සද්ධර්මාලඞකාරය - v

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

20. කාවීරපට්ටනවසතුව

තවද මේ1 යකඛවඤ්චිතවහැ පස් වන කාවීරපට්ටනවසතුව නම් කවරැ යන්? මෙ තන්හි මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය. කෙසේද යත්? දඹදිවැ සොළිරටැ කාවෙරි නම් පටුන් ගමෙක් විය. එහි මහෙශ්වර ශක්ති ඇති බොහෝ මිත්යාන් දෘෂ්ටි ගත්තාහු වාසය කෙරෙති. එකලැ එ ම කාවෙරිපටුනැ එක් දේවාලයක් සිතියම් කරන්නාහු එක් පුවරැඩෙකැ ඊශ්වරයන්ට නැමී වැඳ සිටිනා සේ බුඞරූපයක් ඇන්දාහ. එ සමයෙහි එ ම කාවෙරිපටුනෙහි වසන බොහෝ උපාසකවරැ එක් ව ඒ දෙවාලයට ගොසින් ඒ ඒ තන්හි සිතියම් කර්මාකන්ත බලන්නාහු ඒ පුවරුකඩෙහි ඇද තිබූ විප්ර කාර වූ චිත්රාකර්මුන්තය දැක අනේ! අප විසිනි නොදැක්ක යුත්තෙක් දක්නා ලද; දෙවිමිනිසුන් සහිත වූ මේ ලෝකයෙහි සදෙව්සමාරසබ්රදහ්මණයන් සහිත වූ සියලු සත්ත්ථ ප්රහජාවෙහි අප්රයමාණ වූ සක්වළවලැ බුදුන්ට වඩනා කෙනෙකුන් තබා බුදුන් හා සමාන කෙනෙකුන් නැත්ම ය. සියලු සත්ත්ව් සමූහයා විසින් වැඳ පිදියයුත්තා වූ එබඳු බුදුන්ට මොවුන් හැම කෙළේ ඒකාන්තයෙන් සුදුස්සෙක් ම නො වෙයි කියකියා හඬමින්2 වලපමින් රජගෙයි දොරකඩට ගොස් සිට මහහඬින් ගුගුරාපීහ. ඒ ඝෝෂාව අසා රජ්ජුරැවෝ උපාසකවරුන් කැඳවා තෙපි හැම කුමක් පිණ්ස මුර ගාවු3 දැයි විචාළහ.

එකල්හි ඔහු හැම මහ රජ, අපගේ බුදුහු නම් දේවාතිදේව සේක, ශක්රාමතිශක්ර සේක, බ්රඳහ්මාතිබ්ර හ්මසේක. මේ ලෝකයෙහි අප බුදුන් හා සමාන කෙනෙක් නැත. මහමෙර සේ නිශ්චල වූ ගුණ ඇතිසේක. මහමුහුද සේ ගැඹුරු වූ ගුණ ඇතිසේක. ආකාශය සේ අනන්ත වූ ගුණ ඇතිසේක. මහපෙ‍ාළොව සේ පැතිර පවත්.නා ගුණ ඇතිසේක. නක්ෂේත්රුතාරකාවන් විසින් පිරිවරන ලදුව සකලචක්රාවාලාභ්ය.න්තරයෙහි4 අමාරැස් විහිදුවා ආකාශමණ්ඩලයෙහි පැලැඹෙන චන්දරබිම්බය සේ දෙතිසක් පමණ මහාපුරුෂලක්ෂ ණයන් දරන්නා වූ ආත්මයක් ඇති සේක. මුලැ පටන් අග දක්වා එකපැහැර පිපී වැනී ගිය සල්රැකක් සේ අසූවක් පමණ අනුව්යවඤජනලක්ෂීණයෙන් විරාජමානසේක. යුඟන්ධ රාදී වු සප්තකූටපර්වපතයන්5 පිරිවරා ඝන කනරශ්මීන්


යකඛවඤචිත වර්ගඤය 267 දිලිසෙන්නා වූ සුවර්ණ්මේරැරාජයා මෙන් සවනක් රසින් දිලිසෙනසේක. දහස්ගණන් රශ්මීන් පිරිවරන ලද බාලාකිමණ්ඩලය සේ හාත්පසින් පිරිවරන ලද ව්යා්මප්රදභාමණ්ඩලයක් ඇතිසේක.

ශ්රිමණරෑපව්යාඤජනයෙන් ලොවැ පහළ වූ රන්රස් විහිදුනා වූ ස්වර්ණනපර්වපතයක් සේ රන්රස් විහිදුනා වූ මුඛමණ්ඩලයක් ඇතිසේක. සතරදිගැ ය, සතර අනුදිගැ යයි මෙසේ හාත්පසින් ඉතිර පැතිර1සිටිනා විවට්ටසාගරය සේ උස් ව ලොකයෙහි පතළ කීර්තිඝොෂාවක් ඇතිසේක. ආකාශය සේ දසදිගැ පතළා වූ යශොරාශියක් ඇතිසේක. දසදිගැ හමා බස්නා සුවඳමඳ පවනක් සේ හැමතැන්හි අලග්න වූ සිත් ඇතිසේක. දියෙහි ඉපද දියෙහි වැඩී එහි ලග්නභාවයක්2 නැත්තාවූ පදුමයක් සේ ලෝකයා කෙරෙහි අලග්න වූ සිත්සතන් ඇති සේක. මිථ්යාේවාද නමැති මහවනය දවන ගිනිකඳක් වැනිසේක. කෙලෙස් නමැති විෂ විනාශයට දිව්යෞනෂධයක් වැනිසේක. පුෂ්පගන්ධාිදී වූ දශවිධසුගන්ධ යෙන් ශොභමාන වූ ගන්ධිමාදන පර්වකතය සේ ගුණ සුවඳින් ශෝභමාන සේක.

දශවිධරත්නයන්ට උත්පත්තිස්ථාන වූ මහමුහුද සේ ශීලසමාධ්යාෝදි වූ සියලු ගුණධර්ම යන්ට උත්පත්තිස්ථානසේක. හිමාලයපර්වූතයට වනරේඛාවක් වැනිසේක. කෙ‍ලෙස් නමැති මලයන් පහ කළසේක. සතුරුසටන් ජය ගැන්මෙයි සමර්ථත වූ මහා යෝධයකු මෙන් මරසෙනඟ මදීනය කළසේක. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම තැමැති රත්නයට ඊශ්වර හෙයින් සක්විතිරජකු වැනිසේක. වෙෂ නැමැති ව්යා්ධියට වෛද්යාවචාය්ය්් ශකු වැනිසේක. මිථ්යා්දෘෂ්ටි නමැති ගඬපොළ පැළීමට මහවෙදකු වැනි සේක. එසේ හෙයින් මහරජ, අප බුදුහු ලෝකප්රතසිඞ වූ මහාබ්රුහ්මයා විසින් ද දෙදෙවිලොවට අධිපති වූ ශක්රාදෙවේන්දකයා විසින් ද වෙපචිත්ති ආදී වු අසුරරායන් විසින් ද සෙසු සිඬවිද්යාදධරාදීන් විසින් ද වන්දබනීය සේක. හැමකල්හි ම ඔවුන විසින් පූජනීය සේක. මේ සියලු අනන්තාපරිමාණ සක්වළවලැ අග්රුවූ පූජ්ය වූ යම් සත්ත්වුකෙනෙක් ඇද්ද, ඒ සියල්ලවුන්ට වඩා අප බුදුහු ම අග්රර සේක. ජෙයස්ඨ සේක, ශ්රේදෂ්ඨසේක යනාදී බුදුන්ගේ ගුණ වර්ණුනා කළහ.



268

 									සද්ධර්මාළලඞකාරය

කියන ලද මැයි අපදානයෙහි :-

“රංසිමාලාපරික්ඛිත්තො,1 දිත්තොව කණකාචලො, ඛ්යාරමප්පහාපරිචුතො, සරංසීව2 දිවාකරො

සොණ්ණානො ජිනවරො, සමර්ණ ව සිලුවච්චයො, කරැණාපුණ්ණහදයො, විවටේටා විය සාගරො

සත්ථා් නො භගවා දෙව, මහාබ්රුහෙමහි වන්දිකතො, දෙවින්දාසුරසිදෙධහි, වන්දමනීයො සදාදරා.

සබ්බේසු චක්කවාලෙසු, යෙ අග්ගා ‍ෙය ච පූජිතා, තෙසමග්ගො මහාරාජ. භගවා නො පතාපවා” යී.

මෙසේ රජ්ජුරුවන් මැඳයෙහි බුදුන්ගේ ගුණයෙන් එක දේශයක්3 දක්වාලා දෙවයන් වහන්ස! මෙබඳු වූ බුද්න්ගේ රෑපයට මෙසේ අයුක්ත ය යි කීහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ එම්බා සගයෙනි, මේ ලෝකයෙහි සියලු මනුෂ්ය.යෝ තමතමන්ගේ දෙවියන් ම මහත් කොට කියති. එබැවින් තොප බුදුන්ගේ ආනුභාවවිශේෂ කෙසේද ? ඒ අපට දැන් දක්වා ලවයි කීහ. ඒ වේලෙහි උපාසකවරු4 එක් ව මහරජ, ඒ බැරිදෙයක් නො වෙයි. නුඹවහන්සේ ඒ සිතියම් පුවරැකඩ ගෙන්වා ගෙන යහපත් සුදු වස්ත්රහයෙකින් වසා බැඳ නුඹ වහන්සේගේ අස්මුන්දෙකින් ම අස් ඔබවා5 ඉඳුරා රැකවල් ලවා එක් දේවාලයක තබවා සත් වන දවස් ගෙන්වා ගෙන ඒ පුවරුකඩ බල මැනව. එකල්හි අප බුදුන්ගේ ආනුභාව විශයෙහි ප්රුත්යවක්ෂඑයෙන් ම පෙනෙයි. එවිටැ අප බුදුන්ගේ බුඞානුභාවය නම් මෙ වැනි දෙයැකැයි දැන වදාළ මැනැවැයි කීහ.

ඉක්බිති රජ්ජුරුවෝ ඔවුන් කී පරිද්දෙන්ම ම පුවරුකඩ අස් ඔබා5 ඇතුළු දේවාලයෙහි තබා හැම දොරවල් අඟුළු ලවා පිටතින් අස් ඔබවා5 මෙ තනට කිසිකෙනෙකුන් වැද්ද නොදෙවයි විධාන කොට රකවල් ලැවූහ. මෙසේ රජ්ජුරැවන් ලවා සංවිධාන කරවා ඒ සියලු උපාසකවරැ එක්ව සත්දවස මුළුල්ලෙහි දන් දෙමින් සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් සියලු සතුන් කෙරෙහි මෛත්රී් පතුරුවමින් තමන් කළා වූ ඒ සියලු කුශලයෙහි පින් දෙමින් තුනුරුවන්ට පූජා කරන්නාහු මේ අප කළා වූ කුශලය හේතු කොට ගෙන



යක්ඛඤ්චිත වර්ග ය 269 මෙ ලොවැ මහත් වූ සෘඬි ඇති මහත් වූ ආනුභාව ඇති සියලු දේවතාවෝ ද මෙ ලොවැ රක්නා වූ සතරවරම් මහරජහු ද යන හැමදෙනම එක්ව අප බුදුන් ස්වකීයවිලාසයෙන් වැඩ සිටිනා සේද ඊශ්වරයන් බුදුන් වැඳගෙන බැස හෝනා සෙද දක්වා ලවත්ව යි කියා සත්ය ක්රිදයා කළහ.

ඉක්බිති උපාසකජනයන්ගේ කුශලතෙජසින් සක්දෙව් රජහුගේ පාණ්ඩුකම්බලශෛලාසනය හුණු විය. එකෙණෙහි ශක්රායෝ මීට කාරණා කිම් දෝ යි මිනිස් ලොව බලන්නාහු මිත්ථාකදෘෂ්ටීන් විසින් කරන ලද ඒ විප්රදකාරය දැක මහත් වූ සංවේගයට පැමිණ එකෙණෙහි මිනිස් ලොවට අවුත් ඊශ්වරයන් බුදුන්ගේ ශ්රීූ පාදය වැඳගෙන හොත්තා වූ ආකාර දක්වා එ පවත් උපාසකජනයන්ට කියා තමන්ගේ දෙව්ලොවට ම ගියහ. මෙසේ ශක්ර යන් ගිය ඉක්බිති සත් වන දවස් උදෑසන්හි ම උපසාකවරැ එක් ව රජ්ජුරුවන් කරැ එලඹ වැඳ එකත්පස්ව සිට කියන්නාහු දේවයන් වහන්ස, අද අපගේ බුදුන්ගේ මහිම බැලුව මැනැව. ඉශ්වරයා දැන් අප බුදුන්ගේ ශ්‍රීපාද දෙක වැඳගෙන හොත්තේ වේ දැයි කීහ. එ බස් අසමින් ම රජ්ජුරුවෝ එ පවත් කයවා නුවරැ බෙර ලවා මහජනයා රැස් කරවා ඔවුන් ‍විසින් පිරිවරන ලදුව දේවාලයට ගොස් පළමු එබූ අස් බිඳුවා දොර හැර බුදුරුව ඇඳි පුවරුකඩ ගෙන්වාගෙන ඒ වසා සිසාළ1 වස්ත්රොය හරවා පීහ.

එකැලැ තමාගේ දාෂ්ටිගතුවන් කළ අපරාධයට තෙමේ ම බුදුන් වැඳ ක්ෂෂමා කරවන්නා සේ දාරගල්ල ව වැඳගෙන හොත් ‍ඊශ්වරයන් හා බුදුන් වැඩසිටි විලාසය හා මහත් වූ ඒ ප්රා තිහාර්ය දැක රජ්ජුරුවන් හා මහාඇමතියෝ ද සෙසු බොහෝ දෙන ද තමතමන් ගත්2 මිත්යාදැ දෘෂ්ටි හැර ශරණගත වූහ. ඉක්බිති රජ්ජුරුවෝ ඒ දේවාලය බිඳුවාහැර ඉතා සිත්කලුවූ රජමහාවිහාරයක් කරවා තමන් දිවිහිමියෙන්3 බොහෝ පින් කොට සපිරිවරින් දදෙව්ලොව උපන්හ. එසේ හෙයින් යම් කිසි කෙනෙක් බුදුන් ජීවමානකාලයෙහි ඔබගේ මනොඥ වූ සෘඬිප්රා්තිහාර්ය දැක කුසල් කරන්නාහූ වී නම් ඒ ආශචර්යය නොවන්නේ ය. යම්කිසි කෙනෙක් අරණිමථනයෙන් ගිනි හෙළා එයින් ප්රසයෝජන විඳිනා සේ එබඳු බුදුන් පිරිනිවී කල්හි තමන්ගේ1 සුචරිතධර්මාිනුභාවයෙන් මෙබඳු පෙළහර දක්වා බොහෝ දෙන ලවා කුසල් කරවන්නාහු වී නම් එම ඉතා ආශ්චර්ය වන්නේ මැයි.


270 සද්ධර්මාකලඞකාරය එසේ හෙයින් කියන ලදී.

“න අබ්භුතං1 සත්ථුව ධරීයමානෙ කරොන්ති දිසවා කුසලානි ඉඬිං, යෙ තං මුනින්දස පරිනිබ්බුතමිහි කරොන්ති පුඤ්ඤනි මහබ්භුතං තෙ” යි.

මෙතෙකින් මේ යකඛචඤවතවගැ පස්වන කාවීරපට්ටන වස්තුව කියා නිමවන ලදී.


මෙතෙකින් මේ සදධර්මසලඞකාරයෙහි යකඛචඤ්චිත වර්ගි නම් වූ සත්වන පරිචෙඡදය නිමි


8 පරිචෙඡදය

තුන්යහළු වග

21. තුන්යහළුවස්තුව තවද මේ සදධර්මඡලඞකාරයෙහි තුන්යහළුවගැ පළමු වැනි තුන්යහළු වස්තුව නම් කවරැ යත් ?

එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු.

යටැ ගිය දවස දඹදිවැ එක්සමයෙක්හි මහත් වූ නියංසායෙක් ගැසීය. එකල්හි ගිම්හානසූය්ය්ක්සමණ්ඩලයා විසින් තමන්ගේ දහස්ගණන් රශ්මිකදම්භ නමැති සහස්රසබාහුයෙන් ගං හෝ ඇල අමුණු හැලගිරි කඳුරැ වැව් පොකුණු විල් ආදි‍යෙහි ජලය නිඃශෙෂ කොට උකා බීපුවාක් මෙන් දිය සිඳිණ. ජලය නිසා ජීවත් වන්නාවූ මස් කැසුප් ආදීහු බොහෝ විනාශයට පැමිණියහ. වනාන්තරයෙහි නොයෙක් ගස් තුරු ලිය තාණපර්ණෝදීහු එකපැහැර මලානික වූහත සියලු සිවුපා සතුන් හා පක්ෂීයහු හිරුරැසින් තැවී දාහ ගත් ශරීර ඇතිව පිපාසිත වූවාහු මහ අව්වෙහි දුරැ පෙනෙන්නා වූ මිරිඟු දැක ජලයෙක් දෝ හෝ යි යන ශඞකාවෙන් ඔබමොබැ දිව පැවන මහත් වූ දුක්ඛයට පැමිනණන්නාහ. එකල්හි එක් ගිරා පෝතකයෙක් පිපාසා ඉවැසිය නොහී ඒ ඒ තැන්හී පැන් සොයා ඇවිදුනේ මහත් වූ වනමධ්යියෙහි එක් ගසක් දිරා බට පූතිපාදප ය යි කියන ලද සැටරියන් උස ඇති නරාවලෙකැ යටැ ජලයෙහි ගන්ධය


තුන්යහළු වර්ගජය 271

ආඝ්රාහණය කෙරෙමින් පැන් බොනු පිණිස ඒ නරාවළැ යටැ බැස ලෝභයෙන් බොහෝ කොට පැන් උකා බී බඩ බරව ගොඩැ නැංග නොහී එම දියවලෙහි හුණුයේ ය.

නැවත එ පරිද්දෙන් ම පැන් බොනු සඳහා ගියා වූ නාග රාජයෙක, මනුෂ්ය යෙකැයි මෙසේ දෙදෙනෙක් ද එහි වැටී හුන්හ. මේ දිව්යයනාගරාජයෝ නම් පිළිසන් වූ ජනවිචික්ත විවේකස්ථානයක් ලත් කල්හි තමන්ගේ ස්වකීය වූ නාග ශරීරය හැර දිව්යිමනුෂ්යානදී වු යම්කිසි ආත්මභාවයක් මවාගෙන තමන් සිත් වූ පරිද්දන් අභිමතස්ථානයකට සැල සේ පලායන්නාහ. මේ නාගරාජයා වනාහි මනුෂ්යතයාත් එ ම දිය වළෙහි උන් හෙයින්1 තමා ඕහට පෙනෙති යි සිතා වෙස් වළා දි‍ෙයන් ගොඩැ නැගී යා නුහුණුයේ ය. එහි හුණුවා වූ මනුෂ්යවයා ද තමා2 අතින් එල්බගෙන උඩැ නැගී යන ආධාරයක් නැති ව නිරාලම්බනික හෙයින් ගොඩැ ගැනී යා නුහුණූයේ ය. මෙසේ ඔහු තුන්දෙන වළින් ගොඩැ නැගී යා නොහී3 මරණභයින් භයපත් ව ඔවුනොවුන්ට කිසි පීඩාවක් නො කොට එහි ම කිපදවසක් විසූහ.

ඉක්බිති බරණැස් නුවරැ වසන්නා වූ එක් මනුෂ්යනයෙක් කිසි කටයුත්තක් නිසා වල් ගොස් ඒ වනාන්තරයට වැද පළමු තුන් දෙනා පරිද්දෙන් ම පැන් පරීක්ෂා කොට ඇවිදුනේ ඒ ස්ථානයට පැමිණ දියවළෙහි වැටී දුක් විඳිනා ඔවුන් තුන්දෙනා දැක ඉතා කම්පා වූ සිත් ඇති ව ඔවුන් කෙරෙහි මහා කරැණා උපදවා, වලින් වැල් කපා ගෙනවුත් කූඩයක් වියා සාල්ලෙකැ වැලෙකින් බැඳ දියවලට බා ඔවුන්4 තුන්දෙනාම කූඩයට නංවා ගෙන වලින් ගොඩැ නැඟුනේ ය. ඉක්බිති ඔහු තුන් දෙනා මේ සත්පුරුෂයා විසින් අපගේ ජීවිතය රැකදෙන ලද්දේ ය යි සතුටු ව ඒ පුරැෂයාට කියන්නාහු, ස්වාමීනි, අපි නුඹවහන්සේ නිසා ජීවිතය ලදුම්හ, එසේ හෙයින් නුඹවහන්සේ මේ තැන් පටන් අපට ජීවිතදායක වූ ප්රි ය මිත්රෙයාණන් වහන්සේ ය; අපිත් නුඹවහන්සේට එ පරිද්දෙන් ම මිත්රරයම්හ; එබැවින් අප හැමදෙනා වාසය කරන්නා වු ස්ථානයට වඩනා කැමැතිසේක් දැයි විචාරා ඉදින් මට එබඳු කටයුත්තෙක් පැමිණියේ වී නම් එන්නෙම් වේ දැයි ඒ පුරැෂයා කීකල්හි ඔවුන් තුන්දෙනා අතුරෙන් පළමුකොට ගිරා පෝතකතෙම තමා වසනා තැන් සලකුණු කියනුයේ, ස්වාමීනි, බරණැස් නුවරැ දකුණුවාසල් දොරසමීපයෙහි ශාඛාවිටපසමපන්න වූ මහත් නුගරැකෙක් ඇත්තේ ය. ඒ නුගගස නම් මාගේ නිරන්තර වාසස්ථාන ය. නුඹවහන්සේට මා නිසා සිඬ වන්නාවු



272 සද්ධර්මා ලඞකාරය

එබඳු කටයුත්තක් ඇති කල්හි ඒ නුගරුකැ මුලට අවුත් ගිරාපෝතක ය යි කියා මට හඬ‍ගාලුව1 මැනැවැයි කියා ඒ පුරැෂයා කෙරෙහි මිත්රනකම සුසථිර කොට අවසර ගෙන නික්මුණේ ය.

ඉක්බිති නාගරාජයා කියනුයේ යහළු, බරණැස්නුවරැ දකුණු දිගැ වහසල්දොරැ එ ම නුගරුකට නුදුරැ තන්හි මහත් තුඹසෙක් ඇත්තේ ය. ඒ තුඹසෙහි මම නිරන්තරයෙන් වාසය කෙ‍රෙමි. නුඹවහන්සේට මාගෙන් එබඳු ප්රමයෝජනයක් ඇති කල්හි එම තුඹස සමීපයට අවුත් දීර්ඝන ය යි මට හඬගාලුව1 මැනැවැයි කියා ඒ පුරුෂයා අතින් අවසර ඉල්වාගෙන නික්මුණේ ය. ඉක්බිති මනුෂ්යරයා කියනුයේ, ස්වාමීනි, මම බරණැස්නුවරැ අසෝ වීථියෙහි අසවල් ගෙයි වාසය කෙරෙමි. නුඹවහන්සේට මා නිසා වන්නාවු යම්කිසි ප්රගයෝජනයක් පෙනුණු කල්හි මා සමීපයට අව මැනැවැයි කියා පළමු දෙදෙනා පරිද්දෙන් ම අවසර ඉල්වාගෙන ගියේ ය.

මෙසේ ඔවුන් තුන්දෙනා අවසර ඉල්වාගෙන ගියකල්හි ඒ පරෝපකාරී පුරුෂ තෙම නැවැත තමාගේ වාසස්ථානයට ම අවුත් එයින් මෑතභාගයෙහි කල්යාමෙකින් තමහට කිසිකටයුත්තක් පැමිණි කල්හි මාගේ මිත්රමයන් සමීපයට යෙමි යි සිතා පළමු ඔවුන් කී සලකුනෙන් ගොස් බරණැස්නුවැරැ දකුණුවාසල් දොර සමීපයෙහි නුඟරුක්මුලැ සිට ගිරවානනනි යි හඬගෑයේය2. ඒ ශබ්දය අසමින් ම ගිරාපෝතකතෙම නොලස් ව දිව අවුත් ඒ පුරුෂයා හා සමඟ නැවැත නැවැත සතුටු ව පිළිසඳර කථා කොට යහළු, නුඹ මා සමීපයට බොහෝ දවසෙකින් ආදෑ ය. කිමෙක් ද? නුඹ දැන් මා සමීපයට ආ කාරණය නො වළහා මට ඉඳුරා කිව මැනැවැයි කීය.

ඉක්බිති ඒ පුරුෂතෙම කියනුයේ යහළු, මම ස්වශක්තීන් රැකී ජීවත් ව ගන්ට3 අසමත්ථ වූයෙමි. අඹුදරුවන් ඔවුන්ගේ නෑයන් අතට පාවා දී ජීවත් ව ගන්නා පිණිස දැන් නුඹ සමීපයට අයිමි යි කී ය. එ තෙපුල් අසා ගිරවාණෝ කියන්නාහු යහළු, නුඹ මා සමීපයට ආ සේ4 ඉතා මැනැව. නුඹ විසින් පළමු මාගේ ජීවිතය රැක දෙන ලද්දේ ය. දැන් මා විසින් නුඹ රැකී ජීවත් ව ගන්නා උපායක කළමනා ය. එබැවින් මා එන තෙක් මෙ තන්හි ම මඳක් සැතැපී උන මැනැවැයි කියා ඕහට ජීවත් වන උපායක්5 සොයා ගියහ. එකල්හි බරණැස්රජ්ජුරුවෝ සියසෙනඟ පිරිවරා නුවරින් නික්ම ගොස් රන්රිදීකෙහෙල්තොරණ ධජ




තුන්යහළු වර්ගතය 273 පතාක පුනකලස් තිරිකූඩම් ආදියෙන් විසිතුරැ කොට සරහන ලද්දා වූ උද්යාපනයට වැද ඒ ඒ තන්හි පතැස් පොකුණු ගලතල සුදුවැලිතලා ලියමඬුලු ආදි වූ නොයෙක් විස්තර බලමින් පුරඟනන් හා සමඟ උයන්කෙළි කෙළ ඇවිදිනාහු දෙව්ලෝමධ්යබයෙහි සුපුෂ්පිත වූ පසු පියුමෙන් සැදි මඟුල්පොකුණ දැක ඉස් සෝධා නහා දිය කෙළනා1 කැමැතිව හන්පළන් සියලු වස්ත්රාඉභරණ ගලවා තබා රාජපුරැෂයන් රකවලැ2 සිටුවා පුරඟනන් හා සමඟ පොකුණට බැස දිය කෙළියට පටන්ගත්හ.

එ කල්හි ඒ ගිරාපොතකතෙම එ ම ‍ෙපාකුණැ සමීපයෙහි මඟුල්සල්ගසැ අතුපතර අතරෙහි සැඟවී හිඳ3 රකවලැ සිටි පුරුෂයන්ගේ ප්රලමාදයක් දැක ඒ ක්ෂවණයෙහි රජ්ජුරුවන්ගේ මුක්තාභාරය යහඬුවෙකින් බැදුවා සේ තරකොට තුඬින් අවුලා ගෙන අහසට පැනනැගී පවන් වේගයෙන් ඇසිල්ලෙකින් දිවගෙන ගොස් ගෙන ගිය මුකතාහාරය තමාගේ ඒ මිත්රලයා අතැ තබා යහළු, මේ මුකතාහාරය අප්රයමාද ව ඉඳුරා තබා ගෙන මතු පුයෝජන විඳුව යි කියා දුන්නේ ය. ඉක්බිති ඒ පුරුෂතෙම මුකතාහාරය අතට ගෙන සිතනුයේ මුකතාහාරය කොතැනක ක්ෂතමස්ථාන කොට තබාගනිම් දෝ හෝ යි සිතා ඉත්බිති යටැ කියන ලද එ දවස් වළින් ගොඩ නැඟූ මනුෂ්ය මිත්රබයා සිහි කොට මාගේ එක් යහළුවෙක් ඇතුළුනුවැරැ වාසය කරන්නේ ය. ඔහු සමීපයෙහි තබමි යි සනිටුහන් කොට පළමු ඔහු විසින් කියන ලද්දා වූ සලකුණු නොවරදවා ගොස් ඒ පුරුෂයා දැක සිහි කටයුතු දුක්සැප කථා කොට ඉක්බිති ගිරවාණන් තමහට කළ උපකාරය ප්රුකාශ ‍කොට දක්වා යහළු, මුක්තාහාරය ඉඳුරා තබව යි කියා ඔහු අතට දුන්නේ ය.

එකෙණෙහි බරණැසුරජ්ජුරැවෝ ඉස් සෝධා නහා දියෙන් ගොඩැ නැගී සළු හැඳ සුවඳවිලවුන් ගෙන ආභරණ පැළැඳ මුක්තාභාරය නො දැක එ බවත් රාජපුරැෂයන්ට කීහ. ඉක්බිති රාජපුරුෂයෝ උයනැ ඇතුළතැ පිටැතැ සියලු ජනයන් විමසා පරීක්ෂාණ කොට මුක්තාහාරය නොදක්නාහු යමෙක් මුක්තාහාරය දැක ගෙනවුත් දුන්නේ වී නම් රජ්ජුරුවන්වහන්සේ ඕහට බොහෝ සම්පත් දෙන සේකැයි කියා නුවැරැ බෙර ලැවූහ. එ පවත් අසා ඒ නුවැරැ වසන ඒ මිත්රයද්රොැහී වූ පුරුෂතෙම සිතනුයේ මම වනාහි ඉතා දුඃඛිතයෙමි. එබැවින් මේ මුක්තාඡාරය ගෙන ගොස් රජ්ජුරුවන්වහන්සේට දක්වා ඔබගෙන් බොහෝ සම්පත්4 ලදින් සුවසේ වාසය කෙරෙමි යි; මොහුගෙන් මට ප්රහයෝජන කිම් දැයි


274 සද්ධර්මාසලඞකාරය

සිතා ඉතා අවිෂය කාලයෙහි තමාගේ ජීවිතය රැක දී ඒ පුරුෂයා විසින් කරන ලද්දා වූ එබඳු උපකාරය නොසලකා රාජපුරුෂයන් කරා ගොස් මුක්තාහාරය තමා කෙරෙහි තුබූ බව කියනුයේ, එම්බා පින්වත්නි, එක් පුරැෂයෙක් මා සමීපයෙහි මුක්තාහාරයක් ගෙනවුත් තුබුයේ1 ය යි කියා මුක්තාහාරය හා සමඟ ඒ පුරුෂයා දැක්වී ය. 2

එබැවින් අසත්පුරුෂයන් හා එක් වීම නම් මෙසේ සියලු අනර්ථ යට එකාන්තකාරණා වන්නේ ය. හේ එසේ මැයි, මේ ලෝකයෙහි මී සකුරු පැණි කිරි පැන් ආදිය වත් කොට සකසා වඩන ලද්දා වූ කොසඹවෘක්ෂබය යම්සේ මධුරත්වයට නොපැමිණේ ද, තමාගේ තිත්තගුණයෙන් ම වඩනේ වේ ද, 3 එපරිද්දෙන් ම අසත්පුරුෂයන්ට කෙතෙක් උපකාර කළත් තමාගේ අසත්පුරුෂ ගුණය නොහරනාහුම ය. හිසින් පුන් ගෙනවුත් වත් කොට සිතිදසසිතින් වැඩුවත්4 දලුග්ගස යම්සේ මිහිරි ව රසවත්බවට නො පැමිණේ ද, එසේ ම නිරන්තරයෙන් ප්රේ්මසහිත ව කිරිපැන් පොවා වැඩුවත් සර්ප,රාජතෙම යම්සේ විෂය ම පරිවර්තරනය කෙරේ ද, තමාගේ විෂ තෙජස ම දිවුණු5 කෙරේ ද, එපරිද්දෙන් ම කෙළෙහි ගුණ නොදන්නා වූ අසත්පුරුසයන්ට කවර තරම් උපකාරයක් කළත් තමන්ගේ දුෂ්ටගුණය ම දක්වා‍ සත්ත්ව යන්ට අනර්ථන එළවන්නාහ.

තවද පීරඹු දඬු ‍ගොමවැරටි ආදිය අතින් ඝටාලමින්6 තණ පරඬලා ආදිය ගෙනවුත් ලමින් මෙසේ නොයෙක් උත්සාහ කොට තමා විසින් මුළු කරන ලද්දා වූ ගින්න තමහට කළ උපකාරය තකා යමිසේ ඕහට ශීතලත්ථදවයක් නො දේ ද, ඒකාතන්තයෙන් ම ඔහුගේ ශරීරය දවන්නේ ද, එපරිද්දෙන් ම කාතොපකාර නොදන්නා නීචගුණ ඇති අසත්පුරුෂයන්ට කරන ලද්දා වූ උපකාරයද මතු මහත් ශෝක දුක් නැමැති ගින්නට පමුණුවා ඒ වහ්නිය පරිද්දෙන් ම ශරීරය දවන්නේ ය. එසේ හෙයින් උත්තමාධම්මපුෂ්යෙයන්ගේ ස්වභාව ගුණය තමාගේ කාරාණා කාරණස්වභාව දන්නා වූ සූක්ෂ්ම නුවණින් ඉඳුරා පරීක්ෂාා කොට සත්පුරුෂයන් හා සමඟ මිත්රෂසන්ථවය කටයුතු ය. අසත්පුරුෂ දුර්ජයතයන් හා මිත්රර වු සත්ත්වරතෙම ඒකාන්තයෙන්ම දෙලොවින් ම කිසියම් සැපයක් නො ලබන්නේය.



තුන්යහළු වගීය 275 එසේ හෙයින් කියන ලදී :-

“යථා සංවඪියි‍ෙතා නිම්බො, මධුඛීරොදසිඤ්චනා, න යාති මධුරං තාවොපකාරමසතං කතං.

සීසෙනුදකමාදාය, වඩර්ඬිතො‘පි නුහිතරු, න යාති මධුරං තාවොපකාරමසතං කතං.

නිච්චං ඛීරොදපානෙත, වඩඨිතො‘ සිවිසො යථා, විසංච පරි‍චවෙත්තති, තථා නීවොපකාරතං,1

යථානත්නා කතො අග්ගී, සීතලං න ‍දදෙ බඳු, තථා නීචෙ කතං කාරං, අග්ගිව දහතෙ තනුං.

තස්මා උපපරිකඛිත්ථාී, බාවං භාවේන2 බුද්ධියා, කාතබ්බා මෙත්ති ජන්තූහි, නාමි‍තෙනා ලභතෙ සුඛා” යි.

මෙසේ ඒ මිත්රෙද්රෝ්හී වු අසත්පුරුෂයා බස් ගිවිස රාජපුරුෂයෝ මුක්තාහාරය හා සමඟ ඒ පුරුෂයා අල්වා ගෙන ගොස් රජ්ජුරුවන්ට දැක්වූහ. ඉත්බිති ඒ බඩුව හා සමඟ ඔහු දැක කිපියා වූ රජ්ජුරුවෝ මේ මුක්තාහිරය තෝ කෙසේ ගති දැයි නොවිචාරා ම කියන්නාහු මොහු ගෙන ගොස් දකුණුවහසල් දොරසමීපෙයහි දිවස්හුලැ හිඳුවාපියව යි කියා විධාන කළහ. එසේ රජුගෙන් නියෝග ලත් රාජපුරුෂයෝ ඔහු පිටිතොල හයා බැඳ සියලු ශරීරයෙහි උළුසුණු ගල්වා රත්මල්වඩම් කරැ පළඳවා හිස පස්කොණ්ඩයක් කොට බැඳ ඒ නුවැරැ කොවේ මහවේ ආදියෙහි3 ඒ ඒ වීථිසන්ධිකයෙහි සිටුවා4 ගෙන කටු සැමිටි ආදියෙන් පිට පළා පහර5 දහස් ගණන් ගසමින්6 මෙසේ නොයෙක් විචිත්ර වධ කෙරෙමින් වධබෙර ගස්වා ගෙන හුලක් සැස කරැ තබා ආඝාතභුමිය බලා නික්මුණාහ.

මෙසේ වධකයන් විසින් ගෙන යන ලද්දා වු ඒ පුරුසතෙම දකුණු වහසල් දොරින් නික්ම යටැ කියන් ලද තමාගේ මිත්රා වූ නාග රාජයා සිහි කොට ඔහු නිසා යම්තම් සැපයෙක් වී නම් යහපතැයි සිතා පෙරැ කී සලකුණේ තුඹස දැක යහළු දීර්ඝ් ය යි කියා හඬලූයේ ය. එ වේලෙහි නාගරාජතෙම ඒ ශබිදය අසමින් ම මාගේ මිත්රියාණන්ගේ කටහඬක් වැනි ශබ්දයෙකැ යි වහා තුඹසින් නික්ම පරීක්ෂාා කරනුයේ එපරිද්දෙන් පිටිතොල හයා බැඳ වධ කෙරෙමින් මරමරා ගෙන යන ලදිදා වූ ඒ පුරුෂයා දැක ළය පිරුණු සෙ‍ාක ඇති ව මහත් වූ චිත්තචඛදයට පැමිණ මාගේ මිත්රියාණන්ට අද මා අවශ්යකයෙන් ම උපකාර වියයුතු ය යි සිතා මා


276 සද්ධර්‍මාලඞකාරය

සිටියදී නොබව මැනැවැයි ඔහු අස්වසා තමා ගේ නාගශරීරය හැර එක්තරා වේශයෙකින් රාජපුරැෂයන් කරා එළැඹ එම්බා පින්වත්නි, මා එන තෙක් මේ පුරුෂයා මොහෙ‍ාතක් කල් නො මරව යි තරකොට අස්වා1 කියා එ ම ඇසිල්ලෙහි රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් වසන තෙනට දිවගෙන ‍ෙගාස් සර්‍පවේශයෙන් බිසවුන් දෂ්ට කොට බිසවුන් විෂවේගෙයන් මුර්ජාවට පැමැණි කල්හි නැවත මනුෂ්යවවේශයෙන් සිට කියනුයේ තෙල වධයට පැමිණි පුරුෂතෙම සර්ප විෂයට මාහැඟි දිව්යට වූ ඖෂධයක් දන්නේ ය යි කියා ඒ ක්ෂෂණයෙහි තමාගේ වධයට පැමැණි ඒ මිත්ර්යා සමිපයට ගොස් කියනුයේ යහළුව, නුඹ රජ්ජුරුවන්වහන්සේ කැඳවා එවූ කල්හි නොලස් ව වහා ගොසින් අතින් පැන් අතලොස්සක් ආරුගෙන බිසවුන් මුහුණට පැන් ගසා විෂ බස්වා බිසවුන් නීරෝග කළ මැනැවැයි උගන්වා තමා වසන තෙනට ම ගියේ ය.

ඉක්බිති රජ්ජුරුවෝ බිසවුන් නයා දෂ්ට කළ බව අසා විෂ වෛද්යතවරයන් සොයන්නාහු සමීපයෙහි සිටියවුන් අතින් එ පවත් අසා ඒ වධයට පැමැණියහු ගෙනෙව යි කියා එහු ගෙන්වා ගෙන එම්බල සගය2, තෙල දෙවීන්ගේ විෂ බාපියව යි කීහ. එ තෙපුල් අසමින් ම ඒ පුරුෂ තෙම යහපතැ යි ගිවිස නාරජ්ජුවන් කී පරිද්දෙන් ම බිසවුන්ගේ විෂ බැස්වූයේ ය. එවේලෙහි බිසවු සැපසේ නීරොග ව3 නැඟී සිටියහ. රජ්ජුරුවෝ ඒ දැක සතුටු වූවාහු ඒ පුරුෂයාහට ‍ෙක්ෂ ත්රිවාසස්තුයානවාහන දැසි දස් ගවමහිෂාදී වු බොහෝ සම්පත්4 දීමෙන් මහත් වූ සත්කාර කළහ.


ඉක්බිති ඒ මනුෂ්යුතෙම රජ්ජුරුවන් කරා එළැඹ පළමු තමා ගිරවා ඇතුළු වූ තුන්දෙනා‍ දියවළින් ගොඩනැගු තැන් පටන් ගෙන ඔවුන් තුන්දෙනා හා තමා විසින් ඔවුනොවුන්ට කී වචන පුතිවචනාදි වු උපකාර අනුපකාර ආදි වු සියල්ල4 ම රජ්ජුරුවන් මැඳයෙහි6 ප්රුකාශ කොට දක්වනුයේ7 ස්වාමීනි, ජනප්රමධාන වූ දෙවයන් වහන්ස, මා කියන්නක් ඉඳුරා ඇසුව මැනව. දවසෙකැ මම කිසි කටයුත්තක් නිසා වනාන්තරයට ගියෙමි. එ කල්හි සැටරියන් උස ඇති එක් නරාවලෙකැ පැන් බොනු පිණිස ගොස් දියෙහි හුණුවා වූ ගිරෙවකි, නාගරායෙක, මනුෂ්ය යෙකැයි මෙසේ මහත් දුක්:ඛයට පැමිණ සාදුකින් පීඩිත වූ තුන්දෙනෙකු දැක ඔවුන් කෙරෙහි මහත් වූ අන්කම්ප‍ායෙන් ඒ තුන් දෙනා ම


තුන්යහළු වර්ග්ය 277 දියවළින් ගොඩැ නැඟීමි. එ කල්හි ඔහු තුන්දෙන වෙන වෙන ම මට කියන්නාහු ස්වාමිනි, නුඹ වහන්සේ විසින් අපගේ ජීවිතය රැක දෙන ලද්දේ ය, නුඹවහන්සේ අපට බොහෝ උපකාරී වූ සේක, එබැවින් නුඹවහන්සේට අප නිසා වියයුතු කිසියම් අර්ථඋසිඬියක් ඇති කල්හි අප සමිපයට අව මැනැවැයි කීහ.

මෙසේ ඔවුන් විසින් යාව්ඤා කොට කියන ලද්දා වූ මම පළමුකොට ගිරවානන් සමීපයට ගියෙමි. ඒ ගිරවාණන් විසින් ‍කරන ලද්දා වූ උපකාර විඳගෙන මේ මනුෂ්යගයා ළඟට1 ආමි. ඔහු විසින් මෙසේ වධයට පුමුණුවන ලද්දා වු මම එ කල්හි මාගේ මිත්රට වූ නාරජ්ජුරුවන් දැක එ පවත් කීමි. ඒ නාරජතෙමේ මට ජීවිතය රැකදුන්නේය. දැන් මම බොහෝ සම්පතුත් ලදිමි. එසේ හෙයින් ජනේශ්වර වූ දේවයන් වහන්ස, සත්පුරුෂතෙම ඉතා ක්ෂුිද්රස ය යි නින්දා කටයුතු නො වෙයි. අහේතුක වූ තිරිසන් යෝනියෙහි උපන් ගිරාපෝතක ය, නාරජ ය යන දෙදෙන මිත්රයකාරණා දන්නා වූ අප හා සමාන වූ මනුෂ්යයජාතී ඇති මනුෂ්යනයන් කෙරෙන් ඉතා අධම වූ මේ මනුෂ්යූතෙම පළමු මා විසින් තමහට කරන ලද උපකාර නො සලකා මෙසේ දැන් මට සතුරු ව මෙබඳු අනර්ථසයකට පැමැණිවූයේ ය.2 තවද3 දේවයන්වහන්ස, කෙළෙහිගුණ නොදන්නා වූ දුර්ජිත මනුෂ්යසයෝ කිසි කාරණයක් නැති ව නිෂ්කාරණයෙහි ම‍ඳෙකින් ම කෝප වන්නාහ. නැවැත තමන්ගේ එබඳු කිසියම් කටයුත්තක් පැමැණිකල්හි ම‍ඳෙකින්ම පහදනාහ යන මේ කාරණාකාරණා නොදන්නා වු අඥාන අසත්පුරුෂයන්ගේ ස්වභාවධර්මායෙක් ම වන්නේය. තවද දේවයන්වහන්ස, සමහර සත්ථකව කෙනෙක් මනුෂ්යරයෝ ය කියා විශ්වාස කටයුත්තාහු නො වෙති. සිතැ වඤ්චා නැති අවඞක වූ සෘජු සිත් ඇත්තා වූ4 තිරිසන්හු විශ්වාස කටයුත්තාහ යනාදින් අසත්පුරුෂයන්ගේ නුගුණ ප්රතකාශ කිරීම් වශයෙන් පළමු තමා ඔවුන් තුන්දෙනාට කළ උපකාර ගෙනහැර දැක්වූයේ ය.

එසේ හෙයින් කියන ලදී :-

“එකදාහං මහාරාජ, වනං කම්මේන කෙනවි, ගතො‘ද්දසා මහාවාටෙ, පතිතං සුවපොතක.

අතොරගං මනුස්සඤච, දුක්ඛප්පතන ඛුදාපරෙ, උක්ඛිපිං කරුණායාහ’, තෙ මෙ‘වොචුං තදා තයො.


278 සද්ධර්මාසලඞකාරය

අදාසි ජීවම්මහාකං, උපකාරො‘සි නො තුවං, තව කිච්චෙ සමුප්පන්තෙ, අමාහාකං එහි සත්තිකං.

එවං තෙහි පවුත්තො‘හං, අලඤ්ජිං සුවසත්තිකං, කතූපකාරො තෙනාහං, මනුස්සස්සාපි සන්තිකං.

තෙනාහං මරණං ‍පත්තො1 අද්දසං උරගාදිපං, සොදාසි ජීවිතං මය්හං, අලඬ විපුලං ධනං.

සුජනො නාවමත්තඛ්ඛො, බුද්දකො‘ති නරාධිප, සුවො ච උරගො චෙතෙ2, මිත්තධම්මේ පතිටඨිතා.

කාරණඤ්ඤා මනුස්සෙ‘යො3, අමෙහහි සමජාතිකො, කතූපතාරො එවමපි, දිසො ජාතො නරාධමො.

අකස්මා දෙව කුප්පනති, පසීදනි නිමිත්තතො, සීලං හෙතමසාධූනං, බාලානමවිජානතං.

මනුස්සා‘පි මහාරාජා, කෙවි විස්සාසියා න වෙ, තිරචඡානා‘පි හොන්තෙව, අජිමහමනසා යඨා” යි.

මෙසේ පුරුෂතෙම ප්රිථමාරම්භයෙහි පටත් තමාගේ ප්රඨවාත්තිය රජහට දැන්වූයේ ය. එ පවත් අසා පහන් සිත් ඇති රජ්ජුරුවෝ මේ පුරුෂයාට යහපත්ගෙයක් නංවා මහත් වූ පෙරහරින්4 ‍ෙගවදනා මඟුල් කරව යි කියා අමාත්යෙවරුන්ට විධාන කළහ. එ වේලෙහි ඒ මනුෂ්යුතෙම කියනුයේ ස්වාමීනී, ඉඳින් මට ගෙයක් කරවා දෙන්නා5 කැමැත හොත්6 දකුණුවහසල් දොරසමීපයෙහි නුගරුක හා තුඹසට අතුරෙහි ගෙය නැංවුව මැනැවැයි කියා එපරිද්දෙන් ම ගෙය නංවා ගෙන, ඒ ගෙයි බොහෝ දැසිදස්පිරිවරින් සැපසේ වාසය කරනුයේ අප්ර මාද ව රාජසේවය කෙරෙමින් ගිරාපොතක ය, නාගරාජ ය යන යහළුවන් දෙදෙනා හා සමඟ එකාවන් සතුටු වෙමින් ජීවිතාන්තය දක්වා සැප සේ සමඟවාසය කොට ආයුකෙළවරැ ඒ යහළුවන් දෙදෙනා හා තමාගේ කර්ම වූ පරිද්දෙන් මිය පරලොව ගියේ ය.

මෙසේ ශරීරධනජීවිතාදි වු සියලුසැපයෙන් පිරිහුණා වූ යහළුවන්ට උතුම් වූ සත්පුරුෂ මිත්රදයෝ අවශ්යනයෙන් ම ප්රයතිෂ්ඨාූදාර ව ඒ දුකින් මුදා සැපයෙහි පිහිටුවා ලන්නාහ. එබැවින් පින්වත් සත්ත්වරවයෙනි, කිසියම් දුකක් පැමිණි කල්හි සජජන යහළු මිත්ර යන් නැත්තා වූ සත්ත්වවයන්ට යම් හෙයකින් ඒ


තුන්යහළු වර්ගළය 279

දුකින් මිදී අභිවාඬියට පැමිණීමෙක් නම් නැද්ද, එසේ හෙයින් මේ ලෝකයෙහි මෙලෝ පරලෝ දන්නා ස්වභාවගුණයෙන් මේ ලෝකයෙහි මෙලෝ පරලෝ දන්නා ස්වභාවගුණයෙන් යුක්ත වූ සත්පුරුෂයන් හා මිත්රපව ගෙන බොහෝ යහළු මිත්රතයන් ඇත්තා වූ තොප විසින් මහත් වූ නොයෙක් කුශලධර්මගයන් රැස් කොට මතු ස්වර්ගතමෝක්ෂහසම්පත් සිඬ කරන්ට උත්සාහ කටයුතු.

කියන ලදුයේ මැයි :-

“ඉති පතිතසුඛමහා අඬ්ගතො වා ධනමහා පරමතරපතිට්ඨා හොන්ති මිත්තා සඛනං, විරහිතයඛිනං හො නත්ථිො යසමා‘හිවුඬී විණුථ1 කුසල ධම්මං මිත්තවන්තා මහන්තං” - යී.

මෙතෙකින් මේ තුන්යහළුවගැ පළමු වන තුන්යහළුවසතුව කියා නිමවන ලදී.


22. ව්යාාඝ්රංවස්තුව

තවද මේ යහළුවගැ දෙවන ව්යා‍ඝ්රතවස්තුව නම් කවරැ යත්?

එහි පිළිවළ කථාව ‍ෙම‍ෙස් දතයුතු.

දඹදිව සොළීරටට නුදුරු වූ4 බරණැස්නුවර සමීපයෙහි එක් පාංශුපර්වීතයක් විනිවිද යන්නා වූ මහමාවතෙක් විය. ඒ පාංශ්රරපර්වතතමඞ්යයයෙහි එක්තරා ව්යාීඝ්ර යෙක් තමාගේ පිය වූ ඇස් අන්ධහ ව්යා්ඝ්රතයකු පර්වනතගුහායෙක තබාගෙන කන ‍ෙබාන දෑ ගෙනවුත් ලමින් පෝෂණය කොට වාසය කෙරෙයි. තවද ඒ පර්වගතයට වදනා වනදොරසමීපයෙහි එක් ගසෙකැ නමින් කුණ්ඩිල නම් වූ ගිරවෙක් වාසය කෙරෙයි. ඒ ගිරාපෝතකයා හා ව්යා්ඝ්රවයා හා දෙදෙන ඔවුනොවුන්ට ප්රිඅයමිත්රධ ව වෙසෙති. එ සමයෙහි පසල්ගමෙකැ වසන්නා වූ එක් පුරුෂයෙක් තමාගේ අඹුව හා සමඟ ඩබරක් කොට ගෙන බරණැස්නුවරට යන්නේ ඒ වනදොරට පැමිණියේ ය. එකල්හි ගිරවාණෝ ගමනින් මිරිකුණු ශරීර ඇති ව සාදුකින් පීඩිත ව යන්නා වූ ඒ පුරුෂයා දැක ඉතා කම්පිත වූ සිත් ඇති ව ඔහු ළඟට කැඳවා එම්බල පුරුෂය තෝ කොයි යෙහි දැයි විචාරා මේ වාසල්කඩින් එපිටැ යෙමියි කීකල්හි එම්බල පින්වත්නි, මේ වනකඩ මඬ්ය්යෙහි එක් ව්යාකඝ්ර යෙක් වෙසෙයි. හේ ඉතා ක්රෑවර ය, චණ්ඩ ය පරැෂ ය, මේ පර්විතමඬ්යවයට පැමැණි යම් ම කෙනෙකුන්


280 සද්ධර්මාසලඞකාරය

අල්වාගෙන සල්ව සල්වා මරා කන්නේ ය. එබැවින් තෙපි1 ඒ මඟැ නො යව යි කීහ. එසේ කීවද ඒ පින්මඳ කාලකණ්ණි පුරුෂයා තමහට හිත කැමැති ව ගිරවාණන් කී බස් නො ගිවිස තොප කෙසේ ව්ය ඝ්රමයාගේ තදකම් කීවත් මා යන්ට ම වුවමැනැවැයි කී ය. එවේලෙහි ගිරවානෝ එසේ වී නම් යහළු, තෙපි ඉඳින් නො නැවැත යනු කැමැත්තහු 2 නම් මා කිවක් කරව. ඒ ව්යා්ඝ්රෙයා නම් මාගේ යහළුවා ය. එබැවින් මාගේ නම කීකල්හි3 තොප නො මරයි. ඕහට තෙපි කියනකලැ තොපගේ යහළු වූ තුණ්ඩිල නම් ගිරවාණන් ළඟැ සිට එමි යි මෙ පමණක් කියා ඔහු අතින් ගැලවී යව යි කීහ. මෙසේ ගිරවාණන විසින් කියන ලද වැඩට නිසි තෙපුල් නො ගෙන ඒ පාපිෂ්ඨ වු දුෂ්ට පුරුෂතෙම4 ගිරවාණන්ට කිපී තමා අතැ තිබූ මුගුරින් පැහැර ගිරවාණන් මරා තබාගා ගිනි ගාගෙන මස් පළහා කාපී ය.

දෙයකින් ගිනිසුහක් ගා එළවාගෙන තණපරඬලා පිරඹුදඬු ආදිය අතින් ගටා ලමින් දෙදණ බිමැ ඔබාගෙන‍ ඇස් රතු වන තුරු සුබුක්ත පැළී යන්නා සේ පිඹ මසක් උත්සාහ කොට ගිනිරුසක් මුළු කොට ගෙන පසු ව මහෝත්සාහයෙන් මා ඇති කොට ගත් මාගේ ම ගිනි ය යි සිතා ප්රේමසහිතව ඉඳින් ඒ ගිනිරුස සිපගත්තේ වී නම් තම හට කළ ඒ උපකාර නො සලකා ඒ ගිනිරුස ඔහුගේ ශරීරය යම් සේ දවා ද, ඒ පරිද්දෙන් මිහිරි කිරි හා මීපැණි පොවා ප්රෙශමසිතින් වඩනා ලද්දා වූ යම් කිසි සර්පකයෙක් ඉදින් කිපියේ වී නම් තමා වඩා වර්ධීනය කළා වූ ඔහුගේ ශරෟරය දෂ්ට කොට යම්සේ ජීවිතක්ෂතයට පමුණුවා ද, එපරිද්දෙන් ම හීනග්ර ණ ඇති ඉතා පවිටු වූ කෙළෙහි ගුණ නොදන්නා මනුෂ්යමයන්ගෙන් අධම වූ ඉතා බැගෑපත් වූ මනුෂ්ය යන් හා සමඟ මඳඇසිල්ලෙකැ කළා වූ මෙ පමණ විශ්වාසය පවා මෙසේ අවැඩට කාරණා5 වන්නේ ය යි දන්නා නුවණැති සත්ත්වසයන් විසින් එබඳු අනර්ථහ එළවන අසත්පුරුෂයන් හා සමඟ එකවිටෙකත් විශ්වාසයක් නොකළමනා මැයි.





තුන්යහළු වර්ගකය 281 එසේ හෙයින් කියන ලදී :-

“මයා කතං මය්හමිදං, ඉති වෙස්සානරං නරො, සමාලිඬගති සප්පොමො, දහතෙ වස්ස විග්ගහං

මධුඛීරාදිදානෙත, පෙමසා පරිපාලිතේ, සොරගො කුපිතො වස්ස, ඩහතෙවස්ස විග්ගහං.

එවං නිභීනජච්චේන, පාපෙන අකතඤ්ඤානා, නරාධමෙන දීනෙන. කතොපි බණසඞගමො.

සාධුකො අයනෙත්වං, ජානමානෙන ජනතුනා, මුහුත්තම්පි න කාත‍ඛඛො, සඞගමො සො අනත්ථකදො” යී.

මෙසේ ඒ අසත්පුරුෂ වූ පුරුෂයා ගිරවාණන් මරා මස් කා ඉත්බිති මගැ බැස යන්නේ වනකමඞ්යුයට ගොසින් වන. එකල්හි ව්යාශඝ්රයයා එහු දැක මහත් කොට නාද පවත්වා ඔහු මරණ පිණිස සමීපයට අවුත වන. ඒ වේලෙහි ව්යාටඝ්රවයා දැක මරණභයිව් භයපත් වූ ඒ පුරුෂයා පළමු ගිරවාණන් කී වචනය සිහි කොට ව්යාාඝ්රියාට කියනුයේ, එම්බා යහළළු, මම තොපගේ මිත්රි වූ තුණ්ඩිල නම් ගිරවා‍ණන් ළඟැ සිට ආමි. ඇයි තොප මෙ තැනැ වසනබව නො දැනම ආව යි සිතව් ද? එකවිටෙකත් එසේ නො සිතව. මම එන්නෙම්1 තොපගේ මිත්රරයාණන් ළඟැ සිට ය යි කී ය. එ බස් අසමින් ම සතුටු සිත් ඇති ව්යිඝ්රතයාණෝ එසේ වී නම් යහළු, මෙසේ එව යි කියා ඒ අසත්පුරුෂයා කැඳවා‍ගෙන තමන් වසන පර්ව තගුහාවට අවුත් මනුෂ්යෙයන් කැවමනා ආහාරයෙන් ඔහු සන්තර්ප ණය කොට තමන්ගේ පියාණන් සමීපයෙහි රඳවා නැවැත වනකඩසමීප රැකවලට ගියහ.

එ කලැ ඒ ව්යාාඝ්රමයාණන්ගේ පිය වූ ඇස් අන්ධන ව්යාසඝතෙම පුතණුවන් ගිය ඉක්බිති ඒ පුරුෂයා සමඟ කථා කරන්යේ ඔහු කියන බසින් ම ගිරවාණන් මරා කෑ බව දැන නැවත තමාගේ පුත් වූ ;ව්යාරඝ්රායා ආ කල්හි එම්බා පුත, තෙල පුරුෂයා තොපගේ මිත්රය වූ තුණ්ඩිල නම් ගිරවාණන් මරා මස් කෑයේ වේදැයි කීය. එ තෙපුල් අසා නොසතුටු සිත් ඇති2 ව්යාකඝ්රීයාණෝ මහත් වූ ශෝකයෙන් ගිරවාණන් වසන තැනට දිව ගොස් යහළු තුණ්ඩිල නම් ගිරවාණනි යි මහත් කොට කිපවරෙකැ අඬ ගා3 ගිරවාණන් නොදැක ඔවුන්ගේ4 ශරීරයෙන් උදුරා හල පියාපත් දැක ඒකාන්තයෙන් ම මේ පුරුෂයා විසින් මරා ගිරවාණන්5 මරන


282 සද්ධර්මාසලඞකාරය

ලද්දේ සැබෑ ම ය යි මහත් වූ ශෝකයෙන් ගිරවාණන්ගෙ ගුණ කියකියා හඬමින් වලපමින් නැවැත තමන් වසන පර්වයත ගුහාවට එමින් සිටියාහ. එකල්හි ඒ මිත්ර ද්රෝ හී වූ අසත්පුරුෂ තෙම ව්යාටඝ්ර යාණන් තුණ්ඩිලයන් බලන්ට ගිය පසු මතු කේලමක් නොකිව මැනැවැයි හික්මවන්නා සේ ඔවුන්ගේ1 පිය වූ ඇස් නැති ව්යාහඝ්ර යාණන් ගලෙකින් පැහැර මරාදමා මෙ විටැ ව්යා ඝ්රියා ද මැරැව මැනැවැයි සිතා ව්යා්ඝ්රෙයා ද අවුත් වන. එන්නා වූ ව්යා ඝ්රායාණන් දැක ඔවුන්මගේ2 තේජසින් කිසිවකුත්2 කොටගත නො හී මරණ භියන් භයපත් ව ව්යායඝ්රකයාණන් දිසාවට නැමී නැමී දිවගෙන අවුත් ස්වාමීනී, මට ජීවිතදානය දුන මැනැවැයි කියමින් ඔහු පාමුල්හි වැඳගෙන හොත්තේ ය. ඒ වේලෙහි ව්යාදඝ්ර යාණෝ3 ඔහු විසින් කරන ලද ඒ ක්රිකයාව දැක :-

‘අමිත්තමපි ච යො දීනං, අත්තානො සරනා’ගතං, ව්ය සනෙක්වය‘නුගණ්හාති, ස වෙ භුපති භුපති.”

යන මේ නීතීශාස්ත්ර්ගාථාව තමන්ට ම කී දෙයක් මෙන් සිතා ඒ අසත්පුරුෂයා කෙරෙහි උපන්නා වූ ක්රෝ ධය සන්සිඳුවා5 මාගේ මිත්රඒ වූ ගිරවාණන්ගේ නම කියා ආවා වූ මෝහට කිසියම් ද්රෙෙහයක් කිරීම මා වැන්නවුන්ට යුක්ත නො වෙයි. ඒකාන්ත‍ෙයන් සත්පුරුෂධර්මියෙකුත් නොවන්නේයයි සිතා එබඳු අපරාද කළා වූ අසත්පුරැෂයා කෙරෙහි මෙත්5 පතුර‍ැවා ඔහු ම අස්වසා යහළු, තෙපි නො බව. සැප සේ යව යි කියා ඔහුගේ සිතැ භය අරවා මියුරු කථා කොට සැප සේ යවූහ. “අහෝ” සත්පුරුෂයන් හා එක් වීම නම් මෙ ලොවපරලොවදෙකින් ම සත්ත්ථවයන්ට සැප එළවන්නේ මැයි”.

එසේ හෙයින් පින්වත් සත්ත්ථ වයෙනි, තෙපි හැම එ පරිද්දෙන් ම උභයසාධාරණ වූ කාරනාකාරණා දන්නා වූ යහපත් අදහස් ඇති සත්පුරුෂයන් හා ම එක් ව කරුණාවෙන් වඩන ලද අදහස් ඇති ආතාමාර්ථයපරාර්ථකසාධක වූ සත්පුරුෂයන් හා ම යහළුම්ත්රා ව වාසය කරව්. එබඳු සත්පුරුෂයන් හා සමඟ කරන ලද්දා වු මිත්රතසන්ථවය හැමකල්හි ම උතුම් වෙයි. කිසි කලෙකත් ලාමකක්රි‍යාවට නොපමුණුවන්නේ ය. තවද සත්පුරුෂයන් හා එක් වීම නම් හැම කල්හි ම සතත්වියන්ට සැප එළවයි. කායික චෛතසික දුක් දුරු කෙරෙයි. එබැවින් මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා ම සත්පුරුෂයන් හා එක් වීමෙක් ම වේවා.


තුන්යහළු වර්ග්ය 283 පුරාතනයෙහි කියන ලද මැයි :-

“සබ්භිරෙව සමාසෙථ, සබ්හි කුබ්බේථ සන්ථිවං, සබ්බත්ථව සන්ථෂවො තෙන, සෙය්යො හොති න පාපියො.

සුඛාවහො දුක්ඛනුදො, සදා සබ්හි සමාගමො, තස්මා සප්පුරිසෙහෙව, සඞගමො හොතු ජන්තුනං” යි.

ඉක්බිති ඒ ව්යාෙඝ්ර යාණෝ එ ම මෛත්රිථයෙහි ආනුභාවයෙන් මෑතභාගයෙහි ඒ තිරිසන් ආත්මභාවයෙන් මිදි දිව්යෛලෝකයෙහි උපන්හ. මෙසේ අනුන් ඇඟ මස් කන ඉතා දරුණු වූ චණ්ඩ පරැෂ ව්යාෝඝ්රහයා පවා තමාගේ මෛත්රිනබලයෙන් දෙව්ලොවැ ඉපද මහත් වූ දිව්යකසම්පත් ලද. එසේ හෙයින් පින්වත් වූ නුවණැති සත්ත්ව්යෙනි, හීනොත්කෘෂටමධ්ය්ම යන හැම සත්ත්ථ්යන් කෙරෙහි මෛත්රිො කරව්. එපරිද්දෙන් ම ඒ මෛත්රී කිරීම වනාහි මතු තොප උපනූපන් ජාතියෙහි සියලු භවභෝගසම්පත් සාදා දී අන්තයෙහි අජර වූ අමර වූ අතාප්තිකර වූ නිර්වාවණසමංපත්තිය ද ගෙන හැර දෙන්නේ මැයි.

එසේ හෙයින් කියන ලදී :-

“එවං විධොපි එරැසො පරමංසභොජී ව්ය ග්ඝො දයායුප‍ගතො සුගතිං සුමෙධො, තස්මා කරොථ කරැණං සතතං ජනානං තං වො දදාති විභවඤච භවෙසු භොගං” - යී.

මෙ තෙකින් මේ තුන්යහළුවගැ දෙවන ව්යතඝ්ර්වස්තුව කියා නිමවන ලදී.


23. ඵලඛණඩදිනනවස්තුව

තවද මේ තුන්යහළු තුන් වන ඵලඛණඩදිනනවස්තුව1 නම් කවරැ යත්? හේ මෙසේ දතයුතු.

යටැ ගියදවසැ සැවැත්නුවරැ වසන එක්තරා පුරුෂයෙක් උන්තරාපථයට යෙමි යි අධන්මඟට2 පැමිණියේ ගිම්හාන මාසයන් සම්බන්ධිය වූ මඞ්යා හ්නකාලයෙහි ගිනි හෙන්නා සේ ඉතා තද ව පහරන හිරුරැසින් තැවි මිරිකුණා වූ ශරීර ඇති ව ඉතා විඩාපත් ව බුලත් කකා එක් සෙවණෙකැ පුවරැකඩක් පිටැ හුන්නේ ය. ඉක්බිති උත්තරාපථයෙහි සිට එන්න වූ පුරුෂයෙක් ද එපරිද්දෙන් ම අව්වෙන් විඩා ව අවුත් පළමු

284 සද්ධර්මාසලඞකාරය

උන් මිනිසා සමීපයෙහි හිඳ යහළු, පිපාසිතයෙමි යි බී පියන්ට පැන් ඇද්දැයි විචාළේ ය. එ තෙපුල් අසා පළමු එ තැනැ උන් තැනැත්තහු පැන් නැතැයි කී කල්හි පසු ව ආ පුරුෂයා කියනුයේ එසේ වී නම් යහළු, පිපාසාව ඉවසිය නොහෙමි.1 තොප අතින් මටත් බුලත් දෙව යි කියා ඉල්වී ය. නොමිලයේ නොදෙන හෙයින් රන්සතරමස්සක් දී එක ම උප්පතක් ඇරැගෙන එ තැනැ ම හිඳ බුලත් කා මඳක් සැතැපී පිපාසා සංහිඳුවා ගෙන එ පමණ උපකාරය නිසා ඔහු කෙරෙහි සෙනහ උපදවා මිත්රා ව ගෙන යහළු, අපි යම් හ යි කියා අවසර ගෙන තමා යන ගමට ම ගියේ ය.

පසු ව කල්යාමෙකින් මෑතභාගයෙහි ඒ පුරුෂතෙම පටුන්ගමකට ගොස් වෙළඳාම් පිණිස නැව් නැඟී යාත්රුවෙහි යන්නේ මුහුඳුමැදට පැමැණියේ ය. එකල්හි ඔහු නැඟි නැව එයින් සත් වන දවස් මහසුළං හමා රළ පැහැරීමෙන් බිඳිණ. සියලු මනුෂ්යඑයෝ ම මස්කැසුප් ආදීන්ට ගොදුරු වූහ. එකලැ ඒ පුරුෂයා පමණක් ම කිසි උපද්රයවයක් නැති ව එක් පුවරු කඩෙකැ ළය තබාගෙන මුහුදු පීනන්ට වන. එකල්හි ඕහට පළමු මිල ගෙන බුලත් දුන් පුරුෂයා ද එපරිද්දෙන් ම වෙළඳාමි පිණිස නැව් නැඟී ගොස් මුහුඳැ මැඳැ නැව නැසුණු කල්හි තෙමේ පමණක් ගැලවි මුහුදු පීනනුයේ පළමු මුහුදු පිනමින් යන තැනැත්තහු සමීපයට පැමැණියේ ය. එකල්හි මෙසේ සත්දවසක් මුළුල්ලෙහි නිරාහාර ව මුහුදු පීනන්නා වූ ඔහු දෙදෙන එ ඔවුනොවුන් දැක හැඳිනගත්හ. ඔවුන් දෙදෙනා අතුරෙන් කහවණුසතර දී උප්පත ගත් තැනැත්තේ එක් පුවරුකඩෙකැ ළය තබාගෙන පිහිනන්නේ ය. අනික් තැනැත්තහුට එ පමණෙකුත් නැත2. ඉක්බිති මිල දී බුලත් ගත් පුරුෂයා එකල්හි රන් ගෙන වීනමුත් බුලත් දුන්නා වූ ඒ උපකාරය ම සිහි කොට තම ළය තබාගෙන යන පුවරුකඩ ඕහට දින.

එකල්හි ඒ පුරුෂයා තමා ලත් ලුවරුකඩෙහි ළය තබා පීනාගෙන නික්මුණේ පුවරැකඩ දුන් පුරුෂයා හැර ආපසු නොබලා ම ගියේ ය. එ වේලෙහි පුවරැකඩ දුන් තැනැත්තේ කිසි ආධාරයක් නැති ව පීනනුයේ සත්දවසක් මුළුල්ලෙහි නිරාහාර ව මුහුදු පීනා විඩා වු හෙයින් ශක්ති මඳ ව වීය්යසර්‍ හැර දියෙහි ගිලෙන්නට පටන්ගත. එකෙණෙහි මුහුද අරග්ගත් මණිමේඛලා නම් දිව්යිස්ත්රි යක් දියෙහි ගිලෙන්නා වූ ඔහු


තුන්යහළු වගීය 285

දැක මේ පුරුෂ1 එසේ මෙසේ කෙනෙක් නො වෙති2. කෙළෙහි උපකාර දන්නා ඉතා සත්පුරුෂ මනුෂ්යසයෙකැයි දැන ඔහුගේ ගුණ සඳහන් ‍ෙකරමින් දියෙහි හුණු පුතකු දැක ළෙයි3 අත් ගසා මුර ගාමින් ඒ පුතු ගොඩැ ලන්ට4 දුවන පෙම්බර මවක සේ5 වහා දිවගෙන අවුත් ඔහු තමාගේ ආනුභාවයෙන් දියෙන් ගොඩැ නඟා සිටුවා අනික් පුරුෂයා ද ඔහු‍ෙග් ගුණානුභාවයෙන් මුහුඳින් ‍ගොඩැ ලුව.

එකල්හි පුවරුකඩ ළය තබා පීනාගෙන පළමු ව ඇවිදිනුත් පසු ව ගොඩැ නැගි තැනැත්තේ තමහට පුවරුකඩ දී පස්සෙහි අව්ත පළමු කොට ගොඩැ නැගී සිටි ඒ පුරුෂයා දැක මහත් වූ අශචය්ය්ව්තයට පැමිණ යහළු, තපි කවරවිටෙකැ කෙසේ මට පළමු අවු දැයි විචාළේ ය. එවේලෙහි ඒ තෙම කියනුයේ යහළුව, මම කෙසේ ආබවත් නො දනිමි. එතෙකුදු වුවත් සැප සේ ම ගොඩැ නැංගෙමි කී ය. මෙසේ ඔවුන් දෙදෙනා කථා කරන වේලෙහි5 දේවතා දූ තොමෝ දෘශ්ය මානරූපයෙන් සැදී පැහැදී ආකාශයෙහි සිට තමාගේ ආනුභාවයෙන් ඔහු ගෙනවුත් ගොඩැලු බව ප්රශකාශ කොට දක්වන්නී මෙසේ කියා.

“යො මාතරං වා පිතරං වා, ධම්මේන ඉධ පොසති, රක්ඛන්ති තං සදා දෙවා, සමුද්දේ වා ඵලෙපි ‘පිවා.

යෙ‍වෛ බුදධඤච ධම්මඤ්ක, සඞඝඤ්ච සරණං ගතො, රක්ඛන්ති තං සදා දෙවා, සමුද්දේ වා ඵලෙපි ‘පිවා.

පඤ්චවිධං අට්ඨවිධං. පාතිමොක්ඛඤ්ච සංවරං, පාලෙති යො තං පාලෙන්ති, දෙවා සබ්බත්ථච සබ්බදා.

කායෙන වචා මනසා, සුචරිතං චරති‘ධ යො, ‍ පාලෙන්ති තං සදා දෙවා, සමුද්දෙ වා ඵලෙපි වා.

යො සප්පුරිසධම්මේසු, ඨීතො‘ධ කතවෙදිකො, ‍ පාලෙන්ති තං සදා දෙවා, සමුද්දෙ වා ඵලෙපි වා.

යනාදීන් එම්බා පින්වත්නි, මේ ලෝකයෙහි යම් කිසිවෙක් තමා වැදී මවුපියන්ට බත් ආදිය දෙමින් උණුපැන් සිහිල් පැන් තබමින් අත්පා මෙහෙ කෙරෙමින් දැහැමින්6 සෙමෙන් මවුපියන් පෝෂ්යා කෙරේ ද, එසේ සත්පුරුෂධර්ම්යෙහි පිහිටියා වූ එලඳු උත්තමසත්ථපයා ඉදින් යම් කිසිකලෙකැ දිග සරස


286 සද්ධර්මාසලඞකාරය

කෙළවරක් නොපෙනෙන්නා වු ගැඹුරු මහසයුරුමධ්යතයෙහි ද ජනශූන්යන වු යක්ෂාකධිගෘහිත පර්වගතවනගහනආදීයෙහි ද යන දියෙහි ගොඩෙහි හැමතන්හි ම දෙවියෝ1 රක්නාහ.

තවද මේ ලෝකයෙහි යම් කිසිවෙක් බුත්සරණ යෙමි, දහම්සරණ යෙමි, සඟසරන යෙමි යි මෙසේ තිසරණ ගෙන වෙසේ නම් එබඳු ගුණධමීයෙහි පිහිටියා වූ ඔහු ද ඒකාන්තයෙන් හැම තන්හි ම දෙවියෝ රක්නාහ2. එසේ ම යම් කිසිවෙක් පඤචශීලය හෝ අෂ්ටාඞගශිලය හෝ ප්රාාතිමෝක්ෂූසංවරශීලය හෝ ඛණ්ඩාදිභාවයට නො පමුණුවා නිරන්තරයෙන් තමාගේ ජීවිතය සේ සිතා රක්ෂාහ කෙරේ ද, එබඳු ශිලසංරක්ෂනයෙහි නියුක්ත සතත්ව්යා හැමකල්හි කිසි උපද්රුවයක් වැද්ද නො දී සර්ව්ප්රිකාරයෙන් ‍ෙදවියෝ රක්නාහු ම ය.

තවද මේ ලෝකයෙහි යම් කිසි සත්ත්වායෙක්3 තමන්ගේ කායවාඬ්මනස් යන චාරිත්රියෙන් නිරන්තරයෙන් සුචරිතධර්මගයෙහි හැසිර වාසය කෙරේ ද, එබඳු කුශලධර්මනයෙහි පිහිටියා වූ සත්ත්ථියනුදු කවර ස්ථානයකට පැමිණිය ද ඒ හැමතන්හි දෙවියෝ රක්නාහු මය. තවද මේ ලෝකයෙහි යම්කිසි සත්ත්වැයෙක්3කිසිතැනෙකැ ව්යටසනප්රාථප්ත කෙනෙකුන්3 දැක ඔවුන් ඒ දුකින් මුදා සුවපත් කිරීමෙන් සත්පුරුෂධර්ම3යෙහි පිහිටියේ ද, කෙළෙහි උපකාර දනී ද, එබඳු උත්තම සත්ත්වුයා මහමුහුඳමැඳට පැමැණියේ ද, පර්වපත මුදුනකට පැමිණියේ ද, වනගහනයකට පැමිණියේ ද දියෙහි ගොඩෙහි පර්වපතස්ථානයෙහි හැමකල්හි දෙවියෝ රක්නාහ.

  එසේ හෙයින් තොපගේ5සත්පුරුෂධර්මරබලයෙන් තැති‍ෙගන පළමු මා සිටිතන්හි සිටපිය නො හී මෙ තන්හි දිව අවුත් අදෘශ්ය‍මානරූපයෙන් සිට ‍මම වේ ද දැන් ‍තොප ගොඩැ ලු යෙමි යි6 කීය. මෙසේ මණිමේඛලාදෙවිදූ කී කල්හි තැවත ඒ පුරුෂයා එම දෙව්දූ අතින් විචාරනුයේ :- 

“නෙව දානං අදාසා‘හං, න සීල පරිපාලයිං, කෙන මෙ පුඤ්ඤකම්මේන, මමං රක්ඛනති දෙවතා, පුච්ඡාමි සංසයං තුය්හං, තං අකඛාහි දෙවතෙ”.

යනු යෙහින් එම්බල දෙවතාදුව, මහණ බමුණු ආදි කිසි කෙනෙකුන්ට6 මා දුන් දානයෙකුත් නැත. තොප කී පන්සිල් අටසිල් ආදියෙන් මා රක්ෂාව කළ සීලයෙකුත් නැත. එසේ


තුන්යහළු වර්ග ය 287 හෙයින් කවර කුශලකර්මවයක් හේතු කොට ගෙන කෙසේ නම් මා දෙවියෝ රකිද්ද, ඒ තොප කී කාරණය මා සිතට සැක හෙයින් දැන් තොප අතින් ම විචාරමි, ඒ මට සකාරණා කොට උගන්නා පරිද්දෙන් ඉඳුරා කියාලව යි කී ය. ඒ වේලෙහි ඔහු සිතට හැ‍ඟෙන පරිද්දෙන් ඒ බව පුකාශ කොට දක්වන්නා වූ දේවතා දූ තොමෝ :-

“අගාධාපාරගෙ ගිමේ, සාගරෙ දුරිතාකරෙ, ගින්නනාවස්ස තරන්තො ත්වංෙ, හදයෙ කත්වාක කලිඞගරං.

ඨත්වාග සප්පුරාසෙ ධම්මේ, අත්තාන‘මන පෙක්ඛිය,1 බණ සන්ථධවස්ස පොසස්ස, 2 අදාසි ඵලකං සකං

තං තුය්හං මිත්තධම්මඤ්ව, දානඤ්ච ඵලකස්ස තෙ, පතිටඨා‘සි සමුද්දසමිං, එවං ජානාහි මාරිස”

යනු හෙයින් එම්බල පින්වත් වූ පුරුෂය, මේ දිග සසර කෙළවරක් නොපෙනේනා වූ එතෙර‍ෙමතෙර විය නොහැකි ඉතා භයංකාර වූ ජලචරමකරසුංසුමාරාදී චණ්ඩසත්ත්ව යන්ට වාසස්ථාන වූ මෙබඳු ගැඹුරැ මහාසාරමඞ්යසයෙහි නැව් නැගී දඬුකඩෙකැ ළය තබාගෙන පිනන්නා වූ තෙපි සත්පුරුෂ ධර්මෙයෙහි පිහිටා තොපගේ ජීවිතය නො සිතා මෙ‍ාහොතක් පමණ කල් තෙනෙකැ3 පුවරුකඩපිටැ හිඳ කථා කොට ගිය පමණෙකින්4 ඇසිල්ලෙකැ5 මිත්රු වූ ඒ පුරුෂයා හට එ පමණ මිත්රි සන්ථවයක් සලකා තොප ළය තබා පීනාගෙන යමින් සිටි යම් කිසි පුවරුකඩක් දුන්නාහු ද, ඒ තොපගේ මිත්රමධර්මිය හා ඒ දවස් දුන්නා වූ ඒ පුවරුකඩදානය ද යන මේ දෙක මේ දවස් මේ සමුද්රිමඞ්යධයෙහි තොපට පිහිට විය. එබැවින් මම6 අවුත් දැන් තොප ගොඩැ ලීමි. ඊට කාරණා මෙසේ දනුව සත්පුරුෂයාණෙනි, කිව.

මෙසේ ද කියා ඉක්බිති ඒ දේවතා දූ තොම ඔහු දිවඅහර අනුභව කරවා දිවසළු අඳවා දිව්යාේභරණ පළධවා තමාගේ ආනුභාවයෙන් ඔවුන් දෙදෙන ගෙන ගොස් සැවැත්නුවැරැ ම සිටුවුව. එ තැන් පටන් ඔහු දෙදෙන එම කාරණ කොට ගෙන හක්තිපමණින් දන් දෙමින් නිරන්තරයෙන් පන්සිල් රැක පොහොයැ පෙහෙවස් රැක ආයුකෙළවරැ දෙව්ලොවැ උපන්හ. මෙසේ ඉතා ස්වල්පමාත්රෙ වූ කුසලයෙන් පවා සත්ත්වනයෝ නිරාධාර වූ සාගරමධ්යේයෙහි දෙවියන්ගෙන් පිහිට ලබන්නාහ.


288 සද්ධර්මාසලඞකාරය

එසේ හෙයින් පින්වත් සත්ත්වසයෙනි, තොප හැම විසිනුදු සත්පුරුෂධර්ම්යෙහි පිහිටා අප්රපමාද ව නිරන්තරයෙන් කුසල් කොට එයින් ජනිත වූ ඉෂ්ටවිපාකයෙන් මතු ස්වර්ගරමොක්ෂලසම්පත් සිඞ කරන්නට උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“ඒවං පරිත්තකුසලෙන’පි සාගරස්මිං සත්තා ලභන්ති සරණං බඳු දෙවතාහි, තුමෙහපි සප්පුරිසතං න විනාසයන්තා මා හො පමජජථ සදා කුසලප්පයොගෙ” යී.

මෙතෙකින් මේ තුන්යහළුවගැ තුන් වන ඵලකඛණඩදිනනවසතුව කියා නිමවන ලදී.

24. චෞරමිත්ර වස්තුව

තවද මේ තුන්යහළුවගැ සතර වන චෞරමිත්රසවස්තුව1 නම් කවරැ යත්;

අප මහාගෞතමබුදුන් පිරිනිවි පසු දඹදිවැ දෙව්දහ නම් නුවරෙක් විය. එහි වසන එක්තරා දුඃඛිත මනුෂ්යනයෙක් සෙරිචාරී ව ගම්නියංගම්රාජධානි ආදී වූ ඒ ඒ තන්හි ඇවිදුනේ පුත්ය නතජනපදයෙහි පිටිසරැ එක්තරා ගමකට2 ගොස් ඒ ගම්හි එක්තරා කුලගෙයෙකැ වාසය කෙරෙයි. එ කල්හි එහි වසන මනුෂ්යහයෝ3 ඕහටකැඳ බත් ආදිය දෙමින් පොෂ්යි කරන්නාහ. ඉත්බිත් ඒ පුරුෂතෙම ඒ ගම්හි මනුෂ්යහයන් හා සමඟ යහළු මිත්ර් ව ‍ෙගන කල්යාමක් එහි ම දවස් යවා නැවැත අන්ක් තෙනකට4 ගොස් වසනුයේ මෑත භාගයෙහි ඒ ඒ තැන ‍සොරකම් කරමින් ජීවත් වෙයි. මෙසේ සොකරකම් කිරීමෙන් කල්යාමක් ගිය කල්හි එක් දවසෙකැ රාජපුරුෂයෝ ඔහු සොරකම් කරන්නා දැක ගසා අල්වා පිලිතොල හයා බැඳ රජගෙය කරා ගෙන ගොස් දේවයන්වහන්ස, මේ නුවැරැ සොරකම් කරන සොරු5 හසු කළම්හ. දැන් මෝහට කුමක් කළ මනා දැයි කියා රජහට දැක්වූහ. එ තෙපුල් අසමින් ම රජ්ජුරුවෝ ඔහු සිරගෙයි ලා කර පය මසව යි6 විධාන කළහ. එ කල්හි රජුගෙන් නියොග ලද්දා වූ


තුන්යහළු වගීය 289 රාජපුරුෂයෝ ඔහු සිරගෙට ගෙන ගොස් කර පය මසා සිර රක්නවුන්ට පාවා දී ගියහ. මෙසේ සිරගෙයි වසන්නා වූ ඕහට දොළොස්අවුරුද්දෙක් ඉක්මිණ. ඉක්බිති ඕහට පෙරැ යහළු වූ පසල්ගමෙකැ වසන එක් මනුෂ්යීයෙක් කිසි කටයුත්තක් නිසා දෙවිදෑනුවරට අවුත් කොවේ මහවේ ආදියෙහි නොයෙක් විසිතුරැ බලමින් ඒ ඒ තන්හි ඇවිදිනේ සිරගෙයි මැස්මෙහි උන්නා වූ ඔහු දැක ළය පැළී යන තරම් මහත් ශෝකයෙන් කම්පිත ව දෑසින් වෑහෙන කඳුළුධාරා නියගින් ඉසඉස1 යහළු, මේ තොපට කෙසේ වූ දුකෙක් දැයි කිය කියා මහහඬින්2 හඬා වැලැප යහළු, දැන් මා තොපට කළමනා කවරේ දැයි විචාරා ඉක්බිති ඔහු විසින් එම්බා යහළු, සිරගෙයි වසන්නා වූ මට දැන් දොළොස්අවුරුද්දෙක් අතික්රාාන්ත විය. මෙ තෙක්3 කල් මුළුල්ලෙහි දුස්සයන දුර්භෝජනාදියෙන් බොහෝ දුක් විඳපීමි. එසේ හෙයින් මා ආහාරයක් සො යාගෙන බඩ පුරා අනුභව කොටපියා එන පරිද්දෙන් මේ සිරගෙන් මිදී යන උපායක් සිතව යි කී කල්හි ඒ සත්පුරුෂ වූ පුරුෂතෙම -

“රූපෙන කින්තු ගුණසීලවිචජ්ජිතෙන මිච්ඡා‘ලසස්ස4 කිතවස්ස ධියා කිමත්ථංව, දානාදිවාගවිතෙන ධනෙන කිං වා මිත්තෙන කිං ව්යධසනකාලපරම්මුබෙන.”

යනු හෙයින් මේ ලෝකයෙහි යම් කිසිවෙක්5 අනඞගයා හා සමාන රෑපසම්පත්තීන් යුක්ත වී නමුත් ආචාරශීලගුණ ධර්ම යන මෙයින් යුක්ත නුවුයේ වී නම් ඔහුගේ රූපයෙන්6 ප්රමයෝජන කවරේ ද? තවද කිසියම් සත්ත්ව යෙක්7 ග්රාහතාරකාවන්ට ප්රකධාන වූ බෘහස්පති හා සමාන මහත් වූ නුවණ ඇත්තේ වී නමුත් නො‍සබා තෙපුල් කියමින් අලසකාරී ව චෞරක්රි්යායෙහි යෙදී වාසය කෙරේ නම් ඔහුගේ ප්ර්ඥාවෙනුත් ප්රවයෝජන කවරේ ද? තවද යම් කිසිවෙක් මහාමන්ධා තු ය, ජොතිය සිටාණෝ ය යනාදි වූ මහාඉසුරුමතුන් මෙන් බොහෝ වූ සියලු උපබොගපරිභොගවස්තුවෙන් යුක්ත වී නමුත් අනුන්ට කිසි වස්තුවක් නො දී මසුරු ව වෙසේ නම් ඔහුගේ වසුත්වෙනුත් ප්රඅයෝජන කවරේ ද? තවද යම් කිසි මිත්රසයෙක් තමාගේ යහළුවාට කිසියම් ආපදාර්ථියක් පැමිණි කල්හි නුදුටුවන් ව මුහුණ ඉවත් කොට පිටි පෑලා8 යේ නම් ඔහුගේ මිත්රිකමිනුත් ප්රවයෝජන


290 සද්ධර්මාසලඞකාරය

කවරේ ද? එසේ හෙයින් දැන් මා මෝහට අවශ්යකයෙන් ම උපකාර විය යුත් ය යි සිතා යහපත, යාළු, තොප කීවක් කෙරෙමි කියා හිර රක්නවුන් සමීපයට ගොස් කියනුයේ එම්බා පින්වත්නි, මොහු ආහාරයක් සොයා අනුභව කොට එත තෙක් මම ඇපයෙමි. මා රඳවාගෙන මොහු ඇරැපියව යි කී ය.

එ බසට සිර රක්නාහු එම්බල පින්වත, මොහු එසේ ඇරැපිය නොහැක්ක. එතෙකුදු වුවත් මොහු බත් අනුභව කොට එන තෙක් තෙපි එ ම දම්මැස්මේ ඉඳු නම් මොහු ඇරුම්හ.1 එසේ නොපිළිවන් වී නම් මොහු මැස්මෙන් අරින්ට2 නොපිළිවනැයි කීහ. 3 ඒ වේලෙහි ඒ පුරුෂතෙම සබඳිනි, එසේ වී නම් යහපතැයි කියා ඔහු පයින් දමා ගලවා තමා පයැ ලාගෙන සිරගෙට වැද තමාගේ මිත්රනයා ගලවා යවීය. එකල්හි ඒ අසත්පුරුෂයා සඞඛලිකඛන්ධ යෙන් මිදී නික්ම ගියේ නැවැත සිරගෙය කරා නොආයේම ය. අහෝ! කෙළෙහි උපකාර නොදන්නා අසත්පුරුෂයන්ගේ චිත්තස්වභාවය දැන්ම නොපිළිවන් ම ය. ඉතා ආශ්චය්ය් අස මැයි. හේ එසේ ම ය. මුඳුනේ දිය පිරි සිටි විල් පොකුණු ‍ෙහජ ආදියෙහි දිය යටැ සමවිෂමස්ථාන යම් සේ ‍නො පෙනේ ද, එපරිද්දෙන් ම සිතින් එකක් සිතා මුඛයෙන් එකක් කියන අසත්පුරුෂයාගේ චිත්තප්ර,කෘතිය නොදතහැක්කේ ම ය. වඤ්චා සිත් ඇති අසත්පුරුෂයෝ සිතින් එකක් සිතා මුඛයෙන් එකක් කියා කයින් එකක් කරන්නාහු ම ය. මෙසේ මේ ක්රිකයාව අසත්පුරුෂයන්ගේ ස්වභාවධර්ම යෙක් ම ය. එසේ හෙයින් මේ ලෝකයෙහි ඔවුන්ගේ ඒ වඤ්චකස්වභාවය යම්කිසි කෙනෙක් දන්නාහු වී නම් පණ්ඩිත වූවාහු4 නමුත් ඔහු ම ය. බහුශ්රැනත වූවාහු නමුත් ඔහු ම ය. පරසිත් දන්නාහු නමුත් ඔහු ම ය.

එසේ හෙයින් කියන ලදී:-

“වාරිපුරෙ යථා සොබ්හෙ, නෙවනෙතා විසමං සමං, පඤ්ඤායතෙවං සාධුස්ස, භාවං මනසි සමහවා.

හාසන්ති මුඛතො එකං, විනතන්තත්ති මනසා පරං, කායෙනෙකං කරොන්තෙවං, පකතාය ‘මසාධුනං.

තෙසං යො භාවමඤඤාති, සොව පණඩිතජාතිකො, බහුස්සුතො‘පි යො යෙව, පරචිත්තවිදු‘පි සො” යී.

තුන්යහළු වර්ගඤය 291

මෙසේ ‍සිරගෙයි මැස්මේ1 හිඳිනා වූ ඕහට දෙළොස්අවුරුද්දෙක් අතික්රාුන්ත විය. මෙසේ මේ දොළොස්අවුරුද්ද මුළුල්ලෙහි සාදුකින් පීඩිත ව වසන ඔහු විසින් එකදවෙසකත් අනුන් අතින් ආහාරයෙක් නොඉල්වන ලද්දේ ම ය. නොයිඳුල් ආහාරයක් ලබන දවසට වඩා නොලබන දවස් ම බොහෝ විය. මෙසේ දොළොස් අවුරුද්දක් ගිය කල්හි දවසෙකැ රජ්ජුරුවන්ගේ පුතණු කෙනෙක් උපන්හ. එකලැ රජ්ජුරුවෝ තමන්ගේ විජිතයෙහි සියලු සිරගෙවලැ ම දොර අරවාපීහ. යටත්පිරිසෙයින් වඩන ඌරන් මුවන් ආදි වු සිවුපාවුන් හා මැඳිරිවලැ වසන ගිරා මොනර සැළළිහිණි ආකි පක්ෂීන් පවා බන්ධැනවලින් උනවාපීහ. එ කල්හි2 සිරගෙවලැ දොර අළ ඇසිල්ලේහි එහි වසන මනුෂ්ය යෝ ඔවුනොවුන් පරයා නික්ම තමතමන් කැමැති තැ ගියහ.

එකල්හි ඒ පුරුෂයා ඔවුන් හා කැටි ව නො ගොස් සිරගෙයි ම හුන්නේය. එ පවත් දැක සිර බලන්නවුන් විසින් එම්බල පුරුෂය, තෙපි කුමක් පිණිස නො යා දැයි විචාළ කල්හි එම්බා පින්වත්නි, මම මෙ තෙක් මුළුල්ලෙහි කනබොනදෑ ආදියෙන් හා හිඳිනා සිටිනා වැදහෝනා තැන් ආදියෙන් බොහෝ දුක් විඳි හෙයින් ඉතා ම මිරිකුණා වූ දුර්වැල ශරීර ඇතියෙමි. ඒ මාගේ දුවර්ල ශරීරය බොහෝ දෙනාට ප්ර කාශ ව පෙනෙන හෙයින් දහවල් යන්ට ලජ්ජා ඇත්තෙමි. රෑ වු කල්හි පලා යමි යි කියා හිරැ අස්තයට යාමෙන් අන්ධලකාර වූ කල්හි සිරගෙන් නික්ම ඇතුළු නුවැරැ අඳුනන ඉතා පුරුදු නෑසිය කෙනෙකුන් නැති හෙයින් කොයින් ආහාරයක් ලැබෙමි දෝ හෝ යි සිත සිතා නුවරින් නික්ම සොහොන් බිමින් වී නමුත් ආහාරයක් ලදිම් නම් යහපතැයි සිතා ඝනාන්ධමකාරයෙන් යුක්ත වූ රාත්රි්භාගයෙහි මළමිනී දමන අමු සෙහොනකට ගොසින් වැද එ තන්හි අළුතැ දැමූ මළමිනීයක් දැක මිනීඇටයෙකින් මස් කපා අනික් මිනීහිස්කබලෙකැ කපා ගත් මාංසය බහා මිනීහිස්තුනෙකින් උදුනක් බැඳ ඒ උදුනමුඳුනෙහි මාංසසහිත වූ මිනීහිස්කබල තබා සෙහොන් නිවන්නට ගෙනා පැනින් ඉතිරි ව තිබූ පැනිත්තක් වත් කොට දරසෑයෙකින් සොහොන් පෙනෙලි ගෙනවුත් ගිනි දල්වා කොළ අතු කඩා හැඳ වටින් සුළඟ නොහසන සේ පළමු තමා හැඳි කිලුටු කඩරෙද්ද වට කොට බැඳ මිනීඇටයක් ගෙන අළල අළලා මස් පිසමින් හුන්නේ ය.



292 සද්ධර්මාසලඞකාරය

එකෙණෙහි එ ම අමුසොහොන අසැ1 පුළිලගසෙකැ අධිගෘහිත වූ දේවතාවෙක් ඔහුගේ ඒ ක්රිරයාව දැක දැන් මා මොහු අතින් මේ කාරණය විචාළ මැනැවැයි සිතා ඔහු කරා එළැඹ විචාරනුයේ එම්බල පින්වත් පුරුෂයා, දැන් තෝ ඉතා ඝනාන්ධනකාරයෙන් යුක්ත වූ මෙබඳු මේ රාත්රිඅයෙහි ඒ ඒ තැනැ විසිර තිබෙන මිනීඇටසැකිල්ලෙනන් ගැවැසීගත්තා වූ බලුකැනහිල් ආදීන් හා මනුෂ්යටමාංසභක්ෂවණයෙහි දක්ෂ වූ යක්ෂඅරාක්ෂ සාදීන් විසින් ගහන වූ ඒ ඒ තන්හි මිනී දවන දරසෑවල දිලිසෙන ගිනිදැලින් භයානක වූ මේ සොහොන්මධ්යියෙහි ඉඳ මිනීමස් පිස කුමක් කෙරෙහි දැයි විචාරන්නේ :-

“රත්තන්ධ:කාරෙ කුණපාදකෙහි3 සමාකුලෙසිවථිකාය මජ්ඣෙ, මනුස්සමංසං පචසීධ සීසෙ, වදෙහි කිං තෙන පයොජනං තෙ.”

යනු‍ හෙයින් එම්බල පුරුෂය, ඝනාන්ධ කාරයෙන් යුක්ත වූ මඬ්යනමරාත්රිනයෙහි මනුෂ්ය කුණපයෙහි ගිජු වූ බලු කැනහිල් කබර‍ගෝ ආදීන් හා යක් රකුසු ආදීන් විසින් ගැවැසීගත්තා වූ මේ සොහොන්මඬ්යෙයෙහි හිඳ තෝ දැන් මිනීහිස්කබලින් මස් පිසන්නෙහි. ඒ මාංසයෙන් තට ප්රහයෝජන කවරේ දැයි විචාළේය.‍එකල්හි ඒ පුරැෂයා කියනු‍ෙය්:-

“න යාගහෙතු න ච දානහෙතු, සුසානමචඣමහි පචාමි මංසං, ඛුදාසමො නත්ථිච නරස්ස අඤ්ඤං, ඛුදාවිනාසාය පචාමිමමෙහා.”

යනාදීන් එම්බල දිව්යෙපුත්රඅය, මේ මාංසය සොහොන් මැඳැ ඉඳ පිසින්නා වූ මම යම්කිසි යාගයක් පිණිස පිසන්නෙමුත්5 නො වෙමි. 6 යම්කිසි ශ්ර මණබ්රාකහ්මණ කෙනෙකුන් උදෙසා දිය යුතු දානයක් පිණිස පිසන්නෙමුත්5 නො වෙමි. 6 වැළි කුමක් පිණිස ද යත්? මේ ලෝකයෙහි සත්ත්වෙයන්ට සාදුකට වඩනා දුකෙක් නම් නැත්ම ය. එසේ මාගේ බඩසායට පුතිකාර පිණිස හෙවත් සාදුක් නසනු සඳහා මේ මාංසය පිසමි7 යි කී ය. එ තෙපුල් අසා දිව්යවපුත්රුයා එම්බල8 පින්වත ඒ මාංසය වනාහි අනුභව කරනු පිණිස පිසව. මේ කිලුටු කඩරෙද්ද දැන් වටැ ඇද බැඳ වාතනිවාරණය කරව. ඒ කුමක් පිණිස දැයි විචාරනුයේ :-


තුන්යහළු වර්ගවය 293

“නිවත්ථරසාඛො හිරිසංවරාය, පිලොතිකං තත්ථව පසාරයන්තො, කරොසි වාතාවරණං ච සම්ම, කිමත්‍වාමෙතං වද පුච්ඡිතො මෙ.”

යනාදීන් එම්බල යහළු, තෙපි දැන් හිරිසංවරණය පිණිස කොළ අතු ගොතා හැඳගෙන පළමු හැඳි කිලුටු කඩරෙද්ද වටා බඳිමින් වටින් එන පවන් වළකා වාතනිවාරණය ‍කරව. ඉට කාරනා තොප අතින් විචාරමි. ඒ මට නො වළහා කියව යි කි ය. එකල්හි ඊට කාරණා කියා ප්ර කාශ කොට දක්වන්නා වූ පුරුෂ තෙම :-

“සුභාසුභාමිසසීතසීතවාතො, සයං අවිත්තොව අවිත්තභාවා,

දෙපා ඵුස්ත්ථාඅන අසාධුකස්ස, අකතඤ්ඤැනො මිත්තපධංසකස්ස.

සමාවහන්තො යදි මෙ සරීරෙ, ඵුසාති සෙ‍ා1 වායු මමාවිසිත්ථඊවා, දුක්ඛං දදාතීති විසංව තං හො, පරිවජ්ජිතුං බදධම්මං කුචෙලං.”

යනාදීන් එම්බල පින්වත් දිව්යරපුත්රථය, සැබැවින් ම මීට කාරණා අසනු කැමැත්තෙහි වී නම් මා කියන්නක් අස. මේ ලෝකයෙහි ඉෂ්ටානිෂ්ටදෙකින් මිශ්රි ව හමා බස්නා වු සීත මාරැතය තෙමේ තමා අචින්තක හෙයින් සිත් පිත් නැත්තේ ම කෙළෙහි උපකාර නො දන්නා මිත්රතද්රෝතහි වූ අසත්පුරුෂයාගේ ශරීරයෙහි පැහැර දුර්ජමන සජ්ජන දෙපක්ෂයට සම ව පවත්නේ‍ය;2 හෙවත් අසත්පුරුෂයාගේ ශරීරයෙහි පැහැර එන්නා වු මාරුතය ඉඳින් මාගේ ශරීරයෙහි පහරනේ3 වී නම් ඒ ලාමක සත්ත්ව්යාගේ ශරීරයෙහි පැහැර එන්නා වූ මාරුතය මාගේ ශරීරාවේෂ ව කායචිත්ත දෙකට දුක් දේ. දෝ හෝ යි සිතා ඒ අසත්පුරුෂය‍ාගේ ශරීරයෙහි වැදගෙන එන්නා වු සුළං පවා ඒ ක්ෂයණයෙහි ජීවිත හරණය කරන උග්රේතර විෂයක් මෙන් සිතා දුරු කරනු පිණිස මේ කිලුටු කඩරෙද්ද තිරයක් මෙන් වට කොට එල්වමි යි කී ය. මෙසේ ඔහු කී තෙපුල් අසා අසත්පුරුෂයා තොපට කවර අනර්ථයක් කෙලේ දැයි විචාරන්නා වු දිව්යසපුත්‍පුෙතම :-


294 සද්ධර්මාසලඞකාරය

“කිමකාසි හො සො කතනාසකො තෙ ධනං ච ධඤ්ඤං තව නාසයි ච1 මාතාපිතා බන්ධවවො ඛෙත්තවත්ථු්, විනාසිතා තෙන වදෙහි කින්තෙ.”

යනු හෙයින් එම්බල පුරුෂය, හැයි, ඒ අසත්පුරුෂයා විසින් තට කළ අනර්ථ කවරේ ද? තාගේ ධනධාන්යහයන් නැසී ද? මවුපිය නෑයන් හා කෙත්වත් විනාශ කළේ ද? ඒ දැන් මා සිතට දැ‍නෙන පරිද්දෙන් ඉඳුරා කියා බලව යි කී ය. එ තෙපුල් අසා අසත්පුරුෂයාගේ නුගුණ ප්රපකාශ කොට දක්වන්නා වූ පුරුෂතෙම :-

“යං රාජතො හොති බයං මහනතං, සබ්බස්සහරණාදිවධාදිකං ච, අකතඤ්ඤැනා‘සප්පුරිසෙන හොති, ආරාව සො හො ‍පරිච්ජ්ජනියො යමත්ථිො චොරාරිබයං හි ලො‍ෙක, අථොදකෙනාපී ච පාවකෙන, අකතඤ්ඤැනා තං කලහා2හි හොති, ආරාව සො හො පරිච්ජජ්නියො, පාණාතිපාතාමපි අදින්නදානං, පරස්සදාරූපගමං මුසා ච, මජ්ජස්ස පානං කලහඤ්ච පෙසුනං, සම්ඵා ගිරං ධුත්තජනෙහි යොගං. සබ්බං අනත්ථංු අසිවං අනිටඨං, ආපායිකං දුක්ඛමනත්තමඤ්ඤං, අකතඤ්ඤැනා‘සප්පුරිසෙන හොති, ආරාව සො හො ‍පරිචජ්ජනියො.”

යනාදීන් මේ ලෝකයේ සත්ත්වජයන්ගේ මුතු මැණික් ආදී වු දශවිධ රත්නයන් හා සෙුස සම්පත්තිසමූහයන් පැහැර ගැන්ම ය, වධබන්ධධනය කිරීම ය යනාදීන් වශයෙන් රජයුවරජ ආදීන් විසින්3 වන්නා වූ යම් භයෙක් ඇත් නම් ඒ සියල්ලම කෘතොපකාර4 නොදන්නා වූ අසත්පුරුෂයා නිසා ම වන්නේ ය, එසේ හෙයින් ඒ අසත්පුරුෂයා අහසට පොළොව සේ දුරින් ම දුරු කට යුත්තේ ය; තවද මේ ලෝකයෙහි සොරුන් සතුරන් නිසා වන්නා වූ භය ද දියෙන් ගින්නෙන් වන්නා වූ භය ද යන මේ කිසි භයෙක් ඇත් නම් ඒ සියල්ල ම කෙළෙහි උපකාර නො දන්නා වූ අසත්පුරුෂයා හා කලහවිග්රඒහදියෙන් ම වන්නේ ය. තුන්යහළු වර්ගලය 295 තවද ප්රා්ණවධ කිරීම ය. අනුන් සන්තක වස්තු උදුරා ගැනීම ය. අනුන් විසින් ප්රෙහමසහිත ව රක්ෂිාතගොපිත වූ පරදාරාවන් කරා යාම ය; අනුන්ට අනර්ථ එළවන්නා වු ‍නොසබා තෙපුල් කිම ය, රා පීම ය, ඉසකේ එකරුතු1 ‍ෙගන කලහ විග්ර හ කිරීම ය. කේලාම් කියා ඔවුනොවුන් කෙරෙහි බිඳවීම ය, මෙරමාහට ද තමහට ද කිසි වැඩක් ප්රපයෝජනයක් නැති සම්ඵප්රමලාප දෙඩීම ය, අත පය කන් නාසා ආදියට උකස් තබා දූකෙළි ආදියෙහි යෙදී වාසය කිරීම ය යනාදි වූ සියලු අනර්ථදායක වූ අමනොඥ වූ ඉෂිටවිපාකයක් නැත්තා වූ මතු සතරඅපායට පමුණුවන්නා වූ ඉතා ඉවසිය නොහැකි වූ කෙළවරක් දැක්ක නොහැක්කා වූ මෙයින් අන්ය වූත් යම්කිසි දුඃඛයෙක් ඇද්ද, ඒ සියල්ල ම කෙළෙහි උපකාර නොදන්නා මිත්ර ද්රෝිහි වූ අසත්පුරුෂයා නිසා ම වන්නේ ය.

එසේ හෙයින් එම්බල දිව්යනපුත්ර ය, සත්පුරුෂයන් විසින් එබඳු ඒ අසත්පුරුෂයා දුරින් ම දුරු කටයුත්තේ ය යි කියා පළමු තමා අසත්පුරුසයා හා එක් වූ දෝෂයන් දොළොස්අවුරුද්දක් මුළුල්ලෙහි අනුභව කළා වූ ඒ සියලු දුකඛරාසිය2 තමා මුඛ නොසෑහෙන සේ ඒ දිව්ය පුත්රයයාට කී ය. ඉක්බිති ඒ දිව්යිපුත්රායා3 එම්බල පින්වත් පුරුෂය, මම ද වනාහි බුදුන් මඞගල සූත්රදය දෙසන දවස් මෙම පුලිලවෘක්ෂ යෙහි හුන්නෙම් :- “අසෙවනා ච බාලානං, පණ්ඩිතානංඤච සෙවනා, පූජා ච පූජනීයානං, එතං මඞගලමුත්තමං.”

යන මේ ගාථාවෙන් අඥාන අසත්පුරුෂයන් හා එක්වීමෙහි ආදීනවදෝෂයන් වි‍ෙශ්ෂයෙන් ඇසුයෙම් වේ දැයි කියා ඒ පුරුෂයා කෙරෙහි අතිශයින් ප්ර සන්න වූයේ ඔහු තමාගේ විමානයට කැඳවාගෙන අවුත් සුවඳපැනින් ඉස් සෝධා නහවා4 දිව්යවවස්ත්‍රදිව්යා භරණයෙන් සරහා දිවමල් පළඳවා දිව්යස වූ අන්නපානයන් අනුභව කරවා මහත් වූ සත්කාර සම්මාන කොට තමාගේ ම ආනුභාවයෙන් එම දෙව්දෑනුවරැ රාජ්ය සම්පත්තියෙහි පිහිටවූ අභිෂේක මඟුල් කරවී ය. ඒ තෙමේ මෙසේ රාජ්ය්යට පැමිණ එතැන් පටන් දැහැමින් රාජ්යජය කෙරෙමින් දානශීලාදී වූ බොහෝ කුසලාස්මහාරයන් රැස් කොට5 ජීවිතාවසානයෙහි තමාගේ කම් වූ පරිද්දන් පරලෝකප්රාාප්ත විය.

එසේ හෙයින් එම්බා පින්වත් සත්ත්ව්යෙනි, මේ යථෝක්ත ප්ර කාරයෙන් අසත්පුරුෂයන් හා සංසර්ගනය හැර අතිශයින්


296 සද්ධර්මාසලඞකාරය

නිමල වූ චිත්තසන්තාන ඇති සත්පුරුෂයන් හා එක් ව දාන ශීලාදී කුශලසමාහාරයන් රැස් කොට මතු ස්වර්ගනමොක්ෂයසම්පත්තියසංඛ්යාලත සියලු අභිමතාත්ථරය1 සිඬ කරන්ට උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“ඒවං අසාධුජනසඞගමසන්නිවාසං සඤ්චජ්ජ සාධු සුවිසජ්ජනසඞග‍ෙමන, දානාදිනෙකකුසලං පරිපුරයන්තා සග්ගාපවග්ගවිභවං අභිසම්භුනාථ” - යි.

මෙතෙකින් මේ තුන්යහළුවගැ සතර වන චෞරමිත්ර වස්තුව කියා නිමවන ලදී.

25. පානීයවස්තුව

තවද මේ තුන්යහළුවගැ පස්වන පානීයවස්තුව නම් කවරැ යත්?

යටැ ගියදවසැ දඹදිවැ මණ්ඩල2 නම් දනව්වෙහි නාමගොත්රියෙන් අප්රගසිඬ වූ එක්තරා පුරුෂයෙක් දේශචාරිත්රි පරීක්ෂාය කරනු පිණිස දෝ හෝ රටින් රටැ ජනපදයෙන් ජනපදයෙහි ගම් නියංගම් රාජධානි පිළීවෙළින් දනව් සැරිසරා ඇවිද අනුක්රෙමයෙන් අවුත් චන්දිභාගා නම් ගං ‍තෙරට පැමිණ බොහෝ මිනිසුන් හා සමඟ නැව් නැඟී එතෙරට නික්මිණ. එකලැ දැරි ඇති ගැහැනියක් ද එම නැවට නැගීය. මෙසේ ඔවුන් නැඟී යන නැව ගං මැඳට ගිය කල්හි ඒ ස්ත්රිටය පිටැ පිටැ විලි පහරනට පටන්ගත. එකලැ ඒ දැරි දරැවන් වදාගත නො හී මහදුක් ගන්නී පිපාසිත ව පැන්පවස් ඉවසිය නො හී පින්වත්නි, පිපාසිතයෙමි, වහා මට පැනක් දෙව යි කිව.3 එකල්හි නැවැ හුන් මනුෂ්යියෝ එබස් නොඇසුවා සේ ඉවතැ බලබලා ඔවුන් හා සමඟ කථා ම කරන්නාහ. පිපාසාවට බී පියන පැනක් දුන්නා වු එක ද මනුෂ්යකයෙක් නැත.

එවේලෙහි යට කියන ලද දනව්වැසි පුරුෂයා ගැහැනි‍ය‍ෙග් බැගෑපත් වූ වචන අසා එකෙණෙහි උපන්නා වූ මහත් කරැණා ඇති ව පැන් ගනවුත් පොවා මුහුණය පැනි ඉසී ය. 4 එකෙණෙහි සත්රී තොමෝ මහත් වූ ආස්වාද ලදින් සැප සේ


තුන්යහළු වර්ගැය 297

දරැකෙනෙකුන් වදාපුව. ඉක්බිති ඔවුන් දෙදෙන නැවින් ගොස් ගොඩැ බැස කීප දවසෙකින් තමතමන් යන වාසස්ථාන වලට ම ගියහ. එයින් මෑත භාගයෙහි දනව්වැසිපුරුෂයා කිසි කටයුත්තක් නිසා එ ම සුත්රිවය හිඳිනා නුවරට ගොසින් නවාතැනක් සොයා ඒ ඒ තන්හි ඇවිද රෑ දවස් ලැගපියන තෙනක් ලැබගත නොහී නුවැරැ වහසල්දොරසමීපයෙහි සාලාවකට ගොස් රාත්රිලභාගයෙහි උදෙකලාව ම එ ම සාලාවේ වැදහොත්තේ ය. එ ම දවස් සොරහු නුවර වැද රජගෙයි උමං බිඳ මුතුමැණික් ආදී වු බොහෝ සාරවස්තු ඇරැගෙන උමඟින් පිටත් ව දිවන්නාහු රාජපුරුෂයන් විසින් ලුහුබඳනා ලදු ව මරණභයින් භයපත් ව සම්පත් තබා විපත්තියෙක් වී නම් නපුරැයි සිතා තමන් ගෙන යන රාජවස්තුව රාජපුරුෂයන් එන පෙරමගැ එම සාලාවට දමා ගියහ.

එකැලැ සොරැන් ලුහුබඳවා ගිය රාජපුරුෂයෝ එතන්හි තුබූ රාජවස්තුව දැක සොරැ කොයි ගියෝ දෝ හෝ යි පරික්සාු කරන්නාහු සාලාවේ හොත්තා වූ ඒ දනව්වැසි පුරුෂයා දැක කොල, මේ සොරා නො වේ දැයි කියා ඔහු අල්වාගෙන පිටිතොල හයා බැඳ රාජවස්තුව හා සමඟ ඔහු රජගෙට ගෙන ගොස් දෙවන දවස් සොරුන් අල්වා ගොම්හ යි රජ්ජුරුවන්ට දැක්වූහ. එකලැ රජ්ජුරුවෝ ඔහු දැක කිමෙක් ද? කොල, මෙසේ ම නිර්භීත ව මාගේ රජගෙයි උමං බිඳ කුමක් පිණිම සොරකම් කෙළෙහි දැයි විචාළහ.

එ බසට දනව්වැසි පුරුෂයා කියනුයේ ස්වාමීනී, මම සොරෙක් නො වෙමි. මේ නුවරට ආගන්තුක ව ආ මිනිසෙක්මි. ඊයේ තවස් මේ නුවරැ නවාතැනක් නොලැබුණු1 හෙයින් තෙල වහල්දොරසමීපයෙහි ශාලාවේ හොත්තෙමි. මෙ පමණක් මිස අනික් මා කළ සොරකමක් නැතැයි කීය. එවේලෙහි රජ්ජුරුවෝ නැවැත සොරුන් පරීක්ෂා කරවා නොදක්නාහු සොරා නම් මේ ම යයි කිපී මතු මොහු බලා අනිකකු සොරකම් නොකරන පරිද්දෙන් දැන් ම මොහු ගෙන ගොස් මරව යි2 විධාන කළහ.

එකලැ රජහුගෙන් නියෝග ලත් රාජපුරුෂයෝ ඔහු නැවත පිටිතොල හයා බැඳ නොයෙක් වධ කෙරෙමින් මරන්ට ගෙන ගියහ. එකල්හි යටැ කියන ලද ස්ත්රී තොමෝ ඒ කෝලාහලය අසා දෝ හෝ තමා හිඳිනා ගෙන් පිටත් ව


298 සද්ධර්මාසලඞකාරය

සිටියා එපරිද්දෙන් මරන්ට ‍ෙගන යන්නා වූ ඔහු දැක හැඳින ගෙන පළමු ඔහු තමහට කළ උපකාරය සිහි කොට මහත් වූ ළය පිරුණු ශෝක ඇතිව දැන් මා මෝහට අවශ්ය යෙන් උපකාරී ව ජීවිතය රැකදුන මැනැවැයි සිතා එ ම ඇසිල්ලෙහි රජගෙට දිවගෙන ගොස් රජ්ජුරුවන් දැක බැසහෙව දණ්ඩනමස්කාරයෙන් වැඳ නැඟීසිට රජහට කියන්නී ස්වාමීනී, තෙල මරන්නට ගෙන යන යන පුරුෂයා සොරකමක් කරන මිනිසෙක් නො වේ. අළුතැ ආගන්තුක ව මිනිසෙක. ඉනුත් ඉතා නිරපරාධි වූ මහත් සත්පුරුෂයෙක, ඔහු නොමරා හරවාපුව මැනැවැයි කිව.1 රජ්ජුරුවෝ එ තෙපුල් නොඅදහා කියන්නාහු එම්බල කෙල්ල, තෝ2 ඉදින් සැබවින් ම ඔහු අරවනු කැමැත්තෙහි වී නම්3 ඒ පුරුෂයා අගනා වස්තුවක් දී අරවා ගනැයි කීහ.

එකලැ ඒ ස්ත්රී කියන්නී ස්වාමීනි, මගේ එබඳු වස්තුවෙක් නැත. එතෙකුදුවුවත් මාගේ දරැවෝ සත්දෙනෙක් ඇත. ඒ දරුවන් සත්දෙනා හා සමඟ මා ගැති කොට ගෙන ඔහු අරවා වදාළ මැනැවැයි කිව. එ බසට රජ්ජුරුවෝ කියන්නාහු එම්බල, තෝ2 කුමක් කියයි ද? තෝ2 ම දැන් ඒ පුරුෂයා මේ නුවරට ආගන්තුක ව ආ මිනිසෙකැයි කිව. නැවැත දැන් ඔහු නිසා දරැ සත්දෙනෙකු හා සමඟ වහල් වෙමි යි කියයි. මේ කිමෙක් ද? මේ පුරුෂයා තීගේ නෑ එකෙක් ද? නොහොත් තිට පළමු උපකාරයක් කෙළේ දැයි විචාරන්නාහු :-

“කිං තෙ හොතා අයං පුරිසො, තචං පුච්ඡාමි සංඝසං, භාතා වා තෙ පිතා හොති, පති වා දෙවරො තව.

ඤාති සාලොහිතො කින්නු, උදාහු ඉණදායකො අථොපකාරකොකින්නු, ක්යවමාසස දෙහි ජීවිතං.”

යනාදීන් එම්බල ස්ත්රි ය, තී කියන වචනයෙන් මා සිතට සැකයෙක් උපන. එසේ හෙයින් ඒ සැකය තී අතින් ම විචාරමි, ඒ මට ඉඳුරා නො වළහා කියව. මේ පුරුෂයා තිට කවරෙක්4 වේ ද? තිගේ මලෙක් බෑයෙක් ද? නොහොත් කුඩා පියෙක් ද? මහලුපියෙක්5 ද? එසේ නැත පළමු තී පිසවා කෑ සැමියෙක් ද? සුළුගොයියෙක් ද? සෙසු අවශේෂ නෑයන් අතුරෙන් එක්තරා එකෙක් ද? ‍එසේ නැත කුසෙහි හොත් සා‍ෙලාහිතයෙක් ද? නොහොත් තීගේ ණයක් දරන එකෙක් ද? නොහොත් තිට පළමු උපකාරයක් කළ පුරුෂයෙක් ද? කවර කාරණයක් සිතා


තුන්යහළු වර්ගුය 299

කුමක් පිණිස මොහු නිසා දරු සත්දෙනෙකුන් හා සමඟ වහල් ව ජීවිතය රැක දෙයි දැයි විචාළහ. මෙසේ රජ්ජුරුවන් විචාළ කල්හි ඔහු පළමු තමාට කළා වූ උපකාරය ප්රාකාශ කොට දක්වන්න වූ ස්ත්රීච තොමෝ :-

“එසො මෙ පුරිසො දෙව, කතපුබ්බොපකාරකො, අතාණමෙකිකං මං සො1 දුත්ඛිතං මරණෙ ඨිතං.

විජායිතුමසක්කොන්තිං, ගබ්ගිතිං නිබ්බවෙදිනිං, 2 තොයෙන මං උපට්ඨාසි, තෙනාහං සුඛිතා තදා.

හඩගකල්ලොලමාලාහි3 උත්තරතනං මහණණවං. පහාය පාතං කුපස්ස, යාති ලොකො පිපාසිතො

තථෙව විජජමානෙසු, ජනෙසු මනුජාධිප, එක‍ස්සෙව මනසමිං හි, ගුණං තිට්යනති සාධුකං”.

යනාදීන්4 ස්වාමීනි, මේ පුරුෂයා පළමු මට බොහෝ උපකාරී ව සිටියේ ය. කලෙකැ මා දැරි ඇති ව දරුගැබ උසුළා කිසි කටයුත්තක් පිණිස නැව් නැගී චන්දසභාගා නම් ගඞගාවෙන් මෙතෙර එව අවස්ථ‍ාවෙහි ගඟ මැඳැදීම විලි පැහැර දරුවන් වදා ‍ගත නොහී කිසි ආරක්ෂාාවක් වේව යි, පිළිසරණක් වේව යි නැති ව මහත් දුඃඛයට පැමිණ අපමණ වැසන විඳීමෙන් මරණප්රා ප්ත වූවා5 දැක මේ පුරුෂයා පැන් ගෙනවුත් පෙවී ය. එකලැ පැන් බී සුවපත් වූවා වූ මම සැපසේ දරැවන් වදාපීමි. එසේ හෙයින් මේ පුරුෂයා මට එකල්හි බොහෝ උපකාරී ව සිටියෙ ය. මනුෂ්ය යෝ නම් සියල්ලෝ ම ගුණ ඇත්තාහු නො වෙති. යම්සේ ලීලොලෙත ව පෙළින් පෙළැ බිඳිබිඳි දිවන තරඞගමාලාවෙන් ඉතිරී පිරී6 සිටිනා අතිනීල ජලප්රබවාහයන් ඇති මහසාගරය හැරැපියා පිපාසිතසත්ව යෝ පැන් නිසා ළිඳට ද දිවෙද් ද, එපරිද්දෙන් ම බොහෝ ජනයා ඇත ද ඔවුන් අතුරෙන් එක් කෙ‍නකුන්ගේ ළෙහි ම සත්පුරුෂ ගුණය පිහිටන්නේ ය. දුකක් පැමිණි කල්හි එ වැනි සත්පුරුෂයෝ ම එවැනි දුකට පිහිට වන්නාහ.

තවද මේ ලෝකයෙහි මාංසයෙන් ප්ර යෝජන ඇති සමහර සත්ත්වු කෙනෙක් යම්දේ ඈතෑ මෑතෑ දිව පැන ආ‍යාස නො ගෙන


300 සද්ධර්මාසලඞකාරය

සැප සේ කැමති පමණක් මස් කපා ගෙන යා හැකි මළා වූ මහත් ඇත්කුණක්1 දුට ද ඒ හැර මාංස පිණිස කුඩා වුවත් දිව පැන ඇවිදිනා නොමළ සාවුන් ම ලුහුබඳවා දිවෙද්ද, එපරිද්දෙන් ම ලෝකවාසීහු නිෂ්ප්රවයෝජන වූ බෝහෝ සත්ත්ව යන් ඇත ද ඔවුන් හැර කෙළෙහි ගුණ දන්නා සත්පුරුෂ වූ උතුම් ගුණ ඇතියවුන් ම සොයා ඇවිදිනාහ. සත්පුරුෂයෝ තමන්ට කරන ලද්දා වූ ඉතා ස්වල්පවූ ද උපකාරයක් වුවත්2 නිරන්තරයෙන් සිහි කොට ඒවූ පරිද්දෙන් පිළිපදනාහ. එසේ හෙයින් දේවයන්වහන්ස, මේ පුරුෂයා විසින් එකල්හි මට කළා වූ උපකාරය සිහි කරන්නා වූ මම සත්පුරුෂධර්මේයෙහි පිහිටියෙමි. එකල්හි මේ පුරුෂයා නිසා ම මම ද මාගේ දරුවෝ ද යන දෙපක්ෂරයම සුවපත් වූම්හ. එසේ හෙයින් අප හැමගේ ජීවිතය පරිත්යායග කොට වී නමුත් මේ පුරුෂයා දැන් මේ දුකින් ගලවා මොහුගේ ජීවිතය රැක දුන මනා ම යයි3 කිව.

එකල්හි රජ්ජුරුවෝ වාසල රකිනා දොරටුපාලයා ගෙන්වා ඔහු අතිනිදු එ පවත් විචාරා ඒ පුරුෂයා ‍ආගන්තුක ව ආ බව නිශ්චය4 දැන ස්ත්රිුයගේ සත්පුරුෂගුණයෙහි පුසන්න ව ඔවුන්5 දෙදෙනාට ම බොහෝ සැපත් දුන්හ. මෙසේ තමන්ගේ ගුණධර්මඔය නිසා රජ්ජුරුවන් ගෙන් ලබන ලද සැපත් ඇති ඔහු දෙදෙන එ තැන් පටන් දානාදී වූ දශවිධකුශලධර්ම්යෙහි යෙදී බොහෝ කුශලසම්භාරයන් රැස් කොට එයින් ගොස් දෙව්ලොවැ ඉපිද අනූන වූ දිව්යාසම්පත් ලදහ.

මෙසේ සතුපුරුෂධර්මයයෙහි පිහිටි යා වූ ස්ත්රීොජනයෝ පවා තමන්ගේ ගුණානුභාවයෙන් අපමණ වූ සම්පත් ලදින් බොහෝ දෙනාගෙන් ප්රීශංසා ලබන්නාහ. එසේ හෙයින් පින්වත් සත්ත්වදයෙනි, පව්ත්රග වූ අදහස් ඇති සත්පුරුෂයන්ගේ ස්වභාවගුණයෙන් යුක්ත වූ මේ චාරිත්රනධර්ම යෙ ඉඳුරා අසා සිතැ තබාගෙන හැම කල්හි සත්පුරුෂධමයෙහි යෙදී වාසය කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“ධම්මේ පතිට්ඨිතමනා අපි මාතුගාමා එවං ලභන්ති විභවං ච සංසනං ච, ධම්මංච සාධුචරිතං මනසී කරොන්තා ධම්මේසු වත්තථ සදා සුවිදජ්ජනාති” යි. මේ මෙහි තුන්යහළුවගැ පස් වන පානියවසතුව ය.

301 බ්‍ාෙහහමණ වර්ගවය මෙ තෙකින් සාධුජනයන්ගේ සිත් පහදවනු පිණිස හෙළුබසින් උපදවන ලද මේ සදධර්මහලඞකාරයෙහි තුන්යහළුවග නම් වූ අට වැනි පරිච්ඡේදය නිමි.

9. පරිචෙඡදය

9. බ්රාෙහ්මණවගීය

26. මරුත්ත බ්රා්හමණවස්තුව

තවද මේ සඬර්මබලඞකාරයෙහි නව වැනි බ්රාාහ්මණවර්ගරය නම් කවරැ යත් ?

එහි පළමු වන මරුත්ත බ්රාෙහමණවස්තුව මෙසේ දතයුතු.

දඹදිවැ චන්ද භාගා නම් ගඟසමීපයෙහි හොම නම් බමුණු ගමෙක් විය. ඒ ගම්හි මරැත්ත නම් වූ එක්තරා බමුණෙක් වාසය කෙරෙයි. එක්කලෙකැ ඒ බමුණු වෙළඳාම පිණිස තක්සලා නුවරට ගොස් නැවැත එ ම හොම නම් බමුණුගමට එනුයේ අගරමඟැ එක් සාලාවෙකැ හොත්තා වූ කුෂඨරෝගයෙකින් පීඩිත වූ බල්ලකු දැක ඔහු කෙරෙහි කරැණා උපදවා ගොනිල්වැලක් ගෙන ඉස්ම මිරිකා ඇඹුල්මෝරු හා මිශු කොට පෙවීය, එකෙණෙහි ඒ සුනඛයාගේ කුෂ්ඨරෝගය මඳක් සංහිදිණ. මෙසේ කුමයෙන් සංහිඳුනාවූ රෝග ඇති සුනඛතෙම පෙරැ සේම නිරෝගි ව පියවි ස්වභාව ඇති ව ඔහු තමහට කළ උපකාරය සලකා බමුණා1 හා එක් ව හොමග්රාඇමයට ගියේ ය.

එයින් මෑතභාගයෙහි බමුණාගේ භාර්යාව2 පිරිපුන් දරුගැබ් ඇති ව වදන අවස්ථාවෙහි දරුවෝ සරසැ හී කුස ඇතුලෙහි ම මළහ. එකලැ මළදරැවන් සැත්කටුයෙන් කඩ කඩ කොට කපා පිටත් කළහ. එකල්හි බමුණු ඒ විප්රකකාරය දැක දදරැ කලකිරුණා වූ සිත් ඇති ව ගිහිගෙය හැර තාපසප්ර ව්රරජාවෙන් පැවැදි ව3 වනාන්තරයෙහි පන්සලෙකැ වසන්නේ ය. එකල්හි ඒ බ්රාකහ්මණයාගේ භාය්ය්ැවැතොමෝ අන් පුරුෂයකු කෙරෙහි වසන්නී මේ මා හැර මහණ වී ය යි කියා බ්රාවහමණතාපසයන් කෙරෙහි වෛර බැඳ තමාගේ වල්ලභයා4 හා සමඟ මන්ත්රාණය කරන්නී, ස්වාමීනි, මේ බ්රා හ්මණතාපසයන් මරාපුව මැනැවැයි කිව. එකලැ ඔවුන් දෙදෙනා‍ගේ ඒ මන්ත්ර‍ණය සුනඛයා අසා දැන බ්රා.හ්මණතාපසයන්ට රකවල්5 පිණිස කැටි ව ම ඇවිදිනේ ය.


302 සද්ධර්මාසලඞකාරය

ඉක්බිති එක් දවැසැක ඒ ස්ත්රිඅය‍ගේ වල්ලභපුරුෂයා අද තාපසයන් මරමි යි දුනු හීතල රැගෙන ගෙන්1 නික්මිණ. එකලැ තාපසයෝ ඵලාඵල සඳහා වලට ගියහ. බලුතෙම වනාහි තාප‍සයන්ගේ ආශ්රැමපදයෙහි ම2 රැඳුනේය. තාපසයන් මරන්ට ගිය පුරුෂයා තාපසයන් ඵලාඵල ‍ගෙන වලින් එන වේලාව ය යි දැන් දැන් විදිමි යි සනිටුහන් කොට තාපසයන් එන පෙරමග බලබලා තුරුඅතරැ සැඟවී උන්නේය.

එකලැ සුනඛයා ඔහුගේ ප්රඋමාදයක් බලා දුන්නෙහි දුනිදිය කපා හැරපී ය. ඒ බව දැක නැවැතත් ඒ පුරුෂයා දුනුදිය පියවි ස්වභාවයෙන් සන්ධිද කොට දුන්න නැඟී ය. සුනඛයා ද එපමණෙකින් නොවැළක දුන්න නැඟුනැඟු සේ ම දුනුදිය කපා හරනේ ය. ඉක්බිති ඒ අධර්මිෂ්ඨ වූ පාපී පුරුෂ තෙම පලාඵල ගෙන වලින් එන්නා වු තාපසයන් දැක මෙවිටැ මා සිටි බව නොදක්වාම ම මොහු විද මරමි යි සිත‍ා දුනුහී ගෙන නික්මුණේ ය. එසේ පවිටු අදහසින් යන්නා වූ ඔහු දැක ළය පිරුණු සෝක ඇති ව පලු දිවගෙන ගොස් ඔහුගේ දෙපය කඩා කා බිමැ හෙළාගෙන3 මුහුණ ද කඩා කා දුර්වොල කොට තාපසයන්ට ඇසෙන සේ පුරබුරා සිටියේ ය. ඒ එසේම ය, උතුම් වූ ගුණ ඇති සත්පුරුෂ සත්ත්වඇයෝ තමන්ට උපකාර කළාවු ජනයන්ට නැවැත තුමූ ද පුත්යුඇපකාර කරන්නාහු ම ය.

මෙසේ කෙළෙහි උපකාර දන්නා වූ ඒ සුනඛයා පවා පළමු ගමහට තාපසයන් කළ උපකාරයට4 පුත්යුාපකාර කරනුයේ තාපසයන් මරන පිණිස ආවා වූ සතුරු පුරුෂයාහට එ පමණ වැසනයක් පමුණුවා තාපසයන්ගේ ජීවිතය රැක දින. අහෙතුක පුතිසන්ධිා ඇති තිරිසන්හු පවා තමන්ට කළ උපකාරය දන්නාහුම ය. එසේ හෙයින් කාරණාකාරණ දන්නා වූ නුවණැති සත්ත්ව්යෝ මෙසේ මේ කාරණය ඉඳුරා සලකා දැන හැමකල්හි ම කෙළෙහි උපකාර දැන ප්රපත්යුාපකාර කිරීමෙන් බොහෝදෙනා මිත්ර් කොට ගෙන ඔවුනොවුන් කෙරෙහි මෙත්සිත් පතුරැවා සමඟ ව විසීමෙන් මිත්රකධර්මනය රක්ෂාෙ කොට උභයලෝකාත්ථීසිඬියට පැමිණෙත්වා

කීයේ මැ නො.

“උපකාර කරොන්තො සො, සුනඛො කතවෙදිකො, සත්තුපඝාතනං කත්වා , ඉසිනොදාසි ජීවිතං තිරච්ඡානාපි ජානන්ති, ගුණමත්තනි කතං සදා, ඉතිඤත්වාාන මෙධාවී, කතඤ්ඤුහොන්තු පාණීනො” යි.



303 බ්රාතහ්මණ වර්ගාය

ඉක්බිති තාපසයෝ ඵලාඵල ගෙන එන්නාහු බල්ලා බුරන ශබ්දය අසා එ තන්හි අවුත් නිරපරාධ වූ තමන් මරමි යි කළ උපක්රබමය නිසා ඕහට වූ විප්ර්කාරය දැක එකෙණෙහි උපන්නා වූ මහත් කරුණාවෙන් ඔහු සෙමෙන් නැඟීසිටුවා දෙඅතින් අල්වා ගෙන තමන් වසන පන්සලට ගෙන ගොස් තවා පලාබෙහෙත් බැඳ කනබොන දෑ දෙමින් උපස්ථාන කොට නොබෝකලෙකින් වණ ගුණ කොට ශරීරයෙහි බල ඉ‍ඳෙන තෙක් පෝෂ්ය කොට ඔහු යවා එම පන්සල්හි වසන්නාහු කිසිනුපිරියම්1 කොට පඤචාභිඥා අෂ්ටසමාපත්ති උපදවා දිවිහිමියෙන් ධ්යා්නසුව විඳ අපරිහීනධ්යා්නයෙන් ගොස් දොළොස්යොදුන් ආත්මභාව ඇති ව බ්රිහ්මලෝකයෙහි උපන්හ.

එසේ හෙයින් පින්වත් සත්ත්‍වයෙනි, මෙසේ එක දවසෙකැ තමහට බෙහෙත් පමණක් දුන්නා වූ තාපසයන් කෙරෙහි ස්නේහ උපදවා ඔවුන්ගේ2 ජීවිතය රැකදීමෙන් සුනඛයා විසින් කරන ලද ප්රනත්යුනපකාරවිශේෂය හා තවද දුනුහී ගෙන තමන් මරනු පිණිස ආවා වූ එබඳු දරුණු සතුරු පුරුෂයා කෙරෙහි තාපසයන් විසින් කරන ලද මෛත්රිත විශේෂය මේ කථාප්රරබන්ධ්යෙන් අසා දැන ඉඳුරා සිතැ තබාගෙන තොප හැමදෙනා විසිනුදු එ පරිද්දෙන් ම සතුරු මිතුරු සියල්ලවුන් කෙරෙහි මනා ව සාධාරණ ව මෛත්රිඑ කිරීමෙන් හා උපකාර කළවුන්ට ප්රෙත්යුාපකාර කිරීමෙන් සියලු ගුණධර්මදයන් පුරා සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලෙහි කැමැති කැමැති සම්පත් සිඬ කරගන්ට උත්සාහ කළ මැනැවි.

දක්වන ලදුයේ මැයි :-

“සුත්වාේන සාධු සුනඛෙන කතූපකාරං මෙකතිං දිසස්ස පකතං ඉසිනා ච සුත්වාත, සම්මා කරොථ කරුණං ච පරූපකාරං තං සබ්බදා භවති වො භවබොගහෙතු” යී.

මෙතෙකින් මෙහි පළමු වන මරැත්තබ්රාෙහ්මණ වස්තුව කියා නිමවන ලදී.

27. සොමබ්රාවහ්මණ වස්තුව

තවද මෙහි දෙවන සොමබ්රාරහ්මණ වස්තුව නම් කවරැයත්?


304 සද්ධර්මාසලඞකාරය

අප මහාගෞතම බුදුන් බුඬකෘත්යතය සිද්ධ කොට නිමවා නිවන්පුර පිරූ පසු දඹදිවැ සැවැත්නුවැරැ සොමබ්රාිහ්මණ ය, මසාමදත්තබ්රායහ්මණ ය යි බමුණෝ දෙදෙනෙක් වූහ. ඔහු දෙදෙන බොහෝ සේ උකස් තබා ඔවුනොවුන් හා සමඟ දූ කෙළ යති. මෙසේ දූ කෙළිනා වූ ඔවුන් දෙදෙනා අතුරෙන් සොමදත්ත නම් බමුණූ එක්දවසෙකැ සොම නම් බමුණු දූ කෙළියෙන් පරදවා ඔහුගේ උතුරුසළුව හා අතැ ලත පේරැස්මුන්ද1 ඇරැගෙන තමාගේ ගෙට යෙමි යි පිටත් ව සොමබ්රා හ්මණයා මුහුණ බලා යහළු, කුමක් පිණිස හිඳු ද2, පලා එව, ගෙට යම්හ යි කී ය. එ වේලෙහි සොමබ්රාතහ්මණයා කියනුයේ, යහළු, මම3 කරැලන උතරුසළුව නැති ව තනිවස්ත්ර ය හැඳගෙන වීථියට බට නො හෙමි. 4 ඒ ඉතා ලජ්ජා ඇතියෙමි. එසේ හෙයින් ගෙට යාමට වඩා මෙ තැනැ ම හිඳීම යහපතැයි කීය.

ඒ වේලෙහි සොමදත්තබ්රාවහ්මණයා එසේ කලැ යහළුව, මේ උතුරුසළුව දී මෙවිට, යහළුව, පලා එව යි කැඳවා එසේ ද ඔහු නොඑන හෙයින් දැන් කුමක් පිණිස නො එවු දැයි විචාළේය. එකලැ ‍ සොමබ්රාදහ්මණයා කියනුයේ එම්බා යහළුව, සැබැවින් මම ගෙට ගියෙමි වී නම් තෙල5 පේරැස්මුන්ද1 මෙ‍ ෙතක් දවස් මා ඇඟිල්ලෙහි ම තිබුණ6 හෙයින් මාගේ පුත්ර්දාරාවෝ ඒ අද නුදුටුවිටැ නුඹ අතැ ලන පේරැස්මුන්ද1 කොයි දැයි විචාරති. එවිටැ මා අනිකක්7 කිය නොහැක්ක. දූකෙළ පැරැද පේරැස්මුන්ද1 උකස් කොට දුන් බව ඇති සැටියේ නොවළහා ම කිව මැනැව. එ බස් ඇසූවිටැ මාගේ පුත්ර දාරාවෝ යහපත, නොපිළිවන් දූකෙළියක් කෙළ අතැ ලන පේරැස්මුන්ද1 පවා දීපියා තව ලජ්ජාවක් නැති ව ගෙගට ආනියා දැයි කියා මා හා සමඟ කලහ කෙරෙති. එසේ හෙයින් ගෙට යන්ට මැලියෙමි යි කීහ.

එ තෙපුල් අසා සොමදත්තබ්රාාහ්මණයා එසේ වී නම් යහළු, තොපට පිළිවන් දවසෙකැ දී පියව යි කියා පෙරැස්මුන්ද1 දා ඕහට ම දී මෙවිටැ වික්ෂේප නොව පලා එව යි කියා මසාමබ්රා හ්මණයා කැඳවා ගෙන ගෙට ගි‍යේය. මෙ පමණ උපකාරයක් සඳහා එ තැන් පටන් ඔහු දෙදෙනා ම ඔවුනොවුන් ජීවිතය සමාන මිත්රියෝ ව8 වසන්නාහ. මෙසේ ඔවුන් දෙදෙනා මිත්රවව වසන සමයෙහි එක් දවසෙකැ රාජපුරුෂයෝ සොමදත්ත නම් බ්රාිහ්මණයා පරදාරයෙහි හසු කොට අල්වාගෙන මතු පරදාර



         305

බ්රා හ්මණ වගර්ය

යෙහි සන්තෝෂයට රිසි යන පරිද්දෙන් අතින් පයන් තළා මරා දුර්වපල කොට පිටිතොල හයා බැඳ රකවලින් ගෙනවුත් රජ්ජුරුවන්ට දැක්වූහ.

එකල්හි1 රජ්ජුරුවෝ ස්වර්ණරපුතිබිම්බයක් බඳු වූ ඔහුගේ රූපසම්පත්තිය දැක ප්රරසන්න වූවාහූ අන්කිසි රාජාඥාවක් නො කොට සි2 එම්බල, මෙ තැන් පටන් මතු මෙ වැන්නක් කෙළහි නම් දන්නනෙම් වේ දැයි කියා3 බසින් භය ගන්වා අවවාද කොට අරවාපීහ. නැවැත ද එපරිද්දෙන් වරින් වරැ පරදාරයෙහි හසු කොට අල්වාගෙන ගොස් තුන්වාරයෙකැ ම අවවාද කොට හැර සතර වන වාරයෙහි උදහස් ව; කොල, මොහු සොරුන් මරන තෙනට ගෙන ගොස් මරව යි නියෝග කළහ. අකුශල ක්රි්යාවෙහි යෙදුණා වූ සත්ත්වියන්4 නොයෙක් පරිද්දෙන් අවවාද කොට ද වැළකිය නොහැකි බව මෙයින් ම දත යුත්තේ ය5 හේ එසේ මැයි.

මේ ලෝකයෙහි ඇත්කුණු මිනීකුණු ගවකුණු අසුචි ආදි වූ අපවිත්රෙයෙහි ඇලුණා වූ සිත් ඇති බල්ලෝ ය, කැණහිල්ලු ය, කපුටුවෝ ය, නිලමැස්සෝ ය යන මොහු කෙසේ වැළකුවත් යම් සේ නෙවළක්නාහු ය, එපරිද්දෙන් ම ප්රාහණවධ කිරීම ය, පරදාරයෙහි යෙදීම ය, රා පීම ය, බොරු කීම ය, සොරකම් කිරීම ය යන මෙකී පාපයන්හි ඇලුණා වූ සිත් ඇති සත්ත්වදයෝ ද එයින් වැළකීය නො හැක්කාහු ම ය. එසේ හෙයින් කියන ලදී :-

“සොණා වෙච සිගාලා ච, වායසා නිලමක්ඛිකා, ඉච්චෝත කුණපෙ සතත්, න යක්කා තෙ නිසෙධිතුං, තථා පානාතිපාතෙසු, පරදාරෙ සුරාය ච, මුසාවාදෙසු ථෙය්යෙ සු, සත්තසත්තා න චාරියා, “ යි.

එසේ හෙයින් ම රජහු6 විසින් නොයෙක් වාරයෙහි වැළැකුව ද ඒ බ්රාහහ්මණතෙම පරදාරක්රිියාවෙන් නොවැළැක්කේ ම ය. ඉක්බිති රාජපුරුෂයෝ සොමදත්තයන් පිටිතොල හයා බැඳ මරන්නට ගෙන නික්මුණාහ. එකලැ සොමබ්රාාහ්මණතෙම එපරිද්දෙන් සොමදතත්යන් මරන්ට ගෙන යන්නා දැක ඉතා ළය පිරුණු සෝක ඇති ව රාජපුරුෂයන් සමෟපයට ගොස් එම්බා පින්වත්නි, දැන් මා ගොස් රජ්ජුරුවන් වහන්සේ දැක එන තෙක් මේ සොමදත්තයන් මොහොතක් කල් නො මරව යි කියා රජ්ජුරුවන් සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිට දේවයන් වහන්ස, සොමදත්තයන් කළ වරදට මාගේ ජීවිතය



306 සද්ධර්මාසලඞකාරය

දෙමි. ඔහු හැරැපුව මැනව. ඉදින් උන් මරනු කැමැතිසේක් වී නම් මා මැරුව මැනැවැ යි කීය. සෝමදත්තයන් වරින් වරැ කළ වැරැදි බොහෝ හෙයින් එ බසට රජ්ජුරුවෝ මුවෙන් නො බිණුහ.

එකලැ රජ්ජුරුවන් අභිප්රා ය දැන රාජපුරුෂයෝ අපරාධ කළ සෝමදත්තයන් හැර සෝමබ්රාාහ්මණයා ආඝාතනභූමියට ගෙන ගොස් මරාපීහ. අහෝ! කෙළෙහි උපකාර දන්නා සත්පුරුෂයන්ගේ කෘතෙපකාර දැක්ම ඉතා අශචර්ය මැයි. හේ එසේ මය. පළමු තමහට කළ උපකාරයට ප්ර්ත්යුමපකාර සඳහා සොමදත්ත නම් ප්රාපහ්මණයාහට තමාගේ ජීවිතය දුන්නා වූ මේ සොම නම් බ්රාැහ්මණයා මෙන් තමහට කළ උපකාර සිහි කරන්නා වූ කෙළෙහි ගුණ දන්නා වූ උත්තමමනුෂ්යායෝ තමන් දිවි පුදා වී නමුත් උපකාර කළවුන් රක්ෂාූ කරන්නා‍හු මය. කියන ලදුයේ මැයි.

“කතූපකාරමත්තානං, සරන්තා කෙවි මානුසා, ජීවිතං දෙන්ති සොමොව, සොමදත්තස්ස අත්තනො” - යි.

මෙසේ ඒ සෝම නම් බ්‍ාා හ්මණයා එ දවස් තමාගේ ජීවිතය දී එම කුශලයෙන් දිව්ය ලෝකයෙහි ඉපද දොළොස්යොදුන් රන් විමනෙකැ දෙවිදූන් දහසක් පිරිවරා දිවසැපත් අනුභව කෙරෙමින් වාසය කෙරෙයි. එකලැ සොමදත්ත නම් බ්රාපහ්මණතෙම මාගේ යහළු වූ සෝමබ්රාඑහ්මණයා මරණයට පැමිණියා වූ1 මා ගලවා සුවපත් කොට තෙමේ මා නිසා ම ජීවිතය දිනැයි එසේ සොමබ්රා්හ්මණයා කෙරෙහි ස්නෙහයෙන් ඕහට පින් පිණිස දන් දී පින්පෙත් දින. එකෙණෙහි ආදිකොට ම තමා උදෙසා පින් පෙත් දෙති2 යි යන පූර්වගභොග3 ඇති හෙයින් දෝ හෝ දෙවිලොවැ උපන්නා වූ ඕහට පළමු ‍ලද සම්පතට වඩා මහත් වූ දිව්යා ඓශ්චර්ය හා දිවයානුභාව පහළ විය.

ඉක්බිත් ඒ සොමදිව්ය පුත්ර තෙම තමාගේ මහත් වූ දිව්‍‍ෙඓශ්චර්ය දැක කවර කුශලයෙකින් මෙබඳු දිව්යුඓශ්චර්යක් ලදිම් දෝ හෝ යි පරීක්ෂා කරනුයේ එකලැ යහළුවා පිණිස තමා දිවි දුන් කුශලයෙන් ලද්දා වූ දිව්යේසම්පත් බව දැන එම ඇසිල්ලෙහි තමාගේ දිවරන්කඳක් වූ4 තුන්ගව් උස දිව්යාලත්මභාවය හැර ළදරැ මාණවකවේශයක් මවාගෙන සොමදත්තබ්රා හ්මණයා සමීපයට ගියේ ය. එ වේලෙහි සොමදත්ත නම් බ්රාතහ්මණතෙම ඔහුගේ රූපශ්රීේය5 හා බුහුටිභාවය දැක පූර්ව හේතු


බ්රාතහ්මණ වගීය 307

බලයෙන් උපන්නා වූ බලවත් සන්තෝෂ ඇති ව කියනුයේ යහළු, තොප දුටුවේලෙහි පටන් මා සිතට වූ සන්තෝෂය මෙ තැකැයි පමණ නැත. තෙපි ඉතා ඉහපත් කෙනෙකුව.1 තොප සේ වූ කෙනෙකුන් මීට පූර්වතයෙහි2 නො දිටිමි. ඉතා ම තෙපි සෝභමාන ය. තෙපි කාගේ දරුකෙනෙක් ද? කොයි සිට අවු දැයි විචාළේ ය.

එ බසට සොම දිව්යිපුත්ර තෙම කියනුයේ යහළු, මම අනිකෙක් නො වෙමි. පළමු තොපගේ මිත්ර‍ වූ සොමබ්රාුහ්මණයා ‍නම් මම ය. එ දවසැ තොප නිසා ජීවිතය දී මිතධ්රතර්ම‍ය රක්ෂාබ කළා වූ කුශලයෙන් දෙව්ලොවැ මහත් වූ රන් විමනෙකැ උපන්මි. දහස් ගණන් දෙවඟනන් ලදිමි. මාගේ විමනැ3 ඒ ඒ තන්හි රඟ මඬුලු බැඳ නටන ගී කියන බෙර ගසන වෙණ වයන4 නළුනාටකයෝ මෙ තෙකැයි පමණ නො දන්මි5 යනාදීන් මෙසේ තමා ලද්දා වූ දිව්යෙසම්පත්තිය ප්රෙකාශ කිරීම් වසයෙන් තමා දෙව්ලො‍වැ උපන්බව හඟවා ප්රකස්තාවට සුදුසු වූ සිහි කටයුතු වූ පිළිසඳර කථා කොට ඒ සෝමදත්ත නම් වූ බමුණු කැඳවාගෙන තමාගේ ආනුභාවයෙන් දෙව්ලොවට ගොස් යහළු, තොප කැමති පරිද්දෙන් පඤචකාම සැප අනුභව කරව යි කියා සත්දවසක් මුළුල්ලෙහි මහත් වූ දිව්ය සම්පත් අනුභව කරවා අට වැනි දවස් කැඳවාගෙන අවුත් මිනිස්ලොවැ ඔහුගේ ගෙය ම ඇර සිටුවා ගියේ ය.

මෙසේ එ ම ආත්මභාවයෙහි ම දෙව්ලොවැ දිව්ය සම්පත් අනුභව කොට ආ හෙයින් මනුෂ්යිසම්පත්තිය ඔහට ඉතා පිළිකුල් ව වැටහෙයි. ඒ එසේම ය. දෙවඟනන් දුටු ඇසට මනුෂයස්ත්රීිහු ප්රේ තලෝකයෙහි උපන් ප්රේ තියන් සේ ද ජරාපත් වැඳිරිමැහැල්ලන් සේ ද පිළිකුල් ව වැටහෙති. සෙසු දරැ මුනුබුරු ආදීහු නරකයෙහි තිරිසතුන් මෙන් වැටහෙති, සියලු මනුෂ්යරසම්පත්තිය ම සියගණන් මිනීකුණ‍පයෙන් ගැවසීගත්තා වූ අමුසෙහොනක් සේ පිළිකුල් ව වැටහෙයි; ඉක්බිත් ඒ සමදත්ත නම් බ්රාෙහ්මණයා තමා විසින් අනුභූත වූ දිව්යබසස්පත්තිය ම සිත සිතා වසනුයේ දවසින් දවැස සියලැග නහර ඉපිළ නැඟී පඬුවන් ශරීර ඇති ව ඉතා දුර්වපල විය. මෙසේ කල්යාමක් ගිය කල්හි එක් දවැසෙකැ සොමදිව්යමපුත්රයයා මාගේ යහළු වූ සොමදත්ත බ්රාහහ්මණයා කෙසේ වෙසේ දෝ හෝ යි මිනිස්ලොව බලනුයේ දිව්යතසම්පත්තියෙහි ලොභ අපදවා දුඃඛජීවිකාවෙන් දරිද්ර ව වසන්නා වූ ඔහු දැක මනුෂ්යප ව සිට ස්වල්ප වූ පින් ඇති සත්ත්ව යන්


308 සද්ධර්මාසලඞකාරය

සත් විසින් දිවසැපත් අනුභව කිරීම නොපිළිවනැයි සිතා කැමති කැමැති වස්තු සිද්ධ කොට දෙන1 මහානුභාවසම්පන්න වූ චින්ත්යාකමාණික්යයයක් ඕහට දී තමාගේ ආනුභාවයෙන් ඔහුගේ භාර්යාව ද රූපසම්පන්ත කරවා දිව්යා භරණයෙන් සරහා මනුෂ්ය් ස්ත්රී්භාවය හැර දිව්යයස්ත්රීටභාවයට2  පැමිණියා සේ ප්රරභා විහිදුනා3 ශරීරවර්ණර ඇති කොට4 මහත් වූ ඓශ්චර්යෙහි පිහිටු වීය. 

එ තැන් පටන් ඔහු දෙමහල්ලෝ ඉහාත්මභාවයෙහි ම දිව්යරසම්පත් ප්රැත්යදක්ෂතයෙන් ම දුටු හෙයින් එ ම දිවසැපත් පතපතා දන් දී සිල් රැක ආයුකෙළවරැ එයින් ගොස් දෙව්ලොවැ තමන්ගේ මිත්රම වූ ඒ දිව්යපපුත්රසයා සමීපයෙහි උපන්හ. මෙසේ තමන්ට කරන ලද ඉතා ස්වල්ප වූ උපකාරය පිණිස යවා සන්තුෂ්ට ව මිත්රොභාවයට පැමිණියා වූ සත්පුරුෂයෝ එම මිත්ර යන් නිසා ම තමන් ගේ ජීවිතය පවා දිපියන්නාහ. එසේ හෙයින් පින්තවත් සත්ත්ව්යෙනි, මිත්රපද්රෝ හී නොව සියල්ලවුන්ට ප්රරත්යුිපකාරී ව බුඞප්රතත්යෙනකබුඬ අර්ඨිශ්රා්වකාදී වු සාධජනයන් විසින් ප්ර්ශංසා කටයුතුබවට පැමිණෙනු සඳහා ම උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“මන්දයන නන්දි-තමනා උපකාරකෙන පානමපි දෙන්ති සුජානා ඉති චින්තයිත්වාන, මිත්තදදු මා භවථ හො උපකාරස්ස පාසංසියා භවථ සාදුජනෙහි නිචචං” යි.

මෙතෙකින් ‍මෙහි දෙවන සොමබ්රා්හ්මණ වස්තුව කියා නිමන ලදී.

28. මොරියබ්රාචහ්මණවස්තුව

තවද මෙහි තුන් වන මොරියබ්රාචහ්මණවස්තුව නම් කවරැ යත්?

මේ එහි පිළිවෙළ කථාව ය. 5 අප මහා ගෞතම බුදුන් පිරිනීවී පසු මගධදේශයෙහි මවල නම් වූ මහත් ගමෙක් විය. එහි මොරිය නම් බ්රාූහ්මණයෙක් වෙසෙයි. ඒ තෙමේ ශ්ර්ඬාසම්පන්න ය. තුනුරැවන් කෙරෙහි ඉතා ප්රරසන්න ය. ඔහුගේ සෙනනා නම් වූ භාය්ය්ඬාසවා ද

බ්රාවහ්මණ වර්ගයය 309

සැදැහැ ඇත්තී ය. තුනුරැවන් කෙරෙහි පහන් ව වෙසෙයි. ඔහු දෙමහල්ලෝ එ ඔවුනොවුන් කෙරෙහි පෙම් සහිත ව සමඟිව වසන්නාහු භික්ෂුලසඞඝයාවහන්සේට ආරාධනා කොට නිරන්තරයෙන්් දන් දෙමින් විචාරාදිවචතුර්විධප්රහතයනේ උපස්ථාන කෙරෙමින් දවසැ දවැසැ පන්සිල් රකිමින් පො‍ෙහායැ පෙහෙවස් ‍ෙවසෙමින් මෙසේ හැමදවස් ම කුසල් කිරීමෙන් දවස් යවති. ඉත්බිති ඔවුන්ගේ ‍ගෙයි සියලු සම්පත්තිය ම බොහෝ සේ දන් දීමෙන් නිමාවට ගියේ ය.1 එකලැ ඒ බැමැණීතෙ‍ාමෝ බමුණාණන් බණවා ස්වාමීනි, අපගේ ගෙයි සියලු වස්තුවම පිරිහිණ. එසේ හෙයින් දැන් කෙසේ දන් දෙමෝ දැයි කිව. එකලැ බ්රාවහ්මණ තෙම එම්බා2 සොඳුර, වස්තුව නැතැයි නො සිතව. යම් කිසි උපායෙකින් දානය නො පිරිහෙළා පැවැත්වුව මැනැවැයි කියා දානාදී වූ ඒ කුශලධර්මපයෙහිම තමා උත්සාහසහිත ව දවස් යවන බව ප්රකකාශ කොට දක්වාන්නා වූ බ්රාාහ්මණතෙම -

“ජානමානොහි ලොකස්මිං. දානස්සේදං ඵලං ඉති, න දජ්ජා නො සුසීලෙසු, අප්පමපි දිවසම්පති.

සග්ගලොකනිදානාති, දානාති මතිමා ඉධ, කො හි නාම ‍නරො ලොකෙ, න දදෙය්ය, හිතෙ රතො”.

යනාදීන් දන් දීමෙහි විපාක මෙ පරිද්දෙන් වන්නේ ය යි කියා විශේෂයෙන් දානඵලවිභාග දන්නා වූ මේ ලොවැ කවර නම් මනුෂ්යියෙක් සිල්වතුන් වහන්සේට දවස් පතා ස්වල්පමාත්රකව වුවත් දානයක් නොදෙන්නේ ද, ඒකාන්තයෙන් දෙන්නේ මය. සියලු ස්වර්ගනමෝක්ෂදසම්පත්තිය සිඬ කොට දීමට ඒකාන්තකාරණ වූ දානය මේ ලෝකයෙහි නුවණැත්තා වූ තමහට වැඩ කැමති කවර නම් මනුෂ්යායෙක් නොදෙන්නේ දැයි මෙසේ දානයට ප්රඩශංසා කොට කියා එම්බා සොඳුර, වලට වැද අනෙකප්රෙකාර වූ පත්රරජාතීන් එා ඵලජාතීන් පැස් පුරා ගෙනවුත් විකොට වි නමුත් දන් නොකඩ කොට දෙම්හ යි කියා එ තැන් පටන් වලට ගොස් පලාකොල හා නොයෙක් ඵලාඵල ගෙනවුත් විකොට එයින් ලුණු මිරිස් තෙල් සහල් ආ‍දී වු දානොපකරණ සලයා ගෙන දන් දෙමින් වාසය කෙරෙයි.

ඉක්බිති එක් දවසෙකැ වලට වන්නා වු බ්රානහ්මණතෙම අඹ දඹ වැල වරකා ආදී වු ඵලාපල හා පලාකොළ ආදියෙන් පැස පුරා3 හිසැ තබාගෙන ගෙට එනුයේ නොයෙක් ඵල පල්ලවකුසුමයෙන්4 සශ්රී ක ව ඵලහාරයෙන් නැමුණා වූ අතුපතර ඇති නෙයෙක් වාක්ෂ්සමූහයෙන් ගැවසිගත්තා වූ ද එසේ ම නොයෙක් මිහිරි


310 සද්ධර්මාසලඞකාරය

ඵලරස අනුභව කිරීමෙන් සන්තුෂ්ට වූ අනේකප්ර කාර පක්ෂිත සමූහයන් හා සිවුපා ජාතීන් විස්න් භජනය කරන ලද ඒ ඒ තන්හි විසිර තිබෙන්නා වූ අපමණ මල්පෙත්තෙන් හා මල් රොනින් ගැවැසීගත්තා වූ සුදු වැලිතලා ඇති හැලි ගසා දිවන සිහිල් වූ නර්මැල ජලප්රදවාහයන් ඇති මඩබොර නැති ව සම ව තිබෙන්නා වූ මනහර තොටින් සිත්කලුවූ සොඳුරැ කඳරැලියක් දැක පැස තබා කඳුරැළියට බැස නහන්නට පටන් ගත්තේ ය. එකලැ එ තන්හි ගසෙකැ වසන දිව්යැපුත්රගයෙක් නහන්නට බටුවා වූ ඔහු දැක කිමෙක් දෝ හෝ, මේ තෙම කල්යායණාඞශය ඇති උතතමපුරුෂයෙක් දෝ හෝ නොහොත් පාපාඬ්යායශය ඇති අසත්පුරුෂයෙක් ‍දෝ හෝ යි දිවසින් පරීක්ෂා කරනු‍යේ මේ තෙම ඉතා අශචය්ය්පුර පුරුෂයෙක, මෙසේ ඉතා දුඃඛිත ව පවා තමා‍ෙග් දානධර්මතය උපචෙඡද වේ දෝ හෝ යි යන බයින් වනාන්තරයට වැද පලාකොල හා ‍නොයෙක් ඵලාඵල ගෙනවුත් ඉතා කාපණව පවා මහත් දැකින් තමාගේ ජීවිකාවෘත්තියත් පවත්වනුයේ දානධර්මතයත්1 අත් නොහරනේ යයි දැන ඔහුගේ ගුණයෙහි පැහැද පැසෙහි තුබූ පලාකොළ හා ඵලාඵල ආදී වු සියල්ල ම රත්රන් වේව යි අධිෂ්ඨාන කෙළේ ය. එකලැ ඔහුගේ ආනුභාවයෙන් ඒ සියල්ල රත්රන් විය.

ඉක්බිති ඒ දිව්යයපුත්රතතෙම රත්රන් පිරුණා වූ පැසමත්තෙහි කැමති වූ සියලු වස්තු දෙන මාහැඟි වු මහත් මාතණික්යුරත්නයක් තාබා අන්තර්ධා නව නො පෙනී සිටියේ ය. ඉක්බිති බ්රායහ්මණතෙම කඳුරැලිටයන් ඉස සෝදා නහා ගොඩැ නැඟී පැසෙහි පිරුණා වූ රන්වන්රැසින් භින්නවර්ණ‍ ව බබළන්නා වු මාණික්යීරත්නය දැක මේ කිමෙක් දෝන හෝ යි අශචය්ය්න වත් ව සැක සිතමින් පැස සමිපයට ගොස් භයින් අත දික්කළ නො හී සිටියේ ය. ඒ දැක දිව්යසපුත්රප තෙම දෘශ්ය මාන රූපයෙන් සිට එම්බල බ්රාිහ්මණය, තෝ භය නො සිතා ඇරැගෙන2 යා යි කීය. ඉක්බිති බ්රාබහ්මණ තෙම දිව්ය පුත්රපයා කි වචනය අසා මේ දිව්ය‍පුත්ර තෙම තෙල මේ වස්තුව මා විසන් නිර්මිත කරන ලද්දේ ය. සැක නො සිතා ඇරැගෙන යා යී කියයි. කිමෙක් දෝ හෝ ‍යි මේ තෙම තමාගේ ආනුභාවයෙන් මේ වස්තුව දේ දෝ හෝ නොහොත් මා විසින් කරන ලද කුශලකර්මුයක් නිසා මේ සම්පත් දෝ දෝ හෝ ; ඒ කාරණය ඔහු අතින් ම විචාරමි යි සිතා දොහොත් මුඳුනෙහි තබා අඤජලිප්ර ණාම කොට දිව්යචපුත්රායා අතින් විචාරනුයේ :-



බ්රානහ්මණ වගීය 311

“පුච්ඡාමි පඤ්ජලිදානි, දෙවපුත්තං මහිඞිකං, දදාසි මෙ සුවණ්ණං ච, කාමදං මණිමුත්තමං.”

යනාදීන් එම්බා මහත් වූ ආනුභාව ඇති දිව්යමපුත්රායාණෙනි, තොපට නමස්කාර කොට දැන් මා සිතට උපන් සැකයක් තොප අතින් විචාරමි. ‍ෙතපි දැන් මෙබඳු රත්රන් රාසියක් හා කැමැති කැමැති වස්තු සිඬ කොට දෙන්නා වූ මෙ වැනි උතුම් වූ චින්තාමාණික්යැ රත්නයකුදු දුන්නව. එතෙකුදු වුවත් තෙපි මාගේ නෑසිය කෙනෙකුදු නො වෙති,1 මිත්රනයාණ කෙනෙකුන් නො වෙති1. පළමු මාගෙන් කිසි උපකාරයක් විඳ සිට අඳුනන කෙනෙකුන් නොවෙති.1 මාගෙන් කවර ප්රසයෝජනයක් සලකා කුමක් පිණිස මේ දනරාසිය මට දෙවු ද? මා විසින් ජාතියෙහි රක්නා ලද යම්කිසි තපසක් නිසා දෙටු ද? නොහොත් මාගේ ශිලාචාරගුණයක් සලකා දෙවු ද? එසේ නැත මා විසින් පුරන ලද අන් කිසි2 සුචරිතධර්මුයක් නිසා දෙටු ද? නොහොත් පූර්වෙජන්මයෙහි මා විසින් කරන ලද කුශලයක් නිසා දෙවු ද? ඒ නැත තොපගේ දිව්යා‍නුභාවයෙන් දෙටු ද? ඒ කාරණය නො වළහා ඉඳුරා කියව යි කිය. ඉක්බිති ඒ දිව්යුපුත්ර යා කියනුයේ එම්බල බ්රානහ්මණය, මම දේවතා වී නමුත් කුසල් නැත්තවුන්ට කිසිවක් දිය නො හෙමි. මේ සම්පත් සියල්ල ම තා විසින් පූර්වනජන්මයෙහි කරන ලද්දා වූ කුශළභාවයෙන් උපදනේ යයි කියා තමන්ගේ දිවසින් ඔහු පූර්වහභාවයෙන් කළ කුශලභාවයෙන් උපදනේ යය කියා තමන්ගේ දිවසින් ඔහු පූර්වා ජාතියෙහි කළ කුශලය දැක ඕහට ප්ර කාශ කොට දක්වනුයේ :-

“කස්සපෙ ලෝකපජ්ජොතෙ, සමබුදෙධ පරිනිබ්බු‍ෙත, සබ්බත්ථස පත්ථංය ආසි, තස්ස ධීරස්ස සාසනං.”

යනාදින් එම්බල බ්රාපහ්මණය, ‍මෙ කපැ තුන් වන අනතඃ කල්පයෙහි ‍‍ෙලාවුතුරා බුදු ව විසිරියන්බුදුබඳින් තුන්ලොව බබුළුවා විසිදහසක් හවුරුදු ආසිර වලඳා‍ වැඩසිටි කාශ්ය්ප නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවිකල්හි ඔබගේ ශාසලනය මුළුදඹදිව්තලෙයහි හැම තන්හි ම පැතිර පවතින්ට වන. එකල්හි තෙපි එක්තරා පිටිසරගමෙකැ නාමගොත්රමයෙන් අප්රාසිඬ වු කුලගෙයෙකැ ඉපද වැඩිවිය පැමිණ තුනුරුවන් කෙරෙහි පැහැද ශ්රගඬාසම්පන්න ව කුසල් කිරීමෙහි ඇලුම් ඇති ව ශක්ති පමණින් දන් දෙමින් වාසය කළහු ය.3 එසමයෙහි අතරමඟැ වඩනා එක් භික්ෂු කෙනෙකුන් වහන්සේගේ පා සිවුරු


312 සද්ධර්මාසලඞකාරය

ආදිය සොරුන් පැහැර ගත් හෙයින් කොළ අතු ‍ගොතා‍ හැඳ එපරිද්දෙන් ම කොළ අතු ගොතා පෙරව ඒ ඒ තන්හි දමන ලද කඩරෙදි සොයමින් ඇතුළුගමට වන්සේක.

එකල්හි එපරිද්දෙන්1 කඩරෙදි සොයා ඇවිදුනා2 උන්වහන්සේ3 දැක කම්පිත වූ සිත් ඇතිව දානඵල‍විශෙශය සලකා උන්වහන්සේට පිළිසහලක් දන් දී ශුඬ වූ ශ්රිඬාවෙන් සාල්නැළියක් පමණෙකින් පිසන ලද සූපව්ය ඤජනසහිත වූ ආහාරයක් වඝඳවා වැළැඳූ ඉක්බිති පසඟ පිහිටුවා වැඳ ඒ භික්ෂූයන්වහන්සේට පසුගමන් කොට නික්මවා එකල්හි තෙපි මෙසේ බොහෝ පින් රැස් කළහු ය. මේ තොපගේ පූර්වකචරිත ය. තොප විස්න කරන ලද ඒ කුශලකර්ම්යාගේ අමුඡ්යමවිපාකය දැන් මෙසේ විපකා දෙන්ට පටන් ගතැයි කියා මෙසේ ද කීය. ඉක්බිති එම්බල බ්රානහ්මණය, මේ ධනරාසිය සොරුන් සතුරන් රජදරුවන් විසින් නොගන්නා පරිද්දෙන් මා විසින් අධිෂ්ඨාන කරන ලද. තෝ දැන් කිසි සැකයක් නො සිතා ගෙන ගොස් තබාගෙන කැමති යම් ම දනක්4 පිනක් කොට ගනුව. 5 තෙල මාණික්යකරත්නය වනාහි කමැති කැමැති යම් ම දෙයක් සාදා දෙයි. ඒ මාණික්යකරත්නයාගේ ආනුභාවයෙන් තා දෙන්නා වූ දානය නොකඩ කොට පවත්වා දැහැමින් සෙමෙන් පුත්රුදාරයන්6 රක්ෂාො කොට ගනැයි කියා අවවාද කොට යවී ය. 7 එ තෙපුල් අසා බ්රාාහ්මණයෝ දිව්යබපුත්රයයා කී පරිද්දෙන් ම සඞඝයා වහන්සේට මහදන් දෙමින් නිරන්තරයෙන් පන්සිල් රැක පොහොයැ පෙහෙවස් රැක බොහෝ කාලයක් වාසය කොට මෑතභාගයෙහි එයින් මිය සියලු පඤචකාමසම්පත්තියෙන් සමෘඞ වූ දිව්යහලෝකයෙහි උපන්හ.

මෙසේ දන් දීමෙන් සියල්රස සම්පතිත්ය ම නිමාවට ගිය කල්හි පවා ශ්රේඬ‍ ාවත් සත්පුරුෂයෝ තමන්ගේ දානපරම්පරාවෝ7 අත් නො හරනාහු මය. එසේ හෙයින් පින්වත් සතත්වෂයෙනි, දියයුතු දානවස්තුව ඇති ව සුවපත් අවස්ථාවෙහි දන්පින් නො කෙ‍ාට ප්රනමාද ව විසීම කාරාණ නොවන්නේ ය. එබැවින් තමතමා ශක්තිපමණින් පිළිවන් කුසල්9 කොට දිව්යන මනුෂ්යඑසම්පත් විඳ නිවන්සම්පත්10 විඳින්ට උත්සාහ කළ මැනැවි.




බ්රායහ්මණ වර්ගවය 313

කියන ලදුයේ මැයි :-

“එවං නිහිනා පි ධනෙන සත්තො දානත්වංයං නෙව පරිච්චජන්ති, තස්මා හි හොන්තො යති දෙය්යචධම්මේ මාකත්ථහ දානෙසු පමාදභාවං” යි.

මෙතෙකින් මෙහි තුන් වන මොරියබ්රාමහ්මණවස්තුව කියා නිමවන ලදි.


29. දුගගතවස්තුව තවද මෙහි සතර වන දුගගතවස්තුව නම් කවරැ යත්?

අප බුදුන් ඇවෑමෙහි බරණැසුනුවරැ වසන එක්තරා දිළිඳු මිනිසෙක් අනුන්ගේ ගෙයකැ බැළමෙහෙ කොට ජීවත් වෙයි. එස‍මයෙහි නුවරවැසි මනුෂ්යේයෝ බොහෝදෙන එක් ව ඒ ඒ තන්හි මණ්ඩප ආදිය කරවා මහදන් දෙති. ඔවුන් දැක එක් දවසෙකැ ඒ දිළිඳු මනුෂ්යරයා සිතනුයේ මම පෙරැ පින් නොකළ හෙයින් දැන් අනුන්නගේ ගෙහි බැළ‍මෙහෙ කොට දුකසේ ජීවත් වෙමි. ඇඳගන්නා පිළී පමණෙකුත් නැත. ගෙයක් දොරක් නැති හෙයින් සෙසු සැපත් කැලම නැත. වැදහෝනා තැනක් පවා දුකසේ ලැබෙමි.1 දැන් මේ බු‍ඬෝත්පාදකාල ය. තුනුරුවන් ලොවැ පවත්නේ ය. මේ සියලු මනුෂ්ය යෝ ම දන්පින්2 කොට තමන් දෙව්ලොවැ යන්ට මං සරහති. එසේ හෙයින් මමත් දැන් දනක් දි පිනක් කොට ගතිම් නම්3 යහපත් මය. එසේ දන් පිනක් කොට ගතිම් නම් මතු මට සසරැ බොහෝ සැපත් විඳීමට හේතු වන්නේ මය. එදස් ද වී නමුත් මාගේ ගෙයි4 යටත් පිරිසෙයින් එක් සාල්නැළියක් පමණකුත් නැත. 5 එසේ හෙයින් උත්සායහක් නො කොට දනක් දීගත නොහැක්ක, අනුන්ට බැළමෙහෙ කොට වී නමුත් කිසියම් උපදේශයකින් දානොපකරණයක් සපයා ගෙන දන් දෙමි යි සිතා එ තැන් පටන් බැළමේ8 සොයා ඇවිද ඒ ඒ තන්හි මෙහෙවර කොට ලද්දා වූ සාල් ආදී වූ උපකරණ හා එසේ ස සිඟා සොයා ලද්දා වූ උඳු මුං කල කලත් ආදිය ද එකතැන් ‍කොට තබා මිනිසුන් සමාදන් කරවාගෙන නුවර මැදැ මණ්ඩපයක් කරවා‍ නොයෙක් වනකුසුමයෙන් ඒ මණ්ඩපය අලංකාර කොට සරහා සඞඝයා

314 සද්ධර්මාසලඞකාරය

වහන්සේට ආරාධනා කොට කැඳවාගෙන අවුත් සරහන ලද මණ්ඩපයෙහි වඩාහිඳුවා හැමදෙනාවහන්සේට පැන් නුමුසු කිරිබත් පිළීයෙළ කරවා වැළඳවී ය.

ඉක්බිති ඒ දිළිඳු මනුෂ්යටයා මරණාසන්නයෙහි තමා විසින් දෙන ලද ඒ දානය සිහි කොට එම කුශලබලයෙන් නිදා පිබිදියාක්හු මෙන් තව්තිසාදෙව්ලොවැ උපන. ඒ දෙව්ලොවැ ඔහු විසින් කරන ලද කුශලකර්මෙයට සුදුසු පරිද්දෙන් මහත් වූ රන්විමනෙක් පහළ විය. හාත්පසින් තුන්ගව්පමණ තන්හි දේවතාවෝ නෙයෙක් හෙරිතූර්යනභාණ්ඩ ගෙන නාතටගීතවාද්ය් පවත්වති නොයෙක් දිව්යාූලඞකාරයෙන් සරැහුණා වූ දහස්ගණන දිව්යාංමනාවෝ නිරන්තරයෙන් ඔහු පිරිවරා සිටිති. මෙසේ ඔහු මහත් වූ දිව්යංසම්පත් විඳිනා කල්හි එක් දවසෙකැ රන්ගිරිවෙහෙරැ වසන සිව්පිළිසිඔියා පත් සඞඝරක්ෂි ත නම් මහතෙරැන් වහන්සේ දේවචාරිකායෙහි වඩනාසේක්, මහත් වූ දිව්යැශෝභාවෙන් දිලිහි දිලිහී අනෝපමෙය වූ දිව්යනසම්පත් විඳිනා ඒ දිව්යවපුත්රෝයා දැක සමීපයට එළැඹ වැඩ සිටිසේක්, එම්බල දිව්යිපුත්රනය, තාගේ මේ ප්රාළසාදය ඝනකනකපර්වමතයක් මෙන් සියල්ල ම ඝනරනින් නිමියේ ය. සියගණන රන්කොත් පෙළින් ගැවැසීගත්තේ ය. අක්ෂියකොප ඇති එකක්හු ඇසැ හුණු මඬ්යාීහ්නසූය්ය්ි මරිචියක් මෙන් බලන්නවනුගේ නුවන් බමවමින් දිලිහෙන්නා වූ ප්රසබාමාලාවන් ඇති හෙයින් ඉතා බැලිය නො හැකි ව දසදිගැ විහිදුනා රශ්මිමාලාවන් ඇත්තේ ය. නොයෙක් සියගණන් කුළුගේපෙළින් හා කර්ණිමාලාසමූහයෙන් ගැවැසී ගත්තේ ය. ඒ ඒ තන්හි මනහර මුක්තාහාරකලාපයෝ ලෙලෙදෙන්නාහ. මනොකූල දිවපහස් දෙන දිව්යමමය සයනාසනයෙන් සැරැහුණා වූ නෙයෙක් සියගණන් ගබඩාවලින් ගැවැසි සිටින්නේ ය. පූර්වයජන්මයෙහි කරන ලද්දා වූ කුසල් නමැති වඩුවා විසින් නිමවන ලද මේ ප්‍යොසාදය පිළිකඩසෙවෙනි හිතර්ත දොර කවුළු හිණිපෙත පියගට පඞ්ක්ති ගබඩා ආදී වු සියලු ම ප්රාකසාදඅලඞකාරයෙන්1 ඒ ඒ දිග්භාගයන්2 වෙනවෙන ම සාලඞකෘත3 ව සවිභාග ව හොබවන්නේ ය. 4 ඒ ඒ තන්හි සිට ගසන ලද බෙරමඬුලුමඬයයෙහි එඟ බැස නානාඞග දක්වති. සමහරු ගී කියති. සමහරු ලිලා දක්වා කෙ‍ළිති. සමහරු තන්තිරි5 ගසති. 6 සමහරු වීණා ගායනා කෙරති.



බ්රාතහ්මණ වර්ගරය 315

තවද මේ ප්රා සාදය සිසාරා හාත්පසින් තුන්ගව් පමණ තන්හි නොයෙක් වස්ත්රාපලඞකාරයෙන් සැරැහුණා වූ දිව්යානඞගනාවන් හා දිව්යඒපුත්රහයෝ ආතතවිතතාදී පඤචාඞිගික තූය්ය්ර භාණ්ඩ ගෙන නිරතුරැ ව පිරිවරා සිට නෘත්යතගීතවාද්යාූදීන් සන්තෝෂ කරවති.1 සමහරු ඔල්වරහඬ ගසමින් පැන පැන දිවෙති. සමහරු පිළි හිසැ සිසාරා නටති. 2 සමහරු වන්දි්භට්ටයන් සේ එකත් ඔසවා හාත්පසින් පිරිවරා සිට ස්තුතිඝෝෂා කෙරෙති. මෙසේ නොයෙක් දිව්යතසෘඬින් අනෙක ප්රටකාර වූ දිව්යරමහිමයෙන් යුක්ත වූ තෙපි දැන් තරුපිරිවැරූ පූර්ණෘචන්ර්්ර යා සේ දිලිහෙව. පෙරැ තෙපි කවර පින්කමක් කළහු දැයි. 3 විචාළසේක.

එසේ හෙයින් කියන ලදී:-

“සබ්බසොණ්ණාමයො4 ආසි, පායාදො රතනාමයො, සොණ්ණසිඞගසතාකිණ්ණො, දුදිකෙඛා5 ච පහෝසරො

එවං මහිඞිකොදානි, තවං චන්ර්ෙඛාව හාසසි, පුච්ඡාමි තං දෙවපුත්ත, 6 කිං කම්මමකාරී පුරා” යි.

ඉක්බිති දිව්යෙ පුත්ර යා කියනුයේ ස්වාමීනි, මම පෙරැ බරණැස්නුවරැ දිළිඳුකුලයෙකු ඉපිද අනුන්නට බැළමෙහෙ කොට ජීවත් ව වසනුයෙමි, ඒ නුවැරැ මහජනයා එක් ව භික්ෂුීසඞඝයා වහන්සේ ට ආරාධනා කොට මහත් වූ සන්තෝෂයෙන් පින පිනා සගමොක් සැපත් පතපතා මහදන් දෙන්නා දැක එ කල්හි මම සි‍තනුයෙම් “මේ මහාජනයෝ පෙරැ කළ කුශල බලයෙන් දැන් නොයෙක් වස්ත්රාසභරණයෙන් අන්නපානාදියෙන් සමෘඬ ව සාප විඳිනාහු දැනුදු සතුටු සතුටු ව7 මහදන් දෙති; ඔහු මතු පරලෙව්හි ද එ ම තමන් කළ කුශලානුභාවයෙන් සතුටුසතුටු ව සැපත් විඳිනාහු ය; දැන් මේ නව වන බු‍යෙඬොත්පාදකාලයන්8 පැමිණියේ ය; කුශලාකුශලදෙක්හි විභාඟ ප්රවකාශ කෙ‍ෙරමින් ධර්මනයත් ලෝකයෙහි පවත්නේ ය; ශ්රශඬාවන්තයන්ගේ දානප්රශතිග්රමහණයට යෝග්යව ව සිටි සෞශීල්‍යාදී ගුණයෙන් යුක්ත බුඬපුත්රය වූ සඞඝයාවහන්සේත් ලෝකයෙහි පවතිමින් සිටිසේක; මේ සසර නම් අවුල් හූකැටියක්9 සේ අක්මුල් නැත්තේ ය; කුසල් නොකරන සත්ත්ව යන් බොහෝ වන බැවින් සතර අපාය ම අඩු නොව පිරෙයි; කුශල ධර්මවයක් නොකරන්නා වූ කෘපණලොහි සත්ත්වනයෝ ඒකාන්තයෙන් දුර්ගමතියෙහි ම උපදනාහ, පෙරැ පින් නොකළ හෙයින් දැන් ‍මම



316 සද්ධර්මා ලඞකාරය

ඉතා දුක්ඛිත ව දිළිඳු ව කාපණ ව බැගෑපත් ව කිසි සැපතක් නැති ව සහල්නැළියක් පමණකුත් ලැබගත වනා හී දුඃඛජීවිකාවෙන් දවස් වයමින් සිටිනෙමි; එබැවින් මතු පරලොවැ දිව්ය මනුෂ්යූසම්පත් සැප සේ විඳුනා පරිද්දෙන් දැන් මේ බුඬහාසන නමාතා යහපත් වූ කුශලක්ෂපත්රදයෙහි පින් නමැති බිජුවටක් රෝපණය කෙළෙම් වී නම් යෙහෙකැයි” සිත සිතා සොයො බැළමෙහෙ කොට මහත් වූ උත්සාහයෙන් උඳු මුං තල කලත් තෙල් පොල් සහල් ආදී වු දාන සම්භාර සපයා බොහෝ දෙන සමාදන කරවා ගෙන නුවරමැඳැ මණ්ඩපයක් කරවා උඩැ සුදුවියන් බඳවා ඒ ඒ තන්හි මලොලොඹු එල්වා බිමැ සුවඳ පිරිබඩගෙන ලදපස්මල් විසුරුවා වටැ වැටපහන් ලවැ දෙපසැ තිරිකුඩම් තනවා මනහර අසුන් පනවා මහාසඞඝයා වහන්සේට ආරාධානා කොට කැඳවාගෙන අවුත් මණ්ඩපයෙහි වඩාහිඳුවා දිව්යනමනුෂ්යනසම්පත් හා නිවන්සම්පත් ප්රාරර්ථනා කොට පැන්නුමුසු කිරිබත් පිසවා දන් දිනිමි.1

එකල්හි මා පිරිසිදු සිතින් කළා වු ඒ කුශලයෙහි විපාකයන් දැන් සියලු සැපතින් අනූන ව සිත්කලු මේ දෙව්ලොවැ උපන්මි; දැන් මම දිව්ය මය වූ නොයෙක් පඤචකාමසම්පත්තියෙන් සන්තුෂට ව දිව්යද ආයුෂයෙන් හා වර්ණවසම්පත්තීන් යුක්ත ව මාගේ දිව්ය තෙජසින් සියලු දෙවියන් හිරු දුටු කදෝපැණියන් සේ නිස්සොහි කරවන තරම් මෙබඳ වූ දිව්යයතේජසක් ලදිමි යි මෙසේ තමා2 කළ කුශලය සඳමඬැල අඳනා සේ විස්තර කොට මහතෙරුන් වහන්සේට දැන්වී ය. ‍එසේ හෙයින් කියන ලදී :-

“ආයාසෙන3 ආදාසාහං, පායාසං අමතාසයො, 4 තෙන කම්මවිපාකෙන, දෙවලොකෙ මනොරමෙ,

ජාතොම්හි දිබ්බකාමෙහි, මොදමානො අනෙකධා, දිඝායුකො වණ්ණවනෙතා, තෙජසසි ව ආහාසහං” යි.

ඉක්බිති ඒ සංඝරක්ෂිකත මහතෙරැන් වහන්සේ මිනිස්ලොව අවුත් තමන්වහන්සේ ප්රකත්යෂක්ෂරයෙන් දුටුවා වූ ඒ දිව්ය්සම්පත්තිය මනුෂ්යපයන්ට ප්ර්කාශ කොට වදාල සේක. ඒ තෙපුල් අසා මහජනයෝ කුසල් කොට බොහෝදෙන දෙව්ලොවැ උපන්හ. මෙසේ එක5 සහල්නැළියක් පමණ උපකරණයක් නැති ව ව ද බැළමෙහෙ කොට සිඟා සොයා දන් දුන්නා වූ දුඃඛිත දිළිඳු පුරුෂයා පවා තමා විසින් දෙන ලද දානයෙහි අනුසසින් දෙව්ලොවැ ඉපද විශේෂ වූ



බ්රාලහ්මණ වර්ගාය 317

දිව්යොසම්පත් ලද. එසේ හෙයින් පින්වත් සතත්ව යෙනි, තොප හැම විසිනුදු ඉදින් දෙව්මිනිස්සැපත් හා නිවන් සම්පත් අත්පත් කරනු කැමැත හොත් මසුරුසිත් දුරු කොට දන්පින් කිරීමාදී1 දශවිධ කුශලකර්මහයෙහි ද වාසය කරන්ට උත්සාහ කටයුතු.

කියන ලදුයේ මැයි:-

“අනාළභියො දුග්ගතදිනකොපි දානං දදන්තොඡිගතො විසෙසං, සෝගලවග්ගං යදි සත්ථපයවිහො හන්ත්වානන ම චෙඡරමලං දදාථ” යි.

මෙතෙකින් මෙහි සතර වන දුග්ගලවස්තුව කියා නිමවන ලදී.

30. දෙවපුත්ර වස්තුව තවද මෙහි පස්වන දේවපුත්රරවස්තුව නම් කවරැ යත්?

අප මහා ගෞතම බුදුන් බඳු වූ මහාභද්රවකල්පයට එකාසංඛ්ය? කප්ලක්ෂගයෙකින් යටැ වර2 නම් කල්පයෙහි බුදු වූ නාරද නම් බුදුන් සමීපයෙහි මේ ලඬකාවීපය රත්නදීපය යන එකතරා නාමයෙකින් ප්රකසිඬ විය. එකල්හි මේ දිවයිනැ මහත් වූ නියං සායෙක් ගැසී ය. සියලු සත්ත්වහයෝ ම බොහෝ සේ සාපිපාස‍යෙන් පීඩිත ව වෙසෙති. එ සමයෙහි නාරද නම් බුදුරජාණන් වහන්සේ‍ගේ ශාසනයෙහි එක් රහත්කෙනෙකුත් වහන්සේ එක් ගමෙකැ සිඟා ඇවිද යටත්පිරිසෙයින් බත්සරළු‍වක් පමණකුත් නො ලැබ පාත්රාය සේදූවන මස ඇරැ ගෙන යමින් පිටත්වූසේක. ඉක්බිති ඒ ගම්හි එක් ගෙයෙකැ මනුෂ්යදයෝ එක ම සාල්නාළියක් කඩපොට්ටනිය බැඳ සැළෙක බහා පැන් වත් කොට කකාරා ඒ පැන් බිබී ජීවත් වෙත්. එකල්හි ඔහු තෙරුන්

1. කිරීමෙහි 2. මණ්ඩ (හැම පිටපත්හි ම මෙසේ එයි. එහෙත් බුදුවරු තුන්නමක් පහළ වූ කාලය බැවින් මණ්ඩනාමය නො යෙදෙයි.)

• රසවාහිනියෙහි “අඤඤතරෙන නාමෙන පාකටො අහොසි” යනු එයි. මේ දිවයින එක්තරා නාමයෙකින් ප්රතකට විය යනු අදහස යි. “රත්නදීප” යනු නැත. එහි “අයං දිපො” (මේ දිවයින) යි කීයේ දඹදිව යයි දඹදිව කථා වස්තූන් අතරෙහි මේ වස්තුව යෙදුණ හෙයින් සෑහෙනුදු මේ හෙළදිව ම එයින් අදහස් කළ බව සහසස්වත්ථුුපපකරණය අනු ව ද හෙළි වේ. එහි මේ කථායෙහි ම නාරද බුදුසස්නෙහි වූ සීහලදීපවාසි එක් තෙරනමක් ලක්දිවෙහි “ඛීරවාපි” නම් ගමෙහි පිඬුපිණිස හැසුරැණු බව දකුවේ. “රත්නදීප” යනු එහි ද නැත. වස්තුව හෙළදි‍වින් අරැඹී දඹදිවින් නිමවන හෙයින් රසවාහිනියෙහි දඹදිව කථාවස්තු අතරව ම මෙය යෙදුව‍ා විය හැකි යි. 318 සද්ධර්මාසලඞකාරය

වහන්සේ දැක සමීපයට එළැඹ පසඟ පිහිටුවා වැඳ පාත්රවය ගෙන ඒ සාල්නැළිය ගෙන බත්පිස1 පාත්රඳයෙහි බහා තෙරුන්වහන්සේට පිළිගැන්වූහ.

එකෙණෙහි ම ඔවුන්ගේප ශ්රඟඬාබලයෙන් ඒ බත් පිසූ සිස් භාජනය බත් පුරා සිටගත. ඔහු ඒ ආශ්චර්ය දැක ආර්යන් වහන්සේට දුන්නා වූ ඒ දානයෙහි විපාකය අද දවස් ම ලදුම්හ යි උපන්නා වූ සතුටු සොම්නස් ඇත්තාහු බතින් දුක් විඳිනා මහාජනයා රැස් කරවා පළමු කොට ඔවුන් හැම බත් කවා තුමූ බත් අනුභව කළාහ. කෙතෙක් දෙනා බත් කෑව ද සැළෙහි බත් නො අඩුව ගත් ගත් තැන් පිරෙන්නේ මය. එතැන් පටන් ඔහු දෙමහල්ලෝ ම තමන් කරා පැමිණියා වූ මහාජනයාහට දන් දෙන්නාහූ බොහෝ පින් රැස් කොට ආයුකෙළවරැ දෙව්ලොවැ උපන්හ. ඉක්බිති බත් පිළිගත් තෙරුන්වහන්සේ ඒ බත්පාත්ර ය2 ගෙන ගොසින් පැන් පාසූ වු එක්තරා රුක්මුලෙකැ වැඩහිඳ අහර පස්විකා වළඳනාට පටන්ගත්සේක.

ඒ වෘක්ෂරයෙහි අධිගෘහිත වූ දිව්යඳපුත්ර යා වනාහි සාදුකින් පීඩිත ව වසනුයේ ආහාර වලඳන තෙරුන් වහන්නේ දැක තමාගේ ආත්මභාවය හැර මහලු වෙසක් මවාගෙන තෙරුන්වහන්සේට සමීප ව සිටගත. ඒ බව හඟවා තමන්වහන්සේගේ පූර්වෙචරිතය ප්රතකාශ කරනු පිණිස එ ම දේවස්ථවිරයන්වහන්සේ විසින් කියන ලදී.

“නාරදො කිර සම්බු‍ෙඞා. පුබ්බේ ආසි නරුත්තමො, ලොකං දුක්ඛා පමොවෙන්තො, දදනෙතා අමතං පදං.

තස්මින්තු සමයෙ තස්ස, සාවකො ඡින්තබන්ධ්නො. හික්ඛිත්වාස දිපකෙ ලඞමාහාරං, පරිභුඤ්ජිතුං.

රුක්ඛමූලමූපාගඤ්ජි, තත්ථාඞසිං රුකඛදෙවතා. බුභුකඛිතා උදික්ඛන්තී, අටඨාසිං තස්ස සන්තිකෙ” යි.

එ කල්හි තෙරුන් වහන්සේ පළමු ව එ තන්හි කිසිකෙනෙකුන් නුදුටු හෙයින් ඔහු නො බලා ම අහර වළඳනසේක, ඒ බව දැන දිව්යෙපුත්‍වසතෙම එක ආලෝපයක් තබා තෙරුන්වහන්සේ අහර වැළැඳූ කල්හි මඳක් යටිගුරෙන් කාරමින් එ තන්හි තමා සිටි බව හැඟවී ය. එකලැ තෙරුන්වහන්සේ අහර වැළැඳූ කල්හි මඳක් යටිගුරෙන් කාරමින් එ තන්හි තමා සිටි බව හැඟවී ය. එකලැ තෙරුන්වහන්සේ ඔහු දැක කලකිරී එකෙනෙහි උපන්නා වූ මහත් කරුණා ඇතිව තමන්වහන්සේ වැලඳන්ට තිබූ ඒ කෙළවර බත්ආලෝපය ඕහට දුන්සේක. ඉක්බිති ඒ දිව්යසපුත්රමතෙම බත්ආලෝපය අතින් අල්වාගෙන සිට


බ්රාලහ්මණ වර්ග ය 319

සිතනුයේ මා විසින් මීට පූර්ව ජාතියෙහි ශ්ර මණබ්රා හ්මණකෙනෙකුන්ට වේව යි සෙසු දුගීමඟියාචකකෙනෙකුන්ට වේව යි යටත්පිරිසෙයින් බලු කපුටු ආදි වු තිරිසන් සතක් හට වේව යි ආහාර දානයෙක් නොදෙන ලද්දේ වන. දැන් මම මෙසේ දිව්යරපුත්රට ව ඉපද පවා සිත් සේ අනුභව කරන තරම් ආහාරයක් ලැබ ගත නො හෙමි. අද මෙ වැනි යහපත් වූ කුශලක්ෂරත්රනයකුත් ලදිමි. දියයුතු දානවස්තුවෙකුත් ඇත.1 එබැවින් මේ බත්පිඩ තෙරුන් වහන්සේට ම පිළිගැන්වූයෙම් නම් ඒ දානය මට සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලෙහි හ බොහෝ සැප එළවන්නේ යයි සිතා ඒ බත්ආලෝපයෙහි ලෝභය හැර තෙරුන්වහන්සේ කරා එළැඹ ස්වාමිනි, නුඹවහන්සේ ගැත්තවුන්ට මෙලොවින් සංග්ර හ නො සිතා පරලොවින් අනුග්ර්හ කොට වදාළ මැනැවැ යි කියා ඒ බත්පිඬ දෙවැනි ව තෙරුන්වහන්සේගේ පාත්ර්යට පිළිගැන්වී ය.

ඔහු ඒ බත්ආලොපය තෙරුන්වහන්සේගේ පාත්ර යෙහි බහාලු ඇසිල්ලෙහි ම වටින් තුන්ගවු පමන තන්හි රසමසවුලළන් යුක්ත වූ දිව්ය මය බත්බඳුන්2 නිර්මිතව පෙනිගිය. එකලැ ඒ දැක සන්තුෂට වූ දිව්යලපුත්රතයා තෙරුන්වහන්සේගේ පසඟ පිහිටුවා වැඳ එයින් දිව්යවභෝජනය ගෙන පළමුකොට දන් දී පසු ව තොමේ බත් අනුභව කළේ ය.

එසේ හෙයින් කියන ලදී:-

“අදාසි මෙ බත්තපිණඩං, කරුණාපූරිතන්තරො, ගහෙත්වාස ඨිතො පිණඩං, සහමානො ඛුදං තදා -පෙ-

ඉති වත්වා අදාසාහං, බ්රඛඤජි සොපි දයාපරො, තෙනාහං පුඤ්ඤකමෙමන, සුධනතමලගිං ඛණෙ -” යි.

ඉක්බිති ඒ දිව්යමපුත්රගතෙම දෙවන දවස පටන් එ ම තෙරුන් වහන්සේට ද සෙසු තමා කරා පැමිණි මහජනයාටද නිරන්තරව දන් දෙමින් බොහෝ පින් කොට ආයුකෙළවරැ දෙව්ලොවැ ඉපිද එහි ආයුපමණින් දිව්යපසම්පත් විඳ එයින් ගොස් මෙ ම ක්රයමයෙන් කප් අසංඛ්යරයක් මුළුල්ලෙහි ඔබමොබැ3 සැරිසරා සදෙවිලොවැ මහත් වූ දිව්යකමය පඤචකාමසම්පත් විඳ ඉක්බිති මේ කල්ප ලක්ෂදයක් වන කපැ බුදු වූ පියුමතුරා නම් බුදුන් සමයෙහි දෙව්ලොවින් චුත ව බරණැස්නුවරැ අපමණ වූ නොයෙක් සම්පත් ඇති මිථ්යානදෘෂ්ටි ගත් කෙළෙඹිපුත්ර යක්හට පුත්ව උපන. එකලැ ඕහට “‍දෙව” යයි ;නම් තුබූහ. පසුව ඔහු කටයුතු දන්නා වයසට පැමැණිකල්හි ඔහුගේ මවුපිය දෙදෙන පරලොව ගියහ.


320. සද්ධර්මා.ලඞකාරය

එකල්හි ඒ කෙ‍ළෙඹිපුත්ර යා තමාගේ කුලපරම්පරායෙන් පැවැත ආවා වූ රත්රන් අමුරන් මුතු මැණික් ආදියෙන් පිරී සිටිනා කොටගුළු1 ආදිය දැක සිතනුයේ මාගේ මවුපියදෙදෙනා තමන් මිථ්යාපදෘෂ්ටි හෙයින් මේ සා මහත් ධනරාසියක් ඇති ව පවා දානාදි වූ කිසිකුශලයක් නො කොට මිය පරලොව යන්නාහු මෙයින් එක කහවණුවක් පමණකුත් නො ගෙන සිසතින්2 පලා ගියාහ. මම වනාහි එසේ නො කරමි. දන්පින් කිරීමිවසයෙන් අනුගාමිකනිධානයක් මෙන් කැටු ව ම ආරැගෙන යෙමි යි සනිටුහන් ‍කොට නුවරැ බෙර ලවා දුගීමගීයාචකයන් රැස් කරවා සතියක් ඇතැළැතැ සියලු දනරාසිය ම යාචකයන්ට දන් දී ගිහිගෙන් නික්ම තාපසප්රිව්ර ජ්යාාවෙන් මහණ ව කිසුණුපිරියම් කොට පඤචාභිඥවන් හා අෂ්ටසමාපත්තීන්3 උපදවා මහත් වූ සෘඬ්යාකනුභාව ඇති ව ආකාශචාරී ව වෙසෙති.

එකල්හි යටැ කී පියුමතුරා නම් බුදුරජාණන්වහන්සේ හංසවතීනුවර නිසා වැඩවසනසේක් දවසෙකැ දිව්යබබ්රනහ්මනාග සුපර්ණායදි වූ මහපිරිස් පිරිවරා සවනක් ඝනබුඬරශ්මිමාලායෙන් වට‍ කරන ලදු ව බ්යාවමප්රඬභාමණ්ඩයෙන් සැරැහී කේතුමාලාලංකාරයෙන් බබළමින් මහත් වූ බුඬලීලායෙන් වැඩහිඳ බණ වදාරන සේක. එකල්හි ඒ තාපසයෝ කිසිකටයුත්තක් නිසා4 හංසවතී නුවරමුඳුනෙන් යන්නාහූ මහත් වූ ජනසමාගමය හා බුදුන්ගේ සියලඟින් දිවන්නා වු බුදුරැස්කඳ දැක කි‍මෙක් දෝ හෝ යි විස්මයපත්5 වූ සිත් ඇති ව අහසින් බැස බුදුන් දැක බණපිරිස් අතුරෙහි සිට බන අසා‍ ඔදවැඩි පහන්සිතින් බුදුන් වැඳ අවසර‍‍ ගෙන තමන් වසන පන්සලට ම ගියහ. ඉක්බිති තාපසයෝ එහි ආයුපමණින් සිට එයින් මිය තව්තිසාදෙව්ලොවැ6 උපන්හ.

එසේ හෙයින් කියන ලදී :-

“සතසහස්සෙ ඉතො කප්පෙ, පදුමුත්තරනාමකො, උප්පජචි ලොකනයනො, ධම්මරාජා තථාගතො - පෙ-

ධම්මං සුත්වාය උදගෙනා ‘හං, කාරං කත්වාසන සත්ථුෙනො, තතො චුතොප්පන්තොසමි, තාවතිංසෙ මනොරමෙ” යි.

මෙසේ තව්තිසාදෙව්ලොව ඉපද තුන්කෙළසැටලක්ෂමයක් අවුරුදු මුළුල්ලෙහි පරමරමණීය වූ දිව්යපසම්පත් විඳ ඉක්බිති තිස්දහසක් කප්මුළුල්ලෙපහි යම්කිසි දුර්ග්තියෙකැ නොයිපද සදිව්යහලෝකය, මිනිස්ලෝක යයි යන සප්තවිධ වූ කාමසවර්ග‍


බ්රාසහ්මණ වගීය 321

යෙහි අනේකප්රරකාර දිව්යගමනුෂ්යිසම්පත් විඳිනාහු එක්පනස්වරෙකැ ශක්ර දේවෙන්දර ව දෙදෙවිලොවැ දිව්යෂරාජ්යමය කළහ, එකිවිසි වරෙකැ සක්විතිරජ ව සතරමහාඞීපයෙහි එකාන්තපත්රවවචක්රයවර්තීරාජයය කළහ. දඹදිවැ ඒ ඒ දේශයෙහි නොයෙක් වරැ ප්රතදෙහර‍ාජ්යරය කළහ.දඹදිව ඒ ඒ දෙශයෙහි නොයෙක්වරැ ප්රයදෙශරාජ්යිය කළහ. පසු ව මේ භද්ර කල්පයෙහි අප මහා ගෞතම බුදුන් බුඬරාජ්යරය කොට සියලු බුඬකාත්යවය නිමවා පිරිනිවීකල්හි පූර්වබජන්මයෙහි තමන් විසින් කරන ලද එ එ කුශලකර්මමයා විසින් මෙහෙයන ලදු ව දඹදිවැ සැවැත්නුවරැ උතම් වූ කුලයෙකැ ඉපද මහත් වූ මනුෂ්යලසම්පත් විඳ වසන්නාඤහූ සත්හැවිරිදි වයසැ එක් දවසෙකැ දෙව්රම්විහාරයට ගොස් එක් භික්ෂුඳ කෙනෙකුන් වහන්සේ බණ කියන්නා දැක ඔබ කරා එළැඹ බණ අසා සසරැ කලකිරී මහණ ව අනිත්ලකුණු උපදවා එතන්හි ම හිඳ සිවුපිළිඹියාපත් රහත් ව නිවන්සැපත් විඳිමින් වසනසේක් පෙරජාතියෙහි කෙබඳු කුසලයක් කොට දැන් මෙබඳු මේ නිවන්සැපත් ලදිම් දෝ හෝ යි දිවසින් බලා තමන් වහන්සේ විසින් පූර්වසජන්මයෙහි කරන ලද කුශලකර්මසය හා ඒ කුසලයෙන් ලද්දා වූ සම්පත්ති විශේෂයන්1 දැක භ‍ික්ෂුසසංඝයා වහන්සේ මධ්ය්යෙහි ප්රිකාශ කොට දක්වන සේක් :-

“ නාරදො කිර සම්බු‍ඬො, පුබ්බේ ආසි නරුත්තමො, ලොකං දුක්ඛා පමොචෙන්තො, දදන්තො අමතං පදං.”

යනාදී වු මේ යථෝක්ත ගාථා විස්සෙන් තමන්වහන්සේගේ මේ පූර්ව චරිතාපදානය ගෙනහැර දක්වා එ ම කුශලය ප්රූශංසා කොට හඟවන සේක්:-

“සුදිනතං මෙ තදා දානං, සුසසුතං ධම්මමුත්තමං, දුක්ඛස්සන්තං ආකාසාහං, තස්ස කම්මස්ස වාහසා.”

යනාදීන් එම්බා සත්ත්වායෙනි, එකල්හි ඒ දානය මා විසින් පිරිසිදු සිතින් ඉඳරා ම දෙන ලද2 ධර්ම,ය ද ආදර සහිත ව ඉඳුරා ම අසන ලද. 2 එසේ හෙයින් මම එ ම කුශලධර්මංයාගේ ආනුභාවමහිමයෙන් දැන් සියලු සසරදුක් ;දුරු කොට නිවන්සැපත් විඳින්ට පටන් ගනිමි යි3 වදාරා බොහෝ දෙනා කුශලක්රි යාවෙහි යොදා වදාළසේක. මෙසේ එක බත්ආලෝපයක් පමණ දුන්නා වූ දානයෙන් හා ඇසිල්ලෙකැ මොහොතක් කල් බණ4 ඇසුවා වූ



322 සද්ධර්මාසලඞකාරය කුසලයෙන් පවා ශ්රමඬාවන්ත සත්ත්ව යෝ දිව්යඑමනුඹ්යදසම්පත් හා නිවන් සම්පත් ලබන්නාහු ම ය. එසේ හෙයින් පින්වත් සත්ත්වසයෙනි, බොහෝ දන්පින් කළා වූ සත්ත්වායන් මතු ලබන්නා වූ ස්වර්ගමමෝක්ෂණසම්පත්තිය කවරෙක් නම් කියා නිමවා ද, එබැවින් තමතමා ශක්තිපමණින් පිළිවන් කුසල් කොට ස්වර්ගනමෝක්ෂන සම්පත් ලද මැනැවි.

කියන ලදුයේ මැයි:-

“දානෙනපෙවං චරිමාය පිණ්ඩියා සවණාය ධම්මසස මුහුත්තකෙන, ලභනති සත්තා නිවිධමපි සමපදං ඵලං ‍වදෙ කො බහුදායකස්ස හො” යි.

මෙ තෙකින් මෙහි පස් වන දෙවපුත්රනවස්තුව කියා නිමවන ලදී.


මෙ තෙකින් මේ සඬර්මාවලඞකාරයෙහි බ්රාතහ්මණවර්ගි නම් වූ නව වන පරිචෙඡදය නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_v&oldid=5663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි