මේඝ දූතය - ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

උත්තර මේඝය



1

ලලිත යුවතීන්ගෙන් හා සිතුවමින් හෙබි, සංගීතයේ දී හැඬැවුණු පට බෙර හඬින් යුතු, මිණිමුවා බිමින් හා මේ කුළු පහස්නා උසින් බැබැළි ඒ පුර මැඳුරු - විදුලියෙන් හා ඉඳු සැව්වෙන් හෙබි මිහිරි ගැඹුරු ගිගුම් නදින් නදන, අබතුරින් දියෙන් හා මහ උසින් බැබැළි ඔබ හා - ඒ ඒ කරුණින් සැසැ‍ඳෙයි.


විද්යූුත්වන්තං ලලිතවනිතාඃ සෙන්ද්ර චාපං සවිත්රාං් සංගීතාය ප්ර භතමුරජාඃ ස්නිග්ධගම්භීර ඝොෂම් අන්තස්තොයං මණිමයභූවස්තුඬ්ගමහ්රං් ලිහාග්රාඃත ප්රාසසාදාස්තෙ තුලයිතුමලං යත්රී තෛස්තෙර් විශෙෂෛඃ



2

එහි යුවතීන් අතින් ලෙලු’පුලක් ගෙන, අලකයේ නවමු කොඳ මලක් පැළැඳ, ලොත් රෙහෙණුයෙන් වත් කැලුම පඬු වනින් ඔප් නඟා කෙස් කළඹේ නව පුල් කරවකයක් දැර ළ - කල් සිරීස මලෙකින් සවන් සදා ගෙන හිස බෙදුම් - මඟ ඔබ ගමනින් දුනු නීප කුසුමයෙකින් ඔප් නඟනු ඇති.


හස්තෙ ලීලාකමලමලකෙ බාලකුන්දානුවිඬං නීතා ලොධ්රකප්රලසවවරජසා පාණ්ඩුතාම නනෙ ශ්රීඃ වූඩාපාශෙ නවකුරවකං චාරු කර්ණෙ ශිරීෂං සීමන්තෙ ච ත්වදුපගමජං යත්ර් නීපං වධූනාම් :



3

එහි යක් දෙවියෝ සඳ කැන් පහන් මුවා බිමින්, තරු සේයා නමැති කුසුම්කැනින් සැදුම් ලද මැඳුරු බිම් තල මතට වී කුල යුවතීන් පිරිවරා සිට ඔබේ හඬ සේ ගැඹුරු හඬ නඟන පොකුරු බෙර වැයෙද්දී කප් රුකින් නිපන් රතිපල මී බොමින් සැනසෙති.

යස්යාංි යක්ෂාඃ සිතමණිමයාන්යෙනත්ය හර්ම්ය ස්තලානි ජ්යොතිශ්ඡායා කුසුම රචිතාන්යුනත්තම ස්ත්රී්සහායාඃ ආසෙවන්තෙ මධු රතිඵලං කල්පවෘක්ෂප්රතසුතං ත්වද්ගම්භීරධ්වනිෂූ ශනකෛං පුෂකරෙෂ්වාහතෙෂු



4

දෙවියන් විසින් සෙවුනා ලැබු යුවතියෝ මන්දාකිනි ජලයෙන් සිසිලස් ගත් මාරුතයෙන් පිනැවී ගෙන, ඉවුර මත්තේ මඳාරා ගස් සෙවණින් ගිමන් වළකා ගෙන, අතින් වැලි මිටු රැගෙන - එහි මැණික් සැඟවීමෙන් - මුදු හංගති.


මන්දාකින්යාඃ සලිල ශිශිරෛඃ සෙව්ය්මානා මරුද්භි - ර්මන්දාරාණාමනුතටරුහාං ඡායයා වාරිතොෂ්ණාඃ අන්වෙෂ්ටව්යෛංු කනකසිකතාමුෂ්ටිනික්ෂෙපගුඪෛඃ සංක්රී්ඩන්තෙ මණිභිරමර ප්රාුර්ථිතා යත්රඃ කන්යාඃ


5

බිමු පල පැහැති ලවනතින් හෙබි විළි - මතියන ගේ ගැට මුදා බුරුල් දුන් දුහුල් රෙදි හිමියන’තින් රායෙන් ඇද ‍ලැවෙද්දී, උන් පහන් දෙසට දැමු වැල්ලවුරු මහත් එළියෙන් බැබැළි මිණි පහන් දෙස පත් වුව ද - ඒ මිණි පහන් ය ! - පලෙක් නම් නො වී.



නිවීබන්ධොජ්වසිතශිථිලං යක්රව බිම්බාධාරාණාං ක්ෂෞමං රාගාදනිභෘතකරෙෂ්වත්පිපත්සු ප්රිායෙෂු අර්විස්තුඬ්ගානභිමුඛම්පි ප්රා්ප්යා රත්නප්ර දීපාන් භ්රීිමුඪානාං භවති විඵලප්රෙුරණා චූර්ණ මුෂ්ටිඃ.



6

එහි විමන්හි උඩු මහලට වැරින් හැමූ සුළඟින් ඇතුළු වූ ඔබ වැනි මේ කුළුහු සිතුවම් දිය බිඳු ඉස කිලිටි කෙළෙන් දැල් කවුළුයෙන් පිට ය යෙති දුම් - වෙස් ගන්නට පුරුදු ව සිටියෙනි.


නෙත්රාය නීතාඃ සත්තගතිනා යද්විමානාග්රිභුමී - රාලෙඛ්යා‍නාං නවජලක‍ොණර්දොෂමුත්පාද්ය සද්යඃ ශඬ්කාස්පෘෂ්ටා ඉව ජලමුවස්ත්වාදෘශා ජාලමාර්ගෛ ර්ධුමොද්ගාරානුකෘතිනිපුණා ජර්ජරා නිෂ්පතන්තිඃ



7

රෑයෙහි දි ඔබේ අඳුර ඉවත් වූයෙන් පැහැයෙන් බබළන සඳ කැන් පහස් ලත් සඳ කැන් පහන් දැලින් මෙන් එල්බ සිට මහත් දිය බිඳු නඟා සුරති කෙළියේ දී හිමියන’තින් ලත් දැඩි පහසින් විඩා පත් යුවතීන් විඩායෙන් මුදා.


යත්රය ස්ත්රී ණාං ප්රිියතමභුජාලිඬ්ගනොච්ජ්වා සිතානා - මඬ්ගග්ලානිං සුරතජනිතාං තන්තුජාලාවලම්බාඃ ත්වත්සංරොධාපගම විශදෛශ්චන්ද්රජපාදෛර්නිශිථෙ ව්යා්ලුම්පන්ති සුඵුට ජලලවස්යපන්දිනශ්චන්ද්රන කාන්තාඃ



8

එහි කාමී ජනයෝ මහත් දන රැස් ගෙදර සඟවා තබා මිහිරි රැවින් කුවෙර ගී ගයන කිඳුරන් පිරිවරා ගෙන පියකරු වෙස’ඟනන් හා සාදයේ ඇලී වෛභ්රාඇජ නම් බිහි උයන් පෙදෙසේ දින පතා කල් ගෙවති.


අක්ෂය්යාකන්තර්භවනනිධයඃ ප්ර්ත්යිහං රක්ත කණ්ඨෛ - රුද්ගායද්භිර්ධනපතියශඃ කින්නරෛර්යත්ර් සාර්ධම් වෛභ්රායජාඛ්යංඃ විබුධ වනිතාවාරමුඛ්යාමසහායා බද්ධලාපා බහිරුපවනං කාමිනො නිර්විශන්තිඃ



9

නො ලස් ගමනේ දී අලකයෙන් හොත් මඳාරා කුසුම්නෙන්, වැටී ගිය කොපුල් - අ‍ලෙව්නෙන්, සවන් පෙත්තෙන් හොත් කනාමය උපුල් පියැල්ලෙන්, පියෝරේ පහස් ලැබ බැමි සිඳී හොත් මුතු ලැලින් හා ගෙල පළන් දමින් කාමිනීන්ගේ රෑ ගමන් මඟ හිරු උදයේ දී දිසෙයි.


ගත්යුඋත්කම්පාදලකපතිතෛර්යත්රත මන්දාරපුෂ්පෛඃ පතුච්ඡෙදෛඃ කනකකමලෛඃ කර්ණවිභ්රං්ශිශ්ව මුක්තජාලෛඃ ස්තනපරිසරච්ඡින්නසූත්‍රෛශෟව හාරෛ- ර්නෛශො මාර්ග සවිතුරු‍දයෙ සූව්යංතෙ කාමිනීනාම් ;



10

කුවෙර මිතුරු මෙහෙසුරා එ තැන සැබවින් ම ඇතැයි දැන බියට පත් මල්සරා බමරවැල්දිය යුත් දුනේ සැර පහර එ පුරට නො විදියි - එහෙත්, ඔහුගේ මෙහෙය, කාමීන් ඉලක්කය සේ ගෙන බැම යටින් නො වරද්දා විදිනු ලැබූ නෙත් සැර නිසා එ පුර වනිතාවනගෙන් කැරෙයි.



මත්වා දෙවං ධනපතිසංඛං යත්රව සාක්ෂාද්වසන්තං ප්රාායශ්වාපං න වහති භයාන්මන්මථඃ ෂට්පදජ්යාම් සභෑභ්රදඬ්ගප්රපහිතනයනෛඃ කාමිලක්ෂ්යොෂ්ව මොඝෛ - ස්තස්යාෙරම්භශ්චතුරවනිතා විභ්රෛමෛරෙව සිද්ධඃ,



		11

නෙක් පැහැති ඇඳුම් නෙත් රැඟැවුම් උගන්වන සමත් මී, නා නා කුසුම් මුහුළු - එම ළ දලු, නොයෙක් මිණි රුවන් කැට, පියුම් වන් පා තෙලේ ගෑ යුතු ලතු, - කොටින් කිව - වනිතා පළඳනා ගණයේ සියල්ල එතැන එක් කප් තුරෙකින් ලැබෙයි.



වාසශ්විත්රංෙ මධු නයනයොර් විභ්රරමාදෙශදක්ෂං පුෂ්පොද්භෙදං සහ කිසලයෛර්භූෂණානාං විකල්පාන් ලාක්ෂාරාගං චරණකමලන්යාෛසයොග්යං් ච යස්යාා මෙකඃ සූතෙ සකලමබලාමණ්ඩනං කල්ප වෘක්ෂඃ



12

එහි කුවෙර මැඳුරට උතුරු පැත්තේ අපේ ගෙය පිහිටා ඇති. දෙව් දුන්නක් සේ දිලෙන තොරනින් එය දුරට ම පෙනේවි. ඒ ළඟ ම මගේ පිය’ඹ විසින් සූත පෙමින් හදන ලද ළපැටි මඳාරා පැලය අතේ උස දී මල් කැනින් පිරී ගෙන බරින් නතු වී ඇති.




තත්රා ගාරං ධනපතිගෘහානුත්තරෙණ‍ාස්මදීයං දුරාල්ලක්ෂ්යංා සුරපතිධනුශ්චාරුණා තොරණෙන යස්යෝපාන්තෙ කෘතකතනයඃ කාන්තයා වර්ධීතො මෙ හස්තප්රා‍ප්යයබස්තබකනමිතො බාලමන්දාරවෘක්ෂඃ




3

එ තැන මරා මිණෙන් කළ පිය ගැට ළෙකින් ළ - කල් වූ වෙරළු මිණි නටුයෙන් සැදී සුපිපි රන් පියුමින් සැදුම් ලත් ළි‍ඳෙකි. එහි වසන හංසයෝ දුක් බිඳකුඳු නොමැත්තෙන් ඔබ දුටු කල්හි දු නො දුරෙහි වූ ‘මානස’ය සිහියට වත් නො ගනිති.





වාජී වාස්මින් මරකතශිලාබඬසොපානමාර්ගා හෛමෛශ්ඡන්නා විකවකමලෛඃ ස්නිග්ධවෛදූර්යනාලෙඃ යස්යා්ස්තොයෙ කාතවසතයො මානසං සන්නිකෘෂ්ටං නාධ්යාඡස්යොන්ති ව්යසපගතශ්රොවස්ත්වාම පි ප්රේ ක්ෂ්යඃ හංසා ;







14

ඒ ළිඳ ඉවුරේ දිදුල ඉඳු නිල් මිණෙන් මුදුන් ලකළ, වටා සිටි රන් කෙහෙල් වැටෙන් නුවන් ගත් කෙළි කඳු - වැටියෙකි සුහද, විදුලිය සිසාරා ලෙල දෙවන ඔබ ඇස්සමු වත, සැලෙන හදවතින් ඒ කඳු - වැටිය සිහි කෙරෙමි. එය මා පිය’ඹ ළ - ගත්තෙනි.






තස්යායස්තීරෙ රචිතශිකරඃ පෙශලෛරින්ද්රරනීලෛඃ ක්රීාඩාශෛලඃ කනකකදලීවෙෂ්ටන ප්රෙරක්ෂණීයඃ මද්ගෙහින්යාඃ ප්රිකය ඉති සඛෙ චෙතසා කාතරෙණ ප්රෙෙක්ෂ්යොපපාන්තස්ඵුරිත්තටිතං ත්වාං තමෙව ස්මරාමි.






15

ඒ කෙළි කන්ද මත්තේ ලෙනෙ ළ - පල්ලෙන් සැදි රත් හෝපලු ගසෙක් ඇති මනකල් ඛකුල ගසෙක් ද ඇති එ‍දෙක ම කුරවක වැටෙකින් ළ - කල් වූ මාදවී ලිය මඬුල්ලට යා බද වය හෝපලු ගස - මා මෙන් ම - ඔබේ ඒ මිතුරියගේ වම් පා පහර පතයි බකුල ගස - මා මෙන් ම - ඇයගේ මුව පුරා මී පහරක් පතයි.



රක්තාශොකශ්වලකිසලයඃ කෙසරශ්වාත්ර් කාත්තඃ ප්රතත්යාඃසන්නෞ කුරවකවෘතෙර්මාධවී මණ්ඩපස්යස එකඃ සඛ්යා්ස්තව සහ මයා වාමපදාභිලාෂි කාඬ්ක්ෂත්යවන්යොස වදනමදිරාදොහදච්ඡද්මනාස්යාඃ








16

ඒ දෙ ගස අතර පළිඟුමය හිඳුනා අසුනෙකින් හා පා මුල ළා බට දල්ලෙක පැහැ ගත් මිණි කැටයෙකින් පැහැපත් රන් කනුවෙක් ඇති මා බිරිය විසින් නදන ගිගිරි වළලු ලූ දෑතින් පිට පිරිමුද රැඟුමේ යෙදැවුණු මොනරාණන් සැඳෑ සමයේ ලැඟුම් ගන්නේ ඒ කනුව මත්තේ යි.



තන්මධ්යෙත ච ස්ඵලටිකඵලකා කාඤ්චනී වාසයෂ්ටි ර්මුලෙ බඬා මණිබිරන්ති ප්රෞාඪවංශප්රෂකාශෛඃ තාලෛඃ ශිඤ්ඡාවලයසුභගෛර්නර්තිතඃ කාන්තායා මෙ යාමධ්යාිස්තෙ දිවසවිගමෙ නිලකණ්ඨඃ සූභෘද් වඃ.








17

පිය මිතුර, මේ ලකුණු සිතේ දැර, දොරටුවේ

සක් - පියුම් සටහන් ද දැක මගේ ගෙය දැන ගන්න මා වියෝ හෙයින් එය දැන් ඉඳුරා ළ - ගන්නේ නැති හිරු දෙවි වැසීයෙත පියුම සපුරා බබළා යැ?






එහිඃ සාධො හෘදයනිහිතෛර්ලක්ෂණෛර්ලක්ෂයෙථා ද්වාරොපාන්තෙ ලිඛිතවපුෂෞ ශඬ්කපද්මෞ ව ද‍ෘෂ්ට්වා ක්ෂායමච්ඡායං භවනමුධුනා භවනමධූනා මද්වියොගෙන නූනං සූර්යාපායෙ න ඛලු කමලං පුෂ්යධති ස්වාමභිඛ්යා ම්






13

වහා වෙයින් ඇතුළු වනු පිණිස යොවුන් ඇත් පැටවකුට බඳ වෙස් ගෙන මා කලින් කී පියකරු ඉවුරැ’ති කඳු වැටියේ රැඳී කණ මැඳිරි එළිය වැනි සිඟිති එළිය බිඳු මඳ මඳ ව නඟා ගෙ තුළ නරඹන්න.



ගත්වා සද්යන කලහතනුතාං ශීඝ්රටසම්පාතහෙතොඃ ක්රීාඩාශෛලෙ ප්රතථමකථිතෙ රම්යාසානෞ නිෂ්පණ්ණඃ අර්හස්යදන්තර්භවනපතිතාං කර්තුමල්පාල්පහාසං ඛද්යේතාලීවිලසිතනිහාං විද්යුලදුන්මෂදෘෂ්ටිම්.









19

මනා සේ හැඩ දැමුණු දිගු දසන් පෙළින්, සුපක් බිඹූ පලෙක පැහැ ගත් අදරින් සිහිනි’ඟිනි සැලෙන මියුවියක බඳු දෙ ඇසින් ගිලී - ගිය නැබ පෙදෙසින්. ළ - කල් වූ උකුළු බරින් මඳ ලස ව ගමන් ගත් - දෙතන බරින් මඳක් පෙරට නැමී ගත් - බඹා මැවු පළමු ඉතිරි රුව සේ හැඩ ගත් - කිස වූ, යොවුන් වූ හැඩ ගත් - ඇය

එතැන දි දකින්නෙහි.




තන්වී ශ්යාදමා ශිඛරිදශනා පක්චබිම්බාධරොෂ්ඨි මධ්යෙ ක්ෂාමා චකිතහරිණිප්රෙබක්ෂණා නිම්නනාභිඃ ශ්රොෙණීභාරාදලගමනා ස්තොකනමා ස්තනාහ්යාංා යා තත්ර් ස්යාගද්යුාවතිවිෂයෙ සෘෂ්ටිරාද්යෙෂව ධාතුඃ







20

ඉතා නො බණන සුලු මා දෙවන පණ බඳු - හිමියා පිටත වුව එකලා ව වසන සක්වා ලිහිණියක සේ මා වියෝවේ එකලා ව රඳන මේ දවස් ගෙවී යෙත උකටලී වූ ඒ බොළඳ කෙල්ල හැඳින ගන්න. ඈ වියේ දින ගණන් ගෙවීමෙන් සිසිර සමයේ මැඬුම් ලද පියුම් විලක් සේ වෙනස් වී ඇති.



තාං ජානීථාඃ පරිමිතකථාං ජීවිතං මෙ ද්විතීයං දූරිභූතෙ මයි සමවරෙ චක්රාීවාකීමිවෛකාමි ග‍ෙඪාත්කණ්ඨාං ගුරුෂූ දිවසෙෂ්වෙෂු ගච්ඡත්සු බාලාං ජාතා මන්යෙය ශිශිරමථීනාං පද්මිනීං වාන්ය්රූපාම්.








21

මහත් සේ හැඬීමෙන් දෙ ඇස් ඉදිමී ගිය, උණුසුම් සුසුම් ලෑමෙන් තොල් පැහැ සුන් ව ගිය, කෙස් වැටිය වැටීමෙන් කඩින් කඩ වැසී ගිය, ඈ අල්ලේ රඳවා ගත් මුහුණ ඔබ නිසා වැසී ගෙන එළිය පතුරත් නො පොහොසත් සඳ බිඹුවක දුඹුල් විලස් ගත්.


නූනං තස්යාඃ් ප්රොබලරුදිතොච්ඡුනනෙත්රං ප්රිපයායා නිඃ ශ්වාසානාමශිශිරතයා භින්නවර්ණාධරොෂ්ඨම් හස්තන්ය්ස්තං මුඛමසකලව්යරක්ති ලම්බාලකත්වා දින්දොර් දෛන්ං්ත ත්වදනුසරණක් ලිෂ්ට කාන්තෙර්භිභර්ති











22

දෙවියන් පුදමින්, තමන් හදවතේ ඇඳී ගිය - මේ වියෝවෙන් වැහැරී ගිය - මගේ පිළිරුව සිත්තතමට නඟමින්, එක්කෝ, මැඳිරියේ මිහිරි සේ ගයන ගිරවිය අමතා හා රසිකාව, ඔබ හිමියාණන් මතකද? ඔබ උනට එතරම් ම පිය වුවා නු? යි අසමින් සිටුනා ඇය ඔබේ නෙතට ලක්වේවී.



ආලොකෙ තෙ නිපත්ති පුරා සා බලිව්යා?කූලා වා මත්සාදෘශ්යංප විරහතනු වා භාවගම්යංර ලිඛන්ති පෘච්ඡන්තී වා මධුරවචනං ශාරිකාං පඤ්ජරස්ථාං කච්විද්භර්තුඃ ස්මරසි රසිකෙ ත්වං හි තස්යර ප්රිනයෙ’ති








23

හිතවත, කිලිටි වතින් වසා ගත්, උකුල මත්තේ වීණාව රඳවා ගෙන මා නමින් ගෙතුණු ගීයක් ගයනු කැමති ව කඳුලැල්ලෙන් තෙත් ව ගිය වෙණ තත් කෙ සේ හෝ අතින් පිස දමා ගෙන සැරසෙතත්, අහෝ ! - ඇයට තමන් ම ගෙතූ මුසන් හැමකක් අමතක ව යේ.



උත්සඬගෙ වා මලිනවසනෙ සෞම්යය නික්ෂිප්යා වීණාං මද්ගොත්රාාඬ්කං විරචිතපදං ගෙයමුද්ගාතුකාමා තන්ත්රීරමාර්ද්රං නයනසලිලෛඃ සාරයිත්වා කථඤ්චි ද්භූයෝ භූයං ස්වයම්පි කෘතාං මුර්ච්ඡනාං විස්මරන්ති.









24

එක්කෝ, ඇය එලිපත්ත මත්තේ මල් අතුට මුල පටන් විරහයේ මස් ගණන ගැන ඉතිරි මස් ගණන ලකුණු කරනවා ඇති. එක්කෝ, මනසෙහි මවා ගත් විසි තුරින් මා හා සාදය විඳිනවා ඇති මේ ය පියන් වියෝ වූ කල ලියන් ගේ විනෝදය


ශෙෂාන්මාසාන්විරහදිවසස්ථාපිතස්යා්වධෙර්වා වින්ය ස්යවන්තී භුවි ගණනයා දෙහලීදත්තපුෂ්පෛඃ මත්සඬ්ගං වා හෘදයනිහිතාරම්භමාස්වාදයන්තී ප්රාඬයෙණෛතෙ රමණවිරභෙෂ්වඩ්ගනානාං විනොදාඃ









25

ඈ වැඩක් ඇති දින දී නම් මා වියෝවෙන් එ තරම් ම පෙළනු නැති එහෙත් විනෝදයෙන් මිදී රැය ගත කරද්දී නම් වඩ වඩා දුක්වනු දනිමි. මා හසුන මැනවින් ම දෙන්නට නම් ඒ පතිවත මහ රැයේ නිදි නො ලැබ බිම වැටී සිටුනා කල මැඳුරු කවුළුයේ නියැලී සිට ගෙන හමුවන්න.





සව්යා්පාරාමහනි න තථා පීඩයෙන්මද්වියොගඃ ශඬ්කෙ රාත්රෞය ගුරුතරශුවං නිර්විනොදාං සඛිං තෙ මත්සන්දෙශෛඃ සුඛයිතුමලං පශ්යත සාධ්වී නිශීථෙ තාමුන්නිද්රාසමවනිශයනාං සෞධවාතායනස්ථඃ






26

හිරිහැරයෙන් වැහැර ගිය විරහ යහනෙමි ඇල ව වැතිර ගත් ඈ අව තුදුස්වක් දා එක් කලා මතෙකින් යුත් සඳ බිඹුවක් සේ ඇති මා හා සිත් සේ විනෝදයේ මොහොතක් සේ ගෙවූ රැය මෙ දා වියෝ දුකින් ඔබලත් ව උණු කඳුලින් තෙත් ව දිගු කලක් සේ ගෙවනු ඇති.





ආධික්ෂාමාං විරහශයනෙ සන්නිෂණ්ණෛකපාර්ශ්වා ප්රා්වීමූලෙ තනුමිව කලාමාත්ර්ශෙෂාං හිමාංශොඃ නීතා රාත්රීඃ ක්ෂණ ඉව මයා සාර්ධමිච්ඡාරතෛර්යා තාමෙවොෂ්ණෛර්විරහ මහතීමශ්රැවභිර්යාපයන්තීම්.






27

අමාවෙන් සිසිල් වී දැල් කවුළුයෙන් ගෙට ආ සඳ රැස් දෙස පෙර දී මෙන් සහතුටින් හෙළූ නෙත් එමෙ න් ම හකුළා ගනුත් ම, දුක් කඳුළින් පිරී ගත් ඇසි පියෙන් ඇගේ දෑස් වැසී යෙත් ම, වැසි දාක පිබිද - නො පිබිද මෙන් රැ‍ඳෙන ගොඩ පියුමක වෙස් රැපායි.




පාදානින්දොරමාතශිශිරාඤ්ජාලමාර්ගප්ර විෂ්ටාන් පූර්වප්රිොත්යාජ ගතමභිමුඛං සන්නාවෘත්තං තථෛව චක්ෂුඃ ඛෙදාත්සලිලගුරුභිඃ පක්ෂ්මභීශ්ඡාදයන්තීං සභ්රෙඃ’හ්නීව ස්ථලකමලිනීං නප්රවබුද්ධාං නසුප්තාම්.








28

හුදෙක් දියෙන් ම නෑයෙන් දළ ව ගෙන, දෙ කොපුල් වසා පැතිර ගත් කෙස් කළඹ අදර - ළදුලු - මැලෑ කොට හෙළූ සුසුම්නෙන් සොලවමින් මා හා පහස සිහිනෙන් වත් ලැබේදෝ යි සිතතු දු ගලන කඳුලැල්ලෙන් ඇයට නින්දෙක් කො ද !







නිඃ ශ්වාසෙනාධරකිසලයක්ලෙශිනා වික්ෂිපන්තීං ශුද්ධස්නානාත්පරුෂමලකං නූනමාගණ්ඩලම්බම් මත්සම්භොගඃ කථමුපනමෙත්ස්වප්නජො’පීති නිද්රාං - මාකාඬ්ක්ෂන්තීං නයනසලිලොත්පීඩරුච්ඡධාවකාශාම්





29

ඈ අප විරහයේ මුල් දා මල් දම් ඉවත ලා තනි වැනියෙකින් ගොතා ලූ වරලස කර ව නො සියුම් ව, වේදනායෙන් අත පෙවිය නො හෙන වරලස සාපයේ කෙළවර දී දුක් වීමුත් මා අතින් ලිහිය යුතු වරලස නො මට නියෙන් යුත් අතැඟිල්ලෙන් දෙ කොපුල් දෙසින් ඉවත් කරමින් ඇති.






ආද්යෙක බද්ධා විරහදිවසෙ යා ශිඛා දාම භිත්වා ශාපස්යාමන්තෙ විගලිතශුවා තාං මයොද්වෙෂ්ටනීයාම් ස්පර්ශක්ලිෂ්යටාමයමිතනඛෙනාසකෘත්සාරයන්තීං ගණ්ඩාබොගාත්කඨිනවිෂමාමෙකවෙණීං කරෙණ.






30

අබරණ ඉවත ලූ තුනුවඟින් නිතොර ව යහන මත වැතිර ගත්, දුකින් ම වැහැර ගිය, ඒ ලලන ඔබ ලවාත් නව දිය පොද නැමැති කඳුලැලි වගුරුවාවි කුලුණු - බර ළ - ඇත්තන් ළ - තෙන්තන් ම නු.





සා සන්ය ස්තාභරණමඛලා පෙශලං ධාරයන්තී ශ‍ෙය්යාවත්සඬ්ගෙ නිහිතමසකාද්දුඃඛදුඃ ඛෙන ගාත්ර ම් ත්වා‍මප්ය‍ස්රං් නවජලමයං මොචයිෂ්ය ත්යරවශ්යංද ප්රා‍යඃ සර්වෝ භවති කරුඛාවෘත්තිරාර්ද්රාලන්තරාත්මා.








31

ඔබේ ඒ මිතුරිය මා කෙරේ ළ - බැඳි සෙනෙහසින් ම වෙසෙන බැව් දනිමි - අපේ මේ පළමු විරහයේ දි මෙ කී වන් පිළිරූ හදවතේ මවා ගන්නෙම් එහෙයිනි. මෙ සේ නිතොර ව බණන්නෙම් මානයෙන් නම් නො වෙමි. මිතුර, මා මෙතෙක් කි දෑ නො බෝ කලෙකින් ඔබට ම පසක් වේවී.



ජානො සඛ්යාිස්තව මයි මනඃ සම්භෘතස්තෙහමස්මා - දිත්ථම්භූතාං ප්රයථමවිරහෙ තාමහං තර්කයාමි වාචාලං මාං න ඛලු සුභගංමන්ය භාවඃ කරොති ප්රාත්ය ක්ෂං තෙ නිඛිලමවිරාද්භ්රායතරුක්තං මයා යත්.









32

අලකයෙන් වැසී ගත් නෙත’ග බැලුම්නෙන් යුත්, අඳන් ගා ලකළ නො කළ, මී වීමෙන් වැම රඟවනු අමතක ව ගිය ඒ මියුලැස ගේ දෙනෙත් ඔබ සැපත් වත උඩුකුරු වත මස්සකු ගේ කැළැඹිල්ලෙන් ලෙලෙන නිලු’පුලෙක වෙස් ගත්.


රුද්ධාපාඬ්ගප්රලසරමලකෛරඤ්ජනස්නෙහශූන්යංද ප්ර්ත්යා දෙශාදපි ච මධූනො විස්මෘතභ්රෑ්විලාසම් ත්වය්යපසන්නෙ නයනමුපරිස්පන්දි ශඬ්කෙ මාගාක්ෂ්යාර මීනක්ෂොහාච්චලකුවලය්රීනමු තුලාමෙශ්යරතිනි.











33

මා නිය පහර නො ලත්, දයිවයෙන් පුරුදු මුත් හර ඉවත ලූ, සමාම් අග දී මා අතින් පිරිමැදිය යුතු, සරස රඹ කඳක් සේ සුදු ඇගේ වම් කලවය [ ඔබ දකුත්] ලෙල දේවී.





වාමශ්වාස්යාඃ කරරුහපදෛර්මුව්යශමානො මදීයෛ ර්මුක්තාජාලං චිරපරිචිතං ක්යායජි‍තො දෛවගත්යා් සම්භොගාන්තෙ මම සමුචිතො හස්තසම්බාහනාතාං යාස්යගත්යුුරුඃ සරසකදලීස්තම්භගෞරශෟවලත්වම්.








34

මේ කුළ, [ ඔබ සැපත් වත] ඈ නිදි සුව විඳී නම්, ගෙරැවුම් නවතා හුදෙක් යාමයක් ඉවසන්න ඈ පිය හිමි මා කෙ සේ හෝ සිහි‍නයෙන් ලැබ ගත් කල මා ගෙලින් ඇගේ දෙ අත් - ලිය වමා මුදා ආලිංගනය නො බිඳින්න.






තස්මින්කාලෙ ජලද යදි සා ලබ්ධනිද්රාමසුඛා ස්යාර - දන්වාස්යෛලනාං ස්තනිතවිමුඛො යාමමාත්රංඛ සහස්ව. මා භුදස්යාඃ ප්ර්ණයිනි මයි ස්වප්නලබ්ධො කථඤ්චි - ත්සද්යඃ්කණ්ඨව්යූරතභුජලතාග්රයන්ථි ගාඪොපගූඪම්.






35

ඔබේ පොද පතරින් සිසිල් මඳ මාරුයෙන් ඇය අවදිකරවා ගෙන නව මාලතී කැකුළු සමග ඇය ද ඉන් පණ ගන්වා ලමින්, විදුලිය අබතුරෙහි රඳවා ගෙන, ඔබට නිවහන් වූ කවුළුවට නෙත් ලූ ඒ මානිනිය ඔබේ ගිගුම් - වදනින් නො බා අමතන්න.






තාමුත්ථාප්යන ස්වජලකණිකාශීතලෙනානිලෙන ප්රුත්යා ශ්වස්තාං සමමභිනවෛර්ජාලකෛර්මාලතීනාම් විද්යුථද්ගර්භඃ ස්තිමිතනයනාං ත්වත්සනාථෙ ගවාක්ෂෙ චක්තුං ධීරං ස්තනිතවවනෛර්මානිනී ප්ර ක්රෙමෙථා‍ඃ






36

හිමියා දිවමන් ලලන, මා ඔබ හිමියා හිත මිතුරු මේ කළක් බව දැනැ ගන්න. මා මනසෙහි දැර ගත් ඔහුගේ හස්න ගෙන ආමි. තමන් ගේ මුදු රස හඬ නඟා ගමනින් විඩා පත්, අඹූවන ගේ ගෙතුණූ කෙස් මුදා ලත උකටලී මඟීන් යුහු කරවන්නෙක්මි.






භර්තුර්මිත්රංක ප්රි යමවි‍ධවෙ විද්ධි මාම්ම්බුවාහං තත්සන්දෙශෛර්හෘදයනිහිතෛරාගතං ත්වත්සමීපං යො බෘන්දානි ත්වරයති පථී ශ්රාතම්යකතාං ‍ප්රොධෂිතානාං මන්දාස්නිග්ධෛර්ධ්වනිහිරබලාවෙණිමොක්ෂෙත්සුකානි.






37

ඔබ මෙසේ යූ කල, ඇය මෛථීලිය හනුමා දෙස සේ ඔබ දෙස මුව නඟා මතු පැතුම්නෙන් ඔද වැඩුණු හදවතින් ඔබ නරඹාවි ; ඔබ පුදාවී ඉක්බිති, අවදහනින් ඔබ වදන් අසාවී මුදු වෙස් ඇත්තාණනි, මිතුරන් විසින් ගෙනෙන ලද පියන්ගේ හසුන් ලියනට සමාමෙකට අඩු වතොත් ම‍ඳෙකි.


ඉත්යා ඛ්යාවතෙ පවනතනයං මෛථිලීවොන්මුඛීසා ත්වාමුත්කණ්ඨොඡ්වසිතහෘදයා වීක්ෂ්යත සම්භාව්යී වෛව ශ්රොමෂ්යිත්ය්ස්මාත්පරමවහිතා සෞම්ය සීමන්තිනීනාං කාන්තොදන්තඃ සුබෘදුපනතඃ සංගමාත් කිඤ්චිදූනඃ










38

දිගා යුතු මහතාණ මා ඇවටිල්ලෙන්, ඔබගේ ච ඇවැසියාවෙන් ඇයට මෙසේ කියන්න ඔබ හිමියා රම් ගිරි අසපුයේ වෙසේ හේ දිවමන් ව ය ; වියෝව ය. එබැවින් අබලාව, ඔබ සුව තතු ද විමසයි. පහසුයෙන් අනතුරට පත් වියැකි නරන්ගෙන් ඇසිය යුතු මුල් පැනය මේ යි.






තාමායුෂ්මන්මම ව වචනාදාත්මනශ්චොපකර්තුං බ්රෑයයාදෙවං ‘තව සහචරො රාමගිර්යාශ්රඃමස්ථඃ අව්යාුපන්නඃ කුශලමබලෙ පෘච්ඡති ත්වාං වියුක්තඃ පූර්වාභාෂ්යංය සුලභවිපදාං ප්රා්ණිනාමෙතදෙව.





39

සතුරු වූ දයිවයෙන් ඇවුරුණු මං ඇති ව, දුරු කතර වසතු දු, සිතිවිලි රජයේ දී ඔබේ වැහැර ගිය තැවුලි- පත් කයට වැහැර ගිය , තැවුලි - පත් කයින් ඔබේ නෙත් දියෙන් පෙඟුණු කයට නෙත් දියෙන් පෙගුණු කයින් ඔබේ උණූ සුසුම්නෙන් නිතොර ව උකට ලී කයට උණු සුසුම්නෙන් නිතොර ව උකට ලී කයින් හේ තෙමේ පිවිසුම් ලබයි.



අඬ්ගෙනාඬ්ගං ප්ර්තනු තනුනා ගාඪතප්තේන තප්තං සාස්රොණශ්රැයද්රැුතමවිරතොත්කණ්ඨමුත්කණ්ඨීතෙන උෂ්ණොච්ජ්යාසං සමධීකතරොච්ඡ්වාසිනා දූරවර්තී සංකල්පෛස්තෛර්විශති විධිනා වෛරිණා රුද්ධමාර්ගඃ









40

යෙහෙළියන් අබිමුවේ ඔබ වත සිඹින අටියෙන් හඬ නඟා කියැකි යම් අදහසක් ඔබ කනට කොඳුරා කියනු රිසි වූ හේ, අද ඔබ සවන් පියෙසින් ඈත් ව ඔබ නෙත් පියෙසට නො ලක් ව සිට උකටලී ව ගෙතුණු ‍මේ වදන් මා මුවෙන් ගයයි.




ශබ්දාඛ්යෙ යං යදපි කිල තෙ යඃ සඛීනාං පුරස්තා ත්කර්ණෙ ලොලඃ කථයිතුමභුදානනස්පර්ශලොභාත් වො තික්රාොන්තඃ ශ්රුවණවිෂයං ලොවනාභයාමදෘෂ්ට ස්ත්වාමුත්කණ්ඨාවිරචිත පදං මන්මුඛෙනෙදමාහ








41

මම ඔබ තුනුවග පියඟු ලතායේ දකිම්. ඔබ දෙනෙත් සැලෙන දෑසේ දකිම්. ඔබ වත් කැලුම සඳ මඬලේ දකිම්. ඔබේ කෙස් කළම මයුරයාගේ ගන පිල් කළඹේ දකිම් ඔබ ගේ බැම මඬලේ ලෙලුම නො මහත් නදී රැල්ලේ දකිම් එහෙත්, අහෝ !මානිනිය, ඔබේ මුළු සිරුරු ආර එක් තැන් වූ තැනක් නම් කොද !




ශ්යාතමාස්වඩ්ගං චකිතහරිණිප්රොක්ෂ‍ණෙ දෘෂ්ටිපාතං චක්ත්රනච්ඡායාං ශශිනි ශිඛිනාං ඛර්භභාරෙෂූ කෙශාන් උත්පශ්යා‍මි ප්රනතනුෂූ නදීවිචිෂු භ්රෑදවිලාසාන් හන්තෛකස්මිනක්වවිදපි න තෙ චණ්ඩි සදෘශ්යූමස්ති







42

පෙම් දබරයක දී කිපුණු ඔබේ රුව ගුරු ගලෙකින් ගල් තලක් මත්තේ හැද ඔබ පා මුල වැතිර ගනුත් රිසි වත, නැ‍ඟෙන කඳුලැල්ලෙන් මා දෙනෙත් වැසි යෙයි. හා ! කුරිරු දයිවය එතැන දී වත් අපේ සමහම් සිදු විය නො දෙයි.


ත්වාමාලිඛ්ය ප්ර ණයකුපිතාං ධාතුරාගෛඃ ශිලායා - මාත්මානං තෙ චරණපතිතං යාවදිච්ඡාමි කර්තුම් අස්රෛාස්තාවන් මුහුරු පවිතෛර්දෘෂ්ටිරාලුපයම්රතෙ මෙ ක්රෑෛරස්තස්මින්නපි න සහතෙ සඬ්ගමං නෞ කෘතාන්තඃ









43

කෙ සේ හෝ සිහිනයෙන් ලැබ ගත් ඔබ දැඩි ව වැළඳ ගන්මැ’යි මා දෙ අත අහසට දිගු කරත, ඒ දැක වන දෙවඟනන් හෙළූ මුතු සා මහත් කඳුළු බිඳ මොළොක් තුරු ළ - දලු මත බෙහෙවින් වැටේ මැ යි.




මාමාකාශප්රැණිහිතභුජං නිර්දයාශ්ලෙෂහොතො ර්ලබ්ධායාස්තෙ කථමපි මයා ස්වප්නසන්දර්ශනෙෂු පශ්ය්න්තිනාං න ඛලු බහු‍ශො න ස්ථලීදෙවතානාඃ මුක්තාස්ථුලාස්තරුකිසලයෙෂ්වශ්රැ‍ලෙශාඃ පතන්ති.










44

ගුණවතිය දෙව්දර කැකුළු පුබුදුවා ලා ඒ රෙහෙණූයෙන් සුවඳ පත් ව, දකුණූ දෙසට හමන හිමවත් පවන කලින් ඔබ සිරුරු පහස ලැබ ඇතැයි සිතා කුහුළින් වළඳිමි.



හිත්වා සද්යඃි කිසලයපුටාන්දෙවදාරුදැමාණාං යෙ තත්ක්ෂීරස්රැ තිසුරභයො දක්ෂිණෙන ප්රශවෘත්තාඃ ආලිඬ්ග්යෂන්තෙ ගුණවති මයා තෙ තුෂාරාද්රි්වාතාඃ පූර්ව ස්පෘෂ්ටං යදි කිල භවෙදඬ්ගමෙහිස්තවෙති.











45

දිගු රැය කෙ සේ මොහොතක් කෙරෙම් ? දවස හැට පැය ම කෙ සේ සිසිලස් කෙරෙම්? ලෙලැසිය ඔබ වියෝවෙන් - මහා තැවුලෙන් - දැවී අසරණ බවට පත් මගේ හදවත මෙසේ නො ලද හැකි පැතුම්නෙන් වෙළෙයි.




සංක්ෂිප්යෙ ත ක්ෂණ ඉව කථං දීර්ඝයාමා ත්රි්යාමා සර්වාවස්ථාස්වහරපි කථං මන්දමන්දාතපං ස්යාමත් ? ඉත්ථං වෙතශ්චටුලනයනෙ දුර්ලභප්රා‍ර්ථනං මෙ ගාඪොෂ්මාහිඃ කෘතමශරණං ත්වද්වියොගව්ය‍ථ‍ාභිඃ








46

මම නො එක් සිතුවිල්ලේ පැටැලී කෙ සේ හෝ හද නො වාවම් ද? එ බැවින්, කල්යාංණිය, ඔබ ද කනස්සල්ලෙන් නො පෙළෙන්න. සදා සැප ලද්දේ කවරෙක් ද? සදා දුක ලද්දේ ත් කවරෙක් ද?

මිනිස් දිවිය රිය සකෙක නිම් වළල්ලක් සෙයින් නඟියි ; වැටෙයි.



නත්වාත්මානං බහු විගණයන්නාත්මනෛවාවලම්බෙ තත්කල්යාාණි ත්වමපි නිතරාං මා ගමඃ කාතරත්වම් කස්යා්ත්යාන්තං සුඛමුපනතං දුඃඛමෙකාන්තතො වා නීවෛර්ගච්ඡත්යුතපරි ච දශා චක්රනනෙමික්රොමෙණ.








47

අං - දුන්නා සප් යහනින් නැගී සිටි දා ම‍ගේ සාපය නිමා වෙයි ඉතිරි සිව් මස පියු දෙ ඇසින් ගෙවා ගන්න. පසුව වියෝවේ දී රැස් කර ගත් සිහින සිතුවිලි සියල්ල සරා පුන් සඳ රැසින් ඔද වැඩි ගිය රැයෙක අපි දෙදෙනා ම සපුරා ගනිමු.





ශාපාන්තො මෙ භුජගශයනාදුත්ථිතෙ ශාර්ඬගපාණෞ ශෙෂාන්මාසාන්ගමය චතුරො ලො‍වනෙ මීලයිත්වා පශ්චාද්රාාවං විරහගුණිතං තං තමාත්මාභිලාෂං නිර්වෙක්ෂ්යා‍වඃ පරිණතශරච්චන්ද්රිමතකාසු ක්ෂපාසු.







48

හේ මෙසේ ද කියයි පෙර දිනක් මා ගෙළ නැළඳ ගෙන නින්දට පත් ඔබ යමි හෙයකින් හඬා ගෙන නැගිට්ටා මා ඇයි දැයි ඇසු කල හොරා ඔබ කවුදෝ එකියක සමඟ රමණය කරනවා සිහිනෙන් දුටුවා’යි හදවතින් සිනැහෙමින් කීවා.


භුයංශ්වාහඃ ත්වමපි ශයනෙ කණ්ඨලග්නා පුරා මෙ නිද්රාංා ගත්වා කිමපි රුදති සස්වනං විප්රාවුඬා සාන්තර්භාසං කථිතමසාකෘත්පෘච්ඡතශ්ව ත්වයා මෙ දෘෂ්ටඃ ස්වප්නෙ කිතව රමයන්කාමපි ත්වං මයෙ’ති









49

කැළැ’සිය මෙකි සලකුණු හා මා හස්න ලැබ මා යෙහෙන් වෙසෙන බැව් දැන ගන්න අනුන්ගේ බස් ගෙන මා හා නො විස්වස් නො වන්න. වියෝවේ දි කෙ සේ හෝ සෙනෙහස නැසේ ලු එහෙත් ළ - ගත් වතක් කෙරේ දුනු රස - එය නො විඳි කල - පෙම් ගුළාවෙක් වෙයි.



එතස්මාන්මාං කුශලිනමභිඥානදානද්විදිත්වා මා කෞලීනාදසිතයනෙ මය්යදවිශ්වාසීනි භුඃ ස්නේහානුහුඃ කිමපි විරහෙ ධවංසිනස්තෙ ත්වභෙ‍ාගා දිෂ්ටෙ වස්තුන්යුිපවිතරසාඃ ප්රෙෙමාරාශිභවන්ති









50

මේ පළමු විරහයේ දී මහත් දුකින් පෙළෙන ඔබේ මිතුරිය මෙසේ සනහා තිනෙත් දෙවි වැහැප් විසින් බිම් කැනුණු ඒ කන්දෙන් වහා පෙරළා විත්, උදයේ සැලෙන දැසමන් මලක් බඳු මගේ දිවිය ද ඇගේ සලකුණු හා හසුන් ගෙන දී රඳවා ගන්න.





අශ්වාස්යෛුවං ප්රදථම විරහොදග්රෙශොකං සඛිං තෙ ශෛලාදාශු ත්රි නයනවෘෂොත්ඛාතකූටාන්ති වෘත්තඃ සාභිඥාන ප්රරහිතකුශලෛස්තද්වවොභිර්මමාපි ප්රාඥතඃ කුන්ද ප්‍රසව ශිථිලං ජීවිතං ධාරායෙථාඃ







51

මුදුකරාණනි, මේ නෑ දෑ කාරිය කර දෙනවා නේ ද? ඔබේ නිහැඬියාව පිළිකෙව් කිරීමක් යැ යි නො හඟිමි ඔබ කෑඳැත්තන් දිය ඉල්ලූ කල හඬ නො නඟා ම දිය දෙත් නු? මහතුන් කෙරේ කළ යැදුම්නට පිළිතුරු දෙවෙනුයේ යැදුම් සපුරා දීමෙන් නු?







කච්චිත්සෞම්ය ව්යුවසිතමිදං බන්ධුකාත්යංා ත්වයා මෙ ප්රචත්ය‍දෙහාන්ත ඛලු භවතො ධීරතාං කල්පයාමි නිඃශබ්දො’පි ප්රවදිශසි ජල යාවිතහ්වාතකෙභ්යඃා; ප්රශතයුක්තං හි ප්රහණයිෂු සතාමීප්සිතාර්ථක්රිඃයෛව.





52

පුදුම යැදුමෙක් නමුදු මේ යැදුම සෙනෙහසින් හෝ හුදෙකලා ‍මා කෙරේ කුලුණින් හෝ සපුරා දි මේ කුළ, වැසි සමය සැපත් වූයෙන් සිරි සර තර කොට ගෙන රිසි සේ යා. ඔබේ විදුලිය කෙරෙන් මෙවන් විරහයක් මොහොතකුදු නො වේවා !





එතත්කෘත්වා ප්රිවයමනුචිතප්රාහර්ථනාවර්තිනො මෙ සෞභාර්දාද්වා විධුර ඉති වා මය්ය්නුක්රොරශබුද්ධ්යාා ඉෂ්ටාන්දෙශාඤ්ජලද විචර ප්රාමවෘෂා සංහෘත ශ්රී් - ර්මාං භුදෙවං ක්ෂණමපි ච තෙ විද්යුරතා විප්රතයොගඃ

"https://si.wikibooks.org/w/index.php?title=මේඝ_දූතය_-_ii&oldid=5868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි