රත්නාවලී - iv

Wikibooks වෙතින්

3. අංකය

(මදනිකා පිවිසේ.)

මදනිකා : (තනිව ම) කෞශ‍ාම්බිකා, කෞශාම්බිකා, කාඤ්චනමාලා දැක්කෙ නැද්ද? (ඇහුම්කන් දි) මොකක් කිව්වා ? ඇවිදින් ගිහින් හුඟක් වෙලා? එහෙනම් ඈ කොහෙද දැන් ඇත්තෙ? (ඉදිරි පස බලා ) ආ! මේ මේ, එන්නෙ කාඤ්චනමාලා මේ පැත්තට, මම යන්ඩ ඕනෑ ළඟට.

(කාඤ්චනමාලා පිවිසෙයි)

කාඤ්චනමාලා : (උත්ප්රාලස සහිතව) හොඳයි වසන්තක, බොහොම හොඳයි, සමාදාන කිරිමටයි භේද කිරිමයට ඔබ යොදන උපායවලට යෞගන්ධරායණත් පරාදයි,

මදනිකා : (එළඹ මඳහසින් යුතුව) කාඤ්චනමාලා මේ තරම් වසන්තක වර්ණනා කරන්නෙ මොනව කළාට ද?

කාඤ්චනමාලා : ඔබට මොකටද මදනිකා ඒවා, ඔබට පුළුවන් යැ රහසක් ‍පරෙස්සම් කර ගන්ඩ.

57

මදනිකා : මම කා එක්කවත් කියන්නෙ නෑ, ඕනෑ නම් බිසවුන් වහන්සෙගේ දෙපතුල් ගැන දිව්රන්නම්.

කාඤ්චනමාලා : මම දැන් චිත්රන ශාලාව ළඟින් එනකොට මට ඇහුණා සුසංගතාගෙයි වසන්කගෙයි පොඩි සාකච්ඡාවක්.

මදනිකා : (කුතුහ‍ලයෙන් ) මොකද්ද? මොකද්ද?

කාඤ්චනමාලා : වසන්තක කියනව රජතුමාගේ හිත අවුල් වෙලා තියෙන්නෙ සාගරිකා හන්දලු. ඉතින් ඒ ගැන මොකද්ද කරන්ඩ ඕනෑ කියල කල්පන් කරල බලන්ඩලු.

මදනිකා : ඉතින් මොකද සුසංගතා කිව්වෙ?

කාඤ්චනමාලා : අර චිත්රුය දැක්කට පස්සෙ බිසවුන් මහන්සෙ සාගරිකා ගැන සැක කරල, ඈව බලාගන්ඩ සුසංගතාට බාර දුන්නලු, එහෙම බාර දෙන ගමන් සුසංගතාට ඇඳුම් පැළඳුම් හේමත් දිල තියෙනවා, ඉතින් සුසංගතා කියනව ඒ ඇඳුම් වලින් සාගරිකා බිසුවුන් වහන්සේ වාගේ පේන්ඩ අන්දවගෙන, සුසංගතත් මගේ වෙස් අරගෙන හවහට චිත්රව ශාලාව ළඟට එනවයි කියල. වසන්තකටත් ඒ වෙලාවට එහාට එන්ඩ කිව්ව. ඉතින් දෑසමන් වැල ළඟදී රජතුමාට සාගරිකා මුණගස්සන්ඩයි ඒ දෙන්නගෙ බලාපොරොත්තුව.

මදනාකා : (තරහෙන්) නොදොමකින්! අපට මේ තරම් කරුණාවෙන් සලකන බිසවුන් වහන්සේ රවටන්ඩ හදන උන්ට නම් හොඳක් වෙන්නෙ නැ.

58

කාඤ්චකමාලා : මදනිකා, ඔබ කොහෙද දැන් යන්නෙ?

මදනිකා : බිසවුන් වහන්සෙ ඔබට කිව්වලු අසනිප ගතියෙන් ඉන්න රජතුමාගේ සුව දුක් බලා ගෙන එන්ඩ කියල. ඉතින් ඔබ පරක්කු හන්ද එය කිව්ව ගිහිල්ල ඒ මොක ද කියල බලාගෙන එන්ඩ.

කාඤ්චනමාලා : අනේ ඇත්තට ම, බිසවුන් වහන්සෙගෙ විස්වාසෙක හැටි! උන් වහන්සෙට නෑ හිත්වල යටි අදහස් තේරුම් ගන්ඩ පුළුවන් කමක්, රජතුමාට ඇති අසනිපයක් නෑ එතුමා ඉන්නෙ ආලෙන් මත් වෙලා. ඒ බව හංගගෙන බිසවුන් වහසන්සෙට පෙන්නන්නෙ බොරු ලෙඩක් නෙ.අන්න රජතුමා දන්ත තොරණෙ මතුමාලට වෙලා ඉන්නවා. අපි ගිහින් බිසවුන් වහන්සේට කියමු. (දෙදෙනා ම නික් ම යති.)

(ප්ර වේශකය නිමි)

(ආලයෙන් පිඩිත බැව් හඟවමින් ආසනයක හිඳගත් රජ පිවිසෙයි.)

රජ : ඉවසනු හදවත, ඉවසනු හදවත, නොපෙනේ කෙළවර මෙදුකේ කිම ද තැවෙනු තව තව ඒ ‍උදෙසා මඳකුදු පිහිටක් නොලැ ‍බේ දයිවය ලෙස ගත් එදා කෙසෙල් වදලෙදි ඇය සුකොමල දෑතේ පහසින් ඔබ සනසනු නොම හැකි විය කිම ද අහෝ මේ යෙදු ණේ?

59

චපලය මනු සිත, චපලය මනු සිත, හැසිරෙයි තැන තැන නිතොරේ එහෙයින් එය එක් තැනකදි අසු කර ගැන්ම ඉතා අපහසු වේ එනමුත් මල්සර එ වන් ‍මගෙ හද රිදවන අටියෙන් ඔහුගේ මල් හී පස එක් තැන ම විදින සේ විදිදෝ කෙලෙසින් අයියෝ!

(අහස දෙස බලා)

මල් සර දෙවියන්, මල්සර දෙවියනි, මල් හී ඔබ අතැ පවති න්නේ පසක් පමණි එහි වහල ලබා නිති නැතක් දනන් හද රිදව න්නේ යන බස බොරු වෙයි මගෙන් ම ඔබ අද දහස් ගණන් සර විදිමි න්නේ මා හද අඉ පණ කෙළෙහිය සැණෙකින් අය්යෝ කෙලෙස ද වෑවෙ න්නේ? (කිසිවක් සිහි කොට) මා ගැන ‍නම් මම මේ තරම් හිතන්නෙ නැහැ. තරහෙන් ඉන්න දේවියගෙ අතට අහුවෙලා ඉන්න අර අහිංසක සාගරිකා ගැනයි මගේ හිතට අමාරු.

හැ‍ඟෙතියි තතු ඉදු ලෙස නොබල න්නි දෙදෙනකු දෙඩුමෙහි සැක ම සිත න්නි යෙහෙළිය මඳ හස දුට මිරිකෙ න්නි දළ සොව’ගින් ඈ නිබඳ තැවෙ න්නි

සාගරිකා ගැන තොරතුරු බලාගෙන එන්ඩ ගිය වසන්තක මොක ද තව ම නැත්තෙ?

(අධික සොමිනසින් යුතුව විදූෂක පිවිසේ.)

60

විදුෂක : (ප්රිූතියෙන්) මේ ආරංචිය අහපුවා ම මගෙ යාළුව කොසඹෑ රාජ්යකය ලබාපු දාටත් වඩා සන්තෝස වෙනව සිකුරුමයි. මම ඉක්මනට ගිහිල්ලා කියන්ඩ ඕනෑ. (වටයක් ‍ගොස් බලා) මේ ඉන්නෙ රජතුමත් පාර බලා ගෙන. මම එනව ද කියල ම වෙන්ඩ ඇති බලගෙන ඉන්නෙ. යන්ඩ ඕනෑ ළඟට. (රජු ඉදිරියට යමින්) ජයවේවා! රජතුමනි, ජයවේවා!! බොහොම සන්තෝසයි. හිතුවටත් වඩා හොඳින් වැ‍ඩේ සාර්ථකයි.

රජ : (ඉතා ප්රි‍තියෙන්) කොහොම ද වසන්තක; සාගරිකා සැපසේ ඉන්නව ද?

විදුෂක : (ආඩම්බරයෙන් ) වැඩි වෙලා යන්ඩ ඉස්සෙල්ල ඔබ තුමට ම බාලගන්ඩ පුළුවන් වෙයි.

රජ : (ප්රිආතියෙන්) මොනව? මට ආයෙත් සාගරිකා දකින්ඩ ලැබෙයි ද?

විදුෂක : (ගර්වයෙන්) මොක ද නැත්තෙ? නුවණින් සුරගුරුත් පරද්දපු කෙනෙක් මම. ඉතින් මම ඉන්න කොට ඔබ තුමාට සාගරිකා දකින් නො ලැබෙන්නේ කොහොම ද? මම ඔබතුමාගෙ අමාත්යායනෙ.

රජ : (සිනා සෙමින්) ඒක පුදුමයක් නෙමෙයි. ඔබට බැරි දේකුත් තියෙනව ද? ඉතින් ඉක්මනට කියන්ඩකො විස්තර.

(විදුෂක රජුගේ කණට කොඳුරයි.)

61

රජ : (සොම්නසින්) කදිමයි මිත්ර.ය, කදිමයි, මෙන්න ඔබට ඒකට තෑග්ගක්, (රජ අතික් රන් වළල්ලක් ගලවා විදුෂකය දෙයි.)

විදුෂක : (වළල්ල අතෙහි ලා, තමා දෙස බලා ) මම ඉතින් ගෙදර ගිහින් මේ වළල්ලෙන් බබලන අත භාය්යාහි වට පෙන්නල එන්ඩ ඕනෑ.

රජ : (විදුෂකගේ අතින් අල්ලා වලක්වමින්) මිත්රනය ඒක පෙන්නන්ඩ පුළුවන් පස්සෙ. දැන් ඉතින් බලන්ඩ වෙලාව කිට්ටු ද කියල.

විදුෂක : (අවට බලා) බලන්ඩ රජතුමනි, අර ඉරත් බැහැගෙන යනව. හරියට ම බලවත් අනුරාග‍යෙන් කැළඹුණු සන්ධ්යා.ව නමැති තරුණ කාන්තාව කරපු ඉඟියක් අනුව අස්ත පර්වතය නමැති වනාන්තරයට යන්නා වාගෙ.

රජ : (නරඹා,. සතුටින්) ඔව් මිත්රාය: ඒක ඇත්ත, හැන්දෑ උණා නේන්නම්.

දිනපත් සිය රිය සැදි එක් සකෙකි න් මෙහෙයනු කෙලෙසද පෙර ගිරි මුදුණි න් සිතමින් අස් ගිරි මත රැඳි සැණෙකි න් දියෙයි කිරණ මිටි දිසි දැවි විලසි න්

“පබුදු කරන්නට ඔබ යළි අලුයම එන තුරු සොඳුරිය වසා පියුම් නෙත් සැතපෙනු” පවසන මෙන් රිවි කිරණ’ත’ තබයි සිරසැ නිදි බර අස් ගිරි දු.

නැගිටින්ඩ වසන්තක, ඈ එනකල් අපි අර මාධවි ලතා මණ්ඩපයට ගිහින් බලා ඉඳිමු.

62

විදුෂක : කදිම කල්පනාව. (දෙදෙනා ම නැගිටිති.)

විදුෂක : (අවට බලා) බලන්ඩ මිත්රගය, අන්ධකාරෙ පැතිරෙන හැටි. මේ අන්ධකාරෙ නැගෙනහිර පැත්තෙන් පැතිරෙන්නෙ හිරියට ම ගස් වැල් එකට ගලතල පෙන්නන්ඩයි. මඩ තවරගත්ත මීහරකුන්ගෙයි වල් ඌරන්ගෙයි කළු පාට තවත් වැඩි කරල පෙන්නන්ඩයි වාගෙන.

රජ : (අවට බලා) ඇත්ත තමා මිත්රරය;

මෙහෙසුරු‍ගේ ගෙළැ පැහැය පැහැර ගත් ගන’ඳුර පෙර දිග අහස ව සා තුඟු තුරු හිස් හා කඳු වැටි වසමින් පැතිරි සැණෙකින් රුදුරු ලෙ සා නගරේ සිරි සර සඟවා ගනිමින් අප නෙත් ලැබුමේ පල වෙසෙ සා පැහැර ගනී’හදැ තෙත් බව මඳුකුදු නොරැඳුණු රුදු සතුරකු විල සා

වසන්තක, කොහෙන් ද පාර?

විදුෂක : මෙහෙන් එන්ඩ මිත්රඳය, මෙහෙන් එන්ඩ. (දෙදෙනා ම වටේ යති.)

විදුෂක : (පරික්ෂාවෙන් බලා) මේ ති‍යෙන්නෙ මකරන්ද උයනයි. ගස් වැල්වල වදුල නිසා අන්ධකාරෙ හරියට කැටි වෙලා වාගෙ පාර පේන්නෙත් නෑ.

රජ : (සුවඳ ආඝ්රාහණය කොට) යන්ඩ; යන්ඩ; බය නැතුව යන්ඩ මේ තබා පාර.

63

දොඹ පළොල් සිඳුව ර සපු තුරු පෙළෙහි මනහ ර මල් සුවඳින් පත ර කියත හැක මඟ මෙයයි සැක හැ ර

(දෙදෙනා ම වටේ යති.)

විදුෂක : ඔය ඇහෙන්නෙ මි මැස්සන්ගෙ හඩත්, දෑසමන් මල්වල සුවඳත් එනව. කකුලටත් දැනෙනනව මරකත මැණික් පිය ගැට පෙළ. අපි දැන් මාධවි ලතා මණ්ඩපයට ඇවිත්ල. මම ගිහින් බිසවුන් වහන්සේගෙ වෙස් ගත්ත සාගරිකා එක්කල එනකල් ඔහොම ඉන්ඩ.

රජ : ඉක්මන් කරන්ඩ මිත්ර ය; ඉක්මන් කරන්ඩ.

විදුෂක : කලබල නැතුව ඉන්ඩකො. මම ඉක්මනට එක්කල එන්නම්. (නික්ම යයි)

රජ : මගේ ප්රිමයාව කැඳවාගෙන එනකල් මම‍ මේ මරකන මැණික් වේදිකාව ඉඳගෙන ඉන්ඩ ඕනෑ. (වාඩි වි, සිතිවිලි සහිතව) අනේ හැබැට ම පුදුමෙක හැටි! අළුත් ප්රිියාවක් ගැන කාමි ජනයා තුළ තමන්ගෙ ම භාර්යාවට වඩා ඇති වෙන් ආලය මහ පුදුම දෙයක්නෙ.

හදවත සපුරා පැතිරි හෙයින් බිය නොහෙලයි පෙම් මුසු බැල්මක් මුහුණට පියයුරු ළමැදට තද වන සේ ගෙළ වළඳින කල දඟලයි පැන යන්නට.

64

මොක ද තව ම වසන්තක නැත්තේ? මේ රහස දේවිය දැනගෙනවත් ද?

(කාඤ්චන මාලා සමග වාසවදත්තා පිවිසෙයි.)

වාසවදත්තා : කාඤ්චන මාලා, ඇත්තට ම සාගරිකා ‍මගේ වෙස් අර ගෙන රජතුමා මුණ ගැහෙන්ඩ යනව ද?

කාඤ්චනමාලා : මොකට ද ඔබ වහන්සේට මම බොරු කියන්නෙ? අර චිත්රම ශාලාව ළඟ ඉන්න ‍වසන්තක ගෙන් ම ඔබ වහන්සෙට එකෙ ඇත්ත නැත්ත වැටහෙයි.

වාසවදත්තා: එහෙනම් අපි යමු.

කාඤ්චනමාලා : එනඩ බිසවුන් වහන්ස, එන්ඩ. (දෙදෙනා ම වටේ යති.) ( හිස වසා සළුවක් පොරවා ගත් වසන්තක පිවිසෙයි.)

විදූෂක : (ඇහුම්කන් දි ) චිත්රි ශාලාව ළඟ අඩි සද්දයක් ඇහෙනව. සාගරිකා ඇවිත් ල වෙන්ඩ ඇති.

කාඤ්චනමාලා : බිසවුන් වහන්ස, මේ තියෙන්නෙ චිත්රා ශාලාවයි. මම වසන්තකට සංඥවක් කරන්නම්, (කාඤ්චනමාලා අසුරු ගසා සංඥ කරයි.)

විදුෂක : (ප්රී,තියෙන් ළඟට ගොස්, මඳ සිනා සහිතව) සුසංගතා, ඔබ හිරියට කාඤ්චනමාලා වාගෙම නෙ. කො සාගරිකා?

65

කාඤ්චනමාලා : (ඇඟිල්ල දිගු කොට පෙන්වමින්) මේ ඉන්නෙ.

විදුෂක : (බලා පුදුමයෙන්) මේ නම් වාසවදත්තා දේවිය මයි.

වාසවදත්තා : (සැකයෙන් තමාට ම) මොනවා? මාව අඳුනගත්ත් ද?

විදුෂක : (අසුරු ගසා) පින්වතිය, සාගරිකා; මෙහෙන් එන්ඩ. වාසවදත්තා මුව’ගට මඳ සිනාවක් නංවාගෙන කාඤ්චනමාලා දෙස බලයි,)

කාඤ්චනමාලා : (විදුෂකට ඇඟිල්ලෙන් තර්ජනය කරමින් බිසවට පමණක් ඇසෙන සේ. ) ඔය වචන හොඳට මතක තියා ගන්ඩ.

විදුෂක : ඉක්මන් කරන්ඩ සාගරිකා, ඉක්මන් කරන්ඩ. අන්න හඳත් පායගෙන එනව. (වටේ යති)

රජ : ආදරවන්තිය සමග පසුවිමේ අවස්ථවා ළඟ ම තියෙද්දිත් මගෙ සිත මේ තරම නොසන්සුන් මොක ද?

එන සඳ මහ වැහි ළඟ ළඟ පැතිරෙයි දැඩි උණුසුම නැග මොහොතින් සිත සැනසෙන රඟ හඟවයි දාහය මුළු ඇඟ

විදුෂක : (ඇහුම්කන් දි.) සාගරිකා, අන්න රජතුම ඔබ එනකල් ඉවසුම් නැතුව තනිය ම කතා කරනවා ඇහෙනවා. ඔහොම ඉන්ඩ මම ගිහින් කියන්නම් ඔබ ආ බව.

66

වාසවදත්තා : (හිස වනයි.)

විදුෂක : (රජු කරා එළඹ) ඔබ තුමා හරි ම වාසනාවන්තයෙක්. අන්න සාගරිකා එක්කල ආව.

රජ : (අපරිමිත ප්රිඑතියෙන් වහා නැගට) කෝ? කො? කොහ ද ඉන්නෙ?

විදුෂක : මේ ඉන්නෙ.

රජ : (ගිජු ලෙස ළං වෙමින්) ප්රිටය සාගරිකා;

සුපුන් සඳ වන් උවන දෙවටොර රඹ කඳන් බඳු සුන්දරය අතුල් තල රත් උපුල් පෙති සේ දුටු දනන් මන් මත් කරයි පුන් ප‍යෝදර දාර‍ියේ මන් රැගත් සිරියාවියේ යුග යවා ගෙළ වට සිත් ලෙසින් වැළඳ ගෙන දැන් තරේ මා ගත තැවෙන අනුරා ගිනි රැසින් සුන්දරි මා මත් කෙරු - සනසනු මැන සිත් යුරු

වාසවදත්තා : (කදුළු පිරි දෙනෙතින් යුතුව කාඤ්චනමාලාට) කාඤ්චනමාලා, රජතුමා ආයෙත් මට මෙවගෙ කතා කරයි ද?

කාඤ්චනමාලා : (වාසවදත්තාට) ඒක නම් එහෙ ම තමයි. මේ වගෙ පෙරලිකාරයින්ට මොනවද කරන්ඩ බැරි?

විදුෂක : සාගරිකා, කණගාටු වෙන්ඩ එපා. මේ රජතුමා එක්ක කතා කරන්ඩ. තිස්සෙම තරහෙන් පුපුරන වාසවදත්තා බිසවගෙ දුෂ්ට කටුක වචන අහල පීඩා වුණු රජතුමාගේ කන් දෙක ඔබේ මිහිරි වචනවලින් සනසන්ඩ.

67

වාසවදත්තා : (කෝපාවිෂ්ට සිනාවෙන් යුතුව කාඤ්චනමාලාට) කාඤ්චනමලා, මම කටුක වචන කියන්නියක්, වසන්තකය තමයි ප්රිචය වචන කියන මිනිහා.

කාඤ්චනමාලා : (වාසවදත්තාට) එය හොඳට මතක තියාගන්ඩ.

විදුෂක : (බලා) රජතුමනි, අර බලන්ඩකො හරියට ම තරහෙ පුපුරන ප්රිසයාවකගෙ කම්මුල් වාගෙ පෙර දිග රතු පාට කරමින් හඳ පා‍යගෙන එන හැටි

රජ : ප්රිහය සාගරිකා, අර බලන්ඩකො.

සුන්දරි ඔබ‍ෙග් වතේ සිරියෙන් පරාජිත පුන් සඳා රතු වෙමින් විළියෙන් ඉතා දැඩි සේ නැගි ගිරි මත උදා කිරණ කර සිය විදමින - බලයි ඔබ දෙස කෝපයෙන් මුණ පෙම්බර පද්මයන් විළියෙන් පුරා අකුලයි තිගේ සේ නිතින් රසඳුන් වෙමින් සනසයි සරා යුග නෙත මගේ ඔබ සුරත් දෙතොලින් පෙරි - එයි අමා රස සුන්දරි

වාසවදත්තා : (හිස් වැස්ම ඉවත දමා කෝපයෙන්) රපතුමනි, මම ද සාගරිකා? සාකරිකා ගැන ම හිත හිතා ඉන්න ඔබට සේරම පේන්නෙ සාගරිකා වාගෙයි.

68

රජ : (තැති ගෙන, විදුෂකට) ආ! මේ වාසවදත්තා දේවියනෙ. වසන්තක මේ මොක ද?

විදුෂක : (සිත් තැවුලෙන් යුතුව) අනේමන්ද. අපි ඉතින් ඉවරයි.

රජ : (හිඳගෙන, ඇඳිලි බැඳ) සමා වෙන්ඩ, ප්රි ය වාසවදත්තා සමා වෙන්ඩ.

වාසවදත්තා: (රජු දෙසට අත දිගු කොට, කඳුළු හෙලමින්) රජතුමනි, එහෙම කියන්ඩ එපා, ඔය වචන දැන් ගැළපෙන්නෙ වෙන කෙනෙකුටයි.

විදුෂක : (තමාට ම) ඉතින් මොකද කරන්නෙ? හොඳයි; මෙහෙමවත් පින්සෙන්ඩු වෙලා බලන්ඩ ඕනෑ. (ශබ්ද නගා) බිසවුන් වහන්ස, ඔබ වහන්සෙ මහා ආනුභාව සම්පන්න උත්තමියක්. ඒ නිසා කරුණ කරලා මේ වතාවට රජතුමාට සමව දෙන්ඩ. වදරක් කියල දේකට රජතුමා කරලා තියෙන්නෙ මෙච්චරමනෙ.

වාසවදත්තා : වසන්තක, ඔවුන් දෙන්නගෙ ප්රමථම එක්විමට බාධා කිරිමෙන් මමනෙ වදරක් ‍කළේ.

රජ : දේවිය, වංචාව අතට ම අහු උණාට පස්සෙ මම මොනව කියන්ඩද? එහෙම උණත් (දෙපා මුල වැටෙමින්)

ඔබ‍ගේ දෙපතුලැ වු ලතු පැහැස ර හිසින් පිසිමි පළ කොට බැති ආද ර මුව සඳු ගිල ගත් බඹ පුත් පහක ර ලුව එහි රත් පැහැය ද කළ හැකි දුර

69

වාසවදත්තා : (අතින් වළක්වමින්) නැගිටින්න ස්වාමි පුත්‍රය, නැගිටින්න. ඔබේ හදවතේ හැටි දැන දැනත් මම කිපෙනව නම් ඒක ලැජ්ජා නැති කමක්. ස්වාමිපුත්ර්ය, ඔබ සුව සේ වැඩ ඉන්ඩ. මම යන්නම්. (යන්නට රිසි වෙයි)

කාඤ්චනමාලා: බිසවුන් වහන්ස, සමාවෙන්ඩ, මෙච්චර බැගෑපත් ව කකුල් දෙක අල්ලගෙන වැඳ වැටුණු මහ රජතුමා ගැන සැලකිල්ලක් නොදක්වා යන්ඩ හොඳ නැ, පස්සෙ ඒ ගැන මිට වඩා පසුතැවිල් වෙන්ඩ වෙයි.

වාසවදත්තා : මෝට්ට කෙල්ල, මේකෙ තියෙනව ද සමා වෙන්ඩ හරි පසු තැවිලි වෙන්ඩ හරි දෙයක්. උඹට තේරෙනව ද මේව. වරෙන් යන්ඩ (නික්ම යයි.)

රජ : දේවිය, සමා වෙන්ඩ, (‘ඔබගේ දෙපතුලැ වු ලතු පැහැසර, යන්න කියයි)

විදුෂක : රජතුමනි, නැගිටින්ඩ බිසවුන් වහන්සෙ ගියා, ඉතින් මොකට ද තවත් මේ වනාන්තරේ විලාප නගන්නේ?

රජ : ( හිස ඔසවා බලා) මොනවා? දේවිය සමාව දෙන්නෙත් නැතුව ම ගියා?

විදුෂක : මොක ද නැත්තේ? අපි අතක් පයක් නොකැඩි යන්තම් බේරුණා මදැයි.

රජ : නොදකින් මෝඩය, උඹ මට හිනා වෙනව ද? උඹ තමයි මේ සේරම විපතට ම‍ුල.

70

බැඳි සිටත් පෙම් දහමින් අසීමි ත මා කළ වරද රිදවයි අද ඇගේ සිත ඈ දිවි නසා ගත හැක, දෙස මෙමා අත වෙයි: නොකිලිටි පෙමට එය විස වගේ වෙත

විදුෂක : මම දන්නෙ නෑ තරහ ගිය බිසවුන් වහන්සෙ මොනව කරයි ද කියල . නමත් සාගරිකාට කරදරයක් නැතුව ඉන්ඩ ලැබෙන්නේ නැති බව නම් මම දන්නව.

රජ : මිත්රමය, මටත් හිතෙන්නෙ, එහෙමයි. අහෝ ප්රිසය සාගරිකා! (අනතුරුව වාසවදත්තාගේ වෙස් ගත් සාගරිකා පිවිසෙයි)

සාගරිකා : (උද්වේගයෙන්) බිසවගෙ වෙස් ‍අරන් චිත්ර් ශාලාවෙන් පිට වුණු මාව වාසනාවකට වාගෙ කවුරුවත් දැක්කෙ නැ, දැන් ඉතින් මොකද්ද කරන්ඩ ඕනෑ. (කඳුළු හෙලමින් සිතයි)

විදුෂක : රජතුමනි, මොකද ගොළුවෙක් වාගෙ ඉන්නෙ? දැන් ඉතින් මේකට මොකද කරන්ඩ ඕනෑ කියල කල්පනා කරන්ඩ.

රජ : ඒක තමයි මම මේ කල්පනා කරන්නෙ. දේවය සමා කරව ගන්නව මිසක් වෙන නම් කරන්ඩ දෙයක් මට පේන්නෙ නෑ. අපි යමු ඈ සනසන්ඩ පුළුවන් ද බලන්ඩ. (දෙදෙනා ම වටේ යති)

සාගරිකා : (කිසිවක් ගැන සිතා) දැන් ඉතින් මේ රහස බිසව දැන ගත්තට පස්සෙ නින්දා විඳ විඳ තවත් ජිවත් වෙනවට වඩා බෙල්ලෙ වැල් දගන්නව දහයෙන් සම්පතයි. යන්ඩ ඕනෑ අර අසෝක ගහ ළඟට.

71

විදුෂක : (ඇහුම්කන් දි) ටිකක් හිටින්ඩ රජතුමනි, ටිකක් හිටින්ඩ. අඩි සද්දයක් ඇහෙනව. මගෙ හිතෙ පස්සෙ කණගාටු හිතිල බිසවුන් වහන්සෙ ආපසු එනව කියලයි.

රජ : වෙන්ඩ පුළුවන්. දේවයි බොහොම ආනුභා සම්පන්න කෙනෙක්. හොඳට බලන්ඩ එනවද කියල.

විදුෂක : හොඳමයි, බලන්නම්. (ඉදිරියට ගොස් අවට පරික්ෂාන කර බලයි)

සාගරිකා: (ඉදිරියට යමින්) මම ඉතින් මේ මාධවි වැළෙන් තෝණ්ඩුවක් හදාගෙන අසොක ‍ගහේ එල්ලෙන්ඩ ඕනෑ. (තෝණ්ඩුවක් තනා) අහෝ! පියාණෙනි; අහෝ! මෑණියෙන් මම අනාත වුණු කාලකණ්ණියක්. දැන් ඉතින් මම මැරෙනව. (තොණ්ඩුව ගෙළැ ලා ගනි)

විදුෂක ; (එය දැක) මේ කවුද? අපොයි! වාසවදත්තා බිසවුන් වහන්සෙ නේද? රජතුමනි, බේරගන්ඩ; ඉක්මනට ඇවිත් බේරගන්ඩ මෙන් බිසවුන් වහන්සෙ බෙල්ලෙ වැල් දාගන්ඩ හදනවා.

රජ : (කලබලයෙන් දිව අවුත් ) කෝ දේවිය? කෝ?

විද‍ුෂක : මේ ඉන්නෙ; මේ.

රජ: (ලං වි, ගෙළෙන් තොණ්ඩුව ඉව්ත කරමින් ) අපොයි මොකද්ද මේ කරගන්ඩ හදන අපරාධය! මෙහෙමත් මෝඩකම් කරනව ද?

දුටු කල ඔබ ගෙළ වු මළ පාසය පන නල මා ගත හැර යන ‍සේවිය මෙබඳු සැහැසිකම් වුව තද කෝපය නොකරනු මාන පෙම්බර සීදේවිය

72

සාගරිකා : (රජු දැක) හා! මේ රජතුමානෙ. (සොම්නසින් තමාට ම) අනේ ඇත්තට ම ඔහු දකින කොට මට ආයෙත් ජිවත් විමේ ආසාව ඇති වෙනව. දැන් ඉතින් අවසන් වරටත් ඔහු බලල මැරෙන්ඩ පුළුවන්. (ශබ්ද නගා ) අත අරින්ඩ; රජතුමනි, මාව අතඅරින්ඩ. මම දැන් වහලියක්. මට ම‍ැරෙන්ඩවත් මේවගෙ නිදහසක් ‍ආයෙ නම් ලැබෙන්නෙ නැහැ. (යළිත් තොණ්ඩුව ගෙළැ ලැ ගැනිමට තැත් කරයි.)

රජ : (ළංව, බලා, ප්රි තියෙන් තාමට ම) ‍හා! මේ මගෙ සාගරිකානෙ. (තොණ්ඩුව ගෙළෙන් ඉවත් කොට)

සාගරිකා සිරියාවි මගේ - මල සාසෙ දමා ඉවතා සාණෙකා කෝමල අත් යුග ලා මගෙළේ - සන සන්න මෙමා වඩවා අදරා. (ඇගේ දෙඅත අල්ලා සිය ගෙළ වට ලා ගනිමින් ඉතා ප්රි)තියෙන් ) මිත්රගය, මේක නම් වලාකුල් රහිත හදිසි වැස්සක්.

විදුෂක : හැබෑව. හදිසි කුණාටුවක් වාගෙ වාසවදත්තා බිසවුන් වහන්සෙ එන්න‍නෙ නැත්නමි. (ඉක්බිති වාසවදත්තා සහ කාඤ්චනමාලා පිවිසෙති)

වාසවදත්තා : කාඤ්චනමාලා, දෙපා මුල වැටුණු රජතුමා ගැන සැලකිමක් දක්වන්නේ නැතුව ආපු එක හොඳ නැහැ. ඒක මහ නපුරුකමක් නේද? මම යනව එතුමා සනසල එන්ඩ.

73

කාඤ්චනමාලා: ඔබ වහන්සෙ ම මිනක් වෙන කවුද ‍ඔහොම කතා කරන්නෙ? රජතුමා වැරැද්දක් කරපු පලියට ඔබ වහන්සේත් එහෙම කරන එක හොඳ නැහැනෙ. එහෙනං බිසවුන් වහන්සෙ එන්ඩ. (දෙදෙනා ම වටේ යති)

රජ : ඕ! මෝඩ කෙල්ල; මොකද ඔබ කලකිරිල වගෙ මගෙ මනොරථය නිෂ්ඵල කරන්ඩ හදන්නෙ?

කාඤ්චනමාලා : (ඇහුම්කන් දි) බිසවුන් වහන්ස; රජතුමා කතා කරනව වාගෙ ඇහෙනව. මම හිතන්නේ ඔබ වහන්සේ සනසන්ඩ මේ පැත්තට එනව වාගේ.

වාසවදත්තා : (සතු‍ටින් ) එහෙම නම් මම හොරෙන්ම පිටිපස්සෙන් ගිහින් ගෙළ වැළඳ ගෙන සනසන්ඩ ඕනා

විදුෂක : පින්වත් සාගරිකා, හිත සනසගෙන මගේ මිත්රහය එක්ක කතා කරන්ඩ.

වාසවදත්තා : (අසා කෝපයෙන්) කාඤ්චනමාලා, සාගරිකාත් මෙහෙ ඉන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා මොනවද කියන්නෙ කියල අහගෙන ඉඳලා පස්සෙ ළඟට යනව.

සාගරිකා : රජතුමනි; මෙසේ කි‍රිමෙන් ඔබතුමා කරන්නෙ පණටත් වඩා ඔබ තුමාට ආදරය කරන දේවියට අපරාධයක්නෙ.

රජ : ආ! ඇත්ත එහෙම නෙමෙයි. මක්නිසාද කියනව නම්:

74

සුසුමේන ඇයගේ කම්පිත වෙමි මම නිහඬ විටෙක පෙම් බස් දොඩ මි කෝපෙන් බැම ය‍ුග හැකිළෙනු දුටු කල බැගැපත්ව පා මුල වැටෙ මි ඇයගේ කුලවත් බව සලකා මිස අදරින් මේ දේ නොම කර මි පේම බැඳුමෙන් සැපතක් ලද හැකි නම් නොමඳව එය ඔබලෙන් ලබ මි

වාසවදත්තා : (වහා එළඹ. සසොසින්) ස්වාමි පුත්රවයා; මෙක හිරි, මේක ගැළපෙනව.

රජ : (දැක කැළඹි) දේවිය. නිකරුණේ මට දොස් පැවරිම හරි නැහැ. ඔබ වාගේ පෙනුණු නිසා ඔබම කියල හිතාගෙනයි අපි මෙතැනට ආවෙ. ඒ නිසා සමා වෙන්ඩ (දෙපා ම‍ුල වැටෙයි)

වාසවදත්තා : (සරොසින්) ස්වාමිපුත්රලය නැගිටින්ඩ; නැගිටින්ඩ; මොකටද ඔබතුමා මගෙ කුලවත් බවට ගරු කරන්ඩ කරදර වෙන්නේ?

රජ : (තමාට ම) මොනව? ඒකත් දේවියට ඇහුණ ද? එහෙම නම් ඉතින් දේවියගෙ හිත හන්ඩ හම්බ වෙන්නෙ නැහැ කොහොමවත් (බිම බලාගෙ සිටි)

විදුෂක : බිසවුන් වහන්ස; ඇඳුම්වල සමානකම නිසා රැවටුණු මමයි ඔබ වහන්සෙ දිවි නසා ගන්ඩ හදනව කියල කෑගහල රජතුමා මෙතැනට කැ‍ඳෙව්වෙ. ඉතින් මගේ කිම විශ්වාස නැත්නම් බලන්ඩ මේ තොණ්ඩුව.

(තොණ්ඩුව පෙන්වයි)

75

වාසවදත්තා : (කෝපයෙන් ) ඒ යි; කාඤ්චනමාලා, මේ වැල්පයෙන් ම මේ බමුණ බැඳගෙන යමන්. මේ නැහැදිච්ච කෙල්ල ඉස්සර කරගනිං.

කාඤ්චනමාලා : බිසවුන් වහන්සෙ අණ කරණ හැටියක් (වැලි තොණ්ඩුවෙන් විදුෂක බැඳ) කාලකණ්ණියා ඉතින් තමාම කරපු දේවල විපාත විඳගන්නි. සාගරිකා , උඹත් හිටපන් ඉස්සරහින්.

සාගරිකා : (තමාට ම) අහෝ! පව්කාරකම නිසා මට කැමති විදිහට මැරෙන්ඩවත් බැරි උණානේ.

විදුෂක : (කණගාටුවෙන් රජු දෙස බලා) පින්වත් මිත්රකය; දේවියගෙ බන්ධනයට අහුවෙලා විපතට පත් මාව සිහි කරන්න. (සියල්ලන් ම රැගෙන වාසවදත්තා නික්ම යයි)

රජ : (කණගාටුවෙන්) අහෝ! අය්යෝ!! දිසේ බිසව් වතේ නැගි රතු පැහැ රුදු දින ම පෙම් පියාවියත් සැලේ බියෙන් ඉතා බැදි යොතින් වසන්තකත් යැවේ දුකින් බොහෝ අහෝ! ඉතින් කෙසේ මෙදුක් විඳින්න දෝ මෙමා?

මොකද්ද දැන් ඉතින් මෙතැන ඉඳිමෙන් තියෙන පලේ? දේවිය සනසන්ඩ පුළුවන්ද බලන්ඩ යන්ඩ ඕනෑ මාලිගාවට (නික්ම යයි)


“සංකේත” න්ම වු තෙවැනි අංකය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=රත්නාවලී_-_iv&oldid=15721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි