සද්ධර්ම රත්නාවලිය- v
20. ඝොෂක සිටාණන් ගේ කථාව
[සංස්කරණය]තව ද අජිත නම් රටෙක දුරුභික්ෂ සමයෙහි ජිවත් වන්ට අසමර්ථ වූ කොතුහල නම් එක් මිනිසෙක් කාළිජං නම් ළදරු පුතකු හා කාළි නම් අඹුවක හා දෙ දෙන කැඳවා ගෙන කොසඹෑ නුවරට පිටත් ව යෙමී සිතා මඟට සුදුසු උප කරණ ලා ගෙන නික්මිණ අභිවාතක රෝගයෙන් මහා ජනයන් මියන්නා දැක හිත්ති බිඳ ගෙන නික්මිණේ ද කියත් ම ය. ඔහු මඟ යන්නාහු මගට ගෙන ගිය උප කරණ නිමා ගිය කල්හි සයින් පීඩිත ව දරුවන් වඩා ගෙන යන්ට නො පොහොසත් වූහ. ඉක් බිති ඒ පුරුෂයා අඹුවට කියනුයේ ‘සොඳුර, අපි ජිවත්වමෝ නම් දරු කෙණකුන් තව ත් වදා ගනුම්හ. මූ මඟ හැර පියා සම්භ ‘යි කීහ. ඒ අසා මවු තොමෝ පියන්ගේ ළයට වඩා මවුන්ගේ ළය මොළොක් හෙයින් මේ මාගේ ජිවිත ය තිබැද්දී මා ගේ පුතණුවන් ඇර පියා නො යමි’ කිව. ‘එ සේ කල කළ මනා කිම් දැ’ යි කී කල්හී ‘තෙපි එක් විටෙක වඩා ගනුව. මම එක් විටෙක වඩා ගනිමි’ යි කියා එක් විටෙක මවු පුතා ගෙන මල් දමක් සේ ළෙහි හොවා ගෙන යෙයි. එක් විටෙක පියා වඩා ගෙන යෙයි. ඔහු වඩා ගත් ඇසිල්ලෙහි ම කුමරු ගේ ශරීර ය පහළ පහළ තැන් බඩ සයට වඩා වේදනා බලවත් ව උපන්නේ ය.
එ තෙමේ වේදනාව ඉවසිය නො හී නැවත නැවත අඹුවට කියන්නේ ‘සොඳුර’ අපි ජිවත්වමෝ නම් පුතුන් ලබම්හ මොහු උසුලා ගෙන යමෝ නම් අපි ත් මේ දරුවෝ ත් හැම දෙන ම මියම්හ. මොහු හැර පියා යම්හ යි කී ය. මවු ද විටින් විට වළකා වෙහෙසී පසු ව මුයෙන් නො බිණුහ. ඒ කුමාරයා ද පියා උරින් මව උරට, මව උරින් පියා උරට ගොස් විඩාව නිදැන්ට පටන් ගත. එ කල පියා ඔහු නිඳන බව දැන මව ඉදිරි කොට යවා එක් ගසක් යට කොළ ඇතිරියෙක් වැද හොවා ලා පලා ගියේ ය. මවු ද මද තැනක් ගොසින් පෙරළී බලන්නි පුතු නො දැක
204 සද්ධර්මදරත්නාවලි ය
‘ස්වාමීනි, මා ගේ පුතණුවන් කොයි දමා අවු දැ’යි කිව. එ බසට පියා කියනුයේ ‘සොඳුර, මම ඔහු වඩා ගෙන ආ නොහී එක් ගසක් යට කොළ ඇතිරියෙක වැද හොවා ලා පලා ආමි’ කිව එ කල්හි මවු තොමෝ ‘ස්වාමීනි, මා නො නසවා. මම මාගේ පුතණුවන් නැති ව ජිවත් නො වෙමි. මා ගේ පුතණුවන් වහා ගෙනෙව’ යි කියමින් ළෙහි අත් පැහැර හඬන්ට පටන් ගත. ඇගේ අඬදෙඩ බලව ත් හෙයින් නැවත ගොස් කුමාරයා ගෙනාගියේ ය. එ තෙමේ මෙ සේ මෙ පමණ තැනෙක්හි පුතු හැර පියා ගිය අකුසලයෙන් භාවාන්තයෙහි සත් වරෙක දමන ලද්දේ වි ය.එ සේ හෙයින් අකුසල කර්ම ය නම් මඳ දෙයෙකැ යි නො සිතිය යුත්තේ ය.
මෙ සේ යන්නා වු ඔහු දෙ දෙනා ගොස් එක් ගෙ පලු ගමකට පැමිණියහ. එ දවස ම ගො පල්ලාගේ දෙනුන්ට කළ මනා මඟුලෙක එළඹ සිටියේ ය. ඒ ගොපල්ලාෙග් ගෙයි ද එක් පසේ බුදු කෙණකුන් වහන්සේ නිබඳයෙන් ම වළඳන සේක. එ දවස් ගොපලු පසේ බුදුන් වළදවා මඟුල් කෙළේ ය. ඒ මඟුලෙහි බොහෝ කිරි බත් පිළියෙළ කරණ ලදදේ ය. ගො පලු තෙම මගී ව ආවා වූ ඔවුන් දැක කොයි සිට අවුදැ යි විචාරා සියලු පවත් අසා දැන මොළොක් වූ සිත් ඇති ව ඔවුන් කෙරෙහි කරුණාවෙන් මහත් වූ අනුකම්පා උපද වා බොහෝ එළගිතෙල් හා කිරි බත් ගෙන දෙවී ය. අඹු තොමෝ කිරි බත් ගෙන, ස්වාමීනි, නුඹ ඇතො ත් මම ත් ඇත්තෙමි. බොහෝ කලක් සයින් උන් න ව. බඩ පුරා බත් කව’ යි එළගිතෙල් ඌ දසාවට නමා ලා තොමෝ එළගිතෙල් මඳ දසාවෙන් බත් මඳක් කෑ ව. සැමි බොහෝ කොට බත් කා සත් අට දවසක් බඩ සා ව උන් හෙයින් ආහාර තෘෂ්ණා ව සිඳ පිය නොහිණ. ගොපලු තෙම ඔවුන්ට බත් දෙවා තෙමේ කිරි බත් කන්ට පටන් ගත. මගී පුරුෂයා බල බලා හුන්නේ ගේ යට මැස්සෙහි හොත්තා වු බැල්ලට ගො පල්ලා දෙන කිරි බත් පිඬ බලා ‘ දවසින් දවස මේ බඳු බත් ලබන බැල්ල කුසල් කළ නිසයා ය’යි සතී ය.
ඉක්බිති හෙ තෙම කිරි බත් දිරවා ගත නො හී එ ම දවස් රාත්රිබ භාගයෙහි මිය එ ම බැල්ලගේ බඬ උපන. එ කල ඔහුගේ අඹු තොමෝ සැමියා දවා එ ම ගෙයි බැළ මේ කොට සාල් නාළියක් ලදින් ලත් සාල් නැළිය බත් පිස පසේ බුදුන් වහන්සේට දන් දී ස්වාමීනි, මේ පින් නුඹ වහන්සේගේ මළ ගැත්තහුට වේවා’ යි කියාපින් පෙත් දී සිතන්නී ‘මා මෙහි මි විසුව මැනව’ මාගේ
20. ඝොෂක සිටාණන් ගේ කථාව 205
ස්වාමිදරු වූ පසේ බුදුන් වහනසේ නිබඳ මේ ගෙට වඩනා සේක. පිළිගන්වන දෙයක් ඇත. පිළිගන්වා ලමි. නැත් නම් නිබඳ ම දැක වැඳ පුදා වතාවත් කොට සිත් පහදවා බොහෝ පින් පුරා ගනිමි’ යි සිතා එ ම ගෙයි බැළ මේ කොට ජිවත් වෙමි සිතූහ.
ඒ බැලි ද සත් අට වැනි මස එක ම බලු කුකුරුවකු වදා පුව. ගොපලු තෙම ඒ බලු කුකුරුවාට නිබඳයෙන් එක් දෙනකගේ කිරි තබා දින. කුකුරුවා කැවිල්ල සුව ලද හෙයින් නො බෝ කලකින් වැඩී මහත් වි ය. ඉක්බිති පසේ බුදුන් වහන්සේ වළඳන වේලෙහි ඒ බලු කුකුරුවාට නිබඳයෙන් එක් බත් පිඬක් තබා දෙන සේක. බලු කුකුරු තෙම බත් පිඬ නිසා පසේ බුදුන් වහන්සේ කෙරෙහි ස්නෙහ ඉපද වි ය. ගොපලු ද දවස් පතා දෙ වේලෙහි ම පසේ බුදුන් වහන්සේට උපස්ථානයට යන්නේ ද අතර මඟ චණ්ඩ මෘගයන් ඇති තෙන බිම ත් ගස ත් දණ්ඩන් ගසා මහත් කොට හඬ ගසා පියා චණ්ඩ මෘගයන් ලුහු බඳව යි. බලු ද ඌ හා කැටිව ම යෙ යි. එක් දවසක් ගොපලු තෙම පසේ බුදුන්ට දන්වනුයේ ‘ස්වාමීනි, මම අවකාශයක් නැති දවසෙක මේ බල්ලා එවා ලමි. ඒ සලකුණෙන් වැඩිය මැනැවැ’යි සැළ කොට එ තැන් පටන් තමාට අවකාශයක් නැති දවස් ‘යව , පුත, මාගේ පසේ බුදුන් වහන්සේ කැඳවා ගෙන එව’ යි කියා බල්ලා යව යි.
හෙ ද ඔහු කී එක බසින් යන්නේ තමාගේ ස්වාමි දරුවන් දණ්ඩෙන් ගස කොළ බිම පැහැර චණ්ඩ සනත්‍නේයන් දුරු කරණ තැන්හි දී තෙමේ ද මහත් කොට බුරා දිවි - වලස් ආදී වු චණ්ඩ සත්වකයන් දුරු කෙරෙමින් පසේ බුදුන් වසන තෙනට ගොස් උදාසන්හි ම සිරුරු පිළිදැග පන්සලට වැද හුන්නා වූ පසේ බුදුන් අභිමුඛයෙහි පන්සල් දොරට සිට තුන් විටෙක බුරා තමා ආ බව සැළ කොට ඇතුළට වැද හොනේ ය. පසේ බුදුන් වහනසේ ද වළඳන වේලා සලකා නික්මුණු කල්හි බුර බුරා චණ්ඩ සත්වේයන් දුරු කෙරෙමින් ඉදිරි ඉදිරිව යෙ යි. අතර තුරේ පසේ බුදුන් වහන්සේ ඔහු විමසන පිණිස අනික් මඟකින් යන්ට නික්මෙන සේක. එ කල ඒ බලු මග සරස ඉදිරියෙහි අවුරා සිට බුරමින් නැවත තමාගේ ගෙට යන මඟට ම පසේ බුදුන් වහන්සේ බා ගන්නේ ය. ඉක්බිති එක් දවසෙක අනික් මඟකට පිළිපන් සේක. ඒ බල්ලා ඉදිරියෙහි සරස සිට වැළකු ව ද නො වැළක බල්ලා පයින් ඉවත් කොට නික්මුණු සේක. බලු නොවැළක වඩන පසේ බුදුන් වහන්සේ දැක පස්සෙහි දිව ගෙන ගොස් සිවුරු කන ඩෑගෙන ඇද මඟට ගෙනායේ ය.
206 සද්ධර්ම රත්නාවලි ය
මෙ සේ බලු තෙමේ පසේ බුදුන් වහන්සේ කෙරෙහි බලවත් වූ ස්නෙහ අපදවා ගෙන වෙසෙ යි.
එ කල පසේ බුදුන් වහනසේගේ සිවුරු ඉරි දුර්ව ල වූ හෙයින් ගොපලු තෙම සිවුරට පිළි දුන. ඒ පිළි ගෙන පසේ බුදුන් වහන්සේ වදාරණ සේක් ‘හෙම්බා උපාසකය, තනි ව සිවුරු ගෙත්තම් කොට ගත නො හැක්ක. සභායක් ඇති ඵාසු තෙනකට ගොස් සිවුරු ගෙත්තම් කොට ගන්නා කැමැත්තෙමි’ යි වදාළ සේක. ගොපලු තෙම “ස්වාමීනි, මෙ තැන්හි ම වැඩ හිඳ සිවුරු ගෙත්තම් කොට රඳා ගත මැනැවැ’ යි කියා ‘ මෙ තැන දි නො පිලිවන, උපාසක ය’ යි වදාළ කල්හි ‘ එ සේ වී නම්, ‘ස්වාමීනි, බැහැර කල් නො යවුව මැනැවැ’ යි සිවුරු ගෙත්තම් කර රඳා ගෙන වහා වැඩිය මැනැවැ’යි කී ය. බලු තෙම ඒ දෙ පක්ෂරයේ කරණ කථා ගෙන සිටියේ ය. පසේ බුදුන් වහන්සේ ‘සිටුව, උපසාක ය’ යි ගොපල්ලා රඳවා අසහසට පැන නැඟී ගන්ධමාදන පර්වනත ය බලා නික්මුණු සේක.
එ පරිද්දෙන් නික්මුණු පසේ බුදුන් වහන්සේ දැක බලු තෙම තිරිසනුන් නම් මිනිසුන්සේ කටින් එකක් කිය කියා සිතින් එකක් සිතන වඞ්ක කුටිල බුද්ධියක් නැති ව ඍජු බුද්ධි හෙයින් වඩනා පසේ බුදුන් වහන්සේ බල බලා බුර බුරා සිටියේ පසේ බුදුන් වහන්සේ තමාගේ වක්ෂූඃපථට ඉක්මවා ගිය කල්හි ශොකයෙන් ළය පැලී මිය තමා කළ අනිකුත් කුශලයක් නැත ද පසේ බුදුන් වහන්සේ කෙරෙහි කළ ස්නෙහයෙන් තවුතිසා භවනෙයෙහි මහේ ශාඛ්යු දිව්ය් පුත්රි ව ඉපැද දහස් ගණන් දෙවඟනන් පිරිවරා මහ්ත වූ දිව්යුසම්පත් අනුභව කරන්ට පටන් ගත. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් අනික් කරණ කුශලයක් නැත ද තුනුරුවන් කෙරෙහි ස්නෙහ මාත්රරයක් උපදවා අසාධාරණ වූ අනුපම වූ දිව්යර සම්පත් අනුභව කරන්ට උත්සාහ කට යුතතේ ය.
එ සේ උපන්නා වූ ඒ දිව්යිපුත්රසයා අනුන්ට කොඳුරා කථා කරණ කල්හි ඒ ශබ්දය දොළොස් යොදුනකට ඇසෙයි. ස්වභාවයෙන් කථා කරණ කල්හි සියලු ම දස දහසක් යොදුන් තවුතිසා දෙවු ලොව පැතිර සිටිනේ ය. ඒ වැළි ත් අනික් කුසලයෙක් නො වෙයි බලු ව පසේ බුදුන් වහනසේට ආරක්ෂා ව පිණිෂ බිරූ බිරිමෙහි විපාකයි. එ හෙයින් ඔහුට ඝොෂක දිව්යෂ පුත්රබ ය යි නම් තුබූහ. එ තෙම එ වෙනි මහත් වූ දිව්ය.සම්පත් අනුභව කරන්නේ නො බෝ කලකින් කාල ක්රිනයා කෙළේ ය.
20. ඝොෂක සිටාණන් ගේ කථාව 207
දෙව් ලොවින් වනාහි දිව්ය් පුත්රභයෝ මියන කල ආයුඃක්ෂය වීමෙන් ද, කුශල ක්ෂිය වීමෙන් ද, ආහාර ක්ෂරය වීමෙන් ද, කොප වීමෙන් ද, යන මේ සතර කාරණයෙන් එක් තරා කාරණයකින් මියෙති. ඒ සතර කාරණයන් අතුරෙන් අයුඃක්ෂෂයින් වන මරණ නම් - යමෙක් බොහෝ කුසල් කෙළේ වී නම් හෙ තෙමේ දෙව් ලොව ඉපැද එහි ආයු පරිද්දෙන් දිව සැප ත් වළඳා සිට මතු මත්තෙහි දිව්ය ලොකවල උපදනේ ය. එ සේ වූවන්ට වන්නා වූ මරණ ආයුඃ ක්ෂතයින් වන්න වූ මරණ නම් වෙයි. යමක්හු විසින් ස්වල්ප වූ කුශලයක් කරණ ලද්දේ වී නම් ඔහු ගේ ඒ කුශලය මහත් කොටුවෙක ලන ලද්දා වු සතර නැළියක් පමණ වී සුඟක් මෙන් අතුරෙහි ම ක්ෂකය වනනේ ය. එ කල්හි ඒ දෙවතාවා ද කල් නො යවා අතුරෙහි ම කාල ක්රිුයා කරන්නේ ය. මෙ සේ වන්නා වු මරණ කුශල ක්ෂමයින් වන්නා වූ මරණ නම් වෙයි. අන් කිසි දිව්යා පුත්ර යෙක් පඤ්ච කාම ගුණයන් අනුභව කරන්නේ සිහි - මුළා ව ආහාර අනුභව නො කොට මිරිකුණු ශරීර ඇති ව ක්ලාන්ත ව කාල ක්රිනයා කෙරේ ද - ඒ කාල ක්රිොයා ව ආහාර ක්ෂකයින් වන්නා වූ කාල ක්රිරයා නම්වෙයි. අනිකුත් කිසි යම් දිව්යෙ පුත්රටයෙක් අනික් දිව්ය පුත්ර යෙකුගේ සම්පත් දැක ඒ සහනය කොට ගත නො හී ‘අනේ මුගේ සැපතකැ’ යි සිතින් ද්වෙෂ උපදවා කිපි කාල ක්රිතයා කෙරේ ද - එ සේ මියන්නා වූ මරණ කොපයෙන් මියන මරණ නම් වෙයි.
මේ ඝෝෂක දිව්ය පත්රම වනාහි දිව්යව වූ පඤ්ච කාමයන් අනුභව කරන්නේ මේ ආහාර අනුභව වේලා ය යි නො දැන සිහිමුළා ව ආහාර ක්ෂඤයින් මිය කොසඹෑ නුවර වෙශ්යාාවකගේ බඩ පිළිසිඳ ගත. ඕ තොමෝ වැදූ දවස් තමාගේ කෙල්ලක කැඳ වා ‘මෙ මා වැදූයේ දුවක ද පුතකු දැ’යි විචාර පුතෙකැ යි කි කල්හි ‘ එ සේ වී නම්, කෙල්ල, මොහු කුලු මාල්ලෙක ලා ගෙන ගොස් කසළ ගොඩක දමව’ යි කියා දම්මවා පුව. වෙශ්ය වෝ වනාහි දුන් ලද හොත් වඩති. පුතුන් වැදු කල වල දම්මවා පියති. දුන් ගෙන් ම උන්ගේ වංශය පවත්නේ ය. ඒ දමන ලද බාල දරුවා කවුඩු බලු ආදී හු පිරිවරා හිඳිති. එ කල බලු ව ඉපැද පසේ බුදුන් වහන්සේ ට රක්ෂාු පිණිස බිරූ බිරීමෙහි අනුහසින් එ සේ සිසාරා හිඳින දහස් ගණන් කවුඩු - බල්ලෝ ඔහු ඇඟ තුඩක් ඔබා ලිය නො හෙති. එ සේ ඔහු කසළ ගොඩ හොත් ඇසිල්ලෙහි පිටතට යන්නා වු එක් මිනිසෙක් වටකොට වසා ගෙන හුන්නා වූ කවුඩන් හා බල්ලන් දැක මේ කිමෙක්
208 සද්ධර්මවරත්නාවලි ය
දෝ හෝ යි සිතා පරීක්ෂාඩ කරනුයේ කසළ ගොඩ වැදහොත් කුමාරයා දැක පුත්රු ස්නෙහ උපදවා ‘දරු කෙණකු ලදිමි’ යි වඩා ගෙන ගෙට ගියේ ය.
එ සමයෙහි කොසඹෑ නුවර සිටාණෝ රජ ගෙට යන්නාහු රජ ගෙයි සිට එන්නා වූ පුරෝහිතයා දැක ‘ආචාරීනි, අද නකත් වක යෝග පරීක්ෂාේ කළා දැ’ යි විචාරා ‘එ සේ ය. පරීක්ෂාය කළම්හ. අපට අනික් කාරිය කවෙර් දැ’යි කී කල්හි ‘මේ ජනපදයට කුමක් මේ දැ’ යි විචාරා ‘අනික් වන දෙයෙක් නැත. අද මේ නුවර උපන් කුමාර කෙණෙක් ඇත් නම් මහත් වු සිටු සැපත් ලැබෙතී’ කීහ. ඒ අසා සිටාණෝ තමන්ගේ අඹේණියන්ට ත් ප්ර්සව ආසන්න නියා ව දැන ගෙට මිනිසුන් යවා වැදූ දෝ හෝ නො වැදූ හෝ යි විචාරා නො වැදූ බව අසා රජ ගෙට ගොස් රජ්ජුරුවන් දැක වහා ගෙට අවු ත් තමන්ගේ කාළි නම් කෙල්ල කැඳවා ඈට මසු දහසක් දීලා ‘තෝ මේ මසු දහස ගෙන සියලු නුව බලා අද උපන් දරු කෙණකුන් දිටි නම් හැර ගෙන වහා එව’යි කියා යවුහ . ඕ තොමෝ මුළු නුවර බලා ඇවිදිනි කසළ ගොඩ හොත් දරුවන් වඩා ගෙන ගිය ගෙට ගොස් ‘මේ දරුවෝ දවර දා උපන්නු දැ’ යි විචාරා අද ය යි කි කල්හි ‘මොහු මට දුන මැනවැ’ යි ඉල්ලා නො දෙන හෙයින් “ එක් කහවණුවක් ගෙන දෙව, ‘ දෙකක් ගෙන දෙව, තුනක් ගෙන දෙව’ යනාදීන් මිල වඩන්නි මසු දහසක් දි එ කුමාරයන් ගෙන’වුත් සිටාණන්ට පෑව.
සිටාණෝ සිතන්නාහු ‘ඉදින් මාගේ අඹෙණියෝ දුවක වැදු නම් උන් මෝ හට විවා පවා දී රකිමි. පුතණු කෙණකුන් වැදූ නම් මොහු ඇර පියෙමි’ සිතා වඩනට පන් ගත්හ ඉක්බිති සිටාණන්ගේ ඇඹෙණියෝ පුතකු වැදූහ. එ කල සිටාණේ ‘මොහු ඇතො ත් මා ගේ පුතණුවන්ට සිටු තනතුරු නො ලැබෙයි. දැන් ම දුරු කළ මැන වැ” යි සිතා ඒ තමන්ගේ කාළි නම් කෙල්ල කැඳවා “හෙම්බා කෙල්ල, මොහු ගෙන ගොස් ගො පල්ලන් ගෙරින් පිට ත් කරණා වේලෙහි ගොවුදෙහි ගෙරින් නික්මෙන දොරකඩ සරස භාවා ලව. එ කල්හි ගෙරි මැඩ මරන්නාහ. මොහු මැරූ බව ද, නො මැරූ බව ද, නියම දැන එව’ යි කියා යැවූහ. ඕ තොමෝ ද යහපතැ යි ගිවිස කුමාරයා ගෙන ගොස් ගොපල්ලා ගාල් දොර අළ කල්හි නො පෙනී සිට ගාල් දොරකඩ සරස කුමාරයන් හොවා ලුව.
20. ඝොෂක සිටාණන් ගේ වස්තුව 209
එ දවස් පළමු හැම ගෙදරින්ට පසු ව ලා යන වැඩි මහලු නායක ගොනෙක් හැම දෙනාට පළමු ව නික්ම කුමාරයන් සතර කකුල් හස්සෙහි ලා ගෙන සිටියේ ය. නො එක් සිය ගණන් ගවයෝ ඒ නායක ගොනාගේ දෑළ ය පැහැර ගෙන නික්මුණාහ. ගො පලු තෙමේ ගොනු සිටිනා දැක මේ ගොනා පළමු හැම ගොනුන්ට පසුව පිටත් වෙයි. අද හැමට පළමු ව පිටත් ව දොරකඩ අවුරා මද්ධ්යටයෙහි සිට ගත. මීට කාරණ කිම් දෝ හෝයි පරීක්ෂා් කරනුයේ ළඟට ගොස් ඔහුගේ කකුල් සතර අතුරෙහි හොත්තා වූ කුමාරයන් දැක දරු ස්නෙහ උපදවා මහ පිනැති දරු කෙණෙකු න් ලදිමී’ වඩා ගෙන තමාගේ ගෙට ගෙන ගියේ ය. ඉක් බිති සිටාණන්ගේ කාළි නම් දාසී ගොස් සිටාණළන්ට එ පවත් කිව.
සිටාණෝ ඒ ‘ස්වරූප ය අසා නැවත මුසු දහසක් යාවා එ ම කෙල්ල ලවා ඔහු ගෙන්වා ගෙන නැවත ත් එ ම කෙල්ලට කියන්නාහු ‘හෙම්බා මෑණියෙහි, මේ නුවර ගැල් පන් සියයක් ගෙන අද අළුයම් වේලෙහි පිටත් ව වෙළෙන්දෝ වෙළදඳමට යෙති. තෙපි මේ කුමාරයා ගෙන ගොස් ගැල් ගෙනැ යන මග සරස හොවා ලව. මොහු ගොන් හෝ මැඬ මරති, ගැල් සකින් හෝ මිරිකී මියන්නේ ය. මූ ගේ එ පවත් දැන එව’යි කියා යවූහ. ඒ කෙළි ද ‘යහපතැ’ යි කියා එහු ගෙන ගොස් ඒ පන්සිය යක් යන මං මධ්යැයෙහි කුමාරයන් හොවා ලුව . හැම දොනාට වැඩි මාලු ගැල් නායකයා පළමු ව නික්මිණ. ඉක් බිති ඔහු ගේ ගැල්හි යෙදූ ගොන් හැම දෙන ඒ කුමාරයන් හොත් තෙනට අවුත් විය කරින් හෙළා පියා වක්රි කම් කරන්නාහු නැවත නැවත ගැල්හි යොදා මෙහෙයුව ද එක පියවරකු ත් ඉදිරියට නො යන්නාහු ම ය. මෙ සේ ඔවුන් ගොන් විය යොදමින් සිටියදී ම අරුණු නැංගේ ය.
ඉක් බිති ගැල් දෙටුවා ‘පෙර සුශික්ෂිත ගොනුන් අද මේ සම භූමියෙහි නො යා හී, වක්ර‘ කරන්නේ කුමක් පිනිස දෝ හො’ යි පරීක්ෂාක කරනුයේ මඟ සරස හොත්තා වූ දරුවන් දැක ඉතා ආශ්චය්ය්්නේයෙකැ’යි සිතා ‘මහාභාග්යර ඇති දරු කෙණෙකුන් ලදමි’ සතුටු ව තමාගේ ගෙට වඩා ගෙන ගියේ ය. ඒ කාළී නම් කෙළි තොමෝ ගොස් සිටාණන්ට එ පවත් කිව. සිටාණෝ නැවත එ ම කෙල්ලට මසු දහසක් දි යවා කුමාරයන් ගෙන්වා ගෙන ඈ අත ම කියා යවන්නාහු දැන් මොහු ගෙන අමු සොහොන කට ගොස් ගස් කොළ අතුරෙහි හොවා පියව. එ තැන්හි
210 සද්ධර්ම රත්නාවලි ය
මොහු කවුඩු බලු ආදීහු කා රවන්නාහ. යක්ෂනයෝ හෝ ගසා මරන්නාහ. මොහු එ තැන්හි මළ බව ද නො මළ බව ද නියම දැන එව’යි කියා යවූහ. ඒ කෙළි ද ඔහු ගෙන ගොස් අමු සොහොනට දමා පියා එකත් පස් ව සැඟ වී සිටියා ය. එ සේ හොත්තා වූ ඒ කුමාරයා ළඟට බල්ලෙක් හෝ කවුඩෙක් හෝ යක්ෂකයෙක් හෝ ආසන්න විය නුහුණුයේ ය. එතැන්හි ඔහු රක්නා මවු පිය කෙණෙක් වත් බෑ බුන් ආදි වූ කිසි බන්ධු කෙණෙක් වත් නැත්තාහු ම ය.
එ සේ කළ ඔහු එ තැන්හි කවුරු රක්ෂා් කළාහු ද යත් පළමු බලු ව උපන් ජාතියෙහි පසේ බුදුන් වහන්සේ කෙරෙහි ස්නෙහයෙන් ආරක්ෂා පිණිස බිරූ බිරීම පමණෙක් ම ඕ හට රකවල් ගෙන සිටියේ ය. ඉක් බිති එක් එළු ගො පල්ලෙක් නො එක් දහස් ගණන් එළුවන් තණ බිමට ගෙන ඒ සොහොන ළඟින් නික්මිණ. එ කල්හි එක් එළු දෙනෙක් යන මඟන් ඇළ ව කොළ පත් නෙළා කකා යන්නි ගස් අතුරෙහි හොත්තා වූ කුමාරයන් දැක ඔවුන්ගේ කර්ම බලයෙන් උපන්නා වූ ස්නෙහයෙන් නැමි නැමී ගොස් දෙ දණ බිම ඇණ ගෙන සිට කුමාරයන් කිරි පොවන්ට පටන් ගත්තී ය. නික්මවන්ට සිතා එළු ගො පල්ලා කොතෙක් උත්සාහ කළ ත් නොයන්නී ය. ඉක් බිති එළු ගො පලු කැවිටින් ඇණ බැණ ගෙන යෙමි සිතා එ තැනට ගොස් ගස් අතුරෙහි හොත්තා වු කුමාරයන් කිරි පොවන්නි ය දැක ඒ කුමාරයන් කෙරෙහි දරු ස්නෙහ උපදවා මහත් වු දෛව ඇති පුතණු කෙණෙකුන් ලදිමි යි වඩා ගෙන ගෙට ගියේ ය.
ඉක්බිති සිටාණෝ එ පවත් අසා නැවත මසු දහසක් දි ඔහු ගෙන්වා ගෙන මෙ තෙම ම සේ මෙ සේ මරා ගත හැකි එකෙක් නො වෙයි. මොහු ගෙන ගොස් සොරුන් හෙළන පර්ව ත මුදුනෙන් හෙළා පියව. එසේ කල්හි මේ පර්ව තයෙහි ගැසී කඩ කඩ ව බිම හී යෙහි. මොහු මළ බව ද නො මළ බව ද නියම දැන වහා අවුත් මට කියව’ යි කියා එ ම කාළී නම් කෙල්ල අත යවූහ. ඕ තොමෝ ද යහපතැ යි. කුමාරයන් ගෙන ගොස් ඒ පර්වකත මුදුනේ සිට දැමුව. ඒ පර්ව ත ය අස මහත් හුණ පඳුරෙක් පව්ත්ොස ය හා එක් ව වැඩී සිටියේ ය. ඒ හුණ පඳුර මුදුනෙහි ඉතා ඝනව ඔළිඳ වැල් කැළයක් හුණ පඳුර මුදුනෙන් නො පෙනේනා සේ වසා සිට ගත. පවර්ත් මුදුනෙන් හෙන්නා වූ කුමාරයෝ මහත් කොඳු පළසක් පිට හුණුවා සේ ඒ ඔළිඳ කැළ ය මහත්තෙහි හුන්හ. එ දවස් එක් කළකිරයෙක් පුතකු හා එක් ව
20. ඝොෂක සිටාණන් ගේ කථා වස්තුව 211
හුණ දඩු කපන්ට ගියේ ඒ හුණ පඳුර කපන්ට පටන් ගත. එ කල්හි ඒ හුණ ගස් සැලෙන්ට වන් කල්හි කුමාරයෝ හඬන්ට පටන් ගත. එ කල ඒ නළකාර තෙම බාල දරු කෙණෙකුන්ගේ ශබ්දයෙකැ යි කිම දෝ හෝ යි විමසනු පිණිස එක් දසාවකින් හුණ පඳර මුදුනට නැගී කුමාරයන් දැක දරු කෙණෙකුන් ලදිමි සතුටු ව වඩා ගෙන තමාගේ ගෙට ගියේ ය.
සිටාණෝ ද, එ පවත් අසා මසු දහසක් දී කුමාරයන් ගෙන් වූහ. මෙ සේ සිටාණන් මෙ තෙක් උපාය කරණ කල්හි ත් කුමරයෝ වැඩුණහ. එ කල ඔවුන්ට ඝොෂක කුමාරයෝ ය යි නම් තුබූහ. කුමාරයෝ සිණන්ට ඇස ගසා ලූ කටුවක් සේ වැටහුණහ. ඇස දල්වා ඉඳුරා බලාපිය ත් නොහිති. තව ද කුමාර යන් රමන්ට උපාය ත් සිතන්නාහු තමන්ගේ ගෙට වළන් ලන කුඹලා කරා ගොස් කවර දවස් වලන් පුළුස්සවු දැ යි විචාරා සෙට යයි කි කල්හි ‘එසේ වි නම් මේ මසු දහස ගෙන අපට එක් කට යුත්තක් කරව’යි කීහ. කවර කටයුත්තෙක් ද, ස්වාමීනි, කී කල්හි මාගේ එක් අවලක්ෂ ණ පුතෙක් ඇත. ඔහු තා කරා එවාලූ කල ගබඩාවෙහි ලා ගෙන පොරොවින් කඩ කඩ කොට කපා පියා සැළියක ලා පළන් පළහන සුලයෙහි ලා පිය ව, මේ දහස තොපට නිකම් දෙන අත්ලස් පඬුරු ය. මේ කටයුත්ත සිද්ධ කෙට ලූ කල්හි කරන්නා වූ උපකාරය මම දන්නෙම් වේ දැ’යි කීහ. කුඹ ලා ද ‘යහපත, සාවාමීනි, මෙයින් ත් මහා කට යුත්තකැයි සිතන සේක් ද? වහා එවා ලුව මැනවැ’ යි ගිවිස්සේ ය.
ඉක්බිති සිටාණෝ දෙවන දවස් ඝොෂක කුමාරයන් කැඳවා ‘හෙම්බා, මම ඊයේ කුඹලාට කට යුත්තක් කීමි. තෙපි ගොසින් ඊයේ කී කට යුත්ත නිහඬ ව කරන්ට කුඹලාට කියව’ යි කියා යවූහ. එ කල කුඹල් හලට යන්නා වු ඝොෂක කුමාරයන් දැක බාල දරුවන් හා කෙළි මඩලෙහි ගුළ කෙළි කෙළිමින් සිටියා වූ සිටාණන්ගේ වැදූ පුතණුවෝ ‘කොයි ය වු දැ’යි විචාරා ‘පියාණන් වහන්සේ මෙහෙවරෙක කුඹල් හලට යෙමී’ කී කල්හි මේ කොල්ලෝ මා කෙළි මඬලෙහි බොහෝ කොට පරදවා පීහ. මුඹ ඔවුන් හා එක් ව කෙළ මා දිනවා දී ලන්නෙහි නම් මම කුඹල් ගෙටගොස් මුඹ යන කටයුත්ත පිරිමස්වා ගෙන එමි’ කීහ. එ බසට ඝොෂකයෝ ‘මම පියාණන් වහන්සේ බාමි කී කල්හි සිටාණන් ගේ වැදූ පුතණුවෝ කියන්නාහු “ නො බව මැනව බැණන් වහන්ස, මම මුඹ කියන අස්න ගොස් කියමි. මා එන තෙක්
212 සද්ධර්මනරත්නාවලි ය
මොවුන් හා එක් ව කෙළ මාගේ පැරදුම ගෙවාලු ව මැනැව ‘යි කීහ. ඒ ඝොෂාක කුමාරයෝ ‘එසේ වී නම් ගොසින් කුඹලාට අපගේ පියාණන් වහන්සේ ඊයේ දවස් නුඹට ඒක කටයුත්තක් කී මි කී සේක. එ වහා පිරිමස්වා ලුව මැනැවැ යි කියා කියන කටයුත්ත තීරණ ය කරවා ගෙන එව’යි ඔහු යවූහ. ඒ කුමාරයෝ ද කුඹලා ළඟට ගොසින් එ පරිද්දෙන් ම කීහ.
ඉක්බිති කුඹලා සිටාණන් කී ලෙස කුමාරයන් මරා පියා වළන් පලහන සුලයෙහි ලා පී ය. ඝොෂක කුමාරයෝ දිවස භාග ය මුළුල්ලෙහි කෙළ පියා සවස ගෙට ගොසින් සිටාණන් විසින් ‘හැයි පුත, කුඹල් ගෙට නො ගියෙහිදැ’ යි කී කල්හි තමන් යන ගමන් වළකා මළණුවන් ගිය පවත් කීහ. එ තෙපුල් අසා අනේ මට වූ හානියෙකැ’ යි මහ හඬින් හඬා සියලු ශරීරයෙහි ලේ හුණු වූවාක් මෙන් ශොකයෙන් දාහ ගත් ශරීර ඇති ව ‘හෙම්බල කොල කුම්භකාර ය, මා නො නසව’ යි කියා දෙ අත මුදුනෙහි තබා ගෙන හඬ හඬා කුඹල්ගේ කරා නික්මුණාහ. එ කල්හි කුම්භකාර තෙම එ පරිද්දෙන් හඬා ගෙන දිවන්නා වූ සිටාණන් දැක ‘ස්වාමිනි, මහත් කොට නො හැඬුව මැනව. නුඹ වහන්සේ කිය ලූ කටයුත්ත ඉඳුරා ම තනා ලීමි, කීය. එ කල සිටාණෝ තමන් ම කියා ලූ කට යුත්ත හෙයින් අනික් බසක් කිය නොහී මහත් පර්ව තයෙක්හි ගැහැටී තැලුනක්හු සේ ශොකයෙන් දැදුරු වූ සිත් ඇති ව අපමණ වූ දොම්නස් ව දුකට පැමිණියාහ.
තමා කෙරෙහි කිසි වෛර ද්වෙෂයක් නැත්තා වු සත්වපයන්ට ද්වේෂ කරන්නවුන්ට වන විපත්ති ය ව්ළ්කා ගත නො හෙන බව මේ කථාවස්තුවෙන් අසා දත් සත් පුරුෂයන් විසින් ද්වෙෂ නම් දෙයෙක් නො කට යුත් තේ ය.
මෙ සේ නො එක් ලෙසින් කුමාරයන්ගේ භාග්යට ය නිශ්චල වුව ද සිටාණෝ කුමාරයන්ගේ මුහුණ ඉඳුරා ඇස දල්වා බලාපිය නොහි කවර උපායකින් මොහු මරා පියම්දෝ හෝ ‘යි සිතන්නාහු ‘මා ගේ ගම් සියයක මුදළි ව සිටි ගම් මුදළියා ලඟට කියා යවා මරවමි’ සිතා පතක් ලියන්නාහු මේ මා ගේ අවලක්ෂ ණ කාලකණ්ණි පුතෙක. මොහු මරා සොරා වළෙක ලාපියව. එ සේ ඒ කටයුත්ත පිරිමස්වා ලූ කලට කළමනා සත්කාර මම ම දන්නෙම් වේ දැ’යි පත් ලියා ඝොෂක කුමාරයන් කැඳවා ‘පුත මේ
20. ඝොෂක සිටාණන්ගේ කථා වස්තුව 213
පත ගෙන ගොසින් අපගේ ගම් සියයකට නායක ගම් මුදළියාට දිලව යි කියා ඒ පත කුරුඟුලාකන බැඳ ලූහ. ඒ ඝොෂක කුමාරයෝ වනාහි අකුරු නොදන්නාහ. හේ එ සේ මැ යි. ඒ කුමාරයන් බාල අවස්ථාවෙහි පටන් මරන්ට උත්සාහ කොට ත් මරා ගත නො හී ශොක ගන්නා සිටාණෝ කෙසේ අකුරු කරවද්ද එ සේ හෙයින් ඒ කුමාරයෝ තමන් මරන්ට තුමු ම පත ඇරැගෙන කුරුඟුලා පටෙහි බැඳ ගෙන නික්මෙන්නාහු පියාණන් වහන්ස, මට මඟට බත් නැද්දැ’යි කීහ.
එ විට සිටාණෝ සැබෑ ස්නේහයකින් කියන බසක් සේ කියන්නාහු ‘ හැයි පුතණ්ඩ, නුඹට මගට බතුත් වුවමනා ද, අතර මඟ අසවල් ගම අපගේ යාළු සිටාණකෙනෙක් ඇත. ඔවුන් ගේ ගෙට වැදගෙන බත් කා ගෙන යව’ යි කීහ. ඒ ඝොෂක කුමාරයෝ ද ‘යහපතැ’ යි ගිවිස පියාණන් වැඳ නික්ම අතරමඟ සිටාණන්ගේ ගමට පැමිණ එවුන්ගේ ගෙය විවාරා ගෙන ගොස් සිටාණන්ගේ ඇඹෙණියන් දැක ‘කොයි සිට අවුදැ’යි විචාළ කල්හි ‘ඇතුළු නුවර සිට ය’ යි කියා ‘තොපි කිනම් කෙණෙකුන්ගේ දරු කෙණෙක් දැ යි විචාළ කල්හි ‘මේ ගෙයි සිටාණන් වහනසේ යහළු සිටාණන් ගේ පුත්රරයෙමි’ යි කියා ‘ඝොෂක කුමාරයෝ නම් තෙපි දැ’යි විචාළ කල්හි ‘එ සේ ම. මැණියනි කීහ. ඔවුන් දුටු ඇසිල්ලෙහි ම සිටාණන්ගේ අඹේණින්ට පුත්ර් ස්නේහ උපන. ඒ සිටාණන්ගේ ඉතා ප්රවසාදවහ වූ විශිෂ්ට රූ ඇති සොළොස් හැවිරිදි එක ම දියණි කෙණෙක් ඇතියහ. ඒ කුමාරිකාවන් අත් - පා මෙහෙවර හා අවර මෙහෙවර කරණ සේ එක ම දාසියක් දී සත් මහල්පායක මතුමහල් තලයෙහි සිරියහන් ගබඩාවෙක ලා රක්ෂාය කෙරෙති.
ඒ සිටු දියණියයන් එ කෙණෙහි තමනගේ එම කෙල්ල කැඳවා කිසි කටයුත්තක් පිණිස ‘ව්යානපාරයන් වසන විථියට යව’ යි කියා යවන්නා වු ඈ දැක සිටාණන්ගේ ඇඹේණියෝ ඒ කෙල්ල ලඟට කැඳවා කොයට යෙහි දැ’යි විචාරා ‘නුඹ වහන්සේගේ දියණියන් වහන්සේ කි මෙහෙවරෙක යෙමි’ යි කී කල්හි ඒ තිගේ මෙහෙවර තබා ලා මෙහෙවර ඒ මාගේ පුතණුවන්ගේ පතුල් සෝධවා යහනක් අතුට එහි සතප්වා පය තෙල් ගා පසු ව ති යන මෙහෙවරට යව’ යි කීහ. එ කෙළි ද සිටු ඇඹේනියන් කී මෙහෙවර කොට කල් යවා සිටු දියණියන් සමීපයට ගියා ය. එ කල සිටු දුවණියෝ කෙල්ලකල් යවා ආ හෙයින් මෙතෙක් වේලා කුමක් කොට ඇවිද්දෙහි දැ’ යි භයගන්වා දෙඬුහ. එ කල්හි ඕ තොමෝ
214 සද්ධර්මාරත්නාවලි ය
‘ස්වාමීනි, මට නො දෙඩුව මැනව. ඝොෂක නම් සිටු පුත්රදයාණ කෙණෙක් අවු ය. ඔවුන්ට මුඹ වහන්සේගේ මෑණියන් වහනසේ කි මෙහෙවර කොට කල් යවා විථියට ගොසින් දැන් මේ එන නියා වේ දැ’ යි කිව.
ඝොෂක කුමාරයෝ ය යන නම අසමින් ම සිටු දියණියන්ට මහත් වූ ස්නේහ උපන. එ සේ උපන්නා වූ ප්රේිම ය - ඡවි - මස් - නහර - ඇට මිදුලු ආදී වු සකල ශරීරයෙහි පැතිර සිටිගත. ඔහු වනාහි අනිකෙක් නො වෙති. ඒ ඝොෂක කුමාරයන් බලු ව උපන් ජාතියට පළමු කොතුහල නම් පුරුෂ ව උපන් ජාතියෙහි ඇඹෙණියෝ ම ය. පසු ව බැළ මෙහෙ කොට ලද සාල් නැළියක බත් පිස පසේ බුදුන්ට පිළිගන්වා එහි අනුසසින් අවුත් එ කල්හි ඒ සිටු කුලයෙහි උපන් හ යි දත යුතු. මෙ සේ ඒ පූර්ව ස්නේහය භවාන්තරයෙහි දු හේතු වශයෙන් අවුත් සිටු කුමාරිකාවන්ගේ සිරුර පුරා සිටගත. හේ එ සේ ම ය. දියෙහි අට ගන්නා උපත්පල කුමුදා දී වු පුෂ්ප ජාතී හු මඬ හා දිය හේතු කොට ගෙන යම් සේ උපදිද් ද, එපරිද්දෙන්ම සත්වමයන්ට ඔවුනොවුන් කෙරෙහි උපන්නා වු ප්රේඋමය ද පූර්වඑ සන්නි වාසයක් හෝ මේ ජාතියෙහි කරණ ලද උපකාරයක් හෝ හෙතු කොට ගෙන උපදනේ ය යි දතයුතු, එයින් වදාළහ බුදුහු -
පුබ්බෙව සන්නිවාසෙන - පච්චුප්පන්නහිතෙන වා, එවං තං ජාතෙ පෙමං - උප්පලං ‘ව යථොදකෙ’යි
ඉක්බිති සිටු දියණියෝ ‘මෑණියෙනි, ඌ දැන් කොයි දැ’යි විචාරා’ යහන මත්තෙහි වැද හෙව නිදති ‘කී කල්හි’ උන් අත යමක් ඇද්දැ’යි විචාරා කුරුඟලාකන බැඳුලූ පත විනා අනික් දෙයක් නැතැ යි කී කල්හි ඒ කුමන පතෙක් දෝ හෝ යි සිතා දෙමවුපියන් ගෙන් ප්රතමාදයක් බලා නො පැනෙන සේ සෙමින් මතු මහලින් බැස කුමරයන් හොත් තැනට අවුත් ඔවුන් නිඳියදී ම පත උනා ඇරගෙන තමන් වසන ගබඩාවට වැද දොර වසා ගෙන කවුළු දොර හැර තමන් අකුරු දන්නා හෙයින් පත කියවා අසුන් දැක ‘අනේ මේ ඉතා නුවණ මඳ කුඩා සුහෙක. තමා මරන්ට පත තෙමේ ම ඇරගෙන ආ ය. ඉදින් මම නුදුටිම් නම් මොහුගේ ජිවිතය නැතිවන් වි ය’ යි කම්පාව ඒ පත ඉරා දමා එ ම සිටාණන් එවූ පතක් මෙන් අනික් පතෙකලියන්නාහු ‘අප ගේ ගම් සියයෙහි නියුක්ත ගම් මුදළින්ට ය. මාගේ පුත් වූ ඝොෂක කුමාරයන් ඔබ එවා ලීමි . තෙල තොප අසර සිටි ගම් සියයෙන් පඬුරු ඇරගෙන
20. ඝොෂක සිටාණන් ගේ කථා වස්තුව 215
ජනපද වාසි වූ අප ගේ යහළු සිටාණන්ගේ දියණියන් ඔවුන්ට විවා මඟුල්කොට පාවා දී ගම් මැද දෙ මාල් පායක් කරවා වාසල් පවුරු පදනමින් හා මිනිසුන් ගෙන් ඉඳුරා රකවල් ලවා ගෙ වදනා මඟුල් කොට එ ම තමන් කැරැවූ සියල්ල ම මේ මේ දෑ කරවිමියි අපට කියා එවා ලු කල අපි ත් ඊට තරම් ප්ර සාද දෙන්නමෝ වේ දැ’යි ලියා හකුළුවා කුරුඟුලා කනෙහි වැන්දාහ.
කුමාරයෝ නිඳා පිබිද නැඟි සිට බත් කා සැතපි නික්ම දෙ වන දවස් උදාසන්හි ම එ ම ගමට ගොස් ගම් මුදළින් දුටහ. ඒ ගම් මුදළියා ද ඝොෂක කුමාරයන් දැක ‘යහළුව, කුමක් නිසා අවු දැ යි විචාරා ‘ම පියාණන් වහන්සේ මුඹට පතක් එවු සේකැ’ යි කී කල්හි ’ගෙනෙව’ යහළු. කුමන පතක්දැ ‘යි පත ගෙන කියාව සතුට ව ‘හෙම්බල කොල, මා ගේ සිටාණන් වහන්සේ මා කෙරෙහි ඇති ස්නේහයක් බලව. තමන්වහන්සේ ගේ වැඩිමලු ව සිටි පුතණුවන් වහන්සේට මඟුල් කරන්ට කියා මට පතක් එවූ සේ. වහා දරු සම්භාරයන් රැස් කරව’යි ගම් සියයෙහි ගොවීන්ට කියා දැව - ගෝණැස් ආදි වූ දාරු සම්භාරයන් නො බෝ දවසකින් රැස් කරවා ගම් මැද මැල් මහත් පායක් කරවා ගම් සියයෙන් නො එක් පඬුරු ගෙන්වා ගෙන් දනවු වැසි සිටාණන්ගේ දියණියන් මහත් වූ මඟුලින් ගෙන්වා ගෙන ඝොෂක කුමාරයන්ට සරණ පාවා දී ඒ තමන් කැරැවූ සියල්ල ම සිටාණන්ට කියා යවූහ.
සිටාණෝ එ පවත් අසා ‘අනේ මා කළ දෙයෙක ම සිද්ධ නොවෙයි. මේ කුමන නස්පතෙක් දැ’යි මහත් වූ දොම්නසට පැමිණියහ. එ කල පළමු ඇති වූ දරු ශොක ය හා මේ ශොක ය දෙක එක් ව කුස ඇතුළෙහි මහත් වූ ඩාහඉපැද සිටාණන්ට ඇතීසාර ඇති වි ය. ඝොෂක කුමාරන්ගේ ඇඹේණියෝ ද ‘සිටාණන් ගෙන් ගෙනා හස්නක් මට කියා මිස ඝොෂක කුමාරයන්ට නො කියව’ යි විධාන කළහ. සිටාණෝ ද, ඒ දුෂ්ට පුතා දැන් මාගේ සැපතට හිමි විය නො දෙමි’යි සිතා තමන් ගේ එක් නියුක්තයක්හු දැඳවා කියන්නාහු ‘හෙම්බා මයිලණුවෙනි, ම පුතණුවන් ඝොෂක කුමාරයන් දක්නා කැමැත්තෙමි. තොප ගෙන් මිනිසකු, යවා ම පුථණුවන් මහා ගෙන්වා පියව’ යි කීහ. එ තෙපුල් අසා එ තෙම ‘යහපතැ’යි ගිවිස පතක් ලියා දී ඝොෂකයන් කැඳවා ගෙන එන සේ එක් මිනිසකු යැවී ය.
සිටු දියණියෝ ඔහු අවුත් දොර කඩ සිටි බව අසා ගෙන්වා බැණෙනි, කුමක් නිසා අවි දැ යි විචාරා ‘ස්වාමීනි, සිටාණන්
216 සද්ධර්මකරත්නාවලි ය
වහන්සේ ගිලන් සේක. එහෙයින් පුතණුවන් වහන්සේ දක්නා කැමැති ව කැඳවා එවූ සේකැ’යි කී කල්හි අඵාසු කවර තරම් දැ’යි විචාරා ‘තව බත් පැන් කති’ කී කල්හි එ පවත් ඝොෂක කුමාර යන්ට නො කියා ම ඕහට හිඳනා ගෙයක් දී බත් බුලත් ඉස්තෙල් පහන් තෙල් ආදී වූ වැටුප් වියදම් දෙවා යන්ට කී කල යව’ යි කියා එක් ගෙයක සුව සේ ඉන්ට සැලැස්සූහ. එ සේ ම දෙවනවර ඝොෂක කුමාරයන් කැඳවා එවූ පුරුෂයකු දූ එ පරිද්දෙන් ම රැඳ වූහ. ඉක්බිති සිටාණන්ගේ අතීසාර රොග ය බලවත් ව ගිය කල්හි එක් කබලක් තබති. එක් කබලක් බාති. එ කල්හි සිටාණෝ නැවත තමන්ගේ නියුක්තයා කැඳවා ‘කිමෙක් ද මයිලණුවෙනි, ම පුතණුවන් ලඟට මිනිසුන් යවූ ද නො යවූ දැ යි විචරා ‘එ සේය, ස්වාමීනි, දැන් දෙ වරෙක මිනිසුන් යැවීමි. එ දෙ වාරයෙහි යවු මිනිසුන් තව නො අවෝ’ ය කී කල්හි ‘ එ සේ වී නම් තව එකකු වහා නික්මවා පියව’යි කීහ. එයි ත් ‘යහපතැ’යි ගිවිස තුන් වන වර මිනිසකු යවී ය. සිටු දියණියෝ තුන් වන වාරයෙහි ආවා වූ මිනිසා දැක් සිටාණන්ගේ අඵාසු කවර කම් දැ’යි විචාරා ‘ඉතා ම ලෙඩ බලවත් වී ය. එක් කබලක් තබා ක් කබලක් පහ කෙරෙති’ යි කී කල්හි මේ යන්ට සුසුදු කලැ යි සිතා එ දවස් ඝොෂක කුමාරයන්ට කියන්නාහු ස්වාමීනි, මුඹ වහන්සේ පියාණන් වහන්සේ ලෙඩ ය යි ඇසිමි’ යි කීහ.
‘ඊට කුමක් කරමෝ දැ’යි කී කල්හි ‘අය ගම් සියයෙන් නිමන පඬුරු ඇර ගෙන දකින්ට යම්හ’ යි කීහ. එ කළ ඝොෂක කුමාරයෝ ‘යහපතැ’ යි ගිවිස ගම් වලින් පඬුරු ගෙන්වා ගැල් වලින් ගෙන්වා ගෙන නික්මුණාහ. ඉක්බිති සිටු දියණියෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පියාණන් වහන්සේ ඉතා දුර්වතල සේක. මෙ තෙක් පඬුරු ගෙන්වා ගෙන යන කල කල් යෙයි. මේ හැම තබා පුව මැනැව’යි කියා ඒ සියල්ල් තමන්ගේ කුලයෙහි තබ්බවා සිටු කුමාරයන්ට කියන්නාහු ‘ස්වාමිනි, මුඹ වහනසේ ගෙට ගොස් වන්කල සිටාණන් වැඳ ලා පා මුල සිටිය මැනව. මම ඉස් දොර සිටිමි’ කියා උගන්වා ගෙට ගොස් වදනාහුම ගෙය සිසාරා තමන් ගෙන් රකවල් ලවා අතුළට වැඳ සිටාණන් වැඳ තුමු ඉස් දොර සිටියහා. ඝොෂක කුමාරයෝ පා මුල සිටියාහ. ඒ වේලාවට සිටාණෝ උඩකුරු ව හොත්තාහුය. සිටාණන්ගේපය මැඩ මැඩ උන් නියුක්ත පුරුෂයා සිටාණන්ට කියනුයේ ‘ස්වමිනි , මුඹ වහන්සේගේ පුතණුවෝ ඝොෂක කුමාරයෝ අවු ය’ යි කීහ. ‘දැන් කුමාරයෝ කොයිදැ’ යි කී කල්හි ‘තෙල පාමුල සිටිති යි කී ය.
20. ඝොසක සිටාණන් ගේ කථා වස්තුව 217
ඉක් බිති සිටාණෝ කුමාරයන් දැක තමන්ගේ අය කැමියන් කැඳවා ‘මේ ගෙයි කෙ තෙක් වස්තු දැ’යි විචාරා ධන රාශිය ම සතළිස් කෙළෙක. සෙසු උපභොග - පරිභෝග වස්තු හා ගම් බිම් ක්ෂෙසත්ර - වස්තු හා වහල් - සරක් - ඇත් - අස් - ඉදෝලි - කූනම් ආදිය ද මෙ තෙක් මෙතෙකැ යි වෙන වෙන කී කල්හි ‘මම මෙ තෙක් වස්තු ඝොෂක කුමාරයන්ට නො දෙමි’ කියන්ට කියනුයේ කුමාරයන්ගේ පින් බලයෙන් ‘දෙමි’ කියා පිහ. ඉස් දොර සිටි සිටු දියණියෝ එ පවත් අසා පෙරළා අනිකක් කීවොත් නපුරැ යි සිතා උන්ට සිනෙහැති ව ශොකයෙන් හඬන්නා සේ හිසකේ විදා පිට මැද හෙලා ගෙන හඩමින් ‘ස්වාමිනි, මේ කුමක් කියන නියා ද? මුඹ වහනසේගේ මෙ බඳු තෙපුල් අප කන හුණුයේ ඉතා ම අප කාලකණ්ණි නියා දැ ’ යි කියමින් අඬා ගෙන හී සිටිණන්ගේ ළය හිසින් ඇණ නැවත අනික් බසක් කිය නොහෙන සේ ළ මැද්දේ හිසින් පහරමින් මහත් කොට හඬන්ට පටන් ගත්හ. සිටාණෝ එ කෙණෙහි ම කාල ක්රිමයා කළහ.
උදේනි රජ්ජුරුවේ සිටණන් මළ නියාව අසා ආදාහන කරවා ‘ උන්ගේ දරුවෝ ඇද්ද නැද්දැ’යි විචාරා ‘ඝොෂක නම් පුතණු කෙණෙක් ඇත. තමන් ජිවමාන කල්හි ම ඇති සියලු වස්තුව ඔවුනට පවා දී මළෝ ය’යි කී කල්හි ‘එවුන්ට එන් කියව’ යි කියා ඝොෂෙක කුමාරයන් කැඳවා යවූහ. එ දවස් වැසි වැස රාජාඞඝණයෙහි දිය හෙළී ය. ඝොෂක කුමාරයෝ රජ්ජුරුවන් කැඳවා එවූ හෙයින් දකින්නට යන්නාහු රාජාඞගණයෙහි දියට නො බැස දිය පැන පියා ගියහ. ගොසින් රජ්ජුරුවන් දැක වැඳ එකත් පස් ව සිට ‘ඝොෂකයෝ නම් තෙපි දැ’යි විචාළ කල්හි ‘එ සේ ය ස්වාමීනි’ කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ ‘හෙම්බා, සිටාණෝ මළෝ වේ දැ’යි තොපි ශොක නො කරව. තොපගේ පියාණන් සන්තක සියලු සැපත හා සිටු තනතුරු තොපට දෙමි’ කියා කුමාරයන් අස්වසා ‘දරුව, දැන් තොපගේ ගෙට ම ය’ යි සමු දුන්හ. සිටු කුමාරයෝ රජුහු වැඳ සමු ගෙන ගෙට යන්නාහු පළමු පාන පියා ආ දිය කඩ පසු ව බැස ලා නික්මුණාහ.
සඳළු තෙලෙහි සිටි රජ්ජුරුවෝ සිටු කුමාරයන් පළමු දිය පැන ගෙන ආ නියාව ද දෙවෙනි ව එ ම දියට බැස ලා ගිය නියාව ද යන දෙක ම දැක එ තැන්හි ම සිට කුමාරයන් ගෙන්වා ‘හෙම්බා දරුව, තොප පළමු මා ළඟට එන ගමනේ දිය පැන ගෙන ආයේ ත් හැයි ද? පසු ව යන ගමනේ එ ම දියට පැස ලා ගියේ ත් කුමක් පිණිස දැ’යි විචාරා ‘ස්වාමීනි,
218 සද්ධර්මදරත්නාවලි ය
මම ආදියෙන් පැන ගෙන එන්නෙම් කුඩා කොල්ලන් කෙරෙහි ඇතුළත් ව උපයුක්ත කමක් නැති ව ඇවිදිනා හෙයින් දිය පැන ගෙන ආමි. දැන් නුඹ වහන්සේ සිටු තනතුරු දෙමී වදාළ හෙයින් “උපයුක්ත වූව මනා වේ දැ යි සිතා දියට බැසලා ගියෙමි” කී කල්හි රජ්ජ්රුවෝ ඉතා ධෛය්ය් යි සම්පන්න වු කට යුතු දන්නා වූ දරු කෙණෙක. දැන් ම මුන්ට සිටු තනතුරු දෙමි’ පළමු සිටාණන් සන්තක ගම් බිම් ආදිය හා නැවත තමන්ගේ එකි එකී වස්තුවෙන් සියක් සියක් බැගින් දී සිටු පට බැඳවා රථ වාහනයකින් නුවර පැදකුණු කරවා ගෙට යවූහ. එ කල ඒ ඝොෂක සිටාණන් බැලූ බැලූ යම් දිහාවෙක් ම බමන්ට වන. සිටු දියණියෝ මඟල් වාහල කාළි නම් කෙල්ල් හා සමඟ කතා කරමින් උන්නාහු ‘මෑනියෙනි, කාළි ය, තොප පුතණුවන් මෙ තෙක් සම්පත් ලදේදේ මා නිසා ය’ යි කිවු ය.
එ තෙපුල් අසා කාළි දාසි ඊට කාරණ කිම් දැ යි විචාරා මේ සිටාණෝ තමන් මරණට පතක් කුරුඟුලා පටෙහි බැඳ ගෙන අප දෙ මවුපියන් ගෙට අවු ය. එ කල මම ඒ පත ඉරා දමා මා මේ සිටාණන්ට විවාහ මඟුල් කොට පාවා දෙන සේ අනික් පතක් ලියා එ ම කුරුඟුලා පටෙහි බැඳ එ පරිද්දෙන් ම මොවුන් කරා සරණ අවුත් එ තැන් පටන් මෙ තැන් දක්වා මෙ සේ ආරක්‍ා කෙවන් රැක්කෙමි’ කී කල්හි ‘මෑණියෙනි, තොප දන්නේ මෙ පමණක් ම මේ ද? ඒ තබා මේ සිටාණන් බාල කාලයෙහි පටන් මොවුන්ගේ පිය සිටාණෝ නො එක් වාරයෙහි මරණට උත්සාහ කොට ත් මරා ගත නුහුනුවෝ ය. හුදෙක් මුන් නිසා බෙහෝ වස්තු වියදම් වූපමණෙක් ම ය’යි කිව. එ තෙපුල් අසා සිටු දියණියෝ ‘මෑණියෙනි, ඒ සිටාණන් කළ කටයුත්ත ඉතා නො කොට හැකි බැරි දෙයක් ම ය’ යි කිය කියා උන්නාහු නුවර පැදකුණු කොට අවුත් ගෙට වදනා ඝොෂක සිටාණන් දැක මෙ තෙක් සම්පත් මුන් මා නිසා ය ලද්දේ ය’ යි සිතා සි පීහ.
ඒ දැක සිටාණෝ ‘තොප සිනාසුණු කාරණ කියව’ යි කියා නො කියන හෙයින් ‘ඉදින් තී සිනාසුණු කාරණ නොකීයෙහි නම් දැන් ම තී දෙ කඩ කොට පොලු ගසමි’ කඩුවා ඔසවා ගත්හ. එ විට සිටු දියණියෝ ‘මෙ තෙක් සම්පත් මේ සිටාණෝ මා නිසා ලදහ යි සිතා සී පීමි කීහ. එකල්හි සිටාණෝ පළමු තමන් මරන්ට තමන්ගේ පියාණන් තමන්ට කළ කී උපක්රටම කිසිවකුත් නොදන්නා හෙයින් එ බසට කියන්නාහු ‘ම පියාණන් වහන්සේ තමන් වහන්සේ සන්තක වස්තුව මට දුන් සේක.
21. සාමාවතීන් ගේ කථාව 219
තෙපි මට කුමක් දුනු දැ’යි කීහ. ඉක් බිති සිටු දියණියෝ කියන්නාහු ‘මුඹගේ පිය සිටාණන් වහන්සේ මුඹ මරණ පිණිස පතක් ලියා දි යවු සේක යනාදීන් තමන් කළ උපකාර සියල්ල ම නො වළහා කීහ. එතෙකුදු වුව ත් සිටාණෝ එ බස් නො ගිවිස්සාහු ම ය.
ඒ බව දැන සිටු දියණියෝ කියන්නාහු ‘ඉදින් මා කියන බස් නො ගිවිස්නා පසු කාළි නම් වු නුඹගේ කිරි මෑණියන් අතින් විචාරා සැක ඇර ගන’යි කීහ. ඒ බස් අසා සිටාණෝ කාළි නම් දාසිය කැඳවා’ සබෑ ද, මෑණියෙනි, ම පියාණන් වහන්සේ මා මරන්ට පතක් ලියා දී යවූ සේක් දැ’යි විචාරා ‘එ සේ ය. පුතණ්ඩ, තොප බාලකාලයෙහි පටන් තොප පියාණෝ තොප මරන්ට සිතා තොප නිසා ම බෙහෝ වස්තු වියදම් කෙට පීහ. සත්වාරයෙක තෙපි මරණින් මිදුණව. දැන් අවු ත් එකි එකී වස්තුවෙන් සයක් සියක් බැගින් ලැබ සිටු තනතුරු ලදුව. ඒ සිටු දුවණියන් කීයේ නැත්තෙක් නො වෙයි. සබා ම ය යි කී කල්හි එ තෙපුල් අසා සිටාණෝ කුසල කර්මක ය නම් ඉතා අශ්චය්ය්. න දෙයෙක් ම ය, මෙ බඳු මරණින් මෙ සේ මා ගැළවුණේ පෙර ජාතියෙක මා කළ කුශලයකින් ම ය. එ සේ මා කුසල් කිරිමෙහි ප්රමමාද ව විසීම යුක්ත නො වෙයි. අප්රයමාද ව කුසල් කළ මැනැවැ’යි සිතා දවස දහසක් වියදම් කොට දවස් පතා අන්ධබධිරාදි වූ සොළොස් යාචකයන්ට දන් වැට තබ්බවා දුන්හ. ඔවුන්ගේ මිත්ත නම් කෙළෙමි පුත්ර්යෙක් දන් විදාන කෙළේයි.
මේ ඝොෂක සිටාණන් ගේ උත්පත්ති කථා ව ය. ___________
21. සාමවතීන් ගේ කථාව
[සංස්කරණය]මෙ සේ ම ඝොෂක සිටාණන් පහළ වූ සමයෙහි භද්රිවති නම් නුවර භද්රනවති නම් සිටාණෝ ඝොෂක සිටාණන් හා එක් ව ඔවු නොවුන් නො දැක ම මිත්රන ව ඉඳති. එ දෙ දෙන ම ඔවුනොවුන් ගේ රටින් ආවා වු වෙළඳුන් අතින් ඔවුනොවුන්ගේ සම්පත් හා වයස් පමණ අසා ඔවුනොවුන්ට පඬුරු යවා මිත්රඅ කම ස්ථිර කොට ෙගන වෙසෙති. එ සමයෙහි භද්රිවතිය සිටාණන්ගේ ගෙයි භිවාතක නම් රෝගයෙක් උපන. ඒ රෝග ය උපන් කල්හි පළමු ඒ ගෙයි මැස්සෝ මියෙති. එ තැන් පටන් අනුක්රයමයෙන් ගෙයි වසන සුහුණෝ ද, මීයෝ ද, කුකුළෝ ද, බළල්ලු ද, බල්ලෝ ද, ගව, මී ආදීහු ද, දැසි දස් ආදි වූ කර්මව කාරයෝ ද මියෙති.
220 සද්ධර්ම රත්නාවලි ය.
සියල්ලවුන්ට පසු ව ගේ හිමි මනුෂ්යමයෝ මියෙති. ඔවුන් අතුරෙන් යම් කෙණෙක් භිත්ති බිඳ ගෙන ගියාහු වී නම් ඔහු ජිවත් වෙති. එ සේ හෙයින් සිටාණෝ තමන්ගේ දාසිදීන් අතුළු ව හැම දෙන රෝගයෙන් මියන්ට වන් කල්හි ඇඹෙණියන් හා දියණියණ කැඳවා ගෙන ගෙයි භිත්ති බිද ගෙන නික් ම ‘අප ගේ මිත්රහ වූ කොසඹෑ නුවර ඉඳිනා ඝොෂක සිටාණන් නිසා ජිවත් වම්හ’ යි සිතා මඟට පිළිපන්හ.
ඔවුන්ට අන්තර මාර්ගදයෙහි ම මාර්ගොරපකරණ නිමා ගිය හෙයින් ඉතා දූර්වටල ව අවු සුළඟින් හා සා පිපාසයෙන් පීඩිත ව ක්ලාන්ත වූ ශරීර ඇති ව මහත් වූ දුකින් කොසඹෑ නුවරට පැමිණ පැන් ඵාසු තෙනකට බැස ඉස් සෝධා නහා නුවර වාසල් දොර සමීපයෙහි එක් ශාලාවකට වන්හ. එ තැන්හි සිටාණෝ ඇඹේණියන් කැඳවා කියන්නාහු ‘සොඳුර, මෙ සේ ඉතා අනාථ වශයෙන් ගිය කල වැදූ මව වී නමුත් ප්රි ය ව නො බලන්නාහ. එ බැවින් මෙ බඳු දුර්ව්ල වෙශයෙන් ගොසින් අපගේ මිත්රකයාණන් කෙ සේ දකුමෝ දැ’ යි ‘ඒ අපගේ මිත්රනයාණෝ දවස් පතා දහසක් වියදම් කොට දන් දෙත් ල. ඔවුන්ගේ දන් හලට අපගේ දියණියන් යවා දන් බත් ගෙන්වා ගෙන කා බී මඳක් ශරිර ය පුෂ්ටි කොට ගෙන කීප දවසක් සැතපී ගෙන ගොසින් යහළු සිටාණන් දැකුම්හ’යි කීහ. එ තෙපුල් අසා සිටු දියණියන් ‘යහපතැ’ යි ගිවිසි කල්හි එ දවස් එ ම ශාලාවෙහි ම වැස දෙවන දවස් දියණියන් දන් හලට යවූහ.
බොහෝ සම්පත් ඇති කුලෙහි උපන් ඒ සිටු කුමාරිකාවෝ දුකට පැමිණ ලජ්ජා ශුණ්ය වු ව ත් ලජ්ජාව කරබා ගෙන තළියක් අතින් ගෙන සිඟන මිනිසුන් හා සමඟ අහර සඳහා ගොස් සිඟා සිටියාහු ‘තොප කී කොටසක් වුව මනා දැ’යි කී කල්හි තුන් කොටසක් වුව මැනවැ’ යි කියා තුන් කොටසක් ගෙන වුත් මවු පියන් හා එක් ව බත් තන්ට බැස උන්හ. එ කල මෑණියෝ ‘දුක් නම් දෙය මහතුන්ට ත් වන දෙයෙක. මුඹ වහන්්සේ ජිවත් වුවහෝත අපි ත් සුව සේ ජිවත් වම්හ. අප නො බලා මුඹ වහන්සේ මේ ආහාර ය කැව මැනැවැ’යි කියා සිට සිටාණන් බඩ පුරා බත් කවූහ. සිටානෝ දවස් ගණනක් බත් නො කා සිස් බඩ හෙයින් බත් බොහෝ කොට කා ලා දිරවා ගත නොහී එ ම දවස් අළු යම් වේලෙහි ම මළහ. මෑණියන් හා දියණියෝ ද යන දෙන්න ශෝකයෙන් හඬා වැලප මිනි ය දවා දෙ වන දවස් මෑණියෝ ශාලාවේ හිඳ සිඟා යවූහ. එ දවස් දියණියෝ ‘තොපට කී කෙටසක් වුවමනා දැ’යි කී කල්හි දෙ කොටසක් වු මැනැවැ’ යි
21. සමාවතින් ගේ කථාව 221
ගෙන අවුත් තමන් ගේ මෑණියන් යාඥා කොට බත් කැවූ හ. මෑණියෝ ද බත් දිරවා ගත නො හී එ දවස්හි ම කාල ක්රි යා කළහ.
කුමාරිකාවෝ උදෙකලා ව ම හඩා වැලපී දෙ මවු පියන් මළ ශොක දුක් හා ආහාර චෛකල්යකයෙන් උපන් දුක් හා දෙ දුකින් ඉතා සය ඉවසිය නො හි දෙ වන දවස් හඬ හඬා යාචයන් හා එක් ව අහර නිසා ගොස් සිටියාහු ‘අද කී කොටසක් වුව මනා දැ’යි කී කල්හි ‘එක් කොටසක් වුව මැනැවැ’යි කීහ. දන් විධාන කරණ කෙළෙඹියා පළමු දෙ දවස් පරිද්දෙකින් ගෙන තුන් වන දවස් එක් කොටසක් ගත් බව දැන පෙරවේ දා තුන් කොටසක් ගතු ව, ඊයේ දෙ කොටසක් ගතු ව අද එක කොටසක් ගන්ට කාරණ කිම් දැ’යි තොපගේ කුස පමණ ඇත්තේ අද දවස් දැ’යි කී ය.
ලජ්ජා සම්පන්න වූ සිටු දියණියෝ එ වචන ය අසා මර්ම ස්ථානයක පහළ ආයුධ ප්රුහාරයක් මෙන් ද, වණයෙක් ක්ෂාකරොදයක් වත් කළ කලක් මෙන් ද ලජ්ජා ක්ෂ මා කොට ගත නො හි කියන්නාහු ‘ස්වාමිනි, මට ම මා ගත් තේ කෙටසෙක් නො වෙයි. මා ගේ මෑණියන් හා පියාණන් හා දෙන්නා ඇති දවස් උන්ට ත් මට ත් තුන් කොටසක් ගත්මි. අද මා උදෙකලා හෙයින් එක කොටසක් ගත්මි’ කියා ආදියෙහි පටන් තමන්ගේ මවු පියන්ගේ හා තමාගේ හා ස්වරූප වූ නියායෙන් ඇති සැටියේ ම කීහ. ඒ සියල්ල දන් විධාන කරණ කෙළෙඹි පුත්ර යා අසා කඳුළු ධරා ගත නො හි ශොකයෙන් හඩා වැලප සිටු දියණියන් ලඟට කැඳවා සිඹ සනසා “තොප භද්දවතිය සිටාණන් ගේ දියණියන් පසු මාගේ ම දියණියෝ ය. දෙ මවු පියෝ මළෝ වෙද්දැ යි මෙ තැන් පටන් ශොක නො කරව’යි අස්වසා ගෙට කැඳවා ගෙන ගොස් දු තනතුරෙහි තුබූහ.
කුමාරිකාවෝ දන් හල අරගල අසා මේ අරගල සන්හිඳුවා දන් දිය නො හැකි දැ’යි විචාරා ‘නො පිළිවනැ’යි කී කල්හි ‘මම උපදෙසක් කියමි’ කියා ‘මේ දන් හල එකකු වැද පිටත් වන පමණ දොර දෙදකක් යොදා එක් දොරකින් වැද දන් ගත්තවුන් අනික් දොරින් පිටත් ව යන්ට කිව මැනැව. එ සේ කල්හි අරගල නො වේ’යි කීහ. දන් හල විධාන කරණ කෙළෙඹියා ද ‘ඒ උපාය යහපතැයි’ ගිවිස එ පරිද්දෙන් දොර දෙකක් යොදා කුමාරිකාවන් කී ලෙස ම දෙමින් අරගලය සන්හිඳවි ය. ඒ කුමාරිකාවෝ
222 සද්ධර්මිරත්නාවලි ය.
වනාහි පළමු නමි සාමා නම් වෙති. අරගල නො වන සේ දොර වහල් යොදා වැට කර වූ හෙයින් එ තැන් පටන් සාමාවතී නම් වූහ. මෙ සේ එ තැන් පටන් දන් හල අරගල සන්හිඳින. ඝොෂක සිටාණෝ පළමු යාචකයන් ගේ අරගල අසා “මාගේ දන් හල අරගල බෙහෝ ය’ කිය කියා සතුටු වෙති. දෙ තුන් දවසක් අරගල නැති හෙයින් දන් දෙන මිත්ත නම් කෙළෙඹි පුත්රියා තමන් කරා ආ කල්හි ‘මාගේ දන්හල අරගල නැත්තේ දන් නැති හෙයින් දැ’යි විචාරා ‘ඇම දවස් ම දන් ඇත. යාචකයෝ දැන් ගනිති’ කී කල්හි ‘ එ සේ කල දැන් දෙ තුන් දවසක් නිශ්ශබ්ද ව තුබූයේ කුමක් නිසා දැ’යි විචාරා ‘නිශ්ශබ්ද ව දන් ගන්නා සේ මම උපායක් කෙළෙමී’ කී කල්හි ‘පළමු එසේ කුමක් නිසා නො කළා දැ’යි විචාරා ‘නො දන්නා හෙයිනැ’යි කි කල්හි, ‘දැන් තෙපි ඒ උපාය කා අතින් උගතු දැ’යි විචාරා ‘මාගේ දියණියෝ උපාය කියවූ ය’ යි කී කල්හි ‘තොපගේ මා නො දන්නා දියණි කෙණෙක් ඇද්දැ’යි විචාළහ.
එ කල්හි ඒ කෙළෙඹි පුත්රදයා භද්දවතිය සිටාණන් ගේ ගෙයි අභිවාතක රෝගය ය උපන් තැන් පටන් භද්දවතිය සිටාණන්ගේ සියලු ම පවත් ඝෝෂක සිටාණන්ට කියා ඔවුන්ගේ දියණියන් තමාට දූ තනතුරෙහි තුබූ බව කිව. ඉක්බිති සිටාණෝ එ සේ කල මට කුම්ක පිණිස නො කීයෙහි දැ’යි ‘මාගේ යහළු සිටාණන් ගේ දියණියෝ නම් මාගේ ම දියණියෝ වේ දැ’යි සමාවතින් කැඳවා පුත, තෙපි භද්රෝවතිය සිටාණන්ගේ දියණියෝ දැ’යි විචාරා එ සේ ය. සිටාණන් වහන්සැ’ යි කි කල්හි ‘ එ සේ කල සැකයක් නො සිතව, තෙපි මාගේ දියණියෝ ම ය’ යි කියමින් ළං කොට ගෙන සිඹ සනහා ඔවුන්ට පිරිවර කොට පන් සියයක් ස්ත්රීෙන් පාවා දී තමන්ට දූ කොට වැඩූහ.
ඉක්බිති එක් දවසෙක එ නුවර නකත් කෙළි නම් වූ සැණකෙළියෙක් විය. ඒ සැණ කෙළි දිනයෙහි උඩු මහලින් බිම් මහ ලට නො බස්න, බිම් මහලින් පිටතට නො නික්මෙන ඉසුරුමත් කුල ස්ත්රීිහු පවා තම තමන්ගේ පිරිවර හා සමග පයින් ම නික්ම ගං හෝ ආදියට ගොස් සිත් සේ දිය කෙළ ඉස් සෝධා නහා මල් සුවඳ පැළඳ කෙළ ඇවිදිති. එ සේ හෙයින් එ දවස් සමාවතී නම් කුමාරිකාවෝ ද තමන්ගේ පන් සියයක් පිරිවර ස්ත්රීඑන් පිරිවරා උත්සව කෙළියට සැරසෙන්නා සේ ඉස් සෝධා නහන පිණිස ගඟ බලා රාජාඞගණයෙන් නික්මුණාහ. උදේනී රජ්ජුරුවෝ යී මැඳුරු කවුළුව සමීපයෙහි සිටියාහු ඔවුන් දැක
21. සාමවතීන් ගේ කථාව 223
මොහු කවුරුන්ගේ නාටක ස්ත්රිකහු දැ’යි විචාරා කිසි කෙණෙකුන්ගේ ත් නො වෙයි කී කල්හි ‘එ සේ කල මොහු කවුරුන්ගේ දරුවෝ දැ’යි විචාරා ‘ඝොෂක සිටාණන්ගේ දු වු සාමාවති නම් මු යි’ යි කී කල්හි රජ්ජුරුවෝ පළමු දැක්මෙහි ම උපන්නාහු ස්නෙහ ඇති හෙයන් එ පවත් අසා සිටානන්ට කියා යවන්නාහු ‘තමන්ගේ දියණියන් අපගේ අන්තඃ පුරටය එවුව මැනැවැ’ කියා යවූහ.
සිටාණෝ ‘අපගේ දියණියෝ පාවා නො දෙම්හ. කුමක් පිණිස දැ යි යත හොත් අප ගොවීන්ගේ චාරිත්රද නම්අපගේ ගැහැණු දරුවන්ට නින්දා කොට වෙහෙසා කියන බසට ලජ්ජා ඇතියම්හ එසේ හෙයින් නින්දා බසට භයේ නො දෙම් හ කීහ. එ පවත් අසා රජ්ජුරුවෝ කිපී සිටාණන්ගේ ගෙය අස් ඔබ්බවා සිටාණන් හා ඇඹේණියන් පමණක් ගෙන පිටත් කර වූහ. සාමාවතී ඉස් සෝධා නහා අවුත් ගෙට වදින්ට අවසර නො පෙනෙන හෙයින් මේ කිම් දැ’යි විචාරා ‘ හෙම්බා පුත, රජ්ජුරුවෝ තොප තමන් ගේ අන්තඃ පුරයට කැඳවා එවුව. ඒ අසා ‘අපි අපගේ දරුවන් පාවා නො දෙම්හ’යි කීම්හ. එ හෙයින් රජ්ජුරුවෝ අප ගෙය අස් ඔබ්බවා අප ත් ගෙන් පිටත ලවා පූ ය’ යි කීහ.
එ පවත් අසා සාමාවතී ‘රජ්ජුරුවන් කී බස් නො ගිවිස්සෝ නපුර. ඉදින් කියතො ත් ‘මාගේ දියණියන් ඔවුන් පිරිවර හා සමඟ ගන්නා සේක් වී නම් දෙමි’ කිය යුතු ය’ යි කීව. එ තෙපුල් අසා සිටාණෝ ‘එ සේ කල, පුත, තොපගේ අභිප්රා ය ඇත් නම් එ පරිද්දෙන්ම කෙරෙමි’ යි ගිවිස සාමාවතින් කි ලෙසම රජ්ජුරුවන්ට කිය යවු ය. රජ්ජුරුවෝ ද ‘යහපතැ’යි ගිවිහි සාමාවතීන් හා පරිවාර ස්ත්රීුන් පන් සියය ත් රජ ගෙට ගෙන්වා ගෙන සාමාවතීන්ට අභිෂෙක කොට තමන්ට අග මෙහෙසුන් තනතුරෙහි තබා සෙසු ස්ත්රීීන් පළමු පරිද්දෙන් ම ඔවුන්ට පරිවාර ස්ත්රී්න් කළහ.
මෙ සේ මවු පිය ආදි හැම දෙන නට කල්හි ද පෙර කළ කුසල් ඇත්තවුන් තමන් ගේ කුසලානුභාවයෙන් සම්පත් ලද පරිදි ඇසූ සත් පුරුෂයන් විසින් සත්වනයන්ට පිටි වහලෙක් නම් කුසල් ම ය යි දැන තම තමා ශක්ති පමණින් පිළිවන් කුසල් කොට සසර සිටිනා තෙක් සියලු දෙවි - මිනිස් සම්පත් විඳින්ට උත්සාහ කටයුතු.
මේ සාමාවතීන් ගේ උත්පත්ති කථාව ය. ________
224 සද්ධර්මිරත්නාවලි ය.
22. වාසුල දන්තාව ගේ කථාව
[සංස්කරණය]__________
තව ද ඒ සාමාවතීන්ගේ ස්වාමි පුත්රව වූ උදේනි රජ්ජුරුවන් ගේ වාසුලදත්තා නම් අනික් බිසෝ කෙණෙකුදු ඇත. ඒ බිසවු නම් උදේනියෙහි චණ්ඩපජ්ජොත රජ්ජුරුවන්ගේ දියණියෝ ය. ඔවුන් රජ්ජුරුවන්ට අග මෙහෙසුන් වූ පරිදි කි සේ ද යත් උදේනියෙහි චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ එක් දවසෙක උයන් කෙළ නුවරට එන්නාහු තමන් ගේ මහත් වූ සම්පත බලා මනුෂ්යඋ ලොකයහි අන් කිසිවක් හට මෙ බඳු සම්පතෙක් ඇද් දැ යි විචාරා ‘මේ කවර සම්පතක් ද? කොසඹැ නුවර උදේනී ය’ යි අමාත්යවයන් කී කල්හි ‘එ සේ වි නම් ඔවුන් අල්වම්හ’ යි කීහ. එ තෙපුල් අසා අමාත්යචයෝ ‘මහ රජ, ඒ රජ්ජුරුවන් එ සේ ඇල්විය නො හැක්කැ’යි කීහ. රජ්ජුරුවෝ ‘කවර උපායකින් වුව ත් ඒ රජහු අල්වමහ ‘යි කියා ‘නැවත ත් නො පිළිවනැ’ යි අමාත්යනයන් කී කල්හි කාරණ කම් දැ’ යි විචාරා ‘මහ රජ’ ඒ රජ්ජුරුවෝ හස්ති කාන්ත නම් වූ ශිල්පයක් දනිති. මන්ත්රා පිරුවා වීණා ගායනා කොට නො කැමති ඇත් කෙනෙකුන් ලුහු බඳවා පියති. කැමති ඇත් කෙණෙකුන් අල්වා ගනිති. ඒ රජ්ජුරුවන් වැනි අනික් ඇත් වාහන ඇති රජෙක් නැත’ යි කී කල්හි ඒ රජ්ජුරුවන් කිසියම් උපායකින් ඇල්වුව මනා ම ය යි කීහ.
මෙ සේ සාහසික ව රජහු කියන බස් අසා අමාත්යුයෝ කියන්නාහු ‘ මහරජ , ඉදින් ඒ රජ්ජුරුවන් අල්වනු කැමැති වුව හොත් දණ්ඩෙන් ඇතකු ඉදි කොට ඒ රජ්ජුරුවන් ගේ නුවරට ආසන්න ස්ථානයකට යවවු මැනව. රජ්ජුරුවෝ ඇත් වාහනයෙක, අස් වාහනයෙක, නමක් ඇසූ නම් දුරට ත් ගොසින් අල්වති. එ සේ දුරට ගිය කල්හි ඒ රජ්ජුරුවන් අල්වා ගත හැක්කැ’ යි කීහ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ‘ඒ උපාය යහපතැ’යි දණ්ඩෙන් ඇතකු ඉදි කරවා පිටත කඩ රෙදි අල්වා චිත්ර්කාරයන් ලවා ජිවමාන ඇතකු මෙන් සිතියම කරවා ඇතු කුස මිනිසුන් සැට දෙනෙකු සක්මන් කරන පරිද්දෙන් සලසා ඒ රජ්ජුරුවන් ගේ විජිකතයට ආසන්න ස්ථානයෙහි එක් විලක් අසල රඳවා ඇත් බෙටී ද ඒ ඒ තැන් හි රැස් කර වූහ.
ඉක්බිති එක් වැද්දෙක් ඒ දැක ‘මේ ඇත් අපගේ උදේනි රජ්ජුරුවන් වහන්සේට සුදුසු ය’යි සිතා නුවරට දිව ගොස්
22. වාසුල දන්තාවන් ගේ කථාව 225
ඇතු ගේ රූප සම්පත්තිය වර්ණ්නා කොට රජ්ජුරුවන්ට කියනුයේ ‘මහ රජ, රිදී පවර්තේයක් සේ ඉතා ධවල වූ ශරීර ඇති මනහර ඇත් රුවක් දිටිමි’ කී ය. උදේනි රජ්ජුරුවෝ ඔහු ලවා ම මඟ පෑවා ගෙන උතුම් ඇත් වාහනයකට පැන නැඟී සහපිරිවරින් නික්මුණාහ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ද උදේනි රජ්ජුරුවන් නික්මුණු බව චර පුරුෂයන් අතින් අසා තුමු ද නික්ම ගොස් මඟ මද්ධ්යජය සිස් කොට දෙ පස සේනාව සිටුවා ලූහ. උදේනි රජ්ජුරුවෝ චණ්ඩපජ්ජොත රජ්ජුරුවන් ආ බව නො දැන දඬු ඇතු දැක සැබැ ඇතෙකැ යි සිතා ලුහුබඳවා ගත. ඇතුළෙහි සිටි මනුෂ්යසයෝ යන්ත්රලයෙන් ඇතු ඇර ගෙන දිවන්ට පටන් ගත්හ. උදේනි රජ්ජුරුවෝ මෙ තෙක් දවස් සේ මන්ත්රබය මතුට වීණා ගායනා කළහ. රජ්ජුරුවන් වීනා ගායනා කරත් කරත් ඒ දඬු ඇත්තෙම වීණා ශබ්ද ය නො ඇසුවාක්හු මෙන් දිවන්නේ ම ය. රජ්ජුරුවෝ ඇත් වාහනයෙන් ලුහුබඳවා ගොස් ඒ ඇතු අල්වා ගත නොහි අසකු නැඟී ඇතු ලුහුබඳවන්ට වන්හ. උමං දාවෙහි අවකප්පන සැත්මෙන් සැදු අසු රඳවන්ට කඩියාළම ඇදි ඇදි සේ බ්රොහ්මදත්ත රජ්ජුරුවන් ගෙන් උත්තර පඤ්චාල නුවර බලා දිවුවා සේ දඬු ඇත්තු ද නො රඳා ම දිවති. රජ්ජුරුවන් යුහු යුහු වත් සේනාව පසු ගියහ.
එ කල දෙ පාර්ශවයෙහි සිටි චණ්ඩපජ්ජොත රජ්ජුරුවන්ග් සේනාව උදේනි රජ්ජුරුවන් මැද කොට අල්වා ගෙන රජ්ජුරුවන්ට පාවා දුන්හ. උදේනි රජ්ජුරුවන්ගේ සේනාව ද රජ්ජුරුවන් සතුරන්ට අසු වූ බව දැන එ තැන්හි ම කඳවුරු බැඳ උන්හ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ උදේනි රජ්ජුරුවන් ජිවග්රාුහ කොට අල්වා ගෙන එක් සිර ගෙයක ලවා ලා දොර වස්වා රකවල් ලවා තුන් දවසක් මුළුල්ලෙහි ජන පාන ය බොන්ට පටන් ගත්හ. උදේනි රජ්ජුරුවෝ තුන් වන දවස් ‘තොප ගේ රජ්ජුරුවෝ කුමක් කෙරෙද්දැ’ යි රකවල සිටියවුන් අතින් විචාරා සතුරු රජ්ජුරුවන් ඇල්ලීමි’යි සන්තොෂයෙන් මහත් ව ජය පානය බොන සේ කැ’ යි කී කල්හි ‘තොපගේ රජ්ජුරුවන් කරන්නේ ගැහැණුන් විසිනු ත් නොකළ මනා කටයුත්තෙක. සතුරන් අල්වා ගත් කල මරා හෝ නොපියා නොහොත් ඇර නොපියා උන් දුක්පත් කොට සිර ගෙයි වසා හිඳුවාලා කුමන ජයපාන ද බොන්නේ ය’ යි කීහ.
රකවලුන් ගෙන් එ පවත් අසා උදේනි රජ්ජුරුවන් උන් තැනට අවුත් මෙ සේ කීයේ සැබෑ දැ යි විචාරා ‘සැබව මහ රජ’ යි කී කල්හි එ සේ වූව හොත් තොප අරුම්හ. තොප දන්නා මන්ත්ර ය.
8
226 සද්ධර්ම රත්නාවලි ය
අප උගන් ව’යි කීහ. ඒ අසා උදේනි රජ්ජුරුවෝ ‘යහපත, මන්ත්රතය උගන්නා පරිද්දෙන් උගනු නම් උගන්වමි. කිමෙක් ද? තෙපි මා වඳු දැ’ යි කීහ. ඒ අසා චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ‘මන්ත්රයයක් පිණිස මම තොපට වඳිම් ද? නො වඳිම්’ යි කීහ. උදේනි රජ්ජුරුවෝ ‘එ සේ කල තොප මා නො වඳු නම් මම ත් මන්ත්ර් ය නො උගන්වමි’ කීහ. ඉක් බිති චණ්ඩපජ්ජොත නම් රාජාඥා කරවමමි’ යි කීහ. ඒ අසා උදේනි රජ්ජුරුවෝ ‘යහපත, රාජාඥා කරව. තොප ගේ ආඥාව මාගේ ශරීරයට විනා සිතට ත් ඇද්ද? කෙ තෙක් රාජාඥා කළ ත් මා නො වඳිනා කෙණකුන්ට මන්ත්ර් ය නුගන්වමි’ කීහ.
චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ උදේනි රජ්ජුරුවන්ගේ නීර්භීත ශූරවිර ගර්ජනා අසා කෙ සේ මන්ත්රේ ය උගනිම් දෝ හෝ යි සිතා මේ මන්ත්රජ ය අනුන් උගන්වන බව සුදුසු නො වෙයි. මා දියණියන් වාසුලදත්තාවන්ට උගන්වා ගෙන උන් අතින් පසුව උගනිමි’ යි සිතා ඉක් බිති ‘මහ රජ, තො වඳිනා කෙණකුන්ට සැබවින් මන්ත්රම ය උගන්වාදැ’ යි විචාරා ‘එ සේ ය. උගන්වමි’ කී කල්හි ‘එ සේ වී නම් අපගේ රජ ගෙයි එක් කුදක් ඇත. ඈ කඩ තුරාවක් මුවායෙහි සිටුවා ලා මන්ත්රජ ය උගන්වව’යි කීහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘කුමක් වේව යි මා වඳිනා නැති හෙයින් වැඳුම් ගන්ට ආසාවෙන් කියන දෙයක් නො වෙයි. වැඳීම් නම් ගුරුන් කළ මනා උපචාර ය. එ පරිද්දෙන් ගුරුන්ට උපචාර කොට උගත්තා වූ ශාස්ත්රන ය සඵල වෙයි. එ සේ හෙයිනැයි’ කීහ. ඒ අසා රජ්ජුරුවෝ දියණියන් වාසුලදත්තාවන් උන් තෙනට ගොස් ‘පුත, ඉතා නො බැලිය හැකි ශ්වෙත කුෂ්ඨයක් ඇති මිනිසෙක් අනර්ඝප වූ මන්ත්රලයක් දන්නේ ය. ඒ මන්ත්රහ ය අනික් කෙණෙකුන් උගැන්විය නො හැක්ක. ඒ තෙම නොවැඳි කෙණකුන්ට මන්ත්ර ය නුගන්ව යි. තෙපි ගොසින් කඩ තුරාවකින් පිටත සිට ඔහු වැඳ ඒ මන්ත්රඅ ය ඉගෙන ගනුව මම පසු ව තොප අතින් ඉගෙන ගනිමි’ කීහ.
මෙ සේ රජ්ජුරුවෝ ඔවුන් දෙ දෙනා ඔවුනොවුන් කෙරෙහි අනුරාගයක් කෙරෙති යන භයින් තමන් දියණියන් කුදියක කොට ත් රජ්ජුරුවන් ශ්වෙත කුෂ්ඨයකු කොට ත් සඟවා කීහ. ඉක් බිති උදේනි රජ්ජුරුවෝ කඩ තුරා ඇතුළේ හිඳ මන්ත්රසය කියති. වාසුලදත්තාවෝ කඩ තුරාවෙන් පිටත සිට උගනිති.
22. වාසුල දත්තාවන් ගේ කථාව 227
දවසෙක මන්ත්රව ය විටින් විට කී කී සේ ම වාසුලදත්තාවන් වරදවා කියන හෙයින් උදේනි රජ්ජුරුවෝ කිපී ‘එම්බල දුෂ්ට කුද, තී ගේ දිව හො දෙ තොල බොල් ව ගිය ද? දවස් පතා කියවා ත් මන්ත්රකය වරදවා කිය යි. මෙ සේ කිය නො හෙයි දැ’ යි කීහ. ඒ අසා බිසවු කිපී ‘එම්බල ශ්වෙතකුෂ්ඨය, තා කියන්නේ කිමෙක් ද? අප සේ වූවො ත් කුදුන් කෙරෙහි අතුළත්හු දැ’යි කඩතුරා ව ඔසවා ඔවුනොවුන් බලා ඔවුනොවුන් ගේ ස්වරූප විචාරා තත් වූ පරිද්දෙන් දැන ‘රජ්ජුරුවෝ අප දෙ දෙනා ඔවුනොවුන් හා විශ්වාස වෙති යන භයින් වළහා කී වන්හ’යි නිශ්චය කොට ඔවුනොවුන් කෙරෙහි අනුරාග ඇති ව ජවනිකාව ඇතුළෙහි දී ම ඔවුනොවුන් හා සහවාස ය කළහ.
එ තැන් පටන් මන්ත්රව ඉගැන්වීම නැති විය. මන්ත්රජය ඉගැන්වීම තබා තමන් දියණියන් උගන්වා ගෙන යන බව නො දැන චණ්ඩ පජ්ජොත රජ්ජුරුවෝ ද නිරන්තරයෙන් ම ‘පුත, මන්ත්රෝ උගතු දැ’ යි විචාරා ‘උගනිමින් සිටියෙමි’ කී කල්හි සැබවින් ම මන්ත්ර ය උගනිති යි සැක නැති ව සිතති. එක් දවසක් උදේනි රජ්ජුරුවෝ වාසුලදත්තාවන් බණවා ‘සොඳුර, ගැහැනුන්ට ගේ හිමියන් කරණ උපකාර මවු පියෝ සෙසු කුසෙහි හොත් මෑබුන් ආදිහු ද කොට ගත නො හෙති. ඉදින් මාගේ ජිවිතය මට රැක දී පු නම් මාගේ අන්තඃ පුරයෙහි බිසොවරුන් පන් සියයකට තෙප ම ප්රේධාන කොට අග මෙහෙසුන් කෙරෙමි’ කීහ. ඒ අසා බිසවු ‘මහ රජ, නඹ වහන්සේ කී බස නමුත් සිත තබා ස්ථිර කළ මැනැවැ’ යි කියා පිය රජ්ජුරුවන් කරා ගොස් වැඳ එකත් පස් ව සිට මන්ත්රනය උගතු දැ’යි විචාළ කල්හි ‘ එ සේ ය, මන්ත්ර ය උගතිමි. ඒ මන්ත්රමයට උපචාර පිණිස තරු ලකුණෙන් ගන්නා එක් ඖෂධයෙක් ඇත් ල. ඒ ඖෂධ ය ඇර ගන්ට යන වේලෙහි නැඟී යන වාහනයක් වුව මැනව. එයි ත් වැඩක් සිතා යන ගමන හෙයින් කැමැති දොරකින් යන වේලෙහි නො වළකන පරිද්දෙන් සම්මතත් කළ මැනැව’ යි කීහ. රජ්ජුරුවෝ ද ඒ අන්තරාය නො දැන මන්ත්රි ලොභයෙන් යහපතැ’යි ගිවිස්සාහ. ඔහු ද තමන් යන් කැමැති දොරක් ම අත් ගෙන තුබූහ.
රජ්ජුරුවන් ගේ වනාහි වාහන පසෙක් වි ය. කවරේ ද යත් දවස පනස් යොත්නක් යන් වූ භද්රා්වති නම් ඇතින්නක, සැට යොත්තක් යන්නා වූ කාක නම් දාසයෙක, සියක් යොත්නක් යන්නා වූ තෙලකණ්ඨිය - මුඤ්ඡකෙසිට්ඨි යයි අශ්වයෝ දෙ දෙනක එක් සිය විසි යොත්නක් යන්නා වු නාළාගිරි නම් ඇතෙකැ යි
228 සද්ධර්මඑරත්නාවලි ය
මෙ සේ වාහන පසෙක් වි ය. එ ද වනාහි පෙර ගිය ජාතියෙහි ඒ රජ්ජුරුවෝ එක් තරා ප්රාධාන පුරුෂයන් හට උපස්ථාක කෙරෙති. ක් දවසෙක ඒ ප්රයධාන පුරුෂයා නුවරින් පිටත් ව ඉස් සෝධා නහා නුවරට එන කල්හි එක් පසේ බුදු කෙණකුන් වහන්සේ නුවරට පිඬු සිඟා වැඩ සියලු නුවර වාසීන් ඇඟ මාරයා ආවෙශ වූ හෙයින් ක් බත් සැන්දකු ත් නො ලැබ පාත්රස ය සේධු වන ම ගෙන නුවරින් නික්මුණු සේක. ඉක්බිති නුවර වාසල් දොරට පසේ බුදුන් පැම්ණි කල්හි මාර තෙම එක්තරා මනුෂ්යක වෙශයකින් පසේ බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, කිසිවක් ලත් සේක්දැ’ යි විචාරා ‘කිමෙක් ද, මාර ය, තෝ බත් ලබන ලෙසක් කෙළෙහි දැ’යි කී කල්හි ‘එ සේ වී නම් නැවත නුවරට වැඩිය මැනවි. දැන් බත් ලබන සේ කෙරෙමී’ කී ය.
පසේ බුදුහු එ තෙපුල් අසා ‘ඉදින් මම පෙරළා නුවරට වනිම් නම් නැවත නවත මේ මාරයා මුළු නුවර වාසීන්ගේ ශරීරයෙහි ආවෙශ ව අතින් අත් පැහැර සිනා සී කෙළනා පරිද්දෙන් කරන්නේ ය’ යි ඔහු ගේ බස් නො ගිවිස ම නික්මුණු සේක. ඉක්බිති ප්රේධාන පුරුෂ තෙම පාත්රි ය සේධු වන ම ගෙන නුවරින් වඩාන පසේ බුදුන් දැක ‘ස්වමීනි, අහර ලත් සේක් දැ’යි විචාරා ‘නුවර ඇවිද පිටත්වූම්හ’ යි කී කල්හි කිමෙක් දෝ හෝ යි සිතනුයේ ‘පසේ බුදුන් වහන්සේ මා විචාළ දෙය නො කියා අික් පරිද්දෙකින් කියන සේක. අහාර නොලත් සේක් වනැ’ යි සිතා පාත්රිය බලා සිස් පාත්රහ ය දැක ගෙයි බත් පිසූ බව ත් නො පිසූ බව ත් නො දැන අතර මඟ දී පාත්ර්ය ගත නො හි ‘ස්වාමිනි, මඳක් වැඩ සිටිය මැනවැ’ යි කියා වහා ගෙට ගොසින් බත් පිසූ දැයි විචාරා ‘ එ සේ ය, බත් උදවු විය’ යි කී කල්හි උපස්ථායකයා කැඳවා නැත. වහා දිව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේ ගේ පාත්රද ය වැඳ පවරා ඇරගෙන එව’ යි කීහ.
හෙ ද එක බසින් ම දිව ගෙන ගෙස් පාත්රපය ගෙන අවුත් දින, ඒ ප්ර ධාන පුරුෂයා තමට පිසූ බත පාත්රතයෙහි පුරා ල ‘මේ පාත්රඒය නො පමා ව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේට පිළිගන්වා පියව . මම මෙහි පින් තොපට දෙමි’ යි කී ය. එ තෙ ම යහපතැ යි ගිවිස යුහු ව දිව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේට පාත්ර ය පිලිගන්වා පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි, මම ඉතා වේලා ආසන්න හෙයින් වළඳන වේලා ඉකුත් ව යේ දෝ හෝ යි සිතා යුහු ව පාත්ර් ය ගෙන ගියෙමි. එ පරිද්දෙන් ම නැවත බත් පාත්රතය ඇර ගෙන එන වේලෙහි ද යුහු ව ම ආමි. මේ දැන් මා පින් උදෙසා දිවූ දැවයෙහි අනුසසින් මතු මට දවස පනස් යොදුනක් යන්නා වූද,
22. වාසුල දත්තාවන් ගේ කථාව 229
සැට යොදනක් යන්නා වූ ද, සියක් යොදුන් යන්නා වූ ද, දවස එක් සිය විසි යොදන්ක යන්නා වු ද, මෙ සේ ගමනෙහි සමර්ත්ථද වූ වාහන පසෙක් පහණ වේව යි. යන එන ගමනෙහි මාගේ ශරීර ය සූය්ය්් තාපයෙන් ඉතා ම තැවින. එ ද පින් නිසා ම තැවුණු හෙයින් ඒ කුසල ය හේතු කොට ගෙන මා උපනුපන් තන්හි මුදුන් පත් හිරු මඩල සේ ආඥා තේජස් ඇති වෙම්ව යි මේ ආහාර දාන යෙහි පින් දායකයන් අතින් සම සිතින් අනුමෝදන් වූ කුශලයෙන් මුඹ වහන්සේ දුටු නිවන් දහම් පසක් කට හෙම්ව’යි ප්රාවර්ත්ථයනා කළහ. පසේ බුදුන් වහන්සේ ත්’ ඒ තොප සිතූ පැතූ සියල්ල ම එ පරිද්දෙන් ම වේව’ යි වදාරා -
‘ ඉච්ඡිතං පත්ථිූතං තුය්හං - ඛිප්පාමෙව සමිජ්ඣතු
පුරෙන්තු සබ්බෙ සඞකප්පා - වන්දො පණ්ණරසී යථා ඉච්ඡිතං පත්ථිෙතං තුය්හං - සබ්බමෙව සමිජ්ඣතු, පූරෙන්තු සබ්බේ සඞකප්පා - මණි ජොතිසො යථා’ යි
අනුමෙවෙනි බණ වදාරා වැඩි සේක. මේ ඔවුන්ගේ පූර්වි චරිතය යි. එ කල්හි චුල්ලුපස්ථායකාය නම් මේ කල්හි මේ චණ්ඩ පජ්ජේත රජ්ජුරුවෝ ය. එ කල්හි පසේ බුදුන් වහන්සේට වේලා ආසන්නයෙහි බත් පාත්රු ය ඇර ගෙන යුහු ව ගොස් පිළිගන්වා ලූ කුශලයේන මෙ කල්හි මේ වාහන පස ඇති වී ය.
ඉක්බිත් චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ එක් දවසක් උයන් කෙළියට නික්මුණාහ. උදේනි රජ්ජුරුවේ එ පවත් දැන ‘අද මෙ අවසරෙහි පලා ගිය මැනවැ’යි සිතා මහත් වු සම් පසුම්බි වල රත්රන් පුරා භද්ධවතී නම් ඇතින්න පිටට නංගා ගෙන වාසුලදන්තාවන් හා සමඟ එ ම ඇතින්න පිටට නැගී නික්ම ගත්හ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ පුර රක්නවුන් අතින් එ පවත් අසා කොල වහා නික්මෙව’ යි පසේසෙහි බල සෙනඟ යැවූහ. උදේනි රජ්ජුරුවෝ පස්සෙහි පිරිස් එන්නා දක ඇතින්න පිට තුබූ මසුරන් පසුම්බිය උනා විසුරුවාපුහ. සේනාව රන් අවුළා ගෙන නැවත පස්සෙහි ලුහුබඳවා ගත්හ. උදේනි රජ්ජුරුවෝ රන් පසුම්බිය උනා එළා සේනාව ධනලොභයෙන් රත්රන් ගනුම්හ’ යි පමා වූ ඇසිල්ලෙහි දිව ගෙන ගොස් තමාගේ සේනාව කඳවුරු බැඳ ගෙන හුන් තෙනට වැද ගියහ. ඉක්බිති දුරින් එන රජ්ජුරුවන් දුටු සේනාව පෙර ගමන් ගොසින් රජ්ජ්රුවන් පිරිවරා මහත් උත්සවයෙන් කැඳවාෙගන නුවරට වන්හ. එ කල රජ්ජුරුවෝ නුවරට වැද පළමු තමන් කී පරිද්දෙන් ම වාසුලදන්තාවන් අභිෂෙක කොට අග මෙහෙසුන් තනතුරෙහි තබූහ. මේ වාසලු දන්තාවන්ගේ කථාව යි. 230 සද්ධර්ම රත්නාවලි ය
23. මාගන්දිය ගේ කථාව
[සංස්කරණය]තව ද අනික් මාගන්දි නම් ස්ත්රියයක් ම රජ්ජුරුවන් සමීපයෙන් අග මෙහෙසුන් තනතුරු ලද්දී ය. ඒ කෙ සේ ද යත් :- ඕ තොමෝ කුරුරට මාගන්දි නම් බමුණකුගේ දුව ය. ඇගේ මවු ද මාගන්දි නම. සුළු පියා ද මාගන්දි නම් වී ය. ඒ මාගන්දි නම් බැමිණි තොමෝ අදික වූ, රූ ඇත්තී ය. දිව්යානඞගනාවක් සේ ශොභමාන ය. ඇගේ පිය තෙම තමාගේ ඒ දුවට සුදුසු ස්වාමි පුත්ර යකු නො ලබන්නේ බොහෝ ධන ඇති මහත් වූ පරිවාර ඇති ඉසුරුමත් කුලවලින් තම දුව විචාරා ආ කල්හි ‘තෙපි මාගේ දියණියන්ට නුසුදුසුව’ යි නින්දා බැණ නික්ම වන්නේ ය. ඉක්බිති එක දවසක් බුදුහු අළුයම් වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැඟී ලොව බලන සේක් මාගන්දි නම් බමුණා හා අඹුව හා ආනාගාමී ඵලයට පැමිණෙන උපනිශ්ර ය සම්පත් ඇති බව දැක තමන් වහන්සේ පා සිවුරු තමන් වහන්සේ ම ඇර ගෙන මාගන්දි බ්රාතහ්මණයන්ගේ ගමින් පිටත ගිනි දෙවියා පුදන තෙනට වැඩි සේක.
බමුණු තෙම බුදුන්ගේ දෙ තිස් මහා පුරුෂ ලක්ෂරණයෙන් හා අසූ අනූ ලකුණෙන් හොබනා පුරුෂයෙන් අග පැමණි ආත්ම භාව ය දැන ‘මෙලොව මේ පුරුෂ රත්නය හා සමාන අනික් පුරුෂ රත්නයෙක් නැත. මේ තෙම මාගේ දුවට ම සුදුස්ස ය . මා දුව මෝහට ම පාවා දෙම්’යි සිතා බුදුන් කරා එළඹ ‘හෙම්බල මහණ, මාගේ දුවක් ඇත. ඈ මම මෙ තක් දවස් සුදුසු පුරුෂයෙකු නො දකැ ගෙයි ම රක්ෂාමකොට තබා ගෙන හුන්නෙමි. දැන් තොප ගේ රුව දුටු නියාවට ඕ තොපට සුදුසු ය. තෙපි ද ඈට සුදුස්ස ව. දැන් ඒ මාගේ දුව තොපට පාදපරිචාරිකා කොට පාවා දෙමි. ඈ කැඳවා ගෙන මා එන තෙක් මෙ තැන්හි ම සිටුව’ යි කී ය. බුදුහු යහපත නපුර යන දෙක ම නො වදාළ සේක. බමුණු තෙම ගෙට දිව ගෙන ගොසින් තමාගේ අඹු බැමිණිය බණවා ‘හෙම්බල පින්වත, තී කුමක් කෙරෙයි ද? දැස් මම තීගේ දුවට සුදුසු වූ මහණ කෙණකුන් දැක මඟ සිටුවා ලා ආමි, තීගේ දුව සරහා ගෙන වෙලෙවි ව එව’ යි කියා දුව සරහවා අඹුව හා සමඟ දුව කැඳවා ගෙන නික්මිණ.
මෙ සේ බමුණා නික්මෙන්නා දැක මුළු නුවර වාසීහු අසුරන් වන් දෙවු පුරයක් සේ එක පැහැර ක්ෂොාභ ව ‘මේ කුමන ආහ්චය්ය්රන්යෙක් ද? පෙර මේ බමුණු අඟ - මගධ - කාසි - කොසල - වජ්ජි - මල්ලාදි වූ ඒ ඒ දේශයෙහි බොහෝ උත්තම පුරුෂයන් තමාගේ දුව සරණ විචාරා ආ කල උන් උන්ගේ යශො පරිවාර
23. මාගන්දිය ගේ කථාව 231
භොග සම්පත් ආදි වූ විධ්යා මනා ඓශ්චය්ය්ා ය දැක ත් ‘මා දුව ගේ රූපශ්රිූයා වූ නියාවට තෙපි නුසුදුස්සව’ යි සරණ නො දෙයි. අද මෙ තෙම මාගේ දුවට සුදුසු වූ සමණ කෙණකුන් දිටිමි යි ඉක්මන් ඉක්මන් ව දුව කැඳවා ගෙන යෙයි. ඒ කෙබඳු පුරුෂ රත්නයෙක් දෝ හෝ ඔවුන් බැලුව මැනැවැ’ යි ආශ්චය්ය්ය මත් ව මහා ජනයෝ බමුණා පසු පස්සෙහි වන්හ. මෙ සේ ඔහු දුව කැඳවා ගෙන එන කල්හි බුදුහු බමුණා සිටුවා ලා ගිය තෙන නො සිට එ තැනහි ශ්රීව පාදය ඔබා පෙනෙන පරිද්දෙන් අධිෂ්ඨාන කොට මඳක් ඉවත් ම වැඩසිටි සේක.
බුදුන්ගේ පියවර එබූ තැන්හි පෙනෙව යි යන අධිෂ්ඨානයක් ඇතිව විනා නො පෙනෙන්නේ යි. මෙ තේ දෙනාට පෙනෙව යි අධිෂ්ඨාන කළ කල ඔවුන්ට මුත් සෙස්සවුන්ට නො පෙනෙයි. මෙ තෙක් කල් තිබෙව යි අධිෂ්ඨාන කළ කල සතර මහ දිවයින වැසි වැස එක හෙළා වතුරු හෙළා නමු දු කෙ තෙක් ඇත් අස් ගව මහීෂාදීහු මැඩ ගෙන යෙත් නමුදු කෙසඟක් පමණ තෙනට ත් උවදුරෙක් නො වෙයි. ඒ පියවර මකන පිණිස ඉදින් ඍද්ධි මත් කෙණෙක් වෙරම්බ බාත ය වැනි මහා සුළඟක් මවා පෑවාහු වී නමුදු බුදුහු පියවර එබූ තෙනින් ලේඬිත්තක සා රජස් සුඟකුත් සොල්වා පිය නො හෙති. කිසි කෙණෙකුදු පියවර මකාලිය නො හෙති.
ඉක්බිති බැමිණි බමුනා මුහුණ බලා ‘ඒ තොප දුටු තැනැත්තෝ කොයි දැ’ යි විචාලී ය. එ බසට බමුණු ‘උන් මෙ තැන්හි සිට වාලා ගියෙහි. කොයි ගියෝ දෝ හෝ’ යි බලනුයේ වැඩ සිටි තැන එබූ ශ්රීතපද ය දැක මේ උන් සිටි පියවර ය යි බුදුන්ගේ ශ්රීබපාද ය දැක්වි ය. බැමිණි පියවර පබා පියා තමා වෙදත්රයයෙහි කෙළ පැමිණි බැවින් හා ලක්ෂ්ණ මන්ත්රැ දන්නා හෙයින් හා පියවර සල කුණු බලා, බමුණ, තෝ කුමක් කියයි ද? මේ ගෑනුන්ගේ කන නැමැති මස් ගඬුවෙහි තමන්ගේ ළය පහරවා අපවිත්රව කරණ කෙණකුන් එබු පියවරෙක් නො වෙයි. දෙ තිස් කුණු කොට සකින් යුක්ත වූ ගැහැණියගේ බොල් කෙළ නැමැති අසූචි පිරුණු මුඛ නැමැති වැසිකිළියට තමන්ගේ මුහුණ යොමු කරණ කාමා තුර කෙණෙකුන්ගේ පියවරෙක් නො වෙයි. බොහෝ කොට දෙඩිමෙන් කිම් ද? එකානතයෙන් පඤ්ච කාම සෙවන ය කරණ කෙණෙකුන්ගේ පියවරෙක් නො වෙයි. හුදක් රාගයට දුරු වූ දොෂයට විෂ වූ, මෝහයට අදෘශ්යාැඤ්ජනයක් හා සමාන වූ සකල
232 සද්ධර්මකරත්නාවලි ය
ක්ලෙශයන් ප්රකහීණ කොට සියල්ල දත්තා වු උතුමාණ කෙණෙ කුන්ගේ පියවරෙක් ම ය යි කියා පියවර සලකුණු දක්වන්නාහු මතු කියන ගාථාව කීහ.
“රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ
දුට්ඨස්ස හොති සහසානුපීළිතං පදං, මළ්හස්ස හොති අවකංඪිතං පදං විවත්තච්ඡද්දස්සිදමීදිසං පදං යි
ඉක්බිති බමුණා කියනුයේ ‘හෙම්බල බැමිණි ය, තෝ තළියේ පැනෙහි කිඹුලන් දක්නා එකක වැන්නේ හි ය. ගෙ මැද සැඟ වී වසන සොරුන් දන් එකක් ද වැන්නෙහි ය. තෙල මැත නො දොඩා බැණ නොනැඟී හිඳව’යි කීය. එ බසට බැමිණි තොමෝ ‘හෙම්බාල බමුණ, තා බමුණු කුලයෙහි ඉපද ත් මෙ පමණ ශාස්ත්රි මාත්ර යක් පවා දන්නා නො කල තා කැමැත්තෙක් ම කී ය. තෝ කුමක් කියයි නමුත් මේ පඤ්චකාම ගුණයෙන් සේවනය කරන කෙණෙකුන් ගේ පියවරෙක් නො වේ ම ය’ යි කිව. එ තෙපුල් අසා බමුණු ඈත මෑත බලනුයේ අමා පිඬක් සේ වැඩ සිටි බුදුන් දැක ‘අර මා කී තෙනැත්තෝ මු වෙද්දැ’ යි කියමින් බුදුන් කරා එළඹ ‘හෙම්බල මහණ, මා දුව තොපට සරණ පාවා දෙනු නිසා ගෙනාමි. පාවා ගන්ව’ යි කී ය.
එ තෙපුල් අසා බුදුහු ‘තොප ගේ දියණියන් ෙගන් අපට ප්ර.යෝජන ඇත නැත’ යටන දෙන ම නො වදාරා බමුණ, තට එක් කාරණයක් කියමි’ වදාරා - කිය මහණැ’ යි කී කල්හි මහාභිනික්මණ පටන් වදාරණ සේක් ‘එම්බල බමුණා, සසරෙහි කළ භයින් දිව්යනපුරයක් හා සමනා කිඹුලවත් පුර ය වැනි රාජධානියක් හා, යසෝ ධාරාවන් වැනි අගබිසෝ කෙණකුන් හා රහල් කුමරුවන් වැනි පුත් රුවනක් හැර හස්තප්රානප්ත වූ චක්ර වර්ති රාජ්යායෙහි ලොභ නො කොට සතළිස් දහසක් පමණ දෙවඟනන් බඳු වරඟනන් උන්නා වු රාජභවනයෙන් මධ්යහම රාත්රිෙයෙහි පිටත් ව දිවන්නමෝ සැපින්නක් හොත් තුඹසෙක ලොභ නො කොට දිවන්නා සේ පසු නො බලා දිවුම්හ. සාවුරුද්දක් මුළුල්ලෙහි අප පසු පස්සෙහි ඡායාවක් සේ ඇවිදිනා මාරයා පවා අපගේ කාම විතර්කලයකු දු සොයා ගත නොහී මසැ යි සිතා කෑල මල් රැක ගෙන හුන් කැණ හිලකු සේ සිට වෙහෙසී පියා පලා ගියේ ය. සාවුරුද්දක් මහා වීය්ය්හි කොට ඉක්බිති බෝ මැඩ විදුරසුන් නැඟී මාර පරාජය කොට වා පොළොවෙහි පටන් අකනිටා බඹ ලොව දක්වා දස දහසක් සක්වළ එක පැහැර වෙවුල් පියා බුදු වුම්හ.
23. මාගන්දිය ගේ කථාව 233
පසු ව පියාට වූ පරිභව පසිඳුම්හ යි කියා වහසි බැණ ගෙන ආවා වූ අරතී ය, රතී ය. රාගා ය, යන මාර ස්ත්රීීන් තුන් දෙනාගේ එ වැනි තුන මුහුණට අනිත්යප ය. දුඃඛ ය, අනාත්ම ය යන තුන් ලකුණු ම යෙදු බව මුත් රාගයක් නො යෙදුම්හ. කාමයෙහි අග පැමිණි ස වැනි දෙව් ලොව එ වැනි දිව්යු ස්ත්රී න් දැක පවා රාග විත්තයක් නො ඉපද වූ අපි දැන් තාගේ දුව ය යි කියන ලද අසුචි හා මුත්රා පිරූ නව සිල් බඳනෙහි ලොභ කරමේ ද? එසේ වූ තාගේ දුව අතින් ළං කොට සිප ගන්නා තබා පා පිස්නා බිස්සක් සේ පය පිස්නට පවා කැත ඇත්තම්හ’ යි වදාරා එ බව ගාථාවකින් දක්වන සේක් :
‘ දිස්වාන තණ්හං අරතිං රගඤ්ච,
නාහොසි ඡනන්දො අපි මෙථුනස්මිං, කිමෙවි දං මුත්තකරීසපුණ්ණං, පාදාපි නං සම්ඵුසිතුං න ඉච් ඡෙ” යි.
මේ ගාථාව වදාළ සේක. ගාථාවගේ අවසන්හි බමුණා හා අඹුව හා දෙ දෙන අනාගමි වූහ. බමුණාගේ දූ තෙමෝ බුදුන් වදාරණ බස් අසා ‘නො කැමැති කල නො කැමැත්තෙමි නො කියා අපිස්කම් පානේ, අප වැන්නවුන් අසුචි බඳනක් කොට බැණ ලා ද? කුමක් වේ ව යි මට සුදුසු වූ කුල, උපදෙස්, වයස්,ෙභාග සම්පත් ඇති සමණ ෙකණකුන් ෙකරෙහි උන් දවසෙක මට බිිණූ පරිභවයට සිදුසු සේ වෛර පා කොට මහණ භවත් මට බිණූ පරිභවයට සුදුසු සේ වෛර පා කොට මහණ භවත් ගොයුම් හට කියැටියක්1 කියවමී’ බුදුන් කෙරෙහි වෛර බැන්දී ය.
කිමෙක් ද? බුදුහු ඈ තමන් වහන්සේ කෙරෙහි වෛර බඳිනා බව දන්නා සේක් ද, නොහෝත් නො දන්නා සේක් ද යත් :- දන්නා සේක් මැ යි. ඉඳින් දන්නා කල කුමක් පිනිස ගාථාව වදාළ සේක් ද යත්’ ඇෙග් මවුපිය දෙ දෙනාට වන්නා වු වැඩ සඳහා වදාළ සේක. හේ එසේ මැ යි. සර්විඥවරයෝ ඒ ජාතියෙහි අධිගම ලබන්ට හේතු නැති අභව්ය. පුද්ගලයන් වෛර බැඳ අපා යෙහි උපදිතොතිනුත් ඔවුන් නො බලා ම මාර්ගව ඵලාධිගමයට සුදුස්සවුන්ගේ වශයෙන් බණ දෙසන්නාහු මැයි.
ඉක් බිති මවු පිය දෙ දෙන ඈ කැඳවා ගෙන ගොසින් සුළු පියාණන් අතට පාවා දී තුමු බුදු සසුන් වැද මහණ ව රහත් වූහ. එ කල ඇගේ සුළු පියා සිතනුයේ ‘මා ගේ දියණියෝ එ සේ මෙ සේ ලාමක සත්ව. කෙණකුන්ට සුදුසු කෙණෙක් නොවෙති. එක් රජ්ජුරු කෙණකුන්ට ම සුදුස්සහ’ යි සිතා ඈ කොසඹෑ නුවරට කැඳවා ගෙන
1. කියවියක්.
234 සද්ධර්මිරත්නාවලි ය
ගොසින් පා මුදු - පාඩගම් ආදි වූ සියලු ආභරණෙයන් දෙවඟනක සේ සරහා මේ ස්ත්රී රත්න ය මුඹ වහන්සේට සුදුසු ය යි උදේනී රජ්ජුරුවන්ට පාවා දින. රජ්ජුරුවෝ ඇගේ රූපශ්රී් බලා උපන්නා වූ ස්නෙහ ඇති ව අභිෂෙක කොට පන් සියයක් ස්ත්රී න් පරිවාර කොට දී අග මෙහෙසුන් කළහ.
මෙ සේ රජ්ජුරුවන්ට පන් සිය පන් සිය ස්ත්රීහන් විසින් පරිරවණ ලද අග මෙහෙසුන් බිසෝවරු තුන්දෙනෙක් වූහ. එ සමයෙහි ඝොෂක සිටාණෝ ය, පාවාරිය සිටාණෝ ය, කුක්කුට සිටාණෝ ය යි කොසඹෑ නුවර සිටුවරු තුන් දෙනෙක් වූහ. එහු වස් වසන කාලය ආසන්න වූ කල්හි පන් සියයක් තාපසවරුන් හිමාලයෙන් අවුත් නුවර පිඬු සිඟා ඇවිදිනවුන් දැක පැහැද තම තමන්ගේ ගෙවලට කැඳවා ගෙන ගොස් වඩා හිඳුවා මියුරු අහර වළඳවා එහි ම වසන පරිද්දෙන් ප්රාතිඤා කරවා ගෙන ගොස් වස් සාර මස තමන් හැම කෙරෙහි වස්වා වස් අන්තයෙහි නැවත වස් වසන සමයෙහි එන පරිද්දෙන් ප්රැතිඥා කරවා ගෙන යැවූ හ. තාපස්වරු එ තැන් පටන් අට මසක් හිමාලයෙහි හිමාලයෙන් එන්නා වූ අතර මඟ එක් වල් කඩක මහත් වූ නුඟ රුකක් මුල සැතපී උන්හ.
ඔවුන් අතුරෙන් වැඩි මහලු තාපසයෝ සිතන්නාහු ‘ මේ සාමහත් නුඟ ගස වසන දේවතාවා මහෙශාඛ්ය දෙවතාවකු වූව මානව. ඔහු දැන් අප හැම වළඳන පැනක් දුන් හොත් යහපතැ’යි සිතූහ. එවුන් සිතූ සිත දැන දේවතාව තාපසවරුනට පළඳනා පැන් දින. නැවත නහන පැන් දුන් හෝත යහපතැ යි සිතූහ. දේවතාව නහන පැන් ද එළවී ය. ඉක් බිති වළඳන ආහාරයක් දුන් හොත් යහපතැ යි සිතූහ. දේවතාවා ආහාරය ද එළ වී ය. ඉක් බිති තාපසයෝ සිතන්නාහු ‘මේ දේවාතාව අප සිතූ සිතූ සියල්ල ම දෙයි. ඔහු දුටුමෝ නම් යහපතැ යි සිතූහ. එ කල්හි දේවතාවා ගස කඳ පළා ගෙන තමාගේ දිව්යු වේශ ය දැක්වී ය. තාපසයෝ දේවාතාවා දැක ‘තොපගේ සම්පත්තිය ඉතා මහත. කවර කුශලයක් කළා දැ’ යි විචාරා ‘ස්වාමිනි, මුඹ වහන්සේලාට ඉන් ප්ර යෝජන කිම් ද ? ඒ නො විචාරා තිබූ පුව මැනැවැ’යි කී කල්හි ‘දිව්යව රජ්ජුරුවෙනි, තොපගේ රූප සම්පත්ති හා ආනුභාව දැක ඉතා පහන් සිත් ඇතියම්හ. තොප පූර්ව භාගයෙහි කළ කුශලය ද අසන්නා කැමැත්තඇම්හ’ යි කීහ.
ඒ දේවතාවාද තමා කළ කුශල ය යන්තමක් හෙයින් ලජ්ජා වෙන් කියන්ට මැළි ව නැවත නැවත තාපසයන් ගත් හැඟි ව
23. මාගන්දි ය ගේ කථාව 235
විචාළ කල්හි එ සේ වී නම් ඇසුව මැනැවැ’යි කියා තමා කළ කුශල ය පළ කොට කීය. ඒ දේවතාව වනාහි පළමු ජාතියෙහි දිළිඳු ව බැළ මේ සොයා ඇවිදිනේ අනේ පිඬුසිටාණන් කරා ගොස් එ පවත් කියා සිටාණන්ට බැල මේ කොට ජිවත් වෙයි.
ඉක්බිති එක් පොහෝ දවසක් පැමිණි කල්හි අනේපිඬු සිටානෝ විහාරයට ගොසින් අවුත් ගෙට වැද ‘එම්බා, මේ ගෙයි බැළ මේ කරණ තැනැත්තවුන්ට අද පොහොය බව කී කෙණෙක් ඇද්දැ’යි විචාරා නැතැ යි කි කල්හි ‘ එ සේ වි නම් ඔහු පමණකට රෑට පත් පිසව’ යි කියා සාල් නැළියක බෙත් පිසවා තුබූහ. ඉක්බිති ඒ තෙම දිවා භාගයෙහි වල කළමනා මෙහෙරව කොට සවස අවුත් බත් ලා දුන් කල්හි බඩ සා වේ දැ යි යුහු ව බත් කා නොපියා සිතනුයේ “මෙ තෙක් දවස් මේ ගෙයි මේ වේලාවට බත් ලව, කොමු ලව, මාළු ව’ යි මහා කෝලාහල කෙරෙති. අද හැම දෙන ම නිශ්ශබ්ද ව වැද හොවිති. මා එක තැනැත්තවුට බත් ලූහ. කාරණ කිම් දෝ හෝ’ යි සිතා ‘මේ ගෙයි සේසෝ බත් කවුදැ’ යි විචාරා නො කෑවු ය යි කී කල්හි කුමක් නිසා පත් නො කෑවූ දැ යි විචාරා ‘මේ ගෙයි පොහෝ දවස් සවස් බත් නො කති. සියල්ලේ ම පෙහෙ වෙති. යටත් පිරිසෙයින් කිරි බොන දරුවන් දක්වා ත් මුඛ සෝධවා චතුමධුර මුඛයෙහි බහා පෙහෙ කරවති. සුවඳ තෙල් පහන් දැල් වු කල්හි කුඩා මහත් බාල දරුවෝ පවා තම තමන් හෝනා ඇඳ ආදිය නැඟී හිද ද්වත්තිංසාකාර කමටහන පිරිවහති. අපි තොපට අද පොහෝ දවස නියාව සිහි මඳ ව නො කීම්හ. එ සේ හෙයින් තොප විවරකට බත් පිසුම්හ බත් කව’ යි කීහ.
එ තෙම එ වේලෙහි ‘ඉදින් දැනු ත් පෙහෙ විම යහපත් වී නම් මම ත් පෙහෙ වෙමි’ කියා ඒ යහපත - නපුර සිටාණන් වහන්සේ දන්නා සේක. අපි නො දනුම්හ’ යි කි කල්හි ‘එ සේ වී නම් සිටාණන් වහන්සේ අතින් විචාරව’ යි කියා යවී ය. ඔහු ද ෙගාසින් සිටාණන් අතින් එ බවත් විචාළහ. එ කල සිටාණෝ ‘දැන් බත් අනුභව නො කොට මුව ශුද්ධ කොට පෙහෙවුව හොත් අඩාළ පොහොයෙහි අනුසස් ලැබෙ’යි කීහ. එ තෙපුල් අසා එ තෙම මුඛ ය සෝදා එ වේ ලෙහි ම පෙහෙ වි ය. එ කල දහවල් මුළුල්ලෙහි ම මෙහෙවර කොට සයින් පීඩිත වු ඔහුගේ ශරීරයෙහි එක පැහැර රුජා පහරන්ට වන. එ කල්හි ම එ තෙම රුජාව ඉවසිය නොහඋ රැහැණක් බැඳ යොත් කෙළවර අතින් අල්වා ගෙන පෙරළෙන්නට වන. අනේපිඬු සිටාණේ එ පවත් අසා
236 සද්ධර්මාරත්නාවලි ය.
මිනි දඬු වැට පහන් අවුළුවා ගෙන, චතුමධුර ගෙන්වා ෙගන ඔහු ළඟට ගොසින් ‘දරුව, මේ කිමෙක් දැ’ යි විචාරා ස්වාමීනි, ශරීරයෙහි රුජාවක් පහරන්නේ’ යි කී කල්හි ‘එ සේ වී නම් නැඟී සිට මේ බෙහෙත් අනුභව කරව’ යි කීහ. එ තෙපුල් අසා ඔහු ‘ස්වාමීනි, සුඹ වහන්සේ බෙහෙත් රෑ දවස අනුභව කරණ සේක් දැ’යි විචාළා කල්හි සිටාණෝ ‘අපට ශරීර අපාසුවක් නැති වුව අප ගේ ස්වරූප නො විචාරා තෙපි බෙහෙත් කව’ යි කීහ. එ තෙපුල් අසා ‘ස්වාමීනි, පෙහෙවස් රක්නා වු මම දවස පුරා ත් පෙහෙව ගත නොහුනු වෙමි’ යි. යන පණ යේ නමුත් මේ අඩාල පෙහෙවසට වියවුලක් නො කෙරෙමි’ යි කියා නැවත සිටාණන් කිව ද පෙහෙවසට අන්තරායෙක් වේ දෝ හෝයි යන භයින් බෙහෙත් අනුභව නො කොට දෙ වන දවස් අරුණු නැගෙන වේලෙහි මළා ගිය මල් දමක් සේ කාල ක්රි යා කොට ඒ නුග ගස දිව්ය පුත්ර් ව උපන.
එ සේ හෙයින් ඒ දිව්ය පුත්ර් තෙම මේ කාරණ ය කියා ‘එකල මට පිට වහල් වු අනේපිඬු මහ සිටාණෝ බුද්ධරත්න ය, ධර්ම රත්න ය, සංඝරත්න ය යන තුනුරුවන්හි මමත්වහ ය ඇතියහ. ඒ සිටාණන් නිසා රැක්කා වු අඬාල පොහොයෙහි අනුසසින් මම මේ සම්පත් ලදිම’ යි කීහ. බුදුහු යන නම අසමින් රත්නත්රියෙහි භක්ති ප්රෙපමයෙන් පිරී ගියා වූ සිත් ඇති ව පන් සියක් තාපසරු හැම දෙන ම හුනස්නෙන් පැන නැඟී දේවතාවා දිසාවට නැමී දොහෝත් මුඳුනෙහි තබා ගෙන ‘තොප කියන්නේ බුදුහු ය යි යන නමෙක් දැ’ යි විචාරා එ සේ ය යි කි කල්හි එ පරිද්දෙන් ම තුන් විටෙක විචාරා තුන් විට ම ‘එ සේ ය , බුදුහු ලොව උපන් සේක, ධර්ම් රත්න ය ද පහළ වී ය. ඒ වූ පරිද්දෙන් පිළිපදනා සඞඝ රත්නය ද ලෝකයෙහි පහළ වි ය’ යි කී කල්හි :-
“ඝොසො’ පි සො දුල්ලභො ලොකස්මිං,
ඝොෙසා’ පි සො දුල්ලහො ලොකස්මිං.
යනාදීන් තුන් විටෙක උදන් පවත්වා ‘බුද්ධ’ යන ශබ්ද ය පවා ලෝකයෙහි ඉතා දුර්ලභ ය. එ සේ වූ බුදුන් දැක්මෙක. වදාරණ බස් ඇසීමෙකැයි කි කල අතිශයින් ම දුර්ලභය. එ සේ හෙයින්, දේවතාවාණෙනි, තොප නිසා නො එක් කප් සුවහසෙ කිනු ත් ඇසි ය නො හැකි ඉතා අපූර්වි වූ තුනුරුවනැ යි යන ශබ්ද යක් ඇසූම්හ’ යි කීහ.
ඉක්බිති අත වැසි තාපසවරු වැඩි මහලු තාපසයන්ට කියන්නාහු ‘මෙ බඳු වූ ඉතා දුර්ලභ වූ තුනුරුවන් ලොකයෙහි පහළ වූ බව අස අසා ප්ර මාද වීම යුක්ත නොවේ යි. දැන් ම වහා බුදුන් දකින්ට යම්හ’යි කීහ. එ තෙපුල් අසා වැඩි මහලු තාපසයෝ 23. මාගන්දිූය ගේ කථාව 237
හෙම්බා දරුවෙනි, කොසඹෑ නුවර සිටුවරුන් තුන් දෙන අපට බොහෝ උපකාරයහ. සෙට ඔවුන් ගෙයි දී වළඳා ලෙවා තුනුරුව්න පහළ වූ බව ඒ සිටුවරුන් තුන් දෙනා ත් කියා ගෙන යම්හ. ඒ තාක් ඉවසව’ යි කියා අත වැසි තාපසවරුන් ගිවිස්වා ගෙන එ දවස් රැඳුනාහ. ෙද වන දවස් සිටුවරුන් තුන් දෙන කැඳ - බත් පිළියෙළ කරවා, හිඳිනා අසුන් පනවා අද අපගේ තාපසවරුන් වහන්සේ වඩනා දවස ය යි නියම දැන පෙර ගමන් කොට ගොසින් තාපසවරුන් දැක වැඳ කැඳවා ගෙන තම තමන්ගේ ගෙවලට ගොසින් පනවන ලද ආසනවල්හි වඩා හිඳුවා අහර වැළඳවූහ. ඒ තාපසවරු අහර වළඳා ඉක් බිති ‘අපි යම්හ’ යි සිටුවරුන්ට කීහ. සිටුවරුන් තුන් දෙනා ‘ස්වාමීනි, වැසි සාර මස මෙහි ම වස් වසන ලෙස අපි හැම දෙනා වහන්සේ ගෙන් ප්රිතිඥා ගතුමෝ වේ ද? දැන් කොයි වඩනා සේක් දැ’යි විචාළහ. එ කල්හි තපසවරු කියන්නාහු “බුද්ධ රත්න ය, ධර්මද රත්න ය, සඞඝ රත්න ය යන ත්රි විධර්තන ය ලෝකයෙහි පහළ වි ය. එ සේ හෙයින් බුදුන් දකින්ට යම්හ’ යි කීහ.
එ බස් ආස සිටුවරු ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලා බුදුන් දකින් යන ගමනෙක් වි නම් අපි ත් ඒ බුදුන් දකින්ට යම්හ’ යි කීහ. එ කල තාපසවරු ‘එම්බා උපාසකවරීනි, තොප හැම ගමනට සැරසී නික්මෙන කල කල් යෙයි. අපි පළමු ව ගොස් බුදුන් දකුම්හ. තෙපි හැම පස්සෙහි එව’යි කියා තුමූ හැම පළමු කොට ගොස් බුදුන් දැක මහත් වූ ප්රීැති ප්ර සාදයෙන් ස්තුති කොට රත් මලසුන් පෙළෙක රත් නෙළුඹු කැකුළු පුදනු වන් සේ දොහෝත මුඳුනෙහි තබා වැඳ එකත් පස් ව උන්හ. ඉක්බිති බුදුහු ඔවුන්ගේ අදහස් බලා චරිතානුකුල පරිද්දෙන් දාන කථා ය, සීල කථා ය වනාදී වු අනුපූර්වච කථා දක්වා බණ වදාළ සේක. ඒ ධර්මු දේශනාව කෙළවර ඇම දෙන ම සිවුපිළිසිඹියාපත් රහත් ව බුදුන් සමීපයෙහි පැවිදි ඉල්වා ඉක් බිති බුදුන් විසින් දකුණත දිග කොට ‘මෙ සේ එව, මහණෙනි, වදාළ බස හා සමඟ ඍද්ධිමය පා සිවුරු ධර ව භික්ෂු භාවයෙන් මහණ ව බුදු සසුන් බැබළවූහ.
ඉක් බිති කොසඹෑ නුවර සිටුවරුන් තුන් දෙන ද පන්සියයක් ගැල් පුරා ගිතෙල්, මී සකුරු, බත් , සාල්, පිළි ආදිවූ දානොපකරණ ගෙන්වා ගෙන සැවැත් නුවරට අවුත් බුදුන් දැක වැඳ බණ අසා තුන් දෙන සේවාන් පෙලෙහි පිහිටා ගෙන්වා ගෙන ගිය දානොපකරණයෙන් දන් දෙමින් අඩ මසක් පමණ
238 සද්ධර්මාරත්නාවලි ය
කල් බුදුන් කෙරෙහි වැස කොසඹෑ නුවරට වඩාන පරිද්දෙන් බුදුන්ට ආරාධනා කොට ඉක් බිති ‘බුදුන් විසින් ‘හෙම්බා ගෑහපතීනි! ශූන්යාදගාරයෙහි සර්වඉඥවරයෝ සිත් අලවතී’ වදාල කල්හි ‘ස්වාමීනි, වදාල අභිප්රාුය හැඟින. වඩනට ආරාධනා කොට එවු කල වැඩිය මැනැවැ’යි සැළ කොට පෙරළා කොසඹෑ නුවරට ගොස් ඝොෂක සිටාණෝ ඝොෂකාරාමය කැරවූ ය. කුක්කුට සිටාණෝ කුක්කුටාරාමය කැරවූ ය. පාවාරිය සිටාණෝ පාවාරිකාරාමය කැරවූ ය යි මෙසේ සිටුවරුන් තුන් දෙන තුන් මහා විහාරයක් කරවා බුදුන් වඩනට අසුන් යවුහ. බුදුහු ඒ අසුන් අසා ඔවුන් කෙරෙහි කරුණාවෙන් කොසඹෑ නුවරට වැඩි සේක.ඉක් බිති සිටු තුන් දෙන බුදන් වැඩි පවත් අසා මහත් වූ පූජා සත්කාර කෙරෙමින් පෙර ගමන් කොට විහාරයට වඩා ගෙන ගොස් වෙන වෙන මුර සලස්වා ගෙන බුදුන්ට උපස්ථාන කෙරෙති. බුදුහු ත් ඔවුන් කෙරෙහි කරුණාවෙන් එ කී එ කි දවස් එ කි එ කී විහාරයෙහි වසන සේක් උන් උන්ගේ විහාරයෙහි ලැගි දවස් උන් උන්ගේ ගෙට ම වඩනා සේක.
ඒ සිටුවරුන් තුන් දෙනාට උපස්ථාන කරන්නා වූ සුමන නම් මාලා කාරයෙක් සිටුවරුන් කරා එළඹ ‘ස්වාමිනි, මම බොහෝ කලක පටන් මුඹ තුන් දෙනා වහන්සේට උපස්ථාන කොට සිටියෙමි. ඊට මට අනික් ප්ර්ත්යු පකාරයක් නොකළ මැනව, එක දවසක් දන් දි ගන්නා පරිද්දෙන් බුදුන් වහන්සේ මට අළ මැනව, එසේ කළ සේක් වී නම් ඊට වඩා උපකාර නැතැ’යි කීහ. සිටුවරු තුන් දෙන ඔහුගේ බස් අසා ‘එ සේ වී නම් සෙට එක දවසට අවසර දෙම්හ. දන් දෙව’ යි කීහ. එ තෙපුල් අසා මාලා කාරයා සක් රුවන ලද සක්විති රජකු සේ මහත් වූ සන්තොෂයෙන් පිනා යහපතැ යි ගිවිස බුදුන්ට ආරාධනා කොට දානොපකරණ සැපයි ය.
—— + ——
24. සාමාවතී මරණ පරිදීපත කථා
[සංස්කරණය]එ සමයෙහි උදේනි රජ්ජුරුවෝ දවස් පතා සාමාවතීන් පළදින්ට මල් ගන්නා පිණිස අට මස්සක් තබා දෙති. ඒ රන් ගෙන සාමාවතීන් ගේ බුජ්ජුත්තරා නම් දාසියක් සුමන නම මාලා කාරයා ළඟට ගොසින් සවස් පතා මල් ගෙනවුත් සාමාවතීන්ට දෙයි. එ දවස් සුවන මාලා කාර තෙම සාමාවතීන් ළඟ සිට මල් ගන්ට ආවා වූ ඛුජ්ජුන්තරාව දැක ‘අද මම බුදුන්ට ආරාධනා කෙළෙමි . වළදා ඉක්බිති සුවඳ මලින් බුදුන් පූජා කෙරෙමි. තෝ සිට වළඳන තෙන සහාය ව වතා වත් කොට බණ අසා ඉතිරි මලක් ඇත. ඇරගෙන ය’ යි කී ය. හෝ ද ‘යහපතැ’ යි ගිවිස්සා ය.
24. සාමාවතී මරණ පරිදිපන කථා 239
සුමන මාලා කාර තෙම බුදු පාමොක් මහ සඟ පිරිස වළඳවා අනු මෙවෙනි බණ පිණිස පාත්රා ය ගෙන සිටියේ ය. ඒ වේලෙහි බුදුහු මිහිරි කට හඬින් අනුමෙවෙනි බණට පටන් ගත් සේක. ඛුජ්ජුත්තරා තොමො බුදුන් වදාරණ බණ අසා සිටියා ම දහසක් නයින් හෙබියා වූ සෝවාන් ව පෙලෙහි පිහිටියා ය.
ඕ තොමෝ සෙසු දවස් අටමස්සෙන් සතර මස්සක් සඟවා ගෙන සතර මස්සෙක මල් ගෙන ගියා ය. එ දවස් සොර සිත් සහ මුලයෙන් සුන් හෙයින් අට මස්සෙහි ම මල් ගෙන ගියා ය. සාමාවතී ඒ මල් බොහෝ නියාව දැක ‘මෑණියෙනි, අද අපට රජ්ජුරුවන් වහන්සේ මල් මිල බොහෝ කොට දී පූ සේක් දැ’යි විචාළා ය. ඛුජ්ජුත්තරා තොමෝ ‘නැත ස්වාමිනි කිව. ‘එ සේ කල අද මල් බොහෝ වන්ට කාරණ කිම් දැ’යි කී කල්හි ‘ස්වමීනි, මම මෙතෙක් දවස් මලට ගෙන යන අට මස්සෙන් සතර මස්සක් සොරා ඇර ගෙන සතර මස්සෙක මල් ගෙනාමි එ සේ හෙයින් මෙ තෙක් දවස මල්බොහෝ නො වෙ’ යි කිව. අද කුමක් නිසා නො ගත්තෙහි දැ’ යි විචාළ කල්හි ඛුජ්ජුත්තරාවෝ මා මල් ගෙනෙන්ට ගිය මාලාකාරින්ගේ ගෙයි පන් සියයක් පමණ මහ සඟ පිරිවරා වැඩ හිඳි වැළඳු ගනරන් කඳක් සේ දිලියෙන ශරීරයක් ඇති සියල්ල ගෙවා දත් බුදුරජාණ කෙණෙකුන්ගේ පෙර මා නො ඇසූ විරූ මිහිරි බසක් අසා සක්කාදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමස යන තුන් දොස් හා සමඟ සියලු පව් දුරු කොට සෝවාන් පෙලෙහි පිහිටි හෙයින් අද අට මස්සෙහි ම මල් නො වළහ ගෙනාමී’ කිවූ ය.
ඉක්බිති’ හෙම්බල කෙල්ල, මෙ තෙක් තී සොරා හැර ගත් ඇම මසුරන් ම වහා ගෙනෙව’ යි නො දොඩා එ බස් අසා සාමාවතී ප්රීරතින් පිනා ගොසින් ‘මෑණියෙනි, ඒ තොප පූ දහම් අමා අප විසිනු ත් පිය හැකි දැ’යි කිව. ඒ තෙපුල් අසා ඛුජ්ජුත්තරාවෝ ‘එ සේ ය, පියා හැක්කේ ‘යි කියා ‘ එ සේ වි නම් ඉස් සෝධා නහවා පියව’ යි කී ය. එ කල සාමාවතී ඛුජ්ජුත්තරාවන් සුවඳ පැන් සොළොස් කළයකින් ඉස් සෝධා නාවා යහපත් සුදු පිළී සඟලක් දුන්නු ය. ඛුජ්ජුත්තරාවෝ එයින් එක් සුදු වතක් හැඳ එක් සුදු වතක් එකස් කොට පෙර ව ගෙණ පනවන ලද විසිතුරු ධර්මාහසනයකට නැඟී විසිතුර විජිනි පතක් ගෙන්වා අතින් අල්වා ගෙන පන් සියය්ක ස්ත්රීාන් හා සමග සාමාවතීන් කැඳවා බුදුන් වදාළ පරිද්දෙන් ම බණ කීහ.
240 සද්ධර්මයරත්නාවලි ය
ඒ බණ අසා සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ස්ත්රීහහු හුනස්නෙහි ම හිඳ සෝවාන් ව ඛුජ්ජුත්තරාවන් වැඳ ගෙන හෙ ව මෙ වෙනි නිවන් රසයක් දුන්නා වු තෙපි අද පටන් අපගේ මෑණියෝ ය. මෙ තැන්හි මින් සෙසු ෙමහෙයෙක් නො කරව. අපට මවු තනතුරෙහි සිට දවස් පතා බුදුන් සමීපයට එළඹ දෙසු දෙසූ බණ අසා ධරා ගෙන අවුත් අපට කියව’ යි කීවු ය. ඛුජ්ජුත්තරාවෝ එ පරද්දෙන් ම දවස් පතා බුදුන්ගෙන් බණ අසා අවුත් කියමින් පසු ව තෙවලා ධැරූ ය. ඉක්බිති බුදුහු ත් ‘එතදග්ගං භික්ඛවෙ මම සාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං බුජ්ජුත්තරා’යි යනාදීන් බහුශ්රැංත ව බණ කියන මාගේ ශ්රා්විකා උපාසිකාවන් කෙරෙහි ඛුජ්ජුත්තරාවෝ අග්ර යෝ ය’ යි එතදග්රා පාලියෙහි තබා වදාළ සේක.
ඉක්බිති ඒ පන්සියයක් ස්ත්රීවහු ඛුජ්ජුනත්තරාවන්ට කියන්නාහු ‘මෑණියෙනි, අපි හැම බුදුන් දක්නා කැමැත්තම්හ. දක්නා යම් පරිද්දකින් බුදුන් අපට දක්වා පියව. සුවඳ මල් ආදීන් බුදුන් ට පූජා කරණු කැමැත්තම්හ’යි කිවූ ය. ඒ අසා ඛුජ්ජුත්තරාවෝ ‘ආය්‍්දුන ාවෙනි, රජ ගෙයි කටයුතු නම් ඉතා බැරි දෙයෙක. තොප ඇම කැඳවාගෙන පිටතට යන්ට නො පිළිවනැ’ යි කියවු ය. ඒ අසා සාමාවතින් ඇතුළු වූ පන්සියයක් දෙන ‘මෑණියෙනි, බුදුන් නො දැක්මෙන් අපගේ ජිවිත ය නිෂ්ඵල කොට නොනසව කිසියම් උපායකින් බුදුන් දක්වා පියව’ කීහ. ඒ අසා ඛුජ්ජුත්තරාවෝ ‘එසේ වුවහොත් තෙපි තොප වසන්නා වු ගබඩාවල බිතත දෙ දෙනකු බැලියනො හැකි පරිද්දෙන් ඡිද්ර කොට තබා ලා ගඳ දුම් මල් පහන් ආදි ය සපයා ගෙන සිටුවරුන් තුන් දෙනාගේ ගෙවලට බුදුන් වඩනා වේලෙහි දැක වැඳ පුදා ගන්වා’ යි කීහ. ඔහු ද එපරිද්දෙන් ම සිට බුදුන් සිටුවරුන්ගේ ගෙට වඩිනා වේලෙහි ද වළඳා විහාරයට නික්මෙන වේලෙහි ද වළඳ විහාරයට නික්මෙන් වේලෙහි ද දැක වැඳ පුදා ගනිති.
ඉක්බිති එක් දවසෙක මාගන්දිව තොමෝ තමාගේ ප්රාවසාදයෙන් නික්ම සක්මන් කරන්නි ඔවුන්ගේ ප්රාළසාදයට අවුත් වෙන වෙන ගබඩාවල තුබූ සිදුරු දාක මේ කිමෙක් දැ යි විචාළාය. ඔහු ඈ බුදුන් කෙරෙහි වෛර බැඳි බව නො දැන බුදුහු නුවරට වැඩි සේක. අපි මෙ තැන සිට බුදුන් වැඳ පුදා ගන්නා පිණිස සිදුරු කළම්හ’ යි කීහ. ඒ අසා මාගන්දිු තොමෝ ‘මාගේ ශත්රැඑ වූ මහණ බවත් ගෞතමයන් මීට ආ පසු දැන් ඔවුන්ට හා ඔවුන්ට උපස්ථාන කරන්නා වූ මේ පන්සියයක් දෙනාට කටයුතු දනිමි’ යි සිතා රජ්ජුරුවන් කරා එළඹ ‘මහරජ, සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් දෙන
24. සාමාවති මරණ පරිදීපන කථා 241
පිටත අනාචාරයක් ඇති නියා ය. දෙ තුන් දවසකින් තොප දිවි ගනිතී’ කිව ඒ අසා රජ්ජුරුවෝ ඔහු එ සේ නො කෙරෙති. ඇගේ බස් නො ඇදවූහ. මෙ පරිද්දෙන් ම තුන් වරෙක කියා රජ්ජුරුවන් නො අදහන හෙයින් ‘එ සේ වී නම් මා ගේ බස් නො අදහස පසු, මහ රජ, තෙපි ම ගොසින් උන් වසන්නා වූ ගබඩාවල් පරීක්ෂාු කරව’ යි කීහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ගොස් බලන්නාහු වසන ගබඩාවල සිදරු දැක ‘මෙ කිමෙක් දැ’ යි විචාරා එ පවත් ඇති සැටියේ ම කී කල්හි ඔවුන්ට නොකිපී කිසිවකුට නො කියා සිදුරු වස්වා සියලු ම ගබඩාවල උඩින් ජාල කවුළු ලැවූහ. උඩින් සිදුරු ඇති සී මැදුරු1 කවුළු එ තැන් පටන් ඇති විය.
එ කල්හි මාගන්දි තොමෝ ඔවුන්ට කිසිවකුත් කරවා ගත නො හී ‘මොවුන්ට මා කිසිවක් කො ගත නොහෙත්, මහණ භවත් ගෙෘතමයන්ට ම කට යුත්තක් කෙරෙමි’ සිතා නුවර වැස්සන්ට අත්ලස්දී ‘මහණ භවත් ගෞතමයන් නුවරට සිඟා වන් කල්හි තෙපි හැම තොප තොපගේ කෙලි - කොල්ලන් හැර ගෙන ඒ ඒ තැන්හි සිට අක්රොපශ පරිභව බැණ ලුහුබඳවා පියව’ යි කීහ. ඒ අසා තුනුරුවනෙහි අප්රරසන්න වූ මිථ්යබදෘෂ්ටි ගතුවෝ ඇතුළු නුවරට සිඟා වන් බුදුන් දැක පසු පස්සෙහි ගොස් ගොස් ‘තෝ සොරෙක, අඥානයෙක, මුඪයෙක, ඔටුවෙක, ගොනෙක, කොටළුවෙක. තිරිසනෙක, නිරශ්වීනයෙක, තට සුගතියක් නම් නැත. දුගතිය ම තම අභිමත වේව’ යි යනාදී දශ විධ ආක්රොවශ පරිභව වස්තුවෙන් ආක්රොොශ පරිභව බණන්ට පටන්ගත්හ. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් දන්වන සේක් ‘ස්වාමීනි, මේ නුවර වැස්සෝ ඉතා තුනුරුවන්හි ප්ර්සාධ නැතියහ. ආක්රො ශ පරිභව බෙණෙති. මේ නුවර හැර අනික් නුවරකට යම්හ’ යි දැන්වූ සේක.
ඒ අසා බුදුහු ‘ආනන්දෙ ය, අප ගිය ඒ නුවර ඇත්තෝ ත් මෙ සේ ම පරිභව බෙණෙත් නම් අනික් කොයි යමෝ දැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, දඹදිව කුඩා නො ව ත් එසේ වූව එයින් අනික් නුවරකට යම්හ’ යි දැන් වූ සේක. ‘ ඒනුවර මනුෂ්යතයෝ ත් එ සේ ම බෙණත් නම් කොයි යමෝ දැ යි, ආනන්දොයෙනි’ විචාළ සේක. ස්වාමීනි, ඒ නුවරවාසීහු ත් එ සේ ම පරිභව බෙණෙත් නම් අනික් නුවරකට යම්හ’යි කී සේක. එ කල බුදුහු ‘හෙම්බා ආනන්දනය, ඒ යාම යුක්ත නො වෙයි. යම් තෙනෙක්හි අධිකරණයෙක් උපන් නම් එ තැන්හි ම ඒ අධිකරණ ය සන්හිඳි ගිය කල අනික් තෙනකට යන බව සුදුසු ය’ යි වදාරා ‘ආනන්දසයෙනි, කවුරු
1. සිවු මැදුර 242 සද්ධර්ම රත්නාවලි ය
ආක්රෝ ශ බෙණෙත් දැ’ විචාළ සේක. එ බසට අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, දශ - කර්මවකාරයන් පටන්ගෙන සියල්ලෝ ම බෙණෙති. දැන් වු කල්හි ‘හෙම්බා ආනන්දතයෙනි, මම නම් සටන් බිමට වන්නා වූ ඇතකු වැන්නෙමි. සංග්රා්ම භූමියට වන්නා වූ ඇතු සතර දිශාවෙන් න්නා වු ශර ප්රමහාරය ක්ෂ්මා කරන්නා සේ බොහෝ දුශ්ශීලයන් බණන පරිභව ක්ෂවමා කිරීම මට සුදුසු ම ය ’ යි තමන් වහන්සේ, තමන් වහන්සේ ම අරභයා බණ සෙන සේක් නාග වර්ගනයෙහි මෙ මතු කියන ගාථා තුන වදාළ සේක.
“අහංනාගොව සඞගාමෙ - චාපාතො පතිතං සරං,
අතිවාක්යංී තිතික්ඛිස්සං - දුස්සීලො හි බහුජ්ජනො.
දන්තං නයන්ති සමිතිං - දන්තං රාජභිරූහති දන්තො සෙට්ඨො මනුස්සෙසු - යො ‘තිවාක්යං් තිතික්ඛති.
වරමස්සතරා දන්තා - ආජානියා ච සන්ධවා, කුඤ්ජරා ච මහනාගා - අත්තදන්තො තතො වරං”
මෙහි අභිප්රානය මතු කියන නාග වග පළමු වන කථා වස්තු මෙහි ප්රිකාශ වෙන්නේ ය. එ සේ හෙයින් මෙ තැන්හි නො දක්වන ලද මේ ගාථා තුන්නි වදාළ බණ එතැන්හි පැමිණි ජනයන්ට බොහෝ වැඩ සැධී ය. මෙ සේ බණ වදාරා ‘ආනන්දෝයෙනි. නහමක් සිතව, මොහු සත් දවසක් පමණ බෙණෙති. අට වන දවස් ගොළුවන් සේ තුෂ්ණිම්බූත ව හිඳිත්. බුදුන් විෂයෙහි උපන් අධිකරණයෙක් ඇත් නම් සත් දවසකින් මත්තෙහි නො පවත්නේ ය’ යි වදාළ සේක.
ඉක් බිති මාගන්දිම තොමෝ බුදුන්ට ආක්රෝශ පරිභව බණවා එ නුවරින් නික්මවා පිය නො හි කුමක් කෙරෙම් දෝ හෝ යි සිතා බුදුන්ට උපස්ථාන කරන්නා වූ පන් සියයක් ගෑනුන්ට ව්යෝසනයක් කළ මැනැවැ යි කල්පනා කොට එක් දවසෙක රජ්ජුරුවන් රා බොන තෙන සිට උපස්ථාන කරන්නී තමාගේ සුළු පියා උන් තෙනට අස්නක් කියා යවුව. කෙ සේ ද යත :- නො මළ කකුළන් අට දෙනකු හා මළ කුකුළන් අට දෙනකු ඇර ගෙන එව. ඇවිදිනු ත් හිණි හිස සිට තමන් ආ බව රජ්ජුරුවන්ට දන්වා රජ්ජරුවන් ඇතුළට කැඳවා එවුව ත් ඇතළට නො වැද පළමු කොට නො මළ කුකළන් අට දෙන එවා මළ කුකුළන් අටදෙන පසු ව එවුව මැනැව’ යි කියා අසුන් යවා චුල්ලූපස්ථායකයාට ද තමා කීවාක් කරණ පරිද්දෙන් අත්ලස් දුන්නී ය.
24. සාමාවතී මරණ පරිදිපන කථා 243
මාගන්දීස බ්රීහ්මණයා ද ඈ කී පරිද්දෙන් අවුත් හිණි හිස සිට රජ්ජුරුවන් කියා එවා එන්ට කියව යි කියා යවු කල්හි රජ්ජුරුවන් රා බොන තැනට නො වදිමි’ කියා සිතට ම සිටියේ ය. මාගන්දි තෙමෝ පළමු කොට අත්ලස් දුන් චුල්ලුපස්ථායකයා කැඳවා ‘මාගේ සුළු පියාණන් සිටි තෙනට යව’ යි කියා යවු ය. හෙ තෙම ගොස් ඌ දුන්නා වූ නො මළ කුකුළන් අට දෙනා ගෙනවුත් ‘ස්වාමීනි, පුරොහිතයන් එවු පඬුෙරකැ’ යි රජ්ජුරුවන්ට දැක්විය. රජ්ජුරුවෝ කුකුළන් දැක ‘අපට යහපත් අවුළෙක් උපන. කවුරුන් ලවා පිසවමෝ දැ’ යි විචාළහ. මාගන්දිත තොමෝ ‘මහ රජ, සාමාවතීන් ඇතුළු වූ පන්සියයක් ගෑනු වූ කලී නිකම් ම හිඳිති. ඔවුන් ලවා පිසවා පියා ගෙන්වුව මැනැවැ’ යි කිව. ඒ අසා රජ්ජුරුවෝ ‘යව, තෙල ගෙන ගොස් ඔවුන්ට දී තෙල කුකුළන් අනික් කෙණකුන්ට නො දී තමන් මමරා පිස එවන්ට කියව’ යි මෙහෙවර කියා යවූහ. චුල්ලුපස්ථායක තෙම ‘යහපත දෙවයන් වහන්සැ ‘ යි ගිවිස කුකුණන් අට දෙන ගෙන ගොස් රජහු කී පරිද්දෙන් කියා ඔවුන් විසින් ‘අපි ප්රා ණ වධ නො කරම්හ’ යි ‘ඉදින් මළ කුකුළු වී නම් කී පරිද්දෙන් ම පිස එ වන්නමෝ වේ දැ යි ප්රනතික්ෂ ප කළ එකල්හි රජ්ජුරුවන් කරා අවුත් එ පවත් කී ය.
මාගන්දි එ පවත් අසා ‘මහ රජ, එ සේ කල දැන් ඔවුන් ප්රා ණ වධ කරණ නියාව ත් නො කරණ නියාව ත් පරීක්ෂා‘ කළ මැනැව. නුඹ වහන්සේට ය’ යි කී හෙයින් නො පිසූ බව මුත් ‘මහණ භවත් ගෞතමයන්ට පිස දෙව යි කියා යවුව හොත් දැන් මෙ තෙෙල් කකුළන් තුමූ ම මරා පියා ඇසිල්ලකින් පිස දෙති’ කිවූ ය. රජ්ජුරුවෝ එ සේ වී නම් එ පරිද්දෙන් ම කියා යවු ය, එ කල පළමු අත්ලස් ගත් චුල්ලුප්ස්ථායකයා ඒ කුකුළන් ගෙන යන්නක්හු මෙන් මඳක් තැන් ගොස් ඒ නොමළ කුකුළන් පුරොහිතයා අතට දි පියා මළ කකුළන් අට දෙනා අර ගෙන සාමාවතීන් ලඟට ගොස් “මේ කුකුළන් මස් කොට ඉඳුරා පිස පියා බුදුන් වළදව’ යි රජහුගේ මෙහෙවර බව කීයේ ය.
ඔහු ඒ උපක්ර ම නො දැන සැබවින් සැදැහැයෙන් කියා එවූ බසෙකැ යි සිතා මළ කුකුළන් හෙයින් “මේ අපට සුදුසු මෙහෙවෙරෙක් ම ය’යි කියමන් ඉදිරියට ගොස් කකුළන් ඇර ගත්හ. චුල්ලපස්ථායකා රජ්ජුරුවන් ළඟට ගොස් ‘කිමෙක් ද, සග ය’ යි විචාළ කල්හි ‘මහ රජ, ‘මහණ භවත් ගෞතමයන්ට මේ කුකුළන් පිස දන් දෙව’ යි කී ඇසිල්ලෙහි ම මා ඉදිරියට
244 සද්ධර්මකරත්නාවලි ය
අවුත් ඇර ගත්හ’ යි කීහ. එ කල්හි මාගන්දිට තොමෝ ‘මහර රජ, නුඹ වහන්සේට ය’ යි කී ‘ කල ප්රාලණවධ නො කරම්හ’ යි දැමි කම් කියා ගෙන නො පිසන නියාව ත්, ශ්රකමණ භවත් ගෞතමයන්ට ය යි කී කල පිසන නියාව ත් දැන් ම දුටුසේක් වේ ද? උන් ඇම ගේ තරම දැන් මා නො එක් වාරයෙහි පිටත ආනචාර ඇති ව වසන බව කීව ත් මා ගේ බස නො ගිවිස්නා සේක් වේ ද? දැන් දැනී ගියේ දැ’ යි කිව. ඇ එ සේ කිව ද රජ්ජුරුවෝ පොරොත්තුව කිසිවකු ත් නො කීහ.
ඉක් බිති මාගන්දි තොමෝ මෙ තෙක් උපාය කොට ත් අන්තරායක් පමුණුවා පිය නො හී අනික් කවර උපායකින් මුන් හැම නසා පියම් දෝ හෝයි සිත සිතා වෙසෙ යි. එ සමයෙහි රජ්ජුරුවෝ සමාවතී ය. වාසුලදත්තා ය, මාගන්දින ය, යන තුන් දෙනා ගේ ප්රායසාද තුනෙහි මුරයෙන් මුර තබා ගෙන එ කි එ කී මුරයෙහි සත් සත් දවස් වෙසෙති. එ කල්හි මාගන්දිර තොමෝ සෙට හෝ අනිද්දා හෝ රජ්ජුරුවෝ සාමාවතීන්ගේ ප්රා්සාදයට යෙති, නියම දැන තමාගේ කුඩා පියාට කියා යවා දළෙහි ඖෂධ ගල්වා විෂ නැති කළ නයකු ගෙන්වා ගෙන තබා ගත. රජ්ජුරුවෝ යන යම් ම තැනකට තමන්ගේ හස්තිකාන්ත වීණාව ඇර ගෙන ම යෙති. ඒ වීණා පොකුරෙහි ද සිදුරෙක් ඇත.
මාගන්දිෙ තොමෝ ඒ සිදුරෙන් නයා ඇතුළෙහි ලා පියා මල් වටකින් සිදුර වසා තබා සර්පියා දෙ තුන් දවසක් නිරාහාර කොට හොවා ලා රජ්ජුරුවන් යන දවස් නියම දැන ළඟට ගොස් ‘දෙවයන් වහන්ස, අද කාගේ ප්රාරසාදයට වඩන සේක් දැ’ යි විචාරා ‘සාමාවතීන්ගේ ප්රා,සාදයට ය’ යි කී කල්හි ‘ස්වාමීනි, ඊයේ රෑ නපුරු සීනයක් දිටිමි. ඔබ නො වැඩිය මැනැවැ’ යි තුන් විටෙක වළකා රජ්ජුරුවන් නො වැළැක ම න්නා දැක ‘එ සේ වි නම් දුටුවක් දකිමි. මම ත් මුඹ වහන්සේ හා එක් ව ම එමි’ යි පිටත් ව රජ්ජුරුවන් වැළකුව ද නො වැළැක ම කුමක් වී නමුත් කැට ව ම දකිමි කිය කියා රජ්ජුරුවන් හා එක් ව ම ගියා ය. රජ්ජුරුවෝ සාමාවතීන් දුන් මල් ආභරණ පැළඳ ඇඟ සුවඳ ගල්වා සළු පෙරළා සළු හැඳ මියුරු වූ රාජභොජන ය අනුභව කොට හස්ති කාන්ත වීණාව ඉස් දොර තබා ගෙන ශ්රීඅ යහ න මත්තෙහි වැද හෙව නිදන්ට පන් ගත්හ.
එ වේලෙහි මාගන්දි තොමෝ සක්මන් කරණ ලෙසින් ඇවිද සිට ලා වීණා සිදුරෙන් මල් වට අයා ගත. එ කෙණහි දෙ තුන්
24. සාමාවතී මරණ පරිදීපන කථා 245
දවසක් නිරාහාර ව හොත්තා වූ සර්පෝයා වීණා සිදුරෙන් නික්ම සුසුමමින් පෙණය කොට ගෙන ශ්රීර යහන් මත්තෙහි වැටුන එ කෙණෙහි මාගන්දි තොමෝ සර්පරයා දැක ආදි නො දන්නා එකක සේ ‘හෙම්බල, මහ රජ, සර්ප යෙකැ’ යි කියමින් මහත් කොට මුර ගා හඬා සසලා පියා රජහු පුබුදුවා පියා ‘ මේ අන්ධ බාල කාළකණ්ණි රජ්ජුරුවෝ මා කී බස් නො ගිවිසිති’ යි රජ්ජුරුවනට අක්රො ශ පරිවහ බැණ ‘හෙම්බල නිශ්රීික වූ නො කීකරු දුෂ්ට කෙල්ලෙනි, තොප හැම මේ රජ්ජුරුවන්ගෙන් නො ලද්දේ කිම් ද? මේ රජ්ජුරුවන් මළ කල තෙපි හැම සුවසේ රැකෙම්හ යි සිතවූ ද? එක විටෙක ත් එ සේ නොසිතව’ යනාදී සමාවතීන් හා පිරිවර ගැහැණුන්ට නො එක් පරිභව බැණ පියා “මම අද නපුරු සීනියක් දිටිම’ යි සාමාවතීන්ගේ ප්රබසාදයට නො ගිය මැනවැ’ යි මා වැනි හිතකාමී බිසොවක නො එක් ලෙස කාරණ කියා මුර ගාමින් සිටිය දී එ බස් නො ගිවිස මේ දුෂ්ට ස්ත්රීකන් කෙරෙහි ම සිත් අලවා ඉක්මන් ඉක්මන් ව ආ සේක් වේ ද? මඳකින් එහි විපාක දුටු සේක් වේ දැ’ යි යනාදීන් නො එක් පරිද්දෙන් බස් කියා රජ්ජුරුවන් කුප්පවා පුව.
රජ්ජුරුවෝ ද සර්පයා දැක මරණ භයින් භය පත්ව ‘මෙබන්දක් කරන්නෝ ත් ඇද්ද? අනේ! ඉතා මොවුන් අදහස් පවිටු නියා ය. මම මොවුන්ගේ ලාමක අදහස දැන කියන්නා වූ මේ මාගේ මාගන්දි් බිසෝවුන්ගේ බස් පවා නො ගිවිස්සෙමි. මූ හැම පළමු තමන් හිඳිනා ගබඩාවල කවුළු තබා ගෙන එයින් නික්ම කැමැත්තක් කොට ඇවිදියහ. පසු ව මා මාළු පිස එවන්ටකියා තමන් ළඟට යවු කුකුළන් පෙරළා එවා පූහ. අද මා වැද හෝනා යහනෙහි නයින් ගෙන ලවා මරන්ට උපාය කළහ’ යි කෝපයෙන් දිළිහුණහ.
එ කල සාමාවති තොමෝ රජ්ජුරුවන් කිපි බව දැක පන් සියය්ක පරිවාර ස්ත්රීාන් කැඳවා ‘හෙම්බා නැගණියෙනි’ රජ්ජුරුවන් මහන්සේ නිෂ්කාරණයෙහි අප කෙරෙහි කිපුණු සේක. මෙ තැන්හි අපට අනික් සරණෙක් නැත. අපගේ බුදුහු තමා කෙරෙහි ද්වේෂ කළ වුන්ට මෛත්රීි කරණ බව ම සියලු උපද්රනව වැද්ද නො දෙනා දිව්යර ඖෂධයකැ’යි වදාළ සේක. එ සේ හෙයින් අප කෙරෙහි ද, මේ රජ්ජුරුවන් කෙරෙහි ද, අපට බොරුවෙන් වරද සලසන්නා වූ මේ මාගන්දින් කෙරෙහි ද, සම ව මෛත්රීු සිත් පතුරුව යි, කිසි කෙණකුන් කෙරෛහි ත් ද්වෙෂයෙක් නූපදව’ යි අවවාද දුන්නු ය.
246 සද්ධර්මදරත්නාවලි ය
ඉක්බිති රජ්ජුරුවෝ කෝපාග්නියෙන් නැඟී සිට දහසක් දෙනා නඟාලන මැඬහඟු දුන්න නහා දුනුදිය අත පොළො පියා බලා විෂ පෙවූ ශරයක් නිය පිට ලෙළවා ඇද මැඬ පියා හැර ගෙන සාමාවතීන් ඇතුළු වූ ගැහැනුන් පන් සියය පිළිවෙළින් සිටුවා හීය පතකඩ අවුළුවා ගෙන සාමාවතීන්ගේළයට අබිමුඛ ෙකාට උර පුරා ඇද අත ඇර පූහ. එ කල්හි ඒ ශර ය සාමාවතීන් ගේ මෛත්රිායෙහි අනුභාවයේන ආපසු හැරී පගිළිය සාමාවතීන් දසාවට අබිමුඛ ව රජහු ළය පළා පිටත් වන්නක්හු මෙන් සිට ගත.
ඒ දැක රජ්ජුරුවෝ සිතන්නාහු ‘මෙ තෙක් දවස් මා විදි ශර ය පර්වජතයක් වී නමුත් ගසා ගෙන නික්මාන බව මිස අතුරරෙහි නොරඳ යි. අද මේ ශර ය අතුරෙහි සිස් හෙයින් වැදගත් දෙය කු ත් නැත. එතකුදු වුව ත් දැන් මුණ ය පෙරළී මා දසාවට අභිමුඛ වි ය. මේ සිත් පිත් නැති ශර ය පවා සාමාවතීන්ගේ ගුණ දන්නේ ය. මිනිස් ව ඉපද ත් ඔවුගේ ගුණ නො දන්නෙම් මම් ම ය යි අත තිබූ දුන්න හෙළා පියා දෙහොත් මුදුනෙහි තබා ගෙන සාමාවතීන්ගේ මා මුල උක්කුටුකයෙන් හිඳ ‘සාමාවතීනි, සිහි මුළා ව කටයුතු නො කටයුතු සලකා ගත නොහුණු අඥාන වූ මා රැක ගනුව තෙපි ම මට පිලිසරණ වව. මෙ තැන් පටන් තොප සරණ යෙමි’ යි මෙ මතු කියන ගාථාව කීහ-
‘සම්මුය්හාමි පමය්හාමි - සබ්බා මුය්හන්ති මෙ දිසා
සාමාවතී මං තායස්සු - ත්ව ඤ්ච මෙ සරණම්භව’යි.
මෙ සේ රජහු කී තෙපුල් අසා සාමාවතී තොමෝ ‘යහපත, මහරජ, මම මුඹ වහන්සේට සරණ වෙමි’ යි නො කියා ‘දෙවයන් වහන්ස, මා සරණ යන්නේ කුමක් පිණිස ද? තමන් සරණ ගියා වූ මාගේ ළයට විදි ශර ය පවා පෙරළා විදි මුඹ වහන්සේ දසාවට මුණ ය සිට ගන්නා පරිද්දෙන් කරවන තරම මහානුභාව ගුණ ඇති උත්තමයාන කෙණෙකුන්ගේ සරණ ගියෙහි ද, ඒ උත්තමයාණෝ නම් ලෝකයෙහි කිසි කෙණකුන් හා අසාධාරණ ගුණ ඇති බුදු රජාණන් වහන්සේ ම ය. එ වෙනි ඒ බුදුන්ගේ සරණ යව. මේ තැන්හි වඩ වඩා තෙපි ම මට සරණ වව’ යි කියා මෙ මතු කියන ගාථා දෙක කීහ.
‘ ඉදං වත්වා සාමාවතී - සම්මාසම්බුද්ධ සාවිකා,
මා මං ත්වං් සරණං ගච්ඡ - යම’ හං සරණං ගතා. එස ‘බුද්ධො මහරාජ - එය බුද්ධො අනුත්තරො සරණං ගච්ඡ තං බුද්ධං - ත්වංඑ ව මෙ රසණං භව යි.
24. සාමවතී මරණ පරිදීපන කථා 247
මෙ සේ සාමාවතීන් කියන තෙපුල් අසා රජ්ජුරුවෝ ‘දැන් මම පළමු තරමට ත් අධික ව බා ගියෙහමි’ යි ගාථාවකින් කියන්නාහු
‘ එස හිය්යොි පයුය්හාමි - සබ්බා මුය්හන්ති මෙ දිසා
සාමාවති මං තායස්සු - ත්වවඤ්ච මෙ සරණං භව” යි.
යන මේ ගාථාව කීහ. ඉක්බිති සාමාවති තොමෝ පළමු පරිද්දෙන් ම නැවත ත් ප්රමතික්ෂෙ ප ‘කොට එ සේ වී නම් තොප සරණ ත් යෙමි. තොප කියන බුදුන්ගේ සරණ ත් යෙමි. තොපට කැමති වරයක් ද දෙමි’ කී කල්හි ‘මුඹ වහන්සේ දුන් වර ය මා විසිනු ත් ගන්නා ලද්දේක ම ය’ යි කිවු ය. එ කල්හි රජ්ජුරුවෝ බුදුන් කරා එළඹ තිසරණ පිහිටා සපිරිවර බුදුන්ට ආරාධානා කොට සත් දවසක් මහ දන් දි සාමාවති කැඳවා ‘මට මේ සා ලාභයයක් වූයේ තොප නිසා ය. මහා නැඟී සිටුව. තොප කැමැති වරයක් ගන්ව’යි කීහ. එ කල සාමාවතී තෙමෝ ‘මහරජ, මට රත්රන් - අමුරන් ආදියෙහි ප්රකයෝජන නැත. ඉදින් මට වරයක් දෙන සේක් වි නම් පන්සියයක් සඟ පිරිස හා සමඟ බුදුන් මා ගේ ගෙට වැඩ අභර පළඳා බණ දෙසැ වදාරණ පරිද්දෙන් ආරාධනා කළ මැනැවැ’ යි කීහ.
එ තෙපුල් අසා රජ්ජුරුවෝ බුදුන් වැඳ ‘ස්වාමීනි, පස් සිය යක් මහණන් හා සමඟ නිබඳයෙන් මේ ගෙට වැඩිය මැනව. සාමාවතීන් ඇතුළු වූ පන් සියයක් ගෑනු බණ අසනු කැමැත්තේ ය’ යි දැන්වූහ. එ කල බුදුහු ‘හෙම්බල, මහරජ, සර්මකඥවරයෝ නම් සියල්ලවුන් කෙරෙහි අනුකම්පා ඇතියහ. මහා ජනයෝ ද සර්ව ඥවරයන්ගේ දැක් ම ම ප්රා්ර්ථෙනා කෙරෙති. එ සේ හෙයින් එක තෙනකට නිබඳ ව ගිය කල සෙසු මහජනයෝ කෙ සේ පින් කොට ගනිද්දැ’ යි වදාළ සේක. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘එසේ කල, ස්වාමීනි, සාමාවතීන් අතුව වූ ස්ත්රීකන් පන් සියයට බණ කියන සේ එක්කෙණකුන් වහන්සේ නිළ කල මැනැවැ’යි කිවූ ය. බුදුහු එපවත් අසා අනඳ මහතෙරුන් වහන්සේ කැඳවා ආනන්දැයෙනි, මෙ වක් පටන් තෙපි මේ උදේනී රජුගේ අන්තඃපුරයට බණ කියව’ යි අනඳ මහ තෙරුන් වහන්සේ බණ කියන ලෙස සලස්වා වදාළ සේක.
අනඳ මහ තෙරුන් වහන්සේ ද පන් සියයක් මහණුන් පිරි වරා රජ ගෙට වැඩ නිබඳයෙන් බණ වදාරණ සේක. ඒ ස්ත්රීනහු පන් සියය ද නිබඳයෙන් ඒ පන් සියයක් දෙනා වහන්සේ වළඳවා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බණ අසති. ඉක්බිති එක්
248 සද්ධර්ම රත්නාවලි ය
දවසෙක තෙරුන් වහන්සේ වදාරණ බණ අසා පැහැද ඒ පන් සිය යක් බිසෝවරු පන්සියයක් උතරු සළු පිදුහ. එයින් එකි එකී උතුරු සළුවෙක් පන්සියයක් පන් සියයක් අගනේ ය. දෙ වන දවස් රජ්ජුරුවෝ ඒ බිසෝවරුන් පන් සිය ය උතුරු සළු නො ලා සිටියා දැක ‘තොපගේඋතුරු සළු කොයි දැ’ යි විචාළ හ. ඔහු ‘ස්වාමීනි, අපි අනඳ මහ තෙරුන්වහන්සේගෙන් බණ අසා ඔබට ධර්මළ පූජා කළම්හ’ යි කීහ. ඒ අසා රජ්ජුරුවෝ ඒ පන්සියයක් සළු අනඳ මහ තෙරුන් වහන්සේ ම පිළිගත් සේක් දැ’යි විචාරා ‘එසේ ය. සළු පන් දසියය ම පිළිගත් සේකැ’ යි කී කල්හි රජ්ජුරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ කරා එළඹ පසඟ පිහිටුවා වැඳ එකත් පස් ව හිඳ විවරන්නෝ ‘ස්වාමීනි, අපගේ බිසෝවරු මුඹ වහන්සේ ගෙන් බණ පමණක් ම අසද් ද? නොහොත් ධර්මක පූජා ත් කෙරෙද්දැ යි විචාළහ.
එ කල මහ තෙරුන් වහන්සේ ‘ එ සේ ය, මහ රජ, බණ ත් අසති, ඊයේ දවස් ඌ තමන්ගේ උතුරු සළු පන් සියයක් පිදූහ’ යි වදාළ සේක. ඒ අසා රජ්ජුරුවෝ ‘ස්වාමීනි, පිළි ඉතා බෙහෙව මෙ තෙක් පිළි කුමක් කරණ සේක් දැ’ යි විචාළහ. තෙරුන් වහන්සේ ‘මහ රාජ, අපි අපට ප්රතයෝජන චිවරක් ඇ ගෙන සෙසු පිළි සිවුරු දුර්වනල ව තිබෙන වහන්දෑට දෙම්හ’ යි වදාළ සේක. ඔහු තමන්ගේ පොරණ දිරාගිය සුවුරු කුමක් කෙරෙද්දැ’යි විචාළහ. “ඒ සිවුරු ඉතා දුර්වේල සිවුරු ඇති වහන්දෑට දෙති. වදාළ සේක. ‘ඔහු තමන්ගේ ඉතා දිරුණු සිවුරු කුමක් කෙරෙද් දැ’ යි විචාළහ. ‘පසතුරුණු කෙරෙතී’ වදාළ සේක. ‘පොරණ පසතුරුණු කමුක් කෙරෙද් දැ යි විචාළහ. ‘සංඝික බිම බුමු තුරුණු කෙරෙතී’ වදාළ සේක. පෝරණ බුමු තුරුණු කමුක් කෙරෙද්දැ’ යි විචාළහ. ‘පාපිස්නා බිසිකෙරෙතී’ වදාළ සේක. ‘පරණ පා පිස්නා බිසි කුමක් කෙරෙද් දැ’ යි විචාළහ. ‘සැදැහැ ඇත්ත වුන් දුන් දේයධර්මකය නිෂ්ඵල නුවු මැනැවැ’ යි කඩ කඩ කොට කොටා මැටි හා එක් ව හානා හිත්තිකර්මාැන්ත කෙරෙතී, වදාළ සේක.
එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘ස්වමීනි, පිලිවෙළින් මෙ තෙක් තැන ගොසිසු ත් ආය්ය්් යන් වහන්සේට දුන් දන් නො නස් නේ ය’ යි කීහ. මහ තෙරුන් වහන්සේ ද’ එ සේ ය, මහරජ, බුද්ධ ශාසනයට දුන්නා වූ දෙය්ය්ධර්මන ය නො නස්නේ ය’ යි වදාළ සේක. එ වේලෙහි අතිප්රාසන්න වූ රජ්ජුරුවෝ අනිකුත් සළු පන් සියයක්
24. සාමාවතී මරණ පරිදීපන කථා 249
ගෙන්වා ගෙන මහ තෙරුන් වහන්සේ ගේ පා මුළ තබා දුන්හ. අනඳ මහ තෙරුන් වහන්සේ වනාහි මෙ පරිද්දනේ ම පා මුල් තබා දෙන ලද එකක් එකක් ම පන් සියයක පන් සියයක් අගනා දහස් සළු දහසක් වාරයෙහි ලත් සේක. ලක්ෂ යක් ලක්ෂ යක් අගනා දහසක් සළු සියක් වාරයෙහි ලත් සේක. එකෙක දෙකක තුනෙක සතරෙක පසෙක දසයෙක යනාදී වසයෙන් ලත් සළු මෙතෙකැ යි පමණ ගණන් නැත. බුදුන් පිරිනිවි කල්හි ඒ අනඳ මහ තෙරුන් වහන්සේ මුළු දඹ දිව් තලෙහි ඇවිද සියලු විහාරවල වසන වහන්දෑට තමන් වහන්සේගෙන් ම සිවුරු දනු සේක.
මාගන්දි තොමෝ සිතන්නී ‘මා කළ දෙයක් ම මා සිතු ලෙස නො වී අනික් පරිද්දෙකින් ම වෙයි. මෙ විට කුම්ක කෙරෙම් දෝ හෝයි සිතා එක් උපායක් කල්පනා කොට දව සෙක රජහු හා සමඟ උයන් කෙළියට නික්ම තමාගේ සුළු පියා ළඟට කියා යවන්නී සාමාවතීන්ගේ ප්රා සාදයට වහා ගොස් පිළි තිබෙන ගබඩා හා තෙල් තිබෙන ගබඩාවල දොරවල් හරවා පිළි ගෙන තෙල් සැළවල ගලා තෙමා කප්වල තෙල් කඩ සිසාරා සාමාවතීන් ඇතුළු වු ගෑනුන් පන් සියය මාළිගාවට එක් කොට දොර වසා පිටතින් යතුරු එලා පිටතින් යුතුරු එලා විලක්කුවන් ගෙන මාළිගිවට ගිනිලමින් මතු මහල් තෙලෙන් බැස පියා පලා ගිය මැනැවැ’ යි කියා යවු ය. ඒ අස්න අසා ඇගේ සුළු පියා ද ‘යහපතැ’ යි ගිවිස සාමාවතීන්ගේ ප්රාඅසාදයට නැඟී ගබඩා ගෙවල දොර හැර පිළි ගෙන තෙලේ සැළවල ගලා තෙමා ගප්වල කඩා සිසාරන්ට පටන් ගත.
ඉක් බිති සාමවතීන් අතුළු වූ පන් සියයක් ස්ත්රීඩ හු එ පවත් දැක’ මේ කිමෙක් ද, සුළු පියාණන් වහන්සැ’ යි කියමින් සමීපයට එළඹියහ. එ කල එ තෙම ‘හෙම්බා දරුවෙනි, රජ්ජුරුවන් වහන්සේ කප් නොදිරා මහත් ව තිබෙන සේ තෙල් කඩ සිසාරන්ට කී සේක. රජ ගෙයි නම් යහපත - නපුර දත නො හැක්ක. දරු වෙනි. මා සමීපයෙහි නො සිටුව’ යි කියමින් ළඟට ආවවුන් ගබඩා වලට නික්මවා දොරවල් වසා පිට තින් යුතුරු ලා උඩු මාලෙහි පටන් ඒ ඒ තැන ගිනි ලමින් මාලිගාෙවන් බැසපී ය. එ කල සමාවතී සෙසු බිසෝවරුන්ට අවවාද දෙන්නාහු ‘අප හැම ආදි කෙළවරක් නැත්තා වු සසර ඇවිදිනා කල්හි මෙ පරිද්දෙන් ගින්නෙන් දා මළා වු ජිති වෙන වෙන බලතොත් බුදුන් විසිනු දු
250 සද්ධර්මාරත්නාවලි ය.
පිරිසිඳ දත නො හැක්ක. එ බැවින් මේ සා අනර්ථයක් කරණ මේ බමුණා කෙරෙහි ද, මේ වධ යෙදු මාගන්දි කෙරෙහි ද මෛත්රී කරව. පමා නො වව’ යි අවවාද කිවූ ය.
එ තෙපුල් අසා බිසෝවරු හැම දෙන ම මාළිගාව දන වේලෙහි වෙදනා පරිග්රලහ කර්මුස්ථාන ය මෙනෙහි කරන්නාහු සමහරෙක් සෙදගැමි වූහ. සමහරෙක් අනගැමි වූහ. ඉක් බිති බොහෝ වහන්දෑ නුවරට සිඟා වන් සේක්, වළඳා පස් වරු බුදුන් කරා එළඹ පත් කඩ තබා වැඳ එකත් පස් ව හිඳ බුදුන්ට දන්වන සේක් ‘ස්වාමීනි, මේ නුවර උදේනි රජ්ජුරුවන් උයන් කෙළියට යාදී මාළියාවෙ ගිනි ගත. සාමාවතීන් ඇතුළු වු පන් සියයක් බාසෝවරු දා මළහ. ඒ බිසෝවරුන්ට නරකගති ආදි වූ පඤ්ච ගතියෙන් කවර ගතියෙක් වී ද? පර ලොව කවර වැඩෙක් වී දැ’ යි වචාළ සේක. එ තෙපල් අසා බුදුහු ‘ෙහම්බා මහණෙනි, එයින් සමහරෙක් සෝවාන් වූවාහු ත් ඇත. සෙදගැමි වුවාහු ත් ඇත. අනගැමි වූවාහු ත් ඇත. මහණෙනි, ඒ සියලු උපාසිකාවරු ම නිෂ්ඵල නො වී සඵල ව කාල ක්රිතයා කොළෝ වේ දැ’ යි වදාළ සේක. ඉක් බිති බුදුහු මේ කාරණ ය අරභයා උදන් අනන් සේක් -
“මොහසම්බන්ධනෝ ලොකො - භබ්බරූවො ‘ව දිස්සති,
උපධිසම්බන්ධනො බාලො - තමස්ස පරිවාරරිතො; සස්සති වි ය ඛායති - පස්සතො නත්ථි; කිඤ්චනං” යි.
මෙ සේ උදන් අනා වදාරා ‘හෙම්බා මහණෙණි, සසර ඇවිදිනා සත්වනයෝ ඇම කල්හි ම අප්ර‘මා ද ව කුස්ල කෙරෙතී යනු නියම නැත. ප්ර මාද ව අකුසලු ත් තෙරෙති. එ සේ හෙයින් සසර ඇවිදිනාහු සුව දුක් දෙක අනුභව කෙරෙතී’ යි බණ වදාළ සේක.
උදේනි රජ්ජුරුවෝ සමාවතීන්ගේ ප්රා සාද ය ගිනි ගත් බව අසා දිවන්නාහු ද ගෙය නො දන තෙක් ආ නුහුණහු ය. අවුදින් වනාහි ගෙයි ගිනි නිවා උපන්නා වු බලවත් ශොක ඇති ව ඇමැතියන් පිරිවරා හිඳ සාමාවතීන්ගේ ගුණ සිහි කෙරෙමින් මේ කවුරුන් කළ දෙයක් දෝ හෝ යි සිතා මාගන්දි විසින් කළ කට යුත්ත බව දැන ‘මෑ අතින් භය ගන්වා විචාළෝ ත් නො කියන්නී ය. උපායෙන් සෙමෙන් විචාරමි’ යි සිතා අමාත්යන වරුන් කියන්නාහු ‘හෙම්බා පින්වත්නි, මම මිට පළමු එකා වන් ව මෝ මට කවර අවැඩක් කරේ ද් දෝ හෝ යි සැක ඇති ම හිඳිමි. උයි ත් මට අවසරයක් මෙ සොයායි. දැන් මා සිතට සැප වි ය. මෙ තැන් පටන් සම සේ වෙසෙමි’ කීවු ය.
24. සාමාවතී මරණ පරිදීපන කථා 251
එ තෙපුල් අසා ඇමැතියන් ‘දෙවයන් වහන්ස්. මේ කොළෝ කවුරුදැ’යි විචාළ කල්හි කවුරුන් විසින් වී නමුත් මා කෙරෙහි ස්නේහයෙන් ම කළ දෙයෙක් මැ’ යි කිවු ය. සමීපයෙහි සිටි මාගන්දී තොමෝ රජහු කී බස් අසා ‘දෙවයන් වහන්ස, අන් කරෙක් මෙ සේ කරන්ට සමර්ථ වේ ද? මම මාගේ සුළුපියාට කියා ගිනි දැල්වීමි’ යි කීහ.
එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘තොප හැර මා කෙරෙහි අනික් ස්නේහ ඇති කෙණෙක් නම් නැත. තොප කෙරෙහි දැන් ඉතා සතුටු වීමි. මා සිත සතුටු කරවූවා වූ තොපට කැමැති වර යක් දෙමි. තොපගේ නෑයන් මහා කැඳවා ගෙන එව’ යි කවු ය. උයිත් ‘යහපතැ’ යි ගිවිස නෑයන් කියා යවන්නී ‘මා කෙරෙහි රජ්ජුරුවෝ සතුටු ව දැන් වර දෙමැ ‘යි කිවු ය. හැම දෙනා ම නොලස් ව වහා අව මැනැවැ’ යි කියා යවූ ය. එ බස් අසා අවා වු මාගන්දියගේ නැයන්ට මහත් සත්කාර කළහ. එ පවත් අසා මාගන්දිියන්ගේ නො නෑයේ ද අත්ලස් දී අපි මාගන්දිකයන්ගේ නෑයෝ ය’ යි කියමින් අවුත් වන්නු ය. රජ්ජුරුවෝ හැම දෙනා ම අල්වා රජාඞගණයෙහි පෙකිණිවට පමණ වළ කණවා ඔවුන් එහි බහා හිඳුවා වටින් පස් පුරවා මත්තෙහි පිදුරු ඉස්වා ගිනි ගසා ඔවුන් ශරීරයෙහි සම් පමණක් දෑ කල්හි නඟුලින් සාවා කඩ කොට හිර හිරා වධ කොට මැරූ ය. මාගන්දිය වනාහි ඇගේ ශරීරය ය තියුණු මුවහත් ඇති ශස්ත්ර යෙන් ඝන බොල් තෙන මස් උපුටා තෙල් ඇතිලියක් උදුනෙහි තබා පූප ජතියක් මෙන් බැඳ බැඳ ඈ ම කැවූ ය.
ඉක්බිති ධම් සෙබෙහි රැස් වු වහන්දෑ ඔවුනනොවුන් හා කථා කරණ සේක් ‘ඇවැත්නි, මේ වෙනි ශ්ර්ද්ධාසම්පන් උපාසිකාවන්ට මෙ වෙනි මරණ ඒකාන්තයෙන් ම සුදුස්සෙක් නො වේ. යි යනාදීන් කථාවක් ඉපද වූ සේක. එ කල බුදුහු එ තැනට වැඩ ‘හෙම්බා මහණෙනි, දැන් මා එන්නාට පළමු කවර කථාවකින් යුක්ත ව මෙ තැන්හි හුනුදැ ‘යි විචාරා මෙ පවත් දැන් වූ කල්හි ‘මහණෙනි, මේ ජාතියෙහි සාමාවතීන් ඇතුළු වූ ගැහැණුන්ට මේ මරණ යුක්ත නො වෙ යි පෙර ජාතියෙහි ඔවුන් කළා වූ අකුශල කර්ම යට මේ පැමිණියා වූ මරණ සුදුස්සේ ම ය’ යි වදාරා ‘කිමෙක් ද ස්වාමිනි, මොවුන් හැම විසින් පෙර කුම්ක කරණ ලද ද? එ විස්ත වශයෙන් අපට වදාළ මැනවැ’ යි ආරාධිත වූ බුදුහු ඉකුත් වත් දක්වා වදාළ සේක.
252 සද්ධර්මකරත්නාවලි ය
හේ කෙසේ ද යත් :-
යට ගිය දවස බරණැස් නුවර බ්ර්හ්මදත්ත නම් රජ්ජරු කෙණකුන් රාජ්යර කරණ සමයෙහි ඒ රජහුගෙ ආරාධනා වෙන් පසේ බුදුන් අට දෙනෙක් රජ ගෙයි දී නිබද ව වළඳති. එ කල රජහුගේ පන් සියයක් ස්ත්රීදහු පසේ බුදුවරුන් ට උපස්ථාන කෙරෙති. පසේ බුදුන් අට දෙනා අතුරෙන් සත් දෙනෙක් හිමවතට යෙති. එක් පසේ බුදු කෙණෙක් ගං අස තණගබෙක ධ්යා නයට සම වැද හිඳිති. ඉක්බිති එක් දවසෙක රජ්ජුරුවෝ පසේ බුදුරුන් වළඳවා රජගෙන් ගිය කල්හි ඒ තමන්ගේ පන් සියයක් ස්ත්රීෝන් කැඳවා ගෙන දිය කෙළියට ගඟට ගියෝ ය. එ කල්හි ඒ ස්ත්රීයහු දවස භාග ය මුළුල්ලෙහි කඟ දිය කෙළ දියෙන් ගොඩ නැගී ශීතයෙන් පීඩිත ව ගිනි තප්නා කැමැති ව ‘අප ගිනි මොළවා ගන්නා තැනක් බලව’ යි ඔබමොබ ඇවිදින්නාහු තණ ලැහැබ දැක් හුදක් තණ රැසෙක් ම ය යි සිතා වට කොට යාහු ගිනි ලුහ.
තණ දා වගුළ කල්හි ඒ පසේ බුදුන් දැක ‘අනේ අපට වූ යේ අපරාධයෙක. රජ්ජුරුවන්ගේ පසේ බුදුන් වහන්සේ දන සේක. මේ බව රජ්ජුරුවෝ දැකපු නම් අපට නිග්ර්හ කෙරෙති. එ බැවින් රජ්ජුරරුවන් නො දක්නා පරිද්දෙන් මේ පසේ බුදුන් වහන්සේ ඉඳුරා ම දවාපුව මැනව’ යි සිතා ඒ ස්ත්රීපහු හැම දෙන එක් ව වටින දර ඇද ලා පසේ බුදුන් වසා මහත් දර රැසක් කොට ගිනි දල්වා මෙ විට පසේ බුදුන්ගේ ඇට පමණකුත් නො තිබි දා යන්නේ ය යි සැක නැති ව ගියහ. ඒ ස්ත්රීපහු පනිසියය පළමු නො දැක වධක චේතනාවක් නැති ව ගිනි ලුවාහු වී නමුත් පසු ව වධක චෙතනාවෙන් ම කළ උපක්රිම හෙයින් අකුශල කර්මධයෙන් බැඳුනාහ. පසේ බුදුන්ගේ වානාහි සමාප්ති ඇතුළත දහස් ගණන් ගැල් පුරා දර ගෙනවුත් ලමින් ගිනි ගැසුවාහු වී නමුත් ශරීර ය දවන්නා තබා ලෝමකූප මාත්ර ය කුත් හුණු කොට ගත නො හැක්ක. එ රෙස් හෙයින් ඒ පසේ බුදුහු එයින් සත්වන දවස් කිසි පීඩාවක් නැති ව හුනස්නෙන් පැන නැගී සැප සේ ගියහ.
ඒ පන් සියයක් ස්ත්රීීහු එ ම අකුශල කර්‍එයයාගේ විපාකයෙන් බෙහෝ ලක්ෂ ගණන් හවුරුදු නරකයෙහි පැසී ශේෂ ව සිටි එ ම අකුශල කර්මයාගේ විපාකෙයන් සියක් ජාතියෙහි මෙ පරිද්දෙන් ම තමන් වසන ගෙය දන කල්හි එක් ව දා මළාහු ය. මෙ උන් පෙර කළ අකුශල කර්මත ය’ යි වදාළ සේක.
24. සාමාවතී මරණ පරිදීපන කථා 253
මෙ සේ බුදුන් වදාල කළ වහන්දෑ බුදුන් අතින් නැවත විචාරන සේක් ‘ස්වාමීනි, ඛුජ්ජුන්තරාවෝ කවර අකුශලයකින් කුදු වු ද ? කෙ සේ වූ කුශලයකින් මහ නුවණ ඇති වු ද? කවර හේතුවකින් සෝවාන් වූ ද? කුමන අකුශලයකින් අනුන්ට දාසි වූ දැ’ යි විචාළ සේක. එ කල ‘බුදුහු හෙම්බා මහණෙනි, එ ම බරණැස රජ්ජුරුවන් රජ කරණ සමයෙහි එ ම යට කී පසේ බුදුවරුන් අතුරෙන් එක් පසේ බුදු කෙණකුන් මඳක් කුදු ශරීර ඇතියහ. එ ම පසේ බුදුන්ට උපස්ථාන කරණ එක්තරා ස්ත්රිවයක් රත් වු කම්බිලියක් පෙර ව රන් තැටියක් අතින් ගෙන ‘අප ගේ පසේ බුදුන් වහන්්සේ මෙ සේ ඇවිදිනා සේකැ’ යි කිය කියා නැඹුරු ව වක ගසා ගෙන ඒ පසේ බුදුන් ඇවිදිනා ආකාර ය දැක්වූව. ඒ අකුශලයෙන් දැන් ඈ කුදු ව ගියා ය.
එ ම පසේ බුදුවරුන් පළමු වන දවස් රජගෙයි වඩා හිඳුවා පාත්රව ය ගෙන්වා ෙගන රජ්ජුරුවෝ උණු කිරි බත් පුරා පිළිගැන් වූහ. ඒ කිරි බත් පිරූ පාත්රා ය පසේ බුදුවරහු අත දන හෙයින් පිටින් පිට පරළ පෙරළා අතින් ගනිති. එ ම ස්ත්රී තොමෝ එ පරිද්දෙන් පෙරළ පෙරළා පාත්ර ය අල්වන පසේ බුදුවරුන් දැක තමා සන්තක දළ කඩ වළලු අටක් දී ‘මෙහි තබා ගත මැනැවැ’ යි කී ය. ඒ පසේ බුදුවරයෝ ද එ පරිද්දෙන් ම දළ වළලු මත්තෙහි පාත්රත ය තබා එහි ආල ය ඇද්දෝ හෝ යි ඒ ස්ත්රිදය මුහුණ බලා ‘ස්වාමීනි, මෙයින් අපට ප්ර යෝජන කවරේද? මුඹ වහන්සේලා ම ඇර ගෙන වැඩිය මැනැවැ’යි කී කල්හි පසේ බුදු වරයෝ රැගෙන නන්ද්මුලපබ්හාරයට ම ගියහ. අද දක්වා ඒ දළ කඩ වළලු නො නැසී එහි ම තිබෙයි. ඕ තොමෝ එහි විපාකයෙන් දැන් මහ නුවණ ඇති යම. තෙවළාදධර වුව. එ කල පසේ බුදුවරුන්ට උපස්ථන කළ කුශලයෙන් සෝවාන් ඵලයට පැමිණියා ය. මේ ඈ බුද්ධාන්තරයෙහි කළ කුශලාකුශල කර්මනය ය.
කාශ්ය්ප බුදුන් සමයෙහි වනාහි බරණැස් නුවර සිටාණ කෙණෙකුන්ගේ එක් තරා දුවක් හිර මුඳුනෙන් නැමූ පසු කැට පතක් අතින් ගෙන තමාගේ ශරීර ය සරහමින් හුන්නී ය. ඉක් බිත් ඇගේ විශ්වාසික වූ එක්තරා රහත් මෙහෙණින්නක් ඒ සිටු දුව දක්නට ගියා ය. භික්ෂූණිහු රහත් වූවාහු වී නමුත් සවස උපස්ථාන කරණ කුලයන් දක්නා කැමැති වෙති. එ කෙණෙහි සිටු දියණියන් ළඟ යමක් ගෙන්වා ගන්ට කිසි කෙණකු ත් නැත. ඒ සිටු දියණියෝ මෙහෙණින්න දැක ‘ වදිමි ස්වාමිනි, තෙල මාග් ආහාරය ලන කරඬුව ගෙනවුත් දුන මැනැවැ’යි කිවු ය. එ වෙලේහි
254 සද්ධර්ම රත්නාවලි ය.
මෙහෙණිනී සිතන්නී ‘ඉදින් මම මේ සිටු කුමාරිකාවට පළඳනා කරඬුව ගෙනවුත් නුදුන්නෙම් වී නම් මා කෙරෙහි වෛර බැඳ2. ගෙන නරකයෙහි උපදිනී ය. ඉදින් දුනිම් නම් අනුන්ට මෙහෙවර කරණ සේ දාසි ව උපදිනී ය. ඉදින් දුනිම් නම් අනුන්ට මෙහේ වර කරණ සේ දාසි ව උපදිනී ය. එබැවින් නරකයෙහි ඉපැද දුක් ගැන්මට වඩා අනුන්ට දාසී විම යහපත් වේ දැ’ යි සිතා ඈ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පළඳනා කරඬුව ගෙනවුත් සිටු දියනියන්ට දුන. ඒ මෙහෙණින්න අතින් එ පමණ මෙහෙවර ගත්තා වූ අකුශලයෙන් අනුන්ට මෙහෙ කරණ සේ දාසී ව උපනැ යි වදාළ සේක.
නැවත දවසෙක දම් ෙසබෙහි රැස් වූ වහන්දෑ ඔවුනොවුන් හා කථා කරණ සේක් ‘හෙම්බා ඇවැත්නි, සාමාවතී ඇතුළු වූ පන් සියයක් ස්ත්රීාහු තමන්ගේ ගෙයි ම දා මළහ. මාගන්දි යගේ පන් සියයක් නෑයෝ මුදුනෙහි පිදුරු ගිනි ලා ය නඟුලින් හිරා බිඳිනා ලද ශරීර ඇති ව මළහ. මාගන්දිු තොමෝ ලොහො දිය සේ කකියවන ලද තෙලේහි බැද මරණ ලද්දී ය. මොවුන් අතුරෙන් කවුරු ජිවත් වුවාහු වෙද්ද? කවුරු මළාහු නම් වෙද්ද’යි කියමින් හුන් සේක. එ කල එ තැනට බුදුහු වැඩ මහණෙනි, මා එන්ට පළමු කුමන් කථාවක් කෙරෙමින් හුන්නු දැ’ යි වදාරා මෙ පත් දැන් වූ කල්හි ‘මහණෙනි, යම් කෙණෙක් කුසල් කිරීමෙහි පමාවූ න්ම ඔවුන් අවුරුදු සියයක් ජිවත් වෙත් නමුදු මළා නම් වෙති. යම් කෙණෙක් කුසල් කිරීමෙහි නො පමා වූ නම් මළාහු වූ නමුත් නො මළා නම් වෙති. එ සේ හෙයින් මාගන්දිහ නො මළ ත් මළා නම් වෙයි. සාමාවතී ඇතුළු වූ පන් සියයක් ස්ත්රීගහු මළාහු වූ නමුත් නො මළා නම් වෙති.
“මහණෙනි, කුසල් කිරිමෙහි නො පමා වුවාහු නො මළහු නම් වෙති’ යි වදාරා මත්තෙහි දු බණ දෙසනු බුදුහු ‘හෙම්බා මහණෙනි, නිරන්තර ව සිහි නුවණින් යෙදි නො පමාව කුසල් කිරිීම නම් නිවන් පුර වදනා මඟ ය. සිහි මුළාව නුවණින් මෙනෙහි නො කොට සැපතෙහි ලොල් ව කුසල් කිරීමෙහි පමා වීම නම් මරණයට මඟ ය. කාරණ කිම් යත් :- කුසල් කොට නිවන් දුටු උත්තමයන් නැවත නුපදනා හෙයින් මරණ ත් නැත්තේ ම ය . කුසල් නො කොට අකුසල් කළ අඥාන ජනය්න සසරින් මිඳී යා නො හී නැවත නැවත උපදනා හෙයින් මරණ ත් ඇත් ම ය. කුසල් කිරීමෙහි නො පමා වූ නුවණැති ස්ත්ව යෝ පමා ව අකුසල් කරණ අඥාන ජනයන් පරිද්දෙන් නො මියෙති. කුසල් කිරීමෙහි පමා වූ සත්වරයන්ට සසර දුකෙහි කෙළවරක් නො පෙනෙයි. නො පමා වු සත්වෝයන්ට සසර දුකෙහි කෙළවර පෙනෙයි . කුශල කරණයෙහි
25. කුම්භ කඝොෂඛ සිටාණන් ගේ කථාව 255
පමා වූ සත්වතයෝ ජාති ආදි නො මිදුණු හෙයින් ජිවත් වෙත්. නමුත්’ මළවුන් වැනියහ. නො පමා වුවාහු වනාහි කුසල් මුහු කුරුවට මහා මාර්ගමඵල උපදවා දෙවන තුන්වන ජාතියෙහි නූපදනා හෙයින් මළ ද නො මළා නම් වෙති. පමා ව කුසල් නො කළ සත්වයයෝ මළවුන් මෙන් කිසි පිළිසරණක් කොටගත නො හෙන හෙයින් මළාහු වූ නමුත් මළාහු නම් වෙති.
මේ කාරණ ය නුණැත්තෝ විශෙෂයෙන් දැන බුදු පසේ බුදු මහ රහත්න්ගේ ගොචර ය යි කියන ලද සතර සතිපට්ඨානාදී වු ප්ර්භෙද ඇති සත් සිත් බොදි පාක්ෂික ධර්මියෙහි හා නව විධ ලොකොත්තර ධර්මේයෙහි ඇලුම් කෙරෙති. එ සේ නො පමා බැව්හි පිහිටියා වූ නුවණැති සත්ව යෝ අස්ටසමාපත්ති ය යි කියන ලද ආලම්බනූපනිද්ධ්යාිනය, විදර්ශඇනා මාර්ග් ය යි කියන ලද ලක්ෂ ණොප නිද්ධ්යාදනය යන දෙ වැදෑරුම් වූ ධාන්යයෙන් යුක්ත වූ ගිහි ගෙන් පිටත් වූ තැන් පටන් අර්හත් ඵලයට පැමිණෙන තැන් දක්වා නිරන්තරයෙන් පැවැත් වූ කායික - චෛතසික වීය්ය්ෙන යෙන් යුක්ත ව අනවරතයෙන් කළමනා පුරුෂ වික්ර මයෙන් යම් යුඝ ධර්ම යකට පැමිණිය යුත ද - ඒ ගුණ දර්මකයට නො පැමණි හෙවත් වීය්ය්ම් කිරීමට ස්ථාන නොවන්නේ ය යි - අතුරෙහි වීය්ය්ා පසු නො බස්වා නිරන්තරයෙන් පැවැත්තා වූ තද විය්ය්ොවනයෙන් යුක්ත ව ආය්ය්නා ඵලය යි කියන ලද සතර ඵලයෙන් නිවන් දහම් පසක් කරන්නා වූ නුවණැත්තාහු විපාක ඵුසන ය යි කියන ලද ආය්ය් ලද ඵලයෙන් නිවන් දහම් අත් පත් කෙරෙති. හෙවත් කාමයෝගාදී වු සතර යොගයෙන් නිර්භය වූ උතුම් නිවන් අත් පත් කෙරෙතී’ වදාළ සේක.
මේ ධර්මත දේශනාව කෙළවර බෙහෝ දෙනා සෝවාන් ආදී වු සතර මග සතර ඵලයට පැමිණියහ. එ සේ හෙයින් නුවණැති සත් පුරුෂයන් විසින් සැදැහැ වඩ නො පමා ව කුසල් කොට අජර වු අමර වූ අතෘප්තිකර වු නිවන් සම්පත් අත්පත් කරන්ට උත්සාහ කටයුතු .
—— + ——