රණ හංස මාලය
රණ හංස මාලය.
[සංස්කරණය]
1 සොඳ බුදු සමය වෙත සුපැහැද වන රම න
සු ග ති ඳු දහම සඟ යන නැමැද තෙරුව න
ප රි සි ඳු ලොකුස යසසැති මුරුගණ බෙලෙ න
නැණබඳු කෙරෙමී රණ හස මාලය රිසි න
2 නි ස න් සලව ඉන්නා කල ලීලේ
ද ස න් දිලෙන අඟනන් හට ආලේ
ව සන් නොකර පවසමි කර ලෝලේ
අ ස න් න නිසියුර රණ හස මාලේ
3. සොඳයි මෙනුඹ ඇති කළ මව් පියො ල ම
මු ද යි වරල අවුලැර අත දිගට ම
ද ද යි වියෝ ගින්නෙන් උන්ගේ ලැ ම
අ ද යි! නුඹගෙ රුව දුටුවේ හොදට ම
4 තැ නි න් තැනට ගොස් විමසා ඇඬුවෙ මි
ක නි න් ඇසූ පමණට ලොබ බැන්දෙ මි
වෙ නින් කවුරු කීවත් මම නාස මි
ග මි න් යතත් ලියෙ නුඹ අත් නාරි මි
5 ම ති න් එක්ව කල් බැඳ දවසැරි යෙ මි
සි ති න් සිතා වියොදුක් ඉසුලු වෙ මි
වෙතින් නොයන උපමාවක් කීවෙ මී
ඉ ති න් ලියේ මම නොතකා ඇර පි මී
6 මො ණ ර බැල්ම සේ බලනා අන්දම
නි ම ල පයෝදර ලෙල දෙන අන්දම
ස ර ණ වෙමින් මද රජ කළ අන්දම
කෙ ලෙ ස කියම්දෝ නොදනේ අන්දම
7 සු බා රුවින රන් පලයක් විලස ට
අ ඹා තිබුණු බලියක් මෙන් සඟ තු ට
බ ඹා තොසිත අරගෙන සුරඟන ත ට
නු ඹා එවු අඟණක් මෙනි ලෝකෙ ට
2 රණ හංස මාලය
8 ත රු ණ වයස ඇති කල අඟණු න්නේ
දෙ ර ණ වටින අය විලස පෙණෙ න්නේ
ත රු ණ වයස එයි ඉතින් බොල න්නේ
ප ර ණ අයගෙ සැටිවත් නොපෙණෙ න්නේ
9 වැ ව ක් බැඳපු කල එතිර බිඳෙ න්නේ
ක ල ක් පිරුණු සඳ වැව ගොඩ වෙ න්නේ
වැ ල ක් මුඳුන ඇති පිනිබිඳු වැ න්නේ
රු ව ක් එකම ලෙස නොතීබෙ බොල න්නේ
10 රොසා ව ගිය තෙක් අපගේ පිය හි මි
වි සා ර මත් ඇතිවම දව සැරි යෙ මි
ල සා උනොත් මම නොරඳා රෑ එ මි
අ සා ර උඹෙ ගති දැකලා හිට පි මි
11 පී න පයෝදර රණ හස ලී ලේ
පා න වැනීය අඳුරට සැම වේ ලේ
මූ න මලෙන් ගවසා කොඳ ලී ලේ
යා න ඉදිමි ලසොවින් හැම වේ ලේ
12 ප න් දු විලස ඇති පියයුරු මඩින වි ට
ප න් ද ම ගිනිසෙ දනවා මගෙ කුසේ ය ට
කැ න් දු වොතින් පේමයෙන් මදරද යුද ට
නි න් ද දෙමිය නොකරමි හිරිහැර නුඹ ට
13 බැ න් දු වරල සිකි පිල් වැනි නිසි සේ
ප න් දු දෙකත් සරි පියයුරු යස සේ
බි න් දු ලැමද ගෝමර රන් පෙති සේ
ල න්දු මෙනුඹ ඇර වෑවෙමි කෙලෙ සේ
14 පේනු කරන සොද තන වැනි හස පැ ටිය
වා නු බැරිව දුක් වෙයි තරුණන් කැ ටිය
වේනු ලිය විලස යුත්වු රුවකැ ටිය
නානු ගගා සිරිකත මුළු ලොව ව ටිය
15 දි ලෙ යි උවන පුන්සඳ මඬල ක්සේ
ලෙ ලෙ යි පයෝදර සපු කැකුල ක්සේ
ඇ ලෙ යි මසිත තුටුවන ලවන ක්සේ
තැ ලෙ යි නුඹේ වත තඹුරු මල ක්සේ
රණ හංස මාලය 3
16 ව නේ වසන කිඳුරගනන් විලස ට
ප නේ පනසෙ සැප විඳලා උන් ම ට
සෙ නේ ඇතොත් ලඳලියෙ නුඹ මා හ ට
වෙ නේ සිතක් නොසිතන් දිවි හිමි කො ට
17 උ ව න් සඳසේ බැම දෙක දේ දුනු සේ
නු ව න් නිලැති ඉඳුවර මල් පෙති සේ
ස ව න් ඔවීලි යුර දිසිරන් රස සේ
මෙවන් මෙනුඹ ඇර වෑවෙමි කෙලෙ සේ
18 ව ත සිරි දැරු පුන් සඳ වැනි අහ සේ
ඉ ත සොඳ පියයුරු රණ හස පැටි සේ
ව ත ඉඟ කුනු නැති සිරි තල පත සේ
නැත කොතනත් රුව ඇතිලිය නුඹ සේ
19. තොසේ වෙමින් යහනක සැත පීලා
බ සේ රසින් දී සිට සැන සීලා
ඇ සේ නින්ද නැත නුඹ දුක් දීලා
කෙ සේ යම් ද හිමිහට සැග වීලා
20 ව සා උවන් සඳ මඩලක් විලස ට
ල සා ම දොර සිටලා ගියදෝ ගෙ ට
මු සා වාද නොකියන් දිවි හිමි කො ට
තො සා වේය නුඹ දැක්කොත් මාහ ට
21 රුවින් දෙතොල බඳුවද පෙති විලස ට
උවන් දිලෙයි සොඳ සර සඳ තර ම ට
නුවන් සුමුදු නිලුපුල් වැනි හැම වි ට
බලන් මුවා නොව ලියෙ සිතු විලස ට
22 කන්ද ලෙසට සෙනෙහස මන බැන්දු
අන්ද ම කට දිඟු වරලස බැන්දූ
චන්ද කොකුම් පිනිදිය ගත රැන්ඳු
මන්ද කතා නොකළේ පිය ලන්දු
23 කොඳේ කැකුලුවන් දත්රැස දිලී සේ
බ ඳේ දෙ බැම මදරඳ දුනු මිට සේ
වි ඳේ සැපත් ඉඳලා එක පන සේ
ල ඳේ මෙ නුඹ ඇර වැවෙනු කෙලෙ සේ
4 රණ හංස මාලය
24 නු රා කරන නුඹෙ රුසිරු බැල් ම ට
ගි රා තුඩසෙ හෙබි නාසය හැම වි ට
ත රා සයෙන් සැප විඳිමින් වස න ට
සොරා වරෙන් අපගේ වත් නිව ස ට
25 සොඳින් යහන වැස නැගිට ඉ බේයා
ම ඳි න් මත්ව මෙන් සැපෙහි ලො බේයා
බ ඳි න් පටිය නැති මාව නු බේයා
ත ඳි න් නොබැඳ අහො ලැම ද එ බේයා
26 දි දී මියුරු බස් විසු නොව ල සිනේ
ලැ දී එපෙර කම් පලදුනි ය සිනේ
බැ ඳී වෙනත් හිමි නැත මට ස සිනේ
ක දී ම මයි අත් හැරියොත් රි සීනේ
27 උපා නැණින් හිමි අප වෙන් කර සැක
එපා කියා අගනන් සැම කර සැක
අපා ඇතැරියෙන් නොවිමස කර සැක
විපා ක දුනී නිසි ලෙස නොම කර සැක
28 ර න් ව න් හිමි සමගින් සොඳ යහ න ත
මන්මෙන් පෙර සිට වීසුවෙමි යහ ප ත
දැන් දැ න් හිමිනොම එනුවෙන් අප වෙ ත
ය න් ත ම් වත් සැප කිසිත් මතක නැ ත
29 ම ගා වියත බබලන සර කල සඳ
ර ඟා යුගත රිවි ගිම දෙයි හැම සඳ
ල ඟා නූවොත් මෙඳුකට මගෙ හිමි සඳ
ව ගා වෙතෙයි නොසිතන් අහො මෙම සඳ
30 ල ක ලු කුමුදු පෙති අතුල යහන පි ට
තු රු ලු වෙලා හිමි සමග වසන වි ට
කැකැලු දනීන සපතිය කළ වර ද ට
නැබුලු මෙදුක් දෙනවා හරිදෝ ම ට
31 ස ර ත් සඳසෙ වත සිඹ නොවලා ගේ
සි රි ත් ලෙසට විඳිනට සම් බෝ ගේ
වෙනත් සලෙලු ලොව නැතුවා වා ෙග්
ම ට ත් කිමෙක හිමිදෙනු මෙ වියෝ ගේ
රණ හංස මාලය 5
32 ය ස ලෙ ස බබලන මී මැසි පිය ක ර
නොවල ස මල් පැනි බොන ලෙස තොසක ර
ති ර ලෙ ස සැපයෙන සිතුසෙ දවස් ඇ ර
එ න ලෙස කියනෙමි ඉරු දින දුක හැ ර
33 හි මි වෙ න් උවතෙත් දුර දිග නොබ ලා
ස ඳ කැ න් මදනල නොලැබෙය නීම ලා
මෙ දු කින් පසුවෙන අප සිහි කර ලා
ඇ වි දි න් යන්නට එනවද නුඹ ලා
34 අ වෙ නි සිතක් නොසිතන් හැම වා රය
සු වෙ නි සොඳසෙ විසුවෙමි අත් නෑ රය
මෙ වැනි අපට හිමි කරන අසා රය
දෙ වෙනි බසක් ඇතුවා තිර සා රය
35. දි ග ස කි වැද එන නල උදයග ම ත
කො ද ස කි හිමදෙයි ලෙසහර දල නෙ ත
කෙ ල ස කි යුදයට හිමිනොල ගනු වෙ ත
කි ය ස කි වරදක් ඇත් නම් අප වෙ ත
36 තු රු ම ත සුපි පුන මල් තැන් ත නවා
ම ද ම ත පර පුටු නද කර ළු නවා
සියොග ත මැලවී හද තුල ද නවා
ස රි නැ ත මෙම සැටි දුක් මට දෙ නවා
37 ර හ ස් බසීන් කීවොන් කල් බැන් දෙමි
ර හ ස් ලෙසින් පෙම් සිතතුල ඇන් දෙමි
ද හ ස් වටින සොඳ සැපතුන් වින් දෙමි
ප හ ස් දෙතොත් නම් දෙපය වඳින් නෙමි
38 එ සු ර ලොවින් බට සුරගන විලස ට
මෙ පු ර ලියන් තොස කරමින් කෙළිය ට
ප සු ර ලෙසින් විය මෙර ඇද බඳින ට
අ සු ර ලොවින් ආවෙද නො දැනේ ම ට
39 ත න හ ස රන්වන් කරඬු දෙක ද්දා
ර ණ හ ස ගමනට යයි නොවර ද්දා
ප නලෙස උන්මට ගරු නොකෙරෙ ද්දා
මනතොස සැප ලැබුවෙමි නොවර ද්දා
6 රණ හංස මාලය
40. ර ණෙ යි පැසුනු පල සොඳ සිතු විලස ට ලො වෙ යි ද එය නොම ගත්තුය වරද ට ගි යෙ යි මගේ සෙනෙහස උඹ සිහිකො ට ලි යෙ යි වියෝදුක් නො වෙනුය හැම වි ට
41 පි රි ය ලෙසට සුව සැපත විඳි න්නට
දු ර ය ඉතා ගමනත් බැරි ය න්නට
හ රි ය හොඳට සුව සැපත විඳි න්නට
බැ රිය මෙනුඹ ලියෙ ඇරලා ඉ න්නට
42 නි තී යේ රස පහසට නුඹ පේවී
රු ති යේ සුව කෙළියට සැර සේවී
සි ති යේ ලෙසටම යුදය ක රාවී
ඇ තියේ කළ මව් කව්ද තො සාවී
43 ය තු ර ලෙසට දොර අගුල අරි න්නට
ක තු ර විලස පට සුපිලි කර න්නට
ව තු ර ලෙසින සෙනෙහස අඟව න්නට
මි තු ර විලස වර සුවයෙන ඉ න්නට
44 නී ල වරල ගවසා මල් වලි නා
දු ල රුවැති වතකුත් ඇඳ සොඳි නා
ආ ල වඩන පිරිකුඹු ලක වටි නා
බා ල ලියෙහි නොබඳිව් තන පටි නා
45 ව ති න් වත තබා සිප සැනසෙන කල ට
අ ති න් අත තබා පියයුරු මඩින වි ට
සි ති න් සිත නොබා හැසිරෙන කල රුව ට
ඉ ති න් ඇත කියා නොසිතෙයි ලඳුනී ම ට
________
පාරු මාලය.
[සංස්කරණය]______
1 සී රු ව ලෙස පටව ගෙන බඩු පිරෙන තු රු වාරු ව ඇතුව රිටි ගසමින් යන ගැඹු රු පා රුව පදින මිනිසුන් පවසන මියු රු පා රු මාලෙ සිව්පද මේ අස මිතු රු
පාරු මාලය 7
2 පී නා බැස ගඟෙහි නා නා සලෙලු නු රා නෝ නා වරු සිටිති සැම කවුලු දොර හැ රා ගා නා වියෝලද රචිකිඤ්ඤ ඇත පු රා පේ න ලෙස කියනු බැරි කොලඹ විස්ත රා
3 දැ ක පිරියේ ගොස් නාඟුලු ගන් තොටි නී
දු ක හැරියේ දැක සලෙලුන් මනමති නී
සි තු පිරියේ දුටු පමණින් සිය ඇසි නී
ක ල එලියේ සිටි කත මුළු ලොව වටි නී
4 ව ගේ මම කියමි අසතොත් සිතු ලෙසි න
නුගේ ලඟ නාන තොටුපල වෙත සිටි න
ඇගේ රුව වරුණ මෙතෙකැයි නැත පම න
නගේ නුඹ සිටින් මම එන කල් ඔත න
5 අ ඳු රු වෙලා යන කල පසුකර එ ළියේ
නැ ඹු රු වෙලා බැලි අඟනෙක් වත ඳි ළියේ
සොඳු රු නූරාවෙන් කත අප දෙස බැ ළියේ
මි තු රු දුටුවාද ලිය නාරන් කු ළියේ
6 දැ ක ලා අපි සැවොම මීගමු කලපු තො ට
ඇ ද ලා ගොසින් යම්තම් වැටුනි එගොඩ ට
දැ ක ලා කඩේ වෙළදම් ගන්න ගිය වි ට
සි ට ලා ගෑණු දෙමළෙන් දෙඩුවෝ අප ට
7 සෙල්ලම් කරන වැනි අඟනෝ මැටි රැගෙ න
අල්ලෙන් තල තලා සමහරු ඉදි කර න
ලෙල්ලන් විඳිනවා ගමහැර අප ගොසි න
ප ල ල න් සේනයේ අඟනෝ මැටි තල න
8 බැදගෙණ අවල දිඩ වැර කොට අදින්න ට
පැ දගෙන යන්ට බැරි වාරුව නැත අප ට
වි ඳ ගෙන පැමිණෙනා දුක් පෙර කළ පව ට
ඇද ගෙ න ගොසින් ඩින්ඩියෙ වෙහෙසුනි අප ට
9 පූ රු වේ කරපු අකුසල් ගෙවන්න ට
පා රු වේ ඇවිත් දුක් විඳිනව දන ට
මා රු වේ අවල අදිමින් විටින් වි ට
සී රු වේ බැසපි ගොස් තුන් මෝදර ට
8 පාරු මාලය
10 උ සු ලා ගන්ට බැරි ගිනි වැද කුසය තු ලා
ඇ ර ලා එ ගම යන්නෙමු ඈත රට ව ලා
අ වුලා රිටිගසා පසුකර අළුත් ඇ ලා
ග හ ලා ගොයම් ඇති මාදම්පෙ සැටි බ ලා
11 ව ලා කුලින් මතුවන පුන් සඳ ලෙසි න
බ ලා සිටින අඟනෝ දැක සිය ඇසි න
නො ලා නින්ද විඳිනා දුක නැත පම ණ
ස ලා වත දුටිමු සත් දිවස ගිය තැ න
12 රු දු රු සැඩ පහර ලෙස ජලකඳ නගි න
ස තු රු මෝයවල් දෙක එක ලඟ තිබෙ න
මි තු රු සලාවත මෝයෙන් පැන ගොසී න
දැ දු රු ඔය මෝය පැනයනු කොයි ලෙසි න
13 ත දි න් ඇද අවල යන කල එක ලෙසි නී
ව ඳි න් නට දෙවිඳු සන්තානන්තො සි නී
යො නු න් මුක් කරුද ගොස් සිටිය අසලි නී
බි දු න් කඩට ඇරියෙමු පාරුව ගොසි නී
14 ප සු ක ර මුන්දලන් කලපුව දුවන දි නේ
තො ස කර දුටිමු මදුරන් කුලිය විගසි නේ
ය ස ප ර සිදු තැපැල්පල එමවිට පෙණු නේ
බැ ස ඉ ර ගියේ බංගලාවට නුදුරු තැ නේ
15 ගා ලා තෙල් සඳුන්හා ඇති කළ මවු ලා
බී ලා කිරිත් දෙතනේ සැපසේ වැඩි ලා
නා ලා ලුනු වතුර ඇඟ ඔප වැගි රී ලා
පා ලා වියේ යනු බැරි වතුර නැති වෙ ලා
16 බැ ස ලා එන සුලන් දැකලා සිත බයි නේ
දැ ක ලා නගින මහරැල පරුවත ලෙසි නේ
වැ ඳ ලා දෙවියන්ට පුදපඬුරු දී ග නේ
දු ව ලා පුත්තලම් කලපුව එගොඩ උ නේ
17 ස ත ට සොඳා කළ පින් පව් පල දීම
රු ව ට ඉඳා මෙම සැටිගති ඉසි ලීම
දු ක ට සොඳා කීවෙමු මේ පද සෑම
අ ප ට මෙදා නොයිඳුනි අවුරුදු කෑම
පාරු මාලය 9
18 රැ හැ දා වල් අපි විඳිනා දුක මෙ දි නේ ප හ දා පව සන්නේ කාටද නො දැ නේ ලැ බු දා අවුරුද්ද ගිනි කුසෙහි ඇවු ලු නේ වෙනදා අපිත් තෙල් හිස ගානවා අ නේ
19 ව න න ට මේ සෝකවිය පෙර පවින ත ද
එ න් න ට කිසිකෙනෙක් ගම රට නොමැති ව ද
ක න් න ට අවුරුද්ද අපි නැතිවට මො ක ද
දෙ න් න ට අමුතු බත් වත් අපි සිහි උනි ද
20 අ ප ට උතුම් සිංහල අවුරුද්ද එ දා
ර ස ට කන කෑම සපයා ගෙන නොම දා
ඔ ප ට ඉන් පිළිද ඇඳ ගෙණ නටති සො ඳා
අ ප ට එම දෙයින් කිසිවක් නොමැත මෙ දා
21 ද දා කුසේ ගිනි ඇවි ලෙනවා නිත රේ
සො ඳා කන කෑම වැද නො ගනිති මෙව රේ
නි දා සොඳ ලෙසේ ඉන්ටත් බැහැ මිතු රේ
මෙ දා අවුරුද්ද පසු උනි දුරු කත රේ
22 වා න් න ට බැරිය ගම සිහි වෙන කල ට
කි ය න් න ට කෙනෙක් නැත මේ දුක් අප ට
ද ර න් න ට බැරිව ඇවිලෙන ගිනි මෙ ම ට
නා න් න ට ගියෙමු පුත්තලමේ වැව ට
_________
පැදුරු මාලය.
[සංස්කරණය]_______
1 ව ස න් නොකර පෙර සිට පැවතෙන උරණ
බ හි න් බස්ව නැන් දත් ලේලින් තරුණ
රො සි න් පැඳුරු විව් සැටි තරගෙට දෙදෙන
අ ස න් පැදුරු මාලය කවි කර කියන
2 ගු ණ යු ත් වඩන මගෙ බස අසනුය නැ න්දේ
එ ක සි ත් වෙලා හිමිහට මම පෙම් බැ න්දේ
දැ න ග ත් දා සිටන් මව් ලඟ සැප වි න්දේ
එ හෙ මත් සැප ලැබෙද මේදීගෙන් නැ න්දේ
10 පැදුරු මාලය
3 ඔහොමට කී නමුත් ලේලිය අහ ප න්න
බොහොකොට ලේලියන් ඇත පැවති දෙ න්න
බහකට වෙන නොගොස් සිටියොත් සැප ති න්න
සහතුට රන් රසසෙ පසුවෙති එම දෙ න්න
4 ම න් දා ඔහොම බස් මට කීවේ නොක මැ තී
වි න් දා රජ සැපත් අතරක නොහොද වෙ තී
කැන්දා මාව ආදා ලැබුන සැප සි තී
නැන්දා නොපවතින බැව් වැටහුනි නිය තී
5 පවතින්නට ලේලියො කොතනත් නැද් ද
දැනගන්නට මතු පවතින නොවැරැද් ද
සිදුවෙන්නට පව් තිබුනොත් නොව සුද් ඳ
උරඟුන් සමග මැඩියෝ පෙම් කෙළි යැද් ද
6 දි සි ව ත සඳ සදිසි නැන්දේ අස න්නේ
නි දිමත සෙයින් නෙත් කඳු ලැලි ගල න්නේ
සි රි කත ලේලි සුරතල් බස් කිය න්නේ
නි දිම ත බෝය පැදුරක් මට දිය න්නේ
7 ඉ න් ග න් නොදැන ඇයි මැසිවිලි කිය න්නේ
ප න් න න් බැරි ගෑණු කොහොමද රැකෙ න්නේ
ග න් ග න් වල ඇවිද රැකුනද බොල න්නේ
දෙන්නන් පැදුර නට වාලිද සිත න්නේ
8 සු ප ස න් ලේලිවග පසුවට දැන ග න්නේ
වි ම ස න් මතුරැකෙන සැටි මට කිය න්නේ
මෙලෙසින් සතුරු බස් ඇයිමට කිය න්නේ
වි ය ම න් බලමු අපි දෙන්නගෙ බොල න්නේ
9 හරස් රටාවෙන් පැදුරක් මම විය මී
ගිරා කොබෙයියෝ පැදුරේ මැද විය මී
පන්නම් කතුර ඇහැ පියවරකින් පුර මී
ලේලිට බලන්නට පැදුරත් මම විය මී
10 පියුමු රටාවෙන් පැදුරක් මම විය මී
ලඳු වැසි වලිග ඇතිලේනුන් මැද විය මී
රූසිරු ලෙසින් ඉඳගන මල් පෙති පුර මී
නැන්දට බලන්නට පැදුරක් මම විය මී
පැදුරු මාලය 11
11 තරඟ කතා ඇයි නුඹ මට කිය න්නේ
දෙරණ උණු වෙන්ඩ වියමන් විය න්නේ
හුනු වැල් දඟේ පැදුරේ වට පුර න්නේ
ලනු ගැට පොහොට්ටුව ලේලිට විය න්නේ
12 කරලොල් සොඳුරු බස් උඹ මට කියන්නෙ ද
සු නි ම ල් හවඩි දඟ පැදුරට පුරන් න ද
සු වි ස ල් මහරු අන්දමකට වියන්න ද
ර ත් ම ල් පොහොට්ටුව නැන්දේ වියන්න ද
13 චන්ද්ර මඩල උඩු ගුවනේ තියෙ න්නේ
මන්ත්රිලකාමි මද යුදයට ලොබි න්නේ
සුන්ද්රල වඩන සිව්පාවෝ බොල න්නේ
ඒවා බලන්නට ලේලිට විය දු න්නේ
14 මොනරෙකි නටන සිව්පාවෙකි මම විය නා
සෙමරෙකි එ මැද වලිගය පන ලෙස රකී නා
සතුරු කමට නොවෙ කවදත් නැත උර නා
සවා කන්ට සීවෙලෙක් නැන්දට විය නා
15 පා සතරකි කුර අටකුත් ඉඳ විය මී
දෙබල කුරකි පෙති ගෝමර වට විය මී
සිරස උඩින් අන්දළු දෙකකුත් විය මී
මුවා රුවැති ලේලීට පෙනුමට විය මී
16 පා සතරකි නියපොතු විස්සකි පුර මී
රකුසු මුණ සහ රැවුලත් මම විය මී
රණට හුරුව පෙතිගෝමර ඇග විය මී
මුවා කන්ට දිවියෙකු නැන්දට විය මී
17 සි නා කුලුණු ගුණයන් නුඹ බල න්නේ
ව නා වළඟ සොඬ දස අත පිඹි න්නේ
ගොනා රන් දලුසෙ දළදෙක දිලෙ න්නේ
ඇ තා බලන්නට ලේලිට විය දු න්නේ
18 හිමයට උන් අදිපති කරමින් වැසෙ නා
සැම සතහට උතුමෙක් රජකම් කර නා
මුදු ජලය පැන පීනා ගොඩ නගි නා
ඇතා කන්ට සිහරජ නැන්දට විය නා
12 පැදුරු මැලය
19 සතහට වැළඳි රෝදුක් සුව නොවන ක ලා ඇත යකැදුරන් ගන්නා නටුවට තොයි ලා නෙත පිට පෙනෙයි කුකුළෙකු විමනේ පුර ලා සිතලෙස ලේලි බල සිව්කොන පැදුර මු ලා
20 අනියම් දෙයක් නොකළෙමි ලොව දැන ගන් ට
වියමන් ටිකක් දන්නෙමි රැක පසුවෙන් ට
බින්න බොරු බසක් නොවෙ මෙය දැනගන් ට
කොළ දිවියෙක් වියමි කුකුළන් පැන කන් ට
21 සෙත් සිරි උතුම් වරුනේවද කිය න්නේ
මෙත් සිරි දහම් තුන් ලොව පැතිරී එ න්නේ
සෙත් සිරි වඩන විදුරාසන බබ ල න්නේ
යු ත් සෙන් පැදුර මම ලේලිට විය දු න්නේ
22 විස්තර රුවැති බෝමැඩ පැදුරට විය තී
සතහට දහම් උතුමැයි මුන්දෑ කිය තී
බෝමැඩ විදුරසුන් පැදුරට වියා දෙ ති
රැස් මහ සේනාව බිඳුවාලා විය තී
23 පෙරකළ කුසලයෙන් අපි දෙන්න එක් උ නේ
සැර වැර නොගෙණ පවතිනු එකම සිත කි නේ
මිතුරු කමට කල් අරිමුව සැම සිති නේ
ලේලි නොවෙයි මගෙ අම්මා කෙනෙකි අ නේ
24 සිතුනෙක අදර මගෙ බස් අසනු නොව සැ ක
සිතුවට දෙදෙන තැනුවා දෙවියෝම රැ ක
ඇතිමුත් වරද දුරහැර දමා නොව දු ක
මතු අපි දෙදෙන උපදිමු එක මවු කුසෙ ක
25 සෙ ත් සිරි ලබන මුනිරද ගුණයද යසි න
මෙ ත් සිරි වඩන දහමද සොඳ නොව ලසි න
සෙ ත් සිරි දෙවන සඟරුවනද යස ලෙසි න
මෙ ත් සිරි ලෙසින වැඩෙවා දිය කුස යසි න
- නිමි. –