Jump to content

විල්ගම්මුළ පබඳ-අනාගත වංශය නම් වූ මෙතේ බුදු සිරිතvi

Wikibooks වෙතින්

11.සංඛ චක්‍රවර්ති කථාව

[සංස්කරණය]

මෙසේ ඒ කෙතුමතී නම් රාජධානියෙහි..

[සංස්කරණය]

මෙසේ ඒ කෙතුමතී නම් රාජධානියෙහි උත්පත්තිය දක්වා දැන් එනුවර සංඛ නම් රජ්ජුරු කෙනෙක් සතර මහා ද්වීපයට අධිපතිව එකාත පත්‍ර කොට චක්‍රවර්ත්ති රාජ්‍ය ශ්‍රී අනුභව කෙරෙමින් අපරියන්තවු සේනා වාහනයෙන් හා සත්රුවනින්හා නොයෙක් ආනුභාවයෙන් යුක්තව උපදනාහුයයි දක්වන්නාවූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන් වහන්සේ මෙසේ වදාළසේක.


“සංබො නාම සො රාජා, අනන්ත බල වාහනෝ

සත්ත රතන සම්පන්නො, චක්කවත්ති මහබ්බ‍ලො

ඉඬිමා යසවාචෙච, සබ්බ කාම සමප්පි තො

හත පච්චත්ථිකං බෙමං, අනුසාසිස්සති ධම්මතො”යි


ඒ රජ්ජුරුවෝ කෙබඳු ශ්‍රී සමෘඬියක් ඇත්තාහුද?..

[සංස්කරණය]

ඒ රජ්ජුරුවෝ කෙබඳු ශ්‍රී සමෘඬියක් ඇත්තාහුද? යත් :- ඒ රජ්ජුරුවෝ වූකලී ඇත් සෙනඟය, අස් සෙනඟය, රථ සෙනඟය, පාබල සෙනඟය, අපමණවූ සිවුරඟ සෙනඟින් ගිවසී ගත්තාවූ සතිස් යොදනෙක පැතිර සිටිනාවූ නිරන්තරයෙන් උපස්ථාන කරන්නාවූ පිරිසිදු වූ අවිකාලාඟවූ පුරුෂ පරාක්‍රම සංඛ්‍යාත බලයෙන් යුක්තවූ නොයෙක් සේනාවාහන ඇත්තාහ. චක්‍ර රත්නය හා හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය ස්ත්‍රී රත්නය, ගෘහපති රත්ිනය, පරිණායක රත්නය යන සප්ත රත්නයෙන් සමන්විතයහ.දහසක් දැවි ඇති නිම් වලලු නැඹ සහිත සර්වාකාර යෙන් සමන්විතවූ සම්පූර්ණවූ චක්‍රරත්නය, දෙදහසක් කොදිවූ පිරිවර කොට ඇති සතර මහා ද්වීපයෙහි පවත්වන්ට සමර්ථවූ චක්‍රවර්ති රිජනුභාව ඇත්තාහ. අවශේෂ ජනයන්ගේ බලයට වඩා අධිකවූ කායබල ඥානබලයෙන් සමන්විතයහ.රජ, බමුණු, වෙළද, ගොවි සතර කුලයෙහි ප්‍රභූසත්ත්වයන් හි අධිකාර සෙනෙවිරත් ඈපා මාපා මඬලික යන පංච ප්‍රධානයන් හි අන්තඃපුර පිටිපුර කම්මිත්ත්න් ආදි නොයෙක් පිරිවර ජනයන් ගෙන් පිරිවැරුම් ඇත්තාහ. ඒ සංඛ නම් චක්‍රවර්ති රජ්ජුරුවන්ගේ ශරීරයෙන් සඳුන් සුවද වහනය වන්නේය. මේ එක් ඍඬියෙක. මුඛයෙන් මහනෙල් සුවඳ පැතිරෙන්නේය. මේ දෙවෙනි ඍඬියයි. දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් සතර දිග හැම කලම කඩුගත් අත් ඇතිව රැකවල් ගෙණ සිටිනාහ. මේ තුන්වැනි ඍඩියයි. ආකාශ වාරි වන්නාහ. මේ සතර වැනි සෘඞියස. තවද, දිව්යේරූපයට නොපැමිණියාවු මනුෂ්යත රූපය ඉක්ම සිටියාවු විශිෂ්ඨවු රූප ඇත්තාහ. මේ එක් සෘඞියෙක. අනුභව කළ ආහාර පාන වර්ග ඇඹුල් නොවී සමපාකය කරන්නාවු කර්මජ තෙජො ධාතුයෙන් යුක්තයහ. මේ මේ දෙවෙනි සෘඞියය. ජිවිතාන්තය දක්වාත් සියළු ලෝවැස්සන් විසින් දැක තෘප්තියකය නො පැමිණෙන්නාවු ශ්රීය සමෘඞිය ඇත්තාහ. මේ තුන්වැනි සෘඞියය. සිතූ සිත හා සමග ආකාශයට පැන නැගී කැමති දිගකට යන්ට සමර්ථවන්නාහ. මේ සතර වැනි සෘඞියය. මෙසේ විප්ර කාර චතුර්විධ සෘඞියෙන් සමන්විතයහ. ඇසින් දැක ඇලුම් කටයුතු වු ඉෂ්ට කාත්ත මනා රූප ශබිද ගන්ධ රස ප්රයෂ්ටව්යස සංඛ්යාඇත පංචකාම ගුණයෙන් දිව සැපතක් හා සමානවු ආස්තරණ පාපූර්ණ දාසිදාසක්ෂේත්ර වස්තු සංඛ්යාදත වස්තු කාමයෙන් සමන්විතයහ. නසන ලද පසමිතුරන් ඇති නිර්භයවු සුහික්ෂවු සියලු පෘතුවි මඬලය මහත් වු යස පිරිවරින් හා ආනුභාවයෙන් යුක්තව දශ රාජ ධර්මයෙන් අකොප්ය්ව දාන, ප්රි්ය වචන, අර්ත්ථචර්යාද , සමානාත්මතා යයි කියන ලද සතර සංග්රවහ වස්තුවෙන් ජනරංජනය කෙරෙමින් අනුශාසනය කරන්නාහ. එසේ හෙයින් වදාළහ. බුදුහු :- “ අසිති වස්ස සහස්සා යුකෙසු භික්ඛවෙ මනුස්සෙසු කෙතුමතියා රාජධානියා සංඛොනාම රාජා උප්පජ්ජිස්සති. චක්කවත්ති ධම්ම කො ධම්මාරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාචරියප්පත්තො සත්තරතන සමන්තා ගතො, තස්සිමානී සත්තරතනානි භවිස්සතිසෙය්යරථීදං, චක්කරතනං හත්ථීරතන, අස්සරතනං මණිරතනං ඉත්ථීරතනං ගහපති රතනං පරිනායක රතන මෙව සත්තමං පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවිස්සන්ති. සූරවීරඞ්ගරූපාප රසෙනප්පමද්දනා සො ඉමං පඨවීං සාගර පරියන්තං අදණේඩන අසත්ථෙන ධම්මෙන අභිඡිජිය අං්ක්ධාවසිස්සති” යි.

මේ සංඛ නම්..

[සංස්කරණය]

මේ සංඛ නම් චක්ර වර්ති රජ්ජුරුවන්ගේ උත්පත්තිය දක්වා දැන් ඒ රජ්ජුරුවන් වසන්නාවු ප්රාරසාද සමෘඞිය දක්වන්නාවු බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක.


“පාසාදො සුක තො තත්ථ, දිබිබවිමාන සාදිසො

පුඤ්ඤකම්මාහි නිබ්බත්තො, නානා රතන විචිත්තිනො

‍වෙදිකාහි. පරික්ඛෙත්තො, සුවිභත්තො මනොරමො

පදස්සරුග්ගතො සෙට්ඨො, දුදික්ඛො චක්ඛුමොසනො

රඤ්ඤො මහා පනාදස්ස, පචුත්තො රතනාමයො තං යුපං

උස්සා පෙන්වාන, සංඛරාජා වසියස්ති.”


ඒ කෙතුමති නම් රාජධානියෙහි මහාපනාද රජ්ජුරුවන් හා සංඛ නම් රජ්ජුරුවන් දෙදෙනාගේ කුසල කර්මයෙන් උපන්නාවු දිව්යනප්රාජසාදය හා සමානවු ප්රාදසාදයයෙක් පහළවුයේය. ඒ ප්රාොසාදය කෙබඳුද? යත්:- අනෙකප්රපකාර සත්රුවන් කර්මාන්තයෙන් විසිතුරු වන්නේය. පබළුමය මැණික්මය රන්රිදීමය ලොහිතංකමය මැසිරිගල්මය පිළිවහනමය වෙරළුමීණිමය සත්රුවන්මය පිළි පදනන් වලල්ලෙන් හා නිසවත්තෙන් වට කරණ ලද්දේය. මහදොර සුළුදොර මහකවුළු සිවුමැදුරු කවුළු හිණිපෙති පියගැට පංක්ති එක්මාල් යමාල් තුන්මාල් සතරමාල් පස්මාල් සමාල් කන්කළු ආභද ආදී වින්ය සයෙන් මනාකොට විභාග කරණ ලද්දේය. ඒ ප්රාිසාදය බලන්නාවු සත්ත්වයන් තමා හැර අන් තෙනකට යානොදී සිත් අලවන හෙයින් ඉතා සිත්කළු වන්නේය. නහො මධ්ය ගත සූර්ය්ඉත මඬලයමෙන් දස දිග පැතිරෙන්නාවු රස්මි ඇතිව ඉතා පැහැසර වන්නේය. උසින් පස්විසි යොදනෙක් පමණ උස ඇත්තේය.

උත්තම සත්වයන් විසින්..

[සංස්කරණය]

උත්තම සත්වයන් විසින් වාසය කරන්න යුතු හෙයින් හා ප්රාසර්ථනා කටයුතු හෙයින් ශ්රෙනෂ්ඨ වන්නේය. දිලියෙන්නාවු තෙජස් ඇති බැවින් ඇස රුජාවක ඇසෙක මධ්යාෙහ්න වේලේ වැදගත් හිරුරැසක් මෙන් ඇස කනන හෙයින් ඇස දල්වා බැලිය නොහැක්කේය. ඒ ප්රා්සාදය බලන්නාවු සත්ත්වයන්ගේ ඇස පැහැරගන්නාක් මෙන් තමහට විමුඛවීය නොවන හෙයින් පිටිපෑයානොදෙන්නේය. මෙසේ මෙබඳුවු පෙර මහා පනාද රජ්ජුරුවන් වාසය කළාවු සර්වරත්නමයවු විචිත්රසවු ප්රා සාදය නංවා සංඛ නම් චක්රුවර්ති රජ්ජුරුවෝ ඒ ප්රවසාදයෙහි වාසය කරන්නාහුය. ඒ ප්රා සාදය සංඛ නම් චක්රුවර්ති රජ්ජුරුවන්ට කෙසේ පහළ වීද? යත් :- යටගිය දවස බරුණැස් නුවර වසන්නාවු කුළු පතු දෙපුතු පිය කෙනෙක් නුවරින් නික්ම හුණවනයට වන්නාහ. එකෙණෙහි එක් පසේබුදු කෙනෙකුන් වහන්සේ හිමාලය වනයෙහි ගඳ මහන් පවුවේ නන්දමූලක නම් ප්රාකග්හාරයෙහි වසන සේක් සත්ත්වයන්ට අනුග්ර්හ කැමතිව උදාසනම නැඟීසිට සිරිරු පිළිදැගුම් කොට අනවතප්ත ජලයෙන් මුඛ සොධා නාලිය දැටවටු ගන්වා ඉඳුනිල් මිණිවන් පයක් අතින් ගෙණ සෘඞියෙන් ආකාශයට පැනනැඟී පස් වණක් වළාපංක්ති මඬිමින් අවුත් බරණැස් නුවරට නුදුරු තැනකට බැස නුවරට අභිමුඛව නික්මුනුසේක. එකුළුපතු දෙපුතු පිය දෙදෙන නුවරට සිඟා වඩනාවු ඒ පසේබුදුන් දැක පසඟ පිහිටුවා වැඳ පාත්රයය ගෙණ ගංතෙරට වඩා ගෙණ ගොස් දාවල් කර්මාන්තයට ගෙණ ගිය පලාබත් වළඳවා වළඳා අන්තයෙහි ‘ස්වා මීනි. කොතනට වඩින සේක්දැ ?යි විචාළහ. එබස් අසා පසේ බුදුන් වහන්සේ ‘උපාසක වරුනි, දැන් ඇත වස පැමිණියේය. එසේ හෙයින් වස් සාරමය වසන්නට සුදුසු තැනක් පරික්ෂා කොට ඇවිදුම්හ’ යි වදාළසේක එබස් අසා දෙපුතු පියෝ ‘ස්වාමීනි, අපි නුඹවහන්සේට සුදුසු ස්ථාඅනයක් කරම්හ ‘යි කියා දිඹුල් දන්ඩෙන් පා හිඳුවා හුනදන්ඩෙන් භික්ති බැඳ නත කොළින් උඩ සොයා මැටිගසා දොරළී දොර බාළා පන්සල පසේ බුදුන් වහන්සේට පිළිගන්වා කුළු ආදිය වීකොට කලගවිටි පොලා පිදුරු සලා කරල් අවුලා ලබනලද ධාන්යියෙන් හාල් ගෙණ බත්පිස ලත් ලත් සැටියේ මුංකොට යවකොටු මත්ස්යධමාංශ පලාකොල ආදියවු සූපව්යාං ජන හා සමග ආහාර දන්දී මෙසේ තුන්මසක් මුළුල්ලෙහි උපස්ථා න කොට ඉක්බිති වස් පවරා අන්තයෙහි පසේ බුදුන් වහන්සේ වඩනා අවස්ථවෙහි තුනුසිවුරු සපයා පිළිගන්වා යැවුහ. මෙම ක්රහමයෙන් සත් අත වසෙක සත් පසේබුදු කෙනෙකුන් වහන්සේ එම පන්සල වස්වස්සා සිවුපසයෙන් උපස්ථාන කළහ. ඒ දෙපුතු පියෝ ආයු පමණින් මනුෂ්ය ලොකයෙහි සිට කලුරියකොට තවුතිසා භවනයෙහි ඉපැද තුන්කෙළ සැට ලක්ෂයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වු දිව්යැ සැපත් අනුභව කොට එහි ආයුෂ ගෙවා කළාවු කුසලය ගෙවී නොගිය හෙයින් එයින් මත්තේ යාම නම් දිව්යකලොකයෙහි ඉපැද සත් පණස් කෙළ සැට ලක්ෂයක් අවුරුදු මුළුල්ලෙහි මහත්වු දිව්යය සැපත් අනුභව කොට එයින් ආයුෂ ගෙවා කළ කුශලය නොගෙවුනු හෙයින් මත්තෙහි නිර්මාණරති දිව්යගලොකයෙහි ඉපද දෙසිය තිස් කෙළ සතළිස් ලක්ෂයක් අවුරුදු මුළුල්ලෙහි දිව්යග ඓශ්චර්ය්පද අනුභව කොට එයින් ආයුෂ ගෙවා කළ කුසල් නොගෙවුනු හෙයින් නැවත එයින් මත්තෙහි පරනිර්මිත වසවර්ති දිව්යවලොකයෙහි ඉපැද නවසිය එක්විසි කෙළ සැටලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි මහත් දිව ඉසුරු වළඳා එයින් ආයුෂ ගෙවා කළ කුසල් නොගෙවුනු හෙයින් එයින් පාත නිම්මාණරති දිව්ය ලොකයෙහි ඉපැද එහි ආයු පමණින් සැපත් අනුභවකොට එයින් පාන තුෂිත දිව්යඑලොකයෙහි ඉපැද එහිත් ආයු පමණින් දිව සුව වළඳා එයින් පාත තවුතිසා දිව්යඉලොකයෙහි ඉපැද එහිත් ආයු පමණින් දිව ඉසුරු වළඳා මෙසේ සදිව්යා ලොකයෙහි අනුලොම වශයෙන් ශ්රීද විභූති අනුභව කරමින් ඇවිදිනාහුය.



12. සුරුචි කුමාර කථාව

[සංස්කරණය]

මෙසේ ඒ දෙපුතු පියන්..

[සංස්කරණය]

මෙසේ ඒ දෙපුතු පියන් ස්වකර්ග සම්පත් අනුභව කෙරෙමින් සිටියදීම මහා සමිමත වංශයෙහි මියුළුනුවර සුරුචී නම් රජ්ජුරු කෙනෙක් වුහ. ඒ රජ්ජුරුවෝ පුතනු කෙනෙකුන් ලැබ ඒ පුතනුවන්ටත් සුරුචි කුමාරයෝ යයි කියාම නම්තැබුවාහුය.

පුරාතනයෙහි රජදරුවෝ වුකලී තමන්ගේ දරුවන් මෙසේ කල්හි මොහු නිහතමානීව එඩිදප් නැතිව ශිතොෂ්ණක්ෂමව ලොකචාරිත්රස දැනගන්නාහු වෙතියි සිතා තමන්ගේ නුවර දිසාපාමොක් ආචාරින් ඇතිව තිබියදීත් ශිල්ප උගන්නා පිණිස දුරු අන්යර රාජ්යආයකට යවන්නාහ. එසේ හෙයින් ඒ සුරුවි රජ්ජුරුවෝත් සොළොස් හැවිරිදි පුතනුවන් සමීපයට කැඳවා ගෙන්වාගෙන එක් පට වහන් සඟලක් පත්කුඩයක් මස්සෙන් දහසක් දී ‘පුත, තක්සලානුවරට ගොස් ශිල්ප උගන්නුව’යි යැවුහ. ඒ සුරුවී කුමාරයෝ. ‘යහපතැයි’යි කියා දෙමුව පියන් වැඳ නුවරින් නික්ම ක්රවමයෙන් තක්සලා නුවරට ගොස් නුවරට ගොස් නුවර වාසල්දොර සාලාවෙක උන්හ. බරණැස් රජ්ජුරුවන් ගේත් පුත්රටවු බ්ර්හ්මදත්ත නම් කුමාර කෙනෙක් එසේම ගොස් සුරුවී කුමාරයන් උන් පෝරුව මත්තෙහි ම උන්හ. ඔවුහු දෙදෙන ඔවුනොවුන්ගේ නම් ගෙත් විචාරා විශ්වාසීව එක්වම ආචාරීන් සමීපයට ගොස් ආචාර්ය් කොට්ඨාශය දී ශිල්ප උගන්ට පටන්ගෙණ නොබෝ කලකින්ම ශිල්ප ඉගෙණ නිමවා ආචාරීන් පිළිවිස මනාතැන් දක්වා මාර්ගයේ එක්වම ගොස් දෙමංසන්ධියෙහි සිට ඔවුනොවුන් වැළඳ මිත්රාධර්මය රක්නා සදහා කතිකාවක් කරන්නාහු ‘ඉදින් මට පුතනු කෙනෙක් උපන්නාහු වීනම්, තොපට දියණි කෙනෙක් උපන්නාහු වීනම්. හෝ තොපට පුතනු කෙනෙක් මට දියනි කෙනෙක් උපන්නාහු වීනම්, හෝ ඔවුන් දෙදෙනා ඔවුනොවුන් ආවාහ විවාහ කරම්හ.’’යි මෙබදු කථීකාවක් කළහ.

මෙසේ කතිකාවක් කොට ඒ දෙදෙන තමතමන්ගේ රාජ්යි කරණ කල්හි සුරුවී මහ රජ්ජුරුවන්ට පුතණුකෙනෙක් උපන්නාහුය. උන්ට සුරුවී කුමාරයෝයයි කියා නම් තැබුහ. බ්රාහ්මදත්ත රජ්ජුරුවන්ට දියණි කෙනෙක් උපන්නාහුය. උන්ට සුමෙධා දේවියයි නම් තැබුහ. සුරුවී කුමාරයෝ වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙණ ආවාය.

ඉක්බිත්තෙන් ඒ කුමාරයන්ට පිට රජ්ජුරුවෝ රාජ්යආයෙන් අභිෂෙක කරණු කැමතිව මාගේ යහලුවු බරණැස් රජ්ජුරුවන්ගේ දියණි කෙනෙක් ඇත. ඒ කුමාරිකාවන්ම මගේ කුමාරයන්ට අග මෙහෙසුන් කෙරෙමියි සිතා ඒ බ්රුහ්මදත්ත රජ්ජුරුවන්ට බොහෝ පඬුරු දි අමාත්ය යන් යැවුහ. යැවු අමාත්යරයන් එන්නාට පඵමුකොට බරණැස් රජ්ජුරුවෝ බිසවුන් අතින් විචාරාන්නාහු, ‘සොඳුරු, ස්ත්රීනන්ට බලවත් දුක් නම් කවරේද? යි විචාළහ. ‘දෙවයන් වහන්ස, ස්ත්රීණන්ට සපත්නි රොෂය බලවත් දුක් වන්නේ’ යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ ‘සොඳුර. එසේ වීනම් අපගේ එකම එක දියණිය සුමෙධා දේවීන් ඒ සපත්නී රොෂයෙන් මුදා යම් රජ්ජුරුකෙනෙක් කුමාරිකාවන් තනිවම පාවා ගණිත් නම් එසේ වු රජ්ජුරු කෙනෙකුන්ට පාවා දෙම්හ’යි කී.

එ බරණැස් රජ්ජුරුවෝ...

[සංස්කරණය]

එ බරණැස් රජ්ජුරුවෝ සුරුචි රජ්ජුරුවන්ගේ අමාත්යරයන් අවුත් කුමාරිකාවන්ගේ නම කී කල්හි, ‘දරුවෙනි, ඒකාන්තයෙන් මා විසින් පළමු මාගේ යහළුවානන්ට කුමාරිකා කෙනෙකුන් උපන්නාහු වීනම් පාවාදෙමි’යි ප්රේතිඥ්රම කළේ නියමය. එතකුදු වුවත් මේ කුමාරි කාවන් බොහෝ ස්ත්රීග සමුහයා මධ්ය යෙහි ලන්නා නො කැමැත්තම්හ. යම් රජ්ජුරු කෙනෙක් මේ කුමාරිකාවන් තනිව පාවාගණී නම් එසේ වු රජ්ජුරුකෙනෙකුන්ට පාවාදෙනු කැමැත්තෙම්හ’යි කීහ.

එබස් ඇසු අමාත්යවයෝ තමන්ගේ රජ්ජුරුවන්ට එපවත් දන්වා යැවුහ. ඒ සුරුවී රජ්ජුරුවෝ එබස් අසා අපගේ ඉතා මහත, සත් යොදනක් පමණ මියුලුනුවර වන්නේය. යටත් පිරිසෙයින් සොළොස් දහසක් පුරඟනන් ලද මැනැවැ’යි නො කැමති වුහ.

සුරුවි කුමාරයො වුකලී සුමෙධා දේවින්ගේ රූප සම්පත්තිය අසා ශ්රුවණ සංසර්ගයෙහි බැඳී මම ඒ කුමාරිකාවන් තනිව ම පාවා ගණිමි. මට බොහෝ ස්ත්රීවසමුහයාගෙන් ප්රමයෝජන නැත්තේය. ඒ කුමාරිකාවන් ගෙන්වා පාවාදුන මැනවැ’යි මවු පිය දෙදෙනාට කියා යැවුහ. එබස් අසා මවුපිය දෙදෙන සුරුවි කුමාරයන්ගේ අදහස් නො මිරිකා බොහෝ වස්තු යවා මහ පෙරහරින් ගෙන්වා කුමාරයන්ට අගමෙහෙසුන් කොට එක්වම අභෂේක කළහ. ඒ කුමාරයෝ සුරුවි නම් මහරජව දශරාජ ධර්මය කොප්ය.යක් නො කොට සතර සංග්රවහ වස්තුවවෙන් ජනරංජනය කෙරෙමින් රාජ්යො ශ්රීක අනුභව කරන්නාහු, සුමෙධා දේවීන් හා සමග ප්රිෙය සංවාසයෙන් විසුහ.

ඒ සුමෙධා දෙවි වු කලී දසදහසක් අවුරුදු මුළුල්ලෙහි ඒ රජ්ජුරුවන් සමීපයෙහි වැස පුතණු කෙනෙකුන් වත් දියණි කෙනෙකුන්වත් නොලද්දාහුය. ඉක්බිත්තෙන් නුවරවාසීන් රැස්ව රාජාංගනයෙහි සිට මුරගා ‘මේ කිමෙක්දැ’යි විචාළ කල්හි ‘අනික් දෙපයෙක් නැත, නුඹ වහන්සේගේ රාජවංශය රක්නට සුදුසුවු පුතනු කෙනෙකුන් වහන්සේ නැත නුඹ වහන්සේට ඇතිසේක් එකම එක බිසෝ කෙනෙකුන් වහන්සේය. රජ්ජුරු වහන්සේ නම් යටත් පිරිසෙයින් සොළොස්දහසක් පුරඟනන් වුව මැනව. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ, ස්ත්රීද සමූහයා ඇතිකළ මැනව. ඉන් එක්කෙනෙක් කුසල් ඇත්තේ වීනම් පුතණුකෙනෙකුන් වහන්සේ ලබන්නේ වේදැ,යි කි කල්හි ‘දරුවෙනි’ කුමක් කියහුද? අන් ස්ත්රීන කෙනෙකුන් නොගෙණෙමි යි ප්ර තිඥා දී මා විසින් මේ බිසවුන් ගෙන්වන ලද්දේය. එසේ හෙයින් බොරු කියන්ට නොපිළිවන. මට ස්ත්රී් සමුහයාගෙන් ප්රීයෝජන නැතැ.යි රජ්ජුරුවන් විසින් ප්ර්තික්ෂේප කරණලද නුවරවාසීහු තම තමන්ගේ ගෙවලට ම ගියාහුය.

සුමෙධා දේවී එබස් අසා රජ්ජුරුවන් වහන්සේ වුකලි තමන් වහන්සේ සත්යධවාදී බැවින් අන් කෙනෙකුන් නොගෙන්වන සේක. මම් ම ඒ රජ්ජුරුවන් වහන්සේට ස්ත්රීාන් ගෙන්වමි සිතයි රජජුරුවන් මෑණි ‍කෙනෙකුන් හා සමානවු බිසෝ තනතුරෙහි සිට තමන්ගේ අභිප්රා යෙන්ම රාජකන්යා‍වන් දහසෙක, අමාත්යනකන්යාතවන් දහසෙක ගෘහපති කන්යාරවන් දහසෙක, සර්වසාධාරණ නාටක ස්ත්රීහන්ගේ දහසෙකැයි, සාරදහසක් ස්ත්රීනන් ගෙන්වුහ. ඹහු හැමදෙනත් දස දහසක් හවුරුදු මුළුල්ලෙහි රජගෙයි වැස පුතණුකෙනෙකුන් වත් දියණි කෙනෙකුන් වත් නොලත්හ. මෙසේ ක්රපමයෙන් නැවත තුන්වාරයෙක සාරදහසක් සාරදහසක් ස්ත්රී න් ගෙන්වුහ. ඹහු හැමදෙනෙක් රජගෙය වැස පුතණු කෙනෙකුන් වත් දියණි කෙනෙකුන්වත් නොලත්හ. මෙසේ හැම එක් කොට සොළොස් දහසක් පුරාංගනාවෝ වුහ. සතළිස් දහසක් අවුරුදු ඉකුත්වුයේය. ඒ සතළිස් දහසක් අවුරුදු සුමෙධා දේවීන් තතිව විසු දසදහසක් අවුරුදු හා සමග පණස් දහසක් අවුරුදු වන්නේය.

ඉක්බිත්තෙන් නුවර වාසීහු..

[සංස්කරණය]

ඉක්බිත්තෙන් නුවර වාසීහු රැස්ව නැවත මුරගා සිට ‘කිමෙක්දැ ?’යි විචාළ කල්හි, ‘රජ්ජුරුවන් වහන්ස, නුඹවහන්සේ ගේ ස්ත්රීින්ට දරුවන් පතන්ට විධාන කළ මැනැවැ’යි කීහ. රජ්ජුරුවෝ යහපතැයි නුවර වැස්සන්ගේ බස් පිළිගෙණ සොඳුරුවු ‘ස්ත්රීුන්’ පුතුනු පතව්’යි විධාන කළහ. ඒ ස්ත්රී හු එතැන් පටන් ප්රාුර්ත්ථනාකොට නොයෙක් දෙවියන්ට නමස්කාර කෙරෙමින් නොයෙක් “චුත” සමාදානය කරන්නාහ. එතකුදුවුවත් දරු කෙනෙක් නූපන්නාහුය.

ඉක්බිති රජ්ජුරුවෝ සුමෙධා දෙවීන්ට ‘සොදුර, තෙපිත් දරුකෙනෙකුන් පතව’යි විධාන කළහ. ඒ සුමෙධා දෙවී රජ්ජුරුවන්ගේ බස් යහපතැයි මුදුනෙන් පිළිගෙන පසළොස්වක් දිනයෙහි අෂ්ටංගයෙන් යුක්ත උපෞෂථ ශීලය සමාදන්ව සිරියහන් ගබඩාවට වැද තමන් රක්ෂා කරන්නාවු සිලය ආවර්ජනා කෙරෙමින් කුරු යහනෙක උන්නාහුය. අවශේෂ ස්ත්රීරහු අජව්රිත ගොව්රනත සමාදන්ව උයනට ගියාහුය. සුමෙධා දේවීන්ගේ සීල තේජසින් ශක්රරභවනය කම්පිත විය. ඒ බව දැන ශක්රා දෙවෙන්ද්රසයෝ කිමෙක්දෝහෝ යි පරික්ෂා කොට ‘සුමෙධා දේවී දරුවන් පතති: උන්ට පුතණු කෙනෙකුන් දෙමි. ඒ දෙන්නාවු මට එසේ මෙසේවු පුතණු කෙනෙකුන් දෙන්ට නොපිළිවන. ඒ බිසවුන්ට සුදුසුවු පුතණු කෙනෙකුන් පරික්ෂා කෙරෙමි.’යි පරික්ෂාකරන්නාහු. ඒ “නළකාර” දිව්යප පුත්රොයන් දෙදෙනා තවුතිසා දිව්යය ලොකයෙහි ආයුෂය ගෙවා තව කළාවු කුසලය නොගෙවුනු හෙයින් මත්තේ දිව්යප ලොකයෙහි උපදනා කැමැති බව දැන:ඔවුන්. අතුරෙන් එක්කෙනෙකුන්ගේ විමන් දොරට ගොස් තමන් සමීපයට අවුත් සිටි තැනැත්තන්ට නිදුකාණෙනි, තොප විසින් මනුෂ්ය ලොකයට යන්ට වටනේය යි කීහ. ‘මහරජ්ජුරුවන් වහන්ය, මනුෂ්යල ලොකය නම් ජුගුප්සා කටයුතුය ඉතා පිළිකුල් කටයුතුය. ඒ මනුෂ්ය් ලොකයෙහි සිට දානාදී පින්කම් කොට දෙව් ලොව උපදනට ප්රාුර්ථනා කරන්නාහ. එසේවු මනුෂ්ය ලොකයට ගොස් කුමක් කෙරෙම්දැ’යි කිහ. ‘නිදුකාණෙනි, දිව්යෂ ලොකයෙහි අනුභවකටයුතුවු සියලු සම්පත් මනුෂ්ය් ලොකයෙහිදී අනුභවකරව, පස්විසි යොදුන් උස ඇති සත්රුවන් ප්රා්සාදයෙක වාසය කරව,එසේ හෙයින් මා කීවා ඉවසව’යි කීහ.

ඒ දෙව් පුතු තෙමේත් ශක්රම දෙවෙන්ද්රතයන් කී බස් යහපතැයි මුදුනෙන් පිළිගෙණ ගිවිස්සේය. ශක්රර දෙවෙන්ද්රපයෝ ඒ දිව්ය පුත්රෙයා ගෙන් ප්රපතිඥාගෙණ ඉතා සිත් කලුවු නපස්වී වෙෂයකින් රාජොද්යා්නයට ගොසින් ඒ අන්ත:පුර ස්ත්රීතන් සිටි තැනට උඩ ආකාශයෙහි සක්මන් කෙරෙමින් සිට තමන් දක්වා කවුරුන්ට පුත්රනවරයෙක් දෙම්ද? කවර කෙනෙක් මා අතින් පුත්ර වරයෙක් ගනිද්දැ?යි කීහ. එසඳ,ස්වාමිනි, මට දුන මැනව, මට දුන මැනව’යි කියා සොළොස් දහසක් පුරඟනාවෝ මිණි වලල්ලෙන් සැරහුණාවු දෙතිස් දහසක් අත් ඔසවා හිස් මුදුනේ තුබුහ.

ඉක්බිත්තෙන් ශක්රද දෙවෙන්ද්ර යෝ කියන්නාහු ‘මම් සිල්වත් කෙනෙකුන්ට දරුවන් දෙමි. තොප රක්ෂා කරන්නාවු සීලය කවරෙක්දැ?’යි කිහ. එබස් අසා සොළොස් දහසක් පුරඟනාවෝ ඔසවාගත් අත් අකුළුවා ‘ඉදින් නුඹ වහන්සේ සිල්වත් කෙනෙකුන්ට දරුවන් දෙනු කැමති සේක් වීනම් සුමෙධා දේවීන් වහන්සේ සමීපයට වැඩිය මැනවැ’යි කිහ. එබස් අසා ශක්රද දෙවෙන්ද්රවයෝ ආකාශයෙන්ම ගොස් එ සුමෙධා දෙවින් වසන්නාවු ප්රානසාදයෙහි සිවුමැදුරු කවුළුව සමීපයෙහි සිටියාහ. එසඳ බිසවුන් සමිපයට ගොස් කියන්නාහු ‘දෙවියන් වහන්ස, එක් තපස්වී කෙනෙක් නුඹවහන්සේට පුත්රකවරයෙක් දෙමියි ආකාශයෙන් අවුත් මේ සිවු මැදුරු කවුළුව සමීපයෙහි සිටිති’යි කිහ. එබස් අසා සුමෙධා දේවි තමන් වසන්නාවු ශ්රීි යහන් ගබඩාවෙන් නික්ම මහත්වු පෙරහිරින් බලවත්වු ශ්රී සමෘඬියෙන් ගොස් සිවුමැදුරු කවුළුවැ. හරවා සැබෑද? නුඹවහන්සේ සිල්වත් කෙනෙකුන්ට පුත්රෙවරයෙක් දෙනසේක්දැ’’යි විචාළහ. එසේය දෙවිනි, සිල්වත් ‍කෙනෙකුන්ට පුත්රෙවරයෙක් දෙමි’’යි ශක්රව දෙවෙන්ද්රයයන් කී කල්හි, එසේ වීනම් මටම දුන මැනවැ’යි කීහ.

‘තොප රක්ෂා කරන්නාවු සීලය කවරේද?..

[සංස්කරණය]

‘තොප රක්ෂා කරන්නාවු සීලය කවරේද? මට කියා බලව. ඉදින් මට. අභිප්රා ය වීනම්තෙපට පුත්රේවරයෙක් දෙන්නෙම්වෙම්දැ’යි කීහ. ඒ සුමෙධා දෙවී ශක්ර් දෙවෙන්ද්රපයන්ගේ බස් අසා එසේවීනම් ඇසුව මැනවැ’යි කියා තමන්ගේ සීලගුණය පුකාශකොට කීහ.තවද ඒ සුමෙධා දෙවී පළමු කොට තමන්ගේ ස්වාුමී පුත්රරයාණන් කෙරෙහි පිළිපදනා ක්ර මය දක්වන්නාහු, මම පනස් දහසක් අවුරුදු මුලුල්ලෙහි මාගේ රජ්ජුරුවන් වහන්සේ පෙරටුව හොත් තැනින් නැගී සිට එදවස් කළමනා කාර්ය්ුව විධාන කෙරෙමි. රාත්රිායේ සැතපෙන වේලෙහිත් ඇමට පළමු කොට නොසැතපී රජගෙයි බත්කැවමනා යම් කෙනෙක් ඇත්නම්. උන් ඇමදෙනා කැපු අණ විචාරා ඇමදෙනාට කා ඉක්බිති වුකලී රජ්ජුරුවන් වහන්සේගේ දෙපය සොධා සුවඳ තෙල් ගල්වා අතපය මැඩ ඇමදෙනාට පසුව යහනේ සැතපෙමි. කුමක් කෙරෙම්ද? දෙවයන්වහන්සැයි රජ්ජුරුවන් වහන්සේ පිළිවිස. උන්වහන්සේ වදාළ දෙයක් යහපතැයි මුදුණෙන් පිළීගෙණ උත්තරයක් නොකියා හැම දවස් කළමනා කාර්ය් වද කෙරෙමි. යමක් රජ්ජුරුවන් වහන්සේට සිත්කළු වීනම් ඒ සිත්කලු කාර්ය් ද කෙරෙමි. යම් බසක් කීකල මා කෙරෙහිත් අවශේෂයන් කෙරෙහිත් පෙම්වඩන්නේ වීනම් එසේ වු ප්රිිය තෙපුල්ම කියමි. රජ්ජුරුවන් වහන්සේ මා මුහුණ බැලුගමනේම මුන්වහන්සේගේ ඉගිදැන සියලු කාර්ය්න් කරන්ට කරවන්ට සමර්ථයෙමි.

පණස් දහසක් අවුරුදු මුලුල්ලෙහි මේ රජගෙයි වසන්නෙම් සම්මුඛයෙහිවත් පරාම්මුඛයෙහිවත් කයින් වචසින් මනසින්, මාගේ රජ්ජුරුවන් වහන්සේ ඉක්ම නොපැවැත්තෙම්. කියා සත්ය් ක්රිරයා කරන්නාහු සෘෂින්වහන්ස, මේ සත්යත ක්රිියාව හේතුකොටගෙණ මට පුතුණු කෙනෙක් උපදිත්වයි, ඉදින් මම බොරුවක් කීයෙම්.

වීමිනම මගේ හිස සත් කඩක්ව පැළියේව’යි කියා සත්යත ක්රිතයාකොට නැඳිමයිලන් කෙරෙහි පිළිපදනා ක්රකම හා ඹවුන්ට කළමනා වතාවත් දක්වන්නාවු සුමෙධා දේවී ‘මගේ ස්වාමි පුත්ර වු රජ්ජුරුවන් වහන්සේගේ දෙමවුපියෝ යම්තාක් ජීවත්ව උන්නාහු වීනම් ඒතාක්කල් මම රෑ දවල් නොපමාව අත්පා මෙහෙකෙළෙමි. එසේ කරන්නාවුත් මම ඔබා දියට නොකොට ඇදිහිලි ඇතිව ආදර සම්භාවනා ඇතිව සකස්කොට උපස්ථාරන කෙළෙම්’යි කියා පළමු පරිද්දෙන්ම සත්ය ක්රිායා කොට සපත්නීන් කෙරෙහි පවත්නා ක්රලම දක්වන්නාහු මා හා සමඟ එක් රජ්ජුරුවන් වහන්සේට භාර්යාසපත වු යම් සොළොස් දහසක් පුරඟනාවෝ ඇත්නම් ඔවුන් කෙරෙහි ර්ෂ්යාුවෙක් වත් කොපයෙක් වත් මට එක දවසකුත් නොවු විරිය. යමක් එ පුරඟනාවන්ට හිතවී නම් ප්රිවය වීනම් ඔවුන්ට ප්රි්යවු වැඩට නිසිවු කාර්ය්තවීයෙන් මමත් සතුටුවෙමි. ලෙහිලා වැඩු දුන් මෙන් ඒ සොළොස් දහසක් පුරඟනාවන් දැක සතුටු වෙමින් ඔවුන් අතුරෙන් එක්කෙනෙකුන් මට අප්රි්ය කෙනෙක් නම් නැත. සියල්ලෝම ප්රි්යවු දැකුම් ඇත්තාහ. ප්රෙැම සහිතවු මොලොක් සිතින්ම ඒ සොළොස්දහසක් පුරඟනාවන්ට මට සිතන්නාක්මෙන් ස්නේහීව දයා පරව කරුණා ඇතිව මෛත්රීව කෙරෙමි’යි කියා පළමු පරිද්දෙන්ම සත්යෛ ක්රි යා කොට කෙල්ලන් කොල්ලන් හා බැළමෙහෙ කරන්නන් ආදීවු සත්ත්වයන් කෙරෙහි පවත්නා විධි දක්වන්නාවු සුමෙධාදේවි යමෙක් යම් මෙහෙවරෙක් කරන්ට සමර්ත්ථවන්නේවී නම් ඒ ඔහු ඒ කර්මාන්තයෙහිම යොදමි. මෙහෙවරක් මම නිරන්තරයෙන් සතුටු සිත් ඇතිව පෙම්බර දෑස් දල්වා ඔවුන් මුහුණ බලා මෙහෙවරට යවමි. එම්බල දුෂ්ට කොල්ල තෝ මේ නම් කාරියක්කරව’යි කියා කිපි මා විසින් එකදවසකුත් කිසිතැනකට යැවු විරූ නැතැ කියා පළමු පරිද්දෙන්ම සත්යි ක්රිියා කොට මහණ බමුණන් කෙරෙහි පිළිපදනා ක්රසම දක්වන්නාහු මම ඇම දවස් දන්දෙන්ට දික්කළ අත් ඇතිව ඇම වේලෙහිම මහණ බමුණන් ආදීන්ට බත්පැන්ලා සේදීමෙන් තෙත්වු අත්ඇති මිහිරිවු උතුම් අනෙකප්රණකාරවු බොහෝ ආහාර පාන වර්ගයෙන් හැමකලම ශ්ර මණ බ්රාපහ්මණාදීන් සතුටු සිතින් සන්තර්පණ කෙළෙමි’යි කියා පළමු පරිද්දෙන්ම සත්යප ක්රිායා කොට පෙහෙවස් රක්නා ක්රමම දක්වන්නාහු ‘මම පෙහෙවස් රක්ෂා කරන්නෙම් අටවක තුදුස්වක පසළොස්වක පෙරගමන් පසු ගමන් වශයෙන් එකි එකි පෝයකට දෙපිටින් දෙදවසක් නියායෙන් මසකට දහසතර දවසක් අෂ්ටංග සීලය සමාදන්ව රක්ෂා කෙරෙමි’යි කියා පළමු පරිද්දෙන් සත්යගක්රිමයා කොට නිත්යල ශිලය දක්වන්නාහු ‘මම පංච සිලයෙහි සංවෘතව පංච සීලයෙන් හැකිළ රක්ෂිත ගොපිතවු ආත්මභාව ඇතිව වෙසෙමි. වධක චින්තයෙන් උකුනකු මකුනකුත් නොමැරී විරිමි. සොරසිතින් අසුරෙන් සුණුත් නොගත් විරිමි. රාගසිතින් අන් පුර්ෂයක්හුගේ ඇඟ පමණකුත් නො ඇල්ලු විරිමි. කෙළි පිණිසත් බොරුවක් නොකීවිරීමි. පිණි බිනිදුවක සාත්රාපෙතක් දිවනොතිබු විරීමි’යි කියා සත්ය. ක්රිියා කොට මේ සත්යව වචනයෙන් මට පුතණුකෙනෙක් උපදිත්වයි සෘෂින්වහන්ස. ඉදින් මම බොරුවක් කීයේ වීම් නම් මාගේ ඉස සත්කඩක්ව පැළීයෙව’යි කියා සත්ය ක්රිොයා කළහ. ඒ සුමෙධාදේවීන් තමන්ගේ ගුණ වර්ණනා කෙරෙමින් සිටියදීම ශක්රධදේවෙන්ද්ර යෝ දිව්යෙ ලොකයෙහි තමන්ගේ බොහෝ කාර්ය්්රළ ඇති බැවින් සුමෙධා දේවීන් කථාව සිඳ ‘තොපගේ ගුණ ඉතාම ආශ්චර්ය්ම . ඉතාම අද්භූතයයි උන්ට ප්රඳසංසාකොට පුත්රඉවර දෙන්නාහු මාතෘ පිතෘ පක්ෂයෙන් සත්වැනි මුතු පරම්පරාව දක්වා කිසි ඌනතාවක් නැති හෙයින් විශිෂ්ටවු ජාති ඇති ප්ර මාණ තික්රා න්තවු යසපිරිවර ඇතිව රටවාසීන්ට ධර්මරාජවු ජාති සම්පන්නවු රාජ කුමාර කෙනෙක් සුමෙධා දේවිනි, තොපට උපදනේවේද?’යි කීහ. ඒ ශක්රනදේවෙන්ද්රසයන්ගේ බස් අසා බලවත්වු සොම්නසට පැමිණ ඒ සුමෙධා දේවි ශක්රඒ දෙවෙන්ද්රෙයන් අතින් විචාරන්නාහු ‘තෙපි ස්වෙර්ගලොකයෙන්ආවාවු ආනුභාව සම්පන්නවු දේවතා කෙනෙක්ද? නොහොත් මහත්වු සෘඬ්යානනුභාව ඇති තපස්වි කෙනෙක්ද? මෙතනට පැමිණියාවු තොපි කවුරුද? තොපට වු පරිදි මට ප්රකකාශ කොට කියව’යි කීහ. එබස් අසා ශක්රපදේවේන්ද්රනයෝ, සුමෙධා දේවිට කියන්නාහු ‘සොඳුර, සුධර්මා නම් දිව්යශ සභාවට රැස්වු දිව්යර සමුහයා යම්කෙනෙකුන්ට නමස්කාර කෙරෙද්ද, දහසක් නුවණැස් ඇති හෙයින් සහ ස්රාික්ෂිය යන නම් ඇති ඒ ශක්ර්දේවේන්ද්රනයෝ නම් මමය, තොප සමීපයට කිසිකාර්ය්දේවයක් නිසා ආමි’යි කිහ. මෙසේ තමන් ශක්රෝයා නියාව කියා මත්තෙහි සුමෙධා දේවින්ට ස්තුති කරන්නාහු, මෙසේ කියත්, යම් ස්ත්රිතයක් මනුෂ්යට ලොකයෙහිදී ප්රා ණඝාතාදි දස අකුසල කර්මයෙහි නොයෙදී දාන සීලාදී දසකුසල කර්මයෙහි හැසිරෙද්ද; යම් ස්ත්රිකයක් ස්ථාදනොචිත ප්ර ඥාවෙන් යුක්තද; පංචසිලාදී සිල සංරක්ෂණය කෙරෙද?, නැදිමයිලන් දෙවතා තනතුරෙහි තබා වෙසෙද්ද, පතිවුතා ධර්ම රක්ෂා කෙරේද, එබඳු නිර්මලවු ක්රිතයා ඇති මනුෂ්යක ස්ත්රිෂව සිටි ඒ සුමෙධා දේවින්ගේ දැක්මට මහේශාක්යඑවු දේවතාවෝ කැමති වන්නාහ.

සොඳුර, තෙපි පුර්ව ජන්මයෙහි මනාකොට පුරුදු කරණලද කුසල කර්මානුභාවයෙන් මේ රාජවංශයෙහි සියලු වස්තු ක්ලේශ කාමයෙන් සමෘධිව. උපනුව.

තවද, රාජමහෙෂිකාවෙනි..

[සංස්කරණය]

තවද, රාජමහෙෂිකාවෙනි, තොපට දිව්ය ලොකයෙහි ඉපැද දිව සැපත් අනුභවකරණ හෙයින් එක් ජන්මයෙක මේ මනුෂ්ය ලොකයෙහිදි සුමෙධා දේව් උතුම් වු සිලාවාරයෙන් යුක්තයෝය. ස්ත්රිි ජාතියෙහි උන්හා සමාන කෙනෙක් නැතැයි සියලු සත්ත්වයන්ගේ තුඩ තුඩ පැතිරෙන්නාවු උතුම් වු යසස් හා කිර්ති ඇති බැවින් මොලොව ජයයයි මෙසේ මෙලොව පරලොව දෙක්හිම තොපට ජයගැන්ම වන්නේය.

සුමෙධා දේවිනි, තොපි බොහෝ කලක් සුවපත්වව! තොප රක්ෂා කරමින් සිටි කුසලධර්මය කඩ නොකොට මතු මත්තෙහි වර්ධනය කෙරෙමින් රක්ෂා කරව! තොප සිල්වත් ගුණවත් හෙයින් තොපගේ දැක්ම මට ඉතා ප්රිායය! හැම වේලෙහිම තොප දැක දැක හිඳිනා අභිප්රාමය ඇත්තෙමි. එතකුදුවුවත් දිව්ය ලොකයෙහි මාගේ බොහෝ කාරිය ඇත. එසේ හෙයින් මම දිව්ය ලෝකයට යෙමි. තොපි කුසල් කිරිමෙහි අප්රනමාදව’යි කියා ඒ බිසවුන්ට අවවාද කොට ශක්රෝදේවෙන්ද්රයයෝ තමන්ගේ ශක්රරභවනයටම ගියාහුය.


13. මහාපනාද කුමාර කථාව

[සංස්කරණය]

නළකාර දිව්යක පුත්රාතෙමේ..

[සංස්කරණය]

නළකාර දිව්යක පුත්රාතෙමේ අලුයම් වේලෙහි චුතව අවුත් ඒ සුමෙධා දේවින්ගේ කුස පිළිසිඳ ගත්තේය. බිසව් ඒ බව දැන රජ්ජුරුවන්ට දැන්වුහ. රජ්ජුරුවෝ ගබපෙරහැර දුන්හ. ඒ සුමෙධා දෙවි දස මසක් ඇවෑමෙන් කුමාර කෙනෙක් වැදුහ. උන්ට මහාපනාද කුමාර යෝයයි නම් තුබුහ. වැදෑරට වාසීය, කසීරට වාසීය යන උභය පක්ෂයේ මනුෂ්යායෝ ‘අපගේ ස්වාමි පුත්රායාණන් වහන්සේට කිරිමිල වන්නේය’යි කියා එකි එකි කහවණුවක් බැගින් රාජාණ්ඟනයට දැමුහ. මහත්වු වස්තු රාශිය වුයේය. එවිට රජ්ජුරුවන් විසින් ‘තොපගේ වස්තුවෙන් අපට ප්රහයෝජන නැත. තොප තොපගේ වස්තු තෙපි තෙපිම ඇරගෙණ යව’යි ප්ර තික්ෂේප කොට කී කල්හිත් ‘අපගේ ස්වාමි පුත්ර යාණන් වහන්සේ වැඩි විය පැමිණ රාජ්යජ ශ්රීීයට පැමිණි කල්හි සේනාවට වැටුප් වියදමට සැලසෙන්නේය’යි කියා නොගෙණම ගියහ.

මහාපනාද කුමාරයෝ මහපෙරහරින් වැඩිවිය පැමිණ සොළොස් හැවිරිදි වයසට පැමිණි කල්හි අක්ෂර ලිඛිතාදී සූසැට කලාවෙහිත් ශ්රැ්ති ශාස්ත්රා දි අෂ්ටාදශ විද්යිස්ථාැනයෙහිත් නිෂ්පන්තියට පැමිණියාහ. සුරුවි රජ්ජුරුවෝ පුතුණුවන්ගේ වයස බලා සොඳුර මාගේ පුතණුවන්ට රාජ්යාුභිෂෙකයෙන් අභිෂෙක කරන්ට කල්වන්නේය. උන්ට සිත්කලුවු ප්රායසාදයක් කොට අභිෂෙක කෙරෙමි.’යි කීහ. සුමෙධා දේවීන් රජ්ජුරුවන් කී බයට සතුටුව. ‘යහපත දෙවයන් වහන්ස, අභෂෙක කරන්ට මේ සුදුසු කල්වේදැ’යි රජ්ජුරුවන් කීබස් මුදුනෙන් පිළිගත්හ. රජ්ජුරුවෝ වාස්තු විද්යාැචාරීන් කැඳවා ගෙන්වාගෙණ කියන්නාහු, ‘එම්බා සගයෙනි, වඩුවන් රැගෙන අපගේ මාලිගයට නුදුරුතෙන මාගේ පුතනුවන්ට ප්රා සාදයක් කරවා ඒ ප්රානසාදය කුමාරයන්ට රාජ්යායෙන් අභිෂෙක කෙරෙමි’යි කීහ.

වාස්තුවිද්යාරචාර්ය්ට රවරු රජ්ජුරුවන්ගේ බස් යහපතැයි පිළිගෙණ මාලිගාකරන්ට නිසි බිම් පරික්ෂාකොට අවිදිනාහ. එකෙනෙහි ශක්රගදෙවෙන්ද්රපයන්ගේ දිග සැට යොදුන් පුළුල පණස් යොදුන් බොළ පසළොස් යොදුන් හුන්කල නාහිය දක්වා ගැළී යන්නාවු නැඟී සිටි කළ බෙර ඇසක් සේ තැණී යන්නාවු බඳුවදමලක පෑ හා සමානවු සොහා ඇති පාණ්ඩු කම්බල ශෛලාසනය ඒ ශක්ර දෙවෙන්ද්රනයන් උන් කල්හි නොකැමති පරිද්දෙන් හුණුව ගියේය. ශක්රර දේවෙන්ද්ර යෝ මාගේ අස්න මා නොකැමති පරිද්දෙන් හුණුවන්ට කාරණා කිමෙක් දෝහෝ යි පරික්ෂාකරණ තැනැත්තෝ මහාපනාද කුමාරයන්ට මාලිගාවක් කරනු පිණිස වාස්තු විද්යහ චාර්ය්න මවරුන් මාලිගා බිම් පරික්ෂාකොට ඇවිදිනා නියාව දැන විශ්වකර්ම දිව්ය‍පුත්රමයා කැඳවා කියන්නාහු. දරුවෙනි, මහාපනාද තුමාරයන්ට දිගින් පුළුලින් අඩයොත්තක් පමණ උසින් පස්විසි යොත්නක් පමණ උස ඇති සියයක් මාල් ඇති රන් ධජ රිදී රජ ආදීවු නොයෙක් ධජ මාලාවෙන් ගැවසී ගත්තාවු ඉඳුනිල් මිණි කවුළු සී මැදුරු කවුළු ආදියෙන් ආදියෙන් හෙබියාවු සත් රුවන්මයවු ප්රිසාදයක් මවා එව’යි කියා විධානකොට යැවුහ. ඒ විශ්වකර්ම දිව්යසපුත්රොයා ශක්රරදේවෙන්ද්රකයන්ගේ බස් අසා යහපතැයි පිළිගෙණ වඩු වෙසක් මවාගෙණ මාලිගා බිම් බලා ඇවිදිනාවු වඩුවන් සමීපයට අවුත් තෙපි හැම පෙරවරු බත් අනුභව කොට එවයි කියා ඔවුන් හැම දෙනම යවා උතුම්වු භූමි ප්රපදේශයක් බලා රියන් දන්ඩෙන් බිමට ගසාලුයේය. එකෙණෙහිම යථොක්තවු ප්ර කාර ඇති සර්ව රත්නමය වු ප්රාුසාදයක් පොළොව පළාගෙණ නැංගේය.

මහාපනාද කුමාරයන්ට ගෙවදනා මඟුල, සේසත් මඟුල, විවාහ මඟුල යන මේ මඟුල් තුණ එක්වම කළහ. මඟුල් කරණ තැනට දොරට වැස්සෝ රැස්ව මඟුල් කෙළි කෙළිමින් සත් අවුරුද්දක් ඉකුත් කළහ. ඒ තාක්කල් මුළුල්ලෙහි ‘තොප තොපවසන තැන්වලට යව’යි යන්ට විධාන නොකළහ. ඒ දොරට වැසි මනුෂ්ය‘යන්ට වස්ත්රලභරණ ඛාද්යට භොද්යානදිවු සියල්ලම රජ්ජුරුවන්ගෙන්ම පසුත්හ.

ඒ සියලු සත්ත්වයෝ සත් අවුරුද්දක් ඇවෑමෙන් මුරගා සුරුවි මහරජ්ජුරුවන් විසින් ‘මෙ කිමෙක් දැ’යි විචාළ කල්හි මහරජ්ජුරුවන් වහන්ස, අප මඟුල් කා ඇවිදිනාවුන්ට සත්අවුරුද්දක් ඉකුත් වුයේය. මේතාක්කල් මුළුල්ලෙහි නුඹවහන්සේ සන්තක වස්ත්රාඅභරණාදී සියල්ල ඇරගෙණ ප්ර යෝජන උනුම්හ.කවර දවසෙක මඟුල් නිමා වටයේදැ’යි විචාළහ. එබස් අසා රජ්ජුරුවෝ කියන්නාහු, දරුවෙනි මාගේ පුතණුවන් විසින් මෙතෙක් කල් මුළුල්ලෙහි සිනාසුනු විරූ නැතැයි යම් දසෙක ඒ ම‍ගේ පුතණුවෝ සිනාසුනෝ වීනම් එදවස් තෙපි හැමදෙන තොප තොපගේ වාසස්ථානවලට යව’යි සම්මත කළහ. ඉක්බිත්තෙන් මහජනයා නුවර බෙර හසුරුවා නාටකයන් රැස්කරවුහ. දසදහසක් පමණ නාටකයෝ රැස්ව සත්කොටසක්ව නටන්නාහු රජ්ජුරුවන් සිනාසෙවන්ට අසමර්ථවුහ. ඒ මහාපනාද රජ්ජුරවන් බොහෝ කලක් දිවනළුවන්ගේ නැටුම් දුටු හෙයින් ඒ මනුෂ්යද නාටකයන්ගේ නෘත්යෝය රජ්ජුරුවන්ට ප්රිරය නොවන්නේය.

එකල භණ්ඩුකර්ණ..

[සංස්කරණය]

එකල භණ්ඩුකර්ණ, පණ්ඩුකර්ණ නම් (නාටක) නළුවෝ දෙදෙනෙක් ‘අපි දෙදෙන සිනාසෙවම්හ’යි කියා රඟ මඬලට වන්හ. ඔවුන් දෙදෙනා අතුරෙන් භණ්ඩුකර්ණ නම් නාටකයා රජ්ජුරුවන්ගේ සෙණ්ඩුවාලයෙහි මහත්වු අතුල නම් අඹගසක් මවා ඒ අඹගස උඩට හූ පටක් දමා අත්තෙක එල්වා හුය ඔස්සේ අතුල නම් අඹ ගසට නැංගේය. ඒ අතුලඹය නම් වෙසවුණු රජ්ජුරුවන්ගේ දාසවු යක්ෂ රක්ෂසයෝ භණ්ඩුකර්ණ නම් නාටකයා අඹගස උඩදීම අල්වාගෙණ අතපය ආදීවු සියලු අඟපසඟ කපා සිඳ වගුරුවාපූහ. අවශේෂ නාටකයෝ ඒ අතුල් පතුල් ආදීවු අවයවයන් අවුලා එක්කොටගෙණ පැන් ඉසලූහ. එසඳ ඒ පණ්ඩුකර්ණ නම් නාටකයා මල් පටක් හැඳ මල් පටක් පෙරවගෙණ නටමින් නටමින් උඩ නැංගේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චගර්ය්මිනය දැකත් සිනාපහල නොකළාහුය. පණ්ඩුකර්ණ නම් නාටකයා රාජාංගණයෙහි දර සෑය බදවා තමාගේ පර්ෂත් හා සමග ගිනි වන්නේය. දරසෑය දා නිවීගිය කල්හි අලුගොඩට පැන් ඉසලුහ. එසඳ පණ්ඩුකර්ණ නම් නාටකයා පර්ෂත් හා සමග මල් පටක් හා හැඳ මල් පටක් පොරවා ගෙණ නට නටාම උඩ පැන නැංගේය.මහාපනාද රජ්ජුරුවෝ ඒ ආශ්චර්ය්නට ය දැකත් සිනා පහළ නොකළාහුය. මෙසේ ඒ රජ්ජුරුවන් සිනාසෙවන්නට අසමර්ථවු මනුෂ්යකයෝ නොයෙක් උපායෙන් නොයෙක් ආකාරයෙන් නොයෙක් කාර්ය්ම දක්වා පීඩිතව ගියාහ.

එකල ශක්රඩදෙවෙන්ද්රයයෝ ඒ කාරණය දැක යා දරුව, මහාපනාද රජ්ජුරුවන් සිනාසෙවා එව’යි කියා දිවනළුවෙකු යැවුහ. ඒ දිව්ය නාටකයා තමාගේ පර්ෂත් හා සමග ගොස් රාජාංගණයේ ආකාශයෙහි සිට අර්ධරංගණ නම්වු නෘත්ය්යක් දැක්වීය. ඒ කෙසේද ? යත්:-

එකම අතෙක් සැළෙයි. එකම පයෙක් සැළෙයි එකම ඇසෙක් නටයි. එකම බැමයෙක් සැළෙයි. එකම රවුළෙක් නටයි. සැලෙයි, වෙවුලයි, ශරිරයෙහි අත් භාගයේ අතපය ඇස්බැම රැවුළ නොතටයි. නොසැලෙයි. නොවෙවුලයි, ඒ ආශ්ච්ව්ම ර ත්වු නාත්යි දැක්ම හා සමග මහාපනාද රජ්ජුරුවෝ මදක් සිනාසීපූහ. මහජනයා සිනා සෙන්නට පටන්ගෙණ සිනාරඳවන්ටවත් සිහි එලවන්ට වත් අසමර්ථව අතපය දමා රාජාංගණයෙහිම වැතිර ගියාහ.

එකල මඟුල් සමාප්තවි ගියේය. මහාපනාද රජ්ජුරුවෝ ඒ ප්රා.සාදයෙහි සත් තෙනක සිට නටන්නාවු සද්දසක් නළුවන් හා සොළොස් දාසක් පුරඟනාවන් හා නොයෙක් දහස් ගණන් අමාත්ය මණ්ඩලයා විසින් පිරිවරණ ලදුව අසංඛ්යායක් අවුරුදු මුලුල්ලෙහි මහත්වු සම්පත් අනුභව කොට ආයු කෙළවර කළ පින් ගෙවි නොගිය බැවින් දිව්යල ලෝකයටම ගියාහුය.

ඒ ප්රාකසාදය වුකලි දෙදෙනාට සාධාරණවු කර්ම ප්රටත්යුයයෙන් උපන්නේය. අන්ය දිව්යව පුත්රයයා විසින් ප්රානසාද සම්පත්තිය අනුභව නොකළ බැවින් අන්තර්ධාන නොවී පොළොවින් අහසට නැඟී ගංගානම් ගංගාවෙහි යටිගං බලා හුණුයේය. ඉක්බිත්තෙන් ඒ මහාපනාද නම් දිව්යටපුත්ර යා චාතුර්මහාරාජිකාදි දිව්යො ලොකයෙහි පළමු පරිද්දෙන් දිව සැපත් අනුභව කොට ඇවිදිමින් සිටියදීම අපගේ සර්වඥයන් වහන්සේ ලොකයෙහි ඉපැද සත්ත්වයන් සංසාර සාගරයෙන් එතර කරමින් ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරණසේක.


14. භද්දිය කුමාර කථාව

[සංස්කරණය]

එසමයෙහි මහාපනාද ..

[සංස්කරණය]

එසමයෙහි මහාපනාද දිව්යයපුත්ර තෙමේ ‘අප විසින් දිවසැප අනුභව කරණලද, නිවන් සැපත් අනුභව කරම්හ’යි දිව්යඅලොකයෙන් චුතව අඟුරට භද්දිය නුවර අසූකෙළක් සම්පත් ඇති භද්දිය නම් සිටාණන්ට පුත්ව උපන්නේය. ඕහට භද්දිය කුමාරයෝයැයි නම් තැබුහ. ඒ කුමාරයන්ට ප්රායසාද තුණෙක් වුයේය. ඉන් එක් ප්රාුසාදයෙක් හේමන්ත කාලයෙහි වසන්ට සුදුසු වන්නේය. එක් ප්රාඑසාදයෙක් ග්රීෙස්ම කාලයෙහි වසන්නට සුදුසු වන්නේය. එක් ප්රාේසාදයෙක් වර්ෂාකාලයෙහි වසන්නට සුදුසු වන්නේය. දිව්ය්විමාන හා සමානවු රන්රසු හා රන්ධජ රිදීධජ ආදී නොයෙක් සැරහුමෙන් සැරහුනාවු එකී එකී ප්රාාසාදයෙක දිව්යෙප්සරාවන් හා සදෘශවු සර්වාභරණයෙන් සැරහුනාවු නැටිමි ගීකිම් ආදියෙහි දක්ෂ වු නොයෙක් දහස්ගණන් නාටකයන් විසින් පිරිවරණ ලදුව සාරමසක් සාරමසක් වාසය කරන්නා හුය. ඒ භද්දිය කුමාරයෝත් එක් ප්රාමසාදයෙක වැස නළුවන් පිරිවරා මහන්වු යස පිරිවරින් අනික් ප්රාඑසාදයකට යන්නාහ. එකෙනෙහි ‘කුමාරයන්ගේ ශ්රීර සමෘධීය බලම්හ’ යි සියලු නුවර වාසීහු ඇලළී පැණනැඟෙන්නාහු මනුෂ්යෙයෝ එක් ප්රාරසාදයකින් ප්රාිසාදයකට අතුරෙහි සක් පිට සක් මැසි පිට මැසි බැඳ ඒ මැසි ආදියට නැඟී භද්දිය කුමාරයන්ගේ ශ්රීි සමෘඞිය බලන්නාහ.

එකල භාග්යිවත්වු බුදුරජාණන්වහන්සේ ජෙතවන නම් මහා විහාරයෙහි වැඩ වසන සේක් ‘භද්දිය කුමාරයන්ට සංග්රතහ කෙරෙමි’ යි භික්ෂු සංඝයා වහන්සේ විසින් පිරිවරණ ලදුව සැරිසරා වඩනාසේක් භද්දිය නුවරට පැමිණ ජාතිය වනයෙහි භද්දිය කුමාරයන්ගේ ඥාණ පරිපාකය බලමින් තුන් මසක් මුලුල්ලෙහි විසු සේක. සර්වඥයන් වහන්සේ තුන්මසක් වැස ‘අපි යම්හ’යි නුවර වාසීන්ට වදාළසේක. නුවරවාසීහු ‘ස්වාමිනි’ සෙට දවස වැඩිය මැනැව’යි කියා සර්වඥයන් වහන්සේට ආරාධනාකොට දෙවෙනි දවස් බුදුපාමොක් මහසඟ පිරිසට මහදන් සරහා නුවර මැද මණ්ඩපයක් කොට සරහා අසුන් පණවා කල් දැන්වුහ. සර්වඥයන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එ මණ්ඩපයට ගොස් වැඩහුන් සේක. එසඳ මනුෂ්යේයෝ මහදන් සරහා දුන්හ. බුදුරජාණන් වහන්සේ වළඳා අන්තයෙහි මිහිරිවු කටහඬින් අනුමෙවැනි ධර්ම දේශනා කරන්ට පටන්ගත් පටත්ගත් සේ පටන්ගත් සේක. පටන්ගත්සේක. එකෙණෙහි භද්දිය කුමාරයෝ ප්රාුසාදයෙකින් ප්රාරසාදයකට නික්මුනාහ. ඒ කුමාරයන්ගේ යසස් සමෘඬිය දක්නා පිණිස ඒ දවස් කිසිකෙනෙක් නොගියහ. උන් තමන්ගේ මනුෂ්යදයෝම පිරිවරාගෙණ සිටියහ. ඒ කුමාරයො මනුෂ්යහයන් අතින් විචාරන්නාහු ‘සෙසු දවස් මා ප්රාහසාදයකින් ප්රාමසාදයකට යන කල්හි සියලු නුවර ඇලළී යන්නේය. සක් පිට සක් මැසි පිට මැසි බැඳ ඒ මැසි ආදියට නැගී මාගේ ඓශ්චර්ය් ්න බලන්නාහුය. අද වුකලී මාගේ මනුෂ්යැයන් හැර අනික් කිසි කෙනෙක් නැත. ඊට කාරණා කවරේදැ’යි විචාළහ. එසඳ මනුෂ්යියෝ කියන්නාහු ‘ස්වාමිනි, බුදුරජානන් වහන්සේ මෙනුවර නිසා තුන්මසක් වැස අද වඩනාසේක. ඒ සර්වඥයන් වහන්සේ ආහාර කෘත්යා කොට නිමවා මහජනයාට ධර්මදෙශනා කරණසේක. සියලු නුවරවාසීහු ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නාහු’යි කිහ.

එබස් අසා භද්දිය කුමාරයෝ ‘එසේ නම් වරෝ! යම්හයි’ අපිත් බණ අසම්හ’යි කියා සර්වාභරණයෙන් සැරහී මහත්වු පෙරහරින් බුදුරජාණන් වහන්සේ කරා එළඹ පිරිස් කෙළවර සිට බණ අසා සකලක්ලේශයන් නසා අග්රසවු අර්හත් ඵලයට පැමිණියාහ. බුදුරජාණන් වහන්සේභද්දිය සිටාණන්ට ආමන්ත්රාණය කොට වදාරණසේක් ‘මහාසිටාණෙනි, තොපගේ පුතණුවෝ සර්වාභරණයෙන් සැරහි සිට මාගේ ධර්මය අසා අර්හත් ඵලයට පැමිණියෝය. ඒ හෙයින් උන්ට අදම මහණවන්නට හෝ පිරිනිවන් පාන්ට හෝ උව මැනවැ’යි වදාළසේක. එසඳ සිටාණෝ ‘ස්වාමිනි, මාගේ පුතණුවන්ට පිරිනිවන් පෑමෙන් ප්රනයෝජන නැත. උන් මහණ කරවාගෙණ සෙට අපගේ ගෙට වැඩ වදාළොත් යහපතැ’යි කීහ. සර්වඥයන් වහන්සේ ආරාධනාව ඉවසා ඒ කුලපුත්ර්යාණන් කැඳවාගෙන විහාරයටම වැඩ මහණ කරවා උපසම්පදා කැරවුසේක.

ඒ කුලපුත්රපයාණන්ගේ දෙමවුපියෝ..

[සංස්කරණය]

ඒ කුලපුත්රපයාණන්ගේ දෙමවුපියෝ සතියක් මුලුල්ලෙහි බුදු පා මොක් මහසඟ පිරිසට මහදන් දුන්හ. බුදුහු සතියක් මුලුල්ලෙහි වැස කුලපුත්රසයාණන් කැඳවාගෙණ සැරිසරා වඩනාසේක් කොටි ග්රාසමයට පැමිණිසේක. ඒ කොටිග්රා ම වාසිහු බුදුන් ප්රුධාන කොට ඇති භික්ෂු සංඝයාවහන්සේට මහවතුරක් මඩනාකලක් මෙන් මහදන් දුන්හ. බුදුරජාණන් වහන්සේ වළඳා අන්තයෙහි සත්ත්වයන් සිත් සතුටුකරවමින් අනුමෙවෙනි ධර්මදෙශනාවට පටන්ගත් සේක. කුලපුත්රමයාණන් වහන්සේ අනුමොදනා කරවන වේලෙහි ගමින් පිටත ගොස් සර්වඥයන්වහන්සේ මෙතනට වැඩිවිටම නැඟී සිටිමියි ඉටා ගංතොට සමීපයේ එක් රුකක් මුල නිරොධ සමාපත්තියට සමවැද වැඩහුන්සේක. වෘඬ භික්ෂුන් වහන්සේ අවුත් වැඩ සිටියදීත් නැගී නොසිට සර්වඥයන් වහන්සේ සමීපයට වැඩි විට සමාපත්තියෙන් නැඟීසේක. එසඳ පෘථජ්ජන භක්ෂුන්වහන්සේ ‘මේ පැවිදි පෙර පරිද්දෙන් මහණවත් මහතෙරුන් වහන්සේ අවුත් සිටියදී බලබලාම නැඟී නොසිටිති’යි කිපිසේක. කොටිග්රා ම වාසිහු සර්වඥයන්වහන්සේ ගංගා නම් ගංගාවෙන් එතෙරවනු සඳහා නැවූ අඟුළු බැන්දාහුය. එසඳ සර්වඥයන් වහන්සේ අඟුලට නැඟී වැඩසිට ‘භද්දජි ස්ථවිරයෝ කොයිදැ’යි විචාලසේක. ‘ස්වාමිනි, මම මෙතනය’යි කී කල්හි, වරෝ! භද්දජිනි, අප හා සමග එක නැවට නැගෙව’යි වදාළසේක. එසඳ භද්දජි මහතෙරුන්නාන්සේ අභිඥාපාදන චතුර්ත්ථ්යඅධානයට සමවැද ඒ අභඥා චින්තය හා සමගම ආකාශයට පැන නැඟී සෘඬියෙන් ගොස් බුදුරජාණන් වහන්සේ නැඟී එක නැවම වැඩ සිටිසේක.

එසඳ ඒ නැව ගංගා මඬ්යැයට ගියකල්හි සර්වඥයන්වහන්සේ එතැන්හිදී ඒ පෘථජ්ජන භික්ෂුන්වහන්සේ පහදවනු කැමතිව ‘භද්දජි ස්ථවිරයෙනි’ තොප මහාපනාද රජකල බොහෝ දවසක් විසු ප්රාැසාදය කොයිදැ’යි විචාළසේක. ස්වාමිනි, මේ ස්ථානයෙහි ගැලී තුබුයේය’යි දැන්වු කල්හි පෘථජ්ජන භික්ෂුන්වහන්සේ නැවතත් උජ්ක්ධායනා කළසේක. එසඳ සර්වඥයන්වහන්සේ එසේ වීනම් භද්දජි ස්ථවිරයෙනි, සබ්බ්රනම්සරුන්ට උපන් සැක දුරුකරව’යි වදාළසේක. එකෙණෙහි තෙරුන්වහන්සේ සර්වඥයන්වහන්සේට නමස්කාර කොට ආකාශයට පැන නැඟී සෘඬිබලයෙන් දිය දෙබේකොට ප්රානසාදයෙහි මැණික්මයවු කොත් කැරුල්ල පය ඇඟිලි අස්සෙන් අවුලුවා පස්විසි යොදුන් පමණ රුවන් පායා ඔසවාගෙන ආකාශය පැන. නැගිසේක. පැන නැගී තැනැත්තන් වහන්සේම ප්රා.සාදයට යට සිටියවුන්ට ප්රා සාදය පළාගෙන පෙණුනුසේක.

ඒ තෙරුන්වහන්සේ එක්යොදනක් දෙයෙදනක් තුන්යොදනක් දියෙන් ප්රාරසාදය උඩ නැගුසේක. එකල භද්දජි මහතෙරුන් වහන්සේගේ පුර්වජන්මයෙහි නෑයෝ ප්රාැසාදය කෙරෙහි ලොභයෙන් මස්කැසුප් මඩු ආදී තිරිසන් නිකායට පැමිණ ඒ ප්රාේසාදයෙහි උපන්හ. ඒ මඩු ආදි සත්ත්වයෝ ප්රාසසාදය උඩ නැඟෙත් නැ‍ඟෙත් පෙරළාගෙන දියෙහිම වැතිර ගියහ. සර්වඥයන්වහන්සේ පෙරළිපෙරළී වැටෙන්නාවු මස්කැ‍සුප් ආදී සත්ත්වයන් දැක භද්දජි ස්ථවිරයෙනි! තොපගේ නෑයෝ බොහෝ පීඩාවට පැමිණෙති,යි වදාළසේක, තෙරුන්වහන්සේ සර්වඥයන්වහන්සේ වදාළ බස් අසා ඔසවන්නට පටන් ගත් ප්රාහසාදය පළමු පරිද්දෙන්ම ගොස් යථාස්ථානයෙහිම පිහිටියේය.

මේ ලොකයෙහි සියලු සත්ත්වයෝම..

[සංස්කරණය]

මේ ලොකයෙහි සියලු සත්ත්වයෝම ලොභ ද්වෙෂ මොහයෙන් නරකාදී සතර අපායෙහි උපදනාහ. අලොභ අද්වෙෂ අමොහයෙන් ස්වාර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් කිසිවස්තුවෙක ලොභයක්වත් කිසිකෙනෙකුන් කෙරෙහි වෙෂයක්වත් කිසිවස්තුවෙක මෙහයෙක් වත් නොකොට යුත්තේය.ආස්තරණ පාපූර්ණාදියෙහි ලොභයෙන් එහි ඉණිකුණු ආදීව උපදනාහ. ඇඳ පුටු ආදියෙහි ලොභයෙන් එහි මකුණු ආදීව උපදනාහ. කෙත්වත් අරම් ආදියෙහි ලොභයෙන් එහි ඌරු ආදීව උපදනාහ. ගෘහ පරිස්කාරයෙහි ලොභයෙන් එහි ගැරඩි ආදීව උපදනාහ. වැව් ආදියෙහි ලොභයෙන් එහි මඩු ආදීව උපදනාහ. ධනධාන්ය යෙහි ලොභයෙන් එහි සර්ප මූෂිකාදීව උපදනාහ. උයන් ආදියෙහි ලොභයෙන් ගොම පැණි ආදීව උපදනාහ. මාතුගාමාදීන් කෙරෙහි ලොභයෙන් ඔවුන් කුස පණු ආදීව උපදනාහ. ද්වෙෂයෙන් නාග රාක්ෂ සාදීව උපදනාහ. මානයෙන් වඳුරු ආදීව උපදනාහ.


“ කොධෙන පණ්ණගොහොති, අති කොධෙන රක්ඛසො

මානෙන මක්කටො හොති,අති මානෙන කුක්කුරො”යි

වදාළහ යි ඇතිරි පරුක්කන් ආදී ආස්තරණ පා පුර්ණාදියෙහි ලොභයෙන් එහි ඉතිකුණු ආදීව කෙසේ උපදිද්ද? යත්:- භාග්යිවත් වු බුදුරජාණන් වහන්සේ ජෙතවන මහා විහාරයෙහි වැඩ වසන කල්හි සැවත් නුවරවාසී එක් කුලපුත්රායෙක් ශාසනයෙහි මහණව ලබනලද උපසම්පදා ඇතිව තිස්ස ස්ථවිරයන් වහන්සේ යයි මෙනම්න් ප්රහසිද්ධවුසේක. ඒ තෙරුන් වහන්සේ කල්යාමකින් දනවු වෙහෙරක වස් වැස අටරියන් දළඔලියලක් ලැබ වස් අන්තයෙහි සැවැත් නුවරට ගොස් ගෙණගිය ඔලියල නැඟණියන් අතට දුන්සේක. ඒ නැඟණියෝ ‘මාගේ බෑණන්වහන්සේට සිවුරු කොට වළඳිනට මේ දළ ඔලිය සුදුසු නොවන්නේය’යි එකඩ සිවුම් මුවහත් ඇති වෑයකින්. කප කපා සුණු විසුණු කොට වන ලා කොට අරඹා පෙළා සිත් හු කැට කඩක් වියවුහ. තෙරුන් වහන්සේත් හු ඉඳිකටු සපයා සිවුරු ගෙත්තමට සුදුසු ලදරු භික්ෂුන් හා සාමණෙර තැන් රැස් කරවා නැඟණියන් සමිපයට ගොස් ‘මා තොප සමීපයේ තුබු වස්ත්රැය දෙවයි. සිවුරක් කරන්නා කැමැත්තෙමි’යි කිසේක. එසඳ ඒ නැඟණියෝ නවරියන් ඔලියල මෑත්කොට ගෙණ වුත් බැණන්වහන්සේ අත තුබුය. ඒ තෙරුන්නාන්සේ එකඩ අල්වාගෙණ වීදා ‘මාගේ වස්ත්රතය දළව තිබෙයි. අටරියනක. මේ කඩ වුකලී ඉතා සිත් නවරියෙනෙක. එසේ හෙයින් මේ කඩ මාගේ නොවෙයි. මේ තොපගේ කඩෙක් වන්නේය. මට මින් ප්රඩයෝජන නැත. මාගේ කඩ මටම දෙව’යි කීසේක. එසඳ නැඟණියෝ ස්වාමිනි, මේ නුඹවහන්සේගේමය, ගත මැනව’යි කියා දුන්නුය.

එසඳ තෙරුන් වහන්සේ නො ඉවසුසේක්මය. ඉක්බිතිතෙන් ඒ නැඟැණියෝ තෙරුන්වහන්සේට තමන් කළකාරිය මුළුල්ලම කියා ‘ස්වාමිනි, මේ ඉණ කඩ නුඹවහන්සේගේමය, ගතමැනවැ’යි කියා දුන්නුය. එසඳ තෙරුන්වහන්සේ ඒ නවරියන් ඔලියල ඇර ගෙණ විහාරයට ගොස් සිවුරු ගෙත්තමට පටන් ගැන්වුසේක. එකල උන්වහන්සේගේ නැඟණියෝ සිවුරු ගෙත්තම් කරණ භික්ෂුන් වහන්සේට කැඳ අළුපත් බත් මාළු ආදීවු දෙය සකස් කොට දුන්හ. ඒ සිවුරු ගෙත්තම් කොට රඳා නිමි දවස් සෙසු දවසටත් වඩා අධිකකොට සත්කාර කැරැවුසේක. ඒ තෙරුන්වහන්සේ රඳා නිමි සිවුර බලා එ සිවුරෙහි උපන්නාවු බලවත් ලොභ ඇතිව ‘සෙට පාන්වු කල වලදිමි’යි සිතා සිවුර පත්කොට සිවුරු වසෙහි තබා එ දවස් වැළඳු ආහාරය දිරවාගත නොහී රාත්රිපයෙහි කාල ක්රිබයාකොට එම සිවුරෙහි ඉණුකුණුව උපන්නේය.

ඒ තෙරුන්වහන්සේගේ නැඟණියෝ..

[සංස්කරණය]

ඒ තෙරුන්වහන්සේගේ නැඟණියෝ බෑණන්වහන්සේ කාලක්රිියා කළ නියාව අසා අවුත් භික්ෂුන්වහන්සෙගේ දෙපත්ලෙහි වැටී පෙරළි පෙරළී හඬන්ට පටන් ගත්හ. එසඳ භික්ෂුන්වහන්සේ එක්ව ඒ තෙරුන්වහන්සේ ආදාහන කෘත්යගය කොට ගිලානුපස්ථායකව ලෙඩ බැලු තැනක් නැති හෙයින් ‘සංඝයාවහන්සේටම ඒ සිවුර පැමිණෙන්නේය. එසේ හෙයින් ඒ මතක, සිවුර බොදම්හ’යි සිවුර මෑත්කැර වුසේක. එසඳ ඒ හිණිකුණූ මේ භික්ෂුන් වහන්සේ’ මා සන්තක සිවුර උදුරාගෙණ කපා නසනසේකැ’යි කියා සිවුරේ ඈත මෑත දිවන්නේය. සර්වඥයන්වහන්සේ ගඳ කිළියේ වැඩ හිඳම දිවකණින් ඒ හිණිකුණු කියන්නාවු කථා ශබිදය අසා ආනන්ද මහතෙරුන් වහන්සේට වදාරණසේක්, ආනන්ද සුථවිරයෙනි, තිස්සයාගේ සිවුර නොබෙදා සතියක් තබන්ට කියව’යි වදාළසේක. අනඳ මහතෙරුන්වහන්සේත් එපරිද්දෙන්ම කැරවුසේකග ඒ හිණිකුණු සිවුරෙහිම වැස ලොභය දුරුකොට සත්වෙනි දවස් මිය තුෂිත දිව්යි ලොකයෙහි උපන්නේය. සර්වඥයන් වහන්සේ අටවැනි දවස් තිස්සයාගේ සිවුරු බෙදාගන්ට කියව’යි විධාන කැරවුසේක. භික්ෂුන්වහන්සේත් බුදුන් වදාළ ලෙසම අටවැනි දවස් සිවුරු බෙදාගත් සේක.

මෙසේ ඒ සිවුර බෙදාගෙණ බුදුරජාණන් වහන්සේ කරා ගොස් විචාරණසේක්, ‘ස්වාමිනි, තිස්ස ස්ථවිරයන්ගේ සිවුරු සත් දවසක් තබා අට වෙනි දවස් බෙදාගන්ට අනු දත්තේ කුමක් නිසා දැය, විචාළ සේක. එසඳ සර්වඥයන් වහන්සේ වදාරණසේක් ‘මහණෙනි, තිස්සයා තමාගේ සිවුරෙහි හිණිකුණුව උපන්නේය. තොප ඇක්ව සිවුර බෙදන්ටවත් කල්හි ‘මේ භික්ෂුහු මා සන්තක සිවුර උදුරා ගණිති’යි මුරගාමින් ඈත මෑත දිවුවේය. ඒ හිණිකුණා සැබැවින් එ දවස් තොප ඇම සිවුරු කපා බෙදා ඇරගත්තොත් තොප ඇම කෙරෙහි සිත් කළකිරවා නරකයෙහි උපදනේය. එසේ හෙයින් මම ඒ සිවුර එදවස් බෙදගත නොහී තබ්බවා ! පීමි. දැන්වු කල්හි එතෙමේ තුෂිත දිව්යක ලොකයෙහි උපන්නේය. එසේ හෙයින් තොප ඇමට අටවෙනි දවස් සිවුර බෙදාගන්ට අනුදත්තෝ කාරණයෙනැ’යි වදාළ සේක. මෙසේ ආස්තරණ පා පුර්ණාදි යෙහි ලොබයෙන් එහි හිණිකුණු ආදීව උපදනාහ.

කෙත්වත් ආදියෙහි ලොභයෙන් ඌරු ආදීව උපදනා පරිදි කෙසේද? යත්:- එක්තරා පුරුෂයෙකුගේ පුතුන් දෙබෑකෙනෙකුන් හා එකම දුවක් ද වුව. ඒ දෙබෑයන්ගෙන් වැඩිමහලු පුතණුවෝ සමීප විහාරයෙක භික්ෂුන්වහන්සේ වදාරන්නාවු බණ අසා මහණව රහත් වුහ. කුඩා පුතණුවෝ ගිහිගෙයිම විසුහ. උන්ගේ පියාණෝ තමන්ගේ වැවෙහි කුඹුරෙහි ලොභකොට මියගොස් එහි ඌරුව උපන්හ. මෑණියෝ වලන් ආදියෙහි ලොභකොට මිය එගෙහිම ගැරඬි දෙන්ව උපන්නාය. නැඟණියෝ දිය කෙළියෙහි ලොභකොට එම වැව මැඩිව උපන්හ. එක් දවසක් ගරවිල්ලෙන් ගොදුරු සෙයා වැවට ගිය තැනැත්තී ඒ මැඩියා ගැලපුව. ගොදුර කා නික්මෙන ගරවිල් දෙන හුරු ගිලීය. කරල් කන්ට බස්නා ඌරා කුඩා පුතණුවෝ විද මරාපූය. ඌරා විද මරා ‘මේ ඌරු මස් මාගේ බෑණන්වහන්සේටත් දී අනුභව කළ මැනැව’යි සිතා උදෑසනම විහාරයට ගොස් ‘හූරුමසක් ලදිමි. එසේ හෙයින් අද මාගේ ගෙයිදී වළඳන්නට වැඩිය හොත් යහපතැ’යි කිවුය. එසඳ තෙරුන්වහන්සේ! කෙසේ උපන් හූරු මසෙක් දෝහෝයි, පරික්ෂා කොට බලා පළමු පැවැති සියලු කාරියම නුවණැසින් දැක ධර්ම සංවේගයට පැමිණ ‘මෝහට පිටිවහල්වුව මැනැවැ’යි සිතා, අප එනතෙක් ඌරුමස් නොකරව,යි කියා මලණුවන් යවා උදාසන කළ මනා වැඳිමි පිඳිමි ආදී සියලු කාරිය කොට නිමවා ගැටවටු ගන්වා පාත්ර ය අතින් ගෙණ මලණුවන්ගේ ගෙට ගොස් ‘ඌරා බලම්හ,යි කී කල්හි, ‘යහපත ස්වාමීනි, යි කියා මලණුවෝ ඌරා ගෙණ හැර පෑවාහුය. එසඳ තෙරුන්වහන්සේ එතැන් සිට ‘මේ ඌරා බඩ ගැරඬිදෙනක් ඇතැංයි කියා ඌරා බඩ පලවා ගැරවිල් දෙන මෑත්කරවුසේක. නැවත ‘ගරවිල්දෙන බඩ මැඩියක් ඇතැ’යි කියා ගරවිල්දෙන බඩ පලවා මැඩියා මෑත් කරවා හූරා සමීපයෙහි ගරවිල් දෙන හොවා ගරවිල්දෙන සමීපයෙහි මැඬියා හොවා ‘මේ ඌරා නම් තොපගේ පියාණෝය. මේ ගරවිල්දෙන නම් තොපගේ මෑණියෝය. මේ මැඩිපැටි නම් තොපගේ නැඟණියෝයයි කී සේක.

එසඳ මලණුවෝ භය පත්ව ‘ස්වාමිනි, මු හැම කුමක් නිසා මෙබඳුව උපන්නහුදැ’යි විචාළහ. තෙරුන් වහන්සේ එබස් අසා වදාරණ සේක් ‘තොපගේ පියාණෝ වෑසරලොභයෙන් මිය එහි ඌරුව උපන්නාහ. තොපගේ මෑණියෝ ගෙයි වලන් ආදියෙහි ලොභ කොට මිය එහි ගැරඬිදෙන්ව උපන්නාහ. තොපගේ නැඟණියෝ දියකෙළියෙහි ලොභකොට මිය එමවැව මැඩිව උන්පනාහ. මැඩි ගරවිල්දෙන ගිලුව. ගරවිල්දෙන හූරු ගිලීය. හූරා තොපි ගිළන්ට සිටියේවේදැ’යි වදාළසේක. එසඳ මළණුවෝ භයින් ත්ර ස්තව ‘ස්වාමීනි, ජාතියෙන් වෙන්වු කල මෙසේ වන නියාවේද? මෙසේ වන බවම පළමු මම නොදත්මි’යි වෙවුලන්ට වන්හ. තෙරුන්වහන්සේ මලණුවන්ගේ බස් අසා සසර අක්මුල් නැති පරිදි දක්වමින් අනුම තග්ග සංයුත්තය වදාලසේක.

මලණුවෝ තෙරුන්වහන්සේ වදාළ බණ අසා බෑණන්වහන්සේ සමීපයෙහි මහණව රහත්වුහ. ධනදාන්යා්දියෙහි ලොභයෙන් එහි සර්ප මූෂිකාදීව උපදනා පරිදි කෙසේද? යත් :- බරණැස් නුවර වැසි එක් සිටාණකෙනෙක් ගංගාතීරයෙහි සතළිස් කෙළක් වස්තුව නිධාන කොට තබා ලොභයෙන් මිය වස්තුව පිට සර්පව උපන්නාහ. එම නුවර අනික් සිටාණකෙනෙක් තිස්කෙළක් වස්තු නිධාන කොට තබා ධනලොභයෙන් මිය ධන පිට මූෂිකව උපන්නාහ. මෙහි විස්තර එකකනිපාතයෙහි සච්චංකිර ජාතකයෙන් දතයුත්තේය.


උයන් ආදියෙහි ලොභයෙන් ගොමපැණි ආදීව උපදනා පරිදි කෙසේද?..

[සංස්කරණය]

උයන් ආදියෙහි ලොභයෙන් ගොමපැණි ආදීව උපදනා පරිදි කෙසේද? යත්:- යටගිය දවස කසීරට පොතලී නම් නුවරෙක්විය.

එහි අස්සක නම් රජ්ජුරුකෙනෙක් රාජ්යනය කරන්නාහ. ඒ රජ්ජුරුවන්ගේ උබ්බරි නම් බිසෝකෙනෙක් වුහ. ඒ බිසවු විශිෂ්ටවු රූප ශ්රීෙ ඇත්තෝය. මනාවු දැකුම් ඇත්තෝය. බැලූ බැලූවන්ට ප්ර සාද ඵලවති. උතුම්වු රූප සෞන්දර්ය් බ්යෙන් සමන්විතයෝය. මනුෂ්යපරූපය ඉක්ම දිව්යත රූපයට නොපැමිණි උතුම්වු රූප ශ්රී ඇත්තාහ. එබඳුවු රූප සෞන්දර්ය්යරූ ඇති බිසවු කිසිම ව්යැධියකින් අභිනව යෞවනයෙහිම කළුරිය කළාය. රජ්ජුරුවෝ සොකයෙන් මඩනා ලදුව බලවත් දුක් දොම්නසට පැමිණ බිසවුන්ගේ ශරිරය දෙනක බහාලා එහි තෙල් පුරා මහාර්ඝවු ශ්රිට යහනක තබාගෙණ නිරාහාරව හඬ හඬා කඳුලු පෙර පෙරා හෝනාහුය. එසඳ දෙමවුපියෝය, අවශේෂ නෑයෝය, මිත්රවයෝය, අමාත්යරයෝය, බමුණෝය, සිටුවරුය යන මේ ආදිහු ‘මහරජ්ජුරුවන් වහන්ස, නුඹවහන්සේ අප කීවකට රැහැණිනූව මැනව. සියලු සංස්කාර ධර්ම අනිත්ය ය; යම්සේ වැලිසන්ත බිමින් උඩ නැ‍ඟෙන්නේම මුදුනේ වැලි තබා ගෙණ ම නැභේද එපරිද්දෙන්ම උපදනාවු සත්ත්වයා මරණත් කැටුවම ගෙණ උපදනේය. එසසේ හෙයින් මහරජ්ජුරුවන්වහන්ස, නස්නාසුලුවු වස්තුනට. නුඹවහන්සේ නොකා නොබී වැලප වැලප වැහැස වැහැස ගෙවීමෙන් ප්රවයෝජන නැත. අප හැමදෙනා කිවා කොට බිසවුන්වහන්සේ ආදාහණ කරවා නුඹවහන්සේ ඉස්සොදා නහා මේ නිමවා කායසන් තර්පණය කළ මැනැව’යි අවවාද කළහ. ඔවුන් හැම දෙනාම මෙලෙසින් අවිවාද කළත් රජ්ජුරුවෝ නොස’සිඳෙත්මය. මෙසේ හඬන්නාවු රජ්ජුරුවන්ට සත්දවසෙක් ඉකුත් වුයේ. එකල අප මහබෝසතාණෝ ධ්යාවනලාභි තාපසව හිමාලය වනයෙහි වසන්නාවු ආලොක වඩා දවසින් දඹදිව බලා ඒ අස්සක නම් රජ්ජුරුවන් මෙසේ වලප්නා බව දැක ඒ රජ්ජුරුවන්ට මා පිටිවහල් වුව මැනවැයි සිතා සෘඬියෙන් ආකාශයට පැන නැඟී ගොස් රාජොද්යා්නයට බැස මඟුල් සලවට මත්තෙහි ඝණරන් පිළිමයක් මෙන් උන්නාහ. එසඳ ඒ නුවර වැසි බමුණු දරුවෙක් උයනට ගිය තැනැත්තේ ඒ මහාබොධි සත්ත්වයන් දැක වැඳ එකත්පස්ව හුන්නේය. එසඳ මහබෝසතාණෝ ඒ බ්රාකහ්මණ ක්මාරයා හා සමග සුදුවක් කථාකොට ‘කිමෙක්ද, මේ නුවර රජ්ජුරුවෝ ධර්මිෂ්ඨයෝ දැ’යි විචාළහ. එබස් අසා බමුණු දරු කියන්නේ’ ‘ස්වාමිනි තපස්වීන්වහන්ස, රජ්ජුරුවන් වහන්ස ධර්මිෂ්ඨ නියාවට කිසි අඩුවෙක් නැත. ප්රරජා සංරක්ෂණයෙහි නිරතසේක. සත්ත්ව කරුණා ඇතිසේක. එතකුදු වුවත් උන්වහන්සේගේ බිසවුන්වහන්සේ කලුරිය කළසේක. ඒ මෘත කලේබරය දෙණක බහා තෙල් වත්කොට පියන්පත ගසා යහන යට තබා වැලප වැලප වැදහෝනාසේක. මෙසේ හඬා හඬා වැදහෝනා රජ්ජුරුවන් වහන්සේට අදින් සත්දවසක් ඉකුත්වුයේය.

නුඹවහන්සේ මෙබඳු ධර්මිෂ්ඨ රජ්ජුරු කෙනෙකුන් වහන්සේ මෙසා දුකක් විඳිමින් සිටියදී ඒ දුකින් නුමුදන්ට කාරණා කවරේද? නුඹවහන්සේ බඳුවු සිල්වත් ගුණවත් මහතුන් ලොව ඇතුව ඉන්දදී මෙසේවු ධර්මිෂ්ඨ රජ්ජුරු කෙනෙකුන් වහන්සේ දුක් විඳිනවා යහපත්දැ’යි කීය. එසඳ මහ බෝසතාණෝ කියන්නාහු ‘දරුව, මම රජ්ජුරුවන් නොහඳුනමි. ඉදින් ඒ රජ්ජුරුවෝ අවුත් මා අතින් විචාළේ වීනමි මම රජ්ජුරුවන්ට ඒ බිසවුන් උපන් තැන කියා රජ්ජුරුවන් අභිමුඛයෙහි කථාකරවන්නෙම් වේ දැ’යි කීහ. එසඳ බමුණුදරු ‘එසේවීනම් ස්වාමිනි. නුඹවහන්සේ මා ගොස් රජ්ජුරුවන් වහන්සේ කැඳවාගෙණ එනතෙක් මෙතනම වැඩ හිඳින්නට උවමැනැවැ’යි රජ්ජුරුවන්ට දැන්වීය. එසඳ රජ්ජුරුවෝ ‘උබ්බරිය දක්නෙම් වේදැ’යි සතුටුව සරහා පිළියෙළ කරණ ලද රථයකට පැන නැඟී උයනට ගොස් මහබෝසතාණන් දැක වැඳ එකත්පස්ව හිඳ විචාරන්නාහු තපස්වීන් වහන්ස’ නුඹවහන්සේ අපගේ බිසවුන් මිය උපන්තැන් දන්නේ සැබැදැ’යි විචාළහ. මහ බෝසතාණෝ දනිමි. මහරජ්ජුරුවෙනි’යි කීහ. කොයි උපන්නහු දැ?යි විචාළ කල්හි ‘මහරජ්ජුරුවෙනි,ඒ බිසවු සුරාමදයෙන් මත්ව ප්රවමාද වාසයට පැමිණ කුසල් නොකොට මෙම උයන ගොම පැණි යොනියෙහි උපන්නී වේදැ?යි කීය.

රජ්ජුරුවෝ ‘නුඹවහන්සේගේ බස් මා අදහා ගන්නේ නැතැ’යි කිහ. එසඳ මහාබොධිසත්ත්වයෝ’ එසේ වීනම් ඒ බිසවුන් තොපට දක්වා උන් ලවා කථාකරවම් දැ’යි කීහ. ‘යහපත ස්වාමිනි’යි කී කල්හි මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඒ ගොමපැණියා හා ඈට වල්ලභවු ගොම කුරුවැණියා හා දෙදෙන ගොම පිඩක් වට කොට පෙරළා පෙරළා රජ්ජුරුවන් අභිමුඛයට එවත්වයි අධිෂ්ඨාන කළහ. මහබෝසතාණන්ගේ අධිෂ්ඨාන හා සමගම ඔහු දෙදෙනත් ගොම පිඩක් පෙරළ පෙරළා රජ්ජුරුවන් අභිමුඛයට පැමිණියාහුය. එසඳ මහබෝසතාණෝ ඔවුන් දෙදෙනා රජ්ජුරුවන්ට දක්වා ‘මහරජ්ජුරුවනි’ මෝ ‘ඉදිරියේ එන්නි උබ්බරිදේවිය. ගොම වට පෙරළ පෙරළා පසු පස්සේ එන්නේ ගොමකුරුවැණියාය. මොවුන් දෙදෙනා බලව’යි කීහ.

රජ්ජුරුවෝ බොධිසත්ත්වයන්ට කියන්නාහු,..

[සංස්කරණය]

රජ්ජුරුවෝ බොධිසත්ත්වයන්ට කියන්නාහු, ‘ස්වාමිනි, උබ්බරිදේවි ගොමකුරුවැණි යොනියෙහි උපදනට සුදුසු වු කෙනෙක් නොවෙයි. මම නුඹ වහන්සේගේ බස් අදහා නොගණිමි’යි කිවුය. ‘එසේ වීනම් මම ඈ ලවා කථාකරවම්ද? මහරජ්ජුරුවෙනි’යි කී කල්හි ‘කථාකරවුව මැනව; තපස්වීන් වහන්සැ’යි කිහ. මහබෝසතාණෝ තමන්ගේ ආනුභාවයෙන් ඈ ලවා කථාකරවන්නාහු උබ්බරී’යි කිහ. ඕ තොමෝ මනුෂ්යනභාෂායෙන් ‘කිම්ද? ‘ස්වාමිනි’යි කිව. ‘තී මෙතනට පූර්වජන්මයෙහි කෙබඳුව උපනීදැ?’යි විචාළහ. ස්වාමිනි! මම අස්සක රජ්ජුරුවන් වහන්සේට අගමෙහෙසුන්ව උබ්බරීනම් බිසවු යයි මෙනමින් ප්රමසිද්ධ විමි’යිකිව. එසඳ මහබෝසතාණෝ ‘කිමෙක්ද? දැන් තිට අස්සක රජ්ජුරුවෝ ප්රිසයයෝද නොහොත් ගොමකුරැවැණිය ප්රිෝයදැ?යි කීහ.’ස්වාමිනි, ඒ මාගේ පුර්වජන්මය එකල මම මේ උයන්හි රූප, ශබ්ද, ගන්ධ, රස, ප්රවෂ්ටව්යම යන පංචකාමය අනුභව කෙරෙමින් ඇවිද්දෙමි. දැන් මා අනික් ජන්මයකට ගිය බැවින් ඒ රජ්ජුරුවන්ගෙන් මට ප්රවයෝජන කවරේද? දැන්වු කලි මම අස්සක රජ්ජුරුවන් මරවා උන්ගේ ගලලොහිතයෙන් මට වල්ලභවු ගොමකුරුවැණියා පස සොධවනු කැමැත්තෙම්යි; අස්සක රජ්ජුරුවන්ට වඩා ශත ගුණයෙන් සහගුණයෙන් ගොම කුරුවැණියා මට ප්රිුයවන්නේය’යි පර්ෂත් මධ්යුයෙහි මනුෂ්ය‍ භාෂායෙන් කථාකළාය. ඒ අසා අස්සක රජ්ජුරුවෝ විපිළිසර බවට පැමිණ කුණපය ගෙන් පිටත් කරවා ඉස් සොධා නහා, මහබෝසතාණන් වැඳ නුවරට වැද අනික් කෙනෙකුන් අගමෙහෙසුන් තනතුරෙහි තබා දැහැමෙන් රාජ්යර කළාහුය. මහබෝසතාණෝ රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කොට සොක සංසිඳුවා තමන් වසන්නා වු හිමාලය වනයට පැමිණියාහුය. මෙසේ උයන් ආදියෙහි ලොභකොට ගොම පැණි ආදීව උපදනාහුය.

මාගමුන් කෙරෙහි ලොභ කළවුන් ඇතුළු කුස පණුවම උපදනා පරිදි කෙසේද? යත්:- යම්සේ අවිවියෙහි උපදනා සත්ත්වයෝ එකම අකුසල කර්මයකින් නොඉපැද නොයෙක් අකුසල කර්මයෙන් උපදිද්ද? එපරිද්දෙන්ම ස්ත්රීින් කෙරෙහි ලොබ කළාවු සත්ත්වයෝත් මාගමුව කුස පණුව උපදනාහ. පියුම් පුන් සඳ නිලිපුල් හා සමකොට දුගඳ වු පිළිකුල් මාගමු සිරිරු නුවණ මඳ සත්ත්වයෝ පස්කම් රා ලොබින් වණනුවහ. එබඳු අඥාන සත්ත්වයෝම මාගමුන්ගේ රූප වර්ණනා කිරීමෙන් ලොභ උපදවා ඒ මාගමුන් කුස පණුව උපදනාහ.

ද්වේෂයෙන් නාගව උපදනා පරිදි කෙසේද? යත්:- පියංගමු වෙහර වසන්නාවු තෙර දෙදෙනකුත් වහන්සේ ඔවුනොවුන් වහන්සේ කෙරෙහි දොම්නස් ඇතිවු සේක. ඉන් එක් කෙනෙකුන් වහන්සේ කාලක්රිායාවට වැදහෙව අනික් තෙරුන් වහන්සේ ක්ෂමා කරවනු කැමැතිව එන්ට කියා යැවුසේක. ඒ තෙරුන්වහන්සේ ක්ෂමා කරවීමට නොලැබුණුසේක. ක්ෂමා කරවන්ට උත්සාහ කළ තෙරුන්වහන්සේ මිය ගොස් දඹදිව එක් විලෙක නාරජව උපන් සේක. ක්ෂමා කරවීමට නොලැබුණු තෙරුන්වහන්සේ ඇතුළුව දොළොස්දෙනෙකුන් වහන්සේ ශ්රී් මහා බොධින්වහන්සේ වඳිනු කැමැතිව මධ්යසමණ්ඩලයට වඩනාසේක් ඒ විල්තෙරට පැමිණ රාත්රිඳයෙහි විල්තෙර රුකක්මුල පැන් පෙරහා වළඳා වැඩහුන්සේක. විල වසන්නාවු නාගරාජයා තමන් වසන්නාවු භවනයෙන් නික්ම ආ තැනැත්තේ සංඝයා වහන්සේ දැක හැඳින මාණවක වේෂයක් මවා ගෙණ ගොස් වැඳ එකත්පස්ව සිට පුර්වජන්මයෙහි තමාගේ නම් ගොත් සලකුණු කියා ඒ තෙරුන් වහන්සේ තමා කෙරෙහි ක්ෂමා කරවන්නට සංඝයාවන්සේ ලවා යාඥා කරවා ක්ෂමා නොකරවත් නෙත් නැවතත් නොයෙක් පරිද්දෙන් යාඥා කොට වෙහෙසි පියා තෙරුන්වහන්සේ හුනස්නෙන් නැඟි යන්ටවත් කල්හි මාණවක වේෂය හැර සර්ප වේෂය මවා ගෙණ නාගරාජයා තෙරුන්වහන්සේගේ පිටිපත්ලට පෙණයෙන් ගසාලූයේය. එවිගස තෙරුන්වහන්සේ මිය ඕපපාතික නාගරාජන්ව ඉපද ක්රොගධයෙන් දුමා දිලිහි උනුන් කා ගොස් විල දියෙහි උපන්හ. මෙසේ ද්වේෂය කිරිමෙන් නාගව උපදනාහ.

අධික ද්වේෂයෙන් රාක්ෂසව උපදනා පරිදි කෙසේද? යත්:- අතීතයෙහි වාසුදෙව බලදෙවාදි දසබෑ රජකුමරවරුන් කංසවති නම් නුවර මල්ල යුඬයට බට කල්හි ඔවුන් අතුරෙන් බලදෙව නම් රජ කුමාරයෝ මුට්ඨීමල්ල නම් මල්ලවයා බැඳහෙණ මිරිකා මරන්ට වන්හ. එසඳ මුට්ඨීමල්ලවයා ‘මම මල්ලවයෙක් නොවෙමි’යි කීය. ඔහු එසේ කීවත් බලදෙව නම් රාජකුමාරයෝ ‘තා මල්ලව නියාවත් මල්ලව නොවන නියාවත් මම නොදත්මි’යි ඔහුගේ බස් නොගිවිස මිරිකා මරාපුහ. ඒ මල්ලවයා මියන ගමනේ ද්වේෂයන් ‘තා කා මැරිය හෙම්ව’යි පතා මිය ගොස් කාළමන්තික නම් ආරණ්යෂයෙහි රාක්ෂසව ඉපද ඒ බලදෙව නම් රාජ කුමාරයන් තමා කළ ප්රාආර්ත්ථනා නියාවටම කා මැරූයේය. මෙහි විස්තර ඝත ජාතකයෙන් දත යුත්තේය. මෙසේ අධිකද්වේෂය කිරිමෙන් රාක්ෂසව උපදනාහ.


මානයෙන් වඳුරුව උපදනා පරිදි කෙසේද? යත්..

[සංස්කරණය]

මානයෙන් වඳුරුව උපදනා පරිදි කෙසේද? යත්:- රජගහ නුවර ගොපක මොග්ගල්ලාන නම් එක බමුණු කෙනෙක් එක් දවසක් කසයින් මහතෙරුන් වහන්සේ ගිජුකුළු පවුවෙන් බස්නා දැක ‘මේ මහණ මහාකාළ වඳුරෙකු වැන්නේය’යි කීහ. බුදුරජානණන් වහන්සේ ඔහුගේ බස් අසා ‘ඉදින් මෙතෙම කසයින් මහතෙරුන් ක්ෂමාකරවුයේ වීනම් යහපත් වන්නේය. ක්ෂමා නො කැරවුයේ වීනම් මේ වෙළුවනයෙහි මහාකාළ වඳුරුව උපදනේවේ දැ’යි වදාළසේක. බමුණු එපවත් අසා මානයෙන් ක්ෂමා නොකරවා ්ශ්රරමණ භවත් ගෞතමයන් වහන්සේ කීවා ඒකාන්තයෙන් සැබෑවේයැයි, මා වඳුරුව උපන් කල කෑ හැක්කේ වේදැ’යි වෙළුවනයෙහි නොයෙක් ඵලරුක් හිඳුවා රැකවල් ලැවීය. පසුව ඒ බමුණු කල්යාමකින් මියගොස් ඒ වනයෙහි මහාකාළ වඳුරුව උපන්නේය. මෙහි විස්තර මැදුම්සඟියේ ගොපක මොග්ගල්ලාන සුත්ර යෙන් දතයුත්තේය. මෙසේ මානය කිරිමෙන් මහාකාළ වඳුරුව උපදනාහ.

අධිකමානයෙන් බලුව උපදනා පරිදි කෙසේද? යත්:- බුදු රජානණන්වහන්සේ ජෙතවන මහාවිහාරයෙහි වැඩවසන කල්හි සැවත් නුවරට නුදුරුතෙන තු දිනම් ගමෙක් ඇත. එගමට අධිපතිවන බැවින් තොදෙය්යු නම් බමුණෙක් කොසොල් රජ්ජුරුවන්ට අග්රත පුරොහිත විය. ඒ බමුණුතෙමේ සතාසු කෙළක් ධන ඇත්තේය. එතකුදුවුවත් ඉතා මසුරුය.


“අඤ්ජනානං බයං දිස්වා, උපවිකානංව ආචයං

මධුනඤ්ව සමාහාරං පණ්ඩිතො ඝරමාවසෙ”යි.

යන මේ ගාථාව තමාගේ පුතුට උගන්වා කිසිවක්හට කිසිවක් නොදෙන පරිද්දෙන් හික්ම වන්නේය. සමිප විහාරයෙහි වැඩවසන්නාවු සම්යරක් සම්බුදුරජානන් වහන්සේට යටත් පිරිසෙයින් කැඳ සාළුවක් පමණ වෙිවයි බත් කෙණෙස්සක් පමණ වේවයි නොදී ධන ලොභයෙන් මිය එම ගෙයි තිරිසන්ට උපදනා තැනැත්තේ අභිමානයෙන් බලුව උපන්නේය. ඔහු පින් සුහ මානවක නම් බමුණු දරු ඒ බල්ලාට බලවත්වු ස්නේහ ඇතිව තමා අනුභව කරණ සැටියේ රස මසවුලෙන් යුක්තවු ආහාර ලන්නේය. කසා සුවඳ සඳුන් ආදියෙන් නහවා උතුම් යානයෙක හොවන්නේය. එසමයෙහි බුදුරජාණන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරණසේක් ඒ බල්ලා දැක තොදෙය්යඅ නම් බමුණු වස්තුව ලොභයෙන් මිය තමාගේම ගෙයි බලුව උපන්නේය. අද මා එතනට ගිය කල්හි මා දැක බලු බුරයි. ඕහට මම එක බසක් කියමි. ඒ බලු ශ්ර මණ භවත් ගෞතමයාණන් වහන්සේ මා හැඳිණිසේක් වනැයි ගොස් ලිප්දොර හෝනේය. ඒ කාරණයෙන් සුභ නම් මානවකයාහට මා හා සමග කථා සල්ලාපයෙක් වන්නේය. සුභ නම් මානවකයා මාගෙන් බණ අසා සරණ සීලයෙහි පිහිටයි, බලු මියගොස් නරකයෙහි උපදනේය’යි නුවණැසින් දැක සරණ සීලයෙහි පිහිටවන මානවකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ දවස් උදාසන කළමනා සියලු දිනචරියාව කොට නිමවා එකලාව ගොස් ඒ තුදී නම් ගමට වැද මානවකයා කිසි කාරියක් නිසා ගමින් බැහැර ගිය වේලෙහි ඔහුගේ දොරට වැඩ වදාළසේක.එසඳ එ බලුද සම්ය්ක් සම්බුදුරජාණන් වහන්සේ දැක බුර බුරා සමීපයට ගියේය. බුදුහු ඕහට වදාරණසේක් තොදෙය්යනය’තෝ පුර්ව ජන්මයෙහිත් මට හො! හො!! යනාදීන් ආක්රොයශ පරිභව බැණ බලුව උපන්නෙහිය, දැන් මට බුරා අවීථි මහා නරකයෙහි හෙන්නේවේදැ’යි වදාළසේක . බලු එබස් අසා ශ්රථමණ භවත් ගෞතමයන් වහන්සේ මා හැදිණිසේක් වනැයි කළ කිරීමට පැමිණ කර නමාගෙණ ගොස් බඳුන් අතුරෙහි අළුපිට හොත්තේය. මනුෂ්යරයෝ ඔහු නඟා සිටුවා යහනේ වැද හොවන්නට අසමර්ථවුහ. සුභ නම් මාණවකයා අවුත් මේ බල්ලා යහණින් බිමලූවෝ කවුරුදැ’යි විචාළේය.

මනුෂ්යැයෝ ඕහට හැම යහනින් බිම බල්ලා නුලූනියාව කියා සර්වඥයන්වහන්සේ ඕහට වදාළ බස් කීහ. මාණවකයා එබස් අසා ‘මපියාණන් වහන්සේ බ්ර හ්ම ලොකයෙහි උපන් සේක. තොදෙය්යය නම් බල්ලෙක් ඇත්තේ නොවෙයි. ශ්රමමණ භවත් ගෞතමයන් වහන්සේ මපියාණන් බල් කරණසේක. ඒ බුදුහු නම් මුඛාවෙශවු දෙයක්ම කියනසේකැ’යි කියා කිපී බුදුන් මුසාවායෙන්’ මඩනා කැමැතිව මානවකයා විහාරයට ගොස් එපවත් විචාළේය. බුදුහු ඕහට පළමු තමන් වහන්සේ වදාළ ලෙසම වදාරා ඒ නිබොරු පරිදි දක්වනු සඳහා ‘දරුව, තාගේ පිය තට නොකි වස්තුවෙක් ඇද්දැ’යි විචාළසේක. එසඳ මානවක’ශ්රේමණ භවත් ගෞතමයන් වහන්ස, මපියාණන් මට නොකි වස්තු ඇතැ’යි කියා ‘කවරේදැ’යි බුදුන් විචාළ කල්හි ‘ලක්ෂයක් වටනා රන්මාලාවෙක,ලක්ෂයක් වටනා රන්මිරිවැඩි සඟලෙක,ලක්ෂයක් වටනා රන්පලසෙක, මසුරන් ලක්ෂයෙක යන මේ සියලු වස්තුව මපියාණන් මට නොකි වස්තුවය’යි කීය. එසඳ බුදුහු වදාරණසේක් ‘ දරුව, තෝ ගොස් ඒ බල්ලා කිරි බත් කවා යහනෙහි හොවා මඳ නින්දක් නිදන්නට වන කල්හි නොකි වස්තු විචාරව. ඒ බලු පූර්ව ජන්මයෙහි තමා නොකි සියලු වස්තු තට කියති. එසඳ ඔහු තා පියා බව දැන ගණු’ යි වදාළසේක. සුභ නම් බ්රාරහ්මණ මාණවකයා ‘ඉදින් බුදුන් බස් සැබෑ වීනමි ‘වස්තුව ලැබෙමියි බොරුවි නම් මුසාවායෙන් නිග්රමහ කෙරෙමි’යි දෙකරුණෙන්ම සතුටුව තමාගේ ගෙට ගොස් මනා කොට කිරි බත් පිසව,බල්ලා බඩපුරා අනුභව කරවා යහනේ හොවා මඳ නින්දක් නිදන්ට වත් කල්හි පළමු තමා හට නොකී වස්තු විචාළේය. එසඳ බලු තමා හැඳිනි බව දැන ‘හුං හු’ යන අනුකරණයෙන් ඩ්වනි පවත්වමින් ධන තිබුතැනට ගොස් පසුරෙන් බිම කැණ සලකුණු කෙළේය. ඒ සලකුණෙන් මාණවකයා යා බිම කැණ වස්තුව ගොඩ නඟාගෙණ භවයෙන් සැඟවී තිබෙන්නාවු අතිසූක්ෂ්ම වු ජාත්යසන්තරයෙහි කාරිය පවා ශ්රතමණ භවත් ගෞතමයන් වහන්සේට ප්ර කාශව දැනෙන්නේය. එසේ හෙයින් උන්වහන්සේ ඒකාන්තයෙන් සර්වඥසේකැයි බුදුන් කෙරෙහි පැහැද දහම් පඬුරු ගෙණ ගොස් ශ්රනමණ භවත් ගෞතමයන්ගෙන් ප්රැශ්න විචාරන්නට උවමැනැවැයි දෙවැනි වාරයේ යන ගමනේ ප්රෙශ්න තුදුසක් සිතින් සනිටුහන් කොට ගෙණ බුදුන් කරා එළඹ කථා කොට ගෙණ බුදුන් කරා එළඹ කථාකොට එකත් පස්ව හිඳ ප්ර ශ්න විචාරන්නේ මෙසේ විචාළේය. ‘භවත් ගෞතමයන් වහන්ස මනුෂ්ය යන්’ කෙරෙහි අල්පායුෂ්ක සත්ත්වයෝද පෙණෙති. බහු ආබාධ සත්ත්වයෝද පෙණෙති. දුර්වර්ණ සත්ත්වයෝද පෙණෙති. ස්වර්ණවර්ණ සත්ත්වයෝද පෙණෙති. අල්පෙශාක්යත සත්ත්වයෝද පෙණෙති. මහෙශාක්යණ සත්ත්වයෝද පෙණෙති. අල්පභොග සත්ත්වයෝ පෙණෙති. මහාභොග සත්ත්වයෝද පෙණෙති. අකුලින සත්ත්වයෝද පෙණෙති. කුලීන සත්ත්වයෝද පෙණෙති. උතුම් සත්ත්වයෝද පෙණෙති. අඥාන සත්ත්වයෝද පෙණෙති. ප්රා.ඥයෝද පෙණෙති. මොහු කවර කාරණයකින් හීනොත්කෘෂ්ට වෙත්දැයි විචාළේය. එසඳ බුදුහුවදාරණසේක් මාණවකය, මේ ලෝකයෙහි සත්ත්වයෝ කර්ම ස්ව කීයකොට ඇත්තාහ. කර්මදායාදයහ. කර්මයෝනියහ. කර්මබන්ධුයහ. කර්ම ප්ර‍තිශරණයහ. එසේ හෙයින් කර්මය සියලු සත්ත්වයන් හීන ප්රෝණීත කොට බෙදෙන්නේය’යි වදාළසේක.

එසඳ බමුණුදරු ඝණපිළීපටකින් මුහුණ වසා..

[සංස්කරණය]

එසඳ බමුණුදරු ඝණපිළීපටකින් මුහුණ වසා බැඳ අභිමුඛයේ මධුර භෙජනයක් තබාපු කළක් වැනිවිය. බුදුරජාණන් වහන්සේ සංක්ෂෙපයෙන් කුමක් පිණිස වදාළසේක්ද? යත්:- ඒ බමුණුදරු පණ්ඩිත මානීය, තමා හා සමාන කෙනෙකුන් ලොව නැතැයි සිතා හිඳිනේය. ශ්රණමණ භවත් ගෞතමයන් වහන්සේ කියන්නේ කිම්ද? මම යමක් දනිම් නම් එයම උන්වහන්සේ කියන සේක. උන්වහන්සේ යමක් දක්නාසේක් වීනම් ඒ සියල්ල මම දනිමි. මට වඩා උන්වහන්සේ දන්නා දෙයක් නැතැයි අභිමාන පරව හිදිනේය. එසේ හෙයින් බුදුහු ඔහුගේ මන් බිඳිනා පිණිස පළමුකොට ඔහු නොදත හැකි පරිද්දෙන් කියමියි පසුව ඔහුගේ ආරාධනාවෙන් විස්තරකොට දක්වමි’යි සංක්ෂෙපයෙන් වඳාළසේක. එසඳ බුමුණු දරු ‘සැකෙවින් කිබස අර්ථ මට නොදැනෙයි. විස්තර මා දත හැකිසේ දෙසුව මැනැවැ’යි ආරාධනා කෙළේය.

එසඳ විස්තර වශයෙන් පැන විසදන්නාවු බුදුරජාණන්වහන්සේ ‘දරුව, යම් ස්ත්රි යක් හෝ පුරුෂයෙක් හෝ ප්රා්ණඝතා කළේවිනම් ඒ සත්ත්වයා නරකයෙහි ඉපැද බොහෝ දුක් විද ඉදින් මනුෂ්ය් ජන්මයෙක උපන්නේ වීනම් උපන් උපන් තැනම අල්පායුෂ්කවෙයි. නවයෞවනයෙහිම මරණ ලැබෙන්නේය. යමෙක් ප්රාවණවධ නොකොට සත්ත්වයන් කෙරෙහි කරුණා ඇතිව වෙසේද ඒ සත්ත්වයා දිව්ය්ලොකයෙහි ඉපැද බොහෝ සුවවිදිමින් මිනිසත් බවට පැමිණියේ වීනම් උපනුපන් තැන්හි දීර්ඝායුෂ්කව බොහෝ කලක් ජීවත්ව ඉඳිනේය. යමෙක් සත්ත්වයන්ට අතින් හෝ පයින් හෝ දන්ඩෙන් හෝ පහණින් හෝ ශස්ත්රඋයෙන් හෝ පීඩා කෙරේද? ඒ සත්ත්ව නරකයෙහි ඉපැද බොහෝ දුක් විදිමින් මිනිස් පියට ආයේ වීනම් උපනුපන් තැන්හි බව්හාබාධවෙයි. රෝගීවෙයි. යමෙක් සත්ත්වයන්ට පීඩා නොකෙරේද? ඒ සත්ත්ව දිව්යගලොකයෙහි ඉපැද බොහෝ සුව විඳ මිනිසත් බවට ආයේ වීනම් උපනුපන් තැන්හි අල්පාබාධාවෙයි. නිරෝගිවෙයි. යමෙක් ක්රොආධ බහුලව මඳ බස කිනිඳු කිපෙන්නේවිනම් ඒ සත්ත්ව නර්කයෙහි ඉපැද බොහෝ දුක්විඳ මිනිස් පියට ආයේවීනම් උපනුපන් තැන්හි දුර්වර්ණවෙයි. විරූපීවෙයි. යමෙක් ක්රොඋධ නොකරන්නේ නම් ඒ සත්ත්ව දිව්ය ලොකයෙහි ඉපැද බොහෝ සුවවිඳ මනුෂ්යට ජන්මයට පැමිණියේ වීනම් උපනුපන් තැන්හි ස්වර්ණවර්ණවෙයි. අභරූපිවෙයි. යමෙක් අනුන්ගේ ඓශ්චර්ය් ස යෙහිද අනුන්ට කරණ සත්කාරද ඉවසිය නොහි ඊෂ්යාඅර්‍ කෙළේ විනම් ඒ සත්ත්ව නරකයෙහි ඉපැද බොහෝ දුක්විඳ මිනිස් පයක් ලද්දේ විනම් උපනුපන් තැන්හි අල්පේශාක්යද වෙයි. විගතානුභාවවෙයි. නිවහළු වෙයි. යමෙක් අනුන්ගේ ඓශ්චර්ය්්යදයෙහිද අනුන්ට කරණ සත්කාරයෙහිද ඊෂ්ර්ා ‍ නොකොට ප්ර ශංසා කෙළේවීනම් ඒ සත්ත්ව දිව්ය‍ලොකයෙහි ඉපැද දිව සුව වළඳා මිනිස් පියට ආයේ වී නම් උපනුපන් තැන්හි මහෙශාක්යො වෙයි. මහානුභාව වෙයි. මහත් පිරිවර ඇතිවෙයි. යමෙක් මහණබමුණන්ට අන්නපානාදියෙන් සංග්ර හ නොකරන්නේ නම් ඒ සත්ත්ව නරකයෙහි ඉපැද බොහෝ දුක් විඳ මිනිසත් බවකට පැමිණියේ වී නම් උපනුපන් තැන්හි අල්පේශාඛ්යි වෙයි, විගතානුභාව වෙයි. නිහහළු වෙයි, අල්පභොග ඇති වෙයි. ද්රයරිද්රතවෙයි. යමෙක් අන්නපානාදීන් මහණබමුණන් පිණ වුයේ වීනම් ඒ සත්ත්ව දිව්යවලොකයෙහි. ඉපැද බොහෝ දිවසුව විඳ මනුෂ්යාුත්ම භාවයට පැමිණියේ වීනම් උපනුපන් තැන්හි මහාභොග ඇති වෙයි සුවපත්වෙයි. යමෙක් ස්තබ්ධව අභිමානයෙන් වැන් ද මැනවුන් නොවඳි ද, පිදුවමැනවුන් නොපුදාදා, හුනස්නෙන් නැඟිටියවුන්ට අස්නෙන් නොනැභේද, හිඳිනා අසුන් දුන මැනවුන්ට අසුන් නොදේද, මඟ හැර පහවුව මැනවුන්ට මඟ නොහරිද, සත්කාර කළ මැනවුන්ට සත්කාර නොකෙරේද. ගරුකාර කළ මැනවුන්ට ගරුකාර නොකෙරේද, ඒ සත්ත්ව නරකෙ හි ඉපැද බොහෝ දුක්විඳ මිනිස් පිටක උපන්නේ වී නම් හීන කුලයෙහි. යටත් කුලයෙහි උපදනේය. හැමදෙනා විසින් ගර්හිතවන්නේය.

යමෙක් මානස්තබ්ධ නොව මාන නොකොට වැන්ද මනාවුන්ට වඳිද, පිදුවමනාවුන්ට පුදාද, දැක හුනස්නෙන් නැඟ මනාවුන් දැක හුනස්නෙන් නැ‍ඟේද, හිඳිනා අසුන් පනවාදේද, සත් කාර ගරුකාර නමස්කාර කෙරේද, ඒ සත්ත්ව දිව්යඟ ලොකයෙහි ඉපද බොහෝ සුව විඳ මිනිස් පියෙහි උපන්නේවි නම් උතුම් කුලෙහි උපදී. හැම දෙනා විසින් පුජ්ය වෙයි. යමෙක් මහණ බමුණන් කරා එළඹ ‘වහන්ස, කුසල් කවරේද, අකුසල් කවරේද, කුමක් කටයුතුද, කුමක් නොකට යුතුද, කුමක් කළ කල දුගතියෙහි දුක් පැමිණේද, කුමක් කළකල සුගතියෙහි සැප පැමිණේදැ’යි නොපිළිවිසි ද, ඒ සත්ත්ව නරකයෙහි ඉපැද බොහෝ දුක්විඳ මිනිස් පියට ආයේ වි නම් උපනුපන් තැන්හි අඥාන වන්නේය. යම් ස්ත්රිවයක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්කරා එළඹ ‘වහන්ස, කුසල් කවරේද; අකුසල් කවරේද? යනාදීන් විචාරාද. ඒ සත්ත්ව දිව්යහ ලොකයෙහි ඉපැද බොහෝ සුවවිඳ මනුෂ්යක ජන්මයකට පැමිණියේ වි නම් උපනුපන් තැන්හි පොළව හා සමානවු මහනුවණ ඇති වන්නේය. මාණවකය, මෙසේ අල්පයුෂ්කවන්ට නිසි පිළිවෙත් අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්ඝායුෂ්කවන්ට නිසිපිළිවෙත් දිර්ඝායුෂ්ක බවට පමුණුවයි. බව්හාබාධාවන්ට නිසි පිළිවෙත් බව්හාබාධා බවට පමුණුවයි. අල්ප බාධාවන්ට නිසි පිළිවෙත් අල්පබාධා බවට පමුණුවයි. දුර්වර්ණ වන්ට නිසි පිළිවෙත් දුර්වර්ණ බවට පමුණුවයි. ස්වර්ණවර්ණනිසි පිළිවෙත් ස්වර්ණවර්ණ බවට පමුණුවයි. අල්පෙශක්යබවන්ට නිසි පිළිවෙත් අල්පශෙක්ය් බවට පමුණුවයි. මහෙශාක්යයවන්ට නිසි පිළිවෙත් මහෙශාක්යය බවට පමුණුවයි. අල්පභොගවන්ට නිසි පිළිවෙත් අල්පභොග බවට පමුණුවයි. මහභොගවන්ට නිසි පිළිවෙත් මහාභොග බවට පමුණුවයි. අකුලීනවන්ට නිසි පිළවෙත් අකුලීන බවට පමුණුවයි. කුලීනවන්ට නිසි පිළිවෙත් කුලීන බවට පමුණුවයි.නුවණ නැනිවන්ට නිසි පිළිවෙත් නුවණ නැති බවට පමුණුවයි.


මෙසේ සත්ත්වයෝ කර්ම ස්වකීයහ..

[සංස්කරණය]

මෙසේ සත්ත්වයෝ කර්ම ස්වකීයහ. කර්ම දායාදයහ. කර්ම යොනිහ. කර්ම බන්ධුහ. කර්ම ප්ර.තිශරණයහ. එසේ හෙයින්.

කර්මයතෙමේම සියළු සතුන් ‘තෝ හීනවා, තෝ ප්ර ණීතවා, තෝ අල්පායුෂ්කව, තෝ දිර්ඝා යුෂ්කව, තෝ බහ්වාබාධව, තෝ අල්පාබාධව, තෝ ස්වර්ණවර්ණනා, තෝ අල්පෙශාක්ය වා, තෝ මහෙශාක්යසවා, තෝ අල්පභොගාවා , තෝ මහාභොගවා, තෝ අකුලිනවා, තෝ කුලිනවා, තෝ නුවණ නැතිවා,තෝ නුවණැතිවා’යි හීනොන් කෘෂ්ටව බෙදෙන්නේය. කර්මය මිස සත්ත්වයන් හීන ප්ර ණිත කොට විභාග කරවන්ට නිසි අන්කිසිවෙක් නැතැයි’’යි වදාළසේක. දෙසනාවසානයෙහි සුභ නම් මාණවකයා අන්යි ලබ්ධිය හැර සරණ සීලයෙහි පිහිටියේය. සතාසූකෙළක් ධන හැර ඒ තෙදෙය්යබ නම් බල්ලා මිය නිරා තිරිසන් අපායේ උපදුතුදු වළක්වන්ට නොපො හොසත් වුයේය. එයින් වදාළහ බදුහු:-


“ පුත්තා මත්ථි ධනම්මත්ථී, ඉති බාලෝ විහඥ්ඥති

අත්තාපි අත්තෝ නත්ථි, කුතෝ පුත්තා කුතො ධනං’’යි.

මෙසේ අධික මානයෙන් බලුව උපදනාහ.

මෙහි අලොභාදීහු ධර්මයෝ සදෙන නොයෙක් දොෂ දුරුකරණ හෙයින්ද නොයෙක් ගුණ ඵලවන හෙයින්ද සත්ත්වයන්ට බොහෝ උපකාරී වන්නාහ. ඒ එසේමැයි අලොභය මාත්සය්යීතමලයට ප්රකතිපක්ෂය. අත්වේෂය දුශ්ශීලමලයට ප්රසතිපක්ෂය. අමොහය කුසල ධර්ම අභාවනාවට පතිපක්ෂය. අලොභය දානයට හේතුය. අවෙෂය සිලයට හේතුය. අමොහය භාවනාවට හේතුය. අලොභයෙන් ප්රියය විප්ර යොග දුක්ඛය නොවන්නේය. අලොභය රාග වශයෙන් පැමිණිම නසන්නේය. අද්වෙෂය ද්වේෂය වශයෙන් පැමිණිම නසන්නේය. අමොහය මොහ වශයෙන් පැමිණිම නස්නේය. අලොභය ත්යිගයෙන් භොග ප්රරතිලාභය වන හෙයින් භොග සම්පන්තියට ප්ර.ත්යයය වන්නේය. අද්වෙෂය මෛත්රිමයෙන් මිත්රය ප්රපතිලාභය වන හෙයින් මිත්රි සම්පත්තියට ප්රෙත්ය‍ වන්නේය. අමොහය යම් හෙයකින් අමූඪවු තැනැත්තේ තමහට වැඩම කෙරෙමින් ආත්ම සමෘඬිය කෙරේද? එහෙයින් ආත්ම සම්පත්තියට ප්රආත්යිය වන්නේය. අලොභයෙන් ජාති දුක්ඛය නොවන්නේය. අද්වෙෂයෙන් ජරා දුක්ඛය නොවන්නේය. අමොහයෙන් මරණ දුක්ඛය නොවන්නේය. අලොභයෙන් ප්රෙනතලොකයෙහි උත්පත්තිය නොවන්නේය. අද්වෙෂයෙන් නරකයෙහි උත්පත්ති නොවන්නේය. අමොහයෙන් තිරිසන් යොනියෙහි උත්පත්තිය නොවන්නේය.

මෙසේ වර්ණනා කරණලද නුගුණ ඇති ලොභ, ද්වේෂ, මොහ තුනින් සත්ත්වයෝ අපායෙහි උපදනාහ. මෙසේ වර්ණා කරණ ලද ගුණ ඇති අලොභ, අද්වේෂ, අමොහ, තුනින් සත්ත්වයෝ ස්වර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් සවර්ගයට යනු කැමති සත්ත්වයන් විසින් සිල් සමාදන්ව කිසිවෙක ලොභයක්වත්, කිසිවක්හට ද්වේෂයක් වත්, කිසිවෙක මොහයක්වත් නොකටයුත්තේය. මේ කාරණය හේතුකොටගෙණ බුදුරජාණන් වහන්සේ එකල ඒ භද්දජි ස්ථ විරයන්ගේ පුර්ව ජන්මයෙහි නෑයෝ ප්රා්සාද ලොභයෙන් මස් කැසුප් හා මඩු ආදිව එම ප්රායසාදයෙහි උපන්නේ වේ දැයි වදාළසේක. ඉක්බිත්තෙන් භග්ය වත්වු බුදුරජාණන් වහන්සේ ප්රාාසාදය උඩ නැ‍ඟෙත් නැඟෙත් පෙරැළි පෙරැළී දියෙහි වැතිර පීඩාවට පැමිණෙන්නාවු භද්දජි ස්ථවිරයන්වහන්සේගේ පුර්ව ඥාතීන් දැක ප්රාවසාද උඩ නැඟිය නොදි හරාවා ගංගා නම් ගංගාවෙන් එතර වැඩිසේක. එසඳ සර්වඥයන්වහන්සේට ගංතෙරම අස්නක් පැණවුහ. බුදුරජාණන්වහන්සේ පණවන ලද උතුම්වු බුඬාසන මස්තකයෙහි යුගඳුරු මුදුනෙහි දිලිසෙන්නාවු ලහිරු මඬලක්මෙන් සවණක් රැස් විහිදුවමින් දිලිහි දිලිහී වැඩ උන්සේක.

ඉක්බිත්තෙන් භික්ෂුන්වහන්සේ එවේලෙහි ස්වාමිනි ‘මේ ප්රා්සාදය භද්දජි ස්ථවිරයන් පෙරවිසු ප්රාාසාදයෙක් දැ’යි විචාළසේක. එසඳ බුදුරජාණන්වහන්සේ ‘මහණෙනි, භද්දජි ස්ථවිරයන් පෙර මහාපනාද කාලයෙහි විසු ප්රා්සාදය වේදැ’යි වදාරා, යට කියන ලද ක්රහමයෙන් ර්පදර්වචරිතය දේශනාකොට දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග යන චතුරාය්යීහසත්ය ය ප්රනකාශකොට නොයෙක් කෙළ දහස් ගණන් දිව්යර මනුෂ්යමයන් මාර්ගඵලයට පමුණුවා එසමයෙහි මහාපනාද රජ්ජුරුවෝ නම් දැන් භද්දජි ස්ථවිරයෝය; සුමෙධා දේවි නම් විසාඛාවෝය. විශ්වකර්ම දිව්ය්පුත්රනයා නම් ආනන්ද ස්ථවිරයෝය; ශක්රඛදේවෙන්ද්රශයෝ නම් තිලෝගුරු සම්යයක් සම්බුදු රජවු මම් ම වේදැ’යි තමන් වහන්සේ දක්වා වදරා දෙශනාව නිමවා හුනස්නෙන් පැනනැඟී ආය්ය්රර්‍ සමුහයා විසින් පිරිවරන ලදුව ජේතවන මහ විහාරයට වැඩ වදාළ සේක. භද්දජි සුථවිරයන් වහන්සේ ආයු පමණින් සිට අතිමධුරවු ඵලසමාපත්ති සැපය අනුභව කෙ‍ාට ආයු කෙළවර සසර දුක් හැර නිරුපධිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක.