මේඝ දූතය - iii
විරිත්බැඳුම
මුල් පූරුව
සිය නියුත් නිලයේ හැඟිණැ’යි පමා
මුළු වසක් පිය’ඹුන් හමුයෙන් තමා
විරහවෙන් වසව’යි හිමියා විසින්
කැරුණු සාපයෙකින් බෙල සුන්ව ගොස්
පෙර දි යක් දෙවියෙක් විය රම් - ගිරේ
අසපු යා පියෙසෙක්හි පුරාණයේ
ජනක - දූ සැනැහු යස පින් දියෙන්
තුරු පෙතේ සෙවණින්, හද ගත් එ තැන්
පිය’ඹගෙන් පිට - වී මෙ ලෙසින් එ යක්
කිහිප මස් ගණනක් ම ගෙවූ හෙයින්
වැහැර හා කිස වී අතැ ලූ සුරන්
අඟු පළන් ද අතින් හෙන තෙක් පෙළී
වෙසෙත, මත් ගිජිඳක්හු කුහුල් සිතින්
කෙළි දෙළෙන් ඉවුරක් හමුයේ රැඳී
පොරැ’න බිම් බිඳුනා විලසක් රැගත්
ඇසළ පැළවියේ දිටි මේ කුළක්.
සිත වියෝ බර බෝ ම නගා ලමින්
දුක දෙවු එම මේ කුළ’සින් සිතේ
වැර යොදා සිටගත් දනදා වහල්
එ දෙවි නෙත් කඳුලැල් සඟවා සිතී.
වැසි වලා නෙත පත්වත, සොම්නසින්
රැඳෙනවුන් සිත මුත් බෙහෙවින් පෙළෙයි.
ගෙල පහස් රිසි වූ පිය’ඹුන් වෙතින්
විරහ වූ කල, දුක් බර ! කුම් කියම් ?
121
‘වැසි සෙමේ ළඟ එයි. එබැවින් පියා - දරිය දිව් ගලවා ගනුවස් වලා - කුළ අතේ සුව - දුක් හසුනක් යවා ලමි’ සිතා සැරැසී එම යක් තෙමේ,
කෙළිඳ මල් අලුතින් ම පිපී ළකල් ගෙන නෙළා, පුදමින් එම දූතයා, සතුටු සිත් දනවා, අදරින් පිරී සුව පතා පිළිගත් ‘සැරැදේ’ කියා.
ගිනි සුළං දිය හා දුම එක් වැ - ලා සැදුණු මේ කුළ සිත් යුතු වූ සතුන් අතම යා යුතු යම් හසුනක් කෙ සේ රැගෙන යේද ? එයත් නොසිතා එදා
පෙම’ද හේ අයැදී ය වලාකුළින් පෙම’ඳ වූ ජනයා කෙ ලෙදින් අනුන් සිතැ’ති හෝ ඉඳුරන් නැති හෝ විලස් දැන ගනිත් ද? එයින් ය එවන් යැදුම්.
‘පොකුරු’ ‘ආවට’ ඈ මුළු ලෝ පුරා පසිඳු වූවනගේ කුලයේ උපන් ඉඳුරු දෙව් නිලමෙ වන මේ ඔෙබනේ යදිමි හී පෙර කම් විලසින් දුකින්.
කිසි පලක් නැති වත් ගුණවත් දනන් යැදුම ම යි මැනැවින් හදහන්නෙ මා සිතැ’ඟි හව් ලද මුත් සපුරා ම මම් කුපුරිසන් අයැදුම් නොකෙරෙම් කිසිත්
වැසි වලාකුළ, තැවුලට පත් දනන් හට ඔබයි සැනැසුම් එ බැවින් පියා - දරියටත් ගෙන යන්නකො මා හසුන් කුවෙර රොස් ව වියෝ කැරැ ලූ මගෙන්.
122 යකි’සුරන්ට නිවෙස් අලකා පුරේ වෙතය යා යුත් ඒ උයනින් මෙහා වෙසෙන දෙව් ඉසුරා නළලේ සඳින් පතළ රස්නි දිලෙයි එපුරේ පහා.
බැහැර වන් හිමියන් අඹුවෝ අහස් කුස ඔබේ ගමනින් සතුටින් පිරී ළ - බඳ පෙම්බරයන් ඉඳුරා එතැයි කියඹූ වැල් ඔසවා එබ නෙත් සදත්.
වැසි බරින් බර වූ කල මේ රදා ම වැනි අන් වසඟින් දුක ලද්දකුන් මිස, අහෝ කවරෙක් පිය’ඹුන් තමන් විරහ දුක් දනවා දුක දී පෙළත් ?
මඟ සැපත් ඔබ හා රැඳ සාදයේ උඩඟු වෙස් දැර - ගත් දිය කා කොකෙක් ඔබ වමත් පස ගී ගයමින් හිඳියි මඳ සුළං ඔබ යා - රිසි දෙස් යවයි.
පුරුදු සේ ම වලා අබියෙස්හි දී ගැබ දරන්නට යැයි සැරසි සෙදින් පෙළ ගැසි සිටුනා නෙ - බලාකයෝ තුටු සිතින් නමදිත් ඔබ දුන් උදව්.
මඟ පමා නොව ගොස් කඩිනම් පියෙන් විරහයේ දිනයන් ගණිමින්, අහෝ ! නො නැස, හා නොනසා පතිවත් දැමුත් සිටින මෝ සොයුරා පිය’ඹුන් දකින්.
විරහයේ මැලැවී ගිය සිත් ලියන් නටුයෙකින් නො වැටී රැඳ ගත් මලක් ලෙස රැඳෙයි නො නැසී පැතුමන් නිසා මතු ලබම් සමහම් මේ වියෝ අගැ’යි.
123 සරු බිමේ හතු ඇ දවන් සමත් ඔබ දෙවූ ගිගුරුම් හඬ හී සටන් රජ-හසුන් පෙළ ‘මානස’ නම් විලේ සරණ වත් සොයමින් හඹමින් එ දෙස්
මඟ දිගේ බුදිමැ’යි ගෙන ළා නෙළුම් දඬු ඔබත් සමඟින් ම ගමන් සදා වෙත සැපත් වන තෙක් ම කෙලෙස් කුළේ කැටි ව යාමට ඒවි, වලාකුළේ.
නරනගෙන් පුද ලත් රමිඳුන් උතුම් පද ලසින් සැදි ඉවුරැති, බෝ කලක් බැහැර වී සිටිමින් පෙරළා නොයෙක් විට සැපත් වනුයෙන් ඔබ කුල්මතින්
අදර සිත් දනවා කඳුලැල් හෙළූ මෙ ඉ - උස් කඳු මත්තට පත් වැ - ලා සිප ඔවුන් සමු ගන්න නිමා එ කම් මෙ සුහදාණ ගෙනුත් සමු ගන්න කෝ.
අසව දැන් යන මං දෙසවන් පුටින් බොන සෙයින් ම - හසුන් එ නිමා කියම්. වැසි වලා කුළ, පත් වත මං විඩා කඳු අරා සිට ලන්න ගිමන් නිවා.
දිය ගෙවී පර සුන් වත මං පෙතේ දිය හෙබක් ඇති යම් පෙදෙසක් බලා එ මත හී ඇති තෙක් දිය බී එයින් සැනැසුමෙන් ගමනේ යෙදෙතොත් යෙහෙයි
ඔබ ගමන් නෙත පත් සිද’ඹූන් ඉතා මවිත පත් ව තමන් ළද බැව් නිසා ‘කඳු කුළක් සුළඟින් පිඳි හේ දො හො’යි උඩු බලා, මුව’යා විමසත් උනුන්,
124 අතන දිස් වන ළා කොළ පෑ ළ - කල් බට කැලෙන් උතුරත් බලමින් තුමුල් දිගු ගජන් සොඬ පාරට ලක් නො වී නුබ අරා අරඹන් ඔබ ගේ ගමන්.
ඔබ’බියෙස් බල, හා! තුඹසක් අගින් පුරඳරාණගේ දුන්න ඉතා දිලී නෙක රුවන් පැහැ රැස් කළඹක් සෙයින් අතන, අන්න, නැඟී සිටුනා නියා.
ගොපලු වෙස් ඇර ගත් උවිඳා එදා පැළඳි කස්ස මයුර පිලින් දිලී බැබැළි සේ මෙම දෙව් සරසුන් නිසා ඉ - තර ගත් ද ඔබේ හෙබෙතැ යි හඟිම්.
බැම නඟන්නට වත් නො ම දත් ඉතා ළඳ ගමේ අඟනන් ‘ඔබගෙන් තමා අපගේ කෙත් පලදාව’ කියා ඉතා ළ - බඳ ආදරයෙන් සහ සොම්නසින්.
ඔබ නුවන් දෙහොතින් බොන කල්හි, බිම් කෙටුණු සානු ලැබූ, සුවඳින් ළකල් කුඹුරු මාල පෙදෙස්හි අරා හෙමින් අවර දෙස් නතු වී උතුරත් නැඟෙන්.
කුළු - බරින් යුතු වූ ‘අඹ කන්ද’ මේ ඔබ හෙළූ දිය දාර නිසා තමන් ළැව’ග මුල් සිඳ, පත් මඟ දී විඩා ඔබ දරා මුදුනින් සනසයි පෙමින්.
කරපු යම් ගුණයක් සමරත් හොතින් අදමයෙන් වුව යම් පිහිටක් පතා වෙත සැපත් මිතුරා එළවා ද? නෑ. එබඳු වූ කුලවත් අය, කුම් කියම්?
125 කනක පෑ ව සුපක් පල කැන් සැදු වල’ඹ ගස් අරඹින් වට බෑවුමින් යුතු එ කන්ද අරා වරලස් වනින් ඔබ හිඳුත් දෙවියෝ ද එ දෙස් බලත්.
ඔබ නිසා කළුවන් මැද හා ඉතා පඬුවනින් යුතු වූ සෙසු බිම් පෙදෙස් ඇති එ පව්ව පොළෝ කතගේ ළකල් පියොයුරක් බඳු වූ කරුණින් ය ඒ.
වන සැරින් අඹූව්න හට වූ නිවෙස් ලිය මඬුල්ලන’සින් මොහොතක් රැඳී වැසි හෙළා, බර සුන් කොට වේගයෙන් යෙත දකින්නෙහි ‘නර්මදා’ නම් ගඟත්.
සල තෙලෙන් ගැවසී සිටි ‘වින්ද්යය’ පා - මුල හැපී නඟමින් පෙණ ‘නර්මදා’ දිලි දියෙන් ගිජිඳක්හු කයේ සැදූ සිතුවමක් ලෙස හෙයි කඳු පෙත් මතින්.
වැසි හෙළා බර මුත් ඔබ වල් ඇතුන් මද පොදින් සුවඳින් අද වී ළකල් දිය මහත් ඇවිරී දඹ ගස් පෙතින් ගලන ඒ නදියෙන් දිය බී ගනිත්.
ඔබ දියෙන් බරවත් සුළඟත් මඟින් ඔබ ඉවත් කැරැ ලන්නට නෑ සමත් නො පිරි සැම දෙයක් ම සැහැල්ලු මැ යි පිරුණූ බැව් බර බැව් හඟවයි නිතින්.
දුඹුරු හා කොළ පෑ මුසු මල් රොනින් සැදි මඳක් පිබිදී ඇති මල් කොළොම් සහ මඩින් පිරි බිම් ඉවුරේ අළුත් වන කෙසෙල් මල’වුල් වනයක් බලා.
126 ළැව’ග දෑ පොළොවේ සුවඳත් උරා යෙන මුවෝ පොද දී ගෙන මං පෙතේ ඔබ සැරූ මඟ “මේය” කියා අවුත් අවට වුන් හට පෙන්වන සේ සරත්.
සුහද මා පිය’ඹුන් උදෙසා වෙයින් යනු ඉතා රිසි මුත්, කඳු පෙත්හි දී කෙළිඳ මල් සුවඳින් ද ඇදී රැඳී මඟ පමා වනවා මම නම් දනිම්.
මයුරයන් තුටු නෙත් දිය බී - පියා ගයගයා ‘සැරදේ’ කියතත් කෙතෙක් කෙලෙද මුත් යුහු වී වෙයිනෙන් සැදී ගමන’රාම යෙදෙන්න. වලාකුළේ.
ඔබ සැපත් වන කල්හි ‘දසර්ණ’ නම් පදෙසෙ’ඩක් පිපි මල් කැකුළින් නැඟී පිපෙන නෙක් වැටකේ කුසුමන් නිසා ලකළ ඉවුරු වැටින් සුළකල් ව යේ.
ගැමි දනන් පිදුමන් ලද ඒ රටේ තුරු දෙවොල් කවුඩන් හට වෙයි නිවෙස්. පල බරින් කොළ පෑ දඹ පෙත් මහී රජ හසුන් හට වෙයි මඳ දී නිවෙස්.
එම දනව් පෙදෙසේ මුළු ලෝ පුරා පතළ වූ ‘විදිසා’ රජදන් කෙරේ පැමිණි කල්හි පියන් ලබනා සෙයින් පිළිතුරක් ඔබටත් ලැබෙතැයි දනිම්.
ගඟෙහි ‘වේවති’ නම් සුළි නංවමින් පෙණ දමා ඉවුරේ හැපෙමින් ගැලූ මිහිරි පැන් බොත, ඒ ගඟ වෙස් ගනී කතක නෙත් නඟමින් දෙන මීරි බස්.
127 නිවනු වස් සර්ත්ස් ‘නිද’ පව් කුළේ රැඳෙහි ලත් ඔබගේ පහසින් පිනා ලොමු දෙහෙන් සැදුණා ලෙස ඒ කුළේ කොළොඹ මල් පිබිදේවි. වලා කුළේ.
වෙස’ඟනන් ඇඟ ලූ අඟරා නිසා සුවඳ පත් එහි ලෙන් එපුරේ යොවුන් තුරුණු වැස්සනගේ එ යොවුන් විලස් පළ කරන්නන සේ සැරැසී සිටී.
මඟ ගිමන් සනහා වන ගං තෙරේ ඇති උයන් හි සමන් කැකුළන් වසා නව පොදින් බිඳ දී ගමනො’ත් සෙමේ බල නො - මල්කරු කෙල්ලනගේ විලස්.
පිසිත ඩා බිඳු කම්මුලැ, ඉන් සවන් සැරසු’පුල් පෙති දෑතට පත් තැළුම් එම ලඳුන් නරඹන්න, වලා කුළේ, සෙවණ දී සනසා උනගේ ගිමන්.
උතුරු දෙස් යෙත වක්, මඟෙකින් ම යා යුතු වුවත් උදෙනි පුරයේ පහා සැරසු නේ සදලුත් නෙතැ ලන්න නම් සිහි තබා ගත යුත්තෙහි, මේ කුළේ.
විදුලියෙන් ලෙල දුන් දෙනුවන් අගින් බල බලා එ පුරේ ලියකැන් නැගු නෙතු - රැඟුම් බලමින් නො - ගියොත් පිනා මෙ දිවි ලත් පල න්ම නො ලබත් ඔබත්.
රළ පෙතේ හැපෙමින් නද දුන් සියොත් පෙළ මෙවුල් දම සේ දැර, ගල් පෙතේ හැපි හැපී ළකලා’ රෙක හී ගමන් දිය සළා නඟමින් නැබ වෙස් රැපැ.
128 ‘නිවිඳ’ ගං වෙත මං පෙත දි ළඟා - වව දියෙන් එ ගඟේ සැනැහෙන් තමන් පියවතුව් හමුයේ එ ලෙසින් රැඟුම් ලිය හදේ පෙම කීමට මුල් මඟයි.
සිඳි දියෙන් නො මහත් ව ගෙතූ වරල් පොටෙක වෙස් දැර, ඉවුරෙහි ගස් හෙළූ පරඬලා පතරින් පඬු පෑ දැරු ‘සිඳු’ නදී ලිය, ඈ විරහෙන් නිසා,
‘නිවිඳ’ ගං හරිමින් යෙනො’ බේ පිනේ සැටි, පිනැත්ත, පසක් කර දෙත් සමත් ඇය ගෙ කිස බැව් මුදමින් කයේ තර විලස් දනවත් ඔබ මැ යි සමත්.
උදයනාදි කතා සපුරා උගත් මහලු ගම්වැසියන් හට වූ නිවෙස් ‘ඇවැත’ නම් පුර පත් ව ම - කී කලින් සිරි ‘විසල්’ පුරටත් පැමිණෙන් එයින්.
ඉසුරුමත් පුර ඒ , සුර ලෝහිදී පින ගෙවී මිහි පත් සුර කැන් ඔවුන් ඉතිරි වූ මඳ පින් බලයෙන් ලැබූ සුර ලොවේ කඩෙකැ යි ඉඳරා හඟිම්.
දිය කොකුන්, සියොතුන්, දෙන මීරි වූ හඬ නුරා ඇද, නෙක් පියුමින් සුපුල් සුවඳ වත් ව හැමු ‘සිපුරා’ නදී - කර පෙදෙස් හමුයෙන් මනකල් සුළං
පිය බසින් අදරින් පතමින් නුරා බෙණෙන පෙම් අදහස් හිමියන් සෙයින් කුසුම - හී දෙවියා යුද පත්වැ ලා වෙහෙස පත් ලිය කැන් වෙහෙසින් මුදයි.
129 කවුළුයෙන් පිට වී එන ඒ ලියන් වරල දුන් සුවඳින් මනකල් දුමින් තර ව ගන්න. සියෝ සමහම් නිසා ගෙ මොනරුන් ඔබ දෙස් ඇර පෑ රැඟුම් -
දැක එයින් ද තිළී, සුවඳින් කුසුම් සුවඳ වත්, ලියකැන් පය ගෑ නොයෙක් ලතු නිසා සටහන් ද ලැබූ පහා තුළ විසින් නරඹන්න, වලා කුළේ.
‘හිමි ගෙලේ පැහැසේ’ ම නු’යි තිනෙත් - දෙවිඳ දස් ගණයන් අදරින් බලත්, මෙහෙසුරාණගෙ දෙව් නිවහන් කෙරේ පිවිස ගන්න. එතැන්හි උයන් පෙදෙස්
නෙළුඹු මල් රොන’වුල් සුවඳින් පිරී දිය කෙළිත් ම ලියන් ඇඟ ගෑ නොයෙක් සුවඳ වත් අඟරා ද දරා ‘ගඳෙව්’ ගඟ කෙරෙන් වැද හොත් සුළඟින් ලෙලෙයි.
ඇඳිරි වන්න කලින් ඔබ, මේ කුළේ, ‘මහ කැලි’යි යෙන දෙව් ගෙය ළං කළත්, දිනකරාණ නෙතින් තොර වී ඉවත් වන තුරා ම රැඳෙන්න එතැන්හි දී.
තිසුල ගත් දෙවියාණ සැඳෑ සෙමේ පුද කරත් සැරසෙත් ම උදව් විසින් බෙර හඬක් පතුරත් වත හොත් සමත් ගිගිුරමේ වර ලත් පල ඉන් ලැබෙයි.
නටන තාලය හා හඬ දුන් මෙවුල් දැර ළකල් මිණියෙන් කැටයම් සැදූ සෙමෙර වල් විදුනා ද අතින් දරා වෙහෙස පත් ගණිකා අඟනෝ තුමු
130 සනසමින් සිරුරේ නිය පාර ලත්, ඔබ දෙවූ පොද කැන් විඳිමින් සැදී බමර වැල් බඳු, නෙත් අග ලූ බැලුම් ඔබ දිහාවට දෙත් සතුටින් පිරී.
පසුව දෙව් ඉසුරා නුබ කුස් නැඟූ සිව’ත නම් වනයේ වට එල්බෙමින් නව ජපා කුසුමක් බඳු වූ සුරත් සඳ වලා පැහැයෙන් සැරැසී සිටන්
සඳ නැටුම් උදසො ගජ සම් ලෙ - තෙත් පතන ඒ දෙවිඳා පිනවන්න. ඉන් තොසව මා දෙවියා අඹු වූ උමා තුටු ඇසින් ඔබ ඒ පුද නෙත් සදයි.
එළිය නම් බිඳවක් නැති රෑ සෙමේ කළුවරේ ඉමහත් අඳුරේ, මහා මඟට වී සිය පෙම්බරයන් නිවෙස් ඇදෙන පෙම්වතියන් හමුයේ සිටන්
උර ගලෙක් හි කතා දහරක් සෙයින් විදුලියක් නඟමින් මඟ නෙත් දෙවන්. වැස, ගිගුම් කර හා නද නම් නො දෙන්. බයසුලුයි නු එවන් අඟනෝ තුමූ.
පරෙවියන් ලැග හොත් ගෙ පියස්සෙකින් ලැබ රැයේ නිවහන් පියඹත් - විදුත් සහ රැයක් ම ළ - ගත් කෙළි වෙස් දරා ඇය එයින් සරතස් ලද කල්හි, ඉන්
පසු දිනේ උදයේ හිරු නෙත් පියෙස් එත ගමන් අරඹන්න, වලා කුළේ. සුහද සේවය සිත් රැඳැවූ දනන් මඟ පමා වනු නම් සිරිතෙක් නො වෙයි.
131 හිමි පමාව නිසා කිපෙමින් ලියන් හෙළන නෙත් දිය උන් හිමියන් අතින් පිස ලැවෙන්නේ එ කල්හි ය. ඒ නිසා දින කරා එන මං අවුරන්නෙ’පා.
හිරු දෙවිත් නලිනී ගෙ කමල් වුවන් තෙලෙහි වන් කඳුලැල් - පිනි අත් නඟා පිස ලමැයි පැමිණි ඇත. ඒ නිසා අවුරතොත් මඟ හේ බෙහෙවින් කිපෙයි.
සෙවණ’සින් වුව බෝ මනකල් වලා - කුළො’බ සේ සුපසන් මනසක් කෙරේ ‘ගැඹර’ නම් නදියේ දිය ගැබ් කෙරේ පිවිස ගන්නෙහි. ඒ කරුණින් ඉතින්.
ඇය හෙළන්නට වන් කොඳ සේ සුදෝ සුදු වතින් යුතු බැල්ම - මසුන් පිරී යුහු ව දුන් නො රැඟුම් - දැඩි බැව් පපා නො ම නසන් මැඬ ලන්න ‘සිනෙ’ව් කිසිත්.
එ ගඟ කත් හැඳි නිල් සළු - නිල් දලා - ඇය නිතම් පෙදෙසින් ඇද - ගං තෙරින් පිටත ලා - විළියෙන් මිදෙමැ’යි කියා සළු අතින් දැර ගත් විලසක් තෙරේ
බට’තු පාස ලැබූ ජලයෙන් දරා සිටි ඇගේ තුනු වෙස් දුට ඒ වටා රැඳෙන කල්හි ඉවත් වනු නම් නොහෙයි. විඳ පුරුද්දහු ලත් ද ලියන් එවන් ?
නන දිදි සොඬ’ඟින් මැතැ’තුන් විසින් ඉරුණු, හා ඔබගේ වැසි ලත් නිසා පිපුණු, මී කතගේ, සුවඳින් පිරී, වන දිඹුල් ඉදවන්නට වූ සමත්.
132 සිසිලසින් මනකල් යුළඟෙක් අවුත් අසට යෙම් යි කියා යෙන දෙව්ගිරේ ඔබ සහායට මෙන් හමු වී - පියා ඔබ යටින් හමමින් ගමනේ යෙදෙයි.
පොකුරු වැස්සක වෙස් ගෙන දෙව් නදී දිය’ද මල් වරුසා දහරක් නඟා එහි සදා ලැග හොත් කඳ දෙව් රදා ඔබ දියෙන් සනහන්න, වලාකුළේ.
‘ඉඳුරු දෙව් බලසෙන් රකුව’යි කියා සිසි - කලා - දර මා දෙවියා එදා කෙහෙලි - දුම් දෙවියා මුව ලූ කැලුම් හිරු තෙදත් පැරැයූ කඳ දෙව් සතු යි.
ගිරි ගුහා තුළ හී පිළිරැව් නැඟූ ඔබ ගිඟුම් හඬ වෙයි රඟවත් සමත් මෙහෙසුරා ළසඳේ කැලුමෙන් දිදුල් නෙත’ග යුත් කඳ දෙව් මොනරා එකල්.
සුත පෙමින්, උපුලින් හොබවත් මනා තම සවන් පෙති ඒ මොනරා කෙරෙන් හැළුණු’දුල් සැඳැසින් හෙබි පිල් සළා දැර සදයි කඳ දෙව් මව වූ උමා.
බට කැලෙන් දුනු ඒ දෙවියා පුදා ගෙන ඔවුන් සමු, ඉක්බිති, මේ කුළේ. වෙණ වැයුම් හි නියුත් සිද දෙව් කැළන් දිය හෙතැයි මඟදී වෙති’වත් බියෙන්
ගමන රා, එළ දෙන් බිලි දුන් පුරා පසිඳු ‘රත් දෙවි’ කිත් රැස ගං වෙසින් මිහි සැපත් සෙය නෙක් දුර ඒ පුදා - ලන රිසින් නවතින්න එතැන්හි දී.
133 ගව අගින් කළ දුන්න අතින් දැරූ දෙවිඳු ගේ පැහැ ගත් පැහැයෙන් දැරූ ඔබ නැමෙත් ම ගනුත් දිය ඒ ගඟින්, ඇය මහත් දියකින් යුතු වූ නමුත්,
දුර නිසා කිස වී දිසියෙන් පොළෝ - කත පළන් ඉඳුනිල් මිණකින් ළකල් මුතු පොටක් ලෙස දිස් වනුයෙන් අහස් කුස ගමන් පැතුවෝ ද එ දෙස් බලත්.
එ තෙර වී එගඟින් ඔබ, මේ කුළේ, සලෙල නෙත් බිඳමෙන් මන කල් වැ-ලා උඩු නැඟු දෙ ඇසින් කළු ඈ නොයෙක් පැහැ’ති නේ ඉරි නංවත වූ සමත්
ලෙල සමන් කුසුමන් වෙත ළං වෙමැ යි ඇදෙන මි මැසි කැන් පැරයූ විලස් දස පුරේ වනිතා මුළුවේ නෙතින් නැරැඹෙමින් ගමනේ ම සැදෙන්, පියේ.
සෙවණ දී පිවිසී ‘බඹවත්’ දනව් පියෙස, ඉක්බිති බෝ ම පුරාණයේ යුද වැදී සෙසු වූ ‘කුරු’ නම් දනව් - වට ද යන්න, වලා කුළ, ඉන් නැඟී
ඔබ සුපුල් පියුමක් වෙතො’බේ දියෙන් වැසි වලා විදුනා ලෙ’ස’ඳුන්’ රදා ‘ගැඩිව’ දුන්න හයා කැතියන් කෙරේ සිය ගණන් සැර ලූ යෙ එ තැන්හි දි යි.
පිය’ඹ - ‘රේවති’ - ගේ නෙතු සේ නිසා ලකළ, හා .කවදත් මන ගත් රෙසෙන් පිරුණු මී ඔඩමත් සිය නෑ සියන් වෙත’දැරින් දුර ලූ ‘බලරාමයන්’
134 බොනු ව ගත් දිය ‘සරස්වතී’ මුව පුරා ම ඔබත් දැර ගත් සෙමේ පැහැ ඉතා කළු මුත් ඇතුළතින් ඉතා සුසුදු වන්නෙහි මැයි ඔබ, මේ කුළේ.
සගර පුත්නට යත් සුර ලෝ බලා මඟ සැදූ, මිහි පත් හිමවත් මතින්, ‘සුර නදී’ ලිය ළං වන තෙක් ‘කකල්’ අඩවි යා බද මං පෙදෙසින් ම යා.
බැම නඟා වත පෑ නඟමින් සැදු තිනෙත’ඹුන් හට සී පෙණ දත් පපා ඇය තමන් රළ’තින් සිව දෙව් නළල් සඳ වසා ඔහු කෙස් කළඹත් රැගත්.
පිටු පසින් අහසේ රැඳ, වී හරස් සිටි ගජක්හු සෙයින් දෙවියන් අයත් පලිඟු වන් දිය ඒ නදියෙන් බොමැ යි ඔබ සැදෙත් ම, වලාකුළ, ඒ නිසා
ඔබ ගෙ පෑය දියේ හෙත, ඒ නදී ලලන යම් නොම දත් පෙදෙසෙක්හි දී සිය ළ - ගත් ‘යමුනා’ හමු වූ සෙයින් පැහැ බරින් බබළන්නට වෙයි බොහෝ
සුර නදී මව වූ, හිම කැන් නිසා සුසුදු වූ, ලැග හොත් නෙ - මුවන් නැබේ සුවඳ පාස ලැබ හැම ගල් තලක් සුවඳ පත්, එම පව්වට පත් වැ ලා
මඟ විඩා සනහන්නට ඊ මතින් ඔබ රැඳෙත් ම තිනෙත් දෙවියාණ ගේ එළ වැහැප්හු අඟින් ඇන රැස් කෙරූ මඩ ගොඩක් ලෙස දිස් වෙහි, මේ කුළේ.
135 සුළඟ එත් ම ‘සරල්’ තුරු පෙත් ගැටි එහි නිපන් දැඩි ළැව් ගිනි දික් වැ-ලා සෙමෙර වල් දවමින් දුක දී පියා පුලිඟු කැන් විසුරත් ම, එතැන්හි දී
සිය ගණන් දිය දාර නඟා එයින් මුළුමනින් ම නිවා ලව ගින්න ඒ. දනය නම් උතුමන් ලද, දුක් පතුන් - දුක මුදා සනහන්නට මුත් කුමැ යි?
ඔබ වළක්වන මුත් ඉ-කොචින් නැඟී සරබ කැන් පනිමින් ඔබ දෙස් බලා පහර දෙන්නට වේවි. පලක් නිසා නොව තමන් අත - පා බිඳ ගන්නට යි.
හිම කඳක් නඟමින් උහු එත් එසේ වැසි මුදා මැඩ ලන්න ඔවුන් යැතුම් බැරි දැයේ නියැලී යතතොත් කෙනෙක් අවහසින් නො මිදෙත්ම ය අන් දනන්.
බැති සිතින් නතු වී සිට, ගල් තලක් මතැ’ති නේ සිද දෙව් බුහුමන් ලැබූ, සිසි - කලා - දර මා දෙවියාණ ගේ පැදකුණින් නමදින් පද ලස් උතුම්.
එ පද ලස් නෙතවන් දැදැහෙන් පිරී ගියහු, පව් නිම වා. සැව මේ ලොවින් ඉසුරු දස් බව නම් නො නැසී සදා වෙසෙන වෙස් රැගනිත් සසරින් මිදි.
සැඩ සුළං දහරින් ඉතිරී ගියෙන් බට කැලේ හඬ දේවී සවන් සදා මුළු වැ ගත් කිඳුරන් අඟනෝ මහා දෙවිඳු ‘තුන් දිනුමේ’ සැටී ගී කරත්.
136 ඔබ ගිගුම් හඬ ලෙසින් අස පත් වැ-ලා බෙර හඬින් නදතොත්, මහ දෙව් රඳා එදින ගී රැඟුමේ හැම’සක් ම ඉන් පිරි’තිරි සිදු වේව, වලා කුළේ.
හිමවතේ ඉවුරේ මනකල් පෙදෙස් කිහිපයක් නිම වූ කල ’කොස්’ උමං පෙදෙස වෙයි. එය හස්නට යෙත් මඟැයි එයිනි ලෝ පතළේ ‘බලදෙව්’ කිතුත්.
එ මඟ’තින් ඇදෙමින් ඉ - පුරාණ යේ අසුර බුන් උවිඳා එම වස් නැඟූ කළු වනින් හෙබි පා ලෙස මං සදා උතුර දෙස් නෙතු ලා ගමනේ යෙදෙන්.
උඩ නැඟී මඟ පත් ඔබ සේ ‘කෙලෙස්’ කුළට ‘මුත්තකු, ඒ වෙත වෙත් සැපත් හෙළ උපුල් ලෙස සේ පැහැ පව් කුළින් නුබ පුරා පැතිරේ එම පව් රඳා.
මෙහෙසුරා එස කැල්ම සදා රැසක් කළ විලස් ඇරගත්, තිදසේ ලියන් කැටපතක් වුණු, රවුළු රදා විසින් ඉවුරු බුන්, කඳු පව්වකි ඒ ‘කෙලෙස්’
සිනිඳු සේ ඇඹැරූ අඳුනෙ’ව් සැදී කැපුණු මෝතෙහි ඇත් දළ සේ ඉතා සුදු වැ ගත් එම කන්දෙහි ගත් ලැගුම් ඔබ විලස්, ‘බලදෙව්’ පෙර කාලයේ.
කළු වතක් පොරවා උරයේ සැදී ගොවිතැනේ අළුණෙ’ව පෙනුණෙන් එ දෙස් නෙතු අයා, නො පියා මෙහොතක්, බලත් යෙහෙකි යැ යි හඟිනෙමි මම, මේ කුළේ.
137 ඉවත ලූ ගොර සප් හර මේසුරා ඇඟිල් අක් ලෙන ඒ කඳු මත්හි දී සිය පයින් ම ගමන් කරමැ යි උමා රිසි වතොත් ඔබ, උන් වෙත වී සැපත්.
පොද හෙළීම එයින් නවතා පියා කඩ ව හී සිට ඈට නඟින්නටැ යි ඒ කඳු මත්නට යා දෙන සේ ළකල් පඩි පෙළක් සකසන් නොවළා, පියේ
එහි යොවුන් අසරන් උනගේ අතේ වළලුයෙන් ඇන හිල් කොට - ලා එයින් දියැ’ද ගන්නට වත්, දිය පුන් ගෙයක් ලෙ සො’බ යම් හෙයකින් සලකත් හොතින්.
සුහද ගිම් සමයේ දී උපන් වලා - කුළ, ඔවුන් හමුයෙන් ගැලවුම් නැතොත්, සවන බීරි කරන්නට වත් ගිගුම් නඟව ඒ කෙළි - වන් අය ලා බියේ.
රනු’පුලින් සැදි මානසයෙන් බොමින් මුව පටක් මොහොතක් ලන සේ තමන් සෙවණ දී අයිරාවණයා සදා සනහමින්, මුදු වූ සළු වන් ළ-ගත්
ළ-දලු කප් තුරැ වූ සුළඟින් තමන් සොලවමින්. නෙ ලෙසින් හැඩ වූ ඔබේ කෙළි සදා, නළුයේ නියැලී, පිනා - යෙව රැඳී සිතු සේ එම පව් තෙලේ.
හිමි තුරුල්ලෙක ලූ දුහුලක් වගේ එ කඳු බෑවුම ‘ගං’ නදියෙන් දිලේ සරන සිත් ලෙස මේ කුළ, දැන් ඉතින් අලමදා පුර නෑ වරදින්නෙ නම්.
138 වැසි සෙමේ වරලේ මුතු ලැල් යොදා ලකළ පෙම්බර කෙල්ලක සේ එ තැන් වැසි පොදින් හෙබි මේ කුළුයෙන් සැදී ලකළ පා සියනින් සැරසී සිටී.
139
පසු පූරුව
සැලලියන් මුළුවෙන්, සිතුවම් පෙළින්, වයත කන් පිනැවු බෙර නාදයෙන් මිණි බිමින්, සහ උස් කුළ’ගින් ළකල් සැදුණු ඒ අලකා පුරයේ පහා
විදුලියෙන්, ඉඳ සැව් ලකරින් හෙබී මිහිරි සේ ගිගුරුම් හඬ ලත් සමත් අබතුරින් දිය පුන් බෙහෙවින් ම උස් ඔබ විලස් රැගනී කරුණීන් එ ඒ.
ලෙලු’පුලක් ගෙන’තින්, කොඳ මල් දමක් අලකයේ ගවසා, ලොද මල් රොනින් වත කැලුම් පඬු කොට ඔප් නඟා, හිස සුපුල් කුරවක් කුසුමක් දරා,
සිරිස මල් මනකල් සවනේ යොදා, ඔබ ගමන් යෙදුණෙන් එ සෙමේ උපන් බකුල මල් ගවසා හිස කෙස් බෙදුම් - මඟ, මෙසේ සැරැසෙත් ඒ පුරේ ලියෝ.
එ පුර යක් දෙවියෝ සඳ කැන් මිණෙන් ලකළ, දුල් තුරු සේ - කුසුමින් සුරම් මැඳුරු බිම් මත උන් කුලයේ උපන් ලිය කැළන් වට ලා සතුටින් රැඳී,
ඔබ ගිගුම් බඳු වූ බෙර නාදයෙන් මැඳුරු කුස් ඉතිරී යෙත, පක් රුකින් ‘රති පලැ’යි නම ලත් මදිරා අරන් කැටි ව බී සැනැසෙත් පිය සාදයේ
140 තුරුණූ දෙව් කුමරුන් සහ පෙම් බැඳූ යුවතියෝ හිඳ ගං තෙර, ඉන් නිකුත් සිසිලසින් අද මාරුතයෙන් පිනා ඉවුරු වූ මඳාරා සෙවෙණේ රැඳී,
මඳ පවන් ඇසුරින් සරතස් නිවා, කුමරුවන්ට කියා සොයවන්නටැ යි දිලෙන වැල්ලවුරින් මැණිකක් වසා කෙළි දෙලෙන් මුදු හංගති තොස් වෙමින්
රත’දරින් හෙබි දෙව් අඹුවෝ තමන් ළ - බඳ පෙම්බරයන් අනුරා සිතින් ගත දුහුල් නො ලසා ඇද - ලත්, එයින් විළි දරා ගනුවස් පොහොසත් නොවී
දිඩ කැලුම් පතුරා දිලෙමින් තුබූ මිණි පහන් නිවෙතොත් මැනැවැ යි සිතා අත පුරා වැලි ලා ද එයින් නිකුත් කැලුම්’වත් කැරැ ලත් නො ම වූ සමත්
සැඩ සුළං පහරින් අැදෙමින්. පහා මතු මහල් තලයේ රැඳ, සීකරින් එහි නොයෙක් සිතුවම් අඳුරින් වසා - එම නිසා බිය පත් ඔබ සෝයුරෝ.
සිඟිති සේ බිඳෙමින් එහි කවුළුයෙන් වහ වහා පිට වන්නට සිත් සදා දැල’තුරින් පැන යෙත් නොරැඳී තවත් දුමක වෙස් ඇරැගන්නට දත් නිසා.
ඔබ අතින් මිදෙමින් දිදුලෙන් දිලී, පතුරුවත් තරිඳා තම කැන් පහන්, පහ’ග වූ දැල’වුල් කැටයම් මඟින් දිය ව හෙත් ම රැයේ සඳ - කැන් පහන්,
141 පිය සමාගමයේ හිමියන් අතින් දැඩිව ගැන්ම නිසා බෙහෙවින් රිදී කය විඩා ව නිසා ඔබලත් ව හොත් ලියහු ඉන් ඉඳරා සැනැසුම් ලබත්.
මහ නදින් හිමි වූ දෙවි පෙම් කැළන් ඉසුරු නෑරම ගෙයි පුරවා තබා දෙවඟනන් අත’තින් ගෙන පේ වැ - ලා අදර බස් බෙණෙමින් ලද සාදයේ.
යකි’සුරා - දනදා -කිතු ගොස් සියල් ගය ගයා අනුරා හඬෙකින් සැපත් කිඳරු දෙව් ඟඳඹුන් වට - ලා සදා ‘විජබ’ නම් මලු’යන් පෙදෙසේ වෙසෙත්.
රැය’ඳුරේ නො ලසා ගමනොත් නිසා අලකයෙන් හුණු නේ මඳරා කුසුම් දෙ කොපුලෙන් ගිලි හි ගිය පත් අලෙව් දෙ සවනින් බිම හොත් පෙති රන් උපුල්
දෙ තන හා ගැටෙමින් හුණු මුත් ලැලුත් ගෙල පළන් මුතු දම් යන මේ නිසා වෙස’ඟනන් පෙර දා රැය ගත් ගමන් - මඟ එදා හිරු දෙව් උදයේ දිසෙයි.
මෙහෙසුරා - දනදා සගයා - සදා එහි ඇතැයි ඉඳුරා බිය පත් නිසා කුසුම - හී දෙවියා සිය සැව් නඟා නො ම විදියි එ පුරේ වැසියන් කෙරේ.
දෙ බැම සැව් නඟමින් නො වළා දෙනෙත් - සැර යවා එ පුරේ තරුණන් එයින් ඇද බඳින්නට දත් වනිතා තුමූ මදන දෙව් නිලයේ සපුරා යෙදෙත්
142 පැහැ බරින් මනකල් හඳනා රෙදි ත්, නෙතු රැඟුම් දනවන්නට වත් මදුත්, නෙක කුසුම් මුහුළුත්, ළ දලුත්, නොයෙක් මිණි රුවන් කැට ඈ බරණත් සියල්.
හැඩ නඟන්නට වත් අහු පා පියුම් ලතු ද, හා ! ලුහුඬින් කිව, දෙව් ලොවේ ලිය කුලන් පැළැඳුම් හැමෙ’කක් ලැබෙ යි එක ම කප් තුරෙකින් අලකා පුරේ
කුවෙර දෙව් මැඳුරේ උතුරින් අපේ පිහිටියේ ගෙය - දෙව් දුනු සේ ළකල් තොරන නෙත් හමුවෙයි දුරදීම ඒ ළඟ ම වෙයි මඳරා පැළයක් කුඩා.
සුත පෙමින් වඩනා ලද මා පියා - දරිය’තින් යස ඒ මඳරා පැළේ අත පොවත් හැකි තෙක් උස දී කුසුම් දැර පිරී නතු වී ඇති මල් කැනින්.
එහි මරා මිණියෙන් සැරැසූ ළ - ගත් හිණි පෙළින් මනකල් පොකුණක් තිබේ. වෙරළු ගල් නටුයෙන් සැදි පුල් සුරන් පියුමු’පුල් එ දියේ ගැවැසී සිටී.
එහි වුසු රජ හස් පෙළ උන් සිතේ කිසි දුකක් නැතියෙන්, ඔබ ආ සෙමේ වැසි උදා වන මුත් නුදුරේ ම වූ නො ම හඹත් ම ය මානස විල් බලා.
පොකුණු ඉවුරෙහි ඒ ඉඳුනිල් මිණෙන් සැදි මුදුන් කෙළි කන්දෙකි. ඒ වටා ඇත වැටෙක් ඇද ගත් නෙතු රන් කෙසෙල් ම පිය’ඹුන් හද ගත් පෙදෙසක් ය ඒ.
143 විදුලියෙන් සැරසී මෙලෙසින් සැපත් ඔබ දෙනෙත් හමුවත්, පිය මේකුළේ, සැලෙන ළෙන් බෙහෙවින් නතු වී දුකින් සිහි කරන්නෙමි ඒ කඳු බිම් පෙදෙස්
ළ දලුයෙන් ලෙල දුන් රත’සෝ ගසක් සහ ළ-ගත් බකුලක් ඇත ඒ සෙලේ දෙක ම වෙයි කුරවක් වැටෙකින් ළකල් ලිය මඬුල්ල’ සලින් සැදි මාදවී.
බකුල මා ලෙසො’බේ මිතුරී කෙරෙන් මුව පුරා පතමින් ඇති මී කටක් රතු අසෝ ගස මා ලෙස ඈ කෙරෙන් පත පතා ඇති පා පහරක් නිතින්.
එම දෙ ගස් අතරේ ගන රන් ටැඹක් ඇති හිඳම් සඳහා එම ටැම් තෙලේ පළිඟුයෙන් කළ අස්නෙකි පා තෙලේ ඇත ළ- දල්ලෙක පෑ ඇරගත් මිණක්.
වළලු ලූ දෙ අතින් ම - පියාදරි පිෙ’ත ගා අදරින් රැඟුමේ යෙදූ ගෙ - මෙනරාණ සැඳෑ සමයේ අවුත් අර හසුන් තලයේ රැගනී නවා.
මෙම විසිත් සටහන් සිහියේ දරා දොරටුවේ සටහන් දැක සක් - පියුම් - සුහද ඒ නිවහන වෙත පත්වැ -ලා එය මගේ බව ඉන් හඳුනත් යෙහෙයි.
මගෙ වියෝව නිසා එ නිවෙස් මෙදා කැළ ම නෑ දිලුමක් මනකල් සෙයින් දිනකරා කිසියම් කරුණක් නිසා වැසෙත හොත් කෙලෙදින් බබළා පියුම් ?
144 වහ වහා පිවිසෙන්නට වත් සෙයින් නහඹ ඇත් වෙසකින් සැරසී - පියා පෙර ම - කී මනකල් ඉවුරින් ළ කල් කඳු කුළේ නැවැතී රැඳෙමින්, එයින්
කණ කිමින් එළියක් ලෙස යම්තමින් විදුලියක් නඟමින් ඉ - සියුම් සෙයින් ගෙ තුළ ආර බලා ගනිමැ යි කියා එබි එබී නරඹන් නො ලසා, පියේ
හැඩ දැමූ මනකල් දෙ දසන් පෙළින්, බිඹූ පලෙව් පැහැලත් අදරින්, ළකල් සිහිනිඟින්, මියුලැස් යුවළින්, ගිළී - ගිය නැබින් මනකල් ම - පියාදරී
බර නිසා උකුළේ ලැසි පා නඟා, පෙරටංඩක් නතු වී දෙතෙනේ බරින්, පළමුවෙන් ම බඹා කළ රූ විලස් ගෙන, යොවුන් ව, එහෙත් කිස වී සිටී.
ඇය නො බණි. මට ඕ තොමෝ දෙ වැනි මා පණ සේ ම ය. මා කෙරෙන් ලද වියෝ , හිමියා තොර වූ සෙමේ කැට කිරිල්ලක සේ තනි වී විඳියි.
මෙම වියෝ දිනයන් ගෙවමින් ඉතා වැහැර ගොස් සිරුරේ හිම කැන් නිසා මැඬුණු’පුල් ගොමුවක් ලෙස දුක් ලැබූ පෙම’කරාණ මගේ ඔබ නෙත් සදන්.
නො නවතා හැඬුමෙන් ඉදිමී දෙනෙත් නිති පතා උණුසුම් සුසුමින් හෙළූ අදර පෑ ද නැසී, කෙහෙයෙන් වැසී ගිය ඇගේ අතලේ රැඳ වූ වුවන්
145 වැසි වලාකුළො’බේ ගමනින් වැසි අඳුරු ඒ පතුරත් එළියක් කිසිත් නො හැකි වූ හිම - පා බිඹුවක් වගේ පැහැ විමුත් ඉ - දුඹුල් විලසක් රැගත්.
ඇය හදේ ඇඳි මේ වියෙවින් මැලෑ මගේ විලස් සිතුවම් කරමින්, නැතොත් දෙවි කුලන් පුදමින්, නැතහොත් රෙසෙන් ගය ගයා සිටි ඈ ළඟ කූඩුයේ
ගිරවියන් අමතා ‘රසිකා ව, හා ! මතක ඇද්ද හිමින් ඔබ ? ඇයි ඔබෙන් ඔහු ඉතා පිනැ වී සිටියානු ? යී අසනු නෙත් හමු වෙයි ඔබ, මේ කුළේ.
කිලිටි වත් හැඳ ගත් උකුළේ තමන් වෙණ තබා ම - නමින් බඳ ගීතයක් ගයනු වස් රිසි වී කඳුලින් තෙමී පෙඟුණූ තත් දොහොතින් පිස ලා - පියා
සැරතෙත් බෙහෙවින් ම අමාරුයෙන් අහ! තමන් ම ගොතා සැකැසු මුසන් එ සමයේ සිහියෙන් තොර වී ගියේ ! ඇය කෙසේ සමරන්න ද ඒ, අහෝ !
එළිපතේ කුසුමන් අතුරා - පියා මුල පටන් මෙ වියෝ ලද මස් ගණන් ගැන බලා, සෙසු මස් ගණනත් සදා එය කුසුම් ගණනින් සටහන් කරයි.
එ නැත, සිත්හි මවා ගෙන මා විලස් සිතු ලෙසින් යෙදෙමින් ඇති සාදයේ පිය හිමින් ඇසුරින් තොර වූ සෙමේ මෙ ලසෙ මැයි සැනහුම් ලබතොත් ලියන්.
146 ඇය දිවා සමයේ ඇතියෙන් නෙ - කම් පෙළෙනු නෑ එ තරම් මෙ වියෝ දුකින් ගෙවත රෑ එකලාව ම දුක් බරින් වඩවඩා තැවුලේ හෙනවා දනිම්.
දෙනු කැමැත්තෙහි නම් මෙ හසුන් යෙහෙන් නිදි වරා, බීම හී මහ රෑ සෙමේ සිටින ඒ පතිවත් ම - පියාදරී කවුළුයේ නියැලී හමුවත් යෙහෙයි.
දහ දුකින් වැහැරී මෙ වියෝ නිසා හුදෙකලා යහනේ ඇලවී වැටී අව තුදුස්වක දා පිනි - පා සෙයින් ඇය ඉතා කිස වී ඇති බැව් දනිම්.
පිය සමාගමයේ ලැබ මා පහස් ගෙවුණු රෑ මොහොතක් ලෙස කුල්මතින් විරහ දුක් කඳුලින් ඔබලත් මෙදා දිගු කලක් විලසින් ගෙවතැ යි සිතම්.
අම දියෙන් අද වී සිසිලස් වැ -ලා කවුළුයෙන් ගෙට ආ සඳ රැස් දිහා පෙරදි මෙන් සතුටින් විදැහු දෙ නෙත් හකුළු වත් ම, අහෝ ! මෙ වියෝ සෙමේ,
පිරුණු දුක් කඳලින් බර වූ ඉතා ඇසි පියෙන් පියැවී යෙත ඈ දෙ නෙත් මහනිලක් විලසින් වැසි දා ක දී නොපිබිදී - පිබිදී සිටුනා නියා !
හුදු දියෙන් පමණක් සැනැහු නිසා දළ ව ගත්, දෙ කොපුල් මත පත් වරල් අදර- ළා දලු - පෑ නසමින් හෙළූ උණු සුමින් පහරින් සොලවා - පියා
147
පහස මා සමඟින් සිහිනෙන් පවා ලැබෙන හොත් යෙහෙකැයි සිතතත්, පියේ, ගලන නෙත් දහරින් අද වී කෙසේ නිදි බිඳික් ලැබ ගන්න ද ඈ, අහෝ !
විරහ මුල් දින මල්දම ලා ඉවත් තනි වරල් පටකින් සැකැසූ, ඉතා කර ව, හා දළ වී, වෙයිනෙන් රිදී අත පොවන්නට වත් බැරි දික් වරල් -
විරහයේ අග දී මිදෙමින් දුකින් මගෙ අතින් ම ලිහා ලිය යුත් වරල් - නො සැකැසූ නිය යුත් අතැ’ඟිල්ලෙකින් ඇදැ’ද ලා ඇති ඈ දෙ කොපුල් දෙසින්.
ඉවත ලා නෙ - පළන් හැම කල්හි දැන් යහන මත්තෙහි හී ඉ - දුකින් පෙළී වැහැර ගොස් කිස වූ සුකුමාරිනී ඔබ දෙනෙත් හමු වූ සමයේ, පියේ,
ඔබ ලවා නව පැන් පොද නෙත් දලා වගුරුවාවි ඇග් එ විලස් නිසා හද පුරා කුලුණින් බර පින්වතුන් ළයෙහි තෙත් උතුමන් බව මම් දනිම්.
ඔබ ගේ ඒ මිතුරී මට ළෙන් බැඳී සෙනෙහසින් ම වෙසෙයි. එ දනිම් අපේ පළමු මේ වියොවින් තැවෙමින් මෙ වන් නෙ - සිතුවම් කරනෙම් එ හෙයින් ය මම්.
නො නවතා ම මෙසේ බණනෙම් මගේ උඬඟු මානයෙකින් නො ම වෙයි, පියේ මෙ ලෙස මා පැවසූ හැමෙකක් මෙයින් ටික දිනක් ගිය දා ඔබටත් පෙනෙයි.
148 අඳුන’ලෙව් නො ම දුන්, එබැවින් නො දුල්, අලකයෙන් අඳ වී ගිය නෙත් බැලුම්, බැම රැඟුම් මුව නමී නො ලදින් නො ලත් එ මියුලැස් ම - පියාදර්ගේ දෙ නෙත්.
ඔබ සැපත් වත, ‘ඒ බලමැ’යි කියා උඩු නැඟෙත් ම, වලා කුළ, ඒ සෙමේ මසකු ගේ කැළැඹිල්ලට ලත් සැලුම් නිලු’පුලක් විලසින් පැහැදී පෙනෙයි.
පිය සමාගමයේ අග දී මගෙන් පිරිමැදුම් ලද යුත් කලවා ඇගේ මගේ අතින් නො ලබා නිය ලස් කිසිත්, ඉවත ලා මුතුලැල් රිසි සේ යෙදූ,
රඹ කඳක් බඳු සේ පැහැයෙන් සැදී, මෙලෙස හී පෙර කම් විලසින් අපේ ඔබ ළඟා වන බැව් දැන ගත් සෙමේ ලෙල දි දී ඉපිලෙයි, පිය මේ කුළේ.
වැසි වලාකුළ, පත් වත මා නිවෙස්, ඇය නිදා සුවසේ සිටියොත් වහා ඔබ ගිගුම් නවතා එක යාමයක් ඉවසතොත් නැවතී යෙහෙකැ යි සිතම්.
කෙ ලෙද හෝ සිහිනෙන් ලැබගත් මගේ ගෙල දෙ අත් ඔසවා වළඳිත් ම ඈ
එ ම දොහොත් ලිය යම් හෙයකින් මුදා
ඇය ලැබූ පහසින් නො මුදන් පියේ
ඔබ පොදින් අද වූ සිසිලස් සුළං පතුරු වා ඇය හොත් යහනත් කෙරේ, අවදි වූ කල ඈ, ඇය හා සමන් කැකුළු ඒ සිසිලෙන් පණ ගන්වමින්,
149 විද කැලුම් නො නඟා ඔබ ගත් ලැගුම් කවුළුයෙන් දෙනුවන් රැඳ වූ මගේ පිය’ඹ - ඒ මනකල් සුකුමාරිනී ඔබ ගිගුම් වදනින් අමතන් නො බා.
‘හිමි මෙතෙක් දිවමන් පිය ලාලනි, වැසි කුළෙක් මී ඔබේ සමුණන් ළ - ගත් ඔහු අසුන් සිහියේ දැරැ ආමි ඉන් ඔබ දුකින් සනසන්නට යැයි කියා.
සරතසින් මිරීකි මහ හොත් මඟී දන ඔවුන් අඹුවන් බැඳ ලූ වරල් උකට ලී කොට ‘ගොස් මුදව’ යි වහා ගෙදර පැත්තට යා දෙනුයෙම් මමයි’
ඔබ මෙසේ පැවැසු කල ජානකී හනුමතා දෙස ලූ ලෙස නෙත් බැලුම් ඔබ දිහා ඔසවා හිස ඕ තොමෝ නෙතු නඟාවී, පුදාවි කහුල් සිතින් ;
අවදහන් ව ඔබේ බස’සාවි ඈ මුදුකරාණ, පියන් හමුයෙන් මිතුන් රැගෙන ආ කිසියම් හසුනක් වෙතොත් එය ලියන් හට වෙයි සමගම් විලස්.
ඔබ, දිගා යුතු පින්වත, මා බසින්, ඔබ තුමන් රිසියෙන්, අමතා එ කල් හිමි ඔබේ දිවමන් ව ය රම් ගිරේ ; ඔහු වියෝව ය; ඉන්, සුකුමාරිනි
‘ඔබ පුවත් විමසයි’ යනුයෙන් කියන් පැනය ඒ ය මුලින් පුළුවන් මනා පහසුයෙන් මුස පත් වන ඒ නරන් - හට එයයි මුල දී පවසත් මනා.
150 ‘සතුරු වූ කරුමෙන් මඟ ඇවුරුණා. දුරු පෙදෙස්වල ඉන්නට දැන් වුණා බල, එහෙත්, සිතුවිල්ලට පත් සෙමේ, සිය කයිව් ඔබ ගේ ගත හෙයි එයා.
‘වැහැර තැවුලට පත් ඔබ ගත් කෙරේ වැහැර තැවුලට පත් පිවිසේ කයින් නෙතු දියෙන්, උණුසුම් සුසුමින් ඉතා උකටලී ඔබ කා තුළෙ’වන් කයින්.
‘යෙහෙළියන් හමුයේ ඔබ සිත් වත් කුසුම් සිඹින සිත් ඇති වී හඬ ගා පවා කියැකි යම් කිසිවක් මතුරන්ට ටැ යි එක දිනක් රිසි වූ ඔබ පෙම්වතා,
අද ඔබේ සවනින් දුරු වී. ඔබේ නෙතු පියෙස් හමුයෙන් පහ වී ඉඳන්, උකටලී ව මෙ වන් අදහස් ගොතා මගේ මුවෙන් ඔබ ගේ හමුයේ ගයයි ;
පියඟු වැල් ගොමුයේ ඔබ කා විලස්, සිසිකරා මඬලේ ඔබ වත් කැලුම්, සැලෙක මියුලක දෑසෙහි නෙත් විලස්, රැලි නැඟූ නදියේ දෙ බැමේ ලෙලුම්.
‘මයුර පිල් කළඹේ වරලස් විලස්, දකිමි. හා ! එ නමුත්. පිය මානිනී, ඔබ කයේ සු පසන් තුනු රූ විලස් එක තැනෙක්හි කො දා ලබනෙම් කෙ සේ?
‘කලහයෙක් හි දී ආදරයෙන් නිපන් කිපුණූ රූ ඔබගේ, ගුරු ගල් කඩක් රැගෙන ගල් තලයේ ඇඳ, පා මුලින් වැතිර ගන්නට මා රිසි වූ නමුත්,
151
‘නෙත පුරා කඳුලින් අඳ වී. අහෝ ! අවසරයෙක් කො ද ඒ සඳහා මෙදා? එ තැනදි අපේ සමගම් බිඳක් විය නො දේ පෙර කම් සතුරා, පියේ.
‘සිහිනයෙන් ලැබ ගත් ඔබ රූ විලස් වැළඳ ගන්නට ය යි සැරැසී, දොහොත් දිගු කරත් නුබ කුස් දෙස, ඒ බලා, මට උපන් කුලුණින්, වන දෙව් ලියෝ
‘හඬ හඬා ළ තවත් මට වන් දුකින් සැනැසුමෙක් උනටත් නොම වූ නියා ! මුතු තරම් කඳුලැල් උනගේ නෙතින් මුදු මොළොක් ගුරු පත් මත හෙයි නිතින් !
‘සුවඳ පත් වන දෙව්දර මල් රොනින් දකුණු දෙස් එන වා හිමවත් දෙසින් ඔබ කයේ පහසින් හෙබෙතැ යි සිතා අත නඟා කුහුලින් වළඳිම්, පියේ.
‘දිගු රැයක් කෙ ලෙඤදින් මොහොතක් කෙරෙමි ? හැට පැයක් නෙ ලෙදින් සිසිලස් කෙරෙම්? ලෙ සැස, මේ වියොවින් දැවෙමින් ඉතා වෙහෙස පත් හදවත් මෙ ලෙසින් තැවෙයි !
සිතු දමේ පැටැලී කෙ ලෙදින් නමුත් හද සදා සනහා ලෙන මේ ලෙසින් හිඳිමි පින් ඇති මා සුකුමාරිනී, නො වෙහෙසී සැනැසෙන්න ඔබත් එසේ.
සැප සදා ලැබ ගත් කිසිවෙක් ඇතැ යි? දුක ලදොත් සැපකුත් එය හා නැතැ යි? රිය සකක් ලෙස මෙ දිවි මං අපේ නැඟ වැටෙයි ; වැටුණත් යළි ඉන් නැඟෙයි.
152 උවිඳු සප් යහනින් නැඟ හොත් දිනේ අපගෙ සාපය ඉන් නිම වෙයි, පියේ ඉතිරි සිව් මස නෙත් නො අසා පියා හමුව සිත් හදහා සැනැසෙන්න රන්.
විරහයේ හැඳ ගත් සිතුවම් සිතේ හැම එකක් අපගේ හමුයේ, පියේ රැයෙක පුන් සසි රැස් කළඹින් උදම් හද පුරා විඳ ගන්නෙමු එක් වැ - ලා
ඔහු මෙසේ ච කිය යි ; සුකුමාරිනී, පෙර දිනක් ඔබ මා ගෙල අත් නඟා වැළඳ නින්දට පත්ව ද, හී සැරෙන් අවදි වූයෙහි යම් හෙයකින් හඬා
එය කිමැ’යි පුළුවුත් කල මා ඔබෙන් හරි හොරා ! වෙන කෙල්ලක හා ඔයා විඳිනවා සමහම් සුව සීනයෙන් දුටිමි යූයෙහි සී හදවත් තුළින්
කැළැස, මේ ලකුණක් හසුනත් අසා හිමි යෙහෙන් බව ඉන් දැන ගන්න, රන් එක එකා බස’සා සැක පත් සිතින් නො හදහන්නටෙ’පා හිමියා ඔබේ.
විරහයේ වැනසේ මැ ලු බැඳුම් එය පසක් නොම වෙයි මට නම් එහෙත් කිසි වතක් ඇසුරින් හද වන් සනා එය නො ලත් සමයේ දැඩි වී ගනියි.
පළමු මේ වියොවින් වැහැරී දුකින් පෙළෙන ඒ ඔබගේ මිතුරී මෙසේ සනහමින්, ඉසුරා ගවයා විසින් කැනුණු ඒ සෙල’ගින් පෙරළා අවුත්.
153
හිරු උදා වත දිව් ගෙවෙතැ යි බියෙන් සැලෙන මල් පතරක් ලෙස දෑ සමන් සැලෙන මා දිවියත් ඇය ගේ හසුන් ගෙන දෙමින් රඳවා ගත හොත් යෙහෙයි
මුදු කරාණනි, නෑ සියකුන් විසින් කළ මනා මෙහෙයක් ම ය මේ. එයින් කරනවා නො වැ? මේ නිහඬින් දනිම් නි හඬ වී පිළිගත් බව මා යැදුම්.
‘දිය දෙව’ යි හඬ දෙත් දිය කා කොකුන් උනය දෙන්නෙහි පැන් නො ම දී බසක්. පිනැ’තියන්හට යම් යැදුමක් කළොත් පිළිතුරක් මෙහෙයත් එක මැ යි දනිම්.
පුදුම වූ යැදුමක් ම ය මේ; පියේ සෙනෙහසින් වුව, මා එක ලා නිසා කුලුණු සිත් ඇති වී වුව, මා යැදුම් වැසි වලා කුළ, දෙන් සපුරා සදා.
වැසි සෙමේ එත, ඉන් සිරියෙන් පිරී රිසි පෙදෙස්නට යා ඔබගේ සුපෙම් විදුලියෙන් කිසියම් වියොවක් මෙ වන් මොහොතකුත් නො ම වන්නට මම පතම්.
සටහන්
මෙහි යෙදෙන අංක පද්යාං ක ය. එකී එකී පැදියේ වැඩිදුර පැහැදිලි කළ මනා යැ යි හැඟුණු තැන් එකී එකී අංකය යටතේ විස්තර වෙයි.
1. හිමියාණන් : කුවේරයා (යක් සෙනෙවියා) ජානකිය : සීතා 5. මුළුව : කැටි වීම කෙ ලෙස්නෙන් : කෙ සේ 6. පුස්කර - ආවර්තක : පුරාණ සර්වනස්වයට අනුව වැහි වලාකුළු තුන් ගණයකට බෙදේ. යුගාන්ත වර්ෂාුව නිපදවන මහා වලාකුළු වන පුෂ්කර, ආවර්ත ක යන දෙ ගණය ඉතා විශාල තම වූත් දෘඪතම වූත් හැටියට සැලකෙයි. ප්රයසිඬියෙන් ද ඒ දෙ ගණය අග තැන් ගනී. 7. දන දා : කුවේරයා අලකා : කුවේර පුරය - ආලකමන්දාව මෙහෙසුරා වසන්නේ අලකාව අස බඩ බිහි උයන් පෙදෙසේ ය. මෙහෙසුරා ගේ නළලේ අඬ සඳෙක් වෙයි. 8. අලකාව : කෙස් වැටිය වැසි සමය එළඹෙත් ම රැකියාවන් උලෙදසා බැහැර ගිය පිරිමි සිය අඹුවන් කෙරේ පෙරළා එති. 9. කොක වැළ : කොක්කු ; කෙකිනියන් ගැබ් ගන්නේ මේ දුටු කල්හි ලු. 10. ඔබ සෝයුරා : මේ අමතන යක්දෙවියා තමන් ගැන ම වලාකුළට මෙසේ කියයි. 12. රගු පතී : රාම උණු කඳුලු : වලාකුළ මේ කඳු කුළට සැපත් වී දිය බිඳ හෙළන හෙයිනි. 14. දිගුගජන් : දිශා නමැති ඇතුන් 15. උවිදා : විෂ්ණු, විෂ්ණු “කෘෂ්ණ” නමැති ගොපලු අවතාරය ගත් දා කළු පැහැති ගොපලු ඇඳුමක් හැන්දේය.
155 16. ‘මාල’ : කෙත් අඩවියේ නම ය 17. කුළු - බර : මුදුන් කඳු කුළු කිහිපයෙකින් යුත් අඹ කන්ද : ආම්ර කූට පර්වඅතය 30. උදයන ඈ අන්දර : උදයන කථාව ආදිය 34. සැඳෑ පුද : මෙහෙසුරා )තිසුවිලයා) සැන්දෑ සමයේ රඟමින් පුද පවත්වන්නෙකි. 36. අත් නමැති වනය : මෙහෙසුරා ගේ අත් හතර උඩට එසවූ කල ගස් පෙළක් වැනි හෙයිනි. ලෙයින් තෙත් ඇත් සමක් : ශිව දෙවියා තාණ්ඩව නැටුමේ දී අසුර විජය සමරනු සඳහා තමන් ම මැරූ ඇත් - අසුරකු ගේ ලෙයින් තෙත් හමක් භාවිත කරන්නට පුරුදු ව සිටී. මෙයින් මෙහෙසුරු බිරිය, භවානිය බිය පත් වෙයි. වලාකුළ සැඳෑ වලා පැහැ ිගනෙ සිටි කල මෙහෙසුරා ලෙයින් තෙත් ඇත් සමෙකැයි රැඟුම උදෙසා වලාකුළ යොදා ගනියි. එවිට බිය විමුත් භවානිය තොස පත් වෙයි. 39. නලිනිය : පොකුණ 42. වල් දිඹුල් ඉදවන්නට සමත් : වැසි හා මුසු සුළඟින් වල් දිඹුල් ගෙඩි ඉදෙයි ලු. 43. සිසි - කලා - දර : නළලෙහි ළ සඳක් ඇති ගිනි දෙවියා : ‘අග්නි’ ගින්න 44. සුත පෙම් හෙයින් : භවානිය (උමා බිරිය) තම පුත් කඳ කුමරා ට වාහනය වූ මොනරාගේ පිල් අදරින් පළඳියි. 45. බට කැලෙන් දුනු : කඳ දෙවියා උපන් ඇසිලලේ ම, ගංගා දේවියට පැවරිණ. ඇය ඒ බිළිඳා බට පඳුරු අතර රැඳැවූ. සප්ත ඍෂින් ගේ භාර්යාවන් විසින් ඔහු සොයා ගන්නා ලද්දේ එතැන දී ය.
දුනු : උපන් රන්ති දෙව් : රන්ති දේව යවු දශපුර රජෙකි. ‘සුරබිදෙන් දියණියන්” යනු එළ දෙනනුනට නමි. රන්ති දේව තෙමේ එළ දෙනුන් බිලි දී ‘ගොමේධ’ යාගයක් කෙළේ ය. උන්ගේ ලෙයින් ගඟක් මැවිණ. ඒ ගඟ දැන් ‘වම්බාල්’ නමි. රන්ති දේවයන් ගේ කීර්තිය ගඟක වෙස් ගත්තේ මෙසේ ය.
156
46. අං දුන්නා : විෂ්ණු ; ඔහුගේ දුන්න ගව අභින් කළ එකකි. විෂ්ණු මේ කුළ සේ කළු ය.
48. යුදෙන් නැසී : කුරු පඤ්චාල යුඬයෙන් පසු කුරු දනව්වෙන් ඉතිරි වූ ප්රමදේශය.
ගාණ්ඩීව ධනුර්ධර : කුරු යුදෙහි එක් ජවනිකාවකි.
49. රේවතිය : බලරාමගේ බිරිය
ඇය ඔහුට බොන්නට මී දෙන කල ඇයගේ නුවන් සේයාව ඔඩමෙහි වැටෙයි.
බලරාම මදිරා පානය ඉවත ලූයේ නෑ සියන් මරා මී බී තුටු වනු නො සිරිත් හෙයිනි - සරස්වතී නදී ජලය පානය කෙළේ ප්රාිණඝාතයෙන් පවිත්රූ වීම සඳහා යි.
50. සගර පුත් : සගර නමැති සෘෂිවරයාගේ පුත්තු
ගිරි රදා : හිමවත
සුර නදී ලලන : ගංගා නදිය
51. යමුනා නදිය ගංගා නදියට එක් වන්නේ ප්රගයාග (අලහබාද්) නම් පෙදෙසෙහි දී ය. ‘නුපුරුදු තැනෙක දී’ ප්රගයාගය හැර අන් තැනෙක දී.
52. වැහැප් : (ඊශ්වරයා ගේ) ගොනා
54. සරබ මුවන් : වේද සාහිත්යපයේත් සඳහන් පා අටකින් යුත් බිය දනවන සත්ව විශේෂයකි.
56. තෙනුවර දිනුම : සිව දෙවියා අසුරයන්ගේ රනින් රිදීයෙන් හා යකඩින් කරන ලද කඳවුරු තුන ජය ගැනීම පිළිබඳ ප්රයවෘත්තිය.
57. පරසු රාම ක්ෂත්රිීයයන් වනසන්නට එද්දී මේ උමඟ කඩුවෙන් කපා ගත්හ යි කියති.
58. රවුළා විසින් හන්දි බිඳනා ලද : බලයෙන් ඔද වැඩී උඩඟු වූ රාවණා කෙලෙස් කුළ තමන් රටට ගෙනෙමැයි එහි සන්ධිස්ථාන බුරුල් කළා ලු.
157 උත්තර මේගය
4. මන්දා කිනී : ගඟකි 6. දුම් වෙස් : වාෂ්ප විලාසය 11 නෙත් රැඟැවුම් : මී බී කල නෙත් රැඟැවුම හා භාව භාව ලීලා ඉබේ සිදු වෙයි. 16 හෝ පලු මල් පුබුදින්නේ යුවකියක පා පහර දුන් කල ය. බකුල මල් පුබුදින්නේ යුවතියක මුව පුරි මී කටක් දැමු කල ය. යක් දෙවියා ද පිය’ඹගෙන් මේ දෙක ම පත යි. 28 හුදෙක් දියෙන්ම : දියෙන් පමණක් නෑ කල කෙස් කළඹ කර්කශ වෙයි. ඇය වෙන දා නාන්නේ සුවඳ තෙල් ආදිය මුසු කොට ගෙන ය. දැන් විරහය නිසා හුදෙක් දියෙන් ම නායි. 37 මෛථිලියට (සීතාට) සන්දේශය ගෙන ගියේ හනුමා ය. 47 සප් යහන : විෂ්ණු දෙවියන් ගේ භුජග ශයනය 49 වතක් : වස්තුවක්