සද්ධර්ම රත්නාවලිය- xiii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

90. කො ස ඹෑ නු ව ර ති ස් ස‍ තෙ රු න් ව හ න් සේ ගේ වස්තුව[සංස්කරණය]

‍ කොසඹෑ නුවර වසන කුල දරුවාණ කෙණෙක් බුදුසස්නෙහි මහණ ව උපසම්පදාව ලදින් කොසඹෑ නුවර වසන තිස්ස තෙරුන් වහන්සේ ය යි ප්රමසිද්ධ වු සේක. උන් වහන්සේ වස් වැස් වු උපාසක කෙණෙක් සිවුරු ‍පිරිකරකු ත් තෙල් - මී සකුරු ආදියත් ගෙන වුත සිවුරු පිරිකර පා මුල තබාලු ය. ‘මේ කිම් ද උපාසකයෙනි’යි විචාරා ‘මුඹ වහන්සේ වස් වැස්සූයෙම්වේ ද - අපගේ විහාරයේත් විසූ කෙණෙක් මේ බලන සේක. එහෙයින් වස්සාවාසික ලාභය’යි කී කල්හි ‘උපාසකයෙනි, වන්නාට ය මින් අපට ප්ර යෝජන නැතැ’යි වදාළ සේක. ‘එ සේ වදාරන්ට කාරණ කිම්දැ’යි විචාළ

574 සද්ධර්මසරත්නාවලි ය

කල්හි ‘අප ළඟ කැපකරුවු හෙරණ කෙණෙක් නැත. එ හෙයි නැ’යි වදාළ සේක. ‘ එසේ වි නම් ම පුතු ස්වාමීන් ළඟ මහණ වෙති’යි කිවු ය. ඔබ ත් ඉවසු සේක.

උපාසකයෝ ත් තමන්ගේ සත් හැවිරිදි පුතණුව්න කැඳවා ගෙන ගොසින් ‘තුලුත් මහණ කළ මැනැවැ’යි පාවා දුන්හ. ඉක් බිත්තෙන් තෙරුන් වහන්සේ හිසකේ තෙමා පියා ශාසන හෙහි ඇලි වසකට නළවා යමක් දෙන කලක් මෙන් තචපඤ්චක කමටහන් දී ලා මහණ කළ සේක. ක්ෂූකරම ය නිම වනකලට ම පිළිසිඹියා පත් රහත් වු දැ ය. තෙරුන් වහන්සේ ත් උන්දැ මහණ කොට ලා ගෙන ‍දෙ පොයක් එහි වැස ලා බුදුන් දක්නා නිසා හෙරණුන් දැ ලවා පාත්රා ය ගෙන්වා ගෙන වඩනාසේක් අතර මහ එක් විහාරයකට වන් සේක. හෙරණුන්දෑ ද උපාධ්යා්යයන් වහන්සේට සෙනස්නක් හැර ගෙන හැමද ඉදි කළ දෑ ය. ඒ ඉදි කරන ගමනින් ම රෑ ව ගොසින් තමන්දැ සැතපෙන තැනක් ඉදි කරන්ට නො වි ය. වත් පිරිත් වේලේ අවුදින් හුන් හෙරණුන් දෑට ‘තොප සැතැපෙන තැනක් ඉදි කළා දැ’යි විචාරා අවසර නො වු හෙයින් ඉදි කරන්ට නුවුයේ ය යි කී කල්හි ‘අමුතු ව ලා ආ කල පිටත සැතපෙන්ට බැරි ය. අප සැතපෙන තැන ම සතපෙව’යි කියා ලා කැඳවා ගෙන සැතපෙන්ට වැඩි සේක. වැඩ ලා සැතපෙන ගෙට වන් සේක.

තෙරුන් වහන්සේ පුහුදුන් ව සිටි හෙයින් ගමන් ආයාසත් ඇති වන්නා වැද හොත් ගමනේ ම පිරිත් පමණක් බිණු ව නො බිණු ව නිදන්ට පටන් ගත් සේක. හෙරණුනන් දෑ ද ‘මුන් වහන්සේ ත් අප ත් එක ගෙයි ම සැතපෙන්නේ ඔබින් කැටි ව තුන් රැයක ඉදින් කාය ගෙලඤ්ඤ නිසා නිදා පිම් නම් මුන් වහන්සේ සහසෙය්යා පත්තියට වදනා සේකැ යි හැඳ ම පාන් කෙරෙමි’ ඔබ සැතපුණු හැඳ බඩ අකුසල ය ආසන්න වු හෙයින් අත පෙවෙන තැනින් මඳක් දුරුවන්ටත් නොව පලක් බැඳ ගෙන හුන්දෑ ය. තෙරුන් වහන්සේ අළුයම නැඟි සිට හෙරණුන්දැ සහසෙය්යාුවට සෑහෙන කල ගෙන් පිට ත් කළ මනා වේ දැ යි හැඳ බඩ තුබු පවත් පත ත් හැරගෙන පත් නටු අගින් හෙරණුන්දැ සැතපුණු කළාලේ ගසා පියා පත් මිටි ඔසවන සේක් ‘හෙරණෙනි, පිටතටයව’යි වදාළසේක. ඔසවන පත් මිට අග ත් හෙරණුන්දැගේ ඇස ඇනිණ . ඒ ඇසිලිලෙහි කළ කුසල් නො වරදවා රහත් කරවා ලුවා සේ ම අකුසලු ත් නො වරදවා ම ඇස සිල් කරවා ලීය.



90. කොසඹෑ නුවර තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 575

හෙරණුන් දැ ද ‘කමක් ද, ස්වාමීනි, කියා පිටතට යව’යි කී කල්හි ‘ස්වමීනි. මාගේ ඇසෙක් නට යි නො කියා ම එක් අත කින් ඇස වසාගෙන පිටතට නික්මුණු දෑ ය. වත් වේලෙිහ ඇස නැත්තේ වේ දැ යි වැද නො හිඳ ඇස්නැත ත් ශකිෂා ගෞරව ඇති හෙයින් හා නුවණැසට වු හානි නැති හෙයින් එක් අතකින් මුස්න හැරගෙන විසිකිළිය ද දැවටි වළඳින තැන් ද හැම ද පියා දැවටි පැනු ත් තබා ලා පිරිවෙණ ත් හැමඳි දෑ ය. වත් විසින් තෙරුන් වහන්සේට දැවටි - පැන් දෙන කල ත් එක් අතින් ම දුන් දෑ ය. තෙරුන් වහන්සේ ද ‘හෙරණානෝ නො හික්මුණු කෙණෙක. දැවටි - පැනි එක එතින් දෙති’ වදාළ සේක. ස්වාමීනි, එ වත් නො වන නියා ව දනිමි. අනික් අත අවසර නැති හෙයිනැ’යි කියා ලා ‘අවසර නැත්තේ කුමක් නිසා දැ’යි විචාළ කල්හි ආදියෙහි පටන් තම්න දෑ සිතා කළ සැටි ත් වන් සැටි ත් මුළුල්ල ම කී දෑ ය. තෙරුන්වහන්සේ ත් අසා බලවත් ව මුසුප්පු ව ‘අනේ මා කළ දෑ ඉතා නපුර . සත්පුරුෂයාණෙනි. ක්ෂමා ත් කරව, මට ත් පිහිට ව ව’යි දෝත මුදුනේ තබා ගෙන සත් හැවිරිදි හෙරණුන් දෑ පා මුල එළිල්ලෙන හුන් සේක. වයසින් හා පැවිද්දෙන් බාල වුව ත් ගුණෙන් වැඩි සිටි හෙයින් තෙරුන් වහන්සේත් කෙළේ කට යුතු ය.

හෙරණුන් දෑ ද ‘ස්වාමීනි, ක්ෂ මා කරවිමක් නිසා කියෙම් නො වෙමි. එ ලෙස නො කී කලට මුඹ වහන්සේගේ සිත කුමක් සේ තිබේ දෝ හෝ යි සිත රක්නා පිණිස කිමි. දැන කළ දෙයක් නො වන හෙයින් මුඹ වහන්සේගේ වරදෙක් නැත. දැන් වරදක් නැත ත් යටගිය දවස වැරැද්දකින් වන හෙයින් වැරදි මාගේ ම ය’යි කී දෑ ය. එ සේ කියා ලා ‘ මුඹ වහන්සේ මුසුප්පු නො වන්ට කිමි’ කි දෑ ය. තෙරුන් වහන්සේ හෙරණුන් දෑ කෙසේ අස්වසා කිව ්ත ඇස් වැස ගත නො හි තෙරණුන්දෑ ගේ පා සිවුරු ත් තමන් වහන්සේ ම හැර ගෙන බුදුන් නික්මුණු සේක. බුදුහු ත් පෙර මං බල බලා වැඩ හුන් සේක. ඔබ ත් ගොසින් බුදුන් වැඳලා න තොපගේ සුව දුක් කිම්දැ’යි බුදුන් වදාළ කල්හි ‘ස්වාමීනි. අපට චිත්ත පිඩාවක් විනා කාය පීඩාවෙක් මඳ මේ හෙරණුන්දෑ තරම් ගුණසම්පන්න කෙණකුන් දුටු විරු නැතැ’යි කී සේක. නො දත් බඳුව ‘මුන් ගුණයට කෙළේ කිම්දැ’යි විචාළ කල්හි ආදියෙහි නපටන් පවත මුළුල්ල ම දන්වාලා “ස්වාමීනි” දැන වුව ත් නො දැන වුව ත් මා නිසා ඇස නට හෙයින් ක්ෂමා කරන්ට කී තැන ‘මුඹ වහන්සේගේ වරදෙක් නැත, සංසාර දොෂ ය මාගේ ම ය’යි යනාදිය කියා ලා මා ම අස් වෑසු ය. මට මදකු ත් මුසුප්පු නුවු ය. මුන් තරම් කෙණකුන් අප දුටු විරූ නැතැ’යි කී සේක.


576 සද්ධර්මරරත්නාවලි ය

බුදුහු ඒ අසා හෙරණුන්දෑ රහත් වු නියාව හඟවන සේක්ක රහතන් මුසුප්පු නැත්තේ වේ දැ යි වදාරා හේතු ‘හෙයිනු ත් කාරණ හෙයිනු ත් ප්ර.ත්ය ය සුමත් පන්න ධර්මතයන්ගේ අනිත්යා දි වු ස්වභාව ය දැන කෙලෙසුන් කෙරෙන් පඤ්චවිධ විමුක්ති වසයෙන් වෙන් වු සන්තානයෙහි පවත්නා වු රාගාදින් රහත් මඟින් නට හෙයින් අවුපසම ලක්ෂණ වූ කෙලෙසුන් නැති හෙයින් සන්හුන් තරම් ඇති එ බඳු රහතන්ගේ සිත අභිද්යාසදි ය රහිත විමෙන් ස්නහිඳි තිබෙයි. වචනය ත් මෘෂාවාදාදි ය රහිත බැවින් සන්හිඳි තිබෙයි. කායික වු ක්රියයාව ත් ප්රාතණ වධාදිය රහිත බැවින් සන්හිඳි තිබෙිය. තුන් දොරින් ම වදනා පවක් නැති කලට මුසුප්පු කොයිදැ’යි වදාළ සේක. දේශනා කෙළවර කොසඹෑ නුවර වැසි තෙරුන් වහන්සේ සිවු පිළිසිඹියා පත්රහත් වු සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් ඇස නැසීත් කළ මන වතෙහි නො පමා වු හෙරණුන්දැ පරිද්දෙන් ජිවිත හානි ය. වත ත් කළ මනා සුචරිතෙහි හැසිර නිවන් සිද්ධ කටයුතු.


91. සැ රි යු ත් ම හ තෙ රු න් ව හ න් ‍සේ පැ න වි ස ඳු ව ත[සංස්කරණය]

එක් දවසෙක ආරණ්යරක වහන්දෑ තිස් නමෙක් බුදුන් ළඟට අවුත් වැඳ ලා වැඩහුන් සේක. බුදුහු ඒ වහන්දෑ පිළිසිඹියා හා සමඟ රහත් වන්නට නිසි පින් ඇති නියා ව දැන සැරියුත් මහ තෙරුන් වහන්සේ බණවාලා ශාරිපුත්රායෙනි, වඩන ලද ශ්රිද්ධෙන්ද්රි්යාදි පඤ්චෙන්ද්රිායයන් නිවනට ඇතුළත් වන නියා ව හදහවු දැ’යි විචාළ සේක. ඔබ ඒ අසා ස්වාමීනි. යම් කෙණෙක් තුමු ශ්රදද්ධාදි පඤ්චෙන්ද්රියයයයන් වඩාගත නුහුනු වු නම් ඌ ඔබ්බෙහි ශ්රයද්ධාවෙන් හදහති . මා ම සාක්ෂා ත් කළ හෙයින් වදාළ අසා හදහන්නේ කිම් දැ’යි කී සේක. වහන්දෑ ඒ කතාව අසා බුදුන් විචාළ අදහස ත් ඔබ විසඳු අදහස ත් දත නොහි වදාළ බසින් හදහන්නේ කිම්දැ’යි ‍ කියාලු බස ගෙන ‘සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් විචාරා වදාළ ප්රළශුන ය විරුද්ධ ලෙසින් ම විසඳු සේක. අද දක්වා ත් බුදුන් කෙරෙහි ඇදහිලි නැති නියා වනැ’යි කී සේක.

බුදුහු ඒ අසා ‘මහණෙනිණ, කුමක් කියුව ද? මම උන් අතින් විචාරන්නෙමි පඤ්චෙන්ද්රි යයන් නො වඩා. භාවනායෙහි නො හැසර, මාර්ගරඵළ උපදවන්නට දමත්ථි්යන් ඇද්ද’යි විචාළෙමි. ඌ තුමු ‘එ සේ නො කොට මාර්ගනඵල උපදවා ගනාති, හදහා නො ගතිමි’ යි කිවු ය. ඒ විනා දුන් දෙයක, කළ දෙයක විපාක ඇති නියාව ත් 92. ඛදිර වනිය රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව 577

බුද්ධාදීන්ගේ ගුණ ත් නො දන්නෝ නො වෙති. තමන් උපදවා ගත් ධ්යා න ය විදර්ශදනා ය. මාර්ගෙ ය, ඵල ය යන මේ ස්වභාව ය අනුන්ගේ කිමෙන් හදහන්නෝ ත් නො වෙති. එ හෙයින් ‘නිරවද්යෝයහ’යි වදාරා ලා බණ වදාරන සේක් යම් කෙණෙක් තුමු තමන් පිළිබඳ ගුණ අනු‍න්ගේ බසින් නො අදහද්ද එක් කෙණකු න් විසින් නො කරණ ලද නිවන් දැක සිටියෝ ද. නැවත අවිද්යා දි වු හෙත් පරම්පරාව ත් සංස්කාරාදි ඵල පරම්පරාව ත් සුන් නහෙයින් වෘත්ත සන්ධින් සිඳ සිටියෝ ද කුසල් අකුසල් දෙක ම නැති හෙයින් බිජුවට නැති කලට ගොයම් නැත්තා සේ භවොත්පත්ති නැත්තෝ ද, චතුර් විධ මාර්ගටයෙන් ෂොඩෂ විධ කෘත්ය් ය කොට නිමි හෙයින් සියලු ලෙසින් ම තෘෂ්ණාශාව හළ වු ද, එ සේ වුවෝ තුමු උත්තම ගුණ යෝගයෙන් උත්තම පුරුෂයෝ ය’යි වදාළ සේක. දෙශනා කෙළවර තිස්ක් පමණ ආරණ්ය ක වහන්දෑ සිවු පිළිසිඹියා පත් රහත් වු සේක. සෙසු ත් බො‍හෝ දෙනාට සප්‍න්යෝජන වි ය. එ හෙයින් නුවණැත්තවුන් විසින් සැදෑ ත් ඇති ව කෘතොප කාරි ව තුන් සුසිරි පුරා අධිමුක්ත වු ලෙසින් නිවන් දහම් පසක් කට යුතු.


92. ඛ දි ර ව නි ය රේ ව ත තෙ රු න් ව හ න් සේ ගේ ව ස් තු ව[සංස්කරණය]

ආයු බොහෝ වු සැරියුත් මහ තෙරුන් වහන්සේ බමුණු මහසල් කුලයෙහි උපන් හෙයින් මහත් වු භොගරාශි ය හැර මහණ වන ගමනේ සතාසු කෙළක් පමණ වස්තුව හැර මහණඛ ව වාලා ය - උපවාලා ය - සීසපාචාලා ය යන නඟුන් තුන් දෙණකු මෙහෙණි සස්නෙහි මහණ කරවා ලා චන්ද ය - උපසේන ය යන මලුන් දෙන් නකුත් මහණ කොට ගත් සේක. රෙවත කුමාරයෝ ය යන එක ම මලණුන කෙණෙක් රදා ගියහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ ළ මන්දු සිතන්නෝ ම පුතනුවන් වහන්සේ මෙ තෙක් වස්තු හැර ගොසින් තමන් වහන්සේ ත් මහණ ව ගෙන ලද නිවන් රස දෙනස පිනිස දෝ නඟුන් තුන් දෙනා ත් මලුන් දෙන්නාත් මහණ කරවා ග්ත සේක්. අපට රැඳණෝ එක රේවත කුමාරයෝ ය. ඉදින් සිතා පියා උනු ත් මහණ කළ සේක් වි නම් මේ අපගේ වස්තුනස්සි. කුල පරම්පරාව ත් සිඳි යෙයි. උන් තව බාල වුව ත් සරණකු ත් ගෙන්වා ගෙන පාවා දීලා ගිහි සම්පත තර කරවම්හ’යි සිතූ ය.

මහ තෙරුන් වහන්සේ ද පෙරාතු කොට ම මහන්දෑට සම්මත කරණ සේක් ‘ඉදින් රෙවත කුමාරයෝ මහණ වන්ට අවු නම් මා

578 සද්ධර්මේරත්නාවලි ය

බද්ධ වුව ත් නුවුව ත් ආ කල ම කල් නො යවා මහණ කරණ බව ය. අපගේ දෙ මවු පියෝ නම් මිථ්යා නම් මිථ්යාණ දෘෂ්ටිකයෝ ය. උන් අනු නො දත්තෙන් කිම් ද? වැඩි මාලු මා සිටි හෙයින් උන්ට දෙ මවු පියෝ නම් මම් ම ය’යි කියා තබා ලු සේක.

ඔබගේ ළ මන්දුදෑ ද රෙවත කුමාරයන් සත් ඇවිරිදි කල ම ගිහි කම් කටුලේ යොදවනු කැමැති ව ජාති සිරි තැනකින් සරණක් විචාරා දවස් නියම ත් කරවා කුමාරයන් සරහා ලා මහ පෙරහරින් කුමාරිකාවන්ගේ ගෙට ගියහ. ගොසින් විවා මඟුල් ‍‍කොට සරණ පවා දෙවා ලා දෙ පක්ෂ්යේ නෑයන් රැස් වු කල්හි රන් තළියකට අත බාලා ‘මේ රන් තළියේ පැන් යම් ‍සේ ‍ නො බිඳි තිබේ ද, එ මෙන් තොප දෙ පක්ෂරය ත් නො බිඳි වසව’යි කියා ලා කුමාරිකාවන්ට වැඩ කැමැති ව ‘තෙල තොපගේ මුත්තණියන් සුව සම්පත් ලෙස සුව සම්පතු ත් ලබා උන් සේ ම බොහෝ දවස් ජිවත් ව’යි නෑයෝ කිහ. රෙවත කුමාරයෝ ‘මුන්ගේ මුත්තණිය වුයේ කවරේ දෝ හෝ’යි සිතා මුන්ගේ මුත්තණියන් කවුරු දැයි විචාරා ‘පුත, කුමක් ද? එක් සිය විසි ඇවිරිදි වු දත් වැගිර ගියා වු, හිස නියඳ කෝටුවක් සේ විළිස්සා ගියා වු, ඇඟ සම් වැරැලි ගෙන ත‍ිබෙන්නා වු තල කැළලින් ගැවසි ගත් සිරුරු ඇති ගොණැස් වකක් සේ වක ගසා ගෙන සිටිනා කෙණකුන් දුටු නම් ඌ තුලුන්ගේ මුත්තණායෝ ය’යි කිහ.

ඒ අසා රෙවත කුමාරයෝ ‘මේ කුමාරිකාවෝ ත් තෙල ලෙසන ම වේද් දැ’යි විචාරා ‘අතුරෙක නො මළෝ නම් එ සේ ම වෙති’ කි කල්හි කුමාරයෝ සිතන්නෝ ‘මෙසේ වු ශරීරයත් ජරාව ඇවිත් ලා වියවුල් කෙරේ වන. මුන්ට වන දෙය මඑට නො වන්ට ක‍ාරණ කිම් ද? මගේ බෑණ වු උපතිස්සයන් වහන්සේ මේ දැක ලා වන ගි‍යෝ ය. කල් යවන්ට බැරි ය. සරා ලු මඟුලේ අද ම පලා ගොසින් ලා මහණ වෙමි’ සිතුහ. නෑයෝ ත් කුමාරිකාවන් හා දෙන්නා එක වාහනයකට නංවා ලා හැර ගෙන නික්මුණාහ. කුමාරයෝ මඳ තැනක් ගොසින් ලා ශරීර කෘත්යැයකට නයන නියා වක් කියා ලා වාහන ය රඳවා ගොස් ලා එමි’යි කියා ලා වාහන යෙන් බැස එක් කැලැ හැස්සකට වැද මඳක් ක්ල යවා ලා අවු ය. තව ත් මඳක් තැන් ගොස් ලා එ ලෙස ම කොළෝ ය. තව ත් එ ලෙස ම කොළෝි ය. මෙ‍ සේ ශරීර කෘත්යමයට ගමන් බොහෝ කලට නෑ‍යෝ ‘ඔබට නුසු ව නියා (වේ) දැ’යි රකව්ල තුනි කළහ. ඌ තුමු තව ත් මඳ තැනක් ‍ගොසින් ලා ආදි කළ ලෙස ම වංචා කොට ‘තෙපි වාහන ය හැර ගෙන ඉදිරියේ පලා යව. මම සෙමින්


92. ඛදිර වනිය රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව 579

සිට එමි. වහා ගමන ආයාස ය’යි කියා ලා කැළැ හස්සට ගියහ. නෑයෝ ත් සෙමින් සිට පලා එති යි සිතා වාහන ය හැරගෙන නික්මුණවු ය.

කුමාරයෝ ද කැළෑ හස්සට වන් ගමනේ ම පලා ගොසින් එක් තැනෙක තිස් දෙනකුන් වහන්සේ වසන සේක - ඒ වහන්දෑ ළඟට ගොසින් වැඳ ලා ‘ස්වාමීනි,ඛ මා මහණ කළ මැනවැ’යි කිවු ය. වහන්දැ ත් ‘තෙපි සැරහී ගෙන සටුව. අපි තොප රාජ කුමාර කෙණකුන් බවත් නො දනුම්හ. අමාත්යනපුත්රය කෙනකුන් බව ත් නො දනුම්හ. මහණ කරන්නේ කෙසේ දැ’යි කී සේක. ‘ස්වාමීනා මා නො හඳුනන සේක් දැ’යි විචාර එ සේ යි කී කල්හි ‘මම උප තිස්සයන් වහන්සේ ගේ බාල මලණු වෙමි’යි කිහ. ‘ඒ උපතිස්ස නම් කවුරුදැ’යි විචාළ කල්හි ‘එ සේ ය’ වහන්දෑ බෑණන් වහන්සේට ශැරි පුත්රව ය යි කියන සේක. එ හෙයින් උපතිස්ස ය යි කී කනල නො දන්නා සේක් ය’යි කිහ. ‘කුමක් ද? තෙපි සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මළණුවෝ දැ’යි විචාරා එ සේ ය යිකී කල්හි ‘ එ සේ වී නම් මෙ සේ පලා එව. ආදි ම ඔබ අපට සම්මත කළ සේකැ’යි කියා ලා ආභරණ ගලවා එක තැනෙක් තබා වා පියා කුමාරයන් මහණ කොට ලා මහ තෙරුන් වහන්සේට කියා යවු සේක.

ඔබ ඒ අසා බුදුන්ට දදැන් වු සේක. දන්වා යවන සේකුත් ස්වාමීනි , ආරණ්යනක වහන්දැ රේවත කුමාරයන් මහණ කළසේක් ල’යි දන්වා යුව සේක. යවා ලා මහණ වු මලණුවන් බල්නට යුන කැමැති නියාවත් බුදුන්ට දැන්වු සේක. බුදුහු ‘ශාරි පුත්රමයෙනි, තව ඉවසව’යි වදාරා ගමන එකනට නවතා ලු ‍‍ සේක. මහ තෙරුන් වහන්සේ දවස් ගණනක් ගියි කලට තව ත් බුදුන්ට දැන් වු සේක. ශාරිපුත්රායෙනි, තව ඉවසව අපි ත් එම්හ’යි ඒ ගමන ත් පමා කළ සේක. රේවත හෙරණුන්දෑ ද. ඉදින් මම මී ම රඳා හිනිම් නම් නෑයෝ මාගේ පවත් දැ කැඳවා එවති. ඒ වහන්දෑගෙන් රහත් විම දක්වා කමටහන් ඉගෙන ගෙන පා සිවුරු හැර ගෙන සැරිසරන දැ එ තැනට එක් සිය විසි ගවුවක් ව තිබෙන කිහිරි වනයට ගොස් වස් තුන් ම්සර ඇතුළත් පිළිසිඹියා සමඟ එහත් වු දෑ ය. සැරියුත් මහ තෙරුන් වහන්සේ ත් වස් පවරා ඔබ වඩනා කැමැති නියා ව බුදුන්ට දැන් වු සේක.

බුදුහු ‘අපි ත් එම්හ’යි වදාරා ලා පන්සියයක් දෙනා වහන්සේ හැර ගෙන නික්මුණ සේක. මඳ තැනක් වැඩි කලට අනඳ මහ තෙරුන් වහන්සේ දෙ මං සන්ධියකට සිටි බුදුන්ට වදාරන සේක්


580 සද්ධර්ම්රත්නාවලි ය

‘ස්වාමීනි, රේවත තෙරණුවන් වසන තැනට යන මං වලින් මේ මහ දුරු ව තිබෙයි. දෙසිය සතළිස් ගවුවෙකක. මඟ දිගට ගම් ගහණ හෙයින් මිනිස්සු ත් ඇත. මෙ මග ලඟ. එක්සිය විසි ගවුවෙක ඒ මග යක්ෂොහපද්ර ව ඇත. කවර මගෙකින් යමෝ දැ යි විචාළ සේක. ආනන්දසයෙනි. සීවලි තෙරහු අප හා කැටි ව අවුදැ’යි විචාරා එ සේ ය යි කි කල්හි ‘ඉඳින් ඌ තුමු අවු නම් ලං මඟ යම්හ’යි වදාළ සේක. බුදුහු වැළි ත් තොපට කැඳ බත් උපදවා දෙම්හ. ලං මඟ යව’යි නො වදාරා සීවලි මහ තෙරුන් වහන්සේ ‍ෙග් කුශල විපාක දෙන්ට අවසර ලත් නියා ව දැන ඉදින් සීවලි තෙරහු එත් නම් ලං මග යම්හ’යි වදාළ සේක.

බුදුන් මඟට නික්මුණු කලට දෙවියෝ අපගේ ස්වාමිදරු වු සිවලි මහ තරෙන් වහන්සේට සත්කාර කරම්හ’යි සිතා සතර ගවු සතර ගවු විතරේ විහාර මවා ලා සතර ගවුවෙන් වඩා ත් වැඩිය නොදි උදෑසන ම දිව කැඳ හා දිව අවුළු පත් හැරගෙන අපගේ සිවලි මහතෙරුන් වහන්සේ කොයිදැ’යි විචාරා ඇවිදිති. තෙරුන් වහන්සේ තමන් වහන්සේට උපන් දෙය බුදු පාමොක් සඟනට දෙවන සේක. මෙ සේ බුදුහු සහ පිරිවරින් එක විසි ගවුවක් විතර මග සීවලි මහ තෙරුන් වහන්සේගේ කුශලානුභාවයෙන් උපන් දෙය ම වළඳමින් වඩනා සේක.

රේවත තෙරුන් වහන්සේ ද බුදුන් වඩනා නියා ව දැන බුදුන්ට ගඳ කිළියක් හා කුව ගෙවල් පන් සියයක් හා ප්න සියයක් සක් මන් හා රෑ වසන තැන් පන්සියය්ක හා දවල් වසන තැන් පන් සියයක් ද මවා ලු සේක. බුදුහු උන්වහන්සේ ලඟ මසක්ක විතර රැඳුණු සේක. එහි රඳා ත් සිවලි මහ තෙරුන් වහන්සේ ගේ කුශලා නුභාවයෙන් උපන් දෙය ම වළඳන සේකත. කැටි ව ගිය වහන්දෑ ගෙන් යම් තෙනක දී ත් කටයුතු නො දැන්මට බොහෝ සේ මුල් ව සිටිනා හෙයින් මාලු දෙ නමෙක් ‘බුදුන් කිහිරිවනයට වඩනා කල මෙ මහණ මෙතෙක් නව කර්මාාන්ත කරව්නනේ මහණ ධමක් කෙ සේ කෙරේද? බුදුහු සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මළණුවෝ යයි මුණු බලා මුන් ළඟට ආ සේකැ’යි සිතූහ.

බුදුහු එ දවස් අළුයම ලොව බලන සේක් ඒ වහන්දෑ දැක ඒ වහන්දෑ සිතු සිත් දැන එහි මසක් විතර රඳා ලා වඩනා දවස් යම් සේ මාලු දෙ නමගේ තෙල් ගුළා ත්, ඩබරා ත් , වුන ත් සඳහන් ඒ දෙ නමට නො වේ නම් එ ලෙසට ඉටා ලා වැඩ පි සේක. වැඩ ලා විහාර සීමා ගෙවා පි කලට රේවත තෙරුන්


92. ඛදිරවනිය රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව 581

වහන්සේ ද ඍද්ධිය හළ සේක. ඉක්බිත්තෙන් මහලු වහන්දෑ ත් අපි මේ මේ දෙය සලකුණු නුහුම්හ’යි පෙරළා ගොසින් බුදුන් වැඩ පියන්නා ම අර ඒ හැම නැති වු හෙයින් එ තැන සලකා ගත නො හි කිහිරි කටු පහ ඇන ගෙන ගුළා මුළාවේ ඇවිද එක් කිහිරි ගසක එල්වා තුබු තෙල් ගුළා ඩබරා ආදි ය දැක හැර ගෙන නික්මුණු සේක.

බුදුහු ත් වහන්දෑ පිරිවරා නැවත මසක් විතරින් සීවලි මහ තෙරුන් වහන්සේ ‍ගේ කුශලානුභාවයේන උපන්දෙය වළඳමින් පූර්වාමරාමයට වැඩි සේක. ඉක්බිත්තෙන් ඒ මාලු දෙනම ද උදාසන දවැටි වළඳා ලා ආගන්තුක බත් දෙන විශාඛාවන්ගේ ගෙට කැඳ වළඳනු නිසා ගොසින් කැඳ අවුළු පත් වළදා ලා හුන් සේක. විශාඛාවෝ ද ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලැ දෙ නම බුදුන් හා කැටි ව රේවත ස්වාමීන් වසන තැනට වැඩි සේක්දැ’යි විචාරා එ සේ ය යි කී කල්හි ‘ස්වාමීනි, උන්වහන්සේ වසන තැන් ඵාසු දැ’යි විචාළ හ. ඍද්ධ්යාිනුභාවයෙන් එ ලෙසක් ව ලා ඍද්ධිය හැර ලු කලට පෙර සැටිය වු නියාව සලකා ගත නො හී වයසින් මුකුරා ගිය බව මුත් නුවණ ලා හෙයින් ‘එ තැන ඵාසුවක් කොයි ද? සුදු කටු ඇති කිහිරි ගසින් ම සැඳි සිටි යක්ෂ යන් වසන තැනක් වැන්නැ’යි වදාළ සේක. එ දෙ නම ගිය කලට බාල ද නමක් ඒ ගෙට වළඳන්ට ගිය සේක.

උපාසිකා‍වෝ ඒන දෙ නමට ත් කැඳ අවුළු පත් පිළිගන්වා ලා රේවත තෙරුන් වහන්සේ වසන තැන් පවත් විචාරා ඒ දෙ නම එතැන සැටි කියා ලන්ට නොප‍ිළිවන සුධම් දෙව් සභාවට ත් වැඩි යන තරම් ඍද්ධීන් මවා ලු දෙයක් වැන්නැ’ය කි සේක. උපාසිකාවෝ සැදෑ මතු නො ව නුවණ ත් බලව ත් හෙයින් සිතන්නෝ ‘ආදි වහන්දෑ එක් ලෙසක කී සේක. මේ වහන්දෑථ මෙ ලෙස කී සේක. පළමු ආ වහන්දෑ කිසිවක් සලකුණු නැති ව තබා පියා ඍද්ධි ය හළ කලට ගොසින් ආ නියා ය. මේ වහන්දෑ ඍද්ධි ය නො හරනා තෙක් ආ නියා ය’යි සිතා ගෙන බුදුන් වැඩි කලට විචාරමි’ සිතූ ය. නො බෝ ඇසිලේලෙකින් ම බුදුහු ත් මහණ ගණා පිරිවරා විශාඛාවන්ගේ ගෙට සිඟා වැඩ පනවන ලද බුදු හස්නෙහි වැඩ හුන් සේක.

විශාඛාවෝ ද බුදුපාමොක් වහන්දෑ වළඳවා ලා වළඳ අන්තයෙහි බුදුන් අතින් විචාරන්නෝ ‘ස්වාමීනි, මුඹ වහන්සේ ලැ කැටි ව ගිය වහන්දෑ ගෙන් සමහර වහන්දෑ රේවත තෙරුන්


582 සද්ධර්ම රත්නාවලිය

වහන්සේ වසන කිහිරි ගසින් ගැවසි ගත් මහ වලෙකැ’යි කී සේක. සමහරතැන් ඉතා සිත්කලුය යි කී සේක. ඒ කිම් දැ’ යි කිවූ ය. බුදුහු ‘විශාඛාවෙනි, ගම වුව ත් වල වුව ත් යම් තැනෙක රහත්හු වෙසෙ ත් නම් උනගේ අදහස රමණීය ගුණෙන් සිත් කලු වන්නා සේ එ තැන ත් සිත්කලු ය’යි වදාරා බණ වදාරණ සේක් ‘කිසි සේ ත් රහත්හු ග්රාසමාන්තයෙහි දී කාය විවේක ය නොලබ ත් නමුත් චිත්ත විවේක ය ලබති. දෙවියන්ගේ රූ වැනි රූ වුව ත් උන්ගේ සිත සොලවා ලිය නො හෙයි. එ හෙයින් කුමක් වුව ත් වල වුව ත් ගම වුව ත් වළෙක වුව ත් ගොඩක වුව ත් යම් තැනෙක රහත්හු විසූ නම් ඒ බිම් පියස කටු වේ ව යි කුමක් වේවයි සිත් කලු ය. යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

අනික් දවසක දී වහන්දෑ කථාවක් කරණ සේක් ‘ඇවැත්නි, සීවලී මහ තෙරුන් වහන්සේ කවර කාරණයකින් සත් අවුරුදු සත් මස් සත් දවසක් මවු කුස විසූ සේ ක් ද? කවර කාරණයකින් නරකයෙහි පැසුණු සේක් ද? ලාභි වූයේ කවර කාරණයකින් දැ’යි කියා කථාවක් ඉපැද වූ සේක. බුදුහු ඒ අසා ‘කුමක් කියවූ දැ’යි විචාරා කරමින් හුන් කථාව දැන් වූ කල්හි ආදි කොට ලාභි වීමට නිසි ව කළ පින් කම වදාරන සේක් ‘මහණෙනි, මා බුදු වූ මේ කපට එකානු වන කප විපස්සී නම් බුදුහු ලොව ඉපැද එක් සමයෙක දනවු සැරිසරා බොහෝ වූ සත්වොපපකාර කොට පිය රජ්ජුරුවන් හිඳිනා නුවරට පෙරළා අවු ය. රජ්ජුරුවෝ ද බුදු පාමොක් සඟනට අමුතු දනක් සරහා ලා අපගේ දනට මුසු වුව මැනැවැ’යි නුවර වැස්සන්ට කියා යවුහ. උයි ත් විධා‍න ලෙසින් මුසු ව ලා ‘එක රජ්ජුරු කෙණකුන් තනි ව ම මෙ‍ සේ දුන් කළ අපි හැම දෙන ම එක් ව මෙයිට වඩා දෙම්හ’යි බුදුන් පවරා ගෙන දෙ වන දවසට දන් සරහා ලා දන් බලන්ට එන්ට රජ්ජුරුවන්ට කියා යවු ය.

රජ්ජුරුවෝ ත් අවුත් උන් හැමගේ දන් බලා එ සේ වූ දෙයෙහි උපදනා දනට අභිමාන ය නම් සෙවිතව්යම මානයක් හෙයින් ‘මුන් ඇමගේ දනට වඩා මම දන් දෙමි’යි තුන් වන දවසට ආරාධනා කොට දන් දී ත් රජ්ජුරුවෝ නුවර ඇත්තවුනුත් නුවර ඇත්තෝ රජජුරුවනු ත් පරදවා ගත නො හෙති. නුවර ඇත්තෝ ස වැනි දවස් ‘සෙට දවස් අප දෙන දන මේ මේ දෙය නැතැ’යි කියා ලන්ට බැරි වී නම් එ ලෙසට දනක් දෙම්හ’යි සිතා ගෙන සත් වන දවසට දන් සරහා ලා මේ දෙනෙහි නැත්තේ කුමක් දෝ හෝ යි බලන්නෝ කකාළ මී බොහෝ ව ඇතත් අලුත සලා ගෙනා නො කකාළ මීයක් නැති නියාව දුටුවු ය.


583 92. ඛදිරවනිය රෙවත තෙරුන් වහන්සේ ගේ වස්තුව


ඔහු හැම දෙන අලුත් මී නිසා නුවර සතර වාසල සාර දහසක් රන් හැර ගෙන සිටියහ.

ඉක් බිත්තෙන් එක් දනවු වැසි මිනිසෙක් ගම් මුදලින් දක්නට එන්නේ අතුරු මඟ මීයක් දැක මී මැස්සන් එළවා පියා දඬුවෙල් බෑ මීයක් හෙයින් අත්ත පි‍ටින් ම කඩා ගෙන ‘ගම් මුදළින්ට දෙමි’ කියා ලා ගම්මුලදළිනු ත් නුවර හෙයින් නුවර ඇතුළට වද්දි. මී පිණිස වාසල කෙරෙහි සිටියාහු ඔහු දැක ‘පින්වත, විකුණන මීයෙක් දැ” යි විචාරා ‘විකුණන මීයෙක් නො වෙ’ යි කී කල්හි ‘හිඳ පින්වත, මේ මස්ස හැර ගෙන දෙව” යි කිවූ ය. අරේ, සිතන්නේ මේ දඬුවෙල්බෑ සතළිස් වියටකු ත් නො වට්ටි. මූ වියට ගණනින් වී නම් එක් සිය සැට වියටක් විතර දෙම්හ’යි කියති. මුන්ගේ රන් බොහෝ නියා වේද? මම ත් අග ය වඩමි’යි සිතා ලා ‘මස්සකට නොදෙමි’යි කීය. ‘එසේ වී නම් දෙ මස්සකට දෙව’යි කියා ‘එ සේ ත් නො දෙමි’ කී හෙයින් රන් අග ය වඩ වඩා කියාගෙන ගොසින් මේ දහස හැර ගෙන දෙව’යි කියාලා දහසින් බඳ පියල්ල ම දික් කළහ. දඬුවෙල් බෑය ඇති තැනැත්තෝ “තොපට නුසුවයෙක් ඇති නියා ද? නොහොත් රන් තොපගේ බොහෝ හෙයින් ලන ඕනා1 තැන් නැති නියා ද? සතළිස් වියටකුත් නො වටනා මීයට ‘මසු දහසක් දෙමි’ කියව. මේ කිම්දැ’යි විචාළහ.

‘අපිත් එ විතරෙකින් වඩා නො වටනා නියාව දනුම්හ. තෙලේ එ විතරෙකින් වඩා නො වටිත ත් තිලින් අප සිද්ධ කොට ගන්නා ප්රනයෝජනයෙක අග ය නැත. විපස්සී බුදුන් ප්ර්ධාන ව අටසැට ලක්ෂයයක්2 රහතන්ට දනක් සරහා ලූම්හ. ඒ දනෙහි අලුත් මී පමණක් විනා සෙස්ස මුළුල්ල ම ඇත. තිලි අගයක් ම නො සිතා තිලින් සිද්ධ කුසලයෙහි නිවන් අගය ම සිතා ඉල්ලුම්හ’යි කිවු ය. අර මුන් තමන් පි‍ටිසර වැසි වුව ත් තමාගේ සැදෑ ව පි‍ටිසර වැසි නො වන හෙයින් එ සේ වී නම් මම මිළයට නො දෙමි. එ පින්කම හෙරී වෙම් නම්3 දෙමි’ කිවු ය. නුවර ඇත්තෝ ද උන් බලවත් ව සැදැහැ ඇති නියාව කියා ලූ බසින් ම දැන ගෙන ‘හබළුවෙකින් මුහුද පැන් උකා ගන්නා සේ උන් මුසු වූ පමණෙකින් අපගේ කුසල් මුහුද අඩුවෙක් ඇද්ද? යහපත ඒ දී ලා හෙරි වන්ට4 කිවය’යි කිවු ය.

ඒ උපාසකවරුන් බුදු පාමොක් වහන්දෑ වඩා හිඳුවා ලා බත් වළඳවන වේලෙහි දී මහ රන් තළියක් ගෙන්වාගෙන දඬුවෙල්බෑ මීය මිරිකවාපු ය. මී ගෙනා තැනැත්තන් ම‍ ගෙනා දී සැළියකුත් ඇත. ඒ දීත් මී වත් කළ තළියේ ම ලවා පියා එක් කොට මිරිකා


1 ලන මනා තැන් 2 අට සැට දහසක් 3 සරි වෙම් නම්. සහාය වෙම් නම් - ඇතැම් 4 සරිවන්ව 584 සද්ධර්මතරත්නාවලිය

පියා බුදු පාමොක් වහන්දෑට දුන්හ. ඒ මී දී ද බුදුන්ට ත් අට සැට ලක්ෂවයක් රහතන්ටත් කැමති විතරට සෑහිණ. තව ඉතිරිත් වි ය. තමා මඳක් වුව බොහෝ තැනට කෙ සේ සෑහිණි දැ යි නො සිතිය යුතුය. බුදුන්ගේ බුද්ධානුභාවයෙන් සෑහිණ. සර්ව ඥවරයන් ගේ බුද්ධ විෂය ත් සත්ව්යන්ගේ කර්ම් විෂයත් ඍද්ධිමතුන්ගේ ඍද්ධි විෂය ත්, ලොක විෂය ත්, මේ සතර යම් කෙණෙක් සිතත් නම් සිතා ලිය නො හී වියරු හිමට කාරණ හෙයින් එක දඬුවෙල්බෑ මීය හා දී සැළි ය හා මෙ තෙක් දෙනා වහන්සේට සෑහුණේ කෙ සේ දැ’යි නො සිති ය යුතු ය. බුදුන් කෙරෙහි ශ්රාෑද්ධාවෙන් කවුරුන් විසිනු ත් හදහා ගත යුතු ය.

මී දී දුන් තැනැත්තෝ මෙ විතර පින් කමක් කොට ආයු කෙළවර දෙව් ලොව ඉපැද සසර ඇවිදිනාහු එක් කලෙක බරණැස රජ කුලයෙහි ඉපැද පියාණන්ගේ ඇවෑමෙන් රජකමට පැමිණියහ. රජ දරුවන්ට නම් රාජ්ය්ලොභ ය බලවත් හෙයින් පැමිණි රට ඇති ව අනික් නුවරක් ගනිමි යි ගොසින් නුවර වට කළහ. වට කොට ලා නුවර ඇත්තවුන්ට රට හෝ දුන මැනව. ස‍ටන් හෝ කළ මැනැවැ’යි කියා යවූහ. ඌ තුමූ ‘අප කරණ සටනු ත් නැත. දෙන රටකු ත් නැතැ’යි කියා යවා ලා සතර වාසල ඇතුළු ලවා ගෙන කුරුබිලියෙන් පිටත්ව ලා දර පැන් ආදිය ගෙන යෙති. සටනට ගිය රජ්ජුරුවෝ ත් සතර මහ වාසල රක්නෝ අවසරක් නො ලදින් සත් හවුරුදු සත් මසක් රැකගෙන හුන්හ. රජ්ජුරුවන්ගේ මෑණියෝ ම පුතුන් කරන්නේ කිම් දැ’යි විචාරා එ පවත දැන තමනු ත් ඒ කර්මෑයෙහි මුසු වුව මනා හෙයින් ම පුතු නුවණ නැති නියාව ය, කුරුබිලියෙනු ත් පිටත් විය නො දී එයි ත් රකින්ට කියව’යි කියා යවූහ. ඌ මෑණියන්ගේ විධාන ලෙසට ම කළහ. නුවර ඇත්තෝ පිටත් විය නො හෙන්නෝ ආඵාසු බලව ත් හෙයින් සත් වැනි දවස් තමන්ගේ රජ්ජුරුවන් මරා පියා රැක හුන් රජ්ජුරුවන්ට රාජ්යව ය දුන්හ.

ඌ මේ කර්මහ කොට මිය ගොසින් අවීචියෙහි ඉපැද දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොලොව සත් ගවුවක් වඩනා තෙක් නරකයෙහි පැසී එයින් චුත ව යම් කෙණෙක් කුරුබිලිය ත් රැක සඤ්චාරය සියලු ලෙසින් සිදු වන්ට කිවු නම් උන්ගේ කුස ම ඉපැද නුවර වට කළ සත්අවුරුදු සත් මස මවු කුස වැස කම්ම සරික්ඛකවිපාක මෙ‍ ලෙස ය’යි හඟවා කුරුබිලි සතර සඤ්චාර ය හැරවු තැනැත්තවුන්ගේ අකුසලයෙන් සත් දවසක් ම ගර්භමූඪ ව



93. එක්තරා ස්ත්රි යකගේ වස්තුව 585

බිහි ව යා නොහී වදන තැනැත්තවුන්ට දුක් ඉපැද වූහ. මෙ‍ සේ මහණෙනි, සීවලී මහ තෙරහු නුවර වට කොට තමන්ගේ ප්රෙයෝගයෙන් රජ්ජුරුවන් මරවා පී පවින් එ තෙක් කල් මුළුල්ලෙහි නිරා දුක් විඳ කුරුබිලි නැවත් වු තැනැත්තවුන් මවු කුස ඉපැද එ තෙක් කල් මවු කුස විසූ ය. අලුත් මී දුන් හෙයින් ලාභයෙන් හා යසසින් අග්ර බවට පැමිණියහ’ යි වදාළ සේක. එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ලෙසිනු ත් අකුසල නො හැසිර කුසල්හි ම හැසිර භවභොග සම්පත් සාධා කෙළවර නිවන් සම්පත් සාධා ගනු මැනවි.


93. එක්තරා ස්ත්රිසයකගේ වස්තුව[සංස්කරණය]

එක් භික්ෂු කෙණකුන් වනහන්සේ බුදුන්ගෙන් කමටහන් ඉගෙන ගෙන ගස් කොළ මාලු වූ එක් උයනකට වැද ලා මහණ ධම් කරණ සේක. ඒ නුවර එක් වෙශ්යාල දුවක් එක් පුරුෂයකුට ‘මම අසවල් තැනට එමි. තොප එ තැනට එව’යි සලකුණක් කියා ලා ගියහ. පුරුෂයා නායේ ය. ඈ රැක සිට පියා ඔහු නො දැක ලජ්ජාව ඈත මෑත ඇවිදිනි උයනට ගොසින් භික්ෂූන් වහන්සේ වැඩහුන්නා දැක ඈත මෑත බලා පියා ඔබ විනා අනික් කෙ‍ණකුන් නො දැක ‘මේ ත් පිරිමියෙක් ම ය. මොහු වසඟ කෙරෙමි’ ඔබ ඉදිරියෙහි සිට ගෙන හැඳ ගත් හිණ කඩ ලිල් නො වත ත් පෙරළ පෙරළා ත් හඳී. ඉස කේ ත් උනා පියා බඳී. මහත් කොට සිනාවකු ත් සෙයි. භාවිත සිත් ඇති භික්ෂුන් වහන්සේ හෙයින් ඈ කරණ විකට බලා මුසුප්පු වූ සේක. ප්රේභතියකගේ විකාරයක් කොට මුත් අනිකක් කොට නො සිතූ සේක.

බුදුහු ත් ‘මාගෙන් කමටහන් ගෙන ගිය භික්ෂුහුගේ පවත් කිම්‍ දෝ හෝ’යි බලන සේක් සොරකමට ගිය සොරකමින් අරුන් වහන්සෙ ගේ ගුණ රුවන් හැර ගත හැකි දෝ හෝ යි සිටි තැනත්තිය දැක ඈ කළ දෑ ත් භික්ෂූන් වහන්සේ කරා රස් කඳක් විහිදුවා ලා ළඟ වැඩ හුන්නාසේ ම ‘මහණ, යක්ලෙශීන් නො ඇලෙන තැන නික්ලෙශීහු ඇලෙතී’ වදාරා ඔසවා ගන්ට මඳක් බර දෙයකට වත්තම් වන කලක් මෙන් කඳ බර බා තබා ගුණ බර නගන පිණිස බණ වදාරණ සේක් ‘පියුම් විලෙක ගම්වල මැස්සන් නො ඇලෙන්නා සේ යම් වලෙක සක්ලෙශී වූ සත්තු නො ඇලෙත් නමුත් ඒ වල තෙමේ සුපිපි මල් රුක්වලින් හෙබි හෙයින් හා විල් තටාක ආදියෙන් යුක්ත හෙයින් නික්ලෙශීන්ට


586 සද්ධර්මෙරත්නාවලිය

සිතකලු ම ය. එ බඳු වල පියුම් විල්හි ඇලෙන බඹරුන් මෙන් නික්ලෙශීහු තමන් තමන්ගේ භාවනාභියොගයට නිසි හෙයින් ඇලෙති. කුමක් නිසා ඇලෙද් ද යත හොත් - තමන් පස් කම් ගුණෙහි නො ඇලෙන හෙයිනැ’යි වදාළ සේක.

දේශනා කෙළවර ඒ භික්ෂූන් වහන්සේ පිළිසිඹියා පත් රහත් ව අහසින් වැඩ ස්තුති කෙරෙමින් බුදුන් වැඳ ගෙන වැඩි සේක.

එහෙයින් නුවණැත්තවුන් විසින් වීතරාගීන් වල්හි ඇලුම් කරන්නා සේ පින් කම ඇලුම් කොට අකුසල් ගෙවා නිවන් සාක්ෂාුත් කට යුතු.


94. තඹදැලි නම් වූ සොරාගේ වස්තුව[සංස්කරණය]

මෙ සේ වස්තු දශයකින් රහතන්ගේ රහත් ගුණ සැකෙවින් කියා ලා ඉක් බිති පව හැසිර ත් කිසි කලෙක සත් පුරුෂ සමවායෙන් යම් තම් පිණෙකැ හැසුරුණොත් ගොඩ යන පරිදි දක්වන්ට තඹ දැලි නම් වූ සොරා ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

එකුන් පන් සියක් විතර සොරු මිනිස් ලොව අනික් ජිවත් විය හැකි නිරවද්යන කට යුක්තක් ම නැත්තා සේ ගම් පැහැරීම් ආදි වූ සොර කමින් ජිවත් වෙති. ඉක් බිත්තෙන් බඳ බැම ඇති, පිඟුවන් ඇස් ඇති, තඹ වන් දැළි රැවුළු ඇති, පූජකයන් මෙන් තව ත් තව ත් අව ලක්ෂමණ තරම් ඇති එකෙක් සොරුන් ළඟට ගොසින් ‘මම ත් මුඹ හැම හා කැටි ව රඳා ජීවත් වෙමි’ කීය. ඔහු සොර දෙටුවාට පෑ ලා ‘මේ ත් අප හැම ලඟ රඳමි යි කිය’ යි කිවු ය. සොර දෙටුවා ඔහු බලා පියා සාමුද්රිූකා ලක්ෂහණ හෙයින් ‘මේ තමාගේ මවගේ තන ය කපා පියත ත්, පොවා ලු කිරෙහි රසක් නො දනී. පියාගේ බොටුව කපා පියා ලේ බොත ත් මූට මුසුප්පු නැත. ඉතා තද එකෙකැ’යි සිතා ලා ‘මූ අප ලඟ රඳන්ට නො කැමැත්තේ ය’යි කිවූ ය. ඒ එ සේ කීවත් නො ගොසින් ජීවත් වන ජීවිකාව මුත් පර ලොව නො සලකා සොර කම් ම නිසා සොර දෙටු වා හසර එකකු සම්මැට ව ඌ ලඟ රැඳිණ. රඳා තමා සිත් ගත් හෙයින් ඔහු කැඳවා ගෙන සොර දෙටුවා කරා ගොසින් ‘ස්වාමීනි’ නුඹ වහන්සේ’ තරම් නො දත් පමණක් මුත් ඉතා යහපත්හ. මුන් රඳන්නට ම වුව මැනැවැ’ යි කියා සොර දෙටුවා ත් ගිවිස්වා ගෙන රැඳවී ය.




94. තඹදැලි නම් වූ සොරා ගේ වස්තුව 587

එක් දවසක් නුවර වැස්සෝ සොරුන්ගෙන් ගහට බලවත් හෙයින් රජ්ජුරුවන්ට ත් කියා ලා පි‍රිසකු ත් හැරගෙන සොරුන් පන්සිය ය ම හඹා අල්වා ගෙන යුක්ති දන්නවුන් කරා ගෙන ගියහ. අධිකරණ නායකයෝ උන් පොරෝ බා ලා හිස් කපන්ට නියෝග කළහ. මුන් හැම මරණෝ කවුරු දැ යි සොයා ත් එබඳු දුෂ්ට අදහස් ඇති කෙණකුන් නො දැක සොර දෙටුවාට ‘තොපි මුන් හැම දෙන ම මරා පියා තොපි ත් රැකෙව සත්කාර ත් ලබව’යි කිවු ය. එ තෙක් කල් මුළුල්ලෙහි තමන් නිසා විසූ හෙයින් ජීවිතයක් හා සංග්රවහයක් නිසා කළ මනා දෙයක් නො වෙයි සිතා මරන්ට මැළි වි ය. මෙ ම ලෙසින් තම්බදාඨිකයා හැර සෙස්සන් විචාරා උන් හැම ත් මැළි හෙයින් හැමයට පසු ව තඹදැළියා විචාළහ.

ඒ යහපතැ යි ගිවිස උන් හැම දෙන මරා ජීවිතය ත් ලද, සත්කාර සම්මාන ත් ලද, මෙ ම ලෙසින් දකුණු දිගින් ගෙනා සොරුන් පන්සියයකු ත්, බටහිර දිගින් ගෙනා සොරුන් පන්සියයකුත් උතුරු දිගින් ගෙනා සොරුන් පන්සියයකු ත් නැගෙන හිරි දිගින් ගෙනා සොරුන් පන්සියයකු ත් සොර දෙටුවන් පටන් වෙන වෙන විචාරා මරන්නවුන් නැති හෙයින් මේ තෙමේ විධාන ලැබ දෙ දහසක් විතර සොරුන් ම‍රා එතැන් පටන් දවස් පතා එකකු දෙන්නකු ඔබාදීන් ගෙනා සොරනු ත් මරමින් හවුරුදු පස් පනසක් සොරුන් මැරීම ම කෙළේ ය.

ඒ තෙමේ මාලු අවස්ථාවේ දී එක පහරින් හිස් ගසා පිය නො හෙයි. දෙ තුන් පහර ගසා මිනිසුන්ට දුක් බොහෝ කෙරෙයි. එ නුවර ඇත්තෝ සිතන්නෝ මූ මිනිසුන් මරණ ගමනේ මිනිසුන්ට දුක් මහත. මූ හැර පියන්නා අනිකෙක් පෙනී යෙ යි සිතා ඌගේ ඒ තනතුරු හැර ගත්හ.

ඒ පෙර සොරුන් මරණ කල හා පිළී හඳින්ට වේව යි, ගිතෙල් හා සමග කිරි උළු කැන් බොන්නට වේව යි, දෑ සමන් මල් පළඳින්ට වේව යි, සුවඳ විලවුන් ගන්නට වේව යි. නො ලැබෙයි. ඒ හැම ඌට නැත. තනතුරෙන් පිරිහුණු දවස් කිරි උළු කැන් පිස ව යි කියා ලා පිළිත්, දෑ සමන් මලුත්, සුවඳ විලවුනුත්, ගෙන්වා ගෙන ගඟට ගොසින් නහා පියා, පිළී හැඳ, සමන් මල් පැළඳ, සුවඳ ඇඟ ගා‍ ගෙට අවුත් හුන. ඉක් බිත්තෙන් අලුත් ගිතෙල මුසු කොට ඇඟ ගා ගෙට අවුත් හුන. ඉක් බිත්තෙන් අලුත් ගිතෙල් මුසු කොට ඉදි කළ කිරි උළු කැඳක් ගෙනවුත් තබා ලා අතට පැන් ගෙනාවු ය. එ වේලාට සැරියුත් මහ තෙරුන් වහන්සේ සමාපත්තීන් නැඟී ‘අද කො තනට යෙම් දෝ හෝ’යි තමන් වහන්සේ සිඟා වඩනට නිසි තැන් බලන සේක් ඔහුගේ


588 සද්ධර්මාරත්නාවලිය

ගෙයි කිරි උළු කැන් දැක ‘මට සංග්ර හයක් කෙරෙත් දෝ හෝ යි බලන සේක් ‘බොහෝ නිකම් සොරුන් මරා සිටියා වූ තඹදැළියා බොහෝ කෙලෙස් සොරුන් මරා සිටියා වූ මා දැක සංග්රවහ කෙරෙයි, කොට ත් මහ සැප ත් ලැබෙයි, දැන වදාරා සිවුරු ගැටවටු ගන්වා ගෙන පාත්ර් ය පටවා ගෙන උන්ගේ ගෙදර සිඟා සිටි සේක.

උයි ත් මහ තෙරුන් වහන්සේ දැක පහන් සිත් ඇති ව බොහෝ කලක් සොරුන් මැරීමෙන් බොහෝ පව් පිරිණ. ආයු ත් ගෙවී ගොසින් මීයන්ට ත් ආසන්න වී කෙළවර අවස්ථාවෙහි වුව ත් පිණෙක් පිරිණි නම් යහපත. දැන් මේ ගෙයි කිරි උළු කැඳකු ත් ඇත. මහතෙරුන් වහන්සේ ත් සිඟා සිටි සේක. කළ පාප ය ගෙවාපියනිට වැඩියාක් වැන්න. ‘දනක් දෙමි’ යි සිතා ලා බොන්නට තබාලූ හුළු කැන් ඉවත් කොට තබා ලා ගොසින් වැඳ ලා පවරා ගෙන ගොස් වඩා හිඳුවා ලා පාත්ර්යට උළු කැන් පිළිගන්වා ලා අලුත් හෙළ ගිතෙලු ත් වත් කොට ලා වලඳන්නට වැඩහුන් මහ තෙරුන් වහන්සේගේ ඇඟට පතක් සල සලා සිටියෝ ය. පස් පනස් හවුරුද්දක් ම කිරි උළු කැඳ ත් බොන්නට නුවු හෙයින් කැඳ බී පියන්ට අදහස ත් බලවත. මහ තෙරුන් වහන්සේ ඒ බව දැන ලා ‘උපාසකයෙනි, බොන්නට තබා ලූ උළු කැන් බොව’ යි වදාළ සේක.

ඌ පත සලන්ට අන්ක් කෙ‍ණකුන් අතට දී ලා උළුකැන් බොන්නට හුනහ. මහ තෙරුන් වහන්සේ පත් සලා සන්හිඳුවාලිය නො හැකි කෙලෙස් ගිම් තමන් වහන්සේට සන්සුන් හෙයින් සෙසු ගිම් නිසා සලන පවන් පත ‍අපට නොකැමැත්තේ ය. තෙල උපාසකයන්ට ම සලව’යි වදාළ සේක. උයි ත් ඇඟට පත් සලව සලවා බඩ පුරා ම කැඳ බීලා අවුත් මහ තෙරුන් වහන්සේට පත් සල සලා සිට වළඳා නිමි කලට බණට ආරාධනා කළහ. මහ තෙරුන් වහන්සේ ත් කිරි උළු කැඳ වළඳා ලා දහම් රස ය දෙවන පිණිස බණ වදාරන්ට පටන් ගත් සේක. උපාසකයෝ තමන්ගේ සිත බණට යොමු කොට නො හෙති. මහ තෙරුන් වහන්සේ දැන ලා, ‘උපාසකයෙනි, බණට සිත යොමු කොට නො හෙවුනැ’ යි වදාළ සේක. තමන් බොහෝ කලක් ප්රා ණවධ කළ හෙයින් සිත එකඟ වී බණට සිත යොමු කොට නො හැකි නියා ව කිවු ය.

මහ තෙරුන්වහන්සේ මුන්ගේ ඒ අදහස පෙරළවා පියම්හ’ යි සිතා පදාරා ‘කුමක් ද? ඒ පව් තොපි ම සිතා ගෙන කළා ද, අනික් කෙ‍ණකුන්ගේ විධානයෙන් කළා දැ’යි විචාරා රජ්ජුරුවන්ගේ විධානයෙනැ යි කී කල්හි අනුන්ගේ විධානයෙන් කළ කලතොපට

94. තඹදැළි නම් වූ සොරා ගේ වස්තුව 589

කුමන පව් දැ’යි වදාළ සේක. මිනී මරණ සේ දත් පමණක් මුත් කුසල් අකුසල් නොදන්නා වූ මුග්ධ ධාතුක ගැහැවි, මහ තෙරුන් වහන්සේ එ සේ වදාරන්නා ම තමාට පව් නැතැ යි සිතා ගෙන ‘ස්වාමීනි, එසේ වී නම් බණ වදාළ මැනැවැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ බණ වදාරත් වදාර ත් එකඟ ව බණ අසා විදර්ශ නාවට එක් ව සිටිනා සෝවාන් මඟට ආසන්න ව සිටිනා අනුලොම ඥාන ය උපදවා ගත්හ. සෝවාන් නු වූ පමණක් මුත් ආසන්න වූහ. මහ තෙරුන් වහන්සේ ද අනුමෙවෙනි බණ වදාරා ලා වැඩ පී සේක. උපාසකය නු ත් මහ තෙරුන් වහන්සේට පසු ගමන් කොට ලා රැඳුනවුන් පුක්කුසාතිය - දාරුවීරිය - සුප්පබුද්ධ කුෂ්ටිය යන තුන් පක්ෂුය මැරූ යකිනි ම දෙන් වෙස් මවා ගෙන අවුත් ම‍රා පීව. උයි ත් මිය ගොසින් තුසී පුරයෙහි උපන්හ.

ධම් සෙබෙහි ත් කථාවක් උපදනේ “තඹදැළි නම් සොර මරුවා පස් පනස් හවුරුද්දක් සොරුන් මැරීමෙන් අද ම මිඳී අද ම මහ තෙරුන් වහන්සේට දනු ත් දී අද ම මෙළේ ය. උන් උපන්නේ කොහේ දෝ හෝ’ යි කථාව ඉපද වූ සේක. බුදුහු ඒ අසා වදාරා ලා මහණෙනි, තුසී පුරයෙහි උපනැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, කුමක් වදාරන නියා ද? මෙ තෙක් කල් මුළුල්ලෙහි මෙ තෙක් මිනී මරා පියා ත් තුසී පුරයෙහි උපන් ද? වදාළ හෙයින් මුත් හදහා ගත හැකි දැ’යි කී සේක. ‘එ සේ ය, මහණෙනි, කෙළවර අවස්ථාවෙහි වුව ත් මියන්ට තුබූ ගොයමට වට වැස්සක් මෙන් බලව ත් කල්යානණමිත්රන කෙණකුන් ලද, සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ බණ අසා අනුලොම් නුවණ උපදවා ගෙන අනුලොම් නුවණ ත් තමා කාමාවතර හෙයින් කාමාවතරයන්ට ත් ලොකොත්තරයන් ආසන්න බැවින් උන්ට ත් අනුලොම් ව ඊ දී මාර්ග උපදවත ත් ආයාස නැති හෙයින් තුසී පුරයෙහි උපනැ’යි වදාළ සේක.

‘ස්වාමීනි, අනුමෙවෙනි බණ නම් පමණ දෙයක් වුව. උන් කළ පව් මහත් වුව. එ පමණෙකින් ගුණ විශෙෂය උපදවා ගත්තේ කෙ සේ දැ’යි සේක. ‘මහණෙනි, මා දෙසූ බණ ම‍ඳෙක, බොහෝවෙකැ’යි කුමක් නිසා පමණ කරා ද? මහණෙනි, යම් බසෙක් නිවන් ප්රතකාශ නො කොට ආකාශ වර්ණිනා ය. පර්ව?ත වර්ණ?නා ය, වන වර්ණ නා ය යනාදී නිෂ්ප්රශයෝජන නැත. යම් වචනයක් අසාසත්වෙයෝ අවබොධ ය කොට ගන්ත් නම්, නිවන් සාධා ගනි ත් නම් චතුස්සත්යිය යොදා කියන්නා වූ එක බසෙකු ත් වේ නම්



590 සද්ධර්ම රත්නාවලිය

එ ම යහපතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කාව්ය නාටකාදි නිෂ්ප්රදයෝජන කථා හැර නිවනට පමුණුවා ලිය හෙන්නා වූ බණ කථා ම ගොදුරු කොට වසන්ට උත්සාහ කටයුතු.


95. දාරුචීරිය තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද නිෂ්ප්රුයොජන වචනයෙන් ප්ර්යොජන නැති නියාව ම හඟවන්ට දාරුචීරිය තෙරුන් වහන්සේ ‍‍ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් —

එක් සමයෙක් බොහෝ මිනිස්සු නැව් නැඟී මුහුදු පිට ගොසින් මුහුදු මැඳ දී නැව් නට කල්හි මස් කැස්බන්ට බත් වූහ. ඉන් එක් කෙණෙක් පෝරුවක් බඩ තබා ගෙන පිනන්නෝ සුප්පාරක පටුන් කරා පැමිණියෝ ය. උන් හැඳ ගන්නා පෙරව ගන්නා දෙයෙක් නැත ඌ අනික් දෙයක් නො ලදින් වියළී ගිය දරු ලෑලි පටයන් වැළින් ගොතා ගෙන හැඳ පෙරව ගෙන දෙවොලකින් කබලක් හැර ගෙන සුප්පාරක නම් පටුන් ගමට ගියහ. මිනිස්සු උන් දැක කැඳ බත් ආදිය දී ලා මුන් වහන්සේ එක් රහත් කෙණෙකැ’යි සම්භාවනා කොට තකා ගත්හ. ඉදින් පිළියෙක් සම්භ වී නම් මේ හැන්දො ත් පෙරවියො ත් ලාභ පිරිහෙන්නේ ය’ යි සිතා ගෙන උන් දෙන පිළී ත් නො ඉවසා දර සිවුරු ම හැඳ පෙරව ඇවිදිති. රහත් බැවහැර බොහෝ දෙනා කියත් කියත් ‘මෙ ලෝ රහත් කෙණෙක් වෙත් නමුත් රහත් වන්ට නිසි පිළිවෙත් පුරන කෙණෙක් ඇත් නමුත් මම උන්ට ඇතුළත් වෙමි’යි සිතූහ.

මෙ සේ පවිටු අදහස් සිතූ කලට එක් ‍කලෙක බන්ධු වූ දෙවතාවාණ කෙණෙක් දෝ හෝ නොහොත් පෙර එක් ව මහණ ධම් පිරූ කෙණෙක් — පෙර කවර කල ද යත් — කසුප් බුදුන්ගේ අස්න පසු බස්නට වන් කල්හි හෙරණ ආදීන්ගේ ශාසනානුරූප සනා වන කටයුතු දැක සත් දෙණකුන් වහන්සේ බලවත් මුසුප්පු ‍ඇති ව ‘ශාසන ය අන්තර්ධාන වන්නාට පෙරාතු අපට පිහිටක් කරම්හ’ යි කසුප් බුදාන්ගේ ධාතු වඩා කළ සතර ගවුවක් උස ඇත් රන් දාගැබ බුදුන් තරමේ තබා වැඳ වල් වන් සේක. එක් පර්වුතයක් දැක ‘ජීවත් වීමෙහි ආල ය ඇති කෙ‍ණකුන් නවත්නා බව ය. කාය ජීවිත නිරපෙක්ෂාප තැනක් මේ පර්වෙත මුදුනට නැඟෙන්ට වුව මැනැවැ’ යි කියා ලා — හිණක් බැඳ ගෙන සත් නම ම පර්වආතයට 95. දාරුචිය තෙරුන් වහන්සේ ගේ වස්තුව 591

නැඟී ලා හිණ පාත හෙළා පියා උඩ යන ගමනෙක මුත් පාත ගමනට ආල ය හැර මහණ ධමට පටන් ගත් සේක. ඒ සත් දෙනා වහන්සේ ගෙන් හැම තැනට වැඩි මාලු තෙරුන් වහන්සේ දෙ වන දවස් රහත් වූ සේක. උන් වහන්සේ හිමවත අනවතප්ප විල‍ට වැඩ නා ලිය දැවැටී වළඳා ලා උතුරුකුරු දිවයිනට වැඩ සිඟා බත් ගෙනවු ත් සෙසු ස නමට ‘ඇවැත්නි, මේ දැවටි වළඳා ලා කට සෝධා පියා මින් බත් වළඳන බව ය’යි වදාළ සේක.

‍ඒ අසා සෙසු තැන් කුමක් ද? එන ගමනේ යම් තෙනක් පළමු රහත් වූවොත් උන්වහන්සේ සිඟා ගෙන බත් වළඳා ලා මහණ ධම් කරම්හ’යි අප හැම කළ කතිකාවෙක් ඇද්දැ’යි විචාරා නැතැ යි වදාළ කල්හි ‘එ සේ වී නම් අපි ත් මුඹ වහන්සේ සේ ම ගුණ විශෙෂයක් උපදවා ගත හුනුමෝ නම් අපි ම ගොසින් සිඟා ගෙන වළඳම්හ’යි කියා ලා නො ඉවසූ සේක. අරුන් වහන්සේ රහත් වූ දවසට දෙ වන දවස් රහත් වූ නමට ඉක්බිති තෙරුන් වහන්සේ අනගැමි වූ සේක. අනගැමි වෙ ලා - එ සේ ම බත් සිඟා ගෙනවු ත් සෙසු තැනට පෙරැත්ත කී සේක. ඒ අසා “වැ‍ඩි මාලු තෙරුන් වහන්සේ ගෙනා බත් නො වළඳා කුඩා තෙරුන් වහන්සේ ගෙනා බත් වළඳම්හ’යි අප කළ කතිකා ඇද්දැ යි විචාරා නැතැ යි කී කලට ‘එසේ වී නම් මුඹ වහන්සේ සේ ම ගුණ විශෙෂයක් ලදුමෝ නම් වළඳන දෙයක් අපි ම සිඟා ගෙන ගොසින් වළඳම්හ. නැත නො වළඳමිහ’යි නො ඉවසූ සේක. ඉන් රහත් නම පිරිනිවී සේක. අනගැමි නම බඹ ලොව උපන්දෑ ය. අනික් පස් දෙනා වහන්සේ ගුණ විශෙෂයක් උපදවා ගත නො හී වියළී ‍ගොසින් සත් වන දවස් මිය දෙව් ලොව ඉපැද මේ අපගේ බුදුන්ගේ සමයෙහි දෙව් ලොවින් චුත ව ඒ ඒ කුලවල උපන් සේක. ඉන් එක් නමෙක් පුක්කුසාති නම් රජ වූහ. එක් කෙණෙක් කුමාර කාශ්යගප තෙරුන් වහන්සේ ය. එක් නමෙක් දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේ ය. එක් නමෙක් සභිය නම් පරිව්රා ජකයාණන්දෑ ය. එක් නමෙක් දාරුචීරියයන්දෑ ය.

එකල යම් නමෙක් අනගැමි ව බඹ ලොව උපන්දෑ නම් කලෙක බන්ධු වූ දේවතාවාණෝ ය’යි කීයේ උන්ට ය. ඒ බඹාණන්ට ත් සිතෙන්නේ මූ මා හා කැටි ව හිණක් බැඳ ගෙන පර්වයතයකට නැඟී මහණ ධම් කළහ. එ කල එ සේ කොට ලා මෙ කල නො රහත් ව ම රහතිමී කියා ගෙන එ ම තර කොට දෘෂ්ටිගතික වීමෙන්නට වඋ නම් නපුර, උන්ගේ ඒ ලබ්ධිය හරවා ලිය මනා වේ දැ’ යි දාරුචීරියයන්



592 සද්ධර්මනරත්නාවලි ය

කරා අවුත් ‘බාහියෙනි, තෙපි රහතු ත් නො වව. යම් පිළිවෙතකින් රහත් වතො ත් ඒ පිළිවෙත තොපට ත් නැත. මේ කුමන වියවුලෙක් ද ඇඟ ලා‍ ගත්තේ ය’යි කිවු ය. බ‍ාහියයෝ ද අහස සිට කථා කරණ මහ බඹුන් දැක ‘නො රහත් ව ම රහත් වීමි යි මා සිතූ නියාව නපුර. මුයි ත් මා නො රහත් නියාවක් ම කියති. ලෙව්හි රහතන් ඇති නැති නියාව මුන් අතින් විචාරමි. මා නො රහත් නියාව දත්තා සේ ම රහතන් ඇතොත් දනිතී’ සිතා ලා ‘කුමක් ද? දේවතාවාණෙනි, මේ ලොව රහත්තු ඇද්දැ’යි විචාළෝ ය. දේවතා‍වාණෝ රහතන් ඇති නියාව කියන්නෝ ‘හෙම්බා බාහි‍යයෙනි, තොප මේ සිටි තැනට උතුරු දිග සැවැත් නම් නුවරෙක් ඇත. භාග්යචවත් වූ බුදු රජුන් වහන්සේ එහි වසනසේක.

ඒ බුදුහු කෙලෙස් සතුරන් නැසූ හෙයින් හා පූජාසත්කාරාදියට නිසි හෙයින් හා අසාධූන්ට දුරු හෙයින් යනා දී නොයෙක් අර්ත්ථකයෙන් රහත් නම් වන සේක. වදාරන බණත් ප්ර තිවෙධ කරන්නවුන් තමන් තමන්ගේ බල පමණකින් ප්රසතිවෙධ ය කරත ත් ප්රොතිවෙධය කරවන හෙයින් සම්යපක් සම්බුද්ධ වන සේක’ යනාදීන් මුව නො පොහොනා පරිද්දෙන් බුදු ගුණ හඟවා කථා කීහ. බාහියයෝ ද රෑ දවස් බ්රහහ්ම‍යාණන්ගේ කථාව අසා බලවත් ව භය ඇති ව ඒ ඇසිල්ලෙහි ම ඒ පටු ගමින් නික්ම දෙ රැයක් එක් තැනෙක නො ලැග සාර සිය අසූ ගවුව ගියහ. බ්ර හ්මයාණන්ගේ ආනුභාවයෙන් හෝ නොහොත් බුද්ධානුභාවයෙන් නික්මුණු දවස් හැරලා අනික් දවස් දෙව්රම් වෙහෙරට ගියහ. බුදුහු ඒ වේලාවට සැවත් නුවරට සිඟා වැඩි සේක. බාහි‍යයෝ බත් වළඳා ලා කායාලස්ය ය හරන නිසා අබ සක්මන්වල සක්මල් කරණ වහන්දෑ කරා ගොසින් බුදුහු කොයි දැ’යි විචාළහ. සිඟා වැඩි ගමනේ තව වැඩියේ නැතැ’යි කියා ලා ‘තෙපි කොයි සිට අවුදැ’යි විචාළ සේක. සුප්පාරක නම් පටුන් ගම සිට ය යි කී කල්හි ‘කවරදා අවු දැ’යි විචාරා ඊයේ සවස අයිමි’යි කී කල්හි ‘ආයේ දුර සිට ය, වැද හිඳ පය සෝධා ගන තෙලු ත් පය ගහා ගෙන මඳක් සැත පී ගනුව, බුදුන් වැඩි කල දකුව’ යි වදාළ සේක.

මම, ස්වාමීනි, බුදුන්ගේ වේවා’ යි මාගේ වේව’යි ජීවිතයට වන උපද්රකව නොදනිමි. එක රැයින් ම කිසි තැනක ත් නොසිට - නොහිඳ සාරසිය අසූ ගවුව ගෙවා ආයිමි. බුදුන් දැක මුත් සැත පී නො හිඳිමි’ කිවූ ය. එ සේ කියා ලා වඩනා තෙක් ඉවසා පියා නො හී වහ වහා නුවරට ගොසින් අනන්ය සාධාරණ වූ බුද්ධශ්රී න් යුක්ත ව කප් ගිනි ගත් රුවන් මෙරක් මෙන් ද්වාත්රිං ශත් මහා පුරුෂ ලක්ෂධණයෙන් හා


95. දාරුචිය තෙරුන් වහන්සේ ගේ වස්තුව 593

අශීත්ය්නුව්යරඤ්ජන බ්යා්මප්රවභා කෙතුමාලාවෙන් හා ඔරජනා බුදුන් සිඟා වඩනා ගමනේ ම දැක ‘නැතක් කලෙකින් ගොතම බුදුන් දිටිමි’ ගොසින් ඇතුළු වීථියෙහි දී ම පසඟ පිහිටුවා වැඳගෙන පය වළලු කර දී අල්වා ගෙන ‘යම් බණෙක් මට බොහෝ දවසක් සිත සුව එළවා නම් එ සේ වූ බණක් වදාළ යහපතැ’යි කිවූ ය. බුදුහු සිඟන වේලා හෙයින් ‘බණක් කියන්ට වේලෙක් ඇද් දැ’යි වදාළ සේක.

බාහියයෝ ද ඒ අසා ‘ස්වාමීනි, සසර හැසිරෙන කල බත් නො ලත් විරූ කල් බොහෝව. ඊට ත් වඩා කප් අසඞඛ්යියක ත් බණක් ලබන්ට නැත. මුඹ වහන්සේගේ ජීවිතයට හානි බව ත් මාගේ ජීවිතයට හානි බව ත් නො දනිමි. බණ අසනු නිසා ත් මුඹ වහන්සේ දක්නා නිසා ත් රැයකින් හා අද පෙර වරුවෙන් සාරසිය අසූ ගවුවක් අයිමි. ඒ ගමන් ලුහුඬු වූවා සේ ම සසර ගමනු ත් ලුහුඬු වන් ට බණ වදාළේ මැනවැ’යි දෙ වෙනි වත් කිවු ය. දෙ වෙනි ව ත් බුදුහු මැළි වූ සේක. එ සේ මැළි ව වදාරන්ට කාරණ කවරේ ද යත් - ‘මූ මා දුටු වේලේ පටන් මෝහට ප්රීළති බලවත. බණ අසා ත් ප්රී්ති වෙගයෙන් ප්රාතිවෙධ ය කට නො හෙ යි. ප්රී තිය ත් තුනී ව මාගේ මැළි වීම ත් නිසා උපෙක්ෂා ව සිටිව යි, නැවත රැයකින් හා පෙරවරුවකින් හා සාර සිය අසූ ගවුවක් ආ හෙයින් මූට අද්ධාන පර්ශ්රහමය ත් ඇත. එයි න් සන් හි‍ඳේව’ යි සිතා වදාරා දෙවිටක ම මැළි වලා තුන් වන විට ආරාධනා කළ කල්හි ‘එ සේ වී නම්, බාහියයෙනි, තොප විසින් දුටු දෙයෙහි දැකුම් පමණක් විය යුතු ය.’ යනාදීන් බණ වදාළ සේක. ප්රී්ති වෙග ය ත් තුනී ව අද්ධාන පරිශ්රකමයත් මඳ ව බණ අසා සව් කෙලෙසුන් නසා පිළිසිඹියා හා සමග රහත් වු දෑ ය. රහත් ව ලා ගිහි ව සිට රහත් වු කල පිරිනිවී ම හෝ මහණ වීම හෝ වුව මනා හෙයින් මහණ කරන්ට ආරාධනා කළ දෑ ය.

බුදුහු තොප මහණ වන්ට පා සිවුරු ඇද්දැ’යි විචාරා නැතැ’යි කී කල්හි ‘එ සේ වී නම් පා සිවුරු සපයව’යි වදාරා ලා වැඩි සේක. උන්දෑ ද වැළි ත් කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මහණ ධම් කරණ ගමනේ භික්ෂූන් විසින් නම් උපන් සතර පස ය අනික් කෙ‍ණකුන්ට නො දී තමා ම අනුභව කිරීම යහපතැ යි එක නමකට ත් පාත්රෙයකින් වේව යි සිවුරකින් වේව යි සංග්රහහයක් නො කළ දෑ ය. එහෙයින් බුදුහු ඍද්ධියෙන් පා සිවුරු සම්භ නො වන නියා ව දැන එහි භික්ෂුත්ව යෙන් මහණ මාලු පැවිදි නො කොට සිවුරු සොයන කල වන උපද්රභව ය දුටත් අනිවාය්ය්ලු කර්මයය හෙයින් සිවුරු සොයන්ට වදාළ සේක. සිවුරු සොයා ඇවිදිනා ගමනේ වෛරී


594 සද්ධර්මදරත්නාවලි ය

යකිනී දෙන් වෙසක් මවා ගෙන අවු ත් ඇන මරා පීව. බුදුහු සිඟා වළඳා ලා බොහෝ වහන්දෑ පිරිවරා වඩනා සේක් බාහිය තෙරුන් වහන්සේගේ සිරුර ‍කලළ තැනක හුණුවා දැක වහන්දෑ බණවා ලා “මහණෙනි, තෙල ගෙයකින් ඇඳක් ඉල්වා ගෙන තෙල ශරීර ය හැඳ ලා ගෙන නුවරින් පිටත දවා පියා එ තැන උන්ගේ ධාතු ලා දා ගබක් කරව’යි වදාළ සේක.

වහන්දෑත් එලෙස කොට ලා විහාරයට ගොසින් බුදුන් කරා එළඹ තමන් වහන්සේ බුදුන් වදාළ ලෙස ම ආදාහන කෘත්යි ය කළ නියා ව කියා ලා බාහියන් උපන්නේ කොයිදැ යි විචාළ සේක. බුදුහු ඔබ පිරිනිවී නියා ව වදාරා ලා ‘මාගේ ශාසනයෙහි වහා අවබොධ කරන්නවුන්ට මූ අග්ර ය’ යි එතදග්ර්පාළියට දාරුවීරිය තෙරුන් වහන්සේ නැඟූ සේක.

වහන්දෑ එ විට වදාරන සේක් ‘ස්වාමීනි, මුඹ වහන්සේ බාහියයන් රහත් වූව’ යි වදාරන සේක. උන් රහත් වූයේ කවර කල දැ” යි විචාරා ‘මාගේ බණ ඇසූ විට ය” යි වදාළ කල්හි, බණ වදාළේ කවර විට දැ’යි විචාළ සේක. ‘සිඟා යන ගමනේ ඇතුළු නුවර දී ය’ යි වදාළ කල්හි. ‘ස්වාමීනි, මුඹ වහන්සේ අතුරු මඟ දී වදාරන බණ නම් මඳක් වුව. එ පමණෙකින් රහත් වූයේ කෙ සේ දැ’යි විචාළ සේක. මහණෙනි, මාගේ බණ මඳයැ යි කියාත් බොහෝ යැ යි කියා ත් කුමක් නිසා පමණ කරා ද? මේ ලොවින් පරලොවින් ප්රියෝජන නැති පුරවර්ණිනාදී වූ අර්ත්ථාමවහ නො වන දෙයින් යුක්ත වූ දහස් ගණන් කථාවෙනු ත් ප්රවයෝජන නැත. එක කථාවක් වුව ත් ඇසූවන්ට නිවන් සාධා දී ලා නම් එ ම යහපතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ‍ හෙයින් නුවණැත්තවුන් විසින් උගන්නා අවස්ථාවෙහි ත් රාම - සීතාභරණාදි විතණ්ඩ ශාස්ත්ර් නූගෙන තෙවලා බුදු වදන් ම උගෙන අනුන්ට කියත ත් සප්රසයෝජන කථා ම කියා ත් තමා ත් යහපත් ව වැස අනුනුත් යහපත් කොට වස්වා මෙ ලෝ පරලෝ වැඩ සාධනු මැනවි.

96. කුණ්ඩලකේසී ගේ වස්තුව

තව ද නිෂ්ප්ර යෝජන කථාවෙන් ප්ර යෝජන ලවයකු ත් නැති නියා ව හඟවන්ට කුණ්ඩලකේසී ගේ වස්තුව දක්වමු.




96. කුණ්ඩලකෙසී ගේ වස්තුව 595[සංස්කරණය]

කෙ සේ ද යත් —

රජගහ නුවර එක් සොළොස් හැවිරිදි විතර වූ සිටු දුවණි කෙනෙක් විශිෂ්ට වූ රූප ශොභා‍වක් ඇත්තාහ. ඉතා ප්රාෂසාදාවහයෝ ය. ඒ වයස පිරී සිටි ස්ත්රීටහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂ‍යන් කෙරෙහි ලොල් කම් ඇත්තෝ ය. උන්ගේ දෙ මව් පියෝ ද උන් මිථ්යාෙචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මේයට පාවා දී ලා සත් මාල් මාලිගාවේ උඩු මාලේ ශ්රීා යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටොපයට සිර ගෙයක ලූවා සේ ලූහ. එක් කුල දරුවකු සොර කමක දී අල්වා ගෙන පිටි තල හයා බැඳ ගෙන සැමිටිවලින් මර - මරා මිනී මරණ තැනට ගෙන යෙති. ඒ සිටු දුවණියෝ ද මහත් වූ කොලාහල නිසා මේ කිම් දෝ හෝ’ යි මතු ම‍ාලේ සිට බලන්නෝ මරණට ගෙන යන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌ ම පතා බතු ත් නො කා යහනට නැඟීලා වැද හොත්තෝ ය.

මුසුප්පපුව ව වැදහොත් නියා ව මෑණියෝ දැක කුමක‍දැ’ යි විචාරා මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලුම් ඇති නියාව ත් උන් ලදො ත් මුත් නො ලදොත් ජීවත් වීම නැති නියාව ත් කී කල්හි ‘පුතණ්ඩ, එ සේ සිතන්නේ හැයි ද? මුඹ වර්ධන ව සිටියවුන් හෙයින් ගෙයි තබා ගෙන හිඳුමෝ ද? ජාති ආදීන් සරි සමාන තැනකට පාවා දිය හැක්කැ’යි කිවු ය. අපට ‘අනික් කවුරුනු ත් නො කැමැත්තේ ය. මුන් නො ලදො ත් මියමි’ කිවු ය. මෑණියෝ නො එක් ලෙස කියා ත් ගිවිස්වා ගත නො හී පියාණන්ට කිවු ය. උයි ත් කියා ගිවිස්වා ගත නො හී කළමනා කිම් දෝ හෝ යි සිතා ඒ සොරු මරන්ට ගෙන යන තැනැත්තවුන්ට මසු දහසක් සොරා යවා ‘තෙල් හැර ගෙන තුලු නො මරා අපට අවනු මනව’යි කියා යවූ ය. එයි ත් ගිවිස ඌ සිටාණන්ට හැර ලා අනිකකු මරා පියා ‘සොරු මරා පීම්හ’යි රජ්ජුරුවන්ට කිවු ය. සිටාණෝ ත් තමන්ගේ දුවණියන් අර්ථි ව ඌ ම කැමති හෙයින් මරණින් ගැළවුණු තැනැත්තවුන්ට සරණපාවා දුන්හ.

සිටු දුවණියෝ ත් එවක් පටන් ඔහු සිත් ගන්ට සව්බරණ ලා සැරහී ගෙන තුමූ ම ඕ හට බත් මාළු පිසති. කවති. පොවති. ඉස සෝධවති. නාවති. සොරාණෝ ද කීප දවසෙකින් කළ උපකාරත් නො සලකා ‘මෑ මරා පියා මෑගේ ආභරණ හැර ගෙන රා බී ඇවිදිනවුන්ට විකොට පියා අභිප්රා ය දෙයක් හැර ගෙන කා පියන්නේ


596 සද්ධර්ම්රත්නාවලි ය

කවර දවසෙක දෝ හෝ යි සිතී ය. සිතා ලා එක් උපදෙසක් සලකා ලා බත් නොකා හැඳට නැඟී ලා වැද හොත්තේ ය. සිටු දුවණියෝ ගොසින් ලෙඩක් නිසාදැ යි විචාරා නැතැ යි කී කල්හි අපගේ දෙ මවු පියන් ගෙන් මුසුප්පුවක් ඇති නියා දැ’ යි විචාරා ‘එයිත් නැතැ’යි කී කල්හි ‘එ සේ කල මුසුප්පු හැයි දැ’ යි කිවු ය.

‘සොඳුර, එ දවස් මරන්ට ගෙන යන ගමනේ සොරුන් හෙලන ගල වසන දෙවියන්ට යාදිනියක් කොට දිවි ලදිමි. දිවි තබා උන්ගේ ම ආනුභාවයෙන් මා ගෙන් කිසි ත් වියදමක් නැතිව තොප ත් ලදිමි. උන්ට පිදේනියක් දෙන්ට නැති හෙයින් මුසුප්පුයෙමි’ යි කිවු ය. ‘එ විතරෙක් වී නම් මුසුප්සු වන්ට නො කැමැත්තේ ය. පිදේනි ය පුදමි. වුව මනා කිම් දැ’යි විචාරා ‘ලද පස් මල් හා සමග පැන් නුමුසු කිරි බත් වුව මැනැවැ’යි කී කල්හි ‘යහපතැයි මුළුල්ල ම සපයා ලා ‘එන්න, යම්හ’යි කිවු ය. ‘එ සේ වී නම් මාහැඟි පිළී ත් හැඳ ගෙන මාහැඟි වූ ආභරණ ත් ලා ගෙන කෙළ ගෙන, සී ගෙන යන ගමන හෙයින් තොපගේ නෑයනු ත් රඳවා ලා යම්හ’යි කිවු ය. උයි ත් තර ව සිත් ගන්ට ම සිතන හෙයින් එ ලෙස ම කළ හ.

ගල් පාවුලට ගිය කලට ‘සොඳුර, මෙ තැන් පටන් තොප හා මා හා යත් මුත් සෙස්සන් ගෙන යන්ට බැරි ය. බොහෝ දෙනා ගෙන ගිය කල කසළ ත් කෙරෙති. කවතා ලියත් නො හැක්ක. දෙන්න පමණෙක් යම්හ. දෙවියන් පුදන්ට ගෙන යන දෙය බැවින් පිදේනිය තොප ම අල්වා ගනුව’ යි කිවු ය. උයි ත් එ ලෙස ම කළහ. සොරුත් උන් කැඳවා ගෙන සොරුන් හෙළන ගල උඩට නැංගේ ය. ඒ ගලට ත් එක් දසාවෙකින් මිනිස්සු නැ‍ඟෙති. එක් දසාවක් ප්ර පාත ව තිබෙන හෙයින් ගල් මුඳුනෙහි සිට ලා එ තැනින් සොරුන් හෙළති. ඌ කඩ කඩ ව බිම හෙති. එ හෙයින් ඒ ගලට ‘සොර පව්ව ය’ යි කියති. සිටු දුවණියෝ ද ගල මුඳුනේ සිට ‘බිලියම් කරන්නැ’යි කිවූ ය. ඒ බැණ නොනැහෙන්නේ ය. ‘බැණ නො නැ‍ඟෙන්නේ හැයි දැ’යි විචාළ හෙයින් ‘මට බිලියමින් කම් නැත. බිලියම් පිට ලා ලා තොප මෙ තැනට ගෙනෙන පිණිස ය’ යි කිවු ය. ‘ගෙනා යේ හැයි දැ’ යි විචාළ කල්හි ‘තොප මරා පියා ආභරණ හැර ගෙන පලා යන්ට ය’යි කිවු ය.

ඌ තුමූ බා ගොසින් ‘ස්වාමීනි, මාත් අභරණ ත් මුඹ සන්තක වුව. මරන්නේ හැයි ද? ආභරණ ත් හැර ගත මැනව. මා අතිනු ත් මෙහෙ හැර ගත මැනැවැ’යි කිවු ය. ඒ කෙ සේ කීව ත් නො


96. කුණ්ඩලකෙසී ගේ වස්තුව 597

ගිවිස ම මරන්ට ම තත්පර ව ගත. හිඟුනුව1 මැනව මා මිය යාමෙන් ප්රේයෝජන නැත. ආභරණ හැර ගෙන මාගෙනු ත් මිඬිකම් හැරගත මැනවැ යි කිවු ය. ඒ අසා සොරා ‘එ සේ කළ කලට තෙපි ගොසින් දෙ මවු - පියන්ට කියාල ව. එ සේ කලට අපට විනාස ය කරත් ම ය’ යි කිවු ය. සිටු දුවණියෝ සිතන්නෝ මූ ගේ කටයුත්තක් ඉතා නපුරු නියා ය. නුවණ නම් ඇති වන්නා පළහාගෙන කන්ට නො වත් ප්රායෝජන නිසා වුව. ආදි කුමක් සිතා කුමක් කෙළෙම් නමුත් තට ත් කළමනා දෙය දැන් තරයේ කෙරෙමි සිතා ලා ‘ස්වාමීනි, එ දවස් මරන්ට ගෙන යන නියා ව දැක දෙමවු - පියන්ට කීමි. ඌ මසු දහසක් යවා ලා මැරිය නො දී ගෙන්වා ගෙන මට නිළ ‍කොළෝ ය. මම එ වක් පටන් පක්ෂ්පාත ව ම විසීමි. දැන් මරතී කියා මුසුප්පු වන්ට සේ වැඳ ගත දුන මැනවැ’යි කිවු ය. ‘යහපත, සොඳුර, වඳුව’ යි කියා කවර තරමෙක වඳනා වැඳීමක් බව ත් නො දැන අවසර දී ලා ගල් කෙළවර සිටියේ ය.

සිටු දුවණියෝ ත් තුන් විටක් පැදකුණු කොට ලා සතර තැනෙක සිට වැඳලා ‘ස්වාමීනි, මේ කෙ‍ළවර දැක්ම ය. මෙ වක් පටන් මුඹ වහන්සේ ගේ මා දැක්මකු ත් මාගේ මුඹ වහන්සේ දැක්මකු ත් නැත’යි කියා ලා ඉදිරිය දිශාවේ සිට ත් සිප ගෙන පියා පිටි පස්සේ සිට ත් සිප ගෙන පියා කුමක්දෝ සිතමින් ගල් කෙළවර පමා ව සිටියහු තුමූ පිටි පස් ව ලා එක් අතෙකින් බොටුව අල්වා ගෙන එක් අතෙකින් පිටුමුල අල්වා ගෙන ඌගේ කායබල තරමට තමන්ගේ ඥානකෘති වූ මායා බලය මහත් හෙයින් ගල් මුදුනෙන් දැමුව. හෙතෙම කඩ කඩ ව ගලින් හී මිය තෙමේ ම බිලි වි ය. සොර පව්වේ වසන දේවතාවාණෝ උන් දෙන්නාගේ ම කටයුත්ත දැක ‘හැම තැන දී ම පිරිමින් උපදෙස් දනිතී නැත. සමහර තැනක ගෑනු ද උපදෙස් දනිතී’ කිවු ය.

සිටුදුවණියෝ ද සොරුගේ අකුසල් නැමැති සතුරා ත් සහාය කොට ගෙන සොරු ගලින් හෙළා ලා තමන්ගේ කුසල් නමැති මිත්රයයාණන් සහාය කොට ගෙන තුමූ ගැළවී ගෙන සිතන්නාහු ‘ඉදින් මම ගෙට ගියෙම් නම් තොපගේ ගෙහිමියෝ කොයි දැ’ යි එ සේ ත් දොඩති. ඒ ත් මා මරන්ට ගෙන ගිය යි කීම් නම් එයිත් තොප මරන්ට කාරණ කවරේ දැ’යි නො හදහති. කවර ලෙසින් වුව ත් ගෙට යෑමෙන් ප්ර්යෝජන නැතැ’ යි සිතා ලා ආභරණ පැළඳ


1 හැඟිනුව - ඇතැම්


598 සද්ධර්ම රත්නාවලි ය

ගෙන තනි ව යාමෙහි ආදීනව සලකා එයි ත් එ තැන ම දමා වල් වැද අනුක්රිමයෙන් ඒ ඒ තැන ඇවිදිනී පරිව්රා ජිකාවරුන් වසන පන්සලකට ගොසින් වැඳලා ‘ස්වාමීනි, මා මහණ කළ මැනවැ’යි කිවු ය. උයි ත් තමන් මහණ වූ ලෙසින් මහණ කළහ. මහණ ව ලා ම ප්ර ව්රැජ්ජ්යා ව නම් පුරන ලද ගුණමූලික ව වන හෙයින් ගුණ විශෙෂ‍යක් ලබනු කැමැති ව ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ අනුශාසනාවෙහි උතුම් කවරේ දැ’ යි විචාරා —

පරිබ්රාාජිකාවෙනි, කිසුණු පිරියම් කොට ධ්යාාන හෝ ඉපදවිය යුතු ය. වාද දහසක් හෝ උගත යුතු ය. අපගේ සමයෙහි තෙල දෙක උතුම් ව තිබෙ යි කිවු ය. ‘ස්වාමීනි, ධ්යාෙන උපදවන්ට මට නො පිළිවන වාද දහස උගනිමි’ යි කිවු ය. ඉක්බිති පරිබ්රාතජිකාවරු ද වාද දහස උගන්වා ලා ‘අප දන්නා වාද ඉගෙන නිමවුව. දැන් තොපි දඹදිව් තලෙහි ඇවිද තොප හා වාද කරන්ට සමර්ත්ථ කෙණකුන් බලව’යි උන් අතට දඹ අත්තක් දී ලා ‘පරිබ්රාටජිකාවෙනි, යව’යි අවසර දී කියන්නෝ ‘ඉදින් ගිහි කෙණෙක් තොප හා වාද කටහුන වූ නම් උන්ට පාදපරිචාරිකා වව. ඉදින් පැවිදි කෙණෙක් වාද කිරීමට සමර්ත්ථ වූ නම් උන් ලඟ මහණ වව’ යි උගන්වා යවු ය. උයි ත් දඹ අත්ත අතින් ගෙන ඇවිදිනා හෙයින් ජම්බුපරිබ්රාඋජිකා නම් ව එයින් නික්ම දුටු දුටු කෙ‍ණකුන් හා වාද කෙරෙමින් ඇවිදිති. උන් හා වාද කට ගෙන කෙණෙක් සම්භ නු වූ ය. ඒ ඒ තැන මිනිස්සු ජම්බුපරිබ්රා ජිකාවෝ එතී බසක් ඇසූ කල ම උන්ගේ නමට ම දුරු බා පලායෙති. ඌ තුමූ ගමකට හෝ නියම් ගමකට හෝ සිඟා වදනා කල ගම් දොර එක් තැනෙක වැලි රැසක් කොට ලා අත්ත ඊ හිඳුවා ලා මා හා වාද ‍කට හෙන කෙණකුන් දඹ අත්ත මිරිකන බව ය’යි කියාලා ගමට සිඟා වදිති. වාද තබා දඹ අත්ත මළානික වූ කල අනික් දඹ අත්තක් හැර ගනිති.

මෙ ලෙස ම කොට ඇවිදිනෝ සැවත් නුවරට ගොසින් නුවර වාසල කෙරේ දඹ අත්ත සිටුවා ලා ආදි ලෙස ම සම්මතයක් කොට ලා සිඟා නුවරට වන්නාහු ය. ගම් දරුවෝ දඹ අත්ත වට කොට ගෙන සිටියහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ සිඟා වළඳාලා නුවරින් නික්මෙන සේක් දඹ අත්ත පිරිවරා සිටි සුඟුන් දැක ‘මේ කිම් දැ’යි විචාළ සේක. කුඩා සුඟු මහ තෙරුන් වහන්සේට එපවත් කීහ. ඔබ ත් ‘එ සේ වී නම් දඹ අත්ත මඬුව’යි වදාරා ‘බම්හ’යි කී කල්හි වාද කිරීම අපට භාර ය. තෙපි මඬුව’ යි වදාළ සේක.



96. කුණ්ඩලකේසී ගේ වස්තුව 599

මහතෙරුන් වහන්සේගේ බසින් තුමූ උපන් උත්සාහ ඇති ව අත්ත මැඬ හඬ ගසමින් ධූලි උඩ නංවා පීහ. පරිව්රාිජිකාවෝ අවුත් සුඟුන් ම කළ දෙයකැ’යි සිතා බැණ දොඩා ‘තොප හා අප කරණ වාද නැත. කුමක් නිසා අපගේ දඹ අත්ත මැඬියා දැ’යි කිවු ය. කුඩා සුඟු ‘මහ තෙරුන් වහන්සේගේ බසින් අත්ත මැඬුම්හ. අපි කුමට මිරිකමෝ දැ’යි කිවූ ය. ඔබ ත් එ තැන ම වැඩ සිටි හෙයින් ‘ස්වාමීනි, මුඹ වහන්සේ ද මැඬ වූ සේක් ය’ යි විචාළෝ ය.

ඔබ ද එ බසට වදාරන සේක් ‘නැගණියෙනි, අත්ත මැඬ වූවෝ එ සේය, අපි ය’ යි වදාළ සේක. ‘දඹ අත්ත මැඬ වූවා සේ ම අප හා වාද ත් කළ මැනවැ’ යි කිවු ය. යහපත, වාද කරම්හ’ යි වදාළ සේක. පරිබ්රාිජිකාවෝ ප්ර‘ශ්න විචාරන්ට පස් වරු සැරියුත් මහ තෙරුන් වහන්සේ ලඟට වැඩ හිඳිනා තැනට ගියහ. නුවර මුළුල්ල අසුරන් වැද ගිය දිව්ය පුරයක් මෙන් ඇලලී ගියහ. නුවර මුළුල්ල අසුරන් වැද ගිය දිව්ය පුරයක් මෙන් ඇලලී දෙ පක්ෂකයේ කථා අසම්හ’ යි නුවර වැස්සෝ පරිබ්රා ජිකාවන් හා කැ‍ටි ව ම ගොසින් මහ තෙරුන් වහන්සේ වැඳ ලා එකත් පස් ව හුන්හ. පරිබ්රා‍ජිකාවෝ මහ තෙරුන් වහන්සේට ‘ප්රඑශ්නයක් විචාරමි’ යි කිවු ය. ‘තබන්නේ කවර දවසට ද? විචාරව’ යි වදාළ සේක. ඌ තමන් උගත් වාද දහස ම විචාළෝ ය. මහ තෙරුන් වහන්සේ විසඳා ලූ සේක. විසඳා නිමවා ලා ‘තොප විචාරන ප්රහශ්න මෙ තෙක් ද? තවත් ඇත් ම දැ’ යි විචාළ සේක. උගත් වාද එ තෙක් ම හෙයිනුත් එ ම පිරිමසා ඇවිදි පමණක් මුත් ඔබ්බෙන් උගත් දෙයක් නැති හෙයිනු‍ ත් පුරාතනයන් සිතා උපදවා ලුවා තමන් සිත ගෙන කියා ලන්ට බල නැති හෙයිනු ත් එතෙකැ’යි කිවු ය.

‘තොපි අප අතින් බොහෝ ප්රයශ්න විචාළා වේ ද? අපි ත් ඒ විසඳා කීමෝ වේ ද, තොප අතින් අපි බොහෝ කොට නොවිචාරම්හ. එක සුඟක් විචාරම්හ. ඒ කියවූ දැ’යි විචාළ සේක. ‘විචාළ මැනව, ස්වාමීනි’ යි කිවු ය. ‘එකක් විචාරම්හ’ යි කී හෙයින් එ ම අල්වා ගෙන ‘එකෙක් නම් කිම් දැ’ යි විචාළ සේක. ඌ තමන් පිට ත් ශාස්ත්රඅ උගත් බව මුත් ශාසන සම ය නො දන්නා විචාළ ලෙසට විසඳන ලෙස නො දැන ‘ඒ කිම් දැ’යි විචාළෝ ය. ‘හෙම්බා පරිබ්රාෙජිකාවෙනි, තෙලේ බුදුන්ගේ පැනයෙකැ’යි කී සේක. තමන් ශාස්ත්රරලොභී හෙයින් ‘මා ත් ස්වාමීනි, ඒ උගන්වා වදාළ මැනැව’යි කිවු ය. “බුදුහු පවා දායා ද ඉල් වූ රහල් කුමරුන්ට ‘අප සේ ව ගෙන හැර ගනුව’යි වදාළ සේක. තෙපි ත් අප සේ වූ නම් දෙවම්හ” යි වදාළ සේක. ‘එ සේ වී නම් මා මහණ කළ


600 සද්ධර්මවරත්නාවලි ය

මැනව’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ත් මෙහෙණින්නන්ට කියා ලා මහණ කැරවූ සේක. උයි ත් මහණ ව මාලු පැවදි ව කුණ්ඩලකෙසී නම් සථවිරී ව කීප දවසකින් සිවු පිළිසිඹියා පත් රහත් ව එවක මරණ දුකින් ගැළවුණාසේ ම සසර දුකිනු ත් ගැළවූහ.

ධම් සෙබෙහි ත් රැස් ව හුන් වහන්දෑ ද කුණ්ඩලකෙසීන් ඇසූ බණකු ත් බොහෝ නො වෙයි. එතකුදු වුව ත් රහත් වූ ය. එක් සොරකු හා ත් යුද්ධ කොට උයි ත් පරදවා අවු ය’ යි ස්වර්ග මොක්ෂූ බාධක කථාවක් නො වන හෙයිනු ත් රැස් වූ තැන් විසින් තුෂ්ණිම්භූත වීම හෝ ධර්මීදානොපෙත කථාවෙන් යුක්ත ව ඉඳීම හෝයුක්ත බැවින් මේ කථා කෙරෙමින් හුන් සේක. බුදුහු වැඩ විචාරා වදාරා මේ නියාව දැන ‘මා දෙසූ බණ ම‍ඳෙකැ’ යි කියා ත් බොහෝ වකැ’යි කියා ත් නො කියව. යමෙක් තෙමේ ස්ත්රීකවර්ණානා ආදී වූ අර්ත්ථාැවහ නො වන දෙයින් යුක්ත වූ සිය ගණන් කථා ත් තමා දෙ‍ාඩන්ට සුරැ හෙයින් කියා නමු ත් කිසි කෙණෙකුන්ට කිසිත් ප්රනයෝජනයෙක් පර ලොවින් නැත. යම් කථාවක් අසා සත්වකයෝ නිවන් දකි ත් නම් ඒ ම යහපත.

‘යම් කෙණෙක් තුමූ දස දහසක් පමණ වු ත් සතුරු සෙනඟ හා සටනට ගොසින් සටන් බිම දී තමන් යොධ හෙයින් අරුන් හැම පරදවා තුමූ ම ජය ලැබෙත් ද, සිතන්නවුන්ට යහපත සේ සිතන බව මුත් ඒ සටන උතුම් නො වෙයි. යම් කෙණකුන් රූ වසන තැන ත් දාවල් වසන තැන ත් කමටහන් මෙනෙහි කිරීමෙන් දහස් ගණනට ත් වඩා සිටිනා රා දොස් ආදි වූ කෙලෙස් සතුරන් පරදවා නිවන් ර‍ට ලැබ සිටි ත් නම් සටන ජය ගත්තවුන් මුළුල්ලට ම ඌ උතුම්හ’ යි වදාළ සේක. දෙසනා කෙළවර බොහෝ දෙන සෝවාන් — සෙදගැමි — අනගැමි — රාත් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදී වූ සෙසු සටන් හැර විවසුන් නමැති අතින්, මාර්ග් ඥාන නමැති කඩු ගෙන කෙලෙස් සතුරන් හා සටනට ම නියැළී හින්ද යුතු.


97. අනර්ත්ථු විචාළ බමුණන්ගේ වස්තුව[සංස්කරණය]

තව ද අනර්ත්ථීයෙහි හැසිරීම නපුරු වුව ත් අනර්ත්ථාතවහ ය දත යුතු නියාව හඟවනු පිණිස අනර්ත්ථ් විචාළ බමුණන් ගේ වස්තුව දක්වමු.


97. අනර්ත්ථහ විචාළ බමුණන් ගේ වස්තුව 601

ඒ බමුණානෝ ‘කුමක් දෝ ? බුදුහු වැඩට නිස්ස ම දක්නා සේක් දෝ හෝ නො හොත් අවැඩට නිස්ස ත් දක්නා සේක් දෝ ? කි ම පෙනෙන්නේ වැඩට නිස්සෙක් ම ය. අරෙත් විචාරමි’ සිතා බුදුන් කරා ගොසින් ‘සිවාමීනි, මුඹ වහන්සේ වැඩට නිස්ස දන්නා සේක. ඒ බොහෝ දෙනාට වැඩ කරණ හෙයින් ලොකප්රඩසිද්ධ ය. අවැ‍ඩක් කළ නියාවක් පෙනෙන්ට නැත. එයිත් දත්තේ ඇද්දැ’ යි විචාළහ. ‘බමුණ, වැඩට නිස්ස ත් අ‍වැඩට නිස්ස ත් දෙක ම දනිමි’ වදාරා ලා එ සේ වී නම්, අවැඩට නිස්ස මට කියන්ට වුව මැනැවැ’යි කී කල්හි ‘එ සේ වී නම්, බමුණ, මෙ වක් පටන් අවැඩට නිස්ස තට වුව මනා වී නම් මා ඉතා යොදන නියා නො වෙයි. හිරු නැ‍ඟෙන තුරා ත් වැද හෙව නිඳ, සියල්ලෙහි ම මැළි ත් වව, යක්ෂහ ගතියක් මෙන් රළු පරළු වව, කරණ දෙයක් ඇත්නම් අද ය - සෙට ය - අනිද්දා ය - නැ‍ඟෙන මස ය එන හවුරුද්ද ය යි කිය කියා දික් දැරෑඬි1 කර මංවල උදකලාව ත් යා, පරදර ත් හැසිර — තෙලෙ ලෙස කළ කල තට වැ‍ඩෙක් වී නම් මා සියල්ලක් නො දනිති සිතා ගෙනැ’යි වදාළ සේක.

ඒ අසා බමුණානෝ ‘යහපත, ගණ දෙටුවාණන් වහන්ස, ඒ දෙක ම මුඹ වහන්සේ දන්නා බව නියත ය’ යි කියා ලා සාධුකාර දුන්හ. ‘එම්බල, ඒ දෙක දන්නට මට වඩා කෙණෙක් නැතැ’ යි වදාරා ලා බුදුහු උන්ගේ අදහස් පරීක්ෂා කොට ලා ‘බමුණ, තෝ කුමක් කොට ජීවත් වෙයි දැ’ යි විචාරා වදාරා ලා ‘දූ කෙළියෙනැ’යි කී කල්හි ‘කුමක්ද, බමුණ දූ කෙළ දින යි ද, පරදී දැයි විචාරා ‘සමහර විටෙක පරදිමී’ කී කල්හි ‘බමුණ, තෙල ලෙස අනුන් පරදවා ලබනා දෙය යහපත් නො වෙ’ යි වදාරා ‘යම් කෙණෙක් දු කෙළ හෝ පොර ගෙන හෝ සටන් කොට හෝ යුක්ති බැණ හෝ අනුන් පරදවා තුමූ ජය ලැබෙ ත් නම් එ සේ වූ ජය යහපත් නො වෙයි.

‘යහපත් කවරේ ද යත් — කෙලෙස් සතුරන් හා විෂ්කම්භනාදී වශයෙන් සටන් කොට තමා ලබන ජය යහපත. නිකෙලෙස් බැවින් තමා දැමුණා හට නිරන්තර ම කාය වාක් සඤ්ඤම ඇති හෙයින් යම් සේ යුක්ති ආදියෙන් පැරැදි කෙණෙක් පක්ෂාබල ඇති ව ගෙන පරදවා සිටියවුන් පෙරළා පරදවා පියත් නමුත් දිව්යා බ්රතහ්මාදීන් අතුරෙන් කිසි කෙ‍ණකු ත් මාර්ගල භාවනා කළ වුන් පරදවා ලිය නො හෙති. එ‍ හෙයින් සත් පුරුෂයන් සියලු ජය විතරට කෙලෙස් සතුරන් දාධා නිවන් රට ලදින් ලබන ජය ම යහපතැ’ යි වදාළ

1. දැරැඩි


602 සද්ධර්මැරත්නාවලි ය

සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුහු යම් දෙයක් උතුමැ යි වදාළ සේක් වී නම් බාල කල පටන් ආයුඛ ශ්ර්මයට කරණ අභ්යාැස ය සේ කෙලෙස් සතුරන් හා සටනට සමථාදියෙහි තර ව අභ්යාබස කොට කෙලෙස් සතුරන් හා රට සාධා නිවන් ගත යුතු.


98. සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ මයිල් බමුණානන්ගේ වත[සංස්කරණය]

තව ද සම්ය ක් ප්ර්තිපදා ව විනා සෙස්සක් අපායට මංවත් මුත් නිවණට මං නො වන නියා ව හඟවනු පිණිස සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ මයිල් බමුණානන්ගේ වත දක්වමු.

කෙ සේ ද යත්—

සැරියුත් මහ තෙරුන් වහන්සේ එක් දවසක් මයිල් බමුණ්නන් කරා වැ‍ඩ ‘කුමක් ද බමුණානෙනි, කිසි පිණක් කරවු දැ’ යි විචාරා ‘කෙරෙමි’ කී කල්හි ‘කුමන පිණෙක් දැ’ යි විචාළ සේක. ‘මස් පතා දහසක් වියදම් කොට දන් දෙමී’ කිවු ය. දන් දෙන්නේ කාට දැ යි විචාරා නිවටුන්ට ය යි කී කල්හි කුමක් පතා දැ යි වදාළ සේක. අනික් කුමක් පතමෝ ද බ්රයහ්මයාණන්ට අප දරු හෙයින් බඹ ලොව පතා ය’ යි විචාරා ‘එ සේ ය’ යි කී කල්හි ‘කීවේ කවුරු දැ’ යි විචාළ සේක. ‘කීවෝ අපගේ ආචාරිවරයෝ ය’ යි කිවු ය. ‘තෙපි ත් තොපගේ ආචාරිවරු ත් බඹ ලොවට මං නො දනුව. ඊට තබා නිවණට මඟු ත් නො දනුව. ඒ හැමයට ම මං දන්නා සේක් බුදුහු ය. මා හා කැටි ව එව, බඹ ලොවට වුව ත් ලඟට ‍ගොසින් ‘ස්වාමීනි, මේ බමු‍ණානෝ කියන්නෝ මෙ‍ සේ වේ දැ’ යි උන් කී පවත් වදාරා ලා ‘උන් කැමති තැනකට මං වදාළ යහපතැ’යි වදාළ සේක.

බුදුහු ත් ‘එ‍ සේ ද බමුණ’යි වදාරා ලා ‘භව ත් ගෞතමයෙන‍ි, එ සේ ය’ යි කී කල්හි බඹ ලොවට මං තබා තුන් ලොව රට තව මං දන්නා බුදුහු ‘බමුණ, තා මෙ ලෙසින් හවුරුදු සිය ගණනෙක දුන් දනට ත් වඩා හැසිල්ලෙක ත් පහන් සිතින් මාගේ සවුවන් මූණ බලා පී වත් උන්ට බත් සැන්දක් පමණ දුන ත් එම උතුමැ’යි වදාරා ලා පූර්වා පර සන්ධි් ගළපා බණ වදාරන


99. සැරියුත් මහ තෙරුන්වහන්සේගේ බෑණබමුණන්ගේ වස්තුව 603

සේක් ‘යම් කෙණෙක් මස් පතා දහස් ගණන් වියදම් කිරීමෙන් ලෞකික ජනයන්ට දන් දෙත් නම් එ සේ උන් දෙන්නා වූ දනට යම් කෙණෙක් ගුණෙන් වැඩී සිටි, යට ත් පිරිසෙයින් සෝවාන් කෙ‍ණකුන්ට වේව යි, උඩ ත් පිරිසෙයින් රහත් කෙණකුන්ට වේව යි, ගෙ දොරට සිඟා ආවවුන්ට බත් සැන්දක් පමණ වුව ත් යපෙන පමණක් වුව ත් දළ වුව ත් කඩපොල්ලක් පමණ දීමෙන් එක දවසෙක ත් උපස්ථාන කළෝ වූ නම් ලෞකිකයන්ට දෝ නොහොත් ගුණරහිතයන්ට හවුරුදු සියයෙක දුන් දනට ‍ත් ක්ෂෙ ත්රස සමෘර්ධිනු ත් අද්ධ්යාගශ ය සමෘර්ධිනු ත් එ ම උතුමැ’ යි වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ අපාය මඟ හැර සග මොකට මං වූ ආවේණික ව නිවණට මං වූ සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ‍ හෙයින් නුවණැත්තවුන් විසින් නො එක් ලබ්ධි නමැති නො එක් මං හැර සම්ය ක් දෘෂ්ටියෙහි පිහිටා නිවන් මං නො වැරැද්ද විය යුතු.


99. සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ බෑන බමුණානන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද මී අඹ හා එක සැටි හෙයින් ඒ ය යි සලකා කිම් ඵල නම් වූ ඵල ජාති ය අනුභව කළවුන්ට මරණ මුත් මී අඹයෙන් වන ප්රායෝජන නැත්තා සේ බිජුවට ය යි සිතා ඇසා වපුළවුන්ට ගොයමින් ප්ර යෝජන නැත්තා සේ බතැ යි කියා වස කැවවුන්ට බතින් වන ප්රටයෝජන නැත්තා සේ පිණැ යි සිතා පවෙහි හැසිර වසන්නවුන්ට අනිෂ්ට විපාකයක් විනා ඉෂ්ට විපාකයක් නැති නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ බෑන බමුණාන කෙ‍ණකුන් ගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත්-

සැරියුත් මහ තෙරුන් වහන්සේ සියල්ලවුන්ට වැඩ පිණිස හැසිරීම නෑයන් හැර නො වන හෙයින් එක් දවසක් තමන් වහන්සේගේ බෑන බමුණානන් කරා ගොසින් ‘බමුණානෙනි, පින් කරවු දැ’ යි විචාරා එ සේ ය කරමී’ කී කල්හි ‘කුමන පින් කම් දැ’ යි විචාළ සේක. ‘පසු ඝාත ය කොට වහ්නි දෙවතාවාට පූජා කෙරෙමි’ යි කිවු ය. ‘කුමක් පතා දැ’ යි කී කල්හි ‘තෙලෙ බඹ ලොවට යන මං නියාව තොපට කීවෝ කවුරු දැ’ යි විචාළ සේක. තමන් නටවුන් අනුනු ත් නසන හෙයින් දිගට ම නැසී ආ තමන්ගේ


604 සද්ධර්මනරත්නාවලි ය

ඇදුරන් නියාව කී කල්හි ‘ගමට නුවරට යන්නා වූ මහමාවත තිබිය දී වල යන්නා සේ බඹ ලොවට යන්නා වූ ධ්යාවන මාවත තිබිය දී තෙලෙ ලූයේ නරකයට ම‍ඟෙක. බඹ ලොවට මං තෙපිත් නො දනුව. තොප තබා තොප ගේ ඇදුරෝ ත් නො දනිති. දන්නෝ කවුරුදැ’ යි සිතවු නම් බුදුවන්නාට පෙරාතු වප් මඟුලට ගෙන ගොසින් හින්නට බල නැති කොම්බු අවස්ථාව හෙයින් දඹ රුප්පයේ යහනක් පනවා ලා සතප්පවා ලූ ගමනේ කැටි ව ගිය කිරි මවුන් වප් මඟුල් බලන්ට ගොසින් එ තැන අවසර නියාව දැන නැඟී සිට පලක් බැඳ හිඳ ධ්යා්න ඉපැදවීමෙන් හා මහණ වූ පසු ආලාර - උද්දක දෙන්නා ලඟ සම වත් අට ම ඉපැදවූ හෙයින් හා බුදු වන දවසු ත් ආනාපානසති චතුර්ත්ථ ධ්යා්න ය උපදවා ධ්යාූන පාදක කොට විවසුන් වඩා බුදු වූ හෙයින් බඹ ලොවට මඟු ත් ඒ තබා නිවන් මඟු ත් දන්නා සේක් බුදුහු ය.

බුදුන් කරා වරෙ’ ය යි කැඳවා ගෙන ගොසින් ‘ස්වාමීනි, මූ තුමූ බඹ ලොවට යන මඟ ය යි කියා ලා මඟ තිබිය දී ම මහ වල් ඉරති. බඹ ලොවට මඟ ත් අදහසු ත් බලා ඔබ්බට මඟ ත් වදාළ යහපතැ’යි වදාළ සේක. බුදුහු ත් බමුණානන් ගෙන් ‘හෙම්බල බමුණ, යම් කෙණෙක් තුමූ මුඛයෙන් බණ වදාරන සේක් ‘හෙම්බල බමුණ, යම් කෙණෙක් තුමූ සිතා ගෙන හෝ අනුන්ගේ බසින් හෝ බඹ ලොව පතා පසු ඝාත ය කොට වල තබා ගෙන හවුරුදු සියයක් මුළුල්ලෙහි ත් ගිනි දෙවියා පිදු නම් එයිත් යම් කෙණෙක් ඇසිල්ලක ත් බුද්ධ ප්ර්ත්යෙ ක බුද්ධාදී වූ ගුණ ඇත්තවුන්ට මල් පහන් පමණකු ත් පූජා කෙ‍ාළෝ වූ නම් එයි ත් දෙක එක් කළ කලට අර මුන් හවුරුදු සියයක් මුළුල්ලෙහි ගිනි දෙවියාට කළ පූජාවෙන් පිරෙන කිසි ත් පිණක් නැති හෙයින් ඇසිල්ලෙක ත් බුද්ධාදීන්ට කළ පූජා ව ම දෑ සමන් මල් අට මිටක් ඇසිල්තලෙක පුදා ලූ සමන් මල් කරුවන් කප් ලක්ෂවයක් දුගතියකට නො සමන් මල් කරුවන් කප් ලක්ෂසයක් දුගතියකට නො ගොස් සැපත් වළඳා කෙළවර පසේ බුදු වන හෙයින් — එ ම උතුමැ’යි වදාළ සේක. බණ කෙළවර ගිනි දෙවියා පිදූ බමුණානෝ සෝවාන් ව එ වක් පටන් ගිනි දෙවියා හැර දෙවාතිදෙව වූ බුදුන් පිදුහ. එහෙයින් සුජනයන් විසින් විෂ්ණු - මහෙෂ්වරාදී භක්ති නැති ව තුනුරුවන්හි ම භක්ති ඇති ව සුතරිත පුරා නිවන් දහස් පසක් කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xiii&oldid=5689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි