මොරතොටවත-ප්‍රස්තාවනාව

Wikibooks වෙතින්

Majorum gloria posteris lumen est


මායෝරුම් ග්ලෝරඅ පොස්තෙරිස් ලූමෙන් එස්ත්


යසගොස මුත්තන් ගෙ--හෙළියෙකි මුනුබුරන් හට


1. ආමුඛය.[සංස්කරණය]

මොරතොටවත වනාහි විදුරුදු කවෙකි. විරුදු කව් නම්


1. රට දැය සමය ඈ වැවුමෙහි නිරත වූ මහතුන් ගේ නැණ ගුණ විකුම් ඈ වැනුමට ඇරුණු පබඳ වෙසෙසෙකි. අපේ රටේ ඇතැම් වියත්හු විරුදු කව් ප්රැශස්ති කාව්යෙ යන නමිනුදු හඳුන්වති.

මේ මොරතොටවතෙහි වැනෙනුයේ සිය රට දැය බස


2. සමය ඈ වැවුමෙහි වෙහෙසුණු මහා ස්ථවිර තුමකු ගේ උදාර චරිතය යැ. මෙසේ කිවි වැනුමට ලක් වන මේ මහ තෙරණුවෝ වනාහි මොරතොට රාජගුරැ සිරි ධම්මක්ඛන්ධ මහා නායක මහා ස්ථවිරපාදයාණෝ යැ. කිතු විසින් 1787 සි 1811 දක්වා පුරා සූවිසි හවුරැද්දක්මැ මහාවිහාරවංශික ශ්යාදමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය දැරූ උන්වහන්සේ අපගේ ජාතීය වීරපුරුෂයන්ගේ ගණයෙහිලා ගිණියැ යුත්තෙකි. එහෙයින් මැ මේ මොරතොට වත ද පැරකුම්බාසිරිත, සඟරජවත, දුනුවිල හටන ඈ මෙන් මැ අපගේ ජාතීය කාව්යත ගණයෙහි ලා ගිණියැ යුතුයැ.


මේ කවට ඉහළින් තැබියැ හැකි සිංහල විරුද කව් 3. දෙකෙකි, එනම් - පැරකුම්බාසිරිත හා සඟරජවත යැ. එයින් පැරකුම්බාසිරිත වනාහි ජයවර්ධනපුරයෙහි වැජැඹුණු ස වැනි පැරකුම්බා මහරජුන් ගේ ගුණ ගැයුමෙකි. ඒ ‍ෙතාටගමුවේ සිරි රහල් මාහිමියනට සමකැලි වූ නමින් ගොතින් පළට නොගිය එක්තරා නිපුණ කිවියකු ගේ කෘතියෙකි; සඟරජවත නම් වැලිවිට සරණංකර සඟරජුන් ගේ ගුණ ගැයුමෙකි. ඒ මේ මොරතොටවත කළ මුංකොටුවේ රාල ගේ මැ කෘතියෙකි.


2. සංඥාදි පංචකය.[සංස්කරණය]

කවක් සබදින් පුරාණ විචාරකයන් පළමුකොට

1. විමැසියැ මැ විමැසු කරැණු පසෙකි. සංඥා යැ, නිමිත්ත යුතු කරැණු යැ, කර්තෘණ යැ, පරිමාණ යැ, ප්ර7යොජන යැ- යනු යැ ඒ කරුණු පස, දැක්වේ මැ නො එ -

සංඥා නිමිත්තං කර්තාරං පරිමාණං ප්‍ේ ෙයාජනම් - යි යනුවෙන්

මෙහි, සංඥා නම් කාව්යපයා ගේ නම යැ, නිමිත්ත නම් කාව්යුකරණයට තුඩු දුන් හේතුව යැ, පරිමාණ නම් සර්ග්පරිවේඡදාදී, වශයෙන් හෝ පද්යව සංඛ්යාු වශයෙන් හෝ ග්ර,න්ථ සංඛ්යාි වශයෙන් හෝ මැනෙන කාව්ය‍යා ගේ ප්‍රමාණය යැ, ප්ර7යොජන නම් කාව්යායාගෙන් පැතෙන අර්ථයය යැ. දැන් මේ මොරතොටවත සබඳින් ද ඒ කරැණු පස වෙන වෙන මැ ගෙනැ විමසා බලමු.


මොරතොටවත යනු මේ කවේ නම යැ. මොරතොට 2. සංඥා දම්කඳ හිමියන් ගේ ජීවන චරිතය මේ කවට වස්තුව වූ හෙයින් ඒ නම මෙයට යෙදිණි. මෙහි මොරතොට යනු ඒ හිමියන් උපන් ගම යැ. අපේ රටේ බෞද්ධ භික්ෂුන් වත්මනෙහි හැඳින්වෙනුයේත් නුදුරු අයුවේ හැඳින්වුණේත් උපන් ගමේ නමිනි. අද ඒ විරසම්භාවිත චාරිත්රන ධර්මගයෙකි. හෙයින් මේ කාව්ය නාමයෙහි මොරතොට යන්න යෙදුණේ මොරතොට හිමි යන අරුතිනි. වත යනු පාලි-වත්ථු - යන පදයට පර්යාය වූ හෙළ වදනෙකි. එහි මේ තැනැ ගත යුතු තේරුම කථාව නොහොත් ප්රටවෘත්තිය යනු යි. මුවදෙව්දාවත, සසදාවත, කුසදාවත ආදී පැරණි කව් නම්හිදු පෙනෙණුයේ මේ වත සද මැ යි. මෙසේ ගත මොරතොටවත යනු මොරතොට හිමියන්ගේ කතාව යන අරුත දේ. එසේ සලකන, මේ මොරතොටවත යන නම මොරතොට හිමියන් ගේ සිරිත පැවැසෙන මේ කවට ඉතා ම යෙදෙන බව පෙනේ.


අන්තර්නිමිත්ත යැ යි බාහ්යට නිමිත්ත යැයි 3. නිමිත්ත නිමිත්ත විවිධ වේ. මොරතොට ‍හිමියන් ‍ෙග් ගුණකඳ පළ කිරීමට කිවියා ගේ සිතැ තුළ උපන් අදහස යැ මෙහි අන්තර්නිමිත්ත. බාහ්යැනිමිත්ත වශයෙන්


සැලකෙනුයේ බැහැරින් ලැබෙන ඇරියුම් ආදිය යි. මේ කව කරන්නට මේ කිවියාට බැහැරින් ඇරියුමක් කැරුණු සැටියෙක් කවෙන් නම් නො පෙනේ.


මේ කව කෙළේ ‍කවරෙක් ද? ඔහු විසුයේ කවර 4. කර්තෘ කලෙකැ ද? මේ දෙකට මැ මෙහි අග එන-

පෙළෙ වස් අරක් ගෙන මුංකොටුවේ වසන දි ය කු ස් පසිදු අබෙසිහ කිවියර විසින සතළොස් සිය එකුත් විසි වසැ සක වසින ගුණ‍ රැස් වැනූ පොත තෙරිඳු ගෙ ‍කර සවන

යන පැදිය පිළිතුරු සපයයි.


මේ කව ‍කෙළේ මු‍ංකොටුවේ රාල යන නමින් මහජන වහරේ පතළ අබේසිංහ නමැති කිවිවරයා යැ. ඔහු මුංකොටු‍වෙහි බින්න බැසැ එහි විසූ හෙයිනි ඔහු එ මැ ගමේ නමින් හැඳින්වුණේ. ඔහු මොරතොට හිමියන් වෙත මහණ වැ විසූ බවක් සමහරැ කියති; එසේ මහණ වැ සිටැ පසු කලෙකැ සිවුරු හැරැ ලා ල, මුංකොටුවට වී එහි බින්න බැස්සේ. කීර්ති ශ්රී රාජසිංහ රජුගේ කවිකාර මඩුවේ ඔහු වූ බවක් ද ජනප්රනවාදයේ ඒ. එහි ඔහුට තුබුණේ ඉහළ තැනක් බව පෙනේ. ඔහු හා ඒ කවිකාරමඩුවේ වූ අන් කිවියන් හා අතරැ නොයෙක් විට ඇති වූ පරොහු කීයමන්, පැදි තරග ආදිය ගැන පවත් අදත් පැරැණි තොරතුරු දත් මහල්ලෙන් ගේ තුඩග රැව් දේ. ඒ පරොහු කියමන් හා පැදි තරග ඇසීමට ර‍ජු ද ඉහමත් රිස්සක් පෑ බව කියති.


කීර්ති ශ්රීද රාජසිංහ රජු ගේ කවිකාර මඩුවේ කොත්ම ළේ සංගර නයිදේ හෙවත් ලෝකුරු නයිදේ නමින් පළට ගිය කිවියෙක් ද විල. ඔහු හා සමග යැ මුංකොටුවේ රාල ගේ බොහෝ පැදි තරග ඇති විණැ යි කියන්නේ. ඔවුන් දෙදෙනා පිළිබඳ වැ ජනප්රහවාදයේ එන හැටියට නම් ඉත මිතුරු වැ සිටි ඔවුන් එකිනෙකාට ඇනුම්පද සහිත පරොහු කියා ගැන්මෙහි මහත් රිස්සක් පෑ බව පෙනේ. මේ කරුණ මැනැවින් දත් රජු ද එවැනි පරොහු කීමට අනුබල දුන් බව පමණක් නො වැ ඔවුන් ගේ ඒ වාග්යුධයෙහි ප්රීජත වුණු බව ද පෙනේ.


එක් දවසක් සංගර නයිදේ රජ සබයට පිවිසෙත් මැ, රජුන් කළ ඉඟියෙන් මුංකොටුවේ රාල ඔහුගේ ඊම තහන්දි කෙරෙමින්

කුපා ඩමට සළඹක් ගෙන කිරුවා එපා කියද්දී පාලඟ මැරුවා විපා ක නැති දේ තව බොහො කැරුවා එපා එන්න සබයට ලෝකරුවා -යි

කීයේ ල. එවිට සංගර නයිදේත් නො පැකිලැ -

මහණ වෙලා ගෙන් ගෙට බත් හිඟුවා එහෙම කැර ම අඹදරුවන් තැනුවා බොහොම නිඟා කැර දෙ‍ ලොව රැවැටුවා කොහොම කිවු ද හීරලු මුංකොටුවා

අ ඹේ මොට ද කන්නේ රස නැත් නම් කු ඹේ මොට ද නංවන දජ නැත් නම් ති ඹේ මොට ද අමුණෙක වී නැත් නම් ස බේ මොට ද ලෝකුරුවා නැත් නම්- යි

පිළිවදන් දී ඒ තහන්දිය ඇරියේ ල.


සංගාර නයිදේ ගේ නැන්දා කෙනෙක් විවා පත් වුණ හ. ඇය පාවා ගත් හිමියා ගමේ මනන්නා වි යැ. මේ තැනැත්තා තමන් පළමු පවා ගත් බිරිය ‍හළ කෙනෙකු වීම මු‍ංකොටුවේ රාල ගේ උප හාසයට කරුණෙක් වි යැ. මඟුල් උලෙළින් පසු සිය යහළුවා රජ සබයට ආදා -

ලෝකුරු නයිදෙ ගෙ නැන්දා ද ගම් මනන්නට දුන්නා ද ? -යි


සරදම් වශයෙන් හේ ඇසී ල. එයට සංගර නයිදේත් නො පැකිල පිළිපහර දෙමින්

ඒ කත් බොල මට නින්දා ද සාක්කියට තගෙ නැන්දා ද? - යි


ඇසී ල.


මෙ වැනි පවතින් පරොහු කීමෙහි ඔහුට තුබුණු හැකියාව මැනැවින් හෙළි වේ.


අද මහනුවර වැව පිහිටි තැන එදා වූයේ ටිඟුලේ වෙල යන නමින් හැඳින් වුණු කුඹුරෙකි. එක් දවසක් මුංකොටුවේ රාල, වඩුගොඩ පිටියේ රාළ, කොත්මළේ නයිදේ ආදී කිවියන්ගේ සාමාග‍මයෙහි ප්රීේති වෙමින් රජගෙයි මිදුලේ සිටි රජුගේ නෙතට එ මැ ටිගුලේ වෙලේ සිටැ කමතට කොළ කැටි ගෙනැ යන ගැහැනුන් හසු වුණාල. තත්ක්ෂණ ප්රුබන්ධයෙහි ලා මුං කොටුවේ රාල ගේ සමත් කම් බලන්නට සිතූ රජ ඒ ගැහැනුන් ගේ ගමන වනා කවියක් කියන්නට මුං කොටුවේ රාලට අණ කෙරෙමින් මැ, ඔහු අමාරුවේ ලන්නට ද සිතා ළඟැ සිටි වඩුගොඩපිටියේ රාළට ඉඟියක්ද කෙළේයැ. එ විටැ රජ අණින් මුංකොටුවේ රාල-

යෙදී පණත මට මුළු ලොව ව ටි යා සැදී පෙළට අඟනුන් එන සැ ටි යා- යි

කියත් මැ වඩුගොඩපිටියේ රාළ ඔහු තල්ලු කැරැ බිම හෙළී ල. එහෙත් මොහොතකින් නැඟී සිටැ-

කදිම කවියක් කියන්න හිටියා නො දී ඇරැපි මේ වඩුගොඩ පිටියා -යි හේ පද්යට සම්පූර්ණු කළේ ල!

තත්ක්ෂණ ප්රයබන්ධ කරණයෙහි ලා මු‍ංකොටුවේ රාල පෑ සමත් බව දක්වන තවත් පවතෙකි. වරෙකැ කොළොඹැ විසූ ප්රං සිස්කුස් පවුලස් සූරිය මුත්තය්යා නමැති සෙට්ඨිනායක මුදලි කෙනකු දැකීමට ඔහුට අවසරයක් ලැබිණි ල. එ සඳ ඒ මුදලි තැනට ආචාර කෙරෙමින් හේ මෙසේ ගැයීල-

සිනිඳු දුහුල් ඇඳ සෝම පබාකර සූසැට' බරණ සැරසී මිණි මේවර කනක රජත මිණි මුතු රත්නාකර දෙමළ සයුර බබුළුවන නිසාකර

ප්රැංසසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තය්යා !


රූ සි රු සුතනඹු සුරඟන සේදී කී ක රු දැසි දස් ගව මහි සාදී වි ය රු කෙත්වත් කිරි වැදි පීදී තවසරු සිරි සැප සුර සිරි සේදී

ප්රංුසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා !

මිහිපිට මෙ කොළොම් පුරඹර සිරිනා සිරි කොට පවසමි දැසි සත නයනා මෙකලට දිළිඳුන් දුක් දුරු කරනා තිලොවට යුවලැස් සිතුමිණි රුවනා

ප්රංවසිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා !

අමර පුර සෙ සැපතින් සරු සාරේ පනර කොළොම් පුර සමුදුර තීරේ පවර සෙට්ටි මුදලිඳු උධයාරේ කදිර කුමරු රැක දෙන් හැම වාරේ

ප්රං සිස්කුස් පවුලස් - මැතිඳු සඳ සූරිය මුත්තයියා !


මේ සින්දුව අසා මහත් සතුටට පත් මුදලි තැන මුංකොටුවේ රාලට තුටු පඬුරු වශයෙන් පතාග සියක් දුන්නේ ල. කවිත්වය විෂයෙහි මුංකොටුවේ රාලට තුබුණු නෛසර්ගික නෛපුණ්යනයෙහි ප්රගමාණය වටහා ගන්නට වැඩියක් නැතත් මේ සින්දුව මැ ‍සෑහේ.


මේ කවියා විසින් පැබැදුණු තවත් කවෙකි. එ ද විරුදු කවෙකි. සඟරජවත යන නිමින් හැඳින්වෙන ඒ කව වැලිවිට සරණංකර මා හිමියන් ගේ ගුණ ගැයුමෙකි. එය බැඳු‍ෙණ් මෙයට කලිනි. ඒ ඔහුගේ කෘතියක් බව අප දන්නේ ජනප්රහවා‍ගදයෙනි. ඒ කව කරන දවසේ මුංකොටුවේ රාල එ තරම් මැ පළට ගිය කවියකු නොවන්නට ඇති. එහෙයින් වන්නට ඇති එහි කර්තෘේ නිර්දේශයක් නැත්තේ. එය කිරීමෙන් පසු එයින් ලත් කීර්තියෙන් එඩිතර වූ මුංකොටු‍ෙව් රාළ සිය මොරතොට වතෙහි අගැ කතු නිදෙසක් කිරීමට පසු බෑයේ නැති සැටියි. ඒ එසේ වුවද, සඟරජවත කවක් වශයෙන් මොරතොට වත පසු බවයි. එහි පැදි 297කි. මුංකොටුවේ රාළ ගේ කවි ශක්තිය මැනැවින් හෙළි වනුයේ එයිනි.


මේ මොරතොටවත නන් විරිතින් බැදි පැදි 5. පරිමාණ 167 කින් යුක්තයැ. ඒ යැ පද්ය සංඛ්යාමයෙන් මිනුණ හොත් මේ කවෙහි පරිමාණය. සිංහල විරුදු කවි සාමාන්‍. යෙන් දිගු නොවේ. අප ගේ සාහිත්යායේ ලැබෙන ඉහළ මැ විරුදු කව වන පැරකුම්බා සිරිතෙහි ඇත්තේ පැදි 140කි. අලගියවන්න මුකවෙටි තැන කළ කුස්තන්තීනු හටනේ ඇත්තේ පැදි 189කි.මේ මුංකොටුවේ රාලට සමකාලීන කිවියකු වූ දුනුවිල ගජනායක නිලමේ කළ දුනුවිල හටනේ ඇත්තේ පැදි 55කි. එහෙයින්, මේ කවියාගේ සඟරජවතෙහි පැදි 297ක් ඇතත්, මෙහි වත සලකන, මෙයට මේ පරිමාණය ඉතා මැ සෑහෙන බව පෙනේ.


යමක් උදෙසා කව කැ‍ෙර් ද, එසේ උද්දිශ්යන වූ 6. ප්රැයොජන අරුත යැ ප්රසයෝජන නම් -

යස්ය. හි යදුද්දිශ්යජ ප්රයවෘත්තිරස්ති තත් තස්ය ප්රෙයොජනනම්-යි.

මේ කව කිරීමෙන් කිවියා පැතු ප්රේයෝජනය කුමක්ද? එ මැ ඇසීමෙන් හෝ කියැවීමෙන් අප ලබන ප්රමයෝජනය කුමක්ද?


ගනිමු මේ පැන දෙකින් පළමුවැන්න. මේ කව මගින් මොරතොට මහා නායක හිමියන් කෙරෙහි උන් වහන්සේ ගේ සතුරන් පවා ‍පහදවන්නට මේ කිවියා යැතු බව පෙනේ. ඉරට හදට පවා සතුරෝ වෙති. එහෙයින් මොරතොට හිමියනට සතුරන් ඇති විණැයි කිව හොත්, එහි පුදුම නො වියැ යුතු. ඒ හිමියන් මහ රජු ගේ වෙසෙසි ආදරයට හා බුහුමනට පාත්රඉ වූ බව දනිමු. සතුරන් ඇති වන්නටද හේතුව උන්වහන්සේට දැක්වුණු මේ අතිශය රාජ කරුණාව මැ විය. එ හෙයින් එ හිමියනට පමණක් නො වැ උන් පමණක් නො වැ උන් වහන්සේ ගේ ගෝළයනට ද, සතුරන් ගෙන් බිය ඇති වෙතැයි උන්වහන්සේ ගේ හිත මිතුරන් සිතූ බව පෙනේ. ගෝළයන් කෙරෙන් සතුරන් ගේ දැඩි ඉරිසියාවට ලක් වුණෝ මොරතොට පොඩි හාමුදුරුවන් බව පෙනේ. මහා නායක හිමියන් ගෙ දෙටු සො‍හොවුරා ගේ පුතකු වූ එ තොමෝ පරණාතල හිමි යන නමින්ද පතළ ය හ. මහා නායක හිමියන්ගේ අභාවයෙන් පසු සිය අදහස් ඉටු කැරැ ගන්නට සතුරු කැළට ඉඩවර ලබුණු බව නො රහසකි. මල්වතු පාර්ශ්වයේ අනුනායක පදවියක්ද දැරූ මේ පරණාතල හිමියන් 1814 දී ශ්රීක වික්රාම රාජසිංහ රජු‍ ගේ අණින් මරා දමනු ලැබින. මහා නායක හිමියන්ගෙ ඥාති ශිෂ්යහයාට මතු එන මේ උවදුර පෙනී ලා, එ මැ වළක්වනු සඳහා වත් ද -

මොරතොට දහම් කඳ නායක තෙරිඳු හට නර දෙට දෙවිදු ගවුරව කැරපු හැටි යට වරිගෙට ගෝළ කෙනෙකුට ඔබ ගෙ යම කුට වරදට අවනඩුව නො කරවු ඉදිරි යට


යන්නක් මේ කවෙහි අවසනැ මෙහි කවියා පැවැසුයේ? මේ පැදිය මහා නායක හිමියන් ගේ සතුරන් වෙත ලක් කැරුණක් නොවේද? වේ මැයි. මේ පැදියෙන් මේ කවියා විසින් පැතුණු විශේෂ ප්රේයෝජනය හෙළි වේ. ඒ හැරැ මේ කවින් ඔහුට ලැබුණු අමරණීය ලාබයක් ද වේ. ඒ සකල කවි ලෝකයටම සාධාරණ වන කීර්ති ලාභයයි. මේ මොරතොටවත හා සඟරජවත නො නැසී පවත්නා තාක් කල් මුංකොටුවේ රාල‍ ගේ නමද නො නැසී පවතී.


දැන් ගනිමු අප නැඟු දෙවැනි පැනය - මේ කව ඇසීමෙන් හෝ කියැවීමෙන් හෝ අප ලබන ප්ර යෝජනය කුමක්ද? පෙරැ අප රට හෙළි කළ, හෙළිය කළ ගිහි පැවැදි උතුමෝ බැහැරියෝ නොවූහ සිංහලයෝ වූහ. එහෙයින් ඔහු හැම අපගේ මුතුන් මිත්තෝ වෙති. සිය මුතුන් මිත්තන් ගේ ගුණ මෙනෙහි කිරීම මුණුබුරනට හැමතින් ම හිතකර යැ. මුතුන්මිත්තන් ගේ වීර චරිත කථා මුනුබුරනට යහ මඟ දක්වන මහ පහන්ටැම් වැන්නෑ. කීයේ මැ නො පැරැණි ලතීන කවියෙක්ද -


Majorum Gloria posteris lumen est

[මායොරුම් ග්ලෝරිඅ පොස්තෙරිස් ලූමෙන් එස්ත් යහ ගොස මුත්තන් ගෙ - හෙළියෙකි මුනුබුරන් හටයි.


මොරතොට හිමි‍යෝ මෑත අයුවේ විසූ පැවැදි උතුමන් කෙරෙන් අවිතීය තැනක් ගන්නා කෙනෙකි. වැලිවිට මාහිමියන් නමැති හිරු හත්ගලැ ලගිත් මැ පැනැ නැගි දවහත් තරුව යැ ‍ෙම් මොරතොට හිමියෝ. වැලිවිට සඟරජුන් ගේ අභාවයෙන් ලක්දිවැ පතළේ මහ අඳුරෙකි. ඒ ගණදුර පලවා හැරීහේ සමත් වුණෝ මේ මොර‍තොට නා හිමියෝ යැ. මේ මොරතොටවත එ හිමියන් ගේ ගුණ ගැයුමෙකි. එහෙයින් මේ කව දෑහිතැති හැම සිංහල‍යකු විසින් මැ ඇසියැ යුත්තෙකි. කියැවියැ යුත්තෙකි.


යටැ කියැවුණේ මේ කාව්ය්යෙන් ජාතිහිතෛෂීනට ලැබෙන ප්රවයෝජන යැ. අන්යකයනට ද මෙයින් ගත හැකි ප්රියෝජන නැත්තේ නොවේ. මේ කවෙකි, සරල බසින්, ඉමිහිරි විරිතින් බැඳුණු කවෙකි. එහෙයින් රසිකයනට ද මේ කව ඇසීමෙන් හා කියැවීමෙන් අලෞකික වූ කාව්යාවමෘතරසාස්‍වාදය ද ලැබියැ හැකි මැ යැ.

"https://si.wikibooks.org/w/index.php?title=මොරතොටවත-ප්‍රස්තාවනාව&oldid=4851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි