විල්ගම්මුළ පබඳ-සඳ කිඳුරු දා කවiii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

291. බරණැස් නුවර පෙ ර බඹදත් රජකු පුවත ර රජසිරි විඳින ව ර පිරූ බෝසත් පෙරුම් මනහ ර

292. සඳ කිඳුරු ජම්මෙ ක ඉපිදැ හිමිවත් පෙදෙස ක සමහ කිඳුරඟන ක වෙසෙති නිති ඔහු රිදි පව්වෙ ක

293. ග න ර න් කුළු දිලි මුඳුන තා පි න මි න් සිත සුරඟණ නිති ප තා දෙනකන් කලු ගි නැටුමෙන් ඉ තා ම න ස න් තොස වෙයි දුට එවන තා

294. හෙළ රත්සඳුන් අමුකපුරු රුක් ක ළ ගුරු කොකුම් තුවරල තු රුක් දු ළ මුහුල නා සපු කුසුම රුක් ද ළ කළු එළුක් ඇත දිගු පු රුක්

295. ගොත මින් තණ අදිමින් ඉර ඉ රා සි ත නොදෙමින් පවකට අවස රා ව ත පිළිවෙත කැරැ සිල් පුර පුරා ඇත එ වනෙහි ඉඳිනා තවස රා

296. ව න ගිරි හිසින් එන ගඟුලැ ලි දෙ න සැපපහස් මඳ පවනැ ලි තැ න තැනැ කුසුම් රොන් ඇදැ හැ ලි ග න කමලුපුල් සැදි වන වි ලි

297. රඟ දෙන කුළින් කුළැනිල්ගෙ ලි පැන යන තුරින් තුරැ මුව වි ලි නද දෙන මලින් මලැ මිහිලො ලි පොර ඇන තැනින් තැනැ ගවරැ ලි

298. සැ දි ගොමු වලින් පිපි ගිරි නි ලි රැ දි ප ල වැ ලි න් දිලි තුරු වැ ලි බැඳි අ සැ නි ලි න් දිසි කසම ලි ඉ ඳි මිදි දෙ ලි න් එ වනය දි ලි

299. දු රැ දකිමින් මිනිසුන් එන රඟා කු ර අදිමින් හඬමින් කර නඟා ව න මිහිවුන් දුටුවොත් සිටි රඟා කොරවුණු මෙන් වෙයි යුගපාද ඟා

300. වෙළෙමින් සිවුපාවුන් දරණි නේ ත ළ මි න් මඩිමින් සෙද බුදිමි නේ ම ළ වු න් විලසින් හොත් තැන තැ නේ ව ළ මි න් යනු බැරි පිඹුරන් ව නේ

301. ම හ ත ත් උස කිම පවස න්නේ ය හ ප ත් අස් පොව්වන් වැ න්නේ බ ල ව ත් සැටි එහි දිවිය න්නේ දුටු වො ත් එ විටැ මැ දියි ය න්නේ

302. ත දි නා තුඹස් බිදැ නො වි ලස් බු දි නා අහස්මි ඉදැ ව ලස් ඉ ඳි නා පොරෝගෙනැ නිල් ප පස් සෙ දි නා රැපෑ නාකින් වි ලස්

303. මී ර න් මැටි තවරා තොලුප තේ සා ර න් නට වන් සදැ දෙරණ තේ ඌ ර න් සැටි දුටුවොත් එ වන තේ මෝරන් නට වෙයි බිය වැදැ සි තේ

304. ලිය ලා තුරු සෙවණැලි වලැ ‍ඳේ ලිය ගි කියමින් සැතැපි ඉ ‍ඳේ ලිය ඕවිලි කෙළනා මනන ‍ඳේ ලිය කිඳුරෝ ඇත එ වනෙහි සො ‍ඳේ

305. ම ත් ගජ රළින් රළ බලව තේ දෙ ත් දිගු දළින් ද ළ නො නැවතේ යු ත් මුව මුළින් මුළ කෙළිමතේ බොත් දිය දොළින් දොළ එ වන තේ

306. ක ල දෝ රන් කුළුවලැ නොම දිනේ සු රි ‍ඳෝ කෙළැ ඇවිදිති හැම දිනේ එ හි දෝ වැදැ එ වනය වොර දිනේ නෙතදෝ සිත ඉන් නිති පහ දිනේ

307. දඟ ගසා ඉඳින නයි පො‍ළගුනු ත් සිත බයානක වු මහ පිඹුරනු ත් තද රොසාවු ගිනි විසි කරවලු ත් දුට බයාදික වැ වෙවුලයි ගත ත්

308. ස බ රු න් වල් ගනිති බිය ගෙ නේ සෙම රු න් සැඟවුණු තැන් නොම මැ පෙනේ ග ව රු න් සිටිනා දුට ඒ ව නේ ක වු රු න් ට ද සිතැ බිය නො වදි තේ

309. ද හ සි න් වත් කිවත් අනත හි වෙසෙසින් පැවැසුම් බැරි නොමැතැ හි වි ල සි න් ගත් සිරිනඳුනුයනෙ හි කෙලෙසින් පවසම් සිරි එ වනෙ හි

310. එ කලැ බරණැස් ර ඳ ගෙන්නා මැතිවරන් සෙ ද කියා දඩැ යන ලෙ ද රජය පාවා දෙමින් එ මැ ස ඳ

311. කළුදපිළි හැ ඳ දුන්න ද යකඩ මුඟුර ද තිසණු අඬයවිය ඳ කඩුව සහ පාරාවළල්ල ද

312. ‍මෙ කි පස් ආයු ඳ ගනිමින් හිමවතට වැ ඳ මුව දඩෙහි ලොබ බැ ඳ ඇවිදි මුවහසර බලමින් සෙඳ

313. කලදෝ එ පවු වැ සි නොයෙක් සඳකිඳුරෝ වැ සි සාරමසැ අන් කි සි තැනෙකැ නො ගොසින් නිති එහි මැ වැසි

314. ගිම් සාරමසැ බැ ස කෙළැ ඇවිදිති එ පවු අ ස බෝසතු ද එ මැ ලෙ ස කිඳුරගන සමගින් එයින් බැ ස

315. විඳිමින් සඳුන් හ ර ගා අමුකපුරු එක් කැ ර දෙදෙන ඔහු පෙම්බ ර සියල් තුනු ගල්වා සිහිල් කැ ර

316. හැඳැ පෙරෙවැ මල් ප ට ලියෝවිලි කෙළිනා වි ට පටන් ගෙනැ මොනව ට කියත් ලිය ගී නද මිහිරි කො ට

317. දිසි හෝළවැ ල්ලේ සඳුන්තුරු සෙවණැ ල්ලේ මඳනල සිහි ල්ලේ ඉදිති කෙළැ කෙළැ කුසුම් නි ල්ලේ

318. කිනිහිරිය ගිරි නි ල් පෙත්තෙන් ගොතා සුනි ම ල් පැලැඳි ‍දම් මනක ල් වැන්නැ මාහැඟි බරණ ඉඳුනි ල්

319. ගොතා සපු පෙ ත්තෙන් දොඹකැකුළු ලා ම ත්තෙන් ගෙලෙ පැලැඳ ග ත්තෙන් දිලෙයි මුතු අපරණෙව් නි ත්තෙන්

320. අඹමුකුළු සල් ම ල් කඩා අමුනා පැහැදු ල් උදක් මුතුහර තු ල් පැලැඳැ මල්දම් දෙදෙන මනක ල්

321. පැමිණැ හෝවළක ට උස් වැලි ගොඩක් පිටැ සි ට පැනැ පැනැ දිය වළ ට කෙළිති මල්දම් දමා සහතු ට

322. නැවැතැ හැඳැ මල් ප ට රිදී පට වන් වැලි පි ට වස් කුළලක් අත ට රැගෙනැ හිඳැ බෝසත් මනා කො ට

323. පිඹිමින් විටින් වි ට ගි කියමින් සතුටු කො ට එ සඳ කිඳුරඟන ට එ සඳැ කී වෙසෙසින් මැ රඟන ට

324. ඔහු ඉදිරියෙහි සි ට මහරි මල්දම් විසල ට මොලොක් අත් විටැ වි ට හෙළා නගමින් නටයි තුටු කො ට

325. වස්කුළල් නා දේ එක් කොටැ ගීත නා දේ කියන එහි නා දේ අසුනු තැන ඉන් වැඩි ම නා දේ

326. ලෙලවා රතත් ත ල රහන රහ දුටු සුරකැ ල වඩවති සිතේ ලො ල එයින් වින්දෝ යැ නෙත් ලත් ප ල

327. මුහුලිඳු වරින් බර බැබැළුණු තුන් හිරින් කර සැදි පියවුරන් උර රුවට ඇය සුරඟන දුරින් දුර

328. නෙත් නිලුපුල් පෙ ති ලවන බඳුවල සුර ති මුතුවැල වන් ද ති මොවුන් දුට ලොබ කවුරු නො ක රති

329. වත සුපිපි පියුමෙ කි නෙත සුනිල් මිණි යුවලෙ කි ගත ගනරන් රුවෙ කි වනත නත මුත් කවුරු වෙති හැ කි

330. කියන ගී නා දේ තබමින් අනුවැ පා දේ නටයි දැනැ බේ දේ ගුරුන් නැතිවැත් සිල්ප සෑ දේ

331. අසමින් නද පත ළ අනෙකෙකැ නො කොටැ මනදො ළ නො ගසා මැ කන්ත ළ සිටිති සිටි වන මැ වනැ ඇත් රැ ළ

332. සවන් උඩු කෙරෙ මින් මුවෙන් ගත් තළණ හෙළ මින් කඳුළු නෙත් පුර මින් සිටිති මුවමුළු එ නද අස මින්

333. පැටියන් බඩැ බැ ‍ඳේ සාමුව අවුත් එ ස ‍ඳේ තුරුසාවලැ ඉ ‍ඳේ අසති නිසල වැ එ නද පැහැ දේ

334. පියාසර කොටැ යෙ න ලිහිණිලණ අහසින් ය න මියුරුනද අසමි න සිටිති අහසැ මැ පියා විදමි න

335. ගං හෝවලැ අස ල කෙළිනා නොයෙක් මින්කැ ල අසමින් නද එ ක ල වරල් නො සලා සිටිති පිල පි ල

336. බරතැයැ වු රඟ ට රඟන කෙනකුන් විලස ට ගිනදට එක් කො ට රඟත සඳකිඳුරඟන මෙ ලෙස ට

337. බරණැස් නිරිඳු ස ඳ අසමින් ඒ මියුරු න ඳ දනසුන් මෙ වන මැ ඳ කවර කෙනකුන්ගේ ද මේ න ඳ

338. සිතමින් සෙමින් සි ට පියසන් නො කොටැ වට පි ට බලමින් ගොස් ළඟ ට මෙසේ උන් රඟන රඟ දැකැ සි ට

339. අසිරිමත් නැටුටම කි අසමාන වු රුසිරෙ කි සුමිහිරි කට හ‍ඬෙ කි කවර දවසෙකැ ලැබුම් වෙ හැ කි

340. සිත ඔහුගෙ ම ත්වි අනුරාග පලව ත්වි ගුණදම් ඉව ත්වි එයින් බෝසතු මරන සි ත්වි

341. හීයක් ගෙනැ අත ට ඇද ඇරැ බමා නිය පි ට දැතිවරැ කවා සි ට විදපි ඇදැ උර පුරා තර කො ට

342. හීය වැද බොස ත් දුක්වේදනා බලව ත් ඉවසිය හැකි නොවේ ත් එයින් මෙ ලෙසින් අඬා වැලැපෙ ත්

342. සබඳ පිය බ ඳිනේ ආයු ඇති වැ ද සො ඳිනේ හි පහරැත දිනේ අකල් මරණෙක් වි ද මෙ දිනේ

344. සොඳුර ඉන් මෙ ක ලේ මසිත කෙළියෙහි නෑ ලේ වණයෙන් වැඟෙන ලේ ගලන වැනි උල්පතින් සිලි ලේ

345. කකියා ගිය නෙලෙ ක ලූ තණ සෙයින් විගසෙ ක දිවි නො තිබෙයි නිසැ ක ඉඳුව තො දුක් නො වී පණ රැ ක

346. සිහි නැත මඳින් මඳ බල අඩු වෙයි සෙදින් බඳ වියොදුක් තදින් තද ඉතින් පණ සැඟවෙයි ලෙදින් ලෙද

347. උදක් පණ ලොබි නා අඬතෙයි නො සිත නො දැ නා මතු මගෙ වියොවි නා දුකුත් සැලැකෙයි මෙ තොප විදි නා

348. මා හා යමහ පෙ ර කෙළැ ඇවිදි තැන් එනතු ර දැකැ තිගෙ සිත කව ර ලෙසෙකැ සවහා ගනු ද දුක් ගැ ර

349. අඬමින් දුකින් හො ත් සිවුමැලි එ මහ බෝස ත් සිහි මුළාවෙන් ප ත් අනික් ඇලයෙන් ද පෙරැළි ත්

350. නිඳුරඟන බෝස ත් විත් කෑ නියා නො දති ත් නො ලා ඔහු දෙසැ නෙ ත් නටා කෙළියෙහි ලොබින් බලව ත්

351. ගී නද වී ප මා කාරණ කිමැයි විස මා හොත් ඔහු ළඟට මා ගොසින් මුසපත් වී යැ නස මා

352. කිඳුරඟන සස ලේ දැකැ වණයෙන් වැහෙන ලේ මිනිසුන් නැති ව ලේ මෙ දුක් කාගෙන් විඳ මෙ ක ලේ

353. මෙබඳු දුකකුත් වන කෙනෙකුත් නැත පිහිට වන දෙකක් කරමින් වන අඬා වන සෝ කියන්නට වන

354. සැඟවී සිටි එ ර ඳ කිඳුරා මෙළේ යැ යි සෙ ඳ එළි බසිමින් එ ස ඳ මෙසේ පැවසි තෙපුල් මනන ඳ

355. නො යෙදෙයි අඩන්න‍ ට මළවුන් උපදවන්න ට බැරි යැයි කටින් ක ට කියති ලොවැ පුළුවන් ද දැන් ති ට

356. දඩයමෙහි ලොබ ලා ආවා මිසක් මෙ එ ලා බරණ ස මනන ලා රජ කරන්නෙමි මව යැ මෙ ක ලා

357. සොලොස්දහසක් ව ට පුරඟන ඇත නියම කො ට උන් හැමට මුල් කො ට තබමි අගමෙහෙසුන් බිසෝ කො ට

358. නො කර ඉන් සෝ කය පවතින තෙක් මැ මේ කය සැපත මෙන් නා කය වඳි මු රජ සිරි මිනිස් ලෝ කය

359. අසමින් කිඳුරඟ න රජු දෙසැ බලා බිය ගෙ න නැත මෙහි කෙනෙක් වෙ න මහිම විද්දේ මේ සොරා ව න

360. සිතමින් ගොස් නො සි ට නැඟි සිටැ ගිරි මුඳුන ට සිත බිය හැරැ එ වි ට පටන් ගතු හැරැ මෙ ලෙසින් අවන්න ට

361. නිවරද මහිම ස ඳ තියුණු හීයෙන් තො අ ඳ විද්දේ කිසිලි මැ ද කවර තගෙ වයිරෙක් ද පෙරැ බ ඳ

362. හිමි සඳ මා නි හා මැරී නම් තෝ සත සා ඒ දොස් නො වැ ල සා තාත් තගේ අඹුවනුත් වන සා

363. තගෙ මවු බිසෝ ළ ඳ තා නො දැකැ මැ දුකින් ත ද මියැ ගොස් නිරා වැ ද පැසේවා කප්දහස් දුක් වි ඳ

364. පවිටු නරනි න්දා නො බැලි යැ ලොවැ නි න්දා කළ දැ කුම න්දා නිරා වදිවා සහ බිරි න්දා

365. පියසුතන තා ගේ පිහිටක් නැති වැ කා ගේ ගොසින් යවයා ගේ පුරට වන්නොත් යෙහෙකි වේ ගේ

366. සොළොස් දහසක් පු ර අඟනන් සමඟ එක ව ර වියැ ගොස් රජය හැ ර තෝත් විඳවයි නිරා කරද ර

367. කිඳුරඟන නොල සින් වියරු හුණුවක විල සින් පිටැ හුණු වරල සින් ඇවිලි අවමින් අඬන මෙ ලෙ සින්

368. අස්වැසිලිය බ සින් එ නිරිඳු කියයි මෙ ලෙ සින් කිඳුරඟන වෙසෙ සින් අසව මකියන තෙපුල් සතො සින්

369. සදිසි ඉඳවර පෙ ති දිගුපුළුලැති සුනිල් නෙ ති වන සඳමඬල යු ති තො අගමෙහෙසින්කමට යහප ති

370. රජ සැපත බලව ති අඩුවක් කිසිවකුත් නැ ති දෙදෙන සමඟ වැ නි ති විඳිමු සැප ආයු ඇති නෙත් රු ති

371. කිඳුරඟන එ පව තේ අසමින් දුකින් බලව ත් මියන පමණක් මු ත් තවෙතැ සැප විදැ ඉඳිමෙක් නැ ත්

372. අසා එ නිරිඳු ස ඳ කිඳුරඟන කී බස් ත ද ඇවෙතැ සිත පිළිබ ද ඇරැපි අත දවන බඳනක් ලෙ ද

373. කන්නලවු නොයෙ කි කිවා කෙනෙකැ නො වැ කි තිරිසන් වු එ කි පැතූ ඒ මම ද නිරියනෙ කි

374. තාලිස් තුවර ලා ගොදුරට කමින් නො ව ලා ඉඳිනු මිස මෙ ව ලා කුමන සැපයක් විදි ද මෙ ක ලා

375. තිරිසන් ජාති ඇ ති එකකු සමඟ වැ නො ඉඳි ති වඩමින් සිතේ රැ ති ඉඳු වැ දිවිහිමි විසිමෙක් නැ ති

376. කියා බස් නි න්දා අවනත නුවු ස න්දා සිතෙසි ලොබ සි න්දා ගියේ නො සිටැ මැ එ නරති න්දා

377. එ විටැ මැ කිඳුරඟ න රජු ලොබ හැරැ ගියා දැ න ගිරි මුඳුනෙන් යෙහෙ න ඇවිත් මහබෝසතු වැලැදැගෙ න

378. අඬා ඉකි බිදැ බි ඳ ඔසවා ඔහුගෙ මළක ඳ ගෙනැ ගොස් ලෙදින් ලෙ ද තබා ගෙනැ ගිරිමුඳුනතෙහි ඉ ඳ

379. සෝකයෙන් තැවෙ මින් ලෝපල් සුරන් යදි මින් ඉඳැ දසතැ වැනෙ මින් අඬයි දුක් මේ ලෙසින් කියු මින්

380. ඇ ද ග ත් තදින් විදි සැර නො වැරදි වැ ඳ හි ය ප ත් මුවෙන් වැම්මෙන ලේ හැලි නොම ඳ බ ල ව ත් දකින් වලපින හිමි නුඹ වැළැ ඳ මගෙ නෙත් දියෙන් සේදී ගෙනැ ගියේ වෙ ඳ

381. සි ප බ ඳ කොමළිතින් මුව මී පොවා පියා සැ ප වි ද කලක් සමග වැ මන පිනා පියා ල ප ස ඳ ලෙසින් උන් මගේ හිමි මරා පියා අ ප අ ද කුම‍ට වෙන් කැරැයි ද පා පියා

382. දිසි ගඟු ලැ ල් ලේ ය කෙළැ සිහිලැ ල් ලේ යා තුරු සෙවණැල්ලේය මඳ පවනැ ල් ලේයා නුඹ සහ වැ ල් ල් ය මල්පෙති නි ල් ලේයා උන් මට ලොල්ලේ ය දැන් ළතැවු ල් ලේයා

383. උපුල් කඩා ගෙනැ කනැ සුපු ල් ව න ළකල් කුසුම් දම් කරැ ලා එ ක ල් ව න නිමල් මෙ නුඹ සහ විඳි සැප විපු ල් ව න සිහිල් සෙවණැ උන් මට මේ තැවු ල් ව න

384. සඳුන් අරටු බිදැ ගලැ ගා කල ල් ව න නඳුන් අමුකපුරු ලා එහි සිහි ල් ව න එදුන් ගතින් සමහම් විඳැ මඟු ල් ව න වැදුන් අපට අද මේ තද තුවු ල් වන

385. නි දු කි න් සමඟ පෙම් බැඳැ සැප විඳැ සො දිනේ බසෙකින් විතර වෙනසක් නො වැ ඉඳින දිනේ දියෙකින් නැඟුණු ගින්නක් මෙන් වියැ මෙ දිනේ ඉ ති කින් කෙසේ වෑවෙම් දෝ හිමි ස දිනේ

386. හ ම න සුවඳ සිහිලස ලිය මඬුලු ව ලා ගි ම න නිබඳ සතපා උනිමු ලොබ ව ලා එ ව න සෙ සඳැ තැවුලිය ළැව් ගිනි සෙ ව ලා කු ම න සැප ද වින්දේ හිමි සමඟ ව ලා

187. සු ද් දේ උබයකුල යුතු අය පසි ද් දේ ව ද් දේ විනා නො කෙරෙති ලොවැ නොව ද් දේ බැ ද් දේ ඇවිදිනා දඩයමෙහි ලු ද් දේ වැ ද් දේ කියනු යුතු මහ රජෙකි වි ද් දේ

388. නොවි දුකක් සමගි වැ ඉඳැ වන න දිනේ පෙ වී මුවතඹරැ මි නිබඳ නොම දිනේ තැ වි අද වියෝ ගින්නෙන් ළම ත දිනේ ගෙ වි ගියේ දෝ ඉරණම ගිමි ස දිනේ

389. අ ඹ දඹ කෙසෙල් පලවැල රස විඳැ නිබ ඳ පි ඹ වස් කුළල් ලිය ගි කිය කියා සො ඳ සි ඹ මුව කමල් දෙදෙන මැ ගෙල වැලැඳැ ඉඳ නු ඹ හැරැ මෙකල් ළම සැනැසේ ද හිමි ස ඳ

390. ලි ය කිදුරෝ දෙදෙනෙක් වලැ පෙර දව ස ඔ ය වතුරෙන් එක රැයකට වෙනු වු වැ ස සි ය කුලැ ඇඬූ කලැ උන් සත්සියක් ව ස ගි ය පණ හිමි නුඹ හැරැ වෑවෙමි කෙලෙ ස

391. වෙසක් නො වී සමඟි වැ සැප විඳැ ඉ න්ට දා ස ත් ආයු ඇත අප සඳකිඳුර න්ට දෝසක් නැති වැ අතරෙකැ වියැ මියැ ය න්ට මේසක් නුදුටු කලැ කියනෙමි කවුරු න්ට

392. වි ග සෙ ක කළ මඳක් පෙරැ අකුසලෙක් වී ඳ අ හ සෙ ක සමුදුරෙකැ ගිරිලෙනැකැ විසුව ද නොවැළැක පල දෙති කී තෙපුල මුනි ස ඳ අ ද සැ ක හළෙමි අත්පිටැ දුටු හෙයින් සෙ ඳ

393. උ සේ කුලින් කුළ බැසැ නැ‍ඟෙමින් මෙ ව ලා කොසේ වඩා කෙළිමින් ඇවිදැ පෙර ක ලා මෙ සේ වියෝදුක් උසුලන්ට වූ ක ලා කෙ සේ තිබේ දෝ හිමිසඳිනි පණ න ලා

394. ල ප ස ඳ ලෙසින් වෙන් නොවැ ඉඳැ සමඟ වලා හැම ස ඳ කෙළින සෙවණැලි ලියමඬුලු වලා හි මි ස ඳ නුදුටු කලැ එක තැනෙකත් මෙ වලා කෙලෙසඳ මසිතු වෑවෙනු කියව තනි වලා

395. අ ත ක් බෝසතු ගෙ ළෙයි තබමින් විම සා ම ඳ ක් සැලි සැලී පණනල තිබෙන නි සා ප ස ක් තෙදැති දෙවිනේ යදිමින් නොල සා නැතක් කන්නලවු බස් තෙපලයි මෙ ලෙ සා

396. පැ ය කු ත් වියෝවක් නු අප දෙන්නා ට බ ල ව ත් වියෝදුක් වියැ කියනෙමි කා ට මැ ඳ හ ත් වෙමින් සිටිනා ලොවැ දනයා ට මි හි ක ත් තමා නො වේ ද පිහිටක් ම ට

397. ඇ ස ක් සදිසි පියකරු මගෙ හිමි ය න්ට දො ස ක් නැති වැ මෙ ලෙසින් වියැ මියැ යන්ට ප ස ක් තෙදැනි මැඳහත් ඉරි දෙවි ය න්ට මි ස ක් බැරි යැ මෙ දුකට පිහිටක් ව න්ට

398. වි ත ර විනම් දුක් උසුලන්නට හැකි මෙ නේ ස ත ර වරම් දෙවියෝ ඒ නුදුටු අ නේ ක ත ර නොයෙමි මෙ තැනැ මැ ඉඳැ විගසකි නේ ප ත ර කෙරෙව මගෙ ගුණ ලොවට වෙසෙසි නේ

399. ම න පි න මි නේ සුරඟන සමඟ නිසැ කිනේ තැන තැනැවෙනේ තුරු තුරු වසන නිඳු කිනේ වන දෙවියනේ මට වූ මේ වියො දු කි නේ සැ නැ සෙමි අනේ තොපගෙන් ලත් පිහිටෙ කි නේ

400. ර නේ රසමෙ නේ දවසැරැ පෙර දව සේ සෙනේ වඩමි නේ පෑසි රසපහ සේ වෙනේ නොමදිනේ දුක් වූ කලැ මෙ ලෙ සේ අ නේ දෙවියනේ සැනසෙමි දැන් කෙලෙ සේ

401. සු ර ඟ න සදිසි වරහන ඇති වැ තම පු ර අ පගෙන සහබ වැසැ සැප විදිමි යි නිත ර සි ත මි න මහිම විදැ මැරුවා දැකැ මෙ ව ර බිය ගෙන ගියෝ දෝ දෙවියෝ මෙ වන හැ ර

402. ව හ සි න් නෙත් කඳුළු හැලි නො නවති න්නේ මෙලෙසින් විඳින දුක් හැරියොත් පෙ නැ න්නෙ අ හ සි න් යනෙන නන් සිදු විදු දර න්නේ වෙසෙසින් මහිම ඇති බව මින් දැනෙ න්නේ

403. වැහැරි සිවුරු දරමින් යන එන ගු ව න මි හි රි පලාපල රස විඳැ සා නි ව න එ හි රි ඔතප් යුතු තවසර ඇත මෙ ව න බි හි රි නුවොත් මගෙ දුක් නෑසේ ද ස ව න

404. වෙනසක් නො වි විදැ සමඟම සැප විපු ලා ම න සක් තුටු වැ උන් මට දුක් වනි මෙක ලා අ ද ස ක් දෙවිඳු මෙ වියෝ දුක් නුසුටු ක ලා ද හ ස ක් නුවන් ලද්දායින් කිමෙකැ ප ලා

405. පෙරකල් සුජාතාවන් කෙකිනි වැ උප න මනකල් සක් ඉසුරු හරැවීමත් මින් ලෙසි න හැමකල් රකින සිල් විමසා පහසමි න සු ර ක ල් කෙළේ යළි සක්රද තොප විසි න

406. එ බැ වි න් මහත් කුලුණෙන් පසිඳු සක් ර ඳ වෙසෙසින් පිහිට වන අය තොප මිසක් කො ඳ නොලසින් මසිතු දෙවමින් සන්තොසක් අ ඳ මෙ දු කි න් සැනැසෙන්ට කිය උපදෙසක් සො ඳ

407. වි දි නා විරහදුක් බලවත් වූ ස ඳි නා ය දි නා කිඳුරඟන ගුණ පලයෙන් සෙ ඳි නා ඉ ඳි නා සැපපහස ලැබැ සුර රජ සො දි නා ත දි නා උණු වැ ගියෙ පඬුපුල්සල එ දි නා

408. අතඹුල් ලෙස සියල් දැනුමෙනි මන න න්ද දසඹුල් බව ලබන කෙනකුත් මහිමෙ න්ද සුහුඹුල් මගෙ සැපත අනෙකකු පැතුයෙ න්ද පඬුපුල් අස්න අණු වූ කාරණ කි මඳ?

409. ද හ ස ක් නුවණැසින් ලොව බලමින් සොදි න ඇගෙදුක් දැකැ ඇසිල්ලෙකැ බමුණකු ලෙසින පි හි ට ක් වන ලෙසින් ඇවිදින් සුරපුරෙ න බැසැසක් රද සඳැ සඳ පව්වට යෙහෙ න

410. දිය ලෙන කෙන්ඩියෙන් මහබෝසතුන් වෙ ර ඉ සි මි න වණය සුව කෙළෙ කැළල නැති කැ ර වෙහෙසන ලෙස අනුන් මළවෙස් ගෙනැ වැති ර නැ ගි වි න එකකු මෙන් බෝසත් නැඟිටි ව ර

411. එ සඳැ සුව ප ත්වූ එ හිමි දැකැ බලව ත්වූ සොම්නසිනි ම ත්වූ කියයි කිඳුරඟන සිරිම ත්වූ

412. සුරරදින නුඔ අ ඳ දුකට පත් මගෙ හිමි ස ඳ අමාපැන් ඉසැ සෙ ඳ කෙළේ සුවපත් කුසල් අත් බැ ඳ

413. හිමි සමඟ බෝ ක ල් සැප විඳැ ඉඳිමි මනක ල් නිවන් දකිනා ක ල් සුරිඳු සඳ ඇත නුඔට මෙ කුස ල්

414. ළෙහි මගෙ වියෝ ගි නි නැ‍ඟේ නම් තිදසඟ ල නි බට නාලොව ද ග නි නිවී ගියෙ නුඹෙ කුලුණමින් දැ නි

415. කියා කිඳුරඟ නා තබා සිරිපද මුදු නා වඳිමින් සුරිඳු නා සිටින හිමි සමඟ සන්තොසි නා

416. සක් දෙවිඳු තොසි නා ජීවත් වැ තෙපි දෙදෙ නා ඉඳුව ගිරි මුඳු නා නොයවු තැනකට මෙ වක් පට නා

417. නරන් නිති සර නා වනයට නො බැසැ නො දැ නා සිහි ඇති වැ සොදි නා සමඟ වාසය කරවු යෙහෙ නා

418. අවවාද සොදි නා සිතතුළ තබන ලෙසි නා කියමින් වෙසෙසි නා ගියේ යළි සුරපුරට සෙදි නා

419. හිමිසදිනි මෙ ව නා උවදුරු බෝ යැ නිති නා ඉන් නො සිටැ මෙ ත නා යමහ සඳපව්වට මැ දෙදෙ නා

420. ගං හිස්වලැ ම නා මල් රොන් වැගිරැ තෙවු නා දියවළෙකැ බැසැ නා රුකක් යට කෙළැ සොබ නා

421. සමහ වැ හැම ඳිනා ලපසඳ ලෙසින් සො ඳිනා සැප විදැ නොම ඳිනා ඉන්ට තැන් එ මැ යැ හිමි ස ඳිනා

422. පෙරැ විසූ ලෙ සිනා කාරණ නොයෙක වී සිතා එ පවුහි මැ නො සිතා කලක් සැප විඳැ ඉඳිමු ය සිතා

423. කියමින් නොම ඳිනා වියොවුන්ටව නිති වී දිනා මන්මඳ හට ඳිනා ඉඳිනු ඔහු බෝකලක් න ඳිනා

424. පෙරැ කළ පිනෙකි නා දිවි ලදිමු අපි දෙදෙ නා කියමින් එමැ දි නා ගියෝ සඳපව්වට මැ යෙහෙ නා

425. මහරද විදි එ දා බරණැස් නිරිඳු මෙ ස ඳා දිවසැතියන් මැ ඳා පසිඳු අනුරුත් තෙරිඳු වේ දා

426. සඳ කිඳුරඟන ර ද දැන් මෙ තොප යෙහෙළිය වෙ ද එ දවස් කිඳුරු ර ඳ ලොවුතුරා බුදු වූ මම් මැ වෙ ඳ

427. වදාරා එ ස ඳා කුළු ගන්වා කිඳුරු දා සතන් සිත පහ දා දෙසුම් අවසන් කෙළේ මුනි ඳා

428. මෙ දහම් අනුස සින් උවදුරු නසා නොල සින් සිතැ පිරි සන්තො සින් මෙ ලොවැ නිති විඳැ ඉසුරු වෙසෙ සින්

429. එළුවෙන් කි සසි රි මෙ දහම් අසා සුමිහි රි සව්සත් හැරැ දුසි රි ලබත්වා මතු සගපවග යි රි

430. කුසල් පිණිස මැ කි මෙහි කවි සාරසියයෙ කි යළි පස් විස්සෙ කි සිතැඟි සිදු කරන සිතුමිණෙ කි

431. රන්ගිරි සිරි අස ල මල්පලරමින් මනක ල තුන්බෝ සැදි විපු ළ පසිඳු දෙනගමු වෙහෙරැ හැම ක ල

432. වසන පිළිවෙත් ස රු සඟගණ සමඟ පියක රු සඳහම් දැරු ග රු සියල් සතරෙහි සුර ඇදුරු යු රු

433. පරපුරැති නික ස ළ මහතෙරිඳු විල්ගම්මු ළ පරවැඩ පිණිස ක ළ මෙ කව වඩවා දනන් වනදො ළ

මෙ ලිවු පින් පුරා විඳැ සව්සැපත් නිතො රා නො වැදැ බිය සස රා මම ද බුදු වෙම්වා ලොවුතු රා


නිමි