Jump to content

වදන් කවි පොත-

Wikibooks වෙතින්

වදන් කවි පොත

1.පළමුව බුදුන් වැඳ දෙවනුව දෙසු දහම් වැඳ මහ සඟරුවන් වැඳ පටන් ගනිමුව ගණදෙවිඳු වැඳ

2.ගණපති සුරන් වැඳ ගුරුවර පහත් බැස වැඳ දෙගුරුන් නැමී වැඳ ඉඳුව වන පොත් දී පොතට වැඳ

3.බුත් සරණා වදනින් දම් සරණා වදනින් සඟ සරණා වදනින් මෙතුන් සරණා වදනින්

4.සම්මා සම්බුත් සරණා වදනින් නව ලොවුතුරු දම් සරණා වදනින් පිවිතුරු සවු සඟ සරණා වදනින් පැවතුම් මේ තුන් සරණා වදනින්‍

5.උතුමා නිති බුත් සරණා වදනින් පවරා සදහම් සරණා වදනින් සෙතදා මහ සඟ සරණා වදනින් උවදුරු හර තුන් සරණා වදනින්

6.අගරජ සුරරජ මුනිරජ වදනින් මුතුහර හෙළදම් දම්රජ වදනින් උරදා නේ නය මුනිසුත වදනින් සිළුමිණි සිතුමිණි තිසරණ වදනින්

7.ස්‍වස්ති විභූෂණ කමලා වදනින් සිද්ධමලංකෘත විමලා වදනින් අතුලිත මුනිවර චරණා වදනින් ආභා භාසුර කිරණා වදනින්

8.ඉහකුල පූජිත චරණා වදනින් ඊශ නිශාකර බරණා වදනින් උමා වධූපති මහිමා වදනින් ඌරු මනෝහර ජඞ්ඝා වදනින්

9.සෘණජ නයනා මෘතයා වදනින් සෲ කල්පායන කිරණා වදනින් ඏකුල සන්තති භුවනා වදනින් ඐ මහීපති මහිමා වදනින්

10.එක බාහුබල ජිතයා වදනින් ඓරාවන පූජිතයා වදනින් ඔෂ්ට්‍ර මනොහර ජඞ්ඝා වදනින් ඖපගවස්වී කෘතයා වදනින්

11.ආංම්‍රෙඩිත විධි කුසලා වදනින් අඃ කී අක්‍ෂර ෂොඩශ වදනින් සිද්ධම් වේවා ගණපති වදනින් අස්තු නමො ජන තිලකා වදනින්

12.කඛගඝඞා චඡජඣඤා වදනින් ටඨඩඪණා තථදධනා වදනින් පඵබභමා යරලව ශෂ වදනින් සහළා අං ඉති සිද්ධිරස්තු වදනින්

13.අවන පටන් අඃ වන්නට වදනින් දැනෙන සොළස පෙර සොරකුරු

                      වදනින් 

කයන එපස් වග යානව වදනින් මෙවන සුතිස් දනු හසකුරු වදනින්

14.එක්සොර පස්වග යරලව

                     සතරා 

ශෂ සහ එකකුරු ළයනෙක අකුරා සුරුවත් සමහරු නොදනිති ඉඳුරා සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

15.කණ්ඨජ සත අහ කවගය

                       වදනින් 

තාලුජ සත ඉය චවගය වදනින් මුර්ධජ සත රළ ටවගය වදනින් දන්තජ සත ලස තවගය වදනින්

16.ඔෂ්ඨජ සය ඌ පවගය වදනින් තාලුජ කණ්ඨජ ඒකුරු වදනින් කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින් දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

17.මුදුනය දසනය උපදින කුරටා යෙදු තාලුජය ද සෙසුකුරු වලටා ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා හඳුනව කරණය කී ලෙස කුරටා

18.මේ ලෙස කුරු උපදින තැන්

                       දනුවා 

ආ ලෙස අකුරට කරණය දනුවා වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා කී ලෙස ගරුකය ලහුකය දනුවා

19.එක්වූ අකුරට පෙරකුරු නිතිනා වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා දික්වූ නොම වණ සිටි එක මතිනා දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

20.එකමත ලුහු යැයි දැනකි

                        යමින්නේ 

යුගමත දිගු යැයි ගුරු පවසන්නේ වෙනමත තුනෙකින් පුලුත කියන්නේ අඩමත දැනගන් හසකුරයන්නේ

21.අවණය ආදී ඒකජ අකුරු එවණය ඈ දනු ද්විජ නම් අකුරු දෙවන කවග සහ ලහුකය අකුරු එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

22.ගනිමින් පස්වග පළමු දෙවන

                         කුර 

සමගින් සවණ ද අගොසය කිවු

                          පෙර 

ළයනන් තව සෙසු කුරු නම්

                        ගොසකුර 

දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

23.ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි තොස වන දනිතය සිතිලය දෙවගෙකි නිසසය නිසිතය යන කුරු දෙවගෙකි බස පෙර ඇත සෝඩියෙ කරු

                      දෙවගෙකි 

24.පස්වග යුගසිවු දනිතය දන්නේ එමවග වල එක තුන පවසන්නේ නොවළඟ සිතිලය දැන කියමින්නේ මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

25.සිතරා එක්කට යාදී නවකුරු නොහැරා දනු එක් පාදී පසකුරු විතරා සොර එක් එක් සුන් දෙයකුරු සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

26.පණසෙක සොර සහ හස

                     දෙවගින්නේ 

එහි එක එක හසකුර සදමින්නේ සොළසෙක සොර ලූ කල ගණනින්නේ නොව සැක පන්සිය සැටකුරු

                          දන්නේ 

27.සෝඩියෙ සූතිස් පිල්ලම කාදී ලූ කල සොරයන් සොළසද ආදී ගණනින් පන්සිය සැටෙකින් සුසැදී අකුරෙන් සතළිස් සතරක් බේදී

28.පෙර හස පරසොර සද නොව

                      	වෙනසක් 

කර වියරණ විදි දැන ඇති විලසක් කුරු හස එකකට වැඩිවිය සොළසක් තිර කුරු මඟ දැනුමට වැනි

                         දිවැසක් 

29.සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැනා පිල්ලම් කියා හල්පිල් අකුරු දැනගෙනා ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැනා ඇණවුම් සකස් කඩ සකසේ ඉගෙන ගෙනා

30.තුබු තැනෙක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වළ නොයනා කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා උගත මනා සිල්පය මැයි මතු රැකෙනා

31.අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

32.බසේ මියුරු තෙපලති දෙගුරු සවනතේ ඇසේ කඳුලු අකුරට ගිය කලට ගතේ කසේ සැමිටි වේවැල් ඉරටු ගෙන අතේ දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ

33.වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු පමා නොවී එමි අකුරට මෙයින් මතු

34.පොල් ඉරටේ අණ තදකර ගතිම්මා ඉන් ඔළ මොළ කමකට සිත නොලම්මා දැන් නිසල ව ඉඳ අකුරුත් කියම්මා ඉන් අප දඟ ගෙයක ලූ දෑය අම්මා

35.අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් රුවට යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙට බම්මොයි කියා බස් තෙපලති විටින් විට අම්මොයි කිය කීවත් ගුරු දෙතෙයි බැට

36.රුප්පා වල ඉඳ කෙළිනා දවස් දැඩී තැප්පා සේම ගිනි උයුලද්ද මැඩි මැඩී අප්පා උකුළ ඉඳ තෙපලන බස්ම දැඩී අප්පා බලා උන්නත් වළකීද ගෙඩී

37.ගණදෙවි කෝවිල පිරිබඩ ලන්නේ දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ කළ කී දේ මට සාදා දෙන්නේ පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ

38.කිරි දී වෙඬරුද පස්ගෝ රසිනා උඳු මුං තල මෑ කරලින් සොබනා මේ නන් කැවුමෙන් නිති පුද ලබනා දෙන් මට නුවණක් ගණපති යෙහෙනා

39.අඹ දඹ ඇටඹ ද කරඹ දපුදමී හොලුපලු ලාලු ද ගිවුලු ද පුදමී අතිරස අග්ගල අත්සුණු පුදමී ගණදෙවි නුවණක් දෙනු පා වඳිමී

40.පුදා විලඳ අතිරස කිරිබත් සකුරු සදා මල් බුලත් පුවකුත් ලා කපුරු විදා වතක් සොඳ අඳවා ගුරු ඇදුරු මෙදා කළෝතින් වැඩවේ සව් ඉසුරු

41.පුදමි මම් ඔබට පස් පඬුරෙන්ම සරා අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තුටු පුරා ගොම පිරිබඩ මල් පහනින් ම සිත් පුරා දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් පුරා

42.වැඳලා දෙවියන් පොත අරගන්නේ යැදලා ගුරුනුත් සිත නො තලන්නේ සකලා සිල්පය මට සෑදෙන්නේ දැකලා ගණදෙවි නුවණක් දෙන්නේ

43.සොඳින් බැබලි ගජ මූණෙකි පත්මේ තෙදින් විදුරු විත්නා නුවණැත්මේ යෙහෙන් නැගුණු මීවාහන යුත්මේ වඳම් එ ගණදෙවි සිරිපද පත්මේ

44.සුදු දළ ගජ සොඬ මූණෙකි පත්මේ සුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේ සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ

45.අකුළා ගෙන සොඬ ගජතකු වැන්නේ නෙරවා කන් පොතු සුළු කුළු වැන්නේ සියොලඟ ගෝමර මල්පෙති වැන්නේ පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ

46.අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ ඔබටම මම දැන් ගැතිවෙමි නිත්තේ සුබ නුවණක් කිම දෙනවා නැත්තේ

47.නුවණ මෙමට දෙන සොඳ උමයංගා සිවුසැට බරණින් සැදි සිව ලිංගා පුදමින් අත්සුණු ගෙන ආලංගා දෙන් මට ගණදෙවි නුවණ නොසංගා

48.පුරුදු කරනා සතනම පුරුදූ පසිඳු නුවණක් ලබනට එබඳූ ගිරිදු ඉසුරට දාකර එවැදූ ගණිඳු සිරිපද නමදිම් පසිඳූ

49.රන්වන් අංකුස සුරතින් ගත් නිති බුන්දත් සිවු අත් ගජ මූණක් ඇති තුන්නෙත් නන්දන කරවන විකුමැති දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති

50.මන් මද ගජකුඹු වත ඇත දික්කළ පුන් සඳ මෙන් සිරි උදුල උපන් කල කන් තළ මිණි රැස් ගණපති පින් බල දෙන් මට නුවණක් සමුදුර මෙන් රළ

51.මූෂක වාහන මොදක හස්තම් චාමර කර්‍ණ විලම්බිත සූත්‍රම් වාමන රූප මහෙශ්වර පුත්‍රම් විඝ්න විනායක පාද නමස්ත්‍වම්

52.අවනත සුරගණ විඝටිත චරණම් ඝටතට විගලිත මදජල මුදිතම් විකසිත කරරුහ කරතල කමලම් ප්‍රණමිත ශිවසුත ගණපති මභයම්

53.කුංකුම වර්‍ණ චතුර්භුජ යුක්තම් නාග මුඛම් මකුටංකිත ශුණ්ඩම් අංකුශ පාශක හස්ත සුපාදම් වහ්නිදෘශං ගණනාථ සුරූපම්

54.සූරිය කුල ඇති හිරු දෙවියන්නේ පෑවිය අණසක ලොව පවතින්නේ කාරිය සිතුවා සාදා දෙන්නේ සූරිය දෙවියනි මා රැක දෙන්නේ

55.බබළා උදය ගිරි මුදුනෙන් වඩින්නේ නොවළා අඳුරු බිඳ ලොව එළි කරන්නේ දැකලා සියලු රෝ දුක් දුරු කරන්නේ මෙකලා සොඳින් හිරුදෙවි මා රකින්නේ

56.සීතා පතිරජු මෙන් ගුණ උත්තම බීතා ජනයන් දුරකර සත්තම ඈතා පිරිපත හරිමින් නිත්තම නාතා සාමිනි රකු මා නිත්තම

57.මෙන්දිඩ ගිරි රද පිරිසිරි ලත්තම තුන්තුඩ තුති යස ගොස කළ නිත්තම මන්මැඩ මරු මතු බුදුවන උත්තම සෙංකඩ ගල සුරිඳුන් වඳු නිත්තම

58.ලොවසෙත් කරවන පත්තිනි සඳිනේ සලඹත් අරගෙන සළු සලවමිනේ වෙනසිත් නොසිතා මගෙ ගුරුවරුවනේ නුවණත් ආසිරි දී මා රකිනේ

59.මන් ලෙස නමදිම් සරණත කර පෙම නන්යුරු රෝදුක් පිරිපත දුර දම දැන් මෙ වදන් කවි කියමි බොලඳ මම දෙන් මට නුවණක් සුරිඳු කතරගම

60.මුහුදු අසල බඩ සුපිහිටි එනුවරෙකී ඉස බැඳි ඔටුන්නෙන් සැදුණේ රජ රුවෙකී දෙපා පියුම් පෙති සුරත ද රනෙන් වැකී ඇඳින ගොසින් වඳු දෙව්රජ මේ ලෙසකී

61.තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් ඉඳි කැන් මනා ලේනතැරි දෝතලු පුවක් වලු කදලි සුවඳෙල් සමගිනා ලබු පුසුල් නාරං දොඩම් අඹ රසැති වැල වරකා ගෙනා තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමි මේ හැම සිතුමෙනා

62.තානු තරුණ අරුණ කිරණ බරණින් සැදි තේජනේ බානු අසුර අසුරන් යුද ඔදවැඩි ගිරි රාජනේ මූණු සයෙකි අත් දොළසෙකි මයුරා පිට වාහනේ රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ

63.බලවර්දන තුඟු පාබල සිරිනුත් ගිරි රාජනේ නැගිදුර්ජන අසුරන් දප බිඳහැරි සිහ රාජනේ තොසවර්දන මූණු සයෙකි නැගි සිකිනිඳු වාහනේ ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජනේ

64.සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක් අරගෙනා සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහැරයෙන් යනා යුද්ද වන් තද රොසින් දස හිස් රාවනා බිඳ ජයගෙනා ඇද්ද තව මට වෙනින් පිහිටෙක් කතරගම සුරිඳුන් විනා

65.කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරාණන් සකල සිරිලක දෙව් නරන් හට පැවත එන සොමි සඳාණන් පඳුරුලන කෙතැ ගොයම් විලසට නුවණ මට දෙන රජාණන් රුදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙව් රජාණන්

66.කදිරනේ නෙක බරණිනේ නිති සැරසුණේ පිරි තෙදණිනේ කළරනේ මිණි දුනු ගෙනේ අත පොළමිනේ විදුලිය මෙනේ විදිරනේ සැර එකතිනේ සැඩ අසුරනේ දප මඩිමිනේ කදිරනේ දෙවි උතුමනේ සව්සිරි දෙනේ රකු මා දැනේ

67.කතරනේ රුව බබළමින් සිටි සූසැට බරණින් සිරිසරා අතරනේ දුහු රැගෙන නිතියෙන් මයුරා වාහනයට අරා කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙනදෙන් පින්පුරා

68.රූණු රට කදිරාපුරාදිප මූණුසය ඇති දෙවි රජාණනි ආනුබාවෙන් මෙමට නෙ සතර සිද්ද කර දෙන සමුදුරාණනි බානු තෙදපල සව්සතුන් හට එළිය කර දෙන සොමි සඳාණනි දී නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි රජාණනි

69.සයුර මෙන් රළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ සුරන් පතුරවන තද තෙදින් අදිපති මෙසිරිලක හිමි දෙවි නරන් නිතර සෙත්කොට බලා දිවැසින් නොයෙක් රෝදුක් දුරු කරන් පතර යසසිරි නුවණ දෙන් මට කදිර සුරිඳුනි සුර වරන්

70.ඈත කප් කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට වීත රාගත් රිද්දි නුවණත් ආයුවර්ධන කරන හැමවිට පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට දෝත මුදුනේ තබා වඳිනෙමි නාත දෙව්රජ නුවණ දෙන් මට

71.සිද්ද කිහිරැළි සමන් බොක්සැල් විභීෂණ සිවුවරම් රජපති සිද්ද මහබඹ සක්ද ඉසිවර කතරගම දෙවියනුත් සිතරුති සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ද සිරිලක මෙහැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් නිති

72.දලුත් දිමුතු රිවි මෙන් තද තෙද පරසිදු සක්වල වට මලුත් පහන් සමග පඬුරු පුද ලැබ වැජඹෙන සහතුට නිලුත් රතිනි සුදින් දිලෙන රන්කොත් කැලුමෙන් හැමවිට අළුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් මෙමට

73.තුන්තරා වැඩි මුනිඳු ගඟපැන් සනහමින් වැඩි කැළණියේ ගංතෙරා සළ වීදි දෙපසේ පිළිම ගෙවලින් ගිගිණියේ ඉන් පුරා ලූ දාතු දාකුස දාගැබින් සිරි පැමිණියේ පින්පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි කැළණියේ

74.සතත හරි හර විතන මුනි යුධ මෙඛලා ගිරි ශොභනම් සවත ශිව ශිව රූප නිර්මල වහ්නිසඤ්චය සන්නිභම් උභය රවි කුල මේරූ සිංහල ධාර නිර්මිත ධාරණම් ධරති ධර ධර භවති භව භව නාරසිහ රජ නාරණම් නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=වදන්_කවි_පොත-&oldid=11559" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි