Jump to content

රජසිහ හටන-i

Wikibooks වෙතින්

රජසිහ හටන


දෙවැනි රාජසිංහයන්ගේ සංග්රා ම ශූරත්වනය, උපාය ඥානය හා තේජෝබල පරාක්ර මය මැනැවින් විදහා දක්වන රජසිහ හටන අපේ දීර්ඝතතම හටන් කවයි. සෙංකඩගල පුර වැණුමකින් ඇරැඹෙන මේ කව සෙනරත් රජු සහ ඇමති ගණයා, පරංගින් උඩරට ආක්රකමණය කොට බලනේ කොටුවක් බැඳීම, අගනුවර වැනසීම, රජු වැදි පත්තුවට පසුබැස යාම, කාව්ය නායකයාගේ උත්පත්තිය, පරංගින් උඩරට හැර යාම, කාව්යා නායකයාගේ බාල කාලය හා ශිල්ප ශාස්ත්රෝතද්ග්රයහණය, රට බෙදා දීම, කුස්තන්තීනු ද සා අඹතැන්නට ඒම හා පෙරළා යාම, ඌවට පැමිණීම, සිංහල සෙනඟ සතුරා ලුහුබැඳ යාම, සිංහලයන්ගේ වහසි බස්, අවි ගැටුම, සිංහල සේනාපතීන්ගේ සංග්රාුම කෞශල්ය ය, පරංගි සංහාරය, කොළඹ වටලීම, මැණික්කඩවර යටත් කිරීම, දෙපක්ෂය සන්තානයකට එළඹීම, කාව්ය නායකයාගේ දක්ෂකම්, ශ්රීද නාමය හෙවත් රාජසිංහ යන නාමය කාව්ය නායකයාට ආරෝපණය කිරීම, සෙනරත් රජුගේ මරණය, දියගු ද මෙලෝ යුද පිණිස උඩරටට පැමිණීම, සිංහල සේනා සංවිධානය, සිංහලයින්ගේ මිග බස්, ගන්නොරුවේ සටන, පරංගි සංහාරය, තාන්න මාන්න දීම, ලන්දේසීන් මෙරටට පැමිණීම, රාජසිංහ ප්රංශස්ති යන කරුණු පිළිවෙළින් ඉදිරිපත් කරයි. රාජසිංහයන්ගේ වීර ක්රිපයා මහත් අභිරුචියකින් හා උත්කර්ෂියෙන් වර්ණමනා කරන කවියා දේශීය උපමා උපයෝගී කොට ගනියි. හෙළයට නුහුරු විදෙස් වදන් හික්මවීමෙහි ලා මෙහි කතුවරයා දක්වන්නේ සුවිශේෂ කුශලතාවෙකි.

කර්තෘව නාමය අනිර්දිෂ්ටයි. කව් නළු රස දත් රාජසිංහයන්ගේ රාජ සභාව ඌවේ කුඩා මොහොට්ටාල, බිම්තැන්නේ හිමි, වේවැල්දෙණියේ මොහොට්ටාල, බුන්නපාණ ඒකනායක රාළ, මලවරැන්නැහැ, ගණේශ්වර දේවාලයේ බ්රාොහ්මණ රාළ ආදි පඬිවරයින්ගෙන් ශෝභමාන වී යයි ද ඔවුහු උනුනුන් පරයා ප්ර ශස්ති, හටන් ආදී කාව්යු කරණයෙහි නියුක්ත වූහ යි ද ශ්රෑභයමාණයි. එහෙයින් රජසිහ සිරිත, රාජසිංහ විරුදාවලි, රාජසිංහ ප්රිශස්ති, රාජසිංහ වර්ණනා, රාජසිංහ විරිදු, රාජසිංහ ස්තුති, රාජසිංහ හටන, රාජසිංහ වර්ණ,නාව ආදි නම් වලින් ප්ර්කට ග්රින්ථ රාශියක් එකල පහළ විය. මෙයින් වැඩි කොටසක් තවමත් අමුද්රිවතය. එක් රචනයෙක කව්, ගී, වන්නම් ආදිය අනෙකකට මාරු වීම නිසා වෙන් කොට ගැනීම ද දුෂ්කරය.

මේ ග්රකන්ථය රචිත සමයෙහි ව්ය වහාරයෙහි පැවැති මුත් මෙකල අභාවයට පත් ව ඇති වචන හා යෙදුම් රැසෙක් ද මෙහි දක්නා ලැබේ. අට්ටම (අංශය), උසවුකර (එක්කොට), නෙරුක්කර (පීඩා කොට), අබිරම් (නිර්භීත), එද (ඒ දවසෙහි), තරම් (හිස්), අන්දායම් (වාඩි), තුල්වාරම් (අහංකාර), ගනිච්චියක් (වැටහීමක්), පුරම්පේසි (උඩඟු), කරළ (නපුරු), තන්තිරම (හිරිහැරය), උඩුප්පු (කෝපය), කොල්ලමාඩ කකා (පැහැර ගනිමින්), සරට්ටු (ඉක්මන්), උල්පට්ටුව (දැන ගෙන), හා උරුක්කර (අමෝරා) ඉන් සමහරකි.

මේ කවේ තවත් විශේෂ ලක්ෂණයක් නම් සිංහල සේනාපතීන් නම් වශ‍ෙයන් සඳහන් කිරීමයි. ඉංග්රීසසි හටන කතුවරයා ද මේ මඟ ම ගත්තේය. සේනාපතීන් අතර අප්පුහාමිල්ලා බොහෝ දෙනෙක් වූහ. සිංහලේ සමයෙහි හැතපෙන ගේ, අතපත්තු, රන් ආවුද මණ්ඩපේ යන මුර පොළවල සේවය කළ රාජ පුරුෂයෝ අප්පුහාමි යන නමින් ද දුක්ගන්නා නිළමේ යන නමින් ද දන්නා ලදහ. කලෙක 144 දෙනෙක් වූහ. මොවුන් තෝරා ගන්නා ලද්දේ රාජපාක්ෂික වැදගත් පවුල්වලිනි. රටේ මහත්මයා, දිසාවේ ආදි උසස් තනතුරුවලට මඟ පෑදුණු හෙයින් අප්පුහාමි තනතුර බෙහෙවින් අපේක්ෂිත විය. මොවුහු අන් කිසි රාජකාරියක් නොකොට තම ගම බිම බුත්ති වින්දෝය. එක් එක් අප්පුහාමි වෙනුවෙන් ගමක් ද මිනිහෙක් ද වෙන් කරන ලදි.

ලන්දේසීන් අප රටට පැමිණියේ 1637 දීය. එහෙයින් මේ කව ඒ ළඟදී ම රචිත යයි සැලකිය හැකියි.


රජසිහ හටන


1 සිරිමත් විමන් සො ඳ සැදි පහ පෙළින් මනන ඳ විසිතුරු බෝ මළු ඳ පවති පමණක් නො වී පුර මැ ඳ


2 එපුර සුවි සාලා වෙළඳුන් විමන් සාලා සිරින් සුවි සාලා වේය දුටුවන් සිත් තො සාලා


3 මද දොළ සිලිල් යු ත් මහත් කඳු ගිරි රඟිනු ත් වලා පෙළ සිරි ග ත් සැදුණු නෙක ඇත් අස් පන්ති වෙ ත්


4 දිලෙන පා තෙමහ ල් තුළ සිට කෙළින ළඳ ක ල් සුර සිදුනා එක ල් වැන්න දුටු දුටුවන්ට හැම ක ල්


5 මුනි සසුන් දම් සො ඳ රඳනා සිතින් හැම ස ඳ මැවු වැනි සක්සර ඳ මහත් බළ සෙන් සිටිති එහි බ ඳ


6 සිහිලඹ රළ රැ ලී සසලන නො වි පැකි ලී ගඟ මහ යුත් වැ ලී පැළඳි හරි ගෙළ මුතු හරෙව් දි ලී


7 ගන රන් කොත් සපි රු විසල් වාසල් කඳවු රු නොවනා රඟ අතු රු දිලෙයි රජ මාලිගා විසිතු රු

8 නිති සිහලඹින් කය සැපත් කරවන නිසැ කය දුටොත් දියතිල කය අනවතත් විල සිතට සැල කය

9 මිණි කිකිණි මුතු ලැ ල් ලෙලෙන රන් දද පැහැදු ල් දළදා ගෙය තුමු ල් දිලෙයි මහ බඹ පාය එක තු ල්

10 අසුර සෙන් තර මින් නිපුණ අවි සිප් සර මින් යුදයට සිත පෙ මින් සිටිති බළ සෙන් එපුර සර මින්

11 එපුරෙහි සිරි අන ත පවසනු එයින් නොසම ත කියතොත් මහ අන ත මිසක් පවසනු කවුරු තෙදිය ත

12 එපුරෙහි බල මහ ත් සෙනඟ සමඟින් සිරිම ත් දියනෙත් කුල දිමු ත් සුහද නරවර තුමන් සහ ප ත්

13 යාලේගොඩ උතු ම් මහ මැතිඳු සහ එතර ම් උනම්බුවෙ මනර ම් තෙන්නකොන් මහ මැතිඳු පැරකු ම්


14 වලගම හිමි ම නා චන්ද්රොසේකර මැති නා වලල්ගම සොබ නා විජයකොන් මහ මැති විජය නා

15 වූ හිමි අලුවෙහෙ ර මුදලිඳු වනිගසේක ර ලත් ජය සිරි නිතො ර උතුම් මොලගොඩ මැතිඳු සිරිබ ර

16 වෙනු මෙන් විකුම් ඇ ති පවර කුරුවිට මහ මැ ති වෙපසිත් මෙන් බලැ ති මහත්මාතොට මන්ත්‍රි අදිප ති

17 ජයසිරි නිති වොරැ ඳු මහත් සෙනෙරත් මුදලි ඳු කළ රුපු රණ පුරු ඳු උතුම් එකුරුප්පු නම් මැති ස ඳු

18 මෙමැති සෙන් පිරිව ර තුරු මැද සුපුන් සඳ යූ ර සෙනෙරත් නර පව ර යෙහෙන් රජ කරන සඳ එනුව ර

19 සෙනඟ ප්ර තිකා ලේ උදක් තදබල ලී ලේ කොළඹට ම ආ ලේ වසත සෙන් සමඟින් ‍නිකෝ ලේ

20 සිදාදියෙ නොයෙකු න් අය සහ කරමිනුසවු ත් මහත් බල විසුරෙ ත් සමඟ සිමන් කුරේ සිරිම ත්


21 යුදට සිතු අ රයා කළ සෙනඟ ගෙන ත රයා කැර විකුම් ති රයා ගනිමු උඩරට මෙගිය ව රයා

22 කියා වාසී සො ඳ ගොසින් බලනේ කොටු බැ ඳ බොහෝ කරමින් යු ඳ ඇවිද සිර අල්ලවා රට මැ ඳ

23 විහිදි ගණ කෝවි ල් සඟ පන්ති මාලිගව ල් දළදා ගෙය විපු ල් සමඟ වනසා ගසා ගිනි දැ ල්

24 අඹ රඹ පනා තු රු පූග නාලිය පොල් තු රු කපා සෙද නොවතු රු පැපෑ බුජ බල විකුම් බව සු රු

25 එළ ගව මී සර ක් මරා මස් බුදිමින් නෙ ක් රකුසන් වන් තැන ක් ලෙසට වැද කැර නොයෙක් සිතුව ක්

26 සෙබළුන් සහ ළත ර සැඩි දෙමළ සෙන් පුවත ර ගොඩ බැස විත් නොහැ ර නැසූ විලසින් පෙර අනුරපු ර

27 එරුපු කැර ගැ ට්ටුව නිළලනු බැරි ව ඔ ට්ටුව යුදෙහි එදනො ට්ටුව විසුම් නොහැකි ව නුවර කි ට්ටුව


28 ලක හිමි රජවලි ත් රන් රුවන් සළුබරණ ත් දැසි දසුන් හසුනු ත් සමඟ ගෙන නන් මුදල් පෙට්ටි ත්

29 සෙනෙවිරත් එම ර ද තෙද පින් පිරිහි බව සෙ ද දැක නැණැසින් පැහැ ද ලසේ වැදි පත්තුවට වැඩි ස ඳ

30 රුදු පරංගි න්නේ වෙහෙස විඳ එරගි න්නේ ඉටි සෙ ලු ගි න්නේ තැවී තැවී ඉඳ සිත් නොමි න්නේ

31 උඩ පාත රට කැ ත් වලි ලෙව් සසුන් අග ප ත් රට රැකුමට නිව ත් නොයෙක් සෙන් සිත් දුකින් බලව ත්

32 සක් බඹ සුරන්හ ට කෙළෙන් ආරාදන සි ට එසුර වරමින් ඉ ට ඉතා තෙද බලවත් ව විකුම ට

33 සැඬි දෙමළ රුපු කැ ල පහ කරන මෙන් නොපැකි ල මහගම් පුර පුව ළ ගැමුණු රජ රිවි පහමිනෙව දු ල

34 මහ සම්මත පව ර මනු රජ ගොතින් මනහ ර රජ කළ අනුරපු ර පැවැති මහ වංසයෙන් කඳයු ර


35 උබය කුල සු ද්දේ පුරවර දේවමැ ද්දේ වැඩුම් සිරි ල ද්දේ බිසෝ කප් ලියගෙහි පසි ද්දේ

36 ගත් නිසි අමා පෙ ළ සෙත් සිරි ළකල සුවිපු ල කිත් තෙදණින් අතු ල නිත්ත හිමි වූ මෙතුන් සිංහ ල

37 සිරි ලකට පරසි දු පළමුවෙන් වැඩි මුනි ස ඳු මහියංගණ නමු දු තැනෙහි රවි වංසයෙන් පිරිසු දු

38 පැවත ගෙන එන සො ඳ මහරජතුමා මනන ඳ ලොවට සිතුමිණ ලෙ ඳ ‍පහළ වූ රඟ ඇසු එම ස ඳ

39 නැකත් නිළ අදීප තී දියකෙළානාවල එමහ මැ තී ගෙන්වා වෙත කැමැ තී බලව ජාතකයේ ගතාග තී

40 සෙනෙරත් රජ පව ර වදාළෙන් ඒ තොරතු ර එමැතිඳු මනෝහ ර ගහන් සිටි රැස් යෝග එම ව ර

41 වැද දෝ සිල්ප සි ඳු බලා නියමින් මොහොතු දු දිවස් දුටු සෙයිනු දු පිනැති කල මහිම දැක පිරිස දු


42 වවමින් රජද හන් යස පිරි ස‍ඳෙව් නොස හන් විකුමෙන් නතය හන් සදිසි බල පෑ සිතින් එප හන්

43 ත්රිසසිංහලය ම එ ක සත් කැර ලෙව් සසුන් රෑ ක නසමින් රුපු නොයෙ ක දීප සක්විති වන්ඩ නිරි‍ඳෙ ක

44 කියා සැල කළ බ ස් අසා මහ රජ සහතො ස් උදා ගුණ සොමි ලෙ ස් එදා දෙවි සම්මාන අදහ ස්

45 එකල ලොව සුජනි ත වුණු මහ නිරිඳු පිනිනි ත නොහැර සිටි රුපු ස ත ගියෝ බලනේ කොටුව හැර සි ත

46 එපමණින් උඩ ර ට සමන්වා ගෙන නොලස ට වවා ගම් රට තො ට වැඩුම් කැර ලෙව් සසුන් මොනව ට

47 දෙව් බුත් විමාන ත් උතුම් මහ සඟ පන්ති ත් ඉලංගම් සතර ත් දියුණු කරවා නොයෙක් විදි ත්

48 එපුර සක් පුර සේ උතුම් කරවා නොල සේ පළ කරමින් ය සේ තිනෙත් කිරි සිඳු තරඟ විල සේ


49 සුගත් බැව් කර පෙ ම් සෙනෙරත් මහ නිරිඳු තු ම් විලස දස රජ ද ම් උතුම් සව් සිරි විඳිත එතර ම්

50 කග පලගෙහි උතු ම් සරම ද චිත්රප අබිර ම් සහදෙව් පරසුර ම් තරම් වැඩියෙන් ඉගෙන මනර ම්

51 මහ සත් සිඳු නොහැ ර කිමිද පීනා දුටු තෙ ර උතුම් නෙක ගුරුව ර තුමන් ගෙන්වා කැරවුමෙන් ස ර

52 දෙමළ සිංහලකු රු සකු මගද නාගරකු රු සහ ප්‍රතිකල් අකු රු ඉගෙන නොයෙකුත් අකුරු විසිතු රු

53 විජය සිරි ආ සා කරමින් වෙත නිවා සා රටින් රට‍ පා සා ඉගෙන ලොව නොයෙකුත් විබා සා

54 නොහැර විදු දසට ත් සමඟ සිවු සැට සතර ත් ඉගෙන සරසවි ව ත් නිවෙස් කරවා සිතින් යහප ත්

55 රන් සඳහසිනුදු ල සය නෙරළු වියළුණු ප ල එක වර විසි ක ළ ස‍ඳෙහි වෙද ලොව ඇඳු වේ බ ල


56 වැඩිය දෝනැදුරු ත් ඉගෙන නෙක දනු සිල්ප ත් පරයවමින් සව ත් පුරුදු කර ලංසවිය සරම ත්

57 චිත්රව වෙඬි විකුමු ත් අග්රද සොටි කස්තාන ත් කොත් අවි පටහල ත් හස්ත සිරි පුරුදු කැර බලව ත්

58 යසින් ලොව පසි ඳුව සොඳින් වෙත කැර සිරි ඳුව ගැඹර ගුණ මුහු දුව නොහැර අවි සිප් දසට පුරු දුව

59 සඳදෙව් නකුල කැ ත් විලසින් ඉතා බලව ත් විකුමට වෙමින් සි ත් පුරුදු කැර ගජ තුරඟ නැඟුමු ත්

60 සහෝදර බුවිසු රු දෙකට්ටුව සමඟින් සු රු අප්පුහාමිව රු ගොල්ලකුත් පිරිවර සදා ග රු

61 කුමර කෙළි කෙළිමි න වැඩි විය පැමිණ එන දි න රන් කඩු බැඳ සොඳි න මහත් රජ සිරි විඳින විලසි න

62 මහා මහ නරව ර නොයෙක් මැති සෙන් එක ව ර ගෙන්වා උසවු කැ ර සොඳින් කරුණා වඩා සිරිස ර


63 ඌව තුන්කිඳ ර ට කුමරසිහ මහ නිරිඳු ට දෙවා සෙන් සහතු ට වැඩම කරවා උතුම් විලස ට

64 එලෙස කරුණා කො ට මහ සෙනඟ සහ එම වි ට මාතලෙ කෝන ර ට දෙවා එවිජයපාල නිරිඳු ට

65 බෙදා දී මෙලෙ සේ සමන්වා රට එක සේ රන් කඩු බැඳ තො සේ සොඳින් රජ සිරි විඳින දව සේ

66 ඉ ඳු රා සෙනෙරත් මහ රජු සමගි න ස පු රා කුස්තන්තීනු ද සා ය න ජ න රා ල් වුණු සන්තානය බිඳිමි න නොහැරා යුදයට අබිමන් කරමි න

67 නිරි‍ඳෙ ක් මා යන ඉදිරියෙ සිට ලා වි ග ස ක් යුදයට පෙනුණොත් එක ලා දොළසක් අසරඹි බෙර දෙමි ගැණ ලා සැ කයක් නො ව මෙලෙසින් මිග තෙප ලා

68 සතර දිසාවෙහි බළ සෙන් සමඟි න ළතර පුරුදුකානුන් කට්ටුව ගෙ න අතර පමාවක් නො ව ගොස් විගසි න එතර වාඩි අඹතැන්නේ ලු තැ න

69 ග වු වේ බිම දස අට දවසක් කැ ර කැ වු වේ මෙන් ඇවිදුවවා එහි කු ර ලැ වු‍ වේ ගිනි මෙන් රුපුනද බිය ක ර සෙ වු වේ යන ලෙස ඉඩමක් නොම හැ ර


70 ව ඩි මි න් මහ රජ සහ තුන් ක ට්ටුව බළ සෙන් ගෙන වාඩිත් ලා කි ට්ටුව සරොසින් ගිය එපරංගාන් ක ට්ටුව එ තැනින් තැන කපමින් කැර කෙ ට්ටුව

71 අඩි ය ක් වත් ඉස්සර නො ම වන සේ වැඩියක් යුද කරමින් නො ව කම සේ සැඩියක් මෙන් කැපු රුපු කඳ නොම සේ සැඬියක් හට දුන් වැනි බිලි සිත සේ

72 රුපු සෙන් එළවා තැන තැන බී න්දා කැපුවෙන් එපරංගින් මන් සි න්දා ඉ තිකි න් යුදයට බලය කොයි න්දා කි යමි න් සෙනඟට බස් ලැබ නි න්දා

73 ක ළ වි රිය ඇත මෙපමණ සිට ලා ගැ ල වි ගියහොත් යෙහෙකැයි තෙප ලා සැ ල වී නම් යා නො ම දෙති රැක ලා ලොලවී තම පණ විලි වැද එක ලා

74 දැ ක් ම නො වි රුපු සෙනඟට එවැ නී ලැක් ම සිතින් අතරක නොසිටිමි නී වි ක් ම නොපෑ සිත අට ගත් බියෙ නී නික් ම ඇවිත් සෙද බොක්කාවලි නී

75 ද යා සිත් ව යුදයට මිග නොල සා කියා නික්ම කුස්තන්තීනු ද සා අ යා ප ත්ව තම සෙනඟත් වන සා බ යා ප ත්ව විඳිමින් තද වෙහෙ සා

76 මෙලෙසේ සේනාවේ බල විකුමු ත් එ ලෙ සේ මහ නිරිඳුගෙ පින් මහිම ත් වෙසෙසේ වුණු මේ තතු මම දනිතො ත් ස රො සේ කර යුදයට නො කරමි සි ත්


77 කි ය මි න් මෙතෙපුල් සංසල වෙමි නේ නොමඳින් වෙහෙස ව සිත තද දුකි නේ මු ණ පි න් දැක මහ නිරිඳුගෙ එදි නේ යු ද යෙ න් පැරදුණි විත් ඒ ගම නේ

78 රු පු න් එදින යුදයෙන් කළ නිසරු ත් ත ම න් කියා ගෙන ගිය මිග විරිදු ත් ගොසින් දෙවනු තව නිළ ලමි යන සි ත් සි ති න් සිතා වඩමින් දැලි රැවුළු ත්

79 දි සා සතර බළ සෙන් සහ සක සා වි සා ර ද ව කුස්තන්තීහු ද සා උ සා වි ක ර කප්පිත්තන් නා සා එ සා සික ව යුදයට යන විල සා

80 එ පු ර කොළඹ කප්පිත්තන් සහ න ඳ ස ත ර කසාදු ද සොල්දාදුවනු ද කුවෙර පුරෙන් නික්මුණු යක් සෙන් ලෙ ද ස ම ර ලොබින් මල්වානට ගොස් වැ ද

81 බ ඳිමි න් ජය කොඩි නෙක රණ විරිදු ත් බෙදමින් ලංසවි දුනු හී වෙඬිලු ත් දෙවමින් ගම් බිම් තනතුරු මාල ත් සද මි න් පෙර පසු මුණ යන සෙනඟ ත්

82 සොල්දා දුවනුත් එක්කර එම සේ ප හ දා කප්පිත්තන් සිත් නොල සේ එ බෙ දා දී පඩි වෙට්ටං නෙක සේ ස මු දා වත් කරමින් සිත ‍සතො සේ

83 ස ක් සිඳු සත් ගිර වෙරඹින් එක ව ර නි ක් ම උදක් ගොඩ ගත් ගමනක් යු ර දි ක් ගිරි හිස් තුරු හිස් දෙදෙරණත ර නෙක් තුරු ගොස් කරවා රණ සිරිස ර


84 ග ස න එසෙණ සුවහස් ගණනක් මෙ න ත බ න වෙඩිලි ගොස පමණක් නොවමි න ලෙලෙන විරිදු කොඩි කුඩ නෙක සමගි න නො මින එදෝලා අන්දෝරුත් ගෙ න

85 කූ ඩු වෙලා නොයෙකුත් සෙන් සහතු ට වා ඩී ලලා ගොස් ඉඩමෙන් ඉඩම් ට පා ඩු බලා කන්දෙන් යන අතර ට නා ඩු වෙලා නොම සිටියෝ යුදය ට

86 ර කු ස න් පිරිවර ගනිමින් දසසි ර සරොසින් යුදයට ගිය ගමනක් යු ර විකුමෙන් කුස්තන්තීනු ද සා වැ ර බළ සෙන් සහ ඌවට ගොස් වන් ව ර

87 එරුපු සෙන් යුදය ට ඇතුළු වූ රඟ එම වී ට සෙබළෙක් නියම කො ට බලා ගොස් සැල කෙළේ නිරිඳු ට

88 විමසා එපවත ත් සෙනෙරත් මහා නිරිඳු ත් උසවු කැර නැණව ත් මන්ත්රිරවරු සමගින් පදානි ත්

89 යුදට යන ගම නේ ඇත්තේ ඇසළ දෙදි නේ වඩිනු නැකතකි නේ කියා සැල කළ ස‍ඳෙහි එදි නේ

90 පැහැද මහ රජතු ම පමා වුව අද මෙතන ම ගැලව යෙති රුපු හැ ම කියා කරුණාකර මනෝර ම


91 ඇසළ අව එකොළො ස් වක් ලත් දිනිඳු එදව ස් පුවපල් ගුණ වෙසෙ ස් නැකත නියමින් බලා තතු ලෙ ස්

92 කුමර කෙළියෙහි තු රු පිරිවැරූ නිසයුරු යු රු අප්පුහාමි ව රු සමඟ නයිදේසාමීවරු ග රු

93 ගජ සෙනඟක් සිටී න තැනකට ඉතා නිසැකි න සිහ පිරිවර රැගෙ න නිකුත් කේසර සිහ රජකු මෙ න

94 එපිරිවර සම ඟින් රැගෙන එපුරෙන් සම ඟින් විජය සිරි සම ඟින් නික්ම වැඩ මහ නිරිඳු එම ඟින්

95 නුවර හඟුරන්කෙ ත වාඩි ලු සඳ ලංකි ත යසැති අකලංකි ත මන්ත්රිකවරු බළ සෙනඟ රංජි ත

96 නිරිඳු වැඬි ප ස්සේ සිටිනු ව නො වෙයි නි ස්සේ කියා පසු ප ස්සේ නික්ම ගොස් පාරට නොල ස්සේ

97 මීග විරිදු කියිමි න තම තම බළ සෙනඟ ගෙ න යුදට සිතරයමි න එක් වූ සුවහස් සෙනඟ සමඟි න


98 සහෝදර වූ සො ඳ රජ දෙකට්ටුව ‍මනන ඳ බළ සෙන් සහ නොම ඳ නික්ම පහරට වැඩම වූ ස ඳ

99 මකන ලෙස රණවූ ල් විකුමෙන් ඉතා බලතු ල් ගැනු‍මට විජය ක ල් වාඩි ලා එද ඔයෙහි බෙලිහු ල්

100 නික්ම ගොස් එයි නා ඔයෙහි අස හල්ගර නා වාඩි ලා එදි නා බලා ලේකම් රැගෙන සොඳි නා

"https://si.wikibooks.org/w/index.php?title=රජසිහ_හටන-i&oldid=4467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි