නට සිහි තබා ගන්න. එපුර ලියන් විදුලිය දහරින් ලෙලෙන නෙත ’ ගින් ලෙලව ලෙලවා යඟන බැලුමින් නො පිනැවුණ , නෙත් දිවි ලත් පල නො ලද්දේ වෙහි.




චක්රඃ් පන්ථා යදපි භවතඃ ප්රනස්ථිතෂ්යොිත්තරාශාං සෞධොත්සඞ්ගප්රඃණයවිමුඛො මා ස්ම භූරුජ්ජයින්යාඃ විද්යුසද්දාමස්ඵුරිතවකිතෛස්තත්රභ පෞරඞ්ගනානාං ලොලාපාඞ්ගෛර්යදි න රමසෙ ලොවනෛර්වඤ්විතො ’ සි.








28

රළ පතරෙහි හැපී නදන කුරුලු පෙළ - මෙවුල් දම - දැර ගල් පරවල හැපි හැපී ළ - කල් ආරෙකින් ගමන් ගත්, දිය සුළි නංවා නැබ පෙදෙස් විලස් පළ කළ , නිර්වින්ද්යාි නදියට මඟ දී ළඟා වී එහි දියෙන් සිත් සේ සැනැහෙන්න. – පෙම්වත්න ඉදිරියේ එවන් අඟර දඟර ලියන් ළ - බැඳුම කියා පෑමේ පළමු පිළිවෙළ නු ?




විචික්ෂොහස්තනිත විහගශ්රෙ ණිකාඤ්වීගුණායාඃ සංසර්පන්ත්යාඃි ස්ඛලිතසුහගං දර්ශිතාවර්තනාහෙඃ නිර්වින්ධ්යාඃයාඃ පථි භව රසාභ්යරන්තරඃ සන්නිපත්ය ස්ත්රීනණාමාද්යංය ප්ර ණයවචනං විහ්රනමො හි ප්රිඃයෙෂු.







29

සිඳි ගිය දිය දහරින් සිහින් කොට ගෙතුණු වරලසෙක සැටි පෑ. ඉවුරෙහි තුරු පෙළින් හොත් පරඬලායෙන් පඬු පැ රැගත් සින්ධු නදිය , ඇ‍යගේ විරහ විලස් නිස - පින්වත , ( නිර්විද්යාි හැර යෙන ) ඔබේ පින්වත් බව පසක් කරාවි. ඇය කිස බැවින් මුදා තර කරන්නට සමත් වනුයේ ඔබ ම හෙයිනි.



වෙණිභූතප්රිතනුසලිලාසාවතිතස්ය සින්ධුඃ පාණ්ඩුච්ඡායා තටරුහතරුහ්රංසශිහිර්ජීර්ණ පර්ණෛඃ සෞභාග්යංඡ තෙ සුහග විරහාවස්ථයා ව්යරඤජයන්ති කාර්ශ්යංඡ යෙන ත්යරජති විධිනා ස ත්වයෛවොපපාද්යඃහ.








30

උදයන ඈ අන්දර සපුරා දත් මහලු ගැමියන් නිවෙස් කළ අවන්තියට සැපත් වී මා කලින් කී විසාලාවට යන්නත ඉසුරු බර ඒ පුරය පින් ගෙවී මිහි පිටට බට සුරනට - ඉතිරි ව ගිය මඳ පින් බෙලෙන් - මෙ ලොවට වැටුණු දෙව් ලෝ කඩක් මෙනි.



ප්රා ප්යානවන් තීනුදයනකථාකොවිදග්රා මවෘධාන් පූර්වොද්දිෂ්ටාමනුසර පුරීං ග්රීතවිශාලං විශාලාම් ස්වල්පීභූතෙ සුචරිතඵලෙ ස්වර්ගිණාං ගාං ගතානාං ශෙපෛඃ පුණ්යෛසර්හෘතමිව දිවඃ කාන්තිමත්ඛණ්ඩමෙකම්.










31

සේරුන්ගේ මිහිරි අනුරා හඬ ඇද ගෙන සුපිපි පියුම් සුවඳින් සුවඳටත් ව සිප්රා නදියෙන් හමන සුළඟ , ඇවිටිලි සිතින් රස බස් දොඩන පෙම්වතකු සෙයින් මල්සර යුදෙහි සරතස පත් ලියන් විඩායෙන් මුදා.



දීර්ඝීකුර්වන්පටු මදකලං කූජිතං සාරසානාං ප්ර්ත්යුමෂෙෂු ස්ඵටිතකම‍ලාමොදමෛත්රිවකෂායඃ යත්රඝ ස්ත්රීයණාං හරති සුරතග්ලානිමඞ්ගානුකූලඃ ශිප්රීවාතඃ ප්රිරයතම ඉව ප්රාිර්ථනාචාටුකරඃ










32

දැල් කවුළුවෙන් පිට ව ආ වරලසට ඇල්වුණු සුවඳ දුමින් තර ව ගෙන නෑ සමාම්හි තුටු වන ගෙ - මොනරුන් ඔබට පෑ රැඟුම්නෙත් තිළී ; මල් සුවඳින් සුවඳ වත් යෝනන් පය ගෑ ලතුයෙන් සටහන් ලත් ඒ මැඳුරු තුළ විසිතුරු නරඹන්න.



ජාලෝද්ගීර්ණෛරුපචිතවපුඃ කේශසංස්කාරධූපෛ - ර්බන්ධුප්රිෛත්යා භවනශිඛිහිර්දත්තනෘත්යො පහාරඃ හර්ම්යෙපෂ්වස්යාඃ කුසුමසුරභිෂ්වට්වකෙදං නයෙථා ලක්ෂමිං පශ්යයල්ලලිතවවිතාපාදරාගාඩ්කිතෙෂු.










33

හිමියාණන් ගෙල පැහැ සේ නු’යි මෙහෙසුරු මෙහෙකරුන් අදරින් නරඹත උමා පතිහු ගේ දෙවොලට පිවිසෙන්න.

නෙළුම් රොන’වුල් ව සුවඳවත් ව දිය කෙළන ලියන් ගෑ සුවඳ අඟරායෙන් පිරි ගෙන ගන්ධවතියෙන් එන සුළං දහරින් එහි ගෙවුයන් ලෙල දෙනු ඇති.




‘හර්තුඃ කණ්ඨච්ඡවිරි’ති ගණෛඃ සාදරං වීක්ෂ්යාමාණඃ පුණ්යං් යායාස්ත්රිිභුවනගුරොර්ධාම චණ්ඩීශෟවරස්ය‍ ධූතොද්යා‍නං කුවලයරජොගන්ධිබිර්ගන්ධවත්යා ස්තොය ක්රී ඩානිරතයුවතිස්නානතික්තෛර්මරුද්භිඃ








34

ඇඳිරි වන්නට පෙර මහාකාල දෙවොලට ළං වුව ද හිරු හත් වන තුරු රැ‍ඳෙන්න.

ඔබ තිසුල’වියාගේ සැඳැ පුද සමයේ පට බෙර හඬ පතුරුවත සමත් වත, ගිගුම් හඬ ලත් පලය ඉන් ලැ‍බෙනු ඇති.







අප්යලන්යබස්මිඤ්ජලධර මහාකාලමාසාද්යඃ කාලෙ ස්ථාතව්යං තෙ නයනවිෂයං යාවදත්යෙකති භානුඃ ; කුර්වන්සන්ධ්යා්බලිපටහතාං ශුලින” ශ්ලාඝනීයා - මාමන්ද්රායණං ඵලමවිකලං ලප්ස්ය”සෙ ගර්ජිතානාම්.





35

නැටුම් තාලයට හඬ දෙන මෙවුල් දමින් හෙබි මිණි කැටයමින් කළ මිටින් බබළන සෙමෙර වල් විදුනායෙන් විඩා පත් අත් ඇති -

වෙස’ඟනෝ උන් සිරුර වන් නිය පහර සනහමින් ඔබ දුන් පොද පතරින් සැනැහී බමර වැල් බඳු නෙත’ග බැලුම් ඔබ දෙසට විහිදුවති.





පාදන්යා සෛ” ක්වණිතරශනාස්තත්රෙ ලීලාවධූතෛ - රත්නච්ඡායාඛවිතවලිහිශ්වාරරෛ” ක්ලාන්තහස්තාඃ වෙශ්යාඡස්ත්වත්තො නඛපදසුඛාන්ප්රා්ප්ය් වර්ෂාග්රෛබින්දු නාමොක්ෂ්යාන්තෙ ත්වයි මධුකරශ්රොණිදීර්ඝාන්කටාක්ෂන්






36

ඉනි’ක්බිති, මෙහෙසුරා අහස් නැගූ අත් වනය වටා එල්බෙමින්, නව ජපා මලෙක පැහැ බඳු සඳවෙල පැහැ දරා සිට, සැඳෑ නැටුම උදසො ලෙයින් තෙත් ඇත් සමක් පතන පසු පති මෙහෙසුරාණන් පිනවන්න. ඉන් තොසපත් භවානිය කඳුලින් විමුත් නෙතැ’තිව ඔබේ ඒ බැති පුද නරඹාවි.



පශ්චාද්ච්වෛර්භුජතරුවනං මණ්ඩලෙනාහිලීනඃ සාන්ධයා තෙජඃ ප්රතතිනවජපාපුෂ්පරක්තං දධානඃ නෘත්යයරම්භෙ හර පශුපතෙරාර්ද්ර්නාගාචිනෙච්ඡාං ශාන්තොද්වෙග ස්තිමිතනයනං දෘෂ්ටභක්තිරිභවාන්යාග.









37

එළිය මඳුකුදු නැති කළු‍වරේ ඉදිකටුවකුදු පෙවිය නො හෙන ගන’දුරේ මහ මඟ බැස පෙම්වතුන් නිවෙස්නට ඇදෙන යුවතීනට උර ගලෙක රන් ඉරක් සේ දිලෙන විදුලිය දහරක් නඟා මඟ පෙන්වන්න වැසි වැස, ගිගුම් කැර නද නො නඟන්න උන් බියසුල්ලන් නු ?



ගච්ඡන්තීනාං රමණවසතිං ‍ෙයාෂිතාං තත්රව නක්තං රුද්ධාලොකෙ නරපතිපථෙ සුවිභෙද්යෛාස්තමොහිඃ සෞදාමන්යාි කනකනිකෂස්නිග්ධයා දර්ශයෝර්වීං ; තොයොත්සර්ගස්තනිතමුඛරො මා ස්ම භුර්විකලවාස්තාඃ









38

පරෙවියන් ලැගුම් ගත් මැඳුරු පියස්සෙක ඔබ පිය’ඹ - විදුලිය - සමග ඒ රැයේ රැඳ, මුළු රැයක් කෙළි දෙළෙන් විසූයෙන් ඇය වෙහෙසට පත් කල, පන දා හිරු නෙත් පත් වත සෙසු මඟ ගමන් අරඹන්න සුහදන් මෙහෙයෙහි ඇළුණහු පමාවනු සිරිතක් යැ ?


තාං කස්යාකඤ්විද්බවනවලභෞ සුප්තපාරාවතායාං නීත්වා රාත්රිං විරවිලසනාත්ඛින්නවිද්යුංත්කලත්රඃන දෘෂ්ටෙ සූර්යෙ පුනරාපි භවානවාහයෙදධ්වශෙෂං මන්දායනතෙ න ඛලු සූහෘදාමභ්යූාපෙතාර්ථකෘත්‍යාඃ










39

ඒ (හිමියනගේ පමාවෙන්) උරණ වූ ලියන් හෙළු‍ෑ කඳුළු හිමියන’තින් පිස ලැවෙන සයය ය. එබැවින් හිරි දෙව් මඟ නො අවුරා යුහු වන්න. ඔහු ද නලිනියගේ ගමල් - වුවනින් පිනි - කඳුළු පිස ලන්නට ආයෙන් - ඔබ මඟ අවුරතොත් කිපෙනු ඇති.


තස්මින්කාලෙ නයනසලිලං යොෂිතාං ඛණ්ඩිතානාං ශාන්තිං නෙයං ප්රයණයිභීරතො වර්ත්ම භානොස්ත්යංජාශු ; ප්රාතලෙයාස්රංං කමලවදනාත්සො’පි හර්තුං නලින්යාඃඃ ප්රාත්යාාවෘත්තස්ත්වයි කරරුධි ස්යාරදනකල්පහ්යනසූයඃ









40

සේයාව විසින් වුව නියතින් පියකරු වූ ඔබ පහන් සිතකට සෙයින් ගම්භිරා නදී දිය අබතුරට පිවිසුම් ලබන්නෙහි. එහෙයින් ඇය හෙළන කුමුදු සේ සුදු නෙත් බැලුම් - - මසුන් ලහියේ කරන රැඟුම් - දැඩි බැවි පා නො නසන්න.


ගම්භිරායාඃ පයසි සරිතශ්චෙතවසීම ප්රරසන්නෙ ඡායාත්මාපි ප්රේකෘතිසුභගො ලපස්යචතෙ තෙ ප්රයවෙශම් ; තස්මාදස්යාර” කුමුදවිශාදාන්ය ර්හසි ත්වං න ධෛර්යා න්මොඝිකර්තුං වටලුශඵරොද්වර්තනප්රෙ ක්ෂිතානි.










41

ඒ නදී ලියගේ සුනිල් සළු පොට - නිල් දිය පතර නිතඹින් බවත ඇද - දෙවුරින් පිටත හෙළා - එහෙත්, එය විලි වසා ගනුවස් යම්තම් අතින් ද‍ැර ගත් සෙයක් - වේ අතු අග ගෑවෙන දියෙන් පෙන්වමින් සිටින ඇයගේ තුනු විලස් දුට, ඒ වටා රැ‍ඳෙන ඔබට ඉවත යනු රිසි නො එයි. විඳි විරූ සැපත් ඇත්තෝ සළු හෙළා නිතඹ දක්වා සිටි ලියන් කෙ සේ අත් හැර යති ද?



තස්යා කිඤ්චිත්කරධෘතමිව ප්රා ප්තවානීරශාඛං නීත්වා නීලං සලිලවසනං මුක්තරොධොනිතම්ඛම් ප්ර්ස්ථානං තෙ කථම්පි සඛෙ ලම්බමානස්යර භාවි ; ඥතාසවාදො විවෘතජඝනාං කො විභාතුං සමර්ථඃ ?







‍ 42

සොඬ’ගින් හඬ නගා ඇතුන් විසින් උරනු ලබන, ඔබ වැසි දහරින් පිපී ගිය, පොළවේ සුවඳ ඇද ගෙන හමන වල් දිඹුල් ඉදවන්නට සමත් සිහිල් මඳ මරු දෙව් ගිරට ළංවෙමැ’යි ගමන් ගත් ඔබ හා පහතින් හමනු ඇති.






ත්වන්නිෂ්යුන්දොච්ඡවසිතවසුධාගන්ඡසම්පර්කරම්යඃව සොතොරන්දධධ්වනිතසුභගං දන්තිහිඃ පීයමානඃ නීචෛර්වාස්යවත්යුිපඡිගමිෂොර්දෙවපූර්වං ගිරිං තෙ ශිතො වායුඃ පරිණමයිතා කානනොදුම්බරාණාම්







43

මල් වලායෙකින් සැදී - සුර නදී දියෙන් අද මල් වැසි දහරක් නඟා එතැන සදහට ලැගුම් ගත් කඳ දෙවියන් සනහන්න. ඉඳුරාගේ බළ සෙනඟ රක්නට සිසි - කලා - දර මෙහෙසුරාණන් ගිනි ‍දෙවියා මුවෙහි ලූ කැලුම් හිරු තෙද දු පරයන් ඔවුන් සතු ය.


තත්ර් ස්කන්දං නියතවසති’ පුෂ්පමෙඝිකෘතාත්මා පුෂ්පාසාරෛඃ ස්නපයතු භවාන් ව්යොවමගඬ්ගාජලාර්ද්රෛඃෙ ; රක්ෂාහෙතොර්නවහශිභෘතා වාසවීනාං වමුනා - මත්යාහදිත්යා හුතවහමුඛෙ සංහෘතං තද්ධි තෙජඃ.










44

ඉක්බිති ව ගිරි ගුහා තුළ වැද පිළීරැව් නඟන ඔබේ ගිගුම් හඬ, මෙහෙසුරු ළ සඳ කැලුමින් දිලි නුවන’ගින් යුතු කඳ දෙව් මොනරාණ - සුත පෙමින් හෙයින් හවානිය ගේ උපුලින් සැදිය යුතු සවන් පෙති තමන් පෙ‍ඳෙන් හොත් කැලුම් සළායෙන් හෙබි සදැස් පිළින් සරහවන මොනරාණ - රැඟුමේ යොදවා වි.


ජ්යෙමතිර්ලෙඛාවලයි ගලිතං යස්ය බර්හං භවානි පුත්රේප්රේම්ණා කුවලයදලප්රානපි කර්ණෙ කරොති ධෞතාපාඬ්ගං හරශශිරුවා පාවකෙස්තං මයුරං පශ්චාචද්රි ග්රපහණගුරුහිර්ගර්ජිතෛර්නර්තයෙථාඃ









45

බට කැලෙන් දුනු දෙවියා වැඳ, සමු ගෙන, වෙණ වැයුම්හි නිරත සිද දෙව් දම්පතීන් දිය බිඳ හෙතැයි බියෙන් මඟ ඉඩ හැර ඉවත් වත, ගමන් ඉදිරි බලා, සුරබි දෙන් - දියණියන් බිලි පුදින් ගඟක වෙස් ගෙන මිහි පට රන්ති දෙව්හුගේ කිතු රැස පුදන්නට රැ‍ඳෙන්න.


ආරාධෛනං ශරවනභවං දෙවමුල්ලඬ්ගිතාධ්වා සිද්ධද්වන්ද්වෛර්ජලකණභයාද්විණිභිර්මුක්තමාර්ගඃ ව්යාධලම්බෙථාඃ සුරභිතනයාලම්ඛජං මානයිෂ්ය් - ස්රොධතොමුර්ත්යාු භුවි පරිණතං රන්තිදෙවස්ය කිර්තිම්










46

අං - දුන්නාගේ සිරුර පැහැය සොරා ගත් ඔබ. ඒ ගඟින් දිය ගනුත් නතු වත, මහත් දිය පතරින් යුතු වුව ද දුර නිසා සිහින් සේ දිස් වන - පොළෝ කත පළන් මහත් ඉඳු නිල් මිණක් බඳ මුතු පොටෙක වෙස් ගත් - ඒ ගඟ අහස් කුස ගමන් ගත්තන් නෙත් හෙළා නරඹා වී.


ත්වය්යාළදාතුං ජලමවනතෙ ශාර්ඩ්ගිණො වර්ණචෞරෙ තස්යාඃා සින්ධොඃ පෘථූමපි තනුං දූරභාවාත්ප්ර්වාහම් ප්රොක්ෂිෂ්යොන්තෙ ගගනයතයො නූනමාවර්ජ්යෙ දෘෂ්ටී - රෙකං මුක්තාගුණමිව භුවඃ ස්ථූලමධ්යෙූන්ද්‍රනීලම්.









47

ඒ ගඟින් එතෙර වී සලෙල ව බැම බිඳීමෙන් ළ - කල් වූ - උඩු නැඟු ඇසි පිය පහරින් කළු ඈ පැහැ මුසු රේකා නැඟු - ලෙලෙන දෑ සමන් කුසුම් කෙරේ ඇදෙන බිඟු වැළෙක සෝබාව බිඳ හෙළූ - දස පුර ලියන් තෙන්නට ලක් වී ගමන් ගන්න.

තාමුත්තීර්ය ව්රනජ පරිවිතභ්රෑලලතාවිභ්රවමාණාං පක්ෂ්මොත්ක්ෂෙපාදූපරිවිලසත්කෘෂ්ණශාරප්ර‍භාණම් කුන්දක්ෂෙපානුගමධූකරශ්රීවමුෂාමාත්මබිම්ඛං පාත්රී්කුර්වන්දශපුරවධුනෙත්රමකෞතුහලානාම්












48

සෙවණැල්ල පතුරුවා බඹ - වටා දනව්වට පිවිස ගෙන, යුදෙන් නැසී ඉතිරි වූ කුරු දනව්වට ළඟාවන්න - ඔබ පුල් පියුම්නට වැසි දහර විදුනා සෙයින් ගාණ්ඩීව ධනුර්ධර අර්ජුනයන් ක්ෂත්රි යයන් කෙරෙහි සිය ගණන් තියුණූ හී එළැවූයේ එහිදී යි.


බ්රදහ්මාවරතං ජනපදමථච්ඡායයා ගාහමානඃ ක්ෂත්රය ක්ෂතප්ර ධානපිශුනං කෞරව තද්භජෙථාඃ රාජන්යාිනං ශිතහරශතෛර්යත්රන ගාණ්ඩීවධන්වා ධාරාපා‍ෙ‍ෙතස්ත්වමිව කමලාන්යහභව්යාවර්ෂන්මුඛානි











49

රේවතියගේ නුවන් සේයාවෙන් පැහැපත් - තමන් කවදත් ල - ගත් රෙසෙන් පිරී ගිය - මදිරා පානය නෑ සියන් කෙරේ ඇල්මෙන් ඉවත ලූ බලරාමයන්, ඒ වෙනුවට පීමට රැගත් සරස්වතී නදී ජලය මුව පුරා බී ගත් කල ඔබ ද පැහැයෙන් කළු වුවද අබතුරින් සුසුදු වන්නෙහි.


හිත්වා භාලාමහිමතරසාං රෙවතිලොවනාඬ්කාං බන්ධුප්රීලත්යාෙ සමරවිමුඛො ලාඬ්ගලි යාඃ සිපෙවෙ. කෘත්වා තාසාමභිගම්මපාං සෞම්යො සාරස්වතීනා - මන්තඃ ශුඬස්ත්වමසි භවිතා වර්ණ මාත්රෙිණ කෘෂ්ණඃ










50

සගර පුත්නට සුර ලොවට හිණක් වූ - ගිරි රදාණන් හිසින් ගලා ආ - සුර නදිය කෙරේ සැපත් වන තුරු කංකල අඩවි බද පෙදෙසින් ගමන් ගන්න. ඒ සුර නදී ලලන බැම බිඳුම් ඈයෙන් මුව සරහන උමාවට පෙණ - සිනහයෙන් තවමත් සිනැහෙමින් මෙන් සිය රළ’තින් සිව දෙවියන් ළ සඳ වසා ගෙන ඔවුන් කෙස් කළඹ ද රැගත්තා.


තස්මාද්ගච්ඡෙරනුකතඛලං ශෛලරාජාවතීර්ණාං ජහ්නොඃ කන්යාංන සගරතනය ස්වර්ගසොපානපඬ්ක්තිම් ගෞරීවක්ත්රයහැකුටිරචනාං යා විහස්යෙපව ඓනෛඃ ශම්හොඃ කෙශග්රනහණමකරොදින්දුලග්නොර්මිහස්තා


51

පිටු පසින් අහස් කුස එල්බ ගෙන සුර ගජක්හු සෙයින් හරස් ව සිට ගෙන ඒ නදියේ ඉ - පිවිතිරි පළිඟුවන් දිය දහර ‘බොමැ’යි ඔබ සැරසෙත් ම, ඔබ පැහැය දිය මත්තේ හෙත් ම, ඒ නදී ලාලනිය, නුපුරුදු තැනෙකදී සිය පෙම්වත් යමුනා හා එක්වු කලෙක සේ පැහැමත් ව බබළාවි.


තස්යාඃ් පාතුං සුරගජ බව ව්යොකම්නි පශ්චාර්ධලම්බී ත්වං වෙදච්ඡස්ඵටිකවිශදං තර්කයෙස්තිර්යගම්හඃ සංසර්පන්ත්යා් සපදි භවතඃ ස්රොමතයි ච්ඡායයාසේ ස්යා්දස්ථානොපගතයමුනාසඬ්ගමෙවාභිරාමා.











52

සුර නදිය බිහි කළ ඒ පව්වට - හිම පතරින් සුදු පැහැ රැගත්, ලැග හොත් මුවන් නැබ සුවඳින් හැම ගල් තල්ලක් ම සුවඳ පත් ඒ පව්වට -

ළඟා වී, මහ මඟ පත් විඩා සනහන්නට එහි මත්තේ වැතිර ගනුත් ම, ඔබ

තිනෙත් දෙවියා‍ ගේ ඵළ වැහැප්හු හාර හාරා ගොඩ ගැසු මඩ කන්දක විලස් ගනු ඇති.



ආසීනානාං සුරභිතශීලං නාභිගන්ධෛර්මාගාණාං තස්යාන එව ප්රාභවමවලං ප්රා.ප්යද ගෞරං තුෂාරෛඃ වක්ෂ්යාස්යවධ්වශ්රමමවිනයනෙ තස්යා ශෘඬ්ගේ නිෂණ්ණඃ ශොභාං ශුභ්රරත්රිධනයනවෘෂොත්ඡාතපඬ්කොපමෙයාම්.








53

සුළං හමන කල සරල ගස් ඇතිල්ලීමෙන් නිපන් ළැව් ගිනි පුළිඟු විසුරුවා සෙමරුන් ‍වල් දව දවා දුක් දෙත් ම, දහසක් දිය දහර නඟා එය මුළුමනින් නිවා ලන මැනවි. – උතුමන්ගේ දනය දුකට පත් වූවන් දුකින් මුදවනු සඳහා නු.


තං චෙද්වායෞ සරති සරලස්කන්ධසංඝට්ටජන්මා බාධොතොල්කාෞක්ෂපිතචමරිවාලභාරො දවාග්නිඃ අර්හස්යෙකනං ශමයිතුමලං වාරිධාරාසහස්රෛත රාජන්තාර්තිප්රතශමනඵලාඃ සම්පදො හ්යුහත්තමානාම්.











54

ඔබ වළක්වද්දීත් සරබ මුවන් කොවින් වැරින් උඩ පනිමින් ඔබට පහර දේවි - තමන් අත් පා බිඳ ගන්නට නු ! ඔවුන් එසේ කරන ගන හිම වැසි නඟා උන් මැඬ ලන්න. බැරි දෑ කරන්නට යතන කවුරුන් ද අවහසට ලක් නොවන්නේ ?


යෙ සංරම්භොත්පතනරභසාඃ ස්වාඬ්ගහඬ්ගාය තස්මී - න්මුක්තාධවානං සපදි ශරහා ලඬ්ඝයෙයුර්වන්තම් තාන්කුර්වීථාස්තුමුලකරකාවෘෂ්ටිපාතාවකී ර්ණා - න්කෙ වා න ස්යුඃු පරිභවපදං නිෂ්ඵලාරම්භයත්තාඃ ?










55

බැති සිතින් නතු ව ගල් තෙරක්හි දිස් වන - සිද දෙවියන් අතින් නිති පුද ලබන සිසි - කලා - දර දෙවියාණගේ පද ලස වටා පැදකුණු කරන්න. ඒ පද ලස නෙත් පත් කල සැදැහැවත්තු සියලු පව් නිමවා මරණින් මතු මහ‍ දෙවි දස් බව නමැති සදාකාලික ගතියට පත් වෙති.



තත්රව ව්යෙක්තං දෘෂදි වරණන්යාේසමර්ධෙන්දුමෞලෙඃ ශශ්වත්සිද්ධෛරුපචිතබලිං භක්තිනමුඃ පරීයාඃ යස්මින්දෘෂ්ටෙ කරණවීගමාදූර්ථවමුද්ධතපාපාඃ සංකල්පනතෙ ස්ථිරගණපදප්රාූප්තයෙ ශ්ර ද්දාධානාඃ








56

සැඬ සුළඟින් පිරී ගත බට කැලය මිහිරි හඬ නඟාවී රැස් ව ගත් කිඳුරඟනන් ‘තෙ නුවර දිනුම’ ගයාවි ඔබේ ගිගිරුම් හඬ ගිරි ගුහා අස බඩ පට බෙර හඬ නඟත හොත් පසුපති මෙහෙසුරාගේ ගී රැඟුම මැනැවින් ම සිදු වේවී.


ශබ්දායන්තෙ මධුරමනිලෛඃ කීචකාඃ පූර්ථමාණාඃ සංසක්තාභිස්ත්රිමපුරවිජයො ගියතෙ කින්නරීහීඃ නිර්භාදස්තෙ මුරජ ඉව චෙත්කන්දරෙෂූ ධ්වනිඃ ස්යාා - ත්සාංගීතාර්ථො නනු පශුපතෙස්තත්ර් බාවී සමග්රඃද.











57

හිම වත බෑවුමේ ළ - කල් තැන් කිහිපයක් ගෙවා ගිය පසු කොස් වා කඳු උමග ඇති. එය හස්නට ගමන් ම‍ඟෙකි පරසු රාමයන් ගේ කිතු කළඹ පතළේ ද එ මගිනි. ඒ උමග ඔස්සේ හරස් ව ඇදී, බලි අසුරා බිඳින්නට උවිදා එසැවූ කළු පැහැති පයක් සෙයින් උතුරට ගමන් ගන්න.



ප්රාටලෙයාද්රේරුපතටමතික්රුම්යර තාංස්තාන්විශෙෂාන් හංසද්වාරං භාගුපතියශොවර්ත්ම යත්ක්රෞරඤ්චරන්ධ්රදම් තෙනොදීවීං දීශමනුසරෙස්තිය්ය්ය ගායාමහොභී ශ්යාදමඃ පාදො බලිනියමනාහ්යූු ද්යඃතස්යෙවව විෂ්ණොඃ









58

උඩට නැඟී ගෙන, හෙළුපුල් සේ සුදු පව් කුළුවල උසින් අහස් පුරා පැතිර සිට ගෙන තිනෙත් දෙවිය‍ාගේ සිනහයේ කැලුම දින පතා රැස් කරන ලද සෙයක් පළ කරන - තිදස් පුරේ ලියනට කැටපතක් බවට පත් - රවුළා විසින් හන්දි බිඳුනා ලද කෙළෙස් කුළෙහි අමුත්තා වන්නෙහි.




ගත්වා චොර්ධ්වං දශමුඛභුජොච්ජ්වාසිතප්‍රස්ථසංධෙඃ කෛලස්ස්යර ත්රිජදශවනිතාදර්පණස්යා්තිථීඃ ස්යාඃත ශෘඦ්ගොච්ඡායෛඃ කුමුදවිශදෛර්යො විත්ත්යා ස්ථිතං ඛං රාශිභූතඃ ප්රඃතිදිනමිව ත්ය්්ය ම්බකස්යාඃට්ටභෘසඃ









59

සුසිනිඳු ව ඇඹරුණූ අඳුන් රැසක් වන් ඔබ කැපූ හැටියේ ඇත් දළක් සේ සුදු පෑ රැගත් ඒ කන්ද මත්තේ රැ‍ඳෙත් ම, කළු සළුවක් උරෙහි පෙරෙව ගත් බල දේවයන් දෙස සේ ඇසි පිය නො හෙළා බලා සිටින්නට වටී යැ යි. සිතමි. –


උත්පශ්යා.මි ත්වයි තටගතෙ ස්නිග්ධභීන්නාඤ්ජනාහෙ සද්යඃ්කෘත්තද්විරදදශනච්ඡෙදගෞරස්යධ තස්යං ශොභාමද්රෙඃ ස්තිමිතනයනප්රෙෞක්ෂණීයාං භවිත්රී - මංස්යදස්තෙ සති හලභෘතො මෙවකෙ වාසසීව.











60

උමා දේවිය සප් හර ඉවත ලූ මෙහෙසුරා දුන් අතැ’ඟිල්ල ගෙන ඒ කන්ද මත්තේ පයින් ම සක්මන් කරනු රිසි වුව, ඔබ ඔවුන් අබිමුවට සැපත්ව දිය පොද හෙළුම නවතා ගෙන කොටස් ව බෙදී සිට ගෙන ඇයට ඒ කඳු - නැග්ම උදෙසා පිය ගැට පෙළක් තනන්න.



හිත්වා තස්මින්භුජගවලයං ශම්භුනා දත්තහස්තා ක්රීවජාශෛලෙ යදි ව විචරෙත්පාදචාරෙණ ගෞරී, භඬ්ගීහක්ත්යාර විරචිතවපුඃ ස්තම්භිතාන්තර්ජලෞසඃ සොපා‍නත්වං කුරු මණිතටාරොහණායාග්රභයායී.









61

එහි යොවුන් අප්සරාවන් ඔබ වළලු අගින් ඇන දිය විදුවිය හැකි වතුර මලෙකින් යුතු දිය ගෙයක් බවට පත් කරාවි සුහද, ගිම්හානයේ උපන් ඔබ, උන්ගෙන් ගැලැවුම් නො ලද, කන් බිහිරි කරවා ගිගුම් දී කෙළි දෙලෙහි නියත ඒ කෙල්ලන් බිය පත් කරන්න.



තත්රාතවශ්යංක වලයකුලිශොද්ඝට්ටනොද්ගීර්ණතොයං නෙෂ්යතන්ති ත්වාං සුරයුවතයො යන්ත්ර්ධාරාගෘහත්වම් තාහ්යෝ මොක්ෂස්තව ‍යදි සඛෙ ඝර්මලබ්ධස්යර න ස්යා - ත්ක්රී්ඩාලොලාඃ ශ්රුවණ පරුෂෛර්ගර්ජිතෛර්හායයෙස්තාඃ









62

රත් පියුමෙන් සැදි මානසයෙන් දිය බී ගනිමින් ; මොහොතක් මුව පටක් ලන සෙයින් සිය සෙවණින් අයිරාවණ සනහමින් ; සිනිඳු සළු වන් කප් තුරු ළ - දලු සිය මඳ මරුවෙන් සොලවමින් ; මේ කුළ, නන් අයුරින් සැදුම් ලද ඔබේ සලෙල කෙළි නළුයෙන් ඒ ගිරි රදා මත්තේ පිනැවෙන්න.


හෙමාම්භෙජප්ර.සවි සලිලං මානස්ස්යාදදදානඃ කුර්වන්කාමං ක්ෂණමුඛපටප්රීසතිමෛරාවතස්ය් දූන්වන්කල්පද්රැටමකිසලයාන්යංතශුකානිව වාතෛ - ර්නානාචෙෂ්ටෛර්ජලද ලලිතෛර්නිර්විශෙස්තං නගෙන්ද්රජම්.










63

සිත් සේ සර මේ කුළ, පෙම්වතකු ඇකයේ අතළ දුහුලක් සේ කඳු බෑවුමේ ගලා යෙන ගංගා නදියෙන් යුතු - ඔබේ නමින් හෙබි සමයෙහිදී අපකාව මුතු ලැලින් ළකල් කරන කාමිනියක සේ දිය පොද හෙළන වලා කුළින් සැදී පහ කුළින් සැදුම් ලත් - ඒ අලකා පුරය දැන් ඉතින් වරදිනු නැති.


තස්යෙුත්සඬ්ගෙ ප්රැණයින ඉව ස්ර්ස්තගඬ්ගාදුකූලාං න ත්වං දෘෂ්ට්වා න පුනරලකාං ඥාස්යරසෙ කාමචාරීන්, යා වඃ කාලෙ වහති සලිලොද්ගාරමුච්වෛර් විමානා මුක්තාජාලග්ර ථිතුමලකං කාමිනිවාහ්රාබෘන්දම්.

"https://si.wikibooks.org/w/index.php?title=මේඝ_දූතය_-_i&oldid=5867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි