රාජාරත්නාකරය-i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


1. යකේඛ දමෙත්වා මු‍නයෝ ඉමස්මිං

චත්ථුත්තයාචා සමකංසු පුබ්බේ

ධම්මේ ධිතානඤ්ච නරාදිපානං

වංසෝපවත්තීස්සත් සීහලස්මිං


මුනයෝ, මුනීහු හෙවත් අගාරික මුනි, අනගාරික මුනි, සෙබමුනි, අසේඛමුනි, පච්චේමුනි සංඛ්යාශත පඤ්චවිධ මුනීන්ට ඊශ්වර වූ සර්වඥමුනීහූ පුබ්බේ, පූර්ව කාලයෙහි; ඉමස්මිං සිහලසමිං, මේ සිංහළ ද්වීපයෙහි හෙවත් අප බුදුන් බුදු වීමට පළමු ජම්බුද්වීපයෙහි කලිගුරට කාලිංග චක්රටවර්තී රජහුගේ රාජවංශය නොහැර ආ :


2. වඩගාරාජස්ස යා ධිනා අරඤ්ඤේ විනගෝචරා

සිහසංවාසමන්වාය අලත්ථ දේව ච දාරකේ


3. අතික්කනත්සොළසවසේසා නික්ඛම්ත්වා ගුහනත්තරා

මාපෙයි නගරං තත්ථ සිහපුරවරුත්තමං


මෙසේ වගුරට වභු රජුගේ දුහිතෘවක් සේරිවාරිව ගොස් ලාඪදේශයෙහි සිංහයකු හා සංවාසයට ලබන ලද රජකුමරුවෙක් අතික්රාීනිත ෂොඩශවර්ෂහ ඇතිව එහිම සිංහ නම් පුරයක් කරවා වසනුයේ;


4. ඛන්තිංසහාතරෝ හොන්ති සීහපුත්තස්ස අත්ර ජා

විජයෝ සුමීතේතා ච ජෙට්ඨා හාතරෝ අහූ


මෙසේ වාසය කරන්නා වූ ඒ සිංහබාහු නම් නරේනද්ර්චන්ච්රදයාගේ අතිජාත පුත්රා වූ දෙනිස් රජ කුමරුවන් අතුරෙන් ප්රොධාන පුත්රට වූ පවිත්රට චාරිත්රහ විචිත්ර ගුණ ඇති විජය නම් රාජ කුමරුවෙක්;


5. පර්නිබ්බානසමයේ, සම්බුද්ධෝ දීපදූත්තමෝ

සිහබාහුස්සයං පුත්තෝ විජයො නාම ඛත්තිය


6. ලංකාදීපං අනුප්පතේතා, ජහිත්වා ජම්බුදීපකං

ඛ්යා.කාසි බුද්ධසෙට්ඨෝ රාජා හොහිති ඛන්තියෝ


අප බුදුන් පිරිනිවන් පානා දවස් සිංහබාහූ රජු පිත් විජය නම් රජ කුමරුවෙක් ජම්බුද්වීපය හැර ලක්දිව බැස රජකරන්නේය යි බුදුන් විසින් වදාරණ ලදුව,


7. තතෝ ආමන්තයි සුත්වා සක්කං දේවානම් සසරං

දීපස්ස තථං උස්සුක්කං මා පමජ්ජසි කොසීය


8. සම්බුද්ධස්ස වචෝ සුත්වා දේවරාජා සුජම්පති

උප්පලවණ්ණස්ස ආවික්ඛ දීප ආරක්ඛකාරණං


9. සක්කස්ස වචනං සුත්වා දේවපුත්තෝ මහිද්ධිකෝ

ලංකාදීපස්ස ආරක්ඛං සද සෝ පච්චුපට්ඨහි


ශක්රදදේවේන්ද්රෝය: ලංකාද්වීපය අප්රෙමාදව රක්ෂා කරවයි බුදුන් විසින් භාරකොට වදාරණ ලද සක්දෙව් රජහුගෙන් විධාන ලත් උපුල්වන් දෙව් රජු විසින් දෙන ලද පිරිත් පැන් ආදී ආරක්ෂා ඇතිව සත්සියයක් යෝධයන් හා නැවි නැගී;


10. ලංකාදීපං උපාගම්ම ඔරොහිත්වා ථලේ ර්ඨිතා

පතිට්ඨීතා ධරණි ථලේ නාවමත්තා ජිඝවජිතා


11. සුඵස්සිනා භූමිතලේ නම්ඛපාණිමහි මක්ඛිතා

නාමධෙය්යං තදා ආසී තම්බපණ්ණිති තං බණේ


මෙසේ ලක්දිව බැස ක්ෂාරෝදකස්පශියෙන් ක්ලාන්ත වූ යෝධයන් සත්සියයක් දෙනා භූමියෙහි තබන ලද අතුල් තල ඇතිව හුන්නා වුන් විසින් තඹවන් වූ භූමියෙහි රජසින් ගැවසීගත් අතුල් බලා තාම්රූපාණී නම් පුරයක් කරවා විසුයේය.


එසේහෙයින් කියන ලදි:-


12. හිත්වාන පුබ්බ චරිතං විසමං සමේත

ධම්මේන ලංකම්බිලං අනුසාසමානෝ

සො තම්බපණ්ණි නගරේ විජයෝ නරීන්ද්රෝ

රජ්ජං අකාරයි සමං බලු අට්ඨතිංසං


13. සිහබාහුනරීන්ද්රෝස සො සිහමාදින්නවා ඉති

සිහළා තේන සම්බන්ධා ආහු සබ්බෙපි සීහළා


මෙසේ සිංහයාට ජාත පරම්පරාවෙන් නොහැර ආ විජය රජු පළමු කොට ලක්දිව බැස රජ කළ හෙයින් සිංහළ නම් වූ මේ ශ්රීව ලංකාද්වීපයෙහි යකේඛ දමෙත්වා යක්ෂයන් දමනය කොට හෙවත් මේ කප පළමුවෙන් බුදු වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේ සතලිස් දහසක් ක්ෂීණාශ්රහවයන් වහන්සේ, පිරිවරා ඔජදීප නම් වූ ලක්දිවට වැඩි සේක. කොනා ගමන නම් සර්වඥයන් වහන්සේ තිස් දහසක් ක්ෂිණාශ්රදවයන් වහන්සේ පිරිවරා වරදීප නම් වූ මේ ලංකාද්වීපයට වැඩි සේක.


කාශ්ය්ප නම් සර්වඥයන් වහන්සේ විසි දහසක් ක්ෂිණාශ්ර්වයන් වහන්සේ පිරිවරා මණ්ඩදීප නම් වූ මේ ලක්දිවට වැඩි සේක.


14. ඔජදීපෝ වරදීපෝ මණ්ඩදිපොති වුච්චති.

සීහළ දිපොති පඤ්ඤන්ති තම්බපණ්ණිති ඤායති


	මෙසේ එකළට සුදුසු අභිධානයක් ඇතිව බුද්ධෝත්පාද කාලයෙහි මනුෂ්යි වාසව අබුද්ධෝපාද කාලයෙහි යක්ෂාවාස වන්නාවූ මේ ලක්දිවට කරුණා නිධාන වූ අප තිලෝගුරු සම්යඇක් සම්බුද්ධ සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ බුදු වූ ප්රෙථමබෝධියෙහි තමන් වහන්සේගේ අනාවරණඥානයෙන් පන්සීයයක් කොදෙව් පිරිවර කොට ඇති දසදහසක් යොදුන් ජම්බුද්වීපයෙහි මාගේ ශෘසනය කවර දේශයක් හි පස්වා දහසක් පවත්නේ දෝහෝයි බලා වදාරා ලංකාද්වීපයෙහි දකුණු දළඳා වහන්සේද, අකු ධාතූන් වහන්සේද, ඇතුළු වූ ශාරීරිකධාතු හා දක්ෂිණ ශ්රීස මහා බෝධීන් වහන්සේ ඇතුළු වූ සොළොස් මහා ස්ථානයක් පාරිභෝගික ධාතු හා අපමණ උද්දේසික ධාතුයෙන් ප්රනති මණ්ඩිතව පොත් ගුලක් , සංඝාරාමයක්, ප්ර්තිමාගෘහයක් හා සාදෘශ්යිව ශාසනාන්තර්ධා නය දක්වා දිව්යර බ්රොහ්ම ගරූඩ ගාන්ධර්ව නාග සුප්ණි සිද්ධ විද්යාරධරාදීන්ට ඵෙහලෞකික සකලාභිවෘද්ධිවර්ධනය කෙරෙමින් පස්වා දහසක් පවතිනා සේ දැක ;- 


15. බෝධීතෝ නවමේ මාසේ පුස්ස පුණ්ණමයං ජිනෝ

ලංකාදීපං විසොධේතුං ලංකාදීපමුපාගම්


යනාදීන් බුදු වූ නවවැනි දුරුතු මස පසළොස්වක්ලත් පුස නැකතින් ලක්දිවට වැඩ මහවැලි ගං අස දිගු තුන් යොදුන් හා පුළුල යොන්නක් පමණ ඇති නිගවනෝද්යාදනයෙහි මහියංගණ ස්ථානය පිහිටි ආකස ප්ර දේශයෙහි වැඩ සිටි චතුරංග සමන්විත මහත් අන්ධකාරයක් මවා යක්ෂයන් තැති ගන්වා:


16. යක්ඛා, භයං චො දුක්ඛඤ්ච හරිස්සාමි ඉදං අහං

තුමේහ නිසජ්ජනට්ඨානං සමග්ගා දේථනො ඉධ


යනාදීන් වදාළ කල්හි : -


17. ආහංසු සුගතං යක්ඛා දේම මාරිස තෙ ඉමං

සඛෙඛපි සකලං දීපං දෙහි නො අභයං තුවං


යනාදීන් කියමින් භයපත් වූ යක්ෂයන් විසින් දෙන ලද අවකාශ ඇති භූමි ප්රංදේශයකට බැස, වම් ඛණ්ඩය අතුට සතර කොණින් නික්මුනු වහනිජ්වාලාවෙන් මුහුදු බත් වන යක්ෂයන්ට අභය දී ඔවුන් සන්තෝෂ කරවා තමන් වහන්සේගේ අනුභාවයෙන් යක්ගිරි දිවයින ගෙන්වා එහි පිහිටුවා ලක්දිව සිසාරා වට වැඩ ආරක්ෂා කොට;


18. එවං ලංකාය නාථෝ හිතම්මිත්මතී පෙක්ඛමානෝ සමානෝ

තස්මිං කාලමහි ලංකා සුරබුජග්ගණාදීනමන්ථඤ්ච පස්සං

ආගා තික්ඛන්තුමේතං අතිවිපුලදයෝ ලෝක දීපෝ සුදීපං

දීපෝ තෙනයමාසී බහුජන මහිතෝ ධම්මදීපොව හානි


මෙසේ තුන් වරක් ලක්දිවට වැඩ වදාරා නැවත සක්දෙව් රජහට වදාරණ සේක්;


19. පතිට්ඨස්සති දේවින්ද්රැ ලංකායං මම සාසනං

තස්මා සපරිවාරන්තං රක්ඛං ලංකඤ්ච සාධුකං


යනාදීන්, ශක්රලදේවේන්ද්රලයා; මාගේ ශාසනය පස්වා දහසක් මුළුල්ලෙහි ලංකාද්වීපයෙහි පවත්නේය. එසේ හෙයින් තෝ තාගේ පිරිවර හා සමඟ විජය රාජ කුමායාද ලංකාද්වීපයද අප්ර‍මාදිව රක්ෂා කරවයි භාර කොට වදාරා; චත්ථුත්තයාවාසඛ්කංසු යනුවෙන් බුද්ධාදීරත්න්ර ය පිහිටුවන ලද ද, ඒ විජය රජු ඉක්බිති,


20. විජයස්ස අපරේණ පණ්ඩුවාසස්සනාගතේ

සංවච්ජරං නදා ආසි තම්බපණ්ණි අරාජිකා.


මෙසේ විජය රජු අටතිස් අවුරුද්දක් රාජ්යාය කළ පසු රජුන් නැත්තෙන් උපතිස්ස නම් අමාත්යතයෙක් රජ විය. රජ කරනුයේ විජය රජු මල් සුමිත්ත නම් වූ රජු පින් පඬුවස් නම් කුමරහු ගෙන්වා තිස් හවුරුද්දක් රාජ්යජය කරවූයේ ය.


21. පණ්ඩුකාභයරඤ්ඤෝ ච අහයස්ස ච අන්තරේ

රාජ සුඤ්ඤනි වස්සානි අහෙසුං දසසත්ත ච


මෙසේ පඬුවස් රජු ඉත්බිති සතළොස් හවුරුද්දක් රජුන් නැතිව විසූ කල්හිවියවුල්ව තිබු ලක්දිව රජ කළ ගණතිස්ස නම් රජද ඔහු ඉක්බිති රජ පැමිණි පණ්ඩුකාභය නම් රජ සොළොස් ගවු වට ඇති අනුරාධපුර නුවර ප්ර ථමයෙන් කරවා ලක්දිව මුළුල්ලෙහි ග්රානම සීමා උපදවා බයා වැව බඳවා සත්සත්තෑ හවුරුද්දක් රාජ්ය ය කළේය.ඔහු ඉක්බිති මුටසීව නම් රජ මහමෙවුනා උයන කරවා සැට හවුරුද්දක් රාජ්ය්ය කළේය. ඔහු පිත් දෙවනපෑතිස්ස රජහට පළමු වැන්නෙහි මිහිඳුනම මහාස්ථවීර කෙනෙකුන් වහන්සේ මෙලක තුනුරුවන් පිහිට වූ සේක.එසේ හෙයින්, ධම්මේර්ධවතිනං, බුද්ධාදිරත්නත්රළයෙහි ඇදහිලි ඇති ධර්මයෙහි පිහිටියා වූ, නරාධිපානං, ඒ නරශ්රෙවෂ්ඨයන්ගේ, වංසෝ, රාජවංශය තෙම; පවන්තිස්සති, මේ ශ්රීන ලංකාද්වීපයෙහි බොහෝ කලක් පවතින්නේ, යි බුදුන් විසින් වදාරණ ලද හෙයින් පළමු මේ ලක්දිව රජ පැමිණි බොහෝ රාජනන්දනයන් විසින් අපගේ මුතුන් වූ බුදුන්ගේ පස්වා දහසක් පවත්නා බුද්ධශාසනය ප්රිමාදව පසු බස්නාකල්හි අප අපගේ රාජ්යපයකෘත්යවයෙහි ප්රබමාදවීම සංසාරයෙහි ප්ර්මාද වීමට කාරණය යි සිතා අප්රකමාදව ඒ ඒ කලට රජ පැමිණි අප විසින් ශාසනෝපකාරි වුව මැනවයි සිතා තම තමන්ගේ කාලයෙහි පැමිණි ශාසනෝපද්රරවයන් කරුණා පුරස්සරව බලා පැවැත් වු නියාව සංකේෂපයෙන් දක්වම් හ. තමහට සිතැති සත් පුරුෂයන් විසින් කන් නමා සිත් හෙළා ඇසිය යුතු; කෙසේද යත්;-


අප බුදුන් බුදු වූ පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි බුද්ධ කෘත්යනය සාධා කුසිනාරා නිවර උපවර්තන නම් මලල රජදරුවන්ගේ ශාලවනෝද්යා නයෙහි නිරුපධ්ශේෂනිර්වාණ ධාතුයෙන් පිරිනිව් සත්වන දවස් ආදාහන පූජාවට රැස් වූ සත් ලක්ෂයක් පමණ ගණනායක ක්ෂිණශ්රරවයන් වහන්සේ හා අගණිත මහ සඟ මැද ගුණයෙන් අභද්රෙ වු නමින් සුභද්රා වූ අභද්රූ වූ මහණක්හුගේ බස් අසා කලකිරුණු සිත් ඇති මහ සඟ මතු මේ ශාසනය කෙසේ පවත්වමෝදැයි මන්ත්රමණය කොට රාජ බලයෙන් මුත් නො පිළි වනැයි සිතා රජගහ නුවරට වැඳ අජාසත් රජු හට දැන් වූ කල්හි ඒ රජ තෙම මාගේ ආඥාබලයෙන් පවත්වමි. රජගහ න්වර සප්තපර්ණි නම් ගුහාදවාරයෙහි අනේකප්රටකාර විචිත්රද විත්රමකර්මාන්ත විශේෂයෙන් යුක්ත වූ දිව්යප සභාවක් හා සදෘශ වූ මණ්ඩපයක් කරවා එහි දොළොස් රියන් ඝන රන් පිළිමයක් වඩා සිව්පිළිසිඹිලියාපත් පන්සියයක් රහතන් වහන්සේ වඩා හිඳුවා බුදුන්ගේ දෙලක්ෂපන් සැත්තෑ දහස් දෙසීය පණස් ග්රින්ථ සංඛ්යායවක් ඇති සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් යුක්ත වූ සූත්රවවිනයාභිධර්මසංඛ්යාපත පිටකත්රව පාලිධර්ම සංග්ර හ කිරීමෙන් සහ පොළොව ගුගුරුවමින් සත්කුළ පවු බමවමින් දිවිමල් දිව සුවඳ වැසි වස්වමින් සත්මසකින් ධම්මසංගායනාවසාන කරවා බුද්ධ ශාසන බැබළවූ හ.


එසේ හෙයින් කියන ලදී :-


22. සාධුකාරං දදන්තීච සාසනට්ඨීතිකාරණා

සඩ්ගිති පරියොසානේ අකම්පිත්ථ මහාමහී


ඉක්බිති ඒ අජාසත් රජු හූ පටන් උදය භද්දය, අනුරුද්ධය, මහාමුණ්ඩය, නාගදාසය, සුසුනාගය යන මේ මගධ රජුන් සදෙනා ඇවෑමෙහි සත්වැනිව පැළලුප් නුවර රජ පැමිණි කාලාසෝක රජහු දවසට අප බුදුන් පිරිනිව් සියක් හවුරුදු සම්පූර්ණ විය. එකලට විසාලා මහනුවර මහවන නම් විහාරයෙහි වසන.


23. යථාත්තනා කතං අග්ගි සීතලං න දදෙ ඛලු

තථා නීචේ කතං කාරං අග්ගීච දහතේ තනුං


යනාදියන් තමා ඉපද වූ වහනිය තමාම දවාද එමෙන් මෙම ශාසනයෙහි මහණ වූ දසදහසක් පමණ අලජ්ජ භික්ෂූහූ දොළොස් ලක්ෂයක් පමණ මහරහතන් වහන්සේ මධ්යවයෙහි අභූත පූර්ව වූ අභිප්රාමයානුකූලව දහම් පෙරළන්නා වූ කප්පති ජාතරූපරජතං, කප්පති ද්වඩගුලකප්පො යනාදීන් දශ වස්තුවක් උපදවා විනය පෙරළා වසන දුස්සීල මහණුන් ශාසනයෙන් පිටත් කරවා ලජජින්වහන්සේට බලය දුන් හ.


24. ඵත්නාවතා දසසහස්ස සුපාපභික්ඛු

නිද්ධූය ධූතදසවත්ථුමලං අකංසු

යා තෙ සුන්ම්මලයසෙන යසෙන සද්ධිං

සඩ්ගිනිමුජ්ජිතමලා අපි දස්සිතා සා


ඉක්බිති ඒ කාලාසෝක රජ්ජුරුවන් පටන් භද්දසෙනය, කොණ්ඉඤ්ඤය, මඩගුරය, ජාලිකය, උහකය, සඤ්ජයය, කොරව්ය ය, නන්දිවර්ධනය, පඤ්චමකය, උග්ගසෙනය, න්නදය, පණ්ඩුහතිනන්දය, භූතපාලන්නදය, රටඨපාලනන්දය, ගොවිසාණනන්දය, දසසිද්ධක නන්දය, ධනපාල නන්ධය, කේවට්ට නන්ධය, චන්දගුත්තය, බින්දුසාරය යන මේ එක් විසි රජුන් ඇවෑමෙහි අප බුදුන් පිරිනිවි දෙසීය අටළොස් වන හවුරුදු දසදහස් යොදුන් ජම්බුද්වීපයෙහි එකවජ්ත්රතනන්වා අහසින් යොන්නක් පොළොවින් යොන්නක් අවටින් සාගරය ජලය අවසන් කොට යශස් තේජස් පතුරුවා සීයක් යොදුන් දක්වා ගොස් සතුරන් සෑධීමටසමත්ථ වූ තමන්ගේ පරන්තප නම් බංග පත්රවයෙන් උපලක්ෂිතව පිරිවර සහිත සුවාසූ දහසක් මහරජුන් පිරිවරා අමරගණානුබද්ධ දේවේන්ද්රන වබ්ර්මයෙන් රාජ්යප ශ්රීව විඳුනා වූ ධර්මාශෝක මහරජ තෙම :-


25. ලෝකත්තයාභිමතදං සතතං තියද්ධේ

චත්ථුතත්යෙන සදිසො න හි කප්ප රුක්ඛෝ

තස්මා තිසම්පදමිදං රතනත්තයඤච

නිච්චං පසන්නමනසා මනසි කරෝථ


යනාදි ගුණ ඇති තුණුරුවන් කෙරෙහි පැහැද මුළු දඹදිව ඒ ඒ රාජධානියෙහි සුවාසූ දහසක් මහා විහාර කරවා තමන්ගේ ප්රඳධාන පුත්රහ වූ විසි හැවිරිදි මිහිඳු කුමාරයන් හා අටළොස් හැවිරිදි සංඝමිත්තා නම් කුමාරිකාව හා දෙදෙන මහණ කරවා දවස දවස පන් ලක්ෂයක් ධන වියඳමින් බුද්ධශාසනයට බොහෝ සත්කාර ක‍ළේය.


කියන ලදුයේ මැයි :-


26. ඒවං විධං සුචරිතං සුමනෝකරිත්වා

භාගිස්ස නෙකවිභවස්ස භවාහවේසූ

තුමේහ’ පි හෝ සුචරිතං විභවානු රූපං

කත්වාන නිබ්බුති පදං කරගං කරෝථ


එකල අනූ ලක්ෂයක් පමණ ක්ෂිණාශ්රථව භික්ෂූණීවහන්සේ හා අසූ කෙළක් පමණ මහරහතන් වහන්සේ මධ්යධයෙහි සහශ්රශරශ්මීන් දිලියෙන්නා වූ සූර්යයා ලෝකයෙහි ඇවිදිනා කදෝපැණියන් මෙන් සඟමැද ඇවිදින තීත්ථකයෝ තම තමාගේ මිථ්යාන දෘෂ්ටිම ධර්ම විනය යි උද්භාවනා කොට ලාභ සත්කාර සඳහා තුමු තුමු හිසකේ කපා කශා පිළි හැඳ මහණව එක්වව්සස්තවාදය, අත්තානන්තිකය, අමරාවිකේඛපිකය යනාදි වූ මිථ්යා දෘෂ්ටි ගෙන ඇවිදින සැටදහසක් පමණ ශාසනභේදක තිත්ථක මහණුන් ශාසනයෙන් පහ කරවා සිල්වත් භීක්ෂූන් වහන්සේට බලය දී මොග්ගලීපුත්ත තිස්ස මහතෙරුන් වහන්සේ ප්ර ධාන කොට ඇති දහසක් පමණ මහරහතන් වහන්සේ ලවා නවමසකින් තෙවන ධර්මසංගායනා වස්සාන කරවා බුදුසසුන් බැබළවිය.

එසේ හෙයින් කියන ලදී :-


27. සාසට්ඨි තිත්ථිය සහස්ස නිසාගනං තං

	දුල්ල අධිාඝාරතිමිරං විනිභච්ච සම්මා

සා තිස්සථෙර රචිනා ගමිතා විකාසං

සංගිනි වාරු නලිනි අපි දස්සිතා මෙ


ඉත්බිති බුදුන් පිරිනිව් දෙසීය තිස්වන හවුරුදු දඹදිව රජ පැමිණි ධර්මාශෝක රජහට අටළොස් වැන්නෙහි මෙලක පළමුව රජ පැමිණි රජුන්ගෙන් විජය රජය, උපතිස්සය, පණ්ඩුවාසය, අභාරජය, ගණතිස්සය, පණ්ඩුකාභයය, මුටසීවය යන රජුන් සදෙනා * ඇවෑමෙහි සත්වැනිව දෙවන පෑතිස්ස නම් රජෙක් විය.

එකල:-


28. චතුවිසති අසංඛෙය්ය සට්ධීං ච නව කොටි ච

පාණිනං සත සහසහස්සං එකෝ බුද්ධෝ පමෝවසී


මෙහි සදෙනෙකු නොව සත්දෙනෙකුන් ඇත.

යනා දී වශයෙන් දක්වන ලද නව කෙළ සැට ලක්ෂයක් අධික කොට ඇති සූවිසි අසංඛ්ය ක් සත්වයන් නිවන් දැක් වූ බුදුන්ගේ ශ්රාුවක වූ ධර්මාශෝක රජාණන් පිත් මිහිඳු මාහිමියන් වහන්සේ :-


29. මහාමහින්දවන්දෝ සො ලංකාවෙහාසමජ්ජගෝ

බෝධෙසි ධම්මරංසිහි වෙනෙය්යෝකුමුදාකෙරෙ


මෙසේ තමන් වහන්සේ උපසම්පදා වූ දොළොස් වස පොසොන් මස මැදි පොහෝ දවස් මුලේ නකතින් සිරිලකට වැඩ එම දෙවනපෑතිස්ස රජහට පළමුවැන්නෙහි මෙලක සසුන් පිහිට වූ සේක.


30. පසාදනියේසු ගුණෙසු තාව

පසාදනං සාධුන්රස්ස ධම්මො

පුප්ඵන්ති සබ්බේ සයමෙව වන්දේ

සමුග්ගතේ කොමුදකානනානි


යනාදීන් පැහැදිය යුතු තුනුරුවන් කෙරෙහි පැහැදි ඒ දෙවනපෑතිස්ස රජ දක්ෂිණ ශ්රීන මහාබෝධීන් වහන්සේ ගෙන්වා අනුරාධපුරයෙහි පිහිටුවා බදුන්ගේ දකුණු අකු ධාතුන්වහන්සේ පිහිටුවා ථුපාරාම දා ගැබ බඳවා :-


31. සකලජනහිත්තථං ඵව ජායන්ති බුද්ධා

හවති ජන හිතත්ථං ධාතුමන්තස්ස පූජා

අහමපි ජිනධාතුං පූජයිත්වා මහග්ඝං

කුසලවිධිමනප්පං සන්නිදං තං අගණිහං


යනාදි අනුසස් ඇති ධාතු පූජාද කෙරෙමියි සිතා බුදුන් කුස රජු කල සක්දෙව් රජහු විසින් දෙන ලද අෂ්ටවංකමාණික්යෙ රත්නය පරම්පරාවෙන් පැවත අවුත් ධර්මාශෝක රජු හස්තගත වූ කල්හි ඒ රජ බුදුන් බෝසත් කළ පාරිභෝගිකධාතුය යි සිතා එහි බුදුන්ගේ ඌර්ණාරෝමධාතු වඩා පූජා කරණ කිල්හි මිහිඳු මහ තෙරුන් වහන්සේ ලක්දිව වඩනා දවස් ඌර්ණාරෝමධාතු හා මාණික්යරරත්නය ගෙණවුත් සෑගිරි පර්වතයෙහි කිසිවක්හු විසින් නොගත හැකිසේ ඉටා නිධාන කළ සේක. ඒ ධාතුන් වහන්සේට ද බොහෝ පූජා කරවා අනිකුදු පාත්රායක් පමණ ශාරිරික ධාතු ගෙන්වා ලංකාද්වීපයෙහි යොන්නකට දා ගැබක් හා සුවාසු දහසක් සංඝාරාම කරවා තිසාවැව බඳවා බොහෝ භික්ෂුන්වහන්සේ ඇති කරවා විවරාදි සිව්පසයෙන් උපස්ථාන කොට ශාසනෝපකාරිව ලෝවැඩ සසුන් වැඩ කෙරෙමින් සතලිස් හවුරුද්දක් රාජ්යාය කොට දෙවිලොව ගියේය.


එසේ හෙයින් කියන ලදී :-

එවං සන්තො විසන්තෝච එවං සෝ කරුණාකරෝ එවමාදී විධා තස්ස එවංමේවං ගුණා ඉති


එරජු ඉක්බිතිව රජ පැමිණි උත්තිය නම් රජ සැට වයස් ඉක්ම පිරිනිවියා වූ මිහිඳුමත තෙරුන් වහන්සේටද එකුන් සැට වයස් අතික්රාසන්තව පිරිනිවියා වූ සංඝමිත්තා ස්ථවීරීන් වහන්සේටද ඝන රන් හොරුන් කරවා සුවඳ තෙල් පුරා ඝනරන් පතින් වසා වන්දනමය විතක කොට සදෙව් ලෝ වැසි දෙවියන් හා සමඟ දිවමල් දිව සුවඳින් හා ලක්දිව්වැස්සන් හා සමඟ මහත් පූජා කරවා අනිකුදු බොහෝ පින්කම් කිරීමෙන් ලෝ වැඩ සසුන් වැඩ කෙළේය. ඔහු ඉක්බිති රජ පැමිණි මහාසීවය, ඒ රජු ඇවෑමෙහි රජ පැමිණි සුරතිස්ස රජ ගිරිනිල් වෙහෙර ආදී පක්සිය දහයක් විහාර කරවා බොහෝ ලෝවැඩ සසුන් වැඩ ලෝ වැඩ කෙළේය. ඔහු ඉක්බිති දෙමළු දෙදෙනෙක් රජ කළා හ. ඒ දෙමළුන් මරා අසෙල් නම් රජෙක් රජ විය. ඒ අසෙල් නම් රජු මරා මෙලක තුන් රජයෙන් පිහිටි රජයෙහි වූ අනුරාධපුර නුවර එළාල නම් දෙමළ රජු සුසාලිස් හවුරුද්දක් රජ කරණ සමයෙහි රුහුණු රජයෙහි රජකළ දෙවනපෑතිස්ස රජුමල් මහානාම රජු පින් යටාලතිස්ස රජ පැමිණ :-


33. ජලට්ඨෙ ථලට්ඨෙ භුජංගේපනෙචං.

සමග්ගේ කරිත්වා මුනිසිතීකෝටිං

  පතිට්ඨාපයිත්වා තතො පඤසීලේ

අගා ජේතනාමං විහාරං උළාරං


යනාදීන් වර්ණනිය වූ කැලණිමහ වෙහෙර බඳවා එහිම පඤ්චභූමික, සංඝික ප්රසසාද කරවා බොහෝ ශාසනෝපකාර කෙළේය.


එසේ හෙයින් කියන ලදී:-


34. නාබභූතං සත්ථූ ධරීයමානෙ

කරොන්ති දිස්වා කැසලානි ඉද්ධිං

  අද්ධා මුනින්දෝ පරිනිබ්බුතම්හි	

කරොන්ති පුඤ්ඤති මහඛ්භුතානි


ඔහු පිත් ගොළු අබා නම, ඔහු පිත් කාවන්තිස්ස රජ පැමිණ;


35. දේවබ්රනහ්මසූරාදිහි මුද්ධනා නිච්චමච්චිතං

සග්ගාපවග්ගසුඛදං සම්මාසම්බුද්ධ සාසනං


යනාදීන් වර්ණනීය වූ තුණුරුවන් කෙරෙහි පැහැද තිස්ස මහ වෙහෙර, සිතුල් පවු වෙහෙර, ආදි වූ සිව් සැටක් මහාවිහාරවල් ක්රවා සඟහට නිති දන් තබාදී සිව්සැට හවුරුද්දක් දැහැමෙන් රාජ්යමය කිරීමෙන් ලෝ වැඩ සසුන් වැඩ කෙළේය. ඔහු පිත් දුටුගැමුණු රජ රුහුණු රජයෙහි රජ පැමිණ:-


36. අනුරාධපුරං රම්මං සග්ගඛණ්ඩංච භාසුරං

අකංසු දමිළා සබ්බං සුසානං විය ආමකං


37. චෙතියානීච හින්දිංසු මාලකාපි මනෝරමා

ජඩ්ඩි තාසුං සමන්තා තේ මනුස්සකුණපා කුලං


38. ජිදන්නති ආරුහිත්වාන මහිතං සුරනරාදිහි

  දුමින්දං තස්ස සාඛා ච සන්දූසෙන්ති මාලාදිහි


39. බුද්ධරූපානි භිදන්නති වසන්තා පටිමාඝරෙ

අනාවාරං කරොන්තා තෙ තිරව්ජානාච දාමිළා


40. දිස්වාන භික්ඛවො තත්ථ උච්ජිදන්නති විවරෙ

භිදන්නති ඡත්ත පනේත ඛිපන්තා කඨලාදයෝ


41. රාගානලෙන සදන්ඩඪා දොසරක්ඛංස පිළිතා

මොහෙන මුච්ඡිතා හුත්වා සංසාරෙ සංසරුං චිරං


මෙසේ දෙමළුන් විසින් රත්නයට කරණ ලද අනාදර අසා මා වැනි ආඥාචක්රිවර්ති රජක්හුගේ කාලයෙහි දෙමළ වියවුල් හරිමි යි දශමහා යෝධයන් ආදි කොට ඇති බොහෝ බල සෙනඟ ලෙන ඒ ඒ තැන්හි කඳවුරු බැඳ හුන් අටළොස් කලන්දයක් දෙමළුන් සාධා ඒ එළාල රජු මරා රාජ්යමය ගෙණ ලක්දිව එක්සත් කොට බුදු සසුන් ඇති කරන්නේ එකුන් සියයක් මහවිහාර කර වූයේය. එසේ කරවන ලද විහාර අතුරෙන් මිරිස වැටි විහාරය අනර්ඝ වස්තුව හැර එක්විසි කෙළක් ධන වියඳම් කොට කරවූයේ ය.


42. සුවණ්ණඛවිතාලම්බ මුත්තාජාලෙභි සෝභිතං

කූටාගාරසතාකිණ්ණං තර්ණාදිච්ච සන්නිහං


43. අනේක ලංකාර විහාසුරාය සුපුරිතාමොදමනෝහරාය

සඉන්දකානෙකමුදාකරාය නිරන්තරං මංගලමන්දිරාය


යනාදීන් වර්ණනීය වූ නව මහල් ලෝවා මහාප්රනසාදය අනර්ඝ වස්තු හැර තිස් කෙළක් ධන වියඳම් කොට කරවීය. නැවත රුවන්මැලි මහසෑය අනර්ඝ වස්තු සූවිස්සක් හැර කෙළ දහසක් ධණ වියඳම් කොට කරවූයේ ය.මෙසේ ධන වියඳම් කොට කරන්නේද :-


44. ජානමානෙහි ලෝකස්මිං දානසෙස්දං ඵලං ඉති

නදජ්ජා කො සුසිලෙසු අප්පමපි දිවසම්පති


45. සග්ගාලොකනිදානානි දානානි මතිමා ඉධ

කොහි නාම නරෝ ලොකේ න දදෙය්යත හිතේ රතො


යනාදීන් දානයෙහි අප්රනමාදය එම සෑයබඳනා පූජාවට වැඩි සයානු කෙළක් මහරහතන් වහන්සේට සතියක් මහ දන්දී සියළු ලක්දිව වැසි අගණිත භික්ෂු සංඝයා වහන්සේට තුන් වරෙක අටපිරිකර දෙවුයේය.තවද සත් සත්දා බැගින් මේ ලක්දිව පස්වරක බුදුන්ටම පූජා කෙළේය. ලක්දිව මුළුල්ලෙහි ඒ ඒ තැන්හි ගිලාන ශාලා කරවා එහිම වසන ගිලනුන්ට බෙහෙත් පස හා සැපආහාර දෙවුයේ ය. ගම් දහසයකට වෙදකු නැකත්තකු බණ කියන පණ්ඩිත කෙනෙකු බැගින් සලස්වා ඔවුන්ට භාණ්ඩාගාරයෙන්ම වෘත්ති තබාදී මෙසේ ලෝ වැඩ සසුන් වැඩ කිරීමෙන් සූවිසි හවුරුද්දක් රාජ්ය ය කොට දෙව්ලොව ගියේ ය. එසේ හෙයින් කියන ලදී :-


46. ඒවං පඤ්ඤායුපග්තමනෝ ආතුමං කත්ව දාසං දත්වා දානං පයති තදිවං හෝති පාසංසිකෝ ච තස්මා දානං සුරතරුසමං ඉච්ජින්තන්ථප්ප දානං මචේජරාරිං හන්ථ සත්තං දානමිත්තං හජවේහා


47. ඉති සුජන ජනානං සාසනේ තං බී දානං පරමචරිතමේතං සුත්ව චින්තේන තස්මා විනථ කුසල රාසිං ථාමසා සබ්බකාලං වසථ සිවපුරස්මිං ගනත්ව රමේම චිරං හො!


ඔහු මල් සැදැතිස්ස රජ ලොවාමහාපායෙහි අනූලක්ෂයක් ධන වියඳම්කොටකර්මාන්ත කරවා අනුරාධපුරයෙහි පටන් දිගාන්ඛය දක්වා යොන්නකට විහාරයක් බැගින් කරවා නඛා වෙහෙර ද කරවා එහි සත් රුවන් දැලක් පළඳවා සන්ධි සන්ධියෙහි රථයක් පමණ රන් පියුම් පුදා සූවාසු දහසක් පූජා කරවා බොහෝ වැව් බඳවා ලෝවැඩ සසුන් වැඩ කිරීමෙන් අටලොස් හවුරුද්දක් රාජ්යනය කොට දෙව්ලොව ගියේය.


ඔහු ඇවෑමෙහි තුල්නා රජය, ඔහු ඉක්බිති රජ වූ ලමැණිතිස්ස රජ ලක්ෂගණන් ධන වියඳමින් තුඹරුප් වෙහෙර ආදී ශෛලමය තුන් වෙහෙරක් කරවා රුවන්මැලි දාගැබට පවුරක් කරවා ලෝ වැඩ සසුන් වැඩ කෙරෙමින් හවුරුද්දක් රාජ්යමය කෙළේය. ඔහු මල් කලුන්නා රජ ලෝවාමහාපායට ඉතා යහපත් දෙතිස් පායක් රුවන්මැලි දාගැබට පවුරක් කරවා ලෝවැඩ සසුන් වැඩ කෙරෙමින් සා හවුරුද්දක් රාජ්ය ය කෙළේය. ඹහු මල් වලගමි අහා නමි රජෙක් බුදුන් පිරිනිවී එකුන් සාලිස් හවුරුදු නව මස් දස දවසක් ගිය පසු මෙ ලක රජ පැමිණියේය. ඔහු පස් මසක් රජ කරණ කල්හි සොළී රටින් දෙමළුන් සත්දෙනෙක් සත් සෙනඟක් ගෙණ සත් තොටකින් ලක්දිව බැස ඒ රජහු ලුහුබදවා ජය ගෙණ එකෙක් පාත්රාක ධාතුව ගෙණ ගියෝය. එකෙක් රජුගේ සෝමා නම් බිසව ගෙණ ගියෝය. සිටි දෙමළු පස්දෙන පිළිවෙළින් තුදුස් හවුරුදු සත්මසක් රජ කරණ කල්හි වළගම්අභා මහරජ මායා රජයෙහි ඉඳ බළපිරිස් ගෙණ දිවගොස් නුවර මැද ඒ දෙමළුන් මරා රජ කරණ සමයෙහි : යටකී දෙවන පෑතිස්ස රජහු පටන් වළගම් අභා මහරජහු දක්වා මේ පිඨකත්රොය පාළි ධර්මය පොත්පත් නැතිව සිත්හි ලා ධරා වැඩි මහා ස්ථවිරයන්ගෙසන් උපාලිය, දායකය, සෝණකය, සිග්ගවය, මොග්ගලීපුත්තතිස්සය, මහින්දය, ඉට්ඨිය, උත්තිය ය, සම්බලය, අරිට්ඨය, තිස්සදත්තය, කාළසුමනය, දීඝනාගය, දීඝසුමනය, කාළසුමනය, මහානාගය, බුද්ධරක්ඛිතය, දේවය, සුමනය, චූලනාගය, ධර්මපාලය, ඛෙමය, උපතිස්සය, ඵුස්සදේවය, සුමනය, මහාපදුමය, සිවය, උපාලිය, මහානාගය, අභයය, තිස්සය, සුමනය, චූලාභයය, තිස්සය, චූල‍ෙද්වය, සිවස්ථවිරය යන මේ සතිස් මහා ස්ථවිරවර පරම්පරාවෙන් මුඛපාළි වශයෙන් පැවත ආවාවූ ත්රි පිඨක පාළි ධර්මය රහතන් වහන්සේ එන දවස නුවණ මද භික්ෂූහු විසින් ස්ත්හි ලා ධරාගත නොහෙතී සිතා වළගම්අභා නම් මහරජාණන් කාලයෙහි එක්තරා ජනාධිපතියක්හුගේ ආරක්ෂාවෙක් පන්සියයක් රහහතන් වහන්සේලා මාතුල නම් දනව්වෙහි අළුළෙණ වැඩ හිඳ පොත් සජ්ඣායනා කොට ලියවූ සේක.

එසේ හෙයින් කියන ලදී


48. අහෝ සප්පුරිසා ධීරා බුද්ධපුත්තා ගුණාකාරා

        පරර්ථේ  පටිපජ්ජන්තී කතඤ්ඤු කත‍ෙවීදි‍ෙනා

නැවත මෙම රජ ශාසනෝපකාර පිණිස ගිරි නම් නිවටයෙකු විසූ තීර්ථකාරාමයක් බිඳවා තමන්ගේ අභය නාමය හා ඔහුගේ ගිරි නාමය එක්කොට දොළොස් මහා විහාරයක් පිරිවර කොට ඇති අභය ගිරි නමි එක්සියඅසූරියන් වෙහෙරක් කරවා පූර්වෝපකාරි වූ තිස්ස නම් මහතෙර කෙනෙකුන් වහන්ස්ට පිළිගන්වා නැවත දඹුළු විහාරයද කරවා නැවත පස්මහා විහාරයක්ද කරවා බොහෝ සිය ගණන් ගල්ළෙන් කටාරම් කොටවා බොහෝ සේ ශාසනෝපකාරී වූ සේක.

එ‍ෙස් හෙයින් කියන ලදී :-


49. අඤඤානි පන කිචිචානි පහාය තතහිතේ රනො

          අතන්දිනො දිවාරත්තිං කරොථ සදා


ඉක්බිති වළගමිඅභා රජුට පසු මහාදාඨියතිස්ස හෙවත්මහාචූල රජුට රජකමට පැමිණ දාහතර හවුරුද්දක් දැහැමෙන් රාජ්යළය කෙළේය. ඉක්බිති වළගමිඅභා රජු පිත් චෝරනාග නමි රජ අටළොස් මහා වෙහෙරක් මුලිනුපුරා නසා ‍බොහෝ පවි රැස් කොට දොළොස් හවුරුද්දක් අධර්මයෙන් රාජ්ය ය කආට පසුව ලක්දිව් වැස්සන් විසින් නස්නා ලදුව :


50. කෙවිත් පන්නති විෂමෙහු ගිරෙසත්ටෙෂු

         කෙවිත් පරිඣථිත තෛලකටාහකුකේෂෟ
         අත්තපතවාලුකගුවන් විසෘතසපුලිංගා
         මන්යෙත විශනති පදසංගමනාපනුවන්ත:


මෙබදු ලෝඇදිරි මහා නරකයෙහි කාලකන්ජික නම් මහා ප්රේුතව මෙ කප මුළුල්ලෙහිම ප්රේපත දුකට භාජනය විය.

       එ‍ෙස් හෙයින් කියන ලදී :-


51. යේ කාමෙ පතිසේවන්ති මොහෙනෙත්ථ පුථුජ්ජ්නා

                     භාගිනො සබ්බ දුක්ඛානං හොන්ති අපායිකා තථා


ඉක්බිති රජ පැමිණි කුඩාතිස්සය, බලත්සිවය, වටුකය, පොරෝහිතය, වාසුඛිය, බලත්තිස්සය, අනුලාය යන සත් රජුන් ඇවෑමෙහි මකලන්තිස්සය නම් රජ කුමර වෙස් වලා සිවුරු ‍ෙපරව වැඩිවිය පැමිණ සිවුරු හැර බළසෙන් ‍ෙගණ රාජ්යිය ලදින් සෑගිරියේ මහාපාය කරවා එහිම ‍ෛශලමය වෙහෙරක්ද උපෞෂථාලයක්ද හෙළගම් වෙහෙරද කරවා උපුල් වැව ආදී වැවි ‍බඳවා මෙසේ ලෝවැඩ සසුන් වැඩ කෙරෙමින් දෙවිසි හවුරැද්දක් රාජ්යරය කෙළේය. ඔහු පිත් භාතිය නම් රජ රුවන්මැලි දාගබ් වදනට ගි‍ෙය් දා කුස රහතන් වහන්සේ හිද දෙසන දහම් අසා දා කුස දැක මුත් නොනැගෙමියි ඉටා දාම්ළු වෙහි වැද හොත්තේය. ඒ රජුගේ සිලාදී ගුණානුභාවයෙන් සක්දෙව් රජහුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු විය. සක්දෙව් රජ අවුත් රහතන් වහන්සේට කියා දා කුසයදැක්විය. ඒ දාකුසය දුටුගැමුණු රජහු විසින් කරවන ලද පන්සියපනස් ජාතකයද දස දහසක් සක්වල දිව්ය් බ්රුහ්මයන් විසින් බුදු විමට කරණ ලද ආරාධනාද පංචමහාවිලෝකනයද කිඹුල්වත් පුරයෙහි මාතෘකුක්ෂියෙහි ප්රදතිසන්ධිග්රවහණයද මව් කුසින් බිහිවිමද එකුන්තිස් හවුරුද්දක් මුළුල්ලෙහි රම්ම්යිය. සුරම්ම්යිය. සුභය යන තුන් පහයෙහි සතළිස් දහසක් සුරඟනන් වැනි වරඟනන් පිරිවරා රජ සැප විදි තැන්ද මහබිනික්මන් කොට මහණවීමද දසබිමිබරක් මරසෙන් බිඳ බුදුවු තැන්ද සත්සතියද බ්ර හ්මාරාධනාවෙන් බරණැස් නුවර ඉසිපතනයෙහි දම්සක් පැවතුම් සූත්රද දේශනාව ද පස් සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි කළා වූ බුද්ධකෘතිය ද කුසිනාරා නුවර සල්වෙනෙහි පිරිනිවන් පෑ බව ද ද්රො ණ නම් බ්රාමහ්මණයා ධාතු බෙදූ නියාව දැයි යන මේ සියල්ලම ඝනරනින්ම උසපස්රියන් කොට කරවීය. නැවත රජතමය අටළොස් රියන් බෝ කඳට පිටලා කෙළක් අගනා සත්රුවන්මය ආසනයෙහි ද්රෙ ළොස් රියන් සත්රුවන්මය බුදුන් ද නැවත කෙළක් අගනා රිදීයානෙහි ද්රොිණයක් පමණ ධාතූන්වහන්සේ ද්රෙ ළොස් රියන් බුදු බඳ වටා සැතපුණු යානාවට පස්වාදහසක් මුළුල්ලෙහි පවත්නා සුවඳ තෙල් පහන් සතරක් ද එසේම පවත්නා සුවඳ මල් සුවඳ විලවුන් ද යන මේ සියල්ල දැක දැක ඒ දුටු රජ සතුටු සිත් ඇතිව එක්සිය විසි රියන් රුවන්මැලි ද්ර ගැබ කොත්කැරැල්ල පටන් වැලි කොන්ද දක්වා පට ජවනිකා දෙකකින් වසා නැවත ලංකාද්වීපවාසීන්ගෙන් තමන්ගේ භාණ්ඩාගාරයට වදනා අයබදු හැර නුවරට එකී එකී දිගින් සතර සතර ගවුවෙහි දැසමන් සිනිද්ද බෝලිද්ද ආදි මල්වතු වවා පිපුණ කල්හි භාණ්ඩාගාරයේ තුබු සඳුන් ‍ෙගණ තුන්මාල් පියසාවෙහි පටන් කොත් කැරැල්ල දක්වා සතරඟුල් පමණ බොල සඳුන් කල්ක ගල්වා ඒ මත්තෙහි මල් නටුවෙන් නටුව ගසා මල් ඹටුන්නක් මෙන් සාදා තිසා වැවින් ජලයන්ත්රොයෙන් කොත මුදුනට දිය දැදුරු දී මෙසේම සතියක් පුදා එසේම බොහෝ සෙනා විසින් සතර දොරටුවෙහි පටන් කොත් කැරැල්ල දක්වා එක්මල් ගොඩක් කොට මෙසේද සතියක් පුදා නැවත එසේම දෑඟුල් පමණ සඳුන් කල්ක ගල්වා රන්මල් පිදීය. බයා වැවින් ජලයන්ත්රලයෙන් ගෙන්වා කොත මුදුනට දැදුරු දී නැවත ඒ භාණ්ඩාගාරයෙහි තුබූ දස දහසක් ගැල් මුතු දවා මුතු සුණු දවා නැවත සත් රුමන්මය පබළු දැලක් කරවා එක්සසිය විසි රියන් දාගබේ පළඳවා ගැලක් සා රන් පියුම් පුදා නැවත දාගබට සතියක් මුළුල්ලෙහි මීවැසි වැස්විය. සතියක් සුවඳ වැසි වැස්විය. සතියක් රසදිය වැසි වැස්විය. සතියක් රත්සිරියල් වැසි වැස්විය. දාගැප් මළුවෙහි ගොප්මස ගැලෙන පමන වැසි සිටි කල්හි මානෙල් මල් සදා සතියක් පිදීය. ඉක්බිති ඒ දාගැබ් මළුව නැසිනි අස්වා භාණ්ඩාගාරයෙහි තුබූ ගිතෙල් ‍ෙගන්වා දාගැප් මළුව පුරා වත්කොට තුන්පාය වට පියලි අතුරු නැතිකොට සදා සතියක් පිදීය. එසේම තලතෙලින් මීතෙලින් සත් සත් දා පාන් පිදීය. තුන් වේලෙහි නිති පුදා පෙරහැර පවත්වා බොහෝ ගම්වර කෙත් වතුද පූජා කෙළේය. සෑගිරියේ දහසක් පමණ මහ සඟහට නිතිදන් තබාදී අනිකුදු බොහෝ සඟනට සිව්පසයෙන් මහදන් පවත්වා මිණිතා පවු වෙහෙර, කුඹුඛන්ද වෙහෙර, සුළුනාපවු වෙහෙර, මහණු වෙහෙර ආදී බොහෝ විහාර කරවා මහණු වෙහෙර වට දෙගව්වෙක ගම් ඒ විහාරයටම පූජා කෙළේය. නැවත හවුරුදු පතා තුලාහාර නැගී තුණුරුවන්ට පුදා බොහෝ පින් රැස්කොට ලෝවැඩ සසුන් වැඩ කිරී‍ෙමන් දොළොස් හවුරුද්දක් රාජ්ය ය කොට දෙව්ලෝ ගියේය.

         එ‍ෙස් හෙයින් කියන ලදී :-


52. ඉති විභවමනප්පං සාධු පඤඤාය ලද්ධා

    විගතමදපමාදා වත්තකාමප්පසංගා
    අකරීය ජනඛෙදං පුඤ්ඤකම්මාබිර‍ාමා
    විපුල විවිධපුඤ්ඤං සුප්පසන්නා කරොන්පි


53. සද්ධො විසුද්ධො සුවිදානයානං

        		ආරුයහ ඒවං නිදිවං පයාති 
         ධාරෙය්යි චෙ සීලමයාතපත්තං
         නිබ්බාණරජ්ජේසු පතිට්ඨහ්යෙයය


ඔහු පිත් මහදැළියා රජ සෑගිරි වෙහෙර කරවා එසේම ලක්දිවි වැස්සන් ලවා මල්වතු වවවා සෑගිරි වෙහෙර හා රුවන්මැලි දාගැබ වසා මල්ගොඩ කරවීය. නැවත සියක් යොදුන් ලංකාද්වීපය සිසාරා ලක්දිව මැද පටන් මුහුදු දිය යොදනක් පමණ තැන හොරු අපනයනය කොට තබා හොරු පිට ඒ ඒ තැන මණ්ඩප කරවා ඇවිරි බඳවා සූවිසි දහසක් මහා සංඝයා මුහුදු පිට වඩා හිදුවා පෙරවරු මහ දන්දි පස්වරු තුලාහාර දන්දී තුන්යම් රාත්රිැයෙහි ලංකාද්වීපය සිසාරා එක පාන් අගෑයක් ‍ෙස් එළඟිතෙලින්ම පහන් පූජා කොට අනිකිදු බොහෝ ශාසනෝපකාරීව දොළොස් හවුරුද්දක් දැහැමෙන් රාජ්ය ය කොට දෙව්ලෝ ගියේය.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


54. දානේන සත්තා තිදිචං වජන්ති දානේන වින්දන්ති සිරින් නරේසු ලභන්ති දානේන සිවං පුරං පි වරෙය්ය තස්මා සත්තං පදාන


ඔහු පිත් අඩගැමුණු මහරජ මුළු ලක්දිව අමාවලක් සේ කරවා සතුන් නොමරන පරිද්දෙන් බෙර ලවා සියළු සතුන්පවු කළ නොදී පින් කරවා රුවන්මැලි දාගැබ වටා වේදිකාවක්ද කරවා බොහෝලෝවැඩ සසුන් වැඩ කොට දෙව්ලෝ ගියේය.

  එ‍ෙස් හෙයින් කියන ලදී :-


55. ඤත්වාන දෙහමවීරං බණහංගුරන්තී

        සමපන්ති නාම මනුජස්සච නස්සතීනි
        දග්ගාපවග්ගවිහවං මධුරන්ති එතං
         දානාදිතේන කුසලේසු යතෙය්යි ධීරො


ඔහු මල් කිණිහිරිදළ රජ අධර්ම‍ෙයන් රජ කොට:-


56. ආදිපත්ත ශුල ශිතශක්ති විහින්තදෙහාය් තත්රෙලව කෙවිදවිරොඪුමශකනුවන්ත: ඝොරං නදන්ති ශිතශත්රි මුභඛරයොහි රාකෘෂ්යනමාණ විසරදගලිතාන්ත්රො සූත්රො:


මෙබදු අපාදුකට භාජන විය.


57. මනොපලාලිතො සතෙතා තණභාපටිඝ සංඝතො මක්කටොරගදොණාදී හුත්වා ජායතී ජාතියං


ඔහු ඇවෑමෙන් සුළුඅභාරජු දැදුරුහෝබඩ සුළුගලු මහ‍ෙව‍ෙහර කරවුයේය. ඔහු ඉක්බිති සිහවල්ලිය. ඒ ඉක්බිති රජ පැමිණි එළුක්නා රජ සතුරන් විසින් සිර කරන ලද කල්හිඔහුලේ මහේසිකා තොමෝ තමාගේ පුත්රර වූ බිළිදු කුමරහුසරහා කිරි මව අතට දී මේ කුමරා ඇත්හට ගෙණ ගොස්මඟුලැතුට රජු බන්ධන වූ බව කියා සතුරන් අත මිය යෑමට වඩා මඟුලැතු ලවා මරවයි ඇතු ලඟ තිබූ කල්හි ඇතු කිපී හඩා වැලප තමා බැදි දම බිඳ රජ‍ෙගයි මහදොර බිඳ රගෛට වැද බන්ධන ගතවූ රජු එයින් මුදා තමා පිට හිදුවාගෙණ සතුරන්ගෙන් ගලවා ශීඝ්රුව මහවතුතොටට ගොස් රජු නැවි නන්වා තෙමේ පැළ මුහුදු හසරින් මලය රටට ගියේය. එරජ තුන් හවුරුද්දක් ගිය පසු බළසෙන් සමඟ ලක්දිව් බැස රාජ්යටය ලත් කල්හි නැවත ආ ඇතු දැක ඕහට මහත් සන්තෙ‍ා්ෂව තමන්ගේ මංගල්ය ජනපදයත් ඇත්හට දී බොහෝ සත්කාර කරවා මහ‍ෙව‍ෙහර, දියමුත් ‍ෙව‍ෙහර ආදී විහාර කරවා තිසා,දැදුරු වැවි බඳවා ලෝවැඩ සසුන් වැඩ කෙළේය.


58. සුඛාවහො දුක්ඛනුදො සබ්බහි සමාගමො තස්මා සප්පුරිසෙහෙව සංඝමො හොතු ජන්තුනං


59. තිරචිඡානගතාපෙවං සරන්තා උපකාරකං නජහන්තීති මනත්වාන කතඤ්ඤු හොන්තු පාණිනො


ඔහු පිත් සඳමුහුණු රජ මිණිහිරි ගම් නම් මහ වැවක් බඳවා එයින් අස්වදනා කුඹුරු ඉසුරුමුනි ‍ෙව‍ෙහරට දන්දී අනිකුදු බොහෝ ලෝවැඩ සසුන් වැඩ කෙළේය. ඉක්බිති යහසිළු රජ ඇවෑමෙන් රජ වූ ස්භාවලතා නමි රජ ස්භාව පිරිවෙන හා ගල් වෙහෙර,එක්දැරි වෙහෙර,නිදගම් වෙහෙර ආදී විහාර කරවා ලෝවැඩ සසුන් වැඩ කෙළේය. ඔහු ඉක්බිති රජ පැමිණි වහප් රජ තමාගේ ආයුෂය දොළොස් හවුරුද්දක් ප්ර,මාණ යයි නක්ෂත්රර පාඨකයන් කී හෙයින් චිත්තවික්ෂේපයට පැමිණ මහසඝ ගෙන්වා වහන්ස ආයුවඩන කුසල් කවරේදැයි විචාළේය. මහසඟතෙම :-


60. පරිස්සාවනෙ සුගතෙ දත්වා සං‍ෙඝ වරුත්තමෙ පඤ්චානිසන්සෙ අනුහොමී කමිමානුචඡවිකං මම


61. සබ්බේව සමනික්කම්ම දිබිබමායුලභාමහං අප්පසයෙගා සදා හොමි ඝෙරපව්වත්විකෙහිවා


62. සත්ථේන වා ජියෙන වා විහෙසම්පි න කුබ්බතො අන්තරා මරණං නත්ථි තේසං නිස්සන්දතො මම


මෙසේ පෙරහන් දන්දීමය සෙනසුන් කරවා ලීමය, ගිලනුන්ට ආහාර පැන් හා බෙහෙත් සපයා දීමය, වෘද්ධයන්ට වන්දනාමාන්නාදෟ සත්කාර කිරීමය, ජරාවාස තුබු විහාර කරවීමය;


63. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ හායන්ති මච්චුනො අත්තානං උපමං කත්වා නහනෙය්යණ න ඝාතයේ


මහරජ මෙසේ තමාගේ ජීවිතයට තමා යම්සේ ප්රේතම කෙරේද එමෙන් සියලු සත්වයෝ තම තමා ලත් ජීවිතයට ප්රේමම ඇත්තාහු යයි දැන ප්රා ණඝාත නොකොට පංචශීලය ශුද්ධකොට රක්ෂා කරවයි වදාළහ. ඒ ඇසූ රජ මේ හැම කුසල් කෙරෙමි යි සිතා තුන් හවුරුද්දක් පෙරහන් සහිත සිවුරු ලක්දිව් වැසි මහ සඝනට නොහැර දෙවුයේය. දෙතිස් තැනෙක මී හෙව කිරිබත් දුන්නේය. සූසැට තැනෙක තබා යාචකයන්ට දන් දුන්නේය. රුවන්මැලි වෙහෙර මහභෝගෙය, සෑගිරිය,තුඹරුප් වෙහෙරය යන සතර තැන දහසක් දන්වැට නිති සඟනට දෙවුයේය. දසමහා සෑයක් කරවා සියලු ලංකාද්වීපයෙහි ජරාවාසව තුබු විහාර කරවූවේය. හැළිලමි අටදහසක් කුඹුරු වෙහෙරට දුන්නේය. සියලු ලක්දිව බණ කියන අසන පිරිවාන සඟනට නිති දන් තබාදී සුද්ධ පංචසීලය රක්ෂාකොට මෙසේ සොළසක් මහවැවි බඳවා ථූපාරාමයෙහි වටදාට‍ෙගය කරවා අන්තරායෙන් මිදි සූ සාළිස් හවුරුද්දක් රාජ්යීය කොට දෙව්ලෝ ගියේය.


64. සද්ධාය පුබ්බේ කතපුඤ්ඤතෙජසා ලද්ධං මයා සබ්බමීදං විභුතිං දිස්වා නරො අත්තහිතො හිතෙ රතො කොනාම් පුඤ්ඤං න කරෙය්යත පඤඤා


ඉක්බිති වැහැප් රජු පිත් මහදාළු රජ රජ පැමිණි පළාල වෙහෙර හා කෙළ පව් වෙහෙර ආදි සත් වෙහෙරක් කරවීය. ඔහු මල් වක්නැහැතිස් නම ඔහු පිත් ගජබාහු නමි රජ තමා දවස ලක්දිවි වැස්සන් කා‍ෙව්රියේ මෙහෙයට යතී අසා කිපී පිය රජහු කරවූ යෝධයන් පනසක් ඔසවාලන යගදාව ගෙණ සයුරු පුහුර පින් බෙලෙන් දිය දෙබේ කොට පිටිපතුල් නොතෙමා සොළී රට ගොස් තමාගේ බලපා මෙහෙයට ගියවුන් හරවා නැවත නොයන ලෙස බලය ලා දෙමළුන් ගෙණ ගිය දළදා පාත්රාො ධාතුව ගෙණ නැවත අවුත් බොහෝ දානාදී කුසල් රැස්කොට ලෝවැඩ සසුන් වැඩ කොට දෙව්ළොව ගියේය.


65. ඒවං මහාථාමලුප්පන්නා කතුපාසනා ථාමමදං පහාය කරොන්ති ලෝකස්සච සාසනස්ස අත්ථං සුධීමාපි තථා කරෙය්යා


ඉක්බිති මහළුනා රජ රජ පැමිණි අභයතුරා මහවෙහෙර ආදී බොහෝ කරවා විහාර කරවූයේය. ඔහු පිත් භාතිය තිස්ස රජ මහාවෙහෙර කරවා මහාමිණියා වැව බඳවා ඒ විහාරයට දන් දී බෑ තිස්ස වෙහෙර හා මහාතුඹු වෙහෙර කරවා රත්මල්කඩ මහාවැව බඳවා දෙවෙහෙර වදන මහදඟනට දන්දී බොහෝ ලෝවැඩ සසුන් වැඩ කළේය. ඔහු මල් චුලතිස්ස රජ රජ පැමිණිඅභයගිරි වෙහෙර වට පවුරක් කරවා එහිම රුවන් පායක්ද කරවා මිහින්තලේ වටදා ගෙයද නාග දිවයින වටදා ගෙයද ලෝවාමහාපාය වට දොළොස් මහා පායක්ද කරවා මුවරඹා වෙහෙර මුණි වෙහෙර ආදි වෙහෙරද කැළණියෙහි මණ්ඩලගිරි වෙහෙර, දුඹුල්තිස් වෙහෙරය යන තුන් වෙහෙර මහාසාංඝික ප්රාවසාද තුනක්ද කරවා ලෝවැඩ සසුන් වැඩ කළේය. ඔහු ඉක්බිති රජ පැමිණි නුහුන්තා රජ ලෝවාමහාපාය පඤ්චභුමක කොට කරවා මහාබෝගෙයි සතර දිසාවෙහි ශෛලමය සෝපාන සතරක් කරවා ‍ෙබහෝ ලෝවැඩ සසුන් වැඩ කළේය. ඔහු පිත් කුඩානාගය, කුඩාසිරිනාගය, යන දෙරජ ඇවෑමෙහි රජ වූ ලක්දිවි වැස්සන් හිංසා නොකොට රාජනීති ලෝකනීති නොවරදවා රජකරණ ධර්මව්යෝවහාර දක්නා ව්යගවහාරතිස්ස නම් රජෙක් අප බුදුන් පිරිනිවී සත්සිය දෙපනස් හවුරුදු සාරමස් දස දවසක් ගියපසු රජ වූයේය. ඒ රජ මිදෙල් පටනෙහි සඟනට නිති දන් තබා දුන්නේය. මහවෙහෙර සත්රුවන් මණ්ඩපයක් කරවීය. මහාබෝගෙයි ලෝහමය හොරු දෙකක් කරවීය. වෙහෙර සඟනට දවස් පතා දහසක් බැගින් දන් පිණිස දුන්නේය. එහිම මහාසාංඝික ප්රාමසාද දෙකක් කරවීය. අභයගිරි වෙහෙර, දකුණුවෙහෙර, මිරිසවැටි වෙහෙර, බුන්නටවෙහෙර, ඉසුරුමුනි වෙහෙර, නාගදිවයින,තිස්සමහා වෙහෙර යන මේ සත් වෙහෙර පවුරු කරවීය. මුළු ලක්දිව ධර්මකථික තැනට නිති දන් තබා දුන්නේය.සියළු ලක්දිවි වාසිමහා සඟනට සිවුරු දී ශාසනයට පක්ෂවු ඒ මහාරජ සෘණධාරී භික්ෂුණ්ට තුන් ලක්ෂයක් ධන දී නිර්ණය කෙළේය. මෙම රජු දවස :-


66. වායසාච සුවාණාච සිගාලා මක්ඛිකා තථා සුගන්ධං නේව ඉචිඡන්ති ඉචිඡන්ති කුණපං වනෙ


යනු හෙයින් චන්දනාදී සුගන්ධය හැර කුණපයෙහි ඇලෙන සොණ සිගලාදීන් මෙන් සුගන්ධ නැමති තුණුරුවන් හැර කුණප වැනි මිත්යාද දෘෂ්ටි ගත් වෛතුල්ය නම් තිථික බ්රාසහ්මණයකු මිසින් ධර්මය පෙරළා වේදත්රනයෙහි බහා විපරිත කොට ලියවූ වෛතුල්ය්වාදයෙන් ශාසනය පෙරළුණු කල්හි ඒ ව්ය වහාර තිස්ස නම් රජ මා වැනි ධර්මිෂ්ඨ රජක්හු කාලයෙහි ශාසනය නට කාරණා කවරේදැයි දුර්ලබ්ධි ගත් පාප භික්ෂූණ්ට නිග්ර්හ කොට සර්වත්රායෙහි හා පිටකත්රරධාරී කපිල නම් අමාත්ය්යකු ලවා නියම කරවා වෛතුල්ය වාදය ලියවූ පොත්පත් ගෙන දවා හළු කොට බුදුන්ගේ පර්යාපති ශාසනය බැබලවීය.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


67. වෛතුල්යිවාදං මද්දිත්වා කරොත්වා පාපනිග්ගහං කපිලෙන අමවෙචන සාසනං ජෝතයිධ සො


ඉක්බිති රජ පැමිණි අභාතිස්ස රජ මහබෝගෙය වටා සලපතල අතුරුවා ලෝවාමහාපාය පෙරට මහා මණ්ඩපයක් කරවා බොහෝ පින් රැස් කෙළේය. ඔහු ඉක්බිති සිරිනාගය, විජයිදුය යන යන දෙරජුන් ඇවෑමෙහි රජ වූ සංඝතිස්ස රජ රුවන්දාගැබ නොත් කැරැල්ල වසා වීදුරු දැලක් පළඳවා මත්තෙහි සත්රුවන්මය අනර්ඝ වූ සේසතක් කරවා එහිම එකී එකී ලක්ෂයක් වටනා සතර සතර මහා මැණිකක් ඔබවා පූජාවට රැස් වූ සතලිස් දහසක් මහා සනට සිවුරු දන් දුන්නේය. එහිම සතර දොර තබා මහා දන් දුන්නේය. මෙසේ බොහෝ පින් රැස් කිරීමෙන් ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු ඇවෑමෙහි සිරිසඟබෝ මහරජ රජ පැමිණ තමන්ගේ කාලයෙහි මුළු ලක්දිව වැදි නැතිව දුර්භීක්ෂ වීයයි අසා රජ තෙමේ සිල් සමාදන්ව වැසි වැස මා ඉපුල් වූ කල්හි මුත් නොනැගිටිමියි ඉටා රුවන්මැලි දාගැබ් සළුයෙහි හිස් බිම වැදහොත් කල්හි සියලු මුළු ලක්දිව මහත් වර්ෂා කොට රජු ඉපලුණු කල්හි ඇමතියෝ රජු නගා සිටවූහ. නැවත රට සොරුන් බොහෝ වූහ යනු අසා සොරුන් ගෙන්වා මතු මෙබන්දක් නොකරවයි අවවාද කියා රහසින් යවා මළමිනී ගෙන්වා සොරුන්ට කළ මනා නිග්ර හ මළනිනියට කරවා සොරුන්ගෙන් වූ භය සන්හිදුවා නැවත රතැස් නමි රාක්ෂයෙකු ලෝවැස්සන් අනුභව කෙරෙතී අසා ලෝවැස්සන් කෙරෙහි කරුණාවෙන් අටසිල් සමාදන්ව රකුසු දැක මුත් නොනැගිටිමියි ඉටා ශ්රි යහන් ගබඩාවෙහි හොත් කල්හි ඒ රජුගේ සීල තේජසින් ඔහු අවුත් සිටින කල්හි ඔහුට අවවාද කොට ලොවට වූ භය සන්හිදුවා ලෝවැඩ කොට තමාගේ හිස කපා බුදු බව පතා දන් දී දෙවිලොව ගියේය.

       එ‍ෙස් හෙයින් කියන ලදී :-


68. දෙහෙ ධනෙ ඤාතිගණෙ සුභජ්ජෙ විහාය රාගං නවයොබිබනෙ වා පඤ්ඤාය සංඛාරගතං විදිත්වා පපෙපාන්ති දිබ්බං විභවං සපඤ්ඤා


69. ඒවං සදා පරමදානමහාසමුද්ද නාවය මණ්ඩීතමනෝමයකායකමෙම කිළිත්ව දිබ්බවිභවෙහි පමොදමානා පපෙපාන්ති සාධු සුඛ සන්තිපුරඤ්ච රමමං


එරජු ඇවෑමෙන් සිරිලක රජ පැමිණි ගෝඨාභය නම් රජ අත්වනගල්ලේ මහත් චෛත්ය යක් කරවා එය වසා වටදාගෙයක් කරවා එවෙහෙර බොහෝ කලක් පවත්නා පරිද්දෙන් බොහෝ ග්රා ම ‍ක්ෂේත්ර්යන්ද දහසක් පරිවාර ජනයන්ද පර්වත ප්රාරන්තයෙහි නොහෙන් සිය ගණන් පිරිවෙන්, ප්ර සාද, වඩක්රකමණ, රාත්රීරස්ථාන,දිවාස්ථාන ධර්මශාලා, ගොපුර, ප්රරකාරාදී වෙන වෙන විභාගවශයෙන් කරණ ලද අනෙකප්රා කාර සංඝාරාමයන්ද කරවා එහි වාසය කරන්නාවූ නොයෙක් දහස්ගණන් භික්ෂු සංඝයා වහන්සේට නිරන්තරයෙන් සිවිපසය පිණිස පරිවාර ජනයන් සහිත වූ ග්රා ම ක්ෂේත්රෙයන්දි අනිකුදු බොහෝ විහාර කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. මෙම රජහට සතරවැන්නෙහි එම වෛතුල්යරවාදය ලොව පහලව අලජ්ජ වූ දුෂ්ඨ මහණහු දහම් නොදහම, නොදහම් දහමැයි විපරිත කොට ශාසනය භේද කොට, අව්යනවහාරව ගිය කල්හි මෙවකට අප බුදුන් පිරිනිවී සත්සිය පසානු හවුරුද්දක් ගියපසු ඉක්බිති රජ පැමිණි ගොළු අබා මහරජ රජ පැමිණ මහ වෙහෙර ශෛලමය ප්රිතිමා තුන් නමක්ද වැඩහුන් ප්රපතිමා සතරක් ද සියලු ලංකාද්වීපයහි ජරාවාසව තිබු විහාරද කරවා මහතුඹරුප් වෙහෙරද, මිහින්තලේ වටදාගෙයද, මිරිසවැටි වෙහෙරද, දකුණු මහවෙහෙරද, යන සතර තන්හි දාංඝිකප්රාාසාද කරවා තමන් නමින් මෙවන් අභානම් නවමහාවිහාර කරවා එහි වසන තිස් දහසක් මහ සඟනට සිවුරු දෙවුයේය. හවුරුදු පතා බොහෝ සංඝයාට සිවුරු දුන්නේය. නැවත මහා මඩුවක් කරවා අටතුරා සියදහසක් මහා සංඝයා එහි වඩා හිදුවා එක්විසිදහසක් මහ දන්දී සිවුරු දුන්නේය. මෙම රජ වෛතුල්යනවාදයෙන් ශාසනය භේස කළහයි අසා පඤ්චම මහා ආවාසයෙහි මහා සංඝයාවහක්සේ රැස් කර විචාරා නිහම කොට දුර්ලබ්ධිගත් සීලවිපන්න භික්ෂූන් සැට දෙනෙකු වෙරලකුණු ඔබා දෙශ ත්ය ග කරවා ඔවුන්ගේ වෛතුල්යසවාදය ලිය වු පොත් පතුදු දවා හ්ය් කොට ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. අනිකුදු බොහෝ පින් රැස්කොට දෙව්ලොව ගියේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


70. පුරාකනානං භුවි පුඤ්ඤකම්මනං ගුණානුභාවේන මහන්ති එවං සදෙචකානං මනසිකරොන්තා පුඤ්ඤං කරොථායයතනෙ සුදාරා


ඔහු පිත් දෙටුතිස්ස රජ ලෝවාමහාපාය කෙළක් ධනපරිත්යා ග කොට සප්තභූමික කොට කරවා සැට ලක්ෂයක් වටනා රෂ්මි විහිදුවා මාණික්යක රත්නයක් ලෝවාමහාපායට පුදා ඒ පාය මිණිපායයයි නම් තබා එිස්ම අනර්ඝ වූ මාණික්යූ දෙකක් රුවන්මැලි මහා සෑයට පුදා සැදුම්තිස් මහවෙහෙරද, මුල්ගිරි මහවෙහෙරද, බදුලු මහවෙහෙර ආදී බොහෝ විහාර කරවා අඹලගමු,එළුක්ගමු ආදී මහවැව් සයක් බඳවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


71. සුබෙතෙත අත්ථං රොපෙත්වා බීජමප්පමපි සාධුකං තමෙව භවති දීඝද්ධං හිතාහ ච සුඛාය ච


ඔහු පිත් මහාසේන නම් රජ නම් රජෙක් මෙලක රජ විය. මෙවකට අප බුසුන් පිරිනිවී අටසිය අටළොස් හවුරුදු නවමස් විසිදවසෙක් අතික්රා න්ත විය. ඒ මහසෙන් නම් රජ තමන් බාලකල අකුරු ආචාරිව සිටි පරදේසින් සිවුරු පෙරවා මිත්යා ද්යුෂ්ටි ගෙණ ආ පාප මිත්ර වු නමින් දංඝමිත්ර් නම් අමිත්රුවූ දුකට මහණෙක් සෝණ නම් අමාත්යමයකු උපස්ථම්භ කරවා රජහු දුර්ලබ්ධි ගන්වා අපායට යන මං හෙළි කරන්නාක් මෙන් ලෝවා මහාපාය ඇතුළු වූ තුන්සිය සිව්සැටක් පමණ මහාවිහාර මුලිනුපුයා නස්වා භූමි සාවා උඳු වැපිරවීය. එරජ පාප මිත්‍ාකයාගේ බස් ගෙණ පර්යාපති ප්රවතිපත්තිශාසනය නදා මෙසේ මෙසේ මෙරජ මොහොදුරට දිනිඳුවන්, සසර දුකට පසුරුවන් අපාදුකට යතුරුවන් පේ ඈ දුකට කතුරුවන් රජ ඉසුරට සතුරුවන් සගමොක් සුවට ඉසුරුවන් තුණුරුවන් නසා අපාය ගමනට පිටත්ව සිටි කල්හි ඒ මහසෙන් රජහුගේ අග්ර් අමාත්ය වූ මේඝවර්ණ අභය නම් කල්යාගණ මිත්රුයෙක් රජ හට අවවාද කැණුයේ-


72. රතනං යො තීහි ද්වාරෙහි නරොධ අපරජ්ඣති සො භවෙ චතුරොපායෙ දුක්ඛභාගි භවිස්සති


මෙසේ රජහට අවසර කියා රජහු ග්විස්වා ගෙණ දුෂ්ට ම්ත්රියා වූ සංඝමිත්ර්යා හා ඕහට උපස්ථම්භව සිටි සෝණ නම් අමාත්යයයා නසා නැවත රජහු සම්ම්යජග්දෘෂ්ටි ගන්වා ලෝවාමහාපාය ආදී වු මිණිහිරි වෙහෙර, දෙගල්දිවු වෙහෙර, ගෝණ වෙහෙර, රොවිල් වෙහෙර,බමුණුගමු වෙහෙර, ගඟපවු වෙහෙර පැල දෙසින් පව් වෙහෙරද, රුවරම් වෙහෙර, හුණුවිටි වෙහෙර, කුලසතු මෙහෙණවර සෙකද කලාවෙල් වෙහෙරද යනාදී බොහෝ විහාර කරවා ජරාවාසව තුබූ බොහෝ විහාර කරවා බුදුන් මොහෙතක් කල් වැඩහුන් තන්හි දෙවියන් විසින් දෙන ලද බුදුන්ගේ පටිධාතූන් වහන්සේ වඩා එක්සිය සතලිස් රියන් ජේතවන මහා වෙහෙර කරවා එහි වඩාහිඳුවා බොහෝ භික්ෂු සංඝයා වහන්සේට යක්ෂයන් හා මනුෂ්යනයන් ගෙණ මිණිහිරි වැව බඳවා එයින් අස් වදනා අසූ දහසක් අමුණු කුඹුරු කරවා දන්තළාවයයි නම් තබා මහාසඟනට දෙවේලේ පසයට දන් දී නැවත ලක්දිව බත් බෝහෝ කෙරෙමියි සිකා ගල්ගමුව‍ැව, සල්ලුරා වැව, කලා වැව, මහමිණියා වැව, කිඹුල්වානා වැව, රත්මල්කඩුවැව, තිස්වඉුන්නා වැව, වෙලඟ වැව, මාගලුවැව, සීරු වැව, මහදරුගලු වැව, කලාගලු වැව ආදී සතළොසක් මහ වැවි යක්ෂයන් හා මනුෂ්ය යන් ගෙණ බඳවා අපමණ දන්වැට තබාදී බෙ‍ාහෝ ලෝවැඩ සසුන් වැඩ ‍කෙරෙමින් සත්විසි හවුරුද්දක් රජ කෙළේය.

           එ‍ෙස් හෙයින් කියන ලදී :-


73. පාපො හුත්වා පඨමසමයෙ පඤ්චකාමේසු ගිද්ධො සො වෙ පච්ඡා පජහති පජහති මදං යොනිසොලොකයනෙතා සො පායමෙහා තිහවචීභවං තිහවචීභවං කාමමාසාදයිත්වා පච්ඡායමෙහා සිවම්මතපුරං යාති සත්ථුප්පසත්ථං


මෙම මහසෙන් රජ දඹදිව කලිඟුරට ගුහසීව රජු හා අදෘෂව මිකුව වසනුයේ දළදා වහන්සේ ගෙණ එනු පිණිස බොහෝ මුතු මැණික් ආදිය ගුහසීව රජු හට දළදා වහන්සේ ලංකාද්වීපයට ගෙණ එනු පිණිස භාර කොට දී-


74. මම ව පිය සහා‍ෙයා සො මහාසෙනරාජා ජිනචරණසරොජද්වන්දසෙවාහිහියුතෙතා සලිලමපි ච ඵුට්ඨං ධාතුයා පත්ථයනෙතා විවිධ රත්නජාතං පාහතං පෙසයිත්ථ


මෙසේ කියා දන්ත කුමාරයන් අතට දළදා වහන්සේ දී ලංකාවට ගෙණ එන කල්හි ඒ මහසෙන් රජ ජන්මාන්තර ගතව කීර්ති ශ්රීි මේඝ නම් රජෙක් රජවිය. ඒ රජ දළදා වහන්සේ දැක බුදුන්ගේ දළදා ශුභ්රිවර්ණයයි ඇසිමීයි සැක සිතා සියයක් පමණ වස්ත්රම පටලයෙන් වසා සිටි කල්හි දළදා වහන්සේ -


75. තස්මිං බණෙ සො ජින්දන්තධාතු නහං සමුගම්ම පහාසයනෙතා සබ්බා දිසා ඔසධිතාරකාව

ජනං පසාසදසි විතිණ්ණකඩඛං 


මෙසේ ප්රාසතිහාර්ය දැක්වූ කල්හි ප්රාකතිහාර්යයෙහි පැහැද මුළු ලක්දිව දළදා වහන්සේට පුදා අනිකුදු බොහෝ සත්කාර කොට පරලොව ගිය පසු ඔහු මල් දෙටතිස් රජ දළකඩ සඳුන් කඩ ආදියෙන් හමා සිය අතින් පිළිම නෙලා මතු ලක්දිවට ඇදුරු කොට තබා නටබුන් වෙහෙර හැම කරවා මහත් පූජා කොට ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු පිත් බුජස් රජ ලක්දිව ගම් දසයකට වෙදකු, නැකැත්තෙකු, බණ කියන පණ්ඩිත කෙනෙකු බැගින් ඇති කරවා අනුරාධපුරයෙහි පස්විසිරියන් පස්මහල් පමණ නිල් වූ බිම් භික්ති පළ සෙවෙනි ආදියෙන් මයුරාකාරවණි ඇති මොනරපා පිරිවෙන ආදී වූ බොහෝ විහාර කරවා පන්සියයකට නිති දන් තබා දී ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


76. ඒවං දානං දග්ගසමාපත්ති දානං දානං දිබ්බං චානුගාමී නිදානං දානං මන්තං සබිබසත්තුපඝාතං දානං තස්මා ථාමසා ‍ෙභා හජවෙහා


ඔහු පිත් උපතිස්ස නම් රජ රජ පැමිණ අත්වනගලු වෙහෙර වසන මහාස්ථවිර කෙනෙකුන් වහන්සේ රහත් වන දවස් මහපොළොව කම්පා අසා එතන්හි ගොස් පඤ්චභූමික ප්රා සාදයක් කරවා අනෙකප්රහකාර විචිත්රහ කර්මාන්තයෙන් අලංකෘත කොට රන්කම් කරන ලද තාම්රවපක්රරමය වූ උළින් සොයවා දිව්යි විමානයක් මෙන් සරහා එම ක්ෂීණාශ්ර්වයන් වහන්සේ ප්ර‍ධාන කොට ඇකි මහා සඟනට පිළිගන්වා පරිවාර ජන සහික වූ ග්රා ම ක්ෂේත්ර්යන් ඒ ප්ර්සාදය සන්තක කොටදී අනිකුදු පලාවතු පිරිවෙන ආදී වූ බොහෝ විහාර කරවා තෝපා වැව ආදී වූ බොහෝ වැවු බඳවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු ඉක්බිති මහානාම නම් රජෙක් මෙලක රජ වීය. එකල සුද්ධ බුද්ධින් ප්රබසිද්ධ වු වසුද්ධ බුද්ධි ඇති බුද්ධඝෝෂ නම් අටුවා කතෘන් වහන්සේ සඹසිවින් මෙලකට වැඩ බුදුන් වදාළ දෙලක්ෂ පන්සැත්තෑදහස් දෙසීය පණස් ග්රුන්ථ සංඛ්යාොවක් ඇති පිටකත්රබ පාළිධර්මයට තුන් ලක්ෂ එක්සැටදහස් පන්සිය පණස් ග්ර්න්ථ සංඛ්යාදවක් පමණ අටුවා කථා ලියවා පාළි ධර්මය බැබළවූ සේක. ඉක්බිති සෙන්ගොත් නම් රජය ලැමැණිතිස්සය යන ‍ෙදරජුන් ඇවෑමෙහි රජ පැමිණි පිත්සෙන් නම් රජ එක් දවසක් දන්ත ධාතුන් වහන්සේ වැඳ නැවත රජගෙට එනුයේ දළදා ගෙයි දොර සිට මගුලැතු ගෙණෙවයි කීය. ඇමතියෝ මගුලැතු ගෙයණන්නට පසු වූහ. මදක් බලවයි කීහ. එබසට රජ කිපී උළින් සුණෙන් බැද නැගූ මහ ඇත් රුවක් බලා තෝ මට පිට නොදේදැයි කීය. එකෙණෙහි ඒ උළු ඇත් රජු කරා අවුදින් පිට හිඳුවා නුවර පැදකුණු කොට රජු රජගෙයි ලා ගියේය.

    මෙසේ වූ ආඥ ගිය ජාතියෙහි සිත පහදවා පිදු එක මලකින් ලද්දේය.


77. කුසලං තාව මන්තබ්බං භුද්දණංති කදාචිපි අනන්තඵලදං හොති නිබ්බාණම්පි දදාකි තං


78. බින්දුමත්තපි යො පුඤ්ඤ බීජං රොපෙති සාසනෙ නහාන්තඵලදං හොති යාව නිබ්බාණපත්තියා


79. යථා සාසප මත්තමහා බීජා නිග්රෝ ධපාධපො

        ජායතේ සතසාඛඩෙඨා මහානීලමඛුදොපමො


80. තථෙව පුඤ්ඤකම්මමහා අනුමහා විපුලං ඵලං

        හොතිනි අප්පපුඤ්ඤන්ති නාවමඤෙඤය්යා පණ්ඩිතො


තුණුරුවන් කෙරෙහි කරණ ලද පූජා මෙසේම අනුසස් ඇත්තේයයි දතයුතු. නැවත දෙමළු සදෙනෙක් ලක්දිව් බැස ලෝක ශාසනය නසා පිළිවෙළින් සත්විසි හවුරුද්දක් රාජ්යඅය කළාහ. එකල දාසෙන්කැලි නම් රජ කුමරෙක් දෙමළ භයින් සසුන් වැද මහණව වෙස්වලා වැඩී නැවත සිවුරු හැර මායා රට බලසෙන් ගෙණ දෙමළ රජුන් මරා රජ පැමිණ කළ බලලු; බදුලු ආදී අටළොස් මහ වැවු බඳවා මයා විහාර කරවා අටළොස් මහා පූජා කරවා අටළොස් හවුරුද්දක් දැහැමෙන් රාජ්යරය කොට ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු පිත් කසුබු රජ :-


81 පුරාතනෙහි භූපාල සමණබ්රා්හ්මණෙසුව මාතාපිතුසු බාලෙසු රොගෙනාතුරඉත්ථිසු නප්පස‍ත්ථො වධො දෙව තස්මාහං න වධාරහො


යනාදීන් වධාහි නොවන්නාවූ පියරජ මරා රාජ්යහය ගෙණ අටළොස් හවුරුද්දක් අධර්මයෙන් රාජ්යවය කොට මෙසේ කල්පයක් දුක්විදිනා අවීදි මහා නරකයෙහි උපන්නේය.

     එ‍ෙස් හෙයින් කියන ලදී :-


82. පස්සන්ති ඉහ ලෝකං යෙ නතෙ පස්සන්ති ආයතිං නපස්සන්තා තථා හෙතෙ ගරහාතො න මුච්චරෙ


ඔහු ඉක්බිති රජ පැමිණි මුගලන් රජ අත්වනගල්ලේ පළමු පස් මහල් පහය කළ භූමියෙහිම තුන්මහල් සංඝික ප්ර‍සාදයක් කරවා වටදාගෙයද කරවා අනිකුදු බොහෝ සංඝාරාම කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු ඉක්බිති කුමා‍රදාසය , කීර්තිසේනය, මැසිදිව්රජය. ලමැණි උපතිස්සය යන සිවු රජුන් ඇවෑමෙහි අප බුදුන් පිරිනිවී එක්වා දහස් අටාසූ හවුරුද්දක් පිරුණු සඳ, ‍ෙමලක සසුන් පිහිටි අටසිය දෙපණස් හවුරුද්දක් ගිය පසු අඹහෙරණ සලමෙවන් නම් රජෙක් මෙලක රජ විය ඒ රජ ක‍ාලයෙහිද මෙසේම දුර්ලබ්ධිගත් දුශ්ෂීල මහණුන් දුරුකොට ඔවුන්ගේ පොත් පතුදු දවා හළු කොට ශාසනෝපකාරී වූයේය. මෙසේ ලක්දිවට පැමිණි රජුන් විසින් තුන් වරෙක වෛතුල්යෂයවාදය ලියූ පොත්පත් දවා හළුකොට ශාසනයට බලය දී පැවැත්වුවාහුය.

                  ඉක්බිති එරජ දාපුළුසෙන් රජය, දළමුගලන් රජය, කුඩාකිත්සිරිමෙවන්ය, සෙනෙවිමහනාරජය,ලැමිණිසිඟානාය යන මේ සරජුන් ඇවෑමෙහි අග්ර බෝධි නම් රජෙක් රජ විය.එරජ කුරුළු වැව ආදී බොහෝ වැව් කෙළේය. ඉක්බිති අක්බෝන රජු ඇවෑමෙහි කුඩා අක්බෝ රජ රජ පැමිණ තුදුසක් මහ වැව් බඳවා බොහෝ විහාර කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු ඉක්බිති රජ පැමිණි සංඝතිස්ස ලමැණිබෝනාය, අසිග්ගාහකය, සිරිසඝබෝය,ලමැණි කටුසරය, දලුපතිස්සය, පැසුළු කසුබුය යන මේ සත් රජුන් ඇවෑමෙන් රජ වූ සාපුළු නම් රජ එකුන් විස්සක් පමණ රජමහාවිහාර කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.නැවත රජ පැමිණි සලුපතිස්ස නම් රජ කපාරාපිරිවෙණ ආදී නිහාර කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු බෑ පැසුළු සිරිසඟබෝ රජ පියගල් ආදී විහාර කරවා දෙව්නුවර සෙව් රජුන් පිහිටුවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. 
          එ‍ෙස් හෙයින් කියන ලදී :-


83. අත්තත්ථමෙවමපහාය දයාලයා හො කිත්තිං පරත්ථචරණානුවිතං චරන්ති

ලද්ධාන ථාමවිභවං යදි වො සක්ත්තිං

කප්පට්ඨිතිං කුරුථ කත්ව පරත්ථමෙව


 	 ඔහු ඉක්බිති වල්පිටි වසුදත්තාය, හුනන්තරු රියන් දළය යන දෙරජුන් ඇවෑමෙහි රජ පැමිණි මහලේපාණෝ, උතුරුමුළ, වාදුම්මුල ආදී පිරිවෙන් කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. ඔහු ඉක්බිති රජ පැමිණි අග්ර බෝධිය, ඔහු බෑ සුළු කසුබු රජ හෙළගම් මහ පිරිවෙන්  කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය. 
         ඔහු ඉක්බිති මිදෙල් රජය, පැසුළු අක්බෝය, කුඩා අක්බෝය, සලමෙවන් මිහිඳුය, උදා රජය, සෝ මිහිඳුය, මැදි අක්බෝය යන මේ සත් රජුන් ඇවෑමෙහි රජ පැමිණි කුඩාදාපුළු නම් රජ ශ්රීය මහ‍ාබෝධීන් වහන්සේට වටදාගෙයක් කරවා ස්වර්ණමය බුද්ධරූපයක්ද කරවා බොහෝ ශාසනෝපකාර කෙළේය. ඔහු දවස ජයබෙර මිණිපා දෙමළු ගෙන ගියහ.  
              ඔහු මල් මුගලයින්සෙන් රජ ලක්දිව බල පිරිසි ගෙණ පඬි රජය පැහැර ජය බෙර මිණිපා නැවත ගෙන්වා ලෝවාමහාපාය කටුකෝල් කරවා ස්වර්ණමය ප්ර තිමාවක්ද කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.ඔහු මල් උදා මහ රජ තුඹරුප් වෙහෙර කරවා රන්රිදී පතින් වසා නොයෙක් පූජා කොට ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.නැවත කසුප් නම් රජ බගිරි නඛා මහසෑය බඳවා රන් සේසත් කරවා කුඩාකපාරා පිරිවෙන් කරවා ලෝවැඩ සසුන් වැඩ ‍කෙළේය.  


84. ඉච්චබ්භූතං සුචරිතං සුජනෙහි සිද්ධං

   සුත්වාන සාධුමතීමා සුබමෙසමානො
   පාපං අකත්ව සත්තං නරකොපගාමිං
    සග්ගාපවග්ගසුඛදං කුසලං කරෙය්යම


ඔහු ඉක්බිති කසුබු රජය, දාපුළු නම් රජය, ඔහු මල් කුඩා දාපුළු නම් රජ බොහෝ දෙමළුන් සාධා රජ කෙළේය. නැවත උදා රජය, ඔහු මල් සෙන් නම් රජය, උදා නම් රජය, පැසුළු අක්බෝය යන රජුන් ඉක්බිති ලක සසුන් පිහිටි එක්වාදහස් සිය සිව් සාලිස් හවුරුද්දක් ගිය කල බුදුන් පිරිනිවී එක්වාදහස් තුන්සිය දෙසට හවුරුද්දක් පිරුණු සද මත්වලසෙන් නම් රජෙක් මෙලක රජව්ය. ඒ රජු දවස භික්ෂු ප්රයතිරූපක වූ තීර්ථක මහනෙක් දඹදිවෙන් මෙලක අවුත් විරාඩකුර නම් අරම්යි වසනුයේ ඒ මත්වලසෙන් රජ ඒ නිවටහුගේ බස් ගෙණ-


85. ථොකෙනෙව තුලාකොටි යාති උන්නතිමොන්තිං

           තථා පුථුජ්ජනා ලොකෙ යන්ති කොප්පසාදනං


මෙසේ ඔහු කෙරෙහි පැහැද රත්න යැයි සිතා ගිනි වදනා පළඟක්හු සෙයින් ඒ නිවටහු කරා එළඹ ඔහුගේ බස් ගෙණ දහම නොදහම, නොදහම දහමැයි සිතා කෙළ සුවහසක් සක්වළ ආඥා පැතිර දිලියෙමින් සිටි රත්න සූත්රාාදී වූ ධර්මය දුරු කොට දුර්ලබ්ධි මිත්යාහදෘෂ්ටි ගෙණ අධර්ම සමාදානයෙන්ම උන් තැනින් ඉගිළ දෙමළුත්ට නුවරදී පොළොන්නරු ගොස් ජන්මාන්තර ගතවිය.

ඔහු ඉක්බිති මුගයින් සෙන් නම් රජෙක් රජ පැමිණ වෙන වෙනම දෘෂ්ටි ගෙණ හුන් තුන් නිකායෙහි භික්ෂූන් රජ බලයෙන් දහම් ගන්වා ලෝක ශාසන දෙක සෙමෙහි පවත්වා ශාසනයට ප්රපතිපක්ෂ වූ දුර්ලබ්ධි ගත් මිථ්යාිදෘෂ්ටීන් ලක්දිවට නොඑන සේ කරවට රැකවල් ලවා දැහැමෙන් රාජළ්යෙය කෙළේය.
  එ‍ෙස් හෙයින් කියන ලදී :-


86. සද්ධම්ම පතිරූපානජ දිස්වා ලොකෙ පවත්තනං

     ගණහාපෙසි  තථා රක්ඛජ සාගරන්තනජ


එතෙකුදු වුවත් ගවයන් ඇතුළත් ‍ෙකාට වැට බැදි කල්හි ශස්යාරදිය අනුභව කොට වසන ලවයන් මෙන් ලක්දිව ශේෂව සිටි තම තමන් දුර්ලබ්ධි ගෙණ විසූ බොහෝ දෙන අතුරෙන් මෙලක රජකළ කුමාරදාස රජ කල සංඝමිත්තිය නිකාය වාසි වූ නුවණැති සැදැහැනැති දුෂ්ට මහණෙත්-


87. මක්ඛිතං මලමුත්තෙහි අපවිද්ධං පිලොතිකං

         දිස්වා ඉසිද්ධජං යත්ථ තරණියො නනාදරො


88. ඤත්වාච පන තං ඛේමං වන්දනාමානේන ජන්තුනා

        ආදරො එහ කාතබ්බො තං හොති අරහද්ධජං


89. සොතේන සත්ථුරාජෙන උස්සිතො අරහද්ධජො

        පරිභුතෙතා රහනෙත්හි තස්මා සො පූජනාරහො


මෙසේ පූජාර්හ වූ චීවරයට අනාදර කොට නිල්වූ වස්ත්රධයක් පෙරව වෛශ්යාන වාසයට ගොස් එහි ලැග පාන්ව ගිය කල විහාරයට ගියේයත ඔහු‍ෙග් ශිෂ්යපයෝ ඒ බව දැක මේ වෙශය යහපත්දැයි විචාළහත එකල ඒ තමා ගත් වේශය බොහෝ දෙනා දුටු හෙයින් එම ප්රඑශංසා කොට එහි අනුසස් කීය. එතෙපුල් අසා ඔහුගේ වචන කර භික්ෂූහු සිහුරු හැර නිල් පිළි පෙරවියහ. මෙසේ ඒ මිසදිටින් වතුරු වූ මොහඳුරෙන් අඳුරු වූ තීර්ථකලබ්ධි ගෙණ විසූ තුණුරුවන් නොවිමසූ ඒ දුෂ්ඨ නිලපටධර නමි මහණාද තමන් නමින් නීලපටදර්ශන නම් ග්ර න්ථ රචනාවක් කරන්නේ-


90. වෛශ්යාට රත්තං සුරාරත්නං රතනං සෙවො මනොහව

           එතද්රුතන්ත්රරයං වන්දෙ හ්යෙන්යෙර කාචමණිත්ර යම් 


මෙසේ නීලපට දර්ශනය ව්යාෂප්ත වන්නට පටන්ගත් දල්හි එකලට පැමිණි රජ ඒ ටපාත් ගෙන්වා කියවා බලනුයේ-


91. න කිම්පිබසි දුර්මේධ නරකං ගන්තුමිච්ඡසි

         ලවණෝදකසංයුක්තා සුරා ස්වර්ගේ පි දුර්ලභා


යන අව්ය වස්ථිත ග්ර්න්ථය දැක මේ වනාහි ධර්මයක් නොවෙයි. ශාසනභේදයෙකැයි දැන මා වැනි ආඥා චක්රවවර්තියක්හු මීට උදාසීන වුවහොත් බුදු සස්න නස්නේය, බොහෝ සත්හු මේ ගෙණ අපායභාග් වෙතී සිතා -


92. ලොකෙ සබ්බසවන්තිනමාධාරො සාගරො යථා

           සබ්බෙයං ගුණරාසීනං ආධාරොව තථාගතො


93. වරාවරානං සබ්බේසං අධාරාව වසුන්ධරා

          තථා ගුණානං සබ්බේසංආධාරොව තථාගතො


මෙසේ තුන්ලෝවාසීන්ට ආධාර වු බුද්ධ ශාසනයට මා පිටිවහල් වුවමැනවයි සිතා ඒ දර්ශනයෙහි පහන් එකෙකු මෙන් නීලපටධරයා ඇතුළු වූ නිවටුන් ගෙන්වා ඔවුන්ගේ පොත්පත් හා සමඟ පායකට ඇතුළු කොට දවා හළු කැරවීය. ඒ රජු ඇවෑමෙහි කුඩා මිදෙල් රජ සොළී රටින් ආ දෙමළ රජකු හා මහා සෙනගක් සාධා රජ කෙළේය. ඔහු ඇවෑමෙහි කුඩා මිදෙල් රජ සොළී රටින් ආ දෙමළ රජකු හා මහා සෙනඟක් සාධා රජ කෙළේය.ඔහු ඇවෑමෙහි සලමෙවන් රජ පසානූ දහසක් දෙමළ බල පිරිස් සාධා රජ කෙළේය. ඔහු මල් මිහිඳු රජය. ඔහු පිත් වික්රරමභාහු රජ විය. ඒ රජු සමයෙහි ලක්දිව බැස හුන් දෙමළ බල පිරිස් සාධා රජ කෙළේය. නැවත මහලේ රජය වික්රසමපාඩිය, ජගත්පාලය යන තුන් රජුන් ඇවෑමෙහි රජ පැමිණි පරාක්රසමපාඩි රජහුගේ කාලයෙහි පසානූ දහසක් දෙමළු ලක්දිව බැස ලෝකශාසනය නැසූහ. මෙසේ නොයෙක්වර දෙමළුන් විසින් ලක්දිව රාජවංශය නැසු හෙයින් ලක්දිව රජුන් නැත්තෙන් ලෝකේෂ්වර නම් සෙනෙවියෙක් රුහුණ හිඳ දස හවුරුද්දක් රාජ්යේය කෙළේය. ඉක්බිකි යට අවසන්හි කී මුගලන්සෙන් නම් රජු කෙරෙහි පටන් දෙමළ වියවුල් වැද සැරැලක රජ කඝ උදාරජය, කසුබ් රජය, පැසුළු කසුබු රජය, දාපුළුය, කුඩාදාපුළුය, උදාරජය, සෙන් රජය, සලමෙවන් රජය, මිහිදු රජය, වික්රුමභාහුය, මහලේ රජය, වික්රාමපාඩිය, ජගත් පාලය, ලෝකේෂ්වර සෙනෙවිය යන මේ එකුන්විසි රජුන් ඇවෑමෙහි සිරිලක රජ පැමිණි මහළු විජයබාහු මහ රජාණෝ සයාසූ හවුරුද්දක් මුළුල්ලෙහි ලක්දිව දෙමළුන්ට හැරී ගම් නියම් ගම් රාජධානි පුරා හුන් දෙමළ මහා සෙනඟ හා යුද්ධ කොට සාධා සිරිලක එක්සත් කොට රත්නත්ර්ය ඇති කෙරෙමියි උදාරතර සිතින් පරීක්ෂා කොට බලා සයාසූ හවුරුද්දක් දෙමළ වියවුලෙන් ශාසනය නැසුණු හෙයින් ශාසනප්රතතිෂ්ඨාව පිණිස මහළුකම් කරවමි පටන් ගෙණ ගණපූරණයට යටත් පිරිසෙයින් සිල්වත් සඟ පස් නමක් නොලදින් කළකිරුණු සිත් ඇතිව නොයෙක් දහස් ගණන් මහා සංඝයා ඇති කරවා ලක්දිව මුළුල්ලෙහි නටබුන් වෙහෙර කිසුන් කරවා අප්රසමාණ වු ලෝවැඩ සසුන් වැඩ ‍‍ෙකාට රාජ නීති නොවරදවා සූපනස් හවුරුද්දක් රාජ්යලය කෙළේය.

   එ‍ෙස් හෙයින් කියන ලදී :-


94. දෙවත්තං උපතිට්ඨිතං ගතිවසා හිත්වා භවෙ සාධ‍ෙවා

  දුක්ඛං නෙකවිධානුභූය සත්තං කත්වා ථිරං විරියා
  ඉච්ඡන්තා ජිනසාසනස්ස සුචීරං ඨානං සදා සාදරා 
  කුබ්බනෙත්ව මහන්නමග්ගකුසලං පපොන්ති සග්ගං සුඛං


ඉක්බිති ඒ මහළු විජයබාහු රජු පටන් ජයබාහුය, වක්ර ම බාහුය, ගජ බාහුය, යන තුන් රජුන් ඇවෑමෙහි මෙ අප බුදුන් පිරිනිවී එක්වා දහස් සසිය සයාන්හවුරුද්දක් ගියපසු සිරිලක රජ පැමිණි මහා සම්මතාදී පරම්පරානුයාත රාජවංශෝත්භූත රාජාධිරාජ නෛකදිගන්තරාභිව්යා්පත්යශෝමරීචිමාලාවෙන් විරාජමාන වූ ශ්රීා පරාක්ර්මබාහු නම් මහළු මහාරජාණෝ-


95. සොත්ථිප්පසත්ථජන්තා ජනතාණභූතා

        භූපාලසිසරමණී රමණීයරූපා
        පීතා පුගත්ථි නගරී නගරාජ තුංග
        ගෙහා මහිධීපවරා පවරා පුරානං


යනාදීන් වර්ණනීය වූ පොළොන්නරු රජ පැමිණි උදාරතර කුසලානුභාවයෙන් යුක්තව තුන්සිය සිව් සැටක් වන්නිපන්තු සාධා දීපදක්ර වර්තීව ලක්දිවට නොයෙක්වර දෙමළු අවුත් ලෝක ශාසනය නස්තී අසා මිත්යාවදෘෂ්ටි ගත් රජුනට උදහස්ව දඹදිව සාධා සම්ම්යරක්දෘෂ්ටි ගන්වමියි ලක්දිව මුළුල්ලෙහි සූවිසි ලක්ෂ පස්විසිදහසක් පමණ රන්සිරි ඔත් අගමගපඩින් හා එසේම ජය විදුරු ලා සිටිනා නවලක්ෂ පසානූදහසක් පමණ ඇමති මහසෙනඟ ගෙණ දඹදිව යන්ට නික්මිණ. ඒ ඇසූ මහසඟ රජුගේ ගමන් වැළැක්වූ හෙයින් තුමූ නොගොස් සියයෙන් දසදෙනෙකු බැගින් තෝරා එක්විසිලක්ෂ පස්විසිදහසක් පමණ සිංහළ මහා යෝධයන් දේශාන්තර යවා සොළී පාඩි රජයෙහි පටන් අරමණය දක්වා යුද්ධ කොට ගිය ගිය තැන් ජය ගන්වා පරදේශවාසීන් සිංහළයට එන්නා තබා සිංහලයෙකු දුටු ශෘගාලයන් මෙන් තම තමන්ගේ දෙශයෙහි භය ගෙණ හිදිනා සේ ස්වදේශ දේශාන්තර දෙක්හි අණසක පතුරුවා මහා සමුද්ර ය, බැණ සමුද්රනය, මණි සාගරය යනාදී වූ මහ වැව් බඳවා තමන් වසන පොළොන්නරු නම් පුරය සිසාරා ඉසිපතනය, කුසිනාරාරාමය, වේළුවනය,ජේතවනය, ලංකාතිලකය,ඇතුබඳලෙනය,ආදී වූ විසිතුරු විහාර කරවා එහි දහස් ගණන් මහා සංඝයාට වස්වාසික සිවු පසයෙන් උපස්ථාන කොට තමන්ගේ අභිනව විරිදු නාමයෙන් තුන්සිය සැටක් පිරිවෙන් කරවා තමන් වසන පොළොන්නරුව අය තැනට පුදා එහි වසන තුන්දහස් සත්සියයක් පමණ මහළුවරුන් වහන්සේට නිරන්තරව උපස්ථාන කරන්නේ පළමු දෙමළුන් විසින් බිදි රුවන්මැලි මහසෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය, බඳවා කොත් පළදවා අනුරාධපුර නුවර ජරාවාසව තුබූ බොහෝ විහාර මුල් පිස කරවා කටුකොහොල් පෙරළවා ජයමහාබෝධීන් වහන්සේට වටදාගෙයක් කරවා ලෝවාමහාප්රාමසාදයෙහි බොහෝ කර්මාන්තද කරවා බොහෝ සංඝයාට සිවුපස පූජාවක්ද, දළදා පූජාවක්ද, තුලාහාරයක්ද දන්දී දවස් පතා පොතක් පිළිමයක්, සළු අටපිරිකරක් බැගින් නොවරදවා තෙතිස් හවුරුද්දක් රාජ්යපය කෙරෙමින් බුදුන් උදෙසා අප්රවමාණ පූජා කරන්නේ නිර්මල වු සර්වඥ ශාසනය දුෂ්ප්රයතිපත්තීන් කෙලෙසන ධර්මරුචිය, සාගලිකය,වෛතුල්ය්වාදිය යන නිකායත්ර ය වාසී වූ නොයෙක් සිය ගණන් මිත්යාකදෘෂ්ටි මහණුන්ගෙන් ශාසනය කිලිටුව පිරිහෙන පවත් අසා සුපරිශුද්ධ වූ එම බුද්ධශාසනයෙහි මෙවැනි කිලුටක් අසා සා වැනි ආඥාචක්රණවර්තියක්හු උදාසීන උවහොත් බුදුසස්න නස්සී, බොහෝ සත්වයෝ මේ ගෙණ අපායහාග් වෙති. පස්වාදහස්ක් පවත්නා බුද්ධශාසනයට මා පිටිවහල් වුව මැනවැයි ප්රකඥා පුරස්සර කරුණායෙන් යෙදී ඒ දෘෂ්ටි ගත් දුෂ්ශීල මහණුන් ගෙන්වා ලතා මණඩපයෙහි රැස් කරවා තුන්යම් රාත්රිධටයහි සිට පිටයහි සිටි විචාරා නියම කොට ඔවුන් හැමදෙනා ශාසනයෙන් පිටත් කරවා ශාසනය ශුද්ධ කොට එම කුශලානුභාවයෙන් අවසන්හි සුවාසූ දහසක් රන්රිදී ගිරිකුළින් ප්ර තිමණ්ඩිත වූ හිමාල වනප්රනදේශයෙහි රන්ගිරි පර්වතයෙක නරදේව නම් දිව්යව රාජව උපන්හ.

        එ‍ෙස් හෙයින් කියන ලදී :-


96. ආරුයහ දානමයයානමනුනපඤෙඤ

         සද්ධාලදාරසහිතං ගුණාහණ්ඩපුණ්ණං
         සංසාරපාපදූරීතාතරසාගරස්ස
         පාරං පයානති සුජනා න වීරෙව එවං 
     

ඉක්බිති ඒ මහළු පැරකුම් රජු කෙරෙහි පටන් පණ්ඩිත විජයබාහුය. කිලින්කෙස්දා මහිඳුය යන දෙරජුන් ඇවෑමෙහි කාලිංගයෙන් ආ කීර්තිනිශ්ශංක නම් රජ පොළොන්නරුවේ රුවන්මැලි දාගැබ බඳවා ටකාත් පළඳවා ශෛලමය දළදාගෙය සැටපැයකින් කරවා එහිම වටදාගෙය කරවා බලසෙන් සමඟ සමනළ ගොස් බුදුන්ගේ ශ්රීුපාදය වැඳ ලක්දිව සිසාරා තමන් නමින් අරම් අම්බලම් කරවා දඹුලු වෙහෙර තෙසැටක් මහා පිළිම රන්පතින් වසා රන්ගිරිදඹුල්ල යැයි නම් තබා බොහෝ ශාසනෝපකාර කෙළේයග එ‍ෙස් හෙයින් කියන ලදී :-


97. එවං ආගතනාගතං සුචරිතං නන්දාවහං නන්දනෙ

          සම්පත්තිං නිඛිලං නරෙසු ච අථො නිබ්බානමන්තෙ
          තස්මා දාන සහායකං භජථ හො සබ්බත්ථ චින්තාමණිං
          දිබ්බං මන්තපදං තථෙව අගදං සද්ධි වරං සබ්බදා


ඔහු ඉක්බිති රජ පැමිණි වීරබාහුය, වික්රංමභාහුය, වොඩගංගය, ලීලාවතීය, සාහසමල්ලය, කලළුාණවතීය, ධර්මාශෝකය, අණිකංගය, ලීලාවතීය, ලෝකේෂ්වරය, ලීලාවතීය පරාක්රදම පණ්ඩිතය යන දොළොස් රජුන් ඇවෑමෙහි පසුව ලංකාවාසීන්ගේ කිසියම් දරුණු වූ අකුසල කර්මයක් හේතුකොටගෙණ ලක්සිව මහේශාක්යව දෙවියන්ගේ ආරක්ෂා උපේක්ෂා බවකින් හෝ අබෞද්ධ ජනයන්ගේ උත්සන්නභාවයෙන් හෝ මාඝ නම් කලිඟු රජ සූවිසි දහසක් දෙමළ බල සෙනඟ ගෙණ ලක්දිව් බැස ලෝක ශාසන නසා රුවන්මැලි මහා සෑය ආදී වූ දහස් ගණන් දාගැබ් බිද සංඝාරාම අයතැන් මහපා දෙමළුන්ට වාසස්ථාන කරවා ලක්දිව කුලස්ත්රීලන්ගේ ජාතිසම්භේද කොට කුලදරුවන් සීවැසි කරවා සිරිලක මිත්යාාදෘෂ්ටි ගන්වා සුඛිතයන් ධන විදාරිමෙන් හස්තපාදාදී ඡේදන විකාරයට පමුණුවා රජ කෙළේය.

    එ‍ෙස් හෙයින් කියන ලදී :-


98. තිට්ඨන්ථි දඟනා දඩ්ඩා පාදපා නූන කානනෙ

          රාජ කොපනලා දණ්ඩා න තිඨන්ති නරා තථා


99. වනංච දඟනා දණ්ඨං නිඛිලං සීහළං ඉදං

         දමිළග්ගිනා උඩ්ඩහති න නිබ්බාටති කොටි 
                   ගාමා සබ්බෙ අගාමාසුං විනට්ඨා රට්ඨාවාසිනො 
                   කාලොනු පභූනා සබ්බං සමෙතුං ලෝකසාසනං 


මෙසේ ලංකාද්වීපය ගිනිගත් ගෙයක් සේද එක් වළහම්ගෙයක් සේද කරවා ගම ගමදෙමළුන් ලවා බලාහත්කාරයෙන් පැහැර රජ කරණ කල්හි නැවත ලක්දිව සිසාරා මහේශාක්යක දෙවියන්ගේ සහාය බලයෙන්දෝ හෝ යට කී මහබෝ වඩා ආ සිරිසඟබෝ වංශයෙන් නොනැසී ආ සිරිලක රජ පැමිණි මාඝ නම් ලද පූර්වාභිධාන ඇති කාලිංඝ විජයබාහු නම් මහ රජ මායා රජයෙහි හිද වැසි අන්දකාරයෙහි තේජස් කදක් සේ පැන නැගි සියළු බල පිරිස් ගෙණ ගම ගම හුන් දෙමළුන් මරා ලුහුබඳවා පිහිටි රට හැර මායා රජය තැන්පත් කොට එහි ජම්බුද්රෝරණි නම් පුරයක් කරවා එහි හිද රජ කරනුයේ යට කී දොළොස් රජුන් කාලයෙහි ලක්දිව දෙමළුන්ට ගෙ‍ාස් දෙමළ වියවුලෙන්-


100. යො නරොධ විනාසෙති සම්බුද්ධාගමපොත්ථෙක

  	  ජින්නහීනෙනාපි සො හොති නිරටන්ච නිගච්ඡති


මෙසේ නසන ලද පොත් පත් ආදිය ඇති පාසිවුරු දමා ශරණානෙවෂිව මායා රජයට පැමිණි මහා සංඝයා වහන්සේට චීවරාදී චතුර්විධප්රයත්ය යෙන් උපස්ථාන කොට දෙමළ අරාජකයෙහි පොළොන්නරුවෙන් දළදා පාත්රාජ ධාතුන් වහන්සේ ගෙණ මහා ගල්වල නැගී වනදුර්ග, ගිරිදුර්ග, ජලදුර්ගයෙන් දුර්ග වූ කොත්මල ගොස් එහින් රැක ලිය නොහී භූමිගතව නිධානගත කොට සොළී පාඩි රජයට ගිය මහා ස්ථවිර ගණයා මායා රජයට ‍ෙගන්වා දළදා පාත්ර ධාතුන් වහන්සේ නොනට පවත් අසා අති සන්තෝෂව එකෙනෙහි මහ සඟ ගණ හා මහා සෙනඟ ගෙණ ගොස් මහත් වූ පූජොත්සව‍ ෙයනකෛාත්මළ ගොස් දළදා පාත්රා ධාතුන් වහන්සේ ගෙණ සක්විති රාජ්යඟ ලද්දාක් මෙන් උදාර වූ සන්තෝෂයෙන් ගම ගම මහත් වු පූජා කරවමින් වඩා ගෙණවුත් මතු අරාජකයෙහි නොනස්නා සේ දළදා පාත්රා ධාතුන් වහන්සේට ක්ෂේමස්ථානයක් කරවමියි සිතා බෙළිගල සිසාරා පවුරු පදනම් වලින් සුරක්ෂිත කොට ආකාශයෙන් මනුෂ්ය කෙනෙකුන් වැද්ද නොහැකි සේ ඉතා සුරක්ෂිත කොට පර්වත මුදුනෙහි දෙවිලොවින් බට දිව්ය විමානයක් සේ අසමාන වූ දළදා ගෙයක් නන්වා සිසාරා, රත්පත් සුළුපා මහපා, වඩක්රිමණ පැන් පොකුණු ආදියෙන් යුක්ත වු සංඝාරාම කරවා මහත් වූ මංගල්යමයෙන් දළදා පාත්රාූ ධාතුන් වහන්සේ ගෙට වඩා ධාතු ආරක්ෂාවෙහි නියුක්ත වූ ස්ථවිරවරයන්ට සංඝාරාමය පිළිගන්වා දානවෘත්ති තබා දී දවස් පතා පූජා පෙළහර කරණ සේ නියම කොට නැවත තමන් නමින් විජයසුන්දරාරාම නම් මහා විහාරයක් කරවා තවද තමන් නමින් විජයබාහු නම් රජමහා විහාරයක් කරවා තවද වත්තල තමන් නමින් නැවත බදවා කොත් පළඳවා එම විහාරයෙහි බොහෝ පිළිම ගෙවල් ජරාවාස හරවා අනිකුදු මායා රජයෙහි දෙමළුන් නැසූ බොහෝ විහාර කරවා නැවත ලක්දිව මහා සංඝයා රැස් කොට බොහෝ දවසක් අසමගි වූ සංඝයා සමගි කොට මහළුකම් කරවා තුන් රජයෙහි සියළු සංඝයාට නොවරදවා අටපිරිකර දී සත් දවසක් මහළුකම් පූජා කරවා දෙවෙනිව ශාසනෝපකාරයට පටන් ගෙණ ලක්දිව පොත්පත් දෙමළුන් නැසූ හෙයින් සංඝයාගේ අකුරු බණ ප්රරමාද සේ අසා පළමු දෙවනපෑතිස්ස රජු කාලයෙහි පටන් මේ පාළි ධර්මය බොහෝ මහා ස්ථවිරයෝ සිත්හි ලා ධරා වැඩ මෑත වළගම් අභා මහරජහු කාලයෙහි පොත් සංඝායනා කළහ. මෙසේ සිත්හි ලා ධරා වැඩි පාළි ධර්මය පොත් සංඝායනා කළ පසු යම් සේ භාජනයෙක්හි බහා නිධාන කළ වස්තු ප්රහකාශව නොපෙනේද එමෙන් පොත්හි මුත් සිත්හි නැතිව අව්යාවහාරව ගිය කල්හි මෑත භාගයෙහි පොත් පතුදු නැතිව ගියේය.

"https://si.wikibooks.org/w/index.php?title=රාජාරත්නාකරය-i&oldid=4482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි