Jump to content

රාජාරත්නාකරය-හැඳින්වීම

Wikibooks වෙතින්

හැඳින්වීම


විජය රජු පටන් වීර වික්ර්ම රජු දක්වා ලංකා ඉතිහාසය කියැවෙන රාජරත්නාකරය ලංකාවේ ප්ර ධාන භාෂා පරිවර්තක සයිමොන් ද සිල්වා වාසල මුදලි තැන විසින් රජයේ නියමය පිට සංස්කරණය කොට 1907 දී රජයේ මුද්රාණාලයේ මුද්ර‍ණය ‍කොට පළවා ඇත. මේ ප්ර කරණය බුද්ධ වර්ෂ 2085 දී සෙංකඩගල නුවර රජ පැමිණි වීර පරාක්රයම රජු සමයේ ජීවත්ව සිටි පඬිවරයෙකු විසින් රචනා කරන ලද්දෙකැයි සඳන් කරන එම සංස්කාරකවරයා ඇතැම් රාජරත්නාකර පිට පතෙක වල්ගම්පායේ තෙරුන් විසින් ලියන ලදැයි කිමද සැලකිල්ලට ගත යුත්තෙකැයි තම සංඥාපනලෙහිලා ප්ර්කාශ කරයි. ග්රමන්ථයේ කිසි තැනෙක කතුවරයා ගැන සඳහන් නොවේ.


වල්ගම් පාය මහ තෙරුන් විසින් රාජරත්නාකරය ලියන ලද බව ආචාර්ය සී.ඒ. ගොඩකුඹුර ගේද විශ්වාස යයි.වල්ගම් පාය මහ තෙරණුවෝ අභයරාජ පරිවෙණාධිපති වූහ.මහනුවර එකළ හැඳින්වුණේ ශ්රීස වර්ධන පුර නමිනි.ඉහත කියැවුණු බුදු වස කිතු වසින් 1542 වේ. එම වර්ෂයේ මහනුවර රජ පැමිණි වීර වික්ර ම රජ පරපුර මෙහෙණවර වංශයට අයත් විය. මෙහෙණවර වංශයේ ශාඛාවක් වූ සවු වංශයේ උපත සිදු වූයේ මයුරාවති කුමරිය ගෙනි. මේ වංශ කථාව පැවැසීම මේ කථාවේ අරමුණයි. විජය රජු පටන් කෝට්ටේ භුවනෙක රජ සමය දක්වා ලංකා ඉතිහාසය කෙටියෙන් මෙහි ලියා ඇති අතර ශාසනෝපකාරි වූ රජ දරුවන් වෙසෙසා දැක්වීම මේ ග්ර න්ථයේ විශේෂ ලක්ෂණ යි. ඉතිහාසය ගෙන හැර දැක් වීමේදී මහා වංශය, දාඨා වංශය, මහා බෝධී වංශය යන වංසකථාවලින් හා ධම්මප්රසදීකාව, රසවාහිනි, නිකාය සංග්රහහය ආදී ග්රමන්ථ වලින් ද දෂ්ටාන්ත වශයෙන් උද්ධෘතයන් ගෙන හැර පෑම අනෙක් සැලකිය යුතු අංගය යි. රාජරත්නාකර සංස්කරණය සයිමොන් ද සිල්වා වාසල මුදලි තුමන්ට පෙර කරන ලද්දේ 1887 දී ඩබ්ලිව් සද්ධානන්ද නම් ස්ථීවිරයන් වහන්සේ නමක් විසිනි. ඊට පසු 1929 දී බලගල්ලේ පී.ඇන්. තිසේරා මහතා විසින් රාජරත්නාකරපිටපත් කීපයක් සසඳා ශුද්ධ කොට තව සංස්කරණයක් පළ කරවනු ලැබ ඇත. මේ සංස්කරණය අපට ලැබුණු පුස්කොල පොතක් හැකිතාක් දුරට යථා සුවරූපයෙන් වුවද නිවරදව ඉදිරිපත් කිරීමට කළ වෑයමෙකි. පර්යේෂකයන්ගේ පහසුව තකා සංස්කරණ තුනෙහි විස්මස්ථාන පිළබඳ සටහනක් ග්රාන්ථාවස්සානයට ඇතුළත් කොට ඇත.


ඉතිහාසය නොයෙක් දෙන නොයෙක් ආකාරයෙන් ලියති.මෙරට ඉතිහාසය මහා වංසය, දීප වංසය, චූල වංසය යන වංස කථා වල ලියවී ඇත. ලංකා ඉතිහාසයේ වැදගත් මූලාශ්රායන් හැටියට සැලකෙන්නේ මේ ග්ර,න්ථ යි. පුරාතනයන් විසින් හෙළ බසින් ලියන ලද මහවසක් ඇසුරින් දීපවංසය හා මහා වංසය ලියා ඇත. අනුරාධපුර මහා විහාරයට අයත් දික්සඳ සෙනෙවියා පිරිවෙන් පති මහානාම මා හිමියන් විසින් කෙරුනු මහා වංසයෙහි ඒ කාලයෙහි රජකළ මහසෙන් රජුගේ පුවත් දක්වා මහාවංසය ලියා “ මහාවංසයො තිට්ඨිතෝ ” කියා ලියූ තිබූ හෙයින් ද ඊට පසු ලියන ලද පරිච්ඡේදයන් හි මෙතෙක් ලියූ කරුණු සඳහන් කරන තැන්හී “ තේන වුත්ත මහා වංසෝ ” කියාද පශ්චාත් කාලීන පුවත් සඳහා ‘තෙන වුත්ත චූලවංසො ’ යි කියාද සඳහන් වී ඇති හෙයින් ද එකම මහා වංසය කොටස් දෙකක් වශයෙන් සලකන බව පෙනෙයි. සිංහල රාජා වලියෙහි මහා බෝධිය ගෙනා වංශය මහා වංසයටත් දළඳා ව ගෙනා වංශය චූලවංසයටත් ආදී වශයෙන් වෙනත් කරුණු මෙයට හේතු වශයෙන් දක්වා ඇත.එහෙත් මේ ග්රවන්ථ මහාවංසයේම කොටස් වශයෙන් ලා සැලකීම සම්මතය.


මේ වංස කතාවලින් බෙහෙවින් ශාසනික තොරතුරු පැවසෙන අතර බෞද්ධයන් පූජනීය වස්තු වශයෙන් සැලකූ බෝධීය - ධාතූ - ස්තූප ඉතිහාසය දැක්වීමට ලියූ සවිස්තර වංස කතා රැසක් තූප වංසය, ධාතූ වංසය, බෝධී වංසය, දළඳා වංසය, අත්තනගලු විහාර වංසය වැනි නම් වලින් ප්රහකටව ඇත. මේ ග්රරන්ථ ආශ්රදයෙන් ලියැවුණු ධම්මප්ර දීකාව, දළඳා සිරිත වැනි පරිවාර ග්රංන්ථ රැසක් ද අපට උරුමව ඇත.ශාසන ඉතිහාසය දැක්වෙන නිකාය සංග්ර්හය, ස්යා‍ට සංදේශ වර්ණනාව, සංඝරාජ සාධු චරියාව වැනි පොත් ද ඇතැම් රජෙකුගේ පුවත් හෙළි කෙරෙන දඔදෙණි අස්න වැනි කෘතීන්ද සිංහල ඓතිහාසික සාහිත්යයයට එකතු කළ යුතු වේ. අරහාදී ගුණ ගයමින් ලියා ඇති පූජාවලියෙහි අවසාන පරිච්ඡේද දෙක එනම්. 33, 34 පරිච්ඡේද වලින් විජය රජුගේ පටන් මහින්දාගමනය දක්වා ඉතිහාසයත් අනතුරුව දෙවන පැරකුම්බාවත් දළඳා පිදූ තැන දක්වා ලක්දිව රජවරැන් බුදුන් පිදුසැටිත් වර්ණනය වෙ.


රජවරුන්ගේ ඉතිහාසය ලියූ ග්ර්න්ථ වලින් සිංහල ඓතිහාසික සාහිත්යරයට එක් වූ, වැදගත් ග්රරන්ථ දෙක නම් රාජරත්නාකරය හා රාජාවලිය යි. සුළු රාජාවලියෙහි ශ්රීූ වික්ර ම රාජසිංහ රජු දක්වා රජ වරුන් ගැන විස්තර වේ. සුළු රාජා වලිය, නරේන්ද්රා චරිතාව ලොකන ප්රාදීපිකාව වැනි මේ ගණයෙහිලා සැලකිය හැකි අනෙක් ග්රූන්ථයෝ ද වෙති. පූජාවලි කතුවරයාද දඹදෙණියේ දෙවෙනි පැරකුම්බා රජතුමා බුදු සමයට කළ සේවය පැහැදිලි කිරීමට සිය ගත යොදා ගත් අයුරින්ම රාජරත්නාකර කතුවරයා මහනුව විසූ වීර පරාක්රතම රජු රාජරත්නයක් බව වෙසෙසා දැක්වීමට තම කෘතිය උපකාර කොට ගත් බව කිව හැකියි.රාජවලී ග්රරන්ත රැසක් ඇත. ඒවායින් තත්කාලීන රජවරුන්ගේ හා ප්රාභූවරුන් පිළිබඳ තොරතුරු හෙළි වේ. ඉතිහාස ග්රින්ථ වශයෙන් රාජරත්නාකාරයට වඩා වැදගත් තොරතුරු ඒ ග්ර්න්ථ වලින් හෙළි වේ. රාජාවලියෙ හි ප්රරශස්ථ සංස්කරනයක් මහාචාර්ය්‍ය ඒ.ඒ.සුරවීර විසින් මෑතකදී ප්රරකාශයට පත් කොට තිබේ.


පසුගිය ශත වර්ෂයේ දී හෙළිදිව්රජනීය. ලංකා කථාව යන නම් වලින් ලංකා ඉතිහාස පොත් පාඨශාලා භාවිතය සඳහා ලිය වී ඇත. මේ ශත වර්ෂයේද, පාඨශාලා භාවිතය සඳහා ලංකා ඉතිහාස පොත් ගණනාවක් සිංහල - ඉංග්රීඨසි දෙබසින් ම නිකුත් වී ඇත. පාඨශාලා පරීක්ෂක ගුණතිලක නම් මහතෙකු ලියූ ඉතිහාස පොතක් කලක් ඉතා ප්රහකටව පැවැත්තේය. ජෝන් ඇම්. සෙනාවෙරත්න, පෝල්.ඒ. පීරිස් ආදීහු ඉංග්රීතසී බසින් ලංකා ඉතිහාසය පොත් ලියූ හ.ජී.සී.මැන්දිස් මහතා විසින් බටහිර ඉතිහාසඥයන්ගේ පොත් අනුගමනය කරමින් විවේචනාත්මක කෙටි ලංකා ඉතිහාසයක් ලියා ඇත. එච්.ඩබ්ලිව්.කොඩ්රීපන්ටන් ලියූ කෙටි ලංකා ඉතිහාසය ඉතා වැදගත් ග්රුන්ථයක් සේ සැලකිණ. ලංකා ඉතිහාසය අළලා බටහිර උගතුන් ලියූ ග්රින්ථ රැසකි.මේ බොහෝ දෙනෙකුට ඉංග්රීපසියෙන් පළ වුණු ගයිගර්ගේ මහාවංස පරිවර්තනය මහෝපකාරී විය. ඊට පෙර වර්නර් මහතා විසින් කළ පරිවර්තනය හෙනිරි පාකර්, එමර්සන් ටෙනන්ට් ආදීන්ට ප්රගයෝජනවත් වූ බව පෙනෙයි. 1833 දී එඩ්වර්ඩ් අප්හැරිගේ මහා වංසය, රාජරත්නාකර හා රාජාවලී පරිවර්තන ලණ්ඩන් නුවර පළ විය. ඩී.එම්.ද ඉසෙඩ් වික්රවමසිංහ හා ආචාර්ය පරණවිතාන විසින් පළ කෙරුනු ලංකා ශිලා ලේඛන සංග්රරහයන්හි ලංකා ඉතිහාසය සම්බන්ධ වූ වැදගත් ලේඛන පළ වූ අතර ඔවුන්ගේ ලිපි ආශ්රෙයෙන් විශ්ව විද්යාආල උගත්නු විසින් ලංකා ඉතිහාසයේ නොයෙකුත් යුගයන් අළලා ශාස්ත්රීමය ප්රතබන්ධ විශාල සංඛ්යානවක් නිකුත් වී හෝ අනුමත වී ඇත. මෑතකදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක්ද විවිධ මාතෘකා යටතේ ලංකා ඉතිහාස ග්රතන්ථ පළ කළහ. විදේශිකයන් ලංකා ඉතිහාසය විස්තර කරමින් ලියූ ග්රතන්ථ සංඛ්යානව ද මෑතදී ඉහළ ගොස් තිබේ.


ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා හා ඊ.ඩබ්ලිව් නිකොලොස් යන උගතුන් විසින් පළ කරන ලද සවිස්තරය හා සංෂිප්ත ලංකා ඉතිහාසය වැදගත් පර්යේෂණ කෘතීන් ආශ්රායෙන් සකස්ව ඇත.කොටස් තුනකින් සමන්විත මේ විශ්ව විද්යාංල ප්රිකාශනයෙහි නූතන යුගය සකස් කෙරුණේ ආචාර්ය කේ . ඇමි. ද . සිල්වාගේ ප්රනධානත්වයෙනි. තවද ආචාර්ය තෙන්නකෝන් විටලානන්ද මෑත යුගයේ විසූ ප්රේකට ඓතිහාසඥයෙකි. මෙම ආචාර්යවරයා විසින් ලියා ඇති ඓතිහාසික ලිපි ලේඛන සංඛ්යාසව විශාල ය.දේශීය ඓතිහාසික සම්ප්රයදාය රකිමින් ඉංග්රීයසියෙන් සිතන උගතුන්ගේ වරද දකිමින් සැබෑ ඉතිහාස තොරතුරු සෙවීමේ නිරතව සිටි උගතුන් අතර හෙතෙම ප්ර ධාන තැන්හිලා ගිණිය හැකිය. ඉතිහාස ග්රින්ථයන්හි සඳහන් කරුණු හා සිද්ධීන්ට අරුත් දෙමින් නිගමනයන්ට එළෙඹෙමින් ලියන පර්යේෂණ ග්රනන්ථ බොහෝමයක් ඉතිහාසය අළලා ලියැවුණු නිර්මාණාත්මක රචනාය. පැරණි වංස කතා කරුවන් ජනප්රමවාදයන් රකිමින් සම්ප්රතදායයෙහි පිහිටා ඇතැම් ද අභව්ය අසත්යල මනඃකල්පිත ය යි බැහැර කරන්නන් ලිකිත දැයට අරුත් රුවා කරන නව ලේකනයන්ගෙන් බොහෝවිට කෙරෙන්නේද කල්පිතයන් ඉදිරිපත් කිරීමයි.කල්පිතය නූතන බොහෝ ඉතිහාස ග්රයන්ථ වල මූලික ලක්ෂණය බව ඒ ඉතිහාස ග්ර්න්ථ පරිශීලනය කරන්නෝ දනිති.


අප දැන් මිථ්යාවවක් වශයෙන් විශ්වාස කරන බොහෝ දේ සැබෑ සිද්ධීන් ලෙස පැරණියෝ සැලකූහ. එක්කෝ ඒ දේ සැබැවින් සිදු වූ නිසා ය.නොවේ නම් අචල ශක්තිය හා විශ්වාසය නිසාය. ඔවුන් තම කෘතීන් අව්යාලජ හැඟිමෙන් යුතුව කළ හ. පැරණියන් ලියා තිබූ සිදු වීම් එලෙසම සිදු විණැ යි නිසැක වූහ.මතභේදයකින් තොරව ඉතිහාසය රැකගෙන ආයේ මේ පක්ෂපාත කම නිසාය.පොත් පත් නොතිබුණ කාලයේ ඉතිහාසයන් කටපාඩමින් තබා ගන්නට පද්යමට නැඟීම අවශ්යව විය. පාලි ගාථාවන්ගෙන් පමණක් නොව සිංහල කවියෙන් ද ඉතිහාසය ලියවී ඇත. සංහල රාජ මාලාව මේ සියවසේ මුල් දශකයේදී සයිමන් දසිල්වා විසින්ලියා ඇති ඉතිහාස කාව්යම ග්රෙන්ථයකි. එහි විජය රජුගේ පටන් දොන් ජුවන් ධර්මපාලයන් දක්වා රජවරුන් 167 දෙනෙකුගේ රාජ කාලයන් ගැන කියවෙයි. මීට කලකට පෙර විජය රජුගේ පටන් ශ්රීන වික්රලම රාජ සිංහ රජු දක්වා රජ පෙළ පත විස්තර කරන රාජමාලය නම් වූ සංවාද කාව්ය ය ජන කිවියෙකු විසින් ප්රපකාශයට පත් කොට තිබිණි.සිහබා කවි මා ලය සිංහල ජාතියේ උප්පත්ති කථාව කියන කාව්යනය ග්ර න්ථයකි. රාජමාලයෙහි දැක්වෙන සිව්පද දෙකකින් ගත් පහත සඳහන් පදවලින් එහි ස්වභාවය හෙලි වෙයි.

“ ප සි ඳු මහවංසේ එන ලෙසට පිළිවෙළේ.

	 නි  රු ඳු     ජයබාහු කී වැනි ද රජ 		කෙළේ?”  
	 සු  ල බා    පින් කළොත් එය නම් 		ගෙනියාය
	 ග  ජ  බා   නිරිඳු එක්සිය තිස් 		වෙනියාය ”

සිංහල මාල කවි සංග්රනහය - 489 පිට


මේ රජු සිංහල රාජ මාලාව සඳහන් කරන්නේ මෙසේය;


ජ ය බා කමර දැරැ යුවරද තනතුරය සු ලැ බැ දෙය මහමැතියන් සිතයුරය කැ ල ඹා සටන් සිදුවුණ මුත් බලතරය පො ල ඹා වසක් විසි විදිමින් සිරිසරය


සිංහල මාල කවි සංග්රලහය - 437 පිට


මේ එක් එක් ඉතිහාස පොත් ලියා ඇත්තේ, විවිධ පරමාර්ථ ඇති වය.මහා වංසයේ සෑම පරිච්ඡේදයක්ම අවසන් කෙරෙන්නේ “ ඉති සුජනප්පසාද සංවේගත්ථාය කතේ මහාවංසේ .............පරිච්ඡේදේ (මෙතෙකින් හුදි ජනයා පහත් සංවේගය පිණිස කළ මහවස අදියර නිමි) යනුවෙනි. නරේන්ද්රා චරිතාව ලෝකන ප්රහදීපිකාව ලියා ඇත්තේ ? “ සජ්ජනානන්ද” නිර්වේදය පිණිස ය. කොළඹ ක්රිනස්තියානි ස්වභාපා අධ්යාරපන සංගසය විසින් පසුගිය ශත වර්ෂයේ දෙවන භාගයේදී පාඨමාලා භාවිතය සඳහා පළ කෙරුණු සිංහල රාජාවලිය හෙවත් ලංකා කථාව නැමැති ඉතිහාසය පොතේ අරමුණ එහි කෙටි විස්තරයෙහි දැක්වෙක අතීතය වර්තමානයට වඩා හොඳ යැයි නොසිතන්න. ඔබ බුද්ධිමත්ව ඔබ බුද්ධිමත්ව මේ ගැන සිතා බැලිය යුතුයි යන සලමන් රජුගේ වාක්යැයෙන් හා එය ලංකාවට සට බන්ධනයෙන්ද සත්යනය යනුවෙන් එම මිෂනාරී ඉතිහාසඥයා ප්රධකාශ කරන වදන් වලින් පැහැදිලි වේ. ආචාර්ය ගොඩ කුඹුරේ විසින් උපුටා දක්වා ඇති පොතේ එක් කොටසක්,


“අතීතයේ රජුගේ අවසරය නැතිව මහල් සහිතව ගෙවල් තැනීමට ඉඩ ලැබුණේ නෑ.පුටු හෝ අත් ඇදි සහිත ස්ව පහසු ආසන හෝ භාවිතා කිරීමට හැකි වූයේ ‘මහනුන්නාන්සේලාට’ හා රජුට පමණයි.අන්ත් මිනිස්සු පැදුරු වල හිඳ ගත්තා. බිම හිඳ ගෙන කෑවා” පොක අවසන් වන්නේ,


“මෙම ග්රනන්ථය කියවන සියල්ලන් පළමුවෙන් ජේසුස් ක්රිමස්තූන් වහන්සේගේ මාර්ගයෙන් ඔවුන්ගේ පව් වලින් නිදොස් වෙත්වා! අනතුරුව ශුද්ධාත්මයාණන්ගේ කරුණාවෙන් ඔවුන්ගේ ආත්ම පවිත්රෙ යව්වා! ක්රි්ස්තූන් වහන්සේගේ ශුභාරංචිය තම මිනිසුන් අතරේ පතල කිරීම ඔවුන්ගේ එකම අරමුණ වේවා! ” ශාස්ත්රීවය ලිපි - පිටු 180,182


මෙයට පසු කාලයෙක සිංහල භාෂා ශාස්ත්රට මැනවින් උගත් එංගලන්ත සභාවට අයත් විලියම් ජේකබ් විජය සිංහ දේවගැති තුමා කීයේ,


“ දු රැ ර බොරුවාද ආගම් පැටලිල්ල නො හැ ර අනුන් හට තම වැඩ සැලකිල්ල නො ක ර සිහළ යහපත් ගති වැනසිල්ල

                   නි ත ර  වසමු වඩමින් සිතු 				සැනසිලල”

අමුද්රි තයි.

මෙසේ නොයෙක් දෙනට නොයෙක් පරමාර්ථ ඇතිව ඉතිහාසය ලිවිය හැකිය. ලියූ ඉතිහාස විවේචන, විමර්ශන හෝ වියකන් කළ හැකිය. අපේ ඉතිහාසය පටන් ගැනෙන්නේ විජය නම් වූ සොරකුගෙනැයි. හෝ දාමරිකයෙකු හා උගේ සහවරයන්ගෙනැයි කියා සොරකම් දාමරික කම් අපේ ජාතික උරුමයක් යයි කෙනෙකුට කිව හැකිය.අපේ රජවරු මිනිස්සුය. සොරකම් මැරකම් ජඩකම් සැහැසිකම් මෙන්ම දැහැමිකම් මාළු කම් සතකම් ඔවුන් අතින් සිදුවීම ස්වභාවිකය. අපේ කාන්තාවෝද රජ වූහ. ඔවුන් අතරද ආදර්ශමත් අය මෙන්ම අශිෂ්ට, අවනීත අයද වූහ. අපේ ලේඛකයෝද කෙනෙකු අතිශයෝක්තියෙන් වැණූහ. කෙනෙකුට අනාදරයෙන් සැලකූහ. ජාතිමානය, ආගම්මානය, මමායනය ආදී කරුනු නිසා මෙරට පමණක් නොව සෑම රටකම වාගේ ඉතිහාසය දෝෂ දූෂිතය. සකල මනුෂ්යට වර්ගයා කෙරේ කරුණායෙන් ලියූ මිනිසා භේදහින්න නොකරන ඉතිහාස ග්ර න්ථයක් සොයා ගැනීම අපහසුය. ජාතිවාදය, ආගම්වාදය, වර්ණ භේදය ආදී නොයෙක් අංශ වලින් සත්යඑය වැසෙන පරිදි කිසියම් පක්ෂපාති හැඟීමක් හෝ මතයක් ඉස්මතු වන පරිදි ඉතිහාස පොත් සැකසීම නිසා ලෝකයේ ජාත්යාන්තර අවබෝධ පළුදු වී ඇත. ඉතිහාසඥයා උපේක්ෂාවෙන් කරුණු සෙවීම පමණක් නොව ඉදිරිපත් කිරීමද කළ යුතු වෙයි. එම නිසා නූතන ලෝකයේ මීළඟ ශත වර්ෂයට ගැළපෙන පරිදි , ලෝකය ආරක්ෂා වන පරිදි, මිනිස් වර්ගයා ආරක්ෂා වන පරිදි ඉතිහාසය නැවත ලිවිය යුතු වෙයි. ඒ අතරම විවිධ මත ඉදිරිපත් කෙරෙන විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ලියූ පැරණි පොත් එපරිද්දෙන් ආරක්ෂා කර ගැනිම රටක අනන්යදතාව රැක බලා ගැනීමෙහිලා, සංස්කෘත ලක්ෂණ උගැන්මේලා උපයෝගි වන නිසා එම ප්රොයත්නය අත්හළ යුතු නොවේ.

මේ රාජරත්නාකරය සකස් කිරීමේදී පැරනි ස්වරූපය ආරක්ෂා වන පරිදි මා එය පුස්කොළ පොතකින් පිටපත් කළ අයුරින්ම සියතින්ම සංස්කරණය ලියූ මහාපඬි දවුල් දෙණ ඤාණිස්සර හිමිපාණන්ට සියළු පාඨකයන්ගේ කෘතඥතාව හිමි විය යුතු ය.නිහඬ ශාස්ත්රීකය සේවයක යෙදෙන එවැනි හිමිපාණන් කෙනෙක් ඇසුරද මහත් වාසනාවකි.ග්රින්ථාවාසනයේ දැක්වෙන විසම පාඨ සන්දර්ශනය ශ්රීස ජයවර්ධනපුර විශ්ව විද්යාැලයේ ඉතිහාස අංශයේ ජ්යේපෂ්ඨ කතිකාචාර්ය්යව ටී.ජී.කුලතුංග මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්යා අංශයේ ශිෂ්යාුවන් වන සමන්ති දර්ශනි වෙල්පහල හා එච්.ජී.චන්ද්ර ලතා විසින් පිළියෙළ කරන ලදුව විමල් සපුකොටන මහතා අතින් සකස් කෙරුණේය. මේ සියලු දෙනාට මගේ තුතිය පිරිනැමේ.


ස.ජ.සුමනසේකර බණ්ඩා.

      ලේකම් ජනරාල්,   ශ්රී් ලංකා යුනෙස්කෝ ජාතික මණ්ඩලය