සදකඩපහනක වගතුග

Wikibooks වෙතින්
                                සදකඩපහනක වගතුග


බෞද්ධ විහාරස්ථානයකට එසේත් නැතිනම් දේවාලයකට ආදි ආගමික ස්ථානයකට ඇතුලු වන තැනම දක්නට ඇති ගලා පුවරැව ඔබට මතකද? අඩසදක ස්වරෑපයෙන් බොහෝවිට දිස්වන පඩිපෙළ පාමුල පිහිටි මේ ගල් පුවරැව මතින් ආගමික සිද්ධස්ථානයකට ඇතුලු වුවද ඔබ ඇත්තෙන්ම මේ ගල් පුවරැව පිළිබදව එතරම් සැලකිල්ලක් දක්වන්නට නැත.

එ‍හෙත් අවදානයෙන් යුතුව සදකඩපහනක් දෙස බලන ඔබහට එහි කැටයමෙහි ඇති අසිරිය විශිෂ්ටත්වය පිළිබදව ඔබට පුදුම සිතෙනු ඇත.

භාරතීය මව් ආභාසයෙන් සිරිලකට දායාද වූයේ වුව ද එකී මවි ආභාසය ද පරදවමින් කැටයමින් විභූෂිත අපූර්වතම සදකඩපහන් ලාංකීය කලා කෙතට දායාද කරලීමෙහිලා මෙරට කැටයමිකරැවා දැක්වූ සුක්ෂ්මතාවය අගය කළ මනාය.

මෙහිදී සදකඩපහන හැදින්වීමට විවිධ කාල වකවානුවල දී යොදාගත් නම් පිළිබද ඒ ඒ කාල වකවානු වලට අයත් සාහිත්‍ය ග්‍රන්ථයන් විමසීමේදී අපට දැක ගන්නට ලැබේ.

උදාහරණ ලෙස සෝපාන,අඩ්ඪ වන්ද පාෂාණ,සදපහන,අඩසදපහන,පටිකය,අඩ්ඪ චන්දපදගන්ටික යනාදි නම් දැක්විය හැක. ලාංකිකයා ආභාසය ලද භාරතයේ උපන් සදකඩපහන අඩ පියුමකින් පමණක් යුතු වෙයි.ඒ අනුව මෙරටෙහි ද දක්නට ලැබෙන මුල්ම සදකඩපහන් ද එසේම වේ.එම සදකඩපහන් චතුරස්‍රාකාර ගල් පුවරැවකින් යුතුවන අතර ක්‍රමික විකසනයත් සමග අඩසදක ස්වරෑපයට පත් වේ.

සදකඩපහන පාපිස්සක් ලෙසට ද භාවිත වූයේ යැයි පැවසිය හැක්කේය.මෙහිලා භික්ෂූන් වහන්සේලා පෞරාණික විහාරස්ථාන වලට ඇතුල්වීමේදී ඇතුලු වන ස්ථානයේ තනා තිබුණු ‍සෙල්මුවා තාලි වලින් පා දෝවනය කරගෙන සදකඩපහනින් පා පිසදා විහාරයට ඇතුලුවීම ඊට සාක්ෂි සපයයි.

කෙසේවුවත් ක්‍රමයෙන් සදකඩපහනට එක්වන කැටයම් අතර‍ ගිනිදැල්,ඇත්,අස්,ගව,සිංහ යන සත්ත්ව රෑප,ලියවැල්,පියුම් හොටෙන් ගත් හංසයන්,පලා පෙති,නෙලුම් මල යනාදිය දැකිය හැක.අනුරපුර අගභාගය වන විට අංග සම්පුර්ණ සදකඩපහනක් මේ සියලු කැටයම් සහිතව බිහි වේ.

අනුරාධපුර යුගයෙහිදී අනුරපුර ජය සිරිමා බෝධිය,අනුරාධපුර බිසෝ මාළිගය,රැවන්වැලි සෑය ඇතුලු අටමස්ථාන වලින් විශිෂ්ට සදකඩපහන් දැකිය හැක.

පොළොන්නරැ යුගය වන විට සදකඩපහනෙහි කැටයම් තවදුරටත් සංකීර්ණ වන අතර හින්දු ආගමික බලපෑම මත ගවයා සදකඩපහනෙන් ඉවත් වේ.

පොළොන්නරැ යුගයට අයත් සදකඩපහන් මැදිරිගිරිය,වටදාගේ,හැටදාගේ යන ස්ථාන වලින් අපට හමු වේ.එමෙන්ම පොළොන්නරැ යුගයේ අවසාන භාගයේ සිට මෙරටට එල්ල වන චෝළ ආක්‍රමණ,බටහිර ජාතීන්ගේ ආක්‍රමණ මත ලංකාවේ කැටයම් මූර්ති ආදි සකලවිධ අංග වල ඇති වන පරිහානිය සදකඩපහනෙන් ද දිස් වේ.ඒ අනුව කුරැණෑගල,ගම්පළ යුගවලදී සදකඩපහනේ ස්වරෑපය සපුරා වෙනස් වේ.උදාහරණ ලෙස:බදුල්ල කතරගම දේවාලය,මහනුවර දළදා මාළිගය,දෙවුන්දර විහාරය,හොරණ රජ මහා විහාරය දැක්විය හැක.

‍‍ ඒ.ජි.කුමුදුනී පුෂ්පලතා විමලසේන-AR/51007-AF/04/3393 - SINH 2105


"https://si.wikibooks.org/w/index.php?title=සදකඩපහනක_වගතුග&oldid=6431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි