වෙසතුරු දා සන්නෙ - ප්‍රස්තාවනාව
වෙසතුරු දා සන්නය පිළිබඳ යමක් කීමට පෙර සිංහල සාහිත්යියෙහි ඉපැරණි යුගය ගැන ප්රාමාණවත් අවබෝධයක් ඇති කරවිය යුතුයි. පළමුවැනි ෙස්න, එසේ නැතහොත් සමහර පඞිවරැන් කියන පරිදි තුන්වැනි සිංහල සාහිත්ය යේ සේන රජුගේ කාලයෙහි දී කරන ලද ඉපැරණි යුගය සියබස් ලකර (9 වෙනි ශත වර්ෂතය) අප අතට පත් වී තිබෙන පැරණිම පද්යත ග්රෙන්ථසයයි. 10 වෙනි ශත වර්‍වැෙයහිදී පස්වැනි කාශ්ය්ප රජ තමන් විසින් කරන ලද ධම්පියා අටුවා ගැටපදය පැරණිම ගද්ය ග්රන්ථයයි. මේ කෘතීන්ට පෙර ගද්ය හෝ පද්යට සිංහල ග්රණන්ථ නොතිබුණාදැයි යනු මෙහි දී පැන නැගෙන ප්ර ශ්නයකි.
ක්රිගස්තු වර්ෂ්යෙන් යට තුන්වැනි ශතවර්ෂරයෙහි පමණ සිට කරවන ලද සෙල් ලිපි අප අතට පත් වී තිබෙන හෙයින් ක්රි්ස්තු පූර්වර 3 වැනි ශතවර්ෂලයෙහිදී ලිපි ක්රිමයක් පැවති බැව් අවිවාදයෙන්පිළිගත යුතුයි. ඊට ඉහත කාලයන්හි පවා ලිය කියමන් කැරුණු බවට1 සැකක් නොමැතියි. ක්රිඊස්තු වර්ෂ යෙන් යට 5 වැනි ශත වර්ෂනයෙහිදී විජය රජතුමා සොහොයුරු සුමිත්ත කුමරුන් වෙත ලියමනක් යැවූ බව මහා වංශයෙහි (viii 3) සඳහන් වේ. ක්රි ස්තු වර්ෂ යෙන් යට 5 වැනි ශතවර්ෂ යෙහිදීම අභය රජතුමා මහවැලි ගඟින් එතරට නොයන ලෙස පණ්ඩුකාභය කුමාරයාට ලියමනක් යැවූ බව (x 48) ද, ක්රිස්තු වර්ෂ යෙන් යට 3 වැනි ශත වර්ෂමයෙහි දී උත්තිය කුමරු භික්ෂුxවකගේ වෙස් ගත් පුරුෂයකු අත සොහොයුරාණන්ගේ බිසොවට රහසෙන් ලියුමක් යැවූ බව (xxii 15) ද, ක්රිස්තු වර්ෂයයෙන් යට 2 වැනි ශත වර්ෂකයෙහි දී දුඨගාමිණී කුමරු කුණ්ඩල නම් බමුණානන් හා ලියුම් හුවමාරු කළ බව (xxiii 25,37) ද, මහා වංශයෙහි සඳහන් වේ.
තව ද දුටුගැමුණු රජුගේ ප්රා්සාදයෙහි කලින් ලියවා තැන්පත් කොට තුබුණු ස්වර්ණණ පට්ටයක් රජ තුමාට සම්භ වූ බැව් මහා වංශයෙහිම (xxvii 6) සඳහන් වේ. දුටුගැමුණු රජුගේ පුණ්යභ ක්රිායාවන් අතුරෙහි “එකී එකී ධර්ම් ශාලාවෙහි අනැගි වූ වියනක් ධර්මා්සනයක් ඇතිරිලියක් දණ්ඩාසනයක් බණ වස්නක් කබලියක් විජිනි පතක් බණ පොතක් බැගින් ලවා මෙසේ
1. Cutalogue of the Sinhalese Manuscripts in the British Museum by
D.M.Dc Z. Wickremasinghe, 1900 – Introduction.
ප්ර ස්තාවනා
ධර්ම යටද සත්කාර කොට” යි එක් එක් ධර්මc ශාලාවක බණ පොතක්ද, තැබවූ බව පූජාවලියෙහි1 කියැවේ. දුටුගැමුණු රජුගේ ජීවිතාවසාන සමයෙහි රජතුමන් විසින් කරන ලද පින් පෙත් ලියවා තුබු පින් පොතක් ලියන්නන් ලවා කියවූ බව “තදා ච ආහරාපෙත්වාා පහටෙඨා පුඤ්ඤ පොත්ථාකං වාචෙතුං-ලෙඛකං ආහ සො තං වාවෙසි පොත්ථතකං” යන මහාවංශ (xxxii 25) පාඨයෙන් ද “ඉක්බිති පින් කිරියවත කියවන ලියන්නෝ ගැමුණු මහ රජ හට මෙසේ කියවුහ” යන ථූපවංශ පාඨයෙන්2 ද ඔප්පු වේ.
දුටුගැමුණු රජතුමා ලියන්නන් ලවා පින්පොත් තැබවීමෙන් එරජු විසින් වැදගත් සිඞීන් හා ප්රයවෘත්ති සඳහන් කොට තබවන ලද එබඳු අනිත් පොත පතුත් තිබෙන්නට ඇතැයි සිතිය හැකි බවත් පොත්පත් හෝ ලේඛන දීප වංශය හා මහා වංශය තැනීමේ දී අතිශයින්ම උපකාරීවන්නට ඇති බවත්, මහා වංස ටීකාවෙහි සඳහන් වන සීහලට්ඨකථා මහා වංශය වුවද ඓතිහාසික තොරතුරු ගැබ් කොට තබන ලද එබඳු පොතක් විය හැකි බවත් මහාචාය්‍ර්‍ය වික්රීමසිංහ මහතා3 ප්රුකාශ කරයි.
මෙසේ ලියුම් කියුම් ලිවීමේ සිරිත පමණක් නොව ලියන ලද පොත පතත් වට්ටගාමිණී අභය රජුගේ සමයට (ක්රිය.ව. යට) 1 වෙනි ශතවර්ෂෙයෙහි පැවති බවට සාක්ය්අභය එමට හෙයින් එරජුගේ රාජ්යත සමය අවසානයෙහි දී ත්රිිපිටකය ග්රගන්ථා රූඪ කරන තුරු පාලි ධර්මයය වාචනා මාර්ගියෙන්ම ගෙන එන ලදැයි යන කියමනෙහි අතිශයොක්තියක් තිබෙන බවත් යම්කිසි පොතක් ග්රයන්ථා රූඪ කිරීම වාචනා මාර්ග්යෙන් ගෙන ඊමට එතරම්ම බාධාවක් නොවන බවත, වළගම්බා රජුගෙන් පසුවත් නොයෙක් ධර්මර කොට්ඨාශ වාචෝද්ගත කොට විසූ අය සිටි බවත් වික්රගමසිංහ මහතුන්ගේ පිළිගැනීමයි. තව ද මහාමේන්ර්ටි ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලෙන් රචනා කරන ලද හෙළටුවා, පෙළ පොත් නොව ව්යානඛ්යසත ග්ර න්ථල හෙයින්, ඒවායේ ස්වාභාවයෙන්ම වාචෝද්ගත කොට ගෙනඊම.
1 බෙන්තොට සඞාතිස්ස ස්ථවිරයන් වහන්සේගේ සංස්කරණය, 1930- පිට723, 2 අපගේ ථූපවංශ සංස්කරණය, 1947,පිට 165. 3 Cato Logue of the Sinhalese Manuscripts in the British Museum 1900 – Introduction.
ප්ර ස්තාවනා
හෙළටුවා අතුරෙන් මහටුවාව හෙවත් මහා අට්ඨ කතාව1 අග්ර ගණ්ය යි. එය මුළු ත්රිෙපිටකයටම ව්යාරඛයාන ස්වරූපයෙන් කරන ලද්දක් බැව් පෙනේ. පසු කෙලකදී අටුවාචාරී බුඞඝෝෂ මාහිමියන් විසින් කරන ලද නොයෙක් අර්ථකකථාවන්ට ද මහටුවාව මූලාශ්ර ය විය. තව ද එහි අනෙක් පැරණි අටුවාවන්ට වඩා නොයෙක් විස්තර අන්තර්ගත වූ බැව් ද මහා පච්චරී, කුරුන්දි ආදී අනික් අටුවාවන්ට වඩා මෙය බුඞඝෝෂ මාහිමියන්ගේ විශේෂ සම්භාවනාවට පාත්රි වූ බැව් ද එය පිළිබඳ විස්තරයක් කරන ශාස්ත්රාසචාර්ය්ය් ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා8 ප්රඳකාශ කරයි.
ලක්දිව අඥාත වූ යම්කිසි ප්රරදේශයක පච්චරී සඞඛ්යා ත වූ පහුරක හෝ පව්වක හිඳ ලියන ලද හෙයින් පච්චරීයයි ව්ය්වහාර වූ මහාපච්චරී අටුවාව3 ද, ලක්දිවම කුරුන්දිදවෙල්ලි විහාරයෙහිදී කරන ලද හෙයින් එ නමින් හඳුන්වන ලද කුරුන්දිදවෙල්ලි අටුවාව ද තවත් ප්රෙධාන හෙළටුවා දෙකකි.
බුඞගොෂ මාහිමියන් වහන්සේ තමන් වහන්සේගේ අටුවා කරණයෙහිදී පූෙර්වාවක්ත සිංහල අටුවාත්රකය හැර තවත් ප්රනසිද්ධ වූ නොයෙක් අර්ථද කථාවන් ඇසුරු කළ බැව් ප්රවකාශ කරත්. මෙසේ සමන්තපාසාදිකා ආරම්භයෙහි “සංවණණ්නා සීහළ දීපකෙන වාක්යෙතන එසා පන සඕඛ ටත්තා න කිඤ්චි අත්ථාී අභිසම්භුනාති දීපන්තරෙ භික්ඛුජනසස යස්මා තස්මා ඉමං පාලි නයානුරූපං සංවණණ්නා’දානි සමාරභිස්සං අජේඣසනං බුඞ සිරිවේභයස්ස ථෙරස්ස සම්මා සමනුස්සරනේතා”
සමන්තපාසාදිකාය වුත්තා තිවිධට්ඨකථා කතමා මහා අට්ඨකථාච මහා පච්චරී අට්ඨකථාච මහා කරුන්දික අට්ඨකථාවාති ඉමා තිසේසා අට්ඨකථායො සීහලට්ඨ කථානාම. මහා අට්ඨකථා නාම පඨම මහා සංගීති. ආරුළ්හා මහාකස්සප පමුඛෙහි ථෙරෙහි කතා මහාමහින්දෙන ආතෙත්ථාන සිහළභාසාය කතා මහ අට්ඨ කථා නාමජාතා. මහාපච්චරියං නාම, සීහලභාසාය උලුමෙපා කිර අත්ථිහ, තස්මිං නිසීදිත්වා් කතනතා පච්චරියං නාම ජාතා අට්ඨකථා. කුරුන්ද ට්ඨකථා නාම කුරුන්‍ඨ වෙලු විහාරො අත්ථින. තස්මිං නිසීදිත්වාව කතත්තා කුරුන්දිා නාම ජාතා අට්ඨකථා. සඞම්මසඞ්ගහො (P.T.S. Edition – J.P.T.S. 1890) පිට 55.
2.Early History of Buddhism in Ceylon by E.W. Adikaram, 1946 p. 11
3.G.P. Malalasekara – The Pali Literature of Ceylon, 1928 p.93 E.W. Adikaram - Early History of Buddhism in Ceylon p. 12
ප්ර.ස්තාවනා
සංවණ්ණනං තං ච සමාරහනෙතා තස්සා මහා අට්ඨකථා සරීරං කත්වාණ මහාපච්චරියං තථෙව කරුන්දිස නාමාදිසු විසසුතායු විනිච්ඡයො අට්ඨකථාසු වුතෙතා යො යුත්තමත්ථංඅ අපරිවචජනෙතා තතොපි අනෙතාගධ ථෙරවාදං සංවණ්ණනං සම්ම සමාරහිස්සං’ යී කියැවේ.
පාලි අටුවාකරණයෙහිදී ආශ්රිණත ග්රංන්ථයන් පිළිබඳ දීර්ඝ2 විමර්ශ)නයක් කරන අදිකාරම් මහතා1 බුඞඝෝෂ - ආචාරීන් ලංකාවට සම්ප්රා්ප්ත වන විට එහි බෙහෙවින්ම සිංහලයෙන් ලියන ලද්දාවූ ධර්ම් ව්යා්ඛ්යාින රාශියක් තුබුණු බැව් ද, ඉන් සමහරක් නියම ග්රූන්ථ වශයෙනුත් සමහරක් පූර්ව්වාචාරීන්ගේ මත අතුළත් වූ ප්රනකිණීක කෘතීන් වශයෙනුත් පැවති බැව් ද කියයි. තව ද ඒ මහතා බුඞඝෝෂචාරීන්ගේ ද අනික් අටුවාචාරීන් වහන්සේලාගේ ද පාලි අටුවාවන්හි ප්රඝධාන වශයෙන් සඳහන් වන පුරාතන ව්යා්ඛ්යා න ග්ර්න්ථ, ආචාර්ය්යවර් නාම, ආචාර්ය්යර් වාද ආදිය මෙසේ සඳහන් කරත්. 1. මහා අට්ඨකථා හෙවත් මූල අට්ඨකථා 2. මහාපච්චරිය අට්ඨකථා 3. කුරුන්දිි අට්ඨකථා 4. අඣකට්ඨකථා 5. සංඛෙපට්ඨකථා 6. විනයට්ඨකථා 7. සුත්තට්ඨකථා 8. ආගමට්ඨකථා 9. දීඝට්ඨකථා 10. මජ්ඣිමට්ඨකථා 11. සංයුත්තට්ඨකථා 12. අංගුත්තරට්ඨකථා 13. අභිධම්මට්ඨකථා 14. සීහළට්ඨකථා 15. අට්ඨකථා (එක වචනෙයහි) 16. අට්ඨකථා (බහු වචනෙයහි) 17. අට්ඨකථාචරියා 18. ආචරියා 19. ආචරිය වාද
1 Early History of Buddhism in Ceylon. P. 12.
ප්රරස්තාවනා
20. ආචරිය මත 21. ථෙර සල්ලාප 22. පර සමුද්දවාසී ථෙරා 23. විතන්ඩවාදී 24. පොරාණා 25. පොරාණකෙත්රො 26. පොරාණාචරියා 27. පොරාණට්ඨකථා 28. භාණකා
මේ සියල්ල අටුවාවන්හි සඳහන් වන නමුත් ඉන් කිහිපයක් පමණක් විශේෂ ග්ර න්ථ වූ බවද, සීහලට්ඨකතා සුත්තත්තට්ඨකථා අභිධම්මට්ඨකථා වැනි නාමයන්ගෙන් කෘතීන් සමුදායක්ම ගැනුණු බවද, ඇතැම් නාමයන්ගෙන් එම නාමාවලියෙහිම එන අන්යන කෘතියක් හෝ කෘතීන් අභිප්රෙකත වූ බවද සැලකිය යුතුයයි අදිකාරම් මහතා ප්රුකාශ කරයි. ඒ සියල්ල පිළිබඳ වැඩි විස්තර දතැටියන් අදිකාරම් මහතුන්ගේ ‘ලංකා බුඞශාසනයේ මුල් ඉතිහාසය (Early History of Buddhism in Ceylon) නම් ග්ර න්ථ(ය හදාළ මනායි. මෙහිදී හෙළටුවාවන් පිළිබඳ ස්වල්ප මාත්රක අවබෝධයක් ඇතිකිරීමව අවශ්යය දෑ පමණක් සඳහන් කරමු.
ඉහත සඳහන් කළ මහා අට්ඨකථාව, මහාපච්චරී අට්ඨකථාව හා කුරුන්දිණ අට්ඨකථාවද යන හෙළටුවාත්රාය, බුඞඝෝෂාචාරීන් විසින් කරන ලද පාලි අටුවාවන් ප්ර ධානත්වතයට පැමිණීම නිසා ක්ර්මයෙන් අභාවප්රාුප්ත විය. ඒ හෙළටුවා කවර කාලය දක්වා හෙළටුවා පැවැත්තේද යනු නිශ්චය කොට කිව නොහැකියි. 10 වැනි ශත වර්ෂ ය දක්වාත් පැවති බව v වැනි කාශ්යචප මහරජතුමන් විසින් රචිත ධම්පියා අටුවා ගැටපදයෙන් ඔප්පු වේ. ධම්පියා අටුවා ගැටපදයෙහි 5121, 10312, 04, 10523, 11227, 11529, 1213, 13210 යනාදි තන්හි හෙළටුවා ද, 12171 යන තැන මහටුවා ද සඳහන්වෙත්.
ලේඛක දෝෂයන්ගෙන් දූෂිත වුවද හෙළටුවා පාඨයයි උපුටා දක්වනු ලබන පාඨයෝ ඉතා අගය කොට සැලකිය යුතු වෙත්. ඒවා දන් පවත්නා අන්දමට ගත යුත්තේ කෞතුක වස්තූන් වශයෙන් පමණෙකි. එහෙත් විද්යා ලංකාර ත්රිසපිටක මණ්ඩලය මගින් 1946 හිදී නිකුත් කරන ලද මජ්ඣිම නිකායේ පළමුවන කාණ්ඩයට සමනේනසනාවක් සපයන යක්කඩුවේ
ප්රාස්තාවනා
ශ්රී පඥාරාම ස්ථවිරයන් වහන්සේ හෙළටුවාවන් පිළිබඳ විස්තරයක් කරමින් ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා හෙළටුවා පාඨ එවක බසට සරිලන පරිදි සකස් කරමින් පැසසිය යුතු වූ ඉතා අගනා ශාස්ත්රීඨය සංග්රරහයක් කරත්. වැඩි විස්තර උන්වහන්සේගේ සමනේනසනාවෙන්ම බලා දතයුතුයි. ධම්පියා අටුවා ගැටපදයෙහි දක්නා හෙළටුවා පාඨ හා ප්රලඥාරාම ස්ථවිරයන් වහන්සේ විසින් සකස් කරන ලද පාඨ ද පහත සඳහන් වෙත්.
ධම්පියා අටුවා ගැටපද පාඨය සකස් කරන ලද පාඨය
“හෙළටුවායෙහි ‘අප්පමාදම්හි “හෙළටුවායෙහි ‘අප්පමාදමාදහි” පණ්ඩිතා භජෙත’ යූහු. [79-8]” පණ්ඩිතහ ජෙනෙ’ යූහු. “සාළිත්ථතක සිපේප, පයත් හකුරු “සාළිත්ථඩක සිපේප, යත් හකුරු ලන සිප්හි. හෙළටුවායෙහි ලන සිප්හි. හෙළටුවායෙහි සා[ළි]න් තහක් කරන ලනක ‘යනත හක්කරක ලනක සිපැයියෙත්” [136-16] සිපැ’යි යෙත්.” “ලකුණටකොවදානි කිරස්ස නැමි “ලකුණටකො වදානකි, ‘යනු හෙළටුවායි” [136-16] රසස නැමි” ‘රහදෝ වදාන කිද ආවාටහි නමි’ ‘රහදෝ වදාන කිද ආවාටහි නමි’ හෙළු අටුවායෙහි” [149 - 13] හෙළු අටුවායෙහි.”
ධම්පියා අටුවා ගැටපදයෙන් පසුව ද නොයෙක් සන්න ගැටපද පිටපත් ආදිය ලිවීමෙහිදී හෙළටුවා ඇසුරු කරන්නට ඇත.
සිංහලයෙන්ම ලියන ලදැයි නිශ්චය කොට කිව හැකි ඉහත සඳහන් හෙළටුවාත්ර ය හැර සමන්තපාසාදිකා වැනි බුඞඝෝෂා චාරීන්ගේ ග්ර න්ථහයන්හි සඳහන් වන අන්ධරට්ඨකථාව හා සංඛෙපට්ඨ කථාව ද වැදගත් අටුවා දෙකෙකි. ඉන් අන්ධ ට්ඨකථාව දක්ෂි්ණ භාරතයෙහි කාංචිපුර නම’ කොංජිවරමෙහිදී කරන ලද්දකි. එහි භාෂාව අන්ධථභාෂාව විය හැකිය යනු අදිකාරම් මහතා1 ඇතුළු බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඉන්දියාෙව් දක්ෂිුණ (ඩැකෑන්) ප්රළදේශයට අයත් දේශ භාෂාවක්ය යනු බිමල වරණ ලෝ මහතුන්ගේ2 ප්රළකාශයයි. විමති විනෝදනී ටීකාව සකස් කොට
1 E.W. Adikaram - Early History of Buddhism in Ceylon p’ 12.
2 B.C. Law – A History of Pali Literature, p. 376.
ප්රුස්තාවනා
ඊට සංඥාපනයක් ලියන මහාචේතිය පරිවෙණවාසී බේරතුඩුවේ ධම්මාධාර තිස්ස ස්ථවිරයන් වහන්සේ අඣට්ඨි කථාවත් සංඛෙපට්ඨ කථාවත් සිංහලයෙන්ම කරන ලද බව පහත සඳහන් සංඥාපන පාඨයෙන්1 ප්ර කාශ කරත්. “සංගිති කාරකෙහි තිනණණං පිටකානං සඞගායනානතත රමෙව තස්ස අත්ථස වණ්ණනා රූපෙන වාචනාමග්ගමාරොපිතා බුඞස්ස භගවතො විත්ථාගරදෙසනා යෙවහි අට්ඨකථා ජාතා. මහා අට්ඨකථාති වොහාරමූපගතා සාව මහාමහින්‍ාරෙත්ථථරෙන ලංකා දීපං සමානීතා ලංකියෙහි මහා අරිට්ඨෙත්ථදරාදීහී අරහනේතහි. නිකායන්තරලඞී. සංකර පරිහාරත්ථාද සීහළ භාසං සමාරූළභා සීහළට්ඨකථා නාම ජාතා.”
තතො පච්චරියසමිං නිසීදිත්වාා ලංකියෙහෙව මහාමතීහී ලිඛිතා අත්ථපවණ්ණනා පච්චරියට්ඨකථාති ච, කුරුන්දි වෙල්ලි විහාරෙ නිසීදිත්වා ලිඛිතා අත්ථසවණ්ණනා කුරුන්දාට්ඨකථාති ච, අන්ධරක (දමිළ) රටෙඨ කෙතවි මහාථෙරෙන ලිඛිතා අත්ථථනණ්ණා අන්ධදකට්ඨකථාති ච, සෙඞ්ඛප මුඛෙන ලිඛිතා අත්ථවණ්ණනා අන්ධථකටඨකථාති ච, සඞඛප මුඛෙන ලිඛිතා අත්ථවණ්ණනා සෙඞටේඨකථාති ච වොහාරමුපගතා. තා මහා අට්ඨකථාදයො සිහළ භාසායයෙට තෙහි තෙහි ආචරියෙහි නිප්ථාාදිතා හොතති.”
අන්ධිට්ඨ කථාව සමගම නොයෙක් විට සඳහන් වන සංඛෙපටය කථාව ඉන්දියාවෙහිම හට ගන්නට ඇත යනු බිමල වරණ ලෝ මහතාගේ2 පිළිගැනීමයි. මහාචාර්ය්යවර් ජී.පී. මලලසේකර මහතා3 ද ඒ මතයටම අනුකූලතාවක් දක්වයි. සංඛෙපටය කථාව පිළිබඳ දන්නා ස්වල්ප විස්තරයෙන් එහි හා මහා පච්චරි අටුවාවේහි ද මහත් සාම්යකයක් පෙනෙන බවත්, ඇතැම් විට එය මහා පච්චරී අටුවාවෙහිම සම්පිණ්ඩනයක් විය හැකි බවත් ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා4 ප්ර්කාශ කරයි.
මුළු ත්රිමපිටකයටම ව්යාණඛ්යාරන සැපයූ මහා අට්ඨකථාව වැනි අටුවාවන් හැර එක් එක් පිටකයකට හෝ ග්රවන්ථයවිශේෂයකට ව්යා්ඛ්යාැන වශයෙන් කරන ලද කෘතීන් ද තිබුණු බැව් පෙනේ5. මෙසේ විනයට්ඨකථා නමින්, කිසි විටෙක ඒක වචනයෙන් ද ඇතැම් විට බහුවචනයෙන් ද අටුවා ගණයක් විශුඩි මාර්ග්යෙහි
1 විමති විනෝදනී, සංශෝධක: බී. ධම්මාධාර තිස්ස ස්ථවිර, 1935, සංඥාපනය පිට iii.
2 A History of Pali Literature, p. 376. 3 The Pali Literature of Ceylon p. 92.
4 Early History of Buddhism in Ceylon p’ 12.
5 E.W. Adikaram - Early History of Buddhism in Ceylon p. 13.
ප්රEස්තාවනා
සඳහන් වේ.ඇතැම් විට විනය අටුවා කිහිපයක් තිබෙන්නට ඇති බවත්, එයින් එකක් සෙසු සියල්ලට වඩා ශ්රේැෂ්ඨ වූයෙන් ‘විනය අටුවාව’ යයි දන්නා ලදුව විය හැකි බවත් එයින් සිතා ගත හැකිය යනු අදිකාරම් මහතුන්ගේ හැඟීමයි1.
තව ද සුන්තන්තට්ඨ කථා, මජ්ඣිමට්ඨ කථා, සංයුතත්ට්ඨ කථා, අංගුත්තරට්ඨ කථා සහ අභිධම්මට්ඨ කථා ද බුඞඝෝෂ මාහිමියන්ගේ ප්රාථම කෘතිය වූ විශුඩි මාර්ගියෙහි සඳහන් වන හෙයින් උන්වහන්සේ ලංකාවට වැඩීමට පෙර එම ග්රාන්ථග ලංකාවෙහි තිබෙන්නට ඇති බවත්, සුමංගල විලාසිනියෙහිම පූර්ව් වූ කෘතියක් බවත් අදිකාරම් මහතා පෙන්වයි.
අත්ථිිශාලිනියෙහි සඳහන් වන ආගමට්ඨ කථා ද දීඝ මජ්ඣිම සංයුත්ත අංගුත්තර අට්ඨ කථා යයි සුමංගල විලාසිනියෙහි හා විශුඩි මාර්ගදයෙහි සඳහන් වන නිකාය චතුෂ්කයෙහි නොහොත් ආගම චතුෂ්කයෙහි අටුවාවන් විය හැකි බවත්, ආගමට්ඨ කථා යනුවෙන් හඳුන්වන ලද්දේ මහා අට්ඨ කථාවෙහිම දීඝ මජ්ඣිමාදි ආගමයන් පිළිබඳ කොටස් නොව විශේෂ අටුවා ග්රඝන්ථඣ බැව් අත්ථිකසාලිනියෙහි ම මහා අට්ඨ කථාව හා ආගමට්ඨ කථාවන් වෙන ෙවනම එකවර සඳහන් වීමෙන් පෙනෙන බවත් අදිකාරම් මහතාගේ පිළිගැනීමයි. ජාතකයන් පිළිබඳව පවා පැරණි අටුවා ග්රකන්ථයක් තුබුණු බැව් “යං පත ජාතකට්ඨ කථාය” තදා සත්තාහ ජාතො රාහුල කුමාරො හොතී’ති වුත්තං තං සෙසට්ඨ කථාසු නත්ථිා. තස්මා ඉදමෙව ගහෙතබ්බං” යන මුද්රිකත ජාතක අට්ඨ කථා පාඨයෙන් හෙළි වේ3.
මහාවංසය රචනා කිරීමෙහි දී මූල ග්රමන්ථමයක් වශයෙන් සිටියාවූ ද, මහා වංසටීකාවෙහි පවා කිහිප පළකට සඳහන් කරනු ලබන්නාවූ ද පොරාණට්ඨ කථාව පොරාණ ආචාරීන්ගේ මත හා ඉගැන්වීම’ අන්තර්ගත කොට කරන ලද කෘතියක් බවත් එය කල් යාමේදී අභාවයට ගොස් තිබෙන බවත් පෙනේ.
1 E.W. Adikaram - Early History of Buddhism in Ceylon p’ 13. 2 “අයං න යොත විඤේඤෙය්යාaතමෙහා අට්ඨකථායං ආගතො. ආගම(න)ට්ඨ කථාසු පන ... ඉති චක්වා වත්ථුෙතිපි කථිතානි.” අත්ථආසාලිනී (P.T.S.Ed.) පිට 86. 3 E.W. Adikaram – E.H.B.C. p. 13, ජාතකට්ඨකථා (Fd. Fausboll) I 02
ප්ර ස්තාවනා
මෙසේ බුඞඝෝෂාචාරීන් වහන්සේ අටුවාවන් ලිවීමට ආරම්භ කරන විට බෙහෙවින්ම සීහලයෙන් කරන ලද්දා වූ ව්යා ඛ්යාතන ග්ර1න්ථb සමූහයක් පැවති හෙයින් ඒ සියල්ල අනුරාධපුරයෙහි මහා විහාරවාසී බුඞමිත්ත ස්ථවිරයන් වහන්සේ වෙතින් ඉගෙන “සබ්බ අට්ඨ කථාසු වුත්තං1” යනාදි පාඨයන්ගෙන් පෙනෙන පරිදි ඒ සියලු අටුවා පොත් ඉදිරියෙහි තබා ගෙන2 , ස්ථවිරවාදය උව්වස්ථානයෙහි ලා දක්වමින් විශුඞි මාර්ග ය හා අටුවා ග්රවන්ථව රාශියක්ද කරන ලදි.
බුඞඝෝෂාචාරීන් වහන්සේට පසුව ඇති වූ අනික් අටුවාචාරීන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙතැනට අනවශ්ය හෙයින් ඒ කිසිවක් නොදක්වා ප්රළධාන අටුවා ග්රනන්ථ හා තත්කර්තෲ න් පමණක් නාම මාත්රයෙන් සඳහන් කරමු3.
1 කංඛා විතරණි (P.T.S. Edition) 176. 2.E.W. Adikaram – E.H.B.C. p. 2. 3 Ib.pp. 1-2.
ප්රනස්තාවනා
ග්රනන්ථාය අර්ථd කථාව තත්කර්තෘ විනය 1. විනය පිටකය සමන්ත පාසාදිකා බුඞඝෝෂ 2. පාති මොක්ඛ කඩ්ඛා විතරණී බුඞඝෝෂ
සුත්ත 3. දීඝ නිකාය සුමංගල විලාසිනී බුඞඝෝෂ 4. මජ්ඣිම නිකාය පපඤ්චු සූදනී බුඞඝෝෂ 5. සංයුත්ත නිකාය සාරත්ථඤප්පකා සිනී බුඞඝෝෂ 6. අංගුත්තර නිකාය මනොරථපූරණී බුඞඝෝෂ
ඛුද්දක නිකාය :- 7. ඛුද්දක පාඨ පරමත්ථය ජොතිකා බුඞඝෝෂ (?) 8. ධම්ම පද ධම්මපදට්ඨ කථා බුඞඝෝෂ (?) 9. උදාන පරමත්ථො දීපනී ධම්මපාල 10. ඉතිවුත්තක පරමත්ථම දීපනී ධම්මපාල 11. සුත්ත නිපාත පරමත්ථො ජොතිකා බුඞඝෝෂ (?) 12. විමාන වත්ථුම පරමත්ථජ දීපනී ධම්මපාල 13. පෙත වත්ථුථ පරමත්ථජ දීපනී ධම්මපාල 14. ථෙර ගාථා පරමත්ථම දීපනී ධම්මපාල 15. ථෙරී ගාථා පරමත්ථම දීපනී ධම්මපාල 16. ජාතක ජාතකට්ඨත කථා බුඞඝෝෂ (?) 17. නිදේදස සඞම්ම පජෙජාතිකා උපසේන 18. පටිසම්හිදා මග්ග සඞම්මප්පකාසිනී මහානාම 19. අපදාන විසුඞ ජන විලාසිනී (?) 20. බුඞ වංස මධුරත්ථජ විලාසිනී බුඞදත්ත 21 චරියා පිටක පරමත්ථු දීපනී ධම්මපාල
අභිධම්ම 22. ධම්ම සංගනී අත්ථථසාලිනී බුඞඝෝෂ 23. විහංග සමෙමාහ විනෝදනී බුඞඝෝෂ 24. කථා වත්ථුී
පුග්ගල පඤ්ඤත්ති ධාතු කථා පඤ්වප්පකරණට්ඨකථා බුඞඝෝෂ යමක
පට්ඨාන
ප්ර ස්තාවනා
සිංහල සාහිත්යසය හා ජාතක කථා. 21 මෙසේ ව්යහඛ්යායන ග්රවන්ථබ පිළිබඳ ස්වල්පමාත්රාමවබෝධයක් කොට වෙසතුරු දා සන්නය ගැන යමක් කීමට පෙර ජාතක වස්තූන් කෙරෙහි අප සිත් යොමු විය යුතුයි. පාළි අටුවාවන්හි ජාතක ජාතකයන්ගේ භාණකයක් පිළිබඳව එන තොරතුරු විමසමින් ප්රියයංකරත්ව ය ඊ.ඩබ්ලිව්. අදිකාරම’ මහතා ලංකා බුඞශාසනයේ මුල් ඉතිහාසය නමැති ග්රඑන්ථයෙයි (පිටු 30-31) මෙසේ කියයි :-
“ඉතා පැරණි සමයයෙක පටන් ජාතක සමුදායය මහජනයාට අතිශයින් ප්රිඉය වූ බැව් පෙනේ. ක්රියස්තු වර්ෂශයෙන් යට තුන්වන ශත වර්ෂේය පමණේ කැටයම් ශිල්පයෙහි පවා අප දන්නා පරිදි ජාතක කථාවන් පෙන්නුම් කරන නොයෙක් කැටයම් ඇත්තාහ1. එබඳු කැටයම් කිරීමට හේතුව වූයේ මහජනයා (එම) කථාවන් ඇසීමට හා කීමට ද දක්වන ලද අභිරැචිය විය යුතුයි.”
බුදුරදුන් ජීවමාන කාලයෙහිම විසූ ජාතක භාණක භික්ෂුතවක් පපඤ්චසූදනියෙහි සඳහන් වේ. එම ප්රිවෘත්තිය එසේ සඳහන් වනුයේ ක්රිමස්තු වර්ෂචයෙන් 5 වෙනි ශත වර්‍ෂෙය් දී කරනලද ග්රින්ථයක, ඊට ශතවර්ෂැ 10 කට පූර්වසයෙහි සිදුවූ සිඞියක් පිළිබඳවය. එහෙත් බුඞඝෝෂ අටුවාචාරීන් පපඤ්චසූදනිය රචනා කිරීමෙහි දී ඉතා පැරණි පොත්පත් ආදිය ඇසුරුකොට ස්වීය ග්රින්ථයට කරුණු සපයා ගන්නා ලද හෙයින් ද, ඉතා පැරණි සමයෙක සිට නවාංග ශාස්තෘශාසනයෙහි ජාතක ද ඇතුළත්ව පැවති හෙයින් ද ජාතක භාණකයන් ඉතාමත් පැරණි භාණක විශේෂයක් විය යුතුයි.
ලංකාවෙහිද ජාතක කථාවන් දේශනා කිරීම මහජනයාට අතිශයින් ප්රිවයංකර විය. ඉළනාග රජතුමා (ක්රිි.ව. 93-102) රුහුණු දනව්වෙහි විසියදී තුලාධාර විහාරවාසී මහාපදුම නම් ජාතක භාණක ස්ථවිරයන් වෙතින් කපි ජාතකය ශ්රිවණය කෙළේය2.
මනොරථ පූරණියෙහි ද ජාතක දේශකයෙක් සඳහන් ෙව්.
1 Rhys Davids – Buddhist India” p. 205 2 මහාපදුමනාමස්ස තත්ථක ජාතක භාණිනො
තුලාධාරව්භවසියහ මහාථෙරස්ස සත්තිකෙ
කපිජාතකං සුත්වාවන බොධිසතෙක පයාදවා නාගමහාවිහාර සො ජියාමුත්ත ධනුස්සතං කත්වාා කාරෙසි ථූපං ච වඞ්ඞාපෙසි යථාඨිතං. මහාවාස xxxv 30-38 ප්රවස්තාවනා
දීඝවාපියෙහි විසූ මහාජාතක භාණක ස්ථවිරයන් වහන්සේ ගාථා සහස්රකයකින් ප්රවතිමණ්ඩිත වූ මහා වෙස්සන්තර ජාතකය දෙසන්නට යන බැව් ඇසූ මාගම තිස්සමහාරාම වාසී එක්තරා තරුණ භික්ෂු්වක් තුළ ජාතකධර්මවය ශ්රතවණය කිරීම සඳහා හටගත් ආශාව කොතරම් විශාල වී දැයි කියතහොත් උන්වහන්සේ යොදුන් නවයක් දුර මඟ එක දවසින්ම ගමන් කොට දීඝවාපියට සම්ප්රාරප්ත වූහයි කියන ලදි. මෙම ප්රදවෘත්තිය කීප ලෙසකින්ම වැදගති. වෙස්සන්තර ජාතකය ගාථා දහසකින් සමන්විත වූ බව මෙහි කියවේ. තවද එය මුළුමනින්ම පද්යයමය වූ සේ ද පෙනේ. එහෙත් දැනට පවත්නා වෙස්සන්තර ජාතකය ගද්යර පද්යය දෙකින්ම මිශ්රෙය. එහි ගාථා ඇත්තේත් 747 පමණෙකි. ‘මහාජාතක භාණක ස්ථවිරයන් වහන්සේ’ය යනුදු සැලකිය යුත්තකි. එයින් ගැනුණේ ජාතක භාණකයන් අතුෙරන් මහත්වූ හෙවත් විශිෂ්ට වූ ස්ථවිර නමක් ය යනු ද, එසේ නැතහොත් ප්ර්මාණයෙන් ස්වල්ප නොවූ මහත් වූ ජාතකයන් භණනය කළ හෙවත් මහාජාතකයන්ගේ භාණක වූ ස්ථවිර නමක් දැයි යනු ද පැහැදිලි නොවේ. මෙම අවස්ථාවෙහි දෙසූ ජාතකය ගැන සලකා බලන විට (දෙවනුව කී පරිදි) මහා ජාතකයන්ගේ භාණක නමක් යයි ගැනීම වඩා යුක්තියුක්ත සේ පෙෙන්.ඒ කීම නිවැරදියයි ගතහොත් සාමාන්යඩ ජාතක භාණකයොය, මහාජාතක භාණකයෝ යයි භාණකයන් දෙවර්ගැයක් සිටිය යුතුය.
ජාතක භාණක භික්ෂුයවක් පිළිබඳ තවත් ප්ර.වෘත්තියක් සමෙමාහ විනොදනියෙහි සඳහන්වේ.
මහාපච්චරී අටුවාවට අනුව ජාතක භාණක භික්ෂුසවක් විසින් ජාතක කථාවන් හැර, නිදාන වස්තු සහිත ධම්මපදය ද උගත යුතු වියයි බුඞඝෝෂාචාරීන් වහන්සේ සමන්තපාසාදිකාවෙහි ප්රතකාශ කරත්. ඇතැම් විට ජාතක කථා වස්තූන් හා ධම්මපද කථාවස්තූන් අතර ද ඇති සාම්යතය නිසා මෙම සම්බන්ධය ඇතිවෙන්නට ඇතැයි සිතිය හැකියි.”
අදිකාරම් මහතුන්ගේ මෙම විස්තරයෙන් බුඞ කාලයෙහි පටන්ම භාරත දේශයෙහිත් ලංකාවෙහිත් මහජනයා ජාතකයන්ට අතිශයින් ප්රිනය කළ බවත් ජාතකභාණකයන් ඉතා ආදරයෙන් හා සැලකිල්ලෙන් එම ජාතක ධර්මපයන් ආරක්ෂාණ කොට-ගෙන එමින් ඒවා අසන්නවුන්ගේ සිත්සතන්හි ජාතකයන් කෙරෙහි වඩාත් අභිරුචියක් ඇති කරවූ බවත් පෙනේ.
ප්රෙස්තාවනා
ජාතක කථා වස්තූන් ලංකාවෙහි කොතෙක් දුරට බලපා ඇද්ද යනු සිංහල සාහිත්යාය හා චිත්රො ශිල්පය වැනි කලාවන් දෙස බලන විට පැහැදිලි වේ. ක්රිාස්තු වර්ෂියෙන් යට පළමු වන ජාතකයන්ගේ ශතවර්ෂරයෙහි විසූ දුටුගැමුණු බලපෑම මහරජුන් විසින් කරවන ලද මහසෑයෙහි ධාතු ගභීය ඇතුළත ප්රෑසාදජනක වූ නොයෙක් ජාතකයන් සිතුවම් කරවූ බව ද විශේෂයෙන් වෙස්සන්තර ජාතකය විස්තර සහිතවම සිතුවම් කරවූ බව ද මහාවංශයෙහි සඳහන් වේ. “ධාතු විභංගං ච දෝණෙන පසාද ජනකානි ව යෙභුෙය්යවන අකාරෙසි ජාතකාති සුජාතිමා වෙස්සන්තරජාතකන්තු විත්ථායරෙන අකාරයි1”
සිංහල ථූපවංසයෙහිද2 දුටුගැමුණු රජතුමන් විසින් මහ සෑ ගැබ්හි පන්සිය පනස් ජාතකයන්ම කරවූ බවත්, විශේෂයෙන් වෙස්සන්තර ජාතකය සවිස්තරවම සිතුවම් කරවූ බවත් කියැවේ.
අනතුරුව කලින් කල ලංකාවෙහි කරවන ලද කැටයම් සිතුවම් ආදියෙහි ද ජාතක සිඬීන් පෙන්නුම් කරන තැන් එමටය.
පාහියන් නම් චීන යාත්රි කයා ලංකාවට සම්ප්රාහප්ත වූ කාලයෙහි බෝධිසත්වනයන්ගේ පූර්වර චරිත 600 ක් සිහිපත් කරවන සිතුවම් එවක ලක්දිව රාජ්යා්නුශාසනා කළ රජුගේ මෙහෙයීෙමන් ඇතැම් දිනයන්හි මහජනයාට පෙන්වූ බව එම යාත්රිනකයාගේ ගමන් විස්තරයෙහි කියැවේ3.
ඉතා පැරණි කාලයන්හි සිටම සාහිත්ය ය ග්රයන්ථ රචනා කිරීමෙහිදී තත් කර්තෘිහූ ත්රිාපිටක පෙළ අටුවා ආදියෙන් ද, ඉනුත් විශේෂයෙන්ම මහජනයාව අතිශයින් සම්භාවනීය වූ ජාතක කථාවන්ගෙන් ද කරුණු හා මාතෘකා සපයා ගත්හ. ත්රිූපිටක ග්රදන්ථයන්ගෙන් කරුණු උපුටා ගෙන ලියන ලද අමාවතුර, බුත් සරණ, දහම් සරණ, පූජාවලිය වැනි ගද්යු ග්ර න්ථයන්හි පවා නොයෙක් ජාතකයන් පිඬුකොට දැක්වූ තැන් ද, යම් යම් දේ ස්ඵුට කිරීමට ජාතකයන් සඳහන් කළ තැන් ද බොහෝයි
1 මහාවංසය xxx 87-88. 2 අපගේ ථූපවංස සංස්කරණය, පිටු 112-119. 3 ‘Evolution of Sinhalese Painting’ by N. Wijesekara – University of Ceylon Review, Vol.iii no. 2 p. 46. James Legge’s Translation of Fahien’s . Travels, Oxford 1886 p. 106; B.C. Law – A History of Pali Literature. ii p. 377 ප්රoස්තාවනා
සෙන්දරශ කාව්ය යන් හැර සිංහලයෙන් දක්නා අවශේෂ පද්ය ග්රනන්ථ සියල්ලම පාහේ ජාතක කථාවන් ශීර්ෂC කොට කරන ලද කෘතීහු වෙත්.
අප පැරණි කවීන් තුළ සම්බඳු වූ කවිත්වරයක් පිහිටා තුබුණේ නම් එය හා ඔවුන්ගේ සිත කය බෝධිසත්වඳ චරිතයකින් අන්ය වූ විෂයයක් කෙරෙහි මෙහෙයීමට ඔවුහු මැළි වූහ. ග්රකන්ථ කියවන ලෝකයා ද ජාතකයන්ටම ප්රිහය කිරීම ද තවත් හේතුවක් වන්නට ඇත. මෙසේ කව් සිළුමිණ1 ආරම්භයෙහි “කිවි බව් කිවිදුමේ - කුසුම් සැපැත් එහි විපුල්
පෙලෙ බෝසත් සර වැණුම් - වියත්මුවෙ පත් වේවා ” යී කියැවේ.
පොළොන්නරැ සමයයෙහි පටන් මේ දක්වා මුවදෙව්දාවත, සසදාවත, කවි සිළුමිණ, සඳකිඳුදාකව, කව්මිණි, කොඬොල, කව්මිණි මල්දම යනාදි කාව්යි රැසක් ජාතකකථාවන් ඇසුරු කොට ලියැවී තිබේ. එම ව්යඬක්ත සාහිත්යුක කෘතීන් හැර ගම්බද මහජනයා විනෝදය සඳහා කියවන මුවජාතකය, වෙස්සන්තර ජාතකය, පදමානවක ජාතකය, සසජාතකය වැනි පොත් ද ජාතක වස්තූන්ම ආශ්රිාත රචනයෝයි.
මේ පොත් සියල්ලටම වඩා ජාතක කථාවන් ඉගෙනීමට මහජනයාට අසහාය ග්රින්ථය වී පැවතියේ කුරුණෑගල රාජධානි සමයයෙහි දී කරන ලද සිංහල පන්සිය පනස්ජාතකයයි. ජාතක කථාවන් ඇසීම මහජනයාගේ ප්රහසාද සංවේගයට මෙන්ම පන්සිය පනස් විනෝදයට ද හේතු විය.
ජාතකයන්ගෙන් ඔවුහු නොයෙක් දෑ උගත්හ. උගත් දෑ අනුවම සිය දිවි පෙවෙත ද හැඩ ගැස්සූහ. අද වුවත් ගම්බද ජනයා තුළ පවත්නා නොයෙක් අදහස් උදහස් බෙහෙවින්ම ජාතකයන්ට අනුව හැඩගැසුණු ඒවායි. වෙස්සන්තර රජ්ජුරුවන් හෝ ජාලිය කෘෂණාජිනාවන් හෝ පූජකබමුණා හෝ ගැන නොදන්නා කිසිවෙක් ගැමියන් අතර ඇතැයි සිතිය නොහැකියි. වෙස්සන්තර රජුගේ ත්යා ගශීලී භාවය සියල්ලන්ගේ සිත්හි කාවැදුණකි. යම් කිසිවෙක් වැඩිපුර යම් වස්තුවක් ඉල්ලන විට ‘ෙදාර දන් දෙන්ට වෙස්සන්තර කාලේ යයි සිතෙනවා දැ’යි
1 කව්සිළුමිණ, සංස්කාරක : සොරත ස්ථවිරයන් වහන්සේ, 1946, 4.
ප්ර්ස්තාවනා
අද වුවත් ගැමියෝ අසත්. එසේම විරූපී වූ අප්රතසන්න ර්වස හිරිහැර කාරයෙකුට අපහාස මුඛයෙන් ‘ජූතකයා’ යයි කියත්. කෙළින් යා නොහැකි පරිදි ‘වක ගැසී ගිය මාර්ගෝයකට වංකගිරිය’ යයි කියත්. මංගල ප්රනස්තාවන්හීදී යුවතිපතීන්ට ශුභ පැතීම් වශයෙන් අද වුවත් වෙස්සන්තර රජුගේ ගුණ ගායනා කරත්.
සිංහල ජාතක පොත ලියන ලද්දේ පාලි ජාතක අටුවාව ඇසුරු කොට ගෙනයි. පාලි ජාතක අටුවාව සම්පාදිත වී ඇත්තේ ඊට කලින් ලංකාවෙහි පැවති සිංහල ජාතක අටුවාවක් ආශ්රායෙන් බව පෙනේ1. මුද්රිහත පාලි ජාතක අටුවාවෙහි වුවද පූර්වව අටුවාවක් සඳහන් වන බැව් ඉහත කියන ලදි.
එසේම ගාථා දහසකින් යුත් වූ වෙස්සන්තර ජාතකයක් ගැනද කලින් සඳහන් විය. ජාතකයන්ගේ සංඛ්යාජව සාමාන්යසයෙන් 550 කැයි ගනු ලැබේ. බුඞඝෝෂාචාරීන්ගේ සුමංගල විලාසිනියෙහි පවා2 ‘අපණ්ණක ජාතකාදීනි පඤ්ඤා සාධිකානි පඤ්චවජාතකසතානි ජාතක සංඛ්යාකව. ජාතක නහි වේදිතබ්බං’ යී පෙනේ. එහෙත් ත්රිපපිටක පාළියටම අයත් චුල්ලනිදේදසයෙහිඃ “භගවා පඤ්චජාතකස්තානි භාසනේතා අත්තනොච පරෙසං ච අතීතං ආදිසති.” යි ජාතකයන් 500 ක් සඳහන් කෙරේ. 5 වැනි ශතවර්ෂනයේ මූලභාගයෙහිදී ලංකාවට පැමිණි පාහියන් නම් චීන යාත්රිේකයාගේ ගමන් විස්තරයෙහිද ඔහු ජාතක කථාවන් පන්සියයක සිතුවම් දුටු බව කලින්ද ප්රයකාශ කරන ලදි. මෙසේ ජාතකයන්ගේ සංඛ්යාසවෙහි හා වෙස්සන්තර ජාතකය වැනි ඇතැම් ජාතකයන්ගේ ප්රයමාණයෙහිද යම්බඳු වූ වැඩි අඩුකම් ඇතිවී තිබෙන බැව් පෙනේ. සංඛ්යාි වශයෙන් කලින් පන්සියයක්ව පැවති ජාතකයන් පන්සිය පනසක් වූ අයුරු කලිකාතා විශ්වවිද්යාෙලයේ පාලි පිළිබඳ මහාචාර්ය්ය සිටි බී.ඇම්. බරුවා මහතුන් විසින් කරන ලද පර්යේෂණයන්ගෙන්4 දත හැකියි.
1 Rhyds Davids – Buddhist India p. 207.
2 P.T.S. Edition Vol. i p. 24.
3 P.T.S. Edition p. 80. B.C.Law – A History of Pali Literature ii p.377’
4 ‘Multiplication of the Jatakas’ by B.M. Barua – Indian – Historical – Quarterly 1926
Vol. ii pp. 623 – 625.
ප්ර ස්තාවනා
පාලි ජාතකට්ඨ කථාව උගන්නා අයගේ පහසුව සඳහා පාලියෙන් කරන ලද අප්රතකට වූ ටීකාවක් තිබේ. එය මේ තාක් අමුද්රි ත වුවත් එහි පිටපතක් උප්සලා විශ්වවිද්යාටලයේ පාලි හා සංස්කෘත පිළිබඳ මහාචාර්යව සිටි හෙල්මර් ස්මිත් පඬිතුමන් ලඟ පාලි ජාතකට්ඨ කථාව හා තිබෙනු ස්ටොක්හෝම් නගරයෙහිදී තදාශ්රිතත ග්රාන්ථල දුටිමු. එම ටීකාෙවන් වෙස්සන්තර ජාතකයට අයත් ඛණ්ඩය මෙම ග්රමන්ථය අවසානයෙහි පළකරවා ඇත. පාලි ජාතක අටුවාවේ අවබෝධය සඳහා පාලි යෙන් ඇති පූර්වොක්ත ටීකාව හැර පොළොන්නරු රාජධානි සමය යෙහිදී සිංහලයෙන් කරන ලද ප්රවශස්ත ජාතක අටුවා ගැටපදයක් තිබේ. එයින් වැඩි කොටසක් ඩී.බී. ජයතිලක ශ්රීරමතුන් විසින් වර්ෂං කීපයකට පෙර සකස් ෙකාට ප්රසකාශ කරවන ලදි. දඹදෙණිසමය පමණේදී රාජව්රෂරාජී නම් පණ්ඩිතෝත්තමයකු විසින් ජාතක ගාථාවන්ගේ අවබෝධය සඳහා දසක නිපාතයේ අවසානය දක්වා නොහොත් ජාතකයන් 448 කට ලියන ලද පදගත සන්නයක්ද තිබේ.
ජාතකයන්ගේ සංඛ්යාබව අධික හෙයින් මහජනයා අතිශයින්ම ප්රිිය කළ ජාතක වස්තූන් කීපයක් එක් කොට අට ජාතක, දස ජාතක ආදී සංග්රතහ කීපයක් කරන ලදහ. ඇතැම් විට මහජනයාගේ සිත් ගත් එකම ජාතකය පවා කිහිප වර ගද්යහයෙන් රචනා කොට තිබේ. මොස් පන්සිය පනස් ජාතකයේ එන උම්මග්ග ජාතකය හැර ඊට පැරණි යයි සිතිය යුතු තවත් උම්මග්ග ජාතකයක්1 තිබේ.
කොළඹ කෞතුකාගාරයේ පුස්තකාලයෙහි Q 13 යන අංකය දරණ අටජාතක සන්නයෙහි (1) තෙමිය (2) මහාජනක (3) සාම (4) නිමි (5) ඛණ්ඩහාල (6) භූරි දත්ත (7) නාරද කස්සප (8) විධුර යන ජාතක අට ඇතුලත් වන නමුත් අටදා සන්නයෙන්2 පළමුවන ‘තෙමිය ජාතක සන්නෙ’ සංශෝධනය කළ ඩී.ජී අභය ගුණරත්න මහතා අට ජාතක වශයෙන් (1) තෙමිය (2) නිමි (3) සාම (4) විධුර (5) ඛණ්ඩහාල (6) භූරි දත්ත (7) මඛා දේව (8) මහාජනක යන ජාතකයන් සඳහන් කරයි. මෙසේ කෞතුකාගාරයේ පොතෙහි ඇතුලත් නාරද කස්සප ජාතකය වෙනුවට අභය ගුණරත්න මහතා ඇසුරු කළ අටදා සන්න පිටපතෙහි හෝ පිට පත්වල මඛාදේව ජාතකය තිබෙන්නට ඇත.
1 උම්මග්ග ජාතකය - පුරාණ පිටපත, සංස්කාරක, ඩී.සී. වීරක්කොඩි, 1875 2 අටදා සන්නෙ, සංස්කාරක, ඩී.ජී. අභය ගුණරත්න, වැලිගම, 1910 ප්රෙස්තාවනා
අටජාතකයට ද ව්යාතඛ්යාින මුඛයෙන් කරන ලද විශේෂ ග්රකන්ථඅ තුබුණු බැව් අටදා සන්නයේ අභය ගුණරත්න සංස්කරණයේ මුල් පිටෙහිම දක්නා “මේ අට ජාතකයෙහි සෙසු ග්රුන්ථි පද ඇතද හේ අනිශ්චය අපරිපුර්ණාෂර්ථ ඇති හෙයින් න්ශ්චය කොටැ සම්පූර්ණා්ර්තව ප්රේකාශ කරනු කැමැතිවැ මෙහි ග්රතන්ථිපද සහිතවැ ගාතා පෙදෙහි අර්ථ අති විස්තර කොටැ කියනු ලැබේ.” යන පාඨයෙන් පෙනේ.
එම අටජාතකයන් අතුරෙහි සංගෘහිත වූද එයින් බාහිර වුද ඇතැම් ජාතකයන්ට පැරණි ගැටපද හා සන්න තුබුණු බව තොටගමුවේ ශ්රීම රාහුල සංඝරාජයන් විසින් එම පොත පතින් උපුටා පඤ්චිකාප්රේදීපෙයහදෙක්වා තිබෙන පාඨයන්ගෙන් ද පෙනේ. එම උද්ධෘත පාඨයන්ගෙන් එකක් අටජාතක සන්නයෙන්ද එකක් ජාතක අටුවා ගැට පදයෙන්ද ගන්නා ලද සේ පෙනේ. “සම්ම තාලඤ්ච වීණඤ්ච නච්චගීතං සුවාදිතං තුරිය තාළිත සංඝුට්ඨං මණිම්හි පස්ස නිම්මිතං1”
යන ගාථාවෙහි ‘සම්ම’ යනුවට ව්යානඛ්යාෙන වශයෙන් “සම්මතාලන්ති ඛදිරාදි සම්මඤේවච කංසතාලඤ්ච” යී අටුවාවෙහි පෙනේ. එම ‘සම්ම’ යනු පිළිබඳව “විධුර ජාතක ගාථා සන්ය”යෙහි ‘සම්ම සැකඩයැ’යි කීහු” යන පඤ්චිකා ප්රමදීප (පිට 115) පාඨය අට ජාතක සන්නයේ2 විධුර ජාතක සන්නයෙහි “සම්ම, සේකඞ” යී පෙනේ.
“ෙගෳනක ජාතක ගැටපදයෙහි ‘තොමර, කුත්තු කොහොල් නොහොත් දෙබළ කටුයැ’යි කීහු” යන පංචිකා ප්රතදීප (පිට 115) පාඨය ජාතක අටුවා ගැටපදයේ අමුද්රිාත කොටසට ඇතුළත් සොනක ජාතකයෙහි3 “තොමල, කොත්තුකොල් නොහොත් දෙබලකටු”යී පෙනේ.
‘ආළම්බරො, අළිඟුබෙර ද”යී ඛණ්ඩහාල ජාතක ගැටපදයෙහි කීහු”යී පංචිකාප්රරදීපයෙහි (පිට 114) එන නමුත් ජාතක අටුවා .
1 ජාතකට්ඨකථා, හේවාවිතාරණ සංස්කරණය, vii පිට 249 2. කොළඹ ෙකෳතුකාගාරයේ පුස්තකාලයෙහි Q 13 නමැති අංකය දරණ පුස්කොල පිටපතෙහි ෙචෳ නමැති පත්ඉරුවෙහි
දෙවන පිටෙහි පළමුවන පෙළ.
3. කොළඹ ෙකෳතුකාගාරයේ පුස්තකාලයෙහි E – 3 යන අංකය දරන ජාතක අටුවා ගැටපදයේ පුස්කොල පිටපතෙහි ඪු නමැති පත්ඉරුවෙහි පළමුවන පිටෙහි 8 වැනි පෙළ. ප්රපස්තාවනා
ගැටපදයේ ඛණ්ඩහාල ජාතකය යටතෙහි එම පාඨය දක්නට නොමැතියි. ඇතැම් විට ශ්රී් රාහුල හිමියන් දක්වන එම විස්තරය ඛණ්ඩහාල ජාතකයට වෙනමම තුබුණාවූ විශේෂ ගැටපද ග්රින්ථවයකින් විය හැකියි.
“කීටා ව, බූවණුවෝ ද - භුරිදත්තජාතක ගාථා සන්යෙයෙහි ‘කබල් පිටු පණුවනැ’යි කීහු” යන පංචිකාප්රභදීප (පිට 115) පාඨය අටජාතක සන්නයෙහි භුරිදත්ත ජාතකය1 යට එන “කීටා, පනුවහ” යන පාඨය හා නො සැසඳෙයි. මෙම පංචිකාප්රයදීප පාඨය ද එම ජාතකයට තුබුණු විශේෂ සත්යපයකින් විය හැකියි.
“දෙණ්ඩිමා ච, ගැට පහටු බෙර ද, නොහොත් ඩැක්කී ද - උමංදා ගැටපදයෙහි ‘ඉකිළි බෙරයැ’යි කීහු - දෙමළ ජාතක ගැටපදයෙහි “දෙණ්ඩිමා, පටහම්” යී කීහු” යන පංචිකාප්රීදීප (පිට 114) පාඨය ද,
“නොයෙක් සිංහල සත්යච ගැටපදවලැ ‘වෙන’ ශබ්දයට කුළු පොත්තනැයි කියා මැ අත්ථික කී හෙයින් ද දෙමළ ජාතක ගැටපදයෙහි “වෙන නම් පොරුන්තනැ’යි කී හෙයින් ද “වෙනාති තවඡ කා” යන ටීකා පදයැ නොයෙදෙයි හැෙඟ්” යන පංචිකාප්රවදීප (පිට 115) පාඨය ද අප පරික්ෂාටවට භාජනය විය යුතුයි. එම පාඨ දෙකින්ම පාලි ජාතකට්ඨකථාවට දෙමළෙන් ලියන ලද ගැටපදයක් ශ්රී රාහුල හිමියන්ගේ කාලයෙහි තුබුණු බව පෙනේ. පසු කාලයන්හිදී ඊට කුමක් වී දැයි නොදනිමු.
ප්රයථම පාඨයෙන් උම්මග්ගජාතකයට ලියන ලද පැරණි උමංදා ගැටපදයක් ද තුබුණු බව ඔප්පු වේ. උමංදා ගැටපදය ද ජාතක අටුවා ගැටපදයට ඇතුළත් වියයුතු වුවද අප දුටු සෑම ජාතක අටුවා ගැටපද පුස්කොළ පිටපතක්ම විධුර ජාතකයෙන් අවසන් වේ. අවසානයෙහි තිබිය යුතු උමංදා ගැටපදය හා වෙසතුරු දා ගැටපදය නොමැතියි. සමහරවිට ජාතක අටුවා ගැටපදයේ මුල් පිටපත්වල ඒ ජාතක දෙක ද තිබී කල් යාමකදී අවසාන කොටස වූ ඒ ජාතක දෙක නැති වී යාමෙන් ඊට අනතුරුව කරනලද පිටපත් ඒ ජාතක දෙකින් ඌනවම පැවතියාදෝ සිතිය හැකියි. එහෙත් එබඳු ඌනතාවක් සෑම පිටපතෙකම තිබීම විස්මයකරය. ජාතක අටුවාවෙහි අග තිබෙන උමංදාව
1 කොළඹ ෙකෳතුකාගාරයේ අටජාතක සන්නය (E - 13) භාම 2-5 ප්ර ස්තාවනා
හා වෙසතුරු දාව ද ප්රගමාණයෙන් අතිවිශාල වූ ද මහජනයා අතිශයින් ප්රිරය කළා වූ ද, ජාතක දෙකෙකි. එහෙයින් ප්ර්ධානත්වමයෙන් එතරම් සැලකිය යුතු නොවූ අවශේෂ ජාතකයන්ට ගැටපද කිරීමට පෙර, උම්මග්ග හා වෙස්සන්තර ජාතකයන්ට සම්භාවනීය වූ පැරණි ගැටපද හෝ සන්න තිබීම නිසා ජාතක අටුවා ගැටපද කර්තෘා ස්වකීය කෘතියෙහි ඒ ජාතකයන්ට ගැටපද ඇතුළත් නොකළාදෝ යනුත් සිතිය යුතුයි. උමංදා ගැටපදයක් කිසිතැනෙක අපි නුදුටුවෙමු. වෙසතුරු දා ගැටපදයක් ද තිබිය යුතුයයි සිතිය හැකි වුවද එබන්දක් ගැන ද කිසිවිටෙක නොඇසුවිරූමු.
මේ සමඟ ප්රනකාශයට පමුණුවා තිබෙන වෙසතුරු දා සන්නයෙහි භාෂා විලාසය දෙස බලන කල ජාතක අටුවා ගැටපදයට පවා පැරණියයි කිව යුතුයි. අටජාතක සන්නය, ජාතක ගාථා සන්නය, විශුඞමාර්ගි සන්නය වැනි පොතපතට වඩා වෙසතුරු දා සන්නය පැරණි බව සිංහලය ගැන ආරංචියෙන් දන්නා කෙනකුට වුවද වැටහී යා යුතුයි. පොළොන්නරු සමයයට විශේෂ වූ සංස්කෘත ප්රකයෝග අධික වූ මිශ්රස සිංහලය හඳුනන්නෙකුට වෙසතුරු දා සන්නයෙහි භාෂාව සංස්කෘත ප්ර යෝගයන්ටම අග්රල ස්ථානය නොදී පැරණි වහරට තවමත් බෙහෙවින් ගරු කරන බැව් පෙනී යා යුතුයි.
වෙසතුරු දා සන්නය ප්රයධානකොටම වෙස්සන්තර ජාතක අට්ඨකථාවේ පැරණිම කොටස වශයෙන් ගතයුතු වූ ගාථාවන්ට නොහොත් නියම වෙස්සන්තර ජාතකයට සන්න සපයයි. එහෙයින් එය ගාථා සන්නයකි. එහෙත් ග්රයන්ථස නාමය කිහිප තැනක පාලි ජාතක අට්ඨකථාවේ ගද්යක ඛණ්ඩයන්ට අයත් යම් යම් ග්රින්ථිස්ථාන පිළිබඳවත් අත්ථිණ වණර්නයය කෙරේ. එසේ බලන විට ඊට වෙසතුරු දා ගැටපදය යි කීමටත් ඉඩ තිබේ. දිවංගත වූ ශ්රීේමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ද මෙම කෘතිය ගැන නිතරම සඳහන් කළේ වෙසතුරු දා ගැටපදය1 කියායි. එසේ වී නමුත් ගාථාවන්ට පිළිවෙළින්ම සන්න දක්වන අතර ගද්යට පාඨයන්ට අත්ථි වර්ණ්නය කරනු ලබන්නේ ඉතාමත් විරල වශයෙන් හෙයින් ඊට වෙස්සන්තර ගාථා සන්නය යනු වඩා උචිතයි. තවද ශ්රීන රාහුල මාහාමියන්ගේ පංචිකාප්ර දීපයෙහි (පිට 115) එන වෙසතුරු දා ගාථා සන්‍පංෙයහි ‘තොමර, අඩසවියැ’යි කීහු” යන පාඨය හා සැසඳෙන පාඨයක් මෙම ග්රථන්ථයෙහි (603) “තොමරංකුස
ප්රස්තාවනා
පාණීහි, අඩයටි හා අකුසු ගත් අත් ඇති”යී පෙනේ. ශ්රී“ රාහුල හිමියන් විසින් “තොමර, අඩියටි”යී ප්රහස්තුත කොටස පමණක් උපුටා ගන්නා ලදුවා විය හැකියි. එහෙයින් උන්වහන්සේ යථෝක්ත පාඨය උපුටා ගත් ග්ර න්ථගය මෙයම විය හැකියි. මෙම ග්රවන්ථ යේ පුස්කොළ පිටපත් අවසානයෙහි මීට ‘වෙසතුරු ගාථා පදාත්ථි.’යී කියාද, ‘වෙසතුරු දා සන්නය’යී කියාද ව්යවවහාර කරනු ලැබේ. ගාථාත්මක වූ වෙස්සන්තර ජාතකයට සන්නයක් වශයෙන් රචිත හෙයින් ද, පූර්වොමක්ත සියලු නාමයන් අතුරෙන් ‘වෙසතුරු දා සන්නය’ යනු කවුරුන්ගේත් සිත් ගන්නා හෙයින් ද එයම ග්රදන්ථු නාමය කොට යෙදූමු.
වෙසතුරු දා සන්නයෙහි අර්ථෙ දැක්වීමෙහි දී පාලි ජාතකට්ඨ කථාවෙහි එන අත්ථිද වර්ණථණනාවන් බොහෝ දුරට අනුගමනය කොට තිබෙන බැව් පෙනේ. එබඳු තැන් ලෙහෙසියෙන් බලා ගත හැකි පරිදි පාලි පාඨ ද අධොලිපි වශයෙන් බහා ඇත.
පැරණි සිංහල පොතපතෙහි නොයෙක් විට තත්සම හා තද්භව ශබ්ද ද රාශියක් දක්නට ලැබේ. මාතෘ භාෂාවන්ගෙන් සිංහලට විත් තිබෙන ශබ්දයන්ගේ විපරිණාමය පිළිබඳ අවබෝධයක් නොමැති අය ‘ගිනිසිළු’ යනු ‘අග්නිසිඛා’යනුවෙන් සිඬ කරත්; පැරණි භාෂාවේ ‘හැකිළී යනු ‘සංකුචිත’ යනුවෙහි ස්වණරූපය තද්භවයක් කොට ගනිත්. ලොප, අදෙශ, හා ශබ්ද විචාරය ආගම, පෙරැළි යනාදියේ උපකාරයෙන් ඔවුන්ට නොකොට හැකි සාහසික කමක් නොමැතියි. එහෙත් කිසිවිටෙක ඇතැම් ශබ්ද අපේ කනටත් කටටත් නුහුරු හෙයින් ඒවා සිංහල ඌරුවට නොගැළපෙන බැව් අපි දනිමු. එයින් පෙනෙනුයේ සිංහලයෙහි ශබ්ද විචාරය පිළිබඳ නීති රීති කිසිවක් පනවා නොමැතත් නිරාසයෙන්ම වුවත් කිසියම් භාෂා රීතීන්ට අනුව සිංහලය වැඩීගෙන යන බවයි. කවර භාෂාවක වුවත් උත්සාහය වනුයේ උච්චාරණය පහසුව ආදිය සඳහා දිනින් දින වඩ වඩා ලිහිල් වී යාමයි.ඒ ලිහිල් වී යාම එක් එක් භාෂාවක ස්වරෑපය, එම භාෂාව ව්ය.වහාර කරන්නන්ගේ උච්චාරවෙණන්රි් යයන්, ඔවුන්ගේ ආහාරපාන, ගතිසිරිත්, රටේ දේශගුණය හා අනික් බලපෑම් ආදියේ අන්දමට සිදුවන්නකි. සිංහල ශබ්දයන්ගේ සම්භවය විස්තර කිරීමෙහිදී සංස්කෘත, පාලි, ප්රාුකෘත යනාදි භාෂාවන්ගේ වහල සෙවිය යුතුය. එහෙත් එය ඇතැමුන්ට නොරිසියෙන්නක් හෙයින් ඒ පිළිබඳව යමක් කිවමනායි. සිංහලයෙහි ආරම්භය කොතැන්හිදැයි කිසිවෙකුට
ප්ර්ස්තාවනා
ඉඳුරා කිව නොහැකියි. විජයාගමනායන් පෙර ද ලංකාවෙහි හොඳින් වැඩුනා වූ යම්කිසි ශිෂ්ට සම්මත භාෂාවක් තුබුණු බවට කිසිදු සැකක් නොමැතියි. විජය ඇතුළු සත් සියයක් පිරිස මෙහි ආ පමණින් එවක ව්යකවහාර වූ භාෂාව - විශේෂ වශයෙන් කිවහොත් ස්ථාන නාම හා පුද්ගල නාම, ගෙදරදොරේ වැඩකටයුතු සඳහා ද මනුෂ්ය යාට සර්වමප්ර කාරයෙන්ම අවශ්යේ වූ වැඩපළ සඳහා ද ව්යතවහාර කළා වූ කවර භාෂාවක වුවත් මූලිකයයි ගත යුතුවූ ශබ්ද සමූහය - වහා අතුරුදන් වන්නට ඇතැයි සිතිය නොහැකියි1. විජය ඇතුළු පිරිස ජය ලැබ රටේ පාලකයන් වූයෙන් ඔවුන් ව්යවවහාර කළ භාෂාව මුල්තැන ගෙන, කලින් පැවති රටවැසියන්ගේ මුල් භාෂාව ක්රකමයෙන් යටපත් කරන්නට ඇත. එහෙත් විජයාදීන්ගේ භාෂාව ද, කලින් රෙට් පැවති ශබ්ද හා නානා ප්රියෝග ඊට වැද්ද ගැනීම නිසා බොහෝ දුරට වෙනස් වන්නට ඇත.
අනතුරුව ඉන්දියාවේ නොයෙක් පළාත් වලින් ආර්ය්යා භාෂා ගණයට අයත් භාෂාවන් කථා කරන පිරිස් මෙහි පැමුණුණු හෙයින්, විජයාගමනයට පූර්වුයෙහි ලංකා දීපයෙහි ව්යුවහාර වූ භාෂාව ආර්ය්ය හෝ වේවා, අනාර්ය්යර හෝ වේවා, කල්යාමේදී ආර්ය්යය භාෂාවන්ගේ අධික බලපෑම් කරණකොට ගෙන එම ලක්ෂ ණයෝම ප්ර මුඛ වී අත්යෂන්තයෙන් වැඩුනාහ. දකුණු ඉන්දියා වාසීන් ද ඉතා පැරණි කාලයන්හි සිට යුඞ කෝලාහල සඳහාද, වෙළහෙළදාම් ආදිය සඳහාද මෙහි පැමිණුණු හෙයින් ද්රාවිඩ ශබ්ද හා ප්රවයෝගද සිංහලයට වැද්ද ගත්හ. වෙළහෙළදාම් ආදිය මගින් තවත් නොයෙක් භාෂාද ස්වල්ප ප්රහමාණයකට වුවත් සිංහලයෙහි මුහුණුවර වෙනස් කළහ. ලංකාවට බුද්ධාගම ගෙනඊම රාජ්යි ඉතිහාසයේ මෙන්ම භාෂා ඉතිහාසයේද ඉතා වැදගත් සිද්ධියකි. වෛද්යන ශාස්ත්රේය ආදී ලෞකික විද්යායවන් සඳහා සංස්කෘත භාෂාව මෙහි දියුණු වීමද වැදගත් වැදගත් කරුණකි. මෙසේ විජයාදීන් ගෙනා සිංහල ප්රදකෘතියභද්ර්කාත්යා්යනා ඇතුළු පිරිසගේද, කලින් කග උතුරැ ඉන්දියාවෙන් ආ අනික් ආර්ය්යර වංශිකයින්ගේද ප්රාතකෘතයන් සමඟද, ලංකාවේ මුල් පදිංචි
1. මේ සම්බන්ධයෙන්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේහි අය්ය්ඟ භාෂාවන් බල පෑමෙන් පසුත් , සිංහලෙහි අද වුවත් අවශිෂ්ට වී තිබෙන ,
ඔලුව , කකුල , බඩ , විළුබ , කළව , (මුඛවාචි) කට , (පිටිකර යනාදි තත්හි දක්නා ) කර , නිකට , ළිප , ළිද , කුඹුර ,යනාදි ශබ්දයෝ අප සිතට ඉදිරිපත් වෙත්.
ප්රටස්තාවනා
කාරයන්ගේ භාෂාව සමඟද සම්මිශ්රි ත වී ද්රඅවිඩ හා අනෙක් බලයන්ටද මුහුණ පා ක්රමමයෙන් වැඩී සිංහලයයි මේ අවස්ථාවට පැමිණ සිටී.
ක්රිනස්තු වර්ෂමයෙන් යට 3 ෙවනි ශතවර්ෂලයෙන් එපිට සිංහලයෙහි ස්වාභාව කෙබඳු දැයි දැනගැනීමට කිසිදු පොතක් පතක් හෝ සෙල් ලිපියක් නොමැතියි. සිංහලයට සොහොයුරු තන්හි සිටිනා හින්දි, මරාඨි, බෙංගාලි ආදී නව්ය් ආර්ය්යට භාෂාවන්ගේ ද මුල් යුගය අඳුරින් වැසී තිබේ. එවක සිංහලයේ හෝ අනෙක් භාෂාවක තත්ත්වය වටහා ගත හැක්කේ පූර්වන යුගයන්හි ඉන්දියාවේ නොයෙක් පළාත්වල ප්රහචලිත වූ ව්යවවහාර භාෂාවන්ම වියරණකරුවන්ගේ ව්‍යාකරණ විධානයන්ට අනුව සකස් කොට ග්රවන්ථාරරූඪ කොට සපයා තිබෙන පොත්පත්වල ආධාරයෙනි.
මෙසේ ක්රි ස්තු වර්ෂ යෙන් යට යටත්පිරිසෙයින් 1500 හෝ 2000 පමණ දක්වාවත් පැරණියයි කියනු ලබන වෛදික ග්රයන්ථ්, පාණිනී පනඤ්ජලි ආදීන්ගේ සූත්රි විධානයෙන් සකස් කොට තිබෙන සංස්කෘතයෙන් සම්පාදිත ග්රනන්ථ, ග්රටන්ථාතරූඪ කිරීම පසුව සිදුවූ නමුත් ක්රි්.ව. යට 6 වැනි ශත වර්ෂායෙහි පටන් ආරම්භ වන බෞඞ හා ජෛන සාහිත්යය, තවත් නොයෙක් නාට්යස ප්රාුකෘත හා අපභ්රාවශ ග්ර න්ථ යන මේවායේ ආධාරයෙන් ඉතා පැරණි සමයයන්හි සිංහලයේ ස්වභාවය ද වටහා ගත හැකියි. පැරණිම ඉන්දුා ආර්ය්යප යුගයෙහි හෝ මධ්යෘම කාලීන යුගයෙහි යම්කිසි සිංහල ශබ්දයක් පැවතියේ සංස්කෘතියෙහි හෝ පාලියෙහි දක්නා ලෙසටම යයි කිව නොහැකි වුවත් සිංහලයෙහි පශ්චාත්කාලීන ඉතිහාසය හා එහි විශේෂ ලක්ෂවණ දන්නෙකුට සංස්කෘත, පාලි, ප්රාාකෘත ශබ්දයන්ගේ අනුසාරයෙන් සිංහල ශබ්දයන්ගේ ඉතිහාසය බොහෝ දුරට අවබෝධ කර ගත හැකියි. ප්රා කෘත ශබ්ද සංස්කෘතයෙන් භින්නයයි කීම කොතරම් සාවද්යු වුවත් ප්රා කෘත ලක්ෂිණ දක්වන වියරණ කරුවෝ නොයෙක් පහසුකම් සලකා සංස්කෘත අනුසාරයෙන්ම ප්රාකෘත වියරණ විභාග දක්වත්. එපරිද්දෙන්ම සංස්කෘත, පාලි, ප්රායකෘත යුගයන්හි සිංහලය කෙබඳු වී දැයි කීමට ඒ යුගයන්හි ප්ර්චලිත වූ භාෂාවෙන් ලියන ලද පොත්පත් හෝ ලේඛන නොමැති හෙයින් ඒ යුගයන්හි සිංහලයට අත්යභන්තයෙන් සමීප වූ මහත් සාම්යොයක් ඇතිව ව්යබවහාර වූ භාෂාවන් සකස් කොට ග්රෂන්ථාසරූඪ කරනලද සංස්කෘත,පාලි හා ප්රාරකෘත භාෂාවන් ඔස්සේ ගොස්
ප්රාස්තාවනා
සිංහලට එළියක් ලබාගත යුතුයි. එහෙයින් සිංහල ශබ්දයන්ට ව්යකත්පත්තීන් දැක්වීමෙහිදී වෛදික සංස්කෘතයෙහි හෝ පාණිනීය සංස්කෘතයෙහි දක්නා ශබ්දයක් පාලියට හා ප්රාිකෘතයට එන විට ඇති වී තිබෙන වෙනස්කම් කවරේද, අනතුරුව ඒ ශබ්ද සිංහලයට එන විට ඇති වි තිබෙන වෙනස්කම් කවරේදැයි පරික්ෂා කර බැලිය යුතුයි.
ක්රි්ස්තු පූර්වන 3 වැනි ශතවර්ෂනයෙහි පටන් ක්රිදස්තු වර්ෂායෙන් 9 වැනි ශත වර්ෂශය පමණ දක්වා භාෂාවෙහි ඇති වී තිබෙන වෙනස්කම් විස්තර කරන්නට යෑම ග්ර න්ථහවිස්තාරයට හේතු වන හෙයින් ඒ ගැන නොවෙහෙසී, පැරණි ගැටපද සන්න ආදිය බහුලව දක්නා 10 වැනි ශත වර්ෂගයෙහි පමණ සිට අනතුරු සමයයන්ට අයත් සිංහල ශබ්ද පමණක් විමසා බලමු.
ස්වර ස්වරයන් දෙස බලන විට සංස්කෘත අක්ෂමර මාලාවෙහි දැක පුරුදු වූ ‘ඍ‚ඎ, ඏ‚ ඐ, ඓ, ඖ’ යන ස්වර උච්චාරණයට පහසුවන පරිදි ලිහිල්ව ගොස් තිබෙන බැව් හෝ අතුරුදන් වී තිබෙන බැව් පෙනේ.
ඍ‚ඎ යනු සාමාන්ය යෙන් අ,ඉ,උ යන තුනින් එකක් බවට හැරේ. ඇතැම් විට ර කාරයෙන් යුක්ත වූ ඒ එක් ස්වරයක් වශයෙන් ද සිටී. නිදසුන් කීපයක් දක්වතහොත්:- තෘණ > තණ ; කෘපණ > කවණ ; භෘඞග > බිඟු ; සදෘශ > සදිසි ; සෘජු > උද්ර ; මාග > මුව ; කෘෂණ > කරහුන් (?) ; ශෘඞගාර > සිරිගර ; වෘන්දු > විරිඳු ; සෘතු > ඉරුතු(යොගරත්නාකරය 160,162) ; සෘග්වෙද > ඉරුවේ ; කෘපණ > කුරුපණ ; ගෘහිණී > ගුරුහිණි; හොතෘ > හොතුරු.
සංස්කෘතයෙහිද විරල වූ ඏ‚ ඐ යනු සිංහලයට එන්නට පෙර පාලි ප්රාකකෘත යුගයෙහිදී පවා නෂ්ටප්රා යයි.
ඓ > එ, ඒ, ඉ, අ + ඉ (අයි) වෛර > වෙර ; කෛලාස > කෙලෙස ; වෛශෙෂික > වේසේසික ; ධෛර්ය්යය > දිරිය ; වෛජයන්ත > විජයොත් ; ඓරාවණ > අයිරාවණ
ඖ > ඔ, අ + උ (අවු) යෞවන > යොවුන් ; කෞස්තුභ > කොතබු ; කෞතුක > කවුතුක ; ඖෂධ > අවුසද සංස්කෘත පාලි ප්රා කෘත ස්වරයන් අතුරෙහි නොදක්නා ඇ, ඈ යනුදු සිංහලයෙහි විශේෂයෙන් වැඩුණු ස්වර දෙකකි. ප්රේස්තාවනා
සිංහලයෙහි තද්භව ශබ්දයන්හි ස්වර සම්බන්‍ධයෙන් බෙහෙවින් දක්නා ලක්ෂණයක් නම් මාතෘ භාෂාවන්හි එක් එක් ශබ්දයෙක යෙදෙන විසදෘශ ස්වරයන් එක වර්ගතයකට හැර සදෘශ වීමයි. මෙය ව්ය්ඤ්ජනාක්ෂ රයන්හි මෙන්ම ස්වරයන්හි ද පූර්වාරූප, පරරූප යී. දෙවැදෑරුම් :-
සං. ක්ෂී-ර, පා. ඛීර > කිරි ; සං. උත්පල, පා. උප්පල > උපුල් ; සං. පා. ධනු > දුනු ; සං. ප්රශණීත, පා. පණිත > පිණි
කිසි විටෙක ඇතැම් ශබ්දයන්හි එකම ස්වරය කීප වරක් යෙදීම කනට නොමිහිරි හෙයින් හෝ උච්චාරණ ඉන්ද්රිරයයන්ට වෙහෙසකර හෙයින් හෝ අන්කිසි හේතුවක් නිසා හෝ එකට යෙදෙන සමාන ස්වර දෙකක් හෝ වැඩි ගණනක් විසදෘශ ද වෙත්. සං ශ්රීක මේඝවර්ණ , පා. සිරිමේඝවණ්ණ > සරිමෙකවන, සිරිමෙවන් ; සං. පා. දුකුල, ප්රාස. දුඌල, දිඌල > දියුල්, (දුහුල් ; දුල්) ; ජලනිධි > දලනිදු ; කුසුම > කිසුම් (කුසුම්). මාතෘ භාෂාගත ශබ්දයන්හි විසදෘශ වූ ව්යමඤ්ජන දෙකක් හෝ තුනක් සංයුක්තව පවත්නා විට, විශේෂයෙන්ම ඉන් එකක් අනුනාසිකාක්ෂුරයක් හෝ අන්තඃස්ථාක්ෂ්රයක් වන විට සංයුක්ත ව්යදඤ්ජන දෙකක් අතරට ස්වරයක් වැටී ඒ ස්වරයෙන් සංයුක්ත ව්යවඤ්ජනයන් බෙදා හැරීම ස්වරභක්තියයි කියනු ලැබේ.
ප්රේසිඞ > පරසිදු ; පරිශ්රයම > පිරිසරම ; පර්ය්යුන්ත > පිරියත් ; ව්යාලකූල > වියවුල් ; ඌර්විශී > උරුවිසී ; පවිත්ර > පිවිතුරු ; සෙනහ > සෙනේ ; ශෙලෂ > සෙලෙස් ; ශෙලාක > සොලෝ ; ද්රෞපදී > දොරඛ (සියබස් ලකර 396). මාතෘභාෂාගත ශබ්දයක මඞ්ය යෙහි දක්නා ව්යැඤ්ජනයක් ලොප් වී යාමෙන් ඉතිරි වන උද්වෘත්ත ස්වරය අනික් ස්වරයක් හා එකට යෙදෙන විට ඒ ස්වර දෙක අතරට ය,ව,භ වැනි දුර්ව ල ව්යංිජනයක් ආගම වශයෙන් පැමිණීම භුයොවෘත්තියි. එසේ ආගම නොවන විට ස්වර දෙක ඒකාබඞ වී එක දීර්ඝන ස්වරයක් හට ගනී.
සං. ප්රවකට, පා. පකට, පාකට > පහළ, පාළ ; ආකාර > අයුර, ආර ; මකර > මුවර, මෝර ; සමාගම > සමහම්, සමාම්. ශබ්දයන්ගේ ආදියෙහි හෝ අන්තයෙහි ඇති ස්වර ලොප් වී යාම ද, නොයෙක් විට මඞ්යආගත වූ ස්වරයන්ගේ ලොපයද දක්නට ලැබේ. ස්වරයක් මෙසේ ලොප් වීමට ප්රයධාන හේතුව නම් ඊට පසුව ප්රේස්තාවනා
හෝ ඉදිරියෙන් යෙදෙන අනික් ස්වරයක් කරා වේගය මෙහෙයීමෙන් නොහොත් එය බර කොට ශබ්ද කිරීමෙන් හෝ, අලස කමින් හෝ, ඉක්මන්කමමින් හෝ, එම ස්වරය හොඳින් උච්චාරණය වී නොවී යාමයි.
අසිපත්රම > සිපත්; සං. අනවතප්ත, පා. අනොතප්ත > නූතත්; පා. ආනාපානසති> නාපන්සී ;උත්තම උතුම්, තුම්; සං. ඍතු, පා. උතු> උයු (ධම්පියා අටුවා ගැටපදය 61-13) යු; සං. උපානග්, පා. උපාහන, ප්රාඋ. උවාහණ,අපභ්රං ශ:වාහණ>වහන්;ආසන>අසුන, අස්න; යොජන> යොදුන, යොත්ත;බැඳුම> බැඳ්ම, බැම්ම; පිනුම>පින්ම, පිම්ම.
ව්යංතජන සංයෝගයකින් ආරම්භ වන ශබ්දයක් උච්චාරණය කිරීම අපහසු හෙයින් ඊට පූර්වනයෙන් ස්වරයක් - විශේෂයෙන්ම ඉකාරයක් - යෙදීම පැරණි භාෂාවෙහි විරල වශයෙන් ද පෘතුගීසි ලන්දේසි ආදි තත්සම ශබ්දයන්හි සුලභ වශයෙන් ද දක්නට ලැබේ.
සං. සත්රීද, පා. ඉත්ථිල>ඉති, ඉතිරි; සං. ලක්ය්ායබ>ලක, ඉලක්කය(ද්ර්විඩය ඔස්සේ) ; ඉස්කෝල: ඉස්තෝප්පු, ඉස්ප්රීතතු.
දීර්ඝල ස්වරයක් වශයෙන් හෝ සංයුක්තයකට පූර්ව වූ භ්ර ස්ව ස්වරයක් වශයෙන් හෝ ගුරකැයි ගතයුතු අ, උ. ඔ යන ස්වරයන්ට අනතුරුව යම්කිසි වචනයෙක ඉකාරයක් හෝ ඇතැම් විට ඊටම අනුරූප වූ යකාරයක් යෙදෙන විට එහ ඉ’ ශබ්දයාගේ අපේක්ෂාූව වචනාය් මුල් භාගයෙහිත් ඇතිවීමෙන් ලෙස මාත්රහ වූ ඉකාරයක් හා සම්බන්ධේ වූවාක් මෙන් කලින් යෙදෙන අ, උ. ඔ යන ස්වරයෝ ඇ:(හෝ ප) ඉ, ප බවට පැමිණෙත්.
උපාසිකා>උවැසි; ආපත්ත>ඇවැත්; පාරමී>පැරුම්, පෙරුම්; සං. හස්ති. පා. හත්ථික>හැත්, ඇත්; සං. දර්වී, පා. දබ්බී>දෙවි; පා. ගණ්ඩි>ගෙඩි; පා. පටිපත්ති>පිළිවෙත්, පිළිවැත්, පටිපාටි>පිළිවෙළ; පුණ්යා>පින්; මූල්යස>මිල; පා. උක්ඛලී>ඉකිලි;
සං. ශ්රොිත්රිතය, පා. සොත්තිය>සෙත්; භොවාදි>බෙවැදි.
එසේම තාලව්යය ව්යැඤ්ජනාක්ෂිරයක ආශ්රායෙන් ද අවර්ණිය අනම්යප බවට හැරේ.
ප්රේස්තාවනා
චාප>සැව්; චණ්ඩ>සැඬ; ඡණ>සැණ; සං. ජජිර, පා. ජජ්ජර>දැදුරු; ජාලා>දැල්; ඤාණ>නැණ; ශර>සැර; ශඞකා>සැක; ශ්රඅඞා>සැදැහැ;ව්යිය>වැය; ව්යේසන>වැසන;න්යාසය>නෑය; ධ්යාශන>දැහැන.
කිසි විටෙක උච්චාරණස්ථාන වශයෙන් අන්ත්යස වූ ඇතැම් ස්වරයන් ශබ්ද කරන්ට යාමෙන් උච්චාරණෙන්රි අන යයන්ට වන වෙෙහස වැළැක්වීම සඳහා දෝ ඒ අන්ත්යය ස්වරයන් මඬ්යඅවර්තී බවට පැමිණවීමෙන් ස්වරයන්ගේ එක්තරා ප්රඒමාණ සමීකරණයක් ද කෙෙර්.
බහුක> *බහොඔ>බොහෝ; අසුක>*අසොඹ>අසෝ; බාහිර>බැහැර; විහාර>වෙහෙර.
ව්යකඤ්ජන සංයෝගයකට පූර්වබ වූ ඉකාර උපකාරයෝ බෙහෙවින් එකාර ඔකාර බවට පැමිණෙත්.
තින්ත> තෙත්;සං. විෂ්ණු> වෙණු;ස. උත්කෘෂ්ට, පා. උක්කට්ඨ> ඔකට (කුදුසික සන්නය 346) ; කුංකුම> කොකුම්;කුණ්ඩල> කොඬොල්.
ස්වරයන් ආශ්රිනත වූ ව්ය්ඤ්ජන ද ස්වරය කෙෙරහි බලපා වෙනස් බවට පමුණුවත්. නොයෙක් විට සංස්කෘත හෝ පාලි ශබ්දයෙක්හි දක්නා ආකාරයක් සිංහලයෙහි දී ඉකාර හෝ උකාර බවට පැමිණීම ආදි වශයෙන් ස්වරයන්ගේ තවත් ඇති විපර්යාස බොහෝයි.
ව්යං ජන. මාතෘ භාෂාගත ශබ්දයක ආදියෙහි යෙදෙන කෙවල ව්ය ඤ්ජරනයක් සිංහලයෙහිදී අවශිෂ්ට වීම භූයොවෘත්තියි. තාලව්ය ව්යහඤ්ජ;නයක් වෙනස් වී යා හැකියි. ශ,ෂ,ස,හ යන අක්ෂතරයෝ නොයෙක් විට ලොප් වෙත්. යකාර වකාරයෝ කිසි විටෙක ඉකාර උකාර බවට ද පැමිණේත්.
උපසර්ග යක් පූර්ව කොට ඇති පදයක මුල යෙදෙන ව්යං්ජනාක්ෂ රයක් ද, සමාසයක අනාදියෙහි ඇති ශබ්දයක මුල් ව්යං ජනයක් ද ආදි වශයෙන් නොව පදයක මධ්යාගත වූ සේ සලකනු ලැබේ.
පදයක අනාදියෙහි නොහොත් ස්වර දෙකක් මධ්ය යෙහි සංයුක්ත නොවී කෙවලව යෙදෙන ක,ඛ,ග,ඝ,ත,ථ,ද,ධ යන අකුරු බෙහෙවින් ලොප් වී යත්. කිසි විටෙක අවශිෂ්ට ද වෙත්. ප්රිස්තාවනා
සංස්කෘතයෙහි දක්නා ශ,ෂ,ස යන ඌෂ්මාක්ෂොර තුනම හෙළුවෙහි දී සකාර බවට පැමිණ කිසි විටෙක අවශිෂ්ට වේ; කිසි විටෙක ලොප් වී යයි. ය,ව,හ යන මොව්හු ද කිසි විටෙක අවශිෂ්ට වෙත්; කිසි විටෙක ලොප් වෙත්.
සංස්කෘත පාලි ප්රිකෘතයන්හි දක්නා සංයුක්තාක්ෂඌර ස්වර භක්ති නයින් හෝ, එකක් හැර අනික් ව්යංකජනයන්ගේ ලොපයෙන් හෝ කෙවල බවට පැමිණෙත්. ඝොෂ ව්යංකජනයකට පූර්ව යෙහි යෙදෙන අනුනාසිකාක්ෂිරයක් හෙළුවෙහි දී බෙහෙවින් අර්ධායනුනාසිකයක් වශයෙන් සිටී.
මාතෘභාෂාගත මහා ප්රා්ණාක්ෂවරයෝ සිංහලයේ ඉතා පැරණි සමයෙහිදී ම අල්ප ප්රාතණ වූහ. කිසි විටෙක වුවත් පැරණි වහරෙහි අවශිෂ්ට වී ඇති මහා ප්රා ණය පවා කල් යාමේදී නැති වී යයි. ඇතැම් විට මහා ප්රා ණාක්ෂ්රයක් අල්ප ප්රා ණ වූ එම ව්යංාජනය හා හකාර බවට ද පැමිණේ. ධාරා>දහර; භසම>බහස්ම
ක. පදයෙක හෝ ශබ්දයෙක ආදි කකාරය අවශිෂ්ට වේ. කනක>කතා; කවාට>කවුළු.
අනාදි හෙවත් මධ්යුගත කෙවල කකාරය සමහර විටෙක අවශිෂ්ට වන නමුත් බෙහෙවින් ලොප් වේ. ආකර>අකර; ආකීණීණ>අකින්; ගන්ධ්කුටි>ගඳකිළි; සකල>සියල්; ශකුන්ත>සියොත්; දිවාකර>දිවයුරු.
සමහර විට අනාදි කෙවල කකාරයක් ඝෝෂවත් ද වේ. ඵලක>පලග; සං. අකනිෂ්ඨක, පා. අකනිට්ඨක>අගනිටා.
කකාරය හා සංයුක්ත වී ඇති ප්ර ධාන ව්ය.ඤ්ජන සංයෝගයන් ගේ වෙනස්වීම් මෙසේයි :-
ක්ඛස (පා.ප්රා .) >ඛ (පැරණි වහරෙහි), ක
විෙකඛප (=සං විෙක්ෂප) විඛෙවූ, විකෙව්; සික්ඛා (සං ශික්ෂාර) > සිඛ,සික.
කත>තත>ත : සං. ව්යගකත, පා. වියත්ත>වියත්; භක්ති>බැති. කත්ර්>තත>ත : සං. වක්ත්රත, පා. වත්ත>වත. ක්රර>කක>ක : උපක්රෝම>උවකුම්; ක්රී.ඩා>කිඩ, කිඩු,කෙළි.
ප්‍රස්තාවනා
ක්ෂර>කඛ>ඛ,ක : ප්රෙතිෙක්ෂ්ාප>පිළිකෙවු, පිළිකෙව්>අක්ෂ>ර>අකුර. ක්ෂර>චඡ>ස : ක්ෂගණ>ඛණ, ඡණ>කණ, සැණ;දක්ෂ>>දස් ක්ෂෙපණක>සපණ;මක්ෂි කා>මැසි,මැකි.
ක්ෂර>ක් + ස (අර්ධ තත්සම ශබ්දයන්හි) : පරික්ෂරතෙ>පිරික්සයි; අවෙක්ෂීතෙ>අවෙක්සයි.
ක්ෂක>ජඣ>ඣ,ජ,ද : ක්ෂායම>ඣාම>ඣම්, ජම්,දම්.
ක්ෂක යනු පාලි ප්රාපකෘත යුගයෙහි දී කෙවල ඛකාරය වුවහොත් සිංහලයෙහිදී එය ලොප් වේ. සං. උපෙක්‍යුා;පා. උපෙක්ඛාල>උපෙඛා>උපෙයි, උපේ;සං. ලාක්ෂාඩ. පා. ලාඛා>ලා. ඛ බෙහෙවින් පාලියෙහි හෝ ප්රාංකෘතයෙහි දක්නා ආදි ඛකාරය පැරණිම සිංහලයෙහි ඉතිරි වේ. පසුව එය අල්ප ප්රා ණ වී අඝොෂවම හෝ ඝෝෂත්ව සිටී. (ඛ>ඛ,ක,ග)
ඛන්ධඛ (=සං. සකන්ධල) >බඳු (බහු වචන), කද;ඛීණ (=සං. ක්ෂී.ණ) >ඛීණු,ගුණු;ඛඞග>ඛග්ග>කග;ඛද්යෙ.ත>ඛජෙජාත>කදෝ;පා. ඛෙපෙති (= සං. ක්ෂධපයති) >ගෙවයි.
අනාදි කෙවල ඛකාරය තද්භව ශබ්දයන්හි බොහෝ සෙයින්ම ලොප් වේ. සමහර විට එය අල්පප්රාෝණ වී කිසි තැන්හි ඝොෂවත් ව ද සානුනාසිකව හෝ නිරනුනාසිකව සිටී. (ඛ>ක,ග.ඟ) මෙඛලා>මෙවුල්;පරිඛා>පිරි;සුඛුමාල>සුහුඹුල්;සං.ශිඛින්,පා.සිඛි>සිකි;අඛිල>අකිල;සං. වෛශාඛ, පා. වෙසාඛ>වෙසඟ;ගිඛා>සිගා,සිඟා.
කඛය>ඛ (පැරණි වහරෙහි), ක්+හ,ක ව්යාාඛ්යාහන>වියඛැන්, වියක්හන්, වියකැන්. ග. ආදි කකාරය අවශිෂ්ට වේ. ගහී>ගඛ;ගාත්රි>ගත්ත>ගත්. අනාදි ගකාරය බොහෝ සෙයින්ම ලොප් වේ. එහෙත් කිසි විටෙක ඉතිරි විය හැකියි. නගර>නුවර;ආගන්තුක>අවුතු,අමුතු;සං ප්ර තිගෘහණාති, පා: පටිගණහාති>පිළිගනී. ගග (පා. ප්රා ) >ග,ඟ : ඛග්ග (=සං. ඛඞග:) >කග;මුග්ගර (=සං. මුද්ගර) >මුගුර;සමුග්ග (=සං සමුද්ග) >සුමුග;මග්ග (=සං. මාර්ග ) >මග,මඟ. ප්රගස්තාවනා ඝ
ආදි ඝකාරය පැරණිම වහරෙහි අවශිෂට වතුදු බෙහෙවින් ගකාර බවට පැමිණේ. පා. ඝට්ටෙති>ඝටසි;ඝෂි>ගස;ඝන>ගන.
අනාදි හෙවත් මධ්යර ඝකාරය ඇතැම් විට පැරණි වහරෙහි ඝකාර වශයෙන්ම හෝ ගකාර වශයෙන් ඉතිරි වෙතත් තද්භව ශබ්දයන්හි බෙහෙවින්ම ලොප් වේ.
සං. ප්රෙතිඝ, පා. පටිඝ>පිළිඝු; අඝාත>අඝා, අගා; නිදාඝ>නියඟ; ජඝන>දුවන්; මෙඝ>මේ.
ඞ. ඞකාරය දක්නට ලැබෙන්නේ අනික් ව්යිඤ්ජන හා සංයෝග වශයෙනි. ඞක > ක : කුංකුම>කොකුම්; අංකුශ>අකුසු; ශශාඞක>සසක්. ඞක > ග, ඟ : සං. පර්ය්නවුඬක>පා. පල්ලඞක>පලග,පලඟ; පා. සුඞක (=සං. ශුල්ක), ප්රාෝ. සුඞග>සුං-, සුක්- ඞකත>නක>ත : සං. පඞකති, පා පනති>පෙත්. ඞඛ>ඛ (පැරණි වහරෙහි), ක : සඞකාර (=සං. සංස්කාර) >සඛර,සකර; සං. ශෘඞඛලිකා, පා. සඞඛලිකා>හැකිලි. ඞග > ඟ : අඞගණ>අඟණ;ඉංගිත>ඉගි
ච. සංස්කෘත, පාලි, ප්රාිකෘත යුගයන්හි දක්නා වකාරය 4 වැනි 5 වැනි ශතවර්ෂතවල පමණ සිංහල ප්රාවකෘතයෙහි ‘අවගිරික,වෙත’ ආදි ප්ර්යෝගයන්හි දක්නට ලැබෙන නමුත්, පසු කාලයන්හි දී සංස්කෘත පාලි ආදී තත්සම හා අර්ධ්තත්සම ශබ්දයන්හි හා ඉතා මෑත වහෙරහි ‘අච්චාරු, බෝංචි’ වැනි පෘතුගීසි, ලන්දේසි ආදි තත්සම ශබ්දයන්හි ද විනා හෙළු වහරෙහි දක්නට නොමැතියි. සිඳත් සඟරා හිමියෝ පවා සිංහල වර්ණනමාලාවෙහි චකාරය සඳහන් නොකළහ. මාතෘභාෂාවන්හි ඇති ආදි චකාරය බෙහෙවින්ම සකාර බවට පැමිණේ. චන්දභන>සඳුන්; චම්පක>සපු; චොර;සොර. ස්වල්ප තැනෙක චකාරය සකාර වී පසුව හකාර වේ. (ච>ස>හ) : සං. චත්වාොර-, පා. චත්තාර->සතර,හතර;සං. චත්වාහරිංගත්, පා. චත්තාලීස>සතලිස්>හතලිස්; චුම්බති>සිඹී>හිඹී>ඉඹී යී හකාරය ලොප්වාදයේ.
ප්රරස්තාවනා
මධ්යය වූ කෙවල චකාරය සමහර විටෙක පැරණි වහරෙහි ජකාර බවට හැරී අනතුරුව දකාර බවට පෙරළේ. (ච>ජ,ද) ; සමහර විටෙක ආදියෙහි මෙන්ම සකාර වේ. (ච>ස). වචන>වජන්, වදන්;ගොවර>ගොජුරු, ගොදුරු; සුචි>ගිජි, හිදි; කවච>කවජ, කවද. කවස; විචිත්රර>විසිත්, විසිතුරු;විචක්ෂ්ණ>විසකුණු.
චච්>ස සච්ච (=සං. සත්යව) >සස්;අනිච්ච (=සං. අනිත්ය ) >අනිස් චජ>ස:සමුවෙඡද>සුමුසේ, පරිපාවඡා>පිරිපුස්. චජ>ජ>ද, ඳ(?)> සං. උවඡ්ෂට, පා. උවඡිටඨ>උජුල්, ඉජුල්, ඉඳුල්; සං. අකෘවජ්රව, පා. අකිච්ඡ>අකිජ්;සංවච්ඡර> හවජර>හවරජ, හවුරුජු>හවුරුදු,අවුරුදු
ඡ ආදි ඡකාරය බොහෝ සෙයින්ම ස වේ; සමහරවිට හකාර බවට ද හැරේ. (ඡ>ස,හ) : ඡත්රහ>සත්;ඡිද්‍ර>සිද,සිදුර;ඡදන>සියත,සේත;ඡාත (=සං. පසාත) >සා-, හා- ;ඡන්න>සන්,හන්.
ජ ආදි මාධ්ය දෙතැන්හිම කෙවල ජකාරය පැරණි වහෙරහි අවශිෂ්ට වුවද, පසුව දකාර බවට හැරිණ. සං. ජත්රැත, පා. ජත්තු >ජත්, දත්;ජාති>ජැය, දැය;භොජන>බොජුන්, බොදුන්;පාරාජිකා>පරිජි, පරිදි.
ජප>ජ (පැරණි වහරෙහි) ද : හෙසජ්ජ (=සං. භෛෂජ්ය ) ;බෙහජ, බෙහෙජ, බෙහෙද, අජ්ජ (=සා. අද්යැ) >අජ, අද ;පටිපජ්ජති (=සං. ප්රහතිපද්යලතෙ) >පිළිපදී. ඣ ආදි වූ ද මධ්යො වූ ද කෙවල ඣකාරය පැරණි වහරෙහි ඣ හෝ ජ යී ද පසුව ද හෝ ද + හ යීද දක්නට ලැබේ. (ඣ > ඣ, ජ, ද, ද + හ).
ඣාම (= සං. ක්ෂා ම) > ඣම්, ජම්, දම් ; ඣාන (= සං. ධ්යාභන) > ඣන්, දහන්.
ජඣ > ඣ > ජ, ද, ද + හ : පා. මජ්ඣත්ත > මැජහත්, මැදහත් ; පබුජ්ඣති > පුබුදී ; අජ්ඣාසය > අදහස.
ඤ - ඤකාරය ඉපැරණි බසෙහි දක්නට ලැබෙන නමුත් බෙහෙවින්ම එය නකාර වේ. පා. ඤාණ > ඤණ, නැණ. ප්රරස්තාවනා
ඤච > ස : කාඤචන > කසුන් ;චඤ්චල > සසල ඤජ > ජ, ඦ, ද, ඳ : අඤ්ජලී > ඇජිලි, ඇඳිලි ; පඤ්ජර > පඦර, පඳුර ; මඤ්ජූෂා > මදොස ; කුඤ්ජර > කොජුරු, කොඳුරු. ඤඤ > න : පටිඤ්ඤා (= සං. ප්රචතිඥා) > පිළින ; පුඤ්ඤ > පින් ; පඤ්ඤා > පැන ; විඤ්ඤාණ > විනැණ.
ට:- ආදී ටකාරය අවිශිෂ්ට වන නමුත් දක්නට ලැබෙන්නේ ඉතා විරල වශයෙනි. මඞ්යක ටකාරය බොහෝ සෙයින්ම ළකාරය වේ. සමහර විට ළකාර වීමෙන් පසු ණකාර බවටද පැමිණේ. කිසි විටෙක අවශිෂ්ට වී හෝ ඝොෂවත්ව ඩකාර වශයෙන් හෝ සිටී. (ට > ට, ඩ, ළ, ණ)
කුට> කුළු; පටිපක්ඛු (=සං ප්රොතිපක්ෂ්) > පිළිවක්; පටිච්ච> පිණිස; සමපටිච්ඡති> සපිණිසයි; සං. උත්පාටයති, පා. උප්පාටෙති> උපුටයි; ලාට> ලාඩ; අටවි> අඩවි;
ටට> ට,ළ : අට්ටාලක> අටලු; පට්ට> පට; වට්ට> වට; කෙවට්ට (=ස. කෛවති) > කෙවුළු.
ටඨ> ඨ (පැරණි වහරෙහි), ට,ට + හ,ළ (විරල වශයෙන්) :
උපට්ඨාන> උවඨන්, උවටන්, වටන්; පරියුට්ඨාන> පිරියුඨන්; පාපිට්ඨ> පවිටු; පලුට්ඨ (=සං. පලුෂ්ට) > පුලුටු; උට්ඨාය> උව්හස්; මිච්ඡාදිට්ඨි> මිසදිට්හ; වුට්ඨාන (=සං. වුටුත්ථා න) > වුටුහන්; ඉට්ඨක (=සං. ඉෂ්ටක) > උළු; උවජිට්ඨ> ඉජුල්; කුට්ඨි (= සං. කුෂ්ඨින්) > කිළි; පා. කවිට්ඨ (= සං. කපිත්ථව) > ගිවුළු, ගිවුල්.
ඨ:- ආදි ඨකාරය අත්යථන්තයෙන් විරලය. මධ්ය, ඨකාරය ළකාර වේ. සං. ශඨ, පා. සඨ> සළ; පා. පඨම> පළමු.
ඩ:- ඩකාරය අවශිෂ්ට වේ. මධ්යස ඩකාරය ළකාර බවට පැමිණේ. ඩාකිනී> ඩැවිනි; සං. ඩමරු> ඩමුරු, උඩු> උළු; ව්රි ඩා> විළි.
ඩඪ > ඪ වඩඪ (= සං. වෘද්ධි) > වැඩ; අඩඪ (=අඪ) > අඩ. ඪ:- අනාදි ඪකාරය ළකාර වේ. දෘඪ> දළ; මූඪ> මුළු; ගුඪ> ගුඑ ප්ර ස්තාවනා
ණ:- ණකාරයෙන් ආරම්භ වන ශබ්ද ඉතා විරලය. මඬ්යල ණකාරය බෙහෙවින්ම අවශිෂ්ට වේ. සමහර විට ළකාර බවට ද හැරේ. චරණ > සරණ; මණි>මිණි; රාවණ>රවුළු; ගර්භිණී, පා. ගබ්බිණී> ගැඹිළි; වාණිජ > වෙණෙඳ, වෙළඳ. ආකිණ්ණ (=සං. ආකිණී) > අකිණ්, අකින්;ආචිණ්ණ (=සං. ආචිණීණ) > ඇසින්;කරිසපුණ්ණ > කිරිසවුළු ;පා. පණ්ණාකාර> පඬුරු.
ණට> ට : කණ්ටක> කටු;තාලවණ්ට (=සං. තාලවෘන්ත) > තල්වැට ණඨ> ඨ (පැරණි වහරෙහි), ට + හ, ට : සණ්ඨාන> සඨන්, සටහන්; කණ්ඨ > කට; ගණ්ඨි (=සං. ග්රණන්ථි) > ගැට. ණඬ> ඩ, ඬ : දණ්ඩ> දඩ, තුණ්ඩ> තුඩ; සං. ෙකෟණ්ඩිණ්යඹ, පා. කොණ්ඩඤ්ඤ> කුඬන්. පිණ්ඩපාත> පිඬවා.
ණණ> ණ, ළ, ඬ : ආකිණ්ණ (=සං. ආකිණී.) > අකිණ්, අකින්; ආචිණ්ණ (=සං. ආචිණ්ණ) > ඇසින්;කරීසපුණ්ණ;කිරිසවුළු පා. පණ්ණාකාර<පඬුරු. ණහ>ණ : උණහ (=උෂ්ණ) > උණු;පා. කණහ;ප්රාඅ. කිණ්හ (=සං. කෘෂණ) > කිණු.
ත ආදි තකාරය අවශිෂ්ට වේ. තපස්>තව; තරු>තුරු; තුඬග>තුගු. මධ්ය තකාරය තද්භව ශබ්දයන්හි බෙහෙවින්ම ලොප් වේ. සමහර විට අවශිෂ්ට වේ. විතාන>වියන්;ස. සමෘති, පා. සති > සිහි, සී; සං. ස්තුති, පා. ථුති > තියු, තුති;මාතඩග>මතඟ; හුතාශ>හුතැස්. සංස්කෘත යුගයෙහි දක්නා තකාරය මූර්ඩ න්යග නිමිත්තක් නිසා පාලි ප්රා්කෘත යුගයෙහි දී ටකාර වී අනතුරුව හෙළුවෙහි දී ළකාර වේ.
සං. ප්රේතිවෙද පා. පටිවෙධ>පිළිවේ, සං. ප්ර්තිරූප, පා. පටිරූප>පිළිරූ. තක>කක>ක : සං. සත්කාර, පා සකකාර>සකර;බලාත්කාර>බලකර.
තත>ත, ට (මූර්ඩ න්ය. නිමිත්තක් ඇති විට) : පරිවෘත්ති>පිරිවැති;කිත්ති (=සං. කිත්ති) >කිත්;සං. මාත්තිකා, ප්රා(. මට්ටිආ>මැටි.
ප්රුස්තාවනා
ත්ථු>ථ (පැරණි වහරෙහි) ත : සං. විස්තාරයති, පා. විත්ථආරෙති>විථරයි; සං. උපස්තමහ; පා. උපත්ථාමහ>උවථඹ; විසිසත්ථථ (=සං. විගවස්ත) >විසත්, තප>පප>ප : සං. උත්පාදයති, පා. උප්පාදෙති>උපයයි. සං. උත්පාටයති, පා. උප්පාටෙති>උපුළයි. ත්යු>වව>ස : ස. නෘත්යිති, පා. නවචති>නසී; සං. කෘත්ය , පා. කිච්ච>කිස;සත්ය>>සච්ච>සස්. : සමහරවිට ත්යත යනු අර්ඩ> තත්සම වැනි ශබ්දයන්හි ත හෝ ත් + ත යී ද සිටි. සත්යඞකාර (=පා. සවචකාර) >හැතයර; සාහිත්යව >සාහිත; අනිත්යට>අනිත්;නිත්යර>නිත්ත;සත්යා-ක>සත්තක. ථ ආදි ථකාරය පැරණි වහරෙහි අවශිෂ්ට වී තිබෙන නමුත් එය පසුව අල්ප්රාපාණ වී තකාර වශයෙන් හෝ, ත + හ වශයෙන් හෝ සිටී. (ථ > ත, ත + හ)
ථුල්ලව්වය (= සං. සථූලාත්ය)ය) > ථුලැසි ; පා. ථුස (= සං. තුෂ) > තොහො, තෝ ; පා. ථිර (= සං. ස්ථිර) > තිර ; පා. ථාවර (= සං. ස්ථාවර) > තහවුරු, තාවුරු.
අනාදි කෙවල ථකාරය සාමාන්යර වශයෙන් ලොප් වේ. සමහර විට එය අල්පප්රාවණ වී අඝොෂවම හෝ ඝොෂවත්ව සිටි මූඞන්ය. නිමිත්තක් ඇති විට ළකාර බවටද හැරේ. (ථ > ලොපය, ත, ද, ළ) රථ > රිය ; ගාථා > ගය ; සාරථි > සැරි ; අථර්වොන් > තරවන් ; මහාපථ > මාවත ; මන්මත > මන්මද (?); විථි > වේ, වීදි ; පෘථුක > පුළුව.
ද
ආදි දකාරය අවශිෂ්ට වේ. මඞ්යව දකාරය සමහර විටෙක අවශිෂ්ට වේ. සමහර විටෙක ලොප් වී යයි. ආදිවූද මඞ්ය වූද දකාරය ඇතැම් තන්හි අයථාසාදෘශ්යලයෙන් ජකාර බවටද පැමිණේ.
සං. දුඃඛ, පා. දුක්ඛ > දුක ; දාම - > දම් ; නිදාන > නිදන් ; උදය > උදා > ආදර > අදර ; භෙද > බේ ; වෙදනා > වෙයින් ; සහොදර > සොහොයුරු ; සං. දුගීති, පා. දුග්ගති > දුගති, ජුගති ; සං. දුර්වාවස්. පා. දුඛ්ඛච > ජූවුජු.
දග > ගග > ග, ඟ . පුද්ගල > පුග්ගල > පුගුල්, පුඟුල් ; මුද්ග > මුඟු.
ප්රීස්තාවනා
දද > ද : පා. සද්ද (= ශබ්ද) > සද; සද්යා ල (=සං. ශාර්දුල) > සදුල්; දධ > ධ (පැරණි වහරෙහි), ද, ඳ, ද + හ, ජ : අද්ධාන (=සං. අධවන්) > අධන්, අදන්; සද්ධර්මද> සධම්, > සදම්, සදහම්, උද්ධච්ච කුක්කුච්ච> උදස් කුකුස්; ප්රදසිඞ > පසිඳු, පරසිදු; නිබද්ධ> නිබඳ; සනිදධ> සිනිඳු; සං. සිඞාන්ථිප, පා. සිදධත්ථ්> සිදුහතු, සිද්හතු; බුද්ධ> බුජු; ශ්රාද්ධා> සැදැහැ, සැජැහැ.
ද්යා>ජජ>ජ (පැරණි වහරෙහි), ද : සං. ප්රතද්යො ත, පා. පජෙජාත>පජො> සං. ඛද්යොජත, පා. ඛජෙජාත>කදෝ. ද්යා>ය්යන>ය : උද්යා න>උය්යා න>උයන ද්රා>දද>ද, ද + ර : සමුද්ර්>මුහුද, මූද, සමුදුර;ජිද්රච>සිද, සිදුර;භද්ර>>බද, බදුරු,බහදුරු. ද්රර>*ද්ල>ලල>ල : සං. ජිද්ර , ප්රා . ජිලල>සිල, හිල. දව>දද>ද : සං. ශාදවල, පා. සද්දල>සදල, ද්වාර>දොර.
ධ ආදි ධකාරය ඉපැරණි වහරෙහි අවශිෂ්ට වේ. අනතුරුව ද කාර බවට හෝ ද + හ බවට හෝපෙරැළේ. ධර්මධ>ධම්, දම්, දහම්;ධාතු>ධ, දා;ධනු>දුනු;ධූම>දුම්.
මධ්යධ ධ කාරය ද ඉපැරණි වහරෙහි අවශිෂ්ට වී ඇතත් බොහෝ විට ලොප් වේ. සමහර විට එය අල්ප ද කාර බවට හෝ ප්රාහකෘතයෙහි මෙන් හකාර බවට හෝ, ද + හ බවට හෝ අයථා සාදෘශ්යහයෙන් ජ කාර බවට හෝ පැමිණේ.
(ධ>ධ, ලොපය, ද, හ, ද + හ, ජ) : අධිකාර>අධියර; ප්රපධාන>ප්ර ධන්; ආධාර>අවුරු; සං. අධිෂ්ඨාන, පා. අධිට්ඨාන>අයිටන්, ඉටන්, දිටන්; බධිර>බිහිරි, බියුරු, බදිර; පිධාන>පියන; නිධාන>නිදන්, නදන්, නජන්;සං. සාධයති, පා. සාධෙති>සාහයි; රුධිර>රුහිර, රිහිරි,රීරි; ධාරා>දහර;
සං. ප්රිණිධාන, පා. පණිධාන>පිණීදහන්;අභිධර්ම >භිධම්, බිදම්, විජම්.
ප්රිස්තාවනා
ධ්යි>ජඣ>ඣ (පැරණි වහරෙහි), ද + හ : සං. ධ්යාසන පා. ජඣාන> ඣන්, දහන්, දැහැන්;සං. අදධ්යාරශය, පා. අජඣාසය>අදහස. ධඩ>දධ>ද : සං. ධවජ, පා. ධජ>දද.
න ආදි මධ්ය> දෙතැන්ම නකාරය අවශිෂ්ට වේ. කිසි තැනෙක ලකාර බවට ද පැමිණේ. නගර>නුවර; විමාන>විමන්; අනුබද්ධ>නුහුබඳ, ලුහුබඳ; ඝනවාස>ගලවස්.
නත>ත, ල (?) : ශකුන්ත>සියොත්; අතික්රා න්ත>ඉකුත්; සං. ප්රමත්ය,න්ත, පා. පවවන්ත>පසත්, පසල්. න්ථා>ථ (පැරණි වහරෙහි), ත, ඳ : පටිඝන්ථාරර>පිළිසතර, පිළිසඳර; පරිපන්ථේ>පිරිපත්, පිරිවත්;ග්රනන්ථස>ගත්. න්දප>ද, ඳ >මන්දිතර>මැදුර: මකරන්දර>මුවරඳ;කුන්දක>කොඳ; සුන්ද්ර>සොඳුරු; න්ර්ද්ථ>න්දණ>ඳ,ද + ර : මහෙන්ර්ර >මිහිඳු; ඉන්ර් ්>ඉඳු, ඉඳුරු. න්ධ්>ද, ජ (පැරණි වහෙරහි), ඳ, ඳ+හ : අන්ධර>අඳ; සුගන්ධ්>සුවඳ; ගන්ධදඵ>ගඳඹ, ගජඹ; සන්ධාරන>සඳහන්. නන>න, ඳ, ල (?) : ආසන්න>අසන්, අසල්; ආපන්න>අවන්; කින්නර>කිනුරු, කිඳුරු. නම>මම>ම : උන්මත්ත>උමතු.
ප ආදි පකාරය අවශිෂ්ට වේ. පටිපජ්ජති>පිළිපදී; පූර්ණස>පුන්.
මධ්යප පකාරය ද සමහර විට අවශිෂ්ට වේ. සමහර විට එය බකාර හෝ ඔකාර බවට පැමිණේ. තද්භව ශබ්දයන්හි බෙහෙවින්ම ප්රා්කෘතයෙහි වකාර වේ. වකාර වීමෙන් ස්වල්ප තැනෙක ලොප් වී ද යයි.
ගොපාල>ගොපලු;ප්ර ණිපාත>පිණිපා;කලාප>කලබ,කලඹ;ස්ථාපයති>තබයි; සං. ත්රරපු, පා. තිපු>තුඹ; සං. ස්තුප, පා. ථූප>තුඹ; කපිලවත්ථුන>කිඹුල්වත්; කෘපණ>කවණ; ආපාන>අවන්;ප්රාපණාතිපාත>පණීවා; සං. පා. රූප, ප්රා>. රූව>*රුව්>රූ; පා. පූප, ප්රාප. පූව>*පුව්>පූ; පරිපූර්ණර>පිරියුණු, පිරිහුන්; ශාරිපුත්ර >සැරියුත්; සං. පා. නූපුර, ප්රා.. නූඋර>නුරු; සං. පා. පාප, ප්රාල. පාව>පව්>පා. (‘අනතිරි, පා).
ප්රිස්තාවනා
පප, පඵ, ප්ර(, මප>ප : දප්ප (=සං. දර්ප>) >දප්; පුප්ඵ (=සං. පුෂ්ප) >පුප්; ගොපළු (=සං. ගුල්ප) >ගොප්;සං. විප්රපකාර, පා. විප්පකාර>විප්රපවර;
පරම්පරා>පරපුර.
පස>චඡ>ස : අප්සරා>අචඡරා; අසර; සං. පසාත, පා. ඡාත > සා. ඵ ආදි මධ්ය> දෙතැන්හිම ඵකාරය ප හෝ ප + හ වේ. ඵල>පල; ඵෙණ>පෙණ; ඵස්ස (=සං. ස්පර්ශණ) >පහස.
බ ආදි වූ ද මධ්‍ය වූ ද බකාරය අවශිෂ්ට වේ. මධ්ය් බකාරය කිසිවිටෙක ඹ බවට ද හැරේ. ප්ර තිබිම්බ>පිළිබිඹු; සං. ප්රාබොධයති, පා. පබොධති>පොබයයි; දශබල>දසඹුල්. බබ>බ,ඹ : නිබ්බිජ්ජති (=සං. නිර්විද්ය තෙ) >නිබිඳී;ගන්ධඵබ්බ (=සං. ගන්ධදර්ව,) >ගඳබ,ගඳඹ; දුබ්බල>දුඹුල්. බහ>බ : ගබ්භ>ගබ. බ්රධ>බ්රූ, බ, බ + ර : බ්රායහ්මණ>බමුණු;බ්රධහ්ම>බඹ, බරමී; සබ්ර.හ්මචාරී> සබ්රදම්සරු, සබරම්සරු. භ ආදි හෝ මධ්ය් භකාරය පැරණි වහරෙහි නොයෙක් තැන අවශිෂ්ටයි. නමුත් එය සාමාන්යයෙන් බකාර වේ. එසේ නැතහොත් බ + හ බවට පැමිණේ. භනෙත>භති; භාග>භා; අභිරති>අභිරී; භික්ෂාට>බික; ලොභ>ලොබ; භීෂණ>බිහිසුණු; සං. භෛෂජ්යේ, පා. භෛසජජ>බෙහෙසත්; භස්ම>බහස්ම; විභාවනා>විබහවුන්.
මධ්යණ භකාරය ඇතැම් විට ඹ, හෝ ප්රා කෘත ප්ර ණාලියව අනුව භ යී ද වේ. නාභි>නැබ, නැඹ; නහස්>නුබ,නුඹ; ප්රවහා>පැහැ; රසභාව>රසබව. භ්යි>බහ>බ, බ+ය :සං. අභ්ය ළුකාශ, පා. අබ්භොකාස>අබවස; සං. අභ්යාේශ, පා. අභි්යා්ස>අබියස,අබියෙස. භ්රය>බ්හ>බ, ඹ :භ්ර මර>බමර; කාලාභ්ර්>කළඹ.
ම ආදි මකාරය අවශිෂ්ටයි. මහි>මිහි. සං. මාත්ර , පා. මත්ත>මත්. මධ්යඅ ම කාරය ද අවශිෂ්ට වේ. ඹ, එසේ නැතහොත් ඉතා විරල වශයෙන් බ බවට (?) හෝ පැමිණේ. ප්ර ස්තාවනා
සමාස>සමස්; බහුමාන>බුහුමන්; තිමිර>තිඹිරි; තාමරස>තඹුරු; ආරාම>අරුබ්; විශ්රාිම>විසුඹු, ඉසුබු (?)
මප>ප, බ : වමපු>සපු; අනුකම්පා>අනුකපු; සම්පදං>සැබජම්. මබ>ඹ, ප (විරල වශයෙන්) : නිතම්බ>නිතඹ; චුම්බති>සිඹී; සං. විඩම්බසති>වෙළපයි. මඟ>භ (පැරණි වහරෙහි), ඹ: සම්භාවනා>සභවුන්;ගම්භීර>ගැඹුරු;සං. විෂ්කම්භන, පා. වික්ඛමහන>විඛඹුන්. මම>ම, ඹ, ව : නෙකඛම්ම>නෙඛම්;වම්මික>වමි;කම්මාර (=සං. කර්මා ර) >කඹුරු;අම්මණක>අවුණු. මහ>ම : ගිම්හාන>ගිමන්.
ය ආදි හෝ මධ්යබ යකාරය සාමාන්ය>යෙන් අවශිෂ්ට වේ. ආදියෙහි දී යකාරය සම්ප්රධසාදණ වශයෙන් ස්වල්ප ත. නෙක ඉකාර බවට ද පැමිණේ. අනාදි යකාරය කිසිවිටෙක ලොප් වේ.
සං. යෂ්ටි, පා. යට්ඨී>යටි; සං. යාපයති, පා. යාපෙති>යවයි; වියොග>වියෝ; සං. ව්යායයාම, පා. වායාම>වයම්; යශොධරා>ඉසෝරා; සං. යමලශාල, පා. යමලසාල>ඉමල්හල; සං. කායකර්මර-, පා. කායකම්ම->කාකම්; ආයු>ආ; ඡායා>සේ. ය්යො>ය : උය්යාාන >උයන.
ර ආදි මධ්ය දෙතැන්හිම රකාරය අවශිෂ්ට වේ. මධ්ය> රකාරය කිසි විටෙක රකාර ද වේ. රජස්>රද, රදස; රිපු>රුපු; පරිශුද්ධ>පිරිසිදු,පිරිසිදු; කරුණා>කුලුණු; කුම්භකාර>කුඹල්; සං. පා. උපකාර, ප්රාප. උවආර>උවහර, වහර, වහල්; කළීර>කිළීල්.
කර්>කක>ක : විතකර්>වියත්; ශකීරා>සකුරු. ර්ගර>ගග>ග,ඟ : වර්ග>වග,සවර්ගා>සග; මාර්ග >මග,මඟ. ඝි>ග්ඝ>ග : අඝී>අග; දිඝි>දිග. ර්ජ>චජ>ස : මූර්ජා>මුස.
ප්රරස්තාවනා
ණ>ණණ>ණ් (පැරණි වහරෙහි), න,ඬ : ආවිණී > ඇසිණ්, ඇසින්;උත්පලවර්ණ්>උපුල්වන්;සං. පර්ණනකාර. පා. පණ්ණාකාර>පඬුරු.
ති>තත>ත;ති;ටට>ට : ප්රධවතිතෙ>පවතී;වර්ත>මාන>වත්මන්;වත්තිකා>වැට, වැටි;වතිතෙ>වැටෙයි.
ථ>ත්ථර>ත>ට>ටඨ>ට>හෝ ර් + ත :
අර්ථ>>අත්, අට,අරුත්; තිර්ථ >තිත්; *තුථ> *තුට්ඨ>තොට; සාත්ථිථ>සත්ථඅ>සත්.
දි>දද>ද; දි>ඩඩ>ඩ ;
නිර්දිෂ්ට>නිදුටු, දදීර>දදුරු, දැදුරු, ගදීහ>ගදුබු,ගඩුබු.
ර්ධ්>දධ>ද;ර්ධර>ඩඪ>ඩ :
මූර්ධින්>මුදුන;අර්ධර>අඩ;සං. වර්ධ තෙ, පා. වඩ්ඪති, ප්රම. වඩ්ඪඉ>වඩී,
වැඩෙයි.
පි>පප>ප : කන්දධපි>කඳප්; දපිණ>දපණ;
ර්මෙ>මම>ම, ඹ, ර + ම : කර්මද->කම්, වර්මත->වම්;
සං. කර්මමර, පා. කම්මාර>කඹුරු; සං. මර්ම>න්>මරුම.
ර්වෙ>වව, බබ>ව,බ,ඹ.ඊ, + ව :
පර්වයත>පවු; දර්වි>දෙවි; ගන්ධඊර්ව+>ගඳබ, ගඳඹ; ඌර්වතශි>උරුවිසි. කිසි
විටෙක සංයුක්ත වූ ‘ර්වු’ යනු කෙවල ව්ය;ඤජනයක් වී ලොපයට ද
පැමිණේ. සං. පූර්වර භාග, ප්රාය. පුර්වබව භාඅ>*පව් භා>පු.භා.
ර්ශි,ර්ෂු,>සස>ස, ර් + ස : කෙවල සකාරයක් වීෙමන් පසු කිසි විටෙක ලොප් ද වේ.
නිදර්ශසන>නිදසුන්; ඝර්ෂව>ගස; අර්ශසස්>අරිසස්; සා. වර්ෂ >වරුස, වරුසා; වර්ෂ්>වසස>වස්; වර්ෂ>වසස*වාස>වා.
ල ආදි මධ්ය දෙතැන්හිම ලකාරය සාමාන්යරයෙන් අවශිෂ්ට වේ. කිසි විටෙක ලකාරය නකාර බවට ද පැමිණේ. ලතා>ලිය; විලෙපන>විලෙවුන්; කපොල>කොපොල්; සං. ලලයති, ලාලයති, පා. ලාළෙති, ලාළාපෙති>නළවයි; සං. මූලශික්ෂාල, පා. මූලසික්ඛා>මුල්සික, මුන්සික.
ප්රසස්තාවනා
ලක>කක>ක : සං. ශුල්ක, පා. සුඞක>සුක් (-වත්)
ගප>පප>ප, ල+ප : ශීල්ප>සිප්; කල්ප>කප්; අල්ප>ඇලුප්.
ල්ම>මම>ම, හෝ ල+ම : සං. ගුල්ම, ප්රාක. ගුම්ම>ගොමු; ශාල්මලී>
සලිමලී.
ල්යම>ලල>ල : තුල්යු>තුල්; කල්යා ණ>කලණ. ලල>ල : පල්ලව>පලු; පා. ඛල්ලාට (=සං. ඛල්වාට) >*කලළු >කළුල්; වල්ලභ>වලුබ්,වල්බ.
ව ආදි වූ ද මධ්යල වූ ද වකාරය බෙහෙවින්ම අවශිෂ්ට වේ. කිසි විටෙක බකාර හෝ මකාර බවට ද, සම්ප්රිසාරණ වශයෙන් උකාර බවට ද, පැමිණෙයි. ඇතැම් විටෙක ලොප් වී ද යයි.
වාර>වර; විලාස>විලස්; භාවනා>බවුන්; විවිකත>විවිත්; ප්රවවාල>පබලු; ව්යමවහාර>බැවහර. වකුල>මුහුල; ලවඞග>ලමහ; සං වෛශ්රපවණ, පා: වෙස්සවණ, ප්රාබ. වෙසමණ>වෙසමුණු; පවෙණි>පෙමෙණි; විශ්ර ම>විසුඹු, ඉසුබ, ඉසුඹු (?) ; වදන>වුවන්, උවන් ; සඞඝනවක>හඟනා.
ව්යබ>ව්ව>ව, ව+ය : ව්ය සන>වසන්; පරිව්යණය>පිරිවා; ව්යඛකත>වියත්;ව්යා ධි > විය.
ශ, ෂ, ස ආදි මධ්ය. දෙතැන්හිම ශ, ෂ, ස යන අක්ෂනරත්රවයම දන්ත්යන සකාර බවට පැමිණේ. තාලව්යම ශකාරය හා මූර්ධ+න්යය ෂකාරය ද අවශේෂ වී ඇත්තේ තත්සම ශබ්දයන්හි පමණෙකි. ශඞකා>සැක; යශස්>යස, යසස; සං. ෂට්, පා. ඡ>ස-; භාෂා>බස; විහෙස>වෙහෙස.
සකාරත්රහයම දන්ත්යම සකාරයක් වීමෙන් පසු ආදියෙහි හෝ මධ්යකයෙහිදි කිසිවිටෙක හකාර බවට හැරී හෝ ලොප් වී හෝයෙයි.
ශුද්ධ>සුදු, හුදු; සං. සස්යම, ශස්යෂ, පා. සස්ස>සස්, හස්, අස්; සර්ව;>සව්, හව්; සීමා>සිම්, හිම්,ඉම්; සං. ශුමශාන, පා. සුසාන >සොහොන, සෝන, හෝන; ප්රාසාධන>පහයින්, පායින්; සං. තුෂ, පා. ථුස>තොහො; තෝ. ප්ර්ස්තාවනා
ශව>චච, චඡ>ස : නිශ්චල>නිසල; පශ්චිම>පැසිම්; ආශ්චර්ය>අසිරි. ෂට, ෂඨ>ටඨ>ට, ළ : නිර්දිෂ්ට>නිදුටු; වෘෂ්ටි>විටි; ප්රිතිෂ්ඨා>පියුටු, පිහිට>සං. ශාර්ඩ්ගෂ්ටා, පා. සඞගට්ඨා>හඟුළු. ෂණ>ණ : උෂ්ණ>උණු; තෘෂණා>තණ. සක, ෂක>කඛ>ඛ (පැරණි වහරෙහි), ක :සංස්කාර>සඛර, සකර, පුෂ්කර>පොකුරු. සත, සථ>ත්ථ්>ත : සං. සෙත්නයති, පා. ථෙනෙති>තෙනයි; වසතු>වත්; ප්ර්ශස්ති>පසත්; ස්ථාන>තැන, තන්. සත්රක>ත්ථ >ත, +ර : ශස්ත්රු>සැත්; ශාස්ත්රි>සත්, සතර; සන>නහ>න, න+හ, ස+න : සං. සනාති>නාසි, නහයි; සෙනහ>සෙනේ. ස්ම, ශ්ම>සස>ස : සං. සමයතෙ>සෙයි. >මම, ම්හ>ම : සං. ශ්මශ්රැව>මසු, මස්. >ස+ම : ස්මර>සමර. සස>ස : අස්සු>අසු; අස්සාස පස්සාස>අසස් පසස්.
හ
ආදි හෝ මධ්යක කෙවල හකාරය ඇතැම්විට අවශිෂ්ට වේ. ඇතැම්විට ලොප් වේ. හාර>හර; සං. හෘදය>හද, හිද, අද, ඉද; සහකාර>සහයුරු; ආහාර>අහර; හස්ත>හත්, අත්; උත්සාහ>උසා; විවාහ>විවා.
මාතෘ භාෂාවන්හි නොදක්නා හකාරයක් සිංහලයෙහි දී ආගම වශයෙන් හෝ අයථා සාදෘශ්යනයෙන් හෝ දමනු ලැබේ. සං. මෘදඞග. ප්රාු. මුඉඞග>මිහිඟු; සමාගම>සමහම්; දුකුල>දුහුල්; සං. අසත, පා. අත්ථු>අත්, හත්; ආසන>අසුන්, හසුන්; සං. අඬ්යාෙත්ම, පා. අජ්ඣත්ත>අද, අත්, හද අත්; සං. උෂ්ණ, පා. උණහ>උණු, හුණු.
ප්රඅස්තාවනා
කිසිවිටෙක හකාරයක් අයථා සාදාශ්යැයෙන්ම සකාර බවට ද පැමිණේ. හරිතාල>හිරියල්, සිරියල්;කදලී>කෙහෙල්, කෙසෙල්. හ්ම>ම, ඹ : බ්රා>හ්මණ>බමුණු; බ්රණහ්මචර්ය>බ්රයම්සර, බඹසර; හ්රත>හ, හ+ර : හ්රෙද>හද, දහ, හ්රි>>හිරි.
ළ පාලියෙහි දක්නා ළකාරය සිංහලයෙහි අවශිෂ්ට වේ. පාලියෙහි යම්කිසි ශබ්දෙයක ලකාරය දන්තජ ව හෝ මූර්ඩ ජ ව සිටී නම් සිංහලයෙහි දී එය බෙහෙවින්ම මූර්ඩතජ වෙයි.
පා. කළීර>කිළිල්; පා. කකඛළ>කැකුළු; සං. පා. යුගල. පා. යුගළ>යුවළ; පා. චුල්ල, චූළ>සුළු.
ගැටපද පැරණි සිංහල ගැටපද සංඛ්යා>වෙහි ලා ප්රාධානකොටම ගත යුත්තේ 10 වෙනි ශතවර්ෂ යෙහි දී පස්වෙනි කාශ්යපප මහරජුන් විසින් කරන ලද ධම්පියා අටුවා ගැටපදය1 ද, පොළොන්නරු සමයෙහි දී කරන ලදැයි නිශ්චය කටයුතු වූ ජාතක අටුවා ගැටපදය හා මහාබෝධිවංස ගැටපදය ද යන මොව්හුයි.
ඉහත සමයයන්හි ගැටපද සන්න පිටපත් රාශියක් සිංහලයෙන් තුබුණු බවට සාධක අන් තැනක (පිට 5) දක්වා ඇත. ශ්රී් රාහුල සඞඝරාජයන්ගේ පඤ්චිකා ප්ර්දීපයෙහි2 ද, ඛණ්ඩහාල ජාතක අටුවා ගැටපදය (පිට 114), උමංදා ගැටපදය (114), ශෞනක ජාතක ගැටපදය (115), රුවන් සූත්රල අටුවා ගැටපදය (115), දෙමළ ජාතක ගැටපදය (114, 115), විනය ගැටපදය (116), රූපසිඬි ගැටපදය (67, 115) යනාදීහු සඳහන් වෙත්.
පෞරාණික ආචාර්යවරයන් විසින් විනය අටුවාවේ අර්ථගවබෝධය සඳහා ඊට සිංහලෙන් ලියන ලද මහා ගණ්ඨිපදය, මජ්ඣිම ගණ්ඨිපදය,
1.මෙම ග්රනන්ථය පිළිබඳ දීර්ඝ විස්තරයක් 1933 වෙනි වර්ෂ යේ ලංකා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවෙහි පෙනේ.
2. ශ්රී ධර්මිරාම සංස්කරණය, 1896.
ප්රාස්තාවනා
මජ්ඣිම ගණ්ඨිපදය, චූළ ගණ්ඨිපදය යන සිංහල ගැටපද තුනක් හා පාලියෙන් ලියන ලද ගැටපදයක් ද තුබුණු බැව් පෙනේ1.ශාරිපුත්රන මහා ස්ථවිරයන් විසින් කරන ලද සාරත්ථදීපනී විනයටීකාවෙහි “මහාගණ්ඨිපදයෙහි යී කියා හෝ මජ්ඤිමගණ්ඨිපදයෙහි යී කියා හෝ චුලගණ්ඨිපදයෙහි යී කියා හෝ කියවුණු විට සිංහල ගැටපදයන්හි යයි ගත යුතුය” යි කියැවේ8. සාසනවංසදීපයෙහි ද “තයො ගණ්ඨිපදා චූළ - මහාමජ්ඤිම සඤ්ඤිතා ලංකාදීප නිවාසීහි - ථෙරෙහෙව පුරාකතා” යී පෙනේ. සාරත්ථදීපනී ආරම්භයෙහිදා3 තත් කර්තෘන් වහන්සේ පැරැණි යන් විසින් කරන ලද ලීනාත්ථ ප්රරකාශයන් ඇති නමුත් ඒවායින් සියලු රටවලම වෙසෙන භික්ෂූන්ගේ අත්ථා සාධනය නොවන බවත්,
1 “විනයට්ඨකථාය සීහළභාසාය යෙව මහාගණ්ඨිපද මජ්ඤිමගණ්ඨිපද චුලගණ්ඨිපද නාමාති තීණී ගණ්ඨිපදාති අහෙසුන් මාගධභාසාය පී ඒකමෙව ගණ්ඨිපදමාසි” - විමති විෙනාදනී සංඥාපනය, පිට iv, බේරතුඩුවේ ධම්මධාර තිස්ස ස්ථවීර, 1935.
2 සබ්බත්ථ “කෙතවී’ති වුතෙත වජිරබුඞි ටීකාකාරෙනාතී ගහෙතබ්බං. ‘මහා ගණ්ඨිපදෙ’තිවා ‘මජ්ඤිම ගණ්ඨිපදෙ’තිවා ‘චුළගණ්ඨිපදෙ’තිවා.වූතේත සීහල ගණ්ඨිපදෙසුති ගහෙතබ්බං. කෙවල. ගණ්ඨිපදෙ’ති වුතේත මාගධභාසාය ලිඛිතෙ ගණ්ඨිපදෙති ගහෙතබ්බං.” - සාරත්ථ්දීපනී, බිහල්පොල දේවරක්ඛිත සංස්කරණය, 1914, පිට 7. 3 “විනයට්ඨකථායාහං - ලීනසාරත්ථදීපතිං කරිස්සාමි සුවිඤේඤය්යං් - පරිපුණ්ණමනාකුලං
පොරාණෙහි කතං යන්තු - ලීනත්ථ ස්ස පකාසනං නතං සබ්බත්ථං භික්ඛුනං - අත්ථංප සාධෙති සබ්බසො
දුවිඤේඤය්යථ සහාවාය - සීහලාය නිරුත්තියා ගණ්ඨිපදෙසු නෙකෙසු - ලිඛිතං කිංචි කත්ථපවි
මාගධිකාය භාසාය - ආරභිත්වාත පි කෙනචි ශාසන්තරෙහි සම්මිස්සං - ලිඛිතං කිංචි දෙවච
අසාර ගන්ථහාරොපි - තතේථව බහු දිස්සති ආකුලං ච කතං යත්ථස - සුචිඤේඤය්යතම්පි අත්ථසතො
තතො අපරිපුණ්ණෙන - තාදිසෙනෙත්ථව සබ්බසො කථමත්‍ථං විජානන්ති - නානා දෙස නිවාසිතො
භාසංතරං තතො භිත්වාා - සාරමාදාය සබ්බසො අනාකුලං කරිස්සාමි - පරිපුණ්ණ විතිච්ඡයං
- සාරත්ථි දීපනී ආරම්භයෙහි. ප්රකස්තාවනා
සිංහලයෙන් ලියා තිබෙන නොයෙක් ගැටපදයන්හි අන්තර්ග්ත දෑ අවබෝධකර ගැනීම දුෂ්කර බවත්, ඇතැමුන් - විශේෂයෙන්ම වජිර බුඞි ටීකාකාරයන් - මාගධියෙන් ලියන්නට පටන් ගෙන අනතුරුව අනික් භාෂාවන්ගෙන්ද සම්මිශ්රි ත කොට ලියා තිබෙන බවත්, මේ හැර එවක පැවති ග්රකන්ථයන්හි පැවති ව්යාිකූලතා ආදී අනෙකුත් දෝෂයන්ද දුරුකොට තමන් වහන්සේගේ කෘතිය කරන බවත් ප්රයකාශ කරත්. මෙසේ සාරත්ථරදීපනී ටීකාව ලියූ සමයයට පූර්වනයෙහි කරන ලද විනය ගැටපද කීපයක් පැවති බැව් නිසැකයි. පාලි කංඛාවිතරණියට ලියන ලද පැරණි කංඛාවිතරණි ගැටපදයකින් ඛණ්ඩ දෙකක් කුදුසික සන්නයෙහි1 උපුටා ඇත්තේයි. කංඛාවිතරණි පිටපොතෙහි2 දක්නා
“නාමමත්ත වසෙන වා, නාම මාත්රප වශයෙන් හෝ, ‘නාම මත්තවසෙනාති පාඨො නාම ගොත්ත වසෙනාති ලිඛන්ති’ යනු ගැටපදයි. හෙළු ගැටපදයෙහිද ‘නාමමත්තං’ යි ගෙණ ‘මෙනම් ඇවතැ’යි අත්ථි ගත්හු” යන පාඨයෙන් කියැවෙනුයේ කංඛා විතරණියට පාලියෙන් හා සිංහලයෙන් ලියා තුබුණු ගැටපද දෙකක් හෝ ඉහත සඳහන් විනය ගැටපද දෙකක් විය හැකියි. කංඛාවිතරණි පිටපොතෙහිම (පිට 40) පෙනෙන ‘ආපත්තිච, ව්යිතික්රදමයෙන් අවන් ඇවැත් නමුදු ෙවයි.ෙමමැ කීහ ගැටපද යෙහි “ වීතික්කමෙනාපන්නාපත්ති නාම තස්ස නාමං” යන පාඨයෙහිද සඳහන් වනුයේ කංඛාවිතරණියට හෝ විනය අටුවාවට පාලියෙන් තුබුණු ගැටපදයක් විය හැකියි. කංඛාවිතරණි පිටපොතෙහි (පිට 26) “දුට්ඨඤ්ච කිලෙස සන්දුසිතා - රාගාදි කිලෙසින් කිලිටි වී නුයි දුෂ්ට නමුදු වෙයි. ථූලඤ්ච, අසූඛුමං අනිපුණන්ති වුත්තං හොති - මහත් වරදක් හෙයින් ථූල නමුදු වෙයි. ප්රඛඥාවගේ සියුම් බවක් විශද බවක් එහි නැති හෙයින් අසුඛුම අනිපුණ නමුදු වෙයි.’ යනු අටුවා ගැටපදයි” යන පාඨයෙහිත් අටුවා ගැටපද නාමයෙන් ගැනෙනුයේ කංඛාවිතරණි අටුවාවටම ලියන ලද පූර්වොික්ත ගැටපදයක් හෝ, එසේ නැතහොත් කංඛාවිතරණි පිට පොතෙහිම 32 වැනි පිටෙහි උද්ධෘත පාලි පාඨයක් හා සමඟ ‘විනය අටුවා ගැටපද විවරණයෙහි’ යයි සඳහන් වන විනය අටුවාවට ලියා තුබුණු ගැටපදයක් විය හැකියි.
1 හරුමල්ගොඩ ශ්රීු සුමංගල සංස්කරණය, 1928 (පිටු 129, 144)
2 කලුකොඳයාවේ පඤ්ඤාසේඛර සංස්කරණය, 1936 (පිට 39).
ප්රවස්තාවනා
ඉහත සඳහන් පොත් ගැටපද යයි ප්ර්සිද්ධ නමුදු නිශ්චය වශයෙන් ගැටපද නම් මේය, සන්න නම් මේය, පිටපත් යනු මේයයි වෙසෙසා දැක්වීම දුෂ්කර කරුණකි.
“යම් පදයක්ගේ අත්ථ ය දුර්විඥෙය වීනම් හේ ගණ්ඨි පද නමි. යමක්හුගේ අභිප්රාඅය දුර්විඥෙය ද හේ අත්ථ පද නමි.” යයි විශුඞි මාර්ග් සන්න කාරයෝ1 කියත්. මෙසේ යම් කිසි ග්රමන්ථයෙක අත්ථ.ය අවබෝධ කොට නොහැකි වූ ගැටලු තැන් ගණ්ඨිපද හෙවත් ගැටපද යන නාමයෙන් හැඳින්වෙන නමුදු එම ගැටලු තැන් පහදා ඒවා සුගම කොට විස්තර කරන ග්රින්ථඑයකටද ඒ නාමයම උපචාර වශයෙන් යෙදේ. පාලි සංස්කෘතාදී යම් කිසි ග්රින්ථඑයක පදයක් පදයක් පාසා අර්ථ වර්ණරනය කරන කෘතියක් සන්න නාමයෙන් හැඳින්වේ. එහෙත් ධම්පියා අටුවා ගැටපදය අවසානයෙහි “දෙබිසෙවැජා අභාසලමෙවන් කසුබ් මහරජහු දහම් පියා අටුවාවට කළ සන්යයයයි” කීමෙන් ගැටපදයකට ද ඇතැම් විටෙක වුවත් සන්න නාමය ව්යකවහාර වූ බැව් පෙනේ2.
පිට පොත්
කංඛාවිතරණී පිටපොත මනා ලෙස සකස් කොට ඊට අගනා ප්රාස්තාවනාවක් සපයන කලුකොඳයාවේ පඤ්ඤසේඛර ස්ථවිරපාදයන් වහන්සේ පිටපොත යනු කිම්දැයි හඳුන්වමින් මෙසේ ප්රඛකාශ කරත්.
“පිටපොත යන නාමය මාතෘ භාෂාවකින් අනූදිත ග්රතන්ථායකට ව්ය වහාර කිරීම උචිත බව පෙණෙතුදු මෙහි නම් ග්රභන්ථි පද විවරණයකට වඩා කිය යුතු විශේෂයක් නොපෙනේ. මෙය (එනම් : කඩ්ඛාවිතරණි පිටපොත) හා නාමරූප සමාසය පිළිබඳ වූ සිලි පිටපත හැර අනෙක් පිටපොතක් අප විසින් නොදක්නා ලදි. නාම මාත්රතය පවා නොද අසන ලදි. සිලි පිටපත වනාහි නාමරූප සමාසය පිළිබඳ පදානුපදික ව්යාරඛ්යා්වකි. එහෙයින් සන්නයට ද පිටපත යන නාමය අවිශේෂයෙන්
1. විශුඩි මාර්ගරය - පස්වෙනි භාගය, ඇම්. ධර්මමරත්න සංස්කරණය, 1917 පිට 25.
2. ධම් පියා අටුවා ගැටපදයේ එක් එක් වර්ගකයක් අවසානයෙහි ‘අසවල් වගැ අටුවා සත්යස නිම් යී ද (පිටු: 59,95 ,104, 126, 142, 152, 159, 171, 186, 192, 197, 201, 226, 231, 238, 241, 247,255, 259, 263, 270, 276, 288) පළමුවර බණවර අවසානයෙහි (පිට 217) ‘අටුවා සන්න විවරුණු නිමි’ යී ද දක්නට ලැබේ.
ප්රශස්තාවනා
ව්යශවහාර කළ බව පෙණේ. මෙයට පිටපොත යන නාමය ව්යෙවහාර කරණ ලද්දේ කවර හෙයකින්දැයි සිතිය යුතුය.” පඤ්ඤසෙඛර ස්වාමිපාදයන් වහන්සේගේ මෙම ප්ර්කාශයෙන් සන්නයකට ද පිටපතක් විය හැකි වූ බැව් සැලකිය යුත්තකි.
අහංගම විද්යාකවන්ර්ශ පිරිවෙණාධිපති කෝදාගොඩ ඤාණාලෝක ස්ථවිරපාදයන් වහන්සේගෙන් පිටපොත යනු කිම්දැයි විමසූ විට උන් වහන්සේ කියා එවූ විස්තරය ද මහජනයාගේ ප්රයයෝජනය සඳහා ප්රිකාශ කරනු කැමැත්තෙමු. එනම්, “තද්භව ප්ර්කෘතියක් වූ ‘පිට’ ශබ්දය අත්යාංර්ථ5යෙහි රූඪයැ. ‘පිටරට, පිට සක්වළ’ ආදි සලකන්නේයැ. අන්ය පතෙකැ (=පත්රයයෙක) ලියා ගැනුම ‘පිටපත් කිරීම’ නමි. ‘පිටපොත’ යනු අනෙෙකකි. ඇතුළු පොතට වහල් විසින්, පිටින් බැඳැ තැබූ පොත ‘පිටපොත’ නමි. ප්රධාන පොතේ නොතේරෙන සියලු තැන් තෝරා ලියූ පොතක් පිටපතින් යාබද කැරැ තැබීම වේ නම්, එය ‘පිටපොත’ වේ. මෙය පැරණි පුස්කොළ පොත් ක්රවමයෙකි. මෙබඳු එකට ලියූ (=පොත් දෙක මැ තනි කම්බයෙන් හිරකොටැ ලූ) පොත් මම දිටිමි. මෙකල ‘පිටපොත’ වෙනුවට මුද්රිැත පොත්වල ‘නෝට්ස්’ ගිනිය හැකියැ.”
ඤාණාලෝක හිමිපාණන් මෙම ප්රිකාශය ද සාර වූ එකකි. එයට හා පඤ්ඤාසේඛර තෙරණුවන්ගේ නිගමනයට ද අනුව පිටපොත යනු සන්නයක් හෝ වේවා, ගැටපදයක් හෝ වේවා, යම් කිසි මුල් පොතක අවබෝධය සඳහා කරන ලදුව එයට පිටින් හෙවත් ඊට අගින් යොදා තුබුණු උපකාරක කෘතියකි. පිටපොතම, ‘නාමරූප සමාසය පිළිබඳ සිලි පිටපත’ මෙන්, පිටපත යී ද ව්යහවහාරයි. “රූපසිඬියෙහි ‘අස්සත්ථ් කපිත්ථංි’ යනු ද එහි සන්යර ගැටපද පිටපත්වලැ ‘අස්සත්ථා, ඇසතු, කපිත්ථ්, ගිවුළු’ යනු ද දැකැ” යන පඤ්චිකා ප්රයදීප (පිට 115) පාඨයෙහි ද ‘සන්යප ගැටපද’ යනු සමගම ‘පිටපත්’ යී දක්නට ලැෙබ්. මුල් පොතකට පිටින් යොදන ලද පත් ඉරුවලින් සමන්විත වූ හෙයින් ම දෝ පිටපොත යනු පිටිපත් යී ද ව්යඉවහාරයි. මෙසේ “වම්මඤ්ච, පලගය ද - කසයින් පිටිපත්හි ‘චම්මඤ්ච, කොපුව ද’ යී කීහු” යී ද, “කුන්ථා ච, කුඩාසින්නෝ ද - කිපිල්ලිකා ච, මහත් සින්නෝ ද, - රුවන් සූත්රැ අටුවා ගැටපදටෙයහි ‘කුන්ථාකිපිලලිකං, කුරු කුහුඹුවන් යී කීහු. කසයින් පිටි පත්හි ‘කුන්ථෝකිපිල්ලිකා, කැළි සින්නෝ ද කීඹියෝ ද’ යී කීහු” යී ද පඤ්චිකා ප්රපදීපයෙහි 115 වැනි පිටෙහි දෙපළකම කසයින්
ප්රපස්තාවනා
පිටිපත් යී දක්නට ලැබේ. මේ අයුරින් බලන විට කඬ්ඛා විතරණී පිට පොත, නාමරූපසමාසය පිළිබඳ සිලිපිටපත, රූපසිඬි පිටපත, කසයින් පිටිපත් යනා දී පිටපොත් රැසක් තුබුණු බැව් නොඅනුමානයි.
‘සිලි පිටපත’ යනුවෙහි අර්ථුය අනුරුඬාචාරීන්ගේ නාමරූප පරිච්ඡදය සමාස කොට හෙවත් පිඬු කොට ඊට සුළු වශයෙන් කරන ලද විස්තරය හෙවත් පිටපොතය යනු පණ්ඩිත මාතර ඉන්දුසාර ස්ථවිරයන් වහන්සේගේ පිළිගැනීමයි. ‘සිලි’ යනු ‘සුළු’ ශබ්දයේම විකෘතයකි. ‘ලි’ කාරයද මූර්ඩ න්යය කොට ‘සිළි’ යයි කීම වඩාත් යෝග්ය විය යුතුයි. විශුඩිමාර්ගප සන්නයෙහි ද “මණ්ඩලං කරොන්තස්ස, (කංස භාජනාදියෙහි) වට රේඛා හෙළන්නහුගේ; (සැත්හි මැඩිලි හෙළනුවා යනු සිලි සන්නයි)”, ‘සිලි සන්යහයෙහි වනාහි යම් යම් කසිණාලම්බනයෙක........’ යන ‘පාඨ දෙකක සිලි සන්නය හා සන්යයය යී දක්නට ලැබේ.
සන්න බුඞදාස රජු දවස ධම්මකථි නම් ස්ථවිරයාණ කෙනකුන් විසින් සූත්රන පිටකය සිංහලයෙන් ලියන ලදැයි සඳහන් වන නමුත් ඒ ග්රයන්ථ මුළුමනින්ම විනාශයට ගොස් තිබේ. අනුරාධපුර සමයට ද අසවල් සන්න අයත්යයි ඉඳුරා කිව නොහැකියි. පැරණි සන්න වශයෙන් දැන් පවත්නා ග්රයන්ථ අතුරෙන් ඉතා ස්වල්පයක් පොළොන්නරු යුගයට ද, බොහොමයක් දඹදෙණි යුගය හා ඒ ආසන්න කාල පරිච්ඡේදයට ද අයිතියහ. ඊට අනතුරුව ද මහනුවර රාජධානි සමය දක්වාත් ඉන් පසුවත් කරන ලද සන්නයෝ ද කිහිපයක් වෙත්.
අනුරුඞ ස්ථවිරයන් වහන්සේ විසින් විරවිත- අභිධම්මත්ථහ සඞගහයට ව්යාුඛ්යාහන මුඛයෙන් සඞඝරාජ ශාරීපුත්රම ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද අභිධර්මායර්ථා සංග්රරහ සන්නය පොළොන්නරු රාජ්යව සමයයට අයත් ප්රිශස්ත සන්නයකි. තව ද එය එවක ප්රංචලිතව පැවති සංස්කෘත ශබ්ද ගහණ වූ සමාස බහුල වූ මිශ්ර සිංහලයට කදිම නිදසුනකි.
1 කඹුරුපිටියේ ධර්මංමරතන සංස්කරණය, විර්තශය භාගය, 1929, පිටු 369, 401
(මෙම අංකය වැරදීමෙන් දෙවන වරටත් 311 යි යොදා තිබේ)
ප්රලස්තාවනා
අභිධාර්මර්ච ස ග්රෙහයටත් පැරණියයි සිතිය යුතු වූ සන්න කිහිපයක් ගැන පොතපතෙහි සඳහන් වන නමුත් ඒවා අප අතට පත් වී නොමැතියි. මෙසේ කුදුසික සන්නයෙහි1 හා කාඛා විතරණි පිටපොතෙහි2 ද විනය පාළියට කරන ලද විනය සන්ය යක් උඬෘතපාඨත් සමඟ ම නොයෙක් තන්හි සඳහන් වේ. එම විනයසන්යයයෙන් උපුටා තිබෙන පාඨයන්ගෙන් එම ග්ර න්ථය පිළිබඳ යම්කිසි අවබෝධයක් ස්වල්ප මාත්රටයකින් වුවත් ගතහැකියි. නිදසුන් කිහිපයක් පහත දැක්වෙත්. “නති වත් ලාවැටු සැත්දඬුදු ඩබරිදු අදුන් නැළිජු නොම වටී යෙත් යනු විනයසන්ය යි” (කුදුසික සන්නය 194) ; “මැජ බිඳෙ විද්රිනතුලු කොට බඳුත් නොම වටී. එක් විළිතුලු බාණින් මැහින පුන පුනා සිසාරා බඳුත් වනාහි වටී යනු විනයසන්ය.යි” (එහිම 241) ; “හිඳිනා ආදි කළහොත් සඨනින් එක් ඨනෙක් බිදැ ගියා වෙයි යූ තැනි යනු විනය සන්ය්යි” (ක.වි.පි.පිට 49) ; “වසල ඉක්මීමෙන් මැ පචිති වෙයි යෙති. වසල නොඉක්ම දිගින් ගෙහි හිඳුත් දොස් නැතැයි යෙත් යන මේ විනය සන්නයෙහි කීවා ද බැලිය යුතු” (එහි පිට 90).
කුදුසික සන්නයෙහි කිහිප පළකම3, උපුටා දක්වන ලද පාඨත් සමග අටුවා සන්ය්යක් සඳහන් වේ. කංඛාවිතරණි පිටපොතෙහිද 65 වෙනි පිටෙහි වජ්රාබුඞියෙන් පාඨයක් දක්වා ඊට අනතුරුව “අටුවාසන්යෙයෙහි ‘වත්ථාහව කාතබ්ඛා’ කී බැවින්” යී විස්තරයක් කෙරේ. පූෙර්වාෙක්ත අටුවා සත්ය්ය සඳහන් වන තැන් පරික්ෂාී කර බලන විට ඒ නාමයෙන් ගැනෙනුයේ විනය අටුවාවට ලියා තුබුණු පැරණි විනය අටුවා සන්නයක් දෝයි සිතේ. දඹදෙණි සමයේ අවසාන භාගය පමණ් දී කරන ලදැයි සිතිය හැකි4 කුදුසික සන්නයෙහි කිහිප පළකම5 ‘මෙහි සන්යනයි’
හරුමල්ගොඩ ශ්රීහ සුමඞගල සංස්කරණය, 1928 : ගාථා අංකය 9 (5 වෙනි පිට) ; ගාථා; 40 ,56 (පිට 24), 62 ,90,(පිට 36), 94, 100,(පිට 40), 121, 194, 241,(පිටු 93-94), 245,(දෙපළක), 268, 270,274 ,276 ,326, 342,(පිට 130), 343,(පිට 134), 436 (පිට 189).
කලුකොඳයාවේ පඤ්ඤංසඛර සංස්කරණය, 1936 : පිටු 49,90, 106, 127.
ගාථා : 115 (පිට 45), 140,225, 247, 307, 341.
දඹදෙණි යුගයට අයත් තිස්සන්දණහ නම් වන විනිස සන්නයෙන් ද පාඨ කීපයක් (41- පිට 18, 271, 245 - පිට 95) උපුටා මෙහි දක්වා තිබේ. එහෙයින් ඊට වඩා පැරණි විය නොහැකියි.
ගාථා : 56 (පිට 24), 84, 106, 141, 152, 189, (පිට 73), 198, (පිට 76), 201, (පිට 78) 281, 324. ප්රාස්තාවනා
කියා ඛද්දසිඛාවට හෙවත් කුදුසිකට ලියන ලද පැරණි කුදුසික සන්නයක් තුබුණු බැව් හෙළි කෙරේ. එම ග්රණන්ථසයෙන් උපුටා තිබෙන උඬෘත පාඨයන්ගේ භාෂාවිලාසය අතින් බලන විට එම සන්නය අනුරාධපුර යුගය පමණේ දී කරන ලදැයි සිතිය යුතුයි. නිදර්ශාන වශයෙන් පාඨ කීපයක් පහත දැක්වෙත්:- “ගොවනැසි මතියෙ එකි පකි වසා මැඩිලි ඇති හොති හිකි පරාළි ඇති හොති පරාළි මතියෙහි එකි දෙනි ඇමි හොති නම් නමි නොවෙයි යනු මෙහි සන්ය යි” (කුදුසික සන්නය 152) ;
“භත්තගෙග ව, බත් ඇගෙහි ජු වෙහෙරෙහි දිවයි පිරිවෙසන තැන්හි එව් බොජුනු හල්හි එව් යනු මෙහි සන්යෙයි” (එහිම 198) ;
“හිසිහි ඕනට අනුජති පටිවණ කී එව පමණ ඉකිත හොති කොට්ට කන්වයි නිකට නොලැබෙයි යම් කවරි එව පමණිහිම කරණි යනු මෙහි සන්යයයි” (එහිම 201) මෙසේ කුදුසිකට කලින් පැවති සන්යවය ද, හරුමල්ගොඩ ශ්රීි සුමඞගල ස්ථවිරයන් වහන්සේගේ සංශෝධනයෙන් ප්රමකාශයට පත් කුදුසික සන්නය දැ යි පැරණි කුදුසික සන්න දෙකෙකි.
මුලු සිකට හෙවත් මූලසික්ඛාවට ද කරන ලද පැරණි සන්නයක් තිබිය යුතුයි. එහෙත් අපි එබන්දක් නුදුටිමු. ක්රි .ව. 1887 දී මුලුසිකට අභිනව සන්නයක් ලියා ප්රමසිඬ කරවූ මාතර සිරි සඞම්මාචරිය ඤාණින්දාසභ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ‘විඥාපනයෙහි’ මුලුසිකට පුරාණ භාව සන්නයක් තිබෙන බවත්, එහි භාෂාවේ පැරණි කම නිසා එම ග්රරන්ථකය දුර්බො1ධ බවත්, එහෙයින්ම තමන් වහන්සේ සන්නයක් කරන බවත් ප්රඑකාශ කරමින් එම පුරාණ භාව සන්නයෙහි තත්වා්වබොධය පිණිසැයි ඉන් වාක්යන කිහිපයක් උපුටා දක්වත්. එහෙත් ඒ පාඨ සියල්ලම සිඛවළදෙන් බව පෙනේ. ඇතැම් සිඛ වළඳ හා සිඛ වළඳ විනිස පුස් කොළ පිටපත්හි එම ග්රදන්ථයාගේ නාමය මුල් සිඛ යයි කියනු ලබන හෙයින් ඤාණින්දාතසහ ස්ථවිරයන් වහන්සේ විසින් දක්නා ලද්දේත් සිඛවළඳ හා සිඛවළඳ විනිසෙහි පිටපතක් මිස මුලුසිකට ලියනලද පැරණි සන්නයක් නොවේයයි සිතිය හැකියි.
විනය විනිශ්චය කළ බුඞදත්ත ආචාරීන් වහන්සේගේම කෘතියක් වූ අභිධම්මාවතාරයට ලියන ලද පැරණි විජම් වතාරසන්නයෙන් හෙවත් විජම් අවතාර සන්නයෙනැයි දක්වා
ප්රාස්තාවනා
තිබෙන පාඨ සතරක්1 දෙවැනි පැරකුම්බා මහ රජුන්ගේ විශුඩි මාර්ග් සන්නයෙහි ඇත්තාහ. ඉන් එකක් නිදසුනක් වශයෙන් දක්වත හොත් : “ආඝාත යනු ජනා තුමහට බජනා එව් තුමා ජනාහට බජනා එව් ජනා ජනා හටම බදනා එව් අගා යනු විජම් අවතාර සන්නයි” (වි. මා. ස. V පිට 189)
විශුඞි මාර්ගත සන්නයෙහිම සිලි සන්නය යයි තවත් පැරණි සන්නයක් කිහිප පළක2 සඳහන් වේ. ඉනුදු නිදසුනක් මෙසේයි. “දෘෂ්ටිය එකී එකී ධර්‍මයනුදු නිත්ය්ය සුඛයයි විපර්යාස ග්රසහණව වැටම දිඞි විපියුතුව කුමට නොඋපද්දියත් - ‘බලලු බැවින් දිඞිබල මෙව තියත විසින් පත්කප් ගැටිවන බැවින් මන් බල මෙව අරහත්මග ඍජු බැවින් එසේයින් දෙජෙනෙජු බල වූ බැවින් එක් සිත උපදිය යෙත් යනු සිලි සන්නයි.” (වි. මා. ස. V පිට 199)
දෙවැනි පැරකුම්බා මහරජුන්ගේ විශුඞි මාර්ග. සන්නයෙහි සඳහන් වන සියලුම පැරණි සන්නයන්ට වඩා විශුඞි මාර්ග යටම සන්න වශයෙන් පුරාතන ආචාරී කෙනෙකුන් විසින් ලියන ලදුව පැරකුම්බාවන්ගේ විශුඞි මාර්ග් සන්නයෙහිත් බොහෝ විට සඳහන් කරනු ලබන පැරණි විශුඞි මාර්ගග සන්යසය සැලකිය යුතු ග්ර න්ථයකි.
කලින් කරන ලද එබඳු විශුඞිමාර්ගක සන්යරයක් තිබියදී නැවතත් විශුඞිමාර්ග සන්ය්යක් කිරීමට හේතුව පුර්වක කෘතියෙහි පැවති යම්කිසි ඌනතාවන්ම නොව ඇතමුන් - විශේෂයෙන්ම මහා විහාර පාක්ෂිෘකයන් - පැරණි විශුඞිමාර්ගක සන්යනයෙහි යම් යම් මත නොඅනුදැනීම යයි සිතිය හැකියි. පැරකුම්බාවන්ගේ විශුඞිමාර්ගද සන්යමයෙහි නොයෙක් විට3 “..........මේ ටීකාත්ථීස ය සන්යයයෙහි වනාහී ........ [මෙසේ ය’යි විශුඞිමාර්ගි සන්න කර්තෘහුගේ හෝ විශුඞිමාර්ගට ටීකාවේ හෝ මතය පුරාණ සන්නයෙන් වෙනස් වන බැව් ප්රිකාශ කෙරේ.
1 විශුඞිමාර්ගවය, ඇම්. ධර්මහරත්න සංස්කරණය, V වෙනි භාගය, 1917 පිටු 189, (දෙපළක), 190, 197 2 කඹුරුපිටියේ ධර්මගරත්න සංස්කරණය, විතීය භාගය, 1999 පිටු 309,405 ඇම්. ධර්ම1රත්න සංස්කරණය, V වෙනි , භාගය1917 : පිට 199 3 විශුඞිමාර්ග ය, විතීය භාගය, ඇම්. ධර්ම1රත්න සංස්කරණය, 1895 පිටු 721, 752, 768,840,982 චතුත්ථ් භාගය, ඇම්. ධර්මගරත්න සංස්කරණය, 1909, පිට 221; පස්වෙනි භාගය,1917, පිටු 55, 61, 154, 294; සවැනි භාගය, 1929, පිට 312
ප්ර,ස්තාවනා
විශුඞි මාර්ගර සන්නයේ ප්රපථම භාගය මනා ශුඞියකින් ප්රතකාශ කොට ඊට සංඥාපනයක් සපයන පරවාහැර වජිරඤාණ ස්ථවිරයන් වහන්සේ මෙසේ කියත්: “ මේ ටීකාවට (එනම්. පරමත්ථත මංජුසාවට) පෙර විශුඞි මාර්ගගය පිළිබඳ සිංහල ව්යාසඛ්යා නයක් තුබූ බවද එය අභයගිරි ජේතවන නිකායිකයන්ගේ මතාන්තර සංකලනයෙන් දූෂිතව අත්ථිනසමපත්තියෙන් පරිබාහිරව තුබූ හෙයින් යථාථ්‍් බෝධයෙහි නොතරම් වූයෙන් නෂ්ටප්රාබය වූ බවද මේ ටීකා සන්න දෙක්හිම පෙණෙන කෙචිවාදවලින් පැහැදිලි වේ.”
(සංඥාපනය, පිට ii)
මහාවිහාර මතයන්ට සුරක්ෂිත බලකොටුවක් වැනි වූ විශුඞි මාර්ග ය තැනීමේදී බුඞඝොෂ මාහිමියෝ “කෙචි” “අපරෙ” ආදී වශයෙන් ‘ඇතැම්මු මෙසේ කියත්’ ‘අනිකුත් අය මෙසේ කියත්’ යයි සඳහන් කොට ඒ මතවලට පහර දුන්හ. එහෙත් ඒ කෙචි වාද ආදිය කවර කවර පාක්ෂිසකයන්ගේ දැයි සව්ස්තරව වෙසෙසා දැක්වීම දුෂ්කර කරුණකි. ඒ සඳහා ටිකාවෙන් ලැබෙන එළිය හැර පැරකුම්බාවන්ගේ විශුඞි මාර්ගි සන්නයෙන් ද ඉඳහිට වුවත් වහලක් ලැබේ. මෙසේ “කෙචි පන, අභයගිරි වැස්සෝ වනාහී1” (වි.මා.ස. ඇම් ධර්ම රත්න සංස්කරණය, ii පිට 970, ”කෙචි අභයගිරි වාසීහු” (වි.මා.ස. iv 374), ‘කෙචි යී ඉදින් අභයගිරි වාසීහූ අභිප්රෙදත වූ නම්.” (iv 375); ‘එහෙයින් අභයගිරි වැස්සන් විසින් ............. ප්රගත්යූ්ත්පන්නාලමඛ්නත්වvය කියන ලදි” (iv 376); “කෙචි යන්නෙන් මහා සාංඝිකයන් කෙරෙහි සමහර ආචාර්ය්ය්වරුයි. ඔවුන් අතුරෙන් සුධම්මාචාර්ය්ය පක්ෂයෙහි ඇත්තවුන් මසේ කියත් ...........” (v පිට 56) “අපරෙ, අභයගිරි වැස්සෝ; තෙ, ඒ සුධම්ම අභයගිරි වැසි දෙදෙන” (iv 57); “එකෙ, අභයගිරි වාසීහූ” (ii, කේ. ධම්මරතන සංස්කරණය, පිට 383); “එකචේච යනු උපතිෂ්යක ස්ථවිරයන් සඳහා කීහු ඔවුන් විසින් තමන්ගේ විමුක්ති මාර්ග යෙහි එසේ කියන ලදි2.” (ii,264); එකව්චානං මතෙන, අභයගිරි වාසීන්ගේ මතයෙන්” (iv 72); ආචරියානං අධිප්පයො රෙවතාචාර්ය්යාමදීන්ගේ අභිප්රාේයයි” (vi 149); “යම්පි ආචරියානං මතං, රෙවතාචාර්ය්යා දීන්ගේ යම් මතයක් ඇද්ද” (vi 153) යනාදී වශයෙන් දක්නා තොරතුරු
1 “කෙවීති උත්තර විහාර වාසිකෙ සන්ධ3යාහ” (විසුඞි මග්ග ටිකා, මොරොන්තුඩුවේ ධම්මානන්දද සංස්කරණය, 1928, I පිට 256)
2 “එකච්චෙති උපතිස්සෙත්ථ1රං සන්ධායාහ. තෙනහි විමුක්ති මග්ගෙ තථා වුත්තං.” - විසුද්දි මග්ග ටිකා i පිට 103.
ප්රගස්තාවනා
ස්වල්පයක් දුරට වුවත් විශුඞි මාර්ග0ය පිළිබඳ සියුම් පරීක්ෂශණෙයකදී ප්රලයෝජනවත් වනු පිණිස එහි පුරාතන සන්නයෙන් උපුටා ගෙන පැරකුම්බාවන්ගේ සන්නයෙහි ඇතුළත් කොට තිබෙන පුරාතන සන්න පාඨ යෙදෙන පිටු පහත සඳහන් කරනු ලැබේ. පුරාතන සන්නයේ භාෂා ස්වරූපය කෙබඳු දැයි අවබෝධ කරවීම සඳහා එයින් පාඨ දෙකක්ද නිදසුන් කොට දක්වමු :- “සන්නයෙහි කිලෙසි මුතු සහවිනෙනි ඒ කිසහැවි ඇතියහ” යි කීහු” (වි. මා. ස. ii 386); “තං වාචං අප්පහාය, මහණ ගොයුමා අනති රෙහි උතුරුමිනිසි ධමි නැති යන තෙප්ලි නොපියා යි යනු සන්යiයි” (වි. මා. ස. iv 350) විශුඞි මාර්ගල සන්නය මුද්රියත කාණ්ඩ අටකට ඇතුළත් වීතිබේ. ඒ කාණ්ඩ අටෙහි පුරාතන සන්න පාඨ අන්තර්ගිත පිටු මෙෙස්යි:-
i (ප්ර්ථම භාගය, පරවාහැර වජිරඤාණ සංස්කරණය, 1927) පිටු 23, 26, 27, 105 (දෙපළක), 107, 132; ii (විතීය භාගය, කඹුරු පිටියේ ධම්මරත්න සංස්කරණය, 1929) 226, 263, 271, 272, 279, 320, 338, 355, 359, 367, 381, 386, 390, 416, 422, 456, 465, 468, 474, 482, 492, ii(විතීය, භාගය ඇම්. ධර්ම1මරත්න සංස්කරණය, 1895) පිටු 721 (දෙපළක), 728, 751, 752, 758 (දෙපළක), 765, 766, 768, (දෙපළක), 769, 791, 797 (දෙපළක), 840, 841, 844, 918, 922, 924, 978, 981, 982, 983, 987, 1000, 1035, (දෙපළක), 1040, 1050, 1051, 1056, iii (තෘතීය භාගය ඇම්. ධර්ම7මරත්න සංස්කරණය) පිටු : 83, 84, 93, iv (චතුත්ථිී භාගය ඇම්. ධර්මමරත්න සංස්කරණය, 1909) 13, 24, 35, 202, 205, 221, 222, 223, 224, 226, 227 (දෙපළක), 228, 253, 254, 259, 283, (දෙපළක), 291, 292, 300 – 301, 301, 304, (දෙපළක), 321, 322, 324, 325, (දෙපළක), 325 – 326, 347, 347 – 348, 350 (තුන් පළක), 351 (දෙපළක), 352, (දෙපළක) 372, 372 – 373, 373, 374 – 375, 378 9දෙපළක), v (පස්වෙනි භාගය, ඇම්. ධර්ම)රත්න සංස්කරණය, 1917) 4, 5 (හතර පළක), 18 (දෙපළක), 19, 24, 39, 52 (දෙපළක), 55, 57, 60, 61 (තුන් පළක), 67, 70, 135, 137, 145, 150, 151, 154, 186, 187, 188, 189, 190, 192, 193, 194, 195, 196 (දෙපළක), 197 (දෙපළක), 198 (දෙපළක), 199, 200, 201 (තුන් පළක), 233 (තුන් පළක), 234 (තුන් පළක), 235, 238, 255, 258, 274, 276, 277, 293, 294 (දෙපළක), 298, vi (සවැනි භාගය, ගාල්ලේ සුමනසාර සංස්කරණය, 1926) 15 (තුන් පළක), 18, 20, 21, 23, 25 - 26, 26, 26 – 27, 28 (සතර පළක), 29 (තුන් පළක),
ප්ර ස්තාවනා
30 (දෙපළක),31, 38, 39, 40, 43, 44 (දෙපළක), 53, 112, 113, 115, 117, 119, 125 (දෙපළක), 128, 128 – 129, 129, 130, 133, 134, 135, 138 (හතර පළක), 139, 140 (දෙපළක), 143, 146,147, 148, 150, 151, 156, 163 (දෙපළක), 166, 167, 172 (දෙපළක), 174 (දෙපළක), 176, 281, 290, 291, 294, 300, 301, 303, 305, 309, 312, vii (සප්තම භාගය, වෑබොඩ සංඝරතන සංස්කරණය, 1946) 34 (සන්ය, ටීකාවෙහි), 56, 65, 213, 233, viii (අෂ්ටම භාගය, වෑබොඩ සංඝරතන සංස්කරණය, 1948) 13, 88, 113, 117, 129, 160, 162, 163, 204, 229.
මේ සා විශාල සංඛ්යා3වක් පුරාණ සන්න පාඨයන් ගැබ් වීමෙන් ගුණිත වූ විශුඞි මාර්ගස සන්නයේ අගය, තද් ග්රමන්ථ කර්තෲයන් ස්වීය ග්ර8න්ථ සම්පාදනයෙහි දී ඇසුරු කළාවූ අභිධර්මො කෝෂය, ආර්ය්යර සත්යාථවතාරය, ඥෙය සම්පත්ති ටීකාව, එම භාෂ්යාය ආදී වශයෙන් සඳහන් වන නොයෙක් සංස්කෘත ග්රනන්ථයන්ගේ නාමයන්ගෙන්ද, “මෙම කීහ ජොතිපාල මාහිමියෝ, දීඝ නාග පාදයෝ, නාගබොධි ස්ථවිරයෝ, රාහුල පාදයෝ” යනාදී වශයෙන් සඳහන් වන නොයෙක් බෞද්ධ සංස්කෘත පඬිවරුන්ගේ නාමයන් ගෙන්ද බෙහෙවින්ම කර්තෘ්හුගේ හෝ ග්රරන්ථයාගේ නමක් නොමැතිව පාඨ මාත්රෘයෙන් දැක්වෙන උද්ධෘත පාඨයන්ගෙන්ද තවත් කීප වාරයකින් අධික විය. විශුඞි මාර්ගර සන්නයෙහි ඇතුළත් එම ප්රරවෘර්තවතීන්ගේ අනුසාරයෙන් දඹදෙණි සමයෙහි ලංකාවෙහි විසූ පඞිරුවනක් විසින් සිංහල හා පාලි ග්රේන්ථ හැර කොතරම් බෞද්ධ සංස්කෘත ග්රඇන්ථ් හදාරන ලදද, කිනම් ව්යාොකරණ ක්රංම අනුගමනය කරන ලදදැයි මොනවට පැහැදිලි වේ.
දෙවන පැරකුම්බා මහ රජුන්ගේ කෘතියක් වූ නිස්සෙන්දහ නම් වනවිනිස සන්නය විශුඞි මාර්ගි සන්නය ලීමට පෙර කරන ලද බැව් විශුඞි මාර්ගි (සන්න) යෙහි1 එන “මෙතෙකින් සංඥාද්ය ත්ථිව පඤ්චකය සංෙක්ෂයපයෙනව්යොනඛ්යාතතය. විස්තරාර්ත්ථීින් විසින් වන විනිසට ලී නිස්සෙන්දෙනෙම් සන්ය්ය බලා දතයුතු” යන පාඨයෙන් පෙනේ. එම ග්ර න්ථය කාලය නමැති රකුසා විසින් ගිල ගන්නා ලද නමුත් එයින් උපුටා ගත් පාඨ කුදුසික සන්නය2, කංඛා විතරණී පිටපොත3 ආදී පොතහි දක්නට ලැබේ.
1 පරවාහැර වජිරඤාණ සංස්කරණය, I 1927, පිට 3. 2 ගාථාව 41 (පිට 18); 27, 245 (පිට 95). 3 පිටු 83, 131. ප්රුස්තාවනා
කංඛා විතරණියට ව්යානඛ්31ාන මුඛයෙන් කරන ලද පැරණි කංඛා විතරණී සන්යයයක් කංඛා විතරණී පිට පොතෙහි1 සඳහන් වේ. එහිම 106 වෙනි පිටෙහි දක්නා “සීහලදීපෙ පාදගණහ නකො, සීහල වීපයෙහි පස් නැළියක් දිය ගන්නා අතලය; ‘පාද නම් මගධ රටැහි ලාසයෙනි ලභසුමත් ගණියි’ යනු කංඛා විතරණි සන්ය‘යි.” යනුවෙහි කංඛා විතරණී සන්ය’යෙන් පාඨයක් උපුටා තිබේ. කංඛා විතරණී පිට පොතෙහිම 107 වැනි පිටෙහි දක්නා “සුචි, පන්හිඳය යනු හෙලු කංඛා විතරණියද කංඛා විතරණි සන්ය යම දෝයි සිතිය හැකියි. මෙම පැරණි සන්යංය අභාවයට ගිය හෙයින් මෑතකදී ඇම්. ධර්මයරත්න පඬිතුමන්ගේත් ආධාර ලැබ ඇම්. ධම්මාධාර නම් ස්ථවිර තුමකු විසින් සතෙන්දතහ ඝාතිනී නාමොපලක්ෂි්ත කංඛා විතරණි විසිතුරු සන්නය2 යයි කංඛා විතරණියට අභිනව සන්නයක් සපයා තිබේ.
සිංහල සාහිත්ය කෘතීන් වූ සියබස්ලකර, සසදාවත, මුවදෙව්දාවත හා කව්සිළුමිණ යන ග්රනන්ථසයන්ගේ අර්ථ විවරණ කිරීම් වස් සපයන ලද සන්නයෝද පැරණි සන්න ගණයෙහිම වැටෙත්. සිදත් සඟරා පැරණි සන්නය ද ඒ ගණයටම ඇතුළත් කටහැකියි.
මහජනයා අතිශයින් ප්රිමය කළ ජාතක කථාවන් පිළිබඳව රචනා කරන ලද වෙසතුරු දා සන්නය, අටදා සන්නය හා රාජ මුරාරීන්ගේ ජාතක ගාථා සන්නය ද ගැන විස්තරයක් අන් තැනක පළ වේ.
දඹදෙණි යුගයේ අවසාන සමයෙහිදී ඊට ආසන්න කාල පරිච්ඡේදයකදී කරන ලදැයි සිතිය යුතු මහා පරිණිර්වාදණ සූත්රර සන්නය, බ්රුහ්මජාල සූත්ර සන්නය, වම්මික සූත්රස සන්නය ආදී සූත්රූ සන්න විශාල රාශියකි. ඒ හැර ධම්මපද පුරාණ සන්නය, ජින චරිත සන්නය, සූත්ර නිපාත සන්නය ආදී වැදගත් සන්නයෝ ද කිහිපයක් වෙත්.
චොළිය බුඞප්පිය ස්වාමීන්ගේ මහාරූප සිඞියට අඥාත වූ කර්තෘස වරයකු විසින් තනා තිබෙන මහා රූපසිඞි සන්නය3 ද කවර සමයෙක කරන ලද දැයි නිශ්චය කොට නොහැකි වුවත් පැරණි සන්න සංඛ්යාිවෙහිම ලා ගිණිය යුතුයි. මහා රූපසිඞියේ පැරණි
1 පිට 97. 2 ප්ර ථම භාගය, රත්මලානේ මේරුසමොදය යන්ත්රාණලයෙහි මුද්රිසතයි, 1912. 3 දෙහිගස්පේ පඤ්ඤාසාර සංස්කරණය, හෝමාගම, 1927. ප්ර ස්තාවනා
සන්නයෙන් පසුව එම ග්රාන්ථයටම, එහි කාරක කාණ්ඩයේ අවසානය දක්වා කරන ලද සන්දාහවිඝාතිනී1 නම් අනික් සන්නයෙකුදු වෙයි. පාලි බලාවතාරය උගන්නාවූ ශිෂ්යසයන්ගේ පහසුව සඳහා ගම්පොළ රාජධානි සමයෙහිදී හෙවත් 14 වැනි ශත වර්ෂාය පමණේදී කරන ලදැයි සිතිය යුතු ගඩලාදෙණි සන්නය2 ද, අනතුරුව ඔකඳපොළ විහාරවාසී ධම්මජොති නම් යතිවරයකු විසින් කරන ලද ඔකඳපොළ සන්නය3 හෙවත් ලියන සන්නය හෙවත් පදසිඞි සන්නය ද, බලන සන්නය යයි ප්රවසිද්ධ බලාවතාර පදාත්ථීා ව්යා්ඛ්යා නය4 ද, සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්යීවරයකු වූ සිටින මලුවේ ධම්මජොති නම් යතිතුමකු විසින් සූත්රානත්ථී කථනයක් වශයෙන් කරන ලද බලාවතාර සූත්රය සංග්ර්හව4 ද බලාවතාරයට කරන ලද ප්රගධාන සිංහල ව්යාලඛ්යාරනයෝයි. මේ හැර බලාවතාරය සම්බන්ධයෙන්ම යම්කිසි අඥාත වූ ආචාර්ය්ය කෙනෙකුන් විසින් ලියන ලද සුගන්ඨි සාරා5 නම් තවත් කෘතියක්ද වේ.
මුගලන් වියරණයට ප්රකවේශොපායයක් වශයෙන් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේම සම්මුඛ ශිෂ්යය පියදස්සී තෙරණුවන් විසින් රචිත මොග්ගල්ලායන සද්දත්ථ රතනාකරයට හෙවත් පද සාධනයට දිඹුලාගල පරම්පරාගත වනරතන ආනන්දම ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද පද සාධන සන්යය6 ද වැදගත් කෘතියකි. මුගලන් වියරණයෙහි සූත්රව වෘත්තීන්ට ව්යාපඛ්යානන මුඛයෙන් පැරණි ආචාර්ය්යව වරයෙකු විසින් කරන ලද විරිත සන්යපය7 ද මෙහිදී අවශ්යරයෙන්ම සිහිපත් කටයුතු මැයි. අභිධානප්පදිකා නම් පාලි නිඝන්ටුවට පුරාතන ආචාර්ය්ය වරයකු විසින් සම්පාදනය කොට තිබෙන අභිධානප්ප දීපිකා සන්නය8 ද අමරසිංහයන්ගේ අමරකොෂයට ලියූ සන්න දෙක9 ද මෙහිදී අමතක කටනොහැකියි.
1 බද්දේගම කීර්ති ශ්රීෙ ධම්මරත්න සංස්කරණය, වැලිගම, 1936. 2 මාගල්ලාගොඩ පඤ්ඤාතිස්ස සංස්කරණය, වැලිගම, 1930. 3 බද්දේගම කීර්ති ශ්රී් ධම්මරතන සංස්කරණය, වැලිගම, 1927. 4 බද්දේගම කීර්ති ශ්රීර ධම්මරත්න ස්ථවිරයන් වහන්සේ විසින් ඔකඳ පොළ සන්නයට ලියන ලද සංඥාපනය බලනු (පිට ii) 5 කහවේ රතනසාර සංස්කරණය, 1905. 6 ඇල්. ශ්රීප ධම්මානන්ද. සංස්කරණය, 1932. 7 මොග්ගල්ලාන ව්යා්කරණ විරිත සන්යනය, ඇල්. ශ්රී. ධම්මානන්ද සංස්කරණය, 1927. 8 තොටගමුවේ පඤ්ඤාමොලි තිස්ස සංස්කරණය, 1895. 9 කලකට පෙර බටුවන්තුඩාවේ පඬි තුමන් විසින් ප්රනකාශිත අමරකොෂ සන්නය හැර ඊට සම්ප්රකකාරයෙන්ම පැරණිවූ මේ තාක් අමුද්රිරත වූ විස්තර සන්නයක්ද තිබේ. ප්රපස්තාවනා
ජානකිහරණය, කාව්යාිදර්ශඅය, මේඝදූතය වැනි සංස්කෘත ග්ර න්ථයන්ට සම්පාදිත ව්ය,ක්ත සන්නද, ඊට අනතුරුව කරන ලද සූර්ය්යසශතක සන්නය, අනුරූඩ ශතක සන්නය, ශක්තිශතක සන්නය යනාදිය ද පැරණි සන්න සංඛ්යාිවෙහිම වැටෙත්.
දඹදෙණි සමයෙහිදී පඤ්චමූල පරිවේනාදිපතීන් වහන්සේ විසින් විරචිත පාලි ෙභසජ්ජමංජුසාවට ශ්රීව වීරපරාක්රචමනරෙන්ර්නාද සිංහ රජුගේ ආරාධනාවෙන් වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ලියන ලද භෙසජ්ජමංජුසා සන්නයද, උන්වහන්සේ විසින්ම පාලි මහාබෝධිවංසයට පදගතාර්ථභ දැක්වීම් වශයෙන් ලියන ලද මධුරාර්ථේ ප්රෝකාශිනී නම් මහාබෝදිවංස සන්නය ද, සංඝරාජ මාහිමියන් විසින්ම පිරිත් පොතට සන්න වශයෙන් සම්පාදිත සාරථදීපනී නම් සතර බණවර සන්නය ද මහනුවර සමයෙහිදීම විරචිත මහා සතිපට්ඨාන සූත්රන සන්නයද එම යුගයට අයත් ප්රුධාන සන්නයෝයි. මින් පසුවද කරන ලද සන්න රැසකි. වත්මන් කල පවා විවරණ යුගයකි.
ගැටපද, පිටපොත් හා සන්න හැර අවශේෂ වූ නානාප්රවකාර ව්යාුඛ්යානන ග්රපන්ථ අතුරෙන් ධර්මහප්ර දීපිකාව හා පඤ්චකා ප්රරදීපය ද විශේෂයෙන් සැලකිය යුතු ග්රන්ථයෝ යි. මහාබෝධි වංස ගැටපදයේ අත්ථික ව්යායඛ්යා්නයෙන් ද තෘප්තියට නොපත් ගුරුඵගෝමීහු තමන්ගේ වෛශාරද්යයය ගෙන හැර පාමින් මහාබෝධි වංශ නම් කථා කාව්ය යට පරිකථාවක් වශයෙන් ධර්මතප්රැදීපිකාව කළහ. ජයවර්ඪවනපුර සමයෙහි විසූ තොටගමුවේ ශ්රීථ රාහුල මාහිමියෝ තමන් වහන්සේගේ අවිතීය පාණ්ඩිත්ය යෙහි පරිපඣ ඵලයක් වශයෙන් මොග්ගල්ලාන පඤ්චිකාවට ව්යයඛ්යා නයක් කරමින් පඤ්චිකාපදීපය තැනූහ. එයින් එවක ලක්දිව පඬිවරුන් විසින් කෙබඳු ඡෙන්දර ව්යා්කරණාදි ග්රතන්ථ පරිශීලනය කරන ලදදැයි වටහාගත හැකියි. පඤ්චිකාපදීපය ඔස්සේ ගොස් ශ්රීත රාහුල මාහිමියන්ගේ පුස්තකාලයෙහි විවිධාංශයන්හි නානා භාෂාවන්ගෙන් රැස්කොට තුබූ පුස්තකයන් දෙස ද එබී බැලිය හැකියි. පොළොන්නරු සමයෙහි දී ප්රපචලිත වූ මිශ්රැ සිංහල ව්යනවහාරය ද කෝට්ටේ සමයෙහි දී විරචිත සඬර්මිරත්නාකරයෙන් හා ශ්රී රාහුල මාහිමියන්ගේ පඤ්චිකාපදීපයෙන් ද කුළු ගැන්විණ.
ලඞකා විශ්විද්යා්ලය ඩී. ඊ. හෙට්ටිආරච්චි. කොළඹ. 7 – 2 - 1950