සද්ධර්ම රත්නාවලිය- vii

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

30. මහසුප් තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද උපදනාවුන් හා මියන්නාවුන් හා දැක ජාති දුක්, ජරා දුක්, ව්යාඅධි දුක්, මරණ දුක්, අප්රි ය සම්ප්රවයොග දුක්, ප්රිඅය විප්රියොග දුක් ආදී වූ දුක් තමා හැර ‍වන දුක් නොවන හෙයින් තමාකෙරෙහි සත් සලකා දැක ඒ දුකින් මිදෙනු නිසා පින් කම හැසිරෙනු පිණිස අපිස් තෙනට අගතැන් පත් වූ - තව ද විසුද්ධි කැමැත්තන්ට පිහිට වීමෙන් පොළොව හා සමාන වූ කෙලෙස කිලුටු සෝධා හැරීමෙන් පවිත්රට පැනක් හා සරි වූ සියලු කෙලෙස් කසළ දුරු කිරීමෙන් පවනක් හා සම වූ සියලු කෙලෙස් ලෙඩ සන්සිඳවීමෙහි දිව බෙහෙතක් වැනි වූ ශීල සමාද්ධ්යාසදී ගුණ බිජුවට හට ගන්ට සරු කෙතක් වැනි වූ අභිමතාර්ථ් සාධා දීමෙහි සිතුමිණි රුවනක් වැනි වූ විසුද්ධි කැමැත්තවුන් සසර සයුරෙන් එ තර කිරීමට නැවක් වැනි වූ සියලු කෙලෙස් කසළ හා එක් නොවීමෙන් පියුමක් වැනි වූ කෙලෙස් දුගඳ පැසි කිරීමෙහි සිවු දෑ සුවඳක් වැනි වූ අෂ්ට ලොක ධර්මත නමැති සුළඟින් වෙවුලීමක් නැති හෙයින් මහ මෙර වැනි වූ ප්රවත්යකය සමුත්පන්න ධර්මියන්ගේ ස්වභාව ය දැක්වීමෙහි මැදි කැඩ පතක් වැනි වූ කෙලෙස් පහර වැළහීමෙහි එලකායුධයක් වැනි වූ කෙලෙස් අවු හා වැසි හා නවතාලීමෙහි කුඩයක් වැනි



296 සද්ධර්මුරත්නාවලි ය

වූ මොහඳුරු දුරු කිරීමෙහි හිරු හා සමාන වූ නො එක් ගුණ රුවනට ආකර වී මෙන් මහ මුහුද හා සරි වූ‍ කෙළෙස් දුවහ පුරන මහසුප් මහ තෙරුන් වහන්සේ ගේ වස්තුව කියමු.

ඒ කෙ සේ ද? යත්:

එක් සමයෙක මහසුප් තෙරුන් වහන්සේ රජගහා නුවරට ආසන්න ව තිබෙන පුළිල ලෙණ ය යන ගල් ‍ලෙනක වසන සේක් රජගහා නුවර සිඟා ගෙන පුළිල ලෙණේ දී වළඳා ලා අන්ත යෙහි ආලොක කිසුණ ත් ප්රුතිභාග නිමිත්ත වූවා වඩා ලා ඊට ඇතුළත් වූ පමාව වසන්නා වූ ත් නො පමාව වසන්නා වූ ත් මියන්නා වූ ත් උපදනා වූ ත් සතුන් දිවසින් බල බලා වැඩහුන් සේක.

බුදුහු එ තැනට එක් සිය අසූ ගව්වක් විචර ව තිබෙන දෙවුරම වැඩ හිඳ ‘අද ම පුත් මහසුප් මහතෙරහු කුමක් කෙරෙද්දෝ හෝ’ යි දිවසින් බලා වදාරා මියන්නවුනු ත් උපදවුනු ත් දිවසින් බලතී දැන වදාරා ‘සතුන්ගේ චුති උත්පත්ති දෙක බුදු නුවණින් මුත් දත නො හැක්ක. මවු කුස පිළි සිඳ ගෙන මවුපියන් නො දන්වා ම මියයන්නවුන්ගේ ගණන් නැත. එ සේ හෙයින් තොපට අවිෂ ය ය. තොපට විෂය වන්නේ මුහුදින් ඇසට විෂ ය තෙන සේ ය. ‘චුති උත්පත්ති දෙක සවාරෙන් දන්තො ත් බුදු වරුන්ට මුත් තොපට බැරිය’යි බුදුරසක් විහිදුවා ළඟ වැඩ උන්නා සේ ම ‘හෙම්බා, කාෂ්යිපයෙනි, යම් පොකුණකට වදනා වතුරු දියෙක් පරණ ව තුබූ පැන් අළලා ගෙන ඊට අවසර නො පෑ තම තමා මතු මත්තෙහි පලවා පියා ද, එ මෙන් නුවණැත්තෝ තුමූ තමන්ගේ අප්රාමාද නමැති වතුරු පැනින් සිත් සතන් නමැති පොකුණෙහි ප්රයමාද නමැති පරණ පැන් පලවා අප්ර මාද නමැති අලුත් දිය ම රඳවති. රඳවා ලා ඉන් නිරන්තර ව නහා පිරිසිදු ව දිවස් නමැති මාළිගාවට තදනුරූප පිළිවෙත් නමැති භිණින් නැඟී එහි සිට හෝ අනාවරණඥාන නමැති මහ මෙර උඩට පැරුම් නමැති මහ භිණින් නැඟී සිට හෝ මාළිගාවෙක උඩු මාළක සිටි කෙණෙක් මාළිගාවෙන් පාත සිටියවුන් සුව සේ දකිද්ද, එ මෙනුත් පර්වළතයක් මුදුනේ සිටි කෙණෙක් ගල් පාවුල සිටියවුන් සුවසේ දකිද්ද එ මෙන් උපදනවුනු ත් මියන්නවු ත් සුව සේ දකිති’ වදාළ සේක. මේ දෙසනා කෙළවර ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.

එ‍ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ජාති දුක් ආදිය එළවන අකුසලින් දුරු ව ජාති දුක් ආදී වූ දුක් නැති නිවන් එළවන කුසල්හි පිහිටන්ට උතසාහ කට යුතු.


31. ද්විසහායක වස්තුව[සංස්කරණය කරන්න]

තව ද පමා ව වස්නවුන්ට නිවන් දුරුවන නියාව ත් නො පමාව වසන්නවුන්ට නිවන් ළං වන නියාව ත් දක්වා නො පමා වීමෙහි යොදන්ට ද්විසහායක භික්ෂු වස්තුව කියමු.

ඒ කෙ සේ ද යත්:-

එක් දෙ දෙනකුන් වහන්සේ රහත් වනු නිසා බුදුන් ගෙන් කමටහන් ඉගෙන ගෙන භාවනා කරනු නිසා ගම් පැල් ඊට අයොග්යග හෙයින් යටත් පිරිසෙයිනු ත් දුනු පන් සියයක් පමණ දුර ඇති වනවාස විහාරයට ගිය සේක. එ‍ සේ වැඩි දෙ දෙනා වහන්සේ ගෙන් එක් කෙණකුන් වහන්සේ වේලා පස ම දර ගෙනවුත් වග්ගිනි කබලේ1 ගිනි මොළවා ගෙන එයි ත් එක් භාවනා විධියක් සේ හෙරණුන් පිරිවරා ගෙන ස්වර්ග්-මොක්ෂි බාධක වු කථා කෙරෙමින් ගිනි තැප පෙර යම් දස පැය යවන සේක. අනික් විසි පැය නිඳන සේක. අනික් තෙනැත්තවුන් වහන්සේ නො පමා ව මහණ ධම් පුරන සේක් ‘ඇවැත්නි, තෙල ලෙස නො කළ මැනව. පමා ව වසන්නවුන්ට සතර අපාය නම් නිරන්තර ව හිඳිනා ගෙවල් හා සරි ය. බුදුවරුන් වහන්සේ ත් වඤ්චාවෙන් සිත් ගන්ට බැරි ය. නරක ගිනි බතො ත් ගිනි තැපුම ත් හැරලා පිඹුරු ව උපන් අවධි වල නිඳා පූ නිඳි ත් ගිනි තැපුම ත් හැරලා පිඹුරු ව උපන් අවධි වල නිඳා පූ නිඳි ත් නො මඳ බැවින් නිඳි ත් හැර කරණ කථාවට අල්පෙච්ඡ කථාදිය ඇති බැවින් නිෂ්ප්රනයෝජන කථා ත් හැර මහණ ධම් කළ මැනැවැ’යි වදාරන සේක.

ඔබ වදාරන අවවාද පමා ව වසන තැනැත්තන් වහන්සේ කරන්ට සිත් නේ යන හෙයින් නො ගිවිස්නා සේක. නො ගිවිස්නා නියාව දැන ලා උන් වහන්සේ කියන මාලු කම් තබා පියා තමන් වහන්සේ නො පමා ව මහණ ධම් පුරන සේක. මැළි තෙරුන් වහන්සේ ද පෙර යම් ‍දස පැය ද බිඳ ලා ගත් දර ඇති බැවින් ගිනි තැප පියා මහණ ධමට නො මැළි වූ තෙරුන් වහන්සේ පෙර යම්හි හිඳීමෙන් හා සිටීමෙන් හා සක්මන් කිරීමෙන් හා දවස් යවා මැදීම්2 යම සැතපෙන්ට ගබඩාවට වන් කල්හි තමන් වහන්සේ ත් ගබඩාවට වැද ලා තමන් වහන්සේගේ මැළි කම ඔබ පිට ලා ලා ‘මහ මැළියාණෙනි, වැද හෙව නිඳන්ට දාවු ද? කුමක් ද? බුදුන් ගෙන් කමටහන් ඉ‍ගෙන ආ කල වීය්ය්බ කළ මනා වේ දැ’ යි කියා ලා තමන් වහන්සේ වසන තෙනට ගොසින් අනික් විසි පැය ගිනි තැපීමු ත් කථා ත් නැති ව සුව සේ නිඳන සේක. මහණ ධම නො පමා තෙරුන් වහන්සේ ද මැදිවූ යම සැතපීලා අළු යම නැඟී සිට මහණ ධම් කරණ සේක.

1 ගිනි කබළ් 2 මැදින්

298 සද්ධර්මළරත්නාවලි ය

මෙ සේ නො පමා ව වසන සේක් නොබෝ දවසකින් ම සිවු පිළිසිඹියා පත් රහත් ව ගත් ආයාස සප්රේයෝජන කළ සේක. පමා ව විසූ අනික් තෙරුන් වහන්සේ ගිනි තැපීමෙන් හා නිඳීමෙන් රෑ දවස යවා වැළඳීමෙන් හා දෙඩීමෙන් දාවල් දවස් යවා වස් අන්තයේ වෙළඳාමේ ගොසින් නිකම් ම ආ ගමනක් සේ බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස් ව හුන් සේක. බුදුහු ත් පිළිසඳර කථා කොට ලා “කුමක් ද? නො පමා ව මහණ ධම් කළා ද? පැවිදි ව කළ මනා කාරිය මුදුන් පැමිණියේ දැ” යි විචාළ සේක.

පමා ව විසූ තෙරුන් වහන්සේ බුදුන්ට දක්වන සේක් ‘ස්වාමීනි, මුන් වහන්සේ සැරහී සෑසී භාවනාවට ගිය බව මුත් නො පමා බවෙක් නම් කොයි ද? ගිය තැන් පටන් ගිනි මොළවා ගෙන ගිනි තැපීමක් වේව යි සුව දුක් කථා කිරීමෙක් වේව යි නැති ව නිඳමෙන් දවස් හළ සේකැ’යි කියා නුගුණ කියම්හ යි සිතා ගුණ කී සේක. ‘තෙපිනැ’යි වදාළ කල්හි ‘මම, ස්වාමීනි, මුන් වහන්සේ වේලා පස ම අභියුක්ත පිරිමැස්ම නැති හෙයින් ගිනි දර ගෙනවුත් මොළවා ගෙන පෙර යම දස පැය ගිනි තැප පියා නො නිඳා ම දවස් යවමි. මෙ සේ පෙර යම දස පැය සිස් ව නො ගොසින් ගිනි තැපී මෙන් යෙයි. නිඳ ත් නම් ත් අනික් විසි පැය පමණෙක නිඳමි. පෙර වරු දවස් සිඟන හෙයින් හා වළඳන හෙයින් නිඳන්ට අවසර වූවො ත් ඒ හැම නැති හෙයින් නො නිඳමි පස් වරු ත් වළඳා අන්තයේ සුඟක් නිඳා පීම් නමුත් දර දණ්ඩක් පැනිත්ත ක් සපයා තබන්ට වුව මනා හෙයින් එ සේ ත් නැතක් වේලා නො නිඳමි’ භාවනාවක් ම ඊ මුසු කොට පිළිපදිනා ලෙස කියා ලූ සේක.

බුදුහු ත් ඒ අසා ‘නොප මා ව දවස් යවා ගොයම් කොට ත් මීවුන් හූරන් කාපී හෙයින් ලත් චිකක්1 නැත්තා සේ කිසි ගුනයක් නො ලැබ අවුත් නො පමා ව විසූවන් පමා ව විසූව යි කිය’යි වදාරා ‘යමෙක් ශාසන ධර්මමයෙහි නො පමා වී නම් එ තෙමේ පමා තැනැත්තහු ශීඝ්ර ගමන් ඇති අසකු අස් කුඩයකු පසු කොට පියා දුවන්නා සේ ආගමාධිගම දෙකින් ම පසු කෙරෙයි. එ සේ මැයි, නුවණ මඳවුන් එක සූත්ර යක් උගන්නා කලට නුවණැත්තෝ වගක් හෝ සහියක් හෝ වඩා උගනිති. එ‍ සේ ආගමයෙනු ත් පසු කෙරෙති. නුවණ නැත්තවුන් භාවනාවට රෑ වසන තැන් දාවල් වසන තැන් ආදි ය කට දී ම උගත් කමටහන් වන පොත් කරවමින් සිටියදී ම නුවණැත්තෝ අනුන් ඉදි කළ තැනකට වුව ත් වැද ලා කමටහන්


1 වී ටිකක්

32. මහාලි ප්ර ශ්න වස්තුව 299

මෙනෙහි කොට සව් කෙලෙසුන් ගෙවා රහත් වෙති. මෙ සේ අධිගමයෙනු ත් පසු බස්වතී වදාළ සේක. මේ දෙශනා කෙළවර ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

සත් පුරුෂයන් විසින් ආගමාධිගම දෙකට ගමනේ දක්ෂළ නො වන කුඩා අසුන් ගමනට පසුවන්නා සේ නො ව ශීඝ්ර ගමන් ඇති සින්ධු දෙශයෙහි අසුන් මෙන් හෙවත් උන් ගමනේ දක්ෂොයා මෙන් ආගමාධිගම දෙක්හි ශීඝ්රඅ වූ ඥාන ගති ඇති ව විසීමට තැත් පිරිය යුතු.


32. මහාලී ප්රුශ්න වස්තුව[සංස්කරණය කරන්න]

තව ද කුසල්හි නො පමා වූ මඝ මාණවකයන් ලත් ශක්රම සම්පත්තිය සත්ව යන් කුසල්හි අසුරුවනු පිණිස මහාලී ප්ර්ශ්න වස්තුව කියමු.

කෙ සේ ද යත්:

විසල් මහ නුවර මහාලී නම් ලිච්ඡවි රජ්ජුරු කෙණෙක් ඇත. ඌ බුදුන් සක් පැන සුත් දෙසා වදා ළා අසා ‘බුදුහු සක් දෙවිඳුහුගේ සම්පත බෝ නියාවක් වදාරන සේක. සම්පත දැක ම වදාරන නියා දේ හෝ නොහොත් සම්පත් මහත් නියාව ඔබ්බකින් අසා වදාරන නියා දෝ හෝ ශක්රයයන් හඳුනන නියා දෝ හෝ නො හඳුනන නියා දෝ හෝ විචාරමි’ යි සිතා මහාලී ලිච්ඡවීහු බුදුන් කරා ගොසින් වැඳ එකත් පස්ව විස්තර ය. උන් දුටු විරූ ඇද්දැ’යි කිවු ය. ‘එ සේ ය, මහාලීනී, දුටු විරූම්හ’ යි වදාළ සේක. ඒ අසා මහාලීහු ‘ස්වාමීනි, උන් එක් වැනි කෙණකුන් නියා ය. එක් වන්නවුනු ත් ලොව ඇති හෙයින. ශක්රායන්ගේ අත් බැව දිව අත් බැව් හෙයින් දක්නට බැරි ය’ යි තමන්ට බැරි හෙයින් ඔබට ත් බැරි දෝ හෝ යි සිතා කිවූ ය. ‘හෙම්බා මහාලීනි. මා උපන් දවස් පටන් මෙ වක් දක්වා මඟුල් මෙහෙ කොට සිටි හෙයින් මම ශක්රහයන් හඳුනමි. දැන් හැඳිනීමෙහි විස්ම කිම් ද? මහෞෂධ පණ්ඩිත කල ත් වෙස් වළා සිටියවුන් හැඳින ගතිමි. ශක්ර?යන් තබා යම් පිණක් කොට ශක්රු වූ නම් ඒ ශක්රෙ සම්පත් සාධා දී ලූ පින්කමුත් දනිමි’ වදාළ සේක.

එ සේ වදාරා ලා ‘හෙම්බා මහාලීනි, සක් දෙවිඳු පෙර මිනිස් ලොව දී මඝ නම් වි ය. එහෙයින් මඝ ය යි කියති. නැවත මේ සක් දෙවිඳු පෙර මිනිස් ලොව දී දනක් දේ නම් හැම දෙනාට පෙරාතු ව දෙයි. එ හෙයින් දැන් පුරින්ද් ද ය යි කියති. නැවත

300 සද්ධර්මහරත්නාවලි ය

මේ සක් දෙවිඳු මිනිස් ලොව දී දෙන දනක් යහපත් අදහසින් සකස් කොට දෙයි. එ හෙයින් ශක්රද ය යි කියති. නැවත මේ සක් දෙවිඳු මිනිස් ලොව දී මාවත යන එන්නවුන් සැතපෙනු සඳහා ගෙයක් ‍කරවා දින. එ හෙයින් වාසව ය යි කියති. නැවත මේ ස්ක්‍ දෙවිඳු දහසක් කාරණ ඇසිල්ලෙකින් සිතයි. රූ දැක්මෙහි සමර්ත්ථ. ඇස් දෙක වුව ත් නුවණැස් දහසක් හෙයින් සහශ්රානක්ෂි ය යි කියති. තව ද, මහාලීනි, සක් දෙවිඳු හට සුජාතා නම් අසුර කන්යායවක් වුව. එ හෙයින් සුජම්පති නම කියති. මහාලීනි, මේ ශක්රායෝ දෙ දෙව් ලොව දෙවියනට නායකය හ. එ හෙයින් දෙවිඳු ය යි කියති. යම් පින් කමක් කොට මූ ශක්රය වූ නම් එ සේ මුන් කළ පින්කම් සතෙක් ඇත. ඒ කවරේ ද යත්:

“ මාතාපෙත්තිභරං ජන්තු - කුලෙජෙට්ඨාපචායිනං, සණ්හං සඛිලසම්භාසං - පෙසුණෙය්යාප්පභායිනං. මච්ඡෙරවිනයෙ යුත්තං - සච්චං කොධාශිභුං නරං, තං වෙ දෙවා තාවතිංසා - ආයු සප්පුරිසො ඉති”

යනු හෙයින් දෙ මවු පියන් නෑවී ම් ඉස් සේධීම් කැවීම් පෙවීම් ආදි විසින් ද:

“බ්රිහ්මාති මාතාපිතරො - පුබ්බාචරියා ච වුච්චරෙ ආහුනෙය්යාහ ච පුත්තානං - පජාය අනුකම්පකා: තස්මාහි තෙ නමස්සෙය්යය - සක්කරෙය්යානථ පණ්ඩිතො

යනු හෙයින් දිවි හිමියෙන් උපස්ථාන කොට ලා දිවි හිමියෙන් නැඳි මයිල් බෑබුන් ආදි වූ කුල දෙටුවන්ට ආදර සම්භාවනා කළහ. දිවි හිමියෙන් ම කවුරුන් වුව ත් අනුන්ට බස් මොළොක් කොට ම කිවු ය. දිවි හිමියෙන් ම භෙදාභිප්රාවයෙන් වේව යි පිය කම්මතාව නිසා වේව යි කේළාම් නො කීවෝ ය. දිවි හිමියෙන් ම දන් දීමෙහි මසුරු සිත් නැත්තෝ ය. දිවි හිමියෙන් ම බොරුවක් නො කීහ. දිවි හිමියෙන් ම අනුන් කෙරෙහි ක්රොිධ නො කළා හ. පෘථක් ජන සන්තාන හෙයින් ක්රොමධයක් හට ගත් නමුත් වහා ම සන්හිඳුවති. ඒ ක්රෝධ නො කළා හා ම සරි ය. මෙ සේ, හෙම්බා මහාලීනි, මඝ මාණවකයන් මේ කළ පින් කම ය’යි වදාරා ලා මහාලී රජ්ජුරුවන් විස්තර කොට ම අසනු කැමැති හෙයින් ‘එ‍ සේ වී නම් අවික්ෂිප්ත ව අසව’යි වදාරා ලා ඉකුත් වත් කථාව දක්වන සේක්:-

යටගිය දවස මගධ රට මච්ඡල නම් ගම මඝ නම් ළදරුවාණ කෙණෙක් ගම කර්මාසන්ත කරණ තෙනට ගොසින් තමන් සිටින තෙන පයින් කසළ ඉවත් කොට පියා පවිත්රට කොට ගෙන සිටියහ.


32. මහාලි ප්ර ශ්න වස්තුව 301


අනික් කෙණෙක් එ තැනට අවුත් එතැන පවිත්රව නියාව දැක මඝයන් සිටියවුන් බලා උන් උරවටින් ගසා ඉවත් කොට ලා තුමූ එ තැන සිටියාහු ය. ඉනු ත් ප්ර කාශ වන්නා ක්ෂොමා ව ම හෙයින් මඝයෝ ඊට නො කිපී ම එ තැන උන්ට ම හැර ලා අනික් තෙනක් පවිත්රෂ කොට ගෙන සිටියහ. අනික් කෙණෙක් එ තැනට අවුත් එ තැන පවිත්ර නියාව දැක මඝයන් උරවටින් ගසා ඉවත් කොට ලා තුමූ එ තැන සිටියහ. මධයෝ උන්ට ත් නො කිපී අනික් තෙනක් ඉදි කොට ගෙන ගියහ. තම තමන් ගෙවල සිට එ තැනට ආ කීප දෙණෙක් මඝ නම් ළදරුවාණන් උරවටින් ගසා ඉවත් කොට ලා උන් ඉදි කළ තෙන තුමූ සිටියහ.

මඝ මාණවකයෝ ‘මා ඉදි කළ කළ තැන් මුන්ට ප්රිළය වූවා සේ ම මුන් හැම අවුත් සිටි නියාව මට ත් ප්රිළය ය. මේ එක් තරා පින් කමක් විය යුතු ය. පින් කමෙහි ඉෂ්ට විපාකයක් මුත් අනිෂ්ට විපාකයක් වන්ට නැතැ’යි සිතා දෙ වන දවස් එන්නෝ උදැල්ලක් ගෙනවුත් කළ විටක් විවර1 තැන් සැස පියා හැමඳ පවිත්රන කළහ. ඊයේ දවස් එක් තැන් වූවෝ හැම අවුත් ඒ සැස පී තෙන සිටියෝ ය. උන්ට සීත වේලෙහි ගිනි ත් මොළවා දුන්හ. ඉක් බිත්තෙන් ‘සිත් කලු තැන් කවුරුන්ට ත් ප්රි ය නියා වේ ද? මෙ වක් පටන් යන්ට එන්ට දුර්ගි මං පෙත් ‍ඉදි කෙළෙම් නම් ඒ මඟ නිසා පැවැති කුසල් මගින් දෙව් ලොවට යා හැක්කැ’යි සිතා උදාසන ම අවුත් මං තනමින් කපා හළ යුතු කැල කපා හරිමින් ඇවිදිති. උන් කරණ දෑ දැක අනික් කෙණෙක් ‘සබඳ කුමක් කරව්දැ’යි විචාරා ‘දිව්ය ලොකයට යන්ට මඟක් ඉදි කෙරෙමි’ කී කල්හි ‘මම ත් තොපට සහාය වෙමි’යි කීහ. ‘යහපත, සබඳ, ස්වර්ගව සම්පත් නම් කවුරුන් ට ත් යහපත් වේදැ’යි කියා ලා එ වක් පටන් දෙන්නෙක් වූ ය. තවත් එ සේ ම විචාර ත් අනික් කෙණකු ත් සහාය වූ ය. අනික් කෙණකු ත් සහාය වූ ය යි එක් ව තෙතිස් දෙණෙක් මුළු වූහ. ඌ හැම දෙන ම කැති - පොරෝ - හුදලු හැර ගෙන මං ඉදි කෙරෙමින් සතර ගවු අට ගවු පමණට ත් යෙති.

උන් හැම මෙ ලෙස කරන්නවුන් දැක ‍එම ගම ගම් මුදලියා මූ හැම මං ඉදි කරම්හ යි කියා ලා නො කළ මනා දෙයක් ම කෙරෙති. මූ හැම දෙන වලට ගොසින් දඩ මස්සන් කු‍ඩ මස්සන් ගෙනවු නම් හෝ රායක් බොත් නම් හෝ අනිකුත් එ බන්දක් කෙරෙත් නම් හෝ ඉන් ගම් පිඩි ආදි ය මමත් ලබමි’ සිතා උන් හැම ගෙන්වා ලා කුමක් කොට ඇවිදිනා නියා දැ යි විචාළෝ ය.


1. විවර


302 සද්ධර්මරරත්නාවලි ය

‘අපි දෙව් ලොව යන්ට මං ඉදි කරම්හ’යි කී කල්හි ‘ගිහි ව රැකෙන්නවුන් තෙලේ කළ මනා දෙයෙක් නො වෙයි. දඩ යම් කොට දඩ මස් හෝ ගෙනව මැනව කුඩ මස්සන් හෝ මරා ගෙන ගෙනව මැනව. රා හෝ පුව මැන ව. තව තවත් රැකෙන්ට මඟක් කළ මැනව. තෙල කරන්නේ නො මඟක් මුත් මඟෙක් නො වෙ’යි කිවු ය. ඌ ඒ නො ගිවිස්සෝ ය. තව තවත් කීව ත් නො ගිවිස්සෝ ම ය. එ තෙමේ තමා කී ලෙස නො කරත් හෙයින් කිපී පියා ‘ඊට නිහඬ දනිමි’ රජ්ජුරුවන් ළඟට ගොසින් ‘මුළු ව ගෙන සොර කම් කොට ඇවිදිනා සොරුන් මුළක්1 දිටිමී’ කියා ලා ‘පිරිස් ඇර ගෙන ගොසින් අල්වාගෙන එව’යි විධාන ලදින් එන්ට කියා ලූ පමණින් එන ඇත්තවුන් ගෙනවුත් රජ්ජුරුවන්ට පෑ ය. රජ්ජුරුවෝ ද ආද්යලන්ත නො සලකා ‘ඇතුන්ට ලවා පියව’ යි විධාන කළහ.

මඝ මාණවකයෝ ඒ අසා සෙස්සවුන්ට ඔවා2 දෙන්නෝ ‘සබඳිනි, අපට මෙ තැන්හි දී මෙත් පිහිටට වඩා අනික් පිහිටෙක් නැත. තෙපි කිසි කෙණකුන් කෙරෙහි ‍ත් නො ඝටා රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි ත් විෂම කම් යෙදූ ගම් මුදලියා කෙරෙහි ත් නියොගයෙන් මඬ නා ඇතු කෙරෙහි ත් තොප හැම දෙනා කෙරෙහිත් සම ව මෙත් පවත්වව’ කිවු ය. උයි ත් එ ලෙස ම කළහ. උන් හැම දෙනාගේ මෙත්තානුභාවයෙන් මඬනා තබා ගිනි වැටක් ළඟට මැස්සකු පරිද්දෙන් ළං විය නො හිණ. රජ්ජුරුවෝ ඒ අසා බොහෝ දෙනා හෙයින් මැඬ ගත නො හෙන නියා යැ යි කළාල් කඩ වලින් වසා මඬවාපියව යි කිවු ය. කළාලෙන් පැදුරෙන් වසා ලා මඬවන්ට මෙහෙයුව ත් ක්රොයධයෙන් නො වැසුනු හෙයින් හා උන් තෙ තිස් දෙනාට පිට පුරා මෙත් නැමැති යොධයන් ඇති හෙයිනුත් මිරි‍කන්ට ගිය ඇතා දුර ම රඳා පී ය. රජ්ජුරුයෝ එයි ත් අසා කාරණයක් ඇත මැනැවැ’ උන් හැම ගෙන්වා ගෙන ‘ඇයි සගයෙනි, මා නිසා කුමක් නො ලබවු ද? මෙ සේ කරන්නේ හැයි දැ’ යි විචාරා ‘කුමක් ද රජ්ජුරුවන් වහන්සැ’යි විචාළ කල්හි ‘තොප වල් සොර ව ගෙන සොර කම් කෙරෙතී අසමී’ කිවු ය. ‘කීවෝ කවුරු දැ’ යි විචාළ කල්හි ගම් මුදලියා කී නියාව කිවු ය.

ඔහු හැම දෙන ඒ අසා ‘ස්වාමීනි, අප කරණ සොර කම් නැත. සොර කම් නම් අපායට මඟක් සෙයින් බුදු හමුවක් නො වන හෙයින් දෙව් ලොවට යන්ට අනික් මඟක් නො දැක නිවන්පුර යන්ට මං පානවුන් නැති හෙයින් නිකම් හිඳිනා ගමන් දෙව්

1. බුදක් 2. ඔවාද


32. මහාලී ප්රවශ්න වස්තුව 303

ලොවට යන්ට මං ඉදිකරම්හ’ යි කියා ලා ‘ගම්මුලදලි නො එක් පව් කම් යොදා අප නො යෙදෙන හෙයින් අපට විනාස කමට කිවු ය’ යි කීහ. රජ්ජුරුවෝ ඒ අසා ‘අනේ තිරිසනුන් පවා තොප හැමගේ තරම දත. මම දන්නා තරමේ සිට ත් නො දත්තෙමි. නො දැන කළ දෙයට ක්ෂමමා කරව’ යි කියා ලා අඹු දරුවන් පිටින් ම ගම් මුදලියා උන්ට ප්රනසාද වහල් කොට දෙවා පියා ඇතු ත් නැඟී ඇවිද්නිට දී ලා මවලාගම ත් පමුණු කොට දුන්හ. ඌ හැම දෙන ත් ‘අප කළ පිණෙහි විපාක ය කුසල් ජවන් සතින් පළමු ජවන ය. දෘෂ්ට ධර්මී වෛද්යද විපාක දායි හෙයින් මේ ලොව ම ලදුම්හ’ යි බලවත් ව සතුටු ව ලද්දා වූ ඇතා දවස එක් කෙණකුන් ඔබාදීන් නැගී ඇවිදිනාහු ‘මේ තරම් පිණෙකින් මේ තරම් ලෙසක් ලත් කල වැඩියුරුවක් ලබනු නිසා වැඩියුරු පින් කම් කරන්ට වුව මනා වේ ද, කුමක් කරමෝ දැ’ යි කථා කොට මා වත් බඩෙක යන එන්නවුන් සැතපෙන ලෙස තර පාරු කොට ලා සිවුරැස් ගෙයක් කරම්හ යි නියම ව වඩුවකු ගෙන්වා ගෙන ඌ ලවා ශාලාව කරවන්ට පටන් ගත්හ.

තමන් හැම දෙනා රජ්ජුරුවන් කරා ගෙන යන නියාව දැන්වූ සේ යහපතැ යි සතුටු වු හෙයින් විරක්ත වූ සිත් ඇති ව පසු වත් එක් ව යෙද් දෝ හෝ යි ගෑනු කෙණකුන් ම එ තමන් කරණ පින්කම මුසු නො කෙට ශාලාව කරවන්ට සිතති. මඝ මානවකයන් ගේ ගෙයි ත් නන්දාාවෝ ය, චිත්රාවවෝ ය, සුධර්මාසවෝ ය, සුජාතාවෝ ය යි. අඹුවෝ සතර දෙණෙක් ඇත. උන් සතර දෙනාගෙන් සුධර්මා වෝ ඒ පින් කම තමන් එක්ව නො කරණ හෙයින් වඩුවාට සංග්රෙහයක් කොට ඌ සිත් ගෙන ලා ‘අයිය’ මේ පින් කමට තොපගේ බලයෙන් මා ත් මුසු කරව’ යි කිවු ය. උය් ත් අත්ලස් බලයෙන් යහපතැ යි ගිවිස පළමු කොට කැණි මඬලට නිසි දණ්ඩක් කපා දිය බස්වා ගෙන සැස විද කැණි මඬල නිමවාලා කැණි මඬල පත්ලෙහි ‘මේ ශාලාව සුධර්මාිවන්ගේ ශාලාව ය’යි අකුරු කොට ලා කඩෙකින් වසා ලා තබා ලූ ය.

ඉක් බිත්තෙන් ඒ ශාලාව නිමවා ලා කැණි මඬල නඟන දවස් ‘හැයි ස්වාමිවරිනි, සලකුණු නො කළ දෙයෙක් ඇතැ’ යි කියා කුමක් දැ යි විචාළ කල්හි කර්ණිකා මණ්ඩලයෙකැ යි කියා ගෙනෙම්හ යි කී කල්හි ‘දැන් ගෙනා දඬු දිය බස්නට නැති හෙයින් ගෝණැස් පුරවා ලූ කලට සිථිල වෙයි. එ සේ හෙයින් ඉන් කට නො හැක්ක. කොට නිමවා තුබූ කැණි මඩලක් ලදොත් යහපතැ’යි කිවු ය. ‘එසේ වන්නා‍, කළ මනා කුමක් දැ’ යි විචාළහ. ඉදින්‍, කිසි කෙණකුන්ගේ ගෙයි විකුණන්ට තිබෙන කැණි මඬුල් -


304 සද්ධර්මවරත්නාවලි ය


ලෙක් ඇත් නම් ඒ සෙවිය යුතු ය’යි කිවු ය. උයි ත්‍ සොයන්නාහු සුධර්මාෙවන්ගේ ගෙයි තුබූ කැණි මඬල දැක මසු දහසකට ඉල්ලා ත් පින් මිල මුත් රන් මිලයෙන් කම් නැති හෙයින් උන් ගෙන් නො ලත්හ. ‘ඒ පින් කම මුසු කරතො ත් දෙමි’ යි කී කල්හි කැණි මඬලක් පමණකට මුසු නොකරම්හ’ යි කිවු ය.

වඩුවා‍ණෝ කියන්නෝ ‘මුඹ දෑ හැම කියන්නේ කුමක් ද? බඹ ලොව හැර ගෑනුන් නැති තැනකු ත් ඇද් ද? කැණි මඬල පමණ කින් ම මුසු වන්නේ ත් කිම් ද? කැණි මඬල ගත මැනව. අපගේ කර්මාින්ත ය නිමවා යන්ට වුව මනා වේ දැ’ යි කිවු ය. උයි ත් යහ පතැ යි කැණි මඬල හැර ගෙන මඬුලු නංවා ශාලාව නිමවා ලා එක් භාගයෙක පොහොසතුන් සැතපී හිඳිනා ලෙස හා එක් භාගයෙක් දුක්පතුන් හා එක් භාගයෙක් ගිලන් මිනිසුන් හා සැතපී හිඳිනා ලෙසට තුන් භාගයෙක් කොට බෙදා ලූ හ. තෙ තිස් දෙන පුවරු තෙ තිසකු ත් ලා ලා ඇතුට ‘ආගන්තුක කෙණෙක් අවුත් යම් කෙණකුන් ලූ පෝරුව පිට හුන්හු නම් උන් පිට හිඳුවා ගෙන අවුත් පෝරුව ලූ තෙනැත්තන්ගේ ගෙයි ලාලව’යි විධාන කළහ. ඇතා ත් එ ලෙස ම කෙරෙයි. එ දවස් උන්ට කළ මනා යම් සාදයෙක් ඇත් නම් පෝරුව ඇති තැනැත්තෝ ම කෙරෙති.

මඝ මාණවකයෝ ශාලාවට නුදුරු කොට කොබෝලීල පැළයක් හිඳුවා ලා ඒ පැළ ය මුල ගල් ලෑල්ලක් ලවා ලූ ය. ශාලාවට වන් කෙණෙක් කැණි මඬලෙහි අකුරු කියවා පියා සුධර්මාළ නම් ශාලාව ය යි කියති. වෙහෙර කළවුන් පිටත ඇන්දු සේ ත තිස් දෙනාගේ ම නමෙක් නො පෙනෙයි. නන්දාාවෝ සිතන්නෝ ‘මූ ශාලාව කරණ ගමනේ අප මුසු නො කො‍ළෝ ය. සුධර්මා වෝ තමන් නුවණැති හෙයින් මුසු වූහ. මා ත් මුසු වුව මැනව. කුමක් කෙරෙම් දෝ හෝ’ යි සිතා ‘මේ ශාලාවට ආවවුන් බී පියන්ට පැනු ත් නා පියන්ට පැනු ත් ඇත මැනව. පොකුණක් කරවමි’ එ ලෙස පොකුණක් කරවා ඒ පින් කමට මුසු වූ ය.

චිත්රාවවෝ ‘සුධර්මාමවෝ කැණි මඬලක් ලැවූ ය. නන්දාුවෝ පොකුණක් කැණ වූ ය. මා ත් එකක් කරවා පින් කමට මුසු වුව මැනවැ’යි ශාලාවට ආවවුන් නහා පැන් බී යන කල මල් පැළැන්ද මනා වේ ද, මල් වත්තක් කරවමි’යි සිතා මල් වත්තක් කැරවූ ය. බොහෝ සේ මල් වත්තේ මල් පල ගන්නා ගසින් නැති ගසෙක් නො වී ය. සුජා‍තාවෝ ‘මම් මේ මඝ මානවකයන්ට සෙස්සවුන් සේ නො වෙමි. නැඳි මයිල් සරණ ය. උන් කළ පින් කමෙක් ඇත් නම් මා‍ කෙළේ ය. මා


32. මහාලී ප්ර ශ්න වස්තුව 305


කළ පින් කමෙක් ඇති නම් උන් කෙළේ ය’ යි සිතා පිණෙක පහළ දෙයක් ම නො කොට දෙතිස් කුණු කොටසින් පිරුණු අත් බැව ම පිරි මැසූහ.

මඝ මානවකයෝ ද දෙ මවු පියන්ට උපස්ථාන කිරීම් ආදි වූ පින් කම දිවි පමණින් හැසිර ආයු කෙළවර තව්තිසා දෙව් ‍නුවර සක් දෙව් රජ ව උපන්හ. එක් ව පින් කළ දෙ තිස ද එම දෙව් ලොව ම උපන්හ. වඩුවාණෝ ද විස් කම් දෙවි පුත් ව උපන්හ. එ කල තව්තිසා දෙව් නුවර අසුරයෝ වෙසෙති. ඔහු ද අලුත් දෙවියෝ උපන්හ යි දිව රායක් සැරහූ ය. ශක්රෝයෝ තමන්ගේ පරිසදින් කවුරුනු ත් නො බොන්ට විධාන කළහ. අසුරයෝ තුමු ම බීලා මත් වූහ. ශක්රුයෝ ‘මුන් හා එක් ව කරණ දිව්ය රාජ්ය යෙන් ප්රවයෝජන කිම් දැ’ යි පර්ෂැදට කියා ලා පා අල්වා ගෙන මහ මුහුදට දම්මවා පීහ. ඌ ත් ඉස් බිම් බලා මුහුද හුණුවාහු ය. උන්ගේ කුශලානුභාවයෙන් මහ මෙර පත්ලෙහි ශක්ර් පුර ය සාම අසුර විමන පහළ වි ය. පරසතු මඳාරා ගස් විතර ම සිත් පළොල් ගසකු ත් ඇති විය.

දෙවියන් අසුරන් හා සටන් කොට අසුරන් පැරදි කල මෙර මුදුනෙහි සතළිස් දහසක් ගවු පමණ දිග - පළල ඇති ව ගවු එක් ලක්ෂළ විසි දහසක් පමණ වට ඇති ව තවිතිසා දෙව් නුවර පහළ විය. ඒ නුවර නැගෙන හිරි වාසල පටන් බස්නා හිරි වාසලට අතුර සතළිස් දහසක් දහසක් ගවු ය. දකුණු දිග වාසල පටන් උතුරු දිග වාසලට ත් එ පමණ ය. එ නුවර වටා සිටි රුවන් උයන් වලිනු ත් පොකුණු වලිනු ත් සෑදී සිටී. එ නුවර මැද ශාලාවෙහි අනුසසින් එක් දහස් දෙසියයක් ගවු පමණ උස ඇති ධජයකින් හෙබියා වූ දෙ‍ දාස් අට සියයක් පමණ ගවු උස ඇති ධජ හා එක් වී නම් ගවු සාර දහසක් පමණ උස ඇති විජයත් නම් පායෙක් පහළ විය.

ඒ මාළිගාව වට ත් පවුර ගාව ත් රන් ලී අග මැණික් ධජ එළෙයි. මැණික් ලී අග රන් ධජ එළෙයි. පබළු යටග මුතු ධජ එළෙයි. මුතු යටග පබළු ධජ ‍එළෙයි. සත් රුවන් ලී අග සත් රුවන් ධජ එලෙයි. කොබෝලීල පැළ ය ලා ලූ අනුසසින් මුල පටන් අග දක්වා සාර සියයක් ගවු උස ඇති වටින් එක් දහස් දෙ සියයක් වට ඇති පරසතු මඳාරා ගස ඇති විය. ගල් ලෑල්ලෙහි අනුසසින් පරසතු


306 සද්ධර්මරරත්නාවලි ය


රුක මුල දෙ සිය සතළිස් ගවුවක් පමණ දිග ඇති ගවු දෙ සියයක් පමණ පළල ඇති සැට ගවුවක් පමණ බොල ඇති බඳු වද මල් ගෙඩක් සේ රත් වූ පඬු ඇඹුල් සලහස්න පහළ විය. ඇත් ඓරා වණ නම් දෙව් පුත් ව උපන.

දෙව් ලොව තිරිසනුන් නැති හෙයින් සක් දෙවිඳු උයන් කෙළියට යන කළ ඓරාවණ නම් දිව්ය පුත්රසයා තමාගේ දිව අත් බැව හැර ලා දිගින් ගවු සියයක් විතර දිග ඇති තුන් සිය සැට ගවුවක් විතර උස ඇති ඇත් වෙසක් මවයි. ශක්රතයන් ඇතුළු වූ ‍තෙ තිස් දෙනාට කුඹ තෙ තිසක් මවයි. එක් ව පින් කළ දෙ තිස් දෙනාට1 මැවූ කුඹ දෙතිසට මධ්යඇයෙහි ශක්රනයන්ට මැවූ කුඹ දිගින් පළලින් එක් සිය විසි ගවුවක් විතර දිග - පළල ඇත්තේ ය. සෙසු කුඹ ගවු දෙගවු පමණ ය. ශක්රියන්ට මැවූ එක් සිය විසි ගවුවක් පමණ විතර කුඹ මුදුණෙහි අට සාලිස් ගවුවක් විතර දිග - පළල ඇති රුවන් මණ්ඩපයක් මවයි. ඒ මණ්ඩප ය ඇතුළත අතරතුරේ රුවන් මුවා සතර ගවුවක් පමණ උස ඇති ධජ සිටියි. මණ්ඩපය කෙළවර මඳ මඳ සුළඟින් සැලුණු කලට මනහර නාඳ පවත්වන රන් රසු දැළෙක් එළෙයි. මණ්ඩප මැද ශක්රකයන් හිඳුනට සතර ගවුවක් උස ඉඳුනිල්මිණිමුවා හස්නෙක් පැනවී තිබෙයි. ශක්ර යෝ එහි හිඳිති.

කුඹ ‍තෙ තිසින් එකි එකී කුඹ දළ සතක් සතක් වන නියා යෙන් ඇත් දළ දෙ සිය එක් තිසක් මවයි. ඉන් එකි එකී දළෙක් දෙ සියයක් ගවු විතර දිග ඇත්තේ ය. එකි එකී දළ පොකුණු සතක් සතක් වන නියායෙන් එක් දහස් ස සිය දස සතක් පොකුණු මවයි. එකි එකී පොකුණේ නෙළුම් පඳුරු සතක් සතක් වන නියායෙන් නෙළුම් පඳුරු එකොළොස් දහස් තුන් සිය දස නවයක් මවයි. එකි එකී පඳුරේ නෙළුම් මල් සතක් සතක් වන නියායෙන් නෙළුම් මල් සැත්තෑ නව දහස් දෙ සිය තෙ තිසක් මවයි. එකි එකී නෙළුම් මල් පෙති සතක් වන නියායෙන් මල් පෙති පස් ලක්ෂය සිවු පනස් දහස් ස සිය එක් තිසක් මවයි. මෙ සේ එකි එකී පෙත්තක නටන දෙව් දූන් සත් සත් දෙණකු බැගින් ප්රයධාන දෙව් දූන් අට තිස් ලක්ෂ දෙයාසූ දහස් සාර සිය දස සත් දෙණකු මවයි. මෙ සේ වටින් දෙ සියයක් ගවු විතරේ ඇත් දළ වල ම රඟ මඬුලු වෙයි. මෙ සේ මහා සම්පත් විඳිමින් ශක්ර යෝ පොළඹති.

1. තෙ තිස් දෙනාට


32. මහාලි ප්රොශ්න වස්තුව 307


සුධර්මා්වෝ මිය එ ම දෙව් ලොව ම සුධර්මාය නම් දිව්යා ඞගනා ව උපන්හ. රියනක් උස කැණි මඬලෙහි අනුසසින් දිගිනු ත් පළලිනු ත් එක් දහස් දෙ සියයක් ගවු විතර දිග - පළල ඇති උසින් දෙ දාසක් ගවු විතර උස ඇති වටින් තුන් දාස් ස සියක් ගවු විතර වට ඇති සුධර්මාෙ නම් වූ ඊට වඩා අනික් සිත් කලු තෙනක් නැති දිව්යස මණ්ඩපයෙක් පහළ විය. මසකට අට දවසක් බණෙකුත් එහි පවත්වති. අද දක්වා ත් සිත් කලු වූ තෙනක් දුටු විට සුධම් දෙව් සබය සේ ය යි කියති.

නන්දාවෝ ත් මිය එ ම දෙව් ලොව නන්දා නම් දිව්‍යාඬගනා ව උපන්හ. උන් ගේ කුශලානුභාවයෙන් දිගින් - පළලින් - ගැඹුරෙන් දෙ දාසක් ගවු පමණ දිග - පළල - ගැඹුරු ඇති නන්දා නම් පොකුණෙක් පහළ විය. චිත්රාදවෝ ත් මිය එ ම දෙව් ලොව ම චිත්රා නම් දිව්යාිඞගනාව උපන්හ. උන්ගේ කුශලානුභාවයෙන් ගවු දෙ දාසක් පමණ දිග - පළල ඇති සිතු ලිය නම් උයනෙක් පහළ විය. මෙ සේ උන් තුන්දෙනා මිය ත් ශක්රතයන්ට ම අඹු වූ කල්හි සුජාතාවෝ ත් මිය තමන් කොට ඇවිදි ලෙසට හිමාල වනයේ එක් කඳු රැළියක කණ කෙකිනි ව උපන්හ.

ශක්රෙයෝ ත් තමන් මඝ මානවක අවස්ථාවෙහි අඹුවන් සතර දෙනා උපන් තැන් විමසන්නෝ ‘සුධර්මාකවෝ ත් නන්දාවෝ ත් චිත්රාපවෝ ත් මා ළඟ උපන්හ. සුජාතාවෝ කොයි උපන්නුදැ’යි බලා කණ කෙකිනි ව උපන් නියාව දැන ‘නුවණ නැති තෙනැත්තී කිසි පිණත් නො කොට තිරිසන් ව උපන්හ. දැන් වී නමුත් පිණෙක යොදා මෙයට එන ලෙසක් කෙරෙමි’ ශක්රානත්මභාව ය හැර ලා අප්ර්සිද්ධ ලෙසකින් උන් ළඟට ගොසින් කුමක් කොට ඇවිදි දැ යි විචාරා මුඹ කවුරුදැ’ යි විචාළ කල්හි ‘මම තොප ගේ පූර්වැ ජාතියෙහි ස්වාමී ව සිටි මඝ මාණවකයෝ ය’ යි කිවු ය. කොයි උපන් සේක් දැ යි විචාළ කල්හි ‘තව්තිසා දෙව් ලොව ශක්රස ව උපනිමි. තොපගේ බුහුනණියන් උපන් තැන් දනු ද’ යි විචාළෝ ය. ‘නො දනිමී’ කී කල්හි “ඌ ත් මා ළඟ ම උපන්හ. උන් දක්නා කැමැත්තෝ දැ’ යි විචාළෝ ය ‘මම වන්නා දක්නා කැමැත්තෙම් වේ ද? යන්නේ කෙසේ දැ’ යි විචාළී ය. ශක්ර යෝ දිව්ය ලොකයට ම ගෙන යනු කැමැති බැවින් එහි ඇලුම් කරවා පින් කම හසුරුවන්ට ‘මම තොප කැඳවා කෙලයෙහි’ යි විලෙකින් කඩාගත් හෙළ නෙළුම් මලක් මෙන් කණ කෙකින්න අත්ලෙහි හිඳුවා ගෙන දෙව් ලොවට ගෙන ගොසින් නන්දා නම් පොකුණ බඩ හිඳුවාලා දෙවඟණන් තුන් දෙනාට ගොසින් තොපගේ නැඟණියන් සුජාතාවන් බලන්ට යව’ යි කිවු ය.


308 සද්ධර්ම්රත්නාවලි ය

ඌ තුන් දෙන ත් කොයි දැ යි වාචාරා නන්දා නම් පොකුණබඩ නියාව කී කල්හි තුන් දෙන ම එ තැනට ගොසින් ‘අනේ අපගේ නැගණියන්ගේ රුවක් බලව. කැට පත් තබා ගෙන සැරහුණු ලෙසට මේ කුමක් ද? දත් මැද බුලත් කා සැරහූ පා මූකුරා ගිය රත්තම් පලා දඬු සේ කොරළ හිඳී තිබෙයි. අඳුනක් නො ගා නො තබන ඇස්වල අඳුනක් ගානා සැටි ම නැත. අතක් නමා පිණක් නො කළ හෙයින් අතු ත් නැත. මඝ මාණවකයන් කළ පින් රැක උන් බව මුත් ඉනු ත් සම්භ වූ දෙයෙක් ඇති සැටි නො වෙයි යනාදීන් වෙහෙසා පුරා පියා නැඟ ගියහ. සක් දෙවිඳු නැවත අවුත් ‘තොප ගේ බූන් දුටු දැ’ යි විචාරා ‘දුටුම්හ. ආ‍ වේලේ බටන් සුව දුක් කිම් දැ යි යන බස් පමණකු ත් නැති ව පිණක් නො කළ ලෙසට ම වෙහෙසුවෝ ය. මා ඔබම ලන්ට වුව මැනැවැ’යි කී ඔබ ම ගෙන ගොස් ලා ලා ‘තොපගේ බුනුන්ගේ සම්පත් දුටු දැ’යි විචාළෝ ය. ‘දිටිමී’ කී කල්හි ‘තොප ත් ඔබ උපදින්නට නිස්සක් කළ මනා වේ දැ’ යි කුවු ය. ‘කුමක් කෙරෙම් දැ’ යි විචාළ කල්හි ‘මා කියා ලූ ලෙසක් කරව් දැ’යි විචාරා කෙරෙමී කී කල්හි පන් සිල් දිලා නො පමා ව පන් සිල් රකුව’ යි කියා ලා නැඟී ගියෝ ය.

උයි ත් එවක් පටන් තමන් තමන් ම මිය ගිය කුඩ මස්සන් සොයා කති. සක් දෙවිඳුද දවසක් පන්සිල් රැකීමෙහි තරම විමසනු නිසා අවුත් වැලි තලාව පිට මළ මස්සකු සේ හොත්හ. කෙ‍කිනී ත් ඔහු දැක මිය ගිය යි සිතා ඩෑ ගෙන ගලන්ට වන් කල කුඩ මස්සා නඟුට සොලවා ලී ය. නො මළ කුඩ මසු ලෙසින් උන්ට ඉදිරි ව ලා වැද හොත්හ. නැවත ත් මළ කුඩ මස්සකු ය’ යි සිතා ඩෑ ගෙන ගලන්ට වන් වේලෙහි නඟුට සොලවා ලන්නා ‍හැර පුව. මෙ සේ තුන් වරක් කොට විමසා පන්සිල් රක්ෂාල ‍කරණ නියාව යහපත් නියාව දැන ශක්ර යෝ තමන් නියාව හඟවා ලා ‘තේප විමසනු නිසා අයිමි. සිල් රක්ෂාශ කරණ නියාව යහපත. මෙ ලෙස ම වී නම් නොබෝ කලෙකින් මා ළඟ උපදුව’ යි කියා ලා ගියහ.

උයි ත් එ වක් පටන් තමන් තමන් මළ කුඩ මස්සන් ලබන දවසට ත් වඩා නො ලබන දවස් බොහෝ ව ගිය හෙයින් නිරාහාර ව මිය රක්ෂා කළ පන්සිල්හි බෙලෙන් බරණැස කුඹලාණ කෙණකුන්ට දඋ ව උපන. උපන් පසළොස් හැවිරිදි අවස්ථාවේ කොයි උපන්නු දැ යි ශක්ර යෝ බලන තැනැත්තෝ කුඹල් ගෙයක


32. මහාලී ප්රකශ්න වස්තුව 309


උපන් නියාව දැන ‘ඔබ ගොස් වුවමනා වේ දැ’යි කැකිරි සේ පෙනෙන සත් රුවනින් ගැලක් පුරා ගෙන ගැල පැද ගෙන බරණැසට ගොසින් ‘කැකිරි ගනුව, කැකිරි ගනුව’යි කිය කියා වීථියෙහි ඇවිදිති. උඳු - මුං - කලත් ආදංය ගෙනවු ත් ඉල්වූවන්ට මිලයට නොදෙමී කියා දෙන්නේ කුමකට දැ යි විචාළවුන්ට ‘සිල් රක්ෂාි කරණ ගෑනු කෙණකුන්ට දෙමි’ යි කිවු ය. ඒ අසා හැම දෙන සිල් නම් තමා කළු ද, සුදු ද, වට ද දික් ද, ලුහුඬු ද, කෙ සේ දැ’යි විචාල කල්හි ‘රකිනා ගෙරි සරක්ගේ පෑය පමණක් නම් පමණක් නො දන්නවුන් ගෙරි සරක් රැක්ම නැත්තා සේ සිල් නම් කවර බවක් නො දන්නා තොප හැම සිල් රක්ෂාර කරන්නේ කෙ සේ දැ’යි උන්ට නො දී සිල් රකින කෙණෙකුන්ට දෙමී’ යි කිවු ය. ‘එසේ වී නම් මෙ ගම කුඹල් දුවණි කෙණෙක් පන් සිල් රකිමී’ කියා ඇවිදිති. උන්ට දුන මැනැවැ’ යි කිවු ය.

කුඹල් දුවණියෝ ත් ‘එ බඳු කෙණකුන්ට දෙතො ත් මට දුන මැනැවැ’ යි කිවු ය. ‘තෙපි කෙ සේ කෙණෙක් දැ’ යි විචාළ කල්හි දන්නා තැන් පටන් තමන් පන් සිල් නො කඩ කොට රකිනා නියාව කිවු ය. ‘එ සේ වී නම් මා ත් ගෙනායේ තොපට ම ය’ යි කියා ගැල පැද ගෙන උන්ගේ ගෙට ගොසින් අනික් කෙ‍ණකුන් හැර ගත නො හැකි කොට ලා කැකිරි ලෙසින් ගෙන ගිය සත් රුවන් උන්ට දී ලා තමන් ශක්රො නියාව ත් දන්වා ලා ‘තොප දිවි හිමියෙන් රැකෙන්ට තෙල විවරක් ඇත. පන් සිල් නො කඩ කොට රකුව’යි සම්මත කොට ලා ගියහ.

උයි ත් දිවි පමණින් පන් සිල් රැක එයින් මිය අසුර භවනයෙහි ශක්රයයන්ට වෛරි වූ නායක අසුරයාණන්ට දූ ව උපන්හ. ජාති දෙකක පන් සිල් යහපත් ව රැකී හෙයින් රූපත් වූහ. රන් වන් වූ හ. වෙපවිත්ති නම් අසුරිඳු දුවණියන් විචාරා ආ අසුර කෙණෙක් ඇත් නම් ‘තෙපි අපගේ දුවණි‍යන්ගේ රූපින් තරමට කෙණෙක් ඇත් නම් ‘තෙපි අපගේ දුවණියන්ගේ රූපින් තරමට තරම් නොව’යි කිසි කෙණකුන්ට ත් පාවා නො දී ‘ම දූ තමාට තරම් කෙණකුන් තොමෝ ම නිල කරන්නී ය’ යි අසුරයන් රැස් කොට ලා ‘තොපට තරම් කෙණකුන් තෝරා ලව’යි උන් අතට මල් දමක් දුන්හ. එ වේලෙහි සක් දෙවිඳු කුඹල් දුවණියන් උපන් තැන් විමසා එ පවත් දැන ‘දැන් ඔබ ගොසින් කැඳවා ගෙන එන්ට වුව මැනැවැ’ යි මාලු අසුර වෙසක් මවා ගෙන ගොසින් පිරිස් කෙළවර සිටියහ. අසුරාඞගනාවෝ ද ඈත් මෑත් බලා පෙර ඇති පෙම් බලයෙන් මහ වතුරක් එක් අතකට වඩනා සේ මහලු ලෙසින් සිටි ශක්රලයන් සැටියෙන් මාලු වුව ත් උන් තමන් මාලු නො වන හෙයින් උන් කැමැති ව මල් වඩම උන් මුදුනට දමා ලූහ.


310 සද්ධර්ම රත්නාවලි ය


   අසුරයෝ ද ඒ දැක ‘අනේ අපගේ අසුර රජ්ජුරුවන් වහන්සේ මෙ තෙක් කල් මුළුල්ලෙහි දුවණියන්ට තරම් කෙණකුන් නො ලද ත් අද ලත් සේක. මුන් දෑගේ දුවණියන්ට ස්වාමි කමට කුමක් වුව ත් මුතුන් කමට හෝ මී මුතුන් කමට හෝ සම්භ වූ නියා යහපතැ’යි සරණ සොයා ගිය තුමූ හැම ම ලජ්ජාව ගෙන ගියහ. ශක්රැයෝ ද උන් අත අල්වා ගෙන ‘කොල, මම අසුරයෙක් නො වෙමි. ශක්රශයෝ ය’යි කියා ලා අහසට පැන නැංගෝ ය. අසුරයෝ ද ‘ජරා ශක්රයයා අප ද රවටා පි ය’ යි ලුහුබඳවා ගත්හ. මාතලී නම් රියැදුරු ද දිගින් ස සියක් ගවු පමණ විජයත් රථ ය ගෙනවුත් අතුරු මඟ සිටියේ ය. ශක්ර්යෝ සුජාතාවන් රථයේ ලා ගෙන දෙව් නුවර බලා නික්මුණාහ. ගුරුළුන්ගේ හිඹුල් වනයට ආසන්න වී රථය ගිය කල්හි රිය හඬ අසා ගුරුළු පැටවු හඬන්ට වන්හ. උන් හඬන හඬ අසා ශක්රයයෝ මාතලීන් ‍අතින් තෙල කුමක් දැ යි විචාරා රිය හඬට බිය පත් ව ගුරුළු පැටවුන් හඬන නියා ය යි කී කල්හි ‘මා එක තැනැත්ත වූ නිසා මෙතෙක් දෙනා රථයෙන් මිරිනී නස්නට කාරණ කවරේ දැ’ යි සිතා රථය ආපසු කොට නවතා ලව’ යි කිවු ය. මාතලී ත් අසුන් දහසට සැමිටියෙන් ගසා රථය නවතා ලී ය. රථය ආ පස්සට නැවති නියාව දැක අසුරයෝ ‘ජරා ශක්රනයා යන්නේ ආ පස්සේ රථය නවතා ලී ය. පිට පුරා එන දෙව් පිරිසක් ඇති නියා ය’යි බිඳී ගොසින් අසුර භවනයට ම වැද නැවත ඉසක් ඔසවා ලන්ට බල නැති වූ හ.

සක් දෙවිඳු ද සුජාතාවන් දෙව් නුවර ගෙන ගොසින් අඩුතුන් කෙළක් සුරඟනන්ට නායක කළහ. උයි ත් වරක් ඉල්වන්නෝ ‘සක් දෙව් රජ්ජුරුවෙනි. මේ දෙව් ලොව අපගේ නෑ සිය කෙණකුන් නැති හෙයින් යම් තෙනකට වඩිතො ත් අනික් තුන් දෙන කුමක් වුව ත් මා කැඳවා ගෙන යන්ට වුව මැනැවැ’ යි කිවු ය. ශක්රා යෝ ත් යහපතැ යි ගිවිස්සෝ ය. එ තැන් පටන් අසුර භවනයෙහි සිත් පළොල් ගස මල් පිපෙන්නා ‘අප ගේ මඳාර ගස මල් පිපෙන කලැ’යි අසුරයෝ සටනට නික්මෙති. ශක්රායෝ නයින් දියට සමර්ත්ථ හෙයින් මුද ගාවා නයින් රැකවල ලු ය. ඉන් උඩ ගුරුළුන් හා ඉන් උඩ කුම්භාණ්ඩයන් හා ඉන් උඩ යකුන් රැකවල ලා ලා උඩ රැකවලට වරමුන් සතර දෙනා නිල කොට ලා වාසල් දහසෙහි භිත්තිවල වජ්රාවයුධ ගත් ශක්රන රූප කරවා ලා සිටුවූහ. අසුරයෝ ද නාග, ගුරුළු, රකුස්, යක් සෙනග පරදවා උඩ නැංගෝ නමුත් ශක්රි රූ දැක ශක්රගයන් ආ නියා ය යි බිඳී පලා යෙති.




33. එක්තරා භික්ෂු කෙ‍ණකුන් ගේ වස්තුව 311

මෙ සේ මඝ මාණවකයෝ නො පමා ව කුසල්හි හැසිර මචල ගම ගම්මුදළියා හසර සිට ත් එම ජාතියේ උට මුදළි ව පසු ව දෙ දෙව් ලොව දෙවියන්ට නායක වුව. පින් කම නො පමා ව විසීමට බුද්ධාදීහු ත් ප්රාශංසා කෙරෙති. අකුසල්හි හැසිරීමෙන් පමාව වසන්නෝ නින්දාද ලබති. පමා ව විසීම සියලු පවට කාරණ හෙයිනැ’යි බණ වදාළ සේක. බණ කෙළවර මහාලි ලිච්ඡවි රජ්ජුරුවෝ ශක්ර යන් හඳුනන සේක් ද, කිම් දෝ හෝ යි යන සැකයෙක් ඇත් නම් එයින් බුද්ධාදී අට තැන්හි උපදනා සැක ත් නැති ව සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මඝ මාණවකයන් ගම්මුදළියා කුමක් කී ව‍ ත් අකුසලට නො නැමී කුසල්හි හැසිර දෙව් සැප ත් සිද්ධ කළා සේ අකුසලින් දුරු ව කුසල්හි පිහිටා උභය සමෘද්ධිය සිද්ධ කටයුතු.


33. එක්තරා භික්ෂු කෙණකුන් ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද නො පමා බව ම අනුසස් දක්වනු සඳහා එක්තරා භික්ෂු කෙණකුන් ගේ වස්තුව මෙ තැන්හි දක්වමු.

කෙසේ ද යත්:

එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ බුදුන්ගෙන් රහත්වීම දක්වා කමටහන් ඉගෙන ගෙන වලට ගොසින් බොහෝ යත්න කොට ත් නුවණ මුහුකුරා නො ගිය හෙයින් ගුණ විශේෂයක් ලද නො හී ‘කමටහනෙහි අවුල් හැර කියවා ගනීමි’ බුදුන් ළඟට එන සේක් අතුරු මඟදී මහත් ලැව් ගින්නක් දැක වහ වහා එක් ගස් කොළ නැති මුඬු ගලකට නැඟී ලා උන් සේක. වල දවන්නා වූ ලැව්ගින්න දැක ‘යම් සේ මේ ගින්න කුදු මහත් දෙය දවමින් දිවේ ද, එ සේ ම අර්හත් මාර්ගුඥාන නමැති ගින්න ත් බොල් වීමෙන් මහත් වූ ත් තුනී වීමෙන් කුඩා වූ ත් කෙලෙසුන් දැවිය යුතු ය’ යි සිතූ සේක.

බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම ඔබගේ අදහස දැන රස් කඳක් විහිදුවා උන් වහන්සේ ලවා ලඟට වැඩියා කොට සිතවා ගෙන එම්බල මහණ, තා සිතූ නියාව යහපත. යම් සේ වල වැදගත් ගින්න නිවාලිය හැකි ගින්නක් නො ව ලැව් ගිනි හෙයින් දන්නට නිසි සියල්ලක් නො තෝරා දවා නිමවා ද? එ පරිද්දෙන් අර්හත් එල මාර්ගසඥාන නැමැති ගින්න ත් සව් කෙලෙස් නමැති කසළ දවාපිය’යි වදාළ සේක. ඒ බණ කෙළවර ගල් මුදුනේ

312 සද්ධර්ම්රත්නාවලි ය

වැඩහුන් භික්ෂූන් වහන්සේ ද ලැව් ගින්නෙන් ගල් පාවුල වූ කසළ දෑවා සේ රහත් මහ නුවණ නමැති ගින්නෙන් කෙළෙස් කසළ දවා නිකෙලෙස් ව සිව් පිළිසිඹියා පත් රහත් ව ආසින් වැ‍ඩලා ත් රහත් ගුණට බුදු ගුණයෙන් වැඩී සිටි බුදුන් වැ‍ඩ වසන තැනට නික්මුනු සේක.

සත් පුරුෂයන් විසින් නරක ගින්නෙන් දන කුදු මහත් සතුන්ගේ දුක් අසා මේ ජාතියෙහි සිද්ධ කොට නො හෙත ත් අන්භාවයෙහි උපස්තම්භ වනු නිසා භාවනාභියොග කටයුතු.


34. නිගමතිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද ඒ ඒ දෙය කැමැති වීමෙන් වන අත්රිනච්ඡතාව ද බොහෝ කොට කැමති වීමෙන් වන මහිච්ඡතාව ද අසන්ත ගුණ සම්භාවනා වශයෙන් පැවැති පාපිච්ඡතාව ද හැර වීචාරාදී වූ චතුර්විධ ප්රාත්යවයෙහි ද්වාදස විධ ආය්ය්ූ සන්තොෂයෙන් සන්තුෂ්ට ව අපිස්ව විසීමෙහි අනුසස් දක්වනු පිණිස නිගම තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

සැවැත් නුවරට නුදුරු ව එක් නියම් ගමෙක උපන වැඩිකුල දරුවාණ කෙණෙක් බුදු සස්නෙහි ළ දී මහණ ව උපසම්පදාව ත් ලදින් වස් පිරී නියම් ගම් තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්රපසිද්ධ ව අපිස් සතොස් ව වසන සේක. උන් වහන්සේ එක්වන් නෑයන්ගේ ගම ම සිඟා වළඳා වැඩ හිඳිනා සේක. අනේපිඬු මහ සිටු ආදීන් මහ දන් දෙන කල ත් කොසොල් මහ රජ්ජුරුවන් නුවර ඇත්තවුන් වඩන්ට ය. නුවර වැස්සන් කොසොල් රජ්ජුරුවන් වඩන්ට ය යි මෙ සේ දන් දෙන ක ල ත් ඔළ ගොසිනු ත් යැපෙන පමණක් ම වේ දැ යි සැවැත් නුවරට නො වඩනා සේක. වහන්දෑ ද මුන් වහන්සේ නො වඩනා ම හෙයින් නිගමතිස්ස තෙරුන් වහන්සේ සිවුරු පෙරවා ත් නෑයන් හා ම හැදී වසන හෙයින් කෙසේ වූ විට ත් සැවැත් නුවරට නො වඩනා සේකැ’යි කථාව ත් ඉපද වූ සේක.

බුදුහු ඒ අසා ඔබගේ අදහස යහපත් නියා ව දන්ත ත් ඔබ ගෙන්වාලා ‘සැබෑ ද තෙපි නෑයන් අත්හැර නො යවුදැ’යි විචාරා ‘ස්වාමීනි, මා නෑයන් හා එක්වීමෙක් නැත. මා උන්ගෙන් යැපෙන පමණෙකින් වඩා ලබන දෙයක් නැත. යහපත් වත්

34. නිගම තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 313

කිම? නපුරු ත් කිම? යැපෙන පමණක් ලත් කල නැවත සිඟීමෙන් කම් කිම් දැ යි සිතා නො‍ යෙමි’ කී කල්හි අනල්ප කල්ප කොටි ශත සහශ්රකයෙක පුරන ලද වාක් සුචරිතානුභාවයෙන් පැරුම් ජල හරිත සර්වීඥ විල්හි හට ගත් ජිව්හා නමැති පද්ම කර්ණිකාවක් ඇති දන්ත ශ්රෙජනි නමැති කුඩා පෙති ඇති, ඔෂ්ඨ යුග්ම නමැති මහ පෙති ඇති, සර්ව‍ඥතා ඥාන නමැති හිරු රැස් ගැසී ප්රෂබුද්ධ වූ සද්ධර්මක මධු ඇති, බින්දු්න් වහනය කරණ චතුර් විධ විනෙය ජන නමැති බමරුන් විසින් ගැවසී ගත් මුඛ පද්ම ය විවෘත කොට තුන් විටක් සාධුකාර දෙවා වදාරා ම ‘මා බඳු වූ ඇදුරකු ලදින් මූ අපිස් වීම විස්මය නො වෙයි.

“මේ අපිස් බව නම් මා ගේ ම ප්රමවෙණි ය’ යි වදාරා භික්ෂූන් වහන්සේ ඒ කෙ සේ දැ යි විචාළ කල්හි ‘යට ගිය දවස හිමවු පියස ගහක් බඩ එක් දිඹුල් වනයෙක නො එක් දහස් ගණන් ගිරවු වෙසෙති. ඉන් ගිරා ‍රජ්ජුරුවෝ තමන් හිඳිනා දිඹුල් ගස ඵල නිමි කල්හි දළු වේව යි සුඹුළු වේව යි ඒ කාලා ගඟින් පැන් බීලා අපිස් ව අනික් තෙනකට නො යෙති. උන්ගේ ගුණ මහිමයෙන් පඬු ඇඹුල් සල හස්න හුණු වී ය. ශක්ර.යෝ ද විමසන්නෝ එ පවත් දැන උන් විමසන පිණිස තමන්ගේ ආනුභාවයෙන් ගිරා රජ්ජුරුවන් වසන දිඹුල් ගස මරා පූ ය. ගස ත් කණු පමණෙක් ව සිදුරු ව ගොසින් සුළං පහළ කල හඬ හඬා සිටී. ගස් සිදුරෙන් සුණු වැගිරෙයි. ගිරා රජ්ජුරුවෝ ඒ සුණු ත් කා ලා ගඟින් පැන් බී ලා අනික් තෙනකට නො ගොසින් අවු සුළං නො සලකා දිඹුල් කණුව මත්තේ හිඳිති. ශක්රුයෝ ගිරවාණන් ඉතා අපිස් නියාව දන මිත්ර ධර්මායෙහි ගුණ කියවා ගෙන වර ද දී ලා දිඹුල් ගස අමා ඵල ගන්වා එමී සිතා ගොසින් කථා කොට වර දුන් නියාව ත් අමා ඵල ගන්වා එමී සිතා ගොසින් කථා කොට අමාඵල ගැන්වූ නියාව ත් වදාරා එ කල ශක්රවයෝ නම් අනඳ මහ තෙරහු ය. ගිරා ‍රජ්ජුරුවෝ නම් මම ය.

‘එ හෙයින් අල්පෙච්ඡතාව නම් මාගේ ප්රමවෙණි ය’ යි වදාරා අනික් උපදෙශක කෙණකුන් නැති ව ගිරා ව උපන් මා එ ලෙස කළ කල මාගේ උපදෙශයෙන් මුන් මෙ ලෙස කිරීම විස්මය නො වෙයි. මේ වැන්නෝ ලැබ ගත් ගුණ විශෙෂයෙන් පිරිහෙන්නෝ ත් නො වෙති. නො පැමිණියා වූ මාර්ග් ඵලයට නො පැමිණෙන්නෝ ත් නො වෙති. යම් සේ සත් පුරුෂයෝ කෙ තෙක් දුර හුණ ත් බුදුන්ට ළඟ ද එ මෙන් මොහු ත් නිවනට ළං ව සිටිතී’ වදාළ සේක. බණ නිමි කල මෙ ම ලබනු නිසා මෙ තෙක් කල් නො ගියා සේ නිගම තිස්ස තෙරුන් වහන්සේ


314 සද්ධර්ම රත්නාවලි ය

අත්ථන පටිසම්භිදා ය, ධම්ම පටිසම්භිදා ය, නිරුත්ති පටිසම්භිදා ය, පටිහාණ පටිසම්භිදා ය, යන මේ හා සමඟ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙන සෙදගැමි, අනගැමි, රහත් වූහ.

එ හෙයින් සත් පුරුෂ තැන් විසින් අධිගමප්පිච්ඡතාව ඇතිවන්ට අධිගම කාලයක් නො වන හෙයින් එ කුම් වුව ත් ආගමප්පිච්ඡතා - ධූතඞගප්පිච්ඡතා - පච්චයප්පිච්ඡතා ඇති ව කුසල් පුරා ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.


35. මෙඝිය තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද යම් කෙණෙක් කයින් සිද්ධ වන පණිවා ආදී වූ පව් තුනිනු ත් දුරු ව තෙපුලෙන් සිද්ධ වන බො‍රු ආදි වූ පව් සතරිනු ත් දුරු ව මනසින් සිද්ධ වන අභිද්යාෙදි වූ පව් තුනිනු ත් දුරු ව ගත නො හෙත් නම් උන්ට උපදෙස් දක්වනු සඳහා ‍මෙඝිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්:

ඒ මෙඝිය තෙරුන් වහන්සේ ප්ර්ධන් වීය්ය් කෙරෙමින් බුදුන් හා කැටි ව යන ගමනු ත් තබා අඹ උයන රඳා කාම විතර්කාධදි වූ අකුශල චිතර්කයයෙන් මඩනා ලදුව වීය්ය්ත කොට ගත නො හී තමන් වහන්සේ කරා ආ මෙඝිය තෙරුන් වහන්සේට බුදුහු ‘මෙඝියයෙනි, ‘මම හුදකලා ය. අනික් භික්ෂු කෙණකුන් එන තෙක් රඳා පියව’ යි මා වැනි වූ තිලෝ ගුරු බුදු කෙණකුන් කියව කියවා ගොසින් තෙල ලෙස සිතීම යහපත් නො වන්නේ වේ ද? මේ සිත නම් ඉතා ලඝු ය. සුළ‍ඟෙක බැඳි අහස් පතක් මෙන් සැලෙන සුලු ය. එක සැටියෙන් හිඳ නො හෙන බාල දරු කෙණකුන් මෙන් එක අරමුණෙක නො පවත්නා හෙයින් සැලගත් ය. ගොයම් කුඹුරෙක ගොයම් කා පුරුදු ගොනකු ගොයම් කෑමෙන් රැක ලිය නො හැක්කා සේ ඉටු වූත් අනිටු වූ ත් රූපාදි සාරමුණට නුදුව මනා ලෙසින් දුවන්නහු දිවිය නො දී රැක ලිය නො හැක්ක. පඤ්චාන්ත්යාලදියට පැමිණ අපාය භාග් වේ නම් නවතා ලියත් නො හැක්ක.

‘එ‍ සේ වූ සිත යම් සේ හී වඩුවෙක් වලින් දණ්ඩක් කපා ගෙන වුත් සුඹුලු ත් බොරු හර ත් හැර පියා තෙල් ගා ගින්නට පෑ තවාලා ගස් හස්සෙක ලා හැද මැඬ ලා වක් ගුණ හැද ගුණ හැර ලා බැඳ පත් සදා හී දඬු ඉදි කොට ගෙන රජ යුව රජ මහ ඇමැති ආදීන්ට දක්වා

1. සැලගතු ය 36. එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ ගේ වස්තුව 315

දී සංග්ර.හ ලැබේ ද, එ පරිද්දෙන් නුවණැත්තෝ ත් මායා සාඨෙය්යාුදියෙන් ඉතා වක් වූ සිත වක හරණ පිණිස දුවඟ පිළිවෙත් නමැති යකඩින් ඕලාරික කෙලෙස් නමැති සුඹුළු සැස හැර සාර ගුණයට පැමිණීමෙන් හර දැක සැදෑ නමැති තෙල් ගාලා වීය්ය්ස නමැති ගින්නට පෑ තවා ශමථ - විදර්ශදනා නමැති බලහස් සේ ලා හැද මිරිකා වංක - කුටිලාදි භාවයට කාරණ වු මායා - සාඨෙය්යා දීන් නැති කිරීමෙන් සිත ඉඳුරා කෙරෙති. කොටත් ප්රෙත්යයයසමුප්පන්න ධමූයන් කලාප සම්මර්ෂවනාදීන් විසින් සමනා අවිද්යාාව නසා ත්රියවිද්යා‍ අෂ්ටවිද්යා්වන් ද සැබවින් නව ලොවුතුරා දහම් දැ යි මේ ගුණ විශෙෂය සිද්ධ කොට ගෙන මාගේ අනුශාසනා වූ ලෙස කළා නම් වෙතී වදාළ සේක. මේ දෙශනා කෙළවර මෙඝිය තෙරුන් වහන්සේ පීඩා කළ විතර්කයන් තුන් දෙනාට මාරු මරන්නා සේ සත්කායදෘෂ්ටි ය, විචිකිත්සාය, ශීලව්රමතපරාමර්ශ ය යන දොස් තුන නසා සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් පුර වන්හ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් මේ උපදෙසින් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු ව කුසල් පිරිය යුතු.


36. එක්තරා භික්ෂුය කෙණකුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද මෙ ම සිත හික්මවා පනත් කිරීමෙහි අනුසස් දක්වන්නමෝ එක්තරා භික්ෂු කෙ‍ණකුන් වහන්සේගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

කොසොල් රජ්ජුරුවන්ගේ විධාන පවත්නා රට ගල් වල් මුසු තෙනක සියල්ලෙන් ම සමෘද්ධ වූ ඇළගමු නම් වූ ගමෙක් ඇත. එකල සැට දෙණකුන් වහන්සේ බුදුන් ගෙන් ම රහත් වන්ට කමටහන් ඉගෙන එ ගමට වැඩ පෙරවරු වේලාව හෙයින් සිඟා වන් සේක. එ ගමට නායක මාතික නම් උපාසකයන්ගේ මෑණියෝ වහන්දෑ දැක පැහැද ගෙයි වඩා හිඳුවා ලා උදෑසන ම වැඩි හෙයින් කැඳ අවුළු පතුත් වළඳවා ලා දවල් බතුත් වළඳවා ලා ‘ස්වාමීනි, වඩනේ කොයිදැ’ යි විචාළෝ ය. උපාසිකාවෝ ද වයසින් මූකළ පමණක් නො ව නුවණිනු ත් මුකුරා සිටි හෙයින් වස් වසන තැන් සොයා යන නියා ය යි බස කියා ලූ ලෙසින් ම දන බැස හෙව වැඳ ලා ‘ස්වාමි දරුවෝ ඉදින් මේ වස් තුන් මස මෙහි විසූ සේක් නම් මම ද වැළි ත් තිසරණ පිහිටා පන් සිල් සමාදන් ව පොහොයෙන් පොහොය පෙහෙවස් ද රකිමි’ කිවු ය. වහන්දෑ ද ‘අපිත් මුන් මුල් 316 සද්ධර්මපරත්නාවලි ය

කොට සිටු පසයෙන් අඵාසු ත් නැති ව සසර මුහුද ගෙවා නිවන් පරතෙරට පැමිණෙම්හ’ යි ආරාධනාව ඉවසූ සේක. උපාසිකා‍වෝ ද විහාරයක් කරවා දුන්හ. සැට දෙනා වහන්සේ ත් එහි වසන සේක් එක් දවසක් රැස් ව ලා ඔවුනොවුන් වහන්සේට ඕවාද දෙන සේක් ඇවැත්නි, අප හැමට පමා වී ම නපුරි.

“ න පිතා න ච තෙ මාතා - න ඤාති න ව බන්ධවා, කරොන්තා ඊදිසං කිච්චං - සීලවත්තස්ස කාරණා.”

යනු හෙයින් මේ උපාසිකාවෝ අප සැට නමින් එක් නමකට වුව ත් මේ ජාතියෙහි නෑ කමක් නැත්තෝ ය. හඳුනන්නේ ත් මේ ආ ගමනේ ය. එතකුදු වුව ත් සිල්වත් සේක. ගුණ ඇති සේක යන අදහසින් තමනු ත් සසර දුකින් මි‍ඳෙන ලෙසට නෑ සිය තෙනකට ත් වඩා උපස්ථාන කෙරෙති. උන්ගේ අදහස් තරමට විසුව මැනව. එ ලෙසට නො වසමෝ නම් උන් කරණ උපස්ථානයෙහි අදහස් පවිත්රව හෙයින් උන්ට විපාකයෙහි අඩුව නැත ත් අප ගේ පිළිවෙත් අඩු වීමෙන් අපට අඩු ව ඇත. සැතපෙන ගෙවල දොර පියා ලිය හෙමෝ ද පමා ව කළ මනා ලෙස තිබිය දී අනික් ලෙසක් ක‍රමෝ නම් නරක දොර වසා ලිය නො‍ හෙම්හ. කමටහන් උගන්නමෝ ත් කරුණා නිධාන වූ මනා පිළිවෙත යහපත් ව හසල මනා පිළිවෙතකින් මුත් වඤ්චා ප්රෝවෘත්තීන් මඳකු ත් සිත් ගෙන ලිය නො හැකි හිතොපදෙශක වූ ශුද්ධොදනීය වූ දෙ‍වාතිදෙව වූ ශක්රාිතිශක්රප වූ බ්රනහ්මාතිබ්රතහ්ම වූ වන්ද‍නීයාභිවන්දදනීය වූ බුදුරජාණන් වහන්සේ ගෙන් ම උගතුම්හ. බුදුවරහු නම් ඡායාවක් සේ විසුව ත් ඉඳුරා අදහසකින් මුත් වඤ්චාවෙන් සිත් ගත නො හෙන සේක.

“නො පමා වුව මැනව, දෙ නමක් එක් තැනක නො සිටිය යුතු ය. සවස වත් පිරිත් වේලේ හා උදාසන සිඟා යන වේලේ එක් තැන් වම්හ. සෙසු වේලක දෙ නමක් එක් තැන් නො වම්හ. බල එකෙක් නම් ලෙඩ තෙනක් ඇත හොත් වෙහෙර මැද බැඳ එල්වා තිබෙන ගෙඩිය ගසා ලන්නා ඒ සලකුණෙන් අවුත් බෙහෙත් කරම්හ’යි මෙ සේ කතිකාව තර කොට ගෙන වසන කල එක් දවසක් උපස්ථාන කරණ උපාසිකාවෝ තෙල්, මී, සකුරු ආදිය ගෙන්වා ගෙන කෙලි - කොල්ලන් පිරිවරා සවස් මාන1 වෙහෙරට අවුත් විහාර මද්ධ්ය යෙහි වහන්දෑ නො දැක වහන්දෑ කොයි වැඩි සේක් දැ යි මිනිසුන් අතින් විචාරා තමන් වහන්සේ රෑ වසන තැන නියා ය’ යි කී කල්හි දක්නට පිළිවන් සේක් දැ යි වචාළෝ ය.

1. සවස් මාන වේලෙහි

           36. එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ ගේ වස්තුව        317

ඉක් බිත්තෙන් වහන්දෑගේ කතිකා වත දන්නා මිනිස්සු ගෙඩි දණ්ඩ ගස්වා ලු ය. වහන්දෑ ගෙඩි දණ්ඩ ගසාලු හඬ අසා සිතන සේක් ලෙඩ නිය යි වැඩ හුන් තෙනින් නික්ම විහාර මද්ධ්ය යට රැස්වූ සේක. දෙ නමක් එක් මඟකින් වැඩියේ නැත. උපාසිකාවෝ ඒ ඒ තෙනින් එකී එකී නම ම ව‍ඩනා දැක ‘මා ගේ දරුවන් වහන්සේ ඔවුනොවුන් වහන්සේලා ඩබ‍රක් ඇති නියාවනැ’යි සිතා වහන්දෑ වැඳ ලා ‘ස්වාමීනි, ඩබරයක් නියා දැ’යි විචාළෝ ය.

‘ඩබරෙක් නැත, උපාසිකාවෙනි’ වදාළ සේක. ඩබරයක් නැති කල්හි සිඟා වඩනා ‍කල එක් ව වඩනට ත් දැන් වෙන වෙන වඩනට ත් කාරණ කිම් දැ යි විචාළෝ ය. උපාසිකාවෙනි, වෙන වෙන වැද හිඳ මහණ ධර්මි කරම්හ’ වදාළ සේක. උපාසිකාවෝ මහණ ධම් නම් කුමක් දැ යි විචාළෝ ය. දෙ තිස් කුණු කොටසුන් මෙනෙහි කිරීමෙන් කා ගියා සී කමටහන යෙදෙම්හ’ යි තිලකුණු මෙනෙහි කරම්හ’ යි වදාළ සේක. උපාසිකාවෝ මහණ ධම් අසා දරුවන් වැදීමේ දුක් නිසා වඳ බෙහෙදක් කන්ට සිතන්නා සේ ගර්භාවක්රාාන්ති දුක් සලකා තුමූ ත් භාවනාභියොගයකට යෙදෙනු කැමැති ව ‘ස්වාමීනි, ඒ හැම නුඹ වහන්සේලාට ම ප්රවතිනියත ද? අපට ත් නිසි දැ” යි විචාරා ‘කාට වුව ත් සියලු රොගයට බෙහෙදක් සේ විහිත ය’යි වදාළ කල්හි ‘එ සේ වී නම් ඒ ක්රිම ය මට ත් වදාළො ත් යහපතැ’ යි කිවු ය. වහන්දෑ ත් යහපතැ යි භාවනා ක්ර‍ම ය මුළුල්ල ම තමන් වහන්සේ දන්නා තරමින් වදාළ

උපාසිකාවෝ ද භාවනා‍භියොගයෙහි යෙදී භාවනා ක්ර ම ය ඉගැන් වූ වහන්දෑ ට පෙරාතුකොට අනාගාමී වූහ. අනාගාමී මඟ හා සමඟ ම සිවු පිළිසිඹියාවෝ ද ලෞකික වූ අභිඥාවෝ ද සම්භවූ ය. ඌ සමවත් සුවෙන් නැඟී ‘මාගේ දරුවන් වහන්සේ මේ ගුණ විශෙෂයට කවර කලෙක පැමිණෙන සේක් දෝ හෝ’ යි දිවසින් බලා අධිගම තබා ධ්යාැන පමණකු ත් නැති නියාව දාන රහත් වන්ට නිසි හේතු ඇද්දෝ හෝ යි නැද්දෝ හෝ යි බැලූ තැනැත්තෝ රහත් වන්ට නිසි පින් ඇති නියාවත් දැක සෙනස්න ඵාසු දෝ හෝ යි අඵාසු දෝ හෝ යි බැලුවෝ එ යි ත් ඵාසු නියාව දැන ආහාර ඵාසුව කුමක් දෝ හෙයින් ඒ ඵාසු නො වන නියාව දැන එ වක් පටන් නො එක් සැටි ඇති කැඳ ද නො එක් අවුළු පත්




318 සද්ධර්ම්රත්නාවලි ය

වර්ගක ද ඉදි කරවා තමන්ගේ ගෙයි ම වඩා හිඳුවා ‘ස්වාමීනි, අභිප්රා්ය දෙයක් වැළඳුව මැනවැ’යි ආරාධනා කෙරෙති. උන් වහන්සේලාත් අභිප්රාැය දෙයක් හැරගෙන වළඳන සේක.

සත්ප්රාවය වූ බොජුන් ලදින් කාය ඵාසු ඇති වත් විල යහපත් කලට පැනු ත් යහපත් වන්නා සේ සිත ත් එකඟ වි ය. එකඟ සිතින් විවසුන් වඩා සිවු පිළිසිඹියාපත් රහත් ව පියා ‘අනේ මේ උපාසිකාව මියන ගසකට පැන් වත්කරන්නා සේ අපට මහා උපකාරී වූ හ. ඉදින් අපි භොජනයෙන් ඵාසුවක් නො ලදමෝ නම් මාර්ගම ප්රූතිවෙධ - ඵල ප්ර තිවෙධ දෙක නො වෙයි. දැන් වස් පවරා ලා බුදුන් දකුම්හ. කෘතකෘත්යෙ ව ගෙන බුදුන් දැක්ම මුන් නිසා විය යන්නමෝ මුන්ට කියා යම්හ’යි ‘බුදුන් දකින්ට යනු කැමැත්තම්හ. මහා උපාසිකාවෙනි’යි වදාළ සේක. උපාසිකාවෝ තමන් කළ උපස්ථාන ය සප්රියෝජන හෙයින් සමෘධි ව’යහපත, වැඩිය මැනවැ’යි පසු ගමන් කොට ගොසින් ‘ස්වාමීනි, තව තවත් මොබවඩනේ යහපත’යි ආරාධනා කොට ලා රැඳුණාහ. ඒ සැට දෙනා වහන්සේ ද සැවැත් නුමරට වැඩ බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක් ‘සුව දුක් කිම් ද, මහණෙනි, වදාළ සේක ‘කිසි ත්, ස්වාමීනි, අඵාසුවෙක් නැත. අප ගිය තෙන මාතික නම් උපාසකයන්ගේ මවු උපාසිකාවෝ අපගේ අදහස් දැන මෙබඳු භොජනයෙක් දුන්නු නම් යහපතැ යි සිතූ කලට සිතූ ලෙසින් ම සපයා දෙතී, උන්ගේ ගුණ කථාව වදාළ සේක.

එක්ත‍රා භික්ෂු කෙණකුන් වහන්සේට උන්ගේ ගුණ කථා අසා ඔබ යනු කැමැති ව බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙන ‘ස්වාමීනි, මම ත් තෙල වහන්දෑ වදාළ ගමට යෙමි’යි කියා ලා දෙවුරමින් නික්ම අතුරේ සැතපි සැතපි එ ගමට වැඩ විහාරයට වැඩි දවස් ‘මේ උපාසිකාවෝ ත් සිතු සිතු දෙයක් දනිත් ල. මම ත් වැළි ත් ගමන් විඩායෙමි. විහාර ය හැමඳ ගන්ට ආයාස ඇත. හැමඳ පියන්ට නිසි කෙණෙක් එවු නම් යහපතැ’ යි සිතූ සේක. උපාසිකාවෝ තමන්ගේ ගෙයි හිඳ ම දිවැසින් බැලු තැනැත්තෝ ඒ කාරණ ය දැන ‘යව, ගොසින් විහාර ය හැමද එව’ යි මිනිසකු යවූ ය. භික්ෂූන් වහන්සේ ද පැන් පිපාසා ඇති ව ‘පැන් පිපාසා බලවත. උපාසිකා වෝ ශර්කහරා පැනක් එවූ නම් යහපතැ’යි සිතූ සේක. උපාසිකාවෝ ශර්කාරා පැනුත් යවු ය. දෙවන දවස් දුවාපු දිය කැඳ ඩැහැගෙන වළඳන්ට අවුළුපතක් එවු නම් යහපත’යි සිතූ සේක. උපාසිකාවෝ එ ලෙස ම යවූහ. කැඳිත්ත වළඳා ලා අතරු වළඳන් ට ත් අවුළුපතක් එවූ නම් යහපතැ යි සිතූ සේක.


36. එක්තරා භික්ෂු කෙණකුන් වහන්සේ ගේ වස්තුව 319

උපාසිකාවෝ ද බාල දරුවන් ඇවිටි වු දෙයක් දෙන මෑණි කෙණකුන් මෙන් ඒත් යවූ ය. භික්ෂූන් වහන්සේ ‘මේ උපාසිකාවෝ අප සිතු සිතූ සියල්ලම ගොසින් ම ඉල්ලු දෙයක් මෙන් එවූ ය. ‘දවාලට සකස් කොට ඉදිකරවා දනක් ගෙන්වා ගෙන තුමූ ත් අවු නම් යහපතැ’යි සිතූ සේක. උපාසිකාවෝ ද ‘ම පුතණුවන් වහන්සේ මා දක්නා කැමැති සේකැ’යි දන් ගෙන්වා ගෙන විහාරයට ගොසින් දන් පිළිගැන්වූ ය. දන් වළඳා අන්තයෙහි මාතිකමාතාවෝ නම් මූ දැ’යි විචාළෝ ය. ‘එ සේ ය, පුතණු වන් වහන්සැ’යි කිවූ ය. තුමූ පරසිත් දනිද්දැ’යි විචාළ සේක. කුමක් නිසා ද, එ සේ විචාළේ ය’යි කිවු ය. ‘මා සිතු සිතු සියල්ලක් ම එ ලෙසින් ම වූ හෙයිනැ’ යි වදාළ සේක.

‘පරසිත් දන්නා වහන්දෑ බොහෝ සේක් වේ දැ’යි කිවු ය. ‘මම ඔබ්බෙක පරසිත් දැන්මක් විචාළෙම් නො වෙමි. තමන් පර සිත් දන්නා නියා ය මා විචාළේ ය’යි වදාළ සේක. එ සේ වු ව ත් අධිගතයන් එබඳු කරුණක් ඇතො ත් මුත් තමන් ලත් ගුණ විශෙෂ ය අනුන්ට නො හඟවන හෙයින් ‘මම පරසිත් දනිමි’ යි නො කියා ‘පරසිත් නො දන්නෝ මෙ සේ කෙරෙද් ද, පුතණුවන් වහන්සැ’ යි කිවු ය. භික්ෂුන් වහන්සේ ‘පෘථක්ජනයෝ නම් යහපතු ත් සිතති. නපුරු ත් සිතති. ඉදින් ‘මම නපුර ක් සිතීම් නම් වස්තුව හා සමග සොරුන් අල්වන්නා සේ මා සිතුවා දැන මුළාවකට පමුණුවා පියති. පලා ගියෙම් නම් යහපතැ’යි සිතා ‘උපාසිකාවෙනි, අපි යම්හ’යි වදාරා කොයි දැ යි විචාළවුන්ට බුදුන් සමීපයට ය යි වදාළ සේක. ඔබ පෘතක්ජන හෙයින් ඔබට කුමක් සිතෙත ත් තමන්ට ආරාධනා කළහ. රඳන්ට බැරිම ය යි වදාරා බුදුන් ලඟට වැඩි සේක. බුදුහු ‘හැයි මහණ, එ තැන නොරඳා අයිනැ’යි වදාළ සේක. ‘එ‍ සේ ය, එ තැන රඳන්ට බැරි ය’ යි වදාළ සේක. කරුණු කිම් දැ’ යි විචාරා වදාළ කල්හි ‘ස්වාමීනි, උපාසිකාවෝ පරසිත් දනිති. අපි පෘථක්ජන හෙයින් කුමකු ත් සිතන්නා ලද්දමිහ. එ සේ හෙයින් නපුරු සිතක් සිතාපුමෝ නම් උන් අනගැමි නියාව තමන් වහන්සේ නො දන්නා හෙයින් පර සිත් දැනීම පෘථක්ජනයන්ට ත් ඇති හෙයින් සිතූ සිත දැනගෙන මුළාවකට පමුණුවද්දෝ හෝ යි සිතා අයිමි’ යි වදාළ සේක.

‘මහණ, තා ඔබ යන්ට බැරිදැ’ යි විචාරා බැරිය යි කී කල්හි ‘කුමක් ද, මහණ, බොහෝ දෑ තබා එකක් රැකගත නො හෙයිදැ’යි වදාරා කුමක් දැ යි විචාළ කල්හි ‘තාගේ සිත පමණක් රැක - යම්



320 සද්ධර්මිරත්නාවලි ය

කෙණෙක් කුළුගොන් පරිද්දෙන් නිගා කට නො හැකි වූ හසුරු සනකට කෙළ ලක්ෂයක් පමණ චිත්තප්ර‍වෘත්ති වෙයි. යනු ඖදාරික වශයෙන් කී හෙයින් ලඝු වූ පැවතුම් ඇති ලබන තැන් වේව යි ජාති වේව යි ගොත්රූ වේව යි වයස් වේව යි නො සලකා යම් යම් තෙනක පවත්නා කැමැත්තේ වී නම් එ තැන ම පවත්නා සුළු වූ සිත යම් සේ මහ මුහුද මළකුණක් හා එක් ව නො පැ සේ ද එ මෙන් රා දොස් ඈ කෙලෙසුන් හා එක් නො කොට, යම් සේ මහ මුහුද මැණික් ආදී වූ නො එක් රුවන් ධරන්නේ ත් පිටතට උතුරුවා නො හරී ද. එ මෙන් ශීල සමාධ්යාරදී ගුණ රුවන් කෙතෙක් වුව ත් බොහෝ ය යි නො හැර නැවත මහ මුහුද තමා කෙරෙහි වසන මහ සතුන් ඇත්තේ ද එ මෙන් ම ලජ්ජි පෙසල වූ සත් පුරුෂයන් භජන කොට යම් සේ මහ මුහුද වතුරු පි‍රුණු ගඞගා යමුනාදී වූ දහස් ගණන් ගං වල පැනිනු ත් වැසි පැනිනු ත් පිරි මූද කෙළවර නො ඉක්මේ ද එ මෙන් ලාභ සත්කාරාදි යි නිසා ත් ජීවත් වීම පිණිස ත් පව්හි නො හැසිර යම් සේ මහ මුහුද ගං ආදියෙන් නො පිරේ ද, එ මෙන් උද්දෙස පරිපුච්ඡාදියෙන් පිරීමක් නැතිව ය යි මෙ ලෙසින් දැමීම යහපත.

එ සේ දමාගත් සිත මෙලෝ පරලෝ - වැඩ සාධ’යි වදාරා මහණ, තෝ අනිකක් නො සිතා ගොසින් එහි ම වසව’යි වදාළ සේක. උන් වහන්සේ ද බුදුන්ගේ අවවාද අසා අනික් සිතක් ම නැති ව ඒ ඔවා සිතමින් වැඩි සේක.

උපාසිකාවෝ ද දිවසින් බලනුවෝ වැඩියා වූ තෙරුන් වහන්සේ දැක ‘ඔවා දුන් ඇදුරු තෙනක් ඇති ව පුතණුවන් වහන්සේ ආ නියා ය’ යි තමන්ගේ නුවණින් ම දැන අදහස ලෙසට කමටහන් බුදුන්ගෙන් ලද ත් රුචි ලෙසට දනක් තුමූ ඉදි කරවා දුන්හ. උන් වහන්සේ ද භොජන සත්ප්රා්ය ලදින් කීප දවසකින් ම රහත් ව රහත් ඵල සුවෙන් දවස් යවන සේක් ‘අනේ මේ උපාසිකාවන් භව සයුරෙන් එතරවීමට නැවක් පරිද්දෙන් පිහිට වූ නියාව යහපත. මේ ජාතියේ වන්නා පිහිට වූවෝ ද සසර ඇවිදිනා කල අනික් ජාතියෙක ත් මෙ සේ පිහිට වූවෝ ද සසර ඇවිදිනා කල අනික් ජාතියෙක ත් මෙ සේ පිහිට වූ දෝ හෝ’යි සලකන සේක් ජාති එකුන් සියයක් සිහි කළ සේක. ඒ ජාති එකුන් සියයේ ම උපාසිකාවෝ මුන් වහන්සේට පාද පාරිචාරිකාව අනික් කෙණකුන් හා බැඳි මුන් වහන්සේ එකුන් සියයක් ජාතියේ ම මරවා පීහ. තෙරුන් වහන්සේ මෙතෙක් නුගුණ රාසිය දැක අනේ මේ උපාසිකාවන් කළ දෙයක් ය’යි අමා මුදුනේ වසක් තබා පුවා සේ නුගුණ ය සිතූ සේක.


37. එක් භික්ෂු කෙණකුන් ගේ වස්තුව 321

උපාසිකාවෝ ත් ගෙයි හිඳ ම ‘කුමක් දෝ ම පුතනුවන් ‍වහන්සේට මහණ ධම් මුළු ලු දෝ හෝ’ යි දිවසින් බලනුවෝ රහත් වූ නියාව දැන තව ත් බලනුවෝ ම පුතණු‍වන් වහන්සේ රහත් ව මා වූ උපකාර සිතා වදාරා යට ගිය දවස ත් වූ උපකාර ඇද්දෝ හෝ යි බැලූ සේක් ජාති එකුන් සියයක් පෙර විසූ කඳපිළිවෙළ දන්නා වූ නුවණින් සිහි කළ සේක. මම වැළි ත් ඒ ජාති එකුන් සියයේ ම අනික් කෙණකුන් හා බැඳි මුන් වහන්සේ මරවා පීමි. මුන් වහන්සේ නුගුණ රැස දැක ‘අනේ මුන් කළ දෙයක් ය’යි සිතූ සේක. ‘වන්නාට සසර සිටිනා කල මා කළ අනික් උපකාරයෙක් නැද්දෝ හෝ’යි තුමූ බලන්නෝ සියක් වන ජාතියෙහි දී මුන් වහන්සේ ට පාදපරිචාරිකාව මුන් වහන්සේ මරණ තෙනක ගලවා පූ නියාව දැක ඒ උපකාරය එකුන් නියයක් අනුපකාර වසා ලන්ට ඇතැ යි ගෙයි හිඳ ම ‘වළඳන්ට රුචි මඳ වුව ත් ආරාධනාවෙන සුඟක් වළඳන්නා සේ සුඟක් ඔබ්බෙනු ත් සිහි කළ මැනව, පුතණුවන් වහන්සැ’යි කිවු ය. උන් වහන්සේ ත් දිව කනින් අසා වදාරා ඔබට බලන සේක් සියය ක් වන ජාති ය දැක ඊ දි ජීවිත රැක දුන් නියාව සලකා ‘අනේ උපකාරීහු ය’යි සතුටු ව වදාළ සේක.

සත් පුරුෂයන් විසින් එක ජාතියෙහි ම ආගන්තුක ව ගිය වෙහෙර මළු හමනවුන් සිතා මළු හැමදීමෙන් වූ ආයාසයක් නැත ත් පාන වර්ගු සිතා දෙ වන දවස් උදාසන කැඳ අවුළු පත් සිතා දාවල ට බත් සිතා නො එක් ලෙසින් අපන ත් සිතා බුදුන්ගේ අවවාදයෙන් පනත් කොට සිතුව මනා ලෙසක් ම සිතා රහත් බව ම සාධා ගෙන ජාති සියයෙක පැවැති දෙය ත් ප්රනයෝජන‍ය ත් පෙනුණ. තව වැඩියක් වුව ත් දන්නට සමර්ත්ථද වූ නම් ගොත් සෙයින් අප්ර සිද්ධ වුව ත් රහත් ගුණෙන් ප්රවසිද්ධ තෙරුන් වහන්සේ මෙන් සිත් සතන් පනත් කොට සසර දුක් ගෙවිය යුතු.


37. එක් භික්ෂු කෙණකුන් ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද යම් කෙණෙක් වස්තු සොයා වෙළඳාමේ ගියවුන් වෙළඳාමට මැළි ව සියතින් එන්නා සේ නව ලොවුතුරා බඬු නිසා ‍පිළිවෙත් වෙළඳාම් කළ මනා තෙන ඊට මැළි ව නව ලොවුතුරා බඬු නො ලදින් සිස් වෙත් නම් මේ උපදෙසින් එයින් උන් නො සිස් වනු නිසා නම් ගොත් හෙයින් ප්ර සිද්ධ කමක් නැති එක් භික්ෂු කෙණකුන් ගේ වස්තුව කියමු.

11


322 සද්ධර්ම්රත්නාවලි ය

කෙ සේ ද යත්:

බුදුන් සැවැත් නුවර වසන කල් හි එක් සිටු පුත්ර්යාණ කෙණෙක් කුලුපග ව වැඩ හිඳිනා තෙර කෙණකුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි මම සිර ගෙයකින් ගැළවෙනු කැමැත්තා සේ සසර දුකින් මිඳෙනු කැමැත්තෙමි. දුකින් මි‍ඳෙන්ට නිසි ලෙසක් වදාළ යහපත’ යි කිවු ය. ‘යහපත, සිටු පුත්ර යෙනි, දුකින් මිඳෙනු කැමැත්තා නම් සඟනට ලා බත් දෙව. සිවු පස ය දෙව, තොපගේ සම්පත් තුන් කොටසක් කොට ලා එකක් වියදම් කොට එයි ත් අභිවෘද්ධි කාරණයක් හෙයින් අඹු දරුවන් රකුව. එකක් මත්තට තබනු නිසා අනුගාමික නිධි කොට දන් දෙව’ යි වදාළ සේක. උයි ත් වදාළ ලෙස නො වරදවා කොට අනික් කුමක් කෙරෙම් දැ යි තවත් ඔබ අතින් විචාළෝ ය. එ සේ වී නම් තුන් භවයෙහි දුක් හැරෙනු නිසා තිසරණ පිහිට ව. පඤ්ච ගති නිවෘත්ති ය නිසා පන් සිල් පිහිටව’යි වදාළ සේක.

එ ලෙස ත් කොට ලා අනික් කළ මනා කිම් දැ’යි විචාරා ‘වීරිය ඇතො ත් දස සිල් රකුව’යි වදාළ කල්හි දස සිල ත් පිහිටා ගත්හ. මෙ සේ තෙරුන් වහන්සේ වදාළ පිළිවෙළ නො ඉක්මවා එලෙසින් ම කළ හෙයින් පිළිවෙළ සියාණෝ ය යි ප්රිසිද්ධ වූහ. තව ද තෙරුන් වහන්සේ කරා ගොසින් සසර දුකින් මි‍ඳෙන්වුන් කළ මනා මෙ තෙක් ම ද? තව ත් කළ මනා දූ ඇද්දැ’යි විචාරා ‘එ සේ වී නම් නිවන් පුර වදනාවුන්ට වාසල් වැනි වු සසුන් වැද මහණ වව’යි වදාළ කල්හි සැප ත් හැර අවුත් මහණ වූ ය. මහණ වන ගමනේ විදම හදාළ කෙණකුන් වහන්සේ සිවුරු හඳවා පොරවා ආචාරි වූ සේක. විනය ධර කෙණකුන් වහන්සේ සිල් දීමෙන් හා නිස දීමෙන් උපාද්ධ්යායය වූ සේක.

උන් වහන්සේ උපසම්පන්න වූ පසු ආචාරීන් වහන්සේ විදම් විෂ ය වදාරා ලා බුදු සස්නෙහි මේ කළ මනා දෙය ය. මේ නො කළ මනා දෙය ය යනාදීන් වදාරණ සේක. උපාද්ධ්යාදයයන් වහන්සේ තමන් වහන්සේ ළඟට ගිය කල වින ය පිළිවෙත් පෑ ලා අවවාද වදාරන සේක. දෙ පක්ෂයේ අවවාද අසා ‘දුකින් මි‍ඳෙනු පිණිස මහණ වීමි. පිළිවෙත වැරදි නම් දුකට කාරණ ය. කරණ ලෙසක වී නම් චතුසම්පජඤ්ඤ ලෙසින් වී නම් අත පය දික් කරන්ට බැරි ය. මේ අට්ටාල් බලා ත් ගිහි ව පින් කිරීම යහපත’යි සස්නෙහි උකටලී ව භාවනා ත් නො කොට ග්රාන්ථ ධුර ය ත් නුපුරා වැර ගොසින් කයිනු ත් දුර්ව ල ව පිළිවෙත පිරීමෙහි අදහස් මඳ වීමෙන් සිතිනු ත් දුර්ව ල ව හිඳිනා සේක. යාළු මිත්ර වහන්දෑ ද


38. භාගිනෙය්යස සඞඝරක්ඛිත තෙරුන් වහන්සේ ගේ වස්තුව 323

ඇවැත්නි, මේ කිම් ද, ශාසනික තැන් කළ මනා ධූරද්ව ය විය දමාපු ගොන් පරිද්දෙන් දමා පියා ඉතා මැළි ව සිටි තැන සිට ම පියා හුන් තෙන ම හිඳ පියා දවස් යවව. කුමක් නිසා දැ’යි විචාර‍ා ශාසනයෙහි ආල ය මඳ නියා අසා උන් වහන්සේ ගේ ඇදුරු තෙරුන් වහන්සේට ත් උපාධ්යාිය තෙරුන්වහන්සේටත් කී සේක.

ඒ අසා ඒ දෙ පක්ෂ ය උන් වහන්සේ කැඳවා ගෙන බුදුන් කරා ගෙන ගිය සේක. බුදුහු ‘හැයි, මහණෙනි, අවුන’යි විචාරා වදාරා ආචාය්ය්ය උපාද්ධ්යාමය දෙනම එ පවත් දැන් වූ කල්හි බුදුහු උන් වහන්සේ අතිනු ත් දෙසුන් දෙස් කියා සිටිය ත් වරද ඇත්තවුන් අතිනු ත් විචාරන්නා සේ ‘එ සේ ද? ශසනාභිරති නැත්තෙහි දැ’ යි විචාරා ‘එ‍ සේ ය’ යි කී කල්හි ‘තෝ, මහණ, එකක් රැක ගත හෙයි නම් සෙස්ස රකින්ට ආයාස නො ගත මැනැවැ’යි වදාරා රැක්ක මනා කව‍රේ දැ යි විචාළ කල්හි ‘තමා ගේ සිත පමණෙක. යම් කෙණෙක් ගැඹුරු දියට වන් කුඩමස්සකු සේ තෙමී එක බඳ අකුරු සේ සොයා ගත නැති ව යම් කිසි ලෙසකිය් ම පවත්නා සුලු වූ සිත ගොයම් කුඹුරට සරක් වැද්ද නො දෙන්නාසේ අකුසල් විෂයට වැද්ද නො දී රැක්කෝ වූ නම් එ සේ රැකි ඒ සිත ඓහලෞකික පාරලෞකික වූ ත් ප්රදයෝජන සාධා දෙව’යි වදාළ සේක.

දෙශනා කෙළවර පිළිපදින්ට බැරිය යි ගිහි වන්ට සිතා ඉතා දුර්වයල ව නිශ්ශොභා වූ භික්ෂූන් වහන්සේ සෝවාන් ව චිත්ත පුෂ්ටිය ත් ඇති ව සෝවාන් ඵල නමැති ආභරණ පැළඳ ලා ශොභාවත් වූ සේක. තවත් බොහෝ දෙන ශ්රනද්ධාදි ඉන්ද්රිතයයන්ගේ අපාටවාදි අවස්ථා වශයෙන් සෝවාන්, සෙදැගැමි, අනැගැමි, රහත් වූහ.

නුවණැත්තා වූ සුජන තැන් විසිනු ත් නව කෙළ දහස් එක්සිය අසූ පනස් ලක්ෂැ සතිසක් විතර ව තිබෙන බොහෝ දෙය රක්නට බැරි වුව ත් රක්නට පිළිවන් ව තිබෙන සිත් පමණක් රැක ලොවි ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.


38. භාගිනෙය්ය් සඞඝරක්ඛිත තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද සිත් ඔස්සේ ම ගොසින් කුසල් මං වරදනවුන්ට වන ආයාස දක්වනු සඳහා භාගිනෙය්යම සඞරක්ඛිත තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.


324 සද්ධර්මිරත්නාවලි ය

සැවැත් නුවර එක් කුළ දරුවාණ කෙණෙක් බුදුන් ගෙන් බණ අසා ගිහි ව සිට බණ වූ ලෙස පිළිපැදීම බැරි හෙයින් ගිහි ගෙන් නික්ම මහණ ව උපසම්පදා ලදින් සඬඝරක්ඛිත තෙරුන් වහන්සේ ය යි සසුනඹර පුන් සඳ මෙන් ප්ර සිද්ධ ව රහත් වූ සේක. උන් වහන්සේගේ නං උපාසිකාවෝ ද පුතණු කෙණකුන් වදා උන්ට නම් තබන්නෝ තෙරුන් වහන්සේගේ නමම තුබූ ය. භාගිනෙය්යද සඞඝරක්ඛිත කුමාරයෝ ය’ යි ප්රාසිද්ධ ව මහණ වුව මනා වයසට පැමිණ මයිලණුවන් වහන්සේ කෙරෙහිම මහණ ව විසි හවුරුද්ද පිරෙන්නා ම මාලු පැවිදි ව එක් තරා ගමෙක වස් වැස වස් අන්තයෙහි වස් වාසික ලාභ වශයෙන් සත් රියන් ඉණ කඩක් හා අට රියන් ඉණ කඩක් ලදින් අට රියන් ඉණ කඩ උපාද්ධ්යා්යයන් වහන්සේට දෙමි යි සිතා සත් රියන් හිණ කඩ තමන් වහන්සේට සිවුරු කර ගන්ට සිතා ගෙන වස් අන්ත වූ පසු උපාද්ධ්යා යයන් වහන්සේ දක්නට වඩනා සේක් අතුරු මග සිඟාවළඳා අවුත් තෙරුන් වහන්සේ ත් සිඟා වළඳා නො වඩනා තෙක් විහාරයට වැඩ තෙරුන් වහන්සේ දාවල් හිඳිනා තෙන හැමඳ පියා පා දෝනා පැනු ත් එළවා තබා වැඩ හිඳිනා ආසන‍යකු ත් පනවා ලා පෙර මං බල බලා වැඩ උන් සේක.

ඉක් බිත්තෙන් වඩනා තෙරුන් වහන්සේ දැක පෙර මඟට ගොසින් පාත්රිය ත් සඟළ ත් හැර ගෙන තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා ගිම් නිවා පත් සලා ගිම් නිවි කල්හි වළඳනට පැන් දෙවා ලා පය සෝධා දිය සිඳ පියා වැඳ ගෙන අට රියන් හිණ කඩ ගෙනවුත් උභතොසුද්ධික වසයෙන් පා මුල තබා ලා ‘ස්වාමීනි, තිලින් ප්රදයෝජන වුන මැනැවැ’යි ආරාධනා කොට ලා පත් සල සලා සිටි සේක. තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ අපිස් හෙයින් ‘දඞඝරක්ඛිතයෙනි, අ‍පගේ තුන් සිවුරු ම තර ය. තෙපි ම ප්රතයෝජන විඳුව’යි වදාළ සේක. ‘ස්වාමීනි, ලත් තැන් පටන් නුඹ වහන්සේට දෙමි’යි නියම කෙළෙමි. ප්රුසාද හානි ය. නො කොට ප්රසයෝජන වුන මැනැවැ’ යි දෙවෙනි ව ත් ආරාධනා කළ සේක. දෙ වෙනිව ත් තෙරුන් වහන්සේ නො ඉවසූ සේක. තුන් වෙසි වත් ‘ස්වාමීනි, ප්රුතික්ෂෙසප නො කළ මැනව. මුඹ වහන්සේට ප්රදයෝජන වුනො ත් අපට මහා ලාභ ය’ යි වදාළ ත් තෙරුන් වසන්සේගේ ඊට සිත් ගන්නා ව්යාටජ අපිස් කමක් නොවන හෙයින් හා කමල පත්රඊ ගත ජල බින්දුවක් සේ කිසිවෙක ඇල්මක් නැති හෙයින් නො ඉවසූ ම සේක.

නො ඉවසන්නා ම ඔබ සිතන සේක් ‘මම මුන් වහන්සේට ගිහි අවස්ථාවෙහි බෑනණු වෙමි. මහණ වත් සද්ධි විහාරිකයෙමි. මේ ලෙසින් ම අවශ්යාව සිටිය ත් මා සන්තකය ප්රතයෝජන විඳිනට


38. භාගිනෙය්යා සඞඝරක්ඛිත තෙරුන් වහන්සේ ගේ වස්තුව 325

මැළි සේක. එ සේ මැළි කල මා මහණ ව සිටීමෙන් කම් කිම් ද? ගිහි වෙමි. ගිහි කම් කටුල් බලා ලු කලට ඉතා ගහට ය. කෙලෙසින් ජීවත් වෙම් දෝ හෝ, යි සිතන සේක් ‘සිවුරු හැර පියන පමණකට සත් රියන් පමණ හිණ කඩ ඇත. අට රියන් හිණකට දී පියා එළියන් වහා වදන හෙයින් එළියක හැර ගනිමි. ඕ වදයි. වැදූ වැදූ එළුවන් විකොට ධනී ව වෙමි. ධනී ව ගෙන ලා ගෙදර ඇති කෙරෙමි. ගෙදර විචාරන්ට නිස තෙනකින් සරණක් විචාරා ‍ගෙනෙමි. ගෙනා කල දරුවන් වදන්නන් එළියන් ම නො වන හෙයින් උයි ත් පුතණු කෙ‍ණකුන් වදති. උපන් කුමාරයන්ට මාගේ මයිලණුවන් වහන්සේ ගේ නම තබමි. ඉක් බිත්තෙන් ගැලක් ඉදි කරවා ගෙන දරුවනු ත් අඹුවනු ත් ඒ ගැල ලා ගෙන අපගේ මයිලණුවන් වහන්සේ වඳිනට යම්හ යි යන ගමනේ අතුරු මගදී දරුවන් මට වඩා ලව’යි උන්ගේ මෑණියන්ට කියමි. ‘එයිත් මම වඩා ගෙන යමි. නුඹ ගැල පදිනැ’යි කියා ලා මට ත් නො වඩා තමාට ත් පසු ව බර විට දී දරුවන් බිම හෙළා පියයි. වැටීගිය දරුවන් ගැල්සක් මිරිකා ගෙන යෙයි. මම ‘මට ත් වඩානුලු යේ යි. තොයි ත් වැඩිය නො හී හෙළා මට මේ සා මුළාවක් කෙළේ ය’යි ඉපල් සොයා ඉපල් නැති වන්නා කැවිටි ලීය බා ලා පිට අවුරා පහරක් ගසමි” යි සිතූ සේක් සලමින් සිටි තල් වටින් තෙරුන් වහන්සේගේ ඉසට පිළී ‘පිළි නො ගත් රොස ත් පලවන්නා සේ පහරක් පහළ සේක.

තෙරුන් වහන්සේ ත් සඞඝරක්ඛිතයන් තල් වැටින් මා ඉස පහරින්ට කාරණ කිම් දෝ හෝ’යි පර සිත් දන්නා නුවණින් බලා උන් වහන්සේ සිතූ සියල්ල ම හෙළියේ හිඳ කරණ දෙයක් උන්ට නො පැනී බලා දක්නා සේ දැක ‘සඞඝරක්ඛිතයෙනි, ගෑනුන් මැරිය නොහී ද අප මාල්ලන් මරන්නේ ය’ යි වදාළ සේක. ඒ අසමින් මට වූයේ කුමන මුළාවෙක් ද? මා සිතූ සියල්ල ම මාගේ උපාද්ධ්යාෙයයන් වහන්සේ දත් බැවින් ශාසනයෙහි රැඳීමෙන් ප්ර යොජන කිම් දැ’යි සලමින් සිටි තල් වැට දමා පියා සිවුරු හරිනට යන්ට නික්මුණු සේක. යාළු මිත්රස වහන්දෑ ලුහුබඳවා අල්වා ගෙන බුදුන් කරා ගෙන ගිය සේක. බුදුහු ත් ඒ වහන්දෑ දැක ‘හැයි, මහණෙනි, කුමකට අවුදැ’ යි විචාරා වහන්දෑගෙන් එ පවත් අසා එ සේ ද තෙපි සිවුරු හරනට යන්ට නික්මිණි දැ’යි විචාළ සේක. එ සේ ය යි කී කල්හි ‘ඇයි, මහණ, තා ‍එසේ කරණට කාරණ කවරේ ද? තා අල්ප ස්වල්ප එකකු නො වත් වීරිය ඇති බුදු කෙ‍ණකුන්ගේ පුතකු වුව. පියන්ට ඇති වීය්ය්ප එය පුතුන්ට නැත මනා ද? එ බඳු බුදු කෙණකුන්ගේ සස්නෙහි



326 සද්ධර්මහරත්නාවලි ය

මහණ ව සෝවානැ යි හෝ සෙද ගැමි ය යි හෝ අනගැමි ය යි හෝ රහතැ යි හෝ කියවා ගත නො හී ද? මෙ සේ ම කළේනැ’යි වදාළ කල්හි වස් වාසිකය ලත් තැන් පටන් තල් වැටින් මයිලණුවන් වහන්සේට පහර පහළ තැන් දක්වා වදාරා මයිලණුවන් වහන්සේ ඒ සිතිවිල්ල දත් හෙයින් ලජ්ජා බලවත් ව නික්මුණු නියාව කී සේක.

බුදුහු එ විට ‘තෙපි ඊට අනිකක් නො සිත ව. සිත නම් කෙසඟක් පමණ තෙනට නො යන මුත් පාත අජටාකාශ ය පටන් උඩ අජටාකාශ ය දක්වා දුර වූ ත් දෙය අරමුණු කරණ හෙයින් දුරට යන සුලු ය. එ සේ හෙයින් තොප මෙ තෙක් සිතිවිලි සිතන්ට අරුම නැත. නැවත මේ සිත කැණක් බැන්දා සේ එක විට දෙ තුන් සිතක් පවත්නට නැති හෙයින් සොරුන් හා ත් එක් නො වන මහ සොරකු සේ තනි ව ම හැසිරෙයි. එ සේ හෙයිනු ත් මූ හසුකරන්ට බැරි ය. මේ සිත දැක හැඳින ගන්ට ශරීරව ත් සැටියකුත් නැත්තේ ය. අරූප ධර්මබයා හෙයින් එක් තරා පැයකුත් මූට නැත. එ සේ හෙයින් මේ ය යි බුදු නේව දන්ට ත් බැරි ය. නැවත නියං සමයේ ගෙරි සරක් කොයි ත් කා ලා පැනිත්තෙක හෙව වැද හෝනා සේ හෘත්වස්තු වේ1 අඩුකුළුඳුල්ලක්2 ලේ නිසා3 පවත්ති4 මෙ සේ වූ සිත යම් සේ පිරිමි කෙණෙක් වෙත්ව යි, ගෑනු කෙණෙක් වෙත්ව යි, ගිහි කෙණෙක් වෙත්ව යි, පැවිදි කෙණෙක් වෙත්ව යි, දෙවි කෙණෙක් වෙත්ව යි, බඹ කෙණෙක් වෙත්ව යි, සෙසු ත් කවුරු වේව යි, නූපන් කෙලෙසුන් නො ඉපැද දී සිහි මඳ ව උපන් කෙලෙසුන් දුරු කෙරෙමින් සිත පනත් කෙරෙත් නම් කම් වටිනු ත් විචා වටිනු ත් කෙලෙස් වටිනු ත් මිඳෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර භාගිනෙය්යච සඞඝරක්ඛිත තෙරුන් වහන්සේ සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.

එ සේ සුජනයන් විසින් වපට පෙරාතු කුඹුර කම් පස් කරන්නා සේ සිත් සතන් පිරිසුදු කොට ගෙන සසර දුක් ගෙවන්ට තැත් පිරිය යුතු.


39. චිත්තහත්ථ තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය කරන්න]

තව ද එකෙක තර අදහස් නැත්තවුන්ට ඇසීම් පිරිවීම් නැත්තවුන්ට ශ්රැ තම ය ප්ර්ඥාව ත් නැත්තා සේ නුවණක් වඩනට නැත් නියාව චිත්තහත්ථත තෙරුන් වහන්සේ ගේ වස්තුවෙන් දතයුතු.


1 ගෘහන්වස්තුවේ 2 කුළුඳල්ලක් 3 ලෙසින් 4 සා පවත්ති

39. චිත්ත හත්ථ තෙරුන් වහන්සේ ගේ වස්තුව 327

ඒ කෙසේ ද යත්‍-

සැවැත් නුවර වසන එක් කුල දරුවාණ කෙණෙක් වල් වන් ගොන් සොයා වලට ගොසින් පෙරවරු මුළුල්ලේ සොයා වල ඇවිද හිර මුඳුනේ සිටි වේලාවට ගොන් දැක ගොන් ගෙරි සිටි තැනට බැස ලා උදාසන පටන් ඇවිදි හෙයින් බඩසා බලවත් ව වහන්දෑ ළඟට ගියෙම් නම් වළඳන වේලේ සම්භ වූ තෙනකට ඇති ව තිබුවොත් අවශ්යරයෙන් ම බත් දෙන හෙයින් මට ත් බත් සම්භ වෙයි සිතා වෙහෙරට ගොසින් වහන් දෑ වැඳ ලා එකත් පස් ව සිටියේ ය. එ සමයෙහි ද වැළි ත් අවක්කාර පාත්රෑවල1 ඉතිරි බත් තබා ලා2 සයින් ආවවුන්ට තිලින් බත් හැර ගෙන කව යි වදාරණ සේක. බුදු සමයෙහි වහන්දෑට උපදනා බත් නම් එ වක මිනිසුන්ගේ අදහස පරිද්දෙන් අති පවිත්රු ව නො එක් සූප ව්ය ඤ්ජන ඇති ව උපද්දි. උපාසකයෝ ද වහන්දෑගෙන් විධාන ලදින් ඉන් යැපෙන පමණක් හැරගෙන අනුභව කොට ලා පැනු ත් බී පිපාස සන් හිඳුවා අත සෝදා පියා ‘කුමක් ද, ස්වාමීනි, අද ආරාධනාවක් කොට දන් දුන්නෝ ඇද්දැ’යි විචාරා ‘නැත, උපාසකයෙනි, සිඟා ගිය ත් නිරන්තර ව මෙ සේ ම උපද්දී’ වදාළ කල්හි අප හී පිරිහී හවුරුද්ද මුළුල්ලෙහි කර්මාින්ත කොට ත් මෙ බඳු බතක් ලද නො හෙම්හ. වහස්දෑ සිඟා ගොසින් පියන ගමන විනා කිසි ත් ආයාසයක් නො ගෙන මේ බත් ලබන කල මා දැන් ගිහි ව සිට ආයාස ගැන්මෙන් ප්රෙයෝජන කිම් ද? මහණ ව ගනිමි’ සිතා අදහසෙහි පවිත්රා වක් නැත ත් තමන් මහණ කරන්ට වහන්දෑට කීහ.

වහන්දෑ ත් ‘යහපතැ’ යි ගිවිස මහණ කොට ලා මහලු පැවිදි කළ සේක. වත පිළිවෙත ත් හැසිර බුද්ධානුභාවයෙන් උපන් දෙය සුව සේ වළඳා මස් - ලෙය ඇති ව ගෙන මා දැන් සිඟා කා ත් ප්රයයෝජන කිම් ද? සිවුරු හරිමි’ යි සිතා ගෙට ගොසින් සිවුරු හැර නිකම් හැසිල්ලෙකු ත් හින්නට3 නැති ව කර්මාරන්ත කිරීමෙන් හා ඉඳුරා බතක් නො ලැබීමෙන් හා දුර්විල ව ‘මේ දුකින් පුයෝජන කිම් ද? මහණ වෙමි’ යි සිතා පෙරළා අවුත් මහණ ව ලී බන් භුත්තියෙක මැටි ගසා ලී වසාලූවා සේ ඇට පිපී ගිය ශරීර ය සුව සේ වළඳා මස් - ලෙස් ඇති ව තව ත් උකටලී ව සිවුරු හළ වූ ය. නැවත ත් කීප ‍දවසකින් ගිහි ගෙයි කළකිරී වෙහෙරට අවුත් මහණ කරන්නට කිවූ ය. වහන්දෑ ත් සිටි තෙක් දවස් මුන් සුවච කීකරු හෙයින් කී සේ ම මහණ කරවණ සේක. මෙ සේ


1 ආහාර පාත්රකවල 2 තිබිමින් 3 හිඩ


328 සද්ධර්මතරත්නාවලි ය

ස මුරයක් මහණ ව ස මුරයක් සිවුරු හළවු ය. වහන්දෑ ද උන් සිත් වසඟ ව ඇවිදිනා හෙයින් ගුණ විශෙෂයක් දිය නුහුණ ත් චිත්තහත්ථද ය යන නම දුන් සේක.

මෙ සේ සිවුරු පොරවා සිවුරු හැර ඇවිදිනා කලට ඇඹේණියන් බඩ දරු කෙණෙක් ඇති වුහ. සත් වෙනි වාරයේ සී සා පියා නඟුල් විය දඬු හැරගෙන ගෙට අවුත් නඟුල් වියදඬු තබා පියා හිණ කෝනමයෙන් කළු දෑ රෙද්ද හැරගන්ට වැද හෝනා කුස්සියට වන්හ. එ වේලාවට ඇඹේණියෝ ත් මෝල් කොටා විඩාව පියා හන් පිළි කොයි යන බව ත් නො දැන නිඳති. දෙ කොළින්1 කුණු කෙළ ත් වැගිරෙයි. බවා පලවන්ට ම කරන්නා සේ නාසය ත් හඬව යි. නිඳන හෙයින් ඇස පී තිබෙත ත් කට ත් දැල් වී තිබෙයි. ගෙට ගිය තැනැත්තවුන්ට අසුභ දසයෙන් දැරි ඇති බව නිසා උද්ධුමාතක අසුභයක් සේ වැටහිණ. දැක අනිත්යඇය සලකා මෙ තෙක් කල් මම නිකසළ බුදු සසුන් වැද මහණ ව මේ මාගම් කසළ නිසා ඒ නියා බුදු සස්නෙහි රඳාගත ත් නො හී මේ තරම් දුකකට පැමිණියෙමී’ කළු දෑ කඩ ගන්ව ගන්වා ම ගෙන් නික්මුණා වු ය.

ඉක්බිති ගෙයි සිටි නැන්දණියෝ බෑනණුවන් දැක ‘කුඹුරේ සිට දැන් ම අවුත් ගෙයි මඳකු ත් රඳා නො පියා හිණ කඩ එක තින් ගෙන වෙහෙර බලා යෙති. කුමක් දෝ හෝ’යි දුවණියන් වැද හොත් ගෙට ගොසින් නිඳන දුවණියන් දැක ලා ‘මෑ වැදහෙව අසඤ්ඤත ව නිඳන ලෙස බලා කළකිරී පලා ගියේ ය. මෙ වක් පටන් තිට ඒ නැත්තේ වේ දැ’යි කිවු ය. ඕ ඒ අසා ආදි ‍සේ ම දෝ හෝ යි සිතා ‘අම්ම, මුඹ නො දොඩන්නේ උන්ට ගමනෙක් කොයින් ද? කීප දවසකින් පෙරළා එති උන්ගේ අදහස මට දැනෙන්නේ වේ’යි කිවු ය.

උයි ත් සිතට වැටහුණු අසුභ වි ෂ ය කොට තිලකුණු මෙනෙහි කෙරෙමින් මහණ වන්ට යෙමින් සිට ම තමන්ට ම ප්රුයෝජන වත් ලෙස නිඳු නිඳි හෙයින් සෝවාන් වූහ. සෝවාන් ව ලා වහන්දෑ ලඟට ගොසින් මහණ කරන්ට ආරාධනා කළහ. වහන්දෑ උන් සෝවාන් වූ නියාව නො දත් හෙයින් තොප මහණ කරන්ට අපට බැරි ය. මහණ ය යි යන්නා තොපට ලඝු හෙයින් ලඝු තරම් නැති තැනට ත් ලඝු නියා ද? තොපගේ


1 දෙ කොණින්


39. චිත්ත හත්ථන තෙරුන් වහන්සේ ගේ වස්තුව 329

හිස නම් අපගේ කර මුවා ත් තබන ගලක් හා සරි වුව කර ත් චිතරෙක ගා මුවා ත් තබ ත් මුත් එක් වන් ගැ කල ත් යහපත් ද? යව’යි වදාළ සේක. ලෙඩ සන්හි‍ඳෙන නියාව දැන බෙහෙත් අනුභව කරන්ට තරයා සේ ස්වාමීනි, මේ එක මුරයට මහණ කළ මැනැව’යි තත්පර ව කීහ. වහන්දෑ ත් තමන් වහන්සේට අත් පා මෙහෙයෙන් උපකාරී හෙයින් මැළි වුව ත කරුණ කරවා කන්ට හෙයින් මහණ කළ සේක. මහණ වු දවස් ගණනකින් ම සිව්පිළිසිඹියා පත් රහත් වු සේක. වහන්දෑ ද රහත් වූ නියාව නො දැන හැයි, යන කල් නො දත් නියා ද? මෙ වක් කල් ගිය නියා වේ දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මෙ තෙක් කල් සසර කල් ගිය හෙයින් ගමන කල් නො ගියේ ය. දැන් සසර කල් නො ගිය හෙයින් ගමන කල් ‍ගියේ ය.

“ යෙන දෙවූප්පත්ය ස්ස - ගන්ධබ්බො වා විහඞගමො, යක්ඛත්තං යෙන ගච්ඡෙය්යං් - මනුස්සත්තඤ්ච අබ්බජෙ; තෙ මය්හං ආසාවා ඛීණා - විද්ධස්තා විනළීකතා”

යනු හෙයින් සිවුරු හරණට ගමන් තබා භව ගමනුත් නැති වී ය’යි රහත් වූ නියා ව හැඟවූ සේක. වහන්දෑ ඔබ බුදුන් කරා කැඳවා ගෙන ගොසින් ‘ස්වාමීනි, අප මෙ ලෙස කී හෙයින් මූ මෙ ලෙසක කියා තමන් රහත් නියාව කිවු ය. නැත්ත වේ දැ’ යි කී සේක. ඒ අසා වදාරා බුදුහු ‘එම්බා මහණෙනි, යම් කෙණකුන්ගේ සිත අසුන් පිට තබා ලූ පුසුලක් මෙන් දෝ හෝ නොහොත් දවසේ ගොඩක හිදුවා ලූ කණුවක් මෙන් ද නැවත තළ ඔළුවෙක තබා ලූ කැණහිල්ල මලක් මෙන් තර නො වේ ද, නැවත සත් තිස් බොධි පාක්ෂික ධර්මිය යම් කෙණෙක් නොදනිද් ද, සැදෑ නැත්තෝ ද නො හොත් මඳකින් ම ඉපිළ යන තරම් වූ තර නො වන සැදෑ ඇත්තෝ ද එ සේ වූවන්ට කාමාවතර නුවණ පමණකු ත් සම්ඵ නො වෙයි. රූපාවචර වූ ත් අරූපාවචර වූ ත් ලොකොත්තර වූ ත් ප්ර ඥා කැල ම නො පිරෙයි.

එ සේ කල ඒ වතුරේ විධ වූ ප්රාඥාව ඇති වන්නේ කාට ද යත්- යම් කෙණකුන්ගේ සිත රාගාදියෙන් රැඳී නො තිබේ නම්, ද්වෙෂයෙන් කැළඹී නො තිබේ නම්, එ සේ වූ රහත් මඟින් නටුවා වූ පින් - පව් ඇත්තවුන්ට ය ම පුත් වූ චිත්තහත්ථ තෙරහු ද තමන්ගේ සිත තරයක් නැති අවධියේ ඇවිද්දෝ ය. දැන් විවසුන් නමැති වනුවළ ඇති නිවන් නමැති ගල අර්හත් ඵල නමැති කණු ගසා සිත් සතන් නමැති ලණුව බැඳ ලූ හෙයින් ගමන් හළ ව ය යි වදාළ සේක. මේ‍ දෙශනාවෙන් බොහෝ දෙනාට වැඩ සෑධිණ.


330 සද්ධර්මදරත්නාවලි ය

නැවත එක් දවසක් වහන්දෑ ඔවුනොවුන් වහන්සේලා කථාවක් කරණ සේක් ‘ඇවැත්නි, මේ කෙලෙස්හු නම් පොරව කුඩා වුව ත් මහත් ගසු ත් පැහැර ගන්නා සේ කවර තරමුන්ටත් පීඩා කෙරෙති. මෙ සේ රහත් වන්ට නිසි කුල දරුව‍ාණෝ පවා සවාරෙක සිවුරු හැර සත් වරෙක මහණ වූ ය. රහත් වූ හෙයින් මුත් තව සිවුරු නො හරිද්දැ’යි කියා කථාව කළ සේක.

බුදුහු දිව කනින් ඒ කථාව අසා වදාරා ඒ වේලාවට නිසි ගමනෙකින් ධම් සභාවට වැඩ බුදු සස්නෙහි වැඩ හුන් සේක් ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කුමන කථාවක් කොට හුනුදැ’යි විචාරා මේ කථාව නියාව දැන්වූ කල්හි ‘හෙම්බා මහණෙනි, කෙලෙස් සතුරෝ යම් තෙනකට පැමිණියෝ නම් ගෙවල් අත් ගානා සොරු වස්තු ඇති වීමෙන් තරම් ගෙවල් සලක ත් නමුත් මූ තරම් සලකන්නෝ වෙති. ඉදින් මුන් මූර්තිමත් ව එක් තැනෙක ලතොත් සක් වළ ත් සරසින් හක ය. බඹ ලොව ත් උසින් මිටි ය. මූ ම බොහෝ වූ ය. පැරුම් බිම දි අප වැන්නන් පවා සලා පෙළා පියන්නෝ අනික් කවුරුන් බලද්ද? මම පවා වරා මනාවක් හා උදලු කෙටියත් නිසා ස වාරෙක මහණ ව ස වාරෙක ගිහි වීමි’ වදාරා කවර කල ද ‘ස්වාමීනි’ විචාළ කල්හි අසනු කැමැති නියා වේ දැයි වදාරා එ සේ ය යි දැන්වූ කල්හි ඉකුත් වත් ගෙන හැර දැක්වූ සේක.

යට ගිය දවස බරණැස බඹදත් නම් රජකු රජ කරණ කල්හි කුද්දාල නම් කෙණෙක් හිමවතට ගොසින් වල් කලා සිවුරු හැඳ පෙර ව මහණ ව හිමත් ගිමන් අට මස හිමවු පියස වැස වැසි සමයේ බිම තෙමුණු කල්හි ‘අප ගේ ගෙයි වරා මනාවක් හා උදලු කෙටියක් ඇත. මෙ වක නො වපුළො ත් වරා බිජුවට නපුරු වෙයි’ තවුස් වෙස් හැර ගිහි ව එක් බිම් පියසක් හුදැල්ලෙන් කොටා වර‍ා බිජුවට වපුට පියා වරා පැසුණු කල දා ගෙන ගොයම් ගොඩ නඟා ව‍ ර‍ා බිජුවට නැළියක් තබා ලා සෙස්ස කා පියා මෙ වක කර්මාුන්තයක් නැති ව ගිහි ව රැඳීමෙන් කිමි කිමි දැ’යි නික්ම මහණ වූ ය. මෙ ම ලෙසින් නැළියක් විතර වරා හා හුදලු කෙටියක් නිසා සත් වරෙක ගිහි ව සත් වරෙක මහණ ව සිතන්නෝ ‘මෙම වරා බිජුවට නැළිය හා උදලු කෙටියක් නිසා සත් වරෙක මහණ වීමි. ඒ මෙ තෙක් වර ගිහි වීමි. මූ තමා කෙටි බව මුත් කරවා ලන කට යුත්ත කෙටි නො වෙයි. තුබූ තුබූ පමණින් අවැ‍ඩක් මුත් වැඩක් නො කෙරෙයි. දමමී’ සිතා ලා ගඟ බඩට ගෙන ගොස් හුණු තැන් දිටිමි නම් පෙරළා ත් හැර ගන්ට සිතෙයි සිතා යම් සේ හුණු තැන් කො පෙනෙ ත් නම් එ ලෙසට දමමී සිතා ලා වරා බිජුවට නැළිය පොට්ටනියෙක


39. චිත්තහත්ථප තෙරුන් වහන්සේ ගේ වස්තුව 331

බැඳ ලා හුදලු තැටිල්ලේ බැඳ ලා සතුරන් දෙන්නකු එක්කොට බැඳලා ගලින් පාතට දමන කලක් මෙන් හුදලු මිට අගින් අල්වා ගෙන ගඟ බඩ සිට ඇස පියා ගෙන තුන් විටක් ඉස වට සිසාරා පියා ගඟ දියට දමා පියා නැවත බලා හුණු තැන් නො දැක ‘දිනා ගියෙමි’ තුන් විටක් කොට කිවු ය.

එ වේලාවට බරණැස් රජ්ජුරුවෝ පසල් දනවුවේ සොරුන් හකුළුවා ලා අවුත් ගඟ බඩ කඳවුරු බැඳ ගෙන නාන්ට ගඟට බටුවෝ ‘දිනා ගියෙමි’ යන බස අසා ලා තමන්ට එසේ වූ බස් අප්රිෝය හෙයින් කුද්දාල පණ්ඩිතයත් ළඟට ගොසින් ‘මම සතුරන් පරදවා දිනා අයිමී. තෙපි ත් දිනා ගියෙමි කිව. ඒ කිම් දැයි විචාළෝ ය. කුද්දාල පණ්ඩිතයෝ ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේ ත් පරදවති. එ හෙයින් තෙල සේ වූ දිනීම් දිනීමට ගත නො හැක්ක. මම මසුරු සොරුන් පරදවාපීමි. ඌ මා පෙරළා පරදවා නො හෙති. එ සේ වූ දිනීම යහපතැ’යි කියාලා ගඟ දිය බල බලා සිටියෝ දිය පීරා යමක් හැර ගන්නා සේ ධ්යාැන උපදවා අභිඥා ලාභී ව අහස පළක් බැඳ ගෙන හුන්හ. රජ්ජුරුවෝ කුද්දාල පණ්ඩිත තවුසන් ගෙන් බණ අසා පැහ ද මහණ කරන්ට ආරාධනා කොට පිරිස හා සමග මහණ වුහ‍. තවුස් පිරිස සතර ගවුවක් විතර ගලා ගෙන සිටියහ

අනික් රජ්ජුරු කෙණෙක් බඹදත් රජුන් මහණ වූ නියාව අසා රට හැර ගනිමි’යි අවුත් ධන ධාන්යු සම්පත්තීන් පිරී තුබූ නුවර දැක මෙ සේ වූ නුවරක් හැර ගොස් මහණ වන්නේ ඊ නපුරක් නැති බැවින. මම ත් මහණ වෙමි’යි සිතා ගොසින් මහ සතුන් ළඟ සහපිරිවරින් මහණ වු ය. මෙම ලෙසින් රජ දරුවන් සත් දෙණෙක් රජ සැපත් හැර අවුත් මහණ වු ය. මුන් හැම දෙනා වසන පන් සල ත් දිගින් පළලින් අට විසි ගවුවෙක. මූ හැම දෙනම පණ්ඩිතයෝ නම් මම ය. අප වැන්න වුන්ට තෙල ලෙසක් කරන්නෝ මහ මෙර සොලවා පියන සුළඟ හිඹුල් පුළුනේ නො නවත්නා සේ මුන් බලද් දැ”යි වදාළ සේක.

නුවණැත්තවුන් විසින් මේ ‘අනුශාසනා සිත තබා කිසි ලෙසකිනු ත් කෙලෙස් සතුරන්ට අවසරයක් නො පෑ කුසල් ධම් පුරා ත්රි විධ බොධීන් එක් බොධියකට පැමිණිය යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_vii&oldid=5683" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි