Jump to content

රැවුල සහ 31 වැන්නා

Wikibooks වෙතින්

රැවුල සහ 31 වැන්නා (කෙටි කතාවකි)

[සංස්කරණය]

කතෘ - ටී.දේවක පහලවත්ත (සියළු අයිතීන් කතෘ සතුය.) විද්‌්‍යුත් තැපෑල: dewamovie@gmail.com
කතෘගේ අවසරය ඇතුව විකි පීඩියාවට ඇතුලත් කරන්නේ - ප්‍රභාත් සී. අබෙසිරිවර්ධන
2007.06.28 පළමු විකිපීඩියා පළකිරීම

මගේ හොදම යහළුවා ගුරුවරයෙකි. මිනිහා චූටි කාලයේ ඉදලම මාත් ඒක්ක හරි යහළුයි. ඌට මොනව කරන්නටත් මාව නැතුව බෑ. හවස නාන්න ගියත් මාව ෙහායාගෙන ඒනවා. කව්රුවත් ගෙදර නැත්තං ඒත් මාව තනියට ඒක්ක යනවා. උගේ ඇදේම - ඌට තුරුල් වෙලාම නිදා ගන්න ඔන. වැවට ගියත් අපි ටිකක් හවස් වෙලා යන්නේ - ඒ කියන්නේ මිනිහා කැමති උපන් අැදුමෙන්ම නාන්න. මමත් ඒහෙමයි. කොහොම හරි මිනිහා උසස් පෙළ කරා. විද්‍යාව කරත් මිනිහා කැමති වුනේ Art කරන්න. ඒත් ගෙදර උවමනාවට විද්‍යාව කරලා මිනිහා Fail වුනා. ඒ උනත් උෟ මාර දක්ෂයි. ඉංග්‍රීසියටත් ගණිතයටත් ඒක වගේමයි. ඔය කාලයේදීම මමත් උසස් පෙළට Art කරා - කරුමෙට වගේ Campus තේරුණා. යහළුවට ඒ වනවිට ටීචින් ලැබිල අම්පාර පැත්තේ. මම පේරාදෙණියට තේරුණා. සරසවිය මට නුහුරු තැනක් උනත් - වට පිටාව විසින් මැවී තිබුණු සෞන්දර්්‍යය හින්දම වෙලාවකට ලොකු පාළුවක් දැණුනේ නෑ. මට ලොකු උවමනාවක් තිබුනා කෙල්ලෙක්ව යහළු කරගන්නට. දෙවැනි අවුරුද්දේ තමයි ඒක කරගත්තේ. ඒත් මම ලියපු කවි වගයක් බලලා Medicine ඒකේ කෙල්ලෙක්. ඒකි මට වඩා අවුරුදු 03 ක් වැඩිමහල් - රැග් ඒකේදී ඒයා මාව බෙර ගත්තා - Library ඒකට ඒක්ක ගිහිල්ලා. මම හීනෙන්වත් හිතුවෙ නැහැ ඒයා මාත් ඒක්ක යාළු වෙයි කියලා. මම යාළු වුනා. අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒයා මාත් ඒක්ක තිබුණු ගනුෙදනු නතර කරා. මම කිසි පිළිවෙලක් නෑ කියලා. ඒයා කීවා - සර්ට් අයන් කරලා - කලිසමට යට කරල - සපත්තු පොලිෂ් කරලා ලස්සනට ඉන්න කියලා. මම උත්සාහ ගත්තා. ඒත් ඒක මහ වදයක් වුනා මට. මගේ කවි ලිවීම අාදී සියළු කලාවන් ඒ පිළිවෙල නිසාම යටපත් වුනා. මගේ නිර්මාණ වලට ඒයා අාදරය කළා විතරක් නෙවෙයි මගේ භෞතික ශරීරයටත් ඒයා ඇළුම් කළා වෙන්න ඇති. පිළිවෙලට ඇදුම් අදින්නට තරම් මම වැදගත් මෙන්ම බුද්දිමත් පුද්ගලයෙක් නොවෙයි කියලා හීනමානයකින් මගේ යටි සිත පීඩා වින්දා. අනික ඒක මහ වදයක්. සපත්තු වලට වඩා බාටා සෙරෙප්පුව කොතරම් යතාර්ථවාදී ද?

ගොඩාක් වෙලාවට එයා එයාගේ යහළුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරා. මම සිංහලෙන් කතා කිරීම එයාට ගැටළුවක් වුනා. එයා නිතරම යහළුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරාට මට ලොකු ප්‍රශ්ණයක් වුනේ නැහැ. මොකද මගේ නිර්මාණ කටයුතු වලට බාධාවක් නොවුන නිසා. ඒත් එයා මට ඉංග්‍රීසි නොදත් කම හා එහි අත්‍යවශ්‍යතාවය පැහැදිලි කරල දුන්නා. "සුපුන් මල්ලී" "විශිෂ්ඨ නිර්මාණ සියල්ලම ඉංග්‍රීසි - ඇන්තෝනියෝ මචාඩෝ තමා ආදරය ගැන හොදින් දත් කවියා. එයා කොච්චර සුන්දර ද - එයාට මුළු ලෝකෙම එපා වුණා, එයාගේ පෙම්වතිය මිය ගියාම." එයා මාත් එක්ක මේවා තමයි කතා කරේ. "ඔයා කරුණාකරල ඉංග්‍රීසි හදාගන්න. එතකොට අපේ බැදීම් තවත් ශක්තිමත් වෙයි." එයා මාව ඉංග්‍රීසි පන්තියකට ඇරියා. සියළුම වියදම් එයා ගානේ. නිතරම එයා මට කීවා රැවුල කපන්න කියලා. මගේ බුලත් විට කෑමත් එයාට එපා වුනා. අපේ Campus එකේ ලස්සනට පිපුන වෙසක් මල් කහම කහ පාටට තිබුණා. හිටිහැටියේ මීදුම් පාත්වෙලා ඒ මල් ගස් මීදුමෙන් යාන්තමට වැසුනා. සමහර පෙම් වදන් මේ ස්වභාව සෞන්දර්යත් එක්කම මත්වෙලා වගේ වුනා. හරියට මූර්ති වගේ. ඔවුන්ගේ හිස් වලට කහ මල් වැටිල රැදිලා තිබුණා. එහෙත් එයාලා තම තමන් අයිති ලෝක වල අතරමං වෙලා හිටියා. හැබැයි සරෝජනීගෙයි මගෙයි ආදරය කවදාවත් මේ වගේ තැන් වලට සීමා වුනේ නැහැ. එයා වෙලාවකට හරි හිතුවක්කාරයි. මගේ කලිසම් සාක්කුවේ බුලත් විට ටික ටික අඩු වුනා. දවසක් මම බීවා. පසුවදා සරෝජනි මගේ බීම ගැන කතා කරා. "ඔයාට 'රුබෙයියාව්' වෙන්නට බෑ සුපුන් ඔයාගේ ශරීරය දුර්වල වෙයි. ඔයාට නිර්මාණ කරුවෙක් වෙන්න ඕන නම් හැම වෙලාවෙම ආර්ථික සැලසුමක් හදාගන්න. නැතිකමට - දුකට බොන මිනිස්සු තමා වැඩිදෙනෙක් ලංකාවේ ඉන්නේ. ඒකයි ඒ මිනිස්සු හැමදාම ඒවා කරන්නේ. සතුටු වුණාම විතරක් ටිකක් බීවට කමක් නැහැ." ඒත් සරෝජනී මම හිතන විදිහට නෙවෙයි හිතන්නේ, හාත්පසින්ම වෙනත් විදිහකට. වෙලාවකට ලොකු වදයක් වගේ දැනුනා. ඒත් එයාගේ සියළු යෝජනා, මගේ ජීවිතය වෙනස් කරන්නට එයා මට කල ඉල්ලීම් - ප්‍රකාශ හැම දෙයක්ම එයා ඉදිරිපත් කල විදිහට මම පිළිගත්තා. මට මේවා එයා හැම වේලාවෙම ආදරයෙන් ප්‍රකාශ කරා. මම ඒවා පිළිගත්තා. එයා මට හොදටම ආදරෙයි කියලා මට හිතුනා.

ගොඩක් වෙලාවට එයා මට කිව්වේ "සුපුන් මල්ලි" කියල - Final Year - එකේ දී එයා හිටි හැටියේ ලෙඩ වුණා. Cancer එකක් හැදිලා. එයාගේ ගර්භාෂය අයින් කරා. ඒ නිසාම එයා තවත් මගේ හදවතට ලං වුණා. එයා දවසෙන් දවස කෙට්ටු වුණා. එයා ගෙදර යන්ට උත්සාහ කළේ නැහැ. Operation එකට පස්සේ එයා ගොඩක් දුර්වල වුණා. එයා දැඩි සත්කාරයට ඇතුල් කරා. මට ඕන වෙලාවක බලන්න යන්න ඉඩ ලැබුණා. එයාගේ යාහළුවෝ නිසා දවසක් සවස මම එයා බලන්න ගියා - එයා හෙමිහිට මගේ අත පපුවට තියා ගත්තා. මා දිහා බලලා හිමීට මිමුනුවා. "සුපුන් මල්ලි, ඔයා ආයෙත් බුලත් විට කන්න. පොඩි වෙච්ච සර්ට් අදින්න. ඉස්සර වගේ රැවුල වවන්න. මට එහෙම ඔයා දකින්න ආසයි" කියලා.... සරෝජනී අක්කගේ මේ හිතුවක්කාර රෝගය විසින් එයාගේ ශරීරයට විතරක් නොවෙයි, මානසිකවත් අප දෙදෙනාට බලපෑම් කළා. එයාගේ අළුත්ම ඉල්ලීම විසින් මාව නැවත වරක් හිතන්නට පුරුදු කළා. එයා තීරණය කරන්න ඇති අයන් නොකරපු සර්ට් බුලත් විට සෙරෙප්පු වල තමයි සුපුන් ජිවත් වෙන්නේ කියලා. එයා බලාගෙන ඉද්දී ඉරටුවක් වගේ උනා. ඇස් ගිලිලා ගියා. නිතරම එයාගේ යාළුවෝ ඇද වටේට ඉදගෙන පරීක්ෂා කළා. ලේ ගත්තා. බෙහෙත් පෙති දුසිම් ගණන් පෙව්වා. සේලයින් බින්දු බින්දු එයාගේ ශරීරගත වුනා. මම Hostel එකට වෙලා කල්පනා කරේ වෛද්‍ය විද්‍යාව වෛද්‍ය වරයෙකුගේ ජීවිතය වෙනුවෙන් කරන කැපවීම ගැන. ඇත්තටම බෙහෙත් පෙති සේලයින් X Ray මේ භෞතිකයන්ට සරෝජනී අක්ක ශරීරයක් විතරයි. ඇය වෛද්‍යවරියක් වීම වෛද්‍ය විද්‍යාවට හදුනාගන්නට බැරිවෙයි කියලා මට ලොකු බයක් දැනුනා. මම මෙතරම්ම දිගු රාත්‍රියක් ජීවි‍තේටම ගතකරලා තිබුනේ නෑ. හරි මූසල රාත්‍රියක් ඒක.

මම කමීසේ හොදටම පොඩි කර ගත්තා කලිසමට උඩින් දාලා.... සෙරෙප්පු දෙකත් දාලා උදේම Hospital ගියෙත් බුලත් විටකුත් කාලා.... ඒත් එයා ඇදේ හිටියේ නෑ. තාමත් මට හිතා ගන්ට බෑ ඒ සිද්ධිය. හැමදේම මට හීනයක් වගේ.... මගේ ජීවිතේ හැම සතුටක්ම බලාපොරොත්තුවක්ම - ඔය විදියට මගෙන් පලා ගියා.... සරෝජනී අක්කගේ අතුරුදං වීමත් එක්ක මං බේබද්දෙක් වුණා.... ඇයි අපිට Cancer තහනම් ද? මම බීපු ගමන් දොඩවන්නේ Cancer ගැන. කාලය ඉක්මනින්ම ගෙවිල ගියා. Campus එකටත් ගෙදරටත් ගමටත් මම Cancer එකක් වුනා. ගමේ මිනිසුන්ට ලොකු ප්‍රශ්ණයක් "Campus ගියානං ඉතින් රස්සාවක් කරන්න එපායැ." ගමේ හැමතැනම විවිධ කටකතා පැතිරුනා. මම පිටකොටුවේ මාර්කට් එකේ වැඩකරාලු මරදානේ ත්‍රීවීල් පාර්ක් එකේ වැඩකරාලු." මම Campus ගියා වෙන්න බෑ කියලා. වැව සංස්කෘතියේ බුලත්විට කන සිංහලයාගේ අමුඩ ලේන්සුවට මාව දිරවා ගැනීමට නොහැකිව කාලය මෙහෙම ගෙවිල යන අතර තුර මට ගුරු පත්වීමක් ලැබුනා. නොච්චියාගමට. පස්සේ මට ඕන වුනා මායිම් ගම්මානයක ළමයින්ට මගේ ශ්‍රමය කැප කරන්නට. ඒ ඉස්කෝලේ සිංහල - චිත්‍ර - විද්‍යාව - විතරක් නොවෙයි අන්තිමට ඉංග්‍රීසි - බුද්ධ ධර්මයත් කියල දෙන්ට සිද්ධ වුනා. මෙහෙම කාලයක් යන කොට මට ආරංචි වුනා මගේ අතිජාත මගේ ගමේ මිත්‍රයා සුමිත් - තාම අම්පාරේ ඉන්නව කියල - පස්සේ - අපි දෙන්නම අම්පාරේ එකම ඉස්කෝලේ එක ගුරු නිවාසේ නැවතිලා ඒ දුෂ්කර සේවාවේ වගකීම නියමාකාරයෙන් ඉටුකර අපි ස්වේච්චාවෙන් අනාරක්ෂිත පළාත් වල ස්කෝල වලට ගියා. ළමයින්ට සති දෙක තුන දේශන කරා. පඩියෙන් දුප්පත් ළමයිට පොත් අරන් දුන්නා. නොදැනුවත්වම අපේ සේවාවේ මහගු ප්‍රථිපල අපිව ආක්‍රමණය කරා. අපි දෙන්නට කළාප අධ්‍යාපන කාර්්‍යයාලයෙන් විශේෂ වගකීම් පැවරුණා. සිංහල සහ ඉංග්‍රීසි - උපදේශක තනතුරු. කමක් නෑ .... මම කිවේ යහළුවාට අපි මිනිසුන් වෙනුවෙන් ජීවත් වෙමු කියලා. මගේ Campus ජීවිතයේ සියළු තොරතුරු - සුමිත්ට මම කියල තිබුණා. මිනිහා තාම ගමේ දී වගේම තමයි. "මචං මනාලියක් හොයා ගන්ඩ ඕන බං" හැම වෙලාවෙම මිනිහගේ කටේ තිබ්බේ ඕක. හිටි හැටියේ අපි දෙන්නට මාස 06 ක නේවාසික පුහුණුවකට යන්න සිද්ධ වුණා කොළඹ.

අපි දෙන්නා රෑ බස් එකේ කොළඹ ආවා. මටත් යහළුවටත් කොළඹ ජීවිතේ හරි සුන්දර වුණා - දිය නාන්ට වැව් නැතත් - ගමේ වගේ කම්මැලිකමක් මූසල කමක් කොළඹ තිබ්බේ නැහැ. මිනිස්සු හරි කඩිසරයි. දවසකට කීයක් වාහන පාරේ එහෙට මෙහෙට යනව ද - මම කල්පනා කරේ මට කොළඹ Campus එකට එන්න බැරි උන එක ගැන. වෙලාවකට හිතෙනවා - පේරාදෙණිය මීදුමෙන් මල් ගස් යට ස්වභාව සෞන්දර්්‍යයෙන් වට වෙච්ච මායාවකට මම රැවටුනා කියලා. ඒ තිබ්බ සුන්දරත්වයට වඩා කොළඹ තියෙන කටෝර බව තමයි ජිවත් වෙන බව මතක් කරල දෙන්නේ. කවදාවත් මම දැක්කේ නැහැ කොළඹ හෙමීට කල්පනා කර වට පිට බල බලා - කාලය ගෙවා දමන මිනිස්සු. හැම මිනිහම ලොකු වගකීමකින් ගමන් කරා. හරි විවෘත මිනිස්සු. මේ මිනිසුන්ගේ හොර වැඩ තිබ්බේ නැහැ. කරන දෙයක් බෝඩ් ගහගෙන කරේ. අපි දවසක් යාළුවට ගුරු සෙත ණයක් හදා ගන්ට කොල්ලුපිටියට ගියා. යහළුවාට තාම කොළඹ හුරු නැහැ. අපි දෙන්නා ලිබර්ටි එකේ රෑ 9.30 - ඉංග්‍රීසි ෆි‍ල්ම් එකක් බැලුවා. එළියට එන කොට 11 යි. අම්මේ ත්‍රීවිල් විතරයි එළියේ. යහළුවා හොදටම බය වෙලා. ඒත් මට ඕන වුනා - මේ බය විග්‍රහ කර ගන්න. අපි හිමීට ගාලු පාරට ඇවිදගෙන ගියා. එතකොටම කොල්ලුපිටිය - ස්ටේෂන් පාරේ පේමන්ට් එකේ සරෝජා අක්කා වගේ ලස්සන කළු කෙල්ලෙක් කළු පාට ඇදලා - බෑග් එකක් කරේ දාගෙන. මම අහල තියෙන විදියට එයා ෂුවර් එකට සල්ලි වලට ගන්න කෙනෙක් කියලා තේරුණා. සුමිත් කෙල ගිලිනව "මචං දැක්කහම ආස හිතෙනව කීයක් ගයිද බං" මට හිතා ගන්න බැරි වුණා සුමිත් මේ වගේ යෝජනාවක් කරපු එක ගැන. මටත් මුලින්ම ආස හිතුනත් සුමිත් හින්ද මං කීවේ නැත්තේ. සුමිත් - "උඹ කතා කරපං කෝ" සුමිත් බයයි ඌ හැම වෙලාවෙම පස්ස ගහනවනේ....මගේ ඇගේ ලේ ඔක්කොම රත් වුණා.... මට දැනුනා මගේ කන් දෙකත් රතු වුණා කියල. ලොකු වීරියක් අරගෙන නැගිට්ටා. හිමීට එයා ළගට ගියා. එයා හිනා වෙලා ටිකක් එහාට කතා කරා. මම ගියා..."මහත්තයා සෙල්ලං කරනව ද" ඇහුවා... දෙයියනේ මට ක්ලාන්තයක් වගේ දැනුනා. - ඒ කෙල්ලට ගානක්වත් නෑ. "මොක ද කතා පෙට්ටිය ලොක් ද?" මම හිතට වීරිය ගත්තා "අක්...කේ" කීයක් ගන්නව ද මම ඇහුවා.... ගෑනි හිනා වෙලා මගේ මූණ දිහා බැලුවා. "අක්කේ"... හ්ම් .... සල්ලි ප්‍රශ්නයක් නෑ... කීවා... මට ඕන වුණේ සුමිත්ට මේ වැඩේ සෙට් කරලා දෙන්න. මම කීවා "අක්කේ මට නෙවෙයි මගේ යාළුවාට" කියල "පිස්සු ද මල්ලී යහළුවාට නෙවෙයි ඔයාට ඕන නං යන්" කීවා ඒත් මා අතේ රුපියල් 30 යි තිබ්බේ. අනික අරූ දාලා යන එකත් හොද නෑනේ.... මම කීවා "අක්කේ අපි දෙන්නම එන්නං - මට යාළුවා දාලා යන්ට බෑ" කියල. "හරි යාළුවා එක්ක යං හැබැයි යාළුවට එලියේ ඉන්ට කියල ඔයා විතරක් ඇතුලට එන්න හොදේ". මගේ පපුව ගැහෙන්න ගත්තා මාව විශේෂ ඇයි කියලා. "අක්කේ ඇයි ඔයා යහළුවට අකමැති කියන්නකෝ" කියල - හරි මල්ලි ඔයා ඒ රහස දැන ගන්න අවශ්‍ය නම් ඔයා මාත් එක්ක එන්න සල්ලි නැත්තං ත්‍රීවිල් ගාස්තු මම දෙන්නං කීවා. මට හිතා ගන්න බැරි වුනා. මේ මිනිසුන්ගේ ජීවිතයේ තියෙන සුන්දර කොටස් ගැන. මට සරෝජා අක්ක හැරෙන්න‍ට වෙන කිසි ගැහැනියක් ඔහොම කතා කරල නැහැ. මට සරෝජාට සමාන සෙනෙහසත් එක්කම යහළුවා ප්‍රතික්ෂේප කිරීම දැන ගැනීමටත් උවමනාවක් අවශ්‍ය වුනේ, මට හිතුනා ඇත්තටම මේ කාන්තාව එක්ක යන්න. සුමිත් වත් දාගෙන අපි ත්‍රිවිල් එකක මේ ගෑණි කරුවලේම මුහුද අයිනේ කරුවල හෝටලයකට අපිව එක්ක ගියා. ත්‍රිවිල් එකෙන් බැස්ස ගමන් අර අක්කා රු. 50 ත්‍රිවිල් එකට දීලා මගේ අතින් අල්ල ගෙන හෝටලේ ඇතුලට ගිහිල්ල "මල්ලි රුපියල් 500 ක් යහළුවගෙන් ඉල්ලල කවුන්ටරේට දෙන්න" කීවා සුමිත් ඉක්මනට සල්ලි දුන්නා. මම සුමිත්ට කීවා, "මචං මම ඉස්සරලා යන්නං" කියලා. සුමිත් හිනා වුණා - මම සල්ලි ගෙවල අක්ක එක්කම උඩ තට්ටුවට ගොඩ වෙලා කාමරයකට ඇතුල් වුණා... "හ්ම් මල්ලි ඔයා ගැන මට දුකයි" කියලා එයා කාමරේ දොර අගුල් දැම්මා. මම හිමීට ඇදේ ඉදගෙන මුහුදේ ඝෝෂාවට සවන් දුන්නා. "මොනව ද කල්පනා කරන්නේ කල්පනා කරන්න ද ආවේ." "නෑ අක්කේ - මම කල්පනා කරේ ඇයි ඔයා මගේ යහළුවට අකමැති උනේ... කියල."

"ඒක රහසක්" එහෙම කියල එයා හිමීට කණට ලං කරල මට කීවා. "ඔයාට ආස හිතුනේ ඔයාගේ රැවුල හින්ද" "අක්ක ඇයි මගේ රැවුලට කැමති" "ඒක ප්‍රශ්ණයක් කරන්ට ඔයාට ඇති අයිතිය මොකක් ද? අනික මම ඇහුව ද ඔයාගෙන් ඇයි රැවුල වැව්වේ " කියල. ඒකත් ඇත්ත, මම කල්පනා කරා. "හ්ම් මල්ලි වෙලා ගියා ඔයා ආපු කාරණය කර ගන්ඩ" හද් දෙයියනේ ජීවි‍තේට නොලැබුණ අත් දැකීමක්. ඒත් හරියට බෝම්බයක් ගිල්ල වගේ මගේ පපුව ගැහෙනව. මම තත්පර කීපයක් ලයිට් එක දිහා බලාගෙන හිටියා. මට හිතුනා මම ලොකු පාපකර්මයකට සම්බන්ධ වෙනව කියල. අනේ සරෝජ අක්ක මට මතක් වුණා. "අක්කේ මට මොනව වත් ඕන නෑ - අපි දෙන්න කතා කරමු" "ඇයි ඔයා රැවුලට ආදරේ කරන්නේ." එයා ඒ වෙන කොටත් උඩු කය නිරාවරණය කරල ඉවරයි. "මල්ලී ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ මගේ කාරණේ ඔයා හරියට ඉෂ්ඨ කරොත් විතරයි." "මොන කාරණය ද අක්කේ" ඒත් එක්කම එයා කාමරේ ලයිට් Off කරා, කාමරේ බිං ගෙයක් වුණා - මුහුදේ සුළං එක්ක අමුතු ලුණු රසක් මගේ දෙතොල් වලට දැනුණා. ඒත් එක්ක මට මතක් වුනා රූපවාහිනියේ දාන ඇඩ් එකක් - ඒත් කොහෙ ද මෙච්චර හිතවත් වෙලත්, තියෙනව ද අහන්නේ. ඒත් මට හිතුනා අහන්නට "අක්කේ ඔයා ළග නැද්ද ආරක්ෂිත" "උඹ අක්කේ අක්කේ කියලා හුරතල් වෙලා මගුලක් අහනව ද යකෝ, උඹ ගමේ එකෙක් කියලා මම දැන ගත්තා. උඹ මා ළගට ඇවිත් අහපු වෙලාවෙම. බය වෙන්න එපා. මම මල්ලිලා වගේ ගමේ කට්ටිය විතරයි මාකට් කරන්නේ...." මට පොළව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් ඇති වුණා. ඒත් එක්ක ජීවිතේ මා ලැබූ කුලුදුල් අත් දැකීම ලැබුවා - මම සල්ලිකාරයෙක් වුනා නම් මේ අක්කට රුපියල් කෝටියක් විතර දෙනව කියල මට හිතුනා. කාමරේ ලයිට් පත්තු වුණා. එයාට කලින් මම ඉක්මනට ඇදුම් ඇන්දා.

"ඉතින් මහත්තයෝ යන්ට ද කල්පනාව. තව ටිකකින් පොලීසිය එනව මේ කාමරයට, එතකොට තමුසෙ මොකද කරන්නේ?" මගේ ඇස් නිලංකාර වුනා. දෙයියනේ මේ ඇත්තම ද කියල. "අනේ අක්කේ වදින්නං" ගෑනි හයියෙන් හිනා වුණා - "පිස්සු ද කොල්ලෝ ඔයා පොලීසියට කොටු කරල මට මොනව ලැබෙනව ද - මං මගේ ගානවත් ගත්තේ නෑ. Room ගාන විතරයි ගත්තේ" - මම බය වුණ තරමක් "අක්කේ මගේ රැවුලට ඔයා ගොඩාක් ආස ද?" "ඔව් රැවුල් කාරයෝ ගොඩක් දෙනෙක් හොදට කතා කරනවා. ඒ කතා වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නව. මම ගොඩක් කැමති කාල් මාක්ස් ගේ රැවුලට". පුදුමයි එයා කාල් මාක්ස් ගැනත් දන්නව. අපි නොදන්න දේවල් කොළඹ තියෙනව ද? අපි මිනිස්සු ගැන තීරණ ගන්නේ අසුභවාදී විදිහට. අපේ ගම්වල වල් ගෑනුන්ට වඩා මේ මිනිස්සු කොතරම් සුන්දර ද? මේ වගේ ගෑනියෙක් මට කසාද බැද ගන්න ඇත්නම් කියලා මට හිතුණා. "ඔයා කොහොම ද මාක්ස් ගැන දන්නේ?" "ඔයා වගේම මාත් එක්ක ආපු මිනිස්සු හින්ද තමයි මම ඒවා දැන ගත්තේ. හැබැයි රැවුල වවපු හැම මිනිහම ඒ ගැන දැනන් හිටියේ නෑ. එක මනුස්සයෙක් මට කියල දුන්නා, ඔය මාක්ස් කියන පුද්ගලයා කියල තියෙන දෙයක්. ප්‍රාග්ධනය නිසා මිනිස්සු (පවුල) විවිධ අනියම් සම්බන්දතා ඇතිකර ගන්නට විතරක් නෙවෙයි නොගැලපෙන සම්බන්ධතා ගොඩනගනව කියල" - "එහෙම දැන ගත්ත මිනිස්සු විසින් තමයි මල්ලි මට රැවුල් කාරයින් ගැන හොයල බලන්ට - හිතෙන විදිහෙ සිද්ධින් කියල දුන්නේ. ඒත් රැවුල් වැව්වට ඔක්කොමල ඒ දර්ශනය දන් නෑ මල්ලි."

"ඉතින් ඔයා රැවුලට ආශ ඇයි" එයා ඒ වෙන කොටත් ඇදුම් ඇදල නෑ. මගේ ප්‍රශ්ණෙත් එක්ක එයා සිගරට් එකක් පත්තු කර ගත්ත. එක පාරටම මගේ රැවුලෙන් අල්ලල ගස්සවිව. මට දවල් තරු පෙනුණා. මට ඇද උඩ ඉන්ද වුණා, ආයෙත් මේ ගෑනි පිස්සුවෙන් වගේ රැවුලෙන් උස්සල මාව නැගිට්ටෙව්ව.

"කාලකණ්ණි බල්ලෝ" "තොපි රැවුල් විතරක් වවනව දුං විතරක් නොබොනව, එහෙව් වූ පලියට තොපිට පුළුවන් ද විප්ලව කරන්ට" මට හිතා ගන්න බෑ මේ ගෑනි මේ උතුම් වූ දර්ශනයට කරන නිගාව - කොහොමත් ගෑණි ගේ ඔළුව නරක් වෙලා වද්ද?

"මොක ද උඹ නිශ්ශබ් ද? කතා කරපන් බූරුවෝ"

"අක්කේ මට තේරෙන්නේ නෑ ඔයා කියන දේ" "උඹ තොත්ත බබෙක්, උඹ දන්නව ද යකෝ - මම මේ වන කොට රැවුල් කාරයෝ 30 ක් විතර මෙතෙන්ට එක්ක ඇවිත් තියෙනවා. මගේ එකම ප්‍රාර්ථනය උඹ වගේම රැවුල් කාරයින්ට මගේ ශරීරය පාවිච්චි කරලා ජීවිතේ යථාර්තය පැහැදිලි කරලා දෙන්ට." මට මේ කිසිවක් හිතාගන්ට බැරි වුණා. මම නිශ්ශබ්දව බලා හිටියේ ඉක්මණින් මේ උගුලෙන් පැන ගන්ට. "උඹත් මගේ ශරීරය පාවිච්චි කරා. වෙලාවට මම ගෑනියෙක් වුනේ, මම පිරිමියෙක් වුනා නම්, උඹලට මගේ වගකීම - භාර්යාවකගේ වගකීම ඉෂ්ට කරන්න බැරි වෙනව." එයා එහෙම කියල මම ලගට ඇවිත් සිගරට් දුම් ගුලියක් මුහුණට පිඹල - සිගරට් එක බිම දැම්මා. "මල්ලි මගේ මුහුණ දිහා බලපං, මමත් උඹ වගේම ගමේ ගැහැණියෙක් 'මම හොරොව්පතානේ' උඹල වගේම රැවුල වවා ගත්තු පස් දෙනෙක් එක දවසක් අපේ ගෙදරට රෑ දොළහට විතර ඇවිත් - මගේ මනුස්සයටයි - ලොකු පුතාටයි වෙඩි තිබ්බා. පොලීසියට දර විකුණනව කියල - මගේ පුතයි මිනිහයි, මගේ ඇස් ඉස්සරහ කෙදිරි ගාලා මැරුණා - මගේ වෛරය තාම ඉවර නැහැ - උඹ 31 වැනිය. උඹ ජීවත් වෙන්නේ මරණය වෙනුවෙන්..... බලපන් මගේ ලස්සන ඇග. උඹ අත්දැකීම් ලබා ගත්තු මගේ ශරීරය. හ්ම්, පලයං එළියට ... එළියට ... මට .... 'ඒඩ්ස්' ... මම ඉස්පිරිතාලෙන් හොරෙන් පැනල ආවේ." මගේ ශරීරය දරා සිටි පෘතුවි භ්‍රමණය එක වරම ඇන හිටියා .... මුහුදේ ඝෝෂාව එක්කම ... වේගයෙන් දොර වැහුණා. ඒ නිරුවත් ශරීරයෙන් යථාර්තය මට මැවි මැවී පෙනෙනවා. තවත් ටික කාලයකින් මම මැරෙයි. ඊට කලින් කාලයෙන් හැකි උපරිම ප්‍රයෝජනය මම ගන්නවා. මම එයත් එක්ක අබ මල් රේණුවක තරහක් නෑ - ඒත් 31 කින් මේ ප්‍රශ්නයට උත්තරේ ලැබෙයි ද? කොහොමත් රැවුල වවපු හැම යාළුවෙකුට ම මම එක ඉල්ලීමක් කරනවා. කරුණාකරල රැවුල කපපල්ලා - එච්චරයි.

        මෙම කෙටි කතාවේ සමාප්තයට ඔබ එකග නොවේ නම් සමාප්තිය තවදුරටත් ප්‍රබන්ධ කිරීමට ඔබට අවසර ඇත.


"https://si.wikibooks.org/w/index.php?title=රැවුල_සහ_31_වැන්නා&oldid=6262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි