වැනුම් නියර
=====වැනුම් නියර=====
පටන් ගැන්ම ත් දූතයා වැනීමත් එක් සම වන්නා සේමැ සෙසු තන්හි වැනුම් පිණිසැ උවම් ඈ ලකර යෙදීමත් සියලු අසුන් කව්හි එක් සමවේ. එහෙයින් අපේ අසුන් කව් පෙළ පෙනෙන්නේ එක් අයුරු ඇඳුමින් සැදී නටනට පෙළ ගැසී සිටුනා නළුවන් රැසක් මෙනි. එක් අසුන් කවක් හදාළා තැනැත්තාට තවද අසුන් කවක් කියැවීමෙන් දන්නට ලැබෙන අමුතු කරණු නැතියි කියැහැකි පමණට ඉතා අල්පවේ. එක් බදු බම නො ඉවැසියැ හැකි පමණට දක්නට ලැබේ. සියලු තන්හි උවම් සමස් ද ‘මෙන්, සේ, වැනි, එව්’ ඈ අවිය සදන් යෙදීමෙන් කළ උවම් ද මීයෙකැ මැස්සන් සෙයින් එක් බඳුයි. සැවුල් අස්නේ ඇති උවම් සමස් හා මෙ උවම් සමස්ද සසඳා බලනු සුදුසු වේ.
1 පෙරදිගු සර,
ගන දර සෙවෙල් දිවයුරු රන් තිසර, -පරෙවි .146
2 පෙරදිගු නිරිඳු
ළහිරු ගනරන් අසහස් පත පැහැසර දිගු ලණුව, -පරෙවි. 107
3 උදයග රුක
නුබ සාමඩුලු සඳවෙල ළපලු සද මල් කැන, -පරෙවි. 137
4 උදාගිරි කසුන් රිවිවැට
සහසකර පහන, -සැළ: 24
5 දිගු යට, කොවුල්. 165
6 පැළදිගු සුනිල් බිත, (රිවිමඬල එහි එල්ලූ මිණිතල් වැට), -පරෙවි 105
7 පැළදිගු වෙන් උර
රිවි ෙකාතබුමිණයි, - කොවුල්. 185
8 අත් ගිරි තුර
තරු මල්
සිසිර කර පලය,- කොවුල්. 97
9 පැදුම්නිසල් සල් තුර
සද මල් කැන, -තිසර. 102
10 අවරගිරි රජ
කුළු කිරුළ
දිනිඳු (සිළු) මිණ, -තිසර. 71
11 පැළ පෙර ගිරිරද
සද, දිනමිණ සිළුමිණ, -කොවුල්. 177
12 අවරගිරි කරඬුව
දිනිඳු රන් පියන -තිසර. 43
13 ලෙව් තුරු
පව්රද කඳ
නා ලෝ මුල්
දිගු අතුබර
කැලණියේ යසස මිණිමුතුමල් පතර, -සැළ. 5
14 සඳ සේසත, කොවුල්. 96
15 සඳ මුතු සේසත, කොවුල්. 161
16 සඳ අහස් විලේ හසා, කොවුල්. 192
17 සඳ රන් තිසර, පරෙවි - 146
18 රිවි ඉසි
අඳුරු පව්
රස් කර (අත)
සර (විල) මිණි සුමුක
බිගු අකමල් (ඇටවැළ) කොවුල්. 243
19 රිවි කෙසරිඳු
අඳුරු ගජ
රස් නිය, තිසර. 65
20 රිවි කෙසර
පෙරගිරි ලෙන
රස් කෙසුරු, කොවුල්. 193
21 පුර කිරණ, කොවුල්. 14
22 පටුන් මහසයුර, තිසර. 46
23 පුරදලනිඳු, තිසර 151 (සෙලෙස් උවම්)
24 විදිගඟ
කලුන් නුවන් පැහැ දිය
භව තරඟ
සෙන් වුවන් රළපතර
(තිසරා රිදී නැව,)
තිසර. 101
25 වන ගළ ගන
බිඟු ඉඳුසැව්
ළපලු විදු
කුමුදු කොකවැළ,
කොවුල්. 101
26 වන අඹර, තිසර. 119
27 වන වදුනුයන, පරෙවි. 128, තිසර. 141,මියුරු. 106
28 තුරුහිමියෝ
ලිය ලියෝ සාමුව දරු බිගුසන් සුරතල් බස් මියුරු. 109
29 රුක්හිමි
ලිය ලිය,
පරෙවි. 64
30 සිඳු උරග, පරෙවි. 74
31 සිඳු හිමි, තිසර. 66, කොවුල්. 84
32 සයුරු රජ, තිසර. 58, කොවුල්. 72
33 අවර සයුරු සර,පරෙවි. 85, (දිනිඳු සර, තමබිඟු)
34 මුරවකර සර, (ගවන් මිණි රන් තිසරිඳු), කොවුල්. 62
35 සත්තසතන් කොද, සෙන් මුද, මියුරු. 68
36 නිය නැව, ගත් සයුර තිසර 69
37 ලෙළ රළ සළු, සුපිපිතුරු සේසත්, මියුරු. 82
38 බැලුම් කිඳු දිගුනිල් යොත්, මියුරු. 18
39 බැලුම් යොත්, ගිරා. 88
40 මා මේ මුතුවඩම, තිසර. 29
41 දන්වා රද සෙන් මූද
අසිපත් මින්
පටහ කමුපෙළ
සකවි දිය සළා
පුල්වන්, සුරිඳු පදනිය වෙලළ, කොවුල්. 25
42 උර සර; කමල’ මල හසඟන, කොවුල්. 287
43 නීරද, (සිඳු ලිය) කොවුල්. 184
44 නී රඳ, කොවුල්. 236 (සද එ රජු රළ අතින් දිගු කළ සක).
45 දලනිඳු සත
රළ පිරිලි
පෙණ මුතු ලැල්
කළුගඟ ඉඳුනිල් මිට,
තිසර. 85
46 සමනොළ ගිරි ගජිඳු, පරෙවි. 68
47 ගොන්ගිරි උසබ, කොවුල්. 46
48 රුපුවන පෙත, කොවුල්. 262
49 උරසර, කොවුල්. 287
එ අයුරු උවම් සමස් පද අසුන් කව්හි සේ මැ සෙසු මහ කවිහි දු ඉතා බහුලයි. එ සියල්ල පිරික්සා බැලීමෙන් පෙනෙන්නේ කිවි පරපුරට පිළිවෙළින් හිමි වන යෙදුම් හැටියට අපේ කිවියන් ඒවා සෙවුම් කළ බවයි.
උවම් විසින් දැක්වෙන මෙ සැමැයුම් (සමාන කිරීම්) ද විමසා බැලියැ යුතු.
1 අඟනන් මල් ඉසි රඟ මඬල තරු දිසි නුබමඬල වැනියි, මියුරු. 123
2 පිළිමිණි. බිමැ දද පිළිබිඹු සරගඟැ කෙළනා සුර සිඳු කැල වැනියි, තිසර. 151
3 අහසේ තරු පඬෙරඟ අඹළ වරැ විසුරුණු නුමගඟැ දිය බිදු සරියි, තිසර. 146
4 නිල් ගුවනේ තරු වන මුදුනේ මල් සරි, තිසර. 132
5 නිල් කටරොළු ගොමු පිල් විදා ගත් මොනරුන් බඳුයි, තිසර, 138
6 පිල් විහා සිටුනා මොනරු තුරුයට සුපිපි නිල් කට රොළු මල් කැලය පැටි කරති , ගිරි. 204
7 සේපාලිය මල් පබළ අකුරු බඳුයි, තිසර. 136
8 වන පෙත මතුයෙන් හසා යන විටැ කලිඳු ගඟ මැදින් අහස් ගඟ යන්නා මෙනි, තිසර. 86
9 විල අසැ දුනුකේ මල්හි රොන් විලේ නිලුපුල්, නෙළුම් මතුපිටැ වැටුණාම විලඹුව නෙත් වතේ සද සුනු සද සුනු දුන් වැනියි. කොවුල්. 224
10 සැදෑ කැලුම් පැතිරීම පඬෙරඟ රඟහි අඹළ වෙයින් අතැකොපොලේ ලේ විසුරුණා වැනියි, කොවුල්. 219
11 පුලිනතල මතැ වගළ බිගුන් සහිත කුසුම් ඇති විටැ අළු දුම් සහලඟර බඳුයි. තිසර. 188
12 ගණිඳුට පුද කල මල් සහිත සුනිල් රඟ බිම වෙනු කිරි සයුර අළලත දියබිඳු ඔහුගේ උරතලය බඳුයි, තිසර. 172
13 රඟ පිළේ මල් ඉසිම ඉසුරා නටන විටැ අහස්ගඟ විසිරෙනවා වැනියි, පරෙවි. 168
14 නිල් රඟ පිළේ ඉසි මල් යමුනා නදියේ පෙණ වැනියි, පරෙවි. 162
15 ගහ (තරු) රැස කමලැස සිරිසඳ සමාගම වන සදෙහි මුහුළස ඉනී ඔහු ළැමැදැගිලි කුසුම් වැනියි, පරෙවි. 79
16 ගංමෝය හරහා පරෙවියා පියාඹන විටැ නිල්මිණි හරක් මැද මුතු පලක් බඳුයි, පරෙවි. 78
17 සවසැ තරු උගුසැව්ගුරු මදරගිරෙන් සයුර අළලත අගු පළදන බද මිණි රස් විසුළ අයුරුයි, පරෙවි. 53
18 සඳ තරුත් බැසීම සදිවිසක මින් පිරිවර සමග වැයාම හා සරියි, කොවුල්. 186
19 අහසේ තරු කුඹුයොන් සයුර පු කලෑ මුදේ පෑදුණු මිණි නුබ කැට තෙළේ පිළිබිඹු දිසි මෙනි, මියුරු. 100
20 කැලැණියේ පහන් අහසට පෙනෙන්නේ අගතිසි මුදු දිය දොතටගත් විටැ මුදු පත්ලේල දිසි මැණික් මෙනි, සැළ. 54
21 නෙළුම් පතේ සිලිල්බිඳු නිල් මිණි විතේ මුතු මෙනි, කොවුල් . 273
22 ගෑනුන් දියට පැනීම මලඟ හී විදෙන්නා මෙනි, කොවුල්. 230
23 සවසැ සැවුලන් ගස් නැගීමතැ නැතැනැ කැරෙන මුති පුද නරඹන්නට මෙනි, හස්. 98
24 සසඳේ ලපය රිදී කැටපතේ පෙනෙන කළු අඟනක ගේ මූණ මෙනි, පරෙවි 139 (ජාන: හ.)
25 සඳවෙලෙන් රතු සුපුන් සඳ වන දනන් ලේබිමෙනැ යි සැකයෙකි, හස්. 102
26 තිසරා සඳ බඳුයි, තිසර. 1
27 වන මේ කුළු වැනියි, කොවුල්. 66
28 පුරදර උයන් වන් ගෙ උයන්, මියුරු. 29
29 ගනසා තුරු මෙ කුළුවන්, කොවුල්. 93
30 නඳුනුයන වන් තුරුයටි, මියුරු. 27
31 ගනකුළු වන් දුමිඳු, මියුරු. 44
32 මීමැස්සෝ දුම්යොන් (මේකුළු) වැල වැනියි, පරෙවි. 112
33 මීමැස්සෝ දුම්සළා වැනියි, පරෙවි. 122 කොවුල් 231
34 මීමැස්සෝ අඳුරු බිජු වැනියි, පරෙවි. 140
35 බිඟුහු නිල් බිජුවට වැතියි, හස්. 64
36 මීමැස්සන් වැසූ හෙළ පියුම ලපය සහිත හඳ වැනියි, කොවුල්. 64
37 නාදළු ගිනිසිළු වැනියි, වැටුණු පත් අඟුරු, වැලි අළු වැනියි, පරෙවි. 91
38 ළපලු ලතු පදලස් වැනියි, කොවුල්. 68
39 ළපලු සුමු තද තෙද කැටි වැනියි, කොවුල්. 207
40 මත් ඇත්තු මෙ කුළු වැනියි, පරෙවි. 127 කොවුල්. 47
41 මඟුල් වැල්ල පියවිළයක් බඳුයි, තිසර. 247
42 වැලිතල මුතුපට සේයැ, තිසර. 67
43 සුදුවැල්ල සඳ කිරණ, කිරණ රළ පෙළ වැනියි, කොවුල්. 172
44 කුමුකු (පුවක්) තුරු සපුන් වැනියි, කොවුල්. 218
45 පොල්ගස් නයින් බඳුයි, තිසර. 68
46 මාරුක් නිල්වලා බඳුයි, තිසර. 68
47 පොල් උයන් වලා පෙළ බඳුයි, කොවුල්. 104
48 පොල් උයන් මුදු කැලුම් බඳුයි, ගිරා. 73
49 මූදේ යන නැව් නිල් අහසේ පාවන ගනකුළු බඳුයි, ගිරා. 74
50 ගජ රළ ගිරි පෙළ පලකළ, මියුරු. 48
51 සැදෑ එළිය වළබගිනි වැට බඳුයි, පරෙවි. 135, හස්. 96
52 සැදෑ එළිය මුදු තරඟ පිට පබළ කලබ බඳුයි, හස්. 96
53 සදවෙල සදදළ දළ’නල විසුරුණු සමානයි, කොවුල්. 107
54 සදවලා ගින්නයි, දිනිඳු බෝසත් හාවායි, තිසර. 79
55 වෙසවුණු වැනි වෙණෙදෝ, පරෙවි. 219
56 සුරිඳුන් සදිසි විජයබනරාජා, පරෙවි. 114
57 පුරදර සබායුරු මාවත් මඩුව, පරෙවි. 155
58 සක්වන් සුදු සිල්, පරෙවි. 154
59 දියේ මුව ඇස් පිළිබිඹු සදෑස් පිල්වැනියි, පරෙවි. 149
60 දද සුරගඟැ හැලි සිරි ඉසිලී, කොවුල්. 16
61 සුරිඳු සුරතුර සිරිසර රැපෑ, කොවුල්. 26
62 වවුලන් නිකුත්වීම අඳුර දිවයන්නා මෙනි, හස්. 98
63 එ ලෙන වවුලෝ සැලෙන අඳුරු කැටි මෙනි, ගිරා. 187
64 කඳුළු බිඳු මුතුහර මෙනි, කොවුල්. 262
65 උග්ගල් බැවුල සලෙළකු මෙනි, තිසර. 32
66 පෙණ පිඬු වලා බඳුයි. තිසර. 96
67 කැලැණිපුර සුරපුර වැනි, මියුරු. 102, සැළ. 5
68 තුන් රජය තුන් කුළ වැනි, අලගක්කෝනාර හිමි රන් ගිරි කුළ සිරින් යුති, මියුරු. 68
69 ගෑනුන්ගේ මූණ ( පියුම් වෙතියි එ) දෙසට ඇතුන් සොඬ දිගු කරන සිසි ගැනුමට රාහු ගමන් ගත් වැනියි, තිසර. 16
70 කොදවන පිපෙනු සඳවෙල ගිනි දැල් වැදී තුරු බිජු පිපිරී විලද වන්නා මෙනි, හස්. 101
එ හැරැ එක් එක් අසුන් කටේ වන වැනුම්, දියකෙළි වැනුම, සැදෑ වැනුම, උදා වැනුම, රජ වැනුම ඈ වැනුම සමයා බලත එකක් අනෙකින් නොවෙනස් බව පෙනී යනු ඇති. එයින් පෙනෙන්නේ සිරිතක් හැටියට පන්සිල් සමාදන් වන්නවුන් සියලදෙන මැ වන පොතින් එක් මැ සිල්පද පස කියන්නා සේ මෙ අසුන් කවිකරුවනුත් සිරිතක් හැටියට එක් මැ වැනුම් නයක් පිළිපන් බවයි.
කව්සිළුමිණි කුසදා කව ඈ පැරැණි කව් පොත් කියවා බලන්නවුනට මෙ වැනුම් කොපමණ ආදී සිටැ පරවෙණිවැ පැවැතැ එනවා ද යනු පෙනී යනවා ඇති. පරෙවි අස්නේ දක්නට ලැබෙන එක් වෙසෙසක් නම් වැනුම් පිණිසැ ‘ජානකී හරණ’ නම් සකු කව බෙහෙවින් පිහිට කොටැ ගැන්මයි. පරෙවි අසුන් කරුවා ජානකී හරණය තිබා රැකී තන්හි තිසර අසුන් කරුවා තිබා රැක්කේ කව් සිළුමිණි කුසදා කවයි. මියුරු අසුන් කරුවාත්, මඳ විසින් සැළලිහිණි අසුන් කරුවාත් හැරැ සෙසු අසුන් කව් කරුවෝ වැනුම් නයත් බස් නියරත් යන දෙකට මැ වඩා එළිවැට ඉස්මතු කොටැ තැකුහ. එයින් යැ බෙහෙවින් ඔවුන්ගේ පැබැඳුම්හි හරය අඩු වූයේ. මියුරු අසුන් කරුවා එළිවැටට සිත දුනත් එ නිසා මැ වැනුම් නයත් බස් නියරත් යට පත් කළ බවක් පෙනෙන්නට නැති.
වෙන කොට වනත ගෙවුයන් සිරි නොදත හැ කි
ම න් තු ට වඩන සැදි සිරි දෙන දෙව් තුරෙ කි
පි න් කොට නොගොස් ඔබ මෙ ලොවැමැ පැමිණිසකි
බෙන් තොට දෙ ගොඩ දෙනුවර දෙව් ලෝ දෙකෙකි’
යි මියුරු සදෙස් කරුවා (77) වැනුම් නය නො ඉක්මවැ බස් නියර ද තරමක් දුරට රැකැ එළිවැට බැන්දේයි.
හි මි කො ට නොදත හැකි මෙ තෙකැයි පුලුපු වල
ග ම් ව ට සුසැදි විසිතුරු වෙහෙරින් විපුල
හෙම් ප ට පිළි සුසැදි වෙළෙඳුන් ගෙ පිළි වල
බෙම් තො ට මෙ සිරි දැක ලබ තනෙත ලත් පල
යැයි කොවුල් අසුන් කරුවාද එ අඩිපාරේ ගියේයි.
එහෙත්:-
ර න් තැ ටි අයුරු තුඟු පින් පියෙවුරු උඳුල
ම න් අ ටි කරන අඟනන් රඟ දෙත ඉපිල
උ න් සැ ටි බලා සිටි සලෙළුන් නො පෑ ඇල
බෙන්තොටි නෙතෙරැ සැතැපෙම කාලි කෝවිල (පරෙවි)
ර න් තැ ටි අයුරු පියොවුරු දැරු තුනු යටිනි
ම න් පැ ටි කරන සුරලිය ලිය එත වටිනි
උ න් සැ ටි නෙතැදැ ගමනොත බිදැ තගෙ අටිනි
බෙන් තොටි නෙතෙර බැසැ යාගන් සහ තුටිනි’ (තිසර 74)
යැයි තිසර, පරෙවි, අසුන් කරුවෝ එළිවැටට මැ නතුව තිසරු දැය මැ කීහ.
- ‘අ යු රු තිසර තන බැඳි රන් පටින් පටින්
මි යු රු තෙපුල් තෙපලන ලිය කටින් කටින්
ෙසාඳුරු සලෙළු මුළු දැකැ එන වටින් පිටින්
මි තු රු වඩින් මනහර වැලිතොටින් තුටින’ (පරෙවි. 77)
‘නො බැ ඳ විදෙන වරලස මල් පිටින් පිටින්
නො හැ ඳ තරුවැ ගිලිහෙන සළු පටින් පටින්
පැ හැ ඳ තවෙතැ දිව එත ලිය වටින් පිටින්
ස බ ඳ නොසිටැ යාගන් බෙන්තොටින් තොටින් (ගිරා 106)
යන තන් කිවියන් එළිවැටට කොතරම් ලැදි වුණාදැයි පෙන්වයි.
- ‘වැටිය සුනිල් කෙහෙ බැදැ කුසුම දැවැටිය
සැටිය පැපෑ යන එන ලිය තුනු යටිය
සි ටිය නරඹමින් තන රන හස පැටිය
අ ටිය වමින් නොලසව උඩුගල් පිටිය’ (තිසර 60)
‘වැ ටි ය නොදී බැදි තන ඉන් ඉන් ගැටිය
පැ ටි ය කෙරෙයි ඔප නිසි ගන රන් තැටිය
සැ ටි ය මෙවන් අඟනන් තැනැ තැන සිටිය
අ ටි ය නොකැරැ දුකැ යන් උඩුගල් පිටිය’ (කොවුල් 74)
යන දෙතැනින් යස රඟට පෙනෙයි එක් අසුන් කවි කරුවකුගේ කිසි හරයක් නැති කීමක් එ ළඟැ අසුන් කව් කරුවාට පරවෙණිය වූ සැටි. ගෑනුන් හෝ ගෑනුන්ගේ තන හෝ බැලීමට නම් යායුතු තැනක් සේ උඩුගල්පිටිය මෙහි සදහන් වෙයි. ඒ සැලකියැයුතු කීමක් වන්නේ එහි ගෑනුන් හෝ උන් ගේ තන හෝ සෙසු තන්හි උන් ගෙන් හෝ ඒවායින් හෝ වෙසෙස් නම් පමණෙකි.
එක් මැ (කොවුල්) අසුන් කරුවා එක් මැ අසුන් කවේ :-
‘ඉ ඟ සු ඟ සිහින් මෙළෙකත් මල්දම් සැටිය
ර ඟ අ ඟ වන අඟනන් තන හෙම් තැටිය
ග ඟ ළ ඟ සුසැදි මල් බර සල් රම් යටිය
ම ඟ ම ඟ අසලැ සිරි සර වැලිගම පිටිය’
‘ක න ත පැමිණි අඳුනැඳැ යුග නෙත් පෙටිය
සු න ත දෙ බැම යුග තන ගන රන තැටිය
ත නෙ ත සිත සතුටු කරවන ලිය සිටිය
ව න ත බැරි අනත සිරිසර නික පිටිය’ (කොවුල් 173, 183)
යැයි එක් මැ උවම ළඟැ ළඟැ යළි යළි සදහන් කිරිම එ කිවියන් එළිවැට සලකන්දී සෙසු සියල්ල අමතක කළ බවට ලකුණුයි. ‘ජයවද්දනපුර’යනු අපේ අසුන් කවි කරුවන් එළිවැටට ගෙනැ ඇති සැටි, පැරකුම්බා යනු එළි වැටට ගැනීමේදී බස් වහර මැඩැ ඇති සැටි සලකා බැලීමෙන් ඒ වඩාත් පැහැදිලි වේ (ගිරා 13, 29. හස්.12, 28. සැළ. 7. කොවුල්. 136, තිසර. 8, 158). ‘සීතාවක පුර’ ‘රජසිහ නරනිඳු’ යනු එළිවැටට ගැනීමේදී සැවුල් - අසුන් කරුවා ගියේද ඔවුන් ගේ අඩිපාරේ මැයි.