රජසිහ හටන-ප්‍රස්තාවනාව

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ර ජ සි හ හ ට න


රජසිහ හටන-ප්‍රස්තාවනාව



හටන් කව් යන නමින් හැඳින්වෙන පද්ය1 කාව්යන ගණයක් අපේ සාහිත්ය් වංශය පොහොසත් කරයි. මේ පද්යණ කාව්යී, මෙතෙක් මුද්ර්ණචාරයෙන් ප්රිකාශයට නොපැමිණි හෙවත් අමුද්රි ත කාව්ය්ය, මුද්ර ණචාරයෙන් ප්රදකාශයට පැමිණී හෙවත් මුද්රිරත කාව්යෙයයි දෙගණයකට බෙදෙයි. අමුද්රිරත කාව්යණ පිළිබඳ නිධාන දෙකෙකි. ඉන් පළමු වැන්න නම් පැරණි පොත් ගුල්වල හා අතන මෙතන මුළුහැරවල තවමත් ඉතිරි ව පවත්නා පුස් කොළ පොත්ය. දෙවැන්න නම් හියු නෙවිල් විසින් ලියන ලද සිංහල කවි පිළිබඳ විවරණයයි.


හිවු නෙවිල් ලංකාවේ සිවිල් සේවකයින් අතර විශේෂයෙන් කැපී පෙනු‍ණු පුද්ගලයෙකි. 1848 ජුනි මස 19 වැනි දින උපන් හෙතෙම සතළොස් වියෙහි සිටියදී ශ්රෙලෂ්ඨාධිකරණ නායකතුමන්ගේ පුද්ගලික ලේකම් ලෙස අප රටට පැමිණියේය. 1869 සැප්තැම්බර් මස 1 වැනි දින සිවිල් සේවයට බැඳී වැඩ බලන පොලිස් ‍මහේස්ත්රාාත්, වැඩ බලන දිස්ත්රි ක නඩුකාර, උප ඒජන්ත වැනි උසස් තනතුරු දරා 1886 දී අස් විය. ඔහුගේ රුචිය හා ඇල්ම යොමු ව පැවැත්තේ ප්රා,ණී විද්යා ව හා මානව විද්යා ව කෙරෙහිය. ඔහු විසින් මේ විෂයයන් සම්බන්ධයෙන් ලියන ලද ලිපි රාජකීය ආසියාතික සමාගමේ බෙංගාල හා ලංකා ශාඛාවන්හි සඟරාවල ද ඔහුගේ වියදමින් ප්රකසිඬ කරන ලද තප්රොහබේනියන් සඟරාවේ ද පළ විය. එහෙත් ඔහු ලංකාවාසීන් විසින් ස්මරණය කරනු ලබන්නේ ඔහුගේ සිංහල පෞරාණික වස්තු සමුච්චය හා පුස් කොළ පොත් සමුච්චය සම්බන්ධයෙනි.

හියු නෙවිල් තම කාලයෙන් වැඩි කොටසක් ගත කෙළේ මේ පොත් පිළිබඳ විවරණයක් සැපයීමටය. සිංහල පඬිවරයකුගේ ද සහාය ලබා ගත් ඔහු එක් එක් පොතේ විෂය ක්ෂෙත්රයය, කාලය, කර්තෘබ, ප්රිමාණය, භාෂා විලාසය, රචන ශෛලිය, මානව විද්යා්ත්මක වැදගත්කම් ආදි කරුණු මුල් කොට විවරණ සැපයිය. මෙයින් ඔහුගේ බුඬි ප්රතභාව මෙන් ම සිංහල භාෂාව, සභ්යපත්වඑ, සංස්කෘතිය, ආගම ධර්මාය, ඉතිහාසය, පුරාණය ආදියෙහි පැතිර පැවැති විශාරදත්වයය ද හෙළි වෙයි. ඔහු විසින් විවිධ පද්යස ග්රභන්ථ 911 ක් පිළිබඳ විවරණ සපයන ලදි. ඔහු වෙත මේ එක් එක් ග්රින්ථයෙන් පිටපත් තුන, හතර බැගින් තිබුණු හෙයින් ඔහු වෙත යටත් පිරිසෙයින් පුස් කොළ පද්යන ග්රතන්ථ පමණක් තුන්, හාර දහසක් තිබිණැයි නිගමනය කළ හැකිය. ගද්යය ග්රනන්ථ සංඛ්යාිව ද මීට ආසන්න යයි සිතිය හැකිය.

අමුද්රිළත හටන් කව් සම්බන්ධයෙන් අප මෙහි වැඩි වශයෙන් ඉදිරිපත් කරන්නේ ඔහුගේ විවරණයන්හි සිංහල අනුවාද හෝ අනුවර්තනයි. තරු ලකුණු ඒ බව දක්වයි.

අමුද්රිත හටන් කව්.[සංස්කරණය]

ඇටිකකුල් හටනේ:[සංස්කරණය]

මොනරකුගේ නෘත්යු විලාසය කෙරෙහි බැඳුණු සිත් ඇති ඇටි කුකුළකු තම බිරිඳගේ ප්රමශංසාව පතා ඌ මෙන් නැටීමට උත්සාහ කළ සැටි මෙය පවසයි. බිරිඳ ඌට සරදම් කෙළෙන් දෙදෙනා අතර කලහයක් හැට ගැනුණි. අන්තයේ දී ඌ සිය බිරිඳ ඔවුන් සිටි ගසින් පලවා හැරියේය. මෙය උපමා කථාවක් ලෙස පෙනෙන නමුත් සදාචාර ගුණ ධර්මිය කෙ‍ළින් නො පැවසෙයි. සියවස් තුන හතරක් පැරණි යයි සිතිය හැකි මෙහි කව් දෙතිසෙකි. කව් තරමක් යහපති. 

නිදසුන:

කොතෙක් කිවත් විස්සහ නැත නුඹ ම ට

ක තෙ ක් පළමු කල් බැන්දේ කොකෙකු ට

එ තෙ ක් දවස් විස්සහ නැති ලියහ ට

ස තෙ ක් සතෙකුහට නැත විස්සහව ට


කණවැන්දුම් හටනේ :[සංස්කරණය]

මෙය එතරම් පැරණි නොවන විහිළු ගීතයක් නැතහොත් කවක් නමුදු ජනප්රි_ය කාව්යත කරණය පිළිබඳ විශිෂ්ට නිදර්ශතනයකි. එක්තරා ධනවත් පවුලකට පුතුන් නූපන් අතර එහි විනාශය පිණිස දියණියක් පමණක් ලැබුණි. ඇය අතිදුෂ්ට චරිතයකින් යුත් තැනැත්තියක ලෙස වර්ණිතයි. ඇයගේ පෙම්වත්තු ඇය කෙරෙහි බෙහෙවින් කළකිරුණෝය. ඇය සොළොස් හැවිරිදි වියෙහි සිටියදී දෙමාපියන් මළ අතර තම සැමියා විසින් දික්කසාද කරන ලද්දීය. ඉන් පසු ඇය එකකුගෙන් පසු අනෙකා වශයෙන් සැමියන් සදෙනකු සමඟ දීග කෑමට තැත් කළ හෙයින් “හත් කණවැන්දුමිය” යන නම ඇයට පට බැඳුණි. ඇයගේ අසල්වැසියා විවාහ වූ විට ඇය ඔහුගේ තරුණ බිරිඳ රවටා ඇය නොමඟ යවා විවාහය කඩා කප්පල් කළාය. ගෘහිණියට උදව් කරන බව පෙන්වා කැවුම් සොරකම් කිරීමට පුරුදු ව සිටි ඇයට “කැවුම් හෙර” යන නම ද පට බැඳුණි. මෙය යම්කිසි ගැමි ගැහැනියක් පිළිබඳ උපහාස කාව්යැයක් විය හැකිය.


එහෙත් නූතන පරම්පරාවට වඩා පැරණිය. ඇයගේ පෞද්ගලික ලක්ෂණ ඇයගේ ගති ගුණ ඇති එනම් දුෂ්ට, අධම, ලෝභී, උල්පන්දම්කාර, ස්ත්රී සංහතිය සඳහා යෙදේ.

නිදසුන:

තක තරිකිට කණවැන්දුම් ළඳුනි අසනව ට

හරි හැටියට දීග යන්ට දැන් ඇති සිත ය ට

කිට තරිකිට මේ කවි කියමින් ඉඳ පිළ පි ට

සිත පිරියට මෙකවි අසව් දැනමිති වෙන්න ට


කප්පිරි හටනේ :[සංස්කරණය]

කාපිරියන් සඳහා යෙදුණු කප්පිරි යන නම නොනැසියදී රකින හෙයින් මෙය සිත් ගනියි. වඩා නූතන කාබේරි යනු ද මෙහි යෙදෙයි. සෙංකඩගල හෙවත් මහනුවර ද එහි රාජ සභාව ද වර්ණානා කරන මේ කව, පුළුස්සන ලද තුඹසක් වැනි හිස කෙස් ද ඉදිමුණු ගඩු වැනි නෙත් ද ගඩුවක් පිපිරීමෙන් හටගත් වණයක් වැනි මුඛ ද දරුණු දුගඳ වහනය වන ප්රනශ්වාස වාතය ද කෙළ හැලෙන දිව් ද ඇති කප්පිරියන් ලංකාවට පැමිණි බව කියයි. වරෙක ඔවුහු කිරි බොමින් සිටි ළදරුවකු මවගෙන් පැහැර ගෙන කා දැම්මෝය. මොවුනට ජීවත් වීමට ඉඩ දීම ගැන සියලු ම දෙවිවරුන්ට දෝෂාරෝපණය කෙරෙයි. මොවුහු අටු ගිනි තබති: ගෙවල් බිඳ පැහැර ගනිති: හිරකාරයින්ගේ හිස කෙස් කපා උල තබති. දිනෙක සිංහල සෙබළකු තාමර වැවේ දී කප්පිරියකුට වෙඩි තැබූ විට ඔහු මී හරකකු මෙන් වැටුණි.


මෙහි දී තුවාල ලැබූ එකෙක් ගන්තලාවට පැන ගොස් එහි දී මළේය. වරක් සිංහල සෙබළුන් කීප දෙනෙක් ගල් ලෙනෙක දු කෙළියෙහි නිරත ව සිටි කප්පිරි කණ්ඩායමකට හදිසියෙන් පහර දී වෙඩි තැබූහ: එකෙක් මරන ලදි. මොවුහු අස්වැන්න පැහැර ගනිති: ගම්වලට වැදී සොරකම් කරති: ලිප් මත ඉදෙන කෑම පවා පැහැර ගනිති. ඔබ මොබ ඉබාගාතේ යන මොවුන් කීප දෙනකුට මඟ රැක සිට වෙඩි තබන ලදි: ඔවුන්ගේ හිස් කපන ලදි. මෙයින් කියැවෙන්නේ ඉංග්රී සීන් ගත වූ සිය වස අවසානයේ දී හා මේ සිය වසේ මුල් භාගයේ දී (18 වැනි හා 19 වැනි සිය වස් ) ලංකාව අත්පත් කර ගත් විට සේවයෙහි යොදවනු ලැබූ කාපිරි බළ ඇණි විසින් කැරුණු බලවත් ආලාපාළු බව පැහැදිලිය.මේ ග්රයන්ථය රචනා කරන ලද්දේ නුවර කලාවිය දිස්ත්රිආක්කයේ දී බව පෙනේ. මා පැරණි පිටපතක් ලබා ගත්තේ ද ඒ දිසාවෙනි, තඹර වැව එහි ඒ කාලයේ විසූ බලවත් රදළවරයකුගේ වාස භූමියයි. කාපිරියන් පිළිබඳ මෙබඳු බිහිසුණු හැඟීමක් ත්රිිකුණාමලය දිස්ත්රිූක්කයේ ද පවතී. හවුරුදු 40 ක් පමණ පැරණි මගේ පිටපත් පද්යර 65 කින් යුක්තය.

නිදසුන :

මයියමකට යක් සෙන් පිරිවර ලා කයියට දිලි රන් සළඹ වඩා ලා සයියෙන් කප්පිලියන් එනු දැක ලා අයියන දෙවියොත් ඇරපුව නොබ ලා


කාබේරි හ‍ටනේ සින්දු  :[සංස්කරණය]

නම් වශයෙන් සඳහන් නොකැරුණු රජකු පිළිබඳ ප්රේශස්තියෙන් ඇරැඹෙන මේ කව ලන්සි මිනිසුන් විනාශ කිරීම පිණිස නබා කුමරුගේ සහාය ඇති ව පරංගින් විසින් ගෙන්වන ලද කාබේරීහු රටට පහර දී අවමන් කරති, යි කියයි. මේ කාබේරීහු ත්රිටකුණාමලයේ ගල් කොටුව අල්ලා ගත්හ. බල සම්පන්න ඉංග්රී සීහු ලන්දේසීන් පරාජය කළෝය. මෙයින් පසු නබා කුමාරයා මහ නුවරට ගොස් රජු බැහැ දැකීමට අවසර පතා සිටියේය. ඔවුන් රටෙන් කොටසක් ඉල්ලා සිටි නමුත් රජතුමා ලන්දේසීන් නවත්වා ගැනීමට කැමති විය. ඔවුහු රට හැර යාම ප්ර තික්ෂේප කොට දිවයිනේ තොටමුණු අල්ලා ගත්තෝය. ඔවුන් වෙත ශාස්ත්රප, නිවිති හෙවත් විද්යාු හා ජ්යෝතිශ්ශාස්ත්රඅය පිළිබඳ පොත් තිබුණේය. මේ වූකලි මදුරාසියෙන් පැමිණි හේවායින් පිළිබඳ සටහනක් විය හැකිය. ඔවුහු මිනිසුන්ට පහර දී ස්ත්රීවන් පැහැර ගෙන ගියෝය. නබා යනු නාබොබ් යන්නේ විකෘතියක් විය හැකිය: එසේ ම ඉංග්රී්සි අණදෙන නිළධාරි තැන භාවිත කළ පදවි නාමය විය හැකිය. කාබේරින් ලංකාවට ආයේ ඔහු සමඟය. මෙහි සඳහන් කෙරෙන්නේ බොයිඩ් මහතාගේ හෝ පයිබස් මහතාගේ තානාපති ගමන විය යුතුය. ඉංග්රීිසීහු පරංගින් හා එක් ව කටයුතු කළාහු යයි සිංහලයින් සිතීම සිත් ගනියි. ඇතැම් විට ඉංග්රීරසි ආක්රාමණිකයෝ පෘතුගීසි පක්ෂය ගත්තවුන්ගේ උදව් උපකාර අපේක්ෂා කොට මෙබඳු කූටෝපායයක පිහිට සොයන්ට ඇත.

කාපිරියන්ට ලොකු හිස්, රතු ඇස, සුදු දත් හා කෙළතොලු මුඛ ඇතැයි වර්ණරනා කෙරෙයි. රජුට මේ තොරතුරු දන්වන ලද්දේ පතරවැවේ මැති විසිනි. ආක්ර මණිකයින්ට මුහුණ දීම පිණිස මගුලාගම මැති යවන ලදි. ඔහු ජයග්රංහණය කෙළෙන් රජු විසින් තෑගි බෝග දීමෙන් සංග්රමහ කරන ලදි.

මේ ගීතය ඉංග්රීමසීන් විසින් ලන්දේසීන්ගෙන් ත්රිරකුණාමලය අල්ලා ගන්නා ලද අවධිය පමණේදී රචිත බව පැහැදිලිය. බොයිඩ් මහතාගේ දූත ගමන ක්රිම.ව. 1782 දී සිදු වූ අතර ඕලන්දයින් සතුව පැවැති පෙදෙස් සහමුලින් අත්පත් කර ගන්නා ලද්දේ 1795 දීය. ගීතය කොටස් හයකට බෙදා තිබේ.

නිදසුන :

 මන්ත්රිද මුදලි මැති නිරිඳුට වෙන්ඩ බැහැ 		දැකලා 

නුවණින් විමසාලා

 ලන්සි මිසක් වෙන හේවායකු නැති 		සරිලා 

දැක්වූ මට සිටලා

 උන්හට යන ලෙස පඩි පුර පදවල් 			දීලා 

සිත් සමාදි කරලා

                                ___________________

ගජබා හටන¤ :[සංස්කරණය]

ඇතැමුන් විසින් ගජබා හටන යයි දැක්වෙන්නේ හියු නෙවිල් විසින් සම්පාදිත පද්ය: ග්රනන්ථාවලියේ සඳහන් ගජබා රජ පුවත, ගජබා පුවත, ගජබා නිරිඳුගෙ පරසිදු යන පොත් තුනෙන් එකක් යයි සිතිය හැකිය.

ගජබා රජ පුවත: අඛයකෝන් මුදලි විසින් වීරචිත මෙහි කව් 85 කි. නීල යෝධයා සමඟ සොළී රටට ගිය ගජබාහු රජු සොළී රජු භය කොට මෙරටින් ගෙන යන ලද හිරකරුවන් ද සොළී හිරකාර පිරිසක් ද බුදුන්ගේ පාත්රර ධාතුව ද පත්තිනි රන් සළඹ ද රැගෙන මාවතු තොටට ගොඩ බට පුවත මෙහි කථා ශරීරයයි. මෙහි කර්තෘ්වර අබයකෝන් මුදලි, ගොවේ මහ රජුට උදව් කළ කෙනෙක්ල.

ගජබා පුවත : සොළී රජු විසින් කාවේරි ග‍ඟේ අමුණක් බැඳවීම සඳහා අල්ලා ගෙන යන ලද සිංහලයින් ආපසු ගෙන ඒම පිළිබඳ කථාව මෙහි ඇතුළති. කව් 82 න් යුත් මෙය වීදාගම මහ තෙරුන් විසින් රචනා කරන ලදැයි සඳහන් කවක් ඇතත් මෙහි කර්තෘන විල්ගම්මුල තෙරුන් බව සඳහන් දීඝ ප්රලසතාවනාවක් සහිත පොතක් හමු විණැයි හියු නෙවිල් කියයි.

ගජබා නිරිඳුගෙ පරසිදු : ගජබා පුවතේ කථාව අළලා රචිත මේ ග්රරන්ථය විල්ගම්මුල තෙරුවන්ගේ කෘතියකැ යි හියු නෙවිල් කියයි. එක ම වෙනස ජයග්රායහී පිරිස කැලණි තොටට ගොඩ බැසීමයි. නීල යෝධයාට රිදීගම පමුණු ගම් කොට දෙන ලදි. කව් 72 කි. ___________________


ගම හටනෙ¤  :[සංස්කරණය]

මෙය ගැමි ඕපාදුපයක් දේශපාලන සිඬියක් සේ විස්තර කරන හාස්යනජනක කවි කතාවෙකි. පිටිසර ගමෙක මෝඩ ගමයකුට කපටි බිරිඳක් වූවාය. එක් රැයෙක ගමයා ඈත කුඹුරකට ගොස් සිටියදී ඇය පණිවුඩයක් යවා සිය පෙම්වතා වූ කන්දඋඩ ගමරාළගේ පුත්රතයා ගෙන්වා ගත්තාය. ඔවුහු ප්රේසම සමාගමයෙන් රාත්රිූය ගත කළහ. ඔවුන්ගේ කතාබහ තරමක් විස්තර සහිත ව දැක්වේ. පසු දින උදය ගම මහගේ සිය පෙම්වුතා නුවුවමනා තරම් දිගු කලක් නවත්වා ගෙන ඔහු සඳහා අතිප්රනණීත කැවුම් විශේෂයක් පිළියෙල කළාය. මේ අවස්ථාවෙහි අමුපොඬියා නම් දුගී අසල්වැසියෙක් කුරහන් ටිකක් ණයට ගැනීමට පැමිණියේය. ඔහු මේ සඳහා රැඳී සිටින විට ගෙහිමි මෝඩ ගමයා පෙරළා ආයෙන් පෙම්වතා ගෙයි අටුවට තල්ලු කරන ලදි. බිරිඳ කිසිවක් නොදන්නා පරිදි කැවුම් පිසුවාය. ස්වාමීයා ඇයගේ අධිකතර වියදම්කාරකම ගැන ඇයට තරවටු කළ නමුත් ඇය අදහස් කෙළේ ඔහු අනපේක්ෂිත ප්රීගතියකට පත් කිරීම යයි කීමෙන් ඔහු නිහඬ විය. මෙ අතර ඇය කැවුම් පිසින්නී එයින් සමහරක් අසල තිබුණු හිස් වංගෙඩියකට ලෑවාය. මෙසේ ඇය කැවුම් කොටසක් සිය පෙම්වතාට ඉතිරි කිරීමට අදහස් කළාය: එසේ ම එය කිසිවකු නොදකිතැයි සිතුවාය. කැවුම් පිසීමෙන් පසු ඇය ඉන් පහක් සැමීයාට ද දෙකක් තම වැඩකාරියට ද තවත් දෙකක් අමුත්තාට ද දුන්නාය. කපටි අමුත්තා තම දත් දුබල යයි ගමයාට පවසා ඒවා කෑමට පෙර වංගෙඩියේ ලා කොටා ගැනීමට අවසර ඉල්ලා සිටියේය. මෙසේ ඔහු තම කැවුම් කොටස මෙන් ම පෙම්වතා වෙනුවෙන් ඉතිරි කර තැබූ කොටස ද අනුභව කරන්ට පටන් ගත්තේය. කැවුම් කොටස වැඩි වූ බව දුටු ගමයා තමන් ලත් කැවුම් දෙකක් වනේ ලා කෙටූ නමුත් නිෂ්ඵල විය. එය තම අවාසනාවය යනු ඔහුගේ නිගමනය විය. කුරහන් ලබා ගත් අමුත්තා එය බැඳ ගෙන යාමට සැරසෙමින් ගෙයින් පිටත යනු වෙනුවට ගේ තුළට ගියේය. ගෙහිමියා කෝපයෙන් තරවටු කෙළේය.


අමුපොඩියා නිවට ලෙස පිළිතුරු දෙමින්, “අනෙක් තැනැත්තා මේ පාරේ ගියේ ඇයි? මම එය පාර යයි සිතිමි” යි පැවසීය. මේ නිසා ගෙය සොයා බලන ලදි. මේ දෙදෙන සොර සැමියා අල්ලා ගෙන ඔහු ද ගම මහගේ ද රජු ඉදිරියට ගෙන ගියෝ ය. රජ කරුණු විමසා දෙදෙනාට ම දඟ ගෙය හිමි කෙළේය.

මේ කවි කතාව සිය වස් දෙකක් පමණ පැරණි බව පෙනේ. මගේ පිටපතේ පැදි 143 කි. එය අවුරුදු 60-80 ක් පමණ පැරණිය.

නිදසුන :

ගිය මෙතනින් මිනිහෙ ක් මම දුටුවෙමි සැරය ක් ඇයි ‍නැත්නම් පාර ක් බොරු නො කියමි මඳකු ත්

මෙහි අදහස නම්, “මම මේ පැත්තෙන් මිනිසකු යනු දුටිමි. එහි පාරක් නැතහොත් ඔහු ගියේ කොහාට ද?” යනුයි. අවසර නැති ව ඇතුළු වූ තැනැත්තා තව මත් ගේ තුළ සිටින බව මෙයින් වක් ලෙස හඟවයි. _________________


ගුරු හටනේ¤  :[සංස්කරණය]

(සොකරි නැටීම, ගුරු උපත): මෙය මෙහි සඳහන් චරිත රඟන නැටුමක් හා එක් ව යන හාස්යෝ(ත්පාදක නාට්යු විශේෂයකි. කථාව මෙසේය: ගුරුවෝ පරයින් හා කාසි රට තානායමෙක විසුහ. රජ ඔවුන් ගෙන්වා ඔහු අභිමුඛයෙහි ඔවුන්ගේ පූජා විධි පවත්වන ලෙස නියම කෙළේය. අන්තිමේ දී ගුරුවෝ සිව් දෙන කාසි රට අත් හැර බොහෝ රටවල් හා මුහුද පසු කොට ලංකාවේ පුත්තලමට ගොඩ බැස එතැනින් කොළඹ කොටුවට ගියෝය. මෙයින් එකෙක් තඹරාවිට වෙද රාළ වෙත යයි. ඔහු ගෙයක් තැනීමට අවශ්යය දැව දඬු ගුරුවාට දෙයි. මේ සියල්ල දැව දඬු වශයෙන් නුසුදුසු මෘදු ඕජස් බහුල පැපොල්, කෙසෙල් වැනි දෑය. වෙද රාළ සමඟ කළ දීර්ඝද විවාදයකින් පසු ගුරුවා, ගුරුන්නාන්සේ හෙවත් පණ්ඩිතයා කරා යයි. එහි දී ගුරුන්නාන්සේගේ දියණියන් වන සොකරී ඔහුට සරණ කර දෙනු ලැබෙයි. ඊ ළඟට ඇයගේ රූප සෞන්දර්යය උත්කෂීයෙන් වර්ණිතයි. මෙය සුඛාන්ත නාට්ය යක් ලෙස අදහස් කැරිණි. ඒ ඒ චරිත ය‍ථායෝග්යෙ වෙස් ගෙන ගයති: රඟති; මෙසේ මෙය පුරාණතම, නොදියුණු නාට්යත ස්වරූපය දක්වන හෙයින් විද්යා්ත්මක පර්යේෂකයන්ගේ සිත් ගනියි. මෙය සොකරි නැටීම නම කවට වෙනස්ය.ගුරු හටනේ ද සොකරි නැටිම යන නමින් හැඳින්වෙන පොත් දෙක ද යන පොත් තුන ම මේ විෂය ගැන ම රචිත, 1891 දී මුද්රිවත සුඛාන්ත නාට්යතයට වෙනස්ය. මගේ පිටපතේ කවි 49 කි. මේ පොත් සියල්ල ම සිය වසක් පමණ පැරණි බව පෙනේ.


නිදසුන:

ය න් ට මාරු ඇත බලා සිටි න්නේ නැ ව් හම්බන් එනකන්වද ඉ න්නේ ය න් ට නැවක් අපි සොයා බල න්නේ දෙන්ට මුදල් නැත අතේ බොල න්නේ


______________

දළදා හටනේ ¤:[සංස්කරණය]

ශක වර්ෂේ 1615 (ක්රිවස්තු වර්ෂය 1693) දී රචනා කරන ලද මෙය තරමක් විශාල කවෙකි.මෙහි විෂය ‍ෙක්ෂ ත්ර ය දළදා සිරිතේ විෂය ‍ෙක්ෂෂත්රසය වෙනස් වන්නේ මඳ වශයෙනි. දළදාව ඛෙම තෙරුන් විසින් කළිඟු රටට ගෙන යන ලදැයි මේ කව කියන නමුත් එය ලබා ගන්නා ලද්දේ කෙසේදැයි නො කියයි. පෘතුගීසීන්ගේ පැමිණීම හිම් කොට දළදා කථාව කියා ජන සම්මත පුරාවෘත්තයක් ඉදිරිපත් කෙරෙයි. ගෙරි සමක් එළන පමණ බිමක් ලබා ගත් පරංගින් දවල් දවසේ කොළ අඹ රුකක් යට හිඳ ගෙරි සමක් මත තබා බඩු විකුණූ සැටි මේ පුරාවෘත්තය කියයි. මේ ගස නිපදවන ලද්දේ කොළඹ යන නමට කාල්පනික නිරුක්තියක් දීම සඳහාය. කොළඹ යන්නේ නියම අරුත කලපුව යනුයි. පෘතුගීසිහු රාත්රි කාලයේ ගෙරි සම සිහින් තීරුවලට කපා එයින් බිම් පෙදෙසක් වට කොට ගෙන එහි පළමු වැනි කොළඹ කොටුව ඉදි කළහ යි කියනු ලැබේ. මේ පුරා වෘත්තය අනු ව පෘතුගීසීන් කුටිල උපාය ඥානය ක්රිුයාත්මක කළ බව පෙනේ.

තවත් පුරාවෘත්තයක් ඉදිරිපත් කෙරෙයි. එනම් සිනාකෝරළේ හිරිපිටියේ දියවඩන නිළමේ දුටු සිහිනයයි. “දත මැදගන්” යනු ඔහුට පෙනුණි: නැතහොත් ඇසුණි. “දත ශුඬ කරන්න” හෝ “දත මැද පෙදෙසට ගෙන යන්න” යනු එහි අරුත විය හැකියි. ඔහු එය දෙවැනි ලෙස තේරුම් ගෙන දන්ත ධාතුව සීතාවකට ගෙන ගිය හෙයින් කෝට්ටේ පැහැරීමේ දී දළදාව අසු නො වුණි. මායාදුන්නේ රජ දන්ත ධාතුව පිළිගෙන එය දෙල්ගමු විහාරයේ තැන්පත් කෙළේය. විමලදහම් සූරිය රජු විසින් එය සෙංකඩගල නුවරට ගෙන යන ලදි. ඔහු පරංගින් පරදවා ලත් ජයග්රකහණය උත්කර්ෂැයෙන් වර්ණයනා කෙරෙයි. ලංකාතිලකය, ගඩලාදෙණිය හා අත්තනගල්ල ඒ රජු විසින් පිළිසකර කැරවුණු බව ද පැවසෙයි. මේ රජතුමා උපසම්පදාව පිණිස රක්ඛංග දේශයෙන් භික්ෂූන් වැඩම කරවීය. දන්ත ධාතුව මහනුවරට වැඩමවීම වර්ණ නා කෙරෙමින් ආශ්චර්ය අද්භූත විස්තර ඉදිරිපත් කෙරේ.

මේ කාව්ය යේ කර්තෘම කවුරුදැයි මට නිසැක ව දැන ගත නොහැකි විය. ශෛලිය ව්යකක්තය: සරලය. මගේ පිටපතේ පද්යන 464 කි.

නිදසුන:

මයිල් නිරිඳු පැවසූ විලසට එබ ඳු නිමල් බමුණු වෙස් ගනිමින් සිට සිනි ඳු විපුල් තෙද බලැති දළදා මහිමි ස ඳු එකල් රැගෙන නික්මුණි දන්ත කුමරි ඳු _________________________


පණු හටනේ ¤ :[සංස්කරණය]

පැළ ගොයමට දළඹුවන්ගෙන් වූ විනාශය විස්තර කරන මේ කව රෝහිණි නදීයේ දිය සඳහා ගාක්යට කුමාරවරුන් අතර පැවැති කලහය ද ලක්දිව නාග දබරය ද ධාතු සඳහා නාගයින් කළ කලහය ද නීල-අභය කලහය (මෙය කුමක් වුවත්) ද ලංදේසි හා ප්රීන්සි දබරය ද ගලේවෙල දී පොරෝ ගෙන කළ කලහය ද කවිසි (කාපිරි) හා ඉංග්රීුසීන් අතර පැවැති සටන ද ලුහුඬින් සඳහන් කරයි. කවිසි යනු හරිහැටි හඳුනා ගත නොහැකි නමුත් ජාවුන් යයි සිතමි. (කව්සි යනු කාපිරින්ට නමෙකි. අනුවාදක). ගව වසංගත හා මීයන් කෙරෙන් උපන් වසංගත පෙර පැවතිණ. එහෙත් දැන් මෙයට පෙර නො ඇසූ විරූ පණු වසංගතයක් පැමිණ ගොයම වනසයි. මෙහි කතුවරයා රක්වාන කිවි යයි පොතේ සඳහන් වේ. සිවුරළුවකු වූ හේ මේ සිය වසේ (19 වැනි සිය වසේ : 1848 දී උපන් හියු නෙවිල් 1897 දී මළේය.) මුල් භාගයේහි, ත්රි කුණාමලය දිස්ත්රිික්කයේ කටටුකුලම් පත්තුවේ කිවලකඩවේ වාසය කෙළේය. ඒ දිස්ත්රිාක්කයේ පැළ ගොයම ඉපියකුගෙන් උපන් දළඹුවන් විසින් මෙකල රෑ කල කනු ලැබෙයි. මේ දළඹුවන් පැළ වනසන්ට පටන් ගතතේ මෑතක දී යයි පරම්පරාගත කථා කියයි. මේ කව තරමක් නිදොස්ය. මෙය ඉංග්රීරසි පාලනයේ බල පෑම නිසා ඉතා සුළු වශයෙන් වෙනස් වූ දිසාවෙක විසූ පිටිසර ගැමියකු විසින් කැරුණු නූතන පද්යි පිළිබඳ හොඳ නිදසුනෙකි. දළඹුවෝ බෞඬ හා අන්යි යාතිකාවන් මගින් පළවා හරිනු ලැබෙති. පද්යු 12 කි.

නිදසුන :

ප ඬි පුර වැඩලා පඬි රජු මරලා පඬි පුර ගිනි ලැව් තෙද පති නී වැ ඩි කර තම බල වතුපොළ ඉඩමේ සතියක් ‍කරදිය පහන් උ ණී ක ඩ නො ව අවුරුදු වෙසඟ දෙපෝයට නරලොව රකිනා තෙද පති නී පොඩි කර ගොයමේ කන පණුවන්හට වසංගතය වැදුණොත් පති නී


සත් පත්තිනි දේවියට කැප කරන ලද වතුපොළ දේවාලය මුලතිව් නගරය ඉදිරියෙහි වූ කලපුවේ පහත් වැලි වෙරළේ පිහිටා තිබේ. දේවාලයක් නැත. එහෙත් අරුම පුදුම ලෙස ඇඹරුණු අතු ඇති ඉපැරණි පඳුරු කිපයක් කේන්ද්රා ගත කොට පුද පූජා පැවැත්වෙයි. කලපු ජලය මිරිදිය බවට පෙරළීම පිළිබඳ මුඛ පරම්පරාගත කථාව මට හමු නො විණි. රට අභ්යයන්තරයේ පිහිටි විශාල වැවක් පුපුරා යාමෙන් එසේ සිදු විය හැකිය. ______________


පෙරළි හටන :[සංස්කරණය]

දහ නව වැනි සිය වසේ මුල් භාගයෙහි, උඩරට රාජ්යැයේ පැවැති දේශපාලන අර්බුද හා ගෘහ විවාද තුළින් පැන නැඟුණු ‘ඇහැලෙපොළ දරුවන් කෙටීම’ ඇහැලෙපොළ කුමාරිහාමිගේ පති භක්තිය හා කුල ගර්වඇය ද නව හැවිරිදි මැද්දුම බණ්ඩාගේ එඩිතරකම හා වීරත්වමය ද ශ්රීහ වික්ර‍ම රාජසිංහ රජුගේ සුරාපානයෙන් විකෘත මනෝ භාවය හා ක්රෑිර භාවය ද ඉස්මතු කොට පෙන්වන සිඬියකි. මෙබඳු භාව ප්රෑකාශන වීර සිඬි කෙරෙහි සරසවිය නෙත් සිත් යොමා සිටින හෙයින් ඇහැලෙපොළ හටන, වඩුග හටන හෙවත් ඇහැලෙපොළ වර්ණිනාව, පෙරළි හටන වැනි කව් පොත් පහළ විය.

මේ කව “ඇහැලෙපොළ දරුවන් කෙටවීම” හා ඊට තුඩු දුන් කරුණු ද වික්ර්ම රාජසිංහ රජුගේ අමානුෂික වධ බන්ධන ද අනාවරණය කරයි. මෙහි කතුවරයා තැඹිලිපොළේ කිවිඳු යයි පොතේ සඳහන් වේ. කව් 169 කින් පරිමිත මෙය ගැමි කවියකු ගැමි බසින් කළ කෘතියක් වන අතර ම අතිශයින් ජුගුප්සාජනක නිසාදෝ අන් කවියන් විසින් නොකියා පැහැර හරින ලද ඇහැලෙපොළ කුමාරිහාමිට තම දරුවන්ගේ මස් කැවීම පිළිබඳ පුවත විස්තර කරයි:


“කඩා කවව් අඩුවෙන් මස් උ න්නේ

 අ ඬා		විලාපෙන් ඔලු කොටව		න්නේ 
 ක ඩා‍		ඉසුණි ලේ මූණට උ			න්නේ 
 අ ඬා		බිසව් දෙරණත පෙරළෙ		න්නේ”


මක් කැවීම නිරූපණය කෙරෙන පැරණී වර්ණඋ. චිත්රියක් දුටු බව විද්යාිලංකාර විශ්ව විද්යාරලයේ මහාචාය්ය්ත තෙන්නකෝන් විමලානන්ද මහතා කියයි. ශ්රී‍ වික්ර ම රාජසිංහ රජුගේ අමානුෂික වධ බන්ධන කවියා විස්තර කරන්නේ මෙසේය:


“කන්දේපොළ මැති තද කර බැඳගෙන කුඳලාගෙන කරුණා එළි යේ වින්දේ සැපමයි කරුණා පණතින් මගෙ කාරිය අද වැරද ගි යේ කන්දේපොළ මැති තිස් දෙක වද කර නෙත් දෙක උගුලා දැමු එළි යේ බැන්දේ තද කර කියත් ලවා ඇද නූල් ගසා ඉරු දෙක සරි යේ


“ඉ රා කොටා අත පය ඇස් කන් පොතු කපා කරපු තිස් දෙකක් වදේ නු රා කරපු සැටි කළ කම් පළ දුනි රජුන්ගේ බත් කෑවාට වදේ ඉ රා පු ඉරු දෙක එල්ල දමා ගොස් ගංතොටවල්වල පෙනෙයි වදේ පරම්පරාවට වරිගෙ සියල්ලට දැනමුතු වෙන්නට කරපු වදේ”


‘ඇහැලෙපොළ නිළමේ ලියන ලෙස හොර ලියුම් ලියා රජු, නිළමේ කෙරෙහි භේද කරවූයේ කන්දේපොළ මැතියි.’

හියු නෙවිල්, ඇහැලෙපොළ හටනෙ නම් කව පිළිබඳ ව කරන විස්තරය අනු ව පෙරළි හටන නමින් අප හඳුන්වන කව ඔහු විසින් ඇහැලෙපොළ හටනෙ යන නමින් හැඳින්විණැයි පෙනේ. පෙරළි හටනේ කව් 169 කි. හියු නෙවිල්ගේ ඇහැලෙපොළ හටනේ කව් 177 කි. ඔහු සතු තවත් පොතෙක 130 කි. හියු නෙවිල්ගේ පොතේ කතුවරයා ද තැඹිලියපොළ කිවිඳු යි. ____________________

රාජසිංහ හටනෙ¤ :[සංස්කරණය]

මේ පද්යෙයෙන් දෙවැනි රාජසිංහ රජුගේ යුඬ හා තේජෝ බල පරාක්රහමය වර්ණිතයි. පළමු වැනි කව මධුර මනෝහරය. එය නිදසුනක් සේ දැක්වනු ලැබේ. සම්පූර්ණ: ග්ර න්ථය ම අතිශ්රෙිෂ්ඨය. දීර්ඝ ප්රසස්තාවනාවකින් පසු, මේ රජ සූර්ය වංශයට අයත් වික්රමමබාහු රජුගේ පුත්රයයා යයි ද සත්කීර්තිමත් ජයවීරගේ මුනුබුරා යයි ද මේ කව කියයි. මේ ජයවීර කුමාරයා දෙවැනි රාජසිංහයන්ගේ මවු වූ දෝන කැතරිනාගේ පියාය. මෙසේ දෙවැනි රාජසිංහ තම පියා මඟින් පේරාදෙණි රජ පෙළපතට ද මව මගින් උඩරට රජ පෙළපතට ද සම්බන්ධය. වික්රෙමබාහු යනු දෙවැනි රාජසිංහයන්ගේ පියා වන සෙනරත් සඳහා යෙදුණු අන්ය නාමයක් විය හැකියි. සොළොස් හැවිරිදි රාජසිංහ සිංහ වික්රසමයෙන් යුද කොට සුදුපාණ වෙලේ දී කුස්තන්තීනු ද සා පරදවා සතුරු හිස් වී අටු මෙන් ගොඩ කෙළේය යි මේ රණ ගීතය කියයි. හෙතෙම සපරගමුව, මල්වාන, මැණික් කඩවර යන තන්හිදී ද සතුරන් පරදවා විශාල සතුරු පිරිසක් සිර භාරයට ගත්තේය. ගන්නොරුවේ දී යුඬ කොට පරංගි සෙන්පති ප්රසමුඛ මුළු සේනාව සමුලඝාතනය කෙළේය. වලවා වෙ‍ලේ දී කොන්ස්ටන්ටයින් ද සාට විරුඬ ව කළ සටන, වල් ඌරකු මැරීම, කොටියකු දෙපලු කිරිම හා ගඟ මැද දී කිඹුලකු මැරීම යන කරුණු පිළිබඳ විස්තර දැක්වෙයි. රජුගේ මරණය බලාපොරොත්තුවෙන් රන් අබරණ සහිත වල් අසකු රජුට යැවීමෙන් පරංගින් කළ දෝහි ක්රිණයාව ද රජු ඌ අරා යාම ද උත්කර්ෂ්යෙන් වර්ණිතයි. දියෝගු නම් පරංගි ජනනදු ඉන්දියාවෙන් හා මලක්කාවෙන් යුද සෙනඟක් රැස් කොට ගෙන උඩරට ආක්රදමණය කළ පරිදි ද රජු විසින් ‍ගන්නොරුවේ දී ඔහු පරදවනු ලැබීම ද මේ කවේ ඇතුළත්ය. ඊ ළඟට විස්තර වන්නේ ලන්දේසීන් මඩකලපුවට ගොඩ බැස ඒ කොටුව තෙදිනකින් යටත් කර ගැනීමයි. ඔවුන් ත්රිසකුණාමලය ජය ගැනීම ද ඉන් පසු රජු ලන්දේසීන්ගේ උපකාර ඇති ව මීගමුව හා ගාලු කොටුව ජය ගැනීම ද සඳහන් වේ. මගේ පිටපතේ පද්යහ 337 කි. එහෙත් කර්තෘේ නාමය නො දැක්වෙයි. මෙහි ඇතුළත් ප්රේශස්ති අනු ව මෙය රජු ජීවත් ව සිටියදී රචිතය යි නිගමනය කළ හැකිය. ඵෙතිහාසික සිඬි රාශියක් ඇතුළත් වුව ද රාජකිය අනුග්රාදහකයා අමනාප විස හැකි සිඬි යටපත් කොට තිබේ. මගේ පිටපත අවුරුදු 60 ක් හෝ 80 ක් පැරණිය.


නිදසුන :

ඉ ඳු රා වන් නද කරවන කෙස රා කෙසරා වන් රුපු ගජ මුළු පැහැ රා පැහැරා නදයට දස දිග පව රා ප ව රා සිරි රජසිහ නර පව රා

__________________

මේ කාව්ය යෙන් කොටසක් බිම්තැන්නේ ස්වාමිපාදයන් විසින් චිරචිත රජසිහ සිරිත හෙවත් රාජසිංහ වර්ණ්නා යන නමින් මෙයට අවුරුදු පනසකට පමණ පෙර මුද්රි_තයි. හියු නෙවිල් පළමු වැනි කව ලෙස දක්වන “ඉඳුරා වන් නද කරවන කෙසරා” යන කව එහි සවැන්නයි, අප වෙත අතැ පුස් කොළ පොතක් යට සඳහන් රජසිහ සිරිත හා සැසඳු විට දෙකේ කව් සමහරක් සමාන නමුත් තැන් මාරු වී යෙදී ඇති බවත් පුස් කොළ පෙතේ කව් සංඛ්යා ව, රජසිහ සිරිතේ කව් 119 පමණක් නො ව හියු නෙවිල්ගේ පිටපතේ 337 ත් පරදවා සිටින බව පැහැදිලි විය.

ප්රවශස්ති, විරහාලාප යන ගණයන්ට අයත් පොත්වල කව් තැන් මාරුකර යෙදීමෙන් කිසිදු වෙනසක් නොවන හෙයින් ද කව් දැක්වූවන් හා නාට්ය් ශිල්පීන් නොයෙක් පොත්වලින් ගත් කොටස් කිසිදු වග විභාගයක් නැති ව ‍එකට ලියා ගත් බව පෙනෙන හෙයින් ද මහනුවර යුගයේ ප්රවශස්ති, හටන් හා විරහාලාප මෙසේ නොයෙක් ලෙසින් මුසු ව ඇති බව පෙනේ. ශ්රිංිගාරය නම් ප්රහශස්ති කාව්ය ය නොයෙක් පොත් පත්වලින් ‍ගත් කොටස් එක් කිරීමෙන් සැදිණැ යි යනු සමහරුන්ගේ මතයයි. එය සත්යසයක් බව පුස් කොළ පොත් සැසැඳීමෙන් ඔප්පු වේ. (සංස්කාරක) _______________


රාවණා හටන ¤ :[සංස්කරණය]

මේ කාව්ය‍ය ද රාවණා කතාව හා රාවණා පුවත නම් කාව්යව දෙක ද එකම විෂය මුල් කොට ප්ර බන්ධ කරන ලද නමුත් මෙය ඒ දෙකට ම වෙනස්ය. මෙය ‍රාම, විෂ්ණු මෙන් හඳුන්වන නමුත් කතාවේ වැඩී වැදගත් වෙනසක් නැත. සිය වස් තුන හතරක් පැරණි බව පෙනේ. මගේ A පිටපතේ පද්යව 89 කි: B පිටපතේ 63 කි.


නිදසුන :

බිසවුන් මාලිග ඇතුළට ය න්නේ එතකොට දෙවියෝ සාදු කිය න්නේ මාලිග ඇතුළේ ගොසින් සිටි න්නේ හනුමට දෙන දේ මොකද අස න්නේ

___________________

විජයිඳු හටනේ ¤[සංස්කරණය]

(1) : පරම්පරාගත කථාවන්හි ‍ෙඑතිහාසික සිඬි යම්තරමක් ගැබ් ද ඒ තරම් ‍ෙඑතිහාසික වැදගත්කමින් යුතු මේ පුරාණ කථාව කුවේණියගේ උත්පත්තිය විස්තර විභාග සහිත ව පවසයි. ශ්රෙකෂ්ඨ බ්රාපහ්මණ නගරයෙක විසූ එක්තරා ධනවත් බ්රාවහ්මණයෙක් රජකු සඳහා උදාර යාගයක් පැවැත්විය. රජ ආශ්චය්යානවත්ද්භූත මැණිකක් ඔහුට තෑගි කෙළේය. මේ මැණිකෙන් නළල පිරිමැද තම අදහස ඉටු කර ගැනීම බමුණාගේ සිරිත විය. ඔහුගේ බිරිඳ සුන්දරය: තරුණය. ඇය මෙය දැක මැණික පෙන්වන ලෙස බමුණාට කන්නලව් කොට මැණික තැන්පත් කොට තබන තැන දැන ගත්තාය. ඔහු නැති විට මැණිකෙන් තම නළල පිරිමැද එක්තරා ධනයක් පැතීමට ඈ අදිටන් කර ගත්තාය. එහෙත් ශක්රතයා ඇයගේ අදහස තතු ලෙස දැන, ස්ත්රිරයක ස්පර්ශි කළහොත් මැණික කෙලෙසෙන හෙයින් එය අතුරුදහන් කෙළේය. සැමියා, ඇය මැණික සොරකම් කළාය යි සිතුයෙන් දෙදෙනා ම දිවිරීමට එකඟ වූහ. ඉක්මන්කාර බිරිඳට සැමියා තමාට මැණික පෙන්වූ බව අමතක වී, ඇය “මම මැණික කිසි විටෙක නුදුටිමි” යි දිවුළාය. ඔහු ඇය මැණික සොරකම් කළ බවට දිවුළේය. දෙදෙනා ම බොරු දිවිරීමට වරදකරුවෝ වූවාහු දිවි දොසින් මළෝය. බැමිණිය, ලක් දිව බම්බා රජුගේ බිසෝ තනතුරට පත් චන්ද්රදවතී නම් බිසවගේ දුවක මෙන් උපත ලැබුවාය. ඇයට පයෝධර තුනෙකි. මේ අශුභ නිමිත්ත අනු ව ඇය කෙරෙන් අනතුරු පහළ වෙති යි බමුණන් කී බසු ඇසු රජුගේ අණ පරිදි ඇය තම්මැන්නා විල අසල දිඹුල් ගස යට තබන ලද්දීය. ඇයට හිමි සැමියා හමු වූ විට යටකී සෘද්ධිමය මධ්යන පයෝධරය අතුරුදහන් වේ යයි ද නිමිත්ත පාඨකයෝ කීහ. එහි විසූ යක්කු ඇයට කවා පොවා ඇති දැඩි කොට පිරිවර වශයෙන් සිටියෝය. ය‍ථෝක්ත බ්රාකහ්මණයා සිංහබාහු රජුගේ පිත් විජය කුමාරයා නමින් ජනිත විය. සිංහවල්ලි ඔහුගේ මවයි. විජය කුමාරයා දරුණු දාමරික තරුණයකු ලෙස වැඩුණේ රටින් පිටුවහල් කරන ලදි. ඔහු තම සගයන් සත් සිය දෙන සමඟ නැව් නැඟී අවුත් තම්මැන්නා තොටට ගොඩ බැස්සේය. මෙහි දී ඔහුගේ සගයෝ බලු වෙස් ගත් කුවේණිය විසින් අල්ලා ගන්නා ලදහ. පසු ව කුමාරයා ඈ කරා ගිය විට තුන් වැනි තනය අතුරුදහන් විය. ඇය ඔහුට යටත් වී සහචරයින් සත් සිය දෙන ඔහුට දුන්නාය. ඉන්පසු ඇය ඔවුන් සඳහා නගරයක් හා මාලිගාවක් මවා උසස් භෝජන සංග්රදහයක් පිළියෙල කළාය. පසු කලෙක ඇය උපතිස්ස නගරය මැවුවාය. එය “සමෘඬ උපතිස්ස” නම් විය. එය කවේ දැක්වෙන්නේ උපතිස්ස සරු යන නමිනි. ඇය මෙහි භෝජන රන් මිණි වාසල, මේඝ රන් මිණි වාසල, තුංග ගිරි වාසල හා චක්රි වාසල යන නම් යුත් වාසල් සතරකින් හෙබි මන්දිරයක් ඉදි කළාය. මගේ පිටපත් අනු ව මෙයින් මේ කථාව අවසන් වන නමුත් එය විජය, කුවේණි පුවත ඇතුළත් දීර්ඝ පද්යව ග්ර න්ථයෙක එක් කොටසක් බව නිසැකය. සම්පූර්ණණ කථාව, ගද්ය් ග්ර න්ධයෙක ඇතුළති. මේ කව් සිය වස් තුන හතරක් පැරණි විය හැකිය. මෙය, තේරුම් ගත නොහැකි තත්ත්ව යට පත් පැරණි බසකින් පැවැති යම්කිසි අති පුරාණ ජන සම්මත කථාවෙක නූතන සංග්රැහයකැයි සිතමි. කුවේණියගේ පිය වූ බම්බා රජුගේ රට තව ම හඳුනා ගෙන නැත. (උතුරු මා‍තලේ ගලේවෙලට නුදුරු බම්බා විහාරය හා දේවාලය කේන්ද්රන කොට පවත්නා ප්රාදේශය බම්බා රාජ්යුය යනු ඇතැමුන්ගේ මතයයි - අනුවාදක), බඹ යන වචනය බ්රයහ්ම යන්න හා ඒකර්ථවත්ය. මෙය විවිධ සන්ධි, සමාස සහිත ව ස්ථාන නාමයක් ලෙස ලංකාවේ නිතර හමුවේ.

නිදසුන :

ලක්සයක් පෙර ඇදුරු මුකයෙන් කිවුව පෙර ආ ලෙස ගු රූ අක්සරක් වත් මීට මඳකුත් නොකිය ඇදුරනි බස බො රූ සැක්රක දෙවිඳුගෙ විමන සරි කොට මැවුණි උපතිස්සය ස රූ චක්රණ වාසල් මැවූ උත්තර දිසාවට කී ලෙස ස රූ ________________


විජයිඳු හටනේ (අංක 2) :[සංස්කරණය]

මෙය ඉහත සඳහන් විජයිඳු හටනට මෙන් ම විජයිඳු පුවත නම් කවට ද මෙනම් ගද්ය: ප්රහබන්ධයට ද වෙනස්ය. කව් දෙවිස්සකි.

නරසිහ රජ වෙලුරන් පුරයෙහි රාජ්යගය කෙළේය. ඔහුගේ පුරෝහිත බමුණා ලෝහි පුද්ගලයෙකි: විශාල ධනයක් රැස් කෙළේය. මාණික්යමයේ තෙදබල ගැන නොකියන නමුත් එය නැති වූ විට බමුණාගේ බිරිඳ ඇය එය නුදුටුවාය යි දිවුළාය. ඇය එයින් අදහස් කෙළේ ඇය එය නොගත් බවයි. ඔහු ඇයට සාප කළාය. ඊ ළඟ පද්යය නොමැත. ඔවුහු විජය සහ කුවේණි ලෙස උපන්හ. තන තුනක් ඇති ව උපන් කුවේණි නුග ගස මුල වසන සේ වර්ණිතයි. ඊ ළඟ පද්‍ලෙයන්ගෙන් පැවසෙන්නේ අමාත්ය යන් විජයට දොස් කී අන්දම හා ඔහුගේ පියා ඔහු අබලන් නැවෙක ලා දේශත්යානග කළ අන්දමයි. එහෙත් මව ඔහු ගැන ශෝක කළාය. තම්මැන්නා තොටට ළඟා වීම ද වෙරළට පිහිනීම ද ඊ ළඟට සඳහන් වේ. බලු වෙසක් ගත් කුවේණි මෙහි වර්ණෙනා කෙරෙයි. රතු පිටක්, සුදු බඩක්, රතු ඇස්, සුදු නිය, කළු පසු පා, නිල් ඉදිරි පා, කළු හිසක් හා රන් වන් වල්ගයක් ඇයට තිබුණි. තවත් කවකින් විස්තර වන්නේ ඇය කපු කටිමින් වාඩි වී සිටි අයුරුයි. ඔටුනු පළඳින ලෙස විජයට කැරුණු ආරාධනය තවත් කවකින් පැවසෙයි. තවත් කවක් දරුවන් සහිත කුවේණියගේ යැදුම කියයි. අමිතෝදනගෙන් පැවතෙන භද්දකච්චානා, පඬුවස් රජු හා විවාහ වීම පිණිස උපතිස්ස නුවරට එන්නීය. පඬුවස් රජු නපුරු ගොරවන දිවියකු නිසා භය වන සැටිත් දිළිසෙන ඇස් ඇති ඌ නින්දට වන් ඔහුට භය උපදවන සැටිත් තවත් පද්යියක් විස්තර කරයි. රාහු අසුරිඳු විශාල ඌරු වෙසක් ගෙන මලය නිරිඳුගේ රටට ගියේ යයි තවත් කවකින් කියැවේ. මේ පුරාණ කථාවේ ඊට ම සීමිත විශේෂ ලක්ෂණ ඇත්තේය. දැන් ඊට අවධානය යොමු කැරුණු හෙයින් එය ප්රතකෘති ස්වභාවයට පැමිණවිය හැකිය. එය හවුරුදු හාර සියයක් පමණ පැරණි බව පෙනේ.

නිදසුන: අ ර වා දාය රැස් කර උන් රඟ සිත ඟ ක ර වා මෙල්ල ගමනට බස්වමින ර ඟ දි ර වා යන නැවට හැම යෝ බළ සම ඟ පු ර වා කුමරු හැරියෝ මුහුද යන ර ඟ

______________


මුද්රිත හටන් කව්.[සංස්කරණය]

අංකොට හටනෙ :[සංස්කරණය]

 1895 දී මුද්රි ත යයි සඳහන් මෙය මට දක්නට නො ලැබුණි. හියු නෙවිල්ගේ විස්තරය මෙසේය: 

ගජබාහු නිරිඳුන් සොළී රට ආක්ර:මණය කිරීම මේ ග්රින්ථයේ විෂයයි. වල්ලභ රජු සමයේ දී ලංකාව නීති ගරුක නො වී යයි ද දුගී ගැමියකුගේ අංකොට මීමා පොහොසත් අසල් වැසියන්ගේ ගොවිතැන් වැඩ සඳහා බලෙන් යොදනු ලැබී යයි ද මෙය කියයි. දිනක් මේ ගැන දුගී ගැමීයා තරවටු කළ විට ඔහුට ‍පහර දෙන ලදි. ඔහු රජුට පැමිණිලි කළ විට ලැබුණේ අසාධාරණ තීරණයකි. මෙයින් කළකිරුණු ඔහු සොළී රටට ගොස් දර දිය අදිමින් දුකසේ කාලය ගත කෙළේය. මෙසේ දොළොස් වසක් එහි කල් ගත කළ විට සොළී රටේ ස්ත්රීකහු ඔහු කෙරෙහි අනුකම්පාව උපදවා මේ සිඬිය සොළී රජුට සැල කරන සේ තම හිමියන්ට ආයාචනය කළෝය.

සොළී රජ ලක් දිව ආක්රිමණය කොට වල්ලභ රජු පරාජය කළේය. ඔහු තම බිසව හා සමඟ වනගත විය. ග්රටන්ථයේ මෙතැන අඩුවක් පෙනේ. කොළඹ කටුගෙයි පොත් ගුලේ පොත ඇතුළු මා මෙතෙක් දුටු හැම පෙ‍ාතෙකම එසේය. අනෙක් තැනෙක සඳහන් පරිදි සොළී රජ සොළී රටේ මෙහෙවර පිණිස ලක් වැස්සන් 12000 ක් සිරකරුවන් සේ ගෙන ගියේය. ගජබාහු රජ ඔවුන් පමණක් නො ව සොළී සිරකරුවන් සූචිසි දහසක් ද මෙහි ගෙනායේය.

වල්ලභ යන නමින් මෙහි සඳහන් රජු ඔහුගේ පුත්රෙ ගජබාහු විසින් පිහිටුවන ලද සෙල් ලිපිවල හැඳින්වෙන්නේ තිස්ස මහාරාජ යන නමිනි. මහාවංශයෙහි වංකනාසික තිස්ස යන නම යෙදෙයි. වල්ලභ යන්න “ස්වාමියා” යන අරුත දෙයි. තිස්ස යන්නෙන් ද ලෝක සම්මත ඒ අරුත පැවැසෙයි. ඒ නිසා වල්ලභ යනු වංකනාසික තිස්ස රජු සඳහා යෙදුණු නිවැරදි අභිධානයක් විය හැකිය. මේ පොතේ නිවැරදි පිටපතක් ලබා ගැනීම වැදගත්ය. මා සතු පොත සිය වස් දෙක තුනක් පැරණි බව පෙනේ. එහි පද්යය 82 කි. ඒ අනුව මුළු පොත පද්ය. 200 – 300 කින් සමන්විත විය යුතුය. මේ කථාව තරමක් සම්පූර්ණ ලෙස රාජාවලි (අවුල්) නම් ගද්ය‍ ග්ර0න්ථයෙහි ඇතුළත්ය.

නිදසුන :

ළකල් මුනිඳු දහමට සිත නොයෙ දූ නොකළ ලොවට තම අණසක පුරු දු එකලට එපුරෙහි රජ කළ මෙබ ඳු සැල කෙළෙ වල්ලභ නම් ඒ නිරි ඳු

                       _________________


ඇහැලෙපොළ හටනේ :[සංස්කරණය]

කව් 82 කින් හා කාවීයම් 12 කින් සමන්විත මේ ග්ර්න්ථය නිසර්ගොසිඬ කවිත්වය හා ප්ර තිහානය ජන්ම දායාද කොට ඇති ගැමි කවීයකුගේ රචනයෙකි. එහි කාවියම් භාව ප්ර_කාශයනය, ශබ්ද රසය හා වචන ගැළපීම අතින් උසස්ය. කර්තෘහ නාමය නො දැක්වෙයි. මෙය කැරුණේ ශක වර්ෂා 1738 (ක්රිය.ව. 1816) දී යයි සඳහන් වෙතත් ‍උඩරට මහ කැරැල්ල වැනි ඊට අනතුරු ව සිදු වූ කරුණු මෙහි ඇතුළත් හෙයින්

“ එක් දහසේ සත් සිය තිස් අටක් ‍වසේ බක් මස අව පස් වෙනි දින සිසි මාසේ”

යන පද්යාබර්ධය වරද සහගත බව හෝ මෙහි ඇතැම් කව් පසු ව එක් කරන ලද බව හෝ පෙනේ.

මෙහි ශ්රීක වික්රරම රාජසිංහ රජු රජ වීම, වාගොල්ලේ ඉංග්රීමසී සංහාරය, පිළිමතලව්වේගේ මරණය, ඇහැලෙපොළ ඉංග්රීරසීන්ගේ පිහිට පැතීම, ‘ඇහැලෙපොළ දරුවන් කෙටවීම’, ඊට ආසන්න හේතුව, උඩරට රාජ්යිය ඉංග්රීැසීන්ට අයිති වීම, වෙල්ලෝරයේ සිර භාරයේ සිටි ශ්රීත වික්ර‍මගේ මරණය, උ‍ඩරට සම්මුතිය, ඌවේ මහ කැරැල්ල ආදී තොරතුරු ඇතුළති. ___________________

ඉංග්රි_සි හටනේ :[සංස්කරණය]

සිරි විකුම්රජසිංහ හෙවත් ශ්රීි වික්රිම රාජසිංහ රජුගේ වර්ණ්නයකින් ආරම්භ වන මේ කාව්යහය මේ රජු ඉංග්රී සීන් පරාජය කොට දඹදෙණි හා ගොංගාවල කොටු ඉඳි කළ සැටි පවසයි. මෙයින්ක්බිති ඉංග්රීපසීහු සින්නපට්ටනමට ලියුම් යවා සෙංකඩගල හෙවත් මහනුවර අල්ලා ගැනීමට ආධාරක බළ ඇණි ගෙන්වා ගත්තෝය. ඔවුහු සත් ‍කෝරළේට පැමිණ දඹදෙණිය විනාශ කොට ගිරිහාගමට ළඟා වූහ. ත්රිේකුණාමලයෙන් පිටත් වූ බුද්දසාමි ද නාලන්ද ඔස්සේ උඩ රටට පැමිණියේය. ඉංග්රී සීහු මහනුවර අල්ලා ගත්හ. රජ හඟුරන්කෙතට පලා ගියේය. රජ සේනාවක් සංවිධානය කොට ඉංග්රීනසීන්ට වෙඩි තබා විසුරුවා හැරිය. ඉංග්රීාසීන් නැවතත් එක් වූ නමුත් මත්තමගොඩ, යටිනුවර මොලදන්ඩේ, සාරසිය පත්තුවේ දොරණෑගම, දුම්බර මඩුගල්ලේ, මිල්ලව, දෙහිගම, ජා පන්නේ සහායක සෙනඟ, මුල්ලේගම, ඇල්ලේපොළ හා ගලගොඩ යන මෙතෙක් දෙන රජුට එක් ව නගරය ආපසු අල්ලා ගත්හ. පසු ව ඉංග්රී්සීන් මරා උඩවත්ත හා කනුරුප්පේ (කුමාරුප්පේ යයි හඟිමිඅනුවාදක) අල්ලා ගන්නා ලදි.

මේ කාව්යායේ ඉතිරි කොටස රජු පිළිබඳ ප්රිශස්තියකි. මහනුවර නවත්වන ලද රෝගී හේවායින් විශ්වාසය කඩ කොට මරා දැමීම ද අපකීර්තියට පත් ඩේවි යටතේ සිටි මිනිසුන් මැරීම ද පිළිබඳව කිසිවක් සඳහන් නො වේ. මෙය රචනා කරන ලද්දේ 1810 දී විය හැකිය. එහෙත් මම තවමත් කතුවරයාගේ නම නො දනිමි. මෙය දක්ෂ රචනයෙකි. මගේ පිටපතේ කව් 340 ක් වෙයි. එය යටත් පිරිසෙයින් 1815 තරම් පැරණිය: එසේ ම එය කතුවරයාගේ පිටපත විය හැකිය....... ඉංග්රීමසි හටන, එහි අගයට ගැළපෙන තරම් ජනප්රියය නො වීය. එසේ වූයේ එහි දේශපාලන දෘෂ්ටිය නිසාය යනු නිසැකය. මට අන් පිට පතක් දක්නට නොලැබුණු නමුත් පිටපත් තිබේ.

නිදසුන :

මෙලෙසින් එබසට පවසයි ජනප ති මෙ ර ටි න් කොටසක් ඇරියොත් අග මැති වි ග සි න් මෙනුවර ඇර යෙමු කර රු ති නැ ති නන් හැම රට ගනිමු ව නොනැව ති


මුද්රිනත පොතේ කව් 302 කි. ඉංග්රී සින් සින්නපට්ටනමට ලියුම් යවා සහායක බළ ඇණි ගෙන්වා ගත් පුවත එහි දක්නට නො ලැබේ. හියු නෙවිල්ගේ විස්තරය අනු ව ඇල්ලේපොළ එක් සේනාපතියෙකි. එහෙත් මුද්රිිත පොතේ එන්නේ ඇහැලෙපොළ යන නමයි.

“සොබමන් කව්ලකර දත් අතැඹුල විල සේ නිතියෙන් සරසවිය මුව සැතපු කර තොසේ ක වි සු න් දර මුදලි වැලිගල නම් පිය සේ වෙසෙසින් මෙපොත කවිකර නිමි දනු නොලසේ”

යන පද්යසය ඉංග්රී සි හටනේ එන අවසන් කව යයි කියන ඇතැමෙක් මෙහි කර්තෘ ත්වය වැලිගල කවිසුන්දර මුදලිට ආරෝපණය කරති. මුද්රිිත පොතේ ද හියු නෙවිල්ගේ පොතේ ද මා දුටු පුස්කොළ පොතෙක ද මේ කව නැත. එමතු ද නො ව හිටු නෙවිල් විසින් ඇහැලෙපොළ වර්ණොනාව ගැන ලියන ලද හැඳින්වීමෙහි එන කතුවරයා වැලිගල කවිසුන්දරය මුදලි යයි සඳහන් හෙයින් එහි මේ කව ඇතැයි සිතිය හැකිය. ඒ නිසා මෙහි කර්තෘ ත්වය සැක සහිතය. (සංස්කාරක) _________________


කුස්තන්තීනු හටනේ :[සංස්කරණය]

මෙය ඉතිහාසඥයාගේ අවධානයට ලක්විය යුතු අනර්ඝ කාව්යනයකි. රචනය මනහරය: කව්, ජීව බලයෙන් පරිපූර්ණේය. කතුවරයා අවිනිශ්චිතය: එහෙත් සිඬින්ට සමකාලීන කවියකු බව පෙනේ. මේ කාව්යරයේ විෂය ‍ෙක්ෂ:ත්ර්ය වන සටන් සිදු වූයේ රාජසිංහයන්ගේ මරණයට ක්රිර.ව.1592 - පසුව හා 1627 දී පමණ අරඹා ඌව බලා ගමන් කිරීමෙන් පසු සහායක සිංහල බළ ඇණි විශ්වාසය කඩ කිරීමේ ප්‍රථිඵලයක් වශයෙන් 1630 දී සෙන්පති දොන් කොන්ස්ටන්ටයින් ද සානොරොඤ්ඤාගේ මරණයෙන් කෙළවර වූ ඔහුගේ අවසාන සටනට පෙරය. මේ භයානක මනුෂ්ය ඝාතනය පිළිබඳ කවර හෝ සඳහනක් මෙහි නොමැති හෙයින් මේ කාව්යනය 1594 සිට 1617 දක්වා වූ කාලය තුළ රචිත යයි නිගමනය කළ යුතුය. මේ කාලය තුළ විවිධ ප්රකතිඵල සහිත ආක්රයමණ ඌව, මහනුවර හා සපරගමුව යන ප්ර දේශයන්ට කැරිණැයි පෘතුගීසි ඉතිහාසඥයෝත් වාර්තානගත කොට ඇතැයි ටෙනන්ට පවසයි. අන්තොනි බරෙත්තු යනු ඇන්තනි බ්රි්ටෝ යන්න සඳහා යෙදිණැයි සිතිය හැකිය. එහෙත් ඔහු සතුරු පක්ෂයට එකතු වූ පරංගියකු ලෙස හෝ සංකරයකු ලෙස හෝ අන් ලෙසකින් හෝ වර්තාටගත කොට හෝ සඳහන් කොට ඇද්ද යනු නිශ්චය කිරීමට තරම් හොඳින් මම පෘතුගීසි වාර්තාත ගැන නො දනිමි. එසේ වුවත් ඔහු කරාවෙක් හෙවත් කෙවුළෙක් වී යයි “සදි අයස් මාලේ” අපට කියයි. එය සත්යර ප්රෙකාශයක් සේ පෙනේ. තරමක් දාමරික, අති උද්යො ගිමත් මේ කුලයට අයත් බලවත් ප්ර්ධානීහු බොහෝ දෙනෙක් මේ කාලයේ සිටියෝය. හිස් සිහසුන තමන් අයිති කර නොගෙන ඒ සඳහා රාජ වංශිකයකු ගෙන්වා ගැනීම කුල දුෂ්කරතාවේ ප්රසතිඵලය විය හැකිය. මේ කාව්යරයේ සඳහන් කුස්තන්තීනු නම් දොන් කොන්ස්තන්තිනෝ ද සා නොරොඤ්ඤාය, නොරොඤ්ඤා යන්න යටත් පිරිසෙයින් එක් තැනෙක සඳහන් වෙයි. මෙහි ලා අපගේ අවධානයට භෘජනය කෙරෙන සිඬි ඔහුගේ මරණයෙන් කෙළවර වූ අවාසනාවන්ත සටනට බොහෝ පෙර සිදු වූ බවත් ඒ හා කිසි සම්බන්ධයක් නැති බවත් පාඨකයා සිහි ගත යුතුය. කවියා පරංගි පාක්ෂිකයකු මෙන් ම සෙනරත් ජාක්ෂිකයකු බවක් රජු පැරද වූ අන්තොනි බරෙත්තුගේ ජයග්රකහණයට විරෝධය පෑ බවත් පෙනේ. මේ කාව්යතය සෙනරත් රජු හා ඔහුගේ ඥාති පුත්රෝයින් දෙදෙනා ගැන සඳහන් කරන නමුත් පසු ව දෙවැනි රාජසිංහ යන නමින් ප්රඔසිඬ වූ පුත්රපයා ගැන සඳහන් නො කරයි. මෙය මහාවංශය සනාථ කරයි. පරංගීන් මහනුවර කොල්ල කෑ අවධියෙහි රාජසිංහ ජීවතුන් අතර නොසිටි බවත් එහෙත් බිසව කරඬු බෑමට ආසන්න ව සිටි බවත් මහාවංශ කර්තෘර කියයි. 1630 දී විසුරේ මැරූ යුද සෙනඟ, ගැටයකු වූ රාජසිංහ යටතේ සිටි හෙයින් බරෙත්තු සටන් 1612 පමණේ දී හෝ ඉන් පෙර හෝ ආරම්භ විය යුතුය. මෙය පසුව පෘතුගීසි වාර්තා හා සසඳා බලා නිශ්චය කරනු ලැබේ.

මේ කාව්යරය රාජසිංහයන්ගේ මරණය සඳහන් කොට පරංගීන් ලංකාවේ සිය අණසක ස්ථීර ලෙස පිහිට වූ බවත් ආණ්ඩුකාරවරුන් හෙවත් උත්තමයින් සිවු දෙනකුගේ පාලනයෙන් පසු යේයුස් ක්රිඩස්තු සමය වැළඳ ගත් අන්තොනි බරෙත්තු ලංකාව කැළඹු බවත් කියයි. කාංගර සෙබළා ලංකාවේ පෙරළි කළ කාලයෙහි ඔහු සෙංකඩගල සෙනරත් රජු බැහැ දැක තම සේවය රජු වෙත පැවරීය. රජ ඔහුගේ සේවය පිළිගෙන ඔහු ඌවේ හා තුන්කි‍ඳේ දිසාපති පදිවියට පත් කෙළේය. බදුල්ල තම අගනුවර කර ගත් ඔහු වෙල්ලස්ස, පානව, මඩකලපුව, කඳුකර කොස්ගොඩ, වැල්ලවාව හා එතරවාව සිය අණසකට යටත් කෙළේය. මෙයින් පසු සපරගමුව, දෙනවක, පස් රට, මාතොට, කුකුළ හා පස් යොත්න යන පෙදෙස්වලට පහර දී ඒ පෙදෙස් අවුල් කෙළේය. මෙයිනික්බිති තමන්ට තනතුරු හා බලය දුන් රජුට එරෙ

හිව නැඟී සිට උඩරට අගනුවර ආක්ර මණය කරන ලදි. රජ ද කුමාරවරු දෙදෙනා ද බේරුණෝය. එහෙත් ප්ර ධාන රාජ පුරුෂයෝ ද මුරකාරයෝ ද අල්ලා උල තබන ලදහ. මෙයින් පසු ඔහු මාලිගාව කොල්ල කෑයේය. රජ කුමාරවරුන් හා සිය බිසෝවරුන් දෙදෙනා කැටුව ගිරි දුර්ගලයකට පලා ගියේය.

මේ අවධියෙහි සෙනරත් රජු විසින් පරදවන ලද මායාදුන්නේ කුමාරයා සොළී රටේ සිටියේය. බරෙත්තු ලියුම් යවා ඔහු ගෙන්වා සිහසුන භාර කෙළේය. මෙයිනික්බිති සෙනරත් පාක්ෂිකයන්ට විරුඬ ගොරිල්ලා සටන් (අනියම් හදිසි ආක්ර මණ) පැවතිණ. පරංගීහු බිය පත් වූහ: පරංගි පූජකවරු, සබනායකවරු හා ප්රරධානීහු රැස් ව පිහිට පතා ගෝවට හසුන් යැවූහ. රට සෙමෙහි තැබීම පිණිස කුස්තන්තිනෝ ද සා ජනරජ මෙහි එවන ලදී.

බරෙත්තු සහ ඔහුගේ රූකඩ රජු වූ මායාදුන්නේ මැඩ පැවැත්වීම පිණිස, කුස්තන්තීනු ද සා උද්යොමගිමත් සටනක් ආරම්භ කෙළේය. මල්වානෙන් පිටත් ව මැණික්කඩවරට ගිය විට කපිත ලනර ඔහුට එක් විය. ඔවුහු මාපිටිගම, කනන්පැල්ල, කළුඅග්ගල, කොස්ගම, බෝපේ වනය හා පුවක්පිටිය පසු කොට සිතාවක නුවරට පැමිණ එහි තෙළෙස් දිනක් නැවතී සිටියෝය. මෙතැනින් පිටත් වූ ඔවුහු තෙප්පනාව, සපරපුරය, නිවිතිගල, මඩවල ගම, කොලොන්පිටිය, පොල්ලඹුරේ, බලන්ගොඩ, ඔස්සේ මායාදුන්නේගේ අග නුවර වූ මැදමැදගම් නුවරට පිවිස එය දවා අළු කළහ. ඉක්බිති යුඬ සේනාව මායාදුන්නේගේ සෙනග ලුහුබැඳ ලෙල්ලෝ පිටියට ගොස්

එහි දී අන්තොනී බරෙත්තු ද ඒකනායක, විජේරත්න, විරප්පුලි හා සෙනෙරත් ප්ර මුඛ තවත් ප්රඒධානීන් එක් තිස් දෙනකු ද විශාල සෙනඟක් ද අල්ලා ගත්හ. අන්තොනී බරෙත්තු අල්ලා ගැනීමෙන් පසු ඔහුගේ කටට ගසා දත් දෙතිස ම කඩා දැමීමට නියම් කරන ලදි. අනෙක් අය දෙදෙනා බැගින් බැඳ කුස්තන්තීනු ජනරජ ඉදිරියට ගෙන යන ලද්දෝය. හිරකාරයින්ගේ ඉරණම ද මායාදුන්නේ කුමාරයාගේ අවසානය ද සම්බන්ධයෙන් පබඳ නිහඬය. සටන මහෝත්සවයෙන් අවසන් විය. සේනාවට නොමඳ තෑගි බෝග දෙන ලදි. පිලිප්පු දොලිචේර ද උත්තම හෙවත් ආණ්ඩුකාර ලුවිස් තිසේරා ද තම සෙනඟට නම් ගම් හා තනතුරු ප්රතදානය කළෝය.

කව් 190 කින් සැදි මගේ පිටපත හවුරුදු සියයක් පමණ පැරණිය. විශිෂ්ට ලෙස ලියා ඇති එය ‘සදි අයය් මාලේ’ හා එකට අමුණා තිබේ.

නිදසුන :

නෙක විරිදුන් න සා දිගත පිරවූ යස සා කුස්තන්තීනු ද සා නමැති ජනරජු වෙමින් සතො සා

මා වෙත ඇති පුස් කොළ පොතෙක කව් 191 ද මා දුටු මුද්රිේත පොතෙක කව් 176 ද වෙයි. මේ පොත් දෙකේම කපිත ලනර පිළිබඳ සිඬිය දක්නට නො ලැබේ. (සංස්කාරක) ________________


කොටුවැල්ලේ හටන:[සංස්කරණය]

කව් 71 කින් යුත් මේ කව 1886 දී රචිතයි. කුරුණෑගල කොටුවැල්ලේ කෝරළේ මහතා හොරුන් විසින් මරන ලදි. වරදකරුවන් වූ 7 දෙනකුට මරණ දඬුවම හිමි විය. ඔවුන් කතෝලික භක්තිය වැළඳ ගතහොත් මරණයෙන් මුදවන බවට කතෝලික පූජකවරයෙක් ප්රනතිඥා කෙළේය. තිදෙනෙක් කතෝලික භක්තිය වැළඳ ගත්හ. ඒ තිදෙන විසි හවුරුදු සිර ගෙට නියම වී මරණින් මිදුණෝය. මෙහි කථා ශරීරය මෙයයි. ගැමි කවියකු විසින් රචිත කවි කතාවෙකි.

_____________________

කොහු කොරටු හටන:[සංස්කරණය]

අඹගමු දිස්ත්රිනක්කයේ විදානාරච්චි ඒ.ඩී. වර්ණකසූරිය විසින් 1888 දී රචිත කව් 120 කින් සමන්විත කවි කතාවෙකි. කතලුවේ පොල් ලෙලි වළවලට රජයෙන් බද්දක් නියම කළ මුත් නොගෙවනලද හෙයින් ඒ කඩා දැමීමට පැමිණි නිළධාරින්ට කොහු ලෙලි තලන ගැහැනුන් කළ අතවරය මෙයින් අනාවරණය වෙයි. ___________________

ගිනි හටන:[සංස්කරණය]

1893 දී මුද්රිකත මේ පොතේ සම්පූර්ණප නාමය ගිනි හටන හෙවත් පුෂ්ප ශාලාවට හනුමාගේ පැමිණීමය. නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ පුරෝගාමිත්වයෙන් රාමායණය නම් නාට්ය ය රඟ දැක්වෙද්දී සතුරු පිරිසක් විසින් නාට්යා ශාලාව වූ පොල් අතු මඬුවට ගිනි තබන ලදි. ගිනි හටන ඒ මුල් කොට රචිතය. කර්තෘූ නාමය අනිර්දිෂ්ට නමුදු මෙය නීතීඥ ජෝන් ද සිල්වා මහතාගේ, කෘතියකැයි සිතිය හැකිය. මෙහි කව්, ගී හා දෙබස් ඇතුළති. ___________________

තරව් හටන :[සංස්කරණය]

1896 දී මුද්රිදත කව් 80 කින් සමන්විත රචනයෙකි. කන්නාඩියක් ගැනීම සඳහා කොළඹට වැඩි උඩරට භික්ෂූන් වහන්සේ නමකට වීදුරු නැති කන්නාඩියක් දීමෙන් තරව්කාරයකු තුළ වංචාව මෙහි වස්තුවයි. සොරුන්ට එල්ල කරන ලද ශාපයක් ද මෙහි ඇතුළති.

____________________

දුනුවිල හටන:[සංස්කරණය]

තම නමට හා ගමට අස්වාමික වූ දුනුවිල ගජනායක නිළමේ විසින් මහ අදිකාරම් නිළය කර වූ පිළිමතලව්වේ විජයසුන්දර සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මුදියන්සේ පිණවීම පිණිස උභය භාෂාලංකාරයට මුල් තැන දී රචිත ශෘංගාරාත්මක ප්රේශස්තියෙකි. නිමිත්ත ද අදහස ඉටු වීම ද මෙසේ පැවැසේ:


“පෙම කොට කියමි මගෙ දුව තව ඇති ලෙසින පෙ ර සි ට තිබුණු දුනුවිල නැතිවුණු පට න ගෙ න ත ට කබල් නොසිඟු පමණ තැන තැන වෙ න ම ට කිමද දැන් හැබ තියෙන යන මන”

“ලොබින බ ලා උන් මගෙ අසරණ බව ට ති බු න වෙ ලා අරමුදලෙට නියම කො ට රැගෙනනොබා දුන් මතු මෙමට තිර කො ට මෙ පින නි සා බුදු බව සිදු වෙයි ඔබ ට”

අනුරාගික හැඟීම් උද්දීපනය කරන, සිංහල සභ්යබත්ව”යට පහර වදින මේ පොතේ බස රසවත්ය: පබැඳුම මනහරය: කව් පස් ‍පනසෙකි. පිළිමතලව්වේ බලවත් ව සිටි 1795 1811 අතර කාලයේ දී රචිතයි.

________________


පරංගි හටන :[සංස්කරණය]

“පිනිපා විරිදු නිරිඳුන් එකසර කෙසර” ඈ කවෙන් ඇරඹෙන මේ කාව්ය ය හටන් කවක් නො ව හුදු ප්රිශස්තියෙකි. අප වෙත ඇති පුස් කොළ පොතෙක පද්ය_ 176 ක් වෙයි. මෙයින් වැඩි කොටසක් ශබ්ද රසයට මුල් තැන දුන් සංස්කෘත අතිබහුල වාංමාලාවක පිහිට පතා ඇත. _______________

බලු හටන :[සංස්කරණය]

බලු බද්දට විරුඬ ව මහලු බල්ලකු විසින් කෙරෙන අ‍ඳෝනාවක ව්යාහජයෙන් 1870 දී රචිත මෙහි කව් 83 කි. එකල වහරෙහි පැවැති සිනිදු ද ඇතුළති. කර්තෘ8 අවිනිශ්චිතයි. _________________

මරක්කල හටන:[සංස්කරණය]

සිංහල තරුණයකු මරක්කල තරුණි යක හා හොරෙන් පැන යාම නිසා හට ගත් කෝලාහලයක් විස්තර කරමින් 1876 දී පමණ රචිත මෙහි කවි 72 කි. කර්තෘක අවිනිශ්චිතයි.

_________________

මහා හටන:[සංස්කරණය]

කිරිමැටියාවේ මැති විසින් රචිත, කව් 155 කින් සමන්විත මේ පද්යි කාව්යටය දෙවැනි රාජසිංහයන්ගේ බල පරාක්රතමය, රණ ශූරත්වය හා පුණ්යත මහිමය කියාපායි. බුවනෙකබා රජු දවස කොළොම් තොටට ගොඩ බට ප්රපතිකාලුන් රජු රවටා බිමක් ලැබ ගෙන කොටුවක් ඉදි කළ අයුරු ද සීතාවක රාජසිංහ, විමලදහම් සූරිය, සෙනරත් යන රජුන්ගේ රාජ්ය කාල ද සැකෙවින් දැක්වෙන මෙහි දෙවැනි රාජසිංහයන්ගේ උත්පත්තිය, බාල කාලය හා කඩු කරලීම උත්තර්ෂවයෙන් වර්ණිතයි. වැල්ලවායේ හා ගන්නොරු තැන්නේ සටන්වලට මෙහි මුල් තැනක් ලැබේ. ප්රයතිකාලුන් පිටුදැකීම පිණිස ලන්දේසීන් ගෙන්වා ගැනීමට ගල්ටැඹුවෙ මැති යකඳරාවට යවන ලදි. මෙහි සඳහන් යකඳරාව එකල ලන්දේසීන්ගේ පෙර දිග බල මණ්ඩලය වූ ජාවා රටේ පිහිටි ජාකර්තාව විය හැකියි. ලන්දේසීහු ගාල්ලට පැමිණියහ. මෙයින් පසු ලන්දේසී, සිංහල යන බළ සේනා පරංගින් සතු ව පැවැති බළ කොටු එකින් එක පැහැර ගෙන කොළඹ කොටුව වට ලා සාර මසකින් එය නතු කළහ.

පදක, සමුද්ර ඝෝෂ යන වෘත්තයන්ගෙන් බඳනා ලද මෙහි භාෂාව හා ශෛලිය සරලය, පාණ්ඩිත්යයය විදහා දක්වන යෙදුම් ද දුලබය. එහෙත් කවියා තම අරමුණ මැනැවින් ඉටු කරයි. කොළඹ කොටුව අල්ලා ගන්නා ලද්දේ 1656 දීය. මේ කව ඒ ළඟ දී කැරිණැයි සිතීම යුක්තියුක්තය.

______________

යකදුරු හටන :[සංස්කරණය]

තොවිල් පවිල් කිරීම හා යකුන් ඇදහීම නිෂ්ඵල බව දක්වන උපහාස රචනයෙකි.

________________

වඩුග හටන :[සංස්කරණය]

හියු නෙවිල් මේ ග්රින්ථයත හඳුන්වන්නේ ඇහැලෙපොළ වර්ණවනාව යන නමිනි. ශ්රී වික්ර‍ම රාජසිංහ රජුගේ අමානුෂික ක්රිඋයා නිසා විපතට පත් සිංහලයින් ගලවා ගැනුම් වස් ඇහැලෙපොළ මහ නිළමේ ඉංග්රී‍සීන් හා එක් ව රජු ඇල්ලු සැටි මෙහි වස්තුවයි. ඇහැලෙපොළ පිළිබඳ ප්රහශස්තියක් ද මෙහි ඇතුළත්ය.

වැලිගල කවිසුන්දර මුදලි විසින් රචිත මෙහි කව් 217 කි. සිංහලේ රාජ්ය ය බ්රිගතාන්යදයන් සතු වීමෙන් පසු හා උඩරට මහ කැරැල්ල ඇරඹීමට පළමු (1818 – 1817) මෙය කරන ලද බව පෙනේ.


වෙද හටන :[සංස්කරණය]

මාතර සරණපාල තෙරුන් විසින් 1825 පමණේ දී රචිත කව් 105 කින් හා සින්දු 4 කින් යුත් මෙය රත්නාදි ගුළිය වණන අතර ම කලින් ගාස්තු ලබා නො ගැනීමෙන් වෙදැදුරකුට වූ හිරිහැර ද කියා පායි. උපහාසාත්මක විනෝද කාව්යනයෙකි.

බෝරුකක් කැපීම මුල් කොට කැරුණු බෝතුරු හටන ද මාතර සබ්බේ විදානේ විසින් හිත්තැටියේ දිසානායක සහබන්දු මුදලි තැන පිණවනු වස් රචිත කව් 45 කින් යුත් ශෘංගාර රසාත්මක සහබන්දු හටන ද අපේ හටන කාව්යාකවලියේ තවත් පුරුක් දෙකෙකි.

_______________


නියම හටන් කව්[සංස්කරණය]

ඉහත සඳහන් විස්තර අනු ව හටන යන වචනය යුඬය හෙවත් අවි ගැටුම, තරඟය, පොරය, දබරය, කෝලාහලය, විපත, වියවුල, හබය, පුවත, සිරිත, කල බලය, වර්ණ නය, හිරිහැරය ආදි අරුත් පැවසීම සඳහා යොදන ලද බව පෙනේ. එහෙත් වීර කාව්යර ප්රනභේදයක් වූ හටන් කාව්යර වශයෙන් ගිණිය යුත්තේ අවි ගැටුම්වලට මුල් තැන දුන් රචන පමණි. මෙසේ රාවණ, රජසිංහ, පරංගි, ගජබා, අංකොට, ඉංග්රී්සි, කුස්තන්තීනු, මහා යන හටන් පමණක් නියම හටන් කව් ගණයට වැටෙයි. අවි ගැටුමට තුඩු දුන් කරුණ හෙවත් නිමිත්ත, සේනාපතිවරු, සේනා සංවිධානය, මිග බස් හෙවත් වහසි, යු‍ඬෝපකරණ, ගමන් මාර්ග්ය, යු‍ඬෝපක්රගම, අවි ගැටුම, රණ ශූරත්වෝය, ප්රරතිඵලය, අ‍ඳෝනා, දඬුවම් හා සම්මාන නියම හටන් කවෙක ප්රගධාන ලක්ෂණයි. එතකුදු වුවත් ප්රූශස්ති හා ආශීර්වාමද අපේ හටන් කව්වල අනිවාර්ය අංගයක් ලෙස සැලකුණු බව පෙනේ. කාමභෝගී රජුන්, ඇමැතියන් ආදි ප්රඅධානයන් රවටා සිය සිතැගි ඉටු කර ගැනීමෙහි තත්පර වූවන්ගේ ආයුධයක් වූ විරහාලාපයනට ද ඇතැම් විට තැනක් ලැබුණි. මේ අංග මුල් තැන ගත්තේ වන්දිඅහට්ටයන් විසින් කැරුණු කාව්යැයන්හි යයි නිගමනය කිරීම යුක්ති යුක්තය. ______________

ප්ර_ශස්ති සහ හටන්[සංස්කරණය]

ඇතැමෙක් ප්ර_ශස්ති කාව්ය ද හටන් කාව්යන ලෙස සලකති. ප්රතශස්තිය නම් පැසසීමයි: ස්තුතියයි. ජයග්රයහණයක් ප්රිශස්තියකට අනවශ්ය‍ය. ශ්රිංුගාරය, ශ්රීකනාමය, ශ්රිංමගාරාලංකාරය, පවන, නරේන්ද්රරසිංහ ප්රශශස්ති, ශ්රී. වීර පරාක්රිම විරුදාවලි, පැරකුම්බා සිරිත වැනි ප්රයශස්ති කාව්ය,යන්හි අවි ගැටුම් ගැන සඳහන් වන්නේ ඉතා සුළු වශයෙනි: බොහෝ විට සන්දේශ වැනි අන්යය කාව්යමයන්හි මෙනි.

ප්රුශස්ති කාව්යබයන්හි සුවිශේෂ ලක්ෂණය නම් අනුප්රා්ස බහුල මධුර මනෝහර වාංමාලාවයි. අසන්නා රති මතින් පිණවන විරහාලාප ද ප්ර්ශස්ති කාව්ය යන්හි මුල් තැනක් ගනියි. උඩැක්කි, පන්තේරු, තාලම් පොට වැනි දේශීය තුර්ය භාණ්ඩ සහිත ව හෝ රහිත ව කවි දැක්වීම සඳහා ප්රාශස්ති කාව්යතයන්හි එන කව්, ගී, සින්දු වන්නම් ආදිය උපයෝගී කොට ගන්නා ලදි. මෙබඳු කවි දක්වන්නන්ගේ හා නාට්යෝ ශිල්පීන්ගේ භාවිතය සඳහා නොයෙක් ප්ර්ශස්ති, හටන් හා අන්යන කාව්යහයන් ගෙන් ගන්නා ලද කොටස් කිසිදු විශේෂයක් නොමැති ව එකට ම ලියන ලද පුස් කොළ පොත් දක්නා ලැබේ. මේ නිසා එක් එක් පොත වෙන් වෙන් වශයෙන් තෝරා බේරා නිශ්චය කිරීම ද උගහටය.


අපේ සංස්කරණය[සංස්කරණය]

පැරණි පොත් මුද්ර ණය සඳහා සකස් කරන ඇතැමෙක් තම ගුරු කුලයට නොගැළපෙන්නා වූ ද තමනට අවිෂය වන්නා වූ ද පද, යෙදුම් හා පාඨ තම ගුරු කුලයට ගැළපෙන සේ ද තමනට විෂය වන සේ ද වෙනස් කොට “අව්යඨක්ත ලේඛකයන්ට” දොස් කිසති. මෙයින් ඇතැම් විට පොතෙක භාෂා විලාසය හා රචනා ශෛලිය නැසෙයි: අතිව්ය ක්ත පැරණි පද, යෙදුම් හා පාඨ සදහට ම අතුරුදහන් වෙයි.

අප ගත් මඟ මීට ඉඳුරා වෙනස්ය. අපට ලබා ගත හැකි වූ පුස් කොළ පොත් කීපය සසඳා බලා පද, යෙදුම් හා පාඨ වෙනස් ව පැවති අවස්ථාවන්හි දී නිවැරදි යයි පැහැදිලි ව පෙනුණු පද, යෙදුම් හා පාඨ තෝරා ගතිමු. එහෙත් අපට අවිෂය වූ, අපේ පෙදෙස් නුවණ ඉක්මවා සිටි කිසිදු තැනක් වෙනස් නො කෙළෙමු.

මහනුවර සීමා සහිත ටී.බී. ඇස්. ගොඩමුන්නේ සහ පුත්රඅ සමාගම හටන් කව් එකතුවක් පළ කළ හොත් යහපතැයි අන්වන ලදින් අපි හටන් කව් ගැන විමසීමු. මුද්රි්ත හා අමුද්රිැත යන දෙගණයට ම අයිති පොත් තබා අමුද්රිසත හටන් කව් එකතුවක් පමණක් හෝ නියම හටන් කව් ලෙස අප විසින් සැලකෙන, අවි ගැටුම් වටා ගෙතුණු හටන් කව් එකතුවක් පමණක් හෝ වුව භාරදූර කාර්යයක් බව අපට පෙනුණු හෙයින් අප වෙත ඇති අමුද්රි ත හටන් කව් අතරෙන් ඉතා වැදගත් කෘති වන රජසිහ හටන සහ පරංගි හටන මෙසේ සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමට අදහස් කෙළෙමු.


මේ කාර්යයෙහි ලා තම පුස් කොළ පොත් අපට දීමෙන් අනුග්රපහ කළ අධිනීතිඥ වෝල්ටර් තල්ගොඩපිටිය මැතිතුමන්ට හා පී.බී. වික්රනමසිංහ මහතා‍ණන්ට ද මෙය මුද්ර ණචාරයෙන් ප්රීකාශ කිරීමෙහි ලා උනන්දුවෙන් ක්රිරයා කළ සීමා සහිත ටී.බී.ඇස්. ගොඩමුන්නේ සහ පුත්රෙ සමාගමේ අධ්ය්ක්ෂවරයකු වූ ඇම්. බී. පුස්සේගොඩ මහතාණන්ට ද අපගේ අවංක ස්තුතිය හිමි වේ.


ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න

1966 අගෝස්තු මස 7

"https://si.wikibooks.org/w/index.php?title=රජසිහ_හටන-ප්‍රස්තාවනාව&oldid=11477" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි