විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතii
3. අනාගත වංශ කථාව
[සංස්කරණය]යම් කල්පයෙක්හි සර්වඥවරයෝ..
[සංස්කරණය]යම් කල්පයෙක්හි සර්වඥවරයෝ පස්දෙනෙක් උපදනාහු වී නම් ඒ කල්පය අවශෙෂ කල්පයන්ට උතුම් වන බැවින් මහාභද්රාක්ලප නම් වෙයි. එක කල්පයෙක සවැනි වූ හෝ සත්වැනි හෝ සර්වඥ කෙනෙකුන් වහන්සේ නූපදනාසේක. යටත් පිරිසෙයින් එක්කෙනෙකුන් වහන්සේ හෝ උපදනාසේක. මඬ්ය ම වශයෙන් දෙදෙනකෙුන් වහන්සේ හෝ තුන්දෙනෙකුන් වහන්සේ හෝ සතර දෙනෙකුන් වහන්සේ හෝ උබදනාසේක. උඩත් පිරිසෙයින් බුදුහු පස්දෙනෙකුන් වහන්සේ එකම කල්පයක උපදනා සේක. එයින් මත්තෙහි නූපදනා හෙයින් මේ කල්පය භද්රයකල්පය නම්විය.
මෙහි මහාකල්පය, අසංඛ්යිකල්පය, අන්තඃකල්පය යයි කල්පය ත්රිහවිධ වන්නේය. එහි ගින්නෙන් ලොව නස්නා කල්හි පළමු කොටම කල්ප විනාශය කරන්නාවූ විපත්තිකර මහා මේඝයෙන් නහා කෙළ ලක්ෂයක් සක්වල මහත්වූ ඝන වරසාව වස්නේය. ඒ දැක තුටු පිහිටු සිත් මනුෂ්යවයන් විසින් තමතමන්ගේ සියලු බිජුවට ගෙන් පිටත්කොට කුඹුරු තොළු ගානා පමණ වූ කල්හි ගද්රුහරාවය කෙරෙමින් ශූෂ්ක ගර්ජනාකොට එක පොද බින්දුවකුත් බිම නොහෙලන්නේය එතැන් පටන් සිටුවාස වැසි සම්පත්තිකර මහාමෙඝය දක්වා අතුරෙහි එක දවසකුත් නොවස්නේය. ඉකිබිත්තෙන් සංසාරවෘත්තයෙහි අන්තර්ගතවූ සියලු සත්ත්වයන් අතුරෙන් හෙතුසම්පන්නවූ සමහර කෙනෙක් ඞ්යාරන උපදවා කර්ම යෙන් දිව්යන ලොකයෙහි අපරාපරිය වෙද්යගකර්මයෙන් මිදුනු එකද සත්ත්වයෙක් නම් නැත්තේය. වැසි සිට වූ තැනින් මත්තෙහි බොහෝ කල්ගිය කල්හි දෙවැනි සූය්යෙර්යෙසක් පහළව ආකාශය දුම්වලා නැතිකොට දරෂණ තලයන් මෙන්නිර්මලකොට පඤ්චමහා ගංගාව හා අවශෙෂවූ කුඩාමහත් ගංගා වැව් පොකුණු හෙබ්වලවල් ආදායෙහි පැන් වියලන්නේය. තුන් වැනි සූර්ය්ව් යා පහළව ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී වන පඤචමහා ගංගාවන් වියලන්නේය. සතරවැනි සූර්ය්ව යා පහළව අනව තප්තය, ඡද්දන්තය, කුණාලය, කර්මණමුණ්ඩය, රථකාරය, සිංහ ප්ර,තාපය, මන්දාකිණිය වන මහවිල් සත වියලන්නේය. පස් වැනි සූර්ය්කා යා පහළව මහාසමුද්රයය වියලන්නේය. සවැනි සූර්ය්, ්යා පහළව සියලු සක්වළ එකධූම කරවන්නේය. සත්වැනි සූර්ය්ි යා පහළව පෘථිවියෙහි එකජ්වාලව ඇවිල මහපොළොව මහමෙර සප්තකුල පර්වතය හිමවත් පර්වතාදීන් දවා චාතුර්මභාරාජිකිදීවූ සදිවළ්යය ලොකයෙහි රන්රිදී මැණික්මය වූ විමන් දවන්නේය. එයින් නැඟී බ්ර්හ්මලොක පසක් දිවා ආභස්සර බ්රවහ්මලොකය පැහැර සිටනේ ය. යම්සේ මේ සක්වළ නසීද? එපරිද්දෙන්ම කෙළලක්ෂයක් සූය්ය ර් මණ්ඩල සතක් පහළවීමෙන් නස්නේයි. ඉක්බිත්තෙන් සියලු සංස්කාර ලොකය දිවා ගිනි නිවීගිය කල්හි යට අජටාකාශය මත්තහි ආකාශය එක්ව එකාන්ධකාරවන්නේය. ඊට මෑත බොහෝ කලක් ගිය කල්හි සම්පත්තිකර මහමෛඝය නඟා නහඹ තල් කඳසා ජලධාරා වස්මින් කෙළලක්ඹයක් සක්වළ සියලු දාගිය තැන් පුරා අන්තර්ධාන වන්නේය.
ඉක්බිත්තෙන්..
[සංස්කරණය]ඉක්බිත්තෙන් දිව්යපලොක, බුහ්මලොකය, මහපොළොවය, මහ මෙරය, චකුවාට පර්වතය, හිමාලය පර්වතය, සමුද්රළය, පඤ්ව මහා ගංගාවය, සත්දහ තලාය, චන්ද්රඅ, සූර්ය්ොක , නක්ෂත්රම තාරකාවෝය යන මේ සියල්ල පහළවන්නේය. මෙසෙයින් සියලු ලොව පළසු පරිද්දෙන්ම ප්ර කෘති වන්නේය. එහි විපත්තිකර මහාමෙඝයෙහි පටන් ජ්වාලොපච්ජේදය දක්වා මේ අසංඛ කල්පය සංවර්ත නම් වෙයි. ජ්වාලොපච්ජේදය පටන් සම්පත්තිකර මහාමෙඝය පහළ වන තැන් දක්වා මේ අසංඛ්යි කල්පය සංවර්තස්ථායි නම් වෙයි. කෙළ ලක්ෂයක් සක්වළ දියපුරන්නාවූ සම්පත්තිකර මහා මේඝය පහළවූ තැන් පටන් චන්ද්රඝ සූර්ය්න් යන්ගේ පහළ වීමෙහි පටන් නැවත කල්ප විනාශය කරන්නාවූ විපත්තිකර මහා මෙඝය දක්වා මේ අසංඛ කල්පය විවර්තස්ථායි නම් වෙයි.
එහි සංවර්තය නම් කප නැසීම ය, සංවර්තස්ථායි නම් නැසිසිටිමය, විවර්ත නම් කප අටගැන්මය, සංවර්තස්ථායි නම් අටගෙය සිටීමය. මෙසේ මෙබඳු සතර අසංඛ්යග කල්පයකින් පිරිහුන්නාවු කල්පය මහා කල්පය නම් වේ. ඒ මහා කල්පයෙහි සතර කොඪසය සතර අසංණ්ය කල්ප නම් වෙයි. එයින් විවර්තස්ථායි යයි කියන ලද සතර වැනි භාගයෙහි ම සම්ය්ක් සම්බුදුවරයන්වහන්සේ උප දනාසේක. අවශ්යම වූ තුන්භාගයෙහි නූපදනාසේක. අන්තඃකල්පයන් මෙහිම සම්භවන්නේය. මෙසේ සෙබඳු ත්රිූවිධ කල්පයන් අතුරෙන් විවර්තස්ථායි යයි කියනලද අසංඛ්යෙ කල්පයෙහි නොයෙක් කෙළගණන් අවුරුදු මතුමත්තෙහි ඉපිද ඉකුත්වූ කල්හි ද්වීපදොත්තමවූ මෛත්රීො නම් සර්වඥකෙනෙක් ලොකයෙහි පහළවෙති යි වදාළ සේක. චක්රමවර්ති රජ්ජුරුවෝය. සතරවරම් මහ රජ්ජුරුවෝය. ශක්රම සුසාම සන්තුෂිතාදීවූ දෙවියෝය. බ්ර හ්මයෝග යන මේ සියලු දිව්යෛ බ්රාහ්මාදිහු දෙපා ඇති සත්ත්වයන්ට උතුම්වන්නාහ. ඒ බ්රෝහ්මාදී දෙවියන්ටත් වඩා උතුම් වන බැවින් සර්වඥයන් වහන්සේ ද්විපදොත්තම නම් වනසේක.
දැන් වූකලී..
[සංස්කරණය]දැන් වූකලී ඒ ද්විපදොත්තම වූ මෛත්රී් සර්වඥයන් වහන්සේගේ කුශලසමෘද්ධිය දක්වන්නාවූ සර්වඥයන්වහන්සේ “ශාරිපුත්රේයෙනි, ඒ මෛත්රීර බුදුහු තමන් විසින් කරණලද දානසීලිදීවූ කුශලයට සියලු ලොකවාසී සත්ත්වයන්ගේ කුශලය ලත් තබන්ටත් නොසෑහෙන හෙයින් මහත් වූ අපමණ වූ කුසල් ඇත්තාහ. මහත්වූ සංස්කාර; විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්ර ඥප්තිය කියන ලද පඤ්ච විධ ඥොය මණ්ඩලය විෂයකොට පවත්නාවූ මහත්වූ ප්ර ඥා ඇත්තාහ. අනන්යල සාධාරණ වූ ෂට් අසාධාරණ ඥනාදී මහත්වූ ඥාන අත්තාහ. දිව්යහ බ්රඥහ්මාදී වූ සියලු සත්ත්වයන් පිරිවරකොට ඇති හෙයින් මහත්වූ යසපිරිවර ඇත්තාහ. කායබල දහසක් හා ඥාණබල දසයක් ඇති හෙයින් මහත් වූ බල ඇත්තාහ. මහත්වූ චතුර්විධ සම්යාග්ප්ර ධාන විර්ය්් සංඛ්යාත වෛතසික විර්ය්ඇත ය ඇති හෙයින් මහත්වූ ශක්ති ඇත්තාහ. මහමෙර වුවත් විනිවිද පවත්නා වජ්රා යුධයක් මෙන් අතීතනාගත වර්තමාන සංඛ්යා ත කාලත්රිය වර්තීවූ සියලු ධර්මයන් කෙරෙහි අස්ඛලිතව පවත්නා අනාවරණ ඥාණ සංඛ්යායත මහත්වූ ඥණගති ඇත්තාහ. වෘක්ෂාදීන්ට පෘථිවිය සෙයින් සියලු සත්ත්වයන්ට පරම ප්රතතිෂ්ඨා වන්නාහ. වීදුරු පොළොව මනාකොට කැන හිඳුවන ලද ඉන්ද්රරඛීලයක් මෙන් ප්රමාණාතික්රා්න්තවූ විෂයෙහි නිශ්චලව පිහිටන්නාවූ සර්වඥතාඥානය හා එක්ව උපන්නාවූ නොඉල්පෙන්නාවූ ස්වභාව ඇති මහත් ස්මෘති ශක්ති ඇත්තාහ. දෘඨ වූ විර්ය්වභා පාරමිතාවට කාරණව උපන්නාවූ උත්සාහය ස්වභාවකොට ඇති ඥාණ සම්ප්රවයුක්ත උත්තම වූ විර්ය්පා යෙන් සමන්විත හෙයින් මහත් වූ ධෛර්ය්ඥා ඇත්තාහ. දුක්ඛය, සමුදයය, නිරොධය, මාර්ගය යයි කියන ලද චතුරාර්ය්ි ඥ සත්යායය, වාග්සත්යයය, පරිමාර්ථ සත්ය යය, යනාදී වූ බහුප්ර කාර සත්යතය ප්රසතිවෙධ කොට සිටි බැවින් බහුවිධ සත්ය්යන් ඇත්තාහ. අතීත, අනාගත, වර්තමාන සියලු ධර්මයන් ප්රැඥාවෙන් පිරිසිඳ සිටි හෙයින් හා එම ධර්මයෙන් අතීතා නාගතඥාණයෙන් සියලු ධර්මයෙන් මනාකොට ස්පර්ශකරන්නාහ. මෙම කාලත්රයය වර්තී වූ ඥානයෙන් සියලු ධර්මය නැමැති සාගරයෙහි පත්ළට බටහ. හස්තයෙන් පිරි මදනා රූපයක් මෙන් ඥාණ නැමැති හස්තයෙන් සියලු ධර්මයන් සර්වාකාරයෙන් පිරිමදනාහ. මෙබඳු වූ කුශලාදී වූ ගුණ සමෘද්ධියෙන් යුක්ත වූ ඒ මෛත්රීප සර්වඥයෝ තමන්ගේ ආනුභාව සමෘද්ධියෙන් දෙවිමිනිසුන් සහිත ලොව පැතිරෙමින් අනාගතයෙහි උපදනාවේ’ දැයි වදාළසේක. තවද, ඒ මෛත්රීප සර්වඥයන් වහන්සේ කවර සර්වඥයන් වහන්සේ කෙනෙකුන් සමීපයෙන් විවරණ ලැබ කෙතෙක් කල් පාරමී ධර්මයන් පුරා ආසේක් ද? අනාගතායහි කෙසේ උපදනාසේක් ද? යත් :-
4. මුහුත්තර සර්වඥොත්පත්තිය
[සංස්කරණය]ඒ මෛත්රී සම්යක් සම්බුදුරජානන් වහන්සේ..
[සංස්කරණය]ඒ මෛත්රී සම්යක් සම්බුදුරජානන් වහන්සේ වූකලී පූර්ව භාගයෙහි ජාති, ජරා, ව්යාවධි සංඛ්යාවත අනෙකා දීනවයෙන් සමාකීර්ණ වූ අනවරාග්රි සංසාරයෙහි ඇවිදිනාසේක් බුඞාදී කල්යාංණ මිත්රනයන් සෙවනය භජනය පර්ය්යෙහයුපාසනය කෙරෙමින් අනෙක ජාති කොටිශතසහස්‍රයක් මුලුල්ලෙහි පුතිරූපදේශවාස, සත්පුරුෂ සංශෙවා සඬර්මශ්‍රවණ, යොනිසොමනස්කාර පූර්වක ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියනලද මේ චතුශ්චක්‍ර සම්පත්තිය පුරා මේ කල්පයෙන් යට ෂොඨෂාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි උතුම් වූ ජම්බු ද්විපයෙහි ප්‍රභාවන්ත නම් චක්‍රවර්තී රජව ඉපිද දෙදහසක් ක්ෂුද්‍රද්වීප පිරිකොට ඇති සතරමහා ද්වීපයෙහි සත්ත්වයන් පඤච ශීලයෙහි පිහිටුවා ප්‍රජාපාලනය කෙරෙමින් වසන්නාහ.
එකල ලෝකයෙහි මුහුත්තර නම් සර්වඥකෙනෙකුන් වහන්සේ ඉපිද දම්සක් පැවතුම් සූත්‍ර දෙශනාව කොට නොයෙක් කෙළ ලක්ෂ ගණන් ආර්‍ය්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව සත්ත්ව විනයනය කරණසේක. එකල ප්‍රභාවන්ත නම් චක්‍රවර්ති රජ්ජුරුවෝ “ බුදුහු ලොකයෙහි පහළ වූ සේක” යනු අසා සතිස් යොදනක පැතිර සිටියා වූ පර්ෂදින් පිරිවරණ ලදුව බුදුරජාණන් වහන්සේ කරා එළඹ සත්රුවනින් පූජා කොට වැඳ පිරිසක් හා සමග එකත්පස්ව හුන්නාහු ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව චක්‍රවර්ති සම්පත්තිය හැර මුහුත්තර නම් සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණව රත්න ස්ථවීරයෝ යන මේ නමින් ප්‍රසිද්ධව ආකාශ තලයෙහි පූරණ චන්ද්‍ර මණ්ඩලය මෙන් ප්‍රසිද්ධව ශීල, සමිධි, ප්‍රඥා ගුණයෙන් යුක්තව පඤාචා’භිඥා අෂ්ටසමාපත්ති උපදවා සංසාරය හරණා කැමති සේකුත් සත්ත්ව ලෝකය බලා අක්මුල් දැකගත නොහැක්කාහු, දිරාගිය අවුල් හූ කැටියක් වැනි වූ, ගුළ නම් පක්ෂීන්ගේ අවුල් කැදැල්ලක් වැන වූ, දිරාගිය මුදුතණ බබුස් තණ කැටියක් වැනි වූ දෙසැට දාෂ්ටිගෙණ සසර නොඉක්ම චුතියෙන් ප්‍රතිසන්ධියට ප්‍රතිසන්ධියෙන් චුතියට යයි මෙසේ නැවත නැවත චුති ප්‍රතිසන්ධි වශයෙන් ප්‍රතිසන්ධි ග්‍රහණය කොට ජාති ජරා ආදී වූ අනෙකප්‍රකාර දුඃඛයෙන් බිඳි සිඳි ත්‍රිවිධ හවය, චතුර්විධ යොනිය, පන්වගතිය. සප්ත විඥානස්ථිතිය, නවසත්ත්වාසය යන මෙහි ගොනවැවෙහි ලූ ගොනුන් මෙන් සිසාරා ඇවිදිනා වූ සත්ත්ව සමුහයා දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව ඒ සංසාර දුඃඛයෙන් සත්ත්වන් ගොඩනගනු කැමතිව සර්වඥතාඥානය ප්‍රාර්ථනා කොට දාන ශීලාදි පුණ්‍ය සම්භාරයන් රැස් කෙරෙමින් මනුෂ්‍යාත්ම භාවාදි අෂ්ටාඞගයෙන් සමුපෙතව විර්‍ය්‍යාධික ප්‍රඥාවත් බොධිසත්ත්ව විශේෂව විශේෂයෙන් දානාඞ්‍යශය ඇති දානයෙහි ඇලී, ජීවිතයත් පරිත්‍යාග කොට දන් දීමෙහි බලවත්ව හටගත් උත්සාහ ඇති වූ සේක.
එකල ධර්මසභා මණ්ඩපයෙහි..
[සංස්කරණය]එකල ධර්මසභා මණ්ඩපයෙහි රැස්වන්නා වූ භික්ෂූන් වහන්සේට සිතිවිල්ලෙන් උපදනේ මේ දානඞ්‍යාශය ඇති මහණ අනාගතයෙහි දිව්‍ය උපදී දෝ හෝ නොහොත් ශක්‍රව මාරව බ්‍රහ්මව උපදී දෝහෝ යි යන මෙසේ වූ සිතිවිල්ලෙක් උපන්නීය.එ සමයෙහි මුහුත්තර නම් සර්වඥයන් වහන්සේ මනාකොට සරහා පිළියෙල කරණ ලද ධර්ම සභා මණ්ඩපයෙහි මනාකොට පණවන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයෙහි සහස්‍ර රශ්මීන් සාගර කුක්ෂිය බබුළුවන්නා වූ තරුණ සූර්‍ය්‍යයා මෙන් සියලු ධර්මසභා මණ්ඩපය රුවන් රසධාරාවෙන් පරිෂෙක කරන්නාක්මෙන් නීල, පීත, ලෝහිතාවදාත, මාඤ්ජෙෂ්ට, ප්‍රභාස්වර යයි කියන ලද ෂට්වර්න ඝණ බුද්ධ රශ්මි මාලාවෙන් බබුලුවමින් තාරකා සමූහයා විසින් පිරිවරණලද පූර්ණ චන්ද්‍රමණ්ඩලය මෙන් භික්ෂු සමූහයා පිරිවරණ ලදුව වැඩහුන්සේක් සුපිපි රන් පියුම් වන මධ්‍යයෙහි සඤ්වාරය කරන්නා වූ පස්වණක් පැහැයෙන් හෙබි භ්‍රමර යුගළයක් වැනි වූ පස්පෑදිස්නා විසිතුරු ඇස් සඟලින් සියලු පර්ෂත් බලා ඔවුනොවුන්ගේ අදහස් දැන සිවු දෑ ගඳ පීරූ රුවන් කරඩුවක් හරණා කලක්මෙන් පර්ෂත් සතුටු කරවමින් මුඛ පද්මය විවෘත කොට අෂ්ටංගයෙන් සමන්විත බ්‍රහ්මස්වර “ මහණෙනි, මේ රත්න නම් මහණ බුදු බිජුවටෙක, එතෙමේ මෙඝපටලයෙන් සැඟවුනාවූ සූර්‍ය්‍ය මණ්ඩලය මෙන් ද, වලාවෙන් වැසුණු පුන්සඳ මඬල මෙන් ද, හළුයෙන් සැඟවී තුබූ ගිනි පුපුරක් මෙන් ද, පාංශු වෙන් සැඟවි තුබූ ජ්‍යොතිරංගමානික්‍යයත් මෙන් ද භූමියෙන් සැඟවී තුබූ මහා නිධානයක් මෙන් ද භවයෙන් සැඟවුණේය.
විකාශයට ආසන්න වු උතුම් පියුම් කැකුලක් මෙන් ද, යුගන්දර පර්වතා’සන්න වූ ලහිරු මඩලක් මෙන් ද මහරළ නැගීමට ආසන්නව සිටි මහා සාගරය මෙන්ද සර්වඥතාඥානයට ආසන්නව මහා’නුභාව සම්පන්න වූ මේ වීරපුරුෂ තෙමේ මාගේ ශාසනයට වැද සත්රුවන් මහ නැවක් සමීපයෙහි සිටි රන්ගල් වතක් මෙන් ද පූර්ණ චන්ද්‍ර මණ්ඩල සමීපයෙහි ඖෂධීතාරකාවක් මෙන් ද මහාමේරූ පර්වත රාජයා සමීපයෙහි සිටි යුගන්ධර මෙන් ද චක්‍රවර්ති රජක්හු සමීපයෙහි සිටි ප්‍රධාන පුත්‍ර රත්නයක් මෙන් ද මහාබ්‍රහ්මයා සමීපයෙහි සිටි බ්‍රහ්ම කුමාරයෙකු මෙන් ද මා සමීපයෙහි වසන්නේය. මෙතෙම එසේ මෙසේ වූ සත්ත්වයෙක් නොවෙයි. සොළසා’සංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි මෛත්‍රී නම් බුදුවනනේය.
ඒ බුදුන්ට ඒ ආත්මහාවයෙහි කේතුමති නම් රාජධානියෙක් වාසස් ථාන වන්නේය. බ්‍රහ්මවති නම් බැමිණි බිසවක් මවු වන්නීය.සංක නම් චක්‍රවර්ත්ති රජ්ජුරුවන්ගේ සුබ්‍රහ්ම නම් පුරෝහිත බ්‍රාහ්මණකෙනෙක් පිය වන්නේ ය. අශෝකය, බ්‍රහ්මදෙවය යන අග්‍රශ්‍රාවක යෝ දෙදෙනෙක් වන්නාහ. සීහ නම් මහ තෙර කෙනෙක් උපස්ථායකවන්නාහ. පදුමාය, සුමනාය යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. සුධනය, සඬඝය යන උපාසකවරු දෙදෙනෙක් අග්‍ර උපස්ථායක වන්නාහ. යසවතිය, සඞඝාය යන උපාසිකාවරු දෙදනෙක් අග්‍ර උපස්ථායිකා වන්නාහ. නාග වෘක්ෂයෙක් බෝධි වන්නේ ය. අටා සූරියන් අස බුඞශරීරය වන්නේය. ඛ්‍යාමප්‍රභා මණ්ඩලය පස්විසි යොදනක් තැන් පැතිර සිටිනේය. අසූ දහසක් අවුරුදු ආයුෂ වන්නේය.” මෙසේ විවරණාදිය දී වදාර ස්තුතිකොට හුනස්නෙන් නැගී ගඳ කිළියට වන්සේක.
6. බුදුකුරුදම් මෙනෙහි කිරීම
[සංස්කරණය]ඉකිබිත්තෙන් ඒ මහාපුරුෂයානන් වහන්සේ..
[සංස්කරණය]ඉකිබිත්තෙන් ඒ මහාපුරුෂයානන් වහන්සේ තුටු පහටු සිත් ඇති දිව්‍යබ්‍රහ්ම මනුෂ්‍යයන් විසින් පුදන ලදුව බුඬකාරක ධර්මයන් පරික්ෂා කරණසේක් දශපාරමිතා දැක අනුලෝම ප්‍රතිලෝම දී වශයෙන් සම්මර්ශනය කෙරෙමින් දසදහසක් සක්වල කම්පා කරවා ‘අන්‍ය වූ බුඬකාරක ධර්මයෙක් නම් නැතැ’යි නිෂ්ඨාවට පැමිණ දෘඨ සමාදානය කොට එතැන් පටන් සියලු ලෝකවාසි සත්ත්වයන් අතුරෙන් එකි එකි සත්ත්වයක්හු නිසා කපක් මුලුල්ලෙහිත් නරකයෙහි පැසී දුකින් මුදමි යි මෙසේ පවත්නා කරුණා වශයෙන් ද සියලු සත්ත්වයන් චක්‍රවර්ති රාජ්‍යශ්‍රීයෙහි පිහිටුවමි යි මෙසේ පවත්නා වූ අනුද්දයා වශයෙන් ද සියලු සත්වයන් වෘත්ත දුඃඛයෙන් මුදා අර්හත් ඵලයෙහි පිහිටුවමි යි මෙසේ පවත්නා අනුකම්පා වශයෙන් ද, ත්‍රිවිධ සමාදානය සමාදන්ව ප්‍රමාණා’තික්‍රාන්ත වූ ජාතිකොටි ශතසහස්‍රයක් මුලුල්ලෙහි පාරමි ධර්මයන් පුරමින් ආ සේක.
ඒ පාරමිතාවෝ නම් කවුරුද? ඒ පාරමිතා ධර්මයන් කෙසේ පිරිය යුතුද? යත්:- “මහත් වූ බෝධිසත්ත්ව වරයන්ගේ උත්තම ප්‍රතිපත්තිය මා විසින් කියන් ලබන්නා එකග වූ සිත් ඇතිව සත් පුරුෂ ජනයෙනි, මනාකොට අසවු. සීලාදි ගුන විශේෂය හා යෙදිම හේතුකොට ගෙණ සත්වෝත්තම බැවින් උත්කෘෂ්ට මහෝත්තමයෝ නම් බෝධිසත්ත්ව වරයෝ යි. ඔවුනගේ ස්වභාවය හා දානා’දී ක්‍රියා පාරමිතා නම් වෙති. ඒ පාරමිතාවෝ ද දශවිධ වන්නාහ.’ ‘කෙසේද? යත්:- භාග්‍යවත් වූ සියලු ධර්මයන් අනාවරණ ඥානයෙන් දක්නා වූ නික්ලේශි වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ විසින්:-
“ විචිනන්තෝ තදා ද්දක්ඛිං, පඨමං දානපාරමිං
පුබ්බකෙහිමහෙසිහි, අනුවිණ්ණමහාපථං”
යනාදි ක්‍රමයෙන් දාන පාරමිතාය, සීල පාරමිතාය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, විර්‍ය්‍ය පාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අධිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපෙක්ෂා පාරමිතාය, යන දශවිධ පාරමිතා ධර්මයන් දක්වා මෙයින් මත්තෙහි අතීතා’ද කාලත්‍රයවර්තතී වූ බුඬ කාරක ධර්මයෙක් නම් නැතැ’යි සනිටුහන් කොට;
“ එත්තකායෙව තෙලොක, යෙ ධම්මා බොධිපාවනා
තදුඬං නත්ථි අඤ්ඤාත්‍ර, දල්හ.තත්‍ර පතිට්ඨහි!” යි.
වදාරණ ලද බැවින්ද මෙසේ බුදුරජානන් වහන්සේ මේ පාරමිතා වදාළසේක. මෙසේ වදාරා එයින් මත්තෙහි.
“ දානංසිලං ච නෙක්ඛම්මං, පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛාතිමාදස” යි
වදාරණලද බැවින්ද:-
“ දසතෝ අධිකා නත්ථී, දසතෝ නත්ථි ඌනකා
අනුනා නධිකා සබ්බා පුරිතා දස පාරමි” යි
වදාරණ ලද බැවින් ද ඒ පාරමී ධම්මයෝ දශවිධ වන්නාහ.
සියලු පාරමිතාවෝ ..
[සංස්කරණය]සියලු පාරමිතාවෝ සාමාන්‍යයෙන් මෙරමාට අනුගහ කිරීම ස්වභාවකොට ඇත්තාහ. මෙරමාහට අපකාර කිරීම හා විකල්ප රහිත බව කාත්‍ය කොට ඇත්තාහ. හිතේසි බව හා බුඬත්වය, නුවණට වැටිහිම කොට ඇත්තාහ. විශේෂයෙන් වූ කලි යම් හෙයකින් කරුණාව හා උපාය ප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නාලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාව නම් වේද,කරුණාව හා කාරණා ප්‍රඥාවෙන් පිරිසිද ගන්නා ලද කායවාක් සුචරිතය ද කරණ හෙයින් අකර්තව්‍යයෙන් වැලකීම හා කර්තව්‍යයන්කරන්නා වු චේතනාව සීල පාරමිතා නම් වේද, කරුණාව හා උපාය ප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නා ලද කායවාක් ආදීනවය දැක්ම පුර්වඬගම කොට ඇති කාමභවයෙන් නික්මෙන්නා වු සිතිවිල්ල නෛෂ්ක්‍රමය පාරමිතා නම් වේද, කරණාවහා කරුණා ප්‍රඥාවෙන් පිරිසිඳ ගන්නාලද ධර්මයන්ගේ සාමාන්‍යාවබෝධය හා විශේෂාවබෝධය කිරීම ප්‍රඥා පාරමිතා නම් වේද, කරුණාව හා උපාය කෞශල්‍යඥානයෙන් පිරිසිඳ ගන්නා ලද කයින් හා සිතින් මෙරමාට වැඩකිරීමට උත්සාහ කිරිම වීර්‍ය්‍ය පාරමිතා නම් වේද, කරුණාව හා උපාය ප්‍රඥාවෙන් පිරිසිඳගන්නා ලද සත්ත්ව සංස්කාරයන් ගේ අපරාධ සහනය කිරීම හා ද්වේෂය ප්‍රධානකොට ඇති තදාකාර ප්‍රවෘත්ති චිත්තෝත්පාදය ක්ෂාන්ති පාරමිතා නම් වේද, කරුණාව හා උපාය ප්‍රඥාවෙන් පිරිසිද ගන්නා ලද විරති චේතනාදීන්ගේ භෙදය. නොවැරදිම සත්‍යපාරමිතා නම් වේද, කරුණාව හා කාරණයෙහි දක්ෂව පවත්නා නුවණින් පිරිසිඳ ගන්නා ලද, අචල සමාදානයෙහි අධිෂ්ඨානය හා ඒ ඒ ප්‍රකාරයෙන් පැවැත්තා වූ චිත්තෝත්පාදය අධිෂ්ඨාන පාරමිතා නම් වේ ද, කරුණාව හා උපාය කෞෂල්‍ය ඥානයෙන් පිරිසිද ගන්නා ලද ලොවට හිත සැප එලවිම හා කරණ හෙයින් සියලු සත්ත්වයන් කෙරෙහි ද්වේෂ නොකීරීම මෛත්‍රී පාරමිතා නම් වේද , කරුණාව හා සමග ප්‍රඥාවෙන් පිලිසිඳ ගන්නා ලද අනුනය සමප්‍රවෘත්ති ඇති බව උපෙක්ෂා පාරමිතා නම් වේද,එසේ හෙයින් දානය වස්තු පරිත්‍යාග ලක්ෂණ කොට ඇත්තේය. දෙය්‍ය ධර්මයෙහි ලෝබය නැසීම කෘත්‍යය කොව ඇත්තේය. තමා අයත් බව නැති කිරීම හා භව සම්පත්තිය නුවණට වැටහිම්කොට ඇත්තේය. පරිත්‍යාග කටයුතු වස්තුව ආසන්න කාරණාකොට ඇත්තේය.
සීලය ප්‍රතිෂ්ඨාණය ලක්ෂණකොට ඇත්තේය. දුශ්ශීල බව නැසිම කෘත්‍යකොට ඇත්තේය.සුචි බව නුවණට වැටහිම කොට අත්තේය. භය ලජ්ජා දෙක ආසන්න කාරණා කොට ඇත්තේය.
නෛෂ්ක්‍රම්‍යය කාමයෙන් හා භවයෙන් නික්මීම ස්වභාව කොට ඇත්තේය. කාමයෙහි හා භවයෙහි ආදීනව ප්‍රකාශ කිරිම කෘත්‍ය කොට ඇත්තේය. ඒ කාමයෙන් හා භවයෙන් පරාම්මුඛව නික්මෙන බව වැටහීම්කොට ඇත්තේය. චිත්තෝත ත්‍රාසය හා ශරීරය කම්පාව ආසන්න කාරණාකොට ඇත්තේය.
ප්‍රඥාව දක්ෂ වූ..
[සංස්කරණය]ප්‍රඥාව දක්ෂ වූ දුනුවායක්හු විසින් විදිනාලද ශරවෙධයක් මෙන් යථාස්වභාවය ප්‍රතිවෙධය හා අස්ඛලිත ප්‍රතිවෙධය ලක්ෂණ කොට ඇත්තේය. ප්‍රදිපයක් මෙන් අරමුණු බැබලවීම කෘත්‍ය කොට ඇත්තේය. අරණ්‍යගත ස්වදෙශිකයක්හු මෙන් නුමුළා වීම වැටහීම් කොට ඇත්තේය. සමාධිය හා චතුරාර්‍ය්‍ය සත්‍යය ආසන්න කාරණාකොට ඇත්තේය. වීර්‍ය්‍යය උත්සාහය ස්වභාව කොට ඇත්තේය. උපස්තම්භය කෘත්‍ය කොට ඇත්තේය. නොපසු බැස්ම නුවණට වැටහීම් කොට ඇත්තේය.වීර්‍ය්‍යය හා අෂ්ටසංවේග වස්තුව ආසන්න කාරණ කොට ඇත්තේය. ක්ෂාන්තිය ඉවසීම ස්වභාවකොට ඇත්තේය. ඉෂ්ටානිෂ්ටය සහනය කිරිම කෘත්‍ය කොට ඇත්තේය. ඉවසීම හෝ අවිරොධය වැටහිම් කොට ඇත්තේය. තත්වූ පරිද්දෙන් දැන්ම ආසන්න කාරණා කොට ඇත්තේය. සත්‍යය අවිසංවාදය ස්වභාව කොට ඇත්තේය. යථාස්වභාවය ප්‍රකාශ කරණ බව කෘත්‍ය කොට ඇත්තේය. යථාස්වභාවය ප්‍රකාශ කරණ බව කෘත්‍යකොට ඇත්තේය. සාධු බව වැටහීම්කොට ඇත්තේය. විනීතබව ආසන්න කාරණ කොට ඇත්තේය. අධිෂ්ඨානය බෝධිසම්භාරයෙහි පිහිටුවිම ස්වභාවකොට ඇත්තේය. ඒ බෝධිසම්භාරයන්ගේ ප්‍රතිපක්ෂ ධර්මයන් මැඩපැවැත්ම කෘත්‍ය කොට ඇත්තේය. ඒ බෝධි සම්භාරයන් කෙරෙහි නිශ්චල බව වැටහීම් කොට ඇත්තේය. බෝධි සම්භාරය ආසන්න කාරණ කොට ඇත්තේය. මෙත්තාව සත්ත්වයන්ට හිතකරණ බව ස්වභාවකොට ඇත්තේය. සත්ත්වයන්ට අභිවෘධිය එළවන බව හා ආඝාත දුරුකරණ බව කෘත්‍ය කොට ඇත්තේය. සෞම්‍ය බව වැටහීම් කොට ඇත්තේය. සත්තවයන්ට මනාප බව දැක්විම ආසන්න කොට ඇත්තේය. උපෙක්ෂාව මධ්‍යස්ථා’කාරයෙන් පවත්නා බව ස්වභාවකොට ඇත්තේය. සාධාරණකොට දැක්ම ඇත්තේය. අනුනය ප්‍රතිඝය සංහිඳු විම නුවණට වැටහීම කොට ඇත්තේය. කුසලා’කුසල කර්මය ස්වසන්තක බැව් ප්‍රත්‍යවෙක්ෂා කිරිම ආසන්න කාරණා කොට ඇත්තේය. මෙහි මනුෂ්‍යාත්ම භාවය ප්‍රධානකොට ඇති අෂ්ට ධර්මයන් ගේ සමවධාන වශයෙන් ද ‘බුඬො බොධෙය්‍යං‘ යනාදි මූලප්‍රණිධාන වශයෙන් ද පැවැත්තාවූ ප්‍රථම ප්‍රණිධානය සියලු පාරමිතාවන්ට ප්‍රත්‍ය වන්නේය. එහි අභිනිහාර ප්‍රවෘත්තියෙන් මත්තෙහි සියලු පාරමිතාවන්ගේ සෙවීමය, නුවණට වැටහීමය.සමාදානය, අධිෂ්ඨානය, නිෂ්පත්තිය යන මේ සියල්ල මහා පුරුෂවු බෝධිසත්ත්ව වරයන්ට සම්භවන හෙයින් මූල ප්‍රාර්ථනාව දානසිලාදි සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. එහි අභිනිහාර ප්‍රවෘත්තියෙන් මත්තෙහි සියලු ප්‍රාරමිතාවන්ගේ සෙවීමය, නුවණට වැටහිමය. සමාධානය , අධිෂ්ඨානය, නිෂ්පත්තිය යන මේ සියල්ල මහාපුරුෂවූ බෝධිසත්ත්ව වරයන්ට සම්භවන හෙයින් මූල ප්‍රාර්ථනාව දානසීලාදී සියලු පාරමිතාවන්ට ප්‍රත්‍ය වන්නේය. ප්‍රථම ප්‍රාර්ථනාව යම්සේ ප්‍රත්‍ය වේ ද එපරිද්දෙන් ම මහා කරුණාව ද උපාය ප්‍රඥාව ද සියලු ප්‍රාරමිතා ධර්මයන්ට ප්‍රත්‍ය වන්නේය. යම්සේ මහාපුරුෂයන්ට ආත්ම සැපයෙහි නිරපෙක්ෂක බව ද නිරන්තරයෙන් අනුනට වැඩකිරීමෙහි තත්පර බව ද, නොකොට ගතහැක්කා වූ මහාබෝධි සත්ත්ව චරිතයෙන් භේදයක් නැති බව ද බෝධිසත්ත්ව චරිතයෙහි ප්‍රසාදය ඇති බවද, ප්‍රසාදය වැඩීම ද සත්ත්වයන්ගේ දර්ශනාවස්ථාවය ශ්‍රවණාවස්ථාවය අනුස්මරණ’වස්ථාවය යන මේ ත්‍රිවිධස්ථානයෙහි ම සත්ත්වයන්ට හිතසැප එලවීමට කරුණු බව සිඬවන්නේය. ඒ එසේමැයි. ප්‍රඥාවෙන් බුඬත්වය සිඬවන්නේය. කරුණාවෙන් බුඬකාරක ධර්මය සිඬ වන්නේය. ප්‍රඥාවෙන් තුමු සසරින් එතරවෙති. කරුණාවෙන් අනුන් එතර කෙරෙති. ප්‍රඥාවෙන් අනුන්ගේ දුක් පිරිසිඳ දනිති. කරුණාවෙන් අනුන්ගේ දුකට පිළියම් කරන්ට පටන් ගණිති. ප්‍රඥාවෙන් දුක්ඛයෙහි කළ කිරෙති. කරුණාවෙන් දුක්ඛය පිළිගණිති. ප්‍රඥාවෙන් නිර්වාණයට අභිමුඛ වන්නේය. කරුණාවෙන් නිර්වාණයට නොපැමිණෙන්නේය. කරුණාවෙන් සංසාරයට අභිමුඛ වනනේය. ප්‍රඥාවෙන් ඒ සංසාරයෙහි නො ඇලෙන්නේ ය. ප්‍රඥාවෙන් හැම තන්හි විරක්ත වන්නේය. කරුණාව අනුව පවත්නා ඥානයක් බැවින් හැමසත්ත්වයන්ට අනුග්‍රහ කිරීමෙහි නොපවත්නේ නොවෙයි. කරුණාවෙන් සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේය. කරුණාව අනුව පවත්නා නුවණ බැවින් හැම සත්වයන් කෙරෙහි නො ඇලුනා වු සිත් ඇත්තේ නොවෙයි. ප්‍රඥාවෙන් මමය මාගේය යන්නක් නැති බව සිඬවන්නේය. කරුණාවෙන් කුසීත බව හා බැගැ බව නැතිවිම සිඬවන්නේය. ප්‍රඥාවෙන් ආත්මස්වාමි බව සිඬවන්නේය. කරුණාවෙන් මෙරමාහට පිහිට බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් ධෛය්‍යර් ඇති බව සිඬවන්නේය. කරුණාවෙන් වීර්‍ය්‍යය ඇති බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් තමා නොතවන බව සිඬවන්නේය. කරුණාවෙන් අනුන් නොතවන බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් තමහට වැඩ සිඬවන්නේය. ප්‍රඥාවෙන් නිර්භීත බව සිඬවන්නේය. කරුණාවෙන් සංසාරයෙහි ඇලෙන බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් ධර්මයට අධිපති බව සිඬවන්නේය. කරුණාවෙන් ලොවට අධිපති බව සිඬව්නනේය. ප්‍රඥාවෙන් කෙළෙහි ගුණ දන්න බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් මෝහවිනාශ බව සිඬවනනේය. කරුණාවෙන් තාෂ්ණා විනාශ බව සිඬවන්නේය. ප්‍රඥාවෙන් විදර්ශනා ඥානාදි විද්‍යා සිඬවන්නේය. කරුණාවෙන් ප්‍රාතිමෝක්ෂ සංවර ශීලාදි චරණ සිඬිය වන්නේය. ප්‍රඥාවෙන් ශ්‍රඬා බලාදි දශබල සිඬවන්නේය. කරුණාවෙන් අන්තරාය කර ධරමා දියෙහි වෛශාරද්‍ය සිඬිය වන්නේය. සියලු පාරමිතා ඵලයට විශේෂයෙන් උපාය බැවින් ප්‍රඥාකරුණා දෙක සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. මේ කරුණාප්‍රඥා දෙක වූකලි දාන පාරමිතාදි වූ සියලු පාරමිතාවන්ට මෙන්ම මූල ප්‍රාර්තනාවටද ප්‍රත්‍යය වන්නේය. තවද චතුර්විධ බුඬ භූමිහුද මහාබෝධිසත්ත්වවරයන්ගේ උතුම් අදහස් සයද, දානධ්‍යාශාදි දශවිධ අධ්‍යාශයද දානසීලාදීවූ සියලු ප්‍රාරමිතාවන්ට ප්‍රත්‍යය වන්නේය. ඒ දාන සීලාදියෙහි ප්‍රත්‍යවෙක්ෂා කරණ ක්‍රමය මෙසේ දතයුතුයි.