Jump to content

සද්ධර්මාලඞකාරය - vi

Wikibooks වෙතින්

10. පරිචෙඡදය

10. මහාසෙනවර්ගලය

31. මහාසෙනවස්තුව

තවද මේ සඬර්මායලඞකාරයෙහි දස වන මහාසෙනවර්ගරය නම් කවරැ යත්?

එහි පළමු වන මහාසෙනවස්තුව මෙසේ දතයුතු.

අප බුදුන් පිරිනිවී පසු දඹදිවැ පැලලුප්නුවරැ මහසේන නම් වූ ධර්මුරජ්ජුරු කෙනෙක් දශරාජදමෟයෙන් රාජයය කෙරෙති. ඒ රජ්ජුරුවෝ තමන්ගේ මව්පිය මුතුන් මීමුතු;න් ආදි වු කුලපරම්පරාවෙන් උදිතොදි ව ලැවැතගෙන එන ආවා වූ අපමණ දනරාසිය බලා අනේ! මොහු මේතෙක් සැපත් හැර පරලොව යන්නාහු සෙසු දෑ තබා මෙයින් එක මස්සක් පමණකුත් නො ගෙන සිසතින් පලාගියහ. අහෝ! සංසාර ගතසත්වැයනගේ අඥානභාවය ඉතා නොසිතිය හැක්කේ ම ය. උපයා රැස් කළ වස්තුව තබා තමන්ට වන්නා වූ විනාසය ද


මහාසේන වර්ග ය 323

තමා හැර වස්තුව නස්නා බව ද යන මේ දෙක ම තමන් නුවණ මඳ හෙයින් නොදන්නාහු ය යි මෙසේ සම්පත්තිය ද විපත්තිය ද යන සියල්ල ම නුවණින් සලකා වෙහෙරට එළැඹ බණ අසා තුණුරුවන් කෙරෙහි පැහැද ලබන ලද මහත් වූ ශ්රටඬා ඇතිව මිහිරි වූ කනබොනදෑ, ආදිය සපයා දවසැ දවසැ දසදහසක් දෙනාවහන්සේට මහදන් දෙමින් මෙසේ අනේකප්රදකාරකුශල කර්ම්යන්1 රැස් කෙරෙමින් කල්යාමෙකින් එක්දවසෙකැ සිතන්නාහු මෙසේ ම රාජසම්පත්තියෙහි පිහිටා රාජනියෝගයෙන් මහාජනයන්ට පීඩා කොට දෙන්නා වූ දානයට වඩා සියඅතින් මෙහෙ කොට උපදවා ගත් ධනධාන්ය් ආදී වු වස්තුවෙන් දෙන ලද්දා වූ දානය ම මහත්ඵලමහානිසංස2 වන්නේ ය. දැන් මා විසින් එපරිද්දෙන් ම සිය අතින් මෙහෙ කොට දනක් දුන මැනැවැයි සිතා තමන්ට විශ්වාසී වූ හික්ෂිතත අමාත්යකයක් හට රාජ්යාය පාවා දී සැදැහැති තමන්ගේ එක්තරා නැඟණිකෙනෙකුන් නුවරින් කැඳවාගෙන කිසිකෙනෙකුන්ට නො හඟවා අප්රකසිඬවේශයෙකින් නුවරින් නික්ම උත්තමධුරා නම් නුවරට ගොස් ඒ නුවැරැ බොහෝසම්පත් ඇති අමිතභොගි සිටාණ කෙනෙකුන් සමීපයට එළැඹ ඒ සිටාණන් විසින් තෙපි කුමක් පිණිස අවුදැයි විචාළ කල්හි තොපට බැළමෙහෙ කරන්ට ආම්හ යි කියා ඒ සිටාණන් යහපතැයි ගිවිසකල්හි ඔවුන්ගේ ගෙයි තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රජ්ජුරුවෝ බැළමෙහෙ කළහ.

ඉක්බිති එක් දවසෙකැ සිටාණෝ බැළමේ කරන රජ්ජුරුවන් හා නැඟණියන් දැක සමීපයට කැඳවා එම්බා, තෙපි දෙදෙන ඉතා ම සිවුමැලියව, එතෙකුදු වුවත් අපගේ මේ ගෙයි බැළ පිණිස3 මෙහෙ කරන්නා වූ තෙපි දෙදෙන බොහෝ කලක් මෙහිම වූසූහ. මෙතුවක් කල් මුළුල්ලෙහි කිසි කර්ම න්තයෙකත්4 තොපගේ කුසීතභාවයෙක් නො පෙනෙයි. සෙසු අනාචාරයක් නුදුටුම්හ. කැඳබත්පමණක් හැර අපගෙන් තොප හැම ලත් උපකාරයෙකුත් නැත. කුමක් පිණිස මෙසේ මෙහෙ කරා දැයි විචාළහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ එම්බා සිටාණෙනි, තොපගේ මේ ජනපදයෙහි රත්හැල්සාල් ඉතා යහපතැයි බොහෝදෙන කියති. එසේ හෙයින් රත්හැල් පිණිස හෙමෙ කරම්හ යි කීහ. එ බස් අසා ඔවුන් කෙරෙහි සන්තුෂ්ට වූ සිටාණෝ දහසක් ගැල් පුරා රත්හාල් දුන්හ. රජ්ජුරුවෝ ද දහසක් ගැල් පුරා රත්හැල් ලැබ


324 සද්ධර්මාහලඞකාරය

සිටාණන්ට කියන්නාහු එම්බා පින්වත් සිටාණෙනි, මේ ගැල් හැම අපගේ නුවරට පමුණුවාපියව යි කීහ. එ බස් අසා සිටාණෝ ද යහපතැයි කියා රත්හැල් පිරූ ගැල්දහස රජ්ජුරුවන්ගේ නුවරට ම තමන්ගේම මිනිසුන් සලස්වා යවූහ. එකල්හි රජ්ජුරුවෝ නුවරට ගොස් සිටාණන්ට මාහැඟි වූ නානායර්ණව වස්ත්රඑජාතීන් හා රන් අමුරන් ආදියෙන් එ ම ගැල් පුරා යවා සිටාණන් හා මිත්රණසන්ථවය ස්ථිර2 කොටගෙන ඒ රත්හැල් සියල්ල ම ගෙන්වා රජගෙයි රැස් කරවූහ.

පසු ව රජ්ජුරුවෝ එයින් කීපදවසක් ගිය කල්හි තුමූ ම මොහොලක් ඇරැගෙන සිය අතින් වී පහරනාහ. රජ්ජුරුවන්ගේ නැඟණියෝ දවසේ3 පොලා අරනාහ. ‍මසේ දෙදෙන වී පැහැර පැස4 සහල් රැස් කොට දරපැන් ගෙනවුත් පැසිබත් පිස රජගෙයි පන්සියයක් ආසන පනවා තබා මා කෙරෙහි කරන ලද අනුකම්පායෙන් මහාසඞඝයාවහන්සේ මාගේ රාජබවනයට වැඩ අහර පිළිගන්නාසේක්වා යි කියා කාලඝොෂා කරවූහ. ඒ ආයාචනාවචනය අසා පන්සියයක් රහතන් වහන්සේ ආකාශයෙන් වැඩි සේක. රජ්ජුරුවෝ ඒ හැමදෙනා වහන්සේ ම තමන් ස්වහස්තයෙන් වැළැඳවූහ. එකල්හි ඒ පන්සියයක් දෙනා වහන්සේ අතුරෙන් පුවඟුදිවඤයිනැ වසන මහාසීව නම් එක් තෙර කෙනෙකුන් වහන්සේ තමන්වහන්සේ ලත් බත් පාත්ර ය ගෙන මොහු මා දකිත්ව යි අධිෂ්ඨාන කොට අහසින් පුවඟුදිවයිනට වැඩ තමන්වහන්සේගේගෙන ගිය බත් පාත්රහය එහි වසන පන්සියක් දෙනාවහන්සේ හා සමඟ බෙදා වැළඳුසේක.ඒ බත් පාත්ර්ය උන්වහන්සේගේ ආනුභාවයෙන් හැමදෙනාවහන්සේ කැමැති පමණක් වළඳන්ට සෑහිණ. 5

මෙසේ ස්වල්ප වූ දෙයධර්මවයෙන් පවා සත්පුරුෂ වූ ආය්යවර්‍ ශ්රා වකයන් වහන්සේ දායකයන්ගේ සිත් පහදවා පරලොවට ප්රසතිෂ්ඨාවක් ම කරනසේක. හේ එසේ මය. තමාගේ අතිධවල වූ අමාතකාන්තිසමූහයෙන් කිරිමුහුද උද්දාම කරවා ශොභා වඩන්නා වූ චන්ර් අතයා පරිද්දෙන් ම ස්ථානො‍චිතප්රශඥාවෙන් යුක්ත වූ ආය්ය්වල ශ්රාදවකයන් වහන්සේ ස්වල්පමාත්රාත වූ ත් දෙයධර්මදයෙකින් දායකයන්ගේ සිත් පහදවා ඔවුන්ගේ ශ්ර‍ඬාව වර්ධ නය කරන6 සේක් මය. සිල්වත්වූ තමන්වහන්සේලාට දුන්නා වූ7 දානය නොසිල්වතුන්ට දී අස්ථානනියොජනයට නොපමුණූවන සේක. පමණ නො සලකා මහෙචඡත‍ාවෙන් බොහෝ ප්රවත්යකය


මහාසේන වර්ගචය 325

පිළිගෙන තබා සන්තිධි නොකරනසේක. තමන්වහන්සේට නියත කොට දුන් ප්රතත්යනය අගය නො ගෙන අනික් තෙනකට දීමෙන් අසත්පථයෙහි නොනසන සේක. සිල්වත් ව සිට ප්ර ත්යතය පර්භොග කරන හෙයින් තෙය්ය පරිබොගයට නො පමුණුවන සේක. දැහැමින් ලත් ප්රයත්ය‍ය පස්විකා පරිභෝග කරන හෙයින් ඉණපරිභොගයට නොපමුණුවන සේක. ලත් ලත් දෙය සඟවා‍ තබා නෙනෙසන හෙයින් නුගුණ කියා නින්දාී කොට නොදමන හෙයින් අපරිභොගයට නොපමුණුවන සේක. කුලයන් සිත් ගන්නා පිණිස දි කුලදූෂණයට නොපමුණුවනසේක. නුසුදුසු ලෙස පරිභොග කිරීමෙන් දුෂ්පරිභොගයට1 නොපමුණුවනු සේක. තමන්වහවන්සේ සිල්වතුන් හා සමග කොටස් කොට බෙදා ලද පසය පස්විකා දායජජපරිභොගයෙන්2 පරිභොග කරන හෙයින් දායකයන්ට මහත් ඵල මහානිසංස කරනසේක් ම ය.

කියන ලදුයේ මැයි :-

“අප්පකෙනපි මෙධාවි, දායකානං මනම්පති, සඬං වඩ්ඪෙන්ති වන්දාිව, රංසිනා ඛීරසාතරං.

අට්ඨාවන න තියොජන්තො කරොන්තා නෙව සන්නිධිං, පරිභොගමකත්වායන, නෙන නාසෙන්ති පච්චයං.

න පාපෙන්තා ච ථෙය්යොස්ස, න කරොන්තා තතෙවිණං විභජන්ති තෙ සුසී‍ලෙසු, සයං භුත්වාතන සීලවා” යි.

ඉක්බිති රජ්ජුරුවෝ තමන්ගේ බාලනැඟණියන් හා සමග රජගෙයිම සිට පුවඟුදිවයිනැ වැඩහිඳ තමන්ගෙන් ගෙන ගිය පැසිබත වලඳන්නාවූ පන්සියයක් රහතුන් වහන්සේ දැක අතිශයින් ස සන්තුෂ්ට වූහ. ඉක්බිති ඔහු මෑතභාගයෙහි තමන් විසින් දෙන ලද එ ම උතුම් වූ දානය නිරන්තරව සිහි කෙරෙමින් ප්රී්ති උපදවා ‍ගෙන බණ3 අසා නොබෝකලෙකින් දෙදෙන ම සොවාන් වූහ. මෙසේ මතු ලබන සම්පත් පිණිස කුසල් කිරීමෙහි මහත් වූ අදහසින් උත්තසසත්ව‍යෝ මේ ජාතයෙහි තමන්ට වන්නා වූ කායිකදුක් නො සලකා මහත් වූ රජසැපත් හැර පලා ගොසින් සියඅතින් මෙහෙ කොට දැහැමින් ලද වස්තු ගෙන පින් රැස් ‍කරන්නාහු ම ය. එසේ හෙයින් නුවණැති පින්වත් සත්ත්වසයෙනි, තමාගේ හරීරයට දුක් දී ආත්මශක්තියෙන් කරන්නා වූ කුශලය මතු

326 සද්ධර්මාෙලඞකාරය

මහත් වු විපාක දෙන්නේ ය යි දැන කරන්නා වූ යම් කුශලයක් ආදරසහිත ව සියඅතින් කොට ගෙන සියලු ස්වර්ගරමෝක්ෂශ සම්පත්තිය ම සාධාගත මැනැවි.

කියනු ලදුයේ මැයි:-

“හිත්වාේ මහ කතසිරිමාය තිහාවිභූතිං ආකඞඛ කිඤ්චි සකදුක්ඛමවිනත්යන්තා, පුඤ්ඤං කරොන්ති සුජනා ඉති මනධිත්වාි නිච්චං කරොථ කුසලං කුසලං සහත්වා්” යි .

මෙතෙකින් මෙහි පළමු වන මහාසේනවස්තුව කියා නිමවන ලදී.

62. අන්ය.තරමනුෂ්යාවස්තුව

තවද මෙහි දෙවන අන්ය්තර මනුෂ්යෂවස්තුව නම් කවරැ යත්?

එහි පිළිවෙල කථාව මෙසේ දතයුතු.

අප මහාගෞතම බුදුන් බුඬරාජ්යේය කොට නිවන්පුර පැමිණි මෑතභාගයෙහි දඹදිවැ පැළලුප්නුවර සමීපයෙහි පිටිසර ගමෙකැ වසන්නා වූ එක්තරා දුක්පත් මිනිසෙක් දවසෙකැ අන්ක ගමකට යනු ස හා පිලිදෙකක් හැඳගෙන නික්ම සමීපයෙකැ මිනිසුන් නැති මහත් වූ වනමඬ්යකයකට පැමිණීයේ ය. එකල්හි මඟැ එන්නා වූ එක් සොරෙක් ඔහු දැක හැඳගෙන යන්නා වූ වස්ත්රපය පැහැර ගනිමි යි සිතා පසුපස්සෙහි ලුහුබඳවා නික්මිණ. එකල්හි මගී ව යන්නා වූ ඒ පුරුෂතෙම දුරින් එන්නා වූ සොරහු දැක මෙසේ සිතී ය. මම වනාහි දැන් මේ සොරහු කෙරෙන් දුර තබා ම ගැලවී දිවපියන්ට ද එසේ නැත‍ ළංවූ කල්හි සොරු මිරිකා අල්වාගෙන පිටිකර පැහැර කර අල්වා ඉවැතැ දමාපියා බලාත්කාරයෙන් ම පලායන්ට ද එබඳු ශක්තියක් නැති හෙයින් අසමර්ථයෙමි. දැන් ඇසිල්ලෙකින් මේ සොරා



මහාසේන වර්ග ය 327

අවුත් මා නොකැමැති වුව ද මේ වස්ත්රනය බලාත්කාරයෙන් ම පැහැර ගන්නේ ය. එසේ බලාත්කාරයෙන් ග්නනා වූ මේ සොරාහට මා විසිනුත් මේ වස්ත්රේය වලැ දමන දෙයක් සේ නිකම් හැරැපිම යුක්ත නො‍ වෙයි. එබැවින් මෝහට දන් දීම් වසයෙන් ම දෙමි යි සනිටුහන් කෙළේ ය.

එකෙණෙහි සොරා දිවගෙන අවුත් ඔහුගේ වස්ත්ර ය ගසා අල්වාගත. එකපලැ මගී ව යන්නා වූ පුරුෂතෙම මාගේ මේ වස්ත්ර දානය මතු සසරැ මා‍ උපනූපන්ජාතියෙහි සියලු සැප විඳීමට ඒකාන්ත කාරණා වේව යි සිතා සිත පහදවා ම වස්ත්රිය දන් දී ඉක්බිති අප බුදුන් යමාමහපෙළහර දක්වන දවස් පූරණකාශ්යසප නම් නිගණ්ඨයා සැඟවී දිව්වා සේ හිණැ පිළී නැති හෙයින් මහමඟින් පහ ව වල්හසෙරෙකින් නික්මිණ. එකලැ ඔහු සර්ප යෙක්1 දෂ්ට කළේ ය. ඒ තෙම ඒ ක්ෂිණයෙහි විෂවේශයෙන් කාලක්රිියා කො එම වස්ත්ර්දානයෙහි අනුහසින් හිමාලයවන ප්ර දේශයෙහි නොයෙක් සියදහස්ගණන් සුරසුන්ද රීන් විසින් පිරිවරන ලදුව තුන්යොදුන් පමණ තන්හි අතුරු නො හැර සිසාරා සිටගත්තා වූ නොයෙක් ලක්ෂලසුවහස් ගණන් කල්පාවෘක්ෂොයෙන් සශ්රී්ක වූ දොළොස් යොදුන් උස ඇති රන්විමනෙකැ උපත.

එකලැ තමාගේ2 මහත් වූ දිව්යී ‍ෙඑශචය්ය්රන් දැක ගිය දවසැ මේ කවර පින්කමක් කොට ලද්දා වූ සම්පත්තියෙක් දෝ හෝ යි දිවසින් බලනුයේ එ ම දවස් සිත පහදවා සොරාට දුන් වස්ත්ර දානයෙන් ලද්දා‍ වූ සම්පත් බව දැන මහත් වූ සන්තෝෂයට පැමිණ තමාගේ පූර්වරකුශලය හා එයින් ලද්දා වූ දිව්ය්සම්පත්තිය ප්රිකාශ කිරීම්වසයෙන් වෙන වෙන වර්ණ නා කොට දක්වන්නා වූ දිව්යරපුත්රිතෙම:-

“පරිනාමිත මත්තෙන, දානස්ස සකසන්තකං, දදාති විපුලං බොගං, දිබ්බමිහසරියං වරං.

චාද‍සයොජනුබ්බේධං, දුදිකඛං චකඛුමූසනං, කූටාගාවරුපෙත, සබ්බසොවණ්නසං සුහං.

මම පුඤේඤන නිබ්බතං, නෙකරාගද්දජාකුලං, තථෙව පරිසු‍ඬෙහි, විතානෙහි ව ලඞකතං.

පාසාදාපරියන්තම්හි, දිබ්බවත්ථාතනි ලම්බරෙ, වාතෙරිතාතෙ සොහන්ති, අව්හන්තාව සුධාසිනො.


328 සද්ධර්මාහලඞකාරය

පසාදස්ස සමන්තා මෙ, භුමිබාගෙ තියොජනෙ, ඉච්ජිතිචජිතදාතාරො, ජාතාසුං සුරපාදපා.

තත්ථි නච්චෙහි ගීතෙහි, වාදෙහි තූරියෙහි ච, නෙකචඡරාස්සෙහි, මොදාමි බවනෙ මම.

න සම්මා දින්නවත්ථ ස්ස, අඛෙතෙන ඵලමිදිසං, ඛෙත්තෙ සම්මා දදන්තස්ස, කො බලං වණ්නදිස්සති”.

යනාදින් එම්බා සත්ත්වසයෙනි, තමා සන්තකවස්තුව දන් දෙමි යන1 සිතින් පිරිනැමූ පමණෙකින් ම හැම කල්හි අඩු නොවන්නා වූ සියලු උපභොගපරිභොගවස්තුවෙන් සමාඬ වූ දිව්යනඓශ්චර්යය ගෙනහැර දෙන්නේ ය. දැන් මාගේ කුශලානුභාවයෙන් ශරත්කාලයෙහි හිරැමඬල පරිද්දෙන් බලන්නවුන්ගේ නුවන් පුහුර ගන්නාක් මෙන් දසදිගැ විහිදුනා ‍‍රශ්මිමාලාවන් ඇති හෙයින් ඉතා බැලිය නොහැකි2 වර්ණ‍ශෝභාවෙන් යුක්ත වූ දෙලොස් යොදුන් උස ඇති රන්විමනෙක් පහළ විය. එ ද වනාහි නොයෙක් සියගණන් කුළුගෙවලින් සුරැහුණේ3 ය. න‍ා නා වර්ණශ ධ්වජමාලාවෙන් හා රන් රිදී තරැපෙළින් විසිතුරු වූ විතාන පඬ්ක්තීන් එකාලඞකාර විය.

තවද මේ ප්රායසාද කෙළවරැ ඒ ඒ තන්හි පස්වනක් පැහැයෙන් යුක්ත වූ විසිතුර‍ැ දිව්යැස්ත්රිනයෝ ලීලොපෙත ව ලෙල දෙන්නාහ. ඒ සියලු ම දිව්යූවස්ත්රිැයෝ පවන් වේග‍ෙයන් අහසට4 නඟන ලද්දාහු දිව්ය්ලෝකයෙහි දේවතාවන් තමන් කරා කැඳවන්නවුන් මෙන් අතිශයින් හෝභමානයහ. මාගේ මේ ප්රානසාදය සිසාරා හාත්පසින් තුන් යොදුන් පමණ සම වූ භුමිප්ර දෙශයෙහි කැමැති කැමැති වස්තු දෙන්නා වූ නෙයෙක් සියදහස් කණන් කල්පවෘක්ෂෙයෝ පහළ වූහ. මෙසේ හැම ලෙසින් සශ්රි ක වූ මේ දිව්යකවිමානයෙහි නොයෙක් සියදහස් ගණන් දිව්යමනාටකයන් විසින් පවත්වන ලද නෘත්ය්ගීත වාද්යසයෙන් හා නානාප්ර‍කාර තූය්ය් ඝෝෂාවෙන් එකාවන් සන්තුෂ්ට වෙමින් විදුලියකැලවලවැළැදි රන්ලිය වැනි දිව අබරනින් සැරැහී සිටියා වූ නොයෙක් සියදහස්ගණන් දෙවගනන් විසින් පිරිවරන ලදු ව අපමණ වූ දිවසැපත් විඳින්නට පටන්ගත්මි. මෙසේ කිසි සිල්වත්ගුණවත්කමක් නැත්තා වූ සොරාට පවා සිත් නො පහදවා දුන්නා වූ වස්ත්ර්දානයෙහි විපාකය මෙසේ ඉතා උදාරතර විය.


මහාසේන වර්ගතය 329

එබැවින්1 ශීලසමාධ්යාපදි වූ සුයලු ගුණගණාඞගයෙන් යුක්ත වූ සිල්වතුන් වහන්සේට පහන්සිතින් ඉඳුරා දෙන ලද සිවුරුපිළි ආදී වූ සිවුපසදානයෙන්2 ලබන්නා වූ විපාකවිශේෂය කවරෙක් නම් වර්ණිනා කෙරේ ද? යනාදීන් තමා පළමු ජාතියෙහි කළා වූ කුශලය හා ඒ කුශලයෙන් ලද්දා වූ සමපත්තිවිශේෂය ප්රීළතිවාක්යව වශ‍ෙයන් ගෙනහැර දක්වා දානයෙහි විපාකමහතත්වවය ප්රුකාශ කෙළේය.

එසේ හෙයින් පින්වත් සත්ත්වවයෙනි, මෙබඳු ඉතා ස්වල්ප පින්කමින් පවා මේ ලෝකයෙහි සත්ත්ව්යෝ කිසිකෙනෙකුන් විසින් අවර්ණ නීය වූ බුදුන් විසින් ම වර්ණිනා කරන ලද මහත් වූ දිව්යණඓශචය්ය්බු යට පැමිණෙන්නා හ යි දැන සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලෙහි දිව්යෙමනුෂ්යාසදී සියලු සම්පත් සිද්ධ කොට දෙන සිතුමිණරුවනක් හා සාදෘශ්ය් වූ උතම් දානය කම්පල අදහා පහන් සිත් ඇති ව දීම්3 වසයෙන් සිල්වතුන්වහන්සේ කෙරෙහි පිහිටුවා එ ම කුසලානුභාවයෙන් මතු ස්වර්ගුමෝක්ෂරසම්පත් සිඬ කරන්ට උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි :-

“එවං විධමපි කුසලං මනුජො කරිත්වාඬ පප්පොති දිබ්බවිභවං මුනිවණ්ණනියං, මනත්වාි හොද්දථ දානචරං සුසීලෙ සඬාය සුඞමනසාස්ස විසෙසභාගී” යි.

මෙතෙකින් මෙහි දෙවන අන්යකතර මනුෂ්යාවස්තුව කියා නිමවන ලදී.

33. රූපදේවිවස්තුව

තවද මෙහි තුන් වන රූපදේවිවස්තුව නම් කවරැ යත්?

යටැ ගියදවසැ මේ මහාභද්රවකල්පයට එකානු වන කල්පයෙහි අතීතනෙකකල්පකොටිශතසහස්රාින්තරයෙහි පුරිතාමිතපාරමිතා බලප්රෙතිලබධවිශුඬබුඬත්වායෙන් ම සිදිනා ලද රාගචෙෂමොහ මදමානමාත්සය්යාවි දී වූ සකලකෙලශබන්ධාන ඇති ව සවර්ගයමතී්යම පාතාල සංඛ්යාකත භුවනත්රබයට අසහායනෙත්රලයක් හා සමාන මහා විපස්සි නම් වු එක් සම්යයක්සමබුඬ කෙනෙකුන්වහන්සේ ලොකයෙහි පහළ ව අනවරතයෙන් ඔවුනොවුන් කෙරෙහි මෙත් සිත්


330 සද්ධර්මාෙලඞකාරය

පතුරුවා අන්යොෙන්යන සම්බන්ධයෙන් බන්ධු ව වසන අමන්දමබන්ධුමවගීයා ඇති බන්ධුවවතී නම් රාජධානිය සමීපයෙහි විසිතුරු විහිරයෙකැ වැඩවසන සේක.

එකල්හි දෙවියන්ගේ ආලකමන්දාධ නම් රාජධානිය පරිද්දෙන් ම සියලු උපභෝගවස්තුවෙන් හා නුවැරැ සතරදිගැ විචිත්රා කාරයෙන් පිහිටියා වූ වහසල් දොරටු පවුරු පදනම් උයන් පොකුණු ලියමඬුලු මණ්ඩප වැලතලා ආදියෙන් ඉතා සිත්කලු වූ එ ම බන්ධුමති නම් රාජධානියෙහි වාසය කරන ඉතා ළදැරි වූ ගම්දැරියක් දවසෙකැ විහාරයට ගොස් ඒ ඒ තන්හි භික්ෂු න්වහන්සේ වැඩ වසන රාත්රියස්ථාන දිවාස්ථාන රන්පත් .සුළුපා මහපා සක්මන් මණ්ඩප පිරිවෙන් ආදියෙහි නොයෙක් විසිතුරු බලමින් සි‍ත් සේ කෙළ ඇවිදිනී, එ ම විහාරයෙහි එක්තරා රෝගයෙකින් ආතුර වූ පඬුවන් ව දුර්ව ල වූ හරීර ඇති ව ආනආන තතනමින් සැතැපුණා වූ එක් තෙරකොනෙකුන් වහන්සේ දැක කරුණාවෙන් කම්පිත වූ සිත් ඇති ව උන්වහන්සේ සමීප්යට එළැඹ පසඟ පිහිටුවා වැඳ ඔබගේ ශරීරයට අපාසු1 විචාරන්නී කිමෙක් ද ස්වාමිනී, නුඹවහන්සේගේ ශරීරය ඉතා දුර්විල ය, මේ කෙසේ වූ ව්යා්ධියෙක් දැයි විචාළා ය.

එ බසට තෙරුන්වහන්සේ වදාරණ සේකා එම්බා නැඟණියනි, මේ මම අසෝ ව්යා්ධියෙකැයි නො දනිමි. ඉතා ඉවසිය නොහැකි ක්රෑ්ර වූ තදව්යා ධියෙක් ශරීරයෙහි වැළැඳ ගෙන බොහෝ දුක් දෙන්නේ ය යි වදාළ සේක. එවේලෙහි ඒ කුමාරිකාවෝ එසේ වී නම් ස්වාමීනි, මම ඊට පිළියම් කොට ඒ ව්යාාධිය සංහිඳුවාලමි. එබැවින් සෙට ‍අපගේ ගෙට ම සිඟා වැඩිය මැනැවැයි කියා ඒ තෙරුන් වහන්සේට ආරාධනා කොට ගෙන ගොසින් එ බවත් තමන්ගේ දෙමවුපියන්ට කියා ඔවුන් ගිවිස්වාගෙන දෙවන දවස් උදාසන්හි ම නැගීසිට නොයෙක් රසයෙන් අග්රෙ වූ බෙහෙත් අහර පිළියෙළ කොට තබා තෙරුන්වහන්සේ දෙවන දවස් උදාසන්හි ම සිරුර පිළිදැග සිවුරු හැටගන්වා3 පාත්රාය අතින් ගෙන භික්ෂාුචාරව්රයතයෙන්4 වඩනා සේක් ඒ කුමාරිකාවන්ගේ ගෙදොරට ම වැඩි සේක. එකල්හි ඒ කුමාරිකාවෝ තමන් ගෙදොරට වැඩියා වූ ඒ තෙරුන්වහන්සේ දැක මහත් වූ සන්තෝෂයෙන් ඉදිරියට ගොස් පාත්රෙය ‍ෙගන හිඳිනා අස්නක් පනවා තෙරුන් වහන්සේ එහි වැඩ හුන් කල්හි



මහාසේන වර්ගසය 331

ආදියැ ම සපයා තිබූ බෙහෙත් හා සමග නොයෙක් සූප ව්යහඤජනයෙන් යුක්ත වූ මියුරු ආහාරය එළවා තබා ආදර සහිතව වළධවා සත්කාර කළහ.

එ කල්හි කුමාරිකාවන්ගේ හ්රාඬාබලයෙන් හා ඖෂධයෙහි ආනුභාවයෙන් ඒ බෙහෙත් ආහාරය වැළැඳූ ඇසිල්ලෙහ් ම එබඳු ක්රෑනර වූ තද ව්‍ාෙ ධිය අලපනැ නෙළුම්පතැ වත් කළ1 ජලකර්ණවකාවක් සේ ශරීරයෙහි මඳකුත් අලග්න ව පහ විය. එකල්හි ඒ තෙරුන් වහන්සේ කිසි පීඩාවක් නැති ව නිරෝගී නිර්ව්යායධි ව අනුපදැන වූසේක. එ බව ප්ර කාශ කොට දක්වන පිනිස සඞඝරක්ෂිරත නම් මහතෙරුන් වහන්සේ විසින් කියන ලදී.

“එකනව්රසතෙ ඉතො කප්පෙ, විපස්සි නාම නායකො, අහොසි ලොකෙ ලොකෙකනායකො ජින්නබන්ධ නො.

තදා තසමිං පුරෙ රම්මෙ, ආසි ත්වංධ ගාමදාරිකා, ආහිණ්ඩනති විහාරස්මිං, අද්දකඛි ජිනසාවකං.

රොගතුරං කියං පණ්ඩුං, අස්සසන්තං මුහුං මුහුං, දිස්වාන කම්පිතචිත්තා, නිමත්තෙත්වාුන තං මුනිං.

හෙසජජඤෙච්ච හත්තඤච, අදා ත්වං් තෙන සො යති, අව්යාඤබාදො අනීඝො ච, අ‍හොදි අනුපද්දවො” යි.

මෙසේ සංහිඳුණා වූ ව්යාීධි ඇති ඒ තෙරුන් වහන්සේ දෙවන දවස් ඒ කුමාරිකාවන්ගේ ගෙදොරට බෙහෙත් ආහාරය පිණිස නොවැඩිසේක් ම ය. ඉක්බිති ඒ කුමාරිකාවෝ පළමු දවස් පරිද්දෙන් ම බෙහෙත්බත පිළියෙල කොට තබා පෙර මග බලබලා සිට එ දවස් තෙරුන් වහන්සේ නොවැඩි හෙයින් පළමු දවස් තමන් වැළැඳූ බෙහෙත් පසයෙන් ආපසු ව නොවැඩි සේක් වනැයි සිතාදෝ හෝ සංසලසිතින් තුමූ ම විහාරයට ගොස් තෙරුන් වහන්සේ දැක වැඳ එකත්පස්ව සිට කිමෙක් ද ස්වාමිනි, බෙහෙදක් නම් වළඳන කලැ යටත් පිරිසෙයින් පිටැ පිටැ සතියක් හෝ පස්දවසක් වැළැඳුවමනා නො වේ ද? අද අපගේ ගෙදොරට කවර කාරණයක් සිතා කුමක් පිණිස නොවැඩිසේක් දැයි විචාළහ.

එ තෙපුල් අසා තෙරුන් වහන්සේ වදාරනසේක් එම්බා නැඟණියනි, ඊයේ දවස් පෙරවරු තොප වළඳවාලු බෙහෙත් ආහාරයෙන් ම මාගේ ව්යාදධිය සංහිදිණ. එසේ හෙයින් අද

332 සද්ධර්මාාලඞකාරය

තොපගේ ගෙදොරට නො ගියෙමි යි වදාළසේක. එවේලෙහි කුමාරිකාවෝ අපමණ වූ සන්තෝෂයට පැමිණ එසේ ද ස්වාමීනී, ඊයේ දවස් මා වළඳවාලූ බෙහෙත් ආහාරයෙන් ම ස්වාමීන්ගේ ශරීරයට පාසූ වී ද, සාධු! සාධු! එසේ වී නම් ඉතා ම යහපතැයි කියමින් මහත් සනෙතාෂයෙන් පිනපිනා තෙරුන් වහන්සේ වැඳ අවසර ඉල්වාගෙන තමන්ගේ ගෙට ම ගියහ. මෙසේ ඒ කුමාරිකාවෝ පහන් සිතින් තමන් ඒ දවස් ගිලන්තෙරුන් වහන්සේට දුන්නා වූ බෙහෙත්ආහාරදානයෙහි කුශලානුභාවයෙන් මෑතභාගයෙහි එ ම මනුෂ්ය ත්මභාවයෙන් චුත ව දිව්යලමය වූ සියලු පඤචකාමසම්පත්තීන් සමෘදධ වූ දිව්ය්ලෝකයෙහි උපන්හ.

එකල්හි ඒ දිව්ය්ලෝකයෙහි උන්ගේ කුශලතේජසින් දිවසත් රුවනින් හෙබියා වූ දෙ‍ලාළොස් යොදුන් උස ඇති සත්මහල් රන්විමනෙක් පහළ වීය. ඒ දිව්යිප්රා සාදය සියගණන් ඉඳුනිල්මිණිකොතින් ගැවැසී ගත්තේ ය. එසේ ම නොයෙක් සියගණන් කන්කුළුපෙළින් සැදුම් ලද්දේ ය. එකී එකි මාලෙහි නොයෙක් සියගණන් ගබඩාපඬ්ක්ති ඇත්තේ ය. ඒ සියල්ල ම මනහර දිවයහන්1 හා මනෝකූල දිවපහසු දෙන්නා වූ ආසනවලින් සුදුම් ලද්දේ ය. 2 නිරන්තරයෙන් ඒකාකාරයෙන් ම සරැහී සිටිනා වූ නෙයෙක් සියදහස් ගණන් දෙවඟනන්ගෙන් ශෝභමාන විය. 3 එසේ ම අනේකප්රෙකාර දිව්යාෙලඬකාරයෙන් සැරැහී ඒ ඒ තන්හි රඟමඬුලු බැඳ නානාප්ර්කාර වූ දිව්යඟලීලා දක්වමින් බෙර වයන නටන ගී කියන නොයෙක් සියගණන් දිව්යරනාටකයන්ගේ නෘත්යාගීතවාද්යනයෙන් මනොහර ය.

තවද ඒ ප්රාගසාදය සිසාරා සතරදිගැ දිව්යයමය වූ පුෂපඵලපල්ලවයෙන්4 සශ්රි ක වූ අඹ දඹ දොඹ තැඹිලි කෙබොලීල පලොල් ඇසළ මුහුළු නා පතා දෙව්දුරු කපුරු කෙහෙල් දෙල් බෙලි පොල් පුවක් ආදී වු නොයෙක් දිව්යුවෘක්ෂෙසමූහයෙන් ප්රපතමණ්ඩිත වූ උද්යායනපඬ්ක්තීන් හා එසේ ම පුෂ්පමධුපානයෙහි ලොල් මත්බමරකැලන්5 හා හංසාවලීන් විසින් නිරන්තර වූ රත්පියුම්වනය, හෙළපියුම්වනය, නිල්උපුල්වනය, හෙළඋපුල්වනය, මහනෙල්වනය, හෙල්මැලිවනය, ජලකොඳ6 වෑකොඳ වනය යන මෙයින් සැදුම් ලද මනහර විල්පෙළින් ගැවසී ගත්තේ ය. මෙසේ හැම ලෙසින් අලංකෘත වූ ඒ දිව්යපලෝකයෙහි නොයෙක් සියදහස්ගණන් දිව්යලපුත්රළයන් හා දේවස්ත්රීසන් විසින්


මහාසේන වර්ග ය 333

පවත්වන ලද අනේකප්රලකාර උත්සව ක්රී ඩාවෙන් හා සියලු උපබෝග පරිභෝග වස්තුවෙන් යුක්ත වූ නිරන්තරයෙන් චිත්තප්රඩසාද එළවන්නා වූ ද්ව්යගප්රායසාදයෙහි සිත් සේ වාසය කෙරෙමින් බුඩාන්තරයක් මුළුල්ලෙහි අපමණ වූ දිවසැපත් වින්දාහ. ඒ බව ප්රිකාශ කොට දක්වන පිණිස සඞඝරක්ෂි‍ත නම් මහ තෙරුන් වහන්සේ විසින් කියන ලදී:-

“තතො ත්වං‍ තෙන ක‍ම්මේන, සුකතෙන තතො චුතා, ජාතාසි දෙවලොකස්මිං, සබ්බකාමසමිදධිනී.

තත්ථස තෙ පුඤ්ඤතෙජෙන, පාසාදො රතනමයො, මණිථුපිසතාකිණ්ණො, කුටාගාරෙහි‘ ලඞකතො.

නෙකගඛහසතාකින්නො, සයනාසනමණිඩිතො, අච්ඡරාසතසඩ්කිණ්නණා1 නච්චගීතාදිසඞ්කුලො.

රමහාම්බජ මබුසන්තිනිරපුගපුත්තාගපාවලී. නාගාදිතරුසනෙඩ හි, මණ්ඩිතුය්යාානපත්තිහි.

පදුමුප්පලකල්හා රකුන්ද කානනමණඩිතෙ, මධුමත්තාලිපාලිහි, සාරසීසරසඬ්කුලෙ.

දෙවපුත්තෙහි නෙකෙහි, තථා දෙවච්චරාගි ච, නිචචුස්සවෙ මහාබොගෙ, විමානෙ මනනන්දචනෙ” යි. මෙසේ ඒ කුමාරිකාවෝ ඒකානුකපක් මුළුල්ලෙහි අපමණ වූ දිවසැපත් විඳිමින් දිව්යකලෝකයෙහි වාසය කොට මේ භද්රන කල්පයෙහි අම මහාගෞතමබුදුන් බුදු වූ සියලු බුඬකාත්යයයන් සිඬ කොට නිවන්පුර පැමිණි පසු දෙවිලොවින් අවුත් දඹදිවැ දෙවපුත්රි නම් නුවරැ සියලු සම්පතීන් සමෘඬ වූ ලොකප්රොසිඬ වු බ්රාවහ්මණ මහා සාරකුලයෙකැ ප්රිධාන බ්රාෘහ්මණයන්ගේ ප්රිොයභාය්යාවු වූ බ්රාරහ්මණ දේවීන් කුසැ පිළිසිඳ දසඑකඩමස් ඇවෑමෙන් මවුකුසින් බිහි වූහ. ඒ කුමාරිකාවන් මවුකුසින් බිහි වූ දවස් පටන් ගෙන උන්ගේ කුසලානුභාවයෙන් දවස් පතා නිරන්තරයෙන් ම අට අට නැළියක් පමණ වූ සුවඳරත්හැල්සාල් උපදනේ ය. එකල්හි ඒ කුමාරිකාවන්ගේ කනකරූපයක් හා සමාන රූපසම්පත්තිය දැක පහන්සිත් ඇත්තා වූ මවුපිය දෙදෙන ඔවුන්ට2 රූපදේවී ය යි නම් තිබූහ. ඉක්බිති ඒ කුමාරිකාවන් වැඩී3 සෙළොස් හැවිරිදි වයසට පැමිණි කල්හි ඔවුන් හා සමාන ජාතිගොත්රවරූප ඓශචය්ය්ැවිසම්පත්තීන් යුක්ත වූ බ්රාිහ්මණකුමාරකෙනකුන්ට



334												සද්ධර්මාදලඞකාරය 

විවාහ කොට සරණ පාවා දුන්හ. එකල්හි ඒ රූපදේවීන් එක නැළියක් පමණ සාල් ඇරැගෙන අහර පිසන්නට පටන්ගත් කල්හි උන්ගේ1 කුශලතේජසින් කැමැති කැමැති මත්ස්යල මාංස ආදී වු අනෙකප්රේකාර සුපව්යජඤජන ද කිරි වෙඬරු ගිතෙල් ආදි වු පඤචගොරස ද දුරු මිරිස් ආදී නු කුළුබඩු ද කෙහෙල් වැළ වරකා අතිරස උකසකුරු ආදී වු ප්රදණීත උපකරණ ද යන් සියල්ල ම බාජන පුරා වෙන වෙනම පහළ වන්නේ ය. ඒ කුමාරිකාවන් අතින් අල්වන ලද යම් කිසි කන බොන දෙයක් ඇත් නම් ඒ සියල්ල ම කෙතෙක් දවස් කල් යවා තුබුව ද පිළිහිණි2 නොවන්නේ ම ය.

තවද ඒ රූපදේවීන් එක ම බත්සැළියක් තබාගෙන ඒ දෙවපුත්රෙපුවරු වසන හැම ජනයන් සිත් වූ පරිද්දෙන් බඩ පුරා බත් අනුභව කරවුව ද ඒ සැළින් එක ම බත්සැන්දක් අරැගත් පමණ අවකාශය පෙනෙන බව මිස සැළෙහි3 බත් අඩු නොවන්නේ ම ය. එපරිද්දෙන් ම ක්ෂමය නොවන්නා වූ සියලු වස්තූන් ලබන ආශචය්ය්ඩු වත් වූ මහපින් ඇතියහ. අපමණ වූ ගුණනුවණ ඇතියහ. රූපයෙන් අගුප්රායප්තයහ. ඉතා කන්කලු වූ ළඳබොළඳ ප්රිුය තෙපුල්4 ඇතියහ. මෙසේ ඒ කුමාරිකාවෝ පෘථිවිලතයෙහි පහළ වීම හා සමඟ පුෂ්ප ඵලපල්ලවයෙන් සශ්රීඇක වූ සාලකල්යාකනවෘක්ෂථයක් සේ බාල කාලයෙහි ම සියලු ගුණනුවණ ප්රි4යවචන රූපඓශචය්යාර්‍ සම්පත්තීන් ආදියෙන් සමෘඬ ව ලොකප්රවසිඬ වූහ. ඒ බව එ ම රූපදේවීන්ට හඟවන පිණිස සඬඝරක්ෂි ත නම් මහතෙරුන් වහන්සේ විසින් කියන ලදී :-

“ත්වඬමෙවං දෙවලොකස්මිං5 වින්ද්මානා මහායසං, අඬානං විතීනාමෙත්වාෙ, නිබ්බුතෙ ගොතමෙ ජිනෙ.

ජම්බුදීපෙ ඉදානි ත්වං්, නිබ්බතතා උදිතෙ කුලෙ, පුඤ්ඤපඤ්ඤගුණාවාසා, රූපෙනග්ගා පියංවදා” යි.

මෙසේ ඒ කුමාරිකාවෝ ඒ දේවපුත්රරනුවැරැ හැමතන්හි හිර සඳ සේ ප්රේසිඬයහ. පර්වරජාතියෙහි පුරුදු කළ6 දානාධ්යානශසහෙතු බලයෙන් ලද්දා‍ වූ ශ්රේඬා ඇති ව සහ පන්සියයක් දෙනාවහන්සේට ආරාධනා කොට නිරන්තරයෙන් මහදන් සරහා තමන්ගේ ගෙහිදී ම දන් වළඳවන්නාහ. එකල්හි ඒ භික්ෂූන්වහන්සේ අතුරෙන් සිවුපිළිසිඹියා පත් රහත්බවට පැමිණියා වු මහාසඞඝ



මහාසේන වර්ග ය 335

රක්ෂිනත නම් එක් තෙර කෙනෙකුන්වහන්සේ ඒ රූපදෙවීන්ගේ විශේෂවත් වූ රූපසම්පත්තිය හා අනූනන වූ පරිවාරබොගසප්බත් ආදි කොට ඇති නො‍යෙක් ශ්රීනසම්පත්තීන් බලා වදාරා ගියදවසැ කෙසේ වූ1 පින්කමක් කොට ලද්දා වූ සම්පත්තියෙක් දෝ හෝ යි පරීක්ෂාල කරන සේක් අතීත කාලයෙහි උන් විසින් කරන ලද්දා වූ මේ යටැ කියන ලද2 කුශලවිශේෂය තමන් වහන්සේගේ දිවැසින් බලා දැක වදාරා3 මේ කුමාරිකාවෝ වනාහි දැන් තමන්ගේ අතීතජාතිය දක්නා තරම් දිව්ය ඥානයක් නැති හෙයින් තමන් විසින් පෙරජාතියෙහි පුරුදු කරන ලද්දා වූ හෙසජජදානමය කුශලකමර්යන ඒකාන්තයෙන් ම නොදන්නාහ. එබැවින් මේ රූප දෙවියන්ට භවයෙන් සැඟවුණා වු ඒ කුශල විශෙෂය ප්ර කාශ කොට කීයෙම් වී නම් යෙහෙකැයි සිතා දවසෙකැ ඒ රූපදේවීන්ගේ ගෙයිදී ම අහර වළධා ඉක්බිති අනුමෙවුනිබණ4 වදාරනසේක්, එම්බා රූපදෙවීනි, දැන් ඉතා ආශචය්ය් වත් වූ මෙබඳු මේ සම්පත් ලැබීමට හේත වන සේ තොප5 විසින් ගිය දවසැ කළ කුශල කර්මඒය දනු දැයි විචාළසේක.

එවේලෙහි රූපදේවී කියන්නාහු6 ස්වාමීනි, අතීතානාගත වර්තනමානය යන තුන්කල් දන්නා වූ බුඬපුත්ර්යාණන් වහන්ස, මා විසින් අතීතජාතියෙහි කළ කුශලාකුශල දැක්මට නිසි වූ දැන් මාගේ දිව්යවඥානයක් නැති වුව. එසේ හෙයින් ඒ කෙසේ කියම් ද? දැන් මේ කවර පින්කමෙකින් කෙසේ ලත් සැපතක් පවක් නො දනිමි. එබැවින් මාගේ ඒ කුශලවිශේෂය විශේෂයෙන් ම දැන් අසනු කැමැත්තෙමි යි ආරාධනා කළහ. එකල්හි ඒ සඞඝරක්ෂි්ත නම් මහතෙරුන් වහන්සේ මහත් වූ ඝනතරතිරයකින්8 පහ කොට විචිත්ර වූ චිත්රනකර්මාතන්තයක් දක්වන්නා සේ ඒ රූපදෙවීන් විසින් අතීතභවයෙහි කරන ලද්දා වූ කුශලකර්ම‍ය හා එම කුශලකර්මදයෙන් ලද්දා වූ සම්පත්තිවිශෙෂය සං‍ෙක්පෙ වශයෙන් සංග්ර හ කොට මේ ‍යථොක්ත වූ ගාථාදොළසින් ගෙනහැර දක්වා වදාරා මත්තෙහිදු එ රූපදෙවීන්ට අවවාදයෙන් ධර්මනදෙශනා කොට වදාරනසේක් :-

“එතා තෙ දෙවලොකස්මිං, 8 දෙවිස්සරියමබ්භුතා, ඉමං තෙ ඉධ ලොකස්මිං, සබ්බං මානුසිකං සුඛං.

විපස්සිමුනිනො කාලෙ, තුවං තස්සේකභිකඛුනො, 10 දින්නදානෙ ගිලානස්ස, තස්සෙතං11 ඵලමිදිසං,


336 සද්ධර්මාාලඞකාරය

කාතබ්බං හි සදා පුඤ්ඤං, ඉච්ඡනෙත්තා සුඛප්පදං, තස්මා ත්වං සබ්බදා භද්දෙ, උස්සුක්කා කුසලේ බව” –

යනාදීන් එම්බා රූප‍දෙවීනි, තොප එකලැ දිව්යවලෝකයෙහි ඉපද එකානුකපක් මුළුල්ලෙහි වින්දා වූ ඒ දිව්‍ත්ෙඑශචය්ය්යවසය ද එයින් අවුත් දැන් මනුෂ්යපලෝකයෙහි ඉපද ලද්දා වූ මෙබඳු මේ මනුෂ්යකසම්පත්තිය ද යන සියල්ල ම විපස්සී නම් වූ බුදුන් සමයෙහි ඒ එක ගිලන් භික්ෂූචන්වහන්සේට තොප1 විසින් ඒ එකද දෙන ලද්දා වූ බෙහෙත්ආහාරදානයෙහි කුසලයෙන් ලද්දා වූ සම්පතත්සමූහ ය. 1 එබැවින් මතු සියලු දිව්යලමනුෂ්යදසම්පත් සාධා කෙළවරැ නිවන්සැප විඳිනා කැමැත්තා වූ සත්පුරුෂයන් විසින් හැමකල්හි අප්රරමාද ව තමතමා ශක්ති පමණින් කුසල් කටයුත්තේ ය.

එසේ හෙයින් එම්බා රූප දෙවීනි, තෙපි මෙසේ පූර්වැජාතියෙහි ඒ එක ගිලන් භික්ෂුමන්වහන්සේට එකදා දුන්නා වූ බෙහෙත් ආහාරදානයෙහි කුසලයෙන් බොහෝ කාලයක් දිව්යනලෝකයෙහි සැප විඳ දැන් මේ ජාතියෙහි ඉතා ආශ්චය්ය්දිවවත් වූ මෙබඳු මේ සම්පත්තීන් ලදුව. එබැවින් පහනින් පහනට යන්නා සේ මතු එන දවැසැ ජාතියෙන් ජාතියෙහි වඩවඩා සැප විඳිනා පරිද්දෙන් අප්රසමාදී ව නිරන්තරයෙන් කුසල් කිරීමෙහි විය්යඑර්‍ කරව යනාදීන් අවවාද කොට බණ වදාළසේක. ඉක්බිති රූපදෙවී නම් වූ ඒ කුමාරිකාවෝ මෙසේ ඒ මහතෙරුන් වහන්සේ ගෙනහැර දක්වා වදාළ තමන්ගේ පූර්වෙචරිතය හා අවවාදධර්මරය අසා අපමණ වූ සන්තෝෂයට පැමිණ එ තැන් පටන් දවසින් දවසැ වඩවඩා නිරන්තරයෙන් දානාදී වූ දශවිධ කුශලධර්මටයෙහි ම යෙදී බොහෝ කුශලසම්භාරයන් රැස් කෙරෙමින් මෑතභාගයෙහි එ ම කුශලසන්තෝෂයෙන් සෝවාන් ව උතුම් වූ ආය්ය්ගයෙශ්රා විකාබවට පැමිණියහ.

කුසල් කිරීමෙහි3 කිසි ආනිසංස විශේෂයෙන් නොදන්නා වූ එබඳු ළඳබොලඳ බාලකුමාරිකාවෝ පවා පහන් සිතින් දවසෙකැ එක් භික්ෂු කෙනෙකුන් වහන්සේට බෙහෙත් ආහාරදානයක් දී4 එ ම කුශලානුභාවයෙන් එ තැන් පටන් ඒකානුකපක් මුළුල්ලෙහි කිසි දුකක් නො විඳ දිව්යනමනුෂ්යඒ ලෝකදෙක්හි අනර්ඝද වූ නොයෙක් ශ්රීාසම්පත්තීන් ලැබ මෙසේ ප්රිමාණාතික්රාඒන්ත වූ සැපත් වින්දාහ. එසේ හෙයින් කුසල් කිරීමෙහි විපාක ඇති බව ඉඳුරා දන්නා වූ පින්වත් සත්ත්වවයෙනි, තෙපි හැම මතු ශාන්ත වූ ප්රතණීත වූ අමෘතමහානිර්වාසණසම්පත්තිය

1.ඨි 2.සමුහයබල 3.එසේ හෙයින් කුසල් කිරිමෙයි 4.බෙහෙත් ආහාරයක් දන් දි


මහාසේන වගීය 337

කවරහෙයකින්1 නො ලබව් ද, ඒකාන්තයෙන් ලබන්නාහු ම ය. එබැවින් තමහට හිත කැමැති සත්පුරුෂ සත්ත්ව යෙනි, දැන් මේ බු‍ඬොත්පාදකාලයෙහි අප්ර මාද ව පින්කම් කොට එන දවසැ සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් දිව්යදමනුෂ්යප සම්පත් විඳ අමාමහනිවන් දක්නට2 උත්සාහ කළ මැනැවි.

කියන ලදුයේ මැයි:-

“ඉති තරුණකුමාරි පුඤ්ඤකම්මේසු සාරාං අවිදිතගුණමත්තා දත්වප භික්ඛුස්ස දානං, දිවමනුජසුඛං සා‘ලත්ථව තුමෙහ භවන්තා විදිතකුසලපාකා කිං න ලබිහෙථ සන්තිං” යි.

මෙ‍තෛකින් මෙහි තුන් වන රූපදෙවිවස්තුව කියා නිමවන ලදී.

34. විෂමාලොමවස්තුව

තවද මෙහි සතර වන විෂමලොමවස්තුව නම් කවරැ යත්?

යටැ ගිය දවසැ අනල්පකල්පකාලයක් මුළුල්ලෙහි බුඬරාජ්ය ය පිනිස පිරූ පාරමිතා ඇති ව මෙම කපැ තුන් වන අනතඃකල්පයෙහි බුඬරාජ්ය‍යට පැමිණියා වු කාශ්යවප නම් බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ අටවිසිරියන් බුදුබදින් තුන්ලොව බබුළුවා සියලු ම සසර දුක් දුරු කොට මුළුලොවට හිතසැප එළවමින් විසිදහසක් අවුරුද්ද්ට ආසිරි ඇති ව වැඩවසන සමයෙහි එක්තරා පුරුෂයෙක් බුදුන් කරා එළැඹ බණ අසා සාසනයෙහි පැහැද ශ්රරඩසම්පත්තියෙහි3 යෙදී පහන් සිතින් භික්ෂුි සඞඝයාවහන්සේට මිහිරි වූ බොහෝ අන්නපානයන් හා පාසිවුරු කාබහන් පෙරහන් ආදිය ද4 කිරි දී වෙඬරු ආදි පඤචගෝ රසවයන්5 යුක්ත ලහබත් ද සැරයටි හැඳ පුටු පිටහටු පිඩගම්6 පෙරෝනා පලස් ආදිය ද නිරෝගීනිර්යාටි හධිබව පිණිස සිද්දිඟුරු වගපුල් ආ‍දී වු කුළුබඩු හා දර පළනා පොරෝ වග්ගිනි7 ආදිය ද යන මෙකී සියල්ල ම පහන් සිතින් දන් ‍දෙමින් නිරන්තරයෙන් පන්සිල් රැක පොහොයැ පෙහෙවස් රැක මෙසේ ජීවිතාන්තය දක්වා නොයෙක් පින්කමින්8 දවස් යවා ආයුකෙළවරැ නිඳාපිබිදියාක්හූ මෙන් දිව්යොලෝකයෙහි දිවසත්රුවනින් විසිතුරු වූ දෙළොස් යොදුන් උස ඇති රන්විමනෙකැ උපන.

338 සද්ධර්මා ලඞකාරය

එසේ හෙයින් කියන ලදී :-

“කස්සපස්ස මුනින්දකස්ස, කිලෙ අඤ්ඤතරො නරො, සම්බුදධමුපසංකම්ම, සුත්වා ධම්මං සුදෙසිතං.

පටිල දධස්යදදඨා හුත්වා්න, සීලවන්තස්ස භික්ඛුනො, මධුරන්නපානෙ පවුරෙ, අදාසී සුමනො තදා.

අදාසි චීවරෙ පත්තේ, තථෙව කායබන්ධීනෙ, අදා ඛීරසතාකඤ්ච, බහූ කත්තරයට්ඨිසො.

අදා සුඵස්සයං දානං, මඤ්චපිඨාදිකං තථා, පාවාරකම්බලාදීනි, අදා සීත නිවාරණං.

අදා හෙසජ්ජදානාති, ආ‍රොගත්ථාකය භිකඛුනං, එවං නානාවිධං පුඤ්ඤං. කත්වාොන තිදිවං ගතො” යි.

මෙසේ දෙව්ලොවැ උපන්නා වූ ඒ දිව්ය පුත්රා තෙම මහත් වූ දිව්යදමහිමයෙන් යුක්ත ව1 නොයෙක් දහස්ගණන් දිවඟනන් හා අපමණ දිවසෙනඟ පිරිවරා විශේෂ වූ දිව්යයලීලාවෙන් යුක්ත ව නන්විසිතුරු රන්විමන්හි වසනුයේ ඒ ඒ තන්හි රඟමඬුලු බැඳ දිව්ය ස්ත්රීසනි විසින් දක්වන ලද නෘත්යහගීතවාද්යහයන් හා නානාවිධ වීණාගායනාදි වූ නොයෙක් දිව්යතසම්පත්තීන් සන්තුෂ්ට වෙමින් ජීවිතාන්තය දක්වා අපමණ වූ නොයෙක් දිවසැපත් විඳිමින් ඒ දිව්ය ලෝකයෙහි වැස අප බුදුන් පිරිනිවී දෙසියසොළොස් හවුරුද්දක් ගිය කල්හි දෙව්ලොවින් චුත ව සුවාසූදහසක් රාජදානීන් විරාජමාන වූ ‍දඹදිව්තලෙයහි එ ම දිව්යුපුරය මෙන් ඉතා රම්යව වූ පළලුප්නුවරැ ආඥාචක්රවවර්තී වූ ධර්මහශෝත නම් මහරජහුගේ අගමෙහෙසුන් බිසවුන්2 කුසැ පිළිසිඳ දසඑකඩ මස්ප ඇවෑමෙන් මව්කුසින් බිහි විය. එකල්හි ඕහට නම් තබන්නාිහු හිසකේ විෂම ව හට ගත් හෙයින් විෂමලෝමකුමාර ය යි8 නම් තුබූහ.

ඉක්බිති ඒ රජකුමර ක්ර8මයෙන් වැඩී විඥබවට පැමිණ මහත් වූ කායබලයෙන් හා ඥාන බලයෙන් යුක්ත විය දුටු දුටුවන් ලමු4 කරවන තරම් විශිෂ්ට වූ රූපයක් ඇත්තේ ය. ඉතා පියකරු ය. ප්රමසාද එළවන්නේය. ස්වර්ණිප්රරතිබිම්බයක් සේ මනොඥ වූ වර්ණයසම්පත්තීන් යුක්ත ය. මහත් වු යසසින් හා පරිවාර සම්පත්තීන් සමෘඬ විය. මෙ තෙකැයි පමණ නැත්තා වූ සියලු උපභොගපරිභොගවස්තුයෙන් ආඪ්යඬ විය. බුඬරත්නය මාගේ ම ය, ධර්මුරත්නය මාගේ මය, සඞඝරත්නය මාගේ ම ය යි මෙසේ තුනුරුවන් කෙරෙහි මමත්වමවය ඇති ව වාසය කරන්නේ ය.

මහාසේන වර්ගවය 339

එසේ හෙයින් කියන ලදී :-

“තත්ථන දිබ්බවිමානම්හි, උප්පන්තො සො මහිද්ධිකො, දෙවච්ඡරාපරිවුතො, දෙව‍ෙසනාපුක්ඛතො.

දිබ්බේහි නච්චගීතෙහි, දිබ්බදිත්තතතිහි. මොදමානො අනෙකෙහි, දිබ්බසම්පත්තියා යහ.

යාවතායුං තහිං ඨත්වාි, ජමබුදීපෙ මනොරමෙ, පුරෙ පාටලිපුත්තමහි, ධම්මාසො‍කස්ස රාජිනො.

පුත්තෙ හුත්වා්න නිබ්බත්ති, මහාථාමො මහාබපලා, මහායසො මහාභොගො, ආසි බුඬදිමාමකො” යි.

මෙසේ ඒ රාජකුමාරයාන් කප්රුකක් සේ සියලු සම්පත්තීන් සමෘඬ ව වසන සැඳෑ එක් දවසෙකැ ධර්මාසශෝක රජ්ජුරුවෝ කෙළනා සඳහා සූවාසුදහසක් රජදරුවන් විසින් පිරිවරන ලදු ව අපමණ බලසෙනඟ හා යානවාහන සහිත ව සිත් සේ කෙළිමින් ක්ර්මයෙන් ගොස් හිමාලවනයට වැද අභිප්රාසය කාලයක් මුළුල්ලෙහි එහි කෙළ ඇවිද නැවත නුවරට එන්නාහු ක්ර මයෙන් අවුත් චන්ර්ුල භාගා නම් ගංඟාවට පැමැණියහ. ඒ ගඟ වනාහි පුළුලින් සතර ගව්වක් හා ගැඹුරෙන් තුන්ගව් පමණ ඇත්තේ ය.1 එකල්හි ඒ ගඟ මහවැස්සක් වැස වතුරු හෙළා පෙණබිබුළුමාලාවෙන් ආකූල ව ගල්කුළු සේ දිවන මහත් රළපතරසමූහයෙන් යුක්ත ව දෙපැස ඉවුරු පැහැර ඇන හෙළමින් අතරුවාගෙන දහස් ගණන් පෙණ මවා මහත් වූ ශ්වාසදවනි පවත්වමින් සියවෙසින් නික්මුණා වූ අතනන්තයා සේ අතිභයඞකර ව හල හල නාද පවත්වමින් අභිනව තඹවනතුරු2 මහාවේගයෙන් දිවන්ට පටන් ගත.

එකල්හි ධර්මාිශෝකරජ්ජුරුවෝ මෙසේ මහසැඬවතුරු දිවන්නා දැක තමන්ගේ පිරිසට කියන්නාහු එම්බා සගයෙනි, මෙ තන්හි සිටියා වූ මේ පිරිස් අතුරෙන් මේ ගඟට බැද සිය පීනා එතෙර පලායන්ට සමර්ථ වූ වීරපුරුෂයෙක් ඇද්දැයි විචාළහ. එ තෙපුල් අසමින් ම විෂමලෝමකුමාරයෝ අවුත් රජ්ජුරුවන් වැඳ දේවයන්වහන්ස, මම මේ ගඟ පිනා එතෙර ගොස් නැවත රේරකු සේ ඇසිල්ලෙකින් පීනාගෙන මෙතෙර දිවෙමි, මඳක් බලා වැඩසිටිය මැනැවැයි කියා3 රජ්ජුරුවන් යහපතැයි ගිවිසි කල්හි කච්චිය4 මිරිකා හැඳ කරල්5 කොට හිසකේ ගොතැ පිටැ හෙළා ගං ඉවුරෙහි සිට අටළොස්රියනක් උස අහසට පැන ඉස්බත්


340 සද්ධර්මාඉලඞකාරය

පමණ තෙනැ1 ගං මැඳැ වැටී ගඟැ සරසැ දිවන මහතල්මසකු සේ දියැ පීනන්ට පටන්ගත්හ. මෙසේ මහසැඬැවතුර සරසැ කපා පීනා ගෙන යන්නා වූ රාජකුමාරයෝ එතෙරැ මෙතෙරැ යන එන ඇසිල්ලෙහි තමන් කන්නට ආවා වූ කිඹූලුන් දැක මහත් යමුරෙකින් රිවිසුඹුළු තළන්න‍ාක් සේ2 අතින් පැහැර සුණු විසුණු කොට තළා එක්සිය විස්සක් කිඹුලුන් මරා හැර පීනාගෙන අවුත් දියෙන් ගොඩැ නැඟී රජ්ජුරුවන් වැඳ එකත්පස් ව සිටියාහ.

එ පවත් දුටු රජ්ජුරුවෝ භයින් තැති ගෙන මේ රජකුමර මා මරා ලුහුබඳවා මතු රජසැපත පැහැර ගනී නමුදු සමර්ථ ය. එබැවින් කල් නො යවා දැන් ම මොහු මරවාපුව මැනැවැයි සිතා නුවරට අවුත් වන්නාහු3 විෂමලොමකුමාරයන් ගෙන්වා අමාත්යයවරුන්ට පාවා දී සිරගෙයි ලැවූශ. මෙසේ සිරගෙයි වසන්නා වූ විෂමලොමකුමාරයන්ට සාරමසෙක්4 ඉක්මිණ. ඉක්බිති ඒ සාරමස ඇවෑමෙක් දවසෙකැ රජ්ජුරුවෝ සැටරියන් දිග ඇති උණදඬු සැටමිටියක් ගෙන්වා ගෙන ඇතුළෙහි ගැට හරවා ශුඬ කොට එහි තුළ යකඩනාරාසන5 බහා රාජාඞගණයෙහි තබවා6 විෂමලෝමකුමාරයන් සිරගෙයින් පිටත් කරවා ගෙන්වා ගෙන අමාත්යමවරුන්ට විධාන කරන්නාහූ එම්බා සඟයෙනි, මේ විෂමලොමකුමාරයන් තෙල6 එක් ව බැඳි හුණු දඬු සැටමිටිය මේ කඩුවෙන් පැහැර එකි එකී පහරින් සතරගුල් කොට වහා ‍පොලු ගසා දමන්ට කියව. එ පරිද්දෙන් පොලු ගැසිය නො හේ නම් දැන් ම ඔහු මරව යි නියෝග කළහ.

එ තෙපුල් අසා විෂමලොමකුමාරයෝ කියන්නාහු දේවයන් වහන්ස, මම දැන් සාරමසක් මුළුල්ලෙහි සිරගෙයි විසීමි. සාදුකින් පීඩිතයෙමි. ඉතා ම ආහාරයෙන් මිරිකිණිමි. ඉඩපුරා බතක් ලදිම් නම් මේ හුණදඬු සැටමිටිය අලමදන් සේ පොලු ගසා වගුරුවාපියමි කීහ. එ බස් අසා එම්බල, තට ආහාරයෙක් නම් නැත. පිළිවන් වී නම් තෙල7 හුණදඬු සැටමිටිය වහා පොලු ‍ෙගනපියවයි8 කී කල්හි එසේ වී නම් පොකුණට බැස පැන් බී පියන්ට මඳක් අවසර දෙව යි කීහ9 යහපතැයි ගිවිස පොකුණට කැඳවාගෙන ගිය කල්හි විෂමලොමකුමාරයෝ පොකුණට බැස ඉස් සෝධා නහා දියයටැ කිමිද කලල්මඩ බඩ පුරා අනුභව කොට පැන් බී පොකුණෙන් ගොඩැ නැඟී සිට කඩුපත අතින් ගෙන විදුලියක් සේ හිසවටැ සිසාරා මහාජනයා කුහුල් ව බලබලා සිටියදී ම ගරුඩපෝතකයකු සේ අටායුරියනක් අහසට පැන


මහාසේන වර්ග ය 341

නැඟී එක් ව බැඳි හුණදඬු සැටමිටිය තෙබුදඬුමිටියක්1 කපකපා හරනා සේ මුඳුනෙහි පටන් සතර සතරඟුල් කොට පොලු ගසා හෙළා රාජාංගණයෙහි විසුරුවමින් බැස මුලැ මහත් යකඩනාරාසනයට2 පැමිණ කඩුව පැහැර “ක්රීින්” 3 යන ශබ්දය අසා ඇතුළෙහි නාරාසනය4 බද දැන අතැ තිබූ කඩුව දමා හඬහඬා සිටියහ.

ඒ දැක කුමක් පිණිස හඬා දැයි රාජපුරුෂයන් විචාළ කල්හි එම්බා, මේ සිටියා වු මනුෂ්යයන් අතුරෙන් මට හිතකාමී වූ මිත්රුයෙක් ඇත් නම් මේ හුණදඬුඇතුළෙහි යකඩනාරාසන5 ඇතිබව කියන්නේ ම ය. මම වනාහී සැබවින් මේ හුණදඬු ඇතුළෙහි යඳඬු තුබූ බව දනිම් නම් මේ සියල්ල එ එකි එකි අගුල් කොට පොලු ගසා දමන්නෙම් වේ දැයි කීහ. ඉක්බිති ධර්මාඑශෝකරජ්ජුරුවෝ මෙසේ විෂමලොමකුමාරයන් කළ පුරුෂ ව්ක්රතමය දැක ප්රෝසන්න වූවාහු එ දවස් ම යුවරජතනතුරු දී බොහෝ සැපත් දුන්හ.

මෙසේ ඒ කුමාරයන් එකල්හි ලද්දා වූ ඒ ශක්තිසම්පත්තිය නම් ඔවුන්ගේ ජාතිගොත්රලකුලප්රඒදේශාදිශක්තිබලයෙකුත්7 නො වෙයි. සෙසු ප්රාඔණඝාතාදි වු දුශ්චරිතයෙහි බලයෙකුත් නෙ වෙයි. යළි කවරක්හුගේ බලයෙක් ද යත හොත්? කාශ්යයප බුද්න් සමයෙහි භික්ෂු්සංඝයා වහන්සේට දුන්නා වූ දානයාගේ හා සෙසු පිරූ සුචරිතධර්මනයාගේ බල ය. එසේ ‍හෙයින් සසරැ සිටිනා තෙක් කල් මුළුල්ලෙහි සියලු භවභෝගසම්පත් විඳිනා කැමැත්තා වූ හැම සත්ත්වුයින් විසින් දානාදි වූ කුසල් නම් දෙය ඒකාන්තයෙන් කළමනා දෙයෙක් ම ය. තවද තමා සිතින් පවිත්රද කොට පන්සිල් අටසිල් ආදිය ද රක්ෂාල කටයුත්තේ ය. සෙසු භාවනා නැත යටත්පිරිසෙයින් තිලකුණු පමණක් වි නමුත් සලකුණු කිරීම් වසයෙන් භාවනා ‍කට යුත්තේ ම ය.

එසේ හෙයින් කියන ලදී:-

“කාතබ්බං කුසලං තස්මා, භවසම්පත්තිමිච්ඡතා, පාලෙතබ්බමතො සිලං, භාවතෙබ්බා ව භාවනං” - යි.

මෙසේ විෂමලොමකුමාරයෝ යුවරජතනතුරු ලදින් මහත් වූ ‍ෙඑශචය්යයර්‍ විඳිනාහු මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන්


342 සද්ධර්මාචලඞකාරය

වහන්සේ ආදි කොට ඇති මහාසඞඝයා වහන්සේට සිවුරුපිඬු සෙනසුන් බෙහෙත් ආදි වු සිවුපසදානයෙන් හා නොයෙක් කප්පිටභාණ්ඩ දන් ‍දීමෙන් බොහෝ සත්කාර සම්මාන කොට නිරන්තරයෙන් පන්සිල් රැක පොහොයැ පෙවෙස් රැක ජීවිතාවසානයෙහි තමන්ගේ කම් වූ පරිද්දෙන් ස්වර්‍මෙපදපරායණ වූහ. මෙසේ තමන්ට1 හිත කැමැත්තා වූ සත්පුරුෂජනයෝ දිවිහිමියෙන් බොහෝ පින් කොට සසරැ උපනූපන්ජාතියෙහි නොහයක් භවභෝගසම්පත් ලබන්නාහ.

එබැවින් පින්වත් සත්ත්ව යෙනි, තොප හැම විසිනුදු එපරිද්දෙන් ම තොපතොපගේ2 විභවානුරූපයෙන් අප්ර මාද වකුසල් කොට මතු දිව්යතමනුෂ්යතසම්පත් විඳ අන්තයෙහි අජර වූ අමර වූ නිර්වාලණපදය අත්පත් ‍කරන්ට උත්සාහ කටයුතු

කියනලදුයේ මැයි:-

“එවංවිධං සුචරිතං සුමනො කරිත්වාත භාගිස්ස නෙකවිභවස්ස භවාහවෙසු, තුමෙහිපි හො සුචරිතං විභවානුරූපං කත්වාින නිබ්බුතිපදං කරහං කරොථ” යි.

මෙ තෙකින් මෙහි සතර වන විෂමලොමවස්තුව කියා නිමන ලදී.

35. ඉන්ද ගුත්තවස්තුව

තවද මෙහි පස් වන ඉන්ද ගුත්ත වස්තුව නම් කවරැ යත්?

හේ මෙසේ දතයුත.

අප මහාගෞතම බුදුන් පිරිනිවී දෙසිය අටලොස් වන හවුරුදු දඹදිවැ පැළලුප්නුවරැ ආඥාචක්රරවර්ති වූ ධර්මාුශෝක මහරජ3 මුළු දඹදිව එක්සත් කොට රාජ්යවය කරන්නේ ය. ඒ රජහුගේ ආඥාව දහදහසක් යොදුන් මුළුදඹදිව්තෙලෙහි පැතිර අහසින් යොත්තෙක, පෙළොවින් යොත්තෙක, වටින් සාගරජලපර්යන්ත ව4 එකහෙලා පවත්නේ ය. සෙසු විශේෂ සියල්ල ම මතු කියන තෙහාතිකවස්තුයෙහි ප්ර කාශ වන්නේ ය. එකල්හි දඹදිවැ සුවාසුදහසක් රාජධානිවලැ ඔටුනුපළන් සුවාසුදහසක් රජදරුවෝ තමතමන්ගේ සිවුරඟයෙන් පිරිවරා අවුත් ධර්මා ශෝකරජහට උපස්ථාන පිණිස පිරිවරා සිටිති.


මහාසේන වර්ගරය 343

එ සමයෙහි දෙවපුත්රිනුවරැ දේවපුත්ර නම් රජ්ජුරුවෝ ද තමන්ගේ බලසෙනඟ පිරිවරා ධර්මා‍ශෝකරජ්ජුරුවන්ට අපස්ථානයට ගියහ. එකලැ ධර්මාඟශෝකරජ්ජුවෝ දෙවපුත්රව රජ්ජුරුවන් දැක මිහිරි වූ පිළිසඳරකථා කොට ඉක්බිති කිමෙක් ද රජ්ජුරුවෙනි, තොපගේ රාජ්යකයෙහි ගුණනුවණ ඇති ත්රිිපිටකධර්මරයෙහි දක්ෂර වූ බහුශ්රැ‍ත වූ සිල්වතුන්වහන්සේ ඇද්දැයි විචාළහ. එතෙපුල් අසා දේවපුත්ර්රජ්ජුරුවෝ එසේ ය1 මහරජ, අපගේ නුවරැ සිහගුම්බ2 නම් මහත් විහාරයෙක් ඇත්තේ ය. 3 එහි නොයෙක් දහස්ගණන් මහා සංඝයා වහන්සේ වැඩවසනසේක, ඒ හැමදෙනා වහන්සේ ම සිල්වත්සේක, ගුණවත්සේක, අලෙපච්ඡසේක, සන්තුෂ්ටසේක, විවේකකාමිසේක.

ඒ භික්ෂූසන් වහන්සේ4 අතුරෙහි5 සියලු අත්ථී කථාවන් හා සමඟ ත්රිකපිටතධාරිවු ඉන්දකගුත්ත නම් මහතෙරකෙනෙකුන් වහන්සේ ඒ හැමදෙනාවහන්සේට ම ප්රරධාන ව වස‍නසේක. උන්වහන්සේ නොයෙක් පරිද්දෙන් දෙවිමිනිසුන් සහිත වූ භික්ෂු‍සංඝයා වහන්සේට ත්රිහපිටකධර්මනයෙන් මෙලෝ පරලෝ හඟවා සේක් ම ය7 තමන් වහන්සේගේ එ ම ගුණධර්ම්ය නිසා හිරසඳ සේ ලෝකප්රසසිඬ‍සේක. බොහෝ දෙනාය කුසල් වඩමින් වැඩවසනසේකැයි කිහ.

එතෙපුල් අසා සන්තුෂට වු ධර්මා ශෝකරජ්ජුරුවෝ ඒ ඉන්දධගුත්ත නම් මහතෙරුන් වහන්සේ දක්නා කැමැති ව සබඳ, තෙපි ම ගොස් මාගේ ආරාධනාවෙන් මහ තෙරුන් වහන්සේට ආරාදනා කොට අපගේ නුවරට කැඳවාගෙන එව යි කීහ. එකලැ දේවපුත්රනනුවරැ රජ්ජුරුවෝ ඇති ඇස් බලාව‍ාගෙන් ආදී වූ මහසෙනඟ පිරිවරා නැවැත තමන්ගේ දේවපුත්ර‍නුවරට අවුත් ඉන්දිගුත්ත මහතෙරුන් වහන්සේ සමීපයට එළැම පසඟ පිහිටුවා වැඳ එකත්පසිව හිඳ පිළිසඳරකථා කොට ඉක්බිති තමන් ආ කටයුතු දන්වන්නාහු ස්වාමීනි, ධර්මාඉශෝකරජ්ජුරුවන් වහන්සේ ඔබ දක්නා කැමැති ව ආරාදනා කොට කැඳවාගෙන යන පරිද්දෙන් මා එවා වදාළසේක. කරුණා කොට වැඩ වදාල යහපතැයි කිහ. එතෙපුල් අසා මහතෙරුන්වහන්සේ ද යහපතැයි ගිවිසසේක.



344 සද්ධර්මාේලඞකාරය

දෙවපුත්රධරජ්ජුරුවෝ මහතෙරුන් වහන්සේ ආරාධනාව ගිවිස බව කියා නැවැත ධර්මාරශෝකරජ්ජුරුවෝ උපන්නා වූ මහත් සන්තෝෂ ඇති ව තමන්ගේ ආඥාව පවත්නා වූ දසදහසක් යොදුන් දඹදිව් තෙලෙහි රජදරුවන්ට කියා යවන්නාහු එම්බා සබඳිනි, හැමදෙන අපගේ ආය්යනර්‍ වූ1ඉන්දවගුත්ත මහතෙරුන් වහන්සේ පැළලුප්නුවරට වඩනා පරිද්දෙන් මඟදිගැ පීරා කණුමුල්2 කැටපහණ පහ කොට වළගොඩ තනා ඉඳුරා මඟ සරහා ලව යි කියා යවූහ. එතෙපුල් අසා සුවාසු සහසක් රාජධානිවලැ රජදරුවෝ තුටුපහටු සිත් ඇති ව තමතමන්ගේ ආඥා පවත්නා රටදනවු ආදියෙහි බෙර ලවා අන්තඃපුර පිටිපුරරට දනව්වැසි මහාජනයන් රැස් කරවා එම්බා සඟයෙනි, අප මහාගෞතමබුදුන් මහණ වන්නට වඩනා දිනයෙහි දසදහසක් සක්වළැ දිව්යඅබ්රදහ්මසේනාව නොයෙක් පූජාභාණ්ඩ ගෙන මේ එක මඟුල්සක්වළට රැස් ව ඉදිරියෙහි සැටදහසෙක් දෙවියෝ මිණිදඬුවැටපහන් ගෙන සිටියාහ. එසේ ම වම් ඇළයෙහි සැටදහසෙක් මිණිදඬුවැටපහන් ගෙන සිටියහ. පිටිපස්සෙහි සැටදහසෙක් මිණිදඬුවැටපහන් ගෙන සිටියහ. සෙසු දිව්යිසේනාව වටින් සක්වළගල දක්වා අතුරු නො හැර උතරුඋතුරුවා යන වතුරක් සේ උරෙන් උර ගසා මිණිදඬු වැටපහන් ගෙන නික්මුණාහ.

තවද සෙසු දේවතා‍වෝ ද නාගරාජයෝ ද ගරුඬරාජයෝ ද සත්වගයෝ ද යක්ෂසරාක්ෂනය සිඬවිද්යාෝධරාදීහු ද දිවමලින් දිවගඳින් දිවසුවඳින් දිවසුන්නෙන්3 දිවදුමින් පූජා කෙරෙමින් නික්මුණාහ. දෙවියන් දමන පරසතුමලින් මඳාරාමලින්4 හා අසුරයන් දමන ‍පළොල්මලින් හා නයින් දමන කඩුපුල්මලින් හා මෙසේ අතුරු නො දී දමන දිවමල් වර්ෂමවාවෙන් එ දවස් ආකාහකුහරය අනවකාශ විය. තවද පඤචාඞගික තුය්ය්ා භාණ්ඩ ගෙන දිව ආවා වූ ගන්ධඅර්ව. දිව්යාපුත්රවයෝ ඉදිරියෙහි අටසැටදහසෙක් තූය්යාර්‍ නාද කෙරෙමින් නික්මුණාහ. දකුණැළයෙහි අටසැටදහසෙක් තූය්යරර්‍ නාද පවත්වමින්5 නික්මුණාහ. වම්ඇළයෙහි අටසැටදහසෙක් තූය්යරර්‍ නාද පවත්වමින් නික්මුණාහ. පිටිපස්සෙහි අටසැටසහසෙක් පමණ දිව්යමබෙරිනාදයෙන් පූජා කෙරෙමින් නික්මුණාහ. අවශේෂ වූ දිව්යමගන්ධනර්වායෝ සිටිනා අනික් අවකාශයක් නැතිහෙයින් සක්වළගල සිසාරා සිට ගත්හ. එ දවස් පැවැති දිව්යඅතූය්ය්ැ ඝෝෂාව



මහාසේන වර්ගගය 345

මහාසමුද්ර්මධ්යයයෙහි මෙඝනාදයටත් වඩනේ ය. යුගන්ධනරපර්වෝත සමීපයෙහි සාගරනාදයටත් වඩනේ ය. අහස් පොළෝ දෙක එකපැහැර ගුගුරන්නා වූ ශබ්දයක් වැන්නැයි කිය නොහැක්ක. එ දවස් තූය්ය්න් ඝෝෂාව පොළෝතෙලෙහි පටන් ගෙන අකනිටා බඹලෝ දක්වා එකනින්නාද විය.

තවද බුදු වන දිනයෙහි සියලු දිව්ය බ්රනහ්මනාගසුපර්ණායදිහු නිල්තරාහෝඅසැ සල්වනෙහි පටන් ගෙන මහබෝමැඩ දක්වා මේ දෙ අතුරෙහි මාර්ගසය පුළුලින් අටසියයක් රියන් පමණ තන්හි හෙරිතලයක් සේ තනා කළුවැලි පියා සුදුවැල්ලෙන් තවරා නානාවර්ණ දිවකුසුම් විසුරුවා දෙපැසැ පහන් දල්වා නන්විසිතුරු තොරනින් හා පූර්ණැඝටපූර්ණ්කලසමාලා‍වෙන් අලඞකාර කොට සරහා නොයෙක් පූජාභාණ්ඩ ‍ෙගන බුදුන් පුපුදා නික්මුණාහ. එයින් මහාකාල නම් නාගරාජයා සැටදහසක් නානළුවන් පිරිවරා ස්තුති ගී කියකියා බුදුන් පෙරටු ව නටනටා නික්මිණ. සෙසු නාගසුපර්ණගයක්ෂබරාක්ෂරස ගරැඩගන්ධනර්ව.සිඬවිද්යාපධරාදි1 දිව්ය දේවතාදීහු2 දිවමල් දුවසුවඳින් පුදමින් නික්මුණාහ. දසදහසක් දක්වළැ දෙවියන් කරන නොයෙක් පූජාවෙන් හා සුවඳින් මලින් සාධුකාරයෙන් මුළු සක්වළ පිරී සිටගත. 2

අප බුදුන් දම්සක්පැවැතුන්සූත්රළය3 දෙසන දවස් දස දහසක් සක්වළ අසුරයන් වන් ශක්රපපුරය සේ හැළලී දිව්යර නාගයෝ කඩුපුල්මල් ගෙන දිවූහ. ගරුඩයෝ මහපියුම් තුඩින් කඩාගෙන දිවූහ. ගන්ධලර්වකයෝ තූය්ය්් භාණ්ඩ ගෙන දිවූහ. අසුරයෝ ‍පළොල් මල් ගෙන දිවූහ. දෙවියෝ පරසතුමඳාරාදි වු දිවමල් ගෙන දිවූහ. බ්රිහ්මයෝ සේසත් ගෙන දිවූහ. මෙසේ ආවා වූ දිව්යිබ්රිහ්මයන් අතුරෙන් දෙළොස් යොදුන් උස ඇති දසදහසක් බ්ර හ්මරාජයෝ තුනයොදුන් වට ඇති දසදහසක් සේසත් බුදුන් සිරසට මතුමත්තෙහි අල්වා සිට ගත්හ. දස දහසක් ශක්රසයෝ එක්සිය විසිරියන් ජයතුසක් තමතමන්‍ තුඩැ තබා පිඹිනට පටන්ගත්හ. දසදහසක් සුයම්දෙවියෝ චාමර ගෙන සැලූහ. දසදහසක් සන්තුෂිතයෝ මිණිතල්වැට ගෙන සැලූහ. සෙසු දෙවියෝ රන්තොරණ රිදිතොරණ මිණිතොරණ4 රන්ඇගැ රිදිඇගෑ මිණිඇගෑ5 රන්පියුම් රිදීපියුම් රන්මල් රිදීමල් රන්කරඬු රිදීකරඬු රිදිසුණු රිදීදම් ආදී වු පූජාභාණ්ඩ ගෙන සිටියාහ.


346 සද්ධර්මාුලඞකාරය

එකලැ දෙවියන්ගේ ඒ පූජාකෝලාහලයෙන්1 බ්රාිහ්මණඬය දක්වා එකකොලාහල විය. තවද බුදුන් කිඹුල්වත්නුවරට වඩනා දවස් බුදුන්ට පෙරගමන් කරන්නා වූ ශාක්යලරජදරුවෝ මඟ සරහා2 නොයෙක් අලඞකාරයෙන් හෙබියා වූ සෙළොස්හැවිරිද් පන්සියයක් සිටුකුමරැවන් සරහා සුවඳමල්දම් දී පළමුකොට පෙරමගට යවා දොළොස්හැවිරිදි සිටුකුමරියන් පන්සියයක් සරහා මහනෙල්මල්කලප් අතට දී දෙවැනි ව නික්මවා තුන් වැනි ව පන්සියයක් ශාක්යලකුමරුවන් මහමඟුල් පෙරහරින්3 නික්මවා සතර වැනි ව පන්සියයක් ශාක්යය කුමරියන් සරහා නික්මවා පස් වැනි ව එක්ලක්ෂන සැටදහසක් ශාක්ය‍රජදරුවෝ මහපෙරහරින්3 ගොස් මහත් වූ පූජාවෙන් සුවඳින් මලින් බුදුන් පුදමින් නිග්රෝ ධාරාමයට වඩාගෙනාහ.

සැවැත්නුවරට වඩනා දවස් අනේපිඬුමහසිටාණෝ ජේතවනොද්යාටනය ඒ ඒ තන්හි ධජපතාකා පුන්කලස් කෙහෙල් තොරණ පිළීතොරණ ආදියෙන් දිවඋයනක් සේ අලඞකාර කොට තමන් පුතණුවන් සර්වාොභරණයෙන්සරහා පන්සියයක් සිටුකුමරුවන් පිරිවර කරවා පස්පැහැයෙන් දිලිසෙන පන්සියයක් ධජපෙළ හා සමඟ යවුවාහු ය. ඔවුන්4 පස්සෙහි මහාසුභද්රාන නම් සිටුදුව හා චුල්ලසුභද්රාි නම් සිටුදුව හා දූන් දෙන්නා දෙව් කුමරියන් සේ සරහා සමවයස් ඇති පන්සියයක් සිටුකුමරියන් හා සමඟ පන්සියයක් රන්කලස් කුලස්ත්‍රීන් හා සමඟ සර්වාුභරණයෙන් සරහා පන්සියයක් රන්පාන දී යවූහ. ඒ සිටු දූන්5 ඉක්බිති ව කොසොල් රජ්ජුරුවන්ගේ දූ වූ සුමනා නම් රාජකුමාරිකාවෝ පන්සියයක් රජකුමරියන් පිරිවරා පන්සියයක් රථ නැඟී සර්වාපභරණයෙන් සැරැහී ශක්රජපුරයෙන් නික්මුණු දෙවඟනන් රැසක් සේ සුවඳමල්කරඬු ගෙන එකපෙළ නමා ගත්හ.

ඒ රාජකුමරියන්6 ඉක්බිති ව පන්සියයක් ඇමැතියෝ ද සර්වාකභරණයෙන් සැරැහී මල්කලප් ගෙන නමාගත්හ. ඔවුන්4 ඉක්බිති ව නුවරවැසි මහාජනයෝ සියලු අලඞකාරයෙන් සැරැහී නොයෙක් පූජාභාණ්ඩ ගෙන මහවතුරක් සේ නික්මුණාහ. ඔවුන් හැමදෙනා ම මෙසේ ගිය ඉක්බිති අනේපිඬුමහසිටා‍ණෝ පන්සියයක් සිටුකුමරුවන් හා සමඟ අළුත් සුදුදාවලලුපිළී හැඳ පූජා


මහ‍ාසේන වර්ගහය 347

මඟුල්වෙස් ගෙන සුවඳමල් ගත් අත් ඇති ව බුදුන් පෙරමඟට ගොසින් දැක වැඳ පුදා මහත් වූ පූජාපෙරහරින් වඩාගෙනවුත් දෙව්රම්වෙහෙර පිළිගැන්වූහ.

තවද බුදුන් තව්තිසා දෙව්ලොවට වැඩ දෙවියන්ට විජම්බණ වදාරා මිනිස්ලොවට වඩනා දවස් ශක්රවදේවෙන්ර්න්ටයෝ මෙරමුඳුනෙහි පටන් සක්සපුරදොර දක්වා බුදුන් වඩනා සේ සත්රුවන්1 හිණක් මවා නොයෙක් පූජාභාණ්ඩ ගෙන දෙවියන් බස්නා සේ දකුණැළයෙහි රන්හිණක් මවා බ්රාහ්මයන් සේසත් ගෙන බස්නා සේ වම්ඇළයෙහි රිදිහිණක් මවා තුබූහ. ඒ හිණිතුන ම සුවාසුදහසක් යොන්නටත්2 වඩා දිග් ව සිටියේ ය. හිණිහිස මහමෙර මුඳුනෙහි විය. හිණිපාමුල සකස්පුරදොරැ විය. බුදුන් දිවසෙනඟ පිරිවරා මඬ්යහයෙහි සත්රුවන්හිණින්3 බස්නට පටන්ගත් වේලෙහි දසදහසක් ශක්රහදේවෙන්ර්රුවයෝ දසදහසක් ජයතුරාසක් පිඹිමින් රන්හිණැ පෙතපෙත්තෙහි සිටගත්හ. දසදහසක් සුයම්දෙව්රජහු දසදහසක් මිණිචාමර ගෙන විහිදුවමින් පෙළසැදී4 සිටගත්හ. දසදහසක් සත්තුෂිතරාජයෝ දසදහසක් මිණිතල්වැට ගෙන සැරැහී5 සිටගත්හ. දසදහසක් සුනිර්මිතරාජයෝ7 නොයෙක් පූජාභාණ්ඩ ගෙන සිටගත්හ. දසදහසක් පරිනිර්මිත රජහු මහත් උත්සවයෙන් බුදුන් පුදපුදා සිටගත්හ. වම්භාගයෙහි රිදිහිණැ දසදහසක් සහම්පතිබ්රෙහ්මරාජයෝ තුන්යොදුන් වට ඇති සඳමඬුලු වැනි මහත් සෙස්ත් ගෙන සිටගත්හ. 8 අවශේෂ වූ බ්රඇහ්මරාජයෝ ද රිදිහිණැ පෙත්පෙත්තෙහි ඤබුදුන් පුදපුදා සිටගත්හ.

දකුණැළයෙහි රන්හිණැ මෙරමුඳුනෙහි පටන් සකස්පුර දොර දක්වා පෙතිපෙත්තෙහි අතුරු නො හැර සිටගත්තා වූ දිව්ය සේනාව රනුඇගෑයෙකැ පහන්පෙළක් දිලිසෙන්නා සේ ඒකාකාරයෙන් සිටගත්හ. වම්ඇළයෙහි රිදිහිණැ පෙතිපෙත්තෙහි සිටගත්තා වූ බ්රිහ්මසේනාව ද මෙරමුඳුනෙහි පටන් සකස්පුරදොර දක්වා එපරිද්දෙන් ම හිවිගැවසී ඒකාකාරයෙන් සිටගත්හ. එකලැ රන්හිණින් බස්නට අවකාශ මඳ හෙයින් දසදහසක් පඤචශිඛදිව්යසපුත්රලයෝ තුන්ගව් පමණ දිග ඇති දසදහසක් බෙලුවපණ්ඩු නම් දිව්ය්වීණාවන් ගෙන සුවහස්ගණන් තතින් සරහා ගව් පමණ දිග ඇති දසදහසක් වීණාපතින් එක පැහැර බුදුගුණ ගායනා කෙරෙමින් පනස් ‍පනස් යොදුනෙහි9 රඟමඬුලු බැඳ පෙළ සැදි බස්නට පටන්ගත්හ. දසදහසක් මාතලී


348 සද්ධර්මා ලඞකාරය

නම් දිව්යරරථාචාරීහු දහස් දහස් දිව්යු අශ්වයන් යෙදූ දසදහසක් වෛජයන්තරථ ගෙන නොයෙක් ධජපතාකා දිවමල්දම් ආදී වු පූජාපෙරහරින් අලඬ්කෘත කොට තමතමන්ගේ සුවහස්ගණන් දිව්යෙසේනාව හා සමඟ පෙළ පෙළ බස්නට පටන්ගත්හ.

දසදහසක් පමණ ඓරාවණ නම් දිව්ය හස්තිරාජයෝ තම තමන්ගේ එකි එකී ශරීරයෙහි තෙතිස් තෙතිස්1 කුඹ මවා එකි එකි කුඹෙහි සත් සත් දළ හා එකී එකී දළෙහි සත් සත් පොකුණු එා එකී එකි පොකුණෙහි සත් සත් නෙළුම්පඳුරු හා එකී එකී පඳුරෙහි සත් මසත් නෙළුම්මල් හා එකී එකී මලෙහි සත් සත් පෙති හා එකී එකී පෙත්තෙහි සිට නටන සත් සත් දෙවඟනන් හා සමාන තුන්ලක්ෂී සතලිස්දහසක් පමණ සොඬවැල්1 මුඳුනට නඝා එකවටැ3 ම තුන්ලක්ෂප සතලිස් දහසක් සේසත් බුදුන් සිරසට කෙරෙමින් ආකාශායෙහි පෙල පෙළ සැදී4 බස්නට පටන් ගත්හ. සෙසු නටානටා ගී කිය කියා වීණා ගගා දිවකුළල් පිඹපිඹ බුදුන් පුදපුදා බස්නා දෙවඟනන් හා දිවනළුවෝ මෙ තෙකැයි පමණ නැත. තවද අහස්කුසැ මුළුල්ලෙහි දෙවියන් මැවූ දිවමඩුළු දිවතොරණ රනු ඇගෑ රුවන් ඇගෑ, ධජ පුන්කලස් ආදී වූ නොයෙක් පූජාපෙරහර5 මෙ තෙකැයි පමණ නැත. සමන්තභද්රආ, ශාක්යදසිංහ, ශරණාගතවජ්රසපඤජර, ත්රිහභුවනචන්ර්ු , අබිදර්ම්මාතප්රපසව, දේවාතිදේව, ශක්රරතිශක්රි, බ්රනහ්මාතිබ්රයහ්ම යනාදීන් ස්තුති කෙරෙමින් බුද්න්ට ජයකාහළ පිඹපිඹ බස්නා දෙවියෝ ම මෙ තෙක් දහස් ගණනැයි කියා නිමවිය නො හැක්කාහ.

තවද බුදුන් විශාල‍ාවෙහි සිට රජගහනුවරට වඩනා දවස් විශාලාමහනුවරට වැසි සත්දහස්සතසියසත්රජුන් හා මහසෙනඟ සමඟ ව මඟ සරහා6 බුදුන් සිරසට සේසත් අටක් බැගින් අටතුරු දෙදා‍සක්7 සේසත් හා සමඟ ගං‍තෙර දක්වා මහපුදෙන් බුදුන් වඩා ගෙනාහ. එකලැ ගඟැ වසන දිව්යඟනාගයෝ එ පවත් දැක අපි ද බුදුන්ට පූජාවක් කරම්හ යි සත්රුවන්නැව් මවා ගඟදිය නොපෙනෙන සේ පස්පියුමෙන් සදා බුදුන් හා පන්සියයක් රහතන් වහන්සේ තමන්ගේ නාගභවනයට වඩාගෙන ගොස් දෙවන දා දිවබොජුන් වළඳවා තමන් ශක්ති පමණින් බුදුන් පුදා නාගභවනයෙන් මිනිස්ලොවට වඩා ගෙනාහ.

එකලැ භුමියෙහි වසන්නා වූ විමානස්ථ දෙවියෝ අපි ද පූජාවක් කරම්හ යි මේ සා මහත් සක්වළගැබ මුළුල්ලෙහි


මහාසේන වර්ග ය 349

නොයෙක් පර්ව තගිරිකුළු වෘක්ෂිලතා මුඳුනෙහි අවකාශයක් නැති ව යටත් වසයෙන් තණගසැ පිලගසැ වසන දේවතාවෝ නැති ව කුඩපිටැ කුඩ නඟා පූජා කෙරෙමින් සක්වළගබ1 සේසතින් වසා සිටගත්හ. මෙ ම ක්රැමයෙන් ඔවුනොවුන් බලබලා අකාශස්ථ දෙවියෝ ය. විමානස්ථදෙවියෝ ය, අග්රොවලාහක ය, උෂ්ණවාලාහක ය, ශිතලවගාහක ය, වස්සවලාහක ය යනාදි දෙවියෝ ය. චාතුර්මණහාරාජිකාදී සදෙව්ලෝවැසි2 දෙවියෝ ය. අරූතල අසංඤ තලයන් හැර පසළොස්බඹතෙලෙහි බ්ර්හ්මයෝ ය යි හැම දෙව්බඹහු අපි ද ඒ උතුමාණන් වහන්සේට පූජා කරම්හ3 යි ඔවුනොවුන් පරයා දිව අවුත් නාගභවනයෙහි පටන් අකනිටා බඹලොව දක්වා මුළුලොව සේසතින් වසා සිටගෙන පූජාවට පටන්ගත්හ. එකලැ බිම්සරරජ්ජුරුවෝ ද බුදුන් සිරසට සේසත් සොළසක් බැගින් සොළොස් තුරු සාරදහසක් සේසත් හා සමඟ මහත් වූ පූජා කෙරෙමින් යොදනින් යොදනෙහි සතප්වසතප්වා රජගහනුවරැ වේළුවනාරාමයට වඩාගෙනාහ.

එබඳු පූජාසත්කාර ලබන බුදුන්ට පවා පෙරැ දාගබ්මළු ‍වෙකැ වටාපතක් සා තැනැ පරඬලා‍‍ දුරු කළ කුශලයෙන් විශාලාමහනුවරැ පටන් රජගහනුවර දක්වා අටයොදුන් මඟ පුළුලින් සියක්රියන් පමණ තෙනැ හෙරිතලයක් සේ තැනුම් ලද. එ ම දාගබිමළුවෙහි එකතුරුපටින් ගෙනවුත් බහාලු වැලි සු‍ඟෙකැ අනුසසින් ඒ අටයොදුන් මඟ සුදුවැල්ලෙන් තැනුම් ලද. එ ම දාගබ්මළුවෙහි එකුතුරුපටින් ගෙනවුත් බහාලූ වැලි සු‍හඟෙකැ අනුසසින් ඒ අටයොදුන් මඟ සුදුවැල්ලෙන් තැනුම් ද. දාගබට පිදූ මල්මිටෙහි අනුසසින් ගංඟාව ඇතුළු ව නවයොදුන් මඟ පස්වනක් මලින් සැදුම් ලද. එ ම දාගබ්මළුයෙහි කමඬලාවෙන් ඉස ලූ පැන් අතලොස්සෙහි අනුසසින් තුන්සියයක් යොදුන් විශාලාමහනුවැරැ පොකුරුවැසි වැසපී ය. එ ම දාගබට පිදූ වියතක් පමණ පතාකයෙහි පිනිත් නාගභවනෙහි පටන් අකනිටා බ්රදහ්මලෝකය දක්වා දජපතාකයෙන් සැරැහී4 සිටගත. එ ම දාගැබට පුදාලු පත්කුඩයෙහි අනුසසින් නාලොවැ පටන් බඹලොව දක්වා අතුරු නො හැර උතරුවා සේසතින් සැදී සිටගත. මෙසේ බුදුන් පවා මෙබඳු පූජා ලබන්නේ පෙරැ කළ කුසලයෙන්ම ය. හේ එසේ මැයි. මුළුලොවට අග්ර දක්ෂිැණාර්හම වූ බුදුරජාණන් වහන්සේ හා එ ම බුදුරජාණන්වහනව්සේ වද‍ාළ ධර්ම ය වූ පරිද්දෙන් පිළිපදනා සංඝරත්නය උදෙසා පහන් සිතින් කරන ලද ස්වල්පමාත්රම වුත් සත්කාරගුරුකාරවන්ද්මානන පූජනාදියෙහි5 විපාක මෙ තෙකැයි යන ප්රුමාණයෙක් ;නැත්තේ ය. අප්ර5මාණ වේ ම ය.

350 සද්ධර්මායලඞකාරය

   	කියන ලද මැයි සක්දෙව්රජහු විසින් කොසාතකිවිමාන වර්ණේනාවෙහි :- 

“නත්ථිි චිත්තෙ පසන්තම්හි, අප්පිකා නාම දක්ඛිණා, තථාගතෙ වා සමබුදෙධ, අථ වා තස්ස සාවකෙ” යි.

එසේ හෙයින් මතු එපරිද්දෙන් ම පූජාසත්කාර ලබන සේ අප හැම විසිනුදු ඉන්දුගුත්ත මහතෙරුන් වහන්සේ වඩනා මඟ හෙරිතලයක් සේ සමතල කොට තනා රන්රිදීරඹතොරණ ආදියෙන් හා පිළිතොරණ පිළීමාලිඟා ආදි වූ නොයෙක් අලඞකාරයෙන් දිව්යිවීථියක් මෙන් සරහා පිළියෙළ කළ මනා ම ය. එබැවින් නොලස් ව වහා පලා එව යි විධාන කොට හැම රජ දරුවෝ තමතමන්ගේ රාජ්යනවාසීන් ගෙන තුමූතුමූ ම නික්ම දේවපුත්රර නුවැරැ පටන් පැළලුප්නුවර දක්වා මේ දෙයාතුරයෙහි පස්පනස් යොදුන් පමණ වූ මහමඟ දිගට වල් කප්වා කණුමුල්1 උදුරුවා වළගොඩ සම කරවා2 දෙවියන්ගේ දිව්යවවීථියක් පරිද්දෙන් නොයෙක් අලඞකාරයෙන් සරහා ධර්ම ශෝකරජ්ජුරුවන්ට එ පවත් කියා මෙසේ අස්නක් ලියා දී යවූහ. කෙසේ ද යත්?

“මහරජ්ජුරුවන් වහන්ස්, නුඹවහන්සේ විසින් ඉන්දිගුත්ත මහතෙරුන්වහන්සේ වඩනා මඟ සරහන පරිද්දෙන් අපට කියා එවූ මෙහෙවර නියාවට ම අප හැම විසිනුදු මඟදිඟැ ඇතුන් අසුන් කුඩකොඩි සේසත් ධජපතාකා සැප සේ ගෙනයා ‍හැකි පරිද්දෙන් මඟදෙපසැ වල් හරවා කණුමුල් උදුරුවා මහගල් පෙරළවා කැටපහණ පහ කොට වළගොඩ තනා පරඬල‍ා පහ කොට පැන් හිස හැමැද මනහර මුතුසුණු හා සමාන සුදුවැලි අතුරුවා ඒ ඒ තන්හි පිළිතොරණපඬ්ක්තිය, රන්තොරණපඬ්ක්තිය, කෙහෙල්තොරණ පඬ්ක්තිය,මල්තොරණපඬ්ක්තිස, පෙතිතොරණ පඬ්ක්තිය යනාදී වූ නානාප්රයකාර තොරණ පඬ්ක්තිය මතුමත්තෙහි අලඞකාර කොට සරහා නඟන ලදහ.1

එසේ ම ඒ ඒ තන්හි රන්ඇගෑ රිදීඇගෑ මල්ඇගෑ පඬ්ක්තීහු සකස් කොට සරහා ලන ලදහ. තවද මඟදෙපසැ රන්වැට ය, රිදිවැට ය, ලියවැටය, ලොහොවැට ය, දඬුවැට ය යනාදියෙහි සුවඳතෙල් වත් කොට පුදීපඬ්ක්තීහු දල්වන ලදහ. එසේම රත්පියුම් හෙළපියුම් රක්තොත්පල ශෙවතොත්පල නීලොත්පල තැඹිලිමල මහරුක්මල්ගොපලුපල්ලව4 යනාදියෙන් අලඞ්කෘත කොට


මහාසේන වර්ග ය 351

සුවඳදිය පරිපූර්ණ‍ ඝටපඬ්තීහුද තබන ලදහ. බඳනා ලද රන්ධජ රිදිධජ ආදියෙන් හි නීලපිතාදිනානාවර්ණප ධ්වජපතාකාසහස්රියෙන් මඟදෙපසැ මනවනය ගැවැසී සිටගත. මඳ මඳ පවනින් අහසට නඟන ලද ඒ ධජපතාකයෝ1 දෙවිබඹනාගුරුළු ආදී වු දිව්ය්සමූහයන් මිනිස්ලොවට අත්සන් කොට කැඳවන්නවුන් මෙන් ලීලෝපෙත ව හොඹනාහ.

නා සපු දුනුකේ ‍දොඹ මුහුළු ආදි වු ථලජකුසුමයෙන්2 හා රත්නෙළුම් හෙළනෙළුම් රත්උපුල් හෙළඋපුල් නිල්උපුල් හෙල්මැලි ආදී වු ජලජකුසුමයෙන් හා දැසමන් දෙඉද්ද පරසතු මදාරාදි වූ ‍නොයෙක් ලක්ෂුසුවහස්ගණණ් මල්දම්සමූහයෙන් සියලු මාර්ගයය එකහෙලා විචිත්ර් විය. දිය හිස හමනා ලද භූමියෙහි අතිධවල වූ පියවිළි අතුට මනහර දෑසමන් කැකුළු ආදී වූ ලදපස්මල් ඉස්නා ලද. නොයෙක් කුසුමාභරණාදීන් සරහන ලද. ඇත්අස්ආදීහු මාර්ග ය අලඬකාර කරන පිණිස ඒ ඒ තන්හි සිටුවන ලදහ. තවද ඒ ඒ තන්හි සිට තාග නො වරදවා ගසන ලද බෙරමුඬුලුමඬ්යායෙහි රඟ බැස නෘත්යි ගීතයෙහි දක්ෂ වූ දිව්යාාඞගනාවන් බඳු නාටකස්ත්රී හු නව නාට්යසරසයෙක් අතපෙත වූ තාත්ය ඞග දක්වමින් නටන සේ නියෝග කොට සිටුවන ලදහ. සමහරු දළහං ලෝහං වංගි වස්ඳඬු ආදිය ගෙන නද කෙරෙමින් සිටියහ. සමහරු භෘඞග වීණා3 නකුලවීණා දද්දවීණා ආදි වූ නානාප්ර්කාර වීණාවන් ගෙන තාර ය, කල ය, මන්දා ය යන තුන්ලයින් යුක්ත වූ මිහිරි ගි කියකියා ගායනානාද කෙරෙමින් සිටියහ.

එි සියලු ම මාර්ගකය සන්තුෂ්ට වූ ස්ත්රී පුරුෂයන්ගේ සාධු නාදයෙන් හා මුහුදුහඬ සේ ගැඹුරුහඬ ඇති හෙරිනාදයෙන් හා ඇත්න්ගේ කුඤචනාදයෙන් හා අසුන්ගේ හේෂාරවයෙන් හා සිංහ ව්යාේඝ්රන දිවි වලස් ආදි වූ නානාප්ර්කාරරූපපඞ්ක්තීන් හා ඇර බහුරූ ආදී වූ නොයෙක් වෙස් විසෙස් දක්වා නටා බස්නා අනේකප්රපකාර කොමාලිරූපයෙන්4 ගැවැසීගත්තේ ය. මග දෙපසැ දෙවඟනන් හා සමාන වූ මනහර බාලස්ත්රීපහු නොයෙක් හෙළපියුම් උපුල්මල් ආදියෙන් අලඞකෘත වූ පූර්ණ්ඝටපූර්ණ කලස මාලාවන් හා අටමගල ආදිය ගත්තා වූ භාවභාවලීලාවිලාසයෙන් යුක්ත ස්ත්රීගසමූහයෝ ද ඒ ඒ තන්හි සැරැහී5 සිටියාහ.


 352												සද්ධර්මාීලඞකාරය 

එසේ ම ඒ ඒ තන්හී ඉතා ප්ර්සන්න වූ සිහිල් මිහිරි ජලයෙන් යුක්ත පානීයමණ්ඩප ආදියෙන් මගදිග ශෝභමාන විය. මහාජනයන් සුව සේ බැස නහන බොන පිණිස මඟදෙපැසැ පොකුණු පතැස් ආදිය ද කණින ලද.1 තවද ඒ ඒ තන්හි මනහර දන්සල් කරවා උඳු මුං තෙල් පොල් සහල් ලුණු පැණි ආදී වූ නොයෙක් දානොපකරණ එහි රැස් කරන ලද. චන්ර්සහලභාගා නම් ගඞගාව තුන්ගවු පමණ ගැඹුරු හා සතරගවු පමණ පුළුලු ඇති හෙයින් ඒ ගඞගාව සරහාලන්ට අපට නොපිළිවන. එබැවින් එපමණක් තබා නොයෙක් පරිද්දෙන් අප විසින් කළමනා පුජාවිශේෂ සියල්ල ම සර්වකප්ර කාරයෙන් කරවා පිළියෙල කරන ලද. ඒ ගඞගාව සරහන්නා වූ උපයාක් නුඹ වහන්සේ ම දැන වදාළමැනැවැයි” දර්මසශෝක රජ්ජුරුවන්ට කියා එවූහ.

එසේ හෙයින් කියන ලදී:-

“මග්ගො සො සාධුවාදෙහි, හෙරීනං නින්දෙහි ව, 2 කරීනං කුඤ්චනාදෙහි, හයානං හෙසිතෙහි ච, නෙකවිටඞකසංඝෙහි, සො කරීහි සමාකුලො.

මග්ගසස උභතො පස්සෙ, දෙවකඤ්ඤුපමා සුභා, මාලාකලාපෙ පග්ගය්හ, තිට්ඨන්ති තුට්ඨමානසා.

තථා පුණ්ණඝටෙ ගය්හ, පදුමුප්පලසඞකුලෙ, අට්ඨමඞගලමුග්ගය්හ, තිටඨනති පමදා තහිං.

තහිං තහිං කතා ආසුං, දානසාලා මනොරමා, නිචිතාසුමනෙකාති, දානොපකරණානි ච. 3

එවං නෙකවිධං පූජා, අම්හෙහි පටිපාදිතා, ඨපෙත්වාවන මහාගඞගං, තං ජානාතු මහීපති” යි.

මෙසේ රජදරුවන් කියා එවූ අසූන් අසා ධර්මංශෝක රජ්ජුරුවෝ යක්ෂ යන් සොළොස්දෙ‍ෙනකු කැඳවා වහා ගොස් ගඞගාව අලඞකාර කොට සරහාලවයි මෙහෙවර කියා යවූහ. ඔහු4 සොළොස් දෙන ම තම තමන්ගේ පිරිවර හා සමඟ චන්දාවහාගා නම් ගඬගාවට ගොසින්තමන්ගේ ආනුභාවයෙන් තුන්ගව් පමණ ගැඹුර හා සතරගවු පමණ පුළුල ඇති මහාගඞගාව


මහසේන වර්ග ය 354

ඇතුළතැ පාදඛීල පිහිටුවා ගල්ටැම් සිටුවා දැව තුලාම් ඇද හිමාලවනයෙන් මාහැඟි රත්සඳුන්හර ගෙනවුත් පුවරු අතුට ගෙය ලවා දෙපසැ රන්තොරණ ආදියෙන් අලඞකාර කොට පූර්ණඅඝට පූර්ණැකලසමාලාවන් හා රන්රිදී දඬුවැට ආදියෙහි ලත ලද ප්රගදීපමාලාසහස්රකයෙන් හා හෙය දෙපසැ ඒ ඒ තන්හි රන්දම් රිදිදම් මුතුදම් සත්රුවන්දම් ආදියෙන් සරහා අලංකාර කොට ගෙය මත්තෙහි වැලි පිණිස ඔප් නගන ලද පැහැපත් වූ මුතු අතුට ජොතිරඞගපාසාණ ය යි කියන ලද ප්ර්භාසම්පන්න වූ මහත් මාණික්යපරත්නයන් ඒ ඒ තන්හි තබවා1 මුදුනෙහි නීලපිතලෝහිතාදි නානාවර්ණා මනහර වියන් බැඳ2 දිව්ය මය මලොලඹු එල්වා මෙසේ තමන් විසින් කළමනා පූජා අලඞකාර නිමවා මේ සියල්ල ම රජ්ජුරුවන් වහන්සේ දක්නාසේක්ව යි කියා ධර්ම ශෝක රජ්ජුරුවන්ට අස්නක් ලියා එවූහ.

එසේ හෙයින් කියන ලදුව:-

“ගාවුතත්යගම්භිරං, ගඞ්ගං යොජනවිත්ථුතං, ථම්හෙ පතිට්ඨපෙත්වායන, අනග්ඝං රත්තවන්ද නං.

හිමවන්තො හරිත්වාඨන, සෙතු තත්ථං සුමාපිතො, 4 තොරණා ච උභො පස්සෙ, රතනෙහි සුනිමමිතා.

පුණ්ණකුමඟධජාචෙ‘ව, පදීපාවලියො තථා උබො පස්සෙසු රතනාති, මාපෙත්වාා ලමබනා නිච.

සුවණ්ණමණිමුත්තාදි දාමෙහි සමලඞකතා -පෙ- නිටඨිතං ඉධ කාතබබං, යුත්තං පූජාවිධිං තු නො, දෙවො තං පටිජානාතු, ඉති වත්වාුන පෙසයුං” යි.

මෙසේ යක්ෂටයන් විසින් කියා එවු අසුන් අසා ධර්මාුශෝක රජ්ජුරුවෝ සතුටු ව තෙපි හැමදෙන ම ඉන්ද්ග්ර ත්ත මහතෙරුන් වහන්සේ කැඳවාගෙන එව යි කියා නැවත අස්නක් යවූහ. එකල්හි ඔහු5 යහපතැයි ගිවිස ඉන්දිගුත්තමහතෙරුන් වහන්සේ කරා එළැඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව සිට ස්වාමීනි, දැන් මේ පැළලුප්නුවරට වඩනා කලැයි ආරාදනා කළහ. ඉක්බිති ඉන්දනගුත්ත මහතෙරුන් වහන්සේ සැටදහසක් පමණ මහසඟපිරිස්6 පිරිවරා සරහා පිළියෙළ කරන ලද ඒ පස්පනස්යොදුන් පමණ වූ අද්ධානමාර්ගායට පිළිපන්සේක එකලැ දේවපුත්රනනුවරැ දේවපුත්රත රජ්ජුරුවන් හා මහාජනයෝ එක් ව අනේකප්රපකාර සුවඳමල්


354. සද්ධමාලඞකාරය

සුවඳසුණු ධජපතාකා ආදියෙන් හා ආතතවිතතාදි වූ අනෙකප්රේකාර හෙරිතූය්ය්ජප නාදයෙන් හා නෘත්යකගීතවාද්යහයෙන් පූජා කෙරෙමින් ඉන්ද්ගුත්ත මහතෙරුන් වහන්සේ පිරිවරා නික්මුණාහ.

එකලැ දඹදිව්තෙලෙහි සුවාසුදහසක් රාජධානිවලැ සෙසු රජ දරුවෝ එ පවත් අසා තමතමන් රාජ්යුවලැ මහසෙනඟ රැස් කරවා මඟදිගැ නොයෙක් පූජාපෙරහර ගත් මනුෂ්යක සේනාව ම අතුරු නො හැර සිටිනා සේ නියෝග කොට සර්වාතභරණයෙන්1 සැරැහී එසේ ම නානාලඞකාරයෙන් සැරැහුණා වූ චතුරඞ්ගිණිසේනාව පිරිවරා රන්ධජ රිදීධජ රන්පැන රිදීපැන රන්කලස රිදීකලස රන්කරඬු රිදීකරඪු රන්විසිරි රිදීවිසිරි රන්චාමර රිදීචාමර රන්පතැස් රිදීපතැස් ආදී වූ නොයෙක් රජ පෙරහරින් ඒ මාර්ගරය අතුරු නො දී පෙළපෙළ දී නික්මවා තුමු හැම අැත් අස් රථපාබළ පිරිසින් පිරිවරන ලදු ව මහමේගිගුමෙන් උද්දාම වූ සමූද්ර යක් සේ පසඟතුරුරැව් දෙවා මහපුද කරවමින් මගදෙපසැ අතුරු නො හැර සිටගත්හ.

ඉක්බිති ඉන්දරගුත්ත මහතෙරුන් වහන්සේ මෙසේ ජම්බුවීප‍වාසීන් විසින් කරන ලද මහත් වූ පූජාසතකාර විඳිමින් අනුක්ර මයෙන් දුරු කතර ගෙවා චන්ර් ල භාගා නම් ගඞගාවෙහි රත්සඳුන්මය පුවරුහෙය2 මුඳුනට පැමිණ එ තන්හි මහත් වූ පූජා අලංකාර බලමින් වැඩසිටිසේත් මෙසේ සිතූසේක:- කෙසේ ද යත්: මෙබඳු ඉතා උදාරතර වූ පූජාවිධානයෙක් දැන් මේ ජම්බුවීපතලයෙහි මා හුර අන්කිසිවක් හට ඇත්තේ නො වෙයි. මේ සියලු පූජා සත්කාර මා නිසා ම කරන ලද මේ දඹදිව්තෙලෙහි මට වඩනා කොනක් නැත. මම් ම උත්තමයෙමි, ජ්යෙකෂ්ඨයෙමි, ශ්රේනෂ්ඨයෙමි, අසදෘශයෙමි. මෙසේ සියලු උත්තමයන්ට වඩා මම් ම උත්තමයෙමි පූජ්යයයෙමි යි අභිමාන උපදවා වැඩසිටිසේක. එකෙණෙහි එක් රහත්කෙනෙකුන් වහන්සේ එ පරිද්දෙන් අභිමාන උපදවා අහඞකාරපුරස්සර ව ඉන්දඑගුත්ත මහතෙරුන් වහන්සේ වැඩිසිටි නියාව දිවසින් දැක එ තන්හි එළැඹ මහතෙරුන් වහන්සේවැඳ ඔබට අවවාද කරනසේක්:-

“මා මානස්ස වසී හොථ, මානං භත්තෙ වසීකතං, අනත්ථාදො සදා හොති, පාතෙත්වාසන භවාවටෙ.

මානොපලාලිතො සත්තො, තණ්හාපටිඝ්සඞගතො, මක්කටොරගසොණාදි, හුත්වාට ජායති ජාතිසු.

මා මානං සාමි පූජෙකි, අත්තානං පරිසොධය, අපරිසුද්ධාසයො භික්ඛු, දායකං න පරිතොසති.


මහාසේන වර්ගයය 355

“දදන්තානං සරන්තානං, පූජෙන්තානං සචෙ තුවං, මහපඵලං මහාභුකිං, කාමත්ථය නිබ්බුතා1”

යනාදීන් ස්වාමීනී, මාන්වථසග2නුවුව මැනැව යම්කිසිවෙක් මානවසඟ2ව වෙසේ නම් ඒ අභිමානය ඔහු සංසාරවෘත්තයෙහි හෙළාගෙන හැමකල්හි ඕහට බොහෝ අනර්ථ එළවන්නේය. වඩන ලද අභිමාන ඇති ව වෙෂතෘෂණාවශයට පැමිණියා වූ සත්ත්වා තෙම සසරැ ජාතියෙන් ජාතියෙහි වඳුරු බලු නාග යක්ෂස රාක්ෂෙස ච උපදනේ ය. එසේ හෙයින් ස්වාමීනි, අභිමානය උසස් කොට නො සිතා ස්වසන්තානය පිරිසිදු කළ මැනැව. මදමානමාත්සය්‍ර්යාසදීන් සකිලිටු වූ සිත් ඇති මහණතෙම තමහට ප්රැත්යමයදායක ව සිටි උපාසක ජනයන් සන්තෝෂ කරවිය නො‍ හෙයි. ඉදින් නුඹ වහන්සේට විචාරාදි වු චතුර්විධප්රටත්ය්ය දෙන්නවුන්ට ද පහන් සිතින් නමස්කාර කරන්නවුන්ට ද සැදැහයෙන් තම සිහි කරන්නවුන්ට ද කිසියම් පූජාසත්කාරයක් කරන්නවුන්ට ද යන සියල්ලවුන්ට ම මතු මහත්ඵල මහානිසංස වනු කැමැත හොත් උත්තමයෙමි, ජ්යෙතෂ්ඨයෙමි, ශ්රෙිෂ්ඨයෙමි යි යන අභීමානය හැර කෙලෙසුන් සිඳ ස්වසන්තානය පිරිසිදු කළ මැනැවැයි අවවාද වදාළසේක. ඒ අවවාදවචනය අසා ඉන්දනගුත්තමහතෙරුන් වහන්සේ සසරැ කලකිරුණු සේක් එ තන්හි ම සිට තිලකුණු මෙනෙහි කොට තමන් වහන්සේගේ කර්මසජශරීරයෙහි නුවණ පතුරුවා ‍උදයව්යුය වශයෙන්3 සංමණය කරනසේක් සියලු කෙලෙසුන් නසා සිවුපිළිසිඹියා හා සමඟ රහත්ඉවට පැමිණ මුළුලොවට අග්රරදක්ෂිකණිය ව4 මහාජනයාට කුසල් වඩවඩා5 මහත් වූ පූජාපෙරහරින් නික්මුණුසේක.

එකල්හි ධර්මා ශෝකරජ්ජුරුවෝ තමන් වසන පැළලුප් නුවරැ පටන් මංපෙත් සරහා දෙපසැ ධජපතාක පුන්කලස තනවා මහමඟදෙපසැ වනරාජී නැමැති මේඝරාජීන් පැනනැඟී ඉන්ර් මහචාපසහස්ර්යන් බඳු වූ විචිත්රනචිත්ර්කර්මා්න්තයෙන්6 හොබනා7 මහත් වූ නානාප්රනකාරතොරණසහස්රකයෙන් හා බුදුන් අවිද්යාමාන වුව ද ඔබගේ පුත්රා වූ සංඝරත්නය වඩනා විභූති බැලුව මැනැවැයි නානාලෝකධාතුයෙන් දිවඅවුත් වන් චන්ර්ාර බිම්බයන්8 බඳු වූ ශ්වේතවඡත්රදසහස්රනයෙන් හා තරුපෙළ සේ දිලිසෙන8 මිණිදඬු වැටප්රිදීපසහස්රයයෙන් හා පූජාවට දිව අවුත් ආකාශයෙහි සිට නටන දිව්යභනාටකයන් සේ ඒ ඒ දිගින් නඟන ලද පඤචවර්ණිධ්වජමාලාවෙන් හා දෙවියන් විමන් හා සමාන


356 සද්ධමාලඞකාරය

ආකාශයෙන් බැස දෙපස වසා සිටගත්තා සේ නානාලඞකාරයෙන් සදා පෙළ පෙළ දී නික්මන ලද රත්නමණ්ඩපඞ්ක්තීන් හා සංඟපූජාවට සියවෙසින් අවුත් මිහිමඩලට බට මහබඹ සේනාවක් සේ සේසත් අතින් ගෙන පෙළ පෙළ දී නටා බස්නා බඹරු‍පෙළින් හා දොහොත් මුඳුන් දිදී යන්ත්රළබලයෙන් නටනටා නික්මෙන පෙතැලිරූපෙළින් හා එසේ ම යන්ත්රළබලයෙන් ඇවිදිනා හස්තිඅශ්වාදී නානාරූපපඞ්ක්තීන් හා ඒ පූජා නමැති මහමුහුඳු මැද බිදෙන මහරළපතර සේ ඒ ඒ දික්හි යන්ත්රතබලයෙන් දිවන අශ්වරූපපඞ්ක්තීන් හා මෙසේ වෙන වෙන කියත් වර්ණනනා කොට නිමවාගත නොහැකි නොයෙක් පූජාපෙළහර ගෙන්වාගෙන මහබලසෙනඟ පිරිවරා අහස් පොළෝ දෙක එකවිටැ ගුගුරා පැනනංගා සේ මහත් වූ පූජා කොලාහලයෙන් එකනින්නාද කරවමින්1 පෙරමගට2 අවුත් ඉන්ද ගුත්ත මහ‍ෙතරුන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැඳ මහත් වූ සන්තෝෂයෙන් පිනපිනා සෙසු රජදරුවන් කරවූ3 පූජාවට දියුණුක්4 ව පූජා කරවන්ට පටන්ගත්හ.

දසදහසක් යොදුන් දඹදිව්තෙලෙහි සුවාසුදහසක් මහරජුන් හා මුළුදඹදිව්වැසියන් එකහෙලා රැස් කරවා මහත් වූ කුශලබලවික්රුම ඇති ආඥාචක්රිවර්තී වු දිව්යරසමාන මහිත ඇති එබඳු පින්වත් රජක්හු සැදැහයෙන් කරවන්නා වූ ඒ පූජා මහිමය කෙසේ වර්ණානා කෙරෙමි ද? සෙසු දෑ තබා එ දවස් ඒ පූජාසදමෘඞිය දැක සිහි එළවාගත නො හී හන්පිළී ගලවා කරට දමා උමතුවෙසින් නටන්නාහු5 කෙතෙක් දහස් ගණනැයි කියම් ද? එසේ ම ප්රීහතිවේශයෙන් මහත් ව සාධුකාර දෙන්නාහු6 කෙතෙක් දහස් ගණනැයි කියම් ද? නොයෙක් පුජා භාණ්ඩ ගෙන ඔල්වරහඬ ගසමින් පිළී හිසැ නටවමින් ඒ ඒ දිගින් දිව එන්නාහු7 කෙතෙක් දහස් සුවහසු ගණනැයි කියම් ද? අත්පොළසන් දිදී අසුරුසන් දිදී පැන පැන නටා බස්නාහු8 කෙතෙක් ලක්ෂපගණනැයි කියම් ද? රා බී මත් බඹුරන් මෙන් මහමුගුරු කරැ තබා ගෙන කට දල්වා දිව් ලෙලවා නටා බස්නා ළදරුපුරුෂයෝ9 කෙතෙක් දහස් සුවහස්ගණනැයි කියම් ද? ඉදිරියට දිව දිව එකත් නඟා ලෙලවමින් ගී කිය කියා වීණා ගගා නටන්නාහු10 කෙතෙක් දහස්ගණනැයි




තෙභාතික වර්ගවය 357

කියම් ද? දිව්යකගන්ධාර්ව යන් සේ නානාලඞකාරයෙන් සැරැහී ඒ ඒ තන්හි රඟමඬුලු බැඳ බෙර ගසන නටන ගී කියන නාටක ජනයෝ1 කෙතෙක් ලක්ෂුසුවහස් ගණනැයි කියම් ද?

මෙසේ නොයෙක් පූජාසත්කාර කරවමින් සැටදහසක් පමණ මහාසංඝයා වහන්සේ හා සමඟ ඉන්දිගුත්ත මහතෙරුන් වහන්සේ පැළලුප්නුවරට වඩාගෙනවුත් ධර්මා්ශෝක රජ්ජුරුවෝ ඔබගෙන් බණ අසා පැහැද පන්සිල් පිහිටා සක්මන් මණ්ඩප රන්පත් සුළුපා මහපා ආදියෙන් හා වහසල් පවුරුපදනමින් අලඞකෘත කොට නානාවිධකර්මුන්තවිශේෂයෙන් විසිතුරු වූ රජමහාවිහාරයක් කරවා පිළිගන්වා කැටි ව වැඩි සැටදහසක් දෙනා වහන්සේ හා සමඟ මහරහතුන් වහන්සේට පිටුපස දානයෙන් උපස්ථාන කළහ.

ඉක්බිති මහතෙරුන් වහන්සේ සියලු අතථිකථාවන් හා සමඟ ත්රිිපිටකධර්මේය ප්රකකාශ කොට දක්වමින් ජීවිතාන්තය දක්වා එහි ම වැස මහජනයාට කුසල් වැඩවුසේක.2 මෙසේ පූර්වකජන්මයෙහි කරන ලද කුසල් ඇති පුණ්යුවන්තයන්ට ඔවුන්ගේ ශිලාදිගුණධර්මරයන්ගේ ආනුභාවය හේතු කොටගෙන ලෝකවාසීහු උදාරතර පූජාසත්කාර කරන්නාහු ම ය. එසේ හෙයින් ඉන්දාගුත්ත මහතෙරුන් වහන්සේ ලද්දා වූ මේ පූජාව ඇසූ දෙවිමිනිසුන් සහිත සියලු සත්ත්වවයන් විසින් මෙ ම පූජාව දෘෂ්ටාන්ත කොට සිතාගෙන බුඬරත්න ය ධර්මයරත්න ය සඞඝරත්නය වි යන ත්රිනවිධරත්නය උදෙසා ආදරසහිත ව පූජා සත්කාර කිරීමෙන් කුශලසම්භාරයන් රැස් කළ මැනැවි.

කියන ලදුයේ මැයි:-

“පුරාකතානං භුවි පුඤඤකම්මිනං, ගුණානුභාවෙන මහෙන්ති එවං, සදෙවකා තං3 මනසී කරොන්තා 4 පුඤ්ඤං කරොථායතනෙ සදාදරා” යි. මේ මෙහි පස් වන ඉන්දාගුතතවස්තුව ය. ______________

මෙතෙකින් මේ සද්ධර්මා ලඞකාරයෙහි මහාසේනවර්ග නම් වූ දස වන පරිච්ඡේදය නිමි.


358 සද්ධමාලඞකාරය

11. පරිච්ඡේදය

11. තෙහාතිකවර්ගඞය

36. තෙහාතිකවස්තුව

තවද මේ සද්ධර්මා ලංකාරය එකෙ‍ාළොස් වන තෙහාතික වර්ග ය කවරැ යත්? එහි පළමු වන තෙහාතිකවස්තුව* මෙසේ දතයුතු.

යටැ ගියදවසැ දඹදිව බරණැස්නුවරැ වෙළඳ තුන්බෑකෙනෙක් මී වෙළඳාම් කෙරෙමින් තමතමන්ගේ අඹුදරුවන් හා සමඟ ජීවත් ‍ව වෙසෙති. ඔවුන් තුන්දෙනා‍ අතුරෙන් වැඩිමහලු වෙළඳාණෝ ප්රෙත්ය න්තජනපදයට ගොස් එහි වසන්නවුන් අතින් මිලයට මී ගනිති. මැඳිබෑවෙළඳාණෝ ගත් ගත් මී නුවරට ගෙනහැර දෙති. බාල වෙලඳාණෝ ගෙනා මී නුවරැ හිඳ විකුණති. එකලැ ගන්ධසමාදන පර්වලතයෙහි එක් පසේබුදුකෙනකුන් වහන්සේ වණරෝගයෙකින් ආතුර ව වසනසේක. එකල්හි අනික් පසේබුදුකෙ‍නකුන් වහන්සේ ඒ වණරෝගය මීපැණියෙන් පාසු වන1 බව දැන ගන්ධනමානපර්වණතයෙහි වැඩසිටි සේක් ම සිවුරු ගැට ගන්වා2 පාත්රවය අතින් ගෙන අහසින් ගොසින් බරණැස්නුවරැ වහසල්දොරසමීපයට බැස කවර වීථියෙකින් මී ලැබේ3 දෝ හෝ යි ආවර්ජදනා කෙරෙමින් වැඩ සිටිසේක.

එකල්හි එක් කුලගෙ‍යෙකැ4 බැළමෙහෙ කොට ජීවත් වන්නා වූ දුක්පත් ස්ත්රිගයක් කළයක් ගෙන පැනට යන්නී පසේ බුදුන් දැක මගින් පහ ව කළය බිමැ තබා පසඟ පිහිටුවා වැඳ විචාළා ය. 5 එකලැ පසේබුදුන් වහන්සේ එම්බා නැගණියනි, මේ නුවරැ භික්ෂාපටනය කරන්නවුන්ට කවර වීථියෙකින් මී ලැබේ දැයි විචාළසේක. එ තෙපුල් අසා ඒ ස්ත්රීීතොමෝ මී තිබෙන පිළ පෙනෙන තැනැ සිට අත දික්කොට ස්වාමීනි, තෙල ඉදිරියෙහි පෙනෙන්නේ මි විකුනන පිළ ය යි දක්වා ඉදින් පසේ බුදුන් වහන්සේ එතතන් මී නො ලත්සේක් වී නම් හිණැ තිබූ කඩ විකොට වි නමුත් මී ගෙන දෙනිමි යි සිත‍ා එතන්හි ම



තෙහාතික වර්ගිය 359

බලබලා සිටියා ය.1 එකල්හි පසේබුදුන්වහන්සේ ගෙපිළිවෙළින් ගොස් මීපිළ සමිපයට පැමිණිසේක. පිළැ හුන් වෙළඳාණෝ පසේබුදුන් දැක වහා හුනස්නෙන් නැඟී පෙරමඟට අවුත් පසග පිහිටුවා වැඳ අතින් පාත්රේය ගෙන වලයාධාරයෙකැ තබා මී කළයක් ගෙනවුත් පාත්රවයෙහි වත් කරන්නාහු යුහු ව නමාලූහ. එකල්හි මීපාත්රාය පිරි මුවවිටින් උතරුවාගෙන බිමැ වැගිර මිහිමඬල2 ගල‍ා සිටිගත.

ඒ බන දැක වෙළඳාණෝ අතිශයින් පහන් වූ සිත් ඇති ව ප්රාුර්ථනා කරන්නාහු, දැන් මේ පාත්ර ය පුරා මී දන් දුන්නා වූ කුශලයෙන් මතු දද දසදහසක් යොදුන් දඹදිව්තෙලෙහි ඒකච්ඡත්ර‍ නංවා රාජ්යුය කෙරෙමිව යි, පාත්රකය පිරි මුවවිටින් ඉතිර මී උඩැ නැගී පරිද්දෙන් ම මාගේ ආඥාව උසස් ව නැගී අහසින් රසාතලයට බට පරිද්දෙන් ම මාගේ ආඥාව මුළු දඹදිව් තෙලෙහි එකහෙලා පැතිර මහපොළවට බැස යටින් ‍යොදනෙකැ දක්වා පවතීව යි යනාද‍ීන් ප්රාබර්ථනා කළහ.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :-

“තත්ථය පත්තස්ස බුඬස්ස, වාණිජො සො පසාදවා, විස්සන්දයයනෙත් මුඛතො, පත්තපුරමධුං3 අදා.

පුණ්ණා ච උප්පත්තනං4 ච, පතිතා ච මහීතලෙ, දිසවා මධුං පසනේතා‍ සො, එවං පණිදහී තදා.

ජම්බුදී‍පෙ එකරජ්ජං, දානෙනානේත හොතු මෙ, ආකාසෙ යොජනෙ ආණා, භුමියං යොජනෙ තථා” යි.

මෙසේ ප්රාආර්ථනා කොට වෙළඳාණන් පාත්රනය පිළිගැන්වූ කල්හි පසේබුදුන් වහන්සේ ද ඒ මීපාත්රකය පිළිගෙන එ තන්හි ම වැඩසිට :-

“ඉච්ඡිතං පත්ථිදතං තුය්හාං, ඛිප්ප‍ෙම්ව සමිජ්ඣතු, පුරෙන්තු විත්තසඞකප්පා, චන්ර්ය ප පණ්නරසී යථා.

“ඉච්ඡිතං පත්ථිපතං තුය්හාං, ඛිප්ප‍ෙම්ව සමිජ්ඣතු, පුරෙන්තු විත්තසඞකප්පා, මණි ජොතිරසො යථා.”

යනාදීන් ඒ තොප සිතූ පැතූ දෙය වහා ම තොපට සිඬ වේ ව යි, තොපගේ චිත්තසංකල්පනාව පුරපසළොස්වක් දිනයෙහි පඤෙචාප‍කේලේශයෙන් විනිර්මුක්ත ව අහස් මැඳැ දිලිහෙන්නා වූ


360 සද්ධමාලඞකාරය

සෙ‍ාළොස්කලාපරිපූර්ණන චන්ර්් යා මෙන් සම්පූර්ණද වේව යි, තව ද ඒ1 තොප සිතූ පැතූ සියල්ල ම නොලස් ව ම සිඬ වේව යි, ඒ තොපගේ චිත්තසඞ්කල්පනාව හාත්පසින් සතරගව්වෙකැ පමණ තන්හි දව රෑ අඳුරු දුරු කර ඒකාකාරයෙන් දිලිහෙමින් කැමැති කැමැති වස්තු ප්රඅදානය කරන චින්තාමාණික්යරරත්නයක් මෙන් හැමකල්හි එ ඒකාකා‍ර ය ප්රාරර්ථනය වූ පරිද්දෙන් සම්පූර්ණ වේව යි යනාදීන් අනුමෙවෙනි2 බණ වදාරා නික්මුණුසේක.

එකල්හි මීපිළට මඟ දක්වා අතරමඟැ බලබලා සිටි ස්ත්රීෙතොමෝ වඩනා පසේබුදුන් දැක ඉදිරියට ගොස් වැඳ ස්වාමිනී, මී ලත්සේක් දැයි විචාළා ය. 3 එසේ ය, නැඟණියෙනි, ලදුම්හ යි වදාළකල්හි, ස්වාමීනි, ඒ වෙළඳාණෝ මී දන් දී කවර ප්රා ර්ථනාවක් කළෝ දැයි විචාළා ය. 3 මෙසේ මෙසේ මහත් වූ ආඥා තේජස් ඇති ව මුළුදඹදිවැ රාජ්යෝය කරන්නට ප්රා ර්ථනා කළෝ ය යි ඒ සියල්ල ම වෙනවෙන ම වදාළකල්හි එ පවත් අසා ස්ත්රීහතොමෝ පහන්සිත් ඇති ව එසේ වී නම් ස්වාමීනි, මිඩියට අනුග්රනහ‍ ‍කොට මෙ තන්හි මඳක් වැඩසිටිය මැනැවැයි කියාලා, නොලස් ව ගෙට ගොසින් පරණ ‍කඩරෙද්දක් ඇඳගෙන තමා ඉණැ තුබූ කඩ දියෙහි සෝධා ගෙනවුත් වට කොට අකුළා පසේබුදුන් පාමුල්හි තබා දන් දී ප්රාෙර්ථනා කරන්නී ස්වාමීනී, මේ මී දන් දුන්නා වූ වෙළඳාණෝ යම් කලෙකැ මුළුදඹදිව එක්සත් කොට රාජ්යදය කෙරෙද්ද, එකල්හි මම ඔවුන්ට ප්රිෙය වූ අග්රදමෙහෙසිකා වෙම්ව යි, දිව්යාළඞගනාවක හා සමාන වූ රූඇති වෙම්ව යි, මිහිරි වූ කන්කලු වූ තෙපුල් ඇති වෙම්ව යි, මහත් වූ යශස් හා පරිවාරසම්පත් ඇති වෙම්ව යි, මනා වූ පතිව්ර තාධර්ම යෙන් යුක්ත වෙම්ව යි, මුහුණ දැකීමෙන් ම ප්රිවය වෙමිව යි, මෙසේ ම යහපත් වූ සියලු කායවාක්ක්රිෙයාවෙන් සිතට සතුටු වඩවම්ව යි, හැමකල්හිම මාගේ ශරීරයෙන් ම ශිතෝෂ්ණාදී වු කැමැති කැමැති සෘතු ප්ර්දානය කෙරෙම්ව යි යනාදීන් මෙසේ ප්රාණර්ථනා කළා ය. 4

කීයේ මැ නො:-

“යදා තෙ මධුදො භනේත, බුභුජො හොති භූතලෙ, තස්ස හෙස්සං තදා භනේත, පියා අග්ගමහේසිකා

සුරූපා ච සුවාණී ච, සුයසා සුබ්බතා සුභා, අස්සං තස්ස පියා වාථ, මනාපා ඉච්ඡදා5 සදා” යි.

මෙසේ ප්රාසර්ථනා කළ ඉක්බිති පසේබුදුන්වහන්සේ ඒ ස්ත්රිනයට ද ඒ තොප සිතූ පැතූ සියල්ල ම එපරිද්දෙන් ස සිඬ

තෙහාතික වර්ගූය 361

‍ෙව්ව යි යනාදීන් අනුමෝදනා කරවා මහජනයා බලබලා සිටියදී ම සෘඞියෙන් අහසට පැනනැගී දික්කළ අතක් වක් නොකරන ඇසිල්ලෙහි අහසින් ගන්ධසමාදනපර්වඅතයට ම වැඩිසේක. ඉක්බිති ඒ වෙළඳ තුන්බෑයෝ එක් ව වරින් වරැ ගෙනා මී කළ හා එයින් ගත් මිල සියල්ල ම වෙන වෙන බලා පරීක්ෂා කරන්නාහු එක් මීකළයෙකින් වූ අය වැය දෙක ම නො දැක වැඩිමහලු දෙබෑයෝ අනික් මීකළය කොයි දැයි විචාළහ. එකලැ බාල වෙළඳාණෝ ඒ මීකළය තමන් පසේබුදුන්ට* දන් දුන් බව කියා ඒ දානයෙහි පින් හෝ අනුමෝදන් වුව මැනැව. නොහොත් ඒ මී කළය වටිනා1 මිල හෝ මා අතින් අරැගත මැනැවැයි කීහ.

එකල්හි වැඩිමහලු දෙබෑයෝ කියන්නාහු අපට ඒ මිලයෙන් දැන් කවර ප්රවයෝජනයෙක් වේ ද, තොප තමා මී දන් දුන්නේ කෙසේ වූ කෙනෙකුන්ට දැයි විචාළහ. එ තෙපුල් අසා බාල වෙළඳාණෝ මා මී දන් දුන්නේ පසේබුදුකෙනෙකුන්වහන්සේට ය, ඒ ප්රවතෙකබුඬවරයෝ නම් හිම්වතැ ගන්ධදමාදනපර්ව තයෙහි වෙසෙති. හිසමුඩු ය. කාසායවස්ත්රර2 පෙරවගෙන කුලගෙවලැ භික්ෂා්ටනය කොට ඇවිදිති. ඉතා ශාන්තදාන්තය හ. සිල්වත් ගුණවත්සේක. 3 යනාදීන් විද්යාාමාන ගුණ කීහ. එකලැ වැඩිමහලු වෙලඳාණෝ කිපී කියන්නාහු එම්බල, බ්රාීහ්මනචණ්ඩාලයෝත් කාසායවස්ත්රල2 පෙරව්ගෙන ඇවිදිනාහු ම ය. එබැවින් තොප අතින් මී දන් ගත්තේ චණ්ඩාලයෙකැයි සිතමි යි කීහ. මැදිබෑ වෙළඳාණෝ ඒ තාගේ පසේබුද්න් ගෙන ගොස් මුහුදින් එතෙරැ දමාපියව යි කීහ.

මෙසේ වැඩිමහලු දෙබෑයන් කියන ‍පරොස්බස්5 අසා බාල වෙළඳාණෝ කියන්නාහු මහේශාක්ය වූ මහානුභාවසම්පන්න පසේ බුදුන් වහන්සේට එසේ නොබිණුව මැනැව. සිල්වතුන් වහන්සේට එසේ නොබිණුව මැනැව. සිල්වතුන් වහන්සේට ආක්රොේශපරිභව බිණුවාහු මතු අපායෙහි ඉපද මහත් දුක් විඳිනාහ යනාදීන් ධර්මසයෙන් මුසු ව නොයෙක් කාරණා කියා ඔවුන් වළකා පසේබුදුවරුන් වහන්සේගේ ගුණ හා දානයෙහි අනුසස් ප්රළකාශ ‍ොට කීහ. එකලැ ඔවුන්ගේ දර්මාමන්විත කථා අසා වැඩිමහලුදෙබෑයෝ එසේ වී නම් මීදන් දුන්නේ ම යහපතැයි පහන්සිතින් පින් අනුමෝදන් වූහ. මෙසේ පින්



362 සද්ධමාලඞකාරය

අනුමෝදන් ව පසු ව ඔහු ඒ ජාතියෙන් චුත ව දිව්යේමනුෂ්යයලෝක දෙක්හි චුතිප්ර්තිසන්ධිා වශයෙන් සැරිසරා ඒ ඒ තන්හි මහත් වූ දෙව්මිනිස් සැපත් විඳිනාහු අප බුදුන් පිරිනිවී දෙසිය අටළොස් අවුරුද්දක් ගිය පසු එයින් මී දන් දුන් බාලවෙලඳා‍ ණෝ දඹදිවැ ධර්මා්ශෝක නම් රජ වූහ. මීපිළට මග කි ඝටවෙටිකාවෝ ඒ රජහට අසන්ධි‍මිත්රා් නම් අගබිසෝ වූහ. එකල්හි පසේබුද්නුට චණ්ඩාලවාදයෙන් උපවාද කළ වැඩිමහලු වෙළඳාණෝ නිග්රෝධ නම් මහ තෙර වූහ. පසේබුදුන් මුහුදින් එතෙරැ දමාපියවයි කී මැඳිබෑවෙළඳාණෝ ලක්දිවැ දෙවනපෑතිස් නම් රජ වූශ.

එයින් කීහ මහාවංශයෙහි:-

“අසොකො මධුදොසන්ධිැමිත්තා දෙවී තු වෙටිකා, චණ්ඩාලවාදි නිග්‍ේධාධෙ‍ා, තිසේසා සො පාරවාදිකො 1” යි.

මෙහි විස්තරකථාව මහාවංශයෙහි කි පරිද්දෙන් දතයුතු ය, මෙ තන්හි මම වනාහි ඔවුන්ගේ උත්පත්තිකථාක්ර මය පමණක් දක්වමි : තමහට හිත කැමැති සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු. කෙසේ ද යත්? යටැ කි පරිද්දෙන් මී දන් දුන් බාලවෙළඳාණෝ දෙවිලොවැ ඉපිද මහත් වූ දිව්යතසම්පත් විඳ එයින් චුත ව පැළලුප්නුවැරැ බින්දු සාර නම් රජහට පුත් ව උපන්හ. එකලැ ඒ රාජකුමාරයන්ගේ මුහුණ ඔප් නැඟූ රන්කැටපතක්2 මෙන් සියල්ලවුන්ට ප්රිනයකරු ව බබළන හෙයින් පියදාසකුමාර ය යි නම් තුබූහ.

තවද ඔවුන් පිය බින්දු සාර රජ්ජුරුවන්ගේ එක්සියයක් පුත් කුමරුවෝ අතියහ. එකලැ බින්දු්සාර රජ්ජුරුවෝ තමන්ගේ සුමන නම් වූ වැඩිමහලු පුතණුවන් යුවරජතනතුරෙහි සිටුවා ඒ පියදාස නම් පුතණුවන්ට අවනහිරටැ උදේනිනුවරැ රාජ්යටය දී යවුහ.එකල්හි ඒ පියදාස නම් කුමාරයෝ උදෙනිනුවරට යන්නාහු; අතරමඟැ වෙටිස3 නම් නුවරැ ලැගුම් ගෙන ඒ නුවරැ සිටාණන්ගේ වෙටිසදෙව්4 නම් දියණියන් තමන්ට අගබිසෝ තනතුරෙහි පිහිටුවා5 කැඳවාගෙන ගොසින් උදේනිනුවරැ රජ සිරින් වසන්නාහු මිහිඳු නම් කුමාරකෙනෙකුන් හා සංඝමිත්රාන නම් කුමාරිකාකෙනකුන් හා දරුදෙදෙනකු ලැබ දවසින් දවසැ වඩවඩ‍ා සියලු සැපතින් සමෘඬ ව නිස්සෝකී ව ස්වාස්ථයෙන් වාසය කෙරෙති. එසේ හෙයින් ඒ කුමාරයෝ එකලැ අශෝක කුමාර ය යන දෙවන නාමයෙකින් පුසිඬ වූශ. මෙසේ රජසිරි විඳ වසන ඒ අශෝකකුමාරයෝ කල්යාමෙකින් තමන් පිය වූ


තෙහාතික වර්ග.ය 363

බින්දුකසාරරජ්ජුරුවෝ ගිලන්හ යනු අසා නොලස් ව අවුත් පීතෘඋපස්ථාන කොට ඔවුන් ඇවෑමෙන් පැළලුප්නුවර තමන් අත් කොට ගත්හ.

එ පවත් අසා යුවරජ තනතුරෙහි සිටි වෙන මවුන් දරු සුමන නම් වූ වැඩිමහල් රාජජකුමාරයෝ කිපී අද මරණ හෝ වුව1 මැනැව, රාජ්යකය හෝ ගත මැනැවැයි වහසි බැණ තමන්ට වසඟ ව සිටි අටානූවක් මල්රජකුමරුවන් පිරිවරා තරුපිරුවැරූ චන්ර්ට යා සේ දිලිහෙමින් මහසෙනඟ රැස් කරවා වෙන වෙන අතින් ගෙන උඩුකුරු කරන ලද ආයුධසමූහයෙන් මුළුනුවර නිලුපුල්කැකුළෙන් ගැවැසී සිටගත් මහවිලක් සේ සරහමින් ප්රුවාලසාගරයෙහි එකහෙලා පෙළෙහි දිවන රළපතර සමූහයක් මෙන් ඔද වැඩී පෙනෙමින් දිවගෙන අවුත් වැද ගියහ. එකල්හි අශෝකකුමාරයෝ ද යුඬයට සුරැහී සියසෙනඟ පිරිවරා සහස්රහ කිරණයා සේ මහත් වු රාජතේජසින් දිලිහිදිලිහී රණබෙර ගස්වා සිවුරඟසෙනඟ මෙහෙයමින් මිහිමඬල මඬනක්හු මෙන් දිවගෙන අවුත් යුඬයට වැද සටන් කොට සුමනරාජකුමාරයන් අල්වාගෙන මරවා මෙම ක්ර මයෙන් තමන් එක කුසෙහි ඔත් තිස්ස නම් රාජකුමාරයන් හැර සෙසු අටඅනූවක් මල්රජකුමරුවන් ද මරාපීහ. එ තැන් පටන් ඒ අශෝකකුමාරයෝ චණ්ඩශොක ය යි තුන් වන නාමයෙකින් ප්රැසිඬ වුහ.මෙසේ චණ්ඩ පරුෂ ව සටන් කරන්නාහු සතර අවුරුද්දක් මුළුල්ලෙහි ඔටුනු නො පැළඳ ම රාජ්යර කොට ඒ සතරඅවුරුද්ද ඇවෑමෙන් අප බුදුන් පිරිනිවී දෙසිය අටළොස් වන ‍අවුරුදු මුළුදඹදිව අක්සත් කොට ඔටුනු පැළැඳ තමන්ගේ සහෝදරමල් වූ තිස්ස නම් රාජ කුමාරයා යුවරජතනතුරෙහි පිහිටුවූහ.

එකලැ දසදහසක් යොදුන් දඹදිව්තෙලෙහි සුවාසුදහසක් රාජධානිවලැ ඔටුනු පළන්2 සුවාසුදහසක් රජදරුවෝ තමන් තමන්ගේ සිවුරඟසේනා2 පිරිවරා අවුත් උපස්ථාන‍ කොට යෙති. හිමන් ගිමන් වසන් යන තුන්සෘතුවට සුදුසු වූ තුන්මාලාගාවෙක් විය. එයින් එක් මාලි‍ගායෙක්4 මහාසප්පින5 නම් වෙයි. එකෙක් ෂමාරගිව නම් වෙයි. එකෙක් මඬගල නම් වෙයි. ඒ තුන්මාලිගාවෙහි නොයෙක් දහස්ගණන් නළුනාටකයන් පිරිවරා ‍කලින් කලැ වෙසෙති. පළමු පින් කරන ජාතියෙහි පසේබුදුන්ට මීපිළ දැක්වූ ස්ත්රී තොමෝ එකල් හි රජකුලයෙහි ඉපද දෙවඟනක මෙන් දිලිහෙන රූපශ්රීස ඇති ව සොළොස්දහසක් බිසෝවරුන්ට නායක ව



364 සද්ධමාලඞකාරය

අසන්ධිීමිත්රා නම් වූ අග්රටමෙහෙසිකා වුව. ඒ බිසවුන් ගේ වනාහි කේසාන්තයෙහි පටන් පාදාන්තය දක්වා අසෝ තෙනෙකැ සන්ධිරයෙක් ඇතැයි දැනගතනොහැක්ක. ජාමෙබානදකනකයේන මවාලු රුවක් වැනියහ. ඔහු සැඟවී තිබෙන සන්ධින ඇති හෙයින් අසන්ධි.මිත්රා‍ නම් වෙති.

තවද රජ්ජුරුවන් ඔටුනු පැළැදීම හා සමඟ නොයෙක් රාජර්ධි පහළ විය. දසදහසක් යොදුන් දඹදිව්තෙලහි අණසක පැතිර ඉතිරෙමින් අහසින් යොදනෙකැ පොළොවින් යොදනෙකැ එකහෙලා ආඥාව පවත්නේ ය. හිමවතැ අනවතප්ත නම් මහවිලින් සොළොස්කළයක් පැන් අටකදෙකින් දවස්පතා දෙවියෝ රජහට ගෙනවුත් දෙති. එ ම හිමාලයෙන් ඉතා සිනිඳු වූ මොළොක් වූ රසවත් වූ නාලිය දැහැටි දවස් පතා දෙවියෝ ගෙනවුත් දෙති. එසේ ම දෙවියෝ දිව්යවමය වූ බෙහෙත් ඇඹුලු ද දිව්යයමය වූ අරළු ද වර්ණමගන්ධයරසයෙන් යුක්ත වූ මහදියකළපමණ රන්වන් අඹ ද1 හිමාලයෙන් ගෙවුත් දෙති. ඡද්දන්තවිල සමීපයෙහි පිහිටි දිව්යනවිමානකල්පවෘක්ෂා ආදියෙන් පස්වනක් පැහැ ඇති අදනට පෙ‍ාරෝනට නිසි මනහර දිවසළුදෙකක් හා රන්වන් පැහැ ඇති අත්පිස්නාකඩක්2 ‍හා දිව්යකමය පානවර්ගෙයන් දවස් පතා දෙවියෝ ගෙනවුත්3 දෙති. එසේ ම දවස් පතා ඇඟැ ගල්වන සුවඳ හා කප්රුකින් උපන් හෙයින් හුයින් නොවියන ලදු ව හැම තන්හි සියුම්සියුම් ව උද්ගත ව පෙනෙන සමන් පුෂ්පාකාර ඇති හෙයින් සමන්මල්පට ය යි4 කියන ලද පෙරොවනට5 සුදුසු මනහර දිව්යසස්ත්රිඇයක් හා දිව්යලමය වූ මාහැඟි අඳුන්කැටයක් හා මෙ කි සියල්ල ම දවස් පතා නාගභවනයෙන් නයි6 ගෙනවුත් දෙති.

ඡද්දන්තවිලින් ස්වයඤජාත වූ රතුහැල් නවදාසක් සාළ ගිරවු ගෙනවුත් දවස් පතා බඩහල් පුරා යෙති. එ ම වී සියල්ල ම මීයෝ පොතු ගලවා නොකඩ කොට කුඩු නො තබා සාල් කොට තබාලති. හැම දවස්හි ම රජහට ඒ රත්සැල්සාලේ බත් ම අනුභවයට යෙයි. මී මැස්සෝ අවුදින් මහාභාජනකන්කුළු ආදී වු ස්ථානයෙහි මී බැඳ පුරා පෙතකුත් නො බී පලා යෙති. වලස්සු කම්මල් වැද යකඩකර්මරන්තයෙන් කුළු ගසති, දිවියෝ දාවල් සරක් රැක සවසැ ගෙනවුත් ගාල්වලැ ලා රාත්රි්භාගයෙහි තුමූ ද ගොදුරු සෙ‍ායා කති. කරවි කෙවිල්ලේ අවුදින් රජගෙයි පලපදනම්පිටැ හිඳ මධුරනාද


තෙහාතික වර්ග ය 365

පවත්වා රජහට සේවය කොට යෙති. මයුරයෝ අවුදින් රජහට පෙනෙන සේ සිට නටා සේවය කොට යෙති. ඒ රජ්ජුරුවන්ගේ පරන්තප නම් වූ ඛඬ්ගපර්තටයෙක් සියක් යොදුන් දක්වා ගොස් සතුරන් සාධාන්ත නැවැත අවුත් හස්තතලයෙහි ම පිහිටයි.

මෙසේ මෙ කී රාජර්ධිමහිමයෙන් යුක්ත ව රාජ්ය ය කරන්නා වූ ඒ අශෝකරජ්ජුරුවෝ තුන්අවුරුද්දක් මුළුල්ලෙහි පළමු තමන්ගේ චන්ර් වූගුප්ත නම් මුත්තණුවන් හා බින්දුසාර නම් වූ තමන්ගේ පියමහරජාණන් දවසැ පැවැති පරිද්දෙන් ම බ්රානහ්මණයන් හා බ්රාපහ්මණජාති ඇති පණ්ඩරඞගපරිබ්රානජකාදි වූ සැටදහසක් තීර්ථකයන්ට තමන් ඇතුළුරජගෙයිදී ම1 නිරන්තරයෙන් බත් දී උපස්ථාන කෙරෙමින් වැස එක්දවසෙකැ සිමැඳුරු කවුළුව2 සමීපයෙහි සිටියාහු නොසන්සුන් කායවාක්සමාචාරයෙන් යුක්ත ව දමනය නොකරන ලද ඉඳුරන් ඇති ව නොහික්මුණු ඊය්යා් යුපථයෙන් උපලක්ෂි ත ව හිඳ බත් අනුභව කරන තීර්ථකයන් දැක මා දෙන්නා වූ මෙබඳු මේ දානය පරීක්ෂාක‍ කොට සුදුසු තෙනකට3 දීම යහපතැයි සිතා අමාත්යයයන් බණවා එම්බා සඟයෙනි, වහා ‍යව්, තොප උපස්ථාන කරන තොපගේ කුලදේවතා වූ ශ්රබමණබ්රා හ්මණයන් අපගේ අන්තඃපුරයට කැඳවාගෙන එව්, ඔවුන්ට මාගෙන් දනක් දෙන්නා4 කැමැත්තෙමි යි කීහ.

එ තෙපුල් අසා ඇමැතියෝ යහපතැයි ගිවිස තමතමන් උපස්ථාන කරන පණ්ඩරඞගපරිබ්රායජකනිගණ්ඨ ආජීවකාදී වු තිත්ථි කයන් කැඳවාගෙන අවුත් මහරජ, මොහු අප හැම සංසාරබන්ධිනයෙන් ගලවා නිවන් දක්වන රහත්හු ය යි කීහ. එකල්හි රජ්ජුරුවෝ තමන්ගේථ ඇතුළු රජගෙයි වෙන වෙන ම උස්මිටි කොට ආසන පනවා එන්ට කියව යි කියා ආවුන්ට5 කියන්නාහු තමතමාට සුදුසු ආසන බලා හුන මැනැවැයි කීහ. එකල්හි එයින් සමහරෙක් මොරපුටුවලැ6 උන් හ. සමහරෙක් කළල්පැදුරු ආදියෙහි බැස උන්හ.

මෙසේ සගමහලුපිළිවෙළක් නැති ව උන්නා වූ ඒ තීත්ථි කයන් දැක එ දවසැ ඔව්නුට සුදුසු කනබොනදෑ දී නික්මවා දෙවන දවසුදු එ පරිද්දෙන් ම උස් මිටි ආසන පනවා තබා තීත්ථිීකයන් ගෙන්වා පළමුපරිද්දෙන් ම නි‍යෝග කොට පළමු දවස් උස් ආසනවලැ හුන්නවුන් දෙවන දවස් නිවාසනවලැ

366 සද්ධමාලඞකාරය

හිඳිනා නියාව ද නීවාසනවලැ හුන්නවුන් උස් ආසනවලැ හිඳිනා නියාව ද සංයමරහිත ආලෝකනවිලෝකනස්ම්මිඤජන පසාරණාදි ක්රිලයා ද යන නොයෙක් අනාචාර දැක ඒකාන්තයෙන් ම මොවුන්ගේ අභ්ය‍න්තරයෙහි සාරගුණයෙක් නැත් ම ය යි නිශ්චය කෙරෙමින් මෙසේ පරීක්ෂා් කරන්නා වූ රජ්ජුරුවෝ එයින් නොබෝදවසක් ගිය කල්හි නිග්රෝ ධ නම් සාමණේරයන්වහන්සේ නම් ඒ ම අශෝකරජ්ජුරුවන් හා එක පියන්ට දා ව වෙන මවුන් දරු වූ යටැ කී සුමන රාජකුමාරයන්ගේ පුතණුවන්වහන්සේ ය.

ඔබ වූ පරිදි කෙසේ ද යත්? මෙහි ම යටැ කී පරිද්දෙන් යුවරජතනතුරෙහි සිටි ඒ සුමන නම් රාජකුමාරයන් මැරූ දවස් ඒ රාජකුමාරයන්ගේ දුරි ඇති සුමනා නම් බිසවු තමන්ගේ ස්වාමිපුත්ර්යාණන්1 මැරූ පවත් අසා බය ගෙන වෙස් වළා රජගෙන් නික්ම නුවර නුදුරුතෙනැ චණ්ඩාලයන් වසන සැඩොල්ගමක් නිසා යන්නාහු ඒ ගමැ ජ්යෙනෂ්ඨ චණ්ඩාලයාගේ ගෙදොරට නුදුරුතෙනැ මහත් වූ නිග්රො ධ වෘක්ෂඩයක් සමීපයට පැමිණියහ. එකලැ එහි වසන දේවතාවා බිසවුන් දැක මෙසේ එව සුමනාවෙනි,යි හඬගී ය. ඒ ශබ’දය අසා බිසවු දේවතාවා සමීපයට ගියහ. එවේලෙහි දේවතාවා තමාගේ ආනුභාවයෙන් එ තන්හි ශාලාවක් මවා දී මේ ශාලාවෙහි සැප සේ වසව යි කියා බැහැර නික්මුණා‍ සේ දක්වා අන්තර්ධාෙන විය. බිසවු ඒ ශාලාවට වැද එ දවස් ම පුතණු කෙ‍නකුන් වදා පුතණුවන්ට නුඟගසැ දේවතාව නමින් නිග්රොබධකුමාරයෝ ය යි නම් තුබුහ.

ඒ ගමැ ජ්යෙනෂ්ඨචණ්ඩාලයා ද බිසවුන් දුටු දවස් පටන් තමන්ගේ ස්වාමිදුවක දුටුවා සේ සිතා නිරන්තරයෙන් කනබොනදෑ ආදිය ගෙනහැර දෙමින් පෝෂණය කෙරෙයි. මෙසේ ඒ බිසවු එ ම ශාලාවෙහි සත්අවුරුද්දක් විසූහ. නිග්රො ධකුමාරයෝ ද සත්හැවිරිදි වූහ. එකල්හි මහාවරුණ නම් එක් රහත්කෙනකුන්වහන්සේ ඒ නිග්රොනධකුමාරයන් රහත් වන්ට හේතු ඇතිබව දැන මහණ කරන්ට2 සුදුසුකල් බලබලා3 වසනසේක්, දැන් මේ කුමාරයෝ පුරා ම සත් ඇවිරිදි වූහ. එබැවින් මහණ කරන්ට කලැයි සිතා සුමනා නම් වූ මව්බිසවුන්ට කියා අනුදන්වාගෙන නිග්රොේධකුමාරයන්


තෙහාතික වගීය 367

වෙහෙරට කැඳවාගෙන අවුත් ඉසැ කෙස් වහවා මහණ කළසේක. එකෙණෙහි ඒ නිග්රොඅධ නම් සාමණේරයන් වහන්සේ ද කරගෙහි ම රහත් ව මහාක්ෂී ණාස්රසව වූසේක.

කියන ලද මැයි, මහාවංසයෙහි :-

“තං මහාවරුණත්ර ථරො1 තදා දිස්වා කුමාරකං, උපතිස්සයසමපන්නං, අරහා පුච්ඡි මාතරං පබ්බාජෙසි බුරගේගා සො, අරහත්තමපාපුර්ණස” යි.

මෙසේ මහ රහත් ව වසන ඒ නිග්රොොධසාමණේරයන්වහන්සේ එක් දවසෙකැ උදාසන්හි ම සිවුරු පිළිදගැ ආචාය්යේර්‍උපධ්යානයයන් වහන්සේට කළමනා වත්පිළිවෙත් සපයා සිවුරු ගැට ගන්වා පාත්ර්ය අතින් ගෙන සව්බිසවුන්ගේ ගෙදොරට2 යෙමි යි සිතා වෙහෙරින් පිටත් ව වඩනාසේක් ඒ බිසවුන් වසන ගමට පැළලුප්නුවරැ දකුණුවහසල්දොරින් වැද නුවැරැ මධ්යසයෙන් ගොස් නැ‍ඟෙනහිරිවාසලින් පිටත් ව යා යුතු හෙයින් නුවරට වැද සත්හුන් ඉඳුරන් ඇති ව එකඟ වූ සිතින් වියදඬු පමණෙකින් වඩා නො බලා බැලුබැලූවන්ට රිසියෙන ත‍පොලීලායෙන් ඊය්යාු පමපථසම්පන්න ව රාජාඞගණයට පැමිණිසේක. එකෙණෙහි අශොකරජ්ජුරුවෝ මතුමහල් තලයට පැන නැඟි නැගෙනගිරට අභිමුඛ ව සිමැදුරුකවුළුව3 සමීපයෙහි සක්මන් කරන්නාහු රාජාඞගණයෙහි වඩනා නිග්රො ධසාම‍ණේරයන්වහන්සේ දැක මෙසේ සිතූහ.

මේ සියලු ජනයෝ ම වික්ෂිටප්ත සිත් ඇතියහ. භයින් හ්රාීන්ත වූ මුවන් විනියහ. මේ බාලදරුවෝ අවික්ෂිඇප්තයහ. මොවුන්ගේ ඉදිරියෙහි පස්සෙහි බැල්ම4 ද අත පය දික්කිරීම් වක්කිරීම් ද ඉතා ම හොබනේ ය. ඒකාන්තයෙන්ම මොවුන්ගේ අභ්යින්තරයෙහි ලෝකෙ‍ාත්තර වූ ගුණධර්මෙයෙක් ඇති ම ය යි සිතා දැක්ම හා සමඟ සාමණේරයන්වහන්සේ කෙරෙහි රජ්ජුරුවන්ගේ සිත් පහන් විය. මහත් වූ ප්රේමම උපන. කවර හෙයෙකින් ප්රේුම උපනේ ද5 යත්? ඒ නිග්රොඋධසාම‍ණේරයන්වහන්සේ නම් පෙරැ මී දන් දී පින් කරන සමයෙහි ඒ අශෝක රජ්ජුරුවන්ගේ වැඩිමහලු බෑණන්6 වහන්සේය. එසේ හෙයින් පුර්වකහේතුබලයෙන් ප්රේනමය උපන. හේ එසේ ම ය. උත්පල ලදුමපුණ්ඩරීකාදි වූ ජලජකුසුමයෝ ජලය හා කදීමය නිසා යම් සේ උපදිද් ද, එපරිද්දෙන් ම සත්වකයන් කෙරෙහි උපදනා වූ

368 සද්ධමාලඞකාරය

ප්රේමමය ද පෙරජාතියෙහි කරන ලද පූර්විසන්නිවාසයක් හෝ ඉහාත්මභාවයෙහි කරන ලද යම්කිසි හිතකාරණයක් මුල් ව උපදනේ ය යි දතයුතු:-

එසේ හෙයින් කියන ලදී:-

“පුබෙබව සන්තිවාසෙන, පච්චප්පන්නහිතෙන වා, එවං තං ජායතො පෙමං, උප්පලංව යථොදකෙ” යි.

මෙසේ මහවතුරක් මෙන් උපන්නා‍ වූ ප්රේිම හා බහුමාන ඇති රජ්ජුරුවෝ තෙල යන සාමණේරයන්වහන්සේ කැඳවා ගෙන එව යි අමාත්යුයකු යවූහ. ඒ ගිය අමාත්යවයාගේ වචනය අසා ද සාමණේරයන්වහන්සේ පියවිගමනින් ම වඩනා හෙයින් නැවැතත් සනික එන්ට කියව යි දෙතුන් වරෙකැ මිනිසුන් යවූහ. ගියගිය මිනිසුන් ව එන්ට කිව ද සාමණේරයන්වහන්සේ ඈත් මෑත් නො බලා ස්වභාවගමනින් ම වැඩිසේක. එකලැ රජ්ජුරුවෝ නුඹවහන්සේට සුදුසු ආසනයක් බලා වැඩහුන මැනැවැයි කීහ. සාමණේරයන්වහන්සේ ඈත් මෑත් බලා එ තන්හි තමන් වහන්සේට වැඩි මහලු අනික් භික්ෂූණකෙනකුන්වහන්සේ නැති හෙයින් මුඳුනෙහි නඟන ලද දළපුඩුසේසත් ඇති සිංහාසානය සමීපයට එළඹිසේක. රජ්ජුරුවෝ සාමණේරයන්වහන්සේ සිංහාසනසමීපයට වඩනා දැක අද ම සා‍මණේරයන්වහන්සේ මේ රජගෙයි නායක වූසේකැයි සිතූහ. එකලැ සාමණේරයන්වහන්සේ ද රජ්ජුරුවන් අතට පාත්රගය දී එ ම රජ්ජුරුවන්ගේ අත එල්බගෙන සිංහාසනයට නැඟී වැඩහුන් සේක.

රජ්ජුරුවෝ තමන්ට පිළියෙල කොට තිබූ සියලු ම කැඳ අවුළුපත් බත්විකෘති ආදිය එවූහ. සාමණේරයන්වහන්සේ එයින් තමන්වහන්සේ යපෙන පමණක් ම පිළිගත්සේක. මෙසේ වළඳවා ඉක්බිති රජ්ජුරුවෝ කියන්නාහු පුතණුවන් වහන්ස්, නුඹවහන්සේ බුදුන් වදාළ අවවාදධර්මයය දන්නාසේක් දැයි විචාළහ. සාමණේරයන්වහන්සේ එසේ ය මහරජ, අප අළුතැ මහණ වූ හෙයින් විස්තරවශ‍යෙන් කියාලන්ට නොපිළිවන. එතෙකුදුවුවත් එකදේශමාත්ර්යක් දනුම්හ යි වදාළසේක. එකලැ රජ්ජුරුවෝ එසේ වී නම් පුතණුවන් වහන්ස, අපටත් ඒ අවවාදධර්මිය වදාල මැනවැයි කීහ. සාමණේරයන්වහන්සේ ද යහපතැයි වදාරා ඒ රජ්ජුරුවන් තමන් හා එක පියන්ට දා වූ1 නවානූවක් මල්බෑ රජකුමරුවන්

තෙහාතික වර්ග ය 369

මරවාපී හෙයින් මේ ඉතා රජ ඉතා චණ්ඩපරුෂ ය, කුසල් කිරීමෙහි ප්රිමාද ය යි සිතා රජ්ජුරුවන්ට සුදුසු ලෙස ධර්මපපදයෙහි අප්රකමාදවගීයෙන් අනුමෙවුනි1 බණ වදාළසේක.

රජ්ජුරුවෝ වනාහි “අප්පමාදො අමතපදිං, පමාදො මච්චුනො පදං” යන මේ පදද්වය පමණක් ම අසා ස්වාමීනි, පුතණුවන්වහන්ස, සියලු ධර්මේයන් ම මේ පමණෙකින් දැනපීම්, බොහෝකොට බණ කියා වෙහෙස නො විද සමාප්ත කළ මැනැවැයි කීහ. සාමණේරයන්වහන්සේ ද මෙසේ අනුමෙ‍වුනි2 බණ වදාරා ඉක්බිති රජ්ජුරුවන්ගෙන් දෙතිස්ලහබනක් ලැබ දෙවන දවස් දෙතිස්දෙනෙකුන්වහන්සේ කැඳවාගෙන රජගෙට වැඩ අහර වළදා ඒ දවස් අනුමෝදනාවසානයෙහි පර්ෂගත් හා සමඟ ඒ චණ්ඩාශෝකරජ්ජුරුවන් තිසරණ ගන්වා පන්සිල් පිහිටුවා බුඬශාසනයෙහි පෘථග්ජනශ්ර්ඬාවෙන් හා චිත්තප්රනසාදයෙන් අචලප්රෙසාද කොට පිහිට වූ2 සේක. එකලැ රජ්ජුරුවෝ නිග්රොසධසාමණේරයන්වහන්සේ පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, පුතණුවන්වහන්ස, සෙට නුඹවහන්සේ හා කැටි ව අනිකුත් දෙතිස්දෙනෙකුන්වහන්සේ කැඳවාගෙන වැඩිය මැනැවැයි ආරාධනා කොට මෙ ම ක්රනමයෙන් දවසින් දවසැ භික්ෂූැන්වහන්සේ වඩවඩා ගෙන්වමින් සැටදහසක් පමණ බ්රාදහ්මණපාෂණ්ඩයන්ට දෙන්න‍ා වූ බත්වැටුප් හරවා චිත්තප්රබසාදයෙන් ම සැටදහසක් භික්ෂුනන් වහන්සේට දානවෘත්ති නංවා නිරන්තරයෙන් තමන්ගේ ඇතළුරජගෙයි3 දී මහදන් දෙන්ට පටන්ගත්හ.

එසේ හෙයින් කියන ලදී:-

“තතො රාජා පසනේතා සො, දිගුනෙන දිනෙ දිනෙ, භික්ඛුොසට්ඨිසහස්සාති, අනුපුබ්බේන වඩ්ඪසි4

තිත්විොයානං සහස්සාති, නික්කඩ්ඪිත්වා්න සට්ඨි සො, 5 සට්ඨභික්ඛුසහස්සානි, ඝරෙ නිච්චමබොජයි” යි.

මෙසේ නිරන්තරයෙන් මහදන් දෙන්නා වූ ඒ චණ්ඩශෝක රජ්ජුරුවෝ එ ම සැටදහ‍සක්දෙනාවහන්සේට තමන් නමින් අශෝකාරාම නම් විහාරයක් කරවා දුන්හ.

එකල්හි නිග්රෝකධසාමණේරයන්වහන්සේ ද ක්රේමයෙන් විසි වයස් පිරී උපසම්පදා ව නිග්රො ධ නම් මහතෙර ව මහත් වූ පින්බල ඇති හෙයින් ලාභයෙන් යසසින් අග පැමිණ හිරසඳ සේ

370 සද්ධමාලඞකාරය

ලෝකප්රලසිඬ වූසේක. මෙසේ රජ්ජුරුවෝ ශාසනයෙහි ප්රනසන්න වූ තැන් පටන් අනවතප්තවිලින් දෙවියන් තමන්ට ගෙනෙන පැන් සෙ‍ාළොස්කළයෙන් අටකළයක් සඞඟයාවහන්සේට දෙති. දෙ කළයක් ත්රි පිටකාධාරී සැටදෙනෙකුන්වහන්සේට දෙති. දෙකළයක් අගමෙහෙසුන් වූ අසන්ධිපමිත්රාසවන්ට දෙති. සතරකළයක් තුමූ පරිභොග කෙරෙති. ‍එසේ ම හිමාලයයෙන් දෙවියන් එළවන නාලියදැහැටි ද අසන්ධිෙමිත්රාළවන්ට හා සොළොස් දහහසක් නාටක ස්ත්රීාන්ට ද සැටදහසක්භික්ෂූමන්වහන්සේට ද දවස් පතා දී තුමු පරිභොග කෙ‍රෙති. බෙහෙත් අරළු ආදිය ද එසේ ම දෙති. තවද දවස් පතා පස්ලක්ෂභයක් ධන වියදම් කරවා බුඬශාසනයට මහත් වූ ලාභසත්කාර පැවැත්වූහ. කෙසේ ද යත්?

එකල්හි ඒ දසදහසක් යොදුන් දඹදිවැ සුවාසුදහසක් රාජධානියෙන් හා සපනසක් රුවන් ආකාරයෙන් හා නවානුලක්ෂදයක්1 ද්රෝණමුඛයෙන් හා සයානුකෙළක්2 පටන්ගම්වලින් හා දවස් පතා නික්මුණා වූ අය හැර එ ම පැළලුප්න්වරැ සතරවාසල්දොරින් සාරලක්ෂ යක් හා නුවරැ මැඳැ අදිකරණශාලාවෙන් ලක්ෂලයක් හා මෙසේ දවස් පතා පස්ලක්ෂුයක් ධන උපදනේ ය. එයින් අධිකරණශාලාවෙන් ලබන ලක්ෂ ය සංඝයාවහන්සේට සතර වාසල්දොරැ පොකුණු බිඳුවා පුරා3 දෙන ලද බෙහෙත්පසය පිණිස දෙති. සතරවහසල්දොරින් උපදනා සාරලක්ෂදයෙන් දවස් පතා බුදුන්ට බත්මල්පහන් පූජා පිණිස ලක්ෂායක් දෙති. ධර්මුපූජා පිණිස ත්රිතපිටකධාරී බහුශ්රැහත වූ ධර්මාධරභික්ෂුකන්වහන්සේට සිවුපස දානය සඳහා ලක්ෂ යක් දෙති.සාමාන්යධ සඬඝයාවහන්සේට ද සිවුපසදානය පිණිස ලක්ෂදයක් සෙති. එක ම නිග්රොරධමහ තෙරුන් වහන්සේට දවස් පතා ලක්ෂපයක් දෙති. හේ කෙසේ ද යත්? ඒ නිග්රො ධමහතෙරුන්වහන්සේට දවස් පතා උදාසන්හි තුන්සිවුරක් මඟුලැතුපිටැ තබා පන්සියයක් අමුණු සුවඳසුණු හා පන්සියයක් මල්කරඬු හා සමඟ මහපෙරහරින් ගෙන ගොස් පිළිගන්වති. දාවල් ද එසේ ම දී යවති. සවසැ ද තුන්සිවුරක් එසේ ම යවති. 4 රජ්ජුරුවෝ දවසැ ද තුන්වේලෙහි සළු පෙරළන කලැ අප‍ගේ මහතෙරුන්වහන්සේට සිවුරු දී යවූ දැයි විචාරා ම සළු පෙරළති. මහතෙරුන්වහන්සේ ද තුන්වේලෙහි වැළැඳ අළ සිවුරු සමීපයට සම්ප්රානප්ත වූ සබ්රවම්සරුන්වහන්සේට දන් දෙන සේක.

එකල්හි දඹදිවැ සඞඟයාවහන්සේට බොහෝ සොෝනිග්රොනධ මහතෙරුන්වහන්සේගෙන් ම සිවුරු සැලසිණ. උන්වහන්සේ

තෙහාතික වර්ගනය 371

ගෙන් ම ආහාරප්ර්ත්යගය ද සැලසිණ. මෙසේ දවස් පතා ලක්ෂනයක් ලබන මහපිනැති ඒ නිග්රෝධමහතෙරුන්වහන්සේ එ වැනි රජ්ජුරුකෙනෙකුන්ට දා ව බිසෝකෙනකුන් කුසැ පිළිසඳ පවා පළමු වෙළඳ ව උපන් ජාතියෙහි පසේබුදුන්ට චණ්ඩාලාවාදයෙන් ආක්රොාශ කළා වූ අකුශලබලයෙන් උපදනා දවස් චණ්ඩාලයන් වසන සැඩොල්ගමැ මැඳැ නුගගසක් මුලැ ශාලාවෙකැ අනාථ ව උපන්සේක. එකලැ පසු ව සමසිතින් සමාදන් වූ කුශලයෙහි අනුසසින් සසුන් වැද මහණ ව රහත් වූසේකැයි දතයුතු.

කියන ලදුයේ මැයි :-

“චණ්ඩාලවාදිදොසෙන, ජාතො චණ්ඩාලගාමකෙ පත්තානුමෝදනා පාකා, අසෙඛො1 හි අනාසවො” - යි.

තවද චණ්ඩාශෝක රජ්ජුරුවන් ඔටුනු පැළැඳි සතර වන අවුරුද්දෙහි ඔවුන්ගේ2 සහෝදර මල් වූ යුවරජතනතුරෙහි සිටි තිස්ස නම් කුමාරයන් හා සඞඟමිත්රා2වන්ගේ ස්වාමිපුත්රන වූ අග්ගිබ්ර හ්ම නම් රාජකුමාරයන් හා දෙදෙන ලක්ෂරයක් පුරුෂයන් හා සමඟ සසුන් වැද මහණ ව රහත් වූහ. ඉක්බිති ඒ චණ්ඩාශෝක රජ්ජුරුවෝ දවසෙකැ ඇමැතියන් බණවා එම්බා සගයෙනි, මම බුදුන් සමයෙහි උපනිම් නම් මුළුදඹදිවැ රාජ්ය.ය බුදුන්ට පූජා කෙරෙමි.දෙව්රජ ව උපනිමි නම් දිව්යමරාජ්යදයෙන් පුජා කෙරෙමි. දැන් මා එ වැනි පිනක් කොට ගන්ට පින් මඳ හෙයින් දෝ හෝ දිවමන්3 බුදුන් දැක දෙනුවන් පිනාගත නුහුණුයෙමි. බුදුන් හඳුනන කෙනෙක් ඇද්දැයි විචාළහ. එකලැ ඇමතියෝ මහරජ, දැන් බුදුන් පිරිනිවී4 දෙසිය එක්විසි අවුරුද්දෙක පුරුෂයුග දෙකෙක් ඉක්වෙමින් සිටයේ ය. එසේ හෙයින් බුදුන් අඳුනන මනුෂ්යුකෙනෙක් නැත මාඤෙජරික නම් නාග භවනයෙහි පාලාතවාසී වු මහාකාල නම් නාරජ්ජුරුවෝ කල්පයකට ආයු ඇතියහ. මෙ කපැ බුදුවූ සතරදෙනාවහන්සේ5 ම දුටහ. බුදු‍වෙස් මවා දක්වන්ට සුදුසු වූ මහත් ආනුභාව ඇතියහ යි කීහ. එබස් අසා රජ්ජුරුවෝ ඒ නාරජහු ගෙන්වා බුදුන්ගේ රූපශ්රී බලමි යි සිතා රන්ඇකිල්ලක් කරවා තමන් අතින් ගෙන සැබවින් මම තුනුරුවන් කෙරෙහි පහන්සිත් ඇතියෙම් වීම් නම් මෙ මට සෑබෑ ශ්රමඬාවෙක් ඇත් නම් මේ ඇකිල්ල වහා දිවගෙන ගොස් ඒ මහාකාල නම් නාරජහු බදා ගෙනෙව යි සත්යනක්රි යා කොට තමන්ගේ තෙජොගුණය ද සලකා බිමට දැමූහ.


 372												සද්ධමාලඞකාරය 

එකෙණෙහි ඒ ඇකිල්ල කිසි පැකිල්ලක්1 නැති ව මහපොලොව දෙබේ කෙරෙමින් ඇසිල්ලෙකැ දිවගෙන ගොස් ඒ මහාකාල නම් නාරජහු වාලධිය පැහැර හිණ. නාරජ ඇකිල්ල දැක කිමෙක් දෝ හෝ යි දිවසින් බලා රජ්ජුරුවන්ගේස අචල වූ ශ්ර්ඬාබලය හා ‍ෙත්ජෝබලය දැක එ ම ඇසිල්ලෙහි දහස් ගණන් නනළුවන් පිරිවරා නාගභවනයෙන් නික්ම රාජඞඟණයයෙහි මහපොළව පළාගෙන උඩැ නැඟී රජ්ජුරුවන්ට අභිමුඛ ව දාශ්යයමානරූපයෙන් මහජනයාට පෙනිපෙනි සහපිරිවරින් සිටගත. රජ්ජුරුවෝ පිරිවර සහිත ඒ මහාකාල නම් නාරජ්ජුරුවන් දැක තෙපි කවුරු දැයි විචාරා තත් වු පරිද්දෙන් නාරජ්ජුරුවන් බව දැන බුදුන් දුටු දැයි විචාරා එසේය. මහරජ, දිටිමි යි කල්හි එ බසට සාධුකාර දී දොහොත් මුඳුනෙහි තබා නමස්කාර කොට මුඳුනෙහි නඟන ලද සේසත් ඇති සිංහාසනමස්තකයෙහි නාරජ්ජුරුවන් වඩා හිඳුවා නොයෙක් සියගණන් ජාති ඇති දියෙහි ගොඩෙහි පිපෙන නානාවර්ණු කුසුමයෙන් හා රන්මල් රිදීමල් ආදියෙන් පූජා කොට කනක කට‍කරසනනූපුරාදි වු සියලු අලඞකාරයෙනන් සැරැහුණා වු තමන්ගේ සෙළොස්දහසක් පමණ නාටකස්ත්රී්න් හාතපසින් පිරිවර කොට සිටුවා නැවැත මේ කපැ බුදු වූ සතර බුදුන් ම දුටු දැයි විචාරා එසේ ය, දිටිමි යි කී කල්හි එසේ වී නම් ඒ සතර බුදුන්ගේ රූපශ්රීයය මවා දක්වා බුදුසිරි දැක්මෙහි ලොල් වූ මාගේ දෙනුවන් සනහාලව යි කීහ. එ වේලෙහි නාරජ්ජුරුවෝ එම්බා රජ්ජුරුවෙනි, මම් සරාගි‍යෙමි. බුදුහු අරාගිසේක. සරාගී සදොසි සමොගි කෙනකුන් තබා දසගිල්ල නැගීමෙන් දස දහසක් සක්වළ ආලෝක කරන්ට සමර්ථ වූ වීතරාගි වු මහබඹු වී නමුත් බුදුන්ගේ රූපය ඉඳුරා මවා දක්වාලිය නො හෙත් ම ය.2 එසේ ද වී නමුත් බුදුන්ගේ රූපවිලාසයෙන් එකදෙශයක් බැලුව මැනැවැයි කියා මේ කපැ පළමුවෙන් බුදු වූ කකුසඳ බුදුන්ගේ සතලිස්රියන් බුද්ධකාය මවාගෙන සතලිස් දහසක් මහරහතන් වහන්සේ පිරිවරා මෙහොතක් කල් ඒ බුදුන් අහස්කුසැ සිටියා සේ දක්වා ගුවන්කුස සහරා සිටගත. ඒ බුද්ධවිලාසය දැක රජ්ජුරුවෝ ප්රීවතින් මත්ව ජීවිතයෙහි පල ලදිමි යි සාධුකාර දුන්හ. දෙවෙනි ව කොණාගමන බුදුන්ගේ තිස්රියන් බුඬකාය මවා තිස්දහසක් රහතන් වහන්සේ හා සමඟ අහස්කුසැ පෙනීගියා සේ දක්වා ලී ය. එවේලෙහි ද රජ්ජුරුවන් හා මහපිරිස එකපැහැර සාධුකාර දුන්හ. තුන වැනි ව කාශ්යදප බුද්නුගේ විසිරියන් පමණ


තෙහාතික වර්ගයය 373

බුඞකාය මවා විසිදහසක් පමණ රහත්ගණයා පිරිවරාගෙන1 අහස් කුසැ වැඩසිටියා සේ දක්වාලී ය. එවේලෙහි ද සාධුකාර දී මහත් වූ උත්සව පැවැත්වූහ.

සතර වැනි ව අප මහාගෞතම බුදුන්ගේ දෙතිස්මහාපුරුෂ ලක්ෂවණයෙන් හා අසූඅනුඛ්යදඤ්ජනලක්ෂෂණයෙන් විරාජමාන වූ අටලොස්රියන් බුද්ධකාය මවාගෙන බෝමැඬැ වජ්රායසන නැඟී මාරපරාජය කොට2 වැඩහුන්නා වූ ශ්රීැවිලාසය දක්වාලී ය.

එවේලෙහි ඔහු විසින් මවන ලද3 ඒ බුද්ධවේශය සකලශරීරය එකපැහැර සරහා සිටගත්තා වූ අසූඅනුඛ්ය ඤ්ජනලක්ෂකණයෙන් ප්රාතිමණ්ඩිත දෙතිස්මහාපුරුෂලක්ෂ්ණයෙන් සශ්රී‍ක හෙයින් විකශිතපද්මොත්පලප්ර්ණ්ඩරිකාදීන් ප්ර‍තිමණ්ඩිත ජලතලාවක් මෙන් ද, තාරකානිකරයන්ගේ රශ්මිසමුහස්පර්ශකයෙන් විස්ඵුරිත වූ ගගනතලයක් මෙන් ද, නීලපිතලෝහිතාදි වු ප්ර භේද ඇති විචිත්රමවර්ණ් බුඞරශ්මිසමූහයෙන් වළඳනා ලද බ්යා මප්රලභා පරික්ෂවපයෙන් විරාජමානවිලාශ්රීෙ ඇති හෙයින් සන්ධා ඝනප්රිහාරනුරාගඉන්ර්වි චාපවිද්යුීල්ලතා ආදියෙන් පරික්ෂිාප්ත ව තරුණවිකිරණයෙන්4 දිලිහෙන කනකගිරිසිඛරයක් මෙන් ද, නානාවිරාගවිමලකේතුමාලාලඞකාරයෙන් සමුජ්චලිත වූ මනහර ශිරොධාතුශෝභාවෙකින් යුක්ත ව නෛකබ්රතහ්මසුරාසුරොරගනරගරුඩත්ව්ර්වසයක්ෂ්රාක්ෂරස සිඬවිද්යා්ධරාදීන්ට නයනරසායනයක් බඳු විය.

එබඳු ඒ බුද්ඬරූපශ්රීා බලමින් මහත් වූ බුද්ධාලම්ඉනප්රීපතීන් පිනා මුළු දඹදිවැ රාජ්යරය බුදුන්ට පුදා සෙ‍ාළොස්දහසක් පුරස්ත්රීරන් හා සමඟ සත්දවසක් මුළුල්ලෙහි බුදුන් වැඳ සිට නේත්රමපූජා කළහ. මෙසේ දවසින් දවසැ වඩවඩා තුනුරුවන් කෙරෙහි ප්රසසන්න ව කුශලධර්මහය පිරීමෙන් ධර්මාවශෝක ය යි ප්රිසිඬ ව පින් රැස් කරන්නා වූ රජ්ජුරු‍වෝ තමන් ඔටුන් පළන් එ ම සතර වන අවුරුද්දෙහි එක්දවසෙකැ අශෝකාරාමයෙහි වැඩවසන සැටදහසක් භික්ෂු්න්වහන්සේට පාසිවුරු කාබහන්5 කරකතුරු හිදිකටු නූල් පෙරහන් ආදි වූ අෂ්ටපරිෂ්කාරයන් හා සමඟ හැඳ6 පුටු බිසි කන්වයින් ආදී වු බොහෝ ශ්රවමණපරිෂ්කා‍ර දන් දී රත් පියුම් වනයක් මැඳට බට ස්වර්ණආවර්ණශ රාජහංසයකු7 සේ සඟපිරිස්මැඳට වැඳ පසඟ පිහිටුවා වැඳ තවද සිවුපසයෙන් පවරා එකත්පස් ව හිඳ ස්වාමීනි, බුදුන් වදාල ධර්මපය ප්ර මාණ වශයෙන්කොපමණ දැයි8 විච‍ාහ.

374 සද්ධමාලඞකාරය

එකලැ මත්තෙහි වියයුතු ශාසනොපකාර සඳහා බඹලොවින් අවුත් මිනිස්ලොවැ උපන් මොග්ගලිපුත්තතිස්ස නම් මහ තෙරුන් වහන්සේ මහරජ, අඞගවශයෙන් නවාඞගසේක. ස්කන්ධ වශයෙන් සූවාසුදහසක් ධර්මසස්කන්ධව ය යි වධළසේක. රජ්ජුරුවෝ ධර්ම්යෙහි පැහැද එකී එකි ධර්මසස්කන්ධවයක්1 එකි එකී විහාරයෙකින් පූජා කෙරෙමි යි එක දවස් ම සයානුකෙළක් ධන විසදා එකි එකී නුවරැ එකි එකී විහාරයක් බැගින් සුවාසුදහසක් රාජධානිවලැ සුවාසුදහසක් විහාර කරවාලව යි අමාත්යදවරුන්ට විධාන කොට තුමූ එ ම පැළලුප්නුවරැ අශෝකාරාමයෙහි අශොක නම් මහාවිහාරයක් කරවන්ට පටන්ගත්හ. එකලැ මහාසඞඝයාවහන්සේ එක් ව මහානුභාව ඇති ඉන්ද ගුත්ත නම් මහතෙරකෙනෙකුන් විහාරවලැ නවකර්මා්න්ත කරවන ලෙස සලස්වා වදාළසේක.

මහතෙරුන්වහන්සේ ද යම් යම් කර්මාවන්තයෙක් නො නිමා නම් ඒ ඒ කර්මාුන්තය තමන්වහන්සේ ගේ ආනුභාවයෙන් වහා සමෘද්ධ කරවනසේක. මෙසේ කරවන කර්මාුන්ත තුන් අවුරුද්දෙකින් නිමවා ඒ පවත් රජ්ජුරුවන්ට කියා එවන්නාහු සකලශ්රීවනිවාස වූ අපගේ ස්වාමීන් විහාර කරවන්ට එව වදාළ මෙහෙවර නියාවට නොලස් ව අවුත් විහාරවින්යාටසයට යෝග්ය වූ නිසි බිම් බලා පරීක්ෂාේ‍ කොට චෛත්යවඞගණබෞද්ධ්යෝඞගණප්රූතිමාගෘහ ධර්මයශාලාප්රා්සාදච්ඬ්ක්ර මණප්රාහකාරගොපුරප්ෂ්පකරණිපුෂ්පාරාමඵලාරාමාදි වු ඒ ඒ වස්තූන් කරවන්ට නියතස්ථාන බලා සලක්ෂ්න කොට බිම් බෙදා සුවාසුදහසක් විහාර දාගබ් කරවා නිමවන ලද. දාගැබ්වල ධාතු පිහිටුවා කොත් පළඳවන්ට අදාළ3 නකත්4 මොහොතේ දවස් නියම කරවා වදාළ යහපතැයි කියා සුවාසුදහසක් රාජධා‍නිවලින් එක දවස් ම පත් ගෙනාහ. එකලැ රජ්ජුරුවෝ ඒ පත් අසුන් අසා මහාසඞඝයාවහන්සේ කරා එළැඹ ස්වාමීනි, මා විසින් සුවාසුදහසක් විහාර කරවන ලද ධාතූන්වහන්සේ කොයින් ලැබෙමි දෝ හෝ යි විචාළහ. එ බස් අසා මහාසඞඝයා වහන්සේ විහාරවලැ ජරාවාසකර්මායන්ත කරවීම නම් ආසිරි වඩනා පින්කමක් හෙයින් රජ්ජුරුවන්ට කුසල් වඩනා නිසා දෝ හෝ ධාතුනිදානය මසැසින් නුදුටු බව හේතු කොට ගෙන එවේලෙහි වදාරණසේක් මහරජ, ධාතුනිධානයක් ඇතැයි යන බස් පමණක් ඇසුම්හ. අසෝ තැනෙකැයි ය යි නො පෙනෙ යි වදාළසේක.

ඉක්බිති රජ්ජුරුවෝ මහසෙනඟ පිරිවරා උදලු යහුල් කුන්තාලි5 ආදි කර්මාතන්තෝපකරණ ගෙන්වාගෙන රජගහනුවරට

තෙහාතික වර්ගමය 375

ගොස් ඒ නුවරැ පළමු අජාසත් රජ්ජුරුවන් කරවූ දාගබ බිඳුවා එහි ධාතු නො දැක පෙරැ පරිද්දෙන් ම බඳවා භික්ෂුගභික්ෂු ණීන් හා උපාසක උපාසිකාවරු ය යන සියලු පර්ෂවත් ඇරැගෙන1 විශාලාමහනුවරට ගොස් එහි දාලැබ බිඳ එ තන්හිදු ධාතු නො දැක ඒ ද පෙරළා බඳවා කිඹුල්වත්නුවරට ගොස් එහි දාගබ බිඳවා ඉනුත් ධාතු නො ලැබ ඒ දාගබ පෙරළා බඳවා රාමග්රාිමයට ගොස් එහි දාගබ බිඳුවන්ට පටන ගත් කල්හි දාගබ බිඳින්ට එළන ලද යහුල් කුන්තාලි පොලුපොලු ව බිඳීගොස් නයින් විසින් බිඳගත නොදෙන හෙයින් ඒ දාගබිනුත් ධාතු නො ලැබ අලලකපප නම් නුවරට ගොස් එහි දාගැබ බිඳ ඉනුත් ධාතු නො ලැබ ඒ ද පෙරැ පරිද්දෙන් ම බඳවා පාවා නුවරට අවුත් එහි දාගබ බිඳුවා ධාතු නො ‍ලැබ ඒ ද පෙරළා බඳවා කුසිනාරානුවරට ගොස් එහි දාගබ බිඳවා ඉනුත් ධාතු නො ලැබ ඒ ද නැවත බඳවා පෙරළා පැළලුප්නුවරට අවුත් දෙවන දවස් නුවර වැසියන් රැස් කරවා භික්ෂුප භික්ෂුවණි උපාසක උපාසිකා යන සව්වනක් පර්ෂරන් මඬ්යායෙහි සිටියාහු කිමෙක්ද?2 වයෝවෘඬ වූ ගාහස්ථප්රයව්ර්ජිතාදි වූ කිසියම් කෙනෙකුන් විසින් අසෝ තෙනෙකැ ධාතුනිධානය නිශ්චය කොට ඇසු දුටු කෙනෙක් ඇද්දැයි විචාළහ.

එතන්හි රැසු වූ මහාසඞඝයාවහන්සේ අතුරෙන් එක්සිය විසිහැවිරිදි එක් තෙරුන්වහන්සේ මහරජ, අසෝ තෙනැ ධාතුනිධාන ය යි නියමයක් ව නුදුටුම්හ. එතෙකුදුවුවත් අපග‍ගේ උපාඞ්යායයයන්වහන්සේ අප සත්හැවිරිදසි සමයෙහි අප ලවා මල් ගෙන්වා ගෙන මෙසේ එව සාමණේරයෙනි, අසෝ තෙනැ කටුගස් අතුරෙහි ගල්දාගබෙක් ඇත. එතනට යම්හ යි අප කැඳවා ගෙන ඔබ වදාළ බස් පමණක් දනුම්හ යි වදාළසේක. එවේලෙහි රජ්ජුරුවෝ එසේ කලැ ධාතුනිධානය නම් එතන්හි ම විය යුතු ය යි කියා3 ඔබ ඇතුළු වූ මහාසඞඟයාවහන්සේ හා සේනාව ඇරැගෙන ඔබ වදාළ තෙනට ගොස් ගල්දාගබ දැක වටැ වැසී4 සිටි ගස් කප්වා5 දාගබ බිඳ පස් හරවා සුණුබිම දැක සුණු හා උළු හැර අනුක්රවමයෙන් ඇතුළුදාගෙට බැස පෙරැ අතුළ සත්රැවන් වැලි හා පළමු විශ්වකර්මුයා විසින් මවන ලද කඩු ගත් අත් ඇති ව සිසාරා දුවන යන්ත්රකරැවළල්ල දැක ඒ යන්ත්ර යෙන් ඇතුළට වැද්ද නො හී යකදුරන් ගෙන්වා බිලියම් කරවා එසේ ස යන්ත්ර‍යෙහි කෙළවරක් දැක්ක නො හී නොසතුටු වූ රජ්ජුරුවෝ දෙවියන්ට නමස්කාර කොට එම්බා දෙවියනි, මේ ධාතූන්වහන්සේ ගෙන


 376												සද්ධමාලඞකාරය 

සුවාසුදහසක් වෙහෙවලැ ධාතු පිහිටුවා පූජාසත්කාර කෙරෙමි.1 එසේ හෙයින් දේවතාවෝ මෙයට අන්තරායක් නො කෙරෙත් ව යි ආරාධනා කළහ.

එවේලෙහි සක්දෙව්මහරජ චාරිකාවෙහි හැසිරෙනුයේ එපවත් දැක විශ්වකර්මකදිව්යරපුත්රියා කැඳවා එම්බා දරුව, ධර්මා්ශෝකරජ්ජුරුවෝ ධාතුනිධානය උගුළුවා දාතූන් වහන්සේ ගෙන තමන් විසින් කරවන ලද සූවාසුදහසක් විහාරවලැ පිහිටුවා පූජාසත්කාර කෙරෙවි යි පිටතැ උළු සුණු බිඳුවා ඇතුළට බටුවාහු තොප විසින් යොදන ලද යන්ත්රිරූපයෙහි ආනුභාවයෙන් වැද්ද නො හී සිටියහ. දැන් තෙපි වහා ඔබැ ගොස්2 ඒ යන්ත්රයය උගුළුවාපියව යි නියෝග කළේ ය. එකල්හි විශ්වකර්ම දිව්යෝපුත්රුයා ඉස පස්කොණ්ඩයක් කොට බැඳගෙන බාලදරු වෙසෙකින්3 අවුත් දුනුහී ගත් අත් ඇති ව රජ්ජුරුවන් ඉදිරියෙහි පෙනී රජ්ජුරුවන් වහන්ස, මේ දඬුරුවළල්ල හැර දමාපියම් දැයි කී ය. එ බසට රජ්ජුරුවෝ සතුටු ව දරුව, තොපට පිළිවන් වී නම් හැර4 පියව යි කීහ. ඉක්බිති බාලදරු වෙසින් ආ විශ්වකර්මවදිව්යරපුත්ර යා හියක් හිඳුවාගෙන සියලු යන්ත්රඬරූපසන්ධිවය රඳවා සිටි ඇණෙහි පැහැර විසුරුවා හෙළාපී ය.

එ වේලෙහි අතිශයනි සන්තුෂ්ට වූ රජ්ජුරුවෝ අසුරොද්දෙහි බැඳ තිබූ යතුරුමුඳු හා කෙස්ස ගෙන පළමු එලිපතපිටැ තබන ලද මැණික දැක මතු ඇති වන දිළිඳුරජදරුවෝ මේ මැණික ගෙන ධාතුපූජා කෙරෙත්ව යි රනුපතැ ලියා තිබූ අකුරු කියවා මා වැනි රජක්හූ දිළිඳ ය යි කියන්ට කාරණා කිම් දැයි කිපී දොර හැර ඇතුළුගෙට වැද දෙසිටඅටළොස් අවුරුද්දෙකින් මත්තෙහි නගන ලද පහන් සියල්ල ම එ ම විටැ නැඟූ පහන් මෙන් ඇවිළෙන නියාව ද එ සමයෙහි පිදූ නිලුපුල් මහනෙල් ආදි ය එ ම විටැ ගෙනවුත් පිදූ මල්රැසක් මෙන් නොමලා ව තිබෙන නියාව ද ගල්වන ලද සුවඳපිරිබඩ එ ම විටැ ගැල්වූ දෙයක් මෙන් නො වියළී තිබෙන නියාව ද යන සියල්ල ම බලා ඉක්බිති එහි ම ලියා තිබූ රන්පතක් ගෙන “මතු අනාගතයෙහි පියදාස නම් කුමාරයෙක් මුළු දඹදිවට ඒකච්ඡත්රෙ නංවා අශොක නම් ධර්මදරාජ වෙයි. එ තෙමේ මේ ධාත්ර නිධානයෙන් ධාතු ගෙන සුවාසුදහසක් විහාර කරවා පිහිටුවන්නේ ය” යි ලියා තිබූ අකුරු කියවා ආය්යසර්‍ වූ මහසුප්මහතෙරුන්වහන්සේ විසින් ප්රකත්ය ක්ෂයයෙන් ම දක්නා


තෙහාතික වර්ගයය 377

ලද්දෙමි යි සතුටුවදන් කියකියා ඔද වැඩී වමත හකුළුවා‍ දකුණතින් අත්පොළසන් දි ඉක්බිති එතැනැ යම්තම් ධාතුකෙනකුන් වහන්සේ තබා සෙසු ධාතු ඇරැගෙන පෙරැ පරිද්දෙන් ම දොරවල් සියල්ල ම අගුළුගෙන පළමු සේ ම මත්තෙහි ගල්දාගබ පිහිටුවා මහත් වූ පූජාපෙරහරින්1 ධාතූන්වහන්සේ පැළලුප් නුවරට වඩාගෙනවුත් සුවාසුදහසක් විහාරවලැ එකදවස් ම ධාතුපූජා කරනු2 කැමැති ව නුවරැ බෙර ලවන්නාහූ මෙයින් සත් වන දවස් සියලුවිහාරවලැ ම එකවිටැ ම ධාතු පිහිටුවා කොත් පළඳවන මහත් වූ පූජාපෙරහරෙක්3 වෙයි. හැම දෙන ම නොලස් ව දඹදිව්තෙලෙහි ඇති ගම් නියම්ගම් රාජදානීන් හා සියලු මාර්ග දිශාන්තරයන් එකපැහැර දනානාලඞකාරයෙන් සරහාලව. යොදනින් යොදවෙහි දන්හල්4 කරවා මහදන් පවතවාලව. ඒ ඒ විහාරවලැ වැඩවසන මහාසඞඝයාවහන්සේට තමා තමා ශක්ති පමණින් මහදන් පවත්වා උපස්ථාන කරව. හැමතන්හි අතුරු නො හැර ඇගෑ බඳවා පහන් පූජා කරව. නානාජතියෙහි සුවඳමල් කෙන හැර පුදව. නන් විසිතුරු හෙරිතූය්ය්ස භාණ්ඩයන් ‍ෙගන ඒ ඒ තන්හි සිට උපහාර කරව. හැමදෙන ම සිල්සමාදන ව ධර්මාශාලා සරහා බණ අසව යනාදීන් මෙහෙවර කියා බෙර ලැවූහ.

එ පවත් අසා මහජනයෝ5 සතුටු ව ඔද වැඩී දෙව්ලොවැ අමරවතී නම් රාජධානියෙහි සාර්වෙකාලික වු සකලශ්රීෙසෞභාග්යමයට වඩා සශ්රීකක කොට මුළුනුවර සරහා පිළීයෙළ කරමිහ යි ප්රොලත්සාහිත6 වූවාහු නොයෙක් පරිද්දෙන් පැළලුප්නුවර සරහා අලඞකාර කළහ. සෙසු තැන් ද එපරිද්දෙන් ම සරහා පිළියෙළ කළාහු ය. ඉක්බිති සත් වන දවස් රජ්ජුරුවෝ සර්වාාභරණයෙන් විභූෂිත ව එසේ ම සියලු අලඞකාරයෙන් සැරැහුණා වු ‍සොළොස් දහසක් බිසෝවරුන් හා මහඇමතියන් ඇතුළු ව අපමණ වූ චතුරඞ්ගිණිසේනාව පිරිවරා නානාප්රහකාර හෙරිතූය්ය් භාණ්ඩයන් එකපැහැර නාද කරවමින් දශදිගන්තරය7 එකකොලාහල8 කරවා මහපොළොව මැඩලන්නක්හු9 මෙන් අශෝකාරාමයට අවුත් වැද මහාසඞඝයා වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ.

එසේ හෙයින් කියන ලදී :-

“තස්මිං දිනෙ මහාරාජා. සබ්බලඞකාරභුයිතො, සහොරොධො සබාමචේචා, බලොඝපරිවාරිතො.

 378												සද්ධමාලඞකාරය 
    	අගමාසි සකාරාමං, හින්දඞනෙතා විය මෙදිනිං,

සඞඝමජ්ඣමිහි අට්ඨාසි, වන්දිිත්වාෙ සඞඝමුක්තමං” යි.

එ දවස් ඒ සමාගමයෙහි රැස්1 ව සිටි අසූකෙළක් භික්ෂු න් වහන්සේ හා අනූලක්ෂඒයක් භික්ෂු්ණීන් වහන්සේ අතුරෙන් රහත් භික්ෂුවන්වහන්සේ ම ලක්ෂකයෙක. ක්ෂීෂණාස්රසවභික්ෂුිණීහු දසදහසෙක. එකල්හි රජ්ජුරුවෝ මහත් වූ සඞඝයා2 බලා ප්රී්තීන් මත් ව ස්වාමීනි, සේ සියලුවිහාරවලැ පවත්නා උදාරතර ධාතුපූජාව එකවිටැ ම දක්නා කැමැත්තෙමි. එතෙකුදුවුවත් ජම්බුවීපය ඉතා මහත. නානාස්ථානයෙහි කරවන පූජාසත්කාර කෙසේ දැකපියම් දැයි දැන්වූහ. එකල්හි රහතන්වහන්සේ මේ රජහු මෙ ම ආශෝකාරාමයෙහි සිට සුවාසුදහසක් විහාරවලැ පවත්නා වූ උදාරතර ධාතුපූජාව සැප සේ දකිත්ව යි අධිෂ්ාඨාන කොට ලෝකවිවරණ නම් වූ ප්රාපතිහාය්ය්ව යක් කළසේක. එකලැ රජ්ජුරුවෝ එ ම අශෝකාරාමයෙහි සිට සතරදිසාව බලන්නාහු හාත්පසින් සාගරපය්ය්යයකන්ත වූ මුළු දඹදිව්තලය හා උදාරතර පූජෝත්සවයෙන් බබළන්නා වූ සුවාසුදහසක් විහාර බලා මහත් වූ ඒ පූජාවිභූතිය දැක අපමණ වූ ප්රීවතිප්රාමෝදයෙන්3 යුක්ත ව මා හැර අන්කිසිවක් හට පෙරැ මෙබඳු ප්රී තිප්රාමොදයෙක්4 උපන් දෝ හෝ යි සිතා විචාරන්නාහු, ස්වාමීනි , අපගේ ලෝකස්වාමි වූ බුදුරජාණන්වහන්සේ‍ගේ ශාසනයෙහි කවරෙක් මහත් වූ පරිත්යාිගයක් කෙළේ ද? කවුරුන්ගේ දානපරිත්යාවගය මහතැයි කියත්5 ද? ඒ මට ඉඳුරා ම වදාළ මැනැවැයි කිය.

එකල්හි මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන්වහන්සේ මහරජ, තොප වැනි ප්රොත්යියදායකකෙනෙක්6 බුදුන් දවස්ත් නැත් ම ය. එබැවින් තෙපි ප්රිත්යරදායකයන් කෙරෙහි අග්ර6 ය යි වදාළසේක. එ බස් අසා රජ්ජුරුවෝ එසේ කලැ ස්වාමීනි, මම බුඞශාසන‍යට ඇතුළත් වීම් ද? නො වීම් දැයි විචාලහ. එකලැ මහතෙරුන්වහන්සේ මහරජ, තෙපි ශාසනයට ඇතුළත් නො වෙති7 වදාළසේක. එ බස් අසා රජ්ජුරුවෝ ස්වාමිනි, සයානුකෙළක් ධන වියදම් කොට සුවාසුදහසක් විහාර කරවා මෙබඳු තුනුරුවන් පුදන මා වැනි ශ්ර්ඬාවන්ත රජකු ශාසනයට හිමි නොවන කලැ ශාසනයට හිමියෝ කවුරු දැයි විචාළහ. ඒවේලෙහි මහතෙරුන්වහන්සේ මහරජ, යම්කිසි කෙ‍නෙක්



තෙහාතික වර්ගනය 379

තමන්ට දා දියණිකෙනකුන්1 හෝ පුතණුකෙනෙකුන් හෝ ශාසනයෙහි මහණ කරවාලු නම් ඔහු ම ශාසනයට හිමියෝ ය යි වදාළසේක.

ඒ තෙපුල් අසා රජ්ජුරුවෝ ශාසනයට ඇතුළත් වනු සඳහා ලඟැ සිටි විසිහැවිරිදි මිහිඳු නම් පුතණුවන් මුහුණ බලා කිමෙක් ද පුත, මහණ වන්ට පිළිවන් දැයි විචාළහ. කුමාරයෝ ද තමන්ගේ සුළුපිය වූ තිස්ස නම් යුවරජ්ජුරුවන් මහණ වූ දවස් පටන් තුමූ ද මහණ වනු කැමැති ව උන්නාහු රජ්ජුරුවන් කී වචනය අසමින් ම සතුටු ව යහපත, පියාණන්වහන්ස2 දැන් ම මා මහණ කරවුව3 මැනැවැයි කීහ. මෙසේ පුතණුවන් කී බස් අසා දෙවෙනි ව සමීපයෙහි සිටි අටළොස් හැවිරිදි වූ සඞඝමිත්රත නම් දියණියන් මුහුණ බලා කිමෙක් ද දියණියෙනි, තෙපිත් මහණ වවු දැයි විචාළහ. එකල්හි ඒ කුමාරිකාවෝ ද තමන්ගේ ස්වාමිපුත්රූ වූ අග්ගිබ්රයහ්ම නම් කුමාරයා මහණ වූ තැන් පටන් තුමූ ද මෙහෙණිසස්නෙහි මහණ වනු කැමැති ව හුන්නාහු රජ්ජුරුවන්ගේ බස් අසා, යහපත, පියාණන්වහන්ස, මම ද මෙහෙනිසස්නෙහි මහණ වෙමි යි ගිවිස්සාහ.

මෙසේ රජ්ජුරුවෝ තමන් දරුදෙදෙනා සිත් ලදින් සතුටු ව සඞඝයාවහන්සේ සමීපයට ගොස් ස්වාමීනි, මාගේ මේ දරු දෙදෙන මහණ කරවා ශාසනයට මා ඇතුළත් කොට වදාළ මැනැවැයි කීහ. එකලැ භික්ෂුාන්වහන්සේ යහපතැයි ගිවිස මොග්ගලිපුත්තතිස්ස මහතෙරුන්වහන්සේ උපාඬ්යා ය කොට මහාදෙව නම් මහතෙරුන්වහන්සේආචාර්ය්ැ කොට මිහිඳු කුමාරයන් මහණ කරවා වදාළ සේක.නැවත මජ්ඣත්තික නම් මහතෙර කෙනකුන්වහන්සේ ආචාය්යුර්‍ කොට උපසම්පදා කරවුසේක.එකලැ ඒ මිහිඳු නම් වහන්සේ එ ම උසපම්පදා මළුයෙහි4 දී ම සිව්පිළිසිඹියාපත් රහත්බවට පැමිණිසේක. ඉක්බිති සඞඝමිත්රාස නම් දියණියන් ද මෙහෙණිසස්නට ගෙන ගොස් ආයුපාලි නම් රහත් මෙහෙණිකෙනකුන් උපාඞ්යා්යි5 කොට ධමමපාලි6 නම් මෙහෙණිකෙනකුන් ආචාරිනි7 කොට මහණ කරවූහ. පසු ව ඒ සඞඝමිත්රාි නම් මෙහෙණින්වහන්සේ උභතොසංඝයා කෙරෙහි උපසම්පදා ව රහත් වූ සේක. මෙහි මතු කියන පරිද්දෙන් ලඞකාවීපයට මහෝපකාරී ව ශාසනය බබුළුවන සඞඝමිත්රාක ය, මිහිඳු ය යි යන ඒ රාජනන්ද‍යෝ දෙදෙන දර්මසශෝකරජහට සවැන්නෙහි ම මහණ වූහ.



380 සද්ධර්මා ලඞකාරය

   කියන ලද මැයි මහාවංශයෙහි :- 

“උභො සාසනපජෙජාතා, ලඞකාදීපොපකාරිනො, ඣටෙඨ වසේස පබ්බජිසං සු, ධමිමාසොකස්ස රාජිනො” යි.

එයින් මිහිඳු නම් වහන්සේ උපසම්පදාවූ තැන් පටන් තමන් වහන්සේ උපාඬ්යාජයන්වහන්සේ කෙරෙහි ධර්මැවිනය උගන්නාසේක් සංගායනා දෙකට ආරූඪ වූ අත්ථිහකථා සහිත ස්වවිරවාද සියල්ල ම තුන් අවුරුද්දක් ඇතුළතැ ‍ඉගෙන තමන් වහන්සේගේ උපාධ්යාියන්වහන්සේට අතවැසි වූ දහසක් භික්ෂුතන් වහන්සේට නායකවූසේක. එකලැ දර්ම ශෝක රජ්ජුරුවන් ඔටුනු පැළැඳියේ නවහවුරුද්දෙක් විය.

එකලැ එයින් ර්පනර්වේභාගයෙහි පැළලුප්නුවරින් නික්ම වෙනෙහි ගිය නෙසාදප්රනත්රපයකු නිසා කුන්තානි නම් කින්නරාව කුසින් උපන් හෙයින් කුන්තිපුත්රර1 නම් වූ තිස්ස ය, සුමිත්ත2 ය යි යන කුමරුවෝ දෙදෙන වැඩිවිය පැමිණ වරුණ නම් මහතෙරුන් වහන්සේ කෙරෙහි මහණ ව නොබෝකලෙකින් විදර්ශමනා වඩා රහත් ව ඵලසමාපත්තිසැපයෙන් දවස් යවති. එසමයෙහි එයින් වැඩිමහලු තිස්ස නම් රහතන්වහන්සේ අශෝකාරාමයෙහි වැඩවසනසේක් ගොනුවිසෙකින්3 ආතුර ව ඒ ව්යාඅධියට ප්රකතිකාර පිණිස අසත්න ලෙස භික්ෂාසව්රවතයෙන් පතක් පමණ ගිතෙල් නො ලැබ විෂවේදනාවෙන් පිරිහුණා වූ ආයුසංස්කා‍ර ඇති ව සියලු කෙලෙසුන් නසා සංසාරබන්ධෙනයෙන් මිදී සිටි අප වැන්නවුන්ට පවා මෙසේ බෙහෙත්පස දුර්ලනභ විය, එබැවින් විශ්වාස නොකළහැකි සසරමලෙහි දැවටී සිටි සංසාරභිරුකහිභික්ෂුවන් විසින් අප්රිමාද ව මහණදම් පුරා සංසාරබන්ධරනයෙන් මිදි අතිශාන්ත වූ නිවන්පුරුයට වන මැනැවැයි භික්ෂූනන්වහන්සේට අවවාද කොට අහසට පැනනැගී පලක් බැඳ වැඩහිඳ බණ වදාරා මේ මා පිරිනිවී ඇසිල්ලෙහි මෙ ම ශරිරයෙන් තෙජස්කන්ධමයෙක්4 නැගී සියල් සිරුර දවා ධාතුමාත්ර යක් ශේෂ කොට නිවේව යි අධිෂ්්යායන කොට තෙජෝකසින සමාපත්තියට සමවැද පිරිනිවිසේක.

එකල්හි ඔබගේ අධිෂ්ඨාන බලයෙන් එ ම ශරීරාභ්ය න්තරයෙන් ගිනික‍ඳෙක් නැඟී සකලශරීරය5 සම් මස් නහර නිශ්ශේෂ කොට දවාලී ය. 6 අළු පමණකුත් නැති විය. 7 ධාතුමාත්රසයෙක් ශේෂ විය.* එ පවත් අසා මහසෙනඟ සමගින් ධර්මායශෝක


තෙහාතික වර්ග්ය 381

රජ්ජුරුවෝ අශෝකාරාමයට අවුත් මඟුලැතුපිට සිට ඒ ධාතූන් වහන්සේ අහසින් බාගෙන ධාතුසත්කාර කොට ඉත්බිති මහ තෙරුන්වහන්සේ කවර ව්යානධියෙකින් කාලක්රි්යා ‍කළ‍සේක්දැයි විචාරා තත් වූ පරිද්දෙන් අසා මහඉසුරුමත් ත්යාිගී වූ මා වැනි ශ්රාඬාවන්ත පින්ව්ත්ද රජකු රාජ්යිය කරමින් සිටියදී සිල්වතුන් වහන්සේට මෙසේ බෙහෙත්පසය දුලර්භව වන්ට කාරණා කිම් දැයි කලකිරුණු සිත් ඇති ව සතරවහසල්දොරැ මහපොකුණු බිඳුවා උලින් බැඳ සුණු ගස්වා යටැ කී පරිද්දෙන් නුවරමැඳැ අධිකරණ ශාලාවෙන් දවස් පතා ලබන ධනලක්ෂායෙන් ගිතෙල් මී උක්සකුරු ආදී වු නොයෙක් බෙහෙත්බඩු ගෙන පොකුණු පුරවා සංඝයා වහන්සේට සරුප් ලෙස දෙවූහ. ඉක්බිති කුන්තිපුත්රු සුමිත්ර නම් මහතෙරුන්වහන්සේ ද සක්මනට නැගී සක්මන් කරමින් සිට ම කාලක්රි යා කළසේක. මෙසේ දෙදෙනාවහන්සේගේ ඒ පෙළහර දැක බොහෝදෙනා ශාසනයෙහි ප්රෙසන්න වූහ. මෙ කී මේ කුන්තිපුත්ර‍ වූ මහතෙර දෙදෙනාවහන්සේ දර්මාාශෝක රජ්ජුරුවන්ට අටවැන්නෙහි පිරිනිවිසේක.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි;

“කුන්තාපුත්තා දුවෙ තෙරා, තෙ ලෝකහිතකාරිනො,1 නිබ්බායිංසු අසෝකස්ස, රඤ්ඤා වස්සම්හි අට්ඨමෙ” යි.

මෙමස් ශාසනයෙහි විශේෂ2 දැක මෑතභාගයෙහි හාසනයෙහි ප්රසසන්න වූ මහාජනයන් විසින් දවස් පතා මහොඝයක් මෙන් පවත්වන ලද මහත් වූ ලාභසත්කාර දැක පළමු ලාභයෙන් පිරිහුණු තිර්ථඝකයෝ ලාභසත්කාර නිසා ශාසනයෙහි තුමූ ම මහණ ව නොයෙක් ශාසනාර්බුද ඉපදවූහ. එකලැ ධර්මමශෝක රජ්ජුරුවෝ මොග්ගලිපුත්තතිස්ස නම් මහතෙරුන් වහන්සේට සහාය ව සැටදහසක් පමණ වූ ශඨකූටකෛරාටිකලුබ’ධ මායාකාරකදුශ්ශිලතීර්ථෛකමහණුන් බුඬශාසනයෙන් පිටත් කොට සිවුරු හරවා‍ එ තන්හි රැසු වූ සැටලක්ෂනයක් භික්ෂුෛන් වහන්සේ අතුරෙන් දහසක් දෙනා වහන්සේ ලවා තමන්ට සතළොස් වන්නෙහි තුන් වන ධර්මරසඞගායනාව කරවා මහපෙලොව ගුගුරුවමින් නොයෙක් ලෝකෝත්සව පැවැත්වූහ.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :-

“සාධුකාරං දදන්තිව, සායනට්ඨතිකාරණා, සඬ්ගිතිපරිපෙසෙටෙන, අකම්පිත්ථා මහාමහී” යි.

මේ මහා සංක්ෂේප කාථාව ය. විස්තරකථාව වනාහි මහාවංශයෙහි කී පරිද්දෙන් දතයුතු යි. මෙසේ ඒ ධර්මාශෝක


382 සද්ධර්මා ලඞකාරය

රජ්ජුරුවෝ පූර්වරජාතියෙහි තුන්සිත පහදා පිරිසිදු ව දුන්නා මධුදානයෙහි අනුසසින් සියලු සම්පත්තීන් සමෘද්ධ වූ දසදහසක් යොදුන් මුළුදඹදිවට ඒකනායක න අනෝපමේය වූ රාජශ්රීම විඳිමින් තවද පහනින් පහනට යන්නා සේ මත්තෙහි ද දෙව්මිනිස් සැපත් හා නිවන්පුරැ සිරි විඳිනා පරිද්දෙන් නොයෙක් ලෙස බුදුසසුන් බබුළුවා පින් රැස් කළහ.

කියන ලදුයේ මැයි මහාවංශයෙහි :-

“සම්පුණ්ණත්තා අයං තිස්සා, චෙතනායො මධුප්පදො, සබ්බත්ථප සබ්බදා සබ්බසම්පත්තිමහිසම්භුණි”- යි.

තවද පළමු මී දන් දෙන සමයෙහි මැදිබෑවෙළඳානෝ වනාහි පසේබුදුන් මුහුදින් එතෙරැ දමා පියව යි කී අකුසලයෙන් දඹදිව ඉපිද ගත නොහී මුහුඳින් මෙතෙරැ ලඞකාවිපයෙහි අනුරාධපුරනුවරැ මුටසීව1 නම් රජහට දෙවනපෑතිස් නම් පුත් ව උපන්හ. ඒ මුටසීවරජ්ජුරුවන්ගේ වනාහි මහත් වූ කුශලයෙන් හා ගුණනුවණින් යුක්ත ව ඔවුනොවුන්ට හිතකාමි වු පුත්රවයෝ දසදෙ‍නෙක් හා දූහූ2 දෙදෙනෙක් වූහ. ඔහු හැමදෙන ම කයින් සිතින් සමගි ව ඔවුනොවුන් කෙරෙහි පෙම් සහිත ව නිත්ය සන්තෝෂයෙන් ඒකාත්මික ව වෙසෙති. ඔවුන් අතුරෙන් දෙවෙනි දෙවනපෑතිස් නම් රජකුමර කුශල බලයෙන් හා යසස් තේජසින්3 වැඩිතරම් ව වෙසෙති. ඉක්බිති මෑතභාගයෙහි මුටසීව රජහු සැටවයස් පිරි කාලක්රි්යා කළ කල්හි මහ ඇමතියෝ එක් ව අභය රාජකුමාර ය, දෙවනපෑතිස්ස ය, මහානාග ය, උත්තිය, මත්තාභය ය, සූරතිස්ස ය යනාදි දසබෑරජකුමරුවන්ගෙන් එ ම දෙවනපෑතිස් කුමාරයන් ඔටුනු පළඳවා රාජ්යජයෙහි පිහිටවූහවූහ.

ඔටුන් පැළදීම හා සමඟ ඒ දෙවනපෑතිස් රජහට අනේක ප්රනකාර වූ ආශ්චය්යැර්‍ පහළ විය. කෙසේ වූ ආශ්චය්ය්යයෙ ද යත්; 4 මේ සියලු ලඞකාවීපයෙහි ඇතිතාක් නිධාන හා ඉන්ර් නීලමාණික්යායදී වූ නොයෙක් රත්නයෝ පොළොව පළා උඩැ නැගී මිහිවඩල පුරා සිටගත්හ.

ලඞකාද්වීපසමීපයෙහි5 නැසුණා වූ නැව් ආදියෙහි වස්තු හා එ ම මුහුඳින් උපන්නා වූ නොයෙක් රත්නයෝ වෙරළට ගොඩ නැඟී6 සිටගත්හ. සිගිරිපර්වපතප්රාෙන්තයෙහි7 එක් හුණපඳුරෙකැ රථකැවිටි පමණ වූ හුණදඬු තුනෙක් උපන. එයින් එක් හුණදණේඩක් ලතායෂ්ටි නමි. එක් හුණදණ්ඩෙක් පුෂ්පයෂ්ටි


තෙහාතික වර්ගුය 383

නම. එක් හුණදණ්ඩෙක් ශකුණයෂ්ටි නම. ඒ හුණදඬුතුන ම රිදීමය වෙයි. එයින් ලතායෂ්ටියෙහි උපන් ලියස රන්වන් පැහැයෙන් බැබැලුවන්ට සිත්කලු වූ ගනරන්ලියක් මෙන්1 වැටහෙයි. කුසුමයෂ්ටයෙහි රන්වන් රත්නිල් සුදුකළු ආදි වූ නානාවර්ණ් දියෙහි ගොඩෙහි පිපෙන නොයෙක් පුෂ්පජාතීහු නටු පෙති රේණු ආදි වශයෙන් විභිගවත් ව බැලුබැලුවන්ට වෙන වෙන ම තේරී පෙනෙන්නාහ. ශකුණයෂ්ටියෙහි හංස මයුර ජීවජීවක සැදිකුළු විලිකුළු2 සක්වාලිහිණි3 ආදි වූ සිවුපාජාතීහු ද යන සියලු සත්ත්වළයෝ ම බැලුබැලුවන්ට සජීවයන් මෙන් විභාගවත් පෙනෙන්නාහ.

එසේ හෙයින් කියන ලදී:-

“ජාතපබ්බතපාදම්හි, තිස්සෝ ච වෙථයට්ඨියො, ජාතා රථපතොදෙන, සමානා පරිමාණතො4

තාසු එකා ලතායට්ඨි, රාජනාහා තහිං ලතා, සුවණ්ණවණ්ණා රැචිරා, දිස්සනේතා තා මනොරමා.

එකා කුසුමයට්ඨි තු, කුසුමානි තහිං පන, නානා ති නානාවණ්ණා ති, දිස්සනෙත්තිඵුටානි ච.

එකා කුසුමයට්ඨි තු, තහිං පක්ඛිම්හා බහු, නානා ච නානාවණ්ණා ච, සජීවා විය දිස්සරේ” යි.

තවද සමූද්රායෙන් අනෙකවිධ වූ මුතුජාතීහු ද පහළ වූහ. 5 ඒ කවර මුතුජාතීහු ද6 යත්? ඇළිඅසුන්ගේ ආකාර ඇති අශ්ව නම් මුතු ය, ඇළිඇතුන්ගේ ආකාරය ඇති ගජ නම් මුතු ය, එසේ ම රථචක්ර කාර ඇති රථ නම් මුතු ය, ඇඹුලඵලාකාර ඇති ආමලකි7 නම් මුතු ය, අතැ ලන වළලු බඳු වූ වලය නම් මුතු ය, ඇඟිල්ලෙහි ලන මුදු බඳු වූ අඞ්ගුලිවෙඨක නම් මුතු ය, කුඹුක්ඵල වැනි අෂ්ටාංග වූ8 කකූධඵල නම් මුතු ය, ස්වභාවෙයෙන් ලොවැ පවත්නා පියවි මුතු ය යි මෙසේ අටජාතියෙකැ මුතු පහළවිය. ඒ මුතු අටජාතිය ම දෙවනපැතිස් රජ්ජුරුවන්ගේ පින්බලයෙන් මුහුදින් ගොඩැ නිගී වෙරළ අසැ වැටියක් සේ සිටගත. ඒ සියලු ම මුතු යටැ කී ඉන්ර්නිගනීලා‍දි වූ නොයෙක් රත්නජාතයන් ද ලතායෂ්ටි ආදි වූ හූණයෂ්ටි තුන ද යන සියල්ල ස දෙවනපෑතිස් රජ්ජුරුවන් පළමුවෙන් ඔටුනු පැළැඳී සතියක් ඇතුළතැ සමීපයට ගෙනහැර දැක්වූහ.

384 සද්ධර්මා ලඞකාරය

 එකලැ එයින් පූර්ව භාගයෙහි ම දෙවනපැතිස් රජ්ජුරුවන් හා දඹදිවැ ධර්මරශෝකරජ්ජුරුවන් හා දෙදෙන1 ඔවුනොවුන් ස්වරූප අසා උනුන් නො දැක ම පූර්වජහේතුබලයෙන් අදෘෂ්ටමිත්රප ව වෙසෙති. එසේ හෙයින් දෙවනපෑතිස් රජ්ජුරුවෝ ඉතා ආශ්චය්ය්න් වත් වූ ඒ රුවන්සමූහය දැක සතුටු ව මුතුමැණික් ආදී වූ ඒ රත්නජාතයන්2 හා ලතායෂ්ටි ආදි වු සියල්ල ම මාගේ මිත්රකයාණන්ට දෙව යි අමාත්යයයන් අතට දී ධර්මාටශෝක රජ්ජුරුවන්ට පඬුරු පිණිස3 දඹදිව්4 යවූහ. ඒ දැක ධර්මාෝශෝක රජ්ජුරුවෝ සතුටු ව තමන්ගේ මඟුල්කඩුව ය, වල්විදුනාව ය, ‍ශ්වේතච්ඡත්රෝ ය, නළල්පට ය, රනිමිරිවැඩිසඟල ය යන මේ පඤ්චරාජකකුධභාණ්ඩයන් හා අනිකුත් බොහෝ මාහැඟි පඬුරු දි මාගේ මිත්රකයාණන්ට මෙයින් අභිෂේකමඟුල් කරව යි කියා එවූහ. 

හුදෙක් ආමිසපඬුරු පමණක් ම එව්වාහු නො වෙති. දහම් නමැති පඬුරු ද එවූහ. ඒ කවරේද යත්? “එම්බා රජ්ජුරුවෙනි, මම බුදුන්ගේ ධර්මනය අසා බුඬරත්න ය, ධර්මරරත්න ය, සඞඝරත්න ය යන මේ තුනුරුවන් සරණ ගෙන උපාසක වීමි. එසේ හෙයින් පින්වත් රජ්ජුරුවෙනි, තෙපිත් මා සේ ම තුනුරුවන් කෙරෙහි පැහැද සැදැහයෙන් තිසරණ ගෙන උපාසක ව දශවිධකුශලධර්මෙයෙහි යෙදී වාසය කරව” යි කියා එවූහ. 5

කියන ලද මැයි:-

“අහං බුද්ධඤ්ච, ධම්මඤ්ච, සඞඝඤ්ච සරණං ගතො, උපාසකත්තං වෙදෙසිං, 6 සත්ය,පුත්තස්ස සාසනෙ.

ඉමේස් තීසු වත්ථුංසු, උත්තමේසු නරැත්තම, 7 චිත්තං පසාදයිත්වාපන, සද්ධාය සරණං වජ” යි.

මෙසේ රජහු විසින් දෙන ලද පඬුරු ගෙන ඇමතියන් නැවැත මේ ලඞකාවිපයට අවුත් දෙවනපෑතිස්රජ්ජුරුවන්ට දෙවැනි ව8 අභිෂේකමඟුල් කරවූහ. එසමයෙහි මොග්ගලිපුත්තතිස්සමහතෙරුන් වහන්සේ යටැ කී පරිද්දෙන් තුන් වන ධර්මිසඞඝායනාව නිමවා මතු බුදුරජාණන් වහන්සේ ශාසනය කොයි පිහිටා දෝ හෝ යි බලනසේක් ප්රමත්යනන්සේශයෙහි පිහිටන බව දැක ගිය ගිය තන්හි අනුබුද්ධ ව බණ කියන්ට සමර්ථ වූ මහත් සෘඩිප්රාිතිහාය්ය්ද් ඇති මහාස්ථවීරවරයන් කැඳවා

තෙහාතික වර්ග‍ය 385

එම්බා ඇවැත්නි, එන දවසැ දඹදිවැ මඞ්යමදේශයට වඩා ප්රැත්ය න්ත දේශවලැ ජනසමෘඬි ඇති වෙයි. එබැවින් තොප හැමදෙනාට මෙවැනි නිවන්ා සැපතක් සිඬ කොට දීලු බුදුරජාණන් වහන්සේගේ ත්රිබවිධශාසනය පස්වාදහසක් මුළුල්ලෙහි අඛණ්ඩ ව පවත්වා පරිද්දෙන් ප්රවත්යනන්තදේශවලැ ශාසනය පිහිටුවාලව යි ඒ ඒ දේශයට භික්ෂු්න්වහන්සේ නිල කොට නික්මවූසේක.

කෙසේද යත්:-

මඤ්ජන්තික නම් මහතෙරකෙනකුන් වහන්සේ කාශ්මීර ගන්ධා්රදේශයට නිල කොට, මහාදේව නම් මහතෙරකෙනකුන් වහන්සේ මහිෂමණ්ඩල නම් දේශයට නිල කොට, රක්ෂිවත නම් මහතෙරකෙනකුන් වහන්සේ වනවාසී නම් දේශයට නිල කොට, යෝනකධර්මෂරක්ෂිෙත නම් මහතෙරකෙනකුන් වහන්සේ අපරන්තක නම් දේශයට නිල කොට, මහාධර්මනරක්ෂිරත නම් මහතෙරකෙනකුන් වහන්සේ මහාරාෂ්ට්රත නම් දේශයට නිල කොට, මහාරක්ෂිෂත නම් මහතෙරකෙනකුන් වහන්සේ යොනකදේශයට නම් දේශයට නිල කොට, මජ්ඣිම නම් මහතෙරකෙනකුන් වහන්සේ හිමවන් නම් දේශයට නිල කොට, සොණ ය උත්තර ය යන මහතෙර දෙදෙනෙකුන් වහන්සේ ස්වර්ණොභුමි නම් දේශයට නිල කොට තමන් වහන්සේ සඬිවිහාරික වූ මිහිඳු නම් මහ තෙරුන්1 වහන්සේ ලඞකාවිපයට නිල කොට හැමදෙනා වහන්සේ ම පසපස්දෙනා වහන්සේ බැගින් ඒ ඒ දේශයට නික්මවූසේක.

එකලැ හිමාලවනප්රාඒන්තයෙහි2 කාශ්මීර ගන්ධාෙර දෙරටැ ගොයම් පීදි පැසුණු සමයෙහි එ ම දේශයට මැඳැ හිමවූ අබියෙසැ ආරවාල3 නම් වැලැ වසන්නා වූ ආරවාල3 නම් නාග රජායෙක් පහණ වැසි වස්වා මහවතුරෙන් කොළ‍ගොයම් උපුල්වා ගෙන ගොස් මුහදැ හෙළා නසාපියයි. එසේ හෙයින් ඒ නාරජහු දමනය ‍ලා ලොවැ ඩ වසනු සඳහා යටැ කී මජ්ඣන්තික නම් මහතෙරුන් වහන්සේ අශෝකාරාමයෙන් අහසට පැන නැගී හිමවතැ ඒ ආරවලා3 නාරජහු වසන ආරවාල3 නම් විලට වැඩ ඉඳුනිල්මිණිගල්තලක් මත්තෙහි සක්මන් කරන්නා සේ දියපිටැ .සක්මන් කරනසේක. සමහරවිටැ වැඩ සිටිනාසේක. සමහරවිටැ හිඳිනාසේක. සමහරවිටැ සැතපෙනසේක. එකල්හි නාරජ මහතෙරුන් වහන්සේ දැකැ මාගේ විලැ නිර්මසල වූ ජලය

386 සද්ධර්මා ලඞකාරය

තමාගේ පාද රජසින් අපවිත්ර කරනුයේ මේ කොයි මුඩමහණෙක් දැයි කිපී ආකාශයෙහි නොයෙක් භයඞකර වූ විකාර නිර්මිත් කොට දක්වාලී ය.

එකලැ දෙකන් අඟුළු එළන්නා සේ ඒ ඒ දිග්භාගයෙන් මහසුළඟ මහන්නට වන. හාත්පසින් මහරුක් මුලිනිදිර කඳුපතර වෙන වෙන බිඳිබිඳි උඩැ නැඟී අහස්කුසැ බමා බස්නට වන. අවටැ සිටි මහගලකුළු බිඳගෙන සතරදිගිල් ගුගුරා දිවන්නට වන. දිශදිගන්තාරය1 එකපැහැර අඳුර කෙරෙමින් සියගණන් මහමේකුළු නඟා ආකාශය ගුගුරන්ට පටන්ගත. දසදිගැ මහත් ගිනිසුළු ගසන්නා සේ එකපැහැර විදුලියකැල නික්මෙන්නට වන. දෙක් බිහිරි කරන්නා සේ මහත් ගර්ජැනා කෙරෙමින් ඒ ඒ තන්හි දහස්ගණන් සෙණ ගසන්ට වන. එදවස් ආකාශකුහරය බිඳුනාක් මෙන් අනවකාශ ව තල් පොල් කඳ පමණ මහත් ජලධාරාවෝ වස්නට වන්හ. ළදරු නාකුමරුවෝ භයඞකර ‍වෙස් මවා ඒ ඒ දිගින් දිව එන්ට2 වන්හ. නාරජ්ජුරුවෝ තුමූ ද එකපැහැර විසගිනි හරිති. මිසදුම් හරිති.3 අනේකප්රරකාර ආයුධවර්ෂාග වස්වති. ඡින්නාභින්න පටධර වූ මේ කොයි මුඩමහණෙක් දෝ හෝ යි යනාදීන්4 කර්ක.ශ වූ වාකපරුෂයන් මහතෙරුන් වහන්සේ භය ගන්වා පලවමි යි නොයෙක් ලෙස බෙණෙති. කොල, වහා එව, නො හරුව, වට කරව, අල්වව, මුඩමහණු දෙකකුල ගෙන පරසක්වළැ ගසව, පිටිකර අල්වා දමව යනාදීන් තමන්ගේ නාගසේනාවට විධාන‍ කොට කැඳවමින් සමීපයට අවත් වන්හ. මහතෙර්න් වහන්සේ ඒ සියලු භයඞකරවිකාර තමන්5 වහන්සේගේ සෘඬිබලයෙන් ප්රසතිබාහනය කොට නාරජහට වදාරන සේක් :-

“සදෙවකොපි චෙ ලොකෙ, ආගන්ත්වාි තාසයෙය්ය් මං. න මෙ පටිබලො අස්ස, ජනෙතුං භයහෙරවං.

සචෙ පි ත්වං මහිං සබ්බං, සසමුද්දං සපබ්බතං, උක්ඛිපිත්වා මහානාග, ඛිපෙය්යාදසි මමෙ‍ාපරි.

නෙච මෙ සක්කුණෙය්යා සි, ජනෙතුං භයහෙරවං, අඤ්ඤදත්ථු් තවෙව‘ස්ස,6 විඝාතො උරගාධිප” යි.

යනාදීන් තමන් වහන්සේගේ මහිම දක්වා වදාළසේක. එකල්හි නාරජ මහතෙරුන් වහන්සේගේ සෘඬිප්රාාතිහාය්ය ර්‍ දැක සුරවීර තෙපුල් අසා අන්කිසිවක් කිය කළ නො හී තමා

තෙහාතික වර්ගිය 387

කළ කී සියල්ල නිෂ්ඵල ව්යාතයාම ය1 යි සිතසිතා කනස්සලු ව ලජ්ජාවෙන් කර බාගෙන සිටියේ ය. එවේලෙහි මහතෙරුන් වහන්සේ ප්රසස්තාවට සුදුසු වූ ධර්මනදේශනාවක් නාරජහට මෙලෝ පරලෝ දක්වා කුශලකරණයෙහි සමාදන් කරවා වඩ වඩා කුශලයෙහි ඔහු සිත තියුණු කරවා විද්යා මානගුණයෙන් ප්ර ශංසා කළසේක. එකලැ නාරජ්ජුරුවෝ සුවාසුදහසක් නයින් හා ලක්ෂහගණන් යක්ෂංරාක්ෂරසොගගරැඩගන්ධජර්වාසදීන් හා සමඟ සරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වූහ. පඤ්චශික3 නම් යක්ෂසසේනාධිපතිහූ හා හාරිත නම් යක්ෂිසණිය හා පන්සියයක් යක්කුමරුවෝ සෝවාන්පලෙහි පිහිටියහ. ඉක්බිති මහ තෙරුන්වහන්සේ ඒ සියලු නාගයන් හා යක්ෂහරාක්ෂාගරුඩගන්ධහර්වයයන් සමීපයට කැඳවා:-

“මා‘දානි කොධං ජනයිත්ථග,4 ඉතො උඬා යථා පුරේ, සස්සඝාත ච මා‘කත්ථං, සුඛකාමා හි පාණිනො, කරොථ මෙත්තං සත්තේසු, වසන්තු මනුජා සුඛං.”

යනු හෙයින් එම්බා, කිසිකෙනෙකුන් කෙරෙහි ක්රෝ.ධ නොකරව, මනුෂ්‍යයන් තමන්ගේ ප්රාකණාරක්ෂාහ පිණිස මහොත්සාහයෙන් ඇතිකොට ගත් ශස්ය‍ජාතයන් නෙ නසව. සියල්ලවුන් කෙරෙහි මෛත්රීහ කරව යනාදීන් අවවාද කළසේක. එකලැ ඔහු හැමදෙන ම යහපත, ස්වාමීනි යි මහතෙරුන් වහන්සේගේ අවවාද මුදුනෙන් පිළිගත්හ. නාරජ්ජුරුවෝ තමන් හිඳිනා මනහර රුවන්ආසනයක් ගෙන්වා මහතෙරුන් වහන්සේ එහි වඩාහිඳුවා පසඟ පිහිටුවා වැද පවන්පතක් ගෙන සලමින් මහතෙරුන් වහන්සේ සමීපයෙහි සිටියහ.5 එකෙණෙහි කාශ්මීර ගන්ධාේරදේශවාසීහු තමන් අවුරුදු පතා නාරජහට දෙන පුද පඬුරු ගෙනාගෙන ආවාහු මිණිපලගමත්තෙහි වැඩහුන්6 මහතෙරුන් වහන්සේ හා පිළිවෙත් සරු හ්රිඬාවන්ත හුදියකු සේ ශාන්තදාන්ත ව සමීපයෙහි සිටි නාරජ්ජුරුවන් දැක අපගේ නා රජහට වඩා මහතෙරුන් වහන්සේ ම මහත් වූ සෘඬිබල ඇති සේකැයි මහතෙරුන් වහන්සේ වැඳ එකත්පස්ව උන්හ.

එවේලෙහි මහතෙරුන් වහන්සේ ඔවුන්ට සංයුක්තයෙහි සළයින්වගැ බුදුන් වදාළ ආසිවිසෝපමසූත්ර්යෙන් බණ වදාළ සේක. එකලැ අසූදහසක් ප්රාවණීහු සෝවාන් වූහ. ලක්ෂළයක් පුරුෂයෝ මහණ වූහ. එ තැන් පටන් කාශ්මීර ගන්ධාදර දෙරට කාෂායවස්ත්ර.යෙන්7 බබළන්නාක් මෙන් සෝභමාන විය.

388 සද්ධර්මා ලඞකාරය

එසේ හෙයින් කියන ලදී:-

“ගන්ත්වාක කස්මිරගන්ධාරරං, ඉසි මජ්ඣන්තිකො තදා, රුට්ඨං නාගං පසාදෙත්වාන, මොවෙයි බන්ධඣනා බහූ” යි.

තවද දෙවන මහාදේව නම් මහතෙරුන් වහන්සේ මහීස මණ්ඩලෙයහි වැඩ මැඳුම්සභියෙහි උපරිපනසැ වදාළ දේවදූත සූත්ර යෙන් බණ වදාරා සතලිස්දහසක් ප්රාහණින් නිවන් දක්වා සතලිස්දහසක් පුරුෂයන් මහණ කොට එහි ශාසනය පිහිටු වූසේක.

එසේ හෙයින් කියන ලදී:-

“ගනත්වා මහාදෙවථෙරො, දෙසං මහිසමණ්ඩලං, සුත්තන්තං දෙවදුතං සො, කතෙසි ජනමජඣගො” යි.

තවද තුන් වන රක්ෂි ත මහතෙරුන් වහන්සේ දහම් අනාවාස ව තුබූ වනවාස නම් දනව්වට වැඩ අහස්කුසැ පුන් සඳක් සේ දිලිහිදිලිහි වැඩහිඳ සියලු සතුන්ට පෙනිපෙනි සංයුත් මඟියෙහි වදාළ අනමතග්ගිය සූත්රසයෙන් බණ වදාරා සැටදහසක් ප්රාසණින් නිවන් දතක්වා සත්තිස් දහසක් මනුෂ්යරයන් මහණ කොට පන්සියක් විහාර ඇති කරවා එහි සසුන් පිහිටවුසේක.

එසේ හෙයින් කියන ලදි:-

“ගනත්වා රක්ඛිතථෙරො, වනවාසං මහිඬිකො, අන්තලිකෙඛ ඨිතො තත්ථර, දෙසෙසි අනමතග්ගියං, යි.

තවද සතර වන යොනකධර්මථරක්ෂිසත නම් මහතෙරුන් වහන්සේ අපරන්තක නම් ජනපදයට වැඩ අඞි‍ෙගාත්තරසහියෙහි වදාළ අග්ගික්ඛත්දොපමසූත්රවයෙන් බණ වදාරා සත්තිස් දහසක් ප්රාකණීන් එක දා නිවන් දක්වා රජකුලෙන් ම දහසක් පුරුෂයන් හා සඳහස් පන්සියයක් බිසෝවරුන්* මහණ කරවා එහි හාසනය පිහිටවූසේක.

එසේ හෙයින් කියන ලදී:-

“ගන්ත්වා ‘පරන්තකං ථෙරො, යොනකො ධම්මරක්ඛිතො අග්ගික්ඛන්ධොපමං සුත්තං, කථෙසි1 ජනමජ්ඣගො” යි



‍ෙතහාතික වර්ගසය 389

තවද පස් වන මහාධර්මතරක්ෂිනත නම් මහතෙරුන්වහන්සේ මහාරාෂ්ර්ටා නම් ජනපදයට වැඩ කුදුගොත්සඟියෙහි වදාළ මහානාරදකාශ්යැපජාතකයෙන් බණ වදාරා එම දා සුවාසුදහසක් ප්රායණීන් අමාමහනිවන් දක්වා තෙළෙස්දහසක් මනුෂ්යබයන් මහණ කොට එහි ශාසනය පිහිටුවා වදාළසේක.

එසේ හෙයින් කියන ලදී:-

“මහාරට්ඨම්සි1 ගනත්වාය, සො මහාධම්මරක්ඛිතො, ජාතකං කථයිත්වාින, පසාදෙසි මහාජනං” යි.

තවද සවන මහාරක්ෂි‍ත නම් මහතෙරුන්වහන්සේ යොනක දේශයට වැඩ දික්සඟිය සිලක්ඛන්ධදවර්ගසයෙහි වදාළ කාලකාරාම සූත්රඛයෙන් බණ වදාරා එක්ලක්ෂ සැත්තෑදහසක්2 ප්රාිණීන් නිවන් දක්වා දසදහසක් පුරුෂයන් මහණ ‍කොට දහස්ගණන් විහාර ඇතිකරවා මෙසේ යෝනකදේශයෙහි ශාසනය පිහිටවු සේක.

එසේ හෙයින් කියන ලදී:-

“ගනත්වා න යොනවිසයං, සො මහාරක්ඛිතො ඉසී, කාලකාරාමසුත්තන්තං, කථෙසි ජනමජ්ඣගො”* යි.

තවද සත් වන මජ්ඣිම නම් මහතෙරුන් වහන්සේ කාශ්ය පග්රෝඉත්ර ස්ථවීරයන්වහන්සේ ය, ආලවකදේවස්ථවීරයන් වහන්සේ ය, දුන්දුභිස්සරස්ථවීරයන්වහන්සේ ය, යහප්රවදේව ස්ථවීරයන් වහන්සේ ය යන මේ සතර මහා ස්ථවීරයන් හා සමඟ හිමවන්ත දේශයට වැඩ පළමු වන දම්සක් පැවතුන්3 සූත්රායෙන් බණ වදාරා අසූකෙළක් ප්රාහණීන් නිවන් දැක්වූ‍සේක.4 පඤච මහාස්ථවීරයන් වහන්සේ පස්රටක් පැහැදවූ‍සේක. එකිඑකී තෙරකෙනකුන් වහන්සේ කෙරෙහි ලක්ෂපයක් ලක්ෂවයක් බැගින් පස්ලක්ෂතයක්5 පුරුෂයෝ මහණ වූහ. මෙසේ ඒ පස්දෙනා වහන්සේ පසුරටක් පහදවා සසුන් පිහිටුවුසේක.

එසේ හෙයින් කියන ලදී:-

“ගන්ත්වාකන මජ්ඣිමථෙරො, හිමවන්තං පසාදිය, යක්ඛසේනං පසාදෙන්තො,6 ධම්මචක්කං පවත්තයි-.” තවද අට වැනි සොණ නම් මහතෙරුන් වහන්සේ උත්තර නම් මහතෙරුන් වහන්සේ හා සමඟ සුවණ්ණභුමියට වැඩිසේක. එකලැ එක් ජල යකින්නක් මුහුදින් එතෙරැ සිට අවුත්7 එ රටැ


390 												සද්ධර්මාකලඞකාරය 

රජකුලෙහි උපනුපන් දරුවන් අල්වාගෙන සල්වසල්වා කන්නී ය. එ දවසුදු රජකුලෙහි දරුකෙනකුන් උපන්හ. ඔවුන්ට රකවල් ගෙන සිටි මනුෂ්යඑයෝ තෙරවරුන්1 වහන්සේ දැක තමන් ස්වභාවයෙන් ම භික්ෂූටන් නොහඳුනන හෙයින් රාක්ෂ1සයෝ දෝ හෝ යි සිතා ආයුධ අරැගෙන තෙරවරුන්1 වහන්සේ මරනු කැමැති ව අවුත් වන්හ. ඔබ දෙදෙනා වහන්සේ ඔවුන් දැක තෙපි හැම කුමක් පිණිස ආයුධ ගෙන අවු දැයි විචාළ සේක. 2 එකලැ මේ රට රජකුලෙහි උපනූපන් දරුවන් යක්ෂවරාක්ෂේයෝ කා පියති. එසේ හෙයින් තොප හැම යක්ෂඋරාක්ෂ සයනැ යි සිතා මරන්ට ආම්හ යි කීහ. එවේලෙහි මහතෙරුන් වහන්සේ අපි රාක්ෂෂසයෝ නො වෙමු. ප්රාකණඝාතාදි වූ සියලු පාපයන් දුරු කොට සියල්ලවුන් කෙ‍ෂරෙහි මෙත් සිත් පතුරුවා එකභක්තිකව සිල්වත් ව කලණගුණයෙන් යුක්ත ව වසන්නා වූ ශ්රකමණයම්හ යි වදාළසේක.

එකෙණෙහි දරුවන් කන යකින්නී එ දවස් රජකුලයෙහි දරුවන් උපන්බව දැන ඔවුන් අල්වාගෙන කා පියමි3 සිතා තමාගේ පිරිවර හා සමඟ මුහුඳින් නික්ම අවුත් එ තන්හි පෙනි ගියා ය.4 මනුෂ්යියෝ ඈ දැක මහතෙරුන් වහන්සේ වැද ස්වාමීනි, මිනී කන යකිනි5 එන්නී ය යි6 භයින් මුරගාන්ට වන්හ. එවේලෙහි මහතෙරුන් වහන්සේ රාක්ෂතසයන්ට වඩා දියුණු7 ආත්මභාව ඇති ව මහසෙනඟක් නිර්මිත කොට පිරිවර සහිත වූ යකින්න මධ්ය් කොට දෙපිටින් වටකළසේක.

එකලැ පිරිවර හා සමඟ යකිනි සිතන්නී ඒකාන්තයෙන් ම මොවුන්ට මේ මේ භුමිස්ථානය8 වෙසමුණුරජුහු විසින් දෙන ලද්දේ ම ය යි; අනුන්ගේ දරුවන් කැවිලි තබා තමාගේ දිවි රැකගත මැනැවැයි භයින් වෙවුළා දිවූ ය. ඒ9 සියලු යක්ෂනයෝ ම මහත් වූ වේගයෙන් ආපසු නො බලා දිවපීහ. මහතෙරුන් වහන්සේ ‍මෙසේ යක්ෂයයන් භය ගන්වා පලවා පියා ඒ ජනපදය සිසාරා සිමා බැඳ එ තන්හි රැස් වූ මහාජනයාට බ්රදහ්මජාලසූත්රතයෙන් බණ වදාරා සැටදහසක් ප්රාජණීන් නිවන් දක්වා තුන්දහස් පන්සියයක් පුරුෂයන් හා එක්දහස් පන්සියයක් ස්ත්රීාන් හා මහණ කරවා එහි සසුන් පිහිටවූසේක.

එ තැන් පටන් එ රටැ රජකුලෙහි උපන් දරුවන්ට “සොණුත්තැ” ය යි නම් තබන්නාහ. මෙසේ ලොවුතුරා බුදුන් පවා ලොබ කරවන නිවන්සැප ලදින් ධ්යාජනසුවයෙන් ඒ ඒ


තෙහාතික වර්ගනය 391

තන්හි වැඩහිඳ සැප විඳුම්හ යි නො සිතා මෙසේ මේ ස්ථවීරයන් නිවන්සැප හැර ඒ ඒ තන්හි ඇවිද ලෝවැඩ සැදූ කලැ සසරැ සිටිනා වූ නුවණැති කවර නම් සත්ත්ව්යෙක් ලෝවැඩෙහි උපෙක්ෂැක වේ ද? එසේ හෙයින් නුවණැත්තා වූ ශාසනිකභික්ෂුැන් විසින් ලෝවැඩසසුන්වැඩෙහි අප්රසමාද ව දවස් යවීය1 යුතු.

එසේ හෙයින් කියන ලදී:-

“මහාදයස්සාපි ජිනස්ස කඩ්ඪනං විහාය පත්තං අමතං සුඛම්පි තෙ, කරිංසු ලෝකස්ස හිතං තහිං තහිං භවෙය්ය කො ලොකහිතෙ පමාදවා” යි.

තවද ලඞකාවීපයෙහි සසුන් පිහිටුවන ලෙස සැලැස්වූ මිහිඳු මහතෙරුන්වහන්සේ ඉට්ඨිය මහතෙරුන්වහන්සේ ය, උත්තිය මහතෙරුන්වහන්සේ ය, සම්බල2 මහතෙරුන්වහන්සේ ය, භද්දසාල මහතෙරුන්වහන්සේ ය යන මේ සතරදෙනා වහන්සේ කැඳවාගෙන අශෝකාරාමයෙන් නික්ම ලඞකාවිපයට වඩනට සුදුසු කල් පරීක්ෂාර කෙරෙමින් රජගහනුවරසමීපයෙහි දක්ෂිනණගිරි නම් දනව්වට වැඩ එහි සැරිසරනසේක් සමසක් කල් යවා තවද ලක්දිව් වඩින්ට කල්නොවන හෙයින් ක්ර්මයෙන් තමන් වහන්සේගේ මව්බිසවුන් වසන වෙටිස3 නම් නුවරට වැඩ එ ම බිසවුන් විසින් කරන ලද වෙටිසගිරි4 නම් විහාරයෙහි සැතැපි මවුබිසවුන්ගෙන් උපස්ථාන විඳ වෙසෙමින් මෙසේ ද එක්මසක් කල් යවා මෙවිටැ ලක්දිව් නිකෙමන්ට සුදුසු කලැයි දැන ගමනොත්මුඛ ව වැඩහුන්සේක. 5

එ කල්හි සක්දෙව් රජ්ජුරුවෝ මහතෙරුන් වහන්සේ කරා එළැඹ පසඟ පිහිටුවා වැඳ ස්වාමිනී, ලක්දිවැ රජ කරන දෙවන පෑතිස් මහරජ නුඹවහන්සේගේ පිය වූ ධර්මාීශෝක රජ්ජුරුවන් තමහට යවූ මඟුල්පෙසරහර6 ලැබ දෙවැනි ව අභිසේකමඟුල් කෙළේ ය. තුනුරුවන්හි ගුණ අසා සතුටු වියත තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජීවමානකාලයෙහි ම එන දවසැ මිහඳු නම් මහතෙරකෙනෙක් ලක්දිවැ මිනිසුන් පහදවා සසුන් පිහිටවති යි නුඹවහන්සේ ම දක්වා වදාළසේක. එසේ හෙයින් නොපමාව ලක්දිව් වැඩිය මැනැවැයි මමත් සහාය වෙමියිකසු ආරාධනා කළහ.


392 සද්ධර්මා ලඞකාරය

එකලැ මිහිඳුමහතෙරුන් වහන්සේ යහපතැයි ගිවිස යටැ කී මහතෙරසතරදෙනාවහන්සේ හා තමන්වහන්සේ සහෝදර නැඟණියන් සඞඝමිත්රාෙ ස්ථවීරයන්ගේ පුත්රද වූ සුමන සාමණේරයන් වහනසේ හා දෙබිගින්නන් දරු නැඟණීයන් පුත් වූ භණ්ඩුක නම් අනාගාමි බෑනණුකෙනකුන් ඇතුළු වූ සදෙනා වහන්සේ කැඳවාගෙන වෙටිසගිරි නම් විහාරයෙන් අහසට පැනනැගී දික්කළ අතක් වක් නො කරන ඇසිල්ලෙහි අනුරාධපුරයට නැ‍ඟෙනහිරැ මිශ්රතක නම් පර්වලතයෙහි සිලයකූට නම්1 ගල්කුලමුඳුනට බැස ලක්දිව්වැසි වනදෙවියන්ගේ මනනුවනින් පිනවමින් මීඅඹගසක්මුලැ අඹතලා නම් ගලඅතලමත්තෙහි සදෙනා වහන්සේ පිළිවෙළින් වැඩහුන්සේක.

එසේ හෙයින් කියන ලදී:-

“ලඞකාපසාදනගුණේන වියානතො සො ලඞකාහිතායා මුනිනා සයිතෙන අන්තේ, ලඞකාය සත්ථුමසදිසො හිතහෙතු තස්ස ලඞකාමරූහි මහිතො‘හිතිසිදී තත්ථද” යි.

මෙසේ එ තන්හි ‍මහතෙරුන්වහන්සේ වැඩහුන් දවස් නම් අප බුදුන් පිරිනිවී දෙසියයතිස් වන හවුරුදු ධර්මාැශෝක රජහට අටළොස් වන්නෙහි දෙවනපෑතිස් රජහට පළමු වන්නෙහි එ ම මිහිඳුමහතෙරුන්වහන්සේ උපසම්පදා වූ දො‍ළොස් වන හවුරුදු පොසොන්පුර මුල නැකත ලද පසළොස්වක දවස ය. එසේ හෙයින් දෙවනපෑතිස් රජ්ජුරුවෝ පළමු සත්දවසෙකැ පටන් මුළුනුවර දෙව්පුරයක් සේ සරහා සැණකෙළි කෙළනාහු එ දවස් නුවරවැස්සන්2 හා මහ ඇමතියන් නැකත්කෙළි කෙළනා සේ නියෝග කොට තුමු සතලිස්දහසක් පුරුෂයන් පිරිවරා මිහින්තලාවට මුවදඩැ ගියහ. එකලැ ඒ පර්වයතයෙහි වසන එක්තරා දේවතාවෙක් මහතෙරුන් වහන්සේ රජහට දක්වමි යි රොහිත නම් මුවවෙසක් මවාගෙන තණ කන මුවකු මෙන් රජහට නුදුරුතෙනැ පෙනී ගිය. රජ්ජුරුවෝ මුවා දැක තණ කන මුවා විදීම යුක්ත නො වෙයි සිතා දුනු දියැ අත පොළාපිහ. ඒ ශබ්දය අසා ඉඟුළුනාක් මෙන් මුව දේවතාවා පර්ව තයට අභිමුඛ ව නික්ම අඹතලව්වට නැඟී අන්තර්ධා න විය.

රජ්ජුරුවෝ මුවා ලුහුබැඳ යන්නාහු එ ම අඹතලව්වට නැංගාහ. එකලැ මිහිඳුමහතෙරුන් වහන්සේ ආසන්න ව

තෙහාතික වර්ගහය 393

එන රජහු දැක බොහෝදෙනා දුටුකල්හි රජ භය ගිනියි සිතා “මේ රජ මා පමණක් ම දකීව යි, සේස්වුන් නො දකීව යි” අදිෂ්ඨාන කොටලා තිස්ස ය, මෙසේ එව යි වදාළසේක. එ බස් ඇසූ රජ්ජුරුවෝ මහතෙරුන්වහන්සේ දැක සිතන්නාහු මේ ලඞකාවිපයෙහි මාගේ නම කියා කැඳවන්ට සමර්ථ කෙනෙක් නැත. මේ ඡින්නයෙහි වටධර වූ කාෂායවස්ත්රදය හැඳ පෙරෙවි හිසමුඩු තැනැත්තා මට තිස්ස ය යි නම කියා කැඳවයි. මේ මනුෂ්ය්යෙක් දෝ හෝ නෙහොත් අමනුෂ්යතයෙක් දෝ හෝ යි සිතූහ. එවේලෙහි මහතෙරුන් වහන්සේ රජුගේ අදහස් දැන1 තමන් වහන්සේ බුදුසව්බණ අසවා දඹදිවින් වැඩි කටයුතු වදාරනසේක්:-

“සමාණා මයං මහාරාජ, ධම්ම රාජස්ස සාවකා, තවේව2 අනුකම්පාය, ජම්බුදිපා ඉදාගතා.”


යන මේ ගාථාව වදාළසේක. එකලැ දෙවනපෑතිස් රජ්ජුරුවෝ ධර්මා හෝකරජ්ජුරුවන් පළමු නොබෝකලෙකැ කියා එවූ තුනුරුවන් ස්වරූප සඳහන් කොට රහතන් වහන්සේ වැඩිසේක් වනැයි සිතා එකෙණෙහි අතැ තිබූ දුනු හිතල ඉවතැ දමා ලං ව ගොස් වැඳ එකත්පස් ව උන්හ. ඉක්බිති රජ්ජුරුවන හා මහතෙරුන් වහන්සේ පිළිසඳර කථා කරමින් වැඩ උන් කල්හි සතලිස්දහසක් පුරුෂයෝ අවුත් රජ්ජුරුවන් පිරිවරා ගත්හ. එවේලෙහි මහතෙරුන් වහන්සේ ද කැටි ව වැඩි අනික් සදෙනා වහන්සේ දැක්වූසේක. රජ්ජුරුවෝ ඔබ හැම දැක “මේ හැම‍දෙනා වහන්සේ කවර දා වැඩිසේක් දැයි” විචාළහ.3 මහරජ, “මා හා කැටි ව ම අවු ය යි” වදාළ කල්හි “නුඹ ඇමදෙනා වහන්සේ කෙසේ වැඩිසේක් දැයි” විචාළහ. 3 දියෙනුත් ගොඩිනුත් නො ආම්හ යි වදා‍ල කල්හි ආකාශයෙන් වැඩිසේක් වනැයි සතුටු ව කිමෙක් “ස්වාමීනි, මෙබඳු ශ්ර මණයෝ දඹදිවැ තවත් ඇත් දැයි” විචාළහ. එකලැ මහ තෙරුන්වහන්සේ මහරජ, කුමක් කියා ද? දැන් ඒ දඹදිව් තලය කාෂායවස්ත්රකයෙන් ම දිලිහෙයි වදාරා -

“තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච, චෙතොපරියකොවිදා, 4 දිබ්බයොතාරහන්තේ ච5 බහූ බුද්ධස්ස සාවකා”

යන මේ ගාථාවෙන් දඹදිවැ රහතන් වහන්සේ ‍බොහෝ බව හඟවා වදාළසේක. එ තෙපුල් අසා රජ්ජුරුවෝ අතිශයින්

394 සද්ධර්මා ලඞකාරය

ප්රධසන්න වූශ. ඉක්බිති මහතෙරුන් වහන්සේ රජ්ජුරු‍වන්ගේ නුවණ පරීක්ෂාක කරනු පිණිස සමිපයෙහි සිටි අඹගසක් දක්වා “මහරජ, මේ කිනම් ගසෙක් දැ” යි විචාළසේක. රජ්ජුරුවෝ ස්වාමීනි, අඹගස ය යි කීහ. මහරජ, මේ අඹගස හැර1 තවත් අඹගස් ඇද්දැයි විචාළසේක. රජ්ජුරුවෝ එසේය ස්වාමීනි, බෙහෙව2 යි කීහ. අඹගස් හැර සෙසු ගස් ඇද්දැයි විචාළසේක. ස්වාමීනි, අඹගසින් පිටත් සෙසු ගස් පමණ නැතැයි කීහ. සෙසු අඹගස් හා නොඅඹගස් හැර එයින් පිටත් ගස් කවරේ දැයි විචාළසේක. ස්වාමීනි, මේ අඹගස එයින් පිටත් වේ දැයි කීහ.

එකලැ මහතෙරුන් වහන්සේ මහරජ, මේ ප්රළශෟනය තොප කී නියා ඉතා යහපතැයි රජ්ජුරුවන්ට ප්ර ශංසා කො‍ට තවත් ප්රිශ්නයක් විචාරනු කැමැති ව මහරජ, තොපගේ නෑයෝ ඇද්ද නැදද්යි විචාළසේක. ඇති ස්වාමීනි. නෑයෝ බෙහෙව යි කීහ. නොනෑයෝ ඇද්ද නැදද්යි විචාළසේක. ස්වාමීනි,නෑයන්ට වඩා නොනෑයන් බෙහෙව යි කීහ. තොපගේ නෑයන් හා නොනෑයන් හැර අනික් කවුරු මෙහි ඇද්දැයි විචාළ සේක. ස්වාමීනි, මම ඇත්තෙම් වේ දැයි කීහ.එවේලෙහි මහතෙරුන්වහන්සේ හේ එසේ ම ය. මහරජ, කිසියම් කෙනෙක් තුමු තමන්ට නෑ නමුත් නො වෙති. නොනෑ නමුත් නො වෙති. එබැවින් මේ ප්රනශ්නය කී නියාව ද යහපතැයි වදාරා රජ්ජුරුවෝ ධර්මිවිනය දැනගන්නා තරම් නුවණ ඇතියහ යි3 දැන මැඳුමිසඟියෙහි බුදුන් වදාළ “චුල්ලහත්ථිතපදෝපම” සූත්රයයෙන්4 බණ වදාරා එකපැහැර දෙව්මිනිසුන් ලවා සාධුකාර දෙවූසේක. රජ්ජුරුවෝ බණ අසා ඉක්බිති සතලිස්දහසක් පුරුෂයන් හා සමඟ ශරණශීලයෙහි පිහිටියහ.

එසේ හෙයින් කියන ලදුව:-

“පණ්ඩි‍තොති විදිත්වාහන, චුල්හත්ථි පදොපමං, 5 සුත්තන්තං දෙසයි6 ථෙරො, මහීපස්ස මහාමතී

දෙසනාපරියො‍සානො, සඬිං තෙති නරෙහි සො, චත්තළීස්සහස්සෙහි, සරණෙසු පතිට්ඨති” යි.

ඉක්බිති රජ්ජුරුවෝ හුනස්නෙන් නැඟී මහතෙරුන් වහන්සේ වැඳ නුවරට කැඳවා ඔබ නොවඩනා හෙයින් හැමදෙනා වහන්සේ ස්වාමීනි, සෙට මාගේ රජගෙට වැඩිය මැනැවැයි ආරාධනා කොට නුවරට ගියහ. රජ්ජුරුවන් ගිය නොබෝ ඇසිල්ලෙකින් ම

තෙහාතික වර්ගිය 395

මිහිඳු මහතෙරුන් වහන්සේ භණ්ඩුක නම් බෑනණුවන් මහණ කරවා එ ම විටැ උපසම්පදා කරවා ඔබ රහත් බවට පැමිණි කල්හි සුමන සාමණේරයන් කැඳවා සුමනයෙනිථ බණ අසන පරිද්දෙන් දෙවියන්ට අඬ ගාව යි වදාළසේක. සාමණේරයන් වහන්සේ ස්වාමීනි, කෙළලක්ෂදයක් සක්වළට ඇසෙන සේ හඬගාම් ද? නොහොත් දසදහසක් සක්වළට ඇසෙන සේ හඪ ගාම්ද? නොහොත් ‍සතිස්ලක්ෂ් දසදහස් තුන්සිය පනස්යොදුන් ‍වට ඇති මේ සක්වළට ඇසෙන සේ හඬ ගාම් දැයි විච‍ාළසේක. එකලැ මහතෙරුන් වහන්සේ මේ ලඞකාවීපය පමණකට ඇසෙන පරිද්දෙන් අඬ ගාව යි වදාළසේක.

එ තෙපුල් අසා සාමණේරයන් වහන්සේ අභින්ද.පාදක කොට ඇති චතුත්ථි්ධ්යාරනයට සමවැද එයින් නැඟී අධිෂ්ඨාන කොට එකඟ වූ සිතින් සත්සිය පනස්ගව් වට ඇති මේ ලක්දිවට ඇසෙන පරිද්දෙන් පින්වත්නි, මේ බණ ඇසුව මනා කලැයි1 හඬ ගා වදාළසේක. ඒ හඬ අසා බුමාටු දෙවියෝ හඬ ගැසූහ. ඔවුන්ගේ ශබිදය අසා චාතුර්මාහාරාජකාදි වූ සදෙව්ලෝවැසි දෙවියෝ පිළිවෙලින් ශබ්ද පැවැත්වූහ. මෙ ම ක්රාමයෙන් බ්රවහ්මලෝකය දක්වා ශබ්ද පතළේ ය. ඒ ශබ්දයෙන් රැස් වූ මහත් දිව්යලසමාගමය දැක මහතෙරුන් වහන්සේ “සමචිත්තපරියාය” සූත්රදයෙන්2 බණ වදාළසේක. එකලැ අසඞඛ්යේක් දෙවියෝ නිවන් දුටහ. බොහෝ නාගසුපර්ණකයෝ ශරණශීලයෙහි පිහිටියහ.

රජ්ජුරුවෝ නුවරට ගොස් දෙවන දවස් උදාසන්හි ම වීථි3 කැළිකසල අඅරනා කළුවැලි පියා සුදුවැල්ලෙන් තවරා ලදපස්මල් ඉස ධජපතාක කෙහෙල්තොරණ පිළිතොරණ පූර්ණනඝට පූර්ණ කලස ආදියෙන් මුළුනුවර දෙව්පුරයක් සේ සරහා රජගෙය ද දිව්ය‍විමානයක් මෙන් අලඞකාර කොට4 මහතෙරුන් වහන්සේ කැඳවා ගෙන එන පරිද්දෙන් තමන්ගේ මඟුල්රථය නික්මවූහ. එකලැ මහතෙරුන් වහන්සේ රථාචාය්ය්්ර යා හා රථය පළමු කොට එවා තමන්වහන්සේට පසු ව අහසින් ඇසිල්ලෙකැ දී අවුත් ඔහට ඉදිරි ව නැ‍ඟෙනහිරි වාහසල් දොර සමීපයෙහි පඨමක චේතිස්ථානයට බැස වැඩ සිටි සේක. එකල්හි රථාචාය්ය්ෙහියා ආශ්චය්ය්ථය වත් ව එ පවත් ගොස් රජහට දැන්වී ය. එකලැ රජ්ජුරුවෝ පෙරමඟට ගොස් මහත් වූ පූජාසත්කාරයෙන් මහ


396 සද්ධර්මාසලඞකාරය

තෙරුන් වහන්සේ රජගෙට වඩාගෙනවුත් මණ්ඩපයක්1 තනවා2 කොඳුපලස් එලා3 විසිතුරු කොට පනවන ලද ආසනමත්තෙහි වඩාහිඳුවා ප්රුණීත වූ කැඳඅවුළු අහර ආදිය එළවා සියඅතින් වළඳවා පසුපලවතින් බුලත් පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ඉක්බිති තමන් මල් මහානාග නම් රාජකුමාරයන්ගේ අගබිසෝ වූ එකලැ රජගෙයි වසන අනුලාදේවීන් ඇතුළු වූ පන්සියයක් බිසෝවරුන් හා සමඟ එකත්පස් ව උන්හ. 

එවේලෙහි මහතෙරුන් වහන්සේ පේවත් ‍විමන්වත් සච්චසං යුත්තකයෙන් බණ වදාළසේක. එකලැ අනුලාදේවීන් ‍ඇතුළු වූ පන්සියක්4 බිසෝවරු සෝවාන් වූහ. එකෙණෙහි නුවර වැසියෝ මහතෙරුන් වහන්සේගේ ගුණ අසා නාලාගිරිහු වන රජගහ නුවර සේ ඇළැලී ඇස්ලෙකැ දිව අවුත් රජගේදොරැ රැස් ව ලක්දිව්වැසියන්ට වැඩ නිසා වැඩ දහම්අමා දෙන අප මහතෙර හිමියන් සිත් සේ දැක බණපදයක් අසාපිය නොහෙම්හ යි හිමිසඳ, අපට අවසරයක් ගෙනහැර දෙව යි එකපැහැර ගුගුළහ. එකලැ රජගෙය සම්බාධ හෙයින් රජුගේ නියෝගයෙන් ම මහතෙරුන් වහන්සේ එ දවස් පස්වරු මඟුල්ඇත්හලැ වැඩහිඳ නුවරවැසියන්ට දේවදූතසුත්ර යෙන් බණ වදාරා දහසක් පුරුෂයන් සෝවාන් කරව‍ා5 එ තන ද සම්බාධ හෙයින් එ දවස් ම දකුණුවහසල්දොරැ නන්දවනොද්යාසනයෙහි ධර්මා සන නැඟී වැඩහිඳ නුවරවැසියන්ට මැඳුමුසඟියෙහි උපරිපනසැ වදාළ “බාලපණ්ඩිතසූත්රැය” වදාරා දහසක් ස්ත්රීසන් සෝවාන් කරවා මෙසේ එක දවසින් ම දෙදහස් පන්සියයක් දෙනා නිවන් දක්වා සවසැ මිහින්තලා නික්ම රජ්ජුරුවන්ගේ ආරාධනයෙන්6 කොළොම්හොයැ සිට නැවැත අවුත් මහමෙවුනාඋයන්හි කරන ලද රජගෙයි රාත්රිටයෙහි සැතැපී දෙවන දවස් රජ්ජුරුවන්ට “වේළුවනාරාමවස්තුව” වදාරා අනුලාදේවීන් ඇතුළු ව පන්සියයක් බිසෝවරුන් සකෘදාගාමී කරවා මහපොළොව ගුගුරුවමින් මහමෙවුනා උයන7 පිළිගෙන එ ම උයන්හි කරන ලද රජගෙට දකුණු දිගැ බදාසි8 නම් මළුව ය.9 උතුරුදිගැ ඡන්තාගාර නම් පොකුණ ය, නැගෙනහිර වහසල්දොරැ මහාබෝධිස්ථාන ය, ලෝවාමහාප්රාපසාදස්ථාන ය, ලහබත්ගෙය චතුශ්ශාලාව පිහිටන තැන ය, මහාභෝජන



තෙහාතික වර්ගශය 397

ශාලාවය, රත්නමාලීචෛත්ය ස්ථා‍න ය යන මේ අටමස්ථානයෙහි* මල් පුදා අටවරෙකැ මහපොළව ගුගුරුවා එ තන්හි ම වැඩසිට මෙ කපැ බුදු වූ කකුසඳ, කෝණාගම, කාශ්යඩප, ගෞතම යන සතරදෙනා වහන්සේ පළමු ලක්දිව් වැඩ එ කියන අටමහාස්ථානය පරිභොග කළ පරිදි පිළිවෙළින් වදාරා රත්නමාලී චෛත්යටස්ථානය විශේෂයෙන් වර්ණිනා කොට එයින් ගොස් රජ ගෙහිදී අහර වළදා නඳුන්වනයෙහි වැඩහිඳ අ‍ඬෙගාත්තරසහියෙහි “අග්ගික්ඛන්ධා‍පම” සූත්රතයෙන් බණ වදාරා දහසක් දෙනා මාර්ගගඵලයට පමුණුවා තුන් වන දවස් ද එ ම නඳුන්වනයෙහි වැඩ හිඳ “ආසිවිසෝපම” සූත්රවයෙන් බණ වදාරා දහසක් පුරුෂයන් මාර්ගසඵලාලඬකාරයෙන් සරහා එ දවස් මහමෙවුනා උයන්හි රජ්ජුරුවන් තමන් නමින් කරවූ තිස්සාරාම1 නම් මහාපාය පිළිගෙන එහි සැතපී සතර වන දවස් එ ම නඳුන්වනයෙහි වැඩහිඳ “අනමතග්ගිය” සූත්රසයෙන් බණ වදාරා එ දවස් ද දහසක් පුරුෂයන් සෝවාන් කරවා පස් වන දවස් රජ්ජුරුවන් තමන් බුදුන්ගේ ආඥාචක්රවය ඇතුළතැ වසනු කැමැත්තෙමි යි කී හෙයින් මහා විහාරය හා නුවර ඇතුළු කොට සීමා බැඳ මහපොළෝ ගුගුරුවා


1. තිස්සමහා • අටමස්ථානයෙහි ය යි හැම පිටපත්හි ම එයි. මහාවංශය අනු ව මල් පිදූ තැන් සතෙකි. මෙහි චතුශ්ශාලාව ය. භෝජනශාලාව ය යි දෙකක් කොට ගත් සේ හැ‍ඟේ.

“ඉදානි පන එතේව - චතුසසාල භවිස්සති සඞඝස්ස ඉධ හත්තග්ග - භවිස්සත් නරාධිප”

මහරජ, දැන් වනාහි මෙහි ම චතුශ්ශාලාව වන්නේ ය. මෙහි සඬඝයාගේ භක්තාශ්රාය (භෝජනශාලාව) වන්නේ ය. යන මහාවංශෝක්තියෙන් චතුශ්ශාලාව පිහිටි තැන ම භෝජනශාලාව වූ බව පැහැදිලි වෙයි. ඒ දෙතැනක් නො ව එක් තැනක බව පූජාවලි බෝධිවංශාදියෙන් ද හැ‍ඟේ. පූජාවලියෙහි “මෙසේ මේ සප්තස්ථානය ම උත්තම ස්ථාන යයි බුදුන් රහතුන්ගේ පාරිභෝගික භුමිය යි ස්තුති කොට සමන් මල් අටමිටෙකින් පුදා” යනු එයි. මහමෙවුනා උයන පිළිගත් කෙණෙහි ද පොළව කම්පිත විය. එයද සමඟ පොළොව කම්පිත වූ තැන් නම් අටෙකි. උයන පිළීගෙන මල් පිදූ බව කියා නැත.

“මෙසේ මිහිඳු මහතෙරුන් වහන්සේ ලඬකා‍විපයට වැඩි දෙවෙනි දවසේ මහමෙවුනා උයන පිළිගෙන එහි අටතැනක මල් පූජා කෙරෙමින් මහ පොළොව ගුගුරුවා” යි බෝධිවංශයෙහි ද එයි. අට තැන වෙන් වසයෙන් නො දැක්විණ. එහෙත් එයට මුලින් මහමෙවුනාඋයන පිළිගැනීම් ආදිය දක්වන තැන දැක්වෙන්නේ මල් පිදූ තැන් සතෙකි. පොළොව කම්පා වූ තැන් නම් මහාවංශාදියෙහි කී සේ ම අටෙකි. මහමෙවුනා උයන පිළිගැන්ම හා සමඟ ම මහාවිහාරය පිහිටියා වන බැවින් එය ද සමඟ අටමහතැන ගත හැකිය. පොළොව කම්පා වූ තැන් අටෙහි ම මල් පිදූ සේ සැලකූ බව යට දැක්වූ බෝධිවංශ පාඨයෙන් ද මේ සඬර්ම්ලඞකාර පාඨයෙන් ද හැ‍ඟේ.

398 සද්ධර්මාසලඞකාරය

එයින් ගොස් නඳුන්වනයෙහි වැඩහිඳ මැඳුම්සඟියෙහි “ඛජ්ජතීය” නම් සූත්ර යෙන් බණ වදාරා එ දවස් ද දහසක් මනුෂ්යලයන් මාර්ගෝඵලයට පමුණුවා සවන දවස් ද එ ම නඳුන්වනයෙහි වැඩහිඳ “ගොමයපිණ්ඩි” නම් සූත්රණයෙන් දහසක් මනුෂ්ය යන්ට මාර්ගිඵල දී සත් වන දවස් එ ම නඳුන් වනයෙහි වැඩහිඳ “දම්සක් පැවතුන්” සූත්ර්යෙන්1 බණ වදාරා දහසක් දෙනා සෝවාන් කරවා මෙසේ හැම එක් ව සත්දවසින් අටදහස් පන්සියයක් දෙනා නිවන් දක්වා ලඬ්කාවීපවාසීන්ට නොයෙක් පරිද්දෙන් කුසල් වඩන සේක. තවද සඬර්ම නැමැති අමාවැසි වස්වා නොයෙක් සියදහස් ලක්ෂේගණන් මනුෂ්යලයන්ගේ සිත් නැමැති ‍ෙක්ෂයත්ර‍යෙහි කුසල් නැමැති අඞකුරයන් ඉපදවූසේක.

එසේ හෙයින් කියන ලදී:-

“මහාමහින්දයසුරිසො සො, ලඞකාවෙහාසමජ්ඣගො. බොධනෙය්යහම්බුජෙ‘කාසි, විකාසං දම්මරංසිනා.

මහාමතින්දිචන්දෝ සො, ලඞකාවෙහාසමජ්ඣගො බොධෙසි ධම්මරංසීහි, වෙනෙය්යිකුමුදාකරෙ.

මහමහින්දමමෙඝො සො, වස්සං ධම්මමබුව්රරට්ඨියා, සාධුනං චිත්තඛෙත්තේසු,2 ජනෙසි කුසලඞකුරෙ” යි.

මෙසේ මහතෙරුන් වහන්සේ පිටැ පිටැ සක්දවසක් බණ වදාරා ඤාණලෝක පතුරුවා ශාසනය බැබළවූ තෙන හෙයින් ඒ නඳුන්වන උයන එ තැන් පටන් ජෝතිවන නම් විය. එකලැ මහමෙවුනාඋයන්හි මිහිඳු මහතෙරුන් වහන්සේට ආදි කොට කරවු3 තිස්සාරාම නම් වූ මහපායෙහි බිමැ හිතැති තෙත් හෙයින් ගිනිසිළු පැපෑ වියළූහ. එකලැ ඒ ප්රාිසාදය අග්නිධුමයෙන් කෘෂ්ණවර්ණ් විය. එ ම කාරණය මුල් ව ඒ මහාපාය කළුපාපිරිවෙන් නම් විය. තවද රජ්ජුරුවෝ මහාබෝධිස්ථානය, ලෝවාමහාප්රානසාදස්ථානය4 යන මේ දෙතන්හි මහත් වූ සාලා දෙකක් කරවා එසේ ම ලහබත්ගෙය, බත්හල් ගෙය ආදී වූ ගෙවල් හා ඒ ඒ තන්හි බොහෝ පිරිවෙන් හා රාත්රිථස්ථාන, දිවාස්ථාන, සක්මන් මණ්ඩප, පොකුණු‍, පතැස් ආදී වු නොයෙක් විහිරවින්යා්ස කරවූහ. එයින් මහතෙරුන් වහන්සේ පැන් සැනහූ පොකුණුතෙරැ කරවූ3 විහාරය, නහනපිරිවෙන් නම් විය. සක්මන් කළ තෙනැ කරවූ3 විහාරය සක්මන් පිරිවෙන් නම් විය. නිරොධ සමවතින් වැඩහුන් තැන කරවූ3 විහාරය


තෙහාතික වගීය 399

ඵලග්ගපිරිවෙන් නම් විය. බොහෝ දෙවියන් උපස්ථානයට එළැඹ සිටි තෙනැ කරවූ1 විහාරය මරුගණපිරිවෙන නම් විය. එ ම දෙවනපෑතිස් රජ්ජුරුවන්ගේ දික්සඳ නම් සෙනෙවිරදුන් කරවූ1 සුළුපාගෙය2 දික්සඳසෙනෙවිපිරිවෙන නම් විය.

මෙසෙයින් සර්විසජ්ජිත කොට කරන ලද විහාරය මහාවිහාරයෙහි මිහිඳුමහතෙරුන් වහන්සේ සිවිසිදවසක් වැස ඇසළපුර තෙළෙස්වක් ලත් දවස් රජගෙයිදී වළදා රජ්ජුරුවන්ට මහාඅප්රඇමාද සූත්රයයෙන් බණ වදාරා මිහින්තලාගලට වැඩ “වස්සුපනායිකකවන්ධ‍කය” වදාරා රජ්ජුරුවන්ගේ බඍන වු අරිට්ඨ නම් මහඇමැතියන් හා ඔවුන්ගේ වැඩිමහලු බාල මල්බෑයන් සිවුපනස්දෙනකු ඇතුළු පස්පනස් දෙනෙකු එ ම විටැ මහණ කොට කරගෙහිදී ම රහත් කරවූසේක.3 රජ්ජුරුවෝ එ දවස් ම මිහින්තගලැ කරණ්ඩක4 නම් දාගබ සිසාරා අටසැටලෙනක් කටාර කොටවා නවමෙහෙයට5 පටන් ගන්වා වහා කර්මාටන්ත නිමවා ඇසළමහාපුරමැඳිපොහෝදවස් පිළිගැන්වූහ. මහතෙරුන් වහන්සේ එහි දෙතිස්මළුවක් බෙදා‍ වෙන වෙන ම සිමා6 බැඳ විහාරයට ද එ දවස් ම සීමා බැඳ එයින් පළමු ව සිම් බැඳි තුඹුරුප් නම් මළුවෙහිදී අළුතැ මහණ කළ පස්පනස් දෙනා වහන්සේ එ දවස් ම උපසම්පදා කරවූසේක. 3 එකල්හි ඒ මිහිඳු මහතෙරුන් වහන්සේ ඇතුළු වූ දෙසැට රහතන් වහන්සේ එ ම මිහින්තලායෙහි7 වස් වැස රජ්ජුරුවන්ට ධර්මසදානයෙන් සංග්ර හ කළසේක. එකලැ මේ ලඞකාවීපවාසී වු දිව්යවන් හා මනුෂ්යේයෝ පිරිවර සහිත වූ මිහිඳු මහතෙරුන් වහන්සේ කරා එළඹ බොහෝ පින් රැස් කළහ.

එසේ කියන ලදී:-

“දේවමනුස්සගණා ගණිනං තං තඤච ගණං ගුණවිත්ථ කිත්තිං යාතමුප්පෙච්ච ව මානයමානා පුඤ්ඤචං විපුලං අකරංසු” යි.

තවද ඒ දෙවනපැතිස් රජ්ජුරුවෝ සුමන සාමණේරයන් වහන්සේ හා කථා කොට දඹදිව් යවා ධර්මාවශෝකරජ්ජුරුවන් කෙරෙහි තුබු බුදුන්ගේ ශෛලමයපාත්රදධාතුව පුරා හරීර ධාතූන් වහන්සේ හා ශක්ර යන් කෙරෙහි තිබු දකුණු අකුධාතුන්


400 සද්ධර්මාසලඞකාරය

වහන්සේ ගෙන්වා ගෙන ථූපාරාම නම් දාගැබක් බඳවා දකුණු අකුධාතුව පිහිටුවන දවස් ලක්දිව්වැසියන් රැස් කරවා මුළු නුවර දෙව්පුරයක් සේ සරහා තුමූ සර්වාවභරණයෙන් සැරැහී මහසෙනඟ පිරිවරා ශක්ර දේවේන්ර්ාභරලිලාවෙන් විහාරයට අවුත් වන්හ. එකෙණෙහිම අකුධාතූන්වහන්සේ සත්තලක්1 උස අහසට පැනනැඟීසරාහිරුමඬලක් සේ සියල්ලවුන්ට පෙනිපෙනී ආකාශකුහරය සරහා2 දිලිහිදිලිහි වැඩසිට සවනක් රැස් විහිදුවමින් මහාජනයා විස්මය කරවා සැවැත්නුවරැ ගණ්ඩම්බ නම් රුක්මුල්හි දිවමනු බුදුන් දැක්වූ යමාමහපෙළහර පරිද්දෙන් ම යමකප්රා්තිහාය්ය්බු  දක්වා එ දවස් හළ3 මහදියකඳින් හා ගිනිකඳින් හා ලක්දිව මුළුල්ලෙහි එකපැහැර බිම් තෙමා දසදිගැ ආලෝක පතුරුවා ආකාශයෙන් බැස රජ්ජුරුවන් හිස්මුඳුනෙහි පිහිටි සේක. 

එවේලෙහි රජ්ජුරුවෝ දිවිලදුයෙහි පල ලදිමි යි සන්තෝෂයෙන් මහත් සාධුකාර දී ධාතූන්වහන්සේ ගෙන ථූපාරාමයෙහි පිහිටවූහ. එකෙණෙහි මහපොළොව ගුගුරුවා4 පැන නැඟී පොකුරුවැසි වස්නට පටන්ගත. සියලු දිව්යනමනුෂ්යකයෝ එකපැහැර සාධුකාර දුන්හ. එ දවස් ඒ ප්රාගතිහාය්යිර්‍ දැක බුදුසස්නෙහි පැහැද රජ්ජුරුවන්ගේ මල් වූ මත්තාභය නම් රාජකුමාරයෝ දසදහසක් පුරුෂයන් හා සමඟ මහණ ව රහත් වූශ. එසේ ම එ දවස් නුවරවැසියන් හා දනව්වැසියන්ගෙන් තිස්දහසක් පුරුෂයෝ මහණ වූහ. මෙසේ ථූපාරාමදාගබ බඳවා ධාතු පිහුටුවා නොයෙක් රත්නයෙන් පූජා කොට ඒ විහාරය චෛත්යස ප්රාධාන කොට කරවූ5 හෙයින් ථුපාරාම ය යි නම් තුබූහ.

තවද අනුලාදේවීන් ඇතුළු වූ සකෘදාගාමි පන්සියයක් බිසෝවරුන් හා එසේම පන්සියයක් පුරවනිතාවන් කෙස්වැටි කපා හැර කසාපිළී පෙරව දසසිල් සමාදන් ව වසන හෙයින් රජ්ජුරුවෝ ඔවුන්6 නුවරැ එක්පසෙකැ වෙහෙරක් කරවා වැස්වූහ. ඒ වෙහෙර ගෑනුන් විසු වෙහෙර හෙයින් උපාසිකා වෙහෙර නම් විය. ඉක්බිති ඒ දෙවනපැතිස් රජ්ජුරුවෝ අනුලාදේවීණ් මහණ වනු7 කැමැති හෙයින් එ පවත් කියා සඞඝමිත්රාණස්ථවීරීන් වහන්සේ හා සමඟ ශාඛාමහාබෝධීන් වහන්සේ වඩා ගෙනෙන ලෙස තමන්ගේ මහාඅරිට්ඨ නම් බෑනණුවන් දඹදිව් යවූහ. එකලැ ධර්මාතශෝකරජ්ජුරුවෝ පැළලුප්පුවර පටන් මහබෝමැඩ දක්වා සත්යොදුන් මහ බෙරඇසක් සේ තනවා නොයෙක් අලඞකාරයෙන් සරහා සර්වාදභරණවිභූෂිත ව

තෙහාතික වර්ගවය 401

දිගින් අටවිසි ගව්වක් හා පුළුලින් දොළොස්ගව් මානයෙහි එක පැහැර සැරැහී සිටි මහසෙනඟ පිරිවරා මහාසඞඝයා වහන්සේ හා සමඟ නොයෙක් රත්නයෙන් උප්චලිත වූ නානා ධ්වජ මාලාවෙන් හා නා සපු දුනුකේ දෑසමන් සිතිද්ද බෝලිද්ද ආදි වු නානාවර්ණ කුසුමදාමසහස්රසයෙන් හා අනේකප්රසකාර හෙරිතූය්යනර්ර‍වයෙන් උපහාර කරන ලදු ව නානාලඞකාරයෙන් ඒකාලඞකාර ව සිටියා වූ ජයමහාබෝධීන්වහන්සේ කරා එළැඹියාහ.

එසේ කියන ලදී:-

“අමිතයසො පරහිතමාවහනේතා සුජනිහිතො ධිතිමා අවිතසදේධා පුපරිවුතොමිතමහතීවමුහි සවන්පති බොධිවරං උපාගමි” යි.

මෙසේ මහබෝධ මැඬට වන්නා වූ රජ්ජුරුවෝ සුවාසු දහසක් සාමන්ත රජදරුවන් හා මහසෙනඟ හාත්පසින්1 පිරිවරා සිටුවා ශ්රී්මහාබෝධීන් වහන්සේ වටා කඩතුරාවක් අදවා3 රන්හිණින් උඩැ නැඟී රන්තෙල්ලක් සුරතින් ගෙන දකුණු මහා ශාඛාවෙහි රන්සිරියෙලින්3 රේඛාවක් ඇඳ4 තමන්ගේ සත්ය ක්රිවයාබලයෙන් හා බුදුන්ගේ අධිෂ්ඨානබලයෙන් හා කියතින් කපා හළුවා සේ සිඳුණා වු දක්ෂිබණමහාශාඛාව වට නවරියන් ගැඹුර පස්රියන් පුළුල තුන්රියන් බොල අටඟුල් නහඹ ඇත්සොඬක් පමණ මුවවිටක් ඇති දෙවන හිරුමඬලක් වැනි රන්කටාරයෙහි පිහිටා එ ම විටැ මුල බට. එවේලෙහි අතිශයින් සන්තුෂ්ට වූවාහු සාධුකාර දුන්හ. මහපොළොව ගුගුරා පැනනැංග. හෙරිතූය්ය්වූ භාණ්ඩයෝ තුමුතුමූ ම නාද කළහ. ඒ ආශ්චය්යහර්‍ දැක දහස් ගණන් මනුෂ්යණයෝ පිළි හිසැ නටවන්ට පටන්ගත්හ.

එ දවස් මහබඹුන්ගේ අත්පොළසනින් හා දෙවිම්නිසුන්ගේ සාධුනාදයෙන් හා වක්ෂ්යන්ගේ නිඬකාරනාදයෙනන් හා ඇතුන්ගේ කුඤචනාදයෙන් හා අසුන්ගේ හේසාරවයෙන් හා මේඝයන්ගේ ඝනගර්ජදනාවෙන් ද විපදචතුෂ්පදජාතීන්ගේ තුෂ්ටාරාවයෙන් හා අහස් පෙ‍ාළෝ දෙක එකවටැ ගුගුරන්නා සේ මහත් කොලාහල විය. එකෙණෙහි බෝධීන් වහන්සේගේ ඵලපතුශාඛා ආදියෙන් සවනක්ඝනරශ්මිමාල‍ාවෝ නික්ම මුළුසක්වළ හොබවා සිටගත්හ. ඒ ආශ්චය්ය්ශ්මවත් පෙළහර දුටුවා වූ රජ්ජුරුවෝ මහත් වූ පූජා පෙරහරින් ශාඛාමහාබෝධීන් වහන්සේ පැළලුප්නුවරට වඩා

402 සද්ධර්මාසලඞකාරය

 ගෙනවුත් නානාවර්ණට ධජපතාක පුන්කලස් සේසත් ආදි වූ රජ පෙරහරින් වඩවඩා දෙවිම්නිසුන් සන්තෝෂ කරවමින් පූජා පෙරහර කරවූහ.1 

එසේ හෙයින් කියන ලදී:-

“ඉති කුසුමපුරෙ සරෙ සරංසා බහුවිධචාරැධජාකුලා විසාලා, සුරුවිරු පවරොරුබෝධිපූජා මරුනචිත්තවිකාසිති අ‍හොසි” යි

මෙසේ සමත් වූ පූජා කරවා බෝධිරක්ෂාාවට අටළොස් කුලයෙකැ පරිවාර සලස්වා සඞඝමිත්රාකස්ථවීරීන් වහන්සේ හා සමඟ භික්ෂූෙණින් එකොළොස්දෙනකු හා අරිට්ඨකුමාරයන් ඇතුළු වූ ඒ අටළොස්කුලන් විසින් පිරිවරන ලද බෝධීන්වහන්සේ නැවට නංවා මහත් වූ පූජාපෙරහරින් නික්මවා වැඳ අවසර ගෙන ධර්මාාශෝකරජ්ජුරුවෝ නුවරට ගියහ. එකලැ බෝධීන් වහන්සේ නැගි නැව් සඞඝමිත්රාරස්ථවීරීන් වහන්සේගේ3 ආනුභාවයෙන් නොලස් ව අවුත් ලක්දිවැ දනව් දිට. එකලැ දෙවනපෑතිස්රජ්ජුරුවෝ මහසෙනග පිරිවරා පෙරගමන් කොට ගොසින් අටළොස්කුලන් පිරිවැරූ ශ්රීගමහාබෝධීක් වහන්සේ හා සපිරිවාර සංඝමිත්රානස්ථවීරීන්වහන්සේ නොයෙක් පූජෝත්සවයෙන් අනුරාධපුරනුවරැ මහමෙවුනාඋයනට වඩා ගෙනාහ. එකල්හි එ ම අයනැ පළමු පිළියෙළ කළ භූමි ප්රටදේශයෙහි බෝධීන්වහන්සේ පිහිටුවන දවස් ඒ ශ්රීෙමහාබෝධීන් වහන්සේ රන්කටාරය හා සමඟ අසූ රියනක් අහසට පැන නැඟී සවනක් රැස්4 විහිදුවා බ්රිහ්මලෝකය දක්වා ඒකාලෝක කොට එදවස් හිරු අස්තයට යන තෙක් ආකාශයෙහි වැඩසිටිසේක. එකල්හි ඒ ප්රාාතිහාය්යිර්‍ දැක දසදහසක් පුරුෂයෝ බුදුසස්නෙහි පැහැද විදර්ශඑනා වඩා රහත් ව මහණ වූහ. බෝධීන්වහන්සේ හිරු අස්තයට5 යාම හා සමඟ රෙහෙණ නැකතින් බිමට බැස ධර්මා්ශෝකරජ්ජුරුවන්ට අටළොස් වන අවුරුදුයෙහි6 මහමෙවුනාඋයන්හි පළමු සකස් කළ භුමිප්රනදේශයෙහි පිහිටිසේක. එකෙණෙහි මහපොළෝ ගුගුරා පැන නැංග. සෙසු නොයෙක් අශ්චය්ය්ේකබ ද පහළ විය.

මෙසේ ඒ ශ්රීොමහාබෝධීන් වහන්සේ මහමෙවුනාඋයන්හි පිහිට දවස් ඒ ශාඛාමහාබෝධියෙහි පඤ්චමහාශාඛාවෙන්

තෙහාතික වර්ගිය 403

පතිත වූ පඤ්චමහාඵලයන් රෝපණය කොට පිරිත් පැන් වඩා එ ම විටැ එකිඑකී ඵලයෙන් අට අට පැළයක් බැගින් පැන නැඟී වනස්පති වැඩ සිටි සතලිස් මහාබෝධීය ලක්දිවැ සතලිස් මධ්යැස්ථානයෙකැ පිහිටුවා බෝධිපූජා කරවූහ. එකලැ අනුලා දේවීන් ඇතුළු දහසක් ස්ත්රීබහු සඞඝමිත්රාකස්ථවීරීන් කෙරෙහි මහණ ව රහත් වූහ. රජ්ජුරුවන්ගේ මෙහෙවරින් දඹදිව් ගොසින් සඞඝමිත්රාිස්ථවීරීන් හා මහබෝ1 වඩා‍ ‍ෙගන ආ මහා අරිට්ඨ නම් බෑනණුවෝද පන්සියයක් පුරුෂයන් හා සමඟ මිහිඳුමහතෙරුන් වහන්සේ කෙරෙහි මහණ ව රහත් වූහ. එකලැ මහ ඉසුරුමත් පන්සියයක් පුරුෂයන් හා සමඟ මිහිඳුමහතෙරුන් වහන්සේ කෙරෙහි මහණ ව ගොස් විසූ තන්හි කරවූ විහාරය “ඉස්සර සමණක” නම් විය. එසේ මහණ වූ පන්සියයක් පමණ වෛශ්යුභික්ෂූමන් විසු තැන් “වෙස්සගිරිවිහාර” නම් විය. මිහිඳුමහතෙරුන්වහන්සේ විසූ ගුහාව “මිහිඳුගුහා” නම් විය. එකලැ සඞඝමිත්රාර ස්ථවීරීන් වහන්සේ භික්ෂුහණිසඞඝයා හා සමඟ යටැ කියන ලද උපාසිකාවෙහෙරැ විසුසේක. පසු ව ඒ මෙහෙණවරැ දෙවනපෑතිස් රජ්ජුරුවෝ මදමහල් මහත් රත්පත්2 ගෙයක් කරවා ඒ ගෙය සතරදිග පිරිවරා එකිඑකි දිගැ තැනක් බැගින් සුළුපාගෙවල්3 දොළසක් කරවූහ.

ශ්රීපමහාබෝධීන්වහන්සේ වඩා ‍ගෙනා නැවෙහි කුඹ ය, පලුපත ය, රිටි ය යන මේ තුන තුන් තැනෙකැ පිහිටුනා එතී එකී තැන සුළුපාගෙවල්3 සතර සතර බැගින් යළිදු ගෙවල් දොළසක් කරවූහ. එ ම මෙහෙණවරට නුදුරු තෙනැ නුවරැ එක් පසෙකැ කොළොම්වනලැහැබක් මැඳ මඟුලැතු සිටි ඇත්හල් බිමැ එ ම ඇතුගේ අභිප්රාවය දැන දාගබක් බැඳ ධාතු පිහිටුවා වටදායෙක් කරවා “හත්ථාිළ්හකවිහාරය” යි නම් තුබූහ. පසු ව ඒ දාගෙය සිසාරා හාත්පසැ එ ම රජහු විසින් සඞඝමිත්රාාස්ථවීරීන් උදෙසා කරවන ලද මෙහෙණවර ද එ ම නමින් “හත්ථානළ්හක” නම් විය. එතැන් පටන් සඞඝමිත්රා ස්ථවීරීන් වහන්සේ එහි විසූ සේක.

තවද ඒ දෙවනපෑතිස් රජ්ජුරුවෝ සුමනසාමණේරයන් වහ්නසේ ගෙනවුත් මිහින්තලාගලැ තිබූ ධාතූන් වහන්සේ ගෙන එ ම මිහින්තලාගලැ අඹතලව්වෙහි දාගබ පටන්කොට ලක්දිවැ යොදනනි යොදනෙහි දාගබි බඳවා ධාතු වඩා පූජා කරවා පාත්රවධාතු වහන්සේ රජ‍ගෙහි4 ම තබා පූජා කළහ. මෙහි ධර්මාතශෝකරජ්ජුරුවෝ වනාහි සතුරන් සාධමින් සතර

404												සද්ධර්මා.ලඞකාරය 

අවුරුද්දක් මුළුල්ලෙහි පළමුවෙන් ඔටුනු නො පැළඳ ම රාජ්ය ය කොට පසු ව ඔටුනු පැළැඳ එ තැන් පටන් ස්වකීය1 රාජර්ධීයෙන් යුක්ත ව රාජශ්රීක විඳිමින් තුන්අවුරුද්දක් මුළුල්ලෙහි සැටදහසක් තීත්ථිීකයන්ට උපස්ථාන කොට ඔටුනු පළන් සතර වන අවුරුද්දෙහි නිග්රොසධ මහතෙරුන් වහන්සේ දැක ඔබගේ වචනාදාසයෙහි පෙනෙන දශබලදර්මිකායසම්පත්තිය තමන්ගේ සාතිශයඥානචක්ෂුෙසින්2 නිරීක්ෂ්ණය කොට අති ප්රමසමන්න ව පින් රැස් කරන්නාහු තමන් මල් තිස්සකුමාරයන් හා අග්ගිබ්ර හ්ම‍3 නම් බෑණනුවන් දෙදෙනා මහණ කරවා මහකෙලනාරජහු ගෙන්වා බුදුවෙස් දැක නේත්රදපූජා කොට එ ම සතර වන්නෙහි සයානුකෙළක් ධන වියදම් කොට සුවාසු දහසක් වෙහෙර විහාර කරවන්ට පටන් ගෙන තුන්අවුරු‍ද්දෙකින් සවන්නෙහි විහාර කරවා සමෘඬ කොට එ ම සවන්නෙහි4 මිහිඳුකුමාර ය, සංඝමිත්රා යන යන රාජනන්ද නයන් දෙදෙනා මහණ කරවා අට වන්නෙහි තිස්ස ය, සුමිත්ත යයන කුන්තිපුත්රය5 වූ මහතෙර දෙදෙනා වහන්සේට ආදාහන සත්කාර කරවා සතළොස් වන්නෙහි ශාසනය ශුඬ කොට ධර්මරසඞඟායනා කරවා අටළොස් වන්නෙහි ශාඛාමහාබෝධීන් ලක්දිව් ගමන් කරවා එයින් දොළොස් වන අවුරුදු අසන්ධිාමිත්රා් නම් අගබිසවුන්ට ආදාහන සත්කාර කරවා එයින් සතර වන අවුරුදු “තිස්සරක්ඛා” නම් යොවුන් පත් බිසවක අගබිසෝ තනතුරෙහි තබා එයින් තුන් වන අවුරුදු ඒ බිසව ජයමහා බෝධීන් වහන්සේ කෙරෙහි වෛර බැඳ මරන්ට මඩුකටු ගැසූ පසු එයින් මත්තෙහි සතර අවුරුද්ද ඇතුළු ව සතිස් අවුරුද්දක් රාජ්යඑය කළහ.

දෙවනපෑතිස් රජ්ජුරුවෝ වනාහි යටැ කී පරිද්දෙන් මිහිඳු මහතෙරුන් වහන්සෙගේ අවවාද පිළිගෙන ආදි කොට මහමෙවුනාඋයන්හි මහාවිහාරය කරවා, දෙවැනි ව මිහින්තලා ගල කරවා, තුන් වැනි ව ථූපාරාමවිහාරය කරවා, සතර වැනි ව ශ්රීග මහාබෝධීන් වහන්සේ වඩා, පස් වැනි ව රත්නමාලී චෛත්යැස්ථානයෙහි හිලාස්තම්භය පිහිටුවා, තමන් මල් චූලාභය නම් රාජකුමාරයන් ලවා ග්රීාවාධාතු පිහිටි මහියඬගණ චෛත්ය තිස් රියන් කොට බඳවා, සවැනි ව ඉස්සරසමණක නම් විහිරයක් කරවා, සත් වැනි ව තිසාවැව බඳවා, අට වැනි ව මිහිඳුමහතෙරුන්වහන්සේ මිහින්තලාගලින් අවුත් පළමු දවස් බට තෙනැ පඨමක නම් චෛත්යවය හා එ ම දවස්


තෙහාතික වර්ග්ය 405

මහතෙරුන් වහන්සේ සවසැ මිහින්තලාවට1 නික්ම කොළොම්හොය සිට නැවත වැඩී තැනැ නිවත්තක නම් චෛත්‍ය බඳවා, නව වැනි ව වෙස්සගිරිවිහාරය කරවා, එසේ ම උපාසිකාවිහාරය, හත්ථා ළ්හකවිහාරය යන මෙහෙණවර දෙකක් කරවා සර්ව !සාධාරණ කොට මහාපාලි නම් බත්හල් ගෙයක් කරවා, ලක්දිව යොදනින් යොදනෙහි දාගබක් සඞඝාරාමයක් බැගින් හැම එක් ව සුවාසුදහසක් දාගබ් හා සුවාසු දහසක් සඞඝාරාම කරවා, අවුරුදු පතා දහසක් දෙනා වහන්සේට වස් පවරන දවස් ම අටපිරිකර දෙමින් නාගදිවයිනැ කිරිපලුවිහාරය, දඹුලුතොටැ තිස්ස නම් මහා විහාරය, නුවරට න‍ඟෙනහිරැ පූර්වානරාම යන මෙකී සියල්ල ම තමන් ඔටුනු පැළැඳී පළමු වන අවුරුද්දෙහි ම සමෘඬ කරවා, නොයෙක් දහස් ගණන් කුල පුත්රළයන් හා කුලස්ත්‍රීන් මහණ කරවා, ලක්දිවැ උභයශාසනය පිහිටුවා, බුදුන් වදාළ සුවාසුදහසක් ධර්ම ස්කන්ධය පෙරළා දඹදිවින් නො ගෙන්වා3 මිහිඳුමහතෙරුන් වහන්සේගේ සිත් නමැති භාණ්ඩාගාරයෙන් පිටත් කරවා දහස් ගණන් ස්ථවීරයන් ආගමධර කරවා, ධමර්ශා්සනය ද පිහිටුවා, ලක්දිවැ සියල්ලෙන් ම සජ්ජිත කරවූහ.

මෙසේ ඒ දෙවනපැතිස් රජ්ජුරුවෝ පළමු වෙලඳ ව උපන් සමයෙහි “පසේබුදුන් මුහුඳින් එතෙරැ දමාපියව” යි කී අකුශලයෙන් දඹදිවැ ඉපද ගත නොහී මුහුදින් මෙතෙරැ ලඞකාවීපයෙහි උපන්හ. එ දවස් ම පසුව සමසිතින් සමාදන් වූ කුශලබලයෙහි විපාක‍යෙන් මහපින්වත් ව ලඞකාවීපය ඒකාතපත්රූ කොට මහත් වූ රජසිරි විඳිමින් සතලිස් අවුරුද්දක් රාජ්යීය කළහ.

එසේ හෙයින් කියන ලදී:-

“පාරවාදිකදොයෙන, ජාතො‘යං පාරසාගරෙ, පත්තානුමෝදනා එවං4 ලඞකායං ආසි ඉස්සරො” යි.

මෙසේ සත්ත්වායන් තමන් විසින් ම පූර්වොජාතිවලැ කරන ලද කුශලාකුශලකර්මඑදෙකින් විඳුනා වූ5 ඉෂ්ටානිෂිටවිපාක දෙක මේ කථාවස්තුවෙන් අසා දැන තමහට වැඩ කැමැති පින්වත් සත්ත්වටයන් විසින් සිල්වතුන් විෂයෙහි අනාදර නො බැණ තුනුරුවන්හි ගුණ නුවණින් සලකා ශ්ර්ඬසම්පත්තීන් යෙදී කුසල් කොට මතු ස්වර්ගණමෝක්ෂර සම්පත් සිඬ කරන්ට උත්සාහ කළ මැනැවි. කියන ලදුයේ මැයි :-


406 සද්ධර්‍මාලඞකාරය

“පාපම්පි එවං ඵලතීති මනත්වාි ඤත්වාාන පුඤ්ඤස්ස ඵලං ඉදන්ති, හො යොනිසො කුබ්බථ පුඤ්ඤකම්මේ ගනත්වාින සෙ යත්ථම න සොචයන්ති” යි.

මෙතෙකින් මෙහි පළමු වන තෙහාතික වස්තුව කියා නිමවන ලදී.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්මාලඞකාරය_-_vi&oldid=5664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි