Jump to content

රත්නාවලී - ii

Wikibooks වෙතින්

රත්නාවලී

1 අංකය

මහ දෙවියන් දෙනුවන් මිණි කැල්මේ ගැල් වෙත විළි වැද ගත් සේ ලලිත සුමට වට පින පයෝදර යුත් උමයංගන දේවී අබියසැ සිය හිමි මිහි තලැ විහිදු මල් මිට නො මඳ පියංකර නන් සිරි ඔබට නිරන්තර දේවා! ඔබට නිරන්තර දේවා!!

සොඳුරු තමන් හිමියන් අඛිනන්දන මන් පිරි රිස දැන ‍බෝසේ විළි බර බව නෙත’ගින් කරමින් හෙලි තැත් කළ වන්නට බෑරා ගිරි දුව මුදු මුහුලස දිව අල්වා ගත් සිරි පිර‍ි මහ දෙවිඳු බෙලෙන් ඔබ සැමට ම සෙත සැලසේවා! සැමට ම සෙත සැලසේවා!!

[...]

12

“රඳවන ලෙද නිදහස අප හද මැද තද තෙද දල නෙත වීදා පළ කළ බල ලොවැ පෙම් රජිඳාණෙනි- මින් දදයා ‍දවමින්නේ තුටු කොට වට මට ගෙළ වට අත් ලා; දැන් සනසනු මැනැවි” බැණැ වු සිරි සහ ගිරි දූ දෙවි සෙත් දේ ! සහ ගිරි දූ දෙවි සෙත් දේ !!

විහිදවමින් දල නෙත ගිනි දැල් වඩ වා හද මැද දළ කෝපේ මිහි කත මත සතපා රද දර්සක උන් බළ සෙන් හළ බින්දා කළ බල සුලකට කොට සිය සිත් සේ හෙලි කළ සිය කල හට හස පා මහ - දෙවිඳු බෙලෙත් වැජැඹෙත්වා! දෙවිදු බෙලෙන් වැජැඹෙත්වා !!

පැහැසර ස‍ුන්දර පුත් සඳ මන පිනමින් නුබ - ගැබ බැබලේ වී සමරමු මුරු ගණ සත් සිඳු පත් තෙර විප් - මුළු නිත් පැළැඹෙත්වා! මිහි ලිය යස ඉසුරෙනි සරු වේවා සිරි බර වර මහ හර්ස රදුන් කිතු

ලියැ කුසුමන් සුපිපේවා ! ලියැ කුසුමන් සුපිපේවා !!

(නාන්දි නිමි.)

13

සූත්රාධාර : වැඩි විස්තරයෙන් කමක් නැහැ. අද මේ වසන්ත උත්සවයට නොයෙක් දිසාවන්ගෙන් පැමිණ සිටින ශ්රි් හර්ෂ දේව රජතුමාගේ යටත් රජවරු මට මෙහෙම කියනවා ‘අපේ හර්ෂදේව රජතුමා අපූරු සන්දර්හයකින් යුක්ත රත්නාවලි නම් අලංකාර නාට්යමක් රචනා කරල තියෙනවා. ඒ ගැන ආරංචි මාත්රයයෙන් අහල තියෙනව මිසක් එහි නිෂ්පාදනයක් දැකල නැහැ. එ නිසා එය හොඳින් රඟ දක්වන්ඩ. එසේ කිරිම රජතුමාට කරන ගෞරවයක් වගේ ම අපටත් කරන සැලකීමක්’. ඒ නිසා ‍මම දැන් ගිහින් නළු නිළියන් වෙස් ගන්වලා අනිකුත් වැඩ කටයුතු පිලියෙල කරන්ඩ ඕනෑ. (වටයක් ගොස් බලා) හෝ! මේ ප්රේයක්ෂකයින් සියලු දෙනාගෙ සිත් සතන් අප වෙති ඇදි ගොස් තිබෙන බවට කිසිම සැකයක් නැහැ. ඒ මන්ද කියනවා නම්;


කිත් යසස් හර ලූ ගෙළේ දිග’ඹුන් මහා කවියෙක් රදුන් ලෝ තෙලේ සුපතළ කාතාවකි වත්ස චරිතය රස නුසුන් නෙත් විසි කැරුමේ සමත් රුඟුමේ සපන් වෙමු අපි නිතින් මේ සියල්ල ම එකතු වි ඇත මගේ පෙර පින් මහිමයෙන්

මම දැන් ගෙදර ගිහින් බිරිඳටත් කියල, ගායන- වාදන හේම පටන් ගින්ඩ ඕනෑ (වටයක් ගොස්,

14

නෙපථ්යිය දෙස බලා) මේ තමයි අපේ ගේ. දැන් යන්ඩ ඕනෑ ඇතුළට. (පිවිස) සොඳුර; මෙහෙ එන්ඩකො ටිකකට. (පිවිසෙමින්)

නටි: මේ එනවා. - ස්වාමි පුත්රඩය; මොකක් ද ‍මගෙන් කෙරෙන්ඩ ඕනෑ.

සූත්රිධාර : මේ රජවරු සේරම ඉන්නෙ රත්නාවලී නාට්යයය බලන්ඩ ආසාවෙන්. - ඉක්මනට වෙස් වලාගෙන සූදානම් වෙන්ඩ.

නටි : (උද්වේගයෙන් යුතුව සුසුමක් හෙලා) ස්වාමි පුත්ර‍ය; ඔබ නම් බර සේරගෙන් ම දැන් නිදහස් වෙලා. ඉතින් ඔබට කොහොම නටන්ඩ බැරි ද? නමුත් මම? මම මහ කාලකණ්ණි ගෑණියක්. මට උන්නෙ එක ම කෙල්ලයි. ඔබ ඒකිත් නොදන්න බොහො ම ඈත රටකට දීග දෙන්න තීනදු කළා. ඒකි මේ තරම් ඈත රටක ඉන්න ස්වාමියෙක් එක්ක විවාහ වෙන්නෙ කොහොම ද කියල කල්පනා කරල ම දැන් මගේ සිහියත් නරක් වෙලා. මට මොන නැටුම් ගැහුම් ද? සුත්ර්ධාරා : සොඳුරා; කොච්චර ඈත ඉන්න කෙනෙක් උනහම ‍මොක ද? මෙහෙමත් කියල තියෙනව නෙ.

සුමුදුර පත්ලෙහි හෝ අන් දිවයිනැ නැතහොත් ලොවැ සිව් කොණැ වු නුමුදු කිසිවකු හට අබිමත දෑ ඉරණම අනුව ම සිදු වෙයි කොද සැකයක් එහි

(නේපථයයෙ හි)

15

හරියට හරි, සූත්රතධාර - ඒක එහෙම මයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. (‘සමුදුරු පත්ලෙහි’ යන්න කිය යි.)

සූත්රහධාර : (ඇහුම් කන් දී, නේපථ්යිය දෙස බලා; සතු‍ටු සිතින්) සොඳුරා; අන්න යෞගන්ධරායණගෙ වෙස් අරගෙන මල්ලිත් ඇවිදින් - එන්ඩ; අපිත් ඉක්මනට වෙස් ලා ගෙන සූදානම් වෙම. (දෙදෙනා ම නික්ම යති.) (ප්රෙස්තාවනාව නිමි.) (යෞගන්ධරායණ පිවිසෙයි.)

යෞගන්ධරායණ : ඒක එහෙමම යි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. (යළිත් “සමුදුර පත්ලෙහි” යන්න කියයි.) නැත්නම් කොහොමද නැව මුහුදු බත් වුණු වෙලාවෙ සිංහල රජතුමාගේ දුවට නො මැරි බේරෙන්ඩ ලෑලි කෑල්ලක් පිහිට වෙන්නෙ? - නැත්නම් කොහොම ද සිංහල ‍රටේ ඉඳල එන කොසඹෑ නුවර වෙළෙන්දෙකුට හමු වෙලා කරේ තිබුණු මැණික් මාලයෙන් අඳුනගෙන මේ රටට එක්ක එන්ඩ ලැබෙන්නේ? (සතුටින්) අපේ රජතුමා හරි ම වාසනාවන්තයා. (කිසිවක් සිහි කොට) ඈ බ‍ිසොවුන් වහන්සටෙ බැර දිමෙන් මමත් කළේ ‍ලොකු ම නුවණක්කාරකමක්. - සිංහල රජතුමාගේ වසුභූති ඇමැති තුමයි. බ්රණභ්ර.ව්ය යි කොහොම හරි ගොඩ ඇවිත් ල තියෙනවා. ඒ දෙන්නා කොසොල් රජතුමා එක්ක යුද්දෙට ගිය රුමන්වත්ට එකතු වෙලයි කියල ආරංචියි. රජතුමාගෙ කටයුතු හරි ගියාට

16

මොක ද මගෙ හිතට නම් කිසි ම සැනසීමක් නෑ සත්තකට ම මෙ‍ රාජකාරිය කියන එක බොහොම කරදර වැඩක්.

යෙද වු උපායෙන් රජු යහපත් ම පතා දයිවය පරිදි ලැබ ගත් පල නොමඳ වෙතා එනමුත් මා සිතැඟි සැඟ වු හෙයින් ඉතා බිය වැද සැලෙයි හද සිහි වත මතු විපතා

(නේපථ්යලයෙහි ඝෝෂාවක් ඇසේ.)

යෞගන්ධරායණ : (ඇහුම් කන් දි) හෝ! මද්දල නාද ය යි, ඒ අනුව ගයන මිහිරි හඬ සමග පුර වැසියන්ගේ අත්පොළසන් හඬයි ඇහෙනවා. රජතුමාත් මදනෝත්සවයේදි ප්රී්ති වෙන ප‍ුර වැසියන්ගේ ප්රීනති ප්‍ මමෝදය බලන්ඩ ප්රා සාදයට යන්ට පිටත් වෙලා වාගෙ. (උඩ බලා) හෝ ! දැනටමත් රජතුමා ප්රාදසාදයට නැගිලා.

පලාව යුද කෙළි පිළිබඳ ආ සා පැතුරූ සත වෙත ආදර වෙසෙ සා මල්සර වන් අප මහ රද සතො සා පැමිණෙයි නරඹනු වස් කෙළි නොල සා

දැන් ඉතින් මම ගෙදර ගිහින් තව අඩු පාඩු මොනවද කියල බලන්ඩ ඕනෑ. (නික්ම යයි.)

(විෂ්කම්භකය නිමි.)

17

(වසන්ත උත්සවයට සුදුසු සේ සැරසි අසුනෙක හිඳ ගත් රජතුමාත් විදූෂකත් පැමිණෙති.)

රජ : (ප්රි ත‍ියෙන් යුතුව, බලා) මිත්රැ වසන්තක.

විදුෂක : රජතුමනි; කැමති දෙයක් නියොග කරන්ඩ.

රජ : දුරුවිය උවදුරු වැසියෝ විඳිති නොසැප සිරි සතොසි න් විසත් සමග දේවිය සහ ඔබම ය මා සහකරුව න් පන්සැර දෙවිඳුන් නොමඳ ව තුටු වේවා සිතැ ඟි ලෙසි න් සිත් කලු මේ වසත් සමය මා සතු ම ය හැගේ නිති න්

විදූෂක : (සතුටින්) මිත්රිය: ඒක හැබෑ ව - ඒත් මට නම් හිතෙන්නේ ඔබතුමා වර්ණනා කරන මේ උත්සවය ඔබ වහන්සෙගෙ වත් අනංගයගෙවත් නෙමෙයි, එක ම බමුණා වන මගෙ ම කියල යි. (අවට බලා) එක පැත්තක මධු පානයෙන් මත් වුණු ගැහැණු යි මිනිස්සු යි වතුර ඉහගන්නාවා. තව පැත්තකින් ගි කියනවා ඇහෙනවා. අත් පොළසන් හඬිනුයි බෙර හඬිනුයි විදි සේර ම පිරිලා. හැම පැත්ත ම කහ පාට පාට රෙදි විලින් වැහිලා. - බලන්ඩකො ‍රජතුමනි, මදන ම‍හෝත්සවයේ ලස්සණ.

රජ : (හාත්පස බලා) හෝ! මගේ රට වැසියන් ප්රී තියේ පරතෙරට පත් වෙලා.

18

මුසු වන පියකරු උතුමඟ පැළ ඳු හෝ පලු මල් දම් පෑයේ අරුණලු පැටි කළ කුංකුම ඈ නෙක විලවුන්ගෙන් සිය දේහේ ඔප කර ගෙන රඟානා දන ගන රන් මිණි අබරණ කැලුමින් මේ හඟවයි කොසඹෑ පුර ජය ගත් ලෙස අලකා පුර පසු බාමින්

කොමලඟනන් කොප‍ුලින් ගිලිහි හෙන පැහැසර සින්දුර කල්කේ නිරතුරු ඔබ මොබ පැන යන කෙළි ලොල් දන පිය ගැටු මෙන් බෝසේ ඇම තැන පැතිරෙන දිය රොන් වැදගත් අංගනය ද රත් පෑයෙන් පෑ කළ විලසින් බබලයි දෙනුවන් අදිමින් නරඹන්නන්ගේ

විදූෂක : (බලා) රජතුමනි; බලන්ඩකො අර මිනිස්සු වතුර ඉහින කොට අබිසාරිකාවන් තෙමි තෙමි ක්රිරඩා කරන ලස්සන.

රජ : (බලා) ඔබට පෙණුනු හැටි කදිමයි.

පැතුරුණු සුවඳ සුණු අරුණ ලු පැහැය තු ලා නේ මිණි රුවන් කැල්මෙහි ගිලුණු මනක ලා සතරතැස ගතෙහි පා කර දිලෙන දිය වැ ලා සිහියට නඟයි නා ලොව සිරි සර විපු ලා

විදූෂක : (හාත්පස පිරික්සා බලා) රජතුමනි; අන්න බලන්න මදන මහොත්සවයෙන් කුල්මත් වුණු මදනිකා වසන්ත උත්සවයට සුදුසු නැටුමක් නට නටා චූත ලතිකාත් එක්ක ‍මේ පැත්තට එන හැටි. අර බලන්ඩ. 19 (මදන විලාශයෙන් නට නටා ද්විපදි ගීතයකින් කොටසක් ගයමින් සේවිකාවෝ දෙදෙනෙක් එති.)

මින් දද දුතයකු ලෙසින් මී අඹ මල් පුබුදු වෙනවා අඟනන් හද මද කළඹා දකුණු සිහිල් නල හමනවා සොඳුරු ලඳුන් හෝපලු හා බකුල කුසුම් පුබුදුවන ව ඇසුර පතා පෙම්බරයන් ඉවසුම් නොමාතැවි තැවෙන ව

පළමුව මේ පල බර බක් මහ දන හද මදු කරනව එ අවසරය බලා අනඟ මල් හි එතුළට විදිනවා

රජ : (හොඳින් බලා, විස්මය පත්ව) හෝ! සේවිකාවන්ගෙත් ක්රිසඩාවට තියෙන ආසාවක මහත!

පින් පියොවුරු බර සසලා බිඳිති සිහිනිඟ කොමලා මන් බැඳි දිගු නිල් වරලා හෙලා කුසුම් දම් ලකලා සන් සල නූපුර එකලා වැළපෙයි මහ හඬම තලා සුන්දර මුත් හර උදුලා පහරයි ළැම පෙදෙස බලා

විදුෂක : මිත්රිය මමත් උන් දෙන්නා මැද්දට ගිහින් ගියක් කියල නටල, මදන මහොත්සවයට හවුල් වෙන්ඩ ඕනෑ.

රජ : (සිනා සෙමින්) බොහොම හොඳයි, මිත්රිය.

විදුෂක : (නැගිට, සේවිකාවන් දෙදෙනා මැදට පැන නටමින්) මදනිකා, තුතලතිකා, අනේ මටත් ඔය අත් දෙකෙන් තාලය දෙන හැටි උගන්වන්ඩ.

20

සේවිකාවන් දෙදෙනා : (සිනාසි) මෝඩයා: මේක අතින් තාලය දිල විතරක් හරි යන එකක් නෙමෙයි;

විදූෂක : එහෙනම් මොකක් ද මේ?

සේවිකාවන් දෙදෙනා : මේක දෙපද ගිතයක්.

විදූෂක : (සතුටින්) මොනව? මේකෙන් මෝදක හරි අග්ගලා හරි ‍හදන්ඩ පුළුවන් ද?

සේවිකාවන් දෙදෙනා : (සිනාසෙමින්) නෑ නෑ - මේක කටින් කියන්ඩ ම ඕනෑ.

විදූෂක : (කණගාටුවෙන් ) මොනවා? කටින් කියන්ඩ ම ඕනෑ. එහෙනම් එකෙන් වැඩක් නෑ මට - මම යනවා මගේ යාළුවා ළඟට. (යාමට සැරසේ.)

සේවිකාවන් දෙදෙනා: (වසන්තකගේ අතින් අල්ලා ගෙන) එන්ඩ වසන්තක; ක්රි(ඩා කරන්ඩ එන්ඩ. මේ කොහේ යන්ඩ ද හදන්නේ? ( සේවිකාවෝ ‍දෙදෙන වසන්තක නොයෙක් අතට අදිති.)

විදූෂක : (අත ගසා දමා පලා ගොස් රජු වෙත එළඹ.) මිත්රනය; උන් මාව නැටෙව්ව නෙ - හැබෑට ම නෑ.මම නටල පැනල ආව,

රජ : බො‍හො ම අගෙයි.

චුතලතිකා: මදනිකා: අපි හුඟක් වෙලා සෙල්ලම් කළා නෙ. ඉතින් රජතුමා ළඟට ගිහිල්ලා බිසවුන් වහන්සේගේ පණිවුඩය දන්වමු. මදනිකා : ඔව්; එහෙම කරමු.

21

සේවිකාවන් දෙදෙනා : (වටයක් ගොස් රජු කරා එළඹ) ජය වේවා! රජතුමනි; ජය වේවා!! - රජතුමනි; අන්න බිසවුන් වහන්සෙ ඔබ වහන්සෙට නියෝග කරනවා...(අඩක් කියා ලජ්ජා සහගත බවත් අඟවා) නෑ; නෑ; ගෞරවයෙන් දැනුම් දෙනවා....

රජ: (සිනා සෙමින්, ආදර සහිතව) විශේෂයෙන් ම අද මදන මහෝත්සවය නිසා නියෝග කිරිමත් සන්තොසයට කාරණයක්. මොකක් ද බිසොවුන් වහන්සේගේ නියෝගය?

විදූෂක : බිසවුන් වහන්සේ නියෝග කරන්නෙ මොනව කරන්ඩ ‍කියල ද?

සේවිකාවන් දෙදෙනා: බිසවුන් වහන්සෙ කියනවා. මකරන්ද උයනෙ රත් අසෝක ගහ මුල තියෙන අනංග රූපයට අද පුද පුජා කරන්ඩ ඕනෑ යි කියලා - ඒ නිසා ඔබ වහන්සේටත් එහාට යහපත් වෙන්ඩලු.

රජ : (අනන්දයෙන්) මිත්ර ය: එක උත්සවයක් අවසාන වෙන්නෙ ඊටත් වඩා ලොකු තවත් උත්සවයක පටන් ගැනිමෙන් නොවැ.

විදුෂක : මිත්රකය; නැගිටින්ඩ, එහාට ගිහා ම මටත් තෑගි බෝග හේම ලැබෙන්නෙ නැතැයි. මමත් බමුණෙක් නෙ.

රජ : මදනිකා; ගිහින් දේවියට කියන්ඩ, මමත් මකරන්ද උයනට එනවයි කියල.

22

සේවිකාවන් දෙදෙනා : එහෙමයි; දේවයන් වහන්ස. (දෙනා ම නික් ම යති.)

රජ : එන්ඩ වසන්තක; අපිත් පහළට බහිමු. (දෙදෙනා ම ප්රාකසාදයෙන් බැසිම නිරූපණය කරති. ) මිත්රනය; මකරන්ද උයනට යන පාර පෙන්වන්ඩ.

විදූෂක : හොඳමයි - එන්ඩ, රජතුමනි; එන්ඩ, (දෙදෙනාම වටයක් යති)

විදුෂක : ( ඉදිරි පස බලා) රජතුමනි; මේ තියෙන්නෙ මකරන්ද උයනයි. අපි යමු උයන ඇතුළට (දෙදෙනා ම උයනට පිවිසෙති.)

විදඋෂක : (විස්මයෙන් අවට බලා) මේ බලන්ඩකො, රජතුමනි; මී අඹ මල් රේණු හැම තැන ම ඉහිලා මී මැස්සන්ගේ හඬිනුයි කෝකිල නාදෙනුයි මුලු උයන ම පිරිලා. හරියට ම මකරන් ද උයන ඔබතුමා පිළි ගන්ඩ ලෑස්ති වෙලා වාගෙ.

රජ : (අවට බලා) හෝ ! මකරන්ද උයනෙ ලස්සන!

විහිදුනු පබළු පැහැ බර සුරත ලප ලු ය මී බී මත් ව ගුමු නද නඟන බමරු ය උතුරු සිහිල් පවනේ නැලවෙන අතු ය බක් මහ තුරු ද මත් කරවයි නෑ සැක ය

විදූෂක : (ඇහුම්කන් දි.) මිත්රරය; මේ මී මැස්සන්ගේ හඩ නෙමෙයි; බිසවුන් වහන්සේගෙයි සේවිකාවුන්ගෙන් නුපුර හඬ නොවැ.

රජ: (ඇහුම්කන් දි.) හැබැමයි. - මිත්රේය; ඔබ එය අඳුන ගත්ත හැටි අගෙයි.

23

(තම තමන්ගේ තත්වයට උචිත පරිජනයන් සමග වාසවදත්තා සහ කාඤ්චන මාලා ද, පුජෝපකරණ රැගත් සාගරිකා ද පිවිසෙති.)

වාසවදත්තා: කාඤ්චන මාලා; මකරන්ද උයනට යන්ඩ පාර පෙන්නන්ඩ.

කාඤ්චනමාලා : මෙහෙන් යහපත් වෙන්ඩ; බිසවුන් වහන්ස; මෙහෙන් යහපත් වෙන්ඩ.

වාසදවත්තා : (වටයක් ගොස්) කාඤ්චනමාලා; අපි පුද පුජා කරන්ට යන අනංග රූපය තියෙන රත් අසොකා ගහ ළඟට තව හුඟක් දුර ද?

කාඤ්චනමාලා : නෑ; බිසවුන් වහන්ස, දැන් ‍හොඳටම ළඟයි. මේ තියෙන්නෙ නිරන්තරයෙන් ම මල් පිපිල තියෙන ඔබ වහන්සේගේ මාධ වී වැල යි. - ඊට එපිටහින් රජතුමා විසින් අකලට මල් පිපෙනව කියන විශ්වාසයෙන් ඒ ගැන ම වෙහෙසෙන නව මාලිකා වැලයි. ඊටත් එපිටහින් තියෙන්නෙ ඔබ වහන්සෙ පුජා පවත්වන්ඩ යන රත් අසෝක ගහයි.

වාසවදත්තා : යමු; යමු; ඉක්මනට යමු.

කාඤ්චනමාලා : මෙහෙන් යහපත් වෙන්ඩ, බිසවුන් වහන්ස; මෙහෙන් යහපත් වෙන්ඩ (සියල්ලේ ම වටයක් යති.)

කාඤ්චනමාලා: බිසවුන් වහන්ස; ඔබ වහන්සෙ පුද පුජා කරන්ඩ බලාපොරොත්තු වෙන රත් ආසෝක ගහ තමයි මේ තියෙන්නෙ.

වාසදවත්තා : කෝ? පුජා භාණ්ඩ ගේන්ඩ ඉක්මනට.

24

සාගරිකා : (ළඟට ගොස්) මෙන්න; ඒ සේරම ලෑස්තියි.

වාසවදත්තා : (සාගරිකා දෙස බලා, තමාට ම) අනේ හැබෑට ම සේවිකාවන්ගෙ කිසි ම සැළකිල්ලක් නැති හැටි! - සාගරිකා වෙන් කරල තියන්ඩ මේ තරම් මහන්සි උණෙත් ඈ රජතුමාට පෙනෙයි කියල බයටයි. දැන් ඉතින් රජතුමාට ඈ පෙනෙයිනෙ. හොඳයි: මෙහෙම වත් කියල බලන්ඩ ඕනෑ. (ශබ්දනගා) සාගරිකා; සේරම සේවිකාවො මදන මහෝත්සවයට ගිහිල්ලා ඉන්දැද්දි මොකද සැළළිහාණියා තනියම දාල ආවෙ? යන්ඩ; ඔය පුජොපකරණ කාඤ්චනමාලා අතට දිලා ඉක්මනට යන්ඩ.

සාකරිකා: හොඳමයි. බිසවුන් වහන්ස, (නියෝගය පරිදි පුජොපකරණ කඤ්චනමාලා අතට දි අඩි කීපයක් ගොස්, තමාට ම) මම අ‍ාවෙ සැළළිහිණියා සුසංගතා අතට දිලයි. මේ රටෙත් අනංගයා පුදන්නෙ පිය රජතුමාගේ අන්තඃ පුරයේ විදිහටම ද කියල බලන්ඩ මට හරි ආසයි. හැංගිලා ඉඳ ගෙනවත් බලන්ඩ ඕනෑ. (මල් නෙලිම නිරූපණය කරයි.)

වාසවදත්තා : කාඤ්චනමාලා, ප්රගද්යුනම්න දෙවියන්ගෙ පිළිමය මේ අසොක ගහ මුලින් තියන්ඩ.

කාඤ්චනමාලා : හොඳමයි: බිසවුන් වහන්ස. (ඈ පිළිමය ගහ මුල තබයි.)

විදූෂක : මිත්රොය, නුපුර හඩ නැවතිලා. මගෙ හිතේ බිසවුන් වහන්සේ අසෝක ගහ මුලට ඇවිල්ල ඇති.

25

රජ: (බලා) ඔබ හිතාපු හැටි හරි අර ඉන්නෙ දේවිය.

මල් වැනි මුදු සිරුර ම නා සිහිනිඟ නෙත් විසි කර නා මුව මඬලෙහි රැඳුණු සි නා ඇය මය මද දද ලෙලෙ නා

අපි යමු එහාට . (ඈ කරා එළඹ.) ප්රි ය වාසදත්තා.

වාසදත්තා: (බලා) හෝ! ස්වාමිපුත්රාය, ජය වේවා! ජය වේවා!! වාඩි වෙන්ඩ. මේ ආස‍නේ වාඩි වෙන්ඩ.

(රජ වාඩිවිම නිරූපණය කරයි.)

කාඤ්චනමාලා  : බිසවුන් වහන්ස; ඉතින් ඔබ වහන්සෙ ගෙ ම අතින් පිළියෙළ කරපු මේ කොකුම් ‍ආලේපයෙන් රත් අසෝක ගහ සරසල ප්රෙද්යුුම්න දෙවියන්ට පුද පුජා කරන්ඩ.

වාදසවදත්තා : කෝ. පුජාභාණ්ඩ ! - ඉක්මනට ගේන්ඩ. (කාඤ්චනමාලා පුජෝපකාරණ ගෙන එයි. වාසව දත්තා පදු - පුජා පවත්වයි)

රජ : සීතල ජල දහරින් සැනසුණු මුදු කෝමල දේහය දාරි පා කළ රන් පැහැ වනුක් මලින් සැරසූ සළුවෙන් වි සෝබා සේ ලොල මින්දදයා පුදමින් තුටු වන මා පෙම්බර දේවි ‍බෝ දුල පලු පල මල් සැදි සුහුඹුල් ලියෙක සිරිය ඇරෑ පාවි.

26

පෙම්බර බාරිය මල්සර පුදනා හදැ පිරි බැති පෙම් පාලා ඔබ‍ිගේ සුකොමළ රත් පැහැ ගැන්වුණු අතැඟිල් පහසට ලොල් වී නෙත් කලු මේ රත් හෝ පලු තුර නැගු විසිතුරු අංකුරයන් සේ රතැ’ඟිලි තුඩු සුදිලේ මා නේත බිඟු දැඩිව ම ඒ වෙත බන්දා

කෝමල වු මඳ සුරත් පැහැය දිනු සිහිල් ගුණේ නිත් රැන්දු ඔබ අත් පහසින් සැනැසෙනු නොහැකි ව මින්දදයා මද සින්දා ලජ්ජාවෙන් මිරිකේ; සෝ ගින්නේ තැවෙයි ඔහුට සිය දේහේ අහිමි ව උපදින්නට වු පාපය සිහි කරමින් අද බෝසේ.

කිඤ්චනමාලා : දේවින් වහන්ස; දැන් අනංග දෙවියන් පුදල ඉවරයි නේ ද? - ඉතින් රජ්ජුරුවන් වහන්සේටත් සුදුසු පුද සත්කාර පවත්වන්ඩ.

වාසවදත්තා : එහෙනම්.....මලුයි, සුවඳ විලවුනුයි අරන් එන්ඩ.

කාඤ්චනමාලා : බිසවුන් වහන්ස; මෙන්න ඒ සේරම ලෑස්තියි.

(වාසවදත්තා රජු පිදීම නිරූපණය කරයි.)

27

සාගරිකා : (මල් ගත් අතැ’තිව) අනේ හැබෑට ම මල් වලට ආසාවෙන් මම කොච්චර නම් වෙලාවක් ගත කළා ද? දැන් ඉතින් මම මේ නික ගහට මුවා වෙලා හොඳට බලා ඉන්ඩ ඕනෑ. (එසේ බලා, විස්මයෙන්) මොනවා? මේ හැබෑ අනංගයාම ඇවිත්ල පුද පූජා පිළි ගන්නවනෙ. පිය රජ තුමාගේ අන්තඃපුරයේ නම් පුදන්නෙ අනංගයගෙ චිත්ර්යකටයි. මමත් මෙතැන ඉඳගෙන ම මේ මල්වලින් අනංගයා පුදන්ඩ ඕනෑ. (ම්ල තබා) අනංග දේවයාණෙනි; ඔබ වහන්සේට නමස්කාර වේවා! ඔබ වහන්සේගේ දර්ශනය නිෂ්ඵළ නො වේවා!! (වැඳ) බැලිය යුතු දේ නම් සේරම බැලුවා. දැන් ඉතින් කවුරුවත් මාව දකින්ඩ ඉස්සරවෙලා මෙතැනින් යන්ඩ ඕනෑ. (අඩි කීපයක් ඉදිරියට යයි.)

කාඤ්චනමාලා : වසන්තක තුමනි: දැන් ඔබත් ඇවිදින් මේ පඬුරු පිළිගන්ඩ. (විදුෂක එළඹෙයි.)

වාසවඳත්තා : (මල්, සුවඳ විලවුන් හා ආභරණාදිය ගෙන) පින්වත ඔබත් මේ පඬුරු පිළිගන්ඩ. (විදුෂක එළඹෙයි.)

වාසවඳත්තා : (මල් සුවඳ විලවුන් හා ආභරණාදිය ගෙන) පින්වත ඔබවත් මේ පඬුරු පිලි ගන්ඩ. (පඬුරු පිලි ගන්වයි.)

විදුෂක : (ප්රීසතියෙන් පඬුරු පිළිගනිමින්) බිසවුන් වහන්ස: ‍ඔබ වහන්සේට යහපතක් ම වේවා!

(නේපථ්යපයෙහි වන්දිභට්ටයකු‍ගේ ගායනයක් ඇසේ.)

28

රඳවමින් දිනපති නො මිනී සිය රැස්තුටිනි අස් ගිරි මුදුනේ යෙත නොදෙසා රදවරු නොලසා රද සබය තුළා රැස් වි සෙදිනේ අප නරනා පද යිය මුදුනා සදනා ලෙසිනා බැතිනේ හිඳිති මාන ලෙස සඳ නැ‍ඟෙනා නරඹන වුන්ගේ සිරිනේ

සාගරිකා : (අසා සතුටු සිතින් ආපසු හැරි රජු දෙස ආසාවෙන් බලා) මේ පිය රජතුමා මාව සරණ කර දුන් උදයන රජතුමානෙ. (දිග සුසුමක් හෙලා) අනුනුට වැඩකාරකම් කිරිමෙන් දුෂණය වුණු මගේ ජිවිතය අද මොහු‍ගේ දර්ශනයෙන් සම්මානයට පත් වුණා.

රජ : අපේ හිත ඇදිල තිබුණෙ උත්සවය ගැන ම නෙ. වෙන එකක් තියා හැන්දෑ උන බවවත් දැනුනෙ නෑ, දැන් කළුවර වැටෙන්ඩත් ළඟයි. දේවිය: අර බලන්ඩ.

වෙන් වු බව හිම දිනු පෙම අඟන ක සුදුමැලි මුහුණින් අඟවන විලසෙ ක උදය’ග හිස රැඳි සඳ රැස් දහරෙ ක ගෙන පෙර දිග’ඟන පවසයි නොව සැ ක

දේවිය; නැගිටින්ඩ. අපි යමු මාළිගාව ඇතුළට (සියල්ලෝ ම නැගිට වටයක් යති.)

29

සාගරිකා: ආ! බිසව යන්ඩ ලෑස්තියි. මමත් ඉක්මනට යන්ඩ ඕනෑ. (ආසාවෙන් රජු දෙස බලා, සුසුම් ලා) අහෝ! මගෙ කාලකණ්ණිකමක මහත! හිතේ හැටියට රජතුමා බලා ගන්ඩවත් මට ඉඩක් ලැබුණෙ නැහැ නො වැ. (රජු දෙස බල බලා නික්ම යයි.)

රජ : (වටයක් යමින්)

සුන්දරයි අත‍ි ප්රේයමියේ ඔබ මුහුණ තරිඳුට දෙයි නිගා මෙන් විළින් සැම පුල් පියුම් පෙති වේය මුකුළිත එක රඟා මන් නුවන් බඳ යෙහෙළියන් ගි ගයත ඉමිහිරි රස නගා මන් බිඳි බිඟු මුලු වදි මුකුළිත පියුම් තුළ හැර දහා (සියල්ලෝ ම නික්ම යති.)


“මදන මහෝත්සව” නම් වු පළමුවැනි අංකය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=රත්නාවලී_-_ii&oldid=15718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි