සද්ධර්ම රත්නාවලිය- xxiii

Wikibooks වෙතින්

210. හත්ථුකයන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද යම් කෙණෙක් මහන වෙස ධරා ත් සැබෑ පමණක ත් කිය නො හෙත් නම් උන්ගේ ඒ ශ්රවමන වෙශයෙන් ප්ර යෝජන නැති නියා ව හඟවන්ට හත්ථ කයන්දෑ ගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් - උන්දෑ ද වාදීන් හා වාද කරම්හ’යි ගිවිස ලා තෙපි අසවල් තැනට වාදයට එව. එ තැන දී වාද කරම්හ’යි කියා ලා උන් එ තැනට නො යෙන තෙක් පෙරාතු කොට ගොසින් ‘දුටුවා වා ද ? තීර්ථකයෝ මා කෙරේ භයින් නො ආවෝ ය. නො ආ ගමනින් පැරැද්දෝ ය’යි කියන දෑ ය. වාද කරත ත් අනිකකින් වළහමින් ඇවිදින දෑ ය. බුදුහු එ පවත් අසා කැඳවා ගෙන්වා ගෙන ‘සැබෑ ද? තෝ මෙ බන්දක් කෙරෙයි දැ’යි විචාරා සැබැවැ යී කී කල්හි කුමක් නිසා තෙල ලෙස කෙරෙයි ද, යම් කෙණෙක් පුරන පිළිවෙතකු ත් නැති ව ධුරද්වයිනු ත් පිරිහී සැබෑ පමණකු ත් නැති ව අල්පෙච්ඡතාව දුරින් දුරු හෙයින් ඒ ඒ දෙයෙහි ඉච්ඡාවෙන් අත්රිතචඡතා වට ත් බොහෝ දෙයෙහි ඉච්ඡාව ඇති හෙයින් මහිච්ඡතාවට ත් අසන්ත ගුණ සම්භාවනයෙහි ඉච්ඡාව ඇති බැවින් පාපිච්ඡතාවට ත් පැමිණියෝ ද , ඌ මුඩු වීම් පමණකින් ශ්ර මණ නම් නො වෙති. හුදෙක් උකුණන් කෑම නැති පමණෙක. යම් කෙණෙක් ස්වල්ප වුව ත් පවින් වැලක වෙසෙත් නම් උන් ශ්රෙමණ ය යි කියමී’ වදාළ සේක. දෙශනා කෙලවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තනතුරු ලද්දවුන් ඒ ඒ තනතුරට නිසි තරම් ඇති වන්නා සේ මහණ වෙස් ගත්තවුනු ත් විසින් ගත් වෙසට තරම් ලෙස වැස භවක්ෂවයට උත්සාහ කට යුතු. 211. එක්තරා බ්රාසහ්මණයාණ කෙණකුන්ගේ වස්තුව තව ද සිඟීම් පමණකින් එ බඳු පිළිවෙත් නැත්තවුන්ට භික්ෂුත වැවහාර ය නො ලැබෙන නියා ව හඟවන්ට එක්තරා බ්රාෙහ්මණයාණ කෙණකුන් ගේ වස්තුව දක්වමු.


212. තිථයන් ගේ වස්තුව 933

කෙ සේ ද යත් -

ඒ බමුණානෝතීර්ත්ථායතනයෙහි මහණ ව සිඟා ජීවත් වන්නෝ මහණ ගොයුම් තමාගේ සවුවන් සිඟා ජීවත් වන හෙයින් භික්ෂු වැවහරය කෙරෙයි. මම ත් සිඟා ජීවත් වෙමි. සිඟමනින් මාගේ ත් උන්‍ ගේ ත් වෙනස කවරේ ද ? මට ත් භික්ෂු වැවහාර ය කළ මනා වේ දැ’යි සිතින් සිතා ගෙණ බුදුන් කරා ගොසින් ‘පින්වත් වූ ගොයුම, ගෙයක් දොරක් නැති බැවින් මම ත් තොපගේ සවුවන් සේ ම සිඟා ජීවත් වෙමි. මට ත් භික්ෂු ව්ය වහාර ය කරව’යි කී ය.

බුදුහු ඕ හට වදාරනසේක් ‘හෙම්බල බමුණ, බඩ පදිනා ලෙසට සිඟා කෑම පමණෙකින් සිංහ සම් පෙරවි කැණ විලුන්ට සිංහ ව්ය,වහාර කට නොහැක්කා සේ භික්ෂු වැවහාර මම නො කෙරෙමි’ වදාරා ‘හෙම්බල බමුණ, යම් කෙණෙක් ශීල සංරක්ෂවණයක් නිසා නොව මෙ ලොව ජීවත්වීම පමණක් නිසා අදහස් පවිටු වුවත් භික්ෂු වෙස් ගෙණ සිඟා කත් නම් එ විතරක් තකා භික්ෂු වැවහාර ය උන්ට නො කෙරෙමි. එ පමණෙකින් භික්ෂූ ත් නො වෙති. භික්ෂු වන්නෝ කවුරු ද යත් - යම් කෙණෙක් රහත් මඟින් පින් පව් දෙක ම දුරු කොට පියා තමන්ට විෂ ය වන ධර්ම ජාතයක් දැන වෙසෙ ත් නම් රහත් මඟින් බුන් කෙලෙසුන් ඇති බැවින් ඌ තුමූ භික්ෂු නම් වෙති’ වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන චතුර් විධ මාර්ගූ ඥාන නමැති වාසල්වලට විදසුන් නමැති මගින් ගොසින් නිවන් පුරයට වැද ගියහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් රහත් මඟින් කෙලෙසුන් බිඳිනට නිසි පිළිවෙත යෙදි නිර්ව්‍යාජයෙන්1 භික්ෂු ව්යසවහාර ය එව ගන්ට උත්සාහ කට යුතු.

212. තිථයන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද නිර්වදඤ්වා ලෙස පිළි පැදීම් මුත් ශඨ ප්රිවෘත්තියෙහි නපුර හඟවනට තිථයන්ගේ වත දක්වමු.

කෙ සේ ද යත් - ඒ තිථයෝ බත් දුන්නවුන්ට ‘නිදුක් බව, නිරොගි වව, ආයු බොහෝ වව, අසපල් තැන මඩ බොර බොහෝ ව, ඔබත් නො යව, අසවල් තැන කටු පාණ බෙ‍ාහෝ ව, ඔබ ත් නො යව’ යනාදීන් කුසල් මං නො දැන දන්නා ඒ ම හෙයින් ඒ මඟුල් කොට කියා ලති.

1 නිර්වඤ්වායෙන්


934 සද්ධර්මකරත්නාවලි ය

බුදු වූ තැන් පටන් නැතක් දවස් වහන්දෑට අනුමෙවෙනි බණ අනු නො දත් හෙයින් වළඳා ලා අනුමෙවෙනි බණ නො කියා ම වහන්දැ නැඟී යන සේක. මිනිස්සු ත් ‘අපි තිථයන් ගෙන් මඟුල් අසම්හ. ස්වාමි දරුවෝ වළදා ලා වැඩ පියන සේකැ’යි මුසුප්පු වෙති. වහන්දැ එ පවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් ‘මහණෙනි, මෙ වක් පටන් අසුන් හල් ආදියෙහි දි අනුමෙවෙනි බණ කියව’යි වදාළ සේක. වහන්දෑ ත් විධාන ලත් පසු එ ලෙස ම කළ සේක. මිනිස්සු අනුමෙවෙනි ත් උපනිසින්නක කථාදිය ත් අසන්නාහු සැදෑ වඩා ගෙණ දන් පින් බොහෝ කොට කෙරෙති.

තිථයෝ ඒ දැක සිත පහදවා ගත නො හී ‘අපි දොඩමලු වීම යහපත් නො වන හෙයින් මුවෙන් බැණ නො නැඟී සසර භයින් දවස් යවම්හ. ‍මහණ ‍ෙගායුම්හුගේ සවුවෝ දන් දුන්නවුන්ට සවුල කම් ලෙස දොඩා හඬා ඇවිදතී’ කීහ. බුදුහු ඒ අසා ‘මහණෙනි, හෙම්බා සමහර කෙණෙක් බැණ නැ‍ඟෙන සේ නොදැන බැණ නො නැ‍ඟෙති. සමහර කෙණෙක් දැන්ම ඇත ත් අවිසාර ද හෙයින් බැණ නො නැ‍ඟෙති, සමහර කෙණෙක් තමන් දන්නා දෙය අනුන්ට හඟවන්ට මසුරු ව බැණ නො නැ‍ඟෙති. මුනිභාව ය සිද්ධ කරන්නා වූ මාර්ග ඥානය ඇත් නම් මුත් තෙල පමණෙකින් මුනි ව්යෙවහාරය නො කරම්හ.

මුනි ව්ය වහාරයට නිස්සෝ කවුරු ද යත් - යම්සේ තරාදියෙන් කිරන කෙණෙක් බර ව තුබූ භාගයෙන් හැර අඩු ව තුබූ භාගයෙහි අතින් ලා බර සරි කෙරෙත් ද ? එ මෙන් සසර දික් කරණ හෙයින් අධිකයක් හා සරි වූ පාප ය හරිමින් සසර ලුහුඬු කරණ හෙයින් එ ලෙසින් අඩුවක් හා සරි වු තුන් සුසිරි පුරා නිවන් සාධා ගත් ද, ඌ තුමූ මුනි ව්යසවහාරයට නිස්සහ. තව ද යම් කෙණෙක් ස්කන්ධාදීන් ගේ විභාගත් ඤාත පරිඤ්ඤා දී විසින් දනි ත් නම් ඌ තුමූ මුනි නම් වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දු‍ටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තරාදියෙහි අධිකය හරනා සේ පවු කම් හැර අඩුව ලන්නා සේ පින් කම් සමාදන් ව සුචරිත පුරා අධිගම සිද්ධ කට යුතු.

213. බිලී වැද්දකු ගේ වස්තුව[සංස්කරණය]

තව ද උතුම් ව තිබේ නම් ගුණයක් ඇත්තවුන්ට මුත් ජාති සම්පන්න කෙණෙකුන්ට මුත් ප්රනව්ර්ජ්යාාව තරම් නො වන්නා සේ


213. බිලී වැද්දකුගේ වස්තුව 935

සෙසු නිකෘෂ්ට තරමුන්ට නො තරම් නියා ව හඟවන්ට බිලී වැද්දාකු‍ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

එක් දවසක් බුදුහු ඒ බිලී වැද්දුණුවන් සෝවාන් වන්ට නිසි පින් අඹා ගෙන් බිලී කටුව වැසුණා සේ වැසී තුබුවා දැක සැවැත් නුවර උතුරු වාසල් දොරගම සිඟා ලා සඟරැස පිරිවරා ඌ බිලී බානා තැන බලා වඩනා සේක. ඒ වේලාට බිලී වැදි ද බිලී බා මින් සිටි තැනැත්තේ බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ දැක බිලී ය දමා පියා සිටියේ ය. බුදුහු ත් ඕ හට නුදුරු තැනක සිට ‘‍ෙතාපි කිනමු දැ’යි ‘තොපි කිනමු දැ’යි අගසවු දෙදෙනා වහන්සේ පටන් වෙන වෙන ම නම් විචාළ සේක. ඔබ හැම ත් වෙන වෙන ම ‘අපි සැරියුත් නමුම්හ. ‘අපි මුගලන් නමුම්හ’ යනාදින් තමන් තමන් වහන්සේගේ නම් කී සේක. බිලී වැද්දණුවෝ ත් ‘බුදුහු වහන්දෑගේ නම් විචාළ සේක් වනැ’යි මගේ නම ත් විචාරන සේක් වනැ’යි සිතූ දෑය.

බුදුහු ත් ඒ දැන ලා ‘උපාසකයෙනි, තො පි කිනම්මුදැ’යි විචාරා. ‘මම ආය්ය් වි නම්මී’ කී ‘කල්හි හෙම්බල උපාසක ය, තා සේ පවු කරන්නෝ ආය්ය්සු නම් නො වෙති. ආය්‍්මීස යෝ නම් හිංසා පීඩා නො කෙරෙති’ වදාරා උන්ට බණ වදාරණ සේක් ‘හෙම්බල, උපාසක ය, බබුරන් පොවා අවුත් මේ ශාසනයෙහි මහණ ව රහත් වූ කල ශක්රාීදී දෙවියන් උන් වැඳ පුදන්නේ ආය්ය්ා ජාතියෙහි පටන් උතුම් වූ හෙයින. දැන් තොප ශක්රානදී දෙවියන් තබා තොපට අඩු තරම් කෙණකුන් මුත් තොප වඳිනෝ කවුරු ද ? තොපි ත් රහත් වු නම් දිව්යත - බ්රකහ්මාදී වූ කවුරු ත් තොප වඳිති. ආය්ය්වු ජාතියෙහි පිහිටි හෙයින් ආය්ය්යන් වන මුත් නම් පමණෙකින් තොප ආය්ය්ු වන්නේ නැත. යම් කෙණෙක් දයා ව ඇත්තෝ වී නම් සෙසු ගුණධර්මු ත් උන් කෙරෙහි පිහිටන‍ හෙයින් උත්තම ගුණ යොගයෙන් ඔහු ආය්ය් ගු නම් වෙතී’ වදාළ සේක. දෙශනා කෙළවර බිලි වැද්දණුවෝ ද බිලිය දැමුවා සේ ම සමහර කෙලෙස් කෙණකුන් දමා සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙනාට මේ දෙශනාව සප්ර යොජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් උත්තම ගුණ යොගයෙන් උතුම් බව නිසා තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මතු යෙහි ලැබි ය යුතු ලොවි ලොවුතුරා ගුණ විශෙෂයෙහි පිහිටිය යුතු.


936 සද්ධර්මෙරත්නාවලි ය

214. බොහෝ වහන්දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද ශීලසමාද්ධ්යා්දි ගුණයෙහි පිහිටි පමණෙකින් භව ක්ෂිය වූවා කොට සිතා‍ ගෙණ පමා වන තැන් ඇත් නම් එ තැන් නො පමා වනු ව නිසා බොහෝ වහන්දැ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ බොහෝ වහන්දෑ ගෙන් සමහර තැනෙක් ‘අපි පිළිවෙත් පිරීමෙන් සිවු පිරිසිදු සිල්හි පිහිටියම්හ. එ හෙයින් අපට රහත් වීම බැරි නො වෙයි. කැමැති විටක ම රහත් වම්හ’යි සිතූ සේක. සමහර තැනෙක් විනය පිළිවෙත් පිටට සූත්රා ප්රකතිපත්ති පිරීමෙන් අපි ත්රමයොද‍ශ ධුතාංග පූරකයම්හ. කෙලෙසුන් නවා ලීමෙහි දු දුවඟ වැනි දෙයෙක් නැත. එ හෙයින් අපට ත් රහත් විමෙහි අරුම නැතැ’යි සිතු සේක. සමහර තැනෙක් ‘අපි බෙ‍ාහෝ ඇසූ පිරූ තැන් ඇත්තම්හ. පය්යාසේක ප්ති නම් ප්රහතිපත්ති ප්රාතිවෙධ දෙකට මුල් හෙයින් අපට රහත් වීම නිරායාස ය’ යි සිතු සේක.

සමහර තැනෙක් “අපි විවෙක වාසයෙහි ඇලි වසම්හ’ යි විවෙක වාස ඇති තැනට ධ්යා්න භාවනායෙහි ආයාස නැති බැවින් රහත් වන්ට පිළිවනැ” යි සිතූ සේක. සමහර තැනෙක් ‘අපි පඤ්චා හිඥා අෂ්ටසමාපත්ති ලාභීම්හ. විෂ්කම්භන වශයෙන් කෙලෙසුන් කෙරෙන් දුරු ව සිටි තැනට ධ්යා න පාදක කොට විවසුන් වඩා මාර්ග පටිපාටියෙන් රහත් විම බැරි නො වෙයි’ සිතූ සේක. ඉන් ම අනගැමි තැන් ආසන්න ව සිටි බැවින් ‘නැ‍ඟෙන්ට ආසන්න ව සිටි හිර වහා නැගෙන්නා සේ කරල් කටට නඟා පී කල වහා පූදිනා සේ අපි ත් වහා ම රහත් වම්හ’ යි සිතූ සේක.

ඒ ඒ ලෙස සිතූ හැම තැන් ම එක් දවසක් බුදුන් කර‍ා ගොසින් වැඳලා එකත් පස් ව හුන් සේක් ‘කුමක් ද, මහණෙනි, මහන වූවන් විසින් කළ මනා දෙය කොට නිමවා ගතු දැ’ යි විචාළ කල්හි ‘ස්වාමීනි, අපි මේ මේ තරම් ඇත්තම්හ. මෙ බඳු වූ තරම් ඇති තැනට රහත් වීම බැරි නොවන්නේ වේ දැ යි සිතා ඉඳුම් හ’ යි කී සේක. බුදුහු ඒ වහන්දෑගේ බස් අසා ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් විනය පිළිවත් පමණෙකින් හා දුවඟ පිළිවෙත් පමණෙකින් හා තෙවළා බුදුවදන් හදාළ පමණෙකින් හා ධ්යාිනලාභී වීම පමණෙකින් හා අනගැමි වීම පමණෙකින් හා මහණෙනි, ස්වල්ප වූ ත් අමෙධ්ය ය දුගඳ ව තිබේ ද, එ මෙන් ස්වල්ප මාත්රි වූ ත් භව ය දුක් ම හෙයින් භවක්ෂුයට නො පැමිණ පමා නෙ වව’ යි 215. පන්සියයක් දෙනා වහන්සේ ගේ වස්තුව 937

වදාළ සේක. දෙශනා කෙළවර එ ලෙස සිතා හුන් ඒ වහන්දෑ හැම ම රහත් වූ‍ සේක. සෙසු ත් බොහෝ දෙනාට නිවන් සාධා දෙනු නිසා දෙසනු 1 වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ‘වරෙක දෙ වරෙක පින් කළම්හ. ලොවී ලොවුතුරා සැප ත් සාධා දී ලයි. ඉතිකින් පිණක් කළ මැනැවැ’ යි නැත’ යනාදීන් නො සිතා නිවන් සිද්ධ වන තෙක් නො පමා වන්ට උත්සාහ කට යුතු.

215. පන්සියයක් දෙනා වහන්සේගේ වස්තුව[සංස්කරණය]

තව ද කරණ යම් කථාවක් සග මොක් ම අරභයා මුත් අපාය මාර්ග ය අරභයා කිරීමෙන් කුශල සිද්ධි ය නැති නියාව හඟවන්ට පන් සියක් දෙනා වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත් -

ඒ වහන්දෑ ද බුදුන් දන වු සැරිසරා පිය පෙරළා සැවැත් නුවරට වැඩි කල්හි සන්නිපාත ශාලාවේ රැස් ව හිඳ ‘අප හැම ගිය තැන අසවල් ගමට යන්නා වූ මග තැනි ය. අසවල් ගමට යන මඟ වළ ගොඩ ඇත. බොරළු බොහෝ ව තිබෙයි’ යනාදින් සත් පථ කථා හැර අසත් පථ කථාවට පටන් ගත් සේක. බුදුහු ඒ වහන්දෑ රහත් වන්ට නිසි පින් ඇති හෙයින් උත්පථ ගමන හරවා ලා සත් පථ ගමනෙහි යොදනු නිසා එ තැනට වැඩ බුදු හස්නෙහි වැඩ හිඳ කරමින් හුන් කථාව විචාරා වදාරා කළ කථාව කී කල්හි -

‘මහණෙනි, තෙලෙ මහෙක් නො වෙයි. නිවන් ම‍ඟෙක් වේ නම් අෂ්ටාංගික මාර්ගව ය’යි වදාරා ලා බණ වදාරන සේක් - ‘මහණෙනි, සමහර මං මහවත් ආදි ය සග මොක් දෙකට ම මං නො වන හෙයින් සග මොක් දෙක ට මං වන්නේ කුශලය යි. කුසල් මගිනු ත් සම්ය්ක් දෘෂ්ටි ආදි වූ මාර්ග යෙන් මිථ්යාස දෘෂ්ටි ආදි වූ අට නසා නගා ලු පහන එක වට ම අඳුරු ත් දුරු කොට ආලොක ත් පවත්වා පාන් වැටි ය ත් දවා තෙලු ත් ගෙවන්නා සේ දුකු ත් පිරිසිඳ දැන මාර්ගානනුරූප ලෙසින් තෘෂ්ණාව ත් හරිමින් නිරොධය ත් සාක්ෂා ත් කොට මාර්ගනය භවන හෙයින් අෂ්ටාංගික මාර්ගප ය ම උතුම. නැවත වාක් සත්ය , සං වෘති සත්යග, දෘෂ්ටි සත්යාෂදීන් අතුරෙහි දුඃඛාය්ය්් හ සත්යාවදි වූ චතුරාය්ය්ති සත්ය් ය ම උතුම තව ද ප්ර්ත්ය‍ය සමුත්පන්න වූ ධර්ම්යන් අතු 1 නිවන් සාධා දෙනු නිසා දේශනා වී ය


938 සද්ධර්ම රත්නාවලි ය

රෙහි නිවනට වඩනා ධර්මනයක් නැති බැවින් නිවන් ම උතුම. දිව්ය බ්රතහ්මාදී වු දෙපා ඇත්තවුන් මුළුල්ලට බුදු ඇස් ආදි වූ ඇස් පසක් ඇති සර්වමඥවරයෝ ම අනික් ඇස් පසක් ඇති කෙණකුන් එ වකට නැති හෙයින් උතුම්හ. තොප හැම කියා ඇවිදිනා වූ මං නිවනට මං නො වන හෙයින් නිවනට මං නම් අෂ්ටාංගික මාර්ගඇ ය ම ය . අනික් මඟක් නැත. එ හෙයින් තෙපි මේ ආය්ය්බ් වූ අෂ්ටාංගික මාර්ගඇ ය ම උපදවන්ට උත්සාහ කරව. උත්සාහ කොට උපදවා ගතු නම් මාරයා හිස වසා හෙළා ලූ දැල් අවුලක් සේ ඕ හට මහා මුළා ය.

මාගේ අවවාද පිළිගෙන රහත් මඟ උපදවා ගතු නම් සසර දුකු ත් නිමවා ගනුව. රාගාදී කෙලෙසුන් නසන්නා වූ මේ රහත් මඟ අනුන් ගෙන් අසා දැන්මක් නැති ව මා විසින් ම ප්ර්ත්යූක්ෂ කොට දැන් සත්වොනපකාර ය නිසා දෙසන ලද. තොප හැම දෙනා විසින් මාර්ගර ඵල උපදවනු නිසා නු උපන් අකුසල් ධම් නු උපදනා පිණිස ත්, උපන් අකුසල් ධම් නසන පිණිස ත්, නු උපන් කුසල් ධම් උපදනා පිණිස ත්, උපන් කුසල් ධම් වැඩියුරු වීම පිණිසත්, සම්යපක් ප්රෙධාන වීය්‍්දන යෙහි හැසිරිය යුතු ය. කියා ලූ ලෙස කරන්නෝ ඇත් නම් සර්ව ඥවරයෝ කියන්නෝ ය. කියා ලූ ලෙස පිළිපන් කෙණෙක් පඤ්ච විධ මාර නමැති වැද්දන් අනාචාය්ය්්පි ජන නමැති සතුන් බඳන්ට සසර නමැති වල් හසර එළවූ තෘෂ්ණා නමැති මළට හසු නො වෙති’යි වදාළ සේක. දෙශනා කෙළවර නිකම් මංවල සම විසම කියා හුන් පන් සියයක් දෙනා වහන්සේ කෙලෙස් කැල කපා හැර රහත් මං එළි කළ සේක. හෙවත් රහත් වූ සේක.

එහෙයින් නුවණැත්තවුන් විසින් අකුසල් වල් නො වැද කුසල් මඟ වතට බැස. ඒ කුසල් මගින් නිවන් පුරයට යා යුතු.

216. වස්තු තුනක්[සංස්කරණය]

තව ද සෙසු භාවනා තබා තිලකුණු පමණෙක ත් ඇලුම් නැත්තවුන්ට එහි ඇලුම් කරවන නිසා වස්තු තුනක් දක්වමු.

කෙ සේ ද යත් -

ඒ වහන්දැ යෙළ දාස ම බුදුන් ගෙන් කමටහන් ඉගෙන වලට පලා ගොසින් රහත් ව ගත නො හී ‘කමටහන් විභූත කොට විචාරම්හ’ යි බුදුන් ලඟට යෙළ දාස ම ආ සේක. බුදුහු ත් මුන්ට අනුකූල භාවනා කවරේ දෝ හෝ යි විමසන සේක් ‘මොහු පන්

216. වස්තු තුනක් 939

පන් සිය ය බැවින් තුන් මුළ ම කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මුවල්ලෙහි එක් මුළෙක් අනිත්ය් ලක්ෂිණයෙහි හා එක් මුළෙක් දුඃඛ ලක්ෂ්ණයෙහි හා එක් මුළෙක් අනාත්ම ලක්ෂ්ණයෙහි යෙදුනවු ය. ති ලකුණු භාවනා ත් තුන් මුළින් කැටි ව සමෘද්ධ වි ය. එ හෙයින් ති ලකුණු විසින් මුන් තුන් මුළට බණ කියමී සිතා වදාරා පළමු පන් සියයට ‘හෙම්බා මහණෙනි, ඒ ඒ භවයෙහි උපන් රුවාරූ දම්හු ඒ ඒ භවයෙන් අනික් භවයට නො හෙයින් ඊ ඊ ම නසිති. එ හෙයින් අනිත්යහයඟ යි යම් කෙණෙක් අනිත්ය් ලක්ෂඒණය දනිත් නම් ඌ උදාවියෙන් පෙළීමෙන් වන දුඃඛ ලක්ෂ ණ ය ත් තමා විසිය නො පැවැත්මෙන් වන අනාත්ම ලක්ෂුණය ත් දැක දුක් හි කළ කිරෙති. කළකිරී ඒ දුකින් මි‍ඳෙන්ට උත්සාහ කෙරෙති. එයි ත් නිවනට ඒක් ම‍ඟෙකැ’ යි පළමු පන් සියයට වදාළ සේක.

දෙවන මුළට සියලු ප්ර්ත්ය ය සමුත්පන්න ධර්ම්යෝ උදාවියෙන් පෙළෙන හෙයින් දුක්හ යි දුඃඛ ලක්ෂ ණ ය යොගාවචර මහණහු විවසුන් නුවණින් දුටවු නම් දුඃක ලක්ෂයණ ය දුටු කල ම අනික් ලක්ෂමණ දෙක ත් පෙනෙයි. දුක්හි කලකිරී දුකින් මිදීමට යත්න කෙරෙයි. තෙලේ ත් නිවනට එක් මගෙකැ’ යි වදාළ සේක.

තුන් වන මුළට සියලු ම ප්රිත්යතය සමුත්පන්න ධර්ම යන් තමා විසිය නො පවත්නා බැවින් අනාත්ම ය යි විදර්ශරක භික්ෂූහු යම් කලෙක විවසුන් නුවණින් දකී ද , ඕ හට අනික් ලක්ෂයණ දෙක ත් පෙනෙයි. ඒ දුක්හි කළකිරී ඉන් මි‍ඳෙන්ට යත්න කෙරෙතී වදාරා අනිත්ය ලක්ෂලණයෙහි අභ්යානස ඇති පන් සියයට අනිත්යි විමොක්ෂරය හා දුඃඛ ලක්ෂණයෙහි අභ්යා ස ඇති පන් සියයට අප්පනිහිත විමොක්ෂරය හා අනාත්ම ලක්ෂෙණයෙහි අභ්යාඇස ඇති පන් සියයට සුඤ්ඤත විමොක්ෂරය වදාළ සේක. දෙශනා කෙළවර වහන්දෑ යෙළ දාස ම මල කා තුබූ කැට පත් මැද පූ කලට බබළන්නා සේ දෙශනා නැමැති උළුසුන් නන් සන්තාන නමැති කැට පත්වල කෙලෙස් කසළ ඉලී ගොසින් රහත් ව බබළා ගිය සේක.

එ හෙයින් සත් පුරුෂයන් විසින් බැරි ව තිබෙන භාවනා කුම් වුව ත් අනිස - දුක - අනත යන ති ලකුණු භාවනා පමනක් බැරි නො වන හෙයින් එ පමණක ත් හැසිර භවක්ෂ යට ම උත්සාහ කට යුතු.



940					සද්ධර්මිරත්නාවලි ය

217. පධාන කම්මික ත‍ිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද සාන වපුරන අවධියේ තබා පියා දා මඩනා අවධියේ වපුරන්නා සේ වීය්ය්ාන කළ මනා අවධි ය තබා පියා පසු ව කරණ වීය්‍්ො යෙහි නපුර හඟවන්ට පධාන කම්මික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - සැවැත් නුවර පන් සියයක් කුලදරුවෝ බුදුන් ලඟ මහණ ව කමටහන් ඉගෙන භාවනාවට වලට ගිය සේක. ඊ ම ඇතුළත් එක් කෙණකුන් වහන්සේ රඳා ගිය සේක. සෙසු වහන්දෑ වල්හි මහණ ධම්‍ කරණ සේක් රහත් ව ලද්දා වූ ගුණ විශෙෂ බුදුන්ට දන් වනු නිසා සැවැත් නුවරට යන ගමනේ සැවැත් නුවරට සතර ගවුවක් විවරේ එක් ගමක සිඟන්නා දැක එක් උපාසක කෙණෙක් කැඳ බත්දී ලා අනුමෙවෙනි ත් අසා දෙවන දවසට ත් ආරාධනා කළහ වහන්දෑ ද ආරාධනා ‍ඉවසාලා එ දවස් සැවැත් නුව‍රට ගොසින් පා සිවුරු තැන්පත් කොට තබාලා සවස් වේලේ බුදුන් කරා ගොසින් වැඳ ගෙණ එක ත් පස් ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑට මූණු දි සතුටු ව සාද සාමීචි කළ සේක. භාවනාවට නො ගොසින් රඳා වැඩ හුන් තැනැත්තන් වහන්සේ ‘බුදුහු මේ වහන්දැ ලා කථාවට මුඛ නො පෝනා සේ ම ය. මාර්ගද ඵලයක් නො ලත් හෙයින් දෝ ලඟ රඳා හුන් මා ලා එක බසක් විචරිනුත් කථා නො කරණ සේක. මම ත් රහත් ව ගෙණ මා ලා ත් කථා කරවා ගනිමි’ සිතූ සේක.

අර වහන්දෑ ද ‘ස්වාමීනි, අද එන ගමනේ ම උපාසක කෙණෙක් සෙටයට ආරාධනා කොළෝ ය. සෙට ඔබ යන්ට වුව මැනැවැ’යි බුදුන් ගෙන් එ දවස් ම අවසර ගත් සේක. නො ගොස් රඳා හුන් යාළු මිත්රක නම් ද රෑ දෙ වරුවේ ම සක්මන් කරණ සේක් නිඳා ගෙණ සක්මන් කෙළවර තුබූ ගල් පුවරුවේ හුණු ගමනේ ම කෙලෙසුන් බිඳිනට කළ යත්නයෙන් විධි වරදවා කළ බෙහෙදින් අනික් විපත්තියක් වදනා සේ පය බිඳිණ. පය බිඳී යන්නා ම වේදනාව ඉවසා ගත නො හී මහ හඩින් හඬා පී සේක.

යහළු මිත්රා ව හුන් අමුතු ව ආ වහන්දෑ ද කට හඬ දැන ලා ඈතින් මෑතින් අවුත් පාන් දල්වා ගෙණ උන් වහන්සේට කළමනා දෑ කට දී ම පාන් වි ය. ආරාධනා කළ ගමට යන්ට අවසර නො වී ය. බුදුහු ත් වහන්දෑ දැක ඊයේ දවස් ම අවසර ගත් හෙයින් ‘ආරාධනා කළ තැනට නො ගියා දැ’ යි විචාළ සේක. වහන්දෑ ත් ‘එ සේ ය, ස්වාමීනි’ යි කියා ලා යා නුහුනු කාරණ ය කී සේක


218. සූකර ප්රේ ත වස්තුව 941

බුදුහුත් මහණෙනි, තුලුන් තොපට ලාභාන්තරාය කෙළේ දැන් මතු නො‍ ‍වන්නේ වේ ද ? යට ගිය දවස ත් කොළෝ ය’යි වදාරන බුදුහු -

‘ යො පුබ්බෙ කරණියානි පච්ඡා සො කාතුම්ච්ඡති , චරණට්ඨක භඤ්ඡොව - ස පච්ඡා මනුතප්පති. ’

යනාදීන් ජාතක ය වදාරා ‘එ කල අන්තෙවාසික පන් සිය ය නම් තොපි පන් සිය ය. දර කඩා යන්ඩ මැළි ව වරණ දර බිඳ කුසී ව හුන් අත වැස්සා නම් මේ මහණ ය. ඇදුරාණෝ නම් මම ය’යි කෙළවර වැදෑරීමෙන් ආදී ත් කුසී නියාව හඟවා ලා එ තැනට පැමිණි කෙණකුන්ට ප්ර’යෝජන සඳහා බණ වදාරන සේක් - අශක්ති ලෙසට වෘද්ධ කමු ත් නැති ව බල ඇති ව මැළි කම් නිසා වීය්ය්ව හ කළ මනා අවධියෙහි යම් කෙණෙක් වීය්ය්ද්ධ නො කෙරෙත් ද, හුන් තැන හිඳීම් හා සිටි තැන සිටීම පමණක් හා වළඳා ලා රෑ ත් දවලු ත් නිදීමට මුත් ග්රදන්ථ ධුර - විදර්ශටනා ධුරයකට ම මැළියෝ ද එසේ වූවාහු විපස්සනාභියොගයෙන් ලැබ්බ යුතු මාර්ග ඵල දිඹුලෙන් ලබන මල් නැත්තා සේ නො ලැබෙතී’ වදාළ සේක. දෙශනා කෙළ වර බොහෝ දෙන නිවන් දුට‍හ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කරණ වීය්ය්ේ යක් අශක්ති අවධියට නො තබා බල ඇති අවස්ථාවේ ම කොට වීය්ය් වී ඵල වූ ලොවි ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

218. සූකර ප්රේයත වස්තුව[සංස්කරණය]

තව ද පාපයෙහි ආදීනව දක්වන්ට සූකර ප්රේ‍ත වස්තුව කියමු.

කෙ සේ ද යත් - එක් දවසක් මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්ෂසණ මහ තෙරුන් වහන්සේ හා සමග ගිජු කුළු පවුවෙන් බස්නා සේක - එක් තැනක දී සිනා පහළ කොට වදාරා සිනා පහළ කිරීමට කාරණ ලක්ෂනණ මහ තෙරුන් වහන්සේ විචාළ හෙයින් ‘දැන් වේලා නො වෙ යි. බුදුන් ලඟ දි විචාළ මැනවැ’යි කියා ලා රජ ගහා නුවර සිඟා වළඳා අන්තයෙහි වේළුවන වෙහෙරට වැඩ බුදුන් වැඳ ගෙණ වැඩහුන් සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ ද ‘මම, ඇවැත්නි, එ තැන දී එක් ප්රෙසතයකු දිටිමි. ඒ තෙමේ තුන් ගවු පමණ උස ඇත්තේ ය. ඌගේ හිස හූරු හිසක් වැනි ය. සෙසු අවයව

942 සද්ධර්මයරත්නාවලි ය

මිනිස් සැටිය ය. කට ඇතුළේ නඟුටෙක් ඇති වි ය. ඉන් පූයා කඳු වැගිරෙ යි. මම මා ඒ කර්ම යෙන් ගැළවුණු නියාව තකා සිනා පහළ කෙළෙමි’ වදාළ සේක.

බුදුහු ඒ අසා ‘මම ද තෙළ ප්රේ තයා බුදු වූ දවස් බෝ මැඩ දීම දිටිමි’ යි කියා ලූ කල යම් කෙණෙක් හදහා නො ගත්තු නම් උන්ට බොහෝ පවු හෙයින් උන් කෙරෙහි කරුණාවෙන් නො කීමි. දැන් දෙසට මුගලන් මහ තෙරහු ඇත. ඒ ප්රේ්තයා ඇත්තේ සැබැවැ’ යි වදාළ සේක. ඒ අසා වහන්දෑ ප්රේුත වන්ට ඔහු කළ පවු විචාළ සේක. ‘මහණෙනි, අසනු කැමති නියා දැ’යි විචාරා ‘අසම්හ’ යි කි කල්හි ඔහු කළ පාප ය වදාළ සේක.

කෙ සේ ද යත් -

කසුප් බුදුන් සමයෙහි ගම් පැල් වෙහෙරක තෙර දෙ න මෙක් සමඟ ව විසූ සේක. ඉන් එක් කෙණකුන් වහන්සේ මාලු පැවිදි ව සැට වයස් ගිය සේක. එක් කෙණකුන් වහන්සේට සැට වයසට මඳ උන් වහන්සේ ශ්රුද්ධා සම්පන්න කුල දරුවන් හෙයින් වෘද්ධ ගෞරව ය ඇති ව සාමණේර තැනක් මෙන් සැට වයස් ගොසින් වැඩි මාලු තැනට කළ මනා වත් පිළිවෙත් කරණ සේක. ඒ දෙ නම සමඟ ව වසන තැනට වගපුල් හස්සට මී බෙටියක් සම්හ වූවා සේ පවිටු අදහස් ඇති ධර්මැ කථික නමක් සම්හවූ දෑ ය. එ දවස් ද වැලිත් බණ ඇසූ ව මනා දවසෙක. තෙරුන් වහන්සේ ද පා සිවුරු ආදියෙන් සංග්රසහයක් කොට ලා ‘සත් පුරුෂයාණෙනි, අපට බණක් කිව මැනවැ’ යි කී සේක.

උන්දෑ ද නපුරු අදහසින් වුව ත් උගත් බණ හෙයින් සිත් ගන්වා ම බණ කී දෑ ය. තෙරුන් වහන්සේ ද ‘බණ කියන තැනක් ලදුම්හ’ යි සතුටු ව දෙවන දවස් උන්දෑ කැඳවා ගෙණ ආසන්න ගමට වැඩ සිඟා වළඳා ලා වළඳා අන්තයෙහි බණ කියන නමට ‘ඇවැත්නි, බණ කිව මැනැවැ’යි ඒ ගම මිනිසුන්ට ත් බැණ කියවූ සේක. මිනිස්සු බණ කථා අසා තව ත් බණ අසනු පිණිස දෙ වන දවසට ත් ආරාධනා කළහ. මෙ‍ සේ වට ගොදුරු ගම්වලට දෙ දවසක් ම අරුන්දැ කැඳවා ගෙණ සිඟා වැඩි සේක.

ධර්ම් කථික වහන්දෑ ද දවස් ගණනක් ව ගිය හෙයින් ගම් බිමුත් හැඳින ගෙණ බණ කීමෙන් මිනිසුනු ත් නම්මවා ගෙණ ‘මේ තෙර දෙ දෙනා වහන්සේ මෙ තැනින් පලවා පියා මම රඳා පියම් නම් සිඟා වළඳන්ට ගොදුරු ගමු ත් ඇත. විහාර ඵාසුව ත් ඇතැ’ යි


218. සූකර ප්රේ ත වස්තුව 943

සිතා ලා සවස ත් පිරිත් වේලාට අවුත් වත් පිරිත් නිමවා ගෙණ වහන්දෑ ගිය කල්හි පෙරළා අවුත් මහ තෙරුන් වහන්සේ ලඟට ගොසින් සැළ කළ මනා දෙයක් ඇතැ’ යි කියා ලා ‘කිව මැනැවැ’ යි කී කල්හි මඳක් සිතා හිඳ පියා උගත් බණ විතරට සොර කම් බො‍හෝවා සෙයින් ‘ස්වාමීනි, බසක් නම් කියා ල කලට වරදට යන වූවා ත් ඇතැ’ යි කියා ලා. නො කියා ම නැඟී ගිය දෑ ය. බාල තෙරුන් වහන්සේ ලඟට ත් ගොසින් ලා එ ලෙස ම කරණ දෑ ය. දෙ වන දවසු ත් එ ලෙස ම කොට ලා තුන් වන දවස් තෙර දෙ දෙනා වහන්සේට කුහුල් බොහෝ වූ කල්හි වැඩි මාලු තෙරුන් වහන්සේ ලඟට ගොසින් ‘ස්වාමීනි, සැළ කරණ දෙයෙක් ඇත. සැළ කරන්ට මැළියෙමි’ කී දෑ ය.

වැඩි මාලු තෙරුන් වහන්සේ ත් ‘කියන්ට ම වුව මැනැවැ’ යි තත්පර ව කී කල්හි ‘කුමක් ද ? ස්වාමීනි, කුඩා තෙරුන් වහන්සේ ඔබ හා එකසම්භොගී සේක් දැ’ යි කී දෑය ‘සත් පුරුෂයාණෙනි , කුමක් කියවු ද ? අපි එක මවුන් දරුවන් වැන්නම්හ. මෙ තෙක් කල් මුළුල්ලෙහි එක් ව වැස උන් ගෙන් නුගුණයක් නුදුටුම්හ’ යි කී සේක. ‘ස්වාමීනි මුඹ වහන්සේගේ කොවුන් කමක් නැති හෙයින් එ ලෙස සිතට නැඟි බව මුත් කුඩා තෙරුන් වහන්සේ මා ආ තැන් පටන් මේ වැඩි මහලු තෙරුන් වහන්සේ ලජ්ජි සේකැ’යි සිතා එක් ව සම්භොග කරතො ත් පරීක්ෂාල කොට කරව’ යි එක් වන් ව කියන සේක. මා ම හෙයින් මුත් අනික් තැනක් වුවො ත් නැඟී යන විතර ය’ යි කී දෑ ය. වැඩි මාලු තෙරුන් වහන්සේ ද දුදන වහන්සේගේ බසින් මුසුප්පු ව පියා දණ්ඩෙන් ගසා ලූ කුඹල් වළඳක් බි‍ඳෙන්නා මෙන් පාපිෂ්ට වහන්සේගේ කුසල් මුල් බිඳිමින් තමන් වහන්සේ ත් බුන් සේක. දුර්ජන වහන්සේත් ඔබ බිඳුවා ලා කුඩා තෙරුන් වහන්සේ ලඟට ත් ගොසින් වැඩි මාලු තෙරුන් වහන්සේ ට කී ලෙස ම කී දෑය. උන් වහන්සේත් බිඳී ගිය සේක.

මෙ තෙක් කල් මුළුල්ලෙහි එක් දවසෙක ත් වෙන වෙන සිඟා නො ගොසින් දෙ වන දවස් වෙන වෙන සිඟා ගොස් කුඩා තෙරුන් වහන්සේ පෙරාතුව අවුත් භොජන ශාලාවෙහි සිටි සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ පසු ව පියා ආ සේක. කුඩා තෙරුන් වහන්සේ ඔබ දැක පෙර මඟට ගොසින් පාත්ර ය හා සඟළ සිවුරු හැර ගනිම් දෝ හෝයි සිතා මුසුප්පු බලවත් හෙ යින් ‘එ සේ නො කෙරෙමි’ යි සිතා ‘වන්නාට ය, එ බන්දක් මා කළ විරූ නැතැ’ යි මෙ‍ාළොක් අදහස් ඇති ව ගෙණ වැඩි මාලු තෙරුන් වහන්සේ කරා



944 සද්ධර්මදරත්නාවලි ය

ගොසින් ‘ස්වාමීනි, පා සිවුරු දුන මැනැවැ’ යි කී සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‍ ‘නො හික්මුණු තැනැත්තෙනි, තොපි ත් අපටවත් කරණ තරමු දැ’ යි වදාළ සේක. ‘එ සේය , ස්වාමීනි, මම ත් සිරිතක් සේ ආ පමණක් මුත් හුදෙක් සිතෙකින් නො ආමි’ කී සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, මෙ වක් පටන් එක් ව වෙසති යි සිතවු දැ’ යි විචාළ සේක් - කුඩා තෙරුන් වහන්සේ ත් එ ලෙස ම කියා ලා පාත්රැ ය බැඳ ගෙණ නික්මුණු සේක. අනික් තෙරුන් වහන්සෙ ත් නික්මුණු සේක. යන ගමන ත් එක් ව නො ගොසින් එක් නමෙක් බස්නාහිර බලා නික්මුණු සේක. එක් නමෙක් නැගෙණහිර බලා නික්මුණු සේක. බණ කියන වහන්සේ ද රට සරියට පැරැත්තයකු ත් කියා පියා සිටුවයි කියන්නා ම අභිමතාර්ථය සිද්ධ වූ හෙයින් රඳා පී දෑ ය.

දෙ වන දවස් ගමට සිඟා ගිය දෑ ය. අනික් දෙ දෙනා වහන්සේ කොයි දැ යි විචාළා කල්හි ‘උපාසිකාවරිනි , ඒ වහන්දෑගේ පවත් අප අතින් විචාරන්ට නො කැමැත්තේ ය. ඊයේ දවස ඔවුනොවුන් වහන්සේ හා ඩබර කොට ගෙණ නික්මුණු සේක. මම බොහෝ පැරැත්ත කියා ත් නවතා ගත නුහුණු වීම් ’ කී දෑ ය. නුවණ නැති මිනිස්සුත් සැබැවැ යි ගිවිස ගත්හ. නුවණැත්තෝ ‘අපි මෙ තෙක් කල් මුළුල්ලෙනු ත් ඒ දෙ දෙනා වහන්සේගෙන් එ බන්දක් නුදුටුම්හ. ඉදින් උන් වහන්සේට මුසුප්පුවෙක් වේ නමුත් මුන් වහන්සේ නිසා වෙ යි’ සිතා මුසුප්පු වූහ.

ඒ තෙරුන් වහන්සේ ත් ගිය තැන සිතට සැපයක් නො ලත් සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‘අනේ බාලයන්ගේ තරමක් ය. ඒ ඇසිල්ලෙහි දුටු ආගන්තුකයාණන්ට අප හා සම්භොග නො කරන්ට කිවු ල’ යි සිතූ සේක. බාල තෙරුන් වහන්සේ ද වැඩි මාලු වසගින් තරමක් නො යාපත් නියා ය. මෙ තෙක් කල් මුළුල්ලෙහි අපගේ තරම් දනිත ත් අමුතු ව ලා දුටු නමට අප හා සම්භොග නො කරන්ට කී සේක් ල’ යි සිතූ සේක. මෙ ම සිතුවිල්ලෙන් ධුරද්වයිනු ත් පිරිහුණු සේක. ඒ දෙ දෙනා වහන්සේ හවුරුදු සියයක් ගිය කලට බස්නා හිර දිග විහාරයට ගිය සේක. ගෙවල් මඳ හෙයින් දෙ නම එක ගෙයකට පැමිණියේ ය. වැඩි මාලු තෙරුන් වහන්සේ ගෙට වැඩ ලා හැඳ හුන් කලට බාල තෙරුන් වහන්සේ ත් ගේ ඇතුළට වැඩි සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ දැක හැඳින ලා කඳුලු නවතා ගත නුහුණු සේක.



219. පොට්ඨිල තෙරුන් වහන්සේ ගේ වස්තුව 945

බාල තෙරුන් වහන්සේ ත් වැඩි මාලු තෙරුන් වහන්සේ හැඳින ලා දෑස කඳුලු පුරා ගෙණ කථා කෙරෙම් දෝ නො කෙරෙම් දෝ හෝ යි සිතා ත් අනුන්‍ ගේ බස් අදහන්ට බැරි ය යි සිතා වැඩි මාලු තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි, මම මෙතෙක් කල් මුළුල්ලෙහි කැටු ව හුන්නෙම් වේ ද, බසකින් බිණිමකින් දුටු වැරැද්දෙක් ඇත් දැ’ යි විචාරා නැතැ යි කී කල ‘එසේ කල අමුතු ව ලා දුටු නමට මා හා සම්භොග නො කරණ ලෙසට වදාරන්ට කාරණ කිම් දැ’ යි විචාළ සේක. ‘මා එ සේ වූ දෙයක් කිවා නැතැයි කී කල්හි තමන් වහන්සේට ආගන්තුක නම එ ලෙස කී නියාව කී සේක. ඔබ ත් තමන් වහන්සේට කී පවත් කී සේක. ඔවුනොවුන් වහන්සේ ලා කථා කිරීමෙන් බිඳුවනු නිසා බොරු කී නියා ව දැන ගෙණ ඔවුනොවුන් වහන්සේ සමා කරවා ගත් සේක. අවුරුදු සියයක් මුළුල්ලෙහි අසමග ව හිඳ ත් දුටු දවස් ම සමඟ ව ලා අපගේ විහාරයට ගොසින් ඒ පවිටු තැනැත්තවුන් වෙහෙරින් නෙරුම් හ’ යි නික්ම විහාරයට ගිය සේක පවිටු අදහස් ඇති නම ද තෙරුන් වහන්සේ දැක පා සිවුරු ඉල්වා ලඟට ගිය දෑ ය. තෙරුන් වහන්සේ ‘තොපි මේ විහාරයෙහි රඳන්ට නො නිස්සව’ යි අසුර ‍ගසා ලූ සේක.

උයි ත් රඳාගත නො හී එ විට ම ගියහ. විසි දහසක් හවුරුදු කළ මහණ ධමුත් කිරි පද්දේ ගොම අකක් ලුවා සේ කෙළවර නසා පී හෙයින් එයින් සැව අවීචියෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පෑසී දැන් ගිජු කුළු පව්වෙහි ප්රේීත ව ඉපැද දුක් විඳිනේ ය යි වදාරා බණ වදාරන බුදුහු චතුර් විධ වූ වාක් දුශ්චරිත ය දුරු කිරීමෙන් යම් කෙණෙක් සැබෑ බස පිහිටියෝ ද, අභිද්ධ්යාුදිය දුරු කිරීමෙන් සිතනු ත් පනව ත් ව වෙසෙත් ද , ප්රාඅණවධාදි ය නො කිරීමෙන් කයින් සිද්ධ වන පවු ත් දුරු කොට වෙසෙත් ද , එසේ වූවෝ අපාය ගමනිනු ත් දුරු වෙති’ වදාළ සේක දෙශනා කෙළවර බෙහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මත්තෙහි ලැබිය යුතු ලොවී ලොව්තුරා ගුණ ‍විශෙෂයෙහි පිහිටි විය යුතු.

219. පොට්ඨිල තෙරුන් වහන්සේ ගේ වස්තුව[සංස්කරණය]

තව ද ආගමාභියොග ය ඇති තැනට අධිගම සිද්ධි අනායාස නියාව හඟවනට පොට්ඨිල තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.


946 සද්ධර්මසරත්නාවලි ය

කෙ සේ ද යත් -

උන් වහන්සේ විදර්ශි ආදී වූ බුදු වරුන් වහන්සේ ගේ ශාසනයෙහි මහණ ව ආගමධර ව පන් සියයක් දෙනා වහන්සේට අසන තැන් කියන සේක. බුදුහු එක් දවසක් ‘මුන් තමන් අනුන්ට පිහිට වන ගමනක් මුත් තමන්ට පිහිටයකට සිතිවිලි නැත. උන් තමන්ට ත් පිහිට වනු ලෙසක් කරවමි’ සිතා එ වක් පටන් ඒ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ලඟට ආ කල ‘සිස් පොට්ඨිලයෙනි, එව. සිස් පොට්ඨිලයෙනි. හිඳුව’ යනාදීන් වදාරන සේක. ඒ තෙරුන් වහන්සේ ත් ‘මම වූ කලී තෙවලා බුදු වදන් වන පොත් ධරමි. පන් සියයක් වහන්දැ අටළෙස් වර්ගමයක් කොට ලා අසන තැනු ත් කියමි. එ තෙකුදු වුව ත් බුදුහු මට මේ ලෙස වදාරන සේක. ධ්යාකනාදී ගුණ විශෙෂයක් මා කෙරෙහි නැති හෙයින් වනැ’ යි සිතා වලට ගොසින් මහණ ධම් කරණ ලෙසට ඔබකට නො හඟවා තමන් වහන්සේ ම පාත්ර ය බැඳ ගෙණ අළුයම් වේලෙහි අසා ගෙණ යන වහන්දෑ හා කැටි ව ම් නික්මුණු සේක. මළුවේ හිඳ පිරිවන වහන් දෑ ත් ඇදුරු තෙරුන් වහන්සේ නියා සලකා ගත නුහුණු සේක.

උන් වහන්සේ ත් සාර සිය අසූ ගවුවක් විතර ගොසින් එක් වලෙක වසන තිස් දෙණකුන් වහන්සේ කරා ගොසින් වැඩි මාලු තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි, මට පිහිට වුව මැනවැ’ යි කී. සේක. ඒ අසා උන් වහන්සේ ‘ඇවැත්නි, තුමූ ධර්මවධරයෝ ය. තමන් ගෙන් අඩු - වැඩි අප දත මනා ව තිබෙන්නා - එ සේ කීයේ හැයි දැ’ යි කී සේක. පොට්ඨිල තෙරුන් වහන්සේ ත් ‘ස්වාමීනි, එ සේ නො වදාළ මැනව. පිහිට වුව මැනවැ’ යි කී සේක. තිස් නම ම රහත් හෙයින් අධිගමොපාය කියන්ට බැරි නැත. එතෙකුදු වුව ත් වැඩිමාලු තෙරුන් වහන්සේ ආගම් ව්යකක්තිය නිසා මුන්ට ඇති අභිමාන ය ඇරවුව මනා වේ දැ ’ යි ඉක්බිති තෙරුන් වහන්සේ කරා යැවූ සේක. උන් වහන්සේ ත් එ ම ලෙස ම වදාළ සේක. එ ලෙසින් හැම තැන් ම ඉක්බිති ව හුන් තැන කරා යවන සේක් සත් හැවිරිදි හෙරණ කෙනකුන්දැ කරා යැවූ සේක.

මෙ ලෙසින් බහුශ්රැ ත කම නිසා ඔබට ඇති වූ අභිමාන ය හැරිණ . උන් වහන්සේ ද නිහතමානි ව සාමණෙරයන් දැ ලඟට ගොසින් දෝත මුදුනේ තබා ගෙණ ‘සත් පුරුෂයාණෙනි , අපට පිහිට වව’ යි වදාළ සේක. ඒ අසා හෙරණුන් දෑ ද ‘ආචාරීන් වහන්ස, කුමක් කියන නියා ද ? මුඹ වහන්සේ වයෝවෘද්ධ - ත‍ෙපා වෘද්ධ කම ත් ඇති සේක. නැවත බහුශ්රැ’ත සේක. එ හෙයින් මුඹ වහන්සේ


219. පොට්ඨීල තෙරුන් වහන්සේ ගේ වස්තුව 947

ගෙන් ම දත යුත්තක් අප දනිතො ත් මුත් අප ගෙන් මුඹ වහන්සේ දන්නේ කිම් දැ ’ යි කී සේක. ‘ සත් පුරුෂයාණෙනි , තෙල ලෙස කියා අප ඔබට නෑවිද්දා පිහිට වව ’ යි වදාළ සේක. ‘ ඉදින් ස්වාමීනි , කීකරු සේක් වී නම් පිහිට වෙමී , කී කල්හි ‘ සත් පුරුෂයාණෙනි , ගින්නට වදින්ට කීවත් වදිමී ’ කී සේක. සාමණෙරයන් දෑ ද ලඟ තුබූ පොකුණක් පෑ ලා ස්වාමීනි , අන් පෙරෙවිය පිටින් ම තෙල පොකුණට බට මැනැව ’ යි කී සේක. එ සේ කීයේ නම් වැළඳ ගත් සිවුරු මා ඇඟි බව දැන ත් කිකරු නියා විමසන්ට ය. තෙරුන් වහන්සේ ද එක බසින් ම පොකුණට බස්නට වන් සේක.

ඉක් බිත්තෙන් වැළඳ ගත් අඳනයෙහි අසුන් කන් තෙමෙන්ටවන් කල්හි ගොඩට වැඩීය මැනැව ’ යි කියා එක බසින් ම අවුත් සිටි කල්හි සාමණෙරයන් දෑ ‘ ස්වාමීනි , යම් සේ එක සුඹසෙක සිදුරු සයෙක් ඇත් ද , ඉන් එක සිදුරකින් ගොයෙක් ඇතුළට වන. ඒ ගොයි අල්වනු කැමැති කෙ‍ණෙක් ගොයා වන් සිදුර හැර අනික් සිදුරු පස ඇසවා ලා ස වැනි සිදුර බිඳ වන් සිදුරෙන් ම අල්වත් ද. එ පරිද්දෙන් මුඹ වහන්සේ ත් රූපා දි ෂඩාලම්බනයට ප්රනතිනියත වූ චක්ෂුරා දී ද්වාරයන් ස‍ දෙනාගෙන් චක්ෂුරාදි වූ පස් දොර වසා ලා මුනි දොර කට යුත්තට පටන් ගත මැනැවැ ’ යි කී සේක. බහුශ්රැනත භික්ෂූන් වහන්සේට මෙ පමණෙකින් ම භාවනා විධි ය පහන් නඟා පූවා සේ වී ය. උන් වහන්රසේ ද ‘සත් පුරුෂයා ණෙනි , මෙ තෙක් ම සෑහෙයි ’ කියා භාවනාවට පටන්‍ ගත් සේක.

බුදුහු ත් සාර සිය අසූ ගව්වෙකින් ඔබ්බේ වැඩ හුන් සේක් රස් කඳක් විහිදුවා ලා ලංව වැඩ හුන්නාසේ වලා ‘ එම්බල මහණ , අට තිස් අරමුණෙහි භාවනාභියොග ය නිසා විපස්සනා ඡන්දාය උපද්දී. යම් කෙණකුන්ට ඒ භාවනාභියොග නැත්නම් උන්ට විපස්සනාව ත් නැත. එහෙයින් භාවනාභියෝග ය ත් අනභියොග ය ත් යථා ක්ර මයෙන් වැඩ - අවැඩ දෙක ම වන්නේ ය යි දැන යම් ලෙසක ලොවී ලොවුතුරා නුවණ වඩී නම් එ ලෙස කටයුතු ය’ යි වදාළ සේක. දෙශනා කෙළවර පොට්ඨිල තෙරුන් වහන්සේ රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සිද්ධ කරණ ආගම ව්ය ක්තිය නිරායාසයෙන් අධිගම ව්ය ක්ති ය වනු සඳහා කට යුතු.



948 සද්ධර්ම්රත්නාවලි ය

220. මහලු වහන්දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද සම්භ නො වන නිවන් සඳහා කරණ සෝකයක් මුත් සෙසු සෝකයෙන් ප්රොයෝජන නැති නියාව හඟවන්ට මහලු වහන්දෑගේ වස්තුව දක්වමු.

කෙ‍ සේ ද යත් -

ඒ වහන්දෑ ගිහි අවධියේ සැවැත් නුවර පොහොසත් ව රැකුණු කෙළෙඹිවරු ය. ගිහි අවධියේ ත් එක් ව පින් කරන්නාහු බුදුන් ගෙන් බණ අසා ‘අපි මාලු ව ගියම්හ. ගිහි කම් කටුලෙන් කිම් කිම් දැ’ යි බුදුන් කරා ගොසින් බුදුන් කෙරෙහි මහණ වූ හ. මාලු ව පැවිදි බැවින් ඥාන ශක්තිය ය අඩු ව බන ඉගෙන ගත නො හී වෙහෙර කෙළවර පන්සලක් කරවා ගෙණ එක්ව ම වසන සේක. සිඟා වඩනා කල ත් බෙ‍ාහෝ සේ පරණ අඹු දරුවන්ගේ ගෙට සිඟා ගොසින් ඊ දී වළඳන සේක. ඉන් එක් නමකගේ පොරණ දෙ වැනිණියෝ 1 පිසමන් යාපත් හෙයින් මධු පාචීකා නම්හ. ඌ තුමු හේ හැම තැනට ම උපකාරීහ. එ සේ හෙයින් හැම තැන් ම සිඟා ගත් දෙයෙක් ඇත් නම් උන්ගේ ගෙයි දී ම වළඳන සේක. ඌ ද වැළි ත් නිරන්තර ව බත් කුම් වුව ත් සිඟා ගත් බතට මාළුවක් පිස දෙති. පසු ව කලක දී වහන්දෑගේ ම අදෛව යක් සේ ම ලෙඩක් ව ලා මළෝ ය. ඉක් බිත්තෙන් මාලු වහන්දෑ ද සහාය ව හුන් තෙරුන් වහන්සේ ගේ පන්සලට රැස් ව ඔවුනොවුන් වහන්සේ වැළඳ ගෙණ ‘ බත් මාළු පිසන සේ යහපත් කොට දන්නා උපාසිකාවෝ මළෝ ය ’ යි කිය කියා හැඬූ සේක.

වහන්දෑ ද ඈතින් මෑතින් අවුත් මේ කිම් දැ ’ යි විචාළ කල්හි ‘ අපට යාළු ව හිඳිනා නමකගේ පිසමන් යහපත් කොට දන්නා පොරණ දෙ වැනිණි කෙණෙක් ලෙඩක් ව ලා මළෝ ය. හින්නා තෙක් දවස් අපට උපකාරී කම ත් මහත. එ බඳු කෙ‍ණකුන් කෙ සේ ලබමෝ දැ ’ යි සිතා හඩම්හ ’ යි කී සේක. ඒ ඇසූ වහන්දෑ මේ කථාව ධම් සෙබෙහි දි ඉපැදවු සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි , දැන් මතු නො වෙයි. පෙර ත් තුලු තෙල ලෙස කවුඩු යෝනියෙක ඉපැද මුහුදු බඩ ඇවිදිනා ගමනේ රළ ගැස්මෙකින් මුහුදට වැද මළ කල්හි මූ හැම ත් කවුඩු ව ඉපැද කවුඩන් නම් හඬන්ට සුරු පක්ෂදයක් හෙයින් හඬමින් වලපමින් මුද වැටී ගිය කැවිඩිය මැත් කොට ගනුම්හ ’ යි තුඩින් පැන උක උකා ඉස්නාහු -

1 දෙවැනැණියෝ

220. මහලු වහන්දෑ ගේ වස්තුව 949

“ අපි නු භනුකා සන්තා - මුඛඤ්ච පරිසුස්සති , ඔරමාම න පාරෙම - පුරතෙව මහොදධි ”

යනු හෙයින මුදු පැන් ඉසිනට පටන් ගෙණ ආයාස මහත් ව ගොසින් ‘හනු ත් හැවිළෙයි. කට ත් හැවිළෙයි. ඉස ගත ත් නො හැක්ක. මූද ත් පිරෙ යි ’ පිරෙ යි ’ කිවු ය ’ යනාදින් කාක ජාතක ය විස්තර කොට වදාරා ඒ වහන්දැ බණව ලා ‘මහණෙනි , රා දොස් ඈ කෙලෙස් නැමැති වන ය නිසා මේ සා මහත් දුකෙක් තොපට පැමිණියේ ය යි යන අදහසින් වන ය සිඳුව ’ යි වදාළ කල්හි අලුත මහණ වූ වහන්දෑ ‘ බුදුහු අප ලවා කැති පොරෝ ආදියෙන් වල් කප්වනු කැමති සේක් වනැ ’ යි සිතූ සේක.

බුදුහු ද නිකම් වන නො වන නියා ව හඟවන්ට ‘ මහණෙනි , ගස් කොළ නො කපව ’ යි වදාළ සේක. වදාර ලා වහන්දෑ තමන් වහන්සේගේ අදහස් දත් කල්හි ‘ මහණෙනි , යම් සේ පියවි වනයෙන් සිංහ ව්යාේඝ්රා දින් ගෙන් නො එක් භය වේ ද , එ පරිද්දෙන් ම ජාතිභයාදි වූ නො එක් භය ත් කෙලෙස් වෙනෙන් උපද්දී. යම් සේ මහත් වූ ගස් වන නම් වේ ද , කුඩා කුඩා ගස් එහි පිහිටි හෙයින් වනථ නම් වේ ද , නොහොත් මූකුරා සිටි ගස් වන නම් වෙ ද , පසු ව පසු ව ඇති වන පැළ වනථ නම් වේ ද , එ පරිද්දෙන් ම පිළි සැඳ දෙන කෙලෙස්හු වන නම් වෙති. ප්ර වෘත්ති විපාක දායකයෝ වනථ නම් වෙති. එ මෙන් පෙර පෙර උපන් කෙලෙස්හු වන නම් වෙති. පසු ව පසු ව උපදනා කෙලෙස්හු වනථ නම් වෙති. එ හෙයින් මහණෙනි , ද්වි ප්රාකාර වූ කෙලෙසුන් ම රහත් මඟින් සිඳ නිකෙලෙස් ව වසව.

යම් කෙ‍ණකුන්ගේ සන්තානයෙහි ශෙෂ මාත්රද වුව ත් කෙලෙස් කෙණෙක් පවතින් ද , ඒ තාක් ඌ තුමූ කිරි බොන වස්සන් කිරි වරන තාක් මවුන් පිළිබඳ වූවා සේ කෙලෙස් පිළිබඳ ව වෙසෙති ’ වදාළ සේක. දෙශනා කෙළවර පන් සියයක් විචර මහලු වහන්දැ සෝවාන් ව ආය්ය්’ි ජාතියෙහි අමුතු ව උපන් හෙයින් සඟ බාල වූ සේක. තව ත් බොහෝ දෙනා හට මේ දෙශනාව සප්රනයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ වක විෂ්කම්භන - සමුච්ඡෙද දෙක බැරි වුව ත් තදඩ්ග විමුක්ති ය පිළිවන් බැවින් ශීල සංරක්ෂ ණාදී වූ කුශලයෙහි පිහිටිමෙන් සියලු අකුසලින් දුරු ව ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

950 සද්ධර්ම රත්නාවලි ය

221. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික නමක ගේ වස්තුව[සංස්කරණය]

තව ද සත්වායන්ගේ චරිත දැන ගැන්ම නම් බුදුන්ට විනා ඔබ්බට බැරි නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික නමකගේ වස්තුව දක්වමු. කෙ සේ ද යත් - බඩාලාණ කෙණෙක් යහපත් රූ ඇත්තෝ ය . අධිගම හෙතුව ඇත්තවුන්ගේ මහණ වීමට බාධාවක් නැති හෙයින් සැරියුත් මහ තෙරුන්වහන්සේ ලඟ මහණ වූ ය. මහ තෙරුන් වහන්සේ ද මහණ වූ තැනැත්තවුන් ද ධුර ද්වයෙන් එක්තරා ධුරයෙක යෙදව මැනව. හැම දෙනාට හැම කමටහන් ම සැප නො වෙයි. මු සග බාල හෙයින් මුන්ට රාගය උත්සන්න ය’ යි සිතා රාගයට පිළිවක් වූ අසුභ කමටහන දුන් සේක. උන් වහන්සේට ද රිසි නැති ව කන බතක් සේ ඒ කමටහන සැප නො වෙයි. එ සේ හෙයින් වලට ගොසින් මසක් මුළුල්ලෙහි යත්න කොට ත් සිත එකඟ වීම පමණකුත් නො ලදින් නැවත මහ තෙරුන් වහන්සේ ලඟට අවුත් ‘ කමටහන විභූත දැ ’ යි විචාළ කල්හි විභූත නො වන නියාව කී සේක.

මහ තෙරුන් වහන්සේ ද ‘ කමටහන උන්ට විභූත නො වත් අප කරන්නේ කිම් දැ ’ යි නො සිතා බර හෙයින් ගෙණ යා නො හැකි දෙයක් සැහැල්ලු කොට දී ලන්නා සේ ඒ කමටහන ලඝු ක්රොමයෙකින් වදාළ‍ සේක. උන් වහන්සේ දෙ වැනිවත් භාවනාවට ගිය සේක් ගුණ විශෙෂයක් උපදවා ගත නො හී මහ තෙරුන් වහන්සේට වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද තුන් වැනි ව ත් දහස් ගණන් රන් ඉතා බර හෙයින් ඒ දී ලා කළන් ගණනක් හැර ගත්තා සේ බොහෝ ව තිබෙන්නා වූ ඒ කමටහන ඉතා ම ලඝු කොට සිත තිබි යන ලෙසකට කාරණොපමා සහිත කොට ලා උගන්වා ලූ සේක. උන් වහන්සේ තුන් වැනි ව ත් ගොසින් භාවනා කොට ලා නො වැට‍හෙන හෙයින් අවුත් කී සේක.

මහ තෙරුන් වහන්සේ ද ‘ භාවනා කරණ භික්ෂූහු නම් තමන් කෙරෙහි විද්යරමාන වූ ‍කාමාච්ඡන්දාරදීන් විද්යානමාන ය යි කියා ත් දනිති. අවිද්ය මානයන් අවිද්යුමාන ය යි කියා ත් දනිති. මූ ද වැළි ත් භාවනාවට අයොග්යක කෙණෙක් නො වෙති. යොග්යා ම ය. මම මුන්ගේ අදහස් දත නො හෙමි. බුද්ධවෙනෙය්යඅ කෙ‍ණකුත් නියා ය’ යි උන් වහන්සේ කැඳවා ගෙණ සවස් වේලෙහි බුදුන් කරා ගොසින් 221. සැරියුත් - සද්ධි විහාරික නමක ගේ වස්තුව 951

බුදුන් වැඳ ලා ‘ ස්වාමීනි , මූ මාගේ සද්ධි විහාරිකයාණ කෙණෙක. මම මුන්ට රාග චරිත ය යි සිතා අසුභ කමටහන දිනිමි. ‘ ඌ ගුණ විශෙෂයක් උපදවා ගත නුහුණු ය ’ යි වදාළ සේක. අනුන්ගේ අදහස සියලු ලෙසින් ම දැනගැන්ම නම් දස පෙරුම් පුරා දස දහසක් සක්වළ මහ පොළොව ගුගුරුවා බුදු වූ කෙණකුන් ට ම පිළිවන් හෙයින් ‘ මූ කවර කුලයකින් අවුත් මහණ වූ දෝ හෝ ’ යි සලකන සේක් - ‘ බඩාල් කුලයෙනැ ’ යි දැන ඉකුත් අත් බැවු ත් බලන සේක් පිට පිට හෙළා පන් සියයක් ජාතියෙහි බඩාල් ව උපන් නියාව දැක ‘ මූ තුමූ බොහෝ කලක් රත්රන් කර්මා්න්ත කරන්නෝ රන් මල් ආදි ය කෙරෙමින් රත්රන් ම අල්වා පුරුදු වූ ය. එ හෙයින් මුන්ට පිළිකුල් භාවනාව සිතට නො වැටහෙන හෙයින් පවිත්රු දෙයෙක් ම සිත වද්දී ’ සිතා වදාරා ‘ ශාරිපුත්ර යෙනි , තොපගෙන් කමටහන් ඉගෙන සාර මසක් මුළුල්ලෙහි දුක් ගත් භික්ෂූහු අද එක පස් වරුවෙන් රහත් කරවා ලන නියාව බලා හිඳුව. තෙපි යව ’ යි මහ තෙරුන් වහන්සේ යවා පියා තමන් වහන්සේගේ ආනුභාවයෙන් රථසකක් සා විචර මහත ඇති රන් පියුමක් මවා ලා පෙත්තෙනු ත් පියුම් නටුවෙනු ත් පැන් පෙරී වැගිරෙන ලෙසට කොට වදාරා ‘ හිඳ ’ මහණ , තෙල පියුම හැර ගෙන වෙහෙර පසල වැලි ගොඩක් පිට තබා ලා ලං ව ලා වැඩ හිඳ රන් පියුම් හෙයින් ‘ ලොහිතකං ලොහිතකං ’ යි පිරියම් කරව ’ යි

පියුම අතට දී ලන්නා ම සිත පහන. උන් වහන්සේ ද විහාර කෙළවරට ගොසින් වැළි ගොඩක් රැස් කොට ලා මල් නටු ව එහි හිඳුවා ලඟ වැඩ හිඳ ‘ලොහිතකං , ලොහිතකං ’ යි සමථ භාවනාවට පටන් ගත් සේක. භ‍ාවනාවට පටන් ගෙණ භාවනා කර ත් කර ත් කාමච්ඡන්දාදි පස් නීවරණයෝ විකඹන 1 වූ ය. උපචාරධ්යා්න උපන. ඊට අනතුරු ව ප්ර ථමධ්යාෙන උපදවා පස් ආකාරයෙකින් විසී බවට පමුණුවා හුන් සේ හිඳ ම චතුෂ්ක නයින් අනික් ධ්යා්න තුන ත් උපදවා වසිතාවට පැමිණවීමෙන් ධ්යා න සතර ම තර ව ගත් කල්හි ධ්යාතන සමාපත්තියට සම වැද වැඩ හුන් සේක.

බුදුහු ඔබට ධ්යා න උපන් නියාව දැන ‘ කුමක් දෝ ? මූ තුමූ තමන්ගේ ශක්තින් උපදවා ගත් ලොවි ගුණ පිටට ලොවුතුරා ගුණ ත් උපදවා ගත හෙත් දෝ හෝ ’ යි බලන සේක් ස්වශක්තින් අසමර්ථ නියාව දැන ‘තෙල පියුම තුලුන් බල බලා හින්ද දිම පර ව යේ ව ’ යි කියා සිතා වදාළ සේක. ඒ පියුම ත් අතින් මිරිකා

1 විසකම්බන


952 සද්ධර්ම රත්නාවලි ය

පූවාක් මෙන් පර වන්නේ කළු ව ගියේ ය . උන් වහන්සේ ද ධ්යා නයෙන් නැඟී ඒ පියුම බලා කුමක් දෝ හෝ , මේ පියුම පර වීමෙන් ජරාවක් හෙයින් ජරාවන් මඩනා ලද්දේ පෙනෙයි. අනින්ද්රිේ ය බද්ධයට පවා මෙ සේ ජරා ඇති කල ඉන්ද්රි්ය බද්ධයට කියනු කිම් ද ? සක්විති රජ දරුවන්ගේ සක්රුවන සේ ශොභාමත් ව සිටියා වූ මේ පියුම පර ව බල බලා සිටිය දී ම ජරාවට පැමිණියේ ය. ‘ ඒකාන්ත ව නස්සී ’ සැලකීමෙන් අනිත්යය ලක්ෂ ණ ය . දුටු සේක.

අනිත්ය් ලක්ෂූණ ය දැක්මෙන් ‍ඒ ම දුක් හෙයින් දුඃඛ ලක්ෂණය ත් ඒ ම අනත් බැවින් අනාත්ම ලක්ෂනයණ ත් දුටු සේක. උන් වහන්සේ ට තුන් භව ය ගිනි ගෙණ දිළිහී ගියා මෙන් කර බැඳ ලූ කුණක් මෙන් වැටහිණ. ඒ වේලාට ම බාල දරුවෝ ලඟ එක් විලකට බැස පියා ඇඹුල මල් කඩ කඩා ගොඩ රැස් කෙරෙති. තෙරුන් වහන්සේ ‘ අනින්ද්රි යබද්ධ වස්තුව පවා මෙලෙස ජරාවට පැමිණෙ යි. සත්වනයන්ට ජරාව අවුත් වදනා නියා කියනු ම කිම් දැ ’ යි තුන් ලකුණ තරයේ මෙනෙහි කළ සේක.

බුදුහු ත් කමටහන් මුන්ට තර ව වැටහිණැ ’ යි දැන ගඳ කිළියෙහි වැඩහුන් සේක් ම රස් කඳක් විහිදුවූ සේක. ඒ රස් කඳ ද ගොසින් උන් වහන්සේගේ මුහුණ වැද ගත. ‘ කුමක් දෝ හෝ ’ යි බැලූ කලට මේ වර කරණ කෙණකුන් යවා ඉන් නිහඬක් නො වන හෙයින් රජ්ජුරුවන් තමන් ම ගියා සේ බුදුන් ගොසින් සිටියා සේ උන් වහන්සේට වැටහිණ. උන් වහන්දසේ ද දෝත මුදුනේ තබා ගත් සේක.

ඉක්බිත්තෙන් බුදුහු ඔබට අනුකූල බනක් සලකා ‘ එම්බල මහණ , විලෙක ඇති වූ වහනෙල් ඉපුල් 1 ආදි වූ මල් අතින් කඩා ගන්නා සේ රහත් මගින් සියල්ලෙහි කරණ ඇල්මෙක් ඇත් නම් ඒ සිඳ පියා බුදුන් විසින් දෙසන ලද නිවනට විනා අනිකකට මං නො වන බුද්ධොත්පාද කාලයෙක මුත් සෙ‍සු කලෙක සම්භ නො වන අෂ්ටාංගික මාර්ග ය උපදවා ගත මැනැවැ ’ යි වදාළ සේක. දෙශනා කෙළවර සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ උපදෙශයෙන් සාරමසක් විවරිනු ත් රහත් ව ගත නුහුණු තෙරුන් වහන්සේ එක පස් වරුයෙන් පිළියම් නො දන්නවුන් ගේ පිළියමින් කල් යන්නා වූ ලෙඩ දුක් පිළියම් දන්නවුන්ගේ වශයෙන් උදවුව සන්හි‍ඳෙන්නා සේ බුදුන්ගේ උපදෙශයෙන් රහත් ව වදාළ සේක.

1. උපුල්


222. මහ ධන වෙළෙඳාණන් ගේ වස්තුව 953

එ හෙයින් නුවණැත්තවුන් විසින් සියල්ලකට ත් වඩා ති ලකුණු මෙනෙහි කිරීමෙන් භවසම්පතෙහි ආල ය හැර නිවන් සම්පත් සාධා ගත යුතු. ________________________________________


222. මහධන වෙළෙඳාණන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද පවිටු අදහස් ඇති කල ලැසි ගැන්ම යාපත් වුව ත් කුශල විෂයෙහි එ සේ ලැසි ගැන්ම යහපත් නො වෙ යි සිතන ලෙසට මහ ධන වෙළෙඳාණන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ වෙළඳාණෝ බරණැස් නුවර සිට වනුක් මලින් රැඳු රන්වන පිළි ගැල් පන් සියයක පුරා ගෙණ වෙළඳාමට සැවැත් නුවරට ගියෝ ය. ගොසිනු ත් ගඟ කරා පැමිණ ‘ සෙට ගඟින් එ තෙර වෙමි ’ මෙ තෙර ගැල් උනවා පියා එ තැන ම රැඳුණවු ය. රෑ දවස් මහත් කොට වැස්සක් වැස ගඟ දිය හෙළා පියා සතියක් මුළුල්ලෙහි වතුර නො බැස ම සිටියේ ය. නුවර ඇත්තෝ ද සතියක් මුළුල්ලෙහි උත්සවයක් කොළෝ ය. මඟුල් නිමන්නා ම රන් වන් පිළීයෙන් ප්රුයෝජන ත් නිමියේ‍ ය. වෙළඳාණන් ද වතුර හෙළන්නාට පෙරාතු ව ම ගඟින් එ තෙර වන්ට නු වූ හෙයින් ගෙන්වා ගෙණ ගිය පිළි විකපත් වන්ට නො වී ය. එ හෙයින් ම ‘ මම දුර සිට අයිමි. පෙරළා ගියෝතින් කල් සමය ත් යවා පියා මේ පිළී විකපත් වන අවධියක දී වි කොට ගනිමී ’ සිතූහ. බුදුහු ද නුවර සිඟන සේක් උන්ගේ සිතිවිල්ලට සිනා පහළ කොට අනඳ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාළ කල්හි ‘ ආනන්දෝයෙනි , මහධන වෙළෙඳා දුටු දැ’යි විචාරා, ‘එ සේ ය’යි කී කල්හි එම්බා ආනන්දනයෙනි, ඌ තුමූ තමන්ගේ ජීවත් වීම නො සලකා මෙ තැන ම පිළීයෙහි අග ය එන තෙක් අවුරුද්දක් ම රඳන්ට සිතා ගත්හ ’ යි වදාළ සේක. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ ‘ ස්වාමීනි , උන්ට උවදුරක් පෙනෙනු නියා දැ ’ යි විචාළ කල්හි ‘ එ සේ ය , ආනන්දයයෙනි , රඳන්ට සිතූ අවුරුද්ද තබා මසක් විචරට ත් ආයු නැති හෙයින් සත් දවසකින් මිය යන්නේ ය ’ යි වදාළ සේක. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ ‘ ස්වාමීනි , මම ගොසින් උන්ට කියම් දැ ’ යි වදාළ සේක.

බුදුහු ත් ආනන්දහයෙනි , වහා යව ’ යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද ගැල් තුබූ තැනට ගොසින් සිඟු සේක. වෙළඳාණෝ ද

1 හිමන් , 954 සද්ධර්මසරත්නාවලි ය

තෙරුන් වහන්සේට දන් දුන්හ. වළඳා අන්තයෙහි ‘ වෙළඳාණෙනි , මෙ තැන කෙ තෙක් කල් රඳවුදැ ’ යි විචාළ සේක. ‘ ස්වාමීනි , අවුරුද්දක් විචර රඳා පිළී විකපත් කොට ගෙණ ම යෙමි ’ යි කිවු ය. ‘ උපාසකයෙනි , ජීවත් වීමෙහි නියම ය කියා ලිය නො හැක්ක. පමා නො ව ව ’ යි වදාළ සේක. වදාළ ලෙසින් ම දැන ලා ‘ ස්වාමීනි , උවදුරක් පෙනෙනු නියා දැ ’ යි කිවු ය. ‘ ‍එ සේ ය , උපාසකයෙනි , සතියක් මුත් වඩා ජීවත් වීම නැතැ ’ යි වදාළ සේක.

ඒ අසා උපාසකයෝ තර ව මුසුප්පු ව බුදු පා මොක් මහ සඟනට ආරාධනා කොට සතියක් මහ දන් දී අනුමෙවෙනි බණට අරාධනා කොට සතියක් මහ දන් දි අනුමෙවෙනි බණට අරාධනා කළහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරන සේක් ‘ හෙම්බා වෙළඳාණෙනි , නුවණැත්තෝ මේ මේ දෙය කෙරෙමින් මේ තැන වැසි සාර මස ත් , හිම ත් , ගිමන් අටමස ත් රඳම්හ ’ යි රැඳීම් පමණක් සිතති. ජීවත් වීම කවර වේව යි නො දනිති. ඒ ඒ තැන රැඳීමට ත් වඩා බඩු විකිණීමට ත් වඩා දැන ගත හොත් දවසක් රඳා හිදිත ත් නිවන් සුව හැර ගන්නා ලෙසට කුසල් බඩු එක් කට යුතු ය’යි වදාළ සේක. දෙශනා කෙළවර ඒ වෙ‍ළඳාණෝ සෝවාන් වූහ. සතිය මුළුල්ලෙහි දුන් දන් නිවන් බඩුවට බඩු මිල වි ය. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. වෙළඳාණෝ ත් බුදුන්ට ගමන් පසු කොට ලා රැඳුණු තැනැත්තෝ එ දවස් ම මිය ගොසින් දෙව් ලොව උපන්හ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් අද කළමනා පින් කම් අද ම කර ත් මුත් සෙයටය අනික් දවසකට නැ‍ඟෙන මසට නැ‍ඟෙන හවුරුද්දට නො තබා හිස ගිනි ගත් කෙණකුන් ඒ ගිනි නිවන්ට වන වෙළෙවියක් සේ ලොවුතුරා සැප ත් ලැබිමට වෙළෙවි 1 විය යුතු. ________________________________________

223. කිසාගෝතමීන්දෑ ගේ වත[සංස්කරණය]

තව ද යම් කෙණෙක් මළවුන් අරභයා ශොක කෙරෙත් නම් ඒ ශොක ය මුල් ව පීඩාවක් මුත් මෙ ලෝ පරලෝ දෙකින් ම ප්ර යෝජනයක් නැති නියා ව හඟවන්ට කිසාගෝතමීන් දෑ ගේ වත දක්වමු.

කෙ සේ ද යත් - එහි විස්තර කථාව සහස්ස වග ම ආ ය. එ කල බුදුහු ‘ කිසා ගොතමීනි , අසුරක් විතර හබ සුඟක් ලදුදැ ’ යි විචාරා ගම මුළුල්ලෙහි ඇවිද ත් නො ලදුම්හ ’ යි කී කල්හි බුදුහු ‘ මීනී නො මළ

1 විළෙවි

224. පටාචාරාවන් ගේ වස්තුව 955

ගෙයකින් හබ ලබන්ට බැරියා සේ ම රහත් ව අනුපධිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියො ත් මුත් නො මියාම ත් බැරි ය ’ යි වදාරා ලා බණ වදාරන සේක් “හෙම්බා කිසාගොතමීනි , දරුවනු ත් ගෙරි සරකුනු ත් ලදින් ‘ අපගේ දරුවෝ ත් ඉතා රූපත්හ. පොහොසත්හ. පිරිමි සරක් සාලන්ට උසුලා ලන්ට බල ඇත්තෝ ය.

‘ ගෑනු සරක් කිරි දෙතී ’ යනාදීන් සිතා ගෙණ උන් කෙරෙහි පවත්නා වූ, තව ද ගිහි වුව ත් ශාසනික වුව ත් රන් රුවන් ආදියක් හෝ පා සිවුරු ආදියක් හෝ ලදින් ලත් ලත් විවරකින් ම සතුටු නො ව වඩා වඩා ලා ම උල සීරූ තැනෙක පැන් උනා පිරෙන්නා සේ පතන්නා වු සත්වොයන් සිතන පතන පමණක් මුත් ලත් කිසිවකු ත් නැති ව ලද ත් ඒ තිබි සේ ම තිබිය දී ගෙධා පන්න සත්ව යන් මර සොර අවුත් ලා ගඟක් බඩ ගමක නිදා වැතිර ගියවුන් ගඟ බලවත් වතුර අවුත් යට ත් පිරිසෙයින් බල්ලන් බළලුන් පමණකු ත් නො රඳවා හැර ගෙණ යේ ද , එ මෙන් මරණ ඉක්ම පිය නුහුණුවුන් හැර ගෙණ යෙයි ” වදාළ සේක. දෙශනා කෙළවර කිසාගෝතමීන් දෑ සෝවාන් වූහ. තවත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් සෙසු සියල්ලෙක කරණ ඇල්මෙක් ඇත් නම් ඒ හැර දානා දී වූ පින් කම ඇලී වැස භව සැප ත් වළඳා කෙළවර නිවන් අත් කට යුතු.


224. පාටාචාරවන්‍‍ ගේ වස්තුව[සංස්කරණය]

තව ද පිරිහුණා වූ ලෞකික ගුණ විශෙෂයක් සිද්ධ කොට ගත නුහුණු ලොවී ලොවුතුරා ගු ණයක් නිසා නො ව සෙසු ශොකයෙන් ප්රහයොජන නැති නියාව හඟවන්ට පටාචාරාවන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් - එහි විස්තර කථාව සහස්ස වග ම ආ ය. එ කල බුදුහු පටාචාරාවන්ට ශොක තුනී නියාව දැන බණ වදාරණ සේක් ‘ හෙම්බා පටාචාරාවෙනි , මිය පර ලොව යන්නවුන් ට වැදූ දෙ මවු පියෝ වෙත් ව යි තමා වදා ගත් දරුවෝ වෙත් ව යි ඒ දෙ පක්ෂ ය හැර සෙසු නෑයෝ වෙත් ව යි ඉදින් අපායකට පැමිණෙ ත් නම් ඊට නො යන ලෙසට වේව යි නො මිය ජීවත් වන ලෙසට පිහිට විය නො හෙති. ජීවත් ව හිඳිනා තෙක් දවස් කෙ‍ සේ කුමක් කොළෝ


956 සද්ධර්මතරත්නාවලි ය

නමුත් මරු හා යුද්ධ වේලාට බලා සිටිතො ත් මුන් කිසි ත් සහායක් වි ය නො හෙති. කොට ගත් පිණෙක් ඇත් නම් මිය යා නො දී රඳවා පිය නො හෙන මුත් පරලෝ සැපත් ලැබීමට පිහිට වෙයි ’ වදාළ සේක. දෙශනා කෙළවර පටාචාරාවෝ සෝවාන් ව මරු පරදවන්ට සහාය ලත්හ. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සුජනයන් විසින් පර ලොවට ම සහාය සොයා මෙ ලොව නින්දා වළකනු ව 1 හැඳගන්නා ලෙසට පිළි පමණක් හා වේලින් වේලට යැපෙන පමණකට බත් පමණක් හා සපයමින් වැඩියක් නො පතා කරුකන් නිල ආදී වූ යම් කිසි තැනෙක රඳා හිඳ බැරෑරුම් ව තිබෙන්නා වූ ලොවුතුරා සැපතට ම උත්සාහ කට යුතු.


225. ගඩ්ගාරෝහණ වස්තුව[සංස්කරණය]

තව ද ස්ථානයෙහි කරණ ලද ලඝු තරම් වු ත් පූජා සත්කාර මහත් විපාක සාධා දි ලන හෙයින් ලඝු නො වන නියාව හඟවන්ට ගඩ්ගාරෝහණ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - එක් සමයෙක දම දිව විසල් මහ නුවර බතින් පැනින් ඉතා සමෘද්ධ ය. විපත්තියකු ත් ආසන්න හෙයින් රට මුළුල්ලේ වස්තු ගෙනවු ත් ලා ලූවා සේ එ නුවර පිරී සිට්ටි. අතිසුඛිත වූ බොහෝ මිනිසුසු ත් එහි ඇත. දවස් එක් කෙණෙකුන්ට වන නියායෙන් එ නුවර රජ‍ කම් කරණ රජ දරුවෝ සත් ‍දස් සත් සිය සත් දෙනෙක. උන් වසන මාළිඟා ත් කුළු ගෙවලු ත් උයන් කෙළි කෙළනා උයනු ත් පුෂ්පාරාම - ඵලරාමාදිය ත් වන වෙන ම සත් දාස් සත්සිය සත ම ය. වොටුනු පළන් රජුන් ම සත් දාස් සත් සිය සත් දෙණකු හෙයින් මින් එක් කෙණෙකුන්ට රාජ්යා පැමිණෙන්නේ එක් විසි හවුරුදු සාරමස් සත් විසි දහසක් විතර ගිය කලට ය. ඒ නුවර දිගිනු ත් පළලිනු ත් තුන් තුන් ගවු විතර ය. තුන් වරෙකින් කැටි ව විසල් වූ හෙයින් විසල් මහ නුවර ය යි නමින් ප්රතසිද්ධ වි ය. විසල් මහ නුවර ද දඹ දිව් නමැති වොටුන්නෙහි ඔබාලූ රුවන් පෙළ වැනි මාළිගාවලින් හා කුළු ගෙවලින් බබළයි. මැණික් කර්මා න්ත ගාවා ඔබා ලූ මුතු පෙළ සේ උඩු මාල් බිම් මාල් ගෙවලින් සෑදී සිටි වීථි වින්යාිසයෙන් ම ඉතා ශොභාවත.

1 මෙ ලොවැනි වලකනුව

225. ගඩ්ගා‍රොහණ වස්තුව 957

භූරිදත්ත ජාතකයෙහි සමුද්රරජාවන් තමන්ට සරණ දෙන්ට මැළි වූ නියාව අසා ධෘතරාෂ්ට්ර නම් නා රජ්ජුරුවන් අවුත් බරණැස් නුවර දරණ ගබින් මැඳ කළා සේ එ නුවර වට ලුවා වූ උසින් අටළොස් රියන් උස් ව සුණුවමින් බබළන පවුරු වළල්ල නම් එ නුවර රජ දරුවන්ට පැවැති කීර්ති ය ඇතුළු නුවර ජන ගහන ය බලවත් හෙයින් ඉන් අවසර ලද නො හී අත් හැර යන්ට ත් මැළි ව වටා සිටියාක් වැන්න.

එ නුවර වාසල් සතර නම් චතුර් විධ මාර්ග ඥාන නමැති වාසල් වලින් අච්ඡන්දිාක ව නිවන් පුරයට වැද්ද නො හෙන 1 ලිච්ඡවීන්ට මෙ පමණකු ත් වුව මනා වේ දැයි ලවා ලු වාසල් වැන්න. එ නුවර පොකුණු නම් විවසුන් නමැති දියෙන් පිරී සිටින පඤ්ච විධ විමුක්ති නමැති පස් පියුමෙන් ගැවසී ගත් නිවන් විලට බැස නා පියා නො හෙන්නවුන්ට මෙ පමණකු ත් ඇත මනා වේ දැ ’ යි කළාක් වැන්න. තපො වනයට වැද්ද නො හෙන්නවුන්ට මෙ පමණකුත් ඇත මනා වේ දැයි ඇති කළාක් වැනි වූ මල් පල්ලේන් ගැවසී ගත් පුෂ්පාරාම - ඵලාරාම ත් ඇත.

එ සේ වූ නුවර කලක දි ඒ නුවර වසන්නවුන්ගේ පුරා කෘත අකුසලයට අවසර පානාක් මෙන් සායෙක් ගසා පියා බත් පැන් නැති වි ය. බත් බිජු වට නැති ව ගොයම් කරන්නවුන් නැති හෙයින් ගොයමු ත් නැති ව සාය තර වත් වත් නියගට පෙරාතු නො වන හෙයින් දෙසි ගස් මියන්නා සේ පළමු කොට බත් පැන් නො ලදින් දුක් පත්තු මියන්ට වන්හ. ඇඟ හුණු පණුවන් දවන්ට මැළි කරන්නා සේ ඒ ඒ තැනට දමා පූ මිනී කුණෙයි ගඳින් එළවුවට එන්නවුන් මෙන් යක්කු නුවරට හඬා වන්හ. බත් පැන් නැති තැනට යකුන් ඇති වූ හෙයින් මිනී මස් ලබන්ට යකුන්ගේ දෛව බොහෝ වූවා‍ සේ බොහෝ දෙන මියන්ට වන්හ. කුණප ගන්ධ ය බොහෝ ව ගොසින් එයි න් මුල් ව දුකට නො තබා නිමවන්ට කරන්නා සේ සත්වධයන්ට අභිවාතක ලෙඩ ඇති වි ය. මෙ භය තුන විසල් මහ නුවරට සෙණ තුනක් මෙන් පහළ වි ය.

භයින් තැති ගත් නුවරවැස්සෝ නො මිය රඳා හුන් කෙණෙක් රැස් ව එ දවස් රජ කරණ රජ්ජුරුවන් කරා ගොසින් මහ රජ , මෙ නුවර මුහුද හඬ කෙවිලියන් ට නො දැනෙන්නා සේ මුඹ වහන්සේට නො දැනෙන බව මුත් එකී එකී භය ම සත්වන විනාශයට සෑහෙන තරම් දුර්භික්ෂෙ භය තුනක් ඇති වි ය. මෙයට පෙරාතු සත් වන රජ පරම්පරා දක්වි මෙ බඳු වූ භයෙක් නූපන් විරී ය. ධර්මිෂ්ඨ රජ දරුවන් සමයෙහි මෙ බඳු භයෙක් උප‍දනේ නැතැ ’ යි කිවු ය.

1. වැඩ නො ගෙණ ලීමේ පමණකු ත්

958 සද්ධර්මගරත්නාවලි ය

රජ්ජුරුවෝ ද සම්මන්ත්රමණයට 1 රැස්වන්නා වූ ශාලාවට හැම දෙනා රැස්කරවා ලා ‘ තුමූ ත් ගොසින් ඉඳින් මාගේ නො මැදහත් කමෙක් 2 ඇත් නම් විමසව ’ යි කිවු ය. විසල් නුවර ඇත්තෝ ද නො එක් ලෙසින් පරීක්ෂාඇ කොට රජ්ජුරුවන් ගෙන් කිසි වරදක් නො දැක ‘ රජ්ජුරුවන් වහන්ස , මුඹ වහන්සේගේ කිසි ව‍රදෙක් නැතැ ’ යි කියා ‘ මේ අපට පැමිණි භය කවර ලෙසකින් සන්හිඳී යේ දෝ හෝ ’ යි කථා කළහ. සමහර කෙණෙක් බිලියම් කළ කල සන්හි‍ඳෙයි කිවූ ය. සමහර කෙණෙක් දෙවතා ආරාධනාවෙන් සන්හි‍ඳෙයි කිවු ය. සමහර කෙණෙක් විෂ්ණු ඊශ්වරාදීන්ට පූජා කළ කල සන්හි‍ඳෙයි කිවු ය.

ඒ හැම ම පුරා කෘත අකුශල කර්මව ප්රකතිබාහනයෙක්හි සමර්ථ දෙයක් නො වන හෙයින් ඒ හැම ම කොට ත් භය සන්හිඳුවා ගත නුහුනු වූ ය. භය නො සන්හි‍ඳෙන නියාව දැක සමහර කෙණෙක් හුණට තියඹරා ‍යාපතැ ’ යි යන්නවුන් මෙන් , සෙමට උක් සකුරු යාපතැ යි යන්නවුන් මෙන් , උන් හැම අවත් දිවුණ තොත් මුත් නො සන්හිදෙන භය පූරණ කාශ්යයප ය , මක්ඛලීගොසාල ය , අජිතකෙශකම්බලී ය , නිගණ්ඨනාථපුත්රස ය , කකුධකාත්යාලයන ය , සඤ්ජයබෙලට්ඨී ය යන බුදුවරුන් වහන්සේ ලා ස දෙනා මහානුභාව සම්පන්න සේක. උන් වහන්සේ ලා මීට වැඩියො ත් මේ භය සන්හි‍ඳෙයි කිවු ය.

එ ලෙස කොට ත් ඒ භය නො සන්හි‍ඳෙන හෙයින් ඉන් ම සමහර නුවණැති කෙණෙක් ‘ තොප හැම කරණ කට යුතු නම් පාන ඇවිළෙමින් සිටිය දී ගිනි සොයා‍ ගොසින් කණමැදිරියකු දුක ගිනි ය යි සිතා පිඹින්නාක් වැන්න නැවත කිරින් ප්‍භ‍යොජනයක් ඇති විටෙක දෙනගේ දෙව ගන්ට පිළිවන් ව තිබෙන මොළොක් ව තිබෙන තන තිබිය දී කෙ තෙක් වේලා දෙවිය ත් අතට වන ආයාස පමණක් මුත් කිරක් තමා ම නැති හඟ අල්වා ගෙණ සැලෙන්නවුන් වැන්න. ති ලෝ ගුරු බුදු රජුන් වහන්සේ සම තිස් පෙරුම් පුරා බුදු ව‍ වදාරා සියල්ලවුන්ට හිත පිණිස බණ වදාරණ සේක. මේ භය සන්සිඳුවත ත් මහානුභාව සම්පන්න හෙයින් ඔබට පිළිවන. සියල්ලවුන් කෙරෙහි කරණ ලද කරුණාව ත් අප හැර නො වන හෙයින් ඔබ මුඹ නො වඩි නේ ත් නැත. ඔබ ඉදින් මුඹ වැඩි සේක් වී නම් මේ භය තුන ම සන්හි‍ෙඳ ’ යි කිවු ය. උන්ගේ බස් හැම දෙන ම ගිවිස . කරන්ට ත් සිතා ගෙණ ‘ ඒ බුදුහු දැන් කොයි වසන සේක් දැ ’ යි කිවු ය.

1 සම්මන්තානයට 2 නොදත් ‍කමෙක්

225 ගඩ්ගාරොහන වස්තුව 959

එ කල ට බුදුහු වස් වසන ආසන්නයෙහි බිම්සර මහ රජුන්ගේ ආරාධනා ඉවසා වස් වසන තෙක් වෙළුවන විහාරයෙහි වසන සේක. ඒ රාජ සමාගමයෙහි 1 හෙවත් බිම්සර මහ රජ්ජුරුවන් බුදුන් දක්නට ගිය දවස් උන් හා එක්ව ම සෝවාන් වූ මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවෝ ඒ රැස් වූ පර්ෂවන් හි හුන්හ. විසල් නුවර වැසියෝ ද දී සිත් ගන්නා නිසා බොහෝ පඬුරු ත් නිල කරවා බිම්සර මහ රජ්ජුරුවන්ට කියා ගිවිස්වා ගෙණ බුදුන් මොඩ වඩා ගෙනෙව ’ යි ආය්ය්්ජුශ්රාගවක ව සිටි මහාලි ලිච්ඡවි රජ දරුවන් ද පුරොහිත බමුණන්ගේ පුතණුවන් ද යවූ හ. උයි ත් ගොසින් බිම්සර රජ්ජුරුවන්ට පඬුරු ගෙණ ගියා දී ලා කන්නලව්ව න් කියා ලා ‘ මහ රජ , බුදුන් අපගේ නුවරට වැඩි ය මනා කටයුතු ඇත. වඩා යවන්ට වුව මැනැවැ ’ යි කීහ.

රජ්ජුරුවෝ ඒ අසා ‘ මාගේ නුවර වැඩහුන් බුදුන් මා එ සේ වඩනට කියන්ට යුක්ති නො වෙ යි තෙපි ම දනුව ’ යි කිහ. උයි ත් බුදුන් කරා ගොසින් බුදුන් වැඳ ලා ‘ ස්වාමීනි , විසල් මහ නුවර දුර්භික්ෂ භය ත් , යක්ෂ‍ භය ත් රොග භය ත් තුන ඇති වි ය. මෙ කී භය තුන නිසා මියන්නෝ ත් බොහෝ ව. මුඹ වහන්සේ ඔබ වැඩියොත් සදහම් නමැති වැසි වස්නා ම සාය ත් නැති වෙ යි. සදහම් නමැති ප්රොල ය මන්ත්රාවනුභාවයෙන් යක්‍ෂොපද්රහව න් දුරුවෙයි. සදහම් නමැති දිව බෙහෙදින් රොග භය ත් නැති වෙයි. දිය ඩබර නිසා බොහෝ නැයන් නස්නා නියාව දැක ඔබ වැඩියා සේ විසල් මහනුවර ත් නස්නා බොහෝ දෙනා දැක උන් කෙරෙහි කළ කරුණාවෙන් ඔබ වැඩිය යහපතැ ’ යි ආරාධනා කළහ. බුදුහු ත් උන්ගේ බස් අසා බුදු නුවණින් පරීක්‍ෂා කරණ සේක් ‘විසල් මහ නුවර දි රුවන් සූත්ර ය දෙසූ කල්හි ඒ ආඥාව කෙළ ලක්ෂ්යක් සක්වළ පැතිර සිට්ටී. සූත්ර ය දෙසා නිමි කල්හි සුවාසූ දහසක් සත්වසයෝ නිවන් දක්නාහ. ඒ භය තුන ත් සන්හි දෙන්නේ ය ’ යි දැක ආරාධනා ඉවසූ සේක.

බිම්සර මහ රජහු ද බුදුන් විසාලා මහ නුවරට වඩනට කළ ආරාධනාව ඉවසූ නියාව අසා නුවර වැස්සන්ට මං පෙත් ඉදි කරන්ට විධාන කොට ලා තුමූ බුදුන් කරා ගොසින් ‘ කුමක් ද , ස්වාමිනි , විසල් මහ නුවරට වැඩීම ඇත් දැ ’ යි විචාරා ‘ එ සේ ය මහ රජ ’ යි කී කල්හි මා මං පෙත් ඉදි කරණ තෙක් රඳා වදාළ මැනැවැ ’ යි කියා ලා රජගහා නුවරට ත් ගඟට ත් අතුරෙහි විසි ගවුවක් විවර මඟ කණු මුල් උදුරුවා සම තල කරවා ලා සතර ගවු වෙන් සතර ගවුවට විහාර ත්කරවා ලා බුදුන් විසල් මහ නුවරට

1 ඒ සාර සමාගමයෙහි , ඒ සඳ රාජ සමාගමයෙහි.


960 සද්ධර්ම රත්නාවලි ය

වඩනට ආරාධනා කළහ. බුදුහු ද නිත්යම පරිවාර පන් සියක් දෙනා වහන්සේ පිරිවරා වඩනට මඟට පිළිපන් සේක.

රජ්ජුරුවෝ ද විහාර පසට මද්ධ්යබයෙහි සතර ගවු සතර ගවු විවර මග පය ඔබා ලු කල දන දක්වා එරෙන තරමේ පස් වනක් මල් අතුරුවා ලා පස් වනක් පිළියෙන් ධජ පතාක ත් නංවා ලා කෙහෙල් තොරන් ආදි වු දෙ පස තොරණ ත් ලවා ලා නැවත දෙ පස පුන් කලස් පුන් බැණ ත් තබවා ලා බුදුන්ට කුඩ මත්තේ කුඩයක් වන නියායෙන් කුඩ දෙකක් ලවා ලා එකි එකී නමට එකි එකී කුඩයක් වන නියායෙන් පන් සියක් දෙනා වහන්සේට කුඩ පන් සියයකු ත් ලවා ලා සෙනඟ පිරිවරා මහ පුද කෙරෙමින් කරවා ලූ විහාරවල සතප්වා මහ දන් දී පස් දවසකින් ගංතෙරට වඩා ගෙණ ගොසින් එ තෙරට වඩා ගෙණ යන්ට හඟුලක් කරවා සිට ම විසල් නුවර ඇත්තවුන්ට ගඟ පටන් තමන්ගේ නුවරට මං 1 ඉදිකරවා ලා පෙර ගමන් කොට අවුත් වඩා ගෙණ යව ’ යි කියා යැවූ ය.

උයි ත් ‘ තනි රජ්ජුරු කෙණකුන් විසිගවුවක් විචර මඟ සරහා ඉදි කරවා ලු කල අප සත් දාස් සත් සිය සත් දෙනකුට දොළොස් ගවුවක් විචර මග නම් බෙදා පී කලට ගවුව ගවුව තබා ඉසුබ දෙකක් දෙකක් හා සිල්වාරමකට මුත් වඩා නැත. අපි ත් බිම්සර මහ රජුන්ට වඩා පූජා කරම්හ ’ යි විසල් මහ නුවරට ත් ගඟට ත් අතුරෙහි දෙ‍ාළොස් ගවුවක් විචර මග සමතල නුවරට ත් ගඟට ත් අතුරෙහි දොළොස් ගවුවක් විචර මග සමතල කරවා ලා ධජ පතාකාදියෙන් සරහා ලා බුදුන්ට කුඩ මත්තේ කුඩ වන නියායෙන් කුඩ සතරක් ලවා ලා සහ පන් සියයට ත් කුඩ මත්තෙහි කුඩයක් වන නියායෙන් කුඩ දෙක දෙක ලවා ලා වඩා ගෙණ යන අදහසින් කුඩ එක් දාස් සතරක් හා සෙසු ත් පුද පෙරහර ගෙන්වා ගෙණ අවුත් ගං තෙර සිටියහ.

බිම්සර මහ රජහු අඟුළු දෙකක් එක් කොට ඈඳ වා ලා අගුළු මත්තෙහි මණ්ඩපයක් කරවා ලා මල් දම් ආදීන් සරහා ලා බුදුන් වැඩ හිඳිනා ලෙසට සත් රුවන් මුවා හස්නක් පනවා ලූ ය. බුදුහු ඊ වැඩ හුන් සේක. වහන් දෑ ද අඟුළ‍ට නැගී ලා රත්රන් නැවක් මද්ධ්යී කොට පිපී වැනී ගිය රත් නෙළුම් වනයක් මෙන් බුදුන් පිරිවරා වැඩ හුන් සේක. බිම්සර මහරජහු ද ගමන් පසු කරන්නෝ කරවටක් පමණ දියට බැස ලා ‘ ස්වාමිනි , මුඹ වහන්සේ පෙරළා වඩනා තෙක් ගඟ මෙ තෙර ම රඳා හිඳිමී ’ කියා ලා අඟු ළ එ තෙර කරවා ලා රඳා පීහ. 1 මහමන්


225. ගඩ්ගාරොහණ වස්තුව 961

බුදුහු ත් ගඟ පළල සතර ගවුවක් හෙයින් සසර මහ සයුරෙන් සදහම් නමැති නැවට නංවා සතුන් නිවන් පර තෙරට පමුණුවන ලෙස කොට ත් පානාක් මෙන් සතර ගවුව ගෙවා අඟුලෙන් බැස ලා එ තෙර විසල් මහ නුවර ඇත්තවුන්ගේ රාජ්යග සීමාවට පැමිණි සේක. ලිච්ඡවි රජ දරුවෝත් පෙර ගමන් කොට එන්නාහු බිම්සර රජ්ජුරුවන් කළා සේ ම කරවටක් පමණ දියට බැස ලා අඟුළ එ තෙර කොට ගෙණ බුදුන් අඟුලෙන් ගොඩට බාවා ගත්හ. බුදුන් අඟුළෙන් බැස ගොඩ පය තබන්නා ම පොකුරු වැස්සෙක් වට. හැම තැන ම දණ පමණ වූ ත් , කළවේ පමණ වූ ත් , උකුළු පමණ වූ ත් වඩා ත් වතුරු හෙළා ලා සියලු කුණු සෝධා ගඟ හෙළා පීමෙන් කෙලෙස් කුණු නැති වීමෙන් නිකසළ වූ බුදුන් වඩනට මහ ත් නිකසළ වී ය . විවරණ ලබන දවස් දිවකුරු බුදුන් වඩනා මඟ පවිත්රම කළ නියාව මෙ තැන තකා වූවා සේ වී ය. ලිච්ඡවී රජ දරුවෝ ත් සතර ගවුවට විහ‍ාරයක් බැගින් තමන් කැර වූ විහාර තුනෙයි තුන් දවසක් රඳවා ලා මහ දන් දි පූජා සත්කාර ත් වඩා කරන්නාහු තුන් දවසකින් විසල් මහ නුවරට වඩා ගෙණ ගියහ.

සක් දෙවිඳු ද දෙව් ගණ පිරිවරා අවුත් වැඳ ගියහ. මහෙශාඛ්ය දෙවියෝ ත් අවුත් රැස්වීමෙන් රඳා ලන්ට බැරි ව යක්කු බොහෝ සේ පලා ගියහ. බුදුහු සවස් වේලෙහි නුවර වාසල කෙරේ වැඩ සිට අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘ ආනන්දේයෙනි , මේ රුවන් සූත්රි ය ඉගෙන ගෙණ විසල් මහ නුවර වළලු තුන හස්සෙහි පිරිත් කෙරෙමින් යක්ෂො පද්රහව දුරු කරව ’ යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් රුවන් සූත්ර්ය ඉගෙණ ගෙණ දැන් බුදුන් පමණක් මුත් එ දවසට නු බුදුන් හෙයින් සතර වරමුන් ගෙනවුත් බුදුන්ට පිළිගැන්වූ මුං වන් සල ගල් පාත්රියෙන් පිරිත් පැන් හැර ගෙණ නුවර වාසල වැඩ සිට දිවකුරු බුදුන් ගෙන් අපගේ බුදුන් විවරණ ලත් තැන් පටන් පිරූ සමතිස් පැරුම් ඒ ඒ ජාතකවලින් ද සලකා -

තව ද අඞ්ග පරිත්යා ගාදී පඤ්ච විධ පරිත්යාතගයන් ද ලොකාර්ථචය්යාැම දි වූ ත්රි විධ චය්යාල වන් ද බුදු වන ජාතියෙහි නො එක් අසිරින් යුක්ත ව ඇසළ මස පුර පසළොස්වක් ලත් අඟහරුවාදා උතුරුසළ නකතින් මධ්යුම රාත්රින වේලේ තුසී දෙව් ලොවින් චුත ව කිඹුල් වත් නුවර සුදොවුන් මහ රජාණන්ට දා ව මහා මායා බිසොවුන් කුස පිළිසිඳ ගත් නියා ද , දස මස් අයාමෙන් ලුම්බිනි උයන්හි දි වලා ගබෙක සැඟවී තිබී ලා මෑත් වන සඳ පරිද්දෙන්



962 සද්ධර්මාරත්නාවලි ය

මවු කුසින් බිහි වූ නියා ද , බුදු වන කල ආසන්න වන තෙක් විසි නව හවුරුද්දක් විචර ගිහි ගෙයි රඳා ලා බුදු වන්ට මහභිනික්මන් කොට නික්මුණු නියා ද , නික්ම මහණ ව ලා සාවුරුද්දක් මුළුල්ලෙහි බුදු බව සාධන්ට ප්රරධන් වීය්ය් ද කළ නියා ද , කරණ වීය්ය්බු කොට නිමවා ලා වෙසඟ මැදි පොහෝ දවස් බෝ මැඩ වැඩම කොට මාර විජය කොට අළුයම් වේලෙහි මහ පොළොව ගුගුරුවා බුදු වූ නියා ද , නව ලොවුතුරා දහම් පටන් සියලු බුදු ගුණ ද සලකා නුවරට වැද තුන් යම් රාත්රිකයෙහි පවුරු වළලු තුන හස්සෙහි පිරිත් බැණ ඇවිදි සේක.

අනඳ මහ තෙරුන් වහන්සේ රුවන් සුත “ යං කිඤ්චි චිත්තං ” යනාදි ගාථාවෙහි ‘ යං කිඤ්චි ’ යන පද ය වදාළ කල්හි පිරිතෙහි ආනුභාවයෙන් පිරිත් බැණ බැණ උඩට දමා ලූ පැන් අමනුෂ්යුයන් ඇඟ වැතිර ගිය කල්හි යක්ෂෙයෝ ත් පලන්ට පටන් ගත්හ. නැවත රිදී බුබුළු සේ පිරිත් පැන් බින්දුි අවුත් ලෙඩ දුක් මිනිසුන් ඇඟ වැගිරෙ ත් වැගිරෙ ත් උමංදාවෙහි මහෞෂධ පණ්ඩිත කල උපන් බෙහෙදින් 1 සිරිවඩු සිටාණන්ට ත් සෙසු සෙස්සන්ට ත් ඇති ලෙඩ දුක් නැති වූවා සේ අනඳ මහ තෙරුන් වහන්සේ පිරිත් බැණ ඉස ලූ පැනින් ලෙඩ දුක් නැති ව ගොසින් අනික් ජාතියෙක උපන්නා සේ ලෙඩ ව හුන් මිනිස්සු අනඳ මහ තෙරුන් වහන්සේ පිරිවරා ගත්හ. බුද්ධානුභාවයෙන් යකුන් බොහෝ සේ නැඟී ගිය ත් බිතක්කන් කසළ ගොඩ ලිප් පිටි පස් 2 ආදියෙහි රඳා ගිය යක්ෂන කෙණෙක් ඇත් නම් බිඳ ගෙණ යන්නාහු නැඟී පලායන්ට වාසල් නො සෑහෙන පවුරු පදනම් ආදි ය බිඳ ගෙණ දිවන්ට වන්හ. මෙ සේ යකුන් පෙරළී පලා ගොසින් යක්ෂආ භය ත් නැති වි ය.

ලෙඩ දුක් නැති ව ගිය බැවින් රොග භය ත් නැති ව සුඛිත වූ මිනිස්සු බුදුන් වැඩ හිඳිනා ලෙසට නුවර මැද බොහෝ දෙනා රැස් වන්නා වූ ගෙය පවිත්රන කරණු සඳහා සුවඳ පිරිබඩ ගෙණ ලා රන් තරු ආදියෙන් බබළන්නා වූ නො එක් පෑ ඇති පට කඩ වියනු ත් බඳවා ලා බුදුන් වැඩ හිඳිනට පඬු ඇඹුල් හස්න ගෙණ වුත් තැබුවා වැනි බුද්ධාසනයක් පැනවූහ. තිලෝගුරු බුදු රජහු ද යුගඳුරු මුදුනෙහි දහසක් රසින් බබළන අභිනව සූය්ය්හ් යා මෙන් සවනක් රස් විහිදුව විහිදුවා වැඩ හුන් සේක. නිත්යූ පරිවාර පන් සියක් දෙනා වහන්සේ ද රුවන් මාළිගාවක් වට කොට ලා ලූ පබළුමුවා පදනම් පිළක් මෙන් ලීලොපෙත ව වැඩ හුන් සේක. 1. උපදනා වෙද බෙහෙදින් 2. ලිපිපිලිපස්



225. ගඩ්ගාරොහණ වස්තුව 963

ලිච්ඡවි රජ දරුවෝ ද වහන්දැට පිටි පසු ව ලා බුදුන් පිරිවරා හුන්හ. සක් දෙවිඳු ද දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා කිසි තැනෙක්හි සිටියේ ය.

අනඳ මහ තෙරුන් වහන්සේ ද නුවර සිසාරා පිරිත් බැණ ඇවි ද පිරිතෙහි ආනුභාවයෙන් ලෙඩින් දුකින් ගොඩ නැගී මිනිසුන් පිරිවරා බුදුන් කරා ගොසින් වැඳ ගෙණ වැඩහුන් සේක. බුදුහු ත් පර්ෂද් ගේ අදහස් බලා මඳක් කා රසා දත් දෙයක් බොහෝ කොට කන්ට සිතන්නා සේ එ ම රුවන් සුත අසනු කැමැති නියා දැන එ ම සුත දෙසා වදාළ සේක. දෙශනා කෙළවර සුවා සූ දහසක් පමණ සත්වනයෝ ලෙඩිනු ත් මිදෙනු නිසා නිවන් බෙහෙත් වැළඳූහ. හෙවත් නිවන් දුටහ. ඒ රුවන් සුත ආඥාව ත් කෙළ ලක්ෂතයක් සක්වළ පැතිරිණ. බණ වදාරන පිරිත් එක් දවස් ම මඳ හෙයිනු ත් නුවණ මූ කළ‍ සේ නිවන් දක්වන්නවුන් සඳහා ත් ශාන්ති පිණිස ත් එම රුවන් සුත සතියක් ම දෙසා වදාරා පැමිණි තුන් භය ත් බොහෝ දෙනාට කෙලෙස් භය ත් සන්හුන් නියාව දැන වඩනා නියාව ලිච්ඡවි රජ්ජුරුවන්ට වදාරා ලා නික්ම වදාළ සේක.

ලිච්ඡවි රජහු ද භය සන්හුන් හෙයින් ආලෙස්සම් නො ව දියුණු ත‍ියුණු කොට සත්කාර කරන්නාහු තුන් දවසක් විතරින් මහ ගං තෙරට වඩාගෙණ ගියහ. ගං පත්ලෙහි වසන්නාවූ නා රජ්ජුවෝත් ‘ මිනිස්සු බුදුන්ට සත්කාර කෙරෙති. අප නො කරන්ට කාරණ කිම් දැ ’ යි රුවන් මුවා අඟුළු මවා ලා එහි රුවන් මුවා හසුනු ත් පනවා ලා ගඟ දිය ත් පස්වනක් පියුමෙන් සරහා ලා ‘ ස්වාමීනි , අපට ත් අනුග්රයහ කරණ බව ය ’ යි එක බුදුන් වුව ත් තම තමන්ගේ අඟුළුවලට නැ‍ඟෙන්ට ආරාධනා කළහ. මිනිස්සුත් නයි ත් තමන් තමන්ගේ බල පමණින් බුදුන් ට පූජා කෙරෙති. උන් දෙ පක්ෂුයට ම වැඩී සිටියා වූ අප නො කරන්නට කාරණ කිම් දැ ’ යි භූමාටු දෙවියන් පටන් අකනිටා බඹ ලොව බඹුන් දක්වා අසඤ්ඤතල බ්ර හ්මයන් හැර සියලු ම දෙවියෝ ත් සිතනා පමණක් විනා ආයාසයක් නැති බැවින් පූජා කළහ. නාග භවනයෙහි නයි තමන්ගේ නාග භව‍නයෙහි පටන් සතර ගවුවක් විතරෙහි කුඩ මත්තෙහි කුඩ සලසා ගත්හ.

මෙ සේ මිනිස් ලොවට පාත්න්නයි ය , මිනිස් ලොව මිනිස්සු ය , භූමාටු දෙවියන් පටන් බඹ දෙවියන් දක්වා දෙවියෝ ය , නා ලොව පටන් අකනිටා බඹලොව දක්වා මෙ සක් වළ ඇතුළ


964 සද්ධර්මවරත්නාවලි ය

මුළුල්ල ම කුඩ මත්තෙහි කුඩ සලසා ගත්හ. කුඩ හසු හස්සෙහි ධජ හා ධජ හසු හස්සෙහි පතාක හා සලසා ගත්හ. පතාක හසු හස්සෙහ් මල් දම් මල් කලප් මල්ලිය ආදි ය සලසා ගත්හ. දිව ආභරණ ලා සැරහුණු දෙවියෝ සැණ වෙස් ගෙණ බුදුන්ට ස්තුති කෙරෙමින් ආස ඇවිදිති. ගඬඹ නම් අඹ ගස මුල දි යමා මහ පෙළහර කරණ දවසු ත් සකස් පුර නුවරට වැඩි දවසු ත් විසල් මහ නුවර ත්රිෙවිධොපද්රකව ය සන්හිඳුවා රජගහා නුවරට වඩනට ගඟ කරා වැඩිය දවසු ත් දිව්යළබ්රධහ්මාදීන්ගේ රැස්වීම බොහෝ වීය.

ගඟින් එ තෙර බිම්සර මහ රජහු ද ලිච්ඡවීන් කළ පූජාවට වඩා පූජා සරහා ගෙණ සිටියහ. බුදුහු ද ගඟ එ තෙර මෙ තෙර රජ දරුවන්ගේ සත්කාර ද බලා වදාරා නයින්ගේ ත් අදහස දැන උන් ගේ අදහස් පුරා අඟුළු පන් සියයෙහි සඟ පන් සිය ය පිරිවරා සිටි එක් අඟුළකට එක් බුදු කෙණකුන් වහන්සේ වන නියායෙන් බුදුවරුන් වහන්සේ ත් පන් සියයක් මවා ලූ සේක. උන් වහන්සේ ද නයින් මවා ලූ එකි එකී කුඩයකට ද , කප් රුකකට ද , මල් වඩමකට ද යට නයි පිරිවරා හිඳින සේක. නයින්ට මෙ‍ ලෙසින් බුදුවරුන් වහන්සේ සැලසුණු පසු සෙසු ත් දිව්ය බ්ර හ්මාදීන් සිත් පහදවනු නිසා භූමාටු දෙවියන් පටන් අකනිටා බඹ ලොව දක්වා එකි එකී අවසරයෙහි ම පන් සියයක් පිරිවර හා සමඟ බුදු කෙණකුන් වහන්සේ වන නියායෙන් පිළිම ගෙයක සිත්තම් කරන්නවුන් අනික් සිත්තම් හැර ලා රහත් කැල හා බුදුරුව මැඳ අඳනා සේ සක්වළ අතුළ මුළුල්ල ම බුදු කැලයක් කොට මවා ලූ සේක.

එ දවසට මේ සක්වළ එක මඟුල් ගෙයක් මෙන් සැරහිණ. බුදුහු ත් නයින්ට අනුග්රවහ නිසා එක් අඟුළකට නැඟි සේක. සඟ පන් සියය ත් අඟුළු නො සිස් කරන්ට එකි එකී අඟුළකට නැඟි සේක. නා රජහු ද බුදු පාමොක් සංඝයා ‍වහන්‍ සේ නාගභවනයට වඩා ගෙණ ගොසින් රාත්රිහ ය මුළුල්ලෙහි මත්තට හේතු නිසා ත් බණ අසා ත් දෙ වන දවස් බුදු පාමොක් සංඝයා වහන්සේ දිව බොජුන් වැළඳ වූහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරා නාග භවනයෙන් නික්ම මුළු සක්වළ දෙවි බඹුන්ගෙන් පූජා සත්කාර විඳිමින් හඟුළු පන් සියයෙන් ම ගඟින් එ තෙර වූ සේක.

බිම්සර මහ රජ ද පෙර ගමන් කොට අවුත් බුදුන් එ තෙරට බා ගෙණ විසල් මහනුවර සිට බුදුන් වඩනා දවස් ලිච්ඡවි රජුන් කළ පූජා තරම දියුණු තියුණු කොට සත්කාර කෙරෙමින්


225. ගඩ්ගාරොහණ වස්තුව 965

පස් දවසෙකින් රජගහා නුවරට වඩා ගෙණ ගියහ. දෙ වන දවස් වහන්දෑ සිඟා වළඳා ලා සවස් වේලෙහි ධම් සබයට රැස් ව ‘ සර්වනඥ වරයන්ගේ ආනුභාවයක් බලවත් නියා ය. දෙවි මිනිසුන් බුදුන් කෙරෙහි භක්තියෙක් බලවත් නියා ය. ගඟ එ තෙරින් මෙ තෙරින් කැටි ව දෙ තිස් ගවුවක් විතරට ගඟ එ තෙර මෙ තෙර රජ දරුවෝ සම තල කරවා ලා ධූලි නො නැගෙන ලෙසට වැලි ලවා ලා දණ පමණින් පස් වනක් මල් අතුරුවා ලූහ. ගඟ පැනු ත් නයින්ගේ ආනුභාවයෙන් පස් වනක් පියුමෙන් සැදිණ.

නා ලොව පටන් අකනිටා බඹ ලොව දක්වා කුඩ මත්තෙහි කුඩ හා ධජ මත්තෙහි ධජ හා පතාක මත්තෙහි පතාක හා මල්දම් මත්තෙහි මල්දහ් හා මල් කලප් මත්තෙහි මල් කලප් හා මල් සුමුගු මත්තෙහි මල් සුමුඟු හා මල් ලිය මත්තෙහි මල් ලිය හා සැලසී සිටි ය. උපද්රුව තුනක් වැද ලා නටුවා වූ මහ විසල් නුවර බුද්ධා‍නුභාවයෙන් උපද්රෙවත් සන් හිඳී ලා ශොභා මත් ව සමෘද්ධ වන ගමනේ එක හෙළා සමෘද්ධ වූවාක් මෙන් පූජා සත්කාරයෙන් සමෘද්ධ වී ය ’ යි කථාව ඉපැදවූ සේක. බුදුහු ත් ධම් සහයට වැඩි ගමනේ ඒ කථාව අසා වදාරා ‘මහණෙනි , මේ පූජා සත්කාර ය මාගේ බුද්ධානුභාවයකිනු ත් නො වී ය. දිව්යේ බ්රවහ්මාදීන්ගේ ආනුභාවයකිනුත් වූයේ නො වෙයි. සසර සිටිනා ගමනේ මා කොට ගත් යම් කුශලානුභාවයකින් වී ය ’ යි වදාරා උදාරතර වූ පූජා සත්කාර දුටු වහන්දෑ ඊට හේතුව සිටි කුශලය ත් අසනු කැමැති ව ආරාධනා කළ කල්හි -

“ මහණෙනි එසේ වී නම් යට ගිය දවස තක්සලා නුවර සංඛ නම් බමුණාන කෙණෙක් වූ ය. උන් ගේ සුසීම නම් පුතණු කෙණෙක් තමන් සොළොස් ඇවිරිදි කල පියාණන් ලඟට ගොසින් ‘ පියාණන් වහන්ස , බරණැස් නුවර‍ට ගොසින් ශිල්ප උගන්නා කැමැත්තෙමි කිවු ය. පියාණෝ ත් ඒ අසා ‘ එ සේ වී නම් , පුත බරණැස් නුවර වසන අසවල් බමුණානෝ මාගේ යාළුවෝ ය. උන් කරා ගොසින් හදාරව ’ යි කිවු ය. ‘ උයි ත් යහපතැ ’ යි ගිවිස බරණැස් නුවරට ගොසින් ඒ බමුණානන් දැක පියාණන්ගේ ස්වරූප කියා ලා උන් එවූ නියාව කිවු ය උයි ත් අසා යාළුවාණන් එවූ හෙයින් නො මැළි ව ගිවිස ගමන් විඩා සන්හුන් කලට යහපත් නකතකින් වේද මන්ත්රහ හදාරවන්ට පටන් ගත්හ.

ඌ තමන් මහ නුවණැති හෙයින් වහ වහා බොහෝ කොට උගන්නාහු උගත් උගත් දෙය ත් රන් වළ‍ඳෙක වත් කළ සිංහ


966 සද්ධර්මරත්නාවලි ය

තෙල් මෙන් වන පොත් නැති වන්ට ත් , නැති හෙයින් නො බෝ කලකින් ම ඇදුරු බමුණන් ගෙන් උගත මනා සියල්ල ම ඉගෙන ගෙණ පිරිවා සමනන තැනැත්තෝ තමන් උගත් ශිල්පයෙහි ආදි ය හා මධ්යණ ය ම දකිති. නිවන් කෙළවර නැති හෙයින් කෙළවරක් නො දකිති. නො දැක ආචාරීන් කරා ගොසින් ආචාරීන් වහන්ස , මම මා උගත් ශිල්පයෙහි ආදි ය හා මධ්ය ය ම දකිමි. කෙළවරක් නො දකිමි කියා ආචාරීන් ‘මම ත් නො දකිමී ’ කියා ආචාරීන් ‘ මම ත් නො දනිමි ’ කී කල්හි ‘ එ සේ කල දන්නෝ කවුරු දැ ’ යි විචාරා ‘ තෙල ඉසිපතන නම් උයන තවුසෝ වෙසෙති. ඌ ඉදින් දනි ත් නම් උන් කරා වුව ත් ගොසින් විචාරව ’ යි කී කල්හි එහි වසන පසේ බුදුවරුන් වහන්සේ කරා ගොසින් ‘ ශිල්පයෙහි කෙළවර මුඹ වහන්සේ දක්නා සේක් දැ ’ යි විචාළෝ ය. ‘ එ සේ ය , දනුම්හ ’ යි කී කල්හි ‘ එ සේ වී නම් අපට ත් වදාළ මැනැවැ ’ යි කිවු ය.

‘අපි අපගේ වෙස් ගන්නවුන්ට කියම්හ. ඉදින් කෙළවරක් දක්නට වුව මනා වී නම් මහණ වව ’ යි කීහ. උයි ත් ගිවිස ඔවුන් ලඟ මහණ වූ ය. මහණ වූ කල්හි අභිසමාචාරික ශික්ෂා’ ව ‘ මෙ‍ සේ හඳු ව , මෙ සේ පොරොව ව , යනාදීන් කියා ලූහ. උයි ත් භික්මෙන්නෝ හෙතු සම්පන්න බැවින් නො බෝ කලකින් ම පසේ බුදු ව සියලු බරණැස් නුවර ඉර - සඳ පරිද්දෙන් ප්රබසිද්ධ ව ලාභයෙන් හා යසසින් අගපත් වූහ. ලාභ ය හා යසසට පින් කළ බව මුත් බොහෝ දවසක් ජීවත් වන්ට නිසි පින් මඳ හෙයින් නො බෝ දවසකින් පිරිනිවියහ. ඉක් බිත්තෙන් පසේ බුදුවරු ද බොහෝ දෙන ද ආදාහනය කරවා ලා ධාතු හැර ගෙණ නුවර වාසල කෙරේ දා ගබක් කැරවූහ.

සඞ්ඛ නම් බමුණානෝ ද ‘ ම පුතණුවන් ගියේ නැතක් දවස ශිල්ප ඉගෙන එන්ට වැළි ත් කල් ඇත. නො එන්ට කාරණ කිම් ද ? උන්ගේ පවත් දනිමි ’ උන් දක්නා කැමති ව තක් සලා නුවරින් නික් ම බරණැස් නුවරට ගොසින් බොහෝ දෙනා රැස් ව සිටියවුන් දැක ‘ එකාන්තයෙන් මුන් හැම දෙනා ගෙන් එක් කෙණකුන් වුව ත් ම පුතුන්ගේ පුවත් දනිතී ’ උන් කරා ගොසින් ‘ සුසීම නම් ලදරුවාණ කෙණෙක් මුඹ අවු ය. උන්ගේ පවතක් දනු දැ ’ යි විචාළහ. ‘ එ සේ ය , බමුණානෙනි , දනුම්හ. අසවල් බමුණානන් ලඟ ශිල්ප ඉගෙන උගත් ශිල්පයෙහි කෙළවර උන් නො දන්නා හෙයින් දන්නා තැන් කරා ගොසින් මහණ ව කෙළවර නම් රහත් වීම හෙයින් පසේ බුදු ව පිරිනිවි සේක. මේ උන් වහන්සේගේ ධාතු වඩා කළ දා ගැබ යැ ’ යි දා ගැබ පෑවු ය.


226. චිත්ත නම් සිටාණන් ගේ වස්තුව 967

බමුණානෝ ද හඬා පියා වැලප පියා දා ගැබ් මළුවට ගොසින් මළුවෙහි තණ උදුරා පියා උතුරු සළුවෙන් වැලි ගෙනවු ත් දා ගැබ් මළුවේ ලා ලා , කමණ්ඩුලුවෙන් පැන් ගෙනවු ත් ධූලි මකා පැන් හිස ලා වන පස් මල් පුදා ලා උතුරු සළුව පතාකාවක් කොට පුදා ලා ගෙණ ගිය පත් කුඩ ය දා ගබ් කැරැල්ලෙහි බැඳ ලා නැඟී ගියහ. එ හෙයින් මහණෙනි. සඞ්ඛ නම් බමුණා ව උපන් මම සුසීමනම් පසේ බුදුන්ගේ ධාතු වඩා කළ දා ගබ් මළුවේ තණ උදුරා හළිමි. එහි අසංඛ්යේ විපාකයෙන් දෙ තිස් ගවුවක් විචර මඟක මුල් උදුරා සම තල කළහ. නැවත එ ම දා ගබ් මළුවෙහි වැලි සුඟක් ලා ලීමි. එහි විපාකයෙන් දෙ තිස් ගවුවක් විචර මඟ මුතු පට හා සමාන වැලි ලා ලූහ. නැවත එ ම දා ගබට වන පස් මල් සුඟක් පුදා ලීමි. එහි විපාකයෙන් දෙ තිස් ගවුවෙහි ම පය ඔබා ලූ කල දණ දක්වා එ බෙන තරමේ වන පස් මලින් සාධා ලූහ.

ගඟ මුළුල්ල ත් පස් පියුමෙන් සැදිණ . නැවත කමණ්ඩුලු වෙන් පැනක් ගෙනවු ත් ධූලි මකා ඉසීමි. එහි විපාකයෙන් විසල් මහ නුවර පොකුරු වැසි වට. මා පෙරව ගෙණ ගිය උතුරු සළුව පතාක කොට දා ගබට පුදා ලීමි. ඉසට කොට ගෙණ ගිය කුඩ පත් දා ගබ් කැරැල්ලෙහි බැඳ ලීමි. එහි විපාකයෙන් නා ලොව පටන් අකනිටා බඹ ලොව දක්වා ධජයෙන් පතාකයෙන් හා කුඩයෙන් ම සාදන ලද. එ හෙයින් මහණෙනි , ස්වල්ප මාත්රද සැපයක් හැර බොහෝ සැපත් ලබන නිසා ‘ මා පෙර ව ගන්ට නැත්තේ වේ දැ ’ යි නො සිතා ‍උතුරු සළුව පතාක කොට පිදුවා සේ ‘ අවු කන්නෙම් වේ දැ ’ යි නො සිතා කුඩ ය පිදුවා සේ ස්වල්පයක් වුව ත් ස්වල්පය ’ යි නො සිතා කුසල්හි හැසිරෙති ” වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුන්ට මේ තරම් පූජා සත්කාරයක් බුදුධානුභාවයකින් නො ව කුශලකර්මාදනු භාවයෙන් වූ නියාව සලකා කුශලානුභාවය බුද්ධානුභ‍ාවයට ත් වඩනා නියාව සිතා කුසල්හි හැසිර නිවන් සාධා ගත යුතු.


226. චින්ත නම් සිටාණන් ගේ වස්තුව[සංස්කරණය]

තව ද සත්වුයන්ට සැදෑ ඇති වනු නිසා චිත්ත නම් සිටාණන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - ඒ චිත්ත සිටාණන්ගේ කථාව බාල වග දි කිම්හ. මෙ තැන්හි අනඳ මහ තෙරුන් වහන්සේ ‘ ස්වාමීනි , චිත්ත සිටාණන්

968 සද්ධර්මරත්නාවලි ය

මුඹ වහන්සේ ලඟට එන ගමනේ ම මේ සත්කාර ය ඇති වී ද ? අනික් තැනකට යෙත ත් වේ දැ ’ යි විචාළ සේක. ‘ ආනන්දනයෙනි , මා ලඟට එත ත් ඔබ්බකට යත ත් මේ වන සැටි ම ය. හෙම්බා මූ තුමූ බලව ත් සැදෑ ඇත්තෝ ය. තුනුරුවන්හි පැහැද වෙසෙති. ඒ හෙයිනැ ’ යි වදාරා බණ වදාරන බුදුහු යම් කෙණෙක් ලොවී වූ ත් ලොවුතුරා වූ ත් , සැදෑ ඇත්තෝ ද , ශීල ගුණෙනු ත් යුක්ත යෝ ද සැදෑ ඇති ව පින් කරණ හෙයින් භජන ය කරන්නවුන් බොහෝ හෙයින් පරිවාර සම්පදා ත් ඇත්තෝ ද , තව ද ධන ධාන්යබසම්පත්තීන් හැ ආය්ය්් ප ධන සම්පත්තීනු ත් සමන්විතයෝ ද, එ සේ වුවෝ ගිය ගිය යම් ම තැනෙක මේ චීත්ත නම් සිටාණන් මෙන් ප්රතසිද්ධ වෙතී වදාළ සේක. දෙශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ත් කුසලට මුල් ව සිටිනා ශ්රෙද්ධාව හෙයින් අතින් මිලයක් දී ලැබ ගන්නා දෙයක් නො වන බැවින් තම තමන්ගේ ම අදහස පමණෙකින් වන දෙයක් හෙයින් සැදෑ ඇති ව කුසල්හි හැසිරිය යුතු.


227. කුකුළු බිජුවට කන කුමාරිකාව ගේ වස්තුව[සංස්කරණය]

තව ද පාපයෙහි ආදීනව දක්වන්ට කුකුළු බිජුවට කන කුමාරිකාව‍ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - සැවැත් නුවරට ආසන්නයෙහි පඬු පුර නම් ‍ගමෙක ඇත. එහි එක් කෙවුළෙක් එක් දවසක් සැවැත් නුවරට යන්නේ අචිරවතී ගඟින් කැසුබ් බිජුවට හැර ගෙණ සැවැත් නුවරට ගොසින් එක් ගෙයක දි ඒ බිජුවට පිසවා ගෙණ කන්නේ ඒ ගෙයි එක් කුමාරිකාවකට ත් ඉන් එක් බිජු වටක් දින. ඔයි ත් ඒ කා ලා එ වක් පටන් අනික් දෙයක් කන්ට නො සිත යි. ඇගේ මවු ද කිකිළියක් බිජු වට ලූ තැනින් බිජුවටක් ගෙනවු ත් දුන. ඕ එයි ත් කා ලා රස තෘෂ්ණාවෙහි බැඳී ගොසින් එ වක් පටන් තොමෝ ම කිකිළියන්ගේ බිජු වට ගෙනවු ත් කයි. කිකිළි ත් තමා ම ලා ලූ බිජුවට කන්නි ය දැක අනික් කට හැක්කක් නො පෙනෙන හෙයින් වෛර බැඳ ගෙණ මිය ගොසින් එ ම ගෙයි බැළැල් ව උපන. කුකුළු බිජු වට කෑ කුඩා කෙළි ද මිය ගොසින් බඩ ලූ කුකුළු බිජු වටින් ඇති වූවා සේ එ ම ගෙයි කිකිළි ව උපන. ඈ ලූ ලූ බිජු වටෙක් ඇත් නම් ප්රානර්ථනා බලයෙන් කිකිළි බැළැල් ව 228. භද්දිය නුවර වහන්දෑ ගේ වස්තුව 969

උපන් තැනැත්තීත් අවුත් ලා කයි. කිකිළි ද ‘ තුන් ‍වරෙක ලා ලූ බිජු වට ත් කා ලා ‍ඉතිකින් මා ත් කන්නිහි වේ ද ? මම ත් මෙයින් මිය තී වදා ලූ දරුවනුත් තී ත් කා හෙමිව ’ යි පතා මිය ගොසින් දිවි‍ දෙන් ව උපන. බැළැල් මිය ගොසින් මුව දෙන් ව උපන. ඒ මුව දෙන් වදා ල්නා ම දිවි දෙන් අවුත් මුව දෙන වදා ලූ දරුවනු ත් මුව දෙන ත් කෑව.

මෙ සේ කා ඇවිදිනාහු නැතක් කලෙක පටන් පැවති වෛර හෙයින් පන් සියයක් අත් බැව්හි ඔවුනොවුන් කා ඇවිද්දාහ. අපගේ බුදුන් සමයෙහි එක් කෙණෙක් යකිනි ව උපන්හ. එක් කෙණෙක් සැවත් නුවර කුල ගෙයක උපන් හ. ඒ කුල දුවණියන් දරුවන් වැදූ නියාව ත් වැදූ දරුවන් යකින්න අවුත් කෑ නියා ව ත් බුදුන් කරා පැමිණි නියාව ත් කැලි නම් යකින්නණියන්ගේ වස්තුවෙහි කී ලෙසින් ම දත යුතු.

මෙහි දී බණ වදාරන බුදුහු යම් කෙණෙක් අනුන්ට දුක් ඵලවී මෙන් තුමූ මෙ ලෝ සුව විඳිනා කැමති වෙත් ද , ඌ තුමූ බිණව වුන්ට පෙරළි බිණීමෙන් මැරුවන් පෙරළා මැරීමෙන් යනාදීන් ඇති වූ වෛරයෙක් ඇත් නම් එක් තැනෙක තර ව වැද ගෙණ යන ගින්නක් පැන් ඇති තැනකට පැමිණ නිවෙත් මුත් සෙසු ලෙසක නො නිමෙන්නා සේ බුදු කෙණකුන් කරා පැමිණියො ත් මුත් ඒ වෛරය සන් නො හි‍ඳෙයි ’ වදාළ සේක. දෙශනා කෙළවර යකිනි සරණ සීලයෙහි පිහිටා පන් සිල් සමාදන් ව වෛර ය හළහ. කුල දුවණියෝ සෝවාන් ව වෛර ය හළහ. බොහෝ දෙන ද නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් වෛර ය නම් කපක් මුළුල්ලෙහි ත් වැඩියෙක ත් බොහෝ වූ අනර්ථ ඵළවන්නේ ය යි සිතා එ විට උපන් වෛර ය එ විට ම සන්හිඳුව ත් මුත් පසුවකට නො තබා සියල්ලවුන් කෙරෙහි මෙත් සිත් පවත්වා මෛත්රිඳයෙහි අළොස 1 ලබන්ට උත්සාහ කට යුතු.


228. භද්දිය නුවර වහන්දෑ ගේ වස්තුව[සංස්කරණය]

තව ද ශීල සමාධ්යාිදී ගුණ මණ්ඩනයෙන් මුත් පාත්ර චීවරාදී පරිෂ්කාර මණ්ඩනයෙන් ප්ර්යෝජනයක් නැති නියාව හඟවනට භද්දිය නුවර වහන්දැ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් - භද්දිය නුවර වහන්දැ ශික්ෂාය පූරණ ය කුම් වුව ත් පරිෂ්කාර 1. ආලස්ස 970 සද්ධර්මරත්නාවලි ය

මණ්ඩනයෙහි නිරත ව වසන සේක. වහන්දැ එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ වහන්දැට නිග්රසහ මුඛයෙන් හික්මවනු නිසා දොඩා වදාරා ‘ මහණෙනි , තෙපි නො කළ මනා දෙයෙහි හැසිරෙන්නෝ හැයි දැ ’ යි වදාරා බණ වදාරන සේක් ‘ හෙම්බා මහණෙනි , මහණ වු තැන් පටන් අත්යදන්ත පරිශුද්ධ සීලයෙහි පිහිටා ධුරද්වයෙහි හැසිරීමෙන් නො පමා ව ධුතාඞ්ග පිරිමැස්ම ත් ඇති ව ශික්ෂාේ පූරණයෙහි තර වූ වොත් කටයුතු ය. ඒ හැර කැප සරුප් ව තිබෙන මිටි පතට කැත ඇති ව පිල් කර්මාන්ත ආදියෙන් සරහා කුඩ ඉදි කිරීම , මහන් හා මරවැඩි ඉදි කැරවීම , ඡවි නො නස්නා පමණක් හැර රිදී පත්රම ලෙසට පාත්ර  සෝලු කිරීම , අනු දත් පටි දෙක හා අනුලොම් පටි හැර පටි සෝලු කැරැවීම , සිවුරු උතු ගාවා බැබළවීම යනාදි ය ශාසනිකයන් කළ මනා දෙයෙක් නො වෙයි. තොප හැම කරණ ලෙසින් ඒ හැම කළ ‍මනා වා සේ ත් සෙසු වුව මනා කට යුත්තක් නො කළ මනා ලෙසට තිබෙයි.

යම් කෙණෙක් කරන්ට කී ලෙස තබා ලා මේ ලෙස කෙරෙ ත් නම් මන් නමැති නළ පුප්වා ගෙන ඇවිදිනා උන්ට චතුරාශ්රෙව යෝ ම වඩිති. යම් කෙණෙක් කා ගිය සී කමටහනයෙහි යෙදී වෙසෙත් නම් තමන් කළ මනා දෙයෙහි ම යෙදුණු හෙයින් කිසි ලෙසකිනු ත් නො කළ මනා දෙයෙහි නො හැසිරෙති. සිහි නුවණ ඇති ව වසන්නවුන්ට ආශ්රයවයනු ත් කට හෙන දෑ නැත. අනුන් නසන්නට ඇති ව ත් අන්තයෙහි තුමූ ම නසිති ’ වදාළ සේක. දෙශනා කෙළවර ඒ වහන්දෑ රහත් ව පරිෂ්කාර මණ්ඩන ය හැර ගුණ මණ්ඩනයට පටන් ගත් සේක.

එ හෙයින් සත්පුරුෂයන් විසින් නිවන් පුර යනු කැමැත්තොත් කුසල් මහ වත සරහනු මැනවි.


229 . ලකුණ්ටක භද්දිය තෙරුන්වහන්සේගේ වස්තු දෙක[සංස්කරණය]

	තව ද නිවන් පුරයට මං දක්වනු සඳහා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තු දෙක පඞ්ක්තීන් දක්වමු.

කෙ‍ සේ ද යත් - එක් දවසක් බුදුන් දවල් වැඩ හිඳිනා තැන වැඩ හුන් කලට බොහෝ ආගන්තුක වහන්දෑ අවුත් බුදුන් වැඳ ලා එකත් පස් ව හුන් සේක. ඒ වේලාට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ බුදුන් වැඩ හුන් තැනින් වඩනා සේක. බුදුහු ද ලකුණ්ටක භද්දිය 1 මිරිවැඩි - මරවඩි

229. ලකුණ්ටක භද්දිය ‍ෙතරුන් වහන්සේ ගේ වස්තු දෙක 971

තෙරුන් වහන්සේ දැක ආගන්තුක වහන්දෑ සිතූ සිතිවිල්ල දැන ‘ මහණෙනි , මේ මහන මවුපියන් මරා නිදුක් ව වසන්නේ ය ’ යි වදාරා ඒ වහන්දෑ බුදුන් වදාරන්නේ කිම් දැ යි සැක ව ඔවුනොවුන් වහන්සේ මූණු බලා ‘ ස්වාමීනි , වදාරන්නේ කිම්දැ ’ යි කී කල්හි බණ වදාරන බුදුහු ‘ හෙම්බා මහණෙනි , සත්වනයන් තුන් භවයෙහි උපදවන හෙයින් මවක වැනි හෙයින් තෘෂ්ණාව මවු නම් වෙයි. ‘ මම අසවල් රජ්ජුරුවන්ගේ පුතණු වෙමි. අසවල් අමාත්යයයාණන්ගේ පුතණු වෙමි. මන් 1 උපදනා හෙයින් පියාණකෙ‍ණකුන් වැනි හෙයින් මාන ය පිය නම් වෙයි.

‘‍ ලෝ වැස්සන් රජ දරුවන්ට අයිති වන්නා සේ සියලු ම දෘෂ්ටියෙක් ඇති නම් ශාශ්වත දෘෂ්ටි - උච්ඡේද දෘෂ්ටි දෙකට අයිති වෙයි. එ හෙයින් ඒ දෘෂ්ටි දෙක ප්රාදධාන්යරයෙන් රජ දරුවන් වැනි හෙයින් රජ දරුවෝ දෙ දෙණෙක් නම් වෙයි. දෙළොස් ආයතනයේ පැතිර පැවතීම් අර්ථයෙන් රට වැනි හෙයින් රට නම් වෙයි. සන්තාන වර්ති වූ රාග ය සියල්ලෙක ම බැ‍ඳෙන හෙයින් රට විචාරන ධූරයකු වැනියහ. එ හෙයින් තුලූ අර්හත් මාර්ගැ ඥාන නමැති කඩුවෙන් තෘෂ්ණා නමැති මෑණියන් ද , මාන නමැති පියාණන් ද : දෘෂ්ටිද්වය නමැති රජ දරුවන් දෙදෙනා ද රාග නමැති රට විචාරන ධුරයා ද නසා නිදුක් ව සුව සේ ඇවිදිතී ’ වදාළ සේක. දෙශනා කෙළවර බුදුන් දකින්ට අමුතු ව ගිය වහන්දෑ රහත් වූ සේක.

තව ද එක් දවසක් බුදුන් වැඩ හුන් තැනට අමුතු වහන්දැ වැඩි සේක. එ දවසු ත් බුදුන් ලඟින් වඩිනා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ දැක වහන්දෑ බණවා ලා ‘ මහණෙනි , තෙල මහණ දෙ මවු පියන් මරා නිදුක් ව වෙසෙයි ’ වදාළ සේක. වහන් දෑ එ බසෙයි නීතාර්ථ ය මුත් නෙය්යා ර්ථ ය දත නො හි ‘ ස්වාමීනි , කුමක් වදාළ නියා දැ ’ යි විචාළ සේක. බුදුහු ත් ඒ මුඛයෙන් වහන්දෑට බණ වදාරන සේක් ‘ හෙම්බා මහණෙනි , තෙල මහණ මවක වැනි වූ තෘෂ්ණාව ද . පියකු වැනි වූ මාන ය ද , රජ දරුවන් දෙ‍ දෙණකු වැනි වූ දෘෂ්ටිද්වය ද උපද්රේව සහිත මඟක් වැනි වූ විචිකිත්සා නීවරණ ය ද තත් මුඛයෙන් සෙසු නීවරන ද රහත් මගින් නසා නිදුක් ව වෙසෙතී ’ වදාළ සේක. දෙශනා‍ කෙළවර ඒ වහන්දැ රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මවක වැනි ය යි කී‍ හෙයින් තෘෂ්ණායෙහි ත් පියකු වැනි ය යි කී හෙයින් මැනයෙහි ත් කරණ මමායන ය හැර රජ දරුවන් වැනි ය යි කී හෙයින් 1 මුන්

972 සද්ධර්මරත්නාවලි ය

දෘෂ්ටි දෙක ත් භජන ය නො කොට රට විචාරන ධුරයකු වැනි ය යි කි හෙයින් රාග සන්නිශ්රි ත ත් නො ව උපද්රධව සහිත මඟක් වැනි වූ පස් නීවරණයන් ‍කෙරෙන් දුරු ව මවු පියන්ට ත් වඩා රජ දරුවන්ට ත් වඩා රට නායකයන්ට ත් වඩා සියලු ලෙසින් නිරුපද්රනව වු නිවන් ම අත් කට යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය-_xxiii&oldid=5700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි