ම හා වං ශ ය - vii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

60 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඒ මිහිපතිතෙම කුලවත් දනන් තෝරා ආචාරවූ පරිද්දෙන් තමන් රැකවරණෙහි යෙදී. පොළොන්නරුවෙහි නොයෙක් දොරටුවලින් යුත්වූ සුණුවමින් මනා කොට රැදියාවූ හාත්පසින් දිඟු පුළුලැති ගැඹුරු දිය අගලකින් යුක්තවූ උස් සම මළුවකින් උපෙතවූ සතුරන් විසින් නොනැසිය හැක්කාවූ තුඟු තහවුරු පඬුරක් කරව්.

උපසම්පදා කර්මයට ගණපූරක භික්ෂූූන් නොපොහොනා බැවින් බුදු සසුන් පැවැත්වීමෙහි කැමති සිත් ඇත්තේ ඉක්බිත්තෙන් රාමඤ්ඤරට අනුරුඬ නම් මිතුරු රජු වෙත පඬුරු සහිතවු දූතයන් යවා ඒ රටින් තුන්පිටකයෙහි පරතෙරට ගියාවූ ශීලාදිගුණයන්ට


60 වෙනි පරිච්ඡේදය 85


ආවාසවූ ස්ථවිර සම්මතවූ භික්ෂූ8න් ගෙන්වා ඒ රජ තෙමේ උන්වහන්සේලා උදාරවූ පූජායෙන් පුදා නොයෙක් පරිද්දෙන් පැවදි උපසම්පදා කරවා බොහෝසේම අටුවා සහිත තුන්පිටකයද කියවා ලක්දිව පසු බස්නාවූ බුදුසස්න බැබලවී.

පුලස්ති පුරය තුළ පියසෙහි ඒ ඒ තන්හි අත‍ිශයින් මනහරවූ බො‍හෝ විහාරයන් කරවා තුන් නිකාවැසිවූ සමණන් එහි වාසය කරවා උදාර වූ සිව්ප‍සයෙන්ද සැතැප්වී. ඉන්ර්කරවඛීලසතමහයෙන් මනහර වූ පවුරු අගලින් යුක්තවූ පස්මහල් මහපහයකින් බබලන්නාවූ හාත්පස යහපත්වූ ආවාසපෙළින් මොනවට බබලන්නාවූ මිනිසුන් ගෙන් ගැවසුනාවූ අවකාස ඇති බබලන බිහිදොර ඇත්තාවූ උතුම් වෙහෙරක් රතනත්රාය පිහිට කොට ඇත්තාවූ ඒ රජතෙම කරවා තුන් නිකාවාසීවූ බික්සඟහට දින. හෙතෙම සඞඝයාට පිස දියයුතු දන් වැටුප් පිණිස එහි වාසීවූ ප්ර ධානීන් සමඟ ඇළිසර නම් රට දී එහි සමණන් නොයෙක් සිය ගණන් වස්වා හෙතෙම සතතයෙන් උදාරවූ සිව්පස පැවැත්වී.

හෙතෙම මහාර්හ.වූ මනරම් දළදා මැදුරක් කරවා දළදාවහන්සේට සතතයෙන් මහපුද කරවි. සමූහයා ‍හා එක්ව පැවැත්මෙන් පහවූ හෙතෙම දිනක් පාසා උදය සොඳුරුවූ දහම් මැදුරෙහි ධම්ම සගර්ණහ ප්ර්කාරණය පරිවර්ත්ණය කෙළේය. නැටුම් ආදිය හා සුවඳ මල් ආදීවූ නොයෙක් පූජා පවත්වා ශ්ර්ඬා සම්බන්ධරවූයේ හිසින් බුදුන් වදී. පරිත්යාූගයෙහි ශුරවූ ඒ රජතෙම දඹදිවින් ආවාවූ බොහෝවූ පණ්ඩිතයන් ඒකාකාරයෙන් දියයුතු ධනදානයෙන් සැතැප්වි.සැමකල්හි දහම් ගුණෙහි ඇළුනාවූ හෙතෙම සඬර්මු දෙශකයන් වහන්සේලාට නොයෙක් පරිද්දදෙන් පුද කොට සදහම් දෙ‍ස්වී. හෙතෙම තුන්වරක් බැගෑපතුන්ට තුලාබර දෙවි. පොහෝ දවස්හි අතිශයින් පිරිසිදු කොට පෙහෙවස්ද විසී. රජතෙමේ අවුරුදුපතා දඩිසසරනම් දානයක් දින. තුන්පිටකය ලියවා බික්සඟහට දින. හෙතෙම මාහැගි මිණිමුතු ආදී රුවන් යවා දඹදිව මහා බොධිය නොයෙක්වර පිදවි.

කර්ණාඹට ‍රජහු විසින්ද සොළීරජහු විසින්ද එවනලද්දාවූ ජාර දුතයෝ මහත්වූ පඬුරු ගෙණ මෙහි ආවෝ මිහිපල්හු දුටහ. එයින් සතුටුවූ සිත්ඇති හේ තෙමේ ඒ දූත දෙපසට කටයුතු මනා කොට කරවා ඔවුන් අතුරෙන් පළමු කොට කර්ණා ට දූතයන් සමඟ සිය දූතයන් භාරපඬුරු දී කණ්ණඩි රජු කරා යැවීය. සොළීරජතෙම තම‍ා රටට පැමිණි සිංහල දූතයන් බලාත්කාර යෙන් කන්නාසාදිය (කපා) ඉතා විරූපාකාරයකට පැමිනවී. එකල්හි පැමිණි විප්ර කාර ඇත්තාවූ ඔව්හු මෙහි අවුත් සොළිසා විසින් තමන් කෙරෙහි කළ සියල්ල රජහට කීහු. උස්සව දිලිහෙනු අබිමන් ඇත්තා වූ හේ තෙමේ සියලු ඇමතියන් මැදට පැමිනියේ


86 මහාවංශය


දෙමළ දූතයන් කැඳවා සොළියාට මෙසේ දැන්වී. “එක දිවයිනේ කත් සේනාව නැතිවම මහමූද මැද අප දෙදෙනාගේ යුඬයෙන් බාහුබල පරීක්ෂාවව හෝ වේවා නොහොත් සියලු සොනාව සනනඬ කොට තොපගේ රජයෙහිවත් මාසේ රජයෙහිවන් තොප කැමැති දේසයෙක්හි ඒ යුඬය කරණු ලැබේවා. මා විසින් කියනලද ක්රතමයෙන්ම තොපගේ ජනාධිපති තෙමේ කියනුලැබිය යුත්තේ වේ” මෙසේ කියා ගැහැණු අබරණින් සරසනලද ඒ දූතයන් වහාම සොළි රජු කරා යවා ඉක්බිත්තෙන් සෙනඟ ගෙණ අනුරාධපුරයට ගියේය. සොළීරට ගොසින්ම යුද කරණු පිණිස මැටිවල් තොටටද මහ තොටටද සෙනෙවියන් දෙදෙනෙක් යැවී. යුද පිණිස සේනාව සොළීරට යවන කරුණෙන් සෙනෙවියන් නැව්ද මාර්ගොමපකරණද සදන කල්හි (රජහට) තිස්වෙනි හවුරුදු වූ එකල්හි වෙළක්කාර යන නම් ඇත්තාවූ සේනා සමුහයෝ එහි යන්නට නොකමැතිව විරුඬව මතැතුන් සෙයින් සේනාපතීන් දෙදෙනා මරා උඩගුව මුළු පොළොන්නරුව පැහැර ගත්හ. පුතුන් තුන්දෙනෙක් සහිතවූ රජහු නැගනියන්ද අල්වාගෙණ බලාත්කාරයෙන් රජපහයද දැවුහ. ඒ රජතෙ‍ම වහා නික්ම දකුණු පසට ගොස් වාගිරි නම් පව්වෙහි සරුබඩු තබබවා සිහිවිකුම් යුත් වූ වීරබා උපරජහු විසින්ද මහබල සමුහයා විසින්ද හාතිපසින් පිරි වරණලද්දේ පොළොන්නරුවට පැමිණ දරුණු යුද කරන්නේ ආවාවූ සේනා සමූහයන් ක්ෂොණයෙන්ම පැලවී. මරණලද සේනා පතින් ඇට සැකිළි තුබූ සැය පිරිවරා සතුරුවූ සේනාපතියන් කණු වල පිටතොලහයා දැඩිබැම්මෙන් බඳවා හාත්පසින් විසිරෙණ ගිනි දැලින් දැවී. මිහිපතිතෙමේ එහි මානීන්ගේ ගම් නස්වා ලක්දිව් පොළොව සර්වවප්රමකාරයෙන් කටුරහිත කෙළේයි. සොළියා සමඟ යුද කරන්ට තමන් විසින් කරණලද අවධි නොවරදවා ඒ රජතෙමේ පන්සාළිස් වන වසෙහි සනනඬවූ සේනාව ගෙණ සයුරු පටන් වැද උහුගේ ඉදිරියට ඊම බලමින් කිසිකලක් එහි වසන්නේ රජ තෙමේ සොළියා නො ආ බැවින් උහුවෙන දූතයන් යවා නැවත අවුත් පොළොන්නරුවෙහි බොහෝ කලක් විසීය. මහාහෙළිය, සරෙහෙරුය, මාදැත්තාය යන නම්වූද කටුන්නරුය, පඬාවිය, කල්ලගල්ලිකය, යන නම් ඇති වැව්ද එරඬගල්ල නම්වූ වැවද, දිගුවත් නම් වැවද, මඬවාටක නම් වැවද, කිතුය, අක්බෝ පව්ය යන නම් ඇති වැව්ද, වලාහස්සය, මදාරගලය, කිඹුල්හෙබය යන වැව්ද, පත්පහන්වැව. කාන නම් වැව, යන මෙකී වැව් හා අනිකුදු භින්නමය්යාඹු දා ඇති බොහෝවූ වැව් සැමකල්හි දිළිදුදනා කෙරෙහි බැඳුනාවූ වැඩ කැමැත් සිත් ඇත්තේ බැඳවි. ඒ මිහිපතිතෙම ඒ ඒ තන්හි කඳුරුගංහෝවල දිය නවත්වා වේලි බඳවා රට සුභික්ෂත ක‍රවි. හෙතෙමේ බිඳුනාවූ තලවතු නම් මොව් ඇළ බඳවා මින්නේරි වැව දිය පිරවි. විහාර නිභිය චාරිත්රනය බින්


60 වෙනි පරිච්ඡේදය 87


දාවූ සිය මෙහෙසිය පෙරහැර සර්වයප්රවකාරයෙන් සුන් කොට ගිට අල්ලවා නුවරින් පිටකරවා මහසඟ සමාකරවා තමාගේ සඞඝ ගෞරවය ලොවට පහල කරවි. මාගම තුන්නිකාහි සොළීන් විසින් නසනලද්දාවූ දැගැප්ද ථුපාරාම දෙකෙහි (දාගැප්ද) බැදවි. මෑනියන් සොහොන් බිමද එසේම පියානන් සොයොන් බිමද මහත් ආවාස පසක් කරවි. බුලවටියෙහිද එසේම කරවි. පඬාවියද පාඨින වෙහෙරද ‍රක්සෑපව් නම් වෙහෙරද එසේම මඬලගිරියද මීගොඩ වෙහෙරද‍ ඌරුවෙල් නම් වෙහෙරද දෙව්නුවර වෙහෙරද මියුගුණ වෙහෙරද සිහිල්ගම්ලෙනද දඹකොලවෙහෙරද, එසේම ගිරිකඩ වෙහෙරද කුරුන්ද් වෙහෙරද, දඹකොල ලෙනද, බදුළු වෙහෙරද,එසේම පරගම් වෙහෙරද, කසගල් නම් වෙහෙරද, සඳගිරි වෙහෙරද, වෙල්ගැමි වෙහෙරද,මහසෙන් නම් ගම් වෙහෙරද, එසේම අනුරාධපුරයෙහි බෝගෙයද, යන මේ ආදීවූ දිරූ නොයෙක් ‍විහාරයන් ඒ රජතෙම ප්ර තිසංස්කරණ කරවි. වෙන් වෙන් වසයෙන් ගම්ද දුන්නේය. “සමන්කුළුපව්වෙහි පිහිටි මුනිරජහුගේ පාසටහන වඳනා පිණිස දුකසේ යායුතු මග යන්නාවූ මනුෂ්යටයෝ සියල්ලෝම නොපෙළෙත් ව”යි දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘඬවූ ගිලීමලය නම් ගම දෙවි. කෙසෙල්ගම් මගද එසේම ඌවරට මගද වෙන් වසයෙන් ගම් දී සාලාද කරවි. රජතෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගණිත් වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවී. ඒ රජතෙමේ ‍ලාභස්ථාන වාසීවූ සමණයන්ට අතුරුවිට නම් ගමද එසේම සගුළුගමද, සිරිමඩ ගල් ගමද දුන්නේය, වතින් ජීවත්වන සමණන්ට හෙතෙම සිවු පස දින. හේතෙමේ ඒ සමණන්ගේ නෑයන්ටද භොග උපදනා ගම දෙවි. ශීත ඍතුවෙහි පෝරෝණයන්ද ගිනිකබල්ද නානා ඔසුද බොහෝසේම බික්සඟහට දෙවි. නුවනැත්තාවූ හෙතෙම නොයෙක්වර සියලු පිරිකරද එසේම අටපිරිකරද සකස් කොට බික්සඟහට දින. ලාභසථානවාසී භික්ෂුදසඞඝයාගේ පිසුම් වැටුප් පිණිසද සෑ ආදිය පුදන පිණිස වතාවත්කරුවන්ටද පෙර රජ දරුවන් විසින් දෙන ලද යම් ගම්කෙනෙක් රුහුණු වූනම් අඩු නොවූ ඒ සියල්ලන්ද හෙතෙම පෙර පරිද්දෙන් තැබබවී. බලිවූ හෙතෙමේ කුදුන්ට බලවත්වු ගොනුන් දින.දයාවෙහි ඇළුනාවු හේතෙම කවුඩු බලු ආදීන්ට බත් ද දින. මහකවිවූ හේතෙමේ නොයෙක් කවි කරන්නන්ට ප්ර වේණි ගම් හා බො‍හෝවූ ධනසමූහයක් දින. කවීන්ර්් වූ‍ හේතෙමේ රජ ඇමති ආදීන්ගේ පුත්රවයන් විසින් කරණලද ශෙලාකයන් අසමින් සුදුසු පරිද්දෙන් ඔවුන්ට ධනය දින. අදදනන්ටද පිළුන්ටද වෙන් වෙන් වසයෙන් ගම්ද දින. නොයෙක් දේවාලයන්ටද පෙර දෙන ලද්ද නොපිරිහෙලී


88 මහාවංශය


ඒ රජතෙමේ අනාථවූ වැන්ද ඹු කුලගනන්ට සුදුසු පරිද්දෙන් ගම් බත් වත් දින. එළුකව් කිරීමෙහි මහත් නුවනැත්තා වූ ඒ රජ තෙම සිංහල කාව්යදකාරයන් අතුරෙන් අග්රථවී. යහපතෙහි බද අදර ඇත්තාවූ ඒ උපරජතෙමේ බදගුණ නම් වෙහෙර සොළීන් විසින් නසනලද සෑය බැදවි. මසුරුමලහැර දන්දෙන ත්යාබග ඇත්තාවු හේතෙම ඉක්බිති ඒ උතුම් වෙහෙරට ගම්වර දි සතතයෙන් මනා කොට පුද පැවැත්වී. හේ තෙමේම ඒ වෙහෙර උප චාරවනය වෙත තහවුරුවූ මගදිය ඇති මහ වැවක් බැදවි. රජහු දූවූ යසෝධරාතොමෝ කපුරුමුල් නම් වෙහෙර තහවුරු සිත්කළුවූ මහ පිළිමගෙයක් කරවි. රජහු සියරැජනතොමෝ ගලතුරුසුමු වෙහි ප්රුසාද එලවන්නාවූ උත්තුගවු මහපහයක් කරවී. එකල ඒ රජහුගේ නොයෙක් ඇමතියෝද අන්තඃපුර ‍ජනයෝද නොයෙක් පරිද්දෙන් නොයෙක් පින් රැස්කළෝ. මෙසේ ලක්දිවජරහු ලක්දිව අනුශාසනා කරණ කල්හි හික්මුනාවූ උප රජතෙමේ දරුණූ වූ මරහු විසින් වසඟ කරණ ලද්දේය. උහුට කළමනා සියලු කටයුතු සමාපත කොට භික්ෂූනන්ගේ කැමැත්තෙන් ජයබාකුමරහට යුවරජ තනතුර දුන්නේය. ඉක්බිත්තෙන් ඈපා පදවිය විකුම්බා කුමරහට දී ඉන්පසු ගජබායයි ප්රේසිඬවූ උහුගේ පුතු උපන් කල මහ ඇමතියන් හා මන්ත්ර ණය කොට රාජපුත්ර‍යාගේ වැඩෙහි කැමැත්තේ මුළු රුහුණු දී එහි විසීමට යැවී. නැවත හෙතෙම එහි ගොස් මහනාහුල නම් පුරය රාජධානි කොට එහි වාසය කෙළේයි. මෙසේ විජයබාහු නම් ‍රජතෙ‍ම නොපැකුලුනාවූ අණසක මෙහි පස්පණස් හවුරුද්දක් පවත්වා බුදුසස්නද ක්රෑ‍ර දෙමළ සේනාව විසින් උපද්ර්ව කරණලද ලොකයද වර්ධ නය කොට සිය පිණින් හටගත් ඒ මහත් ඵලය දක්නට මෙන් දෙව්ලොවට නැංගේය. මෙතෙකින් හුදීජනයා ප්රොසාදසංවෙග පිණිස කළ මහවස ලොක සාසන සඟහකරණ නම්වූ සැටවෙනි අදියර නිමි. ________________________________________


61 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

එකල්හි රජහුගේ නැගනිවූ මිත්රා තොමෝද ඒ බිසවුන්ගේ පුතුන් තුන්දෙනාද මහ ඇමතියෝද එසේම (අෂ්ට) විහාරවාසීවූ භික්ෂූ හුද යන මේ සියල්ලෝ රුහුණ වසන්නාවූ ඈපානන්ට මිහි පල්හු මළ අස්න ‍නොදන්වා එකතුව මන්ර්ු ණය කොට සම කැමැති බැව් පැමිනියෝ යුවරජහට ලඞකා රාජ්යාමභිෂෙකය දුන්නාහුය. ඒ සියල්ලෝ පූර්ව චාරිත්ර් මාර්ගුය ඉක්මවා මාණභරණ නම් කුමරහු උප රජබැව්හි පිහිටවුහ. ඉක්බිත්තෙන් ඒ සියලු මාණභරණදී තුන් සොහොවුරෝ ජයබාහුරජු හා සමගවූවෝ එකල්හිම මුතු මැනික් ආදී වූ සාරසමම්තවූ රුවන් සියල්ලද ඇත් ( අස්) ආදී වාහනද අත්පත් කොට සියලු සේනාවන ගෙණ ඒ “වික්රඇමබාහු ‍රජහු වහා


61 වෙනි පරිච්ඡේදය 89


අල්වා ගණුම්හ” යි පොළොන්නරුවෙන් නික්මුනෝය. ඒ වික්ර්ම බාහු ඈපාතෙමේ මේ සියලු පුවත අසා “ පියරජහට අනිත්ම සත්කාරය කරන්ට නොලද්දෙමි. අදෝමය දැන් මහා පොළොන්නරුවට ගොස් එහි පියානන්‍ සොහොන්බිම දැකීමෙන්ම ඒ මම මාගේ සිතට පැමිනි සොකභාරය දුරුකෙරෙමි”යි කරණ ලද දැඩිවූ ව්යිවස්ථා ඇත්තේ ඒ පුරයෙන් නික්ම අතිශයින් බලාත්කාරීවූ ඈපා තෙමේ පොළොන්නරුවට එන්නේ සත් අටසිය ගණනක්වූ සේනාව විසින් පිරිවරණලද්දේ අතරමගදීම ගුත්හල මඬලෙහි කොස්බුක්ක නම් ගමේහිදී යුඬයට සන්නඬවූ ආවාවූ මහ සෙනඟ දැක බිය ඉක්ම ගිය එකවීර වූයේ යුද කොට ක්ෂනණයකින්ම ඔවුන් ‍ඒ ඒ දෙස විසුරුවා හැරියේය. ඉක්බිත් එහි පරාජයට පැමිනියාවූ ඒ තුන්බෑ රජදරුවෝ අබිමනින් උඩගුව වහාම සේනා වාහන සන්නඬ කොට ඈපා දඹයයි ප්රවසිඬවූ පියසෙහිදී යුද කළෝය; හේතෙමේ නැවතත් යුද කොට තුන්දෙනම පැරදවී. කටගම තුන්වෙනි වරද සිවුවෙනිව කාලාවැවද පස්වෙනි වර උදුන්දොරද සවෙනි වර මඩවෙලද ඔවුන් සමග යුදකොට සැම කල්හිම ගත් ජය ඇත්තේ ඇමති පිරිවර ජනයන් සහිතවූයේ පො‍ලොන්නරුවට ආයේය. හේතෙමේ සිතු නයින්ම පියහු සොහොන දැක දුරුකරණලද මහසෝ ඇතිව ලත් අස්වස් ඇත්තේ පුරයෙහි වසන්නේම තමහට දුකෙහි සාගයවූ ඇමතියන්ට සුදුසුසේ තනතුරු හා සියලු භොගයන් දින. තමා සමඟ ආවාවූ සියලු භටයන්ටද දුකෙහි සහාය බැව් සිහිකෙරෙමින් සුදුසු වැටුප් දින. ඒ මාණාභරණ රජතෙමේද සෙසු සොහොවුරන් සමග ( ලක්දිව) දකුණු පසද රුහුණද තමා අත්පත් කොට ඉක්බිත්තෙන් කිත්සිරිමේ කුමරහට දොළොස්දහස් රට දී එහිම වසන්ට නියෝග කෙළේය. සොහොවුරානන් විසින් අණවන ලද්දාවූ කිත්සිරිනම් ‍ජනෙන්ර්ේ තෙමේ එහි ගොස් මානාසුල නම් පුරයෙහි විසී. යලිත් සිරිවල්ලභ කුමරහටද, අටදහස් නම් රට දී එහි වසන්ට නියෝග කෙළේය. ඒ සිරිවල්ලභතෙමේද එසේම ගොස් උදුන් දොර, නම් ගම රජදහන් කොට වෙසෙමින් ඒ රට අනුශාසනා කෙළේයි.තෙමේත් සේනා සහිතව දකුණුගසට ගොස් විරබාහු යයි ප්රළසිඬවූයේ පිළගම විසී. තුන්බෑ රජදරුවන්ගේ මව්තෙමෝද ජයබා රජතෙමේද එකල්හි කිත්සිරිමේ රජහු ලඟ විසූහ. ඉන්මතු හවුරුද්දක් ඉක්ම ගියකල ඒ මාණභරණදීහු ඒ විකුම්බා රජහු විසින් තමන් කෙරෙහි යුදයෙහි කරණලද්දාවූ සියලුම නැංග‍ නොහැකි මහත්වූ පරාජය නිගාව නැවත නැවත සිහි කරන්නාහු අභිමානයෙන් උදම්වුවෝ “හිස අබිසෙස් කළ රජුන්ගේ රජරට


33-16 90 මහාවංශය


මෙතෙමේ අබිසෙස් නැතිවම කෙසේ නම් අනුභව කරන්නේදැ”යි මෙසේ ඉෂ්යාේපර බවටද පැමිනියෝ සේවකයන් සංග්රැහ කොට ගෙණ එකතුව නැවතද යුද කරණු පිණිස නික්මුනෝය.ඒවික්ර මබාහු රජකෙමේද ඒ අත්ථ දූතයන්ගෙන් අසා මහසෙනග විසින් පෙරටුකරණ ලද්දේ ඔවුන්ගේ රටටම ගියේය. ඒ වික්රහමබාහු ක්ෂුත්රීඔයතෙමේ දකුණුදෙස බෝසෙන්පවී නම් ගමදී යුදකොට ඒ තුන්දෙන පැරදවී. කල්හි “මම මේ සියලු සතුරන් මුල්සුන් කරමැ” යි සිතා පලායන්නාවූ උන් පියවර පසුපස්සෙයි ලුහුබැන්දේය. ඔවුහුද පස්යොදුන් රට බලකොටුවකට ගියෝය. හේ තෙමේද ඔවුන් අල්වනු කැමැත්තේ යුහුව කැළණි පුරයට වන්නේය. එකල්හි ආරියරට උපන්නාවූ පළන්දිේප නම් රට අධිපතිවූ වීරදේව යයි ප්රනසිඬවූ අතිශයින් දරුණුවූ වීරයෙක්තෙම ලක්දිව අත්පත් කරණු හැක්කැයි සිතා ශුර යොධයන් සමඟ මහතොට ගොඩබැස්සේය. එකල ඒ වික්රකමබාහු නම්වූ රජතෙමේ එපවත් අසා යම්තාක් මේ ලක්දිව ලදබැසගැන්ම ඇත්තේ නොවේද ඒ තාක් මුල් සිඳිය යුතුයයි සිතා කැළණියෙන් නික්මුනේ. මහතොට මන්නාරම් නම් ගමට ගියේය. වික්රාමබාහු රජු හා සමඟ ඒ වීරදේවතෙමේද යුද කොට සෙන් ඇණි ආදීන්ද දෙබෑ රජකුමරුන්ද කිතු නමින් පසිඳු වූ ‍ෙස්නාපතීහුද වීර සම්මත වූ බොහෝ ජනයන්ද වහා මරා රක්ඛක නම් සේනාපතියාද ජීවාග්රහහයෙන් අල්වාගෙණ සේනා සහිතවූ උහු පරදවා පියවර පසුපස්සේ ලුහුබැන්දේය. බියපත්ව පලායන්නාවූ හේතෙමේ සිය පුරයට අවුත් හසතසාර වස්තු ගෙණ වහාම කොටු සරට ගියේය. ඒ වීරදේව තෙමේ උහු පසුපස්සේ ලුහුබැඳ අවුත් කීපදිනක් පුරයෙහි වාසය කොට වික්රදමබාහු රජහු අල්වාගන්නා පිණිස වහා එහිම ගියේය. ඒ වික්ර්මබාහු රජතෙමේද මහත්වූ සියලු සේනාව යවා යුද කරවා අතුරුවිටි නම් ගම මහාකදිම දුර්ගියෙහිදී මහබල ඇතියේ වීරදේවයා මරවා අධිපතිවූයේ අබිසෙස් නැත්තේම පොළොන්නරුවෙහි වෙසෙමින් රජ රට අනුසාසනා කෙළේය. ඉන්පසු තුන්බෑ රජහුද යුඬයෙහි ආසාව දුරුකොට සිය සිය රට ගොස් පෙරසේම විසූහ. මේ රජුන් සතරදෙනාම උතසාහ කරමින් මේ ලක්දිව එකසත් කරන්ට සර්වූප්රයකාරයෙන්ම නොහැකි වූහ. අපරීක්ෂාතකාරී බැවින් උසස් කුලවතුන් පිරිහෙලූහ. හීනවූ සවාභිමත ජනයන් මහත් තන්හි තැබුහ. යහපත් නුවන නැත්තෝ විජයබා රජහු විසින් නොයෙක් පරිද්දෙන් වඩනලද්දාවූ බුදුසස්න හා ලොවද පිරිහෙලූහ. උතුම් කුලවත් මිනිසුන්ගේ එබඳු දොසක් නැතිකල්හිද ඔවුන් අයත්වූ ධනය බලාත්කාරයෙන් ගත්හ. ධන උපයන්නෝ නොපිරුණු තොස්ඇතිව වැඩියක් අය ගණිමින් සියලු ලක්දිව උක්යතකින් උක්දණ්ඩන් සේ මිරිකාලූහ.


61 වෙනි පරිච්ඡේදය 91


ඒ වික්රකමබාහු රජතෙමේ බුඩාදීන් සන්තක භොග ගම් උදුරා සේවකයන්ට දින. හේතෙමේම පොළොන්නරුවෙහි ධාතුයෙන් අලඞකෘතවූ නොයෙක් විහාරයන් පරදෙසිකවූ යොධයන්ට වසන පිණිස දින. සැදැහැත්තන් විසින් පාත්රනධාතුවටද උතුම් ‍දළදාවටද පුදන පිණිස දෙනලද මිණිමුතු ආදියද සඳුන් අගිල් කපුරුද රන් ආදියෙන් නිමවන ලද්දාවූ පිළිමයන්ද පැහැර ගෙණ කැමැතිසේ විනාසයට පත්කෙළේය. සස්නටද ලොවටද කරුණු ලබන්නාවූ උවදුරු බොහෝසේ බලමින් එකල්හි උහු කෙරෙහි කලකිරුණු සිත් ඇත්තාවූ ‍අෂ්ටමූල විහාරයන්හි ගරු වසයෙන් සමමතවූ භික්ෂු හුද දෙකොටසට ඇතුළත්වූ පාංශු කුලික භික්ෂුිහුද “ මෙසේ තිත්ථිිකයන් නමවූ සස්නට බොහෝ උවදුරු කරන්නවුන් හමුවෙන් බෑරයාම උතුමැ”යි සිතා උතුම් දළදාව හා පාදාව ගෙණ රුහුණට ගොස් පාසුවූ ඒ ඒ තන්හි වාසය කලෝය. එසේම ඒ ඒ පාසු තන්හි විසිරගියාවූ ඒ කුලවත් දනෝද සැඟවී වාසය කළෝය. උභයපක්ෂිගත රජුන් විසින් ගතයුතුව සීමාවල පිහිටවන ලද්දාවූ සාමානනයෝ ඔවුනොවුන් සමඟ බොහෝසේ යුද කරමින් අතිශයින් සමෘඬවූ නොයෙක් ගම් නියම්ගම්හි ගිනිලමින් දිය පිරුණු වැව්ද සිඳිමින් සියලු දිය ඇල අමුණුද හැමලෙසින්ම නසමින් නෙරළු ආදී තමන්ට උපකාරවූ රුක්ද සිඳිමින් යම්සේ පුරාණ ගම් පිහිටි තැනෙකැයි නොහැ‍ඟේද එසේ ඔවුනොවුන්ට විරුඬවූවෝ රට වැනසූහ. ඒ මිහිපතියෝද සිය චරයන් ලවා ගම් පැහැරීමද මංපැහැරීමද කරවන්නෝ ලොකොපද්රකව ‍කළෝය. කුලවත් මිනිසුන්ගේ දස්කම්කරුවෝද සිය හිමියන් ඉක්ම පවත්නෝ නිසැකව බියරහිතවූවෝ එකල්හි රජුන් අබතුර පවත්නාහු අවිදරව ලත් තනතුරු ඇත්තෝ අතිශයින් බලවත්වූහ. සමතතකුට පර්වරත සථානාදීවූ නොයෙක් දුර්ග්ස්ථාන වාසීවූ ජනයෝ මිහිපලුන්ට පෙර නියමකරණලද අය නොදෙන්නෝ රජ අණ නොගන්නාහු තුමුරජ සතුරු බවට පැමින උඩඟුව සිය සිය දෙසම විසූහ. එකල ලක්දිව්තලය “අවැඩෙහි ඇළුනෝ නම් හැමසෙයින්ම පෙරලෙත්” යයි කිය යුතු බවටම ගියේය. මෙසේ සිරිත්මගින් බැහැරවූ ඒ සියලු මිහිපල්හු ගම් මුදළියන් මෙන් සැමකල්හි වැඩියක් තෙද නැත්තාහු අතිශයින් වැසනයෙහි ඇළුනු සිත් ඇත්තාහු උපුටනලද රජ අබිමන් ඇතිව සතතයෙන් අත්වැඩ පරවැඩ සිදුකිරීමෙහි බහාතැබූ ධූරයෙහි යෙදුනෝ වෙසෙසින් හීනසිත් ඇතිව විසුහ. මෙතෙකින් හුදීජනයා ප්රධසාද සංවේග පිණිස කළ මහවස චතුරාජ චරියානිදෙදස නම්වු එක් සැටවෙනි අදියර නිමි. ________________________________________


92 මහාවංශය


62 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඒ ජයබා නම් මිහිපතිතෙමේද මිත්තා නම් ( නැගනි) රාජිනියද රුහුණම වැස එකල්හි කලුරිය කළේය. යලිත් සිරිවල්ලභ රජහුගේ බිරින්දැවූ සුගලා නම් බිසොතො‍්මෝ මාණභරණ නම් පුත්රතයාද ලීලාවතී නම් දුවද යන දෙදෙන ඉපදවී. මාණභරණ රජහුගේ බිසෝවූ රත්නාවලී තොමෝත් මිත්රාි නම්වූද ප්රතභාවතී නම්වූද දුන් දෙදෙනෙක් ලැබී. ඒ දුන් දෙදෙන ද දක්නාවූ වීරබාහු නම් මහ ඈපානන්ට එකල්හි මෙසේ විතක්යක්වී. ‍ලෝකයා විසින් මනාකොට සමමතකරණ ලද්දාවූ සියලු රජකුලයන්ගේ මුදුනෙහිවූ පිරිසිදුවූ චන්ර්ණ වංශයෙහි උපන්නාවූ අපි වනාහි අතිශයින් ඉචඡාකටයුතු ආකාර ඇත්තාවූ සියලු ශක්තියෙන් උසස්වූ නානාවිධ ශාස්ත්රුයන්හි දක්ෂලවූ ඇත් අස් ආදී ශිල්පයන්හි පොහෝ සත්වූවෝ (වම්හ). එතකුදුවුවත් මේ අපි තුන්දෙනාම උදකලා වික්රඇමබාහු ඈපානන් විසින් යුදයෙහි පැරදි නින්දාුවට පත්කරණලද්දේ (වම්හ). මේ කිලුටු සුඬකරන්ට වෙසෙසින් පොහොසත්වූ පුතෙකුගේ පහල වීමක් නොපෙණේ, අපගේ මද පිණැති බව අදෝමය. ජනවාදයෙන් කිලුටුවූ රජබවෙන් මට කම් කිම, දැන් කාම සැපයෙහි ඇල්ම හැර මනාකම්හි සතතයෙන් නොපමාවූවහු විසින් දවස් යැවිය යුතුය”යි (සිතා) සියලු රාජ්ය්විචාරණය ඇමතියන්ට පාවාදී එහි සත් අට මාසයක් වෙසෙමින් එක් දිනක් රෑ ශීලසංයම ඇතිව දෙව් රජගෙය් ශයනය කෙළේය. ඉක්බිති අලුයම් කාලයෙහි විසිතුරුවූ වස්ත්රා භරණ ඇත්තාවූ සුවඳමලින් සැරසුනාවූ වෙසෙසින් උදාරවූ රූ ඇති සිය සිරුරු බැබනුමෙන් අහස්කසට නැගි හිරු සෙයින් සියලු දිගුන් හෙළි කරන්නාවූ මෙසේ කියන්නාවූ මහත් ඍධිමත් දෙවපුත්ර්යා මිහිපල් තෙම සිහිනෙන් දිටී. “මහ පැණැත්ති පහදුන, මිහිපත්ය ප්රී්ති යුක්තවේව, පිණැති ලකුණෙන් සමෘඬවූ ඊපසිතාත්ථි්ය සිඬකරන්නාවූ හික්මුනාවූ ලොවතුළ පතළ තෙද පැරකුම් ඇත්තාවූ ආඥා බල යශස් කිතිසින් බබලන්නාවූ යහපත් ගුණයන්ට ආකාරවූ ලොකහාසනාභිවෘධිකාරීවූ උතුම් පුත්රළයෙක් තෙම මහරජ දැන් තොපට නොබෝකලකින්ම ලැබෙන්නේය. පුත්රයදාරාදීන් විසින් වාසය කරණලද්දාවූ පුරයට වහා යව”යි (මෙසේ කියන දෙව පුත්රනයා දැක්කේයි) පිබිද හටගත් ප්රී”තිවේග ඇත්තේ ඉක්බිත්තෙන් රැය පහන්වූ කල්හි රජතෙමේ එයින් (නික්ම) පිලගමට ගියේය. ඒ මිහිපල් තෙමේ දුරුපරිද්දෙන් ඒ ශුභ සවප්නය මෙහෙසිය ප්ර මුඛ කොට ඇත්තාවූ ඇමතියන්ට කීයේය. එහි මෙහෙසිය හා සමඟ උතුම් පුතෙකු පතමින් දානශීලාදී නානාප්රටකාර කල්යාමණ ධර්මසයන් පුරන්නේ


61 වෙනි පරිච්ඡේදය 93


යලිත් එක් දිනක් අලුයම් කල්හි සිහිනෙන් වනාහි සියලු ලකුණෙන් සමෘඬවූ සර්ව්ඟ ධවලවූ මනහරවූ දමිතවූ උතුම් දමිත වූ උතුම් ඇත්පොව්වෙක් ප්රේමයෙන් කණ අල්ලා හැරගෙණ මෙහෙසිය යහන් ගබඩාවට ඇතුල් වෙන්නාසේ දැක පිබිද උතුම්වූ සයනයෙන් නැගිට හටගත් ප්රීඩති ප්රනමොද්යා වෙගයෙන් පිණගිය සිතැත්තේ එම වේලෙහි මෙහෙසියගේ (ශ්රී ) යහන් ගබඩාවට වහා ඇතුල්ව දුටුපරිද්දෙන් සිහිනය ඇයට පැවසී. “මමද මාගේ යහන පැදකුණු කොට සිටියාවූ එබඳු ඇත්පොව්වෙක් සොඬ අල්වා‍ගෙණ යහනට ඇද නගා ප්රේසමයෙන් සිහිනෙන් වැලඳගතිමි”යි දේවිතොමෝද උහුට කීය. ඒ දෙදෙන දුටු දෙය ඔවුනොවුනට මෙසේ ප්ර‍කාශ කොට සනතුෂ්ටවූවෝම එකල නිදිනැතිව අරුණ නැගූහ. ඉක්බිත්තෙන් උදය ‍ උපස්ථානකරණ පිණිස ආවාවූ පෙරවී බමුණුද නිමිතතපාඨකයන්ද පිළිවිසියෝය. (ඒ) අසා සතුටුව ඔව්හුද නෙබෝකලකින් පින් ලකුණු ප්ර කාශකරන්නාවූ පුතෙකුගේ උත්පත්තිය අවශ්යතයෙන්ම වියයුතුයයි ප්ර කාශකළෝ. ඒ අසා ඇමතියෝ එසේම නුවර වැසියෝද රජතෙමේද යන සියල්ලෝම සතුටු මහ සැනකෙළියක් වින්දෝය. එතැන් පටන් අතිශයින් සැපයන් සොයන්නාවූ මිහිපතිතෙමේ භික්ෂුෝසඞඝයා ලවා බෙහෝසේ පිරිත් බැණවී. මාහැඟි මිණිමුතු ආදීවූ ධනය නොයෙක් පරිද්දෙන් යදින්ට දානමුඛයෙහි දවසක් පාසා පරිත්යාීග කෙළේය. වෙද වෙදාග දන්නාවූ බමුණන් ලවා ශුභයයි සමමතවූ යාගාදී විදහන්ද පැවැත්වී. බෙහෙවින් නටුවාවූ විහාරද දාගැබ්ද පිණිවූ වැව්ද ප්රගතිසංස්කරණය කරන්ට රජ කම්කරුවන් යෙදවි. මෙසේ නරනිදුහු මනාකමින් දවස් යනකල්හි ‍නොබෝ කලකින් දේවියගේ කුසෙහි උතුම් ගැබක් පිහිටියේය. ඉක්බිත්තෙන් ඒ දැන තුටුපහටුවූ ඒ නරනිඳුතෙමේ දේවියට මහත්වූ ගැබපෙරහරක් දෙවි. කෙමෙන් මූකළ ගැබ ඇත්තාවූ දේවිතොමෝ යහපත් නකත් මොහොතින් අභිලක්ෂිිත වූ සමයෙහි පුත්රවයෙක් ප්ර්සූත කළාය. එකෙණෙහි සියල්දිගුහු අතිශයින් පහන් වුහ. සුවඳ මුදු පවන්ද හැමූහ. ඇතුන්ගේ කුචනාදයෙන්ද අසුන්ගේ හේසාරවයෙන්ද රජ මළුව එකල මහ කොලහලින්ද අවුල් වී. මෙසේ ආශ්චය්ය්්ද විශෙෂය නොයෙක් පරිද්දෙන් පහලවූ කල්හි ඒ දැක විස්මයට පත්වූ මාණාභරණ රජතෙමේ එකල්හි සියපුතු උපන් අස්න අසා අමාවෙන් අබිසෙස් ලද්දෙක්සේ ප්රීලතියෙන් පිරුණාවූ මනොරථය ඇත්තේ. එකල සිරගෙයි බැඳි බොහෝ ජනයන් මුදවා මහණ බමුණන්ට උදාරවූ දන් දෙවි. නුවර වැසිවූ ඇමති ආදීවූ ජනයෝද රාජධානිය කෙහෙල් තොරන් ආදියෙන් නොයෙක් පරිද්දෙන් නිරවශේෂ කොට සරහා මොනවට හැඳ පැළඳගත්තාවූ කීප‍දිනක් මහත්වූ මනහර සැණකෙළි පැවැත්වූහ.


94 මහාවංශය


වෙදයෙහි කිනලද විධියෙන් මිහිපනිතෙමේ කුමරහු ජානකර්මාමදී සියලු විධි සමාපත කොට ‍පෙරවි ආදී බමුණන්ද යලිත් ලක්ෂමණ පාඨකයන්ද ගෙන්වා සත්කාර සමමාන විධිය පූර්විකොට කුමරහුගේ ලකුණු පිළිගැන්මෙහි නියෝග කෙළේය. මනාකොට උහුගේ අතුල්පතුල් ආදී සියලු ලකුණු කල්පනා කොට සතුටුවූ ඔව්හු ඇමතියන් සහිත ජනසමූහය මැද පැමිණි රජහටද දේවියටද (කියන්නාහු) “ලක්දිව තකබා දඹදිව්තලයද එක සේසතින් සලකුණු කොට අනුභව කරන්ට දක්ෂාය”යි පැවසූහ. භෝග දීමෙන් ඔවුන් සනතාර්පෂණය කොට “ පෙණෙන්නාවූ යම් කිසි අරිටු ලකුණෙක් ඇත හෝ නැත හෝ” යි නැවතත් පිළිවිසි යෝය. “ මේ කුමාරතෙමේ දර්ඝාැයුෂ්කය, වැලි එකෙක් ඇත. ඒකානතයෙන්ම ජනකාරිෂ්ට යොගයක් පෙණෙ” වි ඔව්හු රජහට කීහ. ඒ රජතෙමේ ඒ කුමරහට “ සතුරු ජනයන් මඩනාවූ තෙදැති බාහු යොගයෙන් පරාක්රීමබාහුය”යි අන්වත්ථිජ නාමයක් ගත්තේය. විදහන් දන්නාවූ රජතෙම කන්විදිනා මගුලද බත්කවන මඟුලද විධිවූ පරද්දෙන් අඩු නොකොට කරවී. එකල්හි ඒ රජතෙම සිය පුතු උපන් හස්න විකුම්බා රජහට කියන පිණිස පොළොන්නරුවට දූතයන් එවී. ඒ වික්රහමබාහු රජතෙම ඔවුන් අයිති යහපත් මහිම ඇත්තිය පුතුගේ මහ පිණැති බවද ජනකාරිෂ්ට යොගයද අසා “පිණැත්තාවූ විජයරාජාදී ‍රාජමාලාවට නායකව බබලන මැණිකක් වැනිවූ මාගේ බෑනනුවන් හෙතෙම ඉපදවිය “උහුට යම්සේ සතතයෙන් කිසි හානියක් නොවන්නේද එසේ මෙහි මා වෙතම කුමාරතෙමේ වැඩේවා. මේ මාගේ ගජබාහු නම් පුත්තෙම නොලත් ලාභයක් ලබන්ට හෝ ලත් ලාභයක් රක්නට හෝ හැම පියොවින් අපොහොසති. මිහිඳු නම්වූ අන්යය පුත්ර්තෙමේ සූරබැව් ආදියෙන් යුත් නමුදු මව් ගොතින් හීන හෙයින් මාගේ රජයට නුසුදුස්සේය. මා විසින් නොයෙක් සෙයින් රැස්කළ සමෘඬවූ වස්තුරාශීන් යුක්තවූ රජයට බැන තෙමේම ඒකාන්ත ස්වාමි වන්නේ වේවා” හෙතෙම මෙසේ සිතා ඒ කුමරහු ගෙණ එනු පිණිස කුමාර ‍පලඳනාද සෙසු සාර පඬුරුද දී දූතයන් යැවුයේය. වීරබා රජතෙමේ ඒ සියල්ල දූතයන් මුඛයෙන් අසා “උහු විසින් මෙබස මට හිතවූ බුඩියෙන් කියන ලද්දේ යුත්තේය. එතකුදු උවත් තමන්ගේ අරිටුදොසට පිළියම් පිණිස මෙබඳුවූ උදාර පුත්රුවන්ක් යවන්ට සුදුසු නොවෙයි. වැලි ‍එකෙක් ඇති, කුමරහු එයි ගෙණ ගියකල විකුම්බා රජහුගේ පක්ෂටය ලැබූ මහපවන්වෙග ඇති ගිනිසේ අතිසයින් උසස්වූ මහත් තෙදින් බබලන්නේය, වෙසෙසින් අපට මහත්වූ කෙවලවූ හානියක්ම වන්නේය.” හෙතෙමේ මෙසේ සිතා එහි පැමිණි දූතයන් අත සියපුත්හු නොඑවාම ඔවුන් ‍දනයෙන් සතුටු කොට එවූයේය.


63 වෙනි පරිච්ඡේදය 95


ඒ නරනිදුතෙමේ සියපිත් බිරින්දන් හා සමඟ වාසය කරන්නේ තියුණුවූ මහත් වයාධියෙකින් වලදනාලද්දේ රජය සමඟ සිරුර ‍හළේය. මෙතෙකින් හුදී ජනයා ප්රමසාදසංවේග පිණිස කළ මහවස කුමරොදය නම්වූ දෙසැටවෙනි අදියර නිමි. ________________________________________


63 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

එකල ඉතිරි දෙබෑ‍යෝ දෙටුබෑ මාණභරණ (යුවරජු) මළපවත් අසා සිය සිය රටින් වහා අවුත් අනිතිම විධිය කරවූය. ඉක්බිති කිත්සිරිමේ කුමරතෙමේ දෙටුබෑයා රට තමා අයත් කොට ගෙණ මල්හු කැඳවා අනික් දෙරට දී එහිම වසන්ට අණ කෙළේය. හේ තෙමේද දෙටුබෑයා වදන් පිළිගෙණ රත්නාවලී බිසවද කුමරුද දුන් දෙදෙනාද එක්කොට (කැඳවා) ගෙණ මනාකුල නුවරට ගොස් එහි සමඟිව වෙසෙමින් කුමරහු සිළුමගුල් කරවා මහ පෙරහරින් සැමදා වැඩිය. ඉකිබිත් ඒ සිරිවලලභ ඈපාතෙමේ (රත්නාවලී‍) බිසවුන් දෙටු දුව මිත්රාස නම් කුමරිය සියපුතුට දෙනු කැමැත්තේ ඇමතියන් සමඟ “වැඩියේම කලිගු කුලයෙහි උපන්නාවූ රජදරුවෝ වූ කලී මේ ලක්දිව්හි නැවත නැවත හිමිබවට පැමිනියහ. ඉදින් කලිඟු කුල උපන් ගජබා කුමරුට දෙනු පිණිස මේ රත්නාවලී දේවිතොමෝ රහසිගතව දුව යැවී නම් විවාහයෙන් බඳනාලද ඒ ගජබා කුමර තෙමේ වැඩියක් බලවත් වන්නේය. මාගේ මේ පුත්රගතෙමේ සර්ව ප්රදකාරයෙක් නිරලඹ වන්නේ හෝ පිටිවහල් නොලබන්නේය. එහෙයින් මේ කුමරිතෙමෝ මපුතුට දිය යුත්තීය. එසේ කල ඒකාන්තයෙන් අපගේ දියුණක්ම වන්නේය”යි මන්ත්ර ණය කෙළේය. සූය්ය් ද වංශයට ආභරණයක් බඳුවූ දේවීතෙමෝත් ඒ සියල්ල අසා සර්ව්ප්රකකාරයෙන් ඒ නුරුස්නී රජහට මෙපවත් කීවාය. “විජය කුමාර තෙමේ සියලු යකුන් මරා මේ ලක්දිව යම්කලෙක මනුස්ය්වාස කෙළේනම් එතැන්පටන් අප හා විජය රජ කුලය ගැළපූහ. කලිගුවය උපනුන් සමගම (ආවාහ විවාහ) සම්බන්ධනය ක‍ළ පුරුදු ඇත්තේය. අන් රජුන් හා අ‍පගේ සම්බන්ධහයක් අසූවිරූදැත් නැත. සොමවංශයෙහි උපන් රජුන් සිටියදී තොපගෙන් ජාතියයි අප හා ඒ සම්බන්ධබය තෙමේ ආය්ය්වය ත්ව්යෙහි උපන් මේ කුමරු හා කෙසේ වන්නේදැ”යි (කීවාය). මෙසේ ඒ දේවිය විසින් නොයෙක් ආකාරයෙන් වලකද්දීත් (සිරිවල්ලභ රජ) ඒ කුමරිය උදුරා සිය පුතුට දෙවි. ඉන්පසු ඒ මාණාභරණ කුමාරතෙමේ අනෙක ගුණ යෙන් උදාරවූ බිරින්ද විසින් අනුගත වූයේ සියලු ‍ජනයන් සතුටු කෙරෙමින් පියහුවෙත විසීය.


96 මහාවංශය


ඒ වික්ර මබාහු රජතෙමේ එක්විසි අවුරුද්දක් රජය වළදා ශරීර භෙදයෙන් කම්වූ පරිද්දෙන් පරලොව ගියේය. ඉක්බිති ගජබා කුමර සම්පන්න බලවාහන ඇති සාරවූ රජය අත් කොට ගෙණ පොළොන්නරු නුවර විසීය. ඉක්බිති කිත්සිරිමේ සිරවරිවල්ලභ රජදරුවෝ මෙබවත් අසා මෙසේ සිතූහ. “ඒ විකුම්බා කුමරු තමා මාළුබැවින් මූලරාජ්යාතධිපති බව නොයෙක් පරිද්දෙන් අපට නින්දාකර නොවෙයි; උහු පිත් බාලකුමරු මුල් රජය අනුශාසනා කරද්දී උපෙක්ෂාොවීම ඒකාන්තයෙනි අපට නුසුදුසුය. මේ තෙමේ යම්තාක් සියරටෙහි බදමුල් ඇති නොවන්නේවීනම් ඒතාක් ඒ රජය උදුරාගන්ට වටනේය”යි (සිතා) සියලු වේළක්කාර බලය වස්තු දීමෙන් බින්දාහ. එකල ඒ රජහු වල්ලභවූ සේවකයන් කීප දෙනෙක් හැර රටවැස්සෝ ගජබාරජු කෙරෙහි වීරතවූයෝ දෙරජුන් කරා ඒ රටින් නොයෙක් පරිද්දෙන් “එක්වූ අපි වනාහි රාජ්යනය සාදා දෙම්හ; හුදක් උපසතම්භක භාවයම (ඔබ දෙදෙනා විසින්) කටයුත්තේය”යි දූතයන් යැවූහ. ඉක්බිති දෙබෑයෝ යුහුව සියසෙන් සාරසාගෙණ දෙයතින් ඒ රජ කුමරහු රට මැදට පැමිණියාහ ; එසේම ඔව්හු දූතයන් ද යැවූහ. ඉක්බිති ගජබා මිහිපල්තෙමේ සිය ඇමතියන් රැස්කරවා “සියලු වෙළකකාර බලය ඉඳුරාම සතුරුවිය. රජුන් දෙදෙනෙකුදු යුද පිණිස අපගේ රටට පැමිනියහ. පළමුකොට ඔවුන් අතුරෙන් වැඩිබල පක්ෂ යක්හුගේ මුව බුනකල ඉන් අන්යියෝ වහා සුවසේ සුඬකට හැක්කාය”යි මනත්රහණය කෙළේය. මෙසේ නිශචය කොට තමා සියලු සෙනඟ ගෙණ සිරිවල්ලභ රජහු අභිමුඛයට යුද පිණිස පැමිනියේය. සිරිවල්ලභ රජතෙමේද උදෑසන පටන් සවස් වන තෙක් ඉතා බිහිසුනු යුද කෙරෙමින් උහුට කිසි අභිභවයක් කට නොහැකිව එතනින්ම නැවත සියරටට වහා ගියේය. ගජබා රජු ගොකන් ඇමතිහු විසින් පරදවනලද කිත්සිරිමේ රජ තෙමේත් සියරටට ගියේය. ගජබා රජතෙමේද ඒ යුදෙහිදී කිසි පරිහාණියකට ‍‍නොපැමිනියේ පෙරලා නුවර වෙත අවුත් අපරාධ සහිත බලවත්වූ බොහෝ බලනායකයන්ට නිග්රයහකොට රටත් ව්ය්පසමනය කොට ලා සියනුවරට වන. එතැන්පටන් ඒ රජ දරුවෝ සියරට උනුන් හා මිත්රපසම්බන්ධානය කොට ගෙන වාසය කළහ. ඉක්බිති මිහිපල් නන්ද න පැරකුම්බා කුමර ධාරණශක්ති ඇත්තේ නොයෙක් ශිල්පයෙහි ඉතා මනාව හික්මීමෙන් කර්තකව්යා කර්ත ව්යෙ යෙහි නොයෙක් පරිද්දෙන් විචාරක්ෂ ම බුඬි ඇති බැවින් ද ඉතා උසස් අදහස් ඇති බැවින්ද මහ පැණැති බැවින්ද සිය මව් බුහුනන් හා සමග වාසසැපයෙහිත් බාල ක්රී ඩා ර‍සයෙහිත් නොලැගුණු සිත් ඇත්තේ “ශුරභාවාදීන් යුක්තවූ මාවැනි රජකුමරුවෝ මෙබඳු



64 වෙනි පරිච්ඡේදය 97


පිටිසර රට කෙසේ නම් වෙසෙද්ද? යුව රජහු විසින් උපභොග කටයුතකු මා උපන් පෙදෙසටම දැන් යන්නෙමැ”යි පිරිවර ජනයා හා ඒ නුවරින් නික්මින. ක්ර්මයෙන් (එමින්) සඞබනායකත්ථවලි නම්වූ ගම වෙතට ආයේය. එහි කිත්සිරිමේ රජතෙමේ එපවත් අසා “ රාජ්යයයට හිමි මාගේ සමාන දරුකෙනෙක් නැති බැවින් මම හුදකලායෙමි යන යම් චිතතපනතාපයෙක් වීනම් ඒ සන්හුන් බවට ගියේය. මාගේ දෙටු බෑයා බඳුවූ උහුගේ සිරුරු පිළිරුව සතතයෙන් දක්නට මාගේ මහත් පිණක් පහලවිය” යිද ප්‍සිෙමාද්යද වෙගවසඟ වූයේ ඒ නුවර තොරන් ආදීන් මනෝහරකොට නොයෙක් පරිද්දෙන් අලඞකාර කරවා බලසෙනගින් පිරිවරණලද නරෙන්ර්ර තෙමේ මඞගල සමමත යහපත වක් නැකැත් වෙසෙසෙක පෙරමගට ගොස් අනුන් හා අසාධාරණ බවට සම්ප්රාසප්ත ගුණයෙන් හා සකල මඞගල ලක්ෂසණයෙන්ද සමන්විතවූ කුමරහු දැක සතුටුව ප්රෙෙමයෙන් වැලඳගෙණ ලැමිඬියෙහි හොවා නැවත නැවත හිස සිඹ ඒ මහජනයා බලා හින්දදී ඒ රජතෙමේ ඇසින් සතුටු කඳුලු ධාරා නිතොර වස්වමින් පුතු හා මනොහර එක් වාහනයකට නැගී බෙරහඬින් හාත්පස දසදිගුන් පුරමින් එනුවරට වැද මනොහර අලඞකාරයන් සිය පුතුට දක්වමින් රජවිමන් වන. ඉක්බිති ඒ තෙමේ සැට්ටලන ඇමතියන් අරක්කැමියන් ආදී නොයෙක් පිරිවර ලැබ නානා ගුණයෙන් සතුටුකරණලද සියහු වෙත සැපසේ විසීය. මෙතෙකින් හුදීජනයා ප්රනසාද සංවේග පිණිස කළ මහවස සඞථත්ථනලිපුරාහිගමන නම්වූ තෙසැටවන අදියරය නිමි. ________________________________________


64 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

තමා විසින් අභිමතවූ ජාතදෙශයට වහා පැමිනීමෙන් සම්පූර්ණ මනසසඞ්කල්ප ඇති දුසසාඞ්කල්පයෙන් වර්ජපතවූ (කුමාර තෙමේ) විදුරුබඳු මහත් ප්ර්ඥා බලයෙන් ගුරුන්වෙත නොයෙක් ශිල්පජාතය වහා බොහෝකොට උගන්වමින් බුඬාගමයෙහිද කොචලලාදී නොයෙක් නීතියෙහිද ශබ්දශාස්ත්රුයෙහිද නිසණ්ටු කෙටූභ සහිතවූ කාව්යාශාස්ත්රරයෙහිද නැටුම්ගීයෙහිද හස්ති ශිල්පාදී ශාස්ත්රෙයෙහිද දුනු කඩු ආදී නොයෙක් ශාස්ත්ර්යෙහිද වෙසෙසින් පරතෙර පැමිනියේ හික්මුනු සිත් හෝ ගාත්රන ඇත්තේ ඇදහිලි පෙරටුකොට පියරජහුගේ අභිප්රාකයනුකූලය හැමකල්හි ම හැසුරුණේයි. එකල යහපත් ආදර ආචාර ගුණයෙන් සිත් පිණවනලද පියරජ තෙමේ උහු හා ප්රිතය මිත්රණයෙකු සමඟ සෙයින් උයන්කෙළී දියකෙළි ආදී නානාප්රයකාර සුව අනුභව කෙ‍රෙමින් සියරට ඒ ඒ තැන හැසිරෙමින් එක්කලෙක රට සීමා ආරක්ෂාකයෙහි යොදනලද ඉතා බල


98 මහාවංශය


ඇති දැඩි භක්ති ඇත්තාවූ සඞ්බසේනාධිපතිහු වසන බදලත්ථකලී නම් ග්රාෂමය‍ාගේ සමීපයට ආයේය. සේනාපතිතෙමේ ඒ බව අසා එකෙණෙහි ඒ ගම මොනවට සරසවා පෙරගමන් කොට පුතු සහිත මිහිපල්හු වැඳ සිටියේය. එකල පිය පුත් දෙන්නා උහුට ප්රිටය තෙපුල් කියා උහු විසින් නොයෙක් පරිද්දෙන් ආරාධනා කරණ ලද්දෝ ඒ ගමට එලඹියෝය. රජතෙමේ එහි දවස් කීපයක් ගෙවා සෙනෙවියා කැඳවා මේ වදන් කීයේය. “දැන් මා පිත්තෙමේ යොවුන් වයසෙහි සිටියේය, උපනය නාර්භපය, උහුට උපනයනය කරන්ට මහොපකරණය වහා සැරසිය යුතුය”යි (කීයේය.) ඒඅසා ‍ෙස්නාධිනායක තෙමේ මගුල් පිණිස සියලු උපකරණය වහා සජජිත කෙළේය. සුවඳ පහන් මල් ආදී වස්තුවෙන් තුනුරුවන්හි තුන්දිනක් මහත් සත්කාර කොට පෘථිවිපති තෙමේ වෙදකෘතියෙහි දක්ෂදවූ බමුණන් ලවා ස්වකීය තෙජසට ‍අනුරූපවූ ඒ මගල්යිය නිමවා ඇමතියන් සහිතවූ‍යේ පැරකුම් කුමරු හා මහත් වසනත ක්රීහඩාව කෙළනට පටන්ගත. එකල කීතර්තිුශ්රීා මේඝ රජතෙමේ රුහුණ වසන සියමල් සිරිවල්ලභ නම් රජහුගේ මරණයත් (උහුපිත්) මාණභරණ නම් කුමරහු රාජ්යලලාභය හා මිත්රා දේවියගේ සිරිවල්ලභ නම් පුත්රකලාභයද රුහුණින් ආ දූතයන් අතින් අසා සිය බෑයා කලුරියෙන් හටගත් ඉතා දුසසහවූ ඒ සොකවේගය මිත්රාසවගේ පුත්රොෙතපතති ප්රවවෘත්ති ශ්රහවණයෙන් දුරු කොට ඒ වසන්ත කාලොතසවයෙන් වැලැක්කේ සක්සෙනෙවියා එහිම නවත්වා පුතු හා සඞ්ඛත්ථාලි නම් පුරයට ගියේය. ඒ පැරකුම් කුමරු හා එහි සුවසේ වසන රජහට හවුරුද්දක් ඉක්මින. මාණභරණ රජහු දෙවන බිසෝ ප්රවභාවතීතොමෝ කිත්සිරිමේ නම් පුතෙක් ලද. ඒ කීර්තරතිශ්රී්මේඝ රජතෙමේ එපවතුදු අසා “ අපගේ වංශය මහත්විය” යි එකල අතිසයින් සතුටු විය. ලක්දිව උපභොග කරන්ට අසහායවූ අසාධාරණ මහපින් කමින් මෙහෙයනලද ඒ කුමරතෙමේ පියහු විසින් තමො කෙරෙහි පියමිත්ර යකු කෙරෙහිසේ කරණු ලබන ආදර සහිත මහත් නැලවිල්ලද නොයෙක් ඇමතියන් විසින් භයභක්ති පෙරටු කොට කරණු ලබන උපස්ථානයද, තණපතටත් නොතකා වහා සියලු මේ ලක්දිව එක් සේසතින් හොබවනු කැමතිවූ හේතෙමේ මෙසේ සිතීය “ මේ වීපය තෙමේ සම්යතක් සඹුඬයන්ගේ කෙසධාතුය අකුධාතුය ශ්රී වාසර්මමධාතුය දාඨාධාතුය පාත්රුධාතුය පාදචෛත්යයය මහාබෝදිසාඛාය යන මොවුන්ට හා සම්යමක් සඹුඬවරයන් වැනි සුවාසුදහසක් ධර්මෝස්කන්ධුයන්ටත් නිත්යා්ධාර බැවින්ද එසේම මණිමුක්තාදී වස්තුන්ට ආකාර බැවිනුත් විශිෂ්ටයයි සම්මතවු නමුත් ඉතාමහත් නොවේ. මපිය රජ දරුවෝ තුන්දෙනාද එසේම මයිල් තෙමේද සර්වමප්රයකාරයෙන් මේ දිවයින ඒකචඡත්රතයෙන් පවත්වන්ට නොහැක්කෝ බෙදා වලදන්නෝ “මෙපමණකින් අපි කළකිස ඇත්තම්හ”යි සිතන්නාහු කුලොචිත


64 වෙනි පරිච්ඡේදය 99


අභිෂෙකයෙහි පහවූ අසා ඇත්තෝ ගම්මුදළියන් සෙයින් කෘෂිකථා දිය ඇසිරුකළෝ සිය සිය රට ඉසුර පැවැත්වූහ. ඔවුන් අතුරෙන් මාගේ කුඩාපිය කිත්සිරිමේ රජු තබා අනික් ඒ රජදරුවෝ තුන් දෙනා කම්වූ පරිද්දෙන් පරලොව ගියහ. අ‍ඳෝමය මෙකල මනුෂ්යවයන්ගේ පරමායුතෙමේ සවල්පයෙක, බාලයෝය තරු‍ණයෝය මහල්ලෝය යන මේ සත්වපයෝ ක්ර්මයෙන් මරණට පැමිණෙන්නා හයි යන මේ නියමයද මේ ලෝකයෙහි කිසිකලෙකත් අවිද්යා මාන මැයි. අපවැනි රජකුමරුවන් විසින් බිදෙන සුලුවූ සාර රහිතවූ සාරදර්ශින් විසින් හෙළාදක්නා ලද්දාවූ ඒ මේ සිරුරෙහි අපෙක්ෂා්ව සර්වරප්ර්කාරයෙන්ම බැහැරලා ප්රා ත්ථිහනා කටයුතුවූ චිරස්ථායිවූ යශස් ශරීරයෙහි සැමකල්හි ආදර කටයුත්තේය. උමමග්ගජාතකාදීවූ බොහෝ තැන බෝසත්හු විසින් කරණලද විරහාවාදී නිශ්රි ත චරිතයද රාමායණ භරතාදී ලෞකික කථාහිත රාවණ මැරූ ඒ රාම කුමරහු වික්රිමයද, දු‍ෙය්යාාහි ධනාද‍ී රජුන් මරා පවපාඬුපුත්ර යන් විසින් යුධයෙහි පවත්වනලද වික්ර‍මාතිශයද, ඉතිහාස කථායෙහි පෙර දෙවා සුර යුඬයෙහි දුෂ්යින්තාදී රජුන් විසින් කළ අද්භූත චරිතයද නන්දච වංශයෙහි නරෙශ්වරයන් උනමුලනයකළ ප්රයසිඬ චානක්ය්නම් බ්රරහ්මණයාගේ නුවනශක්තියද අසා ලෝකයෙහි සියලු මේ චරිතයෝ අද දවස දක්වා උන්ගේ සම්ප්ය්ය නැතිවත් ලෝකයෙහි සුප්රතසිඬියට ගියාහුමැයි. යමෙක් ‍මෙබඳු අසාධාරණවූ උත්කෘෂ්ට චරිතයක් කරන්ට සමත්ථි වෙත් නම් ඔවුන්ගේ ජීවිතය ලෝකයෙහි යහපත් ලාභයකි. ක්ෂතත්රත වංශයෙහි ඉපිද ක්ෂලත්රේවීරවරයන්ට සුදුස්සකු මම ඉදින් නොකරන්නෙමි නම් මගේ මේ ජාති තොමෝ හිස්වන්නීය. හුදක් ඔවුන්ට කාලසම්පත්තියම අධික විය. කිමෙක්ද ප්රනඥා ආදියෙන් ඔව්හු මට වඩා අධිකයෝයදැ”යි සිතා “දැන් මපිය රජ තෙමේද පශ්චිම වයසෙහි සිටියේය. ඉදින් පියා අයත් මේ රජය මා අත්පත්වී නම් රාජ්ය ශ්රී වසඟයෙන් යුක්ත සිත් ඇති මාගේ ප්රයමාදයෙන් යථාභිප්රෙ තය ඉඳින් නොවීනම් අත්යවත්ථිසයෙන් මට මහත් හානියෙක. ඉදින් මම මෙහිම වෙසෙමින් සිය චරයන් ඇවිදුවා තත්වූ පරිද්දෙන් පරමඬල ප්රරවෘත්තිය දනිම් නම් පසමිතුරන්ගේ සිදුරුවූ පරිද්දෙන් මාගේ අභිප්රාමයානුරූප කොට ප්රදකාශකරණයෙහි චරයෝ සමත්ථිුයෝ හෝ නොවෙද්ද මෙහි යම් පමණ ජන කෙනෙක් වෙත් නම් ඔහු සියල්ලෝ මා හමුයෙහි සතුරන්ගේ බලාධික්යෙ නොයෙක් පරිද්දෙන් කියත්මැයි. “එකී එකී රට හිමිවූ (ඔබ) පියරජුන් තුන්දෙනා විසින් එක්ව සත්වරක් මහා යුඬ කොට සාධාගන්ට දුෂ්කරවූ රට හුදකලාව තරුණවූ එක් රටක් අනුභව කරන්නාවූ භවත්හු විසින් කෙසේ (සාධා) ගන්ට හැකි වන්නේද? මුල්වූ ඒ රාජ්ය යාගේ සාධනය සුවසේ කොටහැක්කැයි යන තාගේ මේ දුෂ්චිනතිය දුරු‍කටයුතුය”යි කණෙහි රත්යවුල් එලන්නාසේ නොයෙක් පරිද්දෙන් පරමඬලයෙහි මහිමය බොහෝ කොට මෙසේ කියති. තත්වු පරිදි නොදැන කියන්නා වූ දුර්


100 මහාවංශය


බුඬීන්ගේ සියලු මේ වචනය කිසිකලෙකත් ඇදහිය යුතු නොවන්නේය. එහෙයින් එක් උපායකින් පරමඩලයට වහා ගොස්ම මම එහිම තත්ත්ව ය දැනප‍ීම් නම් යෙහෙකැ”යි සිතුයේය. “ඉදින් මපිය මිහිපල්තෙමේ මේ සිතිවිල්ල දැන ‘ අභිජාතවූ වංශය බබුලු වන්නාවූ සතුරන්ට රටට ගිය මපුතුහට අන්තරායකුදු වියහැක්කේ යයි’ අනුකම්පාබුඬීන් මා ගමන් වලකන්නේ නම් සර්වරප්රැකාරයෙන් මගේ මනදොල මුදුන්පත් නොවන්නේය. එහෙයින් වෙස් වලා යාම යෙහෙකැයි” සිතා පසුව එක් දිනෙක රාත්රීොකාලයෙහි එබඳ අවකාශයකුදු ලැබ අක්ෂීැණතර මහා උපා ඇත්තේ සිය පියතෙමේ ඒ ගමන් යම්සේ නොදනී නම් එසේ කල්දන්නා චතුරවූ ඒ කුමාර තෙමේ ගෙන් බැහැර නික්මිනි. මෙතෙකින් හුදීජනයා ප්රවසාද සංවේග පිණිස කළ මහවස පරමඬලාභිගමන නම්වූ සූසැටවන අදියර නිමි. ________________________________________


65 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

සිය අටි දෙවෙනි කොට නික්මෙන උහු ඉදිරියෙහි එකෙණෙහි කිසි සක්හඬක් නැංගේය. ඉක්බිති නොයෙක් නිමිතිදන්නා කුමාර තෙමේ ඒ අසා “ සඞකල්පය තෙමේ වහාම සිඞවන්නේය”යි සතුටු වූයේ ඒ ඒ තැන නියුක්ත ආරක්ෂපක ජනයන් නොදන්වාම පහවූ භය ඇති සිංහපරාක්රඒම ඒ කුමාරතෙම නුවරින් නික්ම වේගයෙන් පස්ගව් පමණ මග ගෙවා ගොස් බදුලුතලාගමට නුදුරු පෙදෙසක පිලිංවත්තැයි නම්වූ එක් ගමකට එලඹියේය. තමා ඊමෙන් පෙරතුව (අවුත්) පෙරමග හිදිනට සියජනයන්ගේ සන්නිපාත පිණිස කළ අවධිඇති කුමාර තෙමේ එකල පිළිලද නියෝ ඇත්තන් අතුරෙන් මදකෙනෙක්ම එහි අවුත් සිටියන් දැක “ කිමෙක්ද ආවෝ මෙපමණෙක්දැ”යි විචාළේය. ඉක්බිති ඔටුහු කුමරහට මෙසේ කිවුය. “ලෝ පවත් සියල්ල දන්නාවූත් ස්වාමීන් විසින් මෙසේ කුමක් කියනු ලැබේද? මරණ භය විද්යාසමාන නොවන්නේද කාටද? ස්වාමි තෙමේ බාල බව අනුගතවූ ඊනියා වයස්ව සිටිසේක. නුඹවහන්සේගේ තුඩ අද දක්වාත් කිරිසුවඳ අමයි. ඔබ විසින් වෙන් කොට රැස්කරණලද වස්තුවෙක් නැත්තේමය. ඉන් අන්යතවූ උපකරණ සාමග්රි්යකුත් නැත්තේමය. බොහෝ කලක් ඉතාපුරුදුවූ දැඩිව හටගත්ඇදහිලි ඇති අපහැර ඔබ අනුව යන්නාවූ ජනයෝ කවුරුද? වැලි එකෙක් ඇති, ආවාවූ අපටත් නුඹවහන්සේගේ පිය නරෙෂ්වරතෙමේ මෙනම් දඬුවමක් කරවන්නේයයි සර්වවප්රහකාර යෙන්ම නොමදන්නා ලැබේ. අ‍පගේ අතරමග මහාවීර මහා බල ඇති සඞඛ නම් සෙනෙවිතෙමේ රාජ්ය සීමාන්තයෙහි වසන්තේ ( කුමක්කරන්නේද) අනික් පසමිතුරන් තබා මේ අපි කීපදෙනෙක්


65 වෙනි පරිච්ඡේදය 101


මිනිස්සු උනුන්කෙරෙහි නියතයෙන් අත්යනත්ථිනවූ සැකයෙන් යුත් සිත් ඇත්තම්හ. දැන් අරුණෙද්ගම වේලාවද ඉතා ආසන්නය” මෙසේ හෘදය ඇසුරුකළාවූ භීතය වෙන් වෙන්ව ප්රිකාශ කළෝය. උන් බස් අසා මිහිරි සිනා කොට සැකනැත ඒ කුමරතෙමේ ඔවුන් මුහුනු බලා “අහෝ මෙතුවක් කල් මොව්හු සියල්ලෝ මා සමඟ හැසි‍රත් මා නොහැඳින්නහ. මොවුන් බිය ඊනියාය” මෙසේ කියා එලඹ සිටි ඔවුන් භය දුරුකරණුවට සිංහවික්ර ම ඇති කුමර තෙමේ එකල මහත් සිහනද කෙළේය. “සියලු මිනිස්සු සිටිත්වා, මා හසතගත ආයුධ‍ ඇති කල කිපියාවූ සක් දෙව්රජතෙමේත් කුමක් කරන්නේද? මා බාලයයි සිතන්නාවූ තොපට බෙහඳු දුර්මජතියක් හටගත. තේජස් හා අඥාව පරීක්ෂාවකරණු ලැබෙයි ; වයස නොවෙයි යනු කිමෙක්ද තොප විසින් නො අසනලදද? අද මා විසින් කරන්නට සිතනලද එක් ක්රිකයාවෙකින්ම සියරට පරරට වැස්සෝ යම්සේ මා කෙරෙහි භය හා භක්ති කෙරෙද්ද තෙපිත් යම්සේ මේ භය මරිවිද මේ රැය පහන්වූකල ඇසිල්ලකින් එසේ මාගේ උග්ර්වූ ඥාන බලයෙන් කටයුතුවූ විකුම් දක්වන්නෙමි. පිය රජහු සේනාතොමෝ මා ලුහු බඳනීයයි එදින් තොපට භයෙක් ඇත්නම් තෙපි පෙරතුවව්” යයි උන්ට කියා ගන්නාලද අවිඇතුව නිර්භමය ඒකක්රිියා කොට ඇති විරවූ (කුමාරතෙමේ) ඒ ගමින් පිටත්ව උදාගිරිමුදුන සිටි හිරුමඬල දිනන්නට බටහිරිමුවින් නැගි අනික් හිරුමඬලක් සෙයින් පැතිරෙණ තෙදින් ජනයන් නෙත් පියුම්වන පොබයමින් පෙරවරු බදුලුතලට පැමිණියේය. ඉක්බිති සෙනෙවිතෙමේ ජයසක් හඬින් පිබිද හටගත් සම්භ්රයම ඇත්තේ වෙත පැමිනි ‍රජකුමරු හැඳින මහ බලසෙන් සමඟ පෙර ගමන් කොට කරණලද ආදර ඇත්තේ සුදුසු ප්රමණමනය කරන්නාට මිහිතෙලෙහි නැබුරුවිය. “ මේ තෙමේ ජීවත්වන්නේ අපට කවර වැඩක් කරන්නේද දැන්ම මැරිය යුත්තේය”යි මුහුන බලන්නාවූ භටයන්” නුදුටු අපරාධ ඇත්තක්හු මැරවීම පුරුෂබවට නුසුදුසුය විරුඬ කල වධය හැක්කැ”යි ඉගියෙන් වලකා සිංහයෙකු බඳු ඒ කුමරතෙමේ සෙනෙවියා අත ගෙණ මිහිරි වදන් කියමින් ඔහු මාලිගාවටම ගියේය. ඉක්බිති සෙනෙවිතෙමේ “මොහු ගමන් රජහු නොදැනම වියයුතුයයි (සිතා) යම් තාක් ස්වභාව දනිම් නම් ‍එතෙක් මොහු කැටුව ආවෝ යම්සේ එක් නොවෙත් නම් එසේ වෙන් කොට තැබිය යුත්තාහ කුමරතෙමේ මා ගෙයිම වෙසේව” යි සිතා සෙනෙවිතෙමේ එසේම කොට මහපැණැති කුමරහු රවටන්නට ආගන්තුක සත්කාර දක්වා රජුකරා දූතයන් යැවීය. ඉක්බිති කුමර උහු විසින් කළ වචා දැන “ මෙහි කටයුතු නොකොට ඉදින් මම උදාසීන වීම්නම් කිසිකලෙකත් ම‍ාගේ මනොරථයාගේ නිෂ්පත්තිය නොවන්නේය. පළමුකොට දැන් මේ තෙමේ අවශ්යොයෙන් මැරවිය යුත්තේය” යි සිතා එක්ව ආවක්හු මෙහෙයා


102 මහාවංශය


සෙනෙවියා මැරවීය. සෙනෙවියතෙමේ මරණලදැයි මහාකොලා හලවිය. සෙනෙවියා එක් භටයෙක් සෙනෙවිහු මැරවූවා අසා “මා හිමියා මරණය කවර කරුණකින්දැ”යි කියමින් කඩුගත් අත් ඇතිව සිය හිමියාට පුදනලද තමා දිවි ඇත්තේ,එකලාව සිටි කුමරහු වෙත ලාහෙලා දිවආය. ඉක්බිති ඒ තෙමේ කුමරහු මුහුන දැක භයින් වෙවුලමින් ඉදිරියෙහි සිටින්ටත් අසමත්ථිඉව පාමුල හින. කුමරහු “මොහු ගණුවයි” කියන්නට පෙරතුවම කුමරහු ‍සහචරයෙක් තෙමේ මේ භටයා මැරීය. “ම‍ා නි‍යෝග නැතිව උහු විසින් ක‍ළකම් නොයෙදේ” යයි මොහුට සෑහෙන දඬුවම් කරවී. ඉක්බිති රජකුමර තෙමේ එකල හටගත් ඉතා බිහිසුනු සඬ්ක්ෂොසභය බැම එසවීම් පමණකින් සමනයට යැවීය. යසස්ම උතුම් කොට ඇත්තාවු ධෘතිමත්වූ වීරයන්ට උපකාර කරණයෙහි චතුරවූ ප්ර්වරකිර්තාති සාරකොට ඇති වීරකුමාර තෙමේ සෙනෙවියා රැස්කළ අනල්පවූ සියලු ධනය භටයන්ද රුචිපරිද්දෙන් ගන්ට විසිරවී. මෙතෙකින් හුදී ජයනා ප්ර්සාද සංවේග පිණිස කළ මහවස සෙනාතිවධ නම්වූ සැටපස්වන අදියර නිමි. ________________________________________


66 වෙනි පර්ච්ඡේදය[සංස්කරණය]

“ සිතූ අත්ථිිය (සිඬ) කරන්ට ඉදින් අදම යෙම්නම් “කුමරතෙමේ බියෙන් ගියේය”යි මේ ජනතෙමේ සිතන්නේය. නොවිමසා සෙනෙවියා මරා හුන් මට මපියතෙමේ යමක් කෙරේ නම් මෙහි සිටියේ ඒ දකිමි.” මෙසේ හටගත් සිතින් පඬිතයන් අතුරෙන් ප්ර වරවූ වීරතෙමේ කිහිප දවසක් එහිම පසු කෙළේය. සෙනෙවියා භටයෝද රටවැසි බොහෝ ජනයෝද සෙනෙවියා මැරීම් නිමිත්තෙන් හටගත් මහාභයට පැමිනියෝයි. එහෙයින් සිය සිය තැන්හි හිඳනට ‍නොපොහොසත්ව හාත්පසින් අවුත් ඒ කුමරහු දුටහ. පියරජුට විලොම්ව වැටෙන ඒ කුමරහු විසින් සෙනෙවියා මරණ ලදැයි සිතන රටවැස්සෝ “දැඩිව හටගත් භක්තිඇති අපවැනි බල වන්තවූ දාසයන් ඇතිකල ස්වාමීහුගේ කවර කාරියක් සිඬකට නොහැක්කේද? ස්වාමීවූ (ඔබ) හින්දදී, ඔබවහන්සේලාගේ පිය සතු මේ රජය ඔබ පිය පරම්පරාගත බාල කුමරතෙමේ මෙබඳුව කෙසේ අනුභව කරන්නේද ? අපි එක්වගෙණ සක්නාතල නුවර ගොස් වසතු ගබඩා හා ඇතොවුරන් සහිත ඒ රජහු පැහැර ගෙණෙම්හ”යි මෙසේ දැඩියේ ගිවිස රජය ගැන්මෙහි හුදු තත් පරකම් ඇති ඔව්හු පදවරසුන්කඩ නම් තැනට ගියහ. කුමරතෙමේ තමා අයත් කිහිපදෙනෙක් එහි යවා උන් අතුරෙන් ඒ බලනායකයක් ගෙන්වා “මා විසින් පියරජුට විරුඬව සෙනෙවි මාරණය කරණ ලදැයි මෙසේ තෙපි නමහක් සිතත්වා, මා කෙරෙහි


66 වෙනි පරිච්ඡේදය 103


තොපගේ කෝපය නහමක් වේවා ; ඒකාන්තයෙන්ම මම පිය රජහට විරුදුව නායෙමි ; එසේම මේ රාජ්ය භාගය තමා අයත් කරන්ට කැමැත්තෙම්ද නොවෙමි ; හුදක් අපවැනි පුතුන්ගේ අස්තිත්වඅය තමන් මහළු මව්පියන්ට මදකුත් නුරුස්සන්නක් නොකොට අනික් යම් නිසිවක්හු විසින් කරණලද උපද්ර්යනුත් වලකා හැමකල්හි සකසා උපස්ථාන කරන්ට නොවේද? තොප විසින් මෙසේ කුමක් සිතන ලදදැ”යි උන්ගේ (ආවේග) සිතිවිල් දුරලා මහ පැණැති (කුමර‍ තෙමේ) මත්තෙහි කටයුතු සිතන්නේ “ඉදින් මෙහිම කීප දිනක් වසන්නෙමි නම් දුදනෝ අප පිය පුතුන් දෙදෙනා (උනුන්) බිදුවන්නාහ. මෙහි කාලාතික්ර මණය නොකොට පෙර සිතූ දැයගේ සිඬි පිණිස ඒතාක් දැන් මෙතැනින් යන්ට වටිය”යි නිශ්චයකොට ගෙණ ඉක්බිති සිරිදෙවියාගල වෙත බුදුගම බලා යන්ට රජකුමර තෙම බදුලුතලා ගමින් නික්මිනි. එකල රටවැස්සෝ කැටිව ගෙණ(කුමරහු) සිරියාල නම් ගමට එලඹෙන්ට පෙරතුව වෙන් වෙන්ව පලාගියහ. එකල කුමරතෙමේ තමා අනුගත සිය පිරිවරින් යුක්තවූයේ අවියෙන් මොනවට සැරසෙනලදුව වීය්ය්ස ගුණෙපේතවූයේ මහ මගට පිලිපන. “සෙනෙවියා නැසූ කුමරහු පලායන්නා නොසලකා හැර අප විසින් ආහාර දායක ස්වාමියා කෙරෙහි කවර පක්ෂනපාතයක් කරණ ලද්දේද? මෙසේ කීහිපධූර්තිකෙනෙක් කළ උපක්ර‍ම ඇත්තෝ අතරමග යන ඒ කුමරහු ගන්ට පිටිපස ලුහුබැන්දෝයි. එකල රාජපුත්ර තෙමේ උන්කෙරෙහි මදකුත් සැක නොකොට ස්වකීය හසතගත කඩුවෙන් යුදකොට උන් පලවා කැටිව ආවුන් ගෙණ නොදක්නාලද පිරහීම් ඇත්තාවූ බිය ඉක්මවූ මහනැණැතියේ බුදු ගමට එළඹියේය. එහි වසන කුමරහට කිහිප ‍දිනක් පසුවූ කල “කුමරහු ගණුම්හ” යි කැටිවූ ර‍ටවැස්සෝ මහා වේගයෙන් නිරතුරුව හිවැසි වස්වන්නෝ යුදපැටිවනු කැමැත්තෝ ඒ ගම වටලූහ. “එයින් වැඩ ඇතිකල අපි (ස්වකීය) ප්රා‍ණයන් පරත්යාතග කරම්හ”යි උහු හා කැටිව ආ භටයෝ භයින් ව්යාටකුලව රජපිත් හුගේ සේසත් කඩුගෙණ යන මිනිසුන් තබා රජකුමරහු බලා හින්දදීම ඔබිනොබ පලාගියහ. ඒ කුමර පලායන සිය භටයන් දැක මදකොට සිනාසී ඉතා උදාර වික්රයමය දක්වන්ට ලද අවසර ඇත්තේ අවියෙන්ම “බියගන්වා සතුරන් පලවන්නෙමි කියා කඩුව ගෙණෙව”යි මහා වේගයෙන් බිණීය. ධීරගම්භීර ගුණයෙන් යුක්ත උහුගේ බස් සමඟ දිග්වලයෙහි පතල ජයසක් හඬ අසා කිසි සතුරු වීරකෙනෙකුන්ගේ සිඳී හුනු හිස් දැක ඒ කුමරහුගේ පළමු පැලෑ භටයෝ පෙරලා අවුත් නොයෙක් දහස් ඒ බලයෙන් යුදකොට පලවා පිරිවරාගෙණ කුමරුගේම විකුම් පැසැස්සෝය.


104 මහාවංශය


ඉක්බිති කුමරතෙමේ ඒ බුදුගම්හි වෙසෙමින් ගජබා රජහුගේ (සාමනතවූ) කළාවැව සිටි ගොකර්ණ නගරගිරිහු කැඳවා උහු සිත් පවත් දන්නා කැමැත්තතේ තමන්ගේ ලියමන් ගත් අත්ඇති ස්වකිය දූත මිනිසෙක් එහි යැවී. සාමන්ත තෙමේද ඒ පත දැක හිසින් පිළිගෙණ කියවා ඉන් සියලු පවතුන් දැන ඒ රජකුමරහු මහත් තෙදින් හසුන් ඉක්මීම නොහැකි බැව් සිතන්නේ එකල සියරජහු අදහස් දැන් මෙහිත් සර්වමප්ර කාරයෙන් අපොක්ෂාන නැතිව බුදුගමට අවුදින් සාදරයෙන් කුමරහු දිට. “පියරජහු වෙත්නි මා ආවාවූ ආකාරත් ලාහෙලා බලතර සෙනෙවියා මැරවීමත් පසුපස්සෙහි එලවන සතුරු සේනාවට මා විසින් කල විස්මය එලවන වික්රතමයත් අසා ස්වකීය රජහු අභාප්රාසය දැන්මෙහි සිතකුත් නුපදවා පෙර පුරුදු නැතිවම මා විසින් යැවූ දූතයාත් යවනලද පත්රහයත් දැක්ම අවුදින් මා දැකුම් කරණ තා විසින් මැනවක් කරණලදැ”යි සතුටුවූ ඒ ස්වාමි තෙමේ තමා පැළඳි නොයෙක් මාහැඟි රැවන් අබරණ සියල්ල උතුම් ‍ඇතෙකුත් සමඟ උහුට දිනී. පසුව උහුගේ බලනායකයන්ටද මාහැඟි මිණිකොඬොල් ආදීවූ ඉතා අගනා අබරණ දී වාසගෘහ ආහාර දානාදී විධියෙන් කළ සංග්රලහ ඇති ඒ ඇමැත්තහු සියයෙන් හා විශ්රාහම පිණිස එතැනින් යැවීය. ඉක්බිති ඒ තෙමේ රෑ අවසට එලඹ එහිදී සිහිනෙන් සෙනෙවියා මැරුවා සෙයින් කුමරහු නියෝගයෙන් අවිගත් අත් ඇති රෞද්රනයන් විසින් තමා මරණයට හාතිපසින් වටලූවාක්මෙන් දැක මරණභයින් පෙළුනේ පසුව වියරු හඬින් මුරගාමින් ඇ‍ඳෙන් බිම හී සියකගකුඩඃ ගන්නවුන් පවා අපෙක්ෂාි නොකොට තමා හා ආ සියලු ඒ බල සෙන්ද හැර දිසා ව්යඃවස්ථානයත් කොට ‍ගත නොහැකි මහවලට වැද එහි මංමුළාව ඇවිදිමින් උදෑසන කළාවැව් යන මං දැන යුහුවම එයින් ගොස් සියගමට වන. උහු සේනාද සියහිමියා පලාගියා අසා අනික් ආරක්ෂාගවක් නොදන්නී මහබියෙන් වෙවුලා ගියා සිය සිය අවිදු එහිම දමා සිය හිමියාසේ මංමුළා වුවෝ වෙනෙහි ඇවිද උදාසන්හි වහාම කළාවැව් පැමිනියාය. ඒ ඇමතියා පැලැපවත් අසා ඒ කුමාරතෙමේ සිනාසී එහිම කිහිප දවසක් ගෙවුයෙයි. එකල නානාභාෂ්ය රසදන්නා උහුගේ උකටලී කාලයෙහි ඒ කථා තොමෝම උකටලී දුරලීමෙහි හේතුවී. කිතිසිරිමේ රජතෙමේ සියලු මෙපවත් අසා මහ ඇමතියන් කැඳවා ඔවුන් හා මන්ත්රරණය කෙළේයි. “කුමරතෙමේ දැඩි අරකුන් ඇති ඇමතියන් වසන නොයෙක් භටයන්ගෙන් ආකීර්ණ වූ මේ නුවරින් වෙස්වලා නික්මින. පසුව රැස්වූ ධූතියන් කීපදෙනෙක් හා එක්ව අකෘත්යණකාරී ඒ මිනිසුන් හා පලාගොස් රජයෙහි මා ඇමැත්තන් අතුරෙන් අතිබලි සෙනෙවියා මරා උහු විසින් රැස්කළ වස්තු සාරය සියල්ල ගෙණ එයිනුත් පලායන්නාවූ හේතෙමේ පසුපස්සෙහි ලුහුබඳනා බෙහෝ ජානපදික භටයන් ඒ ඒ තැන මරා ගජබා



66 වෙනි පරිච්ඡේදය 105


රජහු (අයත්) ගොකර්ණනනගරගිරි නම් (සෙනෙවියා) ගෙන්වා බුදු ගම වෙසෙමින් වසඟ කෙළේල. මේ උපෙක්ෂාගවට කල්නොවෙයි මෙබඳු සිදුරක් ඇතිකල සතුරෝ මහපින්ඇති ප්ර ඥා වික්රාමයෙන් යුක්ත මේ කුමරු හා කුටසන්ධිජ කොට ගෙණ ඉදින් යුධාරම්භයට සිත් ඉපදවූනම් අපට මහත් හානි වන්නේය. යම්තාක් අනික් දුශ්වින්තාවක් නොසිතන්නේ නම් ඒ තාක් මේ තෙමේ එම ගම හුන්නේම ගතයුත්තේය”යි නිශ්චයකොට සෙන්ය මිහිඳුස යන ප්රේසිඬ අධිකාරම් දෙදෙනාද එසේම දේවපාදමූලක දරු මහලේනාද යන මොවුන්හා අනික් ඇමතියනුත් තමාවෙතට කැඳවා “මාගේ රජයෙහි අවියෙන් දිවිවැටුම් කරණ යම් කිසිවෙක් වෙසෙත්නම් මුන් සියල්ලම එක්කොට ගෙණ වහා ගොස් බලාත්කාරයෙන් ඒ කුමරු ගෙ‍ණෙව”යි කියා ඔවුන් එහි යැවීය. මහා බල ඇති ඔව්හු සිය සිය මහසෙන් ගෙණ සිරියාල ගම් වෙතට ගියෝ දස කොටස්ව බෙදුනාහ. කුමරුද එපවත් අසා “මම එබඳු දුර්‍ යයක සිට දස කොටස්ව බෙදී එන බලය එක්මුඛ කොට වහා උන් මූලයන කෙරෙම්”යි සිතා ඉක්බිති වීරතෙමේ මහාතිල නම් පෙදෙස විල්ගමට වහා ගියේය. ඇමතියෝද “ ඒ කුමාර තෙමේ ඉදින් එයිනුත් පලාගොස් පර්ව්තයෙන් ගහනවූ මහා දුර්ගද ප්රුදේශයකට ප්රුවිෂ්ටවීනම් කිසි උපායකිනුත් උහු ගැන්ම දුෂ්කර ය”යි සිතා ඔහු සියල්ලෝ එක්දෙසක් බලා එහිම එලඹියහ. කුමර තෙමේද ඒ අසා සිතුවා සිඩී පිණිස සතුටුවූයේය. වදනා සේනාවට ඉදිරියෙන් අවසර තබා දෑත මාර්ගණයන්හි ගුඪාකාරයෙන් මොනවට සැරසුනාවූ වීරයයයි සම්මතවූ බොහෝවූ සිය මිනිසුන් යොදා යු‍ඬොපායෙහි පඬිතවූ බලීකුමරතෙමේ රිපුසෙන් සියල්ල මැදට වන්නා දැන බොහෝ වීරයන් මැරවි. මරණලදින් ඉතිරිවූ ජනසමූහයා සර්වාප්රීකාරයෙන් දමන ලද අවි ඇත්තෝ නැවත යුඬයට ආසානැතිව ඈත මෑත පැලහ. එකල ජය ඇති රජකුමරතෙමේ එතනින් නික්ම පියහු සිත් රක්නා සඳහා බොගම්වරට ගියේය. විරවූ ඒ කුමර එහි කිහිපදවසක් පසු කොට පියරජහුගේ‍ මෙහෙ සීමෙන් යුද පිණිස පසුව ආවාවූ සේනාව එහිදීම බිද පලාව ඒ ගම් නුත් ලග්ගල පෙදෙස රණඹුර නම් ගමට ගියේය. පසුව ධීරවූ ඒ කුමර තෙමේ සිය භටයන් ගමන්විඩා සන්සිඳුවන්ට එහි වෙසෙමින් කිහිපදවසක් ගෙවා “මොවුහු සියල්ලෝ යුධයෙහි ම‍ා විසින් නොයෙක්වර බිදුනාලද්දාහු නමුත් පියරජහු කෙරෙහි භයින් යුධයෙහි නිරුත්සාවූවෝ පලානොයෙති. “මේ කුමරතෙමේ දුගීයෙහි සිටිහෙයින් අප අතට නොදන්නේය” යි යන දුර්‍මනත්රීගවූ ඔවුන්ගේ දුශව්න්තිතය යම් හෙයකින් වීද “ එහෙයින් දැන් මම මේ උන් වසන තැනටම එලඹ උන්ගේ දුශචිනතිතය දුරුකරන්නෙමි” සිතා සෙනඟ සිටියාවූ කිරිවෑගමට යමින් අඹවෙන නම් පෙදෙසට පිවිස එහි සිටියේ ඒ ගම්වැස්සන් අතින් තත්වූ පරිද්දෙන් උවුන්ගේ 33-16

106 මහාවංශය


සවාර දත්තේ තෙමේම සවස ඉන් නික්ම රාත්රී භාගයෙහි ඒ ගමට එලඹියේය. උහුගේ භටයෝ කටුවෙන් බිහිසුනුවූ තියුණු අග්ර ‍ප්රිදේශ ඇති වැට ගැටී ප්රගවෙශයෙමි අසම්ත්ථි වූවෝ බැහැර සිටියහ. තෙමේ පෙරටුව වැටබිඳ බිය රහිතව වන්නේය. වීරවූ ඒ කුමරතෙමේ ගම මැද සිටියේ සියනමද ඇස්වී. එකල්හි ඒ රජකුමරහුගේ අද්භූත වික්රමමය පෙර දුටු ඒ සතුරෝ ගැඹුරු ඒ නාදය අසා භයින් මිරිකුනෝ සියල්ලෝ ස්වකීය වස්ත්රාඒ යුධයෙහිද සිහිමුලාවූවෝ සිංහයා දැක මුවන් සෙයින් ඒ ඒ අත දිවපූහ. උහු පිවිසි මගින් උහුගේ භටයෝද පිවිස දුටු දුටුවන් මැරූහ. ගම ගිනිලූහ. එකෙ‍ණෙහිම රජකුමර තෙමේ නැව්ගල නම් ගමට ගොස් විඩා සන්හිඳුවමින් එහි අරුණු නැගීය. එකල්හි පියරජහුගේ ඒ ඇමතියෝ එක්ව ඒ ඒ යුධයෙහි (කුමරහු) මහත් උත්සාහය සර්වහප්රෝකාරයෙන් මන්ත්රිණය කළහ. “නොයෙක් දහස් ගණන් බලයෙන් ගෙණ සියයෙන් නසා කුමරහු ගණුම්හයි වේගයෙන් (ගොස්) හැමතැන යුදෙහි පලායන්නාවූ සියල්ලන් විසින් හුදක් ඒ කුමාරයාගේ තෙජස් ප්රතකාශනය අත්යූත්ථිියෙන් කරණ ලද්දේය. නොයෙක්වර රජහු විසින් මෙහෙය නලද හස්නද බිය එලවයි. මෙහි අප උපෙක්ෂාෙවනකල බන්ධු.න්ගේ ජීවිතය නැත්තේය. යම් කිසි උපායකින් රජහු අණ සිදු පිණිස උත්සාහ නො‍කොට කල් යැවීම යුතු නොවේ. සියපණ ඉවතලාත් පෝෂණය කළ හිමියන් සතුටුකරවා බන්ධුනපාලනයම කටයුතුයි.” මෙසේ යුහුසුලුවූ මහබල ඇති ඒ සියල්ලෝ මොනවට සැරසෙන ලදුව චරයන් විසින් කියනලද මගින් මරසෙනඟක් සෙයින් නික්මුනාහ. සතරදිග දොරින් ගමට වැද ඉක්බිතිව කුමාරයාගෙ ගෙය හාත් පසින් ඇවුරූහ. සිහිල් අධික පෙදෙස් හෙයින් රත්පලසක් පොරෝණ ලද්දේ බාලවයසට ඔබිනා කෙළියකින් කෙළෙමින් හුන්නේය. එකල්හි ඒ කුමර තෙමේ උද්යො ෂණයෙන් සතුරන් ඉතා ආසන්නවූවන් දැන එකෙණෙහි සිය පිරිවරින් එකෙකුත් නොදැක දැඩිකොට සිළුව බැදගෙණ පෙරවි පලසම ඉතා දැඩි කොට හැඳ කඩුගත් අත් ඇත්තේ බිහිසුණු රස දක්වා යුද මැද වැද කෙසරසිංහයෙකු ඇතුන් සෙයින් ඒ සියලු සතුරන් ඇසිල්ලකින් දිශා‍ත්තාභිමුඛ කෙළේය. මහාකොලහලින් බියගෙණ වල්වන් කැටිව ආ සිය ජනයා හඬගා එක්කොට ගෙණ “ පියරජහු තබා විපක්ෂ් රජහට මෙහි ආ කරුණු කිමෙක්දෝයි යම් සැකයෙක් උපන්නේද එය සර්ව ප්රුකාරයෙන් වලකන්ට සෙනෙවියා මැරවීම් ආදී මේ සියල්ල පමණි. දැන් පරමඬලයට යායුතුයි” මෙසේ (නියම කොට ගෙණ) එතැනින් යමින් පොරෝගහලකඩ නම් තැනදී ලෙහෙයෙන් සම්බන්ධ(වූ කඩුව දියෙන් තෙමීමෙන් අතින් ගලවා ලේ ඉසුනු හැඳි ඒ උතුරු සළුවද පහකොට පෙරළනලද වස්ත්ර ඇත්තාවූ ඒ තෙමේ විශ්රාළම සුව අනුභව කොට පියරජහුගේ රට සීමා පසු



66 වෙනි පරිච්ඡේදය 107


කොට ගජබා රජහු රට දනව්වා නම් තැනට එලඹියේය. හේතෙමේ ඒ පෙදෙසට සුදුසු නොයෙක් ක්රීමඩාවිනොදයෙන් එහි වෙසෙමින් කිහිප දිනක් ගෙවුයේය. ඉක්බිති ගජබා රජතෙමේ කුමරහු ආ පිළිවෙළ තමා රක්න වුන්ගේ මුවෙන් අසා අත්යගත්වකයෙන් හටගත් ආදර ඇත්තේ සිය ඇමතියන් හා මනත්ර ණය කොට කරණලද කර්තබව්යක නියම ඇති හේ තෙමේ උහුට වස්ත්රානභාරණදී පඬුරු යවමින් “මා මයිල් රජහු වෙතින් තොපගේ ආගමනයද අතරමග තොප විසින් කළ අතිශය වික්ර්මයද අවුදින් මගේ ‍රට අනික්තැනෙක ප්රශවේශයද අසා ඉල්පෙන ප්රීයතියෙන් මාගේ චිත්තය තෙමේ පිරීමට ගියේය. මා ඇර තොපට ඇවැස්ස නෑයෝ හෝ කවුරුද තොපගේ දර්ශ නය ඒකාන්තයෙන් මට අභිෂෙක මඟුල් නම් වෙයි, මාගේ මයිල්‍ ‍රජතෙමේ තමා මහළු අවස්ථායෙහි මෙබඳු පුත් රුවනක් හසතසාර වස්තුවක් මෙන් නොකොට යම් හෙයකින් කිසි දුනියකින් මාගේ හස්තයට පැමිනවීද මේ තෙමේ මහත් කුසලකර්ම යාගේ ඒකාන්ත උද්ගමයෙකි. දැන් අප දෙන්නා නියතින් එක්වූකල කවර සතුරෙක් නම් යුදපැටිවෙද්ද? ලබන ලද වාතයාගේ මිත්රකයා ඇති ‍ගිනිසෙයින් දැන් මාගේ ප්රපතාපය තෙමේ සර්ව ප්රිකාරයෙන් ඉතා මහත්වන්නේය. ඔවුනොවුන් දුටුකල පියන්සතු රජයෙහි කුමරහු වහා පිටවීමට මට බරෙක් නොවේ. අතරමග කල්ගෙවීම නොකොට මාගේ දර්ශහනය කටයුතුය”යි කියා සිය දූතයන් යැවීය. උන් අතින් එපවත් අසා විචාරක්ෂ‍ම ප්රයඥාඇති කුමරතෙමේ “ක්ෂයත්රීනයයන්ගේ වනාහි සර්වඑප්රවකාරයෙන් අතිශයින් දතනොහැකි මායා ඇත්තාහ. (එහෙයින් මේ) විමසාම යන්නේ මැ”යි උපාය දන්නා නිර්මනල නම් එක් භටයෙක් ඒ දූතයන් හා යවා රාජන්යනතෙමේ රජහුගේද ඉන් අනික් මන්ත්රීතන්ගේද (අදහස්) වූ පරිද්දෙන් දැන ‍පොළොන්නරුවෙත ගියේය. ඉක්බිති ගජබා රජතෙමේ සියසෙන් පිරිවරා පෙරමගට අවුත් කරණලද නොයෙක් උපචාර ඇත්තේ ප්රීසතිවෙග ඇතිව තමා නැගි ඇතු පිටට ඒ කුමරු නංවාගෙණ නුවර සම්පත් දක්වමින් රජ මැදුරට වන. කුමරතෙමේ ගජබාරජහුදැකීමෙන් හටගත් සන්තෝෂය ප්රදකාශ කරෙමින් කහිප දිනක් ගෙවා ඒ රජහුගේ බැහැර මඩුලු වැසි ජනයන් කෙරෙන් ආදර ඇත්තවුන් හා එසේම කලකිරුණන් මොනවට දන්නා පිණිස නොයෙක් උපා දන්නා එසේම නානාදෙශ භාෂායෙහි දක්ෂදවූ ස්වාමිභක්ති සුරසසර කොට ඇති කිසි (චරපුරුෂ) කෙනෙක් තෝරාගෙණ උන් අතුරෙනුදු විෂවෙදකම්හි නිපුණ කිසි ජන කෙනෙක් නයි කෙළවන්නවුන් සෙයින් හැසිරවී. විධානයෙහි දක්ෂන ඒ කුමරතෙමේ සාමුද්රිනකාදී නොයෙක් ලක්ෂිණ දන්නා ජනයන්ද වෙණවයන සැ‍ඩොල් බමුනු ආකාර දන්නවුන්ද කෙළේය. දෙමළ ආදී නොයෙක් දෙනා අතුරෙන් නෘත්යො ගීතයන්හි දක්ස්වූවන් සම්රූ ආදී කෙළි දක්වන්නවුන් බදුකොට හැසිරවී. කදාමුද්රද වලලු


108 මහාවංශය


ආදී බඩු ඇරගෙණ හැසිරෙන්ට ස්වකීය ආකාර වර්ජිතකළ කිසිවෙක් සැලසී. කුඩ සැරයටි ආදී පිරිකර ගෙණ ගන්නාලද තාපස ලීලා ඇති සැදැහැ ඇත්තවුන් සෙයින්ව ගමක් ගමක් පාසා චෛත්ය් වන්දානා කරන්නවුන් සෙයින් යම්සේ ඇවිදිද්ද එසේ අණකොට කිසිවෙක් යැවීය. ගම් නියම්ගම්හි වෙදකම් කරමින් හැසිරෙන්නට පිළියම්හි දක්ෂත කිසිවෙක් යෙදීය. (තවද) ඒ කුමර අක්ෂකරවිද්යාය ආයුද විද්යාටහි බාලයන් හික්මවනු දන්නවුන්ද එසේම රසක්රිියා දන්නවුන්ද එසේම භූතවිද්යාව දන්නවුන් ද රන්කම් ආදියෙහි නිපුන නොයෙක් ශිල්පීන්ද ඒ ඒ කර්මෂ කෙරෙමින් හැසිරෙන්ට අණ කෙළේය. තෙමේ ඇතුළු මඩුල්ල ඇසුරුකළ තත්වලය දන්නා කැමැත්තේ තමාවෙත අවුත් එක්ව කථාකිරීමේ ව්යා ජයෙන් ඒ රජහුගේ නීතියෙන් සිදුරු සොයන මිනිසුන් කෙරෙහි අත්ය ත්ථිා බාල බවෙන් හටගත් නුනුවන දක්වන්නාක්හු සෙයින් ප්රෙධානාමාත්යත සාමනතභාටාදීන් අතුරෙන් ඉතා මන් ඇත්තවුන්ද දැඩියේ කිපියන්ද එසේම භයවූවන්ද ලොභ ඇත්තවුන්ද වෙන්කොට දත්තේය. ඒ ඒ මිනිසුන් කෙරෙහි සුදුසු උපාය කිරීමෙහි චතුරවූ ඉතිහාස පුරාණාදී නොයෙක් පැවති කථා දන්නා ගන්නාලද මහණවෙස් ඇති චරපුරුණයෝ ඒ ඒ ගෙවල් ඇසුරු ‍කළෝ දැඩි කොට හටගන්නාලද විශ්වාස ඇතිව ලබන ලද පස හා පයිරු පාසාන ඇත්තෝ අවවාද දායක තනතුරෙහි සිටි ඒ මිනිසුන් බිඳුවා සමබන්ධවයට යම්සේ පමුනු වද්ද එබඳුවූ විධානද කෙළේය. “රජු නිසැක බවට පැමිනි කල කැමැති පරිද්දෙන් ඇසිර එහි ඇතුළත පැවැති සියල්ල සු‍වසේ මා විසින් දතහැක්කැ”යි කියා ඒ තෙමේ රුහුණ වසන මෑණියන්ට පත් යවා සිය නැගණිවූ රූපත් භද්රතවතී නම් කුමරියද ඒ කුමරියගේ වස්තුව්යාවජයෙන් බොහෝ වස්තුද ගෙන්වා ඒ වස්තුව තමා අත්පත් කොට ගෙණ ගජබා රජහට ඒ කුමරිය පාවාදී තමාකෙරෙහි විසිවස් සිත්බවට ඒ රජු පැමිණවිය. පසුව රජකුලයද මදවහනය වන වෙන ඇතෙකු කරණකොට ගෙණ නිත්යහක්රී ඩා ව්යලපදොශයෙන් විථි සඞාරය කෙරෙමින් උහු විසින් ලුහුබඳනාලද්දේ වහා දුරදිවීම් ව්යා‍ජයෙන් යමෙක් වසඟ කටයුත්තෝ නම් හේතෙමේ උන්ගේ ගෙයක් පාසා වැද උන්ට සුදුසුවූ මාහැගි ආභරණදී ධනය දෙමින් ඉතා රහස් ආකාරයෙන් උන්සියල්ල සියවසඟයට පැමිනවි. නිහීනයන් අනතකොට ඇති සියල්ලෝද නුවරවැසි භටයෝද “ මේතෙමේ මාගේම අනුග්ර්හය” යි වෙන් වෙන්වම සිතුය. ඉක්බිති උහුගේ වස්තුන්ගේද ධාන්යජ රාශින්ගේද සේනාවගේද එසේම නොයෙක් යුධොපකරණයන්ගේද ප්රෙමාණය කරන්ට නිපුණවූ ඒ කුමාරතෙ‍ම සිය ලියන්නන් යොදා නගරා රක්ෂ ණයෙහි නියුක්තවූවන්ගේද එසේම සේනානායකයන්ගේද චිතතසඞකල්පනා දන්නට කිසිවෙක් එහි නොයවා තෙමේ බාල ක්රීයඩා ව්යා ජයෙන් ඒ ඒ තැන හැසිරෙමින් උභයමඬල වෘත්තාන්තය ව්යලසන ඉක්ම ගියේ නිශචය කෙළේය.


67 වෙනි පරිච්ඡේදය 109


මෙසේ පූර්වොිපචිතවූ උසස් කුසලකර්මයයෙන් යුකත සත්වකයන් විසින් යොදන ලද සියලු ප්ර‍යොගයෝ කිසි විඝාත කාරණයකට නොපැමින මුදුන්පත් බවට එන්නාහයි දැන තියුණු නුවනැති සත්වවතෙමේ පින් කරන්නේය. මෙතෙකින් හුදීජනයා ප්රුසාද සංවේග පිණිස කළ මහවස පරමඬල ප්රෙවෘතතිනිර්ණනය නම්වූ සැටසවෙනි අදියර නිමි. ________________________________________


67 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

නැවත එක් දිනෙක රජකුමරතෙමේ වාහනයකට නැගී අනුව යන සිය පිරිස් ඇතිව රාජ වීථියෙහි යෙයි. දම් බිඳගත් දරුණුවූ මිමදයෙක් දුටු දුටුවන් අනිමින් කොපුල්හි එලනලද රතැස් ඇත්තේ උහු ඉදිරියට වන. අභිමුඛව හෙන්නාවූ උහු දැක වාහනය ගෙණ යන්නෝද එක්ව යන මිනිස්සුද භයින් ආකූලව වහා පැලහ. එකල වීරවූ රජකුමර “මොවුන් සෙයින් දිවීම මට අනුරූප නොවේ මය”යි සැක නැතිව පහවූ භය ඇත්තේ තෙමේ වහා උහුගේ ඉදිරියට ම පැන ගැඹුරුවූ මහහඬින් යුක්ත වූ බසින් ලාහෙලා බිණීය. ඒ මහි‍සතෙමේ සිංහනාදය අසමින්ම බියෙන් ආපසු හැරී අභිමුඛවූ මිනිසුන් අනිමින් හෙලමින් දිවීය. යමෙක් ඒ අරුමය හමුයෙහි දුටුද එසේම ඇසූද ඒ සියල්ලෝම විස්මිතවූවාහු ස්තුති යෙන් යුක්ත (මෙබඳු) වදන් (කියන්නෝ) “‍ෙතජස් ඇති බවක් දකු, වික්රිමයක් බල, නිත්ථිූකාරී බව දකු මුහුගේ ප්ර)ගලභතායක් බල පුණ්යොවදයත් බලව”යි කීහු. ගජබා රජතෙමේ ද ජනයන් විසින් කරණු ලබන වික්රඒමාදී ගුණ ඇසුරුකළ උහුගේ කීර්ත තිය අසා “ මේතෙමේ අනන්යු සාධාරණවූ උදග්රයතෙජසින්හා භිමවික්රරමයෙන් යුක්ත මහාපුරුෂයෙක්මය”යි උහු කෙරෙහි සැක ඉපදවී. එකල මහීපාලපුත්ර තෙමේ ගජබා රජ හට උපන් ඒ දුසසඞකල්පනා දැන මෙසේ සිතීය. “ මම ඉදින් මෙහිම වෙසෙමින් රජය අත්පත් කරන්නෙමි නම් බැම නගන පමණකින් ඒ සෑදෙයි ඊට සැකනැත්. එසේ කල මාගේ ප්ර තාපයද වික්රනමතීශයද බාහු බලයද ලොකයෙහි ප්රැසිධියට නොයෙයි. යුධ ක්රීරඩාකෞතුකයෙන් විනා මාගේ අත්ය ත්ථිැවූ ඔදවැඩි බාහුකඞුති ප්ර්ශමයත් නොවන්නේමැයි. එහෙයින් සියරටට ගොස් රණකෙළියෙන්ම මිරිකා ඇමතියන් සහිත මේ රජහු ජීවග්ර හයෙන් ගෙණ පියවූ කිත්සිරිමේ රජහු මේ නුවරට ගෙණවුත් උහු මත දෙන ලබන අබිසෙව් දියෙන් පියන් තුන්දෙනාත් පරාජයකිලිට ඉඳන් මම යුධ කෙළෙමි නම් මෙසේ කල මාගේ තේජස දඹදිව්හිද පැතිරෙන්නේය”යි. ඉකිබිතිව නුවර සාධනයෙහි සෙන් වදනා මගද බැහැර යන කරුණු ඇතිකල නිකුත්වීමට මගද ස්වකීය චරයන්ට සුදුසු මගද නානාමාර්කණවිභාග දන්නා ඒ කුමරතෙමේ වැද්දන්ගෙන් සුවිනිශ්චිත


110 මහාවංශය


කොට ගෙණ තෙමේද දඩකෙළී උපායෙන් නුවර වෙත වෙනෙහි ඇවිදිමින් නොයෙක් සලකුණු ක්රිළයායෙන් නොයෙක් මාර්ගඇ හා අතු මාර්ගද දැනගත්තේය. “කාලයාගේ අතීක්රළමයෙහි කාලයතෙමේ එහි රස බොන්නේයයි” යි යන වෘඞවචනය මෙනෙහි කෙරෙමින් එකල සිය රටට යනු කැමැත්තේ තමා කැවිට ආ මිනිසුන් දනව්වා නම් තැන රැස්වීමට කරණ ලද අවධි ඇතිව බොහෝසෙයින් පළමුකොට යැවීය. “මෙතෙක්කල් වැස නොදන්වා නික්මයාම මාගේ පිරිමි කමට තරම් නොවේය”යි සිතා පසුව සන්යානි කාලයෙහි අබරණින් මොනවට සැරහී ගජබා මිහිපල්හු වෙත එලඹ සිටියේ ; නොයෙක් කෙළිසතුටු ඇති සැන්දෑකාලය පැමිනිකල මන්දලයාස පෙරටු කොට පරිහාසොපායෙන් මේ වදන් ( කියන්නේ) “යුවරජ රට ගොස් පියහු දැක්මකොට මෙහි එන්ට අදම මා විසින් යායාතුයි”යි කීය. ඒ තෙමේද එබස් අසමින් ස්වභාව දැන්වෙහි අසමත්ථිනබුධියෙන් “සියගෙට යනු සඳහා මේ කියනලදැ”යි සිතන්නේ “තොප සිතනලද අත්ව්යාගේ සංහිධිය වහාම වේව” යි සිනා පෙරටු කොට සුභ වදන් කීය. ඒ රජහු වෙත සිටි බමුණු උතුමෙක්ද එකෙණෙහිම මහල සන්නිශ්රි්ත හිතවූ අත්ථිජලාභය පිණිසද ක්ෂෙෙමය පිණිසද විජය පිණිසද සතුරු පක්ෂි විනාස පිණිසද බොහෝ උපචිති දක්නටද සුදුසුවූ වදන් එසේම කිය. කුමරතෙමේද එබස් අසා යන්නේ “මට හොබනා නැකැත් වේමය”යි සියගෙට පැමිණියේය. පසුව උදාරවූ පුණ්යන හා ප්ර”ඥා ඇති ඒ රාජන්යි තෙමේ නොයෙක් පරිද්දෙන් ශුභ නිමිත් දකිමින් අසමින් ගෙන් නික්මිනි. කෙළියෙන් රාමකල නම් ඇතු අනුව දුවන්නාසේ විථියෙන් වීථියට යමින් රැ නුවරින් නික්මිනි. සඳපහනේ යෙමින් රුක්මුලෙක හුන් විඩා සන්සිඳුවන මිනිසෙකු දැක ඒ කුමරතෙමේ “පින්වත් තෝ කවරෙක් වෙහි දැ”යි පිලිවිස, උහු මගිහෙකු බව දන්නේ වේගයෙන් උස්හඬින් (මේ) බස කීය. “ කිමෙක්ද තෝ මා දන්නෙහිද” හෙතෙමේද භයින් තුෂ්ණිම්භූතව සිටියේය. “පරාක්රාමබාහු ආදිපාදයයි මට කියති, තෝ නහමක් බිය පත් වේව” යි වහා ඔහු සනසා ආදරද කොට “ එඹළ තා මෙහි දක්නා මට මහත් ලාභයෙක් විය තෝ දැන්ම වහා කඳවුරට ගොස් “පැරකුම්බාකුමර සියරටට ‍යන්නේ මා විසින් දක්නාලද්දේය යනු කිය” යි කියා වහා “(උහු) යැවීය. මා පසුව ලුහුබඳනා සේනාවෙක් කිමෙක ඇද්දෝ නැද්දෝහෝ”යි ඉඳිවඩමන් වැව පසෙක සිට බලා පසුව එලවන බලසෙනගෙක් නොදක්නා කුමර තෙමේ එයින් කන පද්ද්යකඋද නම් තැනට යන්ට නික්මින. රළු මහත් නිය ඇති බියකරු කන් සිරිහී යන හඬින් බිහිසුනු වැලහින්නක් පැටියන් සහිතවූවා මහවෙනෙහිදී කුමරු හමුවට පැන්නාය. ඇය පලඟ අගින් පෙළා කඩුසිලින් විද දෙකඩ කොට කපා පිටිපයින් (පැහැර) පැටියන් දුර දමා භයින් වල්වන් එක්ව යන්නවුන් කැඳවාගෙණ බිය පසු කළ කුමරතෙමේ මත්තෙහි ගල්කඩ ඉක්මවමින් අතිශයින් ගොරහඬින් හඬනා ඉතා බිහිසුනු ඌරෙකුදු රලහා ඉදිරියට එන්නහු


67 වෙනි පරිච්ඡේදය 111


එ‍සේම මැරුයේය. ඉනුත් මත්තෙහි යමින් දෙමළියගලනම් තැන් හීදී ඕපානාමික නම් ගම්හි වැස්සන් අලුයම්හි කිසි කටයුත්තකින් කඩුගත් අතින් යුක්තව යන්නවුන් දැක “ (මට) පෙරතුව ‍මොවුහු මෙහි ආහ” යි සිතා ලාහෙලා කඩුවෙන් පලඟපිටු පැහැර “දුෂ්ටයන් මරන්නෙමැ”යි රළුතෙපුල් කියමින් ඒ කුමර තෙමේ මුවන් මැදට කෙසරෙකු සෙයින් උන්මැදට පැන්නේය. දැඩිසේ බියටපත් ඔව්හු හෙලනලද අවිඇතිව මහවලට පැලහ. ඉක්බිත් රජකුමර එහි හාත්පස බලමින් ඒ මිනිසුන්ගෙන් ප්රැපාතයෙක වැටුණු ‍එකෙක් දැක ප්රිපාතයෙන් ගොඩනගා ගෙණ “තෙපි කවුරුදැ”යි විළිවිස. උහුගේ කටින් තත්වූ පරිද්දෙන් දන්නාලද ස්වරූප ඇති කරුණනූගත ඒ කුමරතෙම “තෙපි කෙයිනුත් බිය හැර සිය අවි ගණිව්ය”යි කියා ස්වකීය ගමන් උන්කෙරෙහි ඉඳුරා ප්රික‍ාශ කොට මඟලබගමුව සමීපයෙහි එක්ව වැඩුන් භටයින් දැක “කී සලකුණු පරිද්දෙන් ආවනැ”යි සතුටුවිය. මුන් විසින් අනුගමනය කරණලද හේතෙමේ දනව්වා නම් තැනට ගොස් එහි පෙර සිටි පිරිස හා කැටිවිය. මුවදඩ ආදී නොයෙක් ක්රීලඩාවිනොදනයෙහි තත්පරවූ ඒ හිමිතෙමේ ඒ මිනිසුන් සමඟ කිහිප දවසක් එහි විසීය. එකල කිත්සිරිමේ රජතෙමේ තමා පාලනය කරණ මිනිසුන් විසින් පියදු පතෙකින් පුතු එහි ආ පවත් දැන” කලක් සතුරන් වෙත වසුයේ යම් කිසිත් උපද්රනවයකට නොපැමින සතුරන් අතින් දුකසේ මිදිනැ”යි සතුටුවූයේය. “කොල මාගේ සොක දුරලන පුත්හු මාගේ මරණින් පෙරතුව වහා මෙහි ගෙණවුත් දක්වව”යි පස් මෙහෙකරු වර්ගනයාගේ ප්ර ධානයයි සම්මත මිනිසුන් පඬුරු සහිත වූවන් සියතින් ලියූ ලියමන් දී යැවිය. කුමරතෙමේත් ගියවුන්ද එලවූ පඬුරුද දැක පියහු දක්නා කැමැත්තෙ එතනින් විල්ගමට ගියේය. එකල ඒ කිත්සිරිමේ රජතෙමේ පුතු එහි සිටියා අසා “කල්ගෙවීම නොකොට ඒ තෙමේ ගෙණ අයයුත්තේය යි කුඨාරාදී සභා නායකයන්ද පස්පිරිවෙන් මුල්වැසි තෙරිඳුද යැවීය. ඒ තෙමේ ඔවුන්ගෙන් තොරතුරු හා පියරජු පවත් අසා “මනා නැකතෙක නික්මෙන්නෙම් තොපත් මාසමඟ යායුතුය” යි කියා රම්යමවූ ගගුල් හැලි හෙන්නාවූ තැන් ආදියෙහි නොයෙක් පරිද්දෙන් ක්රී”ඩායෙන් එහිම වෙසෙමින් කිහිප දවසක් ගෙවීය. සභාපතියා ආදී ඇමතියන් දක්නට ඒ ඒ අතින් ආ භටයන් දැක කුමරහු අනුව යන්නෝ කුමරු හා එක්වගෙණ රජහු කෙරෙහි පෙර කළ අප‍රාධ මෙනෙහි කෙරෙමින් බිය හා වෙලෙවි බැවින් වසඟ කරණලද්දෝ “නොයෙක් තැන්හි මෙහි බොහෝ භ‍ට‍යෝ රැස්වෙති ඇමත්තන්ගේද ‍මොවුන්ගේද සිත්හි අදහස දතනොහැක්ක, රැස්වූ මොවුහු සියල්ලෝ හාත්පසින් වටලා අප මැදි කොට ගෙණ ඒ ඒ තැන සිටියෝය. මෙසේ උනුන් කථා කෙරෙමින් එකල විමති යට පැමිනියෝ මෙපවත් රජකුමරහටද දැන්වූහ.


112 මහාවංශය


“මේ සියලු අධමයෝ හැමකල්හිම වූපරිදි සර්ව ප්ර කාරයෙන්ම නොසලකා නිභිකාරණයෙහි අතිශයින් භය දක්නා සුල්ලභ. සභාපතියා දක්නට මෙහි රැස්වූ ගම්වැසි සෙන් දක්නාවූ මොව්හු මා ඉදිරියෙහි බැගෑවදන් කියති” යි ඒ කුමරතෙම කිපියේ ඔවුන්ට මෙබඳු වදන් කීය. එසේදවුවත් ඔව්හු ක්රමමයෙන් ඒ ඒ අත පැලහ. කුමර තෙමේද එපවත් දැන “නොයෙක් තැන මාගේ වික්රහමයද එසේම බොහොසේ ම‍ා විසින් කළ ස්වකීය අනත්විවපරිත්රාගණයද දක්නාමවූ මේ නීචයන්ගේ සහජාත භය අපගත නොවෙයි. මොවුන්ගේ මෙහි සිටීම හෝ පහව යාම හෝ මට කුමක්කරන්නේද මෙහි සිටිකල කවරනම් ජනයෙක් කොයි කලකත් කුමක් සිතන්නේදැ”යි එහි වෙසෙමින් මඳකලක් ඉක්මවීය. රත්නාවලී රාජිතීතෙමෝ පුත්රව එහි සිටි බැව්ද රජහු විසින් යවන ලද ඔවුන් කැටිව (උහු) නාබවද අසා “ පුතු නොඅවුත් මෙසේ කල් ගෙවීම කරණකල රජහු සිත ඉදින් දුකෙක්වීනම් සුදුසු නොවන්නේය”යි සිතා “මමම ගොස් සියපුතු මහාම රජුවෙත ගෙණවුත් දක්වන්නේමැ”යි වහා රුහුණින් අවුත් සක්නාතලි නම් නුවරට ගොස් සාදරයෙන් රජු දැක සමඟ සතුටුවියයුතු කථා නොයෙක් පරිද්දෙන් කොට නිමවා මිහිපල්හු වෙත සිටියා තමා ආ පවත් පවසා ඕතොමෝ ඒ නුවරින් විල්ගම ගොස් වැද, පුතුය නායක තෙරහුය සභානායනය යන මොවුන් සාදරයෙන් දැක කටයුතු දැ මොවුන් හා මොනවට මන්ත්රනණයකොට “සර්වකප්රවකාරයෙන් බැහැර ප්රසපවකරණය අයුතුය”යි ඒ කුමරහු ගෙණ බදලත්ථනලියට අවුත් එහි වසන දෙව්සෙනෙවියා සමඟ සක්නාතල් නුවර ගොස් පිය රජුට දැක්වී. පසුව කිත්සිරිමේ රජතෙමේ පුතු දැක හටගත් ප්රේනම ‍ඇත්තේ එකල්හි ප්රරධාන ඇමතියන් ඉදිරියෙහි මෙසේ කීයේය. “ඔබලාත් මා මෙහි කවුරු සේවා කෙරෙද්ද අන්තිම කෘත්යසය හෝ කරද්දැ”යි යන “ මා සිතතතබූ ශොකඋල අද උදුරණ ලද්දේය. දැන් තෙපි මටම ලාභයයි නොසිතට මේ තෙමේ තොප සියල්ලගේත් පුණ්යෙ දය නොවේද? මෙතැන් පටන් තෙපි සියල්ලෝම කුමරුට අනුව පවතිවිය”යි කියා ඒ සියපුතු උන්ට පාවාදින. ඇමතියන් ඒ කුමරහු අණෙහි සාදරයෙන් වැටෙනකල ඒ කිතසිරිමේ නම් රජ කළුරිය කෙළේය. දන්නාලද ශාස්ත්රාතගම ඇති ධීරවූ ඒ කුමරතෙමේ එකල්හි පියහු මරණින් හටගත් ශොකවේග වයසට නොපැමින, මහඇමති ආදී රටවැස්සන් අස්වසා පියහුගේ අගතිකෘත්යැයන් සානුරූප කොට නිමවා ඒ ඒ දනව්වෙහිද රට සීමායෙහිද තමා විසින් වඩනලද දැඩිභක්ති ඇති ඇමතියන් යොදා පසුව ක්ෂසත්රිායදර්ම යෙහි පඬිතවූයේ හොබනා නැකතෙක මහාදිපාද පදවි පට බැදීම මහොත්සවයෙහි ලඞකාලඞකාරභූත වූයේ සව්බරණින් සැදියේ ප්රබබලවූයේ දක්ෂායන්ට අග්රබව ඇතු නැගී නොයෙක් අලඞකාර



68 වෙනි පරිච්ඡේදය 113


යෙන් නොයෙක් පරිද්දෙන් සරහන ලද්දාවූ බලසමූහයෙන් සඞකීර්ණ1වූ නුවර සුරිදු සුරපුර ‍සෙයින් ප්ර දක්ෂිසණ කෙළේය. එකල මහණ බමුණු ආදීන්ගේ දිළිදුබැව් නැමැති තැවිලි පරම් පරාව මහත්වූ ධන වර්ෂාරවෙන් ශාන්තියට පැමිනමි. ඒ තෙම පසුව ගජබා රජුටත් මාණභ‍රණ රජුටත් එපවත් කියන්ට සිය දූතයන් යැවීය. ප්රයවරගුණයෙන් ‍අනෙක සාමනතයන් සිත්ගත් මොනවට කම්පිත කළ සතුරන් ඇති පැමිනෙනලද තියුනු තෙද ඇති ඒ (මහාදිපාද) තෙ‍මේ සකල භුවන කුහරව්යාතපත සත්කීර්තෙති වසතු කොට ඇත්තේ සොඳුරුවූ ‍නොයෙක් පැවතුම් ඇතිව ඒ නුවර විසුයේය. මෙතෙකින් හුදීජනයා ප්රසසාදසංවෙග පිණිස කළ මහවස මහාදිපාද මහුස්සව නම් සැට සත්වන අදියට නිමි. ________________________________________


68 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

අතිශයින් උදාරවූ අදහස් ඇති අන් දනව් මොනවට දත්තාවූ ඒ පැරකුම්බා කුමරතෙමේ රජයෙහි නියුතු ඇමති ජනයා හා සමඟ එහි මන්ත්ර්ණයට පැමිණ “ මගේ රජබැව්හි ඵල නම් සියලු සතුරන් නසා ලොකසාසනාභිවෘධි සිධි සම්පතතිය වේ. ඉතා කුඩාවූද මේ රාජ්ය ය මාගේ ප්ර ඥාවිශෙෂයෙන්ම සමෘධියට පමුණුවනලද්දේ අත්ය ත්ථිුයෙන් නොයෙක් සමෘධයෙන් යම්සේ අන්යුරාජ්ය්යන්ගේ මහිමය ඉක්ම පවතීද එසේ වහා සපයන්නෙමි”යි ඒ සවාමිතෙම සිතා සමඟ වැඩුනාවූ සියලු ඇමතියන්ට සුදුසු පරිද්දෙන් තනතුරු දී ඉසුරෙන් සංග්ර හ කොට සමන්කුළු සෙල පටන් සයුරු පටුන් දක්වා රාජ්යනසිමායෙහි නොයෙක් තන්හි සියසෙන් පිහිටුවා “හැමට පළමු කොට බෙහෙවින් ධාන්යි රැස්කිරීම කටයුත්තේය” යි මෙසේද සිතා ඇමතියන්ට මෙසේ කීයේය. “ බෙහෙවින් මා ‍අයත් රජයෙහි අහස්දියෙන් නිපදනා නොයෙක් ගොයම් බ්මි හැර නුසුන් දියයුත් නදින් හා එසේම මහවැව් නිසා පැවති කෙත් ස්වල්පය, බොහෝවූ පර්වාතයන්ද ඝනවූ වනලැහැබින්ද මහමඩින්ද රාජ්යමය අතිසයින් සම්බාධයි. මෙබඳු දෙශයෙහි වැස්සෙන් හටගත් ජලය මදකුත් ලොකොපකාරයෙන් වෙන්ම කිසි කලෙකත් මුහුදට නොයේවා. මැනික් රන් ආදී වස්තූ හටගන්නා ආකාර බිම් හැරසෙසුතන්හි කෙත් මොනවට පැවැත්ම කටයුතුය. ලෝවැඩ නොකොට සියඅතට පැමිනියක් අනුභව කොට විසිම මා වැන්නන්ට සර්ව ප්රඩකාරයෙන්ම යුතු නොවේ. තෙපි සියල්ලෝ වනාහි දුෂ්කරවූද පැමිනි කටයුත්තෙහි නොපසුබට විය්ය්රකා ඇතිව එහි දුෂ්කර භාවය නොසිතා නිරවශෙෂ වසයෙන් මාගේ සංවිධානය නොවරදවා කර්මතන්තය අනුසස්නා පරිද්දෙන් සපයව්”යි (කී‍යේය.) 33-16


114 මහාවංශය


දැදුරු නම් හොය බොහෝ කලක් පටන් කොටුබදයයි ප්ර කටවූ නම් පමණක් ඉතිරිව නටුවාවූ පෙරකල් රජුන් විසින් බඳිනට ඉතා දුෂ්කර බවට පැමිණියාවූ මහගෙය බඳින්ට මහත් යසස් ඇත්තා වූ හේතෙමේ නියෝග කෙළේය. ඉක්බිත්තෙන් ඒ සියලු ඇමතියෝ සර්ව ප්ර කාරයෙන් දුෂ්කරබවද කළ නමුත් නොතහවුරුබවද නොයෙක් පරිද්දෙන් ප්රහකාශ ‍කළෝය. පරාක්රරමබාහු රජතෙමේ ඒ බස් පසුබස්වා (කියන්නේ) “ලෙව්හි උත්සාහවත්වූ දනන් විසින් කුමක් සිදුකළ නොහැක්කේද? රාම තෙමේ සයුරෙහිද වඳුරු සමූහයන් ලවා මහගෙයක් බැන්දවීය, යන මේ කථාතෙමෝ අද දක්වාත් ලෝකයෙහි පවත්නේය. ඉඳින් මාගේ තෙදවෙසෙස ලක්දිව එකසතින් ලකුණු කොට ලෙව් සසුන් වඩනට හේතුවන්නේ නම් ආරම්භමාත්රුයකින්ම නිමවීම පෙණෙන්නේය”යි කියා මහොතසාහි රජතෙමේ ඔවුන්ගේ උත්සාහය මනා කොට වැඩවීය. හෙය මුවදොර පටන් ‍රත්කරව්වා නම් රට දක්වා ගෙය බැම්මෙන් පළමු කොට මහනුවනැති සවාමිතෙමේ නොයෙක් පුරුෂ ප්ර මාණ ගැඹුරුවූ අතිශයින් පතළාවූ තහවුරුවූ මහමොව් ඇලක් පැවැත්වී.රට වැසිවූ ගල්වුඩු සමූහයද ‍ලොහොකරුවන්ද බොහෝවූ කඹුරන්ද රන්කරුවන්ද රැස්කරවා ඔවුන් ගල්කොටන කම්හි යුක්ත කොට ඔවුන් ලවා දැනගත නොහැකි ශෛලසන්ධිඔ ඇත්තාවූ අතිශයින් තිරවූ එක සනවූ ගල්තලක් සමවූ මනා කොට නිමවනලද සුණුවම් ඇත්තාවූ හෙය මහා යසස් ඇති රජතෙමේ බැඳවීය. සැදැහැත්තේ ඒ ගෙය මතුයෙහි බෝතුරක්ද පිළිම ගෙයක්ද එසේම දහගැබක්ද පිහිටවී, සියලු ජලප්රතවාහයතෙමේ ඒ මොව් ඇලින් යම්සේ මුහුදට වදීද පණ්ඩිතතෙමේ එසේ කෙළේය. ඒ ඇල දෙපස මහවනය කප්පවා වී ගැල් නොයෙක් දහස් ගණන් වැපිරෙන කෙත් කරවා නොකඩවූ වීයෙන් පිරුණු කොටු වලින් ගැවසුනු බැවින් කොටුබදය යනු අත්වි නු රූපවූ ව්යිවහාරයට පැමිනවූයේය. ඉක්බිති සක්වඩමන කිඹුල්වාණය යන මේ ගංගාවල සම්භෙද ස්ථානයෙහි රජතෙ‍ම යටකියනලද පරිද්දෙන් ඌරුදොළ නම්වූ තැන බඳවා එහිද මොට් ඇලක් පවත්වා ඒ ඌරුදොළ මොට් ඇලින් ජලය මාගල්වැව හෙලා එහිද සුන්බුන්තැන් ඉතිරි නොකොට බඳවා දිය බැහැර යන මාර්‍ා යන්ගේ බැසයන ජලය පෙරටු කොට පූර්වනප්රයමාණයෙන් වැඩිවූ දියබැස වැටීමද කරවා එතැන් පටන් උරුදොළ දක්වා කෙත් කරවා එහිද වී රැස් කෙළේය. හේතෙමේ දැදුරු ඔය මැද දොරාදත්තික නම් තැන දියබස්නාවක්ද මහ ඇලක්ද කරවා එතැන් පටන් ඌරුදොළ දක්වාද කෙත් කරවා එසේ එහිද ධාන්යලරාශිය රැස් කෙළේය.


69 වෙනි පරිච්ඡේදය 115


පෙර ඉතා කුඩාවූ පඬුවැව වඩන ලද උස්බැව් හා අයම්විතරැති තහවුරු මියර ඇති කොට සොරොව්වක් සහිත ඉතා උස්වූ මහදිය (කඳ) වදනා මඟක්ද කරවා පැරකුම් මුහුදය යන ව්යතවහාරයද තැබී. ඒ මැදිවූ දූවෙහි ගලමුදුනෙහි කෙලෙස්කුළු සිරි උසුලන සෑයක්ද කරවි. ඒ මැද ඉතා සොඳුරුවූ ‍ලෝවැස්සන්ගේ සතුටු සමූහයට මැදුරක් වැනිවෟ තුන්මහල් රජමැදුරක් කරවී. මාගලවැව, සිටුවැව, එසේම සතුන්නතුවැව, තබවැව, එසේම අඹ වැව, වසාවැව. ගිරිබාවැව, පටාල වැව, මණ්ඩික්කුලම, මොනර වැව, සාදියගම් වැව, තිලගුල් වැව, මලාවැල් වැව, එසේම කළු වැව,කිතුකඩ වැව, කිණිහිරිගල් වැව, බුද්ගමු දොළ, හුරුගමු වැව, මහකිරලා වැව, ගිරියා වැව, රක්නා වැව, අඹාල වැව. කටුන්නරු වැව, ජල්ලිඛා වැව, උතුරාල වැව, එසේම සියඹලාගම් වැව, දවලවිටිගම් වැව, කිරා වැව, නළන්නරු වැව, කරවිටිලත්වැව, එසේම දිඹුල්ගම් වැව, මූනරු වැව, කසාල් වැව, එසේම කලලහල් වැව, මුල්වාරික වැව, එසේම ගිරිසගවූ නම් වැව, පොලොන්නරු වැව, එසේම විසිරිතල වැව යන මේ කීවාවූද අනිකුදු නටුවාවූද බොහෝ හෙප් දොළ හා වැව් දයාබත් සිත්ඇතාවූ හේතෙමේ සිය රජයෙහි බැදවී. පස් යොදුන් රට මහමඩ හා කුඩා විල් කප්පවා එයින් ජලය ගංගාවල හෙලා කෙත් පැවැතිවීය. වී රැසද සම්භරණය කෙළේය. එහි වන බිම් හා අනිකදු ඉතා බොහෝ තන්හි සෑම වනබිම වෙන් කොට ගම් ප්රගධානයන් ගෙණ කෙත් කිරීමෙහි රටවැස්සන් යොදා රජයෙහි පෙර උපදනා අයෙන් වැඩිවූ අය යම්සේ අළුත් කෙතින්ම රැස්කරණු ලැබේද එසේ කරවා ඒ රටවැස්සෝ දුර්භික්ෂඅභය යම්සේ කිසිකලෙකත් නොහඳුනද්ද නුවනැත්තාවූ රජ තෙමේ එසේ කෙළේයි. නිතිදත් (ඒ රජතෙමේ) “මාගේ රජයෙහි යම්කිසි තැනෙක්හි පැමිනි උපකාර රහිතවූ කුඩා ගෙපල් (පමණ බිම්) කුත් නොතිබේවි” යි කියා ඵල පිණිස ප්ර සිධවූද එසේම මල් පිනිස ප්ර්සිධ වූද නොයෙක් වැල්රුක් වෙසෙසින් ගනව ගැවසුනාවූ බොහෝවූ නොයෙක් අනුභවයට උදාරවූ ‍නා නා විධ උයනින් සොඳුරුවූ සිත් අලවන්නාවූ ආරමයන් ඒ ඒ තන්හි හේතෙමේ පිහිට වූයේය. මෙසේ සෘධියට ගියාවූ කුඩාවූද ස්වකීය රාජ්යපය ස්වකීය වූ ප්රතඥාවිශෙ පයෙන් අන්යටවූ මහත් රාජ්යකයක් නමුත් යම්සේ ඉක්මවා පවතීද විධානයෙහි දක්ෂ්වූ රජතෙමේ එපරිද්දෙන් කෙළේය. මෙතෙකින් හුදීජනයා ප්රේසාද සංවේග පිණිස කළ මහවස සරජජ සම්ධීකරණ නම්වූ සැට අටවෙන් අදියර නිමි. 69 වෙනි පරිච්ඡේදය එකල්හි පැරකුම්බා ර‍ජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී. “යහපත් නීතියට ප්රේතිපක්ෂලවූ මනා


116 මහාවංශය


නුවන නැත්තාවූ පෙර රජහු බොහෝ කලක් කැමතිසේ ලෝසසුන් නැසුහ. භික්ෂුැහු බුධශාසනය අධර්ම් අවිනය කොට පිළිවෙත් වරදවමින් රිසිසේ විසූහ. මෙකල්හි මම වහාම ලඞකාව එත්සත් කොට සස්නද ‍ලොවද ඍජු කේට තබන්නෙමි නම් යෙහෙකී” මෙසේ සිතා සාමානතයන් හා මඬලීකයන්ට සේනාවද යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙන් දෙමින් ක්ෂාත්රීසය‍ තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළසෙනගට අධිපතිවූ මලය රජ නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවිය. තඹ රටද, ගිරිබාරටද, මොනර වැවද, මිපල් නම් රටද, පිලවිට නම් රටද, බුද්ගම් නම් රටද, අඹ වන නම් රටද, බෝගම්බර නම් රටද, කටුපේකට නම් රටද, පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් ව‍සයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යොධයන් හා කොටුද සන්නාහයන්ද කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් අවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී. ඉක්බිත්තෙන් ලක්මහලැන නම්වූද, සිළුනා නම්වුද, එසේම ජය මහ ලෑන නම්වුද, සිටුනා නම්වූද, මහින්දව නම්වූද, ලම්බකර්ණදක්ෂබත්රිවය වංශයෙන් පැවත ආ මේ පස්දෙන එකල්හි මහයසසින් යුක්තව මොරිය රට වෙසෙති. ඔවුන් ලවා භටයන් දහස් ගණන් වෙන් වෙන් වසයෙන් කරවා යුද උපකරණද කරවන්ට නියෝග කෙළේයි. රජතෙමේ තමන් අබතුරෙහිද මඩලිසුරුවරයන් දොළසක් කොට එක එක නමකට යුදයෙහි සූරයන් දෙ‍දහස දෙදහස දුන්නේය. ජයගන්නාසුලුවූ අසූසතරදෙනෙක් සාමාන්තයන් කොට ඔවුන්ට වෙන්වසයෙන් දහස බැගින් සේනාවදින. මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යොධයන් කොට යුධොපකරණද දින. අන්යොදෙශවාසීවූ කෙරෙළාදී කෘත හස්ත යොධයන් සම්බන්ධිණවූ බොහෝ ‍දහස් ගණන්ද සෑදී. චන්‍ද්රාසලෝක ධනුර්ධ රයන් එක්දහසක් රෑ යුදෙහි සපන් කරවා සම් සැට්ට ආදිය දින. නොයෙක් දහස් ගණන් වැද්දන් කර්ම දක්ෂ යන් කරවා ඔවුන්ට සුදුසුවූ රිසි කළුරෙදි ආදිය දින. එකල්හි ඒ රජ තෙමේ නොයෙක් කම්කරුවන්ගෙන් එක එක දහස ස්වකීය ස්වකීය කම් කරණට යෙදී. “ඇත් අස් කඩු ශිල්පයන්හිද අන්ය් දෙශභාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂ්ව රාජකාය්ය්ිල්යෙහි නුවනතිව වැඩෙත්ව”යි නොයෙක් කුලවතුන්ගේ පුත් සො‍හොවුරු මුනුබුරන් එකල අධිපතිතෙමේ සිය මැදුරෙහි වැඩුයේය. සිරිගන්නා වූද කපුරුවඩන්නාවූද කුඩා සේවකයෝ එසේම සිංහල ගාන්ධවර්ව.ය ලඟ හැසිරෙන්නෝය යන මේ ආදී ප්ර භෙද වර්ග යන්ට අයත් වෙන් වෙන්වූ දහස්ගණන් මිනිසුන් හේතෙමේ රජගෙයිම වැඩි. තරුණවූ සැට්ටලන්නෝය නාපිතය යනාදීන්ට අවි දී ස්වකීය ස්වකීය දෙටුවන් සෙව්නට අනුදත්තේය. පියරජහුගේ භාණ්ඩාගාරාධි


70වෙනි පරිච්ඡේදය 117


කාරීන්ගෙන් ධන ප්රාමාණ දැන “මා විසින් මෙපමණ ධනයෙන් මේ ලඞකාතොමෝ එකසත් කරන්ට නොහැක්කීය” යි නිශ්චය කොට ජනසමූහයා නොපෙලා මෙසේ ධනය රැස්කෙළේයි, මිහි පල්තෙමේ වස්තුවද සේනාවද වෙන්වශයෙන් දෙකොටස් කොට මුල්වූ අමති දෙදෙනා කෙරෙහි තැබීය. රජතෙමේ තමන් ජය ගත් සියලු රටද එසේම සමසේ බෙදා පිළිවෙළින් පැවතආ සමූහාධිපති ඇමති දෙදෙනෙක් කෙරෙහි තැබි. මුහුදුතෙර රටින්ද රුවන් ආකර රටින්ද මහමලය රටින්ද ඉන් අවශෙෂ රටින්දැයි ඒ මිහිපල්තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරක ධූරයයි නම් කොට ඇමතියෙක් කෙරෙහි (අධිපති බැව්) තැබී. හෙ‍තෙමේ බොහෝ රුවන් නැව්වලින් යවා වෙළදාම් කරවා ධන රාශියද වැඩි. මුල් ඇමතියන් දෙදෙනා කෙරෙහි යුද උපකරණද නොයෙක් දහස් යොධ භටයන්ද ඇතිකරවී. අන්තරක නම් ප්රරධාන ස්ථානයෙහිද විජිත දෙකට අයත්වූ ප්රඇධාන ස්ථාන දෙක්හිද යන (ධූරත්ර්යෙහි) ඇමතියන් තුන්දෙනා කෙරෙහි ඉතා බොහෝවූ යෝබලන් ඇතිකරවි. භටයන්ගේ සුරුබැව් පිණිස විථියුධකරවා ඉතා සූරයන් වෙන් කොට උතුම් සත්කාර කෙළේයි. දයාවෙහි ඇළුනේ යුද කරණට නොපොහොසතුන් “ඔව්හු ගොවිකම් ආදිය කොට සුවසේ ජීවත් වෙත්වා”යි හළේයි. මෙසේ විදි දත් තැනැත්තේ සනතාහ සහ ආයුධයන්ද සූරවූ භටයන්ද සපයා ජනසමූහයා නොපෙළා සුවසේ නානාවිධ ධනසමූහයද රැස් කෙළේයි. මෙතෙකින් හුදීජනයා ප්ර සාද ‍සංවේග පිණිස කළ මහවස බල දන ඝඟහ නම්වූ එකුන් සැටවන අදියර නිමි. ________________________________________


70වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඉක්බිත්තෙන් හේතෙමේ තමන්ගේ මහත් සේනාවද ධන ධාන්යාසදී සම්පත්තියද සියලු යුධෝපකරණද බලා සිංහල ද්වීපය තබා දඹදිව උවත් ගන්ට දුෂ්කර නොවෙයි සිතා රාජ්යා සාධනයට පටන්ගත්තේයි. නොයෙක් පර්ව ත දුර්ගි ඇති බැවින්ද චණ්ඩාසත්ව් භයින්ද දුකසේ බැස්ස යුතුවූ අන්ය‍ මනුෂ්යුයන්ගේ සචාර රහිතවූ එකවදික මාර්ගියෙන් යායුතුවූ අතිශයින් බියකරුවූ මිනිසුන් භක්ෂයණය කරන්නාවූ කිඹුලන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනාවූ මහා මලයරට යටිකඩ දුඹර ගජබා නිරුදුගේ ‍රකඛ නම් දණ්ඩනායක ඇමතියා උපලාලනයෙන් කැඳවා උතුම් සංග්රූව කොට මලය දෙසය ගෙණදෙන්ට උහුට නියෝග කෙළේය. එකල්හි ඒ දෙසවාසීහු එපවත් අසා “ දණ්ඩනාථයා ආකල්හි උහු මරන්නෙමුය” යි මන්ත්ර්ණය ‍කළේය. දණඩනාථ තෙමේද ඒ අසා වහා අවුත් යුද ‍කොට ඒ සතුරන් පලවා දුම්බර රට ගත්තේය.

118 මහාවංශය ඉක්බිත්තෙන් හේතෙමේ යටිකඩෙහි යුද පවත්වා සතුරන් පලවා එහි සාමානතයාගේ හිස ගත්තේය. තල්කෙත නම් ගමෙහි දෙවරක් යුද කොට නාපාණ නම් ගමෙහිද එසේම යුද දෙකක් කෙළේය. රන්දෙනි නම් ගමේහිද රඹුක්වැල්ල නම් ගමේහිද දෙමටපාතෙලෙහිද එක එක යුද දොට ඒ ඒ තැන නිවාසිවු සියලු සතුරන් නසා, මහා බල ඇත්තේ යටිකඩ නම් රට ගත්තේය. එහි සේනාව සමඟ බාල සොහොවුරා සිටුවා කටයුතු පිළිවිස්නා පිණිස හේතෙමේ රජුකරා ගියේයි. එකල්හි ඒ සහෝදරයා ප්රපධාන කොට ඇත්තාවූ යෝධ භටයෝ නික්ම සතුරන් හා යුද කොට නිල්ගල නම් රට ගත්හු. දණ්ඩනාථ තෙමේ නැවත අවුත් සයකෙත් නම් තැනද රත්බෙදුම් නම් තැනද එසේම දුනුවිලද එක එක බැගින් යුද කොට ‍සතුරන් මරා ගන්නාලද ඒ නිල්ගල නම් රට අතිශයින් තහවුරු කෙළේයි. ඉක්බිත්තෙන් හේතෙමේ බලවත්වූ ඔත්තුරාමලලකයා සමඟද දුනුමඩුලුනාවන් සමඟද දෙවරක් යුද කොට හිණිකෙත් නම් රට ගෙණ පහවූ සතුරුබිය ඇතිකොට ඔතතුරාමලලකාදීන් තමා වසඟ කෙළේයි. එකල්හි රජතෙමේ රක්ඛ නම් දණ්ඩනාකයන් කැඳවා කෙසධාතුනම් පදවියද මහ සම්පත්ද දී රජරට ගන්නට මැදවගට යැවී. හේ තෙමේද නිල්ගිරට ගොස් සේනා සන්නඬ ර කොට එතැනින් මහසෙනඟ ඇත්තේ වෑවල නම් පියසෙහිද එසේම මැදවගද යුද කොට ‍ජය ලැබීය. ගජබා නම් රජ එපවත් අසා උහු හා යුද කරනට මහසෙන් යැවිය. කෙසධාතු නම් ඇමතිතෙමේ ඒ දැන ශක්තිමත්වූ සේනා වාහන ඇත්තේ ඒ සතුරු සෙන් බිඳ මැදවග (නම්රට) ගත්තේය. ලොජිත්වානණ නමැත්තේද රකඛ ලඞකාධිනායක නම් ඇමතිතෙමේද සෙනා සන්නධ කොට ගෙණ සිංහ වික්ර්ම ඇත්තාවූ ඔවුහු ගොස් හුකිතති ලඞකානායක නම් තැනැත්තා හා සමඟ යුද කොට උහු නසා රෙරුප්පල්ලි නම් රට ස්වකීය හස්තප්රාතප්ත ‍කළෝය. රජතෙමේ කොසකවගෙහි සමත් මල් නමැත්තා ප්රි ය වචනයෙන් තමන් යටත් කොට මහඉසුරු දී එකල්හි යුද උවරණද මහත්වූ සේනාවද යවා කොස්වග ගන්නට යෙදී. සමණමල්ලක නම් තැනැත්තාද ඔතතු‍රාමල්ලක ආදිහුද සතුරු සේනාව හා යුද කොට යුදෙහි බොහෝදෙන නැසූහ. හිස්සුන්බෝ නම් ස්ථාන යෙහි මහ යුද කොට මහ බලැත්තෝ ඒ හිස්සුන්බෝ නම් ස්ථානියෙහි මහ යුද කොට මහ බලැත්තෝ ඒ කොස්වග නම් ස්ථානය ගත්හ. මෙසේ ඒ රටවැස්සන්ගෙන් අවුල් සහිතවූ ඒ මලයරට මොනවට නිරවුල් කොට සියපුරයෙහි වසන්නාවූ ඒ රජතෙමේ උයන්කෙළි දියකෙළියෙන්ද නෘත්‍යගීතාදියෙන්ද දවස් යවමින් රාජධර්මදය අනුව පවත්නේ, විරුධ නරෙන්ර්නෘතයන් වලකනු පිණිසද උත්සාහ පිණිසද සොරුන් වලකනු පිණිසද එකල්හි මුවදඩ යන්නේය.



70වෙනි පරිච්ඡේදය 117


ඉක්බිත්තෙන් රජතෙමේ එක් දිනෙක ඇමති පිරිවර ජනයා සහිතව මෙහෙසිය සමග මුවදඩ පිණිස යන්නේ, මුවන් පිවිසි ලකුණු ඇත්තාවූ එක් මහ වනයක් දැක ඒ ශ්රෙපෂ්ඨතෙමේ මෙහෙසිය එක් අවකාස ස්ථානයෙක්හි හිඳුවා. තෙබ් ගත් අත්ඇති වැද්දන් ලවාද මුවදැලින්ද ඒ වනය අවුරවා ඒ ඒ තන්හි ඝෝෂා කරවි. එහි ඇති පොව්වෙක් පමණවූ ගොණෙක්තෙමේ ඒ භයානක ඝෝෂාව අසා වනලැහැබින් පිටත්ව බියෙන් තැතිගත්තේ ඔබ මොබ බලමිනි දුවන්නේ පර්ව ත දූර්ගැයෙන් වැටෙමින් ගිරිකඳුරැලි පනිමින් වෘක්ෂි ශාඛා බිඳිමින් දැල් වැල් අදිමින් වනලැහැබ් සුණු කරමින් එලු දැල පලාගෙණ හමු හමුවූ දනන් බිය ගන්වා පන්නමින් වාතයට බඳු යුහුගමන් වෙග ඇත්තේ මෙහෙසිය අභිමුඛයට දිවීය, දුවන්නාවූ උහු දැක සියලු ජනයෝ බියෙන් මිරිකුනෝ මෙහෙසිය හා මිහිපල්හු හැර ඒ ඒ අත පලා ගියෝය. බිහිසුනු පැරකුම් ඇති ඒ රජතෙමේ ආවාවූ භයානකවූ ගොකණී මෘගයා (දැක) උහු ඉදිරියටම දිව තෙබ දමා හැන්නේය. පහර ලත් උහු විසින් අන්නට හිස නැමූකල්හි අංදෙක ගිළිහී රජහු පාමුල හින. ලද පහර ගෙතුවින් හඬනා මෘගයාගේ හඬ අසා නැවතී ඒ ඒ දෙසින් රැස්ව ඇමතියෝද වැද්දෝද සැට්ටලන ඇමතියන් හා කරනැවෑමි ආදීහුද ආදෙක හා සිංහ වික්රදම ඇත්තාවූ රජහු දැක හටගත්තාවූ සමශ්රආම ඇතිව වෙසෙසින් තුටුපහටුවූවෝ ඒ වනය ස්තුති ඝොෂාවෙන් එක කොලහල කළේය. රජහුගේ වික්රහම විශෙෂයද මහ පිණැති බවද සූරබැව් හා වීර බවද එකල්හි බෙහෙවින් වර්ණරනා කොට ඔව්හු අංයුවල ගෙණ රජහු පිරිවරා දෙව්නුවරක්සේ සදනලද්දදාවූ පුරයට ගොස් විස්මය එලවන්නාවූ ඒ ප්රිවෘත්තිය මහාමාත්යදයන්ට දන්වා ඒ අංයුවල සියල්ලන්ට දැක්වූහ. රැස්වූ මහ ඇමතියෝ ඒ අදභූතය අසා විස්මපත් සිත් ඇත්තෝ මෙසේ ආශ්චය්ය්න්න දැන්වූහ. “අහෝ මහානුභාව ඇත්තාවූ මෙතෙමේ ඉදින් ජම්බුද්වීපයෙහි උපන්නේ නම් ඒකාන්තයෙන්ම සක්විතිරජවන්නේය” නොඉක්ම විය හැකි විකුම් ඇති ඒ ධීරයා මේ ආදී ස්තුති යුක්ත වචනයෙන් නැවත නැවත වර්ණනනා කොට ඉක්බිත් ඒ අංයුවල අකුරු ලියවා භාණ්ඩාගාරයෙහි තැබ්බවූහ. එය අද දක්වා පවතී. එකල්හි “ ගජබා මිහිපල්තෙමේ දෙශාන්තරයෙනි මිසදිටු ගත් රජකුමරුවන් ගෙන්වා රජ රට සතුරන් සහිත කෙළේය” යි රජ තෙමේ අසා “මාවැනි පැණපින් ඉදුවිකුම් වෙසෙස් ඇත්තෙකු විද්යාශමානකල්හි මෙසේ කෙලේ නොවේදැයි අතිශයින් කලකිරුණු සිත් ඇත්තේ රජ රටත් ගන්නා පිණිස දණ්ඩනායකයන් යෙදී. යුද පිණිස උපදෙස් දෙන්නාවූ කොවල්ලශාස්ත්රන යුධාර්ණකවාදිය මනා කොට බලා ස්වකීය බුද්ධියෙන්ද කල්පනා කොට දෙශකාලානුරූප පරිද්දෙන් යුධ විදියෙහි දක්ෂයවූයේ යුධොපාය ලියා සාමානතයන්ට දෙවා, “ මේ උපදේශයෙන් රෙඛාමාත්රපයකුදු පැන කිසියම් කර්මනයක්


120 මහාවංශය


කරම්හයි නොසිතව” යි නියෝග කෙළේය. ඒ සියල්ලෝම රජහුගේ බස හිසින් පිළිගෙන මහබල ඇත්තෝ යුද පවත්වන්නට ආරම්භකළෝය. ගජබා රජහුගේ සමෘධවූ වාහන ඇත්තාවූ යුධයෙහි දක්ෂ වූ කොම්බා නම් ඡත්රා ග්රාබහක ප්රධධානයෙක් වී. ඒ තෙමේ මල්ලවාලාන නම් ගමෙහි ඉතා තිර බලකොටුවක් කොට සතුරන් වලක්වන පිණිස එහි බො‍හෝ කලක් විසී. වැලිකෙත් නම් බලකොටුවෙහි සිටියාවූ මලයරායර නම් ඇමති තෙමේ යුද කොට උහු බැහැර කෙළේ. උහුගේ ඒ දුර්ගඇයද ගත්තේය. ඒ වීරතෙමේ එයින් නික්ම මහසෙන් විසින් පෙරටුකරණ ලද්දේ නැවින් දියපිට මුතුආකාරය වෙත ගොස් බල ඇත්තේ එහි සිටි දණ්ඩ නාථයා සමඟ දියමැද මහ යුද පැවැත්වී. සතුරාගේ බල බිඳුනේය. එකල්හි එහි දරුණවූ දෙවෙනි යුධයක්ද පවත්වා නොයෙක් දහස් ජනයන් යමයා කරා යැවී. නමබා නම් කෙසධාතු නායකයා ආදී සේනාද මල්වැලි නම් තන්හි විසූ පසමිතුරන් නැසූහ. මොනරවැව නීලගල්ලක නම් සාමන්ත‍තෙමේද කටියා ගමට අවුත් බොහෝ සතුරන් මැරීය. ගජබා රජහුගේ ම කළාවැව නම් ගමෙහි ගොකර්ණයක නගරගිරි දණ්ඩනාථයයි ප්රකසිඞවු සූරවූ උදාරගුණයෙන් යුක්තවූ රථ බලවාගන සහිතවු යුධයෙහි දක්ෂ්වූ සියහිමියාහට පක්ෂයපාතවූ මනත්රීනයෙක් ඇති. පැරකුම් රජහුගේ ‍රක්ඛදීවාන නම් අමාත්යස තෙමේ ගොණගමු නම් ස්ථානයේදී යුද කොට උහු පැරදවීය. පැරද ඛෙදප්රායප්තවූ ගොකන් ඇමතිතෙමේ නැවත ගොස් සේනාසනනධ කොට පිලිවිටි නම් දුර්ගයයෙහිද එසේම සාල්ලක නම් දූර්ගගයෙහිද තටවැව් නම් දුර්ගියෙහිද දඹකොලෙහිද විදුරා‍වැ‍ව්හිද නදීවැව්හිද පල්ලිකාවැව් නම් තන්හිද එසේම කලලහල් ලිකයෙහිද යන සැමතන්හිම වෙන්වසයෙන් යුද කොට පරාජයට පැමිනියේ “ පෙර රජහු සමඟද යුද කොට පැමිනි ජය ඇති ම‍ාගේ ඒ සේනාතොමෝ දැන් විගුණවද පැරකුම්බා රජහුගේ රාජ්යනසීමායෙහි සාමානතයන් දෙතුන්දෙනෙකු හා වෙන් වෙන් වහසෙන් යුද දොට පරාජයට පැමිනියාය. සේනානායකයෝද මළහ. දැන් යුද කරණට නොහැකියයි සිතා සියලු පවත් ගජබා ‍රජහට කියා යැවී. ඒ ගජබා මිහිපල්තෙමේ ඒ සියල්ල අසා ඇමතියන් හා මනත්රදණය ‍කරන්නේ මේ වචනය කීයේය. “මින් පෙර අපගේ පර‍ාජයක් නො ඇසුම්හ. දැන් පරාජයට පැමිනියෙමු අපට මහත් හානිවිය. ම‍ාගේ ඇමතියන් අතුරෙන් මහත් බල පරාක්රනම ඇති හේතෙමේද නොයෙක්වර යුද කොට පරාජයට පැමිනියේය. ඉදින් නැවතත් උහුට හානියක් වී නම් මට යහපත් නොවේ. මෙසේ හේතෙමේ ඇමතියන් සමඟ මන්ත්ර ණය කොට බොහෝ ධනයද සේනාවන්ද සේනා නාථයන්ද නොබිඳිය හැකි සන්නාහයන්ද සාදා උහු වෙත යැවී.


70වෙනි පරිච්ඡේදය 121


එකල්හි රජහු විසින් එවනලද සේනාවද තමන් පෙර සේනාවද රටවැසි සේනාවද යුහුව සාදා නැවතත් ‍ගොකර්ණාරමාත්යැතෙමේ නිල් ගලට ගොස් මායාගෙහාධිපතියා සමඟ මහ යුද පැවැත්වී. එහි යුදයෙහි උහුගේ බොහෝ මනුෂ්යහයෝ වැටුනහ. ඇවිද දැම් මෝය, වනයටද පිවිසියෝය, මිදීගියෝ නැතැයි කියයුතු බවට පැමිනියෝය. යානා හා සත් දමා තෙමේද වනයට වන්නේය. එතැන් පටන් යුධයන්හි සිත හැර එහි කළාවැව දුර්ග්ය ස්ථීර කොට ගෙණ විසීය. සුර අඹවන නම් රටෙහි සිටුවනලද්දාවූ ඇමතියෝ එතැනින් දනව්වා නම් ස්ථානයට ගොස් පසමිතුරු සෙන් මැරූහ. බෝගම්වර රටෙහි යොදනලද සේනානායකයෝ ලඞ්කා ගිරි නම් ස්ථානයට ගොස් එහි විසූ කතුරන් වැනසූහ. මිහිදු නගරගිරි ආදී සේනානායකයන් මල්ලවාළාන නම් රටටම යුද කරණට නැවත යැවූහ. බලැත්තෝ එහි ගොස් සතුරන් පසුබස්වා ඇතුල්ව ඒ රට ගෙණ අතිශයින් තහවුරු කළෝය. ඒ සියල්ලෝ එතැනින් නික්ම දිය පිටින් නොයෙක් නැව් සියගණනින් ගොස් යුද පවත්වා එහි සිටි දණඩකායකායාද උහු සේනාවද රටද මුතුද ගෙණ මුතු සියහිමියාහට යැවූහ. ඉකිබිති ඒ මිහිපල්තෙමේ පිලවසු නම් ස්ථානයෙහි දුර්ග යක් කරවා එහි යෝධයන් හා සේනාධිපතීන් වැස්සූහ. ගජබා රජ තෙමේ එපවත් අසා ඇමතියන් සමඟ මන්ත්රීණය කොට සේනාව යවන්නට පටන්ගත. විධාන දන්නාවූ පැරකුම්බා රජතෙමේ ඒ දැන් ලඞකානාථ නම් ඇමතියන් දනව්වා නම් රටට යැවී. ගජබා රජතෙමේ එපවත් අසා සෙනග රැස්කෝට සේනාව දෙපෙරිද්දකින් බෙදා සන්නඬවූ සන්නාහායුධ ඇත්තාවූ සේනාව දනව්වා නම් තැනටද පිලිවසු නම් දුර්ගඬයටද දෙපසින් යැවීය. රක්ඛලඞකාධිනාථ නම් ඇමති තෙමේද මහසේනාව පෙරටු කොට පරසෙන් වනසනු පිණිස එතැන්නි අඹවනයට ගොස් සතුරු සේනාව සමඟ බුබුල නම් ගමෙහි යුද කොට බොහෝ සතුරන් සුණු කොට පසමිතුරු සේනාව පලාපිය. එකල්හි රටවැසි ජනයෝ කපාහෙලූ රුකින්ද කටුසහිත වැලින්ද මාර්ගොයන් දුගිම ‍කළෝය. මාර්ගුයෙහි සැඟවුනාවූ ස්වරූපයෙන් සිට එකල යුද පැවැත්වූහ. එකල සතුරන් නැසීමෙහි කළ නියමය ඇත්තාවූ ලඞකා නම් ඇමති තෙමේ ඔවුන් දිසා වන්හි ලුහුබඳනේ ආවරණයන්ද සිඳිනේ තැන්නි තැන මහයුද කරමින් දනව්වට ගියේය. හේතෙමේ පැරකුම්බා රජහුගේ උපදෙස් අනුසාරයෙන් ඒ දනව්වාව ගෙණ එහි බලකොටුවක් ගෙණ විසී. එකල්හි ගජබා රජ තෙ‍මේ දෙව ලඞකාධිනායක නම් ඇමතියාද දාඨාභාර නම් ඇමතියාද උහු පරයන් පිණිස යැවී. M 33-16

122 මහාවංශය


ඉක්බිති ඒ ලඞකාධිනාථතෙමේද ඔවුන් හා මහ යුද කොට ඔවුන් පලවා යගාල්ල නම් පියස ගත්තේය. ගජබා නිරිඳු තෙමේද ඇළිසර නම් රටෙහි සිව්පිරිස් නම් සේනාවා නැවත යුද කරණට යැවී. ඒ ලඞාකනාථතෙමේද නික්ම ඔවුන් සමඟද යුද කොට කිසිවෙක් ජීවග්රා හයෙන් අල්වාගෙණ තළාගොඩ ගත්තේය. එකල්හි ගජබා රජතෙමේ සාමදානයෙන් උහු වසඟකරණු කැමැත්තේ මාහැගි රුවන්ද අබරණද කොමුපිළි කොසෙය්යය පිළි ආදී නානා විධ වස්ත්රායන්ද යන බොහෝ පඬුරු දී උහු වෙත යැවී. ලඞකාධිනායකතෙමේ පඬුරු ගෙණ දූතයන් විකාරයට පමුනුවා ඒ පඬුරුද දූතයන්ද සියහිමියා කරා යැවී. රජතෙමේද ඒ දැක සතුටුවූයේ ඒ සියලු ධනයද මාහැඟි පඬුරුද නැවත උහුටම යැවී. ලඞකාධිනායකතෙමේ තළාගොඩ බලකොටුවෙන් නික්ම ගහපස ඇළිගම බලකොටුවෙහි එකළ විසීය. නැවත ගජබා රජතෙමේ සීකාදණ්ඩ නායකාදීවූ යුදකරුවූ මහා භටයන් උහු හා යුද කරණට යැවි. සමෘධවූ බලවාහන ඇත්තාවූ ඒ සියල්ලෝ නික්ම ඒ බලකොටු අවුරා ශරවර්ෂාා වැස්වූහ. රක්ඛලඞ්කාධිනාථ ඇමතියා‍ගේ ආයුධ සන්නධවූ කිසියම් යොධ කෙනෙක් දොරසිට බියකරුවූ යුද කළෝය, දොරටු අටළු ඇසිරු කොට විසූ ධනුඬ්රාදී යෝධයෝ හී තොමර හෙල්ල යන ආයුධ යෙන් බොහෝවූ සතුරන් වැනසූහ. මෙපරිද්දෙන් මහත් උත්සාහවත්වූ ඒ සියලු මහා භටයෝ තුන්දිනක් නිර්තුරුව මහා යුද පැවැත්වූහ. සතුරන් නැසීමෙහි තත්පරවූ ගජබා රජහුගේ යෝධයෝ බලකොටුවෙහි මහදොරටු බිඳින්ට පටන් ගත්හ. එකල්හි ලඞකාධි නාථ තෙමේ ද උහුගේ යෝධයෝද නික්මුනාහු ගඟ එතර දක්වා යුද කරමින් සතු‍රන් මැරූහ. ඉක්බිති ගඟා ජලය සතුරන්ගේ ලෙහෙයෙන් කැලැත් කොට බොහෝ සේනානායකයන් ජීවග්රා.හයෙන්ද ගත්හ. යුධයෙහි ගත් ජය ඇත්තාවූ රක්ඛලඞකාධි නායක තෙමේ සිය බලකොටුවෙහි මහත් විජය සැණකෙළි අනුභව කරන්නේ සතුරු ඇමතියන්ගේ හිස්ද සත් යානා ආයුධයන්ද ජීවග්රා හයෙන් ගන්නාලද්දවූද සිය හිමියා වෙත යැවුයේය. ඉක්බිති රජතෙමේ දෙව නම් සෙනෙවියා කැඳවා රක්ඛලඞකාධිනාථයන් විසින් කරණලද සියල්ල කියා “ ගජබාරජතෙමේ බල හානිය අසා ඒ දණ්ඩනායකයන් ගන්නා පිණිස ඒකාන්තයෙන් මහසෙන් එවන්නේය”යි (සිතා) මහා යසස් ඇති සෙනෙවියා ගජබානිරිඳුගේ මහසෙන් දෙකඩ කරණ පිණිස ගිරිබාරටට යැවී. ඒ මහ නුවනැත්තේ ගොස් සියලු සේනාවද සදා කළාවෑ ගංතෙර බලකොටුවක් කොට ගෙණ එහි වෙසෙමින් රජහු නියොවින් කළාවැව් නදියෙහි ඇත් අස් රිය පාබල සේනාවන් විසින් යාහැකිවූ අතිශයින් සිත්කළුවූ යපත් ඇණ සඹන්ධ වූ දෙසියයක් රියන් දිගුවූ විසිරියන් පුළුල්වූ අතිශයින් තහවුරු හෙයක් එතල්හි දඬුවෙන්


70වෙනි පරිච්ඡේදය 123


කරවි. ඒ සෙනෙවිතෙමේ යම් කිසි සාමාන්තකෙනෙකුන් එහි සිටුවා නික්ම ඒ ඒ තන්හි මහ යුද පවත්වන්නේ පැමිනි ජය ඇත්තේ ගොස් අංගමු නම් ස්ථානයෙහි සතුරුසෙන් හා යුද කරණු පිණිස බලකොටුවක් කොට එහි විසීය. එකල ඒ අසා සතුරු සේනාතෙමෝද සෙනෙවියා වළකනු පිණිස සෙන්ගම බිඳිය නොහැකි බලකොටුවක් කොට විසීය. එකල්හි සෙනෙවිතෙමේ ගොස් සතුරුසේනා හා සමඟ යුද කොට මහත් යසස් ඇත්තේ සෙන්ගම ඒ බලකොටුව ගත්තේය. සතුරෝ නැවතත් දෙවරක් යුද කොට පරාජයට පැමිණ මන්යාුගම බලකොටුවක් කොට ගෙණ විසූහ. සෙනෙවිතෙමේ එතැනින් ගොස් මන්යාුගම් බලකොටුව ගත්තේය. එසේම මිතාගම බලකොටුවද ඌරුගමු බලකොටුවද ගත්තේය. ඒ බලකොටුවල නවකම් කරවා සියලු බලකොටු සුන් ‍නොකොට ඇමතියන් තබා එහි සෙනෙවිතෙමේ තෙරිගම්හිද බල කොටුවක් කරවා එතැන්හි යොධයයි සම්මතවූ බල සහිත ඇමතියන් වැස්වී. එකල්හි ගජබාරජතෙමේ රාමනීලගිරි නම්වූ ස්වකීය සමාන්තයාද බොහෝ සේනානාථයන්ද උහු වළකනු පිණිස යැවීය. බලවාහන සහිතවූ ඒ සියල්ලෝද මොනවට සන්නධව තෙරිගම අසල කඳවුරු බැන්දාහ. දෙසේනාවෝ වේගයෙන් උදෑසන පටන් සංග්රාඳමාරම්හ කොට සවස් කාලය දක්වා පැවැත්වූහ. ඉක්බිති නීලගිරි නම් සෙනෙවිතෙමේද සූරසම්මතවූ උහුගේ යෝධයෝද පසුබස්නා තමන් සේනාව දැක සන්නාධායුධ ඇත්තායු මහායෝධයන් හෙලමින් සතුරන්ට බිය උපදවමින් ඇත්මුලෙක සිංහයන් සෙයින් සේනාමැදට පිවිසි‍යෝය. සෙනෙවි‍හුගේ යුදයෙන් නොනවත්නාවූ යෝධයෝද හාත්පසින් පැතිරයන්නෝ රාමනීලගිරි නම් සාමනතාමාත්යියාද බොහෝ සේනාධිපතියන්ද යුධ භූමියෙහි දී මරා කඩක්කුව නම් මහා යෝධයා හා අනිකුදු ‍බොහෝ යොධයන් අල්වා ගත්හ. එකල ඒ යුදයෙහි පැමිනි ජය ඇත්තාවූ සේනාධිපතිතෙමේ ජීවග්රධහයෙන් අල්වාගත්තාවූ ඒ මිනිසුන් ස්වකීය ස්වාමිවූ පරාක්රජම මහරජානන් කෙරෙහි සුවසේ වස්නා පිණිස එහි යැවිය. එකල්හි පණ්ඩිතවූ පැරකුම්බා රජතෙමේ තමන් සමීපයෙහි සිටි මහින්දිනගර ගිරි නම් (දඬනාථයා) කැඳවා ඒ ඇමතියන් වික්රසම විශෙෂය උහුට කීය. ඒ අසා හටගත් අභිමාන ඇත්තාවූ සතුරන් මඩ නා හේ තෙමේ “මමද ගොස් වහාම අනුරාධපුරය ගෙණ දෙම්වැ”යි ප්රතතිඥා කොට මහසෙන් ගෙණ ගොස් ඩෙබරබෑමාණ නම් තන්හි මහ යුද කෙළේය. මහා යසස් ඇත්තේ සියාමහනතකුදදාල නම් ගමෙහිද තිසාවැව සමීපයෙහිද අනුරාධපුර සමීපයෙහිද මහ යුද පවත්වන්නේ සතුරන් පරදවා සේනා සමුහයා විසින් පිරිවරණලදුව අනුරාධපුරය ගත්තේය. ඉක්බිති ඒ ගජබාහු නරෙන්ර්ප තෙමේ එපවත් අසා මුලාමාත්යක


124 මහාවංශය


යන් සහිතවූ නොයෙක් සෙනෙවියන් යැවිය. යුධ පිණිස සන්නධව ඒ සියල්ලෝ නුවර හාත්පස මග ආවරණ කොට ජන සංචාරය වැළැක්වූහ. එකල්හි දෙව්සෙනෙවිතෙමේ එපවත් අසා නුවර සිරකරණදල දණ්ඩනාථයන් මුදනුපිණිස වහා යන්නේ සියාමහනත කුදදාල නම් ගමෙහි නැවත යුද කොට අතරමගදී භයානකවූ යුධ තුණක් කරවී. මලයාරායරතෙමේ ඒ අසා තමන් බලකොටුවෙන් නික්ම අතර මගදී දෙවරක් යුද කොට ආයේය. සේනාපතීන්ගේ නියෝගයෙන් හේතෙමේ එක් මුඛයකින් ගොස් අනුරාධපුර සමීපයෙහි සතුරුසෙන් සමඟ යුද කෙළේයි. සෙනෙවිතෙමේද ඒ ඒ තන්හි මහ යුද කොට ගොස් අනුරාධපුර සමීපයෙහි යුධාරම්භ කෙළේය. ඒ මහබලැති මිහිදු නම් දණ්ඩනාථතෙමේ ඒ අසා අනුරාධපුර ප්රයවරයෙන් වහා නික්ම පසමිතුරන් නසමින් මාර්ග යෙහි බොහෝවූ ආවරණයන් බලාත්කාරයෙන් සිදුවමින් සේනාපතින් කරාම පැමිනියේය. සේනානථයන්ගේ සේනාවද උහුගේ සේනාවද එකතුව සතුරුසේනාව හා යුද කොට සතු‍රන් නැවත පැලවූහ. ඒ සේනාපතිතෙමේ නැවත අවුත් සියාමහනතකුදදාල නම්වූ ස්ථාන යෙහි තහවුරුවූ කඳවුරක් කොට එහි වාසය කෙළේය. එකල්හි පරාක්රලමබාහු නරෙන්ර්වු තෙමේ මායාගෙහ නම් සේනාධිපති ඇමතියා කැඳවා ඇළිසර යුද කරණට යෙදි. හේතෙමේ වීරපුරුෂයන් සහිතවූයේ සතුටින් එතැනිත් ගොස් ‍කලල් ගැලිගම බලකොටු බැද වාසය කොට ඇළිසරට යමින් නන්දාත මූලක නම් ගම බලකොටුවෙහි තුන් යුදයක් කොට ඒ දුගියා හසතප්රාිප්ත කෙළේයි. ඉක්බිති හේතෙමේ කඳුරුගම බල කොටුව නැවත ගෙණ කිරාටි නම් ගම පිහිටි බලකොටුව යුද කොට ගත්තේය. ගජබා රජහුගේ සේනාතෙමෝද යුද කරණු පිණිස අවුත් විලාන නම් තන්හි බලකොටුවක් කොට එහි විසීය. එකල්හි ඉක්මිය නොහැකි විකුම් ඇති ඒ පැරකුම්බා නරනිඳුතෙමේ නාලන්දාි වෙහි කඳවුරු බැද එහි වෙසෙමින් එපවත් අසා එකල්හි උමංබිඳීමෙහි දක්ෂලවූ සොරුන් දෙතුන් ‍සියයක් රහස යවා තියුණු අග් ඇති මුවඅං ගෙණ මධ්ය ම රාත්රිවයෙහි ගොස් ඒ දුගර්යස කැණ ගන්නා පණිස නියෝග කෙළේය. මයාගාහ ප්ර්ධානතෙමේද ඒ උපදෙසය අනුව යාමෙන් ඒ දුර්ග ය බිඳුවා එහි විසූ පසමිතුරන් ග්රඒහණය කරවි. හේ තෙමේ නැවත මැටිවැව් නම් ස්ථානයෙහිද බලකොටුව ගෙණ උඩු කිරුවා යටිකිරුවා නම් ගම්දෙක්හි ‍බලකොටු දෙක ගත්තේය. නාසින් නම් ගම දුර්ග ය බිඳ (එය) ගෙණ මෙසේ හේතෙමේ ඇළිසර රට ස්වකීය හස්තප්රාකප්ත කෙළේය. එකල්හි විධානයෙහි දක්ෂමවූ නරෙන්ර්හ තෙමේ පොළොන්නරුව වහාම ගන්නා පිණිස සාමාන්තා මාත්යේයන් යෙදී.


70වෙනි පරිච්ඡේදය 125


රක්ඛලකාධිනාථ තෙමේද සුඛජීවිත ප්රකස්තකීතෙමේද තළාතල බලකොටුවෙන් වේගයෙන් නික්ම මග ඒ ඒ තන්හි පසමිතුරන් සෙන් සමග යුද පවත්වමින් රජකමතසම්බාධ නම් තන්හි යුද කොට මිලාන නම් කෙත්පස යුද කොට එතැනින් ගියෝ කෙතමැදද යුද කොට බොහෝ සතුරන් මරා ඉන් මත්තෙහි සතුරන් ලුහුබඳමින් දරගල නම් තැනට පැමින එහිද යුද කොට එහි ලත් ජය ඇතිව ඉන් ගොස් මහබල නම් ගම ‍බලකොටුව බලාත්කාරයෙන් බිඳ එහි පසමිතුරන් නසා ඒ බලකොටුවෙහි ඔව්හු විසුහ. රුහුණු අධිපතිවූ ඒ මාණභරණ නම් රජතෙමේ ගජබා ‍රජහුගේ සාමන්තයන් හා නොයෙක් පරිද්දෙන් යුද කොට පැමිනි පරාජය හා පිරිහීම ඇත්තේ එකල්හි යුදයෙහි බඳ ආසා හැර භින්නවූ උත්සාහ ඇතිව වෙසෙමින් තුන්නිකා වැසි භික්ෂු කඞඝයා සමඟ අවුත් ගජබා නිරිඳු හා කරණලද මිත්ර සන්ථතව විසිය. “පැරකුම් මිහිපල්හුගේ මහබල ඇති සාමන්තයෝ ඒ ගජබා නිරිඳු හා යුද කොට යුදයක් යුදයක් පාසා සතුරන් නසා ගන්නාලද ජය ඇත්තෝය”යි අසා මාණභරණ නරෙන්ර්යක තෙමේ මෙසේ සිතීය. “මහත්වූ භොග ඇති පරාක්රොමබාහු නම් ඒ රජතෙමේ දැන් වහා ඒකාන්තයෙන් සියලුම රජ රට ගන්නේය. ඒ නරෙන්ර්ජ යන් විසින් රජ රට ගත්කල්හි නියතින්ම රුහුණුරට වසන්ට නොහැක්කේය” ඉක්බිත්තෙන් හේ තෙමේ ගජබා රජහුගේ මිත්ර්සන්ථුවය හැර පරාක්රකමබාහු නරෙන්ර්්ත යන් හා මිත්ර්සන්ථුවය කොට වෙසෙමින් දෙරට වැසි බලවත් සේනා සන්නධ කොට ගෙණ සොබර නම් ගමෙහි කඳවුරක් බැන්දේයි. එසම‍යෙහි වනාහි පරාක්ර මබාහු නරෙන්ර්න් තෙමේ වික්ර ම විශෙෂය කරණු කැමැත්ත් “ ඒ ඒ තන්හි සාමන්තයන් නොදැන වියද්දීම මම සමඟ වැඩුනු යොධයන් හා පොළොන්නරු ගොස් යුද කොට දොරටු අටළු බිහිදොර බිඳ ඇතුල්ව ගජබා නරනිදු අල්වා ගන්නෙමි නම් යෙහෙකැ”යි සිතුයේය. ඉක්බිත්තෙන් පැණැති ඒ තෙමේ අඹවෙනෙහි සිටි මායාගෙහාධි නායකයක් කැඳවා තමන් සිතු කටයුතු කියා අනි කටයුත්තක ස්වභාව දැක්විමෙන් අඹවනයට ගොස් එතැනින් පොළොන්නරුවට යනු පිණිස අහුට මෙසේ රහස් වසයෙන් කීයේය. “මම සර්ව ඥයන් වහන්සේට උදාරතරවූ පූජාවක් කරවනු කැමැත්තෙමි, බුදුන් පුදන පිණිස පූජාවට සුදුසු උපකරණද සක්ද මහත් ශබ්ද ඇති පචප්රිකාර තූය්ය්ු යන් හා චාමරයන්ද සේසත් හා පතාකාවන්ද මාවෙත ‍එවත්වා, ස්වාමීහුද මෙහි අවුත් මාගේ මේ පූජාව බලා වදාරත්වයි කියා හස්නක් මාවෙත එව” යි (අසුන් යවී.) හේතෙමේ ද එතැන්න් අඹවනයට ගොස් උක්තානුසාරයෙන් පූජාව පිළියෙළ කොට හස්නෙක් (රජුකරා) යැවීය. එකල්හි මහයසස් ඇති රජතෙමේ ඒ දැක සතුටුව ඇමතියන් මැද හිඳගෙණ සන්දේසය කියවා වහාම අහුට නොයෙක් පරිද්දෙන් සියලු පූජොපකරණ යවා


126 මහාවංශය


තමන් යනු කැමැති බැව් ඇමතියන්ට ප්ර කාශ කෙළේයි. ඉක්බිත්තෙන් නරෙන්ර්ු යානන්ගේ අභිප්රාරය දත් ප්රවධාන‍ාමාත්යමතෙමේ නගර ගිරි නම්වූ තමන් සොහොවුරානන්ට එපවත් කියා දුතයෙක් යැවිය. හේතෙමේද එපවත් අසා මොනරවැවෙන් නික්ම සේනාව ගෙණ වහා නරෙන්ර්රා යන් කරා ගියේය. “කුමක් පිණිස ආයෙහිදැ”යි කියන ලද්දේ” ස්වාමීන් විසින් සිතනලද්ද දැන ආයෙමි”යි කියා මෙසේත් කීයේයි “ අපවැනි දසුන් ඇතිබැව්හි ප්ර්යෝජනය නම් හුදක් පසමිතුරු රජුන් සාදාලීමය. එහෙයින් මම්ම ගොස් සමෘධවූ සේනාවාහන ඇත්තාවූ ගජබා රජහු ගෙණ නුඹවහන්සේට පාවා දෙන්නෙමි” මෙසේ කියා රජහුගේ සාමානතාමාත්යෙතෙමේ යන්නට අවසර ඉල්වීය. ඒ දැක අභිමාන ඇත්තාවූ ඒ මයාගෙහාධිපති තෙමේද කීර්තයතිලඞකාධිනාථතෙමේද බලවත් බොහෝ සාමන්තයෝද “මම පළමු කොට (යෙමි) මම පළමු කොට (යෙමි)” යි කියා අවසර ඉල්වූහ. ඉක්බිති ඒ යු‍ඬොපායෙහි දක්ෂමවූ මහිපාලතෙමේ යුධොපාය ප්රරකාශ කොට යුද කරණට යොධයන් ‍යැවුයේය. රථ සේනා වාහන සහිතවූ ඒ සියල්ලෝ නික්ම නාලන්දයට නුදුරු තන්හි කඳවුරු බැන්දාහුය. එකල්හි මහාමෙඝයක් නැගි දිය දහරින් හාත්පසින් පොළෝ බිද පියන්නාක්සෙයින් වස්නට පටන්ගත්හ. එකල්හි සත්යබ ගුණයෙහි ඇලුණාවූ ස්වාමිතෙමේ මෙඝය දැක සේනාව තෙමේන සැකයෙන් “ඉදින් (මාගේ) රාජ්යිසාධනය ලොක ශාසනාභිවෘධිය පිණිස වන්නේ නම් නොවසීව”යි අධිෂ්ඨාන කරමින් සත්යොක්රිියා කෙළේය. මේඝය තෙම එහි එසේ නැවැත්තේය. තවද එකල්හි ඇඹුල්බත් කෙසෙල් පුළු ආදීවූ නොයෙක් කැවිලිද බොහෝසේ එහි යැවීය. යම්සේ එකවිටම බොහෝ ජනයෝ දිය බොත්ද එපරිද්දෙන් එක සිදුරු ඇති කොට විද දියෙන් පුරවා වසනලද එක් සිදුරු කළ නොයෙක් දහස් ගණන් හුණදඬුද යැවි. ඉක්බිත්තෙන් මිහිඳු නම් ඇමතිතෙමේ මහසෙන් ගෙණ නික්ම පසමිතුරන් මරා ලහුල් නම් ගම බලකොටුව ගත්තේයි. එකල්හි ලඞිකානාථ නම් ඇමතිතෙමේද එපවත් අසා වහා නික්ම හත්තන නම් ගම බලකොටුව ගත්තේ සතුරන්ද මැරවී. ඉක්බිති මායා ගෙහාධිනාථ තෙමේද ඒ අසා මහත් සේනා ඇත්තේ වහා නික්ම කඩිගමට පැමිණියේය. ගජබා නිරිඳුගේ ඒ සිව්රඟ සේනාතොමෝ කඩිගමුසම්බාධයෙහි තුන්අතින් වටකරණලදී. එකල්හි ලඞිකාධි නායකයා පිත් ලඞකාපුර නම් මහායොධතෙමේ කඩිගමුවෙහි සම්බාධයට වැද තුන් දෙසින් ආවාවූ සියලු ‍සේනාව එක් දෙසට කරමින් සිංහයෙක් ඇත්මුලක් සෙයින් මහා යෝධයන් ලුහුබැදදේය. ඉක්බිති ලඞ්කාධිනාථවූ සේනාධිපතියෝ ගජබා රජහුගේ මහා සේනා මරවා කොඬගුලික කෙදාර නම්වූ ස්ථානයට පැමිණියෝය. බිඳුනාවූ ගජබා රජහුගේ සේනාව පොළොන්නරුවට‍ ආය.


70වෙනි පරිච්ඡේදය 127


ඒ ගජබාහු නරෙන්ර්ච්ඡතෙමේ ප්රිවිෂ්ටවන්නාවූ මහසේනාව දැක හටගත් අභිමාන ඇත්තේ දැඩි කොට මෙසේ සිතී. “යම් කෙළෙක්හි මාගේ පියරජතෙමේ දෙවියන් හා එකී භාවයට පැමිණියේද යම් කළෙක්හි පියසතු රාජ්යතයෙහි සූප්රෙතිෂ්ඨිත නොවීද, එකල්හි කීර්ත‍තිශ්රීම මෙඝය ශ්රීවවල්ලභය යන නම් ඇති රජදරුවෝ ‍ දෙදිසාවෙන් ගොස් යුද කරන්නෙමුයයි ආවෝ මාගේ ජයකොඩිය දක්වට නොපොහොසත්වූයෝ පලාගියහ. එතැන් පටන් ඔහු ජීවිතාන්තය දක්වා යුධාසා හැරියෝය. දැන් වනාහි රජරට මනා ප්රතතිෂ්ඨාවට පැමිනියෙමි. මාගේ සම්පූර්ණ වූ සිව්රඟසේනගද ඇත්තේය. බල වාහන සන්නධ කොට යුද කරණ පිණිස මා නික්මුන කල්හි මාගේ රණශෙරියෙහි හඬ අසන්ට කවරනම් රජෙක් පොහොසත් වේද? ගජබා රජතෙමේ මෙසේ අභිමානයෙන් උඩගුවූයේ සේනාව සජ්ජිතකරන්ට අභ්ය්න්තරගත අමාත්යභයන්ට නියෝග කෙළේය. ඇමතියෝ මොනවට සන්නාහ ලා සාදන ලද ඇතුන්ද අසුන්ද යුධයෙහි දක්ෂාවූ දශප්රසකාර‍යකින් යුධ පිණිස සන්නධවූ මහා යොධයන් ඇත්තාවූ සේනාවන්ද එසේම කෙරළ කර්ණාදට ද්රරවිඩාදී භටයන්ද ක්ෂ්ණයකින්ම මොනවට සාදා රජහට දැන්වුහ. ඒ ගජබාරජතෙමේ මහත්වූ සෙනගින් යුක්තවූ පුලස්තිපුර වරයෙන් නික්ම සික වියලි නම් ස්ථානයට පැමිණියේය. රකණලඬකාධිනාථ නම් සේනාපතීන් ප්ර මුඛ කොට ඇත්තාවූ සේනාධිපතිහු ඒ ගජබානරිනිදු හා යුද කළහ. ඒ මහාවීරයෝ ඇතුන්ද බිඳ හසත්යාවරොගාදින්ද හෙලුහ.සේනා සහිත වු ඒ නරෙන්ර්ෝ ය‍ා පලවා පුහ. ඒ රජතෙමේ වහා අවුත් සියපුර වැද දොරඅගුලු ගන්වා අනුරායෙහි* සැඟවූනේය. එකල රජහු ලුහුබඳනාවූ ඒ යෝධයෝද එක්ව පොළොන්නරුව හාත්පසින් වටළා ඉක්බිත්තෙන් පවුරු අටලු දොරටු බිඳින්ට පටන්ගත්හ. පුරයෙහි නියුක්ත චරපුරුෂයෝ දොර ඇරපුහ. සුවසේම (නුවරට) පිවිස ගජබා මිහිපතිහු ජීවග්ර හයෙන් ගෙණ ප්රාරසාදයෙහි ප්රුවිෂ්ට කරවූහ. චොලගග නම්, කුමාරයාද එසේම වික්රෙමබාහු නම් කුමාරයාද යන රාජ පුත්ර් යන් දෙදෙන බැඳ දඟගෙහි ලූහ. ඉක්බිත්තෙන් ඇමතියෝ එපවත් නරශ්රෙරෂ්ඨයන්ට සැලකොට යැවූහ. විවාරණයෙහි පොහොසත් නුවනැති මිහිපල්තෙ‍ම ඒ අසා “ යම්තාක් යහපත් නකත් යෝගයෙක්හි ඔවුනොවුන්ගේ දර්ශවනය වේද ඒ තාක් අප කෙරෙහි සඞකාව පහකොට විසිය යුතු”ය කියා තමා පරිභොගවූ මහර්ගස වස්ත්ර්ද සුගන්ධාාභ‍රණයක්ද ගජබාහු නරෙන්ර්ිභොයන්ට යැවීය. ඉක්බිත්තෙන් සාමන්තයෝද මණ්ඩලෙස්වරයෝද එක්ව මන්ත්රයනය කොට භූපාලයන් කරා මෙසේ පිළි හසුන් යැවූහ. “(ගජබා) මිහිපල්හු ජීවත්වන කල්හි රටවැසිවූ මහජනයෝ වසගබවට නොපැනෙත්මය. එහෙයින් මේ තෙමේ මැරිය යුතුය”ඒ අසා කරුණ ________________________________________ * අනුරාපකයක්, උයනක් ‍හෝ එබඳු තැනක්.


128 මහාවංශය


වෙන් කම්පිතවූ සිත් ඇති මිහිපල් තෙම ඒ ගජබානරනිඳු නොමැරිය යුත්තේය” යි සිතා එකෙණෙහි සෙන් සමඟ සිටි මහ පැණැති දේව නම් සේනාපතියා කැඳවා නැවත උහුට මේ වචනය කී‍යේයි. “යුද ජයින් උදම් මඩලිසුරෝද සාමන්තයෝද ඉඳින් රජහු ගෙණ මැරවූ නම් නොහොබනේය. ඉඳින් පුරය හෝ පැහැර එහි වසන මහජනයා පෙළා උදදාමාකරව පැවැත්තාහුනම් හෙද නොහොබනේය. ඉදින් පුරය වැලිදු එකෙක් ඇත රාජ්ය සාධනය සසුන් හා ලොකයාගේ වඬනය පිණිස වේ. හුදෙක් ඒ මහිපාලයන් මරණු පිණිස නොවන්නේය. එහෙයින් ‍තොප විසින් ගොස් උඩගුවන්ද වළක්වා මිහිපල්තෙමේ රැකිය යුත්තේය, පුරයද ස්ථිරකටයුත්තේය” මෙසේ කියා රාජශ්රෙතෂ්ඨතෙමේ සේනානායකයන් යැවිල. සේනාසහිතවූ ඒ සෙනෙවිතෙමේ නික්ම පොළොන්නරුවට ගියේය. එකල්හි උඩගුව අධම මනුෂ්ය.යෝ සේනානායකයන්ගේ ගමනින් පුර්වෙයෙහි රජහු ආඥඋලලඞඝනය කොට ‍පොළොන්නරුවෙහි ගේදොර බිද වස්තුද පැහැර ගත්හ. මිනිසුන්ගේ වස්ත්රාගභරණද කොල්ල ගත්හ. එකල්හි යොධයන් විසින් උපද්රැයතවූ ඒ පුලස්ති පුරවරය කල්පානතවාතයෙන් ඇලලී ගිය සාගරය සෙයින් (චපල) විය. ඒ කර්මෙය කරණ කොට ගෙණ කලකිරුණවූ නුවරවැසි ජනයෝද ඇමතියෝද පිරිස්හුද නියම්ගම් වැස්සෝද සෙන්ද යන සියල්ලෝම එකතුව මාණභරණ නරෙන්ර්හුදයන්කරා ගොස් එපවත් සැල කොට “අප හා සමඟ එත්වා. අපි රාජ්යිය ගෙණ නුඹ වහන්සේට දෙම්හ. හුදෙක් උපස්තම්භකභාවය ‍පමණක් කට යුතුය”යි යන මේ වචනය කීහු. කළාවැව නියුක්තවූ ගොකන්නම් සාමනත තෙමේද ඒ රජු කරාම වහා එන පිණිසත් දුතයෙක් යැවි. දුර්බ බුදඩි ඇති ඒ මාණභරණ නරෙන‍ද්රැතෙමේ එපවත් සියල්ල අසා නුවනමදවූ ඇමතියන් හා මන්ත්රාණය කොට “ නරෙන්ර්ම යන් මුදනාසේ චාටුකර්ම යෙන් ගොස් පසමිතුරන් නසා ඒ සියලු රජරට ගන්නෙමි” යි සිතා හේතෙම වහා දෙරට වැසිසේනාව සන්නධ කොට රජරට වැසිවූ අමාත්යමසේනා සමූහයන් සමඟ (පුලස්ති) පුරයට ගොස් එහි භයානක යුධකොට ඒ සා මහත් සේනාව නිරවශේෂ කොට මරවා ( මාණභරණ නම්) මිහිපල්තෙම පහයට නැගි ප්රාණමවිධි පූර්වතකව ගජබානිරිදු‍න් දැක ඉක්බිති ඒ (ගජබා) නිරනිදු හුගේ රටවැසි ජනයන්ගේ සැක දුරුවීම පිණිස කිහිපදවසක් ඉක්මවා එකල්හි ගජබාරජහු යටත් සියලුම සාමාන්තයන් මරවා රජහු ගෙණ දඟගෙහි ලවා සියලුම ඇතුන්ද අසුන්ද භාණ්ඩාගාර යෙහි ධනයන්ද (යන) සියල්ල හසතප්රායප්ත කොට රාජ්යේය ස්ථිරයයි සිතා රුහුනින් දන්තධාතුන්වහන්සේද පාත්රා ධාතුවද මැනියන්ද සියලු අන්තඃපුරයද ගෙන්වා ගෙණ එකල්හි කරුණ රහිත ප්රරඥා හීනවූ ඒ මිහිපල්තෙමේ මැනියන් හා සාමනතයන් සමඟ රහසිගතව මෙසේ මන්ත්ර ණය කෙළේය.


70වෙනි පරිච්ඡේදය 129


“රජහු ජීවත්වන කල්හි රජරට සෙන් තෙල රජු කෙරෙහි යටත් බවට යෙති එහෙයින් මෙතෙමේ මැරිය යුත්තේය. ඉදින් ප්රටකාශයෙන් මරවන්නෙමුනම් බලවත් වචලභාවයක් හටගන්නේය. එහෙයින් මේ මිහිපල්තෙම රහස මැරවිය යුත්තේය” යි දුක්වූ භොජන සයනයෙන් රජහට දුක් කෙළේය. විෂයෙදුම විධියෙන් මරවන්ටද උපක්ර ම කෙළේය. මාණභරණ මිහිපතිහු විසින් කරණු ලබන්නාවූ උපද්රටවය විඳිනට නොපොහොසත්හු ඒ ගජබා රජ තෙම” පින්වතුන් හැර මට අන් ආරක්‍ාඋපවක් නොදකිමි, එහෙයින් දුක් නැමැති අගනිතාපයෙන් නිරතුරු තැවුනාවූ මා නුඹවහන්සේ කුළුණුපාන් ඉසීමෙන් නිව්ව”යි මෙසේ කියා රහසිගතව පරාක්ර ම රජතුමන්කරා හසුන් යැවුයේය. ඉක්බිත්තෙන් රජහුගේ ඒ සියලු වදන් මොනවට ඒ දූතයාගේ මුඛයෙන් අසා කරුණ ඇත්තාවූ නරෙන්ර්ලු තෙම අනල්පවූ බෙද ප්රාිප්තව “ මානිසා තීව්රහවූ දුක් අහු විසින් අනුභවකරණලද්දේය. ඒ දුකින් මිදවීමත් මගේම යුක්තිය” යි සිතා සේනාසමුහයන් හා යු‍ෙධාපකරණයන් නටුවාවූ කල්හිදු මහාපුරුෂස්වභාව ඇතිහෙයින් නොපසුබට පැවතුම් ඇත්තාවූ ඒ විචක්ෂුණතෙමේ (තමන්) සමඟ වැඩුනාවූ පුරුෂයන් අතුරෙන් වීය්ය්ාපයවත් ජනයන් වෙන් කොට ඔවුන්ට තනතුරුදී මහත් ඉසුරු දින. මයාගෙහාධිපතීන්ට අධිකාරී පදවි දින. එසේම කීර්තුති ශඞඝ නායකයන්ට ලඞකාදිකාරී තැනැත්තාට කෙශධාතුනායක පදවිය දින. බාල තැනැත්තාට නගරගලල පදවිය දී දෙදෙන්ට මහ ඉසුරුද බොහෝ සේනාවද දී සංග්රේහ කෙළේය. ඒ මිහිපතිතෙම මෙසේ මහත් බලවත්වූ සේනාව වහා සන්නධ කොට ඒ සේනාව නොයෙක් දිසාවන්හි යවන්නේ මෙරකඳුරුරට වදවළ නම් ගමට සේනා සහිතවූ රකඛ නම් කෙශධ‍ාතු නායකයා යැවිය. එසේම රක්ඛළඞ්කාධිනායකයා මඟලබ නම් ගම්හිද කීර්තකයි ලඞකාධිකාරී අමාත්යළයා ක්යාළනකම නම් තන්හිද යැවිය. ඒ මිහිපතිතෙමේ දණ්ඩනායක සහෝදරයන් දෙදෙනා මහසෙන් සමග මකුල් නම් ගමටද යැවුයේය, එකල්හි විධාන ක්රමමයෙහි දක්ෂ්වු ඒ මිහිපල් තෙම සිය සොහොවුරන් යවා පොළොන්නරුවෙහි අවුරණලද දෙව නම් සෙනෙවියා ගෙන්වා දේව සේනා සමානවූ සේනාවක් දී ගංතලාවට යැවීය. සේනා සහිතවූ ඒ සියල්ලෝ ගොස් ඒ ඒ රටෙහි සිටියෝ නුවර වදනා මග ඒ ඒ තැන පැහැර ගණිමින් සතුරන් හිස් සිඳිමින් භයානක ක්රි යාද කෙරෙමින් (නුවරට ගෙණයන්නාවූ) ධාන්යභද ‍වලක්වමින් නුවරවැසි ජනයා පෙළු‍ැහ. ඒ ඒ තන්හි තබනලද යෝධයෝ පොළොන්නරුව තුළද පිටද සිට ඒ ඒ සතුරන් මරා විනාස කළහ. සියල්ලෙන් සියල්ල පැහැරගන්නා භයින් නුවරින් S 33-16


130 මහාවංශය


පිටත දර පලා පිණිස යන්නාවූ මනුෂ්ය යෝද නුවූහ. රුහුණින් එන්නාවූ මගද ඒ ඒ තන්හි අවුරා එහි වසන මිනිසුන්ගේ සචාරය වැලැක්වූහ. මාණභරණ රජහුගේ නුවර සිරකරණලද සියලු ජනයෝ එකල්හි මැදිරියෙහි ලූ පක්ෂීජන් මෙන් වුහ. ඉක්බිත්තෙන් දණ්ඩ නායක ඒ සහෝදර දෙදෙන යුදකොට කොනතදිසා විජයනායක යන් ජීවග්රායහයෙන් ගත්හ. බොධිලඞකාධිනාථාමත්යජ ප්රජමුඛවූ සේනාව සමඟද යුදකොට (ඔවුන්) පොළොන්නරුව දක්වා ලුහු බැන්දෝය. වදවළගම්හි සිටි ඒ කෙස්දානාතෙමේද උත්තම නම්වූ දණ්ඩකනාථයන් සමඟ යුදකොට ගත් ජය ඇත්තේ, න‍ාල නම් ගමට ගොස් බුත්නාවන් හා යුදකොට ජයලැබීය. මඞගල නම් ගම සිටි රක්ඛ නම් අධිකාරීතෙම එහි පස මිතුරන් හා යුධකොට භතතනත නම් ගම ගත්තේය. මහා යසස් ඇති හේ තෙමේම කඩිගමුවෙහි නාථ නම් අධිකාරීන් හා යුදකොට සෙන් සහිතවු උහු පලාපිය. මාණභරණ රජතෙමේ ඒ අසා උහු හා සමඟ යුද කරණට මැසි වියල නම් ස්ථානයට යොධයන් ගෙණ ගියේය. එකෙණෙහි ක්යා නගම නිටි කිතුඅධිකාරීතෙමේද ගංතලාවෙහි සිටි දෙව්සෙනෙවි තෙමේද මකුල්ගම සිටි දණ්ඩ නායක සහෝදරයෝ ‍දෙදෙනාද යන මොව්හු මහබලැතිව යුද පිණිස සනනඬවූවෝ නික්ම හමු හමුවූ සතුරන් මරමින් පලවමින් නොයෙක් දෙසින් පොළොන්නරුවට වහා ගොස් නුවර අවට රැකවරණය පිණිස සිටි යොධයන් පන්නා ගජබා නරනිදුන් මුදා මාණභරණ රජහුගේ අන්තඃපුරයද කුමරුන්ද ධනයද මෑනියන්දැයි යන සියල්ල හස්තප්රාුප්ත කළෝය. ඉක්බිති ඔවුන් මුදනලද්දාවූ ගජබා නරනිදුතෙමේ එකෙණෙහි පලාගොස් වහාම කොටුසරට ප්රනවිෂ්ටවිය. රක්ඛලඞකාධිකාරීන් හා යුද කරන්නාවූ මාණභරණ නරෙන්ර්ලද තෙමේ ද එකල්හි එපවත් සියල්ල අසා ප්රිෙයවිප්රියෝගයෙන් උපන්නාවූ ශොක නැමැති හුලින් පහරණලද්දේ ජීවිතයෙහි අපෙක්ෂා් රහිතව සන්නධ වූ සන්නාහාහුධ ඇත්තේ මහසෙන් ඇතිව නැවත රාත්රිෙයෙහි නුවරට ගොස් සතුරන් නැසීමෙහි තත්පරව මහ යුද පවත්වන්නේ යුද කොට යුදයෙහිම බොධිලඞකාධිනාථයන් මළ කල්හි ඒ පොළොන්නරු වෙහි වසනු නොහැක්කේ එතැන්නි දන්ත ධාතූන්වහන්සේද, පාත්රු ධාතුවද තමන් මෑනියන්ද අන්තඃපුරයද ගෙණ රාත්රිවයෙහි රුහුණට ගියේයි. එකල්හි පරාක්රිමබාහු නරෙන්ර්ැක තෙමේ ගජබා නරනිඳුන් මුදනු පිණිස බුද්ගමුවෙන් නික්ම නුවර සමීපයට අවුත් අතිසයින් සිත්කළුවූ දෙමහල් පහයක් කරවා සේනා වාහන සහිතවූයේ ගිරිතළා නම් ගම වාසය කෙළේය. එකල්හි වනාහි නරෙන්ර් සහයන්ගේ යෝධයෝ කිසිකෙනෙක් යුද විඩා හරිණු පිණිස තනතරුනම් ගමට ගියහ. ගජබා නරෙන්ර්ෝධයයන්ගේ මිත්රිදෝහිවූ සාමන්තයෝ සහසිකව


70වෙනි පරිච්ඡේදය 131


රජහු පිටිපසකොට ඔවුන්හා සමඟ යුදකළාහුය. ඒ අසා රැහිණිසිත් ඇති පැරකුම්බා නරෙන්ර්ුන්තෙමේ ඒ ගජබා නිරිදුන් ගන්නා පිණිස ස්වකීය සාමන්තයන් යැවීය. ඉක්බිත්තෙන් කීනිතීලඞකාධිකාරී තෙමේද දෙවනම් සේනාපතිතෙමේද මහසෙන් ගෙණ තනතුරු නම් ගමට ගොස් ගජබා නරනිඳුගේ සාමනතයන් සමඟ තුන්වරක් මහ යුද කොට බොහෝ සතුරන් වැනසූහ. නාථනගරගිරිතෙමේද මන්දි ජීවිත පුත්තකිතෙමේද වැලිපත් නම් ගමෙහි පසමිතුරුසෙන් පැලවූහ. එසේම තනතුරු ගමමහසෙන් ඇති සාමානතයෝද එකල්හි හමුව ආවාවූ පසමිතුරු සෙන් මරමින් ගොස් කොහොඹගම නැවත යුද කොට එහි බොහෝ සතුරන් මරා බලකොටුව බිඳගත්හ. ඔව්හු අඹගමු නම් තන්හි සන්නධව සිටි බොහෝ සතුරන් පලවා දුර්ග ය තමන් අත්පත් කළහ. ඉක්බිත්තෙන් ඔව්හු ගොස් තන්තිතොට ලත් ජය ඇත්තාහු ගමන් කොට නැවත අතුරුවිටියෙහි සතුරන්ද පැලවුහ. එකල්හි පැරකුම්බා මහරජානන්ගේ ඒ කිසියම් සාමන්ත කෙනෙක් මහසෙන් විසින් පෙරටුකරණලද්දාහු පොළොන්නරුවෙහි විසූහ. ඔවුන් හා යුද කරණු පිණිස ගජබා රජහුගේ දෙවාධිකාරී ආදීවූ ඇමතියෝ අවුත් පරාජයට පත්වූහ. ඔව්හු සතුරන් ම‍රා මීවනගැටයෙහි විසූහ. ඒ සියල්ලෝ වහාම ඒ ඒ දෙසින් ගොස් රජහු ගන්නා කැමැත්තෝ පැතිර ගියාහුය. සේනා හාත්පසින් පැතිර එන්නා අසා රජතෙමේ එකල්හි ගතයුතුවූ අන්ගැන්මක් නොදන්නේ ඒ රජතෙමේ තුන්නිකාවැසි පොළොන්නරු වාසීවූ භික්ෂුඅ සඞඝයාට “ස්වාමින්වහන්සේල් හැර මට අන් පිහිටක් නොදකිමි අනුකම්පා පිණිස දුකින් මා මුදවත්ව”යි කියා හස්නක් යැවීය. එකල්හි ඒ බස් අසා ඒ භික්ෂුහ කරුණාවෙන් කම්පිතවූ සිත් ඇතිව ගිරි තළාවටගොස් පැරකුම්බා කරනිඳුහු දැක පිළිසඳර කථාකොට පැමිණි කරුණු රජහු විසින් පිළිවිසිනලද්දාහු උහුට සමගිකරණ බස් මෙසේ වදාළහ. “ දයාවෙහි ඇලුනාවූ ඒ භාග්යරවත් සර්වහඥතෙම බොහෝ සේ නොයෙක් සූත්රරයන්හි ඩබරයෙහි දොස් හා මිතුරුබැවිහි අනුසස් දැක්වූසේක. යලිත් ඒ නරනිඳුහු පුත්ර්යෙක් හෝ සහෝදරයෙක් හෝ නැත. වැලි ‍එකෙක් ඇත, මහලු බැවින් තෙමේ මරුමුවෙහි සිටිනේය. ලොකශාසනාභිවෘධිය හේතු කොට ගෙණ රාජ්ය්සාධ නය වේනම් භවත්හුගේ ඒ ප්රසතිඥාවද නොබෝකලකින්ම සමෘධ වේ. එහෙයින් භික්ෂුර සඞඝයාගේ වදන් පුදන්නාවූ භවත්හු විසින් සටන් හැර සියරට යා යුතුවේ” (යන මේ කථායි.) මෙසේ පරාක්රවමබාහු නරෙශ්වරතෙම සඞඝයාගේ බස් අසා අතිසයින් දුකසේ ගත්තාවූ රාජ්ය්ය ගජබාහු නරෙන්ර් සඞයාට දී සියරටටම ගියේය. ඒ නරනිඳුහුගේ කරුණපරභාවය ආශ්චය්ය්ස යි. මෙතෙකින් හුදීජනයා ප්රයසාද සංවේගත පිණිසකළ මහවස රජ්ජදාන නම්වූ සත්තෑවෙනි අදියර නිමි.


132 මහාවංශය


71 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

ඒ ගජබා මිහිපල්තෙමේ ගංතළාවට අවුත් රාජධානියක් කොට ගෙණ එහි සුවසේ වාසය කෙළේය. එකල්හි ඒ මාණභරණ නම් නරෙන්ර්ක තෙ‍ම ගජබා රජු හා මිත්රසසන්ථ වය කොට වසන පිණිස පඬුරු යැවීය. උහු හා සමඟ මිත්රමසන්ථ වය නොකමැති ගජබා මිහිපතිතෙම මඩුලුගිරි නම් විහාරයට පැමින “රජ රට මා විසින් පැරකුම්බා නර නිඳුන්ට දෙනලද්දේය”යි කියා හේතෙමේ පිටුපහණෙක්හි ලියවා නැවත අවුත් ගංතළාවෙහි වසන්තේ එක් රොගයකින් පෙළී දෙවිසි හවුරුද්දක් වැස මෙළේය. ඉක්බිත්තෙන් නුවනමඳවූ ඇමතියෝ රැස්ව ගජබා රජහුගේ දෙහය ගෙන්වාගෙණ කොටුසරට ගොස් ඔව්හු වහා එනු පිණිස මාණභරණ රජහට දූතයන් යවා එකල්හි එහි වාසය කළෝය. පරාක්රරමබාහු නරෙන්ර්ි තෙමේද ( ගජබාහු) මහරජානන් මළ අස්න අසා සෙනා සන්නධ කොට ගෙණ පොළොන්නරුවට ආයේය. එකල්හි මාණභරණ මහීපතිතෙම රජ රටින් අවුත් රුහුණු වැසි ජනයන්ගෙන් මහත් සේනාවක් සමඟ ක්රෑතරයන් බස්ගෙණ “මොවුන් උපසතම්භක කොට ඒකාන්තයෙන් රජරට ගන්නෙමැ”යි සිතා මහත් සේනා සමූහයා සමඟ රුහුණින් නික්ම නිෂ්ඵලවූ ආශාව විසින් වසඟ කරණලද්දේ කොටුසරට පැමිනියේය. චිනතාවිශ යාතික්රා්නතවූ අතික්රානන්ත කළ නොහැකි උදාර වික්රමම ඇති ශ්රෙිෂ්ඨ පරාක්රාමබාහු නරෙශවරතෙම එපවත් අසා “ මහාසම්පතිදායක වූ ගජබාහු නරෙන්ර්ත යන් හා සාමනතයන්ද යුධයෙහි බැඳුනාවූ ආසාවද හැර හඳනා ලද වස්ත්රනයටද අස්වාමීබවට පැමින භයින් පලාගොස් වන් රජ රට වැසිවූ දුර්ජවනයන්ගේ ප්රදලාපය උතුම්සේ අදහා යම් මාණභරණ මහීපතියෙක් තෙම යුද පිණිස ආයේද උහු ගජබාහු නරෙන්ර්ය උයන් විසින් පැමිනි පරාජයටත් වඩා මිගුණවූ පරාජයට මාගේ අමාත්යුයෝ පමුනුවන්නාහුය, උහු මහවැලිගඟින් මෙතර පැමිනේනටද නොදෙමි”යි සිතා යුධාරම්භයෙහි විචක්ෂගණවූ නුවනැත්තේ විල්ගම්තොට පටන් ගොකන් මුහුදතෙක් තොටක් පාසා අමාත්ය යන් සහිතවූ චතුරඞගිනී සේනාව වැස්වූයේය. එකල්හි මහනුවනැති ඇමතියෝ රැස්ව දොහොත් මුදුන්දී “මහ රජානෙනි ජයගත්තාවූ පුරාතන රජදරුවෝ වූකලී සර්වොප්රීකාරයෙන් ‍ජනයන් භයානුරාග වැඩෙන පිණිසද ස්වකීය තෙජෝ විශෙෂය සැම තන්හි ප්රපකාශ පිණිසද යුධ භූමියෙහි සිටත් අභිෂෙක පැවැත්වූහ. සර්ව‍කාරයෙන් නීතියෙන්ද හික්මීමෙන්ද යුකත වූ සවාමීන් විසිනුත් සදාචාර පරිපාලනයම කටයුත්තේය, දේවයනවහන්ස නුඹවහන්සේගේ වයසද අභිනවය තේජසද (සතුරන් විසින්) නොයිමසිය හැක්කේය. බාහුවික්ර ම සම්පත්තියද ඉක්මිය නොහැක්කේය ; නුඹ වහන්සේගේ පුණ්යේප්ර කාශයතෙම ලඞකාධීපය තබා සියලුම දඹදිව


72 වෙනි පරිච්ඡේදය 133


අධිපතිභාවය පවත්වන්ටත් සමතථිය, නුඹවහන්සේගේ වංශය ආදී කල්පයෙහි පටන් අද මේ දවස දක්වාත් ධෞතසඞඛප්ර,ක්ෂිනප්ත ක්ෂිලරයක් මෙන් අතිශයින් නිර්මඅලය, එහෙයින් සියලු ලෝකයාට අවශ්යපයෙන් සම්පත් එලවන්නාවූ අභිෂෙකය ශුභ දිනයෙක්හි කටයුතුය” කියා අභිෂෙක පිණිස මහීපාලයන්ට යාචඤා කළහ. විවෙක ඇත්තාවුන් අතුරෙහි උතුම් වූ බැම්බිදුමෙන් දිනු පසමිතුරන් ඇති පැරකුම්බා මිහිපල්තෙම ඒ යාචඤාව පිලිගෙණ පසස්නා නකතින් මගුල්සම්මත දිනෙක්හි සවර්බචරණින් සැරසුනේ හිසින් වොටුනු දරා “ මාණාභරණ මිහිපතිතෙම ගංමෙ‍තර පත්විය” යි අසා උහු තණපතටත් නොහගනේ නුදුරුතැන තමන් නැගි සිත් කළු රුවන් මඬපයෙහිම තමන් සනනාහද අවිද තබා මහපෙරහරින් සිය මැදුරෙන් නික්ම බියසුන් මිගි‍ඳෙකුසේ නුවර පැදකුණු කොට ඒ ශොභාවෙන් පැමිණි ජනයා ආශචය්ය්ි යෙන් අවසඟ කෙරෙමින් සිරි නිවෙස්වූ රජමැදුරට පිවිසියේය. (මේ පරිච්ඡේදාන්තය මෙන් සැලකිය යුතු තැනයි.) ________________________________________


72 වෙනි පරිච්ඡේදය[සංස්කරණය]

එකල්හි (මාණභරණ රජහුගේ පක්ෂතයෙහිවූ) මහින්දඅ නම් මහා ලෙඛකතෙම මහසෙන් ගෙණ අවුත් විල්ගම්තොට සිටි මහතෙදැති රක්ඛ නම් කෙශධාතුනායක (සෙනෙවියන්) හා මහයුද කෙළේයි. ඒ මහබලැති කෙශධාතුනායක රක්ඛ සොනාධිපතීතෙමේ ද ඇත්මුල කට වන් සිංහයෙකු පරද්දෙන් උහුගේ බොහෝවූ වීර භටයන් මරවා සැඩපවන පුළුන්පෙදක් සෙයින් බලවාහන සහිත බලවත් මහාලේඛයන් පලවාපීය. තවද තලනිගම්තොට පැන යුද පිණිස එනු කැමතිවූ උහු ඒ කෙශධාතුනායක රක්ඛසේනාධිපති තෙමේම මහත් යුද කොට පලවාපීය. එසේම පූණ නම් තොට තරණයකොට යුධ පිණිස එන්ට සජ්ජිතවූ මාණභරණ රජහු ඒ තොට රැකවරණ පිණිස යොදනලද්දාවූ බුධනම් කෙශධාතුනායකතෙම ඒ රජහුගේ බොහෝවූ ඇමතියන් සමඟ භයානක යුධ පවත්වා බොහෝවූ යොධයන්ද මරවා ‍එකෙණෙහි උහු පලවා ඒ තොටට නැවත එනු පිණිස (උපදනා) ආසා නැතිකෙළේය. එසේම සමීරුක් නම් තොට රක්නට යොදනලද එක් සාමන්ත ප්රකධානියෙක් යුද කෙරෙමියි සිතා ඒතොටින් අවුත් පැමිණියාවූ මායාගෙහනායක එසේම ගජබාය යනමොවුන් සෙන් සමඟ බින්දේය. මාරුක්නම් තොට එතර යෙමියි සෙන් සහිතව ආවාවූ මතතතාල යයි ප්රුසිධවූ මාරාගල සෙනෙවියන් එහි නිල්ගිර සිටි අතිසයින් උදාර පරාක්රලම ඇතත්වූ සියරට වැසි රාම නම් ඇමතිතෙම


134 මහාවංශය


බිය එලවන යුදකොට අල්වාගතයුතු මහායෝධයන් ජීවග්රා හයෙන් ගෙණ යුධයෙහි අවශේෂවූ සෙනඟ උත්සාහරහිත කොට පලවාපිය. තවද පොල්වතු නම්වූ තොට විසූ එක් සාමනතයෙක් එතැන්නි යුද පිණිස පැමිනි පසමිතුරු රජසෙන් සමඟ යුදකොට බොහෝවූ භටයන් මරවා අවශෙෂවූ සේනාව නිරවශෙෂකොට ඔබ මොබ පලවාපීය. අනනතරභණ්ඩ නම් තොට රැකවරණ පිණිස සිටියාවූ මහබලැති වීරවූ කිසියම් සාමනතාධිපතියෙක් යුද පිණිස එතැනින් ආවාවූ සාමානතයන් සහිතවූ පසමිතුරු මහරජ සෙන් යුධාඟනයෙහි එක් මස්කලවිටක් කොට සාමානත‍යන් සමඟ අවශෙෂවූ සේනාව් හාත් පසින් එකතුවූ වේගවත් මේෂකූටයක් මාරුතය සෙයින් ඒ ඒ දෙස පලවාපීය. කණතල්වන නමින් ප්රවසිඬවූ තොට රැකවරණයෙහි යොදනලද්දාවූ එක් සාමනතාධිපතියෙක් තෙම සියල් බලවහන ඇතියේ එතැනින් යුදකරණට ආවාවූ සතුරු සෙනඟ මහ යුද පවත්වා නැවත යුධාරම්භයෙහි දුර්මුඛ කෙළේයි. යක්ඌරාතොට යොදනලද්දාවූ කීර්ත්තිනම් අධිකාරිතෙම එතැනින් යුදකරණට ආවාවූ පසමිතුරු සේනාවා සමඟ ඉතා දරුණුවූ යුද කොට බොහෝවූ සියලු යොධයන් කථාසේසකොට අවශෙෂයන් පලවා එම තොටම වෙසෙමින් පැරකුම්බා මහරජානන්ගේ ඉක්මිය නොහැකිවූ හස්නකින් එහි එක් මහඇමතියෙකු යොදා තෙමේ ආයේය. ඒ ඇමතිතෙමේ තුන්වරෙක එහි ආවාවූ පසමිතුරු සෙනඟ නැවත මහ යුදකිරීමෙහි ආසා සුන්කොට බින්දේය. වෙහෙර වෙදගල් නම් තොට විසූ ජිතගිරි ශානතනම් මහසෙනෙවි තෙමේ උදාරවූ සෙනාවාහන ඇත්තේ එතැන‍ින් එතරවෙන පිණිස පැමිණියාවූ ශත්රැූරාජ සේනාව භයානකවූ මහ යුද පවත්වා නිරවශේෂයෙන් විනාසයට පත්කෙළේය. අස්මඬලා තොට විසූ කීර්තවතිපුසතකි නම් වූ ඇමතිතෙමේද මහසෙන් ඇති මහී‍නම් ඇමතිතෙමේද, මහබලැති ලඞකාගිරිනම් ඇමතිතෙමේද අන්යමවූ මහාසේනාතෙමෝද ( යන මොව්හු) ආවාවූ පසමිතුරුසෙන් මරා තුමූ පෙරලා රජුකරා අවුය. අකුරල් ගඟ සමීපයෙහි විසූ වීරපුරුෂයෝ හෙය පැන සකකුණ්ඩ නම් ආරාමයට වැද එකෙණෙහි යුදකොට බොහෝවූ යෝධයන් ජීවිතක්ෂණයට පමුනුවා ඒ දෙසින් පසමිතුරන්ගේ පෙරලා ආගමනයෙහි ආසා සුන්කළෝය. ඉක්බිත්තෙන් විල්ගම්තොට විසූ සඞ්ඛනායකනාථ නම් සේනා පතිතෙමේ එතැනින් යුදකරණට ආවාවූ සතුරු රජසෙන් බිද තෙමේ ගඟින් එතරව පැන්මඩුනම් ගමෙහි මහත්වූ සතුරුසෙන්


72 වෙනි පරිච්ඡේදය 135


නසා විසූ තැනට පෙරලා ආයේය. එසේම සමිතොට ‍යොදනලද මහසේනා තෙමෝ ඒ දෙසින් යුදකරණු පිණිස ආවාවූ සතුරු‍ සෙන් වහා මරා නැවත එනුකැමති බැව් බැහැර කෙළේය. සුලුනා තොට සිටි බොහෝවූ රාජසෙනාතොමෝ ඒ දෙසින් සන්නධවූ සන්නාහායුධ ඇතිව පැමිණි බොහෝවූ පසමිතුරු රජසෙන් නිරවශෙෂකොට වැනසීය. බුදරුදගොඩද දණඩනායක දෙබෑයෝ ඒ දෙසින් පැමිණි සතුරු සේනාව බින්දාහ. නිකවැලිතොට ආරක්ෂාදක‍ාරීවූ රක්ෂ්නම් මහාවීරවූ අධිකාරිතෙමේ සියලු බිය ඉක්මවූයේ දෙමසක් නිත්යා්රබධවූ මහ යුද පවත්වා එතැන්නි එතරවෙන්ට පැමිනි මහත්වූ පසමිතුරු සෙන් මූලොජිනන කෙළේය. එසේම කඩකකුඩයයි ප්රතසිඬවූ ලඞකාපුර නම්වූ මහාවීර තෙමේ යැදිගම පවත්වනලද මහ යුද ඇත්තේ, සතුරන්ගේ මහත් බලසෙන් මූලඝාතනයෙන් මරවා බලවත්වූ මහොතසාහ ඇත්තේ පස මිතුරු සේනාව නිරුත්සාහකොට බින්දේය. බිල්පත්කඩ සිටි ආරක්ෂක සඞඛනායකතෙමේ එතැනින් යුද පිණිස පැමිනියාවූ සතුරුසෙන් බින්දේය. තොටගමුවෙහි රැකවරණ පිණිස යොදන ලද්දාවූ මහසෙන් ඇති ඇමතියෙක් තෙම එතැනින් යුදිපිණිස ආවාවූ රජසෙන් පටන්ගන්නාලද මහ යුධ ප්රියත්න ඇත්තේ අතිශයින් දරුණුවූ යුදකොට නැවත යුධ‍යෙහි උත්සාහ රහිත කොට පැලවීය. නන්දිනගම නියුකතවූ බලවත්වූ එක් සෙනාධිපතියෙක්තෙම කරණ ලද මහ යුද ඇත්තේ එතැනින් පැමිණියාවූ මහා සේනාව භෙද කෙළේය. ඉක්බිති හෙදිලිකඩ නම් ගම සිටි දෙවසෙනාධිපති තෙමේ සනනඬවූ සේනාවාහන ඇතිව මහා සේනාසමූහයා සමඟ මහින්දෙ කුමාරයා යුද කරණු පිණිස පැමිනි කල්හි උහු හා සමඟ සිවුවරක් යුද‍කොට හෙතෙම යුධාඞගනය ශත්රැි යොධයන්ගේ ඇට සැකිල්ලෙන් පූර්ණයකොට නොපිරිහුන් සේනාවාහන ඇත්තේ කුමාරයා හීනාගකොට සෙනඟ සමඟ පලායන්නා පස්සේ ලුහුබැඳ ගොස් එකෙණෙහි බෙල්ගමුනම් තොටට පැමිනියේය. ඉක්බිති එහි දෙමසනක් භයානක යුධ වූයේය. සෙනෙවිතෙම එහි සිටියේම සතුරු සේනාවා පැලවූයේය. මල්ගමුනම් තොට සිටි සාමාන්තාධිපතිතෙම දසවරක් පටන්ගන්නාලද මහ යුද සැණකෙළි ඇත්තේ එතැනින් ගඬකාතරණයට පැමිනි බලවත්වූ පසමිතුරු සේනාව උදාවන හිරු අඳුරුකඳ සෙයින් බිදහැරියේය. ගොලබාහනම් තොට ආරක්ෂාෙ පිණිස යොදනලද්දාවූ මහත්බල පරාක්රවම ඇති එක් සාමන්ත ප්රෂධානයෙක්තෙම යුද කරණු පිණිස එතැනින් ආවාවූ සාමන්තයන් සහිතවූ සතුරු සෙන් කෙසරසිංහයෙක් මුවරැලක් පරිද්දෙන් යුධයෙහිදී පලවාපිය. දීපාලයයි ප්ර්සිධ තොට යොදනලද්දාවූ සෙන් ඇති එක් සාමනතයෙක්තෙම එතැනින් ආවාවූ (සතුරු) සෙන් යුදෙහිදී බිදහැරියේය.


136 මහාවංශය


මෙසේ යුද පවත්නා කල්හිම රාජසමූහනායකවූ භීමප‍රාක්රහම ඇති පරාක්රුමබාහු මහරජතෙමේ “යුදයෙහි මෙතැනින් බුන් මාණභරණ රජහට රුහුණද පිහිටක් නොදෙන්නෙමියි” සිතා මානිය මුවා රටද පස්යොදුන් රටද සිටි දේවිලය ලොකය යන කෙස්දානාවන් දෙදෙනා හා අරක්කමිනාවන්ද එසේම සන්නාහ නායකයක්ද (කැඳවා) යුදයෙහි බඳ සිත් ඇත්තේ රුහුණු යන්ට නියෝග කෙළේය. චතුරවූ ඔවුහුද ඒ (මහරජානන්) නියෝගයෙන් සක් දෙව්රජහු නියොවින් සතරවරම් මහරජදරුවන් මෙන් එයින් නික්මුනාහ. ඉක්බිත්තෙන් ඔව්හු නව‍යොදුන් නම් රටට පැමින එහි සිටි මහත් පසමිතුරු සෙන් සමඟ විසිවරක් මහ යුද සැණකෙළි කොට මා සේනා මරවා ‍නවයොදුන් රට ගෙණ එතැනින් නික්ම කළුපහන්බඩට පැමින එහි සිටි සෙන් සමඟද මහ යුද විස්සක් කොට ඒ රටද හසතප්රාඩප්තකොට නික්ම එසේම මත්තෙහි ගියාහු ඔව්හු දැගැලි මහකෙත ගත්හ. ඒ මාණභරණ නරෙන්ර්සේමතෙම එපවත් අසා ස්වකීය සේනාව දෙකක්කොට බෙදා කොටසක් එහි යැවීය. ඉක්බිත්තෙන් එක්කලෙක අනුරාපුරය රක්නා දුරුබුහිවූ නාරායණ නම් දණ්ඩනායක මහාමාත්යෙතෙම” මේ රට අත්පත්කොට කොටුවක් පිහිටුවා රජුන්ට නො වසඟව වසන්නෙමි”යි සිතුයේය. වීරවූ ප‍රාක්රටමබාහු නරෙශ්වරතෙම එපවත් අසා “උහු මුල්ඇති වනු නොදී නිර්ම මූලනය කෙරෙමි”යි සිතා යුහුව ජත්ර්ග්රාහහක නායක යන් යැවිය. ඒ මහාමාත්යුතෙමේද මුවෙකු වෙත හෝ කුඩා ඇතෙකු වෙත යන සිංහයෙකු සේ අසම වික්රනම ඇතිව ගොස් උහු හා සමඟ මහ යුද කොට සෙන් සහ උහු නසා රට නිෂ්කණ්ටක කෙළේය. එකල හාත්පස ප්ර සිධ තීත්විරයන් රකුසන් රැකවරණකොට සිටිසේ මහරජානන්ගේ මහ ඇමතියන් රැකවරණකොට සිටිත්ම ඒ තීත්ථි යන් උත්තරණය කරන්ට අසමත්ථ් වූ මාණාභරණ රජතෙමේ තමා වසඟවූ රජ රට වැසියන් විසින් කියනලද අප්රණසිධවූ එක් තොටකින් මෙතෙර විය. ඉක්බිත්තෙන් පැරකුම්බා රජතෙම එපවත් අසා ගංතොටදී සෙන්සහිතවූ උහු නිර්ම මූලනය කර‍ණට සිතා මොනරා ගල්නම් ‍ ස්ථානයෙහි දූර්ගියක් පිහිටුවා යුද කරණු පිණිස බොහෝවූ භටයන් විසින් පිරිවණලද්දාවූ උදාරතර පරාක්රාම ඇති බොහෝ සේනා වාහන ඇති රකඛාධිකාරී නම් අමාත්යපයා යැවුයේය. ඒ රක්ඛාධීකාරි අමාත්යාතෙම තමාකරෙහි වෛරීවූ දේවනම් සෙනා නායකයන් විසින් පවත්වනද මහ යුධයෙක්හි පහන් සිත් ඇත්තාවූ කෙළෙහිගුණ දන්නා පැරකුම්භා රජහු විසින් දෙනලද ඒ මහා ප්රූසාදය මහා ඊෂ්යාුවෙන් නෙයිවසන්නේ මහරජානන් කෙරෙහි කලකිරුණවූ ඒ තෙමේ යුධයෙහි ආදර සහිත නොවීය. ඊෂ්යාකජවර ඇති මන්දුබුධිවූ හේතෙමේ අලසවූයේ උත්සාහ ‍නොකෙරේ. එකල්හි ගජබාහු නරෙන්ර් මනයන්ගේ සාමන්තවූ අසත්


72 වෙනි පරිච්ඡේදය 137


පුරුෂයෙක් පරාක්රචමබාහු නරෙන්ර් යන් කෙරෙත් ලත් අභය ඇත්තේ උහු සමඟ ගියේ උහුගේ භාවය ස්වභාවයෙන් දැන ප්ර ථම කොටම මාණභරණ නරෙන්ර් යන් හා කරණලද මනත්ර්ණය ද ඇත්තේ දුර්ගා රම්බයෙන් පළමුකොට වහාම එන්ට මාණභරණ රජු වෙත යුහුවම හස්නක් යැවීය. මාණාභරණ නරෙන්ර්ය තෙම එපවත් අසා ස්වකීය සේනාව ඒ ඒ තන්හි මහ යුදයෙහි යෙදුනේය. ඉක්බිත්තෙන් පැමිණි මහින්ද නම්වූ කුමරතෙම දෙවසෙනා නායකයන්ගේ සාමනතාමාත්ය යන් හා වැල්තේටදී යුද කෙළේය. බලවත්වූ ඒ ඇමතියෝද ඒ ක්රෑතර යුධයෙහි බොහෝ යොධයන් මරුමුවට පමුනුවා ක්ෂිණයකින් කුමාරයා දුර්වොලකොට පැරදවූහ. මාණභරණ රජ තෙමේම රක්ඛාධිකාරී නම් මහාමාත්යවයන් සමඟ කඩුවෙන කඩුව ගැහැටීමෙන් හටගත් ගිනිපුපුරු ඇති මහ යුද කෙළේය. ඒ යුදයෙහි උභයපක්ෂහගතවූ බොහෝවූ මහා යොධයෝ නැසුනෝය. ඉක්බිත්තෙන් රක්ඛාධිකාරීනම් අමාත්ය යාගේ පිරිස් තොමෝ බිඳුනාය. ඉක්බිත්තෙන් (රක්ඛාධිකාරී) තෙම හුදකලා වම සියතින් යුදකොට බොහෝ මහා භටයන් මරුමුවට පමුනුවා එහිම තෙමේත් මෙළේය. ඉක්බිත්තෙන් භයානකවූ ප‍රාක්රාම ඇති පරාක්රබමබාහු නරේන්ර්ික තෙම එපවත් අසා සිනාසහිතවූ මුව පියුම් ඇත්තේ මා ජීවත්වන කල්හි ජීවත්වන්නාවූ හෝ මැරුණවූ හෝ ඔවුන්ගේ කවර ප්රඇයෝජනයද, සිංහතෙම ඇත්කුඹු පැළිමෙහි යහළුවෙක් පතන්නේ නොවේ. යුධාශාව භජනය කරන්නාවූ බාහුයුගලයාගේ බොහෝ කල් උත්සන්නවූ මනොරථය දැන් මම පුරවන්නෙමි. මිත්ථැයාචාර යෙහි තත්පර අනේක රජුන් හා සංසර්ග යෙන් කිලිටිවූ මේ පෘථිවි (කානතාව) සතුරන් සිරුරු ලෙහෙදියෙන් නහවා සංග්රා‍මයෙන් පවිත්රපකළා ඇසිල්ලෙකින් පාර්ණ්ග්රහහණය කරන්නෙමි. (ඕතොමෝ) මාවැනි වීරයන්ගේ වැඩඹීමෙහි එක් සාලාවෙක් වේ. සැමකල්හි පසමිතුරු අඳුරුකඳු නැසීමෙහි හිරු වැනිවී මට පෙනෙහෙල්ලෙකින් සෙයින් අන් බලයකින් කුමන වැඩෙන්ද? මෙසේ සිතා පස මිතුරු සෙන් නැමැති මහමුහුදෙහි පස්වෙනි හිරුමඬල වැනිවූ හෙතෙම යුධාංගනයට ආයේය. පැමිනද නොයෙක් ගදඹ අනනන් විසින් ගයන ගී අසමින් ගී රස දන්නන්ගෙන් පූවර්ගාිමී වූයේ රසයද විදිමින් සිටියේය. එකල බුන්මහසෙන් පසුව ලුහුබැඳ ආවාවූ මිහිපල් සහිතවූ පස මිතුරුසෙන් ඉදිරියට පැරකුම් මහරජානන් මහඇමති‍යෝ දිවගොස් ඩෙබරවැල් නම් ගමදී බිහිසුණු යුද පවත්වා ජයගත් මහසෙන් බුන්කල ඔව්හු මහ යුද කොට ලද අවිපහර ඇතිවත් බො‍හෝවූ භටයන් මරා එකල විස‍ිරෙමින් සියරටට අභිමුඛව නැවත්තෝය. එකල පසමිතුරු මහසෙන් තොමෝ දියුනුවූ උතසාහ ඇතිවිය. T 33-16


138 මහාවංශය


එකල්හි ලත් පහරැති ඔවුන් වෙදුන් කෙරෙහි පත්කොට පලායන්නාවූ මහසෙන් ලීලාවෙන් යුකතව සිනා පහළ කෙරෙමින් බලා යානය උසුලන්නාවුන්ට නවතින්ට කියන්නාවු ඇමතියන්ට බැම බිඳුමෙන් කුටිලවූ බැලුම් පහළකරමින් ඔවුන් නවත්වා යානය උසුලන්නන් යවා තෙමේ පසමිතුරු සෙනඟට අභිමුඛවූයේ වීර ශ්රී සඞගම නමැති මඞගලය කරවනු පිණිස දක්ෂතවූ ඛඩ්ගලතා නමැති දූතිය යුධමාලකයට යවනු පිණිස මහාවීරතෙ‍ම යුද සැණකෙළි කරණු කැමැත්තේ “ මට සිංහල කඩුවක් දෙව” යි ස්වකීය හසතායුධ පාලනයකරණ සේවකායාහට කීයේය. නොදන්නාවූ උහු විසින් ජඹුධීවිප පාටව නම්වූ කඩුවක් සිංහල කඩුවෙක කියා ගෙණ කල්හි “මේ කඩුව සිංහල පටුත්වව ඇත්තක් නොවෙයි ජම්බුදීවිපයෙහි සකලශත්රැිරාජකුලයන් නසන්නාවූ මෙය තබා වහා සිංහල පටුත්වයය ඇත්තක් ගෙණෙව”යි කියා බිය එලවන්නාවූ සිංහල පටුත්විය ඇති කඩුවක් ගෙණකල්හි නැවත සතුරන් නමැති ඇතුන් බැඳිමෙහි තරුණ හස්තියෙක් වැනි ගර්වක සහිතවූ ඒ රජතෙමේ “මා අත ආයුධ ගන්වන්ටත් සමත්ථිසයෙක් සිංහල ද්වීපයෙහි නැතැ”යි නියමකොට ‍සිතා තමන් වෙත සිටි රක්ඛනම් කෙශධාතු නායකාමාත්ය යාගේ ද නාථනගරගිරි නම් අමාත්යියාගේද මුහුන බැලුයේය. ඒ දෙදෙනාම එකල්හි මහරජානන්ගේ ඉඟි දැන සිංහසමාන පරාක්රමම ඇත්තාහු මහසෙන් මැදට වන්හ. යුධාඞගන මධ්යදගතවූ අසමාන වික්රබම ඇත්තාවූ ඒ දෙදෙන පසමිතුරු සේනාවට දහස් ගණන්ව වැටහුනෝ කඩුපහරින් දෙබෑකරණලද සතුරු සිරුරෙන් වැටහුනෝ කඩුපහරින් දෙබෑකරණලද සතුරු සිරුරෙන් බිය එලවන්නාවූ මහ යුද දහවල් පටන් රෑ වෙනතෙක් පැවැත්වූහ. ඉක්බිත්තෙන් මහාමාත්යතයෝ බඳිනලද ඇදිල් ඇතිව “නර ශ්රෙිෂ්ඨයන්වහන්ස සියලු මහසෙන් බිදීගියාය. අපි කීපදෙනෙක් සිටියම්හ මෙපමණක්විත් මහ යුද කරන්නමෝ වීරශ්රිසය පරාඞ්මුඛ නොකෙළෙමු. යුධ දර්ශණනයෙන් බියපත්වූ සෙයින් සූය්ය්ිය තෙම අස්ත පර්වසතයෙහි සැඟවින. පොළොන්නරුවට ගොස් (හිඳ) පහන්වූකල ශත්රැොමදිනය කරන්නෙමු. මේ සඞග්රානමයට ආකල්ය”යි මහරජානන්ට සැලකළාහුය. රජතෙමේ ඒ විධිය අසා රාත්රිනය එහිම ගෙවා පහන්වූකල යුද පටන්ගණු කැමති බැවින් නොපිළිගත. එකල්හි බියරහිතවූ රජතෙම මොහොතත් කල් නි‍ෙද්රාබපගත විය. මේ අතර අමාත්ය යෝ ඒ මහරජානන් පොළොන්නරුවට ගෙණ ගියහ. ඉක්බිත්තෙන් මධ්ය්ම රාත්රිජයෙහි පච විහාරයට පැමිනි කල්හි පිබිදියාවූ ඒ රජතෙමේ “ මේ ස්ථානය කිනම්දැ”යි (උසුලා යන්නන්) විචාළේය. නරශ්රේ ෂ්ඨතෙමේ ඔවුන් අතින් “පස්වෙහෙරය” යි අසා නිද්රො පගතවූ මා මෙහි ගෙණ එන්නාවූ තොප විසින් කරණලද්දේ අයුක්තය”යි කිපී පිරිවරින් එකෙකුදු අවශේෂ නොකොට ගෙණ යනු කැමැතිව එහි සිටියේ පංචමහාශබ්දයෙන් හි ශඞඛයන්ගේ



72 වෙනි පරිච්ඡේදය 139


නාදයෙන් ගම ආකුල කොට තමන්ම ආවාවූ පිරිවර පරීක්ෂාඞකොට පිරිවට පෙරටුකොට තෙමේ පසුවී අළුයම් සමීපකාලයෙහි පොළොන්නරුවට සම්ප්රාඅප්ත වූයේය. ඉක්බිත්තෙන් බිල් නම් තොට මහසෙන් විසින් පෙරටුකරණලද දේවසේනානායකය කිර්තමතිඅධිකාරිය යන දෙදෙන ඒ දෙසින් ආවාවූ නාථ ‍අධිකාරිය මිහිදුකුමාරයා සුඛසේනාපතිය නාථලඞකාගිරිය යනාදී සෙන් සහිතව යුදපත්වූවන් සමඟ නිරන්තර ශරවර්ෂාය වස්වා බොහෝවූ යෝධයන් හා සුඛසේනානායකයන්ද එසේම නාථ‍ලඞකනා ගිරි නම් අමාත්යබයාද ජීවිතක්ෂසයට පමුනුවා ඉක්බිති සෙනඟ සහිතව පලායන්නාවූ නාථඅධිකාරීන්ද මිහිදු කුමාරයන්ද පසුපස්සෙහි ලුහුබැඳ ඔවුන් රටමැද වන්කල්හි “රටවැස්සන් සහිතවූ සියලු පසමිතුරු සේනාතොමෝ හාත්පසින්මාර්ගිය දුර්ගසමකොට වටලාගත්තැ”යි ශත්රැත මර්දතනකාරීවූ එකවික්රපමයෙන් මඩනාලද පොළෝතල ඇත්තාවූ පරාක්රතමබාහු නරෙශ්වරතෙම ස්වකීය වංශයට ශ්රෙපෂ්ඨවූ සූය්ය්පො යා උදාවූ කල්හි අසා බලාත්කාර‍ය එකරසකොට ඇත්තේ එකල්හි ඔවුන් මුදාගන්නා පිණිස යන්ට ආරම්භ කෙළේය. එකල්හි එහි සිටි මහා මාත්යගයෝ යුධයෙහි හටගත් උතසාහ ඇත්තාවූ මහීපාලයන් නවත්වනු පිණිස දොහොත් මුදුන්දී “නරෙශ්වරයන්වහන්ස නුඹ වහන්සේගේ ඉක්මවිය නොහැක්කාවූ තෙජෝ විශෙෂය හැර අන්ය“වූ කිසි බලවක් අපට නැත්තේය සියලු රටවැස්සෝද පස මිතුරන් වසඟවූහ. මෙතැනින් නැදමුල් නම් ස්ථානයට ගොස් ඉක්බිත්තෙන් යුධ කරණු පිණිස යායුතුය (කියා) මේ ආදී ව්යා ජ වචනයෙන් නරෙශ්වරයන් නවත්වා එතැනින් නික්ම නරෙන්ර්ැ යන් සහිත වූවෝ මගට පිළිපන්හ. නැදමුල් නම් ස්ථානය සමීපයෙහි සිටි රටවැසිවූ පිරිස් තෙමෝ එන්නාවූ ස්වල්ප පිරිවර ඇති භූපාලයන් දැක හාත්පසින් ශරවර්ෂා වස්වන්ට පටන්ගත්තීය. ඉක්බිත්තෙන් මිහිපල්තෙමේ කරවාළ ගිරිනම් ස්ථානයෙහි සිට වීරයයි සම්මතවූ ඇමතියන් කීපදෙනෙක් එතැනින් යවා ඒ සෙනඟද යුධාශා රහිත කරවා පිරිවර පෙරටු කොට තෙමේ ‍පසුව යෙමින් මහාවීරවූ මහීපාලතෙම දඹකොල නම් ස්ථානයට සම්ප්රාකප්ත වූයේය. එතැනින් නික්ම දෙවනම් සේනා පතින් මුදාගන්නා පිණිස වඩනේ නවගමුපුර නම් ස්ථානයට සම්ප්රාවප්තවූයේය. එකල්හි දෙවසේනාපතිතෙමේද කීර්තමති නම් අධිකාරි තෙමේද මහරජානන් විසින් වදාරණලද්දාවූ උපදෙස් වරදවා සෙන් සමඟ කලාන්තවූවෝ තමන් ඒ යුධය හැර සුරුළු නම් ගම් පසමිතුරන් වසඟ බවට පත්ව තමන් රක්නා පිණිස මහීපාල යන් පැමිණෙන්නා දැන නවතනු කැමති සිත් ඇතිව මේ (මතු කියන) පරිද්දෙන් හස්නක් යැවූහ. “අපි මෙහි මහරට මැද පසමිතුරන් වසඟවූවම්හ, ස්වාමීන්ගේද වික්රරමවිශෙෂය විනා බලයෙන් නැත්තේය. පරාධිමුඛවූ රටවැස්සෝද වෛරීන් පක්ෂවවූහ. අත්ය නෙතාදාර තෙජස් ඇත්තාවූ


140 මහාවංශය


ස්වාමීන් (ජීවමානව ) වැඩසිටිකල සාගරය කුණ්ඩලාභරණ කොට ඇත්තාවූ පොළොව එක්සත්කොට ලොකශාසනාභිවෘධි විධානයෙහි සැක නැත්තේය. නුඹවහන්සේගේ පාදපද්මදර්ශානාසවාදයට හෙතුවූ එබඳු භාග්යභයක් අපකෙරෙහි ඇත්තේනම් ඒ අපි මිදෙන්නෙමු (බ්රාටහ්මණාදී) වංශයන්ද ශ්රවමණයන්ද පාලනය කරන්නාවූ නුඹ වහන්සේලා මෙහි පැමිනෙන්නාවූ නිශවයෙන් විරතව නවතිත්වා”යි. දීර්ඝ්දර්ශී මහා ප්රාපඥවූ මහරජතෙම ඒ අසා එහි තමන් යාමෙන් පළමු (වන්නාවූ) විනාසය දැන දොහොත් මුදුන්කළ සියලුම ඇමතියන් විසින් යාඥාකරණලද්දේ නැවතී වික්රවම නම් පුරයට ප්රාළප්ත වූයේය. එකල්හි “ සමගිවූ සෙන් ඇති මාණභරණ නම් මිහිපල්තෙ‍ම පොළොන්නරුවට අවුත් නැවත එතැනින් නික්ම ගිරිතලා නම් ස්ථානයට සම්ප්රාරප්තවූ‍යේය” යන මේ ආදීවූ වෘත්තාන්තය තත්වූ පරිද්දෙන් මහාමාත්ය‍යෝ දැන එය ඇසූ පරිස්දෙන් තත්වනය රජහට සැලකොට ඒ ඒ තැන මහයුදෙහි සේනා නටබවද සැලකොට “ඉක්බිත්තෙන් පැරකුම් නුවරට හෝ කැළණිගමට හෝ පැමින සෙනඟ සමගිකොට නැවත යුද කරණට වටනේය” යි සැලකළහ. රාජමෘගෙන්ර්න තෙම ඒ අසා බැම බිඳපියන පමණ දුමින් දතයුතුවූ කොපාගනි ඇති බැවින් “යම් කෙනෙක් බියපත්වූද ඔවුන්ගෙන් අපට ‍ප්ර යෝජනයක් නැත්තේය. ඔව්හු වනාහි රි‍සිසේ යෙත්වා, මා වැන්නෝ බාහුවෙන් මඩනාලද මහා සේනා ඇත්තෝය. මා සිටිකල මාගේ රාජ්ය‍ සීමාව පැන එන්ට තුන්ලොවෙහි ශක්ර යා ආදී කොට සමත්ථිකයෙක් නොදකිමි. සිංහයෙකු විසින් අධිපතිව රක්නා ලද ගුහාවට වදනට හස්තිරාජයෙක් සමත්ථිකනොවන පරිද්දෙන් මා විසින් අධිෂ්ඨවූ රාජ්යයයට පැමිනෙන්ට සමත්ථිවවූ පසුමිතුරු ර‍ජෙක් නැත්තේය. මාගේ දෘෂ්ටිපාතයෙන් කවරෙක් නම් වීරනොවේද? මා කැමැතිකල්හි කිරිබොන දරුවෝද යුද කෙරෙති. දෙතුන් මසකින්ම මාණභරණ මිහිපල්හු රජ රට තබා සියරටද ඉන්ට නොදෙමි, සියල්ලෙන් ශුන්යමවූ මෙබඳු තන්හි මාවැනි වීර පුරුෂයන්ගේ බාහු වික්රදම සම්පත් තොමෝ දෘශ්යහමානවේ” හේතෙමේ මෙපරිද්දෙන් වීරරසයෙන් යුක්තවූ අහඞකාර සහිතවූ වචන පහළ කෙරෙමින් උත්සාහ රහිතවූ ඔවුන් මහොත්සාහ ඇති කොට ඉක්බිත්තෙන් ක්රරමදක්ෂරවූයේ රක්ඛනම් අදිකාරීන්ද ආදිප්රාස්තකී නම් සාමන්තයාද මහලබ නම් ගම සිටිනා පිණිස යැවුයේය. විධි දන්නේ මහායසස් ඇත්තේ තනතුරු ලැබීමට යොග්ය වූවන්ට තනතුරු දී ඉක්බිති රක්ඛනම්වූ මහාලේඛා මාත්යදය මන්දි‍ජීවිත පුස්තකී අමාත්යරය සඞඛධාතුය කීර්ත්තිය යන දණ්ඩනායකාමාත්ය වූ සහෝදර දෙදෙනාය යන මොවුන්ට මහසෙන් දී කළාවැව හා ඒකාබද්ධ වූ මහා ජනපදයන් ගන්නා පිණිස පිලවිටියට යැවුයේය.


72 වෙනි පරිච්ඡේදය 141


එසේම මහත් බල හා අත්යුයදාර පරාක්ර ම ඇත්තේ මාරගිරින්යනග්රොදධ නම් ඇමතියාද සේනා සමඟ උඩවැව්හි තැබුයේය. මෙසේ නොයෙක් දෙසින් මහ යුද පවත්වන පිණිස සාමනතයන් සහිතවූ මහා සේනාවා ඒ ඒ තැන යෙදුයේය. එකල්හි මාණභරණ නරෙන්ර්තයනයන් නියෝගයෙන් දනව්නම් ස්ථානයෙහි යුද කරණ පිණිස ආවාවූ මන්දිත නම් මහා ලෝකඛයන් ඒ දනව්වෙහි සිටියාවූ යුධ ක්රීපඩායෙහි බියරහිතවූ සේනාතොමෝ යුද කොට අනාගත යුධයෙහි, භින්නවු උතසාහ ඇති කොට පලාපීය. ඒ සේනා තෙමෝ සතතයෙන් පවත්වනලද නොයෙක් මහා කල්යාාණ කර්මඒරාශී ඇති දෙව් රජහු සෙයින් නොයෙක් ක්රීුඩා විනොදනය විදිමින් නාලන්දාකවෙහි වාසයකරන්නාවූ ප‍රාක්රයමබාහු නරෙන්ර්ින යන්ට එපවත් තත්වූ පරිද්දෙන් කියා යැවීය. ඉක්බිත්තෙන් පිලිවිටියෙහි සිටුවනලද්දාවූ රක්ඛ නම් මහාලෙඛකයන් ප්රබමුඛ කොට ඇත්තාවූ සාමනතාධිපතීහුද කළාවැව විසූ බුධ නාථමහාලානදෙව නම් සේනාපතියා කෙරෙහි (විරුද්ධව) අට දිනක් ඉතා බිහිසුණුවූ සුද පවත්වා එකෙණෙහි බොහෝවූ යෝධ යන් මරා බොහෝ යෝධයන් පලවා වහාම කළාවැව නිෂ්කණ්ටක කොට අත්පත් කොට ගෙණ පරාක්රාමබාහු නරනිදුහුගේ නියෝගය අනුව ක්රි යා‍ෙකරෙමින් එහිම බලකොටුවක් කොට සෙන් සමග විසූහ. උඩුවැව යොදනලද්දාවූ න්යරග්රො ධ මාරගිරි නම් අමාත්යව තෙම තුන්වරක් යුද කොට සතුරුසෙන් බිඳ තනනරුයයි ප්ර සිද්ධවූ ගම් ආරාමයක් බලකොටු කොට මහරජානන් නියෝගයෙන් සෙන් සමඟ හුන්නේය. මාණාභරණ මහිපාලතෙම එකල්හි මිහිදු කුමරහට තනතුරුද බොහෝවූ රටද දී “තෙපි මහසෙන් ඇතිව මොනරවැව් රටට අභිමුඛව ගොස් දකුණුපස ගන්නා පිණිස අනුරාධ පුරවරයෙහි හිඳුව, මමද බුත්ගමුවට අභිමුඛව යනු පිණිස දලුවාලට යෙමි”යි කියා මහසෙන් දී පළමු කොට උහු රම්ය වූ අනුරාපුරයට යවා නැවත තෙමේ එහි රජ රටම හුන්නේය. මිහිඳු කුමරහු මහසෙන් සමඟ අනුර‍ාපුරය බලා ගිය බැව් කළාවැව නියුක්තවූ මහරජානන්ගේ මහා මාත්යතයෝ අසා මුල් හටගණු නොදී පළවූ කොටම නිථිමූලනය පිණිස එහි රක්ඛ නම් මහා ලෙඛකයන්ද කීර්තගතිභණ්ඩාර පුසතකී අමාත්යයයන්ද රක්ෂා වෙහි යොදා උව්හු සෛවරීව බලවාහන සහිතව කළාවැවින් නික්ම කාණුමූල නම්වූ ස්ථානයට ගොස් බල කොටු බැඳ කැටිව උන්හ. නොබිඳිය හැකි උපායෙන් දක්ෂනවූ පරීක්ෂාඳකාරීහු පැරකුම්බා මහරජ තෙම ඒ විධාන අසා පරීක්ෂාව කොට “ දෙශ විශෙෂ දැනීමෙහි අදක්ෂ‍වූ තෙපි මගේ අවවාදයන් තොරව රට මැද වැද යුද කරණට නොයව්” කියා මෙපරිද්දෙන් දීර්ඝවදර්ශී මහා ප්රාැඥවූයේ ශක්ර‍යාගේ මෙන් හසුන් ඇත්තේ ඔවුන්ට හස්නක් යැවුයේය. එහි යුහුසුලුවූ දුරුබුද්ඬිවූ ඔව්හු රජහුගේ ඒ


142 මහාවංශය


හස්න වරදවා අනුරාධපුරය වහා ගණුම්හයි (ගියහ). නරෙන්ර්ද යන්ගේ ඒ හසුන් පිළිබද ප්ර යෝජනය තමන් නොලබන්නාවූ ඔවුන් අතුරෙන් කාරණ කාරණයෙහි දක්ෂුනොවූ පින් මද ජනයෝ කටුවන්දුු නමින් ප්රහසිද්ධ වූ ස්ථානයට උපාය රහිතව නරෙන්ර්ෝජ යන්ගේ හස්න පැනීමෙහි ඵලය විඳිනු කැමැත්තන්සේ පැමිනියෝය. මහරට මැද ඒ ඒ තන්හි දුශ්චරිතකාරීවූ එහි පිවිසි ඔවුන්ගේ පිරිස විකිණී විය. ඉක්බිත්තෙන් මහින්ද් නම් කුමාර තෙම ඒ විධානය දැන (මන්ත්රීඒන් හා) මන්ත්රරණය කොට සෙන් පිරිවරා ඔවුන් යුද කරණට පටන්ගත්තේය. එහි සේනා සාමග්රිමය විකලවූ බැවින් මහින්දන නම් කුමාරතෙම යුඬාඟනයෙහි ඒ සියලු සේනාව බිඳ හැරියේය. ඒ යුද්ධයෙහි බිඳුනාවු ඒ සාමනතයෝ වරදවනලද මිහිපල් හස්ත සිහි කරන්නන් මෙන් නැවත කළාවැවට ආවෝය. (මහින්දහ නම්) කුමාරතෙමේද නැවත අනු‍රාධපුරයට පෙරලා ගොස් මහාබල ඇත්තේ කලාවැව ගන්නා කැමැත්තේ වහාම සියරට වැඩි සෙනඟ රැස්කොට යැවිය, මහත් පඥා ඇත්තාවූ පෘථිවිශ්වරතෙම එපවත් අසා යුහුවම විරාග ස්වරූපවූ බොහෝවූ සෙන් සමඟි කොට භූතබණ්ඩාරපුස්තකී අමාත්යඅයා එහි යැවුයේය. ඒ සියලු වීරයෝ රැස්ව අතිශයින් දරුණුවූ යුඬය තුන්මසක් මුළුල්ලෙහි දවසක් දවසක් පාසා පැවැත්වුහ. චතුරවූ ඔව්හු ‍නරෙන්ර්හ යන් අණ දූෂ්ය් නොකෙරෙමින් රළු යුද පවත් වන්නාහු මහෙන්ර්ූ ඔ කුමාරයාගේ චතුරඞගනී සේනාව බින්දහ. ඒකාබද්ධවූ මහරට ගෙණ රජහුගේ අවවාද පුදමින් එහි කළාවැවම උන්හ. පෙර කියන ලද්දාවූ රාජාන්දා ව උල්ලඞ්ඝනය කළවුන් සමඟ කළාහු කුට යුද්ධයෙන් උද්දාමවූ කුමාරයා තෙමේම සන්නද්ධව යුද්ධයට ආයේය. මොනරවැව නම් ස්ථානයෙහි යොදනලද්දාවූ එක් සාමන්තයෙක්තෙම දීර්ඝරදර්ශීවූ නරෙන්ර්්දායන් අණ බැහැර නොකෙරෙමින් ස්වකියවූ පිරිස මගදෙපස යොදා අව‍ශේස නොව ඇතුළට පිවිසියාවූ පසමිතුරු සෙන් සමඟ හාත්පසින් වටලා භයානකවූ යුද්ධකරන්නේ බොහෝවූ සාමන්තාධිපතීන් ජීවිතක්ෂ යට පමුණුවා කුමාරයාද පලවා යුද්ධාඞඟනයෙහි මරණලද්දාවූ සතුරන්ගේ බොහෝ වූ හිස් නරෙන්ර්ුවායන් කරා යැවීය. ඉක්බිත්තෙන් (සතුරන්) බිය එලවන පරාක්රවම ඇත්තාවූ ඒ පරාක්රෙමබාහු නරෙන්ර්ත තෙම ඒ ඒ තැන යොදනලද සෙනඟ රැස් කරවා මාණභරණ මහීපාලයන් රජ රටින් පලවාහරිණු පිණිස රක්ඛ නම්වූ මාහා ලේඛකයින්ද අජන නම් කර්ම නායකයන්ද ක්යා න ගම යොදා කීර්තේති පුස්තකී අමාත්යෙයන්ද රක්ඛ නම් අදිකාරීන්ද මගලබ නම් ගමට යවා වනපර්ව ත දුර්ග‍යෙහි රාත්රී් සංචාරයෙහි දක්ෂරවූ වැදිසොර ආදී පිරිසක්ද යවා ඒ ඒ තැන මහජනයන් රෑදෙවෙහි මරවමින් මැදිරියෙහි බඳනාලද පක්ෂීසන් මෙන් පොළොන්නරු වැස්සෝ බොහෝකල් දහවල්ද සියගෙයින් දොරට නික්මෙනු


72 වෙනි පරිච්ඡේදය 143


නොහැකිව දිය දර රැස්කරණු කැමැත්තෝ දරින් කටයුතු සිදුකරණු පිණිස සියල්ල තෘණ රහිත කොට යම්සේ ස්වකීය ස්වකීයවූ ගෙය නිරවශේෂ කොට සර්ව්ප්රකකාරයෙන් නසද්ද යම්සේත් නගර සීමාන්තයෙහි ඒ ඒ තැන ආපණයන්හි නානාප්රතකාරවූ වෙළදාම් සර්වදප්රරකාරයෙන් සුන්වෙද්ද, පුරයට ප්රෙවිෂ්ටවන මාර්ග්යෙහි නරෙන්ර්ළදායන්ගේ නිරන්තර බද්ධවූ කොලාහලය උපන්කල්හි යම්සේ මුළුනුවර කම්පිත වේද, එපරිද්දෙන් රාජඟනය දක්වා නගරය උපද්රකවයෙන් යුක්ත කොට මාණභරණ රජහට මහත්වූ පීඩා කෙළේය. ඉක්බිති දැඩිසේ උපද්රටව ඇතිවූ ඒ මාණභරණ නරෙන්ර්වා තෙ‍ම සිතිවිල්ලෙන් පිඩිතවූ හෘදය ඇත්තේ “අදෝමය! ඉදින් අපි රුහුණු (රට) බලා යන්නෙමු නම් එහි සිටි රජරට වැස්සෝ පලායන්නාවූ අප දුබල බැව් දැන පරාක්රුමබාහු භූපාලයන්ට පක්ෂවපතීභාවය දක්වනු පිණිස අපට එහි යාමට (අවකාස) නොදෙන්නාහුය, ඉදින් මෙහිම වසන්ට යුතුයයි (සිතන්නෙමුද) දිවාරෑ මෙබඳු දුක් ඉවසන්නාවූ අපට හෙද දුෂ්කර වන්නේය. පසමිතුරන් හා බියසුණු යුද පවත්වාම එයින් ලත් ඒ සැප හෝ දුක හෝ අනුභවකරන්ට අපට යුතු වන්නේය” යි මෙපරිද්දෙන් දැඩිකොට සිතීය. හේතෙමේ ස්වකීය වූ මහත් චතුරඞගිනී සේනාව සන්නද්ධ කොට යුධ පිණිස බඳනාලද කැසපට ඇත්තේ දලුවලට ගියේය. ඉක්බිත්තෙන් සිංහ පරාක්රදම ඇත්තාවූ විමසා කටයුතු කරණ ස්වාභාව ඇත්තාවූ මහාප්රානඥවූ පරාක්ර මබාහු නරෙශ්වරතෙමේ ඒ සියලු පිළිවෙළ අසා ලඞකාපුර නම් අමාත්යායාද දණ්ඩනායක සහෝදර දෙදෙනාද ලොකගල්ල නම් අමාත්යරයාද බොහෝවූ යුධෝපාය උගන්වා ඒ දෙසින් සම් ප්රා ප්ත වූ ශත්රැ සේනාව ප‍රාඞමුඛ කරුණු කැමැත්තේ තුන්දෙසින් යැවුයේය. මහත් බලවත්වූ ඔව්හු එහි ගොස් දවසක් දවසක් පාසා උදාරතරවූ යුද පවත්වමින් මාසයක් ගෙවූහ. ඉක්බිත්තෙන් ඊට දියුණක් ඛෙදයට පත්වූ මාණභරණ නරෙන්ර්වමි තෙම “යුධාත්‍ථිව කඳවුර හැර ආවෙමු. ඒ මෙතැන්හි අපට අස් වැසීමෙක් නැත්තේය. අපගේ බදමුල් ඇත්තාවූ දුකම එකාන්ත යෙන් දිවාරෑ නැවත නැවත වැඩීමට‍ යේ. ඒ වෙනෙහි පැමිණි සැප හෝ දුක හෝ අනුභව නොකොට මෙහි පැමිණ (අපට) ඉවසිය නොහැකි මෙබඳවූ දුක යුත්තේමය. නැවත එහිම හෝ යෙමුද, එද දැන් ඉතා උගහටය, ඒ ඒ තැන මහමග ශත්රැතන්ගේ මහසෙන් සිටිත්ම අතිශයින් ගැහැටවූ මෙතන්හි වාසයකරන්නට යුතු නොවේ. ඔබමොබින් ප්රශවිෂ්ටවූ ශත්රැාසෙනා මධ්යවයෙන් මෙහි බෙහෙවින් පුරුදුවූ මිනිස්සු විචාරණය කොට ඔවුන් විසින් දක්වනලද්දාවූ කිසියම් අප්රයසිධ මාර්ගමයෙකින් යන්නෙමි” යි සිතා රටවැස්සන් පිළිවිස ඔවුන් විසින් දක්වනලද මගින් කොඳුරුවා නම් ගමට ගියේය. ඉක්බිත්තෙන් රක්ඛ නම් අධිකාරීතෙමේද මහරජානන් අනුශාසනාව බුහුමන් කරන්නේ මිහිරණබිබිල නම් ගම වෙසෙමින් ඇතුන් විසනුදු


144 මහාවංශය


සෙල්විය නොහැකිවූ භින්දි පාලාග්ර සමානවූ කණු එකිනෙක සම්බන්ධහ කොට බිම කැණ සිටුවා ඉන් බැහැර ප්ර‍මාණයෙන් ඊට අධිකවූ යණිවේෂනයෙන් වෙ‍ළනලද්දාවූ මහකණු සිදුරු රහිත කොට සිටුවා යලිත් ඒ කණු (දෙවැට) මැද හාත්පස විසිතිස් රියන් පුළුල්වූ ශතපුරුෂ ප්රටමාණ ඇළ කණවා, එහි තියුණු උල් හා කටු අතුට ඉන් බැහැර පෙදෙස ශුලපාදයන් සිටවා ඒ හා බඩ සිදුරු රහිතවූ කටුවැට කොට ඒ මැදද පෙර පරිද්දෙන් අගල කණව‍ා එහිදු හුල් පාහා කටු අතුරුවා වැටෙන් පිටද ජාලන්ත කොට අගල කණවා එහිද තියුණු උල් හා කටු අතුට ඇළෙන් පිටත ශරපාත දෙකක් තුණක් පමණ තැන එකහෙලා මහවනය සිඳුවා ඉන් පිට චෞර මාර්ගකයන්හි මහා ආවාටයන් කැණ එහි අතුරු නැතිසේ තියුණු කටු අතුට ඒ ආවාටයන් හාත්පස වැලි හා පුරාණ පර්ණටයෙන් වස්වා බලන්නවුන්ට යායුතුව මාර්ග් සමාන කරවා ඒ මග පැමිණි පසමිතුරු සෙන් නිරවශේෂ කොට නස්වනු පිණිස හාත්පස සොර මං කරවා ඒ මාර්ගමයන්හි තීක්ය්ෂ වෙධිවූ ධනුර්ධ රයන් යොදවා දුගර්යන මැද සිවු මහල් පහයක් කරවා ඒ මතුයෙහි ඒ ඒ තන්හි ධනුර්ධයරයන් යොදවා ඉක්බිති පසමිතුරු සෙන් අසල පත්කරණු පිණිස දුනු හා ක්ෂවණවෙධිවූ ධනුර්ධබරයන් දෙතුන් දහසක් යවා සම්ප්රා ප්ත වූ නොවැලකිය හැකි කුරිරු පසමිතුරු සෙන් සබඟ වස්නාවූ ශරවර්ෂා යෙන් බුන් ආතාරයෙන් මිථ්යාර ප්ර යෝග දක්වා නැවතියන් පසුපස්සෙහි ලුහු බැඳ යම් තැනෙක (සතුරන්සෙන්) ලඟට පැමිනියාද (එතන්හි) යුධ ක්රී ඩායෙහි දක්ෂත වීරවූ දහස් ගණන් සමත්ථිප යෝධයෝ සන්නද්ධව වෙන් වෙන් වසයෙන් ඇතුන්සේ පසමිතුරු සෙන් ඉදිරියට ධාවයන කළාහු යමරජහු සේනාව දෘශ්ය්මානවූසේ යුද්ධය පැවැත්වූහ. එකල හාත්පස ශරවර්ෂාධද වස්නට පටන්ගත්හ. පභමතුයෙහි සිටි ඔව්හු බිම සිටියවුන් විදිනට උපක්රයම කළහ. යනත්රතමුකතවූ ඔබ මොබ පැතිර යන්නාවූ ප්ර මාණතික්රාඋන්ත පාෂාණ‍යන්ගේ විජෘමහණයද පැවැත්තේය. කඩ කඩ කොට කපා ( ගින්නෙන්) උද්දීපනය කොට (අහසින්) හරණලද උණදඩුකඩ සබඳවූ අතිශයින් නොයිවසියහැකි දාහයද පැවැත්තේය. යදිමින් බඳනාලද උද්දීප්තවූ බොහෝවූ යහුලින්ද අදිමින් ක්රෑදරවූ ක්රි යාවක් සතියක් පැවැත්වූහ. මෙසේ ඒ මහරජානන්ගේ මහපැනැති මහ ඇමතියෝ රජහු නියෝග පරිද්දෙන් යුද්ධය මනාකොට පැවැත්වූහ. එකෙනෙහි මුහුදුවෙරල වැද බිදෙන රළමාලා යෙසියි රජ සහිත පසමිතුරු සෙන් විඳින. එකල්හි අරුණෙදහමන කාලයෙහි චන්ර්ු යා හා තාරකාවන් සෙයින් මිහිපල් සහිතවූ ඒ සේනාතෙමෝ (පරාජය ප්රාාත්පව) මලාන වියා.

ඉක්බිත්තෙන් රිදීකෙත සමසක් මුළුල්ලෙහි දවසක් පාසා (කරණලද) භයානක යුධයෙහි ශත්රැ සේනාව දුවර්ලවකළහ. ඒ මාණභරණ මහීපාලතෙම බහර්ඝායග සහිතවූ දුගියක් කටඅතුට කරවන්ට


72 වෙනි පරිච්ඡේදය 145


ආරමභ කෙළේය. ඉක්බිත්තෙන් උදාරප්ර ඥා ඇත්තාවූ නි‍ලොත්පල වැනි නෙත්රා පඬිතවූ පරාක්රපමබාහු නරෙශ්වරතෙමේ ඒ ක්ර මය සකසා අසා “ඉඳින් හෙතෙම දුර්ගූයක් පිහිටුවන්ට ආරම්භකරන්නේ නම් මේ තෙමේ උපායෙකැයි” චිනතාවෙහි දක්ෂිවූයේ මෙහේ සිතුයේය. “සෙනග හීනවූයේ යන්ට නික්මුනේමයයි හගිම්, ඒ මාණභරණයා ග්ර හණය කරන්ට ඒකාන්තයෙන් මේ කල්වන්නේය. මා විසිනුදු එහි යායුතුය. යන්නහු විසින්ද යම්සේ හෙතෙම දැන නොගන්නේද එසේ යන්ට වටනේය. එපරිද්දෙන් නොවන්නේය නම් පලායන්නේය” මෙසේ නිශ්චය කොට මුවදඩයනු කැමැත්තක්හුසේ එක් ව්යායජයක් දක්වා වික්රනමපුරයෙන් නික්ම නොයෙක් දක්ෂකවූ ගන්ධ‍ර්වකයන් විසින් පෙරටු කරණලද්දේ ක්යාරනගමට පැමිණ වීණ වස්දඬු වාදනයන් හා ගීතිකාවන්හි රස දන්නේ ප්රා‍ඥවූ මහීපාතෙම ශක්රායාසේ එහිම වෙසෙමින් “වහා සෙනාසන්නධ කොට ගෙණ මාණභරණ රජහුගේ බුදුධනායක නම් (ඇමතියා) සමඟ යුද සැණකෙළි පවත්වන්ට” (කියා) රක්ඛ නම් අධිකාරීන් කරා හස්නක් යැවුයේය. මහරජානන් කීවාක් කරන්නාවූ මහනුවනැති අධීකාරිතෙම කියා යවනලද ඒ සියල්ල අසා ඉක්බිත්තෙන් පසමිතුරු පුලුද් පිඹහැරීමෙහි උත්පාන වාත සමාන යුධ දක්ෂසවූ යෙනා සරහා එකෙණෙහි යැවීය. ඒ වතු රඟිනි සේනාතොමෝ රිදීකෙතට පැමින හිරු අස්තඞ්ගත වනතෙක් දරුණු යුද පවත්වා බුද්ධානාථාදී සාමන්තයන් මරා අවශෙෂවූ සේනාව පලවා රෑ එහිම වාසය කළාය. චතුරාවිචක්ෂරණ වූ පරාක්ර මබාහු මහ රජ තෙම එපවත් අසා මිහිරණබිබිලි නම්වූ ගමට ගොස් අතිශයින් උදාර පරාක්රකමාන්විතවූ කඩක්කුඩ නම් ඇමතියාද ලඞකාපුර නම් ඇමතියාද යලිත් දණ්ඩ නායක දෙබෑයන්ද ‍කැඳවා “ඒ මාණභරණ රජතෙමේ මහබියෙන් මැඩපැවති සිත් ඇත්තේ නියමයෙන්ම අද රෑ පලා යන්නේය. තෙපි පෙරටුව උහු පලායන මාර්ගමයට ගොස් අවුරවි” කියා පිටත් කෙළේය. ගල ගල යන අනුකරණ පවත් වන්නාවූ මෙඝය නිරතුරුව වසිත්ම කෘෂණ රාත්රියයෙහි ඝනාන්ධනකාරය පවත්නාකල්හි යන්නාවූ ඔව්හු, බියෙන් පීඩිතව පලායන්නාවූ ඒ මාණාභරණ නරෙන්ර්ාන යන් කරා මාර්ගනයෙහි පැමිනෙන්ට නොපොහොසත් වූහ. ඒ මාණභරන මහීපලාතෙමේ එකල්හි මෙසේ සිතුයේය. “අද පසමිතුරු සෙන්වසන දුර්ගලයෙහි මහා සමුද්රයචලනයක් සමානවූ භයානක ශබ්දය ඇසෙන්සේය. ඒ සතුරු රජතෙමේ දුර්ගනයට සම්ප්රාකප්ත වූයේයයි හගීමි, ඉදින් බැහැර නොගොස් රාත්රි යෙහි මෙහිම උන් තෙමේ නම් (කිසිවෙකුට) වසඟවූ මම අවශ්ය‍යෙන්ම උහු යටහත් බවට යන්නෙමි, සියලු පිරිවර ජනයන් අතුරෙන් කිසිවෙකුත් නොදන්වා මෙතැනින් පහව යන්ට වටනේය”යි භයින් පීඩිතය මෙසේද සිතා ස්වකීය පුත්රනයන්ද හැර ඝනවු වර්ෂායව විසින්ම බහලාන්ධඅ U 33-16


146 මහාවංශය


කාරය පවත්නාකල්හි විටින් විට ඒ ඒ තැන මහි ආවාටයහි වැටෙන්නේ වන පඳුරුවල හැපෙමින් නැවත උත්රටසතවෙමින් බියෙන් කැළඹී සිත් ඇත්තේ මහවැලිගඟට පැමින “ඉඳින් මම ප්රයසිද්ධවූ කොටකින් පලායන්නෙම්ද පසමිතුරෝ මා ලුහුබපැද ජීවග්ර හයෙන් ගන්නාහුය” යි සිතා කිසියම් අප්රිසිද්ධ තොටකින් දුකසේ ගඟ ඉක්මවා ‍එකෙණෙහි ලද අසවස් ඇත්තේ රටවැසි ජනයා කෙරහිද අතිශයින් සැක ඇතිවූයේ මහත් භය ඇත්තේ අප්ර්සිද්ධ වේසයෙන් ගමින් ගමට පැමිනෙමින් පලාගොස් ගතියෙන් වජ්ජීවවූයේ සියරට වන්නේය. ඒ ඒ තන්හි සිටියාවූ පරාක්රිම මහරජානන් යොධයෝ මාණභරණ රජහු පාලාගිය බැව් දැන සතුටුව වස්ත්රය හිස සිසෑරුම් දහස් ගණන් පවත්වමින්, හාත්පස විලක්කු ලක්ෂුයන් දල්වා යොධයන් නොයෙක් දහස් ගණන් ජිවිතක්ෂියට පමුනුවමින් අත්පොළසන් දිදී නාද කෙරෙමින් හාත්පසින් පනිමින් පැතිරෙමින් ඒ සියල්ලෝ එක පැහැර මාණභරණ රජහු විසූ මහාදුර්ග යට හාත්පසින් ප්රසවිෂ්ටව එහි නැවතී උන් සිරිවල්ලභ නම් කුමාරයා හා අනිකුදු මහාමාත්ය්යයන් ජීවග්රඑහයෙන් ගෙණ සතුරු රජහුගේ ඒ ඒ තැන විසුළ බොහෝවූ ධනයද ඇතුන් අසුන් හා සන්තාහයන්ද බොහෝවූ ආයුධයන්ද ගෙණ ඔවුන්ට යෙදියයුතු ආරක්ෂාසද යොදා ඒ සියල්ලෝම මාණභරණ රජහු ලුහුබඳමින් ඒ ක්ෂයණයෙහි මහවැලිගඟ වෙත පැමින එහිදු පරි‍ච්ඡේද රහිතවූ වෛරී සේනාව නසා සියල් සතුරුසෙන් මස්ලේ ගඟක්කොට” මුහුද දක්වා ගොස් මාණභරණ භූමි පාලයන් ඇතිව නික්මුනෝය. අතික්රහමණය කළ නොහැකි හසුන් ඇති පිවරබාහු ඇති පරාක්ර මබාහු නරෙශ්වරතෙමේ “ ගග පරතෙර නොයා යුතුය” කියා හස්නක් යවා ඔවුන් නැවැත්විය. ඉක්බිත්තෙන් (පසමිතුරු) රජුන් දිනූ පරාක්රිමබාහු නරෙන්ර්වූ තෙම පලන් සර්විබරණ ඇත්තේ සෙනඟ පිරිවරණලද්දේ සිරිවල්ලභ නම් කුමාරයා විසින් පෙරටුකරණ ලද්දේ අසුර යුද්ධයෙහි ජයප්රාිප්ත වූ ශක්රාදෙවෙන්ර්තවූයා සුරමන්දිරරයට සෙයින් මහජය ඝෙෂණයෙන් ඒ ඒ දිගුන් පුරවමින් පුලතිසිපුර නම් රම්යරවූ පුරයට ප්රජවිෂ්ට වූයේය. ඉක්බිති ඒ මාභාභරණ රජතෙම පරාක්ර්මබාහු මහරජානන් කෙරෙහි බියෙන් හටගත්තාවූ රෝගයකින් ආයු පිරිහීමට පැමි‍ණියේ ඉස අත්බැඳ අඬන්නාවූ අන්තඃපුර වැසි ජනයා මැද දුක්පත්ව වරණ අවසන් කොට ඇති ශයනයෙහි හොත්තේ. පසුව කීර්තවතිශ්රීො මෙඝ නම් කුමාරයා හා අනිකුදු මහාමාත්ය යන් කැඳවා මේ වචනය කීයේය. “ශ්රී් දංෂට්රා ධාතු ස්වාමින්වහන්සේටද උතතම පාත්ර ධාතුන් වහන්සේටද ශ්ර“ද්ධා ඇත්තාවූ කුලපුත්රායන් විසින් පුදනලද බොහෝවූ ධනයද අනිකුදු භික්ෂුට සඞකයා සන්තකවූ නානාවිධ ග්රාරමයෝද රාජ්යප ලොභයෙන් අභිභූතවූ මා විසින් ගන්නාලද්දාහු නසස ලද්දාහුද


72 වෙනි පරිච්ඡේදය 147


වෙති, දැන් මම නැගී නොසිටිනා සෙය්යා වෙන් ශයනය කළේවෙමි; මළාවූද මට ඒකන්තයෙන්ම අපායෙන් මිදීම කොයින්ද? මා මෙන් තෝ නොනැසී පරාක්ර්මබාහු මහරජානන් කරා එලඹ උහුගේ බස් පිළිපදනේ උහු විසින් කියනලද ක්රනමයට අනුකූලව වාසයකරව”යි මෙසේද කියා අත්යිත්විකයෙන් බැගෑපත්සේ හඬමින් පරාක්රුමබාහු මහ රජානන්ගේ සමත්ථි ‍යෝධයන්ට විසයනුවූ ප්‍මිෙදශයකට යනු කැමැත්තේ සෙයින් යමපුර දුර්ගවයට ගියේය. රජනය කරණලද අනනත සජජානයන් ඇත්තාවූ පරාක්රකමබාහු මහරජතෙ‍ම මාණභරණ භුපාලයා මළබැව් අසා කීතිතී ශ්රී්මෙඝ කුමාරයා එතැනින් ගෙන්වූයේය. එකල්හි ඒ මහාමාත්ය්යෝ රැස්ව බදනලද ඇදිලි ඇතිව මෞලි මඞ්ගලය කරණ පිණිස මහා ප්රහඥාඇති නරෙන්ද්ර යන්ට යාචඤා කළේය. මහීපතිතෙමේ ප්රාශසතවු නක්ෂනත්ර‍යෙන් හා මුහුර්ත.යෙකින් ශත්රැව (භය) රහිතවූයේ ප්රගශස්තවූ මෞලිමඞගලය පැවැත්වූයේය. එකල්හි නානාප්රසකාර වූ භෙරීන්ගේ මහා ශබ්දයතෙම කල්පන්ත වාතයෙන් කැළඹී සාගරයාගේ හඬ සෙයින් භයානකවිය. ස්වර්ණකමය සන්නාහ සන්නද්ධවූ ඇතුන් කරණකොටගෙණ රාජවිථිතොමෝ විදුලි සහිතවූ මෙඝකූටය බට සේ විය. අශ්වයන්ගේ නෘත්යියෙන් හටගත් රළ ඇත‍ිවූයේ ඒ නුවර මුළුල්ල එකල්හි සාගරයේ ගැවසුනේය. විසිතුරු ජක්රතමාලාවෙන් හා රන්දද පෙ‍ළින් අහස්කුස හාත්පසින් වසනලද්දාසේවිය. පිළිහිස සිසෑරුම් පැවැත්තාහ. අසුරුසන්ද පැවැත්තාහ. එකල නුවරවැස්සෝ (බෝකල්) ජීවත්වෙව ජීවත්වෙවයි ආශිර්වාද පැවැත්වූහ. කෙහෙල්තොරණින් ගැවසුනාවූ පුන්කලස් මාල්වෙන් ගහණයවූ සියලු පොළෝ මඩුල්ල නොයෙක් උත්සමයෙන් යුක්තවිය. අනෙක ශතසඞඛ්යා ත වූ ස්තුතිපාඨකයන් විසින් කියනලද්දාවූ ස්තුති ගීතයද පැවැත්තේය. කළුවැල් දුමින් ආකාශාගනය ගැවසුනේය. හඳනා ලද විසිතුරු වත් ඇති නානා විධාභරණයෙන් විභූසිතවූ නානායුද ගත් අත් ඇති ආයුධ ශිල්ප පරිචය කළාවූ පරිපූර්ණාණගප්රූත්යගඟ ඇති අත්යලන්තවීරාඞගයෙන් ශොභා මත් රෑපශ්රී ඇත්තාවූ මහායෝධභටයෝද (මද) බුන් ඇතුන් සෙයින් ඔබමොබ විරෘමහණය කළහ. දුනුගත් අත් ඇති බොහෝ ධනුර්ධරයන් දහසුන් කරණකොටගෙණ පොළෝතලය දෙව්සෙනග පැමිනියා සේ විය. රන් මිණි මුතු ආදියෙන් යුක්තවු විමන් සියෙන් ගහණවූ පුරය තාරකාවන් ගැවසුනාවූ අහස මෙන් වැටහුනේය. මහානුභාව ඇත්තාවූ නීලොත්පල මෙන් දිගු ඇස් ඇත්තාවූ ඒ නරෙන්ර්ව තෙමෙ මෙසේ ආශචය්යා ඇ දභූත පරම්පරාවක් පවත්වමින් ස්වර්ණාවභරණයෙන් වසනලද්දාවූ හස්තින් දෙදෙනෙක් යෙදෙනලද ස්වර්ණරමය මන්ඩපයට නැගී නානා ප්ර කාරාභරණයෙන් සැරසුනේ මාණික්යදරශ්මියෙන් සමුජ්ජවල්තවූ ඔටුන්න සිරසින් දරමින් උදාවන හිරුමඩල දරන්නාවූ උදයපවර්ත්ය සෙයින් ස්වකීයවූ කාන්තිශක්ති


148 මහාවංශය


යෙන් අනගයා මඩනේ පුරස්ත්රී න්ගේ සතුටු කදුළු ජලයෙහි නෙත්රර (යුග්ම) ගල්වමින් නුවර පැදකුණුකේට ශුභලක්ෂරණයෙන් හෙබියාවූ ශක්රතයාසේ මනොඥවූ රාජමන්දිැරයට ප්රකවිෂ්ටවූයේය. මෙසේ ඒ ප්රමවරාඥාවර්තපති මඡ්ය්ම ‍ලොකපාලවූ ප‍රාක්රුමබාහු නරෙශ්වර තෙමේ සියලු දිසාවන් හා අනුදිසාවන්ද පූජාවෙන් නිපන්සේ කොට (ප්රයථමාභිෂේකය කළ වර්ෂියෙනි) දෙවෙනි වර්ෂූයෙහි විතීයාභිෂේකය කෙළේයි. මෙතෙකින් හුදීජනයා ප්රිසාද සංවේග පිණිස කළ මහවස අභි සෙක මගල නිදෙදස නම්වූ දෙසැත්තෑවෙනි අදියර නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=ම_හා_වං_ශ_ය_-_vii&oldid=5651" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි