විල්ගම්මුළ පබඳ-සඳ කිඳුරු දා කවii
145. පවසා සුර සෙන ඟ අවුදින් බෝසතුන් ළ ඟ පුදවත් ගෙනැ සම ඟ සිටිති තුති කෙරෙමින් නෙයෙක ර ඟ
146. සැඳැඟන සවනැදු ලි තෝඩුයුවළෙව් මනක ලි රිවි අත්ගිරගැ දි ලි සපිරිසඳමඩල උදයගැ දි ලි
147. තුන් යමැ පිළිවෙළි න තුන් නුවණ ලැබැ වෙසෙසි න අරුණලු දිලුණ තැ න සියල් දත් නැණ පසක් කෙරෙමි න
148. අඳ බිහිරි හැ රැවිය
සිඳුදිය මිහිරි කැ රැවිය
පොළොව ද ගුගු රැවිය
සියල් ලොව අසිරිමත් කැ රැවිය
149. බුදු වැ සතියක් මු නි අස්න නො හැරැ මැ වැඩැ උ නි ඉන් බැසැ සිටැ දෙවෙ නි සතියැ අනිමිසැ ඇසින් පුදමි නි
150. තුන් වන සතියැ දි න බෝමැඬැ රුවන් සක්ම න සක්මන් කැරැ යෙහෙ න සතර වන සතියෙහි ද එ මැ තැ න
151. රුවන්ගෙයි වැඩැ හි ඳ අබිදම් මෙනෙහි කොටැ න ඳ අජපල් නූගයැ බ ඳ සෙවණ පස් වන සතියැ වැඩි ස ඳ
152. මාර දූ තුන්දෙ න කෙලෙස් සුන් බව නො මැ දැ න පොලඹන්ට මුනිඳු න යන්න කොටැ නොහැකි වූ නොමදි න
153. වැඩැ මිදෙල් විල්තෙ ර සවන සතියෙහි මුනිව ර නාරජුගෙ විසගො ර දරණ තුළැ ඉඳැ සිතු එකහ කැ ර
154. ගොසින් කිරිපළු තු ර සෙවැණැ වැඩැ හිඳැ මනහ ර සත් වන සතිය තු ර විමුත් සැප විඳිමින් මැ කල් හැ ර
155. මෙ ලෙස සත් සති යක් නො කොටැ තුකුපිළිදැගු මක් නොවළදා අඟ රක් මුනිඳු වැඩැ උන් සැඳැ එ දැකැ සක්
156. නාලිය දැහැටියෙ න අනෝතත් විලැ ජලයෙ න සිතැ අදර බැතියෙ න ඇසිල්ලෙකැ ගෙනැ දැහැටිදිය දි න
157. ගැල් ගෙනැ යන එ ස ඳ තපුස් බල්ලුක දෙවෙළෙ ඳ දුන් මී පිඬු පැහැ ද නො පිළිගෙනැ වැඩැ ඉදිත මුනි ස ඳ
158. සිතැඟි දැන මුනි ඳුන් දුන් සිවුවරම් සුරි ඳුන් නිල්මිණි පා න ඳුන් අකැප යැයි ඒ නො පිළිගෙනැ දුන්
159. කැප නොවන ඒ පා වුයෙන් මුනිඳුට ඒ පා මුන්වන් සිලා පා දුන්නු සතරක් සතරවත් පා
160. කුලුණෙන් උන් කෙ රේ පිළිගෙනැ එ පා සත රේ එකක් කොටැ චිත රේ ඉටු සඳැ පෙනෙන ලෙස තෙඟි රේ
161. නො කළ හැකි පින් පු ඬු එ පයෙහි බහා මී පි ඬු සැදැහැයෙන් නු අ ඬු වළඳවා වෙළඳු බැතිපෙම් වැ ඬු
162. එ සඳෙහි මුනිස ඳා දෙසා සඳහම් පැහැ දා උතුමඟ පිරිමැ දා දිනි යැ ඔවුනට මිටක් කෙස් දා
163. අජපල් නුග මුල ට නැවැතැ වැඩි මුනි එ මැ වි ට ගැඹුරුදම් කා හ ට දෙසම දැසි සිත් වී යැ පසු බ ට
164. එ බව දත් සිවුව ත නැසෙයි මතු ලොව පින්ව ත කියමින් දෙසුම් සි ත නො පසුබස්වන ලෙසට අයැදි ත
165. පිළිගෙනැ බඹ වද න නුවණැතියවුන් බලමි න අළාරුද්දක ය න දෙදෙන පරවිටිලි වූ බව දැ න
166. පස්වග මහණු ම ට උපකාරි යැ පෙරැ සි ට දෙසමි දම් ඔවුන ට සිතා ඉසිපතනාරාමය ට
167. ඇසළපුණුපෝ දා දරමින් සිවුරු පා දා අතරමඟැ නොර දා දසට යොත්නක් මැ වැඩැ එක දා
168. එ වෙහෙරෙහි සුග තා වැඩැ හිඳැ සඟුන් අම තා දහම් සක් දෙස තා ඔවුහු වූ මහපලට සැප තා
169. විසේනිය ලත් දා පස්වග සඟුන් සමු දා කරවමිනි එ මැ දා අනතලත් සුන දෙපා පහ දා
170. රහත් කරවමි නා නැවතත් මිනුඳු විසි නා එ යස කුල සුන නා රහත් කරවා පැවිදි දෙවි නා
171. ඔහුගෙ සිටුපන සක් යහළුවන් නු වෙන සක් සිවුමඟ පල ප සක් කරවමින් දිනි පැවැදි මුනි සක්
172. විසූ වස් මුනි ඳා සමඟ එ රහත් සමු ඳා පවුරුණු කොටැ එ දා පතල මහකුලුණු සිත නුමු ඳා
173. රහතුන් එක්සැ ටක් වුයෙන් නම හැර සැ ටක් පාසා රට ර ටක් ගමන් කරවමිනි කැරැ පිහි ටක්
174. පරවැඬෙහි පුරු දු දෙසුමෙන් යතන් පැහැ ඳූ එකසරසී බ ඳු තනි වැ උරැවෙල් වඩිත මුනි ඳු
175. ගතරමහැ වනයෙ ක බඳවග කුමරුවන් දැ ක පිවිදි කරැ නො වැළ ක පිහිටුවා මඟපලෙහි එකිනෙ ක
176. ඔවුන් මන න දිනා මෙහෙයා නෙදිගැ එ දිනා උරුවෙල් වැඩි දිනා නොයෙක් පෙළහැර පෑපෑ සො ඳිනා
177. දහසක් ජ ටි ල ය න් සහ තුන් බෑ ජ ටි ල ය න් වසනා කු ටි ල ය න් පැවිදි දි කොටැ සෙද’ කු ටි ල ය න්
178. ගයාහිසැ ව ස්වා අදිත් පිරිසුත අ ස්වා රහත් පල රු ස්වා දෙමින් මුනිසඳ ඉන් නොල ස්වා
179. බිම්සර නිරිඳු හ ට දුන් පෙරැ සිහි කො ට වැඩ රජගහාව ට අසලැ වැල්මීවනෙහි උන්වි ට
180. උයන් ගොවු දැක ලා ගොස් නරනිඳුට තෙප ලා වැඩියේ දස බ ලා කිම් ද ඉඳිනේ නො වැඩැ ඔබ ලා
181. අසා ඒ නිරිඳු ව ර සමඟින් සෙනඟ පිරි ව ර ගොස් දැකැ මුනි ප ව ර නැමැඳැ සිරිපද පසකැ උන් ව ර
182. රැස් වැ උන් සමු දා මුනිඳුට කසුප් ගුරු දා ඔහුට මුනි ගුරු දා සිතූ සිත දැනැ සෙදින් මුනි දා
183. ගයෙකින් කසුප් හ ට දන්වන එ බව සොනව ට හෙ ද ගයෙකින් එ වි ට මුනිඳු ගුරු යැ යි දැන්වී සබය ට
184. එ බව දත් දන රැ ස කෙසේ දැමුවෙ ද මෙ තවු ස මුනිඳුන් මහිම ම ස ඇද්ද මහිමෙක් මෙ තුන් ලෝකු ස
185. කියත මුනි හ මුවේ ලෝ වැඩෙහි සිත යො මුවේ දැන් මතුද දැ මුවේ පෙරත් මේ මා විසින් දැ මුවේ
186. එ මැ දක්වනු ස ඳා මහනාර ද කසුප් දා දෙසමින් මුනි ස ඳා පහළ කෙළෙ සිවසසුන් එ ස ඳා
187. පිරිවර සහ නොම ඳ බිම්සර නිරිඳු මනන ඳ ලැබැ මඟපල එ ය ඳ පවරමින් සඟ සමඟ මුනි ස ඳ
188. බැති සිත දිවුණු කො ට මුඳුනැදිලි බැඳැ සහතු ට නැමැඳැ පැදැකුණු කො ට ගොසින් අවසර රැගෙනැ නුවර ට
189. එ පුරැ විසූ හැම ඳා අටළොස් කෙළක් සමු ඳා යන ලෙස පුද ස ඳා කියැවි මෙහෙවර නොහරැ පන දා
190. තන් ගවු පමණ ම ඟ පුරා නික්මුණු එ සෙන ඟ නිසා මුනි සහ ස ඟ නො හැකි වී වඩනට’ රවා ම ඟ
191. පඬුපල් සල එ ස ද උණු වූ හෙයින් සක්ර ද මෙණෙවූ වෙසෙකින් සෙ ද අවුත් කොලහල නවතමින් ත ද
192. තෙරුවන් ගුණ ව නා පහ කොටැ නරක් යෙහෙ නා වෙසින් ඒ සුර නා කෙළේ වඩිනා ලෙසට මුනි නා
193. බිම්සර රජ එ වි ට බුදුපාමොක් සඟන හ ට වළදවා නිසි කො ට නැමැඳැ මෙ ලෙසින් කියයි මුනිඳු ට
194. තෙරුවන් විනා මට දිනකුත් නො හැකි විසූ මට නිති වැඳැ පිදි මට වෙළුවන නම් නුදුරු යා මට
195. කරුණා කොටැ සුග ත මෙ උයන යෙහෙකැ පිළි ග ත කියමින් පැහැදැ සි ත උයන පිළිගැන්වී පැනෙව අ ත
196. පිළිගෙනැ කැප ලෙස ට මහපොළොව කම්පා කො ට උයනැ නිති විසුම ට වැඩියෙ මහ සඟන පිරිවර කො ට
197. අගසවු යුග පව ර පිරූ පෙරුමන් ඇති පෙ ර සමඟ තම පිරිව ර පැවිදි ලැබැ අගපලට පත් ව ර
198. එ උයනහසැ ලක ර සගන තුරු පිරිවර කැ ර ලොවැ මොහඳුරු දුරු ර දිලෙන වරැ මුනි පිරි තුසර ක ර
199. සුදොවුන්නර ප වර දකිනා රිසින් මුනි වර මැතිදකු සපිරි වර ගමන් කැරැවි පසිඳු එනු වර
200. ගොස් එ මැතිඳු ප වර දම් දෙසන වරැ මුනි වර සිටැ පිරිස් කෙළ වර අසා ලැබි මහ පල ද එ මැ වර
201. නැවැතැ මුනි රජු ගෙ න පැවිදි ඉල්ලූ හැම දෙ න “එව මහණ මෙහි”යි න තෙපලෙකින් ලැබු පැවිදිවෙන වෙ න
202. රහත් වූ තැන් සි ට මැඳහත් බැවින් හැම වි ට කෙනෙක් වත් මුනිඳු ට නො කිවු රජු කී අස්න සිහ කො ට
203. මෙ ලෙසින් නර ප වර දහසදහයැති පිරි වර නවදෙනකු මැති වර ගමන් කරවූ සැදැ වරින් වර
204. ඉන් ආ කෙනෙකු ව ත් උන ගෙන් ලත් බසක් ව ත් නැත්තෙන් රජ මහ ත් දුකින් ඉදැ මෙ ලෙසින් නැවැත ත්
205. වැලිකෙළියෙහි පට න මුනිඳුට ඉටු මිතුරු ව න කාළුදායි ය න මැතිඳු හැරැ අනිකෙක් නැතැයි දැ න
206. ගෙන්වා ඔහු ළඟ ට පිය බසිනි සිත තුටු කො ට දාසක් අඩු නො කො ට ලවා පිරිවර යවී එ මැ වී ට
207. ගොස් රජගහා ව ට මුනිඳු බණ දෙසනා වි ට පිරිස් කෙළවරැ සි ට අසා පිරිවර සමඟ සහ තු ට
208. රහත් පල ලැබැ ලා මහණ වැ වසත එහි ලා හිමකල් ඉක්මී ලා වසන් කල් පැමිණි බව දැකැ ලා
209. කිඹුල්වත් පුරය ට සුදෙවුන් රජුගෙ යැදුම ට කුලුණු කැරැ වඩින ට කල් මෙ යැ යි දැන් වී යැ මුනිඳු ට
210. දැ ඩී සිත ද නැති වියේ වැඩි ගිමනුඳු නො මැ වියේ වැඩි සස් ඇති කල් වියේ වඩී නට මනකල් වියේ
211. කුල නුවරට වැඩැ දස බ ල දුල බ දහම වදහළ ක ල කුල කොත් කිරිඳුට මනක ල සල කව මතු වන වැඩ ප ල
212. අ ග ප ත් වන ලොවට ස දා සි ය කැ න් කුලයට මෙ ස ඳා බලවත් පිහිටෙකි එ ස ඳා වැඩියොත් යෙහෙකි මුනි ඳා
213. ස ව න ක් රැස් දුටු සව් ස ත ම න ස ක් තුටු කෙරෙයි සන ත සගමොක් සිරි බලනු නිය ත දි ව ස ක් ලා බලව සුග ත
214. තුරලිය කොළ සැලෙමින් වන දළු ලිය සහළඟුරෙව් ග න උදු ලිය හැම තැන වෙසෙයි න ඉපිලිය දුටුවන් නෙත් ම න
215. දු ම දු ම හිමැ සුපිපි ම ලී ගු ම ගු ම යැ යි බිඟු නද ලි බි ම හැම තැනැ තණ ලිය ලි මෙමැගම නට කලැයි බ ලි
216. සි ට මුනි වෙත නිවන් දෙනා වි ට විටැ වැඳැ තොසන් සිනා තු ට වඩවන බසින් මනා සැට ගසෙකින් ගමන් වනා
217. දි නි ඳු උ දා වූ විලස ට නි රි ඳු ස ඳා ඒ නුවර ට තෙරිඳු උ දා යි මෙ ලෙස ට මුනිඳු යොදා ලී වඩින ට
218. අ ඟු ම ග දි න් දස දහ සක් කපිල පුරෙන් දස දහ සක් ස ඟ ර හ තු න් විසි දහ සක් පි රි ව ර මි න් වැඩි මුනි සක්
219. තුට රජගහ නුවරෙහි සි ට සැට යොදුනක් කපිල පුර ට සිට සිටැ යොදුනෙක් යොදුන ට සැට දපිසෙක් වියැ වඩින ට
220. ව ඩි න ට මුනි නික්මුණු දි න නි රි ඳු ට දන්වන’ දහසි න අ හ ස ට නැඝෙමින් නොලසි න රජ ගෙ ට තෙරිඳුන් වැඩි තැ න
221. හි දු වා අස්නෙකැ නොල සේ. ස ද වා ලු බුදින ලෙ සේ පු ර වා පා පිඬු සක සේ නොයවා කල් දිනි සතො සේ
222. පි ළි ගෙ න පිඬ පා එ ස ඳේ නැඟි නැ න යන ලෙස යති ඳේ ව ළ ඳ න මිස මෙහි මැ ඉ ඳේ කි ම තැ න කට වඩිනු මැ අ ඳේ
223. කුලුණෙන් තොප දකින ලෙසි න අ ද දැ න් නික්මිණි නොලසි න එහෙ යි න් පිඬු මුනි වළඳ න ලෙස දැන් ගෙනැ යෙමි නිරිඳු න
224. එ බ ස ට නරනිඳු සහතු ට මෙ පුරට වඩිනා අතර ට මු නි ඳු ට පිඬු වැළැඳීම ට අ ද සි ට දෙමි ගෙනැ වඩින ට
225. කි ය මි න් වළඳවා නිරි ඳු කෙරෙමින් එ මැ පා පිරිසු දු වෙසෙ සින් දිව බොජුනක් බ ඳු අහ රින් පුරවා දිනිමු දු
226. බල මින් සිටි මහ දන හ ට වඩ මින් බැතිපෙම් පිට පි ට හරි මින් පා පෙරදැරි කො ට නඟමින් තෙරිඳු ද අහස ට
227. බ සි මි න් මුනි වඩින පෙර ට නොලසින් පිඬු දිනි බුදින ට මෙලෙසින් වඩිනා අතර ට එ ර දු න් පිඬ වි යැ මුනිඳු ට
228. නුවරට වඩින ව ර සතොසින් පෙර ගමන් කැ ර සකකුලැ නර පව ර මුනිඳු කැඳවා එමින් එ නුව ර
229. නුග අරම සොබ නා සදවා නොයෙක සිරි නා වැස්වූ මන පි නා රහත් විසි දහස පිරිවරි නා
230. ඉක්බිති වැ කැත් කුල සිතත් සෙ ලෙසින් ආ කල නපුරද නො වැදි කල කෙසේ වඳිමු ද ඔහු බාල කල
231. රජ සැපැතැ ආ ලය නො කොටැ රකිතත් සි ලය එ තෙම සග බා ලය කෙසේ වඳිමු ද ඉනුත් බා ලය
232. නැතත් කිසි ඌ නය හේ නෑකමින් බෑ නය එයිව් අවමා නය කෙසේ වඳිමු ද නො කොටැ මා නය
233. නෑකමින් සුහු රුය බාලේ පටන් මිතු රුය බුදු වුයෙන් ගු රුය එසේ වුව ඔහු වැඳුම් අගු රුය
234. තිලොවට වැඩ ක රුය මරසෙන් දිනූ අබි රුය එ විටත් මුනු බු රුය වැන්දමෝ නම් ඉතා නිග රුය
235. මෙ ලෙසින් ඔහු සි තා බාල කුමරුන් අම තා තෙපි වඳුව සුග තා ගොසින් සිටැ අපි මඳක් ඉව තා
236. තොපට පිටිපසැ ඉ ඳ බණ අසමු ඔහු නො මැ වැ ඳ කියා ගොස් එ මැ ලෙ ද සියල් සක කුලැ රජුන් උන් ස ඳ
237. බලා ඔවුන’දහ ස දැනැ තතු ලෙසින් එ විග ස මන් බිදැ එ රජු රැ ස වන්දනමි යන සිතින් නොව’ල ස
238. අහසට වැඩැ සුග ත් යමා පෙළහර දක්ව ත් සුදොවුන් රජුගෙ සි ත් මහත් සතුටින් වෙමින් කුල්ම ත්
239. හිමි ඔබ පාතඹ ර කාළදේවල තව ස ර සිරසෙහි පිහිටි ව ර පළමුවෙන් වැන්දෙමි අදර කැ ර
240. වප්මඟුලට පව ර ගිය සඳෙහි කළ පෙළහ ර දැකැ සිත් පහන් කැ ර මෙ සිරිපා වැන්දෙමි දෙවෙනි ව ර
241. යමා මහ පෙළහ ර දුටුයෙමි අද නුදුටු ෙප ර බැති සිතිනි පෙම්බ ර මෙ සිරිපා වඳිමි තුන් වැනි ව ර
242. පවසා එ නරව ර සිරිපා නැමැඳැ සිටී ව ර දැඩිමන් කැත් නික ර සිටියො වැඳැ දළසුන් සපුන් යු ර
243. නබින් බැසැ මුනි වර පැනැවු අස්නැ උන් වර සක කුලැ නර ප වර උන්හු එක්සිත් වෙමින් එමැ වර
244. අසිරියත් පෙ න්නා පොකුරු වැසි වස්ව න්නා මුනිඳුගෙ පස න්නා මහිම උනුනට කිවු ළ ග න්නා
245. අසමින් එ නර සී දැන් මතු නො වෙයි මෙවැ සි බවයෙන් සිටි වැ සි එයින් නො දැනෙයි තොපට එ කි සි
246. කියමින් මහ ඉ සි සක නිකර කැරැ සතො සි වෙසතරුදා දෙ සි අසා සතොසින් ගියෝ නොල සි
247. සුදොවුන් නිරිඳු ව ත් නැත අන් මැති කෙනෙක් ව ත් නුවර වැසියෙක් ව ත් මුනිඳු පවරා ගිය කෙනෙක් නැ ත
248. නෑයන් බෝ ගම ට ගියා වැනි යැ යි උවම ට කියන බස් පෙරැ සි ට සැබෑ කොළො ඔහු එදා මුනිඳු ට
249. පන දා උදෑස න පත පා සිවුරු දරමි න වැඩැ නුවරට වදි න වාසලේ එලිපතේ සිටැ ගෙ න
250. පෙරැ මුනිඳුන් නිසැ ක කුලනුවරට පැමිණැ බී ක සපදන් දුහඟ රැ ක සිඟු බව දිවසින් බලා දැ ක
251. මා විසිනුත් මෙ දි න ගෙපිළිවෙළ නොමැ හරිමි න පිඬු සිඟමාන් යෙදෙ න සමඟ සහ එ නුවරට වන් තැ න
252. දෙමහල් තුන් මහ ල් පාසාදවලැ සුවිපු ල් හැරැ කවුළු දොරව ල් සිටිති බලමින් වඩිනු දසඹු ල්
253. රාහුළ මවු උස ඳ එ පවත් අසා විළි වැ ද මෙ නුවරු පෙරු සො ඳ ඉසුරු විදිමින් වැජඹී හැම ස ඳ
254. කසවත් පෙරව ගෙ න ඉස මුඩු වැ දැන් පා රඟ න වෙ නුවර වැදැ සිඟ න සැටි හොබි දැයි බැලූ කවුළුවෙ න
255. සවනක් රැසින් පු ර එ කලු කෙරෙමින් මුනි ව ර වඩිනා විලස් දු ර දැකැ මැ නරසී නමින් මනහ ර
256. අටගෙයකින් පව ර රුසිරි වනා පුවත ර රාහුළ මව් එ ව ර රජුට කිවු සිහන බව නුව ර
257. රජු කලකිරි යි තින් වාවා සළුව දෑ තින් යුහු වැ මැ ගොස් තැ තින් නො සිහ හිමි නින්දා යැ නිය තින්
258. කිම මෙ විතර සහ ට දන් දෙන්ට නොහැකි ද ම ට අප රජ පරපුර ට මෙ බඳු නින්දා කරනු කුමක ට
259. එ බසට මුනිඳු ස ඳ අප පරපුරු සිරිති ර ද තොප පරපුර මුනි ඳ මහා සම්මත පුර පුරය වෙ ද
260. පටන් දිවිකුරු මු නි අවසන් කොටැ කසුප් මු නි පරපුර යැ මේ මු නි එ මැ යැ අප පරපුරත් නිරිඳු නි
261. මෙ කි හැම මුනි ව ර පිඬු සිඟුමෙන් මැ දවසැ ර ලො වැඩ කොටැ නිතො ර පැමිණැ සැප විදියහ නිවන් පු ර
262. කියා වේ මැඳැ සිට ට ගයෙකින් එ නරනිඳු හ ට දෙසන බණ සොනව ට අසා ඔහු පැමැණැ මහපලය ට
263. පවරා මුනිඳු හ ට කැඳවා ගොසින් රජ ගෙ ට සහ ගණ හා එවි ට වැළැඳවු රස බොජුන් නිසි කො ට
264. ඇතුළු පුරයෙහි සි ට අඟනො ඇවිත් මුනිඳු ට වැඳැ සිටිති එකවි ට රහල් මවු නාවා යැ එ තන ට
265. පිරිවර ළඳ එ වි ට මුනිඳු වඳිනට යනු කො ට කි සඳැ එ බිසව ට කුමන බස් තෙපලුවූ ද තෙපි ම ට
266. වැඩි තෙක් පටන් සි ට මගෙ ගුණදහම් මෙ තොප ට නොදැනෙ ද ඇති රඟ ට මෙ බඳු ගුණ නො සිතේ ද මුනිඳු ට
267. ලොවට කරුණා කො ට බුදු වූ කලැ නියම කො ට එ බදු කරුණා ම ට නො කොට ඉදිතෙයි සිතෙද? මෙතොප ට
268. ඉන් මුනිඳු ම වෙත ට වඩින තුරු කරුණා කො ට කලක් ඉවසූ ම ට බැරි ද ඉවසන්නට මඳ කලක ට
269. නැතත කරුණා ම ට පිය සුත රහල් කුමරු ට නමුත් කරුණා කො ට වඩිනු නියතයි සිතෙයි මසිත ට
270. වැඩි කලැ මැ මෙ තන ට වඳිනෙමි සිතැ කැමැත්ත ට කියමින් නියම කො ට රහල් මවු උන් සඳෙහි මෙ ලෙස ට
271. මුනි සඳු ද එ මැවි ට පාදා දෙමින් නිරිඳු ට රිවිසඳ කැරැ දෙපි ට ගමන් ගත් සුනෙරගිරි විලස ට
272. අග සව්වන් දෙදෙ න පමණක් මැ කැඳවා ගෙ න රාහුළ මවු වස න සිරියහන් ගෙය තුළට වඩිමි න
273. රජු දූ බොහෝ කල නොමඳ දුක් ඉවසු බල එයින් අප දුටු කල අඬා වැලැපුම් බොහෝ වේ බල
274. නවතින තුරු ඇය ම නො නවතව තෙපි පළමු ම පවසා අසම ස ම මුනිඳු වැඩ උන් සඳෙහි එ විටැ ම
275. පිරිවර ලිය සම ඟ කසාසළු හැදැ එක ර ඟ මුනිඳු සිරිපා ය ඟ නො බා ගොස් වැදි තබා උතුම ඟ
276. සිරිපා සිඹැඑ ස ඳ වඳිනා විලස කෙලෙස ඳ රාහුල බියෙන් ත ද සරණ සරණට වඳින වැනි ස ඳ
277. වඳිනා ලද සොඳි න සිරිපත්ලැ මුව තබමි න රිවිදෙවි ගත් අති න තඹර සරණත පුදන වැනි ර න
278. වැඳැ සිරිපතුල් දෙ ක හොත් ඇය සුනිල් යුගස ක ගනරන් පොරුවෙ ක පුදන නිලුපුල් වැන්නැ දින මු ක
279. සුරත් පා තඹ රේ මුහුලස මිදි ඉසි රේ රන් මිරිවැඩි ත රේ සුනිල් පස්යෙකැ බහන ඇසු රේ
280. දඟ පිරි අතින් ගෙ න අඬමින් දුකින් නොමදි න සන්හුන් පියවියෙ න පසෙකැ සිටියා එ ළඳ බැතියෙ න
281. සුදොවුන් රජ සඳ මුනිසඳ මගෙ යෙහෙළි සඳ ඔබ කසා දැරු සඳ තොමො ද කසවත් දැරූ එ වැ සඳ
282. හරිමින් විකල් බ ත එක් වේලේ මැ වළඳ ත යනු අසමින් සුග ත තොමොද වූ එ ලෙස එක් වරූ බ ත
283. උසසුන් මහ අ සුන් අසා හරියෙයි යන සුන් හැරැ තොමො ද එ අ සුන් නිබඳ සෙවියා වේ ද නිස සුන්
284. මල් සුවඳ විලවු න නො ගන්නා බව අසමි න තොමො ද මල් සුවඳි න තොර වැ විසුවා වේ ද ඇම දි න
285. ඔබ මහණ වූ ස ඳ ඇසූ රජ දරුවන් සෙ ද මාහැගි පඪුරු බැ ඳ එවු සඳැ නො ගෙනැ දැමුවා වෙ ද
286. ඔබ කෙරෙ සෙනෙහ සින් වැන්දඹු වැ දුක් මෙලෙ සින් . වින්දා නොකම සින් මෙ වැනි ගුණ ඇද්ද හිමි දිගැ සින්
287. එ පවත් අසා මු නි මහිම ද මෙ දැන් නිරිඳු නි තිරිසන් අත් බැව් නි සිටත් නො පැතූ මමුත් කෙනෙක් නි
288. තොප විසිනි රකි නා මිනිසක් බවෙහි සිටි නා නුවණින් යුතු ම නා මොවුන් ගුණ තෙපි වනහු නොමි නා
289. අසමින් නිරිඳු ස ඳ නො දැනෙයි අපට මුනිර ද පහළ කෙරෙමින් සෙ ද වදාළොත් යෙහෙකි එ පවත් අ ද
290. පිය නිරිඳුන් වි සින් යදුනා ලදු වැ නොල සින් ඉකුත්වත් මෙ ලෙ සින් ගෙනැරැ දක්වා මුනිඳු වෙසෙ සින්