රත්නාවලී - v
4 අංකය
(රුවන් දමක් අතින් ගත් සුසංගතා කදුළු සලමින් පිවිසෙයි)
සුසංගතා : (සානුකම්පික සුසුමක් හෙලා) අහෝ ළෙන්ගතු මිතුරිය; උදාර ගුණවත් සාගරිකා ; මට ආයෙ ඔබ දකින්ඩ පුළුවන් කොහේදීද? (හඩා, අනතුරුව උඩ බලා සුසුම් ලා) අහෝ අකෘතඥ දෛවය, ඒ තරම් ලස්සන රූපයක් මවල නැවත ඔබ ම එය විනාස කළේ ඇයි? ජිවිතය ගැන ආසාව අත් හරපු ඈ මේ මැණික් මාලය මා අතට දුන්නා, ඈට පින් පිණිස කාටහරි බමුණෙකුට දෙන්ඩ කියල. දැන් ඉතින් යන්ඩ ඕනෑ බමුණෙක් හොයන්ඩ (වටේ ගොස් බලා) ආ! මේ එන්නෙ වසන්තක. කොහොම වුණත් ඔහුට ම දෙන්ඩ ඕනෑ. (තුටු පහටු සිත් ඇති විදුෂක පිවිසෙයි)
විදුෂක : මගේ මිත්ර යා කොහොම හරි බිසවුන් වහන්සෙ ගේ හිත හැදුවනෙ. ඊට පස්සේ එතුමිය අදමාව නිදහස් කළා. බඩ පුරා කන්ඩ එතුමිය අතින් ම කැවුනුත් දුන්නා. ඒ විතරක් නෙමෙයි
76
77
මේ සළු දෙකත් කර්ණභරණෙත් දුන්නා. දැන් ඉතින් ඔක්කොට ම ඉස්සෙල්ලා මගේ ප්රිෙය මිත්ර යා මුණගැහෙන්ඩ ඕනෑ (වටේ යයි)
සුසංගතා: (හඬිමන් වහා එළඹ) වසන්තක තුමනි, මොහොතකට නවතින්ඩකො.
විදුෂක : (බලා) මොකටද සුසංගතා? මොකද මේ සුසංගතා අඬන්නෙ? සාගරිකාට මොකවත් විපතක් වෙලා වත් ද?
සුසංගතා : වසන්තක තුමනි; ඉතා ම අහිත දේකුයි මම දැනුම් දෙන්නෙ. ඈ උදේනි නුවරට පිටත් කරනවයි කියල ආරංචි කරල දෙගොඩහරියෙම බිසවුන් වහන්සේ කොහේ ගෙනිච්චවද දන්නෙ නැ.
විදුෂක : (උද්වේගයෙන්) අය්යෝ! පින්වත් සාගරිකා; බිසවුන් වහන්සෙ ඔබට කළේ මහ ක්රෑසර කමක්.
සුසංගතා : ජිවිතේ එපා වුණු ඈ මේ මැණික් මාලය වසන්තක තුමාට දෙන්ඩ කියල මා අතට දුන්නා. ඒ නිසා ඔබතුමා මෙය පිළි ගන්ඩ.
විදුෂක : (කරුණාවන්ත ලෙස) අහෝ පින්වතිය. මේ වගෙ අවස්ථාවකදි එය පිළි ගන්ඩ කොහොම ද මම අත දිගු කරන්නෙ? (දෙදෙනා ම හඬති.)
සුසංගතා: (ඇඳිලි බැඳ) ඇයට අනුග්රනහයක් වශයෙන් ඔබ තුමා මෙය පිළි ගන්ඩ .
විදුෂක : (සිතා) එහෙනම් දෙන්ඩ. මම මෙකෙන් සාගරිකාගෙන් වියෝවුණු දුකින් පිඩිත වෙලා ඉන්න ප්රි)ය මිත්රරයා සනසන්නම්.
(සුසංගතා රුවන් දම පිළිගන්වයි.)
78
විදුෂක : (ගෙන, පිරික්සා බලා, විස්මයෙන්) සුසංගතා කොහොමද ඉතින් ඈට මෙ වගෙ ආභරණයක් ලැබුණෙ?
සුසංගතා : කුතුහලයට පත් වුණු මම්ත ඒ ගැන විමසල බැලුවා.
විදුෂක : ඉතින් මොකද ඈ කිව්වේ?
සුසංගතා: ඉතින් ඈ උඩ බලල, දිග සුසුමක් හෙලල “ඔබට මොකදට සුසංගතා ඒක” කියල අඬන්ඩ පටන් ගත්තා.
විදුෂක : සුළුපටු කෙනෙකුට නම් මෙහෙම ආභරණයක් තියෙන්ඩ බෑ. මෙකෙන් හොඳට ම පේනව. ඈ බොහො ම උසස් කුලේක කෙනේක බව. සුසංගතා, මගේ මිත්ර යා කෙෙහද දැන් ඉන්නෙ?
සුසංගතා : රජතුමා බිසවුන් වහන්සේගේ මාලිගාවෙ ඉඳලා පළිඟු මණ්ඩපයට ගියා, ඔබතුම්ත යන්ඩ. මම බිසවුන් වහන්සේ ළඟ ඉන්නම්. (දෙදෙනාම නික්ම යති)
ප්රනවේශකය නිමි.
(ඉක්බිත් අසුනක හිඳගත් රජතුමා පිවිසෙයි)
රජ : බොරුවෙන් පිය බස දිමේන හා යළි බැගෑ බව ම පා සමාව යැදුමෙන් සිසිල් නොවුණු ඇගේ හදැ කෝ ගිනි නිවුනෙය උණු කඳුලැලි වන් සැණෙකින් (උකටලීව, සුසුම්ලා) දේවය නම් සැනසුවා. සාගරිකා ගැන තමයි දැන් ඉතින් මගේ හිතට අමාරු මක්නිසා ද කියනවනම්:
79
සිනිඳු කෝමල දේහිනී මුදු කෙසරු පෙති මෙන් පියුම් ගැබ දුල වැළඳි සඳ පුබුදුවා මුල් අනුරතිය පිළිබඳ රසය කර ලොල විහිද ගිය ඇට මිදුළු දක්වා නුරා ගින්නෙන් හුණුව එම කල කුසුම් සර වන් සිදුරු අතරින් වැදි ගත් වැනි මහද ගැබ තුළ
(සිතා) මට විස්වාසෙට හිටපු වසන්තකත් දේවිය හර කරලනෙ. ඉතින් කා ඉදිරියේ ද මම කඳුළු හෙලන්නෙ වත්? (සුසුම් ලයි)
(ඉක්බිති වසන්තක පිවිසෙයි)
විදුෂක : (රජු දැක) නිරන්තරයෙන් ම උකටලිව හිටියට මොකද මගේ ප්රිෂය මිත්රයයා අළුත් හඳ වාගෙ බබලනව. මම යන්ඩ ඕනෑ ළඟට (එළඹ) ඔබට යහපතක්ම වේවා! බිසවුන් වහන්සෙගෙ අතට අහුවෙල්ත මේ ඇස් දෙකෙන් ම මම ආයෙත් ඔබතුමා දැක්කනෙ.
රජ: (දැක, සතුටින්) ඔහෝ! වසන්තක ආවද? මිත්රහය, මාව වැළඳගන්ඩ,
විදුෂක : (වැළඳගෙන) මිත්ර ය, දේවිය මට අනුකම්පා කළා.
රජ : ඔබේ හැටියෙන් ම පේනව දේවිය අනුකම්පා කරල තියන බව, දැන් ඉතින් කියන්ඩ සාගරිකා ගැන තොරතුරු කොහොමද කියල.
(අවුලට පත් විදුෂක බිම බලාගෙන සිටි)
80
රජ : මිත්රබය, මොකද කතා නොකරන්නේ?
විදුෂක : මම සතුටු නෑ ඔබතුමාට අප්රිනය දෙයක් කියන්ඩ.
රජ : මොනව? අපිය දෙයක්? ඈ දිවි නසාගෙනවත්ද? අහෝ! මගේ සාගරිකා (මුසපත් වෙයි)
විදුෂක : (කලබල වි) සැනසෙන්ඩ ප්රි්ය මිත්රහය, සැනසෙන්ඩ
රජ : (සිහිය ලබා කඳුළු සලමින්) දැවේ මගේ හදත් බොහෝ පණේ ඔබත් ඉතින් මෙමා හැරා යනු යළිත් නොඑන්න ම සිතා නුවන් අගින් අමා රසේ පෙරූ පියාදරි මොලෝ පියා ගියාවනැයි සිතන්නෙමි අහෝ
විදුෂක : මිත්රනය; වරද්දල තේරුම් ගන්ඩ එපා. බිසවුන් වහන්සෙ ඈව උදේනි නුවරට යැව්ව කියල අරංචිය. ඔබතුමාට අප්රිලය දෙයක් කියල කිව්වෙ ඒකයි.
රජ : මොනවා? උදේනි නුවරට යැව්වලු? අහෝ! මා ගැන් දේවියගේ අනුකම්පාවක් නැති හැටි? මිත්රැය; කවුද ඔබට මේ ආරංචිය කිව්වෙ?
විදුෂක : සුසංගතයි කිව්වෙ. තවත් එකක්; මොකක් හරි කාරණයක් නිසා මේ රුවන්දමත් එවල තිබුණා.
රජ : මොකට ද ඉතින් මාව සනසන්ඩ මිසක්. කෝ කෝ දෙන්ඩ.
(විදුසක රුවන් දම දෙයි)
81
රජ : (රුවන් දම ගෙන, බලා පපුවට තබා තද කරගෙන ) අහෝ!
පහන් පැහැ දිදී පියාදරි ගෙළේ මුදු
පහස් ලබා නැතක් කලක් මෙසේ වියෝ වුණු රුවන් දමත් පියාවියක් ලෙසින් මෙමා ගතේ වෙලි ඇතී රුදු වියෝ ගිනී කරයි තුනි
මිත්රිය; ඔබ මෙය පැළඳලන්ඩ. මම එය බලල සැනසෙන්නම්
විදුෂක : ඔබතුමා නියම කරන හැටියක් (රුවන් දම පැළඳ ගනි)
රජ : (කඳුළු හෙලමින්) මිත්ර ය, ආයෙත් ඉතින් ප්රි්යාව නම් දකින්ඩ ලැබෙන්නෙ නැහැ.
විදුෂක : (හාත්පස බලා, බියෙන්) මිත්ර ය, ඔහොම හයියෙන් කතා කරන්ඩ එපා, දේවියගෙ කවුරුහරි මේ පැත්තෙ ඉන්ඩ පුළුවන්.
(ඉක්බිත් වේවැලක් අතින් ගත් වසුන්ධරා පිවිසෙයි)
වසුන්ධරා : ජයවේවා! රජතුමනි, ජයවේවා! රුමන්වගෙ බෑණා විජයවර්මන් ඔබතුමාට සුබාරංචියක් කියන්ඩ ඇවිත් දොරටුව ළඟ ඉන්නව.
රජ : වසුන්ධරා, ගිහින් ඉක්මනට එක්ක එන්ඩ.
වසුන්ධරා : දේවයන් වහන්සෙ නියම කරන හැටියක්. (නික් ම ගොස්, විජයවර්මන් සමග යළිත් පිවිස.) විජයවර්මන්, මේ ඉන්නෙ රජතුමා, යනඩ ළඟට.
82
විජයවර්මන් : (ළඟට ගොස්) ජයවේවා! දේයවන් වහන්ස, ජයවේවා! රුමන්වත්ගෙ ජයග්ර.හණය නිසා ඔබතුමා වාසනාවන්තයෙක්.
රජ : (සතුටින්) විජයවර්මන්; කොසොල් රජ පැරදුණා ද?
විජයවර්මන්: ඔව්; දේවයන් වහන්සෙගෙ ආනුභාවයෙන්.
රජ : හොඳයි; හොඳයි; රුමන්වත් ටික කලකින් ලොකු වැඩක් කරල තියනව- විජයවර්මන්, කියන්ඩ මම කැමතියි විස්තර අහන්ඩ.
විජයවර්මන් : දේවයන් වහන්ස; ඇහුම්කන් දෙන්ඩ. අපි ඔබ වහන්සෙගෙ අඥාව අනුව චතුරංගිණි සේනාව පිරිවරාගෙන ගිහින් වින්ධ්යාන පර්වත දුර්ගයේ තිබුණු කොසොල් රජුගේ බලකොටුව හැම පැත්තෙන් ම වටකර ගත්තා
රජ : ඉතින්; ඉතින් ?
විජයවර්මන්: ඉතින් කොසොල් රජ්ජුරුවොත් මහා සේනාව පරිවරාගෙන ආව. ඒ සේනාවෙ ඔක්කොම වාගෙ හිටියෙ ඇත්තුමයි.
විදුෂක : ඉක්මනට කියන්ඩ. මගේ පපුවත් ගැහෙනව දැන්
රජ : ඉතින්, ඉතින්?
විජයවර්මන් : ස්ථිර විශ්වාසයෙන් යුත් ඔහු,
83
දෙවැනි වින්දිය කඳු පෙළක් වන් මහා ඇත් සෙන් පිරිවරා හාත්පස මං අවුරමින් විත් සැණෙන් සටනට වනී ගුගුරා මතැත් සෙන් සුණු විසුණු කළ මුත් සියලු පාබල සෙනඟ නොහැ රා රුමන්වත් තිර අදිටනින් යුත් මුහුණ දුනි ඒ රජුට ඉඳු රා
අඳුරුවන් මහ කඳු පෙළක් බඳු ඇත් සෙනග සතු වු කොසොල් රද හතර පැත්තෙන් ඉදිරියට වනි වනසමින් අප සෙනග වත් යුද බදාගෙන මිහි තල වැටි උන් යැවු සර වරුසා දහස් මැද රුමන්වත් අණ දෙමින් අබිරුව සරකිමින් අදිටන රැඳුණු හද
මේ ගිගුම් තුල් මහ හඬින් වෙව්ලවා හදවත් ඇමගේ එක ලෙද ගැටි අවි නැගි විදුලි රැලි වන් ගිනි පුලිඟු මැද සතුරු හිස් සිඳ සදා උණු ලේ විලක් රණ බිම පරාජය බිඳ ලමින් පෙර ලද අබිරු රණසිහ රුමන්වත් බිම හෙලී කෝසල නිරිඳු තද තෙ ද
විදුෂක : ඔබතුමට ජය වේවා! ජය වේවා!! අපි දිනුවෝ. (නැගිට, ප්රීෂතියෙන් නටයි)
84
රජ : හොඳයි. කෝසල රජතුමනි, හොඳයි, මැරුණත් ඔබේ උදාර බව සතුරන් විසිනුත් වර්ණනා කරනව ඉතින්, ඉතින්?
විජයවර්මන් : දේවයන් වහන්ස; මගෙ අය්යා කොසොල් රටේ නවත්තල රුමන්වත් තුවාල වුණු අත් සේනාව ප්ර;ධාන මුළු සේනාව ම අරන් හෙමින් හෙමින් මග එනවා.
රජ : වසනුධරා; යෞගන්ධරායණට කියන්ඩ මොහුට තෑග්ගක් දෙන්ඩ කියලා.
වසුන්දරා : දේවයන් වහන්සෙ නියම කරන හැටියක් (විජයවර්මන් සමග නික්ම යයි)
(ඉක්බිති කාඤ්චනමාලා පිවිසේ)
කාඤ්චනමාලා : බිසවුන් වහන්සෙ මට නියම කළා මේ ඉන්ද්රමජාලිකයා රජතුමා ළඟට එක්ක යන්ඩ කියල (වටේ ගොස් බලා) මේ ඉන්නෙ රජතුමා. යන්ඩ ඕනෑ ළඟට (ළඟට ගොස්) ජය වේවා! ජය වේවා!! දේවයන් වහන්ස, උදේනි නුවරින් සර්ව සිද්ධි කියල ඉන්ද්ර ජාලිකයෙක් ඇවිත් ඉන්නව. බිසවුන් වහන්සෙ කිව්වා ඔබ වහන්සෙ ළඟට ඔහු එක්ක එන්ඩ කියල.
රජ : අපි ඉන්ද්රකජාල බලන්ඩ බොහොම ආසයි. ඉක්මනට එක්ක එන්ඩ.
කාඤ්චනමාලා : දේවයන් වහන්සෙ නියම කරන හැටියක්. (නික්ම ගොස්, මොණර පිල් කලබක් අතින් ගත් ඉන්ද්රකජාලාකයා සමග පිවිසෙයි)
85
ඉන්ද්රයජාලිකයා : (මොණර පිල් කලබ සලමින්)
නමැති ඉඳුරු දැලි හා බඳ ඉඳුරු දෙවිඳු සඳ නමිදිව් සුපතළ මායා සතරෙහි සම්බර දෙව් රද නමදිව්
කාඤ්චනමාලා : (ළඟට ගොස්) දේවයන් වහන්ස, මේ ඉන්නෙ ඉන්ද්රමජාලිකය තමයි.
ඉන්ද්රමජාලිකයා : ජය වේවා! දේවයන් වහන්ස, ජය වේවා!!
මිහි පිට සඳ කඳු අහසෙහි ගිනි දැල් දිය පිට පැතුරු ණ මැදි දහවල් අළුයම් කල දකවත හැත සිටි එකතැන වැඩි විස්තරයෙන් කම් නැත කැමිත සියලු දේ දකින් ඩ සුරගුරුගේ මතුරු බෙලෙන් දක්වමි සිත සතුටු වෙන් ඩ
විදුෂක : මිත්රබය. කලබල නැතුව ඉන්ඩ. කියමනේ හැටියට නම් පේන්නෙ ඒවා ඔක්ටකොම කරන්ඩ පුළුව්න විදිහයි.
රජ : ටිකක් හිටින්ඩ. කාඤ්චනමාලා, මේ ඉන්ද්රිජාලිකය එව්වේ දේවියයි. මෙතන සෙනගත් නැහැ. ඒ නිසා දේවයට කියනඩ ඉන්ද්රිජාල බලන්ඩ එන්ඩ කියල”
කාඤ්චනමාලා : දේවයන් වහන්සේ අණ කරන හැටියක්. (නික්ම යයි)
86
(ඉක්බිත් වාසවදත්තා සහ කාඤ්චනමාලා පිවිසෙත්)
වාසවදත්තා : කාඤ්චනමාලා, උදේනී නුවර ඉඳල ආපු කෙනෙක් නිසා මේ ඉන්ද්රසජාලිකය කෙරෙහි මගෙ විශේෂ සැලකිල්ලක් තියෙනව.
කාඤ්චනමාලා: ඒ දේවින්නාන්සෙගෙ නෑයින් ගැන තියෙන් සැලකිල්ලනෙ. එන්ඩ, එන්ඩ දේවන්නාන්ස (දෙදෙනාමා වටේ යති)
කාඤ්චනමාලා : දේවින්නාන්ස. මේ ඉන්නෙ රජතුමා යන්ඩ ළඟට.
වාසවදත්තා : (රජු කරා එළඹ) ජය වේවා! ස්වාමි පුත්රරය, ජයවේවා!!
රජ : දේවිය. මේ ඉන්ද්රනජාලාකිය බොහොම පුරසාරම් කිව්ව. ඒ නිසා මෙහෙන් ඉඳගෙන අපි බලමු.
(වාසවදත්තා හිඳ ගනියි)
ඉන්ද්රසජාලිකයා : එහෙමයි දේවයන් වහන්ස ( නොයෙක් අයුරින් නටා, මොණර පිල් කලබ කරකවමින්)
සත් අත් හරි හර දෙව් ගණ වට කළ සහසැස් - සිදු - චාරණ ඈ දෙව් කැල සමගින් රඟනා සුරඟන මන කල දැන් නරඹනු මැන නුබ ගැබ සුවි මල
රජ : ( උඩ බලා, අසුනෙන් බැස)
පුදුමයි. පුදුමයි, බලන්ඩ දේවිය,
87
බඹා පියුමේ හිඳි අඬ සඳ හිසින් දරණුයෙ මෙහෙසුරු යි සතරතින් අවි දරා සිටිනේ අසුර සෙන් නැසු විස්ණු දෙවිඳු යි අරා එරවණ සිටි සහසැස් නැතක් මුරු ගණ අවට දිස් වේ යි නුවන් විසි කර රඟන සුර’ඟන ගිගිරි හඬ දෙසවන් පින යි
වාසවදත්තා : පුදුමෙනුත් පුදුමයි.
විදුෂක : (පසෙකට) ඒයි ඉන්ද්රේජාලිකයා, ඔය දෙවිවරුයි දිව්යාංතගනාවොයි පෙන්නල වැඩක් නෑ. රජතුමා සතුටු කරන්ඩ නම් නොහොම හරි සාගරිකා පෙන්නන්ඩ. (ඉක්බිත් වසුන්දරා පිවිසෙයි)
වසුන්ධරා : (රජු කරා එළඹ) ජයවේවා! ජයවේවා!! දේවයන් වහන්ස, යෞගන්ධරායණ ඇමතිතුමා ඔබ වහන්සේට සැල කරන්ඩ කිව්වා, ‘වික්රමමබාහු සිංහල රජතුමා එවපු වසුභුති ඇමති තුමයි බාභ්රාව්ය‘යි ඇවිත් ඉන්නව. එතුමන්ලා දැන්ම ම මුණ ගැහෙනව නම් හොඳයි, වැඩකටයුතු ඉවර වුණු හැටියෙම එතුමාත් එනව කියල.
වාසවදත්තා : දේවයන් වහන්ස, ඉන්ද්ර ජාල බැලුව දැන් ඇති, මගේ මාමණ්ඩිගෙ මාලිගාවෙ ඉඳලා වසුභුත් අගමැති තුමා ඇවිත් ලු, ස්වාමිපුත්රාය; ඉතින් ඉක්මනට එතුමාව මුණ ගැහෙන්ඩ;
රජ : දේවිය කියන දෙයක් (ඉන්ද්රනජාලාකයාට) දැන් නවත්තන්ඩ.
88
ඉන්ද්රපජාලාකයා : දේවයන් වහන්සේ නියම කරන හැටියක් (මොණර පිල් කලබ කරකවමින් යාමට පිටත් ව) නමුත් දේවයන් වහන්ස, ඔබ වහන්සේ බලන්ඩ ම ඕනෑ කරන තවත් එකක් තියෙනව.
රජ : බලන්නම් පස්සෙ.
වාසවදත්තා : කාඤ්චනමාලා, ගිහිල්ලා මෙයාට තෑග්ගක් දෙන්ඩ.
කාඤ්චනමාලා : දේවින්නාන්සේ අණ කරන හැටියක් (ඉන්ද්රලජාලිකයා සමග නික්ම යයි)
රජ : වසන්තක, ගිහින් වසුභුති එක්ක එන්ඩ.
විදුෂක: දේවයන් වහන්සෙ අණ කරන හැටියක් ( වසුන්ධරා සමග නික්ම යයි) (ඉක්බිත් වසන්තක, වසුභුති සහ බාභ්ර ව්යව කැඳවා ගෙන යයි)
වසුභුති : (හාත්පස බලා) හෝ! වත්ස රජතුමාගෙ ආනුභාවය පුදුමයි. මෙහිදි.
ඇතුන් අසුන් හා ගි න ද නාසා වසඟ විය මා හ ද අමතක වු සැප හෙළ ර ද ගැමියකු මෙන් වෙමි මම ද ද
බාභ්රකව්යි : වසුභුති, බොහොම කාලෙකට පස්සෙයි මට අද මාගේ ස්වාමියා දකින්ඩ ලැබුණේ. ඒ නිසා මට තියන සන්තෝස කියල නම කරන්ඩ බැහැ. මන්ද කියනව නම්,
89
මහලු වුව ද වැඩේ දිරි ය දෙනෙත් පුරා තුටු කඳුළු ය සතුට නිසා අසීමිත ය දොඩනු නොහැක දිවද ගොත ය
විදුෂක : (ඉදිරියෙන් සිට ) එන්ඩ ඇමතිතුමනි. එන්ඩ.
වසුභුති: (විදුෂකගේ ගෙළැ වු රුවන් දම දැක, පසෙකට) මගෙ හිතේ මේ රුවන්දම කුමාරිකාව පිටත් වෙනකොට රජතමා දිපු මාලෙම කියල යි.
බාශ්ර ව්යි : ඇමතිතුමනි, ඒවගෙ තමයි. මම අහන්ඩ ද වසන්තක ගෙන් මෙය ලැබුණෙ කොහොම ද කියල?
වසුභුති : අහන්ඩ හොඳ නැහා. රජ මාලාගාවල ඕනෑ තරම් මැණික් වර්ග තියනව. ඒ නිසා ආභරණ වල සමානකම් ඇති වෙන්ඩ බැරිකම්ක නැහැ (වටේ යයි)
විදුෂක : ( රජු පෙන්වා) මේ ඉන්නෙ මහ රජතුමා, ඇමතිතුමා යන්ඩ ළඟට.
වසුභුති: (ළඟට ගොස්) මහ රජතුමාට ජය වේවා!
රජ : (නැගි සිට) පිනවත. මගේ ආචාරය පිළි ගන්ඩ
වසුභුති : ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා.
රජ : කෝ ආසනයක්? ඉක්මනට ආසනයක් පිළියෙළ කරන්ඩ.
විදුෂක : මෙන්න ආසනය. ඇමති තුමනි. වාඩි වෙන්ඩ. (වාසුභුති වාඩි වෙයි.)
90
බාභ්රවව්යක : දේවයන් වහන්ස,ඔබ වහන්සේට නමස්කාර ෙව්වා!
රජ : (පිටට අත තබා) බාභ්රනව්ය, මෙහෙන් වාඩිවෙන්ඩ. (බාභ්ර ව්යප වාඩි වෙයි)
විදුෂක : ඇමති තුමනි, මේ වාසවදත්තා දේවිය ඔබට ආචාර කරනව.
වාසවදත්තා : ඇමතිතුමනි, මගේ ආචාරය පිළිගන්ඩ.
වසුභුති : ආයුෂ්මතිය, ඔබට වත්ස රජතුමා වැනි පුත් රුවන්ක ලැබේවා! (සියල්ලෝම වාඩි වෙති)
රජ : අගමැති තුමනි. කොහොමද සිංහල රජතුමා සුව සේ ඉන්නවා ද?
වසුභුති : (උඩ බලා, සුසුමක් හෙලා ) අවාසනාවන්ත මට නම් තේරෙන්නෙ නැහැ මොනව කියන්ඩ ද කියල.
වාසවදත්තා : (කැළඹි, තාමට ම) අහෝ! ෙමානව ද ෙම් වසුභති කියන්ඩ හදන්නෙ?
රජ : වසුභුත්, කියන්ඩ. මොකද මේ අපේ හිත් අවුල් කරන්නෙ?
බාභ්රඩව්යව : ( පසෙකට) ඇමතිතුමනි, කොච්චර වෙලා බලා හිටියත් ඒක කිවන්ඩම එපා යැ. ඒ නිසා දැන් කියන්ඩ.
වසූභූති : (කදුළු හෙලමින් ) රජතුමනි, ඒක කියන්ඩත් බැරි තරම් කණගාටු දෙයක්. වාසවදත්තා දේවිය ගින්නෙන් දැවුණැයි කියල ආරංචි වුණු සිංහල රජතුමා කලිනුත් ඔබතුමා බලාපොරොත්තු වුණු රන්නාවලි කුමරිය ඔබතුමාට සරණ කරල එව්වා.
91
රජ : (පසෙකට) දේවිය. මොකද්ද ඔබේ මාමාණ්ඬිගෙ ඇමති තුමා කියන මේ බොරුව?
වාසවදත්තා : (සිනාසි) ස්වාමිපුත්රඔයා; මම දන්නෙත් නැහැ. මෙතන බොරු කියන්නෙ කවුද කියල.
විදුෂක : ඉතින් ඈට මොකද උණේ?
වසුභුති : රජතුමා, ඉතින් ඈ ඔබතුමා වෙතට කැඳවා ගෙන එන අතරමගදි නැව ගිලිල මුදුබත් උණා (බිම බලාගෙන හඬයි)
වාසවදත්තා : (කදුළු හෙලමින්) අහෝ! මම වාගෙ අවාසනාවන්තියක්! අය්යෝ! මගෙ රත්නාවලි නංගි, ඔබ දැන් ඉන්නෙ කොහේ ද? අනේ මා එක්ක කතා කරන්ඩකො....
රජ : කණගාටු වෙන්ඩ එපා දෙවිය, කණගාටු වෙන්ඩ එපා, දෛවය වලක්වනඩ බැහැ. මූදෙ ගිලිලත් ගොඩ ආපු මේ දෙන්නගෙන්ම ඒක පේනවනෙ. (වසුභුත් හා බාභ්රබව්ය පෙන්වයි) වාසවදත්තා: ස්වාමිපුත්රයය ඒක හරි. නමුත් කොහොමද මට ඒවගෙ අභාග්‍යක් සිද්ද උණේ. (නෙපථ්ය්යෙහි මහා කලබලයක් ඇසේ) පහ පෙළ වසමින් පැතුරුණු සැණෙකින් ගිනි දල් මලවා තරු ළිය උයනේ කළු කරමින් නුබ ගැබ බිහිසුනු සේ දවයි සියලු අඟන්න රැඳි ඇතොරේ. ගින්නෙන් නැගි ලාවනක ගමේ පෙර බිසව දැවුණියය් පැතුරුණු එ පුවත සැබෑ කරන්නට මෙන් මේ ගිනි දැල් දුම් කඳ නගමින් දස’තම විහිදේ
92
රජ : (කලබල වි නැගි සිට) අන්න, අන්න, අන්තඃපුරයට ගිනි ඇවිලිලා, අපොයි! වාසවදත්තා දේවිය පිලිස්සෙනව. අයියෝ මගෙ වාසවදත්තා.
වාසවදත්තා: බේරගන්ඩ, බේරගන්ඩ, ස්වාමිපුත්රතය
රජ : ආ ! මම බය වුණු තරම! ළඟම හිටපු දේවියවත් පෙනුනෙ නැහැනෙ. (බිසවගේ අත අල්ලාගෙන) සැනසෙන්ඩ දේවිය, සැනසෙන්ඩ.
වාසවදත්තා : මම කිව්වේ මාව බේරගන්ඩ කියල නොමයි. දම්වැලකින් බැඳලා ඉන්න සාගරිකා බේරගන්ඩ කියලයි. අනේ! ඈ පිලිස්සෙයි. බේර ගන්ඩ.
රජ : මොනව දේවිය? සාගරිකා පිලිස්සෙනව? එහෙනම් මම යනවා.
වසුභුති : දේවයන් වහන්ස, මොකදද් මේ කරන්ඩ හදන මෝඩ කම? පළගැටියෙක් වාගෙ නිකරුණේ ගින්නට පනින්ඩ යන්නෙ.
බාභ්රතව්යප : දේවයන් වහන්ස, වසුභුති කියන්නෙ ඇත්ත.
විදුෂක : (රජුගේ උතුරු සළුවෙන් අල්ලාගෙන)රජතුමනි, කලබල වෙන්ඩ එපා.
රජ : (උතුරු සළුව හැර දාම) ඒයි, මොඩයා, සාගරිකා දැවෙද්දි මම පණ බේරගෙන ඉඳල මොකටද? (ගින්නට පිවිසෙන බව හැ දුමේන පිඩිත බවැ නිරුපණය කොට)
යුග’ත ගිනිසේ රුදුරු වියෝ - ගිනි වැද නොදැවුණු මා ගත දවත නොහැක එහෙයින් ගිනි - දෙවිඳුනි, නවතිනු මැන දැන්
93
වාසවදත්තා : කාලකණ්ණි මගේ ඉල්ලිම නිසයි රජතුමා මෙහෙම කළේ. ඒ නිසා මමත් යන්ඩ ඕනෑ පස්සෙන්.
විදුෂක : (වටේ ගොස්, ඉදිරියෙන් සිට) දේවින් වහන්ස, මම ඔබ වහන්සෙගෙ මාර්ග දේශකය වෙනව.
වසුභුති : මොනව? වත්ස රජතුමා ගිනි මැලේට පැනලනෙ. කුමාරිකාව මුදු බත් වෙනව දැකපු මටත් දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ. මාත් පනින්ඩ ඕනෑ මේ ගිනි මැලේටම.
බාභ්ර ව්යත : (කදුළු සලමින්) අපොයි! දේවයන් වහන්ස. මොකද්ද මේ රජ කුලය කරගත්ත විපත, කතා කිරිමෙන් වැඩක් නෑ මමත් ස්වාමි භක්තිය පෙන්වන්ඩ නෑ.
(සියල්ලො ගින්නට පිවිසි බැව් නිරුපණය කරති)
සාගරිකා : (හාත්පස බලා) ආ! හැම පැත්තෙන් ම ගිනි දැල් මතු වෙනව, (සිතා, සතුටින්) වාසනාව! අදවත් මගෙ දුක අවසාන වෙන්නෙ නැතැයි.
රජ : ආ ! මෙ ඉන්නෙ සාගරිකා ගින්නට හොඳටම ළං වෙලා. ඉක්මනට ඈ බේරගන්ඩ ඕනෑ. (වහා එළඹ) අහෝ! සාගරිකා, ඔබ අදත් උදාසීනව ඉන්නවද?
සාගරිකා : (රජු දැක තමාට ම) ඔහු දකින කොට මට ආයේත ජිවිතාසාව ඇතිවෙන ව, (ශබ්ද නගා) මාන බේරාගන්ඩ, මාව බේරාගන්ඩ, රජතුමනි.
94
රජ : බියගුල්ලි, බය වෙන්ඩ එපා. ඉවසනු මැන තව මොහොතක් දුම් කඳ පැතිරෙන දස’තින් (ඉදිරිපස බලා) මෙන්න සළුව ගිනි ඇවිලෙයි ගිලිහෙන පියයුරු යුගළින් (විමසා බලා) කිමඳ සොඳුර සැළෙනුයෙ ඔබ? (හොඳින් බලා) බඳනා ලදුයෙහි යදිමින් (සැරසී) එල්ලෙනු මා ගෙළැ තරයේ හැරගෙන යමි ඔබ සැණෙ කින්
(ගෙළ වටා අත යවා, අඩක් වැසුණු දෙනෙතින් යුතුව, ස්වර්ශ සුඛය නිරුපණය කරමින්) හෝ උණුසුම මොහොතින් නැතුව ගියා. සැනසෙන්න ප්රිායාව. සැනසෙන්න.
ඔබේ තුනු පාසය දුරැළි සැණෙන් තාපය එහෙයින් ම පේමිය දැවෙනු නැත ඔබ සොඳුරු දේහය
(දෙනෙත් හැර, අවට බලා, සාගරිකා අත හැර)
කිම ද මේ පුදුමය පෙර සේ දිසෙයි ඇතොරය ගිනි දැල් ද පහ විය (වාසවදත්තා දැක) හෝ හෝ! මේ මා සොඳුරු බිසොව ය
වාසවදත්තා : (රජුගේ සිරුර පිරිමදිමන්, සතුටින් වාසනාවකට වාගේ ස්වාමි පුත්ර(යා පිලිස්ලා නැහැ.
95
රජ : හා! මේ බාභ්රසව්ය.නෙ!
බාභ්රසව්යහ : දේවයන් වහන්ස, මට ආයෙක් පණ ආව,
රජ : හා! මේ වසුභුති!
වසුභුති : මහ රජතුමාට ජය වේවා!
රජ : මිත්රතය;
විදුෂක : ජය වේවා! ඔබතුමාට ජය වේවා!
රජ : මම දැක්කෙ හිනයක් ද? නැත්නම් ඉන්ද්රකජාලයක් ද?
විදුෂක : රජතුමනි, සැක හිතන්ඩ එපා.මේක ඉනදජාලයක්මයි.ඒ පර ඉන්ද්ර ජාලිකය කිව්ව නේද “මගෙ එක ඉන්ද්ර ජාලයක් දේවයන් වහන්සේ අවශ්යලයෙන් ම බැලිය යුතුයි” කියල. අන්න ඒක තමයි මේ .
රජ : දේවිය. මෙන්න ඔබේ ඉල්ලිම අනුව බේරගෙන ආපු සාගරිකා.
වාසවදත්තා : (මඳ සිනා සහිතව ) ස්වාමිපුත්රගයා, මම දැක්කා
වසුභුති : (සාගරිකා දැක පසෙකට) බාභ්ර්ව්යර මැ හරියට ම කුමාරිකාව වාගෙ.
බාභ්රතව්ය : ඇමතිතුමනි, මගෙ හිතෙත් එහෙමයි.
වසුභුති : (රජුට) දේවයන් වහන්ස, මේ කුමරිය කොහෙන්ද ?
රජ : දේවියයි දන්නෙ.
වසුභුති : දේවින් වහන්ස, හැබැටම කොහෙන්ද මේ කුමරිය?
96
වාසවදත්තා : මෑ සාගරයෙන් ලැබුණයි කියල යෞගන්ධරායණ අමාත්ය්ය මට භාර දුන්න. ඒ නිසා මෑට කියන්නෙ සාගරිකා කියල යි.
රජ : (තමාට ම) යෞගන්ධරායණ භාර දුන්නා? කොහොමද ඔහු මට නොදන්වා මොකවත් කරන්නේ?
වසුභුති : (පසෙකට ) බාභ්රණව්යා, වසන්තකගෙ කරේ, තියෙන රුවන් දමත් ඒවගෙමයි. මෑ හමුවෙලා තියෙන්නෙත් සාගරෙනුයි. ඒකත් එකටම මෑ නම් සිංහල රජතුමාගෙ දියණිය රත්නාවලී කුමරිය ම යි. (ළඟට ගොස්, ශබ්ද නගා) පින්වත් රත්නාවලී කුමරිය, ඔබට මොකද මේ උණේ?
සාගරිකා : (දැක කඳුළු හෙලමින්) ඉතින් වසුභුති ඇමතිතුමනි?
වසුභුති : අහෝ! මම වාගෙ අවාසනාවන්තයෙක්! (බිම පතිත වෙයි)
සාගරිකා : අහෝ? පියාණෙනි, අහෝ! මෑණියනි. ඔබ කොහෙද දැන් ඉන්නෙ ? (වසුභුති මත වැටි මුසපත් වෙයි)
වාසවදත්තා: (කැළැඹි) බාභ්ර්ව්ය), මේ මගේ රත්නාවලි නංගි ද?
බාභ්රතව්ය? : දේවින්නාන්ස: මේ ඈ තමයි.
වාසවදත්තා : (රත්නාවලී කුමරිය වැළඳ ගෙන) නංගි, සැනසෙන්ඩ සැනසෙන්ඩ.
රජ : (තමාට ම) මොනවා? මේ උදාර සිංහල රජතුමා වන වික්රනමබාහු රජුතුමාගේ දුව ද?
97
විදුෂක : (රුවන් දම පිරිමදිමින් තමාට ම) මෙහෙම මාලයක් සුළුපටු කෙනෙකුට නම් තියෙන්ඩ බැරි බව මමත් මුලදි ම හිතුවා (රුවන් දම රත්නාවලි ගේ ගෙළැ පළඳවයි)
වසුභුති : (නැගිට) සැනසෙන්ඩ කුමරිය, සැනසෙන්ඩ, ඔබේ අක්කණ්ඩිත් කණාගාටුවෙන් ඉන්නව, ඒ නිසා ඈ වැළඳගන්ඩ.
සාගරිකා : (සිහි ලැබ, වාසවදත්තා දැක තමාට ම) දේවිය ට වරදක් කරපු මට ඇගේ මුහුණ බලන්ඩ බැහැ (බිම බලාගෙන සිටි)
වාසවදත්තා : (කඳුළු සලමින්. දෑත දිගු කොට ) එන්ඩ එන්ඩ නපුරි, දැන්වත් මට ආදරය දක්වන්ඩ (ගෙළ වැළඳි ගනි, රත්නාවලි ගැලවිමට දඟලන බැව් නිරූපණය කරයි)
වාසවදත්තා : (පසෙකට) ස්වාමිපුත්රැයා; මගෙ නපුරුකම ගැන දැන් නම් මට ලැජ්ජයි. ඒ නිසා මේ බැම්ම ලිහන්ඩ.
රජ : (සතුටින්) දේවිය කියන දෙයක්. (එසේ කරයි.)
වාසවදත්තා : ස්වාමිපුත්රමයා: යෞගන්ධරායණ අමාත්ය)ය මේව සේරම දැනගනත් නිකම්වත් දන්වන්නෙ නැතුව මාව නපුරු තැනැත්තියක් කළානෙ.
(ඉක්බිති යෞගන්ධරායණ පිවිසෙයි)
98
යෞගන්ධරායණ : බිසවගෙ අනුමැතිය ලැබ නෙක ලෙස අයැ ද බිසවක දෙවැනි ගෙන්වුයෙමි රහස් ලෙ ද රජුගේ යසස සනසන මුත් ඇගේ හද කෙලෙසින් මුහුණ දෙමි දෝ මම ඇයට අ ද?
(කල්පනා කොට ) ඉතින් මොකද කරන්නෙ? ස්වාමි භක්තියෙ හැටි ඔහොම තමා. (බලා) මේ ඉන්නෙ දේවයන් වහන්සේ. යන්ඩ ඕනෑ ළඟට (එළඹ) දේවයන් වහන්සේට ජය වේවා! ජය වේවා!! - දේවයන් වහන්ස; නොදන්වා කරපු දේට සමාවෙන්ඩ.
රජ : මොනවද යෞගන්ධරායණ නොදන්වා කළේ?
යෞගන්ධරායණ : දේවයන් වහන්ස වාඩි වෙන්ඩ, මම සේරම කියන්නම්.
(සියල්ලෝම වාඩි වෙති)
යෞගන්ධරායණ : (දොහොත් මුදුනේ තබාගෙන) ඇහුම්කන් දෙන්ඩ දේවයන් වහන්ස;- මේ ඉන්නේ සිංහල රජතුමාගේ දියණිය රත්නාවලි කුමරිය. එක්තරා ඉසිවරයෙක් කිව්වා මෑ සරණ කර ගන්න කවුරු උනත් අධිරාජයෙක් වෙනව කියල. ඉතින් ඒ කිම විස්වාස කරපු අපි ඇ ඔබ තුමාට සරණ කර දෙන හැටියට සිංහල රජතුමාගෙන් කිප වරක් ම ඉල්ලා හිටිය. නමුත්, එහෙම කිරිම වාසවදත්තා දේවින්නාන්සෙගේ හිත් වේදනාවට කරුණක් වෙයි කියල සිංහල රජතුමා ඒ ඉල්ලිමට එකඟ උනේ නැහැ.
99
රජ : ඉතින් ඉතින් ?
යෞගන්ධරායණ : ඉතින් ලාවනක ගමේ අති වුණු ගින්නෙන් දේවින්නාන්සෙ පිලිස්සුණයි කියල ආරංචියක් පතුරවල අන්තිමෙදි බාභ්රලව්යල පිටත් කළා.
රජ : ඊට පස්සේ හරිය මම. අහල තියෙනව. ඉතින් මොකට ද මෑ බිසවට බාර දුන්නෙ?
විදුෂක : ඒක නිකම්ම තේරෙනවනෙ. අන්තඃපුරයට යන ඔබ තුමාට. ඈ පහසුවෙන් ම මුණ ගැහෙනව.
රජ : (සිනාසි) යෞගන්ධරායණ, ඔබේ අදහස වසන්තක හරියටම තේරුම් ගත්ත.
යෞගන්ධරායණ : එහෙමයි දේවයන් වහන්ස
රජ : මගෙ හිතේ ඉන්ද්රදජාලිකයත් ඔබේ උපායක් කියලයි.
යෞගන්ධරායණ : එහෙම නැත්නම් අන්තඃපුරේ බැඳලා දාල හිටපු මැ ඔබතුමාට දකින්ඩ ලැබෙන්නෙ කොහොම ද? එහෙම දකින්ඩ ලැබුණෙ නැත්නම් කොහොම ද වසුභුත් ඈව අදුනගන්නෙ? (සිනාසී) දැන් ඉතින් අඳුනගත්ත නැඟණිය සම්බන්ධයෙන් කළ යුතු දේ දේවින්නාන්සෙට අයිති වැඩක්.
වාසවදත්තා : (මඳ සිනාවෙන් යුතුව ) මොකද ඔබ කෙලින් කියන්නෙ නැත්තෙ ඈ රජතුමාට භාර දෙන්ඩ කියල?
100
විදුෂක : ඇමතිතුමාගෙ අදහස බිසවුන් වහන්සෙ අගේට තේරුම් ගත්ත.
වාසවදත්තා : (අත දිගු කොට) එන්ඩ රත්නාවලි එන්ඩ. සහෝදරියක් වශයෙන් මේ ටිකවත් කරන්ඩ මට ඉඩ දෙන්ඩ. (සිය පළඳනාවන්ගෙන් රත්නාවලි සරසා අතින් අල්ලා ගෙන, රජු කරා එළඹ) ස්වාමි පුත්රසය, මගේ සහෝදරි රත්නාවලි භාර ගන්ඩ.
රජ : (ප්රිමතියෙන් දෑත් දිගුකොට) දේවිය කරන මොන සැලකිල්ලටද මම ගරු නොකරන්නේ?
වාසවදත්තා : ස්වාමිපුත්රරයා; මැගේ නෑදෑයෝ ඉන්නෙ බොහොම ඈත. ඒ නියා නෑ - දෑයින් මතක් කරන්ඩ සිදු නොවන විදිහට කටයුතු කරන්ඩ (පාවා දෙයි)
රජ : දේවිය නියම කරන හැටියක්. (රත්නාවලි භාර ගනි)
විදුෂක : (ප්රිනතියෙන්) හෝ! හෝ! - රජතුමාට ජය වේවා! ජය වේවා!! දැන් ඉතින් මුව ලෝකෙම මගෙ මිත්රනය අතේ.
වසුභුති : (වාසවදත්තාට) දේවිය, සත්තකින් ම ඔබතුමි දේවිය යන නමට සුදුසුයි.
101
යෞගන්ධරායණ : දැන් ඉතින් මගෙ උත්සාහය සාර්ථකයි, දේවයන් වහන්ස, ඔබතුමාගේ ප්රිිතිය සඳහා වෙන මොනවද මම කරන්නෙ?
රජ : මිටත් වඩා ලොකු ප්රිමතියක් තියෙනව ද? මක්නිසා ද කියනව නම්;
පණට පණ සේ සබඳ විය කිත් යසස් සුපතළ විකුම්බා ර ද ලදිමි දියතෙහි පරම සුන්දර ගුණැ’ති සාගරිකාව මන න ද දිනිම් කෝසල රජය; නැගණිය හමුව අද සැනසෙයි බිසෝ ස ඳ සිටිත ඔබ අගමැතිව අපහට කවර නම් යස ඉසුරු නොලැබෙ ද එහෙම උණත් මෙසේත් වේවා!
(භරත වාක්යේය)
බෙජෙත්වා ! නිති සව් සිරින් මිහි ලිය ලබා නිසි කලට වැසි ප ල කෙරෙත්වා! විප් කුලය පුද - පෙත් සපුරමින් මුරු කැලන් මනදො ළ බැඳෙත්වා! මිතු දමින් සත් දන සලසමින් සෙත තෙක් ම කප් කෙළ ඇසෙත්වා! පිය වදන් සතකින් දුරුව උවදුරු සහ දුදන කැ ල
102
(සියල්ලෝ ම නික්ම යති)
(“ඓන්ද්රනජාලික” නම් වු සිව්වැන් අංකය නිමි)
ශ්රි“ හර්ෂදේව නරපතියන් විසින් විරචිත ‘රත්නාවලි’ නම් සංස්කෘත දෘශ්යි කාව්යදයේ සිංහලානුවාදය සමාප්තයි.