රාජාවලිය - මූලාශ්රයයයන් හා අන්තර්ගත කරුණු

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

3 මූලාශ්රදය හා අන්තර්ගත කරුණු


රාජාවලිය වූ කලි මහාවංසය හෝ පූජාවලිය හෝ වැනි කෘතියක් නොව, එකල පැවැති ඉතිහාස වාර්තා කිහිපයක් එකය ගැළපිමෙන් හා අවශ්යක තන්හි දි ජනශ්රැ තිමාර්ගයෙන් ආ ප්රකවෘත්ති ඇතුළත් කිරිමෙන් ද සම්පාදිත ඉතිහාස වාර්තාවක් බව ඉහත පෙන්වා දෙන ලදි. රාජාවලිය සම්පාදන කාර්යයෙහි දි එම කර්තෘට බෙහෙවින් උපස්ථමිභක වු කෘති දෙකක් ගැන සඳහන් කළ හැකිය. එනම පුජාවලිය හා අලකේශ්වර යුඞයයි. පූජාවලිය දඹදෙණි නුවර ර‍ාජ්යකය කළ ද්විතිය පරාක්ර.මබාහු රජුගේ රාජ්යලපදප්රාරප්තියෙන් තිස් වැන්නේ දි මයුරපාද පිරිවෙණාධිපත් බුඬපුත්රර ස්ථවිරයන් විසින් සම්පාදිතය.1

අලකේශ්වර යුඬය නම් අනෙක් කෘතිය පිළිබඳ ප්රවමාණවත් තොරතුරු මෙතෙක් ප්රේකට වී නැති හෙයින් එය සම්පාදිත කාලය හා එහි අන්තර්ගත කරුණු පිළිබඳ සංක්ෂේප වාර්තාවක් අපේක්ෂා කැරේ. කොළඹ කටුගෙයි අලකේශ්වර යුඞය නමින් හැඳින්වෙන පුස්කොළ පොත් දෙකක් ඇත.2 ලක්දිව රජෙකු චීන රජු විසින් ප්රියෝගයකින් අල්ලා ගෙන යනු ලැබිමේ සිද්ධියෙන් හා අලකේශ්වර මන්ත්රිරගේ ප්රිවෘත්තියෙන් ආරම්භ වි‍ සිතාවක රාජසිංහ රජුගේ අභාවය හා ඉන් පසු ඇති වු සිද්ධි කිහිපයක් දැක්විමෙන් මේ කෘතිය අවසන් වෙයි. යථොක්ත චීන රජුගේ කථාවෙන් ආරම්භ ව, ධර්මපාල කුමරුවන් කෝට්ටේ රාජයයථොයට පත් කරවිම සඳහා පෘතුගිසින්ගේ සහාය ලබා ගැනිම පිණිස පෘතුගාලයට ද‍ුතයෙකු යැවිමේ සිද්ධියෙන් කෙළවර වන්නා වු ද. පෙළ විසින් අලකේශ්වර යුද්ධයට සමාන වු ද එක් පුස්කොළ පොතක් බ්රිාතාන්යැ කටුගෙයි ඇත. ග්රනන්ථනාමය කිසි තැනෙක සඳහන් නැතත් වික්ර මසිංහ මේ පොත රාජාවලි පොතක් ලෙස ම සලකයි.3 එම පුස්කොළ පොතෙන් පාඨයක් උපුටා දක්වන ඩී. ඩී. ජයතිලක ද වික්රුමසිංහ අනුගමනය කරමින් එය රාජාවලිය නමින් ම හඳුන්වයි.4 කොළඹ කටුගෙයි ඇති පුස්කොළ ‍පොත් දෙක “අලකේශ්වර යුඞය නිමි” යන පදවලින් අවසන් වන හෙයින් ‍යථොක්ත ග්ර න්ථයට රාජාවලිය යන නාමය යෙදිම වැරදි බවත් එය අලකේශ්වර යුඞය විය යුතු



1. පුජාසු. 141, 144 පිටු. 2. Silva Cat. A.P. 4, (1809); A.F. 15 (1810). 3. Wick. Cat. Or. 4971 (73) 4. ඩී. බී. ජයතිලක, සිංහල සාහිත්යථ ලිපි, 2 මුද්රිණය - 1956ළ (සිසාලි.) iii පි, 5. අලකේශ්වර යුඬය (අලයු.) නම් පොත ඒ.වි. සුරවිර විසින් පළමු වරට සංස්කරණය කොට 1956 දි ප්ර)ස්ද්ධ කරන ලදි.

මුලාශ්රයය හා අන්තර්ගත කරුණු 41

අලකේශ්වර යුඬගේ හා රාජාවලියේ එන චීන රජු අල්ලා ගෙන යාවේ සිද්ධියෙන් ආරම්භ වන කොටස සංසන්දනය කරන විට එක් කෘතියක් අනෙක් එකින් පිටපත් කරන ලද බව පෙනි යයි. එහෙයින් අප විසින් විසදිය යුතු ව ඇත්තේ රාජාවලිය සම්පාදනයේ දි එම කතුවරයා විසින් අලකේහ්වර යුඞය නම් පොත රාජාවලියට එකතු කරන ලද ද, නැතහොත් රාජාවලිය සම්පාදනයෙන් පසු කිසියම් ලේඛකයෙකු විසන් රාජාවලියෙන් කොටසක් උපුටා අලකේහ්වර යුඞය නමින් වෙන ම සංග්රකහ කරන ලද ද යන්නයි. රාජාවලිය සම්පාදනයේ දි එම කතුවරයා විසින් කර තිබෙන්නේ කුමක් ද යන්න ඉහත විස්තර කරන ලදි. රාජාවලි කර්තෘගේ කාර්යය වුයේ එක් එක් සිද්ධිය හා යුගය දැක්වෙන ඉතිහාස වාර්තා කිපයක් තෝරා ගෙන එක් කෘතයක් වශයෙන් සංග්රකහ කිරිමය. රාජාවලි කර්තෘට අමුතුවෙන් එකතු කිරිමට සිදු වි ඇත්තේ ජනශ්රැ තිවාර්තා කිහිපයක් හා තමා විසු කාලයට ඉතා අසන්න අවධියේ ප්ර්වෘත්ති කිහිපයක් පමණක් බව රාජාවලියේ මුලාශ්ර පරික්ෂා කිර‍ිමේ දි පැහැදිලි වන කරුණකි. අලකේහ්වර යුඞය රාජාවලියට මුල් වු කෘතියක් බව පැවසිමට නම් රාජාවලිය අලකේශ්වර යුද්ධයට පසු ව සම්පාදිත කෘතියක් බව ඔප්පු කළ යුතු වෙයි. අලකේශ්වර යුද්ධය සීතාවක රාජසිංහ රජු‍ගේ අභාවයෙන් හා එයට පසු කාලයේ සිද්ධි කිහිපයක් දැක්විමෙන් අවසන් වන අතර රාජාවලිය දෙවන විමලධර්මසූය්ය් රැ රජු‍ගේ රාජ්යැ පදප්රාවප්තිය දක්වා කරුණු සඳහන් කිරිම රාජාවලිය පසු ව සම්පාදනය වුවක් බව පවසන්නකි. තව ද, එම පොත් දෙක්හි පාඨ සංසන්දනය කිරිමෙන් ද අලකේශ්වර යුඬය ම රාජාවලියට මුල් වු බ පැහැදිලි වන්නේය. නිදසුන් කිහිපයක් මතු දැක්වේ. 1. අලයු : “...මේ ශ්රිි ලංකාද්විපයෙහි රජතෙම මහාචීනෙන් ඇවිත් ප්රායොගයකින් අල්වාගෙන ගියායින් පසු..”5a චින රජුගේ නම් අලකේශ්වර යුඬය නොදක්වතත් රාජාවලිය කියන්නේ ඔහු “දොස්” රජු බවය.6 මේ නම රාජාවලි කර්තෘ ය‍ුඞය රාජාවලියේ පිටපතක් නම් ඒ නම එහි අතහැරිමට කරුණක් නැත. 2. අලයු : “....ඉක්බිත් ආය්ය් ඒ චක්රනවර්ති රජුගෙන් ඒ ඒ තැන අය බදු ගන්ට ඇවිත් සිටියවුන් එළවුහ....”7 රාජාවලි පිටපත: “.... ආය්ය්් ඒ චක්රතවර්ති රජුගෙන් ඒ ඒ තැන බදුවලට සිටියවුන් එල්ලවා දැමුවාහ.”




5a. අලයු. 19පි. 6. රාජා. 207 පිට බලන්න. 7. අලයු. 20 පි.


42 රාජාවලිය

ඓතිහාසික කරුණු අනු ව සලකන විට “ එලවුහ” යන පදය ම නිවැරදි බවත් පුස්කොළ පොත් පිටපත් කරන්නවුන්ගේ වරදකින් එය “එල්ලා දැමුවාහ” යි වෙනස් වු බවත් ආචාර්ය සෙනරත් පරණ විතාන මහතා පෙන්වා දි ඇත.8 3. අලයු: “..උඩරට රජකම් කරන ජෝතිය සිටු නම වු රජ තෙම අවුරුදු පතා එවන බදුදු පඬුරුත් නේවා මෙහෙවරට එවන මිනිසුනුත් ප්රනමාද කොට පස්රට සේනාවට මාන්න තාන්න දි ගම්පමුණු දී සටන් අරවා ඉඳිනු අසා.....”9 රාජා: “...උඩරට රජකරන සෝජාත සිටු රජ අවුරුදු පතා එවන අයබදුත නේවා වැඩට එන මිනිසුනුත් නේවා ප්ර මාද කර අංගමපොර ඇර ඉඳිනා බව අසා.”10 රාජාවලි කුතවරයා “ජෝතිය සිටු” යන පදය පිටපත් කිරිමේ දි “සෝජාත සිටු” යි වරදවා ලියු සැටිත් “අංගම්පොර” යන අලුත් වචනයක් එකතු කළ සැටිත් පැහැදිලි ව පෙනේ. 4. අලයු: “ එකල ශ්රි ජම්බුවීපයෙහි ප්රිතිකාල් දෙසයෙන් නැවක් පිටත් ව අපගේ ස්වාමි වු යේසුස් ක්රි ස්තු දේවානුභාවයෙන් සමුද්රයයෙන් කිසි උපද්රදවයක් නැතිව අවුත්....”11 රාජා: ...”සකල ජම්බුද්වි‍පයෙහි ප්රහතිකාල් දෙශයෙන් නැවක් පිටත්ව අපගේ සිවාමි වු යේසුස් ක්රි1ස්තු වෂර්යෙ‍න් එක්වාදහස් පන්සිය විසි දෙකක් වු දෙවානුභාවයෙන් අනන්ත සමුද්රියෙහි කිසි උපද්රයවයක් නැතුව.....”12 පෘතුගිසින් පැමිණි වර්ෂය 1522 යි සදොස් ව දැක්වෙනුයේ සත්යව නොදත් රාජාවල් කර්තෲන් විසින් එය පසු ව එකතු කරන ලද්දක් නිසා විය යුතුය. අලකේශ්වර යුඬය රාජාවලියට පසු ව එය ඇසුරෙන් කරන ලද්දක් නම් ‍යථොක්ත වර්ෂය අලකේශ්වර යුඞය වාර්තාවට ද ඇතුළත් විම ස්වභාවයකි.13 භාෂාව ගැන සලකන කල ද අලකේශ්වර යුඞය රාජාවලියට වඩා ස්වල්ප කාලයකට හෝ කලින් ලියා ඇති බව යට දැක් වු නිදසුන් පාඨවලින් වුව පැහැදිලි වෙයි. දඹදෙණි විජයබාහු රජු දක්වා ඉතිහාස වාර්තාව පූජාවලියෙන් පිටපත් කර ගත් රාජාවලි කර්තෘ එතැන් සිට ඉතිහාසය කිම සඳහා අලකේශ්වර යුඞය

8. J.R.A.S. (C.B.)Vol. VII, part 2 (New Series), p. 214 9. අලයු. 22 පි. 10.රාජා.210 පි. 11. අලයු.28. පි. 12. රාජා.213 පි. 13. ඇතැම් රාජාවලි පිටපත්වල ද පෘතුගිසින් පැමිණි වර්ෂය දක්වා නොමැති බව සලකුනු වටි.

මූලාශ්රබය හා අන්තර්ගත කරුණු 43

තෝරාගත් බව පෙනේ. විජයබාහුගෙන් පසු අවුරුදු සියයක පමණ කාල පරිච්ඡේදයක් රාජාවලියෙන් අතහැරි ගියේ ද මෙ‍සේ පොත් දෙකක් එකට සම්බන්ධ කිරිමේ වරද නිසා වේ. අලකේශ්වර යුද්ධය ආරම්භ වන්නේ: “තවද මේ ශ්රි ලඞකාවීපයෙහි රජතෙම මහාචිනෙන් ඇවිත්......” යනාදි වාක්යකයකිනි. බ්රිීතාන්යක කටුගෙයි ‍පොතේ “තව ද” යන්නට ඉදිරියෙන් “න‍ෙමාබුඞාය” යන පදයක් ද වෙයි. ඒ වු කලි ග්රතන්ථාරම්භයට සුදුසු පරිදි පොත පිටපත් කළ තැනැත්තා විසින් එකතු කරන ලද්දක් යයි සිතිය හැකිය. අලකේශ්වර යුඬයේ මුල් පිටපතේ ආරම්භයට තව පත් ඉරු කිහිපයක් තිබෙන්නට ඇත. යන අප අදහසයි. එහි යට කී විජයබාහුගෙන් පසු කාල පරිච්ඡේදය පිළිබඳ ඉතිහාසය සංක්ෂේපයෙන් දැක්වෙන්නට ඇත. කෙසේ හෝ දඹදෙණි විජයබාහු හා අලකේශ්වරයන් අතර ශතවර්ෂාධික කාලයක පරතරයක් ඇති බව වටහා නොගත් රාජාවලි කර්තෘ, චිනයට අල්ලාගෙන යන ලද්දේ දඹදෙණි විජයබාවන් බව සිතා එතැන් සිට අලකේශවර යුඞය පිටපත් කරන්නට ඇති බව සිතිය හැකිය. මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු තව ද කරුණක් වෙයි. ලංකා ඉතිහාස පිළබඳ අඛණ්ඩ වාර්තාවක් සමපාදනය කරන කව‍රෙකුගේ වුව ද අවධානය නාතැතින් මහාවංසය කෙරෙහි යොම‍ු විම ස්වභාවයකි. එසේ වුවත් රාජාවලි කර්තෘ විසින් මහාවංසය ස්වල්ප වශයෙන් හෝ ආශ්රසය කළ බවක් නොපෙනේ. එයට ප්රිධාන හේතුව රාජාවලි කර්තෘ පාලි භාෂාව හරි හැටි නොදැනිම විය හැකිය. මුලාශ්රියන් හා අන්තර්ගත කරුණු පරික්ෂා කිරිමේ පහසුව සඳහා රාජාවලි ග්රැන්ථය මතු දැක්වෙන පරිදි කොටස කරමු; 1. සක්වළ විවරණ 2. ජම්බුද්විප විස්තර 3. මධ්යුදෙශයේ කඩඉම් 4. පරසමයදෙශ නාමාවලිය 5. කල්ප විස්තර හා මාහසම්මත පරම්පරාව 6. විජය පටන් පඩුවස්දෙව් රජුගේ පුත් අභය රජු අවසනට 7. පණ්ඩුකාභය රජු පටන් අනුලා බිසව අවසනට 8. මලකන්තිස් රජු පටන් දඹදෙණි පරාක්රසමබාහු අවසනට 9. විජයබාහු පටන් මායාදුන්නේ අවසනට 10.සීතාවක රාජසිංහ පටන් දෙවන විමලධර්මසූය්ය්ාර්‍ රාජ්යෝගදය දක්වා.

ඉහත දැක්වු අංක 1 සිට 5 තෙක් කොසට ඇතුළත් කර තිබෙන්නේ ලක්දිව රාජපරම්පරා කථාව ඉදිරිපත් කිරිමේ දි අවශ්යත ප්රළස්තිවනාවක ස්වරූපයෙනි. එ එක් එක් ඡේදය අවසන් කරන වාක්යියන මෙසේය: 1. “මේ තුන් දිවපයට ජම්බුද්විපය උතුම් වන්නේය.” 2. “මධ්යුදේහට බෝධිමණ්ඩලය උතුම් උන්නාහ.”


44 රාජාවලිය

3. “ මේ පන්තිස් නුවරට අඩුත්තුව ලොවුතුරු බුදුනු හා පසේ බුදුන් හා අසූමහසවුවන් හා චක්රපවර්තිරජවරුන් හා මහෙසාක්යද දෙවියන් හා ධන සිටුවරුන් හා උපදිනා ස්ථාන යයි දැනගත යුතුයි.” 4. ‍” මේ පරසමයන් දෙසවල් බ‍ුදුන්ගේ සමයට පිටනුවරවල් දැනගත යුතුයි” 5. “ මේ ශ්රිපලංකාද්විපට ආ රාජවර්ගය මෙසේ දත යුතුයි.” රාජාවලි කර්තෘ කිසියම් ක්රංමවත් සැලැස්මකට අනු ව ස්වකිය ග්ර.න්ථය සම්පාදනය කළ බව මෙයින් පැහදිලි වේ මැයි. ඉහත දැක්වු විග්රවහය අනු ව අංක 1 සිට 5 තෙක් කොටස් සඳහා පූජාවලියේ සවන පරිච්ඡේදය ද. 6 සිට 8 තෙක් කොටස් සඳහා සාමාන්යකයෙන් පූජාවලියේ 33 වන හා 34 වන පරිච්ඡේද සහ ස්තූපවංශයක. සඬර්මාලංකාරය ආදි පොත් ද. 9 වන කොටසට සඳහා අලකේශ්වර යුඬය ද මුල් වු බව පෙනේ.10 වන කොටස මුල් මු කෘතියක් ගැන අපි නොදනිමු. එය රාජාවලි කර්තෘ විසින් ම සපයන ලද්දක් විය හැකිය. මෙතැන් සිට එක් එක් කොටස ගනෙ එහි මූලාශ්රි හා අන්තර්ගත කරුණු පිළිබඳ විස්තර පරික්ෂා කරමු. 1. සක්වළ විවරණ 2. ජම්බුද්විප විස්තර රාජාවලිය ආරම්භ වන්නේ සක්වළ පිළිබඳ විවරණයකිනි. ශක්රතභවනය, මහාමෙරුව, සප්තකුලපර්වත, සතරමහාද්විප ආදියේ පිහිටිම, එකිනෙකට දුර ප්රමමාණය ඇතුළු විස්තර දක්වා ජම්බුද්විපය සතරමහාද්ව්ප අතුරින් වඩා උතුම් බව පවසයි. අනතුරු ව හිමාලය. අනොතත්තවිල, සිවුමගංගා, මහාපර්වත, ත්රිනවිධගුහා ආදිය ගැන කරුණු දක්වන දඹදිව විස්තරය අවසන් වන්නේ එය ස‍ඳෙව්ලොවට ද, බඹලොවට ද උතුම් බව සඳහන් කරමිනි.. බුත්සරණ14, ධර්මප්රඅදිපිකා15 ආදි පොත්වල ද කරුණු වශයෙන් රාජාවලි‍යේ මෙම පාඨයට සමාන කොටස් ඇත. කරුණු විසින් රාජාවලි පාඨය පුජාවලියේ දිපවිලොකන හා දෙශවිලොකන විස්තර දැක් වු කොටසට බෙහෙවින් සමානය.16 එසේ වුවත් ග්රදන්ථාරම්භයෙහි යොදා ඇති මෙම කොටස ගෛගර් සිතන පරිදි17 වෙනත් ලේඛනයන් ද ආශ්‍රනයයෙන් රාජාවලි කර්තෘ විසින් ම කරන ලද නිර්මාණයක් ද, එසේ නැත හොත් අනෙක් බොහෝ කොටස් ලියු පරිද්දෙන් ම එදා පැවති වෙනත් ලේඛනයකින් පිටපත් කරන ලද්දක් දැයි


14. බුත්සරණ: වැලිවිථියේ සොරත සංස්කරණය: 1953 (බුත්.) 42. 61 පිටු. 15. ධර්මප්රනදිපිකාව: බද්දෙගම විමලවංස සංසිකරණය : (1959) 68 පි. 16. පූජාවලිය කිරිඇල්ලේ ඤාණවිමල සංස්කරණය (1951) (පුජාකි.) 107 පිට: 7 පෙළේ සිට 28 පෙළ තෙක්. 17. Dip.and Mhv.,p.94.

මුලාශ්රෙය හා අන්තර්ගත කරුණු 45

පැහැදිලි නැත. ලංකාබොධි වස්තුව18, ලංකාකථාව19, ලංකාවිස්තරය20 යනාදි කෘථි ආරම්භ වන්නේ ද රාජාවලි ආරම්භයට සමාන පරිද්දෙනි. මෙම කෘති රාජාවලිය හා සමකාලින වුවත් එයට වඩා පැරණ බව දක්විමට තරම් ප්රකමාණවත් සාධක නොමැති හෙයින් රාජාවලිය ලිවිමේ දි ඒවායින් පිටුවහලක් ලැබුණු බවක් කිව නොහැකිය. සක්වළ විවරණ හා දඹදිව විස්තර කිමේ දි රාජාවලි කර්තෘ පූජාවලිය ම ආශ්රයය කළ බව අපේ අනුමානයයි. අනොතත් විලෙහි සතර මුඛ හා දඹදිව සතරමහා ගංගා ගැන සඳහන් කිරිමෙන් පසු රාජාවලියේ යෙදෙන “මහාමුනියන්ගේ හිසින් ‍සොළිකරේ මැදින් ගංඟා වැටුණාහ” යන වාක්යනය පූජාවලියේ හෝ අනෙක් වාර්තාවක හෝ සඳහන් නැත. උතුරු ඉන්දියාව හරහා ගලන ගංඟා නදිය මහෙශ්වරයාගේ ජටාව වටා තුන්වරක් කරකැවි පොළොවට වැටි ගලා බසින බව හින්දු දේවකථාවන්හි සඳහන් වන හෙයින් සොළිකරේ මැදින් කලන ගංගා ද එතැනින් ම ආරම්භ වු බව පසුකාලයේ දි විශිවාස කරන ලඳැයි අනුමනා කළ හැකිය. අනෙක් අතින් ද්ර විඩ සාහිකත්ය යෙහි නොයෙක් තැන සඳහන් කරුණු අනු ව දකුණු ඉන්දියාවේ ප්රරධාන ගංගාවක් ව‍ු කාවේරිය අගස්ති ඍෂිවරයා හා සම්බන්ධ වන හෙයින් “මහාමුනි”යන්න අගස්ති සෘෂිවරයා සඳහා යොදන ලද්දක් දැයි අනුමාන කළ හැකිය. 3. මධ්ය දේශයේ කඩඉම් 4. පරසමයදේශ නාමාවලිය මේ කොටස පූජාවලියේ සවන පරිච්ඡේදයේ එන දෙශවිලොකන විස්තරයෙන් ‍පදයෙන් පදය ම පිටපත කරන ලද්දකි.21 පුජාවලියේ හා රාජාවලියේ දක්වා ඇති බොධිමණ්ඩලයේ කඩඉම් විස්තර වැරදි සහතය. තව ද, බෝධි මණ්ඩලයට පූර්වද්ගභාගයෙහි, අග්නිදිග්භාගයෙහි, දක්ෂිණදිග්භාගයෙහි, බස්නාහිර දිග්භාගයෙහි හා උතුරුද්ග්භාගයෙහි පිහිටි බව පිළිවෙළින් දක්වා ඇති නගර හා දේශ ගැන සලකන කල බෝධිමණ්ඩලය යන්නෙන් වර්තමාන බුද්ධගයානව හෝ ඒ අවට ප්‍බෝෙද්ශයක් ගත හොත් ඒ වාර්තා සදොස් බව පෙනේ. යථොක්ත කඩඉම් ලකුණු දැක්විමෙන් පසු පූජාවලිය, රාජාවලිය යන ‍ෙපාත් දෙකේ යෙදෙන පාඨයන් ස්වල්ප වශයෙන් වෙනස් වන්නේය. එ මෙසේය: පූජා: “ මේ පන්තිස් මහනුවර මධ්යාමණ්ඩලයට ඇතුළත් මය. මේ මහනුවර නම් චක්ර:වර්ති රජුන් හා මහධන සිටුවරුන් හා මහේශාඛ්යය දෙවියන් හා අසූමහා සවුවන් හා පසේබුදුන් හා ‍ලොවුතුර‍ා බුදුන් හා මෙකි උත්තමයන්ගේ ම උත්පත්තිස්ථානයෙක.” 22 18. Silva Cat. A.P. 9, (1892) 19. Silva Cat. A.F.5. (1896) 20. Silva Cat. L.8.. (1898). 21.පූජාකි. 107 පිටුවේ 28 පෙළේ සිට 109 පිටුවේ 4 පෙළ තෙක්. 22. පුජාකි.108.පි. 46 රාජාවලිය

රාජා: “ මේ පන්තිස් නුවරට අඩුත්තුව ලොවුතුරා බුදුන් හා පසේබුදුන් හා අසුමහ සවුවන් හා චක්ර වර්ති රජ්ජුරුවන් හා මහේශාක්ය දෙවියන් හා ධන සිටුවරුන් හා උපදිනා ස්ථාන යයි දැනගත යුතුයි.”23 රාජාවලි කතුවරයා‍ගේ භාෂාවට අනු ව පුජාවලි පාඨය සකස් කර ත‍ිබෙන අයුරු මෙයින් පෙනේ. ඉන්පසු පූජාවලිය රාජාවලිය යන පොත් දෙකේ ම රටවල් පිළිබඳ නාමාවලියකි. රාජාවලි වාර්තාවේ පුජාවලියට වඩා රටවල් කිහිපයක් අඩු වැඩි වි ඇතත්. මෙය ම රාජාවලියට මුල් වු‍ බවට සැක නැ. “.....යනාදි මෙකි දෙශ මධ්යවමණ්ඩලයෙන් පිටත් ව‍ු ප්රවත්යවන්ත දෙශ නම . මේ දෙශවල බුද්ධාදිහු නුපදනාහුය”24 යනුනේ පුජාවලි පාඨය අවසන් ‍වන අතර රාජාවලි නාමාවලිය අවසන් වන්නේ මෙසේය. “මේ පරසමයන් දෙසවල් බුදුන්ගේ සමයට පිට නුවරවල් දැනගත යුතුයි.”25 5. කල්ප විස්තර හා මහාසම්මත පරම්පරාව මෙම කොටස සඳහා ද රාජාවලිය මුල් වුයේ පූජාවලියයි.26 එහෙත් මෙම විස්තරයට මුලින් මහාභද්ර්කල්පය හා අන්තඃකල්පය ගැන කෙටි හැඳන්විමක් රාජාවලියෙහි ඇත. මෙම ජෙදය පුජාවලියේ නැත. එතැන් සිට දැක්වෙන රාජපරම්පරා වාර්තාව පූජාවලියයි රාජාවලිය යන දෙපොතේ වැකියෙන් වැකියට ම සමැන වුවත් එ පොත් දෙක සම්පාදිත කාලය අතර ඇති වෙනස නිසා සිදු වු වෙනස්කම් කිහිපයක් ද කලාතුරකින් දැකිය හැකිය. නිදසුනක් මෙසේය: පූජා: “එසමයෙහි සිවුපාවෝ සිංහයන් රජ කළහ. පක්ෂිහු හංසයන් රජ කළහ. දියෙහි මස්හු ආනන්ද නම් මස්ස්යායා රජ කළහ. යටත් වසයෙන් කුරුකුහුඹුවෝ දක්වා තමන් තමන්ට රජුන් ඇති කළහ. එහි විභාග ඒ ඒ ජාතකසූත්රාවදී පූර්වකථාවලින් බලා ගත් යුතු. “27 රාජා: “ ඒ අවදියට සිවුපාවෝ සිංහයා රජකමට ගත්තාහ. පක්ෂිජාත්හු හංසයා රජකමට ගත්තාහ. මූදේ මෂ්ටකයෝ ආනන්ද මත්ස්යගයා රජ කළහ.”28 මහාසම්මත වංසපරම්පරා දැක්විමේදි රාජාවලියට පුජාවලිය මුල් වු බවත් පූජාවලියට මහාවංසය හා ජාතන කථා මුල් වු බවත් පෙනේ. ඒ කෘතින් ඉදිරිපත් කරන වාර්තා සැසඳිමේ දී මතු දැක්වෙන කරුණු අනාවරණය වෙයි;

23. රාජා. 149 පි 24. පුජාකි.109‍්‍ පි 25. රාජා. 151 පි. 26. පුජාකි. 109 පිටුවේ 29‍ ‍‍ෙපළ සිට 123 පිටුවේ 7 පෙළ තෙක්. 27. පුජාකි. 110 පිය. 28. රාජා. 152 පි.

මුලාශ්ර්ය හා අන්තර්ගත කරුණු 47 (1) මහාසම්මත රාජ්යරකාලය පූජාවලි, රාජාවලි යන පොත්වල උත්කර්ෂයෙන් වර්ණනා කර ඇති අතර දීපවංස, මහාවංස යන පොත්වල එය දක්වා ඇත්තේ නම් වශයෙන් පමණය. (2) මහාමන්ධාතු රජුගෙන් පසු වරමන්ධාතු නම් තවත් රජෙකු ගැන පුජාවලිය හා රාජාවලිය සඳහන් කරයි. මහාවංස, දීපවංස යන පොත්වල සඳහන් නැත. (3) චේතිය රජු මොලාව බොරු උපදවා අවිවිගත වු බව පූජාවලිය හා රාජාවලිය කියයි. දීපවංශය හා මහාවංසය ඒ බව නොකියයි. චේතිය රජු පිළිබඳ පූජාවලි වාර්තාවේ එන “කොරකළම්බක නම් බමුණාණන්ට” 29 යන පද රාජාවලිය දක්වන්නේ “කොරකාල බමුණා ලවා”30 කියාය. චේතිය ජාතකයෙන් උපුටාගත් ගාථාවක් ද ඇතුළත් පූජාවලි විස්තරය රාජාවල් වාර්තාවට වඩා දිගය. රාජාවලියෙහි එම ගාථාව නැත. පූජාවලිය එම විසත්රය අවසන් කරන්නේ: “ දැන් දක්වා ගණවාසී රජහ යි පැවැත්තැයි දත යතු”31 යනුවෙනි. ඒ වචන රාජාවලියේ යෙදෙන්නේ මෙසෙ ය: “ දැන් ගණන් නැති රජදරුවෝ පැවැත්තාහයි දැනගත යුතුයි”32 (4) චේකිය රජුට පසු පිළිවෙළින් මුවල, මහාමුවල, මුවලින්ද යන රජුන් තිදෙනෙකු ගැන දීපවංසය හා මාහාවංසය සඳහන් කරයි. මේ තිදෙන‍ගෙන් මහාමුවල ගැන පූජාවලිය සඳහන් නොකරයි. රාජාවලිය අත්හැර තිබෙන්නේ මුවලගේ නමයි. (5) දිපවංසය හා මහාවංසය සාගාර, සාගරදේ යන නම්වලින් හඳුන්වන ‍රජුන් දෙදෙනා පුජාවලිය දක්වන්නේ සගර, සාගර යන නම්වලිනි. මේ නම් දෙකින් සගරගේ නම රාජාවලිය නොකියයි. (6) පුජාවලිය හා රාජාවලිය ද දක්වන හගීරථ නම් රජු දිපවංසය හා මහාවංසය හඳුනවන්නේ පිළිවෙළින් අංගිස, අංගිරස යනුවෙනි. (7) මහාපනාද රජු පිළිබඳ පූජාවලි විස්තර පාලි ගාථා දෙකක් ඇතුළත් වෙනත් රාජාවලිය ඒ ගාථා නොදක්වයි (8) දිපවංසය, මහාවංසය, පූජාවලිය යන පොත් සඳහන් කරන මහාසුදර්ශන රජුගැන රාජාවලිය සඳහන් නොකරයි. (9) අසිමත් - රාජාවලිය; අවිචිමන්න - පුජාවිලය; අවිචිමා - දිපවංසය. මහාවංසය. (10) මහාසම්මත පටන් අවිචිමන්ත තෙක් සියලු රජුන්ගේ නම් ද පාලි ගාථාවක් ද පුජාවලිය නැවත වරක් සඳහන් කරතත් රාජාවලි‍යේ එවැන්නක් නොපෙනේ. 29. පුජාකි. 111 පි. 30. රාජා. 152 පි. 31. පුජාකි. 111 පි. 32.රාජා. 152 පි. 48 රාජාවලිය

11. මඛාදේව රජු පිළිබඳ වැඩි විස්තර පූජාවලිය දක්වයි. 12. අශෝක රජුගේ පියා කාලාරජනක බව පුජාවලිය කියයි. අශෝකගේ පියා‍ගේ නාමය රාජාවලිය නොකියයි. 13. මඛාදේව වංශය නම් පෙරලි ඔක්කාක වංශය වු බව පුජාවලිය කියන අතර රාජාවලිය දක්වන්නේ එය කුසරාජ වංශය වු බවය. 14. එම වංශයට අයත් රජුන් අතර කස, දිලිප, රඝු, අජ දශරථ, රාම යන අය පුජාවලිය සඳහන් කරන අතර රාජාවලියෙහි දැක්වෙන්නේ අද. දසරථ, රාම යන තිදෙනා පමණය. මෙම එක ද රජෙකුගේ හෝ නම් දිපවංසය හා මහාවංසය යන පොත්වල සඳහන් නැත. 15. විතිය ඔක්කාන පරම්පරාවෙහි උදය, භද්ද, ධනඤ්ජය, කොරව්යර, වෙදෙහ, සඤජය, වෙස්සන්තර, ජාලය. සිංහවාහක යන රජුන්ගේ නම් පුජාවලිය දක්වයි. මොවුනතුරෙන් රාජාවලිය නම් කරන්නේ, උධය, භද්ද, ධනඤ්ජය, කොරව්ය්, වෙස්සන්තර, සිංහවාහන යන රජුන් පමණය. 16. පුජාවිලය දක්වන සුජාතා රජු රාජාවලිය හඳුනවන්නේ සුත යනුවෙනි දිපවංසය හා මහාවංසය මොහු ගැන සඳහන් නොකරයි. 17. පුජාවලිය සඳහන් කරන “අම්බට්ඨ නම් තෘතිය ඔක්කාක” රජු රාජාවලිය හඳුන්වන්නේ “අරිට්ඨ නම් තෘතිය ඔක්කාක” යනුවෙනි. මොහු ගැන දිපවංසය සහ මහාවංසය සඳහන් නොකරයි. මේ රජුගේ බිසවුන් හා පුතුන් ගැන වැඩි විස්තර පුජාවලිය දක්වයි.ජන්තු නම් පුතුඉපදිම හා අනෙක් දරුවන් වනගත විම පුජාවලිය හා රාජවලිය යන පොත් දෙක්හි ම සමානය. ශාක්යජයන් පිළිබඳ වත්. කෝලිය කුඹුල්වත් නගර දෙක පිළිබද වත් දිර්ඝ විස්තර පුජාවලිය, රාජාවලිය පොතේ දෙකේ ම දැක්වේ. මෙම විග්රකහයෙන් පෙනෙන්නේ පුජාවලි සහ රාජාවලි වාර්තා දෙක්හි පවත්නා වෙනස්කම්වලට වඩා සමානකම් ඇති බවය.එහෙත් ඒ දෙක අතර එක් වෙනසක් ද දැකිය හැකිය. එනම්: මහාසම්මත පරපුර පුජාවලියේ දිර්ෂ වශයෙන් විස්තර කෙරුණේ ස්ඞාර්ථ කුමාරයාට පිතෘ වු සු‍ෙඞාදන රජුජුරු‍වන්ගේ පරම්පරාව දැක්විමේ අදහසිනි. රාජාවලියට එම විස්තරය ඇතුළත් කරන ලද්දේ. “ මේ ශ්රිස ලංකාවීපයට ආ රාජවර්ගය” හා සම්බන්ධ වු පරම්පරා කථාව දැක්විම සඳහාය. 6. විජය පටන් අභය රජු අවසනයට 7. පණ්ඩුකාභය රජු පටන් අනුලා බිසව අවසනට මෙම කොටස් දෙක ලිවිමේ දි රාජාවලි කර්තෘ විසින් සාමාන්යංයෙන් ආශ්රවය කරන ‍ලද්දේ පුජාවලිය ම බව සිතිය හැකිය. එහෙත් අනෙක් කොටස් ලිවිමේ දි මෙන් නොව මෙම වාර්තාව සැපියමේදි පුජාවලි කථාවට අමතර

මුලාශ්රවය හා අන්තර්ගත කරුණු 49

ව, ස්තූපවංසය, සඞර්මාලංකාරය, රාජරත්නාකරය යන පොත්වල සටහන් වු ද, ජනශ්රැරත මාර්ගයෙන් පැවත ආවා වු ද ඇතැම් කරුණු ඇතුළත් කිරිම නිසා රාජාවලි කර්තෘ ප‍ුජාවලියට සම්පුර්ණයෙන් නැඹුරු නොවි තරමක් දුරට හෝ නිදහස් ලෙස ක්රි‍යා කළ බව පෙනේ. යට කි කොටස් දෙකට ඇතුළත් කරුණු වෙන් වශයෙන් ගෙන සාකච්ඡා කිරිම අවශ්ය් වේ. විජය කුවේණි කථාව විජය කුවේණි කථාව මහාවංස, වංසත්ථප්පකාසින් යන පාලි ග්රටන්ථයන්හි මෙන් ම පුජාවලිය, රජරත්නාකරය, රාජාවලිය වන සිංහල ඓතිහාසික වාර්තාවල ද, කුවේණි අස්න, සිහබා අස්න, විජය‍රාජකාථාව, සියබස්මල්දම යනාදි කෘතිවන ද දැක්වේ. දිපවං‍සයේ සංක්ෂේපයෙන් දැක්වෙන මෙම ප්රයවෘත්තියෙහි කුවේණිය ගැන කිසිවක් සඳහන් නොවෙයි. ‍මහාවංස ගාථා විස්තර කරන වංසවත්ථප්පකාසිනිය උත්තරවිහාර අට්ඨකථාවෙන් ද කරුණු ඉදිරිපත් කරමින්33 අනෙක් ආචාය්ය්ිනිපරම්පරාවකින් ද කරුණු දක්වයි.ඉතා කෙටි වු පුජාවලි වාර්තාව මාවංසාගත කරුණුවලට අමතර ව කිසිමක් නොදක්වයි.34 අනෙක් එක ද ලේඛනයක නොමැත් අමුතු තොරතුරු රාජාවලියට ඇතුළත් වේ. රාජාවලිය, රාජරත්තනාකාරය යන පොත් දෙකේ ම විජයගේ පුවත මැද දී, එනම් විජය හා පිරිස ලක්දිව ගොඩ බැසිමේන් පසු, බුදුන්වහන්සේ තුන් වතාවක් මෙරට වැඩම කිරිම පිළබඳ විස්තර කථාවක් ඇතුළු වි තිබේ. ඉන්පසු යළිත් විජය කථාව ම කියැවෙයි. මෙම පොත් දෙකේ ම විජය කථාව එක් සැලැස්මකට අනු ව සකස් වි ඇති බව පෙන්වන ගෛගර් මහතා රාජාවලි කතුවරයා විසින් රාජරත්නාකරය අනුගමනය කරනු ලැබිමෙන් හෝ එසේ නැතහොත් ඒ කෘති දෙක ම අනෙක් කෘතියකින් හෝ සම්ප්රෝදායකින් හෝ අහාසය ලැබිමෙන් ඒ සිදුවිය හැකි බව කල්පනා කරයි.35 විජය කථාව ඉදිරිපත් කර ඇති සැලැස්ම අතින් රජරත්නාකරය. රාජාවලිය යන කෘති ඇතැම් සමානකම් දැක්වුවත් කරුණු වශයෙන් නම් ඒ දෙක අතර වැඩි සමානකමක් නැත. රජරත්නාකරයේ හෝ අන් එක ද වාර්තාවක නොමැති තොරතුරු රාජාවලිය ඉදිරිපත් කරයි. ඒ කරුණු මතු දැක්වේ: (1) නිමිත්තපාඨකයන්ගේ අනාවැකි ඇසු වගුරජු තම දියණිය ආරක්ෂා කළේ “සත්මාල්” ප්රා සාදය ලා බව රාජාවලිය කියයි. වංසකථාවන්හි එවැන් කිසිවක් සඳහන් නැත. සිහබාඅස්න36, සියබස් මල්දම්37 යන පොත් අනු ව ඈ ආරක්ෂා කරන ලද්දි එක්ටැම් ගෙයකය. 33.Vsp.p.249 34. පුජාසු, 64 පි. 35.Dip, and Mhv.p. 96. 36. කුවේණි, සිහබා සහ දඹදෙණි අස්න: කිරිඇල්ලේ ඤාණවිමල සංස්, 1960 (කුවේණි). 15 පි. 37. සියබස්මල්දම: ඔලබොඩුවේ රතනපාල සංස්. 1953(සියබස), 64 පද්ය ය. 50 රාජාවලිය මහාවංසයෙහි එක්ටැම් ගෙයක ආරක්ෂා කිරිමේ පුවතක් සඳහන් වන්නේ උන්මාදචිත්රාක පිළිබඳ වය.38 (2) විජයකුමාරා මුවසිරසේ නැකතින්, ගුරු‍ගේ හෝරාවෙන් ගුරුදින මිනරාසියෙන් උපන් බව රාජාවලිය කියයි. (මෙසේ නැකැත් හෝරා දින වකවානු දැක්විම කඩඉම්, විත්ති පොත්වල ලක්ෂණයකි.)39 (3) බුදුන් පිරිනිවන් පෑ සත්‍ වෙන් දින විජය හා පිරිස නැවු නංවා යැවු බව රාජාවලිය දක්වයි. මහාවංසය40, බෝධිවංසය,41 රාජරත්නාකරය.42 සියබසිමල්දම43 යන ‍පොත් දක්වන්නේ විජයාගමනය සිද්ධ වුයේ බුද්ධපරිනිර්වාණ දිනයේ ම බවය. කුවේණිඅස්නේ හා සහබාඅස්නේ එම දිනය සඳහන් නැත. (4) නැව පිටත් වුයේ කවර තොටුපලකින් දැයි රාජාවලිය. නොදක්වයි.ඒ නැව රුහුණු දෙස බලා සිටි විට ඒ නුවරවාසින්ගේ උගහටින් සමන්තකූට පර්වතය මුහුද මැද දි දැක තම්මැන්නා තොටින් ‍ගොඩ බට බවත් රාජාවලි වාර්තාවය. විජයරාජකථාව නම කෘතියේ ද මෙ ප්රඩවෘත්තිය සඳහන් වෙතත් එහි රුහුණ ගැන කිසිවක් නොකියැවෙයි.44 මේ අවස්ථාවේ දියෝගු ‍දො කුතෝ නම පෘතුගිසි ‍ජාතික ඉතිහාස වාර්තාකරුගේ සටහනක් කෙරෙහි ද අප සැලකිල්ල යොමු කරනු වටි. කූතෝගේ වාර්තාව නම් “ලංකාවේ ඇතුළු පැත්තෙහි වු ත්රිවක්විලිමලේ හා ජප්නපතාං නම් තුඩුව අතර පිහිටි ප්රෙලතුරේ නම් තොටුපලකින් විජය හා පිරිස ‍ගොඩබට” බවය. මෙම පාඨයේ එන ලංකාවේ ඇතුළු පැත්ත යන්නෙන් පෘතුගිසි ලේඛකන් විසින් අදහස් කැරුණේ නැගෙනහිර දෙස බවත්, ප්රෙපතුරේ යන පදයට සමාන වන ස්ථානය නම් පේදුරුතුඩුව බවත්, ප්රෙපතුරේ යන්නෙන් පෙරියතරේ යන ස්ථානය ගත යුතු බවත් කුතෝගේ ලංකා ඉතිහාසය ඉංගිරිසියට පෙරලන ඩොනල්ඩ් පර්ගියුසන් පෙන්වා දෙයි.45 වැලන්ටයින්රගේ ලංකා ඉතිහාසයෙහි සඳහන් වන්නේ විජය ත්රි්කුණාමලේ කන්ද අසල්නි ‍ගොඩබට බව ය.46 මේ කරුණු අනු ව යටත් පිරිසෙයින් රාජාවලිය ඇතුළු එම වාර්තා සම්පාදිත අවධියේ වත් විජය ලංකාවේ නැගෙනහිර වෙරළෙන් ගොඩබට බව පැවසෙ ඉතිහාස සම්ප්රයදායයක් පැවති බව පෙනේ. මහාවංස විස්තර අනුව කියැවෙන්නේ විජය හා පිරිස ලක්දිව වයඹදිග වෙරළින් ගොඩබට බවය. 38. Mhv – Ch.ix - 4 39. මාරඹේ, 17 පි. 40. Mhv., Ch. Vi - 47 41. සිංහලබෝෂිවංශය: වෙරගොඩ අමරමෝලි සංස්, 1951 (සිබේව.), 161 පි. 42. රාජරත්නාකරය: පී. එන්. තිසේරා සංස්.1929 (රාජරත්.) 2 පි. 43. සියබස් - 212 පද්ය්ි ස. 44. විජයරාජ කථාව: කොළඹ කටුගෙයි අංක 104 –K. 7 (12) දරන පුස්කොළ පොත. 45. J.R.A.S (C.B.), Vol,XX, No. 60 (1908),p.63. 46.ibid, p. 63, fn.4 මුලාශ්ර ය හා අන්තර්ගත කරුණු 51

(5) ඉන්පසු, රාජාවලියෙහි බුදුන්වහන්සේගේ ලංකාගමන කථාව විස්තර වන්නේය. මෙම විස්තරය ආරම්භ වන්නේ “ බුදුන් බුදුවන්ට පළමු සිරිලක රාවණාගේ යුඬයෙන් පසු ව යකුන්ඩ අත ඇරි එක්දහස් අටසිය සූසාළිස් අවුරුද්දක් ගියාහ” යන වාක්යකයෙනි. මේ තොරතුරු ද අනෙක් ඉතිහාස වාර්තාවක සඳහන් නැතත් කඩඉම් හා විත්ති පොත්වල රාවණා ගැන බොහෝ තොරතුරු දැක්වේ. බුදුන්ගේ ලංකාගමන්වල දිනවකවානු අතින් ද මහාවංස, පුජාවලි හා රාජාවලි වාර්තා අතර සමානකම් මෙන් ම වෙනස්කම් ද පෙනේ. ඒ මෙසේයි. ප්ර්ථමාගමනය: මහාවංසය හා පූජාවලිය; බුඬත්වයෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක දින47 රාජාවලිය: නව වන සම පිරිගිය දුරුතු මස පුර ගුරුදින පුසේ නැකතින් පොහොදින. විතියාගමනය: මහාවංසය: බුඬ්ත්වයෙන් පස් වන වර්ෂයේ විත්රනමාසයේ අව උ‍පොසථ දිනයේ48 පුජාවලිය : බුදු වු පස් වන අවුරුදු බග අව් පසලොස්වක් දින. 49 රාජාවලිය : බුදු වු ස වැසි අවුරුදු වෙසඟපුර පසළොස්වක. තෘතියාගමනය: මහාවංසය: බුඬත්වයෙන් අට වැනි අවුරුද්දේ වෙසක් මාසයේ දෙවැනි දින.50 පුජාවලිය : බුදු වු අට වැනි අවුරුද්දෙහි.51 රාජාවලිය: බුදු වු නම වැනි අවුරුදු පිරි ගිය විට අසළ මස පුර පසළොස්වක ලත් දින උත්ර:සලේනැකත්න්. විතියාගමන අවස්ථාවේ දි බුදුන් මණිනාග දිවයිනට වැඩම කළ බව පුජාවලිය දක්වතත් රාජාවලිය කියන්නේ උන්වහන්සේ කැලණිපුරයට පැමිණ නාගයුඬය සමථය කළ බවටය. (මහාවංස වාර්තාව අනු ව නම් නාග යුඬය නාගදීපයේ සිදු වුවකි).52 එපමණක් නොව බුදුන් තුන් දවසක් කැලණියේ වැඩ සිට නයින්ට බණ දෙසු බව ද රාජාවලි වාර්තාය. තුන් වන වර මණිඅක්ඛිත නාගරාජයාගේ ආරාධනාවෙන් කැලණියට පැමිණි බව අනෙක් පොත්වල සඳහන් වේ. ඒ අවස්ථාවේ දිඝවාපි හා අනුරාධපුර සොළොස්වස්ථානයට ගිය බව දීපවංසය53 හා මහාවංසය54 කියයි.එයට 47. Mhv,. ch, i, 19: පුජාසු.56 48. Mhv., ch, i, 45-47 49. පුජාසු,න 59 පි. 50. Mhv., ch. i, -71 51. පුජාසු., 60 පි. 52.Mhv.,ch. 7-45 53.Dipacamsa” Ceylon Historica; Journal. Vol. VII, 1959 (Dip) ch. 2, 61-69 54.Mhv., ch. i, 78-83 52 රාජාවලිය අමතරව සුමනකූටයට වැඩ එහි සිරිපතුල පිහිටැවු බව මහාවංසය55, වංසත්ථප්පකාසිනිය56 හා පුජාවලිය57 යන වාර්තා දක්වයි. සිරිපා පිහිටු‍විම බෞඬයන් අතර වැදගත් සිදිධියක් වුවත් එය දීපවංසය මෙන් ම රාජාවලිය ද සඳහන් කර නැත. තෘතීයාගමනය ගැන රාජාවලිය කියන්නේ “‍සොළොස්මස්ථානයේ මොහොතක් මොහොතක් කල් සොළොස් තැනක වැඩ සිටි” බව පමණය. (6) බුදුන් ල්කදිව පැමිණි ප්රකථමාවස්ථාවේ මෙහි සිටි යකුන් යක්ගිරි දිවයිනට යැවු බව සෑම ලේඛනයක ම සඳහන් වෙයි.58 එදා ඉතිරි වු යකුන් “තම්මැන්න වනයේ සැඟවි සිට ලග්ගල ලොග්ගල” උන් බව රාජාවලි ප්රහවෘතිතියයි. විජය තම්බපණ්ණි නුවර විසු බව මහා වංසය59 ද, කුවේණිඅස්න60 ද කියා ඇත. සිංහල බෝධිවංසය අනු ව නම් තමිමැන්නාව විජය පිරිවර සත්සියය සඟවා තැබු විලය.61 යක්ෂනගර ලෙස සිරිවත්ථු, ලංකාපුර යන ‍නම් මඟාවංසය62 හා වංසත්ථප්පකාසිනිය 63 දක්වන හෙයින් ර‍ාජාවලිය කියන ලග්ගල හා ලොග්ගල යට කි මහාවංස නම්වලට සාමන අපරනාමයන් යයි සිතිය හැකිය. යකුන් මඟුලට රැස් වු තැන “සිරිවත්පුරය” බව මෙම රාජාවලි විස්තරයේ අග ‍කොටසෙහි සඳහන් වන්නේය. ඒ යක්ෂ‍යන්ගේ මංගල උත්සවය පැවැති එක් නගරයක් ලෙස “ලග්ගල” යන්න සිහබාඅස්න64 ද සඳහන් කරයි.ලග්ගල, ලොග්ගල යන නම් කුවේණි අස්නේ සඳහන් වන්නේ මලරජු ඌරා පාරේ ලුහුබැඳ ගිය තැන් දක්වන නාමාවලියෙහිය.65 (7) කුවේණිගේ ළමැද තන තුනක් තුබු බවත්, ඉන් මැද තනය මැකුණු විට හිමි කෙනෙකුන් ලැබෙන බව ඉසිවරුන් විසින් පවසන ලද බවත්, කුවේණි විජය හමු වු විට එසේ ළමැද වු තනය මැකි ගිය බවත් රාජාවලිය සඳනහන් කරයි. මේ පුවත කුවේණි අස්නේ ද සඳහන් ‍වන්නේය.66 (8) පරින්ර්වාණ අවස්ථාවේ දි බුදුනු ශක්රලයා කැඳවා විජය ගැන සඳහන් කොට ලක්දිව ශක්රේයාට භාර දුන් බවත්, අනතුරු ව ශක්රයයා විසින් ලංකාව ආරක්ෂා කිරිම උපුල්වන් දෙවියන්ට පවරන ලද බවත් 55. Mhv., ch.i. 77 56. Vsp., p. 114 57. පුජාසු., 63 පි. 58.විජය පැමිණෙද්දි මෙරට යකුන් විසු බව Cuto කායා නැත: J.R.A.S (C.B.). Vol, XX, No. 60, 1908,p,63. 59.Mhv., ch 7-58. 60. කුවේණි.,3 පි 61.සිබෝව., 161 පි 62.Mhv., ch.vii, 32-33 63.Vsp., p.259 64. කුවේණි. 26 පි 65. කුවේණි. 10 පි 66.කුවේනි. 4 පි.

මුලාශ්ර,ය හා අන්තර්ගත කරුණු 53 මහාවංසගත පාඨයි.67 රාජාවලිය කියන්නේ බුදුන්වහන්සේ ශක්රං,උත්පලවර්ණ යන දෙදෙනාට ම ලක භාර කළ බවයි. (9) උපුල්වන් දෙවිඳු විජය හා පිරිසට සෙත් පතා අතුරුදහන් ව‍ු පසු මහාවංසය හා කුවේණිඅස්න දක්වන්නේ කුවේණියගේ පරිවාරික යක්ෂණයක බැලි වෙසින් ඔවුන් ඉදිරියට පැමිණි බවය.68 රාජාවලිය අනු ව කුවේණිය ම “හිමියෙකු ආ බව දැන නුගගස මුලට පස් පාටකින් වර්ණ වමාගෙන බැලි වෙසින් ඇවිත් නිරිඳුගේ පය ඉඹලා වෙණිය ගසා නොපිට ගියාය.” විජේරාජකථාව69 අනුව ද කුවේණි තමා ම “පස්පාටකින් කැමති බැලි වෙසක්” මවා ගත්තිය. (10) විජය රජු කුවේණි පිටුවහල් කරනු ලැබුවායින් පසු ඇය දෙදරුවන් සමග ලංකාපුර‍යට ගිය බව හා එහි දි විනාශයට පත් වු බව මහාවංසය කියයි.70 කුවෙණි අස්න,71 සිහබාඅස්න,72 යන පොත් දක්වන්නේ කවේණිදිවි වෙසක් ගෙන විදුරු දිවක් මවා විජය රජු මැරිමට ආ වගයි. ර‍ාජාවලිය දිවි වෙසක් ගැන සඳහන් නොකරතත් ඇය විදුරු දිව මවා ‍විජය මැරිමට ආ සැටි විස්තර කරයි. එම දිව උපුල්වන් දෙව්රදුන් නිය අගින් සිඳ දැමු බව කුවේණිඅස්න සඳහන් කරන අතර සිහබාඅස්න අනු ව මෙය කරන ලද්දේ වරම් රජතුමන් විසිනි. රාජාවිල ප්රනවෘත්තිය ඒ හැම වාර්තාවකට ද වඩා විස්තර සහිතය. රාජාවලිය පවසන්නේ: “ බුදුන් ලක්දිව භාර කර දුන් නිසා ශක්ර , බ්රේහ්ම, මහේශ්වර, කිහිරැළි, උපුල්වන්, සමන්, බොක්සල්, කතරගම කන්දකුරමා, විජය රජුට අරග්ගේන විදුරු දිව කඩමින් කුවේණිය ගල් කරමින් විජයිඳුට සැප සදා” දුන් බවය කුවේණිය ගල් කිරිමේ පුවත අනෙක් එක ද ලේඛනයක හෝ සඳහන් නැත. එමෙන් ම විජයිඳුට සැප සඳැ දුන් දෙවියන් අතර විබිෂණගේ නම සඳහන් නොවිම ද සැලකිය යුත්තකි. සතළොස් වන සියවස වන විට විභිෂණ ජනප්රිසය දෙවියෙකු නුවු සේය. පාලි පොත් හා පුජාවලිය නොදක්වන අමතර කරුණු පසු කාලවල දි සම්පාදිත සිංහල පොත්වලට ඇතුළත් වි තිබේ. කාලයාගේ ඇවැමෙන් අමතර ප්රදවෘත්ති එකතු විමෙන් මුල් කථාව ලියාලා යයි. ඒ ඒ කෘතිවලට මුලාශ්රරය වු වාර්තාවල ඇති විවිධත්වය නිසා ද මෙවැනි වෙනස්කම් සිදුවිය හැකිය. මේ පුවත දිපවංසයේ ද, මහාවංසයේ ද, කුවේනි අස්නේ ද. රාජාවලියේ ද දක්වා ඇති සැටියෙන් එය කෙමෙන් ලියා ගිය සැටි අව‍බෝධ කර ගත හැකිය. මේ අනු ව රාජාවලි කථාව කුවේණි අස්නේ වාර්තාවට ද වඩා පසු කාලයක දි සකස් වු බව පෙන්වා දිය හැකි වෙයි. රාජාවලිය විජය - කුවේණි 67. Mhv, ch, vii, 3-4 68. Mhv, ch, vii, 9:කුවේණි. 2 පි. 69. ‍කොළඹ කටුගෙයි අංක 104. K. 7 (12) දරණ පොත. 70. Mhv, ch, vii, 62 71.කුවේණි.5.පි. 72. කුවේණි.27.පි. 54 රාජාවලිය කථාව සම්බන්ධයේන නම් අනෙක් හැම වාර්තාවකට ද වඩා නෑකම් දක්වන්නේ විජේරාජකථාවට බව පෙනේ භද්දකච්චානා සමඟ පැමිණි ශාක්ය් කුමරයෝ පඬුවස්දෙව් රජු සරණ පාවාග්ත කුමරියගේ නම රාජාවලිය නොදක්වයි. රාජාවලිය කියන්නේ අමිතෝදන රජුට කුමාරවරුන් සදෙනෙකු හා කුමරියක සිටි බවත්, මේ කුමරිය කසායවස්ත්රජ හැඳ දෙතිස් දෙනෙකුගේන් යුතු පරිවරක් ද කැටුව ලක්දිව පැමිණි බවත්, පඩුවස්දෙව් රජු එපුවත අසා ඇය දැක සරණ පාවාගත් බවත්ය. වැඩි විස්තර ඇතුළත් මහාවංසය අනු ව භද්දකච්චානා නම් ඒ කුමරිය‍ෙග් පියා අමිතෝදන නොව ඔහු‍ගේ පුත් පණ්ඩු නම් ශාක්යචයා විය.73 පුජාවලිය ද මාහවංසය හා එගඟ වෙයි. ඇය අමිතෝදනගේ මිණිබිරියක බව දිපවංසය දක්වයි.74 භද්දකච්චානාගේ සොහොයුරන් ගණණ සදෙනෙකු බව රාජාවලිය කියතත් මහාවංස දක්වන්න් සත් දෙනෙකු වු බවය. ඔවුනතුරෙන් ලක්දිව පැමිණියේ සදෙනෙකි.75 මෙ කරුණුඅතින් වංසත්ථප්පකාසිනිය ද මහාවංසය හා එකඟ වෙයි.76 කසයින් දේවියට මයිලන් දස දෙනකු සිටි බවත් ඔවුන් සමග ඇය ලක්දිව පැමිණි බවත් පුජාවලිය දක්වයි. එහෙත් නගර පිහිටුවිම ගැන සඳහන් කරද්ද‍ි නම් දක්වා ඇත්තේ ස දෙනෙකු‍ගේ පමණය.77 ඒ සො‍ෙහායුරන්ගේ නම් හා ඔවුන් පදිංච් වු තැන් දක්වන මහාවංස, පුජාවලි හා රාජාවලි වාර්තා එක් සමන නොවේ. ඒ සො‍ෙහායුරන්ගේ නම් දීපවංසයේ දක්වා ඇතත් ඔවුන් ලක්දිව පැමිණි බවක් නම් සඳහන් නොකරය.78 මතු දැක්වෙන ලේඛනයෙන් ඒ කරුණු පැහිදිලි වේ:

දීපවංසය මාහාවංසය පුජාවලිය රාජාවලිය නම නගරය නම නගරය නම නගරය රාම රාම රාමගොණ රාම රාගොණ රාමගොත්ර රාමගොත්ර පුර නුවර තිස්ස උරුවෙල උරුවෙල උරුවෙල මහවැලිගම් උරුවෙල් විල්බා නුවර අනුරාධ අනුරාධ අනුරාධ අනුරාධ අනුරාධපුර අනුරාධ අනුරාධපුර නුවර මහාලි විජිත විජිතනගර විජිත විජිතපුර විජිත විජිතපුර නුවර දිෂාවු දිඝාවු දීඝාවු දීගා දිගාමඩුලු සු‍ඬොදන ගමුපල නුවර රොහිණි රොහණ රොහණ රොහණ රොහණ සවෙනි ශාක්ය කුමරායා මාගම් නුවර ගාමිණි

73. Mhv.ch.vii, 18 74. Dip., ch.x,16 75.Mlrv,.ch.ix.6 76.Vsp., p.272. 77.පුජාසු. 65 පි. 78. Dip., ch,x. 6

මුලාශ්ර,ය හා අන්තර්ගත කරුණු 55 පඬුවස්දෙව් රජුට වැදුණ දිවිදොස් දීපවංසය, මහාවංසය, පුජාවලිය ආදි ඓතිහාසික ලේඛනයන්හි පඬුවස් රජුට වැදුණ දිවිදොස් පිළිබඳ පුවත සඳහන් නො වේ. ‍එහෙත්‍ ‍‍ෙකා්‍්දුෙ‍ට් අවධි‍ සමෙය් හා ඉන්පසු ව මෙම වෘත්තාන්තය මුල් කර ගෙන සම්පාදිත කෘති ගණනක් ම ඇත්තේ ය. ඒ ග්රතන්ථ මෙසේය: කුවේනි අස්න79 සිහබා අස්න79 කොහොඹායක්කම හෙවත් විජයරාජකථාව80 දිවිදොස් සාන්තිය81 පලවැලදානෙ හෙවත් මලරද උපත82 දිවිරද කිව83 මලරජ ඌරු දානය84 මලේරාජ කථාව85 මෙම කෘති අතුරින් කුවෙණි අස්න ස වැනි පරාක්රෘමබාහු රජු දවස - එනම් කෝට්ටේ යුගයේ කරන ලද්දක් වන අතර86 අනෙක් හැම කෘතිය ම සතළොස් වන හෝ අටළොස් වන සියවසට අයත් සේ සැලකිය හැකිය. මේ අනුව සිතිය හැක්කේ පඬුවස්දෙව් රජු පිළිබඳ දිවිදොස් කථාව කෝට්ටේ සමයේ පටන් ක්රනමයෙන් වඩවඩාත් ජනප්රි ය වු බවය. කුවේනි අස්නෙහි හා අනෙක් කෘතිවල ද දිවිදොස් ප‍ුවත් දක්වා ඇති සැටි වෙන් වෙන් ව පරික්ෂාවෙන් සංසන්දනය කිරිමේ දි එය ක්රසමයෙන් විකාශනය වු සැට අවබෝධ කර ගත හැකි වන්නේය. කුවේණි අස්න දක්වන සිදුවිම කෙටියෙන් මෙසේය: 1. පඩුවස්දෙව් රජු සිහිනෙන් දිවිවෙසක් දැක බියපත් විර 2. ඡත්‍රයෙහි වසන සුරවර ඒ බව පුරඳරාට දැන්විම 3. දිවිදොස් සුව කළ හැක්කේ මලය රජුට බව ඇසිම 4. සක්දෙව් ‍රජු ඉසුරුට (ඊශ්වරට) නියේග කිරිම 5. ඉසුරු රාහුට නියෝග කිරිම 6. මලය රජු දඩයමෙහි ලොල බව අසා රාහු ඌරු වෙසක් ගෙන රජුගේ උයනට පිවිස උයන පාලු කිරිම 79. කුවේණි, සිහබා සහ දඹ‍දෙණි අස්න: කිරිඇල්ලේ ඥාණවිමල සංස්. (1960). 80.කොටස් 3කින් මුද්රි තයි 0 1926 81.හ්යු් නෙවිල්, සිංහල කවි (කාණ්ඩ 3කි) - අංක 682. 82. එම: අංක 34 හා 599 83.එම: අංක 600 84.Nevill Cat. Or. 6611 (238) හා J.R.A.S. (C.B.) New Series. Vol.VII, part 2, 1961 85.මුද්රිvතයි - 1922 86. GSL.p. 290 56 රාජාවලිය

7. මලය රජු ඒ අසා ඌරාට කරල් හියක් විදිම හා ඌරා රජුගේ මුදුනතින් පැන දිවිම 8. මල රජු ඌරා පාරේ රට පුරා ලුහුබැදිම හා ලක්දිව පිවිසිම (මෙම සිද්ධිය විස්තර කිරිමේදි “මලයරජු කිත් සිරස87 යන තුන්දෙන” ලක්දිව පැමිණ බව දැක්වේ. මලය රජුගේ ‍සොහොයුරන් දෙදෙනාගේ නම් සඳහන් වන්නේ මෙතන්හි පමණය.) 9. ඌරා පාරේ ලුහුබැඳිම හා ඇතැම් තන්හි දි වැදි සමූහයා රජුට එකතු විම 10. සන්තාන වනියෙදි ඌරා ගල් කුළක් බවට පෙරළිම හා නැවතිම, රජු ඌරාට විඳිම 11. පුරඳරා සුරපුරෙන් බැස පඬුව්ස රජු රකින ලෙස මලය රජුට ඔවා දිම 12. මලය රජු “අනුරාධාඛ්යස” පුරයට උතුරු දෙස මඟුල් උයනේ දි පඬුවස් නිරිඳු දැන සතිස් වැදිමුලුත් සමග නෘත්යු දක්වා රජු සතු‍ටු කොට දිවිදෙසින් මුදාලිම. සෙන්කඩගල පුර විරපරාක්රමම නරේන්ද්රකසිංහ රජුගෙ සෞඛ්යටවර්ධනය අපේක්ෂා කෙරෙමින් සම්පාදිත සිහබා අසිනෙහි දිවිදොස් කථාව දක්වා ඇත්තේ කෙටියෙනි. මලය රජුගේ සොහොයුරන් ගැන කුවේණි අස්නෙහි සඳහන් වන්නේ එක් තැනෙක - එනම්: ඒ තිදෙන ලක්දිව පැමිණි බව කියන තැන පමණක් බ යට පෙන්වා දෙන ලදි. පඬුවස් ‍රජු සුවපත් කළ අයුරු දැක්වෙන තැන පවා සොහොයුරන් දෙදෙනාගේ නම් සඳහන් නැත. එහෙත් සිහබා අස්නෙහි කෙටි වාර්තාවේ දෙපලක ම ඔවුන්ගේ නම සඳහන් වේ.88 කුවෙණි අස්නෙහි විරයා මලය රජු වුවත් සිහබා අස්නේ දි සොහොයුරන් තිදෙනාට ම සමාන තැනක් ලැබි ඇත. සිහබා අස්නෙහි මලය රජු‍ගේ නම යෙදෙනුයේ තුන්වැන්නා ලෙස89 බව ද සැලකිය යුතු වෙයි. ඊශ්වර ගැන ද මෙහි කිසි සඳහනක් නැත. කුවෙණි අස්න, සිහබා අස්න යන පොත් දෙකේ මෙවැනි සුලු වෙනස්කරම ඇතත් මලරජ පුවතේ විකසන සෙවිමේ දි සිහබා අස්නෙන් වැඩි වහලක් නොලැබෙයි. මේ අස්න පොත් දෙක හා මලරජ පුවත දක්වන අනෙක් ජනකවි පොත් ද පිරික්සිමෙන් ඒ කථාව කෙමෙන් ලියලා ගිය සැටි පැහැදිලි වෙයි. අස්න පොත් දෙකේ සඳහන් “මලය රජ” යන නාමය කවිපොත්වල දැක්වෙන්නේ “මල රජ” හෝ “මලේ රජ” කියාය. “මලය රජ” යන්න උච්චාරණයේ දි “මලේ ර‍ජ” බවට පෙරළ ගිය බව සිතිය හැකිය. කුවේණි


87. මුද්රිවත සංස්කරණයන්හි යෙදෙන මේ නම් නිවැරදි දැයි නොදනිමු 88. කුවේණි., 28 පි 89. “කිතිසිරි සදල මලය රජුන්”

මූලාශ්රයය හා අන්තර්ගත කරුණු 57 අස්නේ කථාවට අමතර වශ‍ෙයන් යථොක්ත කිවපොත්වල මල රජු‍ගේ උපත පිළිබඳ විස්තරයක ද එයි.ඒ කථාව මල රජුගේ උපත දැක්විම සඳහා නිරිමිත කවිසංකල්පනයක් සේ පෙනේ. එක් එක් කෘතියෙහ සුලුවශයෙන් වෙනස්කම් ඇතත්90 එම පුවත කෙටියෙන් මෙසේ දැක්විය හැක: “ රාවණා රජු විසින් සඟවා ගනු ලැබ සිටි සීතා බිසව යළිත් රාමා (හෙවත් විෂ්ණු) සමග එක් වුවාය. උමාගේ අයැදිම පිට දිනක් සිතා විනොදය සඳහා රාවණාගේ රූපය ඇන්දාය. මේ දුටු රාමා සිතා කෙරෙහි කිපි ඇය වනයට ගෙන ගොස් මරා දමන ලෙස සුමන දෙවියාට නියම කෙළේය. සුමන තෙමේ සිතා හිමාලයට ගෙන ගොස් ‍තාපසරාමයක් අසල රඳවා ආපසු ගොස් ඇය මැරූ බව රාමාට කිය. තවුසා ගැබ් බරින් සිටි සිතා දැක අනුකම්පා කොට තමාගේ ‍පොකුණු අසල කුටියක් තනා ඇයට දුනි. කල්යාමේදි ඇයට පුතෙකු ලැබිණ. දිනක් සීතා බිළිඳා යහන මත තබා පලවැල පිණිස ගිය විට බිළිඳා යහනෙන් බිම වැටි මහහඬින් හැඬුවේය. තවුසා එතනට පැමිණි මුත් බිළිඳාට අත තැබිම නොමනා හොයින්, බිළිඳා යහන මත නැති බව සිතා දුට හොත් ඇය දුකට පත් වන බව දැන අසල වු පොකුණෙන් මානෙල් මලක් කඩාගෙන යහනෙහි තැබුවේය. මානෙල් මලෙන් කුමරෙක් උපන්නේය. පසුව සිතා පැමිණ යහන මත සිටි කුමරාට කිරි පොවද්දි අනෙක් බිඳිදාගේ කටහඩ අසා බිම බලා පුදුම වුවාය. එතැනට පැමිණි තවුසා සිදු වු සියල්ල ති නමුත් ඒ ඇදහිය නොහැකි බවත්. එවැන් තවත් බිඳිදෙකු මැවුව හොත් තවුසාගේ වචන පිළිගන්නා බවත් කියා සිටියාය. අනතුරුව තවුසා ඊතණ ගසක් ගෙන තවත් බිඳිදෙකු මැවිය. සිතාගේ කුස උපන් කුමරා සඳලිඳු නම් විය. මලෙන් උපන් කුමරා මලරජ විය. ඊතණ ගසින් උපන් කුමරා කිත්සිරි නම් විය” රාජාවලි වාර්තාවේ එන “ ඒ මල රජ මොණර යතුරු පාද ගිය බිසව ඇති කරපු කුමාරයො යයි දැනගත යුතුයි. තපස්වරයා මහාආනුභාව ඇති කෙනෙක.මානෙල් මලෙන් උපදවා දුන්නයි දැනගත යුතුයි” යන වාක්යාය යට විස්තර කළ පුවත් අනු ව වටහා ගත හැකිය. මලේ රජුගේ උපත ඉතා කෙටියෙන් ද, දිවිදොස් මුදලිමේ කථාව එයට වඩා විස්තර සහිත ව ද, රාජාවලිය දක්වයි. රාජාවලි වාර්තාවේ කුවේණ අස්නේ 90.මලරජ උපතේ විවිධ වාර්තා සඳහා බලන්න: (1) J.R.A.S.(Great Britain and Ireland)April 1964,p.14 onwards. (2) ibid.,Dec.1947, p.161 onwards. (3)GSL.,P.292 onwards. (4)නෙවිල්: සිංහල කවි -1, 3 කාණ්ඩ අංක 34ළ 599,600 (5)චාල්ස් ගොඩකුඹුරේ, කො‍ොහඹා කන්කාරිය, 1963, හැඳින්විම. 91. පින්සරු එබිසව කුස ඔන් කුමරුට සඳලිඳුව නමින් රන් පියුමෙන් ලත් සුර කුමරුට ඉසිවර කී තබමින් තුන්වර ලත් කුමරුන්හට කිත්සිරි රජ නම් යොදමින් වෙන් කොට නම් එව සුර කුමරුට ඉසිවර කී විලසින් නෙවිල්, සිංහල කවි - (අංක 34) 1 කාණ්ඩය, 38 පිටුව.

58 රාජාවලිය

වාර්තාව තරම් පැරණි නොවන බවත්, එය පසු කාලයට අයත් අනෙක් කවි පොත් දක්වන තොරතුරුවලට නෑකම් කියන බවත් පෙන්වා දිය හැකිය. වෙනත් කරුණු පණ්ඩුකාභයට පසු ඔහු පුත් ගණතිස්ස නම් රජෙකු සතළිස් අවුරුද්දක් ‍රාජ්ය ය කළ බව රාජාවලිය සඳහන් කරයි.බෝධිවංසය.92 රාජරත්නාකරය93 යන පොත්වල ද ගණතිස්සගේ නම සඳහන් වන්නේය. පණ්ඩුකාභය කුමරා රජකම ලබා ගැනිම සඳහා මයිලන් සමග යුද්ධ කරන අවධියේ දි අභය රජුට පසු තිස්ස නම් අනෙක් සොහොයුරෙකු රාජ්යයආරක්ෂකයා වශයෙන් ක්රිපයා කළ බව මහාවංසය සඳහන් කර ඇත.94 මේ තිස්ස නමැත්තා යට කී වාර්තාවන්හි සඳහන් වන ගණතිස්ස විය යුතුය. වොරනාග රජු නිදොස් බැමිණියකගේ පුරුෂයා මැරිම නිසා සිදු වු බව දක්වන “ බැමිණියගේ සාය” පිළිබඳ පුවත ද රාජාවලි කතුරවරයා වසින් අමුතුවෙන් එකතු කරන ලද්දක් සේ පෙනේ. වහාවංස, පුජාවලී යන වාර්තා අනු ව බැමිණිටියා සාය හටගත්තේ වළගම්බා රජුන් දවස වේ.95 ශකවර්ෂය ආරම්භ විම ද වොරනාග රජු දවස බව රාජ‍ාවලිය සඳහන් කරයි. 8. මලකන්තිස්ස රජු පටන් දඹදෙණි පරාක්ර‍මබාහු තෙක් ර‍ාජාවලිය සම්පාදනයේ දි වාක්ය යෙන් වාක්යාය පුජාවලිය පිටපත් කිරිම පටන් ගන්නා ලද්දේ මලකන්තිස්ස රජු පටන් ඉතිහාස කථාව දැක්විමේ දීය. එනම්: “පෙර කී සුය්ය්තිසවංශයෙන් ආ කුඩාතිස්ස රජුගේ පුත් මලකන්තිස්ස රජ සමණන් මැරූ බිසව මරා දෙවිසි අවුරුද්දක් ‍රාජ්ජය කෙළේය” යන වාක්‍මණයේ සිටය. මෙතැන් සිට දඹදෙණිපුර පරාක්රපමබාහු රජතුමන් විසින් දරුවන් පස් දෙන ද වීරබාහු නම් බෑනා ද කැඳවා අවවාද දි වැඩිමල් විජයබාහු කුමරාට රජය පවරා දෙනු ලැබිමේ සිද්ධිය තෙක් ඉතිහාස කථාව සඳහා රාජාවලි කර්තෘ පුජාවලිය පිටපත් කෙළේය. මෙම කොටස පරික්ෂා කිරිමේ දි පූජාවලිය හා රාජාවලිය අතර පෙනෙන වෙනස එක ම‍ පොතේ පිටපත් දෙකක දැකිය හැකි වෙනසට වැඩි නොවන්නේ මය. ඒ පිටපත කිරිමේ දි කිණිහිරිදළ පටන් වසභ තෙක් රජුන් පිළිබඳ කරුණු රාජවලි කතුවරයා අතින් අතහැරි ගියේ තමා ආශ්රවය කළ පූජාවලි පුස්කොළ පිටපතේ යට කී කොටස ඇතුළත් පත්ඉරුව ප්රයමාදයක් නිසා පිටපත් කිරිමට අමතක විමෙන් හෝ. රාජාවලි කතුවරයා ඇසුරු කළ පූජාවලි පිටපතේ ද එම කොටස ඇතුළත් නොවිමෙන් හෝ විය හැකිය. මෙසේ ම රාජාවලියට ඇතුළත් නොවු තවත් රජුන් කිහිප දෙනෙකුගේ නම් අනන් තැනෙක පෙන්වා දෙනු ලැබේ.

92. සිබෝව්., 162 පි. 93. රාජරත්., 4 පි. 94. Mhv., ch. x, 51. 95. Mhv., ch,.xxxiii, 37: පුජාසු, 90 පි.


මුලාශ්රෙය හා අන්තර්ගත කරුණු 59

ගජබා රජු සොළි රට ‍ගොස් කළ ජයග්ර හණ දීපවංසය, මහාවංසය අතුළු පාලි ඓතිහාසක් ලේඛනයන්හි සඳහන් නොවන ගජබා රපු පිළිබඳ සිද්ධියක් පුජාවලිය. රජරත්නාකරය, පැරකුම්බාසිරිත, රාජාවලිය යනාදි සිංහල ඓතිහාසික වාර්තාවන්හි විස්තර වන්නේය. මෙය ඓතිහාසික වශයෙන් සත්ය සිද්ධියක් ද ප්රතශ්නය අපේ ඉතිහාස පොත්වල සාකච්ඡා කරනු ලැබුවක් හෙයින් ඒ කරුණු නැවත මෙහි ඉදිරිපත් කිරිම අනවශ්යඉය.96 පාලි ග්රුන්ථයන්හි සඳහන් නුවුවත් සිංහල වාර්තාවන් නිසා ආරක්ෂා වි ඇති මෙම සිද්ධියට සත්යන ප්රවවෘත්තියක් ම මුල් වි ඇති බව පැහැදිලිය. ගජබා රජු අභයගිරිවාසි භික්ෂුන්ට විශේෂ අනුග්රපහ දැක්වු තැනැත්තෙකු නිසා ඔහුගේ ජයග්රිහණයන් ගැන උදන් ඇනිමට මහාවිහාර පාක්ෂිකයන් අකමැති වු නිසා ද, බුදුදහමට විෂය නොවන පත්තිනි ඇදහිමේ ආරම්භය එකල සිදු වු හෙයින් ද මෙම සිද්ධිය පාලි ලේඛකයන්ගේ වාර්තාවලට ඇතුළු නුවු බව අනුමාන කළ හැකිය.97 යථොක්ත සිද්ධිය එක් එක් සිංහල වාර්තාවෙ සටහන් වි ඇති ආකාරය ගැන සංසන්දනයක් කිරිමට අපි අදහස් කරමු. මේ පුවත පළමු වරට සඳහන් වන්නේ පුජාවලියෙහිය. ඉතා කෙටි වු ජුජාවලි වාර්තාවේ වැදගත් කොටස් මෙසේය: “ගජබාහු රජ තමා දවස ලක්දිව මිනිදුන් කාවේරයේ මෙහෙයට යෙතියි යනු අසා....පියරජහු කරවු යොධයන් පනසක් ඔසවාදිලන තමන්ගේ යගදාව ගෙන...සයුරු පැහැර...දිය දෙබේ කොට පිටිපතුල් නොතෙමා සොළිරට ගොස්,එතන සිට කාවේරියේ මෙහෙයට ලක්දිව වැස්සන් නොගන්නට ව්යතවස්ථා කරවා කරය වටා රැකවල් ලවා.”98 රාජරත්නාකර වාර්තාව පූජාවලි වාර්තාව ද වඩා කෙටි වුවත් කරුණු විසින් එක් සමානය.99 පැරකුම්බා සිරිතෙහි100 පද්ය තුනක්නි කෙරෙන් එම විස්තරයෙන් යට කි පොත් දෙකින් ම ඉදිරිපත් නුවු අමතර කරුණු පැවසෙයි. ගජබා රජුට සැට වසකට ‍පෙර දී මාවටු පුරෙන් සිංහල සිරකරුවන් දොළොස් දහසක් ගෙන ගිය බවත්, රජු පසළොස් රියන් දිග තුන් රියන් වට යගදාව ගෙන මූද පීනා ගෙන සොළිරට ගිය බවත්, සොළි රජු වෙත ගොස් එම සිහසුනරා සිටි බවත්. යගදාව මිරිකා දිය පෙන්වු බවත්, සූවිසි දහසක් ජනය‍ා ආපසු මෙහි ගෙනා බවත් එහි සඳහන් වේ.


96. University of Ceylon History of Ceylon, 1959 (UCH) Vol. 1, part (i), pp. 183 – 185 97. ibid., p. 185. 98. පූජාසු., 93 පි. 99. රාජරාත්., 18 පි. 100. පැරකුම්බා සිරිත, ඩී.ජි. අභයගුණරත්න සංස්., 1931 (පර.) 12. 13. 14 පද්යු.

60 රාජාවලිය

රාජාවලි හා වන්නිරාජාවලි වාර්තා එක් සමානය. ගජබා පුවත ‍තවද‍ුර‍ටත් ජනශ්රැිතිමාර්ගයෙන් දියුණු වී ගිය සැටි මේ වාර්තාවලින් පෙනේ. සොළි රජු දෙමළ සෙනඟ සමග මෙහි පැමිණ සිරිකරුවන් දොළොස් දහසක් ගෙන යන ලද්දේ ගජබාවන්ගේ පිය රජු වක්නැසි නම්බප රජු දවයස. යුද්ධවිරයෙකු වු ගජබා රජු දවස එවැන්නක් සිදු වු බව කීම ඒ රජුගේ ගෞරවයට හානියක් කොට සිතන ලද සේය. පියරජුන් දවස සිරකරුවන් ගෙන ගිය බව ගජබා රජු දැනගත් හැටි ද විස්තර කෙරෙයි. සොළි රටට යාම සඳහා යුදසෙනග සහිත ව පිටත් වී යාපාපටුන තෙක් ගොස් ඒ හැම දෙන එහි නවතා රජ තෙම නීල යෝධයා ද කැටුව ගොස් සොළි රජුගේ සහසුනරා සිටියේය.එකල සොළි රට රාජ්යෝය ක‍ළේ සිරකරුවන් අල්ලා ගෙන ගිය රජු නොව ඔහුගේ පුත්රටයාය. රජ හා යෝධයා නොයෙක් වික්ර ම පෙන්වා සොළි ‍රජු බිය ගන්වා සිංහල සිරකරුවන් දොළොස් දහස ද පොල් වශයෙන් සොළින් දොළොස් දහසක් දැයි සූවිසි දහසක් දෙනා ද මෙහි ගෙන ආහ. තව ද පත්තිනි දෙවියන්ගේ රුවනසලඹත්. සිවුදේවාලේ දෙවියන්ගේ ආයුදත්, වළගම්බා රජු දවස ගෙන ගිය පාත්රනධාතුවත් මෙහි ගෙනන ලදි. සොළි රටින් ගෙනා සිරකරුවන් දොළොස් දහස අලුත්කුරුවේ පදිංචි කරවු බව ද සඳහන් වේ. පත්තිනි දෙවියන්ගේ රුවන්සලඹත්, සිවුදේව‍ාලේ දෙවියන්ගේ ආයුධත්, වළගම්බා රජු දවස ගෙන යනු ලැබු පාත්රදධාතුවත් ආපසු ලක්දිව ගෙන ඊමේ පුවත ගජබා රජුගේ ‍සොළි රට ආක්ර්මණයට සම්බන්ධ වි ඇත්තේ රාජාවලිය සමිපාදිත අවධියේ බව පෙනේ. සිලප්පදිකාරම්, මණිමේකලෛ යන ද්රවවිඩ කාව්යවයනට ද වස්තු වු පත්තින ඇදහිම පිළිබඳ වෘත්තාන්තාය සිංහල සිවුපද කවිපොත් කිහිපයකටත් වස්තු විමේන එය සිංහල සමාජයේ ජනප්රිිය ඇදහිලි ක්ර මයක් වි පැවති බව පෙනේ. අටළොස්වන ‍හෝ එකුත්විසිනවන සියවස්හි සම්පාදිත යයි සිතිය හැකි වයන්තිමාලය. පත්තිනිහෑල්ල, පත්තිනිඋපත, පත්තිනිපැතිම, වැදිපූපාව, සාගතේකවි, මඩුපුරේකවි,101කවිමඩුපුරය102 යන පොත් පත්තිනි ඇදහිල්ල පිළිබඳ විස්තර දක්වයි. මහාවංසය - සුළුවංසය පූජාවලි සහ රාපාවලි කර්තෲවරුන් දෙදෙන ම මහසෙන් තෙක් රජ වරුන් “මහාවංස” රජුන් ලෙසත්, එතැන් සිට සුළුවංසය ආරම්භ වන බවත් සලකති. ඒ පොත් දෙකේ ම යෙදෙන වාක්යෲය නම් “විජය රජු පටන් මේ මහසෙන් රජු දක්වා මහාවංසයෙහි ඔටුනු පැලඳි රජදරුවෝ තෙසැට දෙනෙක්වුහයි දැනගත යුතුයි” යන්නය. රාජාවලි කර්තෘගේ යම් යම් ප්රවමාද‍යන් නිසා රාජනාමාවලියෙන් ගිලිහි ගිය නම කිහිපයක් ද අමුතුවෙන් එකතු කළ ගණතිස්සගෙ‍ නම ද යොදා ඇති හෙයින් ‍රාජාවලියෙහ් සඳහන් කෙරෙන 101. මේ පොත් ගැන විස්තර සඳහා GSL.,pp.281 බලන්න 102. කේ.ඩී.සෝමදාස, ලංකා ජාතික කෞතුකාගාර පුස්කොළ ග්රකන්ථමාලා: 1 කාණ්ඪය 1960. අංක 9.

මුලාශ්රාය හා අන්තරගත කරුණු 61

විජය පටන් මහසෙන් තෙක් රජුන්ගේ සංඛ්යාසව තෙසැටකට අඩුය. අනෙක් තන්හි මෙන් ම මෙහි ද‍ි ද රාජාවලි කර්තෘ එම වාක්යවය පූජාවලියෙන්103 පිටපත කර දැක්වු බවට සැක නැත. එහෙයින් අප සැලකිල්ල යොමු විය යුත්තේ පූජාවලි වාක්යුය වේතය. පූජාවලියෙහි මහසේන රජු පිළිබඳ වාර්තාවේ ද‍ි පමණක් නොව තවත් වරක් සූතිස් වන පරිච්ඡේදය ආරම්භයේ දි ද වි‍ජය පටන් මහසෙන් තෙක් රාජනාමාවලිය දක්වමින් “මහාවංසයෙහි ඔටුනු පැළඳ රජ කළා වු රජුන් තෙසැට දෙන” යි සඳහන් කර ඇත.104 එහෙත් පූජාවලි වාර්තාවේ නම් කර ඇති රජුන්ගේ සංඛ්යා” 63ක් නො 67ක් වෙයි. මෙම නාමාවලියට රුහුණේ රාජ්යඇය ‍කළ මානාරජ, යටාලතිස්ස, ගොළුඅබා, කාවන්තිස්ස යන අයගේ නම ද ඇතුළත් වන හෙයින් එ සත රදන අත්හළ විට නම් ගණන 63ක් වන්නේය මේ කරුණු පුජාවලි කතුවරයාගේ සැලකින්ලට භාජන වු බවත් නොපෙනේ. මහාවංසය අනු ව විජය පටන් මහසේන තෙක් රජරට පාලකයන්ගේ සංඛ්යාලව වු 61ට උපතිස්ස ඇමිති‍ගේ හා වාසුඛි නැකැත්තාගේ නම් එකතු කළ විට ද තෙසැට සම්පුර්ණ වෙයි.(ව්සුඛි නැකැත්තා අනුලා බිස‍වගේ පුරුෂයෙකු වශයෙන් පුජාවලිය දක්වතත්ණ ඒ නම මහාවංසය සඳහන් නොකරයි.) මේ අනු ව පූජාවලිය සහ රාජාවලිය පොත්වල යෙදෙන “මහා වංසයෙහි ඔටුනු පැලදි රජදරුවෝ” යන්නෙන් විජය පටන් මහසේන තෙක් රජරට රාජ්යසය කළ රජුන් පමණක් කියැවෙතැ යි තිරණය කළ හැකිය. ඊ ළඟට මාහවංසය. සුළුවංසය යන වංස දෙක පිළිබඳ සාකච්ඡා කරමු. දීපවංසය ද, මහාවංසයේ ප්රසථම භාගය ද මහසේන රජුගෙන් කෙළවර වුවත් ඒ හේතුනේ යථාක්ත කෘතින්හි දැක්වෙන රජුන් පමණක් “මහාවංසයට” අයත් ලෙස සැලකිම යුක්ති යුක්ත නොවන්නේ මහාවංසයෙහි අනෙක් කොටස් ද ඒ නමින් ම හඳුන්වා ඇති හෙයිනි. චුලවංසය යන නම පසු කාලයේ දි ග්රමන්ථසංස්කාරකයන් විසින් යොදාගන්නා ලද්දක් බව පෙනේ.105 ශ්රිද වික්රසමරාජසිංහ රජුගෙන් අවසන් වන කොටස සඳහන් කරන්නේ ද “මහාවංසො නිට්ඨිතො” කියාය.106 මෙයින් පෙනෙන්නේ මහානාම හිමියන් මහාවංසයට පසු ව එකතු කරන ලද අනෙක් කොටස් ද “මහාවංස” නමින් ම හැඳින්වු බවය. එහෙත් කිරිතිශ්රි්රාජසිංහ රජු පිළිබඳ කරුණු දක්වන වංසකථා ගාථාවකින් මහාවංසය. චුළවංසය යන දෙකොටසකට අයත් ලක්දිව රජුන් පිළිබඳ තොරතුරු දක්වන මහාවංස නම් ග්රසන්ථයක් පැවැති බව කියැවේ.107 මේ අනු ව ලක්දිව රජ පරපුර මහාවංස, සුළුවංස යනුවෙන් දෙ කොටසකට බාදා දැක්විමේ සිරිතක් කිරිතිශ්රි්රාජසිංහ රජු දවස ද පැවැති බව 103. පූජාසුං. 97 පි. 104. පුජාසු. 83 පි. 105. Cv., part 1 introduction, p. 1. 106. Cv.’ Part ii p. 592. 107. Cv., ch. xcix, 75-78.

62 රාජාවලිය

පෙනේ. පූජාවලියේ යට සඳහන් පාඨය අනු ව. දඹදෙණි යුගයේ දි එවැනි බෙදිමක් පැවැති බවත්, ඒ වංස දෙක වෙන් වනුයේ මහසෙන් රජුගෙන් බවත් පැහැදිලිය. මේ බෙදිම සටහන් වන, දැනට ලැබි තිබෙන පැරණිතම ලේඛනය නම් දොළොස් වන සියවසට අයතු මිණිපේ පුවරු ලිපියය.108 “......විජය රාජකුමායන් පටන් සුළුවසැ මහවසැ බොහො ර‍ාජපරම්පරායෙහි සිරිලක්හි අගතැන්පත් අහාසලමෙවන් කල්යා ණවති”109 යන පාඨයෙන් ද ‍යථොක්ත උභයවාසයෙහි සිමා නොකියැවෙයි යටත් පිරිසෙයින් ‍පොළොන්නරු යුගයේ දි එවැනි සම්මතයක් පැවැති බව නම් තීරණය කළ හැකිය. මහසෙන් සමයේ ඉතිහාසය දැක්විමේ දි පුජාවලිය අනුගමනය කරන රාජාවලි කර්තෘ මහසේන රජුගෙන් පසු සුළුවංසය ආරම්භ වු සැටි විස්තර කිරිම සඳහා අමතර වශයෙන් එක් ඡේදයක් එකතු කරයි. එහි දක්වා ඇති හේතුන් අතර සැලකිය යුතු වන්නේ මහසෙන්ගෙන් පසු අනුරාධපුරය පාළු විමත් රටෙහි සශ්රිහකත්වය අඩු විමත් යන කරුණු වේ. මේ වු කලි රාජවංස දෙකක් වෙන කිරිමට තරම් ප්රයමාණවත් සාධකයක් සේ නොපෙනේ. අභයගිරි පාක්ෂිකයන්ගේ උපදෙස් පිළිගත් මහසෙන් රජුන් විසින් මහාවිහාරය සම්පූර්ණයෙන් ම වාගේ විනාශ කරන ලද බව නම සැබෑවකි.110 රාජානුග්රිහය සම්පූර්ණයෙන් වෙන අතකට යොමු විම නිසා මහාවිහාරය විනාශ වි ගිය කාලපර්ච්ඡේදයෙන් දිපවංස, මහාවංස යන වංසකථා අවසන් කිරිම පුදුමටය කරුණක් නොවේ. පසු කලෙක දි එය මහාවංසයේ කෙළවර ලෙස සලකන්නට ඇත. දළදාව රාජාවලියෙහි දැක්වෙයන පරිදි, මහසෙන් රජු පුත් කිත්සිරිමෙවන් රජු පිලිබඳ වාර්තාවෙහි විශේෂයෙන් සඳහන් වන කරුණ නම් දඳදාව මෙහි ගෙන ඊම සම්බන්ධ ප්රවවෘත්තියයි. මෙහි දි රාජාවලි ලියන්නා පූජාවලිය ඇසුරු කරමින් වුව, කමාගේ ම වාර්තාවක් සපයයි. ඒ අමුතු කරන ලද වාර්තාවෙහි ලංකාවට ගෙන එන ලද්දේ දකුණු දළදාව බව කියැවේ. පූජාවලියෙහි සඳහන් “දළදා වඩා ගෙනවුත්” යනුවෙන් දැක්වෙන පුවතට වැඩි විස්තර එකතු කරමින් “ දකුණු දළදා සාමින්” යනාදි වශයෙන් අනෙක් වාර්තාවක නොමැති කරුණක් එකතු කර තිබේ. මුද්රිුත වතුවත්තේ පේමානන්ද සංස්කරණයේ හැර අනෙක් සියලු මුද්රි්ත හා පුස්කොළ පිටපත්වල මෙම පාඨය එසේ ම සඳහන් විය. පාළි දාඨාවංසයේත්, සිංහල දළදාසිරිතේත් “වම් දළදාව” බව සඳහන් වෙයි.


108. E.Z. Vol, No. 12. 109. lines 8-11. 110. නිකායසංග්රNහය, ඩී. පී. සමරනායක සංස්. 1960 (නිකා), 77 පි.


මුලාශ්රිය හා අන්තර්ගත කරුණු 63 දඹදෙණි පරාක්රපමබාහු රජු තම පුතුන් පස්දෙන හා බෑනණුවන් කැඳවා දුන් අවවාද හා පසු ව රජ පැමිණි විජයබාහුගේ කටයුතු ද පිළිබඳ දීර්ඝ විස්තරයක් කරමින් පූජාවලිය අවසන් වෙයි. රාජාවලියෙහි මෙම කරුණු දක්වා ඇත්තේ සංක්ෂේපයෙනි. 9. විජයබාහු පටන් මායාදුන්නේගේ අභාවය තෙක් සතරවන විජයබාහු තෙක් ඉතිහාස වාර්තාව පූජාවලියෙන් පිටපත් කර ගත් රාජාවලි කර්තෘ එතැන් සිට “අලකේශ්වර යුඬය” දෙසට හැරුණේය. යුරෝපිය ජාතිකයන් තිදෙනෙක් ද මෙම වකවානුවේ ඉතිහාස කථාව ලියා තැබුහ. ඔවුහු නම් ද‍ියොගු දෙ කතෝ111, වැලන්ටයින්112, ක්වෙරෝස්113 යන තිදෙනා වුහ. මොවුන්ගේ ඉතිහාස කථා රාජාවලියට වඩා විස්තර සහිතය. රාජාවලියෙහි ඇතුළත් කරුණු විභාග කිරිමේ දි මොවුන්ගේ සටහන් ගැන සලකා බැලිය හැකිය. රාජාවලි කර්තෘ දුටු අලකේශ්වර යුඬය ආරම්භ වන්නේ ලංකාවේ රජෙකු විනයට අල්ලා ගෙන යනු ලැබිමේ පුවත හා අලකේශ්වර මන්ත්රි ගැන සඳහන් වන වාක්ය යෙනි කොළඹ කටුගෙයි ඇති අලකේශ්වර යුඬයේ පිටපත් දෙක114 ආරම්භ වන්නේ “තව ද මේ ශ්රිය ලංකාවිපයෙහි රජතෙම මහා චිනෙන් ඇවිත් ප්රරයොගයකින් අල්වාගෙන ගියා‍යින් පසු ලංකාවේ රජ්ජුරුවන් නැති සෙයින් අලකේශවර නම් මන්ත්රිනස්වර තෙම රයිගම් නුවර විසුහ” යන වාක්යවයෙනි. සතරවන විජයබාහුගෙන් පසු ශතවර්ෂාටික කාලයක ඉතිහාස කථාව ගැන නොදත් රාජාවලි කර්තෘ, චිකයට අල්ලා ගෙන යනු ලැබු රජු යට කි විජයබාහුවන් බව සලකමින්. අල‍කේශ්වර යුඬය පිටපත් කිරිමේ දී, ග්රබන්ථාරම්භය වශයෙන් කෙටි ඡේදයක් ද එකතු කළේය. ඓතිහාසකි ප්රුවෘත්ති තත් වු පරිද්දෙන් නොදත් රාජාවලි කර්තෘ චන්ද්රුභානු නම් ජාවක රජුගේ ආක්රඬමණයත්, චින ආක්රදමණයත් යන දෙක මිශ්රෙ කර ගනිමින් යට කී ජේදය සම්පාදනය කළා විය හැක. චින රජුගේ නාමය ලෙස රාජාවලි කර්තෘ දක්වන “දොස්” යන පදය “ජාවක” යන්නේ ම විකෘතියක් බව අප අදහසයි.115 අලකේශ්වර යුඬය මෙන් ම කූතෝගේ වාර්තාව ද චින ජාතිකයා‍ගේ නම සඳහන් නොකිරමි මෙහි ලා සැලකිය යුතු වෙයි. එමෙන් ම දඹදෙණි අවධියේ 111. “The history of Ceylon from the earliest time to 1600 A:D: as related by Joan de Barros and Diago do Cuto”. Translate and edited by Donald Ferguson, J.R.A.S. (C.B.), Vol XX, No.60.1908 (Cuto.) 112. Ceylon:මෙහි සම්පුරුණ පරිවර්තනයක් නොමැත. අප ආශ්ර ය කළෝ ඩොනල්ඩ් පර්ගියුසන් විසින් පරිවර්තනය කරන ලදුව රාජාවලිය J.R.A.S.(C.B.) සංග්රයහයේ 22 කාණ්ඩයේ 63 අංකයේ (1910) පළ වන වැලන්ටයින් ඉතිහාසයෙන් කොටසකි.(Valantine) 113. Fernao de Queyroz, The Temporal and Spiritual Conquest of Ceylon, Tr.S.G. Perera, 1930 (Queyroz)’ 114. A.P. 4 A.F. 15 (1810) 115. චින රජු‍ෙග් නම චෙං ‍ොහ් බවත් එහි ගෙන යනු ලැබු සිංහල රජු විරඅල‍ෙක්ශ්ුවර බවත් පරණවිතාන පෙන්වා දෙයි.UCH., p. 652


64 රාජාවලිය අවසානයේ පටන් දිර්ඝ කාලයක ඉතිහාස කථාව කූ‍තෝ අතින් ද ගිලිහි ගොස් තිබේ.116 මෙයින් පෙනෙන්නේ අල‍ෙක්ශ්වර යුඬය හෝ එයට සමාන අනෙක් වාර්තාවක් කූතෝට ද මූලාශ්රෙය වු බවය. රාජාවලිය, අලකේශ්වර යුඬය හා සැස‍ලඳෙන අයුරු මෙතැන් සිට පිරික්සමු. ආරම්භයේ පටන් පොත් දෙකේ මුල් පිටු කිහිපය පදයෙන් පදය ම සාමනකම දක්වයි. ආරමබක වාක්ය කිහිපය සැසඳිමෙන් එහි වෙනස පැහැදිලි කර ගත හැකි වෙයි. අලකේශ්වර යුඬය: “......පසු ලංකාවේ රජ්ජුරුවන් නැති හෙයින් අලකේශ්වර නම් මන්ත්රිඬශ්වර තෙම රයිගම් න‍ුවර විසුහ. උඩරට රජකමට පැමිණි භුවනෙකබාහු රජතෙම ගම්පල නුවර විසුහ. යාපාපටුන රජකම් කරන ආය්ය්් නචක්ර්වර්ති රජ විසූහ. මෙම රජුන් අතුරෙන් ආය්ය්ත චක්රමවර්තිහු චතුරිඟිනි සේනා බලයෙන් හා අර්ථබලයේන අධික හෙයින් ලංකාවේ නවතොටමුණයෙන් සෑම රටවලින් අවුරුදු පතා නොයෙක් අය පඬුරු ගෙන්වා වාසය කරන කල්හි එක් දවසක් අලකේශ්වර නම් මන්ත්රිඅශ්වර තෙම තම‍ාගේ සේනාවාහන දැක....”117 රාජාවලිය: “ පසුව ලංකාවේ රජුන් නැති හෙයින් අලකේශ්වර මන්ත්රියා රයිගම නුවර විසුවාහ.පරාක්රවමබාහු රජ බෑනා ගම්පල නුවර උන්නාහ.. යාපාපටුන ආය්ය්විසචක්රසවර්ති රජ උන්නාහ. මේ රජුන් අතුරෙන් ආය්ය්ය් චක්රචවර්ති රජුගේ සේනාව බලයෙන් උඩරටින් ද පාතරටින් ද නවතොට මුණෙන් ද අයබදු ගෙනවන සඳ එක් දවසක් අලකේශ්වරයා තමාගේ සේනාව දැක බලා..”118 මේ කෘති දෙක අතර පවත්නා වෙනස නම එක ම පොතක අත්පිටපත් දෙකක පවත්නා වෙනසට වැඩි නොවන බව පැහැදිලිය. රාජාවලිය පූර්ව භාගය හා පූජාවලිය අතර ද මෙයට ම සමාන තත්වයක් පැවැති බව යට දක්වන ලදි. ඇතැම් කරුණු දැක්විමේ දි එක් ඒක කෘතියෙහි අමතර විස්තර ඇතුළත් වන්නේය. අලකේශ්වර යුඬය, රාජාවලිය යන ‍පොත් දෙක සමාන නොවන තැනක් නම් කෝට්ටේ පරාක්රේමබාහු රජුගේ පරම්පරා විස්තරයයි. අලකේශ්වර යුඬයේ එන වාර්තාව මෙසේය: “ ශ්රි් බුඞවෂර්යෙ.න් එක්දහස්නවසියය පනස් අටවනු වෙසඟපුර සතවක් ලත් බ්රේහ්පතින්දා පුසේ නැකතින් ශ්රිු වෛවස්ත මනු සංඛ්යානත මහාසම්මත පරම්පරානුයාත ශුඞ සූය්ය්ප වංශොද්භුත සුමිත්ර රාජපුත්රය පවිත්රම ගොත්රතභිජාත නවරත්නාධිපති ශ්රිසමත්තම්හනගොත්රත සංජාත වු යවුළු විජයබාහු රජහට පුත්රි වු පරාක්රාමබාහු මහරජහට මුණුබුරු වු ජයමහලේන ස්වාමින් නමැති කල්පවෘක්ෂය වැලැන්දා වු ස්වර්ණලතාවක් වැනි වු


116. Cuto, 66,67. 117. අලයු., 19 පි. 118. 207 පි.

මුලාශ්රාය හා අන්තර්ගත කරුණු 65 සුනෙත්රා නම් දෙවින්ගේ ගර්භ නැමති මෙඝමුඛයෙන් නිකුත් වු චන්ද්රැමණ්ඩලයක් වැනි වු රුකු‍ලේ පරාක්රේමබාහ‍ු මහරඑතෙම විද‍ගම මහාස්වාමින්ගේ උපස්ථම්භයෙන් ශ්රි ලංකාවිපයෙහි මහරජකමට පැමණ..”119 සවැනි පැරකුම්බා රජුන් ගැන පැරකුම්බාසිරිත දකවන පද්යණයක් ද කරුණු අතින් පමණක් නොව පද ගැළපිම අතින් ද යට දැක්වු අලකේශ්වර යුඬයෙහි වාර්තාවට සමානකම් දක්වයි.120 රාජාවලි වාර්තාව ආරම්භ වන්නේ ද “ ශ්රිු බුඞවර්ෂයෙන් එක්වාදහස් නවසිය පනස්අටක් ව‍ු වෙසඟ පුර සතවක ලත් බෘහස්පතින්දා පුසේ නැකතින්” යන පාඨ‍යෙන් වුවත් රාජාවලි කියන්නේ ඒ නැකතින් විජයබාහු ර‍ජ චීනයට අල්ලාගෙන ගිය බවය. අලකේශවර යුඬය ඒ දක්වා ඇත්තේ පරාක්රෙමබාහු රජු රජකමට පැමිණි නැකත වශයෙනි. රාජාවලිය කියන්නේ පරාක්ර‍මබාහ‍ු (චිනයට අල්ලා ගෙන යනු ලැබු) විජයබාහු ‍රජුගේත්, සුනේත්රා‍ දෙවි‍ගේත් පුත්රකයා බවය. කූතෝගේ ඉතිහාසය අනු ව පරාක්රවමබාහු වු කලා චිනයට අල්ලාගෙන යනු ලැබු දඹදිනේ පන්දාර් රජු‍ගේ පුතෙකි.120 වැලන්ටයින් කියන්නේ පරාක්ර‍මබාහු නම් සව්ලුව්ග බාහු, සිමිත්රම දෙව යන දෙදෙනාගේ පුතුන් බවය.121 දඹදෙණි රජුන්ගෙන් පසු ශතවර්ෂාධික කාලයක ඉතිහාස කථාව සටහන් නොකළ රාජාවලි කර්තෘ, කූතෝ, වැලන්ටයින් යන තිදෙනා අතින් යට කී අඩුපාඩුව මකාලිම සඳහා මෙවැනි වර්තාවක් සම්පාදනය විම පුදුමයක් නොවේ. විජයබාහු රජු චිනයට ගෙන යනු ලැබිමෙන් පසු” එරජු‍ගේ බිසව සුනේත්රා දෙවි කුමාරයාත් කැඳවාගෙන නුවරින් නික්ම විදාගම වෙහෙරට” වන් බව රාජාවලි වාර්තාය. කූතෝ කියන්නේ චිනයට ගෙන යනු ලැබු රජුගේ වැන්දඹු දුවක හා ඇගේ කුඩා දරුවන් දෙදෙන වනගත වු බවය.122 සුනේත්රාහ දෙවිය හා කුමරා විදාගම තෙරුන්ගේද අනුදැනුම ඇති ව රුකුලේ පොල්වත්තේ 123 ආචාරියාගේ ගෙදර සැඟවි සිටි බව රාජාවලිය විස්තර කරතත් එවැන්නත් අලකේශ්වර යුඬය, වැලන්ටයින් ඉතිහාසය124 යන වාර්තා දෙකේ ම පරාක්ර්මබාහු ගැන සඳහන් කරද්දි “රුකුලේ පරාක්ර2මබාහු මහරජ” යි දක්වා තිබිම සැලකිය යුතු කරුණකි. 119. අලයු. 21 පි. 120. මෙලෙස තෙදබල මහත් අණසක ඇති රජුන් කුල පිවිතු රු සවුළු විජෙබා නිරිඳු පිති පැරකුම් රජුන්හට මුනුබු රු ලමැනි ජයමහ ලැන හිමි සුරතුරු වෙළූ රන්ලිය යු රු සුනෙත් මහදෙවි බිසෝහිමි ලත් රජරුවක් සොඳ බුදුකු රු 27 පද්යිය. 120.Cuto,pp 66,68. 121. Valantine, p. 36. 122. Cuto,p – 67 123.රුකුලේපොල්වත්ත ගල්බොඩ කෝරළේ පිහිටි ගමක් බව පෙනේත Queyroz.p.23. 124. Valantine, p. 36. 66 රාජාවලිය

“රුකුලේ” යන පදයෙන් ඊ.ඩබ්ලිව්. පෙරේරා සිතන පරිදි “රිවිකුල” යන අර්ථය නොව ස්ථාන නාමයක් ප්ර කාශ වේ දැයි සිතනු වටි.125 රජ විමේ දි පැරකුම්බාවන් සොළොස් වියේ සිටි බව රාජාවලි කර්තෘ මහ කූතෝ126 යන දෙදෙනා ම සඳහන් කරති. පැරකුම්බාවන් රජකමට පැමිණෙද්දි ඔහුගේ මව පරලෝසැපත් වි සිටි බව කූතෝ සඳහන් කරතත්127 රාජාවලිය එවැන්නක් නොදක්වයි. අලකේශ්වර යුඬය, රාජාවලිය, කූතෝ, වැලන්ටයින් යන හැම වාර්තාවක් ම එකඟ වන කරුණක් නම් පරාක්රයමබාහු රජු‍ගේ රාජ්යාපදප්රා ප්තියේ දි විදාගම ස්ථවිරයන් උපස්තම්භක වු බවය. රජ විමේන පසු කීරවැල්ලෙන් බිසෝ කෙනෙකුන් ගෙන්වා අගමෙහෙසුන් කරගත් බව රාජාවලිය සඳහන් කරයි. කුතෝ කියන්නේ බිසව මහනුවර රජු‍ෙග් දියණියක බවය.128 පැරකුම්බා රජු‍ගේ දරුවන් ලෙස “ ලෝකනාථ නම් වු උලකුඩය දේවි” ගැන අලකේශ්වර යුඬ්ය සඳහන් කරන අතර අලකේහ්වර යුඬය සහ රාජාවලිය යන වාර්තා දෙක ම කියන්නේ සේනානායක සපුමල් කුමාරයන් හා අඹුලුගල කුඩාකුමාරයන් ඇති කරගනු ලැබු බවය. ඒ රජුට පුතුනු නොසිට බව හා එක් දුවක සිටි බව කූතෝ කියයි.129 තව ද පැරකුම්බා රජු දවස ලක්දිව ගොඩබට කණ්ණඩි රජුන් හා සේනාව ගැන අලකේශ්වර යුඬය සඳහන් නොකරයි. මෙතැන් සිට අලකේශ්වර යුඬ්ය සඳහන් කරන යුඬ පිළිබඳ වාර්තාව පිළිවෙළින් මෙසේය: මලවර යුඬය, උඩරට‍ ජොතිය සිටු පරාජය කිරිම, දහඅටවන්නි පරාජය කිරිම හා යාපාපටුන ජයග්ර්හණය. රාජාවලිය සඳහන් කරන යුඬවාර්තා පිළිවෙළ මෙසේය: ‍යාපාපටුනු පරාජය, මලවර යුඬය හැ උඩරට ‍සෝජාත සිටු පරාජය කිරිම. දහඅටවන්නි ජයග්ර්හණය ගැන රාජාවලිය සඳහන් නොකරයි අලකේශ්වර යුඬය ද එය සඳහන් කරන්නේ නාමමාත්රය වශයෙන් පමණි. අනෙක් අතිත යාපාපටුනු ජයග්ර්හණය ගැන දිර්ඝ විස්තර අලකේශ්වර යුඬයෙහි දැක්වේ. පරාක්රවමබාහු රජුගේ අභාවයෙන් පසු මන්ත්රිකවරුන් හා සේනාව රැස් ව උලකුඩයදේවිහට පුත්ර වු ජයවිර කුමාරයන් පරාක්රෙමබාහු යන නමින් සිංහසනප්රාදප්ත කළ බව අලකේශ්වර යුඬය දක්වන අතර රාජාවලිය කියන්නේ උලකුඩය දේවියගේ පුත්රරයා විරපරාක්රයමබාහු නම් තබා සිංහාසනප්රාංප්ත කරන ලද්දේ අභාවයට කලින් පරාක්රරමබාහු රජුන් විසින් ම බවය. මෙතැන් සිට යළිත් අලකේශ්වර යුඬය, රාජාවලිය යන පොත් දෙක සමාන වෙයි. පෘතුගිසින් මෙහි පැමිණ වර්ෂය අලකේශ්වර යුඬය සඳහන් නොකරය. රාජාවලිය කියන්නේ ඔවුන්ගේ පැමිණිම වුයේ “එක්වා දහස් 125. J.R.A.S.(C.B.) XXII, No. 63 (1910), p. 38. 126. Cuto, p. 68. 126. Cuto, p. 68. 127. Cuto, p. 68. 128. Cuto, p. 68. 129. Cuto, p. 68. මූලාශ්රරය හා අන්තර්ගත කරුණු 67

පන්සිය විසිදෙකක් වු” වර්ෂයේ දි බවය.130 මෙම වචන ඇතැම් රාජාවලි පිටපත්වල ද ඇතුළත් නොව හෙයින් පසු කලෙක එකතු කරන ලද්දක් දැයි අනුමාන කිරිමය සිදු වේ. කූතෝ. ක්වේරොස් යන දෙදෙනා ම පෘතුගිසින් පැමිණි වර්ෂය 1505 බව දක්වති.131 මැණික්කඩවර ශ්රිය රාජසිංහ, විජේබාහු යන දෙදෙනා එක දෝලිය සරණ පාවාගෙන කුමරුවන් සතර දෙනෙකු ලැබු බව අගකේශ්වර යුඬය සඳහන් කරයි. ඔවුන්ගේ නම් පිළිවෙළින් මෙසේය; මහරයිගම්බණ්ඩාර, බුවනෙකබාහු මහරජ, පරරාජසිංහ රජ, මායාදුන්නේ රජ. රාජාවලිය කියන්නේ යට කි සොහොයුරන් දෙදෙනාට දරුවන් තිදෙනෙකුන් සිටි බවය. ඒ නම් පිළිවෙළින් මෙසේය: භුවෙනකබාහු, රායිගම්බණ්ඩාර, මායාදුන්නේ රජ. කූතෝ, ක්වේරෝස් යන දෙදෙන ම එක දෝලිය සරණ පාවා ගැනිමක් ගැන සඳහන් නොකරති. රජු‍ගේ සො‍හොයුරෙකු‍ගේ පුතුන් සතර දෙනෙකු හා දුවරුන් දෙදෙනෙකු ගැන සඳහන් කරන කූතෝ එම ඡේදය අවසානයේ දි බොඅනෙගබෝ පන්දාර්, රෙඉගම් පන්දාර්, මඳුනෙ පන්දාර් යන නම් තුනක් දක්වයි.132 විජයබාකොල්ලයට සහභාගි වුයේ එම රජු‍ගේ වැඩිමල් ‍සොහොයුරාගේ දරුවන් බව ක්වේරෝස් ද කියා ඇත.133 විජයබාකොල්ලය පිළිබඳ විස්තර අලකේශ්වර යුඬය සහ රාජාවලිය යන පොත් දෙකේ වාක්යලයෙන් වාක්යඅය ම සමාන වන්නේය. ඇතැම් තැනෙක පිටපත් කිරිමේදි දි සිදුවිය හැකිය යි සිතිය හැකි ස‍ුළු වෙනස්කමක් දැකිය හැකිය. විජයබා‍කොල්ලය ගැන විස්තර හැම ඉතිහාස වාර්තාවක ම සඳහන් වන්නේය. රාජාවලිය කියන්නේ “සලමාන් කියන ආගන්තුකයා” ලවා විජයබාහු රජු මැරවු බවය. අලකේශ්වර යුඬයේ පිටපත්වල ඒ තැනැත්තා හැඳින්වෙන්නේ “සලඹයා, සැලඹයා” යන නම්වලිනි. වැලන්ටයින් ඒ නම දක්වන්නේ “සේලම්” යනුවෙනි.134 අනෙක් අතට බුවනෙකබාහු. මායාදුන්නේ. රයිගම්බණ්ඩාර යන වාර්තාකරුවන් දෙදෙනා ම සඳහන් කරති.135 සිතාවක රජ පැමිණි මායාදුන්නෙට ආය්ය්ාර නම් මන්ත්රිමයෙකු සිටි බව අලකේශ්වර යුඬය, රාජාවලිය යන පොත් දෙක ම සඳහන් කරතත් කූතෝ, ක්වේරෝස් යන දෙදෙනා ම ඔහු ගැන කිසිවක් නොපවසති. බුවනෙකබාහු රජ “ගම්පල වරිගෙන් බිසෝ කෙනෙකුන් දෝලියට” ගෙනා බව රාජාවලිය සඳහන් කරතත් කූතෝ කියන්නේ ජවිර ප්ර කුර මඛ‍ගෝ රජුගේ මිණිබිරිය සරණ පාවාගත් බවය. 136 130. රාජා, 213 පි. 131. Cuto, p. 71: Queyroz: p. 176. 132. Cuto p. 71. 133. Queyroz.p. 203. 134. Cuto, p. 72.ft.n.4 135. Cuto, p. 72: Queyroz, p. 203. 136. Cuto, p. 73.

68 රාජාවලිය

විජයබා‍කොල්ලයත් සමග ම, විජයබාහු රජු‍ගේ බෑනා වු විරසුය්ය්වලක නම් පිලස්සේ විදියේබණ්ඩාර, මනම්පේරි අස්වල ආරච්චිල යන දෙදෙන අඹන පොහොන්නරුව කියන ගම දී කළ පෙරළය අලකේශ්වර යුඬයත් රාජාවලියත් විස්තර කරන අතර කූතෝ ඒ ගැන කිසිවක් කියා නැත අලකේශ්වර යුඬය. රාජාවලිය යන පොත් දෙක වාක්ය යෙන් වාක්යරයට ම පාහේ සමාන වන්නේ විජයබා‍කොල්ලය හා ඉන්පසු රට කොටස් කිරිමේ ප්ර්වෘත්තිය තෙක් බව පෙනේත එතැන් සිටි පොත් දෙකේ තැනින් තැන සමාන පාඨ දැකිය හැකි වුවත් ඇතැම් විට අමතර විස්තර එකතු කරයි. බුවනෙකබා රජුගේ දියණිය, බෑනාවරුන් වන විදියබණ්දාර, තම්මිට බණ්ඩාර හා මුනුබුරු ආදින් ගැන ද මායාදුන්නේගේ දු දරුවන් ගැන ද විස්තර අල‍කේශ්වර යුඬය දක්වතත් රාජාවල් වාර්තාව කෙටි‍ වේ. මායාදුන්නේගේ දරුවන් ගැන රාජාවලිය මෙතන්හි දි කිසිවක් නොකයයි. ධර්මපාල කුමරගේ රන්රුව පෘතුගාලයට යවා ඔහු රජකමට පත කරන බවට ප්ර තිඥ ලබ‍ා ගැනිමේ ප්රතවෘතිතිය අලකේශ්වර යුඬය, රාජාවලිය යන පොත් දෙකේ එක් සමානය. පෘතුගාලයට ගිය තානාපතියා සල්ලප්පු ආරච්චි බව ඒ පොත් දෙක කියන අතර ඒ කටයුත්ත සඳහා තානාපතින් දෙදෙනෙකු ගිය බව කූ‍තෝ කියතත් ඔවුන්ගේ නම් සඳහන් ‍නොකරයි.137 මායාදුන්නේ කෝලිකට්ටුවෙන් වඩක්කරුන් ගෙන්නවා ගෙන රයිගම් බණ්ඩාර‍ගේ ද සහාය ඇති ව භුවනෙකබාහු හා කළ සටන් ගැන අල‍කේශ්වර යුඬය, රාජාවලිය යන පොත් දෙක ම සඳහන් කරයි. මේ පිළිබඳ දිර්ඝ විස්තර කූතෝ සහ ක්වේරෝස් දක්වති. රා‍ජාවලිය විස්තර අනු ව මේ සටන්වල දි මායාදුන්නේ පරාජය වි සීතාවක ඉඳලක නොහි දැරණියගලට අස් ව ගිය බව කි‍යවේ. මේ සිද්ධිය අලකේශවර යුඬය සඳහන් නොකරයි. භුවනෙකබාහුගේ අභාවයෙන් පසු ධර්මපාල රජු හා පෘතුගිසින් ද සමග කළසටන්වල දි මායාදුනනේ දැරණියගලට අස් ව ගිය බව නැවත වරක් රාජාවලිය කියයි.අලකේශ්වර යුඬයේ වාර්තාව ද මෙතන්හි දි සමාන වෙයි. භුවනෙකබාහ‍ුගේ අභාවය හා ඔහු කළ අනුවණකම් ගැන රාජාවලිය දිර්ඝ වශයෙන් විස්තර කරතත් අලකේශ්වර යුඬයෙහි නම් භුවනෙකබාහු කළ අනුවණකම් ගැන සඳහනක් නැත. භුවනෙකබාහු රජු කිතුසමයට හිතවත්කම් දැක්වු නමුත් බෞතිස්ම නොලැබුවේ රටවැසියා තමාට විරුද්ධ වෙත් යන බිය නිසා බව කූතෝ විසින් සටහන් කරනු ලැබිමෙන් පෙනෙන්නේ138 රජතුමා ක්රිසස්තියානියට හිතවත්කම් දැක්වු බවය. එහෙත් බුවනෙකබාහු කළ අනුවනකම් වාර්තා කරන රාජාවලි කර්තෘ නම් එකරුණ සඳහන් කර නැත. 137. Cuto, p.188: ශ්රින රාදරක්ෂ පණ්ඩිත, සලප්පු ආරච්චි යන දෙදෙනා පෘත‍ගාලයට ගියබව ඇස්. ජි. පෙරේරා පියතුමා කියයි: S.G. Perera, A History of Ceylon for schools – The Portuguese and The Dutch periods, 1945, (S.G.Perera, Port. Per.) p. 20 138. Cuto, p. 125. මුලාශ්රSය හා අන්තර්ගත කරුණු 69

භුවනෙකබාහුගේ අභාවයේ පටන් රාජාවගි කුතවරායා නැවතත් අලකේශ්වර යුඬය පිටපත් කිරිමට පටන් ගනියි. එහෙත් ඇතැම් තැන ඡේද කිහිපයත්, ඒ ඒ සිද්ධින් දක්වා ඇති අනුපිළිවෙළ වෙනස් කොට රාජාවලියෙහි යෙදි ඇත. මා‍තොට දිසාය සීතාවකට යටත් කිරිමේ සිඬියෙන් පසු “ මායාදන්නේ රජ හැත්තෑවක් අවුරුදු රාජ්ජය කර උකුත් වුවාහ” යන වාක්ය යක් රාජාවලිය දක්වතත් එවැන්නක් අලකේශ්වර යුඪය සඳහන් නොකරයි. අලකේශ්වර යුඬයෙහි හා රාජාවලියෙහි ඇති සමානකම් මෙතැනින් අවසන් වෙයි. රාජසිංහ රජු පෘතුගිසින් සමග කළ සටන්, රාජසිංහ රජුගේ අභාවය හා අනතුරු ව සිතාවක හමුදා පෘතුගිසින් හා කළ යුද්ධ යන කරුණු මුද්රිේත පිටුවකින් පමණ කෙටියෙන් කියා අලකේශ්වර යුඬය අවස්න වෙයි. 10. සීතාවක රාජසිංහ පටන් අවසානට මායාදුන්නේ රජු‍ගේ අභාවයෙන් පසු ඉතිහාස වාර්තාව දැක්විම සඳහා රාජාවලියට අනෙක් කෘතියක මුල් වු බවක් නොපෙනේ. රාජසිංහයන්ගේ කාලය පිළිබඳ දිර්ඝ වශයෙන් ද. එතැන් සිට දෙවන විමලධර්මසූය්ය්ේ යගේ රාජ්යඑප්රාsප්තිය දක්වා සංක්ෂේපයෙන් ද තොරතුරු රාජාවලි වාර්තාවට ඇතුළත් වන්නේය. රාජාවලිය හා වන්නිරාජාවලිය සමස්තයක් වශයෙන් ගත් කල්හි රාජාවලිය හා වැඩි ම සම්බන්ධකමක් දක්වන කෘතිය වන්නිරාජාවලියයි.1 රාජාවලිය, පූජාවලිය හා සම වූයේ දඹදෙණි අවධිය අවසන තෙක් පමණි. එතැන් සිට සිතාවක රාජසිංහයන්ගේ කාලය තෙක් ඉතිහාස කථාව අතින් අලකේශවර යුඬය හා සම විය. එහෙත් රාජාවලිය. වන්නිරාජාවලිය යන කෘති දෙක ගැන සලකන කල රාජාවලියයෙහි එන සෑම වාක්ය යක් ම පාහේ වන්නිරාජාවලියට ද ඇතුළත් වෙයි. රාජාවලියෙහි නොමැති අමතර කොටස් ද වන්නිරාජාවලියට පිවිස තිබේ. එහෙ‍යන් එක් කෘතියක් අනෙක් කෘතිය ආශ්රරයයෙන් සම්පාදිත බවට සැකයක් නැත. අප විසින් සෙවිය යුත්තේ රාජාවලියට වන්නිරාජාවලිය මුල් වි ද, එසේ නැතහොත් වන්නිරාජාවිලය සම්පාදනය කිරිමේ දී රාජාවලිය මුල් පොත වශයෙන් සලකන ලද ද යන්නයි. මෙම කෘති දෙක ම ලන්දේසින්හට කොළඹ කොටුව අයත් විම දක්වා ඉතිහාසය වාර්තා කරන හෙයින් කවරක් පසු ව සම්පාදිත ද යන්න නිගමනය කිරිමට ඒ අනු ව අපහසු වෙයි.

1. වන්නිරාජාවලියෙහි සංස්කරණයක් මෙතෙක් පළ වි නැත. අප විසින් ආශ්ර.ය කරන ලද්දේ කොළඹ කටුගෙට අයත් ‍පොත්ගුල් ඇති අංක 18 දරන පුස්කොළ පොතය.



70 රාජාවලිය

‍පොත් දෙකේ යෙදි ඇති ඇතැම් වැදගත් අප්ර්කට සංඥනාම පරික්ෂා කිරිමේ දි හැම තන්හි ම පාහේ ‍රාජාවලි පාඨයට වඩා වන්නිරාජාවලි පාඨය දූෂිත බව පෙනේ. උදාහරණ: (1) රාජාවලිය: “පසුළුකසුබු රජ දරු ධර්මහල් තොටට ‍ගොසින් කසාවට්ටි රටින් බලපිරිස් ගෙන” වන්නිරාජාවලිය: “සංකුපුළු රජ ධර්මලතාවට ගොසින් කසවට්ටි රටින් බලපිරිස් ගෙන” (2) රාජාවලිය : “කාලය පට්ටනමේ කදිරායන ‍නම් යොනෙක්” වන්නිරාජාවලිය: “යොංපට්ටලමෙ යොනෙක්” (3) රාජාවලිය: “දෙමුණෙන් ‍ගොසින් යොන් සේනාව මැඳට පැන බොහෝ යොනුන් මරා කදිරායන මුදලියාටත් ඇන මරා” වන්නිරාජාවලිය : “ දෙමුණෙන් ගොසින් යොන්න මැදට පැන බො‍හෝ දෙමළුන් මරා‍ අදිරෙ කියන යොන් දෙමලත් ඇන මරා” (4) රාජාවලිය : “විසුරේගේ බෑනා දොන් ජිවන් අරික්කු කියන පිදාන්ගුවත් විල්පොන්සි අපොන්සු පෙරේරා කියන පාදිලියත්” වන්නිරාජාවලිය : “විසුරෙගේ බෑනා දොන් පිදාල් අරික්කු කියන පාධාල්ගුරා ද විල්පොත්ති අපේනදා පෙර කියන පිදිලියත්.” සිරිසඟ‍බෝ රජු පිළිබඳ වාර්තාවේ දි රාජාවලියේ යෙදෙන වාක්යිවලට අමතර වශයෙන් එළුඅත්තනගලුවංසයෙන් උපුටා ගන්නා ලද (අත් අකුරු පුල්ස්කැප් පිටු පස‍ළොසක පමණ) කොටසක් වන්නිරාජාවලියට ඇතුළත් වන්නේය. රාජාවලිය, වන්නිරාජාවිලය ආශ්ර යයෙන සම්පාදිත කෘතියක් නම් එම කොටසෙන් වාක්යලයක් දෙකක් හෝ රාජාවලියට ඇතුළු විය යුතුය. එහෙත් එවැන්නක් සිදු වි නැත්තේය. මේ කරුණු අනු ව වන්නිරාජාවලිය රාජාවලියට පසු ව සම්පාදිත කෘතියක් බවත් වන්නිරාජාවලිය සම්පාදනයේද දි ප්රජධාන වශයෙන් රාජාවලිය ම මුල් වු බවත් අනුමාන කළ හැකිය. වන්නිරාජාවලිය සම්පාද්ත කාලය ගැන තවත් කරුණක් ඉදිරිපත් කිරමට ඇත්තේය. අප පරිකිෂා කළ රාජාවලිය පිටපත් අතුරෙන් ධ.ඹ.ර,ස.හ. යන පුස්කොළ පොත්වල, එක් සමාන ලෙස කිහිපතැනෙක පත්ඉරු මාරු වි තිබු සැටි ඉහත පෙන්වා දෙන ලදි. අපට කියවන්නවට ලැබුණ වන්නිරාජාවලිය ද පෙළ විසින් මෙම පුස්කොළ පොත් හා සැස‍ඳෙයි. මෙ අනු ව, වන්නිරාජාවලි කර්තෲන් විසින් එම කෘතිය සම්පාදනයේ ද ආශ්ර‍ය කරන ලද්දේ යට කි පුස්කොළ පොත්වලින් එකක් හෝ ඒ හැමට ම මුල් වු පොත බව සිතිය හැකිය. අනෙක් අතින් වනිනිරාජාවලිය රාජාවලියට පූර්වයෙහි කරන ලද්දක් දැයි අනුමාන කිරිමට තුඩු දෙන කරුණක් ද ඇත්තේය. එනම් රාජාවලිය සඳහන් නෙකරන, කිණිහිරිදළ පටන් වසභ තෙක් ලක්දිව පාලකයන් පිළිබඳ තොරතුරු වන්නිරාජාවලියෙහි ඇතුළත් විමය. වන්නිරාජාවලිය රාජාවලිය

මුලාශ්රජය හා අන්තර්ගත කරුණු 71

ආශ්රශයයෙන් කරන ලද්දක් නම් රාජාවලියෙහි නොදක්නා මේ රජුන් පිළිබඳ තොරතුරු එයට ඇතුළත් වුයේ කෙසේ ද? කිණිහිරිදළ කුඩාඅබා, සීවලි, එළුන්නා සඳමුහුණු, යසසිළු, සුභ බලතා යන පාලකයන් ගැන වන්නි රාජාවලිය සඳහන් කරන්නේ නාමමාත්රළ වශයෙන පමණය. මෙසේ රජුන්ගේ නම් පමණක් සඳහන් කිරිම රාජාවලිය සඳහන් කරන්නේ නාමමාත්ර? වශයෙන් පමණය. මෙසේ රජුන්ගේ නම් පමණක් සඳහන් කිරිම රාජාවලිය අනුගමනය කර ඇති ක්රෙමය නොවෙයි. රාජාවලි කතුවරයා කිසි ම රජෙකු ගැන නමින් පමණක් සඳහන් කර සෑහිමට පත් නොවෙයි. යටත් පිරිසෙයන් ඔහු රාජ්ය්ය කළ වර්ෂ ප්ර මාණයවත් සඳහන් කෙරෙනු ඇත. මේ අනු ව සිතිය හැක්කේ වන්නිරාජාවලි කර්තෲන් විසින් යට කි රජු‍න්ගේ නම් සඳහන් කරනු ලබන්නේ රාජිවිලය නොව අනෙක් මුලාශ්රකයක් පිහිට කොට ගෙන බවය. රාජාවලියෙහි නොදක්නා ඇතැම් විස්තර වන්නිරාජාවලියෙහ වරින්වර දැකිය හැකිය. මෙතැන් සිට රාජාවලිය, වන්නිරාජාවලිය යන කෘථි දෙක්හි එන කරුණු සංසන්දනය කරනු ලැබේ. වන්නිරාජාවලිය ආරම්භවන්නේ: “න‍මො තස්ස භගවතෝ අරහතො සම්මා සබුද්ධස්ස - මහාකාරුනිකං බුද්ධං ධම්මං සංඝඤ්ච වන්දි්තං කරුණා සබ්බසත්තානං කරොමි ජන නන්ද නං” යන පාළි පාඨ‍යකිනි. එතැන් සිට ‍ලොකොත්පත්තිකථා විස්තරයක් වෙයි. අනතුරු ව කෙරෙන සක්වළ විස්තර රාජාවලිය ආරම්භ කොටසට සාමනය. වෙනසකට ඇත්තේ එම විස්තර රාජාවලි පාඨවලට වඩා දිර්ඝ විමත් තැනින් තැන සදොස් වු පාලි හා සංසිකෘත පාඨ ඇතුළත් විම්ත පමණය. චොරනාග රජු දක්වා වාර්තාව රාජාවලි, වන්නිරාජාවලි පොත් දෙකට ම පොදුය. එදා “බැමිණි මහාසාය” ඇති වු බව කිමෙන් පසු “ලෝවැසියන් විසින් වොරනාග රජ මරා මුහුදට” දමනු ලැබු බව වන්නිරාජාවිලය දක්වන අමුතු ප්රොවෘත්තියකි. එමෙන් ම “බැමිණි සාය” ගැන පිටු දසසතරකින් පමණ දිර්ඝ විස්තරයක් ද වන්නිරාජාවිලය කරයි. දඹදිව සගල්ප‍ුර මිලිඳු රජු පහළ විම, සිල්වත් බමුණෙකු මැරිම නිසා බැමිණිය කළ සත්යගක්රිරයා, දුර්භික්ෂය පහළ විම, කැලණිතිස්ස රජු නිවරද තෙරනමක් තෙල්කටාරමේ දමා මැරිම ආදි එකකට එකක් සම්බන්ධ නොවන සිද්ධින් දිගින් දිගට ම වර්ණනා වේ. ඒ අතරට රුහුණු මායා පිහිටි යන තුන් රටවල් ද, ඒ එක එක් රටට අයත් ගම් නියම්ගම් පිළිබඳ ‍තොරතුරු ද එම වන්නිරාජාවලි විස්තරයට ඇතුළත් වන්නේය. මේ හා සමනා තොරතුරු දක්නට ලැබෙන්නේ කඩඉම හා විත්ති පොත්වල බව මෙහි ලා සඳහන් කළ හැකිය. මෙම විස්තරය අවසන් වන්නේ මතු දැක්වෙන් පද්යම පාඨයෙනි: “අපේ මුන්වර්ෂයයෙන් ලත් හත්සිය විසිතුනෙ ක ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂ යෙ ක දිකමින් එකක් දඹදිව රජකල වර්ෂෂයෙ ක පැලඹු තිලොවට මතු සක වර්ෂෂයෙ ක

75 රාජාවිලිය මින් යට දෙසිය සතලිස පිරුනු වර්ෂ යෙදි පින් ඇති ගැමුණු රජ සිරිලක රුපුන් සැදි රන්පෙත් විමන රුවන්වැලි ශාස බැදී මින්මතු සෙත මොක්ෂිරි නිවන් සැදී

මුනිඳුන් පිරින්වන් පෑ දෙසිය සතලි ස තෙරිඳුන් මිහිඳු සිරිලක දඹදිවින් බැ ස නිරිඳුන් එකල ලක්දිව දෙවෙනි පෑ ති ස දුමිදුන් පිහිටි වර්ෂය දකුව මේ ලෙ ස”

මෙහි දි කුඩාතිස්ස, අනුලා බිසව, මලංකාතිස්ස යන අය පිළිබඳ වාර්තා රාජාවලියෙන් උපුටා දක්වා අනතුරු ව භාතිය රජු දවස මෙරට කාකමුක්කරුන්ට යටත් ව පැවතිමේ ප්රදවෘත්තියක් දැක්වෙයි. අනෙක් ඉතිහාස වාර්තාවන්හි නොමැති මෙම පුවත උපුටා දැක්විම මැනවි: “ මලකංතිස්ස රජුගේ පුත් භාතිය රජ රජකරන අවධියට මේ ලංකාව කාකමුකකරුට ගොස් උන්ගේ රජ නල මුදලියා නලව බලකොටුව බැඳ මාඹයෙන් මෙගොඩත් කලාඹයෙන් මෙගොඩ නලමුදලියාට ගියාහ. අනික් රට භාතිය රජ්ජුරුව්නට තිබුණාහ. ඒ රජ නලමුදලියා එක්ව සටන් කරන්ට බැරිනිසා අය්යො පට්ටලමට කුඩපැං අරිමින් නවගොත්රටයෙක දෙමළුං ගෙන්නවා උනුඋනුන්ගේ නංගොත් විචාල සේක. පොවිට්ටයාගේ හමුදාව පත්තිහයි. කොවිට්ටවරායාගේ හමුදාව හත්සියය කාලිඟතොරවයාගේ හමුදාව තුන් සියයි. දඩවාගේ හමුදාව එකසිය පනහයි. නල්ලඹවාගේ හමුදාව දොළොස්දාස් පිනසියයි. පැලවාගේ හමුදාව අටදාහයි. මුලවඟංනොවරයාගේ හමුදාව හාරසියයි. වෙඩිඅරිසියාගේ හමුදාව නවසියයි. මරවරායා හමුදාව පනස් එකයි. භාතිය දෙවිමන රජ්ජුරු‍වෝ පත්ත්රිඟප්පුවට වැඩමකරවා වදාරා හමුදාව ලේකං බලවා කාලතුවක්කු ලේකං බලවා කුදිරමලේට ගොඩ බැස ඇවිත් ඒ දෙමළුන්ට ගබඩාවෙන් වියදම් දෙමින් යුද්දෙන් දිනු විට කුමක් දෙවාවදාරන්නනේ දැයි කියා දෙම‍ලො සැල කලාය. තොපට මේ රටින් නැකන්දි සිටුවම් කිහ. ඒ අසා කාරතැලි ‍ගොඩකරවා සත්දවසින් යුදින් දිනා එවයි කියා ඇරියේය. එවර යුඬ කර රටපලාතක් අල්වා අවුය. හිර එපාය බත් ලැබෙන්ඩ කිය බත් කා යන්ඩ අවසර ගන්ඩ සැලකලෝය. තවත් ඉතිරි යුඩ කරවවු කියා වදාල බසට දෙන්නේ මොනවාදැයි කියා දෙමලෝ සැල කලෝය. නලමුදලියාට තිබු රට ගණුව යි කියා යෙදි පනත් වු විට ඒ අවසර දකිමින් යුඬයට සැරසි කාලතුවක්කු නවසියක් රථ පිට ගෙණ අවිආවුද ගෙණ නික්මුනේය. භාතිය දෙව්මහරජ ගමන් ඉදිරයට වැඩ යුදයට නික්මෙහුය. කොයි තැනක කඳවුරු බඳිමු ද කියා සැලකෙලොය. ත්රිටප්රෙමෙස්වරයින්ගේ මැදගම් පොල ද කලල්ගොරුව සිටනන්ඩ විය. දං දෙවවු කියා අවසර දි රජ වැඩියාහ. කලල්ගොරුව දුව මැද ‍කොටුව බැඳ නාමවා කලමුදලියා එන ඉස්සරට අසු පිටින් ගල්ගොමුවට ගොස් පෙන් ආපසු ගොස් සරක්කුවට මුලාශ්රයය හා අන්තර්ගත කරුණු 73

වැදුනේය. නලමුදලියා‍ගේ හමුදා යුඬ ලං වු විට දෙමලු කාලතුවක්කු නවසිය ම ගිනිදුන්හ. ඒ සේනාව නැසි ගියේය. එතනින් ගොස් බලකෙටුව සිඳ බිඳ දැමුහ. එතනින් තරගොඩගලට ගොස් වාඩි හැර තුන් මසක් සිටියේය. පනිවිඩ දකිමින් පොතුපි‍ටියේ වාඩි හැර එතනින් ගොස් කළුවැල්ලා පොහාන් වාඩි හැර තුරුවිල වාඩි හර තුන්මහක් සිටියෝ ය. එතනින් ගොස් න‍ුවරවැව වාඩි හැර එයින් නික්ම අනුරාධපුර නුවර වාඩි හැර ඒ භාතිය රජ දෙමළුං දක්කවගෙණ අපා මාපා සෙනෙවිරත් උරු‍ඟේනා අසා බසනා අත ගජත්ත භුමිය කොල්ලුරෙ රට කඩඉන් කර සිංහල දෙව්මහ රජ්ජුරුවන්ගේන් දෙමළුන්ඩ ලැබුනාහ. එයින් පසු විල්පනං සායෙක් විය. අ‍ය්යොදත්ති පට්ටලමෙන් ආ දෙමළුං ඒ රටට ම ගියේය. අනික් රට අය ගස් කොල පොතු කමින් වැදිහිමියට ගියේය.” මේ අමතර ප්රුවෘත්තියකින් පුස වන්නිරාජවලිය යළිත් රාජාවලියට ළං වෙයි. රාජාවලි කතුවරයා අතින් අතහැරි ගිය, කිණිහිරදළ පටන් රජුන් කිහිප දෙනෙකුගේ නම් වන්නිරාජාවලි වාර්තාවට ඇතුළත් වෙයි. සිර‍ිසඟ‍බෝ රජු පිළිබඳ විස්තරයේ දි රාජාවලි වාක්යවයන්ට අමතර වශයෙන් වන්නිරාජාලි කර්තෲන් විසින් එඑඅත්තනගලු වංශයේ සවන, සත්වන අටවන හා නවවන පරිච්ඡේදයන් වාක්යතයෙන් වාක්ය්ය ම පිටපත් කරන ලදි.2 එසේ කිරිමේ දි වන්නිරාජාවලි කර්තෲන් විසින් කරන ලද වෙනස නම් ඇතැම් කැන දි එවඅත්තනගලු වංශයෙන් පාලි ගාථා කිහිපයක් අත හැර දැමිම පමණකි. කිත්සිරිමෙවන රජු දවස දන්තධාතුව ගෙන එනු ලැබිමේ ප්රතවෘත්තියේ දි ද පිටු දටකින් පමණ කෙරෙන අමතර විස්තරයක් වෙයි. එමෙන් ම දඹදෙනි පරාක්රටමබාහු රජු පිළිබඳවත් රාජාවලියට අමතර වු පිටු දහයක පමණ අමුතු විස්තරයක් වන්නිරාජාවලිය කරයි. මෙතැන් ‍සිට අවසන තෙක් ම රාජාවලිය වන්නිරාජාවලිය යන කෘති දෙක සමාන වෙයි. වන්නිරාජාවලිය අවස්න වන්නේ, රාජාවලියට අමතර වශයෙන් යෙදෙන මතු දැක්වෙන පාඨවලිනි: “ සකං හසිය එක්දස් දෙසිය බර කිවිදින අනුරය පොසොන් පුරා සෙනෙන් වැදුනු දොස දුරු කරවන්නට දඹදෙන් මහවාසල මෙ පුරා ගොසින් ඒ පිනවිඩ පුරට කිඹුල්වත් වාසල සැලකර මැති එ වරා මෙසිංහලට එන බමුනන් පස්දෙන පරසිදු යොදයගෙන් තොරා ඔහුත් බමුනාකොටුව ලැබි සිටියයි - පඬිතපරක්කංබාහුය - භුවනෙකබාහුය - විජයබාහුය - විරබාහුය - ආරියචක්රනවර්තිය - ශ්රිප පරාක්ර මබාහුය - වීරපරාක්රංජබාහුය - ශ්රි භුවනෙකබාහුය - පඬිතපරක්කංබාහුය - විජයබාහුය - විරපරක්ඛංඛාහුය - ධම්මපරක්කං

2. මුනිදාස කුමාරතුංග, එළු අත්තලගලුවංස විවරණය (දිවිතිය සංස්.බ.ව.2476), 23-42 පිටු.

74 රාජාවලිය

බාහුය - භුවනෙකබාහුය - මායාදුනු රජය - ජයවිරරජය - රාජසිංහරජය - එදිරිමන්න සූය්ය්ිය රජය - රාජසූය්ය්රජය රජය - විමපදහං රජය - සෙනෙරත්න රජය - විජෙපාල රජය - දෙවිරාජසිංහය - වන්නිරාජවලිය - නිමි -“ මෙම පාඨය අනෙක් කඩඉම් පොතක්න් උපුටාගෙන වන්නිරාජාවලියට ඇතුළු කරන ලද්දික් යයි සැක කළ හැකිය.