Jump to content

සද්ධර්ම රත්නාවලිය- i

Wikibooks වෙතින්

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


1. පූර්විකාව

[සංස්කරණය]

මහ ‍පොළව ‍සේ තුන් ලොවට පිහිට ගුණ ඇති. මහ මුහුද ගැඹුරු ගුණ ඇති, ආකාශය සේ අනන්ත ගුණ ඇති, මහ මෙර සේ සාර ඇති, ඉරු මඬල සේ තේජස් ගුණ ඇති, සඳ මඬල සේ සෞම්යඇ ගුණ ඇති, කරුණාවෙන් සිහිල් වු සිත් ඇති, අප ති ‍ලෝ ගුරු බුදු රජාණන් වහන්සේ , මෙ තැනට සාරසංඩ්ඛ්යව කප් ලක්ෂයෙකින් යට දීපඞ්කර නම් බුදුන් සමයෙහි සිවු පදෙන් යුත් ගාථා මාත්රකයක් අසා, සව් කෙලෙස් නසා ගෙවා රහත් වන්නට නිසි පින් කම් ඇතත් සියල්ලවුන් කෙරෙහි කළ කරුණාවෙන්, “සායෙහි ලද බතක් බො‍හෝ දෙනා බලබලා සිටිය දි තනි ව වැද හිඳ කන්නා සේ” නුවණ නැමැති පදුරු1 නැති ව, කුසල් නැමැති නැවි නට කල්හි සසර නැමැති මුහුදු ගැලි දුක් ගන්නා මඳ දෙනකු නො ව, සූවිස් අසඞ්ඛ්යමයක් සත්ත්වගයන් ඇර ලා තනි ව නිවන් දැක්ම අප වැන්නවුනට තරම් නො වත්, මම ද මේ ති ‍ලෝ ගරු බුදු රජාණන් වහන්සේ මෙන් බුදු ව, සසර නැමැති සයුරින් ඔවුන් ගොඩ ලන පිණිස සාරාසඬ්ක්ය් කප්ලක්ෂයක් මුළුල්ලේහි මා විසින් තම සේ ව ඉදි කරන ලද නුවණ නැමැති රුවල් පදුරු2 ඇති, සමාධි නැමැති කුඹක් ඇති, සත් තිස් බෝධි පාක්ෂික ධර්මර නමැති මහ නැවට නංවා, දෙශනා නමැති හස්තයෙන් පැද ගෙන නිවන්පුර3 නමැති පර තෙරට පමුණුවමි. යන අදහසින් බුදු බව පතා, යටැත් බ්රනහ්මදේව නම් බුදුන් සමයෙහි ම‍නොප්රෙණිධිය හා (පුරාණ) ගෞතම නම් බුදුන් සමයෙහි වාක්ප්ර්නිධිය ඇති හෙයින් පූර්වව හේතුවෙත් ඇති ව, මිනිසත් බව පිහිටා ස්ත්රි ත්වේයත් නැති ව, තවුස් වෙස් ගෙන මහණ ව අභිඥලාභි ව කෘතාධිකාර මහ පිනැත් ව, බුදු විමෙහි බලවත් අදහස් ඇති ව, දිවමනු4 බුදුන්ට දිවි පුදා, ඔබගෙන් විවරණ පතුල් ලදින් සම තිස් පැරුම් පිරිමට නියත විමෙන් අධිගතයන් පුරවන්නා සේ සියලු අකුස්ල දුරු වැ එමැ

1. පැදුරු 2. පැඳුරු 3. නිවන් පරතෙරට - නිවන් පුර තෙරට 4. දිමනු -


2 සද්ධර්මරරත්නාවලිය


අධිගතයන් ආය්ය්ේ භූමියෙහි පිහිටියා සේ කුසල්හි පිහිටා, එම අධිගතයන් මාර්ගට ඥාන නැමැති ජලයෙන් රාගාදි කෙලෙස් කිලුටු සෝධා, සිත් සතන් නිර්මටල කළා සේ පවිත්රය වු සිත් ඇති ව අනුන්ට අනුශාසනා කරන කලැත යහපත් තරම් ඇති දෙ මවු පියන් තමන් දරුවන් තමන් තරමේ හික්මවන්නා සේ, සියලු අකුසලින් දුරු ව, සියලු කුසල්හි පිහිටා, සිත් සතන් පවිත්රන කොටගෙන පිවිත්රග වු සිත් ඇති අදහසින පින් කමැ හැසිරැ ලොවි ලොව් තුරා සැපත් සිද්ධ කරනු නිසාය. එ හෙයින් ඔබ‍ගේ අනුශාසනයෙහි පිහිටා නිවන් දහම් පසක් කරන්නවුන් විසින් යම් සේ වැසි ඇති කල සුභික්ෂ ද, වැසි නැති කල දුර්භික්ෂ ද, එ හෙයින් සුභික්ෂ - දුර්භික්ෂ දෙකට වැසි ම මුල් ද, එ සෙ ම අකුසලින් දුරු ව කුසල්හි පිහිටා සිත් සතන් පවිත්රි කරන්නවුන්ට ධර්මා භියෝග ය මුල. ධර්මාලභියෝග ය නම් නිශ්ශරණද්ධ්යාකශයෙන් බණ ඉගැන්ම ය. හෙ ද වැළිත් කෘතාධිකාර මහ පිනැති කෙ‍නකුන්ට මුත් විදුරු පර්වවත විදින්ට කුහුඹුවන්ට බැරියා සේ, සෝවාන් පුගුලන් අපාය ගාමිනි අකුසල්හි හැසිරෙන්ට බැරියා ‍සේ, සියලු ලෙසින් ම කෘත පුන්යනතා නැති ව ජාත්යුන්ධයන්ට අන්ධ යෂ්ටිය නැති ව ගමන් බැරියා සේ, ලක්ෂණය දුන ලක්ෂණානුසාරයෙන් ඉගෙන දැන ගැන්ම නුවණ මඳවුන්ට බැරි ය. එ සේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳ වත් කුසලච්ඡන්දයය ඇති ව ධර්මාහභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින් කමැ හැසිර නිවන් සාදා ගනිත් නම් ඒ සේ වු සත් පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මකරත්නාවලිය නම් වු ප්ර බන්ධයක් කරම්හ. පාලි ක්ර්ම ම හැර අත්ථිද පමණක් ගෙන අප කළා වු ප්රිබන්ධයෙහි ක්රනම විලඞ්ඝනාදි වු අඩු වැඩි ඇතත් ඒ නොසලකා, පැන් හා කිරි මුසු වුවත් කිරි පමණක් තෝරා හරගන්නා හංසයන් මෙන් ද, ශාස්ත්ර් දන්නවුන් ගේ ජාත් අඩු වුවත් උන් ගේ තරම් නො සලකා ශාස්ත්රඒ පමණක් සලකා ශාස්ත්රර උගන්නවුන් මෙන් ද, ප්රකයෝජන පමණක් සිතා නුවණ නැමැති ඇස්හි මෝහ නැමති පටලය වැසි අකුසල් මහවලට වැද නිවන් පුරයට ‍ගොසින් තුබු කුසල් මහ වත නො දක්නවුන් සද්ධර්මැරත්නාවලි නමති බෙහෙදින් ‍මොහ නැමති පටලය නැති කොට නුවණැ’ස අඳුරු හැර, කුසල් මහ වතට නිවන් පුරයට සුවයෙන් යා යුතු.


 1. ලොව් - ලොව්තුරා	ලොවි - ලොවුතුරා



2. සූවිසි විවරණය 3

අකුසලින් දුරු ව වසන්නවුන් කවරත් අකුසලට පෙරදැරි ව සිටිනා සිත තණ බිම් තිබිය දි විෂම ස්ථානයට ගොසින් නස්නාගෙරි සරක් තණ බිමට නමා රක්නා සේ, තමා ගේ සිතට අනිත් ඉසුරු කෙනකුන් නැති හෙයින් අකුසලින් වෙන් කොට කුසල්හි පිහිටුවන්නා ම ප්රා ණවධාදි වු ඒ ඒ අකුසලින් වෙන් ව දුරු වන්නට කරන ව්යා්යාම නැති හෙයින් තමා තමා සිත් සතන් ම හික්මැවිම යහපතැ. වදන දරුවන් ගේ මූණ දකුම්හ’ යන මෙ විතර ආස්වාදයෙකින් කවර තරම් වූත් ප්රාසව වේදනා ඉවසන ස්ත්රිුන් පරිද්දෙන් ලබන නිවන් රස සලකා ඇස පහරනා රුජාවෙන් වන් දුක් නොසැලකූ චක්ඛුපාල මහ තෙරුන් වහන්සේ ගේ වස්තුවෙහි පටන් නිවන් මහ වත් ව සිටිනා තුන් සියයක් වත් නැමැති මඟුල් සැරහීමෙන් නිවන් පුර වදනවුන් අතුර සැතපෙන්නට සද්ධර්ම්රත්නාවලිය නැමැති ශාලාව සරහමු.

2. සූවිසි විවරණය

[සංස්කරණය]

කෙ සේ ද යත්:- අප ගේ ති ලෝ ගුරු බුදුහු මෙයින් සාරා සැකි කප් සුවහස් මතුයෙහි දඹදිව: ‘නගරෙ අමරවතියා - සුමේධෝ තාම බ්රා හ්මණෝ අනේක කෝටි සන්තිචයෝ - පහූත ධන ධඤ්ඤිවා’

යනු හෙයින් දඹ දිව අමරවති නම් නුවර සුමේධ නම් බමුණු කුමාර ව- ඉපැද බොහෝ ව‍ු ධන ධාන්යි සම්පත්තින් සමෘද්ධ ව, උගත මනා ශිලප ඉගෙන මා පිය දෙ දෙනා ගේ ආයාමෙන් උපයා රැස් කරළ වස්තු රාශි ය දැක:

‘ධනං සන්නිචයං කත්වාෙ - අහො මය්හං පිතාදයෝ, ගතා මාසකමේකම්පි - නේවාදාය දිවං ඉති’

යනු හෙයින් “අනේ! අප‍ගේ දෙ මවු පිය ආදිහු මෙ තෙක් වස්තු උප යා. මී බැඳ පියා බැඳි මීයෙන් කිසිවකුත් නොගෙන යන මී මැස්සන් මෙන් මියැ පර ලොව යන්නාහු මස්සක් විවරත් නො ගෙන ගියහ. උන් හැම හර ගෙන යන්නට නිසි උපදෙස් නො දැන නො ගෙන ගියත් උඵදෙස් දන්නා මා ඒ වස්තුව මා හා කැටි ව ගෙන යන්නට ව‍ුව මැනව, මේ හැම එල්ගු සහාත හෙයින් මෙ ලෙසින් ගෙන යන්නට බැරි වුවත්, ධර්ම යෙහි සාරය නම් ධර්මඑ තත්වය වන්නා සේ ම, මේ වස්තුවෙහි සාරය නම් මෙ වස්තුව දාන 4 සද්ධර්මිරත්නාවලිය

විෂයෙහි පරිත්යාංග කිරිම වසයෙන් පැවති කුසල ය. මේ කුශලය තෙමේ ලඝු වී නමුත්, තිබ්බටුවකටත් කුඩා මැණික් ගලින් සමහර මැණික් ගලෙක අගයක් ම නැත්තා සේ විපාක විසින් පමණ නැත්තේ යත. එ හෙයින් දන් දෙමි” සිතා නුවර බෙර ලවා

‘හේරිනාද සුගනේධ්න - යාචකාලි සමාගතේ, දානකිඤ්ජක්ඛ ඔඝෙන - සත්තාහං පීනයී තතෝ.

යනු හෙයින් හේරි නාද නමැති සුවඳින් රැස් වු. යාචක ජන නැමැති බඹරුන්1, දාන නැමැති රොනින් සතප්වා, එ සේ දීත් වස්තුව නොනිමන නියාව දැක, “ඉතිරිය අත පුරා සිත පුරා හැර ගනුය’ යි විධාන කොට ලා හිමවු පයෙසට ගොසින්:

‘හිමවන්තස්ස අවිදූරේ - ධම්මිකෝ2 නාම පබ්බතෝ අස්ස‍මෝ සුක‍තෝ මය්හං - පණ්ණසාලා සුමාපිතා

යනු හෙයින් සක් දෙවිඳු ගේ විධානයෙන් විස්කම් දෙව් පුත් හු දහම් ‍නම් ගල් බඩ මැවු පන්සලට වැද මහණ ව, මහණ වු සතිය ඇතුළත පඤ්චාභිඥ අෂ්ටසාමපත්ති උපදවා, එක් දවසක් නිල් වු ගුවන් කුසින් නොමැකී පවත්නා විදු ලියක් මෙන් දො හෝ නොහොත් දකුණු මුහුද නික්මුණු රන් නැවක් මෙන් නො‍හොත් නිල් බිමක් රන් හූ ගසා බෙදන කලක් මෙන් එක් තරා දසාවකට යන දැ, එ සමයෙහි පුරා නිමියා වු පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් චුත ව අවුත් රම්මවති නම් නුවර සුදෙව නම් නම් රජුන් නිසා සුමෙධා නම් බිසොවුන් කුස පිළිසිඳගෙන, මැණිකෙක අවුණා ලූ පලස් හුයක් මෙන් දස මසක් වැස, ආකාශයෙන් නිකුත් ශරත් චන්ද්ර්යා මෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ, දිව සැපත් වැනි මනු සැපත් විඳිමින් දස දහසක් හවුරුදු මුළුල්ලෙහි රජ සැපත් වළඳා ස්ත්රි්න් ලක්ෂයකට ප්රිධාන වූ පදුමා නම් බිසොවුන් උසභක්ඛන්ධ නම් පුත් කුමරුවන් වැදු කල්හි, දස දහසක් සක්වළ දෙවි බඹුන් තමන් ගේ අයදමෙන් නොපමා ව මිනිස් ලොව ඉපිදත් එහි කල් යවන නියාව දැන වහා බුදු වන්ට නික්මවන්ට මෙහෙවර එවා ලූ දිව්යෙකුමාර කෙනකුන් වැනි පුත් කුමරුන් දැක මහබිනික්මනට ඉක්මන් ව, ඓරාවත නම් හස්තිරාජයා නැගි අසුර මථනයට නික්මුණු ලෙසටත් වඩා සුවාසු ඇතුන් පිරිවැරු ඇත් වාහනයෙකින් මඟුල් උයනට ගොසින් ඒ උයන්හි දි කෙලෙස් සතුරන් හා යුද්ධයට නොවතත් තමන් දෑ පිරිවරා ඇවිදිනා ලෙසට 1. බඹරුනි 2. ධම්මකො

2 සූවිසි විවරණය 5

පුරුෂයන් කෙළක් හා සමඟ මහණ ව, පැරුම් බිම දී කළ විය්ය්ුල නොමඳ ව ඇතත්, බුදුවන ජාතියේ එ විතරකුත් ඇත මනා බැවින් දස මසක් ප්රතධන් වීය්ය්න් යෙහි හැසර:- කවරත් බුදු කෙනකුන් වහන්සේ වෙසඟ මැදි පොහෝ දවස් බුදු වන හෙයින් බුදු වන දවස් මහණ ගණා පිරිවරා එක් නුවරෙක සිඟා වැඩ, උත්පත්තිය දෙවියන්ට ඉදි කළ කිරි බත විසුද්ධි දෙවි ව පිළිගෙන, තමන් වහන්සේට පැමිණි කොටසෙහි දෙවියන් දිව ඕජස් බහා ලූ හෙයින්, සෙසු දවස් වළඳන භොජනය එ සේ මෙ සේ සතියක් විවර ආහාරජ රූප ප්රුසන්න කරත් මුතු වැඩියකට බල නැති හෙයින් එ දවස් ඒ කිර බත බුදු වු සතළිස් නව දවසක් සිඟන ගමනුත් නැති ව කළ මනා බුද්ධ කෘත්යළය ඇති හෙයින් දවසකට ආලොපයක් වන නියායෙන් සතළිස් නව පිඬක් කොට වළඳා නිල් දලා හෝ බඩ සල් උයන්හි දවල් දවස් යවා සවස සුනන්දි නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන, බොධි වන්නේ පුළිල ගසක් හෙයින් ඒ පුළිල බෝධින් වහන්සේ කරා එළඹ, අනූ රියන් උස ඇති බෝ රුක් මුල්හි වැඩ හිඳ බුදු ව සත් සති යනා බ්රිහාමාරාධනාවෙන් දහම් සක් පවත්වා, සූවිසි අසඞඛ්ය්යක් සත්ත්වයන් එක තැන වැඩ හිඳ නිවන් දක්වන්ට බැරි හෙයින් දඹදිව සැරි සරනු නිසා දීපඞ්කර බුදුරජාණන් වහන්සේ රඹ ගම් නුවරට වැඩ සුදසුන් වෙහෙර වසන කල්හි රඹ ගම නුවර ඇත්තවුන් බුදුන්ට ආරාධන කොට ලා සිඟා වඩනා මඟ සතුරු සතු‍ටු ව ඉදි කරන්නවුන් දැක අහසින් යන ගමන් තබා සක්විත් රජ්ජුරු කෙනකුන් අහසින් යන ගමනේ කනින් ගැලවී වැටෙන රුවන් තෝඩුවක් මෙන් බිමට බැස, උන් හැම අතින් විචාරා , බුදු කෙනකුන් වහන්සේ වඩනට ඉදි කරන මඟක් නියාව අසා, තමන් දෑත් මං ඉදි කිරිමට සහාය වීමත් වඩා කුසල් නැමැති බිජුවට වපුරන්ට තුනුරුවන් නැමැති කෙත විනා අනික් කෙතක් නැතිබැවින් කරන්ට සිතන කුසලයට කෙත් වු මං පෙත් ඉල්ලාගෙන සෙස්සවුන් තමන් තමන් පමණක් නිවන් පුර වදනය කුසල් මං කරන හෙයින්:-

‘යා පලාලමයං මාලං - නාරි දත්වාමන චේතියේ අලත්ථා කඤ්චනමයං මාලාං - සත්තබෝජ්ඣඩ්ගිකඤ්ච සා’

යනු හෙයින් දා ගබගට පිදුරු කැටියක් මාලාවක් කොට සිතා පුදා ලු පමණෙකින් පසු ව ලක්ෂයක් අගනා රන් මාලාවකුත් අගයක් ම නැති නිවන් නැමැති මහ ලිය පළඳනාවත් කුමාරිකා කෙනකුන්



6 සද්ධර්මිරත්නාවලි ය

ලත් හෙයින් ළං තැනකට කරන හරසර මඟක් සේ ලඝු වූත් ප්‍න්යොගයෙන් කුසල් මං පෙති හැම1 සාදන්නා සේ, ඒ ඒ දෙනාට නියම වූ මං පොලු නිමා ගියත් ඒ මහා පුරුෂයා බුදු බව පතා සූ විසි අසඞ්ඛයයක් පමණ දෙනාත් හැර ගෙන නිවන් පුර වදනට සොයන කුසල් මඟ, සාරා සැකි කප් සුවහස් ගිය කලට මුත් අතුර මුළුලු නොවන නියාවට දෘෂ්ටාන්තයා සේ ඉදි කරන්නට පටන් ගත් මං කපොල්ල නොනිමන තෙක් ම වැඩියා වු ති‍ලොගුරු බුදු රජුන් වහන්සේට කෙලෙස් වතුරින් පිරුණු සසර නැමැති මහ මුහුදුන් චතුර්විධ විනේය ජනයන්2 එ තර වන්ට ලූ හෙයක් වැන් මම ද නුඹ වහන්සේට හෙයක් වෙමි’ යි දොඹ මල් ඇතිරියක් වැනි වු අඳුන් දිවි සම කළල මඬ මත්තෙහි අතුර:-

‘කිමඤ්ඤාතකවෙසෙන - ක්ලෙස න්බ්බාපනෙන මෙ, අයං බුද්ධොව’හං බුද්ධො - හුත්වාඹ ලොකෙ අනුත්තරො ජනතං ධම්මනාවාය - තාරෙත්වාධන භවණ්ණවං නිබ්බානපුරමානෙත්වාව - සෙය්යාබ මෙ පරින්බ්බුතං

යනු හෙයින් සසරට පිටි පානා පමණක් මුත් බුදු බවට ම‍ුහුණ ලා මූණින් වැද හෙව ඒ තිලෝගුරු බුදුන් ගෙන් ද ‘මේ තෙමේ මතු දවස සිල් නැමැති පොළොවැ, ප්ර්ඥ නැමැති මුල් ඇති, සිහි නුවණ නැමැති තෝතැන්නක් ඇති, කරුණා නැමැති පැනින් ඇති වු, සමාධි නැමැති කඳක් ඇති, මෙත් නැමැති ලියෙකින් ව්ළාඳනා ලද පඤ්ච විධ විමුක්ති නැමැති අතු පතර ඇති, ත්රිල විධචර්යාව නැමැති පල්ල ව ඇති, අභිඥ නැමැති මල් ඇති, බෝධි සම්භාර කප් රුක සර්වතතාඥන නැමැති අමා ඵල ගන්වයි හෙවත් බුදු වෙයි. මොහු බුදු වන ජාතියෙහි උපදනා නුවර කිඹුල්වත් නම් නුවර ය. මුන්ගේ මැණි‍යේ මාහාමායා බිසෝ ය.පියාණෝ සුදෙවුන් මහ රජාණෝ ය. මූ තුමූ ගෞතම නම් හ. සැරියුතු - මුගලන් ය යන තෙර සඟළෙක් අග සවු වෙති. ආනන්දෝ නම් තෙර කෙනෙක් අග්ර උපස්ථායක වෙති. ඛෙමාවෝ ය. උත්පලවණ්ණාවෝ ය. යන මෙහෙණියන්නෝ දෙදෙනෙක් අග්රම ශ්රාඋවිකා වෙති. බෝධි වන්නේ ඇසතු ගසෙක” යනාදින් ඔබ ගෙන් විවරණ ලදිත්:- නැවත ඔබට ඉක්බිති ව කප් අසඞ්ඛ්ය්ක් ගිය කලට තුන් අසඞ්ඛයක් ගිය කලට තුන් අසඞ්ක්ය්යක් කප් හා තවත් කල්ප ලක්ෂයක් තිබිය දී, පැරුම් පුරා නාමවා සිටි කොණ්ඩඤ්ඤ බෝසත්හු තුසී පුරෙන් චුත ව අවුත් දඹදිව රම්මවති නම් නුවර සුනන්දු නම් රජ්ජුරුවන්


1. කුසල් මං පෙනියාම. 2. විනේ ජනයන්. 2 සුවිසි විවරණය 7

නිසා සුජාතා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් බිහි ව, ශක්රත සම්පත් විඳැ කුසීත ව මිනිස් ලොව රජ සැපත් විඳින සක් දෙවිඳු ලෙසින් දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තුන් ලක්ෂයක් පමණ පුරඟනන්ට ප්රිධාන වීමෙන් අග මෙහෙසුන් වු රුචි නම් බිසොවුන් විජිතසෙන නම් පුත් කුමරුවන් වැදු කල්හි, මහ බිනික්මනට සිතා, රථ වාහනයෙකින් නික්ම දස කෙ‍ළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, දස මහක් මුළුල්ලෙහි ප්රමධන් වීය්ය්මර කොට, බුදු වන දවස් සුරින්දද නම් - ගම යශොදරා නම් සිටුදියණියන් දුන් කිරි බව වළඳා, සවස් වේලෙහි සුචන්ද්ක නම් ආජාවකයන් දුන් හී තණ හැර ගෙන, කෝණ්ඩඤ්ඤ නම් බුදුන්ට බොධි - බුදුන් සමයෙක හා සක්විත්තන් සමයෙහි මුත් සෙසු කලෙක පහළ නොවන - කලණ ගස හෙයින් ඒ සල් කලණ නම් බෝධින් වහන්සේ කරා එළඹ, තණ බිම සලා වගුරුවා අට පනස් රියන් තණ ඇතිරියෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා, බ්රතහ්මරාධනාවෙන් බණ දෙසා, කෙළ ලක්ෂයක් පමණ රහතන් පිරිවරා දනවු සැරිසරන සේක් චන්ද්රාවති නම් නුවරට වැඩි සේක. එ කල අපගේ බෝසත්හු විජිතාවි නම් සක්විති ව බුදුන් ඒ නුවරට වැඩි නියාව අසා, දහම් සක පැවති කලට සක් රුවනෙහි අනුභව1 නැති හෙයින් දහම් සක ම අසනුවන්ට බ‍ුදුන් කරා එළඹ වැඳ පවරාගෙන වස් සාර මස මහදන් දි නිකම් වැසි තරමටත් වඩා දහම් වැසි වස්වා ඔබ ගෙනුත් විවරණ ලදින්: ඔබට ඉක්බිති ව තවත් කප් අසඞ්ඛ්යික් බුද්ධ ශුන්ය් වු කල්හි දෙ අසංඛ්යම කප් ලක්ෂයක් තිබිය දි මඞගල නම් බෝසත්හු තුසි පුරෙන් සැව දඹදිව සියලු නුවරවලට උතුම් ව සිටිනා හෙයින් උත්තරා නම් වු නුවර යස සම්පත්තින් වඩනා රජ්ජුරු කෙනකුන් නැති හෙයින් උත්තර නම් වු රජුන් නිසා රූපශොභාදින් වැඩි සිටිනා බිසෝ කෙනකුන් නැති හෙයින් උත්තරා නම් බ‍ි‍ෙසාවුන් කුස පිළිසඳගෙන දස මස් අයාමෙන් බිහි ව වැඩි විය පැමිණ දහසක් පුරඟනන්ට ප්රවධාන වු යසවති නම් බිසොවුන් සීලව නම් පුත් රුවන වැදු කල්හි මහණ වන්ට, නික්මෙන දා, වලාහක නම් අශ්වරාජයා පිටට පැන නැඟි දික් විජය2 කරන සක්විත්තන්ට අපහාස කෙරෙමින් මෙන්3 අස් වාහනයෙකින් නික්ම තුන් කෙළක් පමණ පුරුෂයන් හා සමඟ මහණව, අට මසක්


1.ආනුභාව. 2. දිග්විජය. 3. කෙයරමිනි.




8 සද්ධර්මභරත්නාවලිය

බුදු වන්ට විය්ය්්ව කොට, බුදු වන දවස් උත්තරා නම් ගම උත්තර නම් සිටුදියණියන් දුන් කිරබත වළඳා, සල් උයන්හි1 දාවල් දවස් යවා උත්තර නම් ආජිවකයන් දුන් හී තණ අට මිට හැර ගෙන, ඔබට බොධි - නා ගස හෙයින් නා බෝධින් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා අට පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ, බදු ව සත් සති යවා මහබඹහු‍ගේ අයදමෙන් දහම් සක පවත්වා දනවු සැරිසරන සේක් - දඹදිව මේඛලා නම් නුවරට වැඩි සේක, ඒ කල අප ගේ බෝසත්හු සුරුවි නම් බ්රා හ්මණ ව බුදුන් ඒ නුවරට වැඩි නිසා අසා බුදුන් කරා එළඹ මියුරු වු බණ අසා බුදුන් කෙරෙහි පැහැද, බුදුන් ප්රබධාන වූ කෙළ ලක්ෂයක් මහ සඟනට ආරාධනා කොට වඩා ගෙන ගොසින්, සක් දෙවිඳුහු මවා ලූ අට සාලිස් ගවු පමණ දිග-පළල ඇති රුවන් මඬුවෙහි වඩා හිඳුවා, සතියක් මුළුල්ලෙහි අසාගත්, කෙලෙස් කසල නුමුසු බණ සේ ම, පැන් නුසුමු කිරි බත් දන් දී, කෙළවර දවස කෙළ ලක්ෂයක් පමණ පාත්රාව පුරවා ශකිරා - ගිතෙල් - උක් සකුරු මී ආදී වු බෙහෙත් බඩුත් හැමටත් අඩු තරම් සිවුරු පිරිකර ලක්ෂයක් වටිනා තරමේ කෙළ ලක්ෂයක් පමණ සිවුරු පිරිකරත් දන් දීලා, බුදු බව පතා ම කළ පරිත්යාවගයක් හෙයින් ඔබගෙනුත් විවරණ ලදින්:- ඔබට ඉක්බිත් ව එම කප සුමන නම් බෝසත්හු පුරා නිමියා වු පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් චුත ව දඹදිව් නැමැති ඔටුන්නෙහි ඔබා ලූ මාණිකක් වැනි වු මේඛලා නම් නුවර සුදත්ත නම් රජුන් නිසා, සිරිමා නම් බිසොවුන් කුස පිළිසඳ ගෙන, දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ නව දහසක් හවුරුදු රජ සැපත් වළදා තෙ සැට දහසක් පුරඟනන්ට ප්රවධාන වු වටංසකා නම් බිසෝවුන් අනුපම නම් පුතවණුවන් වැදු කල්හී මහබ්නික්මන් නික්මෙන කල ඇත් වාහනයෙකින් නික්ම තිස් කෙළක් මිනිසුන් හා සමඟ මහණ ව. මහණ ගණා පිරිවරා දස මසක් මුළුල්ලෙහි ප්රකධාන් විය්ය්ක් කොට බුදු වන දවස් අනුපම නම් නියන් ගම අනූපමා නම සිටු දියණියන් දුන් කරි බත වළඳා, සවස් වෙලෙහි අනුපම නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන, ඔබටත් බෝධි නා ගස හෙයින් නා බෝධින් වහන්සේ කරා එළඹ ගෙන හිය හී තණ සලා බිම වගුරුවා, තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා බ්ර්හ්මාරාධනාවෙන් බණ දෙසා දනවු සැරි සරන සේක.




1. සල් වෙනෙහි. 2. සූ විසි විවරණය 9


එ කල අප ගේ බෝසත්හු අතුල නම් දිව්යෙ නාග ව බුදුන් ලොව උපන් නියාව අසා, නාග භවනයෙන් අවුත් කෙළ ලක්ෂදයක් පමණ වු බුදු පාමොක් මහ සඟනට මහ පුද කරවා, මහ වතුරක් මෙන් මහ දන් දී කෙළ ලක්ෂකයක් පමණ සළු සඟළවලුත් දන් දි,ප්රයතිසන්ධිය අහෙතුක වුවත් කරන කුසලයෙහි අහෙතුක කමක් නැති හෙයින් ඔබගෙනුතු විවරණය ලදින් - ඔබට ඉක්බිත් ව එම කප පැරුම් පුරා නිමවා සිටි රෙවත නම් මහ බෝසත්හු තුසී පුරෙන් සැව සියලු ධන ධාන්යු සම්පත්තින් සමෘද්ධ වු සුධඤ්ඤවති නම් නුවර සම් බරණින් සැරහුණු ශුචි පවිත්ර් වු පරිවර ඇති සම්පත්තිනුත් විපුල වූ, විපුල නම් රජුන් නිසා සියල්ලන් ගේ නෙත් නැමැති බඹරුන් විසින් ගැවසී ගත් නෙත් නැමැති මහනෙලින් හා මුව නැමැති පියුමෙන් හා බබළන පියුම් විලක් සේ ශෝභාවත් වු ආයු ශක්තිය විපුල නුවුවමනා හෙයින් විපුල නුවුවත් සම්පත් ආදින් විපුල වු විපුලා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් ආයාමෙන් සිත් කුළු පවුවෙන් බස්නා රන් වන් හංසයකු මෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ ස දාසක් හවුරුදු ගිහි සැපත් වළදා තෙ තිස් දහසක් පුරඟනන්ට ප්රිධාන වු සුදසුන් නම් බි‍සොවුන් වරුණ නම් පුත් රුවන වැදු කල්හි මහණවන්ට නික්මෙන දා දෙ දෙව් ලොව දෙවියන් පරිවරා විජ‍යෝත්1 රථයට නැඟි නඳුන් උයනට නික්මුණු සක් දෙවිඳු ලෙසින් සිවුරඟ සෙනඟ මහණ ව, සත් මහක් මුළුල්ලෙහි බුදු වන්ට විය්ය්ුන කොට බුදු වන වෙසඟ මැදි පො‍හෝ දවස යසෝධරා නම් බිසොවුන් දුන් කිරි බත් වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වෙලෙහි තරුණින්ධර2 නම් ආජිවකයන් දුන් හී තණ හැරගෙන ඔබටත් බොධි නා ගස හෙයින් නා බෝධින් වහන්සේ කරා එළඹ තණ සලා වගුරු වා. තෙ පනස් රියන් තණ ඇතිරිය අතුට එහි වැඩ හිඳ බුදු වස ව සත් සත් යවා බ්රිහ්මාරාධනාවෙන් බණ දෙසා සත්ත්විනුග්රවහ නිසා දනවු සැරිසරන සේක. එ කල අප‍ ගේ බෝසත්හු අතිදේව නම් බ්රුහ්මණ ව බුදුන් කරා ගොසින් ඔබ ගේ බණ අසා, තමන් ගේ වේද වේදඞ්ගයෙහි නො පිහිටා සරණ ශිලයෙහි පිහිටාගෙන තමන් සක්කතයෙහි අභ්යාෝස බලවත් හෙයින් සි‍ුලෝ3 දහස් ගණනින් බුදුන් ගේ ගුණ කියා ලක්ෂ්යක් අගනා උත‍ුරු සළුවක් පුදා. ඒ රේවත නම් බුදුන්ගෙනුත් විවරණ ලදින් -

1. විජයොත් 2. තරුණින්ධ 3. සො‍ලෝ.



10 සද්ධර්මයරත්නාවලිය

ඔබට ඉක්බිති ව එ ම කප සෝහිත නම් බෝසත්හු තුසි පුරෙන් චුත ව සුධර්මාෙ නම් නුවර සුධර්මන නම් රජුන් නිසා සුධර්මාම නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන, දස මස් අයාමෙන් මවු කුසින් මේඝ මුඛයෙකින් නිකුත් පුත් සඳක් මෙන් නිකුත් ව වැඩිවිය පැමිණ නව දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, සැත්තෑ දහසක් පුරඟනන්ට ප්රෙධාන වු මඛිලා නම් බිසොවුන් සීහ නම් පුතණුවන් වැදු කල්හි, එ දවස් ම මහණ වි ය යුතු හෙයන් දුර නො ගොසින් මාළිගාවේ දී ම මහණ ව, සතියක් මුළුල්ලෙහි මාළිගාවේදි ම ප්රනධාන විය්ය්හි කොට බුදු වන දවස් මඛිලා නම් බසව දුන් කිරි බත මාළිගාවේ දි ම වළඳා මහබින්ක්මන සිතූ දැය. සිතන්නා ම මාළිගා‍ව නිල් වු ගුවන් කුසට එ දවස් මැදි පොහොයේ නැ‍ඟෙන සඳට අපහාස්යට කෙරෙමින් නැ‍ඟෙන අනික් සඳක් මෙන් පැන නැඟිලා සියලු අහස1 බබුළුවමින් ගොසින් අටාසු රියන් උස ඇති, සුදු වු කඳක් ඇති, මලින් පල්ලෙන් සැදුම් ලත් නා බෝධිය මද්ධ්යු කොට ලා බිම පිහිටා ගත. නළු ගෑනුත් කිසි කෙනකුන් ගෙනුත් විධානයක් නැති ව ම මාළිගාවෙන් බැස පියා නැඟි ගියහ. මහ බෝසත්හු ද බුදු ව සත් සති යවා බ්රිහ්මාරාධනාවෙන් දහම් සක පවත්වා ජන සංග්රනහ සඳහා දනවු සැරි සරන සේත. එකල අප ගේ බෝසත්හු රම්ය වති නම් නුවර සුජාත නම් බ්රාදහ්මණ ව බුදුන් ගෙන් බණ අසා, ශරණ ශිලයෙහි පිහිටා බුදු පා මොක් මහ සඟනට තුන් මසක් මහ සක් දි තිවට නසන්නට හෙතු කොට ගෙන ඒ සෝහිත බුදුන් ගෙනුත් විවරණ ලදින් -

තව ද ඔබට ඉක්බිත් ව කප් අසඬඛ්යලක් ගිය කලට මෙ කපට ඒකාසඞ්ඛ්යෙ කප් ලක්ෂයෙක් දී පුන් පැරුම් ඇති අනොමදස්සී බෝසත්හු තුසී පුරෙන් සැව දඹ දිව සඳවත් නම් නුවර යසවත් නම් රජුන් නිසා රන් වන් හංස යුග්මයක් වැන් පයෝධර ඇති යසෝධරා නම් බිසවුන් කුස පිළිසිඳගෙන දස මස් අයාමේන මවු කුසින් බිහි ව, වැඩි විය පැමිණ, දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තෙ විසි දහසක් පුරඟනන්ට ප්රිධාන වු සිරිමා නම් බිසොවුන් උපවාන නම් පුතණුවන් වැදු කල්හි රන් සිව්ගෙයෙකින් මහබිනික්මන් නික්ම මිනිසුන් තුන් කෙළක් හා සමඟ මහණ ව, දස මහක් ප්රගධන් භූමි යෝග‍ කොට බුදු වන දවස් අනුපමා නම් බමුණු ගම අනුපමා නම් සිටු දියණියන් දුන් කිරි බත වලඳා සල් වෙනෙහි දාවල දවස යවා, සවස් වෙලෙහි අනොපම නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට

1.ආස.


2 සූවිසි විවරණය 11

බෝධි කුඹුක් ගස හෙයින් කුඹුක් බෝධින් වහන්සේ කරා එළඹ හී තණ බිම සලා වගුරුවා අට තිස් රියන් තණ ඇතිරියේ හිඳ බුදු ව සත් සති යනා, මහ බඹහු‍ ගේ අයැදමෙන් බණ දෙසා, සත්ව්වෙලනුග්රඳහ නිසා දන වු සැරිසරන සේක.

එ කල අප මහ බෝසතාන්හු මහානුභාවසම්පන්න යක් සෙනෙවි ව බුදුනු කරා අවුත් සඳ මඬල දො හෝ යි සිතන තරම් රුවන් මඬුවක් මවාලා සතියක් මුළුල්ලෙහි බදු පාමොක් මහ සඟනට මහ දන් දි අනොමදස්සි බුදුන් ගෙනුත් ‘දැන් මූ තුමූ යක් සෙනෙවි වූවෝ වෙත් ද, මතු එන දවස දහම සෙනෙවි කෙනකුන් ඇතිව දහම් සක් පවත්වති’ විවරණය ලදින් -

ඔබට ඉක්බිති ව එම කප පුන් පැරුම් ඇති පදුම නම් බෝසත්හු තුසි පුරෙන් සැව චම්පා නුවර සරි සාමාන්යෝ1 අනික් රජ්ජුරු කෙනකුන් නැති හෙයින් අසම නම් රජ්ජුරුවන් නිසා රූප ශොභාදින් අනන්යත සාධාරණ බැවින් අසමා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව වස් වන දහම් වැස්සට පෙරාතු ව2 මුළු දඹදිව පියුම් වැසි වස්වා වැඩි විය පැමිණ දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා, තිස් තුන් දහසක් පමණ පුරඟනන්ට ප්රිධාන වු උත්තරා නම් බිසොවුන් රම්ය නම් පුත් කුමරුවන් වැදු කල්හි, මහබිනික්මන් නික්මෙන දා රථ වාහනයෙකින් නික්ම කෙළෙක් පමණ මිනිසුන් හා සමග මහණව, අට මසක් මුළුල්ලෙහි ප්ර්ධන් විය්ය්මර කොට බුදු වන දවස් ධඤ්ඤවතී නම් නියම් ගම ඒ නමැති සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දවල් දවස් යවා සවස් වේලෙහි තිත්ථ්ක3 නම් ආජීවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි හුණ ගස හෙයින් හුණ බෝධින් වහන්සේ ‍කරා එළඹ හී තණ සලා බිම වගුරුවා, අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව, සත් සති යවා ස්දධර්ම්වර චක්රඅවර්ති වු නියාවට දහම් සක පවත්වා එක් කලෙක හිමවු පියසට වැඩි සේක.

එ කල අප මහ බෝසත්හු නරසීහ වීමට පූර්වහ නිමිත්තයා සේ සිංහ ව ඉපැද හිමවු පියසට වැඩි පදුම නම් බුදුන් දැක බුද්ධාලම්බන ප්රිාති‍ය උපදවා බුදු වු කල සති සතක් ම සිඟා නොයන්නා සේ සතියක් මුළුල්ලේහි සොයා ලබන ගොදුරට බුද්ධාලම්බන ප්රිමති ගොදුරු ඉතා රසවත් හෙයින් ගොදුරට නො ගොස් නො ලත් ‍ගොදුරු සරියට ඔබ ගෙනුත් විවරණ ලද්ත් -



1. සාමන - 2. පෙරත්තු - පරෙත්තු. 3. නත්ථ ක.

12 සද්ධර්මනරත්නාවලිය

ඔබට ඉක්බිති ව එම කප නාරද නම් මහ බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින්, තුසී පුරෙන් චුත ව දඹදිව ධඤ්ඤවතී නුවර සංවෘත්ති වෙද්යන්ට උතුම් හෙයින් සුදේව නම් රජුන් නිසා ලාමක කමක් දුස්නායෙන්1 නැත හෙයින් ‍අනෝමා නම් බිසවුන් කුස පිළිසඳ ගෙන දසමස් ආයාමේන බිහි ව වැඩි විය පැමිණ. නව දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා එක් ලක්ෂ විසි දහසක් පුරඟනන්ට ප්ර.ධාන විජිතසේනා නම් බිසවුන් නන්දුිත්තර නම් පුතණුවන් වැදු කල්හි මහබිනික්මනට ඉක්මන් ව, වාහන සෙවිම කල් යන්නා සේ මහ සෙනඟ පරිවරා පයින් ම උයනට ගොසින් ලක්ෂයක් දෙනා හා සමඟ මහණ ව සතියක් ප්රවධන්විය්ය්ඉක කොට ලා බුදු වන දවස් විජිතසේනා නම් බි‍සොවුන් දුන් කිරි බත වළඳා, ඒ උයන දාවල් දවස් යවා, සවස සුදසුන් නම් උයන් පල්ලා දුන් හී තණ හැරගෙන ඔබට බෝධි මුරුත ගස හෙයින් මුරුත බෝධීන් වහන්සේ කරා එළඹ හී තණ සලා බිම වගුරුවා අට පනස් රියන් තණ ඇතිරිය පිට හිඳ බුදු ව සත් සති යවා, බ්රයහ්මාරාධනාවෙන් බණ දෙසා ජනානුග්ර හ නිසා දනවු සැරිසරන සේක. එ කල අප මහ බෝසත්හු තවුස් වෙස් ගෙන මහණව අභිඥාලාභි ව හිමවු පියෙසැ වසන දැ ය. නාරද බුදුහුත් බෝසතුන් කෙරෙහි අනුකම්පාවෙන් අසූ කෙළක් රහතන් ද, අනැගැමි උපාසකවරුන් දස දහසක් ද හැර ගෙන හිමවු පියසට වැඩි සේක මහ බෝසත්හු ද බුදුන් දැක පැහැද මහතට පතන හෙයන් පන්සලක් මහත් තොට මවාලි තුන් යම් රාත්රිහය මුළුල්ලෙහිත් බුදු වු කල නන්දන මහ තෙරුන් වහන්සේ ගේ බණ තුන් යම් රාත්රි්යෙහි අසන්නා සේ ම - අසා දෙ වන දවස් උතුරු කුරු දිවයිනට ගොසින් සිඟාගෙනවුත් අසූ කෙළක් රහතුන් පිරිවරා වැඩි බුදුන් වළඳවා, අනැගැමි උපාසක වරුනුත් අනුභව කරවා. මේ නියායෙන් සතියක් උපස්ථාන කොට රත් සඳුන් ගෙනවුත් ඉන් බුදුන් පූජා කොට ඔබ ගෙනුත් විවරණ ලදින් - තව ද ඔබට ඉක්බිති ව කප් අසඞ්ඛ්ය්යක් ගිය කලට මෙ කපට ලක්ෂයක් වන කප පුන් පැරුම් ඇති පියුමතුරා නම් බෝසත්හු තුසී පුරෙන් සැව දඹ දිව හංසවති නම් නුවර ආනන්ද නම් රජුන් නිසා සුජාත් නම් බි‍සොව‍ුන් කුස පිළිසිඳ ගෙන දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ දස සහසක් හවුරුදු ගිහි සැපත් වලඳා, එක් ලක්ෂ විසි දහසක්



1. දුස්නායෙනන්, දුෂණයෙන්, දුෂණායෙන්. දශර්න යෙන්.

  තෘෂ්ණයෙහි.	2. මහණට.

2. සූ විසි විවරණය 13

රහතුන්ට ප්රහධාන වු වසුදත්තා1 නම් බි‍ණසොවුන් උත්තර නම් නිරුත්තර පුත් රුවන වැදු කල්හි මහණ වන්ට නික්මෙන්ට සිතන්නා ම, වසවත් නම් පහය අහසට පැන නැඟි ලා මහබිනික්මන් කරන දවස් රාත්රි යට එක සඳ මඳ හෙයින් අනික් සඳක් නැඟි කලක් මෙන් අහසින් ‍‍ගොසින් බෝ මැඬ මධ්යක කෙරෙමින් බට. මහ බොසත්හු ද මාලිග‍ාවෙන් බැස ලා කැටි ව ගියවුන් ගෙන් ගෑන‍ුන් පමණක් සිටිය දී මහණ වුවමනා සෙස්සවුන් හා සමඟ මහණ වු දැ ය. මාළිගාවත් අවුත් ආදි තිබු තැන ම පිහිටි ය. මෙ‍ සේ මහණ ව ලා සතියක් ප්ර්ධන් විය්ය්වත කොට බ‍ුදුවන දවස් උජ්ජෙනි නම් නියම් ගම රුවිනන්දා නම් සිටු දියණියන් දුන් කරි බව වළඳා, සල් වෙනෙහි දාවල් දවස් යවා, සවස් වෙලෙහි සුචිත්ත නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන, ඔබට බෝධි සළල ගස හෙයික් සළල බෝධින් වහන්සේ කරා ගොසින් තණ සලා බිම වගුරුවා අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ, බුදු ව සත් සති යවා බ්ර හ්මාරාධනාවෙන් බණ දෙසා ජන සංග්රතහ සඳහා දනවු සැරසරන සේක. එ කල අප ගේ බෝසත්හු ජටිල නම් රැටි ව බුදු පාමොක් සඟනට මහ දන් දී සිවුරු පිරිකරත් පිළිගන්වා ඔබ ගෙනුත් විවරණ ලදින් - ඔබට ඉක්බිති ව කප් ලක්ෂයෙන් සැත්තෑ දහස් කප් ගිය කලට මෙ කපට තිස් දහසක් කපින් ඔබ්බෙහි පුන් පැරුම් ඇති සුමේධ නම් බෝසත්හු තුසි පුරෙන් චුත ව, සුදසුන් නම් නුවර සුදන්ත නම් රජුන් නිසා, සුදන්තා නම් බිසොවුන් නම් නුවර සුදන්ත නම් කුස පිළිසිඳ ගෙන, දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව වැඩි වය පැමිණ නව දහසක් හවුරුදු ගිහි සාපත් වළඳා, අට සාළිස් දහසක් පුරඟනන්ට ප්රිධාන වු සුමනා නම් බිසොවුන් පුනබ්බසුමිත්ත නම් පුතණුවන් වැදු කල්හි, මහබිනික්මන් නික්මෙන ගමනේ, ඇත් වාහනයෙකින් නික්ම කෙළ සියයක් විතර මිනිසුන් හා සමඟ මහණ ව අට මිසක් බුදුවන්ට විය්ය්සිය කොට බුදු වන දවස් නකුල නම් නියම් ගම නකුලා නම් සිටු දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දවස් දවස් යවා, සවස සිරිවඬ්ඪන2 නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි බක් මී ගස හෙයින් බක් මී බෝධින් වහන්සේ කරා එළඹ ගෙන ගිය තණ සලා බිම වගුරුවා, විසිරියන් තණ අතිරිය මත්තෙහි හිඳ බ‍ුදු ව සත් සති යවා, දහම් සක පවත්වා ජන සංග්ර හ සඳහා දනවු සැරි සරන සේක.




1. වසුදන්තා. 2. සිරිවඩ්ඪ 14 සද්ධර්මදරත්නාවලි ය

එ කල අප මහ බෝසත්හු සියලු ලෙසින් නිරුත්තර ව‍ු උත්තර නම් දරු ව1, අසූ කෙළක් වස්තුව බුදු සස්නට ම වියදම් කොට සසුන් වැද මහණ ව ලොවුතුරා ගුණ නොලදත් ඔබ ගෙනනුත් වීවරණ ලදින් - ඔබට ඉක්බිති ව එම කප සුජාත නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරෙන් සැව සුමඞ්ගල නම් නුවර සියලු ලෙසින් උද්ගත හෙයින් උද්ගත නම් රජුන් නිසා. ප්ර භාවති නම් බිසොවුන් කුස පිළිසඳ ගෙන දසමස් අයාමෙන් මුව කුසින් බිහි ව, වැඩි විය පැමිණ සද දහසක් හවුරුදු ගිහි ගෙයි වැස, තෙ විසි දහසක් පුරඟනන්ට ප්රිධාන ව‍ු සිරිනන්ද නම් බි‍සොවුන් උපසේන නම් පුතනුවන් වැදු කල්හි මහබිනික්මන් නික්මෙන ගමනේ හංස වසභ නම් අස් වාහනයෙකින් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, නව මසක් බදු වන්නට විය්ය්ක් කොට බුදු වන දවස් සිරිනන්දන නම් නුවට සිරිනන්දන නම් සිටාණන් ගේ දියණියන් දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දවල් දවස් යවා සවස සුනන්ද නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන ඔබටත් බෝධි හුණ ගස හෙයින් ඒ හුණ බෝධින් වහන්සේ කරා ගොසින් හී තණ සලා බිම වගුරුවා, තෙ තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා උතුම් වු දහම් සක පවත්වා, ජන වැඩ හිඳ බුදු ව සත් සති යවා උතුම් වු දහම් සක පවත්වා, ජන සංග්ර,හ සඳහා දනවු සැරි සරන සේක. එ කල අප මහඑ බෝසත්හු සක්විති රජ ව ඉපැද බුදුන් කරා ගොසින් ආය්ය්අප ධනය2 ලබන්ට රුවන් සතත් බදු වන්ට පුදා චතුස්සත්යව ප්ර තිවේධන නිසා කොදිව් සහිත සතර මහ දිවයිනත්3 පුදා, රටින් උපන් අයෙක් ඇත් නම් නම් ඉන් බුදු පා මොක් මහ සඟනට උපස්ථා කරන්නට රට වැස්සන්ට නිල කරවා ලා මහණ ව ඒ සුජාත් නම් බුදුන්ගෙන් ද විවරණ ලදින් - ඔබට ඉක්බිති ව මේ අප‍ ගේ බුදුන් බුදු වු කපට එක් සිය අටළොස් කප් තිබිය දි එක් කපෙක පියදස්සි නම් බෝසත්හු පුරා නිමියා ව‍ු පැරුම් ඇති හෙයින් තුසී පුරෙන් සැව සුධඤ්ඤ නම් නුවර සුදත්ත නම් රජුන් නිසා පුන් සඳක් වැනි සොමි මුහුණක් ඇති හෙයින් චන්ද්රා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව නව දහසක්4 හවුරුදු ගිහි සැපත් වළඳා තෙ තිස් දහසක් පුරඟනන්ට ප්රබධාන වු විමලා නම් බි‍ිසොවුන් කඤ්චනවේඨ නම් පුත්රුවන වැදු කල්හි රථ වාහනයෙකින් මහබිනික්මන් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව, ස මසක් බුදු වන්ට වීය්ය් කොට, බුදු වන දවස් වරුණ නම් බමුණ ගම වසභ නම් බමුණාණන් ගේ දියණියන් දුන් කිරි


1. ළදරු, 2. ආර්යන ධනව්යබ. 3. කොදෙව්. 4. දස දාසක්. 2 සූවිසි විවරණය 15

බත වළඳා, සල් උයන්හි දාවල් දවස් යවා, සවස සූජාත නම් ආජිවකයන් දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි කුඹුක් ගස හෙයින් කුඹුක් බෝධින් වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා, තෙ පනස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා බ්ර හ්මාරාධනාවෙන් බණ දෙසා සත්ත්වාණනුග්රහහ පිණිස දනවු සැරිසරන සේක. එ කල අප මහ බෝසත්හු කාශ්ය‍ප නම් බ්රාකහ්මණ ව බුදුන් කරා ගොසින් ඔබ ගෙන් බණ අසා ති ලකුණු මෙනෙහි කිරිමෙන් ත්රිනවෙදය අත් හැර තිසරණ පිහිටා, කෙළ ලක්ෂයන් පමණ ධන වියදම් තොට විහාරයකුත් කරවා දන් දි ඔබ ගෙනුත් විවරණ ලදින් - ඔබට ඉක්බිති ව එම කප අත්ථනදස්සී නම් බෝසත්හුපුන් පැරුම් ඇති ව, තුසී පුරෙන් චුත ව ශොභණ නම් නුවර සාගර නම් රජුන් නිසා සුදොවුන් නම් බි‍ෙසාවුන් කුස පිළිසිඳ ගෙන දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ දස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්ර ධාන වු විශාඛා නම් බි‍සොවුන් සෙල නම් පුතණුවන් වැදු කල්හි, අස් වාහනයෙකින් මහබිනික්මන් නික්ම නව කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණව අට මසක් ප්රිධන් වීය්ය්ක ‍ කොට බුදුවන දවස් සුවින්දිුරා1 නම් නාග මාණවිකාවන් දුන් කිරි බත වළඳා, සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වෙලෙහි මහා රුචී නම් නා රජහු දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි සපුගස හෙයින් සපු බෝධින් වහන්සේ කරා එළඹ2 හී තණ සලා බිම වගුරුවා තෙ පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්රරහ්මාරාධනාවෙන් ධම් සක් පවත්වා, ජන සංග්රයහ සඳහා දන වු සැරි සරන සේක. එ කල අප මහ බෝසත්හු චම්පක නම් නුවර සුසීම නම් බ්රාරහ්මණ ව, කෙළ ගණන් සැපත් යාචකයන්ට දන් දී හිමවු - පියසට ගොසින් මහණ ව අභිඥලාභි ව අත්ථනදස්සී නම් බුදුන් ලොව පහළ වු නියාව අසා ඔබ කරා ගොසින් ඔබ වස්වන දහම් වැසි දැක තමන් දෑගේ අනුභාවයෙන් සතර මහා දිවයින එක පැහැර වස්වන වැස්සක් පරිද්දෙන් පරසතු - මඳාර ආදී වු දිව මල් වැසි වස්වා, මට මල් තොරණ ආදය මවා, මදාරා මලක් බුදු වන්ට කුඩයක් කොට සිට ‘මේ මට කළ මල් කුඩයට තුන්ලොව පතළ කිර්ති නමැති හෙළ කුඩ ලදින් බුද්ධ රාජ්ය ය3 සාධා ගෙන සද්ධර්ම චර චක්ර වර්ති වෙයි’ කියා ඔබ ගෙනුත් විවරණ ලදින් -



1. සුවින්දරා - සුවින්ධරා. 2. එළඹ ගොසින් 3. බුද්ධරාජ්යිය 16 සද්ධර්මිරත්නාවලිය

ඔබට ඉක්බිති ව එ ම කප ධම්මදස්සී නම් බෝසත්හු පුන් පැරුම් ඇති හෙයින් තුසි පුරෙන් සැව සරණ නම් නුවර සියලු ලෝ වැස්සන්ට සරණ ව සිටිනා සරණ නම් රජුන් නිසා සුනන්දා නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව, වැඩි විය පැමිණ අධිකරණ ශාස්ත්රස පොත්වල යුක්ති පමණක් තිබිය දි අයුක්ති නැති කරවා අට දහසක් හවුරුදු ‍රජ සිරි විඳ, එක් ලක්ෂ විසි දහසක් පුරඟනන්ට ප්ර්ධාන වූ විවිකොලි1 නම් බි‍සසොවුන් පුඤ්ඤවඩ්ඪන නම් කුමාරයන් වැදු කල්හි ‘මහණ වන්ටනික්මෙමි’ යි සිතූ සිතුවිල්ල හා සමඟ සුදසුන් නම් මහ පාය තෙමේ ම වාහන ව අහසට නැඟි එක් අතකට ගමන් ගත් බඹ විමනක් පරිද්දෙන් සියුරඟ2 සෙනඟ හා සමඟ අහසින් ගොසින් රත් කරවු බෝධියට ආසන්න ව ලා බිම පිහිටා සිටි ය. මහා පුරුෂයාණෝ ද ඇතුළු මාලිගාවේ දී ම මහණවැ ලා මාළිගාවෙන් බැසලා සිහියහ. මාළිගාව පෙරළාත් අහසින් ගොසින් රත්කරවූ බෝධිය මධ්යා කෙරෙමින් බෝධි ගෙවල් කරන්නවුන්ට ආදර්ශ වන්නා සේ පිහිටා සිටි ය. බි‍සෝ වරුන් පටන් ගෑනු මුළුල්ල මාලිගාවෙන් බැස පියා ගවු සමාරක් විතරට පලා ගොසින් සිටියහ. මහාපුරුෂයාණන් මහණ වන විට පිරිමි කෙළ ලක්ෂයක් විතර මහණ වූ හ. මෙ සේ මහා පුරුෂයාණෝ මහණ ව ලා‍ සතියක් ප්ර ධන් වීය්ය්හණ කොට බුදු වන දවස් විචිකෝලි බිසොවුන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දහවල් දවස් යවා සවස් වෙලෙහි සිරිවඩු නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙණ රත්කරවු බෝධින් වහන්සේ කරා ගොසින් හී තණ සලා බිම වගුරුවා, තෙ පනස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා බඹහු ගේ අයදමෙන් බණ දෙසා, ජනානුග්ර හ පිණිස දනවු සැරි සරන සේක. එ කල අපගේ බෝසත්හු සක් දෙවිඳු ව දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා අවුත් දිව්යව තූර්යයෙන් පූජා කරවා ඔබ ගෙනුත් විවරණ ලදින් - ඔබට ඉක්බිති ව එ තැනින් එක් දාස් සත් සිය කප් සයක් විතර ගි ය කලට මෙ කපට අනූ සතරවන කප සිද්ධාර්ර්ථය න්ම බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසි පුරෙන් චුත ව වෙහාර නුවර උදේනී නම් රජුන් නිසා, සුඵස්සා නම් බිසව කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් වලා ගැබකින් නිකුත් වන පුන් සඳක් මෙන් බිහි ව වැඩි විය පැමිණ දස දහසක් අවුරුදු මුළුල්ලෙහි ගිහි සැපත් වළඳා අට ‍සාළිස් දහසක් පුරඟනන්ට ප්රදධාන වු සොම්නස් නම් බිසොවුන් අනුපම නම් පුතණුවන් වැදු කල්හි



1. විචකොලි. 2. සිව්රඟ - සිවුරඟ 2. සූ විසි විවරණය 17

රන් සිවි ගෙයෙකින් මහබිනික්මන් නික්ම කෙළ ලක්ෂයක් පමණ. පුරුෂයන් හා සමග මහණ ව දස මසක් ප්රමධන් වීය්ය්්ෂ කොට බුදු වන දවස් අසදිස නම් බමුණු ගම සුනෙත්තා නම් බැමිණිය දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දහවල් දවස් යවා සවස වරුණ නම් යව පල්ලා දුන් හීතණ හැරගෙන ඔබට බෝධි කිණිහිරිගස හෙයින් කිණිහිරි බෝධින් වහන්සේ කරා ගොසින් ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සතළිස් රියන් තණ ඇතිරියෙහි බිඳ බුදු ව සත් සති යවා බ්රලහ්මාරාධනාවෙන් බණ දෙසා සත්වොපකාර සඳහා දනවු සැරි සරන සේක. එ කල අප ගේ බෝසත්හු සුරසේන නම් රට මංගල නම් නුවර මංගල නම් බ්රාගහ්මණ ව මහ සම්පත් දුක්පතුන්ට දන් දී තවුස් වෙස් ගෙන මහණ ව අභිඥාලාභි ව සිද්ධාර්ථම නම් බුදන් උපන් නියාව අසා බුදුන් කරා අවුත් නිවන් රසයෙන් රසවත් කොට වදාළ බණ අසා පැහැද දනක් දෙන්ට වස්තුව ආදි ම නිමි හෙයින් යම් හෙයකින්ස “යම් දඹයක් නිසා මේ දිවයිනට දඹ දිව” ය යි කියද් ද ඒ දඹ ගස කරා ගොසින් දඹ ගෙනවුත් අනූ කෙළක් මහණ ගණයා හා සමග සිද්ධාර්ථර බුදුන් වළඳවා සර්වහඥතාඥන නැමැති අමා රස ලබන නියාවට ඔබ ගෙනුත් විවරණ ලදින් තව ද ඔබට ඉක්බිති ව මෙ කපට දෙයානූ වන කප පුන් පැරුම් ඇති තිස්ස නම් බෝසත්හු තුසීපුරෙන් සැව ඛේම නම් නුවර ජනසණ්ඩ නම් රජුන් නිසා පියුම් නම් බි‍සොවුන් කුස පිළිසිඳගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සත් දහසක් හවුරුදු රජ සැපත් වළඳා තෙතිස් දහසක් පුරඟනන්ට ප්රැධාන වු සුභද්රාැ නම් බිසොවුන් ආනන්ද නම් පුතණුවන් වැදු කල්හි අස් වාහනයෙකින් මහබිනික්මන් නික්ම මින්සුන් කෙළක් හා සමග මහණ ව අට මසක් ප්රිධන් විය්ය්් කොට බුදු වන දවස් වීර නම් නියම් ගම වීර නම් සිටාණන් ගේ දියණියන් දුන් කිරිබත වළඳා සළල වෙනෙහි දහවල්දවස් යවා සවස විජිත සංගාම නම් යව පල්ලා දුන් හී තණ ගෙන තමන් වහන්සේට බෝධි පියා ගස හෙයින් ඒ බෝධින් වහන්සේ කරා එළඹ1 ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සතළිස් රියන් තණ ඇතිරියෙහි වැඩ හිඳ බ‍ුදු ව ස්ත සති යවා උතුම් වු දහම් සක බ්රිහ්මාරාධනාවෙන් පවත්වා ‘බුද්ධො බෝධෙය්යංව’ යන පිළිණ ලෙසට දඹ දිව සැරසරන සේක. එ කල එප ගේ බෝසත් හු යසවත් නම් නුවර සුජාත නම් රජ ව ඉපැද රජ සම්පතටත් වඩා නිවන් සම්පත් උතුම් හෙයින් රජ සැපති හැරමහණ ව අභාඥාලාභි ව බුදුන් ලෙව්හි


1. රළැඹැ, එළඹ. 18 සද්ධර්මඹරත්නාවලිය

පහළ වු නියාව අසා ඒ තිස්ස නම් බුදුන් කරා අවුත් ‘ඔබට පුජාවක් කෙරෙමි’යි සිතා දෙව් ලොවට පලා ගොසින් සිතුලිය වන ආදියෙහි ඇවිද ගවුවක් සා රුවන් කරඬුවක නො එක් පෑ ඇති මල් ප‍ුරා ගෙන අහසින් අවුත් පුදා ලා ඉඳු නිල් මිණි මුවා දණ්ඩක් ඇති රන්මුවා පියුම් කෙමියක් ඇති රත් වු පියුම් කෙසරු ඇති පියුම් සතක් බුදුන් මුදුනට කොට ඔබ ගෙනුත් විවරණ ලදින් -

තව ද ඔබට ඉක්බිති ව එම කප පුන් පැරුම් ඇති ඵුස්ස නම් බෝසත්හ‍ු තුසී පුරෙන් චුත ව කසී නුවර ජයසේන නම් රජුජුරුවන් නිසා සිරිමා නම් බි‍සොවුන් කුස පිළිසඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සදාසක් හවුරුදු ගිහි සම්පත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්ර ධාන ව‍ු කිසා‍ගෝතමි නම් බි‍සොවුන් අනුපම නම් පුතණුවන් වැදු කල්හි ඇත් වාහනයෙකින් මහබිනික්මන් නික්ම කෙළක් පමණ මිනිසුන් හා සමඟ මහණ ව ස මසක් බුදු වන්ට වීය්ය්ක් කොට බ‍ුදු වන දවස් එක්තරා නුවරෙක සිටු දියණි කෙනකුන් දුන් කරි බත වළඳා හිංසලු වෙනෙහි දවල් දවස් යවා සවස සිරිවඩු නම් තවුසාණ කෙනකුන් දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි ඇඹුල ගස හෙයින් ඇඹුල ‍බෝධින් වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා වගුරුවා අට තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්ර හ්මාරිධනාවෙන් උතුම් වූ දහම් සක පවත්වා ජන සංග්රිහ නිසා දනවු සැරි සරන සේක. එ කල අප මහ බෝසත්හු විජිතාවි නම් රජ ව ඒ බුදුන්ගේ බණ අසා මහ දන් දී රජ සැපත් හැර සසුන් වැද මහණ ව තෙ වළා බ‍ුදු වදන් ඉගෙන එ වක ප්ර සිද්ධ ව‍ුවා සේ ම පසු ව බුදු වත් ප්ර සිද්ධ වන නියාවට ඔබ ගෙනු ත් විවරණ ලදින් - තව ද ඔබට ඉක්බිති මේ කපට එකානු වන කප පූන් පැරුම් ඇති විපස්සි නම් බෝසත්හු‍ තුසී ප‍ුරෙන් සැව බන්ධුමති නම් නුවර නොයෙක් බන්ධුන් ඇති බන්ධුමා නම රජුන් නිසා බන්ධුමතී නම් බිසොවුන් කුස පිළිසඳගෙන දස මස ‍අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ අට දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා එක් ලක්ෂක විසි දහසක් පුරඟනන්ට ප්රයධාන වු සුතනු නම් බිසොවුන් සමවත්තක්ඛන්ධ නම් පුතණුවන් වැදූ කල්හි රථ වාහනයෙකින් මහභිනික්මන් නික්ම සුවාසු දහසක් පමණ පුරුෂයන් හා සමඟ මහණ ව අටම සක් මුළුල්ලෙහි බ‍ුදු වන්ට දුෂ්කර ක්රිමයා පුරා බුදු වන දවස් සුදසුන් නම් සිටු දියණියන් දුන් කිරි බත



2. සූ විසි විවරණය 19

වළඳා සල් වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි සුජාත නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි පළලු ගස හෙයින් ඒ බෝධීන්වහන්සේ කරා එළඹ, ගෙන ගිය හී තණ සලා වගුරුවා තෙ පනස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා උතුම් වූ දහම් සක පවත්වා සත්ත්වාණනුග්රෙහ සඳහා සඳහා දනවු සැරි සරන සේක. එ කල අප මහ බෝසත්හු අතුල නම් දිව්යණ නාග ව1 ඉපැද සහපිරිවරින් බදුන් කරා අවුත් සඳ මඩල බිම තුබුවා සේ මනහර රුවන් මඩුවක් මවා සතියක් මුළුල්ලෙහි මහ දන් දී බුදු බැවින් පිහිට ලබන්නට සත් රුවන් මුවා පුටුවක් දන් දී ඔබ ගෙනුත් විවරණ ලදින් - තව ද ඔබට ඉක්බිති ව එයින් එකුන් සැටක් කප් ගිය කලට මෙයට එක් තිස් වන කප වියළි දරින් ඇවිළි ගිතෙල් ඉස්මෙන් සතුටු වූ වහ්නි ශිඛාවක් වැනි තේජස් ඇති ශිඛී නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරෙන් චුත ව සම්පත්තීන් අරුණක් නැතත් නමින් අරුණවතී නම් නුවර ගුණෙන් අරුණක් නැතත් නමින් අරුණවතී නම් රජුන් නිසා රන් පිඩු රැස් වළල්ලක්2 සේ ශොභාවත් බැවින් ප්ර භාවතී නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ සත් දහසක් හවුරුදු ගිහි‍ ගෙයි වැස සූ විසි දහසක් පුරඟනන්ට ප්රකධාන වූ සබ්බකාමා නම් බිසොවුන් අතුල නම් පුතණුවන් වැදුකල්හි ඇත් වාහනයෙකින් මහ බිනික්මන් නික්ම සැත්තෑලක්ෂයක් පුරුෂයන් හා සමඟ මහණව අට මසක් මුළුල්ලෙහි බුදුවන්ට වීරිය කොට බුදු වන දවස් සුදසුන් නම් නියම් ගම සුදසුන් නම් සිටු දියණි කෙනකුන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දවල් දවස් යවා සවස් වේලෙහි අනොමදස්සී නම් තවුසාණන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි ඇටඹ ගස හෙයින් ඇටඹ බෝධිය කරා එළඹ, ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සූවිසි රියන් කරා එළඹ, ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා සූවිසි රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්රණහ්මාරාධනාවෙන් දහම් සක පවත්වා සත්ත්වාඹනුග්ර හ පිණිස දනවු සැරි සරන සේක. එ කල අප මහ බෝසත්හු අරින්දම නම් රජ ව ඉපැද බුදුන් ලොව පහළ වු නියාව අසා බුදුන් කරා එළඹ, බුදුන් පවරා ගෙන සතියක් මුළුල්ලෙහි මහ දන් දී කෙළවර දවස් මාහැඟි පිළිත් දන් දී බුද්ධනාගත්වලය පතා නැඟී ගෙන ගිය ඇතුන් දන් දී ඇතු උස පමණ කැප පිරිකරත් දන් දීලා දුන් පිරිකරට වඩනා තරමේ ඔබ ගෙනුත් විවරණ ලදින් -


1. දිව්යව නාගරාජ ව 2.‍ රන් පිඩ වල්ලක් ‍‍ෙස් ‍ෙහා් පිඩ රැස් වල්ලක් ‍ෙස්. 20 සද්ධර්ම්රත්නාවලිය

නැවතත් ඔබට ඉක්බිති ව එම කප සියලු ලෝ වැස්සන් මැඩ පවත්වන්නා වූ වෙස්සභු නම් බෝසත්හු පැරුම් පුරා නිමියෙන් තුසී පුරෙන් චුත ව උපමා රහිත හෙයින් අනුපම නම් නුවර ඉතා ප්රුසිදධ හෙයින් සුප්පතිත නම් රජුන් නිසා යසවතී නම් බිසොවුන් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ ස දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා තිස් දහසක් පුරඟනන්ට ප්රවධාන වු සුච්ත්තා නම් බිසොවුන් සුප්පබුද්ධ නම් කුමරුවන් වැදු කල්හි මහබිනික්මන් නික්මෙන කල රන් සිවි ගෙයෙකින් නික්ම ස තිස් දහස් දෙනා හා සමඟ මහණ ව ස මසක් මුළුල්ලෙහි බුදු වන්ට වීය්ය්ස කොට බ‍ුදු වන දවස් සුවිත්ත නම් නියම් ගමදි සිරිවැඩි නම් නැයින්න1 දුන් කිරි බත වළඳා සල් වෙනෙහි දහවල් දවස් යවා සවස් වේලෙහි නරින්ද නම් නා රජුන් දුන් හී තණ හැර ගෙන ඔබට බෝධි සල් ගස හෙයින් ඔබ කරා එළඹ ගෙන ගිය හී තණ සලා වගුරුවා සතළිස් රියන් තණ ඇතිරිය මත්තෙහි වැඩ හිඳ බුදු ව සත් සති යවා දහම් සක පවත්වා ජන සංග්ර්හ සඳහා දනවු සැරි සරන සේක.

එ කල අප මහ බෝසත්හු සුදසුන් නම් රජ ව බුදු පාමොක් සඟනට මහ දන් දී එපමණෙක නො සිට සිවුරු පිරිකරත් දන් දෙවා බුදුන් වසනු පිණිස ගඳකිළියකුත් කරවා ඒ වටා විහාර දහසකුත් කරවා සියලු සම්පත් බුදු සස්නට ම වියදම් කොට ඔබ ළඟ මහණ ව අවිශේෂ කොට ශීල පාරමිතා ම පුරා ඔබ ගෙනුත් වවිරණ ලදින් -

ඔබට ඉක්බිති ව ඒ කපත් නිමා ගොසින් මධ්යතයෙනුත් විසි නව කපක් ගිය කලට සර්ව ඥවරයන් වහන්සේ පස් නමක ගෙන් හෙබි හෙයින් භද්ර කල්ප නම් වු මේ කප කකුසඳ නම් බෝසත්හු තුසී පුරෙන් සැව ඛේමවතී නම් නුවර ඛේම රජ්ජුරුවන්ට පුරෝහිත වු අග්ගිදත්ත නම් බමුණාණන් නිසා, විශාඛා නම් බ්රාමහ්මණින් කුස පිළිසඳ ගෙන දසමස් අයාමෙන් මවු කුසින් රන් ගුහාවෙකින් නික්මෙන රන්වන් හංසයක්හු මෙන් බිහි ව වැඩි විය පැමිණ යාර දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා රෝචිනි නම් බ්රාණහ්මණින් උත්තර නම් කුමාරයන් වැදූ කල්හි රථ වාහනයෙකින් මහභිනික්මන් නික්ම සතළිස් දහසක් දෙනා හා සමඟ මහණ ව අට මසක් වීය්ය්නයෙ ‍කොට බුදු වන දවස් සුචින්දර නම් නියම් ගම වජිරින්ද නම් බමුණාණන් ගේ දියණියන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දවල් දවස් යවා, සවස් වේලෙහි සුභද්ද නම් යට පල්ලා දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි


1. නා මෙනෙවිය. සූ විසි විවරණය 21

මහරි ගස හෙයින් ඒ බෝධින් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ බිම සලා වගුරුවා සූ තිස් රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා බ්ර හ්මාරාධනාවෙන් දහම්සක පවත්වා ජන සංග්රහහ සඳහා දනවු සැරි සරන සේක. එ කල අප මහ බෝසත්හු ඛේම නම් රජ ව බුදු පාමොක් සඟනට සිවුරු පිරිකර සහිත වු මහ දන් දී බෙහෙත් බඩුත් පිළිගන්වා ඔබගෙනුත් විවරණ ලදින්: තව ද ඔබට ඉක්බිති ව මෙ ම කප කෝනාගමන නම් බෝසත්හු තුසී පුරෙන් සැව ශෝභාවතී නම් න‍ුවර යඥදත්ත නම් බමුණු උතුමාණන් නිසා උත්තරා නම් බ්රාවහ්මණින් කුස පිළිසඳ‍ගෙන දස මස් ආයාමෙන් මවු කුසින් බිහි ව වැඩි විය පැමිණ තුන් දහසක් හවුරුදු ගිහි සැපත් වළඳා සොළොස් දහසක් බ්රාිහ්මණින්ට ප්ර්ධාන වු රුචිගත්තා නම් බ්රායහ්මණින් සත්‍ථවාහ නම් පුතණුවන් වැදු කල්හි මහබිනික්මන් නික්මෙන දා ඇත් වාහනයෙකින් නික්ම තිස් දහසක් දෙනා හා සමඟ මහණ ව සමසක් බුදු වන්ට වීය්ය්කි කොට බුදු වන දවස් අග්ගිසේන නම් බමුණාණන් ගේ දියණියන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා සවස් වෙලෙහි තින්දුක නම් යව පල්ලා දුන් හී තණ හැරගෙන තමන් වහන්සේට බෝධි දිඹුල් ගස හෙයින් දිඹුල් බෝධින් වහන්සේ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා විසි රියන් තණ ඇතිරිය මත්තෙහි හිඳ බුදු ව සත් සති යවා මහ බඹහු ගේ ඇයැදුමෙන් බණ දෙසා සත්ත්වෝිපකාර සඳහා දනවු සැරිසරන සේක.

එ කල අප මහ බෝසත්හු මිළිඳු නුවර පර්ව ත නම් රජ ව කෝනාගමන බුදුන් මිළිඳු නුවරට වැඩි නියාව අසා බුදුන් කරා එළඹ ආරාධනා කොට මහ දන් දී වසත් පැමිණි හෙයින් වසුත් වස්වා, තුන් මස මුළුල්ලෙහි මහා ප්රදවාහයක් මෙන් හෙවත් මහ වතුරක් මෙන් මහ දන් දී වස් අන්තයෙහි සළු පිළි ආදිය කප්වා සිවුරු ද දන් දි ඔබගෙනුත් විවරණ ලදින්-

තව ද ඔබට ඉක්බිති ව මෙම කප කසුප් නම් බෝසත්හු පැරුම් පුරා නිමි හෙයින් තුසී පුරයෙන් සැව බරණැස් නුවර බඹදත් නම් බ්රා හ්මණ උතුමාණනන් නිසා ධනවති නම් බ්රාසහ්මණින් කුස පිළිසිඳ ගෙන දස මස් අයාමේන මුව කුසින් බිහි ව වැඩි විය පැමිණ ‍ෙදදාහක් හවුරුදු ගිහි ගෙයි වැස අට සාළිස් දහසක් බ්රා්හ්මණින්ට ප්රණධාන වු සුනන්දා නම් බ්රාගහ්මණින් විජිතසේන නම් පුතණුවන් වැදු කලිහි මහබිනික්මන් නික්මෙන්ට සිතු දැ ය.


1. යඤ්ඤදත්ත 22 සද්ධර්මඤරත්නාවලිය

සිතූ සිතිවිල්ල හා සමඟ ම වැද හුන් මාළිගාව වාහන සරසා ගෙනෙන කල කල් යවන්නා සේ අහසට පැන නැඟිලා තරු කැල පිරිවැරූ පුන්සඳක් මෙන් නො එක් දෙනා පිරිවරා අහස් නැමැති වියනෙහි වියන් සිත්තමක් මෙන් ද කුසලානුභාවය හඟවන්නාක් මෙන් ද, සත්ත්ව්යන් ගේ ඇස් තමා කරා නම්වන්නාක් මෙන් ද ගස් කොළ අක් පොළඹන්නාක් මෙන් ද ගොසින් නුග බෝධිය මද්ධ්යෙ කොට ලා බෝධි ගෙයක් ව පිහිටා සිටි ය. කැටි ව ගියවුන් ගේ ගෑනු මිනිසුන් හැර සෙස්වුන් හා සමඟ මහණ වූ දෑ ය. නළු ගෑනුන් මාළිගාවෙන් බැස පියා ගවු සමාරක් විතර පලා ‍ගොසින් රඳා හුන්හ. මහා පුරුෂයාණෝ ද මෙ ලෙසින් මහණ ව ලා සතියක් ප්ර ධන් වීය්ය්හ කොට වෙසඟ මැදි පො‍හෝ දවස් සුනන්දා නම් බැමිණියන් දුන් කිරි බත වළඳා ඩෙබර වෙනෙහි දාවල් දවස් යවා සවස් වේලෙහි සොම නම් යව පල්ලා දුන් හී තණ හැර ගෙන තමන් වහන්සේට බෝධි නුග ගස හෙයින් ඔබ කරා එළඹ ගෙන ගිය හී තණ සලා බිම වගුරුවා පසළොස් රියන් තණ ඇතිරියෙහි හිඳ බුදු ව සත් සති යවා මහ බඹු ගේ අයදමෙන් දහම්සක් පවත්වා ජන සංග්ර හ සඳහා දනවු සැරිසර සේක. එ කල අප මහ බෝසත්හු ජෝතිපාල නම් බ්රාඳහ්මණ ව ඝටීකාර නම් අනාගාමී කුඹල් උපාසකයා‍ෙග් සමවායෙන් බුදුන් කරා එළඹ බණ අසා බණ ලෙස පිළිපැඳිම ශාසනික ව මුත් බැරි හෙයින් මහණ ව තිවට දක් නසන නිසා තෙවළා බුදු වදන් ඉගෙන ඔබගෙනුත් වවරණ ලදිනැ යි -

මෙ සේ විසිදහසක් හවුරුද්දට ආයු ඇති වඩු රියනින් විසි රියන් උස ඇති කසුප් නම් බුදුහු ය. තිස් දහසක් හවුරුද්දට ආයු ඇති තිස් රියන් උස ඇති කෝනාගමන නම් බුදුහු ය. සතළිස් දහසක් හවුරුදුදකට ආයු ඇති සතළිස් රියන් උස අති කකුසඳ නම් බුදුහු යැ යි මෙ ම කප තමන් වහන්සේට පෙරාතු ව බුදු වු තුන් තුන් දෙනා වහන්සේ ගෙන් ද, නැවත සැට දහසක් හවුරුද්දට ආයු ඇති සැට රියන් උස ඇති වෙස්සභු නම් බුදුහු ය. සැත්තෑ දහසක් හවුරුද්දට ආයූ ඇති සැත්තෑ රියන් උස ඇති සිඛි නම් බුදුහු යැ යි. එක කප උඵන් දෙදෙනා වහන්සේ ගෙන් ද, තව ද අසූ දහසක් හවුරුද්දට ආයු ඇති අසූ රියන් උස ඇති විපස්සි නම් බුදුන් ගෙන් ද, නැවත අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අට පනස් රියන් උස ඇති ඵුස්ස නම් බුදුහු ය, හවුරුදු ලක්ෂයකට ආයු ඇති සැට රියන් උස ඇති තිස්ස නම් බුදුහු යැ යි එක කප උපන් දෙදෙනා වහන්සේ ගෙන් ද, තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති



1. ගියවුන් ගෙන් සද්ධර්මගරත්නාවලිය 23

සැටරියන් උස ඇති සිද්ධාර්ත්ථල නම් බුදුන් ගෙන් ද, තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති අසූ රියන් උස ඇති ධම්මදස්සි නම් බුදුහු ය. හවුරුදු ලක්ෂයකට ආයු ඇති අසූරියන් උස ඇති අත්ථ දස්සි නම් නම් බුදුහු ය, අනු දහසක් හවුරුද්දට ආයු ඇති අසූරියන් උස ඇති පියදස්සී නම් බුදුහු යැ යි එක කප උපන් තුන්දෙනා වහන්සේ ගෙන් ද, තව ද අනූ දහසක් හවුරුද්දට ආයු ඇති පනස් රියන් උස ඇති සුජාතා නම් බුදුහු ය. අනු දහසක් හවුරුද්දට ආයු ඇති අටාසූ රියන් උස ඇති සුමෙධ නම් බුදුහු යැ යි එක කප උපන් දෙනම ගෙන් ද -

තව ද හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උස ඇති උර දෙක හස්ස අටළොස් රියන් පළල ඇති පස් රියන් නළලක් ඇති එකළොස් රියන් අතුල් පතුල් අති හවුරුදු ලක්ෂයක් මුළුල්ලෙහි ඔබා ලූ පයට පොළව පළාගෙන නැ‍ඟෙන අනු රියන් පමණ මහ පෙති ඇති, තිස් රියන් පමණ් කෙසරු ඇති නව කළයක් පමණ රෙහෙණු ඇති, රත් පියුමෙන් ගෙළ පියුමෙන් ප්ර සිද්ධ වු පියුමතුරා නම් බුදුන් ගෙන් ද, තව ද, අනූ දහසක් හවුරුද්දට ආයු ඇති අටාසූ රියන් උස ඇති නාරද නම් බුදුහු ය, හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උෂ ඇති පදුම නම් බුදුහු ය. හවුරුදු ලක්ෂයකට ආයු ඇති අට පනස් රියන් උෂ ඇති අ‍බනොමදස්සි නම් බුදුහු යැ යි එක කප උපන් තුන් දෙනා වහන්සේ ගෙන් ද, තව ද අනුදහසක් හවුරුද්දට ආයු ඇති අට පනස් රියන් උස ඇති සෝභිත නම් බුදුහු ය, සැට දහසක් හවුරුද්දට ආයු ඇති අසූ රියන් උස ඇති රේවත නම් බුදුහු ය. අනූ දහසක් අවුරුද්දට ආයු අති අට අසූ රියන් උස ඇති මඞ්ගල නම් බුදුහු යැ යි එක කප උපන් තුන් දෙනා වහන්සේ ගෙන් ද, තව ද හවුරුදු ලකෂයකට ආයු ඇති අට අසූ රියන් උස ඇති ‍කොන්ඩඤ්ඤ නම් බුදුන්ගෙන් ද, හවුරුදු ල්කෂයකට ආයු ඇති දිපඞ්කර නම් බුදුන් ගෙන් දැ යි සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේ ගෙන් විවරණ ලදින් සම තිස් පැරුම් පුරා වෙසතුරු අත් බැව්හි සිට:






24


3. බුද්ධ චරිතය

[සංස්කරණය]

“ අවේතනායං පඨවි - අවිඤ්ඤාය සුඛං දුඛං. සාපි දනබාල මය්හං - සත්තක්ඛත්තුං පකම්පථ.”

යනු හෙයින් මහ පොළොව ගුගුරුවා මහ දන් දීමෙන් පැරුම් කුළු ගෙන, ආයු කෙළවර තුසි පුරෙහි ඉපැද සත් පනස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු දිව සැපත් වළඳා, දහසහසක් සක් වළ දෙවි බඹුන් අවුත් මෙ එක සක්වළට රැස් ව - “ කො‍ලෝයං තේ මහාවීර - උප්පජ්ජ මාතු කුච්ඡියං දදේවකං තාරයන්තෝ - බුජ්ඣස්සු අමතං පදං.”

යන හෙයින් බුදු වන්ට කල් දැන්වූ කල්හි කල් දෙස් ආදිය බලා බුදු වන්ට කල් නියාව දැන, උපදනට අඹදිවින් මධ්‍ය දේශයත් නියම කොට එ කලට රජ කුල ය උතුම් නියාවත් සලකා මහාමායා බි‍සොවුන් දස මස් සත් දවසකට ආයු ඇති නියාවත් දැන ඇසළ පුර පසළොස්වක් ලද අඟහරුවාදා උතුරුසළ නැකතින් මධ්යළම රාත්රි වෙලෙහි තුසී පුරෙන් චුත ව, දඹදිව මැදුම් පියස කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ්ජුරුවන් නිසා මහාමායා බි‍සොවුන් කුස පිළිසඳ ගෙන දස මස් මුළුල්ලෙහි දෑවාණ කරඬුවකට වඩා ලු රන් පිළිමයක් මෙන් වැස දස මස් ආයාමෙන් - විභූසිතා බාලජනාතිවාලිනි විභූසිතඞ්ගී වනිතේ ව මාලිනි1 තදා ජනානං නායනාලිමාලිනි විලුම්බිනීවාති විරොචි ලුම්බිනි යන තරමට සරහි සිටි ලුම්බිනි වන නම් උයන්හි දී බිහි ව කලා වෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් වැඩි විය පැමිණ පුරා පිරු වා වු2 ත්රිල විධ සුචරිතානුභාවයෙන් ත්රිඩ විධ ඍතුවට නිසි ව පහළ වූ මාලිගා තුනෙහි බිම්බා විසොවුන් ප්රනධාන කොට ඇති සතළිස් දහසක් පුරඟනන් පිරිවරා ශක්රත සම්පතට අපහාස්ය් කරන්නාක් වැනි වු රජ සැපත් විඳින දෑ උයන් කෙළියට යන තුන් දවසෙක ජරා පිළිකුල් රුවක් - රෝගී රුවක් හා මළ රුවක් ද දැක සසර කලකිරි සතර වැනි මුරයේ සන්හුන් පි‍යෝ ඇති මහණ රුවක් දැක මහණ විමෙහි රුදි උපදවා එ දවස් උයනට ගොසින් උයන් කෙළියෙන් දවස් යවා මඟුල් පොකුණු බඩ සලවට මත්තෙහි හුන් දෑ කපු වෙස් ගෙන ආ විස්කම් දෙව් පුත්හු විසින් සරහන ලදු ව - සුද්ධොදන නරිනේද් - පේසිතං සාසනුත්තමං, පුත්තො තෙ පුත්ත ජාතෝ’ති - සුත්වංස තං දිවදුත්තමෝ. 1. පාලිනි 2. පුරා පිවාවූ

 		      		   3. බුද්ධ චරිත ය				 25

යනු හෙයින් එම්බා බිසොවුන් රහල් කුමරුවන් වැදු නියා මහබිනික්මන් වහා නික්මෙන්ට කියා එවාලූ මෙහෙවරක් මෙන් සු‍දොවුන් රජ්ජුරුවන් ගෙන් කියා යැවු හස්න අසා “දරු පෙම් නම් බලවත් දෙයක. පුත්රජ ප්රනතිලාභයට වඩා ශ්රාමාණ්ය ඵල ප්රපතිලාභය උතුම. තව ද මූ එක ම පුතණු කෙනෙක් වෙද් ද? මහබිනික්මන් නික්ම බුදු වුවොත් අසඞඛ්ය‍ ගණන් දරුවන් ලද හැක්කැ’යි වැඩි යුරුවක් සිතා කරන යත්නයක් සේ එ දවස් ම මහබිනික්මන් නික්මෙන්ට සිතා ගෙන සවස් වේලෙහි දෝ නො හොත් සූර්ය නැමැති වල්ලභයා ගේ වියෝගයෙන් විල් නැමැති අඞ්ගනාවන් බඹර වැළ නැමැති වළලු ගලවන්ට පියුම් නැමැති අත් හකුළුන්ටන පටන් ගත් කල්හි හම පෙළහරින් ඇතුළු නුවරට වඩනා දෑ -

‘නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතො නූන සෝ පිතා, නිබ්බුතා නූන සා නාරි - යස්සා’යං ඊදි‍සෝ පති.’

යනු හෙයින් බැදෑණි කෙනෙකුන් තුන් විටක් කොට ම ‘නිවි ගියේය. සැන හී ගියේ ය’ යි කියා ලූ යහපත් මුවට, හාරය අනර්ඝ වුවත් පෙනී තුබු ලක්ෂයක් අගනා මුත් හර ගලවා සතුටු හඟවන්ට යවා ලා තමන් දැ ගේ මාළිගාවට ගොසින් ශ්රිත යහනේ හොත් දැ නිඳන නළු ගෑනුන් ගේ දත් කෑම් ආදී වු නො එක් විකට දැක තමන්ටදෑට විවරණ දුන් සූ විස්සක් පමණ බුදුවරුන් වහන්සේ බුදු වන ජාතියෙහි උඩත් පිරිසෙයින් දස දහසක් හවුරුදු හා යටත් පිරිසෙයින් දෙ දහසක් හවුරුදු ගිහි සැපත් අනුභව කළත් විසිනව හවුරුද්දෙකින් ම ගිහි සැපතෙහි ඇලුම් හැර සසර තරයේ කලකිරි ගොසින් එක දවස් උපන් සන් නමැති ඇමති. රුවන් හිණි පා මුල හොත්තවුන් කැඳවාලා කන්ථක නම් අස් රජහු ගෙන්වාගෙන බුදු වු කල ප්රහඥා නැමැති සෛන්ධව අශ්වයා පිටට පැන නැඟි විෂය ව තුබු අනන්තාප්රහමාණ සක් වළවල ඥාන ගතීන්යන්ට අභ්යාඟස කරන්නාක් මෙන් ඒ අස් රජු පිටට නැඟි මිනිසුන් ගෙන් සන් ඇමැත්තන් හැරගෙන දස දහසක් සක්වළ දෙවිබඹුන් පිරිවරා අනන්ත වු පූජා සත්කාර ඇති ව මහබිනික්මන් නික්ම බදු වන වෙලෙහි සර්වතඥතාඥාන නමැති අසු පිටින් තෘෂ්ණා නමැති මහ ගඟ පැන නිවන් පරතෙරට පැමිණෙන්නා සේ ම අ‍නෝමා නම් ගඟින් එ තෙර ව ඝටිකාර නම් මහ බඹු ගෙනා අට පිරිකරින් මහණ ව ගෙන සතියක් මුළුල්ලෙහි මහණ සුවෙන් දවස් යවා අට වැනි දවස් රජගහා නුවරට සිඟා ගොසින් ලද්දා වූ කෙණෙසි අහර පාණ්ඩව නම් ගල් තල්ලෙහි දී වළඳා අන්තයෙහි දී බිමිසර මහ රජුන් රාජ්යඩය කරන්නට ආරාධනා කළත් -



26 සද්ධර්මරරත්නාවලිය

‘මා නික්ඛම මහාවිර ‍- ඉතෝ තේ සත්තමේ දිනේ, දිබ්බන්තු චක්ක රතනං - අද්ධා පාතුහවිස්සති’

කියා වසවත් මරහු කළ ආරාධනාත් නො ඉවැසු හෙයින් නො ඉවසා ‘එසේ වී නම් බුදු වැ ලා අනික් නුවරකට නො වැඩ ආදි‍යෙන් අජ ගේ නුවරට වැඩිය මැනැ වැ’යි කළ ආරාධනාව එයින් උන්ට වන වැඩ බුදු නුවණින් නුදුටත් දමසක් පවතුන් සූත්ර දෙශනාව බරණැස දී ම වුවමනා හෙයින් ඒ ගමන හැර ඉවසා ඉක්බිත්තෙන් ආලාරක නම් වුත් උද්දක නම් වූත් තවුසන් දෙන්නා කරා ගොසින් උන් දෙන්නා ගේ උපදෙසින් උපදවාගත් සමවත් පමණෙක නො සිටි විවරණ දුන් බුදුවරුන් වහන්සේ උඩත් පිරිසෙයින් දස මසක් හා යටත් පරිසෙයින් සතියක් බුදු වන්ට විර්යිය කළත් තමන් දෑ සාවුරුද්දක් මුළුල්ලෙහි කරන්නා තබා සිතන්ට සෙස්සවුන්ට නො පිළිවන් මහා විර්යනය කොට එයින් බුද්ධත්වත ය සාදාගත නොහී විරේචනයෙන් දුර්වමල වු ශරිරයක් ස්නේහ පානයෙන් සතපන්නා සේ දුෂ්කර ක්රිොයායෙන් මිරිකී ගිය ශරිරය උරුවෙල් දනවු ගොසින් මධුරාහාරයෙන් පිනවාගෙන බදු වන කල් සමෘද්ධ හෙයින් වෙසඟ මැදි පෝ‍හෝ දවස්:-

‘ත‍තෝ සේනිනි නිගමේ - සුජාතා නාම දාරිකා, වහමපාතිං ස පායාසා - සීසේනාදාය ඕණතා.’

යනු හෙයින් සෙනානී නම් නියම්ගම සෙනානී නම් සිටාණන් ගේ දුව සුජාතාවන් දුන් කරි පිඬු බුදු ව එක් තැනකට පිරිනැමුණු ලාභයක් අනික් තැනක් නො ඉවසන්නට සිඛ පද පනවතත් මේ දේවතාවට පිරිනැමුවා වේ දැ’ යි සංශය කරන කෙනකු ඇත්නමුත් කප් ලක්ෂයක් මුළුල්ලෙහි තමන් වහ්නසේට ම පිරිනැමුණු නියාව හඟවා සංශය හරවන්නාක් මෙන් නො හොත් එ දවස් බුදු වන තැනකට මුත් කවුරුන් කෙලෙස සිතා කළත් අනික් කෙනෙකුන්ට නො නිසි හෙයන් පිලිගෙන වළඳා අන්තයෙහි බුදු වන නියාව විමසන්ට තළිය උඩු ගං බලා යවා ඒ තළියත් සියලු ම බුදු වරුන් වහන්සේ බුදු වන්ට මහණ වන දවස් ලබන සිවුරු පිරිකර ලබන්නාට ‍ෙපරොතු බඹ ලොව තිබෙන්නා සේ සියලු ම බුදුවරුන් වහන්සේ බුදු වන දවස් වැළඳූ තළි නාග භවනයෙහි තිබෙන නියාව වේ ද? මෙ කප බුදු වු කකුසඳ ආදි වු තුන් දෙනා වහන්සේ ගේ තළි නාග භවනයෙහි තුබු හෙයින් මා ත් ඔබ ගිය මනා වේ දැ’යි ගිය කලක් මෙන් නාග භවනයට බට කල්හි නොහොත් මේ මහා පුරුෂයා බුදු ව විවරණ දුන් බුදු වරුන් වහන්සේ උඩත් පිරිසෙයින් හවුරුදු ලක්ෂයක් හා


3. බුද්ධ චරිතය 27

යටත් පිරිසෙයින් විසි දහසක් හවුරුදු ජීවත් වුවත් තමන් වහන්සේ පන් සාළිස් හවුරුද්දක් ජීවත් ව හවුරුදු ලක්ෂයෙනුත් සූවිසි අසඞ්ඛ්යමයක් ම නිවන් දක්වන හෙයින් ඊට අඩු නො කොට නිවන් දක්විම් ආදී විසින් සියලු බුද්ධකෘත්‍ය නිමවා පිරිනිවි කල්හි ඔබ ගේ ශරීර ධාතු නම් පෑළ ගණනින් ලාඝු ගණනින් කෙතෙක් වත් කිම? නැළි ගණනින් එක් සිය අට විසි නැළියෙක. ධාතු බෙදන ගමනේත් අජාසත් රජ්ජුරුවන් පටන් රජ දරුවන් අට දෙනකුට සොළොස් සොළොස් නැළි බෙදී පසු ව පියා ගිය මෝරිය රජ දරුවෝ ආදාහනයෙන් අඟුරු පමණක් ලැබෙති. ධාතු මැන දුන් බමුණාණොත් සඟවා ගත් දළදා වහන්සේත් උන්ට තරම් නොවන නියාව දැන ශක්ර යන් හැර ගන්නා හෙයින් ධාතු නැති ව කුරුණි ය පමණක් ලැබෙති.2 නයින්ට එදාත් ධාතු නැත. නැවත රාම නම් ගම් පිහිටි දාගබ ගඟට ආසන්න හෙයින් ගඟ වතුරු අවුත් ඉවුරු ගසා දා ගබත් බිඳි කරඬුව පිටින් නාග භවනයට ගිය ධාතු සොළොස් නැළි ය ම සම්භවුවත් පසු ව ලක් දිව අනුරාධ පුර නුවර දුටුගැමුණු රජ්ජුරුවන් ශක්ර යන් ගේ විජය තුරා සක සා කොට කර වු රුවන් මැලි දා ගබ පිහිටන හෙයින් සම්භ වු ධාතුයෙනුත් ප්‍ජයයොජන මඳ නැවත මේ මහ පුරුෂයාණන් මහණ වන දවස් දෙවියන් තකා දෝ අහසට දමා ලු කෙස් වැටිය

‘ ජෙත්වාපන මොලිං වර ගන්ධවාසිතං වේහාසයං උක්ඛිපි සක්යමපුඞ්ග‍වෝ, සහස්සනෙත්තෝ සිරසා පටිග්ගහී සුවණ්ණවඞ්ගෝටවරේන වාසවෝ’

යනු හෙයින් සක් දෙවිඳු හැරගෙන ගොසින් මෙර මුඳුනෙහි සතර ගවුවක් පමණ රන් දා ගබට වඩා ලා පුදති. හැඳගෙන ගිය සළු සඟල මහණ ව ලා බඹුන් තකා දෝ අහසට දමාපීවා ඝටිකාර නම් මහ බඹාණෝ ගෙනා සිව‍ුරු පිරිකරට මිලක් මෙන් බඹ ලොවට ගෙන ගොසින් අට සාළිස් ගවුවක් උස රන් දා ගබකට වඩාලා පුදති. බත් තලිය සෝධා පියා උඩු ගං3 බලා යැවුයේ නම්3 නයින් නිසා යැ’යි ගිය කල් මෙන් නාග භවන‍යට ගි ය කල්හි නො හොත් ‘සර්ව ඥ නැමැති සූර්යියා අද පහළ ව ජාති‍ක්ෂෙ‍ත්රල වූ දස දහසක් සක් වළත් ආඥාක්ෂෙවත්රඥ වූ කෙළ ලක්ෂයක් සක්වළත් විෂයක්ෂෙත්රෙ වු අනන්ත සක් වළත් මට අපහාස්යක කරන්නාක් මෙන් ඥානාලෝකශරිරා ලෝක පවත් ව යි. මා අලොක පවතවන්නේ

1. බමුණාණොත්. 2. ලැබෙති. 3. ගම්. 4. යුවුයෙම්. 28 සද්ධර්මණරත්නාවලිය

එක සක්වළෙක. එහිත් එකවට දිවයින් තුනකට මුත් වඩා පවත්වාලි ය නො ‍ෙහමි, තමා එ තරම් කල එ සේ කරන නිහරසර1 දක්නා බලාත් සිඟවී යාගැන්ම යහපතැ’ යි තාලි ව්යාරජයෙන් පියෙවි හිර නැඟි භවනයට බැස පී කල මෙන්, ඒ සුජාතාවන් දුන් තලිග නාග භවනයට බට කල්හි වළඳා අන්තයෙහි පටන් සවස් වේලා ආසන්න වන තෙක් නිල්දල2 හෝ බඩ සල් උයන්හි දාවල් දවස් යවා සවස් වේලෙහි සොත්ථි2ය නම් බමුණාණන් දුන් හී තණ හැරගෙන මහ පෙරහරින් කාල නම් නා රජහු විසින් වනන ලද නව අරහාදි ගුණ ඇති ව බෝ මැඩට වැඩ, හිතණ සලා බිම වගුරුවා එ තැන්හි පොළොව පළා ගෙන පැන නැඟි තුදුස් රියන් විදුරස්නෙහි හිඳැ ‘බුදු ව මුත් නැගි නො සිටිමි’ යන තර අදහස් ඇති ව හිර ගලා නොහෙන තෙක් ම බුදු බව උගුළුවන්නට ආ වසවත් මරු හා සෙනඟ-

‘ගජම්මා‍රෝ සමාරූළ්්හෝ - යුද්ධායච්චන්තමුන්නතං, මග්ගමන්වේසතී නූනං - ජිනහීතෝ පලායිතුං’

යනු හෙයින් වසවත් මරහු නැඟී ගෙන ආ යෙළ සියයක් යොදුන් දිග ඇති අනූ යොදුන් උස ඇති ගිරිමේඛලා බිඳි යන්ට මං සොයන්ට නැඟි ගල් කන්දක් වැනි කොට පියා සමතිස් පැරුම් නැමැති යෝධ භටයන් තිස් දෙනා පමණෙකින් බිඳ පලවා පෙර යම් දස පැයින්, පෙර විසු කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවාගෙන, මැදියම්3 දස පැයින් දිව ඇස් උපදවාගෙන අලුයම් දස පැය නිමන ආසන්නයෙහි මහ පොළොව ගුගුරුවා බුදු ව වදාරා බෝ මඩට ආසන්නයෙහි සතළිස් නව දවස යවා වදාරා අට වැනි වු සතියෙහි අජපල් නුගය මුල වැඩ හිඳ ධර්ම ය ගැඹුරු නියාව සැලකීමෙන් රෝග තර නියාව දැන දන්නා පිළියම මුත් නොකරන්නට සිතන වෙද වරුන් සේ නො දෙසන්ට සිතාන් නො ව මහ බඹහු ලවා ආරාධනා කරවා ගෙන බ්රෙහ්ම ගරුක ‍ලෝ වැස්සන්ට බණ දෙසනු නිසා මැළි ලෙසක් ඇති ව ලා පසු ව මහ බඹහුගේ අයදමෙන් බණ දෙසනු කැමැති ව බදු ඇසින් ලොව බලා පළමු කොට කවුරුන්ට බණ කියම් දො‍හෝ යි බලන සේක් - ආලාරක - උද්දක තවුසන් දෙන්නා මළ නියාව දැන පස වග වහන්දෑ උපකාරී නියාව සලකා දැන් කොයි දොහෝ යි බලන සේක් බරණැස ඉසිපතන නම් උයන්හි වසන නියාව දැන ඔබ වඩනා සේක් අතුරු මඟ දී පසු ව තමන් වහන්සේ ගේ බණ අසා අනාගාමී ව ඒ ඇසිල්ලෙහි ම මිය ගොස් අවිහ නම් වු ශුද්ධාවාස බඹ ලොව ඉපැස උපන් ඇසිල්ලෙහි ම රහත් වන පින් ඇති උපක නම් ආජිවකයන් හා කථා කොට ඇසළ

1. නිහසර. 2. නිල්දරා - නිල්තරා. 3. මැදයම්. 3. බුද්ධ චරිත්ය 29

මැදි පොහෝ දවස් පස් වග වහන්දෑ වසන ඉසිපතන නම් උයනට වැඩ බුදු වූ නියාව නො දැන නො කිසි ලෙසින් කතාකරන්ට වන් වහන්සේ බුදු වු නියා ව වදාරා ගිවිස්වා ගෙන, තුන් පෙරළයක් ඇති, දොළොස් ආකාරයක් ඇති. දහම් සක් පවතුන්1 සුත් දෙසා වදාරා අට‍ෙ‍ළාස් කෙළක් බඹුන් හා සමඟ පස් වග වහන්දෑ ගෙන් කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහනසේ සෝවන් කරවා අව පෑලවිය පටන් ජලවක් දක්වා අනික් සතර නම දවස නමක් ඔවා දියෙන් සොවන් කරවා, අව විසේනිය දවස් පස වග පස්දෙනා වහන්සේ ම රහත් කරවා, එ දවස් ම යස නම් සිටු පුත්ර යාණන් සෝවන් කරවා, දෙවන දවස් රහත් කරවා රහත් වූ පසු ගිහි ව සිටි ම යුක්ත නො වන හෙයින් මහණ කරවා යස තෙරුන් වහන්සේ ගිහි අවස්ථාවෙහි මිත්රි වු අනික් සූ පනස් දෙනකු මහණ කොට රහත් කරවා, මෙ සේ ලෙව්හි තමන් වහන්සේ ඇතුළු ව එක් සැටක් පමණ රහතන් ඇති වු කල්හි විසූ වස් පවරාලා ඒ සැට වහන්සේ -

“අඤ්ඤාකොණ්ඩඤ්ඤපමුඛේ - භික්ඛු ඛිණාසවේ ජිනෝ. විධාතුං ධම්මදූතෙය්යාි - විස්සජ්ජේයි තහිං තහිං.”

යනු හෙයින් තුනුරුවන් ලොව පහළ වු නියාව හඟවන්නට ඒ ඒ දිග යවා වදාරා තමන් වහන්සේ උරුවෙල් දනව්වට වඩනා සේක් අතුරු මඟ කපු වනයෙහි දී - තුණ්ඩිල ජාතකයෙහි හූරු ව උපන් බෝසතුන් ගේ තුඩින් කියා ලූ බණ අසා සැට දහසක් හවුරුදු පන් සිල් රැකි රා ‍ෙසාඬුන් තිස භද්දවග්ගිය රජ කුමරුවන් නිවන් දක්වා ඒ තිස් නම ත් ‘මහණෙනි, මෙ සේ එව’ යි වදාළ බස් පමණකින් මහණ මාලු පැවිදි කොට එහත් කරවා, ඒ ඒ දිග යවා වදාරා තමන් වහන්සේ උරුවෙල් දනවුවට වැඩ තුන් දහස් පන්සියයක් විතර පෙළහර දක්වා දහසක් දුළුල්ලන් පිරිවැරූ තුන් බෑ දුළුල්ලන් ගේ දෘෂ්ටි නැමැති අඳුරු පෙළහර නැමැති හිරු රැසින් දුරු ‍කොට, නැවත සර්වටඥ නැමැති සූර්ය තෙම උරුවෙල් කසුප් ආදි වු දුළුලු නැමැති පියුම් ආදිත්ය, පර්යා්ය සුත් නැමති හිරු රැසින් ප්රළබුද්ධ කරවා හෙවත් රහත් කරවා, සත්තිස් බෝධි පාක්ෂික ධර්මට නැමැති ඝට පටාදි වස්තූන් ද ප්රතකාශ කෙරෙමින් තුන් බෑ දුළුල්ලනු දු පරිවර දහසක් මහණ කෙට ගෙන ඒ එහතන් වහන්සේ දහස පිරිවරා බිම්සර මහ රජුන් ආදි ම කළ ආරාධනාවෙන් රජගහා නුවරට වැඩ සල් උයනෙහි වැඩ හිඳ වැඩ හුන් නියාව අසා එක් ලක්ෂ විසි දහසක් පමණ පිරිස් පිරිවරා ආ බිම්සර මහ රජුන්ට බණ වදාරා රජ්ජුරුවන් ඇතුළු වු එක්ලක්ෂ දස දහසක් දොන් සෝවාන්


1. පැවැතුම් 30 සද්ධර්මැරත්නාවලිය

කරවා දස දහසක් දෙනා නුවණ මුහුකරන තෙක් තනතුරට බාලයන් තකා සිටුවන්නා සේ ශරණ ශිලයෙහි පිහිටුවා දෙ වන දවස් ළදරු වෙස් ගත් ශක්රතයන් ලවා මිනිසුන් ඉවත් කරවමින් රජගහා නුවරට වැඩ රජ ගෙයි දී වළඳා වෙළුවන විහාර ය පිළිගෙන එහි විසූ සේක.

බුදුන් එහි වසන නියාව පරම්පරා කථාවෙන් සුදෙවුන් රජ්ජුරුවන් අසා බුදු වු පුතණුවන් වහසේසේ ‍දක්නා කැමති ව නව වාරයෙක් දහස දහස පාවා දී ඇමැත්තන් නව දෙනකු බුදුන් කරා යවා ගිය ගියවුන් රාජ නියෝගයෙන් අනික් කෙනකුන් කරා මෙහෙවරෙක ගියවුන් අත්ලස් හැර ගෙන ගිය මෙහෙවර පෙරළා ගොසින් නො කියන්නා සේ අරහත් ඵල නැමති මහා අත්ලස් හැර ගෙනැගිය මෙහෙවර නොකියා කල් යන හෙයින්: දස වෙනි වාරයෙහි බුදුන් හා එක දා උපන් කාළුදායි ඇමැත්තන්ට දහසක් පාවා දී යවා උන් බුදුන් ගේ බණ අසා රහත් ව මහණ ව රාජ පක්ෂපාත කෙනකුන් අත්ලස් ලොභයෙන් අත්ලස් හැර ගෙනත් රාජ පක්ෂපාත කමින් ගිය මෙහෙවරත් නො වරදවන්නා සේ රජ්ජුරුවන් ගේ මෙහෙවර කාළුදායි මහ තෙරුන් වහන්සේ බුදුන්ට දැන්වු කල්හි, බුදුහු ඒ අසා විසි දහසක් පමණ රහතුන් පිරිවරා කිඹුල්වත් නුවරට වැඩ ‘මේ සිද්ධාර්ථ කුමාරයෝ වයසිනුත් නෑ කමිනුත් අපට බාලයෝ ය. වයස බාල වුවත් නෑ කම හෝ මූකුරා සිටිය මැනව, එ ලෙසකුත් නැති කලට අපි නො වඳුම්හ. තෙපි වඳුව යි’ බාල බාල නෑයන් ලවා වන්දවා තමන් හැම නො වැඳ මන් කොට හුන් නෑයන් ‍ගේ මන් මඬනා නිසා කිඹුල්වත් නුවර අහස්හි රුවන් සක්මන මවා යමා මහ පෙළහර කොට ශරිරයෙන් නිකුත් ගිනි ක‍ඳෙහි තේජසෙක් ඇත්නම් ඒ නිවන්ට වට කළාක් මෙන් දොහෝ නොහොත් සඤ්ජය - ඵුසති ය - විශ්වන්කර ය - මද්රිහ ය - ජාලි ය - කෘෂ්ණජිනා ය යන රජ දරුවන් ස දෙනා පමණක් රැස් වු තන්හි වට කළ එක් ලක්ෂ සැට දහසක් ශාක්යව රජ දරුවන් රැස් වු තැන වටමනා බැවින් වටුවා සේ පොකුරු වැසි වට කල්හි ඒ වැස්ස අරභයා වෙසතුරු දා වදාරා, මී පැණියෙන් පිපාසා නොසන්‍ි ඳෙන්නවුන්ට ශකිරා පැන් වක්කරන කලක් පරිද්දෙන් රුවන් සක්මන වැඩ සිට බුද්ධ වංශත් දෙසා වදාරා, උපන් දවස් කලදෙවළ නම් අභිඥලාභි වු තවුසන්ගෙන් වැඳුම් ලත් මහා පුරුෂයන් බුදු ව යමා මහ පෙළහරින් නෑයන් ගේ මන් බිඳ වන්දවාගැන්ම විස්මය නො වෙ යි. එතකු දු වුවත් නෑයන් ලවා වන්දාගෙන ප්ර්බන්ධ වාසය එක තැනක වි නම් සත්ත්වෝලපකාරය මඳ හෙයින් සැරිසරා



3. බුද්ධ චරිතය 31

ඒ ඒ තන්හි වඩනා සේක් එක් සමයෙක්හි සැවැත් නුවරට වැඩ අනේපිඬු මහ සිටුහු විසින් සියුපනස් කෙළක් ධන වියදම් කොට කරවා පිළිගැන්වු දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක. ඒ එසේ මැ යි: බුදුහු මවු පක්ෂයෙන් අසූ දහසක් හා පිය පක්ෂයෙන් අසූ දහසක් හා එක්ලක්ෂ සැට දහසක් පමණ නෑයන් කරවා පිළිගැන්වු නුග අරම එක ම වසක් විසූ සේක. දෙව්රම් වෙහෙර දස නව වසක් විසූ සේක. විශාඛාවන් සත් විසි කෙළක් පමණ ධන වියදම් කොට කරවා පිළිගැන් වු දෙව්රමට නැගෙනහිර වෙහෙර වස් සයක් විසු සේක. මෙ සේ උණ් දෙපක්ෂයේ ඇත්තවුන් ගේ ගුණ මහත්ත්වේය නිසා, සැවැත් නුවර නිසා විහාර දෙකෙයි කැටි ව පස් විසි වසක් විසූ සේක.

උන් ගේ ගුණ මහත්වව ය කවරේ ද යත් -

අනේපිඬු මහ සිටාණෝත් විශාඛාවොත් දවස දෙ විටෙක විහාරයට‍ යෙති. යන කලත් අලුත මහණ වු වහන්දෑ කිරි බොන දරුවන් මෑණියන් දුටු කල කිරට එලෙන්නා සේ ‘ගෙනා යේ කිම් දැ’ යි විචාරන සෙක් ම ය යි සි’සතින් නො ගිය විරූහ. පෙරව්රු යන කල අවුළු පත් ආදී වූ පෙරවරු වළඳන්ට නිස්ස ගෙන්වා ගෙන යෙති. පස්වරු යන කල ශකිරා ගිතෙල් ආදිය හා පාන වර්ගස ගෙන්වාගෙන යෙති. මුන් දෙන්නාගෙන් එකි එකි කෙනකුන් ගේ ගෙයි දි ම සඟ දෙ දසක් වළඳන සේක හිඳිනා ආසන දෙ දසක්1 නූගුළුවා ම තිබෙ යි. යම් යම් කෙනකන් වහන්සේ යමක් යමක් වළඳන්ට කැමති සේක් වී නම් ඒ අනාථපිණ්ඩික කප් රුකින් හා විශාඛා කල්ප ලතාවෙන් සමෘද්ධ වෙයි. උන් දෙන්නා ගෙන් අනේපිඩු සිටාණෝ බුදුන් ගෙන් එක දවසකුත් ප්ර ශ්නයක් නො විචාළෝ ය. කුමක් නිසා නොවිචාළෝ ද යත් - ‘මුන් වහන්සේ බුදු සුවු මැලි සේක. රජ සිව‍ු මාළි සේක. උපකාරි සිටාණෝ යයි මට බණ වදාරා ම විඩා වන සේකැ’යි සිතා මුත් ‘වදාරා ලිය නො හෙති’ යි සිතා නො වෙ යි. එතකුදු වුව ත් බුදුහු ‘මේ සිටාණෝ මා නො රැක්ක මනා තන්හි රක්නට සිතකි. මම වැළිත් පැරුම් බිම දි ඉස් - ඇස් - මස - ලේ දන් දෙන්නෙම් අනිකක් නිසා නුදුන්නෙමි. බුදු ව නිවන් දක්වමි යන අදහසිනි. නිවන් දක්වන්නේත් බණ නො කියා නො වෙයි. බදු - පසේ බුදු දෙ පක්ෂය හැර පරතොඝොෂ ප්රබත්ය ය නැත්තේ කාට ද?


1. සඟ දාස දාස ආසන ද දාස දාස. 32 සද්ධර්මදරත්නාවලි ය

“ගණ්ඩුප්පාදෝ කිකීවේව - කුන්තෝ බ්රා්හ්මණ ධම්මිකෝ ‍ ඒතෙ අහායා හායන්ති - සම්මූළ්හා වතුරෝ ජනා.”

යනුවෙන් පොළොව පස් බො‍හෝ ‍කොට බඩ පුරා කැව හොත් පසු ව සැඟ වි වැද හෝනා තැනු ත් නැතැ යි යන විරුද්ධ කල්පානාවෙන් ගැඬවුලුන් පස් සුභ කොට කන්නා සේ, නැවත අහස වැටී ගියත් එ විතරක රැඳුණ මැනැවැ යි යන විරුද්ධ කල්පනාවෙන් කිරළුන් පා උඩුකුරු කොටලා වැද ‍හෝනා සේ, නැවත කොස්වා ලිශිණියන් නො සැලී සිටිනා කලට පොළොව ධරා ලිය ‍නොහොති යන විරුද්ධ කල්පනාවෙන් පෙඳ සලන්නා සේ මූ‍ෙග් විරුද්ධ කල්පානව ත් බලවත් නියා ය” යි ගිය ගිය විට ක ම උන් නො කිවත් බණ කථාවක් වදාරන් සේක.


4. චක්ඛුපාල තෙරුන් වහන්සේගේ වස්තුව

[සංස්කරණය]

එ කල්හි සැවැත් නුවර මහ සම්පත් ඇති මහාසුමන නම් කෙළඹියාණන් කෙනෙක් වෙසෙති සම්පත් ඇති පමණ මුත් පල ගන්නා ගස් තමා පල ගන්නා අවධියේ මුත් අතුරෙක පල නො ‍ගන්නා සේ, පුත ප්ර තිලාභයට නිසි කුසලය නුමුකුරා ගිය හෙයින් දෝ සම්පත් ප්ර යෝජන විඳ පියන්ට නිසි දරු කෙනෙකුන් නැ.. එ කෙළෙඹි පුත්රපයාණෝ එක් දවසක් ගඟට ගොසින් නා පියා එන තැනැත්තෝ අතුරු මඟ අතු පතරින් ගැවසී ගත් මී දෙව් දුව1 ඉසට පැන් නඟන්ට මුනින් නමා ලූ ඉඳු නිල් මිණිමුවා කළයෙකින් වැම්මෙන් ජල ධාරාවක් සේ සුදු කඳක් ඇති, නැවත ඒ මී දෙව් දුව ඉසට කළ පිල් සතක් වැනි සෙසු ගස් කොළට උෂ් හෙයින් දෝ හෝ නො‍ෙහාත් මල් නැති ව පල ගන්නා හෙයින් වනස්පති නම් නුග ගස් ආදියෙන් එක්තරා ගසක් දැක, මේ ගස ඉතා ශෝභාවත. මෙ සේ ව‍ු ගසෙක අනුභාව සම්පන්න දේවතා කෙනකුන් ඇත මැනවැ’යි දෙවතා ආරාධනායෙනුත් දරු කෙනකුන් ලදිම් නම් යෙහෙකැ යි සිතා ගස මුල තණ හරවා කසලත් හමඳ වා බෝධිකොටුවක් සේ වට පවුරකු ත් බඳ වා ඒ ඇතුලත මුතු පට සමාන වැලි ලවා වට කොට ධජ පතාක නංවා ගස කඳත් පට කඩ ආදියෙන් සරහා අතුපතරත් මල් වඩම් ආදියෙන් සරහා ලා ‘තව මෙ විතරෙක් නො වෙයි. දෙවතාවාණෙනි, තොප ගේ අනුභාවයෙන් දරු කෙනකුන් ලදිම් නම් කළ උපකාරයට ප්රාත්යු පකාර කොට මහත් සත්කාර කරවමි’ කියා දරුවන් පතාගෙන නුවරට ගියෝ යැ.


1. මී දේ දුව 4 චක්ඛුපාල තෙරුන් වහන්සේ‍ගේ වස්තුව 33


වත් කරණ පැන් නැති ව පලදා පමා ව සිටි ගසක් පැන් ලදින් සැර ව උදවු ව පල ගන්නා සේ දෙවතා ආරාධනා කළ නො ‍‍බෝ කලකින් ම උන් ගේ කෙළෙඹි දුවණියන් බඩ දරු කෙණෙක් ඇති වුහ. ඇති ව ගබ පෙරහර ලදින් දස මස් අයාමෙන් දෙවතා ආරාධනාවෙන් ලබන දරුවන් අල්ප පුණ්ය යන් නො වන හෙයින් කළ පින් ඇති පුතණු කෙණෙකුන් වැදුහ. උපන් පුතණුවන්ට නම් තබන කෙළෙඹියාණෝ ගස දෙවියාට කළ රක්ෂානව නිසා උපන් හෙයින් පාලිත නම් තුබුහ. ආදි නො පල දා ගසක් පිට පිට හෙළා පල ගන්ට වන්නා සේ අනික් පුතණු කෙණකුන් වැදුහ. උන්ට චුල්ලපාලිත නම් තබා ලා වැඩි මාලු පුතණුවන්ට බණවා ලන්ට සුව ලද ය නාසා මහාපාලිතයෝ ය යි මහා යන්නකින් මෙසෙසා නම තබා ලූහ. මෙසේ නම් තබා වැඩි විය පැමිණි දරුවන්ට සුදුසු තැනින් සරණ ගෙන්වා පාවා දී වෙන් කළහ.

සැවැත් නුවර ද වැළි ත් නිවන් දුටුවන් ගෙන් පස් කෙළක් හා නිවන් නො දුටුවන් ගෙන් දෙ කෙළක් හා එක් වසත් කෙළක් විතර මිනිස්සු ඇත. උන් ගෙන් නිවන් දුටු‍වෝ නිවන් නුදුටුවෝ කුමක් කෙරෙත් දැ යි නිවන් දු‍ටුවන්ට කට යුතු නම් තමන් මාර්ගකගත අචල ශ්රවද්ධාවෙහි පිහිටි හෙයින් පෙර වරු වෙලෙහි දන් දෙති. දන් දී ලා පස්වරු වෙලෙහි සුවඳ මල් ආදා වු පූජා භාණ්ඩ නැමැති පඬුරු හැර ගෙන සම්යෝක් සම්බුද්ධ නැමැති සක්විත්තන් වහන්සේ කරා ගොසින් ගෙන ගිය පඩුරු පාවා දී අනුශාසනා ත් අසා අඩු ව තුබු මාර්ගා ඵල නැමැති සංග්රෙහ ලබති.

එක් දවසක් මහා පාලිත කුමාරයෝ පස් වරු වේලෙහි උපාසකවරුන් සැදි පැහැදි ගෙන තමන් අනුභව කළ නිවන් ‍රසයට නො එක් ලෙසින් අඩු වුව ත් තමාට ඇති දෙයක් වේ දැයි ඉක්ෂු - මධු - ගුළ ශකීරාදි ය ත් පාන වර්ගැ ත් ගෙන්වා ගෙන බුදුන් කරා බණ අසන්ට යන්නවුන් දැක ‘මඟුලකට - පූජාවකට යන්නවුන් මෙන් සැරහි පියා කොයි යෙත් දැ’ යි විචාරා සම්යවක් සම්බුද්ධ නැමති සක්විති රජ්ජුරුවන් වහන්සේ දම්සක් පවතුන් සුත් නැමති සක්රුවනෙහි ආනුභාවයෙන් පස් මරුන් නැමැති සතුරන් සාධා ගැන්ම නිසා කෙළ ලක්ෂහයක් සක්වළ ලැබගෙන ඒ සක්වළ තුබු මුක්තා - මාණික්යක - ශඞ්ඛ - ශිලා - ප්ර්වාලාදී වස්තුව වේදබ්හ ජාතකයෙහි වේදබ්හ නම් මන්ත්රර ය දන්නා බ්රා හ්මණයාණන් මන්ත්රාලනු භාවයෙන් වස්වා ලූ සත් රුවන් එක් දහස් පන්සිය එක්


34 සදධර්මහරත්නාවලි ය

කෙණෙකුන්ගේ විනාශයට කාරණ වූවා සේ සොපද්රනව සෙයින් පෙළ දම් නැමැති මුහුදින් නවලොව්තුරා දහම් නැමැති රුවන් නංවා තබන සේක. එ සොයා යෙති’ කී කල්හි එ සේ වි නම් “ මම ත් ඔබ යෙමි. ඒ තිලෝ ගුරු බුදු රජාණන් වහන්සේ තොප හා අප පුරුදු කමෙක් නැත. තොපට බණ කියන්නෝ කවුරුදැ යි නො වදාරත්. එ සේ හෙයින් මම ද බණ කියන්නෝ කවුරුදැ යි නො වදාරත්. එ සේ හෙයින් මම ද බණ අසා ලා ලොව් තුරා සැප ත් සාධා ගතිමි නම් යහපත, ලොවී සැපත් ලැබීම අරුම නැත. පදපරම වුවො ත් මත්තට හෝ උපකාර ව‍ුව ත් යහපතැ” යි ‍ගොසින් බුදුන් වැඳ තමන් අමුතු ව ලා ගිය හෙයින් බුදුන් ගෙන් එ සේ අමුත්තක් නැත ත් පර්ෂමත් කෙළවර හුන්හ.

බුදුහු ද වැළි ත් බණ දෙසන කළ පර්ෂඑත් ගේ අදහස් බලා මාර්ගාවධිගමයකට උපනිශ්රද ය දැක චය්යාේ ලෙසින් බණ වදාරණ සේක. එ සේ හෙයින් එ දවස් මාහාපාලිත කුමාරයන් ගේ ත් නිවන් දක්නට උපනිශ්රයය බලා උපනිශ්රරය ඇති සේ දැක දී ලූ දෙයින් ප්රමයෝජන විඳිනට බාල හෙයින් නොනිසි දරුවනට භුක්ති විඳිනා අවස්ථා වෙහි භුක්ති විඳිනා නියායෙන් සම්පත් නියම කොට තබන පියාණ කෙණකුන් පරිද්දෙන් වයසින් මූකුරා සිටිය ත් ඉන්ද්රිිය පරිපාක ය තව නු වු හෙයින් අදහසින් බාල වු ජාතිශුද්ධි ය නිසා පුත්වන්ට ගිය මාහපාලිත කෙළෙඹියන්ට පසු ව ප්ර යෝජන විඳිනා ලෙසට ධර්මව දායාද දෙන බුදුහු පිළිවෙළ කථාව වඳාළා සේක. පිළිවෙළ කථා නම් - දාන ය නම් දිව සැපත් ආදායට උතුම් වු කාරණයෙක. නැවත සියලු සම්පතට පිහිට තිබෙයි. සියල්ල වන්ට ම බන්ධුකෙණෙකුන් හා සරිය දුකට පැමිණිය වුන්ට සහායට සිට දුක්නි මුද යි. දානය නම් දුක් මුහුදින් එ තෙඑ කරණ හෙයින් නැවක් හා ත් සරි ය. පැමිණි භයින් රැක ලක හෙයින් සුරක්ෂිත සු‍ගොපිත නුවරක් හාත් සරිය. මසුරු සිත් සිතන්නවුන් විසින් ළංවන්ට බැරිහෙයින් විෂ ඝොර සර්පුයන් වැනිය. මසුරු සිත් හා එක් ව හැගලිම් නැති හෙයින් දිය හා එක් නොවන පියුම් වැනි ය. දන් දීමට වඩා අනික් පිහිට නිවන් හැර නැතැ යි යන බැවින් නුවණක් ඇති කවර නම් කෙණෙක් දන් නො දෙත් ද? යම් කෙණෙක් නො මැළි ව දන් දුන්නු නම් දහස් ගණන් දෙවඟනන් පිරිවරා බො‍හෝ කලක් දෙව් සැපත් වළදති. දන් දෙන්නා වු සත්වවයෝ කිසි ලෙසකිනු ත් විපිළිසරක් නැති බිවින් හැම වෙලේ ම සතුටු වෙති. සියල්ලවුන් විසින් සම්භාවනිය ත් වෙති. බො‍හෝ දෙනා කෙරෙහි ප්රිසිද්ධ ත් වෙති. බො‍වහෝ සාද සාමීචියනු ත් ලැබෙති. තව ද මේ දානය නම් සොරුන්ට ව්ත සතුරන් ට වත් රජදරුවන්ට වත් සාමාන්ය‍ නොවන කල කළවුන් තම තමන්ට ම ආවේණික

1. සාධු 4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 35

ධනයෙක. උපනිශ්රරය ව සිට ත්රියවිධ බෝධින් එක්තරා බෝධියකුත් අධිමුක්ති වු ලෙසින් සාධා දී ලයි. යනාදින් දන් දිමෙන් අනුසස් වදාරා ලා ඊට ඉක් බිත් ව යුද්ධ කාලයෙහි පර සතුරන් විදිනා ශුර නාවාරණ ය නිසා ලන සන්නාහයක් මෙන් ‍ෙදන දනට බාධා කොට කෙලෙස් සතුරන් විඳිනා අකුසන් නැමැති ශර නිවාරණය නිසා සිල් නැමැති සන්නාහ ය ලිය යුතු . දන් දෙන්නවුන් විසිනුත් දන් දීමට නියැළි නො හිඳ යට ත් පිරිසෙයින් පන් සිල් පමණක් වුවත් රැක්ක යුතු ය.

ශිල ය නම් මෙ ලොව පර ලොව වැඩට මුල ය. පැළඳ ගෙන කෙ තෙක් ආභරණ ලූ ව ත් සිල් නැමැති ආභරණයට වඩනා ආභරණයක් නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නැමැති සුවඳට වඩනා සුවඳකුත් නැත. කෙළෙස් කුණු සෝධා හරනට සිල් නැමැති ජලයට වඩනා පැනකුත් නැත. කෙළෙස් ගිම් නිවා ලීමෙහි සිල් නැමැති පවන හා සම පවනකු ත් නැත. ශිල ය වැනි වූ කිර්ති එළවා දී ලන දෙයකුත් නැති. දිව්ය් ලෝකයට නැ‍ඟෙන්ට හිණෙක් වේ නම් සිල් නැමැති හිණම ය. නිවන් පුර වදනවුන්ට මේ ශීලය වාසලක් වැන්න. තම හට හිත කැමත්තවුන් විසින් අවශ්යි යෙන් දවස දවස පන් සිල් වේ ව යි’ පොහොය අට සිල් වේ ව යි, විය්ය්යෙ ඇත දස සිල් වේ ව යි අධිමුක්ති වු ලෙසින් හෙරණ ව ලා රැක්ක යුතු සතලිස් අ‍ඟෙකින් යුක්ත දස සිල් වේ ව යි, මාලු පැවිදිව රැක්ක මනා විනය පිටක පය්ය්ිය්පන්න ශික්ෂා පද ශිල වේ ව යි රැක්ක යුතු ය යනාදීන් සිල් රක්ෂාටකිරිමෙහි අනුසස් දක්වා ලා ඉක් බිති ව යම් කෙණෙක් සිල් රක්ෂාල කොළෝ වූ නම් ශීල විශුද්ධියෙහි පිහිටා ධ්යා න වශයෙන් ලොවී ගුණයක් වේ ව යි මාර්ගව ඵල වශයෙන් ලොව්තුරා ගුණයක් ලද නුහුවු වු නමුත් සිව් මහ රජ ය පටන් සදෙව් ලොව ඉපැද ඒ ඒ දිව්යි ලොකයෙහි ආයු පමණින් දිව සැපත් වලඳති.

දෙව් ලොව දී වුවත් වණ්ණ කිසිණු ලැබෙන හෙයින් ඒ බලා ධ්යා්න උපදවා ගත්තු නම් බඹ ලොව ඉපැද බඹ සැපත් විඳිති. ඉදින් ධ්යාවන පාදක කොට භාවනා කෙරෙමින් අනැගැමි වු නම් අනගැමියන්ට ම ප්ර තිනියත වු ශුද්ධාවාසයෙහි ඉපැද මහා කපින් කප් දහසකුත් කප් දෙ දහසකුත් කප් සාර දහසකුත් නිවන් රස මුසු වු බඹ සැපත් වළඳති. එ හෙයින් ස්වර්ගද සමපත් නම් වුවමනා දෙයකැ යි වදාරා ලා ස්වර්ගත සම්පත් ම ඇලුම් කරණ කෙණෙක් නැත් නම් නිවනට පැමිණ ගත නොහෙන හෙයින් ඊට ආලයහ රවනුනිසා ඒ ස්වර්ගණය නම් නිවන් සේ .


36 සද්ධර්මනරත්නාවලිය

නොනස්නා දෙයක් නො වෙ යි. ගින්නෙන් කප නස්නා කලට ආභස්සරයෙන් පාත මුළුල්ල නස්සී සුළඟින් නස්නා කලට වෘහත් ඵල නම් බඹලොවින් පාත ම ළුල්ලනස්සී, කල්ප විනාශයෙන් ‍නො නස්නා කල බඹ ලොවත් ව්යළය ස්වභාව ය ඉක් ම නො පවත්ති එ හෙයින් ඊ ත් ඇලුම් කටයුතු නො වෙයි යනාදින් වදාරණ කාථා ය.

පාලිත නම් සිටු පුත්ර යාණෝ ද මේ පිළිවෙළ කථා ආද්යාන්ත කොට අසා මෙසේ වු මූ කළ1 සිතිවිල්ලක් සිත ත් සත්වයන් මිය පර ලොව යන කලට උපයා ගත් සම්පත් වේ ව යි ඇති කළ නෑ සිය කෙණෙක් වේ ව යි කැටු ව යන්නෝ නැත. සෙස්සතබා තමා ගේ ම ය යි මමායන කොට පිරිමැසූ ශරිර ය පමණකුත් ගමන් පසු කොට ලා රඳා ගන්නා සේ තෙමේ පමණකුත් කැටි ව ‍නො යෙ යි. මෙ ති‍ ලෝ ගුරු බුදුන් ගේ ධෞතශඞ්ඛයක් සේ නිර්ම ලවු ධර්ම ය නො එක් ලෙසින් සකිලිටු වු ගිහි ගෙයි රඳා නො වරදවා කට නොහැක්ක වස්තුයෙහි සාරය දන් දිමෙන් හැර ගත හැක්ක. ආත්ම සාරය ශිල සංරක්ෂයණ යෙන් මුත් ගත නො හැක්ක. ආත්ම සාරය නැති කලට හුදක් භොග සාරය ම නිවන් සාධා ලිය නො හෙයි. එ සේ හෙයින් ගිහි ගෙයි රැඳිමෙන් ප්‍ාරයෝජන නැත. මහණ ව ගනිමි යි සිතා බණ වදාරා අන්තයෙහි බුදුන් කරා එළඹ මහණ කරන්ට ආරාධනා කලහ. එකලට බුදුහු තොප විසින් අවසර ගත මනා නෑ සිය කෙණෙක් නැද්දැ’ යි විචාළ සේක. ඒ අවධියට දෙ මවු පියන් නැති හෙයින් ඇවැස්ස නෑයන්‍ ගෙන් මලණු කෙණෙකුන් ඇති නියාව කිවු ය. ඒ අසා බුදුහු එ සේ වී නම් උන් පමණකට වත් කියව යි වදාළ සේක. රොගයක් බලවත් කෙණෙකුන් සපයා දෙන්ට කී යම් ම දෙයක් සපයා දී රෝග සන්හිඳවනන්ට කරණ යත්නයක් සේ කෙළෙස් ලෙඩින් මිදෙනු නිසා අනුමැති බෙහෙත් සපයා දිම යමපතැ යි ගිවිස බුදුන් වාඳ ගෙන ගෙට ගොසින් මලණුවන් කැඳවා ලා “මලණ්ඩ , මේ ගෙයි ඇති සියලු සැපතෙක් ඇත් නම් තොටට හළිමි. තෙපි ම ප්‍ මයෝජන විඳුව” යි කිවුය. මළණුවෝ ද ඒ අසා මා ම උත්හාස කොට, මට ගත මනා ය යි ‍කො ට ද නො සිතා හැයි? නුඹ හැනැ’යි විචා‍ළෝ ය.

මම බුදු සසුන් වැද මහණ ව ගන්නා කැමැත්තෙමි. මහණ වන්නවුන්ට තුන් සිවුරු පාත්ර විනා ගිහි සැපතින් ප්‍කනයෝජන නැත්තේ වේ ද ඒ නිසා ය’ යි කිවු ය. ‘ බෑණන් වහන්ස, කුමක් කියන නියා ද? දෙ මවු දෙ දෙනා නැත ත් නුඹ වහන්සේ


1. මුහු කළ

	          4. චක්ඛුපාල තෙරුන් වහන්සේ වස්තුව			37

වැඩි මාලු බෑණන් වහන්සේ හෙයින් දෙ මව් පිය තරමේ ම සිටි සේක. එක් ව ප්රියෝජන විඳින්නට මැළි වු වත් සම්පත මහත් හෙයින් බෙදා ගණිත ත් පිළිවන. එ බඳු පින් ඇත් නම් චුල්ලසෙට්ඨි ජාතකයෙහි එක මීයා ගෙන් මසු දෙ ලක්ෂයක් උපදවා ගෙන සිටු ස්මපතට ත් හිමි වු චුල්ලන්තෙවාසිකයා මෙන් සම්පත් ලද හැක්ක. නැවත ගිහිගෙයි රඳා ත් පින් කට හැක්ක. මහණ වන්නට නො කැමැත්තේ ය යි කිවු ය. මහාපාලිත කෙලෙඹියාණෝ ද ‘මලණ්ඩ, විහාරයට ගිය ගමනේ බුදුන් ගෙන් බණ ඇසීමි. සිංහතෙලට රන් වළන් මුත් අනික් වළඳන් නිසි නො වන්නා සේ සර්වෙඥ නැමැති සිංහයාණන්ගේ සදහම් නමැති සිංහ තෙලට ශ්රාවවක සඞ්ඝ නමැති රන් වළන් විනා අගාරික ජන නැමැති සෙසු ව‍ළ‍ඳෙක් නිසි නො වෙ යි. එ සේ හෙයින් ගිහි ව සිට ඒ බණ පුරා ලිය නො හැක්ක. එසේ හෙයින් මහණ වෙමි’ යි කිවු ය. ඒ අසා කුඩා පාලිත කෙළෙඹියාණෝ ‘තව නුඹැ ළ දරුදෑ ය. අවශයයෙන් අපගේ පෙරැත්තත් නොගෙන මහණ වුවමනා වී නම් ළ දරු වයස ගිහි සැප ත් වළඳා මාලු වයස මහණ වුවමැනවැ’යි කිවු ය.

ඒ අසා මහා පාලිත කෙළෙඹියාණෝ ‘එම්බා මලණ්ඩ, මාලු කල මහණ දම් කරනන්ට බැරි ය. වත් පිළිවෙත් කළ මැනව. ඒ නො කොළොත් වෙළඳාම් නො කළ කලට වස්තුව නැත්තා සේ සිල් නො පිරෙයි. සිල් නො පිරුනු කලට සසර දික් වෙයි. සසර දික් වීමෙන් නිවන් දුරුවෙ යි. නිවන් දුරු කලට මහා අලා හ ය. ජරායෙන් මිරිකි පියා සිඟා ගන්නා පමණකු ත් නැති ව අශක්ති ව කරණ සපන් කම් බලා ත් සියල්ලකට සමත්ථි අවස්ථා වෙහි මහණ විම යහපත. එ සේ හෙයින් තොප කුමක් කීව ත් වසවත් මරහු නැවතුව ත් නො නැවත ගොසින් මහණ ව බදු ව වදාළේ මහලු අවස්ථාවෙක නො වේ. විසි නව හවුරුද්දේ ගොසින් මහණ ව පන් තිස් ඇවිරිද්දේ බුදු ව වදාළ බුදුන් කරා මම ද සග කල ම ගොසින් මහණ ව රහත් වෙමි’යි කායා බුදු සසුන් වැද මහණ ව මාලු පැවිද්ද ත් ලදින් ආචාය්ය්ෙමි උපාද්ධයන් වහන්සේ ලඟ පස වසක් වැස ස වෙනි වස වෙන් ව වසන්ට නිසි ව ගෙන බුදුන් කරා ගොසින් ‘සිවාමිනි, නුඹ වහන්සේගේ මේ ශාසනයෙහි ධුර කීයෙක් දැ’ යි විචාරා ග්රින්ථ ධුර ය විදර්ශහනා ධුර ය හා ධුර දෙක ය’ යි වදාළ කල්හි තමන් වහන්සේ ආධුනික හෙයින් නොදැන ග්රධන්ථ ධුර ය කවරේ ද, විදර්ශ නා ධුරය කවරේ දැ යි විචාළ සේක.




38 සද්ධර්මකරත්නාවලිය

එ සේ විචාළ ඔබට බුදුහු ග්රරන්ථ ධුරය නම් තෙවලා බුදු වදන් උගැන් ම ය. ඒ තෙමේ ප්රගතිපත්ති - ප්ර තිවෙධ දෙකට මුල් ව සිටි. විදර්ශනනා ධුර ය නම් ශිල විශුද්ධි - විත්ත විශුද්ධි ආදි වු ෂඩ් විශුද්ධ පරම්පරාවෙන් ගොසින් සත් වැනි වු ඥාන දර්ශතන විශුද්ධි ය සපයන්ට කලාප සම්මර්ශ නාදීන් විසින් පැවැති විදර්ශඥනා ධුර ය නම් වෙ’යි බුදුහු වදාළ සේක. ඒ අසා පාලිත තෙරුන් වහන්සේ ‘ස්වාමිනි, මා වැඩි මාලු ව මහණ වු හෙයින් ග්ර‍හන ධාරණාදි ය කරන්නට ඥන ශක්ති ය අඩු හෙයින් ග්ර හන ධාරණාදි ය කරන්නට ඥාන ශක්ති ය අඩු හෙයින් ග්රතන්ථ ධර ය පුරා ගත නො හෙමි. ග්ර්න්ථ ධුර පුරත ‍ත් භව ක්ෂය කොට ගන්ට අවශ්ය යෙන් විදර්ශරනා භාවනාව ඇති මානා හෙයින් දෙකට කැටි ව ම විදර්ශරනා ධුර ය පුරමි. කමටහන් වදාළ යහපත’යි දැන් වූ සෙක. ඒ අසා බුදුහු අර්හත්ත්ව ය දක්වා කමටහන් උඝන්වා වදාළ සේක. ඔබ ‍ඒ කමටහන් ඉගෙන ගෙන අනික් තැනකට ගොසින් මුත් එ තැන් හි දි භාවනාභි‍ොයග ය බැරි හෙයින් අනික් තැනකට වඩනා කැමති ව බුදුන් වැඳ ගෙන ‘භාවනා කරම්හ’යි කියා තනි ව නැඟි යෑම කරණ භාවනාවට අනුරූප වන මුත් ශාසනානුරූප නොවන හෙයින් සමඟ වඩනා තරම් ඇති වහන් දෑ සොයා සැට දෙනෙකුන් වහන්සේ ලැබ ගෙන වැඩ හුන් විහාරයෙහි ගමික වත් සපයා ලා සැට දෙනා වහන්සේ හැර ගෙන නිකිම ආවාස ඵාසු තැනක් සොයන සේක් සාර සිය අසූ ගම්වක් ගෙවා ගොසින් එක් පසල් ගමකට පැමිණ සැට දෙනා වහන්සේ ම ගැටවවු ගන්වා සිවුරු වැළඳ ගෙන පාත්රැ ය පටවා ගෙන සන්හුන් පියෝ ඇති ව වියදඩු පමණකින් වඩා නො බලා සපදාන වාරික ව ගෙ පිළිවෙළින් ම එ ගම සිඟන සේක. ඒ ගම මිනිස්සු ද නව කෙළ දහස් එක්සිය අසූ කෙළ පනස් ලක්ෂ ස තිසක් විරත ආභරණ ලා සරහීමෙන් -

‘සොහන්තෙවං න ර‍ාජානො - මුත්තාමණි විභුසිතා. යථා සොහන්ති යතිනො - සීල භුසණ භූසිතා.’

යනු හෙයින් වොටුනු ආදී වූ සූ සැට රාජාභරණ ලා සරහුණා වු රජ දරුවන්ට ත් වඩා ඉතා සොභාමත් වු ඒ වහන්දෑ දැක ආකල්ප සමෘර්ධීන් ම ඉතා ඉතුටු ව ආරාධනා කොට පාත්රත හැර ගෙන හසුන් පනවා වඩා හිඳුවා අති මධුර වු නිවන් රස ලබනු සඳහා මධුරාහාර ය වළඳවා වදාළ අන්තයෙහි ස්වාමිදරුවෝ කොයි වඩනා සේක් දෑ’ යි විචාළෝ ය. එ සේ විචාළවුන්ව ‘වස් වැස පියන්ට ඵාසු තැනකට යම්හ’යි වදාළ සේකැ. නුවණැති මිනිස්සු ආකාර යෙන් ම වස් වැස ගන්නා විහාර ලැබ ගන්නා නිසා ඇවිදිනා සේක්


4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 39

වනැ යි සිතා ‘ඉදින්, ස්වාමි දරුවෙනි, මේ තුන් මස නුඹ වහන්සේ හැම මෙහි විසූ සේක් වී නම් අපි හැම දෙන වැඳ පුදා ත් ගනුම්හ. පිළිවන් ලෙසකින් දනු ත් දි ගනුම්හ. පො‍හෝ දවස් පෙහෙ ව ගනුම්හ. ප්රකත්යින්ත ව තිබෙන හෙයින් අමාරු ව කියවන බණ ත් අසම්හ. දවස් පතා පන් සිල් ගෙන පන් සිලු ත් රකුම්හ. මෙහි ම වැස වදාළ යහපතැ’යි ආරාධනා කොළෝ ය.

වහන්දෑ ද, මේ උපාසක වරුන් ආරාධනා කළ බැවින් මී ම රඳා අප ගේ සඳහම් නමැති අමා ගඟට තමන් ගේ කන් නැමැති පිලී තබා ගෙන සදහම් නැමැති දිය ගෙන ගොසින් සිත් නැමැති කුඹුරු තෙමා ගෙන සැදැහැ නැමැති බිදුවට වපුට ගෙන ලොවි ලොවුතුරා සැපත් නැමැති වී මිරිකා ගන්නට අවසර ත් පාම්හ. අපි ද ඒ උපාසකවරුන් ගේ චතුර්විධ ප්රතත්යත ය නැමැති රුවල් ඇති, සමාධි නැමැති කුඹක් ඇති. විවසුන් නැමැති නැව් නැගි, මාගඥන නැමැති ගල් වත බලයෙන් අනන්ත කාලයකිනු ත් එතෙර විය නො හැකි සසර නැමැති මුහුදින් මේ එක වස් තුන් මසින් එ තෙර ව නිවන් පරතෙරට පැමිණෙම්’යි ආරාධනා ඉවසූ සේක. උපාසකවරු ද ආරාධනා ඉවසඋ නියාව දැන රෑ වසන තැන් දවල් වසන තැන් ඇති ව විහාරයක් කොට දුන්හ. එ වක් පටන් වහන්දෑ ද නිරන්තර ව ම ඒ ගම සිඟන සේක. උපාසකවරුද ඒ වහන්දෑ සකපා කරණ මහණධර්මත සේ ම සකසා උපස්ථාන කෙරෙති. එ ගම හිඳිනා ‍එක් වෙද උපාසක කෙණෙක් ඒ වහන් දෑ කෙරෙහි පැහැද ඒ තමන් ගෙනු ත් වහන්දෑට ප්‍ෙකයෝජනයක් කරනු සඳහා එක් දවසක් වහන්දෑට ‘ස්වාමිනි, බොහෝ තැන් එක් ව රඳා හිඳිනා කලට ලෙඩක් දුකක් පෙනි යන තැනු ත් ඇත. එ බන්දෙක් ඇති වි නම් මා ගෙන් වුව මනා දෙයක් වදාරන්ට ආරාධනා කළ නියා ය. වදාළො ත් යහපතැ ‘යි කිවු ය.

පාලිත තෙරුන් වහන්සේ ද වස් වසන දවස් ඒ සැට දෙනා වහන්සේ බණවාලා ‘ඇවැත්නි, අද වස වසන දවස වේ ද? මේ වස් තුන් මස සතර ඉරියවුවෙන් ඉරියවු කීයකින් දවස් යවු දැ’යි විචාළ සේක. ඒ වහන්දෑ ද ඔබ ‍ෙ‍ග් රුචිය දත නොහි ‘හිඳිමෙන් සිටිමේන් - වැද හෙවීමෙන් - සක්මන් කිරිමේන යන මේ සතර ඉරියවුවෙන් දවස් යයම්හ’යි වදාළ සේක. ඔබ ඒ අසා ඇවැත්නි! වැද‍හොත් කල නම් නිසි තර වෙයි. නාදා පිමෙනු ත් පිරෙන මහණ ධම් ඇත් ද? නොපමා වුවමනා වේ ද? අප ත් තකා පතකා



40 සද්ධර්මතරත්නාවලිය


මෙ තෙක් තැන් භාවනාවට එන්නමෝ ත් බුද කෙණෙකුන් වහන්සේ ගෙන් කමටහන් ඉගෙන ආම්හ. බුදුවරුන් හුන් තැන වැඩ හිඳ ම අප හැම කරණ කියන සිතන දෙයක් ඇත් නම් බඩු සහිත කොට සොරුන් අල්වන්නා සේ ම දැන ගන්නා සේක. පදමානවක ජාතකයෙහි චින්තාමණි නම් මන්ත්රානනුභාවයෙන් දොළොස් හවුරුද්දකින් යට කළ සොර කම් කළවුන් ඔබ ඔබා ගිය පියවර ඔස්සේ ගොසින් දැන ගන්නා කල දැන් බුදු ව සර්වවඥතා ඥනානුභාවයෙන් කවර කෙණෙකුන් කළ කවර නපුරෙක් දත ‍නො හැකි ද? එ සේ හෙයින් බුදුන් සිත් ගත මනා වී නම් සම්යතක් ප්රහතිපදාවකින් මුත් බැරි ය. පමා වසන්නවුන්ට සතර අපාය නම් තමා ගේ ගෙවල් හා සරි ය. සතර අපායට යන මං වල්කර තො ත් නො පමාවයි වදාළ සේක. ඒ අසා වහන්දෑ ‘ස්වාමිනි, නුඹ වහන්සේ කෙලෙස කරණ සේක් දැ’යි විචාල සේක. අපි හිඳි මෙන් හා සිටිමෙන් හා සක්මන් කිර‍ිමෙන් දවස් යවා ත් මුත් වැද හෝනා ඉරියවුවෙන් දවස් නොයවන්ට සිතම්හ. වැද හොත් කලට අප විපස්සනා නැමැති අඞ්ගනාව හා විවාදයට නිද්රා් නැමැති අඞ්ගනාව තමන් පිළිබඳ හෙයින් එවා ලා උන් දෙන්නා ඔවුනොවුන් හා විවාද කොට දි පඤ්ච නීවරණ නැමැති සොරු පස්දෙන පමාවක් ම වී බලා හිඳිනවුන් හෙයින් උන් ගේ විවාදය නිසා අප ගේ පමාව දැක සිත් සතන් නැමැති ගෙයි තුබූ ශිල සමාද්ධ්යාඋදි ගුණ රුවන් පැහැර ගනිත් නමුත් උන්ට අවසර නොවනු නිසා පිට දික් ‍කොට වැද හෝනේ නැතැ’ යි වදාළ සේක. ඒ අසා වහන්දෑ‍ ත් යහපත, නොපමා වුව මැනව’යි කියා ලා මහණ ධමට පටන් ගත් සේක.

පාලිත තෙරුන් වහන්සේට නෙසජ්ජික ධුතාඞ්ගයෙහි උත්කෘෂ්ට ය පිරිම් වසයෙන් හිඳිම් - සිටිම් - සක්මන් මුත් වැද හෝනා ඉරියමුව නැති හෙයින් ධුතාඞ්ගයෙහි තුන් තරමින් ශරිර පො‍ෙහානා පමණකුත් හැර ගන්ට නො ව අයාස මහත් ව වස් විසූ මසක් ගිය කල්හි ඇස රුජා පහරනට පටන් ගත. රාගාදි කෙලෙසුන්ගේ ද්ර ව අවස්ථාවෙක් ඇත් නම් විවසුන් යතින් මඩනා ලදු ව පෙරි වැගිරෙන්නා සේ ඇස් දෙකින් ම දිය ධාරා සිදුරු ඇති කෙළවලින් පැන් ධාරා වැගිරෙන්නා සේ වැගිරෙයි. නොහොත් ධ්යාින ස්නෙහ රහිත වීමෙන් විවසුන් වියලෙන්නා සේ ශරිර ගත ජලය වගු‍ලො ත් වේ ද, සමාන ගුණ ව ශරිරය ත් වියලෙත් ය යි ශරීරය විය‍ලවන්ට වැගිරෙන්නාක් මෙන් වැගිරෙ යි. උන් වහන්සේ ද තුන් යම් රාත්රිවයෙහි භාවනා කොට පියා අරුණු නැ‍ඟෙන වෙලේ



4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 41

ගබඩාවට වැද ලා වැඩ හුන්සේක. සෙසු වහන්දෑ සිඟා නික්මෙන වෙලෙහි පාලිත තෙරුන් වහන්සේ ළඟට අවුත් ‘ස්වාමීනි, සිඟා නික්මෙන වේලා ය’ යි කීසේක. ඒ අසා එ සේ වී නම් ඇවැත්නි, සඟල සිවුරු හා පාත්රි ය හැර ගනුව’යි වදාරා පාසිවුරු වහන්දෑ ලවා ගෙන්වා ගෙන ඇස රුජා පහරිතත් සිඟා නික්මුනු සේක. වහන්දෑ ද ඔබ ගේ ඇසින් දිය වැගිරෙන්නා දැක ‘මේ කිම් ද ස්වාමිනි’ යි කී සේක. විචාළ වහන්දෑට ඇස රුජා පහරන නියා‍වත් ඒ වේදනාවෙන් ඇසින් දිය වැගිරෙන් නියාව ත් කි සේක. ඒ අසා වහන්දැ එක් වෙද උපාසක කෙණෙක් ආරාධනා කොළෝ වේ ද? ආරාධනා නො කළත් අනුදත්තන් තබා සෙසන්ට පිළියම් කිරිමෙන් වන වින ය විරොධයක් මුත් විචාළ යි වන විනය විරොධයක් නැති හෙයින් ඇස රුජාව පහරින නියාව වෙදාණන්ට කිව මනා වේ දැ’ යි විචාර ඔබ ත් යහපතැ යි ගිවිස කල්හි වෙදාණන්ට කී සේක. ඌ තමන් අතින් ම බෙහෙත් බඩු ලා බෙහෙත් තෙලක් පිස යවු ය.

තෙරුන් වහන්සේ සැතපි වැද හෙව නස්යබ කළ මනා තෙල ධුතාඞ්ග හෙද හෙයින් හිඳ ම නස්යප කොට ලා ඇතුලු ගමට සිඟා වැඩි සේක. වෙදාණෝ දැක ‘ස්වාමිනි, ඇස රුජා පහරිදෑ’ යි විචාරා ‘ එසේ ය, උපාසකයෙනි, වදාළකල්හිතෙලක් පිස යැවුයෙම් වේ ද? නස්ය කොට වදාළේ ඇයි දැ’ යි විචාළෝ ය. එ සේ ය. නස්යන කළම්හ යි වදාළ සේක. ‘නස්යි කළ පසු ගුණ කුමක් දැ’ යි විචාළ කල්හි ‘ගුණයක් පෙනුණේ නැතැ’ යි කායා වදාළ සේක. ඒ අසා වෙදාණෝ මගේ නුවණ නැමති ඇසට කෙළෙස් නැමැති රජා ඇති නොවන්නට එක විට කළ නස්යමයෙන් ම රුජා සන් හි‍ඳෙන තරම් තෙලෙක පිස යැවුයේ - නොසන් හි‍ඳෙන්ට කාරණා කිමි ද? හිඳ නස්යි කළො ත් තෙල ඉඳුරා හිසට නැ‍ඟෙන්ට නැති වන්නාය. විධි වැරදි කලට බෙහෙදේ අඩු ව කියන්ට බැරි ‍වේදැ’යි සිතා ස්වාමිනි! නස්ය කෙළේ හිඳ ද, සැතපී වැදහෙව දැ’ යි විචාලෝ ය. තෙරුන් වහන්සේ හිඳ ය යි කීවො ත්. ශාසන සමය ත් වෙද කම් දන්නාසේම දනිත් නම් නෙසජ්ජික ධුතඞ්ග පූරක නායාවත් දනිති. ධුතාඞ්ගප්පිච්ඡතාව නිසා දෝ නො‍ෙහාත් හිඳ ය යි කි කලට වැද හෙව නස්ය කළ මනා වි නම් වැද හෙව නස්යන කරන්ට කියති. උන් කෙ සේ කීව ත් මම ම‍ගේ අධිටන් බිඳ එ සේ නො කෙරෙමි. නො කළ කලට ඌ මුසුප්පුව පිළියම ආගේස්සම් ව ගනිති’යි සිතා දෝ බැණ නො නැගි සේක. බැණනොනැගෙන්නා විචාරා ආයාස ගැන්මෙන් කිම් ද? විහාරයට ගොසින් සැතපෙන තැන් බලා සැක



42 සද්ධර්ම රත්නාවලිය


හරිමි’යි රොග නිදන් දන්නා සේ ම කාරණා දන්නා හෙයින් සිතා ගෙන ‘ස්වාමිනි! වඩනා බව යැ’යි තෙරුන් වහන්සේ විහාරයට යවා පසු ව තුමූ විහාරයට ගොස් වසන තැන් බලා සක්මන් කරණ තැන් හා වැඩහිඳිනා තැන් පමණමුත් වැද හෝනා තැන් නො දැක සැතපෙන තැනක් නැති නියාව දැක විචාළ කලට වදාරති සිතා පෙරළා ත් නස්යැ කෙළේ වැද හෙව ද, හිඳ දැ’යි විචාළෝ ය. ඒ තෙරුන් වහන්සේ එ විට ත් බැණ නොනැඟි සේක.

වෙදාණෝ සැක නැති ව ම හිඳ නස්ය කළ නියාව දැන’ ස්වාමිනි, තෙල ලෙස විධි වරදවා නො කළ මැනව භාවනා විධි වරදවා කෙලෙස් පිළියම් කළ කුලට මාර්ගර ඥන නැමැති අස් ලැබ ගත නො හැක්කා සේ මේ ඇස් පිළියම ත් විධි වැරදි කලට ඇසි ලබා ගත නොහැක්ක. විධි නො වරදවා මේ පිළියමින් ප්රිසාද චක්ෂු ස ලත් සේක් වී න්ම මාර්ගප ය හා සමග අභිඥ නම් දිවැසු ත් ලද හැක්ක ශුෂ්ක විදර්ශකක වුවොත් මාර්ග් ඥාන නැමැති ඇස් පමණකු ත් ලැබ්බ හැක්ක යන අවවාද ලෙසට අවවාද කියා පැරැත්ත ගත්හ. තෙරුන් වහන්සේ උපාසකයෙන්, තෙපි යව, තවත් කථා කොට ලුව මනා කෙණෙක් ඇත. උන් හා ත් කථා කොට ලා කළ මනා ලෙසක් කරම්හ’යි වදාළ සේක. කථා කරන්නේ කවුරුන් හා ද යත්:- කැටි ව ආ වහන්දෑලා හා ත් නො වෙ යි. නෑ සිය කෙණෙකු ත් එ තැන නැති හෙයින් උන් හා ත් නො වෙ යි. වැළි කවුරුන් හා ද යතහෝත් තමන් වහන්සේ ගේ ශරිය හා ය. ශරිරය හා කථා කරණ සේක් ‘ඇවැත්වූ පාලිත යෙනි, කියව. කුමක් ද ඉෂ්ට වු රූ දක්වා ඊ අනුන ය උපද වන්නා වු, අනිෂ්ට වූ රූ දක්වා ඊ ප්ර.තිඝ උපදවන්නා වු, ඇස් ම වුවමනා ද? බුද සස්න ත් වුව මනා ද? අක් මුල් නැතිව සසර ඇස් නැතිව උපන් වාර ගණන් නැත. ඇති ඇස් නැති වු වාර ත් ගණන් නැත. සාරාසැකි කප් සුවහස් ඇතුළත බුදුවරුන් වහන්සේ සත් විසි නමෙක් බුදු ව උකුත් වු සේක. මුන් වහන්සේ අට විසි ගණන පුරා උපන් සේක. යට ත් බොහෝ බ‍ුදුවරුන් වහන්සේ බුදු වු සේක් ම ය. ඉන් එක නමක් ගෙනු ත් ගුන විශෙෂයක් නො ලදුව. ඇස් ම සිතවු නම් මුන් වහන්සේ ගෙනු ත් ගුණ විශේෂයක් නො ලබ ව. මේ වස් තුන් මස පිට දික් කොට වැද ‍හොනේ නැතැ යි අධිෂ්ඨානයකු ත් කළ. එ සේ හෙයන් ‘ඇස් තිබේ වයි, යේ ව’යි කළ ප්රතතිඥ ලෙසට බුදු සසුන් නැමැති ඇස් ම ලබව’ යි. මාලු කම් වශයෙන් කතා කළ සේක.



4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 43

මෙ සේ කථා කොට ශරිරයාණන් ඊට පිටි පෑ කළ කථාවක් නැති හෙයින් හිඳ ම බෙහෙත් තෙල නස්යණ කොට ලා ගමට සිඟා වැඩි සේක, වෙදාණෝ දැක ආදී විචාළ ලෙසින් ම නස්යය කළ නියාව විචාරා ‘නස්ය කළම්හ’යි වදාළ කල්හි ගුණා ගුණ විචාරා පෙනුණ ගුණයක් නැති නියාව වඳාළ කල්හි වෙදාණෝ නස්ය කළ ලෙස විචාළෝ ය. තෙරුන් වහන්සේ රැස් වු තැන කළ මාන නම් ධර්ම දානොපේත කථාව හෝ තුෂ්ණිම්භාව ය හෙයින් මුයෙන් නොබිණු සේක. වෙදාණෝ විධි වු ලෙස ම කරවනු නිසා නැවත නැවත ත් විචාරා මුයෙන් බැණ නො නැ‍ඟෙන හෙයන් “ ස්වාමිනි! නුඹවහන්සේ ගේ ශාසන විධි ය වෙන. අප ගේ පිළියම් විධිය ත් වෙන අප කියා ලු ලෙස කෙට නොවදාරන පසු නුඹ වහන්සේ කරණ ලෙස මා ත් බැ‍ඳෙන්ට බැරි ය. මෙ වක් පටන් මා අතවස කොට අසවල් වෙදාණන් පිස දුන් තෙලින් ඇස පහරන‍ා රුජා ගුණ නුවුයේ යැ’ යි නුඹ වහන්සේ වදාරන්ටත් නො කැමැත්තේය. මමත් කැල ම මා ගේ අශක්ති ය හඟවා කියා නො ඇවිඳිමි කිවු ය. එ බස් ඇසූ පාලිත තෙරුන් වහන්සේ විහාරයට වැඩ -

“පටික්ඛිත්තො තිකිච්ඡායා - වෙජ්ජෙනාසි විවජ්ජි‍ෙතා. නියතො මච්ඡුරාජස්ස - කිං පාලිත පමජ්ජසි”

යනු හෙයින් තමන් වහන්සේ තමන් වහන්සේට මාලුකම් කියන සෙක් වෙදාණෝ තමන් කෙරෙමින් සිටි ඇස් පිළියම් අසාද්ධ්යා යැයි හළවූ ය. පිළියම් දෙකක් එක් ව කරණ කලට එකකට කළා, එකකට නො අසන හෙයින් ආයාස වන බව මුත් එකක් පිට තබා ගත් කළ පිළිවන් වේ ද කෙලෙස් පිළියම් වූ විවසුන් වඩව’යි වදාරා විවසුන් වඩන්නට පටන් ගත් සේක.

“චක්ඛුනි හායන්ති මමායිතානි සොතානි හායන්ති තථෙව දෙහෝ, සම්බම්ජි’දං හායති කායනිස්සිතං කිං කාරණා පාලිත ත්වංා පමජ්ජසි” යනු හෙයින් ‍ ‘කෙ සේ මමායන කළ ත් ඇසු ත් නස්සී. ඇස් කන් තබා සියල් සිරුර ත් නස්සී. මෙ හැම නොනස්වනා තෙක් තම හට පිහිට වුවමනා වේදැ’යි තර ව භාවනාවට පටන් ගත් දවස් රාත්රිමයෙන් විස පෑ විතර ගිය කලට පුරාකෘත අකුසල් නැමැති සතුරා සර්ව්ඥ රූප ය දක්වා ලන්ට තර ව සහාය ව සිටි ප්රයසාද චක්ෂුස් නැමැති මිතුරන් දෙන්නා නො නැවත නස්නා ලෙසට ප්රවයොගයක් කෙළේ ය. ඔවුන් ගේ නැසීම හා සමඟ පසු ත් පෙරාතු ත් නොව මාර්ගක ඥාන නැමැති මිත්රමයාණෝ පුරා කෘත අකුසල් සතුරා ඇතුලු වු සියලු අකුසල් සතුරනු ත් උදධම්භාගිය සං‍යොජන නැමැති 44 සද්ධර්මංරත්නාවලි ය


ප්රඋධාන සතුරනු ත් පසු ව වියවුලක් නො කරණ ලෙසට නැසු ය. මෙ ලෙසින් පාලිත තෙරුන් වහන්සේ ශුෂ්ක විදර්ශ ක ක්ෂිණාශ්රටව ව ඒ ජාතිය විනා අනික් ජාතියක් නැති බැවින් මවු ගබට වැදිම් නැත ‍ත් වෙහෙර ගබට වැද ලා වැඩ හුන් සේක. වහන්දෑ ත් සිඟා නික්මෙන වේලේ අවුත් සිඟා යන වේලා යැ’යි කී සේක. ඒ අසා තෙරුන් වහන්සේ එ සේ වි නම් තමන් හැම ගිය මැනැවැ’යි වදාළ සේක. ‘හැයි! නුඹ වහන්සේ නැ’ යි වඳාළ කල්හි තමන් වහන්සේ ගේ ඇස් නට හෙයින් ගමන බැරි නියා කී සේක. එවෙලෙහි වහන්දෑ ඔබ ගේ නට ඇස් බලා දැක ඇසින් කඳුලු ගෙන ‘ස්වාමිනි, මුසුප්පු නුවු ව මැනව, නුඹ වහන්සේ ගේ ඇස් දෙක නටුවා අප සැට නම ගේ ඇස් එක් සිය විස්සෙක් කොට නො ලා ද? අපි නුඹ වහන්සේ හුන් තැන ම වැඩ හිඳුවා ලා අත් පා මෙහෙවර කරම්හ’යි අස්වසා ලා ගෙය මලුව හැමදිම ඇතුලු වු වත් පිලිවෙත් සපයා ලා තමන් වහන්සේ ත් සැතපෙන නැත වත් සපයා ගෙන ගමට සිඟා වැඩි සේක. ඒ ගම මිනිස්සු පාලිත තෙරුන් වහන්සේ හැම තැනට ම ප්රමධාන හෙයිනු ත් තමන් හැම දෙනා උනුවහන්සේ කෙරෙහි ආවේණික සම්භාවනා ඇති හෙයිනුත් ගිය වහන්දෑ අතින් අප ගේ අනික් ස්වාමි කොයි දැ යි විචාරා ඇස් නට හෙයින් නොවැඩි නියාව අසා කැඳ - අවුලු පත් විහාරයට යවා තුමූ හැම දවාලට දන් ගෙන්වාගෙන ගොසින් තෙරුන් වහන්සේ වැඳ ඇස් නැති නියාව දැක හඩා පියා ‘ස්වාමිනි! අප හැම දෙනමෝ නුඹ වහන්සේ සිඟා නො ඇවිද්දදී උපස්ථාන කරම්හ. නුඹ වහන්සේ ට ඇසින් අලාභ වු බව මුත් අපට පර‍ොලවින් වුයේ බලවත් වු ලාභයෙක, නුඹ වහන්සේ මුල් ව බොහෝ කුසල් පිරෙන හෙයන් ඇස් නැත්තමෝ වේ දැ’යි මුසුප්පු නුවු මැනැවැ’යි අස්වසා ලා ‍ගියෝ ය. එතැන් පටන් කැඳ - බත් ආදිය වෙහෙරටම යවති. තෙරුන් වහන්සේ ද සෙසු වහන්දෑට බසින් කියන බව මුත් ඇසින් බලා පානා දෙයක් නොවන හෙයින් කියන බව මුත් ඇසින් බලා පානා දෙයක් නොවන හෙයින් නිරන්තරයෙන් ම අවවාද කරණ සේක. ඒ වහන්දෑ ඔබ ගේ අවවාදයෙහි පිටිටා වස් නිමන ආසන්නයෙහි හැම දෙනා වහන්සේ ම සුප්පාරක ජාතකයෙහි අන්ධ බෝධිසත්වියන් ගේ අවවාදයෙහි පිහිටියවුන් වඩබා මුඛයට නො පැමිණ ගොඩ දුටුවා සේ පාලිත තෙරුන් වහන්සේ අන්ධ වුව ත් නුවණැසින් බලා දුන් උපදෙස් අන්ධ නොවන බැවින් සසර නැමති වඩබා මුඛ‍යට නො ගොස් සිවු පිළිසිඹියා නැමැති මහ දිවයින් සතරක් ඇති නිවන් නැමති මුළු සක්වල සාධා ගත් නියාවට අර්හත් ඵල නැමැති ‍වොටුනු පලන් සේක.


චක්ඛුපාල තෙරුන් වහන්සේ ‍ගේ වස්තුව 45

මෙ ලෙසින් රහත් ව විසු වස ත් විශුද්ධි පවුරුණෙන් පවරා වස් නිමවා ලා වස් අන්තයෙහි කළ මනා සිරිතක් බැවින් බුදුන් දක්නා කැමති ව පාලිත තෙරුන් වහන්සේට බුදුන් දක්නට යනු කැමැත්තම්හ’ යි කී සේක. එ බස් අසා තෙරුන් වහන්සේ ‘මම ඇස් නැත්තෙමි. අතුරු මඟ ත් යක්ෂොපද්රිව ඇති. වලු ත් ඇති. මා මුන් හැම එක් ව යන කලට හාම දෙන හට ම මා නිසා අට්ටල සිඟා වළඳන්ට නො පිළිවන. මුන් හැම දෙන පෙරාතුව යවන්නා මා නිසා අට්ටලු ත් නැති ව උපද්රළව ඇති තැනු ත් වළහා සුව සේ සිඟා වළඳා යෙති’ යි සිතා වදාරා තමන් හැම පෙරාතුව ගිය මැන වැ’ යි කී සේක. ‘නුඹ වහන්සේ නැ’යි කී කල්හි තමන් වහන්සේ සිතා වළඳා ලෙස ම’ යි වදාළ සේක. ඒ අසා වහන්දෑ එ සේ ‍ෙනා කැමැත්තෝ ‘ආයේත් කැටි ව වුව, පෙරාතුව ආ ගමනක් නො වත් නුඹ වහන්සේ හා කැටි ව ම යම්හ’යි කි සේක. එ සේ කි කලිහි තෙරුන් වහන්සේ ‘අපට එ සේ අඵාසු ය. අප‍ගේ මල් උපාසකයාණෝ තමන් හැම අතින් මා විතාරති. මා ගේ ඇස් අන්ධ නියාව කියන බව ය. ඒ අසා මා ගගට යම කෙණෙක් එවැති. එසේ ආවවුන් හා කැටි ව මම එමි. තමන් හාම ගොසින් ති ලෝ ගුරු බුදුනු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් මාගේ වැඳිමෙන් වැන්දමැනවැ යි විධාන කළ සේක. ඒ වහන් දෑ ත් තෙරුන් වහන්සේ ගේ සිත ත් තමන් වහන්සේ ගේ සිත ත් කමල පත්ර ගත ජල බින්දු සේ අනගැමි මගින් ම සුන් හෙයින් කෝප ලව නැත ත් සිරිත් විසන් වැඳ ක්ෂමා කරවා ගෙන සිඟා නික්මෙන වේලාව හෙයින් ඈත් ගමට සිඟා වන් සේක. මිනිස්සු ද වඩා හිඳුවා ලා වළඳවා ‘කිමෙක් ද ස්වාමිණි. වඩනා ගමනෙක් ඇද්දැ’යි ආකා‍රයෙන් ම දැන ගෙන විචාළෝ ය.

උපාසකවරුනි, එසේ ය, බුදුන් නොදක්නේ නැතක් දවස, ගොසින් අක්නා කැමැත්තම්හ’ යි කි සේක. ඌ හැම රඳවන්ට ආරාධනා කොටත් නො රඳන හෙයින් පසු ගමන් කොට ගොසින් හඬමින් වලපමින් නැවැත්තාහ. ඒ වහන් දෑ ද සාර සිය අසූ ගවුවක් විතර මග ගෙවා දෙවුරම් වෙහෙරට ‍ගොසින් තෙරුන් වහන්සේ ගේ වැඳිමෙන් බුදුනු ත් අසූ මහ සවුවන් වහන්සේ ත් වැඳ දෙ වන දවස තෙරුන් වහන්සේ ගේ මලණුවන් හිඳින විථියට පවතු ත් කථා කරණු නිසා සිඟා වැඩි සේක. කෙළෙඹි පුත්රපයාණෝ ද බෑණන් වහන්සේ කැටි ව ගිය වහන් දෑ නියාව දැන ගෙන සිඟමින් සිටිය දී කථා කිරිම යුක්ති නො වන හෙයින් කථා නො කොට ගෙට කැඳවා ගෙන ගොසින් වඩා හිඳුවා ලා වළඳන් තෙක්



46 සද්ධර්මවරත්නාකරය


සාද සාමිචි කථාකොට පසු ව බෑණන් වහන්සේගේ පවත් විචාළහ. එ සේ විචාළ සිටු පුත්රටයාණන්ට ඇස් නට නියාව කී සේක. ඒ අසා හඬා පියා දැන් කළමනා කිම් දැ යි විචාරා ‘තෙරුන් වහන්සේ ‍අප හා කැටි ව නො වැඩි බව මුත් මුඛින් යමකු යන්නා උන් හා කැටි ව වඩනා සේකැ’ යි කී කල්හි එ සේ වි නම් මේ අපගේ බෑණනුවන් පාලිත කුමාරයන් යවුව මැනවැ’යි කිවුය. ‘මහණ කොට ලා යවතොත් මුත් මෙ ලෙසින් යවන්නට අතුරු මඟ උවදුරු ඇතැ’ යි වදාළ සේක. ‘මහණ කොට වුවත් යවන්නා ශාසනාභිරතිය ඇත් නම් රදාපියති. නැත් නම් ඔබ මුඛ වැඩි කලට උන් අභි ප්රා වෙකැ’යි උන්ගේ දුර්වළල අදහස දන්නා සේ ම කීහ.

වහන්දෑ ත් උන් කතර මගින් එතර වනු සඳහා මහණ කොට ලා දෙපෝයක් විතරත් ආභිසමාචාරික ශික්ෂාවෙහි යොදා ලා මඟ කියා ලා යවු සේක. ඒ හෙරණුන් දෑ ද මයිලණුවන් වහන්සේ සිහා වළඳා වැඩ හුන් ගමට ගොසින් ගම්දොර දී එක් යාලු උපාසක කෙණෙකුන් දැක ‘ගමට වැඩි ආරණ්ය්ක වහන්දෑ හිඳිනා වන වාසයෙක් ඇද්දැ’යි විචාරා ඇතැයි කී කල්හි එහි වැඩ හිඳිනා සෙක් කවුරුන් වහන්සේ දැ යි විචාරා පාලිත තෙරුන් වහන්සේ ය යි කී කල්හි ඔබ නියාව දැන ඊට යන්ට මං විචාරා මුඛ වහන්සේ කවුරුන් වහන්සේ දෑ’යි විචාළ කල්හි තමන් දෑ බෑන නියාව කී දෑ ය. උපාසකයෝ කැඳවා ගෙන ගොසින් විහාරයෙහි ලා ලූහ. ඒ පාලිත හෙරණුන් වහන්සේ ති මලණුවන් වහන්සේ වැඳ ගෙන දෙපොයක් විතර වතින් පිළිවෙතින් තෙරුන් වහ්නසේට සකලා පිළිපැද ලා පසු ව ‘ස්වාමීනි, අප‍ගේ මයිල් උපාසකයේ නුඹ වහ්නසේ දක්නා කැමැත්තෝ ය. වැඩිය මැනව, යම් හ’යි කී දෑ ය. ‘එ සේ වී නම් තෙල යට කෙළවර අල්වාගනුව යි වදාරා ලා යට කෙළවර අල්වා ‍ගත්කල්හි ඇතුළු ගමට සිඟා වැඩි සේක. ඒ ගම මිනිස්සු වඩා හිඳුවා වළඳවා ලා ස්වාමිනි, මෙතෙක් දවස් විහාරයෙ ම රඳා වැඩහිඳු ත් අද මොබ වැඩියේ ගමනක් ඇති නියා දැ’යි හෙරණ නම ආ ගමනිනූ ත් සැක ඇති ව විචාළෝ ය. ‘එ‍සේ ය, බුදුන් වඳිනට යම්හ’යි වඳාළ සේක.

ඒ අසා උපාසකවරු ත් රඳනා ලෙසට නො එක් ලෙසින් ආරාධනා කොට වඩනට ම තර හෙයින් දෙ සිය සතළිස් ගවුවක් විතර දැක්මෙහි සමාධි බලවත් හෙයින් පසු ගමන් කොට ගොසින් අනික් දෙසිය සතළිස් ගවුව ගෙවා ගිය ත් තිලෝ ගුරු බුදුන්ගේ රුව බලා පස ඇද ගෙන එත නොහෙන්ට ඇස් නැත ත් බණ


චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 47

අසන්ට කන් ඇති හෙයින් ‍සඳහම් නැමැති මළ බැඳි ගොසින් පය ඇද ගත නො හෙන සේක් ම වේ ද? ගිය ත් කම් කිම් දැ යි නැවත තමන් ගේ ගමට නැගි අවු ය. හෙරණුන් වහන්සේත් අන්ධ යෂ්ටිය අල්වා ‍ෙගන යන දෑ අතුරු මඟ මහවල තෙරුන් වහන්සේ ගේ කුලුපග ගමකට පැමිණි දෑ ය. එ සේ පැමිණ සුව‍ඳේ උන් මැස්සන් කිසි කලෙක අමෙද්ධ්යණයෙහි හිඳිනා සේ එවැනි රහත් කෙණෙකුන් වහන්සේ කැටි ව ලී කෙළවර අල්වා ගෙන යෙමින් සිට ත් එ ගමින් අවුත් වල දර බිඳිනා ගෑනියක කෙලෙස් මරහු කියා ලූ මෙ හෙවරක් හඩ ගා කියන්නා සේ කියන ගියක් අසා, එක්තරා කමටහනක යෙදි බුදු සස්නෙහි මුල් බැඳිගන්ට නො ව‍ු හෙයින් හා ස්ත්රි න් ගේ ශබ්දයට වඩා පුරුෂයන් පොළඹා1 ගන්නා අනික් ශබ්දයක් නැති බැවින් සම්ප්රා්ප්ත විරති වශයෙන් ගැව වි ගත නො හී ඒ ගීතිකා නාදයෙහි ඇලුම් කෙට ලී කෙළවර අතින් හැර ලා ‘ස්වාමිණි, මඳක් වැඩසිටිය මැනව, කටයුත්තෙක් ඇතැ’ යි කියාලා ඈ ලඟට ගියහ. හෙ ද වැළි ත් කුණ කසලට කසල ගොඩ ආධාරයා සේ කෙලෙස් කුණු කසලට තමා ආධාර ව සිටිනා බැවින් අපායොත්පත්තියට උපදේශක බැවින් ළං වුවා ය. ඌ තුමු ත් තමන් සැදැහැයකින් මහණ නො වුව ත් ශාසනානුරූපී නො වන නියාව ත් නො සලකා අතුරු මඟ දී තෙරුන් වහන්සේ සහය නැති නියාව ත් සලකා ගත නො හි -

“බලවන්තෝ දුඛ්ඛලා හොන්ති - ථාමවන්තො’පි භායරෙ. චක්ඛුමා අන්ධිොතා හොන්ති - මාතුගාම වසං ගතා”

යනු හෙයින් නුවණ නැති ව ඈ විෂයෙහි විපන්න ව සිල් නැමැති ගුණ බඩු කෙළෙස් නැමැති වල් සොරුන්ට දී පියා අත මිට සැඟවෙන කිසිවකුත් නැති වූ හ. තෙරුන් වහන්සේ ත් ‘මෙ තැන්හි ගෑනු කෙණෙකුන් ගීයක් කියන හඬකු ත් ඇසිණ. ගිය හෙරණුන් ට ත් කල් ගියේය. කුමක් දෝ? විපන්න වු නියා දෝ හෝ යි? දිවස් නැති හෙයින් අනුමානයෙන් සිතූ සේක. ‍ඒ සංසාර ඛාණුක වූ පාපී තැනැත්තෝ ද කුණාල ජාතකයෙහි අහෙතුක ප්රෝතිසන්ධික වු කො වුලු ව උපන් බෝසතුන් ස්ත්රිතන් ගෙන් සැළකුණු ගුණ තුමු මනුෂ්ය් ව සිට ත් සලකා පිය නො හි සිත් ඔස්සේ ගොසින් ඒ සා මහත් හානියකට ගෑනියක නිසා පැමිණ, ගොයම් කළ කෙණෙකුන් ගො යම් මිය පිදුරු පමණකු ත් නො ලද්දා සේ ශාසනික ව ත් ගුණ දහමක් ලැබිමට නො නිසි ව ගොසින්තෙරුන් වහන්සේ වැඩ සිටි තැනට අවුත් ‘ස්වාමින්’ යම්හ ‘ යි වැඩිය මැනවැ ‘යි කිවුය. තෙරුන් 1. පොළබා


48 සද්ධර්මබරත්නාවලි ය

වහන්සේ ති ලී කෙළවර නො ගන්වා ම සාමණේර ය, කෙළෙස් සොරුන් අත ගැසී ගුණ බඩු දීපු දැ’යි විචාළ සේක. ඌ තුමු තමන් ගේ නො සපන් කම් ප්රීකාශ වන හෙයින් බැණ නො නැං‍ගෝ ය.බැණ නො නැඟි ගමනින් ම උන් ගේ මොහ නැමති පටල ය වැඩි නුවණැස් නට නියා ව දැන ගෙන ‘ඇස් නැත්තවුන්ට සහය වුව මනා ඇස් ඇති කෙණෙකුන් වේද? තොප ගේ ප්රතසාද චක්ෂුස් ඇතත් නුවණැස් නැති බැවින් සග - මොක් දෙකට මඟ දැක ගත නො හේ. එ සේ වු තොප මා අල්වා ගත් ලී කෙලවර අල්වන්ට ත් අල්වා ගෙන අඩියක් වුව ත් මා හා කැටි ව එන්ට ත් යුක්ති නැතැ’යි වදාළ සේක.

වදාළ බසින් බලවත් වු මුසුප්පු ඇති ව හඳින්ට නිසි පිළියක් නැති හෙයින් හන් පෙරෙවි සිවුරු ගිහි පිළි සේ හැඳ ගෙන ‘ස්වාමිනි! සුදු පිළි ලෙසට සිවුරු හැඳ ගත් හෙයින් ගිහි වීමි. මහණ වි මත් සැදැහැයෙකින් වු මහණක්2 නො වෙයි. සොර භයින් වු මහණය. ගොසිනු ත් හරනා ම සිවුරු ය. වඩනේ යහපතැ’ යි කිවුය. ඒ අසා තෙරුන් වහන්සේ ‘හෙම්බල? ගිහි පවිටු ත් පටිටු ය. මහණ පටිටු ත් පවිටු මය. තෝ ශාසනික ව රඳා සිටිනා දවස් ගණනේ ත් නාන්ට බැස ඇඟ මඬ ගෑවා සේ සසුන් පිළිවෙත් නසා ගත්ති. ගිහි ව සිට කවර තරමෙක් කෙරෙයි ද? තා වැන්න වුන් ලවා ලී කෙළවර ගන්වා යෑමට වඩා නපුරු කොට කිරිමටත් වඩා නො කිරිම යහපත් සේ මේ වල මිය යෑම යහපතැ ‘ය වදාළ සේක. ඒ අසා සිවුරළු, සිරුර දා ගිය කෙණෙකුන් මහ අවුවේ ලූවා සේ බලවත් සෝ දුකට පැමිණ හඬමින් වලපමින් කටයුත්තක් සේ සිතා කළ බව මුත් ඉතා ම නො කටයුතු හෙයින් මයි ලණුවන්ට ත් පෙනෙන්ට මැළි ව අනිත් අතක ම ගියහ.

තෙරුන් වහන්සේ ගේ ද ගුණානුභාවයෙන් තුන්ලක්ෂ සතළිස් දහසක් ගවුවෙන් උඩ තවුතිසා දෙව් ‍ෙලාව දෙ සිය සතළිස් ගවුවක් විතර දිග ඇති, ගවු දෙ සියයක් පමණ පළල ඇති, සැට ගවුවක් විතර බොල ඇති, බඳු වද මල් ගොඩක් සේ රතු වු ශක්රියන් වැද හුන් කලට මෙළොක් ලෙසින් පෙකණිය දක්වා ගැලෙන, නැගි සිටි කල සම තල වන පඬු ඇඹුල් සල හස්න උන් නො කමැති කරවා හුණු වී ය. එ කල්හි සක් දෙවිඳු හස්න හුණු විමට කාරණා දිවැසින් බලා තෙරුන් වහන්සේ ගේ ගුණ නැමැති අවු රැස් ගැසි හුණු වු නියා ව දැන ‘එ සේ වන්නේ ත්


1. කෙණෙකුන් වේ ද? ‍ කෙණෙක් වේ ද? 2 මහණ 4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 49

එක් තරා කාරණයකින් වේ ද? මේ තමා මා දත මනා වේ ද? උපෙක්ෂා විම නම් මා හිස සත් කඩක් ව පැළි ගියේ වි නමුත් නපුරු, යි සිතා -

“සහස්සනෙත්තො දෙවි‍ෙන්දව - දෙවරජ්ජසිරිධරෝ, ඛණෙන උපගන් ත්වා‍න - චක්ඛුපාලමුපාගමි”

යනු හෙයින් තෙරුන් වහන්සේ ළඟට ගොසින් තමන් ගිය නියාව ඔබට හඟවා පතුල් බිම ගැසූ හ. ඒ අසා තෙරුන් වහන්සේ දවුරුදැ යි විචාරා ශක්රපයන් ‘මම ස්වාමිනි! මගි එකෙකිමි’ කී කල්හි ‘උපාසකයෙනි. කොයි යමු දැ’ය විචාල සේක. ‘සැවත් නුවරට යෙමි’ කි කල්හි ඉක්මන් ව යන කෙණෙක් වු නම් උන්ට කල් යන්නේ වේ දැයි සිතා, එ සේ කල යව, යි වදාළ සේක. මම වන්නා යන්නෙම වේ ද? ස්වාමින් වඩනේ කොයි දැ’යි විචාළෝ ය. අපි ත් සැවත් නුවරට යම්හ’යි වදාළ සේක. ‘එ සේ වි නම් කැටි ව යම්හ’ යි කිවුය. ‘උපාසකයෙනි, අප‍ ගේ ඇස් නැති හෙයින් එක් ව යන කලට තොපට කල් යන්නේ ‍වේ දැ’ යි වදාළ සේක. ස්වාමිනි, මා ගේ ඉක්මන් කට යුත්තෙක් නැත. ස්වාමින් හා කැටි ව යෙම් නම් යන ගමනේ දස පින් කිරිය වතින් වෙය්යා වත් පමණක් සිද්ධ වු වත් එ ම විතර කිනුත් සමාධි වෙමි. එ සේ හෙයින් කැටිව යෙමි’ කිවු ය. තෙරුන් වහන්සේ ද ‘මූ සත් පුරුෂයාණ කෙණෙකැ’යි සිතා වදාරා ‘එ සේ වි නම් තෙල යට කෙළවර අල්වා ගනුව’ යි වදාළ සේක. සක් දෙවිඳු ද ලී කෙළවර අල්වා ගෙන -

“සඞ්ඛිපිංසු පථං යක්ඛා - අනුකම්පාය දාරකෙ. නික්ඛන්තදිවසෙ යෙව - වෙතිරට්ඨමුපා ගමුං” යනු හෙයින් වෙස්සන්තර ජාතකයෙහි වෙස්සන්තර රජුජුරුවන් හිමවත වක් ගල් කුසට නික්මුණු ගමනේ කුමාරවරුන් කෙරෙහි අනුකම්පාවෙන් ජයතුරා නුවර පටන් සැ රට වැදි රජ දරු වන් ගෙ මයිල් නුවරට එක් සිය විසි ගවුව හකුළුවා සවසට යා හැකි කළා සේ ම යෙමින් සිට දෙ සිය සතලිස් ගවුව හකුළුවා සවස් වේලාවට දෙවු රම් වෙහෙරට ආසන්න කොට සිටුවා ලූ හ. තෙරුන් වහන්සේ සක් පඤ්චයේ1 හඬ අසා තෙල ගසන්නේ, පිඹින්නේ කො තැන්හි දැ’යි විචාළ සේක. ‘සැවැත් නුවර ය’ යි කිවුය. ‘ යන කල නැතක් දවසින් ගියම්හ. අද උදවු විය’යි වදාළ සේක. මගි වෙසින් ගිය සක්දෙවිඳු හු “ මම ළං මගක් දනිමි” කිවු ය. නිවන් පුරට ළං මං දත් තෙරුන් වහන්සේ ‘මු මට සහය වන්ට ආ දෙවතාන කෙණෙකැ’යි සිතු සේක. සක් දෙවිඳු ද තෙරුන් වහන්සේ ගේ මලණුවන් කැරැ වු පන් සලට තෙරුන් 1. සක් පනාදියේ

50 සද්ධර්ම රත්නාවලිය


වහන්සේ කැඳවා ගෙන ගොසින් හස්නෙහි වඩා හිඳුවා ලා මිත්රුයාණ කෙණකුන් ගේ ලෙසින් තෙරුන් වහන්සේ ගේ මළණුවන් ළඟට ගොසින් නම කියා හඬ ගා ලා, ‘කුමක් දැ’යි විචාළ කල්හි’ මුඹ ගේ බෑණන් වහන්සේ වැඩි නියාව නො දන්නේහිද? වැඩි සේක. මුඹ කරවා ලූ පන් සල වැඩ හුන්නා බල බලා ආමි’ කියා නැගි ගියෝ ය. තෙරුන් වහන්සේ ගේ මල් කෙළෙඹි පුත්රියාණෝ ද පන්සලට ගොසින් තෙරුන් වහන්සේ දැක මහ හඬින් හඬමින් වලපමින් ‘මහණ වන්ට නො කැමැත්තේ ය’ යි මා කීව ත් නො නැවත ගොසින් මහණ ව මෙ බන්දක් වු නිසා දැ’යි කියා හැඬිමෙන් ප්ර යෝජන කිම් ද? ඔබට ඵාසුවක් කළ මනා වේ දැ’යි කොලු සුඟුන් දෙන්නකු නිදහස් කොට ඔබ සමිපයෙහි මහණ කරවා ලා ‘ඇතුළු ගමන් කැඳ බත් ගෙනවුත් අඵාසු නො කොට රැක්ක මැනවැ’යි තෘෂ්ණා දාසත්වකයෙන් මිදි නිදහස් වු තෙරුන් වහන්සේට නාදහස් දෙන්නා පාවා දුන්නාහ. ඒ පැවිදි වහල් දෙ නම ද තෙරුන් වහස්සේට කළ මනා දෙය නොපමා ව කෙ‍රෙති.

එ කල එක් දවසක් බුදුන් වඳින්නට ඒ ඒ දිගින් ආ වහන්දෑ දෙවුරම් වෙහෙරට අවුත් පළමු බුදු රජුන් වහන්සේ වැඳ, ඉක් බිති ව අසු මහ සවුවන් වහන්සේ ත් වැඳ, ඒ ඒ විහාර බලා ඇවිදානා සේක් ඇස් ‍නට හෙයින් එ ලෙසින් ප්ර්සිද්ධ වු චක්ඛුපාල තෙරුන් වහන්සේ වසන තැනට ගොසින් ඒ විහාරය ‍ත් බලම්හ යි නික්මුණ සේක. ‍ඒ වෙලාවට සවසු ත් ව ගි‍ෙය්ය. මහත් කොට වැස්සකුත් නැගී ය. ඒ වහන්දෑ ද සවස වු හෙයිනුත් ‘උදාසන යම්හ’ යි සිතා රඳා පි සේක. වැසි ත් පෙරයම වැස පියා සිටුවා පි ය. දක්ඛුපාල තෙරුන් වහන්සේ ද වඩනා ලද විය්ය්ක ඇති හෙයින් සක්මන් කිරිම බොහෝ කලක් ම අභයාස වු හෙයින් සක්මන් කරනු නිසා අලුයම සක්මනට වැඩි සේක. එ දවස් ද වැළි ත් වැසි වැස පි හෙයින් සක්මන් කරණ තැන බො‍හෝ රතිඳු ‍ගොවුවෝ ඇති වු හ. තෙරුන් වහන්සේ ඇස් නැති ව කරණ සක්මන් කළ සේක් කවුරුන් වහන්සේ දැ’යි විචාළ සේක. තෙරුන් වහන්සේ‍ගේ පැවිදි වාල් දෙනම ‘අප ගේ උපාද්ධයායයන් වහන්සේ සක්මන් කළ තැන ය’යි කී කල්හි ‘මුන් වහන්සේ ගේ කටයුත්තක් ඉතා නපුරු නිසා ය. ඇස් ඇති අවධියේ නිඳා පියා පිළිවෙත නො හැසිර දන් අන්ධප අවස්ථාවෙහි ‘සක්මන් කරමහ’යි කියාලා මේ තෙක් ප්රාොණින් නසා බොහෝ



4. චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ වස්තුව 51

අවැඩ කරණ සේක. ප්රාවණින් නැති තැනක් විචාරා ලා ත් සක්මන් කරන්ට නොහැකි නියා ද? මෙ පවත් බුදුන්ට දැන්වුව මනාවේ දැ’යි බුදුන් කරා ගොසින් ‘ස්වාමිනි, චක්ඛුපාල තෙරුන් වහන්සේ සක්මන් කරම්හ’යි බො‍හෝ ප්රානණින් මරණ සේකැ’යි දැන් වු සේක.

බුදුහු ඒ අසා කුමක් ද? තෙපි උන් ප්රාුණින් මරණ නියාව දුටුහු දැ’යි විචාරා දුටුයේ නැතැ යි කී කල්හි යම් සේ තෙපි නුදුටුහු ද උයි ති සක්මන් කරණ ගමනේ උන් නුදුටු වු ය. රහතන්ට වධක චෙතනාව නැතැ’යි උන් වහන්සේ රහත් නියාව වඳාළ සේක. ඒ අසා වහන්දැ ‘ස්වාමීනි, රහත් වන්ට නිසි පින් ඇති කලට අන්ධ වුයේ හැයි ද? අර්හත්ත්වී ය සාධා දී ලන තරම් කුශලයා එ විතරක් නවතා ලිය නොහෙන නියා දැ’යි කර්මඋ විෂය බුදුන්ට මුත් තමන් වහන්සේලාට අවිෂය හෙයින් විචාළ සේක බුදුහු ඒ අසා ‘හෙම්බා මහණෙනි. රහත් වන්ට නිසි පින් කම් ඇත් ත් ඛලි අකුශලයක් කළ හෙයින් අනිවාය්ය්සේල වී ය’ යි වදාරා ලා ඒ අසා ත් එ බඳු අකුසලින් නො නවත්නා නිසා චක්ඛුපාල තෙරුන් වහන්සේ කළ අකුශල කර්ම්ය වදාරණ ‍සේක් ‘මහණෙනි, යට ගිය දවස බරණැසැ බඹදත් නම් රජකු රජ කරණ කල්හි ඇස් වෙද කම දන්නා කෙණෙක් ගම් නියම් ගම් රාජධානිවල ඇවිද වෙද කම් කරන්නේ එක් තැනක ඇස ඇඳිරිය ඇති ස්ත්රි්යක දැක ‘තොපට ලෙඩ දුක් කිම් දැ’යි විචාරා ඇස් ඇඳිරිය ඇතැ’යි කි කල්හි ‘බෙහෙදක් කෙරෙම් දැ’ යි විචාළෝ ය.

එ අසා උයි ත් තමන් පත පතා ත් හිඳානා එ ම හෙයින් යහපතැ යි කිවු ය. වෙදාණනු ත් පිනට කරණ දෙයක් නොවන හෙයින් මිල කිම් දැ යි පිළියමින් ඇඳිරිය ගුණ වු කලට දෙන මිළ විචාළ කලිහි, ඇඳිරිය නැති කරවා ගන්නා රුචින් වෙදාණන් වෙද කමට තරයේ ලබ්බවා ගන්නා නිසා ‘මේ ඇඳිරිය නැති කරවා ලුවොත් සෙසු කුමක් ද? දරු මලු පුඩුවෙන් මම නුඹට මිඩි වෙමි’ යි කිවු ය. වෙදාණෝ ඒ අසා මෙ විතරක් කී කලට ප්රඩයෝජනය ය වැඩි යුරුවක් කරන්නේ වේ දැ යි සිතා බෙහෙදක් ඉදි කොට දුන්හ. එක බෙහෙදින් ම ඇස ඇඳිරිය නැති ව පියවි ඇස් සේ විය. ඇස් ගුණ වුව ත් ලෙටි කම ගුණ නු වු හෙයන් දිමන් දි ලන්ට ගෙටි වත් නැවත ‘මම මුන්ට මිල ගිවිස්නෙම් ඇස් ආසාවෙන් මිඩි වෙමි යි කියාලමි. තමනට අත් වු කල නම් කතන්නො නැත. එක් උපදෙසක් කළ මනා වේ දැ’යි සිතා ‍වෙදාණන් අවුත් ගුණාගුණ විචාළ කල්හි ‘ආදි


52 සද්ධර්මමරත්නාවලි ය


ඇස් තරමෙක පෙනෙයි. දැන් බෙහෙත් ගෑවක්1 පටන් තර ව ම නො පෙනෙ’යි කිව. වෙදාණෝ ද ඒ අසා තමන්‍ ගේ බෙහෙදේ තරම තමන්ට ම හැ‍නඟෙන හෙයින් ‘මෝ මට කිසිවක් දි ලන්ට, කොට ලන්ට මැළි ව කියන වන ම. දෙන මිලයෙන් මට කම් නැත. වස්තු වු මනා වි නම් යහපත් පිළියම් දන්නා බැවින් ඔබ්බකට ත් පිලි යම් කොට සංග්ර්හ ලබමි. දී ලන්ට අදහස මුනට නැති වුවා සේ ම ඇසු ත් නැති කෙරෙමි සිතා පර ලොව සිතා ගත නොහි ගෙට ගොසින් ඇඹෙණියන්ට ත් එ පත් කිවු ය. උයි ත් ඒ අසා නාවතා නුලූවෝ ය. කරව යි කියා තමන්ට ත් පව් පිරෙන් ලෙසට විධානයකු ත් නො කළෝ ය.2 වෙදානෝ එක් විෂම බෙහෙදක් යොදා ලා ගෙන ගොසින් ‘ඇස් ඇඳිරිය තර වි නම් තෙල බෙහෙත් ගාලව’යි දුන්හ. උයි ත් තමන් ගේ බසින් ඇඳිරිය තර ය යි සිතා අවිෂම ව දුන් බෙහෙදෙකැ’යි සිතා ගෙන ඇස ඇඳිරිය නැත ත් කර්මද ඇඳිරිය බලවත් හෙයින් විෂම බෙහෙද ඇස ගැවු ය. බෙහෙද ගාලන්නා ම කර්ම‍ ඇඳිරියට නිසි බෙහෙත් හෙයින් පාන් දෙකක් නිවි ගිය කලක් මෙන් ඇස් දෙක ම නැසි ගොසින් බැලුම් නැත් විය. කර්මක ඇඳිරිය ත් තුනී වන්නෙක් හෝ නැති වන්නෙක් වි ය. වෙදාණෝ ත් අනුන් දමා පු දෙයක් හැර ගන්නා සේ ම උන් ගෙන් ගෙවුණු අකුහල ය තමන් කෙරෙහි පිහිටුවා ගත්හ. ‘මහණෙනි, එ කල වෙද්දු නම් දැන් ඇස් පිළියමෙහි තර නොවන කෙලෙස් පිළියමට තර ව මාර්ගෙ ඥාන නමැති ඇස් ලත් වක්ඛුපාල තෙරහු ය. පුතණුවන් එ කල්හි කළ අකුශල කමර්යා දුවන එකකු හඹා දුවන එකක්හු මෙන් මෙ වක දක්වා ම අවසර බල බලා හඹා පසු පස්සෙහි දිවී ය. යම් කෙණෙක් තුන් දොරින් සිද්ධ වන අකුශලින් දුරු විය නුහුණු වු නම් ඒ අකුශල ය ගැල් අදනා ගොන් ගිය ගිය සේ ගැල් සක් ගොන් ‍ගේ පයට ළං වන්නා සේ සසර නමැති ගැළ යෙදුනු සත්වස නමැති ගොන් ගේ විපාක දාන කාල නමැති පයට අකුශල් නමැති ගැල්සක -

“ සන්ධිමෙකන්තු කම්මෙකං - ජනෙති න තතො පරං, අනෙකානි විපාකානි - සඤ්ජනෙති පවත්තියං”

යනු හෙයින් ප්රෙතිසන්ධි විපාක ය එක කර්ම ය. එක වරෙක මුත් නො එක් වර නොදෙන බව මුත් ප්ර්වෘත්ති විපාක නො එක් වර දෙන හෙයින් අපරාපය්ය්එක වෙද්ය වශයෙන් අනුපධිශෙෂ නිර්වා ණ ධාතුව දක්වා ළං ළං ව දිවෙයි. ම පුතුන් රහත් වු හෙයින් මෙ තැන්හි දී නැවති පිය” යි වදාරා මේ දෙශනාව නිමවා වදාළ සේක 1. ගෑවත් 2. කොළෝ ය.

5. මට්ටකුණ්ඩලි වස්තුව 53

තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේම මේ ධර්ම5 දෙශනා නමැති බෙහෙදින් තිස් දහසක් දෙනා ‍වහන්සේ භවොත්පත්ති ලෙඩින් අර්හත් ඵල නමැති ගොඩට නැඟි සිත් සතන් සැනැහුණා සේ සත් පුරුෂයන් විසින් අප ගේ සද්ධර්මතරත්නාවලි නමැති බෙහෙදින් දුහුචරිත නමැති (ලෙඩින්) ගොඩ නැඟි විෂ්කම්භන - සමුච්ඡෙද දෙක මෙ වක බැරා වුව ත් තචඞ්ග වසයෙන් ක්ලේශ කාලුසයාප ගමයෙන් පවිත්රව වු අදහස් ඇති ව ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.


5 මට්ටකුණ්ඩලී වස්තුව

[සංස්කරණය]

තව ද සැදැ ඇත්තවුන් ගේ සැදෑ වඩනට නිසි වු අනිකුත් කථාවක් දක්වන්නමේ යම් සේ චක්ඛුපාල තෙරුන් වහන්සේ වෙද ව උපන් ජාතියෙහි නුවණ නමැති ඇස මොහ නමැති පටලය වැඩීමෙන් කුශල් නමැති ඉඳුරා මහ නො දැක අකුසල් නමැති විෂම මගට පැමිණ ලඝු වු ත් අකුශල ය නිසා රහත් වු ජාතියෙහි අන්ධ විමෙන් මේ සා හාණියක් වී ද එ සේ නො ව යම් කෙණෙක් නුවණ නමැති පහන් ඇසින් කුශල් වගට බැස ලඝු වු ත් කුශලයෙහි හැසිරෙත් නම් ඒ නිසා ලබන ලොවි ලොවුතුරා සැපත් මට්ටකුණ්ඩලි වස්තුවෙන් දක්වම් හ. හෙ කෙ සෙ ද යත්:-

සැවැත් නුවර අදින්නපුබ්බක නම් බමුණාන කෙණෙක් වෙසෙති. ඌ ‘ තුමූ සුධා භොජන ජාතකයෙහි කෙළ ගණන් වස්තු ඇති පියාණන් සක් දෙවිඳුගේ උඵදෙසින් දන් දිමෙහි අදහස් ඇති පියාණන් සක් දෙවිඳුගේ උපදෙසින් දන් දිමෙහි අදහස් ඇති වන තෙක් කිසි කෙණකුන්ට කිසිවක් දී ලන්ට මැළියා සේ, ඉල්ලිස සිටාණන් ඉල්ලිස සිටු වෙස් ගත් සක් දෙවිඳුහු සම්පත් විසුරුවා දන් දෙනතෙක් තමන් දි ගත නුහුණුවා සේ, බුදුන් ගෙන් බණ අසා නිවන් දැක මසුරු සිත් තුනිවන තෙක් තණ අග ගලා තෙලි බින්දුවක් විතර ත් අනුන්ට නුදුන් විරූ ය. එ සේ හෙයින් “අදින්නපුබ්බක” ය යන නම අර්ත්වා න්විත නාමය. උන් ගේ එක ම පුතණු කෙණෙක් ඇත. ජිවිතය සේ ඉතා ප්රි්ය යෝ ය. ඒ ප්රිණය පුතණුවන්ට ආභරණයක් කරවන්ට සිතා කෙළ ගණන් සම්පත් ඇති තැනැත්තේ නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ සම්පත් මහත් වුව ත් අදහස කුඩා බැවින් ආභරණ කරවන්ට බඩාල් කෙණකුන් ගෙනාවොත්


54 සද්ධර්ම්රත්නාවලිය

කර්මානන්ත කරවණ තෙක් දවස් උන්ට බතු ත් දිය යුතු ය. එ සේ කලට නැතක් වී සාල් වියදම් වෙයි. නැවත කර්මාබන්තය නිම වා දුන් කල මිල ත් දිය යුතු ය. එ සේ කලට ආභරණ මෙන් හා කළ මලය ති කැටි ව බො‍හෝ වස්තු ත් වියදම් වෙයි. දන්නා නො දන්නා තමා ම කරණ කලට වියදම් වන දෙයක් නැත්තේ වේ ද’යි බො‍්හෝ සිතිවිලි සිතා තුමු ම රත්රන් හරගෙන අකුරු ලියන සේ නො දන්නා කෙණෙකුන් පත්වල හිරි හඳනා සේ කුණ්ඩලාභරණ සේ තලා පියා දුන්හ. ඒ කුණ්ඩලාභරණය උරුට්ටු ආදි වු සූක්ෂ ම කර්මාහන්ත නැති හෙයින් මට සිළුටු වි ය. එ සේ හෙයින් කුමාරයන්ට නම් තබන්නෝ මට්ටකුන්ඩලි නම් තුබු හ.

ඒ කුමාරයන් ‍‍සොළොස් හැවිදිරි අවස්ථාවෙහි පාණ්ඩුරෝග ඇති විය. එක් දවසක කුමරුන් ගේ මෑණියෝ බමුණානන්ට වස්තු ලොභයෙන් ඊ අවස්ථාවක් නැත ත් තුමූ පුතණුවන් ගේ හැටිපෙවෙත් නපුර. උන් තමන් නොකිය ත ත් ලෙඩක් ‍දුකක් ඇත්තා සේ ය. ඊට නිසි පිළියම් දන්නා කෙණෙකුන් ගෙනවුත් පිළයමක් කරව’යි උන්ගේ අදහස් ආභරණ ය කළ ලෙසින් ම නො නැඟුණා සේ කිවු ය. බමුණානෝ ඒ අසා පින්වත් බැමිණිය කුමක් කියයි ද, පිළියමට වෙදවරුන් ගෙනා කල වෙද කම් නිමන තෙක් බතු ත් දුන මැනව. මං කුලි ත් දුන මානව. කෙළ වර මිළත් දුන මැනව, බලවත් ව තිබෙන ව්යාවධි හෙයින් මිළ ත් මඳකින් සෑහි නො යෙයි. හි දඬු මිටියකින් හී දණ්ඩක් හයා ගත් කලට අඩු ව පෙනෙන්නා සේ කවර තරම් වස්තුයෙක්ත් දවසක් වුව ත් ප්රගයෝජන උන කලට අගය අඩුවන්නා සේ සම්පත් අඩු වන නියාව කලන්ද්ක ජාතකයෙහි ලේනාණන් නගුට වැද ගත් පැන් ඉසි පමණකින් මූද පැන් අඩු වු නියාවෙනු ත් දත මනා වේදැ’යි යනන් තමන් නොදත් හෙයන් දෘෂ්ටාන්ත කොට නො කීව ත් සෙසු ලෙස කථා කීමෙන් තමන් ඉතා ලාමක කියාව හැඟ වූ හ.

ඒ අසා බැමිණියෝ බමුණානෙනි, එ සේ කල කළ මනා කිම්දැයි විචාළෝ ය. යම්ලෙස කළ කල මගේ වස්තුවට හානියෙක් නො වේ නම් ඒ ලෙස ත් කෙරෙමි’යි කියා ලා වෙදවරුන් ළඟට ගොසින් පාණ්ඩුරෝග ඇත්තවුන්ට කුමන පිළියම් කරවු දැ යි විචාළෝ ය. වෙදවරු ඒ අසා රෝග ඇකි කෙණෙකුන් කරා කැඳවා ගෙන ගොසින් නිදන් දන්නා‍ ලෙසට රොගිනු ත් බලා



5. මට්ටකුණ්ඩලි වස්තුව 55


පිළියම් නො කරවා දුර තබා විචාරන කල රොගීන් නියම නො කළා සේ ම අපි ත් කියන බෙහෙද නියමක් නැති ව කියම් හ’යි සිතා ගෙන බමුණානන් විචාළ ලෙසින් ම මුන් තමන් ගේ පුතණුවන්ට පාණ්ඩු රොග ඇති වන, තමන් ලොභී හෙයින් ‍ෙවද වරුන්ට යමක් දි ලන්ට මැලි ව වාචාරණ වන්නැ’යි සිතා ලා චක්ඛුපාල තෙරුන් වහන්සේ වෙද ව උපන් අවධියේ ඇස් කස්නට දුන් බෙහෙත් සේ ම අනික් අනික් ලෙඩකට ම නිසි බෙහෙදක් විධි ත් ‍නො කියා පාණ්ඩුරොග ය විෂම වන පෙසට ම කියා ලති. බමුණානෝ ඒ අසා සුඹුළු ආදි ය ගෙන ගොස් කකාරා පෙරා දෙති.

පය බරවායට පිටකර බෙහෙත් බඳිනා සේ ම, ඇස් සරහන්ට තොල අඳුන් ගානා සේ, වරදවා කරණ පිළියම් හෙයිනු ත් අවස්ථා දැන නිදන් බලා කරණ පිළියමක් ‍‍නො වන හෙයිනු ත්, බෙහෙත් කෙරෙමින් සිටිය දී, ඒ ඒ විෂයට ප්රමතිනියත මන්ත්රාෙ දිය තිබිය දී , අනික් මන්ත්රා දියකින් විෂ බාමින් සිටිය දී, වඩා ගෙන යන විෂයක් මෙන් රොග ය බලවත් ව ගොසින් මරණින් මුත් පිළියමින් ආසාද්ධ්යා බවට පැමිණයේ ය. එ කල බමුණානෝ ආඳා යවා තබා ලා වල්පත ගත්තා සේ, වෙද වරුන් ගෙන්වන අවස්ථාවේ රෝග හානියට ත් වඩා වස්තු හානිය නො කැමති ව නො ගෙන්වා අතෙකිච්ඡ අවස්ථවෙහි වෙදාණ කෙණකුන් ගෙන් වූ ය. ඌ අවුත් රොග බලා සන්සිඳුවන්ට බැරි නියා ව දැන ‘මා අවසර නැත. අනික් වෙද කෙණෙකුන් ගෙන්වා පිළියම් කර වන බවය’යි කියා ලා ගියෝ ය. උන් ගිය ගමනින් ම බමුනානේ පුතණුවන් මියන නියාව නියම කොට දැන මූ මළ කල ඉළවුවට1 ආ‍ කෙණෙක් ඇතුළු ගෙයි පුරා තුබු සම්පත් දැක මෙ තෙක් සම්පත් තබා ගෙන හිඳ දුප්පතා සේ පුතුට පිළියම් පමණකු ත් නො කරවා නසා පී ය. අනේ ම‍හා ලොහි එකෙක් වනැ’ යි මා ලොභි කොට ත් සිතා ගනිති” යි සිතා නො මියන තෙක් ම පුතු පිටත් කරවා ගෙන් පටත පිළ පිට ලවා පු හ.

බුදුහු එ දවස් අලුයම් වෙලෙහි මහ කුළුණු සම වතට සම වැද එයින් නැඟි පෙර බුදු වු බුදුවරුන් වහන්සේ සමයෙහි මහත් සේ කොට පුරා පී පින් කම් ඇති හෙතු සම්පන්න පුද්ගයන් දක්නා පිණිස බුදු ඇසින් ‍ලොව බලන සේක් දස දහසක් සක්වළ නැමැති මහ මුහුද වසා නුවණ දැල දැමු සේක් මට්ටකුණ්ඩලි නැමැති කුඩ මසු, පිළ නැමැති දිය කෝලි බඩ හොත්තේ බුදුන් ගේ නුවණ

		1. එළවුවට.

56 සද්ධර්මැරත්නාවලිය

දැළට තමා සම්භ වුව මනා හෙයින් වැද හොත් ලෙසින් ම නොසෙල් වී නො පෙරළී නුවණ දැළ බැඳිණ. බුදුහු ඔහු දැක මා එතැනට යාමෙන් වන ප්රරයෝජන කවරේ දෝ හෝ යි පරික්ෂාබ කරණ සේක් මා එ තැනට ගිය කල මට්ටකුණ්ඩලියා මා කෙරෙහි සිත පහදවා ගෙන කොට ගත් අනික් පින්කමක් නැත ත් සිත පහදවා ගත් පමණකින් මිය ගොස් තවුතිසා දෙව්ලොව එක් සිය විසි ගවුවක් විතර උස ඇති රන් විමනෙක උපද්දි ඔහු පිරිවරා දෙවඟනෝ දහසක් දෙන පහළ වෙති.

“බමුණු මිය ගිය පුතු දවා පියා මළ පුතු අරභයා අඬමින් දවා පූ සොහොනෙහි ඇවිද්දි. දෙව් ලොව උපන් මට්ටකුණ්ඩලි දෙව් පුතුන් ද තුන් ගවුවක් පමණ උස හා ගවුමක් විතර පළන් ඔටුන්න හා එක් ව සතර ගවුවක් උස ඇති ව ගැල් සැටෙක පිරෙන ආභරණයෙන් සැරහුණු දහසක් වෙඟනන් විසින් පිරි වරන ලද ඉතා ශොභාමත් වු ආත්ම භාව ය දැක “මේ දෙව් සැපත නිකම් හුන් පමණකින් ලද හැක්කේ ‍නො වෙ යි. එක් තරා පින් කමකින. කෙ සේ වූ පින් කමෙක් දෝ හෝ යි තමා කළ පින් සලකන්නේ ආසන්න කර්ම ව සිටි අනික් පින් කමක් නැති හෙයින් මා කෙරෙහි සිත පහදවා ගත් පමණකින් නියාව දැන ‘අනේ! අදින්නපුබ්බක නම් බමුණු ඒ සා මහත් වස්තුව මඳ ව යෙ යි’ යන මසුරු අදහසින් මට බෙහෙත් පමණකුත් නො කර මා මියන්ට අත්හැර දැන් ආදාහණ භූමියට ගොසින් වසා ලූ කඩ රෙද්දට ලොභයෙන් හඬන්නා සේ හඬ යි. හඩින්නහු දිවන්න් ලුහු බඳවන්නා සේ තරයේ ම හඬාපුව මනා ‍වේ දැ’යි පියා කෙරෙහි මුසුප්පුවෙන් මට්ටකුණ්ඩලි ලෙසින් අවුත් සොහොන් බිමට නුදුරු තැනක සිට හඬ යි.

“බමුණු ඔහු දැක තමාගේ පුතු මළ නියාව දන්නා බැවින් ‘තෙපි කවුරු දැ’යි විචාරා ‘මම ‍තොපගේ පුත් මට්ටකුණ්ඩලියා වේ දැ’යි කී කලිහි ‘කො යි උපනු දැ’යි විචාරා ඔහු තව්තිසා දෙව් ‍ලොව උපනිමි’යි කී කල්හි ඔහු පින් කමක් කරණ නියා වක් තමා නුදුටු හෙයිනු ත් පර සිත් දන්නා නුවණක් තමාට නැති හෙයිනු ත් බුදුන් කෙරේ කළ චිත්තප්ර සාද ය නො දත් හෙයිනු ත් බුදුන් දුටු නියා දුටත් එ විතරකින් දෙව් ලොව ඉපැද ඒ සා සම්පතක් ලබන නියාවකට බමුණු තමා ගේ වෙදයෙහි නැති බැවිනුත් ‘කුමන පින් කමක් කොට ද, ඒ දෙව් ලොව උපන්නේ’ ය යි විචාර යි. ඒ අසා දෙව් පුත් ‘මා කෙරෙහි සිත් පහදවා ගත් පමණකිනැ’යි විචාළ බමුණාට කිය යි, බමුණා ඒ අසා හදහ



5. මට්ටකුණ්ඩලි වස්තුව 57

ගත නො හී මා කරා අවුත් ‘නුඹ වහන්සේ කෙරෙහි සිත් පහදවා එ පමණකින් අනික් පින් කමක් නො කොට දෙව් ලොව උපදින්නෝ ඇද්දැ’යි විචාර යි. විචාළ ඕ හට ‘හෙම්බල බමුණ, මා කෙරෙහි සිත් පහදවා එ පමණකින් දෙව් ලොව උපන්නවුන් සිය ගණනිනුත් දහස් ගණනිනු ත් ලක්ෂ ගණනිනු ත් පුඩු කොට කියන්නට බැරි ය’යි කියා ලා ඒ සාධන්ට නො වත ත් ධම්පියා වෙන් ගාථාවක් ‍කියමි. ඒ ගාථාව කියා ලූ අන්තයෙහි සූවාසූ දහසක් දෙන කෙලෙස් සතුරන් ගෙන් කිසි කෙණෙකුන් මරා නිම වා, කිසි කෙණෙකුන් එඩි දර්ප රහිත කොට ලා නිවන් පුර වඳිති. නිවන් පුර වැද පසු ව කලෙක දී කෙලෙස් සතුරන් මරා නිම වති. මට්ටකුණ්ඩලි නම් දෙව් පුත් ද කළා වු චිත්ත ප්රකසාදයෙහි විපාක දෙව් සැප ත් ලත් පමණකින් - කෙතෙක් බත් ක‍ෑව ත් පැන් පුවො ත් මුත් පිපාස සන් නො සි‍ඳෙන්නා සේ - නිවන් දුටු වොත් මුත් නො නිමන හෙයින් දහසක් නයින් සැදුම් ලද සෝවාන් පෙලෙහි පිහිටා ලද දිව සැපත තර කොට ගෙන අපා යොත්පත්ති නැති කෙරෙති. ඉතා ලෙටි වු අදින්න පුබ්බක බමුණු ද සෝවාන් ව ඇඹුලකින් තඹ මළකඩ නැතිවන්නා සේ ලොභ සිත් මඳ ව තමා ගේ වස්තු නිධාන ගත ව තුබු නියාව නො සේ ම හෙයින් උගුළුවා ‍හැර ගෙන කවර ලෙසිනු ත් නො නස්නා ලෙසට අනුගාමික නිධාන කොට බුදු සසුන් නැමැති ක්ෂෙම නැති ලයි.

මෙ සේ මේ කුල දරුවාණන් නිසා බො‍හෝ ප්රායෝජන වෙ යි - දැන වදාරා දෙවන දවස් උදාසන අලතා පිඩෙක ඇති වු පබලු දළු වැනි වු හෝ නොහොත්, ලා ‍රසෙහි ගලා ඔසොවා ගත් කොබෝලීල මල්දමක් වැනි වු තමන් වහන්සේගේ හඳනා සිවුර පත් කොට ගෙන ත්රි මණ්ඩල පටිච්ඡාදන වසයෙන් පෙකණිය ත් දන මඩුලු ත් වසා පුන් සඳ මඬලෙන බාගයක් රත් වලා යෙකින් වසන කලක් පරිද්දෙන් වැළඳ ගෙන ඊ මත්තෙහි පබළු දළු සමූහයක් රන් පවුවකින් වෙළන කලක් පරිද්දෙන් විදුලියක් හා සමාන වු පටි ධාතූන් වහන්සේ බැඳ ගෙන, ඉක්බිති නුග පක් සමූහයක් වැනි වු දෝ හෝ නො ‍හොත් බඳු වද මල් ඇති රියක් වැනි වු සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන් ද, නො හොත් සියක් රියන් උස ඇති රන් ඇගැයක් පබළු දැලකින් වසන්නාකිහු මෙන් ද නොහොත් රන් දා ගබක් රත් පලසකින් පිළිගත් සේ ලන කලක් මෙන් ද, නොහොත් යන පුන් සඳ රත් වාලයෙකින් වසන්නාක්හු මෙන් ද, නොහොත් යනු පුන් සඳ රත් වලායෙකින් වසන්නාක්හු මෙන් ද, නො හොත් රන් පර්වතත මුදුනකින් පර්විත ය වසා ‍ලනා ‍රස වගුරු වන්නාක් මෙන් ද, නො හොත් සිතුකුළු පව්ව බඳු වද මල් දමින්

1. රත්.

58 සද්ධර්ම රත්නාවලි ය

වෙන කලක් මෙන් ද සකසා වැළඳ ගෙන රන් ගුහාවකින් නික්මනෙ සිංහයක්හු පරිද්දෙන් ගඳ කිළයෙන් නික්ම වඩනා නියාව දස දිග කියා යවන මෙහෙවර කරන්නවුන් මෙන් සකල ශරිරයෙන් සවනක් රස් විහිදුවමින් මහා කාශ්යරප ස්ථවිර ප්ර මුඛ භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා සැවත් නුවරට වැඩ ගෙ පිළිවෙනළින් සිඟා වඩනා සේක් බතක් නිසා සිඟා වඩනා ගමනක් නො වත ත් අදින්නපුබ්බකයන්ගේ ගෙට ත් වැඩි සේක.

එ වේලාවට මට්ටකුණ්ඩලි භිත්ති ය දිසාවට මූණ ලා වැද හොත්තේ ය. බුදුහු තමන් වහන්සේ නො දක්නා නියාව දැනශරිර ප්රලදෙශයකින් රස් කඳක් විහිදුවා වදාළ සේක. එ රස් කඳ ගොසින් බිත ත් වැද ගත. මට්ටකුණ්ඩලි ත් බුදු රස් දැක මියන වේලක - රුවන් සක්මන මුනි පෙත්තක් ගෙන ගොස් සිටුවා ලා පෙත්ත දසාවට නමා ලූ කලක් මෙන් මිදුල දිසාවට නැමි ලා වැදහොත් තැනැත්තෝ දෙතිසක් විතර මහා පුරුෂ ලක්ෂණයෙන් හා අශීත්යතනුඛ්යතඤ්ජනයෙන් හා බ්යාහම ප්ර්භා කෙතුමාල් යෙන් හා දස දිග පතළ දවනක් බුදු රසින් හා කප් ගිනි ගත් රුවන් මෙරක් මෙන් බබලමින් වැඩ සිටි, බැලු බුලුවන් ඇස් සනහන, සිතු සිතුවන් සිත් සනහන, ඇසු ඇසූවන් කන් සනහන, අනල්ප කල්ප කෙටි ශත සහශ්රුයෙහි පිරූ සුචරිත ය එක් කොට හඹා සිටුවා ලූවක් වැනි බුදු රුව දැක ‘නුවණ නැති පියාණන් ගේ සමවාය නපුරු හෙයින් බුදුන් කරා ගොස් වැඳ පියන්ට වේව යි දනක් දී පියන්ට වේව යි බණක් අසා පියන්ට වේව යි මේ සොළොස් අවුරුද්දෙන් අට හවුරුද්දක් වතිර ත් නො වි ය. දැන් ළඟට ගොසින් වැඳ ගන්ට පය ත් අවසඟ ය. වැද හෙවත් අත ඔසොවා නළල තබා වඳින්ට අත ත් නො නැමෙ යි. අනික් කළ මාන් දෙයකුත් නො පෙනෙ යි. සිත පහදවා ගැන් මෙහි අදහස් ලැබෙන බැවින් ආයාස නැත. මේ අවස්ථාවට පිලිවන් ව තිබෙන සිත පැහැදි ම ම කෙරෙමි ‘යි සිතා පිළියමට දෛළු නැත ත් බුදුන් දකින්ට දෛව ඇති බැවින් දැක සිත පහදවා බුදුන් වැඩි ගමන සාර්ත්ථ්ක කළ හ. බුදුහු ත් බර එසවි ය නොහෙන්නවුන්ට ශරිර භාර ය ම සෑහෙන්නා සේ මෝහට මෙ විතරෙක් ම සෑහෙයි - සිතා වදාරා ලා ශරිර ගත වූ පාණ්ඩු රොගයට පිළියම් නො ලැබ මියන මට්ටකුණ්ඩලීන්ට පර ලොව දි කාය පීඩා නැමැති රෝග හට‍ නොගන්ට විත්තප්රණසාද නැමැති පිළියම් කරවා වැඩිසෝක. බුදු රජුන් වහන්සේ නො පෙනෙන තැනට වැඩ පියන්නා ම පහන් සිත පසු නො බස්වා හොත් තැනැත්තෝ


1. සක්තියෙහි. 5. මට්ටකුණ්ඩලි වස්තුව 59

මිය නිදා පුබුත්1 කෙණෙකුන් පරිද්දෙන් දුක් මුහුද සියල් ලෙසින් ගෙවන්නට නු වුව ත් එක් ලෙසකින් ගෙවා තව්තිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් විමනෙක දිව්යෙ පුත්‍ර ව උපන්හ.

බමුණාණෝ ද මළ පුතණුවන් දවා පියා උරඟ ජාතකයෙහි මහ බෝසතුන් මෙන් තමන් ශොක ‍නැති වන කාරණ නො දන්නා බැවින් දවස් පතා ම සොහොනට ගොසින් අනේ එක පුතණුවෙනි! යනාදි ය කිය කියා හඬති. මට කොඬෙ‍ාල් දෙව් පුත් ද තමාගේ දෙව් සැපලත් බලා ලබන්ට නිසි ව දෙ වන ජාතියෙහි කළ පින්කම් විමසනු යේ බුදුන් කෙරෙහි කළ චිත්ත ප්රපසාද පමණකින් වු නියාව දැන ‘මේ බමුණු තෙම තමා ගේ වස්තු හානි තකා මාගේ ජිවිත හානියට නිස්ස ම සිතනුයේ බෙහෙත් පමණකු ත් නො කරවා ගොයම් කරණ අවධියේ නො ‍කොට හිඳ පියා, වී අවධියේ නො ලැබ්බ හැකි වියට හඩන්නා සේ එයි ත් එක් දරු පෙමක් සේ සිතාගෙන සොහොන්හි හඩා ඇවිද්දි. මට මෙ සා මහත් හානියක් කළ තැනැත්තවුනට මෙ විතරෙක් මඳ, තවත් මුසුප්පු උපදව මි’යි මට්ටකුණ්ඉලි වෙස මවා ගෙන සොහොන් බිම කරා ගොසින් අත හිස තබා ගෙන වැත්තෑ දන්නට ආ නෑ කෙණකුන් මෙන් හඬ හඬා සිටියේ ය. බමුණානෝ හඬන්නා වු ඔහු දැක ‘මම වන්නා දරු ශොකයෙන් හඬමි. මු කුමට හඬන නියා දෝ හෝ’යි චුල්ලධනුග්ගහ ජාතකයෙහි දෙ මව් පියන් ගෙන්වා පාවා දෙවාලූ සමණන් සොරකු දැක ඌ කෙරෙහි ආලයෙන් ඌ ලවා සමණන් මරවා උණ් ගෙනු ත් නො ව, පසු ව සොරුගෙනු ත් නොව, ඒ හැම තබා පළන් අභරණින් හා හන් පිළියෙනු ත් නො වතු ව කැළයක් යට හිඳ තමා ම වෙහෙසන්ට කැණහිල් වෙසක් මවා ගෙන ආ ශක්රැයන් හා ලජ්ජා නැති ව ශොක කාරණ විචාරා කථා කළ ස්ත්රි ය මෙන් තමන්ගේ ශොක කාරණ තිබි යදී විචාරණු නිසා උන් කරා ගොසින් ‘සකල ශරිරයෙහි සඳුන් කල්ක තවරා ගෙන සව් බරණ ලා සැරහී මල් පැළඳ මට්ටකුණ්ඩලි ලෙසින් අවුත් මේ වල් මැද අත හිස තබා ගෙන හඬව. මම වන්නා දරු ශොකයෙන් හඬමි. තෙපි කුමක් නිසා හඬා දැ’යි වාචාළෝ ය. මට්ටකුණ්ඩලි ඒ අසා ‘මාගේ රථ මැදිරියෙක් ඇත. ඒ තෙමේ ත් ගන රන් මුවා ය. ඊට නිසි වු සක් සඟළෙක් නො ලැබෙමි. ලදොත් ජිවත්වන්නා මුත් ‍නො ල දොත් ජිවිතය හිරිමි’යි කියා ශොකහරවන්ට කාරණ වූ ශොක කාරණ ය කී ය. ඒ අසා බමුණානෝ පුතණුවන් මිය යා දිම ත්යාකග අදහස බලවත් වු වා සේ ‘ළදරුවාණෙනි, තොප ඉල්වන සක්සහළ මාගේ සම්පත් බොහෝ ඇති බැවින් රත්රනින් වුව ත් රිදියේන වුව ත් මුතු මැණික් ආදියෙන් වුව ත් තොප කියා ලූ තරමෙක කරවා දෙමි

1. පුබුදුන්. 60 සද්ධර්මුරත්නාවලි ය

වුව මනා තරමක් කියව’යි බත් පමණකින් හා යන්තම් මිලයකින් කරවා දී ලිය නො හී කුණ්ඩලාභරණ ය තුමූ ම කෙට දුන් තැනැත්තෝ ‘සත් රුවනින් සක් සඟලක් කරවා දෙමි’යි කි වු ය. ඒ අසා මට්ටකුණ්ඩලි දෙව් පුත් ‘මේ තෙමේ තමා ගේ පුතුට බෙහෙත් පමණක් වුව මනාලෙස නො කරවා පැන් වත් කළ මනා ගසට හුණු පැන් වත් කරන්නා සේ නො බෙහෙද් බෙහෙත් කොට මරා තබා ලා දැන් පුතණුවන් සැටියේ ආ මා කී දෙයක් කරවා දෙමි’යි කිය යි. තරයේ ම මු චකිත කරවා ලමි. කෙසා විතර සක් සහලක් කරවා දෙව් දැ’යි විචාළහ. ‘තොප කී විතරෙකැ’යි කී කලිහි මාගේ රථ මැදිරිය1 ගනරන් මුවා ය. එ සේ හෙයින් ඊට තරම් වතොත් හිර හා සඳ ය. ඒ දෙක සම්හ වී නම් ගමන් බලා ලූ කලට ජවන හංස ජාතකයෙහි හංසරාජ ව ව උපන් බෝ සතුන්ට කිසි විටෙක පසු බට ත් සෙස්සවුනට පසු බැස්මක් නැති හෙයින් ඉතා බලවත. එ සේ හෙයින් හර හා සඳ සම්භ වී නම් ඒ මාගේ රථ ය හොබ්බී. සෙසු සක්වලින් ප්රහයෝජන නැතැ’යි කිව.

බමුණු ඒ අසා ‘ළදරුව, තෝ ඉතා ම නුවණ නැත්තෙහි ය. පැතුව මනා දෙය තබා පොල් ගසින් තල් පක් පතන්නා සේ, ගින් නෙත් සිහිල පතන්නා සේ. අකුසලින් සැපත් පතන්නා සේ. නො පැතුව මනා දෙය පතහි. තා හඬා මියත ත් ඒ දෙක ලබන්ට බැරි ය’යි කි වු ය. ඒ අසා මට්ටකුණ්ඩලී දෙව් පුත් ‘බමුණානෙනි, තෙපි මා නුවණ නැතැ යි කිය ව. හැඬිමෙන් තොප ත් මා ත් සරි පසු නුවණ ඇත්තවුන් නැත්තවුන් වේ ද තේරුව මනා. යම් කෙණෙක් යමක් දැක ඒ ලබන්ට හඩත් නම් ඌ නුවණ නැත්තෝ ද? නොහොත් ‍‍නො දක්නා දෙයට හඩන්නෝ නුවණ ඇත්තෝ ද? ඒ දෙ පක්ෂයෙන් නුවණ නැත්තවුන් තෝර ලා තව ත් සිතට නො නැංගොත් හඬව’යි කී ය. ඒ අසා බමුණානෝ කියා ලූ කාරණ ක්ෂාොත්ක්ෂා’ත් කාරණ හෙයින් තුමූ ත් සලකා පියා ‘ළදරුවාණෙනි, තොප කියන්නේ යුක්ති ය. තොප කීවා සේ පෙනෙන හිර සඳ ඉල්වව. පෙනෙන දෙය ඉල්වන හෙයින් තොප ගේ අඥාන කමෙක් නැත. මම මිය පර ලොව ගිය පුතණුවන් අරභයා හඬමි. හඬන පමණකින් ඇසින් වැ‍ගිරෙන් කඳුලු දකු ත් මුත් උන් දක්නට නැත. මා දිවිහිමියෙන් හඬා ඇවිදිත ත් ඒ උන් දක්නට නැත. නිෂප්රඋයෝජන වු හඬ හඬන්නා වූ මට වඩා නුවණ නැත්තෝ නැත. මූ මා ගේ ශොක හර වන නියා කීවෝ වනැ’යි සිතා උන්ගේ බසින් ශොක හැර උන් ගේ ගුණ කියන්නාහු:-


1. රථය

මට්ටකුණ්ඩලි වස්තුව 61

“ආදිත්තං වත මං සන්තං - ඝනසිත්තං ච පාවකං, වාරිනා විය ඔසිඤ්චං - සබ්බං නිබ්බාපයෙ දරං

අබ්බහී වත මෙ සල්ලං - සොකං හදය නිස්සිතං, යො මෙ ‍ෙසාකපරෙතස්ස - පුත්තසොකං අපානුදි

ස්වාහං අබ්බූළ්හසල්ලෝ’ස්මි - සිතිභුතොස්මි නිබ්බුතො, න සොවාමි න රොදාමි - තව සුත්වාුන මාණව.”

යනු හෙයින් ළදරුවානෙනි, යම් සේ මහත් ව ඇවිලෙන ගින්නක් දැක සත්පුරුෂ කෙණෙක් මේ ගිනි මෙ සේ ඇවිළ ඇවිළ තිබි ලා ගම්වල ගෙවල වැද ගෙන ගම් ගෙවල් දවා පියා නමුත් බල බලා යාම තරම් නො වන්නේ වේ දැ යි පැනක් හිස නිවා පිය ත් ද එ පරිද්දෙන් මා ගේ සන්තානයෙහි දරු සෝක නැමැති ගින්න වැද ගෙන අදහස් නමැති ගම් ගෙවල් දවනුවා තෙපි තොප ගේ අනුශාසනා නමැති පැනින් නිවා පූව. නැවත ශොක නැමැති ශරයෙන් විත් කා පු මා තෙපි තොප ගේ නුවණ නමැති අතින් සෙමෙන් ශොක ශුර ය හරා පියා අණුශාසනා නැමිති බෙ‍හෙදින් අදහස් නමැති සර පහරසට බෙහෙත් කොට සුව කළව. එසේ හෙයින් තොප ගේ මාලු කම පිහිටා මෙ වක් පටන් දරු සෝක නො කෙරෙමි. වි‍යොග ය සරි වුව ත් උණ් ශොක නො කරණ කල මා කරණ ශොකයෙන් වන්නේ ශරිර යි වියැළෙන පමණෙක: කථාව කරණ කල ‍කාරණ නො සැළකෙන ත් පසු ව සලකන කලට නුවණැත්තවුන්ට යහපත් ව හැ‍ඟෙ යි. මට ත් අනුශාසන් අසා හැම ම සැලකිණ. යම් කෙණක් පෙර පුරුදු කමක් නැති ව අමුතු ව ලැ සහායෙක් වු නම් උන් හිඳින්න මැනව එ සේ හෙයින් ‘තෙපි කවුරු දැ’ යි විචාළෝ ය. එ අසා දෙවතාවාණෝ ‘යම් කෙණෙකුන් අරභයා තෙපි හඬවු න්ම ඒ තොප ගේ මළ පුතණු වෝ නම් මම ය. ගොසින් දෙව් ලොව උප නමි’යි කිවුය. එ අසා බමුණානෝ ‘තොප මිය වෙන් වන තෙක් අප‍ ගේ ගෙන් වෙන්ව වා නැති. එ දැතුරේ දනක් පිනක් කරන්නා නුදුටුම් හ. දෙව් ලොව උපන්නේ කුමන පින් කොට ද? තොප දෙව් ලොව උපදනා කල දෙව් ලොව නූපදනවුන් නැති නිසා වේ දැ’යි විචාළෝ ය.

ඒ අසා දෙවතාණෝ ‘මෙ තැනට අවුත් මා මෙතෙක් කථා කොට ත් බමුණානෝ තුනුරුවන්හි පැහැද පින් කොට නොහොත් නම්, කළ පිට වට වැස්සෙන් කළ ය ඇතුළට ප්රවයෝජන නැත්තා සේ මාගේ කථාවෙනු ත් ප්ර්යෝජන නැත. කරණ මේ කථාවෙන් මුන් ඇතුළු වු සියල්ලණන් සිත පහදවා ගත් පමණකින් දෙව් ලොව


62 සද්ධර්ම්රත්නාවලි ය

සැප ත් සිද්ධකරණ ලෙසට කියමි’ සිතා බමුණානෙනි. තොප කී වා සේ වැඩිමාලු ව සිටි තොප ගෙන් එ ලෙස විධානයකු ත් නැති හෙයින් දානා දී වූ සෙසු පින් කමක් කට නුහුණුම් හ. එතෙකු දු වුව ත් අහෙතුක ප්රලතිසන්ධික වු බකමූණන් පවා සර්වටඥ ප්ර මුඛ භිකෂු සඞ්ඝයා වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත් පමණකින් කල්ප ලක්ෂයක් දුගතියට නො ගොස් කෙළවර සොමනස්ස නම් පසේ බුදු වන කල ඒ චිත්ත ප්රයසාද ය අපට කැල ම පිහට වන්නේ වේ දැ යි මියන ආසන්නයෙහි පිල් කඩ හොත්තා වු මම බොහෝ දෙනාට දෙන දෙයක් තෝරා ලා එක් කෙණෙකුන්ට ම දෙවන කලක් පරිද්දෙන් මා ‍ම කෙරෙහි කළ කරුණාවන් එ තැනට වැඩි බුදුන් දැක ඉඳුරා සිතක් ඇත් කෙණෙකුන් දැක නො පහදින්ට බැරි හෙයින් සිත ඉඳුරා පහදවා චිත්ත ප්රෙසාද නමැති හිණින් දෙව් ලොවට නැංගෙමි’යි කිවු ය.

දෙවතාවාණන් කථා කෙරෙමින් සිටිය දි මි උන්ට පෙරැත්ත පමණකු ත් එ තෙක් උපකාර ඇත ත් නො කියා එන දවස දිරවා ගන්ට බල ඇති වන හෙයින් ආභස්සර බඹුන් ගේ බඹ බොජුන් නුපුස්නා පමණ පුරා කා ගෙන සිතිවිල්ලට අවසර ගෙන ‘අනේ බුදුන්පගේ ආශ්චය්ය් ඇත තරමක මහත කළා වු අනික් එක ද පින් කමක් නැති ව සිත් පහන් පමණකින් මේ සා මහත් දිව සැපතක් මුන් ලත් කල ඒ කුශල ම කවුරුන් ත් නපුරු නොවන පහන් සිත් ඇති ව මම ත් බුදුන් සරණ යෙමි’ සිතා තමන් සිතූ ලෙස දෙවතාවාණන් කිවුය. දෙවතාවාණෝ ද බතින් සාද විඳ සිටි ය වුන්ට බුලත් දෙවාසාද ය නිමවන්නා සේ තමන් ‍ගේ බසින් ශොක ය. හැර බුදුන් සරණ යන්නවුන්ට අඩු ව තුබූ අවවාදයකින් කියන්නෝ ‘බුදුනු ත් සරණ යව. නැවැත බුදුන් විසින් සම්භාවනී වු ධර්මිය ත් සරණ යව. තදාධාර වු සඞ්ඝයා වහන්සේ ත් සරණ යව. මෙ සේ ත්රිව විධ වෘත්තයට හකුල් වූ ති සරණ පිහිටා කාරුණික විමේන ප්රාඝණ වධයෙන් වැළක අදත්තාදානයත් කාමමිථ්යා චාරයත් මෘෂාවාදයත් සුරාපාන ය ත් විෂ ඝොර සර්ප්යන් මෙන් සිතා ඉනු ත් දුරු ව පිළිවන් පිළිවන් ලෙසින් පින් කම් හැසිර වසව’යි අවවාද කොළො ය. බමුණානෝ ද දෙවතාවාණන් එ ලෙස කල අවවාද බුදුන්ගේ අවවාද පිළිගැන්ම පූර්වර නිමිත්ත යා සේ පිළිගත්හ. දෙවතාවාණෝ මෙ සේ අවවාද ‍කොට - ලා තමන් ගේ දෙව් ලොවට ම ගියහ. බමුනානෝ ගෙට ගොසින් බැමිණියන් බණවා ලා “පින්වත, මහණ ‍ෙගායුමුහු පවරා ගෙණවුත් දන් වළඳවා ලා ප්රණශ්න විචාරමි. දන් සරසව’ කියාලි සම්මත කොට ලා වෙහෙරට ගොසින් බුදුන් නො වැඳ ම සාදා සාමිවි3 ලෙස කථා ත්


1. පිළිකඩ පිළකඩ 2. තරමක තරමකය 3. සාධු සාමිචි

5. මට්ටකුණ්ඩලි වස්තුව 63

‍නො කොට ම එකත් පස් ව සිට, “භවත් ගෞතමයෙනි, භික්ෂු සඞ්ඝයා හා සමග අද අප ගේ ආරාධනා නිසා අප ගේ ගෙයි දි වැළඳුව මැනව’යි කි වු ය. බුදුහු ‍ත් බොහෝ ප්ර යෝජන සලකා ආරාධනාවේ අරුමයක් නැත ත් ඉවසා වදාළ සේක. බමුණානෝ බුදුන් ඉවසා වදාළ නියාව දැන වහා ගෙට ගොසින් නැත ක් දවස් නියහ ‍කොට තබාලා බිම තෙමා වස්නා මහ වැස්සක් මෙන් නැතක් කලක් ම තමන් කළ විරූ දෙයක් නො වන හෙයින් අරුමයක් සේ දෙන දන යහපත් කොට ම සැරහඋ ය, බුද රජුන් වහන්සේ ද නකත් තරු පිරිවරා නික්මුණු සඳ පරිද්දෙන් මහණ ගණා පිරිවරා බමුණානන් ගේ ගෙට වැඩ පනවන ලද බුදු හස්නෙහි යුග ඳුරු මුදුනෙහි වොරජනා ළහිරු මඬලක් මෙන් වැඩහුන් සේකැ. භික්ෂු සඞ්ඝයා වහන්සේ ද රන් නැවක් මද්ධ්ය කොට පිපි වැනි ගිය රත් නෙළුම් වනයක් මේන වැඩ හුන් සේක. බමුණානෝ ද බුදු පා මොක් සංඝයා වහන්සේ සිය අතින් සකස් කොට වැළඳ වු ය. එ දවස් මිථ්යා දෘෂ්ටිකයන් ගෙනු ත් සම්යඅක් දෘෂ්ටිකයන් ගෙනු ත් බො‍මහෝ දෙන රැස් වු හ.

මෙ දෙ පක්ෂසයෙන් මිථ්යාට දෘෂ්ටිකයෝ ‘මේ බමුණානන් ආරාධනා කොට ශ්ර්මණ භවත් ගෞතමයන් ගෙට ම කෙළේ නම් හුදෙක් දන් දෙන්ට මතු නොවෙ යි. ප්රතශ්න විචාරා වෙහෙස දෙන්නට ය. ශ්රබමණ භවත් ගෞතමයන්ට වන සිලගු බලම්හ’යි රැස් වූ හ. සම්යනක් දෘෂ්ටිකයෝ ද අද වු කලි මේ සම්යගක් සම්බුද්ධ නැමැති සූය්ය්රත තෙමේ සැදැ හැ නැති බමුණානන් ගේ මිථ්යා දෘෂ්ටි නැමැති අඳුරු හරවනු නිසා දෙශනා නැමැති ‍ආලෝකයත් ශරීරාලෝකයත් එක් කොට යහපත් පෑයක් ගන්නට වයිති හනන්නා සේ. අද ආ‍ලොක දෙකක් විහිදුව යි. අපි ත් ගොසින් ඒ ආලොකයෙන් කෙලෙස් අඳුරු දුරු කරම් හ. සර්වදඥ විලාස නමැති රාසාඤ්ජනය ඇස ගාම් හ’යි රැස් වු හ. බමුණානෝ ද වළඳවා අන්තයෙහි බුදුන් කරා එළඹ මිටි හස්නෙක හිඳ ප්ර ශ්න විචාරන්ට පටන් ගත් හ. කෙ සේ ද යත් -

‘මහණ ගොයුමාණෙනි, සරලුවක් පමණ කැඳ වේ ව යි, සැන්දක් පමණ බත් ‍වේ ව යි, අන් කිසිවක් වේ වයි, තොපට වේ ව යි තොප ගේ සවුවන්ට වේ ව යි, දන් නොදි ජේ ත් නොව බණ ත් නො අසා හුදක් තොප කෙරෙහි සිත් පහදවාග්ත පමණකින් දෙව් ලොව ඉපාස දිව්යො සම්පත් ලබන්නෝ ඇතැ දැ’යි විචාළ හ. බුදු රජුන් වහන්සේ ඒ අසා වදාරා ‘බමුණ, හඳුනන මඟ යෙමින් සිට මං විචාරන්නා සේ මා අතින් කුමක් නිසා විචාරයි ද? තා ගේ පුතු මට්ටකුණ්ඩලියා මා කෙරෙහි සිත් පහදවා එ පමණකින් තමා දිව්යත සම්පත් ලත් නියාව තට කීයේ වේ දැ’යි තමන් වහන්සේ දිව

1. සාලුවකි 64 සද්ධර්මුරත්නාවලි ය

කනින් අසා වදාළ කට යුත්ත බමුණානන්ට වදාළ සේක. බමුණානෝ කථා කළ දෙවතාවා මට්ටකුණ්ඩලි ලෙසින් ආ මුත් අනික් කෙණෙකුනැ යි සිතා ‘භවත් ගෞතමයෙනි, කවර දව සෙක අවුත් කොයි දී මා හා කථා කෙළේ දැ’යි විදාළහ. බුදුහු ඒ තෝරා වදාරණ සේක් ‘යම් දවසෙක තෝ සොහොනේ හඬ හඬා සිටියේ ආභරණ ලා මල් පැළඳ මට්ටකුණ්ඩලි ලෙසින් සො‍හොන ළඟට අවුත් හඩ හඩා සිටි එකකු දැක ඔහු අතින් ශොක කාරණ විචාළේ වේ ද? තා පුත් මට්ටකුණ්ඩලියා නම් ඒ ය’යි හඟවන පිණිස මේ මට්ටකුණ්ඩලි වස්තුව වදාළ සේක.

ලියන්නන් ලියාලූ පත් කඩෙහි රජුජුරුවන් ලූ ඔප්පුව නිසා ඒ තෙමේ සන්හස් වී ද, එ පරිද්දෙන් මේ වස්තුව ත් බුද්ධ භාසිත නම් වි ය යි මෙ සේ මට්ටකුණ්ඩලී වස්තුව වදාරා ලා, ‘හෙම්බල බමුණ, අසන දෙයට ත් වඩා දුටු දෙය ප්ර්ත්යවක්ෂ ය. එතෙකුදු වුව ත් අත් දුටු බෙහෙත් තිබිය දි ඔබ්බේ බෙහෙත් විචාරන්නා සේ ම මා ‍අතිනු ත් විචාරනු, පසු මා කෙරෙහි සිත් පහදවා දෙව් ලොව උපන්නවුන් සිය ගණනිනු ත් දහස් ගණනිනුත් ලක්ෂ ගණනිනුත් නියම කරන්ට බැරිය. අසඞඛ්ය් ගණනට ඇති හෙයිනැ’යි වදාළ සේක. ඒ අසා ආය්ය් බැයන් හැර සෙස්සෝ මුළුල්ල ම ‘මේ කිම් දැ’ යි බුදුන් ගේ තරම් නො දැන නොහදහන්ට වන් හ. උන් හැම දෙනා ගේ නො හැදහිල්ල හරවන නිසා ත් දෙස් කීව වුන්ට දෙන අත්ලසක් සේ ලන්ට ලොවුතුරා ස්මපත් දෙවනු නිසා ත් ‘මට්ටකුණ්ඩලි දෙවි පුත් තමා ගේ දිව සැපතින් පිරුණු මාළිගාව හා සමඟ එව’යි සිතා වදාළ සෙක. බුදුන් එ සේ සිතා වදළ සිතිවිල්ල හා සමඟ ම දෙව් බරණින් සැරහුණා වු තුන් ගවු පමණ අත් බැවින් අවුත් විමනික් බැස පියා බුදුන් වැඳ එකත් පස් ව සිටියේ ය. බුදුහු දෙස් කියවන්නා සේ ඔහු ලවා කියවා ඔහු ලත් සම්පත ත් පෑ සැක ත් හරවනු පිණිස ‘දෙවතාව, කුමන පනි කමක් කොට මේ දිව සැප ත් ලද දැ’යි විචාළ සේක. දෙවතාවා ද ‘අනික් පින් කමක් නොදනිමි. නුඹ වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් පින්කමින, එයි ත් ලඝු පින් කමක් නො වන හෙයින් මේ සම්පත් ලදිම’යි බොහෝ දෙනාට අස්වා කිවු ය. බො‍හෝ දෙනා දිව්යදපුත්ර යා ත් ඔහු ගේ සම්පත ත් දැක ‘අනේ බුදුන් ගේ පින් කෙත් ලෙසක් ඉතා විස්ම ය නියා ය. අනික් පින් කමක් නො කළ මට්ටකුණ්ඩලියා පවා බුදුන් කෙරෙහි සිත් පහදවා ගත් පමණකින් මේ සා සම්පත් ලැබ පී ල’යි සතුට‍ු ව පින් කම් කිරිමෙහි උත්සාහ අති වු හ. බුදුහු යම් සේ රජ්ජුරු


5. මට්ට කුණ්ඩලි වස්තුව 65

කෙණෙක් මහ සම්පත් යමෙකුට දෙව කල තමන් ගේ තෑගි කම දක්වනු නිසා සම්පත් වට්ටෝරුවක් කරවා ලා දෙන සමත් මෙතෙකැ යි වට්ටෝරුව කියවා ලා දෙත් ද, එ පරිද්දෙන් ම එ තැනට පැමිණි පරිසට ත් බමුණානන්ට ත් දෙවතාවන්ට ත් නිවන් සමපත් දෙනු නිසා බණ දෙසන සේක් “ හෙබල බමුණ, යම් සේ සියලු පවෙහි ම හැසිරෙන්නවුන්ට යම් සේ සිය ගණනිනු ත් එක් ව සොර කම කරණ කල එක් ව කරණ සොර කමින් සරි වු ව ත් එක් කෙණෙකුන්ට සොර දෙටුවා යි යි ප්රිධාන කොට කියා ගන්නා සේ අකුසල් සිත පෙරදැරි වේ ද එ සේ ම සියලු ම පින් කම් හැසිරෙන්නවුන්ට එක් ව කෙතෙක් දෙනා පින් කම් කරතත් එක් කෙණකුන් ඊට මුල් වන්නා සේ කුසල් සිත ම මුල් වෙයි.

යම් සේ ප්රකධාන වු අකුසල් සිතින් කළ අකුශල ය ගැළයොදා ගත් ගොන් ගිය ගිය සේ උන් පයට ගැල් සක් ළං වේ ද, එ මෙන් පහන් සිතින් කළ කුශලය ත් තමි ගේ ඡායාව තමා හැර නො පවත්නා සේ අනුව පවත්ති. අත් නො හරනේ ය. රහත් වීමෙන් වඳ නො වි නම් පිළිසිඳ1 දෙන්ට නිසි කුශලයක් සුගති භූමියෙහි පිළිසිඳ දී ප්ර්වෘත්ති විපාක දායක කුශල ය ඇස නො වන බිජුවටක් පැළ නැඟි මුත් නො නවත්නා‍ සේ ප්රදවෘත්ති විපාක දි මුත් නො නවත්ති. එ සේ හෙයින් සියලු ම පින් කමට ප්රනධාන වූ සිත පහදවා පින් කරව’යි වදාරා මේ දෙශනාව නිම වු සේක.

දෙශනාව කෙළවර සුවාසු දහසක් දෙන ධර්මෘස්කන්ධ ගණනින් අමා මහ නිවනට පැමිණිය හ. මට්ටකුණ්ඩලී දෙව් පුත් දහසක් නය නමැත් රුවන් ඔබා කළ සොවාන් ඵල නැමැති මිණි කොඩොල් ලා සරහිණ. ත්යා ග අදහස් මඳකුත් ඒ අවධියට නැති අදින්න පුබ්බක නම් බමුණු ද සෝවාන් පෙලෙහි පිහිටා ත්යාධගි වි ය. ඔහු ගේ සම්පත් ද නළපාන ජාතකයෙහි වඳුරු ව උපන් බෝසතුන් ගේ උපදෙසින් රාක්ෂ ය පරිගෘහිත විල පැන් අසු දහසක් වඳුරන්ට ප්රතයෝජන වූවා සේ බුදු සස්නට ම ප්‍ත යොජන වී ය. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් සද්ධර්මස රත්නාවලි නමැති කැට පතින් සඳහම් නමැති මූණු බලා ශිල - සමාද්ධ්යාුදි ගුණ ශොභාවෙන් හොබනේ මැනවි.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_i&oldid=11560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි