සද්ධර්ම රත්නාවලිය- xxii

Wikibooks වෙතින්

190. පුණ්ණා නම් දියණියන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද සිත ප්රපසන්න වන කලට දක්ෂිණාව අල්ප නො වන නියා ව හඟවන්ට පුණ්ණා නම් දියණියන් ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් -

එක් දවසක් උන් පාරිනට බොහෝ වී දුන්හ. ඌ දාවල් ම පෑර නිමවාපියන්ට බොහෝ හෙයින් රෑ ත් පාන නඟා ලා වී පාරිනාහු ගිම් නිවනු නිසා ගෙන් පිටත් ව ලා ඇඟ සුළඟ ගස්ව ගස්වා සිටියහ. එ කලට දබ්බමල්ලපුත්ත මහ‍ තෙරුන් වහන්සේ වහන්දෑට සෙනසුන් පනවන සේක. උන් වහන්සේ ද බණ අසා පියා සැතපෙන ගෙවලට යන වහන්දෑට තමන් වහන්සේ ම විටින් විට යාම බැරි හෙයින් ඇඟිලි ම පාන්කඩ කොට පාන් දල්වා ගෙණ පෙරාතු ව ලා මං කිය කියා යවන වහන්දෑ මවා ලූ සේක.

පුණ්ණාවෝ පහන් ආලොකයෙන් ඒ ඒ දිග වඩනා වහන්දෑ දැක ‘මම වන්නාට ය. සිල්වත් තැනට මෙහෙ කී අකුසලින් මේ වේලා වන තුරු ත් මෙහෙ කොට නින්දක් ලද නොහෙමි. ස්වාමි දරුවන් නිඳි නො ලබන්ට කාරණ කිම් ද , එකාන්තයෙන් මින් එක් නමකට ලෙඩක් දුකක් ඇත මැනවැ’ යි සිතා ගෙන කර්මා න්තකරණ පමණක් මුත් බත් ඵාසුවක් නැති හෙයින් උදාසන ම කුඩු 190. පුණ්ණා නම් දියණියන් ගේ වස්තුව 893

සුඟක් හැ‍ර ගෙණ පැණින් තෙමා පියා දාද පු1 සැටියට හඹා ලා ගින්නේ ලා පළඟා ගෙණ එ තැන දි කන්ට අවසර නැති හෙයින් දෝ නොහොත් වාල් ජාතිය නම් මුදළිවරුන් දැක්ක දි කන්ට මැළි හෙයින් ‘පැනට යන කල මඟ දි කමී’ සිතා කළ ය හැර ගෙණ පැන් තොට බලා නික්මුණාවු ය.

බුදුහු ත් ගමට සිඟා වඩනා පිණිස එ ම මඟට පැමිණි සේක. පුණ්ණාවෝ නමින් මතු නො ව අදහසිනු ත් පිරී සිටි තැනැත්තෝ බුදුන් දැක ‘ මෙ තෙක් දවස් බුදුන් දු‍ටු කල පිළිගන්වාලන්ට නිස්සෙක් සම්භ නො වෙයි. පිළිගන්නවා ලන්ට නිස්සක් සම්භ වූ කලට බුදුන් දක්නට නැත. අද වූ කලි නපුරු වූවත් පිළිගන්වා ලන්ට නිස්සකු ත් මා අත ඇත. බුදුහු ත් සම්භ වූ සේක. ඉඳින් නපුරැ යි සිතා පිළි නො ගනිතො ත් මුත් මම මේ කුඩු කැවුම පිළිගන්වමී’ සිතා ලා කළ ය එක් තැනෙක තබා ලා බුදුන් වැඳ ලා තමන් අදහසින් සුඛිත බව මුත් සෙසු ලෙසින් දුක්පත් නියාව හඟවමින් ‘ස්වාමීනි, මේ කුඩු කැවුම් හුදක් කුඩින් ම කළ හෙයිනු ත් තෙලක් පිටියක් නුමුසු හෙයිනු ත් මිහිරි නො වත ත් මිහිරි නිවන් සාධා දෙනු නිසා පිළි ‍ගතො ත් යහපතැ’ යි කිවු ය. බුදුහු ත් කුඩු කැවුම පිළිගත් සේක.

පුණ්ණාවෝ ද කැවුම් පිළිගන්වා ලා වැඳ ගෙණ ‘ස්වාමීනි, මේ කුඩු කැවුම් මුඹ වහන්සේට පැමිණ රසවත් ව උතුම් වන්නාසේ අනුන් සන්තක වූ මම මුඹ වහන්සේ කරා පැමිණ තෘෂ්ණාදාශත්වේයෙන් මිදී නිදහස් වෙම් ව’ යි පැතූහ. බුදුහු ත් ‘එ සේ ම වේව’ යි වදාරා ලා බණ ත් වදාළ සේක. පුණ්ණාවෝ ත් ‘බුදුහු මා කෙරේ කරුණාවෙන් දිව කැවුම් ලබ්බවනු නිසා කුඩු කැවුම් පිළිග ත් බව මුත් මේ කොයි වළඳන සේක් ද ? වැළඳිය ත් හැකි ද ? ඒකාන්තයෙන් තෙලෙ ඔබ්බකට ගෙණ ගොසින් ලා බල්ලන්ට හෝ ලවා පියා රජ යුව රජ ආදි වූ පොසොසත් කෙණකුන්ගේ ගෙට සිඟා ගොසින් මධුරාහාර ය. වළඳනසේක’ යි සිතූ ය . බුදුහුත් උන්ගේ අදහස් දැන ගෙණ වැඩ හිඳිනා කැමැති ව අනඳ මහ තෙරුන් වහන්සේ මූණ බලා වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් නුවරින් පිටත හෙයින් සතර පට කොට ලා සඟල සිවුර පනවා ලූ සේක. බුදුහු වැඩ හිඳ දිව කැවුම් වූ කුඩු කැවුම් වැළදූ සේක.

දිව කැවුම් වූයේ නම් බුදු වන දවසු ත් පිරිනිවන් පානා දව සු ත් දෙවියෝ සක් වළ ගබ ඇති රස ඕජාව මී කැටියකින් මී


1 දාපු පූ 894 සද්ධර්මසරත්නාවලි ය

මිරිකා ගන්නා සේ මිරිකා ගෙණ භාජන ගත භෝජනයෙහි බහාලති. සෙසු දවස් අතට හැර ගත් දෙයෙහි බලා ලති. එහෙයින් එ දවසු ත් කුඩු කැවුම් අතට පිළිගන්වා ලන්නා ම ඔබ්බෙක අනුභවයට නො නිසි බැවින් සක් වළ ඇති රස ය කුඩු කැවුමේ ම බහාලූ ය.

පුණ්ණාවෝ ත් බල බලා සිටියෝ ය. වළඳා අන්තයෙහි මහ තෙරුන් වහ‍න්සේ බුදුන් අතට පැන් වැඩූ සේක. බුදුහු ත් වළදා ලා පුණ්ණාවන් බණවා ලා ‘ඇයි, පුණ්ණාව, කුමක් නිසා මාගේ සවුවන්ට දෙඩී දැ’යි විචාළ සේක. ‘ස්වාමිනි, මා දෙඩුවෙ නැතැ’යි කිවු ය . ‘මාගේ සවුවන් රෑ දවස් බණ අසා යන්නවුන් දැක කුමක් කිවු දැ’යි විචාරා ‘මම වන්නා මා අනුන්ට මිඩි වූ හෙයින් දාවලු ත් රෑ ත් මෙහෙයෙන් නිදි නො ලැබෙමි. මේ ස්වාමි දරුවන් නිඳි නො ලබා ඇවිදින්ට කාරණ කිම් ද ? එකාන්ත ව ම මින් එක් තැනකට ලෙඩක් දුකක් ඇති නියාවනැ යි කීමි ’ කිවු ය .

බුදුහු උන්ගේ බස් අසා ‘පුණ්ණාවෙනි , තෙපි රෑ ත් දාවලු ත් කර්මා න්ත ම හෙයින් අවසර නො ලදින් නො නිඳව. මාගේ සවුවෝ නිදීමෙන් වඩනා කුසල් ධර්මහ නැති හෙයින් නො නිදන පිණිස ම නො නිඳතී’ වදාරා ‘නිවන්හි කළා වූ ආලයෙන් ත්රි්විධ ශික්ෂා පූරණ ය නිසා යම් කෙණෙක් රෑ වුව ත් දාවල් වුවත් නො නිඳ ත් නම් උන්ගේ නො පමාව වැඩීම නිසා හිර නැගෙ ත් නැගෙ ත් අඳුරු දුරු වන්නා සේ අවු පහරු ත් පහරුත් පිනි සි‍ඳෙන්නා සේ සව් කෙලෙස්හු නසිතී’ වදාළ සේක. දෙශනා කෙළවර කුඩු කැවුම් පිළිගැන්වූ පුණ්ණාවෝ ශ්රොීත ආපත්ති නමැති දිව කැවුම් ලත්හ. තව ත් බොහෝ දෙනාට මේ දෙශනාව සප්රදයෝජන වි ය.

බුදුහු ත් කුඩු කැවුම් වළඳා ලා වෙහෙරට වැඩි සේක. ධම්සෙබෙයි රැස් ව හුන් වහන්දෑ ත් බුදුන් පුණ්ණාවන් දුන් කුඩු කැවුම් පිළිගත් නියාව ත් වැළඳූ නියාව ත් ඉතා විස්ම ය යි කථාව ඉපැද වු සේක. බුදුහු ඒ අසා වදාරා බුදු වු අවස්ථාවේ තබා පැරුම් බිමදී ත් උන් දුන් කුඩු අනුභව කළ නියාව ත් වදාරන සේක -

“ භුත්වාැ තිණපරිඝාසං - භුත්වාත ආවාමකුණ්ඩකං

 එතං තෙ භොජනං ආසි - කස්මා ‘දානි න භුඤ්ජසි.

යනාදීන් කුණ්ඩක සින්ධව ජාතක ය විස්තර කොට වදාළ සේක. එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුන් පුණ්ණාවන් කෙරෙහි කළ අනුග්රෙහයෙන් කුඩු කැමුම වැළදුවා සේ නිවන්හි 191. අතුලඋපාසකයන් ගේ වස්තුව 895

කළ ආලයෙන් රූක්ෂල ප්රසතිපත්තියෙහි හැසිර බුදුන් ලත් ප්රාශංසාවට ආසන්න ව සිටිනා ප්රරශංසා ලද යුතු.

191. අතුල උපාසකයන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද නින්දා පරිභවයෙන් මිදී ගැන්ම බැරි නියා ව හඟවන්ට අතුල නම් උපාසකයන්‍ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් - සැවැත් නුවර වසන අතුල නම් උපාසකයෝ උපාසක පන් සියයක් පිරිවරා එක් දවසක් බණ අසන්ට විහාරයට ගොසින් රෙවත තෙරුන් වහන්සේ ගෙන් බණ අසනු කැමැති ව ඔබ වැඳ ගෙණ බණ අසන්ට හුන්හ. ඒ තෙරුන් වහන්සේ ත් විවෙක යෙහි ඇලී වසන හෙයින් කථාවෙගි ඇලුම් නැති සේක. එ හෙයින් මඳ බණක් වුවත් නො වදාළ සේක. උයි ත් තමන් බණ අසන්ටම ගිය හෙයිනු ත් ඔබ බණ නො වදාළ හෙයිනු ත් මුසුප්පු ව සැරියුත් මහ තෙරුන් වහන්සෙ ලඟට ගොසින් වැඳ ලා එකත් පස් ව සිටියහ. මහ තෙරුන් වහන්සේ ත් ‘කුමක් නිසා අවු දැ’ යි විචාළ සේක. ‘ස්වාමීනි, මම මුන් හැම දෙන ත් කැඳවා ගෙණ බණ අසනු නිසා රෙවත තෙරුන් වහන්සේ ලඟට ගියෙමි. ඔබ බණ නො වදාළ සේක. මම මුසුප්පු ව ගෙණ මුඹ ආමි. බණ වදාළ යහපතැ’යි කිවු ය. ‘එ සේ වී නම් හිඳුව’යි වදාරා ලා බොහෝ කොට විදම්1 බණ වදාළ සේක.

උපාසකයෝ ද විදම් බණ අසා ‘ මේ වදම් බණ නම් සියුම් හෙයින් සියුම් නුවණක් ඇති ව ඊ අභ්යාසසයක් ඇති තැනකට මුත් අප හැම ඊ අභ්යා ස නැත්තවුන්ට දැනෙන දෙයක් නො වෙයි. ඔබ ත් විදමට පටන් ගත් සේකැ’යි මුසුප්පු ව ගෙණ උපාසක පිරිස් පිරිවරා ගෙණ අනඳ මහ තෙරුන් වහන්සේ ලඟට ගොසින් ඔබ ත් ‘උපාසකවරිනි , අවුනැ’යි වදාළ කල්හි ‘ ස්වාමිනි, බණ අසනු නිසා ආදි කොට රෙවත තෙරුන් වහන්සේ ලඟට ගියම්හ. ඔබ තමන් වහන්සේ දන්නා බණක් නැත්තා සේ මුයෙන් බැණ නො නැඟි සේක. අපි සැම මුසුප්පු ව ගෙණ ධම් සෙනෙවි ස්වාමීන් ලඟට ගියම්හ. ඔබ බණ වදාරන ගමනේ අපට තමා නො දැනෙන විදම් බණ වදාළා සේක. අපි ඔබ කෙරෙහි මුසුප්පු ව ගෙණ මුඹ ආම්හ. මුයෙන් බැණ නො නැඟී ත් නො විඳ විදම් බණ ත් නො වදාරා අපට බණක් වදාළ යහපතැ’යි කිවු ය.


1. බිදම් - ඇතැම් 896 සද්ධර්මකරත්නාවලි ය

අනඳ මහ තෙරුන් වහන්සේ ද ‘ එ සේ වී නම් වැඳ හිඳ අසව’ යි දත හැකි ලෙසට ඉතා බොහෝ ත් නො කොට බණ වදාළ සේක. වදාරන බණ ‍දැනෙත ත් මද ව ගිය හෙයින් ඔබ කෙරෙහි ත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස් ව හුන්හ. බුදුහු ත් කුමකට අවු දැ’ යි විචාරා ‘ බණ අසන්ට ය’යි කී කල්හි ‘බණ ඇසූ දැ’යි විචාළ සේක. ස්වාමීනි, ආදි කොට ම රෙවත තෙරුන් වහන්සේ ලඟට ගියම්හ. මුසුප්පුවක් ඇත්තා‍ සේ ඔබ අපට බණ නො වදාළ සේක. ඔබ කෙරෙහි මුසුප්පු ව ගෙණ අනුබුද්ධ ව සිටි ධම් සෙනෙවි ස්වාමීන් කරා ගියම්හ. කුඩා සුඟුන් කටට මහා බත් පිඬි දික් කරන්නා සේ අපට දැන ගන්ට බැරි ව තිබෙන විදම් බණක් බා ගත් සේක. ඔබ ට ත් මුසුප්පු ව ගෙන දහම් බඬගැරි අනඳ මහ තෙරුන් වහන්සේ ‍ලඟට ගියම්හ. ඔබ උගුර රෙදෙන්නා සේ මඳක් මඳක් වදාරා ලා තබා පි සේක. ඔබට ත් මුසුප්පු ව ගෙණ මුඹ ආම්හ’යි කිවු ය.

බුදුහු උන්ගේ කථාව අසා ලා ‘අතුල ප්ර ධාන වූ උපාසකවරිනි, මේ නින්දා ප්රුශංසා දෙක නම් පුරාතනයෙහි පටන් පැවත ආ දෙයෙක. දැන් ඇති වූ දෙයක් නො වෙයි . රජ දරුවන් පෘථිවීශ්වර ව සිටිය ත් සමහර කෙණෙක් උන්ට නින්දා කෙරෙති. සමහර කෙණෙක් ප්රරශංසා කෙරෙති. කලෙක නින්දා කොළෝ ප්රතශංසා කෙරෙති. ප්රයශංසා කොළෝ නින්දා කෙරෙති. මහ පොළොවට වුව ත් ඉරට-සඳට වුව ත් දොඩති. බෙණෙති. සිවු වනක් පිරිස් පිරිවරා හිඳ බණ කියන සර්වසඥවරයන්ට පවා සමහර කෙණෙක් නින්දා කෙරෙති. සමහර කෙණෙක් ප්රරශංසා කෙරෙති. නුවණ නැත්තෝ නින්දා කළ මනා දෙයට ප්ර.ශංසා ත් කෙරෙති. ප්රෙශංසා කළ මනා දෙයට නින්දා ත් කෙරෙති. එ පමණ නො වෙයි. නුවණැත්තවුන් දැන කරණ හෙයින් යම් කෙණකුන්ට නින්දා කොළෝනම් ඌ නින්දා ලැබ්බ යුත්තෝ වේ ම ය. යම් කෙණකුන්ට ප්ර්ශංසා කොළෝ නම් ඌ ප්රතශංසා ලැබ්බ යුත්තෝ ම ය’යි බණ වදාරා “හෙම්බා යම් කෙණෙක් ස්වභාවයෙන් මිතභාණී බැවින් මුයෙන් නො බැන හුන්නෝ නම් ‘ගොළුවා සේ මේ කිම් දැ’යි උන්ට ත් බෙණෙති. ‘මිතහාණී හෙයිනැ’යි කියන්නෝ මඳ වූ ය.

යම් කෙණෙක් බොහෝ කොට දොඩ ත් නම් ‘අකුරු පුළුලක් සේ සුළං තද තැන බැඳලූ තල් වක්කන්නක් සේ කටෙක් කම සේ නැත ‘සාළිත්ත සිල්ප ය දන්නෝ ඇත් නම් නැළි ගණන් ලාසු ගණන් එළු බෙටි ත් නොදක්වා ලා කටට ගසා ලිය හැක්ක’ යනාදීන්


192. සවග වහන්දෑ ගේ වස්තුව 897

දොඩති . බෙණෙති. ඉතා බොහෝ ත් නො කොට , ඉතා මඳ ත් නො කොට යුක්ත මුක්තවාදී ව කියන්නවුන්ට ‘කුමක් ද ? මූ තුමූ මුවෙයි තුබූ බස් පමණකට ඉතා ලෙටියෝ ය. බසක් කියා ලත් නම් ගැටෙකින් ගුලෙකින් මෑත් කරණ දෙයක් මෙන් ඉතා ලෙටී කෙ‍ණකුන් රනක් රත්රනක් දී ලන්නා සේ බසක් ම හරවාගත නො හැක්කැ’යි දොඩති. එ හෙයින් මෙ ලොව නින්දා නො ලබන කෙණෙක් නැත. ගිය දවස වුව ත් දැන් වුව ත් මතු දවස වුව ත් මේ නින්දාබ ලබන සැටි ම ය .

යම් කෙණෙක් ත්රිොවිධ ශික්ෂාදයෙහි වෙසෙත් ද, නොහොත් ධර්මර ජීවිකාවෙහි නො පමාවෝ ද, ධර්මොුජ ප්ර ඥාවෙන් සමන්විත හෙයින් නුවණැත්තෝ ද, ලොවී ලොවුතුරා නුවණින් හා සිවු පිරි සුදු සීලයෙන් සමන්විතයෝ ද, එ සේ වූ සත් පුරුෂයන්ට දෙවියන් වුව ත් මිනිසුන් වුව ත් කවර නම් කෙණෙක් රිදී නුමුසු ඝන රනක් මෙන් කුදෘෂ්ට්යායදී මලාපගමයෙන් පවිත්ර් වූ අදහස් ඇති හෙයින් දෙඩිය හෙත් දැ’යි නින්දාවෙන් තමන් වහන්සේ ගළවා වදාළ සේක. දෙශනා කෙළවර පන් සියයක් උපාසකවරු තෑගි තැනකින් සිත් පුරා ලබන සම්පතක් මෙන් සෝවාන් වූහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් ඒ උපාසකවරුන් පන්සියය බණ නොකීවාට ත් , විදම් බන කීවාට ත් , බණ මඳ කොට කීවාට ත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් අදහස් ලෙසට චරියා ලෙසින් වදාළ බණ අසා සෝවාන් වූවා සේ සියලු ලෙසින් පින් නො කිරීමෙහි ත් නො යෙදී ඉතා බැරි ව තිබෙන පින් කමට ත් නො සිතා පිළිවන් පිණෙක යෙදී නිවන් අත් කට යුතු.

192. සවග වහන් දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද දුෂ්ප්රහතිපත්තියෙහි නපුර දක්වන්ට සවග වහන්දැ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

බුදුහු එක් දවසක් පණ්ඩුකය , ලොහිතක ය , මෙත්තිය ය , භුම්මජක ය අස්සජි ය , පුනබ්බසුක ය යන ස වග වහන්දෑ ත් ඒ තැන්ගේ පර්ෂ දුත් මරවඩි 1 පිටට නැඟී ලා අතින් ලී හැර ගෙණ ගල තල පිටට නැඟී සක්මන් කරණ ගමනේ තද බිමෙක අසුන් දුවාලියේ ලූවා සේ මහ අරගල අසා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ‘මේ කුමන අරගලයෙක් දැ’ යි විචාළ සේක. 1 මිරිවැඩි 29 898 සද්ධර්මතරත්නාවලි ය

සවග වහන්දෑගේ විකව නියාව දැන් වූ කල්හි එ ලෙස නො කරන්ට සිඛ පද ත් පනවා ලා‍ බණ වදාරන සේක් භික්ෂූන් නම් කයින් සිද්ධ වන ප්රා්ණවාධාදී වූ පවු කම් තුන ත් නො කොට කාය සඤ්ඤමය ත් ඇත මැනව. වචනින් සිද්ධ වන මුසාවාදා දී චතුර්විධ වාග්දුශ්චරිතය ත් හැර වාක් සඤ්ඤ්මය ත් ඇත මැනව හුදක් සිතින් ම සිද්ධවන අභිධ්යාද දී වූ පවු තුන ත් හැර සිතිනු ත් සඤ්ඤත වුව මැනව. යම් කෙණෙක් මෙ‍ සේ තුන් දොරින් සිද්ධ වන පවින් දුරු ව වෙසෙත් නම් සෙසු ශික්ෂා් පුරණ ය. නිරායාසයෙන් සිද්ධ වෙ යි’ වදාළ සේක. දෙශනා කෙළවර කළ පිට වට වැසි සේ ස වග වහන්දෑට ඉන් ප්රුයෝජනයක් නැතත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සෙස්ස ආයාස වුව ත් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු ව පිළිවන් පිණෙක හැසිර තුන් බොධියෙන් එක් තරා බොධියකට පැමිණිය යුතු.

193. ගෙරි මරා කන එකකු ගේ පුතකු ගේ වස්තුව[සංස්කරණය]

තව ද කල පාප ය වැනි වූ ම අනිෂ්ට විපාක දක්වන්ට ගෙරි ම‍රා කන එකකුගේ පුතකුගේ වස්තු ව කියමු .

කෙ සේ ද යත් - සැවැත් නුවර ගෙරි ම‍රා කන එකෙක් ගෙරි සරක් මරා ගෙන තුල් තුල් මස් පිසවා පියා අඹු දරුවන් හා සමග වැද හිද තෙමේ ත් කයි. අධික දෙයක් මිලයටත් විකුණෙයි. මෙ තෙමේ මෙ ලෙසින් පස් පනස් හවුරුද්දක් මුළුල්ලෙහි ගෙරි සරක් මරා කා දවස් යවා ගන්නේ ලඟ විහාරයෙහි වැඩ හිඳිනා බුදුන්ට වෙව යි වහන්දෑට වේ ව යි එක දවසෙක ත් බත් සැන්දක් පමණ වේව යි හඹු සාළුවක් පමණ වේව යි නුදුන් විරූ ය . තෙමේ කෙ තෙක් මාළු ඇත ත් දඩ මසක් කුඩ මසු කෙණෙකුන් නැතිව නො කයි.

ඒ එක් දවසක් දාවල් දවස මුළුල්ලෙහි දඩ මස් විකුට පියා තමන්ට පිසන පිණිස මස් කඩක් දී ලා නාන්ට ගියේ ය . උන් නාන්ට යා දී උන්ගේ යාළුවාණ කෙණෙක් උන්ගේ ගෙට අවුත් ‘අපගේ ගෙට අමුත්තාණ කෙණෙක් අවු ය. අමුතු බතක් දෙන්ට මාළු නැත. විකුණන්ට තුබූ දඩ මසෙක් ඇත් නම් දෙව’යි කියා උන්ගේ අඹුවන්ට කිවු ය. ‘විකිණි මසෙක් නැත. මුඹගේ යාළුවාණෝ රනු ත් වුව මනා හෙයින් ගෙන නිපස් නො වන විචරටත් නොතබා විකොට පියා නාන්ට ගියෝය’යි කිවුය. ‘එසේ කියන්ට නො කැමැත්තේ ය. ගෙය එ සේම නිපස් ද? සුඟක් වුවත් දෙන්ට 193. ගෙරි මරා කන එකකු ගේ පුතකු ගේ වස්තුව 899

වුව මැනැවැ ’ යි කිවු ය. මුඹගේ යාළුවාණන්ට රෑට පිසන්ට තුබු දඩ මස් සුඟක් විනා නැතැ’යි කිවු ය. ‘ඒ වුව ත් දෙන්ට වුව මැනව’යි කී කල්හි ‘දඩ මසක් නැති ව බත් නො කත් දෙන්ට බැරි’ය යි කිවු ය. එ සේ බැරි ය, බැරි ය කීව ත් තුමූ ම ගෙ වැද ලා මස් හැර ගෙණ ගියෝ ය. ගෙරි මරා කන්නෝ ත් නා පියා අවුත් බත් කන්ට හුන්නෝ අඹුව ත් බත් ලා ලා පලා කොළ ත් ලා ලූ කල්හි පිසන්ට දුන් දඩ මස් කොයි දැ’යි විචාරා ‘නැතැ’යි කී කල්හි ‘නැති වන්ට කාරණ කිම්දැ’යි කිවු ය.

මුඹගේ යාලුවා‍ණ කෙණෙක් අමුත්තාණ කෙණකුත් ආව යි කියා ලා විකිණි දඩ මස් විචාරා අවුත් රෑට පිසන්ට දීලා ගිය දඩ මස් මුත් නැතැ’යි ඒ දෙන්ට බැරි ය යි කීව ත් බලයෙන් ගෙට වැද ලා තුමූ ම හැර ගෙන ගියෝ ය’ යි කිවූය. ‘මම දඩ මස් නැති ව නො කමි. ගොසින් ගෙනව’යි කිවු ය. ‘උන් හැර ගෙන ගිය දෙය ගෙනෙන්ට පිළිවන් ද ? අදට කා පුව මැනවැ’යි කිවු ය. එ සේ මම් නො කමි’ කියා ලා කන්ට ලූ බත් ඉවත් කරවා පියා ගෙට පිටි පස්සේ ගොනෙක් සිටියේ ය. යකඩක් හැර ගෙණ ඌ කරා ගොසින් ඌගේ දිව මුලට බා කපා හැර ගෙණ ගොසින් පිසන්ට කල් යන හෙයින් අඟුරේ ලා පලවා බත් මත්තේ තබා ගෙණ හිඳ බත් පිඬක් කට තබා අරින් මස් සුඟකුත් කට තිබී ය. ඒ ඇසිල්ලෙහි ම දිව මුල දී ම කැඩී ගොසින් බත් මණ්ඩ ය පිට ම හී කර්මය ය වැනි වූ ම අනිෂ්ට විපාක ය ලද. ඒ ගොනා ද කටින් ලේ වගුරුවා වගුරුවා ඇතුළු ගෙට වැද ලා හඬා ඇවිද්දී. ඒ වේලාට ගෙරි මැරුවාගේ පුතා ද පිය ලඟ සිටියේ ය. මෑණියෝ ‘පුත තෙල කටින් ලේ වගුරුව වගුරුවා හඬා ඇවිදිනා ගොනා දුටු වා ද ? තුලූ විඳිනා දුක් තොපට ත් පැමිණියේ වී නම් නපුර. තෙපි ජීවත් වවු නම් මාත් නො බලා කැමති තැනකට යව ’ යි කීවු ය. උයි ත් මරණ භයින් තැති ගෙන මෑණියන් වැඳ ලා තක්සලා නුවරට ගියෝ ය. ගෙරි මරුවා ද ගොනා පරිද්දෙන් ගෙය මුළුල්ලෙහි හඬා ඇවිද මිය ගොසින් අවීචියේ උපන. ගොනා ත් මෙළේ ය.

ගෙරි මරුවාගේ පුතා ත් තක්සලා නුවරට ගොසින් බඩාල් කර්මා න්ත උගත. උන්ගේ ඇඳුරු බඩලාණෝ කම්මල සිට ගමට යන්නෝ මෙ වෙනි පළඳනාවක් කොට ලව යි කියා ලා කම්හල රඳවා ගියහ. උයි ත් කියා ලූ ලෙස පලඳනාව කළහ. ආචාරි අවුත් පලඳනාව දැක ‘ මූ කොයි ගියෝ වත් ජීවත් වී ය හෙති . කර්මාචන්තය යහපතැ’යි තමන්ගේ විය පැමිණි දුවණි කෙණකුන් සරණ පාවා


900 සද්ධර්ම රත්නාවලි ය

දුන්හ. බඩාල් දුවණියෝ ද උන්ට දාව දරුවන් බුදක් ලත්හ. ඒ දරුවෝ ද පියාණන් අතින් බඩාල් සිල්ප ඉගෙන පසු ව කලක දී සැවැත් නුවරට ගොසින් එහි ගෙ දොර ඇතිව වසන්නෝ සැදෑ සිත් ඇති වූහ. උන් ගේ පියා‍ණෝ ද තක්සලා නුවර රඳා හිඳිනෝ පිණක් කොට පිණින් මූකුරා ගැන්මක් නූව ත් වයසින් මූකුරා ගොසින් මාලු වූහ. උන්ගේ දරුවෝ පියාණන් දුවර්ලණ හෙයින් තමන් ලඟට ගෙන්වා ගෙණ අන්තිම අවස්ථාවෙහි ආසන්නකර්මර කොට පියාණන් නමින් දන් දෙම්හ’යි බුදු පාමොක් සඟනට ආරාධනා කැරවූහ. ආරාධනා කරවා ලා දෙ වන දවස් බුදු පාමොක් වහන්දෑ ගෙයි වඩා හිඳුව‍ා ලා සකස් කොට වළඳවා ලා වළඳා අන්තයෙහි බුදුන්ට ‘ස්වාමීනි, මේ දන ජීවත් ව හුන් අපගේ පියාණන්දෑ නමින් දුනුම්හ. උන්දෑට බණ වදාළ යහපතැ’ යි කිවු ය.

බුදුහුත් උන් බණවාලා ‘උපාසකයෙනි, තොපි මාලු ව ගියව ඇඟ ත් පඩුවත් පෑ ව ගොසින් විළික්සුණු පතක් වැනි වුව. පරලොව යන ගමනට පින් නමැති සාලක් බතකුත් සපයන්ට ත් නො වී ය’යි වදාරා ලා බණ වදාරන සේක්. උපාසකයෙනි, තොපි දලුවේ පටන් ක්රනම ක්රපමයෙන් මූකුරා විළික්ස බිම් හුණු පරඩල් පතක් මෙන් බාල අවස්ථාවේ පටන් ක්රෑම ක්ර්මයෙන් මූකුරා දැන් මාලු වුව. විළික්සුණු පත හෙන්ට අසන්න වූවා සේ මරණ ත් ආසන්න ව සිටියේ ය . තව ද දුර බෑර ගමන් යන්නවුන්ට සැපයූ බතක් සාලක් නැත්තා සේ පරලෝ යන්නා වූ තොපට පින් නමැති මාර්ගොුපකරණ ත් නැත. එ සේ වූ තෙපි මුහුද නැව් නටවුන් දිවයින් සොයන්නා සේ කුසල් නමැති පිහිටක් කොට ගනුව. කොට ගන්නා පිහිටට වහ වහා වීය්ය්ති කරව. කරණ වීය්ය් ම ය ත් සමර්ථ අවස්ථාවෙහි ම කිරීමෙන් නුවණැති වත් වව. වඩනා ලද වීය්ය්නු යෙන් රාගාදී වූ සිත් පිරිසිදු ව නිවන් සාධා ගනුව’යි වදාළ සේක.

දේශනා කෙළවර මාලු උපාසකයෝ සෝවාන් වූහ. තව ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්රසයෝජන වි ය. දෙවන ‍දවසු ත් බුදුන්ට දන් දෙවා ලා වළඳා අන්තයෙහි මාලු උපාසකයන්ට බණ වදාරන්ට බුදුන්ට ආරාධනා කළහ. බුදුහු ත් උන්ට බණ වදාරන සේක්- ‘හෙම්බා තොපි ගෙවී ගොසින් නිමන්ට ආසන්න වූ ආයු ඇත්තව’ ආදී වයස ත් මධ්ය්ම වයස ත් නිමා ගොසින් කෙළවර වයස ත් නිමන්ට ආසන්නය එහෙයින් මියන්ට ආසන්න ව සිටියව. යම් සේ ගමන් යන්නාහු අතුරු මඟ දී වුව ත් කළ මනා දෙය කෙරෙමින් රඳා හිඳිත් ද පර ලොවට යන්නවුන්ට එ සේ නැත. මුඹින්


194. එක්තරා බ්රාඑහ්මණ කෙණකුන් ගේ වස්තුව 901

මුඹින් මළ විට ම පර ලොවට පැමිණෙත් මුත් දන් පින් නිසා අතුරේ රැඳීමෙක් කවුරුන්ට ත් නැත. ඒ හැම විතරට ත් මිය පර ලොව යන තොපට නිවන් පුර වදනා තෙක් ජීවත් වන ලෙසට පින් නමැති බත් සාලු ත් සසර කතරට සපයා ගත් දෙයක් නැත. එ සේ වූ තොපි සසර නමැති මහමුහුදින් නිවන් පර තෙරට නැඟී යන්ට වීය්ය්. නමැති කුඹක් ඇති නුවණ නමැති රුවල් ඇති, පින් නමැති නැවක් ඉදි කරව. එ ලෙස කොට ජාති ජරාදී වූ දියෙන් පිරුණු සසර මහ මුහුදින් එතර වව’යි වදාළ සේක . මහලු උපාසකයෝ එ දවස් අනගැමි වූහ. සෙසු බොහෝ දෙනාට ත් මේ දෙශනාව සප්ර යොජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සත් පුරුෂොපාශ්රර ය කොට ගෙරි මැරුවාණන්ගේ පුතණුවන් තමන් කොට ගත් පිණක් නැත ත් සත් පුරුෂ වූ දරුවන්ගේ සමවායෙන් බුදුන් කර‍ා පැමිණ නිවන් දුටුවා සේ ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

194. එක්තරා බ්‍ාත හ්මණ කෙ‍ණකුන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද ක්ර.ම ක්ර මයෙන් සිද්ධ වූ කුසලයෙහි ත් විපාකයෙහි අඩු නැති නියාව හඟවන්ට එක්තරා බ්රා‍හ්මණයාන කෙණකුන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ යත් -

ඒ බමුණනෝ එක් දවසක් උදාසන ම නික්ම වහන්දෑ සිවුරු වළඳිනා නියාව බල බලා සිටියෝ ය. ඒ සිවුරු වළඳනා තැන ත් තණ වසා පියා තිබෙ යි. එක් නමක් - සිවුරු වළඳනා ගමනේ තණෙයි ගෑවි ලා පින්නෙන් සිවුරු තෙමිණ. බමුණානෝ ඒ දැක දෙවන දවස් හුදැල්ලක් ගෙනවුත් එ තැන කළ විටක් සා කොට සැස ඉදි කළහ. දෙ වන දවස් එ තැනට අවුත් සිවුරු වළඳනා එක් නමකගේ සිවුරු කන බිම ගෑවී පස් ගෑවෙන්නා දැක වැලි ගෙනවුත් ලා ලූ ය. එක් දවසක් පෙරවරු අවු තද ව සිවුරු වළඳනා වහන්දෑගේ ඇඟින් ඩා වැගිරෙන්ට වන. ඒ දැක මඬුවක් ලවා ලූ ය. නැවත දවසක් පෙර වරු වැස්සක් වැස වහන්දෑ තෙමී ගියා දැක එ තැන ගෙයකු ත් කරවා ලා පූජා කොට ගේ පිළිගන්වනු නිසා බුදු පාමොක් සඟනට ආරාධනා කොට ලා ගෙය ඇතුළෙත් පිටතත් වඩා හිඳුවා ලා දන් දී වළඳා අන්තයෙහි බුදුන්ට බණට ආරාධනා කොට ලා තමන් එ තැන තණ හල තැන් පටන් සියලු පවත් ම දැන්වූහ.


902 සද්ධර්මණරත්නාවලි ය

බුදුහුත් උන්ගේ බස් අසා බමුණානෙනි, නුවණැත්තෝ මඳින් මඳින් වුව ත් පින් කොට බොහෝ කෙරෙතී’ වදාරා බමුණානෙනි, යම් සේ බඩාල්ලු රත්රන් මේ වර කරණ කල එක වර කළ ගිනි වරින් ම රිදී භාග ය දවා කසළ හැර කර්මේක්ෂඑම කට නො හෙත් ද නො එක් වර කොට කර්මැ ක්ෂපම කිරීමෙන් ඔටුනු ආදී නො එක් ආභරණ කෙරෙත් ද , එ පරිද්දෙන් නුවණැත්තෝ මඳින් මඳින් වුව ත් නො එක් වර පින් කරන්නාහු කෙලෙස් කිලුටු පින් නමැති ගින්නෙන් දවා හැර සිත් නමැති ඝන රන් ලොවී ලොවුතුරා ගුණ නමැති පළඳනා කිරීමට තරම් කෙරෙතී වදාළ සේක. දෙශනා කෙළවර බමුණානෝ ක්රනම ක්රකමයෙන් පින් කළා සේ ම ක්රාම ක්රෝමයෙන් මාර්ග ඵල ලබන්නාහු පළමුකොට සෝවාන් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් බමුණානන් ආදි තණ කසළ හළා සේ ම තදඩ්ග වශයෙන් කෙලෙසුන් නසා පසු ව වැලි ලා ධූලි පැටි කළා සේ ම විකඹීම් වශයෙන් කෙලසුන් නසා පසු ව ගෙය කරවා බිම් භිත්තිවල සුණුවම් කරවා සියලු ලෙසින් ම ධූලි නැති කළා සේ ම සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් නසා මාර්ගාධි ගම ඵලාධිගම කටයුතු. ________________________________________

195. තිස්ස නම් භික්ෂු කෙණකුන් ගේවස්තුව[සංස්කරණය]

තව ද ලොභයෙහි ආදීනව දක්වන්ට තිස්ස නම් භික්ෂු කෙණකුන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර වසන එක් කුල දරුවාණ කෙණෙක් සසුන් වැද මහණ ව මාලු පැවිද්ද ත් ලදින් කලෙක දනවු විහාරයක වස් විසූ සේක් - වස් අන්තයෙහි අට රියන් හිණ කඩක් ලදින් සැවැත් නුවරට ගොසින් ඒ හිණ කඩ තබා ලන නියායෙන් නැඟණියන් අතට දෙවා ලූ සේක. උයි ත් හිණ කඩ ඉතා දළ හෙයින් මාගේ බෑණන් වහන්සේට තරම් නො වන්නේය’යි සිතා මුවා ත් යහපත් කරයකින් කපා හරවා පියා වන ලා කොටා පියා පොළා නවාම්1 කොට ගෙණ සීන් කොට හු කැට ගෙණ හිණ කඩක් වියවා ලූ ය. තෙරුන් වහන්සේ ද හූ ඉදි කටු සපයා ගෙණ ගෙත්තම් කරණ වහන්දෑ ත් නිල කොට ගෙන නං උපාසිකාවන් ඔබ ගොසින් සිවුරක් කරණ නියායෙන් තොප අතට දෙවාලූ පිළිය දෙවා ලව ’ යි ඉල්ලූ සේක.

1 නවාම - නඩාව, 195. තිස්ස නම් භික්ෂු කෙණකුන් ගේ වස්තුව 903

උයි ත් නව රියන් හිණ කඩ ගෙණවුත් බෑණන්වහන්සේ අතට දුන්හ. උන් වහන්සේත් හිණ කඩ සීන් නියාව බලා දෝ නොහොත් ලොභ ය බලවත් හෙයින් මාරුවක් කොළෝ නමුත් ය’යි මැන පියා ‘ අපගේ හිණ කඩ දළ රියන් ගණනිනු ත් අට රියන. මේ හිණ කඩ සීන. නව රියන. තුබූ ගමනේ සීන් ව දික් වන්ට කාරණ නැත. මේ තොපගේ වත් මුත් අපගේ නො වෙයි. අනුන් සන්තකයෙන් අපට ප්රනයෝජන ත් නැත. අප ගෙන් තබා ලූ හිණ කඩ ම දෙවා පියව ’ යි කී සේක. ‘මෙය මුඹ වහන්සේගේ ම ය . හැර හත මැනැවැ’යි කීව ත් නො ඉවසන සේක. තමන් කළ ලෙස මුළුල්ල ම කියා ලා දෙවාපූ ය. උන් වහන්සේ ත් එ විට අතට හැර ගෙණ වෙහෙ‍රට ගොසින් සිවුරු ගෙත්තමට පටන් ගත් සේක. උපාසිකාවෝ ත් ගෙත්තම් කරණ වහන්දෑට බත් දුන්හ. ගෙත්තම් කොට නිමි දවස් දනත් සරහා දුන්හ.

උන් වහන්සේ ත් සිවුර රඳා අතට හැර ගෙණ බලා සිවුරෙහි පැය බලවත් හෙයින් ලොභ ය ත් බලවත් ව පසු ව වළඳිමී සිතා සිවුර පත් කොට තබා ලා එ දවස් රෑ ම මිය ගොසින් සිවුරෙහි හිණි කුණු ව උපන් දෑ ය . නං උපාසිකාවෝ ත් තෙරුන් වහන්සේ මළ නියාව අසා ගණයට ගොසින් හැඬූ ය. වහන්දෑ ද උන් වහන්සේ ආදාහන කරවා ලා ගිලන් තැනක් නැති බැවින් බෙදා ගන්නා ලෙසට පෙනි තුබූ සිවුර ගෙන්වූ සේක.

ඒ හිණි කුණානෝ ත් ‘මේ වහන්දෑ මාගේ සිවුර බෙදන සේ කැ’යි තමන්ගේ බසින් හඬා දොඩා ‍ගෙණ සිවුරේ ඇවිදිති. බුදුහු ගඳ කිළියේ වැඩ හිඳ ම දිව කනින් හිණිකුණා හඬන හඬ අසා අනඳ මහ තෙරුන් වහන්සේ බණවාලා ‘ ආනඳයෙනි, තිස්සයන්ගේ සිවුර නො බෙදා සතියක් තබා පියන්ට කියව ’ යි වදාළ සේක. ඔබ ත් එ ලෙස ම කැරවූ සේක. හිණි කුණානන්ට ආයු සත් දවසකට ම හෙයින් හිණි කුණානෝ මිය තුසී දෙව් ලොව උපන්හ.

බුදුහු ත් අට වෙනි දවස් සම්මුඛ වූ තැනක් ඒ සිවුර බෙදාගන්ට විධාන කළ සේක. වහන්දෑ ත් සිවුරු දුර්විල නමකට හැම තැන් ගේ අනුමතින් පමුණුවා පී සේක. වහන්දෑ ද මළ සත් දවසක් තබවා පියා අට වැනි දවස් බෙදා ගන්ට බුදුන් විධාන කරන්ට කාරණ ය දත නො හී කාරණ කිම්දෝ හෝ’යි කථාව ඉපැදවූ සේක.

බුදුහු ඒ අසා “මහණෙනි, තිස්සයෝ සිවුරෙහි කළ ලොභයෙන් බාධා නැති ව තනතුරක් ලබන කෙණකුන් මඳ වැරැද්දකට


904 සද්ධර්මකරත්නාවලි ය

ලබන යන්තම් විග්රරහයක් සේ හිණි කුණු ව ඉපැද තොප හැම ඒ සිවුර බෙදන්ට වදිනා ම ‘මා සන්තක ය උදුරති’යි හඬා ගෙණ ඈත මෑත දිවෙයි. ඉදින් තෙපි සිවුර බෙදා ගත්තු නම් තොප කෙරෙහි ඝැටී නරකයේ උපද්දි. එ නිසා එ ‍දවස් බෙදීමට බාධා කෙළෙමි. දැන් මිය ගොසින් තුසී දෙව් ලොව උපන. සිවුර බෙදා ගන්ට මා කීවේ ඉනැ’යි වදාරා බණ වදාරන සේක් - ‘මහණෙනි, යම් සේ යකඩින් ඇති වූ මළ එ ම යකඩ කා නසා ද, එ පරිද්දෙන් මේ ලොහය ත් යම් කෙණකුන්ගේ සන්තාන‍යෙහි ඇති වී නම් එ ම ලොහ ය සත්වියන් සතර අපායට පමුණුවයි. අනික් පමුණුවන කෙණෙක් නැතැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙනා නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ලොභ ය හරනට උත්සාහ කට යුතු.

196. ලාළුදායි තොරුන්වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද ආත් ම ශක්ති ය නො දැන්මෙහි දොෂ දක්වන්නට ලාළුදායි තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

සැවැත් නුවර පස් කෙළක් විචර ආය්ය්.ෂ ශ්රා්වකයෝ ඇත. ඌ පෙර වරු දවස දන් දී ලා පස් වරු වේලේ වෙහෙරට ගොසින් බණ අසති. බණ අසා පියා යන කල ත් අදහස් දැන වදාරන බණ හෙයින් අග සවු දෙ දෙනා වහන්සේගේ ගුණ මුඛ නො පෝනා තරම් කියති. ලාළුදායි තෙරුන් වහන්සේ ඔබගේ ගුණ කථා බොහෝ කොට ම අසා තමන් වහන්සේගේ ඥාන ශක්ති ය නො දැන ඔබ්බේ නො දත්තවුන්ට අශක්ති ය හඟවන්නා සේ ‘උපාසකවරිනි, අග සවු වහන්දෑගේ බණ අසා තෙපි එ සේ ගුණ කියන්නා අපගේ බණක් ඇසූ නම් කැල ම ගුණ කියන්නාවා දැ’යි කියන දෑය. මිනිසුන් ඒ අසා ‘මුන් වහන්සේ ත් එක් බණ කියන තැනක් නියා ය. මුන් වහන්සේ ගෙනු ත් බණක් අසම්හ’යි තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, අද අප හැම බණ අසන දවසෙක. දාවල් දවස් අපට බණ වදාළ යහපතැ’යි කිවු ය. උන් වහන්සේ ද දන්නා බණක් නැත ත් ආරාධනාව ඉවසූ සේක.

උයි ත් බණ අසන වේලාට අවුත් ‘ස්වාමීනි, බණ වදාළ යහපතැ’යි කිවු ය. ලාළුදායි තෙරුන් වහන්සේ ද බණ කීමට බැරි වුව ත් ආසනයට නැඟීම පිළිවන් බැවින් අස්නට පැන

196. ලාළුදායි තෙරුන් වහන්සේ ගේ වස්තුව 905

නැඟී ලා විසිතුරු වූ විජිනි පත්රගයකු ත් හැර ගෙන නැතක් වේලා ත් හිඳ එක බණ පදයකු ත් කටට නො එන හෙයින් ‘මම පසු ව පාළි පිරුවා පියමි. අනික් තැනක් කියන බව ය’යි කියා ලා හස්නෙන් බට දෑ ය. උපාසකවරු ද අනික් තැනක් ලවා බණ කියවා පියා පාළි කියවන්ට නැවත ත් ආසනයට නැංවූ ය. උන්දෑ ද පාළි පමණකු ත් කටට නො එන හෙයින් ‘මම රෑ දවස් බණ කියමි. අනික් තැනක් පාළි පිරිවුව මැනවැ’යි කියා ලා අස්නෙන් බට දෑය. උපාසකවරු ද මුන්දෑගේ අශක්තිය ම හැඟුණ හෙයින් දෝ අනික් තැනක් ලවා පාළි කියවා පියා රෑ දවස් තෙරුන් වහන්සේ ගෙනා වූ ය. උන් වහන්සේ දාවල් දවස් නො පෙනෙන දෙය රෑ දවල් කැල ම නො පෙනෙන හෙයින් කිසිවකු ත් නො දැක ‘මම අලුයම් වේලෙහි කියමි. පෙර සවස අනික් තැනක් කිව මැනවැ’යි කියා ලා අස්නෙන් බට දෑ ය. උපාසකවරු ද පෙර සවස අනික් තැනක් ලවා කියවා පියා පෙරළා අළුයම බණට ගෙන් වූ ය . අනික් තැනකට බාර කොට නැඟී සිටී ම මුත් බණෙක් නො වැටහිණ.

බෙ‍ාහෝ දෙන දඬුපත් ආදි ය හැර ගෙණ ‘නුවණ නැති වහන්ස, මුඹ අග සවු දෙදෙනා වහන්සේගේ බණ කීම් යහපතැයි අප කී කල්හි මුඹ ත් බණ කියන සේ දන්නා නියාවක් හැඟවූයේ වේ ද? දැන් දෙ තුන් විටක් විතර නො කියන්ට කාරණ කිම් දැ’යි බසින් ම භයගන්වා ලා නැඟී සිට යන්ට වන් කල්හි ලුහුබද වා ගත්හ. උන්දෑ ද යන දෑ මහානුභාව සම්පන්න තැනට කළ ස්පර්ධාව හෙයින් අත් පස් ‍වළෙක හුණු දෑ ය. බොහෝ දෙනා කථා උපදවන්නාහු ලාළුදායි තෙරුන් වහන්සේ අගසවු දෙදෙනා වහන්සේ සේ ම තමන් දෑත් බණ කියන නියාවක් හඟවා අප හැම බණ අසම්හ කී කල සතර වාරයක් දක්වා අස්නට නැඟී බණක් ම කියා ගත නුහුණු දෑ ය. බණට‍ ආරාධනා කොළෝ ද, මෙ සේ බණ කිය නො හෙන කල අගසවු දෙ නමට ස්පර්ධා කරන්ට කාරණ කිම්දැ යි දඬු පත් ආදි ය හැර ගෙණ ලුහු බඳවා අත් පස් වළෙක හෙළා ගත්හ’ යි කථාව ඉපැද වූ ය. ඒ කථාව වහන්දෑ කෙරෙහි ත් පැවැත්ත. බුදුහු වහන්දෑගෙන් ඒ කථාව අසා ‘මහණෙනි, තුලූ ආත්මශක්ති ය නො දැන අත් පස් වළ හුණු යේ දැන් මතු නො වන්නේ වේ ද , පෙර හුරු ව උපන් ‍කලෙක ත් සිංහයන් හා ස්පර්ධා කොට සිංහයන්ගෙන් වදිනා භයින් නැවතෙනු නිසා අත් පස් වළෙක ගැලුණෝ ම වේ දැ ’ යි වදාරා -

“ චතුප්පදො අහං සම්ම - ත්වවම්පි සම්ම චතුප්පදො එහි ! සීහ! නිවත්තස්සු - කින්නු භීතො පලායසි ”



906 සද්ධර්මංරත්නාවලි ය

යනාදී මේ ජාතක ය විස්තර කොට වදාළ සේක. එ කල සිංහයාණෝ නම් සැරියුත් මහ තෙරුන් වහන්සේ ය . හූරානෝ නම් ලාළුදායි වහන්දෑ ය.

බුදුහු මේ දෙශනාව ගෙන හැර වදාරා ‘මහණෙනි, ලාළුදායි තෙමේ යන් තම් බණක් ඉගෙණ අභ්යානස තර නො කොළෝ ය. එ හෙයින් යම් කිසි කෙණෙක් යම් කිසි ශිල්පයක් ඉගෙන උගත් පමණක් මුත් ආසෙවන ය නො ‍කරෙත් ද , ආසෙවන ය නො කිරීම ඒ ශිල්පයට මල ගැස්මක් හා සරි ය. ගිහි ගෙයි වසන්නවුන්ට වීය්ය්ක් නැත් නම් ඇති වන කිසිවකු ත් නැති හෙයින් වීය්ය්ි නැති වීම කෘෂි වණික් ආදියට මළ ගැසීමක් හා සරි ය. ශාසනික තැනට ත් වීය්ය්ීම මුල් ව ප්ර තිපත්ති පූරණ ය වත් මුත් සෙසු ලෙසක නො වන හෙයින් වීය්ය් ස නැති විම පිළිවෙත් පිරිමට ත් මල ගැසීමක් හා සරි ය.

‘තව ද ගිහි වුව ත් පැවිදි වුව ත් කුසී ව සිරුරු පිළිදැගීම නො කරන්නවුන්ට ශරීරය පැහැපත් නො වේ ද, එ හෙයින් කුසී වීම ශරීර වර්ණයට මල ගැසීමක් හා සරි ය. නැවත යම් කෙණෙක් ගෙරි සරක් රකිනෝ වී නම් ඔහු තුමූ පමාව ම නිදී මෙන් කෙළි ලළුවෙන් දවස් යවත් නම් ඒ ගෙරි සරක් ක්රවම ක්රූමයෙන් නසිතො ත් මුත් වැඩියුරු වීමක් නැති හෙයින් යමක් රකිනවුන් පමා වීම ත් මල ගැස්මක් හා සරි ය. නැවත ශාසනික කෙණෙකුන් වුව ත් ස දොර රැක ගත නොහෙ ත් නම් කෙලෙස්හු අවසර ලැබ පියා ශාසනයෙන් චුත කෙරෙති. එ හෙයින් පමාව විසී ම සිල් රක්ෂාච කරන්නවුන්ට ත් මළ ගැස්මක් හා සරි ය’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පය්යාවි ප්තියෙහි අභියොග ය කරත ත් ආසෙවන ය බහුල ව එයි ත් මල නො ගස්වා අගාරික වුව ත් අනගාරික වුව ත් වීය්ය්ය බහුල ව උපදවා ගත් ගුණයෙක් ඇත් නම් එයි ත් නො පිරිහෙළා ගුණ සංරක්ෂයණයෙහි ත් නො පමා ව ලොවී ලොවුතුරා සැපත් සෑධි ය යුතු.

197. එක්තරා කුලදරුවාණ කෙණකුන් ගේවස්තුව[සංස්කරණය]

තව ද සියලු කිලුටින් අවිද්‍යා කිලුට බලවත් නියාව හඟවන්ට එක් තරා කුල දරුවාණ කෙණකුන් ගේ වස්තුව දක්වමු.



197. එක්තරා කුල දරුවාණ කෙණකුන් ගේ වස්තුව 907

කෙ සේ ද යත් -

ඒ කුල දරුවාණන්ට ජාති ආදීන් සරි තරම් වූ කුමාරිකා කෙණකුන් ගෙණවුත් පාවා දුන්හ. උයි ත් ආ දවස් පටන් තමන්ටම තිබී ආ නුගුණයක් බැවින් පරපුරුෂ සංසෙවායෙහි ඇසිරෙති. ඒ කුල දරුවාණෝ ද උන්ගේ ව්යිහිවාර පරකම නිසා උන් නිර්ලජ්ජි වුව ත් තමන් ලජ්ජා ඇති බැවින් කිසි කෙණකුනු ත් දක්නට මැළි ව බුදුන්ට උපස්ථාන ත් දවස් ගණනක් නැති ව පසු ව බුදුන් කරා ගොසින් ‘ කුමක් ද ? උපාසක ය , දවස් ගණනක් නුදුටුමෝ වනැ’යි වදාළ කල්හි උපාසකයෝ අඹුව අනාචාර පර හෙයින් ඊට ලජ්ජාවෙන් නා නියාව කිවු ය.

බුදුහු ඒ අසා ‘හෙම්බා උපාක ය, පෙර ත් මා බොධිසත්වජ අවස්ථාවෙහි මෙ බන්දක් ම කියා තො‍ප මා කරා ආ ගමනෙහි ‘ගෑනු නම් පැන් තොට ආදි ය හා සරියෝ ය. නුවණැත්තවුන් විසින් ඊට අමුත්තක් නො සිතිය යුතු ය’ යි කීමි. තොපි භවයෙන් සැඟවුණු හෙයින් සලකා ගත නො හෙව. වන්නාට තොප සලකා ගත නො හෙන පසු එ වක අප කී සැටිය දැන් අසව’ යි වදාරා -

“ යථා නදී ව පන්ථො ව - පානාගාරං සභා පපා එවං ලොකිත්ථී්යො නාම - වෙලා තාසං න විජ්ජති ”

යනු හෙයින් ‘යම් සේ ගඟ ත්, මහවත් මඟ ත්, රා සොඬුන් රා බොන්නා වූ ගෙය ත්, බෙ‍ ාහෝ දෙන රැස් වන තැන ත්, පැන් ළිඳත් සියල්ලවුන්ට සාධාරණ මුත් එක් කෙණකුන්ට ම නියම ව නො තිබේ ද, එ පරිද්දෙන් ස්ත්රීනහු ත් අවසර ලත් නියායෙන් උත්තම අධම සියල්ලවුන්ට ම සාධාරණයහ. එ හෙයින් උපාසකයෙනි, තොපි ත් ඊට සහන ය කරව’යි වදාරා ලා බණ වදාරන සේක් - ‘යම් ස්ත්රීප කෙණෙක් පරපුරුෂ සෙවායෙහි හැසිරෙ ත් නම් රක්ෂාේ කළහු ගෙන් නෙරිති. දෙ මවු පියෝ ත් නො කැමැත්තාහ. දෙ ලෙසින්ම ඔහු අනාථ ව අසරණ ව ඇවිදිති. ඒ හෙයින් ස්ත්රීැ පුරුෂ දෙ පක්ෂදයටම පරපුරුෂ සංසෙවා හා පරදාර පරිග්රතහ ය කිලුටු ය. දන් දෙන්නවුන්ට මසුරු සිත නම් දානාද්ධ්යාංස ය නවතන හෙයින් කිලුටු ය. සියලුම අකුසලයෝ මෙ ලෝ පර‍ ලෝ දෙක්හි ම වැඩ සාධා දී නො ලන හෙයින් ඉතා කිලුටු වූ ය. ඒ හැමට ත් වඩා මොහ ය නම් සියල්ලකට ම බාධා ව සිටිනා හෙයින් බලවත් කිලුටෙකැ’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

908 සද්ධර්මනරත්නාවලි ය

එ හෙයින් නුවණැත්තවුන් විසින් දුශ්චරිතයෙනු ත් නැවත මසුරු සිත් නැති ව දන් දීමෙහි තර අදහස් ඇති ව සව් කෙලෙසුන් නසා අධිමුක්ති වූ ලෙසින් ත්රිදවිධ බොධීන් එක් තරා බොධියකට පැමිණිය යුතු.

198. සැරියුත් මහ තෙ‍රුන් වහන්සේ ගේ සද්ධි විහාරික නමක ගේ වස්තුව[සංස්කරණය]

තව ද ශාසනානුරූප පිළිවෙතක් මුත් වෙද කම් ආදි වූ මිථ්යාද ජීවයෙහි නපුර හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධි විහාරික නමක ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් - ඒ වහන්සේ එක් දවසක් වෙද කම් කොට මධුරාහාරයක් ලදින් හැර ගෙණ එන දෑ අතුරු මඟ දී සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක ‘ස්වාමීනි, මේ මා වෙද කම් කොට ලත් ආහාරයෙක. මුඹ වහන්සේ අතික් තැනකින් මෙ බඳු ආහාරයක් ලබන්ට නැත. ඒ වැළඳුව මැනව. මම වෙදකමින් නිරන්තරයේ මෙ බඳු ආහාර සපයා දෙමී’ කී දෑය. මහ තෙරුන් වහන්සේ උන්දෑගේ බස් අසා මුයෙන් බැණ නො නැඟී ම වැඩ පී සේක.

වහන්දෑ ද වෙහෙරට අවුත් එ පවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ද ‘පාපයෙහි භය ලජ්ජා නැත්තාහු ගසා කා ඇවිදිනා කවුඩන් පරිද්දෙන් අභිප්රාුය ලෙස ලබන්ට ඇති හෙයින් සුව සේ ජීවත් වෙති. ලජ්ජා සම්පන්නයෝ භික්ෂානටනයෙන් ලබන දෙයක් විනා සෙසු ලෙස ලබන්ට කරණ උත්සාහයක් නැති බැවින් මෙලොව දුක සේ ජීවත් වෙති’ වදාරා බණ වදාරණ සේක් - ‘හෙම්බා මහණෙනි, මවු පිය ආදි නොවන්නවුන්ට මවු ය, පියෝ ය යනාදීන් කියා ගෙණ නළවා බදා ජීවත් වෙත් නම්, මෙ ලොව ඌ සුව සේ ජීවත් වෙති. යම් සේ කපුටුවෝ බත් පැන් ලබනු නිසා බිතක්කන් ආදියේ හිඳ තමන් කෙරෙහි සැක කෙරෙතී සිතා ඒ දිසා ව නො බලන බඳු ව නිදන්නා සේ හිඳ ලා මිනිසුන්ගේ පමාව දැක උන් තැනින් බැස ලා වැළකිය දී ම වළන්වල තුබූ බත් ආදිය කට පුරා හැර ගෙණ පලා යෙත් ද, එ පරිද්දෙන් ශාසනික වූ පවිටු පුඟුලෝ භික්ෂූන් හා සමඟ ගම‍ට සිඟා ගොසින් සිඟන සිඟමන් තබා ලා කැඳ බත් ආදි ය ඇති තැනක් ම නියම කෙරෙති. සෙසු ලජ්ජී පෙශල භික්ෂූහු ගෙ පිළිවෙ‍ළින් සිඟා පිළිගැන්මෙහිත්, අනුභවයෙහිත්, හැරපීමෙහි ත්, පමණ දන්නා බැවින් යපෙන පමණක් පිළිගෙණ අසුන් හලට අවුදින් සකසා පස් විකාගෙණ කැඳ


198. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික නමකගේ වස්තුව 909

වළඳා ලා බත් වේලා එන තෙක් කමටහන් මෙනෙහි කෙරෙති. හදාරා පිරිවාති අසුන් හල ම හිඳිති. පවිටු අදහස් ඇති පුඟුල් එ කී දෙයින් කිසිවකු ත් නො කොට නො සිඟන බඳු ව ලා හිඳී . සෙසු භික්ෂූන් තමා දිසාව බලත ත් තෙමේ නො බලන බඳු ව, අනිකෙක සිත හෙළා හිඳිනා බඳු ව, නිදන බඳු ව, සෙමෙන් සිට ගැට ගන්වන බඳු ව, සිවුරු තනන බඳු ව’ ලැසි ගෙන ලා තනි පංගුව ගෙණ හුනස්නෙන් නැඟී ගම් වැද කැඳ බත් ඇතැ’යි කියා නියම දත් ගෙවලින් එක් තරා ගෙයකට ගොසින් ගෙවල මිනිසුන් මඳක් දොර පියා ලා දොර කඩ සිටිනා කල්හි එක් අතෙකින් දොර හැරලා ඇතුළු ගෙට වැදී ගෙවල මිනිස්සු ඔහු දැක කොට ලූ සැටියෙන් දී ලන්ට රුචි නැත ත් එක් තැනෙක හිඳුවා ලා කැඳ බත් ආදියෙන් යමක් ඇත් නම් ඒ දෙති. එ තෙමේ අනුභව කරණ විතරක් අනුභව කොට ඉතිරියෙක් ඇත් නම් පාත්ර යෙන් හැර ගෙණ ගොසින් කැමැත්තක් කෙරෙයි. මෙ තෙම කවුඩන් සේ සුරු ව ගසා කන බැවින් ‍මෙ ලොව සුව සේ ජීවත් වෙයි.

තව ද ‘අසවල් තෙරුන් වහන්සේ අපිස් සේක’ යනාදීන් ගුණ කියන කල්හි ‘කුමක් ද ? අපි අපිස් නුවුමෝ ද’ යනාදින් අනුන්ගේ ගුණ නසයි. එ බන්දවුන්ගේ බස් අසා ‘මුන්වහන්සේ අපිස්, සතොස් නියාවනැ’යි සිතා ගෙණ අපිස් සතොස් තැනට දෙමින් සිටි දෙය නො දී හැර පියති. නපුරු අදහස් ඇති පවිටු පුඟුල් තෙමේ මෙ තැන් පටන් නුවණැත්තවුන්ගේ සිත් ගත නො හී බුදුන් ගෙන් ලබන ලාභයෙනු ත් පිරිහී අනුන්ගේ ගුණ ත් මකා අනුන් පැමිණි ලාභ ය ත් නසයි. නැවත භික්ෂූන් උදාසනක් සේ මහා සෑ ආදියට කළ මනා වතාවත් කොට මඳ කලක් භාවනායෙහි යෙදී හිඳ භාවනා යෙන් නැඟී ගමට සිඟා වන් කල්හි තෙමේ මූණ සෝධා පියා රන්වන් කොට රඳා ගොප් කල සිවුරු වැළඳීමෙන් හා ඇස අඳුන ගෑමෙන්, ඉස තෙල් ගෑමෙන්, බුලත් කෑමෙන් යනාදින් ආත්ම මණ්ඩන ය කොට ගෙණ වත් පිළිවෙත් සරු ව හමඳනා කෙණකුන් මෙන් මුස්න දෙපිටට ගසා පියා උගත් වත් ලෙසට ඒ එක් තැනකට දමා පියා දොරටුව බලා පියා යෙයි. මිනිස්සු ද උදාසන මහබෝ වඳුම් හ’යි පුදම්හ’යි යනාදීන් සිතා වෙහෙරට ආවාහු ඔහු දැක ‘මේ විහාර ය මුන් වහන්සේ නිසා පිරිමැසෙන වන. මුන් වහන්සේට ත් දෙම්හ’යි සිතා ගෙණ වත් පිළිවෙත් සරු තැනකට දෙන තරමටත් වඩා දෙති. එ හෙයින් මෙ වැනි ශඨ ප්රියොග ඇත්තහු විසිනු ත් මෙ‍ සේ ම සුව සේ ජීවත් විය හැක්ක.

තව ද යම් කෙණෙක් සිත එ බඳු ගුණයක් නැත ත් රූක්ෂ චීවර ධාරණාදියෙන් අනුන් කෙරෙහි කරණ සම්භාවනා ව තමන් කරා



910 සද්ධර්මෙරත්නාවලි ය

නම් වත් ද උයි ත් මෙ‍ ලොව සුව සේ ජීවත් වෙති. මෙ ලෙසින් කරණ ජීවිකාව මුළුල්ල ම නිකෘෂ්ට ජීවිකා නම් වෙයි. යම් කෙණෙක් අධර්ම්යෙන් උපන් පස ය අමෙද්ධ්යදයක් මෙන් සලකා දැහැමෙන් සෙමෙ‍න් ලද දෙ‍යෙක්හි සතුටු ව ගෙ පිළිවෙළින් සිඟා ලත් දෙයකින් යපෙත් නම් ඌ තුමූ පරලොව ලබන සැපයක් මුත් මෙ ලොව දුක සේ

ජීවත් වෙති. එ තකුදු වුව ත් මෙ බඳු ජීවිකාව නිරවැද්ද හෙයින් යහපතැ’යි වදාළ සේක. දෙශනා කෙලවර බොහෝ දෙන වතුර් විධ මාර්ග ඥාන නමැති වාසල් වලින් නිවන් පුරයට පැමිණියහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් මිථ්යාපජීවයෙන් වැලක සම්යෝක් ආජීවයෙහි පිහිටා නිවන් අත්කට යුතු.


199. පන්සියයක් උපාසකවරුන්ගේ වස්තුව[සංස්කරණය]

තව ද පඤ්චශීල සංරක්ෂකණයෙහි අනුසස් දක්වන්ට පන් සියයක් උපාසකවරුන්ගේ වස්තුව කියමු. කෙ‍ සේ ද යත් - ඒ පන් සියයක් උපාසකවරුන් අතුරෙන් සමහර කෙණෙක් පණිවායෙන් වැළක වෙසෙති. සමහර කෙණෙක් අයිනාදනින් වැළක වෙසෙති. සමහර කෙණෙක් පරදාරයෙන් වැළක වෙසෙති. සමහර කෙණෙක් බොරු කීමෙන් වැළක වෙසෙති. සමහර කෙණෙක් රා පීමෙන් වැළක වෙසෙති. ඌ එක් දවසක් අප ම කරණ දෑ යහපත, අප ම කරණ දෑ යහපතැ’යි විවාද කොට ගෙණ සනිටුහන් කොට ගත නො හී බුදුන් කරා ගොසින් එ පවත් දැන් වූ ය . බුදුහු ත් උන්ගේ කථා අසා එකක් එකකට අඩු නො කොට හැම ම රැක්ක නො හැකි නියා ව වදාරන සේක් - ‘උපාසකවරිනි යම් කෙණෙක් තුමූ යට ත් පිරිසෙයින් ලේඬිල්ලන් පටන් උඩත් පිරිසෙයින් මහ බඹුන් දක්වා සංවෘති ව්යිවහාර වශයෙන් සත්ව්යන් සාහර්ථකාදී ප්ර යොග සයින් එක් තරා ප්රියොගයකින් නසත් ද, අර්ථභඤ්ජක මෘෂාවාද කෙළි පිණිස වත් කියත් ද, නැවත අනුන් සන්තක දා හූ වැළක් විතර ත් සොර සිතින් හැර ගනිත් ද තව ද පරදාර කර්මයෙහි ත් හැසිරෙත් ද, රා බී ඇවිදිත් ද, එසේ වූවෝ පර ලොව දුක් තිබේව යි මෙ‍ ලොව ම පිහිටක් ලැබ ගත නො හෙති.

‘එ සේ හෙයින්, උපාසකවරිනි, පඤ්ච විධ දුශ්චරිතයෝ නම් ඉතා ලාමකයහ. අකුශල සිද්ධ වන්නේ ත් ලොභ මොහ දෙක හෙතු කොට ගෙණ හෝ ය. දොෂ මොහ දෙක හේතු කොට ගෙණහෝ ය. හුදෙක් මොහ ය හේතු කොට ගෙණ හෝ ය, එ හෙයින්


200. තිස්ස නම් ලදරු භක්ෂූන් ගේ වස්තුව 911

මේ අකුශල හෙතූහු තුන් දෙන සතර අපායට පමුණුවනු නිසා තොප කරා නො නැමෙත්ව’යි වදාළ සේක. දෙශනා කෙළවර පන් සියයක් උපාසකවරු හැම දෙනා සමෘද්ධ වූ පන් සිල්හි අනුසසින් සෝවාන් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්ච ශීල ය මුළුල්ල කොට වේව යි, නැත. ශක්ති වූ ලෙස සතරක් වේව යි, තුනක් වේව යි, දෙකක් වේව යි, යටත් පිරිසෙයින් එකක් වේව යි, රැක ලොවි ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

200. තිස්ස නම් ලදරු භක්ෂූන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද ප්ර.ශංසා කටයුත්තට අප්රගශංසා කිරීමෙහි නපුර හඟවන්ට තිස්ස නම් ලදරු භික්ෂූන්දෑගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

ඒ භික්ෂූන් දෑ අනාථපිණ්ඩික සිටාණන් දෙන දනට ද, විශාඛා වන් දෙන ‍දනට ද, සෙසු සෙස්සන් දෙන දනට ද, සෙස්සවුන් තබා කොසොල් රජ්ජුරුවන් දුන් අසදිස මහ දනට ද නින්දාෙ ම කරණ දෑ ය. කෙලෙස නින්දා කරණදෑ ද යත් - ඒ ඒ දෙනා දන් දෙන තැනින් ඇල් දෙයක් ලදොත් ඇලැ’යි කියා දොඩන දෑ ය. හුණු දෙයක් ලදොත් හුණු ය යි කියා දොඩන දෑ ය. මඳ කොට දුන්නු නම් ‘මෙසේ දෙන දන් නො දී තබා පූ කල නපුරු ද උන් දුන් දන් පමණෙක. අප වැළඳූ පමණෙක. උන්ගේ දීම ත් උදාරතර නො වී ය. අපගේ වැළඳීම ත් බොහෝ නොවී ය’යි දොඩන දෑ ය. දන් බොහෝ කොට දුන්නු නම් ‘මුන්ගේ ගෙයි තබා ලන්ට අවසරයක් නැති සැටි ය. වහන්දෑට නම් යපෙන පමණක් දිය යුතු වේ ද? මෙ තෙක් කැඳ බත් නිෂ්ප්ර යෝජන ව අපවත් වී ය’යි දොඩන සේක. තමන්ගේ නෑයන් දි ලන කොට ලන දෙයක් නැත ත් ‘අනේ අපගේ නෑයන්ගේ ගෙවල් නම් සතර දිගින් ආ වහන්දෑට පැන් ලිඳක් හා සරි ය’ යනාදීන් කියා ප්ර්ශංසා කරණ දෑ ය.

උන්දෑ තමා මුලින් කවුරු ද යත්- එක් නුවරෙක වාසල සිටිනා කෙණකුන්ගේ පුතණුවෝ ය. දනවුවල ඇවිදිනා වඩුවන් හා එක් ව සැවැත් නුවරට අවුදින් මහණ වූ දෑ ය.

වහන්දෑ ද දන් දෙන්නවුන්ට මෙ සේ දොඩා ඇවිදිනා නියාව දැක ‘මුන් තමන් ගේ නෑයන් උසස් කොට අනුන්ට හෙළා දොඩන


912 සද්ධර්මුරත්නාවලි ය

නියාව කුමක් සේ දෝ හෝ යි පරීක්ෂා් කරම්හ’යි සිතා ‘ඇවැත්නි, තොපගේ නෑයෝ කොයි දැ’යි විචාරා ‘අසවල් ගමය’ යනු අසා නෑයන්ගේ තරම් විමසන්ට බාල වහන්දෑ කීප නමක් යවූ සේක. ඒ වහන්දෑ ද ඒ ගමට ගොසින් ගම ඇත්තවුන්ගෙන් කැඳින් බතින් සාද විඳ ගෙණ ‘මේ ගමින් නික්ම මහණ වූ තිස්ස නම් කෙණෙක් ඇද්ද? උන්ගේ නෑයෝ කවුරු දැ’යි විචාළ සේක. මිනිස්සු ද ඒ අසා ‘මේ ගම කුල දරු කෙණකුන්ගෙන් මහණ වූ කෙණෙක් නැත. කවුරුන් අරභයා වදාරන නියා දෝ හෝ යි සිතා ‘ස්වාමීනි, මේ ගම ප්රිසිද්ධ කෙණකුන්ගෙන් මහණ වූ කෙණෙක් නැත. වාසල බලන තැනැත්තවුන්ගේ පුතකු වඩුවන් හා එක් ව පලා ගොසින් මහණ වුව යි ඇසුම්හ’යි කියා ලා ‘ඒ සඳහා වදාරන නියා වනැ’ යි කීහ.

විමසනු නිසා ගිය වහන් දෑ ද කියා ලූ ලෙසට උන්දෑගේ ඒ ගම එ බඳු පොහොසත් නෑ කෙණකුන් නැති නියාව සැවැත් නුවරට‍ ගොසින් ‘ස්වාමීනි, මූ තුමූ නිකම් ම දොඩා ඇවිදිතී’ සියලු පවත වහන්දෑට කී‍ සේක. වහන්දෑ ද එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ද ‘හෙම්බා මහණෙනි; තුමූ තෙල ලෙස දොඩා ඇවිදින්නේ දැන් මතු නො වෙයි. පෙර ත් දොඩා ම ඇවිද්ද, ඒ දෙඩීම නිසා මෙ පරිද්දෙන් ම නින්දා පරිභව ත් ලදැ’යි වදාරා -

‘බහුම්පි සො විකතේථය්යි - අඤ්ඤං ජනපදං ගතෝ’

යනාදීන් කටාහ ජාතක ය විස්තර කොට වදාරා ‘මහණෙනි, යම් කෙණෙක් අනුන් මඳ කොට වේව යි බොහෝ කොට වේව යි, නපුරු කොට වේව යි, යහපත් කොට වේව යි, දුන් කල්හි ත් නො හොත් සෙස්සවුන්ට දී තමන්ට නුදුන් කල්හි ත් මුසුප්පු වෙත් ද, උන්ට ලෞකික විෂයෙන් ධ්යාටනයෙක් වත් ලොවුතුරා විෂයෙන් මාර්ගණ ඵලයෙක් වත් නූපදවන්නේ ය’ යි වදාරා බණ වදාරන බුදුහු සත්වවයන් මඳ කොට වුව ත්, බෙ‍ාහෝ කොට වුව ත්, නපුරු කොට වුව ත්, යහපත් කොට වුව ත්, ස්ථවීර නවක මද්ධ්යේමයන් කෙරෙහි සිත පහදවා ගෙණ පහන් ලෙසින් සැදෑ සිත් ඇති ව දන් දෙත් නම් එසේ අනුන් දෙන දෙයෙහි සිත පහදවා ගත නො හී යම්කෙණෙක් මුසුප්පු වෙත් ද, ඌ තුමූ රෑ වුව ත්, දාවල් වුව ත්, උපවාර වශයෙන් වුව ත්, අර්පණා වශයෙන් වුව ත්, මාර්ග වශයෙන් වු ව ත් , මාර්ග් ඵල වශයෙන් වුවත්, සිත එකඟ වීමකට නො පැමිණෙති. යම් කෙණකුන්ට රහත් මගින් එ හැම මුලින් ම නසන ලද්දේ වී නම් ඔහු


201. උපාසකවරුන් පස්දෙනකු ගේ වස්තුව 913

ලොවී ලොවුතුරා ගුණ විශෙෂයට පැමිණෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තමා ගෙන් දී ලන කොට ලන දෙයෙක් නැත ත් අනුන් කරණ දෙයෙහි සිත පැහැදවීම් පමණකුත් කොට එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව සැප ත් වළඳා කෙළවර නිවන් සම්පත් අත් කට යුතු.

201. උපාසකවරුන් පස්දෙනකු ගේ වස්තුව[සංස්කරණය]

තව ද එකඟ සිතින් යහපත් කොට බණ අසා ගැන්මෙහි යහපත දක්වනු සඳහා උපාසකවරුන් පස්දෙනකුගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

ඒ උපාසකවරු පස් දෙන බණ අසනු කැමති ව විහාරයට ගොසින් බුදුන් වැඳ ගෙණ එකත් පස් ව හුන්හ. සර්වවඥවරයන්ට ද ‘මූ රජ දරුවෝ ය, මූ බ්රාගහ්මණයෝ ය, මූ පෝසත්තු ය, මූ දුප්පත්තු ය, මුන්ට බණ වඩා කියමි. මුන්ට අඩු කොට කියමි’ යන අදහස් උපදනට නැත. කවර ත් කෙණකුන් අරභයා බණ වදාරන කළ වදාරන බණ පොහොසතුන් කරා පැමිණ පෝසත් වීමක් හෝ දුක්පතුන් කරා පැමිණ දුක්පත් වීමක් හෝ නැති බැවින් ධර්ම ය තෙමේ එක තරම් ම‍ ය. එ හෙයින් ධර්මබ ගෞරව ය පෙරදැරි කොට ආකාශ ගංගා ව බිමට බානාක් මෙන් අති විස්තර කොට දෙසන සේක. එ සේ බණ වදාරන බුදුන් ලඟ හිඳ බණ අසන පස් දෙනා ගෙන් එක් කෙණෙක් බණ ඇසීමෙහි තර අදහසක් නැති බැවින් හිඳ ම නිදන්නාහු ය. එක් කෙණෙක් ඇඟිල්ලෙන් බිම හිරි හැඳ හැඳ හුන්හ. එක් කෙණෙක් ලඟ සිටි ගසෙක අත්තක් සොලව සොලවා හුන්හ. එක් කෙණෙක් බණ එන අත් බලන්නා සේ ආස බල බලා හුන්හ. එක් කෙණෙක් ගිය වේලෙහි පටන් අසන්ට ගිය බණ හෙයින් වික්ෂෙහප රහිත ව සකසා බණ ඇසූ ය.

අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන්ට පත් සලා සලා සිටි සේක් උන් පස් දෙනාගේ ම බණ අසා ගන්නා සැටි ය දැක ‘ස්වාමීනි, මුඹ වහන්සේ මුන් පස් දෙනකු හෙයින් පර්ෂන ත් මඳ වේ දැ’යි නො සිතා සතර මහ දිවයින එක පැහැර වස්නා වැස්සක් මෙන් බන දෙසන

914 සද්ධර්මබරත්නාවලි ය

සේක. මූ පස් දෙන මුඹ වහන්සේ මෙ ලෙස බණ වදාරත ත් එක් කෙණෙක් රෑ නිදි නො ලද්දා සේ නිඳ නිඳා හිඳිති. එක් කෙණෙක් ඇසූ ඇසූ බණ වැල්ලේ ලියා සිතට නඟන්නා සේ බිම හිරි හැඳ හැඳ හිඳිති . එක් කෙණෙක් වල් ව ගිය කෙණකුන් තමන් හුන් නියා ව හඟවන්ට අතු පතු සොලවන්නා සේ අත්තක් සොල ව සොලවා හිඳිති. එක් කෙණෙක් නකත් තරු බලන්නා සේ අහස බලා බලා හිඳිති. එක් කෙණෙක් නකත් තරු බලන්නා සේ අහස බල බලා හිඳිති. එක් කෙණෙක් කන් යොමු කොට සකස් කොට ම අසතී’ වදාළ සේක.

බුදුහු ඒ අසා ‘ආනන්දකයෙනි, තොපි මුන් හැම දනු දැ’ යි විචාළ සේක. ‘නො දනිමි, ස්වාමීනි’ කී කල්හි ‘හෙම්බා මුන් හැම දෙනා ගෙන් යමෙක් තෙමේ අසන බණ තබා ලා නිඳා නම් ඒ තෙමේ සියක් ජාතියෙහි සර්පු ව ඉපැද දරණ ගබ හිස තබා නිඳි ය. දැනු ත් මූට නිදීමෙන් රිසි යෑමෙක් නැත. එ හෙයින් මාගේ බණ මූ කන හෙන්ට නැතැ’යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, ඒ සර්ප ව උපන් ජාති පන් සිය ය පන්තීන් වදාළ නි යා ද? නො හොත් අතරතුරෙක උපන් ජාති ගෙණ වදාළ නියා දැ’යි විචාළ සේක. ‘ආනන්දතයෙනි, මූ කලෙක මිනිස් ලොව හා ‍කලෙක දේවතාව හා කලෙක නාග ව උපන් කල්හි නාග ව උපන් ජාති ගෙණ කියතොත් එ සේ නාග ව උපන් ජාති බුදු නුවණිනුත් පිරිසිඳ දත නො හැක්ක. පිළිවෙළින් ම පන් සියයක් ජාතියෙහි නාග ව ඉපැද තර ව නිඳූ හෙයින් දැනු ත් නිඳන්ට සුරු ය’යි වදාළ සේක.

ඔහු බණ අස අසා හිඳ නිඳීමට කාරණ ය වදාරා ලා ඇඟිල්ලෙන් බිම හිරි හැඳ හැඳ උන් තැනැත්තේ පිට පිට හෙළා පන් සියයක් ජාතියෙහි ගැඩවුල් ව ඉපැද යන එන ගමනේ බිම හිරි හැඳ දැනු ත් ඒ අභ්යාගසයට බිම හිරි ඇඳීම් පමණක් මුත් උයි ත් අසන බණෙක් නැත. අත්ත සොලව සොලවා හුන් තැනැත්තේ ද අසන බණෙක් නැත. අත්ත සොලව සොලවා හුන් තැනැත්තේ ද පිළිවෙළින් ජාති පන් සියයෙක වඳුරු ව උපන. දැනු ත් පෙර පුරුද්දට අතු පත් සොලව සොලවා හිඳී. අත්ත සෙලවුණු හඬ අසත් මුත් මා කියන බණින් ඌ කන හෙන දෙයක් නැත. ආස බලා බලා හුන් බමුණු ද පිට පිට හෙළා පන් සියයක් ජාතියෙහි නැකැති ව උපන. ඒ ඒ ජාතිවල නකත් තරු බල බලා පුරුදු හෙයින් ද අද ත් ආස ම බලයි. මා කියන බණින් ඌට ඇසෙන දෙයෙක් නැත. එ හෙයින් ඇළ අශුද්ධ කලට කුඹුරට වදනා දියක් නැත්තා සේ උන් හැම දෙනා ගේ ත් ක්රිදයා නමැති ඇළ නපුරු ව අදහස් නමැති කුඹුරුවලට සදහම් නමැති පැන්


201. උපාසකවරුන් පස් දෙනකු ගේ වස්තුව 915

වදිනට නො වී ය. තෙල යහපත් කොට බණ අසන තැනැත්තේ පිට පිට හෙළා පන් සියයක් ජාතියෙහි වෙද මන්ත්රප හදාරන බ්රාැහ්මණව උපන්හ. දැනු ත් මන්ත්රම සමන්නා කෙ‍ණකුන් මෙන් සකස් කොට බණ අසති’යි වදාළ සේක.

‘ස්වාමීනි, මුඹ වහන්සේ වදාරන බණ නම් සිත හෙළා අසන්නවුන්ට තුනු ඡවිය ත් බොල ඡවිය ත් මසු ත් නහර ත් ඇට ත් වැද ගෙණ ගොසින් ඇට මිදුලේ පැහැර සිටිනට ඇත. මොහු සතර දෙන කුමක් නිසා සිත හෙළා නො ඇසුණැ’යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, අපගේ ධර්මි ය අසන්ට හැම දෙනාට පිළිවන්දැ’යි වදාළ සේක. ‘හැයි, ස්වාමීනි, අසන්ට බැරි සැටිත් ඇද්දැ’යි විචාළ සේක. එ සේ ය’යි වදාළ කල්හි ‘කුමක් නිසා දැ’ යි විචාළ සේක. ‘ආනන්ද යෙනි, තුනුරුවන් නම් පමණකු ත් ලක්ෂක ගණන් කප්වල මේ සත්ව යන් ඇසූ විරූ නැත. එ හෙයින් අනභ්යානස හෙයින් මේ ධර්මන ය අසන්ට සිත් පමණකු ත් හට නො ගන්නී බුදු නුවණිනු ත් නො දත හැකි අක් මුල් නැති සසර මේ සත්තු සග මොකට ඩහක් රාම-ශීතාදී කථා ම අසා පුරුද්දෝ ය. එ හෙයින් කෙළි මඬුලු ආදියෙහි පිරෙන පිණක් නැත ත් නටා ගී කියා ඇවිදිති . ගෙයි පටන් බණ අසන්ට ම නියැලී ගොසින් අසන බණ තබා කෙළි ලළුයෙන් දවස් යවති. එ බඳු යහපත් අදහස් පමණෙකු ත් නැතැ’ යි වදාළ සේක.

වදාරා ලා එ බඳු අදහස් නැති වන්ට කාරණ වදාරණ සේක් ‘ආනන්දඑයෙනි, රා දොස් ඈ කෙලෙසුන් නිසා සත්වදයන්ට එ බඳු අදහස් ඇති නො වෙයි. කල්ප විනාශ කාලයෙහි සත් හිර පහළ වීම නිසා උපන්නා වූ කප ගින්නත් දැවු ව මනා දෙයින් කිසිවකු ත් නො තබා දවයි. එතකුදු වුව ත් ඒ ගින්න කිසි කලෙක දවයි. රාග නමැති ගින්න නො දවන කලෙක් නැත. එ හෙයින් දුමු ත් නො දක්වා අඟුරු ත් ඇති නො කොට ශරීර ය ඇතුළත ම ඇති ව දැවීමෙන් රාග ය වැනි වූ ගින්නකු ත් නැත. යක්-පිඹුරු-කිඹුල් ආදීහු හැම කල් ම ඇල්විය නොහෙන්නෝ වෙති. වෙෂය තෙමේ යම් තාක් ප්ර හීණ නො වී නම් හැම කල් ම අල්වයි. එ හෙයින් ද්වෙෂ ය වැනි වූ අපායෙහි හෙළීමට තර ව අල්වන කෙ‍ණකු ත් නැත. නැවත ඉස වසා අවුල් ව හී මෙන් මොහ ය වැනි වූ දැළෙකු ත් නැත. ගං වැව් ආදි ය පිරී තිබෙන කලු ත් අඩු ව තිබෙන කලු ත් වියළී තිබෙන කලු ත් පෙනෙයි. තෘෂ්ණා නමැති ගඟ පිරුණු කලක් වේව යි, වියළුණු කලක් වේව යි, රහත් මඟින් නැසෙන තැන් දක්වා පෙනෙන්ට නැත. නිරන්තරයෙන් අඩු ව ම පෙනෙන හෙයින් පුරා ලිය නො හැකි වීමෙන් තෘෂ්ණාව වැනි වූ ගඟකු ත් නැතැ’යි වදාළ සේක.


916 සද්ධර්මුරත්නාවලි ය

දෙශනා කෙළවර සකස් කොට බණ ඇසූ උපාසකයෝ සෝවාන් වූහ. තවත් පැමිණි යම් කෙණකුන්ට මේ දෙශනාව සප්රායෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් රාගාදි කෙලෙසුන් තදඩ්ගාදී වශයෙන් නසා ශීල සංරක්ෂතණා දී වූ සුචරිතයෙහි හැසිර භව ක්ෂ යට උත්සාහ කටයුතු.

202. මෙණ්ඩක මහා සිටාණන්ගේ වස්තුව[සංස්කරණය]

තව ද දාන මුඛයෙන් පැවති පරිත්යාසග ය තෙමේ ලඝු වී නමුත් නුග බිජු වට කුඩා වුව ත් එයින් ඇති වන ශාඛා මහත් වන්නා සේ විපාක මහත්ව් ය හඟවන්ට මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

බුදුහු අඞ්ගුත්තරාප නම් දනවුවෙහි සැරි සරන සේක් මෙණ්ඩක මහ සිටාණන් ද, ඇඹේණියන් චන්දැපදුමා දේවීන් ද , පුතණුවන් ධනඤ්ජය සිටාණන් ද, යේළණියන් සුමනා දේවීන් ද, මිනිබිරිණියන් විශාඛාවන් ද, පුණ්ණ නම් වූ කොල්ලණුවන් දැ යි මුන් හැමදෙනා සෝවාන් වන්ට නිසි පින් ඇති නියාව දැන භද්දිය නුවරට වැඩි සේක. මැඬ මහ සිටාණෝ ද එ නුවරට බුදුන් වැඩි නියාව ඇසූ ය.

උන්ට මැඬ මහ සිටාණෝ ය යි කියන්ට කාරණ කවරේ ද යත් - උන්ගේ ගෙ පිටිපස්සෙහි බිජුවට එක් යාළ දොළසාමුණක් විතර වප් යන තැන්හි මහත් තරමින් ඇතුන් සා වූ ත් මද්ධ්යාම තරමින් අසුන් සා වූ ත් කුඩා තරමින් ගොන් සා වූ ත් ඝන රන් මුවා එළුවෝ මහ පොළොව පළ ගෙණ පිටින් පිට පැහැර පැන නැංගාහු ය. උන්ගේ කටවල පස් පෑයෙකින් විසිතුරු වූ පලස් හුවට ගන්වා තිබෙයි. ගිතෙල් තල තෙල් ආදියෙන් හෝ රත් රන් මුතු මැණික් ලෝ කඩ තඹ යකඩ ආදියෙන් හෝ ප්ර යෝජනයක් ඇති කල්හි හැම එළුවන් සිටිය දී එකක්හුගේ කටින් වුව ත් පලස් හූවට ගැළ වූ නම් දඹදිව වැස්සන්ට සෑහෙන පමණ ලෙස එකී දෙය නික්මෙයි. එ තැන් පටන් මු තුමූ මැඬ මහ සිටාණෝ ය යි ප්රලසිද්ධ වූ හ.

එ සේ එළුවන් ලැබීමට කළ පින ක‍වරේ ද යත් - විපස්සි නම් බුදුන් සමයෙහි මූ තුමූ අවරොජ නම් වූ බුදුන් දාවල් දවස


202. මෙණ්ඩක මහා සිටාණන් ගේ වස්තුව 917

වැඩ හිඳිනා ලෙස ත් දාවල් බණ වදාරණ ලෙසත් කුඤ්ජර ශාලා නම් වූ මණ්ඩප ගෙයක් කරවාලි නම් යහපතැ යි සිතා වලට මිනිසුන් යවා ඊට නිසි වූ දඩු පත් ගෙන්වා ගෙන එක් ටැඹෙක් රන් බඳවා ය. එකි ටැඹෙක් රිදී පත් සඹලවා ය. එක් ටැඹෙක්රුවන් කර්මාමන්ත කරවා ය, යි මෙ සේ ටැම් පේකඩ පුවරු සඟල සංගාළියම්1 දොරලි දොර බා ගොනැස් පුවට්ටු ආදියත් රන් බැඳුව මනා දෙයෙහි රන් බඳවා රිදී පත් සඹල මනා දෙයෙහි රිදී පත් සඹලවා රුවන් කර්මාෙන්ත කැරවුව මනා දෙයෙහි රුවන් කර්මාීන්ත කරවා මයිලණුවන් කැර වූ ගඳකිළියට ඉදිරියෙහි සත් රුවන් මුවා වූ කුඤ්ජර ශාලා නම් මණ්ඩපයක් කැර වූ ය. සොයන උළු ත් එ ලෙස ම කරවා සොයවා නිම වූ ය.

ඒ මණ්ඩපයෙහි කොටත බිබිල රන්මුවා ය. බිසෝ කොටුව හා කැරැල්ල පබළු මුවා ය. ඒ කුඤ්ජර ශාලාව මැද බුදුන් වැඩ හිඳිනා විතරකට වෙන තෝරා රුවන් මඬුවකු ත් කරවා ලා බුදුන් වැඩහිඳ බණ වදාරන ලෙසට හැඳකු ත් කරවාලූ ය. ඒ ඇ‍ඳෙහි ඇඳ පත් හැඳවතු ත් ඝන රන්මුවා ය. රන් එළුවන් සතර දෙනකු කරවා ඇඳ පා සතරට පා අළු කොට ලවා ලූ ය. ඝන රන් එළුවන් දෙන්නකු කරවා ආසනයෙහි වැඩ හිඳිනා කල පය ඔබා ගන්නා ලෙසට තැබ්බුවූ ය. එළුවන් සදෙනකු ඝන රනින් කරවා මණ්ඩප ය වට කොට සිටුවා ලූ ය. බණ වදාරන්ට වැඩ හිඳිනා ඇඳ ද පළමු කොට හූ ලණුවලින් වියවා ලා මද්ධ්යව ය රන් කෙන්දෙන් වියවා ලා මොළොක නිසා මුඳුන පටහුයින් වියවූ ය. වැතිර වැඩ හිඳිනා සඳුන් දණ්ඩෙන් පිටාටුවකු ත් ගස්වා ලවා ලූ ය.

මෙ සේ කුඤ්ජර ශාලාව නිමවා ලා කරවා නිමි පූජාව කරණ තැනැත්තෝ බුදුන් ප්රනධාන කොට ඇති එක් ලක්ෂැ අට සැට දහසක් වහන්දෑට ආරාධනා කොට සාර මසක් මුළුල්ලෙහි මහ දන් දුන්හ. දන් දී නිමවන දවස් හැම දෙනා වහන්සේටම තුන් සිවුරට සෑහෙන ලෙස පිළී පිළිගැන්වූහ. හැම දෙනා වහන්සේට පැවිද්දෙන් බාල ව සිටි නම් ලත් සිවුරු පිළිදහසක් වට්ටී.

මෙ සේ විදර්ශි බුදුන් සමයෙහි මේ පින්කම කොට එයින් සැව දෙව් ලොව ත් මිනිස් ලොව ත් අගති ගමනක් නු වූ හෙයින් චුති ප්රවතිසන්ධි වශයෙන් මිය ඉපැද ඇවිදිනාහු අනූ කපක් ගෙවා පියා මේ අපගේ බුදුන් බුදු වූ කප බරනැස් නුවර මහ සැප ත් ඇති සිටු කුලයෙක ඉපැද බරණැස් සිටාණෝ ය යි ප්රැසිද්ධ වූ ය. ඌ එක් 1 සහලියම් , සහළියම් , සහාළියම්


918 සද්ධර්‍මරත්නාවලි ය

දවසක් රජ්ජුරුවන් දක්නට යන්නෝ පෙරෙවි බමුණානන් අතුරු මහදි දැක ‘කුමක් ද, ආචාරිනි, නකත් මොහොත් බලා පරීක්ෂා කෙළේ ඇද්දැ’යි විචාරා අනික් අප කරන්නේ කිම් ද? ඊට ම නියැලී ඉඳිනා බැවින් බලන්නමෝ වේ දැ’යි කී කල්හි රටට වන වැඩ අවැඩ කවරේ දැ’යි විචාළෝ ය. සෙසු කුමක් ද ? එක් භයෙක් වෙ යි’ කියා ග්රවහ විඝ්නයක් දැක දෝ කීහ. කුමන භයෙක් දැයි සිටාණන් විචාළ හෙයින් සායක් රටට වන නියා කිවු ය. කෙතෙක් කලින් දැ යි සිටාණන් විචාළ කල්හි තුන් හවුරුද්දකින් වන නියා ව කිවු ය.

සිටාණෝ ඒ අසා බොහෝ ගොවිතැනු ත් කරවා ඉනු ත් ගෙයි ඇති වස්තු ත් වියදම් කොට ශාලි විරිහි ආදී ධාන්යයයන් රැස්කරවා එක් දහස් දෙ සිය පනසක් විතර බඬසල් වෙයි. කරවා ලා ඒ හැමයේ ම දෙ‍ ලෙසින් එක් කළ වී පුරවා ලූ ය. බඩසල්වලට බොහෝ දෙය අවසර ව තිබෙන සැළි තාළි කළ කොතලා ආදියෙහි පුරවා පියා තව ත් බොහෝ හෙයින් බිම වළ ගස්වා පියා ලවා තව ත් බොහෝ හෙයින් ම මැටි හා එක් කොට හනා පිය භිත්ති වල ගස්වා පීහ.

තුන් හවුරුද්ද පලා ගොසින් සාය අවුත් වන් කල්හි නියඟ තද හෙයින් ගොයම් කිරීම් නැති ව අඩුව1 පුරා සම්හ වන වී සාල් නැති ව රැස් කොට තුබූ වී සාල් කන්ට පටන් ගෙන බඩසල් මුළුල්ලෙහි වි ත් නිමා සැළි වලන් ආදියෙහි තුබූ වී ත් නිමි කල්හි බත් කන අය ත් බොහෝ හෙයින් බතු ත් සපයා ගත නො හී පරිවාර කැඳවා ලා තෙපි හැම දෙන පිළිවන් පිළිවන් තැනකට පලා ගොසින් ජීවත් ව ගෙන රට බත් ඇති කලට මා ලඟට එනු කැමැති කෙණෙක් නැඟී එව. ඊට ත් බාධා නැත. එනු නො කැමති කෙණකුන් අවමැනවැ යි නැත. ගිය ගිය තැන ම රඳන බව ය. සාය අවධියේ යවා පී හෙයින් නො ආව යි කියා අපි මුසුප්පු ත් නැතැ’යි කිවු ය. ඌ හැම ත් රඳා ජීවත් විය නො හැකි හෙයිනු ත් සිටාණන්ගෙන් සම්මත ඇති හෙයිනු ත් පලා ගියහ.

සායා නො සලකා ස්වාමි පක්ෂ පාත කම් ම තකා උන් ලඟ පුණ්ණ නම් කොල්ලණු කෙණෙක් ම රඳා පීහ. එ හෙයින් උන් හා සමඟ සිටාණෝ ය. සිටු දුවණියෝ ය, පුතණුවෝය. යේළණියෝ යයි පස් දෙනෙක් ම වූ ය. රැඳුණු පස් දෙන බිම වළ වල තුබූ වි ත්

1 අටුව



202. මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව 919

නිමි කල්හි මස් දවස් ගණනක් නො ව සාය තුන් හවුරුද්ද ම සිටි හෙයින් භිත්තිවල වී මුසු මැටි ත් සාරා වගුරුවා ගෙන මැටි තෙමා වී වෙන් කොට ගෙන ඉනු ත් යැපෙති. සිටාණන්ගේ ඇඹේණියෝ ද සාය ත් බලවත් ව මැටියෙහි තුබූ වී ත් නිමා ගෙන යන්නා භිත්ති කැබැල්ලෙක තුබූ මැටි සුඟ සාරා වගුරුවා ගෙන තෙමා පියා ගරා පෙරා වී දෙ නැළියක් දුක සේ ලදින් එ ගෙම හෙයින් පෑර පියා සාල් නැළියක් ලදින් සාය සමයේ සොරුන් බොහෝ හෙයින් රැක තබනු නිසා කළයක ලා ලා පස් නො වදනා ලෙසට වසා ලා එළියේ තුබූ වෝ ත් සොරුන් කලයේ නො නවත්නා හෙයින් බිම වළක් සාරා ලා පස් වසා තබා ලූහ.

සිටාණෝ ද රජ්ජුරුවන් දැක පියා අවුත් ‘සොඳුර, බඩ සා ය. කිසිවක් ඇ ද්දැ’යි විචාළෝ ය. උයි ත් සාල් නැළියක් පමණ ඇති හෙයින් නැතැයි නො කියා ‘සාල් නැළියෙක් ඇතැ’යි කිවු ය. ඒ කොයි දැ යි විචාළ කල්හි සොරුන් හැර ගනිති යි සිතා සඟව තබා ලූ නියා ව කිවු ය. ‘එ සේ වී නම් ඒ මෑත් කොට ගෙණ පිස ව යි කිවු ය. සිටු දුවණියෝ තමන් ඉතා ලෙටි පාට ව හෙයින් මේ සැල් නැළියෙන් උළු කැඳක් පිසම් නම් මනාව මනාව බැවින් දෙ‍ වේලකට ඇත. බතක් පිසතො ත් අප පස් දෙනකු හෙයින් සෙස්සවුන් හැර මුන් වහන්සේ නො කන හෙයින් එක වේලකට මුත් නැත. විචාරා අදහස් ලෙසක් කරමි යි සිතා ‘කුමක් පිසම් දැ’ යි විචාළෝ ය. සිටාණෝ ‘තොපගේ බලයෙන් රැක තබා ගත් මේ සාල් නැළිය විනා අනික් ජීවනූපායක් නැත. මියන ගමන් බත් අනුභව කොට ම මියම්හ. බත් ම පිසව’යි විධාන කළහ. උයි ත් සාල් නැළියේ බත පිස ලා පසු ව පමණ නො දැනෙන හෙයින් ආදි කොට ම කොටස් පසක් කොට බෙදා ලා සිටාණන්ට නිළ කළ කොටස තළියෙක ලා ලා ඉදිරියේ තබා ලූ ය.

ඒ වේලාට හිමවත ගඳමහන් පව්වෙහි නන්දත මූලක නම් ගල්ලෙණ වසන පසේ බුදු කෙණකුන් වහන්සේ සමවන් සමවතින් නැගි සේක. ඇතුළු සමවත දී සමවත් බලයෙන් බඩ සාය නො දැනෙයි. සමවතින් නැඟි කල ම ක්ෂුධාව බලවත් වෙයි. එ දවස් බතක් නො ලදොත් ආහාර ක්ෂකයින් මරණ වන හෙයින් ලබන තැනක් සලකා ම සිඟා වඩිනා සේක. එ දවස් ඔබට දන් දුන් කෙණෙක් සෙනෙවිරත් තනතුරු ආදියෙන් එක්තරා තනතුරකට පැමිණෙත්. එ හෙයින් එ දවස් පසේ බුදුන් වහන්සේ ද දිවසින් ලොව බලන සේක් සියලු දඹදිව සාය ගැති වි ය. බරණැස සිටානන්ගේ ගෙයි සාල් නැළියක් විතර බතක් පැසී තැබූයේ ය.


920 සද්ධර්ම්රත්නාවලි ය

බත් වන්නා මඳක් වුව ත් ඇති ව තුබූ යේ වේ ද ? සංග්රකහ කිරී මට තරම් වූ සැදෑ සිත් කිම් දෝ හෝ’යි විමසා පස් දෙන ම සැදෑ ඇති නියාව ත් සංග්රසහ කරන්ට බල ඇති නියා ව ත් දැන ගැට වටු ගන්වා පාත්ර ය ත් පටවා ගෙන නිල් වූ ගුවන් කුසින් නිල් බිමෙක ලා ලන රන්වන් පට්ටිකාවක්1 මෙන් වැඩ සිටාණන්ගේ ගෙයි දොරකඩ සිඟා සිටි සේක.

සිටාණෝද ඔබ දැක පහන් සිත් ඇති ව පෙර ත් කම් පල අදහා දනක් දී නු ලූ හෙයින් දෝ සායක් දුටුම්හ. මේ බත් සුඟ රැක පියා නම් එක දවසක් පමණ රැක පිය යි. මුන් වහන්සේට පිළිගන්වා පීම් නම් පින් විෂයෙහි පවත්නා කුසල් ජවන් හෙයින් අසුරු සනකට සතර නැළි ගන්නා ලාස්සෙන් එක්සිය පනස් යාළ සතරමුණු අටලාස්සක් වී ඇට ගණනේ කුසල් ජවන් උපදනා හෙයින් දී ලන බත් සිඟිත්ත මඳ වුවත් කුසල් ජවන් බොහෝ වූ පමණින් නො එක් කප් කෙළ ගණනෙහි ලොවී සම්පත් සාධා දී ලා කෙළවර ලොවුතුරා සැපතු ත් සාධා දී ල යි සිතා බත් තලි ය ඉවත් කොට තබා ලා පසේ බුදුන් කරා ගොසින් පසඟ පිහිටුවා වැඳ ලා ගෙට වඩා ගෙණ ගොසින් ඒ බත් තළි ය හැර ගෙණ පසේ බුදුන්ගේ පාත්රායට පිළිගන්වන්ට වන්හ. භාගයෙනුත් භාගයක් විතර පිළිගන්වා ලු කලට පසේ බුදුහු අතින් පාත්රව ය වසා ගත් සේක. ‘ස්වාමීනි, මේ බත් සුඟ නම් සාල් නැළියේ පස් කොටසක් කළායෙන් එක් කොටසෙක. මේ දෙකක් කරන්ට නො පිළිවන . කරණ සංග්රසහයක් පරලොවින් මුත් මෙ ලොවින් නො කැමත්තේ ය. සුඟකු ත් නො රඳවා පිළිගන්වනු කැමැත්තෙමි’ කියා ලා තමන් ලත් කොටස පිළිගන්වා පීහ.

පිළිගන්වා ලා ‘ස්වාමීනි, මේ ජාතියේ පටන් නිවන් දක්නා ජාති දක්වා මෙසේ වූ සායකුත් නො ‍දකිම්ව’යි මෙ වක් පටන් දඹදිව වැස්සන්ට බත් බිජුවට ත් දිය හෙම්ව යි. සිය අතින් කර්මාකන්ත ය කුත් නො කෙරෙම්ව යි. එක් දහස් දෙසිය පනසක් විතර බඬ සල් අවසර කරවා ලා ඉස් සෝධා නා පියා බඬ සල් දොරකඩ හිඳ සිස් වූ ආස බලන්නා ම අදහස නො සිස් ව රත්හැල් වී කඳු අවුදින් සිස් ව තුබූ බඩ සල් පුරා ලව යි. උපනුපන් තැන මෙ ම සිටු දුවණියෝ අඹු වෙත්ව යි. මෙ ම පුතණුවෝ පුත් වෙත්ව යි. මෙ ම යේළණියෝ යේලි වෙත්ව’යි මෙ ම කොල්ලණුවෝ කොලු වෙත්ව’යි කියා ලා පතා ගත්හ. දී පියන දන් ස්වල්ප වුව ත් පතා ලු පැතීම සුඟ නො වී ය.

1 පට්ටිගාවන්



202. මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව 921

සිටු දුවණියෝ තමන් ලත් බත් කොටස ත් පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘නිවන් දක්නා ජාති දක්වා සායකු ත් නො දකිම් ව යි , සාල් දෙ නැළියක් විතර පැසෙන සැළි ගැටෙකින් බතක් පිස තබා ගෙණ දඹදිව වැස්සන් මුළුල්ලට බත් බෙදා දෙත ත් යම් තාක් නැඟී නො සිටිම් ද ඒ තාක් සැළියේ බත් නො ගෙව් ව යි, උප නුපන් ජාතියෙහි මේ සිටාණන් වහන්සේ ම මට ස්වාමි වන සේක් ව යි, මේ පුතණුවෝ පුත් වෙත් ව යි, මෙ ම යේළණියෝ යේළි වෙත් ව යි, මෙ ම කොල්ලණුවෝ කොලු වෙත් ව’යි පතා ගත්හ.

පුතණුවෝ ද තමන් ලත් බත් කොටස ත් ‍පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වු සායකු ත් නො දකිම්ව’යි දහසින් බඳ පියල්ලක් හැර ගෙණ දඹදිව් වැස්සන්ට රන් බෙදා දෙත ත් පියල්ල අඩු නො වේව’යි නිවන් දක්නා ජාති දක්වා මෙ ම දෙ මවු පියෝ ම දෙ මවු පියෝ වෙත් ව යි, මෙ ම ඇඹේණියෝ අඹු වෙත් ව යි, මෙ ම කොල්ලණු‍වෝ කොලු වෙත් ව’යි පතා ගත්හ.

යෝළණියෝ ද තමන් ලත් බත් කොටස ත් පසේ බුදුන්ට පිළි ගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වූ සායකු ත් නො දකිම් ව යි, තිඹක් පල්ලාසක් විතර වී ගන්නා වී පෙට්ටියක් ඉදිරියේ තබා ගෙණ සියලු දඹදිව් වැස්සන්ට බත් බිජුවට බෙදා දෙත ත් පෙට්ටි ය අඩු නො වේව’යි කියා පතා ගත්හ. නැවත එ වක නැදි මයිලන් ම නැදි මයිලන් වන්ට හා එ වක ස්වාමි වූ සිටු පුත්ර්යන් ම ස්වාමි වන ලෙසට පතා ගත්හ.

කොල්ලණුවෝ ද තමන් ලත් බත් කොටස ත් පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වූ සායකු ත් නො දකිම් ව යි, සීයක් සෙම් නම් මෑතින් හී විටි තුනක් හා ඈතින් හී විටි තුනක් හා මධ්යවයෙන් හී විටක් හා එක් දඬු ඔරු සා හී විටි සතෙක් එක විට යේව’යි පතා ගත්හ. ඌ එ දස් කැමැත්තොත් සෙනෙවිරත් තනතුරක් වත් ලබන්ට නිසි ව ස්වාමි දරුවන් කෙරෙහි කළ ස්නේහයෙන් ‘මේ ස්වාමි දරුවෝ ම ජාති ජාතියෙහි ම ස්වාමි දරු වෙත්ව’ යි පතා ගත්හ.

පසේ බුදුහු ද ඒ හැම දෙනාගේ ප්‍්හාර්ථනා කෙළවර ‘ඒ එ සේ ම වේව’ යි වදාරා ප්‍ු ෙත්ය‍ක බුද්ධ ගාථාවෙන් අන්මෙවුනි කොට ලා ‘යන ගමනිනු ත් හැම දෙනාගේ සිත පහද ලුව මනා වේ දැ’යි සිතා මෙ තැන පටන් ගඳ මහන් පවුව දක්වා යන්නා වූ වා මොහු බල බලා සිටිත්ව’යි ඉටා ලා වැඩ පී සේක. උයිත් ඔබගේ ඉටන් බෙලෙන්

922 සද්ධර්මෙරත්නාවලි ය

බල බලා ම සිටියහ. උන් වහන්සේ ත් වැඩ සාල් නැළියේ බත් පන් සියක් පසේ බුදුවරුන් වහන්සේ හා සමඟ බෙදා වැළඳූ සේක. ඒ බත සුඟ වුව ත් උන් වහන්සේගේ ආනුභාව ය නුසුඟ බැවින් හැම තැනට ම සෑහිණ. ඔහු පස් දෙනා බෙදා වළඳන නියාව බල බලා සිටියහ.

හිර මුඳුනෙන් ගැළ වූ කලට සිටු දුවණියෝ ද සැළි ය සෝධා පියා මලාවෙකින් වසා තබා ලූ ය . සිටාණෝ ද බඩ සාය බලවත් හෙයින් වැද හෙව නිඳා පියා සවස පිබිද ඇඹේණියන්ට ‘බඩ සාය දැඩි ය. බත් පිසූ සැළි පල්ලේ දමු කඩ ඇද්දැ’යි කිවු ය. සිටු දුවණියෝ සැළි ය සෝධා තිබූ නියා දැන ත් නැතැ යි නො කියා මලාව හැර ලා ම හඟවමී’ නැඟී සිට සැළි ය කරා ගොසින් වසා ලූ මලාව හැර ලූ ය. ඒ ඇසිල්ලෙහි ම තුඹ මල් රැසක් වැනි වූ බතින් සැළි ය පිරි වසා ලූ මලාවත් උපුල්වා ගෙන සිටියේ ය.

උයි ත් ඒ දැක ප්රීවතීන් පිනා ගොසින් සිටාණන්ට ‘ස්වාමීනි, නැඟී සිටිය මැනව මම වැළි ත් බත් පිසූ සැළි ය සෝධා පියා වසා ලා තබා ලීමි. දැන් ඒ සැළි‍ ය තුඹ මල් රැසක් වැනි වූ බතින් පිරී තිබිණ. පින් නම් නො මැළි ව කළමනා දෙයක. තමාට නැත ත් දන් නම් දිය යුතු දෙයෙක. දන් දී මෙහි විපාක ඔබ්බෙන් අසා දත මැනැවැ’යි නැති ව අපි ම ඇස දුටුම්හ. නැඟී සිට බත් අනුභව කළ මැනැවැ’යි කියා ලා දෙ පුතු පියන්ට බත් ලා ලූ ය. උන් බත් කා නැඟී සිටි කලට යේළණියන් හා එක් ව වැද හිඳ බත් කා ලා ඉඳුල් බත්1 පුණ්ණ නම් කොල්ලණුවන්ට දුන්හ.

සැළියේ බතු ත් උතුරුකුරු දිව සාල් නැළියෙක බත සේ නො ගෙවෙයි. එ දවස් ම එක් දහස් දෙ සිය පනසක් විතර බඩ සලු ත් රත් හැලින් පිරිණ. සැලි වළන් ආදිය ත් ආදි පිරුණා සේ පිරිණ. සිටාණෝ ද ‘අපගේ ගෙයි බත් ඇති වි ය. බත් බිජු වටින් ප්ර යොජන ඇති කෙනකුන් අවුත් හැර ගත මැනැවැ’යි නුවර විධාන කැර වූ ය . නුවර වැස්සෝ ද උන් ගෙන් බත් බිජුවට ලත්හ. නුවර වැස්සන් තබා සියලු දඹ දිව වැස්සෝ ත් සිටාණන් නිසා බත් බිජුවට ලත්හ. එ වක් පටන් සිටාණන් ගේ කුශල මහිමයෙන් රට සාය ත් නැති වි ය.

සිටාණෝ ද ආයු පමණින් සිට ලා එයින් චුත ව දෙව් ලෝ මිනිස් ලෝ දෙක් හි චුති ප්රිතිසන්ධි වශයෙන් හැසිරෙන්නෝ මේ

1 ඉස්වුන බත - ඇතම්


202. මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව 923


අපගේ බුදුන් සමයෙහි භද්දිය නුවර සිටු කුලයෙක උපන්හ. සිටු දුවණියෝ ද මහ සම්පත් ඇති සිටු කුලයෙක ඉපැද වැඩි විය පැමිණ මැඬ මහා සිටාණන්ට ම සරණ අවු ය. ඒ සිටාණන් කුඤ්ජර ශාලාව කරවා ලූ පින් කම නිසා ගේ පිටි පස්සෙහි රන් එළුවෝ පහළ වූහ. කරවන එ වක පුතණුවෝ දැනු ත් පුත් වූහ. යේළියෝ යේලි ම වූහ. කොල්ලණුවෝ කොලු වූහ.

එක් දවසක් සිටාණෝ තමන් කළ කුශලයෙහි විපාක විමසනු කැමැති ව එක් දහස් දෙ සිය පනසක් විතර බඩ සල් අවසර කර වා ලා තුමූ ඉස් සෝධා නා පියා බඩ සල් ලඟ හිඳ අසා බලා ලූ ය. රත් හැල් වී කඳු අවුදින් බඬ සල් පුරවා ලී ය. සිටාණෝ සිටු දුවණියන්ට ත්, පුතණුවන්ට ත් යේළණියන්ට ත්, කොල්ලණුවන් ට ත් තමන් විමසු ලෙස ම විමසන්ට විධාන කළහ. විධාන ලදින් සිටු දුවණියෝ ආභරණ ලා සැරහී ගෙණ බොහෝ දෙනා බල බලා සිටිය දි සාල් දෙ නැළියක් මන්වා පියා ඉන් බත් පිසවා ලා දොරටුවේ පුටුවක් ලවා ගෙණ හිඳ රන් කෙණෙස්සක් හැර ගෙණ ‘බත් කනු කැමැති කෙණෙක් අව මැනැවැ’යි විධාන කරවා ලා ආ ආවුන් ගෙණ ගෙණා වළන් පුර පුරා දෙති. දවස මුළුල්ලේ බත් බෙදා දී ත් සැළියේ බත් අඩු වන්ට නැත.

උන් තමන් සසර සිටිනා කල බුදු පාමොක් මහ සඟනට වමතින් මලාව හා දකුණතින් සැන්ද හැර ගෙණ පාත්රො ය පුරා බත් පිළිගැන්වූ වමත්ල පුරා ගෙණ පියුම් ලකුණෙක් උපන දකුණු අත්ල පුරා ගෙණසඳ ලකුණක් උපන. කෙණ්ඩිකා ඩබරා ආදි ය හැර ගෙණ පැන් ඇති තැනට ගොසින් පැන් පරහා දීම් ආදි වූ මෙහෙවර කළ හෙයින් දකුණු පත්ල පුරා ගෙණ සඳ ලකුණ උපන. වම් පත්ල පුරා ගෙණ පියුම් ලකුණ උපන. එ හෙයින් ඌ තුමූ වන්දපදුමා නම් වූහ.

උන්ගේ පුතණුවෝ ත් ඉස්සෝධා නා පියා දහසින් බඳ පියල් ලක් හැර ගෙණ ‘රන් වුව මනා කෙණකුන් අව මැනැවැ’යි කියාලා ආ ආවුන්ට බෙදා දී සවස නැගී සිටිනා වේලාට මසු දහසින් මස්සකු ත් අඩු නො වීය. යේළණියෝ ද සව් බරණ ලා සැරහී ගෙණ වී පෙට්ටියක් හැර ගෙණ දොර මිදුලේ වැද හිඳ බත් බිජු වට කැමැත්තවුන් රැස් කරවා ලා ආ ආවුන්ට ගෙනා ගෙනා වළන් පුරා දුන්හ. සවස නැඟී සිටින වෙලාට පෙට්ටිය පිරුණු වන ම තුබුයේ ය. කොල්ලණුවෝ ද තමන් පළඳනට නිසි ආභරණ ලා සැරහි ගෙණ රන් වියයේ රන් රෑනින් ගොන් යොදා ගෙණ රන් 924 සද්ධර්මාරත්නාවලි ය

කැවිටක් හැර ගෙන ගොන් ඇඟ සුවඳ පස’ඟුල් දි ලා හං සතරේ රන් කුප්පි බහා ලා කුඹුරට ගොසින් සීයට පටන් ගත්හ. දෙ ඇළයෙන් තුන තුන හා මැඳින් එකක් හා හී විටි සතෙක් එක් දඬු ඔරු සා ‍වයෙයි. දඹ දිව් වැස්සෝ බත් බිජු වට ආදිය ත් රත්රන් ආදිය ත් සිටාණන් ගෙන් ම ගෙන යන්නාහ.

මෙණ්ඩක මහ සිටාණෝ ද බුදුන් එ නුවරට වැඩි නියාව අසා පෙර ගමන් කොට නික්මුණු තැනැත්තෝ අතුරු මග දි නිවටුන් නො එක් වාහකුල් කියා බුදුන් කරා ගමනට බාධා කොට කීව ත් උන් හැම දෙනා කරන වාහකුලට ත් වඩා කුශල කර්මනයාණන්ගේ පැරැත්ත ය බලී හෙයින් නො නැවත ගොසින් බුදුන් වැඳ එකත් පස් ව හුන් හ. බුදුහු ත් නො නැවත ආ ලෙසට ප්රුසාදයක් දෙන්නා සේ බණ වදාළ සේක. බණ අසා සෝවාන් වීමෙන් අපායට යන ගමන නැවැත්තා සේ ම තමන් බුදුන් කරා එන ගමන ත් නිවටුන් නවතන්ට උත්සාහ කළ නියාව කිවු ය.

බුදුහු ඒ අසා වදාරා ‘සිටාණෙනි, අනුන්ගේ මඳ වරදෙක් ඇත් නමුත් ඒ සුව සේ ම පෙනී යෙයි. හබ ඇට විතරට කුඩා වුව ත් මහ මෙර විතරට ත් මහත් ව පෙනෙයි. තමාගේ මහ මෙර විතරට ත් මහා වරදක් වුව ත් පරමාණුවක් විතරට ත් ඒ නො පෙනෙයි. අනුන්ගේ කුඩා වූ වරද මහත් කොට දැක ත් එ විතරෙකින් රඳා පූවොත් යහපත් වේද එසේ නො කොට උස් තැනෙක සිට රොඩු පොළා නඟන්නා‍ සේ ඒ ඒ තැන කියා ඇවිදිති. තමන්ගේ මහත් වරදක් වුව ත් සීනෙන් සැඟවෙන්නාසේ බළලුන් ඇස පියා ගෙන දී කන්නා සේ පර ලොව නො සැඟවෙත ත් පක්ෂිා වැද්දහු කැළයෙකැ යි අවුත් හිඳිනා ලෙසට කොළ කැළවලින් තමාගේ ශරීර ය වසන්නා සේ සඟවතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටුහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් තම තමන්ගේ ඇති නුගුණ සැඟවීමෙන් හා අනුන්ගේ ඇති නුගුණ ප්රසකාශ කිරීමෙන් හා සිද්ධ වන වියවුල් නො වැද්ද දී කුශල්හි ම හැසිර ලොවී ලොව්තුරු සැප ත් සිද්ධ කට යුතු.

203. වරද සොයන තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද යහපත් අදහසෙකින් නො ව පවිටු අදහසින් වරද සෙවීමෙහි දෝෂ හඟවන්ට කිපි සිත් ඇති ව වරද සොයන තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.


204. සුභද්රත පරිබ්රාෙජකයන් ගේ වස්තුව 925

කෙ සේ ද යත් -

ඒ තෙරුන් වහන්සේ ‘මුන් හැඳ ගත්තේ මේ සේ වේ ද? මුන් පෙර ව ගත්තේ මෙ සේ වේ ද? මුන් හුන්නේ මෙ‍ සේ වේ ද? මුන් සිටියේ මෙ සේ වේ ද? මුන් කෑයේ මෙ සේ වේ ද? මුන් පුයේ මෙ සේ වේ ද? යනාදීන් නපුරු අදහසින් අතුරම සොය සොයා ඇවිදිනා සේක. වහන්දෑ ද ‘ස්වාමීනි, අසවල් තෙරුන් වහන්සේ කියා ඇවිදින්නේ මෙ සේ වේ දැ’යි බුදුන්ට දැන් වූ සේක. බුදුහු ‘මහණෙනි, යම් කෙණෙක් නපුරු අදහසින් අනුන්ට වරද සලසන්ට මෙ ලෙ‍ස කියා කියා ඇවිදිත් නම් උන්ට ලොවී ලොවුතුරා ගුණ විශෙෂයෙන් කිසි ද දෙයකු ත් නූපද්දි. ආසට පොළොව දුරු වූවා‍ සේ පොළොව ආසට දුරු වූවා සේ නිවනට උන් දුරු හෙයින් නො ගොස් සිටිනා පැනෙක කසළ බොහෝ එන්නා සේ රාග ද්වෙෂා දී කෙලෙස්හු ම ඕ හට වඩිතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අනුන් වරද සලසම්හ යි තමා වරදෙහි නො සැලසී පිළිවන් ලෙසක අනුන් වු ව ත් සත් අපථයෙක ම යොදා තමා ත් සත් පථයෙක්හි යෙදී නිවන් අත් කට යුතු.

204. සුභද්රි පරිබ්රා්ජකයන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද කරණ පින් කම ලැසි ගත් කල දී ලන විපාකයක් ලැසි ගන්නා නියාව හඟවන්ට සුභද්රස පරිබ්රාපජකයන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඌ තුමූ ගිය දවස බාල මලණුවන් එක ගොයම් මුරයේ නව අගස් බතක් දෙන ගමනේ දී ගත නො හී පසු බැස කෙළවර දී අගස් බත කුම් වුව ත් දන් පමණක් දුන්හ. කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ බුදුන් ආදියෙන් බණ වදාළ දවස් පළමු කොට නිවන් දුට ත් මූ තුමූ ප්රවථම බොධියෙන් බුදුන් දැක ගත නුහුණු වූ ය. කෙළවර කොට ලා පිරිනිවන් පානට වැද හොත් දවස් ‘මම මගේ සැක තුනක් මාලු මාලු පරිබ්රාටජකවරුන් විචාරා මහණ ගොයුම්හු බාල ය යි සිතා ගොසින් විචාරන්ට ගර්වප ඇති ව නො විචාළෙමි. දැන් පිරිනිවන් පානට හොත්තෝ ය. මහණ ගොයුම්හු අතිනු ත් බලා වුව ත් නුවණ බාල නො වන බැවින් විචාරා පියන්ට නො වී ය යි විපිළිසරෙක් උපන් නමුත් නපුරැ ’ යි


926 සද්ධර්මපරත්නාවලි ය

බුදුන් කරා ගොසින් අනඳ මහ තෙරුන් වහන්සේ නවතා වදාළ ත් කෙළවර කොට ත් කොට ලු කුශල කර්මහ මහිමයෙන් බුදුන් ගෙන් අවසර ලදින් තිරයෙන් ඇතුලට වැද ලා හැඳ යට වැද හිඳ ‘කුමක් ද ? මහණ, අහස පිය ඇත් ද ? ශාසනයෙන් පිටත මහණහු ඇත් ද ? නො නස්නා වූ ප්රඅත්යරය සමුත්පන්න ධර්මයයෝ ඇත්දැ’ යි මේ ප්රොශ්න තුන විචාළහ.

බුදුහු ඕ හට ප්ර ශ්න විසඳීම් මුඛයෙන් බන වදාරණ සේක් ‘හෙම්බල පිරිවැජිය, මේ අහස පෑයෙන් වේව යි, සැටියෙන් වේව යි, කියා පෑ ලිය හැකි පියවර ත් නැත. මේ ශාසනයෙන් පිටත වැව හාර පමණින් මුත් සතර මග සතර ඵලයෙහි පිහිටි ශ්ර මණයෝ ත් නැත. මේ ලෙව්හි අනධිගත සත්වතයෝ නම් තෘෂ්ණා, ප්රඅපඤ්චාදි වූ ප්රරපඤ්චයෙහි යෙදී වෙසෙති. සම්යහක් සම්බුද්ධයෝ බෝ මැඬදී ම නසා පී හෙයින් ප්රමපඤ්ව රහිතයහ. ප්ර්පඤ්ව තබා සව් කෙලෙස්හු ම නැත්තෝ ය. නො නස්නා සුලු වූ පඤ්වස්කන්ධ කෙණකු ත් නැත. ඌ හැම ම නස්නා සුලු වූ පඤ්චස්කන්ධ කෙණකු ත් නැත. ඌ හැම මනස්නා සුල්ලෝ ය. සම්යාක් සම්බුද්ධ වරයන් ශාශ්වත ග්රා්හ උච්ඡේද ග්රාලහ නැති බැවින් ඒ විෂයෙහි සැලීම් පෙළීම් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර සුභද්ද පරිබ්රාැජක යෝ අනගැමි වූහ. සෙසු ත් බොහෝ දෙනාට මේ දෙශනාව සප්රුයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සුචරිත පුරණයෙහි ලැසි නො ගෙණ ත්රියවිධ සුචරිත පුරා ලොවි ලොවුතුරා සැපත් ලැබීම ට ත් පසු නො බැස්ස යුතු.

205. විනිශ්චයාමත්යපයන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද තරාදියක් සේ මැදහත් නොවී මෙන් අමධ්‍යස්ථ වීමෙහි නපුර දක්වන්ට විනිශ්චයාමාත්ය්යන්ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් දවසක් වහන්දෑ සැවැත් නුවර උතුරු වාසල් දොර කෙරේ ගම සිඟා වළදාලා වළදා අන්තයෙහි නුවර මැදින් විහාරටය වඩනා සේක. එ වේලාට වැස්සෙක් වස්නට වන. වැසි හෙයින් මඟ ගාවා සිට අධිකරණ ශාලාවකට මාගර්‍ සංඥාව එළවා ගෙණ වැසි පායන තෙක් වැද අධිකරණ නායකයන් අත්ලස් නිසා හිමියන් නො හිමි කරනවන නියා ව දැන ‘අපි මුන් මැදහත් ව යුක්ති විවාරතී සිතුම්හ. අධිකරණ ශාස්ත්රඅ නො දන්නා අපට ත් දැනෙන තරම් අයුක්ති


206. සවග වහන්දෑ ගේ වස්තුව 927

මුන් නො දන්නට කාරණා නැත. මැදහත් කමක් නැති නිසා ම ය’යි සිතා වැසි පායා පී කල්හි විහාරයට ගොසින් බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක් - එ පවත් බුදුන්ට දැන් වූ සේක.

බුදුහු ‘මහණෙනි, තෙල ලෙස යුක්ති විචාරන්නෝ මැදහත් නො වෙතී’ වදාරා මැදහත් නො මැදහත් දෙ පක්ෂුය දක්වන සේක් ‘යම් කෙණෙක් ගිහි වූ නමුත් නෑ කමක් හෝ මිත්ර කමක් හෝ උපකාරයක් හෝ තකා උන් කෙරෙහි ප්රේමයෙන් බොරු කියා නො හිමියන් හිමි කෙරෙත් ද, ශාසනික වූ නමුත් ඒ හැම තකා සාවැද්දයන් නිරවැද්ද කෙරෙත් ද, නැවත යම් කෙණකුන් කෙරෙහි මුසුප්පු ඇත්තෝ වී නම් බොරු යුක්ති කියා ලා හිමි යන් නො හිමි කෙරෙත් ද, ශාසනික වුවො ත් පක්ෂුබල ලදින් නිර වැද්දයන් සාවැද්ද කෙරෙත් ද? සාවැද්දයන් නිරවැද්ද කෙරෙත් ද, නැවත අත්ලස් කා පියා කෑ අත්ලස් සලකත් මුත් යුක්ති නො සලකා යුක්ති විචාරන වේලේ දී නො ඇසූ කන් ව කියන දෙය සිත හෙළා නො අසා ප්ර තිඝානුනය දෙක නැත ත් මොහයෙන් මුළා ව ගොසින් හිමියන් නො හිමි කොට නො හිමියන් හිමි කෙරෙත් ද, ශාසනික වුවො ත් පාත්ර චීවරාදියෙහි ආලයෙන් පැමිණි විනිශ්ච ය ඉඳුරා නො විචාරීමෙන් විනිශ්ච ය නසා ද -

‘තව ද යම් කෙණෙක් පොහොසත්තු වු නම් නො හිමි වුව ත් හිමි කරවා නුලූවො ත් ගහටයක් වැද හෙති යන භයින් අයුක්ති ය ම යුක්ති කොට කියත් ද, ශාසනික වුව ත් මෙ බඳු අදහසින් මූණු බලා අධර්මො අවිනයෙන් විනිශ්චය කෙරෙත් ද, යම් කෙණෙක් කවුරුන් කෙරෙහි ත් ප්රරතිඝානුනය නැති ව ශාස්ත්රා්නු රූප ව ධර්මක විනයානුරූප ව පැමිණි කටයුත්ත විචාරා මැදහත් ලෙසින් පනත් කොට ලත් නම් ඌ තුමූ ධර්මමිෂ්ඨ නම් වෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ඡන්දාදී වූ අගති ගමන කළුවර දෙ පෝයේ චන්ද්රවයාගේ කුඩා වීමට කාරණ වන්නා සේ හානියට කාරණ ය යි සලකා ඡන්දාදියෙන් අගතියට නො ගොස් සුගති ය සිද්ධ කට යුතු.


206. සවග වහන්දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද දූෂ්ප්රසතිපත්තියෙහි නපුර දක්වනු පිණිස සවග වහන්දෑගේ වස්තුව කියමු. 928 සද්ධර්ම්රත්නාවලි ය

කෙ සේ ද යත් -

ඒ සවග වහන් දෑ විහාරවලත් ගම්වලත් භොජන ශාලා කසල කෙරෙමින් ඇවිදිනා දෑ ය. එක් දවසක් ගම දී වළඳා ලා ආ බාල වැඩි මාලු වහන්දෑ අතින් විහාරයෙහි වැඩහුන් වහන්දෑ ‘ඇවැත්නි, ගම භොජන ශාලා කෙසේ තිබේදැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, අප අතින් විචාරන්ට නො කැමැත්තේ ය. සවග වහන්දෑ ‘අපි ම සපනුම්හ. අපි ම නුවණැත්තම්හ. අප කළ දෙයකට කවුරු කුමක් කියත් ද ? මුන් හැම දෙන ම මතු මුබ වළඳනට රිසි ඵලවම්හ’යි මරා තලා ඉස කසළ ලා අපට මෙ ලෙස කොට භොජන ශාලායෙහි බොහෝ ආලොහළ කළ සේකැ’යි කිවු ය. එ පවත් ඇසූ වහන්දෑ ද බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ අසා ‘මහණෙනි, යම් කෙණෙක් මිතභාණි නො ව තමන් දොඩමලු බැවින් සරුප් පමණකු ත් නො සලකා දොඩා පුරා ගෙන ඇවිදිත් ද ඌ නුවණැත්තහ යි නො කියමි. යම් කෙණෙක් නිෂ්පාපීහු වී නම් නුවණැත්තෝ නම් ඔහු ය’යි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන සතර මඟ සතර ඵලයට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් දුශ්චරිතයෙන් දුරු ව සුචරිත පුරා නිවන් දහම් පසක් කටයුතු.

207. ඒකුදාන රහත් තෙර කෙණකුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද දෙවියන්ට වුව ත් මිනිසුන්ට වුව ත් කායික ක්රි යා වෙනු ත් වාචසික ක්රි යාවෙනු ත් නිර්වටඤ්වා තැන් ප්රුසාදාවහ නියාව හඟවන්ට ඒකුදාන1 රහත් තෙර කෙණකුන් වහන්සේගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ගණ සඩ්ගණිකායෙහි ඇල්මක් නැති හෙයින් එක් වන ලැහැබෙක තනිව ම වසන සේක. ‘අධිවෙතසො අප්පමජ්ජතෙ - මුනිනෝ මොනපථෙසු සික්ඛතො , සොකා න භවන්ති තාදිනො - උපසන්තස්ස සදා සතීමතො.’ යන මේ උදාන ගාථාව ඉතා පුහුණු ය. එ සේ හෙයින් පොහෝ දවස් බණට හඬ ගානා අනික් කෙණෙකුන් නැති හෙයින් තමන් වහන්සේ ම බණට අඬගා පියා බණ අසන්ට එන මිනිසුන් මහ 1 ඒකුද්දාන රහත්තෙර 207. ඒකුදාන රහත් තෙර කෙණකුන් වහන්සේ ගේ වස්තුව 929


වල හෙයින් නැත ත් දෙවියන් අරභයා උදාන ගාථා ව ම වදාරන සේක. බණ අසා පොළොව ගුගුරන කලක් මෙන් දෙවියෝ සාධු කාර දෙති.

ඉක් බිත්තෙන් එක් පොහෝ දවසෙක පන්සියක් පන්සියක් වහන්දෑ පිරිවරා ආගමධර තෙර දෙ දෙණකුන් වහන්සේ ඒකුදාන තෙරුන්වහන්සේ වසන තැනට ගිය සේක. ඔබ ද ඒ දෙ දෙනා වහන්සේ දැක සතුටු ව ‘ආ නියා ව ඉතා යහපත. දෙශනාම ය කුශලයක් මුත් ශ්ර වණ ම ය කුශල ය අපට තනිව හිඳිනා හෙයින් සිද්ධ වන්ට නැත. බණ කිව මැනව. බණ අසම්හ’යි කී සේක. ‘ඇවැත්නි, මේ වල බණ අසන්නෝ කවුරු දැ’යි විචාළ සේක. ‘ඇවැත්නි, මේ වල දී බණ පවත්නා ම පොළොව ගුගුරන්නා සේ දෙවියෝ සාධුකාර දෙතී’ වදාළ සේක. ආගමධර දෙ දෙනා වහන්සේගෙන් එක් නමෙක් පෙළ කියවා ලන සේක. එක් නමෙක් අර්ථ කියන සේක. දෙ නම කියන බණ අසා එක දේවතා කෙණෙකු ත් සාධුකාර නුදුන්හ. ආගමධර දෙ නම තුමූ ‘ඇවැත්නි, බණ දවසෙක මේ වල දෙවියන් පොළොව ගුගුරවන්නා‍ සේ සාධුකාර දෙතී’ කිවු ය. ඒ කිම් දැ’යි අරුන් වහන්සේ රහත් නියා ව නො දැන බසට සැක වූ සේක.

‘ස්වාමීනි, මෙ තෙක් දවස් එ සේ ය. අද කුමක් නිසා සාධුකාර නුදුන් බව ත් නො දනිමි’ වදාළසේක. ඒ අසා ඒ දෙන ම ඒ නම් විමසනු නිසා ‘එ සේ වී නම් තමන් බණ කිව මැනවැ’යි කී සේක. ඔබ ඒ අසා ඊට මැළි නො ව බණ අසන්ට නැඟි ලා විජිනි පත්රදයක් හැර ගෙණ සමහර කෙණකුන් දවසක් මුළුල්ලෙහි කට එළන තෙක් කළ කථා එක බසෙකින් ම නිමවා ලන්නා සේ එක උදාන ගාථාව ම වදාළ සේක. දෙවියෝ ද ආගමධර දෙ දෙන ම බණ කියන තෙක් වේලා නිදා පියා එක විට පිබිද ගියා සේ මහත් කොට සාධු කාර දුන්හ. ආගමධර දෙ නමගේ පිරිවර සහ දහස ‘මේ ‍ෙවනෙහි දෙවියන්ගේ ත් කටයුත්ත මූණ බලා ය. ආගමධර දෙ නමක් මෙතෙක් වේලා හිඳ මෙ තෙක් බණ කියත ත් ප්රාශංසා පමණකුත් නො කොට මේ මාලු තෙරුන් වහන්සේ දන්නා බණ ත් එ තෙක් ම හෙයින් ‍දෝ එක ගාථාවක් කියන්නා ම සාධු කාර දී කියා ලූ ගාථාව පමණකු ත් වඩා පූය’යි නො සතු‍ටු ව විහාරයට ගොසින් බුදුන්ට ත් දැන් වූ සේක.

බුදුහු ඒ අසා ‘මහණෙනි, බොහෝ කොට බණ උගත ත් බෙ‍ාහෝ කොට බණ කියත ත් එ ලෙස පිළිපැදීමෙක් නො පෙනේ.

30 930 සද්ධර්මසරත්නාවලි ය

නම් බණ උගත් පමණකින් හා කියන පමණකින් ම ධර්මහධර ය යි නො කියමි. යම් කෙණෙක් මඳක් වුව ත් අසා ‍ඉගෙන වෙළඳාම් දන්නා කෙණකුන් භාණ්ඩ මූල ය නො නසා වෙළදාම් කරන්නා සේ පිළිවෙත නො නසා බණ පිළිමසත්1 නම් උන් ධර්ම ධර ය යි කියමි. තව ද යම් කෙණෙක් වඩන ලද වීය්ය්ම් ඇති ව නො පමා වූ නම් උනු ත් පය්යායි ප්තියෙහි අභියොග ය මඳ වුව ත් ධර්ම්ධර ය යි කියමී වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එහෙයින් සත් පුරුෂයන් විසින් නිස්සරණාධ්යාබශයෙන් බණ ඉගෙන පය්යාන් ප්ති ය ප්රධතිපත්තියට මුල් හෙයින් පිළිවෙත ත් යෙදී ප්රරතිපත්ති ය ප්ර තිවෙධ ය ට මුල් හෙයින් අධිගම ශුද්ධියට උත්සාහ කට යුතු.


208. ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද මේ ශාසනයට ගුණෙන් මහත් වීමක් මුත් උසින් මහතින් මහත් වීමෙහි ප්රසයෝජන නැති නියා ව හඟවන්ට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

එක් දවසක් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ බුදුන් දැක පියා වඩනා කලට තිස් දෙණකුන් වහන්සේ බුදුන් දක්නට වඩනා සේක් අතුරු මඟ දී ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ දැක කුඩා බුඩා හෙයින් තෙර නමක් නියා ව දත නො හී බුදුන් කර‍ා ගොසින් වැඳ එකත් පස් ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑ රහත් වන්ට නිසි පින් ඇති නියා ව දැන කථාවක් එළවන සේක් ‘මහණෙනි, මෙ තැන සිට ලා ගිය ස්ථවිර භික්ෂුහු දුටු දැ’යි විචාරා වදාළ සේක. ‘ස්වාමීනි, තෙර නමක් නුදු‍ටුම්හ. හෙරණ කෙණකුන් දුටුම්හ’ යි කී කල්හි ‘තොප හැම හෙරණුන් හැඳිණි නියා ව යහපත් නො වෙ යි. ඌ හෙරණ කෙණෙක් නො වෙති. තෙර කෙණෙකැ’යි වදාල සේක. ‘ස්වාමීනි, තෙර තැන් පත් ලෙසට කුඩා ව පෙනෙන්නේ හැයි දැ’යි විචාළහ.

‘මම, මහණෙනි, මාලු බැවින් හා තෙර හස්නෙහි හුන් පමණෙකින් තෙර යයි නො කියමි. මාලුව ඉස කන්සක කර නැඟී ත් යන වයස සිස් ව පලා ගියෙයි කියමි. යමි කෙණෙක් චතුර්විධ

1 පිරිමසත් 209. බොහෝ වහන්දෑ ගේ වස්තුව 931

මාර්ග විෂයෙහි දුඃඛ සත්ය ය පිරිසිඳ දැන්ම හා සමුදය සත්යි ය සමු‍ච්ඡේද වශයෙන් හැරීමෙන් හා නිරොධ සත්යේ ය සාක්ෂා ත් කිරීමෙන් හා මාර්ග සත්ය් ය හැවීමෙන් චතුරාය්ය් න සත්යක ය දොළොස් ආකාරයකින් ප්ර්තිවෙධ කොළෝ ද , එ හෙයින් නව ලොව්තුරා දහ මුත් උන් කෙරෙහි ඇත් ද, නැවත චතුර්විධ බ්රගහ්ම විහාර භ‍ාවනාව ත් ඇත් ද , සිවු පිරිසිදු සිල්හි පිහිටියෝ ද මාර්ග ඥාන නමැති මුඛයෙන් අනන්ත කාලයක් නො දිරා තුබූ රාගාදී කෙලෙස් නමැති අජීර්ණ භොජන ය වමාරා පූ ද , ස්ථවිර බවට කාරණ වූ මෙ කී ගුණෙන් යුක්ත හෙයින් ස්ථවිර ය යි උන්ට කියමි’ වදාළ සේක. දෙශනා කෙළවර තිසක් පමණ වහන්දෑ රහත් වූ සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් හොග මහත්ත්වාස දී තත්වශය නො පතා ශීල සමාද්ධ්යාපදි ගුණ මහත්ත්ව්යට උත්සාහ කට යුතු.

209. බෙ‍ාහෝ වහන්දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද ලාභ සත්කාර මූලික පය්යා ප්තීන් ප්රටයෝජන ය මෙ ලොව කුම් වුව ත් පර ලොව නැති නියා ව හඟවන්ට බොහෝ වහන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත් - එක් සමයෙක වහන්දෑ බණ දහම් උගන්වා ලීමෙන් ධර්මා චාරී ව සිටි තැනට සිවුරු ගෙත්තම් කිරීම් ආදී වූ මෙහෙ කරන්නා දැක සමහර වහන්දෑ ‘අපි අර්ථ කුම් වුව ත් පද ව්යවඤ්ජන ඉඳුරා උගත් බැවින් පාළි පමණක් ඉඳුරා ම දනුම්හ. එ සේ වු අපට අත් පා මෙහෙ කිරීම් පමණකිනු ත් ප්රමයෝජන නැත. අපි ත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, අර්ථ නො දන්නා පමණ මුත් පාලි දනුම්හ. කවුරුන් කෙරේ උගත් බණත් මුන් කරා අවුත් හදාරව’ යි ග්රපන්ථ ධුර පූරක වහන්දෑට විධාන කළ යහපතැ’යි දන්වම්හ. එ සේ කලට අපට ත් ලාභ සත්කාර ඇත. එ ලෙසින් අපි ත් ප්රජසිද්ධ වම්හ’යි යන නපුරු අදහස් ඇති ව බුදුන් කරා ගොසින් එ ලෙස ම කී සේක.

බුදුහු ඒ වහන්දෑගේ අදහසෙහි නපුර දැන වදාරා ‘මහණෙනි, යම් කෙණකුන්ගේ ශබ්ද මාධුය්ය්හ ය ඇත ත් ශරීර ශොභා‍ ව ඇත ත් අත්පස් පුරා පිටත සිත්තම් කළ, කළ පරිද්දෙන් ඊර්ෂාදී නො එක් නුගුණෙන් පිරී සිටිත් නම් උන් යහපතැ’යි මම නො කියමි. යම් කෙණකුන්ට සව් කෙලෙස්හු රහත් මගින් නට වූ

932 සද්ධර්මමරත්නාවලි ය

නම් උන් ම සියලු ලෙසින් යහපතැ’යි කියමි වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. එ හෙයින් සත් පුරුෂයන් විසින් ලාභ සත්කාර නිරපෙක්ෂළ ව ප්රෙතිපත්ති සාර ව සසර දුක් ගෙවා නිවන් අත් කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxii&oldid=5699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි