රත්නාවලී - iii
2 අංකය
(සැළළිහිණි කූඩුව ගත් අත් ඇතිව සුසංගතා පැමිණෙයි)
සුසංගතා : මොකක් ද මේ වදේ? සැළළිහිණි කූඩුව මට දිලා සාගරිකා කොහේ ගියා ද? ඈ දැන් කොහෝ ද ඇත්තේ? (ඉදිරිපස බලා) මේ එන්නේ නිපුණිකා. ඇගෙන්වත් අහල බලන්ඩ ඕනෑ. (නිපුණිකා පිවිසෙයි)
නිපුණිකා : (විස්මයෙන්) පුදුමයි. දෙවියන්ගෙ හාස්කම් පුදුමයි. මට ලැබුණා රජතුමා ගැන අරංචියක්.මම ගිහින් ඒක බිසවුන් වහන්සේට කියන්ඩ ඕනෑ. (වටයක් යයි.)
සුසංගතා : (එළඹ) මිතුරිය; නිපුණිකා; කොහෙ ද යන්නෙ හරියට මාව නොදැක්ක වාගේ? මොකද මේ පුදුම වෙලා වගෙ?
නිපුනිකා : සුසංගතා; ඔබ හිරියට ම දැනගත්තා. ඉතින් දන්නවද මගෙ පුදුමෙට හේතුව මොකක් ද කියලා? සිරි කන්දෙන් සිරි කණ්ඩදාස කියල තපස්සරයෙක් ඇවිල්ල ඉන්නවා. රජතුමා තපස්සරයගෙන් අවාරෙට ඕනෑ ම මල් ජාතියක් ඇති කරන්ඩ
30
31
පුළුවන් රහස් ගුරුකමක් ඉගෙන ගන්නවා. එතුමා රජතුමාගෙ දෑසමන් වැලේ මල් පුබුදු කරනවලු. ඉතින් බිසවුන් වහන්සෙ මට කිව්වා ගිහිල්ල ඒක හැබැද කියල බලා ගෙන එන්ඩ, ඉතින් සුසංගතා; ඔබ කොහෙද යන්නෙ?
සුසංගතා මිතුරිය : සාගරිකා හොයන්ඩ යනවා.
නිපුණිකා : මිතුරිය; මම දැක්කා අන්න සාගරිකා චිත්ර් ඵලකයකුයි තෙලිකූරු පෙට්ටියකුයි අරගෙන නිකං හිත් වේදනාවෙන් වාගෙ කෙහෙල් උයනට ඇතුල් වුනා. එහේ ඇති. ගිහිල්ල බලන්ඩ. මම යනවා බිසවුන් වහන්සෙ ඉන්න දිහාට. (දෙදෙනා ම නික්ම යති.)
(ප්ර වේශකය නිමි.)
(සිතුවම් පුවරුවක් හා තෙලි කූරක් ගත් අත් ඇතිව ආලයෙන් පිඩිත බැව් නිරූපණය කරමින් සාගරිකා පිවිසෙයි.)
සාගරිකා : (සුසුම් ලා) සැනසෙන්න, හදවත; සැනසෙන්න. තමන්ට ලැබෙන්නෙ නැති කෙනෙක් ගැන දිගින් දිගට ම අසා කිරිමෙන් වැඩක් නෑ. එයින් වෙන්නෙ හිත් වේදනාව වැඩි වෙන එක විතරයි. එහෙත් ඔබ තිස්සෙම බලාපොරොත්තු වෙන්වනෙ ඔහු දකින්ඩ ම නෙ. එයා දුටු මොහොතෙ සිට නේද මේ සිත් වේදනාව ඇති වුණේ - ඔබ හරියට මෝඩයි. ඒ වගේ ම බොහොම නපුරු යි. උපන් දා ඉඳල එකට ම වැඩුණු මාව දාල යන්තම් මොහොතක් දැක්ක කෙනෙක් පස්සේ
32
දුවන්ඩ ඔබට ලැජ්ජ නැද්ද? නෑ නෑ. මේ ඔබේ ම වරදක් නෙමෙයි. ඔබ මෙහෙම කරන්ඩ ඇත්තේ අනංගයාගෙ හී සැරවලට බයෙනුයි. (කඳුළු සහිත ව) හොඳයි; මේ ගැන දෙස් පවරන්ඩ ඕනැ අනංගයටයි. (ඇඳිලි බැඳ) මල්සර දෙවියනි; සියලු ම දෙවියන් හා අසුරයන් පරදවපු ඔබ වහන්සෙට ලැජ්ජා නැද්ද අහිංසක ගැහැණියකට මෙහෙම හිරිහැර කරන්ඩ. (කල්පනා කොට.) ඕ! ඔබ වහන්සේට අනංගයා කියන්නේ ශරිරයක් නැති නිසා නෙ. ( දිග සුසුමක් හෙලා) මේ නිසා කාළකණ්ණි මට මැරෙනව මිසක් වෙන කරන්ඩ දෙයක් නෑ. (සිතුවම් පුවරුව දෙස බලා) කවුරුවත් එන්ඩ ඉස්සෙල්ලා මගෙ හිත ගිය කෙනාගෙ රූපය ඇඳලා බලල මැරෙන්ඩ ඕනෑ. (ආයාසයෙන් සිත එකඟ කොට ගෙන චිත්රර ඵලකය ගැනිම නිරූපණය කොට. සුසුම් ලා) හිතේ කැළඹිම නිසා අතත් වෙවුලනවා. ඒත් ඔහු බලන්ඩ වෙන විදිහට ඔහුගෙ රූපය ඇඳලා ම බලන්ඩ ඕනෑ. (ඇඳිම අභිනයෙන් දක්වයි.) (සුසංගතා පිවිසෙයි.)
සුසංගතා : මේ තියෙන්නෙ කෙහෙල් උයනයි. මම යන්ඩ ඕනෑ ඇතුළට. (පිවිස, ඉදිරි පස බලා විස්මයෙන්) මේ ඉන්නෙ මගේ මිතුරිය; සාගරිකා, ඈ බලවත් අනුරාගයෙන් කැළඹුණු හිතින් වාගෙ මොකද්ද අඳිනවා; මාවවත් පේන්නෙ නෑ. හොඳයි හැංගිලා බලා ඉන්ඩ ඕනෑ මොකක් ද අඳින්නේ කියලා. (සාගරිකා පිටු පසින් සිට චිත්රනය
33
බාල සතුටින්) මොනවා? - රජතුමාගෙ රූපෙ! - අපූරුයි, සාගරිකා, අපුරුයි, නෙළුම් විලට ම මිසක් ඉතින් රාජ හංසයෙකුගෙ හිත් ඇදෙනවා යැ වෙනින් තැනකට.
සාගරිකා : ඔහුගෙ රූපෙ නම් ඇන්දා. නමුත් ඇස් දෙකෙන් කඳුළු පෙරෙන නිසා පේන්නෙ නැහැ. (උඩ බලා, කඳුළු පිස දමා, සුසංගතා දැක, උතුරු සළුවෙන් සිතුවම් පුවරුව වසයි.ඉක්බිති ලජ්ජා සහිත මඳ සිනාවෙන් යුතුව) ආ! සුසංගතා; මෙහෙන් වාඩිවෙන්ඩ.
සුසගතා : (වාඩි වි චිත්ර ය උදුරා ගෙන) මිතුරිය; ඔබ මේ ඇන්දෙ කවු ද?
සාගරිකා : (ලජ්ජාවෙන්) මදන මහොත්සවයට ආපු අනංගයා.
සුසංගතා: (මදහසින් යුතුව) ඔබ හරි චිත්රුකාරියක්නෙ. ඒ උණාට මොකද මේක අසම්පුර්ණයි. මෙ අනංගයා තනි වෙලා මොකද? රති දිව්යාංමගනාවගෙ රූපෙ ඇඳලා මම ඒක සම්පුර්ණ කරන්නම්. (ඈ තෙලි කූර ගෙන රති දෙවඟනගේ රුව අඳින ව්යානජයෙන් සාගරිකාගේ රුව ඇඳිම නිරූපණය කරයි.)
සාගරිකා : (චිත්ර ය දෙස බලා, කෝපයෙන් ) මොකට ද ඔය මාව ඇන්දෙ ?
සුසංගතා : (සිනාසෙමින්) මොකට ද බොරුවට කෝප වෙන්නෙ? ඔබ අනංගායා ඇන්ද වාගෙ මම
34
රති දිව්යාංමගනාව ඇන්දා, ඔය හිත යට හංගගෙන කතා කිරිමෙන් ඇති වැඩක් නෑ. ඉතින් වත් කියන්ඩ ඇත්ත. ඉක්මනට කියන්ඩ.
සාගරිකා : (ලජ්ජාවෙන් තමාට ම) මගේ මිතුරිය මාව තේරුම් ගත්ත වගෙ. (සුසංගතාගේ අතින් අල්ලා ගෙන) මට කියන්ඩ ලැජ්ජයි - ඔබ කා එක්කවත් කියන්නෙ නැත්නම්?
සුසංගතා : ලැජ්ජා වෙන්ඩ එපා. මම කා එක්කවත් කියන්නෙ නැහැ. සත්තකින් ම ඔබ වගේ කරුණියක් ආලය කරන්ඩ ඕනෑ මේ වගේ තරුණයකුට ම තමයි. මම කා එක්කවත් කිව්වේ නැතුවට මේ සැළළිහිණියා නම් විස්විස නැහැ. ඌ අපි කියාපුවා කටපාඩම් කර ගෙන ඉඳලා, ළඟට ආපු කෙනෙකුට කියයි නේ ද?
සාගරිකා : අනේ! ඉතින් මොකක් ද මම මේකට කරන්නෙ? - මගේ හිත් වේදනාව එන්ඩ එන්ඩ ම වැඩි වෙනවා. (ආලයෙන් පිඩිත බැව් නිරූපණය කරයි)
සුසංගතා : (සාගරිකාගේ පපුවට අත තබා) කණගාටු වෙන්ඩ එපා මිතුරිය; කණගාටු වෙන්ඩ එපා, මම ගිහින් අර පොකුණෙන් නෙළුම් කොළ යි දඬුයි ඉක්මනට කඩා ගෙන එන්නම්. (නික්ම ගොස් නෙළුම් කොළ හා අඬු කඩා ගෙන ඉක්මණින් පෙරලා අවුත්, නෙළුම් කොළ වලින් ශයනයක් ද දඬු වලින් මාලයක් ද තනා ඉතිරි කොළ සාගරිකාගේ පපුව මත තැබිම නිරූපණය කරයි)
35
සාගරිකා : මේව අහක දාන්ඩ. මේ නෙළුම් දඬු මාලෙයි කොළයි අහක දාන්ඩ. මොකට ද නිකම්. ඔබ කරදර වෙන්නෙ? මෙහෙ ම කියමනකුත් තියෙනවානෙ.
ලද, නොම හැක්කෙක් උදෙසා හ දේ උප, දින ආලෙන් අයස ම යේ දේ රජ, යයි ලජ්ජාව ම ඇම ස ෙඳ් මරු, සිප ගැන්මයි කළ යුතු ම දේ (සාගරිකා මුසපත් වෙයි.)
සුසංගතා : (අනුකම්පා සහිතව) කණගාටු වෙන්ඩ එපා මිතුරිය; කණගාටු වෙන්ඩ එපා. කොහොම හිරි හිත සනසගන්ඩ මහන්සි වෙන්ඩ. (නේපථ්යසයෙහි )
සිඳ බිඳ රන් දම කෝපෙන් ගුගු රා ගෙළැ බඳ මිණි හඬ සිව් දිග පතු රා අඟන්න බිය පත් කරමින් වඳු රා දිව යයි වේගෙන් වෙත රජ මැදු රා
බොහො දන හිස් ලු ලු අත විසිරේ කුරා වදි ඇමතිගෙ සළු අතරේ කොර, කුදු දන සේවය කළ ඇතොරේ තව ද නැමි ගෙන සැඟවෙති අඳුරේ
සුසංගතා : (ඇහුම්කන් දි ඉදිරි පස බලා, වහා නැගිට, සාගරිකාගේ අතින් අල්ලාගෙන) සාගරිකා, සාගරිකා, නැගිටින්ඩ, ඉඩක්මනට නැගිටින්ඩ; අන්න අර වඳුර කඩාගෙ මේ පැත්තට දුවනවා. ඌ යනකල් අපි මේ තමළු ලිය ගොමුවට වෙලා හැංගෙමු (දෙදෙනා ම සැඟ වි බියෙන් බාල සිටිති.)
36
සාගරිකා : සුසංගතා, කොහෙ ද ඔබ අර චිත්රංය දාල ආවෙ? අනේ එක් කවුරුවත් දකියි ද?
සුසංගතා : තවත් හිතේ තියෙන්නේ ඒකමයි. චිත්රමය මොනව කරන්ඩද? - මේ බඩජාරි වඳුර සැළළිහිණියගෙ කිරිබත් ටිකක් කාලා, කූඩෙත් ඇරල දාල ගිහින් - අන්න සැළළිහිණියා ඉගිල්ලිලා යනවා. ඌ අපි කියාපුවා කවුරුවත් ඉන්න තැනක කියයි ද දන්නෙ නෑ. එන්ඩ, එන්ඩ, අපිත් යමු පස්සෙන් ම.
සාගරිකා : ඔව්, සුසංගතා: ඉක්මනට අපිත් යමු පස්සෙන් ( දෙදෙනා ම වටයක් යති.) (නේපථ්යියෙහි) හෝ ! හෝ !! - පුදුමයක් ! හරිම පුදුමයක්!!!
සාගරිකා : (බලා. බියෙන්) වඳුර ආයෙත් එනව වාගෙ.
සුසංගිතා : (විදුෂක දැක, කොක් හඬ ලා සිනාසී) ඔබ මහ බියගුල්ලියක. ඒ එන්නෙ රජතුමාගේ යාළුවා වසන්තකනෙ.
සාගරිකා : (ආසාවෙන් බලා) සුසංගත් යෙත් දැකිය යුත්තෙක් ම නේ ද? සුසංගතා : මොකක්ද සාගරිකා ඔහු දැක්කයි කියල ලැබෙන ඉසුර? සැළළිහිණියා මෙලහකටත් හුඟ්ක දුර ගිහින් ඇති. ඉක්මනට අපිත් යමු පස්සෙන් (දෙදෙනා ම නික් ම යති.) (අනතුරු ව තුටු පහටු සිත් ඇති ව විදුෂක පිවිසෙයි.)
37
විදුෂක : හෝ! හෝ!! - පුදුමයක් ! හරිම පුදුමයක්!!! - කදිමයි සිරිකණ්ඩදාස, කදිමයි, දැසමන් වැලේ සෙර ම අතුරුකිළි පිපුණු මල් පොකුරුවලින් පිරිලා, හරියට ම දේවින් වහ්සෙගෙ මාධ වී වැලට සමච්චල් කරනව වාගෙයි. මම දැන් ගිහින් මගේ මිත්ර්යට ආශිර්වාද කරන්ඩ ඕනෑ. (වටයක් ගොස්, බලා) මේ එන්නෙ මිත්රුයත්; හරියට දෑසම් වැල දැක්ක වාගෙ බොහොම සන්තොසෙන් - මම යන්ඩ ඕනැ ළඟට. (ඉහත විස්තර කැරුණු පරිද් රජතුමා පිවිසෙයි)
රජ : (සොම්නසින් යුතුව)
ගැවසුණු මලින් සුවඳින් යුතු මිහිරි තම නැළැවෙන මඳ නෙලෙන් දැසමන් වැලට එම ගිජු ලෙස පුදා දෙනුවන් දේවියගෙ බැම හකුළා මුහුණැ අද රත් පැහැ නඟමි මම
දෑසමන් වැලේ මල් පිපිල ද බලගෙන එන්ඩ ගිය වසන්තක තවම නැහැ නේ.
විදුෂක : (වහා එළඹ, ජය වේවා! මිත්ර්ය, ජය වේවා!! මිත්රදය, සේරට ම ඉස්සෙල්ලා මගෙ ආශිර්වාදය පිළිගන්ඩ. දෑසමන් වැලේ සෙර ම අතු රිකිළි පිපුණු මල් පොකුරු වලින් පිරිලා. හරියට ම දේවින් වහන්සෙගෙ මාධ වි වැලට සමච්චල් කරනව වාගෙ.
රජ : වසන්තක; ඒවා ගැන සැක හිතන්ඩ දෙයක් නැහැ. මැණික්වලයි, මන්තරවලයි, බේත් වලයි බලය කොයි තරම් ද කියලා හිතන්ඩත් අමාරුයි.
38
සතුරු සෙන් සැම දිනි ගෙළැ බඳ කොතුබු මිණැ අනුහසින් උවි ඳා මතුරු බලයෙන් දැපන ලිය හැක මොහොතකින් නා ලොවේ පණි ඳා ඉඳුරුජිත්ගෙන් පහර ලැබ ඇද වැටි හුන් මිහි කත බා දා වඳුරු නා ලක්සුමණ දෙදෙනා දිවි ලැබු ඔසු සිඹ එ දා
වසන්තක පාර පෙන්නන්ඩ මමත් යන්ඩ ඕනෑ දෑසමන් වැල බලන්ඩ.
විදූෂක: (ආඩම්බරයෙන් ) මෙහෙන් වඩින්ඩ, දේවයන් වහන්ස; මෙහෙන් වඩින්ඩ
රජ : ඔබ ඉස්සර වෙන්ඩ (ගර්වයෙන් යුතුව දෙදෙනා ම වටයක් යති.)
විදුෂක : (ඇහුම්කන් දී, බියෙන් ආපහු හැරි, රජු බදාගෙන කලබලයෙන් )දුවමු, දුවමු; මිත්ර ය ආපසු දුවමු.
රජ : මොකද? මොකද මේ?
විදුෂක : යකෙක්, යකෙක්, මේ මුණමල් ගහේ යකෙක් ඉන්නවා.
රජ : බියගුල්ලා! බය නැතුව යන්ඩ, මෙහෙ කොයින් ද යක්කු?
විදුෂක : රජතුමනි; එහෙනම් ටිකක් ඇහුම්කන් දෙන්ඩ.ඔන්න ඌ මොනවද කියනව. මාව විස්වාස නැත්නම් ඔබ තුමා ම ඉස්සරහට ගිහින් ඇහුම් කන් දෙන්ඩ.
39 රජ : (ඉදිරියට ගොස් ඇහුම්කන් දි.)
ඇම සර පැහැදිලි ය මිහිරිය හඬසෙ ලද ලි ය රළු බව ද නොමැති ය හඟිම් මේ සැළළිහිණියා ම ය
(විමසුම් සහිතව උඩ බලා) ඒ සැළළිහිණිය නෙ.
විදුෂක : (උඩ බලා) ආ! හැබෑට - සැළළිහිණිය නේන්නම්. (තරහෙන් සැරයටිය ඔසවා) ඒයි පරයා. තෝ හිතුව ද වසන්තක තොට බය උනේ ඇත්තට ම කියලා? හිටපියකො ඔහොම. බොරුකාරයින්ගෙ හිත වාගෙ වකුටු වුණු මේ හැරමිටියෙන් ම ගහල මම තෝ ඉදිච්ච දිවුල් ගෙඩියක් වාගෙ බිම දානව. හිටපිය. ඔහො ම හිටපිය. (පහර දිමට සැරසේ.)
රජ : (විදුෂක වළක්වමින්) මොඩයා! මොකට ද ඌ බය ගන්නන්නේ? ඌ කියන්නෙ රමණිය දෙයක්. අපි අහමු එ කියන්නෙ මොකක් ද කියලා. (දෙදෙනා ම ඇහුම්කන් දෙති)
විදුෂක : (අසා) අහෙනව ද මිත්රිය, ඌ කියන්නෙ මොනවද කියල? “මිතුරිය, ඔබ මේ ඇන්දෙ කවු ද? - මදන මහෝත්සවයට ආපු අනංගයා” කියල කියනවා. _ ආයෙත් කියනවා - “මොකට ද බොරුවට කෝප වෙන්නෙ? ඔබ අනංගය ඇන්ද වාගෙ මම රති දිව්යාංකගනාව ඇන්ද. ඔය හිත යට හංගගෙන කතා කිරිමෙන් ඇති වැඩක් නැහැ. ඉතින් වත් කියන්ඩ ඇත්ත. ඉක්මනට කියන්ඩ” කියල. - මිත්ර ය හැබෑටම මේ මොකක් ද කියන්නේ?
40
රජ : මට හිතෙන්නෙ කවුරු හරි තරුණියක් පෙම්වතා ගෙ චිත්රයය ඇඳලා මිතුරිය එකක කියන්ඩ ඇති ඒ අනංගයයි කියලා. ඉතින් කාරණය වටහා ගත්ත මිතුරිය ඇගේ චිත්රගය ඇඳල ඒ රති දිව්යාංටගානවයි කියන්ඩ ඇති.
විදූෂක : (අසුරු ගසා) ඔව් මිත්රතය; එහෙම වෙන්ඩ ඇති.
රජ : හා! හා! - සද්ද කරන්ඩ එපා. ඌ අයෙත් කතා කරනව.
විදුෂක : ඒ ගමන කියනවා “ලැජ්ජ වෙන්ඩ එපා. සත්තකින් ම ඔබ වාගෙ තරුණියක් ආලය කරන්ඩ ඕනෑ මේ වගේ තරුණයකුට ම තමයි” කියල. රජතුමනි; ඉතින් මේ ඇඳල තියෙන තරුණිය නම් බොහොම ලස්සණ කෙනෙක් වෙන්ඩ ඕනෑ.
රජ : ඔව්; අපි තව ටිකක් ඇහුම්කන් දෙමුෙකා. මෙකෙ මොකක් හරි රහසක් තියෙනවා. (දෙදෙනා ම ඇහුම්කන් දෙති)
විදුෂක : මිත්රිය, ඔබට ඇහෙනව ද මොකක් දි ඌ කියන්නෙ කියල? “මේව අහකට දාන්ඩ. මේ නෙළුම් දඬු මාලෙයි කොළයි අහකට දාන්ඩ.මොකට ද නිකම් ඔබ කරදර වෙන්නෙ” කියල.
රජ : ඇහුනා විතරක් නෙමෙයි. මට ඒකෙ තේරුමක් වැටහුණා.
41 විදුෂක : රජතුමනි; මට ඔය පණ්ඩිතකම් පෙන්නන්ඩ හදන්ඩ එපා. උගෙ කටින් ම අහල මම ඒක තේරුම් කරල දෙන්නම්. අපි හොඳට ඇහුම්කන් දෙමු. - ඒ ගමන ඒ පරයා “ඤුරු ඤුරු” ගානඩ පටන් ගත්තනෙ.
රජ : ඒක නේන්නම්. (දෙදෙනා ම යළිත් ඇහුම්කන් දෙති.)
විදුෂක : ඒ ගමන ඒ පරය ආයෙත් පටන්ගත්ත රිචඃ රිචඃ ගගා රිග්වේද මන්තර කියන්ඩ, හරියට චතුර් වේදෙ දන්න බමුණෙක් වාගෙ.
රජ : මිත්ර ය : මොකක් ද ඌ කිව්වෙ? මට ඒක තේරුණේ නැහැ. මම හිටියේ.......වෙනින් කල්පනාවකින්. විදුෂක : ඌ කියනවා. “ලද, නොම හැක්කෙක් උදෙසා හ දේ උප, දින ආලෙන් වෙහෙස ම යේ දේ රජ, යයි ලජ්ජාව ම ඇම ස දේ මරු, සිප ගැන්මයි කළ යුතු ම දේ” රජ : (මඳ සිනා සහිත ව) බමුණෙක් වු ඔබට ම මිසක් වෙන කාට ද මේ රිග්වේද පාඨ තේරෙන්නෙ. විදුෂක : එහෙනම් මේ මොකක් ද?
රජ : ඒ කවියක්නෙ.
විදුෂක : මොකක් කිව්වා? - කවියක්?
රජ : තමාගෙ ආදරවන්තයා ලබා ගන්ඩ බැරි විම නිසා දිවි එපා වුණු තරුණියක් කියාපු කවියක්.
42
විදුෂක : (කොක් හඬලා සිනාසි.) මොකක් ද ඔය “වහෙන් ඔරො” කියන කියමන. ඇයි කෙලින් ම නො කියන්නෙ ‘මාව ලබා ගන්ඩ බැරි වෙච්ච තරුණියක්’ කියල? - ඔබ තුමාට මිසක් වෙන කාටද අනංගය කියල කියන්ඩ පුළුවන්? (අත් පොළසන් දි යළිත් කොක් හඬ ලා සිනාසෙයි.)
රජ : (උඩ බලා) නොදකින් මෝඩයා! කොක් හඬ තලල හිනා වෙලා ඌ බය ගැන්නුවනෙ. අන්න ඌ ඉගිල්ලිලා ගියා. (දෙදෙනා ම විමසිල්ලෙන් උඩ බලති.)
විදුෂක : (බලා) ඌ කෙහෙල් උයනට යන්ඩ ඇති. එන්ඩ ඉක්මනට අපිත් යමු පස්සෙන්
රජ : පිඩිත අනඟ සර පහරට අසුව ඉතා අඟනන් යෙහෙළියන් අබියසැ කරන කතා ළපැටින් හා ගිරා සැළළිහිණියන් අ තා යැවේ වාසනා ගුණ යුත් දනන් වෙතා
විදුෂක : එන්ඩ, එන්ඩ, රජතුමනි, එන්ඬ, (දෙදෙනා ම වටයක් යති.)
විදුෂක : රජතුමනි, කෙහෙල් උයන තමයි මේ තියෙන්නෙ. අපි යමු උයන ඇතුළට. (දෙදෙනා ම පිවිසෙති.)
විදුෂක : ඌ ගිහිල්ලනෙ. අපි ඉතින් මේ සිහිල් සුළඟින් සෙලවෙන කෙහෙල් දළුවලින් හෙවණ වුණු ගල් ලෑල්ල උඩ ඉඳගෙන විවෙක ගනිමු.
රජ : ඔබේ කැමැත්තක්. (දෙදෙනා ම ගල් පුවරුව මත හිඳ ගනිති.)
43
රජ : (සුසුම් ලා “පිඩිත අනඟ සර පහරට” යන්න කියයි.)
විදුෂක : (පසෙක බලා ) රජතුමනි මේ තියෙන්නේ සැළළිහිණියගේ කුඩෙ. ඒකෙ දොරත් ඇරල දාල ආ මේක වෙන්ඩ ඕනැ සිතුවම් පුවරුව. ඒක අරගන්ඩ ඕනැ බලන්ඩ. (සිතුවම් පුවරුව ගෙන බලා. සතුටින්.) ඕ! රජතුමනි; ඔබ තුමාගෙ වාසනාව, වසානාව.
රජ : (කුතුහලයෙන් ) මොක ද, මොක ද වසන්තක?
විදුෂක : මේ මම කලින් කියාපු දේමනෙ. මේ ඇඳල තියෙන්නේ ඔබ තුමාගේ රූපෙනෙ. වෙන කවුද ඉතින් අනංගය වාගෙ ඉන්නෙ?
රජ : (ඉතා සතුටින් අත දිගු කොට) කෝ කෝ බලන්ඬ.
විදුෂක : බෑ පෙන්නන්නෙ නෑ. ඒ තරුණියගේ රුපෙත් මෙකෙ ඇඳල් තියෙනවා, ඒ වගේ ලස්සණ තරුණියක් තෑග්ගක් නැතුව පෙන්නන්ඩ බෑ.
රජ : (වළල්ල ගලවා දෙමින්, සිතුවම් පුවරුව උදුරා ගෙන බලා විස්මනයෙන්)
තුනු සිරියෙන් පසු කළ සිරි ලන්දු මා කෙරෙහි ම නිති පේම රැන්දු මා හද මානස විලැ ලොබ බැන්දු කවුරුද හස’ඟන වන් මේ ලන්දු
44
පුන් සඳ පරයන සේ සිරි රන්දා මැවු මෙලඳ මුව දැක මන නන්දා පියුමාසන සිය හැකිළෙන සන්දා තැවෙයි බඹා මැද සෝ ගිනි කන්ද (සාගරිකා සහ සුසංගත පිවිසෙති.)
සුසංගතා : අපට බැරි උණානෙ සැළළිහිණියා අල්ල ගන්ඩ. දැන් ඉතින් කෙහෙල් උයනින් අර චිත්ර ය වත් අරගෙන ඉක්මනට යමු යන්ඩ.
සාගරිකා : ඔව්; අපි ඉක්මනට යමු. (දෙදෙනා ම වටයක් යති.)
විදුෂක : රජතුමනි; මේ මොකද මෑ බිම බලා ගෙන ඉන්න විදිහට ඇඳලා තියෙන්නෙ?
සුසංගතා : (ඇහුම්කන් දි) වසන්තකගේ කටහඬ වාගෙ. එකත් එකට ම රජතුමාත් ඇවිත් ඇති. අපි මේ කෙහෙල පඳුර අස්සට වෙලා බලා ඉම්මු. (දෙදෙනා ම සැඟ වි බලා සිටිති.)
රජ: මේ බලන්ඩ වසන්තක; මේ බලන්ඩකො. (පුන්සඳ පරයන සේ යන්න යළිත් කියයි.)
සුසංගතා : ඔබ හරි ම වාසනාවන්තියක් සාගරිකා අන්න පෙම්වතා ඔබෙ රඋපෙ දිහා බලා ඉන්නවා.
සාගරිකා : (ලජ්ජාවෙන්) ඔබ මොක ද ඔය මාව හෑල්ලු කරල ඕනෑ නැති කතා කියන්නෙ?
විදුෂක : (රජු අල්ලා සොලවමින්) මම ඇහැව්වෙ මොකද මෑ බිම බලා ගෙන ඉන්න විදිහට ඇඳලා තියෙන්නෙ කියල යි. රජ : සැළළිහිණියා කිව්වනෙ ඒ සේරම.
45
සුසංගතා : සැළළිහිණියට අපි කියාපුව සේරම පාඩම් හිටල තියෙනව.
විදුෂක : ඕ! රජතුමනි; ඔබ තුමාගෙ ඇස් දෙකට නම් දැන් හරිම සැපතක් දැනෙනව ඇති නේ ද?
සාගරිකා : (කැළඹි, තාමට ම) ඔහු මොනවා කියයි ද දන්නෙ නැ. මම දන්නෙ නැ. මම දැන් ඉන්නෙ ජිවිතෙත් මරණෙත් අතරයි.
රජ : සැපතක් දැනෙනව ද කියලත් අහනව! සුන්දර වටොර බඳනා දළ ලොබින් දන පුළුල් උකුළ මල්සර මල් යහන් වන උඩුහුරු සුපුන් තන පතමින් නුවන් මිණ නරඹා මෙසේ සනසමි රිසි ලෙසින් මන
සුසංගතා : ඇහෙනව ද සාගරිකා?
සාගරිකා : (සිනාසි) ඔබ ම ඇහුම්කන් දෙන්ඩ. ඒ වර්ණනා කරන්නෙ ඔබෙ චිත්රර ඇඳිමේ හපන්කමනෙ.
විදුෂක : මෙච්චර ලස්සණ රූපයක් ළඟින් ම ඔබ තුමාගෙ රූපෙ ඇඳිමෙන් ඔබ තුමාට කරල තියෙන්නෙ ලොකු ම ගෞරවයක්. ඒත් ඔබ තුමාට ඒක වැටහෙන්නෙ නැ.
රජ : (හොඳින් පරික්ෂා කොට) මෑ අතින් ම නම් මගෙ රූපෙ ඇන්දෙ මට කරල තියෙන්නෙ ලොකු ම ගෞරවයක් තමා. මට ඒක නොවැටහෙන්නෙ නැහැ.
අඳනා සඳෙහා මා රුව හද පිරුණු බැතින් විසුරුණු කඳුළු බිදු ගිලිහි සුනිල නෙතින් ලැබ පිය පහස ඇයගේ මුදු කොමල අතින් නැගි ඩහ බිඳු වැනිය උණුසුම දැනුණු ගතින්
46
සාගරිකා : (තමාට ම) සැනසෙන්න හදවත, සැනසෙන්න. ඔබේ මන දොළ තව ම බලාපොරොත්තු සහිත තත්වෙට පත් වෙලා නැහැ.
සුසංගාතා : රජතුමාත් මේ තරම් වර්ණනා කරන ඔබ ඇත්තෙන් ම ප්රංසංසා ලබන්ඩ සුදුසු කෙනෙක්.
විදුෂක : (පසෙක බලා) රජතුමනි; මෙ තියෙන්නෙ නෙළුම් කොළයි දඬුයි අරගෙන හදාපු යහනාවකුත් ඒෙකන් පේන්නෙ ඒ කාන්තාව ආලෙන් පිඩිත වෙලා ඉන්න බව නෙ.
රජ : ඔව් වසන්තක; එක තමයි පේන්නෙ.
පියයුරු හා පුළුලුකුලේ ගටෙමින් මැලවුනු අත රා සිහිනිඟ නොගැටුණු විලසේ පළ කර නිල් පැහැය ද රා ලබමින් මුදු අත් පහසේ විසුරුණු දෙපසෙහි ඉඳු රා කොළ යහනින් තතු පැවසේ අඟනක හදැ වැඩුනු නු රා
සොඳුරු පියයුරු පහස ලබමින් වැඩුනු එහි දැඩි බව නිසා නෙළුම් පතැ මේ මහා දෙවළය සුසැදි නිල් පැහැය ද නසා ඇගේ පියයුරු යුග මහත් බව සමඟ නිරතුරු හද වසා පැතිර පවතින නුරා ගින්නෙහි තරම පවසයි ඇති ලෙසා
47
විදුෂක : (නෙළුම් දඬු මාලය ගැනිම නිරූපණය කොට ) මිත්ර ය; මෙන්න තවත් එකක්. පපුවෙ උණුසුමට මේ නෙළුමු දඩු මාලෙත් වේලිලා ගිහින්. මේ බලන්ඩකො.
රජ : (එය රැගෙන, පපුවට තබා තද කර ගෙන)
හුයකට වුව ද ම ඳ අවසරයක් නොදෙන ලෙ ද එකිනෙක ගැටෙන ත ද පියයුරන් මැද විසුවෙ කෙලෙස ද
සුසංගිතා : (තමාට ම) රජතුමා බලවත් අනුරාගයෙන් කැළඹිලා විකාර දොජවන්ඩ පටන් ගත්ත නෙ. දැන් ඉතින් මෙතන ඉන්න එක හොඳ නෑ. හොඳයි; මෙහෙමවත් කියන්ඩ ඕනෑ. (ශබ්ද නගා) ඔබ මුණගැහෙන්ඩ ආපු කෙනා මෙන්න ඉන්නවා.
සාගරිකා : (කෝපයෙන්) කවුරු මුණගැහෙන්ඩ ද මම ආවෙ?
සුසංගතා : (සිනාසී) තිස්සෙම ඔබ හිතන්නෙ වෙනින් දෙයක් ගැනමයි. මම කිව්වෙ චිත්රණය. ගිහිල්ලා ඒක අරගන එන්ඩ.
සාගරිකා : (කෝපයෙන්) මට නම් තේරෙන්නෙ නැහැ ඔබ මොනව දොඩවනවද කියල. මම යනවා යන්ඩ. (යාමට සැරසෙයි.)
සුසංගතා : (සාගරිකාගේ අත අල්ලා ගෙන) මොකද ඔය හැටි කලබල? ටිකක් හිටින්ඩ මම කෙහෙල් උයනෙන් චිත්ර)ය අරන් එනකල්.
48
සාකරිකා : අනේ සුසංගතා, එහෙනම් ඉක්මනට ගිහින් අරගෙන එන්ඩ. (සුසංගතා කෙහෙල් උයන දෙසට අභිමුකව වටයක් යයි.)
විදුෂක : (සුසංගතා එනු දැක, කලබලයෙන්) හංගන්ඩ, හංගන්ඩ රජතුමනි, ඉක්මනට චිත්රඑය හංගන්ඩ. අන්න බිසවුන් වහන්ගෙ සේවිකාව සුසංගානා එනවා.
(රජ සළු කොනින් සිතුවම් පුවරුව වසයි.)
සුසංගතා : (රජු කරා එළඹ) ජය වේවා! දේවයන් වහන්ස ජය වේවා!!
රජ : එන්ඩ සුසංගතා, එන්ඩ; මෙහෙන් වාඩි වෙන්ඩ. (සුසංගතා වාඩි වෙයි)
රජ: සුසංගතා, කොහොම ද මම මෙහෙ ඉන්න බව දැන ගත්තෙ?
සුසංගතා : ඔබතුමා මෙහෙ ඉන්න බව විතරක් යැ මම දන්නෙ. මේ චිත්රතය ගැන තොරතුරුත් සේරම මම දන්නවා. මම ගිහින් කියන්නම්කො බිසවුන් වහන්සෙ එක්ක. (යාමට සැරසෙයි.)
විදුෂක : (පසෙකට, බියෙන්) රජතුමනි, ඒක නම් වෙන්ඩ පුළුවන්. මෙකි මහ කටකාරි. දැන් ඉතින් තෑග්ගක් වත් දිල මේකි රවටන්ඩ.
රජ : ඔබේ අදහස හරි. (සුසංතතාගේ අතින් අල්ලා ගෙන) මේ නිකම් විහිළුවකනෙ. නිකරුණේ බිසවට සිති තැවුල් ඇති කරන්ඩ එපා. මෙන්න ඔබට තැග්ගකුත්. (කර්ණාභරණ්යඩක් ගලවා දෙයි.)
49
සුසංගතා : (රජු වැඳ, සිනාසෙමින්) ඔබ වහන්සෙ මා ගැන නම් සැක හිතන්ඩ එපා. මමත් ඒ කිව්වෙ විහිළුවට. මේ තෑග්ගෙන් මට වැඩක් නෑ. අන්න සාගරිකා මා එක්ක තරහෙ පුපුර පුපුර ඉන්නවා. එයාගෙ රූපෙ මෙතන ඇන්දයි කියල. ඉතින් ඔබ වහන්සටෙ පුළුවන් නම් ඈ සනසන එකයි මට කරන උදව්ව.
රජ: (ඉතා කලබලෙන් නැගිට) කොහෙද සුසංගතා. කොහෙද ඉන්නෙ?
සුසංගතා : මෙහෙන් එන්ඩ දේවයන් වහන්ස, මෙහෙන් එන්ඩ.
විදුෂක :මම චිත්රනයත් අරන් එන්නම්. ඒක කවදා හරි ප්රනයෝජන වෙන්ඩ පුළුවන්.
සුසංතතා : දේවයන් වහන්ස, මෙන්න සාගරිකා
(සියල්ලෝ ම කෙහෙල් උයනින් පිටතට එති.) සාගරිකා : (රජු දැක, සතුටින්, ලජ්ජාවෙන් හා කම්පනයෙන් යුතුව තිමට ම) රජතුමා දැක්කට පස්සෙ ලජ්ජාව නැසා යනව තියා මට අඩිය උස්සගන්ඩවත් බැහැ. දැන් ඉතින් මොකක්ද මම කරන්නෙ?
විදුෂක : (සාගරිකා දැක) හෝ! රජතුමනි, පුදුමයක්! හරිම පුදුමයක්!! මෙ වගෙ ලස්සණ කෙනෙක් නම් මේ මනුස්ස ලොකෙ ම නෑ. මෙයා මවල ඉවර වෙලා මහා බ්රසහ්මයත් පුදුම වෙලා බලා ඉන්ඩ ඇති.
රජ : මට හිතෙන්නෙත් එහෙමයි වසන්තක.
50
මවා මෙළඳ ඇම රුසිරෙන් රිසිසේ යොමා නුවන් පුදුමව බඹු නොලසේ සාදුකාර සිව් මුව’ගින් එකසේ දිදි නොනැටුවයි පවසමු කෙලෙසේ
සාගරිකා : (කොපයෙන් සුසංගතා දෙස බලා) ඔය චිත්රපය ගෙනා හැටි ද? (යාමට රිසි වෙයි.)
රජ : බැලුමුත හකුළා බැම කෝපෙන් මෙන් දෙනෙතේ තිගෙ නෑ රළු බව මඳකුත් සැලෙනා පුවලුකුළේ බර උසුලා දෙපා රිදෙයි යනු මැන ලැසි ගමනේ.
සුසංගතා : දේවයන් වහන්ස; ඈට හොඳට ම තරහ ගිහින්. අතින් අල්ලාගෙන වත් සනසන්ඩකො.
රජ : (ඉමහත් සොම්නසින්) ඔබ කියන දෙයක් කරන්නම්. (සාගරිකාගේ අත අල්ලා,ඇගේ ස්පර්ශයෙහි ආසවාදය නිරුපණය කරයි.
විදුෂක: අන්න අපුරුයි. මෑ ඔබට ම පහළ වුණු කාන්තාවක් නෙ.
රජ : ඒක නම් හැබැව වසන්තක.
සිරි ලඳ වන් මැගෙ දෑ තා පරසතු පලුමය සුර තා ඩහ බිඳු මෙන් කොමල ග තා තෙමා අමා රස වැහෙ තා
සුසංගතා : ඔබ හරියට නපුරුයි. සාගරිකා, රජතුමා අතින් අල්ල ගත්තත් තරහ නිවෙන්නෙ නෑ.
51
සාගරිකා : (බිඳුණු බැමෙන් යුතුව) සුසංගතා, කට පියාගෙන ඉන්ඩ බැරිද?
රජ : තරහ ගන්ඩ එපා සුන්දරිය; තරහ ගන්ඩ එපා. යාළුවො එක්ක එහෙ ම කරහ වෙන එක හොඳ යැ?
විදුෂක : ආ මේ වාසවද්තතා බිසවා ම නෙ! (රජ බියෙන් තැති ගෙන මහා ම සාගරිකාගේ අත මුදයි.)
සාගරිකා : (බියෙන් ඇළලි) සුසංගතා, දැන් ඉතින් මම මොකද කරන්නෙ?
සුසංගතා : අපි මේ කොල්ලම් පඳුරුවලට මුවා වෙවි යමු (දෙදෙනාම නික් ම යති.
රජ : (වට පිට බලා ) කෝ වාසවදත්තා බිසව?
විදුෂක : මම දන්නෙ කොහොමද වාසවදත්තා බිසව කොහේ ඉන්නවාද කියලා, මම කිව්වෙ බෙහොම කේන්ති යන හින්දා සාගරිකාත් වාසවදත්තා බිවස වගෙ කියල නෙ.
රජ : නොදකින් මෝඩයා! අතට ම අසුවුණු දයිවය විලසි න් රාගෙන් දිලි ලඳ රත්නාවලියෙ න් සරසා ගන්නාට පෙර ගෙළ මන මෙ න් ගිලිහුණි එය ඔබ සන්දා මා’ති න් (අනතුරුව කාඤ්චන මාලා සමග වාසවදත්තා බිසව පිවිසේ)
වාසවදත්තා : කාඤ්චනමාලා, රජතුමාගේ දෑසමන් වැලට තව හුඟක් දුර ද?
52
කාඤ්චනමාලා : නෑ බිසවුන් වහන්ස; දැසමන් වැල අර කෙහෙල් මණ්ඩපයට එපිටහ පැත්තෙනෙ.
වාසවදත්තා : එහෙනම් යන්ඩ ඉස්සර වෙලා
කාඤ්චනමාලා : මෙහෙන් එන්ඩ බිසොවුන් වහන්ස; මෙහෙන් එන්ඩ.
රජ : මිත්රෙය; දැන් ඉතින් මගේ ප්රිඅයාව දකින්ඩ පුළුවන් කොහේදි ද?
කාඤ්චනමාලා : අන්න රජතුමා කතා කරනව වාගෙ ඇහෙනව, ඔබ වහන්සේ එනකල් බලා ඉන්නව වෙන්ඩ ඇති, බිසවුන් වහන්සේ යන්ඩ ළඟට
වාසවදත්තා : (රජු කරා එළඹ) ජය වේවා! ස්වාමි පුත්රතයාණෙනි. ජය වේවා!!
රජ : (පසෙකට ) හංගන්ඩ, හංගන්ඩ, ඉක්මනට චිත්රරය හංගන්ඩ (විදුෂක චිත්ර ය කිහිලිගන්නා ගෙන උතුරු සළුවෙන් වසා ගනි.)
වාසවදත්තා : ස්වාමි පුත්රනයාණනි; දෑසමන් වැලේ මල් පිපිල ද?
රජ : ඔබ එනතුරු බලා හිටියා මිසක් අපි තව ම බලන්ඩ ගියේ නැහැ. ඉතින් යමු බලන්ඩ.
වාසවදත්තා : (සුපරික්ෂාකාරිව රජු දෙස බලා) ඔබේ මුහුණෙන් ම පේනව දෑසමන් වැලේ මල් පිපිල තියෙන බව. ඒ නිසා දැන් යන්ඩ ඕනැ කමක් නැහැ
53
විදූෂක : හෝ! හෝ අපි දිනුවෝ. (ප්රි තියෙන් දෙ අත් විදහා නටයි. කිසිල්ලේ තුබුණු සිතුවම් පුවරුව වැටෙයි.) (රජු විදූෂකට පමණක් පෙනෙන සේ ඇඟිල්ල ඔසවා තර්ජනය කරයි.)
විදුෂක : (රජුට) කලබල නැතුව ඉන්ඩකො.ඒක මම බලාගන්නම්.
කාඤ්චනමාලා : (චිත්ර ය ගෙන බලා, රහසින් බිසවට) බිසවුන් වහන්ස මේ බලන්ඩ; මේ ඇඳලා තියෙන්නෙ මොකක්ද?
වාසවදත්තා : (බලා, රහසින් කාඤ්චන මාලාට) මේ රජතුමා, මේ සාගරිකා, මොකක් ද මෙකේ තේරුම?
කාඤ්චනමාලා : මමත් මේ කල්පනා කරන්නෙ ඒකයි බිසවුන් වහන්ස.
වාසවදත්තා : (කෝපාවිෂ්ට සිනාවෙන් යුතුව ) ස්වාමි පුත්රමය, කවු ද මේක ඇන්දෙ?
රජ : (ලජ්ජාව පළ කරන සිනාවකින් යුතුව, රහසින් විදුෂකට) මිත්රනය; මොකක් ද මේකට කියන්නෙ?
විදුෂක : (රහසින් රජතුමාට) ඒ ගැන කරදර වෙන්ඩ එපා. මම උත්තර දෙන්නම් ඒකට (ශබ්ද නගා වාසවදත්තාට ) බිසවුන් වහන්ස, මේකෙ මොකුත් සැකයක් හිතන්ඩ දෙයක් නෑ. කාටවත් ම තමන්ගෙ රූපෙ හරියට අඳින්ඩ බැහැයි කියල මම කිව්වා. මගේ කිම බොරු කරන්ඩ රජතුමා තමන්ගෙ ම රූපෙ ඇඳලා එතුමාගෙ හපන්කම පෙන්නුවා.
54
රජ : ඔව්; ඔව්; ඔය වසන්තක කියන විදිහ තමයි.
වාසවදත්තා : (චිත්රවය පෙන්වා) ස්වාමි පුත්රතය, මේ ඔබ ළගින් ම ඇඳල තියෙන්නෙ කවු ද? ඒ වසන්තක ගෙ හපන්කම පෙන්නපු එක ද?
රජ : (මඳ සිනාවකින් යුතුව) දේවිය, සැක හිතන්ඩ එපා. මේ මම නිකම්ම හිතල ඇඳපු රූපයක්.මිස කවදාවත් ම දැකපු කෙනෙක් නෙමෙයි.
විදුෂක : ඇත්තමයි, බිසවුන් වහන්ස; ඇත්තමයි. අපි මේ වගේ කෙනෙක් කවදාවත් ම දැකලා නෑ. තවත් අවිස්වාස නම් මම මේ පූන නූල ගැන දිව්රන්නම්.
කාඤ්චනමාලා : (රහසින් බිසවට)ඕවගෙ සමානකම් ඉබේ ම ඇති වෙන්ඩත් පුළුවන්. ලීවල ගුල්ලො විදපු සිදුරුත් සමහර වෙලාවකට අකුරු වාගෙ පේන්නෙ.
වාසවදත්තා : (රහසින් කාඤ්චනමාලාට) මේ වසන්තක කපටියා, උඹ දන්නෙ නෑ එයාගෙ හැටි. (ශබ්ද නගා) රජතුමනි, මේ චිත්ර,ය දිහා බලා ඉඳල මගෙ ඔළුවෙ කැක්කුමත් හැදුණා. මම යනව යන්ඩ. (පිටත් වෙයි)
රජ : (බිසවගේ සළු කොණින් අල්ලා ගෙන) දේවිය සැනසෙනු මැන කිව නොහැකිය ඔබ තුළ කෝපය නොමැති නි සා නොකරමි යළි මේ ලෙස කිවොත් එය පිළි ගැන්මකි මා නොකළ දො සා මම නිදොසිමි කිමෙන් පිහිටක් නැත අදහයි ඔබ එය විලස මු සා අසරණ වු මට ගැලැවිමෙක් නැත අද ඔබගෙන් කිසිවක් පව සා
55
වාසවදත්තා : (විනීත ලෙස සළු කොණ අදිමින් ) ස්වාමි පුත්රිය, වරද්දල තේරුම් ගන්ඩ එපා, ඇත්තෙන් ම අද මගෙ ඔළුව කකියනව.ඒකයි මම යන්නෙ. (කාඤ්චනමාලා සහ වාසවදත්තා නික්ම යති.)
විදුෂක : (වටපිට බලා ) ඔබතුමා හරිම වාසනාවන්තයා. මේ හදිසි කුණාටුවෙන් අපි යන්තම් බේරුණා.
රජ : නොදකින් මෝඩයා! - මොන බේරිල්ලක් ද? විනිතකම නිසා නොපෙන්නුවට මොකද බිසව ගියෙ හිත ඇතුළෙන් පුපුරන්ඩ තරම් තරහෙන්, ඔබට බැරි උණානෙ ඒකවත් තේරුම් ගන්ඩ. බිඳි ගිය නමුත් යුග බැම, නොදි රළු බසක් සවනෙහි සරා මඳ හසින් සිය මුව පියුම නොව ලසේ
පිරි තුබුණු නෙත් කඳුළින් නොලා අප දෙසේ සැණෙකින් ගියා බිසව සිය කෝපය සඟවමින් හදේ (සියල්ලෝම නික් ම යති.)
“කදලි ගෘහ” නම් වු දෙවැනි අංකය නිමි.