Jump to content

සද්ධර්ම රත්නාවලිය- ii

Wikibooks වෙතින්

6. නාගසේන මහ තෙරුන් වහන්සේගේ කථාව

[සංස්කරණය]

චිත්ත ප්රුසාද පමණකින් මට්ටකුණ්ඩලීන් ලත් සම්පත් ප්රඑකාශ කොට සැදෑ ඇත්තවුන්‍ ගේ සැදෑ වඩනා නිසා මට්ටකුණ්ඩලි වස්තුව දැක්වූවා සේ ම යන් තම් කුශල වශෙෂයකින් බුද්ධි සම්පන්න ව ප්රුශ්න විසඳිම් වශයෙන් තෙවළා බදු වදන් නිරවුල් කළ නියා කියා ධර්මා භියොගයෙහි සත් පුරුෂයන්ගේ උත්සාහ වඩනු පිණිස නාගසේන මහ තෙරුන් වහන්සේගේ කථාව කියමු. හේ කෙ සේ ද යත්: යට ගිය දවස අප‍ ගේ බුදුන්ට පෙරාතු ව බුදු වු කසුබ් බුදුන් පරිනිවිය ත් ඔබ ගේ සස් වතින් පිළිවෙතින් පමණක් නො නැසි පවත්නා අවධියෙහි ගඟක් බට කළ එක් වෙහෙරක වත් පිළවෙත් සරු වු බො‍හෝ වහන්දෑ රඳා හිඳිනා සේක. එ සේ හිඳිනා වහන්දෑ වත් පිළිවෙත නොපමා බැවින් උදෑසන ම නැඟි සිට හමදනා මුසුන් හැර ගෙන ස්වර්ගන - මොක්ෂො දෙකට බැධා කථා හැර නව අරහාදා බුදු ගුණ සලකමින් සකස් කොට මළු හැමද කසළ එක් තැන් කෙට ලා තමන් වහන්සේ හැමදි කසළ තමන් වහන්සේත් දමා නො පියා එක් කෙණෙකුන් වහස්සේ සාමණෙර නමක් බනවා ලා හැමිද කසල අනුන් ලවා වුව ත් දම්මවා නොපිම වත් නොවන හෙයින් ‘හෙරණෙනි, තෙල කසළි දමා පිය’යි වදාළ සේක. හෙරණුන්දෑ අසා ත් නො ඇසු කන් ව ලා යන දෑ ය. නො කීකරු නායා ම ය. කැඳවුව ත් ‍නො එන හෙයින් ‘මේ හෙරණුන්දෑ නොකීකරු නියා වේ දැ’යි උරණ ව හික්විම මුඛයෙන් මුසුන් දණ්ඩෙන් පහරක් ගැසූ සේක.

කිපි කල කාරණ නො සැලකෙන නිසාව තිලින් ම දත යුතු ය. හෙරණුන්දෑ ද පහර ‍කාලා හඬන දෑ නොදැමුවොත් තවත් ගසන සේක් දෝ හෝ යි යන භයින් සිතින් නොසිතින් කසළ හර ගෙන දමන්ට යන දෑ දමන කල කසළ වුව ත් කසළ දැමිමෙන් සිද්ධ වන කුශලය නිකසළ හෙයින් ඔබ්බේ විධානයෙන් වුව ත් මෙ කසළ දමා පි පිනින් නිවන් දක්නා ජාති දක්වා මෙ දෑතුරේ උපනුපන් තැන මුදුන් පැමිණි හිර පරිද්දෙන් තේජස් අතිවෙ ම් ව යි - පහර කෑයේ තේජස් නැති හෙයින් වේ දැ යි - පළමු කෙට පැතූදෑ ය. කසල දමා පියා අත සෝධන්ට ත් පැන් සනහන්ට ත් ගඟට යන දෑ ගඟ රළ ගසන්නා දැක’ මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා මේ ගග බො‍හෝ රළ දිවන්නා සේ ම මාගේ ත් නුවණ නමැති ගඟින් ප්ර්ශ්න නමැති බොහෝ රළ නිම්මයක්


                  6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව	67

නැති ව මුඛ නැමැති ගඟස් බඩට1 දිවේ ව යි හෙවත් බොහෝ කොට වාද කට හෙම් ව යි අභිමාන පර ව දෙවෙනි ව පැතූදෑ ය.

පහර ගැසු තැනැත්තන් වහන්සේ ද හැමැඳි මුස්න මුසුන් හල තබා ලා පැන් සනහන්ට ගගට යන සේක් හෙරණුන් දෑ ගේ ප්රා්ර්ත්ථැනාව අසා ‘මේ මාගේ විධානයෙන් මා ම හැමැඳි කසළ සිතින් නොසිතින් දමා පී පමණකට මෙ සේ පතයි. මූ කළ ප්රාිර්ත්ථ නාව සමෘද්ධ වේ නම් මුලින් කසළ හැමැඳි මා පැතූ දෙයක් කැල ම සිද්ධ වෙ‍’යි සිතාත් සිල්වතුන් ගේ ප්රාදත්ථිමනාව සමෘද්ධ වෙයි, කියා සිතා ගත් හෙයිනු ත් ඔබ ත් පතන සෙක් ‘මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජාතිවල මේ ගඟ රළ ගැස්ම සේ නොගෙවෙන්නා වු වැටහීමි ඇති ව වාද විසින් මූ විචාළ විචාළ දෙයක් පැකිළිමක් නැති ව කියා ලිය හෙම් ව යි. මූ ගේ වාදයෙක් ඇත් නම් මා කරා පැමිණ මේ ගඟ රළ වෙරලාන්තයට පැමිණ බි‍ඳෙන්නා සේ බි‍ඳේව’යි. මු ගේ මුඛ නමැති මුහුද වාද නමැති දිය සිඳුවා පියන්ට මා‍ ගේ ප්රවතිවාද ය යුගාන්ත සූර්යයා වේව’යි පැතූ සේක. මෙ සේ පතා ‍ඒ දෙ පක්ෂයය කසුබ් බුදුන් සමයේ පටන් අප‍ ගේ බුදුන් දක්වා මේ අතුර දෙව් ‍ලෝ මිනිස් ‍ලෝ දෙක්හි යවුහ.

අප ගේ බුදුහු සැවත් නුවර දී යමා මහ පෙළහර කොට තිර්ථ කයන් ගේ මන් බිඳ් ලා ත්රි පද වික්රඅමයෙන් තව්තිසා දෙව් ලොවට වැඩ පඩු ඇඹුල් සලස්නෙහි වැඩ හිඳ මාතෘ දිව්යව පුත්රර ප්රාමුඛ දෙවියන්ට විජම් පිටක ය දෙසන ගමනේ ‘මම ධම් සඟුණු - විහඞ්ග - ධාතු කථා - පුද්ගල ප්ර් ඥප්ති - යමක - පට්ඨාන දෙසමි. මා පිරිනිවි කල ධර්මාතශොක රජ්ජුරුවන් සහාය කොට ගෙන මහානුභාව සම්පන්න රහතන් දහසක් තෝරා හර ගෙන අශොකාරාමයෙහි දි තුන් වන සඞ්ගායනාව කොට ලා මොග්ගලි පුත්තතිස්ස මහ තෙරහු: “ යා සට්ඨි තිත්ථිකය සහස්සනිසාගතං තං දුල්ලද්ධි ඝොරතිමිරං විනිහච්ච සම්මා, සා තිස්සතෙර රවිනා ගමිතා විකාසං සඬගීති චාරු නලිනි අපි දස්සිතා මෙ. යනු හෙයින් සැට දහසක් පමණ තිර්ථතක මථන ය නිසා සකවාද යෙන් සූත්රහ පන් සියයක් හා පරවාදයෙන් සූත්රා පන් සියයක් හා සූත්රස දහසකින් උපලක්ෂිත වු කථා වස්තුව දෙසති යි යම් සේ වදාළ සෙක් ද - එසේ ම මේ දෙපක්ෂුය ත් දැක “මා පිරිනිවි පන් සියයක් හවුරුදු ගිය කලට මූ දෙන්නා මිනිස් ‍ලොව ඉපැද මා විසින් සියුම් නුවණ ඇති කෙණෙකුන් මුත් මන්දට බුද්ධින් දැන ගන්ට බැරි සැටියේ සියුම් කොට දෙසන ලද ධර්මතය තමන්ගේ

1. ගඟ හස බඩට - ගඟ අස බඩට 68 සද්ධර්මහරත්නාවලි ය

සියුම් නුවණින් ප්රබශ්න විචාරීමෙන් හා ප්රබශ්න විසඳිමෙන් හා ප්රරශ්න ගිවිස්වා විසඳන්ට උපමා කීමෙන් හා අවුල් වියවුල් නැති කොට දිරා හෙන්නට තුබු ගෙයක් සොයා තර කොට නැතක් කල් පවත්නා ලෙස කරන්නා සේ පස්වා දහසක් මුළුල්ලෙහි පවත්නා ලෙස කෙරෙති’ වදාළ සේක.

ඒ වදාළ අවධියෙහි පැතූ පැතිම් ඇති දෙ නමින් සාමණෙර නම උපන් තැනින් චුත ව අවුත් දඹදිව සාගල නුවර කවර තරමකට ත් පමුණුව ලන්ට නිසි කොට විසි දහසක් හවුරුදු මුළු‍ල්ලෙහි සකසා රක්ෂා කළා වු ශිල ප්රාපත්ථි්නාව කෙ සේ දෝ වැරද ගිය හෙයින් හීන ව ගොසින් ගුණෙන් හීන ව සිටි ස්ත්රිකන් ධ්යාේන පස උපදවා ගත ත් පතා බඹ ලොව උපදනා සේ මිළිඳු නම් යොන් රජ ව උපන්හ. ප්රාදර්ත්ථසනා බලයෙන් විදුරු සමාන නුවණැත්තෝ ය. එ සේ හෙයින් බඩු මිල ඇත්තවුන් බොහෝ වස්තු හැර ගන්නා සේ බො‍හෝ ශාස්ත්රය සකසා උගත් හ. ඒ උගත් ශාසත්රා ත් ගණිත ගාන්ධර්වාශදි වසයෙන් එකුන් විස්සෙක. රජ සම්පතින් ඉතා ආඪ්යඒයෝ ය. තෙජසින් - නුවණින් - බලයෙන් - රූපශොභාදියෙන් මුළු දඹදිව අනික් රජ්ජුරු කෙණෙක් සරි වන්නෝ නැත.

එක් දවසක් ඒ මිළිඳු රජ්ජුරුවෝ ය‍ුද්ධයෙක් පැමිණියේ වී නමුත් රැස් පිරිස තරම දත මනා වේ දැ යි රැස් පිරිස් දක්නා නිසා මහත් වු රජ පෙරහරින් අසුර මථනයට නික්මුණ දෙව් පිරිසක් සේ යහපත් ව සැරහුණු සියුරඟ සෙනඟ පිරිවරා තව්තිසා දෙව් නුරට අපහාස කරන්නාක් වැනි වු නුවරින් පිටත් ව පිටි නුවර දී සේනාව පුඬු ගස්වා1 සේනාවේ පමණ දැන තමන් ගොෂ්ඨි කිරිමෙහි ලොල් බැවින් හිර තුබු තැන් බලා පියා ‘තව හිර නැතක් නැත සිටියේ ය. එ සේ හෙයින් තව නුවරට යන්ට වේලා ඇත. අන් ම නුවරට ගොසින් කුමක් කරමෝ ද? අප හා කථා කරන්ට තරම් වු නුවණැති කෙණකුන් ගේ ස්වරූප ඇමැත්තන් අතින් විචාරා උන් කරා ගොසින් කථා කරම්හ’යි සිතා තමන් හා සම තකි ලෙසින් කථා කරන්නට නිසි කෙණකුන් ඇමැත්තන් අතින් විචාළෝ ය. එසේ විචාල රජ්ජුරුවන්ට ඇමැත්තෝ සිංහයන් ස්වරූප විචාළ කෙණකුන්ට තිරිසන් යෝනින් හා සිව් පා ලෙසින් සරි කොට සිතා ගෙන කැණහිලුන් ගේ2 ස්වරූප කියන්නවුන් මෙන් පන්සියයක් පමණ යෙන් ඇමැත්තෝ තමන් හැම ‍තකා ගත් පමණකින් මිනිස් කොට සිතා ගෙන “රජ්ජුරුවන් වහන්ස, බුද්ධ කාලයෙහි වූ පූරණකාශ්යෙපාදා වු

1. දුටු ගසවා. 2. කැනවිළුන්ගේ, කැණවිලුන්ගේ.

6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 69

ශාස්තෲන් ගේ පරම්පරායෙහි වු පූරණකාශ්යාප ය. මක්ඛලි‍ගොසාල ය. නිගන්ඨනාථ පුත්රහ ය. සඤ්ජය, ඛෙලට්ඨ ය. අජිතකොශකම්බලී ය. කකුධකාත්යාේයන ය යන මෙ නමින් ප්රාසිද්ධ වු බොහෝ පිරිවර ඇති උපදනා දවස් යම් ලෙසකින් උපන්නු නම් එ ලෙස ම් ඇවිදිනා වු සදෙනෙක් ඇත, උන් කරා ගොසින් තර්කන කොට වදාළ මැනව, ඔවුහු නුඹ වහන්සේ ගේ සැකයෙක් ඇත්නම් තමන් ගේ ශාස්තෘ පරම්පරා‍වෙන් දන්නා වු තර්ක හෙයින් ඒ සැකය හරවා ලති කියුය.

ඒ අසා මිළිඳු රජ්ජුරුවෝ පන්සියයක් පමණ යොන් ඇමැත්තන් පරිවරා විජයත් රථයට අපහසා කරන්නාක් වැනි වු සුදු අසුන් යොදන ලද රථයට නැඟි නඳුනුයනට නික්මුණා වු ශක්ර් දෙවෙන්ද්රන ලීලාවෙන් එකකු ගේ එකකුට නායක කමක් නැතත් ‍නම් පමණකුත් පෙරාතු1 හෙයින් පූරණ කාශ්යකපයන් කරා ගොසින් පාපයෙහි භය ලජ්ජාවක් නැති නියාව මෙලෙසින් දනුව’යි දක්වන්නාක් මෙන්. පිළි නො හැඳ හුන්නාහු දැක නුවණැත් රජුජුරුවන් හෙයින් හන් පිළයක් නැත්තා සේ ම සන්තානයෙහි ගුණ නැති නියාව දැන ‍නො වැඳ ‘ගුණ නැතත් නුවණ ඇති වැවිචාරා ලූ දෙයට නිසි කොට කථා කොට ලත් නම් ඉන් ප්‍ැගයෝජන නම් දසවෙයියා2 හා කුඩු හැර සාල් පමණක් සේ අපට ප්ර්යෝංන නම් කථා සාර ම ය’යි කථායෙහි ප්රයයෝජන පමණක් සලක් කන්ට එන බල්ලන්ට අසුරු ගසා සාද කරවන්නා සේ, සාද සාමිචි ලෙස කථා කොට ලා එකත් පස් ව හුන්හ. එකත් පස් ව හුන් රජ්ජුරු‍වෝ කථාවට ලබ්බවා ගේන ‘පිරුණු කසුප් වහන්ස, මේ ලොව රක්නෝ කවුරු දැ’යි විචාළෝ ය. එ අසා ගුණෙන් නො පිරුණත් නම් පමණකින් පිරුණු කසුප්හු තමන් ‍ගේ මතයෙහ් එ සේ වු ව්යාතපරයක් නැති හෙයින් දෝ හෝ නො‍ෙහාත් විචාළ බසට පැකිළ පියා හුන් කල තැකිවිල්ල3 අඩුවන්නේ වේ දැ යි සිතා ‘මහරජ, මෙ ලොව අනික් කවුරු රක්ත් ද? ලොව රක්නේ ‍පොළොව ය’ යි කීහ. රජ්ජුරු‍නවෝ ඒ අසා ‘ඉදින් වහන්ස, පොළොව ලෝ වැස්සන් රකි නම් නරක ය නම් පොළොව යට වුව. ඊ උපදින්නෝ පොළොව ඉක්ම ගෙන කෙසේ ඊ උපදිත් ද? මද්ය් තියේ අවුරා සිටි පොළොව තමා පැන ගෙන යන නායා පෙනෙත් සැපයක් විඳිනට යන ගමනෙක් වි නම් බාධා නො කරවතත් දුක් විඳිනට යන ගමන් හෙයින් නො නවතා ඉවතකින් යන ගමනකුත් නො ව.තමා පැනගෙන යන කල ලොව රක්නට නියලී හිඳිනා කල.


1. පෙරන 2. දහසෙයියා 3. තැකිල්ල 70 සද්ධර්මනරත්නාවලි ය

පුතකු වළෙක හෙන නියා ව බල බල ඔසවා ‍ෙනා ගෙන සිටිනා මවක මෙන් නරකයට යන නියා ව බල බලා සිටිනට ම කාරණ කවරේ ද? තමා ගේ දරු කෙණෙකුන් නො වන හෙයිනැ යි කිය තත් සියුල පොළොව සියලු ලෝ වැස්සන්ට පිහිට වන නියාවක් මුත් ලෝ වැස්සන් ගෙන් භාගයකට පොළොවින් භාගයක් පිහිට වෙති යන්නක්, වහන්ස, මුඹ ගේ බසින් නො හැ‍ඟෙන හෙයින් විචාළ බසට මුඛාපන්න ලෙස කියා ලූ පමණක් මුත් යුක්තියක් නො වත් පිළි නො හැඳිමේ නපුර නො දන්නා සේ ‍ලොව රක්න වුනුත් නො දැන මේ කිවු ද? පිළි නොහඳනෝ නම් බාල දරුවෝය. වයස් කුමක් වුවත් කරම එ තරමට ම ඇතැ’යි රජ්ජුරු‍වෝ නිරායුධ වත් සපන් ව සටනට ගිය කෙණෙකුන් නො සපන් එකකු අත වු ආයුධය උදුරා ගෙන ඌ ම මැරුවා සේ. ඌ කී බස ම හැර ගෙන ඌට උත්තර කියා ඌ පසු බස්වා ලූ ය.

පුරාණකාශ්යෙපයෝ ද කියා ලූ දෙය සාධාලිය නො හෙන හෙයින් ගැල පියත් නො හී අනික් උත්තරයක් කියාලන්ට නැති හෙයින් වමාරා පියත් නොහී ගැල ගත වමරා‍ ගත නො හෙන හෙයින් ගෙලෙයි ගෙන පියා කියා ලිය හැකි උත්තරයත් නැති හෙයින් මුසුප්පුව පියා, බත් කන තැන බලා හිඳත් උළක් පමණක් නො ලත් බල්ලකු පරිද්දෙන් හුන්නේ ය. ඉක්බිති මිළිඳු රජ්ජුරුවෝ පූරණකාශ්යලපයන් බත කාලි ය හෙන්නා සේ. උත්තර කියා ලිය නො හෙන හෙයින් සෙස්සවුන් ගේ ශක්තියත් එ තරම් නියාව දනිතත් ‘සෙස්වුන් ගෙනුත් විචාරා ම බිඩලු ගළව ලා කෙහෙල් ගස්වල හර නැති නියාව දන්නා සේ නුවණ හකර නැති නියාව දනිමි’යි සිතා මක්ඛලි ‍ෙගාසාලයන්ට ‘මක්ඛලි ගොසාල වහන්ස, පින් - පව් දෙකෙක් ඇද්ද? පිනෙහි යහපත් විපාක ය හා පවෙහි නපුරු විපාකත් ඇද්දැ’යි විචාළෝ ය. මක්ඛලි ගොසාලයෝ ද උමංදායෙහි දික්පිටියා දික්තල ගේ දෙ මවුපියන්ගේව නමුත් දික්තල දික්පිටියා ගේ දෙ මවුපියන් ගේ නමුත් විචාරාදන්ට නුවු හෙයින් නො දත්තා සේ තමා පින් - පව් කවරේ බවත් පරමාර්ථයේ නො හසල හෙයින් නො දන්නා හෙයිනුත් නැවත දික්පිටියා දික්තල ගේ නමුත් දික්තල දික්පිටියා ගේ නමුත් නො දත්තා සේ තමාත් තමා කවුරුන් බවත් නො දන්නා හෙයිනුත් ඒ දැන් ම නම් රූ පමණක් වුවත් පරමාර්ත දන්න වුන්ට මුත් සෙස්න්ට අවිෂය හෙයිනුත් විචාළ රජ්ජුරුවන්ට අඹ විචාළවුන්ට දෙල් කියන්නා සේ කිවමනා ලෙස හැර අනික් ලෙසක් කියන්නෝ ‘මහ රජ’ කුසල්- අකුසල් දෙක නැත. බිජුවට තමා ම නැති කලට නැ‍ඟෙන පැළ නැත්තා සේ කුසල් - අකුසල්



6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 71

තම් ම නැති හෙයින් ඊ විපාකත් නැත. දානාදි වු පින් කමැ යි යන දෙය නුවණ නැත්තවුන් කියා ගත් දෙයක. නුවණැත්තෝ ඒ කට යුත්තක් කොට නො කියති. කුසල් - අකුසල් නැති නියා වටත් ඊට විපාක නැති නියාවටත් දෘෂ්ටාන්තයක් කියම්හ.

දැන් රජ කම් කළ කෙණෙක් ඇත් නම් තමන්ට ම නියම ව තිබි ආ හෙයින් පර ‍ලොව දිත් රජ කම් කෙරෙති. ඒ උන්ට ස්වභාව සිද්ධ ය. දැන් බ්රානහ්මණ වු කෙනක් ඇත් නම් උන්ට ම ඒ නියම හෙයින් පර ලොව දී ත් බ්රානහ්මණ වෙති. දැන් ව්යානපාරයෝ හැම දවස් ම තමන්ට නියම දෙයක් හෙයින් පරලොව දි ත් ව්ය්පාර වෙති. දැන් ගොවි ව උපන් කෙණක් ගොවි කර්මා්න්ත හැම කල ම තමන්ට තිබී ආ හෙය්න පර‍ලොව දී ත් ගොවි වෙති. දැන් හීන ජාති ඇති කෙණෙක් ශුද්ධයන් අශුද්ධ වීමටත් අශුද්ධයන් ශුද්ධවීමටත්, යුක්ති නැති හෙයින් පර ලොව දී ත් ඔහු ම හීන ජාති ඇති වෙති. කුසල් අකුසල් හා ඊ විපාක ඇත් නම් අකුසල් කළ රජ දරුවන් ඒ අකුසලින් හින ව උපන මැනව. හීණ ව සිටියවුන් පින් කළ කල ඒ පින් කමින් උතුම්ව උපන මැනව. එ සේ නොව රජ - බමුණු ආදි ඒ ඒ ලෙසින් මෙ ලොව ත් පරලොවත් වන්නේ ස්වභාව සිඬ හෙයින. පිනින් පවින් වන දෙයක් නො වෙය. කාරණ කියා ලා ම කියම්හ. කිණිහිර මල් රන්වන් වූයේ කවර පිනකින් ද? යට රන්වන් මල් පිදු නියා ද? කසා මල් කළු වූයේ කවර පවකින් ද? ස්වභාව සිඬ හෙයිනි. එ සේ ම දැනු ත් ලොක ස්වභාව ලෙසින් පවත්නා බව මුත් කුසලින් හා අකුසලින් වන දෙයක් නො වෙයි. කැණවිල් බල්ලන් සිංහ නාද කරන්ට සිතා ති කැණවිල් හඩ ම හඩන්නා සේ උත්තර කියන්ට සිතාතා නිකම් නිෂ්ප්රකයෝජන කථා ම කීහ.

ඒ අසා රජ්ජුරු‍වෝ මක්ඛලි‍ගොසාලයන් ‘ඉදින්, වහන්ස, රජ - මබුණු ආදි ව උන්නෝ පෙරළාත් එ සේ ම වෙත් නම් දැන් මේ ලොව අත් කොට කෙණෙක් පර ලොව දීත් අත් කොට වෙති. මෙ ලොව පා කොට කෙණෙක් පර ලොව දීත් පා කොට වෙති. මෙ ලොව නාසා කොට්ටු පර ලොවත් නසා කොට්ටු වෙති. පර ලොව නමුත් මිනිස් ලොවින් ම කැබෙල්ලෙක් නො වෙයි. දෙව් ලොව බඹ ලොවත් පර ලොව ම ය. එ සේ වන්නා, වහන්ස මුඹ ගේ බස්න දෙව් ලොවත් බඹ ලොවත් අත් පා කෙටුන් හා කන් නාසා කොටුන් හා ඇති මැනවැ’යි කිවු ය. ඒ අසා මක්ඛලි‍ෙගාසාලයෝ කියා ලිය හැකි උත්තරයක් නැති වන්නා නිරර්ත්ථෙක කථා කී පවින් ගොළු වුවා සේ මුයෙන් බැණ නො නැගුණාහු ය. ඉක්බිත්තෙන් මිළිඳු රජ්ජුරුවන්ට මෙ සේ වු අදහසෙක් වි ය. අනේ මේ දඹදිව සිස් නියා ය. මා හා කැටි ව

72 සද්ධර්මසරත්නාවලිය


කථා කොට මා වාචාළ දෙය සැක හැර කියා ලන කෙණෙකුන් තව ලද නුහුණු යෙමි’යි සිතූහ. එ සේ සිතා ලා මිළිඳු රජ්ජුරු‍වෝ ඇමැත්තන් බණවා ලා ‘තොප හැම ගේ බසින් තර්කත කථා ‍කරන්ට ගොසිනුත්. වෙළඳාමේ ගොසින් සිස් ව නැඟී ආ කලක්‍ මෙන් ලැබ ගත් කථා සාරයෙක් නැත. අද රාත්රිමය අන්ධකාර දොෂ රහිත වීමෙන් ඉතා යහපත, මෙ සේ වු රාත්රිරයෙහි කවර නම් නුවණැති මහණ - බමුණු කෙණකුන් කරා ගොසින් කර්ණර රසායන වු කථාවක් ලබමෝ දෝ කවර නම් කෙණෙක් තකී වශයෙන් අප විචාළ දෙයක් කියා ලද්දැ’යි විචාළෝ ය.

ඒ අසා යොන් ඇමැත්තෝ පූරණ කාශ්යාපාදීන් හැර අනික් කෙණෙකුන් හා තමන් නුපුරුදු හෙයින් පුරුද්දවුන් ඇත ත් උන් හැම ගේ ත් කථා ශක්තිය ආඥා සමපන්න රජ්ජුරුවන් දුටු කලට මෙ තෙක් ම ‍වේ දැ යි සිතා මුයෙන් නො බැණ කන් ඇසී ත් බස් ගොළුවනට යමක් කියා ලූ කල මූණ බන්නා සේ රජ්ජුරුවන් ම මූණ බල බලා සිටියහ. එ කල සාගල නුවර ද රජ්ජුරුවන් තර්කඥ කෙරෙති’ යන භයින් නුවණැත්තන් දුර නැගි යාමෙන් බොල් විනා වියක්1 නැති කළවිටක් මෙන් නුවණැත්තන් ගෙන් සිස් විය. නැගි පලා යා හැකි තැන් නැති හෙයන් රඳා ගිය කෙණෙක් කථාවට ඔලෙන්ට නිසි කථා නො කෙරෙති. වහන්දෑ බො‍හෝ සේ හිමවු පියසට වඩනා සේක. එ කල්හි හිමවත රත්ගල් තලාවේ2 කෙල සියක්3 පමණ රහතන් වහන්සේ වසන සේක. එසේ වනස රහතන් වහන්සේ ගෙන් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ. ‘මා හා කැටි ව කථා කරන්ට නිසි මහණ බමුණු කෙණෙක් ඇත් නම් කියව’යි කථා කරන්ට නිසි මහණ බමුණු කෙණෙක් ඇත් නම් කියව’යි යොන් ඇමැත්තන්ට කී කථාව දිව කන්නා අසා වදාරා සත් කුල4 පව්වෙන් යුගඳුරු මුදුනට කෙළ සියයක් පමණ රහතන් වහන්සෙ රැස් කරවා ලා ‘මිළිඳු රජ්ජුරුවන් කියන්නේ මේ ලෙසක. උන් හා කැටි ව තර්කව කථා කරන්ට ශක්ති ඇති තැන් ඇද්දැ’යි විචාළ සේක.

එ සේ විචාළ බසට එක නමකුත් බැණ ‍නො නැගි සේක. දෙවෙනි ව තුන්වෙනි ව විචාළ ත් අශක්ති හෙයින් ම බැණ නො නැගි සේක. බැණ ‍ෙනා නැ‍ඟෙන්නා ‍අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ භික්ෂු සඞ්ඝයා වහන්සේට වදාරණ සේක් ‘තමන් හැම දෙනා බැණ නො නැගෙන බැවින් මෙ සේ ම තුබු කලට පස් වා දහසින් පන් සියයක් හවුරුදු පමණ ගිය කල ශාසන බල ය මෙ තරම් වු කලට හවුරුදු ඒ දෙ ‍දහසත් ගිය කල කවර තරම්

1. වි ටිකකි, 2. රන්තලවු ගල, 3. කෙළ සියයක්, 4. සන්කුල, 6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 73

ද? මෙ තැන දි රහතන් ගෙන් ම කෙළ සියයක් විතර ඇති කලට ශාසනන බලය ‍ත් පෙනුන නො වේ ද? ඒ නියාවට තවුතිසා දෙව් ලොව විජයොත් පායට නැගෙන හිර කෙතුමති නම් විමනෙක් ඇත. ඊ මහසෙන නම් දෙව් පුත්හු වෙසෙති. ඌ මිළිඳු රජ්ජුරුවන් හා සින් හුයකින් සීණ් හූ ගළතන කලක් පරිද්දේන් සාම්යොරපමා වෙන් සිත් ගෙන කථා කොට ලිය හෙති’ වදාළ සේක.

ඒ අසා කෙළ සියයක් පමණ රහතන් වහන්සේ යුගඳුරු පව්වෙ දී අතුරුදහන් වූ සේක් තවුතිසා දෙව් ලොව පහළ වු සේක. එ කල සක් දෙවිඳු ද වඩනා රහතන් වහන්සේ දුර දී ම දැක පහන් සිත් ඇති ව ප්රකධාන ව වඩනා අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ කරා ගොසින් වැඳ ලා එකත් පස් ව සිටිය හ. සිට ත් මෙ තෙක් දෙනා වහන්සේ අරුමයක් සේ දෙව් ලොවට වැඩි හෙයින් නො කරුණෙක් නොවඩනා සේක. එක් තරා කට යුත්තෙකැ’යි සලකා අසිසගුත්ත මහ තෙරුණ වහන්සේ ද එ සේ විචාළ ශක්රයයන්ට සාතා වදාරණ ශාසනොපකාරයට දෙවතාවනුභාවය ත් ඇති වන පිණිස ‘හෙම්බා ශක්රායෙනි, තොපි නො විචාළ ත් කියන්ට ම සිතා ආ ගමනේ විචාළ බැවින් කිව මනා වේ ද? තෙපි තොප ‍ගේ දැව ඉසුරු නිසා නොදතු නමුත් මෙ වක දඹදිව සාගල නුවර මිළඳු නම් යොන් රජ්ජුරු කෙණෙක් තකීවාදි ව වහන්දෑ කරා අවුත් වාද ලොසන් කථා කොට බො‍හෝ පීඩා කෙරෙති. උන් හා කථා කරන්නට නිසි කෙණෙක් මිනිස් ලොව නැත. දැමුවා කසළ බව මුත් උන්ට සම්භ වූ ණුවණ නිකසළ ය. එ වක තේජස් නැති ව කසළ දැමුව ත් දැන් අනුන් ගේ නුවණ බැවුම් හරවන ලෙසට තේජස් ඇත්තෝ ය. උන් හා කථා කරන්ට තරම් කෙණෙක් දේව ‍ෙලාව ඇත් නම් විමසා කියව’යි ශක්රටයත් ලවා ත් එවා ගන්නා පිණිස වදාළ සේක.

ඒ අසා සක් දෙවිඳු “ස්වාමින්, ඒ මිළිඳු රජ්ජුරුවෝ නමුත් ඔබ්බකින් මින්ස් ලොවට ‍ගිය කෙණෙක් නොවෙති, මෙම දෙව් ලොවින් මිනිස් ලොව උපන්හ. තෙල පෙණන කෙතුමති නම් වමන වසන මහාසෙන නම් දෙව් පුත් මල්ලව පොරට මල්ලවයන් ම තරම් වන්නා සේ. යකඩ මොලොක් වන්ට ගිනි ම තරම් වන්නා සේ මිළිඳු රජ්ජුරුවන් හා කථාවට තරම. මිනිස් ලොව ඉපැද උන් හා තකී වාද කරන්ට යාච්ඤ කරම්හ’යි කිවු ය. ඉක් බ්ත්තෙන් එ සේ කී සක් දෙවිඳු‍න් හැර ගෙන කෙළ සියයක්



74 සද්දර්ම රත්නාවලිය


පමණ රහතන් වහන්සේ යම් සේ බුදුන් පිරිනිවි හවුරුදු සියයක් ගිය කල විසල් මහ නුවර අලදිවැදි1 මහණුන් දස දහසක් දෙනා නො දහම් දහම් ‍ෙකාට ගෙන වත් දසයක් පහළ කිරිමෙන් සසුන් මහවිල් සඳහම් නමැති පැන් නසා අධර්මෙ නමැති වස ලන නියාව දැක යම මහ තෙරුන් වහන්සේ ප්රනධාන සඞ්ඝයා වහන්සේ කාලාශොක රජ්ජුරුවන් ගෙන් බල ලදින් වාලුකාරාමයෙහි වැඩ හිඳ පස්වා දහස් මුවල්ලෙහි ධර්මරය පවත්නා ලෙසට:

“එත්තාවතා දසසහස්සසු පාප භිකඛු නිද්ධුය ධූත දසවත්ථුමාල අකංසු යං තෙ සුනිම්මල යසෙන යසෙන සද්ධිං සඞ්ගීතිමුජ්ඣිතමලා අපි දස්සිතා සා”

යනු හෙයින් පවිටු මහණුන්‍ නෙරැ දෙවන දම සඟා කොට ලා ‍’මේ අප කළ ශාසන කාරියට මත්තෙහි වන උළුදුරු ඇද්දෝ හෝ’යි දිවසින් බලා බින්දුඳසාර රජ්ජුරුවන් ගේ පුත් ධම්සෝ රජුන් සමයෙහි සැ දහසක් පමණ තිර්ථසකයන් සිංහ සම් පෙරවි කැනවිලුන්ට2 සිංහ තරම් නැත්තා සේ යහපත් තරම් නැත ත් ලාභ ය නිසා සසුන් වැද මහණ ව මැණින් තිබිය දී කිරිවාණ පොඩි ගන්නා සේ, තම තමන් ගේ ම ලබ්ධි ම පිරිමැසීමෙන් කරණ ශාසන වි‍ලොප ය දැක එ කල්හි ඒ උපදනා අර්බුද ය සන්සිඳුවාලන්ට නිසි කෙණකුන් මිනිස් ලොව ත් ස දෙව් ලො ත් නැති නියාව දැන බඹ ලොව බලා තිස්ස නම් මහ බඹාණන් තුන් වන දහම් සඟා කොට මධ්ය දෙශයෙහි තබා පසල් දනවුවල ත් ශාසන ය පිහිටුවා ලන්ට බල ඇති නියාව දැන දෙ වන ධම්සභා කළ වහන්දෑ බඹ ලොවට වැඩි සේක් ද, එ පරිද්දෙන් ම කෙතුමතී විමනට වැඩ පළමු සක් දෙවිඳු ලවා මිනිස් ලොව සිපදනට පැරැත්ත ගැන්වු සේක. එ අසා මහාසෙන දෙව් පුත් ‍අරුම නො දත් දෙයෙක ඇල්ම නැත්තා සේ ප්රකයේජන නො දත් බැවින් ශක්ර යන් ගේ පැරැත්ත පමණකින් මිනිස් ලොව උපදනට මැළි වු ය. මැළි වු නියාව ත් දැන අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ නිදුකාණෙනි. මැළි නො වව. තොප නිසා බලවත් ශාස‍නොපකාරයෙන් ඇත. අපි ත් වැළිත් මුළු ‍ලොව බලා ඒ ශාසන සංග්ර හයට තොප තරම් නියාව දුටුම්හ. එ සේ හෙයින් මෙ තෙක් රහතන් ‍ෙග් ආරාධනාවෙන් දෙවි - බඹුන් ගේ අයදමෙන් බෝසත් කෙණකුන් මිනිස් ලොව ඉපැද ස‍ෙත්වාතපකාරය කෙරන්නා සේ කෘත පුණ්යව හෙයින් මෙ තැන්හි රඳා කරණ භවක්ෂ්යෙක් ඇත් නමුත් එයි ත් ඔබ දි ම කරණ ලෙසට මිළිඳු රජ්ජුරුවන් තර්කට වාද

1. දල වාදි 2. කැණවිලුන්ට 6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 75

කිරිමෙන් භික්ෂු සංගයා වහන්සේට කරණ පීඩාව සන්හිඳු වන පිණිසත් මිනිස් ලොව උපදුව’යි හැම තැන් ගේ අදහස් ගෙන ආරාධනා කළ සේක.

එ කල්හි මහාසෙන නම් දෙව් පුත්හු “මම වැළි ත් මිළිඳු රජ්ජුරුවන් හා තර්ක් වාද කොට උන් පරදවා පිය හෙම් ල, මා නිසා සසුන මහ විල සදහම් පැන් ලැබීම ‍කසළින් නිකසළ වේල. ශාසන සංග්රාහ බලවත් කොට කට හෙම් ල” යි සතුටු ව අප නිසා සසුන් වැඩක් වන කල ඒ මුල්‍ ව මිනිස් ‍ෙලාව උපදිමි යි රහතන් වහන්සේ කළ ආරාධනා ගිවිස්සෝ ය. ඒ රහතන් වහන්සේ ද, මහාසෙන දෙවි පුත් මිනින් ලොව උපදනා ලෙසට ගිවිස්වා ගෙන දෙව් ලොවින් අවුත් හිමවත රක්ගල්තලාවට වැඩි සේක. එ සේ වැඩ අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ බණවා ලා ඇවැත්ති, මෙ සඟ රැසැ අපගේ මේ සසුන් පිළිබඳ කටයුතත්ට මුසු නුවු කෙණෙක් ඇද්දැ’යි විචාරා රොහණ මහ තෙරුන් වහන්සේ නිරොධ සමාපත්තියට සම වන හෙයින් මුසු නුවු නියාව අසා සඟ ව හිඳ ඔබ කැඳවා යවු සේක. උන් වහනසේ ද නිරෝධයෙන් නැගීමට එයි ත් එක් කාරණයක් හෙයින් සති ය ඉකුත් නුවු වත් නිරෝධයෙන් නැගී රක්ගලතලා වැඩි සේක. වැඩියා වූ රොහණ මහ තෙරුන් වහන්සේ ට අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, මිළිඳු රජ්ජුරුරවන් හා තකී ලෙසින් කථා කොට හෙන තෙනක් නැති ව බුදු සස්න පසු බිසමින් සිටි නියාව නො පෙනේ ද. මේ තමා උදාසින වුව මනා කලෙක් ද? ශාසනටය පිටිවහල් වුව මනා වේ මනා වේ දැ’යි වඳාළ සේක.

ඒ අසා රොහණ මහ තෙරුන් වහන්සේ “දෙව් ලෝ වඩනා ගමනට සහාය වන්ට නුහුණු වුයේ ය1. ඉනිබ්බ අප විසින් කළ මනා කිම් දෑ’යි විචාළ‍ සේක. ඇවැත්නි, එ සේ නිරෝධයට සමවදනට පෙරාතුව ම සස්න පසු බස්නා නියාව අප හැම දක්නා පසු නුදුටුවා නොව ත් වූවා දැක දැක ත් උදාසීන වූවාට දඩුවම් කළ මැනවැ’ය වදාළ සේක. වදාරා ලා ‘කවර දඩුවමෙක් දැ’යි විචාළ කල්හි ‘ඇවැත්නි, සෙසු දඬු‍වමෙක් නො වෙයි. හිමාල ආසන්නයෙහි කජඞ්ගල නම් බමුණු ගමෙක් ඇත. ඒ ගම උභයකුල පරිශුද්ධ වු බමුනාන කෙණෙක් වෙසෙති. උන්ට පුතණු කෙණෙක් ඇති ව නාග සෙන කුමාරයෝ යැ යි ප්රෙසිද්ධ වෙති. තෙපි ඇවැත්නි සත් හවුරුදු දස මසක් ම ලබන කිසිවක් ඇත ත් නැත ත් සිඟා උන් ගේ ගෙට යව. සිඟා ඇවිදිමෙන් හත් හවුරුදු දස මස ගිය කලට ඒ නාගසේන කුමාරයන් තොප කරා හැර ගෙන මහණ


1. නුවුයේ ය. 76 සද්ධර්මුරත්නාවලි ය

කළා නම් මුන් නිසා වන ශාසනෝපකාරයට තොප මුල් හෙයින් ඒ දඩුවමින් මිදෙව’යි දඩුවම් පිට තබා මහණ කරවන්ට විධාන කළ සේක. මුදුන් දණ්ඩෙන් ලූ පහරත් දණ්ඩ කර්මබයක් ම හෙයින් තදනුරූප කොට වදාළ සේ තුබුයේ ය. ඔබ ද ඒ අසා යහපතැ යි ගිවිස ආදි සුමු ව ගත නුහුණත් ඊටත් වඩා පසු ව මුහු වු සේක.

මාහසෙන නම් දෙව් පුත්හු1 ‍ද දෙව්ලො වින් චුත ව ‍සොණුත්තර නම් බමුණානන් නිසා උන් ගේ බැමිණියන් කුස උපන්හ. උපන් ඇසිල්ලෙහි තේජස් ඇති වීමට කාරණා ව ඒ ගම ආයුධ මුළුල්ල දිළිහි ගියේ ය. නුවණට පළමු වීමට කාරණා ව අග’ස් බතු ත් ඇති වි ය. පිඩා නමැති ගිම් නිවීමට කාරණා වමහන් බතු ත් ඇති ව ය. පීඩා නමැති ගිම් නිවිමට කාරණා ව මහන් වැස්සකු ත් වට.

රොහණ මහ තෙරුන් වහන්සේ ද ඒ මහාසෙන දෙව් පුතුන් මවු කුස පිළිසඳ ගත් දවස පටන් පුරාස මහත් හවුරුදු දස මසක් ‍ඒ ගෙට සිඟා වැඩ බත් සැන්දක් වේවා යි හුළුකැන් සරළුවක්2 වේව යි නො ලත් සේක. ඔබ්බේ තුබූ බත් තබා මුබ්බේ තුබු වැඳිම් පිඳිම් පමණකු ත් ලබන්නට නැත. එ ‍සේ කළ සිඟා ගොසින් ලබන්නේ කිම්දැ’ යි යත ‍ගොත් දෙඩිම් බිණිම් පමණෙක. මෙ ලෙසින් සත් හවුරුදු දස මස ගොසින් නාගසෙන කුමාරයන් මහණ වන වයසට පැමිණි කල්හි එක් දවසක් රොහණ මහ තෙරුන් වහන්සේ ඒ ගෙට සිඟා වැඩි ගමනෙහි “අරුණු” ය යි යන බස පමණක් ලදින් ඔබ්බේ ගෙවලට සිඟා වඩනා සේක. ඒ ගෙයි බමුණානෝ ත් පෙර මග එන තැනැත්තෝ මහ තෙරුන් වහන්සේ දැක ‘කිමෙක් ද පින්වත් වු මහණ, අප ගේ ගෙට ත් සිහා ගියෙහි දැ’යි විචාරා ‘එ සේ ය, ගියම්හ’යි වදාළ කල්හි ලත් කිසිවක් ඇද්දැ’යි විචාළහ. බත කුම් වුව ත් බස් පමණක් සඳහා ‘එසේ ය, ලදුම්හ’යි වදාළ සේක, ඌ තුමු තමන් සැදෑ ගුණයක් නැති හෙයින් බලවත් හානියකට පැමිණියා සේ මුසුප්පු ව ගෙන ගෙට ගොසින් මේ ‘අප ගේ ගෙට සිඟා ආ මහණාට දුන්නේ ඇද්දැ’යි විචාරා ‘නැතැ’යි යනු අසා ‘එ සේ වි නම් කිසවක් නො ලත් විරු හෙයින් රැහැණි ව නැත්තක් කී නායා වේ ද? බොරුවෙන් හසු කෙරෙම්’ දෙ වන දවස බැරකට නො ගොසින් ගෙයි ම රඳා හුන්හ.

මහ තෙරුන් වහන්සේ ‍ද ඒ ගෙට සිඟා ගොසින් ලද මනා අරුණු පමණක් ම නොවන හෙයින් තව ත් ලද මනා දෙයක් ම ඇති වන්නා දෙ වන දවස් ඒ ගෙට ම සිඟා වැඩි සේක. බමුණා 1. දෙව් පුත් ද 2. සාළුවක්

6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 77

තෝ මහ තෙරුන් වහන්සේ දැක “ඊයේ දවස අප ගේ ගෙන් කිසිවකු ත් නො ලදින් ‘ලදුම්හ’යි කියා බොරු කීවා ද? ඒ බොරු කීම යහපත් දැ’යි විචාළහ. එ සේ විචාළ බමුණානන්ට ‘හෙම්බා බමුණානෙනි, මෙ තෙක් කල් මුළුල්ලේ තොප ගේ ගෙන් බස් පමණකු ත් නො ලදින් ඊයේ දවස් ‘අරුණු’ යන බස් පමණක් ලදුම්හ. එ විතරකු ත් ලත් දේ1 ලත් නියා වේදැ’යි සිතා ‘ලදුම්හ. බමුණානෙනි. කිම්හ’යි වදාළ සේක. එ බස් අසා බමුණානෝ ‘අනේ මු මෙ විතරකුත් ලදුම්හ’යි කියන්නෝ මෙඝනාද පමණ කින් දරු සම්පත් ලදින් කෙකින්නන් බලවත් ව සතුටු වන්නා සේ මෙ විතරකට සතුටු වුවාහු මේ ගෙන් කන බොන දෙයක් ලද්දු නම් බලවත් ව සතුටු වෙති’යි මහ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද තමන් අනුභව කරන්ට ඉදි කළ බතින් ම බත් සැන්දක් හා ඊට සෑහෙන තරමේ මාළුවකුත් තබා නිලකරවා ලා’ තෙල හැම දවස් ම ලැබෙ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ද බත් සැන්ද පිට ලා කුමාරයන් මහණ වන ‍වයස් පිරෙන තෙක් සිඟා ඒ ගෙට වඩනා සේක. බමුණානෝ ද එක් වන් වඩනා මහ තෙරුන් වහන්සේ ගේ සන් හුන තරම දැක පන් තුඩ ගෑ තෙල් පමණකින් බලවත් ව සතුටු වන්නා සේ තර ව පැහැද, නිරන්රයෙන් තමන් ගෙ ගෙයි දි ම වළඳන්නට ආරාධනා කොළෝ ය. මහ තෙරුන් වහන්සේ ආරාධනා ඉවසා දවස පතා අවුත් වළඳා ලා වඉනා කල වැළඳු බතට දෙන මිලයක් පරිද්දෙන් යම් තම් බණකු ත් වදාරණ සේක. මේ ලෙස කරණ කලට බැමිනියෝ ද මහ පිනැත් පුතණු කෙණෙකුන් වැදුහ. උපන් කුමාරයන්ට නාගසෙන නම් තුබුහ. නාගසෙන කුමාරයෝ ද කලාවෙන් කලාවට වඩනා සඳ පරිද්දෙන් වඩනෝ ස් හැවිදිරි වුහ. ඒ අවස්ථා වෙහි දි බමුණානෝ පුතනුවන් බණවා ලා ‘පුත නිගසෙන කුමාරයෙනි, ශිල්ප උගැන්ම2 නම් මේ අවස්ථාවෙහි මුත් මූකුරා ගිය කලට අනිකකට ම සිත යන හෙයින් ඉගෙන ගත නොහැක්ක. බමුණු කුලයෙහි උපන්නවුන් උගතමනාශිල්ප උගනුව’යි කි වූ ය. කුමාරයේ ත් එ අසා උගත මනා ශිල්ප කවරේ දැ යි විචාරා වේද තුන නම් අව්යෙශයෙන් ම උගත මැනව. බත් කන්නවුන්ට‍ මාළු ඇත මනා සේ ම සෙසු ශිල්ප ත් දත මැනැවැ’යි කී කල්හි ‘යහපත, ඉන් අඩුවක් පායිම් ද? උගනිමි’ කිවු ය. එකල්හි සොණුත්තර නම් පිය බමුණානෝ ඇදුරු ව ශිල්ප උගන්වා ලන තරම් බමුණාන කෙණකුන් ගෙන්වා ගෙන ගුරු පුජා කොට උන්ට මසු දහසක් දෙවා ලා පාටතට යවා ශිල්ප ඉගැන්විමට මැලි ව මාළිගාව ඇතුළේ ම එක් ගබඩාවෙක යානක් පනවා ලා ඇදුරු බමුණානන්ට ‘තෙල යානෙහි හිඳ ශිල්ප උගන්වන’යි කිවු ය.


1. ලද්දේය 2. ඉගැන්විම

78 සද්ධර්මදරත්නාවලි ය

එ සේ කී ඉක් බිත්තෙන් ඇදුරු බමුණානෝ නාගසේන කුමාරයන්ට වෙද් මන්ත්රධ තමන් ගේ ශාස්ත්රුයට ම‍ුල් ව තිබෙන හෙයින් ඒ උගන්ට කිය ලා කියති. නාගසේන කුමාරයේ දෙවි ටක් නො කියවා එක විට කියවා ලූ ගමනන් ම අනඳ මහ තෙරුන් වහන්සේ එක ශ්රැ තින් ගාථා පසලොස් දහසක් උගත්තා සේ ම අථර්වෙන වෙදය හා සමග වේ ද සතර ත් නිඝණ්ටු කෙටුහාදී වු සෙසු ශාස්ත්රර ත් කසුප් බුදුන් සමයෙහි හමඳනා මළුව කසළ ත් නොතබා හාමැන්දා සේ ‍උගන්නා ශිල්පයක් සැකයක් නො තබා දිවග ලෙළෙන පරිද්දෙන් කසළ දමන්ට දෙ තුන් විටක් කී බව මුත මේ එ සේ නොකොට එක විටින් ම ලක්ෂන ගණන් ග්ර න්ථ ජාත වණ ‍පොත් කළහ. එ සේ වන පොත් වු පසු පියාණන් ලඟට ගොසින් මේ බමුණු කුලෙහි උපන්නවුන් උගත මනා ශිල්ප මෙ තෙක් ම ද? තව ත් ඇද්දැ යි විචාරා අටුවෙක කෙටුවෙක ලා ලූ දෙයක් කා නිමි කලට ඒ අටු- කෙටුවේ තිබෙන දෙය එ තෙක් ම වන්නා සේ ඔබ්බේ පවත්නා ශිලප නො දැනෙන බැවින් අප කෙරෙහි පවත්නා ශිලප මෙ තෙක් ම ය’යි කී කල්හි ශිල්ප ඉගැන් වු ආචාරින්ට උගත් ශිල්ප වන පොත් දි ලා මාළිගාවෙන් බැස පුර්වල ප්රා්ර්ත්ථගනා නැමැති අඞ්ගනාව ගේ කැණි ය ලින් ඈට කිසිවක් දි පියන්ට උගත් ශිල්ප නැමැති ගෙය මුළුල්ල ප්රලඥා නැමැති අඞ්ගනාව ලවා සමන්තා බලවා ත් ශිල්ප නැමැති ගෙය මුළුල්ලෙන් ප්‍ඥායෝජනවත් නො වන දෙයක් විනා ප්ර්යෝනවත් කිසිවක් නො දැ ක පුර්වඥ ප්රාමර්ත්ථි නා නමැති අඞ්ගනාව ත් සිත් ගත ‍නොහි ‘මේ මා උගත් ‍වේදාදි වු ශිල්ප ජාත ය බොල් පරිද්දෙන් ඉතා සිස් ව, සිස් හැඳ පුටු සේ සැරයක් දක්නට නු වු සිසා ය’ යි තුමු න් නොසතුටු වු හ.

එ කල්හි රොහණ මහ තෙරුන් වහන්සේ වත්තනිය නම සෙ නස්නෙහි වැඩ හුන් සේක් කජඞ්ගල නම් බමුණු ගම හුන් නාග සේන කුමාරයන් ගේ නො සතුටු වු සිතිවිල්ල තමන් වහන්සේ ගේ පරසිත් දන්නා නුවණින් දැන පා සිවුරු හැර ගෙන රඳා වැඩ හුන් වත්තති ය නම් සෙනස්නෙන් නික්ම කජඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. නාගසේන කුමාරයෝ ද තමන්ගේ ගෙදොර දොරටුවේ සිටි තැනැත්තෝ වඩනා මහ තෙරුන් වහන්සේ දුර දී ම දැකහුන් තෙනට ගොසින් වුව ත් මා උගත් ශිල්පයෙහි සාර විශෙෂය විචාළ මනා තැන - සොයා යන බෙහෙද පෙර මඟ ම දුටුවා සේ සම්භ වු නිසා යහපතැ’යි සතුටු ව පිපාසා බලවත් කෙණෙකුන් පැන් ගෙනෙන්නො දැක පෙර මඟට ම ගොසින් පැන් ඉල්වා බොන්නා සේ මහ තෙරුන් මහන්සේ කරා එළඹ ඒ ජාතියට තමන් මහණ රුවක් නුදුටු හෙයින් ‘මුසු ව සිවුරු පෙරවි තෙපි කවුරු දැ යි.



               6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව	  79

විචාළෝ ය. විචාළ කුමාරයන්ට ‘අපි එක්තරා පැවිදි කෙණෙකුම් හ’යි වදාළ සේක. “ පැවැදි වු යේ කුමක් නිසා දැ” යි විචාළ කල්හි රාගාදි කෙළෙසුන් දුරු කරන්නට ය’යි වදාළ සේක. ඒ අසා කුමාර යෝ ඒ වන්නාට ය. තෙල හිස කේ සෙස්සන්‍ ගේ ‍හිස කේ සේ දික් නො වෙයි විචාලෝ ය. ඒ අසා මෙහ තෙරුන් වහන්සේ කපන හෙයිනැ යි වන මෙ විතරක් නො වදාරා මුන් අවුත් ‍මහණ වන ලෙසට කථාව පැවතුව මනා කැලැ යි හිස තේ දෙ පෝයෙන් දෙ පොයේ මසින් මස කපන හෙයන් දෑගුල් විතරට දික් නො වෙ යි කීවොත් මෙ පමණකින් හිගි කම් කටුලේ ආයාසය ම දත ‍‍නො හැක්ක. විචාළ බසෙහි ම පිහිටා ගිහිකම් කටුලේ දුක් හඟවමි සිතා ‘හෙම්බා කුමාරයෙනි, මේ හිසකේ වඩා පිරි මසන්නවුන්ට අට්ටාල් සොළොසෙක් ඇත, ඒ සොළොස නම් කවරේ ද යත්? හිස කේ සිටුවන්නාහු මුර නො වරදවා සේධු ව මැනව, පැන් නො සිටුවා හිණිගැන්වුව මැනව. බඳනට පෙරාතු හිස කේ තැනුව මැනව. තෙල් ගා පන්ති කළ මැනව. හිස සෝධා පී කලට මල් සෙව්ව මැනව මිල දි වුව ත් සුවඳ සෙව්ව මැනව. සුවඳ ගැල්වුව මැනව. පණා ගැසුව මැනව. අවුල් කඩා පීරුව මැනව. උකුණන් හැරවුව මැනව. නර පෙනෙන කලට කරුප්පු ලුව මැනව. හිස කේ වැගිරෙන් නියාව දුටු කල මුසුප්පු වුව මැනව. මෙ කි අට්ටාල් නිසා මෙ සේ කලට ඒ හාම නැති හෙයින් හිස කේ කපම්හ’යි වදාළ සේක.

ඒ අසා නාගසේන කුමාරයේ ‘එ එ සේ ම ය. අපි ත් ගිවි සුම්හ. හන් පෙරෙවි පිළි සෙස්සන් ගේ පිළි සේ නො වෙ නැ’යි විචාළෝ ය. ඔබ ත් ඒ අසා සිවුරු ඇවිටි කරවනු නිසා ‘එම්බා කුමාරයෙනි. මෙ පිලි නො කැපිම නිසා අගය ත් පිරි නොහී නො රැඳිම නිසා පැය ත් නො නැසිම සිටි. එ සේ කලට ‍ලොභ කට යුතු වස්තු හෙයින් සොරු ආදින් ගෙන් උපද්රොව මහත. නැවත නට කල ශොක ත් උපද්දි. ඇපිල්විම ආදි වු අට්ටාලු ත් ඇත.මෙ සිවුරු කපා ගොතා කරණ හෙයිනු ත් අගය ත් අඩු ව රැඳි මෙන් පැය ත් අඩු ව තිබෙයි. එ හෙයින් ඊ ලොභ කරන්නෝ නැත. ‍අප‍ෙග් පිලි වෙනස් වන්ට කාරණ ‍ෙම් ‘ය යි වදාළ සේක . ඒ අසා නාගසේන කුමාරයේ හිස කෙසේ හා පිලියේ හා වෙනස දැක මා විචාළ කාරණා කියා ගිවිස්වා ලූ නියා යහපත. මේ කාරණා දන් නෙ ත් එක්තරා ශිල්ප‍යකින් වේ ද? එ සේ දන්නා ශිල්පයෙක් ඇත් නම් ‘ ඒ විචාරම්’යි සිතා දන්නා ශිල්පයෙක් ඇද්ද නැද්ධ ‘යි විචාළෝය. එසේ ය, කුමාරයෙනි, ශිල්ප දනුම්හ’යි වදාළ සේක, වදාරලා මුන් තමනු ත් ශිල්ප දන්නා හෙයින් සාමාන්යන කොට සිතා



80 සද්ධර්මපරත්නාවලි ය

ආල ය නො කෙරෙත් නමුත් ආලය උපදවනු පිණිස ‘හස්ත ‍සාර ශිල්පයෙක් සේ බලවත් ව තිබෙන ශිල්ප ත් අපි දනුම් හ’යි වදාළ සේක. ඒ අසා නාගසේන කුමාරයෝ ඔබ දන්නා ශිල්ප ත් දන්නා කැමති ව ‘මිහිරි දෙයක් ලත් කල සඟවා තබා ගෙන කන්නෝ මසුරු කෙණෙක. පර වැඩ නො හැසිරෙන කෙණෙක. තයාගි කෙණෙක් අනුන්ට ත් දෙති. එ සේ ම නුම වහන්සේ දන්නා බලවත් ශිල්ප අප ත් උගන්වාලන්ට පිළිවන් දැ’යි ශාස්ත්‍සේෙලාහි හෙයින් විචාළෝ ය.

ඒ අසා මහ තෙරුන් වහන්සේ ‘මුන් කළ ප්රායර්ත්ථනනාව කවර දෙයකු ත් උගන්ට අශක්ති ලෙසකට නො වත් බොධිසත්වන චරිත යක් සේ උදාරතර අදහස් ඇති හෙයින් නිසිවුව යි සිතා වදාරා යෙදුණු දඩුවමින් මිදෙන නිසා ත් ‘තෙපි උගනු නම් උගන්වන්ට පිලිවැනැ’යි වදාළ සෙක. කුමාරයේ ඒ අසා කවර ලෙසක පිටුවා කවර ලෙසකින් උගන්වන ශිල්පයක් බවත් නො දැන ‘යහපත, ඒ දන්නා ශිල්ප ය දුන මැනවැ’ යි කිවුය. සිඟා වඩනා වේලාව හෙයින් දැන් අවසර නැත’යි වදාළ සේක. ඒ අසා නාගසේන කුමාරයෝ ආරාධනා කොට පාත්රන ය හැරගෙන තමන් ගේ ගෙට වඩාගෙන ගොසින් සිය අතින් සකස් කොට වළඳවා ලා වළඳා අන්තයෙහි මෙ විට අවසර ඇත්තේ වේ දැ’යි ශිල්ප දෙවා වදාළ මැනවැ’යි කිවු ය. එ සේ වි නම් කුමාරයෙනි, මෙ ලෙසින් සිටියා ව‍ු තොපට ශිල්ප උගන්වන්ට නොපිළිවන. දෙ මවු-පියන් අනුදන් වා ගේන අවුත් අප සේ ම මහණ ව ගතු නම් උගන්ව‍ා ලම්හ’යි වදාළ සේක. නාගසේන කුමාරයෝ ද දෙ මවු - පියන් කරා ගොසින් දෙ මවු - පියනි. මේ තපස්වියානෝ තමන් බලවත් ශාස්ත්රෙයක් දන්නා නියා ව කියා මා ඉල් වු හෙයින් මහණ වුවහෝත මුත් දෙන්ට බැරිය යි කිවු ය.

මහණ නුවුවොත් ත් ශාස්ත්රබය සම්භ වන්නට නැත. අරුම නො වන මහ‍ණක් නිසා අරුම වු ‍ශාස්ත්රල ය අපවත් කරන්ට ත් බැරි ය. මා මහණ ව ගෙන ශාස්ත්රු ය ‍ඉගෙණ ගන්නා ලෙසට අනුදත මැනවැ’යි කිවු ය. දෙ මවු - පි‍යෝ ඒ අසා මූ තුමු ත් ශාස්ත්රණ යෙහි නියම ය ත් අප අතින් විචාළෝ ය, අප‍ ගෙන් දත් නිහඬක්, නැති බැවින් ඊ නිහඩතු ත් මුන් දත මනා පසු ශාස්ත්ර ය ඉගෙන ලා සිවුරු හැර එත ත් බාධාවක් නැති පසු අනුදනුම් හ යි සිතා ‘යහපත මහණ වව ‘යි විධාන කොළෝ ය. රෝහණ මහ තෙරුන් වහන්සේ ද නාගසේන කුමාරයන් කැඳවා ගෙන වත්තනිය නම් සෙනස්නට වැඩ රෑ සැතපී ලා හිමවත රක් ගල තලා


6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව 81

වැඩ කෙළ සියයක් පමණ රහතන් මැද කුමාරයන් මහණ කළ සේක. මහණ වු පසු ‘අප මහණ වූයෙත් ශිල්පයෙහි කළ ‍ලොභ යෙන. කල් ගිය කල ත් කිම් ද? ශිල්පා එවා ගත මනා වේ දැ යි ඉතිකින් නුඹ වහන්සේ ගේ වෙස් ගත්තමෝ වේ ද? ශිල්පය උගන්වා වදාළ මැනැවැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ‘මුන් සාමණෙර භූමියෙහි සිටි හෙයින් විනය උගන්වන්ට බැරි ය. මූ මහා නුවණැත්තෝ ය. සියුම් දෙය කපන්ට සියුම් මුවාත් ඇති යකඩ නිසි වන්නා සේ මුන් ගේ සියුම් නුවණට සියුම් බණක් නිසි ය. එ හෙයින් විජම් පිටකය උගන්වමි. ශිල නම්: ශිල යෙන් ආදියේන කළණ වු විනය පිටක ය. සමාධි නම් මද්ධ්යි යෙන් කළණ වු සූත්ර් පිටකය, ප්රවඥව කෙළවර කළණ වු විජම් පිටක ය. සමාධි නම් මද්ධ්යනයෙන් කළණ වු සුත්රප පිටකය. ප්රකඥාව කෙළවර කළණ වු විජම් පිටක ය. එ හෙයින් අප දන්නා ශිල්පයේ ආදිය ත් ඇත, මද්ධ්‍යයත් ඇත, කෙළවර ත් ඇත, තුන ම කලණ ය. තොප දන්නා ශිල්ප මෙ තරමට ඇත් නම් එ ම පමණය. එ සේ නම් මෙ අප කියා ලූ තුන හැරගෙන පිරිමසව. විනය හර ගැන්මෙන් හා ඔප් නඟන රත්රනක් මෙන් පිරිය යුතු සිල් නිර්මනල කොට ගෙන සූත්රෙ උගැන්මේන උපවාර සමාධි අර්පන් සමාධි උපදවා ගෙන අභිධර්ම. උගැන්මෙන් විවසුන් වඩා මාර්ගර ප්ර්ඥාව උඵදවා ගත හැක්ක. මේ ත්රි පිටකය උගැන්මෙන් පය්ය්ව ප්ති ශාසනය ද එ සේ ම පිළිපැදිමෙන් ප්ර්තිපත්ති ශාසනය ද අධිගමනය කිරිමෙන් ප්රරතිවෙධ ශාසනය ද සිද්ධ වෙයි.

ශීල පූරණයෙන් අධිශීල ශික්ෂාෙව ත් සොපවාර ධ්යාැනයෙන් අධිවිත්ත ශික්ෂාරව ත් මාර්ගාකධිගම ඵලාධිගමයෙන් අධිප්රාඥ ශික්ෂාශවත් පිරෙයි. විනය උගන්නා අවස්ථාවට තව නො පැමිණි හෙයින් විනයත් තිබිය දි සුත්රධයෙන් තොප ගේ නුවණ සියුම් වන්ට නැති හෙයින් එයි ත් පසු‍කොට විජම් උගනුව”යි විදාරා යටත් ව තුබු නැයින්නකට යොමු වු ජල ප්රපවාහයක් මෙන් ශිල්ප උගන්නට යොමු වු සිත් සතන් ඇත් නාගසෙන කුශල ත්රි කාදි ත්රිගක වශයෙන් හා හෙතු දුකා දි දුක වශයෙන් හෙබියා වු ධර්මස සඟුණු ද, ස්කන්ධ විහඞ්ගාදි වහඞ්ග අටළොසකින් හෙබියා වු විහඞ්ගය ද, සංග්රාකහාදි වශයෙන් තුදුස් පරිද්දෙකින් විහාග කරන ලද ධාතු කථාව ද, ස්කන්ධ ප්රගඥප්තිය ද ස්ව සමයෙන් සූත්රි පන් සියයක් හා පර සමයෙන් සුත්රථ පන් සියයක් හා එක් කොට සූත්රඥ දහසකින් හොබවා දෙසා වදාළ කථා වස්තුව ද, මුල යමකය - ස්කන්ධ යමකය යනාදි දස පරිස්සෙකින් දෙසා වදාළ යමකය ද, හෙතු ප්ර ත්යසය ආලම්බන ප්රපත්යරය ය, අධිපත් ප්ර්ත්යළ ය. අනන්තර ප්රටත්ය‍ය ය,



82 සද්ධර්මපරත්නාවලි ය

සමනන්තර ප්ර ත්ය ය ය, සහජාත ප්රතත්යිය ය, අන්යොවන්ය ප්ර්ත්ය ය ය, නිශ්රවය ප්රයත්ය ය ය, උපනිශ්ර ය ප්ර ත්ය ය ය, පුරොජාත ප්රයත්යඅය ය, පශ්චාත්ජාත ප්ර්ත්යයය ය, ආ සෙවන ප්රපත්යරය ය, කර්ම‍ ප්ර ත්යජය ය, විපාක ප්රොත්යපය ය, ආහාර ප්ර ත්යආය ය, ඉන්ද්රීයය ප්රනත්යරය ය, ධ්යෘකන ප්ර්ත්යජය ය. මාර්ග ප්රතත්යයය ය, සම්ප්රඩයුක්ත ප්ර ත්ය,ය ය, ධ්යාඋන ප්රනත්යරය ය, මාර්ගර ප්ර්ත්යරය ය, සම්ප්රරයුක්ත ප්ර්ත්යයය ය, විප්රරයුක්ත ප්ර ත්ය,ය ය, අර්ත්ථන ප්රනත්යරය ය, නත්ථීර ප්රරත්යරය ය, විගත ප්ර‍ත්ය්ය ය, අවිගත ප්රරත්ය්ය ය යන සූ විසි ආකාරයෙන් දෙසූ පට්ඨානය දැ යි විජම් පිටකය වදාරන්නා ම රාහු අසුරිඳු සේ. කට මහත් කෙණෙකුන් නො එක් බත් පිඬින් එක විට ම ගැල පියන්නා සේ දෙ විටක් නොකියවා එක විට ම ඉගෙන ගෙන ‘ස්වාමීනි, ඉතිකින් වදාරා ආයාස ගන්ට නො කැමැත්තෙමි. වන පොත් දෙමි’ කියා ලා කෙළ සියයක් පමණ රහතන් කරා රක් ගල් තලා වැඩ ‘මම මේ සියලු විජම් පිටකය දෙ විටක් නො කියවා එක විටින් උග නිමි. ඒ මා උගත් විජම් පිටකය ධම් සඟුණෙහි කුහල ත්රිඑකයෙහි එක් තඹ වළ‍ඳෙක බොහෝ දෙයක් පටවන්නා සේ බහා ලා පිරි වසයෙන් පිරිවහම්භ” යි කී සේක.

ඒ අසා රහතන් වහන්සේ ‘තෙල ඉතා අරුම දෙයක් වේ ද, අසනු කැමැත්තම්හ. පිරිවාලව’යි වදාළ සේක. ඉක් බිත්තෙන් නාගසෙන හෙරණුන්දෑ ද ප්රිකරණ සත විස්තර වශයෙන් සත් මසකින් පිරිවූ සේක. නොහොත් නුවණ නමැති තුඬින් සිත් නමැති උගුර තෙමා එක විට බීපු විජම් නමැති පැන් නොමද නියාව හඟවන්නට සත් මසකින් වමාරා නිමවූ සේක. ඒ ආශ්චර්ය්න් යට අනික් මහත් කොට සාධු කාර දි ලන්ට නිසි කෙණෙකුන් නැති හෙයින් බස මහත් කෙණෙකුන් මහත් කොට සාධු කාර දෙන කලක් මෙන් මහ පොළොව ත් ගුගුරුවා පී ය. නොහොත් ආකාශස්ථ දෙවියන් දෙන සාධු කාරයට පෙරාතු මී දෙව් දූ සාධු කාර දුන. නොහොත් ‘මෙතෙක් දවස් මේ ශාසන භාරය උසුලා ලන තරම් මහ බර ඇති තෙනත් නැති වීමෙන් මට සෑල්ලුව පියා තුබුයේය. දැන් බර මහතැ’ යි බර ව ගිය නියාවට ගුගුරන්නාක් මෙන් පොළොව ගුගුරවා පී ය. ඉක් බිත්තෙන් දෙවි බඹ නා ගුරුළු ආදිහු ත් සාධු කාර දුන්හ. නැවත නාගසේන හෙරණුන්දෑ වහන්සේ හා තකී වාද කරණ කෙණකුන් අව මැනැවැ යි ඔබට මැරුවේ අපො‍ළසන කලක් පරිද්දෙන් මහ බඹු අපො‍ළා පී ය. නැවත සාමණෙරයන් දෑ වස්වා ලූ විජම් වැස්සෙන් නැගි පෙණ පිඬු මෙන් දෙවියෝ දිව මල් වැස්වූහ.

ඉක් බිත්තෙන් කෙළ සියයක් පමණ රහතන් වහන්සේ නාග සෙන හෙරණුන්දෑට විසි හවුරුද්ද පිරෙන්නා ම මත්තෙහි වන


                  6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව                   83

ශාසනාභිවෘද්ධියට යොග්යද කොට රක් ගල් තෙලෙහි දී උපසම්පන්න කළ සේක. උපසම්පන්න වූ පසු එක් දවසක් රොහණ මහ තෙරුන් වහන්සේ හා එක් ව සිඟා වඩනා නාගසේන තෙරුන් වහන්සේ ‘අනේ අපගේ උපාද්ධ්යාසයන් වහන්සේ නොදන්නා නියා ය. විනය හා සූත්රප තිබිය දී පළමු කොට මා විජම්1 උගන්වාපු සේක. ඒ කුමක් කළ නියා දැ’ යි සිතූ සේක. රොහණ මහ තෙරුන් වහන්සේ ද උන් වහන්සේ සිතූ සිතුවිල්ල තමන් වහන්සේ ගේ සිතින් දැන ගෙන “ඇවැත්නි, තොප සිතනා අයුරු2 නපුර. තෙල සේ වූ සිතිවිලි පිරිමින්ට ගෑනු පළඳනා තරම් නොවන්නා සේ, ගෑනුන්ට පිරිමි වෙස් තරම් නොවන්නා සේ තමන් තරමුන්ට තරම් නොවන්නේ වේ දැ’ යි වදාළ සේක. ඒ අසා ‘අනේ අප ගේ උපාද්ධ්යා නයයන් වහන්සේ බලවත් සේක. ළඟ සිට කියා පී බසක් පියවි කනින් අසා දැන ගන්නා සේ මා සිතාපු සිත බඩු සහිත කොට සොරකු අල්වා ගත් කලක් මෙන් දැන ගත් සේකැ’යි සමාධි ව මෙ බඳු තෙනට මෙ සේ සිතු යේ වරද ය. ක්ෂනමා කරවා ගනිමි යි සිතා ‘ස්වාමීනි, මේ බන්දක් මෙ වක් පටන් නො සිතමි. වැරද ගිය දෙයට ක්ෂරමා කොට වදාළ මැනැවැ’යි කී සේක.

ඒ අසා රොහණ මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා, අපි තෙල විතරකින් - ක්ෂසමා කළ මැනැවැ යි කී බස් පමණකින් - ක්ෂරමා නො කරම්හ. ක්ෂ්මා නො කරන්නේ සෙස්සකට නො වෙ යි එක්තරා කට යුත්තක් නිසා ය. කලින් තෙපලින් කළ කී වරදක් නො වන බැවින් සිතා පු සිතිවිලි පමණක් හෙයින් සෙස්සකින් ප්ර යොජන නැත. වැඩි වරදක් වුව ත් වරද පිළිගෙන සිටියව. තොප සිත තෙලේ ගෑවුනා සේ ම අප සිත ත් ගෑවෙන දෙයක් ඇත. කවරේ ද යත හොත්? දඹ දිව සාගල නම් නුවරෙක් ඇත. ඊ මිළිඳු නම් යොන් රජ්ජුරු කෙණෙක් රජ කෙරෙති. ඌ තමන් තර්ක වාදී හෙයින් ප්රනශ්න විචාර වහන්දෑට බොහෝ පීඩා කෙරෙති. තෙපි ඉදින් ඔබ ගොසින් ඒ රජ්ජුරුවන් හා වාද කොට උන් ගේ වාද නමැති මහ ගල් තොපගේ වාද නමැති ය කුළින් බිඳ පියා කිසි වකට ත් නො ගත හැකි කොට උන් බුදු සස්නෙහි පහදවා ගතු නම් - තව ද සක් විති රජ්ජුරුවන් ගේ කුශලානුභාවයෙන් විසිර තුබූ රුවන් එක්වන්නා සේ තොප ගේ ඥානානුභාවයෙන් දුරු ව පලා ගිය වහන්දෑ ත් එක් තැන් වූ සේක් නම් - එ කල්හි ක්ෂ මා කරණෙමි යි වදාළ සේක.

ඔබ ඒ අසා නුවණට බෑවුම ත් කරණ සේක් “ස්වාමීනි, එක මිළිඳු රජ්ජුරු කෙණෙකුන් නො කැමැත්තෙමි. සියලු දඹ


                         1. විදම්.                  2. අළුව. 

84 සද්ධර්මමරත්නාවලි ය

දිව රජ්ජුරුවෝ අවුත් මා අතින් ප්ර ශ්න විචාළ නමුත් හමදනා මළු බොහෝව යි නාළුවා සේ ම ප්රවශ්න බොහෝ ය යි නො හරිමි. රන් කතුරකින් පියුම් පෙති සමූහයක් කපා වගුරුවා ලන කලක් පරිද්දෙන් විසඳා ලමි. ක්ෂ මා කිරීම ඊ ගැසී තුබූ දෙයක් නො වන බැවින් ක්ෂ මා කරන්නේ යහපතැ’ යි වදාළ සේක. එ සේ වදාළ ත් කෙණෙක් අනභිප්රා ය දෙය ලදත ‍ත් අභිප්රාමය දෙය නො ලත් කලට නො යැපෙන්නා සේ ‘එ සේ ක්ෂදමා නො කරම්හ’ යි රොහණ මහ තෙරුන් වහන්සේ වදාළ සේක. එ සේ කලට ක්ෂෂමා කරවා ගන්නා තෙක් ළඟ විසීම ත් නො පිළිවන් වුව. වස් පිරෙන්ට නොවීම නිස පිළිබඳ හෙයින් නිස නොගෙන විසීම ත් යුක්ත නොවත්. මේ වස් තුන් මස කවුරුන් වහන්සේ ළඟ වසමෝ දැ යි නිහතමාන බැවින් හා ශික්ෂාේකාමී බැවින් විචාළ සේක.

ඒ ‍අසා රොහණ මහ තෙරුන් වහනසේ “හෙම්බා, එ සේ වී නම් ‍අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ වත්තනිය නම් සෙනස්නෙහි වසන සේක. තෙපි ඔබ කරා ගොසින් අප ගේ වැඳීමෙනු ත් වඳුව. එ විතරකිනුත් තබා නො පියා තෙපි ත් වැඳ ගනුව. සුව දුක් විචාළ නියා ත් සැළකරව. ආයේ ඇයි දැ යි විචාළොත් මේ වස් තුන් මස ඔබ ළඟ වසන්ට එවූ සේකැ යි කියා ලව. ‘තොප ගේ උපාද්ධ්යාවයයෝ කි නම්හු දැ’ යි විචාළ සේක් වී නම් ‘රොහණ මහ තෙරුන් වහන්සේ ය’ යි කියා ලව. තොප ආචාර ශික්ෂා්වෙහි හික්මුණු නියාව විමසන්ට ‘මම කි නම් දැ’ යි විචාළ සේක් වී නම් ඔබ ළඟ සිට ඔබ ගේ නම කියා ව්යමවහාර කිරීම ගරුතර නොවන හෙයින් නුඹ වහන්සේ මෙ නම් සේකැ යි නො කියා ‘ඔබ ගේ නම දන්නා සේක් අප ගේ උපාද්ධ්යාසයයන් වහන්සේ ය’ යි කියව’ යි පටිපජ්ජන ක්රපම ය වදාළ සේක. ඒ නියෝග ලත් ඔබ ද රොහණ මහ තෙරුන් වහන්සේ වැඳ සමු ගෙන පා සිවුරු හැර. ගෙන වත්තනිය නම් වෙහෙරට ගොසින් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ වැඳ ගෙන එකත් පස් ව සිටි සේක. එ සේ සිට උපාද්ධ්යාසයයන් වහන්සේ වැඳ එවූ නියාව ත් සුව දුක් විචාරා එවූ නියාව ත් කී සේක. ඔබ ත් ඒ අසා රොහණ මහ තෙරුන් වහන්සේ ගේ සුව දුක් විචාර කුමක් නිසා මුඹ එවු දැ’ යි විචාළ සේක.

‘නුඹ වහන්සේ ළඟ වස් වසන්නට ය’ යි කී කල්හි ‘යහපත වසව’ යි නොවදාරා’ තෙපි කිනම් දැ’ යි නම විචාළ සේක. ‘නාගසෙන නමි’ කී කල්හි, උපාද්ධ්යාහයයන් වහන්සේගේ නමුත් විචාළ මනා බැවින් තොපගේ උපාද්ධ්යාහයයෝ කී නම්හු දැ’ යි විචාළ සේක.



                   6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව                85

උන් වහන්සේ සම්මුඛ නොවන හෙයින් රොහණ මහ තෙරුන් වහන්සේ ය යි කී සේක. ඉදින් වරදවා අවු නමුත් ‘අපි කි නම්මෝ දැ’ යි තමන් වහන්සේ ගේ නම විචාළ සේක. ගුරුන් වහන්සේ ගේ නම සම්මුඛයෙහි සිට කීම අවිචාර නොවන හෙයින් ඔබ ගේ නම අප කියන්නේ කිම් ද? අපගේ උපාද්ධ්යාැයයන් වහන්සේ ම දන්නා සේකැ’ යි කී සේක. යහපත, තොප ත් තොප ගේ උපාද්ධ්යාදයයනු ත් බැහැර නො වන හෙයින් පා සිවුරු හැර ගෙන තබා ලන්ට නිසි කෙණෙකුන් ළඟ නැති හෙයින් තෙපි ම තැන්පත් කොට තබව’ යි වදාළ සේක. උන් වහන්සේ ත් පා සිවුරු තැන්පත් කොට තබා ලැ රැ සැතැපී ගෙන දෙ වන දවස් උදාසන ම ගෙය ත් මළුව ත් හැම ද පියා දැවටී පැන් ගෙනවුත් තබා ලූ සේක. අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ද ඔබ ගේ සුශික්ෂිත ‍තරම පරීක්ෂාස කරණ නිසා කසුප් බුදුන් දවසත් හැමද පුරුදු තැන ගේ හැමදීම් නපුරු නොවත ත් හැමඳි තැන් පෙරළා හැමඳ ගෙනවුත් තබා ලූ දැවට පැන් හැර පියා අනික් ම දැවටි පැනක් හැර ගෙන දැවටි වැළඳු සේක. එ වක මුසුන් දණ්ඩෙන් පහර කා බැන නො නැඟී තැනැත්තන් හින්ද දී තමන් වහන්සේ ත් හැමඳී මළුව පෙරළා හැමැන්දාට ත් ගෙනා දැවටි ‍පැන් නොවැළඳුවාට ත් බැණ නො නැඟී සේක.

මෙ ලෙසින් සතියක් විතර හික්මුණු තරම විමසා පියා අවවාදක්ෂ්ම නියාව දැන සත් වන දවස් නැවත ත් අද්ය්න්ත විචාර ප්රාවර්ථණනා නො වැරැද්දා සේ එ ලෙසින් ම නො වරදවා කී කල්හි “යහපත, එ සේ වී නම් වසව” යි වස් වසන්ට අවසර දුන් සේක. එ කල වැළි ත් එක් වැඩි මාලු උපාසිකා කෙණෙක් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේට තිස් අවුරුද්දක් විතර උපස්ථාන කොළෝය. ඒ වස් තුන් මස ත් උපස්ථාන කොට ලා වස් අන්තයෙහි මහ තෙරුන් වහන්සේ ගේ විහාරයට ගොසින් “ස්වාමීනි, නුඹ වහන්සේ ළඟ තවත් වහන්දෑ ඇති සේක් දැ’ විචාළෝ ය. ‘අමුතු ව ආ නාගසේන නම් නමෙක් ඇතැ’ යි වදාළ සේක. ‘එ සේ වී නම් දෙ දෙනා වහන්සේ ම සෙට අප ගේ ගෙයි දී වළඳනා බව ය’යි ආරාධනා කළෝ ය. මහ තෙරුන් වහන්සේ ද ඒ ආරාධනාව ඉවසා දෙවන දවස්නාගසේන තෙරුන් වහන්සේත් කැඳවා ගෙන මෑලි උපාසිකා වන්දෑ ගේ ගෙට ගොසින් වළඳන්ට වැඩහුන් සේක. උපාසිකාවෝ ද දෙ දෙනා වහන්සේ සිය අතින් වැළඳ වූ ය. මහ තෙරුන් වහන්සේ වළඳා අන්තයෙහි උපාසිකාවන්ට බණ කියන්ට නාගසේන තෙරුන් වහන්සේට විධාන කොට ලා විහාරයට වැඩි සේක. උපාසිකාවෝ ද බණට ආරාධනා කරන්නෝ ‘මම වැළි ත් වැඩි මාල්ලෙමි. කුඩා කුඩා බණින්


86 සද්ධර්මඩරත්නාවලි ය

කම් නැත. මහා බණක් වදාරන්ට වුව මැනවැ’ යි කිවු ය. උන් වහන්සේ ත් මහත් බණක් සලකන සේක් අර්ථ වශයෙන් මහත් වූ ආත්මශුන්යැතායෙන් යුත් විජම් බණ කී සේක. ඒ බණ අසා මෑලි උපාසිකාවෝ එ වකට වයස් ලෙසින් තමන් මැහැලි වුව ත් කෙ තෙක් කලිනු ත් මැලි නො වන සෝවාන් වූහ.

උන් වහන්සේ ත් එක් කෙණෙකුන්ට බතක් ලා ලා ‘මෙතෙක් බත් මුන්ට ම හැයිද? මම ත් කමි’ අත පො‍වා හැර ගෙන කන්න සේ තමන් වහන්සේ වදාළ ධර්ම?ය ම සලකන සේක් විවසුන් වඩා සෝවාන් ව ශාසනසට මුල් බැස ගත් සේක. වෙහෙර වැඩ හුන් අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ දෙ දෙනා ම සෝවාන් වූ නියාව දැන වදාරා තුන් විටක් සාධු කාර දී බන්ධුල මල්ලයන් විදි එක හීයෙන් ලිච්ඡවි රජුන් පන් සියය විත් කෑවා සේ එක කියාලු බණින් දෙ පක්ෂඑයෙන් කැටි ව අපායගාමිනී වූ බොහෝ කෙළෙසුන් නසා ජීව යි ගුණ වදාළ සේක. බොහෝ දෙවියෝ ත් සාධු කාර දුන් හ. නාගසෙන තෙරුන් වහන්සේ ද වෙහෙරට වැඩ මඟතෙරුන් වහන්සේ වැඳ ලැ එකත්පස් ව වැඩ හුන් සේක. එ සේ වැඩ හුන් කල්හි අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා ඇවැත්නි, පැළලුප් නුවර අශොකාරාමයෙහි ධර්මසරක්ෂිත මහ තෙරුන් වහන්සේ වසන සේක. ශාසන ප්රනතිපත්තියට මුල් පය්යාේ ව ප්තිය ය. පය්යාත්ය ප්තිය නැත් නම් ප්රේතිපත්තිය නැති ප්රවතිපත්ති නැති කලට ප්රේතිවෙධය නැති. ප්ර්තිවෙධෙය නැති කලට අද්ධ්යාරශය සම්පන්නයන් නැති හෙයින් ශාසනය ත් නො පවත්ති. තොප තරම් බුද්ධිසම්පන්නයන් පය්යා් ප්තිය පවත්වා නො ලතහොත් එන දවස පවත්වාලන්නෝ කවුරු ද? තෙපි ඔබ ගොසින් තෙවලා බුදු වදන් උගනුව’ යි වදාළ සේක. ඒ අසා ‘මෙ තෙනට කෙ තෙක් තැන්දැ’ යි විචාළ සේක. යොදුන් ගණනින් වී නම් තුන් සියයක් යොදුන. ගවු ‍ගණනින් වී නම් එක් දහස් දෙ සිය ගවුවක් තිබෙ’යි වදාළ කල්හි ‘ස්වාමීනි, ඉතා දුරු වත් තිබෙ’යි. නුපුරුදු හෙයින් අතුරු මහ සිඟමනු ත් බැරි ය. ගමන කෙ සේ දැ’ යි විචාළ සේක. තෙපි ඒ හැම නො සිතව, අතුරු මඟදී අති පවිත්රම වූ හැල් සාලේ බත් ම ලබව. එක දා යන ගමනෙක් නොව සැතපි සැතපී යන ගමන් හෙයින් ගමනේත්. ආයාස නො සිතව, යි වදාළ සේක. ඒ අසා නාගසේන තෙ රුන් වහන්සේ ද මහතෙරුන් වහන්සේ වැඳ සමු ගෙන පා සිවුරු හැරගෙන පැළලුප් නුවරට යන්ට නික්මුණු සේක.

එ කල පැළලුප් නුවර සිටාණෝ ද ගැල් පන් සියයකින් බඩු ගෙන්වා ගෙන අවුත් වෙළඳාම් කොට ගෙන පෙරළා පැළලුප්


              6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව                         87

නුවර යන්ට එ ම මගට පිළිපන් තැනැත්තෝ නාගසේන තෙරුන් වහන්සේ දැක ගැල් රඳවා ලා ඔබ කරා ගොසින් වැඳ සුව දුක් කථා කොට ලා වඩනේ කොයට දැ යි විචාරා ‘පැළලුප් නුවරට යම්හ’ යි කී කල්හි දැක ම පුත්ර ප්රෙයමය උපන් හෙයින් ‘යහපත පුතණුවන් වහන්ස, මම ත් ඔබ ම එමි. මා හා කැටි ව සුව සේ වැඩිය මැන වැ’ යි කිවු ය. මෙ ලෙස කිය ලා සිය අතින් සකසා දන් වළඳවා ලා වළඳා අන්තයෙහි එකත් පස් ව හිඳ නුඹ වහන්සේ කී නම් සේක් දැ’ යි විචාළෝ ය. ‘නාගසේන නමි’ යි වදාළ කල්හි ‘කල් දෙස් බලා මහණව ගත් පමණෙක් ම ද? දන්නා බණෙකුත් ඇද්දැ’ යි විචාළෝ ය. ‘හෙම්බා සිටාණෙනි, තව අසා පිරිවරා ගුරු මුඛ‍යකින් දැන ගන්ට නුවු හෙයින් විනය හා සූත්ර. නො දනුම්හ. සාමණේර භූමියේදී ම අසා ගත් හෙයින් විජම් බණ දනුම්හ’යි වදාළ සේක. සිටාණෝ ඒ අසා ‘ඉතා යහපත. මම ත් විජම් බණ දනිමි. දෙමළ දන්නා කෙණෙකුන්ට දෙමළුවෙන් කථා කොට ලිය හෙන කෙණෙකුන් සම්බ වූවා සේ සම්භ වවූ නියාව යහපත. දැන් ම නම් එක තරමැ’යි නැති බැවින් වැඩි යුරු ව දන්නා දෙයෙක් උගත හැකි තරමැ’යි නැති බැවින් වැඩි යුරු ව දන්නා දෙයෙක් උගත හැකි බැවින් විජම් බණ වදාළ යහපතැ’ යි කිවූ ය. උන්වහන්සේ ද ඒ අසා විජම් බණ දනුම්හ’ යි කී හෙයිනුත් තමන් වහන්සේ ගේ ශක්තිය හඟවත් මේ වරෙහි අඩු වැඩි දන්නා කෙණෙකුන්ට කියන මේ වරක් මෙන් හාවාර්ථයන් නො හැර විජම් බණ වදාළ සේක. සිටාණෝ ද බණ අසා ලොවි සැපත් පිටට ලොවුතුරා සැපත් ලබන්නෝ ‍සෝවාන් වූ හ. සෝවාන් ව ලා පැළලුප් නුවර ආසන්නයේ දෙ මං සන්ධියෙහි දී ගැල් පෙරාතු කොට ලා තුමු පසුව ලා ගෙන නාගසේන තෙ‍රුන් වහන්සේට ‘තෙලෙ අශොකාරාමයට ගිය මඟ ය. ඔබ වඩි නා බව ය. පෙර හැඳින්මක් පුරුදු කමක් නැති ව දුටු ගමනේ මුඹ වහන්සේ දුන් ලොවුතුරා සැපතට තරම් සංග්රෙහයක් කට නො හෙතෙ ත් මා අත මා හැඟි පලසෙක් ඇත. ඒ පලස දිගින් සොළොස් රියන. පළලින් අට රියන. පුතණුවන් වහන්ස, ඒ පිළිගත මැනැවැ’ යි කියා පිළිගැන් වූ හ. පිළිගන්වා ලා වැද පැදකුණු කොට ලා පැළලුප් නුවරට ගියෝ ය.

උන් වහන්සේ ද අශෝකාරාමයට වැඩ ධර්මාරක්ෂිත මහතෙරුන් වහන්සේ වැඳ ලා තමන් වහන්සේ අසා පිරිවාගන්නා කැමති ව වැඩි නියාව කී සේක. කියා ලා ඔබ ළඟ තෙ වළා බුදු වදන් තුන් මසකින් විතර එකවිට කියවා ගත් පමණෙකින් පෙරළානො කියවා පාළි උගත් සේක. අනිත් තුන් මසකින් උගත් පාළි යෙහි අර්ථ සමන්වා ගත් සේක. තෙවළා බුදු වදන් මෙ ලෙසින් අසා නිමවා ගත් කල්හි නිශ්ශරණ පය්යා් ස ප්ති ප්ර තිවේධ කොට බණ උගත් හෙයින්

88 සද්ධර්මපරත්නාවලි ය

උපදෙස් පමණෙකින් ප්ර තිපත්ති ප්ර තිවේධ දෙකක් කොට ගනිති සිතා ධර්මසරක්ෂිත මහ තෙරුන් වහන්සේ ‘හෙම්බා ඇවත්නි, යම් සේ ගොපල්ලන් ගෙරි සරක් බලත ත් දී කිරින් ප්රවයෝජනය අනික් කෙණෙකුන්ට ම වේද? සරක් ඇත්තවුන්ට ම හෙයින. එ සේ තොප ත් තෙවළා බුදු වදන් රන් වළ‍ඳෙක වත් කළ සිංහ තෙලක් මෙන් ධරණ පමණක් මුත් තොප ත් මෙ ධර්ම යට හිමි නො ව ගොපල්ලන් රක්නා ගෙරි පරිද්දෙන් රක්නා පමණෙක. මේ ධර්මකය අනික් කෙණෙකුන් ම සන්තක ය’ යි වදාළ සේක. ඔබ ද එ පමණක් අසා වදාළ ‍බසෙහි තත්ව්ග ය දැන ගෙන ‘තෙලෙ විතරෙක් ම ඇත. ඔබ්බක් ම නො කැමැත්තේ ය’යි කියා ලා හැම දීමේ තර ව අභ්යා ස ඇති. කෙණෙකුන් මහා මළුවකු ත් මඟකු ත් සෙස්සන් හමදින්ට සරහන කලට ම වහා හැම දා පියන්නා සේ එක දවසින් ම විවසුන් නමැති හිරට මුස්නෙන් කෙලෙස් කසළ හැමද සිත් සතන් නැමැති මළු මං පෙත් පවිත්රි කළ සේක. සිවු පිළිසිඹියා පත් රහත් වූ සේක.

රහත් වන්නා ම කෙලෙස් සතුරන් හා යුද්ධ කොට නිවන් රට සුඟකුත් නො හැර සාධා ගත් නියාවට දෙවියෝ ආ වැඩූහ. ජයසක් පිඹි කලක් මෙන් පොළොව ගුගුරා පී ය. ජයලත් රජක් හු සම්මැට යන1 යොධයන් පටාළ ඇළයේ එළුවාක් මෙන් මහ බඹුහු අත් පොළසන් දුන්හ. ජයලත් සතුටින් පඬුරු ගෙනවුත් දමා ඉස්නා කලක් මෙන් මල් වැසි වැස පී ය. එ කල කෙළ සියයක් පමණ රහතන් වහන්සේ හිමවත රක් ගල් තලාවේ වැඩහුන් සේක් නාගසෙන තෙරුන් වහන්සේ ළඟට ‘තමන් දක්නා කැමැත්තම්හ. අව මැනමැ’ යි කියා යවු සේක. ඒ අසා අශොකාරාමයෙහි දී අතුරුදන් ව රක් ගල් තෙලෙහි කෙළෙ සියයක් පමණ රහතන් මැද පෙණුනු සේක. රක් ගල්තෙලෙහි රැස් ව වැඩ හුන් රහතන් වහන්සේ ද එ තනට වැඩි නාගසෙන මහ තෙරුන් වහන්සේට ‘හෙම්බා ඇවැත්නි, මිළිඳු රජ්ජුරුවන් තර්ක වාද කොට වහන්දැට කරණ පීඩා මහත. තිස් දහසක් රහතන් කරා උපස්ථානයට ගිය නායාණ කෙණකුන් ගසාගන්ට අහසින් බස්නා ගුරුළකු දැක ඒ ඇසිල්ලෙහි පර්වයතයක් මවා ලා නාග මාණවකයා අත අල්වා ගෙන පර්ව ය පීරා ගෙන නයි රැක පූ සේක් එක් නමෙක. එසේ හෙයින් පැන් එක පැන් වුවත් රසයේ සේ රහත් ගුණෙන් එක ගුණ වුවත් වෙනස ඇත්තා ආනුභාවයෙන් වෙනස් ඇති හෙයින් කියන නියා ය. තමන් ඔබ ගොසින් උන් හා වාද කොට උන්ගේ වාද බිඳ එඩි දර්ප රහිත කළ මැනැවැ’ යි වදාළ සේක.


                                                   1. සම්මැටයන් 
                          6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව           89

ඒ අසා නාගසේන මහ තෙරුන් වහන්සේ ‘එක මිළිඳු රජ්ජුරු කෙණකුන් තබා දඹ දිව සියලු රජ දරුවෝ මා කරා අවුත් ප්ර ශ්න විචාරත් නමුත් පසු නොබැස විසඳමි. ඒ මට භාර ය. හැම දෙනා වහන්සේ ම වාද කට හෙත්දෝ හෝයි නොහෙත් දෝ ‍හෝයි නො සිතා උන් ගේ සාගල නුවරට වැඩිය මැනව’ යි කී සේක. ඒ අසා රහතන් වහන්සේ සාගල නුවරට වැඩි සේක. එ කල ආයුපාල නම් තෙරුන් වහන්සේ සඩ්ඛෙය්යහ නම් පිරිවෙණ වසන සේක. මිළිඳු රජුජුරුවෝ එක් දවසක් ඇමැත්තෙන් බණවා ලා ‘අඳුරු දොස් නැති වීමෙන් මේ රාත්රි ය ඉතා සිත්කලුය. මේ නියා වූ රාත්රිතයෙහි කවර කෙ‍ණකුන් කරා ගොසින් වාද කරමෝ ද? කවර කෙණෙක් අප හා වාද කට හෙත් දැ’ යි විචළෝ ය. විචාළ ‍රජ්ජුරුවන්ට යොන් ඇමැත්තෝ ‘ආයුපාල නම් තෙර කෙණකුන් වහන්සේ සඩ්ඛෙය්යා නම් පිරිවෙණ වසන සේක. ඔබ ත්රිප පිටකධර සේක. එ සේ හෙයින් බහුශ්රැමත කමක් ඇත. ඔබ ගොසින් උන් වහන්සේ‍ හා කථා කළ මැනැව’ යි කිවු ය.

රජ්ජුරු‍වෝ ද ඇමැත්තන් ගේ බසින් ඔබ දක්නා කැමැති නියාව ඔබට කියා යවා ලා ඔබ ත් ‘යහපත. එන්ට ය’ යි වදාළ කල්හි රජ්ජුරුවෝ ‍රථයකට නැගී ඇමැත්තන් පිරිවරා සඬ්ඛෙය්යත පිරිවෙණට ගොසින් ඔබ හා සමග කථා කොට ලා එකත් පස් ව හිඳ ‘ස්වාමීනි, මහණ වන්නේ කුමක් නිසා ද? මහණ වීමෙන් ලැබ ගන්නා ප්රඳයෝජනය කවරේ දැ’යි විචාළෝ ය. ‘මහරජ, මහණ වන්නේ නම් ධර්මනයෙහි හැසිරෙන්ට ය’යි වදාළ සේක.

ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, ධර්මදයෙහි හැසිරෙන ගිහි ත් ඇද්දැ’යි විචාළෝ ය. ‘ඇත මහ රජ, බුදුන් බරණැස දී දම්සක් පැවතුන් සූත්ර්ය දෙසූ දවස් අට ළොස් කෙළෙක් බඹහු අධිගමය කොළෝ ය. ශාසනික තැනින් කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ පමණෙක. නැවත මහරජ, දික් සඟිය - මහාසමය සූත්රතය දෙසූ දවස් ද, කුදු ගොත් සඟිය, මහා මඩ්ගල සූත්රසය දෙසූ දවස් ද, මැඳුම් සඟිය. සමචිත්තපරියාය සූත්රතය දෙසූ දවස් ද, එම මැඳුම් සඟිය, රාහුලොවාද සූත්රුය දෙසූ දවස් ද, කුදුගොත් සඟි පරාභව සූත්ර ය දෙසූ දවස් ද අසඩ්ඛ්යා අසඩ්ඛ්යය ම නිවන් දුටු වූ ය. ඌ හැම දෙන ම ගිහි වෙද්දැ’ වදාළ සේක.

ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, එසේ වී නම් මහණ වීමෙන් ප්ර යෝජන නැත. බෙහෙත් නොකා ම සන් හි‍ඳෙන ලෙඩට බෙහෙත් කා දුග්ගන්නා සේ හිණි දඬු නැති ව නැංග හැකි තෙනට ගිණි බැද දුග්ගන්නා සේ නො මිළයේ ලද හැකි බඩුවට මිළ

90 සද්ධර්මගරත්නාවලි ය

සොයා දුග්ගන්නා සේ මහණ නොවත් ලද හැකි නිවන් නිසා මහණ ව විඳිනා දුක් නම් යට කළ පවින. දුවඟ පිරිම් නමුත් ප්රවයෝජනවත් නො වෙ යි. යම් තෙනක් එකාසනිකය පුරන සේක් නම් යට ගිය දවස අනුන් කන බොන දෙය උදුරා ‍ගත් නියා ය. අනික් කෙණෙක් නො වෙති. දැන් එ සේ හෙයින් කන්නට බොන්නට රිසි ඇති වත් දෙ වේලේ සම ව බත් පැන් නො ලබති. එ සේ හෙයින් ධුතාඩ්ග පූරණයෙන් පෙණෙන අකුශල විපාකයෙක් මුත් කුශල විපාකයෙක් නැත. යම් තැනක් අබ්හොකාසිකය පුරතොත් ඒ තැන් යට ගිය දවස අනුන් ගේ ගෙවල් උදුරා ගත් නියා ය. ඒ පව් කිමින් ආදී නෙරනා ලද්දවුන් රුප්පාවල හිඳිනා සේ දැන් රුප්පාවල හිඳිනා නියා ය. නෙසජ්ජිකය පිරීම නම් ගිය දවස මං පැහැරි නියා ය. මං පහරිනා කල මඟ යන්න වුන් බැඳ හිඳුවා ලා අත මිට තුබූ දෙය උදුරා ගත් හෙයින් දැන් හැඳ ඇති වත් උන්වන ම හිඳ පාන් කරණ නියා ය. එ සේ හෙයින් ශාසනික ව පුරණ පිළිවෙතින් ප්ර යෝජන නැත. නිවන් නිසා මුත් අනිකක් නිසා වන හෙයින් ඒ නිවන් ඒ හැම නොකළ ගිහින් ට ත් සිද්ධ වන හෙයින් සියලු ලෙසින් ම දුවඟ පිළිවෙතින් කිසිත් ප්ර්යෝජන නැතැ’යි කම් පල හැදහිල්ලක් නැති ව දැමු කසළ සේ ම බුදු සස්නෙහි හැදහිල්ලක් නැති ව බුදු සස්නට පහර දෙන්නාක් හු මෙන් වාද ලෙසින් උපවාද කොට කිවු ය.

ඒ හැම අසා ආයුපාල මහ තෙරුන් වහන්සේ දුවඟ පිරිම් නම් කෙලෙසුන් පෙළීම නිසා ය යි මෙ විතරකුත් වදාරා ගත නොහී තමන් වහන්සේ නිරුත්තරයා සේ නිරුත්තර ව වැඩ හුන් සේක. ඇමැත්තෝ මෙ පමණකින් මුන්වහන්සේ උත්තරයක් නො කීවාට ශාසන බලය නො නැසුව මනා වේ දැ යි යන අදහසින් දෝ රජ්ජුරුවන් වහන්ස, තෙරුන් වහන්සේ නුවණැති සේක. උත්තර දත ත් කියන්ට ශක්ති නැති සේක. සින දුටුවන් දුටු සීනය ගොළු කල කියා ලන්ට බැරියා සේ දැන්ම ඇත ත් වාක් ශක්තිය නැති නියා ය. එ සේ හෙයින් උත්තර දත ත් කියා ගත නුහුණු සේකැ’යි කිවු ය. ඒ අසා මිළිඳු රජ්ජුරුවෝ මුන් කුමක් කියත ත් මඳකු ත් බැණ නො නැංග මනා ද1 අනේ මේ දඹ දිව පැන් නැති ගඟක් සේ රජුන් නැති රටක් සේ නුවණැත්තවුන් ගෙන් සිස් නියා ය’ යි කිවු ය. රජ්ජුරුවන් මෙ සේ කියතත් එ බස් නො ගිවිස හුන් ඇමැත්තන් මුහුණ බලා මුන් මෙ ලෙසින් හිඳිනේ පොර ගෙන කෙළවරට බලි කෙණෙකුන් තබන්නා සේ තවත් නුවණැති.



1. වාත්ත්වතය 2. නො නැඟ මනා

                         6. නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ කථාව          91

කෙණෙකුන් ඇති නියා ය යි සිතා මා හා තර්ක වාදයට නිසි තෙනක්1 කියා පෑනුලු පමණක් විනා තවත් ඇති නියා දැ’ යි විචාළෝ ය.

එ කල්හි නාගසෙන මහ තෙරුන් වහන්සේ වැඩි මහලු තෙනින් සතළිස් දහසක් හා බාල තෙනින් සතළිස් දහසක් හා එක් කොට අසූ දහසක් පමණ වහන්දෑ පිරිවාරා විසිතුරු නුවණ ඇති ව චිත්ර කර්ථදක ව2 මුහුදක් මතින් අළලාලිය නොහැක්කා සේ වාද නමැති මතින් අළලාලිය නො හැකි නුවණ නමැති මුහුදු ඇති ව පියවි පවනින් සොලවා ලිය නොහැකි මහ මෙරක් සේ වාද නමැති පවනින් සොලවා ලිය නොහැකි නුවණ නමැති මහ මෙර ඇති ව රුවණින් පිරුණු සක් වළක් සේ ගුණෙන් නුවණින් පිරුණු සිත් සතන් ඇති ව ලාභයෙන් යසසින් අග පැමිණ අපාය මහ හකුල් හෙළා සග මොක් මං පාමින් මොහ නමැති අඳුරු ගෙවල සදහම් නමැති පාන් නඟමින් කෙලෙස් සතුරන් දිනූ හෙයින් සදහම් නමැති ධජ නංවා සිවු වනක් පිරිස් රැස් වන්ට සදහම් නමැති සක පිඹිමින් විධානයෙහි පවත්වන්ට සදහම් නමැති අණ බෙර ලවමින් මියුරු වූ කට හඩ නමැති මෙඝ නාද ඇති සියුම් නුවණ නමැති විදුලියෙන් වෙළනා ලද කරුණා නමැති දියෙන් පිරුණු සදහම් නමැති වැසි වස්වමින් ගම් නියම් ගම් රාජධානිවල සැරි සරණ සේක් සාගල නුවරට වැඩ සඩ්ඛෙය්යම පිරිවෙළ වසන සේක. ඔබ එහි වසන නියාව දෙවමන්තිය3 නම් ඇමැති දැන “රජ්ජුරුවන් වහන්ස, මඳක් ඉවසාපුව මැනව. ත්රිත මද ගලිත හස්තීන්ට එ බඳු ඇත් කෙණකුන් ම සම්භවූවා සේ ම වාද නමැති දළෙහි ප්රවතිවාද නමැති දළ ඇණ ගන්ට ආ ලෙසක් සේ මහ පොළොව මා සමාන මහ නුවණැති නාගසෙන නම් තෙරුන් වහන්සේ භික්ෂු සෙනාව පිරිවරා මේ නුවරට වැඩි සේක. ඔබ කරා ගොසින් තර්කස වාද කොට හදාපුව මැනවැ’ යි කීය.

නාගසෙන යන නම අසා ම මිහිඳු රජ්ජුරුවන්ට බලවත් භය ඇති විය. එතකුදු වුව ත් රාජ ධෛය්ය්ු රයෙන් භය ඇති ලෙස නො හඟවා “උන් වහන්සේ මා හා කථා කොට හෙන සේක්දැ’ යි නැවතත් දෙවමන්තිය නම් ඇමැත්තාණන් අතින් විචාළෝ ය. ඌ ඒ අසා ‘මුඹ වහන්සේ තබා ශක්ර බ්ර හ්ම මහෙශ්වරාදී වූ කවර ‍තරම් කෙණකුන් හාත් කථා කොට හිරු නැඟි කලට කදෝපැණියන් මෙන් වාද කළවුන් නිෂ්ප්රෙභාකරන්ට බල ඇති සේක. විදුරු පළා පියන දෙය දවසේ ගල නවතී ද? මහ මෙර සොලවා පියන තරම් සුළඟ හිඹුල් පුළුනේ නවතී ද? නමින් කුඩා පමණක් මුත් නුවණින්


1. කෙනෙක්               2. චිත්ර්කර්ථිව                      3. දෙවමන්ත්රීව 

92 සද්ධර්ම්රත්නාවලි ය

බලාලු කලට මහ මෙරට ත් වඩා උස් හෙයින් මුඹ වහන්සේහාකථා කරන්ට උන්වහන්සේට බැරි කිම් දැ’ යි කිවූ ය. ඒ අසා පී පමණ කින් ම පසු බැස් ම බෑවී හුන් නියාවට තරම් නො වන හෙයින් ‘එ සේ වී නම් මා දක්නා කැමැති නියාව ඔබ කියා යව’ යි කිවු ය. රාජනියොග ලත් දෙවමන්තිය නම් ඇමැත්තාණෝ කියා යවු ය. නාගසෙන මහ තෙරුන් වහන්සේ ත් ‘යහපත් එත්ව’ යි කියා යැවු සේක. ඒ අසමින් මිළිඳු රජ්ජුරුවෝ පන් සියයක් පමණ යොන් ඇමැත්තන් පිරිවරා උතුම් රථයකට නැඟී නාගසෙන මහ තෙරුන් වහන්සේ දක්නා නියා සඩ්ඛෙය්යම පිරිවෙණට නික්මුණාහු ය.

ඒ වේලාවට නාගසෙන මහ තෙරුන්වහන්සේ ද අසූ දහසක් වහන්දෑ පිරිවරා විහාරයේ වට මළුවේ වැඩ හුන් සේක. මිළිදුරජ්ජුරුවෝ ඔබ ගේ මහණ පිරිස දැක ‘දෙවමන්තියෙනි, මේ මහණ පිරිස කවුරුන් වහන්සේ ගේ දැ’යි විචාරා ‘නාගසෙන මහ තෙරුන් වහනසේ ගේ මහණ පිරිස ය’ යි කී කල්හි මුසුන් දඬු පහර කෑ දවස් බා ගිය තරමට ත් වඩා එ දවස් සිංහයකුට ළං වූ ඇතක්හු මෙන් ද, ගුරුළකුට ළං වූ නයකු මෙන් ද, පිඹුරෙකුට ළං වූ සිවලෙකු මෙන් ද, නයෙකුට ළං වූ මඩුවෙකු‍ මෙන් ද, දිවියකුට ළං වූ මුවකු මෙන් ද, බළලකුට ළං වූ මීයකු මෙන් ද, යකදුරන්ට ළං වූ පිසා වයකු මෙන් ද, රාහු අසුරිඳුට ළං වූ සඳ මෙන් ද, මැදිරියකට අසු වූ පක්ෂියකු මෙන් ද, දැළකට අසු වූ කුඩ මස්සකු මෙන් ද, මිය යන්ට ආසන්න ව සිටි දෙව් පුතක්හු මෙන් ද, බා ගොසින් බා ගිය වහන්දෑ ගෙන් නාගසෙන මහ තෙරුන් වහන්සේ මට නොකියව. මම් ම දැන ගනිමි’ යි කියා ලා සතළිස් දහසකට පසු ව ලා සතළිස් දහසකට පෙරාතු ව ලා මැද1 වැඩහුන් නාගසෙන මහ තෙරුන් වහන්සේ මුසුන් දණ්ඩෙන් පහර කෑ දවස් හැඳින්නා සේ ම හැඳින ගෙන, ‘දෙවමන්තියෙනි, සතළිස් දහසක් වහන්දෑට පසු ව සතළිස් දහසක් වහන්දෑට පෙරාතු ව ලා වැඩ හුන් සේක් නාගසෙන මහ තෙරුන් වහන්සේ වේ දැ’යි කිවු ය.

දෙවමන්ති‍යයෝ ද ‘දැන වදාළ නියාව යහපත ඔබ ම ය’ යි කිවු ය. රජ්ජුරුවන්ට ත් අනික් කෙණකුන් නොවිචාරා ම දැන ගත් නියාව යහපතැයි කියන්නා ම සිත සතුටු ව පාන ඇති කලට අඳුරු නැති වූ වා සේ භය නැති වී ය. භය නැති ව ගොසින් සිති විල්ලට අවසර ගෙන ‘තර්කා වාද කරණ තැන් පටන් මෙ වක දක්වා බොහෝ වාදීන් දැක ත් අද මුන් වහන්සේ හා මුන් වහන්සේ ගේ මහණ පිරිස දැක උපන් භය තරම් භයෙක් නු වු විරූ ය. පැරදී


                                   1 මැදි 
                        7. ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ කථාව                93

කල වුව මනා භය පෙරාතු ව වු හෙයින් මා පැරදී නියා ම ය. සටනට පවා ගිය කල සතුරු පිරිස් නොදැක ත් සටන් බෙරහඬ ඇසූ පමණකින් ම බිඳී පලා ගිය ත් බුන් නියා ම ය. ජය වූ කලී කෙවට්ට යන්ට දමා ලු මැණික ‍මභෞෂධ පණ්ඩිතයන් කරා ගි‍යා සේ මුන් වහන්සේ කරා ම යෙ යි. දිනන සේක් නාගසේන මහතෙරුන් වහන්සේ ය’ යි කියා කරණ වාදයට පෙරාතු ව ජය ඔබ ම ලැබ්බ වූ ය.

එ සේ හෙයින් අනුන් හැමැදි කසළ හුදක් සැදැහැයෙනු ත් නො ව බලාත්කාරායෙන් දමා පී පමණෙකින් මිළිඳු රජ්ජුරුවන්ට සම්භව වූ යස තෙද ත්, මළු හැමැදි පින් කමින් නාගසෙන මහ තෙරුන් වහන්සේට සම්භව වූ නුවණ ත් දැන මෙ පමණකිනු ත් ලඝු වත් කුශලයෙන් සිද්ධ කරණ ඉෂ්ට විපාක ය මහත් නියාව සලකා කුසල්හි හැසිරීමෙන් අකුසලින් දුරු ව සිත් සතන් පවිත්ර් කට යුතු.


7. ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ කථාව

[සංස්කරණය]

තව ද යම් කෙණෙක් කීකරු නො වෙත් නම් කීකරු නො වීමෙහි දොෂ මිළිඳු රජ්ජුරුවන් එක් ජාතියක දමන්ට කියා ලු කසළ පසු ව දමත ත්. කළ නොකීකරු කම නිසා එ වක හැමඳ එක් කළ කසළ මුසුන් දඬු පහරින් දැම්ම වූ නාගසෙන මහ තෙරුන් වහන්සේ දැක ගුරුළුන් දැක නයින් ගේ ආනුභාව නැති වූවා සේ අනුභාව නැති ව මිළිඳු රජ්ජුරුවන් බා ගිය ගමනින් ම ද‍ැනෙත ත් අනිකුත් කථාන්තරයකින් ඊ ම දෝෂ දක්වනු පිණිස ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු. කෙ සේ ද? යත්:

ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ නම් සුද්ධොදන රජ්ජුරුවන් ගේ නැගණි කෙණෙකුන් ගේ පුතණුවන් වහන්සේ ය. ඔබ වැළි ත් ගොයම් කළ මනා වක තබා පියා කල් පසු කොට කරණ ගොයමක් සේ පිළිවෙත් පිරීමට යොග්යි වූ බාල අවස්ථාව ගිහි ගෙයි ම රඳා වැඩි මාලු කල මහණ ව රූක්ෂො ප්ර තිපත්ති නැමැති රළු පරළු දෙය හැර බුදුන්ට උපන් මියුරු ආහාර සුව සේ වළඳා පිළිවෙතින් සීන් වුව ත් මසින් ලෙයින් මහත් ව ඉස ත් බඩ ත් මහත් හෙයින් ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ය යි ප්රනසිද්ධ ව මට සිලුටු වූ සීන් සිවුරු වැළඳ පියා ආඪ්යස තරම් හඟවනු නිසා විහාර මධ්ය්යෙහි බොහෝ තැන් රැස් වන හෙයින් උස් ව තිබෙන හස්නකට නැඟී පියා බොහෝ සේ හිඳිනා සේක. බුදුන් දක්නට යන එන වහන්දෑ බුඩ්ඪ පබ්බජිත තෙරුන් වහන්සේ දැක් වැඩි මාලු කල මහණ වූ නියාව නො දැන මහ තෙර කෙණෙකුන් වහන්සේ

94 සද්ධර්ම්රත්නාවලි ය

වනැ’ යි සිතා ළඟට ගොසින් කළ මනා වත් පිළිවෙතු ත් විචාරණ සේක. එ සේ විචාළ කලට බසක් කියා ලූවොත් බාල නියාව කියා ලන ව්යළවහාර ලෙසින් හ‍ැ‍ඟෙති’ යි බැණ නො නැ‍ඟෙන සේක.

එක් බාල නමෙක් කරණ ලෙසින් ම සැක ඇති ව විමසනු නිසා වස් ගණන් විචාරා වස් ගණන් කියන්ට නැත. වැඩි මාලු කල මහණ වූම්හ’ යි කී කල් හි ‘හැයි නො හික්මුණු මාල්ලණුවෙනි, වයසින් වැඩි මාලු වුව ත් පැවිද්දෙන් තමන් බාල නියාව නොදන්නා නියා ද? වැඩි මාලු වහන්දෑ දුටු කල බිම හස්නෙක හුන ත් නැඟී සිටිනා ආකාර දක්වා අවසර ලදින් හුන මනා තැන සසර බැඳ රඳවන්නට හිඳවා ලූ කණුවක් සේ නැඟී ‍නොසිට හිඳින්නේ ත් හැයි ද? විචාළ දෙයට බැණ නොනැ‍ඟෙන්ට යුක්තියකු ත් මේ බුදු සස්නෙහි ඇද්ද? සෙසු වහන්දෑ කරණ ලෙස තමන් ඇසට නො පෙනෙන නියා ද? උසින් මහතින් මහත් බව මුත් කට යුත්තෙන් මහත් නො වන්ට කාරණ කිම් දැ’ යි සකාරණ කොට බොහෝ දෑ කී සේක. එ කල්හි ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගුණයක් නිසා සැබෑ ගුණයක් වී නම් උපදනා අභිමාන නැති හෙයින් රජ කුලෙහි උපන් හෙයින් ජාති ය නිසා ‍අභිමානයක් උපදවා තමන් හැම යන්නේ කවුරුන් ළඟට දැ’යි විචාරා බුදුන් ළඟට ය යි කී කල්හි එ සේ කල තමන් හැම මා ගේ තරම් නොදන්ට කාරණ කිම් ද, මම තමන් හැම දෙනා ගේ බුදුන්ට අවශ්ය යෙමි. තමන් හැම ගේ ත් අවශ්යද කමෙක් ඇද්ද? තමන් ගේ බුදුන් ගේ පිය රජ්ජුරුවෝ ත් අපගේ මෑණියෝ ත් දෙ බින්නෝ ය. අප ගේ තරම් නො දැන තමන් හැම අපට දෙඩු සැටියට බුදුන්‍ ගේ නෑ කම් සැබෑ වී නම් අද කියටි කියවමි’ යි බුදුන් කුමක් වදාරණ බවත් නොදැන ම නියං සමයේ හඩන ආසක් මෙන් ගර්ජන කොට ගෙන හඩමින් වලපමින් බුදුන් කරා ගිය සේක.

හඩන හඩ ත් අවශ්යග බන්ධු ව සිටි නන්දා මහ තෙරුන් වහන්සේ ත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ත් ආනන්දන මහ තෙරුන් වහන්සේ ත් රාහුල මහ තෙරුන් වහන්සේ ත් ඇතුළු තැන් අධිගම ත් ලැබ ඒ ඒ ලෙසින් ප්ර්සිද්ධ වූවා සේ තමා එ තරමක් එවා ගන්ට නුවු හෙයින් වී නම් තව ත් යහපත. එ සේ නො ව හැඬීම උන් වහන්සේට ම තරම් වත් මුත් තරම් නැති තැනකට කවර කලෙක ත් තරම් නො වෙ යි බුදුහු හඩන කාරණ දනිත ත් හැයි තිස්ස යෙනි, හඩ වූ නැ’යි විචාළ සේක.

වහන්දෑ ත් ‘මූ පෙරාතු ගොසින් ආලෝහළයක් උපදවා පියත් නමුත්’ ය යි කැටි ව ම ගොසින් බුදුන් වැඳ ලා හුන් සේක. තිස්ස තෙරුන් වහන්සේද? විචාර වදාළ බුදු රජුන් වහන්සේට ‘ස්වාමීනි,

                       7. ථුල්ලතිස්ස තෙරුන් වහන්සේ ගේ කථාව                  95

මූ හැම දෙන මා ගේ තරම කුමක් වුව ත් ස්වාමීන් ගේ තරම ත් නොසලකා මට බිණූ ය’යි කී සේක. ‘හැයි තොප හුන්නේ කොයි ද? කොයි හුන්නවුන්ට බිණු දැ’ යි විචාර ‘බොහෝ වහන් දෑ රැස්වන ගෙයි හුන්නෙමි’ යි කී කල්හි ‘තෙපි මුන් එන්නවුන් දුටු දැ’ යි විචාළ සේක. එ සේ ය දිටිමි’ කී කල්හි ‘දැක නැඟී සිට පෙර ගමන් කළා ද, පා සිවුරු ඉල් වූ ද? හිඳිනා අසුන් පනවා ලා සේධූ ද ? පැන් පවස් විචාළා ද? ඇඟට පත් සැලූ ද? පය තෙල් ගැවූ දැ’ යි විචාර වදාරා ඒ හැම ම නැතැ යි කී කල්හි ‘හෙම්බා තිස්සයෙනි, මා ගේ ශාසනයට ජාතියෙන් හා ගොත්රතයෙන් හා වයසින් හා තරමින් හා ප්ර යෝජන නැත. තෙල සියල්ල ම තොප කළ මනා දෙය ය. නො කෙළේ වැරැද්ද වත් නො පිරූ කලට සිල් කෙ සේ පිරේ ද? සිල් නො පිරුණු කලට නිවන් සෑධෙන්නේ කෙසේ ද? කළ වැරැද්දට තුලුන් හැම ක්ෂකමා කරවා ගනුව. සබ්රකම්සරුන් කෙරෙහි ආදර ගෞරව ත් ඇති ව වත්පිළිවෙත ත් නො පමා ව හැසිරෙව’යි වදාළ සේක.

‘ස්වාමීනි, මුන් හැම මට බැණ ලු නියාව තරම. මම බිණිමුත් අසා මම ම ක්ෂවමා ත් කරවම් දැ’ යි බුදුන්ට ත් පටහැණි ව ම සිටි සේක. වහන් දෑ ‘මූ අපට කීකරු වන්නේ කෙසේ ද? බුදුන් ට ත් නො කීකරු ව සිටිති. අනේ මුන් ගේ නො කීකරු කමක් බලවත් නියා ය. මුන් තමන් සේ ම නො කීකරු කම ත් මහතැ’ යි වදාළ සේක. බුදුහු ඒ අසා වදාරා ‘හෙම්බා මහණෙනි, මූ නො කී කරු වූ යේ දැන් මතු නො වෙයි. යටගිය දවස ත් නො කීකරු ම ය’යි වදාරා ලා එ තනට රැස් වූ වහන් දෑ ‘දැන් ස්වාමීනි, මුන් නො කීකරු නියාව මුඹ වහන්සේ අතින් නො අසා ත් අපි ම දතුම්හ. යටගිය දවස මුන් නො කීකරු පරිදි වදාළොත් යහපතැ’ යි කී කල්හි ඉකුත් වත් ගෙනහැර දක්වන සේක් -

යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ්ජුරු කෙණෙකුන් රජ කරණ කල්හි දෙවළ නම් තවුසාණ කෙණෙක් හිම ත් ගිමන් අට මස හිමවත වැස පියා වස් සාරමස ලුණු - ඇඹුල් මුසු දෙයක් අනුභව කරණු නිසා බරණැස් නුවර වසන පිණිස හිමාලයෙන් අවුත් නුවර වාසල ළඟ සිටි කුඩා සුඟුන් අතින් සැතපෙන්නට නිසි කෙනෙක් විචාරා කුඹල් හල ඵාසු ය යි කී කල්හි ඔබ ගොසින් කුඹලාණන් අතින් සැතපෙන්ට අවසර ඉල්වූ ය. රෑ දවස් කරණ කර්මා්න්ත නැති බැවිනු ත් කුඹල් හල මහත ඇති බැව්නුත් සැතපුණ මැනවැ’ යි අවසර දුන්හ. අවසර ලදින් ගොස් හුන් කල්හි නාරද නම් වූ අනික් තවුසාණ කෙණෙක් එ දවස් ම හිමාලයෙන් අවුත් එම කුඹල් හලින් සැතපෙන්ට අවසර ඉල් වූ ය-


96 සද්ධර්මරරත්නාවලි ය

කුඹලාණෝ තවුසන් දෙන්නා එක් ව සැතපෙන බව ත් නො සැතපෙන බව ත් නො දැන පසු ව විවාදයක් වුව ත් අපවාදයෙන් තමන් මිදෙන පිණිස ආදී ත් තවුසාණ කෙණකුන් දෑ අවුත් කුඹල් හල උන් සේක. ඔබ ත් රුවි නම් මා ගෙ ත් පින් පිරෙන සෙයින් අමුතු නැත. සැතපුන මැනව’යි කිවු ය.

පසු ව පියා ගිය නාරද තවුසෝ ද කුඹල් හල ඇතුළට වැද දෙවළ තවුසන්ට ‘ඉදින් අභිප්රානය ඇත් නෙම් අපි ත් මෙහි සැතපෙම්හ’යි කිවු ය. කුඹුල් හල කුඩා නො වත් එක් තෙනක සැතපෙව යි දෙවළ තවුසන් කී කල්හි පසු ව ලා ගිය නාරද තවුසෝ මෑත් ව ලා හිඳ සාද සාමීවි කථා ත් කොට පියා වැද හෝනා වේ ලෙහි තමන් සඤ්ඤතකාරි බැවින් පළමු සැතපෙන්ට සැලසුන දෙවළ තවුසන් වැද හොත් තැන ත් දොර කඩක් සලකා ලා ම නො මැඩ නැඟී යන ලෙසට සැතපුණාහු ය. පළමු ගිය දෙවළ තවුසෝ සැතපෙන ගමනේ තමන් තපසට වන් බව මුත් ඉතා අසඤ්ඤත බැවින් උන් තැනින් අවුත් දොරකඩ ම වැද හොත්හ.

පසු ව ගිය‍ නාරද තවුසෝ රෑ නැඟී සිට දොරට යන්නෝ අවුරා වැද හොත් දෙවළ තවුසන් ගේ හිස මැඩපු ය. ‘මා හිස මැඩුවෝ, කවුරු’ දැ විචාළ කල්හි දොර මෑත් නො වන්ට අවුරාලා ලු දඩු කඩක් සේ දොර කඩ අවුරා වැද හොත් නියා ව නො දත් හෙයින් ‘ආචාරිනී, මම ය’යි කිවු ය. ඒ අසා දෙවළයෝ කාය සඤ්ඤමය නැත්තා සේ වාක් සඤ්ඤමය ත් නැති බැවින් හැයි සොර දුළුල්ල, වල සිට එන්නෙහි මා ගේ හිස මඩිනට ඇයි දැ’යි කිවු ය. ‘ආචාරිනී, මා දැන කළ දෙයක් නො වෙයි. ක්ෂේමා කළ මැනවැ’ යි කියා ලා උන් දෙඩිය දී ම නාරද තවුසෝ පිටතට ගියෝ ය. දෙවළ තවුසෝ යන ගමනේ මිරිකුවා මඳින් උදවූ වනු නිසා එන ගමනෙ ත් මිරිකා පී නම් නපුරැ යි පා මුලට හිස ලා ලා හිස් දොරට පය ලා වැද හොත්තෝ ය.

නාරද තවුසෝ පෙරළා ගෙට වදනා ගමනේ ‘ආදී මේ කන්නෙන් අවුත් හිස මිරිකා පීමි. මෙ විට පා මුලින් යෙමි. එ සේ කලට මැඩී ගියේ නමුත් අතින් වුව ත් මැඩිය යුතු වූ පය මැඩියෙ යි හිස් දොරින් ගොසින් පෙරළා ත් හිස මැ - ගියේ නම් ක්ෂ මා කරවන්නට ත් බැරි ලෙසින් කොපය තර වෙයි. පා මුලින් යෙමි’ යි සිතා යන්නෝ තමන් දෑ නො වරදනා බව මුත් අර මුන් කොට වරද්දන හෙයින් වර පෙරැළි ව වැද හොත්තා වන්නා බැණ නැඟ නො දෙන්ට ‍කළාක් මෙන් බොටුව මැඩ පියා කවුරුදැ යි විචාළ කල්හි ‘ආචාරිනී, මම ය’ යි කීවු ය. ‘හැයි සොර දුළුල්ල, පළමු දොරට නික්මෙන ගමනේ ත්. හිස මිරිකා


7. ථුල්ල තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 97

ගෙන ගොසින් පෙරළා එන ගමනේ ත් නිමවන්ට කරන්නාක් මෙන් බොටුව මිරිකා ගෙන යෙ යි. සැතපෙන්ට අවසර දුන්නේ වරද වී නම් ඒ හැර මා ගේ අනික් වරද කවරේ ද? තෙල ලෙස ම දුෂ්ට කම් කරණ කල තට හැවිල්ලක් ‍හවමි’ යි දෙවළ තවුසෝ කිවූ ය.

ඒ අසා නාරද තවුසෝ ‘ආචාරිනි, මා ගේ වරදෙක් නැත. මෙ සේ වර පෙරැළි ව වැද හෝනා නියාව නො දැන පා මුලින් යන ගමන ක්ෂරමා කළ මැනව. තවුස්වරු නම් ක්ෂාමා වෙත් දැ’යි කිවු ය. හේ ‘ක්ෂයමා කරවන්නේ හිස පයින් ඇන පියා වේ ද? ක්ෂ්මා කොට වුව ත් හවමි’ කී ය. නාරද තවුසන් ‘මා දැන කළ දෙයෙක් නො වෙ යි. හවන්ට නො කැමැත්තේ’ ය කිවත් තවුසෝ තමන් ඉතා නො කීකරු හෙයිනු ත් අනික් තාපසයන් ගේ ආනුභාවය නො දත් හෙයිනුත් දැන් කළ දෙයෙක් නො වෙයි කිවත්-

“සහස්සරංසී සතතෙජො - සුරියො තමවිනොදනො පාතොදයන්තෙ සුරියෙ - මුද්ධා තෙ එලතු සත්තධා”

යනු හෙයින් ‘මා හිස දෙ විටක් කොට පයින් මිරිකුවාට සෙට නැඟි හිරින් තා හිස සත් කඩක් ව පැළී යේව’ යි හැවු ය. නාරද තවුසෝ ද ‘ආචාරීනි, මා ගේ වරදෙක් නැත. නැතැ යි කීව ත් නො හදඟා හැවූ බැවින් වරද ‍යම් කෙණෙකුන් කෙරෙහි වී නම් දෙනුන් හැඳින වස්සන් යන්නා සේ ඒ හැවිල්ල උන් කරා ම යේව’යි කියා ලා තමන් අභිඥාලාභී ව අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතළිස් කපක් හා එක් ව අසූ කපක් බලන්ට සමර්ත්ථස හෙයින් මේ හැවිල්ල කවුරුන්ට පැමිණේ දෝ හෝ යි දිවැසින් බලා උඩු සුළඟ සිට දෑමූ රඬු දැමුවන් කරා ම යන්නා සේ ආචාරීන්ට ම පැමිණේ යි දැන සියලු ලෙඩ ම සන්හිඳුවන දිව බෙහෙදක් සේ එක ද කෙණෙකුන් නො තෝරා තවුසන් කෙරෙහි කරුණාවෙන් තමන් ගේ ආනුභාවයෙන් රාත්රිතයේ තිස් පෑ ඉකුත් ව නැගෙන හිර, නැංග නුදුන්හ.

නුවර ඇත්තෝ ත් හිර නො නැ‍ඟෙන්නා ම රජ්ජුරුවන් කරා ගොසින් ‘මුඹ වහන්සේ රජ කමට පටන් ගෙන මෙ තෙක් දවස් නැ‍ඟෙන හිර අද මෙ තෙක් වේලා වන තෙක් නො නැ‍ඟෙයි. රට තොටවලින් හවුරුදු නො ඉක්මවා බද්ද නංවන්නා සේ ම අද ත් දවස ඉකුත් නො කර හිර නැංගුව මැනැවැ’ යි කිවු ය. රජ්ජුරුවෝ ඒ අසා තමන් ගේ නො මැදහත් කමක් නිසා වූ


4 98 සද්ධර්ම රත්නාවලි ය

දෙයෙක් දෝ හෝ යි තමන් ගේ වැරදි විමසන්නෝ කිසි වැරැද්දකුත් නැති හෙයින් ම නො දැක කාරණ සලකන්නෝ තාපසවරුන් ගේ විවාද නිසා ත් වෙ යි- දැන ‘කිමෙක් ද, මේ නුවර තාපසවරු ඇද්ද? එ සේ වු කෙණෙක් ඇත් නම් ඌ තමන්ගේ ආනුභාවයේන හිරු නැංග නො දෙන සේ ත් දනිති. එ බඳු කෙණෙක් ඇද්දැ’ යි රජ්ජුරුවන් විචාළ කල්හි නුවර කුඹල් හල තවුසන් දෙන්නකු ලැගි නියාව කිවු ය. රජ්ජුරුවෝ එ වේලේ ම විලක්කු ලවා ගෙන ගොසින් නාරද තවුසන් වැඳලා එකත් පස්ව හිඳ ‘තපස්වීන් වහන්ස, මෙ තෙක් දවස් හිර නැ‍ඟෙන වේලාවට අද හිර නො නැ‍ඟෙයහි. තවත් -

“කම්මන්තා නප්පවත්තන්ති - ජම්බූදීපස්ස නාරද, කෙන ලොකො තමො භූතො - තම්මෙ අක්ඛාහි පුච්ජිතො”

යනු හෙයින් සී - වප් ආදී කර්මාඛන්ත ත් කරන්ට නැතැ යි අඳුරු වත් තිබෙ යි. කාරණ කමි දැ’ යි කිවූ ය. නාරද තවුසෝ ආද්යනන්ත මුළුල්ල ම කියා ලා ‘නිරපරාධ වූ මට හවා ලූ හැවිල්ල මුල් ව ම පැමිණ හිර නැඟි කලට මේ තවුසන් ගේ හිස සත් කඩක් ව පැළෙන නියාව දැන මා ම මුල් ව පැළෙන හිස මහ මෙර පරයා ඉස් දන් දෙන මා උන් ගේ ම හිස උන්ට දුන මනා හෙයින් උන් කෙරේ කරුණාවෙන් පාන් විය නො දෙන්නෙම් මම ය’ යි කිවු ය. රජ්ජුරුවෝ තමා ම ලා ලු ගිනි තමා ම නිවන්නට බැරියා සේ සමහරෙක් නසන්ට පිළිවන් වුව ත් වවන්ට බැරි ය. එ සේ හෙයින් හිර නංවා ලන්ට ත් පිළිවන් ද? තෙල තවුසන් ගේ හිස ත් නො පැළේ දැ’ යි විචාළෝ ය. ‘ආචායෙර්යා පවාද දෙසා ගත් කල සග මොකට ඩහක් නැත්තා සේ ම ක්ෂළමා කරවා ගත්තු නම් හිර ත් නැගෙයි. මුන් ගේ හිසට වන හානි ත් නැතැ’ යි කිවුය.

ඒ අසා රජ්ජුරුවෝ දෙවළ තවුසන් කරා ගොසින් ‘සමහර විෂයක් බානා කල දෂ්ට කළ සර්පයා ලවා ම උරවා ගන්නා සේ මේ වියවුල ත් මුඹ වහන්සේ මුල් ව මැ වූ හෙයින් අනික් කෙණෙකුන් හළ හැක්කේ නො වෙ යි. ගුණ සම්පන්න තවුසාණන් ක්ෂඅමා කරවා මේ අවුල පසුන යහපතැ’යි කිවු ය. පිස නපුරු වූ බතක් සාලීන් ම තිබී නො ගොස් පිස ගන්ට බැරි වන්නා සේ ‍නො කීකරු ම තැනැත්තවුන් හෙයින් මේ සා වියවුලක් බල බලා ත් ක්ෂ මා කරන්ට මැළියෝ ම ය. උන් හිස සත් කඩක් ව පැළෙත ත් සිත සත්කඩක් ව නො පැළෙන හෙයින් නො පැළෙන සිත තර කොට ගෙන ක්ෂ මා නො කරවන්ට තර නියාව දැන මුන් නිෂ්කර්මික තෙනත්තන් හෙයින් මුන්ට හිර නැඟීමෙන් ප්රායෝජන නැත ත් අප ගේ


                        7. ථුල්ල තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව               99

රට පාළු වන හෙයින් අපට හිර නැංග මනා වේ දැ’ යි නොකැමති කරවා ම අල්වා ගෙන නාරද තවුසන් කරා‍ ගෙන ගොසින් වඳවා හොවා ලූ ය.

නාරද තවුසෝ ද මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි ධර්ම යුද්ධයට ආ කෙවට්ටයන් මැණිකක් පෑ ලා පා මුලට නැඹුරු කරවා ගෙන පිටි කර හා පිටි මුල අල්වා ගෙන නළල බිම උලා පියා ‘ආචාරීනි, නැඟී සිටුව’ යි කියන වහන්සේ කෙණෙකුන් හෙයින් “ආචාරීනි නැගී සිටිය මැනැවැ යි, ක්ෂලමා කෙරෙමි’ යි කියා ලා “මහරජ මුන් තමන් ගේ සෑදෑයකින් කැරවූ ක්ෂවමාවක් නොවන හෙයින් හිරු නැඟී කලට හිස පැළෙන්නට බාධා නැත. අවශ්යනයෙන් හිස නො පැළුණ මනා වී නම් මෙතනට ම නුදුරු එක් විලෙක් ඇත. ඊ ගෙන ගොසින් කර වටක් පමණ දියෙහි සිටුවා ලා හැනූ මැටි පිඩක් හිස තබවා ලව’යි කිවු ය. රජ්ජුරු‍වෝ ත් එ ලෙස ම කැරැවූ ය. නාරද තවුසාණෝ ද දෙවළ තවුසන්ට මා සෘඩිය හළ කල්හි හිරු නැගෙන්නා ම දිය කිමිඳ පියා අනික් තෙනකින් හිස ඔසවා පිව මැනැවැ’ යි කිවු ය. කියා ලා සෘඩිය හරනා ම හිරු නැඟී නැඟී හිරු රසින් හිස් මුඳුනේ තිබූ මැටි පිඩ සත් කඩක් ව පැළී හිස වුව ත් මේ තරමේ ම පැළී යෙ යි හඟවා නාරද තවුසන් අර්හත් මාර්ග ඥාන නැමති පො‍ෙරාවින් අවිද්යාා නමැති බොහෝ හිස් පලන්ට බල ඇති නියාවන් හඟවා රජ්ජුරුවන් ඇතුළු වූ බොහෝ දෙනාගේ බය අඳුර ත් නිකම් අඳුර ත් දුරු කළ හ.

බුදුහු මේ ජාතක දෙශනාව ගෙන හැර වදාරා ලා ‘හෙම්බා මහණෙනි, එ කල රජ්ජුරුවෝ නම් දැන් අනද මහ තෙරහු ය. ඒ සා මහත් නො කීකරු කමුත් කොට කුඹල හල සැතපුණාට තරම් ව මැටි පිඩ හිස තබා ගෙන ‍ෙදවළ තවුසා නම් මැටි පිඩෙකින් සරි නුවන් නො කීකරු කමින් සරි වූ ථුල්ලතිස්ස තෙරහු ය. නාරද තවුසාණෝ නම් සම තිස් පැරුම් පුරා නිමවා බුදු වූ මම් ම ය’ යි වදාරා ‘මුහු ගේ මේ නොකීකරු කම් එවක පටන් අභ්යුහාස ය’ යි වදාරා ලා ඉක්බිති තිස්ස තෙරුන් වහන්සේ බණවා ලා “හෙම්බල මහණ, යම් කෙණෙක් තමන්ට දොඩාපු ව යි බැණපු ව යි කියා හෝ, මැරුව යි තැළුව යි කියා හෝ වාද විවාද කොට පරදවා පි ය යි කියා හෝ, වරදවා තමන් සතු දෙයක් හැර ගත්ත යි කියා හෝ, එකක් මුල් ව වෛර කොට ගෙන තමන්ට සාර වූ ඒවෛර නමැති වස්තුව ඒ ඒ පුද්ගල සන්තාන නමැති වළඳ ලා සිත් නමැති ලණුවෙන් තර කොට බැඳ තබා ගත්තෝ වී නම්. උන්ට ම සාර වූ භය කාරණය බුඩාදී වූ නුවණැති කෙණකුන් විසින්


100 සද්ධර්මරරත්නාවලි ය

එක විට ම ඇද හසුරුවා නො පියා සෙමෙන් සෙමෙන් උනා ‍අතට හැර ගෙන අත නො පෙවෙන තෙනට දමා පීමෙක් නො වී නම් බැඳ ලු බැම්ම තර හෙයින් නැති ව යන්ට නො ව ඒ බැම්ම ත් දිරා ඒ වළන් බිඳුන ත් අනික් වළන්වල ලා අනික් ලණුවකින් බැඳ තර කොට තබන හෙයින් නො නසී’ යි වදාරා ලා ‘යම් කෙණෙක් මෙ ලෙස නො කොට අනුන් මට දොඩන්නේ ත් බණන්නේ ත් තළන්නෙ ත් සෙසු සෙසු ත් මට අඵාසු දෙය කරන්නෙ ත්. යට ගිය දවස මා උන්ට කළ දෙයක් නිසා ය. වන්නාට උන් හට කර්මාතරොපණය වුව ත් පැළය නැඟී මුකුරන කලට බිජුවට ඇට දිරා නැති වන්නා සේ මාගේ කර්ම්ය ගෙවී නැති වෙ’ යි යනාදීන් සිතා වෛරය නො බඳිත් නම් උපනුපන් වෛරය ඒ ඒ විට ම කාරණ සලකා සන්හිඳුවා පියත් නම් සිදුරු ඇති කළයක වත් කළ පැන් නො රඳන කලක් මෙන් උන් කෙරෙහි වෛර නො සිටි’ යි වදාළ සේක.

මේ බණ අසා ලක්ෂ්යක් දෙනා වහන්සේ ගෙන් කිසි කෙණෙකුන් වහන්සේ මුල් ව සිටිනා කෙලෙස් සතුරන් දස දෙනා ගෙන් නිවන් පුර වදනා සෝවාන් නමැති මහ වාසලට වැද්ද නො දෙන්ට දැපී සිටි සත්කාය දාෂ්ටි ය. විචිකිත්සා ය. යන සතුරන් දෙන්නා තැන ම මරා සෝවාන් නමැති මහ වාසලින් නිවන්පුර වන් සේක. කිසිකෙණෙක් උන් දෙන්නා මරන්ට ත් සහාය ව ලා එම වාසල නො සෑහෙන හෙයින් කාම රාග, ව්යාෙපද යන සතුරන් දෙන්නා අවුරා සිටි සෙද ගැමි නමැති මහ වාසල් කරා ගොසින් උන් දෙන්නා පැන නො යන විතරකට මරා හොවා ඒ වාසලින් නිවන් පුර වන් සේක. කිසි කෙණෙක් උන් දෙන්නා දුර්වවල කිරීමට ත් සහායව ලා සතුරන් ඇති ව වැඩක් නැති හෙයින් උන් දෙන්නා එතන මරා ඒ වාසල ම මඳ හෙයින් අනගැමි නමැති මහ වාසලින් නිවන් පුර වන් සේක. කිසි කෙණෙක් තමන් වහන්සේ හැම ඉතා සපන් හෙයින් තුන් වාසල ම සටන් කොට ඉනු ත් ලද ‍මනා ජය ලැබ තව අර්හත් මාර්ගත නමැති මහ වාසල තුබූ හෙයිනු ත් ඒ අවුරා ඉතිරි කෙලෙස් සතුරන් සිටි හෙයිනු ත් උනු ත් මරා කෙලෙස් සතුරන් මුල් සිඳ ඒ වාසලින් නිවන් පුර වන් සේක.

තිස්ස තෙරුන් වහන්සේ ද වයසින් හා‍ නොකීකරු කමින් මුකළ වුව ත් නුවණ නුමුකළ හෙයින් අධීගමයකට එ දවස් නො පැමිණියත් නො කීකරුකම හැර කීකරු ව ඉදිරියෙහි ලබන ලොවි ලොවුතුරා ගුණ විශෙෂයට භාජන වූ සේක.

එ සේ හෙයින් සුජිනයන් විසින් තිස්ස තෙරුන් වහන්සේ හළ මනා නො කීකරු කම හැර වුව මනා සුවව කම හැර ගෙන ලබන

                                    8. කාළි යකින්නගේ වස්තුව                            101

ගුණ විශෙෂයට නිසි වූ වා සේ ම හළ මනා ම අකුසල් හෙයින් ඒ හැර වුවමනා කුසල් පමණක් ගෙන එහි හැසිර ලොවී ලොවුතුරා සැපත් සාධනු සඳහා සිත් සතන් පිරිසිදු ‍කට යුතු. _________



8. කාළි යකින්නගේ වස්තුව

[සංස්කරණය]

තව ද වෛර බැන්දවුන් ගේ වෛර ය නිවා ගන්ට බැරි ව දා ගෙන යන ගින්නක් බොහෝ පැන් ඇති තෙනකට පැමිණ නිවෙන්නා සේ කරුණා නමැති දියෙන් පිරුණු සර්වඇඥ නමැති මුහුදට පැමිණ නිවෙත් මුත් සෙසු ලෙසකින් නො නිවෙන නියාව දක්වන පිණිස කාළි නම් යකින්නගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්:

යට ගිය දවස එක් කෙළෙඹි පුත්රියාණ කෙණෙක් පියාණන්නට කල ගෙයි දඩ කර්මා්න්ත විධාන කරන්ට අනික් කිසි කෙණෙකුන් නැති හෙයින් හෝ නොහො ත් තමන් ම කළ මනා හෙයින් ගෙය දඩ ත් විචාරමින් කණවැන්දුම් මෑණියන්ට ත් උපස්ථාන කෙරෙති. මෑණියෝ ද පුතණුවන් විඳිනා දුක් බලා වන්නාට දඩ කර්මා්න්ත විධාන කරන්ට කෙ සේ වුවත් විධාන කොට කැරවීම මුන්ට ම වේ ව යි ගෙයි කර්මාවන්ත විචාර කරවා ලන්ට ‍කොට ලන්ට තරම් කෙණකුන් විවාරා මුන්ට සරණක් ගෙනවු ත් පාවා දීලීම් නම් මුන්ට සැතපිලිත් ඇත. මම ත් මුන් ගෙන් ප්ර යෝජන විඳිනා ලෙසට මුන් ගේ සුව දුක් දත්තා නම් වෙමි යි සිතා එක් දවසක් පුත තොපට සරණක් ගෙනවුත් නිල කරමෝ දැ’යි විචාළෝ ය. ඔහු ඒ අසා ‘මෑණියන් වහන්ස, ඒ නො කැමැත්තෙමි. එ සේ වූ අවුලක් කර නො ලා දිවි පමණින් ම මම මුඹ වහන්සේට උපස්ථාන කෙරෙමි. මා ගේ ඒ පින් කමට බාධා නුවුව මැනවැ’ යි කිවූ ය. ‘පුත එ සේ නො කියව. තොප ගෙයි දඩ ගන්නා දුක් දුටු කලට මා සිතට සැප නො වෙ යි’ මෑණියන් එක් වන් කිය ත් කිය ත් පුතණු වන්නාට ය යි සිතා පසු ව කී විට බැණ නො නැංගෝ ය.

ගිවිසි නියාව දැන මෑනියෝ ද එක්තරා තැනකට ගොසින් පුතණුවන්ට නිසි කෙ‍ණකුන් විතාරන්ට යන්ට ගමන් සරහා පුතණුවනු ත් ‘කවර කොතනකට යන සේක් දැ’ යි විචාළ කල්හි අසවල් තැනට ය යි කිවු ය. එතනින් ගෙනෙන්නවුන් තමන්ට අනභිප්රාිය හෙයින් ඔබ යන ගමන් නවතා ලා තමන් අභිප්රා ය තෙනක් කිවු ය. මෑණියෝ ද ඔබ ගොසින් සරණ විචාර නිල කොට කැඳවා ගෙන යන්ට නිසි නැකතකු ත් විචාර ලා නිසි නැකතකින් ගෙන වුත් පුතණුවන්ට පාවා දුන්හ. ඒ සරණ ආ 102 සද්ධර්ම රත්නාවලි ය

කුමාරිකාවෝ ද තමන් දරුවන් ලබන්ට නිසි පිණක් නැති හෙයින් පල ගත ‍මනා ගස් නො පලගන්නා සේ වඳ වූ ය. මෙ සේ උන් වඳ කලට මෑණියෝ පුතණුවන් බණවා ලා ‘පුත තොප ගේ අභිප්රාන ය තැනින් සරණ ගෙන්වා එල ප්රණතිලාභ ය නිසා ලවා ලූ ගස කොළෙහි පලදා නැත්තා සේ වර්ගණ පරම්පරාව පවත්වා ලන්ට නිසි දරු කෙණකුන් වුව මනා තැන දැන් මූ වඳ යෝ ය. අප දැන් තොප නිසා නිදුකින් ජීවත් වන්නා සේ දරු කෙණකුන් නැති ව ඔබ ලත් අවස්ථාවෙහි තෙපි කෙසේ ජීවත් වවුද? අනික් සරණක් ගෙන්වා දෙමෝ දැ’යි විචාළෝ ය. පුතණුවෝ ‘නො කැමැත්තේ ය’ යි කිවු ය. තව කීව ත් නිස්සාර ලෙසක් හැඟී යෙති දෝ තව තව ත් නො කැමැත්තේ ය’ යි ම ව්යාිජ ලෙසින් නො ව නො කැමැති ව ම කිවු ය.

වඳ තැනැත්තෝ මේ අසා දරුවෝ නම් දෙමවු පියන් කියා ලු දෙයක් දෙ තුන් මුරයක නො කළෝ නමුත් පසු ව පටහැණිවීම ත් නපුරු හෙයින් නො කරන්නෝ නො වෙති. ඉදින් මූ තුමු ම වදන පොදන තෙනකින් සරණක් ගෙන වුත් දරු කෙණකුන් ලද්දු නම් මා කෙ‍ල්ලක කොට ත් නො තකති. මා ම ගෙනවුත් නිල කළ කලට එ සේ ම නො වන්නේ වේ දැ’ යි යන අදහසින් මායාව නම් අකුසල් විසයට කුසල් විසයෙහි ප්රලඥාව සේ වුවමනා බැවින් හා නැවත ඒ මායාව තමා නිකෘෂ්ට බැවින් නිකෘෂ්ට භජනය කරන ලෙසට ගුණෙන් නිකෘෂ්ට වූ ස්ත්රී න් ම භජන ය කළාක් මෙන් ස්ත්රී න් කෙරෙහි ම බොහෝ කොට පවත්නා හෙයින් හා නැවත කරණ කියන සිතන යම් දෙයක් බොහෝ සේ මායම් මුසු කොට කරණ කියන සිතන හෙයින් උන්ට ළෙන් ගතු ව කරණ දෙයක් මෙන් තමාට ම ළෙන් ගතු ව උන්ට කී කලට බාධාවක් පෙනී ගියේ නමුත් නපුරැ යි උන් හැමට ම නොකියා ම එක් තරා තැනකට ගොසින් කුමාරිකා කෙණකුන් නිල කොට උන් ගේ දෙ මවු පියන් කට යුත්තක් ම නො වන හෙයින් නො ගිවිසි කල්හි කියා ගිවිස් වන්නෝ ‘මම වඳ යෙමි. මුඛ ගේ දුවණියෝ දරුකෙණෙකුන් ලද්දු නම් ඌ සම්පතට හිමි වෙති. මා වඳ කුළු තැනැත්තියට සම්පත්තින් කම් කිම් දැ’ යි වෙස් බැඳ පානා රුවක් මෙන් සිතින් එකක් සිතා වුව ත් බසින් එ ලෙසත් කියා ගිවිස්වා ගෙන වුත් සමුණන්ට පාවා දී ලා නැවත ‘මෝ දරුකෙණකුන් වදා ලු නම් මෝ මගේ හිමි වන් නී ය. එ සේ කලට යමක් සිතා කෙළෙම් නම් ඒ නැති ව නිල කොට ගන්නා නිසා මෑ ගේ දෙ මාපියන්ට මා බසින් කියා ලූවා ම වෙ යි. එ සේ කලට මායම් උගත්තේ නම් කිම් ද? යම් ලෙසකින් මෝ දරු කෙණකුන් නො වදා නම් ඒ ලෙසත් කෙරෙමි’ සිතා පවිටු අදහස් ඇති ව එක් දවසක් අමුතු ව ගෙනාතෙනැත්තවුන් බණවා ලා ‘යම් දවසක් තොප බඩ දරු කෙණකුන් ඇති වූ නම් මට කියව’ යි කිවු ය.

                                8. කාළි යකින්න ගේ වස්තුව                              103

උයි ත් ඒ යහපතැ යි සිතා දරු කෙ‍ණකුන් බඩ පිහිටා ගත් කල්හි උන්ට කිවු ය. එ දවස් පටන් කන බොන දෙය ඉදි කොට දෙන්නී එක් දවසක් කන බතට මුසු කොට ගබ් සා වන්ට නිසි බෙහෙදක් තමා උගත ත් එ සේ වූ දෙයක් ම හෙයින් දි ලා ගබ් සා කරවා පිව. ඈට දරුවන් නැති කළා සේ ම තමාට සසර දික් කළා ය. දෙවෙනි වර ත් දරු කෙණෙකුන් බඩ පිහිටා ගන්නා අත් දුටු බෙහෙද හෙයින් එ ම බෙහෙත් ම දී පෙරළා ත් ගබ් සා කැර වූහ. ඉක්බිති ගෙවල ඇත්තෝ ‘දෙ මුරයක් කොට ම තොප ගබ් සා වන්නේ හැයි ද? තොප ගේ බුනණියන් සපත්නී රොෂයෙන් කළ දෙයකින් ද? කිම්දැ’ යි විචාළෝ ය. එසේ ‍විචාළ කල්හි දරු කෙණෙකුන් බඩ ඇති වූ කල්හි තමන් කී නියා ත් තමන් කියා ලු තැන් පටන් ආවෙණික ව බත් මාළු ඉදි කොට දෙන නියා ත් කෑ බතින් හා මාළුවෙන් ගබ් සා වන නියාව ත් කිවු ය.

ඌ හැම ඒ අසා ‘බොළඳ තැනැත්තිය, මුරයක ඈ ඉදි කොට දුන් දෙය කා ගබ් සා වූ කල දෙවෙනි මුරයේ බඩ දරුවන් නියාව කියන්නේ හැයි ද? ඉදින් කියා ජීව ත් තෝ උයා පලා ගන්නා පමණකුත් නො දැන ඈ පිස දුන්නා කයි ද? ගෑනුන්ට නම් සපත්නී රොෂයට වඩනා දුකෙක් නැති නියාව ත් තී නොදන්නා නියාදැ’ යි කියා ලා ‘මෙවක් පටන් තෝ කුමකු ත් නො කියව’ යි ඉගැන්වු ය. උයි ත් තුන් වන මුරයේ නො කීවෝ ය. වඳ තැනැත්තී ඈ බඩදරු කෙණෙකුන් ඇති ව බඩ මහත් ව ගෙන යන නියාව දැක තමන් කා බී ගත නොහෙන්නවුන් අනුනු ත් කනු බොනු නො කැමැත්තා සේ තමා වඳ හෙයින් වදන්නවුනුත් නොකැමැති ව මේ තරම් වන තුරු මට නො කීයේ හැයි දැ යි කියා උන් ඒ අසා තෙපි ම මා කැඳවා ගෙන අවුත් සමුණන්ට පාවා දෙවා ලා රඳනු නොකැමැති කල අප ගේ දෙ මවු පියන් ගේ ගෙට යවා ත් නො පියා කොට බෙහෙත් දී ගබ් සා කරවා පිව. කවර ළෙන්ගතු කමක් පෙනෙන හෙයින් කියම්දැ’යි කී කල්හි ‍ෙක තෙක් කුමක් වුව ත් මෙ විට මෑ ත් දත් හෙයින් නටුයෙම්වේ දැ’යි සිතා වදන අවස්ථා වෙහි දී අවසරයක් බලා අවසරයක් ලදින් බෙහෙදක් දුන.

දරු ගැබ් මූ කුරා ගිය හෙයින් නො හී දරුවෝ සරස් ව ගිය හ. ප්රලසව වේදනාව ත් බලවත් ව ජීවත් වෙද්දෝ නො වෙද්දෝ හෝ යි යන තරමට පැමිණියා ය. මිය යන වේලේ දී ‘අනේ! තොප කළ මුළාව බලවත. දරු තුන් දෙණෙකු ත් මා ත් මිය යනු නියම හෙයින් අප සතර දෙනකු නසා පිව. මම ත් මිය ගොසින් යකිනි ව ඉපිද තොප වැදූ දරුවනු ත් තොප ත් කන්ට සමර්ත්ථො


104 සද්ධර්ම්රත්නාවලි ය

වෙම් ව’ යි පතා ගෙන මිය ගොසින් එ ම ගෙයි බැළල් ව උපන. අනික් තෙනැත්තිය සමණෝ අල්වා ගෙන ‘තී නිසා වේ ද මට මේ සා මහත් අලාභයෙක් වූයේ යැ යි අතින් පයින් සම්භ වූ යම් දෙයකිනැ යි තළා මරා ඉතිකින් මැරීමෙන් ප්රඅයෝජන නැති හෙයින් අත හළවු ය. උයි ත් මිය ගොසින් එ ම ගෙයි කිකිළි ව උපන් හ. මූ කුරා ගත් කිකිළිය බිජුවට ලා ලන්නා ම බැළලි ත් අවුත් ලා තුන් වාරයක් කොට ඈ ලා ලූ බිජුවට තොමෝ කෑව. කිකිළි ඒ දැක ‘තුන් වාරයක් ලූ බිජුවට වියක්1 කන කෙ‍ණකුන් බිජුවට වී නිමි කලට එ ම රැක නො හිඳ ඈසා වියක්2 කන්නා සේ බිජුවට ලීම් නැති තෙනක දී මා ත් කන්නී ව ද? එ සේ හෙයින් මම ත් මිය ගොසින් තොප ත් තොප ගේ දරුවනු ත් මේ ලෙසින් ම කෑ හෙම්ව’යි පතා කිකිළි මිය දිවි දෙන් ව උපන. බැළල් මිය ගොසින් මුව දෙන් ව උපන. මුව දෙන් වදා ලන්නා ම දිවි දෙන අවුත් තුන් වාරයක් කොට ම වැදු දරුවන් කෑව. පසු ව තමා ත් කන්ට අල්වා ගත් තැන මියන ගමනේ ආදි තුන් වාරයක් මා වැදු දරුවන් කෑව. දැන් මා ත් කයි. මම මිය ගොසින් යකිනි ව ඉපිද තොප වැදූ දරුවනු ත් තොප ත් කෑව හෙම් ව’ යි පතා අප ගේ බුදුන් සමයට මුව දෙන් යකිනි ව උපන.

දිවි දෙන් සැවැත් නුවර කුල ගෙයක එක් තරා කෙණකුන්ට දු ව උපන. වැඩි විය පැමිණ වාසලින් පිටත ආසන්න ගමකට සරණ ගියා ය. සරණ ගොසින් පුතණු කෙණකුන් වැදු ය. යකිනි උපන් දරුවන් වැදු නියාව තමා ත් පරීක්ෂා කොට ඇවිදිනා එ ම ගෙයින් දැන. යෙහෙළි ලෙසින් අවුත් ‘අප ගේ යෙහෙළිණියෝ කොයි දැ’ යි විචාරා වදා හොත්තෝ ය යි කී කල්හි ‘වැදුවේ දියණි කෙණකුන් ද පුතණු කෙණකුන් ද? මා ත් දකින්ට වුව මනා වේ දැ’ යි ව්යා්ජයෙන් ඇතුළු ගෙට වැද බලන්ට වඩා ගත් ගමනේ ම කා පියා නැඟී ගියා ය. දෙ වන වාරයෙ ත් වදා ලන්නා එ‍ සේ ම අවුත් කෑව. තුන් වන මුරයේ දී ඒ දැරී දරී ඇති ව සමුණන් බණවා ලා ‘මෙ තන දී දරුවන් දෙ වාරයක් වදා යකින්නක් කා පියා ගියා ය. සුව දුක් දන්නට නිස්සෝ දෙ මවු පි යෝ වේ ද? ඔබ ගොසින් වදමී’ කියා ඔබ ගොසින් ජීවත් වන්ට නිසි මහ පිණැත්තාණ කෙණකුන් වැදුහ.

එ කල ඒ යකින්නී තමාට පැමිණි මුරය හෙයින් වෙසවුණු රජ්ජුරුවන්ට අනවතප්ත විලින් පැන් අදිනට ගියා ය. එ සේ අදනා පැන් සාර මසකුත් පස් මසකුත් අදිති. සමහර යකින්නෝ අද වීඩා ව මිය යෙති .


‍ 1. විකක් 2. විතාක්

                                    8 . කාළි යකින්න ගේ වස්තුව                    105

ඒ යකින්න තමා අදිනා තෙක් කල් ඇද නිමවා පියා කළ මිඩියක පැන් කළ ය ගෙයි තබා පියා බඩ දළ දැඩි හෙයින් වහ වහා වලන් මුළුල්ල සමනා පියන්ට යන ගමනක් සේ අර මුන් මෙතෙක් දවස් වදන ගෙට වහ වහා ගොසින් අන් ගේ යෙහෙළි ලෙසින් සිට කොයි දැ යි විචාරා “මෙ තැනදී වැදු දරුවන් දෙ මුරයක් කොට යකින්නක කාපී හෙයින් එ සේ ත් රැක ගත නො හැක්කැ යි දෝ ‍දෙ මව් - පියන් ගෙට ගියහ’යි කී කල්හි ඌ කොයි යෙත්ව යි තරු පෙනෙන දෙව් - ලොව විතරට ඒ දුරු නො වන බැවින් වදා පූ නම් පිස තුබූ බතක් ලා ගෙන කන්ට ආයාස නැත්තාසේ අල්වා ගෙන කා පියන්ටත් බැරි නො වෙ යි. නැතක් කලෙක බැඳ ගත් වෛර නමැති යක්ෂනයා ත් කැදවා ගෙන ඇතුළු නුවරට ‍යන්නට නික්මුණ. දෙ මුරයක් කොට ත් වදා දරුවන්ගෙන් නුවු තැනැත්තෝ ද තමන ගේ පුතණුවන්ට නම් තබන දවස් නම් තබා ලා ඉතිකදින් අප‍ ගේ ගමට ගිය මනා වේ දැ යි පුතණුවන් වඩා ගෙන සමූණන් කැඳවා ගෙන දෙව්රම් වෙහෙර මැදින් යන තැනැත්තෝ පුතණුවන් සමුණන්ට වඩා ලා මහා විහාරයෙහි නුදුරු ව තිබෙන පොකුණෙන් තුමු නා පියා ගොඩට නැඟී සමුණන් නාන තෙක් පුතණුවන් කිරි පොවා සිටි තෙනැත්තෝ යකින්න එන නියාව දැක ඇදි ත් දෙමුරයක් දුටු හෙයින් හැඳින ලා සමූණන්ට ‘වහා ගොඩට නැංග මැනව, දරුවන් කන යකින්නිය එන්නී ය’ යි කියා ලා උන් ගොඩට එනතුරු ත් රඳා සිට පිය නොහී දොරටුවෙන් ඇතුළට දිව ගත්හ.

එ වේලාවට බුදුහු ත් සිවු වනක් පිරිස් පිරිවරා වැඩහිඳ, බණ වදාරණ සේක. හයින් වන් තැනැත්තවුන් හෙයින් පිරිස් පීරා ගෙන බුදුන් ලඟට ම ගොසින් දරු සිඟිත්තා වෛවර්ණත කඩෙකින් විදි මාවුලාවක් මත්තේ තබා ලන කලක් පරිද්දෙන් බුදුන්ගේ අට තුරා සියක් පමණ මඟුල් ලකුණෙන් විසිතුරු වූ ශ්රී පාදය පිට කුමාර යන් ගේ හිස තබා වැද හොවා ලා ‘මා බුදුවන්ට ‍නො පත ත් තෙල දරුවන් නුඹ වහන්සේට දන් දෙමි. උන්ට බලවත් උවදුරෙක් පෙනිණ. අළවු කුමරුන්ට එක් සිය විසි හවුරුද්දකට ආයු දුන්නා සේ ම තුලුන්ට ත් ආයු දෙවා ලා අළවු යකුන්ගෙන් රැකගත් ලෙසට උවදුරු කරණ යකින්නගෙන් රැක ගත මැනැ’යි භය වෙගයෙන් බලවත් ව බුද්ධ වල්ලභයා සේ ම කිවු ය. විහාර දොරටුවේ රැකවල සිටි සුමන නම් දෙවි පුත් නමින් සුමන වුවත් යකින්න කෙරෙහි දුම්මන ව වෙහෙ‍ර ඇතුළට වැද්ද නුදුන්නේ ය. බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා වළඳන තෙනට අවුත් පිළි පමණෙක ත් සකසක් නැති හෙයින් ළහිට එත නො හී



106 සද්ධර්මැරත්නාවලි ය

දුරු ව ලා සිට සිඟන්නියක ලඟට කැඳවා ලා බත් දෙන්නාක් මෙන් මිනී මස් කා ඇවිදි තැනැත්තවුන් ලවා නිවන් රස අනුභව කරවනු පිණිස ‘ආනන්දතයෙනි, දොරටුවෙන් පිටත සිටි යකින්න මුඛ කැඳවා ගෙන එව’යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ‍වහා ගොසින් කැඳවා ගෙන ආ කල්හි දරු පැටවුන් ඇති තෙනෙත්තෝ බුදුන් ශ්රීනපාද ය පිට හිස තබා ගෙන හොත් දරු පැටවුන් හැර ගෙන කාපියා දෝ හෝ යි යන හෙයින් බුදුන් ගේ ආනුභාව නො දැන ‘ස්වාමීනි, අර එන්නී ඒ යකින්නී ය’ යි කිවු ය.

බුදුහු ඒ අසා බතට ඇවිටි ව හඩන දරු කෙණෙකුන් බත් උදවුවන තෙක් බසින් ම නළවන්නා සේ බණ වදාරණ තෙක් අරුන් අස්වසනු නිසා ‘ඈ එතී තෙපි නො බව, තොපි බැව මනා මෙ තන සම්භ නුවුවොත් වේ දැ’ යි උන් අස්වසා සිටුවා ලා යකින්නට “හැයි තොප මෙසේ කරන්නේ? තොප දෙ පක්ෂටය මා කරා සම්භ නො වූ නම් යුක්ති දන්නවුන් කරා සම්භ නො වීමෙන් කල් පලා යන යුක්තියක් සේ, මේ තොපගේ වෛරය ත් එන්ද න ජාතකයෙහි කප මුළුල්ලෙහි නොසිඳී පවත්නා කෝම් ගස් හා වලසුන්ගේ වෛර ය මෙන් ද, උදක ජාතකයෙහි කපුටන් හා බකමූණන් ගේ වෛරය මෙන් ද, කප මුළුල්ලෙහි පැවත යන දෙය ය. අනේ මොබ සම්භ වූ නියා ව යහපත, හෙම්බල යකින්න යම් සේ කෙළ - සෙම් - සොටු ආදියෙන් තමා ගේ ශරීරය අපවිත්රල වූ කල පෙරලා ත් ඒ කෙළ ආදියෙන් පවිත්රස කොට නො හැකි ද වඩ වඩා ලා අපවිත්රා - වේ ද - එසේ ම ආක්රොලශ පරිභව බිණුවන්ට තමා ත් බිණිමෙන් හා මැරූවන් තැලුව ත් තමා ත් පෙරළා මැරීමෙන් තැළීමෙන් හා නො එක් අපරාධ කළවුන්ට ගිනි පිට ගිනි ලන්නා සේ තමා ත් නො එක් අපරාධ කිරීමෙන් පැවැති වෛරය දෙපක්ෂයට ම සන් නො හි‍ඳෙ යි. යකඩ වානේ තුබු කල දිවුණ ලා කැපෙන්නා සේ වෛරය දියුණු වෙයි. ඒ වෛරය දරා නිමාගිය ගින්නක් මෙන් සන්හි‍ඳෙන්නේ කෙ සේ ද යත්.

“යම් සේ කෙළ සෙම් ආදිය පවිත්ර් ජලයකින්. සෝධා පී කලට ජල තමා පවිත්ර්යා සේ අපවිත්රව ව තුබූ ශරීරය ත් පවිත්ර කෙරේ ද එ සේ වෛර කාරණ නමැති දරෙහි ඇවිළ සිටී. වෛර නමැති ගින්න එ ම වෛර කාරණා නමැති දර නො ලා මෙත් නමැති පැන් ඉසලන්නා මෙත්තාව නම් ධර්මන හෙයින් අව්යාකපාද හෙයින් සියලු කුශලයට මූල කාරණ ය. ඒ කාරණ වූ මෙත්තාව නිසා පැවැති කුශල ය අකුශල් නසන හෙයින් වෛර නමැති ගින්න නිවා පිය යි නිවා ලන්ට බැරි මහ ගින්න නිවී කලට අනික් ගිනි දසය ඒ ඒ ගින්නට කාරණ ව සිටනා ලොහ කටයුතු වස්තුවෙහි ලොහ නො කිරීම ආදි වූ දර නැති වේ. දර නැති වන්නා ම ආදි ඇවිළ තුබුව ත් නීවි යෙයි. එකොළොස් ගිනි ම නිවි කලට

                                  8. කාළි යකින්න ගේ වස්තුව                              107

දිය කෑ කුඹුර ගොයම් නැගීමට නිසි වන්නා සේ මෙත් නමැති දිය කවා මොළොක් කළ සිත් නමැති කුඹුර ශීල සමෘද්ධ්යා දි ගුණ ධර්ම නැමැති බිජුවටින් ලොවී ලොවුතුරා සැපත් නැමැති වී සම්පත් සාධා දීලි’ යි කියා වදාරා ප්රා ණවධාදි වූ බැරැරූම් කර්මාාන්ත කොට විඩා වූ හෙයින් නිවන් පුර යන්ට ශක්ති නැති යකින්නට යන්ට බල කොට ශ්රො‍ත ආපත්ති නමැති මාර්ගි ය බල කරවා ලා මතුමත්තෙහි මාර්ගාලධිගම එලාධිගම නමැති බතක් සාලක් සසර කතරින් එ තර වන්ට කොට ගන්නා තෙක් ශ්රොගත ආපත්ති ඵල නමැති සාල් සුභක් විවසුන් මඟට ලවා ලූ සේක. ඒ යකින්නි ද තමා යකින්නි හෙයින් ප්රකතිනියත වාසස්ථානයක් නැති වන්නා නව ලොවුතුරා දහම් නමැති නව මාල් මාළිගාවෙන් සෙසු ත් හිඳින වුන් ඇති හෙයින් ගබඩාවක් පමණ ලදින් ආය්ය්නමැ ජාති නමැති දිව අත්බැවු ලැබීමෙන් එහි වසන්ට නිසි ව නො එක් ලෙසින් පිළිකුල් වූ මිනී මස් හැර නිවන් රස ලද.

බුදු රජාණන් වහන්සේ ගේ ශ්රීි පාද ය පිට වැද හොත් කුමාරයන්‍ ගේ මෑණියන් බණවා ලා පයට බර ව ගත්තා සේ ‘තෙල කුමාරයා යකින්නට වඩා ලව’යි වදාළ සේක. ඔහු “ස්වාමීනි, ඈට වඩා ලන්ට බමි” කිවු ය. ‘තෙපි නොබව. දහසකද් ඇඟිලි කපා ගුරු පූජාව කෙරෙමි’ යි කියා බොහෝ දෙනා මරා වියවුල් කළ අඟුල් මල් මහ තෙරුන් දැන් කුහුඹුවකු පමණට ත් හානි නො කරණ ලෙස කෙළෙමි. උන් පිරිත් බණන්නට හුන් අස්න සොධා හැර ගත් පැන් සියලු උවදුරු නස යි. පිරිත් බිණු පිරිත් පැන් වී ප්රැසව වෙදනා නැතිව දරුවන් වදති. මහෞෂධ පණ්ඩිත කල මෙ සේ ම යකින්නක් කන්ට අල්වා ගත් කුමාරයා කෑ ත්1 නො දී ඒ ජාතිය මුළුල්ලෙහි පස් පවින් දුරු කරවන්නෙමි හුදෙක් මා ගේ ප්රරඥානුභාවයෙන් දුරු කරවාලීමි. බුදු වූ මා තෙල යකිනි මිනී මස් කන ලෙස තබා ලා වඩන්ට කියති සිතවු ද? ඇගෙන් කුමාරයන්ට වන හානි නැති. ම‍ාගේ ශ්රීද පාදයෙහි ගෑවුණු තෙනැත්තේ යකින්නකට නො ගෑවේ’යි වදාරන්නා ම වඩාලුව, වදාරන්නා ම බුදුන් ගේ ශ්රීේ ශරීරයෙන් කුමාරයා ලත් ශොභාව තමාට ත් එවා ගන්නාක් මෙන් කුමරුන් සනා පියා මෑණියන් අත වඩා ලා ශොභා තෙජස් ඇස වැද ගෙන ඇසින් දිය වැගිරෙන්නා සේ හඩන්නට වන.

බුදුහු අඩන නියාව දැක ‘මා කරා ආ කෙණෙකුන් නිවන් සම්පත් ලදින් සතුටු ව යන කෙණකුන් මුත් අඩා ගෙන යන්නෝ නැත. ලොවුතුරා සැපත මඳ හෙයින් හඩන්නා හඩනැ’යි _________________________________________________________

                                               1. කන්ට.

108 සද්ධර්ම රත්නාවලි ය

වදාළ සේක. යකිනි ඒ අසා ‘ස්වාමිනි, මම පෙර එක බඩ නිසා ප්රාරණ වධ කොට ත් කුස පුරා නො ලැබෙමි. අද පටන් ප්රාමණ වධයක් නො කරණ හෙයින් ‍හා ලද්දා වූ නිවන් රසයෙන් සිත පිනවීම පමණක් මුත් ශරීරගත ඕජාවට උපස්තම්භක වන්ට නිවන් රස ය අසමර්ත්ථි හෙයින් ජීවත් වීම කෙසේ දෝ යි සිතා හඩමි’ යි කිව. බුදුහු ඒ වෙලෙහි යකින්න අස්වසා ලා උපාසිකාවට වදාරන සේක් ‘තුලුන් කැඳවා ගෙන ගොසින් භය නො කොට තොප ගේ ගෙයි රඳවා ලා පීසු දෙයිකින් පළමු කොට තුලුන්ට දී රකුව’ යි වදාළ සේක.

ඔහු ද උන් කැදවා ගෙන ගොසින් ගෙයි වස් යට හිඳුවා ලා ඉදි කළ දෙයින් ආදි කොට උන්ට දී පසු ව තුමු කති. බිම්වල වී ලා ගෙන පහරිනා කලට ඔසවා ලූ මෝල් යකින්ණියන් ඇඟ වැද ගන්ති. ඉන් මුළා විඳ පියා තමන් දැමිටු හෙයින් අනිකක් කට නො හී යෙහෙළි ව සිටි උපාසිකාවන්ට ‘මෙතන රඳා හිඳිනට අපාසු ය. අනික් තෙනක ලව’යි කියා එතනින් ගෙන ගොස් පැර අන්තයෙහි මෝල් තබන ගෙයි ලා ලූ ය. එ තන රඳා උන් කලට කළ අකුසලෙහි අපායගාමී අවස්ථොව නට ත් ඒ නට හෙයින් ප්රනතිසන්ධි විපාක නැත ත් ප්රපවෘත්ති විපාක ඇති හෙයින් දම දමා ලු මෝල් හිස වැද ගන්නා - එ තැනැත් අඵාසු නියාව කියා එතැනින් ගෙන ගොසින් පැන් නඟන සැළ මුල හිඳුවා ලූ ක ල්හි කුඩා කොල්ලන් අත කට ‍සෝධන කල දමන ඉඳුල් පැන් හිසට දමන හෙයින් ඒ අඵාසුව ත් කියා ඒ තැනින් ගෙන ගොස් ළිප් පිටි පස හිඳුවා ලන්නා එ තැනට ඇඟට කිලි පොළ පොළා අනික් සමවායක් නැති හෙයින් සමවායට වැද හෝනා සේ බල්ලන් වැද හෝනා ඒ අඵාසුව ත් කියා එතැනින් ගෙන ගොස් සේනන්කන හිඳුවා ලන්නා කුඩා කොල්ලන් මූ වස් කිස ‍කරණ හෙයින් ඒ අඵාසුව ත් කියා එ තැනින් ගෙන ගොස් බොහෝ දෙනා කසළ දමන කසළ ‍ගොඩ රඳවා ලූ කල්හි කුලු පුරා කසළ ගෙන වුත් හිස වසා දමන හෙයින් ඒ ගහට ත් කියා එ තැනින් ගෙන ගොස් ගම් දොරකඩ ලා ලූ කල්හි විදමන් උගන්නා කුඩා කොල්ලන් කෙළියට මුන් ම නිල කොට විඳිනා හෙයින් ඒ ගහට ත් කී කල්හි එ තැනින් ගෙන ගොසින් ගමින් පිටත ජන සඤ්චාර ය මඳ තැනක රඳවා ලා කැඳ බත් දී රකිති.

ඌ එ තැන හිඳ එ තැනට ගිය තැන් පටන් කිසි ත් අඵාසුවක් නැති හෙයින් කැඳ බත් දෙන ගෙට ‘මේ හවුරුදු වැසි



                                          1. කිස මුව පස්. 
                         9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                        109

දිය සුලභ ය. මඩ වප් කුණු වේ. නමුත් ගොඩ මානාවාරී තණ වපුර ව. මේ හවුරුදු වැසි දිය නැත. ගොඩ ගොයම් මිය යේ. නමුත් මඩ ගොයම් කරව’ යි කියතී. උන් ගේ උපදෙසින් උන් කළ ගොයම් කල් දැන කරණ හෙයින් නො නස්සී. සෙස්සවුන්ට එ සේ නැති හෙයින් ඌ හැම අවුත් ‘මුඛ කළ කළ දෙ යක් නො නස්නට ත් අප කළ දෙයෙහි ශ්රෙැයස් නැති වන්ටත් කාරණ කිම් දැ ‘ය විචාරති.

ඌ හැම ඒ අසා ‘හැයි අපනිරන්තර ව කැඳ - බත් හැර ගෙන ගමින් පිටත යන නියාව නො දකු ද? අප ත් ඒ ගෙන යන්නේ එක් යකින්නණි කෙණෙකුන්ට ය. ඌ වැසි ඇති නැති අවධිය කියා ලති. උන් නිසා අප කළ දෙයෙක් නො වරද්දී. තෙපි හැම ත් අප කරණ ලෙස ම කරව් නම් තොපට ත් අමුතු මුසුප්පුවක් නැති හෙයින් එ සේ ම කියති’ කිහ. නුවර ඇත්තෝ මුළුල්ල ත් එ ලෙස ම සත්කාර කොට උන්‍ ගේ සමවායෙන් ගොයමින් බතින් අඩුවක් නැති වූහ. උයි ත් මහත් වූ ලාභ සත්කාර ඇති ව කාළිබරාඩි ය යි ප්රතසිද්ධ ව ලාබත් අටකු ත් තබා ලු ය. ඒ ලාබත් අටුවා කරණ කල් දක්වා පැත්තේ ය.

එ සේ හෙයින් වෛර නම් මහා ආදීනව කරණ අකුසලක් හෙයින් ඒ හැර මෙත් සිත් නම් බලවත් අනුසස් ‍එකොළොසක් සාධා දී ලන කුසල් හෙයින් එහි :-

“මෙත්තා රහිත පොසෙන - නර්ත්ථක පාපං අකාරියං, මෙත්තා සහිත පොසෙන - නර්ත්ථා පුඤ්ඤං අකාරියං”

යනු හෙයින් එහි පිහිටා සිත් සතන් පිරිසිදු කළමනා බැවින් බුදුන් කරා පැමිණෙන්ට ඒ බුදුන් පිරිනිවිය ත් මේ සද්ධර්මළරත්නාවලී බුදුන් කරා පැමිණ ආදීනව අසා දත් වෛර හැර අනුසස් ඇසූ මෙත් සිත පිහිටා ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු. ______


9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව

[සංස්කරණය]

තව ද කලහ කිරීමෙන් අසමඟි නිසා වන බොහෝ ආදීනව ද කලහ නොකිරීමෙන් සමඟ වීම නිසා වන බොහෝ අනුසස් ද, හඟවන පිණිස කොසඹෑ නුවර වහන්දෑ ගේ වස්තුව කියමු.

හේ කෙ සේ ද? යත්:-

කොසඹෑ නුවර ඝොෂක සිටාණන් කරවි පිළිගැන් වූ එ නමින් ම ප්රඹසිද්ධ වූ වෙහෙර හදාළ විනයෙහි පිරිමැස්ම ඇති 110 සද්ධර්මූරත්නාවලි ය

හෙයින් විනයාභියොග ය ඇති විනයධර නමක් හා හදාළ විනයෙහි අභ්යාිස මඳ ව බණ කීම් පමණක් ඇති ධර්මව කථීක නමක් හා දෙ නම පිරිවර වහන්දෑ පන් සිය - පනිසිය හැර ගෙන වසන සේක. ඒ දෙ නමින් ධර්මප කථික නම එක් දවසක් අත් පස් ගෙට ගොස් සිරුර කිස සපයා ගෙන උදක කෘත්ය ය කොට ඉතිරි පැන් වළඳ ම රඳවා විනයාභියොග නැති නියාවට ම පැන් නමා පියා ව ත් වළඳ නමන්නක් වත් වසා තබන්නක් වත් නො කොට නික්මුණු සේක. පසු ව විනයධර නම අත් පස් ගෙට වැඩි සේක් වළඳ නො වසා තුබූ පැනිත්ත දැක අත් පස සිට අවුත් ධර්ම කථික නම අතින් ඉතිරි පැන් නො දමා තබා වත් වැරැද්දුවෝ තුමු දැ’ යි විචාළ සේක. ‘එ සේ ය අපි’ යයි කියා කී කල්හි ‘ඇවැත් ඇති නියාව දන්නේ නැද්දැ’ විචාර ‘එසේ ය. නො දනුම්හ’ යි කී කල්හි ‘එ සේ නො දනිතො ත් ඊට ඇවතක් නැති ‘යි කී සේක. ඒ අසා ධර්ම කථික නම ‘සාපත්තික කලට නැතැ’ යි කී සේක. ඒ අසා ධර්මධ කථික නම ‘සාපත්තික කලට අපායොත්පත්ති වන හෙයින් එ ලෙස හිඳිනට කාරණ කිම් ද? දෙසනාගාමීනී ඇවැතක් බැවින් අවන් ඇවැත් දෙසමි. දෙසා මට පිරිසිදු එළව’ යි කී සේක. විනයධර නම පෙරළා ‘නො දැන කළොත් සිහි නැති ව කළ හෙයින් ඇවැත් නැතැ’ යි කී සේක.

ඒ අසා ධර්මත කථික නම බණ ම කියා ගිය පමණක් මුත් ඒ පමණක් තමන් වහන්සේ දන්නාට නැති හෙයින් ‘විනයධරනමගේ බසින් නිරැ වතිමී’ යන අදහස ඇති වූ සේක. විනයධර නම එ ලෙස ත් කියා ලා තමන් වහන්සේ නිසා වසන වහන්දෑට ‘මේ ධර්මණ කථිකයාණෝ කෙ‍ සේ දෝ ඉගෙනගත් හෙයින් අනුන්ට බණ කියා ඇවිදිනා පමණක් මුත් ‍පාන් කන්ද මුල අඳුරු නො හැරෙන්නා සේ තමන් ආපත්තියට අවදනා නියා ත් නොදනිතී’ යි කියා ලූ සේක. ඒ ඇසූ වහන්දෑ ධර්මි කථික නම ගේ වහන්දෑ දැක ‘තමන් හැම ගේ උපාද්ධ්යා යයෝ ඇවැතට ඇවද ත් ඇවැත් අවන් තියාව නො දනිත් ල’ යි කී සේක. ඒ වහන්දෑ එ පවත් තමන් වහන්සේ ගේ උපද්ධ්යාලය වූ ධර්මක කථික නමට කී සේක. ඔබ ඒ අසා ‘මේ විනයධරයාණෝ එ සේ ඒ පැන් තබා පීමෙහි නො දැන වී නම් ආපත්ති නැතැ යි ආදි කියා ලා දැන් ආපත්ති ඇතැ’යි කියත් ල. උන් කියන්නේ බොරු ය. විනය දනුම්හ’ යි කියා මෙ සේ ත් බොරු කියත් ද? උගත් විනයෙහි බොරු කියන්නට කී තැනූ ත් ඇති නිසා ද? බොරු කීව වුන්ට සියලු ම පාප ය සිද්ධ වන නිසා ත් නොදන්නා නිසා ද? ඒ හැම නො දන්නා කල වින ය දන්නේ කෙ සේ දැ’ යි කිය ලූ සේක.



                         9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                           111

ඒ වහන්දෑ ගොසින් විනයධර නම ගේ වහන්දෑ හට තමන් හැම ගේ උපාද්ධ්යාගයයෝ බොරු කියත් ල යි කියා අතළොස්සක් පමණ පැන් නිසා බුදුනු ත් සන්හිඳුවා ලන්ට බැරි තරම් කලභය වඩා ගත් සේක. ඉක්බිති විනයධර නම අවසරයක් ලැබ ගෙන පක්ෂ බල ආදි ම ඇති බැවින් ධර්මණ කථික නමට අවන් ඇවැත් නො දැක්ම නිසා උඛෙවුනි කම් කොට ලා දෙ පක්ෂ වූ සේක. මෙ තැන් පටන් උපස්ථාන කරණ උපාසකවරු ත් තම තමන් ගේ පක්ෂවලට නැමීමෙන් දෙ පක්ෂ වූ ය. අවවාද පිළිගන්නා මෙහෙණින්නෝ ද දෙ භාග වූ හ. නැවත අරක් ගත් දෙවියෝ ද උන් ගේ වසයෙන් තලාටු - බුමාටු දෙවියන් පටන් බඹ ලොව දක්වා පෘථග්ජන යම් කෙණෙක් ඇත් ද දෙ පක්ෂ වූහ. සිවු මහ රජයෙහි පටන් අකනිටා බඹ ලොව දක්වා මහා කොලහල වී ය. කොලහල තරවත් වත් එක් ‍නමෙක් බුදුන් කරා ‍ගොසින් “ස්වාමීනි, උඛෙවුනි, කම් කළ විනයධර නම ගේ පක්ෂයෙහි වහන්දෑ ‘කෙළේ ධර්මී කර්ම ය’ යි සිතා වෙන පක්ෂ වූ සේක. උඛෙවුනි කම් ලත් නම ගේ වහන්දෑ ‘කෙළේ අධර්මන කර්මා ය’ යි සිත කර්මල ය ලත් නම අනු ව පිරිවරා ඇවිදිනා සේකැ’යි දැන්වූ සේක.

බුදුහු ධර්ම කර්මය නියාවකු ත් අධර්මෙ කර්ම් නියාවකුත් නො වදාරා සමහ වෙත්ව යි දෙ වාරයක් කොට වදාරා යවා සමඟ නොවන නියාවක් ම අසා වදාරා තුන් වන වාරයේ “සඟහු බුන්හ” යි ඒ දෙ පක්ෂය ළඟට කොසඹෑ නුවරට වැඩ උඛෙවුනී කම් කළ පක්ෂයට ආදී ඇවැත් නැතැ යි කියා පසු ව කර්මට කිරීමෙහි දොෂ ත් අනික් පක්ෂයට ආදී විනයධර භික්ෂූන් ගේ බසින් නිරිපත්ති යම්හ යි සිතා ගත ත් පසු ව අර ලෙස කී කල විමති කොට ගෙන වෙමතිකා පත්ති වුව ත් දෙසා නො ගැන්මෙහි දොෂ ත් වදාරා දෙ පක්ෂයෙහි ලබ්ධි වෙන් හෙයින් එක සීමාවේ වෙන වෙන පොහෝ ආදිය ත් අනුදන වදාරා අසුන් හල් ආදියෙහි හිඳිනා කල අස්නකට අවසර තබා හින්ද යුතු ය යි බත ගැතැ වත් පනවා ලා එ සේ කලහය නොසන්හුන් නියාව අසා පෙරළා ත් කොසඹෑ නුවරට වැඩ ‘මහණෙනි, මේ කලහ ය නම් ඉතා නපුරු දෙයක. අනික් සාධාගන්නා දෙයක් ‍නිසා නො ව කලහය මුල් ව ඉතා දුර්වපල වූ කැටකිරිල්ලෝ, පවා, -

“කාකඤ්ච පස්ස ලටුකිකං - මණ්ඩුකං නිලමක්ඛිකං එතෙ නාගං අඝා තෙසුං - පසුස වෙරස්ස වෙරිනං”

යනු හෙයින් උපදෙස් බලයෙන් ඇතුන් පවා මරාගත්තෝ වේද, නොදීන් ලටු කික ජාතකය වදාරා ලා යම් තාක් සමඟ ව සමඟ

112 සද්ධර්මවරත්නාවලි ය

නො විම නිසා නො එක් දහස් ගණන් වටුවෝ වසා දමා ලු දැල ‘තෙපි ඔසවා තෙපි ඔසව’ යි උන් උන්ට පෙරැත්ත කීමෙන් ම නො ඔසවා මර දුන්හ’ යනාදීන් වට්ටක ජාතකය වදාළ සේක. එ සේ වදාළ අවවාද ත් නො ගිවිස එක් නමක් අවුදින් ‘ස්වාමීනි, බැණ නො නැඟී වැඩ හුන මැනව.

“යානි කරොති පුරිසො - තානි අත්ත නි පස්සති, කල්යාිණකාරී කල්යා ණං - පාපකාරී ච පාපකං යාදිසං චපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං”

යනු හෙයින් හමු වපුළවුන් හමු දක්නා සේ අපි ම අප ගේ කට යුත්තෙන් පෙනෙන්නමෝ වේ දැ’ යි කී කල්හි නැවතත් දීඝිති කොසල නම් පිය රජ්ජුරුවන් ගේ රට ත් උදුරා ගෙන දුක් පත් ව ගිය රජ්ජුරුවන් පෙරළා මරා පීව ත් දීඝායු කුමාරයන් තමන් ගේ පියාණන් ‘දිගත් බලව, ලුහුඩක් නො බලව’ යි අවවාද ලෙස කියා ලූ බස සිත තබා බ්රවම්මදත්ත රජ්ජුරුවන්ට අනිකක් නො සිතා සමඟි ව විසූ නියා ව දක්වන සේක් දීඝිති කොසල ජාතකය වදාරා ‘ගිහි ව සිටියවුන් ගේ පවා අබුද්ධොත්පාද කාලයෙහි එ තරම් ක්ෂතමා වෙක. තොප හැම මා ගේ කරුණා ශාසනයෙහි මහණ ව ක්ෂාමා වට ම නියම ව හිඳිනාවුන් මෙ සේ නො සන්හි‍ඳෙන්ට කාරණා කවරේ ද, යනාදීන් අවවාද නමැති බෙහෙත් දෙවා වදාරාත් ඒ වහන්දෑගේ නලග නමැති රෝග පීඩාව සන්හිඳුවා ගත නොහී ඒ වහන්දෑ ගේ නොසන්හුන් තරම් බල බලා එ තන රඳා වැඩ හිඳිනට මැළි ව කොසඹෑ නුවර සිඟා වළඳා වහන්දෑ එක් නම්කට ත් නො වදාරා හුදකලාව ම පා සිවුරු තමන් වහන්සේ ම හැර ගෙන බාලක ලොණකාරාමයට වැඩ එහි වැඩ හුන් හඟු තෙරුන් වහන්සේට හුදෙකලාව හැසිරීමෙහි වත් වදාරා, පාවීනවංස නම් උයනට වැඩ අනුරුද්ධාදීතුන් දෙනා වහන්සේට සමඟ ව විසීමෙහි ඵාසු ව වදාරා අඹ - දබ - කෙහෙල් ආදී වූ ගසින් කෙලින් ගැවසී ගත් ඇස් - අස් වලස් - තරස් ආදී වූ සිවුපා සමූහයන් ඇති ගිරා - මොණර - කෙවිලි - ආදී වූ පක්ෂීන් විසින් ගැවසී ගත් සිද්ධ - විද්යාි - ධරාදීන් විසින් සෙවුණ ලද දෙවඟණන් ගේ තන කලසයෙන් අලළන ලද පැනින් පිරුණු සිය ගණන් විල් ඇති පාරලිය නම් වනයට වැඩ ඒ වල තමන් වහන්සේ සේ ම ගණ සංගණිකාවෙහි ඇලුම් නැති ව වෙන් ව වසනු කැමැති ව ඇත් මුළින් තේරී ආ පාරලීය නම් ඇතා‍ණන ගෙන් උපස්ථාන ඇති ව ඒ වල්හි වස් විසූ සේක.



                           9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                          113

කොසඹෑ නුවර උපාසකවරු ද වෙහෙරට අවුත් බුදුන් නො දැක ‘බුදුහු කොයි දැ’ යි විචාරා ‘පාරිලෙය්යා වනයට වැඩ පී සේකැ’ යි යනු අසා ‘හැයි එ සේ වැඩ පියන්ට කාරණ කිම් දැ’ යි විචාළෝ ය. විචාලවුන්ට අපි හැම ගේ කලහ ය බලවත් හෙයින් ඒ සන්හිඳුවන්ට අවවාද වදාරා ඒ අවවාද අප හැම නො ගිවිස්නා හෙයින් වැඩ පී සේකැ’යි - කලහ නම් භයක් ලජ්ජාවක් ඇති ව කරණ දෙයක් නො වන හෙයින් ලජ්ජා නැති ව ම කී සේක. උපාසකවරු ‘නුඹ වහන්සේ හැම බුදු සස්නෙහි මහණ ව පොළොව පැකිළී ගියවුන්ට එම පොළොව පිහිට වන්නා සේ සියලු ලෙසින් පිහිට ව සිටි බුදුන් ගේ අවවාද ත් නො පිළි ගත් නියාදැ’යි විචාරා එසේ ය යි කී කල්හි උපාසකවරු ‘මේ වහන්දෑට උපස්ථාන කොට බුදුන් වැඩි ‍ගමනේ දක්නට වත් වැඳ ගෙන උපස්ථාන කොට ගන්නා පමණකට වත් නැත. ඔබට කරණ උපස්ථානය මේ වහන්දෑ නිසා නුවු පසු මේ වහන්දෑට බත් පැන් තබා හිඳිනා පමණකු ත් නො දෙම්හ. වඳිනා පමණකු ත් නො කරම්හ’ යි තර ව ගෙන එ වක් පටන් ඒ හැම නොකරන්නට වන්හ.

පාත්ර් පය්යාන පන්න ව රැකෙන හෙයින් සිඟා ගොසින් ලබන බතක් විනා අනික් ජීවනොපායක් නැති හෙයින් බත් නො ලදින් වියැළී කීප දවසකින් ම කය වියැළුණ ත් නූවණ වියැළෙන දෙයක් නොවන හෙයින් කාරණ සලකා මොළොක් සිත් ඇති ව ගෙන ක්ෂමා නොකරවා නිහඩක් නැති හෙයින් ඔවු නොවුන් වහන්සේ ක්ෂ මා කරවා ගෙන උපාසක වරුන් කරා ගොසින් ‘උපාසකවරුනි, බුදුන් ගේ අවවාදයෙන් සමඟ නො වුව ත් තොප හැම කියා කළ දෙයින් අපි හැම සමඟ වුම්හ. අප පෙර සැටි වූ කල තොප ත් පෙර සැටි වුව මනා වේදැ’ යි කී සේක. ඒ අසා උපාසකවරු ‘බුදුන් ක්ෂැමා කරවා ගන්නා ම අපි ත් පෙර සැටි වම්හ’යි කිවු ය. ඒ වහන්දෑ ද ඈත වසන හෙයින් බුදුන් ළඟට යැම වත් නොවන හෙයින් වස් දැතුර දුකින් ම දවස් යවන සේක. කාරිය නො දන්නා වහන්දැට ඒ වස දුක් වූ බව මුත් ඒ සා මහත් ව කට වැඩි බුදුන්ට කිසි දුකෙක් නැත.

ඒ ඇතාණෝ ද බුදුන් දැක ළඟට ගොසින් වැඳ ලා කැටි ව ආ අනික් තෙනක් නැති නියාව දැක වැඩ සිටි රුප්පයේ ම තණ පයින් උදුරා පියා අත්තක් කඩා ගෙන අවුත් හැමඳා පියා බුදුන් වස් වැස වැඩ හුන් කල්හිවස් තුන් මස ම කළ ය සොඩින් හැර ගෙන ගොසින් බොන පැනු ත් ගෙනවුත් තබා ලති. නහන පැනු ත් ගෙන තබා ලති. හුණු පැන් වුව මනා විට දණ්ඩක්


114 සද්ධර්මනරත්නාවලි ය

කඩා ගෙන ගිනි ගා හෙළා පියා දර ලා ලා ගිනි මොළවා ලා ගලක් පෙරළා ගෙන අවුත් ගින්නේ ලා රත් කොට දණ්ඩකින් ගල පෙරලා ගෙනවුත් කුඩා ගල් කෙමෙක හෙළා ලා පැනිත්ත හුණු වූ කල්හි සොඩ ලා විතර හුණු දැන බුදුන් කරා ගොසින් වැඳ ලති. බුදුහු ‘පාරලෙය්ය යෙනි, පැන් හුණු කළා දැ’ යි ‍විචාර ලා එ තනට වැඩ පෙර වරු පැන් සනහන සේක. පැන් සනහා අන්තයෙහි වළට වැද ලා නො එක් ‍ඵලාඵල ගෙනවුත් පිළීගන්වති. බුදුහු ඒ වළඳා වදාරණ සේක.

යම් දවසෙක බුදුහු ළං ව තිබෙන ගමකට සිඟා වඩනා සේක් වී නම් පාත්ර ධාතූන් වහන්සේ හැර ගෙන හිස මුදුනේ තබා ගෙන බුදුන් හා කැටි ව‍ යෙති. බුදුහු ගම් හිමට වැඩ ලා ‘පාරලෙය්ය යෙනි. තොප ඇතුළු ගමට එන්ට නො පිළිවනැ’යි පාත්රස ධාතූන් වහන්සේ අතට හැර ගෙන ගමට සිඟා වඩනා සේක. ඇතාණෝ ද වඩනා තෙක් ඒ තන රඳා සිට ලා ගම සිඟා පියා වැඩි කලට පෙර ගමන් කොට ගොසින් පාත්රඒ ධාතූන් වහන්සේ හා සහළ සිවුරු හැර ගෙන ඇත් රජ කමට මුඬු වොටුන්නක් පළඳිනා කලක් මෙන් හිස මුදුනෙහි තබා ගෙන වැඩ හිඳිනා තෙනට ගොසින් ආදියෙහි පටන් වත් පිළිවෙත් ම උගත්තා සේ පා සිවුරු තැන් පත් කොට තබා ලා පා සේධීම් ආදි වූ වත් සපයා ලා ගිම් නිමනට අත්තක් කඩා ගෙන ඇඟට සල සලා සිට ලා වළඳා අන්තයෙහි ත් කළා මනා වත් කොට ලා රැ දවස් බුදුනට රැකවල් ගෙන මඟා දණ්ඩක් සොඩින් අල්වා ගෙන තුන් යම් රාත්රිබය මුළුල්ලෙහි වනය සිසිරා ඇවිද පාන් කෙරෙති. එසේ හෙයින් ඒවනය රක්ඛිත වන ය යි ප්රසසිද්ධ විය. පාන් වූ කලෑ දැහැටි - පැන් දෙමින් මළුව හමදිමින් කළ මනා වත් සපයති.

එම වල වසන එක් රිළවෙක් ද ඒ ඇතාණන් කරණ උපස්ථාන දැක “මම ද උපස්ථානයක් කෙරෙමි’යි සිතා ඇවිදිනේ එක් දවසක් නිමැසි දඩුවෙල්බෑයක් දැක කඩා ගෙන කෙහෙල් පතක් කඩා ඒ මත්තේ තබා ලා ගෙන ගොස් බුදුන්ට පිළිගැන් වි ය. බුදුහු ත් කුඩු කැවුම් වුව ත් නො මැළි ව පිළිගන්නා හෙයින් පිළිගත් සේක. රිළවාණෝ ද බලා සිටියෝ අල්වා ගෙන නො වළඳා ම වැඩ හුන්නා දැක කුමක් සිතාදෝ හෝ යි සිතා මුල ප්රටතිසන්ධි ය ජඩ හෙයින් ඤානසම්ප්රායුක්ත විපාක සිත් තමන්ට නැත ත් ඥාන සම්ප්ර යුක්ත කුසල් සිත් තමන්ට පවත්නා හෙයින් පිළිවුන් ඇති නියා ය යි සිතා දඬුවෙල්බෑය අල්ලා ගෙන



                      9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                              115

පිළවුන් දැක සියුම් මෙහෙවරට නිසි ව සීන් වුවා සේ සීන් වූ ඇඟිල්ලෙන් නොගටා පිළවුන් හවුලා හැර ලා පිළිගන්වා ලූ ය. දෙවියෝ එ වේලෙහි සක් වළ ගබ ඇති රස ය දඬුවෙල්බෑයෙහි මැස්සන් බහා ලූ නො එක් දෙය රස වූ බව මුත් රසයක් බහා ලූවා නැත ත් බහා ලූහ. බුදුහු වළඳා වදාළ සේක.

රිළවාණෝ ද සතුටු කුල්මත් ව නට නටා අත්තක එලී ගෙන අත්තක් පයින් මැඩ ගෙන සිටියේ ය. අකුසල් නම් කුශලට ඉතා ප්ර තිපක්ෂ හෙයින් අවසරයක් පෙණෙන තුරු කැටි ව ඇවිදීමින් සිට අතුරු පැවත ගිය කුශලයට අප්රිකය ව කොට ලවාක් මෙන් පුරා කෘත අකුසලින් අල්වා ගත් අත්තක් පයින් මැඩ ගත් අත්තක් බිඳී කඩා ගෙන හෙන්නේ එක් කණු වෙක ඇණී ඇවිණ දන් විශයෙහි පැවති පහන් සිතින් යුක්ත ව මිය තව්තිසා දෙව්‍ ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් වීම නෙ ක කඩ රෙද්දකින් වසා ලූ මැණිකක් උස් තෙනකට නො වරදවා දමා ලූ කලට දමාලු වේගයෙන් කඩ රෙද්ද බිම හී මැණික උඩ ම රඳා ගියා සේ රිළා අත් බැවු පාත හෙළා තුන් ගවුවක් විතර ආත්ම භාවයකින් යුක්ත ව දහසක් දෙවඟණන් පිරිවරා දෙවියන් දඬුවෙල්බෑයෙහි බහා ලු බොහෝ රස සේ බොහෝ සම්පතින් යුක්ත වදුන් මී රසයට නිවන් රස ලබන්නට ත් නිසි ව උපන.

බුදුනු ත් පාරලෙය්යන ඇතාණන් ගෙන් උපස්ථාන විඳ ඒ වල වසන නියාව දඹ දිව ප්රපසිද්ධ වි ය. සැවත් නුවරින් අනේපිඬු මහ සිටාණෝ ය. විශාඛාවෝ ය. යනාදි ප්රයසිද්ධ කුලවලින් බුදුන් දක්නා කැමැත්තම්හ යි අනඳ මහ තෙරුන් වහන්සේට කියා යැවූ ය. ඒ ඒ දිගින් පන් සියයක් පමණ වහන්දෑ ද අනඳ මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ඉතිකින් වසු ත් අන්ත වි ය. බුදුන් ගෙන් බණක් නො අසන්නේ ත් නැතක් දවසෙක. දක්නා කැමැත්තම්හ’ යි කී සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ඒ වහන්දෑ කැඳවා ගෙන ගොසින් වස් තුන් මස තනි ව වැඩ හුන් බුදුන් ළඟට මෙ තෙක් ගෙන ගොසින් වස් තුන් මස තනි ව වැඩ හුන් බුදුන් ළඟට මෙ තෙක් වහන්දෑ ත් කැඳවා ගෙන ‍යෑම යුක්ති නො වෙ යි සිතා ඒ වහන්දෑ පිටත රඳවා ලා තනි ව ම බුදුන් කරා ගිය සේක. පාරලෙය්යතයෝ අනඳ මහ තෙරුන් වහන්සේ දැක ලා විපක්ෂ් තෙනෙකැ යි සිතා මරන්ට දණ්ඩක් හැර ගෙන නික්මුණාහු හ.

බුදුහු දැක ‘පාරලෙය්යායෙනි, මූ මට අග්රෂ උපස්ථායක ව උපස්ථාන කරණ තැනැත්තෝ ය. මා මරන්ට ය යි දෙවිතුන්ගේ නියෝගයෙන් නාළාගිරි නම් ඇතු ගුගුරා පියා ආ දවස් මා පසු


116 සද්ධර්මගරත්නාවලි ය

කොට පියා මූ පෙරාතු වූ කෙණෙක. නැවත ස්වර්ණයකර්කරටක ජාතකයෙහි දී මූ තුමූ කකුළු ව උපන් තැනැත්තෝ මා ගේ ඇස් සාරන්ට හුන් කපුටුවා ත් අල්වා ගෙන ඌට සහාය ව ආ නයා ත් අල්වා ගෙන නයි ලවා දෂ්ට කළ මුඛයෙන් විෂය උරවා මා ත් නිර්විෂ කොට පසු ව ත් මට අවැඩ නොවන ලෙසට කපුටුවා ත් නයි ත් මරා පී ය. නො එක් ජාතිවල උන් මට වූ උපකාර බොහෝ ය. උන් එන්නවුන් තෙපි නොවළක්ව’ යි වදාළ සේක. ඇතාණෝ ද දඬු කඩ දමා පියා ‍සඟළ සිවුර හා පත්රි ය ඉල්වූ හ. මහ තෙරුන් වහන්සේ බුදුන් ළඟදී එ සේ දීම වත් නො වන හෙයින් නුදුන් සේක. දඬු හැර ගෙන මරන්ට ගිය හෙයින් මුසුප්පුවකින් නො වෙයි. ඇතාණෝ ත් මා අතාට පාත්රර සිවුරු නුදුන් හෙයින් බුදුන් වැඩ හිඳිනා ගල් පෝරුව මත්තේ පා සිවුරු තබා වත් වරදවා නොගත් සේක් නම් යහපතැ’ යි සිතූ ය.

ඇතාණන්ට වඩා කප් ලක්ෂ’යක් මුළුල්ලෙහි බුදු කෙ‍ණකුන් වහන්සේට වත් කරන්නට පතා ආ මහ තෙරුන් වහන්සේ වත් දන්නා ම හෙයින් පා සිවුරු බිම තබා ලූ සේක. වත් දන්නා තැන් ගුරුන් වහන්සේ‍ සැතපෙන හැඳවල පුටුවල පා සිවුරු ආදි ය. නො තබන සේක. එ සේ හෙයින් අනඳ මහ තෙරුන් වහන්සේත් පා සිවුරු තැන් පත් කොට තබා ලා බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක. බුදුහු තනි ව නො වැඩි නියාව දැන වදාළ ත් තනිය ම අවුදැ යි විචාළ සේක. “පන් සියයක් දෙනා වහන්සේ ආ සේක. නුඹ වහන්සේගේ රුචි නොදැන පිටත රඳවා ලා ආමි” කී කල්හි ‘එසේ වී නම් මුඛ කැඳව’ යි වදාළ සේක. වදාළ විධානයෙන් මහ තෙරුන් වහන්සේ ත් කැඳවා ගෙනා සේක. බුදුහු ඔබ හා ත් කථා කොට ලා වැඩ හුන් සේක. ඒ වහන්දෑ ද “ස්වාමීනි, මුඹ වහන්සේ ඉතා ම සියුමැළි වූව. මේ තුන් මස හුදකලාව වැඩ හුන්නේ ත් කෙ සේ ද? අනඳ මහ තෙරුන් වහන්සේ පමණකු ත් නො ආ හෙයින් පැන් පරහා දීම් පමණකුත් කොළෝ කවුරු ද? බලවත් ව ම අඵාසු වුනැ යි සිතූම්හ’ යි කී සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි! එ සේ නො සිතව. තෙල පාරල්යෙ නම් ඇතාණෝ කළ මනා සියල්ලක් අඩුවක් නැති ව වසන්නා සේ තනි ව වැස කළ මනා ලෙස ත් කිරීම යහපත යනාදී බණ වදාළ සේක.





                                9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                   117

ඒ වදාළ බණ අසා පන් සියයක් දෙනා වහන්සේ දෙ තුන් මසක විතර බී පියන්ට නිසි පැනක් නො ලදින් පිපාසා බලවත් ම ලත් පැනක් සැතපී බී පියන්නා සේ බුදුන් ගෙන් ම බණක් අසන්ට සිතා තුන් මසක් විතරින් ලත් බණක් හෙයින් කන් නමැති දහසක් ගොටු වල වත් කරවා ගෙන, සිත් නමැති තුඩුවලින් පුරා බී සව් කෙලෙස් නමැති පැන් පවස් සදහම් නැමැති පැනින් සන්හිඳුවා රහත් වූ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ද අනාථපිණ්ඩික සිටාණන් - විසාඛා උපාසිකා‍වන් පටන් ඒ ඒ දෙනා කියා යවු හසුන් ධර්මා න්විත හසුන් හෙයින් වදාරා “ස්වාමීනි, අනාථපිණ්ඩිකාදි වූ පස් කෙළක් විතර නිවන් දැක සිටි උපාසක වරු මාර්ග“ ගත වූ අචල ශ්රිද්ධාවෙහි තමන් පිහිටි හෙයින් මුඹ වහන්සේ දක්නට පත පතා හිඳිති’ යි වදාළ සේක.

බුදු හු ත් කොසඹෑ නුවර වහන්දෑ සෙසු ලෙසකින් හැද නො හැරෙන දඩු ගින්නට පෑ තවා ලු කල හැරෙන්නා සේ කොසඹෑ නුවර උපාසකවරුන්ගේ ක්ර්ම නමැති ගිනි රැසින් කලහ නමැති ඇද හැරී සමඟ වීමෙන් කම් පසට ගිය නියාව දැන වදාරා එ සේ වී නම් සඟළ සිවුරු පාත්රම ය හැර ගනුව’ යි අනඳ මහ තෙරුන් වහන්සේ ලවා පා සිවුරු ගෙන්වා ගෙන සදත් දායෙහි ඡද්දන්ත නම් ඇත් රජ ව ඉපද පසේ බුදු වරුන් වහන්සේට කළ උපස්ථාන සේ ම පාරලෙය්ය යන් ගෙන් උපස්ථාන විඳගෙන නික්මුණුසේක. ඇතාණෝ ද වඩනා නියාව බලා පියා පෙරාතු ව ගොසින් ඒ ජාතියෙහි තමන් නිවන් මගට අවුරා සිටියා සේ ම බුදුන් වඩනා මඟ අවුරා සිටියෝ ය. පන් සියයක් දෙනා වහන්සේ ද “ මේ හස්ති නාගයා බුද්ධ නාගයන් වහන්සේට මඟ අවුරා සිට ගෙන කුමක් කරණ නියා දැ’ යි විචාළ සේක.

‘හෙම්බා මහණෙනි, අනිකත් නිසා නො වෙ යි. වස්තුන් මස මට කළ උපස්ථාන මුදුන් පමුණුවා තොප හැමට ත් උපස්ථාන යක් කරනු කැමැත්තෝ ය. මට කළ උපස්ථානයට ත් වඩා සඩ්ඝගත හෙයින් තොපට කළ උපස්ථානයෙහි උන්ට විපාක ත් මහත. අද පමණකු ත් නොරඳා ගියො ත් වේගවත් ව පැවති ප්රනසාදය ත් අඩු ය. ප්රපසාද ය අඩු වූ කලට ලබන විපාක ත් අඩු ය. කවර ලෙසිනු ත් මූට අඩුවක් නුවමනා ‍වේ දැ’ යි සිතා වදාරා මරන්ට දිව ගෙන ආ නාළාගිරි නම් ඈතා කෙරෙහි ත් මුන් කෙරෙහි ත් අදහස සම වුව ත් මුන් කෙරෙහි අමුතු මමායන යක් ඇත්තා සේ මේ තරම් කෙණකුන් අනික් ජාතියක වුව ත් ලොවුතුරා සැපත් ලබන හෙයින් ආමිස ගරුක නො වත ත් ධර්මය



118 සද්ධර්මධරත්නාවලි ය

ගරුක ව සහපිරිවරින් රඳා පි සේක. ඇතාණෝ ද වලට වැද ලා අඹ - දඹ කෙසෙල් - වැල - වරකා ආදී වූ ඵලා ඵල ගෙන වුත් ගොඩක් කොට පියා දෙවන දවස් වහන්දෑට පිළිගැන් වූහ. ඒ වහන්දෑ ත් පන් සියයක් දෙනා වහන්සේ වළඳා ත් කෙලෙසුන් නිමවා ගත්තා සේ මේ නිමවා ගත නුහුණු සේක. ඒ නිමවා ගත නුහුණ ත් පමණක් මේ නිමවාගෙන බුදුන් කැඳවා ගෙන නික්මුණු සේක. ඇතාණෝ ද වහන්දෑ හසු හස්නෙන් ගොසින් පෙරාතු ව ලා අවුරා ගෙන සිටියෝ ය. එ දවස් එ සේ සිටි නියාව ත් දැක වහන් දෑ විචාළ සේක.

බුදුහු වදාරණ සේක් ‘තොප හැම දෙනා යවා පියා මා පමණක් රඳවනු කැමති ව මේ ලෙස කෙරෙතී’ වදාරා ලා ‘හෙම්බා පාරලෙය්ය්යෙනි, මේ ගමන අවශ්ය යෙන් යා යුතු ගමන රඳා ත් තොප අභාජන හෙයින් ලෞකික විෂයෙන් ධ්යායන වේ ව’ යි ලොව්තුරා විෂයෙන් මාර්ගි ඵල වේ ව යි උපදවා ලන්ට බැරි ය. තෙපි රඳව’ යි වදාළ සේක. ඇතාණෝ ද ඒ අසා සොඩ කට ලා ගෙන හඬමින් වලපමින් පසු පස්සෙහි ගියෝ ය. ඉදින් බුදුහු රැඳුණු සේක් වී නම් දිවි හිමියෙන් තෙල ලෙස ම උපස්ථාන කෙරෙති. බුදුහු ගම් හිමට වැඩලා ඇතාණන්ට ‘මෙතන පටන් මිනිස් සඤ්චාරය ඇති හෙයින් තොප එන්ට බැරි ය. තෙපි රඳ ව’ යි රඳවා වදාළ සේක. උයි ත් රඳා සිටි තෙනැත්තෝ බුදුන් නො පෙනෙන තෙනට වැඩ පී කල්හි ශොකයෙන් වියළී මිය ගොස් තවුතිසා දෙව් ලොව එක් සිය විසි ගවුවක් උස ඇති රන් විමනෙක දහසක් දෙවඟනන් පිරිවරා ඉපිද පාරලෙය්ය නම් දිව්යව පුත්රඟයාණෝ ය යි ප්රයසිද්ධ වූ ය. වළඳා නිමවා ලිය නුහුණු ඵලා ඵල ගොඩ සේ ම කියා නිමවා ලිය නො හැකි දිව සැපත් ද පහළ වි ය.

බුදුහු ත් මහණ ගණා පිරිවරා දෙව්රමට වැඩි සේක. කොසඹෑ නුවර වහන්දෑ ද බුදුන් දෙව්රම් වෙහෙරට වැඩි නියාව අසා දුක්ඛුප නිසා ශ්රනද්ධාවෙන් බුදුන් වැඳ ක්ෂ්මා කරවන්ට ගිය සේක. කොසොල් රජ්ජුරුවෝ ඒ වහන්දෑ එන නියාව අසා බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි’ ඒ දුෂ්ට වහන්දෑ මාගේ විධාන පවත්නා තෙනට එත නො දෙමී’ කිවු ය. ‘මහරජ තමන් හැම දෙනාගේ කලහ ය මහත් හෙයින්.

‘කුද්ධෝ අත්ථං. න ජානාති - කුද්ධො ධම්මං න පස්සති, අන්ධං තමං තදා හොති - යං කොධො සහතෙ නරං’



                           9. කොසඹෑ නුවර වහන්දෑගේ වස්තුව                         119

යනු හෙයින් කාරණය සලකා ගත නොහීමගේ අවවාද නො කළ බව මුත් සිල්වත්හ. තෙල විතරෙකින් හළ යුත්තෝ නො වෙති. තුමු හැ ම ත් තැනි ගෙන මා ත් ක්ෂරමා කරවන්ට එති. නො‍ නවත්ව’යි වදාළ සේක. අනේපිඬු මහ සිටාණෝ ත් ‘සසුන් පිළිවෙත් මඟට නොබැස තමන්දෑ හැම මිරිකන වල් මඳ හෙයින් දෝ බුදුන් වහන්සේ ත් වලට යවා පී වහන්දෑ ය. ම‍ා ගේ විහාර යට වැද්ද නො දෙමි’ හිඳ බුදුන් ගේ පෙරැත්තයෙන් ඉවසා පීහ. ඒ විහාරයට ගිය වහන්දැට ත් බුදුහු කළහ ය නිසා අදහස් වෙන් වූවා සේ ම සැතපෙන තැනූ ත වෙන් ව නිල කරවා වදාළ සේක. සෙසු වහන්දෑ ඒ වහන් දෑ හා එක් ව හිඳිනෙ ත් සිටිනෙ ‍ත් නැත. අමුතු ව ගිය වහන්දෑ ඇත්නම් කොසඹෑ නුවර කලහකාරී වහන්දෑ කොයිදැ’ යි බුදුන් විචාරණ සේක. බුදුහු තුමු ‘එක මුළු ව ලා හිඳින්නෝ ඌ ය’ යි වදාරණ සේක. වහන්දෑ ත් ‘මූ ඌ ද, මූ ඌ දැ’ යි ඇඟිලි ඇසට පානා සේක. ඒ වහන්දෑ ත් ආදී වූ ලජ්ජාව ට ත් වඩා ලජ්ජාව ගොසින් බුදුන් වැඳලා ක්ෂ.මා කරවවවූ සේක.

බුදුහු ද ‘හෙම්බා මහණෙනි, යම් කෙණෙක් කලහයෙහි ආදී නව නො දනිත් නම් ඌ තමන් කරණ කලහ ය ම දන්නා සේ පමණක් මුත් ‘අපි මරහු කරා යම් ය. කෙ තෙක් දවස් ජීවත් වුව ත් කෙළවර නිමන්නේ මරණින් ම වේදැ’ යි යන්න ත් සෙසු පිළිවෙත් හළුවා සේ මරණ සීභාවනා ත් කළ හෙයින් නො දනිති. ඉදින් ‍යම් කෙණෙක් නුවණැත්තෝ වූ නම් කාරණා කාරණ දනිත් නම් ඌ ‘මේ කලහ ය නම් කරණ කල ත් දුක, පසු ව අනිෂ්ට විපාක විඳිනා කල ත් දුක, කිඹුල් වත් නුවර එක් ලක්ෂකසැට දහසක් විතර රජ දරුවන් සටන් කොට ලෙහෙ ගඟක් කරන්ට සිතා ගත්තේ ත් දිය ඩබරක් මුල් ව ය. සියලු ලෙසින් ම කළ මනා දෙයක් නොවේ’ යි සිතා යම් ලෙසකින් පිළිපන් කල ඒ කලහ ය සන්හි‍ඳේ නම් එ ලෙස ම පිළිපදිති. එ සේ පිළිපන් කලට මට ත් සන්හිදුවා ලන්ට බැරි ව තුබූ මේ කලහ ය සන්හුන්නා සේ ම කවර ත් කලහයක් නොසන්හි‍ඳේ දැ’ යි වදාළ සේක.

මේ බණ අසා ද හේතු සම්පන්න තැන් සසර නමැති මුහුදින් මාර්ගහ ඵල නමැති නැව් නැඟී නිවන් පර තෙරට පැමිණි සේක. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් කලහ නමුත් කුසල් සිතකින් කරණ දෙයක් නොවන බැවින් අකුලස් නියාව දැන රෑ දුටු වළ දවල් පැන හෙන්නා සේ නො ව කුසල්හි ම හැසිරී මෙන් චිත්ත ශුද්ධිය කට යුතු.


                                                _______

120 සද්ධර්ම_රත්නාවලි ය


10. මහාකාළ තෙරුන්වහන්සේගේ වස්තුව

[සංස්කරණය]

තව ද යම් කෙණෙක් තදඩ්ගාදි විමුක්ති නමැති කෘෂිවණික් ආදී වූ කර්මායන්තයෙන් ශීල සමාද්ධ්යාගදී ගුණ නමැති සම්පත් ඇති කොට ගෙන ඇති කළ සම්පත් රැක ගන්ට නිසි උපදෙස් නො දැන හෝ දැන ත් ආලෙස්සම් ව රැක ගත නුහුණුව නම් වඋන්ට වන හානි ද සීල සමාද්ධ්යාෝදි ගුණ නමැති සම්පත් ඇති කරණ සේ දැන රූපාදී ෂඩාලම්බන නමැති වල්හි හිඳ ලා චක්ෂුරාදී දොර වල් හැර ලා තුබූයේ වී නම් එයින් වැද කෙළෙස් සොරු සිත් සතන් නමැති නුවර තුබු ගුණ බඩු හැර ගනිත් නමුත් ය යි චක්ෂූ රාදි ස දොර සිහි නමැති දොර පියා ලා නුවණ නමැති අගුළු ලා ලා හුන්නවුන්ට වන අනුසසුත් දක්වනු සඳහා ශීල සමාද්ධ්යාඅදී අවශිෂ්ට ගුණ ධර්ම් නමැති කෙ තෙක් ආභරණ ලා සිටිය ත් සදහම් නමැති රුවන් වැළ ය නැත් නම් නොහොබනා හෙයින් යම් කෙණෙක් එයින් ලා සැරහෙන්ට සිත ත් නම් ඔවුන් පළඳින්ට අප ගේ කථා ප්ර බන්ද නමැති රන් කෙ‍න්දෙහි මහාකාළ තෙරුන් වහන්සේ ගේ වස්තු නමැති රුවණ ත් අවුනමු. හේ කෙ සේ ද යත්:

දඹ දිව සෙතව්ය් නම් නුවර කෙළෙඹි පුත්රායෝ තුන් බෑ කෙණෙක් ඇත. ඉන් වැඩි මාලු තැනැත්තෝ මහා කාළ නම් හ. මැදි බෑ තැනැත්තෝ මජඣිමකාළ නම් හ. කුඩා තැනැත්තෝ චුල්ලකාළ නම් හ. ඒ තුන් දෙනා ගෙන් මැදි බෑ තෙනැත්තන් නුවර රඳවා ලා වැඩි මාලු තෙනැත්තෝ බාල මලණුවන් කැඳවා ගෙන වෙළඳාමෙහි යෙති. ගෙනා දෙය රඳා හුන් මැදි බෑ මලණුවෝ බඬුවට බඩු ගැන්මෙන් වෙළඳා‍ම් කෙරෙති. ඉක්බිතිතෙන් එක් සමයෙක වෙළඳාමේ යන දෙ බෑයෝ ගැල් පන් සියයකින් නො එක් බඩු ගෙන්වා ගෙන සැවැත් නුවර බොහෝ මිනිසුන් ඇති හෙයින් ගෙන ගිය බඩු ඔබ්බකට නොගොස් විකවා ගන්නා නිසා ඔබ ගොසින් සැවැත් නුවරට ත් දෙව්රමට ත් මද්ධයකවායේ ගැල් රැඳ වූ හ. දෙ බෑයන් ගෙන් වැඩි මාලු මහා කාළ නම් කෙළඹියාණෝ සවස් වේලේ සැදි පැහැදී ගෙන සුවඳ මල් ආදිය ත් හැ‍රගෙන බණ ඇසුම නිසා‍ බොහෝ දෙනා යන්නවුන් දැක තමන් හිඳිනා තැන පසල් දනවුව තිබෙන හෙයින් නොදැන “මුන් හැම යන්නෝ කොයි දැ’ යි විචාරා බණ අසන්නට විහාරයට යන නියාව උන් හැම අතින් ම අසා කෘත පුණ්යා හෙයින් සිත නෑමී ‘මම ත් යෙමි’ සිතා ලා මලණුවන් කැඳවා ‘මල, ගැල් බිය පත්ව ව, මම බණ අසන්ට මුන් හැම හා කැටි ව යෙමි’ කියා ගොසින් බුදුන් වැඳ අමුතු ව ලා ගිය හෙයින් මුල හිඳිනට නැති ව පිරිස් කෙළවර හුන් හ.

                    10. මහාකාළ තෙරුන් වහන්සේගේ වස්තුව                    121

බුදුහු එ දවස් බණ වදාරණ සේක් රත්රන් රිදී මුතු මැණික් ආදී වූ සෙසු බඩුවෙහි ඇලුම් හැර දහම් බඩුවෙහි ඇවිටි වන ලෙසට දුක්ඛක්ඛන්ධ සුත්රා දී සූත්රහ බණ එළවා ගිහි සම්පතෙහි බො‍හෝ ආදීනව වදාළ සේක. බණ අසා මහා කාළ උපාසකයෝ ලෙඩක් ඇති කෙණෙකුන් පිළියම් දන්නා වෙද කෙණකුන් කරා ගොසින් පිළියම් විචාරා මේ ලෙඩට මේ මේ දෙය නපුර. මේ මේ දෙය යහපත යි කියා ලූ දෙයක් ‍කා පියන්ට බී පියන්ට ඉතා බැරි වුව ත්. කා පියන්ට බී පියන්ට පිළිවන් අපථ්යර දෙයෙහි ආල ය හැර පථ්ය දෙයෙහි ම කරණ ආලයක් මෙන් ප්රවතිපත්තිය රූක්ෂප වුව ත් කෙලෙස් ලෙඩ නැති ව යන්නා සේ අති මධුර වූ නිවන් රස අනුභව කට හැක්කේ මහණ වූ කලය. මම ද මහණ වෙමි සිතා ලා හැම දෙනා වැඳ සමු ගෙන නික්මුණු කල්හි තමන් මහණ කරන්ට බුදුන්ට ආරාධනා කළ හ.

බුදුහු ‘තොප විසින් මහණ වන නියාව කියා ලන්ට නිසි ව සිටි නෑයෝ නැද්දැ’ යි විචාරා ළඟ හුන් මලණුවන්ගේ ස්වරූප කී කල්හි උන් පමණකට ත් කියව යි වදාළ සේක. උයි ත් ගොසින් ‘මල, මේ සම්පත් මුළුල්ල ම තොපට ය. තෙපි පිළිපදුව’ යි කිවු ය. ‘නුඹ දැනැ’ යි කියා මලණුවන් විචාළ කල්හි තමන් මහණ වන්ට සිතන නියාව කිවු ය. ඒ අසා නො එක් ලෙස බාධා කොට ත් මුදට නැමුණු මහ ගඟක් සේ මහණ වීමෙහි සිතාගත් සිතිවිල්ලට බාධා කොට නොහී යහපතැ’ යි ගිවිස්සෝ ය. මහාකාළ උපාසකයෝ මලණුවන් ගෙන් අනුමැති ලැබ ගොසින් බුදුන් ළඟ මහණ වූහ. චුල්ල‍කාළ උපාසකයෝ ත් එක් ව හිඳ එක් වන කථා කිරීමෙන් මහණ වීමට නැමුණු සිත පෙරළා සිවුරු හැරීමට ත් නම්වා ගෙන එක් ව සිවුරු හළ හැක්කැ යි යන සිතිවිලි සිතා උන් වහන්සේ සිවුරු හරිත ත් නො හරිත ත් තමන් සිවුරු හරින්ට ම සිතන හෙයින් වස්තුයෙහි ප්රුයෝජන ලෙස කම් පිළිපැද ලා තුමූ ත් මහණ වූ ය.

මහණ වූ මහා කාළ තෙනත්තන් දෑ පසු ව උපසම්පදාව ත් ලැබ උපසම්පන්න වූ පසු බුදුන් කරා ගොසින් ශාසනික තෙනට වුවමනා ධූර විචාරා ග්රමන්ථ ධූර - විදර්ශිනා ධූර දෙක වදාළ කල්හි ‘ස්වාමීනි, අප වැඩි මාලු කල මහණ වූ‍ හෙයින් බාල අවස්ථාවට වුව මනා දෙයක් හෙයින් ග්රහන්ථ ධූර ය බැරි ය. විදර්ශූනා ධූරය පුරමි’ කියා ලා රහත් වීම දක්වා සොසානිකාදි ධූතාඩ්ගයෙහි සමාදාන විධාන ප්ර්භෙදානිංස සකසා සැක හැර බුදුන් ගෙන් ඉගෙන ගෙන පෙර යම දස පැය ගිය කල්හි මධ්යරම රාත්රික වේලාවට



122 සද්ධර්මවරත්නාවලි ය

හැම දෙනා නිදා වැතිර ගිය කල්හි අසුබ අරමුණු දක්නා නිසා සොහොන් බිමට ගොස් දුටු අරමුණක් විෂ ය කොට ගෙන භාවනා කොට අළු යම් වේලේ හැම දෙනා නැඟී නොසිටින තෙක් වෙහෙරට වඩනා සේක.

එ කල මිනී දවා ඇවිදිනා කාළී නම් සොහොන් ගොවු දුවක් තොමෝ ත් තෙරුන් වහන්සේ වඩනා සොහොන් බිමට මිනී දවනු නිසා එළඹෙන්නී, තෙරුන් වහන්සේ භාවනා කොට කොට වැඩ සිටි බිම හෙළි වූ නියා ද, වැඩ හුන් තෙන ද, සක්මන් කරණ තැන ද, දැක ‘මූ කවුරුදෝ හෝ’ යි පරීක්ෂාෙ කෙරෙමි සිතා නො එක් ලෙසින් පරීක්ෂාණ කොට දවස් මැද වඩනා හෙයින් වඩනා නියා වක් ම දැන ගත නො හී නියම කරණු ම පිණිස එක් දවසක් කිසි විටෙක රඳනු නිසා සො‍හොන්හි කරණ ලද කිළියෙක පානක් නඟා තබා දුන් පුතුනු ත් කැඳවා ගෙන ගොසින් සැඟවී වැද හිඳ එ දවස් මැද මෙ තෙක් දවසුත් වඩනා වේලාවට වැඩියා වූ තෙරුන් වහන්සේ දැක වැඳ ලා ‘ස්වාමීනි, මෙහි වසන සේක් මුඹ වහන්සේ දැ’ යි විචාළෝ ය. ‘එ සේ ය. උපාසිකාවෙනි’ යි වදාළ කල්හි ‘ස්වාමීනි, සො‍හොන්හි වසන කල නම් නො එක් ලෙසින් සොපද්රලවස්ථාන හෙයින් උගත මනා වතෙක් ඇතැ ‘යි කිවු ය. තෙරුන් වහන්සේ ත් ‘තෙපි අප වත් උගන් ව වු දැ’ යි නො වදාරා වින ය පිළි වෙතක් වී නමුත් මේ තමා සූත්රන පිළිවෙත හෙයින් අභ්යාකස නැති හෙයිනු ත් කළ මනා කෙසේ දැ යි:

“තදහු පබ්බජිතො සන්තො - ජාතියා සත්තවස්සිකො සො පි මං අනුසාසෙය්ය - සම්පටිච්ඡාමි මුද්ධනා”

යනු පැවිදි ලකුණු හෙයින් විචාළ සේක. ඌ ඒ අසා ‘ස්වාමීනි, සොහොන වසන කල තමා සොහොන්හි වසන නියාව සොහොන් ගොවුවන්ට ද, ගණ දෙටු මහ තෙරුන් වහන්සේට ද, යම් ගමක බැද සොහොනෙක් වී නම් ඒ ගම ගම්මුදළියාට ද, වදාරන්ට වුව මැනවැ’ යි කිවු ය. එ සේ කී කල්හි ‘යහපත, කියම්හ’ යි ම නො වදාරා ‘උන් හැම තැනට කියන්ට කාරණා කිම් දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි, සොරු ‍සොර කම් කොට ගෙන වස්තු ස්වාමීන් ලුහුබඳවා ගත් කල්හි සො‍හොන්හි හැසිරෙන තැන් පිට ලන්ට දෝ සොහොන් බිමට දමා පියා යෙති. වස්තු ස්වාමීහු එ තන තුබුවා දැක සොහොන්හි හැසිරෙන මුඹ වහන්සේලාට ගහට කෙරෙති. ඒ ඒ තෙනට කියා තබා ලූ කලට ‘අද මෙ තන පෙනුණු ගමණක් නොව ත් මේ මේ අවධියෙහි පටන් මුන් වහන්සේ මෙහි වසන නියාව දනුම්හ. තොපට මෙ තැන


                         10. මහාකාළ තෙරුන් වහන්සේගේ වස්තුව               123

කෙරෙහි සැක කරන්ට කාරණ නැතැ’ යි කළ සැක හරවති. එ සේ හෙයින් ඒ තුන් පක්ෂයට ධූතාඩ්ගප්පිච්ඡතාවට හානි නැති හෙයින් කිව යුතු ය’ යි කිවු ය.

මෙ ම අවසරයේ තව ත් කළමනා දෑ ඇත් නම් විචාරමි සිතා ‘අනික් කළමනා කම් දැ’ යි විචාළ සේක. ස්වාමීනි, සොහොන්හි වසන කල නම් අමනුෂ්යමයන්ට ප්රි ය වූ දඩ මස්. කුඩමස්. පිටි, කැවුම්. තල මුරුවට ආදිය අනුභව නො කට යුතු ය. දාවල් නො නිදිය යුතු ය. කුසී නො විය යුතු ය. ශඨ ප්රවයොග නැත මැනව. අදහස ත් යහපත් වුව මැනව රැ සො‍හොන් බිමට වඩනා කල හැම දෙනා නිදා වැතිර ගිය වේලාවට වැඩිය මැනව. වෙහෙරට වඩනා කල නිදා නැඟී නොසිටිනා‍ තෙක් වෙහෙරට වැඩිය මැනව.

“ස්වාමීනි, යම් සේ කොටළුවක් කසළ ගොඩ වුව ත්. විථි කොන්වල වුව ත්, තුන් මංසල වුව ත්. ගම්දොර වුව ත් දසවේ ගොඩ වුව ත්, යම් කිසි තෙණෙක සැතපේ ද, සැතප ගන්නා පම‍ණක් විනා බොහෝ කොට වැද නො හො වී ද, ඔහු මෙන් මුඹ වහන්සේ ත් තණ ඇතිරියක වේව’ යි, කොළ ඇතිරියක වේව’ යි, දඩු මැස්සක් වේව’යි, යම් කිසි තෙනක සම් කඩ අතුට ගෙන බො‍හෝ නො කොට මඳක් සැතපී ශරීර ය සතපා ගෙන මේ තැන්හි රඳා මීට ඇවිදපු ගමන් මුත් සසර ගමන් නැති කොට ගෙන රහත් ව ගත හුණු සේක් වී නම් මුඹ වහන්සේ මළ කල ශරීරය පලසින් සෑදු රුවන් මඩුවකට නංවාලා මහ පෙරහරින් දවමි. එසේ රහත් විය නුහුණු සේක් වී නම් කිසි ත් පූජාවක් නැති ව දුක්ඛිතයන්ට කරණ ලෙසින් දර ගොඩක් පිට ලා පියා වසා ත් දර ල ලා දන අවස්ථාවෙහි හුලින් ඇණ දර සෑයෙන් පිටත හෙළා ගෙන පොරොවින් කප කපා ගින්නට දමමින් දවමි’ යි කියා භාවනා ක්රරම ය. උගන්වා වදාළ බව මුත් බුදුන් නො වදාළ මෙ ලෙස අවවාද කිව.

ඒ තෙරුන් වහන්සේ ද, මූගපක්ඛ ජාතකයෙහි තෙමීය බොසතුන් දෙවතා දුවණියන්ගේ අවවාද පිළිගෙන සැපතෙහි ආල ය හැර නිවන් සැප ත් පතා මහණවන්ට තර වූවා සේ ම නිවන් රට සාධනු නිසා කෙළෙස් සතුරන් පරදවන්ට ධුතාඩ්ගායුධය තර කොට ගෙන ‘පිළිකුල් මෙනෙහි කරන්ට නිසි අරමුණක් සම්භ වූ දවසෙක මට කියව’ යි නිමින් කැලී නම් වුව ත් අදහසින් කැලි නො වන උපාසිකාවන්ට වදාළ සේක.



124 සද්ධර්මනරත්නාවලි ය

වදාරා ලා එ තැන් පටන් යම් සේ කුකුළෝ ගොදුරු සොයා කා ලා වේලින් වේලාපස ම හැකිළ ගනිද්ද. එ පරිද්දෙන් වේලා පස මළුව හැමද පැන් පරහා තබා සිරුර පිළිදැග ඇඟ සිසිල් කොට පැන් සනහා මහ බෝ වැඳ මහලු සබ්ර ම්සරුන් වහන්සේත් වැඳ ගෙන හිඳ සිට සක්මන් කොට රිසියෙන කමට ‍හනෙකින් දවස් යවා දෙ වන දවස් යම් සේ කුකුළෝ වේලින් වේලාපස ම ගසින් බසිද්ද, එ සේ ම වේලාපස ම වත් සපයා ගෙන වැඳ පුදා සිඟා නික්මෙන තෙක් විජන ස්ථානයෙක භාවනායෙහි යෙදී හිඳ සිඟුව මනා වේලෙහි ගොසින් යපෙන පමණක් සිඟා ගෙන ලද අහර යම් සේ කුකුළෝ පයින් සාර සාරා පරීක්ෂා කොට ලා ලත් ගොදුරක් කද්ද, එ මෙන් ම ඉණ පළිබොධයෙන් මිදෙනු නිසා පස් විකා ගෙන වළඳා නැවත යම් සේ කුකුළෝ ඇස් ඇතත් රැ දවස් ඇස බැලුම් නැත්තෝ ද එමෙන් ඇසට පෙනුණු ඉෂ්ටාලම්බනයෙහි ඇල්මක් නැති හෙයින් අනිෂ්ටාලම්බනයෙහි සැටීමක් නැති හෙයිනු ත් ඇස් ඇත ත් නැත්තා සේ ව, එ සේ ම කනට ඇසුණු යහපත් ශබ්දයෙහි ඇල්මක් නැති හෙයින් හා නපුරු ශබ්දයෙහි සැටීම් නැති හෙයින් කන් ඇත ත් ‍නැත්තා සේ ව, එ සේ ම නාසයට විෂය වූ සුගන්ධ දුර්ගතන්ධ දෙකෙහි ම අමුත්තක් නැති හෙයින් හා දිවට විෂය වූ යහපත් රසයෙහි ත් නපුරු රසයෙහි ත් අමුත්තක් නැති හෙයින් හා කයට විෂය වූ යහපත් පහසෙත් නපුරු පහසෙත් අමුත්තක් නැති හෙයින් හා මනසට විෂය වූ යහපත් නපුරු දෙකෙහි ම අමුතු නැති හෙයින් නාසයත් දිව ත් කය ත් සිත ත් නැත්තා සේ ම නැවත යම් සේ කුකුළෝ කෙ‍ෙස් මරා නෙරි ත ත් ආදියෙහි ලා ලු තැන අත් නොහරිද්ද, එ මෙන් ම සිවුරු ගෙත්තම් කරත ත්, නව කර්මාතන්තයක් කරත ත්, වත් පිළිවෙත් කරත ත් කරණ භාවනාභියොග ව ම අත් නොහැර නො පමා ව වසන සේක.

චුල්ල‍කාළ තෙරුන් වහන්සේ ද හුන් තෙන ත් සිටි තෙනත් මහ සැපත් හා අඹු දරුවන් සලකුණු කොට ‘මේසා මහත් සම්පත් අනුභව නො කොට අපගේ බෑණන් වහන්සේ කුමක් කරණ නියා දැ’ යි එක ගම දෙ වෙළඳාමක් සේ සහෝදර ව ඉපද ත් වියවුල් සිත් සිත සිතා හිඳිනා සේක. ඉක් බිත්තෙන් එක් කුල දුවක් ඉතා කල් නොගිය ලෙඩකින් මිය ගියා ය. නෑයෝ සියෝ දවන්ට ගෙන ගොසින් කැළි නම් සො‍හොන් ගොවු දුවට දවන්ට කියා නිල කොට ලැ නැගී ගියෝ ය. හො ද වැළිත් මූණ වැස්ම ඉවත් කොට ලා මිය කල් නො ගිය ජීවත් වෙමින් සිටි රුවක් සේ රන්



10. මහාකාළ තෙරුන් වහන්සේගේ වස්තුව 125

වන් මිනි ය දැක තෙරුන් වහන්සේ ට මේ මිනි ය පෑම් නම් යහපතැ යි සිතා තෙරුන් වහනසේ කරා ගොසින් වැඳ ලා මළ හෙයින් නපුරු වත ත් මුඹ වහන්සේ ගේ භාවනාභියොග ය නපුරු නො වන, නො දැ වූ කළ කුණ වත ත් සිතට වැටහුණු ආකාරය කුණු නො වන, මිනි ය තමා සිත් නැත ත් මුඹ වහන්සේට නිකසල සිත් ඇති කරවා ලන, භාවනානුරූප රහිත වුව ත් කුණප භාවයට පැමිණෙන, ඔබට විෂභාග වුව ත් තමාට සභාග වු මිනියක් දවන්ට ගෙනා නියාව කියා ලා අසුභ බලන්ට වඩනේ යහපතැ යි කිවු ය.

ඒ අසා තෙරුන් වහන්සේ ද එතනට වැඩ, මූණු වැස්ම හරවා ලා පත්ලෙහි පටන් දක්වා බලා තව මේ මිනි ය උද්ධුමාතකාදි අවස්ථාවට නො පැමිණි හෙයින් බලා සිතට වටහා ගන්නා ආකාරයෙක් නැත. එ සේ වන්නා එ ලෙසට මිනි ය ගින්නේ ලා ගිනි වැද ගත් කලට කියව යි වදා රා ලා වෙහෙරට ම ගොසින් වැඩ හුන් සේක. උපාසිකාව ද වදාළ ලෙසට මිනිය ගින්නේ ලා ලා ගොසින් කිවු ය. තෙරුන් වහන්සේ වැඩ බලා සිටි සේක. ගිනි දැල් වැද වැද ගත් තැන් කබර ඇති ගෙරි සරක් ගේ කබර ලා තැන් සේ වි ය. පාත් දා නැමී එලෙන්ට වන. අතු ත් දා වකැටි ගැසෙන්ට වන. නළල සම ත් දා ගියේ ය.

තෙරුන් වහන්සේ ත් බල බලා වැඩ සිටි සේක්’ ආදි අප ආ වේලාවට ශොභාමත් ව තුබූ රුව දැන් ම අතික් සැටියකට පැමිණියේ ය. මේ මෙ සේ වනැ’ යි එ ම අරමුණු කොට විවසුන් වඩා සසර මඟ මූද ට හඩා වඩනා තෘෂ්ණා නමැති ගඟ අවුරා විවසුන් වැටි බැඳ තෘෂ්ණා නමැති පැන් රඳවා ලා කෙලෙස් මහ වතුරෙන් පිරුණු සසර මහ මුහුද අර්හත් මාර්ගි ඥාන නමැති වඩබා මුඛයට වද්දා සසර මුහුද නැති කොට සසර නමැති මහ මුහුදින් එ තෙර ව තුබු නිවන් රට ලදින් අර්හත් ඵල සමාපත්ති නමැති රට බද්ද ලත් සේක.

මෙ සේ මහාකාළ තෙරුන් වහන්සේ සිව් පිළිසිඹියා පත් රහත් වූ කල්හි බුදුහු අත්යාහයික කටයුත්තක් ඇති දරු කෙණෙකුන්ගේ ඒ කට යුත්ත නිසා ගමන් බාධාවත් කටයුත්ත නිමි කලට උනු ත් කැඳවා ගෙන යන දෙ මවු පිය කෙණෙකුන් මෙන් මහා කාළ මහ තෙරුන් වහන්සේ රහත් වන තුරු වැඩ හිඳ ලා ඔබ රහත් වූ පසු ඔබ ඇතුළු වූ භික්ෂූ සඩ්ඝයා වහන්සේ පිරිවරා සැරිසරා සෙතව්යර නුවරට වැඩ හීන්සළු වෙනෙහි වසන සේක. චූළකාළ වහන්සේගේ පුරාණ දුතියිකාවෝ බුදුන් වැඩි නියාව අසා ‘බුදුන්



126 සද්ධර්මසරත්නාවලි ය

වැඩි පසු අපට පූර්ව ස්වාමී ව සිටි තැන ත් එන සේක. ආ පසු රඳවා ගනුම්හ’ යි උනුදෑ රඳවනු නිසාම බුදුන් ට ආරාධනා කොට යවු හය. බුදුන් නො වැඩි විරූ තෙන අසුන් පනවන ලෙස කියා ලන්ට පළමු කොට දන්නා නමක් ගිය මැනව. ආසන පනවන සැටි ය නමුත් බුදුන් වැඩ හිඳිනට මද්ධ්යයයෙහි ආසන ය පනවාලා බුදුන්ට දකුණත් පස සැරියුත් මහ තෙරුන් වහනසේට හා වමත් පස මුගලන් මහ තෙරුන් වහන්සේ ට ආසන පණවා ලා එ තැන් පටන් දෙ ඇලයෙහි භික්ෂු සඩ්ඝයා වහන්සේ ට ආසන පැන විය යුතුය. එ හෙයින් මහාකාළ මහ තෙරුන් වහන්සේ සිවුරු වළඳිනා තෙන දී මලණුවන් වහන්සේ ට ‘තොපි පෙරාතුව ගොසින් හසුන් පනවන ලෙස කියව’ යි වදාළ සේක.

ඒ වහන්සේ ද එ තනට ගිය වේලේ පටන් ඒ ගෙවල මිනිස්සු ඒ වහන්සේ ගේ ත් අදහස දුර්ව ල නියාව දැන දෝ හෝ මුල් පාළියෙහි මිටි හසුන් පනවති. පාළි කෙළවර උස් අසුන් පනවති. චූළකාළ වහන්සේ ද තෙල සේ නො කරව. උස් අසුන් මුල් පාළියේ හා මිටි හසුන් අග පාළියේ පනව’ යි කී කල් හි උන්දෑගේ පුරාණ දුතියිකාවරු “මුඹ කරන්නේ කුමක් ද? ආසන පනවා ලූ කල නපුරු ද? කවුරුන්ට කියා මහණ වූ ගමණෙක් ද? ගියෙ ත් හැයි ද? පෙරළා ආයෙ ත් හැයි දැ’ යි කියා ලා සුදු පිළි දී ලා සිවුරු උදුරා ගෙන හිස මල් වඩමක් සිසාරා ලා ‘හසුන් පනවන්ට උදුරා ගෙන හිස මල් වඩමක් සිසාරා ලා ‘හසුන් පනවන්ට ආ බැවින් අපගේ හස්නෙන් ගොසින් බුදුන් වඩා ගෙන ම මැන ව. අපි හසුන් පනවම්හ’ යි කියා ලා, කිය කියා ලු දෙයට ම නැමෙන වහන්සේ කෙණෙකුන් හෙයින් තමන්ගේ මෙහෙවර යවූහ. සිවුරු පෙරවියා ත් බොහෝ කල් නො වන හෙයින් ලජ්ජා නැති ව. භව පෙරළියක් හඟවන්නා සේ එ ම ලෙසින් ගොසින් බුදුන් වැඳ ආරාධනා කොට ලා සඟපිළිවෙළින් වඩා ගෙන ගියා හ.

වැඩ දන් වැළඳු කල්හි, වළඳා අන්තයෙහි මහාකාළ මහ තෙරුන් වහන්සේ ගිහි අවස්ථාවෙහි ඔබගේ පුරාණ දුතියිකාවරු ‘මූ හැම චූළකාළ වහන්දෑ සිවුරු හරවා ගමට හැර ගත්හ. අපි ත් මුන් වහන්සේ සිවුරු හරවා ගමට හැර ගනුම්හ’ යි දෙවෙනි දවස් දන් තමන් ගෙනැ යි බුදුන්ට ආරාධනා කොළෝ ය. එ දවස් හසුන් පනවන ලෙස කියන්ට අනික් නමෙක් ගිය සේක. ඌ හැම එ වෙලෙහි අවසරයක් ලැබ ගත‍ නොහී බුදු පාමොක් සඟරැස වඩා හිඳුවා දන් දුන්හ. චූළකාළයන් ගේ අඹුවෝ දෙන්නෙක. මජ්ඣිම කාළයන්ගේ අඹුවෝ අපායවල ගණනේ සතර


                          10. මහාකාළ තෙරුන් වහන්සේගේ වස්තුව              127

දෙනක. මහාකාළ තෙරුන් වහන්සේගේ පුරාණ දුතියිකාවෝ ඔබ ලත් මාර්ගග ඵල ගණනේ අට දෙනක. පිටත වළඳන්ට යනු කැමැති තැන් නැඟී සිට වැඩ පී සේක. වළඳනු කැමැති තැන් හිඳ වැළඳු සේක. බුදුහු ත් වැඩ හිඳ වැළඳු සේක. වළඳා අන්තයෙහි මහාකාළ මහ තෙරුන් වහන්සේ ගේ පුරාණ දුතියිකාවරු ‘ස්වාමිනි, මහාකාල මහ තෙරුන් වහන්සේ රඳා අපට අනුමෙවෙනි බණ වදාරණ සේක. වදාරා ලා පසු ව වඩනා සේක. මුඹ වහන්සේ පෙරාතු ව වඩනේ යහපතැ’ යි කිවු ය. බුදුහු ත් ඔබට උන් හැම කට හැක්කක් නැති නියා ව දැන ‘යහපතැ’ යි වැඩ පී සේක.

ගම් දොර කරා වැඩි කලට වහන්දෑ ‘බුදුන් වහනසේ දැන කළ නියාව ද? නො දැන කළ නියාව ද? චූළකාළයන් ඊයේ පෙරාතු ගිය හෙයින් බ්ර හ්මචරියාව ට අන්තරාය වි ය. අද අනෙක් තෙනක් පෙරාතු ගිය හෙයින් මහාකාළ මහ තෙරුන් වහනසේට වූ හානි නැත. සිල්වත් කෙණෙක. ආචාරශීලි කෙණෙක. ඔබට කුමකින් කුමක් කරත් දැ’ යි කී සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, කුමක් කියවු දැ’ යි විචාරා වදාරා එ පවත් දැන’ කුමක් ද මහණෙනි, තෙපි මහා කාළයනු ත් චූළකාළයන් සේ ම නිස්සාර කොට සිතවු දැ’ යි විචාළ සේක. ‘එ සේ ය. ස්වාමීනි, චූළකාළයනගේ අඹුවන් දෙන්නකු පමණ උන් රඳවා ගත් කළ මුන් වහන්සේගේ පුරාණ දුතියිකාවන් අ‍ට දෙනෙකු හෙයින් වළකිත් ද? වලු වසා ලා ගසා අල්වා ගෙන රඳවා ගනිති’ යි සිතම් හ’ යි කී සේක.

බුදුහු එ සේ කී වහන්දැට “මහණෙනි, එක විටෙක ත් එ සේ නො කියව. චූළකාළයෝ නම් තමන් ධර්ම තත්වත ය නො දන්නා හෙයින් ‍යම් රුවෙක් පුරුෂයන්ගේ සිත් ගෙන සිටී‍න්නේ වී නම් ඒ ස්ත්රීන රුවට වටනා1 නැති හෙයින් එ සේ වූ ස්ත්රී්න් දුටු කල මුන්ගේ අත යහපත, පය යහපත, ඇඟිලි යහපත, නිය යහපත, සිඟු වලඟ යහපත, හිණ බඩතුර යහපත, ඇස් කන් යහපත, මුව මුහුණු යහපතැ’යි අසුභ මනසිකාරයට අවසරක් නොපෑ සිහි නැමති දොර නො පියා කෙළෙස් සතුරන්ට ම අවසර හැර සිඟවී මෙහි ත්. පිළි ගැන්මෙහිත්, වැළඳීමෙහි ත්, පමණ නැති වීමෙන් ‍භොජනයෙහි ත්, පමණ නො දැන පිළිවෙත් පිරීමෙහි ත් කුසීත ව. විය්ය්සි ය ත් නැති ව සස්නෙහි ත් පසු බට සිත් ඇති ව විසූ ය. එ සේ හෙයින් බලවත් හුළඟක් හමා ලා ඉවුරු අසෙක සිටී මුළු ගසක් හෙළන්නා ‍සේ තුලුන් සේ වුවන් සස්නෙන් පිරිහෙළා ගතිති.



                       1. වඩනා - වටනා - වැඩිය 

128 සද්ධර්ම රත්නාවලි ය

මේ මහාකාළ මහ තෙරුන් වහන්සේ කවර ලෙසකිනු ත් කෙලෙස් සතුරන්ට අවසරයක් නොපෙණෙන ලෙසට කෙස් ආදි වූ දෙ තිස් කුණු කොටසු ත් පිළිකුල් විසින් මෙනෙහි කොට චක්ෂුරාදි වූ ස දොරින් සිහි නමැති දොර පියා ලා කෙලෙස් සතුරන් නො වැද්ද දී භොජනයෙහි ත් පමණ දැන මාර්ගන ගත ශ්රකද්ධාවගේ වශයෙන් සැදැහැ ඇති ව වඩනා ලද වීය්ය්ම ඇති ව, සිවු පිරිසිදු සිල්හි පිහිටා ගෙන වෙසෙති. එ සේ හෙයින් මහා පර්ව ත ගලකට එක් තරම් පවනක් කට හෙන දෙයක් නැත්තා සේ මුන්ට කවුරු කුමක් කථ හෙද්දැ’යි වදාළ සේක.

ඒ පුරාණ දුතියිකාවරු අට දෙන ද උන් වහන්සේ වට කොට ගෙන පෙරාතු දවස් අර මුන් දෙන්නා චූළකාළයන්ට කියා ලු විකට ය. විකා ගියා සේම මෙයි ත් වික යි සිතා සිංහ රජ්ජුරු කෙණෙකුන් පොළඹා ගනුම්හ යි සිතා කැනවිල් දෙනුන් කැණවිල් හඩ හඩන්නා සේ නොඑක් දෑ කිවු ය. තෙරුන් වහන්සේ උන්ගේ ආකාරය සලකා ලා රහත් වීම හා සහඟ ම ලද්දා වූ ඇනුභාව ය හෙයින් හුනස්නෙන් නැඟී කැණිමඩල පලා ගෙන අහසින් ගොසින් බුදුන් වදාළ තරම හඟවා බුදුන් වැඳි සේක. මේ බණ වදාරා අන්තයෙහි වළඳ ලා එන ගමනේ බුදුන් දැන කළ නියා ද නො දැන කළ නියා දැ යි කීමෙන් නොදැන්මේ වැවුණු වහන්දෑ සෝවාන් පමණෙකින් ම තෙලෙස් සැක නැති වන හෙයින් සෝවාන් ඵලාදියට පැමිණ නිසැක වූ සේක.

නුවනැත්තා වූ සත් පුරුෂයන් විසින් චූළකාළයන් මෙන් කෙලෙසුන් කරා නො වැද, මහාකාළ තෙරුන් වහන්සේ මෙන් කෙලෙසුන් කෙරෙන් දුරු ව තුන් සුසිරි පුරා අධිමුක්ති වූ ලෙසින් ත්රිුවිධ බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු. _________

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_ii&oldid=5678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි