Jump to content

සඳ කිඳුරු දා කව-පෙරවදන

Wikibooks වෙතින්

පෙරවදන

[සංස්කරණය]

“සඳකිඳුරු දා කව” කරන ලද්දේ රන්ගිරිසිර අසල දෙනගමු වෙහෙරෙහි විල්ගම්මුළ මහ තෙරිඳුන් විසිනි. “ රන්ගිරිසිර අසල” යන්නෙහි තේරුම් දෙකක් ඇති බව හැගේ. “රන්ගිරි” නම් කන්ද සමීපයෙහි” යනු එක් තේරුමෙකි. අනෙක් තේරුම නම් රන්ගිරි මුඳුනක් (ස්වර්ණුගිරිශිඛරයක්) සමාන වූ” යනු යි. පළමු තේරුම අනුව සඳකිඳුරු දා කව කතු තුමන් වැඩ විසූ විහාරය “රන්ගිරි” නම් ‍කන්දක් ළගෙහි වී ය යි සලකතොත් ඒ කන්ද කිමෙක් දැයි විමසිය යුතු වේ. “රන්ගිරිසිර” යන්නෙන් රන්ගිරි කන්ද, රුවන්ගිරි කන්ද යනාදී අරුත් ලැබේ. කුරුණෑගල දිස්තිරික්කයෙහි “රුවන්ගිරි” නමින් කන්දෙක් වේ. ඒ පර්ව්තය අසල පැරැණි විහාරස්ථානයක් ඇති බවත් එය පෙර නොයෙක් විහාරාඬ්ගයන් ගෙන් සමලඩ්කෘත ව පැවැති බවට දෙස් දෙන නෂ්ටාවශිෂ්ටයන් ඇති බවත් දැන් ගන්නට ලැබිණ. එහෙත් “දෙනගමු වෙහෙර” නමින් ඒ පළ ව පැවැත්තේ දැයි දැන ගැනීමට මහෙක් නැත.

මහසිළුමහතිස් රජතුමා ස්වර්ණ්ගිරියෙහි තුන් වසක් උක් යන්ත්රනයක් උසුළා කුලී වසයෙන් උක් සකුරු ලැබ ඒ සකුරු ගෙන්වා ගෙන නුවරට අවුත් හික්ෂුසඩ්ඝයා වහන්සේට මහදන් දුන් පුවතෙක් මහාවංසයෙහි 34 වන පරිච්ඡෙදයෙහි එයි. පාළි මහා වංසයෙහි “ සොණ්ණගිරි” ය යි දැක්වෙන ඒ ස්වර්ණඑගිරිය ද රන්ගිරෙකි. නොහොත් ‘රන්ගිරි’ යන අරුත් ඇත්තෙකි. ගයිගර් පඬිතුමා ගේ මහාවංශපරිවර්තිනයට ආචාය්ය්ිරි ජී.සි. මැන්දිස් මහතා විසින් ‍සම්පාදිත පරිශිෂ්ටයෙහි ‘සොණ්ණගිරි’ යනු “රම්බඩගල්ල” විය හැකි බව සඳහන් වේ. කෙසේ වුව ද එ අසල දෙනගමුවක් ඇති බව දැන ගන්නට නැත්තේ ය.

ගාලු - අකුරැස්ස මාවතෙහි 14-17 සැතැපුම් කණු අතර පිහිටි ‘කනංකේ’ නම් ගම මැඳ පිහිටි වනයෙහි ‘ කනකගිරි’ නම් පර්ව තයෙක් වේ. ‘කනකගිරි’ යනු ‘රන්ගිරි’ යන අරුත් ඇත්තේය.


ii

එ අසල කනංකේ රාජමහා විහාරය ඇතත් එය දෙනගමු වෙහෙර නමින් පැවැති බවට කරුණු නො මැත. එ සමීපයෙහි ‘දෙනගමු’ නම් ගමක් හෝ තැනක් ඇති බව වත් දැන ගන්නට නැත.

‘රන්ගිරි’ යන්නට සමාන අරුත් ඇති සේ සැලැකිය හැකි නම්වලින් යුත් තවත් කඳු ඇත්තේ ය. ඉන් එකෙක් නම් දක්ෂිණලඬ්කායෙහි පිහිටි “රන්මලේ කන්ඳ” යි. මේ ගැන විස්තරයක් කරන පණ්ඩිත කඹුරුපිටියේ වනරතන ස්ථවීර තුමා “මාතර මානවවංශය හා පුරාවිද්යාිත්මක ඉතිහාසය” නම් ග්රරන්ථයෙනි.

“මාතර හම්බන්තොට දිස්තිරික්ක දෙක අතර සිමාව ලෙස පිහිටි වනගත මේ විශාල කඳු වැටියට මහා වංශයෙහි ව්යිවහාර කළ නාමය ‘සුවණ්ණමලය’ යන්නයි. මෙය හරිහැටි නො දත් බොහෝ උගත්තු සබරගමුවෙහි සුවණ්නමලයක් මවා පාති” යි සඳහන් කරයි. “සුවණ්ණමලය” නම් කන්ද සබරගමු පළාතේ පිහිටියෙකැයි මහතයකුත් ඇති බව සත්ය යෙකි. යට දැක්වූ රන්මලේ කන්දට හැතැපුම් තුන හතරෙකින් ඔබ්බෙහි ‘දෙනගම’ නම් ගමෙක් වේ. එහි පිහිටි පැරැණි වෙහෙර ‘අරඹේගොඩ’ නමින් මෙ කල වහරති. මහනුවර සමයෙහි ගණින්නාන්සේලා විසූ තැනෙකැයි ද කියනු ලැබේ. එය ඉපැරැණි වෙහෙරක් නො වෙති යි බොහෝ දෙනා සිතන බව පැනේ.

“රුවන් කන්ද” නමින් ම පර්වනතයෙක් හිනිදුම් පත්තුවේ-මාතර ගාලු දිස්තිරික්ක සිමායෙහි වෙයි. එහි ඉපැරැණි ගිරිලෙන් විහාරයක් ඇතත් දෙනගමුවෙක් හෝ දෙනගමෙක් හෝ නැත. “දන්ගල” නම් කුඩා ගමෙක් එ සමීපයෙහි තිබේ.

අනුරාධපුරයේ සිට හැතැපුම් සූවිස්සක් (24) පමණ දුරින් පිහිටි “රුවන්ගිරි රජමහ වෙහෙර” ද මැදවච්චිය දුම්රිය ‍පළේ සිට හැතැපුම් දෙක හමාරක් පමණ දුරින් පිහිටි ඉසෙන් බැස්සෑවේ “රුවන්ගිරි විහාරය” ද පර්වටතයන් ඇසිරු කොට පිහිටි පැරැණි රජ මහ වෙහෙර දෙකෙකි. ‘දෙනගමු’ නමන් හෝ ‘දෙනගම’ නමින් හෝ වහ‍රන තැනෙක් මේ විහාර ස්ථාන සමීපයෙහි ඇති බවෙක් දැන ගන්නට සමාන අරුත් ඇති තවත් තැන් ඇති බව ද පෙනේ. “රන්ගිරි


iii

දඹුල්ල” යනු ද කල්පනාවට භාජන විය යුත්තෙකි. දඹුලු පෙදෙසේ, ‘දෙණගමු’ නම් තැනක් ඇති බව අන් තැනෙක යෙදුණ තෙන්න කෝන් කිවිසුරාණන් ගේ ලිපියෙහි සඳහන් වේ. ඒ පෙදෙසෙහි “මැණික් දෙණ” නම් තැනකුදු බව දැන් ගතිමු.

කුරුවිටී කෝරළයට අයත් ‘ඉද්දමල් ගොඩ’ නම් ග්රාතමයෙහි වූ “දෙනගමු විහාරය” විහාර අස්නට ද ඇතුළති. පොල්ගහවෙලට නුදුරින් පිහිටි ‘දෙනගමුව’ ද පරසිදු තැනෙකි. එහෙත් මේ තැන් කිට්ටු ව ‘රන්ගිරි’ නමින් හෝ එයට සමාන නමෙකින් හෝ යුතු කන්දෙක් මෙ කල්හි ප්රරකට නැත. කුරුණෑගල නගරයට සමීප ව ම පිහිටි ‘දෙනගමුව’ ඇත්තේ කුරුණෑගල නගරයට සමීප ව ම පිහිටි ‘දෙනගමුව’ ඇත්තේ කුරුණෑගල සිටි දඹුල්ලට යන පාරේ සැතැපුම් 2 ½ ක් ගිය විට යග්ගෙපිටිය නම් ගම අසල ය. එහි පැරැණි වෙහෙරක් තබා අලුත් වෙහෙරෙකුදු දැන් නම් නැත. “දෙනගමු වෙහෙරැ” යන්න “දෙනගම වෙහෙරැ” යි ද ඇතැම් සඳකිඳුරුදාකව පිටපත්හි එන හෙයින් විල්ගමමුළ මහතෙරිදුන් වැඩ විසූ වෙහෙර ‘දෙනගමු’ හෝ ‍’දෙනගම’ යන නමින් යුත් තැනක් විය හැකි ය. දකුණු ලකෙහි රන්මලේ කන්දට නුදුරින් පිහිටි “දෙනගම” ගැන යට සඳහන් විය.

යුද පිණිස මාගමින් පිටත් වු දුටුගැටුණු රජතුමා විසින් බිඳ හළ දෙතිස් දෙමළ කඳවුරින් ‘දොණගාම’යි පාළිමහාවංසයෙහි සඳහන් තැන ද එකෙකි. ‘දෙණගම’ යනු ථූපවංස, සද්ධර්මා ලඩ්කා රාදියෙහි “දෙණගම” යි එයි. නිකාය පඬිග්රථහයෙහි එය දැක්වූණේ “දෙණගමුව” යනුවෙනි. මියුඟුණෙන් පිටත් වූ රජතුමා අඹටුව, සත් බෑ කෝට්ටය, ඇතුරොබ යන කඳවුරු බිඳ පැමිණියේ දෝණගාමයට ය. මේ වනාහි යට සඳහන් කළ ‘දෙනගමු’ ආදියෙන් අනෙකෙකි. එ තැන දෙණගමුව හෝ දෙණගම යන නමින් දැනුත් පවතී ද? පැරැණි වෙහෙරෙක් එහි වේ ද? යනාදී කිසිවක් දැක්වීමට අපොහොසත් වම්හ. “රන්ගිරිසිරි අසල” යි ද පිටපත්හි එන බැවින් රන් ගිරෙහි (මහමෙරෙහි) හෝ රන්ගිරෙකු ශොභාවට ආසන්න වූ නොහොත් ස්ථාන වූ යන අරුත ද ගත හැකිය. රන්ගිරි සිකරයක් වැනි, රන්ගිරෙක සිරියට ආසන්න යන මේ අරුත් හරි ය යි ගත හොත් දෙනගමු වෙහෙර හෝ දෙනගම වෙහෙර රන්ගිරි කන්දක් අසල වූවෙකැයි සැලැකිය යුතු නො වේ. කෙසේ වුව ද


iv

සඳකිඳුරුදාකව් කතුතුමන් විසූ තැන දෙනගමු වෙහෙර හෝ දෙනගම වෙහෙර බවට සැකයෙක් නැත. ඒ අසවල් තැන ය යි තීරණය කිරීම නම් දුෂ්කරකාය්‍්් නැයෙකි. සමහර විට එය මෙහි දැක්වුණු තැන්වලින් එකක් විය හැකි ය. ඇතැම් විට වෙන ම මෙහි දැක්වුණු තැන්වලින් එකක් විය හැකි ය. ඇතැම් විට වෙන ම තැනක් හෝ විය හැකි ය. තව දුරටත් මේ ගැන විමසා බැලිය යුතු වේ. සඳකිඳුරුදාකවේ එන ‘දෙණගමු වෙහෙර’ “දඹුලු පියෙසේ වූ එක වියැ යුතු යැ යි සැලැකියැ හැකි” බව තෙන්නකෝන් කිවිසුරාණෝ කියති.

“මා අදහස නම් දඹුලු පලාතේ දෙණිකඬ” ඇසුරු කළ ප්රිදෙශයෙකැ පැවැති අරමක් බව ය යි මේ ගැන අප විසින් අදහස් විතාරනු ලැබූ පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක ස්ථවීරතුමෝ කියති. “විල්ගම්මුළෙහි ප්රෝධානයා කව ලියන දිනවල එහි විසූ බව ද සිතමි” ය යි සඳහන් කරන උන් වහන්සේ “මෙද මාගේ මතිමාත්රන මිසැ සහෙතුක දැයෙක් නො වේ” යයි ද වැඩි දුරටත් කියති.

සඳකිඳුරුදාකව් කතුතුමන් විසූ විහාරය විහාරාඬ්ගයන් ගෙන් හෙබි මනරම් තැනක් වූ බවත් හැම කල්හි ප්රයසිද්ධ ස්ථානයක් බවත් කියැවෙන හෙයින් ඒ එ කල උසස් වෙහෙරක් ව පැවැති බව සැලකිය යුතු වේ. ඒ විහාරය ‘දෙනගමු’ නම් වී ද? ‘දෙනගම’ නම් වී ද? යනු නිශ්චයකට බැසීම අමාරු කරුණක් වන්නා සේ ම ‘දෙන’ ‘දෙණ’ යන දෙකින් හරි එක කවරේ දැයි සැලැකීමක් අමාරු කරුණෙකි. සාමාන්යහයෙන් බැලවවූ කල හැග‍ෙඟන්නේ මූර්ධජ ‘ණ’ යන්න සුදුසු බව ය. එහෙත් අප දුටු හැම පිටපතෙක ම දන්තජ ‘න’ යන්නෙන් යුතු ව එන බැවින් ද තැන හරිහැටි නො දැන නාමසම්භාවය ගැන තීරණයක් කිරීම දුෂ්කරකාය්ය්ුට යක් බැවින් ද නම ගැන වැටහීමක් නැති ව වෙනසක් කිරිම සුදුසු නොවන බව හැඟුණ බැවින් ද නකාරය ළු සැටියෙන් ම තබන ලදී. එක නම් ඇති ගම් කීපය බැගින් මෙ රටෙහි ඇත්තේ ය. තැන් කීපයකට කියන නමක් රූපයෙන් ශබ්දයෙන් සමාන වතුදු ඇතැම් විට ඒ එක එක අරුතින් වෙනස් පිළිවන.

“පරසුරැති නිකස ළ මහ තෙරිඳු විල්ගම්මු ළ”

v

යි දැක්වුණු සඳකිඳුරුදාකවේ කතු හිමිපාණන් ගැන කිව හැක්කේ ද මතිමාත්රු පමණෙකි. කෙනෙක් මේ කව දඹදෙණි සමයට අයත් කෙරෙති. සමහරු කුරුණෑගල් සමයට අයිති ය යි කියති. ගම්පළ සමය, දැතිගම්පුර සමය, කෝට්ටේ සමය, මහනුවර සමය යනාදී විසින් තමත් තමන් ගේ හැඟුම් පරිද්දෙන් මෙහි නිර්මාමණකාලය ගැන අදහස් දක්වා ඇත. ‘විල්ගම්මුළ’ යනු ගමෙක නමක් නො වන බව කවුරුත් දනිති. පෙර ලක්දිවෙහි පැවැති ගලතුරුමුළ, උතුරළුමුළ හෙවත් උතුරුමුළ, විල්ගම්මුළ, මහනෙත්පාමුළ, දකුණුමුළ, කපුරුමුළ, සෙනෙවිමුළ, වාදුම්මුළ යන ප්ර,ධාන භික්ෂුගණ අටින්වියත් පත් අටගණයෙන් එකක් වූ විල්ගම්මුළෙහි නායක හිමියෝ විල්ගම්මුළ මහතෙර නම් වූහ. උපසම්පදාව ලැබ දසවස් පිරුණු විට ‘තෙර’ නම ද විසිවස් පිරුණු විට ‘මහතෙර’ නම ද භික්ෂුනට ලැබේ. සාමාන්යදක්රුමය එසේ වුවත් ‘පදවි’ වශයෙන් තෙර මහතෙර යන නම් පැවැරීමේ සිරිතක් පෙර පැවැති බව පැනේ. ඒ පදවි පත් කරන ලද්දේත් උපසපුවෙන් ඒ ඒ නිසි වස් පිරුණු උතුමනට ය. වීදාගම හිමියන් ගේ නම ලෝවැඩ සඟරායෙහි දැක්වුණේ “මෙත් තෙරිඳු සඳ” යනුවෙනි. බුදුගුණ අලංකාර කව්ලකුණුමිණ යන පොත් දෙකෙහි “මහනෙත්පාමුළ මහතෙරිඳු” යි එයි. මේ හිමිපාණන් විසින් රචිත මේ තාක් අමුද්රිහත, කවෙක අසම්පූර්ණ පුස්කොළ පිටපතෙක අවසන්හි එන ගද්යතය මෙසේ යි.

“ කි ත් දිගුබින් සුසෑදු නිසි ඇම ස ඳ මෙත් මහනෙත් පාමුළ මහ යති ස ඳ සි ත් ලෙස අත් කළ මොක් සැප මනන ඳ ස ත් වග සෙත් කෙළෙ සුගතිඳු පද වැ ඳ”

මෙහිදු දැක්වෙන්නේ “මෙත් මහනෙත් පාමුළ මහයතිසඳ” යනු යි. විදාගම ළුළු අත්තනගලු වංසයෙහි “ශ්රීප මෛත්රෙපය මහාස්වාමිපාදයන් වහන්සේ විසින් කථිත” යි යෙදිණ. එ කල උන් වහන්සේ සඬ්ස රාජ ව විසූ බව ද පෙනේ. ලෝවැඩ සඟරාව කරන කාලයෙහි ශ්රී මෛත්රෙරය හිමියනට පදවියෙක් නො වී ය. ‘මහනෙත්පාමුළ’ නම් ගණයෙහි ‘මහතෙර’ පදවිය ලද පසු ව කළ පොත්හි එ බව සඳහන් විය. මෙ බඳු පදවි ලත් ඇතැම් මහතෙරවරු සිය පැවිදිනම සමඟ පදවිනම ව්යඳවහාර කළ මුත් සමහරු එසේ නො කළහ. “විල්ගම්මුළ මහතෙරිඳු” යන්න ද එ බඳු ව්යමවහාර-


vi

යෙකි. “බහුනායකත්වය නම් ශාසනවිලොපයට එකාන්ත හෙතු බැවින් මේ මහතෙර දෙ‍තෙන මුත් අන් කිසියම් ම තෙනක් මහතෙර නො කට යුතු” යනු දඹදෙණිකතිකාවතෙහි එයි. මහතෙර පදවිය නායක ධූරයක් බව මෙයින් පැහැදිලි වේ. ‍”මේ මහතෙර දෙතෙන” යි සඳහන් කෙළේ ග්රාෙමවාසී සඬ්ඝයාට එක නමක් ද අරණ්යරවාසී සඩ්ඝයාට එක නමක් ද වසයෙන් පත් කැරෙන “මහතෙර දෙනම” ගැනය. භික්ෂුසඬ්ඝයා නිකාය ගණ ආදි වසයෙන් වෙනස් වුවද ප්ර ධාන වශයෙන් මෙ කී කොටස් දෙකට අයත් ව සිටි බව පෙනේ. කවර ගණයකට අයත් හිමිතුමකුට වුවත් පදවි වසයෙන් ‘මහතෙර’ නම දිය හැකි බවත ග්රාතමවාසි ආරණ්යෙක වශයෙන් මහතෙර පදවි දෙකක් මුත් වෙන මහතෙර පදවි පත් නො කළ යුතු බවත් දඹදෙණිකතිකාවතේ ඒ ව්යෙවස්ථාවේ අදහස ය යි හැ‍ඟේ. ‘මාහිමි’ පදවියට පත් කර ගනු ලබන්නෙත් ඒ මහතෙර දෙනමගෙන් එක් නමෙකි. “මාහිමි තෙන අයාමෙක වුවමනා වී නම් මේ දෙ තෙතින් ම යෙදෙන තෙනක් එ ලෙසින් මාහිමි කටයුතු” යන ව්යදවස්ථාවෙන් එ බව පැහැදිලි වේ. දඹදෙණිසමයෙහි ම වුවත් මහතෙර දෙනමක් පමණක් වූහ යි. තේරුම් ගත හොත් වරදැයි සිතමු. විනයානුකූල ව ලැබෙන ‘මහතෙර’ නම මින් තහනම් කරන ලදැ යි ද නො සිතමු. ඒ ඒ ගණයන්හි ග්රා‘මවාසී පක්ෂයට ගැනෙන සුදුසු තෙර නමකට එක් මහතෙර පදවියකුත් ආරණ්යටක පක්ෂයට ගැනෙන තෙරනමකට අනෙක් මහතෙර පදවියත් පත් කළ යුතු බව කියන ලදැයි සිතන්නට ඉඩ තිබේ. විල්ගම්මුළ මහතෙර පදවියත් එ බන්දෙකැයි හැ‍ඟේ. මේ වැඩිදුර විමසා බැලිය යුත්තෙකි. මෙහි දැක්වූයේ අප ගේ මතිමාතු යි. ග්රා මවාසි ආරණ්ය්ක යන දෙකොටසට අෂ්ටායතනය අයත් බව අප ගේ ද අදහස වන නමුත් ග්රාෙමවාසී සඬ්ඝයා ආරණ්යගක සඬ්ඝයා යන ඒ දෙකොටස ද ආයතන දෙකක් වසයෙන් සලකන්නෝත් සිටිති. මහපැරැකුම්බා රජු පොළොන්නරුවෙහි විහාර අටේ (අෂ්ටායතනයේ) මහතෙරුන් සඳහා ප්රානසාද අටක් කැරැවුවා සේ ම දෙවැනි පැරැකුම්බාරජු විසින් දඹදෙණියේ ද අෂ්ටායතනවාසී “මහතෙරුන්” අට දෙනා ගේ ග්රාෙමවාසි අරණ්යේවාසි තෙරවරුන් ගේ ද වාසය සඳහා අලඬ්කාර සඬ්සාරාමයන් කැරැවූ බව මහාවංශයෙහි පෙනේ. අෂ්ටායතනයේ ඇතැම් ආයතන ගම්


viii

වැසි පසටත් ඇතැම් ආයතන වනවැසි පසටත් අයත් වී නම් අට ආයතනය වෙන ම දක්වා ගම්වැසි අරන්වැසි තෙරවරුන් වෙන ම දැක්වූයේ කුමක් හෙයින් දැයි සැකයෙක් උපදී. අෂ්ටා යතන පදවි මහතෙර පදවි වසයෙන් පත් කරන ලද්දා සේත් ඇතැම් විස්තරවලින් හැ‍ඟේ. ආයතන අට උභය වාසයට ඇතුළත් නො වී නම් නිකායසඬ්ග්රහහ ආදියෙහි උභයවාසය ම ප්ර ධාන කොට කියන්නට හෙතු නැත. කෙසේ වුව ද මහතෙර පදවිය පත් කරන ලද්දේ පසු ව සඟරජ තනතුර පවා ලැබීමට සුදුසු උතුමකු හට ය යන්න නම් පැහැදිලි වේ.

‘අභිධානප්පදීපිකා’ නම් පාලිනිඝණ්ඩුව කළ මොග්ගල්ලාන හිමියෝ චිල්ගම්මුළට අයත් කෙනෙකි. පොළොන්නරුවෙහි වැඩ විසූ උන් වහන්සේ “සරොගාම සමූහම්හි - වසතා සන්තවුත්තිනා” යි විල්ගම්මුළ සමූහයෙහි වසන බව කී මුත් එහි ප්රඝධාන බවක් නො කීහ. එ කල ඒ ගෙණෙහි ප්රහධාන වූවෝත් උන් වහන්සේ ය යි සිතන්නට පිළිවන. විල්ගම්මුළ ආදී ආයතන නිකායනාමයෙන් මේ කල ඇතැමකු දක්වන බව පෙනේ. ඒ වරදෙකි. ‘නිකාය’ යන්නෙහි අරුත ‘සමූහ’ යනු වුවත් භික්ෂුනිකායාදිය කියන විට එය විශෙෂාථියක් දෙයි.

නිකායසඬ්ග්රිහයෙහි “සාහිත්යාවිල්ගම්මුළ” යි දැක්වුණේත් ‘විල්ගම්මුළ’ නම් භික්ෂුගණයට අයත් නොහොත් එහි ආධිපත්ය්ය දැරූ පොළොන්නරු සමයෙහි හෝ දඹදෙණි‍සමයෙහි වැඩ විසූ උතුමෙකි. ‘සාහිත්යම’ යන්න මුල් කොට යෙදීමෙන් ම උන් වහන්සේ ගේ තරම තරමක් දුරට තේරුම් ගත හැකි ය. සිංහලමහාබොධි වංශය සහ අනාගත වංශය කළ විල්ගම්මුළ හිමියෝ කුරුණෑගල් පුරය රාජධානි කොට ගත් දෙවෙනි පණ්ඩිත පරාක්රිමබාහු (4 පැරැකුම්බා) රජු සමයෙහි මහතෙර ව විසූ හ. ඒ පොත් දෙක කෙළේ එ රජු ගේ ම ආරාධනාවෙනි. පොත් දෙකේ ම උන් වහන්සේ ගේ නම සඳහන් වන්නේ “විල්ගමමුළ මහා ස්ථවීර පාදයන් වහන්සේ” යනුවෙනි. එතුමන් කිත්සිරි මෙවන් කැලණි විහාරයෙහි අධිපති බව බෝධිවංශයෙහි සඳහන් වතුදු අධිපති ව සිටි හෝ වැඩ විසූ හෝ තැනෙක් අනාගත වංසයෙහි සඳහනු නො වේ. එහෙත් පොත් දෙක එකකර්තෘඅක බවට කිසි සැකයෙක් නැත. බුද්ධ වර්ෂ 1876 දී පිහිටුවන ලද කිත්සිරිමෙවන්


viii

කැලණිවිහාර සෙල්ලිපියෙහි ‘විල්ගම්මුළ මාහිමි’ යි දැක්වේ. කරඹවලාන් පරපුරෙන් උන් වහන්සේ පැමිණි බව එම සෙල් ලිපියෙහි මෙන් ම බෝධිවංශයෙහි ද සඳහන් කර ඇත. අනාගත වංශයෙහි එ බවෙක් නො කියැවේ. අනාගත වංශයට අනතුරු ව බෝධිවංශය කළ විල්ගම්මුළ හිමියන් පසු ව මාහිමි පදවිය ලත් බව මනා සේ වැටහේ. බු.ව. 1876, එ නම් කින් සිරිමෙවන් කැලණි සෙල්ලිපිය පිහිටුවූ වර්ෂදය දෙවෙනි පණ්ඩිත පරාක්රසමබාහු රජු‍ ගේ අවසාන භාගය නො වී නම් වන්නි බුවනෙකබාහු රජු ගේ රාජ්යමකාලය වී ය යි හැ‍ඟේ. සිරිමත් ඩී. බී . ජයතිලක මැතිතුමා ආදී උගතුන් ගේ කල්පනාවේ හැටියට දෙවෙනි පණ්ඩිත පැරැකුම්බා රජු ගේ රාජ්යතකාලය පන්තිස් හවුරුද්දක් පමණ වේ. වන්නි බුවනෙකබාහු ගේ රාජ්යසකාලය දසවසක් පමණ ය. ඉක්ඛිත ව රජ පැමිණි සවුළු විජයබාහු ගේ රාජ්යරකාලය දොලොස් වසක් පමණ වෙයි. කුරුණෑගල පණ්ඩිත පැරැකුම්බා රජු‍ ගේ පටන් ශතවර්ෂමයක් පමණ වූ කාලය පිළිබඳ විස්තර අපේ ඉතිහාස පොත්හි මනා සේ සඳහන් වී නැත. විජය රජු ගේ පැමිණීම ක්රිස.ව. යට 543 ය යි ඇතැම් උගත්තු නො පිළිගනිති. ඔවුන් ගේ මතය ක්රි .ව. යට 483 නිවැරැදි වර්ෂනය වන බව යි. වර්ෂ සංඛ්යා වෙහි පරතෙරය නිතර ම අවුරුදු 60 ක් වේ. 483 මතය අනු ව ගත් කල කැලණි සෙල්ලිපියේ සඳහන් බු.ව. 1876 ක්රිම.ව. 1333 වේ. ඒ කාලය පස් වන (සවුළු) විජය බාහු රජු ගේ රාජ්ය කාලය බව පෙනේ.

“ සූය්ය්ජ් ශතක සන්නය” “ෂඩ්භාෂා පරමෙශ්වර ත්රිේපිටක වාශීශ්වර ශ්රීස රාජගුරු ගලතුරුමුල මහා ස්වාමිපාදයන් ගේ ප්රයධානශිෂ්යක වූ ශ්රී් පරාක්රුමබාහු විල්ගම්මුළ මහාථෙර සාමීන් විසින්” කළ බව එහි සදහන් වේ. “විමුක්ති සඬ්ග්රරහය” කළ ලංකා සෙනෙවිරත් පිරිවෙන මහාස්ථවිරපාදයෝ ඒ විල්ගම්මුළ මහාස්ථවීරයන් වහන්සේ ගේ ශිෂ්යං කෙනෙකි. විමුක්ති සඬ්ග්රරහය කරන ලද්දේ වික්රයමබාහු මහරජු ගේ අටළොස් වැන්නෙහි ය. මේ වික්රමමබාහු රජ නම් ගම්පළ රජ පැමිණ තුන් වන වික්රහමබාහු මහ රජ ය යි සලකනු ලැබේ. පස් වන පරාක්රතමබාහු රජු ඇවෑමෙන් රජයට පත් වික්ර මබාහු රජු ගේ රාජ්යමපදප්රානප්තිවර්ෂටය සඳහන් වී නැතත් “ඒ රජු යටත් පිරිසෙයින් බුද්ධ වර්ෂජ 1917 දක්වා රජ කළ


ix

බව හැ‍ඟේ” ය යි ජයතිලක සිරිමත්හු පැරැකුම්බා සිරිත ප්රදස්තාවනායෙහි දක්වති. විමුක්ති සඬ්ග්රතහයෙහි දැක්වවූ වික්රිමබාහු රජ ගම්පළ වික්රහමබාහු රජු නො විය හැකි ය යි කෙනෙක් සැක කෙරෙති. විමුක්තිසඬ්ග්ර හ කර්තෘොපාදයන් තමන් සෙනාලඬ්කාධිකාර සෙනෙවිරදුන් ගේ පස් වන මුනුබුරු බව කීම් ඒ සැකයට හෙතු වී තිබේ. මුනුබුරා ගේ මුනුබුරා යනාදි ක්රබමයට ගත හොත් පස් වන මුනුබුරු බව ලැබීමට දිගුකලක් යන බව සත්ය්යෙකි. දූ පුතුන් කීප දෙනකු ඇතියකු හට තමා ගේ ජීවමාන සමයෙහි ම මුනුබුරන් කීප දෙනකු දක්නට බැරි කමෙක් නැත්තේ ය. දුව ගේ පුතාත් මුනුබුරෙකි. පුතා ගේ පුතාත් මුනුබුරෙකි. සොනලඬ්කාධිකාර සෙනෙවිරදුර විසින් ශාසනශොධනයක් කරවන ලද්දේ 4 වැනි බුවනෙකබා රජු ගේ සිවුවැන්නෙහි දි ය. 5 වන පරාක්රාමබාහු රජ වූයේ ඒ බුවනෙකබා රජු ගේ ඇවෑමෙනි. පස් වන පරාක්රකමබාහු රජ වූයේ ඒ බුවනෙකබා රජු ගේ ඇවෑමෙනි. පස් වන පරාක්රකම බාහු ගේ ඇවෑමෙන් රජය ලද්දේ වික්රවමබාහු ය. ඔහු ගේ අටළොස් වැන්නෙහි දි - විමුක්තිසඬ්ග්රවහය කළ යට කී සෙනෙවිරදුන් ගේ පස් වන මුනුබුරා මහාස්ථවීරතුමෙකි. “මහාස්ථවීර” නම ලැබෙන්නේ උපසම්පදාවෙන් විසිවස් පිරුණු විට ය. පොත කරන විට ලංකා සෙනෙවිරත් පිරිවෙන් හිමිතුමා උපතින් සතලිස් වස පිරුණු සමහර විට වයස අවුරුදු පනහක් වත් ඇතියකු වූ බව සිතිය හැකි ය. එ බැවින් තුන් වන වික්ර මබාහු රජු ගේ අටළොස් වැන්න ම විමුක්තිසඬ්ග්ර හනිර්මාරණකාලය වශයෙන් සැලැකිය හැකි වේ. තුන් වන වික්ර්මබාහු රජු ගේ අටළොස් වැන්න නො පිළිගන්නා උගතුන් කියන්නේ විමුක්තිසඬ්ග්ර හය සේනාසම්මත වික්රනමබාහු නම් රජකු ගේ සමයෙහි කරන ලද බව යි. සෙන්කඩගල රාජධානිය කර ගෙන විසි ය යි කියන සේනාසම්මත වික්රගමබාහු රජු රජයට පැමිණියේ ක්රිි.ව. 1463 දී යයි කියති. ඒ කාලය කෝට්ටේ සවන පැරැකුම්බාසමයට අයත් වන හෙයින් ඒ වික්ර්මබාහුරජු ප්රාසදෙශික රජකු ව සිටියා විය හැකි යි. විමුක්ති සඬ්ග්ර හ කර්තෘරපාදයන් විසින් ඒ වික්රුමබාහු රජු ගේ සමයෙහි පොත කරන ලද නම් “රඤ්ඤො වික්කමබාහුනො” යි නිකම්ම නො යොදනු නිසැක ය.

“සූය්‍ර්‍යශතක සන්නය” කළ විල්ගම්මුළ මහාස්ථවීරයන් වහන්සේ විමුක්ති සඬ්ග්රකහයෙහි දැක් වූ විල්ගම්මුළ මහා ස්ථවීරයන් වහන්සේත් එක් උතුමාණ කෙනෙකි. කැලණි ශිලාලිපියේ එන


x

විල්ගම්මුළ මාහිමියෝත් ඒ විල්ගම්මුළ මහාස්ථවීරයන් වහන්සේ ම ය යි බොහෝ උගතුන් සිතන නමුත් විමුක්ති සඬ්ග්රයහ කතුතුමන් සිය ගුරුතුමන් ගේ නම “ විල්ගම්මුළ මහා ස්ථවීරාචාරින්” යි යෙදුවේ කුමක් හෙයින් දැයි සිතන විට සැකයෙක් පහළ වේ. එයට පෙර මාහිමි ව සිටි බව පැනෙන සිය ගුරුතුමන් “මහා ස්ථවීරාචාරීන්” ලෙස සඳහන් කිරීම පුදුමයට කරුණෙකි. සිය ගුරුවරයා හට මාහිමි පදවිය තිබුණේ නම් විමුක්තිසඬ්ග්රෙහයෙහි එ බව සඳහන් නො කිරිමට හේතු කිම් දැයි නො වැටහේ. සූය්ය්යෙ ශතක සන්නයෙහි එන “ශ්රි පරාක්ර මබාහු” යන ගරු නාමය ද විමුක්ති සඬ්ග්රයහයෙහි යෙදී නැති බව මෙහි ලා සැලකිය යුතු වේ.

විල්ගම්මුළ මාහිමියන්ගේ නාමය වුත්තමාලා සන්දේසසතකයෙහි දු එයි. එය කරන ලද්දේ ඒ මාහිමියන් ගේ බෑනණුවන් වූ ගතාරාහිධාන උප තපස්සින් විසිනි. ජාතිගාමප්පුරයෙහි (දැතිගමෙහි) විසූ පැරැකුම්බාරජෙක් එහි වර්ණිත යි. තිසර සන්දෙසයෙහි වැනෙන්නෙත් එ රජ ම ය. දැතිගම පැරැකුම්බා නරපතියා නම් පස් වන පැරැකුම්බාරජ ය යනු ඩී. බී. ජයතිලක මැතිඳුන් ගේ අදහස යි. සෙනාලඬ්කාධිකාර සෙනෙවිරදුන් ගේ මුනුබුරු පරාක්රැම බාහු ඈපාණන් රජ තන් පත් වූ බව සද්ධර්ම්රත්නාකරයෙහි කියැවෙන හෙයින් දැතිගම පැරැකුම්බාරජු නම් ඔහු ය යි ඇතැම් උගතුන් ගේ කල්පනාව යි. දැතිගම් පැරැකුම්බාරජු ගැන මෙන් ම එ රජු ගේ සමයෙහි කැරුණු වුත්තමාලායෙහි වර්ණිත සහරජු ගැන ද මත භේදයෝ ඇත්තාහ. ගතාරාභිධාන උපතපස්සින් විසින් එහි උසස් ලෙස වර්ණ නා කරන ලද්දේ සිය මයිල් විල්ගම්මුළ මාහිමිතුමා ය යි කෙනකු කියන අතර ඇතැමකු කියන්නේ ගතාර උපතපස්සීන් විල්ගම්මුළ මාහිමියන් ගේ බෑනණු බව සැබෑ නමුත් මුනිදාස පඬිතුමා ද මේ මතය ඇති ව සිටි බව මයුර සන්දෙශ විවරණ සංඥාපනයෙන් පැනේ. වුත්තමාලායෙහි වෙන විල්ගම්මුළ තෙර නමක් වර්ණයනා කැරෙන හෙයින් එහි වර්ණිත සඬ්ඝරාජයන් වහන්සේ විල්ගම්මුළ මාහිමියෝ නො වෙති යි නඟන තර්කය සුදුසු ය යි නො සිතමු. මහතෙර කෙනකු මාහිමි පදවියට පත් වූ කල්හි එ තැනට අන් තෙරවරයකු පත් වන හෙයිනි. එක ම සමයෙක්හි විල්ගම්මුළ මා හි මි තු ම කු ත්


xi

විල්ගම්මුළ තෙරවරයකුත් වසනු නො විය හැක්කෙක් නො වේ.“ඉදින් 5 වැනි පරාකුමබාහු ගේ කාලය දක්වා විල්ගම්මුළ මාහිමියෝ වැඩ සිටි සේක් නම් ඊට ප්රාථමයෙන් කරන ලද ශාසනශොධනයෙහි දි උන් වහන්සේ ඉදිරිපත් නුවුයේ ඇයි” යන තර්කය කලකට පෙර පළ වූ පණ්ඩිත මැද උයන්ගොඩ විමලකිත්ති ස්ථවිරයන් වහන්සේ ගේ ලිපියෙක්හි දක්නා ලැබේ. බු. ව. 1876 දී මාහිමි පදවිය දැරූ විල්ගම්මුළ හිමිපාණෝ පස් වන පැරැකුම්බා සමයෙහිත් වැඩ වුසු නම් එයට පෙර - එ නම් බු.ව. 1890 දි රජ බව ලත් 4 වන බුවනෙක බාහු ගේ කාලයෙහිත් වුසු හ යි පිළිගත යුතු වේ. එසේ නම් 4 වන බුවනෙකබා රජු ගේ සිවුවැන්නෙහි කළ ශාසනශොධනයට වනරතන මාහිමියන් මුල් වීම නො විය හැකි ය යි සිතන විමල කිත්ති ස්ථවිරයන් වහන්සේ “5 වෙනි පරාක්රයමබාහු රජතුමන් දවස වැඩ සිටි සඬ්යරාජයන් වහන්සේ වනාහි වනරතන ස්වාමින් බවත් වෘත්තමාලාව රචනා කෙළේත් ඒ කාලයේ දී ම නම් එහි වර්ණිතවූයේ විල්ගම්මුල හිමියන් නොව වනරතන හිමියන් බවත් අපි විනිශ්චය කරම්හ” යි ද පවසති.

බු.ව. 1894 දී සෙනාලඬ්කාධිකාර සෙනෙවිරදුන් විසින් කළ ශාසනශුද්ධියේ දි අමරගිරිවාසවාසී වනරතන මහාස්වාමීන් ප්රනමුඛ වූ බව නිකාය සඬ්ග්රගහයෙහි සඳහන් වේ. එ කල විල්ගම්මුළ මාහිමි (සඬ්ඝරාජ) යන් වහන්සේ වැඩ නො සිටි සේකැයි සැක කරන්නේ එ හෙයිනි. “මහස්වාමි” යනු බොහෝ විට සඬ්ඝ රාජපය්යා්ර ය වුවත් උභයවාසයේ ප්ර ධාන දෙදෙනා වහන්සේට ද වෙනත් විශිෂ්ට මහාස්ථවීරයන් වහන්සේලාට ද “මහාස්වාමී” යී දුටු පමණින් සඬ්ඝරාජ නමෙකැයි සැලැකීම නුසුදුසු බව ජූලියස් ද ලැනරෝල් මහතා ආදී උගතුන් ගේ අදහස වේ. සඬ්ඝරාජ නො වූ හිමිවරුන් සඳහා ද ‘මාහිමි’ යනු යොදා ඇති බව අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්රීම බුද්ධදත්ත මහානායක හිමිපාණන් විසින් ද “ථෙරවාදි බෞද්ධාචාය්ය්ුද්යෝ” නම් ග්රින්ථයෙහි සඳහන් කර ඇත. “යට කී සෙනාලඬ්කාධිකාර අමාත්යායාණන් ගේ ශාසන ශුද්ධියට මුල් වූ වනරතන මහා ස්වාමීන් වහන්සේ එ කල වන වාසයට අධිපති ව වැඩ සිටි බව පිළිගත හැකි නමුත් උන් වහන්සේ


xii

උභයවාසයට ම අධිපති ව සඬ්ඝරාජ ධූරය දැරූ බවක් ඉතිහාසයෙහි නො පෙනේ” ය යි ජූලියස් ද ලැනරෝල් මහතා “සිංහලසාහිත්යන ලිපි” නම් ග්රටන්ථයෙහි සඳහන් කරයි. “විල්ගම්මුළ සඬ්ඝරාජයන් වහන්සේ මේ ශාසනශොධනයෙහි ප්රථමුඛත්වලයට නො පැමිණියේ වයෝවෘද්ධ වූ උන් වහන්සේ එ වකට ගිලන් ව වැඩ සිටිය නිසා විය හැකි ය. මෙ බඳු යම් කිසි බාධාවක් නිසා සඬ්ඝරාජයන් වහන්සේට එළඹිය නො හැකි වැදගත් ශාසනික කටයුත්තක් වූ කල එහි ප්ර ධානත්වයට උභයවාසයේ අධිපති දෙදෙනා වහන්සේගෙන් එක් වහන්සේ නමක් පමුණුවා ගැනීම කවදත් පැවැති සිරිත බැව් පෙනේ” ය යි වැඩිදුරටත් කරුණු දක්වන ලැනරෝල් මහතා එයට නිදසුනක් වසයෙන් සවන බුවනෙකබාරජු දවස සිදු වූ උපසම්පදා කර්ම ය ගෙන ඇරැපායි. ඒ උපසම්පදාකර්මේයට එ කල සඬ්ඝරාජ ධූරය දැරූ ශ්රී රාහුල මාහිමියන් වහන්සේ නො පැමිණි සේක. එහි ප්රරමුඛත්වය දැරුවෝ වීදාගම ශ්රීො මෛත්රෙදය මහාස්ථවීරයන් වහන්සේ ය.

සූය්ය් ය ශතක සන්නයේ කතු ශ්රීු පරාක්රපමබාහු විල්ගම්මුළ මහා ස්ථවීරයන් වහන්සේ සහ විමුක්තිසඬ්ග්රේහ කර්තෘ‍පාදයන් ගේ ආචාය්ය්ග විල්ගගම්මුළ මහාස්ථවීරයන් වහන්සේත් එක නමක් බව පැහැදිලි ය. එ විල්ගම්මුළ හිමියන් තොටගමු විහාරාධිපති ගලතුරුමුළ මහාස්වාමීන් ගේ ප්ර්ධාන ශිෂ්යගයා බව කියන ලදී. ඒ ගලතුරුමුළ මාහිමියෝ ශ්රී් රාහුල සඬ්ඝරාජයෝ ය යි සමහරු කල්පනා කරති. රාහුල සඟරජ හිමියන් උතුරුමුළ රාහුල මහ තෙරිඳුන් ගේ මුනුබුරු බව රාහුල සඬ්ඝරාජයන් විසින් ම ප්රුකාශිත යි. ගලතුරුමුළ, උතුරුමුළ යනු ආයතන දෙකෙකි. රාහුල සඬ්ඝරාජ හිමියන් උතුරුමුළ මහතෙරිඳුන් ගේ මුනුබුරු බව මුත් තමන් වහන්සේ කවර ගණයකට අයත් දැයි කොතැනෙක වත් කියා නැත. ගුරු ගෝල ආදින් හැම විට ම එක ම ගණයකට අයත් ව සිටි බවට සාධක නැත. ගලතුරුමුළ මාහිමියන් සඳහා විමුක්ති සඬ්ග්රටහයෙහි යෙදුණු ෂඩ්භාෂා පරමෙශ්වර ත්රිරපිටක වාගීශ්වරාචාය්ය්ග්ර යනාදී උපාධි ශ්රීහ රාහුල සඬ්ඝරාජයන් වහන්සේටත් තිබුණු බව සත්යකයෙකි. එ පමණෙකින් ම විල්ගම්මුළ මහා ස්ථවිරපාදයන් ගේ ආචාය්ය්යෙක ගලතුරුමුළ මාහිමියෝ ශ්රීහ රාහුල සඬ්ඝරාජ හිමියෝ ය යි සැලැකීමට යුක්තියෙන් නො පෙනේ. ඉපැරැණි තොටගමු විහාරයෙහි


xiii

විසූ ෂඩ්භාෂා පරමෙශ්වර, ත්රිැපිටකවාශීශ්වරාචාය්ය් යු එක ම පඬිවරයා රාහුල සඬ්ඝරාජතුමා ය යි පිළිගන්නේ කෙසේ ද? උන් වහන්සේට “ගලතුරුමුළ මාහිමි” යන ව්යපවහාරයෙක් පැවැත්තේ නම් එ බව උන්වහන්සේ විසින් හෝ තක්කාලීන වූ අන්ය ග්රකන්ථකර්තෘැවරයකු විසින් හෝ පැහැදිළි ලෙස සඳහන් නො කිරීමට හෙතුවෙක් ද නො මැත. එ තබා උන් වහන්සේ “ උතුරුමුළ මාහිමි” වසයෙන්වත් දැකුවූ තැනක් නො දිටිමු. තොටගමු විහාරාධිපති ව වැඩ විසූ ගලතුරුමුළ මහාස්වාමීන් රාහුල සඟරජතුමන් නො වන බවත් සූය්ය් ව ශතකසන්නයෙහි ‘ශ්රීහ පරාක්රසමබාහු විල්ගම්මුළ මහාස්ථවීර’ නමිනුත් විමුක්තිසඞග්ර හයෙහි “විල්ගම්මුළ මහාස්ථවිරාචාරී” නමිනුත් දැක්වුණු හිමිතුමා රාහුල සඬ්ඝරාජයාණන් ගේ ප්ර්ධාන ශිෂ්යරයා නො වූ බවත් අපේ හැඟීම යි.

විල්ගම්මුළ පරපුර ඉතා පැරැණි හෙයින් ද දැතිගම රාජධානී කාලය තෙක් ඒ පරපුර නො සිඳී පැවැති බව පැහැදිලි වන හෙයින් ද ඒ පරපුරෙහි එක් මහතෙර නමක් නැති වූ විට ඒ තනතුරට වෙන සුදුසු නමක් පත් කිරීම සිරිතක් ව පැවැති හෙයින් ද මහතෙර පදවිය ලබන හැම දෙනා වහන්සේ ම ගුණ නුවණින් හෙබි උතුමන් වූ හෙයින් ද සඳකිඳුරුදාකව කෙළේ දෙනගමු වෙහෙරෙහි විල්ගම්මුළ මහතෙරිඳුන් විසින් යනු මිස කතුවරයා ගැන හෝ කාව්යිනිර්මාඳණකාලය ගැන හෝ තීරණයකට බැසීමට ඉවහල්වන අන් කිසිවෙක් එයින් නො ලැබේ. එ බැවින් කාවිසිනුත් කළ හැක්කේ ඒ පිළිබඳ සිය හැඟීම් දැක්වීම පමණි. වෙනත් කරුණු ගැන ද සලකා විමසුම් නුවණින් බැලූ උගත්තු මෙය දඹදෙණි කාලයට අයත් විය හැකි ය යි කීහ. ඇතමකු කීයේ කුරුණෑගල් සමයට අයත් බව යි. කෙනෙක් ගම්පළ සමයට ද සමහරු දැතිගම් පුර සමයට ද ලූහ. ඇතැමකු ගේ මතය වූයේ ජයවර්ධන පුර සමය බව යි.

සඳකිඳුරුදාකවේ මුල් පද්යය 246 මෙහි ප්රධථමභාගය වශයෙන් සකස් කොට අප විසින් සම්පාදනය කරන ලදු ව 1940 දී පළ විය. එහි සංඥාපනයෙහි කතුතුමන් පිළිබඳ අප ගේ හැඟීම දැක්වූයේ මෙසේ යි:-


xiv

“අප හැඟීම නම්, දෙනගමු විහාරාධිපත්ය ය ඉසිළූවෝත් කුරුණෑගල පණ්ඩිත පරාක්රනමබාහු රජු ගේ අනුශාසකයා වශයෙන් දීප්තිමත් ව වැඩ විසුවෝත් පසු ව සඬ්ඝරාජ ධූරයට පත් වූවෝත් දඹදෙණි රාජධානි කාලයෙහි විසූ බව පැවැසෙන සාහිත්ය් විල්ගම්මුළ හිමිපාණෝ ය යනු යි” කිවිසුරු රැ. තෙන්නකෝන් මහතාණන් විසින් “සඳකිඳුරු දා කව් අවදිය” යන මැයෙන් සැපැයුණු මෙහි අන් තැනෙක යෙදී ඇති සාරගර්භ විචාරපූර්ණ ලිපියෙහි මේ කවේ නිර්මා ණ කාලය පිළිබඳ ඒ මහතාණන් ගේ අදහස දැක්වේ. ඔවුන් ගේ අදහසත් අපේ අදහස ම බව පෙනේ. එහෙත් සූය්ය්. ය ශතක සන්නය කළ ශ්රීය පරාක්රදමබාහු විල්ගම්මුළ හිමි දැතිගම් පුරසමයෙහි විසුවෙකැයි ද බොධිවංශාදිය කළ හිමියන්ගෙන් අන්යසයෙකැයි ද ඒ මහතාණෝ සිතති.

සඳකිඳුරු දා කව, අනාගතවංසය, සිංහල බෝධිවංශය යන තුනින් සඳකිඳුරු දා කව විල්ගම්මුළ හිමිපාණන් ගේ ප්ර ථම කෘතිය වශයෙන් ද අනාගත වංශය දෙ වැනි කෘතිය වශයෙන් ද බෝධි වංශය ඊළඟ කෘතිය වශයෙන් ද සැලැකිය හැකි යි. සූය්ය්ය ශතක සන්නය කළ විල්ගම්මුළ ස්ව‍ාමිපාදයෝ අනාගතවංශ, ‍ෙබාධිවංශ දෙක කළ විල්ගම්මුළ හිමිපාණෝ නො වෙති යි ද ඉන් පසු සිටි උතුම‍ාණ කෙනෙකැයි ද සඳකිදුරු දා කව , සුය්ය්ම‍ ශතක සන්නය යන දෙක ඒ විල්ගම්මුළ හිමිපාණන් ගේ කෘති ය යි ද මතයෙකි.


“වඳිනා ළඳ සොඳි න

 සිරිපත්ලෑ මුව තබමි			න
 රිවිදෙව් ගත් අති			න
 තඹර සරණක පුදන වැනි ර	න”


යනාදි පද්ය යන් කීපයක් ගැන සිතන විට සූය්ය්ක ශතක සන්නය කළ හිමිපාණන් ම සඳකිඳුරු දා කවත් කරන්නට ඇත යන අදහස සිතට නැ‍ඟේ. විමුක්තිසඬ්ග්රඅහ කර්තෘ‍පාදයන් විල්ගම්මුල හිමිපාණන් ගේ නම යොදා තිබෙන සැටියෙනුත් කැලණි විහාරාධිපති ව වැඩ විසූ අනාගත වංස, බොධිවංස දෙක කළ විල්ගම්මුළ මාහිමියෝ අන්යසයෙකැ යි සැකයක් පහළ වතුදු විමුක්තියඬ්ග්රවහ කර්තෘහපාදයෙන් මහස්ථවීර ව සිටියදී එ පොත කළ හෙයින් ද එතුමන් විල්ගම්මුළ මහාස්ථවීරතුමන් ගෙන් ධර්ම ශාෂෙත්රා දග්රමහණය කරන්නට ඇත්තේ බාලවියෙහි දී හෝ තරුණවියේ දී ය යි සලකන


xv

කල්හි එ කියන විල්ගම්මුළ මහාස්ථවීරාචාරීන් විල්ගම්මුළ මාහිමියන් ම බව සිතන්නට කරුණු ඇති හෙයින් ද යට කී පොත් සතර ම එකකර්තෘතක ය යි අපට හැ‍ඟේ. ඒ සතරින් ප්රතථම කෘතිය සුය්ය්දාණ ශතක සන්නය විය හැකි ය.

ඇතැමකු මෙය ජයවර්ධන පුර සමයෙහි කරන ලද්දක් විය හැකි ය යි සිතන්නේ සුය්ය්න පශතක සන්නයෙහිත් විමුක්ති සඬ්ග්රථහයෙහිත් සඳහන් විල්ගම්මුළ මහාස්ථවීරයන් වහන්සේ ගේ ගුරුවරයාණවූ ගලතුරුමුළ මහා ස්වාමීපාදයන් වහන්සේ තොටගමුවේ ශ්රීු රාහුල සඬ්ඝරාජයාණෝ ය යි ද කල්පනා කිරීමෙන් විය හැකි ය. එ කියන ගලතුරුමුළ මහාස්වාමීන් රාහුල සඟරාජ හිමියන් නො විය හැකි බව යට සඳහන් කරන ලදී. ගම්පළ සමය විය හැකි ය යි ඇතැමකු සිතන්නෙත් ගම්පළ වික්රදමබාහු රජු ගේ අටළොස් වැන්නෙහි කළ විමුක්ති සඬ්ග්රමහයේ කතුතුමන් ගේ ගුරුන් වහන්සේ වන විල්ගම්මුළ හිමිපාණන් ඒ සමයෙහි වැඩ සිටයකු බව සිතීමෙනැයි හැ‍ඟේ. දැතිගම කාලය ගැන සිතන්නේ චුත්තමාලායෙහි සඳහන් විල්ගම්මුළ තෙරණුවන් විසින් මෙය කරන ලද්දේ ය යන හැඟීම පිට විය හැකි ය.

විමුක්තිසඬ්ග්රයහයෙහි එන වික්රකමබාහු රජ, සේනාසම්මත වික්රනමබාහු ය යි සැලැකුවත් මෙය විරචිත කාලය (ක්රිර.ව.) 15 වන ශතවර්ෂ්යට පමණ වැටේ. දැතිගම, ජයවර්ධන පුර යන කාලවලට ගත්තත් (ක්රි1.ව.) 15 වන ශතවෂර්යල පමණ වන බව පෙනේ. ඒ කෙසේ වුවත් සඳකිඳුරු දා කවේ නිර්මායණකාලය දැතිගම පැරැකුම්බා සමයෙන් පෙර වූ බව තෙන්නකෝන් කිවිසුරාණෝ සහෙතුකව පැහැදිලි කෙරෙති.

මේ කව් (ක්රි .ව.) සතළොස් වන සියවසේ කැරුණෙකැයි කෙනකු නඟන තර්කය හාස්යුජනක බව ඔහු මනා‍ සේ හෙළි කෙරෙත්. භාෂා විලාසය අනු ව බලන විට මෙය (ක්රි‍.ව.) අටළොස් වන සිය වසට අයත් විය හැකි ය යි සිතන්නෝත් සිටිති. කිමෙක් ද ඒ කියන භාෂා විලාසය? ථූපවංස, සද්ධර්මිරත්නාවලී, පූජාවලී, බොධිවංශ, අනාගතවංශ, ආදී දඹදෙණි කුරුණෑගල් සමයවල කැරුණ පොත්වල භාෂාවිලාසයට වඩා මෙහි අමුතු විලාසයෙක් අපට ‍නම් නො හැ‍ඟේ. වහරට හුරු ලිහිල් වදන් යෙදීම නිසා සඳකිඳුරු දා කව් සතළොස් වන හෝ අටළොස් වන


xvi


සියවසට ලීමට කතා කරන පඬිවරුන් සද්ධර්මසරත්නාවලිය වැනි පොත් ඒ කාලවලට හෝ එකුන්විසි වන (ක්රිස.ව.) ශතවර්ෂෙයට ලීමට කතා නො කිරීම පුදුමයෙකි. 17, 18 වන සියවස් තුළ “විල්ගම්මුල” නමින් පරපුරක් තිබුණු බව ඔප්පු කිරීම ද ඒ උගතුන් ගේ යුතුකම වේ.

“ දෙවෙනි පණ්ඩිත පරාක්රුමබාහු මහාරාජොත්තමයන් වහන්සේ ............... අනාගත වංශය නම් වූ මහාධර්මොප්රනබන්ධය ස්වකීය භාෂාවෙන් ලියවනු කැමැති සේක් ......... විල්ගම්මුළ නැමැති කනකගිරිශිඛරයෙහි විජෘම්භමාණ සිංහරාජයක්හු වැනි වූ මහා ස්ථවීර පාදයන් වහන්සේට ආරාධනා කළ සේක” (අනාගතවංශය) “විල්ගම්මුළ නමැති රන්ගිරි සිරෙහි වැජෑඹෙන සිහ රජකු වැනි” යන්න ම් සඳකිඳුරු දා කවේ “රන්ගිරි සිර අසල” යනු යෙදීමෙන් අදහස් කරන ලද දැයි විමසිය යුතු ය. මෙහි තමන් වැඩ විසූ දෙනගමු වෙහෙර කනක ගිරි ශිඛරයකට සමාන කළහ යි සිතන්නට ඉඩ තිබේ.

“ මේ අනාගතවංශය විශෙෂ කොට කළා වූ මේ කුශල කර්මරයෙන් සියලු සත්ත්වයෝ හැම කල්හි මැ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා, නිරුපද්ර්ව වෙත්වා, අවෛරී වෙත්වා. සුවපත් වෙත්වා” යනු අනාගත වංශයේ අවසන්හි එයි. සඳකිඳුරු දා කවේ අග එන-

“මෙ දහම අනුස සින් උවදුරු නසා නො ල සින් සිතැ පිරි සන් තො සින් මෙ ලොවැ නිති වැඳැ ඉසුරු වෙහෙ සින්”

“ළුළුවෙන් කී සසි රි මෙ දහම් අසා සුමිහි රි සව් සත් හැරැ දුසි රි ලබත්වා මතු සග පවග සි රි”

මේ පැදි දෙකේ අදහසට යට දැක්වූ වාක්ය යේ අදහස කොතරම් සමීප දැයි සැලැකිය යුතු ය. “සත්ත්වයෝ තමන් තමන්ගේ ප්රාමථර්නාය වූ පරිද්දෙන් සසර දුක් දුරු කොටැ ශාන්ත ප්ර්ණීත වූ අමාමහ නිවනට පැමිණෙත්වා” යි සිංහලබෝධිවංශයෙහි අවසානයෙහි ද එයි.


xvii


“මේ ලිවු පින් පු රා විඳැ සව් සැපත් නිතො රා නො වැද බිය සස රා මම ද බුදු වෙම්වා ලොවුතු ර”

පොතේ මේ අවසාන පද්යොය සඳකිඳුරු දා කව්කතු තුමන් ගේ නො වේ ය යි අපි කලින් සිතුයෙමු. අනාගතවංශයෙහි සහ බෝධි වංශයෙහි අග යෙදුණෙ දිර්ඝනප්රාකර්ථනනා වාක්යෝයන් ගැන සිතු විට මේ පැදියත් උන්වහන්සේ ම ය යි හැඟිණ.

“.....................නිරුත්තර වූ සම්ය‍ක් සම්බොධිඥානය සමධිගමය කොටැ මොහාන්ධකාරය දු‍රු කරන්නා වූ අතිපරිශ්රාද්ධ වූ ධර්මසදෙශනා කොටැ සියලු සත්ත්වයන් සංසාර නැමැති සාගරයෙන් එතර කොට නිර්වාිණක්ෂේම භූමියට පමුණුවම්වා”

(අනාගතවංසය)

“මම වනාහි උතුම් වූ සම්යුක් සම්බොධියට පැමිණැ නිරුත්තර වූ ධර්මමදෙශනා කොටැ සියලු සත්ත්වයන් සංසාරබන්ධනයෙන් මුඳම්වා”

(බොධිවංසය) මේ පොතින් දැක්වෙන්නේ “වන්ද්කින්නරජාතකය” වුවත් මෙහි අර්ධයකටත් වැඩියෙන් යෙදුණේ සිද්ධාර්ථව කුමාරොත්පත්තිය ආදී කරුණු වැනිමට ය. කව් සාරසිය පස්විස්සෙකැ යි කතුතුමන් විසින් ම පොතේ ප්රනමාණය දැක්විණ. කර්තෘයනාමාදිය දැක්වෙන කව් කීපය හැර ය. ජාතකකථාව ඇරැඹෙන්නේ කව් 290 කින් පසු යි. සිදුහත් උපත, මහබිනික්මන, මාර යුද්ධය යනාදිය මුල් කොටසට ඇතුළති. ඇතැම් පුස්කොළ පිටපත්හි “මහබිනික්මන් වර්ණයනාව” යි විශේස නාමයෙක් මේ පොතට යොදා තිබේ. නගරවර්ණ නා, රාජවර්ණවනාදියෙන් පරිපූර්ණන වූ මෙහි මාර යුද්ධ වර්ණවනාව අතිශය චමත්කාර ජනක වෙයි.

“ග න ර න් කුළු දිලි ගිරි මුඳුන තා

	  පි නි මි න්	සිත සුර ගණ නිති ප				තා 

දෙනකන් කලු ගී නැටුමෙන් ඉ තා මන සන් තොස වෙයි දුට ළු වන තා”



xviii


ඈ විසින් එන වනවණර්නාතවද විසිතුරු එකෙකි. මට සිලිටි මනහර බසින් රචිත මේ කාව්යනය මුළුමනින් ගෙන පිරික්සන විට කර්තෘුපාදයන් ගේ පාණ්ඩිත්යාය පැහැදිලි වන්නේ ය.

වලානේ සරණපාලාරාම විහාරාධිපති ව වැඩ විසූ ශ්රීන ධර්මාතනන්දණ නායක හිමියන් විසින් සන්නයක් සහිත ව 1931 වර්ෂ‍යේ දී මුද්රයණය කරවන ලද සඳ කිඳුරුදාකව ද පුස්කොළ පිටපත් කීපයක් ද අප ගේ මේ සංස්කරණයට ඉවහල් විය. කොළඹ කෞතුකාගාර පුස්තකාලයේ ඇති හුරුළු ප‍ළාතෙන් ලැබි තිබෙන පිටපත් තුනක් ඇතුළු සියලු පුස්කොළ පිටපත් ද කියවා බැලිමු. ඒ පුස්කොළ පිටපත් සියල්ල අතර සමාන පිටපත් දෙකක් දක්නට ලැබුණේ නැත. ඇතැම් පිටපත්හි මුලට ඇති කව් ඇතැමෙක අගට ය. අගට ඇති කව් මුලට ය. මැඳට ය මෙසේ නොයෙක් ලෙසින් අවුල් ව පවත්නා බව පෙනිණ. ඇතැම් පිටපත්හි කව් බොහෝ ගණනෙක් ම අඩු ය. මුද්රි්ත පොතට සමාන ව පැවැත්තේ එක් පිටපතක් පමණි. මෙහි පැරැණිකම නිසා ම අතින් අතට ලියා ගැනීමේ දී කර්තෘිපාදයන් ගේ යෙදුම් රැසක් වෙනස් වී ඇත බව පිටපත් සසඳා බැලීමේ දී හැඟී ගිය කරුණෙකි. 136 වන කව එක් පිටපතෙක හැර අන් සියල්ලෙහි ම පැවැත්තේ මුද්රිුත පිටපතේ ඇති ලෙසිනි. එ තැන කව දෙකේ පද දෙක බැගින් ඉවත් වීමෙනුත් ඉතිරි පාද සතර එකක් ලෙස යෙදීමෙනුත් අථියට බාධක මඟ අවුලෙක් ව පැවැත්තේ ය. සුදුසු ය යි හැඟුණ පරිදි එය සකස් කළ විට එක් කවෙක් වැඩී විය. කතුතුමන් ගේ යෙදුම් වෙනස් නො කොට එ‍ ලෙසින් ම තබන්නට හැකි තරම් වෑයම් කළම්හ. ලියන්නන් අතින් වී තිබෙන මහත්වරදෙක් නම් ඇතැම් තන්හි අවසන් කිරිය පද වෙනුවට පෙරකිරිය පද හා අසම්භාව්ය කෘදන්තත් යෙදීම ය. එ බඳු කිහිප තැනක් හරිගස්සා ඇත. පුස්කොළ පිටපත් හෝ ධම්මානන්දය නාහිමියන් ගේ මුද්රිිත පිටපත හෝ සමඟ අපේ සංස්කරණය සසඳා බලන විට වෙනස් වූයේ කවර කවර තැන් දැයි තේරුම් ගත හැකි ය.

301 කවේ 1 පාදය පුස්කොළ පිටපත් සතරෙක තිබුණේ “මහසත් උස කිම පවසන්නේ” යනුවෙනි. ශ්රීබ ධර්ම නන්ද නාහිමියන් ද එය එසේ ම යොදා “මහසත්” යන්නට බොධිසත්වයන්ගේ” යි අරුත් ද දී තිබිණි. ඒ වනවැනුමෙහි බෝසතා‍ණන් ගේ උස මහත කීමට හේතු කිම් දැයි විමසූ විට එක් පිටපතෙක පමණක් “මහසත්” යනු


xix

වෙනුවට “මහතත්” යි යොදා තිබෙනු දක්නා ලදින් කවෙන් වැනෙන්නේ දිවියන් හෙයින් “මහතත්” යනු ශුද්ධ පාඨය බව මොනවට පැහැදිලි විය. මේ එක ම ශුද්ධිය වුවත් අප ගේ සංස්කරණයෙහි තතු වටහා ගැනීමට පමණ වේ ය යි හඟිමු. මෙ වැනි බොහෝ තැන් මහත් පරිශ්රගමයෙන් පිරිසිදු කර ඇත.

‘අධොලිපි’ යොදන ලද හෙයින් ඒ තැන් බලා ගැනීම පහසු ය. ලේඛකයන් අතින් වූ බරපතල වැරැදි ය යි හැඟුණ සමහර තැන් මඳ වසයෙන් වෙනස් කරන්නට ද සිදු විය. ඒ කවර තැන් දැයි දැන ගැනීම පිණිස සටහනෙක් අන් තැනෙක යොදා ඇත. පෙළ මුද්ර්ණයේ දී වැරැදී ගිය තැන් දැක්වෙන ශුද්ධි පතුයෙකුදු වෙයි. අපට වුවමනා කෙළේ පසින් මඬින් වැසී කිලිටී වී ගිය අනැගි මිණි රුවනක් වන් මේ මහරු ගත හැකිතරමින් පිරිසිදු බවට පත් කිරීම යි. 1940 දී මේ පොතේ ප්රහථමභාගය වශයෙන් පළ වුණු කොටසෙහි ඇතැම් තැන් මෙහි වෙනස් වී ඇත. වැඩිදුර විමසීමේ ප්රකතිඵල වශයෙන් එසේ කළ යුතු විය. එහි අධොලිපි වශයෙන් යෙදුණු සමහර තැන් මෙ වර ශුද්ධ පාඨ වශයෙන් යෙදිණ.

මෙ වැනි පැරැණි පොතක් වරෙකින් දෙකෙකින් සම්පූර්ණධ ශුද්ධියට පැමිණවිමේ දෞෂ්කය්ය්් ය උගත්තු දනිති. මෙහි තව ද ශුද්ධ විය යුතු තැන් තිබෙනු නිසැක ය. යම් තැනෙක අප යෙදූ ශුද්ධ පාඨයකට වඩා අධොලිපියෙක් මැනැවැ යි යමකු හට වැටහේ නම් ඒ එසේ ගනීවා!

සන්නයක් ද වර්ණනනා කළ යුතු පද වනමින් සැපයුණු පද වැනුමක් ද පොතේ සියලු වඳන් අකාරාදි ක්රහමයට දැක්වෙන වදන් වැලක් ද යෙදුමු අප ගේ පාඨශොධනයෙහි ද යන්න ආදියෙහි ද යම් යම් වැරැදි සහ අඩුපාඩු තිබෙනු විය හැකි ය. එබන්දක් දුව හොත් සුධීහු අප දන්වත්වා! සිංහලජාතකපොතින් ගෙන සඳකිඳුරු ජාතකය (චන්ද කින්නර ජාතකය) මෙහි අගට යොදා ඇත. කිඳුරන් පිළිබඳ විශෙෂ විස්තරයක් පද වැනුමට ඇතුළත් කළ අතර ඔවුන් ගේ පැරැණි රූ සටහන් කීපයක් ද යෙදුණේ ආධුනික ජනතාව ගේ ප්ර යොජනය තකා යි.

“සඳකිඳුරු දා කව් අවදිය” යන මැයෙන් යුත් මහරු ලිපිය සපයා දීමෙන් තෙන්නකෝන් කිවිසුරාණන් විසින් මෙහි ලා කරන ලද්දේ මහත් උපකාරයෙකි. ඇදුරුවරයකු වසයෙන් ද ඉතිහාසයෙහි සහ



xx

සිංහලසාහිත්යකවිෂයෙහි කුශාග්රකබුද්ධිමතකු වසයෙන් ද කිවිසුරකු වසයෙන් ද සුපතළ ඒ මහතාණන් වෙහෙස නො බලා ඒ උතුම් කටයුත්ත කිරීම ගැන අවඬ්ක ස්තුතිය පිරිනමමු. පැරැණි සිතියම් බලා කිඳුරු රූ සටහන් ඇඳ දිමෙන් කළුබෝවිල සිරිනිවසේ සිරිල් සී. පෙරේරා මහතාට ද පුස්කොළ පිටපත් සපයා දීමට උත්සුක වූ කෞතුකාගාර පුස්තකාලයේ උපප්රපධාන කේ.ඩී.එල්. වික්රිමරත්න මහතාට ද යම් යම් කරුණු ගැන අදහස් දැක්වීමෙන් සහාය වූ වෙනත් ගිහි භවතුනට සහ පැවිදි උතුමනට ද කෘතඥතා පූර්වයක ස්තුතිය පිරිනමම්හ.


මකුළුදුවේ පියරතන ස්ථවීර

ඔක්. 25 1958

කොහුවල විජය මඬ්ගලාරාමයේ දී ය.

"https://si.wikibooks.org/w/index.php?title=සඳ_කිඳුරු_දා_කව-පෙරවදන&oldid=10276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි