රාජාවලිය - රාජනාමාවලි සංසන්දනය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

4 සංඥනාම පිළිබඳ තොරතුරු රාජාවලියෙහි සඳහන් වන්නාවු සංඥනාම අතුරෙන් විස්තර විභාග අපේක්ෂාව කෙරෙනන ස්ථානනාම, පුද්ගලනාම ආදිය පිළිබඳ කරුණු මෙම පරිච්ඡේදයෙන් ඉදර්පත් වන්නේය. 1- පරසමයදෙශ නාමාවලිය බොධිම්ණ්ඩලය හාත්පස බුද්ධාදි ශ්රොෂ්ඨ‍ පුද්ගලයන් උපදනා ස්ථාන වශයෙන් පන්තිස් නුවරක් දක්වා අනතුරු ව, බුදුන්ගේ සමයට පිට “ පරසමයදෙශ” ව‍ශයෙන් රටවල් මහත් සංඛ්යා්වක නම් රාජාවලිය දක්වයි.පූජාවලිය, දඹදෙණිඅස්න, වන්නිරාජාවලිය, දොරකඩඅස්න යන කෘතිවල ද මෙයට ම සමාන නාමාවලි දක්වා ඇත. පූජාවලියෙහි ඒ නම් සඳහන් වන්නේ මධ්යමමණ්ඩලයෙන් පටත වු ද, බුඬාදාන් නූපදන වු ද ප්ර්ත්යෙන්තදේශ වශයෙනි. වන්නිරාජාවලියෙහි ඒ නම් යෙදි ඇත්තේ ද පරසය දේශනාමාවලියක් වශයෙනි. අනේක තන්හි මෙන් ම මෙහි දි ද රාජාවලි නාමාවලිය සඳහා පූජාවලී පාඨය ම‍ුල් වු බවත් වන්නිරාජාවලි සම්පාදනයේ දි රාජාවලිය මුල් වු බවත් පෙන්වා දිය හැකිය. ඒ කෘති තුනේ යෙදි ඇති පරසමය දේශනාමාවලි මුත දැක්වෙන අයුරු සංසන්දන කළ හැකිය:

අංක පුජාවලිය1 රාජාවලිය3 වන්නිරාජාවලිය2

1. බංගාල බංගාලදෙසය (1) බහාලදෙසය (1) 2. අරමණ අරමණරට (2) අරමනදෙසය (2) 3. වගුරට වගුරට (3) වගුරට (3) 4. කොඩ්කණ කොංගනරට (4) කොඟනිරට (4) 5. කඩ්ගුදෙශය කණ්ණාඩිරට (5) කන්නාඩිරට (5) 6. සින්ධු සින්ධුරදෙසය (6) සින්ධුරදෙසය (6) 7. ඔහළ ඔරංගලදෙසය (7) 8. නෙපාල නොරපාල්රට (8) 9. ගුජ්ජර ගුජ්ජරරට (9) ගුජ්ජරටට (7) 10. තිංගුර තිඟුරරට (10) කිගුරරට (8) 11. දොළුවර දොළු‍වරරට (11) 12. වෙයඟු වෙගුරට (17) 13. කර්ණාට කර්ණාටරට (18) කර්ණස්වරට (9) 14. ලාට ලලාටරට (19) ලලාටරට (10) 15. පරලාට පල්ලරරට (20) 1. පුජාකි.108 පි. 2. රාජාවලිය. වන්නිරාජාවලිය යන පොත්වල ඒ නම් යෙදෙන අනුපිළිවෙළ පුජාවලි නාමාවලියට ගැළපෙන පරිදි අප විසින් වෙනස් කරන ලදි. නම් ඉදිරියේ වරහන් තුළ දක්වා ඇති අංකයන්ගෙන් ඒ ඒ පොතේ නම් ‍යෙදෙන අනුපිළිවෙළ කියැවේ.


76 රාජාවලිය 16. තිමිරදෙශය තිමිරරට (21) තිබිමිරටට (11) 17. කාක කාකරට (22) කාකරට (12) 18. යවන 19. තුරඟ 20. අඳු 21. මඳු 22. කාම්බොජ 23. පුප්පොල 24. කුරුක 25. ඡන්තිශ 26. කර්ණහාර කර්ණදෙසය (23) කර්ණදෙසය (13) 27. වුඩ ගෞඩදෙසය (24) ගෞඩදෙසය (14) 28. වල්ලුර මලලරට (25) මල්ලවරට (15) 29. මලයූර මලයුරරට (26) මයුරදෙසය (16) 30. පංඩුර පඬරදෙසය (27) පඬරදෙසය (17) 31. චින ජින (28) චින (18) 32. මහාචින මහාජින (29) මහාචින (19) 33. කාශ්මිර කාශ්මිර (30) කාස්මිරරට (20) 34. යොනක යොනකදෙස (31) යොනකදෙසය (21) 35. බර්බර බබුරුදෙසය (32) බඹුරු‍දෙසය (22) 36. ශවර සබරරට (12) 37. වඩිග වඩිගරට (13) 38. විර විරකුලිරට (14) 39. කල්යාිණ කල්යා4ණරට (15) 40. පූරණ පූරණරට (16) 41. වෝඩ සොළිරට (43) 42. පාණ්ඩ පාඩිරට (42) පාඬිරට (30) 43. ප්ර්තිකාල්දෙසය (33) ප්රයතිකාල්දෙසය (23) 44. ස්පාඤ්ඤ (34) පහඥ්‍ (24) 45. අල්මඤ්ඤ (35) ඇල්මදා (25) 46. තලියාන (36) තලිය (26) 47. වෙල්වක්ක (37) වෙල්වක්කාර (27) 48. රෝමේ (38) රොමෙ (28) 49. නොරමාන (39) 50. කොපමාන (40) ‍කොපමාන (29) 51. ඔරමාන (41) පුජාජවලියෙහි දේශනාම සතළිස් දෙකක් ද, රාජාවිලයෙහි සතළිස් තුනක් ද වෙයි. පූජාවලි නාමාවලියට ඇතුළත් යවන, තුරඟ, අඳු, මදු, කම්බේජ, පුප්පොල, කුරුක, ඡත්තිශ යන නම් අට අතහැර ඒ වෙනුවට මතු දැක්වෙන නාම නවය රාජාවලිය යොදා ඇත: ප්රතතිකාල්දෙසය, ස්පාඤ්ඤය, අල්මඤ්ඤ. තලියාන, වෙල්වක්ක, රෝමේ, නොරමාන, කොපමනා, ඔරමාන පූජාවලියෙහි සඳහන් යට කි රටවල් රාජාවලි කර්තෲන් විසින් බැහැර කරන ලද්දේ ඒවා රාජාවලිය සම්පාදනය කළ අවධිය වන විට මෙවැනි නාමාවලියකට ඇතුළත් කිරිමට තරම් විශේෂත්වයක් ‍නොදැරු නිසා විය හැකිය. ප්රවතිකාල් දේශිය ආදි අනෙක් රටවල් නවයක් ‍රාජාවලි කතුවරයාගේ සැලකිල්ලට භාජන වුයේ තමා විසු අවධියේ දි මේවාට විශේෂ තැනක් හිමි වු නිසා විය යුතුය. රාජාවලිය සම්පාදිත අවධිය වන විට ඕලන්දය ලංකා ඉතිහාසය කෙරෙහි බලපැවත්විමට යන්තම් ආරම්භ වුවා පමණි. සංඥානාව පිළිබඳ තොරතුර 77

පුජාවිලය, රාජාවලිය හා වන්නාරාජාවලිය හැරුණ විට දඹදෙණිඅස්නෙහි3 ද රටවල් මහත් සංඛ්යාරවක නම් සඳහන් වන්නේය. අඹදෙණිඅස්නෙහි ඒ නම් යෙදි ඇත්තේ දිව්තිය පරාක්ර‍මබාහු රජු යුඬයට සැරසෙන විට එහි නම් කියැවෙන රටවාසින් “පලිස් ගිගිරියෙන් යුක්ත ව” සිට‍ි බව දැක්විම සඳහාය. දඹදෙණිඅස්නෙහි යෙදෙන නම් පුජාවලිය, රාජාවලිය වන්නිරාජාවිලය පොත්වල එන නාමාවලින්ට සාමන තැනක් එහි යෙදෙන හඬ්ගාල, අමරණ, වගු, කොංගු, කර්ණාට, සින්ධුර, නේපාල, ගුර්ජර්, දොළුවර, සබර. වඩිග, කල්යාෝණ, මලයුර, ජින, කාශ්මිර, බර්බර, බබුර යන නම් හැම පොත්වලට ම පොදුය. යට කි පොත් හැරුණ විට බුත්සරණ4, දහම්සරණ5, සිංහල බෝධිවංසය6, පැරකුම්බාසිරිත7, කුස්තන්තිනුහටන8 ආදි පොත්වල ද විදෙස් රටවල කෙටි නාමාවලි දැක්වේ. එසේ ම හෙලෙනා කතාව නම් කවි පොතේ ද සිංහල ඌරුවට නම් දි ඇති විදේශ රටවල නාමාවලියක් එයි.9 2- දුටුගැමුණු රජු‍ගේ ගමන්මාර්ගය දුටුගැමුණු රජු මාගම සිට දෙමළ සේනා පරාජය කරමින් අනුරාධපුරයට පැමිණි ගමන් මාර්ගය මහාවංසය10, ස්තූපවංශය11, සද්ධර්මාලංකරය12, රාජාවලිය ආදි පොත්වල සවිස්තර ව දක්වා ඇත. ඒ එක් එක් පොතේ සඳහන් වන ස්ථාන නාමාවලිය එක් සමාන නුවුවත්, දුටුගැමුණු රජු නවාතැන් ග්ත ඒ ඒ ස්ථාන දක්වා ඇති අනුපිළිවෙළ නම් බොහෝ සෙයින් සමාන වෙයි. මෙම ගමන් මාර්ගය පිළිබඳ දිර්ඝ විස්තරයක් විශ්වවිද්යාිලිය ලංකා ඉතිහාසය13 නම් කෘතියෙහි දැක්වේ. 3- සැදෑතිස් රජු කළ වැව් සැදෑතිස් රජු “දස අටක්” වැව් බැඳ වු බව පවසන රාජාවලිය ඒ වැව්වල නම් දක්වා ඇත. මහාවංසයේ මේ රජු වැව් තැනවු බවක සඳහනක් වත් නැත. පූජාවලිය මේ හැම ලේඛනයකට ම වඩා සම්පුර්ණ වේ. “පදි කටුන්නරු දිවගුණ උතුරළ නෑපියොව සොදිගමු මාලදෙණියලෙණ මාමඬලා කැන්ද ලා මහගුරුවරැන්දග නාතෙලෙ ඇදි වු දෙළොස් වැවක් බඳවා” යනු 3. කුවේණි. 33 පි. 4. බත්. 4 පි. 5. දහම්සරණ: කිරිඇල්ලේ ඥාණවිමල සංස්, 1955 (දහම්. 2 පි. 6. සිබෝව. 163 පි. 7. පැර - 12, 13, 26, 51, 53, 57, 71, 79, 86, 130 පද්යප. 8. තුස්තන්තිනුභවන: පි. විපේගුණසේකර සංස්, 1939. (කුස්.) 96 පද්යාය. 9. Hugh Necvill, Sinhala Verse, Vol 1. 1954, p. 153 10. Mv., ch. xxv.5 වන ගාථාවේ සිට 11. සිංහල ථුපවංසය: වටද්දර ධර්මානන්ද4 සංස්, 1950. (ස්තුප) 147 පිටුවේ සිට. 12. ස්ද්.ධර්මාලංකාරය: ශ්රිර ඤණේශ්වර සංස්. 1914 (සඩල.) 468 පිටුවේ සිට. 13. UCH, Vol. 1, part 1,156 පිටුවේ සිට.

78 රාජාවලිය

පුජාවිලය පාඨයි.1 සැදැහැතිස්ස රජු විසින් “දස අටක්” වැව් බඳවන ලද බව රාජාවලිය දක්වන්නේ කවර හෙයින් දැයි පැහැදිලි නැත. 4- වසභ රජු කළ වැව් දිපවංසය2, මාහවංසය3, වංසත්ථප්පකාසිනිය4 යන කෘති වසභ රජු වැව් එකොළොසක් කරවු බව සඳහන් කරමින් ඒ නම් දක්වයි. ඔහු වැව් ‍සොළොසක් කරවු බව දක්වන පුජාවලිය ඒ නම් ද සඳහන් කරයි5. ඒ රජු වැව් සොළොසක් කළ බව රාජරත්නාකරය කියත් ඒ වැව්වල නම් දක්වා නැත6. වන්නිරාජාවලිය දක්වන වැව් ගණන 12ක් වුවත් මේ නාමාවලියට පුජාවලියෙහි සඳහන් වන සෑම නමක් ම ඇතුළත් වි තිබෙන බව පෙනේ. වසභ ඇතුළු රජුන් අට දෙනෙකු පිළබඳ වාර්තාව රාජාවලියෙන් ගිලිහි තිබෙව බව අන් තැනක පෙන්වා දෙන ලදි.7 5- දෙටතිස් රජු කළ වැව් මේ රජු “වැව් හයක් බැඳවු” බව රාජාවලිය සඳහන් කරතත් ඒ නම් නොදක්වයි. “අලඹගමු, එළුක්ගමු ආදි මහ වැව් සයක් බඳවා” යනු රාජරත්නාකර පාඨයි.8 මහාවංසය සඳහන් කරන්නේ ඔහු “ආලම්බගාමවාසි” තැනවු බව හා “කැලමත්තිකවාපි” චෙතියපබ්බත විහාරයට පූජා කළ බව ද පමණය.9 පූජාවලිය ඒ හැම වැවක් ම නම් කරයි. පූජාවලි පාඨය මෙසේය: “‍හෙළුග්ගමු, මහටඹු, දෙමට, පිසත්නා, වඩුගමු, බමුණුගමු යන මහ වැව් සයක් බඳවා.”10 6- මහසේන රජු කළ වැව් මහසේන රජු විසන් කරන ලඳැයි මහාවංසය හා වංසත්ථප්පකාසිනි යන කෘති දක්වන වැව් ගණන 16 කි. පූජාවලිය හා රාජාවලිය වන පොත් වැව් 16ක නම් දක්වමින් ඒ “ඇතුළු වු සතළොස් වැවක් කරවා” යි සඳහන් කරයි. රාජරත්නාකරය කියන වැව් ගණන ද සතළොසක් වුවත් නම් දි ඇත්තේ එකොළොසක පමණි. මතු යෙදෙන සටහනින් ඒ විස්තර පැහැදිලි වේ: 1. පුජාසු. 89 පි. 2. Dip., ch. xxii, 7-8 3. Mhv., ch xxxv; 94-95. 4. Vsp., p. 653. 5. පුජාසු. 92-93 පිටු. 6. රාජරත්: 18 යි. 7. වසභ රජු කළ වැව් පිළිබඳ අධ්යටයනයක් සඳහා පුජාසු, ප්ර්ස්තාවනාව, 18-23 පිටු බලන්න. 8. රාජරත්. 22 පි. 9. Mv. ch. xxxvi, 132, 136. 10. පුජාසු. 95 පි.


සංඥනාම පිලිබඳ තොරතුරු 79

මහා වංසප පුජා.11 රාජා.11 රාජරත්.11

මණිහිර මණිහිර මිනිහිරි මිණිගරිය මහාගාම මහාගාම මුවගමුව මුවගමුව ගල්ගමුවැව ජල්ලුර ජල්ලුර සුරුල්ල සුරල්ල සල්ලුරාවැව ඛානු ඛානු කැණදයදෝර දිදොර මහාමණි මහාමණි මහමිණිය ‍මහමිණිය මාහමිණියාවැව කොකවාත කොකවාන කොක්කාදනවු කොක්කාවැව ධම්මරම්ම මොරක පරක කුම්බාලක කුම්බාලක කිඹුල්වාණ කිඹුල්වාණ කිඹුල්වාණාවැව වාහන වාහන රත්නමාල- රත්නමාල-

 කණ්ඩක	කණ්ඩක		රත්තකවුඩු		රත්තැල්ල	රත්ම්ලකඩවැව

තිස්සවඩ්ඩමානක තිස්සවජ්ජමානක රන්තිසෑ රන්තිස තිස්වඩුන්නාවැව වෙලංකවිට්ඨික වෙලංගට්ඨක වෙල්පිටි- බොලිපිටිය - වෙලඟවැව වඩුන්නා වඩුන්නාව මහාගල්ලක මහාගල්ලක මාගලු මහළුවාව මාගලුවැව වීර වීර සිරුවලා සිරුවල සිරුවැව මහාදාරගල්ලක මහාදාරගල්ලක ගැටුප්මාදරගලූ වැටමොදරගල්ල මහදරුගලුවැව කාලපාසාණ කාලපාසාණ කළවාණ කළවාණ කළුගලුවැව සකුරුබෝරු පුස්කුඹුර සුලුගල සුලුගුරුව මාහවංසය සඳහන් කරන ධම්මරම්ම යන වැව වෙනුවට වංසත්ථප්පකාසිනිය දක්වන්නේ “මොරකපරකවාපි” කියාය. මහාවංසයේ ගෛගර් සංස්කරණයේ ධම්මරම්ම යන පදයට පාඨාන්තරයක් ලෙස මොරකපරක යන්න දි ඇත. එය ශුද්ධ පාඨය විය යුතුය. “මොරකපරකවාපිං” යන පදයට අටුවා ලියන වංසත්ථප්පකිසිනි කර්තෘ “මොරකපරක වාපිඤවාති බිළොරවාපි පිච්ඡා ඛෙත්තසමිපෙ පරකනාමික වාපිඤච මොර වාපිඤවාති ඉමෙ ද්වෙ වාපියො”12 යනුවෙන් පවස්න‍න්නේ මොරක - පරක යන පදවලින් වැව් දෙකක් කියැවෙන බවය. “කුම්බාලක වාහනං” යනුවෙන් මහාවංසය, වංසත්ථප්පකිසින යන පොත් කරන වැව් දෙක සිංහල ලේඛනයන්හි පෙනෙන්නේ “කිඹුල්වාණ” යන එක් වැවක් ලෙසය‍. මොරක. පරක යුන වැව් දෙකක්සේ ගිනිය යුතු හෙයින් කුම්බාලක, වාහන යනු ද දෙවැවක් සේ සැලකුව හොත් පිලි කෘති දක්වන වාපිසංඛ්යාාව සොළොසක් නොව සත‍ෙ‍ළාසක් වෙයි. එහෙයන් “කම්බාලකවාහන” යනු එක් වැවක් සේ ගැනිමෙන් හැම ගැටලුවක් ම විස‍ඳේ. සකුරුබෝරු, පුස්කුඹුර යන නම්වලින් ද සුලුගලු, සුලුගුරුව යන නම් වලින් ද සිංහල වාර්තාව දක්වන වැව් දෙක වංසත්ථප්පකිසිනය සඳහන් කරන මොරක, පරක යන වැව් දෙකෙහි අපර නාම විය හැකිය. 11.වාපානාම මේ පොත්වල යෙදි ඇති අනුපිළිවෙළ මහාවංසයට ගැළපෙන සේ වෙනස් ‍කරන ලදි

     12.Vsp. p. 686	

80 රාජාවලිය මහසෙන් රජු කර වු එක් එක් වැව් පිළිබඳ විස්තර මෙසේය: මිණිහිරිය: මෙය අද මින්නේරි වැව නමින් ප්රළකටය. මහසෙන් රජු කාර ගඟ හරහා වේලි බැඳ තලවතු ඇළ ඔස්සේ මින්නේරිය වැවට දිය ගෙන්වු අයුරු පුජාවලිය. රාජාවලිය යන පොත් විස්තර ‍කරයි. දෙවන සේන රජ මින්නේරිය වැවේ වාණක් බැඳවුයේය.13 පරාක්ර මබාහු එය ප්රිතිසංස්කරණය කළේය.14 නිශ්ශංකමල්ල රජ මේ වැව වනසතුන්ට අභයස්ථනායක් කළේය.15 මුවගමුව : මහසේන රජ මණිහිර, මීගාගම යන නම් ඇති විහාර දෙකක් කරවිය.16 මිණිහිරි නමින් වැවක් ඇතුවාක් මෙන් ම ඔහු කළ මුවගමුව වැව ද මිගගාම විහාරය අසල පිහිටි එකක් ලෙස සිතිය හැකිය. සූරල්ල: ධාතුසේන රජු විසින් කරවන ලද‍ැයි සඳහන් වන සුරුලු වැව ද මේ මය. සුරල්ල මුලින් කැරවුයේ මහසේන රජු බව පැහැදිලිය. එය උතුරු මැද පළාතේ හුරුලු දිස්ත්රිනක්කයේ පිහිටියේය.17 දීදොර: මහාවංසය ඛානු නමින් ද රාජාවලිය දීදොර නමින් ද හඳුන්වන මේ වැවේ සම්පූර්ණ නාමය වු “කැණදියදොර” යන්න පුජාවිලය දක්වයි. මේ මිහින්තලයට ඊශාන දිගින් සැතපුම් දෙකක් ඔබ්බෙහි පිහිටි කණදරාවැව වේ.18 මහමිණිය: හාතිකතිස්ස රජු මහාමණි නම් වැවක් කරවා ගවරතිස්ස විහාරයට පුජා කළ බව මහාවංසය කියයි.19 ජරාවාස වි පැවති ඒ වැව මහසෙන් රජු ප්රාතිසංස්කරණය කරන්නට ඇත. මෙය උතුරුමැද පළාතේ මාමිණියා කෝරළේ පිහිටි වැවකි.20 ‍කොක්කාවැව : මහසේන රජ මෙනමින් විහාරයක් ද කරවුයේය. මේ බදුලුමඩකලපු පාරේ 56 වෙනි සැතපුම් කණුවෙන් සැතපුම් 2ක් පමණ බටහිර දෙසින් වු කොක්කාගල කන්ද ප්රේදේශයේ පිහිටි වැවක් විය හැකිය.21 කිඹුල්වාණ: කුම්බිලසොබ්භක නම් වැවක් විජයබාහු, පරාක්රාමබාහු යන රජුන් පිළිසකර කැරවු බව චූලවංසය කියයි.22 “සොබ්හ” යන පාලි පදය ආවාට - වළ යන අරුත් දෙයි. කුම්බිලසෝබ්භක යනු කිඹුල්වාන නම් සිංහල පදය පිලියට නැගු සැටියි. මහසේන රජු කළ වැව් අතර “ කුම්බාලක 13. Cv. Ch.Ii.72. 14. Cv. Ch.Ixxxix, 31. 15. E.Z. Vol.II. p. 238. 16. Mv. ch. xxxviii, 41 17. J.R.A.S. (C.B.) New Series.Vol. VI, Specia; Number, 1959, “ Historica; Topography of Ancient and Medieca; Ceylon’ by C.W. Nicholas (Nicholas),p.171. 18. Nicholas, p. 160. 19. Mv.ch.xxxvi, 3. 20. Mv. Tr., p. 318 21. Nixholas, p. 32 22. Cv. ch.lx, 32, lxxix, 32

සංඥානිම පිළිබඳ තොරතුරු 81

වාහන” යනු වැව් දෙකක් සේ දක්වා ඇතත් පූජාවලිය, රාජාවලිය. රාජරත්නාකරය යන පොත් දක්වන පාඨ හා චුළවංසය කියන විජයබාහු. පරාක්රනමබාහු යන රජුන් ප්රාතිසංස්කරණය කළ වැවේ නාමය ද ගැන සලකන කල ඒ එක් වැවක් සේ ගැනිම යුක්තියුක්ත බව පෙනේ. කිඹුල්වාණ ව‍ු කලි කිඹුල්වාණ ඔය අසල පිහිටි වර්තමාන නිරාමුල්ල වැව් යයි අනුමාන කරනු ලැබේ.23 රත්තැල්ල: මෙය අනුරාධපුරයට සැතපුම් 2 ½ ක් පමණ දකුණු දිගින් පිටිටි රත්මලේ වැව විය හැකිය.24 රන්තිස: පස්වන කාශ්යුපගේ මැදිරිගිරිය ටැම්ලිපියෙහි “රන්තිසැ” යන පදය සඳන් වෙයි25 පරාක්රයමබාහු රජු ප්රිතිසංස්කරණය කළ “සුවණ්ණතිස්ස වාපි” ද මේය26 නිශ්ශංකමල්ල රජු රන්තිසෑ වැව සියලු ප්රාකණින්ට අභයස්ථානයක් කළේය.27 මෙය මින්නේරියට සැතපුම් සයක් උතුරින් පිහිටි කවුඩුල්ල වැව වේ.28 බෙලිපිටියවඩුන්නාව: රාජාවලිය දක්වන මෙම පාඨය අනු ව වැව් දෙකක් කියැවෙන සේ පෙනෙතත් අනෙක් වාර්තා අනු ව ඒ එක් වැවක් ම යයි සිතිය හැකිය. සද්ධාතිස්ස රජු වෙලංගවිට්ඨික නමින් විහාරයක් තැනවු බව මහාවංසය කියයි.29 මෙය කුරුණැගල - දඹුල්ල පාරේ 27 වන සැතපුම් කණුවෙන් වයඹදිගින් සැතපුම් සයක් ඔබ්බෙහි පිහිටි වැවක් සේ සලකනු ලැබේ.30 මහාලුවා: එකොළොස් වන සියවසට අයත් දෙමළ ලිපියක මාගල නම් ස්ථානයක් ගැන සඳහන් වේ.31 මේ වු කලි නිකවැරටියේ ඇති වර්තමාන මාගල්ල වැවය.32 වැටමොදරගල්ල: සත්වන සියවසට පමණ අයත් අනුරාධපුර ශිලාලේඛනයන “මහදරගල” නම් ප්රිදේශය ගැන සඳහන් වේ.33 පළමු විජයබාහු,පළමු පරාක්රදමබාහු යන රජහු මහාදාරගල්ලක වැව ප්රගතිසංස්කරණය කළහ.34 23. Nicholas,p. 102 24. Nicholas,p. 157 25. E.Z. Vol. II.p. 2 26. Cv. ch. Ixxix, 32. 27. E.Z. Vol.ll, p. 144 28. Nicholas, p. 182 29. Mv. ch. xxxiii, 9 30. Nicholas, p. 109. 31. E.Z. Vol.lll.p. 312 32. Nicholas, p. 96. 33. E.Z. Vol. IV. p. 139. 34. Cv. ch. lx, 50; ch, lxxxix, 32.

82 රාජාවලිය

කළවාණ : නැගෙනහිරි විල්පත්තුවේ සිනාධියගල නම ස්ථානයේ පිහිටි සෙල්ලිපියක් අනු ව වසභ රජු අනුරාධපුර දක්ඛිණ විහාරයට කළපහණක නම් වැවක් පුජා කළ බව පෙනේ. කළපහණක, කළවාණ යන නම්වලින් එක ම වැවක් කියැවේ නම් මේ වැව සිනාඩියගල පිහිටි කරඹකුලම බව නිගමනය කළ හැකිය.35 7- දාසෙන්කැලි රජු කරවු වැව්. ධාතුසේන රජු “ අටළොස් වැවක්” කරවු බව රාජාවලිය කියතත් ඒ නම් නොදක්වයි. ඒ රජු වැව් සොළොස්ක් රවු බව මහාවංසය සඳහන් කරතත් එහි නම් වශයෙන් දක්වා ඇත්තේ කාලවාපි, පාදුලක, හම්බට්ඨි, මහාදත්ත යන සතර පමණකි.36 රාජරත්නාකරය කියන්නේ “ කලාබල්ලු, බදුලු ආදි අටළොස් මහවැව්” බැඳවු බව පමණය. ඒ වැවලින් වැඩි ගණනක නම් සඳහන් වන්නේ පුජාවලියෙහිය පූජාවලි පාඨය මේය: “ කලා බළලු කෙළවසා බදුලු කළුන්නරු දතා වැල්ලා උදන්විට පාණගමු මානාමතු කිත්මිණි මහාබඩරා සංගමු සුරුලු මහමිදෙලා මහඑළි ආදි වු අට‍ෙ‍ළාස් මහ වැව් බඳවා”37 8- පළමු අක්බෝ රජු කළ වැව් පූජාවලිය, රාජාවලිය යන පොත් දක්වන්නෝ අක්බෝ රජු කුරුඳු වැව බැඳවු බව පමණය. චුළවංස විස්තරය අනුව මොහු සිරිවඩ්ඩමානක, කුරුන්ද , මහින්දළතට යන වැව් කළ බව කියැවේ.38 අක්බෝ රජ කුරුන්දය වැව පමණක් නොව එනමින් විහාරයක් ද කළේය. මේ විහාරය හා වැව කුරුන්‍දිරට්ඨ නම් ප්රමදේශයේ පිහිටි බවත් එය වර්තමාන වවුනියා දිස්ත්රිාක්කයට අයත් බවත් නිකොලස මහතා පෙන්වා දෙයි. 39 වර්තමාන කුරන්දන්කුලම මේ වැව විය හැකිය. 9- කුඩාඅක්බෝ (II) රජු කළ වැව් කුඩා අක්බෝ රජු “දහතුනක් වැව්” බැඳවු බව රාජාවලිය කියයි. වංශකථාව අනු ව පෙනෙන්නේ ඒ රජු ගංගාතට, වලාහස්ස, ගරිතට යන වැව් කළ බවය.40 පුජාවලිය, රාජරත්නාකරය යන පොත් දක්වන වාපිසංඛයාව තුදුසකි. පූජාවලිය පාඨය මෙසේය: “ගඟතළා, ගිරිතලා, ගොවටු. නෙරළු මාටඹු, සිරුවලස, කෑලිය.එ‍ඬෙරගලු, කළුන්නරු, මහඋදලු, කැන්ගමු, මාදත,කලම් වැව ආදි වැව් තුදුසක් බඳවා......”41 35. Nicholas, p. 153 36. Cv. ch. xxxviii, 42, 50, 51. 37. සුජාසු. 99 පි. 38. Cv. ch. xliii, 9, 15, 29. 39. Nicholas, p. 86. 40. Cv. ch.xlii. 67 41. පුජාසු. 101 පි. සංඥනාම පිළිබඳ තොරතුරු 83 10- මහාපරාක්ර මබාහු රජු කරවු වැව් පරාක්ර මබාහු රජු වැව් අටක් කරවු බව කියන රාජාවලිය, ඒ නම් නො දක්වයි. පූජාවලි පාඨය නම් “මහාසමුද්රඅය, බෑණසමුද්ර ය, මණිසාගරය, ඇතුමළ වැව, කුරුඳුවඩුන්නා වැව, පඬා වැව යන මහ වැව් සයක් බඳවා” යනුයි.1 රාජරත්නාකරය කියන්නේ මහාසමුද්රුය. බෑණසමුද්රකය, මිණගිරය යනාදි වු මහවැව් බඳවා කියාය. පැරකුම්බාවන් විසින් පිළිසකර කරවන ලද වැව් හා ඇළවල් ඇතුළු ජලම්පාදන ව්යනපාරය පිළිබඳ දිර්ඝ විස්තරයක් මහාවංසය දක්වයි.2 11- අක්බෝ රජු දවස විසු දොළොස් මහා කවිහු ‍මේ දොළොස් කවින්ගේ නම් පුජාවලිය. නිකායසංග්රුහය, දළදාසිරිත, සද්ධර්මර්ත්නාකරය, රාජාවලිය ආදි පොත්වල දක්වා ඇත. මාහාවංසය සඳහන් කරන්නේ අග්ගබෝධි රජ දවස කවින් සිංහල භාෂාවෙන් බොහෝ කාව්යං ලියු බව පමණෙකි.3 ඒ කවින්ගේ නම එක් ඒක කෘතියෙහි දක්වා ඇති සැටි ඉදිරි සටහනින් පැහැදිලි වේ:

පූජාසු.		නිකාසං		දළදා.4			සද්ධර්මර. 5		රාජා.	

(100 පි.) (81 පි) (42 පිටුව) (309 පිටුව)


දැමී දැමී දැමී දැමි දැහැමින් තෙමල්බෑ සක්දාමල සක්දාමල සද්දාමල් තෙබැබිරියෝ

  බිරියෝ	

අසක්දාමල අසක්දාමල අදක්දාමල් බැබිරිය මාලාබෑබිරිය ඩැබැරි දළබිසෝ දළබිසෝ දළබිසෝ දළබිසෝ අනුරුත් අනුරුත්කුමරු අනුරුත්කුමර අනුරුඬ කුමාර දළගොත් දළගොත්කුමරු දළ‍ෙගාත්කුමර දළ‍ෙගාත් කුමර දලගොම් සුරියබාහු සූරියබාහු සූය්ය්‍ර බාහු සූර්යබාහු පුරවඩු පුරවඩුකුරු පුරවඩුකුමර පුරවඩුකුමාර පුරවාපු දළසලකුමාර දළසලකුමරු දළසරකුමර දළසලකුමාර සුදසලාකුම කිත්සිරි කිත්සිරි කුමරු කිත්දිරි කුමර කිත්සිරිකුමාර කිත්සිරි කස්බකොටඇපා කස්බකොටඇපා කසුප්කොට ඈපා කසුප්කොටඈපා කස්බ‍කොටඈපා දොළොස්මහාකවින්තගේ නම් දක්වන රාජාවලි වාක්යවය අතිශයින් ව්යා‍කුලය. මෙම කොටස ලිවිමේ දි රාජාවලිය පුජාවලිය මුල් වි ඇති හෙයින් අප සාකච්ඡා සඳහා පුජාවලි පාඨය ම මුල් කර ගනු ලැබේ. 1. පුජාසු. 106 පි. 2.Cv.ch.lxxxix. 3.Cv.ch.xlii,13. 4. දළදා සිරිත: වජිරා රත්නසූරිය සංස්තත, 1949 (දළදා) 5. සද්ධර්මරත්නාකරය: කලපලුව‍ාවේ සුගුණසාර දෙවානන්ද සංස්., 1955 (සද්ධර්මර.) නාකාය සංග්රරහය, දළදා සිරිත, සද්ධර්මරත්නාකරය, රාජාවලිය වන පොත්වල කවිනාම දක්වා ඇති අනුපිළිවෙළ පුජාවලි නම් පිළිවෙළට ගැළපෙන පරිදි අප විසින් වෙනස් කොට යොදන ලදි.

84 රාජාවලිය

පූජාවලි පාඨයෙහි යෙදෙන “තෙමල් බෑබිරියෝ” යන පද කවින් දෙදෙනෙකු‍ගේ සංඤනාම වශයෙන් ඇතැම් පූජාවලි සංස්කාරකයන් විසින් සලකන ලදි.1 මෙ නම් තිරණය කිරිමෙහි ලා නිකාය සංග්රිහය, දළදා සිරිත, සද්ධර්මරත්නාකරය යන පොත් ඉවහල් කරගත හැකිය. තෙමල්බෑබිරියෝ යන පුජාවලි පාඨය වෙනුවට එම පොත් තුනෙහි දැක්වෙන්නේ සක්දාමල, අසක්දාමල, බෑබිරිය යන නම් හෝ එයට ආසන්න නම් තුනකි. විශේෂයෙන් ම සක්දාමල, අසක්දාමල, මාලැබෑබිරිය යන දළදා සිරිතෙහි පාඨය ගැන සලකන කල තෙමල්බෑබිරියෝ යන පූජාවලි පාඨයෙන් මෙම නම් තුන කියැවෙන බවට සැකයක් නැති වන්නේය. දැන් අප විසින් විසඳිය යුතු ව ඇත්තේ සක්දාමල, අසක්දාමල, බෑබිරිය වන කවින් තිදෙනා සඳහා තෙමල්බෑබිරියෝ යන පදය යෙදෙනුයේ කවර හෙයින් ද යන්නය. මෙම පදයට තුන් විධියකින් අර්ථ දැක්විය හැකි සේ පෙනේ. (1) එයින් ගත හැකි එක් අරුතක් නම් කනිෂ්ඨ භාතෲන් තිදෙනාගේ භාය්ය් සේවන් තිදෙන යනනය. (2) බෑබිරිය යන නම් දරන බාල ‍‍සසොහොයුරන් තිදෙන් යන අරුතක් ගැන ද සිතිය හැක. (3) ඒ නම් තුනෙන් එකක් වන මාලාබෑබිරිය යන දළදා සිරිතේ පාඨය ද සලකන විට පූජාවලි පාඨයෙන් අදහස් වන්නේ මල (= මල්ල) යන පරම්පරා නාමය යෙදෙන සොහොයුරුන් තිදෙනෙකු‍ෙග් නාම බවත් බෑබරි යනු ඉන් එකෙකු බවත් සිතිය හැකි වෙයි අනෙක් දෙදෙනා සක්දාමල,අසක්දාමල යන නම්වලින් නිකාය සංග්රයහය, දළදා සිරිත. සද්ධර්මරත්නාකරය යන පොත් හඳුන්වයි. මේ සැබවින් ම ඔවුන්ගේ සංඥානාම ද නැතහොත් ඒ නම් ඇති ජාතක කථා දෙකක් ‍කවියට නැඟිම නිසා පසු ව පටබැඳි නාම දැයි පැහැදිලි නැත.2 12- දාපුලු (දප්පුල 1) රජු කරවු විහාර දාපුලු රජුගේ පුණ්යපක්රිියා දැක්වෙන රාජාවලි පාඨය මෙසේය. “නැත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා කිරෝ බෝරාගල වට්ටුන්න කොටදොරටු කරව‍ා මාගම පසික්කලම කසාගුළුව දළකසුපා වෙහෙරගම සුප්පා කෙවිල්ලගම් කුඩානා වෙහෙර පහිල්මුඩු මහදිවු වියල යන වෙහෙර කරවා මහත් පුජා කොට.” මෙම පාඨය අතිශයින් ව්යාහකුලය එම කොටසට මූලාශ්ර ය වු මතු දැක්වෙන පූජාවලි පාඨය සලකා බැලිමෙන් දාපුලු රජු විසින් කරවන ලද විහාරවල නම් තීරණය කරගත හැකි වන්නේය. “ නැවත රුහුණු වෙහෙර, පිළිම වෙහෙර, කීරොල, බොරගුල්, වඩුන් නා කොටදොර, පවු‍රණ, සම්බෙගමු. පාඩික්කුළම, කසගලු, දළකසුප්ගිරි.


1.උදා: කිරි ඇල්ලේ ඤාණවිමල සංස්කරණය: (1951) 779 පිටුව. 2. වැඩි විස්තර සඳහා බලන්න:-GSL., P. 138: ශ්රිු ලංකා විද්යොතදය විශ්වවිද්යාතලය සංග්රාහය (1960) 1 කාණ්ඩය 1 අංකය: 31-37 පිටු.

සංඥානාම පිළිබඳ තොරතුරු 85

පෙහෙරගම්, කප්පඳුරු, කෙවිල්ලගම්. කුඹන, වෙරලුහිලි, පුල්කවුඩු, මහදිව්, වියල් යන මේ එකුන්විස්සක් පමණ රජමහාවිහාර කරවා.”1 දාපුලු රජු “එකුන්විස්සක් පමණ විහාර” කරවු බව සඳහන් කරන රාජරත්නාකරය,2 ඒ නම් නොදක්වයි. මේ රජු‍ෙග් විහාරකර්මාන්ත ගැන විස්තරයක් චුළවංසය ද දක්වයි. එහෙත් පූජාවලිය. රාජාවලිය යන පොත් දක්වන යටකි සෑම විහාරයක ම නම් චුලවංස වාර්තාවට ඇතුළත් නැත. එම විහාර පිළිබඳ ව චුලවංසය ආශ්‍යකයයෙන් මුත දැක්වෙන කරුණු ඉදිරිපත් කළ හැකිය: රුණු වෙහෙර - රොහණ විහාරය පළමු දප්පුල රජු‍ගේ කෘතියකි.3 පිළිම විහාර - මෙය කවුරුන් විසින් කරන ලද දැයි චුළවංසය නොකියයි. එහෙත් දප්පුලගේ වැඩිමල් සොහොයුරු අග්ග‍බොධි නමැත්තා පටිමා විහාරයෙහි මහා පිළිමගෙයක් කැරවු බව සඳහන් වේ.4 මේ ‍විහාරය ගැන රාජාවලිය සඳහන් නොකරයි. කීරොල - බඳිරාළ විහාරය දප්පුලගේ කෘතියක් ලෙස චුළවංසය දක්වයි.5 වඩුන්නා - පළමු දප්පුල කැරවු විහාරයක් ලෙස චූළවංසය සඳහන් කරන සිරිවරද්ධපාසාදය මෙ විය හැකිය.6 රාජාවිලය නම් කරන වට්ටුන්න විහාරය පූජාවාලය දක්වන වඩුන්නාව ම වේ. කසගලු - ද්විතිය දාඨෙපතිස්ස රජු කසගාමය මොර පිරිවෙණට පූජා කළ බව චූළවංසය කියයි.7 පූජාවිලය හා රාජාවලිය පිළිවෙළින් කසගලු, කසාගුළුව යන නම්වලින් දක්වන විහාරය මහාවංසය සඳහන් කරන “කසගාම” යන නම හා සැස‍ඳෙන බව පෙනේ. දළකසුප්ගිරි - දෙවන දාඨොපතිස්ස රජු කස්සප විහාරයට සේනාමගාම නම් ග්රාාමය පූජා කළ බව චුළවංසය කියය.8 කෙවිල්ලගම් - පළමු දාපුලු රජු කෙවට්ටගම්තිර නම් ග්රාාමය නාගවිහාරයට පුජා කළ බව චුළවංසය වාර්තායි.9 අනෙක් විහාර ගැන චුළවංසය කිසිවක් සඳහන් නොකරයි. 13- කීරවැල්ල කීරවැලල වු කලි කෑගලු දිස්තිර්ක්කයේ බෙලිගල් කොරලයට අයත් ග්රාැමයකි. කිරවැල්ල හා සම්බන්ධ වු සිද්ධි කිහිපයක් රාජාවලිය සඳහන් කරයි. එ එක් ප්ර වෘත්තිය පරික්ෂා කරමු. 1. පුජාසු. 101 පි. 2. රාජරත්. 27 පි. 3. Cv. ch. xlv, 54 4. Cv. ch. xlv, 43. 5. Cv. ch. xlv, 56 6. Cv. ch. xlv, 56. 7. Cv. ch. xlv, 28 8. Cv. ch. xlv,26 9. Cv. ch. xlv, 58



86 රාජාවලිය

1. කිත්සිරිමෙවන් රජු දවස දළදාව මෙහි වඩාගෙන ආ රත්නමාලි කුමරිය හා දන්තකුමරා බෙලිගල් කෝරළයේ කීරවැල්ල යන ගම පදිංචි කරවන ලද බව රාජාවලි වාර්තා කරයි. 2. හවැනි පරාක්ර මබාහු රජකම ලැබිමෙන් පසු කීරවැල්ලෙන් බිසෝ කෙනෙකුන් ගෙව්වා අගමෙහෙසුන් කර ගත්තේය. කූතෝ කියා ඇත්තේ පරාක්රනමබාහු රජු තමාගේ ඤාතියෙකු වු උඩරට රජුගේ දියණියක ගෙන්වා පාවා ගත් බවය.1 3. ධර්මපරාක්ර මබාහු කෝට්ටේ රාජ්යරය කරන අවධියේ උඩරට රජු කෝට්ටයට අවනත නොවි ක්රි යා කරන බව අසා ඔහුට දඩුවම් කිරිම සඳහා ධර්මපාරාක්රතමබාහු රජු‍ෙ‍ග් සොහොයුරු මැණික්කඩවර උන් ශ්රිට රාජසිංහ රජ යවන ලදි. රාජසිංහ රජ සතරකෝරළයට පැමිණ එහි වාඩිලා තමාගේ සුහුරු වු කීරවැල්ලේ රාලහාමින්ඩ හමුදාව භාර දි යුද්ධයට ඇරියේය. උඩරට රජ විශාල වස්තුවක් ද කීරවැල්ලේ රාලහාමින්ඩ දෝළියට තමාගේ දියණියක ද දි යුද්ධ සන්තාන වුයේය. මේ දෙදෙනාට පිරිමි දරුවෝ සදෙනෙක් හා දුවක් ද උපන්හ. පුත්තු නම්: වැළිකෝරළේ රාළහාමි. ගුම්ගොමුවේ රාලහාමි, ඔබ්බෙරියේ රාලහාමි, වළගෙයි රාලහාමි, වළගෙයි රාලහාමි, ඇන්නොරුවේ රාලහාමි, කීරවැල්ලේ රාලහාමි යන අය වෙති. නම දක්වා නැති ගැහැනු දරුවා උඩරට ජයවිර බණ්ඩාර හා සරණ ගියාය. ජයවිරි රජුට හා කීරවැල්ලේ බිසවට පුතෙක් හා දුවක් ලැබුණාහ. පළමු වැන්න කරලියද්දේ කුමාරබණ්ඩාර ය. “ කුමාරිකාවි භුවනෙකබාහු ඉන්නා අවධියේම ධර්මපාල රජුට මඟුල් කර ගෙනාවාහ. යට කී කීරවැල්ලේ බිසව මියගිය හෙයින් ජයවිර රජ නෑකම් වරද්දා ගම්පල වරිගෙන් බිසෝ කෙනෙකුන් ගෙනාවේය.” මෙම ප්රජවෘත්ති අනෙක් වාර්තාවලින් කොතෙක් දුර සනාථ වේ දැයි පරික්ෂා කරමු. කීරවැල්ලේ රාලහාමිගේ දරුවන් සත්දෙනා ගැන සඳහන් අනෙක් වාර්තාවක් අපට නොලැබිණ. ජයවීර රජුට බිසවුන් දෙදෙනක සිටි බව සඳහන් කරන ක්වේරෝස් ඔවුන් ගැන වැඩි විස්තර ඉදිරිපත් කරය.2 අන්තනදියො පන්දර් නම් එක් බිසවකගෙන් මහ අස්තාන නම් පුතෙකු සිටි බවත් ගම්පදපෙ දියෝ පන්දර් නම් අනෙක් බිසවගෙන් ජවිර පන්දර නම් කුමරෙකු සිටි බවත් ක්වේරෝස් කියයි. මෙහි “සම්පරලෙ” යයි යෙදි ඇත්තේ ගම්පල වෙනුවට යි සිතිය හැකි හෙයින් ක්වේරෝස් සඳහන් කර ඇත්තේ රාජාවලි දක්වන ගම්පල වරිගෙන් ගෙනා බිසව ගැන විය යුතුය. අන්තන දියො පන්දර් නම් අනෙක් බිසව වු කලි ජයවිර රජු කිරවැල්ලෙන් ගෙනා කුමරිය විය යුතුය. මහඅස්තාන නමින් ක්වේරෝස් සඳහන් කරන්නේ ජයවිර රජුගේ හා කීරවැල්ලේ බිසවගේ ප‍ුත් කරලියද්දේ බණ්ඩාර ගැන වේ. ධර්පාල 1. Cuto., p. 68. 2. Queyros.p. 704.

සංඥානිම පිළිබඳ තොරතුරු 87

රජු හා සරණ ගිය කුමරිය වශයෙන් රාජාවලිය හඳුන්වන කීරවැල්ලේ බිසවගේ දූ කුමරිය ක්වේරෝස් හඳුන්වන්නේ දෝන කතරිනා නමිනි.1 4. විජයබාහු, රාජසිංහ යන සොහොයුරන් දෙදෙන එකතු වි මැණික්කඩවර සිට පාවාගෙන උන් බිසව මළ පසු විජයබාහු රජකම ලැබු ඉක්බිති කීරවැල්ලෙන් බිසෝ කෙනෙකුන් පාවාගෙන දෙවරාජ යන කුමාරයෙකු ද ගෙන්වා ගෙන හදා ගත් බව රාජාවලිය වාර්තා කරයි. මෙම අවිධියේ කෝට්ටේ, මහනුවර ආදි රාජධානිවල රාජ්ය යට පැමිණි තැනැත්තන් කිහිප දෙනෙකුන් විසින් ම කීරවැල්ලේ පරපුරෙන් බිසෝවරුන් ලබාගන්නා ලද බව පෙනේ. එදා ලක්දිව රජවරුන්ගේ සිත් කීරවැල්ලට ඇදි ගියේ එම පරපුර‍ දළදා ගෙනා හේමමාලා දන්ත කුමරා යන දෙදෙන හා සම්බන්ධ නිසා විය හැකිය. ක්වේරෝස් විසින් ‍සඳහන් කර ඇති කරුණු ද රාජාවලි ප්රාවෘත්තියට සම්බන්ධ කළ හැකි වේ. කීරවැල්ලේ කුමාරයා නම් වූ දිසාව මනිකරඋඅරේ2 සිට යෝදුනක් ඈතින් පිහිටි පිටිගල්දිනි කන්දේ විසු බවත්, පුරාණ රජදරුවන් එහි විසු හෙයින් එම දිසාවාසීන් අනෙක් ලක්දිව වැස්සන්ට වඩා උසස් කොට සැලකූ බවත් කිවේරෝස් වාර්තා කරයි.3 14-ගම්පල වරිගෙ ගම්පල විරිගේවානිහ කීරවැල්ලේ පරපුර මෙන් ම එක් අවධියක දී සිංහල රජුන්ට බි‍සෝවරුන් සැපයූ රජ පරම්පරාවකි. ගම්පල රජුන් පිළිබඳ දිර්ඝ විස්තරයක් ලංකා විශ්වවිද්යාපලයීය ලංකා ඉතිහාසයෙහි දැක්වේ.4 ගම්පල රාජධාන් කොට ගෙන රාජ්යාය කළ ප්ර ථම රජතුමා නම් සතර වන භුවනෙකබාහුය. ‍කෝට්ටේ භු‍වනෙකබාහු රජු උඩරට ගම්පල වරිගෙන් බිසෝකෙනෙකුන් දෝලියට ගෙනා බවත්,5 උඩරට ජයවිර රජු තමාට කීරවැල්ලේන් ගෙනා බිසව මියිගය පසු ගම්පල වරිගෙන් නෑකම් වරද්දා බිසවක් ගෙනා බවත් රාජාවිලය වාර්තා කරයි. 15-සිංහල පෙරළිය සිංහල පෙරළිය නම් කෝට්ටේ ශ්රි භුවනෙකබාහු රජු රාජ්යවය කරන කල්හි පස්දුන් කෝරළේ කැකුලන්දොල ශ්රි් වර්ධන පතිරාජයාගේ හා කූරගම හිමියාණන්ගේ මෙහෙ‍යවිම පිට කළුගග හා වලවේ ගඟ අතර ප්රාදේශයක රජුට විරුද්ධ ව පැවති කැරැල්ලකි. මේ පෙරළිය මැඩ පවත්වන ලද්දේ භුවනෙකබා රජු‍ගේ සොහොයුරු වු අඹුළුගල කුඩා කුමාරයන් විසිනි. අඹුළුගල කුඩා කුමාරයන් විසින් යට කි පෙරළි නායකයන් දෙදෙන අල්ලා 1. Queyroz., p. 705 2. මැණික්කඩවර 3. Queyroz., p.44. 4. UCH., Vol. l, part 2, p. 636. 5. භුවනෙකබාහු රජුට ගෙනා බිසව උඩරට ජයවිර රජුගේ මී මිණිබිරියක වු බව කූතෝ කියා ඇත. Cuto., p. 73.

88 රාජාවලිය

කෝට්ටේ රජුට භාරදෙන ලද බව රාජාවලිය වාර්තා කරයි. ඔවුනට සිර දඬුවම් පමුණුවන ලදි. මෙම පෙරළිය යට කී කළුගග හා වළවේ ගඟ අතර පෙදෙස් පමණක් නො ව සතර කේරළයේද පැවැති බව නිගමනය කළ හැක්කේ සවැනි භුවනෙකබාහු රජු‍ෙග් දැදිගම පුවරු ලිපිය මුල කර ගෙනය.1 සතර කෝරලයේ පැවැති ඒ පෙරළිය “සිංහල සංගෙ” නමින් හැඳින්වේ.2 පෙගු කල්යාැණි ශිලාලේඛනය3 සඳහන් කරන කරුණක් ද ‍අපගේ සැලකිල්ලට භාජන කරනු වටි. කිතුවසින් 1476 දි පෙගු රටින් පැමිණි බෞද්ධ පිරිය වැලිගමින් ගොඩබැස කෝට්ටයට පැමිණිම සඳහා ප්රෙමාද වීමට සිදු වුයේ “ගෝරුවි” නම් ඇමතියෙකු රජුට විරුද්ධ ව ගැසූ කැරැල්ලක් නිසා බව ඒ ලිපිය සඳහන් කරයි. ඒ කාලසීමාව අනු ව සලකන කල එහි සඳහන් වන්නේ ද සිංහල පෙරළිය ගැන ම විය යුතුය. භුවනෙකබාහු රජුට විරුද්ධ ව පිවති ඒ පෙරළිය මුළු රට පුරා පැවති කැළඹිමක් බව අනුමාන කරනු ලැබේ.4 භුවනෙකබාහු රජුට විරුද්ධ ව පවත්වන ලද ඒ කැරැල්ල “සිංහල පෙරළිය” නමින් ව්යුවහාර වන්නේ රට පුරා පැවති එකක් නිසා විය යුතුය. 16- විජියබා කොල්ලය විජියබාහු, රාජසිංහ යන කුමරුන් දෙදෙන බාල අවදියේ පටන් එක භාය්යා ප වක සරණපාවා ගෙන මැණික්කඩවර විසුහ. භුවනෙකබාහු. රයිගම් බණ්ඩාර, මායාදුන්නේ යන නම් වලින් හැඳින්වෙන ඒ කුමරුවන්ගේ උත්පත්තියෙන් පසු මොවුන්ගේ මව් බිසව ද, එක් පියෙකු වු රාජසිංහ ද මිය ගියහ. ධර්මපරාක්රවමබාහු රජු‍ෙග් අභාවයේන පසු විජයබාහුට රජකම ලැබි‍මත් විජයබාහු රජු කීරවල්ලෙන් බිසවක ගෙන ඒමත් ඉන් පසු වු සිද්ධින් වේ. විජයබාහු රජ යට කි බසව සහග කුමාරයෙකු ද කීරවැල්ලෙන් ගෙනවුත් ඇති කළේය. මෙම කුමරා පිළිබඳ ප්රාවෘත්තියක්, දේවරාජ යන ඔහුගේ නමත් සඳහන් කරන්නේ රාජාවලිය පමණකි. විජියබාහු හා රාජසිංහ එක දෙලිය සරණ පාවාගෙන විසු බව කූතෝ5. ක්වේරෝස්6 යන ඉතිහාසකරුවන් විසින් සඳහන් කරන නැත. මේ ඉතිහාසකරුවන් දක්වා ඇත්තේ යට කී කුමරුන් තුන්දෙන විජයබාහුගේ බෑනණුවන් වු බවය. රාජාවලිය දක්වන අයුරු මායාදුන්නේ ඇතුළු සොහොයුරන් තිදෙන විජයබාහුට විරුද්ධව ක්රිනයා කරිමට හේතුව නම් කීරවැල්ලෙන් ගෙන ඇතිකරමින් සිටි දේවරාජ කුමරාට රජකම පවරා දිමට තැත් කිරම වේ. මේ සිද්ධිවල දි කඳුරේ බණ්ඩාර, ඒකනායක මුදලි යන දෙදෙන විජයබාහු රජුට පක්ෂපාත ව ක්රි්යා කළ අතර උඩරට ජයවිර රජ කුමරුන් තිදෙනට පක්ෂ විය. උඩරට සිට ජයවිර බණ්ඩාරගේ සහාය ඇති ව කෝට්ටේට විරුද්ධ ව සටන් පැවතෙද්දී සන්තාන විම සඳහා කඳුරේබණ්ඩර ඒකනායක මුදලි යන දෙදෙන 1. E.Z. Vol III. p. 279. 2. E.Z. Voll. lll, p. 280. 3. Indian Antiquary, Vol. XXII. p. 12. 4. UCH. Vol, l, part. 2, p. 269. 5. Cuto., p. 72 6. Queyroz., p. 203.

සංඥානාම පිළිබඳ තොරතුරු 89

කැලණියට එවන ලෙස කුමරුවෝ කියා සිටියහග එසේ යැවු කල්හි කඳුරේ බණ්ඩාර මරාදමන ලදි. ඒකනායක මුදලි ගැලවි පැන ගියේය. කුමරුවෝ තුන්දෙන කෝට්ටේ මාලිගාවට පැමිණ වස්තුව කොල්ලකමින් විනාශ කළෝය. රාත්රින වු කල සලමාන් කියන ආගන්තුකයා ලවා විජයබාහු ර‍ජ මරවන ලදි. කූතෝ හා ක්වේරෝස් යන වාර්තාකරුවන් අනු ව විජයබාහු රජු මරන ලද්දේ ඒ කුමරුවන් තුන්දෙන විසින් ම විය. ඒ තැනැත්තාගේ නම වැලන්ටයින් දක්වා ඇත්තේ සීලම් කියායි.1 කෝට්ටේ රාජ්යනය කොටස් තුනකට බෙදුණේ මින් පසු වය. මෙම අවුල විජයබා කෝල්ලය නමින් රාජාවලිය කතු‍වරයා හඳුන්වා ඇත. ක්වේරෝස් ඒ වචන ලියා ඇත්තේ “විගිඅබඋ කොදෙ” කියාය.2 විජයබා කොල්ලය සිද්ධ වුයේ ක්රිජ.ව. 1521 බව ඉතිහාසකරුවන්ගේ පිළිගැනිමය.3 කෝට්ටේ රාජයය මෙසේ කොටස් තුනකට බෙදා ගනු ලැබු පසු විජයබාහු රජු‍ගේ ඇවැස්ස බෑනා වු වීරසූය්ය්ල නම් පිලස්සේ වීදියේබණ්ඩාර හෙවත් පිලස්සේ රජ්ජුරුවන් හා මනම්පේරි අස්වල ආරච්චි යන දෙදෙනා සාපිටිගම් කෝරළය මැද අඹන පොහොන්නරුව නම් ගමට ගොස් පෙරළි කළ බවත් මායාදුනේනේ රජු විසින් ඒ දෙදෙනා මරා දැමු බවත් රාජාවලිය වාර්තා කරය. මෙම ප්රනවෘතිතය ක්වේරෝස් වාර්තා කර ඇත්තේ වෙනස් ස්වරූපයකිනි. එකනාක (=ඒකනායක) නම් සෙනෙවියකු අපිටිගං (=ඒකනායක) නම් සෙනෙවියකු අපිටිගං (=හාපිටිගං කෝරළය) නම් තැනෙක තමාන නමින් නගරයක් කොට එහි සිට කැරලි මෙහෙය වු බව ක්වේරෝස් කියයි.4 තමාන නමින් එහි සඳහන් වන්නේ රාජාවලිය කියන අඹන විය යුතුය. මේ කැරැල්ල හා සම්බන්ධ කොට ඒකනායක රාලගේ නම් රාජාවලියෙහි නොදැක්වේ. 17- මුණ්ඩකොණ්ඩපොළ නුවර මුණ්ඩ‍කොණ්ඩ‍පොළ නුවර හා සම්බන්ධ කොට රාජාවලිය දක්වාන ප්රවවෘත්ත මෙසේය: සීතාවකට විරෝධ වි සිටි එදිරිමාන්නසූර්ය රජ සත් කොරළයේ දෙවමැ‍ද්දේ මුණ්ඩකොණ්ඩරපොළ නුවර කරවා එහි විසිය. මායාදුන්නේ රජු විසින් විදියේ බණ්ඩාර සීතාවකින් එළවනු ලැබු විට ඔහු එදිරිමාන්නසුර්යයන් වෙත ගොස් ඒ රජු‍ෙග් අවසරයෙන් බෝගොඩ යන ගම පදිංචි ‍වුයේය. වැඩි කල් ගතවන්නට පෙර විදියේ බණ්ඩාර එදිරිමාන්නසුර්ය රජු මරවා සත් කෝරළය අත්පතකර ගෙන ධර්මපාල රජුගේ හා පෘතුගිසින්ගේ ද සහාය ඇති ව සීතාවක රටවලට අවුල් කළේය. රාජසිංහ කුමරා විදියේට විරුද්ධව හමුදා මෙහෙයවු විට විදියේ බණ්ඩාර මුණ්ඩකොණ්ඩපොළ නුවරින් පිටත් ව යාපපටුනට ගියේය.

1. Cuto., 72. ft.n.6. 2. Queyroz., p. 203. 3.Unicersity of Ceylon Review (UCR). April 1961.p.19. 4. Queyroz.,p.204. 90 රාජාවලිය

කුරුණැගල දිස්ත්රි.ක්කයේ දේවමැදි හත්පත්තුවේ වල්ගම්පත්තුවේ පිටිහි මුණ්ඩකොණ්ඩ‍පොළ වර්තමාන නාතගනේ නම් ස්ථානයයි. එහි ඇති ගුහාවක ක්රිඩ.පු. 3 වන සියවස හා ක්රි..ව. 1 වන සියවස අතර කාලයට අයත් කෙටි සෙල්ලිපියක් ද ඇත්තේය.1 18- බොරළු‍ෙ‍ගාඩ ‍‍බොරළුගොඩ හා සම්බන්ධ ‍කොට මතු දැක්වෙන විස්තර රාජාවලිය ඉදිරිපත් කරයි: රාජසිංහ රජු කොළඹ ආක්ර්මණය කළ විට සිංහල සේනාංකය නායක වික්රරමසිංහ මුදලි ‍බොරළු‍ගොඩ පහළ වාඩි ලා සිටියේය. සෙනෙවිර්තන මුදලි බොරළුගොඩ තැන්නේ වාඩි ලා සිටියේය. බොරළු‍ටෙගාඩ හින්නේ ආදිරිප්පු පල්ලිය තිබෙන්නේය. බොරළු‍ේගොඩ පහළ සන්තුන්පිටිය ඇත්තේය. බොරළුගොඩ නම් වර්තමාන “වුල්පැන්ඩල් කන්ද” නම්න් හැඳින්වෙන ප්රළදේශයයි. කූතෝ2 හා ක්වේරෝස්3 මේ ස්ථානය නම් කරනුයේ “ගල්වළ” යන අරුත් දෙන “පෙද්රෙයිර” කියාය. බොරළුගොඩ කන්දේ පෘතුගීස්න් විසින් ඉදිරිපත් කරන ලද පල්ලිය හැඳින්වුයේ “ගුඅදලුපෙ” නමිනි. මේ පදය සිංහලයන් විසින් ආදිරිප්පු කියා ද ඉංහිරිසින් විසින් වුල්පැන්ඩල් කියා ද පෙරළා ගත් බව පෙනේ. සන්තුන්පිටිය නම් වර්තමාන හින්තුපිටියයි.4 19- දියතිලක නුවර සිමන්කුරේරාල ප්රදතිකානුන් ගෙන සත් වාරයක් කන්ද උඩ ගිනි ලන විට සෙනරත් රජු දියතිලක නුවර කරවා එහි විසු බව රාජාවලිය වාර්තා කරයි. රාජාවලිය මේ සඳහන කරන්නේ ක්රි .ව.1611 දි කරන ලද උඩරට ආක්රසමණය5 ගැන වේ. දියතිලක පුරය උඩරට රජු‍ගේ පෞද්ගලික ප්රායෝජනය සඳහා වෙන් කර ගෙන තිබු ගබඩා ගමක් බව ක්වේරෝස් සඳහා කරයි.6 මහනුවරට නැගෙනහිරින්, හේවාහැට පළාතේ පිහිටි දියතිලක නුවර 1664න් පසු දෙවන රාජසිංහ රජු ද වාසය කළ සැටි රොබර්ට් නොක්සි දක්වා ඇත.7 ගඩලාදෙණි පර්වත ලිපියේ “දිගිළි” නමින් හැඳින්වෙනන්නේ ද මේ නුවර වේ.8 එදා දිය -

1. Ceylon Journal of Science, Sec. G., 1933 Vol.ll. part 3. 2. Cuto., pp. 238, 298. 3. Queyroz.,pp. 432, 903. 4. Cuto., p. 298, f.n. 5; Queyroz., p. 432, f.n.1. 5. S.G.Perera, port per., p. 79. 6. Queyroz, p. 70. 7. An Historical Eelation of Ceylon: The Ceylon Historical Journal, Vol. Vi. Nos. 1-4 (Rovert Knox),p.9. 8. E.Z, Vol. IV. p. 102.


සංඥානාම පිළිබඳ තොරතුරු 91

තිලක නුවර නමින් හැඳින්වුයේ වර්තමාන හඟුරන්කෙතය. එය පූර්ව රජදරුවන්ගේ වාසස්ථානයක් වු බව මඟසලකුණු නම් කාව්යH විස්තර කරයි.1

20- අයපට්ටනමේ වීරරාම මලවරා කෝට්ටේ සවැනි පරාක්රටමබාහු රජු වෙළඳාම සඳහා නැවක බඩු පටවා ඇරිය තැන අයපට්ටනමේ වීරරාම නමැති මලවරා ඒ නැව හා බඩු උදුරා ගත් හෙයින් ‍සොළි රටට හමුදවාක් යවා ඔහු පරාජය කොට මකුඩන්කෝට්ටය නම් ගම් සතරකින් අවුරුදු පතා බදු ගෙන්වා ගත් බව රාජාවලිය වාර්තා කරයි. පරාක්ර්මබාහු රජු පිළිබඳ තොරතුරු දක්වන පැරකුම්බා සිරිතේ පද්යියක් හා ගිරා ස‍ෙන්දරශයේ පද්ය දෙකක් යථොක්ත රාජාවලි ප්රදවෘත්තිය හා සැසඳිය හැකි කරුණු ඉදිරිපත් කරයි. ඒ පද්යත මෙසේය: තිරසර පැරකුම් රජ කි මේ ව ර කැර මුදුනත සෙන් වැඳ සොළියා පු ර වරකූරුඩයන් මාලවරාය ර පැරයූ පැලඹෙන තෙදනින් බාසු ර (පැරසි. 53 පද්ය ය) මෙ නර පව රායා හළ නැව බඩුපු රායා අතර උදු රායා ගතැයි රායන් මලව රායා

දඹදිව සොළි ර ට අදවිරරාම පටන ට මහසෙනඟ යුදය ට යනා මහනැව් පිටින් එක වි ට (ගිරා. 148,149 පද්ය:) පැරකුම්බා සිරිත පද්ය1ය සඳහන් කරන වරකූරුඩයන් මාලවරායර ගිරා සන්දේශය දක්වන රායන්මලවරායා ද රාජාවලිය කියන විරරාම මලවරා ද එක ම තැනැත්තා විය යුතුය. රාජාවලිය සඳහන් කරන අයපට්ටනම හා ගිරා සන්දෙශය දක්වන අදවිරරාම පටන යන දෙක ද එකක් විය යුතුය. මේ නම්වලින් කියැවෙනුයේ ‍‍ෙසාළි රටෙහි ඇති අද්රියම්පෙට් යන ස්ථානය යි අනුමාන කළ හැකිය. රාජාවලිය කියන මකුජන්කෝට්ට නම් ගම් සතර ගැන කිසවක් කිව නොහැකිය. 1. දියතිලකේ වන පෙර නිරිඳුන් විස නි දියතිලකේ කර කරවු පහ පෙළි නි දියති‍ලකේ යුරු සෙසු පු දළ රම නි දියතිලකේ පුරවරු වදුව සබදි නි (මඟසලකුණ - 129)

92 රාජාවලිය

21- සපුමල් කුමාරයා සහ අඹුළුගල කුඩා කුමාරයා අඹුවගල කුඩා කුමාරයා පිළිබඳ ව රාජාවලිය සඳහන් කරන එක් එක් ප්රිවෘතිතය ද ඒ ප්රකවෘත්තීන් අනෙක් ලේඛන හා සංසන්දනය වන අයුරු ද මතු දැක්වේ: 1. සවැනි පැරකුම්බා රජු සේනානායක සපුමල් කුමාරයා හා අඹුළුගල උන් කුඩා කුමාරයා ඇති කිරිම. මේ දෙදෙනා පරාක්ර මබාහු රජුගේ පුතුන් නොව පුත් තනතුරෙහි ඇති කළවුන් බව සිතිය හැකිය. මොවුන් සිටිය දි තමාගේ ම දියණිය වු උලකුඩය දේවියගේ පුත් කුමරාට රජය ලැබෙන‍ සේ ක්රියයා කරන ල්දදේ එහෙයිනි. පරාක්රකමබාහු රජුගේ දු දරුවන් ‍ගැන කූ‍තෝ ලියා ඇති කරුණු පිළිගත හැකි නුවුවත් ඒ රජුට පුතුන් නොසිටියහ යි යන කූතෝගේ කියමන පිළිගත හැකි වෙයි.1 කුළුබ පෙර්මල් නම් යාපනේ රජ යි කූතේ සඳහන් කරන්නේ සපුමල් කුමාරයා ගැන විය යුතුය.2 අඹුළුගල - කුමාරය‍ාගේ නම කූ‍තෝ විසින් කොතැනකවත් දක්වා නැත. 2. යාපාපටුන පරාජය කිරිම සඳහා සපුමල් කුමාරයා යැවිම. ඔහු විසින් ආය්ය්ගල චක්රසවර්ති රජු මරා යාපාපටුන යටපත් කරනු ලැබිම හා පරාක්රලමබාහු රජතුම්න විසින් යාපාපටුන සපුමල් කුමාරයාට ම භාර දෙනු ලැබිම. මෙම යුද්ධයේ දි ආය්ය්ටුනචක්රයවර්ති රජු මරනු ලැබු බව රාජාවලිය කියතත් අනෙක් හැම වාර්තාවකින් ම පෙනෙන්නේ ඔහු සපුමල් කුමාරයාගෙන් බෙරි පැන ගිය බවය.3 3. පරාක්රතමබාහු රජු පනස්දෙකක් අවුරුදු රාජ්ය්ය කළ කල්හි උඩරට සේජාත සිටුරජ අවුරුදු පතා එවමින් සිටි අයබදුත් නේවා කෝට්ටයට විරුද්ධ විය. උඩරට රජ පරාජය කරන ලද්දේ අඹුළුගල කුඩා කුමාරයා විසිනි.

පැරකුම්බාසිරිත දක්වන පරිදි උඩරට රජු‍ගේ නම ජෝතිය සිටු4 වේ.

4. පරාක්රිමබාහුගෙන් පසු කෝට්ටේ රජකම උලකුඩය දේවියගේ පුත්රරයාට දෙන ලදි. හේ ජයවිරපරාක්ර මබාහු නමින් රජ විය. එයට විරුද්ධ වු සපුමල් කුමාරයා යාපනයේ සිට පැමිණ ජයවිරපරාක්ර‍මබාහු මාරා දමා ශ්රිි භුවනෙකබාහු නමින් රජ වුයේය.එකල හටගත් සිංහල පෙරළිය මැඩපවත්වන ලද්දේ සතරකෝරලේ උන් අඹුළුගල කුඩා කුමාරයන් විසිනි. කුවබ පෙර්මල් රජ වු පසු ‍බොළුනෙගබඹ පර්දර් යන නම ආරූඪ කරගත් බව ‍ක‍තෝ ද කියා ඇත.5

1.Cuto., p. 68. 2. Cuto., p. 69. 2.UCH. Vo., l. parts 2, p. 675 4. පැරකුම්බා සිරිත. 48 පද්යදය. 5. Cuto.,p. 70.

සංඥානාම පිළිබඳ තොරතුරු 93

5. ශ්රිබ භුවනෙකබාහු රජ සත් අවුරුද්දක් රජකම් කළේය. බොනෙක බඋ රජු සැට අවුරුද්දක් රාජ්යභය කළ බව ක්වේරෝස් වාර්තා කරයි.1 ඒ සැට අවුරුද්දක් ඔහුගේ රාජ්යදකාලය ද, වයස් ප්ර්මාණය දැ යි පැහැදිලි නැත. 6. භුවනෙකබාහුට පසු ඔහු ඇති කළ කුමාරයා පණ්ඩිත පරාක්රරමබාහු නමින් සිංහාසනප්රානප්ත විය. ඒ බව ඇසු අඹුළුගල කුමාරයා සතර කෝරළේ සිට පැමිණ පණ්ඩිත පරාක්රකමබාහු රජු මරා විරපරාක්රකමබාහු නමින් රජ වුයේය. පණ්ඩිත පරාක්රකමබාහු‍ගේ රාජ්යවකාලය රාජාවලිය නොකියයි.කඉපුර පන්දර් නමින් හඳුන්වනු ලබන මේ රජු සතර අවුරුද්දක් රාජ්යලය කළ බව කූතෝ කියයි.2 ක්වේරෝස් වාර්තා අනු ව මොහු‍ෙග් රාජ්ය්කාලය පනස් අට අවුරුද්දකි.3 7. වීරපරාක්රනමබාහු‍ගේ රාජ්ය‍කාලය රාජාවලිය අනු ව විසි වර්ෂයකි. ජවීර ප්රේකුර මබ‍ගො පන්දර් යි නම් කරන ඔහුට කූතෝ දි ඇත්තේ අවුරුදු තුනකි.4 ක්වේරෝස් වාර්තාව අනු ව ඒ රජු‍ගේ රාජ්ය කාලය අවුරුදු සැත්තෑ තුනකි.5 රාජාවලි වාර්තාව පිළිගත හැකි බව පෙනේ.6 22- ධර්මපරාක්රිමබාහු රජුගෙ සොහොයුරන් හා විද‍ියේ බණ්ඩාර වීරපරාක්රාමබාහු නමින් කෝට්ටේ රජ පැමිණි අඹුළුගල රජුට අග බිසවගෙන් මතු දැක්වෙන පරිදි දරුවන් සතරදෙනෙක් වුහ. 1. වීරපරාක්ර මබාහුට පසු රජ පැමිණි වැඩිමහලු පුත් ධර්මපරාක්ර මබාහු. 2. 3. බාල අවස්ථාවේ පටන් එක භාය්යාැ ව තබාගෙන මැණික්කඩවර නුවර සිටි විජයබාහු. රාජසිංහ යන දෙදෙන, 4. රයිගම් නුවර විසූ (නම් සඳහන් නැත) අනෙක් කුමාරයා, මොවුන්ගේ මවු බිසවගේ සොහොයුරියක පාවා ගැනිමෙන් ද වීරපරාක්රනමබාහුට තවත් දරුවන් දෙදෙනෙක් වුහ. 5. උඩුගම්පල විසූ සකලකලාවල්ල. 6. කටුපිටි මාදම්පේ විසූ තනියවල්ල. ධර්මපරාක්රුම‍බාහු‍ගේ සොහොයුරන් ලෙස වැලන්ටයින් වාර්තා කරන්නේ තනියවල්ල, සිරිරාජසිංහ, රයිගම් රජ, සකලකලාවල්ල යන අය ගැන පමණකි. විජයබාහු ගැන එහි සඳහන් නැත.7


1. Queyroz., p. 25. 2. Cuto., p. 70. 2. Queyroz., p. 25. 3. Cuto., p. 70. 5. Queyroz., p. 25. 6. UCH. Vo. 1. part 2. p. 683. 7. J.R.A.S. (C.B.) Vol.XIX, No. 59, 1907,p. 361.



94 රාජාවලිය

‍මොවුනතුරෙන් වැඩිමල් සොහොයුරු ධර්මපරාක්ර මබාහු රජ විමෙන් පසු ව ද ප්රයදෙශ රජුන් වශයෙන් ඒ ඒ නගරවල විසු අනෙක් සොහොයුරන් කෝට්ටේ රජු හා සහයෝගයෙන් ක්රිරයා කළ බව රාජාවලි වාර්තාවේන් පෙනේ. පළමු වරට පීතුගිසීන් මෙහි පැමිණි අවස්ථාවේ දී ධර්මපාල රජු “ තමන් ස‍හෝදර මල් වූ රජ සතරකට්ටුව තමාගේ නුවරට ගෙන්නවා”ග සාකච්ඡා කළ බව රාජාවලිය මෙන් ම වැලන්ටයින්1 ද පවසා ඇත. ධර්මපරාක්රයමබාහු රජුගේ සො‍හොයුරන් පස්දෙනා අතුරෙන් මෙම අවස්ථාවේ කැඳවන ලද්දේ කවුරුන් සතර දෙන දැයි රාජාවලිය හෝ වැලන්ටයින් සඳහන් කර නැත. පෘතුගීසින්ගේ ස්වරූපය සියැසින් බලා තත්වය පරික්ෂා කරනු සඳහා චක්රාතයුධ රජතෙම අප්‍රසිද්ධ වේශයෙන් කොළොම්තොටට ගිය බව රාජාවලිය වැඩි දුරටත් සඳහන් කරයි. රාජාවලී වාර්තාව අනු ව චක්රාායුධ යනු ධර්මපරාක්ර්මබාහුගේ සොහොයුරෙකුගේ අපර නාමයක් විය යුතු බව පෙනේ. යට කී ප්රාවෘත්තිය ම සඳහන් කරන වැලන්ටයින් පවසන්නේ ඒ කටයුත්ත සඳහා ඉදිරිපත් වුයේ උඩුගම්පල රජු බවය.2 උඩුගම්පල විසු රජුගේ නම සකලකලාවල්ලය.මේ වාර්තා දෙක සැසඳු කල්හි නම් වැලන්ටයින් කියන උඩුගම්පල සකලකලාවල්ල හා රාජාවලිය සඳහන් කරන චක්රා්යුධ යන නම් දෙකෙන් එක ම තැනැත්තෙකු අදහස් විය යුතු බව පෙනේ. මේ සොහොයුරන් පිළිබඳ ක්වේරෝස් දක්වන කරුණු ද පරික්ෂා කිරිම වටි. ධර්මපරාක්රනමබාහුගෙන් පසු. විරපරාක්රරමබාහු රජුගේ වැඩිමල් පුත්රලයෙකු වු චක්රාරයුදබාහු නො ව ඔහුට බාල වු විජයබාහු කුමරා රජකම සඳහා තෝරා ගන්නා ලද්දේ විජයබාහු තෙමේ රජකම සඳහා වඩා සුදුසු වු නිසා බව ක්වේරෝස් එක් තැනෙක කියා ඇත.3 ක්වේරෝස් දක්වන මේ තොරතුරු රාජාවලි ප්රාවෘත්තිය හා සංසන්දනය කළ හැකිය. රාජාවලි පාඨය මෙසේය: “ (ධර්මපරාක්රාමබාහු) රජ උකුත් වුව‍ා ම මහාසේනාව හා මහාමන්ත්රිෙවරු උසාවි කරගන නුවරන් පිටත් ව උඩුගම්පලට ගොසින් සකලකලාවල්ල රජ්ජුරුවන් වැඩමවාගන ජයවර්ධන නුවරට ඇවිදින් මහරජක‍මට ආරාධනා කළ විට.....බාල විජයබාහු රජ...නුවරට ගෙන්නවා ගෙන ඔටුනු පලඳවා විජයබාහු න්ම තබා සිංහාසනප්රා.ප්ත කොට..”4 රාජාවලිය දක්වන මේ කරුණු හා ක්වේරෝස් වාර්තාව සංසන්දනය කරන විට ද චක්රායයුධ සකලකලාවල්ල යන නම් දෙකින් එක් අයෙකු ම අදහස් වන බව පෙනේ. මෙතෙක් සාකච්ඡා කළ කරුණු අනු ව නම් රාජාවලිය, වැලන්ටයින්, ක්වේරෝස යන වාර්තාතුනෙන් ම පැවසෙන්නේ චක්රායයුධ, සකලකලාවල්ල යන නම් එක් අයෙකු සඳහා යෙදුණ බවය.


1. ibid,p. 361 2. ibid, p.361 3. Queyroz., p. 197. 4. රාජා 215 පි. සංඥනාම පිළිබඳ තොරතුරු 95

එහෙත්, ක්වේරෝස් වාර්තාවේ විජයබා‍කොල්ලය ගැන සඳහන් කෙරෙන් තැන විජයබාහු රජු මරන ල්දදේ ඔහුගේ වැඩිමල් සොහොයුරු වු චක්රා යුධ බාහුගේ දරුවන් විසින් බව කියැවේ.1 මෙය ක්වේරෝස් අතින් සිදු වු වරදක් වශයෙන් සැලකිය හැකිය. එසේ නොව ක්වේරෝස් මෙම වාර්තාව සැබෑ නම් චක්රා්යුධ යනු විජයබාහු රජු‍ගේ සොහොයුරු රාජසිංහ රජුට යෙදුණ අපර නාමයක් සේ සැලකිය යුතු වෙයි.2 සකලකලාවල්ල, තනියවල්ල යන ‍සොහොයුරන්ගේ ක්රිියා ගැන රාජාවලිය තව දුරටත් කැරුණු දක්වයි. ධර්මපරාක්රොමබාහු රජ කරන කල කායලපට්ටනමෝ කදිරායන නම් යොනෙක් තවත් යොන් පිරිවර ද කැටුව පැමිණ සලාවත මුතු කිමිදිමට හා ඇතුන් කොල්ලකෑමට පටන්ගත් බවත්, සකලකලාවල්ල තනියවල්ල යන දෙදෙන ඔවුන් අල්ලා මරා දමා රට සන්සුන් කළ බවත් රාජාවලිය කියය.3 ඒ අවධියේ ම සතර කෝරළේ අවුල් ඇති වු විට ද සන්සිඳවන ලද්දේ සකලකලාවල්ල රජු විසිනි. අනෙක් සො‍හොයුරා වු රාජාසිංහ රජ උඩරට රජුගේ කැරැල්ල සන්සිඳවිය. මාදම්පේ සිටය තනියවල්ල රජු‍ගේ දියණිය වු සමුද්රුදේවි සොළි රජෙකුට ජාතක කර වීදියේ අදහසින්, තම්මිට අදහසින් යන කුමරුවන් දෙදෙනෙකු වැදු බවත්, විදියේ අදහසින් භුවනෙකබාහු රජුගේ දියණිය පාවා ගෙන විසු බවත්, ධර්මපාල කුමරා මේ දෙදෙනාගේ පුත්රභයා බවත් රාජාවලි වාර්තාවෙන් කියැවේ. වීදියබණ්ඩාර තිනියවල්ල රජු‍ගේ මුනුබුරෙකු බව දක්වන වැලන්ටයින් වාර්තාව රාජාවලිය හා සැස‍ඳෙයි. එහෙත් විදියේගේ පියා යාපනේ ප්ර්දේශයේ විසු රජෙකු බව වැලන්ටයින් කියා ඇත.4 විදියේගේ මවුපිය දෙදෙන සුය්ය්‍ ර වංශය අයත් බව දක්වන කූතෝ ඔවුන්ගේ නම් සඳහන් කර නැත.5 ක්වේරෝස් කියන්නේ ඔහු කොමෙරිඅද පන්දාර්ගේ හා භුනෙකබාහු රජුගේ නැඟණිය වු කපුරු ළමාඑතනියගේ දියණිය වු ළමාඑතනි නමැතිතියගේ ද පුත්ර යෙකු බවය.6 මේ හැම වාර්තාවකට ම වඩා රාජාවලි වාර්තාව සම්පුර්ණ වුවක් මෙන් ම පිළිගත හැක්කක් ද බව පෙනේ. 23- කායලපට්ටනමෙ කදිරායන ධර්මපරාක්රාමබාහු රජු දවස කායලපට්ටනමේ කදිරායන නම් යොනෙක් සලාවතට පැමිණ එහි මුතු කිමිදිමට හා ඇතුන් කොල්ලකෑමට පටන් ගත් බවත් සකලකලාවල්ල, තනියවල්ල යන ‍‍සොහොයුරන් දෙදෙනා විසින් එම යොනුන් විනාශ කර දමන ලද බවත් රාජාවලිය වාර්තා කරයි. කදිරා

1. Queyroz.,p.203. 2. UCR.,Vol. XIX, No. l. April 1961 p. 25. 3. මෙම සිද්ධිය වීරපරාක්ර.මබාහු රජු දවස වුවක් ලෙස ඇස්.ජි. පෙරේරා පියතුමා සඳහන් කරයි. S.G.Perera,Port Per.,p10. 4. Cuto., p. 100 ft.n.3. 5. Cuto., p. 100 6. Queyroz., p.333. 96 රාජාවලිය

යනගේ නම අලකේශ්වර යුද්ධය පොතේ පිටපත්වල යෙදි ඇත්තේ “අදිරාසරායන්”, “අධිරාසරායන්”,”අදිරාසරායන” යන අයුරිනි.1 අලකේශ්වර යුද්ධය හැරුණු විට මේ සිද්ධිය ගැන සඳහන් ‍අනෙක් වාර්තාවක් අපට නොලැබිණ. කායලපට්ටනම නම් කූතෝ විසින් කලේ,2 කල්ලේ3 යන නම්වලින් සඳහන් කර ඇති ස්ථානය බව පෙනේ. මේ වු කලිමලබාර් වෙරළේ බෙයිපූර් නිදය දකුණින් පිහිටි තොටුපලක් බව පර්ගියුසන් පෙන්වා දි ඇත.4 “යෝගි ගුරුයාදින්න” නම් පුස්කොළ කවි ‍පොතක, මදුර රටේ සිට සලාවතට පැමිණ, රජුට විරුද්ධ ව පෙරළි කළා වු යෝගි නිඹුළුන් දෙදෙනකු ගැන සඳහන් වේ. එහි දැක්වෙනුයේ රාජාවලි ප්රකවෘතිතය විය හැකිය.5 24- තම්මිට බණ්ඩාර විදියබණ්ඩාර හා ඔහු මල් තම්මිට බණ්ඩාර යන දෙදෙන භුවනෙකබාහු රජුගේ ඇවැස්ස බෑනාවරුන් බවත්, පෘතුගිසින්ට කළ විරුද්ධකම් නිසා තමිමිට බණ්ඩාර අල්ලා ගෝවේට යැවු බවත් රාජාවලිය වාර්තා කරයි. අනෙක් වාර්තා දක්වන පරිදි6 ඔහු ප්රබන්සිස්කු බරෙතු නමින් බවුතිස්ම ලැබ පෙරලා ලක්දිව පැමිණි වග රාජාවලියෙහි සඳහන් නොවන්නේයත කොනප්පු බණ්ඩාර උඩරට සිටි කොළඹට පැන ‍ගොස් ධර්මපාල රජු හා මිත්රණ වි තමිමිටරාලගේ දෝණියක් කසාද බැඳගෙන උන් බව රාජාවලිය වාර්තා කර ඇත. 25- විදියේ බණ්ඩාරගේ දරු‍වෝ විදියේ බණ්ඩාරට භුවනෙකබාහුගේ දියණියගේන් ලැබුණ දරුවා ධර්මපාල විය. ධර්මපාලගේ මව මිය ගියායින් පසු විදියේ බණ්ඩා ර මායාදුන්නේ රජුගේ දියණිය පාවා ගත්තේය. මොවුනට පුතෙකු හා දුවක ලැබුණ බව පෙනේ. “ මේ රාජකුමාරයන්ගේ (රාජසිංහගේ) නැගණියන් හා යෙහෙළිණියන් සිටිය දි තමාගේ රජකට්ටලයත් ගෙන විදියේ රජ විජයපාල ආස්තාන පුත්ර යන් ගලවා...ගියාහ.” යන රාජාවලි වාක්යනයෙන් ඒ බව පැහැදිලි වේ. තම සඳහන් නොකරතත් ධර්මපාලගේ සොහොයුරා ගැන කූතෝ වාර්තා කරයි.7 ඔහු නම් වශයෙන් ම ක්වේරෝස් විසින් සඳහන් කර ඇත.8 රාජාවලිය දක්වන අනෙක් වාක්යරයක් අප‍ගේ සැලකිල්ලට භාජන විය යුතුය. එනම් “ මේ මායාදුන්නේ රජ්ජුරුවන්ගේ දුවණියන් ‍වු ඒ බිසෝ අදහසින් ආත්තුපත්තු නැතුව වැදු කුමාරිකාවි එම වීදියේ රජ පළමු ලත් පුත්රවයාට සමන්නනන්ඩ කියා ඒ පුත්රකයා නම් විජයපාල ආස්තාන ධර්මපාල රජු බව දැනගත් යුතුය” යනුයි. මේ වාක්යපය අනුව ධර්මපාලාගේ සම්පුර්ණ නම 1. අලයු. 26 පි. 2. Cuto., p. 91. 2. Cuto.,p. 94 4. Cuto., p.91, ft.n.7. 5. Hugh Nevill, Sinhala Verse. Vol. lll,p. 242, No.817. 6. S.G.Perera, port., per., p.37; Cuto., p. 172; Queyroz. p.320 7. Cuto., p. 164. 8. Queyroz., p. 804.

සංඥනාම පිළිබඳ තොරතුරු 97

“විජයපාල ආස්තාන ධර්මපාල” යන්න බව පෙනේ. මෙය සදොස් පාඨයකි. විජයපාල ආස්තාන නමි වීදියේට දාව මායාදුන්නේගේ දියණිය ලත් කුමාරයාය. විජයපාල වනාහි ධර්මපාලගේ සොහොයුරා බව අනෙක් වාර්තාවන්හි මෙන් ම රාජාවලියේ අනෙක් තැන්වල ද පැහැදිලි ව ම සඳහන් වන්නේය. 26- මායාදුන්නේ රජු‍ගේ දරුවෝ රාජාවලිය දක්වන පරිදි මායාදුන්නේගේ දරුවන් පිළිබඳ විස්තර මෙසේය: 1. රජ්ජුරුබන්ඩාර (විසි වයසේදි උකුත් වුයේය) 2. තිභිරිපල අදහසින්. 3. විදියේ රජ්ජුරුවන් ළග උන් බිසේ අදහසින් 4. ටිකිරිබන්ඩාර හෙව්ත රාජසිංහ (බාල ම කුමරා). රාජසිංහ, මායාදුන්නේගේ දෙවන බිසවකගේ පුතෙකු වු හෙයින් රාජ්ය ය ලබා ගැනිම සඳහා රාජසිංහයන් විසින් තම සොහොයුරන් ද, පිය‍ා ද මරනු ල‍ැබු බව කූතෝ.1 ක්වේරෝස්2 යන දෙදෙනා ම පවසති. රජකම ලබා ගැනිම සඳහා ර‍ාජසිංහයන් තම පියා මැරූ බව චුළවංසය ද වාර්තා කිරයි.3 එහෙත් පිය රජු‍ගේ අභාවයෙන් සිතාවක රාජ්ය ය තමාට අයත් විම පිළිබඳ ප්රරශ්නයක පැවති බවත් රාජාවිලයෙන් නොකියැවෙයි. එකොළොස් වියේ පටන් ම රාජසිංහගේ රාජ්ය අයිතිය පැහැදිලි වී තිබිණ, එහෙයන් රාජසිංහයන් විසින් ස්වකිය පියා හා සො‍ෙහායුරන් මරනු බව සැක කටයුතු ප්රරවෘත්තියක් වෙයි. 27- කුඬලිමරක්කලයා මායාදුන්නේ රජ භුවනෙකබාහුට විරුද්ධ ව යුද්ධ කිරිම සඳහා “කෝලි කට්ටුවෙන් වඩක්කරුන් ගෙන්නවා කුඬලිමරක්කලයන් ඇතුව ව නිලමක්කාරයින් දෙන්නාත් බො‍හෝ වඩක්කරුනුත්” සිතාවකට ගෙන්වා ගත් බවත්. එම යුද්ධයේ දි මායාදුන්නේට පරාජය අත් වි “මුන්නිල වඩක්කරු දෙන්නත් අල්ලා බැඳලා කොට්ටේ නුවරට එවා” සන්තාන වු බවත් රාජාවලිය වාර්තා කරයි. කූතෝ, ක්වේරෝස් යන ඉතිහාසකරුවන් විසින් මෙම සිද්ධිය දිර්ෂ වශයෙන් විස්තර කර ඇත.4 මායාදුන්නේ රජු 1637 අගෝස්තු මාසයේ දි යුද්ධ ආධාර ඉල්ලා කලිකට්හි පාලකයා වන සැමොරින් වෙත දූත පිරිසක් යැවු බවත් එහි ප්රධතිඵලයක් වශයෙන් පයිච්මර්ක, කුන්හලෙමර්ක යන සොහොයුරන් ද අලි අබ්ර හෙම් ද යන තිදෙන හමුදා සහිත ව ලංකාවට එවන ලද බවත් කූ‍තෝ. ක්වේරෝස් යන දෙදන ම කියති.5 මායාදුන්නේ රජු මෙම මරක්කාල හමුදාවල ද සහාය ඇති ව කළ සටන් පරාජය වු බවත් පජි මර්කා හා කුන්හලෙ

1. Cuto., pp. 271,272.277. 2. Queyroz., pp. 415, 431. 3. Cv. xciii, 4. 4. Cuto., pp.90-98: Queyroz.,pp. 210-230. 5. Cuto., p. 91: Queyroz., p.210.

98 රාජාවලිය

ඇතුළු රක්කලයින් දෙසිය දෙනෙකුගේ හිස් කෝට්ටයට භාර දෙන ලද බවත් ක්වේරෝස් දක්වා ඇත.1 කුන්හලෙමර්ක යි කූතෝ විසින් ද, කුන්හලේයි ක්වේරෝස් විසින් ද ‍නම් කරනු ලබන්නෙ රාජාවලි කර්තෘ කාය කුඬලි මරක්කලයන් ගැන වේ. මේ තැනැත්තාගේ සැබෑ නම කුඤ්ජි අලි බව කූතෝ වාර්තාව ඉංගිරිසියට පරිවර්තනය කළ පරිගියුසන් විසින් පෙන්වා දි ඇත.2 මේ අනු ව රාජාවලිය කියන නිලමක්කාරයින් දෙන්නා නම් කූ‍තෝ කියන පයිච් මර්ක, කුන්හලෙ මර්ක යන අය වෙති. පෘතෘගිසි වාර්තාකරුවන් දක්වන අලි අබ්ර්හෙම් ගැන රාජාවලියෙහි කිසිවක් සඳහන් නැත. කෝලිකට්ටුව යි රාජාවලිය කියන්නේ කලිකට නගරය ගැනය. “මුනනිල වඩක්කර” යන්නෙන් පෙරමුණෙහි නිල දැරූ, එනම් යුදහමුදාවේ පෙරමුණේ ගමන් කළ වඩක්කරුන යන අරුත් ගත හැකිය. 28- අය්ය්නම් නම් මන්ත්රීඩ ‍මොහු මායාදුන්නේ රජුගේ ප්ර්ධාන මන්ත්රි් තනරක් දැරූවෙකි.මායාදුන්නේ විසන් සිතාවක නුවර කරවනු ලැබමේ දි අය්ය්ත්ර නම් මන්ත්රියගේ නම සඳහන් වේ. උඩරට ජයවිර රජු මායාදුන්නේට අයත් සතරකෝරළයට අවුල් කළ විට ඒ රජු පරාජය කරන ලද්දේ ආය්ය්ාදු මන්ත්රි්න් විසිනි. අලකේශ්වර යුද්ධය හා වැලන්ටයන්3 ඒ මන්ත්රි්ගේ නම දක්වා ඇතත් කූතෝ ‍හෝ ක්වේරෝස් හෝ ඔහු ගැන සඳහන් කර නැත. රාජසිංහ රජු දවස සිටි අරිට්ටකිවෙණ්ඩු පෙරුමාල් හා මෙකියන ආය්‍ර්යන යන දෙදෙන ම එක් තැනැත්තෙකු දැ යි පැහැදිලි නැත 29. අරිට්ටකීවෙණ්ඩු පෙරුමාල් හෙව්ත මනම්පෙරුම මෙහොට්ටි සොළි රටින් ආ අරිට්ටකීවෙණ්ඩු පෙරුමාල් නමැතතා රාජසිංහ රජුගේන් මනම්පෙරුම මොහොට්ටි තනතුරු ලැබ ගෙන රජපවුල හා ඉතා ළඟින් ආශ්රැය කළ බවත්, රාජසුය්ය්තනත කුමාරයා මරන ලද්දේ මනම්පෙරුම මොහොට්ටි විසින් බවත්.රාජසිංහ රජුගේ සො‍ෙහායුරිය වු මත්තමගොඩ උන් බිසෝ අදහසින්ගේ කිම පිට පස් ඇවිරිදි කුමරාට රජකම පවරන ලද්දේ මේ තැනැත්තා විසින් බවත් රාජාවලිය පවසයි. ඉන් පසු සීතාවක රාජධානිය ආරික්ෂා කිරිමේ භාරය මනම්පෙරුම මොහොට්ටිය පැවරිණ. සීතාවක රාජධානියට විරුද්ධ ව අලුත්කුරුවේ ඔරුතොට දී පැවැති සටන්වලින් ජිදසිල්වා කියන යොන් මුදලියා ඇතුළු විශාල පිරිසක් මනම්පෙරුම විසින් මරන ලදහ. තමාට විරුද්ධ වු අතපත්තු ආරච්චි තමාගේ අගුණ කියා සිවුපද බැඳ සීතාවක වීදිවල කියවන්නට වු හෙයින් මනම්පෙරුම කොළඹට පැමිණ.


1. Queyroz., p. 230’ 2. Cuto., p. 91 ft.n.1. 3. Cuto.,p. f.n.3.

සංඥනාම පිලිබඳ තොරතුරු 99

පෘතුගිසින්ට එකුත විය. ධර්මපාල රජු විසින් ඔහුට ජයවිර බණ්ඩාර යන නම තබන ලදි. ඉන් පසු සිතාවකට ද විමලධර්මසූය්ය්හුට රජුට ද විරුද්ධ ව සටන්වන යෙදුණේය. අන්තිමේ දී විමලධර්මසූය්ය්්ය් රජ ජයවිරබණ්ඩාර ලියන සැටියට පෘතුගිසින්ට විරුද්ධ ව පතක් ලියා එය ඔවුනට අසු වන සේ කටයුතු යෙදිය. ඒ පත පෘතුගිසින්ට අසු ව ජයවිර බණ්ඩාර කෙරෙහි සැක ඇති වුයේන් හේ මරා දමන ලදි. විමලධර්මසූරිය රජුගේ අභිප්රාතය සාර්ථක විය. අරිට්ටකීවෙණ්ඩු පිළිබද රාජාවලිය දක්වන මේ කරුණු එකක් පාසා කූතෝගේ වාර්තාවට ද ඇතුළත් වේ.1 ක්වේරෝස් විසින් ඒ හැම ප්රුවෘත්තියක් ම වාර්තා කර නැත.2 30- වික්ර මසිංහ මුදලි මායාදුන්නේ, රාජසිංහ යන රජුන්ගේ යුද්ධ ව්යාරපරයන් සම්බන්ධයෙන් වික්රුමසිංහ මුදලි ගැන රාජාවලියෙහ කිහිප තැනෙක සඳහන් වෙයි. පෘතුගිසි වාර්තාකරුවන් විසින් වික්රගමසිංහ යන නම හමුද නායකයෙකුගේ නාලනාමයක් සේ සැලකු බව පෙනේ.3 “වික්ර මසිංහ මුදලි” යන්න රාජාවලි කර්තෲන් වසින් නිලනාමයක් සේ යොදන ලද බවක් පැහැදිලි නැත. වික්රදමසිංහ මුදලි සම්බන්ධයෙන් රාජාවලිය දක්වන ප්රදවෘත්ති මෙසේය: 1. මායාදුන්නේ රජුගේ නි‍යෝග පිට වික්ර මසිංහ මුදලි රාජසිංහ කුමරාත් සමග විදියේ බණ්ඩාර හා සටන් කිරිම පිණිස පැලඳ නුවරට ගියේය. මෙ සටන්වලින් වික්රාමසිංහට ජය අත් වුයෙන් විදියේ පලා ගියේය. 2. සීතිවක සිට පැන ගොස් ධර්මපාල රජුට එකතු වු මනම්පේරි අරච්චිල නමැත්තා ප්රිතිකාල් සේනාවක් ද ලැබ මාතොට බලකොටුවක් බැඳගෙන සිටියේය. ඔහු පරාජය කිරිම සඳහා මායාදුන්නේ රජ වික්ර මසිංහ මුදලි යැවිය. මේ සටන්වල දී තෙටගමුවේ තෙන්නකෝන් මුදලියාගේ මල් වු දිසානායක ආරච්චි, ජිවන් ප්රේේර නම් ප්රේතිකාල් ජාතිකයා, වීරමලවරා ඇතුළු විශාල සෙනඟක් මරා දමා මනම්පේරි ආරච්චිලගේ හිස කපාගෙන වික්රවමසිංහ මුදලි මායාදුන්නේ රජු වෙත ගියේය. 3. රාජසිංහ රජු කොළම ආක්රයමණය කිරිමේ දී ද වික්ර මසිංහ මුදලිගේ නම සඳහන් වෙයි. වික්රයමසිංහ රාජසිංහගේ නියෝග පිට හීනා කෝරළය ගොඩින් ආ පෘතුගිසි සේනා විනාශ කර දමා ජය ගත්තේය. 4. වික්ර මසිංහ මුදලි රාජසිංහ රජුගේ අනෙක් මුදලි කෙනෙකු වු සෙනෙවි‍රත්න සමග විරුද්ධ වි සි‍ටියේය. මේ විරෝධය කෙළවර වුයේ රාජසිංහගේ නියෝගය පිට වික්රිමසිංහට දෙන ලද විෂ බෝහෙතකින් ඔහු මිය යාමෙනි. වික්රරමසිංහ මුදල් රාජසිංහ රජු විසින් මරවනු ලැබිමේ පුවත කූ‍තෝ ද වාරතා කර ඇත.4

1. Cuto., pp. 395, 398. 402. 2. Queyroz., pp. 470-486. 2. Cuto., p. 225, f.n.8. 4. Cuto., p. 273.

100 රාජාවලිය

වික්ර මසිංහ මුදලි රාජසිංහල රජු හා කොතෙක් සම්බන්ධ ව ක්රි යා කළා ද යන වග “මේ රාජසිංහ රජ කුමරා අවධියේ හිට කැටුව කොටා ඇවිද්දේ වික්රනමසිංහ මුදලියාය” යන රාජාවලි වාක්යහයෙන් පැහැදිලා වේ. 31- වීරසුනදර බණ්ඩාර රාජසිංහ රජු උඩරට යටත් කරගත් පසු පේරාදෙණියේ රජපෙළපතින් පැවත එන වීරසුන්දර බණ්ඩාටර යළිත් උඩරට පෙරළි කළ බවත්, රාජසිංහ ඒ තැනැත්තා උපායෙන් බොරුවක ලා මරා දැමූ බවත්, ඔහු පුත් කොණප්පු බණ්ඩාර කොළඹට පලා ගිය බවත් රාජාවලිය කියයි. මේ ප්රතවෘත්ති ක්වේරෝස්,1 ඇස්. ජී. පෙරේරා2 යන ඉතිහාසකරුවන් විසින් සවිස්තර ලෙස දක්වා ඇත.

32 -රාජසූය්ය්ිස්,ජයසූය්ය්්ති හා දොඩම්පෙ ගණිතයා රාජසිංහ රජු‍ගේ අභාවයේ දි රාජසුය්ය්ති කුමරා සීතවක රජ වු බවත්, මොහුගේ මල්බෑ ජයසූය්ය්් කුමරාට බෙලිගල් කොරළය භාර දි තුන්තොට නැවැත්වු බවත් රාජාවලිය කියයි. මේ දෙදෙන ගැන චූළවංසය ද ක්වේරෝස් ද කිසිවක් සඳහන් කර නැත. කූතෝ කියා ඇත්තේ රාජසුය්ය්ංසය කුමරා රාජසිංහ රජුගේ වැඩිමල් පුත් වු බවයි.3 වැලන්ටයින් වාර්තාව අනු ව‍ මොහු රාජසිංහගේ මුනුබුරෙකි.4 රාජසිංහ රජුට භාය්යාය වන් කිහිපදෙනෙකු ම සිටි තබත් තමාගේ පසු රජකම හිමි ව සිටි එක ම පුත් කුමරා මරා දමන ලද බවත් ක්වේරෝස් කියයි.5 රාජසූය්ය් පස රාජසිංහගේ දෙවන බිසවකගේ පුත්රමයෙකු ද, නැතහොත් මුනුබුරෙකු දැයි පැහැදිලි නැත. රජසූය්ය්වකගගේ බාල සො‍හොයුරෙකු බෙලිගල් කෝරළය පාලනය කළ බව කූතෝ ද සඳහන් කරයි.6 ඒ තැනැත්තාගේ නම ජයසූය්ය්ල් බව රාජාවලියෙන් පැහැදිලි වන්නේය. රාජසූය්ය්වන් රජු දොඩම්පෙ ගණිතයා සමග ළඟ හිතවතකමකින් ආශ්රාය කළ බවත්, මේ දෙදෙන එකතු වී රහසිගත ව රාජසිංහ රජුට හූනියම් කළ බවත් රාජාවලිය සඳහන් කරයි. රාජසූය්ය් රා රජු දොඩම්පෙ ගණිතයාගේ දුව හා රහසිගත ව ආශ්රිය කළ බව රාජාවලිය කියයි. මොහුට රාජ්යයය අහිමි විමට ද එය හේතු වු බව රාජවලිය අනු ව සිතා ගත හැකියත 33- කරල්ලියැද්දේ කුමාර බණ්ඩාර කරල්ලියැද්දේ කුමාර බණ්ඩාර සම්බන්ධයෙන් රාජාවලි‍ය දක්වන ප්රජවෘත්ති මෙසේය: 1. ජයවිර රජුට දාව කීරවැල්ලෙන් ගෙනා බිසවට උපන් පුතෙක් හා දුවක් වුහ. පුත්රවයා නම් කරලියැද්දේ කුමාර බණ්ඩාරය. දියණිය “භුවනෙකබාහු රජු ඉන්න අවධියේ ධර්මපාල රජුට මඟුල් කර ගෙනාවාහ.” 1. Queyroz., p. 705. 2. S.G. Perera, port.per., pp.50,51. 2. Cuto.,p. 369. 3. Cuto., p. 369. f.n.l 5. Queyroz., p. 496 6. Cuto., p.369.

සංඥනාම පිළිබඳ තොරතුරු 101

2. කරල්ලියැද්දේගේ මව්බිසව උකුත් වුවායින් පසු ජයවිර රජ ගම්පොල වරිගෙන් අනෙක් බිසෝකෙනෙකුන් ගෙනාවේය. කරලියැ‍ද්දේ පියරජුට විරුද්ධ වි ඔහු සිතාවකට පන්නා ගත්තේය. කරල්ලියැද්දේ බණ්ඩාර පිය රජු හා විරුද්ධ විමට හේතුව ඒ රජුග‍ගේ දෙවන බිසවගේ ප‍ුතෙකුට රජකම පවරා දිමට උත්සාහ ගැනිම බව කූතෝ. වැලන්ටයින් යන දෙදෙන ම සඳහන් කරති.1 කරල්ලියැද්දේ අනෙක් ඉතිහාස පොත්වල සඳහන් වන පරිදි දොන්‍ ජෝන් නමින් බවුතිස්ම ලැබු බව, යමසිංහ නම ඔහුගේ බෑනා හා දෝන කතරිනා2 නම් ළදරු දියණිය ද පෘතුගීසිනට භාර දි මිය ගිය බව3 ආදි කරුණු කිසිවක් රාජාවලිය සඳහන්නොකරයි. 34- කන්ගර ආරච්චි, වෙල්ලප්පුලි ආරච්චි, කුරුප්පු මුදලි හා සිමන්කුරේ රාල විමලදහම්සූය්ය්ාල රජු පාතරට අවුල් කර සිටි අවධියේ පෘතුගිසිනට විරුදධ ව සීනා කෝරළය ගොඩින් කාන්ගර ආරච්චිලත්. හේවාගම් කෝරළය ගොඩින් වෙල්ලප්පුලි ආරච්චිලත් කුරුප්පු මුදලියත් යන අය පෙරළි කරමින් සිටි විට මොවුන් පරාජය කිරිමේ කාර්යය ධර්මපාල රජු විසින් එදිරිල්ලේ රාලගේ මලයා වන සිමන්කුරේ රාලට පවරන ලද බවත් ඒ හැම දෙනෙකු ම පරාජය කිරිමට සිමන්කුරේ රාල සමත් වු බවත් රාජාවලිය කියයි. මේ සිමන්කුරේ රාල‍ගේ නම් කූතෝ4 හා ක්වේරෝස5 ලියා ඇත්තේ සිමං කොරය කියාය. එදිරිල්ලේ රාල පෘත්ගිසිනට විරුද්ධ ව පෙරළ කළ විට ඔහු අල්ලා මරා දමන ලදි. සිමන්කුරේ රාල නම් වු ඔහුගේ මලයා ‍ගෝවේට යවන ලදි. ‍ගෝවේ දි මොහු මැරිමට ගෙල යද්දි අනාථ මඩමක සිටි තරුණියක මෙහු දැක පාවා ගැනිමට කැමති වුයෙන් ඒ දෙදෙන විවාපත් වි පසු ව කොළඹට පැමිනි බව රාජාවලියේ අනෙක් තැනෙක සඳහන් වේ. සිමන්කුරෝ රාලගේ විවිහය ගැන කූතෝ ක්වේරෝස් යන එක ද වාර්තා කරුවෙකු ‍හෝ සඳහන් කර නැත. සිමන්කුරේ රාල කන්දඋඩරටට විරුද්ධ ව සත් වාරයක් සටන් කළ බවත් අවසන “ සරිලකට අරක්ගත් දෙවියන්ගේ බලෙන් ගිනි ජාලයකින් ඇඟ උණු කර නැසි ගිය” බවත් රාජාවලිය වැඩි දුරටත් වාර්තා කරයි.

1. Cuto.,pp.133, 134 and p. 134 ft. n. 2 2. දෝන කතරිනාගේ සිංහල නාමය කුසුමාසන් දේවි බව කොටගම වාවිස්ස හිමියෝ පෙන්වා දෙති. මේ නම සඳහන් වන්නේ දොස්තර ඇන්. බී.පී. ගුණතිලක මහතාට අයත් “ රාසිංහාමුදාරුන්නේ රාජනිතිය” නම් පුස්කොළ පොතකය. මේ පොත දැන් ලංකා විශ්වවිද්යාුලයේ පේරාදෙණි පුස්තකාලයේ ඇත. කොටගම වාචිස්සර, සරණකර සංඝරාජ සමය. 1960, 6 පි. 3. S.G. Perera, port per., p. 49. 4. Cuto., p.106. 5. Queyroz., p.508

102 රාජාවලිය 35- එදිරිල්ලේ රාල සහ සමරකෝන් රාල එදිරිල්ලේ රාල වනාහි විමලධරමසූය්ය්සමර රජු දවස ධර්මපාල රජුට හා පෘතුගිසිනට විරුද්ධ ව දරුණු ලෙස යුද්ධ කළ අයෙකි. ධර්මපාල රජුට පක්ෂපාත ව සිට සමරකෝන් රාල විසන් මොහු අල්ලා ගනු ලැබු බවත් ධර්මපාල රජු විසන් මරා දමනු ලැබු බවත් රාජාවලිය වාර්තා කරයි. ඔහුගේ මලයා හා ගැහැණුන් අල්ලා ගෝවේට යවන ලද බවත් ඒ මලයා මරණයට ගෙන යන විට අනාථ නිවාසයක සිටි තරුණියක ඔහු පාවා ගැනිමට කැමති වු හෙයින් ඒ දෙදෙන විවාපත් වි පසු ව කොළඹට පැමිනි බවත් රාජාවලිය වැඩිදුරටත් සඳහන් කරයි. එදිරිල්ලේ රාල ගැන අමතර විස්තර ද ඇතුළත් කූතෝගේ වාර්තාව රාජාවලි වාර්තාවට බෙහෙවින් සමානය. ක්රිූ.ව.1596 දි පහත රට පෙදෙස්වල පෘතුගිසි අණසක පැතිර වු දොන් ජෙරනිමෝ ද අසවේදුට විරුද්ධ ව සටන් කළවුන් අතර මුල් තැන ගත්තේ ඩොමින්ගොස්‍ කොරෙය නමින් හඳුන්වනු ලැබු එදිරිල්ලේ රාල බව කූතෝ සඳහන් කර ඇත. පෘතුගිසින්ට පක්ෂ ව සටන් කළදොන් පර්නන්දු මුදලියාර් නමින් හැඳින් වු සරමරකෝන් රාල විසන් ඔහු අල්ලාගනු ලැබු සැටිත්, කොළඹට ගෙන යන ලදු ව මරනු ලැබු සැටිත් කූ‍තෝ කියා ඇත.1 එදිරල්ලේ රාලගේ මලයා සිමාං කොරෙයා බව කූ‍තෝ සඳහන් කර ඇතත් මොහුගේ විවාහය පිළිබඳ කිසිවක් එහි සඳහන් නැත.2 රාජාවලිය කියන පරිදි මේ තැනැත්තාගේ නම සිමන්කුරේ රාලය. එදිරිලේලේ රාල ගැන දිරිඝ විස්තර කිවේරෝස් සටහන් කර ඇත.3 ඩොමින්ගොස් කොරෙයා වු කලි, රජුගේ (ධර්මපාල) භාෂාපරිවර්තක තනතුරු දැරුවා වු ජෙරොන්මො කොරෙයා නමැති සිංහල මුදලියෙකුගේ පුත්රමයා බව එහි සඳහන් වේ.4 ඒ දෙදෙන ම ක්රිමස්තු භක්තිකයේ වුහ. එදිරිල්ලේ රාල පෘතුගිසිනට පෘතුගසීනට විරුද්ධ ව කළ සටන් ද, ඔහු අල්ලා ගත් සැටි ද, මහාධිකරණයට පැමිණ වු අයුරු ද, මරා දමනු ලැබිමට කලින් ඔහු කළ ප්රවකාශ ආදිය ද ක්වේරෝස් දිර්ඝ වශයෙන් විස්තර කරයි. එදිරිල්ලේ රාල මරා දමනු ලැබිමට කලින් ඔහු කළ ප්ර්කාශ ආදිය ද ක්වේරොස් දිර්ඝ වශයෙන් විස්තර කරයි. එදිරිල්ලේ රාල මරා දමන ලද්දේ 1956 ජූලි මස 14 දින දිය.5 එදිරිල්ලේ රාල‍ෙග් මලයාගේ නම සිමං කොරෙයා බව6 ක්වේරෝස් විසින් ද සඳහන් කර ඇතත්, ඔහුගේ විවාහය ‍හෝ ගෝවේට ගෙන යනු ලැබිම ගැන කිසිවක් කියා ඇති බවක් නොපෙනේ.


1. Cuto., pp. 405- 407. 2. Cuto., p. 106. 3. Queyroz., pp, 474-515 4. Queyroz., pp. 474,500. 5. Queyroz., p.515. 6. Queyroz., p. 508.

සංඥනාම පිළිබඳ තොරතුරු 103 36- රාජසූය්ය් 51, උඩුමාලේ, කුමරාසිංහ, විජයපාල, දෙවිරාජසිංහ විමලධර්මසූය්ය්තො රජු නිසා(පෘතුගීසි වාර්තා දක්වන පරිදි දෝන කතරිනා) බිසවට උපන් කුමාරවරුන් වශයෙන් රාජසූය්ය්නි ආස්තාන, උඩුමාලේ ආස්තාන, කුමාරසිංහ ආස්තාන, විජයපාල ආස්තාන යන සතරදෙනාගේ නම් රාජවලිය දක්වයි. දේවිරාජසිංහ වනාහි ඒ බිසවට සෙනෙවිරත් රජු නිසා ලැබුණු කුමාරයාය. මෙම කුමරා උපන් පසු සෙනෙවිරත් ‍රජු විසින්, බිසවට නොදන්වා විමලධර්මසූය්ය් ප රජුට ජාතක වැඩිමහලු කුමරා මරනු ලැබු බව රාජාවලිය වාර්තා කරයි. විමලධර්මසූය්ය්හ ගේ දරුවන් වශයෙන්, ක්වේරෝස් සඳහන් කර ඇත්තේ අස්තාන ඛන්ඩර් ගැන පමණය. විමලධරමසූය්ය්ගේ රජු මරණප්රාසප්ත අවස්ථාවේ දි සියලු දෙන ම ආමන්ත්රමණය කොට අස්තාන බන්ඩර් නම් පුතා වැඩිවිය පැමිනෙන තුරු එනරත් ඛන්ඩර් නම් තම සොහොයුරාට රාජ්යාය පවරන ලෙස ඉල්ලා සිටි බව ද1 එනරත් ඛන්ඩර් රජු විසින් අස්තාන බණ්ඩාර මරවනු ලැබු බව2 ද ක්වේරෝස් වාර්තා කරයි. අස්තාන බණ්ඩාර යි එහි සඳහන් වන්නේ රාජසූය්ය්සි කුමරා ගැන විය යුතුය. සෙනරත් රජුට පුතුන් තිදෙනෙකු සිටි බව ක්වේරොස් කියා ඇත. ඔවුහු නම්: උඩරට පාලනය භාර ව සිටි මහ අස්තාන අදසිම්, මාතලේ පාලනය කළ විහද පල අදසිමි, ඌව භාර ව සිටි කොමර් සි හ අදසිම් යන තිදෙන වෙති.3 විජයපාල, කුමාරසිංහ යන‍ දෙදෙන විමලධර්මසූය්ය් අද රජුගේ පුතුන් ලෙස රාජාවලිය නම් කරන අතර ක්වේරෝස් කියා ඇත්තේ ඔවුන් සෙනරත්ගේ පුතුන් බවය. මේ වාර්තා දෙකින් එකක් ස‍ඳොස් විය යුතුය. මේ ගැටලුව නාරාකරණය කිරිමේ දි රොබර්ට් නොක්ස් ලියු ඉතිහාස වාර්තාව ප්රුයෝජනවත් වේ. දෝන කතිරිනා බිසවගේ ප්රකථම ස්වාමිපුරුෂයා වු රජුට දන්ත පොල්ල රොද්ගෙරහ් යන මාතලේ රජු ද, කොමඋරෙ සිංග නම් ඌවේ රජු ද කුමරුවන් දෙදෙනෙක සිටි බවත් දොන කතිරිනාගේ දෙවන වර පුරුෂයා වු උඩරට රජුට රජසිංහ නම් පුතෙකු සිටි බවත් නොක්ස් වාර්තා කරයි.4 රාජාවලිය වාර්තාව නිවැරදි බව මෙයින් තිරණය වෙයි. 37- දියගු ද මේලු භුවනෙකබාහු රජුගේ අභාවයේ දි ගෝවේ විසරේ ලංකා‍වට පැමිණ රාජවස්තුව අත්පත් කර ගෙන තමාගේ බෑනාට නිලයක් දි එම බෑනාගේ දියගු ද මේලු නම් කප්පිත්තා මෙහි සිටුවා ආපසු ගිය බවත්, ටික දිනකින් එම වාසුරේ‍ගේ බෑනා වායුව්යාාසනයකින් මිය ගිය බවත්, ඔහු මිය යන විට විදියේ රජු සිරකරන ලෙස දියගු ද මේලුට නියම කළ බවත්. ද මේලු විසින් විදියේ අල්ලා කොළොන්තොට හිරකරනු ලැබු බවත්, රාජාවලිය කෙටියෙන් සඳහන් කරයි. කූ‍තෝ,5 ක්වෝරෝස්6 යන වාර්තාකරුවන් විසින් මේ කරුණු 1. Queyroz., p. 604. 2. Queyroz., p. 610. 3. Queyroz., p. 781. 4. UCR, Vol, VI. Nos. 1-4: Roberi knox, pp. 52, 53. 5. Cuto., p. 157 ff. 6. Queyroz., p. 299 ff.


104 රාජාවලිය

දිර්ඝ වශයෙන් විස්තර කර දක්වා ඇත. ඒ පොත්වල සඳහන් වන පරිදි රාජාවලිය කියන ගෝවේ විසුරේ නම් දොන් අපෝන්සො ද නොරොඤ්ඤාඒය. විසුරෝගේ බෑනා නම් දොන් පුවං අන්ර්කස්ය. දියගු ද මේලුගේ සම්පුර්ණ නම දියොගු ද මේලු කුටිඤ්ඤො වේ. 38- දොන් ‍ජිවන් අරික්කු සහ විල්පොන්සි අපේන්සු පෙරේරා භුවනෙකබාහු රජු අභාවප්රා්ප්ත වු පසු ‍ගෝවේ විසුරේගේ බෑනා වන දොන් ජිවන් අරික්කු නමැති පිදාල්ගුවා හා විල්පොන්සි අ‍ෙ‍පාන්සු පෙරේරා නම් පාදිලියා ද කොළඹට පැමිණ ධර්මපාල රජු කිතුසමටය හරවා ගත් බව රාජාවලියි කියයි. “ජිවන්” යන වචනය රාජාවලියෙහි කිහිප තැනෙක යෙදි ඇත්තේ ‘ජුවන්’ යන්න වෙනුවට හෙයින් ඒ පිදාල්ගුවාගේ නිවැරදි නම දොන් ජුවන් අරික්කු විය යුතුය. ධර්මපාල රජු විසින් කිතුසමය වැලඳ ගැනිම භුවනෙකබාහුගේ අභාවයේ දි ඔහු රජකමට පැමිණිමත් සිමග ම සිදු වුවක් නො ව, එයට දිගු කලකට පසු - එනම් 1557 පමණ විය යි සිතිය හැක.1 රාජාවලී වාර්තාව පිළිගැනිම දුෂ්කර බව පෙන්වා දෙන පර්ගියුසන් එයා වඩා පිළිගත හැකි වැලන්ටයින්ගේ වාර්තාව උපුටා දක්වාය. වැලන්ටයින් කියන්නේ ඒ අවධියේ ජෝන් විල්ල ද කොන්දෙ නම් ප්රැාන්සින්කානු පූජකයෙකු හා අල්පොන්සො පෙරෙයිරා නම් කප්පිත්තා ද පැමිණි බවයි. වැලන්ටයින් වාර්තාවේ සඳහන් වන මෙම ‍නම් දෙක එකට මිශ්රත විමේන් රාජාවලි කර්තෘගේ ප්රනමාදයක් නාසි විල්පොන්සි අපොන්සු පෙරේරා යන නාමය සිද්ධ වි ඇති බව පර්ගායුසන් වැඩිදුරටත් පෙන්වා දි ඇත.2 ‍ගෝවේ විසුරේගේ බෑනා වන දොන් ජුවන් අරික්කු නැමැත්තෙකු ගැන ද අනෙක් වාර්තාවක සඳහන් වන බවක් නොපෙනේ.3 39- ජිදසිල්වා යොන් මුදලි රාජසිංහ රජුගේ අභාවයෙන් පසු ධර්මපාල රජු‍ෙග් මෙහෙයිමෙන් සීතාවකට විරුද්ධ ව පෘතුගිසිහු යුද්ධ ආරම්භ කළහ. අලුත්කු‍රුවේ ඔරුතොට පැවති යුද්ධවල දි මනම්පෙරුම මො‍හොට්ටාලු සිතාවක හමුදා මෙහෙය වු අතර පෘතුගිසි හමුදාවේ නායකයා වු ජිදසිල්වා කියන යොන් මුදලියා විය. මෙම ‍යොන් මුදලියා ඇතුව පෘතුගිසි හමුදාවේ විශාල පිරිසක් මරණයට පත් කරන ලදු ව මනම්පෙරුමට ජය අත් විය. රාජාවලිය දක්වන මේ ප්ර වෘත්තිය ක්වේරෝස් විසින් ද වාර්තා කර ඇත.4 ක්වේරෝස් සඳහන් කරන පරිදි මෙම යොන් මුදලිගේ නම දිඹ‍ගොද සිලුඅ විකර්න සින්ග යනුය. ඔහු ලමා කල කොළඹ විසු ප්රරතිකාලෙකුගේ සේවකයෙකු ලෙස සිටි බවත්, යුද්ධ දක්ෂයෙකු වු නිසා යට කි හමුදාවේ ප්රාධානකම ලැබු බවත් එම යුද්ධය සිදු වුයේ 1593 අප්රේ ල් මාසයේ දි බවත් ක්වේරෝස් වැඩි දුරටත් සඳහන් කර ඇත. දිඹගො ද සිල්වා නම් යොන් ජාතිකයා ගැන කූ‍තෝ ද කිහිප වරක් සඳහන් කරයි.5 1. Cuto., p. 172.f..4: S.G. Perera, per.p.38. 2. Cuto., p.173. 3. Cuto., p. 150. 3. Queyroz., p. 471 5.Cuto., pp. 276,306.307. සංඥනාම පිළිබඳ තොරතුරු 105

40-දොන් කුස්තන්තිනු ජනාරාල ජනරාල, ජනරජ යන විරුද පදයන්ගෙන් යුක්ත ව රාජාවලියෙහි හැඳින්වෙන දොන් කුස්තන්තින උඩරට සෙනරත් රජු දවස පෘතිගිසි සේනාංකයෙහි ප්රැධානියා ව ක්රි යා කළ තැනැත්තාය. දොන් කුස්තන්තිනු ද සා නමැති මොහු ක්රිය.ව. 1618-1620 හා ක්රිස.ව. 1623-1630 යන කාලපරිච්ඡේද දෙකක දි ලංකාවේ පෘතුගිස්න්ට අයත් ව තිබු මුහුදුබඩ ප්රකදේශ පාලකයා වශයෙන් ක්රිසයා කළේය.1 මොහු ලංකාවේ දි කළ සටන් පළිබඳ කරුණු දැක්වෙන කුස්තන්තිනු හටන නම් වු සිංහල හටන් කාව්යපයක් වෙයි. 2 41- ජගදරාව “රාජසිංහ රජ ජගදරාව ලියා ඇර ඕලන්දේසින් ගෙන්නවා” යනු රාජාවලි පාඨයි. ගුණසේකර මුදල් මෙයට “ආණ්ඩුව” යි අර්ථ දක්වතත් එය ස‍දොස්ය.3 ලන්දේසින් පෙරදිග රටවල් පාලනය කිරි‍මේදි පාලන මධයස්ථානය පිහිටියේ ජකර්තාවේ ය. රාජාවලියේ ජගදරාව යි දැක්වෙනුයේ මේ ජකර්තා නුවරයි. “අය්යනා දෙවි කවි” නම් පුස්කොළ පොතේ ඔලන්ද ජගදං, ඛෙතාව යන නම් සඳහන් වෙයි.4









1. S.G. Perera. Per., pp. 86, 89. 2. කුස්තන්කිනු හටන (අලගියවන්න), ඩි. ඇමි. සමරසිංහ සංස්කරණය (1939) 3. ග. 81 පි. 4. Hugh Nevill, Sinhala Verse, Vol.3, 1955; p. 303, No.871.