විල්ගම්මුළ පබඳ-සඳ කිඳුරු දා කවi
1. ගොසැති ලෝ ඇදුර තිරසර ගුණෙන් ඇදුර රාග දොස් ඇදුර වඳිමි මුනිදුන් තිලෝ ඇදුරු
2. විනෙදන ක තරවූ බව සයුරෙන් ථ තරවූ නැණරුවල තරවූ වඳිමි සඳහම් නැව ප තරවූ
3. කුසල් බිජු නන්සත වපුරන සන්තො සින් ඉසිත මෙත් සිසිල ඹින් යුත වඳිමි සඟ ගරු සාර පින්කෙත
4. ස ත න තිසි ලත්නත් කොතන විදුරවි රත්ගත් ව ත න සොමි පත්මත් ස ත න යන රැකැමෙ සුර සෙත් දෙන්
5. ඇසුවත් සිත් පැහැ ඳ සඟමොත් සැප ලබන ලෙ ඳ හෙළු බසිනි මන න ඳ කියම් සඳකිඳුරුදා පද බැ ඳ
6. මබසෙහි කිවිවර ණ වරදක් ඇතත් කොපමණ සැදැහැයෙන් බුදු ගු ණ පමණ ගෙනැ සතුටු වව් අපම ණ
7. සුගතිඳු ගුණ පත ර වනමි මා සිතන වැ ර පුළුන් රැළෙකින් මෙ ර පැහැරැ සොලවන වැන්න තිර සර
8. දුර, විදුර සන්ති ක යන තුන් තිදන ඛේදෙ ක ඉන් දක්වනු මඳෙ ක අසව් සවනත නො ලා වෙනතෙ ක
9. දනන් රැදි සිල්වත් නිවන් පුර දොර සිල්වත් දුටන් මන කුල්වත් නමින් නුවරෙක් වී කිඹුල්වත්
10. මෙර මතිනි දිය බ ඳ කිරි සයුර අලළන ස ඳ නැඟී දිය කඳ පබ ඳ වැන්න පිළිමිණි පවුර මනන ඳ
11. දුටුවන් වන පිරිය නිමල සිහිලඹ ස පිරිය එ නුවරැ මහ පිරිය කෙරේ සොර සතුරන්ට අ පිරිය
12. විසිතුරු තුඟු වි සල් දුටු නෙතට පුරැ වහ සල් සුරිඳු පුරැ වහ සල් වැන්නැ තවසර වසන පන සල්
13. සරද ගන කු ළුවන් තුඟු පහපෙළ ලකු ළුවන් දුටන් පා වෙ ළුවන් ලපා යන්නට වේ ද පු ළුවන්
14. අනැගි නන් පට පි ළි සැදි සොඳ රන් රුවන් කි ළි එ පුරැ දිලි සල්පි ළි කෙසේ මෙ තෙකැයි යෙද්ද නො හැකි ළි
15. පෙරැ කළ මහ පිනැ ති එ හෙයින් මැ මහ දනප ති දුසිරි සිතැ නෙ පැවැ ති එ පුර මහසල් කුලන්ගෙන් යු ති
16. සුරපුරැ සුරන් ලෙ ස එ පුරැ වැජඹෙන දන රැ ස දැකැ තුනු සිරි විල ස කෙසේ යා හැකි වේ ද නො වල ස
17. එහි පහ තුගු යට ඟ බඳ ලෙළ දද පවන් ම ඟ උරඟුන් ගෙනැ වල ඟ නො යා හී ගැවැසෙන ගුරුළු ර ඟ
18. බැඳි නන් දද යට ඟ පතළ අවුවෙහි පුරම ඟ පිලිබිඹුන් දිසි ර ඟ කෙළක මින් කැල වැනි පබළුග ඟ
19. නළඟන විදුලි වත් ඉඳුනිල් මිණු කෙවෙනි යුත් පහගන කුළු දිලෙ ත් එ දුටු ගෙමියුරු සතුටු නද දෙ ත්
20. පිළිමිණි බිතැ දිමුත් නළු පිළිබිඹු කෙවැනි යත් සුරලොවිනි මෙහි වුත් ඔවුන් සහ නටන නළු මුළු යුත්
21. දිසි දෙවඟ නන්නේ උන් වෙනසෙක් නො වන්නේ ඇසි පිය හෙළ න්නේ මිසක් නො දැනෙයි වෙනස උන්නේ
22. එ පුරෙහි වෙසෙයි නා අඟනෝ ලාලි කෙළ නා ඇසිපිය නො හෙළ නා සඳෙහි සුරඟන වූ යැ සොඳි නා
23. දොරැ දොරැ සිටි කඳ ලි තුරැ සෙවණවලැ මන ක ලි කුමරු කෙළැ වැ ලි බොළඳ තෙපලින් ගනිති සිතිවි ලි
24. සඳ පහනට ඔබි න හෙළ සඳුන් හෙළ දුහලි න හෙළ මල් මුතු හරි න සලළු සැසෙමින් සරති මන මෙ න
25. රන් තොරණ තැන තැන කලදෝ තොරණ ගන ගන මිණි තොරණ වෙන වෙන එ පුර වැජැඹෙයි කිරණ දින මින
26. දෙ ර ණ බට විල සින් ත රු ණ ගන කුළු අහ සින් ස ර ණ වන නො ල සින් ව ර ණ ගණ සිටිති සිතැසතො සින්
27. සයුරැ තුඟු තර ඟේ විලස දිසි හය සෙන ඟේ වැදැ වැදැ උනු නැ ඟේ එ පුරැ නිති සරන මහසෙන ඟේ
28. බඳ සෙමෙර වල ගේ සැදි නො මඳ රිය සෙන ගේ එ පුරැ සහ සිත ගේ කෙළිති කෙළි මඬුලු බැඳැ සැම ගේ
29. සැදිපුල් කමලුපු ල් තිසර බිඟු නද මනක ල් සපිරි දිය හැම ක ල් එ පුරැ ඇත පිරිසුදු ගෙදිගු වි ල්
30. සපු නා ප නායා තල්පොල් දෙල් ම නායා දැකැ සිතු පි නායා උයන් වතු කවරෙක් ව නායා
31. කර න පින් නර සක් නරඹා යොමා දිව සක් කර නුව පින් රැ සක් පුර ය සහ බව වැන්නැ සුර සක්
32. දනන් රැඳි නොම ඳා සැපතින් සපිරි හැම ඳා එ පුරෙහි මන න ඳා වි යැ සුදොවුන් නමින් නිරි ඳා
33. දස පවු ව රා ලි ය දස රජ දම් පු රා ලි ය සිය කුල ස රා ලි ය සතර සඟරාවත් ද රා ලි ය
34. සිත පින් ක රා ලි ය දුමන මල් උදු රා ලි ය විරු සිල් ද රා ලි ය විරුදුරද නොයෙක අසු රා ලා ය
35. කලා සව් උදු ලිය බෝසත් සිරිත් ඉසි ලිය සොමි ගුණෙනි විපු ලිය එ රද පුන් සඳුගෙ සිරි කිය ලිය
36. පෙරගොත් මුඳුන් ප ත් යදියන් කරන සුව ප ත් නඳ කරන සිය ප ත් එ රද නව දිව යුරු සිරින් ප ත්
37. දියතැ සිටිනා නි ති සිවුවෙනෙනි බැබැළුම් ඇ ති පව් දුරු කොටැ පැවැ ති එ රදසඳ මහමෙර සිරින් යු ති
38. සුරඟන ත මායා කියවන යුතු අ මායා රුවින් අස මායා බිසෝසඳ පවර මහ මායා
39. බලවිකුමෙන් නො ම ඳ සරි කරත යුතු දිය බ ඳ සිරිසඳ රැඳි නිබ ඳ පවර සුදොවුන් එ නරනිඳු ස ඳ
40. අගමෙහෙසිනිය කැ ර උමා ඉසුරෙව් හැම ව ර සෙනෙහස දිවුණු කැ ර වසන සදැ විඳැ ඉසුරු නොවිත ර
41. දස පෙරුමන් නිබ ඳ පිරෑ බොසත් මනන ඳ සුදොවුන් නිරිඳු ස ඳ නිසා එ බිසොව කුසෙහි පිළිසි ඳ
42. රත් පියුම් කෙමියෙ ක ගනරන්රුවක් විලසෙ ක මවුගැබතුළැ නිසැ ක පලක් බැඳැ ඉදිමින් නො වි දු ක
43. ඇමුණු පිලිමිණෙ ක කසුන්හූයක් විලසෙ ක පෙනෙමින් මවුන් ස ක පිරුණු දසමස් වුයෙන් දවසෙ ක
44. බිසෝසඳ මොනව ට එ පවත් කියා නිරිඳු ට දෙවුදැහැ නම් පුර ට නික්මැ පිරිවර සමඳ එ මැ වි ට
45. ගොස් දෙනුවරට මැ ඳ ලුම්බිනි උයනට වැ ඳ සල්තුරක් යටැ සො ඳ නැමුණු සල් අත්ත ගෙනැ සිටි ඳ
46. කමජවා බලයෙ න මහත් මැණිකක් විලසි න දම් දෙසමින් යෙහෙ න අස්නෙකින් බසිනා කෙනෙකු මෙ න
47. බිහිවත එ බෝස තු බඹු රන් දැලින් පිළිග තු සිවුසුරිඳෝ දිමු තු අදුන් දිවිසම් පෙළින් පිළිග තු
48. සතොසින් නරනික ර දුහුල් සුඹුළෙන් මනහ ර පිළිගතු කුමර ව ර ඔවුනතින් බැසැ බිමට එ මැ ව ර
49. මහබඹු දරන සත් සුර අසුර නර නා සත් කරත පුද බෝ සත් උතුරුදිග වැඩැ පියවරක් සත්
50. අබිරුනද දුන් ස ඳ දෙනුවරැ දනෝ මනන ඳ කපිල පුරට මැ සො ඳ වඩා ගෙන ගියෝ කුමරුන් ඳ
51. එ කුමරු දිරිවිපු ල ඉසි හට කාළදේව ල වදිනට එලෙවු ක ල ජටාවේ පිහිටියේ පදත ල
52. දිනෙකැ වප් මඟුල ට කුමරුන් වඩා ගිය වි ට ඉඳැ දඹතුරෙයි ය ට කෙළේ පෙළහර සත සතු සතුටු කො ට
53. පෙරඬමසැ නිසයු ර අයුරෙන් වැඩී සැම ව ර බෝසත් සසිරි බ ර සොළොස් ඇවිරිද්දට පැමිණිව ර
54. හිම ගිම වසන් ය න තුන් ඉරිතුවට වෙන වෙ න තුන් පායක් යෙහෙ න ලෙසට කරවා එ නරනිඳු දි න
55. නමින් සිදු හත් වූ එ කුමරුට සිරි මත් වූ සමකුලෙනි යුත් වූ බිසෝ කෙනෙකුන් ගෙනෙන සිත් වූ
56. උවන සිසි බිම්බා පිය කරන රන බිම්බා ලවන පල බිම්බා සදිසි සිරිබර බිසොම බිම්බා
57. සිදු වනු යැ නිය තින් පෙරවාසනා පණ තින් යෙදු සුබ මොහො තින් සරණ පාවා දුන්නු සිරි තින්
58. මෙ මිනිස්ලොවැ අස ම යසස් දැරුවෙන් මනර ම බිම්බා බිසොවට ම යසෝදර යැ යිලු දෙවැනි න ම
59. ඌරු වෙස් ගත්තෙන් දියබඳට නො කැමැ ත්තෙන් සිරිසඳ එකැ ත්තෙන් වසන වැනි මොහුකෙරෙ කැමැත්තෙන්
60. සම්සළු මිනිස්පා ඇඳැගෙනැ වියරු වෙස්පා හැරැ ඉන් කෙලෙස්පා උමා සෙවුණෙව් මහපු රිස්පා
61. සුළුදුනු දැරූ දා සිගල් වෙස් ගත් වර දා සිහි කෙරෙමින් එ දා සිරිඳු හැරැ ආ සුරඟනක් දා
62. ඉසුරුගේ දළ නෙ තින් දවුයෙන් අනඟ නිය තින් රති ඔහු කෙරෙ කැ තින් වසන වැනි මොහු කෙරේ සත තින්
63. ස ව ත් සහ සිවු වත් කි ව ත් නො ගොවන සිරි වත් රු ව න් ගුණ බල වත් ත ව ත් වනතත් අනත මැ ය වත්
64. එ බිසොව සහ නිතො ර සිදුහත් කුමර මනහ ර සිතුපෙම් දිවුණු කැ ර මහත් සැපතින් විසී දවසැ ර
65. තෙවරෙකැ බුදුකු රූ උයන්කෙළියට යතු රූ කරන සඳැ එ මු රූ මවා පෑ ජර රෝග මළ රූ
66. දැක කලකිරි සි ත නුවරට ගොසින් නොනැවැ ත සතර වැනි වර ය ත මවා පෑ මහණරුව දැකැ වෙ ත
67. කසවත් පා දැ රූ සන්සුන් වෙසට සොඳු රූ කැමැති වෑ බුදුකු රූ උයන් කෙළියට කෙළේ යතු රූ
68. රාහුළ මවු එ ස ඳ පුත් රුවන වැදුවා සො ඳ එ පවත් කියා ර ද ගමන් කැරැවී දූතයකු සෙ ද
69. එ ගොසින් ඇ සිල්ලෙක උපනැයි රහල් පිල්ලෙක කී සඳැ ඇ සිල්ලෙක මේත් එක් සසර දැවැ ටිල්ලෙක
70. කියමින් නික්මෙ මින් මඟුල් රතයට නැඟෙ මින් සෙනඟ පිරිවර මින් එ පුරැ මහවේ ගෙවා වඩි මින්
71. කිසාගෝතමී සි ත තුටුවැ රුව දැක ඔහු වෙ ත කී ගයකට නැවැ ත තුටු වැ මුතුහර දෙමින් බෝස ත
72. රජ ගෙට පිවිසැ ලා
නලහන රුගුම් දැකැ ලා
සිතැ සතුටක් නො ලා
සතර පෙර නිමිති සිහි කැරැ ලා
73. ඉඳැ යහන මත්තේ රජසැපත නො කැ මැත්තේ පලයනු කැ මැත්තේ බලා කවරෙක් ද දොරැ ඇත්තේ
74. එලිපතට ඉස ලා ඔත් සන් මැතිඳු දැකැ ලා පිය බසිනි ඔහො ලා අසකු සදමින් ගෙනෙව තෙප ලා
75. කුමරු දැකැ යත්තේ එමි යන සිත ඇත්තේ ගොසින් එලි පත්තේ සිටැ මැ ඔහු දැකැ ලා නැ වැත්තේ
76. සන් මැතිසඳ එ ස ඳ ගොසින් කන්තක හයර ද සදා ගෙනැවුත් සෙ ද නැඟෙන ලෙස දැන්වී යැ පා වැ ඳ
77. බෝසත් දිනිඳු ගති අසුපිට නැඟී ඉඳැ ගති සන් වාලදිය ගති තුරඟ පුරමඟැ වෙයින් දිවැ ගති
78. දෙවියන් හළ දො රින් නික්මැ සෙද ගොස් නුව රින් තිස් යොදනක් දු රින් ගෙවා ගොස් එක රැයෙක් වින රින්
79. පුළුලැති ඉසුබු අ ට අනෝමා නම් නදිය ට පැමිණැ අසු සන් කො ට නැඟු පිම්මෙන් පැමිණැ එතෙර ට
80. අසුපිටින් බැසැ ලා සන් මැතිඳු අමතා ලා පිය බසින් තෙප ලා අසු ද බරණ ද බාර කැරැ ලා
81. සුරතින් කඩුව ගෙ න වමතින් කෙස් වැටිය ගෙ න සිඳැ අහසැ දමමි න බඹහු දුන් තුන් සිවුරු දරමි න
82. සන් මැතිය නො ගො සින් දෙමවුපිය හට මබ සින් නිදුක් බව වෙසෙ සින් කීය යි මෙහෙයා පුරට නොල සින්
83. අනූපිල නම ල ද අඹ වෙනෙහි සතියක් හි ඳ තිස් යොදනක් එස ඳ ගෙවා ගොස් මහ රජගහා වැ ද
84. එ නුවරැ සිඟා ල ද ඇවිලිලි අහර එ මැ ස ඳ පාඬව සෙවණැ ඉ ඳ වළඳ කැරැ උරුවෙල් දනවු වැ ද
85. වීරිය කොට උ දක් දුක් විඳැ සාවුරුද් දක් බුදු වන්නට ලෙ දක් නො දැක සැප දී ගතට නො ම ඳක්
86. උරුවෙල් දනවු හි ම සේනානි නයම් ග ම සුජාතාවන් ත ම එලෙවු කිරිබත යදුම් ලෙසට ම
87. අජපල් නුඟයැ ය න සෙවණැ වැඩ ඉඳැ පිළි ගෙ න නේරංජරා ය න ගංතෙරට වැඩැ එ බත් බුදිමි න
88. තලිය උඩු ගං කො ට හරිමින් නිමිති දක්න ට අසලැ සල් වනය ට ගෙසින් වැදැ දහවල් විසීම ට
89. සවන් වන එ දි නා දෙවියන් විසින් තොසි නා සැදු මහ වති නා යෙමින් එකසර කෙසර ලෙසි නා
90. පෙරට එන තණ ගෙන සොත්තිය නැමැත්තහු ගෙන තණ අට මිටක් ගෙන ගොසින් බොමඩ අරා සිටැ ගෙන
91. පෙරැ බුදුවරන් හැ ම කෙලෙසුන් පසුන් කළ බි ම සලත තණ එ විටැ ම කැඟුණු විදුරස්නේ පිනින් ත ම
92. බෝතුරට පිට ලා සතර අදිටන් බැඳැ ලා නො වී කිසි සස ලා උන්හ ඔහු බුදුබවෙහි ලොබ ලා
93. එ දැකැ මරුදෙවි පි ත් බුදු වේ ද අද සිදුහ ත් බුදු බව සිදු වුවෙ ත් මගේ අදිපති කමෙක් නම් නැ ත්
94. සිදුහත් මගෙ විසය ඉක්මවන්නට අ විසය මගේ තෙපුල් ගි විසය නික්මැ පල යයි කියා ඇ විසය
95. ගොස් මරසෙනඟ වෙ ත දුක් වැ පවසන වසව ත ගුගුළ හඬ නො නැවැ ත පොළොව දෙපළු වැ පැළෙන විතරැ ත
96. හිමිසඳ දුක නො සිත ඔහු පලවනු එකා ඇ ත කී සඳැ නො දොඩ මැ ත එ තෙමෙ නාරායණ බෙලෙන් යුත
97. පසු නො ලා අ ඩි යෙ නි විකුම් බල පෑ වැ ඩි යෙ නි ගොසින් සිතැ එ ඩි යෙ නි ගනිමු සිදුහත් කුමරු දැ ඩි යෙ නි
98. කියමින් සතුටු කො ටැ අබිමන් සිතෙයි තර කො ටැ වෙසසින් දියුණු කො ටැ මෙසේ සියසෙනහට නියොග කොටැ
99. අනූයොදුනුස ඇ ති යෙළ සිය යොදුන් දිග ඇ ති ගිරිමෙවුලා නමැ ති ගිජිඳුපිටැ වසවතු නැඟි ග ති
100. ඔහුට ඉදිරි වැ ය න දොළොස් යොත්නක් පැතිරෙ න සෙනඟ දෙපසෙහි ය න සෙනඟ එ පමණ වෙති යොදුනෙ න
101. පස්සෙහි යන සෙන ඟ සක්වළ පවුවට මැ ළ ඟ මත්තෙන් යන සෙන ඟ පිරුණු නවයොත්නෙකැ අහස් ම ඟ
102. නන්වෙස් තනවි ගෙ නැ සෙනඟෙක් ගොසින් දිවැ ගෙ නැ උනුන් මිග බැණැ ගෙ නැ ගනුව අනුව යි කියති සිටැ ගෙ නැ
103. නෙත්රත්යවට තු ල් මුවැ මුවැ දිලෙන ගිනි දැ ල් අතැ අතැ අවි උදු ල් සිටිති සෙනඟෙක් ලමින් රැකව ල්
104. සිහ දිවි වග වල ස් එලවා තැනින් දිනැ ගො ස් කියා කරදර බ ස් සිටිති සෙනහෙක් වෙමින් සිත රො ස්
105. ගනු, අනු, බදු, කො ටව තළ, මර, බලා, නො සි ටව අවිකැල ඇඟැ ප ටව කියා සෙනඟෙක් සිටිති පෙර ටව
106. නයි පොළොගුන් ග තේ වෙළවා උනුන් නන තේ දිවැ ගෙනැ ගොස් ම තේ සිටිති සෙනඟෙක් දොඩා සම තේ
107. රතඟර අලෙවු කැ ර සුරත්වත් හැඳැ වළු බ ර යමුඟුරු අත නො හැ ර සිටිති සෙනඟෙක් අවුත් බියක ර
108. දිගු දළ සුරත්නෙ ත් සප්ආබරණයෙන් යු ත් කළුරළු පරළු ග ත් සිටිති සෙනඟෙක් රකුස් වෙස් ග ත්
109. මරසෙනඟ හමු ව ත සුරසෙනඟ බිය වැදැ සි ත පුදවන් දමා අ ත ගියෝ ඉස් ලූලූ අතින් අ ත
110. දෙදෙනකු එක් වෙ සක් නො ගෙනැ සිටි මහමර සක් වුවත් මුව දහ සක් උදක් බැරි පවසන්නට වෙසෙ සක්
111. අතමුත් යතුරු මුත් අවියුත් අමුත් මුත මුත් එ මහත් සෙන් දි මුත් වනන් මුත් කො ද අනතනා මුත්
112. මර සෙනඟට හ මුව කල නයිඳු දිවැ පළ මුව හොත් කලැ වසා මුව මරුගෙ බල බල කෙසේ වන මුව
113. සිහ මුව උසබ මුව ගජ මුව දිවි වලස් මුව සිවු මුව මැවු මුව අනතනා මුත් කෙසේ වන මුව
114. මරසෙන් දැකැ ල මුව වෙවුලා ගියෙන් සිවු මුව ගත් සේසත් දැ මුව කෙසේ මරසෙනඟබල වන මුව
115. අතට ගත් ජය සක නො පිඹැ සිත බිය වැදැ සක දිවු කලැ විග සක මරුගෙ අණසක වනමු කෙලෙ සක
116. එ සඳැ මරදෙව් පි ත් සිදුහත් සරි කෙනෙක් නැ ත් වැදැ පිටිපසින් මු ත් ඉදිරියෙන් වැදැ ජය ගැනුම් නැ ත්
117. කියමින් මේ පව ත් මවා දහසක් අවි අ ත් ගිරිමෙවුලා මහ ත් රැගෙනවුත් එක් පසෙකැ සිටැ ග ත්
118. මහබෝසත් එ ස ඳ සිටිනු ගොරමර සෙනහ ද දෙවියන් ගිය බව ද අබිරු සිහ විලසින් බලා හි ඳ
119. මෙහි මවුපිය කෙ නෙ ක් වත් අන් කිසි නෑ කෙ නෙ ක් නැත පින් මිස අ නෙ ක් ඇද්ද පිහිටෙක් පෙරැ කැරැපු නෙ ක්
120. දසපෙරුමන් නැමැ ති දසමහ යෝදයෝ ඇ ති දසබිම්බරට ඉ ති දසදෙනාගෙන් එක එකා ඇ ති 121. මෙ ලෙසින් බෝස තා උන් සඳැ පින්බල සි තා නැවැතත් වසව තා මින් මැ මොහු පලවවී නිය තා
122. ගිරිතුරු හෙළා ය න මහත් සුළඟක් මවමි න බෝසත් සහ අස් න ඉගිළැ යන ලෙස කෙලේ නොලසි න
123. එ සෙද බෝසතු වෙ ත පැමිණැ ගිම් දුරු කෙළෙ ග ත කියනු මැ කිම පුව ත සිවුරු කොනකුත් සෙලවුණේ නැ ත
124. නැවැතැ මරු දෙව් පි ත් වැස්සක් මවා බලව ත් වතුරෙන් වේගව ත් ගසා යන ලෙස කෙළේ බෝස ත්
125. ඉන් බිඳක් පමණ ත් මහබෝසතුන් ගතැ ව ත් නැත හොත් සිවුරැ ව ත් වැදැ තෙමී ගිය තැනෙක් නම් නැ ත්
126. සිතැ තියුණු රො ස් වි ය ගිරිකුළු පහණ වැ ස් වී ය දිලෙන ගිනි රැ ස් වි ය ඔහුට පිදු මල්වට විල ස් වි ය
127. අවිදහර වැ ස් වි ය දුමින් නුබ ගැබ වැ ස් වි ය ගොස් අවටැ රැ ස් වි ය ඔහුට පුද කළ මල් සදි ස් වි ය
128. සහලඟුරු වැ ස් වි ය ගිනිදැල් නොයෙක දි ස් වි ය පුඳට මැ සුදු ස් වි ය දිලෙන බඳුවද මල් විල ස් වි ය
129. උණු අළු ද වැ ස් වි ය දිලෙන කඳුකුළු රැ ස් වි ය පුදට මැ නිදො ස් වි ය සඳුන් සුණු විලස සිහිල ස් වි ය
130. සිහින් වැලි වැ ස් වි ය හෙ ද මල් රොන් විල ස් වි ය මරුගෙ මන් සි ස් වි ය එ බඳු වැත් සින නො පසු බැ ස් වි ය
131. කලල් වැසි වැ ස් වි ය ගිනිදැල් විලස්දි ස් වි ය දුටන් ඇස් වැ ස් වි ය ඔහුට ලු පිරිබඩ විලස් ස් වි ය
132. මවත මහගනඳු රු සිවු අඟිනි යුතු කොටැ ම රු තද තෙදිනි දිවයු රු දුවන ගනඳුරු විලස් වි යැ දු රු
133. මෙසේ වැසි නව යක් වස්වා නො දැකැ පල යක් ලමි යි මතු නිල යක් තවත් වසවතු සිතා බල යක්
134. ගනගල් ටැඹෙකැ ව න කිළිල් කඬ මෙක සිදැ ය න සක් අවිය ගෙන’ති න ගැසි දෙකඩක් කරන ‘දහසි න
135. එ ද ඔහුගෙ ම ත්තේ මල්වියනෙව නැවැ ත්තේ මෙසේ මතු ම ත්තේ යත්න කෙළෙ පලවනු කැමැ ත්තේ
136. මහබෝසත් එ වි ට මේ අස්නැ. හිමි වීම ට මාරය පිවිටු ත ට ඇද්ද කළ පින් දෙස් කියව ම ට
137. කි සැඳැ සෙන් දෙස ට වසවතු සුරත දිගු කො ට කළ පින් සැබෑ කොට ට කියවමින් කුළුදෙස් විටින් වි ට
138. සිදුහත් කුමර ත ට මේ විදුරස්න ලැබුම ට කළ පිනට දෙස් ම ට යුහු වැ කියව යි කි නියම කො ට
139. මහබෝසත් එ වි ට දකුණත බිමට දිගු කො ට මිහිකත විනා ම ට කෙනෙක් නැතකි යැ දෙස් කීම ට
140. ඔහු කළ මහ පින ට සැකයක් නො වන විලස ට සියක් දහසක් වි ට ගුගුළ මිහිකත් එ සැඳැ පිට පි ට
141. මරදෙව් පිත් එ වි ට එවු බෝසතු නසන ට ගිරිමෙවුලා ඔහු ට දනින් හෙවැ සෙඳ වැඳැපි සහතු ට
142. මරු ද මරසෙනඟ ද වික්ම දැකැ සිතැ බිය වැ ද නො සිටැ මැ දිවු සෙ ද එ දුටු සුරසෙන් වෙමින් මනන ඳ
143. බෝසතුට ජ ය වි ය වසවතු පරා ජ ය වි ය මොක්පුරට ජ ය වි ය මෙ තෙමෙ තෙදියට එක ද ජ ය වි ය
144. බෝසත් මෙර පබ ඳ මරසෙන් යුගතවා වැ ඳ නො සොල්වනු වි යැ අ ඳ ඉතින් සොල්වනු කවර් කලෙකැ ඳ