සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 3-4

Wikibooks වෙතින්

තුන් වනපරිච්ඡෙදය. ______

තවද මේ සඬර්ම රත්නාකරයෙහි

දශපරමාර්ත්ථමපාරමිතාසංග්රහහකථා නම් කවරැ? යත්:-

මෙසේ අප මහබෝසතානෝ බුදුබව පතා සතාසංඛෙය්යම කප්ලක්ෂවයක් මනොප්රපනිධානය පුරමින් නවාසංඛෙය්යයකප්ලක්ෂ්යක් වාක්ප්ර්ණිධානය පුරමින් සාරාස‍ඞ්ඛෙය්ය කප්ලක්ෂ්යක් කාය වාක් ප්රයණිධානය පුරන්නාහු දීපඞ්කරපාදමූලයෙහි පටන් ලොව පහළ වූ මේ සුවිස්සක් පමණ බුදුවරයන්වහන්සේ දැක සූවිසි පූජාවක් කොට ‘මේ උතුමා මතු බුදු වන්නේ ය1 යි යන සූවිසිවිට රණයක් ලැබ ඒ ලත් විවරණයට ම සුදුසු ලෙස ඇස් ඉස් මස් ලෙභෙ පුත්රසදාරාදී වූ උපභොගපරිභොගසම්පත් දන් දීමෙන් ඛදිරඞ්ගා ජාතකාදී වූ නොයෙක් ජාතියෙහි පිරුවා වූ දාන පාරමිතාය දානඋපපාරමිතාය දානපරමාර්ත්වතපාරමිතායයි යන

126 සඬර්මාරත්නාකරය (3 පරිච්ඡෙදය

දානපාරමිතාව ත්රි විධාකාරයෙන් මුදුන් පත් කොට තවද භුරි දත්තජාතකාදී වූ නොයෙක් ජාතියෙහි අඛණ්ඩකොට පුරණ ලද්දා වූ ශීලාපාරමිතාව, ශීලඋපපාරමිතාය, ශීලපරමාර්ත්ථ පාරමිතා යයි ශීලපාරමිතාව ද ත්රිපවිධාකාරයෙන් පුරමින් මුදුන් පමුණුවා තවද, චුල්ලසතසොමජාතකාදී වූ නොයෙක් ජාතියෙහි අප මණ වූ රන්රුවන්දැසිදස් ගොමහිසාදී වූ මහත්රාජ්යතසම්පත්තිය අලුයම දැමු කෙළපිඩු සේ සලකා බුඩත්වවය ම පතා පුරණලද්දා වූ නෛෂ්ක්රපම්ය පාරමිතාය, නෛෂ්ක්රරම්යණඋපපාරමිතාය, නෛෂ්ක්රදම්යප පරමාර්ත්ථෙපාරමිතායයි මෙසේ නෛෂ්ක්ර‍ම්ය‍පාරමිතාව ද තුන්ප්රදකාර යකින් පරිපූර්ණ් කොට, තවද, සන්තුභත්තජාතකාදි වූ නොයෙක් ජාතියෙහි නුවණින් අග පැමිණ සත්වපයන් සිතුවා වූ චිත්තය මේ ය යි දිවැසින් දක්නා මෙන් නුවණැසින් ම විදහා මේ මේය යි දැක ඔවුන් හද උභයලොකාර්ත්ථුසිඩියෙන් සතුටු කොට තමාගේ අභිමතාප්රාොර්ත්ථිනාව මුදුන් පත් කරණු සඳහා පිරුවා වූ ප්රනඥපාර මිතාය, ප්රථඥපරමාර්ත්ථවපාරමිතා යයි මෙසේ ප්ර ඥපාරමිතාව ද ත්රි විධාකාරයෙකින් මස්තකප්රා්ප්ත කොට තව ද, මහාජනක ජාතකාදී වූ නොයෙක් ජාතියෙහි චෙනකෙනෙකුන් කරන්නා තබා සිතින් සිතන්ටත් ඉතා අවිෂය වූ මුහුදු පිනීම් මුහුදුඉසීම් ආදී වූ මහත් විය්‍්ර් යෙන් ප්රනයත්ත කොට සිඩ කළා වූ අභිමතප්රාවර්ත්ථ්නාවෙන් පිරුවා වූ විය්ය්නක පාරමිතාව ද ත්රි්විධාකාරයෙකින් පුරමින් සනිටුහන් කොටැ තව ද ක්ෂා න්ති වාද ජාතකාදී වූ නොයෙක් ජාතියෙහි සුචි අසුචිදෙක්හි සම ව පවත්නා වූ මහපොළොව පවා සහනය කොට ගත නො හැක්කා වූ අසත්පුරුෂයන් කරණ දරුණු තදකමෙහි පවා සිත් මඳකුත් නො තළා ප්රි්යපුත්රුයන් කරණ සුරතල් සේ ඉවසා ක්ෂොමා වෙන් පිරුණු සිත් ඇති ව පිරුවා වූ ක්ෂාපන්තිපාරමිතාය, ක්ෂාතන්ති උපපාරමිතාය, ක්ෂාණන්තිපරමාර්ත්ථ පාරමිතාය යි. මෙසේ අවිෂය වු ක්ෂා න්තිපාරමිතාව තුන් ආකාරයකින් පුරා පිරිසිඳ දැන; තව ද, මහාසුතසොම ජාතකාදී වූ නොයෙක් ජාතියෙහි ජිවිතාදී වූ නොයෙක් සම්පත්තියෙහි ආලය හැරත් තමා කීවා වූ බස ම සබා කොට සත්යිවචනයෙහි පිහිටා ලොවට වැඩ වඩා පිරුවා වූ සත්යාපාරමිතාය, සත්යලඋපපාරමිතාය, සත්යයපරමාර්ත්ථතපාරමිතායයි මෙසේ සත්යාපාරමිතාව තුන් ආකාරයකින් පුරා කෙළ පැමිණ; තවද, තෙමිය ජාතකාදී වූ නොයෙක් ජාතියෙහි වැඩ පිණිස කියාලු සත්පුරුෂවචනයන් ම අදහා ගෙණ එහි ම පිහිටා තමා ඉටාගත් අධිෂ්ඨානය මඳකුත් ලිහිල් නො කොට දෘඪ ව සිතින්





විවරණකථා) අභිනීශාරසංග්රඪහකථා 127

සනිටුහන් කොට සත්ව යන්ට වැඩ පිණිස පිරුවා වූ අධිෂ්ඨාන පාරමිතාය, අධිෂ්ඨානඋපපාරමිතාය, අධිස්ඨෘනපරමාර්ත්ථිපාරමිතා ය යි මෙසේ අධිෂ්ඨානපාරමිතාව ත්රිධවිධාකාරයෙකින් පුරා කෙළ පැමිණ, තවද, නිග්රොෙධමිගජාතකාදී වූ නොයෙක් ජාතියෙහි තමන්වහන්සේ විදින සැප අනුන්ට දෙමින් අනුන් විදිනා දුක් තමන්වහන්සේගේ මෙනෙහි පුරමින් මහත් වූ කරුණාවෙන් වැසනයට පැමිණ මුවදෙනකට පවා පිහිට ව ජීවිතදානය දී ඉතා නො සිතිය හැක්කා වූ මෙබඳු මෛත්රීක කිරීමෙන් පරවැඩෙහි ම යෙදී මෙසේ නොයෙක් ජාතියෙන් ජාතියෙහි සත්ව යන්ට පරම ප්ර තිෂ්ඨ ව මෛත්රී සමූද්රායක් මෙන් වැඩසිට පිරුවා වූ මෛත්රීර පාරමිතාය, මෛත්රී්උපපාරමිතාය, මෛත්රීරපරමාර්ත්ථවපාරමිතාය යි මෙසේ මේ මෛත්රීාපාරමිතාව ද තුන්ආකාරයෙකින් පුරා කොටි ප්රා ප්ත ව; තවද, සාරජාතකාදි වූ නොයෙක් ජාතියෙහි ප්රයතිඝානුනයරහිත ව ගෙඩි දී නොයෙක් වෙහෙස දුන්නන් කෙරෙහි ද උළා නාවා ඇඟ තෙල් ගැල්වූවන් කෙරෙහි ද එක් අංසයක තියුණු මුව සැතින් මස් ලියන්නන් කෙරෙහි ද එක් අංසයක සිහිල්සුවඳසඳුන් ගල්වන්නන් කෙරෙහි ද සම මෛත්රීෙ සිත් ඇති ව තමහට කරණ වැඩ අවැඩ දෙක්හි ම එකාකාර සමමෙත් ව පිරූ උපෙක්ෂාදපාරමිතාය, උපෙක්ෂා උපපාරමිතා ය, උපෙක්ෂාඋපරමාර්ත්ථාපාරමිතාය යි යන උපෙක්ෂා පාරමිතාව ත්රිරවිධා කාරයෙකින් පුරමින් මුදුන්කුළු ගැන්වුහ.

මෙහි ඇස් මස් ලේ ආදී වූ අඞ්ගපරිත්යාවගය පාරමිතා නම් වෙයි. පුත්රඇදාරභස්ත්ය ශ්වදැයිදස්ගොමහිස රට දනවු මුතු මැණික් රන් රිදී ආදී වූ බාහිරපරිත්යාරග උපපාරමිතා ය. සිංහව්යාතඝ්ර යක්ෂබ රාක්ෂරසාදීන්ට ගොදුරු වෙමින් ඔවුන්ගේ මනදොළ පිරුවාවු ද සහඔටුනු හිස් සිඳ දෙමින් කළා වූ ජීවිතපරිත්යාළග පරමාර්ත්ථහපාර මිතා යයි මෙසේ එකි එකී පාරමිතාවක් ම තුන්තුන් ආකාරය කින් විභාග කොට මෙසේ සමතිසක් පැරුම් පුරා පාරමිතා නැමැති මහමුහුද පීනා පරතෙරට පැමිණ බුදුකුරුදහම් මුහුකුරුවා මුළුලොවට අග්රතප්රානප්ත ව කරුණාප්රුඥාවෙන් යුක්ත වූ අපගේ බෝධිසත්වතයන්වහන්සේ වෙ‍ස්සන්තරාත්මභාවයෙහි ඉපිද විසිතුරු වූ ඇත් අස් ගොමභිෂ රථභූමිභවනයානවාහන ආසන්සයනවිතාන භිසිබි‍ම්ඛොහන විජිනී ඡත්ර චාමර වනිතා තනය මුතුමිණි රන්රීදී තඹලොහො වස්ත්රානභරණඔදනනවනීතඝෘතක්ෂීොරමිශ්රරකතක්රෘශර්කරරා රම්භාම්බජම්බුසන්නීර කර්පුර ශෲඩ්ගිවෙර තක්කොළ ලමග නාගවල්ලි - පූගඵලපුෂ්පචන්ද නාදී වූ නානාප්රශකාරද්රීව්යලයෙන් සම්පූණර්‍




128 සඬර්මූරත්නාකරය. (4. පරිච්ඡෙදය.

‍කොට සත්තසතක මහදන් දෙමින් අපමණ වූ රජසැපත් විඳ ඒ වෙස්සන්තරරාමභාවයෙන් චුත ව නේසුවහස්ගණන් රන්රිදී ආදී වූ දදපෙළින් සැදුම් ලත් සත්රුවන්මය ප්රානසාදයෙක්හි නිර්ජරාභරණභාරයෙන් සාර වු සුරසුන්දතරීන් පිරිවරා සියලඟ රැසින් දසදික් බබුලුවා සුරසිරින් අපරිමිත වූ සතරවන තුසිත භවනයෙහි උපන්හ. දක්වන ලදමැයි :-

“උප්පජ්ජිත්වාන සුරාවාසෙ සුන්ද රෙ තුසිතෙ පුරෙ, වසන්තො සුවිරං කාලං භුත්වාරනානත්තසමපදං” යි? _______

මෙ තෙ‍ කි න් මේ ස ඬ ර්ම‍ ර ත්නා ක ර යෙ හි දශපරමාර්ත්ථසපාරමිතාසංග්රසහකථා නම් වූ

තුන්වන පරිච්ඡෙදය

කියා නිමවනලදී. _____

සතරවන පරිච්ඡෙදය. ______


තවද මේ සඬර්ම රත්නාකරයෙහි අභින්ෂ්ක්රථමණසංග්රයහ කථා නම් කවරැ? යත් :-

මෙසේ මේ යට කියනලද්දා වූ ක්රරමයෙන් බුඬකාරකධර්මණයන් පුරණය කොට නිමවා සමස්තවිබුධශ්රීකන් විභූෂිත වූ තුෂිතභවන යෙහි සන්තුෂිත නම් දිව්යිරාජ ව ඉපිද දිව්යෙබ්රූහ්මයන්ට අමෘත මහාමෙඝයක් වර්ෂාව කරන්නා සේ මධුරස්වරනිශ්චාරණයෙන් බණ වදාරා දෙවි බඹුන් සාධුකාර දෙවමින් තුෂිතභවනයෙහි අපමණ වූ දිව්යාසම්පත් වලඳා බොහෝකාලයක් එහි ම වාසය කරණ කල්හි --

“ කතඤ්ජලීහි දෙවෙහි යාචිතො දිපදුත්තම, ස‍ම්බොධාය මහාවීර කාලො තුයභන්ති ආදිනා”

යනාදීන් තුෂිතභවනයට නානාස්ථානයෙන් රැස් වූ දිව්යන බ්රහහ්මයන් විසින් දොහොත් මුදුන් දිදී සිට ‘ඇයි සන්තුෂිත නම් දිව්යිරාජයානන්වහන්ස! නුඹවහන්සේ මේ තුෂිතභවන යෙහි දිව්ය‘සම්පත්තිය පිණිස කාල‍ ෙක්ෂ්ප කිරීම යහපත් නො වන්නේ ය. පස්බුදුකෙනෙකුන්වහන්සේගෙන් ප්රකතිමණ්ඩිත වූ

විවරණකථා) අභිනීහාරසංග්ර හකථා 129

මේ මහාභද්රථකල්පයෙහි සතරවැනි ව තමන්වහන්සේ බුදු වීමට කලැ’යි එකපැහැර දොහොත් මුදුන් දෙමින් සාධුකාර දිදී ආර ධනා කළ කල්හි අප මහබෝසතානෝ පෙර මහාත්මයින්ගේ චාරිත්රා ධර්මනය නො වරදවා ම -

“චිලොකෙත්වාමන කාලාදිං ඤත්වාද කාලන්ති බොධියා, පටීඤ්ඤං දෙවසංඝස්ස දත්වාා සනතුසිතාධිපො”

යනාදීන් එතැන්හි රැස් ව ආරාධනා කළා වූ දිව්යතබ්රතහ්ම සෙනාව මඩ්යහයෙහි ‘යහපත, බුදු වන්ට මිනිස්ලොවට යෙමි’ යි ප්ර්තිඥ දුන්හ. එසේ ප්ර තිඥ දීලා කාලාදී වූ පඤ්චමහාවීලොක නය කොට ‘මේ බුදුවන්ට කලැ’ යි දැන තුෂිතභවනයෙනි අවුත් චක්රනවර්තිනරොත්තමාධාර වන ජඹුවීපයෙහි සකලජනමනොනයනප්රවසාදාප්ර‍වහප්ර්සාදප්රාවකාරගොපුරතොරණාපණ්පුෂ්කරණි උප වනාදී වූ නොයෙක් පුරසිරින් විසිතුරු රාජධානිසමූහයෙන් පිරිවරණලද මඬ්යනමණ්ඩලයෙහි දිව්ය පුරයක් මෙන් බබලන්නා වූ,

“සුසජ්ජිත‍ඞ්ගොරුතුරඞ්ගමාකුලෙ විචිත්තනානාපණපුණ්යතසම්පදෙ, මනොරමුත්තුඞ්ග්ගජින්දයරාජිතෙ, විභුසිතෙ තොරණ කෙතුරාසිහි

අලංකතට්ටාලවිසාලමාලායෙ සුගොපුරෙ සුන්දලරී සුන්දිරාලයෙ, සුදස්සනෙයෙය කපිලව්හයෙ පුරෙ පුරින්දෙදස්සාපි පුරස්ස හාසකෙ” යි

යනාදීන් වර්ණ‍ ය වූ හ අශ්වරථපත්තිසංඛ්යාෙන චතුරංගිණි සෙනාවෙන් හා නිරන්තරයෙන් කෙළිනළුයෙහි ඇලුම් කළ දිව්යය සමූහයක් මෙන් සැරගී සරණ නරනාරීගණයා විසින් නිරන්තර වූ තොරණාපණ්ග්ඝිකධජමාලාදී විලාසිත වූ විදුලිය සහ නැඟී ගනකුළුපෙළක් මෙන් ප්ර්සාදාවහප්රාසාදපංක්තීන් ශොභමාන විථිසමූහයෙන් නිරන්තර වූ ‍‍ගොපු පරිඛාපරි‍ෙක්ෂරප අට්ටාල සාලාදී වූ නගරාවරණයෙන් ද ශොභාමාන වූ විපුලවස්තුවෙන් අවිකල කපිලව ස්තුපුරප්ර්වරයෙහි දානප්රිවයවචනඅර්ත්ථිචය්යාපු සමා නාත්මතා ය යි යන සතරසංග්ර්හ වස්තුවෙන් යුක්ත ව දශරාජ ධර්මථය නො වරදවා රාජ්ය් කරන්නා වූ අපමණ රාජර්ධිසම්පන්න ප්රුශස්ත උත්තම රාජ්යකයන්ගේ මකුටමණිකාන්තීන් එකොහාසවූ පාදපඞ්කජ ඇති -

                                                                                                           9


180 සඬර්ම රත්නාකරය (4 පරිච්ඡෙදය

“භුපාලමොලි රතනාලිනිසෙවිතංඝි පඞ්කෙරුහං විමලනෙකගුණාධිවාසං ඔක්කාරාජකුලකෙතුමනාථනාථං සු‍ඬොදනං නරපතිං පවරං පටිච්ච”

යනාදීන් සකලපුරවරාධිශ්වරනරපතීන්ගේ කිරීටකූටමාණික්ය” භ්ර මරාවලීන් කීළනය කුළ පාදපද්මයුවල ඇති සකලකුලනිධාන වූ ඔක්කාකවංස දිගුයටග බඳ ධවජයක් හා සමාන වූ සකල විභූතීන් විභුෂිත වූ අශරණශරණශරණාගතවප්රකපඤ්ජර උභය කුලපරිශුඩ ශු‍ඬොදන නම් මහරජහු නිසා අපමණගුණගණාඬ්ගව රූපශොභාසම්පන්න වූ -

“බිම්බාධරාය විකවුප්පලලොචනාය දෙවින්දවචාපරතිවඬනභූලතාය සම්පුණ්ණසොම්මවිමලින්දතචරානනාය සොවණ්ණවාරුයුගහංසපයොධරාය

පාදාරචින්දවකරපල්ලවසුන්දනරාය සොවණ්ණවණ්ණතනුවණ්ණවිරාජිතාය, සීලාදිනෙක ගුණභූසණභූසිතාය මායාය රාජවනිතායුගපංජි*කුච්ජිං” යි.

යනාදීන් ප්රාශංසා කටයුතු වූ රූපශොභාසම්පන්න මහාමායා දෙවින් කුස පිළිසිඳ දසමසක් මුළුල්ලෙහි දැවාණකරඬුවෙක වාඩා ලූ ඝනරන්පිළිමයක් සේ සියල්ලවුන්ට ම පෙණිපෙණි ‘අදට මෙතෙක් උස වැඩුනු සේක. අදට මෙතෙක් උස වැඩුනුසේකැ’යි සතුටු වඩමින් මවුකුස දසමසක් විසූහ. මහාමයා දෙවිතොමෝ දන්දීම් ආදී වූ දැහැමෙන් වැස වෙසඟමැදිපොහො ලද මඟගල දින විසානකතින් ස්වකීය වූ නුවර දක්නා පිණිස ශු‍ඬොදන රජ හට කියා මහපෙළහරින් සිවිගෙයකට පැනනැඟී මඟුල්වෙස් ගත් නේසුවහස් ගණන් ජනසමූහයා පිරිවරා පඤ්චාගිකතුය්ය්ු ඝොෂාවෙන් එකපැහැර වයන සඳ ගොඩ ගමන් ගත් සමූද්රාය සේ සිරිබරවිසල්මඟුල් වහවේමැදින් උත්සවයෙන් නික්ම ගොස් -

“සුරභිකුසුමසණ්ඩාලඞ්කතස්සාලසණ්ඩං සමදහමරමාලාගීයමානග්ගනාදං, තයනවිහගස‍ඩ්ඝෙ අව්හයන්තංච දිස්වා විපුල රතිනිවාස ලුඹිනීකානනන්තං” යි.

                               * රාපවනිතායුපපජ්ජි, ඇතැම් 

විවරණකථා අභිනීහාරසංග්රිහකථා 131

යනාදීන් පුෂ්පඵලපල්ලව සැදි සිනිඳු සුනිල් වනගහනමුදු නෙත්හමන සුවඳ මලතුර මුවරදසළාවෙන් නිකුත් සුරගි ඇල් බො‍ල් පවනින් වනය එකසුවඳපිඬක් සේ කොට දනගිමන් නිවන සිහිල් මනකල් ඡායාසම්පන්න වූ නාගපුන්නාග පුගතාලහින්තාල සංලලසන්නිරරම්භාම්බ ජඹුජම්බීරසින්ධු වාර මධුගන්ධිාකාසොකකෙත කාදී නානාප්රාකාරතරුසණ්ඩමණ්ඩිත ලුම්බිනි උපවනසණ්ඩයෙහි කුරරචකොරමධුකරකීරමයූර බමර කිරළ කොකිල සාළිකාදී නානාවිධවිහගගණයාගේ මධුරඣඞ්කාර කුහුකුහාරව ගුමුගුමු රවාදීන් කන්කලු වූ සුපුෂ්පිතයොහොඹුවැකොඳතමාලලතාදී ලතාකදම්බචුම්ඛිත පාදපශ්රෙූණීන් විසිතුරු වූ ලුම්බිනිවනොද්යාමන යට වැද එහි නන්විසිතුරු බලමින් විසිතුරුතුරග පොකුරු ලඹ දෙන සුවපත් විලිකුන් මියුරු මීඅඹ සිඹ තුඩු තබා මධුරරස උරා බී මත් ව සන් දිදී උනුනඹා දිව තුරින් තුර කෙළනා නදදුන් කල දුන් දැක: සිහිල් ගඟුලැලි යටන්යට වැලිතලාවල මියුල්කැළ සහ තොලු දිදී කෙළනා රන්තිජ වෙහෙල්කැල දැක: කෙක‍ාසර නඟා රඟා බස්නා මත්මොනරකැලන්ගේ සඳැස් පිල්කැළ කැලුමෙන් එකලු වූ දිඟුපුලුල්තැනිතලා ගලතලන් දැක. ගමන මඳමඳ පවන් විඳ විඳ සපිරිවරින් පැමිණියා ය. එසේ පැමිණියා වූ ඒ මහාමායා දෙවි නම් බුඬමාතාවන් උයන් මැද සිට -

“විපුලතරරතිං සා තම්හි කාතුන රම්මෙ අමරයුවතිලීලාචාරුලීලාභිරාමා, විකසිතවරසාල‍ස්සොපගත්ත්වා,න මූලං සයමතිනමිතෙකං සාලසාඛං අගණ්හි”

යනාදීන් ඒ ලුම්බිනි නම් වූ වනොද්යාහනයෙහි සුපිපි අතුපතරින් සැදුනා වූ මඟුල්සල්තුර මුලට දෙවඟනක ලීලාවෙන් ලීලොපෙත ව ගොස් මිහිලොලින් බමණ මත්බමරවැලන් විසින් එක කොලාහල වූ සුපිපි සල් අතුපතරක් කරා අත දිගු කළ කල්හි නැමි පිළිගත් අතුල්තළ ඇති එ ම සල් අත්ත අතින් ගෙණ මහමේ ගබක් මැද පහළ විදුලියක් මෙන් සිටි කල්හි -

“තසමිං ඛණෙ කම්මජමාලුතස්සා චලිංසු සාණීහි පරික්භිපිත්වා්, දෙවිං ජනො තං අභිපාලයන්තො, තම්ගා පටික්කම්ම සුසණ්ඨිතොථ.

සා චාරුහෙමවලයාදිවිභූසිතෙත අච්චන්ත තම්බනඛරංසිසමුජ්ජලෙන, තුලාතිකොමලසුරත්ත‍කරෙන සාඛං ඔලම්බ තත්ථසමජනෙසි ඨිතාව ධීරං.”


132 සඬර්ම්රත්නාකරය. (4. පරිච්ඡෙදය


යනාදීන් කර්ම ජසමිරණ චලන ව බොධිස‍ෙත්වා්ත්පත්ති කාරණය පෙණුනු කල්හි වැඩ පසස්නා මගුල්මහඇමතියන් විසින් විසතුරු ඝන තිර වට බඳවා මුවා කොට වට රැකවල් ලවා ගෙණ එතැනින් පහ ව මඳ ක් අවසර දී සිටිකල්හි ‍මනොඥ වූ හෙමකඞ්කනවලයාහිරාමඋත්තුඞ්ගතම්බනඛරංසිසමුජ්ජලිත නිර්මිල තලතෙල ගැලූ කර්පාසතුලකලඹක් මෙන් කොමල වූ ‍කොකනදපද්මාභ්යතන්තරයෙක් හි ශොභාවට අපහාස දුන් මෘදු කාන්ති ඇති සුරක්තහස්ත‍තලයෙන් ශාලශාඛාව අල්වාගෙණ සිටි කල්හි ම ධර්මාතසනයෙකින් බස්නා ධර්මාකථිකයක්හු සේ අතපය දිගු කොට අප මහබෝසතානෝ මව්කුසින් බිහි වූහ.

ඒ ක්ෂතණයෙහි ම මහබඹු බෝසතානන් රන්දැලෙකින් පිළිගෙණ “දෙවිනි! තොපගේ කුසින් සකලලොකාන්න්දුකර වූ පුත්රුවනෙක් උපන. සතුටු වව” යි කියා මඟුල් තෙපුල් කියමින් ඉදිරියෙහි සිටි කල්හි ඔහු අතින් දෙවි‍යෝ අඳුන්දිවිසමින් පිළි ගත්හ. ඔවුන් අතින් මනුෂ්යනයෝ සිනිඳු මෘදු දුහුලින් පිළිගත්හ. මෙසේ කෙළලක්ෂෙයක් සක්වළ මහමෙර යුගඳුරු හිමගිරි ශෙෂ ධාරාධරසමුද්ර. ආදිය කම්පා කරවමින්, ලොකාන්තරික නරකාදියෙහි ද උදාරතරවිපුලආලොක පතුරුවමින් සියලු දික් එකහෙලා ප්ර සන්න කරවමින්, භූමිගත හැම රන්රුවන් මතුව කර එක හෙලා ජොතිමත් කරවමින්. විසිතුරු පොකුරුවැසී වස් වමින්, සංසිඳුනු රළපතර ඇති තැනිතලා ගලතලන් බඳු වූ කරසයුර මිහිරිජල කරවමින්. අතික්රෑපර වූ තදගිනිදැල් ඇවිල නැගෙන සියලු නරකවල් සිහිල්දියෙන් පුරා පියුම්විල් සේ මලින් සුපිෂ්පිත කරවමින්, මිහිමඬල සිලාතල මහතුරුකඳ වෙළෙප් පලාගෙණ රන්වන් මුවරදසළාවෙන් බබලන සුපීපි රන්පියුම් ආදියෙන් මුළුලෝ සදමින්. දිවරුවන් වැසි වස්වමින්, ජාත්යසන්ධියන් පිළුන්ගේ නවනාට්යමරසොපෙත විසිතුරු නැටුම් බලවමින්, ජාතිබිහිරුන් ගොළුවන්ගේ සප්තස්වරොපෙත වූ මධුරගීතිකාවන් අස්වමින්, ගජසිංහමෘගච්යාෙඝ්රතඅශ්වමහිෂ නා මොනර කාකොලුගරුඩනාග මණ්ඩුකබිලාරඋන්දුරාදී ජාති විරුඬයන් ඔවුනොවුන් හා ප්රිරයකෙළියෙහි රස දන්වමින්. මුළු ලොව සියලු තූය්ය්ුන්භාණ්ඩයන් තිබු තිබූ තැන ම වයන්නන් නැති ව ස්වභාවයෙන් ම පවාගිකනාද පවත්විමින්. හස්ත්යහශ්ව සිංහව්යාබඝ්ර් මයූර බර්බර කීර පරපුටු වටු ආදී වූ විපදවතුෂ්පා දාදීන් ගේ මධුරනාදයෙන් මුළුලොව එකනින්නාද කරවමින්,




විවරණකථා.) අභීනීහාරසංග්රරහකථා. 133

දිවමල් දිවසුවඳ දිවසුණු දිවපහන් දිවසුවඳදුමින් මුළුලෝ පුර වමින්, සන්තොෂභීතිකානාද ගායනාවෙන් මුළුලොව එකතින් නාද කරවමින්. දිව්යි බ්රවහ්මනාගසුපණියක්ෂ රාක්ෂ සසිඩවිද්යාීධර න්ධරර්ව කිම්පුරුෂාදීන් විසින් කරණලද පුදපෙළහරින් මුළුලොව කමගුල්ගෙයක් සේ කරවමින්, මොහඳුරට දිවයුරු වූ කරුණාවට ප්රගවාහ වූ සසර සයුරට හෙයක් වැනි වූ සන්තොෂාමෘතයට සයුරක් වැනි වූ සිඩිමාර්ග්ගය උපදෙශක වූ ප්රයඥාචක්රනයට නැබක් වැනි වූ ලොභාර්ණැවයට වඩබානල වූ රාගපල්ලවයට දාවානල වූ, කුශලසඤ්චලයට අසහායස්ථාන වූ ඒ බුඬාංකුරයානන්වහන්සේ කමලාසනානිමිෂමානුෂකරතලාමල ගම්ජාලඅරිනවර්‍මදුකුලයෙන් වැඩ සිරිපතුල්සුං දෙක බිමට දිගු කළ කල්හි මහ පොළෝ පලා ගෙණ රන්වන් පද්මයක් පැනනැඟී සිරිපතුල්පියුම් දෙක පිළිගත.

එකල්හි බෝධිසත්ව යන්වහන්සේ එදවස් ම ජාත වූ සේක් සොළස්වස්සියක්හු මෙන් ද, වස්ත්ර රහිත වූසේක් කසීසළු ‍ගවසා හැඳ සැරසුනාක්හු මෙන් ද, ආභරණ නො පැලැන්දේ ද සර්වාසභරණයේන සැරසුනු චක්රුවර්තදතිරජක්හු මෙන් ද, භූමියෙහි ගමන් ගත ද, අහසින් යන්නක්හු මෙන් ද, සකලලොකවසීසත්වව යන්ට එකහෙලා සන්තොෂ වඩවමින් ඔවුන්ගේ මනනෙත් තමන්වහන්සේ කරා හයමින් සත්පියවරක් ගොස් දශදිශාව බලා අභීතසිංහනාද පවත්විමින් සිටි කල්හි මේ ආශ්චය්ය්දශද දුටු සකලලොකවාසීන් දොහොත් මුදුන් දිදී සාධුකාර දෙමින් මිනිස්ලොව පටන් බ්රඅහ්මලොකය දක්වා ප්රීතතිවෙගයෙන් අත්පොළසන්දීම් ඔල්වරහඩගැසීම් පිළි හිස නැටවීම් ආදි වූ මහත් කොලාහලයෙන් සැණකෙළියට පටන්ගත්කල්හි; මහත් රජපෙළහරින් උයනින් නික්ම ස්වකීය වූ කිඹුල්වත්පුරයට ගොස් රාජභවනයට වන්හ. එ කල්හි අප මහබෝසතානන් මවු කුසින් බිහි වූ උත්සව මඟුලෙහි සදිව්යඅලොකවල දිවඋයන් ආදී වූ ඒ ඒ ස්ථානයෙහි කෙළෙනා දෙවියන් අතුරෙන් තව්තිසා වැසි දෙවියන්දගේ ස්තුති ඝොෂාව හා වෙලුක්ඛෙප හත්ථෙපොඨන උදග්ගුචිත්තනන්දහනාදි අභිනව නානාද්භූතොත්පත්තිය ශක්ර භවන යෙහි නඳුන්වන මැද දිවාවිහාර කොට හුන් කාලදෙවල නම් සෘෂිහු දුටහ. ඒ බව ප්රිකාශ කොට දක්වනු ලදුයේ මැයි:-

“ආනන්දවජාතෙ තිදසගණෙ පතීතෙ සක්කච්ච ඉන්දංත සුඛවසනෙ ච දෙවෙ, දුස්සංග හෙත්වාත අතිරිව ථොමයන්තෙ අසිතො ඉසී අද්දය දිවාවිහාරෙ” යි.



134 සඬර්ම රත්නාකරය (4 පරිච්ඡෙදය.

මෙසේ තව්තිසාවැසිදෙවියන්ගේ සැණකෙළි දැක ඔවුන් අතින් විචාරණුයේ “කිමෙක් ද දෙවතාවෙනි! තොපගේ ශක්රහයෝ අනික් ශක්රරසම්පත්තියක් ලද්දාහු ද? ඉතා ම සන්තොෂයට පැමිණෙන්ට කාරණ කිම් දැ?” යි කී ය. එබසට දෙවියෝ කියන්නාහු “ඇයි, කාලදෙවල තාපසයන්වහන්ස! නුඹවහන්සේ නො දන්නාසේක් ද? අද සුඩොදනරජ්ජුරුවන්ගේ පුත්රුවනෙක් උපන. ඔහු ලොවුතුරාබුදු වන බැවින් සන්තොෂයට පැමිණි යම්හ” යි කීහ. කාලදෙවලතාපසයෝ එබස් අසා දෙව්ලොවින් අවුත් සුඩොදන රජුහුගේ ප්රාීසාදයට පැමිණ බුඩාඩ්කුරයානන් වහන්සේගේ ශ්රීසපාදයුග්මය මුදුනෙන් පිළිගෙණ අටතුරාසියක් මඟුල්ලකුණු ආදී වූ සක්ලලක්ෂේණයන් දැක ලොවුතුරාබුදු වනබව නියම කළහ. එයින් මෑත භාගයෙහි කලාවෙන් කලාවට වඩනා පූර්ණවචන්ර්ව යා සේ වප්මඟුල් ආදියෙහි නොයෙක් අද්භූතයන් පහළ කොට සොළොස්හැවිරිදි වයසට පැමිණ සකලකලාවෙහි නිපුණ ව සතළිස්දහසක් පුරඟනන් පිරිවරා අතිමනොහර වූ ශක්රලදෙවෙන්ර් සත ලීලාවෙන් චක්රොවර්තිරාජ්යඟසම්පත්තියක් හැ සදෘශ වූ රජසිරි විඳිනාහු :-

“යස්මිං විචිත්තමණිමණ්ඩිතමන්දි්රානං නානාචිතානසයනාසනමණ්ඩිතානං, නි‍ස්සෙණිසෙණි පුථුභූමකභුසිතානං තිණ්ණං උතුනමනුරූපමලඞ්කතානං” යි

යනාදීන් සෘතුක්ෂඋම වූ වර්ණතනීය රම්ය් ය, සුම්ම ය, සුභ යයි යන තුන්පායෙහි එකුන්තිස් අවුරුද්දක් රජසිරි විඳ ගිහිගෙයි වසන්නාහු දවසෙක රජපෙළහරින් මහසෙනඟ පිරිවරා උයන් කෙළියට යන්නාහු අතරමඟ දෙවියන් විසින් මවා පෑ ජිර්ණඟ, ව්යානධිත, මෘතය යි කියනලද ත්රිාවිධ රූප දුටු තුන්වාරය ම නැවැත මාලිගාවට ම අවුත් සතරවැනිවාරයෙහි උයන්කෙළියට යන්නාහු දෙවියන් මවා පෑ මහණරූපය දැක මහණ වීමෙහි ලොල් ව එදවස් සහපිරිවරින් නික්ම ගොස් මඟුලුයනට වැද එහි විසිතුරු වූ සුපුෂ්පිතවෘක්ෂිසමූහයෙන් ගැවැසීගත්තා වූ සුදු වැලිතලාවෙන් යුක්ත ලතාමණ්ඩපපඩ්ක්තීන් හා නානාවිධපදු මොත්පලකහ්ලාරාදීජලජකුසුමයෙන් ගැවැසී ගත්තා වූ සිහිල් ජලය පිරි පතැස් පෙළින් හා ඵලපල්ලවමල්හි ලොල් වූ විලිමුව සිලිමුව මලිති කොබලිති ආදීන්ගේ රැව්පිළිරැවින් කන්කලු වූ වනසිරින් සැදි නන්දොනොද්යාේනය මෙන් හොබනා වූ මඟුලුයනට බටහ. ඒ බව හඟවනු පිණිස දක්වන ලද මැයි ජිනචරිතයෙහි :-



විවරණකථා) අභිනීහාරසංග්රකහකථා. 136

“සුඵුල්ලනානාතරුසණ්ඩමණ්ඩිතං සිඛණ්ඩිණවාදි දිජූපකූජිතං, සුදස්සනීයං විය නන්දූනං වනං මනොරමූය්යංනමගා මහායසො”

යනාදීන් නන්විසිතුරු බලමින් ගොස් මහබෝසතානන් වහන්සේ මඟුල්සලවට පිට පැනනැඟී උන්කල්හි, ශක්රනදෙවෙන්ර්වකථයා ගෙන් නියොග ලත් විශ්වකර්ම දිව්යඋපුත්ර යා විසින් දහසක් දිවසළු වෙන් හිස වෙළා දහසක් වලුකොඩොක්කුවෙන් යුක්ත කොට විසිතුරු සළු වඩා සූසැට ආභරණයෙන් සරහා. ඔටුනු පළඳවා ශක්රරදෙවෙන්ර්ෙන යා මෙන් සැරහු කල්හි සපිරිවරින් මඟුල්සල වට පිට උන්හ. එකල්හි “යසොධරාදෙවි රාහුල නම් පුත්රුවන වැදූහ” යි යන හසුන් සුඩොදනරජහු විසින් කියා යැවූකල්හි සකල සමෘඩීන් මඟුලුයනින් නික්ම සියනුවරට අවුත් මාලිගාවට ම වන්හ. එදවස් නාටකසමූහයා අවුත් “මහනාතන් සතුටු කර වම්හ” යි රැස් ව නෘත්යාගීතයට පටන් ගත්හ. එසඳ අප මහ බෝසතානෝ මහණ වීමෙහි අභිප්රා යයෙන් පඤ්චකාමසම්පත්ති යෙහි නිරාලය ව එබඳු වූ නෘත්යඅගීතයෙහි සිත් නො අලවා යානෙහි මඳක් සැතපුනාහ. එකල්හි නාටකහටවෙටිකාදීහු තම තමන් ගත් තූය්ය්නො භාණ්ඩයන් තැනතැන ම තබා නෘත්යටගීතවාද්යමයන් හැර තුමුතුමු ද තැත තැන නිදි ගත්හ. එවිට අප මහබෝසතානෝ පිබිද සිරියහන් මැද හිඳ නිදන නාටකභටවෙටිකාවන් ගේ විකට දැක එතැනැ සිත් නො ඇලෙනහෙයින් නැඟී සිට දොර කඩට ගොස් එලිපන හිස තබා. වැද හොත් ඡන්න නම් අමාත්යඩයා පුබුදුවා අසු සදා ගෙණෙවයි කීකල්හි එබස් අසා ඡන්න නම් අමාත්ය්යා රජගෙන් නික්ම ගොස් කන්ථක නම් අශ්වයා සදා රජගෙයි දොරටුවෙහි ගෙණ සිටිකල්හි මහබෝසතානෝ සිතන්නාහු “පළමු රාහුලකුමාරයන් දැක පසු ව මහබිනික්මන් කෙරෙමි” යි තමන් සැතපුනු සිරියහන්ගබඩාවෙන් නික්ම ගොස් අන්තඃපුර ගබඩාවෙහි දොර හැර ඉන්ර්ු ඛීලයෙන් ඇතුළෙහි පය තබා සිට-

“පෙසලානනකරඩ්ගිපඩ්කජා හාසඓණහමුවිචිභාසුරා, නෙත්තනීලකමලා යසොධරා කොමුදීව නයනාලිපත්ථි තා”

යනාදීන් වණ්නීය වූ යසොධරාදෙවීන් හා සැතපෙන කුමාර යන් දැක “මොවුන් පුබුදුවා මපුතනුවන් වඩාගෙණ සිඹ සනහා පීම් නම්, අද රෑ මා බුදු වන්ට යන ගමනට අන්තරාය වෙති” යි



136 සඬර්මදරත්නාකරය (4. පරිච්ඡෙදය

සිතා “බුදු ව ආකල පසු ව දකිමි” යි එලිපත අතුළතින් තිබූ පය ඇදගෙණ ගොස් ඡන්නයා සදා ගෙණවුත් සිටි කන්ථක නම් අසු පිටට පැනනැඟී වශවර්තිමාරයාගේ බස් නො ගෙණ මහ වහසලින් යනු පිණිස නික්මුනාහ. එවිට ම දහසක් යොධයන් ඇරලන පියාලන තරම් බර ඇති මහවාසල්දොර දෙවියන් විසින් හළකල්හි ඡන්නයා වාලධිය ගන්නා කන්ථක නම් අශ්වරාජයා පිටින් අපමණ වූ පූජෝත්සවයෙන් යුක්ත ව දෙවියන් දුන් අතුල්තල මුදුනෙන් අසු පන්වා මහබිනික්මන් කොට තිස් යොදනක් මඟ ගෙවා ගොස් දෙපස සුපිෂ්පිත වනපෙතින් හා සුදු වැලිතලාවෙන් සැදි ඉන්ර්පස නීලමාණික්ය්ස්කන්ධඩයක් සේ සිසිරනීය පූරිත වැ සිත්හි ගිම් දුරු කරන්නා වූ ගංගාතීරයට පැමිණ -

“පත්වාී ‘නොමානදීතීරං පිටඨිතො තුරඟස්ස සො, ඔතරිත්වාව විමලෙ සීතලෙ සිකතාතලෙ”

යනාදීන් අනොමා නම් ගඟ එතෙර ව සඳරැස්කලඹක් බඳු වූ සුදු වැලිතලාවට අසුපිටින් බැස විදුලියකලඹක් බඳු වූ මඟුල් කඩුව හයා අතට ගෙණ සුවඳින් ආර්ද්රි වූ සිනිඳු මෘදු සුනිල් කෙස්වැටිය සිඳ අහසට දැමු ක්ෂ්ණයෙහි රන්සුමුගින් පිළිගෙණ සක්දෙවිරජහු සිළුමිණි සෑයක් කරවා වැඳ පුදනු පිණිස ශක්රක භවනයට ගෙණගියකල්හි මහබඹහු දුන් අටපිරිකර පිළිගෙණ මහණ ව එතැනින් නික්ම :-

“නාමෙනා ‘නුපියං නාම ගන්ත්වාළ අම්බවනං තහිං, සත්තාහං වීතිනාමෙත්වාා පබ්බජ්ජාසුඛතො තතො”

යනාදීන් අනුපිය නම් අඹවනයට ගොස් පැවිදි වූ සැපයෙන් සත්දවසක් එතැන්හි වැසහිඳ අටවන දවස් තිස් යොදනක් මග ගෙවා රජගහනුවරට ගොස් ගෙපිළිවෙළින් පිඩු සිඟා විථියෙහි වඩනාකල්හි මොවුන්වහන්සේගේ රූපශොභාසම්පත් තිය දුටු දුටු එනුවරවාසීන් විසින් ආශ්චය්ය්ේ යට පැමිණ “ශක්රන බ්රශහ්මවිෂ්ණුමහෙශ්වරනාගමදනචන්ර්විසසූය්යාෙ දීන් අතුරෙන් කවර නම් දිව්යභරාජයෙක් දෝ හෝ” යි සැක ඇති ව ඔවුනොවුන් විචාරමින් මහතානන්වහන්සේගේ රූපශ්රී් බලබලා දෙහොත් මුදුන් දිදී සාධුකාර දෙමින් පිරිවරාගත්කල්හි ‍ශාන්තදාන්ත වූ අනුපමෙය වූ ලීලාවෙන් ගෙපිළිවෙළින් සිගාවඩනා මහොත්තමයානන්වහන්සේ බව දැනගත් නුවණැති ජනයන් විසින් -




සම්බොධිකථා) අභිනිෂ්ක්රසමණසංග්ර හකථා 137

“කාමං පාරමිතාපුණ්නපසත්ථ පුරිසො අයං, නිච්චං චන්ද්ථ පූජෙථ ථොමෙථෙතං මහාංතිං.

එවං වදන්තා සබ්බෙතෙ නාගරා පුරිසුත්තමං, ගන්ධවපුප්ඓහි පූජෙන්තා නමස්සන්තා තමත්වරගුං”

යනාදීන් ස්තුති කෙරෙමින් “මේ පුරුෂොත්තමතෙම එකාන්තයෙන් සමතිස්පෙරුම් පුරා මස්තකප්රා ප්ත කළා වූ ලොවට කරුනාපිඩක් වැනි වූ සියල්ලවුන්ට ප්රකතිෂ්ඨාධාර වූ මහොත්තමයෙකැ” යි කියමින් “එම්බා සබඳිනි! ශාන්ත වූ විලාසයට ම හොබනා ගමනක් බලව. සුපිළිසන් ව වැළඳ ගත් සුරක්ත සිවුරට ම හොබනා මෙතෙක් ජනසමූහයා රැස් වු නුවර මඬැයසුපයෙහි කිසිකෙනෙකුන් හා නො බැණ අප හැම දසාව නුවනගිනුන් නො බලා අභීත ගර්වකයෙන් තමන් යන ගමන් ම ගොස් ගෙපිළිවෙළින් සිඟතුන් මෙවැනි ව්යවක්තමහතත්ව යක් බලව. මේ කවර ආශ්චය්ය්න යෙක් ද? කෙබඳු විස්මයෙක් ද? කෙසේ වූ ලොකොත්සවයෙක් ද? කවුරුන් දුටු විරූ දෙයෙක් ද? කවරදා ලබන නෙත්සානසුමෙක් ද? කවරකලෙක දැකපිය හැකි කෙනෙක් ද? එබැවින් වඳුව, පුදව, සත්කාර කරව” යි නුවර වාසීන් සුවඳමල්අතුල් ආදියෙන් ඔවුනොවුන් පරයා පූජා කෙරෙමින් දොහොත් මුදුන් දිදී සාධුකාර දෙමින් අපමණ සන්තොෂයෙන් විඳ විඳ බලබලා සිටිකල්හි; මහතානන්වහන්සේ ගෙපිළිවෙළින් සිඟා යැපෙන මාත්රකයක් අහරලදින් නුවරින් බැහැර නික්ම පාණ්ඩවපර්වනතච්ඡායාවෙහි සගළ සිවුර සතරපටින් පණවා පළක් බැඳ වැඩහිඳ පාත්රවයෙහි පෙර නුදුටු ප්ර‍තිකූලමිශ්රිකභොජනය ප්රඩත්ය්චෙක්ෂාව කොට අමාතයක් මෙන් වළදා පාත්රහය පිළිබැඳි වත් සපයා මඳක් වැඩහිඳ එතැන්හි පැමිණ බිම්සරරජහට බුදු ව එමි යි ප්රිතිඥ දීලා උරුවෙල්දනව්වට ගොස් සාවුරුද්දක් දුෂ්කරක්රි යා කොට එයින් මෑත භාගයෙහි මඬ්යරමප්ර්තිපත්තියෙහි යෙදී දැහැමෙන් රූපකායානුග්රකහ කොට ප්රයසන්න ඉන්රිඳ යයෙන් යුක්ත ව වෙසඟමැදිපොහෝදවස් බුදු වනු පිණිස බෝමඩට වඩනා අප මහබෝසතානන්වහන්ස් :-

“ මූලෙජපාලනිග්රොවධපාදපස්ස මහාමුනි, නිසිදි නිජසොභාහි ඔහාසෙන්තො දිසොදිසං”

යනාදීන් අජපාල නම් නිග්රො ධමූලයෙහි ස්වකීය වූ ශොභා වෙන් දිලිහි දිලිහී වැඩ උන්කල්හි එදවස් සෙනානී නම් නියං ගම වසන්නා වූ මස්තකප්රා ප්ත වු ප්රාඋර්ත්ථසනාචිත්තසංකල්පනා ඇති



138 සඬර්‍මරත්නාකරය. (4. පරිච්ඡෙදය

සුජාතා නම් සිටුදුව විසින් මොනවට පිළියෙල කොට ඝනරන් තලියෙන් ගෙණා මියුරුකිරිපිඩු පහන්සිතින් වාක්ෂ යෙහි වසන දිව්යනරාජයානන්වහන්සේ ය යි සිතා පිළිගැන්වූ කල්හි කිරිපිඬු පිරූ රන්තලිය ස්වහස්තයෙන් ගෙණ නෙරංජරා නම් ගඞ්ගා තීරයට ගොස් මුතු රුසක් සෝ අතිධවල වූ වැලිතල‍ායෙහි සහළ සිවුර සතරපටින් පණවා වැඩහිද ප්රුත්ය වෙක්ෂාත කොට රන්තලි යෙන් ම එකුන්පණස් පිඩක් ‍කොට මිහිරි කිරිපිඩු වළදා තලිය උඩුගං බලා හැර දැවටු කෘත්යපය සිඩ කොට රජතගිරිගුහායෙන් නික්මුනු එකවාරිසිංහරාජයකු මෙන් එතැනින් වැඩ ජනමනො නින්දිතතුරුපෙළින් හොබනාවු -

“ජන්තාලිපාළිමනතෛත්ත - විලුම්පමානං සම්ඵුල්ලසාලවනරාජිවිරාජමාන, දෙවින්දලනන්දජනවතං ‘වභිනන්දානීයං උය්යා්නමුත්තමතරංපවරොපගන්ත්වා ”

යනාදීන් සුපුෂ්පිත වූ ලතාලිංගිතතරුනිකරයෙන් ශොභාමාන විසල්සල්වනයට ගොස් දහවල් සිහිල්බොල්පවන් විඳ තුරුසෙවනෙක්හි අභිප්රාලය ලෙස දිවාවිහාරය කොට වැඩ හිඳ සවස්වේලෙහි එතැන්හි දෙවියන් විසින් සරහනලද දිව්යි පථයෙන් නික්ම අතරමඟ දී දුටු ප්රවශස්ත ස්වස්තික නම් බ්රාාහ්මණයකු දුන් කුසතණ අටමිටක් පිළිගෙණ බෝමඬට වඩනාසේක්, එකල්හි දෙවියන් විසින් කුමුදු කොකන්ද කුවලය පියුම් පළොල් කොබලීල ඇසළ මුහුළ සපු නා දොඹ යෝඹු ඉද්ද වෑකොඳ සවුගෙන්ද සමන් සේපාලිකාදී වූ නො යෙක් සුවඳමල්වැසි වස්වමින්. රිදීකළයෙන් කිරිදහර ඉස්නා සේ කෙළගණන් රිදීමිටිබැඳ චාමර විහිදුවමින්, රන්ගිරිහිසින් විසිරෙණ සරාවලාකඩවල් සේ අපමණ දිවසළු හිස නටවමින්, ඣණඣණරවණිතකඩ්කණාහරණවිභුෂිත රතතුල් නඟා ලෙලවා බුදුගුණ කියා ස්තුති කෙරෙමින් නානාවිධ තූය්ය්ත භාණ්ඩයන් ගෙන කුල්මතින් මුළුලොව එකකොලාහල කොට ඝොෂා පවත්වමින් දිව්යවමය වූ දීපධූපාදීන් මුළුලොව එකසුවඳපිඩක් සේ කෙරෙමින් මෙසේ අහස්කුස් අවසර නො හැර බුදු මඟුලට පටන් ගෙණ දිව්යරබ්ර හ්මනාගසුපණීසිඩවිද්යාලධරාදීන් එක පැහැර පූජාභාණ්ඩ ගෙණ සාධුකාර දෙමින් බුදුගුණ කිය කියා සන්තොෂයෙන් මුළුලොව තම තම ම ගෙණ බුඩපූජොත්සව මඟුලට පටන්ගත්කල්හි; තවද අපමණ වූ ගුණ ඇති බෝසතානන්ට සතුටින් ස්තුති කරන්නාහු -




සම්බොධිකථා) අභිනිෂ්ක්රුමණසංග්ර‍හකථා 139

“මනොරමා කින්නරකින්තරඞ්ගනා මනොරම්ඞ්ගා උරගොරගඞ්ගනා, මනොරමා තම්භි ව නච්චගීතියො මනොරමෙ නෙකවිධා පවත්තයුං”

යනු හෙයින් දිව්යධබ්රොහ්මාදීන් විසින් කරණලද්දාවූ අපමණ පූජා විඳ දිව්යථමය වූ රන්රිදී මිණිතොරණින් හා නානාරාගවිචීත්රී ධ්වජමාලාවෙන් සැදුම් ලත් දෙවනිර්මිත විසිතුරු මහවතින් ගොස් එලපල්ලවාංකුරවිද්යූුල්ලතාකදම්බචුම්බිතමෙවකමෙඝකූටය කින් වට කළ මුදුන්කුළු ඇතී රිදීපර්වතතයක් හා සදෘශ වූ ප්රටශස්ත වූ අශ්වත්ථෙබොධිමූලයට වැඩියාහ. එසේහෙයින් දක්වන ලදුයේ මැයි ජිනචරිතයෙහි : -

“තදා මහොඝෙව මහාමහෙ ජිනො පවත්නමානෙ ඉති සො මහායසො, තිණෙ ගහෙත්වාි තිභචෙකනායකො උපාගතො බොධිදුමන්දමසන්තිකං” යි.

මෙසේ මහොත්තමයානන්වහන්සේ කුසතණ අටමිටක් ගෙණ ශ්රී මහාබොධීන්වහන්සේ වට ප්රේදක්ෂිටණා ‍කොට පූර්වශදිශා භාගයෙහි බෝමුල කුසතණ සලා වගුරුවා එතැනින් මහ පොළොව පලාගෙණ පැනනැගි සම්වන් වු තුදුස්රියන් වජ්රා්සන මස්තකයෙහි චතුරඞ්ගවීය්යාම්වනධිෂ්ඨානයෙන් යුක්ත ව බොධින් වහන්සේට පිට දී පලක් බැඳ වැඩ උන්කල්හි වශවර්තිමාර තෙම තමාගේ කලක් පුරුදු කොට ගෙණ ආවා වූ ඒ ක්රොලධ චෙතනාව භවනය කොට ගත නො හී තමාගේ අවිද්යාගස්වභාවය පෙරදැරි‍ කොට ‘අද සිඩාත්වෙකුමාරයන් බුදු විය නො දෙමි’ යි පිරිවර සහිත ව මහත් වෙගයෙන් යුක්ත ව එනුයේ :-

“මපෛත්වො හිංසනතරොරුසහස්සබාහු, සංගය්හ තාභි ජලිතා විවිධායුධානි, ආරුය්හ වාරුදිරදං ගිරිමෙඛලාඛ්යංස චණ්ඩං දියඩ්ඪසතයොජනමායතං තං

නානානනාය ‘නලවණ්නසිරොරුහාය ර‍ත්තොරුවට්ටබහිනිග්ගතලොචනාය, දැඪොඪහිංසනමුඛායුරගබ්භුජාය සෙනාය සො පරිවුතො විවිධායුධාය.



140 සඬර්මරත්නාකරය (4. පරිච්ඡෙදය.

“ත‍ෙත්ථා පගම්ම අතීභීමරවං රව‍න්තො සිඬත්ථාමෙථ ඉති ගණ්හථ බන්ධවථෙමං ආණාපයුං සුරගණං සහ දස්ස‍තෙන චණ්ඩානිලුග්ගතපිචුං ව පලාපයිත්ථණ.”

යනාදීන් “බුදු විය‍ නො දෙමි” යි එන වශවර්තිමාරතෙම අති ඝනාකාලමෙඝකූටයක් වැනි යෙළසියයක් යොදුන් උස ගිරි මෙඛලා නම් ගජරජු පිටට පැනනැඟී තමා මවාගත් දහසක් අතින් අල්වනලද ගිනි ගෙණ දිලියෙන තියුණුමුවහත් ලු අනෙකප්රහකාර ආයුධසමුහයන් අමෝරා විදුලිය කැල මෙන්දසදිග මූණ ලලා භ්රලමණය කෙරෙමින් ගිනියවට මෙන් වට වූ රතැස් කරකවකවා ඉදිරිපසු බලමින් දසබිම්බරක් මාරසෙනාව යුහුයුහු ව මෙහෙයා පැළදිගින් සක්වළගලමුවවිට පැනනැඟී වහා නික්ම එන්නේ ය. එසඳ ඔහු පිරිවරා අති රෞද්රම භයංකර සිංහ සුකර අස් තරස් දිව්වලස් වග ගවරගව මහිස නාග ගරුඬ බලු බළල් බකමුහුණු අජ ගජන් වැනි මහමුහුණු මවා ගෙණ නා පොළොන් කරවැලුන් කර ලලා ගිරිපතර මහරුක් මුලින් ඇද උදුරුමන් සිරස වට කරකවා සිංහ ගජනයින් ගෙණ පොළෝතල අපුළමින් බඩ මැදෙහි මවාගත් මහකටින් දිවු හෙළා මුවකොණින් වැහෙන්නා වු කුණුකෙළධාරා දමදමා පෙරපසු ව ඔවුනොවුන් අඹඅඹා දිවමින්, එකකු ගත් වෙසක් එකකු නො ගෙණ වෙනවෙනම තදකුරිරු ගුණ ඇති විරූප රූපයෙන් දුටු දුටුවන් දිරි දැදුරු කරවමින් කොළ වගළ මළ පඹලගැප් ලෙස ගහන ව තද වූ දැළිරවුළුපිටින්. ඉඳුල් වැටි පිට තට ඇඹරී තිබෙන්නා වූ රළු විසුළු මැලිහුන් දත්මුල් වැසූ රක්නා ධර සරහා සන්යාටළ වලාපටලයෙන් කොන් වැසුනු අඩසඳයුවලක් මෙන් දෙකොළින් නික්මුනු කුටිලකඨිනදළයුවලකෙළවරින් ඩැහැගත් මහත් වට වූ බොල් කොපොල්රැළි උපුල්වා දැල්වූ කටින් ගිනිකඳු ඉසිමින්, මැදින් බුන් අක් පෙතෙලි තුන්පුටැති නාසාශ්රවයෙන් දමන තද සුසුම් හා සමඟ ගිනිපුපුරු ඉසිමින් කප් කෙළ දලන ගිනිදැල් මෙන් සප්සුඹුළු ‍වෙළූ හිසින් හිස තඹ සෙස්ලෙලවමින් රත්වූ යවට මෙන් වට ව ඇසිපිය නො වැසි උස් ව පිටතට තෙරුණු රතැස් බමවබමවා පිටකර පිටට බිඳ උඩුකුරු කළ මුහුණින් බැම නගනගා තඹරවුළු කෙළවමින් ලුහුඬු පටු කැකුළු අතුල් ඇගිලි දිගු නිය ඇති රත් අතින් තද ව ගත්තා වූ කඩු කොන්ත තෝමර පාරාවලලු වළතඩි යගදා මුගුරු කැති කෙටේරි ආදි වූ නානායුධයෙන් උනුන් ඇඟ පැහැර රුධිරධාර ඉසිමින් සියදහස්ගණන් සෙනහඬ සේ දසදික් බිහිරි





සම්බොධිකථා.) අභිනිෂ්ක්රසමණසංග්ර්හකථා. 141

කොට හඩගසගසා වණ්ඩපරුෂබස් කටකට ම දොඩදොඩා “කොළ සිඬාර්ත්ථසකුමාරයන් යා නො දෙව. වට ලව. බුදු වන්ට උන් රිසි පලවා නො හැර අල්වව” යි කිය කයා ගිරිමෙවුලා නැඟී වශවර්තිමාරයා හා සමග මරකිකරු සෙනග වටින් ම ලඟ වෙමින්; ඉබිපිටු මෙන් උස් වූ පිටිපතුල් ඇති රසුපට දැවටූ කකුල් දැවඩව ලින් අඩි ඔබා දිවෙමින් වැඩඋන් බෝමැඩ වට ලා ගත්හ.

එකල නොයෙක් සක්වළින් බෝමඩට රැස් වැ බුදුමඟුල් කෙරෙමින් පිරිවරා සිටියා වූ අපමණ දිව්යසබ්රුහ්මාදිමහාසෙනාව වසවතු සහිත වූ මරසෙනඟ දැක නල පත පුලුන් මෙන් පලා ගියහ. එකල මහතානන් වහන්සේ මදකුත් චකිත නො ව නාග සෙනාවක් මැදට පැමිණ ගුරුළුරාජයක්හු සේ ද දුර්වනලමෘග සෙනාවක් පිරිවැරූ අභීතකෙශර සිංහරාජයකු සේ ද භයවකිත රහිත ව ඒ සා මහත් මරසෙනඟ මධ්ය යෙහි විදුරසුන් මැද බෝකඳට පිට ලා වැඩඋන්සේක.

එකල්හි වශවර්තිමාරතෙම ‘තමාගේ ආනුභාවයෙන් බුදු විය නො දී පරසක්වළට සුළඟින් දමම්’ සිතා කප්කෙළ පවනක් මෙන් මහපවනක් මවා මහතානන්ගේ සිවුරුරළකුත් සොල්වා ගත නොහී; ‘වතුරෙන් උපුල්වා මහමුහුදට දමමි’ සිතා මහා මෙඝයක් මවා සිවුරුකොණකුත් තෙමා ගත නො හී; “ගලින් තළමි” ගල්වැස්සක් වස්වා එයිදු මල්වට සේ පාපිට හුනුබව දැක; ‘සියලඟ මස් ලියා හෙලමි ආයුධවර්ෂා වක් වස්වා හෙද මුණ තමා දසාවට පෙරළි හුනුබව දැක; ‘සහලගුරෙන් දවමි’ අගුරුවැස්සක් වස්වමින් හෙ ද මනාසපුමල්වැස්සක් සේ බෝමඩ සිහිල් වූ බව දැක; ‘හුණු අලුයෙන් වසමි’ අලුවැස්සක් වස්වා යිදු ‘සඳුන්සුණු මෙන් බෝමඩ වගළ බව දැක; ‘වැල්ලෙන් පුරා ඔබමි’ යි වැලිවැස් සක් වස්වා එයිදු මලුවෙහි ලු සුදුවැලි මෙන් වතළ කල්හි; ‘කල ලෙහි නිමග්න කෙරෙමි’ මඩ මෙගයක් වර්ෂා කරවා හෙ ද පිරිබඩ සුවඳකලලක්වු කල්හි; ‘අඳුරෙන් ත්රයස්ත කෙරෙමි’ යි මහඅඳුරක් මවා ඒ අඳුරෙහි ලහිරුවඩලක් මෙන් බබලන මුඛමණ්ඩලය දැක නොසතුටු වෙමින්; මෙසේ නවවිධවර්ෂාබවක් වස්වමින් බුදුබවට කිසිවකුත් කොට ගත නො හී; තෙමේ ම වෙහෙස විඳ; තවද සටන් නො වරදවා ම ජය ගෙණ දෙන චක්රා යුධය ගසා ඉනුත් පැරද නො වන විදුරස්නය යුක්ති බැණ බොරුදෙස් කියවමින් ‍ඒ තමහට ම බොරුබව දැනී ලජ්ජාවෙන් තෙමේ ම අස් ව ගියේ. එකල්හි සාරාසංඛෙය්ය කප්ලක්ෂවයක් මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් බලයෙන් අද ම බුදුබව සිඩ කෙරෙමියි සිතා දසබිම්බරක්



142 සඬර්මෙරත්නාකරය (4. පරිච්ඡෙදය


මාරසෙනාව පිරිවරා ආවාවු වශවර්තිමාරයාගේ දසා ව මෛත්රිු යෙන් බැලුසේක. එකල්හි ඒ බැලු බැල්මෙන් ම ගිරිමෙවුලා වෙවුලවෙවුලා දන ඇන තමාගේ ඉස පන්නා වස්වතු සලා හෙලමින් වැඳ වැතිර ගියේ ය. ඒ දුටු කුරිරුමරසෙනඟ අතින් අත තුබූ ආයුධ දමා හන්පළන් වස්ත්රාරභරණ වගුරුවා ගෙණ යන අත් නො දැන හිස් ලූ ලූ අත දිවමින් උනුන් පරයා ගොස් මරු හා සමග සක්වළ මෝවිටින් පිටතට වැගිරගියහ. දක්වනලදමැයි :-

“පහායායුධවත්ථා්නි ලඞ්කාරානි අනෙකඩා වක්කවාළාවලා යාච සසෙනාය පලායි සො”

එකල්හි මාරකුඤ්ජරකෙශරින්ර්ය ප වූ අප මහතානන්වහන්සේ හිරු අස්තයට යන්නාට පළමු ව මාරපරාජය කොට ජය ගෙණ වැඩ උන් කල්හි, දසදහසක්සක්වළ දිව්යරබ්රයහ්මනාගසුපණියක්ෂි රාක්ෂහස සිඬවිද්යාරධරාදීන් එසඳ මරු පැරදිබවට සතුටු ව “අප බුදුහු දිනූහ’ යි අප බුදුහු දිනූහ” යි කටින් කට මහත්හඩ පවත්වා කුල්මතින් කෙළගණන් පිළි හිස නටවමින් උනුන් වෙත අතුල් පෑ අතින් අත් පහරමින් පයින් පය තබ තබා හිස වටා අත් නඟා අසුරුසන් දෙමින් වමත ගෙණ හකුළුවා දකුණතින් අත් පොළසන් දෙමින් දණ්ඩිතන්ත්රිි ආලවන්නි රුද්රවවීණා එකතින් ගෙණ උඩනඟා තතින් තන් සන් දිදී මදින් මද රග දිදී උරෙන් උර පහරමින්, බෙරදවුල් ‍මෝරසු ඈ පසඟතුරු බඩුත් ගෙණ වයමිනිදු සුවඳමල් සුවඳතෙල් කපුරු අගරු කලුවැල් ගුගුල් දුම් ලමින් රන්මාලා අතින් ගෙණ පුන්කලස පිල්කලඹ ධ්වජවිසිරි තල්වැට ආදී වූ පූජාභාණ්ඩයෙන් අතින් අත සරහමින් උනුන් සෙද පරදවා දිව අවුත් බෝමැඬට රැස් ව:-

“සම්මොදමානා අභිපූජයන්තා ධීරං සුගන්ධඅප්පභූතිහි තස්මිං, පුනාගතානෙකථුතීහි සම්මා අගෙඝාසමාන ඡණවෙසධාරි’

යනාදීන් බුදුමඟලට පටන් ගෙණ දිව්යිමය වූ මල්දම් මල් කලප් මල්වට මල්මාලා මල්කලස් මල්රුක් ආදියෙන් ද, සුවධ තෙල් වතළ රන්වැට රීදීවැට මිනිවැට ලොහොවැට දඬුවැට ලියවැට, ආදීවු දීපධූපපුෂ්පාදීන් ගෙණ බෝමඩ පුරා, ඉතිර දඹදිව සක්වළ මුවවිට උ‍ෙරන් උර ගසා ගැහැටි ගැහැටි අපමණ වූ පූජා කෙරෙමින්, මුතු මැණික් රන් රිදී මල් දිව්යා භරණ වර්ෂා කෙරෙ‍මින් මල්සහිත නාලිය හෝපලු සපු දොඹ කීන


සම්බොධිකථා.) අභිනිෂ්ක්රිමණසංග්රටහකථා 143

කැන් අහස්කුස කඩා ඉසිමින්, විලඳ සුන්සාල් අබ සමන් කැකුළු හීතණයයි යන පස්මල් අතුරු නො හැර ඉසිමින්, පෘථිවි යෙහි පටන් බ්රීහ්මාණ්ඩයා දක්වා අප්රලමාණ වූ උත්සවයෙන් එක මඟුල්ගෙයක් සේ මුළුලොව බුඬපූජාවෙන් පුරාලූකල්හි :-

“සම්පත්තාථ නිසාකන්තා පූජෙතුංව මුනිස්සරං, පුබු්බාපරම්බරෙ ලග්ගරවින්දුංකණ්ණභූසණා.”

යනුහෙයින් මුළුලොව එකාලොක වූ සඳරැස් නැමැති සිනිඳු දිගපුළුල් සිහිල් සළුවක් විදා හැඳ සන්යාූ වලා නැමැති උතුරුසළු වක් පයොධර වසා පෙරව චන්දෙසූය්ය්ඳ දෙදෙනා නැමැති කර්ණිණාභරණ දෙකක් පැලඳ අහස්කුස නැමැති සුනිල්මුහුලස පුර, තාරකා නැමැති ඉද්දමල් ගවසැ බැඳ ගෙණ බිඟුරැව් නැමැති කත්කළු වූ ගායනා කෙරෙමින් විභගස්වර නැමැති මධුර ගීති කාවෙන් ස්තුති කෙරෙමින් නිසා නැමැති වනිතාව බුඬපූජා කරණු පිණිස මෙන් රාත්රිස සම්ප්රාෙප්ත වි ය.

එකල්හි ප්රිථමයාමයෙහි පූර්වෙජනිවාසානුස්මාතිඥනය ද මධ්ය ම යාමයෙහි දිව්යිචක්ෂුමරභිඥානය ද පශ්චිමයාමයෙහි ආශ්රතවක්ෂයය කරඥානය දැ යි මෙසේ තුනයමෙහි ත්රිචවිධඥානසමධිගමය කොට; කෙළලක්ෂ යක් සක්වළ ඝනකඩ බොල්මහපොළොව ශතසහස්රය රාවයෙන් ගර්ජනා කරවමින් මහාමෙරු යුගන්ධපර සක්වළගල් හිමව්කුළු එකහෙලා නටවමින්: මහසයුර පෙරළාදමන රළපතර සංහිඳුවා නිශ්චය කරවමින් යටිගං බලා නික්මුනු හැම ගංහෝවල ජලප්ර වාහය උඩුගං බලා නික්මවමින් ; හැම ප්රෙජතයන්ගේ ක්ෂුකත් පිපාසා සංහිඳුවමින් ; හැමතරකවල ගිනි නිවමින් ; හැම තිරිසනුන්ගේ භය චකිතතා සංහිඳුවමින් ; සකල ප්රාහණින්ගේ උදග්රමමත්ත රාවයෙන් ජගත්ත්රගය එකකොලාහල කරවමින්; මුළුලොව එක හෙලා චිත්නන්ද්නයෙන් සාධුකාර දෙවමින් අලුයම්වෙලෙහි ‍ෙලාවුතුරාබුදුව විදුරසුන්මැදෙහි වැඩහිඳ කෙළගණන් සමාපත්තියට සමවන්සේක.

ප්රගථමයෙන් නීලකසිණසමාපත්තියට සමවැද නිලුපුල්කසා මල් ගිරිනිල්මල් අතුල් ගෙණ කෙළගණන් මුළුලොවට ඉස්නාක් මෙන් කෙශරොමනෙත්ර කෘෂ්ණමණ්ඩලාදී ස්ථානවලින් නීලබුඩ රශ්මිමාලාවන් විහිදුවමින් මේ මඟුල්සක්වළ පුරා උතුරුවා දස දහසක්සක්වළ පතුරුවා කෙළලක්ෂමයක් සක්වළ එකාලොක කෙරෙමින් අනන්තාපරියන්ත සක්වළ ව්යාකප්ත කරවිමින් ; පිත කසිණ සමාපත්තියට සමවැද, සපුමල් කිණිහිරි බැලිලමල් අ‍නොජා තුවර රණවරාමල් ඇඳිලි කෙළගණන් දසදිසාවෙහි


144 සඬර්මසරත්නාකරය. (4. පරිච්ඡෙදය

ඉස්නාක් මෙන් රන්කඳක් වැනි ශ්රී ශරීරයෙන් පීතබුඬරශ්මිමාලාවන් විහිදුවා ත්රිාවිධබුඬ‍ෙක්ෂ ත්රරය ප්රුභාවත් කෙරෙමින්; ලොහිතකසිණසමාපත්තියට සමවැද කොකනද වද බඳුවදමල් කැල පාලිභද්ද මල් ආදී වූ පුෂ්පාඤ්ජලීන් ගෙණ ඇර අහස විසුරුවන්නාක් මෙන් හස්තපාද තලඅධරනඛවිවරාදී වූ අරුණ වණර්ණිස්ථානවලින් ලොහිත බුඬිරශ්මි පතුරුවා ත්රිරවිධ බූඬමණ් ඩලය ජොතිමත් කරවමින්. අවදාන කසිණ සමාපත්තියට සම වැද පියුම් ලේමැලි දොඹ නා කොබලීල ඉද්ද ‍කොඳ වැකොඳ මල් අතුල් ගෙණ හැර දසදහසක් සක්වළට ඉස උතුරුවන්නාක් මෙන් දන්තධාතුනඛධාතු අක්ෂි්ශේචතමණ්ඩලාදි වූ නානා ස්ථාන වලින් විහිදුවන අවදාතබුඬරශ්මීන් චක්රෂවාළාන්තරවල ද එකා ලොක කෙරෙමින් ලොහිතාවදාතසමාපත්තියට සමවැද පළොල් කොකනද රතුපුල්මල් කලප් ගෙණ හැර අහස වසන්නාක් මෙන් කරභකරවිරාන්තජිව්හාධාත්වාඅදීන් විහිදුවනලද මාඤ්ජිෂ්ඨ බුඬරශ්මීන් මුළුලොව එකහෙලි කරමින්, කෙළ ලක්ෂියක් සමාපත්තියට එකවිට ම ක්ෂුණයෙක සමවැද සිහින් ගෙදි සවුගෙදී සුමනමල් සෙඵාලිකාමලින් යුක්ත අනෙක ප්ර‍කාර වර්ණ ණපුෂ්පාඤ්ජලින් ගෙණ ඇර කෙළලක්ෂකයක් සක්වළට අතුරු නො හැර ඉස්නා සේ සකලශරීරයෙන් එකවිට ම අනෙක වර්ණ මිශ්ර ප්රනබාස්වරබුඩරශ්මීන් විහිදුවා මුළුලොව බබලුවමින්; මෙසේ මඟුල්සක්වළ පිරිවරා සිටි දසදහසක් සක්වළ කෙළවර කෙළලක්ෂියක් සක්වළ එකහෙලා නානාවර්ණසයෙන් විසිතුරු සිතියමක් කරන්නා සේ සවණක්ඝන බුදුරැස් විහිදුවා සන්යාර්ණ ඉන්ර්ිතිචාප විද්යුැල්ලනාවෙන් වැළඳී රන්මෙරක් සේ දිලිහි දිලිහී වැඩහිඳ උදන් අනා වදාළසේක : -

“අනෙකජාතිසංසාරං සන්ධායවිස්සං අනිබ්බීසං, ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං,

ගහකාරක දිඪොසි පුන ගෙහං න කාහසි, සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිත විසංඛාරගතං චිත්තං තණහානංඛසමජ්ඣගා” යි.

මෙතෙකින් මේ සඬර්මතරත්නාකරයෙහි අප බුදුන්ගේ අභිනිෂ්ක්රේමණසංග්රමහකථා නම් වූ සතරවන පරිච්ඡෙදය කියා නිමවනලදි. _____