මොරතොටවත-කාව්‍යතත්ත්ව වීවෙචනය

Wikibooks වෙතින්

3. කාව්‍යතත්ත්ව විවේචනය


1. කාව්යය ප්රිබන්ධ.

රසවත් පබඳ යැ කව් යන නමින් හැඳින් වනුයේ. මෙහි රස යනු කියවන්නා ගේත් අසන්නා‍ ගේත් සිත් සතන්හි අලෞකික ආහ්ලාදයක් උපදවන්නට ශක්තිය ඇති එක්තරා ගුණ වෙසෙසෙකි. ඒ ගුණ වෙසෙස යැ කව අවසෙසි පබඳින් වෙන් කැරැ නංවා සිටුවනුයේ. ඒ රසය - ශෘඬ්ගාර යැ, හාස්යන යැ, කැරුණා යැ, රෞද්ර් යැ, වීර යැ, භයනාක යැ, බිහත්සා යැ, අද්භූත යැ, ශාන්ත යැ යි නව වැදෑරැම් වේ. කීහු මැ ‍ෙනා පෙරැදුරෝ-


ශෘඬ්ගාර හාස්යය කරුණා - ‍ෙරෟද්රරවීර භයානක:

බීහත්සාද්භූත ඉත්ය ප්ටෞ - රස: ශාන්තස් තථා මත: යි


මේ නවර‍සයෙන් පෙහෙවුණු කව සවන් කරත් මැ මිනිස් හද තුළ ශෘඬ්ගාර රසය නිසා රතියද, හාස්යු රසය නිසා හාසය ද, කරුණා රසය නිසා ශොකය ද, රෞද්රා රසය නිසා ක්රොදධය ද, වීර රසය නිසා උත්සාහයද, බීහත්ස රසය නිසා ජුගුප්සාව හෙවත් පිළිකුළ ද, අදිභුත රසය නිසා විසිමය ද, ශාන්ත රසය නිසා ශමය ද, පැනැ නගී. මේ රත්යාුදියෙන් සිත් සතන් පිනැවීම යැ රස විඳුම යැ කියන්නේ.


මේ නව රසයෙන් කෙරෙන් එකෙකින් හෝ වැඩි ගණනෙකින් හෝ පෙහෙවුණු පබඳට යැ කව් යන නම යෙදෙනුයේ. එහි බැහැරි ලකුණු බලා - ගද්යස පද්යන මිශ්රි යැ යි තුන් ගොල්ලකට ද රස වින්ද යුතු සැටි බලා - දෘශ්යා ශ්රදව්යය යැයි දෙ ගොල්ලකට ද කව් බෙදනු ලැබේ. දශකුමාර චරිතය. කාදම්බරිය ආදිය මෙන් හුදු ගැදියෙන් මැ පැබැදුණේ ගද්යැ කාව්යය නමි; රඝුවංශය, ජානකීහරණය ආදිය මෙන් හුදු පැදියෙන් මැ කැරුණේ පද්යය කාව්යය නමි; ගැදි පැදි දෙවගය මුහු කැරුණේ මිශ්රය කාව්යද නමි. ශාකුන්තලය, මහා වීර චරිතය ආදියෙහි මෙන් වේදිකායෙහි රඟ දැක්වෙනු බලා මැ රස වින්දැ යුතු වූයේ දෘශ්යැ කාව්ය නමි, ගීත ගොවින්දාදිය මෙන් ශ්රිවණය කොටැ රස වින්දැ යුතුවූයේ ශ්රයව්යය කාව්ය නමි. මෙසේ වූ රසවත් වූ ප්රනබන්ධ සමුදාය යැ සාහිත්යයය යන නමින් හැඳි‍න්වෙනුයේ.


2. ප්රෙස්තුත ග්රකන්ථය

මේ මොරතොටවත වැටෙනුයේ පද්යස කාව්යා ගණයට යැ. එහිදු විරුද කාව්යද යන උප. ගණයට යැ. මේ පඨනය කරනු අසා ම රස වින්ද යුතු කවක හෙයින් ශ්රයව්ය කාව්යටයෙක් ද වේ.


3. විරුද කාව්ය

විරුද කාව්ය යන නමින් අප හඳුන්වනුයේ හුදෙක්වීරයන් ගේ ගුණ වර්ණනයට මැ ඇරුණු ප්රෙබන්ධ යැ. සිංහල සාහිත්ය්යේ එන ඉහළ මැ විරුදු කව පැකුම්බා සිරිත යැ. ජයවර්ධනපුරයෙහි වැජඹුණු සිරි පැරකුම්බා සවැනි පැරකුම්බා රජුගේ ගුණ ගැයුමෙකි ඒ කව. විරහිණියක ගේ වලපෙක ස්වරෑපයෙන් බඳුණු එහි පද්යි 140කි. එ මැ රජතුමා ජීවත් වැ සිටියැදී ඔහුගේ සහායෙහි ගායනය පිණිස බැඳුණෙකැ යි හැගේ. එහි බස නම් මඳ විසින් මුසු යැ - සකු වදන් හා මුසු යැ. එහෙත් පබඳ නම් ඉතා වියත් යැ, විසිතුරු යැ, නන් විරිතින් රැසැයුණු එය තරම් සුමිහිරි කවෙක් සිංහල සාහිතය ලොකයෙහි නැති. අලගියවන්න මුකවෙටි තැන ගේ කෘති‍යක් සේ සැලකෙන කුස්තන්තීනු හටන ද වැටෙනුයේ විරැදු කව් ගණයෙහි මැ යැ. කුස්තන්තීනු ද යා නමැති පරංගි සෙනෙවියා අන්තොනි බරෙත්තු නමැති පෙරළි‍යකු මැඬි සැටි යැ එහි පැවැසෙනුයේ. එහි පැදි 189කි. අප රට පෙළූ වීදෙසියකු කළ මැර කම් විරු කම් ගණයෙහි ලා වැනෙන ඒ කව දෑ කව් ගණයෙහි ලා නො ගැණේ. මේ ගණයෙහි ලා වැනෙන ඒ කව දෑ කව් ගනයෙහි ලා නො ගැණේ. මේ මුංකොටුවේ රාල කළ සඟරජවත යැ අප ගේ සාහිත්‍ි ය බබුළුවන දෙවැනි විරැදු කව. වැලිවිටැ සරණංකර මාහිමියන්‍ ගේ ගුණ ගැයුමක් වන එහි පැදි 297කි. ඒ සඟරජුන් ගේ අභාවයෙන් පසු කැරුණෙකි. එහි බස සරග යැ, රැසයුම ද සරල යැ. ඒ කලැ කැරුණු විරුදු කව් සිඟිත්තෙක් ද වේ. ඒ නම් දුනුවිල හටන යැ. ඒ සුපතළ කිවි‍යකු වූ දුනුවිල ගජනායක නිලමේ ගේ කෘතියෙකි. දුවක ගේ හා ම‍වක ගේ සල්ලාපයෙක අයුරින් කැරුණු එහි ඇත්තේ පැදි 55කි. ඒ කව පිළිමතළාවේ මහ අදිකාරම් මහතා ගේ ගුණ වැනුමෙකි. එහි බස නම් ඉතා සරල යැ. සිලුටු යැ, රැසැයුමත් මනහර යැ, සුකොමළ යැ. එහෙයින් ඒ කව ද, කුඩා වුවත්, අපේ සාහිත්යු ලොකයෙහි ගන්නේ ඉතා ඉහළ තැනෙකි. මෙ සේ වූ අපේ විරුදු කව් ලොවේ


මේ මොරතොටවත ගන්නේ තුන් වැනි තැන යැ. විරුදු කවක් වශයෙන් ‍ෙම් දෙ වැනි වන්නේ පැරකුම්බා සිරිතටත් සඟරජවතටත් පමණෙකි.


මොරතොට වත චරිත කථනයෙකි.

4. ප්රකස්තුක කාව්ය යා ගේ මෙහි කවියාත් කාව්යශනායයෝත් සම ගුණදොෂ විමර්ශිනය කාලීනයෝ වෙති. මෙහි කිවියා නම් කව්නා‍වන් ඉතාම ළඟින් ඇසුරු කළ කෙනෙකි. ඔහුට සඟරජවත කරන්නට ද ආරාධනය කොළෝ මේ මොරතොට හිමියෝ යැ. ඒ මැ කියැවේ මැ නො සඟරජවතෙහි-


සඳම් සිඳු තුළ වැද තෙර දුටු ගැඹුර විනිවිද මොරතොට දහම් කඳ දෙවැනි නායක තෙරිඳු මනනඳ


ගුරුවරයන් කෙරේ බැතියෙන් මහත් අඳරේ මතු කලක් මෙ පුරේ නො නැසි පවතින ලෙසට නිතොරේ


සඟරද ගුණ නො මඳ වනන ලෙස තුති පද බැඳ කළ අයජමින් සොඳ ම - නැණ පමණින් කියම් පද බැඳ


යනුවෙන්. එහෙයින් මේ කවෙහි ඔහු සිය වැනුමට ලක් කරනුයේ තමන් ඇසින් දුටු, කනින් ඇසූ පවත් මැ යැ, ඒ කෘත්යයය හේ සරල භාෂායෙන් හා ස්ව‍හාවොක්තියෙන් මැ කරයි.


ගනිමු පවතක් දෙකක්. මෙන්න මොරතොට හිමියන් මහ පදවිය ලැබී විහාරයට වැඩී අයුර අප කිවියා කියන සැටි -


සක වසින් එක් දහස් සත් සිය අටට පත් වූ මෙ මැ වසේ ලක උතුම් නිරිඳු ගෙන් නායක ඉසුරු ලැබිලා නිසි ලෙසේ සකල සෙන් පිරිවරින් සමුදුර ගොඩ ගමන් ගත්තා ලෙසේ නෙක යසින් මොරතොට සුවාමී විහාරෙට වැඩියා තොසේ


මේ වැනුම කොතරම් සරල ද? කොතරම් පැහැදිලි ද? මෙහි ඇති පහන් ගුණය ‍කාගේ මන කොඳ නො පුබුදුවා ද? ඔහු මේ සියැසින් දුටු උලෙළෙකි. මෙන්න මොරතොට හිමියනට දහම් කඳ යන නම ලැබුණ සැටි මෙහි පැවසෙන අයුරු-


අහංකාර වැ නො බා කෙසරකු විලස සහ මැද බබළලා දහම් වදහළ රුවට පිරිසිදු ලෙසට පාමොක් නිම වැ ලා පහන් වී වෙ‍සෙසින් උපාලි තෙරිඳු සුරතල් බල බලා දහම් කඳ බිකු කියා අසදිස නම් එදා පරසිදු කළා ‍

මේ ඔහු කනින් ඇසූ පවතෙකි. එ ද ඔහු පවසනුයේ මහත් ඖදාර්යයෙනි.


පහත රට ඇතැම් සමකැලි කිවියන් ගේ පැබැඳුම්හි මෙන් මේකිවියා ගේ පැබැඳුම්හි දුෂ්කර බන්ධන, ආදියෙක් නැති. එහෙත් රෙසෙන් පිරි කියමනෙහි ලා ඔහු සමකැලි කිසිවකුට දෙවැනි නොවූ බව පෙනේ. මොරතොට හිමියනට මල්වතු පාර්ශ්වයේ අනුනායක බදවිය ලැබීම ඔහු වනනුයේ-


එ වැනි දම් රැස් වගුරැවා ඒ දහම් කඳ යති දිවයුරු සොඳිනි කිත්සිරි රාජසිංහ රජ කමල පොබයා ලකිසුරු මෙවැනි විකසිත නරණ කමලිත් නික්මවන ලද පියකරු දෙවැනි නායක ඉසුරැ සුවඳක් දසත විහිදිණි දියතුරු-


යනු විසිනි. මෙහි - දෙ වැනි නායක සුවඳක් දසත විහිදිණි - යනු කොතරම් ඉමනහර යෙදුමක් ද?


එළි සම කිරිමෙහි ලා - ණ, න, ළ, ල - බෙ‍යක් මුංකොටුවේ රාල සැලකූ බවක් නො පෙනේ.

මෙකී දිජ අට දෙන කෙරෙන් සුරැවන් අපමණ බාල කෘෂ්ණ යැ යන බමුණු මුනුබුරු පතළ ගුණ නැණ -


යනු මේ කවෙහි 11 වෙනි පැදිය යි. බලන්න, මෙහි දෙන, යන පදයන්හි අගැ එන 'න' යන්න හා අපමණ, නැණ - යන පදයන්හි අග හන 'ණ' යනන් සම එළි ලෙස සැලකෙන හැටි. මෙ බදු සම කැරම් මෙහි - 17, 30, 59, 61, 111, 114, 134, 138, 146, 163 - යන පාද්යහයන්හි පදාන්තයෙහි ද, 47, 18, 57, 79 - යන පද්ය යන්හි පාද මධ්යතයෙහි ද පෙනේ. තවද,

දුසිරි හිම දුර හළ මන කමල් විකසිත කළ මුනි යුගඳුර පහළ සදම් දිනරද වඳිම් හැම කල


යනු මෙහි දෙ වැනි පැදිය යි. බලන්න එහි - හළ, කළ, පහළ පදයන් ගේ අග එන 'ළ' යන්න හා කල යන්නෙහි එන 'ල' යන්න සම එළි ලෙස සැලකෙන සැටි. මෙ බදු සම කැරුම් මෙහි 25, 38, 39, 75, 95, 104, 141, 158 යන පද්යනයන්හි පාදාන්තයෙහි ද, 163, වැන්නෙහි පාද මධ්යෙයෙහි ද පෙනේ.

ම, න්, හා බින්දුව ද සම කොටැ සැලකුණු බවක් ද මෙහි හා සඟරජවතෙහි ද පෙනේ.‍ මේ අකුරු සම ‍ෙස් සැලැකෙනුයේ පාද මධය ප යෙහි පමණෙකි.


සි හි න් නැණින් නරඹා පිරි සිඳලා ද හ ම් බුදුන් වදහළ අති නිමලා කොහොන් සිතින් නූගත් බව දැකලා ප හ න් වෙමින් වෙසෙ‍සින් මන කමලා-


මේ මෙහි 27 වැන්න යි. මෙහි - සිහින්, කොහොන්, පහන් - යන පද තුන - දහම් - යන පදය හා සම කොටැ බැඳිණි. මෙසේ සැලැකුණේ - සිහින්, දහම් ඈ පද - සිහිං දහං ඈ විසින් එකල පැවැති පොදු උච්චාරණ වව්‍යහාරයක් නිසා වත් ද? මෙ බඳු සම කැරුම් මෙහි - 30, 31, 38, 43, 52, 53, 57, 60, 61, 62, 63, 75, 86, 135, 143, 162, 165, යන පද්ය යන්හි දක්නට ලැබේ.

මේ කවෙහි ගුණ දොස් විමසන විටැ අප සිත්හි තබා ගත යුතු කරුණෙකි. මේ මුංකොටුවේ රාල විසුවේ වර්තමාන ශාස්ත්රීබය


අලොකය උදා වී ගෙන එන සමයෙහි යැ. එවැනි කලෙක විසූ මොහු මෙ තරම් කවක්වත් කැරුම ප්රගශංසනීය වේ. මොහු ගේ පබඳ දොසින් මෙතරම් වත් අඩුවීම ද ප්ර්ශංසනීය වේ.


කව්පද බැඳුම පැරැණියන් පුරුදු පුහුණු කළ ‍කලා‍වෙකි. ජන්මයෙන් ලැබුණු කවිත්වයක් නැතත් ඡන්දොලංකාරව්යාණකරණාදී ශාස්ත්ර‍ උගත් අය විනොදයට ගී සිලෝ සීපද ආදිය ප්රදබන්ධ කළහ. එහෙත් එවැනි පබඳ කව් ගණයෙහි ලා ගැනුණෝ නැති. මුංකොටුවේ රාල එසේ වූ මහ වියත් කම් ඇත්තෙක් නො විණි. හේ අවියතෙක් ද නො විණි. ගුරුන් ඇසුරෙන් ලත් ශාස්ත්රනඥානයක් ඔහුට නො තුබුණේ නැති, එහෙත් ඔහුගේ පබඳ රසවත් වනුයේ ඔහු ගේ ඒ දැනුමේ හෙළියෙන් නොවේ. ඔහුට කාව්යබකරණයෙහි තුබුණු ‍නෛසර්ගික ශක්තියෙනි.