සද්ධර්මාලඞකාරය - ii

Wikibooks වෙතින්

3. පරිච්ඡේදය.

3. අභිනීභාරවර්ග.ය

පළමු වන විවරණය

තවද මේ සද්ධර්මානලඞ්කාරයෙහි තෙවන අභිනීභාරවර්ග ය නම් කවරැ යත්?

මෙසේ අප මහබෝසතාණෝ මනොප්රහණීධානය පිරිමෙන් සත් අසඞ්ඛ්යසයක්2 හා වාක්ප්රයණිධානය පිරිමෙන් නවාසංඛ්යසයක්2 හා ඇතුළු ව සොළසාසංඛ්යධයක්2 ඇතුළතැ ලොවැ පහළ වූ පස්ලක්ෂව3 දොළොස්දහසක් සර්වාඥවරයන් දැක බොහෝ පින් රැස් කෙරෙමින් මස්තකප්රාූප්ත කළා වු මනොවාක්ප්රධණිධාන ඇතිව බුද්ධාකාරකධර්ම යන් සොයා සසරැ ඇවිදිනාහු මෑත භාගයෙහි සාරාසඞ්ඛ්ය 4 කප්5 ලක්ෂ යක් ඇතුළතැ ලොවැ පහළ වූ සූවිසි බුදුකෙනකුන් දැක සූවිසි ප්රාකර්ත්ථ නාවක් කොට සූවිසිවිවරණයක් ලදහ. ඒ හැම මේ තැන්හි විස්තරවශයෙන් දක්වත් ඉතා බෙහෙව එබැවින් විස්තර වර්ණකනාව හැර විවරණ කථාමාත්ර්යක් ගෙනහැර දක්වමි. සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු.

හේ කෙසේ ද යත්? මේ මහාභද්රුකල්පයට සාරසඞ්ඛ්යග කප්ලක්ෂ යෙකින් යටැ සර්ව්ඥවරයන් සතර දෙ‍නකුන් වහන්සේගෙන් ප්රලතිමණ්ඩිත වූ යාරමණ්ඩ නම් කල්පයෙක් විය. ඒ කපැ තණ්හඞ්කරය, මෙධඞ්කර ය, සරණඞ්කර ය, දීපඞ්කර ය, යයි සර්ව්ඥවරයෝ සතර දෙනෙක් ලොවැ පහළ වූහ. එයින් සොළොසඞ්ඛ්යය කප්ලක්ෂරයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර

      1.  දෙවන.     2.  -සංඛ්ය  කල්පලක්ෂියක්.      3. සලක්ෂ .      4.  සාරාසඞ්ඛෙය්ය1.

5. කල්ප-


66 සද්ධර්ම ලඞ්කාරය

පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් දඹදිවැ පුෂ්පවතී නම් නුවරැ නොමඳ වූ යසඉසුරු ඇති සුනන්දඅ නම් රජහු නිසා සුනන්දාු නම් බිසව කුසැ පිළිසිඳ දසමස්ඇවෑමෙන් මව්කුසින් බිහි ව ක්රුමයෙන් වැඩී දසදහසක් අවුරුදු ගිහිසැපත් වළදා සතර පූර්විනිමිත්ත දැක මහබිනික්මන් නික්ම මහණ ව සත්දවසක් මහාවීය්ය් ප කොට රුක්අත්තනබෝමුල්හි වැඩහිඳ මරසෙනඟ බිඳ බුදුව සත්ත්වාරනුග්ර්හ කොට අවුරුදු ලක්ෂ යක් ආසිරි වළදා වැඩසිටි1 තණ්ගඞ්කර බුදුරජාණන්වහන්සේ ය,

තවද ඔබට ඉක්බිති එ ම කපැ දෙවන අන්තඃකල්පයෙහි අටාසඞ්ඛ්යද2 කප්ලක්ෂ යක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් මැඳමඬුලුවෙහි මෙඛලා3 නම් නුවරැ සම්මුතිදෙව වු සුදෙව් නම් රජහුගේ යසෝධරා නම් අගබිසව කුසැ පිළිසිඳ දසමස්ඇවෑමෙන් මව්කුසින් බිහි ව ක්ර මයෙන් වැඩී අටදහසක් අවුරුදු ගිහිසැපත් විඳ මහබිනික්මන් කොට මහණ ව අඬමසක් ප්රනධන්වීය්ය්ුර කොට කැළබෝමුල්හි වැඩහිද මාරාන්ධරකාර ප්රඅබන්ධැවිධ්වංසනය කොට සර්වෝඥපදප්රාහප්ත ව සද්ධර්මරලොක පතුරුවා අනුදහසක් අවුරුදු ආසිරි වළදා ලෝවැඩ වඩා වැඩ සිටි මෙධඞ්කර නම් බුදුරජාණන්වහන්සේ ය,

තවද ඔබට ඉක්බිති එ ම කපැ තුන් වන අන්තඃකල්පයෙහි අටාසංඛ්යඉ2 කප්ලක්ෂතයක් පිරූ පාරමිතා ඇති ව තුසී පුර පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් දඹදිවැ විපුල නම් නුවරැ අභිමඞ්ගලසම්මත වූ සුමඞ්ගල නම් රජහුගේ යසවතී නම් බිසව කුසැ පිළිසිඳ දසමස් පිරුණු සඳැ බිහි ව ක්ර්මයෙන් වැඩී සත්දවසක් අවුරුදු ගිහිසැපත් විඳ මහබිනික්මන් නික්ම මහණ ව මසක් පමණ කල් මහාවීය්ය්රුද කොට පුලිලබෝමුල්හි වැඩහිඳ මරසෙනඟ ලුහුබඳවා බුදු ව දහම්සක් පවත්වා සත්ත්වාතනුග්රුහ කොට අසූදහසක් අවුරුදු ආසිරි වළඳා වැඩසිට නිවන්පුර පිරූ සරණඞ්කර බුදුරජාණන්වහන්සේ ය යන තුන්බුදුන් සමයෙහි යටැ ලද අප මහබෝසතාණෝ සම්යසක්සම්බුද්ධරාජ්යදය පතා දානමානනාදී වශයෙන්4 බොහෝ කුශලසම්භාරයන් රැස් කොට ද මනුෂ්යා්ත්මභාවාදී වූ අෂ්ටධර්මශ සමොධානය‍ලාගේ අසම්භවය නිසා අනියතවිවරණ පමණක් ම ලදහ.

තවද ඔබට ඉක්බිති එ ම සාරමණ්ඩ නම් කපැ සතර වන අන්තඃකල්පයෙහි බොධිසම්භාරපූරණයෙන් මස්තකප්රා ප්ත ව සිටි.

  1.  සිටිය    2.  අටාසංඛෙය්ය     3.  මෙඛලා  (ශ්රීර. ස. ස.)    4. දානමානාදී වශයෙන්.


අභීනීභාර වර්ග ය 67

දීපඞ්කර නම් බුදුරජාණන් වහන්සේ තුසීපුර පැමිණ දෙව් බඹුන්ගේ අයදමෙන් දඹදිවැ මධ්යණමණ්ඩලයෙහි රම්ය වතී නම් නුවරැ සුදෙව් නම් රජහු නිසා සුමෙධා නම් අගබිසව කුසැ පිළිසිඳ දස එකඩමස් ඇවෑමෙන් මව්කුසින් බිහි ව යෞවන අවස්ථාවට පැමිණ හංසය, කොඤ්ච ය, මයුර ය යන තුන්මාලිගාවෙහි දස දහසක් අවුරුදු මුළුල්ලෙහි සුරඟනන් බඳු වරගනන් පිරිවරා දිවසැපත් වැනි රජසැපත් විඳ ස්ත්රීුන් ලක්ෂනයකට ප්ර ධාන වූ පියුමා1 නම් අගබිසව කුසින් උසභස්කන්ධන නම් පුත්රුවන වැදූ දිනයෙහි සුවාසූදහසක් ඇතුන් විසින් පිරිවරන ලද මඟුලැත් වාහනයෙකින් මහබිනික්මන් නික්ම පුරුෂයන් කෙළක් හා සමඟ මහණ ව දසමසක් ප්රිධන්වීය්ය්ෂය කොට හැම සර්ව්ඥවර යන්ගේ බුදු වීමට ඒකාන්තනීයත වූ වෙසඟ මැඳිපොහෝදවස් මහණ ගණයා පිරිවරා නගරාන්තරයකට සිඟා වැඩ දෙවතාකෙන කන්ට පිළියෙළ කළ2 කිරිබතක් පිළිගෙන තමන්වහන්සේට පැමිණි කොටස්හි දෙවතාවන් අමා ඔජස් බහාලු කල්හි එකුන් පනස් පිඩක් කොට වළඳා නිල්දතලාහෝ3 අසැ සුපිපි සල්උයන්හි දහවල් දවස් යවා සවස්වේලෙහි ගණයා හැර සුනන්දල නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන පුලිල බෝධීන් වහන්සේ කරා එළැඹැ සලා4 වගරුවා අනුරියන් උස බෝකඳට පිටලා සමපනස්රියන් වජ්රාාසනමස්තකයෙහි චතුරඞ්ගවීය්යාස ධිෂ්ඨා නයෙන් පලක් බැඳ වැඩහිඳ මරසෙනහ ප්රරලය කොට බුදු ව සත්සති යවා බ්ර්හ්මාරාධනා පිළිගෙන සුනන්දාපරාමයෙහි5 දහම් සක් පවත්වා ක්රාමයෙන් සුමඞ්ගලය, තිස්ස ය යන අග්ර්ශ්රායවක යුග්මයක් හා නන්දාා ය, සුනන්දා් ය යන අග්රසශ්රා විකායුග්මයක් ඇතිව සාගර6 නම් භික්ෂුු කෙනෙකුන්ගෙන් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂ යකට ආසිරි ඇතිව අසුරියන් උස බුදුබඳින් මුළු ලොව බබුළුවමින් සාරලක්ෂගයක් රහතන්7 විසින් පිරිවරන ලදුව දනව් සැරිසරා රඹගම්නුවර සමීපයෙහි සුදර්ශකන නම් විහාරයට වැඩ දහම්වැසි වස්වා වැඩවසන සඳැ අශ්රැෙතපූර්ව‍ වූ සඬර්ම ය අසා පහන්සිත් ඇත්තා වු රඹගම්නුවරැ වැසියන් විසින් බුදුපාමොක් මහසඟපිරිසට ආරාධනා කොට දෙවන දවස් උදෑසනැ මහ සරහනු සඳහා කැති උදලු යහුල් කුන්තාති ලීපුවරු පොරෝ කුඩා ආදී වු කර්මාාන්ත උපකරණ ගෙන මහත් වූ ‍සන්තොෂයෙන් පින පිනා නොයෙක් දහස්ගණන් ඔල්වරහඬ ගසමින් සාධුකාර දෙමින් කටුපහණ පහ කොට මඟ සසිමින්8 වළගොඩ සම

    1.  පියුම් -(පූජාවලී, ශ්රීි. ස. ස.) පද්මා – (බුද්ධවංශය)  2.  කරපු.  3.  නිල්තලා-  4.  හීතණසලා     5. නන්දාරාමයෙහි (බු: ව)      6. සාගත (බු: ව:)          7.  රහතුන්  8.  සරසමින්


68 සද්ධර්ම ලඞ්කාරය

කරමින් සුදුවැලි ගෙනහැර තනමින් තොරණ ලමින් දෙපස තිරිකූඩම්1 තනමින් වටැ වැටපහන් ලමින් නානාවර්ණණ ධ්වජපතාකා නංවමින් මෙසේ සතුටුසතුටු ව එකපැහැර මඟ සරහන්නට පටන් ගත් කල්හි:-

“නගරෙ අමරවතියා, සුමෙධො නාම බ්රා හ්මණො,

අනෙකකොටිසන්නිචයො, පහූතධනධඤ්ඤවා.”

යනු හෙයින් අප මහබෝසතාණෝ යටැ කියන ලද පරිද්දෙන් පූර්වෙසර්වෝඥවරයන් කෙරෙහි කරන ලද මනොවාක්ප්ර‍ර්ණ‍ධාන ඇතිව පාංශුවෙන් ප්රසච්ඡන්ත වු දැරඟමිණිරුවනක් සේ සංසාර ගත ව වසනු‍වෝ එකලැ අමරවතී නම් නුවරැ නොයෙක් කෙළ ගණන් වස්තු ඇති බමුණු මහසල් කුලයෙකැ සුමෙධ නම් බ්ර්හ්මණ කුමාරව ඉපද2 වැඩිවිය පැමිණ මව්පිය දෙදෙනාගේ ඇවෑමෙන් තමන් සන්තක සියලු ධනරාශීය යාචකයන්ට දැන් දී හිමවූ පියසට එළැඹ ධර්මලක නම් පර්ව්තයක් මුඳ‍ුනෙහි සක්දෙවිඳු මවා දුන් පන්සලට වැද තවුස්වෙස් ගෙන පැවිදි වු සතියක් ඇතුළතැ පඤ්චාභිඥ අෂ්ට සාපත්ති උපදවා ධ්යා්නසුවයෙන් දවස් යවන් නාහු එ දවස් තමන් හුන් ආශ්රතමපදයෙන් නික්ම ආකාශයට පැනනැගී ක්රුමයෙන් මනුෂ්යරපථයට පැමිණ රඹගම්නුවරැ මුඳු නින් යනුවෝ මහත් වු සන්තොසයෙන් යුක්ත ව මඟ සරහන් නා වූ මනුෂ්යඹයන් දැක ආකාශයෙන් බැස ඔවුන්3 කරා එළැඹ මෙසේ මනහර කොට මේ මාර්ගාය කාට සරසා දැයි විචාර, තුන් ලොවට අසහයප්රරදීපයක් බඳු වූ දීපඞ්කර නම් බුදුරජාණන් වහන්සේ අද පෙරවරු වළඳන වේලාවට මේ නුවරට වඩනා සේක එසේ හෙයින් මේ මාර්ගරය සරහා පිළියෙළ කරම්හ යි. කීකල්හි බුදුහු ය යන තම අසමින් ම පස්වනක් ප්රීළතින් පිනාගිය ශරීර ඇති ව සැබැවින් ම බුදුකෙනකුන් සරහන මාර්ගකයෙක් වී නම් මට ද මෙයින් භාගයක් දෙ ව යි ඉල්වා සිහිල්දිය පිරි ගැඹුරු අඳුරු කඳුරැලියක් ලදින් තමන්ට පැමිණියා වු ඒ මාර්ගිභාගය සරහා නොනි‍මෙන තෙක්ම:-

“දීපඞ්කරො නාම ජිනො යසඞ්ඝො

රම්මං පුරං යාති විරොවමානො,
මනුස්ස දෙවෙහහි පූජයන්තො
සහස්සරංසී විය භානු මා නගෙ.”

යනු හෙයින් තමාගේ දහස් ගණන් රශ්මිකදම්බයන් දස දිගැ විහිදුවමින් ‍ෙලාවැ පතළ ගනඳුර විදහා නභොමණ්ඩල මද්ධ්යණයට4 පැමිණ බබළන්නා වූ සහස්ර‍කිරණයා සේ නීලපිත

      1. නිරිකුඩම් .       2.  කුලයක ඉපිද සුමෙධ නම් බ්රා හ්මණකුමාරව.        3.  උන්

4. නහො මණ්ඩලයට.

අභීනීභාර වර්ගහය 69

ලොහිතවදාතාදි වූ සවනක් ඝන බුදුරැසින් දසදිග1 බබුළුවමින් සත්කුලපව් පිරිවැරූ ස්වර්ණ මෙරුරාජයා සේ සාරලක්ෂ යක් රහ තුන් පිරිවරා දිව්යැබ්ර්හ්මනාගසුපර්ණ යක්ෂබරාක්ෂනසසිද්ධවිද්යා ධරනර නාගේන්රාමාරවදීන්2 විසින් පුදන ලදුව අපමණ පුදපෙරහරින්3 වැඩියාවූ බුදුරජාණන් වහනසේ දැක තමන්ට නියත වූ මාර්ගෙ භාගයද සරහා නොනිමි හෙයින් පිරිවරා හා සමඟ මේ උතුමා ණන්වහන්සේ කල්ලමඬ ‍ෙනා මැඩ වඩනාසේක් වයි සිතා දොඹ මල් ඇතිරියක් හා සමාන වූ අඳුන් දිවසම් මත්තෙහි4 අතුට බුදුන් දසාවට හිස ලා මම ද මේ බුදුන් සේ ම ‍ලොවුතුරා බුදු ව සූවිසි අසඞ්ඛ්ය්යක් සත්ත්වහයන් නිවන් දැක්විය හෙම්ව යි මෙසේ බුදුබව පතා දිවි පුදා බුදුන්ට හෙයක් ව හොත්තා වූ තමන්ගේ අදහස් දැන ඒ දවස් අෂ්ටධර්මාසමොධානය සිද්ධ වූ හෙයින් ඒ වේලෙහි දීපඞ්කර බුදුරජාණන් වහන්සේ විසින්:-

“පස්සථ ඉමං තාපසං, ජටිලං උග්ගතාපනං

අපරිමෙය්යෙත ඉතො කප්පෙ, අයං බුද්ධො භවිස්සති.”

යනාදීන් කැටිව වඩනා රහතුන්වහන්සේට ආමන්ත්ර්ණය කොට එම්බා මහණෙනි, උග්ර් වූ ත‍ෙපාතේජස්5 ඇති මේ සුමෙධ තාපසයන් බලව්‍! මූ තුමු ලාමක කෙනෙක් නො වෙත්. මෙයින් මතු සාරාසංඛ්යම කජ ලක්ෂායක් ගිය කලැ මා සේ ම ලොවුතුරා බුදු වෙති. මොවුන් බුදු වන ජාතියෙහි උපදනා නුවර කපිලවස්තු නම් වෙයි. ශු‍ද්ධෝදන නම් රජෙක් පිව වන්නේ ය. මහාමායා නම් බිසවක් මව් වන්නීය . බොධි වන්නේ ඇසතුවෘක්ෂ යෙක. මූ තුමූ ගෞතම නම් වෙති. කොලිතය, උපතිස්ස යන මහාශ්රා්වකයෝ දෙදෙනෙක් අගසව් වෙති. ‍ෙක්ෂීමා ය, උත්පලවර්ණාය යන මෙහෙණින්නෝ දෙදෙනෙක් අග්රඅශ්රාෞවිකා වෙති. ආනන්ද නම් මහතෙර කෙනෙක් අග්රොෝපස්ථායක වෙති යනාදීන් එ කලැ දෙන ලද මේ පළමු වන නියත විවරණය ලදින් සතුටු වූ මහබෝසතාණෝ බුද්දකාරක ධර්මනයන් පරීක්ෂාව කොට දානය, ශීලය නෛෂ්ක්ර ම්ය ය, ප්රහඥා ය, වීය්ය්මය ක්ෂා න්ති ය, සත්යො ය, අධිෂ්ඨාන ය, මෛත්රීා ය, උපෙක්ෂාව ය යන දසපාරමිතාවන් දැක එ කී නිශ්චය කොට බලා දෘඪසමාදාන කළහ. ඒ බව හඟවනු පිණිස දක්වන ලද මැයි අපගේ ගුරූපා ධ්යානය වූ ධර්මරකීර්ති මහාසාමිපාදයන්වහන්සේ විසින් සූවිසි විවරණයෙහි:-

     1.  දසදික්        2.  -නරෙන්ද්රා දීන්        3.  - පෙළහරින්      4.  දිවිසම මන්තෙහි

5. තපස්-


70 සද්ධර්ම ලඞ්කාරය

“තණ්හඞ්කරො සකිරණො හරිණ්ඞ්කණණො

	මෙධඞ්කරො සරතනො1 රතනාලයො යො2
	සරණඞ්කරො රතිකරො රතනාවලි‍ෙන්දාො
	දීපඞ්කරො දිනකරො විහතන්ධ‍කාරො.

චත්තාරිමාති3 විසරා චතුරොඝතිණ්ණා4 චත්තාරි සීසපවරා චතුරිඬිපාදා, එකෙ යුගෙ යමහවූං වියුගා5 වියොගා යො බොධිසත්තරතනො සුගතෙසු6 තෙසු

දීපඞ්කරං ජිනවරං7 තිහවෙකදිපං දිස්වා සජීවිත්තනුම්පි පරිච්චරිත්වාද, අට්ඨඞ්ගිකො යති සයිත්ථ ය කද්දමස්මිං බුද්ධො භවෙය්යිමිනි වාරුතරො සුමෙධො” යි. ________

දෙවෙනි විවරණය

තවද ඒ දීපඞ්කර නම් බුදුන්ට ඉක්බිති ව බුද්ධශූන්ය වූ කප් අසඞ්ඛ්යීයක් ගිය කලැ මෙ කපට8 තෙයාසඞ්ඛ්ය කප්ලක්ෂපයෙකින් යටැ සාර නම් කල්පයෙහි බුදු බව පතා සොලෙසාසංඛ්යි කප්ලක්ෂඞයක් පිරූ පාරමිතා ඇති කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ තුසීපුර පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් දඹදිවැ රම්යාවතී නම් නුවරැ සුනන්දය නම් රජහුගේ සුජාතා නම් අගබිසව කුසැ පිළිසිඳ දසමස් ඇවෑමෙන් බිහි ව ක්රනමයෙන් වැඩී රාම ය, සුරාම ය, සුභ9 ය යි යන තුන් ප්රාුසාදයෙහි දසදහසක් අවුරුදු ගිහිසැපත් වළඳා තුන් ලක්ෂසයක් වරඟනන්ට ප්රබධාන වූ රුචි11 නම් අගබිසව කුසින් විජිතසේන11 නම් පුත්රුවන් වැදු දිනයෙහි ආජානෙය සෛන්ධ්වයන් යෙදූ මඞ්ගලරථවාහනයෙකින් මහබිනික් මන් නික්ම දසකෙළක් පුරුෂයන් හා සමඟ මහණ ව දසමසක් ප්ර ධන්වීය්ය් ආ කොට බුදු වන දවස් සුනන්දන12 නම් ගමැ සමන්තපීත13 ඝනපයොධරයන් ඇති යසොධරා නම් සිටුදුව දුන් කිරබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි සුනන්දව14 නම් ආජීවකයා දුන් කුසතණ අටමිටක් ගෙන සල්කලණ බෝධීන් වහන්සේ කරා එළැඹ කුසතණ බිමැ සලා වගුරුවා අටපනස්රියන් තණ ඇතිරි මතුයෙහි බෝකඳට පිටලා වැඩහිඳ බුදු ව සත්සති යවා

     1. සරණකො.        2.  යසො      3.  චත්තාරිමාන.      4 - තිණ්ණෙ - නිණ්ණො

5. වියුගා. 6. රත නෙසු 7. මුනිවරං 8. කල්පයට. 9. රුචි සුරුචි සුභ, (බු:ව:) 10. රුච - රුචිදේවි (බු: ව:) සුරුචි (ස. ර.) 11. විදිතසේනය (පූජාවලි) 21. සුරින්ද -(ස. රත්නාවලී) 13. සමසහීන - සමාහිත. 14. සුවන්දාක

අභීනීභාර වර්ගිය 71

බ්රනහ්මාරාධනා පිළිගෙන දෙවවන නම් උයන්හි1 දහම්සක් පවත්වා ක්රනමයේන භද්රෙය, සුභද්ර ය යන අගසව්යුගලයක් තිස්සා ය, උපතිස්සා ය යන අග්රරශ්රාාවිකායුගලයක් ඇති ව අනුරුද්ධ නම් මහතෙරකෙනකුන් අතින් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂ්යකට ආසිරි ඇති ව අටඅසූරියන් බුදුබඳින් මුළුලෝ හොබවා කෙළ ලක්ෂ යක් රහතුන් පිරිවරා දනව් සැරිසරනාසේක චන්ර්ෝ හවතී නම් නම් නුවරට වන්සේක2

එකලැ අප මහබෝසතාණෝ එ ම චන්ර්ී වතී නම් නුවරැ විජිතාවී නම් සක්විතිරජ ව සතරමහාද්වීපයෙහි එකාතපත්ර ව චක්ර වර්තිරාජ්ය්ය කෙරෙමින් ශක්රතදෙවෙන්ර්කාතලීලාවෙන් වසනුවෝ බුදුන් වැඩී බව අසා මහත් වූ සොම්නසින් පිනපිනා අවුත් බුදුන් වැඳ පුදා කෙළලක්ෂනයක් වස්තු වියදම් කොට විහාරයක් කරවා පිළිගන්වා බුදුන් පවරා වස් ‍සාරමසැ මහදන් දී දහම්වැසි වස්වා වස් ඉක්බිති කෙළලක්ෂ යක් රහතුන් හා සමඟ බුදුන්ට ලක්ෂවසුවහස් වටනා සළුපිරිකර දන් දී බුදුබවට අභීනීභාර කොට සසුන් වැද මහණ ව යටැ කියන ලද පරිද්දෙන් මේ දෙවන විවරණය ලදහ. දක්වන ලද මැයි සූවිසිවිවරණයෙහි:-

“ආකඞ්ඪමානමඛිලං ජනතාලිපාලිං

  කොණ්ඩඤ්ඤනාමමසමං මුනිපුණ්ඩරීකං,
                    දිස්වාන කොටිසතලක්ඛමුදාරදානං
                    බුද්ධායදාසි පවරො විජිතාවිරාජා” යී.

________

තුන් වන විවරණය.

තවද ඒ කොණ්ඩඤ්ඤ නම් බුදුන් ඉක්බිති බුද්ධාශූන්යර වූ කප් අසංඛ්යනයක් ගියකල්හි මේ කල්පයට දෙයාසංඛ්යා්3 කපලක්ෂවයෙකින් යටැ සාරමණ්ඩ නම් කපැ මඞ්ගල ය, සුමන ය, රෙව න ය, සොභිත ය යන සර්වණඥවර‍යෝ සතර දෙනෙක් ‍ලොවැ පහළ වූහ. ඒ සර්වමඥවරයන් අතුරෙන් විශ්වලොකෛකමඞ්ගල වූ මඞ්ගල නම් බුදුරජාණන්වහන්සේ සො‍ළසාසංඛ්ය‍4 කප්ලක්ෂණයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙව්බඹුන් ගේ අයද මෙන් දඹදිවැ උත්තර නම් නුවරැ උත්තර නම් රජුගේ උත්තරා නම් අගබිසව කුසැ පිළිසිඳ එ දවස පටන් මෑණියන් ඇගින් නිකුත් රැසින් අසූරියන් ගෙයි පහන්න නො නංවා අඳුරු දුරු කොට දැරඟමිණිරුවනක් සේ රැදෙවෙහි එකාකාරයෙන් වැස 1. දෙවානං නගරුත්තමෙ- (බු:ව:) 2. වැඩිසේක. 3. දෙයාසඞ්ඛෙය්ය . 4. -සඞ්ඛෙය්ය්. 72 සද්ධර්ම ලඞ්කාරය

මව්කුසින් බිහි ව යෞවන අවස්ථාවට පැමිණ යසවන්තු ය, සුචි මන්තුය. සිරිවන්තු ය1 යන තුන්පායෙහි නවදහසක් අවුරුදු රාජ්ය ශ්රී විද තිස්දහසක් පුරඟනන්ට ප්ර ධාන වූ යසවතී නම් බිසව කුසින් සීලව2 නම් පුත්රුවන වැදූ දිනයෙහි3 අශ්වවාහන යෙකින් මහබිනික්මන්න නික්ම4 තුන්කෙළක් පමණ පුරුෂයන් හා සමඟ මහණ ව අටමසක් මහාවීය්ය්න්න කොට බුදු වන දිනයේ උත්තර නම් ගමැ උත්තරා නම් සිටුදුව දුන් කිරිබත වළඳා සල් උයන්හි දහවල් කල් යවා සවස්වේලෙහි උත්තර නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන නාගබොධීන්වහන්සේ කර‍ා එළැඹ තණ සලා වගුරුවා පැනනැංගා වූ අටපනස්රියන් තණ ඇතිරි මත්තෙහි වැඩහිඳ මාරතිමිරතිරාකරණය කොට බුදු ව සන්සති යවා බ්රආහ්මමුහුර්තමයෙහි ම සිරිමන්තු5 නම් උයන්හි දහම් සක් පවත්වා සුදෙවය, ධර්මමසෙන ය යන අගසව් දෙදෙනකු හා සීවලී6 ය, අසොකා ය යන අග්රහ ශ්රාදවිකා දෙදෙනකු ඇතිව පාලිත නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අසුදහසක් අවුරුද්දට ආසිරි ඇති ව අසූරියන් උස බුදුබදින් දසදහසක් සක්වළ දනව් සැරිසරනසේක දඹදිවැ මෙබල7 නම් නුවරට වැඩිසේක

එකලැ අප මහබෝසතාණෝ සද්ධර්මවරුචි වූ සුරුචි නම් බ්රා හ්මණ ට මහද්ධනීව වසනුවෝ බුදුන් කරා එළැඹ බණ අසා පහන් සිත් ඇතිව බුදුන් ප්ර්ධාන කොට ඇති කෙළලක්ෂබයක් මහසඟපිරිසට ආරාධනා කොට වඩා ගෙන ගොස් සක්දෙවිඳු මවා දුන් අටසාලිස්ගව් දිග පුළුල ඇති සත්රුවන් මණ්ඩපයෙකැ වඩා හිඳුවා සත්දවසක් මුළුල්ලෙහි ගවපානදානය යි ප්රරසිද්ධ වූ පැන් නුමුසු කිරිබතක් දන් දී කෙළවරදවස් බුදුන්ට අනගි වූ අටපිරිකරක් හා කෙළලක්ෂමයක් රහතන්ට කෙළලක්ෂරයක් පාත්රව පුරා ගිතෙල් මී උක්සකුරු ආදී වූ බෙ‍හෙත් බඩු හා සමග කෙළ ලක්ෂ්යක් සිවුරු පිරිකර දී බුදුබව පතා ඔබගෙන් මේ තුන් වන විවරණ ය ලදහ.

දක්වන ලද මැයි:-

“දෙභාභිමාලා ය තමං ගිලන්තං

භූමඞ්ගලං මඞ්ගල නාම නාථං,
සන්තා හමන්තං ගවපානදානං
පූජෙයි ජෙනාය සුරුවිතො සො” යි.
    1.  යසවා, සුවීමා,     සිරිමා -(බු: ව:)    යසවන්තය,     රුපිවන්තය,     සිරිවන්තය

-(ස ර) 2. සීවල-(බු: ව:) සීලවත- (ස.ර.) 3 දා 4 කොට 5. සිරිවන, සිරිවර -(බු:ව:) 6. සීවලා -(බු: ව:) 7. මෙඛලා -(ස.ර.ලි) හා - (ස.ර.)


අභීනීභාර වර්ගනය 73

සතර වන විවරණය තවද ඒ මඞ්ගල නම් බුදුන් ඉක්බිති බුද්ධාන්තරයක් ගිය කල්හි එ ම කපැ සුමන නම් බුදුරජාණන්වහන්සේ අටාසංඛ්ය්1 කප්ලක්ෂ යක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙව්බඹුන් ගේ අයදාමෙන් දඹදිවැ මෙඛලා* නම් නුවරැ සුදත්ත නම් රජහු ගේ සිරිමා නම් අග බිසවුන්2 කුසැ පිළිසඳ බිහි ව ක්රමමයෙන් වැඩී චන්දු ය, සුචන්ද ය, වටංසක ය යන තුන් ප්රාසසාදයෙහි නව දහසක් අවුරුදු රජසිරි විඳ තෙසැටදහසක්3 පුරඟනන්ට නායක වූ වටංසකා නම් බිසව කුසින් අනුපම නම් පුත්රුවන වැදූ දිනයෙහි ඇත්වාහනයෙකින් මහබිනික්මන් නික්ම තුන් කෙළක්4 පුරුෂයන් හා සමඟ මහණ ව දසමසක් ප්රකධන්වීය්ය්ෙළ ‍ කොට බුදු වන දවස් අනුපම නම් ගමැ අනූපමා5 නම් සිටුදුව දුන් කිරිබත වළඳා අඹවනයෙහි දිවාවිහාර කොට සවස් වේලෙහි කිරිබත වළඳා අඹවනයෙහි දිවාවිහාර කොට සවස් වේලෙහි අනූපම නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන නාගබොධීන් වහන්සේ කරා එළැඹ තිස්රියන් තණඇතිරියෙහි වැඩ හිඳ බුදු ව සත්සති යවා බ්රකහ්මාරාධනාවෙන් මෙඛලා නම් උයන්හි දහම්සක් පවත්වා සරණ ය, භාවිතත්ත ය යන අගසව්දෙනමක් හා සොණා ය, උපසොණා ය යන අග්රක ශ්රාාවිකායුග්මයක් ඇති ව උදෙන නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන ලදින් අනුදහසක්6 අවුරුද්දට ආසිරි ඇතිව අසුරියන්7 බුදුබඳින් තුන්ලොව බබුළුවමින් කෙළලක්ෂියක් රහතන්න පරිවරා දනව් සැරිසරනසේක.

එකලැ අප මහබෝසතාණෝ අතුලනාගවික්රෂම ඇති අතුල නම් දිව්යඅනාගරාජ ව සුවහස්දිවනයින් පිරිවරා බුදුන් කරා එළැඹ දිවමල් දිව සුවඳ දිවබෙර ආදීන් බුදුන් පූදා කෙළලක්ෂඅයක් රහතන් හා සමඟ බුදුන්ට ආරාධනා කොට දිවබොජුන් වළඳවා කෙළලක්ෂකයක් සිවුරුපිරිකර දී බුදුබව පතා ඔබගෙන් මේ සතර වන විවරණය ලදහ.

දක්වන ලද මැයි:-

“සුමනං සුගතං සුගතොරසිකං

අතුලො භූරගාධිපතී අතුලං
	 අමහී මහිතං  මුනිනං ගමිතුං
 සුරදුන්දුි හිභොජන මම්බර‍ෙතා” යි
    1.  අටසමඞ්ඛෙය්යහ    2.  අගබිසව   3.  සැටදහසක්   4. තිස්කෙළක් 5.  අනූපම  6.  අසූදහසක්   7.  අනූරියන්.

* විවරණ කථාවන්හි ඇති නම් ආදිය ඒ ඒ පොත්හි වෙනස් ව ද ඇත. සද්ධර්මලරතනාවලිය පූජාවලිය සද්ධර්මතරත්නාකර ආදීයෙන් ඒ දත හැකි ය.

74 සද්ධර්ම ලඞ්කාරය පස් වන විවරණය

තවද ඒ සුමන නම් බුදුන් ඉක්බිති එ ම කපැ අටාසංඛ්ය 1 කප්ලක්ෂ යක් පීරූ පාරමිතා ඇති රෙවත නම් බුදුරජාණන් වහන්සේ තුසීපුරයෙන් අවුත් දඹදිවැ ධඤ්ඤවතී නම් නුවරැ විපුල නම් රජහු නිසා විපුලා නම් බිසව කුසැ පිළිසිඳ ක්රවමයෙන් බිහි ව වැඩිවිය පැමිණ සුදර්ශෙන ය, රත්නාර්ඝික ය, ආවෙල ක ය යි යන තුන්ප්රාවසාදයෙහි සදාසක්2 අවුරුදු රජසිරි විඳ තෙතිස්දහසක් පුරඟනන්ට ප්රකධාන වූ සුදසුන් නම් බිසව කුසින් වරණ නම් පුත්රුවන වැදූ දිනයෙහි රථවාහනයෙකින් මහ බිනික්මන් නික්ම පුරුෂයන් කෙළක් හා සමඟ මහණ ව සත් මසක් ප්ර ධත්වීය්ය්ම කොට බුදු වන දවස් යශොධරා නම් බිසව දුන් මී කිරිබත3 වළඳා සල්වෙනෙහි දහවල් කල් යවා සවස් වේලෙහි වරුණින්දක4 නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන නාගබොධීන්වහන්සේ කරා එළැඹ තෙපනස්රියන් තණඇතිරියෙහි වැඩහිඳ මරසෙනඟ බිඳ බුදු ව සත්සති යවා බ්රරහ්මාරාධනා පිළිගෙන වරුණ නම් උයන්හි දම්සක් පවත්වා වරුණ ය, බ්රතහ්මදෙව ය යන අගසව්දෙනමක් හා භද්රා් ය, සුභද්රා ය යන අග්ර ශ්රාමවිකා දෙනමක් ඇති ව සම්භව නම් මහතෙර කෙනකුන්ගෙන් උපස්ථාන ලදීන් සැටදහසක් අවුරුද්දට ආසීර ඇතිව අසූරියන් බුදුබඳින් නික්මුණා වූ බ්යා මප්රාභාමණ්ඩලයෙන් සතරගව්වෙකැ අඳුරු දුරු කොට මුළුතුන්ලොව බබුළුවා කෙළ ගණන් රහතන් පිරිවරා ජනපදවාරිකාවෙහි වඩනාසේක.

එකලැ අප මහබෝසතාණෝ අතිදෙව නම් බ්රාසහ්මණ ව බුදුන් කරා එළැඹ සරණශීලයෙහි පිහිටා සොලෝදහසෙකින් බුදුන්ට ස්තුති කොට ලක්ෂ යක් වටනා උතුරුසළුවක් පුදා බුදු බැව් පතා ඔබගෙන් මේ පස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“යාරෙ රතං රෙවතනාමනාථං

දෙවාතිදෙවං අතිදෙවනාමො,
දොසප්පභාණෙන විජොථුනිත්වා,
බු‍ඬො භවෙය්ය්න්ති අදුන්තරීයං5” යි.

1. -සඞ්ඛෙය්යය 2. දසදහසක් 3. දුන් කිරිබත 4. තරුණින්දද 5. දදුන්තරී ය.



අභීනීභාර වර්ගදය 75

සවන විවරණය

තවද රෙවත නම් බුදුන් ඉක්බිති එ ම කපැ සොභිත නම් බුදුරජාණන්වහන්සේ සොළසාසංඛ්ය කප්ලක්ෂ යක් පිරූ පාරමිතා ඇති ව තුසීපුරයෙන් බැස ‍දඹදිව සුධර්මය නම් නුවරැ සුධර්මප නම් රජහු නිසා සුධර්මා නම් බිසව කුසැ පිළිසිඳ දසඑකඩ මසෙකින් ක්රපමයෙන් බිහි ව යෞවනඅවස්ථාවට පැමිණ සැත්තෑ දහසක් පුරඟනන්1 පිරිවරා නාරිවර්ධසන ය, යශොවර්ධසන ය, ඉන්ද්රයවර්ධානය යි යන තුන්පායෙහි2 නවදහසක් අවුරුදු රාජ්යටශ්රී අනුභව කොට මඛිලා නම් මහාදෙවීන් කුසින්3 සිංහ නම් පුත්රුවන වැදූ දිනයෙහි මාලිගාවෙහි ම මහණ ව එහි ම සත්දවසක් ප්ර ධන්වීය්ය්ුස කොට වැඩහිද බුදු වන දවස් මඛිලා නම් අගබිසව දුන් කිරිබත මාලිගාවෙහි ම වළඳා4 මහබිනික්මන් කෙරෙමියි5 සිතූ සිත හා සමඟ වැඩහුන් මාලිගාව දසදික් බබුළුවමින් දෙවන සඳමඩලක් සේ ආකාශයෙන් ගොස් අටඅසූරියන් උස කඳ ඇති නාගබොධීන්වහන්සේ මධ්ය් කොට බෝගෙයක් සේ බිමැ පිහිටි කල්හි කිසිකෙනකුන්ගේ විධානයක් නැතිව 6 නළු නාටකාදී7 පිරිවරා මාලිගාවෙන් බැස සිව්රගසෙනග සමඟ නුවරට ගිය සඳැ සිංහාසනයෙහි ම බෝකදට පිට ලා වැඩහිඳ බුදු ව සත්සති යවා බ්ර හ්මාරාධනාව පිළිගෙන සුධර්මබ නම් උයන්හි දහම්සක් පවත්වා ක්රමමයෙන් අසම ය, සැනෙත්ත ය යන අග්රුශ්රා වකදෙනමක් හා නකුලා ය, සුජාතා ය යන අග්රහ ශ්රාතවිකාදෙදෙනකු ඇති ව6 අංසුම නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන ලදින් අනූදහසක් අවුරුද්දට ආසිරි ඇතිව අටපනස්රියන් බුදුබදින් මුළුලොව බබුළුවමින් තිස්කෙළක් රහතුන් පිරිවරා දනව් සැරිසරනසේක.

එකලැ අප ‍මහබෝසතාණෝ රම්යිවතී නම් නුවරැ සුජාතා නම් බ්රා හ්මණකුමර ව බුදුන කරා එළැඹ බණ අසා සරණශීලයෙහි පිහිටා බුදුන් ප්රාධාන කොට ඇති මහසඟපිරිසට තුන්මසක් මහදන් දී බුදුබැව් පතා ඔබගෙන් මේ සවන විවරණය ලදහ.

දක්වනන ලද මැයි:-

“ව්යාදමප්පභාමණ්ඩලසොභිතත්තං

සංසොභිතං සොභිතමාභවග්ගං,
දිස්වාන බුද්ධස්ස ජිනො විජි‍ෙන්දා්
දානං මහන්තං ව අදාසි තස්ස” යී

_________

    1.  වරගනන්     2.  -ප්රදසාදයෙහි          3.  විසින්         4.  මාල්ගාවෙහි ම වළඳා.

5. කෙරෙමින් 6. නැතුව 7. නළුනාටකාදීන්. 8. ඇතුව

76 සද්ධර්ම ලඞ්කාරය සත් වන විවරණය

තවද ඒ සොභිත බුදුන් ඉක්බිති ව බුඬශූන්ය වූ කප් අසංඛ්ය යක් ගියකල්හි මේ කල්පයට එකාසංඛ්යූකප්ලක්ෂ යෙකින් යටැ වර නම් කල්පයෙහි අනොමදස්සී ය, පදුම ය, නාරද ය, යන සර්වයඥවරයෝ තුන්දෙනෙක් ලොවැ පහළ වූහ. ඒ තුන් දෙනාවහන්සේ අතුරෙන් අ‍ෙනාමදස්සී නම් බුදුරජාණන් වහන්සේ සොළසාසංඛ්ය්කප්ලක්ෂ,යක් පිරූ පාරමිතා ඇති ව තුසිතභවනයෙන් අවුත්1 දඹදිවැ සඳවත් නම් නුවරැ යසවත් නම් රජුගේ යශොධරා නම් බිසව කුසැ පිළිසිඳ එ තැන් පටන් මෑණියන් ඇගින් නිකුත් රැසින් අසූරියන් තන්හි දිවරෑ බබුළුවා2 ක්රනමයෙන් බිහි ව මුළුසක්වළැ රුවන්වැසි වස්වා යෞවනඅවස්ථා වට පැමිණ සිරි ය, උපසිරි ය, සිරිවධඪ ය යන තුන්පායෙහි තෙවිසිදහසක් පුරඟනන් පිරිවරා දසදහසක් අවුරුදු රාජ්ය ශ්රීහ විඳ සිරිමා නම් අගබිසවකුසින් උපවාන නම් පුත්රුවන උපන් දිනයෙහි රන්සිවිගෙයෙකින් මහබිනික්මන් නික්ම තුන්කෙළක් පමණ පුරුෂයන් හා සමඟ මහණ ව දසමසක් ප්රමධත්වීය්ය්ළක කොට බුදු වන දවස් අනූපම නම් බමුණුගැම අනූපමා නම් බැමිණිය දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි අනොපම නම් ආජීවකයා දුන් හිතණ අටමිටක් ගෙන කුඹුක්බෝධීන්වහන්සේ කරා එළැඹ අටතිස්රියන් තණඇතිරි මතුයෙහි3 වැඩහිඳ බුදු ව සත්සතී යවා බඹහුගේ අයදමෙන් සුදර්ශිනඋයන්හි දහම්සක් පවත්වා ක්ර මයෙන් නිසභ ය,අනොම ය යන අග්රනශ්රාසවකයුග්මයක් හා සුන්දගරී ය, සුමනා ය යන අග්ර,ශ්රාදවිකායුග්මයක් ඇති ව වරුණ නම් මහ තෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂවයකට ආසීරි ඇති ව අටපනස්රියන් බුදුබඳින් තුන්ලෝ සරහමින් තිස් දහසක් රහතන් පිරිවරා දනව් සැරිසරා වඩනාසේක.

එකලැ අප මහබෝසතාණෝ මහානුභාවසම්පන්න මහෙශාක්යව වූ යක්ෂ සෙනාධිපති ව නෙසුවහස්4 ගණන් යක්සෙන් පිරි වරා බුදුන් කරා එළැඹ උපන් ජාතිය සඵල කෙරෙමින් සත් රුවන් මණ්ඩපයක් මවා බුදුපාමොක් මහසඟපිරිස වඩා හිඳුවා සත්දවසක් දිව අහර දන් දී බුදුබව පතා ඔබගෙන්5 මේ සත්වන විවරණය ලදහ. 1. නික්ම අවුත්. 2. අසූරියන් ගෙයි පහන් නොදල්වා රෑ බබුළුවා. 3. මත්තෙහි. 4. නොයෙක් සුවහස්. 5. පතාගෙන ඔබගේ.




අභීනීභාර වර්ගතය 77

දක්වන ලද මැයි සූවිසිවිවරණයෙහි:-

“අනොමදස්සිති අනොමදස්සී ජිනම්පි

දික්වා්න අ‍ෙනා මදස්සිං,
භවාමි භූතාධිපති යසස්සි, දානං
පවන්තෙයි අනොමදස්සි”1 යී.

________ අට වන විවරණය

තවද ඔබට ඉක්බිති එ ම කපැ පදුම නම් බුදුරජාණන් වහන්සේ අටාසංඛ්යඉ කප්ලක්ෂදයක් පිරූ පාරමිතා ඇති ව තුසිත භවනයෙන් අවුත් දඹදිවැ චම්පා නම් නුවරැ අසම නම් රජහුගේ අසමා නම් අගබිසවකුසැ පිළිසිඳ සාගර පය්ය්ුව න්ත වූ මුළු දඹදිව්තෙලෙහි පියුම්වැසි වස්වා මව්කුසින් බිහි ව ක්රගමයෙන් යෞවනප්රා ප්ත ව2 උත්තර ය, වසුත්තර ය, යසුත්තර ය යන තුන්පායෙහි දසදහසක් හවුරුදු රාජ්යුශ්රීද විඳ තිස්දහසක්3 පුරගනන්ට ප්රතධාන වූ උත්තරා නම් බිසව රම්ය‍ නම් පුත්රුවන වැදූ දිනයෙහි රථවානයෙකින් මහබිනික්මන් කොට පුරුෂයන් කෙළක් හා සමඟ මහණ ව අටමසක් ප්රමධන්වීය්ය්රු කොට බුදු වන දවස් ධඤ්ඤවතී නම් නියම්ගමැ4 එ ම නමින් ප්රරසිඬ වූ ධඤ්ඤවතී නම් සිටුදුව දුන් කිරිබත වළඳා අඹ උන්හි දහවල් දවස් යවා සවස්වේලෙහි ස්වස්තික නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන මහමුරුතබෝධීන් වහන්සේ කරා එළැඹ අටතිස්රියන් තණඇතිරියෙහි වැඩහිද කෙලසුන් බිද බුදු ව සත්සති යවා බඹහුගේ අයදමේන ධනඤ්ජය නම් උයන්හි දහම්සක් පවත්වා ක්රිමයෙන් සාල ය, උපසාල ය යන අගසව් දෙනමක් හා රාමා ය, සුරාමා ය යන අග්රාශ්රා විකා දෙනමක් ඇති ව වරුණ නම් මහතෙර කෙනකුන් අතින් උපස්ථාන ලදිත් අවුරුදු ලක්ෂ යකට ආසිරි ඇති ව අට පනස්රියන් බුදුබඳින් රිවිසදකැළුම් වළකා තුන්ලෝ බබුළුවා කොටිප්රිමාණ වූ මහණගණයා පිරිවරා දහම්වැසි වස්වමින් දනව් සැරිසරා ක්ර්මයෙන් වැඩ හිමව්පියසැ එක්තරා රුකක්මුලැ නිරොධ සමාපත්තියට සමවැද වැඩ උන්සේක.

එකලැ අප මහබෝසතාණෝ රුචිරාඞ්ග වූ සිංහරාජ ව ඉපද එ ම හිමවතැ වසනුවෝ ධ්යාෝනසැපයෙන්5 හුන් බුදුන් දැක තෙවටෙකැ පැදකුණු කොට තුන්යලක් සිංහනාද පවත්වා 1. - දස්සි 2. යෞවන අවස්ථාවට සම්ප්රාොප්තව 3. දෙතිස්දහසක් 4. ධඤ්ඤවතී නම් ගම 5. - සැපෙන්

78 සද්ධර්මහලඞ්කාරය

බුද්ධාලම්බනප්රී තියෙන් සතියක් මුළුල්ලෙහි ගොදුරු සොයා නො ගොස් ඇස් නො මරා බුදුන් ම බලබලා ජීවිත ය පුදා සත්වන දවස් බුදුන් ධ්යානනයෙන් නැගි කලැ එම ඇසිල්ලෙහි වැඩහුන් බුදුන් සිසාර වැඩ සිටි රහතුන් කෙ‍රෙහිදු ප්රීැති උපදවා බුදුබව පතා ඔබගෙන් මේ අට වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“දුරද්දුමි‍ෙන්ද- පදුමෙ මුනි‍ෙන්දව

මනොනිරොධෙන වනෙ නිසිනෙන,
මනං පයාදෙසි ‘පි සීහනාදී
සඞ්ඝෙ මුනින්දා ය මහාමිගි‍ෙන්දා ” යී

________

නව වන විවරණය

තව ද ඒ පදුම නම් බුදුන් ඉක්බිති එ ම කපැ නාරද බුදුරජාණන්වහන්සේ සොළසාසංඛ්යි කප්ලක්ෂුයක් පිරූ පාරමිතා ඇති ව තුසිතභවනයෙන් අවුත් දඹදිවැ ධඤ්ඤවතී නම් නුවරැ සුදෙව නම් රජහුගේ අනොපමා නම් අගබිසව කුසැ පිළිසිඳ සාගරපය්ය් න්ත වූ මුළුදඹදිව්තෙලෙහි ආභරණවර්ෂාු වස්වා මව්කුසින් බිහි ව යෞවනශ්රීූනිවාස ව විජිත ය, විජිතා වි1 ය විජිතාභිරාමය ය න තුන්පායෙහි නවදහසක් අවුරුදු ගිහි සැපත් වළඳා එක්ලක්ෂි විසිදහසක් පුරඟනන්ට ප්රවධාන වූ විජිතසෙනා නම් බිසවුන් නන්ර්ල ත්තර නම් පුතුරුවන් වැදූ දිනයෙහි මහබිනික්මනට ඉක්මන් ව වාහන සෙවීමට කල් යන්නා සේ මහසෙනඟ පිරිවරා සිරිපතුල්වාහනයෙන් උයන් වැඩ මඟුල් සල්වැට වැ‍ඩහිඳ කෙස්වැටිය සිඳ හැර ලක්ෂෙයක් පුරුෂයන් හා සමඟ මහණ ව සත්දවසක් ප්ර්ධන්වීය්ය්ෙන කොට බුදු වන දවස් විජිතසෙනා නම් අගබිසව දුන් කිරිබත වළඳා එ ම උයන්හි දහවල් දවස් යවා සවස්වේලෙහි සුදසුන් නම් උයන්පල්ලා දුන් හීතණ අටමිටක් ගෙන එ ම උයන්හි සුළුමුරුතබෝමුල්හි හීතණ සලා වගුරුවා අටපනස්රියන් තණ ඇතිරියේ වැඩ හිඳ මාරතිමිරදිවාකර බුදුබවට පැමිණ සත්සති යවා බ්ර හ්මාරාධනා පිළිගෙන ධනඤ්ජය නම් උයන්හි දහම්සක් පවත්වා ක්රිමයෙන් භද්රෙසාල ය, සුනෙත්ර් ය යන අගසව් දෙනමක් හා උත්තරා ය, ඵාල්ගුතී ය යන අග්ර ශ්රා විකායුග්මයක්2 ඇතිව වාසිට්ඨ3 නම් මහතෙරකෙනකුන් ගෙන්4 උපස්ථාන ලදින් අනූදහසක්

    1.  විජිතාව.        2. - දෙනමක්         3. වසිෂ්ට - (ස  ර) “විශිෂ්ට”     4.  අතින්.

අභීනීභාර වර්ග ය 79

අවුරුද්දට ආසිරි ඇතිව අටඅසූරියන් බුදුබඳින් නික්මුණා වු ව්යාුමප්රිභාමණ්ඩලයෙන් දොළොස් යොදුන් තන්හි දිවරෑ අඳුරු දුරු කොට අසූකෙළක් රහතන් පිර‍ිවරා දනව් සැරිසරනසේක.

එකලැ අප මහබෝසතාණෝ තවුස්වෙස් ගෙන ධ්යා්න උපදවා හිමවතැ වසනුවෝ තමන් කෙරෙහි කරුණාවෙන් අසූ කෙළක් රහතන් හා දසදහසක් අනාගාමී1 උපාසකවරුන් පිරි වරා පන්සලට වැඩි බුදුන් දැක බුදුපාමොක් මහසඟපිරිසට වෙන වෙන ම විසිතුරු පන්සල් මවා සතපවා තුන්යම් රාත්රීඟ යෙහි බණ අසා උදය උතුරුකුරුදිව් දිව අහර ගෙන අවුත් අසූකෙළක් රහතුන් සමඟ බුදුන් වළඳවා අනාගාමී1 උපාසක වරුනුදු අහර අනුභව කරවා මෙලෙසින් සතියක් උපස්ථාන කෙ‍ාට ඉක්බික් දවස්1 ලක්ෂවයක් වටනා රත්සඳුන්හරක් ගෙන වුත් බුදුන් පෙරට එදා ද බුදුබව පතා ඔබගෙන් මේ නව වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“විසාරදං නාරදනාමනාථං

	 තපොධනො අට්ඨසමාධිලාභි,
	 අන්තෙන පාතෙන ‘පි තප්පයි ත්වාද
	 සම්බොධියා ‘දාසථ රත්නචන්දපනා” යී.

________

දස වන විවරණය

තවද නාරද නම් බුදුන් ඉක්බිති ව බුද්ධශූන්යන වූ කප් අසංඛ්යඔයක් ගිය කල්හි මේ මහාභද්රුකල්පයට ලක්ෂදයක් වන ඇති පියුමතුරා නම් බුදුරජාණන්වහන්සේ තුසීපුර පැමිණ එයින් වැඩ දඹදිව හංසවතී නම් නුවරැ ආනන්දත නම් රජහු නිසා සුජාතා නම් බිසව කුසැ පිළිසිඳ දසදහසක් සක්වළැ පියුම්වැසි වස්වා මව්කුසින් බිහි ව ක්රතමයෙන් යෞවන අවස්ථාවට පැමිණ නරවාහන ය, යසවාහනය , හංසවාහනය යන තුන්පායෙහි දසදහසක් අවුරුදු අපමණ වූ රජසිරි5 විඳිමින් වාසයකොට එක්ලක්ෂය විසිදහසක් පුරඟනන්ට ප්රූධාන වූ සදන්තා නම් අගබිසව කුසින් උත්තර නම් පුත්රුවන වැදූ දිනයෙහි මහබිනික්මන් නික්ම යෙමි යි6 සිතූ සිත හා සමඟ පින්බෙලෙන්

     1.  අනගැමි     2.  දහස්      3.  හරයක්      4.  සාරමණ්ඩ නම් -     5.  රාජ්ය ශ්රී  

6. කෙරෙමියි

80 සද්ධර්ම ලඞ්කාරය

අසහසට පැනනැංගා වූ1 වසවත් නම් මහාපායෙකින් සිවුරඟ සෙන් සමඟ2 බෝ මැඬ කරා එළැඹ3 මාලිගාවෙන් බැස කැටිව පිරිවරා ගිය ස්ත්රී ජනයන් හා සමඟ නැවැත මාලිගාව සියනුවරට4 ගිය කල්හි මහසෙනඟ සමගින් මහණ ව සත් දවසක් දුෂ්කරක්රි4යා පුරා5 බුදු වන දවස් උදෙනා6 නම් ගමැ රුචිනන්දා නම් සිටුදුව දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දහවල් කල් යවා දිවසාන්නතයෙහි සුවින්ත නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන සළල බෝමුල්හි7 සලා8 වගුරුවා අට තිස්රියන් තණඇතිරියෙහි වැඩහිඳ මරසෙනඟ බිඳ බුදුව එකෙණෙහි දසදහසක් සක්වළ එකපැහැර අලඞ්කෘත කෙරෙමින් පියුම්වැසි වස්වා සත්සිය යවා බ්රළහ්මාරාධනා පිළිගෙන මිථිලා නම් උයන්හි දහම්සක් පවත්වා තීර්ත්ථයකයන් නැති කොට ක්ර ම යෙන් දෙවලය, සුජාත ය යන අගසව්යුගලයක් හා අමිත්රාග ය, අසමා ය යන අග්රයශ්රාුවිකායුගලයක්9 ඇති ව සුමන නම් මහා තෙරකෙනකුන් අතින් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂවයකට ආසිරී ඇති ව දොළොස්‍ යොදුනෙකැ පැතිර දිවරෑ අඳුරු දුරු කොට බබළන්නා වූ ව්යා මප්ර්භාමණ්ඩලයෙන් පිරිවරන ලද අට අසූරියන් බුදුබඳින් මුළුලෝ සරහමින් සැත්තෑලක්ෂ යක් රහතුන්න පිරිවරා ජනපදචාරිකා කරනසේක.

එකලැ අප මහබෝසතාණෝ නොයෙක් කෙළගණන් ධන ඇති ජටිල නම් මහරැටි ව බුදුපාමොක් මහසහපිරිසට මහ දන් දී සිවුරුපිරිකර පිළිගන්වා බුදුබව පතා ඔබගෙන් මේ දස වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“පාදුත්තරීයපදුමං පදුමාත්තරම්පි

		 දිස්වා මහිඬිජටිලව්හය රට්ඨිකො සො,10
සන්දාිපයිත්ථව සුගතස්ස සභික්ඛුකස්ස
බුද්ධාය වීවරයුතං11 විවිධන්නපානං” යී.

______

එකොළොස් වන විවරණය

මෙහි දක්වන ලද මේ සාරසංඛ්ය්යෙන් දීපඞ්කර බුදුන් කෙ‍රෙහි පටන් කොණ්ඩඤ්ඤ බුදුන් දක්වා අතුරෙහි බුද්ධශූන්යක වූ කප්අසංඛ්යකය සෙල අසංඛ්යඤය නම් වෙයි. කොණ්ඩඤ්ඤ12

      1.  අහසට නැංගාවූ       2.  සමගින්.   3.  වැඩ   4.  ඒ සිය නුවරට       5.  කොට

6. උදෙනි 7. බොධි මූලයෙහි 8. තණසලා 9. -යුග්මයක් 10. දිසාවං මහිඬිජටිලම්භය තුණ්ඬිකො සො - දිස්වා මහිද්ධිජටිතං ජටිලො මහෙසි 11. චීවර යුග. 12. කොණ්ඩඤ්ඤ නම්.

අභීනීභාර වර්ග ය 81


බුදුන් කෙරෙහි පටන් මඞ්ගල බුදුන් දක්වා අතුරෙහි බුද්ධශූන්ය වු කප්අසංඛ්යයය භාස අසංඛ්ය්ය නම් වෙයි. මඞ්ගල ය, සුමන ය, රෙවත ය, සොභිත ය යන සතරදෙනාවහන්සේ ම එක් සාරමණ්ඩ නම් කපැ බුදු වූ හෙයින් සොභිත බුදුන් කෙරෙහි පටන් අනොමදස්සී1 බුදුන් දක්වා අතුරෙහි බුද්ධශූන්යු වූ කප් අසංඛ්ය් වය අසංඛ්යහය නම් වෙයි. අනොමදස්සි ය, පදුම ය, නාරද ය, යන තුන්දෙනා වහන්සේ ම එක ම වර නම් කපැ බුදු වූ හෙයින් නාරද බුදුන් කෙරෙහි පටන් පියුම් තුරා නම් බුදුන් දක්වා අතුරෙහි බුද්ධාශූන්යු වූ කප් අසංඛ්යනය රුචී අසංඛ්ය ය නම් වෙයි. එසේ හෙයින් වදාරන ලදී.

සොදන්තකී නිදානයෙහි:-

“සෙලො භාසො වයො චෙව, රුචියා සංඛියා ඉමෙ,

චත්තාරො තෙ අසංඛෙය්යා,, විතිපාතා ‘ති වුච්චරෙ”2 යී.

මෙසේ මේ සාරසංඛ්යසයට ඉක්බිති පියුමතුරා නම් බුදුන් කෙරෙහි පටන් සිටි ලක්ෂ්යක් කපින් සැත්තෑ දහසක් කප් ගිය කල්හි මේ කල්පයට3 තිස්දහසක් වන මණ්ඩල නම් කල්පයෙහි සුමෙධය, සුජාත ය යන සර්වදඥවරයෝ දෙදෙනෙක් ලොවැ පහළ වූහ. එයින් සුමෙධ නම් බුදුරජාණන්වහන්සේ අටසංඛ්යෙකප්ලක්ෂධයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ එයින් බැස දඹදිවැ සුදසුන් නම් නුවරැ සුදන්ත නම් රජහුගේ4 සුදත්තා5 නම් බිසව කුසැ පිළිසඳ දසමස් පුරා බිහි ව යෞවනශ්රීතයට පැමිණ සුවන්දාක ය, ජයකෙතු ය, සිරිවඩ්ඪ ය යන තුන්පායෙහි6 නවදහසක් අවුරුදු රාජ්යකශ්රීි විඳ අටසාලිස්දහසක් පුරඟනන්ට ප්ර ධාන වූ සුමනා නම් බිසව කුසින් පූනර්ථ් සුමිත්රඳ7 නම් පුත්රුවන වැදූ දිනයෙහි ඇත්වාහනයෙකින් මහබිනික්මන් කොට කෙළසියයක්8 පුරුෂයන් හා සමඟ මහණව අටසමක් මහාවීය්ය්ක්ම කොට බුදු වන දවස් නකුල නම් නියම්ගමැ නකුලා නම් සිටුදුව දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට දීවසාවසානයෙහි සිරිවඩු නම් ආරීවකයා දුන් හීතණ අටමිටක් ගෙන බක්මී බොධීන්වහන්සේ කරා එළැඹ විසිරයන් තණපලඟ පිටැ වැඩහිඳ බුදු ව සත්සති යවා බ්ර හ්මාරාධනා පිළිගෙන සුදසුන් නම් උයන්හි දහම්සක් පවත්වා සරණ ය, සබ්බකාම ය යන අගසව්දෙනමක් හා රාමාය, සුරාමා ය යන අග්රබශ්රා විකා දෙදෙනෙකු ඇති ව සාගර නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන

      1.  අනොමදස්සී නම්.      2.  වුච්චති.       3.  මෙ කපට.   4.  දඹදිව සුදත්ත නම් 

රජුහුගේ - සුදසුන් නම් රජහුගේ 5. සුදසුන්. 6. තුන් ප්රාුසාදයෙහි. 7. පුනර්භසූචිත්රන. 8. කෙළලක්ෂායක්

82 සද්ධර්ම ලඞ්කාරය

ලදින් අනූදහසක් අවුරුද්දට ආසිරී ඇති ව සියලඟරසින් සතර ගව්වෙකැ අඳුරු දුරු කොට දිවරෑ1 බබුළුවා අට අසූරියන් බුදුබදින් මුළුලෝ සරහා කෙළසියයක් රහතුන් පිරිවරා ජනපදචාරිකා කෙරෙමින් දහම්වැසි වස්වනසේක.

එකලැ අප මහබෝසතාණෝ උත්තර නම් මාණවිකාව අසූකෙළක් ධන වියදම් කොට බුදුපාමොක් මහසඟපිරිසට මහ දන් දී මහණ ව බුදුබව පතා ඔබගෙන් මේ එකොළොස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි සූවිසිවිවරණයෙහි:-

“දිස්වා සුමෙධසුගතං සුගතං සුගත්තං

	ලොකුත්තරෙ ‘තිරන උත්තරමාණවො ‘පි,
	සාසිති යා රතනකොටිධනෙන දානං
	ජෙනාය ‘දාසි අසමං අසමස්ස තස්ස” යි.

_______

දොළොස් වන විවරණය

තවද ඒ ප්ර මෙධ බුදුන් ඉක්බිති එ ම කපැ සුජාත නම් බුදුරජාණන්වහන්සේ අටාසංඛ්යන කප්ලක්ෂපයක් පිරූ පාරමිතා ඇතිව තුසීපුර පැමිණි2 එයින් වැඩ දඹදිවැ සුමඞ්ගල නම් නුවරැ උග්ගත නම් රජහුගේ ප්රිභාවතී නම් බිසව කුසැ පිළිසිඳ දසමස් පිරුණු සඳැ බිහි ව යෞවනාතිරාම ව සිරි ය, උපසිරි ය, සිරිනන්ද ය යන තුන්පායෙහි නවදහසක් අවුරුදු රජසිරි විඳ තෙවිසිදහසක් පුරඟනන්ට ප්රකධාන වු සිරිනන්දද නම් අගබිසව උපසේන නම් පුත්රුවන වැදූ දැ2 හංසවයහ නම් අශ්වරාජයා පිටට පැනනැඟී මහබිනික්මන් කොට සියක්ලක්ෂපයක් ඇමැතියන් හා සමඟ මහණ ව නවමසක් ප්ර්ධාන්වීය්ය්ර කොට බුදු වන දවස් සුරින්ද නම් නුවරැ සිරිනන්දා නම් සිටුදුව දුන් කිරිබත වළඳා සල්වනෙහි දිවාවිහාරය කොට සවස්වේලෙහි සුනන්දක නම් ආජීවකයා දුන් හීතණ අටමිටක් ගෙන හුණතුරුබෝමුල්හි සලා වගුරුවා තෙතිස්රියන් තණපලඟ පිටැ වැඩහිද මරසෙනග බිද බුදු ව සත්සති යවා බ්රණහ්මාරාධනා පිළිගෙන සුමඟුල් නම් උයන්හි දහම්සක් පවත්වා සුදස්සන ය සුදේව ය යන අගසව්යුගල යක්3 හා නාගා ය, නාගසෙනා ය4 යන අග්රගශ්රා්විකායුග්මයක්5 ඇති ව නාරද නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන ලදින්

    1.  දවරෑ     2.  දිනයෙහි      3 .  - යුග්මයක්     4.  නාගසමාලා     5.  -යුගලයක්


අභීනීභාර වර්ග ය 83

අනූදහසක් අවුරුද්දට ආසිරි ඇති ව අටපනස්රියන බුදුබඳින් මුළුලෝ බබුළුවා සියක්ලක්ෂටයක්1 රහතන් පිරිවරා දහම්වැසි වස්වමින් දතවී සැරිසරනසේක.

එකලැ අප මහ බෝසතාණෝ සතර මහාසෘද්ධියෙකින් හා සප්තවිධරත්නයෙන් යුක්ත වූ මහානුභාවසම්පන්න සක්විති රජ ව වසනුවෝ බුදුන් කරා එළැඹ නානාවිධරත්නයෙන් බුදුන් පුදා දෙදහසක් කොදිව්2 පිරිවරා සිටි සතර මහාවීපයෙහි උපදනා සියලු අය2 ගෙන බුදුපාමොක් මහසගපිරිසට රටවැස්සන් උපස්ථාන කරන සේ නියොග කොට සප්තවිධරත්නයන් හා සමඟ සක්විති රාජ්ය්ය බුදුන්ට පුදා මහණ ව බුදුබව පතා ඔබගෙන් මේ දොළොස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“විජාතමත්තම්පි සුජාතභූතං

	 සුජාතිමන්තං සුගතං සුජාතං,
දිස්වාන රාජා වරචක්කවත්ති
	 පූජෙසි ජෙනාය වරංස රජ්ජං”  යී.
                              _______

තෙළෙස් වන විවරණය

තවද ඔබට ඉක්බිති ව තුබූ තිස්දහසක් කපින් විසිනවදහස් අටසියදෙයාසුකපක් බුද්ධශූන්ය් ව ගියකල්හි මේ කල්පයට එක්සිය අටළොස් වන වර නම් කල්පයෙහි4 පයදස්සී ය, අත්ථයදස්සී ය. ධම්මදස්සී ය යන සර්වවඥවරයෝ තුන්දෙනෙක් ලොවැ පහළවූහ. එයින් පියදස්සී නම් බුදුරජාණන්වහන්සේ අටාසංඛ්යනකප්ලක්ෂොයක් පිරූ පාරමිත‍ා ඇති ව තුසීපුරැ සිරි විද එයින් වැඩ දඹදිවැ ධඤ්ඤවතී නම්5 නුවරැ සුදත්ත නම් රජහුගේ සඳවත් නම් බිසව කුසැ පිළිසිඳ දසමස් පුරා බිහි ව යෞවනප්රාුප්ත ව තෙතිස්දහසක් පුරඟනන් පිරිවරා සුනිර්මරල ය, විමල ය, ගිරිගුහා ය යන තුන් මාලිගාවෙහි නවදහසක් අවුරුදු රජසිරි විද විමලා නම් අගබිසවකුසින් කඤ්චනවෙල6 නම් පුත්රුවන් උපන් දිනයෙහි රථවාහනයෙකින්7 මහබිනික්මන් නික්ම සියක්ලක්ෂරයක් පුරුෂයන් හා සමඟ මහණ ව සමසක් මහාවීය්ය්න් කොට බුදු වන දවස් වරුණ නම් බමුණුගමැ වසභා නම් බැමිණිය දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට දිවසාවසානයෙහි සුජාත නම් ආජීවකයා දුන් හීතණ

         1.  කෙළලක්ෂරයක්        2.  කොදෙව්           3.  අගය.           4.  අටළොස්වන 

කල්පයෙහි. 5. අනොමා නම්. 6. කඤ්චනාවෙල 7. රථවාහනයෙන්


84 සද්ධර්ම ලඞ්කාරය

අටමින් ගෙන කුඹුක්බෝමුල්හි සලා1 වගුරුවා තෙපනස් රියන් තණපලඟ මත්තෙහි වැඩහිඳ මරසෙනඟ ප්ර ලය කොට බුදු ව සත්සති සවා මහබඹහු අයදමෙන් උයභවතී නම් උයන්හි දහම්සක් පවත්වා පාලිත ය, සබ්බදස්සී ය, යන අග්රවශ්රා වක යුග්මයක් හා සුජාතා ය, ධම්මදින්නා ය යන අග්රසශ්රානවිකායුග්ම යක් ඇති ව සොභිත නම් මහතෙර කෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අනූදහසක් අවුරුද්දට ආසිරි ඇ ති ව අටඅසූරියන් බුදු බඳින් දිලිහිදිලීහි සියක් ලක්ෂ්යක් රහතන් පිරිවරා ජනපද චාරිකා කරනසේක.

එකලැ අප මහබෝසතාණෝ නොයෙක් කෙළගණන් වස්තු ඇති කාශ්යඅප නම් බ්රා්හ්මණ ව වෙදත්රකයෙහි කෙළ පැමිණ වසනුවෝ බුදුන් කරා එළැඹ බණ අසා පැහැද කෙළලක්ෂකයක් වස්තු වියදම් කොට පිළිගන්වා බුදුබව පතා ඔබගෙන් මේ තෙළෙස් වන විවරණය ලදහ.

දක්වන‍ ලදුයේ මැයි:-

“සන්ද‍සස්නියසුතනුං පියදස්සිනාථං දික්වා්න කොටිසතලක්ඛපරිබ්බයෙන, කත්වාා විහාරපවරං පණීධාය බොධිං පුජෙයි විප්පවිභවෙ ඨිතකස්සපො සො”යී.

					________

තුඳුස් වන විවරණය

තවද ඔබට ඉක්බිති එ ම කපැ අත්ථස දස්සී නම් බුදුරජාණන් වහන්සේ සො‍ළසාසඞ්ඛ්යප කප්ලක්ෂ යක් පිරූ පාරමිතා ඇති ව තුසීපුරැ සිරි විඳ දඹදිවැ සොහන2 නම් නුවර සාගර නම් රජහුගේ සුදර්ශ්නා නම් අගබිසව කුසැ පිළිසිඳ දසමස් පුරා බිහි ව ඒ ක්ෂමණයෙහි කුලපරම්පරාගත ව බොහෝ කාල යක් නිධානගත ව තුබූ සියලු වස්තූන් හිමියන්ට ලාභ කරවා යෞවන අවස්ථාවට පැමිණ අමරගිරි ය, සුරගිරි ය, ගිරිගුහා ය යන තුන්මාලිගාවෙහි දසදහසක් අවුරුදු රාජ්යස ශ්රීන විඳිමෙන් කල්යවා තිස්දහසක් පුරඟනන්ට ප්රිධාන විශාඛා නම් අගබිසව සෙල නම් පුත්රුවන වැදූ දිනයෙහි අස්වාහනයෙකින් මහ බිනික්මන් නික්ම නවකෙළක් පුරුෂයන්හා සමඟ මහණ ව අටමසක් ප්රමධාන්වීය්ය්ර කොට බුදු වන දවස් සුචින්ද්රා3 නම් නාගමාණවිකාව දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දිවා විහාර

     1. - බෝ තුරුමුල්හි හීතණ සලා.         2.  ශොභිත          3.  සුචින්ද  - සුචින්දි රා -

රුචින්ධ්රා.


අභීනීභාර වර්ගඟය 85

කොට සවස්වේලෙහි මහා‍රුචි නම් නාරදහු දුන් හීතණ අට මටක් ගෙන සපුසිරිබෝමුල්හි සලා වගුරුවා තෙපනස්රියන් තණඇතිරිමත්තෙහි වැඩහිඳ මාරාරිමථනය1 කොට බුදු ව සත්සති යවා බ්රිහ්මාරාධනා පිළිගෙන අනොම නම් උයන්හි දහම්සක් පවත්වා මෙසේ ක්රසමයෙන් සාන්ත ය, උපසාන්ත ය යන අගසව් දෙනමක් හා ධර්මාය ය, සුධර්මාන ය යන අග්ර,ශ්රා්විකා දෙනමක් ඇති ව අභය නම් මහතෙර කෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අනුදහසක් අවුරුදු ආසිරි ඇති ව සියලඟරසින් සතර ගව්වෙකැ දිවරෑ බබුළුවා අසූරියන් බුදුබඳින්2 මුළුලෝ සරහමින් නවකෙළක්3 රහතුන් පිරිවරා ජනපදචාරිකා කරනසේක.

එ කලැ අප මහබෝසතාණෝ චම්පක නම් නුවරැ සුසීම නම් බ්රාැහ්මණව සියලු සැපත යාචකයන්ට දන් දී වලට4 ගොස් මහණ ව අභිඥාලාභී ව හිමවතැ වසනුවෝ බුදුන් කරා එළැඹ බණ අසා පහන් සිත් ඇතිව තමන්ගේ ආනුභාවබලයෙන් එකෙණෙහි ශක්රඑභවනයට පැනනැගී5 සක්දෙව්රජහුගේ සියක් යොදුන් උස ඇති පරසතුරුක සලා මල් ගෙනවුත් සතරමහ දිවයින එකපැහැර වස්නා මහවැස්සක6 පරිද්දෙන් දිවමල් වැසි වස්වා අවට මල් තොරණ මල්මඬුලු මල්ඇගෑ ආදීයෙන් විසිතුරු කොට සරහා පරසතුමල්කූඩයක් බුදුන් සිරසට පුදා බුදුබව ප්රාසර්ත්ථානා කොට ඔබගෙන් මේ තුදුස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“පරත්ථය දස්සිං මුනිමත්ථපදස්සිං

ස්වාදී සුසීමො පණ්ධාය බොධිං,
නානාවිධං පුප්ඵමහඤ්ච කත්වා ,
පූජෙසි මන්දා්රවපුප්ඵ ජත්තං” යි

_______


පසළොස් වන විවරණය


තවද ඒ අත්ථව දස්සී බුදුන් ඉක්බිති එ ම කපැ ධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ සොළොසාසඞ්ඛ්ය 7 කප්ලක්ෂීයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුරැ සිරි විඳ දඹදිවැ සරණ නම් නුවරැ සරන නම් රජහුගේ සුනන්දා නම් අගබිසව කුසැ පිළිසිඳ දස මස් පුරා බිහි ව අධිකරණශ්ර්ස්ත්රදපොත්වලැ අධර්මගව්යපවහාර අතුරුධන්8 කරවමින් ධර්ම්ව්ය්වහාර නො පිරිහෙළා සිටුවමින්

         1.  මාරමථනය          2.  අසූරියන් උස -      3. නවකෙළදහසක්       4.  මල් 
5.  ශක්ර.දෙවෙන්ද්රහයාගේ ශක්රවභවනයට ගොස්        6. මහවරුසාවක්.  7.  -සඞ්ඛෙය්ය. 

8. අධර්ම ව්යරවහාර නොපිරිහෙළා සිටුවමින් තුබුවා අතරුධන්- අතුරුදන්.

86 සද්ධර්ම ලඞ්කාරය

ක්රධමයෙන් වැඩී අරජය, වීරජ ය, සුදර්ශධන ය, යන තුන්මාලිගා වෙහි අටදහසක් අවුරුදු රජසිරි විඳිමින් වාසය කොට එක්ලක්ෂව විසිදහසක් පුරඟනන්ට ප්රුධාන වූ විචිකොලි නම් අගබිසව කුසින්1 පූර්ණනවර්ධවන නම් පුත්රුවන උපන් දිනයෙහි නිද්රොකප ගත තාටක වෙටිකාවන්ගේ ප්ර කට වූ විකට දැක සසරැ කලකිරී මහණ වන්නට යෙමීයි සිතු කෙණෙහි පූර්වොැපවිත කුශල යෙන් වැඩූන්නා වු සුදසුන් නම් මහරන්පාය පොළොතෙලෙන් යෙන් වැඩ උන්නා වූ සුදසුන් නම් මහරන්පාය පොළෝතෙලෙන් පැනනැගී සිවුරගසෙන් සමඟ අහසින් ගොස් බෝමැඩට ආසන්නව බිමා පිහිටි කල්හි ඇතුළු මාලිගාවෙහි දී ම කෙළලක්ෂහයක් පුරුෂයන් හා සමඟ මහණ ව මාලිගාවෙන් බැස පිටතැ වැඩ සිට නැවත මාලිගාව අහසින් ගොස් රන්කරව්බෝධීන් වහන්සේ මධ්යැ කෙරෙමින් බිමැ පිහිටි ඇසිල්ලෙහි රජබිසෝ වරුන් හා අවශෙෂස්ත්රීඩන් මාලිගාවෙන් බැස ගව්සමාරක් පමණ ගියකල්හි සත්දවසක් ප්රවධත්වීය්ය්න් කොට බුදු වන දවස් විචිකොලි නම් අගබිසව දුන් කිරිබත වළඳා ඩෙබරවෙනෙහි2 දිවාවිහාර කොට සවස්වේලෙහි සිරිවඩු නම් යවපල්ලා දුන් හීතණ අටමිටක් රත්කරව්බෝතුරුමුල්හි සලා වගුරුවා තෙපනස්රියන් තණ පලඟ මත්තෙහි සිටුරඟ ඉටා වැඩහිඳ මාරබල විධ්වංසනය2 කොට බුදු ව සත්සති යවා බ්රටහ්මාරාධනා පිළිගෙන ඉසිපතන් උයන්හි දහම්සක් පවත්වා පදුම ය, ඵුස්සදෙව ය යනු අග්රයශ්රා වක යුග්මයක් හා ඛෙමා ය, සබ්බනාමාය යන අග්ර් ශ්රා විකා යුග්මයක් ඇතිව සුනෙත්ර නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂ යකට ආසිරි ඇති ව අසූරියන් බුදුබඳින් මුළුලෝ විස්මයපත් කරවා කෙළලක්ෂ යක් රහතන් පිරිවරා ජනපද චාරිකා කෙරෙමින් ලෝවැඩ වඩන සේක.

එකලැ අප මහබෝසතාණෝ ශක්රුදෙවෙන්ර්වැඩ ව උපන්නාහු දෙදෙව්ලොවැ දෙවියන් පිරිවරා බුදුන් කරා දිව අවුත් දිව්යයමය වූ නොයෙක් හෙරිතූය්ය් ද යන් හා දිවමල් දිවසුවඳ ආදියෙන් බුදුන් පුදා බුදුබව ප්රානර්ත්ථනනා කොට ඔබගෙන් මේ පසළොස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“තං ධම්මදස්සිං වරධම්මදස්සිං

දිස්වා සුරි‍ෙන්දාං  සුරදුන්දුඳහීනි,
ග‍ෙන්ධංහි මාලෙහි මනොරමෙහි
පුජෙසි බොධිං පර්ණමධායමානො” යී.

_______


        1.  කුසවැස           2.  දෙබර   -          3.  -විධමනය

අභීනීභාර වර්ගධය 87

සොළොස් වන විවරණය


තවද ඒ ධම්මදස්සි නම් බුදුන් ඉක්බිති ව තුබූ එක්සිය අට ළොස් කපින් බුද්ධශූන්යන වූ කප් සූවිස්සක් ගිය කල්හි මෙ කපට සුවානූ1 වන සාර නම් කපැ2 සිද්ධාර්ත්ථ් නම් බුදුකෙනෙකුන් වහන්සේ අටාසඞ්ඛ්‍ය කප්ලක්ෂුයක් පිරූ පාරමිතා ඇති ව තුසී පුරා පැමිණ එහි සුරසිරි විඳ3 දඹදිවැ වෙහාර4 නම් නුවර උදෙන5 නම් රජහුගේ සුඵස්සා නම් අගබිසව්කුසැ පිළිසඳ සත්ත්ථනසිද්ධිය කරවමින් ක්රේමයෙන් බිහි ව යොවුන්සිරි6 සම්ප්රා ප්ත ව අටසාලිස්දහසක් පුරඟනන් පිරිව‍රා කොකාය ය, උත්පල ය, පදුම ය යන තුන්පායෙහි දසදහසක් අවුරුදු රජසිරි විඳිමෙන් කල් යවා සොම්නස් නම් අගබිසව අනොපම7 නම් පුත්රුවන වැදූ දිනයෙහි රන්සිවිගෙයෙකින් මහබිනික්මන් කොට කෙළලක්ෂවයක්8 පුරුෂයන් හා සමඟ මහණ ව දසමසක් ප්ර්ධන්වීය්ය්ුද කොට බුදු වන දවස් අසදෘශ9 නම් බමුණුගමැ ස‍ුනෙත්රා නම් බැමිණිය දුන් කිරිබත වළඳා ඩෙබරවෙනෙහි10 දිවාවිහාර කොට සවස්වේලෙහි වරුණ නම් යවපල්ලා දුන් හීතණ අටමිටක් ගෙන කිණිහිරිබෝමුල්හි සලා වගුරුවා සමසතලිස්රියන් තණඇතිරියෙහි වැඩහිඳ මරසෙනඟ බිඳ බුදුව සත්සති යවා බඹහුගේ අයදමෙන් ගයා නම් මිගදායෙහි දහම්සක් පවත්වා සම්බහුලය, සුමිත්ත ය11 යන අගසව් දෙනමක් හා සීවලී ය සුමනා12 ය යන අග්ර්ශ්රාහවිකා දෙනමක් ඇති ව රෙවත නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අවුරුදු ලක්ෂනයකට ආසීරි ඇතිව සැටරියන් උස බුදු බඳින් මුළුලෝ සරහමින් නවකෙළලක්ෂ‍යක් රහතන් පිරිවරා ගම් නියම්ගම් රාජධානී පිළිවෙළින් දනව් සැරිසරා ලෝවැඩ වඩනාසේක.

එකලැ අප මහබෝසතාණෝ සුරසෙන නම් නුවරැ මඞ්ගල නම් බ්රා හ්මණ ව සව්සැපත් දුක්පතුන්ට දන් දී හිමව්පියස් ගොස් තවුස්වෙස් ගෙන අභිඥාලාභීව ධ්යාවනසුවයෙන් දවස් යවනුයෝ බුදුන් කරා එළැඹ බණ අසා පහන්සියත් ඇති ව සෘද්ධිබලයෙන් නොලස් ව ගොස් දඹදිවට සලකුණු වු සාරසියයක් ගව් උස ඇති මහදඹගස සලා මහදියකළ සා දඹ ගෙනවුන් නවකෙළදහසක් රහතන් හා සමඟ බුදුන් වළඳවා බුදුබව ප්රාුර්ත්ථරනා කොට ඔබ ගෙන් මේ සොළොස් වන විවරණය ලදහ.

        1.  සුවාසූ.     2.  කල්පයෙහි   3.  එපුර සිරිවරා      4. වෙහෙර     5.  ජයසෙන

6. යෞවන සිරි. 7. අනූපම. 8. කෙළක් 9. ආදීය - අසදිස. 10. දෙබර - 11. සුවිත්තය. 12. සුනාමා.


88 සද්ධර්ම ලඞ්කාරය

දක්වන ලදුයේ මැයි:-

“සිද්ධන්ථ නාමමසමං සුගතං කතත්ථං

සි‍ද්ධෝ භවෙ කුචි පස‍ිද්ධමුනින්ද භාවො,
	 ජම්බුං ඵලං වරතරං අදදින්ථක ධීරො
	 දිස්වා මහිධිවිභවො මුනිමඞ්ගලො සො” යී.

__________

සතළොස් වන විවරණය

තවද ඒ සිද්ධාර්ත්ථි බුදුන් ඉක්බිති ව තුබූ සුවානූකපින් එක් කපක් බුද්ධශූන්යධ ව ගියකල්හි මේ කල්පයට දෙයානුවන1 මණ්ඩනම් ‍කල්පයෙහි තිස්ස ය, ඵුස්ස ය යන සර්වපඥවරයෝ දෙදෙනෙක් ලොවැ පහළ වූහ. එයින් නම් බුදුරජාණන් වහන්සේ අටාසඞ්ඛ්ය‍2 කප්ලක්ෂළයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් දඹදිවැ මෙඛලා නම් නුවරැ ජනයන්ධරව3 නම් රජහුගේ පියුම් නම් අගබිසව කුසැ පිළිසිඳ දසමස් පුරා බිහි ව ක්රධමයෙන් වැඩී ගුහසෙල ය4 නාරීස ය නිසභ ය යන තුන්මාලිගාවෙහි සත්දහසක් අවුරුදු රජසැපත් විඳ තිස්දහසක් පුරඟනන්ට ප්රීධාන වූ සුභද්රග නම් අගබිසව ආනන්ද නම් පුත්රුවන වැදූ දිනයෙහි අස්වාහනයෙකින් මහබිනික්මන් නික්ම පුරුෂයක් කෙළක් හා සමඟ මහණව අටමසක් ප්රිධන්වීය්ය්ෂය 5 කොට බුදු වන දවස් වීර නම් නියම්ගමැ එ ම නැමැති සිටුදුව දුන් කරිබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි විජිතසඞ්ගාම6 නම් යවපල්ලා දුන් හීතණ අටමියක් ගෙන පියොබෝතුරුමුල්හි සලා වගුරුවා සමසතලිස්රියන් තණපලහ පිළිගෙන යසවත් නම් මිගදායෙිහ දහම්සක් පවත්වා බ්රිහ්ම දෙව ය, උදය ය යන අගසව්දෙදෙනකු හා සුථස්සා ය, සුදත්තා ය යන අග්රයශ්රාුවිකා දෙදෙනකු ඇති ව සම්භව නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන ලදින් ලක්ෂ යක් අවුරුදු7 ආසිරි ඇතිව සියක් ලක්ෂනයක් රහතන් පිරිවරා සැටරියන් බුදුබඳින් මුළුලෝ බබුළුවා මොහඳුරා දුරු කරන සේක.

එකලැ අප මහබෝසතාණෝ යසවත් නම් නුවරැ සුජාත නම් රජ ව රජසැපත් හැර මහණ ව ධ්යා න උපදවා වසනුවෝ බුදුන් කරා එළැඹ බණ අසා පැහැද තව්තිසා දෙව්ලොවට දිවගොස් දිවඋයන් වැද යොදනක් කරඬුවෙකින් නොයෙක් පැහැ ඇති.

       1.  වානවුතිවන   2.  අටාසඞ්ඛෙය්ය    3. ජනසන්ථව  - ජනසත්ථය- ජනසන්ද්න ශුභා සෙලය.  5. මහාවීය්ය්  ය.  6. ජීවිත සහ - විජිත සහ. 7.  අවුරුද්දට

අභීනීභාර වර්ග ය 89

දිවමල් පුරා ගෙනවුන් බුදුන් පෙරට පුදා ඉඳුනිල් මිණිමය1 දඬු ඇති ඝනකනකමය පෙති ඇතිඅ පබළුමය රත්කෙසුරු ඇති විසිතුරු මහපියුමක් බුදුන් සිරස‍ට කූඩයක් කොට පුදා බුදුබව ප්රාුර්ත්ථදනා කොට ඔබගෙන් මේ සතළොස් වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“දිස්වාන තිස්සං සුගතං සුජාතො2 මහිද්ධිකො බත්තියතාපයො සො, පූජෙසි නානාසුරමාලකාහි3 විතානමෙකං පුණ්ධාය බොධිං” යි. ________

අටළොස් වන විවරණය

තවද තිස්ස බුදුන් ඉක්බිති එ ම කපැ ඵුස්ස නම් බුදු රජාණන් වහන්සේ සොළසාසඞ්ඛ්යක කප්ලක්ෂඵයක් පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙව්බඹුන්ගේ අයදමෙන් දඹදිවැ කසී නම් නුවරැ ජයසෙන4 නම් රජහුගේ සිරිමති5 නම් අගබිසව කුසැ පිළිසිද දසමස් පුරා බිහි ව ක්රැමයෙන් වැඩී ගරුඩපක්ෂ ය, හංස ය, ස්වර්ණ වාරය යන තුන්පායෙහි දසදහසක් හවුරුදු අනොපමෙය6 වූ රාජ්යස ශ්රීද විඳිමින් දවස් යවාව තිස්දහසක් පුරඟනන්ට ප්රමධාන වූ කිසාගොතමී නම් අගබිසව අනොපම7 නම් පුත්රුවන වැදු දිනයෙහි ඇත්වාහනයෙකින් මහබිනික්මන් නික්ම සියක් ලක්ෂරයක් පුරුෂයන් හා නුවරෙකැ සිරිවැඩී8 නම් සුටුදුව දුන් කිරි බත වළඳා ඉන්සළුවෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි සිරිවඩු නම් තවුසාණ9 කෙනකුන් දුන් හීතණ අටමිටක් ගෙන ඇඹුලුබෝතරුමුල්හි සලා10 වගුරුවා අටතිස්රියන් තණ පලඟ මත්තෙහි වැඩහිද මාරවීය්ය්ව තිර්මූලනය කොට සත්සති යවා බ්ර්හ්මමුහුර්තවයෙන් ඉසිපතන නම් මිගදායෙහි දහම්සක් පවත්වා සුරක්ෂි ත ය, ධර්ම‍සෙන ය යන අගසව් යුග්මයක් හා වාලා ය, උපවාලා ය, යන අග්රමශ්රා විකායුග්මයක් ඇතිව සභිය නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අනූදහසක් අවුරුද්දට ආසිරි ඇතිව අටපනස්රියන් බුදුබඳින් මුළුලෝ බබුළුවා කෙළක් පමණ රහතන් විසින් පිරිවරන ලදුව දනව් සැරිසරා මුළුලොවට නිවන්පුරසිරි දෙනසේක.

         1.  ඉඳුනිල්මුවා.         2.  දිස්වාන      තිස්සසුගතං       සුග‍තො         සුජාතො. 

3. පුරමාලාකෘහි 4. ජනසෙන 5. සිරිමා 6. අනොපමෙය්යු 7. අනුපම

8. සිරිවඩු   9.  තවුස්   10.  හීතණ සලා


90 සද්ධර්ම ලඞ්කාරය

එකලැ අප මහබෝසතාණෝ විජිතාවී නම් රජ ව වසනුවෝ බුදුන් කරා එළැඹ බණ අසා පහන්සිත් ඇති ව මහදන් දී දසවිධ රත්නයෙන් හා සමඟ සියලු රාජ්ය ය බුදුන්ට පුදා සසුන් වැද මහණ ව තෙවළාබුදුවදන් ඉගෙන ධර්ම කථික ව ප්රබතිපත්තින් ප්රයසිද්ධව මතු ඊට වඩා බුදු ව ප්ර සිද්ධ වන සේ ප්රා්ර්ත්ථිනා කොට ඔබගෙන් මේ අටළොස් වන විවරණය ලදහ.

දක්වනු ලදුයේ මැයි:-

“සදා ඵුසන්තං1 ජනතං හිතෙන මුනිම්පි ඵුස්සං විජිතා විරාජා පුජෙයි නානාරතනප්පගාය රජ්ජඤ්ච ජෙනායථ පබ්බජිත්ථත” යි. _________

එකුන්විසි වන විවරණය

තවද ඒ ඵුස්ස නම් බුදුන් ඉක්බිති තුබු දෙයානුකපින් කපක් ගියකල්හි මේ කල්පයට එකානු වන යාර2 නම් කල්පයෙහි විපස්සී නම් බුදුරජාණන් වහන්සේ පිරූ3 පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙවිබඹුන්ගේ අයදමෙන් ඒ පුරසිරි වරා දඹදිවැ බන්ධුතවතී නම් නුවරැ බන්ධුඹමා4 නම් රජහුගේ බන්ධුරමතී නම් බිසව් කුසැ පිළිසිද දසමස් පුරා බිහිව වැඩිවිය පැමිණ නන්දධ ය, සුනන්දස ය, සිරිමත්ත ය යන තුන්මාලිගාවෙහි අටදහසක් අවුරුදු රජසිරි විද එක්ලක්ෂන විසිදහසක් පුරවධුන්ට ප්රරධාන වූ සුතනු නම් අගබිසව සමවත්තක්ඛන්ධඑ නම් පුත්රුවන වැදූ දිනයෙහි රථවාහනයෙකින් නික්ම මහබිනික්මන් කොට සුවාසූදහසක් පුරුෂයන් හා සමඟ මහණ ව අටමසක් දුෂ්කර ක්රිකයා පුරා බුදු වන දවස් සුදසුන් නම් සුටුදුව දුන් කිරිබත වළඳා දහවල් සල්වෙනෙහි වැස සවසැ සුජාතා නම් යවපල්ලා දුන් හීතණ අටමිටක් ගෙන බෝමැඩ කරා වැඩ ප‍ෙළාල්බෝතුරු මුල්හි සලා5 වගුරුවා තෙපනස්රියන් තණපලඟ මත්තෙහි වැඩ ඉඳ මාරබලවිධමනයෙන් බුදු ව සත්සති යවා බඹහුගේ අයද මෙන් ඛෙම නම් මිගදායෙහි දහම්සක් පවත්වා ක්ර මයෙන් ඛණ්ඩ ය, තිස්ස ය යන අගසව්දෙනමක් හා චන්රාත්වා ය, චන්ර්ිස්මිත්රාි ය යන අග්රඅශ්රා්විකා දෙනමක් ඇති ට අශොක නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් අසුදහසක් අවුරුද්දට ආසිරි ඇති ව අවටැ අටවිසි ගව්වෙකැ පැතිර දිවාරෑ අඳුරු

       1.  පසන්ත            2.  සාරමණ්ඩ    3.  පැතූ           4.  බන්ධු මාන - බන්ධුොමතී 

5. හීතණ සලා

අභීනීභාර වර්ගීය 91

දුරු කොට බබළන්නාවූ ව්යා මප්ර භමණ්ඩලයෙන් පිරිවරන ලද අටාසූරියන් බුදුබඳින් තුන්ලෝ බබුළුවා සුවාසූදහසක් මහසව්වන් පිරිවරා දනව් සැරාසරා ලෝවැඩ වඩනා සේක.

එකලැ අප මහබෝසතාණෝ අතුල නම් දිව්ය නාගරාජ ව කෙළගණන් දිවනයින් පිරිවරා බුදුන් කරා එළැඹ සඳමඬල බිමට බටුවා සේ ඒ පමණ මනහර රුවන්මණ්ඩපයක් නිර්මිත කොට සපිරිවර බුදුන් සතප්වා1 සත්දවසක් දිවඅහර දන් දී දිවමිණි රැසින් දිලිහෙන්නා වු මනහර මිණිපලගක් පුදා බුදුබැවින්2 පිහිට ලබන සේ ප්රාසර්ත්ථානා කොට ඔබගෙන් මේ එකුන්විසි වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“සු දස්සනීයඤ්ච විපස්සිනාථං දිස්වා මහිද්ධි අතු‍ෙලාරගො යො3 මහග්සිකං සත්තමණ්හි විත්තං සම්බොධියා ‘දායි සුවණ්ණපීඨං” යී


_______

විසි වන විවරණය

තවද ඒ විපස්සී බුදුන් ඉක්බිති ව තුබූ අනුකපින් පනස්නව කපක් ගිය කලැ මේ කල්පයට එක්තිස් වන මණ්ඩ නම් කල්පයෙහි සිඛී ය, වෙස්සභු ය යන සර්වයඥවරයෝ දෙදෙනෙක් ලොවැ පහළවූහ. එයින් මුළුලොවට සඛී වූ4 සිඛී නම් බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙවිබඹුන් අයදමෙන් ඒ පුරැ සිරි වරා දඹදිවැ අරුණවතී නම් නුවරැ අරණවතී නම් රජහුගේ ප්රුභාවතී නම් අගබිසව කුසැ පිළිසිඳ දසමස් පුරා බිහි ව ක්ර මයෙන් වැඩී චන්ර්ී නක ය, සිරි ගිරි ය, නාරිවසහ ය යන තුන්මාලිගාවෙහි සත්දහසක් අවුරුදු රජසිරි5 විඳ සූවිසිදහසක් පුරස්ත්රී න්ට ප්ර්ධාන වු සර්වඅකාමා නම් අගබිසව අතුල නම් පුත්රුවන වැදූ දිනයෙහි ඇත්වාහන යෙකින් මහබිනික්මන් කොට සැත්තෑලක්ෂ යක් පුරුෂයන් හා සමඟ මහණ ව අටමසක් මහාවීය්ය් ක කොට බුදු වන දවස් සුදසුන් නම් තියම්ගමැ පියදස්සනා නම් කොට සවස්වේලෙහි අ‍ෙනාමදස්සී නම් තාපසකෙනකුන් දුන් හීතණ අටමිටක් ගෙන බෝමැඩ කරා වැඩ ඇ‍ටඹබෝතුරුමල්හි සලා7

       1.  සතප්පාව.      2.  බුදුබවෙහි     3. අතු‍ෙලාරුනාගො.      4.  මුළුලෝසුඛීවූ

5. රජසැප 6. දෙබර - 7. හීතණ සලා

92 සද්ධර්ම ලඞ්කාරය

වගුරුවා සූවිසිරියන් තණපලඟ මත්තෙහි වැඩහිද මරසෙනග බිඳ බුදු ව සත්සති යවා බ්රරහ්මාරාධනා පිළිගෙන මිගාවිත නම් උයන්හි දහම්සක් පවත්වා ක්ර මයෙන් අහිභු ය, සම්භව ය යන අගසව්දෙනමක් හා මඛිලා ය, පද්මා ය යන අග්රමශ්රාමවිකා දෙනමක් ඇති ව කෙම්කරු නම් මහතෙරකෙනකුන්ගෙන් උපස්ථාන ලදින් සැත්තෑදහසක් අවුරුද්දට ආසිරි ඇතිව සියලඟරසින් දොළොස්ගව්වක් අවට දිවරෑ1 බබුළුවා සැත්තෑ රියන් උස බුදුබඳින් දිලිහිදිලීහි සැත්තෑදහසක් මහසව්වන් පිරිවරා ලෝවැඩ වඩනාසේක

එකලැ අප මහබෝසතාණෝ අරින්දිම නම් රජ ව බුදුන් කරා එළැඹ බණ අසා පැහැද පිරිවර සහිත බුදුන් පවරා සත්දවසක් මහදන් දී කෙළවරදවස් අනගි වූ සළුපිරිකර පිළිගන්වා නොයෙක් හස්ත්යවලඞ්කාරයෙන් තමන්ගේ මඟුලැතු සරහා බුදුන්ට පූජා කොට ඔහු උසට ගොඩ කොට කප්පිය භාණ්ඩ2 දන් දී බුදුරජය3 පතා ඔබගෙන් මේ විසි වන විවරණය ලදහ. දක්වන ලදුයේ මැයි:-

“දිස්වා සිඛිං ඛීණභවං මුනින්දාද

අරින්ද මො දානමදා නරා‍ෙන්දාැ,
සචීවරං4 තං පණ්ධාය බොධිං
හත්ථිං  ච භත්‍ාප භරණෙහි යුත්තං” යි.

__________

එක්විසි වන විවරණය

තවද ඒ පාපෙන්ධව නෛකශීඛි වූ සිඛී නම් බුදුන් ඉත්බිති එ ම කපැ වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙවිබඹුන් අයදමෙන් ඒ පුරැ සිරි බිඳ දඹදිවැ අනූපම නම් නුවරැ සුප්ර තිම නම් රජහුගේ යසවති1 නම් බිසව කුසැ පිළිසිඳ දසමස් ඇවෑමෙන් බිහි ව ක්ර මයෙන් වැඩී තිස්දහසක් පුරඟනන් විසින් පිරිවරන ලදු ව6 රුචි ය, සුරුචි ය, රතිවර්ඬවනය යන තුන්ප්රාිසාදයෙහි සදාසක් අවුරුදු රාජ්යිසම්පත් විඳ දිනයෙහි රන්සිවිගෙයෙකින් මහ බිනික්මන් නික්ම සැත්තෑදහසක් පුරුෂයන් හා සමඟ මහණ ව සමසක් මහාවීය්ය්නික කොට බුදු වන දවස් සුවිත්රත නම් නියම්ගමැ සිරිවඩු නම් නාගමාණවිකාව දුන් කිරිබත වළඳා සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි නරින්ද් නම් නාරජහු දුන් හීතණ අටමිටක් ගෙන බෝමැඩ කරා එළැඹ8 සල්බෝතුරු 1. දිවාරෑ 2. උසටකප්පිය භාණ්ඩ. 3. බුද්ධරාජ්යවය. 4. වෙලුන්තර. 5. එපුරසිරි නෙසිරිවිද - එපුරසිරි නොසිරිවිඳ. 6. පුරඟනන් පිරිවරන

ලදුව.  7.  සුප්ර තිබුද්ධ   8.  වැඩ

අභීනීභාර වර්ග ය 93

මුල්හි සලා1 වගුරුවා සමසතලිස්රියන් තණපලඟ මත්තෙහි වැඩහිඳ බුදු ව සත්සති යවා බ්රරහ්මාරාධනාවෙන් අරුණ නම් උයන්හි දහම්සක් පවත්වා සොණ ය, උත්තර ය යන අගසව් දෙනමක් හා දාමා ය, සුදා මා ය යන අග්රයශ්රාතවිකා දෙනමක් ඇති ව උපසාන්ත නම් මහතෙර කෙනකුන්ගෙන් උපස්ථාන ලදින් සැටදහසක් අවුරුද්දට ආසිරි ඇති ව සැට රියන් උස බුදුබඳින් යුක්ත ව සැත්තෑ දහසක් මහසවිවත් පිරිවරා ජනපදචාරිකා කෙරෙමින් දහම්වැසි වස්වා කෙලෙස් ගිනි නිවනසේක.

එකලැ අප මහබෝසතාණෝ සුදර්ශකන නම් රජ ව බුදු පාමොක් මහසඟපිරිස් පවරා සාදරසිතින් දන් සපයා අහර සිවුරු ආදියෙන් උපස්ථාන කොට බුදුන්ට මනහර ගඳකිළියක් හා අවටැ විහාරදහසක් කරවා සපිරවර බුදුන්ට පිළිගන්වා සියලු රජසැපත සජුන් කෙතැ වපුට මහණ ව බුදුබව පතා

දක්වන ලදුයේ මැයි:-

“සයම්භූනො වෙස්සභුනාමකස්ස

                      සහික්ඛුසඞ්ඝස්ස ජිනස්ස තස්ස,
                     සුදස්ස නො චාරුමුදාරදානං
                     දත්වාසන සො පබ්බජි චීවරඤ්ච”-*යී

_________

දෙවිසි වන විවරණය

තවද ඒ වෙස්සගු නම් බුදුන්ට ඉක්බිති ව තිබූ තිස්කපින් විසිනවකපක් ගියකල්හි මතු බුදු වන මෛත්රෙබය2 බුදුන් ඇතුළු ව පස්බුදුකෙනකුන්ගෙන් අභිවෘද්ධිදායක ව සිටි මේ මහාභද්රපකල්පය සම්බන්ධිෙ වූ ප්රුථම අනතඃකල්ප යෙහි කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙවිබඹුන්ගේ අයදමෙන් දඹදිවැ මෙඛලා නම් නුවර ඛෙම3 නම් රජහට පුරොහිත අග්ගදන්ත

* මෙය ඇතැම් පිටපත්හි මෙසේ එයි:

“සස්මභූ‍ෙනා වෙස්සභූ‍නාමීකස්ස

සුදාස්ස‍ෙනා වාරුමුදාරදාන.
අදාසි ජෙනාය සසික්ඛුකස්ස
සර්විවරඤ්චාපි සපබ්බජ්ත්ථ‍”

1. හීතණ සලා. 2. මෛත්රීග 3. මෙඛලා.

94 සද්ධර්මවලඞ්කාරය

නම් බ්රා හ්මණයාණන්ගේ විශාඛා නම් වූ බ්රා හ්මණදේවින කුසැ පිළිසිඳ දසමස් පුරා බිහි ව ක්රණමයෙන් වැඩී දෙවඟනන් බදු1 වරඟනන් පිරිවරා කාමය, කාමවර්ණමය, කාමශුඬිය යන තුන්ප්රාඳසාදයෙහි සාරදහසක් අවුරුදු ගිහිසැපත් වළඳා තිස්දහසක් පුරගනන්ට ප්රයධාන වූ රොචනී2 නම් අගබැමිණි රුවන උත්තර නම් පුත්රුවන වැදු දිනයෙහි රථවාහන යෙකින් මහබිනික්මන් නික්ම සතලිස්දහසක් පුරුෂයන් හා සමඟ මහණ ව අටමසක් මහාවීය්ය්ම ස කොට බුදු වන දවස් සුවින්ධමර නම් නියම්ගමැ වජිරෙන්රාාවී 3 නම් බැමිණිය දුන් කිරිබත වළඳා නම් යවපල්ලා දුන් හීතණ අටමිටක් ගෙන ‍බෝමැඩ කරා වැඩ මහරිබෝතුරුමුල්හි තණ සලා වගුරුවා සුතිස්රියන් විදුරසුන් නැගී4 මරසෙනඟ5 බිඳ බුදු ව සත්සති යවා බ්රිහ්මයාගේ ආරාධනාවෙන් ඉසිපතනඋයන්හි දහම්සක් පවත්වා විධුර ය, සඤ්ජිව ය යන අගසව්දෙදෙනකු හා සාමා ය උපසාමා ය යන අග්රිශ්රාඅවිකාදෙදෙනකු ඇති ව බුද්ධිජන නම් මහතෙරකෙනකුන් ගෙන් උපස්ථාන ලදින් සතලිස් දහසක් අවුරුද්දට ආසිරි ඇති ව සතලිස්රියන් උස බුදු බඳින් නික්මෙන්නා වූ ව්යාදමප්ර භාමණ්ඩලයෙන් අවටැ සතලිස් ගව්වක්6 පමණ තන්හි දිවරෑ7 අඳුරු දුරු කොට සතලිස්දහසක් මහසව්වන් පිරිවරා විනෙයජනයන්8 පිණිස දනව් සැරිසරන සේක.

එකලැ අප මහබෝසතාණෝ ඛෙම නම් නරපති ව සතලිස් දහසක් මහසව්වන් හා සමඟ බුදුන් පවරා සතලිස්දහසක් සිවුරු පිරිකර හා මහදන් දී අඳුන් ආදී වූ බෙහෙත්බඩු හා සමඟ සෙසු තවුස්9 පිරිකර ද පිළිගන්වා සසුන් වැද බුදුරජය10 පතා ඔබ ගෙන් මේ දෙවිසි වන විවරණය ලදහ.

දක්වන ලදුයේ මැයි:-

“තං සච්චයන්ධංය කකුසන්ධාබුද්ධ

                       සම්බොධියා පූජයි චීවරෙහි,
                       පන්ගෙහි නානාවිධමොසධෙහි
                       ගුණෙහි සො පබ්බජි‍ෙතාසි11 ඛෙමො”යි.

¬¬¬¬¬¬¬¬¬¬¬__________

     1. වැනි       2.  රෝවින     3.  වජිරෙන්ර්රදෙ     4.  අරා    5.  මරසෙන්     6.  සතලිස්

ගව්රස 7. දිවාරෑ 8. චෛතෙය- 9. හා තවුස්- 10. බුද්ධරාජ්ය ය

11. පබ්බජිතෙහි -  පබ්බජි‍ෙතා හි.


අභීනීභාර වර්ග ය 95

තෙවිසි වන විවරණය

තවද ඒ කකුසද බුදුන් ඉක්බිති ව එම කපැ දෙවන අන්තඃකල්පයෙහි කොණාගමන නම් බුදුරජාණන්වහන්සේ පිරූ පාරමිතා ඇති ව තුසීපුර පැමිණ දෙවිබඹඅයදු මෙන් දඹදිවැ සොභාවතී නම් නුවරැ යඤ්ඤදත්ත නම් බ්රාණහ්මණයාණන් නිසා උත්තර නම් බ්රාමහ්මණදෙවින් කුසැ පිළිසිඳ දසමත් පුරා බිහි ව මුළුලොවැ සත්රුවන්වැසි වස්වා ක්රමමයෙන් වැඩිවිය පැමිණ සුරගනන් බඳු වරහනන් පිරිවරා තුසිත ය, සන්තුසිත ය. සන්තුෂ්ට ය යන තුන්ප්රා සාද යෙහි තුන්දහසක් අවුරුදු ගිහිසැපත් විඳ සොළොස්දහසක් බ්රාුහ්මණින්ට ප්ර ධාන වු රුචිගාත්රාු නම් බැමිණිදෙවින් යාර්ත්ථ වාහන1 නම් පුත්රුවන වැදූ දිනයෙහි ඇත්වාහනයෙකින් මහබිනික්මන්න නික්ම තිස්දහසක් පුරුෂයන් හා සමඟ මහණ ව සමසක් මහාවීය්ය්න කොට බුදු වන දවස් අග්ගියෙනා නම් බැමිණිය දුන් කිරිබත වළඳා කිහිරිවෙනෙහි2 දිවාවිහාර කොට සවස්වේලෙහි තින්දු ක3 නම් යවපල්ලා දුන් හීතණ අටමිටක් ගෙන බෝමැඩ කරා එළැඹ දිඹුල්බෝතුරුමුල්හි තණ සලා වගුරුවා විසිරියන් පමණ තණ ඇතිරි අරා මරසෙනඟ බිඳ බුදු ව පවත්වා සම්බහුල ය උත්තර ය යන අගසව්දෙනමක් හා සමුද්රාත ය, උත්තරා ය යන අග්ර ශ්රා විකා දෙනමක් ඇති ව සොත්ථිා ජ4 නම් මහ තෙ‍රකෙනකුන්ගෙන් අත්පා මෙහෙ ලදින් තිස්දහසක් අවුරුද්දට ආසිරි ඇති ව තිස්රියන් බුදුබඳින්5 යුක්ත ව තිස්දහසක් මහසව්වන් පිරිවරා ජනපදචාරිකා කෙරෙමින් විනෙය6 ජන නැමති කුමුදුවන පුබුදු වන සේක.

එ කලැ අප මහබෝසතාණෝ මිලිඳු නම් නුවරැ පර්වකත නම් නරපති ව බුදුන් හා සමඟ සඟපිරිස් පවරා තුන්මසක් මහදන් දී වස් අන්තයෙහි එක් තිස්දහසක් සළුපිරිකර පිළිගන්වා මනහර මිරිවැඩිසඟළක් බුදුන්ට පුදා7 බුදුරජය8 පතා ඔබ ගෙන් මේ තෙවිසි වන විවරණය ලදහ. දක්වන ලදුයේ මැයි:

“ඤාණෙන කොනාගමනම්පි දිස්වා

සම්බොධියා පබ්බතකො නරි‍ෙන්දා 
සඬිං අමව්වෙහි අදාසි දානං
පත්තුත්ත විනාදිසුවීවරං ව”8 -යි

1. ස්වාර්ථසවාහ - (ස. ර.) 2. කිනිහිරි - 3. වින්දු ක - (ස.ර.) 4. සොත්ථි ජන

(ස.ර.)      5.  තිස්රියන් උස බුද්ධකායකින්      6.  චෛතය -        7.  පිළිගන්වා 

8. බුද්ධරාජ්ය ය 9. පත්තුන්තවීවාදීහි චීවරං ච


96 සද්ධර්ම ලඞ්කාරය

සූවිසි වන විවරණය

තවද ඒ කොණාගමන නම් බුදුන් ඉක්බිති මෙ ම කපැ තුන් වන අන්තඃකල්පයෙහි කාශ්යුප නම් බුදුරජාණන් වහන්සේ පිරූ පාරමිතා ඇති ව තුසීතපුර පැමිණි දෙවිබඹුන්ගේ අයජ මෙන් දඹදිවැ බරණැස්නුවරැ බ්රුහ්මදත්ත නම් බ්රා හ්මණ උතුමාණන්ගේ ධනවාතී නම් බැමිණිදේවින්1 කුසැ පිළිසිඳ දසමස් පුරා බිහිව ක්ර මයෙන් වැඩිවිය පැමිණ සුරලියන් වැනි වරලියන් පිරිවරා හංසවන්ත ය, යසවන්ත ය, සිරිනන්ද් ය යි යන තුන් ප්රායසාදයෙහි දෙදහසක් අවුරුදු ගිහිසැපත් විඳ අට සාලිස්දහසක් බ්රායහ්මණින්ට ප්රසධාන වූ සුනන්දා නම් බ්රාහහ්මණ දෙවීන් විජිතසේන2 නම් පුත්රුවන වැදූ දිනයෙහි මහබිනික්මන් කෙරෙමි යි සිතූ සිත හා සමඟ දෙවන සඳමඬලක් මෙන් දස දිග3 බබුළුවා අහසට පැනනංගාවු වැඩහුන් මහපායෙන් ම මහබිනික්මන් නික්ම සියකලක්ෂබයක් පුරුෂයන් හා සමඟ මහණව සත්දවසක් මහාවීය්ය්න කොට වෙසඟ මැඳින්පොහෝදවස් සුනන්දාණ නම් බ්රාදහ්මණදෙවීන් දුන් කිරිබත වළඳා ඩෙබරවෙනෙහි4 දිවාවිහාර කොට සවස්වේලෙහි සොමනස්ස නම් යවපාලයා දුන් හීතණ අටමිටක් ගෙන බෝමැඩ කරා එළැඹැ නුඟ බෝ තුරු මුල්හි සලා වගුරුවා පසළොස්රියන් තණපලඟ මත්තෙහි බෝකඳට පිට ලා වැඩ හිඳ මාරබලවිධමානය කොට බුඬරාජ්ය්ය ලදින් සත්සති යවා බ්රලහ්මාරාධනාව පිළිගෙන ඉසිපතන උයන්හි දහම්සක් පවත්වා තිස්ස ය, භාරද්වාජ ය යන අග්රහශාවකයුග්මයක් හා උරුලාය උරුවෙලා ය යන අග්රඅ ශ්රාාවිකායුග්මයක් ඇතිව සර්වමවිත්රග5 නම් මහතෙරකෙනකුන් ගෙන් අත්පාමෙහෙ ලදින් විසිදහසක් අවුරුද්දට ආසිරි ඇතිව විසිදහසක් මහසව්වන් පිරිවරා විසිරියන් බුදුබඳින්6 මුළුලොව බබුළුවා ජනසංග්රරහය පිණිස7 ජනපදවාරිකා කරනසේක.

එකලැ අප මහබෝසතාණෝ ජෝතපාල නම් බ්රාුහ්මණ ව වෙදවෙදාඞ්ගයෙහි හෙද ගෙවා දැන සියලු ශාස්ත්රවයෙහි අවිවාය්ය් වි වු ආචාය්ය්ඞ භාවය‍ට පැමිණ දඹදිව්තෙලෙහි ප්රිසිදිධ ව වසනුවෝ ඝටීකාර නම් අනාගාමී කුමභකාරයක්හුගේ මිත්රය බලයෙන් බුදුන් කරා එළැඹ බණ අසා පැහැද සැපත් හැර මහණව3 වෙදත්රනය හැර පිටකත්රණය ඉගෙන9 ප්රැතිපත්තිපූජා කොට බුදු රජය10 පතා ඔබගෙන් මේ සූවිසි වන විවරණය ලදහ.

      1.  -දේවීන්ගේ       2.  විජිත.           3.  දසදික්     4.  දෙබර -         5.  සර්ව මිත්ර .

6. බුදුබදකින් 7. නිසා. 8. බණ අසා මහණව - බණ අසා සැපත් හැර

මහණ        9.  ඉගෙන ගෙන     10. බුද්ධරාජ්ය ය      

අභීනීභාර වර්ග ය 97

දක්වන ලදුයේ මැයි:-

“යො කස්සපස්සා පි ජිනස්ස පූජං

ගුණෙහි සම්මා පටිපත්තිජෙහි,1
අකාඝටීකාරසහායතාය
සම්බොධියා උත්තමජොතිපාලො”* යී

‍මෙසේ අප ‍මහබෝසතාණෝ බුද්ධරාජ්ය ය පිණිස සප්තා සඞ්ඛ්යසකල්පකලක්ෂබයෙකින්2 මනොප්ර ණිධාතය නිමවා නවාසඞ්ඛ්යඅකල්පලක්ෂතයෙකින්3 වාක්ප්රපණිධානය නිමවා සාරසඞ්ක්යඅකල්පලක්ෂතයෙකින්4 කායවාග්ප්රිණිධානය මුඳුන්පත් කළහ. එසේ හෙයින් වදාරන ලදුයේ මැයි සොදන්තකනිදානයෙහි:-

“විත්තිතං සත්තයඞ්ඛෙය්යාි, නවාසඞ්ඛෙය්යසඤ්ච වාචකං කායවාචා වතුසඞ්ඛෙය්යංඛ5 පාරං පාපෙයි පත්ථයනං 6 යී.

මෙසේ සියලු සත්ත්ව්යන් සංසාරසාගරයෙන් ගොඩැ නංවා7 අමාමහනිවන් දක්වමි යන උදාරධ්ය ශයෙන් යුක්ත ව ආත්ම සෙනෙහයෙහි නිරපෙක්ෂන වූ කරුණාපර මහාපුරුෂ යාණන් විසින් උපනුපන් බුදුන් නො වරදවා දැක බුද්ධරාජ්යමය පතා සර්ව ශක්තීන උපස්ථාන කොට විවරණ ශ්රී ලදින් දශවිධපාරම්ධර්ම යන් පුරාණය කිරීම වශයෙන් කරන ලද්දාවූ මේ සියලු බුද්ධකාරක කෘත්යනයන් සිද්ධ කොට මම ද මතු ‍ෙලාවුතුරු බුදු ව8 දසදහසක් සක්වළ තුනුරසින් බබුළුවා එ පමණ සක්වළෙහි එකහෙලා පියුම්වැසි වස්වමින් දහම්සක්9 පත්වා නවකෙළ සැටලක්ෂදයක් උතුරු කොට ඇති සුවිසි අසඞ්ඛ්යමයක් සත්ත්වකයන්මාර්ගුඵලයට පමුණුවා ඔවුන් හා සමඟ අතිශාන්ත වූ අමාමහනිවන්පුර පැමිණෙම්වා දක්වන ලදුයේ මැයි:-

“එවං උදාරහදයෙන මහාදයෙන ලොකුත්තමෙන මහතා කතසබ්බකිච්චං කත්වා්න සාධුජනතාය සහෙවහං ච පප්පොමි සන්තතරසන්තිපුරං සුම්මං”යී.

මෙතෙකින් සාධුජනයන්ගේ සිත් පහදවනු සඳහා හෙළුබසින් උපදවන ලද මේ සද්ධර්මා ලඞ්කාරයෙහි අභිනීභාරවර්ග නම් වූ

තුන්වන පරිච්ඡේදය නිමි.

__________

1. පටිපත්තිදිහි 2. සතාසඞ්ඛ්යාල කජ- 3. තවාසඞ්ඛ්යී කප්- 4. සාරාසඞ්ඛ්යහ කප් - 5. කායවාචාවතු‍ම-ණෙත්ථඞ හි 6. බුද්ධත්තසමුපගාමී 7. ගොඩ නගා 8. බුදුවී 9. දර්ම5සක්

  • “අකා පසිද්ධො වසුධම්බරස්මිං - සම්බොධියා ජොතන

ජොතිපාලො” (ඇතැම්)

98 සද්ධර්ම ලඞ්කාරය

4. පරිච්ඡේදය. 4. ධර්ම්සොණ්ඩකවර්ග ය

1. ධර්ම්සොණ්ඩකවස්තුව

තවද මේ සද්ධර්මාමලඞ්කාරයෙහි ධර්මතසොණ්ඩක වර්ග ය නම් කවරැ යත්?

මේ තැන්හි මතු කියන්නේ එහි පළමු වන ධර්මුසොණ්ඩක වස්තුව. හේ කෙසේ ද යත්?

මෙසේ ‍ෙම් යථොක්තප්ර කාරයෙන් මෙම කපැ තුන් වන අන්තඃකල්පයෙහි ත්රෛොලොක්යවකල්පදාමයක් මෙන් ලොකයෙහි පහළ වූ ද්වාත්‍රිංශත්වරමහාපුරෂලක්ෂරණාශීත්යමනුබ්යපඤ්ජනබ්යා ම ප්රාභාකෙතුමාලාලඞ්කාරයෙන් විරාජමාන වූ විසිරියන් බුදුබඳින් තුන්ලොව බබුළුවා විසිදහසක් අවුරුදු ආසිරි වළඳා ලෝවැඩ වඩා වැඩසිටි කාශ්යබප සර්වුඥයන් වහන්සේගේ ත්රි විධශාසනය ව්යසවහිත ව නොබෝකාලයක් ගියකල්හි යටැකී පරිද්දෙන් බුදු බව පතා විවරණ ශ්රීි ලදින් බොධිසමහාරපුරණයෙහි තත්පරව දානශීලාදී වූ අගාධාපාරපාමිතාසාගරයෙහි කිමිද ඇවිදිනා වු අප මහබෝසතාණෝ බරණැස්නුවරැ බ්රාහ්මදත්ත රජහුගේ අගමෙහෙසුන් බිසව් කුසැ පිළිසිඳ දස එකඩමස් ඇවෑමෙන් මෙඝ මුඛයෙකින් නික්මුණු පුන්සද මඬලක් සේ මව්කුසින් බිහිවූහ.

මෙසේ ඒ ශ්රීි මහාබොධිසත්ත්වකයන් මව්කුසින් බිහි වත් ම සියලු සත්ත්ව යන්ගේ සිත් හි ධර්මවසංඥාව1 පහළ‍ විය. එසේ හෙයින් ඒ මහතාණන් ට දහම්සොඬ කුමාරයෝ ය යි නම් තුබූහ. ඉක්බිති ඒ දහම්සොඬකුමාරයෝ මහත් වු රජපෙරහරින් ක්රෝමයෙන් වැඩී සොළොස්හැවිරිදි වයසට පැමිණියාහු අක්ෂිර ය, ලිඛිත ය, ගණිත ය, ගන්ධයර්වන ය, තර්ක ය, ව්යාවකරණ ය, ඡන්දණස ය, නිඝණ්ටු ය, අලඞ්කාර ය, ශාලිහොත්ර ය,2 මන්ත්රයය, තන්ත්රය ය, යන්ත්රය ය,3 ආත්මෝදය, ජ්යෙයතිර්ඥන ය, ඉතිහාස ය,4 පුරාණ ය, අග්නි ය, ස්තම්හ ය, ජලස්තම්හ ය,5 කෞමාර ය ,6 කුපශාස්ත්ර ය, සූපශාස්ත්ර් ය , කාමශාස්ත්ර් ය, ශස්ත්රළවින්යාෙස ය,7 ශස්ත්රපකර්මරය, අශ්වාරොහණ ය, ගජාරොහණය, අංකුසමාරණ ය, 8. මොහනය, ස්ථමහන ය, උච්චාටනය, ත්රොොටන ය, දුරගමන ය, දුරදර්ශනන ය, හෙරිත්රොඋට න ය,9 පත්රණච්ඡෙදනය, චිත්රහකර්මයය, මංලාබන්ධ ය,10 ගන්ධහයුක්ත ය,

     1.  සද්ධර්මණසංඥාව          2.  සාලිය සොනය.         3.  මන්ත්රයය          යන්ත්රණය. 

4. ජ්යෙ.තිර්ඥානය පරහිතය ඉතිහාසය. 5. ඵලසහම්භය. 6. කුචිමාරණය. 7. ශාස්ත්රයවින්යා සය. 8. අඞ්කුශවාරණය. මාරණය 9. හෙරිත්රායටනය. 10. මාලාගන්ධ.ය.



ධර්මතසොණ්ඩක වර්ග.ය 99

දූත ය,1 භරත ය, ස්ත්රී ලක්ෂ ණ ය, පුරුෂලක්ෂ ණ ය, නපුංසක ලක්ෂවණ ය, පරහිතඥාන ය, කනකපරීක්ෂා ය, තෙනකපරීක්ෂාය ය,2 චාතුර්වා ද ය, ධාතුවාද ය, ඛීලවාද ය, කන්යා වාද ය, අකර්ෂ ණ ය,3 ආකාශගමන ය, ශීර්ෂ්ය කර්මාය4 රූප්යඥ කර්ම ය,5 කාෂ්ඨකර්මී ය, හෙම කර්ම ය, රත්නපරීක්ෂාල ය, කාණ්ඩිරඥන ය,6 ශ්රැ‍යන ය,7 අදෘශ්යන කරණ ය, පරාත්මප්ර වෙශ ය,8 වෙණුවීණාවාද ය, විෂහරණ ය, යන මේ සූසැට කලාශිල්පයෙහි* ද ශ්රැයති ය, වෙද ය, ව්යාශකරණ ය, ඡ‍ෙන්දා ලක්ෂිණ ය, ශබ්දාර්ත්ථය ය, තක්ෂවත්රයය, ශික්ෂාය ය, මොක්ෂණඥාන ය, සිරිත ය, ධනුශ්ශිල්ප ය, හස්තිශිල්ප ය, කාමතන්ත්රව ය, සාමුද්රි‍කා ය, පරකථා ය, නිඝණ්ඩු ය, නීති ය, තර්කක ය, වෛද්යක සයන මේ අෂ්ටාදශශිල්පයෙහි* ද එහි ම අන්තර්ගිත වූ අක්ෂුණවෙති ය, වාලවෙධි ය, ශබ්දවෙධිය, ශරවෙධිය, දියෙහි විදමන, ගොඩෙහි විදමන, ආකාශවිදමක, දුරවිදමන, ආසන්නවිදමන, යතඹපට විදමන9 පිදුරුබිසිවැලිබිසිවිදමන, මීහම්10 උදලුතැටිලිවිදමන, දිඹුල්පෝරු පියොපෝරුවිදමන යනාදී වූ නොයෙක් ධනුශ්ශිල්ප යෙහි ද මෙසේ සියලු ශිල්පශාස්ත්රනයෙහි නිෂ්පන්තියට පැමිණ පියරජ හු විසින් යුවරජතනතුරෙන් පුදන ලදුව දානශීලාදී වු දශවිධ කුශලධර්මනයන් නොකඩ කොට රක්ෂාර කෙරෙමින් පියරජහු ඇවෑමෙන් සියලු රාජ්ය්ධූරයෙහි නියුක්ත වූ වැඩ පසස්නා අමාත්යපවරයන් විසින් ඔටුනු පළඳවා රාජ්ය්සම්පත්තියෙහි පිහිටු වන ලදුව තමාගේ මහත් වූ ශීලාචාර ගුණනුවණ යශොතෙජස් ප්රයතාපරූපඓශ්චය්ය් හෙතු කොට ගෙන පවත්වන ලද්දා වූ සන්තොෂගීතිකාවන් ලොකවාසීන් ලවා තුඩැ තුඩැ කියවමින් දහම්සොඬමහරජ ය යි එක පැහැර මුළු දඹදිව්තෙලෙහි ප්ර්සිද්ධ වූහ.

ඉක්බිති ඒ දහම්සොඬ මහරජතෙම දිව්යදපුරයක් හා සමාන වු බරණැස්නුවර සක්විති රජසැපතක් හා සාදෘශ්යෙ වු මහත් රජසිරි විඳිමින් රාජ්ය්ය කරනුයේ මෙසේ තමා රජ පැමිණි මසක් යෙළ මසක් ඇවෑමෙන් දවසෙකැ ශ්රීසයහන් මස්තකයෙහි බද්ධපය්ය්ුර ඬ්ක යෙන් හිඳ මෙසේ සිතුයේ ය. කෙසේ ද11 යත්? සියලු සත්ත්ව යන් කෙරෙහි පතළ කරණා ඇති ලොකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ විසින් මෙලෝ පරලෝ අගවා සත්ත්වායන්ට වැඩ පිණිස වදාරන ලද්දාවූ සද්ධර්මතය නො දැන ධර්ම්වියොගයෙන් යුක්ත ව මාගේ මේ රාජ්ය්ශ්රීත විදීම එකාත්තයෙන් නොහොබනේ ම ය. මම වනාහි පෙරජාතියෙහි අනලස් ව පුරුදු කරන ලද්දා වූ දාන

     1.  ධූරය.         2.  රත්නපරීක්ෂාැය.      3.  ඛිලවාදය ආකර්ශණය  4.  ශීෂ්ය කර්ම ය

5. රූපකර්මැය 6. කාංස්ය්වවරණය 7. ශ්‍රියානය 8. පරත්රාවප්ර්වේශය 9. යපතතඹපට විදමන 10. මීහ. 11. සිතුසේක.

     කලාශිල්පනාමයන් පිළිබඳ විසදාශතා පොත්හි පෙනේ.

100 සද්ධර්ම ලඞ්කාරය

ශීලාදී වූ කුශලකර්‍මයන්1 හෙතු කොට ගෙන එක්ලක්ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මහමෙරමුඳුනෙහි පිහිටි දහසක් රුවන්දොරටුයෙන් හා සප්තරත්නප්රාිකාරගොපුරපඞ්ක්තියෙන් පරික්ෂිටප්ත වු කනකරජතමාණික්ය මයවිමානමාලාවෙන් හා නානාවිධනාමයෙන් විසිතුරු වූ දිව්යණමය උයන් පොකුණුගලතල කල්පවෘක්ෂි ආදීයෙන් විරාජමාන වූ අනෙකප්රයකාරදිව්යපසම්පත්තියෙන් යුක්ත වූ තව්තිසා දෙව්ලොවැ දිව්ය්රාජ්යායට පැමිණ ශක්ර්දෙවෙන්ර්ූආදයා මේන දැන් මනුෂ්යධයන්ට උවමාන සියලු උපභොගපරිභොගවස්තුවෙන් සමෘද්ධ වූ මේ බාරාණසීපුර ප්රලවරයෙහි2 රාජ්ය්යට පැමිණියෙමි බැලු බැලූ දෙසෙහි තෙක්කලු වු පියකරු මනහර රූපයෙන් ද කර්ණවරසායන වූ මධුර ශබ්දයෙන් ද ඝ්රා ණප්ර සාදසංවර්ධසනයට හෙතු වූ කස්තුරි කපුරු ආදී වූ නානා විධ සුගන්ධූද්ර්ව්යසයෙන් ද දිවට පිවිතුරු වූ නොයෙක් රසයෙන් ද ශරීරයට සුවපහස් දෙන්නා වු මනොනුකූල ස්පර්ශනයෙන් දැයි මෙසේ සකලජනකමනීය වු පඤ්චකාමසම්පත්තීන්ගේ සමෘද්ධියට පැමිණියෙමි. මහත් වූ රාජර්ධි ඇත්තෙමි3 එතෙකුදු වුවත්4 මෙ පමණ රාජසැපතක් පිණිස කුශලකරණයෙහි ප්ර මාද බවට පැමිණීම අප වැන්නවුන්ට සුදුස්සෙක් නො වෙයි. සියලු කුශලයට ධර්ම ය ම මුල් වන්නේ ය. එසේ හෙයින් මේ ලොකයෙහි සද්ධර්මුය දන්නා වු යම්කිසි ධර්මයකථිකයෙක්5 ඇත් නම් ඔහු කෙරෙහි පහන්සිත් ඇත්තා වූ මම සාලිව්හි යනාදින් දක්වන ලද සප්තවිධධාන්යහයන් හා මුතුමැණික් ආදී වු දශවිධරත්නයන් ඔහු කැමැති පරිද්දෙන් සතුටු පඬුරු කොට දෙම්ම ය.

ඉදින් ඒ තෙම ම‍ාගේ ශරීරමාංස කැමැත්තේ වී නම් ඇගමස් ලියා දෙම් ම ය. ඇස් කැමැත්තේ වී නම් නිලුපුල්පෙති පරයන පස් පෑ දිස්නා ඇස් උපුටා දෙමි ම ය. ඉස් කැමැත්තේ වී නම් සහ ඔටුනු පළන් හිස මඟුල්කඩුවෙන් කපා දෙමින් ජීවිතයෙන් පූජා කෙරෙමි මය. මෙසේ ශරිරධනජීවිතාදී වූ6 සියල්ල ම පරිත්යාිග කොට නමුත් ජාතිජරාමරණාදීන් දුරු කොට නිර්වාවණයට පමුණුවන්නා වු බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද සපය්යාවාණයපතික නවලොකොත්තරසද්ධර්ම ය අසා මාගේ කර්ණා ලඞ්කාරය කෙරෙම් ම ය.

තවද මේ ලොකයෙහි සර්වරස්ථානව්යාුප්ත වූ ඝනතරතිමිරපට ලොත්පාටනයෙහි සමර්ත්ථය සහස්ර්රශ්මින් විරාජමාන වු බාලාකී මණ්ඩලය අවිද්යානමාන කල්හි එකාන්ධසකාර වු ගගනතලය යම් සේ 1. -ධර්ම්යන් 2. බරණැස් - 3. ඇතියෙමි. 4. එතකුදුඋපන් 5. සද්ධර්ම කථර්ක යෙක්. 6. - විජිතාදී වූ


ධර්මකසොණ්ඩක වර්ග‍ය 101

නොහොබනේද? එසේ ම නොයෙක් කෙළදහස්ගණන් තාරකාවන් විසින් පිරිවරන ලදු ව සකලචක්රසවාලාන්තරයෙහි අමෘතරශ්මින් විහිදුවා තහොමණ්ඩලයෙහි පැලඹෙන්නා වු චන්ර්ල ඛීම්බය අවිද්යාදමාන කල්හි බහලාන්ධලකාරයෙන් යුක්ත රාත්රි්ය යම්සේ නොහොබනේ ද? එ පරිද්දෙන් ම කුශලාකුශල දෙදෙනාගේ විභාගප්රතකාශක වූ1 සද්ධර්මා නැමැති ආ‍ෙලාකය නැති ව එකාන්ධ්කාර වු පෘථිවිමණ්ඩලයෙහි මාගේ මේ රාජ්ය ය කිරීම එකාන්තයෙන් නොහොබනේ ම ය.

තවද රත්සැත් රන්පොරොදු ආදී වු නොයෙක් හස්ත්යුලඞ්කාරයෙන් සරඟන ලද සියලු අවයව සම්පත්තීන් යුක්ත ව සප්තාඞ්ග භූමි ප්රයතිෂ්ඨිතාදී වූ2 සර්වමලක්ෂ්ණානුගත අඞ්ගප්රයත්ය්ඞ්ගයන් ඇති අති මඞ්ගලසම්මත මඞ්ගලහස්තිරාජතෙම3 ඉදින් තමහට මුඛලාඞ්කාර වු දළසඟළ නැතිකල්හි යම් සේ නොහොබනේ ද? එසේ ම නොයෙක් ලක්ෂ්සුවහස්ගණන් පෙණබුබුළුමාලාවන්4 හා ඔද වැඩී දිව ගත්5 හැළිහසුන් සේ ලිලොපේත ව පෙළින් පෙළ දී දිවන6 උත්තුඞ්ග තරඞ්ගපඞ්ක්තීන් ඇති ව දශවිධරත්නයෙන් උජ්ජ්වලිත වූ වටින් සතිස්ලක්ෂර දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වල ගල පැහැර සුවාසුදහසක්‍ යොදුන් ගැඹුර ඇති මහාසාගරයෙහි වටා සිටි සඳරැස් කලඹක් බඳු වූ සුවිමලධවලවෙලාන්තය හැර ‍යම් සේ නො‍හොබනේ ද? තවද සත්රුවනින් විසිතුරු මනහර ඔටුන්නක් පැළැඳ රන්පට රුවන්සෝළු ආදී වූ සූසැට ආභරණයෙන් සැරැහුණු රජතෙම සකල ජනයන්ට ප්රුධානලඞ්කාර වු වස්ත්රාවලඞ්කාරයක් නැති ව හිරිඔතප්සම්පන්න සියලු ජනයන් විසින් ලජ්ජා කටයුතු විකට ප්රිකට ගුභ්යනස්ථාන ඇතිව අහිරික දිගම්බරයකුසේ නග්ක ව උපන් වන ම සිටියේ වී නම් යම් සේ නොහොබනේ ද? ඒ පරිද්දෙන් සියලු ජනයන්ට සකලාභිමතාර්ත්ථට සිද්ධ කොට දෙන සිතුමිණි රුවනක් හා සාදෘශ්යක වූ සද්ධර්ම නැමැති අලඞ්කාරයක්7 නැතිව මාගේ මේ රාජ්යප ශ්රීධ විඳීම8 ඒකාන්තයෙන් නොහොබනේ ය.

එසේ හෙයින් ධර්මබය ම9 අසමි. ධර්මනයෙහි ම10 මාගේ සිත් ඇලෙන්නේ ය. මේ ධර්ම ය නැතිව සිද්ධ වන්නාවු යම්කිසි ලෞකික ලොකොත්තරසම්පත්තියෙක් නැත්තේ ය. චක්රනවර්තිරාජ්යකසම්පත් ආදී වූ මනුෂ්යතසම්පත්තිය, ශක්රචසම්පත් ආදී වූ දිව්ය‍සම්පත්තිය, සම්ය්ක්සම්බොධිසමධිගමාදි වු නිර්වාකණසම්පත්තිය යන ත්රි‍විධ සම්පත්ති යම ධර්මරය මුල් කොට ඇත්තේ ය. ධර්මමයෙන් ම11 සිද්ධ වන්නේ ය යනාදීන් මෙසේ නොයෙක් කාරණා12 සිතුවේ ය. ______________________________________________________ 1. විභාගප්ර_කාශ කරන්නා වු 2. සප්තප්රිතිෂ්ඨිතාදී වූ. 3. මඞ්ගල්යම- 4. -පෙණබිබුළු 5. දවගත් 6. දවන 7. අලංකාරයන් 8. විදිම මට 9. සද්ධර්මබයම 10. සද්ධර්මතයෙහිම 11. සද්ධර්මයයෙන්ම 12. කාරණ 102 සද්ධර්ම ලඞ්කාරය

එසේ හෙයින් කියන ලදි:-

“පුඤේඤාන සිලදිමයෙන පුබ්බේ, කතෙන පත්තේ ‘සමි

                                   අතන්දි තෙන,

මසක්කසාරෙ විය දෙවරාජා, රාජත්තමි‍ඬෙ

                                	පුරමුත්තමම්හි.

රූපෙන හාරී නයනුස්සවෙන, සද්දෙ සම්මා

                                    සාවණාමතෙන,

ග‍ෙන්ධ න ඝානුස්ස වසොහනෙන, රසඤ්ඤපුඤේඤන රසෙන චාපි. එස්සෙන ගත්තස්ස සුඵස්සදෙන, සමිඬිපත්තො ‘යමි මහිඬිකො ‘හං, නෙවෙත්තකෙනෙව පමාදභාවමාපජ්ජිතුං යුත්තරූපන්ති මන්ත්වාම දස්සාමි අඞ්ගං ජීවිතං ච, ධඤ්ඤං ධනං චා ‘පි පසන්නවිත්තො, සොස්සාමි ධම්මං සිවමාදධානං ජිනෙරිතං ජාතිජරාපගානං න සොභති යථාකාසං, ජලං ධාමපතිං විනා, රජ්ජකරණං තථා මය්හං, විනා ධම්මා න සොභති.

න‍ සොභති යථා රත්ති, නිසානාථං විනා සදා, රජ්ජකරණං තථා මය්හං, විනා ධම්මා න සොභති.

අලඞ්කතො ‘පි චෙ හත්ථිත, විනා දාඨාන සොභති, රජ්ජකරණං තථා මය්හං, විනා ධම්මා න සොභති.

යථා කල්ලො ලමාලීයං, විනා වෙලං න සොභති, රජ්ජකරණං තථා මය්හං , විනා ධම්මා න සොභති.

යථා සුමණ්ඩිතො රාජා, කපටො නෙව ‍ෙසාභති, රජ්ජකරණං තථා මය්හං, විනා ධම්මාන ‍සොභති.

ධම්මමෙව සුර්ණමස්සාමි, ධම්මෙ මෙ රමතෙ1 මනො, න හි ධම්මා පරං අත්ථිා, ධම්මමූලං තිසමපදං” යී

‍මෙසේ නොයෙක් කාරණා සිතින් සලකා උදාසන්හි ම සිරි යහන්ගබඩාවෙන් නික්ම සුවඳපැන් සොළොස්කළයෙකින් ඉස් සෝධා2 නහා ලක්ෂවයක් වටනා රන්සළුවක් හැඳ රන්පට රුවන්සෝලු කර්ණලකුණ්ඩලකර්ණාාභාරණ3 කර්ණාරවතංශක ගෙල 1. රමතී 2. සෝදා 3. කර්ණණකුණ්ඩලාභරණ

ධර්ම.සොණ්ඩක වර්ග2ය 103

මුතුමැණික් මාලා1 තාඩඞ්ක නාගවඩම් කාදුකාප්පු මුතුපට ක‍ට්ටොඩං බාහුදණ්ඩි2 මිණිවළලු ගිගිරිවළලු මණිකෛවඩම් පස්රූ පස් පෙරහැර රුවන්වැල රන්සවඩි කෙසුරාභරණ ඌරුජාල හිණ සැද උදරබන්ධ න මකරපට පාදසංඛලා පාදාභරණ පාසලඹ පාදජාලාකිංකිණිකජාලා පාදාංගුලි පාදසිරි3 ජඞ්ඝාවළලු පාත්රාවළලු හස්තාංගුලි හස්තමුද්රිටතා කෛපොට්ටු අඞ්ගදාභරණ එකාවැල දහන්හු තිසරපට අවුල්හර නළල්පට ඔටුනු ය යන මේ ආදී වු සූසැට4 ආභරණයෙන් සැරැසී රාජභවනපරියන්තයෙහි රන්රිදී තරුපෙළින් විසිතුරු වියන් බැඳ සරහන ලද දිව්යභසභාවක් හා සදෘශ වූ ආස්ථානශාලාවට5 එළැඹ මුඳුනෙහි නඟන ලද ධවලා තපත්ර්යෙන් යුක්ත සිංහාසනමස්තකයෙහි බණ කියන පිණිස සුදම්දෙව්සබාමැඳැ ධර්මා්සනාරූඪ ව දිවසෙනඟ පිරිවරා හුන් ශක්රිදෙවෙන්ර්ඳැ යා මෙන් අමාත්යහමණ්ඩලයා පිරිවරා මහත් වු රාජානු භාවයෙන් දිලිහිදිලිහී හුන්නේ ය.

මෙසේ මහත් වූ රාජතෙජසින් යුක්ත ව හුන්නා වු දහම්සොඬ රජ්ජුරු‍වෝ අමාත්යුවරුන්ට කියන්නාහු, එම්බා පින්වත් සඟයෙනි, මේ හුන්නා වූ රාජස භාවෙහි යම්කිසි කෙනෙක් බුදුන් විසින් වදාරන ලද්දා වු ධර්‍නායන් අතුරෙන් යම්කිසි දහම්පදයක් දනු නම් ඒ ධර්මලය කියව. මම වනාහි දැන් බණ අසනු කැමැත්තෙමි යි කීහ.

එ වේලෙහි අමාත්යමවරු කියන්නාහු, දෙවයන් වහන්ස, අපි ධර්ම,ය යි යන දෙයක් දන්නා තබා සිහිනෙනුන් නො ඇසූ විරූම්හ. එබැවින් ධර්ම,ය නම් කෙසේ බවත් නො දනුම්හ යි කීහ. මෙසේ අමාත්යයවරුන් කී තෙපුල් අසා නොසතුටු වූ රජ්ජුරුවෝ සිතන්නාහු මම මගේ මඟුලැතු සරහා දහසින් බැඳි පියල්ලක් ඇත්කඳ පිටැ තබා නුවරැ බෙර පියවි කරවමි. එසේ කල්හි වස්තුයෙහි කළ ලොභයෙන් බණ දන්නා කිසිවෙක් සතර පදයෙකින් යුක්ත ගාථාවෙකින් වී නමුත් බණ කීයේ වී නම් ඒ බණ ඇසීම සසරැ මට බොහෝ කාලයක් වන්නා වූ හිතසැප පිණිස වන්නේ ය යි සිතූහ.

මෙසේ සිතින් සනිටුහන් කොට ඉක්බිති තමන්ගේ මඟුලැතු සරහා ඒ ඇතු පිටැ දහසින් බැඳි පියල්ලක් තබා මේ දහසින් බැඳි පියල්ල ගෙන බණ කියව යි කියා නුවරැ බෙර ලවා එසේ ද බණ දන්නා කෙනකුන් නොලැබ නැවත දෙදහසෙක, තුනදහසෙක. සාරදහසෙක, පන්හසසෙකැයි වරින් වරැ 1. ගලමුතුමාලා 2. බාහුදස් 3. පාදශරීර. 4. සිවුසැට 5. ආසනශාලාවට

104 සද්ධර්ම ලඞ්කාරය

වස්තු දියුණු කොට නොයෙක් කෙළදහස්ගණන් වස්තු දෙමි යි කියා ද ඉක්බිති ගම් නියම්ගම් රට දනව් ආදීය දෙමි යි කියා ද නැවැත සිටුතනතුරු දෙමි, සෙනෙවිරත්පට බඳවා බොහෝ සැපත් දෙමි, යුවරජතනතුරු දෙමි, ඔටුනු පළඳවා රාජ්යෙය දෙමි යි කියා ද බණ කියන කෙනකුන් නො ලැබ ඉක්බිති රජවෙස් හැර නුවරවැසියන් මධ්යකයෙහි තමන් ගැති බව අස්වා කියා ධර්මජදෙශකයාහට ගැතිමෙහෙ කෙරෙමි යි කියා ද නුවරැ බෙර ලැවූහ. අහෝ! මහාත්මයන්ගේ1 ධර්‍ කෙලාභයෙකැ2 ආශ්චය්ය්ඔටු නියා ය.

මෙසේ මෙ‍ පරිද්දෙන් නොයෙක් වරැ මහත් වූ ප්රමයත්න කිරීමෙන් බණ දන්නා කෙනකුන් නොලදිත් ඉතා කලකිරුණු වූ නොසතුටු සිත් ඇති ඒ දහම්සොඬරජ්ජුරුවෝ ධර්ම්වියොගයෙන් යුක්ත වූ මේ රාජ්ය්සම්පත්තියෙන් මට ප්රමයෝජන කිම් දැ යි කියා අමාත්යපවරුන්ට රාජ්ය්ය පාවා දී බණ දන්නවුන් සොයා ඇවිදුනාහු4 ගම් නියම් ගම් රාජධානි පිළිවෙළින් දනව් සැරිසරා ගොස් මහත් වූ වනමද්ධ්යනයකට පැමිණියාහ.

එසේ හෙයින කියන ලදී:-

“පුරෙ හෙරිං චාරාපෙත්වාො, ධම්මසොණ්ඩො නරාධිපො,

සද්ධම්මජ්ඣෙසකං සත්ථුා, අල‍ඬො ධනකොටිහි.

දාසො හොමි සහායාහං, රාජත්තං5 දෙසකස්ස මෙ, ඉච්චාහ සො මහිපාලො, අහො ධම්මෙසු ලොලතා

රජ්ජං නීය්යාිතයිත්වාහන, අමච්චානං මනොරමං, වනං පාවීසි සො රාජා, ගවෙයං ධම්මමුත්තමං” යි.

මෙසේ ඒ ශ්රීස මහාබොධිසත්ත්වගයන් වහන්සේ ඉතා භයානක ස්වභාවය ඇති සිංහයෝ ය, ව්යා‍ඝ්රසයෝ ය, දිවියෝ ය, වලස්සු ය, වල්මීවු ය, දසකුලෙහි ඇත්තු ය, තිත්මුවෝ ය, පසදමුවෝ ය, සරහමුවෝ ය යනාදී වූ සිව්පාජාතීන් විසින් ද විෂඝොර නා පොළොන් දාරපිඹුරු ආදී වූ දීර්ඝවජාතීන් විසින් ද නොයෙක් කටු පහණ ගල්මුල් සෙලබැහැවිල්6 ආදියෙන් හා මල්පල්ලෙන් සැදුම් ලද නොයෙක් වෘක්ෂගජාතීන් ගහණ වූ ප්රයතිභය සහිත වනාන්තරයට ගොස් වන් ඇසිල්ලෙහි එම මහතාණන්ගේ ගුණානුභාවයෙන් ශක්රසයන් ගේ පාණ්ඩුකම්බලශෛලාසනය හුණු විය.

      1. මහොත්තමයන්ගේ         2. ධර්මේලොභයක්              3.  උත්සහප්රදයත්න

4. ඇවිදිනාහු 5. රජ්ජත්තං 6. - බැවිල් ධර්ම.සොණ්ඩක වර්ග ය 105

ඉක්බිති ශක්රමදෙවෙන්ර්තමයතෙම සිතනුයේ මා හුණු කැමැති කල්හි හුණු වන්නා වූ1 සිහිල් කැමැති කල්හි සිහිල් වන්නා වු මේ පාණ්ඩුකම්බලශෛලාසනය ගින්නෙහි බහාලු යවටක් සේ මා නො කැමැති පරිද්දෙන් හුණු විය. මීට කාරණ කව‍ෙර්දෝ2 හෝ යි සිතා තමාගේ දහසක් නුවණැස් ලා මිනිස් ලොව බලනුයේ පුරන ලද ‍ෙබාධිසම්භාර ඇති දහම්සොඬ රජ්ජුරුවන් මුළුදඹදිවැ බණ දන්නවුන් පරීක්ෂාධ කොට ලැබගත නො භී සද්ධර්මවය සොයා වනාන්තරටයට වන බව දැක මේ දහම්සොඬ මහරජතෙම සද්ධර්‍මය3 දිව්යයපුරයක් හා සාදෘශ්යැ වූ රාජධානියක් හා නොයෙක් ධනධාන්ය්සම්පත්තියෙහි ද ප්රෙයමසහිත බන්ධූනවර්ගකයා හා සමඟ තමාගේ ජීවිතයෙහි ද යන සියල්ලෙහි ම ආලය හැර දැන් වනාන්තරයට වන්නේ ය.

ඒ තෙම එසේ මෙසේ ලාමකසත්ත්වයයෙක් නො වෙයි. එකාන්තයෙන් මෙ ම‍ කපැ බුදු වන්නා වූ ශ්රී මහාබොධිසත්ත්වැයෙක මෙසේ වන්න්තරයට වන්නා වූ බුද්ධබොධිසත්ත්වදතෙම සද්ධර්ම‍ය නො ලැබ ඉදින් කිසියම් කායිකමානසිකදුඃඛයකට පැමිණියේ වී නම් යහපත් නොවන්නේ ය. අද මා විසින් ඒ බොධිසත්ත්වීයන් කරා ගොස් බණ කියා සද්ධර්මන නැමැති අමෘතජලයෙන් අභිෂෙක කොට පෙරැ පරිද්දෙන් ම රාජසම්පත්ති යෙහි පිහිටුවා අව මැනවැයි සිතා තමාගේ ශක්රා ත්මභාවය හැර අඤ්ජනකූටපර්වමතයක් මෙන් ඉතා නිල් වූ භයඞ්කර වූ මහත් ශරීර ඇති පර්වනතවිවරයක් මෙන් මහත් වූ මුඛයක් ඇති රථහිස්දෙකක් මෙන් මහත් ව දෙකොනින් නික්ම තිබෙන්නා වූ භයඞ්කර වූ දළ සඟළක් ඇති ගිනි ගෙන දිලියෙන යවට දෙකක් මෙන්4 මහත් වූ ඇස්දෙකක් ඇති මැඳින් බිඳුණා වූ අගින් පෙතැලි විරූපනාසිකාවක් ඇති සළා දිදී ඇවිළෙන ගිනිවැටක් මෙන් ක්රෑ්ර වු නඹ රවුළු5 ඇති ගිනිදුම් පහළ මළ පඹකැළයක් මෙන් ඝන වූ තද වූ රැලි6 ඇති ජලධරගර්භනයක්7 මෙන් ‍හෙවත් නිල්මහමේකුළක් මෙන් ඉතා නිල් වු මහත් බර උදර ඇති වන්බිඩිදෙකක් සේ8 කකුල්දෑව9 ඇති සෙණහඩ මෙන් ගර්ජ නා ඇති කරන්නා වූ10 භයඞ්කර ශබ්ද ඇති තියුණු මුවහත් ඇති කඩු පෙළක් මේන දික් ව රුධිරධාරා මෙන් රත් වූ නියපතර ඇති තුන්සරණ ගා11 මුවහත් තබන ලද දිගු පුළුලින් යුත් කෙහෙල් සුලපතක් සේ දකුණනින් ගත් මහත් වු කඩුවක් ඇතී එසේ ම වමතින් ගන්නා ලද නාඹතල්කඳක් සේ මහත් යගදාවක් ඇති 12 1. පවත්නා වූ 2 . කිම්දෝ 3. ධර්මසය 4. සේ 5. -රැවුල් 6. දැලි 7. ජලධාරා - 8. වම්බීසි සේ - වන්ගෙඩි දෙකක් සේ. 9. - දැවඩ 10. ගර්ජ නා කරන්නා වූ 11. ගහා 12. ඇතිව.


106 සද්ධර්ම ලඞ්කාරය

පිටතොල් දත් කමින් භයානක වූ රැලි සහිත පළල් නළල්තල ඇති මනුෂ්ය්මාංස භක්ෂකණය කොට රුධිරපානය කරන්නා වූ භයඞ්කර චණ්ඩපරුෂ රාක්ෂාසවෙශයක් මවාගෙන මෙසේ ශක්ර දෙවෙන්ද්රචතෙම1 ශ්රීර මහාබොධිසත්ත්වෂයන් වහන්සේට2 අභිමුඛ ව වනාන්තරමද්ධ්ය යෙහි නුදුරු ව3 සිට තමා දැක්වූයේ ය.

එසේ හෙයින් කියන ලදී:-

“ව්යිගඝච්ඡසී භමහිසොරගහත්ථිසදීපි මිගාකුලං කණ්ඩකසෙලරුක්ඛං, නරානමි‍ෙන්දාඛ පවිසිත්වේ කානනං ඉතො චිතො විබ්භමි ධම්මකාමො.

තස්සානුභාවෙන පුරින්දම දස්ස සිලාසනං උණ්හමහොය ‘කාමං,4 තෙනෙව සො ලොකමුදික්ඛමානො අද්දක්ඛ ධීරං විපිතෙ වරන්තං.

මයජ්ජ තං ධම්මරසෙන සම්මා සන්නප්පයීත්වාරගමනං වරන්ති, මන්ත්වාය සුභීමඤ්ජනකූටවණ්ණං මහාමුඛං නිග්ගතභීමදාඨං.

දිත්ත ගගි සඞ්කාසවිසාලනෙත්තං මජ්ඣෙන භග්ගං චිපිටග්ගනාස, ඛරතම්බදාඨීං ඝනමස්සුමත්තං5 නී‍ෙලාදරං ගජ්ජතිභීමඝොසං.

කරොරුහං තික්ඛසලොහිතායතං විසාලධොතායතබග්ගහත්ථංි, ගදායුධෙනඞ්කිතමඤ්ඤබාහුං ද‍ට්ඨොටඨභීමං සවලීලලාටං.6



මනුස්සමංසාදනරත්නපානං භයානකං කක්ඛළයක්ඛවණ්ණං, සුමාපයිත්වාළන වනන්තරස්මිං දස්සෙසි අත්තං ස නරාධිපස්ස”යී.

මෙසේ ශක්රතයන් රාක්ෂසසවෙශය මවාගෙන වනමැදැ සිටි කල්හි බොධිසත්ත්ව යන්වහන්සේ තමන්වහන්සේට නුදුරු ව අඳුන්කුළක් මෙන් ඉදිරියෙහි සිටියා වු ඒ රාක්ෂ්සයා දුටුසේක 1. ඒ ශක්රු - 2. ශ්රී්මහාබොධිසත්ව්යන්ට. 3. නොදුරුව. 4. මහොසිකාමං 5. මස්සුවන්තං -(මුද්රිුත රසවාහිනි) 6. සවලිං ලලාටං ධර්ම.සොණ්ඩක වර්ග ය 107

එබඳු භයඞ්කර විරූපවෙශධාරී වූ රාක්ෂ සයා දැක ද බොධිසත්ත්ව යන් වහන්සේට වනාහි භයෙක් හෝ තැතිගැන්මෙක් හෝ චිත්තොත්රාාසමාත්රැයෙක් හෝ මඳකුත් නො වූයේ ම ය. එ වේලෙහි කුමක් සිතුසේක1 ද යත්? මෙබඳු භයානක ස්වරූප ඇති මනුෂ්ය මාංස භක්ෂසණයෙහි දක්ෂත වූ රාක්ෂභසයා වී නුමුත් ඉදින් ධර්ම ය දනී නම් සෙහෙක;2 මම ඔහු සමීපයෙන් එකාන්තයෙන් ම බණ අසම් ම ය; ඒ ඇසුවා වූ ධර්ම්ය සසරැ ඇවිදින මට බොහෝ කාලයක් වන්නා වු හිතසැප පිණිස වන්නේ ය යි සිතූ සේක.3

මෙසේ සිතා ඉක්බිති දැන් මා ඔහු සමීප‍යට එළැඹ ධර්ම ය විචාළ මැනැවැයි සිතා රාක්ෂැසයා කරා එළැඹ ඔහු හා සමඟ කථා කරන්නා වු මහබෝසතාණෝ කියන්නා හු, එම්බා, මේ සුපුෂ්පිත වූ නොයෙක් ලියජාතියෙන් හා ‍එසේම සුවඳමලින් ගැවැසී ගත්තා වූ සල් සපු නා කොබලීල පළොල් කිණිහිරි අඹ දොඹ ආදී වූ නොයෙක් වෘක්ෂ්මාලාවෙන් සැරැහුණා වූ4 මේ වනාන්තරයෙහි උපන්නා වූ කාංසාවක්5 තොප අතින් විචාරමි. ඒ මට ඉඳුරා කියව. මම වනාහි නිකමෙකැ මේ වනාන්තරයට ආයෙමි නොවෙමි. ප්රෙරමසහිතබන්ධුමවර්ගකයා හා සමඟ සියලු රාජ්යරසම්පත්තිය හැර බුද්ධභාෂිත වූ සද්ධර්ම්ය6 සොයා අවුත් මේ වනමදධ්යයයට පැමිණියෙමි එසේ හෙයින් යහළු, තෙපි ඉදින් බුදුන් විසින් දේසිත වූ සද්ධර්ම ය දනු නම් එයින් මට එක ගාථාවෙකින් වුවත්7 බණ කියව යි කීහ.

එසේ හෙයින් කියන ලදී:-

“අස්මිං වනස්මිං තරුසණ්ඩ මණ්ඩිතෙ, සුඵුලලිතානෙක

                                                ලතාකුලාකුලෙ,

අධිගහිතොසි මහානුභාව, පුච්ඡාමි තං දෙව

                                                 වදෙහි කඞ්ඛං

ධම්මං ගවෙසං වනමාගතොමහි8 පහාය රජ්ජං අපි

                                                 ඤාතිස්ඞ්ඝං

ජානාසි වේ සම්ම වදෙහි මය්හං, එකමපි ගාථා

                                                 සුගතෙන දෙසිතං” යි

මෙසේ මහබෝසතාණන් කී තෙපුල් අසා ඉක්බිති රාක්ෂ ස තෙම කියනුයේ එම්බල මහතාණෙනි, මේ ලොකයෙහි මුලරස ය, බන්ධුමරසය, පුෂ්පරස ය, ඵලරස යනාදී වූ නොයෙක් රසජාතීන් 1. සිතුයේ 2. යෙහෙකැයි. 3. සිතූහ. 4. ගැවසුණාවූ 5. සාංකාවක් 6. ධර්මයය 7. උවත් 8. වනමාගතොස්මි.

108 සද්ධර්ම ලඞ්කාරය

අතුරෙහි1 බුද්ධභාෂිත වූ ධර්ම රසය හා සමාන අන්කිසි රසයෙක් නැත. එබඳු මධුරධර්ම යෙන්2 මම එකදෙශමාත්රරයක් දනිමි. එසේ උතුම් වූ ධර්මමය ඉදින් මම තොපට කීයෙමි වී නම් බණ කියන්නා වූ3 මට තෙපි කවර උපකාරයක් කරව් දැයි විචාළේ ය.

එසේ හෙයින් කියන ලදී:-

“ධම්මං පජානාමහමෙකදෙසං, ජිනෙරිතං සාදුතරං

                                                                රසානං,

දෙසෙමි වෙහං තව ධම්මමග්ගං, තුචං හි කිං කාහසි

                                                                       දෙසකස්ස” යී

මෙසේ රාක්ෂ සයා කී වචනය අසා ඉක්බිති මහබෝසතාණෝ කියන්නාහු, එම්බල පින්වත් රාක්ෂාසය, අද මම රාජ්ය සම්පත්තියෙහි පිහිටා සිටියෙමි වී නම් අප්රඑමාණ වූ නොයෙක් පූජා කෙරෙමි ම ය. දැන් මම වනාහි මට නිරන්තරවාසාභිරම්යණ වූ ස්වර්ණෙමණී කිඞ්කිණිකනාදයෙන් එකකොලාහල වූ මඳ මඳ පවනින් ලෙලදෙන්නා වු1 තානාවර්ණ‍ ධ්වජපනාකාසහස්ර යෙන් සැදුම් ලද සියලු උපභොගපරිභොගවස්තුයෙන් ප්රජසාදකර වූ ප්රාසසාදපඞ්ක්තීන් ද අනෙකප්රතකාර විචිත්රස වස්ත්රායලඞ්කාරයෙන් සමලඞ්කෘත ව බැලු බැලු දසාවෙහි5 රඟමඬුලු බැඳගෙන මධුරධ්වනි විහිදුනා මෘදඞ්ගවංශාදී නානාප්රුකාර හෙරිතූය්ය්ග භාණ්ඩයන්ගෙන් නෘත්යුගීතවාද්යොනපහාර කරන්නා වූ සියදහස්ගණන් නාටකජනයන් ද, බහා පළඳනා ලද මාණික්යයමය කුණ්ඩලාභරණ නුපුර තාඩංක රන්තෝඩු එක්වැටි6 පාමුදු පාසළඹ පාඩගම් සද්දම්ඔරවසුන් විජයවස්ත්රලකකුසඳපාදංගුලි ආදී වූ නොයෙක් බිසෝපළඳනායෙන් සැරැහුණාවූ7 සිව්සැටක් පමණ ස්ත්රීනලක්ෂනණයෙන් ශොභමාන බාලපරායෙහි සිටි ‍ෙසා‍ෙළාස් දහසක් බිසෝවරුන ද, එසේ ම නොයෙක් වස්ත්රාාලඞ්කාරයෙන් සැරැහී නුවරැ ප්රරදක්ෂිලණාදිකාලයෙහි අසිසත්තිතොමරහෙණ්ඩිවාලාදී වූ නානායුධ ගෙන පිටැ හිඳිනා ලද ඇතරුවන්ගෙන් යුක්ත වූ කනකරජ තමර්ණ රත්නාලඞ්කෘත විචිත්ර් හස්ත්යුලඞ්කා‍රයෙන් සරහා නිෂාත8 පිටැ බැඳි මහ ඇත්සේනාව ය, තවද නානාවිධරත්නයෙන් විසිතුරු වූ සන්නාහසන්නද්ධ ව රන්හියවුරු පිටැ බැඳ මැඩහභුදුනු එකාංස කොට9 හෙළා මනහර සොඳුරු තෝමර අතින් ගෙනැ පිටැ හිදිනා අසරුපෙළින් යුක්ත ව නොයෙක් රත්නයෙන් අලඞ්කෘත සියලු අශ්වාලඞ්කාරයෙන් සරහා තම්මැට පිටැ බැඳි ශීඝ්රෘජවසම්පන්න ජාතිමත්10 අස්සේනාව ය, ධනුශ්ශිල්පයෙහි දක්ෂෙවූ

     1.  අතුරෙන්        2.  -ධර්මධරසයෙන්.          3. කීවා වූ.          4.  ලෙලදෙන ලද.

5. දෙසෙහි. 6. එක්සැටි. 7. සැරසුණාවූ 8. නිෂාද. 9. කොටගෙන 10. ජාතිවන්ත ධර්මෙසොණ්ඩක වර්ග.ය 109

ශෞරවීරපුරුෂබලපරාක්ර මයෙන් යුක්ත සාහසික යුද්ධක්ෂ ම1 වූ ධනුර්ධපරයන් විසින් නැගෙන ලද නානාවර්ණාවිවිධසුරභිකුසුමදාමියෙන් අලඞ්කෘත කොට රන්දද නගා නොයෙක් රථලඞ්කාරයෙන් සරහන ලද්දා වූ රථසේනාව ය, තවද නොයෙක් රත්නයෙන් උජ්ජ්වලිත වූ රජදූසන්නාහසන්නද්ධව2 කඩුපලිස දුනු හී පලඟ පත්තිරම් ආදි වූ අ‍ෙනකවිධ ආයුධගත් අත් ඇති ව මහවතුරක් සේ අතුරු නො හැර සිටිනා පාබලසේනාව ය යනාදී වූ ප්ර මාණාතික්රාුන්ත වචුරඞ්ගිණී සේනා වද, මුතු මැණික් වෛදූය්ය්ද මසාරගල්ල ‍ෙලාහිතංකශඞ්ඛශීලාප්රනවාලරජතස්වර්ණම යන3 දශවිධරත්නයන් ද, මෙතැකියි යන ප්රකමාණයක් නැත්තා වූ දැසිදස් ගවමහිසාදී වූ නොයෙක් උපභොගපරිභොගවස්තුන් ද යන මෙකී සියලු රාජසම්පත්තියෙහි ආලය හැර ධර්‍භොලොභයෙන් උදෙකලා ව4 අවුත් මේ වනමද්ධ්යහයට පැමිණියෙමි. මාගේ මේ ශරීරය හැර අන් කවර ධර්මමපූජාවක් කෙරෙම්ද? එසේ හෙයින් තොපට දියයුතු අන් කිසිවෙක් ඇත්තේ නො වෙයි. ඉදින් තෙපි මාගේ මස් ලේ කැමැත්තහු5 නම් අද මාගේ ශරීරයෙහි මාංසරුධිරයෙන් තොපට සඞ්ග්රිහ කෙරෙමි. තෙපි මට බුදුන් විසින් පසස්නා ලද ධර්මතදෙශනාවක්6 කරවයි කීහ.

එසේ හෙයින් කියන ලදී:-

“රජ්ජෙ ඨිතො අස්සමහං සවෙ හො,

                                             අනප්පරූපා පකරොමි පූජං

ඉදානි එකො වනමජ්ඣපත්තො,

                                              කරොමි කිං දෙහමිමං ඨපෙත්වාන.

යදිච්ඡසි ත්වං මම මංසලොහිතං,

                                            කරොමහං යඞ්ගහමජ්ජ තෙන,

නච්ත්ථි අඤ්ඤං තව අච්චනීයං,

                                            දෙසෙහි ධම්මං සුගතප්පසත්ථංර” යී.

මෙසේ ස්වකීය වූ ශරීරමාංස පරිත්යා ග කොට බණ අසමි කියන7 මහබෝසතාණන් ‍ගේ ධර්මතලොභය මහත්බව දැන ඉක්බිති රාක්ෂ්ස තෙම කියනුයේ එම්බල මහතාණෙනි, සාදුකින් පීඩිත වූ මම බණ කියා නො හෙමි. ඉදින් තොපගේ ශරීරමාංසය මා සිත් වූ පරිද්දෙන් බඩපුරා අනුභව කොට තොපගේ ළමැඳැ

         1.  යුද්ධ දක්ෂමම.         2.  උජ්වලිතවූ සන්නාහසන්නද්ධව    -        රජ හු දුන්

සන්නාහසන්නද්ධ. 3. මුතු මැණික් පබළු වෛඩූය්ය් මසාරගල්ලලොහිතඞ්ක ශංඛශීලප්රනචාලරජහ ස්වර්ණා්දී වූ 4. උදකලා ව 5. කැමැත්තා, කැමැත්තේ. 6. සද්ධර්මලදෙශනාවක්. 7. යන.

110 සද්ධර්ම ලඞ්කාරය

ලොභිතාසයෙහි පුරා සිටි ලෙහෙ ගෙන උකා බී සාපිපාස දෙක සංසිඳුවා මඳක් සැතැපීගෙන පසු ව1 තොපට බණ කියක්2 පොහොසත්මී කී ය.

එසේ හෙයින් කියන ලදී:-

“භුත්වා න මංසං සුභිතො ‘ච සන්තො,

භන්ත්වාක පිපාසං රුධිරං පිවිත්වා 
ධම්මං කථෙතුං පභවාමි තුය්හං,
වත්තුං න යක්කොමි බුදාපරෙ‍ෙතා” යී

මෙසේ ඒ රාක්ෂ සයා විසින් කියන ලද්දා වූ වචනය අසා ඉක්බිති මහබෝසතාණෝ කියන්නාහු, එම්බල කොල රාක්ෂචසය, තෝ තන්දොඩයි ද, තා අණ ඇත්තේ මා පණ ඇත්තේ3 නම් වේ දැයි කීවා සේ4 පළමු කොට මා මරා මස් කෑකලැ පසුව තෝ කාගේ කවුරුන්ට බණ කියයි ද, එසේ මා5 වෙහෙසා නොකියා යම්කිසි උපායෙකින් තට මාංසලාභය හා මට ධර්මසලාභය6 යන දෙක එක ඇසිල්ලෙහි යම් සේ සිද්ධ වේ ද, ඒ පරිද්දෙන් ඊට උපායක් දනී නම් තෝ ම පරීක්ෂා කොට කියව යි කීහ.

එසේ හෙයින් කියන ලදී:-

 	“භුත්වාී තුවං මං පඨමම්හි යක්ඛ,
                         පච්ඡා තු දෙසෙස්සසි කස්ස ධම්මං,

ධම්මස්ස මය්හං තව මංසලාහං,

                          ත්වඡමෙව ජානාහි යථා භවෙය්යේ” යී

‍මෙ‍ෙස් මහබෝසතාණෝ කිකල්හි ශක්රෙරාක්ෂිසතෙම යහපත, මහරජ, මම ඊට සුදුස්සක් දන්නෙමි වේ දැයි කියා ඒ ස්ථානයට නුදුරුතන්හි අඳුන්වන පැහැ ඇති තුන්ගව් උස මහත් ගල්පර්විත යක් මවා බෝධිසත්ත්ව යන්ට කියනුයේ, එම්බා මහරජ, මේ පර්ව්වතයට නැගී ගල්මුඳුනෙහි සිට තෙපි මාගේ මුඛයට පැනපියව එසේ පර්වරත මුඳුනෙහි සිට පනින්නා වූ තොපට මම බණ කියමි. එසේ කල්හි තොපට ධර්ම්ප්රමතිලාභයත්7 වන්නේ ම ය. මට මා කැමැති මාංසලභයත් සිද්ධ වන්නේ යයි කීහ. එ බස් අසා මහ බෝසතාණෝ මේ අක්මුල් නැත්තා වූ සංසාරවෘත්තයෙහි ව්යුබති ප්රාතිසන්ධිඅවශයෙන් සැරිසරා මා ඇවිදුනා6 කල්හි සිංහ ව්යාතඝ්ර වලස් මස් කැස්බන් හා මිනීමස් කන්නා වූ යක්ෂාරාක්ෂයස ගිජු ළිහිණි ආදීන්ට ගොදුරු වූ ජාති මේ තෙකැයි පමණ නැත. එසේ

       1.  සැතපි පසුව.           2.  කියන්නෙමි.      3.  තා පණ ඇත්තේ පණ ඇත්නම්

4. මෙත්. 5. මට. 6. මාංසලාභයත් මට ධර්මඞලාභයත්. 7. ධර්ම.ප්ර.තිලාභයක්.

8.  ඇවිදිනා

ධර්ම8සොණ්ඩක වර්ගරය 111

හෙයින් අද මා විසින් සම්යරක්සමුබුද්ධයන්1 වහන්සේ ගේ ධර්ම ය2 පිණිස ජීවිතපරිත්යා ගය කිරීම යහපතැයි සිතා රාක්ෂ සයාට කියන්නාහු, එම්බල පින්වත් රාක්ෂවසය, ආදී කෙළවරක් නැත් තා වූ මේ සංසාරවෘත්තයෙහි ව්යුවතිප්ර තිසන්ධීආවශයෙන් උඩුයටිව පෙරැළෙන්නාවූ ප්‍රමාණාතික්රායන්ත්සත්ත්ව‍යෝ රාජචොරශත්රැර ආදීන් විසින් වන්නා වූ අනෙකප්ර කාරදුඃඛයට පැමිණෙන්නාහ. ඒ පරිද්දෙන් ඒ දුඃඛයට පැමිණිම යම්කිසි ආනාමාර්ත්ථාපරාර්ත්ථන සිද්ධියක් පිණිස වන්නේ නො වෙයි. එකාන්තයෙන් ම නිෂ්ප්ර‍යෝජන වන්නේ ය. තවද අර්ත්ථයබලාසෙනාබලකායබලයෙන් යුක්ත රාජරාජමහාමාත්යා්දීහු මේ තෙම රෞද්ර් වූ ප්රාබණවධ කෙළේ ය යි කී යා ද, අනුන් සන්තක වස්තු සොරා ගත්තේ ය යි කීයා ද, පරදාරක්රි යායෙහි නියුක්ත යයි කියා ද, පරපීඩා වට නිසි නොසබාතෙපුල්3 කියයි4 කියා ද, මේ තෙම රා බී මත්ව නොකළමනා කටයුතු කෙළේ ය යි කියාද, මෙයින් පිටත් සෙසු කිසියම් දොෂයක් කෙළේ ය යි කියා ද, සත්ත්ව්යන් අල්වාගෙන සල්වාසල්වා ඇඟමස් කපා ඔහුට කවමින් සම හරුන් ඉස් සිඳිමින් සමහරුන් දිවස්හුලැ නහවමින්5 මෙසේ අනෙකප්රසකාර වූ දුක් දෙන්නාහ.

තවද සමහර සත්ත්ව‍කෙනෙක් ගසින් වැටීම්6 පර්වලතයෙන් හීමි7 ප්ර පාතස්ථානයෙන් පෙරැළී වැටී දගගෙයි ලා කරපය මැසීම අලුපෙලි බැඳීම් ආදීයෙන්ද උග්රප වූ තද වසවිස අනුභව කිරීමෙන් ද, නොයෙක් ව්යාඳධීන් වන්නා වූ ක්රෑපරතර8 වේදනාවෙන් ද ශීතොෂ්ණාදී වූ විෂම ඍතු ආදීයෙන් ද අනයව්යවසනයට පැමිණෙන්නාහ. තවද පෙරැ සිංහ ව්යීඝ්රත දාර පිඹුරු කිඹුල් දැතිමුවර වලස් මස් කැසුබ් ආදීන්ට ගොදුරු ව ඔවුන්ගේ උදරභ්යවන්තරයෙහි වැදහෙව සැලී සැලී මළා වූ මාගේ ජාතී මෙ තෙකැයි පමණ නැත.

එම්බල පින්වත් වූ රාක්ෂවසය, එ පරිද්දෙන් වන්නා වූ ඒ මණ එකාන්තයෙන් කිසියම් ආත්මාර්ත්ථසසිද්ධියක් පිණිස වන්නේ නො වෙයි. නිෂ්ප්රෙයෝජන ම වන්නේය. එසේ හෙයින් දැන් ඉතා නොසිතිය හැක්කා වූ ම‍ෂාගේ මේ ආත්මපරිත්යායගය ශක්රසසම්පත් බ්ර හ්මසම්පත් මාරසම්පත් ආදී වු දිව්ය්ඓශ්චය්ය්්මපයක් පිණිස නො වෙයි. වැළි8 කුමක් පිණිස ද යත්?

බුදුබවට පැමිණ සියලු සත්ත්වතයන් සංසාරසාග‍රයෙන්10 ගොඩැ නගා නිවන් නැමැති අමාපුරයෙහි ගෙනහැර පිහිටුවනු පිණිස ය.

     1.  -යාණන්    2.  සද්ධර්ම ය     3.  නො සැබෑ   4.  කියන්නේයයි     5.  තහමින්.  

6. වැටී. 7. හී . 8. ක්රෑකර තද. 9. යළි. 10. සංසාරයෙන්


112 සද්ධර්ම ලඞ්කාරය

එම්බා යහළු රාක්ෂමසයාණෙනි, තෙපි මට බොහෝ උපකාරයව1 එසේ හෙයින් තොප කී පරිද්දෙන් ම මාගේ ශරීරමාංසයෙන් ම ධර්ම පූජා කෙරෙමි. තෙපි වනාහි ඊට කිසි සැකයක් නො සිතා මට බණ කියව. තොපගේ මනොරථය දැන් නොබෝ ඇස්ල්ලෙකින් ම සිද්ධ වන්නේ යයි කීහ.

එසේ හෙයින් කියන ලදී:-

“සංසාරවට්ටෙසු විවට්ටමානා,

                            පප්පොන්ති දුක්ඛං ජනතා අනෙකා,

එතං හි හො අත්තනො වා පරස්ස,

                             අත්ථාපය නාහොසි අහොසි තුච්ඡං.

ත්ව මදින්නහාරීති ච පාරදාරිකො,

                              පග්ගය්හ දුක්ඛං බහුසො දදන්ති.

රුක්ඛා පපාත පපතිත්ව කෙවි,

                              දුබ්බන්ධිුයාචවුග්ගවිසාදනෙන,2

ව්යා ධිහි නානාඛරවෙදනාභි,

                               මරන්ති සත්තා උතුවෙසමාහි.3

ව්ය ග්ඝච්ඡමච්ඡොරගකුච්ඡියමහි,

                                මතස්ස මෙ නත්ථිත පමාණසඞ්ඛා,        

එතං හි හො අත්තනො වා පරස්ස,

               අත්ථා ය නාහොසි අහොසි තුච්ඡං
       සබ්බඤ්ඤැභාවං පන පාපුර්ණ ත්වාත,
                          සංසාරතො නිත්ථතරණාය සත්තෙ.

ත්වං සම්ම මය්හං බහු‍ෙසාපකාරී,

                           තස්මා තවෙතං වචනං කරොමි,

අසඞ්කිතො දෙසය මය්හධම්මං,

                            සමිජ්ඣතෙ දානි මනොරථො තෙ”යී

මෙසේ රාක්ෂ සයාහට පියවචනයෙන් ආමන්ත්රදණය කොට තුන්ගොව් උස ඇති ශක්ර නිර්මිත වූ ඒ පර්වමවමුඳුනට පැනනැගී අසම්භීත කෙශරසිංහරාජයකු සේ භයචකිත රහිත ව වැඩසිටියා වු

  1.  උපකාරීය.          2.  දුග්ග විසාදනෙන  (හැම පොතෙහිම)      3.  උතුවෙදනාහි


ධර්මෙසොණ්ඩක වර්ගරය 113

මහබෝසතා‍ණෝ අද මම මාගේ රාජ්ය සම්පත් හා සමඟ ජීවිතය හා මේ ශරීරමාංසය ධර්මොය පිණිස දෙමි. සද්ධර්ම යට පුජා කෙරෙමි යි මහත් වූ සන්තොෂයට පැමිණ යහළු, බණ කියවයි කී ය.1 ඒ තෙපුල් ඇසූ රාක්ෂ සයා විසින් බොරුවළෙකැ සදා සිටුවූ මහත් යහුල්2 දෙකක් සේ බිහිසුණු දරුණු දළදෙකක් ඇති පර්ව තවිවටයක්3 සේ මහත් වූ කට දල්වා සහළඟුරුගිනිවළ4 දෙකක් මෙන් ඉතා භයඞ්කර වූ තෙදයුතු රතැස් බමවමින් උඩ බලා සිටිකල්හි ඕහට අභිමුඛ ව පිනුහ.

ඉක්බිති ව සක්දෙව්මහරජතෙම ඉතා සන්තුෂ්ට ව මහත් වූ ආශ්චය්ය්ව සයට පැමිණ තමා මවාගත්තා වූ ඒ භයානකරාක්ෂළස වෙශය හැර නොයෙක් දිව්‍‍දලඞ්කාරයෙන් අලඞ්කෘත වූ5 ශක්රාරත්මභාවය මවාගෙන තභොමණ්ඩලමද්ධ්ය්ගතබාලාකීමණ්ඩලය මෙන් සියලඟැ රසින් දසදික් බබුළුවා තමාගේ ශක්රහවිලාසයෙන් සැදී පැහැදී සිටි ඒ ක්ෂදණයෙහි6 ආකාශයෙන් හෙන්නා වූ මහබෝසහතාණන් වහන්සේ ආදර සහිත ව දෙ අතින් පිළිගෙන තමාගේ දෙව්ලොවට ගෙන ගොස් පාණ්ඩුකම්බලශෛලාසන මස්තකයෙහි වඩා හිඳුවා දිවසුවඳමල් ආදියෙන් පූජා කොට ශ්රීල මහා බොධිසත්ත්වායන් වහන්සේගෙන් බණ අසා විශෙෂයෙන් ම සන්තුෂ්ට ව ප්ර්සන්නාකාර දක්වා චිත්තාභ්යශන්තරයෙහි පුරිතවූ ප්රිසතිරසභාරය ධරාගත නො හී උද්ගාර7 දෙන්නාක්හු8 මෙන් ප්රිවරගුණමාර්ණික්යානලඞ්කෘත, විසුඬබුද්ධාංකුර, ත්රිරවිධ ලොකහිතවිධායක, විපුලතරවිමලකීර්තිසාගර, සම ස්තසත්වාවතංසක, වීරවික්රිමෛකමන්දිකර, බොධිසත්ත්වෙවතාරසාධකවාර භාවපඤ්ජර, රාජ‍ලොකෙක ශෙඛර, සිද්ධ සඬර්මකපුඤ්ජක, ධර්මාවමෘතදායක යනාදීන් බෝසතුන්ට මහත් වූ ස්තුති පූජා කොට8 ඉක්බිති ව කාශ්යඬප බුදුන් විසින් අනිත්යා දීය ප්රකකාශ කොට නිර්වා ණසම්පත්තියෙන්10 කුළු ගන්වා වදාරන ලද්දාවු:-

“අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො,

උප්පජ්ජිත්‍වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො”

‍යන මේ ගාථාවෙන් බණ කියා මහබෝසතුන්ගේ මනොරථය මස්තකප්රා ප්ත කොට දිව්යසලොකයෙහි තමන්ගේ අඩුතුන්කෙළක් දෙවඟනන් ආදී කොට ඇති මහත් වූ නොයෙක් ශ්රිම විභූති දක්වා නැවැත මහබෝසතාණන් වහන්සේ මනුෂ්ය ලොකයට

    1.  කියා.       2.  උල්.      3.  පර්වවත විවරයක්.      4.  සඝගුරු.       5.  අලංකාර වූ 

6. ඒක්ෂ ණයෙන්. 7. උද්ගාරව 8. දෙන්නාහු 9. ස්තූතිකොට 10. සමාපන්තියෙන්

114 සද්ධර්ම ලඞ්කාරය

කැඳවා ගෙනවුත් රාජ්ය්සම්පත්තියෙහි පිහිටුවා අප්ර මාද ව බුද්ධකාරකධර්ම‍යන් පුරණය කළ මැනැවැයි අවවාද කොට තමන්ගේ ශක්රාභවනයට ම ගියහ.

මෙසේ නුවණැති ශ්රයද්ධාවන්ත සත්පුරුෂයෝ ප්රඅමාණාති ක්රාුන්ත වූ නොයෙක් ශ්රීි සම්පත්තීන් යුක්ත වූ රාජ්යපය ද ප්රෙකම සහිත මිත්ර්පුත්ර කලත්රාුදින් හා සමඟ ස්වකීය වූ ජීවිතයද සිහි නො කොට හෙවත් සියලු සම්පත්තියෙහි ආලය හැර ලොක ස්වාමී වු බුදුරජාණන් වහන්සේ ගේ ප්රසශස්ත වූ සද්ධර්මුය ම පුරුදු කරන්නා හ. සද්ධර්මතයම අසන්නා හ. එ බැවින් පින්වත් ජනයෙනි, ඉතා ස්වල්ප වූ සම්පත් ඇති ව මන්දා්යුෂ්කකාලයෙහි උපන්නා වූ තොප වැන්නවූන්ට දැන් බණ ඇසීම් ආදී වූ කුශලකරණයෙහි ප්රකමාද වීම එකාන්තයෙන් කාරණයෙක් නොවන්නේ ම ය. එසේ හෙයින් දියයුතු යම්1 දානවස්තුවක්2 නැත ද සියලු කුශලධර්මමයට මුල් වූ සර්වහඥයන් වහන්සේ විසින් වදාරන ලද සපය්යා්ා හපනික නවලොකොත්තර සඬර්මසය සිතැ3 හෙළා අසා එ ම කුශලානුභාවයෙන් මතු ස්වර්ගතමොක්ෂ්සම්පත්5 සිද්ධ කරන්නට උත්සාහ කටයුතු

කියන ලදුයේ මැයි:-

“ඉතා අමිතසිරිං වා ජීවිතං වා ‘පි සන්තො

න සුමරිය පසත්ථංා ධම්මමෙවාචරන්ති,
තනුතරවිභවානං අප්පමායුනමම්හො
ඉහ කුසලපමාදො කො නු තම්හාදිසානං” යි.

මෙ‍ තෙකින් මේ දහම්සොඬ වගැ පළමු වන ධර්මඉසොණ්ඩක වස්තුව කියා නිමවන ලදී. _________

2. වෙස්සාමිත්තා වස්තුව

තවද මේ දහම්සොඬවගැ දෙවන වෙස්සාමිත්තාවස්තුව නම් කවරැ යත්?

මෙසේ අප බුදුහු බුදුබව පතා බොධිසත්ත්වසභූමියෙහි සිට අනෙකප්ර කාර දුෂ්කරක්රිතයා කෙරෙමින් බුද්ධාකාරකධර්මරයන් මුහුකුරුවා සසරැ ඇවිදිනාසේක් ධනපරිත්යාරග ය, කලත්ර් පරිත්යාුගය , අඞ්ගපරිත්යාූග ය, පුත්රධපරිත්යායග ය, ජීවිතපරිත්යාපග ය යන පඤ්චමහාපරිත්යා ගයෙහි කොටි ප්රා,ප්ත ව ඥාන්යපර්ත්ථයචය්යාත් ය,

         1.  කිසි .      2.  වස්තුයෙක්.        3.  හිත.           4.  - සම්පත්තිය.

ධර්ම සොණ්ඩක වර්ගයය 115

ලොකාර්ත්ථ චය්යා්ග ය, බුද්ධිචය්යා ග ය යන ත්රි.විධචය්යායන යෙහි කෙළ පැමිණ සසජාතක ය, සඞ්ඛපාලජාතකය, හර්ත්ථි පාලජාතක ය, සත්තුකහත්තජාතක ය, මහාජනකකජාතක ය, ක්ෂාලන්තිවාදීජාතක ය, සුත‍ෙසාමජාතක ය, මුගපක්ඛජාතක ය, එකරාජජාතක ය, ලොමහංසජාතක ය යනාදි වූ නොයෙක් ජාතිකොටිසහස්රඛයෙහි දාන ය, ශීල ය, නෛෂ්ක්රවම්යි ය, ප්රාඥා ය, වීය්ය්ජා ය, ක්ෂාධන්ති ය; සත්යෙ ය, අධිෂ්ඨාන ය, මෛත්රීජ ය, උපෙක්ෂාට ය යි කියන ලද දශපාරමිතා ය, දශඋපපාරමිතා ය, දශපරමාර්ත්ථයපාරමිතා ය යි යන සමත්රිං ශත් පාරමි ධර්මරයන් පුරණ ය කෙරෙමින් වෙස්සන්ත රාත්මභාවයෙහි සිට සත්වරෙකැ මහපොළව ගුගුරුවා මහදන් දී පාරමිතාවන් කුළු ගන්වා තුසීපුර පැමිණ සන්තුසිත නම් දිව්යුරාජන්ව නොයෙක් කෙළගණන් දෙවදෙවස්ත්රී න්1 පිරිවරා තුන්ලෝතිලකයක් සේ වැඩසිට නෛකසහස්රනදිව්යීරාජයන්ගේ කිරුළුමිණිරසින් තමන්ගේ පාදපද්මයන් බබුළුවා සද්ධර්මණ දෙශනාවෙන්2 සියලු දෙවිබඹුන් ප්රිගති කරවා සත්පනස්කෙළ සැටලක්ෂයයක් අවුරුදු ආසිරි වළඳා දිවසැපත් විඳ වසනසේක් දසදහසක් සක්වළැ දෙව්බඹුන් විසින්:-

“කාලොයං තෙ මහාවීර, උප්පජ්ජ මාතුකුච්ඡියං,

සදෙවකං තාරයෙන්තො, බුජ්ඣස්සු අමතං පදං.

යනාදී න් කරන ලද ආරාධනා තෙපුල් අසා:-

කාලං දෙසං ව දීපං ච, කුලං මාතරමෙව ච, එතෙ පඤ්ච වි‍ෙලාකෙත්වා , උප්පජ්ජන්ති තථාගතා.

යනු හෙයින් පඤ්චමහාවි‍ෙලාකනය කොට දෙව්බඹුන්ට සමූ දී ඇසළපුර‍පසළොස්වක ලද උතුරුසළ3 නැකතින් කපිල වස්තුපුරයෙහි සුදොවුන් මහරජාණන් නිසා මහාමායාදේවීන් කුසැ පිළිසිඳ දසඑකඩමස් ඇවෑමෙන් ලුම්බිනි නම් උයනෙහි මවුකුසින් බිහි ව “අග්ගොහමස්මි ලොකස්ස” යනාදීන් අභීතනාද පවත්වා පෙරඩමසැ සඳ සිරින් ක්රොමයෙන් වැඩී සොළොස් ඇවිරිදි වයසට පැමිණ සතලිස් දහසක් නාටකස්ත්රිසන් පිරිවරා රම්ම ය, සුරම්ම ය, සුභ ය යන තුන්ප්රාපසාදයෙහි රජ ඉසුරු විඳිමින් එකුන්තිස් අවුරුද්දක් ගිහිගෙයි වැස උද්යාහන ගමනමාර්ග යෙහි දෙවොපනීත ජරාරොගමෘතප්රුව්රිජිතසංඛ්යා ත චතුර්විධපූර්ව නිමිත්තසන්දිර්ශකනයෙන් ප්රරව්ර‍ජ්ය‍වෙහි සාභිලාෂ ව යසොධරා නම් අගබිසව කුසින් රාහුල නම් පුත්රුවන 1. කෙළගණන් දෙවස්ත්රී න් 2. ධර්මගදෙශනාවෙන් 3. උතුරුසළේ

116 සද්ධර්මනලඞ්කාරය

උපන් දවස් රජසිරි හැර කන්ථක නම් අශ්වරාජයා පිටට පැනනැගී මැඳිම්යමැ1 මහබිනික්මන් නික්ම නෙරඤ්ජරා තිරයෙහි මහණ ව:-

“මන්දා නිලා‍ෙන්දා ලිතපල්ලවග්ගෙ

                                      දොලාසුලොලාලිකුලාභිගීතෙ,

මනුඤ්ඤනානාමිගපක්ඛිසෙවිතෙ,

                                     නිරන්තරාරද්ධමයුරනෙච්චෙ.2

නෙරඤ්ජරායොවනාභිරාමෙ,

                                     සුඵුල්ලිතානෙකතරුහි චිත්තෙ,

එකාකියො අද්දුතියො විචිත්තෙ,

                                      නානා විහාරෙන කදා රමාමි”

යනාදීන් වර්ණ නීය වූ එ ම ගං3 අසැ සුපුෂ්පිත4 අඹ උයන්හි සත්දවසක් ප්රදව්ර‍ජ්යා සැපයෙන් දවස් යවා රජගහනුවරට වැඩ ගෙපිළිවෙළින් සිඟා5 ලද අහර වළඳා බිම්සරරජහට ප්රයතීඥ දී6 උරුවෙල්දනව් වැඩ සාවුරුද්දක් දුෂ්කරක්රිසයා කොට සත් වන අවුරුදු වෙසඟ මැඳි පොහෝ ලද අගහරුවාදා7 දවස් විසානැකතින් අජපාල නිග්රොසධමුල්හි8 වැඩ හිද සංසිද්ධ වූ9 ප්රා5ර්ත්ථේනා ඇති සුජාතා භිධානවතිතොපනීතපායාසානුභව පූර්වලඞ්ග ම ව සල්වෙනෙහි දිවාවිහාර කොට සවස්වේලෙහි ස්වස්තික10 නම් බ්රා හ්මණයකු විසින් දෙන ලද කුසතණ අටමිටක් ගෙන දෙවියන් විසින් සැරැහූ මගින් බෝමැඩ කරා වැඩ ඇසතුබෝමුල්හි තණ සලා වගුරුවා තුදුස්රියන් විදුරසුන්11 නැගී බෝකඳට පිට ලා චතුරඞ්ගසමන්වීතවීය්යාුදු ධිෂ්ඨානයෙන් පාදබන්ධබනය කොට පූර්ව ලොකධාතු ව බලා වැඩහිඳ සපරිවාර මාරපරාජය කොට යාමත්රරයෙහි ඥානත්ර යාධිගත ව අරුණොදයෙහි බුදු ව ක්රාමයෙන් සත්සති යවා බ්ර්හ්මාරාධනා පිළිගෙන ඉසිපතන උයන්හි දහම්සක් පවත්වා මුළුලො සනහමින් ලෝවැඩ විනෙයජනයන්12 පිණිස බොහෝ භික්ෂූපසඞ්ඝයා පිරිවරා දඹදිවැ ගම්නියම්ගම් රාජධානි පිළිවෙළින් දනව් සැරිසරනසේක ක්රිමයෙන් වැඩ කොසඹෑ නුවර සමීපයෙහි සුංසුමාරගිරි නම් පර්වඞතයෙහි වාසය කරනසේක.

එකලැ ඒ නුවරැ රජ13 කරන කොසඹෑ රජහුගේ අගමෙහෙසුන් වූ වෙස්සාමිත්තා නම් බිසෝ කෙනෙක් රජ්ජුරුවන් හා සමඟ බුදුන් දක්නා පිණිස විහාරයට ගියාහු අනොපමෙය වූ14

    1.  මැදුම්යම     2.  නිරන්තරාරඞ්ග     3. ගහ  4.  සුපිපි     5.  සිඟන     6. පිළිණ  

7. අඟහරුවා දවස්. 8. අජපාලරුක්මුල්හි 9. සන්සිඳවූ 10. සොත්ථි ය 11. වජ්රාවසන 12. වෛනෙය- 13. රාජ්ය ය 14. අනොපමෙය්යමවූ

ධර්මථසොණ්ඩක වර්ග‍ය 117

බුද්ධශ්රී න් දිලිහිදිලිහී වැඩ හිඳ මිහිරි කටහඬ විහිදුවා බණ වදාරන්නා වූ සර්වධඥයන් වහන්සේගේ ධර්මහදෙශනාව අසා පහන් සිත් ඇති ව සරණසීලයෙහි පිහිටා බුදුන් කෙරෙහි මමත්ව ය ඇතිව වෙසෙති. ඉක්බිති ඒ කොසඹෑ රජ්ජුරුවන්ගේ රාජ්ය ය ගන්නා පිණිස පසල් නුවරෙකැ1 වන්නාවූ රජ්ජුරුකෙනෙක් යුද්ධයට සැරැහී සේනාවාහනසන්නඬ අවුත් නුවරසමීපයෙහි කඳවුරු2 බැඳගෙන හිඳ රජ්ජුරුවන් ට කියා එවන්නාහු රාජ්යමය හෝ දෙව නොහොත් අප හා සමඟ සටන් හෝ කරවයි කියා තමන්ගෙන් දූතයන් හා සමඟ පත් ලියා යවූහ.

එ පවත් අසා කොසඹෑ රජ්ජුරුවෝ අනිස, මාගේ ජීවිතය තිබියදී3 අනිකක්හට රාජ්යරය දෙම් දැයි මහත් වූ රාජභිමාන උපදවා තුමුද යුද්ධයට සැරැහී සිවුරඟසෙනඟ පිරිවරා සඞ්ග්රාැම භූමියට යන්නා හූ බිසවුන් හා සමඟින් ම ගොස් එක්කෙනෙක්හි4 කඳවුරු බැඳ ලැගුම් ගෙන යුද්ධයට වදනා දවස් බිසවුන් ළඟට කැඳවා එම්බා සොඳුර, සටනෙහි ජයපරාජය කවුරුන්ට බවත් නො දැනෙයි. එ බැවින් ඉදින් මට පරාජයෙක් වී නම් පළමු කොට ම රත්පතායක් ඔසවා බඳවමි. ඒ සලකුණෙන් තෙපි කොසඹෑනුවරට ම වහා5 පලා යව යි කියා බිසවුන්ට අවවාද ‍ෙකාට ඉක්බිති යුද්ධයට සැරැහී මහමේගිඟුම් ගත් සමුද්රියක් සේ කඳවුරැ6 සක් සින්නම් පඤ්ච‍ෙලාහොබෙර තලප්පර වීරන්දම් රණරඞ්ගඝොෂාදී වූ හෙරිතූය්ය්‍ැරභාණ්ඩයන් එකවිටැ ඝොෂා කරවා චතුරඞ්ගිණීසේනා විසින් පිරිවරන ලදුව පවන්වෙගයෙන් හැළලූ ගොඩැ ගමන් ගත් සමුද්රැරාජයා සේ යුද්ධමණ්ඩලයට ‍ෙගාසින් සිටගත්හ.

එ කල්හි නානායුධ ගත් අත් ඇති ඒ සතුරන් දැක අඩි පසු නො ලම්භ යි එඩිතර ව නොමඳ වූ මදයෙන් උඩගු වූ සිත් ඇති මහඇත්සෙනඟක් සේ දප්සරුව දෙපෙළ7 ඇණි ලා සිටි දෙසෙනඟ ඔවුනොවුන් දැක මහත් වු සිංහසමානවික්රමම දක්වා වහසිබස් බෙණෙමින් සාහසික ව දිව අවුත් බිහිසුණු දරුණු මරසෙනඟක් සේ ඔවුන්නොවුන් හා සටනට වැදගත්හ. එ වේලෙහි කොසඹෑරජ්ජුරුවෝ කඩුපලඟ අතැ ලා අසනීපාතයක් සේ දිව ගෙන ගොස් රුපුසෙනඟ මධ්යලයට පැන කෙහෙල්වනයකට වත් මතැත්පොව්වකු සේ සතරුසෙනඟ ඇන හෙළමින් අසුන් ලුහු බඳවා බඳමැඳින් අලමදන්8 සේ දෙකඩ කොට පොලුගසමින් ඇතුන් සොඬ සේ කපා ඉසිමින් මෙසේ මහත් යුද්ධ

    1.  පසල් නුවර      2.  කඳයුරු        3. තිබැද්දී        4.  තැනෙක්හි      5.  වහාම

6. කඳයුර 7. දෙපෙළින් 8. අලමදක්.

118 සද්ධර්ම ලඞ්කාරය

කරන්නාහු එ තෙකින් මතු තමන්ට පරාජය වන බව දැන බිසවුන් සිහි කොට ඔවුන්ට පෙනෙන පරිද්දෙන් රත්පතාකයක් නංවා සටන් කෙරෙමින් ගොස් රණදෙරණැ සැතැපුණහ.

ඉක්බිති ඒ වෙස්සාමිත්තා නම් බිසව සටන් කරන දිසාව බල බලා සිටියාහු රත්පතාකය දැක මාගේ ස්වාමිපුත්රරයාණන්වහන්සේට එකාන්තයෙන් ම පරාජය වනැයි සිතා භයින් තැතිගෙන කොසඹෑ නුවර බලා නික්මුණාහ. එ වේලෙහි සතුරු රජ්ජුරුවන්ගේ සෙවකයෝ සැඟවී නුවර බලා නික්මුණා වූ බිසවුන් දැක කොසඹෑ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන්බිසවුන් බව දැන තමන්ගේ රජ්ජුරුවන් කරා ගෙනවුන් දැක්වූහ. එ විටැ රජ්ජුරුවෝ බිසවුන්ගේ රූපශ්රී දැක දර්ශ නසංසර්ගරයෙන් බැඳී ඔවුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තාහු මේ බිසවුන් මහත් වු අභිෂෙක මඟුලින් දැන් ම මට අගමෙහෙසුන් කරව් ය යි කියා අභිෂෙක මඟුලින් දැන් ම මට අගමෙහෙසුන් කරව් ය යි කියා අමාත්ය්වරුන්ට විධාන කළහ. මෙසේ රජ්ජුරුවන්ගේ නියෝග ලත් අමාත්යාවරු එක් ව අභිෂෙකමඟුලක් සරහා අගමෙහෙසුන් තනතුරට පමුණුවන පිණිස බිසවුන් යාච්ඤා කළහ. එ කල්හි බිසව් ඇමැතියන් කී තෙපුල් අසමින් ම එම්බා කුඩාවරුනි, මට අභිෂෙකයෙන් ප්රඇයෝජන කීම් ද? එ බැවින් තෙපි යව යි කියා අගබිසෝ තනතුරු නොකැමැති වුහ. ඇමැතියෝ ඒ පවත් රජ හට දැන්වූහ. එ කලැ රජ්ජුරුවෝ බිසවුන් ළඟට කැඳවා එම්බා දේවිනී, කවර කාරණයක් සඳහා අගබිසෝතනතරු නො කැමැත්තා දැයි විචාළහ.

එ බසට බිසව් කියන්නාහු, දෙවයන් වහන්ස, ඉදින් මා අභිෂෙක නොකැමැති කාරණා අසන්නා කැමැත ‍හොත් මා කියන්නා වූ මේ වචනය ඉඳුරා මැනැව. මට සියලු ඓශ්චය්ය්මා ගෙන දුන් මාගේ ස්වාමිපුත්රග වු එබඳු රජ්ජුරුවන් වහන්සේ අද ම ස්වර්ගයලොකයාත්රායවට පැමිණිසේක. ඒ රජ්ජුරුවන් වහනසේ මට අභිෂෙකමඟුල් කොට සො‍ළොස්දහසක් බි‍සෝවරුන්ට නායක වූ අගබිසෝ තනතුරට පමුණුවා මා තමන් වහන්සේගේ ළයක් සේ සිතා මෙ තෙක් කල් මුළුල්ලෙහි ජීවිත යක් සේ රක්ෂාේ කළසේක. දැන් උන්වහන්සේ සිහි කරන්නා වු මාගේ කායචිත්ත දෙන වියොගසොක නැමැති ගිනි ගෙන දවන්නේ ය. ඉදින් දෙවයන් වහන්ස, දැන් මම අන්රජක්හට අග්රනමහෙසිකා වීම් නම්1 ඒ රජහටත් මෙබඳු ව්ය්වසනයක් පැමිණි කල්හි2 නැවැතත් ඒ දුකින් කෙසේ නම් මිදෙම්ද? එසේ හෙයින් අගමෙහෙසුන් තනතුරු නො කැමැත්තෙමි, දැන් මම වනාහී වියොගසොක නැමැති ගිනි ගෙන දිලියෙන්නා වු ශරීර ඇතියෙමි.

        1.  වී නම්.        2.  පැමිණියේ ද එකල්හි.

ධර්ම සොණ්ඩක වර්ගවය 119

එසේ හෙයින් දැන් මේ සොකය මතැ වන්නා වූ මම මතු වන්නා වූ සොකය කෙසේ නම් දුරු කෙරෙම් ද? 1 ගිනි2 නිවනු කැමැත්තා වූ කවර නම් නුවණැති පුරුෂයෙක් ඇවිළෙන ගින්නෙහි පිදුරු බහාලන්නේ දැයි කීහ. ඒ බව ප්රිකාශ කොට දක්වනු පිණිස කියන ලදී:-

“සුණොහි සාධුකං දෙව, හාසමානාය මෙ ව‍ෙචා, හන්තා මය්හං මතො අජ්ජ, සබ්බසම්පත්තිදායකො.

කත්වා සොගිසෙකං මං, අත්තනො හදයං විය, පාලෙසි තං සරන්තස්සා, සොකග්ගි දහතෙ මනං.

මහාරාජ සවඤ්ඤස්ස, අස්සමග්ගමහෙසිකා, තම්හා දුක්ඛා න මුඤ්චාමි, තෙනාහං තං න පත්ථ යෙ.

සොකග්ගිනා පදින්තාහං, සොකෙ සොකං කථං ඛිපෙ, ජලත්තග්ගංමහි කො නාම, පලාලං පක්ඛිපෙ බුධො” යී

මෙසේ බිසවුන් කී බස් අසමින් ම ක්රොලධයෙන් මඬනා ලද සිත් ඇත්තාවූ රජ්ජුරුවෝ ඉදින් තෝ අභිෂෙක නොකැමැත්තෙහි නම් දැන්ම තී අල්වාගෙන ගින්නට දමා වධකොට මරමි යි. උදහස් ව මහත් වු දරසෑයක් බඳවා දෙකෙළවරින් ගිනි අවුළුවා දෙගිනි සා ව ගිනි ඇවිළගත් කල්හි බිසවුන් කැඳවා, එම්බල කෙල්ල, තෝ තීගේ මළා වූ සැමියා පතා හිඳිනා කලැ තෙල ගින්නට පැන පිය යි කීහ. ඒ බස් අසා බිසව ගින්නෙහි දෑවුන් අව්වට පෙරළුවා සේ මහත්වු චිත්තපීඩාවට පැමිණ රජ්ජුරුවන්ට යාච්ඤා කොට කියන්නාහු,4 දෙවයන් වහන්ස, කිසි වැරැද්දක් දොෂයක් නැත්තාවූ නිරපරාධ සත්ත්වසයන් මෙසේ5 ඇවිළෙන ගින්නෙහි බහා වධ කොට මැරීම ඒකාන්තයෙන් ම මහත්වූ අකුසල් වන්නේ එබැවින් ඒ අකුශලයා‍ගේ විපාකය ඉහලොක6 පරලොක දෙක්හි ම මහත් වූ අවැඩට කාරණා7 වන්නේ ය. හේ එසේ ම ය.

තවද දෙවයන් වහන්සේ , පුරාතනයෙහි රජදරුවන් විසින් ශ්ර මණබ්රා හ්මණයෝ ය, මව්පිය දෙදෙනා ය, බාලදරුවෝ ය, රොගව්යවසනාදියෙන්8 පීඩාවට පැමිණි සත්ත්වෙයෝ ය, ස්ත්රීප ජාතිහු ය යන මේ සත්වැදෑරුම් වු මනුෂ්යරයන් විෂයෙහි වධබන්ධත කිරීම හෙවත් මැරීම පසස්නා ලද්දේ නො වෙයි. නීතිශාස්ත්රබයෙකත් නො කීහ. එබැවින් මම වධ විඳීමට සුදුස්සෙමි9 නො වෙමි යි කිහ.

       1. දැන්      මේ ‍සෝකය     මතුවන්නා   වූ   ශොකය  මතු  කෙසේනම්  දුරු 

කෙරෙමි ද? 2. එබැවින් ගිනි 3. දක්වනලදී. 4. කියන්නී. 5. මෙලෙස 6. විපාකය මතු ඉහලොක 7. කාරණ 8. රොගව්ය වනයෙන් 9. සුදුස්සෙක්


120 සද්ධර්ම ලඞ්කාරය

එසේ හෙයින් කියන ලදී:-

“පාපො නිප්පාපීනං රාජ, පාතනං බලු පාවකෙ.

‍ෙහාති පාපඵලං තස්ස, පච්චත්ථල1 ච පරත්ථ  ච.

පුරාතනෙහි භූපාල, සමණබ්රා්හ්මණෙසු ච, මාතාපිතුසූ බාලෙසු, රොගෙනාතුරඉත්ථිථ සු, නප්පස‍ෙත්ථාඵ වධො දෙව, තස්මාහං න වධාරහා” යි.

මෙසේ සියලු ශාස්ත්රලයෙහි නිපුණ මහාපණ්ඩිතකෙනකුන් සේ බිසවුන් විසින් කියන ලද්දා වු නොයෙක් කාරණයන් අසාද නො පසුබස්නා වූ ක්රොිධ ඇති රජතෙම තෙල කෙල්ලගේ දෑත් දෙපය මිරකා අල්වාගෙන තෙල ගිනිමැලයට දමාපියව යි කියා එ තැන් හි සිටියවුන්ට විධාන කෙළේය. එ කල්හි රජහුගෙන් නියොග ලද්දාහු සැපයෙන් වැඩි ඒ සිවුමාලි බිසවුන් මල්දමක් සේ දෑත් දෙපය මිරිකා අල්වාගෙන ගිනිදෙවියාට දෙන බිලියක් සේ ගෙන ගොස් සළා දිදී ඇවිළැ නැ‍ඟෙන ගිනිමැලයට දැමූහ.

මෙසේ ගින්නට දමන වේලෙහි ඒ බිසව් සිත්නනාහු මේ තැන්හි මට අන් කිසි පිළිසරණෙක් නැත්තේ ය. තිසරණ ම සරණ කෙරෙමිය සිතා බුත්සරණ යෙමි, දහම්සරණ යෙමි, සඟසරණ යෙමි යි කියමින් එකාවත් සිතින් සිහි කෙරෙමින් ගින්නෙහි වැටී හුණුවාහ. ඉක්බිති ‍අචීවිමහානරකයෙන් පොළොව පළාගෙන නැගි මහගිනිකඳක් සේ ගුගුරමින් සළා දිදී ඇවිඳු නැ‍ඟෙන්නා වූ එ බඳු ගිනිමැලය බිසවුන්ගේ ශරීරයෙන් රෝමකූපමාත්රවයකුත් හුණුකොට ගත නුහුණුයේ ම ය.

බිසව් වනාහි රත්පියුම් ගබකට වන් ස්වර්ණණහංසධෙනුවක සේ ඉතා සිහිල් වු ශරීර ඇති ව රත්පලසක් පෙරවගෙන සිරියහන් මතුයෙහි සැතපෙන කලක් පරිද්දෙන ඇවිළෙන ගිනිසලා මද්ධ්යියෙහි කිසි පීඩාවක් නැති ව සැපසේ ගෝතතාහ. ඒ ආශ්චය්ය්යහ දැක රජ්ජුරුවෝ අනේ! මා කෙළේ කිමෙක්8 දෝ හෝ යි සිතමින් භයින් තැතිගෙන ලොමුදැහැගත් ශරීර ඇතිව බිසවුන් සමීපයට වහා දිවගෙන ගොස් ගින්නෙහි හුන් දරු කෙනකුන් දැක දෑත සලා මුරගාමින් ළෙහි3 වඩාගන්නා පෙම්බර මවක සේ බිසවුන් දෙ අතින් ඔසවා ළෙහි හොවාගෙන තමන්ගේ රාජාසතමස්තකයෙහි වඩා හිදුවා දොහොත් මුඳුනෙහි තබාගෙන ක්ෂතත්රිමය කන්යාතවක දුටු චණ්ඩාලයකු සේ ආදරයෙන්

      1.  පච්චත්තෙ          2.  කීම්.        3.  එවේලෙහි

ධර්ම සොණ්ඩක වර්ගපය 121

නැමී එකත්පස් ව සිටි ස්වාමි දියණියෙනි, මෙ බඳු මේ ගිනිමැලය කවර කාරණයෙකින් නුඹගේ කවර අනුභාව1 විශෙෂයෙකින් දැන් මේ ශරීරය දවාපිය නුහුණුයේ දැයි විචාළහ.

එ වේලෙහි බිසව් කියන්නාහු එසේ වී නම් ඇසුවා මැනැව දේවයන් වහන්ස, මේ ලොකයෙහි සත්ත්වසයන්ට කිසියම් භයක් පැමිණි කල්හි බුත්සරණ ය, දහම්සරණ ය, සඟසරණ ය, යන තුනුරුවන් සරණ හැර මව්පියන් ආදී වූ අවශ්යහ බන්ධු්හු ද අවශෙෂ නෑයන් හා පරිවාර ජනයෝ ද එකාත්මික වූ මිත්රවජනයන් හා මහෙශාක්යහදෙවතාවෝ ද මන්ත්රව ඖෂධ ආදීන් හා එයින් අන්ය් වු2 බලිබිලි යාග කිරීම් ආදී වූ සෙසු ශාන්තිවිධහු ද යන සියල්ලෝම පැමිණියා වූ ඒ භයට පිහිට ව ඔහු රැකගත නො හෙන්නා හ. එබැවින් දෙවයන් වහන්ස, මම වනාහි එකාන්තයෙන් ම මට පිළිසරණ ය යි කියා බුද්ධ ධම්ම සඞ්ඝ යන තුනුරුවන් සරණ ගතිමි. ඒ තුනුරුවන්ගේ ආනුභාවයෙන් මෙසේ දීප්තිමත් ව ඇවිළෙන්නා වු මෙ බඳු මේ ගිනිමැලය මාගේ ශරීරය දවන්නා තබා රොමකූපමාත්ර්යකුත් හුණු කොට ගතනුහුණුයේ ම ය.

මෙ බඳු මහානුභාවසම්පන්න වූ පෙන්වා3 දැක්විය යුතු ආශ්චය්ය්ොට ඇති නො ප්රනත්ය්ක්ෂා වූ අනෙකප්ර්කාර වු උපද්රුව විධමනය කොට සියලු සම්පත් ගෙනහැර දෙන්ට සමර්ථ වූ තුනුරුවන් සරණ වනාහි යම් කිසිවෙක් සමාදානවශයෙන් නො ගනී ද එසේ වු අඥන සත්ත්ව තෙ‍ම මෙලෝ පරලෝ දෙකින් ම කිසියම් සැපයක්4 නො බලන්නේ ය ඉදින් යම් සත්ත්වෙයෙක් සමාදාන වශයෙන් තුනුරුවන් සරණ යන්නේ5 වී නම් එබඳු උත්තම නුවණැති සත්ත්වාතෙම ඉහලොක පරලොක දෙක්හිම සියලු සැපයෙන් නොපිරිහෙන්නේ ම ය. එසේ හෙයින් දෙවයන් වහන්ස, නුඹවහන්සේ ද මෙ තැන් පටන් තිසරණ ගත මැනැව. ඒ ම නුඹවහන්සේ ට6 හැම තන්හි ආරක්ෂාර නමුදු වේ. නිලීනස්ථාන නමුදු වේ. පිහිටි නමුදු වෙයි යනාදීන් තුනුරුවන්ගේ ගුණ සඳ මඬලැ අඳිනා සේ7 විස්තර කොට රජ්ජුරු‍වන්ට කියා ගාථාවෙන් දක්වන්නාහු:-

“මාතා පිතා ච ඤාති ව, පරිවාරාව සොභදා, මන්නො සධාදයො වා ‘පි, මහෙසක්ඛා ච දෙවතා

එතෙ චඤ්ඤෙ ච භූපාල, සත්තානං භයමාගතෙ, රක්ඛිතං නෙවසක්කොත්ති, හිත්වාමන සරණත්තයං

      1.  ආනුභා  -      2  එයින් පිටන් අන්යහ වූ        3. ගෙන්වා          4.  සැපතක්

5. ගත්තේ 6. ඒ නුඹවහන්සේට 7. අඳනාසේ.

122 සද්ධර්ම ලඞ්කාරය

එවං මහානුභාවං තං, පච්චක්ඛං එහිපස්සිකං, නානොපදද වවිද්ධංසිං, නානාසම්පත්ති දායකං

සරණත්තයං හි යො සත්තො, සුසමාදාය ගණහිත, ඉධ වා පරත්ථ වා ලොකෙ, සො සුඛා න විභායති: තස්මා ත්ව්ම්පි1 භූපාල, ගණහාහි සරණන්ගයා, තං තෙ භවති සබ්බත්ථ්, තානං ලෙනං පරායණං” යී*

මෙසේ චිත්ර කථික වූ ධර්මාකථික කෙනකුන් සේ අසම්භීත ව බිසවුන් විසින් කියන ලද්දා වු තුනුරුවන්ගේ ආනුභාවවිශෙෂය අසා පහත් සිත් ඇති රජ්ජුරුවෝඑ බිසවුන් ක්ෂ්මා කරවා මහත් වූ සත්කාර කොට අද පටන් නුඹ මාගේ මෑණියන් වහන්සේ ය යි කියමින් බිසවුන් තමන්ට මව්තනතුරෙහි තබා තුමු ද තිසරණැ පිහිටයහ. එ තැන්හි රැස් වූ මහජන‍යෝ ඒ ආශ්චය්ය් ද වන් පෙළ හර දැක සරණශීලයෙහි පිහටා ඒ තැන් පටන් දානාදී වූ කුශල සම්භාරයන් රැස් කොට තම තමන්ගේ කම් වූ පරිද්දෙන් ස්වගී පද පරායණ වුහ.2

‍ මෙසේ ඒ බිසව් උතුම් වු ශරණශීලමාත්රකයක් ඉගෙන එ ම තිසරනානුභාවයෙන් එ බඳු3 ඇවිළ නැගෙන්නා වූ ගිනිදැල් මද්ධ්ය යට පැමිණ පවා සිහිල් හෙල්මැලිකලඹක් මැඳට4 වන්නා සේ කිසි පීඩාවකට නො පැමිණ ඉතා සිහිල් වූ5 සැපය ම ලදහ. එ බැවින් පින්වත් සත්ත්වියෙනි උතුම් වු සරණ ශීලය නිරන්තරයෙන් රක්ෂාළ කරන්නා වූ තෙපි ඇම සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලේහි වින්ද යුතු භවභොගසම්පත් හා කෙළවරැ වින්දයුතු නිවන් සම්පත් කෙසේ නම් නො ලබවි ද? එකාන්තයෙන් ම ලබන්නා හු ම ය. එසේ හෙයින් තිසරණැ පිහටි ශරණශීලය රක්ෂා් කොට මෙ ලොවින් වන්නා වු සියලු උපද්රිවයෙන් මිදී මතු ස්වර්ගබමොක්ෂී සම්පත් සිද්ධ කරන්ට උත්සාහ කටයුතු කියන ලදුයේ මැයි:-

“ඉති සරණවරං යා කෙවලං උග්ගහෙත්වාු

ජලිතදහනමජ්ඣෙ සීතිභාවං අලත්ථ්,
	 පරමසරණසීලං පාලයන්තා කථං වො
න ලහථ භවභොගං න‍ිබ්බුතිඤ්චාපි අන්තො” යි.

මෙතෙකින් මේ දහම්සොඬ වගැ දෙවන වෙස්සාමිත්තාවස්තුව කියා නිමවන ලදී _______

1. තුවම්පි. 2. ස්වර්ගිපරායණ වූහ. 3. මෙබඳු 4. මධ්ය යට 5. සීතල.

    මේ ගාථා පන්තිය ට රසවාහිනියෙහි තව ගාථා සතරෙක ඇතුළති.

ධර්ම සොණ්ඩක වර්ග ය 123

3. මිගලුද්දක වස්තුව.

තවද මේ දහම්සොඬවගැ තුන් වන මිගලුද්දක වස්තුව නම් කවරැ යත්?

යටැ ගියදවසැ මේ මහාභද්ර්කල්පයට එක්තිස් වන කල්පයෙහි සිබී නම් වූ එක් සම්යමක් සම්බුද්ධ සර්වලඥ1 කෙනකුන්2 වහන්සේ දානසීලාදීවූ බුද්ධකාරකධර්ම්යන්3 පුරණය කිරීමෙන් මස්තකප්රාබප්ත කොට බොධිපය්ය්ධර්ඞ්කාරූඪ ව සපරිවාර මාර පරාජය කොට සම්යපක්සම්බුද්ධරාජ්යයයට පැමිණ ජනොත්තම වූ තමන් වහන්සේගේ දෙතිස්මහාපුරුෂ ලක්ෂුණ අසූඅනුව්යපඤ්ජන බ්යාමම ප්රදභා‍කෙතුමාලාදී වූ අනන්ය්සාධාරණ මහාපුරුෂලක්ෂසණයන් රුකක් සේ ද අහස්මැඳැ දහස්ගණන් රශ්මිමාලාවෙන් බබළන්නා වූ හිරුමඬල3 සේ ද ස්වකීය ඝනකනකරශ්මීන් තෙවුණා වූ ස්වර්ණබමෙරුරාජයා සේ ද අතිශයින් ප්ර භාවත් වූ ආත්ම භාවයෙන් විරාජමාන වෙමින් තුන්ලෝතිලකයක් සේ මුළුලෝ සරහා වැඩසිටි දෙවිමිනිසුන් සහිත වූ සියලු සත්ත්වසයන් සද්ධර්මව නැමැති මහනැවට නංවා මේ අසාර වු සංසාර නැමැති මහා සාගරයෙන් එතෙර කොට නිවන් නැමැති අමාපුරයෙහි ගෙනහැර පිහිටවමින් දහම් නැමැති රුවන්වැසි වස්වමින් සද්ධර්මප නැමැති ජයබෙර ලවමින් දහම් නමැති ජයකෙතු නංවමින් මෙසේ වශී ප්ර ධාන වූ ඒ තථාගතයන්වහන්සේ දිව්යුබ්රෙහ්මාදී සමස්තසත්ත්ව යන් ජාතිජරාමරණාදී වූ සංසාර දුඃඛයෙන් මුදා නිවන් පුරසිරි ගෙනහැර දෙමින් වැඩ වනසේක.

ඒ බව දක්වනු පිණිස මත් කියන ගාථා ධර්මකපූජක4 මහතෙරුන් වහන්සේ විසින් කියන ලදී:-


“එකතිංසෙ ඉතො කප්පෙ, ලොකෙ උප්පජ්ජී නායකො,

බත්තිංසලක්ඛණාකිණ්ණො, සම්බුද්ධො ය සිඛිව්හයො.

ජලන්තො දීපරුක්ඛො ව, සූරියොච නභමුග්ගතො. මෙරුරාජාව සම්බු‍ඬො, ජනෙස්වග්ගො5 පත්පවං

පුරෙත්වාී ධම්ම නාමායං, ස නාථො සකලං පජං, පතිට්ඨපෙන්තො සංසාරකන්තාරා සනිභූමියං.

ධම්මකෙතුං සමුස්සෙන්තො, හනන්නො ධම්මදූන්දුො හිං, සත්තෙ දුක්ඛා පමොචෙන්තො,වසී තත්ථම ජිනො වසී’ යී

         1.  සම්යවක්සම්බුද්ධ කෙනකුන්  2.  -ධර්මය 3. -මඬලක්.  4.  මතු කියන ධර්ම පූජක   5.  ජනෙසග්ගො


124 සද්ධර්ම ලඞ්කාරය

මෙසේ සත්ත්වාලොකයෙහි සද්ධර්ම නැමැති ආලොක පතුරුවා සියලු සත්ත්වතයන්ට හිත සැප එළවමින් තුන්ලොවට නැගූ අසහායප්රකදීපයක් සේ වැඩවසන්නා වූ ඒ සර්විඥයන්වහන්සේ එක්සමයෙක්හි විවෙක1 කැමැති ව ඉතා රම්යා වු එක් වනාන්තරයකට එළැඹ සුපුෂ්පිත වූ සීනිද්ද බෝලිද්ද යොහොඹු වෑකොඳ දෑසමන් ආදී වූ සුවඳ මල් සහිත නොයෙක් ලියජාතියෙන් වළඳනා ලද අතුපතර ඇති එසේ ම සුපුෂ්පිත වූ අඹ දොඹ සල් සපු නා පනා කීණ පළොල් ඇසළ මුහුළු නැදුන් සඳුන් දෙව්දුරු කපුරු පුවක් ආදී වු අනෙකප්රළකාර වෘක්ෂ ජාතීන්ගේ සුවඳමලෙහි ලොල් වු මත් බමරවැලන්2 විසින් ගිගුම් දෙන ලද නානාප්රීකාර භෘඞ්ග නාදයෙන් හා ඒඒ තන්හි කැල බැඳ සිටිනා තෘණසිංහ ය, කාලසිංහ ය, පාණ්ඩු සිංහ ය, කෙශරසිංහය, ගජසිංහය, දශ කුලෙහි ඇත්තුය, තිත්මුවෝ ය. පසදමුවෝ ය, සරහමුවෝ ය, ඔළුමුවෝ ය, සෙමරමුවෝ ය, රූරුමුවෝ ය, රෙහෙරමුවෝ ය, පවන්මුවෝ ය, ශ්වෙතහංසය, කාලහංසය, පාකතීකහංසය, පාණ්ඩුහංසය, ස්වර්ණුහංසය, ධාතුරාෂ්ට්රෙහංස ය, දණ්ඩමානවක ය, ජීවඤ්ජීවක ය, ලතාකින්නර ය, පරපුටුකෙවිල්ලෝ ය, කුරවීකෙවිල්ලෝ ය, අටපාකෙවිල්ලෝ ය. කළුළිහිණියෝ ය, කළුතල්ළිහිණියෝ ය, ඇත්ගිජුළිහිණියෝ ය, යනාදී වූ නොයෙක් වීපදචතුෂ්පද ජාතීන් විසින් ද එසේ ඒ ඒ තන්හි මඩුලු බැඳ වටා සිටිනා1 සෙබඩන්5 මැඳැ පිල්සත් විදහා කෙකාසර නගා රඟ බස්නා මත් මොනරුන්ට රඟමඬුලු වු රන්රිදී පිළිවහණමය අතලගල්පෙළින් හා ඉතා සිහිල් වූ ප්රළසන්න මිහිරි ජල ඇති සුවසේ බැස ස්නානපානය කිරීමට යොග්යා වූ මනා තොට ඇති පස්පියුමෙන් සැදි වනවිල්පෙළින් හා මනහර පිළිමිණි සහණවට සේ වැහෙන ජලකර්ණසකාවෙන් යුක්ත ව නොයෙක් දෙසින් හැලි ගසා දීවන ජලධාරාවන් ඇති සියගණන් ගඟුල්හැල්ලෙන් ගැවැසීගත්තාවූ ඒ වනමද්ධ්ය්යෙහි මල් රොන් වගුළ සිහිල් සුවඳ සුදුවැලිතලාවන් ඇති ඡායාසම්පන්න මනහර ගලතලක් මුඳුනෙහි සඟළ සිවුර සතරපටින් පනවා නීල ය, පීත ය, ලොහිත ය, ඔදාත ය, මාංජිස්ඨ ය, ප්රගභාස්වර ය යි කියන ලද්දා වූ සවනක් ඝනබුද්ධරශ්මි මාලාවන් දස දිගැ විහිදුවමින් ඒ සියලු වනාන්තරය එකාලොක කොට බබුළුවා යුගන්ධමරපර්විතමස්තකයට පැමිණි බාලාකී මණ්ඩලය සේ වැඩහුන්සේක.

ඒ බව ප්රණකාශ කොට දක්වනු පිණිස එ ම මහතෙරුන් වහන්සේ විසින් කියන ලදි:- 1. විවේක ස්ථාන 2. බමරවැල් 3. කෙහෙල්මුවෝය. 4. සිටිය .5. සැබැඩීයන්.

ධර්මඩසොණ්ඩක වර්ග ය 125

“එකස්මිං යමයෙ නාථො, ලොකපජ්ජො තකො ජිනො, විවෙකකාමො සමුබුද්ධො, සුරම්මං කානනං ගතො.

පුත්තාගනාගපුගාදිනානාපදපසඞ්කුලං, ලතාලිඞ්ගිතසාඛාහි, සාමොදකුසුමායුතං.

කුසුමාමොදසම්මත්ත1 ජප්ප දා ලිතිසෙවිතං, නානාමිගගණාකිණ්ණං, මයූරගණනච්චිතං

සීතලච්ඡොදිකාසාධුසුපතිත්ථ ජලායසං, අයාරසාරධාරාභි, නිජ්ඣරාසතසඞ්කුලං.

ගන්ත්වාධ සො මහාරඤ්ඤං, සීතලං සිකතාතලං, සිලාතලෙ නිසින්තොසි, විස්සජ්ජෙන්තො ඡ රංසියො” යී.

මෙසේ ඒ වනමද්ධ්යරයෙහි සවනක් රැසින් දිලිසෙමින් වැඩහුන් නා වු බුදුන් දැක දිව්යදබ්රයහ්මනාගසුපර්ණ යක්ෂවරාක්ෂ සසිද්ධවිද්යා ධරාදීහු ඇසිල්ලෙකින් දිවගෙන අවුත් එ තැන්හි රැස් ව දිව්යරම යවූ සඳුන් සුවඳමල් ආදියෙන් බුදුන් පුදමින් දිව්යැ ආනුභාවොත්පන්න මෘදඞ්ගාඩම්බරඩැක්කි2 මද්දලපටහපණව‍ෙක‍දාටුම්බරදෙණ්ඩිමාදි3 වූ නානාප්රයකාර භේරිතූය්ය් භාණ්ඩයන් ගෙන මධුරධ්වනි4 විහිදුවා අ‍තෝමින්5 බුද්ධගුණයන් අරභයා ගී කියමින් දිව්ය‍මහිමයෙන් යුක්ත අනෙකප්රාකාර නෘත්ය්ඞ්ග දක්වමින් මහත් වූ සන්තොෂයෙන් පිනපිනා, සමන්නභද්ර‍, සකල‍ෙලාකාන්න්ද්කර, සමස්ත ජනශෙඛර, සද්ධර්මකගංගාප්ර්වාහ, පරදුඃඛදුඃඛිත, සරණාගත6 වජ්රදපඤ්ජර, ත්රි‍භූවනචන්ර්ර , අභිධර්මනමෘතප්රාසව, දෙවානිදෙව, ශත්රා තිශක්රර, බ්රරහ්මාතිබ්ර්හ්ම යනාදීන් කරන ලද ස්තුතිඝොෂ වෙන් ‍දසදිගින් පුරමින් දෙහොත් මුඳුන් දීදී නමස්කාර කෙරෙමින් බුදුන් පිරිවරා සිටගත්හ. එ කල්හි ඒ දෙවානිසෙයන් වහන්සේ ඒ පරිද්දෙන් පිරිවරා සිටි දිව්යහසෙනාව මඬ්යියෙහි මහත් වූ බුද්ධානුභාවයෙන්7 දිලිහිදිලිහී වැඩහිඳ තමන්වහන්සේගේ විස්සට්ඨමඤ්ජුඤ්ඤෙය්යාභදී වු අෂ්ටාඞ්ගසමුපෙත මිහිරි කටහඩින් බ්රේහ්මඝොෂා විහිදුවා අමාවැස්සක් වස්වන්නා සේ8 දුඃඛසමුදයාදී චතුස්සත්යසයෙන්යුක්ත ධර්මමදෙශනාවට පටන්ගත් සේක.

ඒ බව ප්රබකාශ කොට දක්වනු පිණිස එ ම මහතෙරුන් වහන්සේ විසින් කියන ලදී:-

“දෙ වා තත්ථය සමාගන්ත්වා-, පූරෙසුං දීපදුන්තමං,

දිබ්බෙහි ගන්ධකමාලෙහි, නච්චෙහි තුරියෙහි ච.
    1. සම්පත්ත (මු. ර.)       2. මෘදඞ්ගඩැක්කි        3. -දෙණ්ඩුමාදි වූ     4. මධුරස්වර

5. අ‍ෙනාමින් 6. අසරණසරණ 7. දිව්ය්නුභාවයෙන්. 8. වස්නාසේ- වස්නාවන්නාසේ 126 සද්ධර්ම ලඞ්කාරය

දෙවදෙවො තදා දෙවසඞ්ඝමජ්ඣෙ නිසීදිය, චතුසච්චමදෙසෙසි,තිච්ඡරං මධුරං ගිරං” යී.

මෙසේ සර්වෙඥයන් වහන්සේ සද්ධර්මංදෙශනාවට පටන්ගත් කල්හි පෙරැ බොහෝ දවසක් ඒ වනාන්තරයෙහි ඌරන් මුවන් ආදී වු සිව්පාසතුන් මරා මස් ගෙන අඹුදරුවන් රක්ෂාර කොට එයින් ම ජීවත් වන්නා වු ප්රාරණවධයෙහි නියුක්ත වූ ඒක් වැද්දෙක් පෙරැ පරිද්දෙන් ම දුනු හීතල ගෙන මුවදඩැ ගොස් ඒ ඒ තන්හි දඩයම් කොට ඇවිදුනේන ඒ ස්ථානයට පැමිණ තරු පිරිවැරූ පූර්ණඩචන්ර්නේ යා1 සේ මහමුහුදමැදැ සප්තකුලපර්විතයන් පිරිවැරූ ස්වර්ණචමෙරුරාජයා සේ මහත් වූ දිවසෙනග පිරිවරජ රාගද්වෙශමොහාදී ක්ලෙශකාලුෂ්යා්පගමයෙන් අත්ය න්ත නිර්මෙල සුවිශුද්ධ චිත්තසන්තාන ඇති තමන්වහන්සේ ගේ රජෝ ජල්ලිකාපගතවරදොහලාවණ්ය ශ්රී් සාරයෙහි සඤ්ජාත සවනක් රැසින් දිලිහිදිලිහී වැඩහිඳ බණ වදාරන්නා වූ ඒ සර්වරඥයන් වහන්සේ දැක මහත් වූ ප්රීහතීන් පිනා එකත් පස් ව සිට බණ අසා ඒ ධර්මවයෙහි සිත් පහදවා ප්රීහතිවෙගයෙන් තුන්යලක් සාධුකාර දෙමින් අපමණ වූ සන්තොෂයට පැමිණියේ ය.

ඒ බව ප්ර කාශ කොට තමන්වහන්සේගේ පූර්වමචරිතය දක්වනු පිණිස එ ම මහතෙරුන්වහන්සේ විසින් කියන ලදී:-

“තදා ‘හං ලුද්දකො ආසීං, මිගසුකරමාරකො,

මිගමංසෙන ජීවාමි, තෙන පොසෙමි දාරකෙ.
තදා‍ ‘හං මිගවං ය‍තො, සබාණො සසරසනො 
අද්දසං විරජං බුද්ධං, දෙවසඞ්ඝ පුරක්ඛතං.
චන්දංංච තාරකාකිණ්ණං, මෙරුංචණ්ණවමජ්ඣගං,2
විරොවමානමාසීනං, චතුසච්චපප්කාසකං.
එකපස්සෙ ඨිතො නත්ථ්, අස්සොසිං ධම්මමුත්තමං,
තත්ථ් විත්තං පසාදෙත්වාු, සොමනස්සං පවෙදයිං” යී.

මෙසේ මීට එක්තිස් වන කල්පයෙහි තමා සිත පහදවා බණ ඇසු වා වූ ඒ වැදිපුත්රසතෙම මෑතභාගයෙහි එයින් චුත ව එම3 කුශලානුභාවයෙන් චාතුර්මදභාරාජිකදිව්යාලොකයෙහි ඉපිද අනූලක්ෂොයක් හවුරුදු දිවසිරි විඳ එයින් ගොස් තව්තිසා දිව්යද ලොකයෙහි තුන්කෙළසැටලක්ෂෂයක් අවුරුදු දිවසිරි වළඳා එයින් ගොස් යාම දිව්ය ලොකයෙහි තුදුස්කෙළ සතලිස්ලක්ෂඳයක් අවුරුදු දිව්යලඓශ්චය්ය්තුද විඳ එයින් ගොස් තුසිතදිව්යඳලොකයෙහි4

      1.  ස්වර්ණිචන්ර්ශ් යා.   2.  මෙරුමණ්ණාව -   3.  ඒ.   4.  තුසිතපුර-

ධර්ම සොණ්ඩක වර්ගසය 127

සත්පනස්කෙළසැටලක්ෂඩයක් අවුරුදු දිවසිරි වළඳා එයින් ‍ෙගාස් නිර්මසණරතීදිව්ය්ලොකයෙහි දෙසියතිස්කෙළසතලිස් ලක්ෂ‍යක් අවුරුදු දිවසිරි විඳ එයින් ගොස් පරනිර්මිත වශවර්ති නම් දිව්යෙලොකයෙහි නවසියඑක්විසිකෙළසැටක්ෂමයක් අවුරුදු දිවසිරි වළඳා නැවැත මුඳුනහි පටන් චාතුර්මකභරාජිකය දක්වා පිළිවෙළිනැයි මෙසේ සදිව්යතලොකයෙහි චූතිප්රතතිසන්ධිජ වශයෙන් ඔබිනොබ1 සැරිසරා ඒ ඒ දිව්‍චූෙලාකයෙහි වෙන වෙන ම මිණිකිකිණිදැල් බැඳි නන්විසිතුරු දදපෙළින් සැදුම් ලත් සත් රුවන්මය2 දෙව්විමන්හි නොයෙක් සියදහස්ගණන් නළුනාටක යන් විසින් පිරිවරන ලදුව මහත් වූ දිව්යමඓශ්චය්ය්යදහ විඳ ක්ර මයෙන් අවුත් මිනිස්ලොවැ අග්රව වූ සත්විතිරජසැපත් ආදී වූ අනෙකප්රණකාර මනුෂ්ය්සම්පත් විඳ මෙසේ ඒ ජාතියෙහි බණ ඇසුවා වූ කුශලයෙන් සත්මහල් මාලිගාවෙකැ මහලින් මහලට නැගී බස්නා සේ එක්තිස්කපක් මුළුල්ලේහි සදිව්යගලොක ය, මනුෂ්යැ ලොක ය3 යි යන සප්තවිධකාමස්වර්ග යෙහි අනුන වූ නොයෙක් ශ්රීි සම්පත් අනුභව කෙළේ ය.

ඒ බව ප්රනකාශ කොට තමන්වහන්සේ විසින් සද්ධර්මකශ්රූවණයෙන් ලද්දා වූ සම්පත්තිවිශෙෂය දක්වනු පිණිස එ ම මහතෙරුන් වහන්සේ විසින් කියන ලදී:-

“ එකතිංසෙ ඉතො කප්පෙ,යං පුඤ්ඤං පසූතං මයා,

තෙනාහං පුඤ්ඤකම්මෙන, ජාතොසිං දෙවයොනියං
සම්පත්තිමනුභූත්වාන න, ඡකාමග්ගෙ පරාපරං,
දෙවසඞ්ඝපරිබ්බුළෙහා, විමානෙ රත්නාමයෙ.

මනුස්සෙසු ච යං අග්ගං, තස්ස භාගී භවාමහං,

භොගෙ මෙ ඌනතා නත්ථිග, සඞ්ම්මසවණෙ ඵලං” යී.

මෙසේ එක්තිස්කපක් මුළුල්ලේ මහත් වූ ශ්රී් විභූති විඳ මේ භද්ර කල්පයෙහි දෙව්ලොවින් චුත ව අවුත්4 එ ම දිව්ය්ලොකය පරිද්දෙන් නොයෙක් රත්නයෙන් උජ්වලිත වූ අනෙකප්රුකාර ප්ර4සාදාලඞ්කාරයෙන් සමලඞ්කෘත වූ ප්රාඋසාදපංක්තීන් හා ඒ ඒ තන්හි නඟන ලද රන් රිදී පිළිමිණිතොරණ5 ආදියෙන් ප්රඒභාස්වර වූ චන්ර්ින්වඞ්කාදීවිථීවින්යාෙසයෙන් යුක්ත වූ මහාවීථි පංක්තීන් හා අනෙකවර්ණ විචිත්රූ අනර්ඝිවස්ත්රාකභරණයෙන් සැරැහී එකාවන් කෙළිනළුයෙහි සන්තුෂ්ට ව වාසය කරන්නා වු දෙවතා සමූහයක් මෙන් රූපාසොභාසම්පන්න නොයෙක් කෙළගණන්

        1.  ඹබමොබ    2.  සත්රුවන්මුවා        3.  මිනිස් ලොවය.    4.  දෙව්ලොවින් 

අවුත් 5. -තොරන්.


128 සද්ධර්ම ලඞ්කාරය

ස්ත්රීමපුරුෂයන් විසින් ගැවසී ගත්තා වු නානාප්ර කාර විචිත්ර සමස්තවස්තුවිශෙෂයෙන් යුක්ත සකලනගරාඬ්ගසම්පත්තීන් සමෘද්ධ වූ සැවැත්නුවරැ නොයෙක් කෙළගණන් රන්රුවන් මුතු මැණික් දෑසින් ගවමහීෂාදී සියලු උපභොගපරිභොගවස්තුවෙන් ආඪ්ය් වු ලොකපූජිත බමුණුමහසල්කුලයෙකැ ඉපිද මහත්වූ කුමාරපෙරහරින් යුක්ත ව ක්රණමයෙන් වැඩී විඥබවට පැමිණ සෘග්වේද ය, යජුර්වෙෙදය , සාමවෙදය, අථර්වමන්වෙදය යන් සතරවෙදයන් ප්රගධාන කොට ඇති සියලු ශිල්පශාස්ත්රවයෙහි කොටිප්රා්පාත ව මහත් වූ ශ්රී සම්පත්තින් යෙදී මෙසේ වාසය කරන්නා වු මහපිනැති ඒ බ්රාපහ්මණකුමරයෝ තමන් විසින් පූර්වකජාතියෙහි සද්ධර්මාශ්රමවණයෙන් සඤ්ජනිත ඉෂ්ටවිපාකදායක වූ කුශලකර්ම‍යා විසින් මෙහෙයවන ලදුව තමන්ගේ ඉතා පුරුදු යහළු මිත්රදයන් හා සමඟ කෙළිමින් සෙමෙන් නුවරැ සැරිසරා ඇවිදුනාහු එ ම සැවැත්නුර සමීපයෙහි ජෙත නම් රාජ කුමාරයා විසින් රොපිතසංවර්ධිත වූ විකශීතරක්ත‍ශ්වෙතාදී පඤ්චවිධපද්මාමොදමකරන්දවයෙහි ලුබ්ධස්වරූප ඇති භෘඞ්ග යන්ගේ ඣඞ්කාරනාදයෙන් හා හංසශ්රොණින්ගේ මධුරනාදයෙන් එකනින්නාද වූ සිහිල්ජලපිරි පනස්පොකුණුපෙළින්1 හා රළපතර සන්හිඳුණා වූ ක්ෂීූරසාගරයෙහි සඳරැස් පතළ ජලතලාවක් සේ අත්යරන්තශුභ්රෂ වූ සුවිශුද්ධාවාලුකාතලයෙන් හා ගිරා මොනර චක්රපවාකාදී විහඞ්ගගණයා විසින් ගැවැසී ගත්තා වූ ලතාමණ්ඩපපංක්තීන් හා නාගපුන්නාග2කූරචකතිලක උද්දාලක මධුගන්ධිාකාසොකකරවීර3 කර්ණිකාරතග‍රකොවිලාර4 පාරිච්ඡත්ත කාදිසුපුෂ්පිතාද්රැපමහණානුවරින කොකිලාලිකුලයන්ගේ මධුරඣඞ්කාරනාදාකුලකුසුමමඤ්ජරීක රෙහෙනුයෙන් පිඤ්ජර වූ රම්යා භූමිභාග5 ඇති ඡායුදකසම්පන්න ජෙතවනොද්ය්නයෙහි අනාථපිණ්ඩික නම් මහසිටාණන් විසින් බුදුන් උදෙසා සිව් පනස්කෙළක් ධන වියදම් කොට කරවා පිළිගන්වන ලද අනෙකප්රිකාර වු ස්තමහතුලාසඞ්ඝාටවෙදිකාකවාටමුඛවට්ටි ගොපානයී6 චදන‍ෙසාපානමාලායෙන් සමලඞ්කෘත7 වූ ප්රාටසාදපංක්තීන් හා යුධාධවලචක්රපවාටපර්වමතාකාරප්රාවකාරගොපුරවඞ්ක්ර්මණ විශාලශාලාමණ්ඩපශ්රේමණින් විරාජමාන වූ ජෙතවනමහාවිහාරයට එළැඹ භූමාඞ්ගනාවගේ උත්තමාඞ්ගයෙහි පිහිටුවන ලද නානා විධරත්නප්රගභාවිසරගාසුරරත්නකිරීටයක් හා සාදෘශ්යප වූ අනෙක ප්රරකාරස්වර්ණර සුරභිසුගන්ධහ පුෂ්පොපහාර සමලංකෘත භූමිභාගයෙන් හා මුඳුනෙහි නිරන්තර ව රන් රිදී මුතු මැණික් තරුපෙළින්

    1.  පනැස් පෙළින්  2. පුන්නාගනාග   3. කුරවීක 4. කර්ණිකාරක ගජකොවිලාර
5. පිඤ්ජරවු භූමිභාග  6.  ගොපාතසිරි.  7. අලඞ්කෘත



ධර්ම5සොණ්ඩක වර්ග ය 129

විසිතුරු වියන් බැඳ ඒ ඒ ස්ථානයන්හි උචිත පරිද්දෙන් සරහා එල්වන ලද සුමනමාලනීචම්පකපාරිජාතමන්දාහරකෙතකාදී කුසුමදාමයෙන් හා ගන්ධමමාලාධූපදීපාදී නානාප්ර කාර පුජාවස්තු විශෙෂයෙන් ද එසේ ම නහන ලද සුගන්ධ තෛලොජ්වලිත රන් වැට ප්ර දීපසහස්රශයෙන් හා සද්ධර්ම්ශ්රොවණාබුද්ධදර්ශකනාදීය පිණිස ආවා වූ නෛකබ්රමහ්මසුරාසුරොරගගරුඩගන්ධදර්ව‍සිඬ විද්යාා ධාරිදීන් ගේ ශරීරප්ර්භායෙන් හා අපරිමතරාජර්ධිසම්පන්න1 රාජාධිරාජ ප්රරශස්තප්රෙවරරාජයන්ගේ මකුටමර්ණ‍කාන්තීන් එකොහාස වු එකොද් භූත වූ එකාලංකාර වු බ්ර්හ්මසුරාසුරනරතගනයනරසායන වූ ධම්සභාමණ්ඩපයෙහි2 පනවන ලද විචිත්රසබුද්ධසනාරූඪ ව තරු කැලන් විසින් පිරිවරන ලද සොලොස්කලාපරිපූර්ණ චන්ර්ධ යා සේ සවනක් රසින් දිලිහිදිලිහි ශ්රා වකගණයා පිරිවරා වැඩහුන්3 බුදුන් දැක සිතැ හටගත්තා වූ භක්තිප්රෙිමාති භාරවනතොත්ත මාඞ්ගය කරණකොට ගෙන4 සකසා වැඳ එකත්පස් ව හුන්නාහු දුඃඛසත්යන ය, සමුදාය සත්යු ය, නිරොධසත්ය ය, මාර්ගසසත්යුය යන චතුස්සත්යයය ප්රුකාශක වූ මධුමදමුදිතලලිතරතිකරමනොහර කූරවිකනාදනිර්විශෙෂ අෂ්ටාංගසමූපෙත මධුරස්වර විහිදුවා බුදුන් විසින් වදාරන ලද සද්ධර්මසදෙශනාවන් අසා පහන්සිත් ඇති ව සර්වරඥශාසනයෙහි මහණ ව ජාතිජරාමරණාදී වූ සියලු සසරදුක් ගෙවා නිවී සැසැහී රහත් ව අමාමහ නිවන් දුටහ.

ඒ බව ප්රටකාශ කොට දක්වනු පිණිස එ ම මහතෙරුන් වහන්සේ විසන් කියන ලදි:-

“ඉමස්මිං භදදකෙ කප්පෙ, සාවත්ථිසපුරමුත්තමෙ, අඩ්ඪෙ මහද්ධනෙ සාලෙ, ජා‍ෙතා ‘හං උදිතො කුලේ.

මහතා පරිවාරෙන, පත්තො වුඬිං ච විඤ්ඤුතං, වාරිකං චරමානො ‘හං, පත්තො ජෙතවනං වරං.

අද්දසං සහ සිස්සෙහි, නිසින්තං සුගතං තදා අ‍ස්සොසිං මධුරං ධම්මං, චතුසච්චප්පකායකං.

සුත්වා න මධුරං ධම්මං, පබ්බජිත්වාචන සාසනෙ, අජරාමරං සීතිභූතං, පත්තො නිබ්බානමුත්තමං”යී.

මෙසේ රහත් බවට පැමිණ ශාන්ත වූ ප්රැණීත වූ අතෘප්ති කරවූ ඵලසමාප්ති සැපය අනුභව කෙරෙමින් සකලලොකයාට අග්රරදක්ෂිීණාභී ව බුද්ධශාසනා නැමැති ආකාශයෙහි හිරසඳ සේ

      1. රාජසෘද්ධීන් සම්පන්න   2. ධම්සභා-  3. වැඩඋන්  4. -‍ෙතාත්තමාඞ්ගයෙන්
                                                                                                       

130 සද්ධර්ම ලඞ්කාරය බැඹළෙමින් වාසය කරන්සේක මෙසේ ගිය දවසැ තමන් වහන්සේ මොහොතක් කල් සිත් පහදවා එකවරෙකැ ඇසුවාවු ධර්මහයෙහි අනුසසින් ඒ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාතීය දක්වා නරක තීය්ය්‍මොක්1 ප්රෙ ත අසුරකාය යන සතර අපායට නො ගොස් එක්තිස්කපක් මුළුල්ලෙහි රාජවොරශත්‍රැභයාදී වූ කිසියම් භයකට නො පැමිණි මිනිස්ලොවින් දෙව්ලොවට සෙමින් දෙව්ලොවින් මිනිස්ලොවට එමින් මෙසේ සසරපමණින් සැප විඳ ඇවිද්දාවූ අනෙකප්රවකාර දිව්යණමනුෂ්යලසම්පත්ති සංඛ්යාිත නොයෙක් ශ්රීට විභූතින් හා මේ බුද්ධොත්පාදයෙහි මිනිස්ලොවැ ඉපිද වැඩි විය පැමිණ බණ අසා මහණ වූ රහත් ව ලද්දා වු නිර්වාබණ සම්පත්තිය යන මේ උභයලොකාර්ත්ථහසිඬිය භික්ෂු්සඞ්ඝයා මධ්යායෙහි ප්රපකාශ ‍කිරීම් වශයෙන් උදන් අනා වදාරනසේක තමන් වහන්සේගේ පූර්ව්චරිතාපදානය මේ යථොක්ත ගාථා දෙවිස්සෙන් ගෙනහැර දක්වා වදාරා ඉක්බිති සංසාරගතසත්ත්වනයන් සද්ධර්මෙශ්රනවණයෙහි යොදවනු පිණිස කරුණාපුවඞ්ගම ව වදාරණ සේක එම්බා පින්වත් සත්ත්වසයෙනි, දකුණත ඔසවා තොපට ආමන්ත්රාණය කොට අස්වා කියමි. මා කියන්නා වූ මේ එක වචනය තොප මුඳුනෙන් පිළිගනුව හෙවත් මේ අවවාද අසා මා කීවා කරව. මෙසේ ගිය දවසැ මා සිත පහදවා බණ ඇස කුශලයෙන් ලද්දා වූ මේ සම්පත්තිය දෘෂ්ටාන්ත කොට සිතාගෙන තෙපි හැම ද දැන් සිත් හෙළා2 බණ අසා සියලු අභිමතාර්ත්ථවයන් සිද්ධ කරව යි අවවාද කොට වදාරනසේක:-

“සුතං එකමුහුත්තං3 මෙ, තදා ධම්මං සුදෙසිතං,

තෙනම්හි චතුරොපායෙ, න ජාතොන කුතො භයං5
කරමුක්ඛිප්ප චක්ඛාමි, කරොථෙකගිරං මම,
මමොපමං කරිත්වා්න, ධම්මං සුණථ සාධුකං” යී.

මෙසේ අවවාද කොට සත්ත්වමයන් සද්ධර්මධශ්රාවණයෙහි යොදා වදාළ සේක. එසේ හෙයින් මතු දිව්යධමනුෂ්යරසම්පත් හා නිවන් පුරසිරි ප්රාණර්ත්ථරනා කරන්නා වූ පින්වත් සත්ත්වනයෙනි, ‍මෙසේ ඉතා මඳවිගසෙකැ සිත පහදවා සොම්නස්සහගත ව බණ ඇසූ කුශල යෙන් ලද්දා වූ මේ ස්වර්ග්මොක්ෂසසම්පත්තීන්ගේ ආනුභාවවිශෙෂය ඉඳුරා අසා දැන සිතැ තබාගෙන තමතමා සිතැ ඇත්තා වූ කුසීතභාවය දුරුකොට හැර කප් අසංඛ්ය යෙකිනුත් ලැබගත නොහැක්කා වු සර්ව ඥයන් වහන්සේ ගේ සද්ධර්මතරත්නය එ පරිද්

            1.  තිරිසන්         2.  සිත පහදවා හෙළා                  3.  එකමුහුත්තෙන 

4. අකුතොතයො ධර්ම.සොණ්ඩක වර්ග ය 131

දෙන් ම ඉතා දුර්ලභ ය යි1 සිතැ හෙළා ඉඳුරා අසාගෙන මතු සියලු අභිවෘද්ධියට පැමිණෙන්නට උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි:-

“ඉති තනුකරකාලං සාධු ධම්මං සුර්‍ණත්වා

අධිගතවිභාවානං ආනුභාවං සුර්ණරත්වා 
භවවිභවසුඛං හො පත්ථායන්තා කුසීතං
ජහථ සුණථ ධම්මං දුල්ලභං දුල්ලභස්ස” යී *

මෙතෙකින් මේ දහම්සොඬවගැ තුන් වන මිගලුද්ක වස්තුව කියා නිමවන ලදී. _________

4. සරණස්ථවිරවස්තුව

තව ද මේ දහම්සොඬවගැ සතර වන සරණස්ථවිරවස්තුව නම් කවරැ යත්?

අප බුදුන් සමයෙහි සැවැත්නුවරැ බොහෝ සම්පත් ඇති සුමන නම් වූ එක් සිටාණකෙනෙක් ඇතියහ. ඔවුන්ට සුජම් පතිකා3 නම් සිටුදියණි කෙනෙක් භාය්යාක් වූහ. ඔහු3 දෙදෙන සමගියෙන් වාසය කරන්නාහු පුතණුකෙනකුන් හා එක දියණිකෙනකුන් ලද හ.

ඉක්බිති4 ඒ දරුදෙදෙනා බාල අවස්ථාවෙහිම තුමු දෙදෙන කාලක්රිනයාකරන්නාහු තමන් මණාසන්නයෙහි වැඩිමහලු පුතණුවන් සමීපයට කැඳවා එම්බා දරුවෙනි, අප තොප නිසි ස්ථානාත්තරයෙකැ සලස්වාලිය නුහුණුවම්හ. එබැවින් අපගේ මේ ගෙයි5 යම් සැපතෙක් ඇත්6 නම් ඒ සියල්ල ම තෙපි ම ඇරැගන්ව තොපගේ බාල නැඟණියන් වැඩී යොග්ය වූ කලැ සියලු අභිවෘද්ධියට7 පමුණුවා සැපතෙහි පිහිටුවාලීම ද තොපට ම භාර ය යි කියා බාල නැගණියන් අත ගෙන වැඩි මහලු පුතණුවන් අතැ තබා8 පාවා දී තුමු දෙදෙන කාලක්රිායා කළහ.

ඉක්බිති ඒ සිටුකුමාරයෝ තමන්ගේ කළුරිය කළා වූ මව්පිය දෙදෙනා ආදාහන කොට සෙසු කළමනා කටයුතු නිමවා එහි ම වාසය කරන්නා හු කල්යාමෙකින් තමන්ගේ ඒ නැගණියන් සුදුසු කුලයකට පාවා දී තුමු ද තමන් හා සමාන 1. වහන්සේගේ එ පරිද්දෙන් ම ඉතා දුර්ලභ වු මේ සද්ධර්මීය. 2. ඩිජම්පතිකා -(මු: ර) 3. ඔවුහු (මු.) 4. මූතුමු 5. ගෙහි 6. ඇත්තේ 7. සියලු සැප අභිවෘද්ධියට 8. අතට *රසවාහිනියෙහි ඇති‍ මේ වස්තුවට අයත් ගාථා කිහිපයෙක් මෙහි යෙදී නැත

132 සද්ධර්මාලඞ්කාරය

සිටුකුලයෙකින් කුමාරිකාකෙනකුන් ගෙනවුත් සහඹු ව රැකෙන්නාහ. එයින් මෑතකභාගයෙහි ඒ සිටුකුමාරයන්ගේ නැඟණියෝ ගර්භිණී ව එක් දවසෙකැ තමන්ගේ ස්වාමිපුත්රු යාණන්ට කියන්නාහු ස්වාමිනි, මාගේ බෑණන්1 වහන්සේ නො දක්නා දැන් තැනක් දවස ය. එබැවින් මම මාගේ බෑණන්1 දක්නේ දැන් තැනක් දවස ය. එබැවින් මාගේ බෑණන්1 වහන්සේ දක්නට යනු කැමැත්තෙමි කීහ. ඒ තෙපුල් අසා එ කුමාරිකාවන්ගේ ස්වාමිපුත්රැයා ද යහපත සොඳුරැයි ගිවිස කන බොන දෑ ආදී වූ සුදුසු පඬුරු ගෙන්වාගෙන කුමාරිකාවන් ග; එක් ව ගොස් සැවැත්නුවරට වන්නේ ය.

එකල්හි සකලලොකන්න්දවකර වූ ලොකස්වාමි වු බුදුරජාණන් වහන්සේ ඉඳුරා හැඳ පෙරව නිලපීතාදී වූ සවනක් ඝනබුඬ රශ්මිමාලාවන් දසදිගැ විහිදුවමින් බොහෝ භික්ෂූී සඞ්ඝයාවහන්සේ පිරිවරා අනොපමෙය2 වූ බුද්ධලීලාවෙන් දුටුදුටුවන් සතුටු එළවමින් අහර පිණිස නුවරට වන්සේක් දොරැ දොරැ නැගි කප්රුකක් සේ දිලිහිදිලිහි ගෙපිළිවෙළින් සිඟමින් වඩනට පටන්ගත්සේක. එ කලැ ආගන්තුක ව එන්නා වූ ඒ අඹුසැමි දෙමහල්ලෝ විදුලියකැල වැළැඳී රන්මෙරක් සේ දීප්තිමත්වූ ආත්මභාවය ඇති ව වඩනා බුදුන් දැක පහන්සිතින් පසඟ පිහිටුවා වැඳ තමන්ගේ නෙත්රය නැමැති ඉඳුනිල් මිණිකැටියෙන් බුදුන්ගේ රූප නැමැති අමෘත ය පානය කෙරෙමින් එකත් පස් ව සිටියාහ. ඉක්බිති බුදුරජාණන්වහන්සේ එසේ සිටියා වු ඒ දෙමහල්ලන් සෝවාන් වන්ට නිසි උපනිශ්රණය සම්පත් ඇතිබව දැන දෙදෙන ම ශරණශීලයෙහි පිහිටුවා වදාරනසේක එම්බා. තොපට කිසිකලෙක්හි යම් කිසි දුකෙක් උපන්නේ වී නම් ඒ කල්හි තොප විසින් බුදුහු සිහි කටයුත්තාහ3 යි වදාළ සේක.

හේ එසේ මය:-

‍යම් කිසි කලෙක්හි රාජවොරශත්රැහ ආදීන් නිසා වන්නා වූ යම්කිසි භයෙක් උපන්නේ වී නම් එ කල්හි ඒ උපද්රකවයෙන් තමහට කිසිව්යකසනයක් නොවනු කැමැත්තහු විසින්4 එකාවන් ව5 බුදුහු6 සිහි කටයුත්තාහ3 ඉදින් යම් කලෙක්හි යක්ෂවප්රෙ ත පිශාචයන් හා සිංහ ව්යාුඝ්රස වලස් දිවි ආදින් විසින් ද නා පොළොන් දාරපිඹුරු ආදී වූ දීර්ඝරජාතීන් හා ගිනි අවි සුළං දිය සෙණ ආදියෙන් ද උණ ඉසරුජා7 ආදී වු රොගයෙන් හා විෂම වූ ශීතොෂ්ණාදී සෘතු පෙරළීම් ආදියෙන් ද වන්නා වූ8 යම් කිසි භයෙක් උපද්රූවයෙක් ව්යුසනයෙක් පීඩිවෙක් පැමිණියේ

      1.  බෑයන්        2.  අ‍නොපමෙය්යර        3.  යුත්තේ ය      4.  කැමැත්තාහු වීනම්

5. එකාවන් සිතින් 6. බුදුන් 7. -රාජාවන් 8. ආදියෙන් වන්නා වූ ද

ධර්ම.සොණ්ඩක වර්ග්ය 133

වී නම් එ කල්හි තමාහට එයින් කිසි උපද්ර වයක් නොවනු කැමැත්තහු1 විසින් ඇදහිලි ඇති ව එකාවන් බුදුහු2 සිහි කටයුත්තාහ.3 ඉදින් යම් කලෙක්හි අන්තිමසෙය්යාවයෙහි වැදහෙව මරහු හා සමඟ යුද්ධකරන්නා වූ සත්ව්හි යා විසින් ද එකල්හි ඒ මරහුගෙන් තමහට පරාජය නොවීම කැමැත යොත් පස්මරුන් බිඳ ජය ගත් බුදුන්ගේ නාමය හැමකල්හි භක්තිප්රෙහම සහිත සිහි කටයුතේ ය.

එසේ හෙයින් කියන ලදී:-

“යං කිඤ්චි භයමුප්පන්තං, රාජචොරදිසම්භවං, තදා සරෙය්ය් සම්බුද්ධං, නිච්ඡන්තො තදුපද්දවං.

යං වෙ උපද්දවං හොති, යක්ඛපෙතාදිසම්භවං, තදා සරෙය්යද සම්බුද්ධං, නිච්ඡන්තො තදුපද්දවං

සීහව්යෙග්ඝතරච්ඡාදං පුණ්ඩරීකාදිසම්භවං, තදා සරෙස්යද සම්බුද්ධං, නිච්ඡන්තො තදුපද්දවං.

යමාතපග්ගිවාතාදි උදකාසනිසම්භවං තදා සරෙය්යි සම්බුද්ධං, නිච්ඡන්තො තදුපද්දවං.

පජ්ජරාදීහි රොගෙහි, විසමොතූහි සම්භවං, තදා සරෙය්ය සම්බුද්ධං, නිච්ඡන්තො තදුපද්දවං

මච්චුනා චෙ යදා යුද්ධං, කරොන්තෙනාපි ජන්තුනා, සරිතබ්බො තදා බු‍ද්ධො, ප‍ෙත්ථනනෙනන්ත්න තො ජයං” යී

ඉක්බිත්තෙන් ඔහු දෙමහල්ලෝ වදාළ තෙපුල් තමන් මුඳුනෙන් පිළිගෙන මහත් වූ සන්තොෂයෙන් පිනා නැවත පසඟ පිහිටුවා වැඳ අවසර ගෙන ගියාහ. ඉක්බිති කුමරි කාවන්ගේ බෑණෝ4 තමන් සමිපයට ආවා වූ ඔවුන් දෙමහල්ලන්5 දැක තමන් ශක්ති පමණින් සුදුසු ලෙස බොහෝ සත්කාර සම්මාන කළහ. මෙසේ මහත් වූ සත්කාර විඳ ඒ කුමරි කාවන්ගේ ස්වාමිපුත්රතතෙම කිපදවසක් එහි ම වාසය කොට තමාගේ භාය්යාවා වූ ඒ කුමාරිකාවන් ඔවුන්ගේ බෑණන්6 සමීප යෙහි රඳවා මාගේ ගමැ කළමනා බොහෝ කටයුතු ඇත්තේ ය. එ බැවින් මානොපමා ව ගිය මැනැවැයි කියා තමා හිඳිනා ගමට ගියේ ය.

ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ බෑණෝ4 තමන්ගේ භාය්යාය ම වන් ළඟට කැඳවා සොඳුර, මාගේ මේ නැගණියන්ට7 කළමනා

     1.  කැමැත්තාහු     2. බුදුන්        3.- යුත්තේය    4.  බෑයාණෝ       5.  ආවා වූ

දෙමහල්ලන් 6. බෑයන් 7. නැගණින්ට


134 සද්ධර්ම ලඞ්කාරය

සියලු ස්වස්ථාන* උපස්ථාන අඩුවක් නො කොට කරව යි කියා විධාන කළහ. ඕතොමෝ හොඳ ය,1යහපතැයි ගිවිස එ තැන් පටන් කුමාරිකාවන්ට ඇග ඉලීම් ඉස් සේදීම් නැහැවීම් කැවීම් පෙවීම් ආදීයෙන් නිරන්තර ව අත් පා මෙහෙ කරන්නී ඔවුන්ගේ අත කර ආදියෙහි පැළැඳි පාමුදු පාඩගම් මිණිවළලු මණිකෛවඩම් කාදුකාප්පු පමුතිලිංගම් පට්ටකාර2 ආදීවූ ආභරණයෙහි ලොභ උපදවා ඒ ලොභතෘෂ්ණාව සංහිඳුවාගත නො හී නො කානොබී නිරාහාර ව ඉතා ගිලන් එකක3 මෙන් සුළුඇඳකට4 නැඟී වක්කගසා5 කඩ පෙරවාගෙන හොත්තී6 ය එ‍ වේලෙහි ඇගේ ස්වාමිපුත්ර්යා ගෙට අවුත් ඒ පරිද්දෙන් ඇඳ නැගී වකගසාගෙන හොත්තා වූ තමාගේ භාය්යාුත ව දැක එ ම ඇඳ පිටැ හිද අතින් පිට පිරිමැද සොඳුරු, තොපට අපාසු කිම් දැයි විචාළේ ය.

ඕතොමෝ එ බසට ගොළුවන් ගැසූ එකක මෙන් මුයෙන්7 නො බැණ කීපවරෙකැ8 විචාළකල්හි ඉතා ගිලන් ආකාර දක්වා බසින් සමහරක් ගිලන්නියක මෙන් කෙඳිරි ආකාර ස්වාමිනි, ඇති අපාසු කියන්නට නො පිළිවනැයි කියා නැවැත ඔහු විසින් තර කොට විචාළකල්හි සිතන්තී මම නුඹ නැගණි යන්ගේ අතැ කරැ පැළැදි ඒ ආභරණ කැමැත්තෙමි අවඞ්ක ව9 ඉඳුරා කීම සුදුසු නො වෙයි. ඒ කුමාරිකාවන්ගේ හදමස් ළැමැඩිමස් අක්මා පපු අතුනු යන පඤ්චමධුරමාංසය කැමැත්තෙමි යි කි කල්හි ඒකාන්තයෙන් ම ඔවුන් මරන්නා හ. එ කල්හි උන්ගේ අත කර ආදියෙහි පැළැඳි ඒ සියලු ආභරණ මට ම වන්නේ වේ දැයි සිතා ඉක්බිති ස්වාමිනි, නුඹ නැඟණියන්ගේ පඤ්චමධුරමාංස අනුභව කරනු පිණිස මට දොළක් උපත. ඉදින් ඒ පඤ්චමධුරමාංස නො ලදිම් නම් මාගේ ජීවිතය නැත්තේ ය . මතු මා ප්රානර්ත්ථරනා නොකළ මැනැවැයි කිව10 එ පවත් අසා ඒ පුරුෂතෙම එම්බා සොඳුර, මිනිසුන් මැරීම නම් මහසාවද්යන ය, බොහෝ නින්දා ය, ඉතා බැරිදෙයෙකැ යි මෙසේ නොයෙක් කාරණ කියා ද අඹුව ගිවිස්සා ගත නුහුණු යේ ම ය. ඉක්බිති ඒ පුරුෂතෙම තමා ඉතා අඹුසොඬ හෙයින්11 ඈ කෙරෙහි අතිශයින් පිළිබඳ සිත් ඇති ව කාමයෙන් මුර්ඡා ව මො‍හයෙන් මුඪ ව කටයුතු නොකටයුතු සලකාගත නො හී තමාගේ අඹුව කී එබඳු අනර්ත්තටවචනය යහපතැයි ගිවි‍ස්සේ ය. හේ එසේ ම ය

      1.  කළහ. හොදය      2. පට්ටකර      3. එකකු    4.  සුළු ඇඳව      5.  හිස වසා

6. වැදහොත්තීය 7. මුවෙන් 8. කීපවාරයෙක 9. අවක්ර ව 10. කීවාය. 11. බැවින්

* ‘ස්වස්ථාන’ යනු අප දුටු පුස්කොළ පොත්හි නැත

ධර්මයසොණ්ඩක වර්ග’ය 135

මේ ලොකයෙහි ස්ත්රීඩන්ගේ වශගත්ව යට1 පැමිණියා වූ නුවණ නැති අඥානපුරුෂයෝ මෙලෝ පරලෝදෙකින් වන්නා වූ සියලු අභිවෘද්ධියෙන් පිරිහෙන්නාහ. මොහු මෑණියෝ ය, මොහු පියා ණෝය. මොහු බුහුතණියෝ ය, මොහු බෑණෝ ය2 යනාදීන් සත් කාර සම්මාන කටයුතු කලදෙටුවන් නොදන්නාහ. තවද සුචි අසුචි දෙක්හි විභාග නො දක්නා ජාත්යුන්ධායා සේ කාමයෙන් අන්ධු හෙයින් මේ කාරණ ය, මේ ආකාරණ ය, මේ කටයුතු ය, මේ අකටයුතු ය යන වෙනසක් නොදන්නා හ. මෙලොපරලෝදෙක්හි කිසි භයක් ලජ්ජාවක් නැති ව ප්රාිණවධ හෝ කරන්නාහ. පරදාර ක්රිවයායෙහි නියුක්ත වන්නාහ. බොහෝ ‍සේ නො සැබෑ තෙපුල් ම කියන්නා හ. තවද මේ ලොකයෙහි ස්ත්රිවන්ගේ වශගත්වොයට1 පැමිණියාවූ3 පුරුෂයෝ උමං බිඳිම් ආදී වු සොරකම් හා මං පැහැරීම් රා බීම් කේ ලාම් කිම් යනාදී වූ ඉතා සාහසික වූ නොකළමනා සියලු කටයුත්තෙහි ම යෙදී වාසය කරන්නා හ. අනේ! මේ ලොකයෙහි සිතින් සිහි කරන්නාහට පවා ඉතා භය එළවන්නා වූ ආශ්චය්ය්ි යක් ඇසුව මැනැව. පෙරැ සිය ලේ නෑකමක් නැති ඉතා ධූති වූ තමා අඹුවගේ බස් ගෙන එක කුසෙහි ‍හොත් නැගණියන් පවා මරනු කැමැති විය.

එසේ හෙයින් කියන ලදි:-

“භායන්ති ඉධ ලොකත්ථාැ, භායන්ති පාරලොකිකා,

	 භායන්ති මහතො අත්ථාය, යෙ ඉත්ථිොනං වසඞ්ගතා.
ඵසා මාතා පිතා ඵසො, භගිනි භාතරො ඉමෙ,
ගරුතබ්බෙ න ජානන්ති, යෙ ඉත්ථිඉනං වසඞ්ගතා
කාරණාකාරණන්තෙතං, කාතබ්බං4 වා න වා ඉදං
කාමන්ධාත්තා න ජානන්ති,  යෙ ඉත්ථිඉනං වසඞ්ගතා.


පාණං වා අතිපාන්තෙති, හොන්ති වා පාරදාරිකා,
භාසන්ති අලිකං වාචං, යෙ ඉත්ථිානං වසඞ්ගතා
සන්ධිතච්ඡෙදාදිකං ථෙය්යංන, මජ්ජපානං ච පෙසුනං,
කරොන්ති සාහසං සබ්බං, යෙ ඉත්ථිානං වයඞ්ගතා.
අහො අච්ඡරියං ලොකෙ, සරන්තානං භයාවහං,
හරියාය වසං ගන්ත්වා , ‍ෙසාදරිං භන්තුමිච්ඡ ති” යි.

ඉක්බිති ඒ සාහසික වූ පවිටු පුරුෂතෙම මතු රහත් ව නිවන් දක්නා මහපිනැති පුතණුකෙනකුන් කුසින් දරාගෙන රන්පිළිමයක් සේ ශොභවත් ව සිටි තමාගේ ළද බොළඳ ඒ නැඟණියන් ළඟට කැඳවා කියනුයේ, එම්බා නැඟණියනි,

     1.  වශභත්ව්යට      2.  නැඟණියෝ ය        3.  ගියාවූ      4.  කත්තබ්බ.

136 සද්ධර්ම ලඞ්කාරය

අපගේ දෙමව්පියන් දුන් ණය ඉල්වා යම්හ. අප දෙදෙනා දැක ණය දරන්නාහු ඉදින් අපට ණය දුන්නාහු වී නම් යහපත් වේ දැයි කීයේ ය. එ බස් අසා කුමාරිකාවන් යහපතැ යි ගිවිසි කල්හි සැප වූ මිටි යානාවෙකැ කුමාරිකාවන් ඉන්ට සලස්වා ණය දරන්නවුන්ගේ ගමට යන බඳුව රථය පැදගෙන ගොස් මහත් වූ එක් වනාන්තරයකට වැද රථය මගින් ඉවත් කොට තබා ඒ කුමාරිකාවන් නො කැමති පරිද්දෙන්1 බලාත්කාරයෙන් ම හඬවහඬවා අත අල්වා ඇදගෙන කොළකැළයෙන් ගහණ වූ වනළැහැබකට ගෙන ගොස් මේ විටැ මෑගේ හිස කපමි යි සිතා කෙස්වැටිය අල්වාගෙන බිමැ ඇද හෙළාගත්තේ ය.

එ කෙණෙහි ඒ කුමාරිකාවට විලි පහරනට පටන්ගත් කල්හි කුමාරිකාවෝ බෑණන්2 කෙරෙහි ලජ්ජායෙන් ස්වාමිනි, මට දැන් කර්මරජවාතය සෙලවිණ. එ බැවින් මා වදාපියන තෙක් මඳක් බලා ඉවත් ව සිටිය මැනැවැයි මෙසේ නොයෙක් පරිද්දෙන් යාච්ඤා කොට කියා ද අත අරවාගත නො හී මුර ගාමින් ම පුතණුකෙනකුන් වැදූහ. ඉක්බිති ඒ පාපිෂ්ඨ වූ දුෂ්ට පුරුෂතෙම ඒ සමීපයෙහි සිටි එක් නුඟරුකක් දැක මෑ ගෙන ගොස් මේ නුගරුක්මුල්හි මරමි යි සිතා නැවැත හිසකේ අල්වා ඇදගත්තේ ය. එ කල්හි ඒ කුමාරිකාවෝ කියන්නාහු, ස්වාමිනි, නුඹවහන්සේගේ තෙල බෑනණුවන්ගේ‍ සුපිපි රන්පියුමක් හා සමාන මුවපියුම බලා උන් කෙරෙහි ස්නෙහයෙන් වී නමුත් මා නො මරා හැරැපුව මැනැවැයි කියමින් රත්මලස්නෙකැ2 රතැඹුලමල්දෙකක් පුදන්නා සේ තමන්ගේ සුරක්ත වූ දොහොත් මුඳුනැ තබා වඳිමින් නොයෙක් පරිද්දෙන් යාච්ඤා කොට ජීවිතදානය ඉල්වූහ.

එසේ ජීවිතදානය ඉල්වුවද ඒ චණ්ඩපරුෂ වූ පාපිෂ්ඨදුෂ්ට පුරුෂතෙම කුමාරිකාවන්ගේ ළද බොළඳ වූ එ බඳු බැගෑපත් වචනය නො ඇසූකන් ව මරන්නට ම උත්සාහ කරන්නේ ම ය. එවේලෙහි කුමාරිකාවෝ තමන්ට කිසි ආරක්ෂා්වක් පිටිවහලක් නො දැක අසරණ ව සිතන්නාහු ඉදින් මම තරකොට මුගාපීම්4 නම් ඒ ශබ්දය අසා යම් කිසි කෙනෙක් අවුත් මාගේ බෑණන්2 වහන්සේට යම්කිසි5 ව්යිසනයක් කළාහු වී නම් යහපත් නොවන්නේ ය යි සිතා බෑණන්2 කෙරෙහි සෙනහයෙන් බැණ නො නැගී තමන් එ දවස් බුදුන් අතින් ගත්තා වූ සරණශීලය ම ආවර්ජනනා කොට සිහි කෙරෙමින් හොත්තාහ.

      1.  නොකැමැතිකරවා     2.  බෑයන්      3.  රන්ගලස්නෙක        4.  මුරගෑවීම්

5. කිසියම්



ධර්ම.සොණ්ඩක වර්ග ය 137

ඉක්බිති ඒ කුමාරිකාවන් විසින් තමන්ගේ බෑණන්1 කෙරෙහි පතුරුවන ලද්දා වූ මෛත්රි යෙහි ආනුභාවයෙන් හා සිතින් සිහි කරන ලද්දා වූ බුද්ධරත්නයෙහි ආනුභාවයෙන් හා එ තැන්හි නුඟරුකැ අධිගෘහිත වූ දෙවතාව සිතනුයේ මෙ බදු ශීලාචාරසම්පන්න ගුණවත් මේ ස්ත්රීහ තොමෝ මෙ තැන්හි රන ලද්දී වූ නම් එකාන්තයෙන් මම දෙවසමාගමයට වැද්ද නො හෙමියි සිතා ඒ කුමාරිකා වන්ගේ ස්වාමිපුත්රමයාගේ වෙශයෙන් ඒ තනට අවුත් ඒ පවිටු දුෂ්ට පුරුෂයා භය ගන්වා එ තනින් ඔහු ලුහුබඳවා තෙපි නො බව යි කියමින් ඒ කුමාරිකාවන් අස්වසා අළුතැ වැදූ පුතණුවන් හා සමඟ ඔවුන් රථයෙහි බා හිඳුවා ගෙන ඒ දවස් ම සැවැත් නුවර ට අවුත් ඇතුළුනුවරැ ශාලාවෙකැ ඒ කුමාරිකාවන් සතප්වා2 දිව්ය පුත්ර තෙමේ අන්තර්ධාරන වූයේ ය. හේ එසේ මැයි

මේ ලොකයෙහි ශක්රවසම්පත් බ්ර හ්මසම්පත්* චක්රයවර්තිසම්පත් නිවන්සම්පත් ආදී වූ ලෞකිකලොකොත්තර සියලු සම්පත් ම සිද්ධ කොට දිලන්ට සමර්ත්ථී වූ තුන්ලෝවාසීන්ට අසහායනායක වූ හෙවත් එකනායක වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් සිතින් වී නමුත් භක්ති ප්රෙුමසහිත ව සිහි කළාහු වි නම් ඔවුන්ට කිසියම් දුකක්3 පැමිණිකල්හි දෙවතාවෝ ද පිටිවහල් ව ඔවුන් එකාන්තයෙන් ම රක්ෂාට කරන්නාහ. ඉදින් යම් කිසි කෙනෙක් මඳ ඇසිල්ලෙකැවී නමුත් සියලු සත්ත්වසයන් කෙරෙහි මෙත්සිත් පතුරුවා ඉඳුරා මෛත්රී කළාහු වී නම් එකාන්තයෙන් ම දෙවතාවෝ ද ඔවුන් රක්ෂාව කොට සතුටුපඬුරු ගෙනහැර දීමෙන් සන්තොෂ කරවන්නා හ. ඒ බව ප්රෂකාශ කොට දක්වන පිණිස කියන ලදි:-

“සබ්බසමපත්තිදාතාරං, සබ්බලොකෙකනායකං,

මනසා ‘පි විභාවෙන්ති, තං වෙ පාලෙන්ති දෙවතා.
මුහුත්තම්පි ච යො මෙත්තං, භාවෙති යදි සාධුකං,
තං වෙ පාලෙන්ති දෙවා ‘පි, තොසයන්ති උපායනා” යී.

ඉක්බිති ඒ කුමාරිකාවන්ගේ ස්වාමිපුත්රබතෙම කිසි කටයුත්තක් පිණිස අවුත් නුවරින් නික්මෙනුයේ ශාලාවෙහි උන්නා වූ ඒ කුමරිකාවන් දැක තෙපි කවර දවසෙකැ අවුද? කවුරු තොප මෙ තනට කැඳවාගෙන අවු දැයි විචාළේ ය. ඒ තෙපුල් අසා කුමාරිකාවෝ දෙවතාවෝ තමන් කැඳවා ගෙන ආ බව නො දැන කියන්නාහු නුඹ කුමක් කියන්නෙහි ද, මා කැඳවාගෙන ආවේ4 නුඹ වේ දැයි කීහ එ බසට හැයි කෙල්ල, නෑයන්ගේ ගමැ රඳවා ආ තෝ5

      1.  බෑයන්     2.  සතප්පවා     3.  කිසිදුකක්     4.  ආ දැන්   5.  තෝ නෑයන්ගේ
ගම රදවා
  • මෙතැනට “මාරසම්පත්” යනු පුස්කොළ පොතක එයි.

138 සද්ධර්ම ලඞ්කාරය

සිත් වූ පරිද්දෙන් බැහැරැ පෙම් වඩා ඇවිද තවද ඒ මදින් මායම් කියයි දැයි කියා හිසකේ පත ගසා අල්වාගෙන ගෙඩිබැට දෙමි යි සිතා ඒ කල්හි ඒ පුරුෂයා ද එ බසට කියනුයේ එම්බල කෙල්ල, තෝ1 කුමක් දොඩයි ද, තිගේ බෑණන්2 හිඳිනා ගමැ දි තී දුටු දවස් පටන් දැන් සාරමසෙක් පිරුණේ ය. මෙතෙක් කල් මම එක දවසෙකත් තොප නොදුටුයෙමි උගුරට සොරා බෙහෙත් කෑවයි යන කරුණ‍ සේ මට නො හගවා3 තෙපි මා හා කැටිව කෙසේ අටු දැයි විචාළේ ය. ඒ තෙපුල්අසා කුමාරිකාවෝ4 ස්වාමිනි, එසේ වී නම් මේ රහස්කථා ව අන් කිසිවක්හට 5 නො කීව6 මැනැවැයි කියා ඉක්බිති බෑණන්2 විසින් තමන් මරන්නට කළ කී උපක්රමම සියල්ල ම නො වළහා විස්තර කොට කීහ.

එ කල්හි ඒ කුමාරිකාවන්ගේ ස්වාමිපුත්ර යාණෝ මේ ගිය ආ අත් අසා දියෙ හී උස්මතු වූ7 එකකු මෙන් භයින් තැතිගෙන ඉතා කලකිරී මහත් වූ භයට පැමිණි ඒ කුමාරිකාවන් තමන්ගේ ගෙට ම කැඳවා ගෙන ගියහ8 එයින් කීපදවසක් ගියකල්හි දෙවහල්ලෝ එක් ව බුදුන්ට ආ‍රාධනා කොට මහදන් දී වළඳවා9 ඉක්බිති බුදුන්ගේ10 ශ්රීටපාද ය වැඳ එකත්පස් ව උන්හ. ඉක්බිති ඔවුන් දෙදෙනා11 අතුරෙන් කුමාරිකාවෝ බුදුන්ගේ ශරණශීලයෙහි අනුසසින් තමන්ගේ ජීවිතය ලත් බව ප්රකකාශ කොට බුදුන්ට දන්වා තමන්ගේ පුතණුවන් ලවා බුදුන්ගේ ශ්රීවපාදය වඳවා ඒ පුතණුවන්ට සරණ කුමාරයෝ ය යි12 නම් තුබූහ. බුදුහු ඔවුන්ගේ අදහස් දැන කලට සුදුසු වූ ධර්ම1යෙන් බණ වදාළ සේක. ඒ ධර්ම දේශනාවන් අසා ඒ දෙමහල්ලෝ ම පළමු වන සෝවාන් මඟින් නිවන් දුටහ.

ඉක්බිති ඔවුන්ගේ පුත්ර වූ සරණකුමාරයෝ විසිහැවිරිදි වයසට පැමිණි බුදුසසුන් වැද මහණ ව විදර්ශරනා වඩා රහත් බවට පැමිණ සරණස්ථවිරයන්වහන්සේ ය යන නමින් ප්ර සිද්ධ ව බුදු සසුන් බැබළවූහ. මෙසේ දෙවාතිදෙව වූ බුදුරජාණන් වහන්සේ ගේ නාමය මඳ විගසෙකැ පවා සිතින් සිහි කරන්නා වු සත්ත්ව්යෝ කිසි පිළිසරණක් නැති අසරණ අවස්ථාවෙහි මහත් වූ ‍පරම ප්ර තිෂ්ඨාවට පැමිණ සුවපත් වන්නාහ යි දැන බුදුන් ‍ෙග් “ඉතිපි සො භගවා අරහං‍” යනාදීන් නව අරහාදී වූ ගුණමුහයන් ඉඳුරා දන්නා පින්වත් සත්ත්වසයෙනි, සර්ව‍ප්රයකාරයෙන් හැමකල්හි ම

       1.  තී      2.  බෑයන්     3.  නො සඟවා     4.  කුමාරිකාව      5.  කිසිවෙක් හට

6. නොකියව 7. උස්මුත වූ - උස්මෘත වූ (“දියෙ - හී උස්මතු වූ” යන්නම් ශුඬපාඨ ය යි හැගේ. “දියෙහි වැටී උඩට මතු වූ” යන අර්ථ්යි) 8 ගොස් 9.වළඳා 10.ඉක්බිති දෙමහල්ලෝ ම බුදුන්ගේ 11. දෙන්නා 12. කුමාරයා යයි



ධර්ම.සොණ්ඩක වර්ග ය 139

සරණශීලයෙහි පිහිටා එකාවන් බුදුන් සිහි කොට1 සියලු උපද්ර ව යෙන් මිදී මෙලෝපරලෝ දෙකින් වන්නා වූ සියලු අර්ත්ථ සිඬියට පැමිණෙන්ට උත්සාහ කළ මැනැවි.2

කියන ලදුයේ මැයි:-

		“ඛණමපී මනසෙවං දෙවදෙවං සරන්තා
පරමතරපතිට්ඨං පාපුණන්තීති මන්ත්වාල,
භගවති ගුණරාසිං ජානමානා ජනා හො
	භජථ සරණසීලං සබ්බථා සබ්බකාලං” යි


මෙ තෙකිනි මේ දහම්සොඬවගැ සතර වන

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_ii&oldid=5660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි