සඳ කිඳුරු දා කව-පදවැනුම

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පද වැනුම

(මෙහි අංකයන්ගෙන් දැක්වෙන්නේ පද්ය යන්ගේ අංක යි.)

1. තිලෝ ඇදුරු - දෙව්, මිනිස්, පාතාල යනුවෙන් හෝ කාම, රූප, අරූප යනුවෙන් හෝ දැක්වෙන ලෝක තුනට ගුරු ය යන අථියෙන් බුදුරදුට මේ නමි. සත්ත්වකලොකය සංස්කාර ලොකය, අවකාශ ලොකය යි ද ලොව තුන් වැදෑරුම් වේ.

2. විනෙදන - හික්මැවිය හැකි ජනයා යි. පෙර කළ පින් ඇති පැතුම් ඇති සත්පුරුෂයෝ ය.

4. සතත - අතෙහි ඡත්රවයක් ඇත්තේ ය යන අථියෙන් බ්ර හ්මයාට ‍නමි. බෞද්ධ සාහිත්යෝයෙහි දැක්වෙන පරිදි ‘බඹ’ යන්නෙන් ගැනෙන්නේ එකම බ්ර්හ්මයෙක් නො වේ. බඹලෙව්හි වෙසෙන සියලු බඹහු ම ගැනෙති. වෛදික මතය අනු ව ලෝකය මැවුයේ බ්රේහ්මයා යි. ඔහු ගේ භාය්යා ම ව ‘සරස්වතී’ ය. ඔහුට මුහුණු සතරෙකි. බුදු සමයෙහි එන බඹුනට භාය්යාභ වෝ නැත්තාහ. ධ්යා න වඩා කෙලෙස් යටපත් කොට උපන් ඒ බඹහු සතර බඹ විහරණයෙන් යුක්තය හ. මහා බ්ර්හ්මයන් සේසත් දැරූ බව බණ පොත්හි දැක්වේ. වෛදික බ්ර්හ්මයා දෙවියකු සේ දැක්වේ. හේ බඹ වෙසින් ලොව මවා විෂ්ණු වෙශයෙන් රැක ඊශ්වර වෙශයෙන් වනසයි. මේ පැවැතුම් තුන ඇති හෙයින් “තිවට”යන නම ද වේ. තිසුලත් - ත්රිකශුලායුධය දරන්නේ ඊශ්වර යි. ඊශ්වර යනු වෛදික සමයෙහි එන ත්රිිමූර්ත්තියෙන් එක් මූර්ත්තියෙකි. බ්රවහ්ම විෂ්ණු මහෙශ්වර යනු ත්රිහමූර්ත්තිය යි. මේ තිදෙන වෙන් වෙන් වසයෙන් ලොකපාලකයන් ලෙස ද දක්වා ඇත. තිදෙන ම එක සේ බලවත්හු ය. ඊහ්වරයාහට මුහුණු පසෙකැයි ද නෙත් තුනෙකැයි ද කියති. ත්රිවශුලය, වජ්රහය, කඩුව, පොරොව, නාගයෙක්, පාශය, ඝණ්ටාව, ඩමරුව, අකුස්ස යන මේවා දරන්නේ ය. ජටායෙහි අඬසඳ වෙයි. වාහනය ගොනෙකි. කෛලාසකූටයෙහි වසන්නේ ය.


148 සඳකිඳුරු දා කව් සන්නය

නත් - ‘අනත්’ යන්නෙහි ආදි ලොපයෙන් වී ය යි සලකතොත් මෙහි අථිය ‘අනන්ත’ යනු යි. අන්තයක් (කෙළවරක්) නැත්තේ අනන්ත යි. විෂ්ණු අනන්ත නාග යනාදී කීපදෙනකු මින් පැවැසෙතත් මෙ තනට ගැළැපෙන්නේ ‘විෂ්ණු’ යන තේරුම ය. බ්රතහ්ම ඊශ්වර දෙදෙනා ළඟට කියන ලද හෙයිනි. විෂ්ණු දෙවිඳුහට අත් සතරක් ඇත්තේ ය. සුදර්ශරන නම් හක්ගෙඩිය, චක්රා යුධය, දුන්න, ගදා ආදී ආයුධ ද හේ දරන්නේ ය. ශ්රී කාන්තාව භාය්යාිය ව යි. වාහනය ගුරුළෙකැයි කියති. ගරුඩධ්වජ ඇත්තේ ය. අනන්ත නාගයා ගේ දරණ වැළ පිට නිඳයි. ‘නත්’ යනු ‘නාථ’ යී ගත් කල නාත දෙවිඳු අදහස් කැරෙයි. ශිවනාථ, බ්රනහ්මනාථ, විෂ්ණුනාථ, ගෞරිනාථ, මත්ස්යෙනන්ද්රමනාථ, භද්ර,නාථ, බෞද්ධනාථ, ගණනාථ යී නාථයෝ අට දෙනෙකි. මෙ රට නාථදෙවයා ලෙස සැලැකෙන්නේ මහායානිකයන් ගේ අවලොකිතෙශ්වර බෝධිසත්ත්වරයා බව පෙනේ. නාථ දෙවිඳු ගේ භාය්යාරනාථව ‘තාරා’ ය. ‘මෛත්රෙේය’බෝසත් තුමා නාථ දෙවි ය යි සිතන්නෝ ද සිටිති. මෙතේ බෝසතුන් ගේ බිරියක් කොතැනෙක වත් සඳහන් නො වේ. බෞද්ධ නාථ, ලොකෙශ්වර නාථ යන නම් ද නාථ දෙවිඳුට ය. නාථ දෙවිරදු බුදු වන්නේ සියලු සතුන් නිවන් දැකීමෙන් පසු ව බව මහායානික බෞද්ධයන් ගේ ඇදැහීම යි. නාථ, මෛත්රෙවය යනු දෙදෙ‍නකු බව මහාවංශයෙන් ද ලඞ්කාතිලක ශිලා ලිපිය, පැපිළියානේ ශිලා ලිපිය යනාදියෙන් ද පැහැදිලි වේ. ‘උපුල්වන්’ යනුත් නාථ දෙවිඳු ගේ මූර්ත්තියෙකැයි සමහරු සිතති.

කොතත - කුන්තායුධයක් අත්හි ඇති හෙයින් කඳ කුමරුට නමි. සෙනාපතියකු වූ මෙ තෙමේ ‘කාර්තිකෙය’ නම් ද වේ. මොහුට මුහුණු සයෙකැයි ද අත් දොළොසෙකැයි ද කියති. වාහනය මොනරෙකි.

විදුරවි - වජ්රාදයුධය දරනුයෙන් ශක්රනයාට මේ නමි.

රත් ගත් - අඟහරුට මෙ නම් වන්නේ ශරීරය රක්තවර්ණෙ බැවිනි.




149 පද වැනුම

වතත - වතෙහි (මුහුණෙහි) අතක් ඇත්තේ ගණදෙවි ය. ගණදෙවිඳුහට මුහුණෙහි සොඬක් ඇත්තේ ය යි කියති. අත නම් එය යි. මෙ තෙමේ නුවණට අධිපති ය යි සලකති.

සොමි - චන්ද්ර යාට ද බුධහු හට ද නමි.

පත්මත් - හිරු ද සිරිකත ද සරසවි ද මෙයින් ගත හැකි ය. ඔවුන් අතෙහි පියුමක් ඇති හෙයිනි. බ්ර හ්ම විෂ්ණු දෙදෙනාට ද මෙ නම වන නමුත් ඔවුන් වෙන ම කී හෙයින් හිරු ආදී එක් අරුතක් ගැනීම සුදුසු වේ.

7. මෙර - මහාමෙරු පර්වගතය සුවාසු දහසක් යොදුන් මුහු‍ඳෙහි ගැලී පවතී. එ පමණ නැඟී පවතී. දිගින් පළලින් ද එ පමණ වේ.

8. තුන් නිදන - දුරෙ නිදානය, අවිදුරෙ නිදානය, සන්තිකෙ නිදානය යන තුන යි. බෝසතුන් දීපංකර බුදු රජුගෙන් විවරණ ලැබූ තැන් පටන් වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත ව තුසිතපුරයෙහි ඉපදීම දක්වා කාලය දුරෙ (දු) නිදානය යි. තුසිත භවනයෙන් සැව බුදු වීම තෙක් කථාමාර්ග ය අවිදුරෙ (නුදුරු) නිදානය යි. බුදු වීමේ පටන් පිරිනිවීම තෙක් පැවැති කථාමාර්ගගය සන්තිකෙ (ළඟ) නිදානය යි.

9. මන කුල්වත් - මෙය ‘මන කල්වත්’ යී ගත හොත් ‘මනඃ කාන්ත’ (සිත් අදනා) වස්තු ඇත්තා වූ යනුවෙන් අරුත් ගත හැකි ය. අප දුටු පිටපත්හි එන්නේ “මනකුල් වත්, මන කුල්මත්” යන පාඨ දෙක යි. ‘මන කල්වත්’ යනු ද ගැළැපෙන බව හැ‍ඟේ.

කිඹුල්වත් - “කපිලවත්ථු” (පා.) “කපිලවාස්තු” (සං.) ‘කපිල’ නම් සෘෂිවරයකු දැක්වූ තන්හි කළ හෙයින් මෙ නම විය. ශාක්ය) ජනපදයේ අගනුවර වූ මෙය දැන් “පදරියා” නමින් ප්රාකට ප්රේදෙශය යි. ‘කපිල’ යනු හෙළුවට ‘කිඹුල් ‘ යී එයි. කපිල - කිපුල් - කිඹුල් යනුවෙනි.




150 සඳකිඳුරු දා කව් සන්නය

10. මෙරමතිනි - විෂ්ණු තෙමේ කිරි මුහුඳ කැලැඹී ය. සුර අසුර යුද්ධයේ දී සුරයනට ජය ලබා දීම පිණිස අමෘතය ගෙන දෙන්නට ය. ඔහු ඒ සඳහා මන්ථය (අළලන දණ්ඩ) වශයෙන් ගත්තේ ‘මන්දඔර’ පර්ව තය යි. සිංහල සාහිත්ය්යෙහි බෙහෙවින් එන්නේ මෙරුව මන්ථය වශයෙන් ගත් බව යි. මහමෙරට ද ‘මඳර’ යන නම හෙළුපොත්හි යෙදිණ.

දියබඳ - ලෝවැස්සන් ගේ නෑයා යන අරුතින් විෂ්ණු - හුහට ‘දියබඳ’ නම වහරනු ලැබේ.

කිරි සයුර - මහා මෙරු පර්ව තයා ගේ පූර්ව්දිශාභාගය රිදි වන් පැහැයෙන් යුක්ත ය. ඒ පැත්තේ මුහුඳ ද කිරි මෙන් සුදුවන් බැවින් ‘කිරි මුහුඳ’ නමින් ප්ර්කට ය. බටහිරි ආසියාවේ පිහිටි කුඩා මුහු‍ඳෙක් ද මෙ නමින් පළ ව පැවැත්තේ ය යි කියති.

12. සුරිඳු පුරැ - ශක්රව දෙවරාජයා දෙවියනට අධිපති බැවින් ‘සුරෙන්ද්රම’ නම් වේ. චාතුම්මහා රාජික, තාවතිංස යන දෙව්ලෝ දෙකට අධිපති ඔහු වසන්නේ තව්තිසා දෙව් ලොවෙහි ය. ඔහුට නගර කීපයක් ඇතත් ප්රකධාන වන්නේ අමරාවතිය යි. ඒ නගරය දොර දහසෙකින් යුක්ත වේ. උයන් හා පොකුණෙන් බබළන්නේ ය. තුන් සිය යොදුන් උස ඇති ධ්වජයෙන් බබළන යොදුන් සත් සියක් උස ඇති ‘වෛජයන්ත’ ‍නම් මහාප්රානසාදය (ශක්රනයා ගේ නිවෙස) පිහිටියේ එහි ය. ඉඳුරුදිගට අධිපති ශක්ර‍යා ගේ නිවෙස) පිහිටියේ එහි ය. ඉඳුරුදිගට අධිපති ශක්රෛයාට දහසක් නුවණැස් ඇත්තේ ය යි බෞද්ධ පොත්හි කියැවෙන අතර ප්රඅකෘති ඇස් ම දහසෙක් ඇත්තේ ය යි දෙව්ලොව ම දෙව් පුරය යි සඳහන් වන තැනුදු ඇත.

පන්සල් - ‘පර්ණ ශාලා’ නම් කොළ අතු සෙවිලි කළ කුඩා ශාලා යි. එහෙත් මහණදම් පුරන්නන් වසන හැම ආවාසයෙක් ම උපචාර වශයෙන් මෙ නමින් හැඳින්වේ. මෙහි කියන්නේ තාපසයන් ගේ කුඩා පන්සල් ය.




151 පද වැනුම

13. සරද ගනකුළු - සරත් කාලය නම් වජ්, ඉල් දෙමස යි. එ කල ජලයෙන් තොර සුදු වලකුළින් අහස බබළන්නේ වෙයි. මහා කවි ශ්රීඉ කාලිදාසයෝ එ මෙසේ කීහ. :-

“ ව්යොමම ක්වචිද්ර.ජත ශඬ්ඛමෘණාල ගෞරෛස් ත්යොක්තාම්බුහිර්ලඝුතයා ශතශඃ ප්රමයාතෛඃ

             සංලක්ෂ්යුතෙ පවනවෙගචලෛඃ පයොදෛ

රාජෙව චාමරවරෛ රුප වීජ්යරමානඃ”

ආකාශය ඇතැම් තැනෙක්හි රිදී සක් නෙළුම් මෙන් සුදු වූ, ජලයෙන් තොර, සැහැල්ලු නිසා සිය ගණනින් කඩ ව ගිය, සුළං වෙගයෙන් චඤ්චල වූ, වලකුළු කරණ කොට ගෙන උතුම් සෙමරවලින් පවන් සලනු ලබන රජකු මෙන් සැලැකෙයි.

14. කිළි - පාලි සංස්කෘත දෙක්හි කුටි, කුටිකා යනු යි.

සල්පිළි - ‘සල්පිළි’ යනු ප්රිකෘතිය බව හැ‍ඟේ. ‘සල්පිල්’ වූයේත් මෙය ම විය හැකි ය. එක ම පොතේ මේ දෙසද ම යෙදුණු සැටි දක්නා ලැබේ.

15. මහසල් කුලන් - ක්ෂත්රිදය මහාසාර කුලය, බ්රා හ්මණ මහාසාර කුලය, වෛශ්යන මහාසාර කුලය යි මහාසාර කුල තුනෙකි. නිධාන් කළ වස්තුව අඩු ගණනින් සියක් කෝටියක් ඇති දවසකට කහවණු විසි අමුණක් (අමුණෙක් නැළි 176 කි.) වියදම් කරන ක්ෂත්රි්යයෝ ක්ෂත්රිතය මහා සාරයෝ යි. බ්රා1හ්මණ මහාසාරයන් ගේ නිධාන් කළ වස්තුව අඩු ගණනින් අසූ කෝටියෙකි. දිනකට වියදම කහවණු දස අමුණ යි. යටත් පිරිසෙයින් සතලිස් කෙළක් වස්තුව නිධානගත ව ඇති දිනකට කහවණු අමුණු පසක් වත් වියදම් කරන වෛශ්යතයෝ වෙළෙඳ මහා සාරයෝ යි.

17. යටග - යටි+අග - යටග, දිග කෝටුව හෝ ලීය ‘යටි’ නම් වේ.




152 සඳකිඳුරු දා කව් සන්නය

ගුරුළු - පක්ෂිරාජ’ ය යි කියන ගරුඩයා නයින් ආහාර කොට ගන්නෙකි. රන් වැනි සිත් කලු පියාපත් ඇතියෙන් ‘සුපර්ණට’ නම් ද වේ.

පවන් මඟ - සුළඟ ගමන් කරන මාර්ගිය අහස යි.

18. පබළු ගඟ - ‘පබළු’ නම් කොරල් ය. ඒ රතුපාට ය. පබළුවෙන් සැදි ග‍ඟෙක් වේ නම් ඒ පබළු ගඟ ය.

19. ගෙමියුරු - ගෙවල ඇති කරන මොනරු මෙ නම් වෙත්.

ඉඳුනිල් මිණි - තද නිල්පාට ඇති මැණික්, ඉන්ද්ර යා මෙන් නිල් ය යි කියති.

20. නළු - නාටිකාඬ්ගනා වාචී ‘නළු’ සද අමාවතුරෙහි ද එයි. “එ කල්හි ශාක්යල රජදරුවන් විසින් සදා දෙන ලද සතලිස් දහසක් ‘නළුවන්’ පිරිවරා” යන තැන ‘නළුවන්’ යන්න හා “ එ කල්හි දිවසරන් බඳු සතලිස් දහසක් නළුවෝ” යන තැන ‘නළුවෝ’ යන්න ද යෙදුණේ නාටිකාවන් සඳහා ය. මෙහි ද ඒ අරුත්හි ය.

22. ලාලි - “ලියගී ගත පුර - කතන ලාලී කෙළුතු‍ නෙත්, නිසල’ සරන් විලස්හි - පිළිබෙදුමසක් නො තිබී”

(කව් සිළුමිණ)

මේ පද්ය යෙහි අදහසත් මේ කව්සිළුමිණ ගීයෙහි අදහසත් එක ම ය. ඒ නගරයෙහි ලියගි ගත් පුරඟනන් ලාලී කෙළන කල්හි නිශ්චල වූ ඇස අප්සරාවන් ගේ විලාසයෙහි සුළු වෙනසක් වත් නො තිබී ය යනු යට සඳහන් කළ ගීයෙහි අදහස යි. “ලාලී කෙළිය” යනු ‘ලාලියෙන්’ කරන ක්රී ඩාවෙකි. ‘ලාලි’ (ලහලි) යනු ලාකඩයෙන් කළ බෝලයට නමි. “ලාඛාගොළක” යනු සුත්තනිපාත අටුවායෙහි එන පාළිනාමය යි.



153 පද වැනුම 80 “කුඩා කොල්ලන් ලාලී ලන්ට, එවාපු ලාලිවට මෙන්” යන සද්ධර්මලරත්නාවලී පාඨයෙහි ‘ලාලිවට’ යනු “ලාලිබෝල” යන අරුත් ඇත්තේ ය. ලාලී කෙළියෙහි දී ඇසි පිය හෙළීම නො කෙරෙති. ඇස දල්වා ගෙන ඉතා කඩිසර ලෙස කැරෙන්නන් බව හැ‍ඟේ. මෙය කුඩා ළමයින් ගේ සෙල්ලමක් බව සද්ධර්මෙරත්නාවලී පාඨයෙන් හැ‍ඟෙයි. සසදාවත, කව් සිළුමිණ යන දෙකින් ස්ත්රීමක්රිතඩාවක් බව පැවැසේ. අලුත්ගම කාන්තාවන් ලාලිකෙළි බව තිසර ස‍ෙන්දරසයෙහි පෙනේ. සුත්තනිපාත අටුවායෙහි කියන්නේ ළමයින් ගේ ක්රී‍ඩාවක් බව යි.

පූජාවලියේ “ යමක ප්රාබතිභාය්ය්ිප පූජාකථා” නම් කොටසට ඇතුළත් “එසේ ද වුවත් මම සක්වළගල හා හිමවුකුළ මහමෙර හා තුන ලාලීවට තුනක් සේ මෙ තන ම සිට පායා ගෙන ස්වාමිදරුවන් අභිමුඛයෙහි තබා රාජහංස ධෙනුවක ගේ වෙසක් ගෙන එක් පර්වමතයක් කිමිඳ අනික් පර්ව තයෙන් නැ‍ඟෙමි, නැවත ඒ තුන් පර්වමවතය ම ලාලි වටතුනක් සේ අහසට දම දමා බිම ගිය නො දී “ ලාලී කෙළි” නම් පෙළහරක් පවිමි යි දැන් වූ දෑ ය.”

යන වාක්යීයෙන් ලාලී කෙළිය කෙබඳු දැයි තේරුම් ගත හැක්ක. ලාලී බෝල අහසට දමා බිම වැටෙන්නට නො දි ක්රීඳඩා කිරීම එහි ලක්ෂණයෙකි.

“කෙළුතු මුළු වැ - ලාලී වමියනෙ පුරෙහි. උඩු හුරු වත් බල බලා - සිදු සිදු කළ රිසි තමන්”

මේ සසදා කව් පැදියෙන් ලාලී කෙළන ස්ත්රීවන් මුහුණ උඩට හරවා ගෙන සිටින බව පැවැසේ. ඇසිපිය නො හෙළා උඩට හරවා ගත් මුහුණින් යුතු ව එය කරන බව මනා‍ සේ පැහැදිලි වේ.

24. සලළු - තරුණ ජනයා හෝ කාමුක ජනයා යි. ක්රී්ඩා ශක්ත යන අථි ඇති සංස්කෘත ‘සලීල’ ශබ්දයෙක් වේ. සිංහල පොත්හි ‘සල්ලාල’ යනු යෙදිණ.



154 සඳකිඳුරු දා කව් සන්නය

28. සෙමෙරවලගේ - ‘සෙමෙර’ නම් මුවන්‍ ගේ වලග යි. හිමාලය පෙදෙසෙහි වසන ‘යැක්’ නම් ගව වර්ග්යෙක වලගත් මෙ බඳු ය යි කියති. එහෙත් ‘සෙමෙර’ යනු මුව ජාතියක් බව හැම පොත්හි ම එයි. යම් යම් දෙයින් සෙමෙර වලගය බඳු කොට තනා ගත් විට ද එ නම වහරනු ලැබේ. සෙමෙරුනට පාලි සංස්කෘත දෙක්හි ‘චමර’ ය යි ද සෙමෙරවලගයට ‘චාමර’ ය යි ද දැක්වේ.

කෙ‍ළිමඬුලු - ‘මඬුලු යනු ‘මණ්ඩල’ යන අරුත්හි ය. ‘මණ්ඩල’ නම් රවුම යි. යමක් සඳහා පිළියෙළ කර ගත් තැන යි. ‘මණ්ඩප’ නම් විවෘත ශාලා යි. එහෙත් ‘මඬුලු’ යන්නට මණ්ඩපාථිය දී ඇති තැන් පොත්හි පෙනේ.

29. ගෙදිගුවිල් - ගෙවල් අසල තනනු ලබන දික් විල් ය. සංස්කෘතයෙහි ‘දීර්ඝිකා’ යනු යි. රියන් එක් දහස් දෙසියක් පමණ දිග ද තිස්තුන් රියනක් පමණ පළලද ඇත්තේ වේ.

31. දිවසක් - පාළි ‘දිබ්බවක්ළඛු’ දෙවියන් ගේ ඇස යි. මිනිස් ඇසට අවිසය දෑ ඔවුනට බැලිය හැකි ය. භාවනාවෙන් ලබන එ බඳු නුවණැසකට ද මේ නමි.

32. සුදොවුන් - ශුද්ධොදන රජතුමා ‘සිංහහනු’ ‍ නම් ශාක්ය් රජු ගේ පුත්ර.යා යි.

33. දස පව් - පර පණ නැසීම, සොරකම, කාම මිථ්යාය චාරය, බොරු කීම. කේළාම් කීම, පරුසබස් කීම, හිස් බස් කීම, ලොභය, ක්රො ධය, මිථ්යාසදෘෂ්ටිය යන අකුසල් දසය යි.

        දස රජ දම් -දානය , ශීලය , පරිත්යාෘගය , සෘජු බව , මෘදු බව . තපස , අක්රො ධය , අවිහිංසිව , ඉවසීම , අවිරොධය යන රාජ ධර්ම දශයයි.

සතර සඟරාවත් - දානය, ප්රි,යවචනය, අථිචය්යායන රව, සමානාත්මතාව යන සඞිග්රතහ වස්තු සතර යි.



155 පද වැනුම

35. කලා - ‘කලා’ ශබ්දයෙහි තේරුම් රැසෙකි. ස‍ඳෙහි කලා සොළොසෙකි. එහි ‘කලා’ නම් කොටස යි. පුන් සඳ වනුයේ සියලු කලාවෙන් පිරුණ විට ය. රජු පිළිබඳ කලා නම් සිවුසැට කලාශිල්ප යි. පූජාවලියේ මහබිනික්මන් පූජා කථා කොටසෙහි ඒ දැක්වේ.

බෝසත් සිරිත් - බුදු බවෙහි ඇලුණේ ‘බොධිසත්ත්ව’ යි. මාර්ග් නුවණ සතර ‘බෝධි’ නමි. සඳ බෝසත් චරිතය උසුලන්නේ සාරූපයෙනි. බෝසත්තුමා සා ව උපන් වරෙක ඇඟ මස් ඉල්ලා ආ සක් බමුණාට එය දෙනු පිණිස ගින්නට පැන්නේ ය. ශක්රායා සාවා වඩා ගෙන ලොව පවත්නා තුරු ඔහු ගේ රූපය පවතිනු වස් සඳමඬලෙහි ඇන්දේ ය යි සසජාතකයෙහි එයි. චන්ද්රයයා එ ම බෝසත් සිරිත උසුලන්නා සේ ශුද්ධොදන රජතුමා ද දානශීලාදි ගුණයෙන් බොධිසත්ත්වයකු ගේ චරිතය උසුලයි. චන්ද්රායා සෞම්යු ගුණයෙන් යුක්ත ය. රජ ද එසේ ය.

36. පෙර ගොත් - පූර්වය පර්වදතය, පූර්වය වංශය යන අරුත් ඇත්තේ ය. හිරු පූර්වයපර්වූතයේ මුඳුනට පැමිණියේ ය. ඉර පායන පැත්ත ‘පෙර ගිර’ යි සලකනු ලැබේ. රජතුමා පූර්ව‍ගොර්තටයේ මුඳුනට පැමි‍ණියේ ය. පූර්විගොත්රාය නම් සූය්ය්ලැ වංශය යි. ලෝකයේ මුල් වංසය සූය්ය්ි‍ වංශය යි. මේ වංශය ඇරැඹුණේ වෛවස්වත නම් මනු රජුගෙනි. හෙ තෙමේ හිරු ගේ පුත් ය යි කියති. මනුහු තුදුස් දෙනෙකි. වෛවස්වත මනු තෙමේ සත් වැන්නා යි. වෛවස්වත මනුහු වෙදයන් ගේ මුල් ‘ඔං’ කාරය මෙන් සියලු රජුන් ගේ ආදිමයා බව :-

“වෛවස්වතො මනුර් නාම - මානනීයො මනිෂිණාම් ආසීන්මහීක්ෂිතාමාද්යඃ- - ප්ර ණවශ්ඡන්දදසාමිව”

යී මහා කවි ශ්රීී කාලිදාසයෝ ද කීහ.





156 සඳකිඳුරු දා කව් සන්නය

37. දියතැ - ‘දියත්’ සද ලෝකය, ජලානස්තය යන අර්ථ: ඇත්තේ ය. මහමෙර ජලාන්තයෙහි පිහිටියේ ය. සුවාසූ දහසක් මුහු‍ඳෙහි ගැලී සිටියි. ‘ලොව’ යන අරුත රජු සඳහා ය.

සිවු වෙනෙනි - මහ මෙරේ සතර පැත්ත වර්ණත සතරෙකින් යුක්ත ය. පෙරදිග රිදී පාට ය. දකුණ නිල්පාට ය. බටහිර රතුපාට ය. උතුර රන්පාට ය. “වන්” (පා - වණ්ණ) ශබ්දය වංශ යන අථියෙන් ද යුක්ත වේ. මෙර බබළන්නේ එ කී වර්ණ( සතරිනි. රජතුමා ක්ෂත්රිවය, බ්රා හ්මණ, වෛශ්යණ, ශුද්රූ යන වර්ණ් (කුල) සතරින් බබළයි. රජුට යටත් ඒ පිරිස මහ මෙරෙහි සිවු දිසාව වැනි ය.

පව් - මෙහි අර්ථු දෙකෙකි. පාප, පර්ව්ත යනු ඒ දෙක යි. මහමෙර සඳහා පර්ව.ත අර්ථිය ගත යුතු යි. එය අන්ය් පර්වඒතයන් දුරු කොට පවතී. සියලු පර්ව.තයනට උස් බැවිනි. රජතුමා පාපයන් දුරු කොට පවතී. එ හෙයින් මහ මෙර වැනි ය.

38. මහ මායා - ශාක්යු ජනපදයට යා ව පිහිටි කෝලිය රටෙහි ‘අඤ්ජන’ නම් රජු ගේ දියණිය යි.

39. සිරිසඳ - විෂ්ණුහු කිරි මුහුඳ ඇළලීමේ දී පහළ වූ රත්න තුදුසෙන් එකක් වූ ශ්රීමකාන්තාව ඔහු ගේ භාය්යා ව යි. ඔහු ගේ උරයෙහි වෙසෙයි. සම්පත්තියට ද ශොභාවට ද අධිපතිනිය යි කියති. ‘සිරි’ යනු ශොභාව, සම්පත්තිය, ආදී අරුත් ඇති ‍සදෙකි. ‘සිරි’ නම් දෙවඟනක ද ‘කාළකණ්ණි’ නම් දෙවඟනක ද පිළිබඳ පුවතෙක් ජාතක පාළියේ සවැනි නිපාතයේ සිරි කාළකණ්ණි ජාතකයෙහි එයි. එහි එන පරිදි සිරි දෙවඟන චාතුම්මහා රාජික දෙව් ලොවෙහි ‘විරූපාක්ෂ’ නම් දෙවිඳු ගේ දියණිය යි. උත්සාහවත් යහපත් ගුණ ඇති සත්පුරුෂයන් ශ්රීපකාන්තාව විසින් ඇසුරු කරනු ලබන බවත් සිරිමත්කම හෝ කාළකණ්ණිකම තම තමා විසින් ඇති කර ගනු මිස අනෙකකු විසින් නො කරන බවත් ඒ ජාතකයෙන් පැවැසෙයි.




157 පද වැනුම

“උද්යොුගිනං පුරුෂසිංහ මු‍ෛ‍පති ලක්ෂ්මිඃ”

යනාදීන් උත්සාහවත් පුරුෂසිංහයා වෙත සිරිකත එළැඹෙන බව ප්රා චීන නීති ශාස්ත්රාඥයෝ ද කීහ.

40. උමා ඉසුරෙව් - ‘උමා’ යනු ඊශ්වරයා‍ ගේ භාය්යාහු ව යි. ‘උ’ යන්නෙන් ඊශ්වරයා ද ‘ම’ යන්නෙන් ලක්ෂ්මිය ද ගැනේ. ‘ඉසුරුහු ගේ සිරිකත’ යනු අර්ථය යි. ‘උ’ යනු ආමන්ත්ර්ණාර්ථන නිපාතයෙකි. ‘ම’ යනු ප්රථතිෂේධාර්ථායෙහි ය. ‘එම්බා දරුව, නො කරව’ යි තපසින් වළකනු ලැබූ හෙයින් “උමා” නම් වී ය යි :-

“උමෙති මාත්රාන තපසො නිෂිද්ධා පශ්චාදුමාඛ්යංව සුමුඛී ජගාම”

යන්නෙන් කුමාරසම්භවයෙහි කියන ලදී. මෝ හිමාලය පර්වෙතයා ගේ දුව ය යි ද එ හෙයින් ‘පාර්වදතී’ නම් වුවා ය යි ද කියති. ඉසුරු, උමා දෙදෙනා ගේ සම්බන්ධය ශබ්දය, අර්ථ‍ය යන දෙකේ සම්බන්ධය මෙනැයි කාලිදාසයෝ කීහ. ඔවුන් දෙදෙනා ගේ ශරීරාර්ධය බැගින් එකිනෙකට බැඳී එක ම සිරුරක් ව පවත්නා බව :-

“දෙහචයාර්ධ ඝටනාරචිතං ශරීර - මෙකං යයොරනුපලක්ෂිත සන්ධි භෙදම්”

යී කාදම්බරියෙහි දැක්විණ.

41. දස පෙරුමන් - දාන, ශීල, නෛෂ්ක්රෝම්යු, ප්රගඥා, වීය්ය්ය් , ක්ෂාන්ති, සත්යන, අධිෂ්ඨාන, මෛත්රීෂ, උපෙක්ෂා යන දසය යි. සසර සයුරෙන් පරතෙරට පමුණු වන අර්ථසයෙන් ද පරම‍යන් ගේ ගුණ ය යන අරුතින් ද මොහු ‘පාරමිතා’ නම් වෙත්.

42. පලක් - පාය්ය්ද ඞ්කයක්, පලක් බැඳීම නම් අරමිණිය ගොතා වාඩි වීම යි.


158 සඳකිඳුරු දා කව් සන්නය

44. දෙව්දැහැ - මෙය මහාමයා බිසොව ගේ උපන් භූමිය යි. කොලියවංසිකයන් ගේ අගනුවර ය. ශාක්යා, කොලිය දෙරට බෙදී පැවැත්තේ ‘රෝහිණී’ ‍නම් ගංගාවෙනි.

45. ලුම්බිනි - කිඹුල්වත්, දෙව්දහ යන දෙනුවර අතර පිහිටි මඟුල් සල් වනයෙකි. ‍දැන් “රුමින්දේයී” නමින් ප්රටකට ය. නේපාල රජයට අයිති ය.

46. කමජවා - කර්ම යෙන් හටගත් වාතය යි. දරුවන් බිහි වන්නේ එය සෙලවීමෙනි.

මහත් මැණි‍කක් - මෙහි ‘මහත්’ සද ශ්රේෂ්ඨාර්ථනයෙහි ය. අමාවතුරු ආදියෙහි එන්නේ “දෑරඟමිණි රුවනක් සෙයින්” යනු යි. පාළි පොත්හි “මණිරතනං” යනු එයි.

47. බඹු - ශුද්ධාවාස තලයෙහි වසන බ්ර”හ්මයෝ සිවු දෙනෙකි. ඇතැම් පොත්හි එක් මහා බ්ර හ්මයෙකැයි කියැවේ.

සිවු සුරි‍ඳෝ - ධෘත රාෂ්ට්රක, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රනවණ යන වරම් දෙව්රජහු සතර දෙන යි.

අඳුන් දිවි සම් පෙළින් - පාලි සංස්කෘත දෙක්හි ‘අජින’ යනු සිංහල පොත්හි ‘අඳුන් දිවිසම්’ යන්නෙන් දැක්විණ. මඬ්ගල සම්මත වස්තුවක් සේ සම්මත අජිනය තවුසන් අඳින සමක් බව ද ප්රාකට ය. නාරද සෘෂිහු අඳුන් වන් එණාජිනයක් හෙවත් කළු මුව සමක් ඇඳ සිටි බව මහාකවි මාඝයෝ “වසානමෙණාජිනමඤ්ජනද්යුසති” යන්නෙන් පැවැසූහ. ඒ අජිනය මුවසමක් බව පැහැදිලි ය. ‘අජින’ යන්නෙහි ‘අඳුන්වන්’ යන අර්ථසයෙක් නැත. “අඤ්ජනද්යුිති” යන්නෙන් ‘අඳුන් වන් බව’ වෙසෙසා කීහ. එ හෙයින් ‘අජින’ යන්නෙන් තාපසාදීන් විසින් පරිහරණය කැරෙන ශුද්ධ ය යි සම්මත සමෙක් අදහස් කරන ලදැයි සැලැකිය යුතු වේ. එය අඳුන් වන් දිවියකු ගේ හෝ ඇතකු ගේ හෝ මුවකු ගේ හෝ සමක් විය හැකි ය. ‘අඳුන්



159 පද වැනුම

දිවි සම් පෙළින්’ යනු ජාතක අටුවා ආඳියෙහි එන්නේ “අජිනප්පවෙණියා” කියා යි. ජාතක අටුවා ගැට පදයෙහි එයට දුන් අර්ථවය “දෙතුන්පට කළ අඳුන් දිවි ‍සමින්” යනු යි. අඳුන් දිවිසම සියුම් සුව පහස ඇත්තේ වේ. ‘අජින’ යනු ඒ සමට කියන නමක් බවත් අඳුන් දිවියනට කියන නමක් නො වන බවත් සැලැකිය යුතු යි.

48. නරනිකර - මනුෂ්යනයෝ ය යි ද මඟුල් මහ ඇමැත්තෝ ය යි ද දෙපරිද්දෙන් පොත්හි පෙනේ. එ හෙයින් “ඇමැතිවර” යන්නත් ගත හැකි ය. ජාතක අටුවා ආදියෙහි “මනුස්සා” (මිනිස්සු) යනු යෙදුණ බැවින් ඇතැම් පිටපත්හි එන ‘නරනිකර’ යන්න ගතිමු. ‘ඇමැතිවර’ යී ද ඇතැම් පිටපත්හි එයි. ‘නිකර’ යනු සමූහාර්ථම යි.

දුහුල් සුඹුලෙන් - “දුහුල් සුඹුළුව නම් යහපත් සිහින් පිළි සුඹුළුවයි” යනු ජාතක අටුවා ගැට පදයෙහි එයි.

49. මහ බඹු - ‘සහම්පතී’ නම් මහාබ්රිහ්මයා යි. බුහු බසින් අරුත් කියතොත් දස දහස් ‍ලෝදාහි සියලු බඹහු ගැනෙති.

50. අබිරු නද - අභීරුක නාදය නම් භය නැති ව කරන නාදය යි. ලොවට අග වෙමි, දෙට වෙමි, සෙට වෙමි. මේ අන්තිම ජාතිය යි. දැන් ඉතින් නැවැත ඉපදීමෙක් නැතැයි කළ සිංහ නාදය මින් කියැවිණ.

දෙනුවරැ - කිඹුල්වත්, දෙව්දහ යන නුවර දෙක යි.

51. කාළ දේවල - කල්ප අසූවක් දක්නා නුවණැති සෘද්ධිමත් සෘෂිවරයෙකි. ‘අසිත’ යනු ද මෙතුමාට නමි.

52. වප් මඟුලට - වැපිරීමේ මඞ්ගලය ‘වප් මඟුල’ යි. එය මහා ක්රීවඩා උත්සවයෙකි. ඒ සඳහා මුළු නුවර සරසනු ලැබේ. මේ උත්සවයට එන හැම දෙන ම සුදුවතින් සැරැසී සුවඳ මල් පැලැඳීම සිරිති. දාස කම්කරුවෝ පවා අලුත් වස්ත්රද හැඳ සුවඳ මාලාදියෙන් සැරැසී පළමු ව රජගෙදරට



160 සඳකිඳුරු දා කව් සන්නය

රැස් වෙති. ගොන්නු ද මොනවට සරසනු ලැබෙති. රජු ගේ කර්මා න්තයට ගන්නා නඟුල්වල ගණන දහසෙකි. මනා සේ හැඳ පැලැඳ මහ සෙනඟ පිරිවරා යන රජතුමා රන්නඟුලක් ගෙන කුඹුරට බසියි. ඇමැතියෝ රිදි නඟුල් ගනිති. එදා රිදි නඟුල් ම 799 ක් විය. රන් රිදී නො වන නඟුල් වූයේ දෙසියයෙකි.

පෙළහර - වප් මඟුලට යන විට බෝසත් ද ගෙන යන ලදී. දඹගසක් යට උඩුවියන් බැඳ වටතිර ඇද සරසන ලද යහනෙක්හි කුමරු හොවන ලදී. එ තැන සිට කිරිමවුවරු උත්සව සිරි බැලීමට මඳක් ඉවත් වූහ. එ අතර කුමාර තෙමේ නැඟිට අරමිණිය ගොතා හිඳ ගෙන ආනාපානසති භාවනාව වඩා ප්රේථමධ්යාගනයට සමවැද උන්නේ ය. ඒ අවස්ථායෙහි දඹරුක වටා පිහිටි ගස්වල සෙවණැලි දඹරුක පිරිවරා මණ්ඩලාකාරයෙන් (රවුමට) සිටියේ ය. ඉවත ගිය කිරිමවුවරු ආපසු අවුත් ඒ පුදුමය බලා රජතුමාට දැන්වූහ. ප්රා තිභාය්ය්ය ය දුටු රජතුමා බෝසතුන් වැන්දේ ය. ‘ප්රාැතිහාය්ය්ටි ’ නම් ආශචය්ය්ම සිද්ධි යි. පෙළහර පෑ තැන පසු ව චෛත්ය්යක් කරවන ලදැයි හියුං සියං චීන ස්ථවීර තුමා කියයි. එතුමා එය දුටු බව සඳහන් වේ.

දඹතුරෙයි - ‘දඹ’ යන්න පාලි සංස්කෘත දෙබස්හි ‘ජම්බු’ යී එයි. හෙළුයෙහි ‘ජම්බු’ නමින් ම ගස් වෙසෙසෙක් ඇත. ‘දඹ’ යනු දම්, දං යනුවෙන්ද වහරනු ලැබේ. ‘දඹ’ නමින් ම වෘක්ෂ ජාතියෙක් ලක්දිව ඇතැම් පෙදෙස්හි තිබේ. ඉතා විසාල ව වැවෙන මේ රුක් ජාතිය බොහෝ සෙයින් ජම්බු ය යි කියන ගස්වලට ද දම් ගස්වලට ද වෙනස් ය.

53. පෙරඩ මසැ - චන්ද්රව මාස ක්ර ම දෙකෙකි. අමාන්ත ක්රදමය, පූර්ණිමාන්ත ක්රඩමය යනු ඒ දෙක යි. අමාවක මාසයේ අන්තිමට ගන්නා ක්රමමය අමාන්ත ක්රතමය යි. පුරපසළොස්වක අන්තිමට ගන්නා ක්රිමය පූර්ණිමාන්ත ක්රනමය යි. ජ්යොපතිශ් ශාස්ත්ර යෙහි දී අමාන්ත ක්ර්මය ප්රයධාන කොට ගන්නා ලදී. චන්ද්ර යා වැඩෙන්නේ පුරපක්ෂයෙහි ය. පුරපක්ෂය මාසයේ පූර්වාඅර්ධය වන්නේ අමාන්ත චන්ද්රය මාස ක්රකමයට යි.




161 පද වැනුම

රටේ ඒ ව්ය්වහාරය අනු ව මෙසේ යෙදිණැයි හැ‍ඟේ. බොහෝ පොත්හි පුරපස, අවපස යනු චන්ද්ර මාසයේ පක්ෂ දෙක හැඳින්වීමට යොදා ඇති බව ද පෙනේ. ‘පුරපස සඳ ලෙසින්’ යනාදී ක්රහමයට ය.

54. තුන් ඉරිතුවට - අවුරුද්ද සෘතු තුනකට හෝ සයකට බෙදනු ලැබේ. දඹදිව මද්ධ්යඅ මණ්ඩලයෙහි ප්රසධාන වශයෙන් පැවැත්තේ සෘතු තුනේ බෙදීම ය. උඳුවප්, දුරුතු, නවම්. මැඳින් යන මාස සතර ‘හෙමන්ත’ නමි. බක්, වෙසක්, පොසොන්, ඇසළ යන සතර ‘ග්රීනෂ්ම’ නම් වේ. නිකිනි, බිනර, වප්, ඉල් යන සතර ‘වර්ෂා් සෘතු’ නම් වේ. ඉල් පුරපසළොස්වක ඉල්මාසයේ ද වර්ෂාව සෘතුවේ ද සෘතු වර්ෂ යේ ද අවසන් දිනය බව දික්සඟියේ සාමඤ්ඤඵල සූත්රපයෙන් හා අටුවාවෙන් ද පැහැදිලි වේ. සෘතු සයක් කොට ගන්නා කල්හි උඳුවප්, දුරුතු දෙක හෙමන්ත ය යි ද, නවම්, මැඳින් දෙක ශිශිර ය යි ද, බක් වෙසක් දෙක වසන්ත ය යි ද, පොසොන් ඇසළ දෙක ග්රීොෂ්ම ය යි ද, නිකිනි බිනර දෙක වර්ෂා යයි ද වප් ඉල් දෙක ශරත් ය යි ද කියනු ලැබේ. මෙයට වෙනස් බෙදීම් ද ඇත්තේ ය.

තුන්පායක් - හෙමන්තාදී සෘතු තුන ගත කිරීමට රම්ම, සුරම්ම, සුභ යී ප්රාපසාද තුනක් කරවන ලද බවත් ඒ තුන පිළිවෙළින් නව මහල් පස් මහල්, සත් මහල් වූ බවත් සඳහන් වේ.

යෙහෙන - මෙය ‘යොග්යඒ’ යන අරුත්හි ය. “තමා යෙහෙන පමණක් ධුතාඞ්ග සමාදන් විය යුතු” යන දඹදෙණි කතිකාවත් වැකියෙහි එන්නේ ද මේ ‘යෙහෙන’ යන්න යි. මේ අරුත්හි ‘යුහු’ සදෙක් සිදත් සඟරාවේ “වහරට යුහු සියබසැ” යන තන්හි පෙනේ. ‘යහ’ සදින් මෙන් ම ‘යුහු’ සදින් ද ‘යෙහෙන්’ යන පදය සිදු කළ හැකි ය. ‘යෙහෙන්’ යනු ම පසු ව හුදු සදක් බවට පෙරැළෙන්නට ද ඉඩ ඇත.

107 – G




162 සඳකිඳුරු දා කව් සන්නය

55. සිදුහත් - ලොකයට අර්ථ (වැඩ) සිදු කරන්නෙක් යන අදහසින් මේ නම තබන ලදී. ඇතැම් සකු පොත්හි බෝසතුන්හට ‘සර්වාිර්ථ සිද්ධ’ නම් තැබූ බව සඳහන් වේ.

56. බිම්බා - දෙවුදහ නුවර ‘සුප්රනබුද්ධ’ රජු ගේ දියණිය යි. දෙවදත්ත තෙර මැය ගේ සොහොයුරා යි. භද්දකච්චානා යසොධරා යන නම් ද විය. රාහුළ කුමරු උපන් පසු ‘රාහුල මාතු’ යන නමින් ද ප්රරසිද්ධ විය.

57. පෙර වාසනා - බුදු සමයෙහි ‘වාසනා’ නමින් දැක්වෙන්නේ කෙලෙස් පුරුදු යි. අතීතයෙහි කළ සිතින් අමතක වී ගිය හොඳ හෝ නරක ය යි හින්දු භක්තිකයෝ කියති. ව්යිවහාරයෙහි එන්නේත් වාසනා නම් පින්, හෝ ‍භාග්ය ය බව යි. බෞද්ධ මතය අනු ව හොඳ හෝ නරක හෝ පෙර පුරුදු ‘වාසනා’ නම් වේ.

පණතින් - ශුද්ධොදන රජපවුල බ්ර හ්ම භක්තිකයෝ ය. ඔවුන් ගෙ අදහසය මේ. මැවුම්කරු ගේ නියමය (පැණවීම) පරිදි සියල්ල සිදු වන්නේ ය යනු මැවීම අදහන හැම ගේ ම අදහස යි.

59. ඌරුවෙස් - විෂ්ණු තෙමේ වරක් ඌරුවෙස් ගත්තේ ය යි කියති. ලොකවිනාශකාලයෙහි ය යි ද කියති. එ කල පොළොව මුහු‍ඳෙහි ගිලිණ. සත්ත්වයෝ ද ඒ සමඟ ම ගිලුණහ. බ්ර්හ්මයා ධ්යාින වැඩී ය. විෂ්ණු තෙමේ ඌරකු ගේ වෙසයෙන් බඹු ගේ නාසයෙන් පිට වී පෙ‍ළොව දළින් උසුළා ගෙන ආයේ ලා!

60. කෙලෙස් පා - කෛලාස කූටය පාලනය කෙරේ නුයි ඊශ්වරයා “කෙලෙස්පා” නම් වේ.

61. සුළු දුනු දැරූදා - ජාතක පාළියේ පඤ්චක නිපාතයේ 24 වැනි ජාතකය වූ “චුල්ල ධනුග්ගහ” ජාතකයෙහි එන පරිදි “චූල ධනුර්ධර” නම් වූ බෝසතු හට සිය ගුරුතුමා ගේ දියණිය බිරිය වූවා ය. ඇය සමඟ යන බෝසතු සමඟ සොරු පන්සිය දෙනෙක් දබර කළහ. බෝසත්තුමා සොරුන්



163 පද වැනුම

මැරී ය. ඉතිරි වූයේ සොර දෙටුවා පමණි. හී ඉවර වුණු හෙයින් භාය්යාධරී ව ගේ අතේ තිබුණ කඩුව ඉල්ලූ කල්හි ඕ තොමෝ සියහිමි බෝසතුහට කඩු කොපුවක් සොරාට කඩුවත් දුන්නා ය. සොරා බෝසත්හු මරා භාය්යාඉ ව ගෙන ගොස් ග‍ඟෙකින් මෙතෙර ඈ දමා පැන ගියේ ය. එ විට ශක්ර යා සිවල් වෙසෙකින් පැමිණ ඇයට නින්දා කෙළේ ය.

62. අනඟ - අනඞ්ගයා විෂ්ණුහු ගේ පුත්රමයා ය යි දෙවකථා වන්හි දැක්වේ. ඊශ්වරයා ධ්යාඅන නිපදවීමට වන වැදුණු සමයෙක “ශුර පද්ම” නම් රකුසෙක් දෙව්ලොව දෙවඟනන්හට හිරිහැර කරන්නට පටන් ගත්තේ ල! උමාව ගේ නියමය පරිදි දෙවඟනෝ මේ බව ශක්රනයාට දැන්වූහ. ශක්ර!යා අනඞ්ගයාට කියන්නට නියම කෙළේ ය. ඔවුහු අනඞ්ගයාට කීහ. හෙ තෙමේ ඉසුරුගෙන් පිහිට ලබා දෙන ලෙස රතියට කී ය. ඕ එය නො පිළිගත්තී ය. එ විට අනඞ්ගයා වනයට ගොස් තම මල්හීයෙන් පසුපස සිට විද ඊශ්වරයා ගේ භාවනාවට අන්තරාය කෙළේ ය. ඊශ්වරය‍ිා කොපයෙන් හැරී ඔහු දෙස බැලීය . ඒ කෙණෙහි ඊශ්වරයා ගේ නළලෙහි පිහිටි ඇසින් නැඟි ගින්නෙන් අනඞ්ගයා දා හළු විය. පසු ව රතිය ගේ අයදුමින් ඉසුරු ගෙන් දිවි ලද මුත් අනඞ්ගයා ගේ සිරුර කාලවර්ණග විය. ‘අනඞ්ග’ යන්නෙහි තේරුම නම් අංගයක් - ශරීරයක් නැත්තා යනු යි. සිතෙහි හටගන්නා කාමය මේ නමි. යට දැක්වූයේ දෙවකථාවෙකි. අනඞ්ගයා ගේ දුන්න මල් දුන්නෙකැයි ද නෙළුම්, හෝපළු, සත්පෙති දෑසමන්, අඹ, නිලුපුල් යන මල් පස ඒ දුන්නේ හීපස ය යි ද දුන්නේ ලීය උක්දඬුවෙකැයි ද කියති.

රති - අනඞ්ගයා ගේ භාය්යාකිය ව වූ මෝ ඊශ්වරයා ගේ දුව ය යි කියති. ‘රති’ යන්නෙහි අර්ථ ය ‘ඇල්ම’ යනු යි.

63. සිරිවත් - සිරියට වත් (වාස්තු) වනුයේ ‘සිරිවත්’ ය එහෙත් ‘සිරිවත්’ සද ‘සිරි ඇති’ යන අරුත්හි යොදා තිබෙනු ඇතැම් ශිලාලිපිවලින් පැනේ. “ශ්රීසවන්ත” යනාදී




164 සඳකිඳුරු දා කව් සන්නය

වසයෙන් යොදා තිබෙනුත් අනාගත වංශාදී සිංහල පොත්හි දක්නට ඇත. ‘සිරිමත්’ ශබ්දය මෙන් ම ‘සිරිවත්’ ශබ්දය ද සුශබ්දයක් කොට සැලැකීමට කරුණු තිබේ.

අනත - කෙළවරක් නැතියෙන් ‘අනන්ත’ නමි. සුදු සිරුරක් ද හිස් දහසක් ද ඇති මොහු ගේ දරණ වැළ පිට විෂ්ණුහු සැතැපෙතැයි කියති.

65. බුදු කුරු - ‘බුදු + අකුරු’ (බුද්ධාඞ්කුර) යන්නෙන් බුදු පැළය යන අරුත ලැබේ. බෝසත්හු බුදු බව නමැති මහා වෘක්ෂය බවට පැමිණෙන පැළ වැන්න.

66. මහණ රුව - ‍පළමු රූප දැක කලකිරි ආ බෝසතු හට ශ්රිමණරූපය කෙරෙහි සිත ඇදී ගියේ ය. එක් දවසෙහි ම සතර වරක් ගියහ යි ද සාර මසකට වර බැගින් සිවු වරක් ගියහ යි ද මත දෙකෙකි. දිව්ය පුත්ර්යෙක් මෙ සිවු අයුරින් පෙනී සිටියේ ය යි ද මතයෙකි.

69. රහල් පිල්ලෙක - බෝසත් තෙමේ පනිවුඩය අසා “රාහුලෝ ජාතො බන්ධනං ජාතං” යී කී ය. “රාහුලයෙක් උපනි. බැම්මෙක් ඇති විය” යනු අර්ථ- යි. ‘රාහුල’ යන්නෙහි තේරුම ‘රාහු වැනි ග්රා හකයෙක්’ යනු යි. රාහු ඉර සඳ ගන්නා මෙන් දරුවෝ ද මවු පියන් අල්වා ගනිති. දරු පෙමින් මවුපියෝ බැ‍ඳෙති. “පිල්ලෙක” යන්නෙහි ප්රනකෘතිය ‘පිළු’ යනු යි.‍පාළියෙහි “පොතක” යනු යි. ‘පැටියෙක්’ යන අර්ථන යි. මේ අරුත්හි පිළු, පිළා, පිල යී ශබ්ද තුනක පවත්නා බව “ පැටි පිළු පිළා පෝ පොව් - පිලදු සම අත් වනුයේ” යී රුවන්මලෙහි කියන ලදී.

ඇසිල්ලෙක - දෙ තැනෙක යෙදුණු මෙහි අර්ථිය ද දෙ පරිදි ය. ප්ර්ථම පාදයේ ‘ඇසිල්ලෙක’ යනු නිපාතයක් සේ ගත යුතු වේ. ‘වහා’ යන අර්ථම යි. තුන් වන පාදයේ ‘ඇසිල්ලෙක’ යනු ‘ඇසිලි’ ශබ්දයේ ප්රාථමා එක වචන යි. “ඇසීමෙක් ය” යනු අර්ථ යි. “මේත් සසර දැවැටිල්ලෙක ඇසිල්ලෙක” යනු පද යෝජනා යි.




165 පද වැනුම

71. කිසා ගෝතමි - කිඹුල්වත් පුරයෙහි විසූ රජදුවකි. ඇය කී ගාථාව මෙසේ යි :-

“නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතො නූන සො පිතා නිබ්බුතා නූන සා නාරී - යස්සායං ඊදිසො පති”

මෙ බඳු පුතකු ලද මව එකාන්තයෙන් ම නිවියා වෙයි. මෙ බඳු පුතකු ලද පියා එකාන්තයෙන් නිවියේ වෙයි. මෙ බඳු හිමියකු ලද ස්ත්රිුය එකාන්තයෙන් නිවියා වෙයි. යනු අදහසයි.

72. සතර පෙර නිමිති - මහල්ලෙක, ලෙඩෙක, මළ සිරුරෙක, පැවිද්දෙක යන ලකුණු සතර යි. පෙර මඟට හමු වන නිමිති පෙර නිමිති යි. යමක් සිදු වීමට පෙර පහළ වන නිමිති ද පෙර නිමිති නමි.

74. සන් මැතිඳු - ‘ඡන්න’ නම් අමාත්ය යා බෝසතුන් උපන් දා ම උපන්නෙකි. මහා යානික පොත්හි ‘ඡන්ද ක’ යී එයි.

76. කන්තක - අටළොස්රියන් (18) දිග අස් රජෙකි. බෝසතුන් උපන් දා ම උපන්නේ ය.

77. දිනිඳු ගති - දිනට (දවසට) අධිපති ය යන අරුතින් හිරු ‘දිනිඳු’ නම් වේ. හිරු ගේ ගමන ඉතා වේගවත් ය. එක් තැනෙකින් උදා වන ඔහුට සක්වළ පුරා ඇවිද යළි මුල් තැනට පැමිණීමට ගත වන කාලය අත්ය ල්ප වේ. ලිත් පැය ගණනින් ඒ සැට පැයෙකි. ඉංග්රිගරිසි පැය ගණනින් සූවිස්සෙකි. සුළු වේලාවෙකින් මුළුලොව පුරා ඇවිද පැමිණීමට හැකි වන්නේ ඔහු ඉතා වේගයෙන් යන්නකු හෙයිනි. හිරු ලොව වටා යෙත් ය යනු පෞරාණික මතය වේ.

78. තිස් යොදනක් - ‘යොදුන’ මෙ කල සැතැපුම් ගණනින් මෙ තෙකැයි තිර කොට දැක්වීම අසීරු ය. ගවු සතර යොදුනෙකි. ගවුවකට ‍ඉසුබු අසූවෙකි. ඉස්බකට රියන් 140 කි. එ බැවින් ගවුවකට රියන් 11,200 කි.



166 සඳකිඳුරු දා කව් සන්නය

යොදුනකට රියන් 44,800 ක් ලැබේ. මේ අභිධානප්පදීපිකාවේ එන ක්ර මයෙනි. ඉංගිරිසි රියන් ගණනින් සැතැපුමකට වැටෙන්නේ රියන් 3520 කි. 44,800 එයින් බෙදු කල යොදුනකට හැතැපුම් 12 ¾ පමණ ලැබෙන බව පෙනේ. එහෙත් පෙර ඒ ඒ තැනට කියා ඇති යොදුන් ගණන් වත්මන් සැතැපුම් ගණනින් බෙදා බැලූ උගතුන් ගේ අදහස නම් යොදුනකට වැටෙන ඉතා වැඩි සැතැපුම් ගණන 7 ½ ක් බවත් සාමාන්යෙ සගණන 7 ක් බවත් ය. යොදුනකට සැතැපුම් 16 ක් කෙසේ වත් නො ලැබෙන බව කියති. ලීලාවතියේ ක්රො ශ සතර යොදුනැයි දැක්වේ. ක්රො ශයකට රියන් 8000 කි. එ අනු ව යොදුනකට රියන් 32000 කි.

79. අනෝමා - මෙ කල ගොරක්පූර් දිස්තිරික්කයට ඇතුළත් මෙහි වර්තැමානනාමය ‘අඋමි’ යනු යි. පෙර මල්ලරටට අයත් වීය.

81. තුන් සිවුරු - දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය යන තුන යි. මේ තුන සහිත අටපිරිකර පිදුවේ ‘ඝටීකාර’ නම් මහාබ්රනහ්මයා විසිනි.

83. අනූපිය - ‘අනුපිය’ යනු ඡන්දටස සඳහා දීර්ඝර ව යෙදූ සේ යි. මල්ල රජු ගේ ‘අනුපිය’ නම් නගරයෙහි පිහිටි ඔවුන් ගේ මේ අඹ උයන ද එ නම් වීය. අනෝමා ගඟට නුදුරින් පිහිටියේ ය.

රජගහා - මන්ධාතු මහාගොවින්දාදීන් විසින් පරිගෘහීත බැවින් - වාස භූමි කරගන්නා ලද හෙයින් ‘රාජගෘහ’ නම් වී ය යි කියත්. බුද්ධ කාලයෙහිත් චක්ර වර්ති කාලයෙහිත් මෙය නිගරයක් වන බවත් සෙසු කාලයෙහි හිස් ව යකුන් ගේ වාසභූමි ව පවත්නා බවත් අටුවාවන්හි කියන ලදී. මගධ රටේ අගනුවර වූ බැවින් මාගධ පුරය යි ද වෙහාර, වෙපුල්ල, ගිජ්ඣකූට, ඉසිගිලි, පාණ්ඩව යන පර්වනත පසෙන් වට වී ඇති හෙයින් ගිරිච්ර්ජපුරය යි ද කියනු ලැබේ. රාමායණයෙහි එන නම ‘වසුමතී’ යනු යි. දැන් ‘රාජගිර්’ නමින් ප්රලකට ය.




107 පද වැනුම

84. පාඬව සෙවණ - පාණ්ඩව පවර්තරයා ගේ සෙවණැල්ල වැටෙන තැන යි, පර්ව-ත පාදය යි. ‘පාණ්ඩව’ යනු රජගහ නුවර වටා පිහිටි පර්වමත පාදය යි. ‘පාණ්ඩව’ යනු රජගහ නුවර වටා පිහිටි පර්වැත පසෙන් එකෙකි.

උරුවෙල් දනවු - පෙර භාවනායෙහි යෙදුණ තවුසන් සිතෙහි ක්ලෙශයක් උපන් කල්හි එයට දඬුවම් වසයෙන් වැලි ටික ටික ගෙනවුත් දැමීමෙන් මහත් වැලි ගො‍ඩක් වූ ප්රවදෙශය මෙ නමින් පළ වී ය යි කියති. ‘උරුවෙල’ යනු පසු ව විශාල ප්රටදේශයකට නමෙක් විය. මහත් බෙලි ඇති පෙදෙස යන අරුත් ඇති “උරුවීල්වා” යනු ‘උරුවෙලා’ නම් වූ බව ද තව මතයෙකි. ‘ජනපද’ නම් බොහෝ ජන සමූහයාගෙන් යුත් පළාත යි.

86. සුජාතාවන් - උරුවෙල් දනවුවෙහි ‘සේනානී’ නම් නියම් ගමේ ‘සේනානී’ නම් සිටුවරයා ගේ දියණිය යි. පසු ව බරණැස් සිටුහු ගේ භාය්යායන ව වූ මෝ තොමෝ යසකුල පුතු ගේ මව ය.

87. අජපල් නුඟයැ - එළුවන් රැක බලා ගන්නා එ‍ඬේරුන් නිතර රැස් වන තැන වූ හෙයින් මෙ නම විය. මෙය පිහිටියේ බොධියෙන් නැ‍ඟෙනහිරි පැත්තේ ය.

නේරංජරා - මහ බෝමැඬට නුදුරින් ගලා යන ග‍ඟෙකි. ජලය නිල්පාට බැවින් “නීලඤ්ජලා” යී තිබි පසු ව මෙ නම වී ය යි කියති.

88. තළිය - සුජාතාව කිරිපිඬු ගෙන ගියේ ලක්ෂයක් වටනා රන් තැටියෙක බහා ගෙන ය. බෝසතුන්හට මහණ වීමේ දී ඝටීකාර නම් මහා බ්ර හ්මයා විසින් දුන් අටපිරිකරට අයත් මැටිපාත්රටය ඒ දක්වා එතුමන් ළඟ තිබී සුජාතාව කිරිබත ගෙන එළැඹ සිටි මොහොතෙහි අන්තර්ධාන වීය. කිරිපිඬු පිළිගන්නට බඳුනක් නො වූයෙන් සුජාතා තොමෝ තැටිය සමඟ ම බත පිළිගැන්වූ ය. මේ කීයේ ඒ තළිය යි.




168 සඳකිඳුරු දා කව් සන්නය

නිමිති - අද ම බුදු බව ලබා ගත හැකි දැයි සිතා යැවූ තළිය උඩුගං බලා ගොස් දිය සුළියෙක හැපී ජලයෙහි ගිලිණ.බුදු වනු නියත ය යි දැන ගත් ඒ ලකුණ නිමිති නම් වේ.

89. කෙසර - බෙල්ල පුරා කෙසර හාරය (ලොම් කැටිය) ඇති හෙයින් සිංහයනට මේ නමි. ‘කෙශර සිංහ’යී සිංහ වර්ගියෙක් ද වෙයි. සියලු සිංහයනට හේ ශ්රෙමෂ්ඨ ය. තෘණ සිංහ, කාල සිංහ, පාණ්ඩු සිංහ, කෙශර සිංහ යී සිංහයෝ සිවු දෙනෙකි.

90. සොත්තිය - ‘සොත්ථිණය’ යනු බමුණෙකි. සංස්කෘත බෞද්ධ පොත්හි ‘ස්වස්තික’ යී එයි.

බෝමඬ - බෝධිය පිහිටි තැන ‘බොධි මණ්ඩ’ නම් වේ. මෙහි බොධි මූලය ගැනේ.

91. විදුරස්නේ - ප්රඑකෘතිය ‘විදුරසුන්’ යනු යි. වජ්රකය (දියමන්තිය) මෙන් ස්ථීර ආසනය යන අර්ථතය ගත හැකි යි. කෙණ්ඩා දෙක දියමන්ති මෙන් තද කොට පාදෙක ගුද පාශ් ර්‍වයෙහි තබා ගෙන හිඳින යොගාසන ක්රෙමයෙක් ද මේ නමින් දැක්වේ. වජ්රා සනය තුදුස්රියන් (14) වී ය යි සඳහන් වේ.

92. සතර අදිටන් - සම ගැලවී විසිර ගියත් බුදු වී මිස මෙ තනින් නො නැඟිටිමි, නහර ගැලවී විසිර ගියත් බුදු වී මිස මෙ තනින් නො නැඟිටිමි, ඇට ගැලවී විසිර ගියත් බුදු වී මිස මෙ තනින් නො නැඟිටිමි, මස්ලේ වියලී ගියත් බුදු වී මිස මෙ තනින් නො නැඟිටිමි යන අධිෂ්ඨාන සතර යි.

93. මරු දෙව් පිත් - පරනිම්මිත වසවත්ති දෙව්ලොව වසමින් එහි කොටසෙක අධිපති කම් කරන දාමරික දිව්යර පුත්රතයෙකැයි සඳහන් වේ. පෘථග්ජන ලොකයා තමාට වසග කර ගැනීමෙහි සමත් බැවින් ‘වශවර්ති’ නම් වන බව ද කියති. මහත් පිරිසක ගේ නායකයා වන මොහු යහපතට අකුල් හෙළන්නකු වසයෙන් ප්රවකට ය. ‘මාර’ යනු ශක්රාඳදි




169 පද වැනුම

තනතුරු මෙන් තනතුරක් බවත් එක් මරුවකු නැති වන විට තවත් මරුවකු එ තනට පත් වන බවත් කතා පුවත්වලින් හැ‍ඟේ. හැම මරුවකු ගේ ම නම එකක් නො වන බව ‘දුසී’ මාරයා ගේ පුවතින් පැහැදිලි වේ.

96. නාරායණ බෙලෙන් -ඡද්දන්තකුලයේ ඇතුන් දස දෙනකුගේ හෙවත් පුරුෂයන් කෝටි දසදහසෙක ශක්තිය යි.

97. එඩියෙනි - ‘එඩි’ නම් අහඞ්කාරය, තේජය හෝ ශක්තිය යි.

98. අබිමන් - ‘අභිමානය’ නම් අහඞ්කාරය හෝ ගර්වතය යි. ‍යමෙකින් තමා උසස් ය යන දැඩි හැඟීම යි.

99. ගිරිමෙවුලා - ‘ගිරිමෙඛල’ හස්තිරාජයා වසවත් මරු ගේ වාහනය යි.

101. සක්වළපවුවට - ‘සක්වළ ගල’ නම් එක් සක්වළක් වට කොට සිටින පර්ව්තයෙකි. එය දෙ අසූ දහසක් යොදුන් දියෙහි ගැලි සිටියේ ය. දෙ අසූ දහසක් යොදුන් නැඟී සිටීයේ ය. සක්වළෙක් නම් ලොක ධාතුවෙකි.

111. අතමුත් - ආයුධ සතර වැදෑරුම් වේ. මේ පළමු වැන්න යි. අතින් දමා ගසා පහර දෙන ආයුධ (අඬයටී ආදිය) ‘හස්ත මුක්ත’ නම් වේ.

යතුරුමුත් - යන්ත්රයයෙන් මුඳා පහර දෙන ‘හී’ ආදිය “යන්ත්රද මුක්ත” නම් වේ.

අමුත් - අතින් ගෙන ම පහර දෙන ‘කිරිච්චී’ ආදිය ‘අමුක්ත’ නම් වේ.

මුතමුත් - මුක්ත අමුක්ත දෙවිධියෙන් ම නොහොත් අතින් ගෙන ම හෝ දමා ගැසීම් ආදී වසයෙන් හෝ පහර දෙන ‘මුගුරු’ ආදිය ‘මුක්තාමුක්ත’ නම් වේ.



170 සඳකිඳුරු දා කව් සන්නය

112. කලනයිඳු - මාඤ්ජෙරික නාග භවනයෙහි වසන කල්පයක් ආයුස ඇති දිව්යන නාගරාජයෙකි. ඔහු ගේ පිරිස සැට දහසෙකි.

113. සිවුමුව - ‘සහම්පතී” නම් මහබ්රකහ්මයා යි. බ්රතහ්මයාට මුහුණු සතරෙකි යනු වෙද මත යි.

115. ජයසක - ‘විජයුත්තර’ ‍නම් ජයශඞ්ඛය, ජය උත්සවවල දී පිඹිනු ලැබේ.

අණසක - චක්ර-යක් මෙන් පැතිර පැවති ආඥාව (නියමය)

120. දස බිම්බරය - ‘බිම්බර’ එකෙක් නම් පොළොවේ පැත්තකට වූ කල අනෙක් පැත්ත ඉහළ යන තරම් බර ඇති පිරිසෙකැයි තෝරති. එහෙත් මහායානික ග්ර්න්ථයන්හි කෝටිසියය ‘කඩ්කර’ එකෙකැයි ද කඩ්කර සියය ‘නයුත’ ය යි ද නයුත සියය ‘බිම්බර’ ය යි ද දැක්වේ. බිම්බර සියය ‘අක්ෂෞහිනී’ එකෙකැයි ද කියති. බ්ම්බර ශබ්දය මහා යානික පොත්වලින් ගන්නා ලද්දක් විය හැකි ය.

128. සුදුස් - ‘සුදුසු’ යනු එළිසමය සඳහා මෙසේ සිටි බව පෙනේ.

132. සිවු අඟිති - මහා ‍ඝනාන්ධකාරය වනුයේ අව පක්ෂයේ තුදුස් (14) වන දින ය, මද්ධ්යමම රාත්රියය, ගනවන ළැහැබ, ගන වූ තද වැස්ස යන අංග සතරින් යුත් කළුවර යි.

133. නිලයක් - ‘නිල’ යනු තනතුරු සඳහා සාමාන්යෂයෙන් ව්යබවහාර කෙරෙති. ‘නියම’ යන අරුත්හි ද මේ පවතී. ‘නිල කරනවා’ යනාදී වසයෙනි. “නිලේ ලා බලේ ලා” යන වචන ඇතැම් පැරැණි ලියවිලිවල ද දක්නා ලැබේ. “නිලේට අනිනවා, නිලය බලා අනිනවා” යන ආදී ව්ය්වහාරයන් කෙරෙන්නේ යමකුහට තද පහරක් දීම සඳහා යි. මාරයා ඒ තාක් දුන් සියලු පහර නිෂ්ඵල වූ



171 පද වැනුම

හෙයින් තද කෝපයයෙන් මොහුට බුදු බව නමැති නිලයක් ලබා දෙන්නෙමි යි මේ වර නො වරදින පහරක් ගැසීමටය චක්රාකයුධය ගන්නට සිතුයේ. උන්දෑට හොඳ රජකමක් කර වන්නෙමි යනාදීන් කුපිත ව කියන කීමක් වැනි යි මේ නිලයකට අනිමි යන අදහස ද ගත හැකි ය.

134. සක් අවිය - චක්රා කාර වූ (රෝදයක් මෙන් වටකුරු වූ) භයානක ආයුධයෙකි. පාරාවළල්ල ය යි ද කියති.

136. පවිටු - අතිසයින් පාපිය, ‍පවෙහි ඇලුණ තැනැත්තා යි.

139. මිහිකත - ‘මහීකාන්තා’ නම් පොළොව යි. ප්රායණවත් කෙනෙක් නො වෙති. එහෙත් ඇය රන් සිංහාසනයෙක හිඳින නිලවර්ණම ශරීරයෙකින් ද අත් සතරෙකින් ද යුත් දෙවඟනක සේ අලංකාර වසයෙන් දක්වති. සුදුසක, පියුම, පුන් කලස, අභය මුද්රාලව අත් සතරෙහි ඇතැයි ද වාහනය සුදු කුකුළෙකැ යි ද කියති. එ නම් දෙවඟනක් ඇතැයි පිළිගත්තත් බෝමැඬ හුන් බෝසතා‍ණනට සාක්කි කීවා ඕ නො වේ. පොළොව කම්පා වීම මිහිකත දුන් සාක්කිය යි.

144. යුගතවා - ලොකවිනාශ කාලයේ දී ඇති වන මහ සුළඟ යුගාන්ත වාතය යි. එ කල්හි මුහුඳ පවා ගොඩ ගමන් ගනී. එක් කල්පයෙක් මහායුග දහසෙකින් යුක්ත ය. මහායුගයෙක කෘතයුගය, ත්රෙ.තායුගය, වාපරයුගය, කලියුගය යි යුග සතරෙකි. සියලු යුගයන් ගේ අවසානය නම් ලොකාන්තිමය වේ. කල්ප විනාශය නම් ද වේ.

146. අත්ගිරගැ - ඉර බසින නොහොත් නො පෙනී යන පැත්ත “අස්ත පර්වතතය” යි කවි සමයෙහි එයි.

උදයගැ - හිර පායන පැත්ත ‘උදය පර්ව ත’ නම්




172 සඳකිඳුරු දා කව් සන්නය

147. තුන්යම - රැයකට යාම තුනෙකි. යාමයකට සිංහල පැය දසයෙකි. ඉංගිරිසි පැය 4 කි. 6 සිට 10 ට ප්රුථමයාමය යි ද 10 සිට 2 ට මද්ධ්යරමයාමය යි ද 2 සිට ඉර පෑයීම තෙක් පශ්චිමයාමය යි ද කියනු ලැබේ.

තුන් නුවණ - පෙර උපන් ජාති සිහි කරන නුවණ, දිවැස් නුවණ, හෙතු ඵලයන් දන්නා (පටිච්චසමුප්පාද) නුවණ යන නුවණ තුන යි.

අරුණලු - හිරු උදා වීමට ‍පළමු පෙර දිග අහසෙහි දක්නා එළිය යි.

සියල් දත් නැණ - සංස්කාර, විකාර ලක්ෂණ, ප්රයඥප්ති නිර්වාාණ ය යි පස් වැදෑරුම් වූ ලෞකික ලොකොත්තර වූ දත යුතු සියල්ල තත්ත්වාකාරයෙන් දන්නා නුවණ “සර්වලඥතාඥාන” නම් වේ. ‘අනාවරණඥාන’ යනු ද මෙයට ම නමි. අර්හත්මාර්ගො ඥානය සමඟ ම උපදින මෙය බුදුවරුනට පමණක් ලැබේ. රහත්මඟ නුවණ එක්වරක් ම උපදින නමුත් සර්වඥඥතාඥානය බුදුරදුනට කැමැති කැමැති හැම විට ම උපදවා ගත හැකි ය. මේ නුවණ ලෞකික ය. කාමාවචර ය. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසඞ්ඛාරික මහා ක්රිලයා චිත්තය සමඟ පවත්නේ ය.

149. අනිමිස ඇසින් - නො පියන ලද ඇසින් නොහොත් ඇස් දෙක නො පියා බලාහිඳීමෙන් යන තේරුම යි. මෙය අනිමිසලොචන පුජා නමි. බෝමැඬට මඳක් පෙර දිග ඇසුරු කළ උතුරු දිසා භාගයෙහි සිට මේ පූජාව කරන ලදී. එ තන ‘අනිමින චෙතිය’ නම් විය.

150. රුවන් සක්මන - බෝමැඬටත් අනිමිස ලොචන පූජාවට වැඩ සිටි තැනටත් අතර මවා ගත් සක්මන යි. යමෙක්හි සක්මන් කළ සේක් ද? එය ‘සක්මන’ නම් වී ය. එ තන ‘රත්න චඞ්ක්ර මණ චෛත්ය නම්’ වි ය.

151. රුවන් ගෙයි - බොධියෙන් වයඹ පැත්තෙහි දෙවියන් මැවූ රුවන් ගෙයෙකැයි කියති. රුවන් ගෙය වූයේ රත්නයෙන් කරන ලද හෙයින් නො ව අභිධර්මයපිටකය



173 පද වැනුම

සම්මර්ශමනය කළ තැන හෙයිනැයි ද මතයෙකි. මේ දෙක ම වැරැදි නැතැයි ජාතක අටුවායෙහි කියන ලදී. එ තන ‘රත්න ගෘහ චෛත්ය ’ නම් වී ය.

අබිදම් - චිත්ත, චෛතසික, රූප, නිර්වා ණ යන සරතර පරමාර්ථෙයන් විස්තර කරන ගැඹුරු දහම යි.

152. මාරදූ තුන් දෙන - තණ්හා, අරතී, රගා යන තිදෙන.

153. ‍නා රජු ගෙ - ‘මුචලින්ද ’ (ම්දෙල්ල) රුකක් ‘ළඟ’ පිහිටි පොකුණෙහි උපන් මහානුභාවසම්පන්න නා රජෙකි. ඒ විල වූයේ බොධියෙන් නැ‍ඟෙනහිරි පැත්තෙහි ය.

154. කිරි පළුතුර - බොධියෙන් දකුණු පැත්තේ පිහිටි රාජායතන වෘක්ෂය යි.

විමුත් සැප - ඵලසමාපත්ති සැපය යි.

156. නාලිය - නාගලතා නම් වැල්, එහි දඬුවෙන් කළ දැහැටිය නාලිය දැහැටි නමි. බුලත්වැලට ද’නාගලතා’ නම වෙයි.

අනෝතත්විලැ - හිමාලයෙහි පිහිටි පනස් යොදුන් මහ විලෙකි. කෛලාසකුටාදිය පිහිටියේ මේ විල වටා ය. එ හෙයින් එයට හිරු එළිය නො වැටේ. ජලය ඉර අවුවෙන් තො තැවෙන නිසා ‘අනවතප්ත’ නම් වි ය.

157. තපුස් බල්ලුක - ‘තපුස්’ යනු පාළිපොත්හි ‘තපස්සු’ ‘තපුස්ස’ යන දෙයයුරින් ම පැනේ. සංස්කෘතයෙහි ‘ත්ර පුස’ යනු යි. එ හෙයින් ‘තපුස්’ යනු වඩා ගැළපේ. ‘බල්ලුක’ යන්න පාළියෙහි ‘භල්ලුක’ ‘භල්ලික’ යන දෙ ආකාරයෙන් ඇත්තේ ය. මේ දෙදෙන ‘උත්කල’ ජනපදයෙන් පැමිණියහ. මොවුන් ගේ ජන්මභූමිය




174 සඳකිඳුරු දා කව් සන්නය

‘අසිතඤ්ජන’ නුවර ය යි මනොරථපූරණියෙහි ද පුෂ්කරවතී නුවර ය යි පරමත්ථිදීපනියෙහි ද කියන ලදී. ඒ දෙකම ගන්ධාරයට අයත් ය. පසු ව බුදුරදුන් රජගහා නුවර වැඩ වසන සමයෙක මේ වෙළෙඳුන් දෙදෙන එහි පැමිණ බණ ඇසූ බවත් ‘තපුස්ස’ වෙළෙඳා සෝවාන් ඵලයට පැමිණි බවත් ‘භල්ලික’ වෙළෙඳා පැවිදි ව රහත් වූ බවත් සඳහන් වේ.

මී පිඬු - ගිතෙල් මී පැණි උක්හකුරු ආදිය යොදා තැනූ අග්ගලා, මෙයට පාළියෙන් ‘බද්ධසත්තු’ ය යි ද කියනු ලැබේ. “අග්ගලා හා මීයෙන් ඇනූ විළඳවට” යි සිංහල මහාබොධි වංශයෙහි එයි. ගුලි නො කරන ලද අබද්ධසත්තුවට ‘මන්ථ’ යනු නමි.

158. සිවු වරම් සුරිඳුන් - 47 ‘සිවු සුරි‍ඳෝ’ යනු බලන්න.

160. තෙහිරේ - ඉරි තුන පෙනෙන සේ අධිෂ්ඨාන කළ බව මෙහි ‍කියතත් ‘අමාවතුරු’ ආදී ඇතැම් පොත්හි සතර හිරක් පෙනෙන සේ ඉටු බව කියැවේ. පාත්රු සතර එකක් වූ විට අනික් තුනත් එහි ඇතුළත් වූ බව දැන ගැනීම පිණිස ඒ තුනේ මුවවිටි රේඛා තුන පමණක් පෙනෙන්නට අධිෂ්ඨාන දෘශ්ය මාන පාත්රේයෙහි මුවවිටි ඉර බැවින් එයත් සමඟ නම් සතර හිරෙකි. එ හෙයින් ‘අමාවතුරු’ ආදියෙහි යෙදුමත් නිවැරැදි යි.

162. උතුමඟ - (උතුම් - අඟ) උත්තම (ප්ර ධාන) අවයවය යන අර්ථනයෙන් හිසට නමි.

කෙස්දා - බුදුරජු දුන් කෙශධාතුමිට රන් කරඬුවෙකින් පිළිගත් වෙළෙන්දෝ එය රථයෙක තබා ගෙන ගොස් ‘අසිතඤ්ජන’ නගරයෙහි දාගබක් කරවා නිධාන් කළහ. ඒ දාගැබ රැන්ගුන්සෑය’ ය යි මතයෙක් වේ. උත්කල ජනපදය ගන්ධාර දෙශයට අයත් ය. අසිතඤ්ජන නගරය ද එහි ය. එය දඹදිව උත්තරාපථයෙහි පිහිටියේ ය.





175 පද වැනුම

එ හෙයින් රැන්ගුම නො විය හැකි යි. රටින් රට වෙළෙඳාමේ ගිය ඔවුන් රැන්ගුමේත් සෑයක් කරවන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. ලක්දිව ද ඔවුන් කෙශධාතු නිදන් කොට දාගබක් කළ බවත් එය ‘ගිරිහඬු’ නම් වූ බවත් පූජාවලියෙහි කියන ලදී. තිරිකුණාමලයේ සිට හැතැපුම් 30 ක් පමණ උතුරින් මුඳු වෙරළ ළඟ ඇති ‘තිරියාය්’ නම් ගම අසල වූ පර්වගතයෙක එය පිහිටි බවත් එහි තිබී ලැබුණ ශිලාලිපියෙක ත්රිපුස්සක, වල්ලික දෙවෙළඳුන් විසින් කැරුණැ යි සඳහන් වන බවත් ප්රෙකට ය. ගිරි හඬු නම් විහාරයක් ලක්දිව දකුණු පළාතේ ද ඇත්තේ ය.

165. අළාරුද්දක - අළාර ය උද්දක ය යන දෙදෙනා යි. කාලාමගොත්ර්යෙහි උපන් ආළාර ය, රාමපුත්රන නම් වූ උද්දක ය යන දෙදෙනෙ සෘෂිහු යි. විශාලා මහනුවර සමීපයෙහි ආළාර සෘෂියා ද මගධ දෙශයෙහි උද්දකරාම පුත්ත සෘෂියා ද විසී ය. බුදු වීමට පෙර බෝසතාණෝ මේ දෙදෙනා ගෙන් තවුස්දම් උගත්හ. ප්රවථමධ්යාමනය පටන් ආකිඤ්චඤ්ඤායතනය තෙක් සමාපත්ති සත ලබා සිටි ආළාර සෘෂිහු ගේ අවවාද අනූ ව ඒ සත ලබා ගත් බෝසත්හු පසු ව උද්දක සෘෂිහු වෙත ගොස් අෂ්ටසමාපත්ති ලාභී ඔහු ගේ දහම් පිළිපැද නෙවසඤ්ඤානාසඤ්ඤායතනයත් ලබා ගත්හ. බුදු ව ඔවුනට පළමු ව දහම් දෙසීමට සිතූ උන් වහන්සේ ආළාර සෘෂියා මැරී ඒ දිනට සතියක් වන බවත් උද්දකරුසියා එයට පෙර රාත්රි යෙහි මළ බවත් දැන ගත් සේක.

166. පස් වග මහණු - අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාප, අස්සජී යන තාපසයෝ පස් දෙනා යි. වර්ගේ ව (සමූහ ව) සිටි හෙයින් මේ නම ලත්හ.

ඉසිපතනාරාමයට - බරණැස් නුවරෙහි පිහිටියේ ය. පෙර බරණැස් රජකු මුවන්හට අභය දුන් ස්ථානය බැවින් ‘මිගදාස’ නම් ද වෙයි. ‘ඉසි’ සද පසේ බුදුවරුන් සඳහා යි.




176 සඳකිඳුරු දා කව් සන්නය

අබුද්ධොත්පාද කාලයෙහි පසේ බුදුවරු අහසින් මෙහි බැස යළි අහසට පැන නැඟ යෙති. එ හෙයින් ‘ඉසිපතන’ නම් විය. දැන් ‘සාරනාත්’ යී ප්රුකට ය.

168. දහම් සක් - ධර්මඉචක්රය ප්රිවර්තිුන සූත්රා ධර්මාය, කාම සුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යන අන්ත දෙක්හි නො ගොස් මද්ධ්යිමප්රසතිපදා සඞ්ඛ්යානත ආය්ය්අහස අෂ්ටාඞ්ගික මාර්ගරයෙහි ගොස් සත්යායවබොධය කරන අයුරු ඒ සූත්රායෙන් දැක්වේ. සංයුත් සඟියේ සච්ච සංයුත්තයට ඇතුළති. මහාවග්ගපාළියෙහි ද එයි.

169. විසේනිය - අවපක්ෂයේ ද පුරපක්ෂයේ ද පස් වැනි තිථි ය යි.

අනතලක් සුත - අනත්තලක්ඛණ. (අනාත්ම ලක්ෂණ) සූත්රසය, රූප වේදනා සඤ්ඤා සඞ්ඛාර විඤ්ඤාණ යන පස අනිත්යේ දුඃඛ අනාත්ම බවත් ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැති බවත් මෙයින් ප්රඛකාශිත යි. සංයුත් සඟියේ ඛන්ධසංයුත්තයෙහි එයි. මහාවග්ග පාළියෙහි ද ඇත.

170. යසකුල සුතනා - බරණැස් නුවර සිටුහු ගේ පුත්රයයා යි. මොහු ගේ මව සුජාතාව යි.

171. සිවු මඟ පල - සෝවාන් සකදාගාමී, අනාගාමී, රහත් යන සතර මාර්ග නුවණ හා සතර පල නුවණ.

172. වස් - ඇසළ පුර පෝදා දම්සක් දෙසූ මුනීන්ද්රපයන් වහන්සේ පෑළවියෙන් වස් එළැඹි සේක. ඇසළපුර පෝය ගිය පෑළවිය පටන් මාස සතර වර්ෂාය සෘතු යි. වැසි කාලය යි. ඒ කාලයෙහි එක් තැනෙක්හි ම වසන සේ අධිෂ්ඨාන කර ගෙන විසීම වස් විසීම නම් වේ. පෙරවස් පසුවස් යී වස් විසීම් දෙකෙකි. ඇසළ පුන් පෝය ගිය පෑල විය පටන් වප් පුර පසළොස්වක අන්ත කොට ඇති තුන් මස පෙර වස් කාලය යි. ඉන් මසකට පසු නොහොත් නිකිනි පුරපෝය ගිය පෑළ වීයදා සිට ඉල් පුර පෝය තෙක් තුන් මස පසු වස් කාලය යි.



177 පද වැනුම

පවුරුණු - පවාරණය කිරීම නම් වස් අදිටන අවසන් කිරීම යි. පෙරවස් පවාරණය වප් පුර පසළොස්වක් දිනයෙහි ද පසුවස් පවාරණය ඉල් පුර පසළොස්වක් දිනයෙහි ද වේ, වප් පුර පෝදා වස් පවාරණය කළ තථාගතයන් වහන්සේ ඉල් පුර පෝදින තෙක් ඉසිපතනයෙහි ම විසූ සේක, භික්ෂූන් ධර්ම් ප්රොචාරයට පිටත් කෙළේ වප් පුර පෝදා වස් පවාරණය කොට ය යි පූජාවලිය කියයි.

175. බදවග කුමරුවන් - කොසොල් රජු‍ ගේ සහෝදර වූ කුමරුවෝ තිස් දෙනෙකි. රූපයෙන් ද සිතින් ද යහපත් බැවින් ‘භද්රහ’ නම් වූහ. වර්ග බන්ධනයෙන් (සමූහබැඳුමෙන්) බැඳී සිටි හෙයින් “භද්දවග්ගීය” නම් ලදහ.

176. පෙළහර පැපෑ - ප්රාබතිහාය්ය්ය තුන් දහස් පන්සියයක් පෑ සේක, ඇතැම් පොත්හි 3516 කැ යි කියැවේ.

177. තුන් බෑ ජටිලයන් - උරුවෙලකාශ්යිප, නදී කාශ්යසප, ගයාකාශ්ය.ප යන සහොදර තාපසයෝ තිදෙන යි. පිළිවෙළින් ඒ තිදෙනාට පන්සියය, තුන්සියය, දෙසියය බැගින් පිරිවර ජටිලයෝ වූහ. ජටා දරන්නෝ, හැඩ පළු ගෙතුණු හිස කෙහෙ ඇත්තෝ ජටිලයෝ යි.

178. ගයාහිසැ - ගයාවේ පිහිටි නෙරඤ්ජරා නදියේ තොටුපළ “ ගයාතීර්ථ.” නමි. එහි ඉස්මත්ත ‘ගයා ශීර්ෂත’ නම් වේ.

අදිත් පිරිසුත - ඇස්, කන් ආදියත් එයට අරමුණු වන රූප ශබ්දා දී සියල්ලත් රාග වෙෂාදී එකොළොස් ගින්නෙකින් දැවෙන බව ප්රමකාශිත ආදිත්ත පරියාය සූත්ර ය සංයුත්සඟියේ සළායතන සංයුත්තයෙහි ද මහාවග්ග පාළියෙහි ද ඇතුළති.

179. බිම්සර - මගධරටට අධිපති ව සිටි මේ රජ ආජාතසත්තු රජු ගේ පියා යි.



178 සඳකිඳුරු දා කව් සන්නය

පිළිණ - සිදුහත් කුමරු මහණ වී රජගහා නුවරට වැඩි දින බිම්සර රජ එතුමා කෙරේ පැහැදී බුදු වී පළමු ව තම නගරයට වඩින්නට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ එය පිළිගත් සේක. ප්රළතිඥාව නම් ඒ පොරොන්දුව යි.

183. ගයෙකින් - ඒ ගාථාව නම් :-

“කිමෙව දිස්වා උරුවෙලවාසී පහාසි අග්ගිං කිසකොවදානො පුච්ඡාමි තං කස්සප ඵතමත්ථංව කථං පහීණං තව අග්ගිහුත්තං”යනු යි.

තවුසනට අවවාද දෙන්නා වූ උරුවෙල් වැසි තෝ කුමක් දැක ගිනිදෙවියා පිදීම ‍හළෙහි ද, කාශ්යගපය, තා විචාරමි, තා ගේ ගිනිදෙවි පිදීම කෙසේ ප්රයහීණ වී ද? යනු අදහස යි.

කාශ්යපපයන් කී ගථාව මෙසේ යි :- “රූපෙ ච සද්දේ ච අථො රසෙ ච කාමිත්ථිදයොචාපි වදන්ති යඤ්ඤා එතං මලන්ති උපධීසු ඤත්වාි තස්මා න යිට්ඨෙ න හුතෙ අරඤ්ජිං”

රූප ශබ්ද ගන්ධ රස යන කාමයන් හා ස්ත්රී”න් පිළිබඳ ආශාව ද යන මොහු යාගයන් නිසා ඇති වෙත් ය යි ද මේ රූපාදිය ස්කන්ධ උපධීන් කෙරෙහි මල ය යි ද දැන යාග යෙහිත් හොමයෙහිත් නො ඇලුණෙමි යනු අදහස යි.

186. මහනාරද කසුප්දා - ජාතක පාළියේ මහා නිපාතයට ඇතුළති. උරුවෙල කාශ්යමපයන් පෙර ‘මියුලු’ නුවර ‘අංගාති’ නම් රජ ව ‘ගුණ’ නම් නිගණ්ඨයකු කෙරෙහි පැහැදී ඔහු ගේ දුර්ලබ්ධිය ගෙන වසන කල්හි බ්රණහ්මරාජ ව සිටි බෝසතුන් සෘෂිවෙශයෙන් පැමිණ බණ කියා ඒ මිථ්යාිලබ්ධි බින්ද සැටි මේ ජාතකයෙන් පැවැසෙයි.

සිවු සසුන් - දුඃඛසත්යනය, සමූදයසත්යථය, නිරොධසත්යජය, මාර්ගම සත්ය ය යන සතර යි.

179 පද වැනුම

187. මඟපල - සොතාපත්ති, සකදාගාමී, අනාගාමී අරහත්ත යී මාර්ගය නුවණ සතරෙකි. පල නුවණ සතරෙකි. බිම්සර රජ පළමු මාර්ගාය හා ඵලය වන සෝවාන් බවට පැමිණියේ ය.

188. ඇඳිලි - එක් කොට ගත් දොහොත (අතුල් දෙක) ‘අඤ්ජලී’ නම් වේ.

පැදැකුණු - දකුණු අත ඇතුළු වන සේ යමක් වටා යාම ‘ප්රලදක්ෂිණා’ කිරීම නම් වේ.

191. පඬුපුල් සල - “පණ්ඩුකම්බලසිලා” යනු පාළිනාම ය යි. එය ‘පඬු ඇඹුල්සල’ යී එයි. ‘පඬු x ඇඹුල්’ යනු ‘පඬුඹුල්’ යී සන්ධි ව ‘ඹ’ හට ‘ප’ ආදෙසයෙන් ‘පඬුපුල්’ යනුවෙන් සිටියේ ය. පඬුවන් (රතු) පලසෙක සිවි බඳු සිවි ඇති ගල් අසුනෙකි. සැට යොදුනක් දිග ද පනස් යොදුනක් පළල ද පසළොස් යොදුනක් ගනකම ද ඇති මෙය දෑසමන්මල්හි වර්ණසයෙන් යුක්ත ය. හිඳින නැඟිටින කල්හි පහත් වීම හා උස් වීම ද ස්වභාවයෙකි.

192. තෙරුවන් - රත්නත්ර ය නම් බුදුරජාණන් වහන්සේ ය, ධර්ම‘ය, සඞ්ඝය යන තුන යි. සිත් ඇල වීම, මා හැඟි බව යනා දී අරුතින් ‘රත්න’ නම් වේ.

194. වේළුවන - උණවනය යි. රජ ගෙදරින් වැඩි ඈත ද වැඩි ළඟ ද නො වන තැනෙක පිහිටි සිත් කලු වනයෙකි. බුදුරදුන් පළමුවෙන් පිළිගත් අරම වෙළුවනාරාමය යි.

197. අග සව් යුග - අග්ර. ශ්රාුවක තනතුරු ලත් සැරියුත් මුගලන් රහත් දෙනම, සැරි යුත් හිමියෝ ගිහී කල්හි ‘උපතිස්ස’ නමින් ද මුගලන් හිමියෝ ‘කෝලිත’ නමින් ද ප්රිසිද්ධ වූහ.

198. තුසරකර - ‘තුසර’ නම් පින්න යි. එය ඇති කරනුයෙන් සඳට මේ නමි.


180 සඳකිඳුරු දා කව් සන්නය

201. එව මහණ මෙහි - බුදුරජාණන් වහන්සේ පෙර කළ සුදුසු පින්කම් ඇති ගිහියනට දකුණත දිගු කොට මෙසේ අමතක සේක. එ විට ඔවුහු සෘද්ධියෙන් ලැබු පාත්රක සිවුරුවලින් සැරැසී සැට වයස් පිරි මහතෙරුන් මෙන් ඉදිරියට පැමිණෙති. මෙය එහි භික්ඛුභාවයෙන් මහණකම ලැබීම යි. මේ පෙර ජාතිවල අටපිරිකර පිදිමේ අනුසස් ය යි. දැක්වේ.

205. කාළුදායී - බුදුරදුන් උපන් දිනයෙහි ම උපන් මෙතුමා වැලිවලින් සෙල්ලම් කරන කාලයේ සිට ම උන්වහන්සේට ඉතා හිතවත් මිතුරෙකි. සුදොවුන් රජුට ඉතා විශ්වාස සර්වාෙථිසාධක සුමිතුරු ඇමැතිවරයා මෙ තෙමේ ය.

208. හිමකල් - මාස සතරෙකින් පරිමිත හෙමන්ත සෘතුව යට දක්වන ලදී. අවුරුද්ද සෘතු සයකට බෙදන විට හෙමන්ත කාලයට වැටෙන්නේ උඳුවප්, දුරුතු යන මාස දෙක යි. මෙහි හිමකාලය ඉක්මිලා ය යි කීවේ මැඳින් පුර පසළොස්වකින් අවසන් වුණු මාස සතරෙකින් යුත් හෙමන්ත සෘතුව ගැන ම බව පැහැදිලි වේ. හිමකාලය නම් හිම වැටෙන තද ශිත කාල ය යි.

වසන් කල් - ග්රී ෂ්ම සෘතුවේ මුල් මාස දෙක වන බක්, වෙසක් දෙමස වසන්ත කාල ය යි. සෘතු සයක් කොට ගැනීමේ දී ‘වසන්ත සෘතු’ නම යෙදේ.

“දෘමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්රිසයඃ සකාමාඃ පවනං සුගන්ධිඃ සුඛාඃ ප්රෂදොෂා දිවසාශ්ව රම්යාඃ සර්වං ප්රිායෙ චාරුතරං වසන්තෙ”

වෘක්ෂයෝ මල් සහිත ය, ජලය පියුම් සහිත ය, ස්ත්රීසහු කාමසහිත ය, සුළඟ සුවඳවත් ය. සැන්දෑ කාලයෝ සැපදායක ය. දහවල්හු ද සිත්කලු ය. සොඳුර! වසන්ත සෘතුයෙහි සියල්ල ම ඉතා මනහර වේ. වසන්ත සෘතුව වර්ණරනය කරන මහාකවි ශ්රීස කාලිදාසයෝ මෙසේ කීහ:




181 පද වැනුම

211. දසබල - ඡද්දන්ත ඇතුන් දස දෙනකු ගේ නොහොත් ප්ර්කෘති ඇතුන් කෝටි දහසක්හු ගේ කාය බලයෙන් බුදුනට ඇත්තේ ය. කාළාවකය, ගඞ්ගෙය්යටය, පණ්ඩරය, තම්බය, පිඞ්ගල ය, ගන්ධ ය, මඬ්ගල ය, හෙමය, උපොසථය, ඡද්දන්ත ය යි ඇත් කුල දසයෙකි. මද්ධ්යයම පුරුෂයන් දස දෙනකු ගේ බලය ‍කාළාවක ඇතකුහට ඇත. කාළාවකයන් දස දෙනකු ගේ බලය ගඞ්ගෙය්යට ඇතකුහට ඇත - ඊළඟ ඊළඟ ඇතාට ද මෙසේ දසය බැගින් වැඩි ගොස් උපොසථ ඇතුන් දස දෙනකු ගේ බලය එක ඡද්දන්ත ඇතකුට වේ. ඡද්දන්ත ඇතුන් දස දෙනකු‍ ගේ නොහොත් ප්රකකෘති ඇතුන් කෝටි දහසක්හු ගේ කායබලය බුදුනට ඇත්තේ ය. පුරුස ගණනින් ඒ පුරුෂයන් දස කෙළ දහසක්හු ගේ බලය වේ. ස්ථාන අස්ථාන දන්නා නුවණ, තුන් කල්හි පවත්නා යථාභූත විපාක දන්නා නුවණ, සියලු තන්හි පවත්නා පිළිවෙත් දන්නා නුවණ, අනෙක ධාතු නානාධාතු ලොක දන්නා නුවණ, සතුන් ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ, ඔවුන් ගේ ම ඉන්ද්රිතය පරාවරතා දන්නා නුවණ, ධ්යාෙන විමොක්ෂ සමාධි සමාපත්තින් ගේ සංක්ලෙශාදිය දන්නා නුවණ, පූර්වෙදනිවාස දන්නා නුවණ, චුති උප්පත්ති දන්නා නුවණ, ආශ්රපවක්ෂය දන්නා නුවණ යන මේ දස වැදෑරුම් ඤාණබලයෙන් ද බුදුරජාණන් වහන්සේයුක්ත ය. එ‍ හෙයින් ‘දසබල’ නාමය වේ. විස්තර ධර්ම ප්රූදීපිකාදියෙහි එයි.

213. සවනක් රැස් - නීල, පීත, ලොහිත, අවදාත, මාඤ්ජිෂ්ට, ප්රදභාස්වර යන පාට සය යි.

216. සැට ගයෙකින්- ගාථා සැටෙන් දෙකෙක් ජාතක අටුවායෙහි එයි. ථෙරගාථා පාළියෙහි ද දසයෙක් දැක්වේ. මුල ගාථාව මෙසේ යි :-

“අඞ්ගාරිනොදානි දුමා හදන්තෙ එලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර හගීරසානං”




182 සඳකිඳුරු දා කව් සන්නය

ස්වාමිනී, දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු මල් දලු ඇත්තාහු පරණ කොළ වැටී පල දරන කාලයට පැමිණියාහු වෙති. ඒ වෘක්ෂයෝ ගිනි දැල් සහිත වූවන් මෙන් බබළති. මහාවීරයන් වහන්ස, හගීරථ පරපුරෙහි වූවනට (ශාක්යිවාංශිකයනට) වැඩ සඳහා වැඩම වීමට මේ කාලය යි යනු අදහස යි.

217. උදායී - “කාළුදායී” තෙරණුවෝ යි.

218. අඟුමගදින් - අඞ්ග ජනපදය මගධ ජනපදයට නැ‍ඟෙනහිරින් පිහිටියේ ය. දෙරට බෙදී පැවැත්තේ ‘චම්පා’ නම් ග‍ඟෙනි. අංග රටේ අගනුවර ද ‘චම්පා’ නමි. මගධය දැන ‘බිහාර්’ නමින් ප්ර සිද්ධ පළාත යි. මගධරටේ අගනුවර “රජගහා” නම් විය.

229. නුඟ අරම - ‘න්ය්ග්රොමධ’ නම් ශාක්ය රජු ගේ උයන මෙ නම් විය.

238. යමා පෙළහර - ගිනිකඳට ජලකඳය යන දෙක එක් වර ශරීරයෙන් පිට කරමින් කළ ප්රාටතිහාය්ය්ට යෙකි. ‘යමා’ යන්නෙහි අර්ථනය ‘දෙක’ යනු යි. යමා පෙළහර තුනෙක් පොත්හි සඳහනි. පළමු වැන්න බුදු වූ පළමු සතියේ බෝමැඬ දී පැවැත්විණ. දෙ වැන්න මේ ය. තෙ වැන්න සැවැත්පුරයෙහි දී පවත්වන ලදී.

224. පොකුරු වැසි - පුදුම වැස්සෙකි. එයින් තෙමෙන්නේ තෙමෙනු කැමැත්තන් පමණි. නො තෙමෙනු කැමැත්තෝ නො තෙමෙති. බුදුරජු විශාලා මහනුවරට වැඩි දිනයෙහි ද පොකුරුවැසි වැස්සේ ය.

246. වෙසතුරු දා - වෙස්සන්තරජාතකය ජාතකපාළියේ අවසාන ජාතකය යි. සිවිරට ‘ජෙතුත්තර’ නම් නගරයේ සඤ්ජය රජුගේ සහ ‘ඵුසතී’ බිසොව ගේ පුත්රසයා වෛශ්යවයන් ගේ (වෙළෙඳුන් ගේ) විථීයෙක්හි දී බිහි වූ හෙයින් ‍’වෙස්සන්තර’ නම් විය. සිවිරට රජය ලත් එතුමා මහාදානපතියෙක් වී මහපොළොව කම්පිත කරවමින් මහදන් දුන්නේ ය. තමා ගේ සුදු මඟුල් ඇතා දන් දුන් විට



183 පද වැනුම

රට වැසියෝ මහත් සේ කැලැඹී පියරජු වෙත ගොස් වෙස්සන්තර රජු කෙරහි කිපී උද්ඝොෂණ කළහ. රටින් නෙරපන සේ අයැද සිටිය හ. එ බව දැන ගත් වෙස්සන්තර රජු පියරජුගෙන් අවසර ගෙන සත්තසතක මහාදානය (සියල්ලෙන් සත් සියය බැගින් දෙන දානය) දී මවුපිය ආදීන් හඬා වැලැපෙද්දී රටින් පිට ව ගොස් හිමාලයට වැඳී වඞ්ක නම් පර්වදතයෙහි දී තවුස් වෙස් ගෙන මහණදම් පිරී ය. ඔහු ගේ ‘මද්රිව’ නම් බිසොව ද ‘ජාලි’ නම් කුමාරා සහ ‘කෘෂ්ණාජිනා’ නම් දියණිය ද ඒ සමඟ ගොස් එහි ම රැඳුණාහ. එහි දී ‘ජූජක’ නම් සිඟන බමුණකුට දරුවන් දෙන්නා ද බමුණු වෙසින් පැමිණි ශක්ර යාට භාය්යාඟන ව ද දන් දුන්නේ ය. ශක්රරයා පසු ව මද්රිද දෙවිය රජුට ම පවරා දානයට ස්තුති කොට ගියේ ය. දරුවන් දෙන්නා ගෙන ගිය පූජකයා සැට යොදුන් මඟ ගෙවා ජෙතුත්තර නගරයට පැමිණි පසු සඤ්ජය රජ තෙමේ ඔහු ගෙන් දරුවන් ආපසු ගෙන මහපෙරහරින් වඞ්කගිරියට ගොස් වෙස්සන්තර රජු ආපසු කැඳවා ගෙන අවුත් රාජ්ය යෙහි පිහිටුවී ය. වෙස්සන්තර රජු වඞ්කගිරියෙහි මහණදම් පිරූ කාලය නවමසකුත් අඩමසෙක් විය. යළි රජබවට පැමිණි එ තුමා තව ද දන් දී දානාදී පැරුම් පිරීම අවසන් කොට මරණින් මතු තුසිත දෙව්ලොවෙහි උපන්නේ ය. මහාමායා කුසයෙහි පිළිසිඳ ගන්නා තුරු ම එහි විසී ය.

250. සපදන් දුහඟ - පිඬු සිඟීමේ දි ගෙපිළිවෙළ නො වරදවා යාම ‘සපදාන’ නම් වේ. සපදාන ධුතාඞ්ගය ඇත්තාහු එය කඩ නො කිරීම සිරිති.

254. කසවත් - කසට පෙවූ වස්ත්රුය කාෂාය වස්ත්ර නමි.

නරසී - නරසීහ ගාථා අටෙන් එකෙක් ජාතක අටුවායෙහි එයි. එ නම්,

“සිනිද්ධ නීල මුදු කුඤ්චිත කෙසො සුරියනිම්මල තලාහිනලාටො යුත්ත තුඞ්ග මුදු කායතනාසො රංසිජාල විතතො නරසීහො”




184 සඳකිඳුරු දා කව් සන්නය

මේ ආදී ගාථා අටෙකින් ස්තුති කළ බව එහි දැක්වේ. අනික් ගාථා සත එහි හෝ වෙන පාළිපොතෙක හෝ නො දිටිමු. පූජාවලියෙහි එක් තැනෙක “සිනිද්ධ නීලමුදු” යනාදි ගාථාව දක්වා “යනාදී නරසීහ ගාථා අටක් කියා” යනු යොදා තව තැනෙක ‘නරසීහ ගාථා’ නමින් ගාථා නවයෙක් දක්වා තිබේ. එහි පළමු වැන්න වසයෙන් එන්නේ “චක්කවරඞ්කිතරත්තසුපාදො” යනාදී ගාථාව යි. මහායානිකයන් ගේ ශ්රී් යශොධරා කෘත ශ්රීෙ ශාක්යයසිංහ සේතාත්රවයෙහි නරසිංහ ගාථා අටෙක් දැක්වේ. සංස්කෘත භාෂාමය ඒ ස්තොත්රරයෙහි මුලට එන්නේත් -

“ස්නිග්ධනීල මෘදු කුඤ්චිත කෙශඃ සූය්ය්ධන සුනිර්මංල නාහිලලාටඃ යුක්තතුඩ්ග මෘදුකා යතනාශො රඞ්ග ජ්වාල වෘතතා නරසිංහඃ”

යන්න යි. ජූජාවලියෙහි දැක්වූ ගාථා අටෙන් “පුණ්ණ සසඞ්කනිහො” යනාදී ගාථාවට ද “ඛත්තිය සම්භව” යනාදී ගාථාවට ද සමාන ශ්ලොක එහි නැත්තේ ය. පූජාවලියෙහි එන අනික් ගාථා සතට ම සමාන ශෙලාක සතෙක් තිබේ. “ස්නිග්ධනීල මෘදු” යනාදී ශෙලාකයත් සමඟ අටෙකි. අවසානයෙහි ගෞතම ශ්රී මුනිහු ගේ පාදෙක වඳිමි යන අදහස ඇති ශෙලාකයෙක් ද වෙයි. “නරසිංහඃ” යන්නෙන් අවසන් වන ශෙලාක නම් ඇත්තේ අටෙකි.

259. මහාසම්මත පරපුරය - ලොක විනාශයේ දී වැනසී ගිය පොළොව යළිත් ඇති වූ පසු ‘ආභස්සර’ නම් බඹලොව පළමු උපන් සත්ත්වයෝ ආයුස හෝ පින් හෝ ඉවර වීමෙන් එයින් චුත ව ඔපපාතික ව මෙහි උපන්හ. ස්වකීය ශරීරාලොකයෙන් එළිය කරන ඔවුහු අහසින් යන්නෝ වූහ. මනුෂ්යවයන් ගේ ආරම්භය වූයේ ඔවුන් ගෙනැයි ද මිනිසුන් බෝ වී ගෙන යන විට ඔවුන් ගේ මනා පාලන ක්ර්මයක් වුවමනා වීම නිසා ඔවුන් විසින් ම ප්රටධානත්වයට සුදුස්සෙක සම්මත කර ගන්නා ලදැ යි ද මහාජනයා විසින්



185 පද වැනුම

සම්මත වූ හෙයින් ගේ “මහාසම්මත” නම් වී ය යි ද ක්ෂෙත්රයයනට අධිපති වූ හෙයින් ‘ක්ෂත්රිනය’ නම් වී ය යි ද දැහැමින් සෙමෙන් සත්ත්වයන් රඤ්ජනය කළ හෙයින් ‘රාජ’ නම් වී ය යි ද බෞද්ධ ග්රැන්ථයන්හි එයි. මේ කල්පයේ ප්රහථම රජ නම් ඒ “මහා සම්මත” ය. “මනුස්මෘති” ආදියෙහි එන පරිදි මෙ කප ප්රහථම රාජයා “වෛවස්වතමනු” ය (36 ‘පෙර ගොත්’ යන්නට ලියූ විස්තරය බලන්න.) නම් දෙකෙකින් දැක්වෙන්නේ එක ම රජෙකි.

260. දිවකුරුමුනි - ‘දීපඞ්කර’ බුදුරජාණන් වහන්සේ මෙයට සතර අසඞ්ඛ්යන කල්පලක්ෂයෙකින් යට පහළ වූ සේක. අප බෝසතුන් ‘සුමෙධ’ තවුසු ව නියත විවරණ ලද්දේ ඒ බුදුරදුන් ගෙනි.

කසුප්මුනි - ‘කාශ්යුප’ සර්වඅඥයන් වහන්සේ අප බුදුරජුට පෙර පහළ වූ සේක. බෝසත් උන් වහන්සේ ගෙන් ‘ජොතිපාල’ නම් මාණවක ව විවරණ ලද්දේ ය.

262. ගයෙකින් - සුදොවුන් රජුට වදාළ ගාථාව මේ ය :-

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්යඋ - ධම්මං සුචරිතං චරෙ ධම්මචාරි සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ව”

පිණ්ඩපාත භොජනයෙහි පමා නො වන්නේ ය, පිඬු පිණිස හැසිරීම් නැමැති සුචරිත ධර්මපයෙහි හැසිරෙන්නේය . මේ භික්ෂාවය්යැ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා මෙ ලෙව්හි ද පරලෙව්හි ද සුවසේ නිඳයි. යනු අදහස යි. නැඟී සිටින්නේ ය නොහොත් විය්ය්ෙව් කරන්නේ ය, පමා නො වන්නේ ය. ධර්ම යෙහි හැසිරෙන්නේ මෙ ලොව ද පරලොව ද සුව සේ නිඳන්නේ ය, (කල් යවන්නේ ය) යනු තව අදහසෙකි.

264. ඇතුළු පුරයෙහි - ‘අන්තඃපුරය’ යන්නෙන් රජ ගෙයි කාන්තාවන් සඳහා වෙන් කර ඇති කොටස ගැනේ. නගරයේ ඇතුළත කොටස යන අරුත ද වේ. බිසෝවරුන් සඳහා රජමැඳුරේ ම කොටසක් වෙන් කර තැබීම සිරිතෙකි.



186 සඳකිඳුරු දා කව් සන්නය

271. සුනෙර ගිර - ‘සුනෙර’ යනු මහමෙරට නමෙකි. පාළියෙන් ‘සුනෙරු’ යනු යි. “නේරු” යනු ම මහමෙරට නමක් වසයෙන් දැක්වුණු තැන් ඇත.

272. සිරියහන්ගෙය - නිඳන ගබඩාව (කාමරය) යහන් ගෙය යි. උසස් ජනයන් නිඳන ගැබ “සිරියහන් ගේ’ නම් වේ. නැත හොත් උසස් ජන‍යන් ගේ යහන ‘සිරියහන’ යි. එය ඇති ගෙය ‘සිරියහන් ගේ’ නම් වේ. දෙව ගුරු ආදී උත්තමයන් ගේ වස්තු සඳහා ‘සිරි’ යනු මුල් කොට යෙදීම සිරිති.

274. අසමසම - සීල සමාධි ආදී ගුණයෙන් අනෙකකු හා සම නො වන හෙයින් අතීතානාගත වූ සම්මා සම්බුදුවරයෝ ‘අසම’ නම් වෙත්. අසම වූ ඒ බුදුවරුනට පමණක් සම වන හෙයින් වාර්ත මානික බුදුහු “අසම සම” නම් වෙත්.

276. රාහුට - පුරාණ කථා වන්හි එන පරිදි “වීප්රෙචිත්ති” (වෙපචිත්ති) නම් අසුර රජුට දා ව “සිංහිකා” නමැත්තිය ගෙන් උපන් හෙයින් “සෛංහිකෙය” නම් වූ අසුරයෙක් පසු ව ‘රාහු’ නමින් පළ විය. එක් කලෙක අමෘතය ලබා ගනු වස් විෂ්ණුහු ප්ර ධාන දෙවියෝ කිරි මුහුඳ කැලැඹු හ. “සෛංහිකෙය” අසුරයා වෙස් වළා ගෙන ඒ පිරිස අතරට වී සොරෙන් අමෘතය බොන්නට පටන් ගත්තේ ය. මේ බව සඳහිරු දෙදෙන විෂ්ණු හට සැල කළ හ. එ විට විෂ්ණු තෙමේ අසුරයා ගේ හිස කඳින් වෙන් කෙළේ ය. වෙන් වූ හිස “රාහු” විය. කඳ කොටස “කෙතු” විය. තමා ගැන දැන් වූ සඳ හිරු දෙදෙනාගෙන් පලි ගැනීමට ඉටා ගත් “රාහු” ඉඩ ලැබුණු ලැබුණු මොහොතෙහි ඔවුන් ගිලින බවත් චන්ද්රවග්රහහණ, සූය්ය්ොහ ග්රතහණ යනු එ බඳු අවස්ථා බවත් කියති. රාහු, අසුර ලොකයෙහි අධිපතියා වශයෙන් ද කෙතු, පාතාල ලෝකයේ අධිපතියා වශයෙන් ද දැක්වේ. පෙර දිග ඇතැම් ජ්යොලතිශ්ශාස්ත්රීදය ග්රරන්ථයන්හි මේ මතය දක්වා ඇතත් පෙර අපර දෙදිග ම උසස් ජ්යොයතිශ්ශාස්ත්රීඥයන් මෙය පිළිගන්නේ නැත. චන්ද්ර්යා ගේ




187 පද වැනුම

උතුරු කොන (පොළොව) රාහු බවත් දකුණු කෙළවර කෙතු බවත් ‍ඔවුහු කියති. “චන්ද්රතග්රරහණය” යනු හිරු ගෙන් පොළොවට වැටෙන ඡායාවෙන් සඳ වැසී යාම යි. සූය්ය්දැ ග්ර”හණය නම් හිරුගෙන් පොළොවට වැටුණු එළියේ ඡායාව පරාවර්තමනය වී නැවැත සූය්ය්ර යාට වැටී එයින් හිරු වැසී යාම යි.

පෙර දිග ජ්යො‍තිශ්ශාස්ත්රී්ය ග්රයන්ථයන්හි රාහු, කෙතු දෙදෙන ග්රඡහයන් දෙදෙනකු ලෙස දැක්වෙතත් අපර දිග ජ්යෞ්තිෂිකයෝ ඒ නො පිළිගනිති.

‘රාහු’ නම් අසුර රජකු ගැන බණපොත්හි ද කරුණු දැක්වේ. සඳ, හිරු යන දෙවියන් දෙදෙනකුට ඔහුගෙන් උවදුරු පැමිණි විට බුදුරදුන් ගේ සරණ පැතු සැටි චන්දෙ පරිත්ත සුරිය පරිත්ත දෙකින් පැහැදිලි වේ. හැම තැන ම කියන ‘රාහු’ එකෙකැයි ගත් කල අවුල් රැසක් පැන නැඟීම ස්වභාවයෙකි. ‘රාහු’ යන්නෙහි තේරුම් කීපයක් ඇති බව විමසීමේ දී වැටහෙනු ඇත.

277. රිවිදෙවි - ඉර ම දෙවියකු කොට ගන්නෝ ද හිරු නමින් දෙවියකු අදහන්නෝ ද වෙති. කවි සමයෙහිදු හිරුමඬල දෙවියකු වසයෙන් දැක්වේ. හිරු ලොව අධිපතියා ද ‘හිරු’ නම් වේ. බොදු සමයෙහි ද “සුරිය දෙවපුත්ත” නමින් දෙවියෙක් දැක්වේ. ජ්යොනතිශ්ශාස්ත්රොයෙහි ‘රවි’ තෙමෙ නව ග්රපහයන්ගෙන් එකෙකි. චන්ද්රදයා හැර බුධාදී ග්රතහයෝ හිරු වටා ගමන් කරන්නෝ වෙති. සඳු ගමන් කරන්නේ පොළොව වටා යි. ප්රාධාන ග්ර හයා වන හිරු ගමන් නො කරන නමුත් සිටි තන්හි සිට ම මහත් වේගයෙන් කරකැවෙන බව කියති.

වෛදික ග්රවන්ථයන්හි එන සූය්ය්ි දෙවයා කාශ්ය්ප, අදිති යන දෙදෙනා ගේ පුත්රරයා යි. ඔහු ගමන් කරන්නේ අශ්වයන් සත් දෙනකු යෙදූ රියෙකිනි. “අරුණ” යනු ඔහු ගේ රියැදුරා යි. හිරු ගේ ප්රකධාන භාය්යාර ව ‘සංඥා’ නමි. යම, යමුන, සෙනසුරු සහ අශ්වින් දෙදෙනා ද වෛස්වත මනු ද ඔහු ‍ගේ දරුවෝ ය. හිරු “පද්මහස්ත”




188 සඳකිඳුරු දා කව් සන්නය

(පියුමත්) යන නමින් ද දැක්වෙයි. බෞද්ධ සාහිත්යේයෙහි චන්ද්ර‍ සූය්ය්යාව මණ්ඩලයන් ගේ පහළ වූ දිනය වසයෙන් එන්නේ මැඳින් පුර පසළොස්වක යි. මාසාදීන් ගේ බෙදීම ඇති වූයේ ඒ මුල් කොට ගෙන ය. සූය්යාෙහ දීන් සහිත ලොකය මහබඹු විසින් බක් මාසයේ පුරපක්ෂයේ පළමු දිනයෙහි මවන ලදැයි බ්රඩහ්මසිද්ධාන්තාදියෙහි දැක්වේ. ජ්යො තිශ්ශාත්ර්යෙහි මාස ආදිය බෙදීම ඒ දිනය මුල් කොට ගෙන ය.

282. විකල් බත - අරුණු නැඟි තැන් පටන් මද්ධ්යා‍හ්නය තෙක් කාලය බුද්ධාදී ආය්ය්ත යන් ගේ භොජන කාලය යි. ඉර හැරුණු තැන් සිට යළි අරුණු නැ‍ඟෙන තෙක් කාලය විකාලය යි. නොහොත් ආහාර අනුභවයට නුසුදුසු කාලය යි. විකාලයෙහි කෑම විකාලභොජනය නම් වේ. මෙහි ‘බත’ යන්නෙන් භොජනය ගැනේ.

283. උසසුන් මහ අසුන් - වඩුරියනකට වැඩි උස් පා ඇති ආසන ‘උස් ආසන’ නම් වේ. වඩුරියනට මෙ කල අඟල් තිසෙක, සත් විස්සෙක යනාදී මත ඇත්තේ ය. ‘මහ ආසන’ නම් අකැප ඇතිරි අතුරන ලද ආසන යි. ගොණක, විත්තිකාදී වසයෙන් අකැප ඇතිරි රැසෙකි. අකැප ඇතිරි බිමෙහි අතුරා වුව ද හිඳීම නිඳීම කැප නො‍ වේ. ‘මහ’ යනු මහත් බව සඳහා නො ව වටනා අකැප ඇතිරි අතුළ බව සඳහා යෙදුණු ශබ්දයෙකි. ‘උතුම් ආසන’ යන අරුත ගත හැකි ය. ‘උස් අසුන් මහ අසුන්’ යනු පාළියෙහි උච්චාසයන මහා සයන නම් ‍ෙව්. නිඳනා සයන හිඳිනා ආසන යන දෙක ම මෙහි ‘සයන’ ශබ්දයෙන් ගැනේ. සිංහල ‘අසුන්’ ශබ්දයෙන් ද ඒ එසේ මැ යි.

284. මල් සුවඳ විලවුන - පාළියෙන් ‘මාලා ගන්ධ විලෙපන’ යනු යි. ‘මල්’ යන්නෙන් තනි මල් ම හෝ මල්මාලා හෝ ගැනෙයි. ඒ කවරෙක් නමුත් අකැප ය. ‘විලවුන්’ නම් සම ඔප කරනු වස් ඇ‍ඟෙහි ගානා දේ යි.






189 පද වැනුම

286. වැන්දඹු - ‘වැඳි - අඹු’ නම් වඳ (වන්ධ්යාඅ) ස්ත්රිආය යි. දරුවන් නැති ඉතිරියට ද හිමියා නැති ව ගිය ස්ත්රිියට ද ‘වැන්දඹු’ යී කියනු ලැබේ. ඇතැම් විට භාය්යාය ව නැති ව ගිය පුරුෂයාට ද “වැන්දඹු මිනිසා” ය යි කියති. යශොධරාව පුරුසයාගෙන් හිස් වූවා ය. එ හෙයින් මෙසේ යෙදිණ. පාළියෙහි හිමියා ගෙන් හිස් වූ කතට ‘විධවා’ යන නම වේ.

291. බරණැස් නුවරැ - කාසි ජනපදයේ අග නුවර වූ බරණැස් (බාරාණසී - වාරාණසී) නගරය බාරා ය, නසී ය යන හෙවත් වරණා ය, අසී ය යන ගංගා දෙකක් අතරෙහි තැනුණ හෙයින් එ නමින් පතළේ ය යි කියති. ගංගා නම් ගඟ සමීපයෙහි පිහිටියේ ය. කලිකාතා නගරයේ සිට දුර ප්රංමාණය හැතැපුම් 429 කි. හින්දු භක්තිකයන් විසින් මොක්ෂදායක ය යි සලකස පුණ්යුතීර්ථහ සතෙන් එකක් පිහිටියේ මේ නගරයෙහි ය. අප බුදුරදුන් දම්සක් දෙසුයේත් පළමු වස විසුවේත් මෙහි වූ ඉසිපතනාරාමයෙහි ය.

292. සඳකිඳරු ජම්මෙක - පාළියෙහි “කින්නර යොනියං” යනු හෙළු පොත්හි “සඳකිඳුරු ජම්මෙක” ය යි පෙරළා දැක්විණ. චන්දය කින්නර ජාතකය අනු ව හැ‍ඟෙන්නේ බෝසතු කිඳුරු ජම්මෙක ඉපද ‘චන්දා’ නම් භාය්යාකි ව සමඟ ‘චන්දා’ නම් පර්වජතයෙක්හි විසූ බව යි. ඒ පර්වුතයෙහි තවත් කිඳුරෝ විසූ හ. ‘සඳ’ පව්වෙහි විසූ කිඳුරන් ‘සඳකිඳුරු’ නාමයෙන් ප්රෙකට වූ බව සිතිය හැකි ය. එහෙත් සිංහල පොත්වලින් පැනෙන්නේ සඳපව්වෙහි විසූ නිසා ‍ම සඳකිඳුරු නම නො ලැබුණ බවත් එ නමින් කිඳුරු වර්ගියක් ඇති බවත් ය. කිඳුරෝ (කින්නරයෝ) වඳුරන් (වානරයන්) මෙන් මනුෂ්යනයනට සමාන පෙනුමක් ඇති සත්ත්ව විශෙෂයක් බව ඒ නමින් ම හැ‍ඟෙයි. කිම නරයෙක්ද? යනු ‘කින්නර’ යන්නෙහි අරුතැයි ‍ශබ්දකොෂකාරයෝ කියති. මනුෂ්යන මුඛ අශ්ව ශරීර ඇති කිඳුරෝ ය, අශ්ව මුඛ මනුෂ්යි ශරීර ඇති කිඳුරෝ ය යනාදීන් ඔවුන් ගේ ප්රිභෙද ඇතැයි කියති. කිඳුරන් ගැන නොයෙක් රටවල නොයෙක් මත ඇත්තේ ය. ග්රීයක, රෝමක ආදීන් ගේ අදහස් පෙරදිග





190 සඳකිඳුරු දා කව් සන්නය ‍ රටවල අදහස්වලට වෙනස් ය. එහෙත් පෙර අපර දෙදිග හැම දෙනා ගේ ම පිළිගැනීම කිඳුරන් ඉහළින් හෝ පහළින් හෝ අඩක් මනුෂ්යැ ස්වරූප ඇති අඩක් තිරිසන් සිරුරු ඇති සත්ත්වවර්ග යක් බව යි. ඒ ගැන මතභෙදයෙක් නැත. ‘කිඳුරු’ යනු දෙවියනට ගායනය කරන දෙවයොනියෙකැයි සංස්කෘත පොත්හි දැක්වේ. වන කිඳුරු, මුහුඳුකිඳුරු, ලියකිඳුරු යන තුන් කොටසක් ද තුනටියෙන් පහළ පක්ෂිරූපයත් උඩ කොටස මනුෂ්යව ශරීරයත් ඇති “පක්ෂිකින්නර” නම් වර්ගපයක් ද ඇති බව ඇතැම් විස්තර යන්හි පෙනේ. පැරැණි චිත්ර්ශිල්පීන් විසින් ඇඳුම් බැඳුම් හා කැටයම් ද මඟින් නොයෙක් අයුරින් කිඳුරන් දක්වා ඇත්තේත් ඔවුන් ගේ නන් වැදෑරුම් ස්වරූපයන් සිතට ගෙන ය යි සිතා ගත හැකි ය.

දඹදිව සාඤ්චිවිහාරයේ ගල් කැටයමෙක උඩ කොටස මනුෂ්යත ස්වරූපය ද යට කොටස පක්ෂිස්වරූපය ද ඇති කිඳුරු යුවලෙක් දක්නා ලැබේ. කිඳුරන් පිළිබඳ ව විශාල විස්තරයක් කරන ආචාය්ය්යුව ආනන්ද් කේ. කුමාරස්වාමි පඬිතුමා මහනුවර සමයෙහි සිංහල සිත්තරුන් විසින් දක්වා ඇති කිඳුරු රූ නියම කිඳුරු රූ බව සිතයි. උඩ කොටස මිනිස් සිරුරින් ද යට කොටස පක්ෂියකු වැනි සිරුරින් ද යුත් මිනිස් බාහු හා උරහිස් ඇති පියාපත් ඇති නමුත් පියාසර කිරීමට තරම් විශාල පියාපත් නැති කිඳුරන් සිංහල සිත්තරුන් විසින් දක්වා ඇති බව ඒ පඬිතුමා කියයි. එතුමා විසින් තමාට ලැබුණු පැරැණි තඹ දුම්කොළ හෙප්පුවෙක වූ සඳකිදුරු ජාතකය දැක්වෙන කැටයමෙක් සිය ගතෙක දක්වා තිබේ. කිඳුරා සහ කිඳුරිය එහි දැක්වෙන්නේ යට සඳහන් කළ පරිද්දෙනි. ක්රිපස්තු පූර්වහ තුන් වන සියවසට අයත් “බර්හත්” ස්තූපයේ කැටයම්වල ද පස් වන සියවසට අයත් අජන්තා චිත්රහවල ද නරපක්ෂි ස්වරූපයෙන් යුත් කිඳුරන් දක්නා බවත් කැලණි විහාරයේ සඳ කිඳුරු ජාතකය දක්වන බිතු සිතුයමේ ද ඒ එසේ ම බවත් කුමාරස්වාමි ආචාය්ය්රයේතුමා වැඩි දුරටත් පැහැදිලි







191 පද වැනුම

කරන්නේ ය. උඩරට සිත්තරුන් සඳ කිඳුරු, දියකිඳුරු යන දෙවගය ම දක්වා ඇතත් දියකිඳුරන් ස්ත්රීරන් බව එතුමා ගේ අදහස යි. “ලිය කිඳුරු” යනු ද කින්නරාඞ්ගනාවන් බව එතුමා කල්පනා කරයි. රූපාවලියෙහි “ලතාකින්නර” නම් කිඳුරන් ගේ සැටි ප්රාකාශිත යි. හිසෙහි කෙස්රොද ද ග්රීනවාව වටා මාලයක් ද ඇති මිනිස් මුහුණෙකින් හා අත්වලින් යුත් මිනිස් සිරුරක් ඇති නමුත්, යට කොටස පියාපත් සහිත පක්ෂියකු වැනි ය යි ලතාකින්නරයා හඳුන්වන ඒ රූපාවලී විස්තරයෙන් පැවැසේ. දඹදිවෙහි නිරිතදිග “ඩැකාන්” උස්බිමෙහි වු අයිහොලි (Aiholi) යෙහි පිහිටි 7 වන සියවසට අයත් - ගලින් කරන ලද ශිවදෙවාලයේ සීලිමේ කින්නර යුවලක ගේ කැටයමෙක් වේ. ඔවුන් ගේ උඩ කොටස මිනිස් සිරුරින් ද පහළ කොටස වැල් කැටයමින් ද යුක්ත ය. ඒ ලතා කින්නරයන් බව සිතිය හැකි ය. ඒ කාලයට ම අයත් ඒ පෙදෙසෙහි ම වූ ජෛන විහාරයෙක සීලිමේ ඇති කිඳුරු කැටයමේ රූ සටහන් එ වැනි ම වුවත් මස්ත්යහයන් හා නෙළුම්මල් සහිත ජලාසයෙක ඉන්න බව පෙනෙන හෙයින් උන් ජලකිඳුරන් බව සිතන්නට ඉඩ තිබේ.

‘කිඳුරු’ යනු සිතින් මවා ගත් සත්වගක් බවත් එ බඳු සතකු ලෝකයේ නොමැති බවත් කියන්නෝ සිටිති. කලකට පෙර විශ්වාස නො කළ නො විය හැකි නැති දේ හැටියට සිතු කියූ සමහර කරුණු දැන් විය හැකි ඇති දේ හැටියට පිළිගන්නට කරුණු ඇති හෙයින් කිඳුරාත් මනඃකල්පිත සතකු නො වන බව සිතන්නන්හට කියන්නන් හට පිළිගන්නට ඉඩ නො ලැබෙතැයි කාහට කිව හැකි ද? “චෙමෙ භික්ඛවෙ අත්ථපවසෙ සම්පස්සමානා කිම්පුරිසා මානුසිං වාචං න හාසන්ති, කතමෙ ද්වෙ? මා ච මුසා හණිම්හ, මා ච පරං අභූතෙන අබ්හාවික්ඛම්හාති, ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අත්ථ වසෙ සම්පස්සමානා කිම්පුරිසා මානුසිං වාචං න හාසන්තීති”





192 සඳකිඳුරු දා කව් සන්නය

අඞ්ගුත්තර නිකායේ දුකනිපාතයට ඇතුළත් මේ බුද්ධ දෙසනාවෙන් පැවැසෙන්නේ කිඳුරනට මිනිස් බසින් කතා ‍කළ හැකි නමුත් කරුණු දෙකක් සලකා ගෙන ඔවුන් එසේ නො කරන බව ය. ඒ කරුණු දෙක නම් බොරු කියන්නට වේ අනුනට බොරුවෙන් දොස් නඟන්නට වේ යනු යි.

ධර්මානශොක මහරජතුමා වෙත වරක් එක් කිඳුරකු ද තව වරක් කිඳුරන් දෙන්නකු ද අල්ලා ගෙන එනු ලැබූ බවත් මිනිසුන් දෙදෙනකු විසින් ඔවුන් ලවා උපායවලින් කතා කරවූ බවත් “මනොරථපවූරණි” නම් අඞ්ගුත්තර අටුවායෙහි විස්තර කර ඇත.

කිඳුරන් දුර්ව්ල බියසුලු ජාතියක් බව “කින්නරා නාම දුබ්බලා හොන්ති හිරුජාතිකා” යන මහා උම්මග්ග ජාතකයේ එන පාඨයෙන් කියැවේ. මිනිසුන් කිඳුරියන් හා සහ වාසයෙහි යෙදෙන බව මහා උම්මග්ග ජාතකයෙන් ම පැහැදිලි වේ.

පෙර පැළලුප් නුවරෙහි වැද්දෙක් වනයෙහි හැසිරෙන්නේ කුන්ත කින්නරියක සමඟ විසූ බවත් එයින් ඒ කිඳුරිය දරුවන් දෙදෙනකු වැදු බවත් තිස්ස ය, සුමිත්ත ය යන නම් ලද ඒ සොහොයුරන් දෙදෙන මහාවරුණ තෙරණුවන් ළඟ පැවිදි ව රහත් වූ බවත් මහාවංසයෙහි කියන ලදී. ඒ තිස්සස්ථවිරයන් වහන්සේ “කුන්තපුත්තතිස්ස ථෙර” නමින් ද ප්රිකට ව සිටි බව පෙනේ. “කුන්ත සකුණියො නාම කින්නරජාතියො” යන සාරත්ථවදීපනී විනයටිකා පාඨයෙන් කුන්න පක්ෂිණියෝ නම් කිඳුරුජාති ඇත්තෝ යි යි ප්රයකාශිත යි. පක්ෂිකින්නර වර්ගුයක් ඇති බව මෙයින් පැහැදිලි වේ. කිඳුරන් ගේ කටහඬ ඉතා මිහිරි බවද ප්රපකට ය. අප සිංහල මිනිසුන් අතර ම කින්නර නම් පිරිසක් ඇති බව කවුරුත් දනිති. එ සේ ම ඒ නමින් දේව කොටසක් සිටින්නට බැරිකමෙක් නැත. අර්ධමානුෂික තිරිසනුන් ද සිටිනුවා විය හැකි ය. කිඳුරන් ගේ ස්වභාවය ගැන විස්තරයෙක් ජාතකපාළියේ තෙරසකනිපාතයේ තක්කාරිජාතකයෙහි ද එයි.






193 පද වැනුම

හිමවත් - හිමාලය පර්වාතය පන්සියයක් යොදුන් පමණ උස ඇත්තේ ය යි ද දිගින් පළලින් තුන් දහසක් යොදුන් පමණ ඇත්තේ ය යි ද වට නවදහසක් යොදුන් පමණ ඇත්තේ ය යි ද පොත් හි සඳහන් වේ. හිමාලය පර්වකතය වටා පිහිටි වනය ඉතා විසිතුරු ය. විස්තර බුත්සරණ ආදියෙන් දන්නේ ය.

296. ගඟුලැලි - කඳුවලින් ගලා බස්නා දිය හැලි ය. ගංගා බවට පැමිණෙන නොහොත් ගංගාවන් කරා යන උල්පත් ඇලි යන අරුත ඇති සේ හැ‍ඟේ.

304, 390 ලිය කිඳුරෝ - සිරුරේ උඩ කොටස මනුෂ්යාවකාර වූ පහත කොටස වැල් ළැහැබක් වැනි වූ කිඳුරු වෙසෙසෙකැයි කියති. 390 වැනි පද්ය යෙහි “ලියකිඳුරෝ දෙදෙනෙක්” යන ආදීන් දැක්වූණේ ජාතකපාළියේ වීසති නිපාතයේ හල්ලාටියජාතකයෙහි එන පුවතෙකි. සැකෙවින් ඒ මෙසේ යි :-

පෙර බරණැස් නුවරෙහි “හල්ලාටිය” නම් රජෙක් දඩයම් පිණිස හිමාලය වනයට වැද ඇවිදින අතර එක් ගඟකට වැටුණ ඔයක් දැක ඒ අනුසාරයෙන් ගොස් සතුන් මරා මස් කමින් උස් තැනකට නැංගේ ය. රජ ඒ ඔයේ ඉවුරෙන් ගන්ධමාදන පර්ව තයට නඟින්නේ ඔයේ ඉවුරෙහි ඔවුනොවුන් වැලැඳ ගෙන සිඹිමින් නොයෙක් ලෙසින් වැලැපෙමින් හඬන කිඳුරු යුවලක් දිටී ය. ඔවුන් එසේ හඬන කරුණ දනු කැමැති වූ රජ තෙමේ එහි ගියේ ය. ගොස් හැඬීමට හෙතු කවරේ දැයි ඇසී ය. රජු ගේ වචනය අසා කිඳුරා නිශ්ශබ්ද වුණ මුත් කිඳුරිය කතා කළා ය. වැද්දාණනි, එක් දවසෙක ඔයෙහි මෙ ගොඩ අපි දෙදෙන ක්රීිඩා කරමින් මල් නෙළමින් කල් යැවුමු. එ කෙණෙහි මහ වැස්සෙක් වසිනට පටන් ගත්තේ ය. එ විට මගේ පියහිමියා මා පස්සෙන් එතැයි හඟිමින් මේ ඔය තරණය කළේ ය. ඔහු ඔයේ එහා ඉවුරට පැමිණි විගසම දියපහර වැඩි විය. ඔය උතුරා ගියේ ය. එ කෙණෙහි ම හිරු ද බැස ගියේ ය. විදුලිය කෙටීම් ද විය.

107- H



194 සඳකිඳුරු දා කව් සන්නය

මම යා ගත නො හැකි වීමි. ඔයේ දෙගොඩ හුන් අපි දෙදෙන ඔවුනොවුන් විදුලිය එළියෙන් දක්නා විට ප්රීටත වුමු. අඳුරු වැටුණ විට නො දක්නා හෙයින් හැඬුමු. ඒ රාත්රිරය අපට දුක් දී ගෙවී ගියේ ය. යළි හිරු උදා වුණු විට හිස් වූ ඔය තරණය කොට එකතු ව වරක් හැඬුමු. වරක් සතුටු වුමු. මෙසේ එක රැයක් වෙන් ව සිටි හෙයින් අප හැඬු කාලය දැන් තුනක් අඩු සත්සියවසෙකි. ඔබ ගේ ජීවිත කාලය අවුරුදු සියයෙකැයි කියති. මෙ බඳු සුලු ජීවිතයෙක්හි ඔබ ප්රිීය භාය්යාකා වගෙන් වෙන් ව සිටීම අයුත්තෙකැයි කී ය. කිඳුරිය ගේ වචන ඇසූ රජු තොප ගේ ආයුස කෙ තෙක් ද? යනුත් තොප ‍පිළිබඳ දැන ඇති තොරතුරුත් දැන ගනු කැමැත්තෙමි යි කීයෙන්, වැද්දාණනි, අප ගේ ආයුස අවුරුදු දහසෙකි. ඒ අතර ජීවිතාන්තරායකර රොගයෙකුදු අපට නැතැයි කිඳුරිය කී ය. මේ තිරිසන්නු එක රැයක් වෙන් ව සිටීම නිසා සත්සියවසක් හඬමීන් හැසිරෙති. මම තුන්සිය යොදුන් රාජ්යසයෙහි මහාසම්පත් හැර වනයෙහි මෙසේ හැසිරෙමි, අනේ, අවැඩ කරුවෙක් වෙමියි රජ තෙමේ ආපසු ඇවිත් දැහැමින් රජය කෙළේය.

කිඳුරන් දියට බියවන සුලු බව ද මේ කථාවෙහි දක්වා තිබේ. “ලියකිඳුරෝ” යී කවෙහි යෙදුණ ද පාළිපොතේ එන්නේ “කින්නරා” (කිඳුරෝ) යන්න ය.

309. නඳුනුයනෙහි - ‘නන්දන උයන’ යනු දුටුවන් සතුටට පත්කරන උයන යන අර්ථර යි. හැම දෙව්ලොවෙහි ම නන්ද න උයනක් ඇති බව අටුවාවන්හි දැක්වේ. එහෙත් විශෙෂයෙන් දැක්වෙන්නේ තව්තිසා දෙව්ලොවෙහි ඇති ‘නන්දරන උයන’ යි. එය පනස් යොදුන් පමණ ඇත්තේ ය. එහි විසිතුරු බව කො තරම් ද යත්? මරණයට ළඟා වී දුකට පත් දෙව්වරුන් සැනසීම සඳහා සක් දෙව්රජු මේ උයනට කැඳවා ගෙන ගිය විට මඳකට සක් දෙව්රජු මේ උයනට කැඳවා ගෙන ගිය විට මඳකට නමුත් ඔවුන් ගේ මරණ සංඥාව නැති ව ගොස් ප්රීාතිය ඇති වෙතැයි කියති. නන්ද න උයන නො දක්නෝ සැපය කිම් දැයි නො දන්නෝ ය යි දෙවියකු කීයේ එය එතරම් සිරියෙන් බබළන හෙයිනි.




195 පද වැනුම

312. පස් ආයුද - ආයුධ පස කීප ලෙසකට ම දැක්වේ. ජාතක ගැටපදයෙහි එන්නේ දුනු, කඩු, කණය (තෙබ්) මුගුරු, බාහු යන පස යි. දුනු, මුගුරු, අඩයටි, පත් කොහොල්, පාරාවළලු යන පසය යි ද දුන්න, මුඟුර, කඩුව, කණය, හෙණ්ඩිවාල යන පස ය යි ද දැක්වේ. දුනු, මුඟුරු, කඩු, සිරි, අඩයටි යන පස පූජාවලියෙහි එන්නේ ය.

336. බරතයැ - ‘භරත’ නම් සෘෂිවරයා විසින් නිපදවන ලද සඞ්ගීතය හා නාට්ය.ය පිළිබඳ ශාස්ත්රෙය ‘භරත’ නමින් යුක්ත යි.

343. අකල් මරණෙක් - කාලරණ, අකාලමරණ යී මරණය දෙවැදෑරුම් වේ. උපන් කාලයට නියම පරමායුසය ගෙවීමෙන් වන ආයුඃක්ෂය මරණය ද ප්ර තිසන්ධිය දුන් කර්මායා ගේ ඉවර වීමෙන් වන කර්ම්ක්ෂය මරණය ද ඒ දෙක ම එක වර ගෙවීමෙන් වන උභයක්ෂය මරණය ද “කාලමරණ” නම් වේ. උපත ලබා දුන් කර්ම යා ගේ විපාක දීමේ ශක්තිය ඉතිරි ව තීබිය දී පරමායුසයත් ඉතිරි ව තිබිය දී හදිසියෙන් වන් උපච්ඡෙදක කර්මමයෙකින් අකාලයේ වන මරණය “අකාලමරණ” නම් වේ.

363. නිරා - මඳ වසයෙන් වත් සැපයක් නැති දුකින් ම පිරී පවත්නා තැන ‘නිරය’ යි. සඤ්ජීව, කාලසූත්රන මහා රෞරව, රෞරව, ප්රුතාපන, අවීචි, සඞ්ඝාත, තතපන යී මහානරක අටෙකි. එක මහනිරයකට ඔසුපත් නරක සොළොසක් (16) වන බැවින් සියල්ල එක්සිය සතිසෙකි (136)

365. යමයාගේ - නිරයෙහි රජ “යම” නමින් දැක්වේ, හේ වෛමානික (විමන් වැසි) ප්රෙරතයෙකැ යි ද කලක් දෙව්සැප ද කලක් ප්රෙ තදුක් ද විඳින්නෙකැයි ද එක් නිරයෙක දොරටු සතරෙහි යමරජවරු සතර දෙනෙක් සිටිත් ය යි ද දෙවදූත සූත්රක අටුවායෙහි එයි. යමරජ ධාර්මිකයෙකැ යි ද කියති. යමරජ සූය්ය් යා ගේ පුතෙකැ යි වෛදික ග්රෙන්ථයන්හි දැක්වේ. මරණය නියම කරන්නේ හේ ය යි ද නරකාධිපති ය යි ද පැවැසෙයි. යමයා ගේ ආයුධය නයනායුධ ය යි. ඔහු ගේ ඇස ම ආයුධය වේ.




196 සඳකිඳුරු දා කව් සන්නය

379. දසතැ - නැ‍ඟෙනහිර, බස්නාහිර, උතුර, දකුණ යන මහදිසා සතර ය. ගිනිකොන, වයඹ, ඊසාන, නිරිත යන අනුදිසා සතර ය, උඩ ය යට ය යන දසය ‘දස දිසා’ නම් වේ.

399. වනදෙවියනේ - වනයෙහි වසන වනයට අරග් ගත් දෙවියෝ ‘වනදෙව්’ නම් වෙත්.

402. සිදුවිදුදරන්නේ - සිද්ධ ය විද්යාගධර ය යනු දෙවයොනි දෙකෙකි. අණිමන්, මහිමන්, ලඝිමන්, ගරිමන්. ප්රාිප්ති, ප්රායකාම්යි, ඊශිත්ව, වශිත්ව යන අට වැදෑරුම් සිද්ධියෙන් බලයෙන් යුක්ත වූවෝ සිද්ධයයෝ යි. ඔවුනට කුඩා වීම, මහත් වීම, සැහැල්ලු වීම, ගුරු වීම, කැමැති සේ පැමිණීම, නො වැළැක්විය හැකි කැමැත්ත, ඊශ්වරභාවය, වශීභාවය යන අට සිදු කර ගත හැකි ය. මන්ත්රාතදි විද්යා බල දරන්නෝ විද්යාීධරයෝ යි. මේ දෙපක්ෂය ම අර්ධදෙව හෙවත් අඩක් දෙවත්වය ඇත්තෝ යයි කියති.

405. සුජාතාවන් -‘මඝ’ මාණවකයා පින් දම් කොට සක්රජ ව උපන් සැටිත් ඔහු ගේ පිරිස ද දෙව්ලොව ම උපන් සැටිත් මහාලිපඤ්හවත්ථුයෙහි විස්තර කර ඇත්තේ ය. මඝමාණවකයා ගේ ගෙයි හුන් නන්දා, චිත්තා, සුධ්මා, සුජාතා යන ස්ත්රී,න් සිවුදෙන අතරින් පින් කම් නො කොට සිරුර සැරැසීම් පමණින් කල යැවූ එක ම ඇත්තිය සුජාතාව යි. නන්දාදී තිදෙන පින්කම්වලට සහාග වූ සුජාතාව යි. නන්දාදී තිදෙන පින්කම්වලට සහාය වූ හෙයින් දෙව්ලොවෙහි උපන්හ. එහෙත් සුජාතාව පර්වපත කඳුරැලියෙක්හි කෙකිනක් ව උපන. ශක්ර.යා නන්දාදීන් දෙව්ලොවෙහි ම ඉපිද සිටින සැටිත් සුජාතාව කෙකිනක ව ඉන්න සැටිත් දැක ඈ ලවා පින් කරවා මෙහි ම ගෙන එන්නට වටී ය යි සිතා එක්තරා වෙසෙකින් ඇය ළඟට ගොස් කතා කොට ඇය ගේ පෙර යෙහෙළියන් දෙව්ලොවෙහි ඉපිද සිටීන බව දෙව්ලොවට ම ගෙන ගොස් පෙන්වා සංවෙගය උපදවා නැවැත සිටි තැනට ම ගෙනවුත් හැර පන්සිල් රක්නට අවවාද කොට ගියේ ය. පන්සිල් ගත් කෙකින එ තැන් සිට කෑයේ මළ මත්ස්යඅයන් පමණි.





197 පද වැනුම

කීප දිනකට පසු සක්රජ ඇය විමසීම් පිණිස ගොස් වැලිමත්තෙහි මළ මත්ස්යනයකු මෙන් වැද හොත්තේ ය. කෙකින මළ මාළුවෙකැයි සිතා ළඟට ගොස් ඌ ගිලින්නට වන, ගිලින විට මාළුවා නඟුට සෙලවීය. පණ ඇති මත්ස්ය යෙකැයි දත් කෙකින ඌ දියෙහි හැරියා ය. ශක්රැයා මෙසේ තුන් වරක් ම විමසා මනා සේ සිල් රකින බව දැන ඇය පසසා මෙසේ සිල් රකින තෝ නොබෝ කලෙකින් මා සමීපයෙහි උපදින්නෙහි ය යි ද නො පමා වෙහි ය යි ද කියා ගියේ ය. ටික දිනෙකින් මරණයට පත් කෙ‍කින මඳ කලක් රැකි ශීලයා ගේ ඵලයෙන් බරණැසෙහි කුම්භකාරයකු ගේ දුවක් ව ඉපිද එහි දී ද සිල් රැක මරණින් මතු ශක්රෙයා ගේ සතුරු වූ අසුරභ වනයෙහි ප්රසධාන වෙපචිත්ති අසුරයා ගේ දුව ව උපන. මනා රූ සිරින් හෙබි ඇය පාවා ගැනීමට රැස් ව සිටි අසුර පිරිස අතරට මහලු අසුර වෙසක් ගෙන ගිය ශක්රයයා අතින් අල්වා ගෙන අහසට පැන වෛජයන්ත රථයෙන් ගෙන ගොස් තමා ගේ දෙටුබිරිය කර ගත්තේ ය. විස්තරය මහාලිපඤ්හ වත්ථුවෙන් දත යුතු යි.

412. අමා පැන් - දෙවියන් ගේ පැන් ද අහර ද ‘අමෘත’ නමින් දැක්වේ. මරණය නැති කරන්නේ ය යන අරුතිනි.

414. තිදසග - ‘තිදස්’ යනු දෙවියනට නමි. දස් (දශා) තුනක් ඇත්තේ යමකුහට ද, හේ ‘තිදස්’ ය . දෙවියනට ඉපදීම, පැවැත්ම, මරණය යන දශා (අවස්ථා) තුන ඇත්තේ ය. මේ හැම දෙවියනට ම සාධාරණ නාමයෙකි. එහෙත් තවුතිසා වැසි දෙවියනට විශෙෂනාමයෙකි. තිස්තුන් දෙනා ගේ ලෝකය යන අරුතෙනි. “තිතිදස්” යී කිව යුතු නමුත් එක් තියන්නක් ලොප් වීමෙන් “තිදස්” යී සිටියේ ය. තුනක් අධික කොට ඇති දහයේ කොටස් තුනක් යන තේරුම යි. වෛදික මතය අනු ව සාමාන්යපයෙන් දෙවියෝ ‘තිදස්’ යන නමින් ගැනෙති. ඔවුන් ගේ ලොව ‘තිදස’ යි. වෛදික පොත් හි ද දෙව්ලොවෙහි තිස්තුන් දෙවිකෙනකු ඇති බව කියැවේ. ශක්රයයා, දෙලොස් අර්කයෝ, එකොළොස් රුද්ර යෝ, වසුහු අට දෙන,





198 සඳකිඳුරු දා කව් සන්නය

විශ්වයෝ දෙදෙන යනු ඒ තෙතිස් දෙන යි. ‘තිදසග’ නම් දෙව්ලොවෙහි කෙළවර යි. බුදුසමයෙහි දෙව්ලෝසයෙකි. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරති, පරනිම්මිත වසවත්ති යනු ඒ සය යි. භවාග්රංය වශයෙන් කියැවෙන්නේ අකනිටා බඹලොව යි. ඒ ඉහළ ම පිහිටි බඹලොව යි.

නාලොව - නාගයන් වසන ලොකය යි. පාතාල, රසා තල යන නම් ද වේ.

425. අනුරුත් තෙරිඳු - කපිලවාස්තුපුරයෙහි “අමිතොදන” නම් ශාක්ය රජු ගේ පුත්ර යෙකු වූ “අනුරුද්ධ” තෙරිඳු මහානාම ශාක්ය්යා ගේ බාල සොහොවුරා යි. බුදුරජාණන් වහන්සේ ගේ සුලුපියා ගේ පුතා යි. මහපින්වත් අනුරුද්ධ කුමාරයා බුදුරදුන් වෙත පැවිදිව රහත් ව “ අනුරුද්ධස්ථවිර” නමින් ප්රරකට විය. පසු ව දිවැස් ඇත්තන් අතුරින් අග්රු ය. යන ගරුනම බුදුරදුන් ගෙන් ලද්දේ ය.

430. සිතුමිණෙකි - ‘සිතුමිණි’ (චින්තාමණි) නම් අයිති කරුවා හට සිතූ පැතු සැපත් ලබා දෙන මැණිකෙකැයි කියති.

431. තුන්බෝ - දාගැබ, පිළිමයෙග, බෝරුක යන තුන යි. මෙහි ‘බෝ’ සද “චෛත්යය” යන අරුත්හි ය.

432. සුර ඇදුරු යුරු - බෘහස්පතිහු හට සුරගුරු, සුර ආචාය්ය්ි යන නම් වේ. දෙවියනට ගුරු ය යි කියති. ඔහු ගේ භාය්යාසුර ව “තාරා” නම

434. සසරා - ස්කන්ධ ධාතු ආයතනයන් ගේ පිළිවෙළ නො සිඳී පැවැත්ම “සංසාර” නම් වේ.

"https://si.wikibooks.org/w/index.php?title=සඳ_කිඳුරු_දා_කව-පදවැනුම&oldid=4977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි