සඳ කිඳුරු දා කව-සන්නය ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

201

ඉල්ලු - ඉල්ලූ හ.

202

මැඳහත් බැවින් - මද්ධ්යදස්ථ හෙයින්, කෙනෙක් වත් (ඔවුනතුරින්) එක් කෙනෙක් වත්, අස්න - පනිවුඩය, 203, 204

පහසුයි.

205

වැලිකෙළියෙහි පටන - වැල්ලෙන් ක්රීනඩා කරන කාලයේ පටන්, ඉටුමිතුරු - ඉෂ්ට මිත්රන, (කල්යාේණ මිත්රන),

110 සඳකිඳුරු දා කව් සන්නය

206

දසක් පිරිවර ලවා - දහසක් පිරිවර කරවා, යවී - පිටත් කෙළේ ය.

207

සහතුට - සතුටින්,

208

එහි ලා - එහි ම, හිමකල් - හිම කාලය, වසන් කල් - වසන්ත කාලය,

209

කල් - කාලය, මෙ යැ යි - මේ වේ ය යි,

210

දැඩි - මහත්, තද, වැඩි ගිමනුදු - අධික ශ්රී ෂ්මය ද, වැඩිසස් - වැඩුණු - ශස්ය (ගොයම්), මනකල් - මනා (සුදුසු) කාලය.

211

කුලනුවරට - ස්වකීය වංශයට අයත් නගරයට, දුලබදහම් - දුර්ලභ ධර්මරය, කුලකොත් - කුලයට ධ්වජයක් වූ, වැඩපල - වෘද්ධි ප්රරයෝජනය,

212

සදා - හැම කල්හි, අගපත් වන - අග්‍ර ප්රා ප්ත වන්නාවූ, සිය කැත් කුලයට - ස්වකීය ක්ෂත්රිවය වංශයට, එ සඳා ඒ සඳහා, (එ නිසා)



                                                                                                                 111

සඳකිඳුරු දා කව් සන්නය


213

සවනක් රැස් - ෂඩ්වර්ණ රශ්මිය, මනසක් - සිත් සහ ඇස්, දිවසක් ලා - දිව ඇස යොමු කොට,

214

වන - වනයෙහි තුරුලිය කොළ සැලෙමින් - වෘක්ෂ ලතාවන්ගේ පතු වැටී, ගන - ඝන වූ, සහළඟුරෙව් - ගිනි සහිත අඟුරු මෙන්, දළුලිය - දළු දැමී ය, හැම තැන - සියලු ස්ථාන ම , වෙසෙසින් - විශෙෂයෙන්, උදුලිය - උජ්වලිත ය, (බැබැළුණේ ය.) දුටුවන් නෙත් මන - දර්ශෂනය කළවුන් ගේ ඇස් සිත්, ඉපිලිය - ඉල්ප ගියේ ය.

215

දුමදුමහි මැ - වාක්ෂයෙක්හි වෘක්ෂයෙක්හි ම, සුපිපිමලී - මනාව පිපුණු මල් ය, බිඟු හෘඬ්ගයා, ගුමුගුමු යැ යි - ගුමුගුමු කියා, නදලී - නාද කෙළේ ය, ලියලී - වැඩුණේ ය, මෙ මැ - මෙය ම, ගමනට - යාමට, බලී - බලවත් වූ, කලැයි - කාලය යි.

216

සැටගයෙකින් - ගාථා හැටෙකින්, වනා - වර්ණගනය කොට,

217

පෙළ මුද්ර්ණයේ දී මෙහි සුලු වරදක් වී ඇති හෙයින් ශුද්ධ කොට නැවැත මෙහි යෙදෙයි.

“ දි නි ඳු උදා වූ විලස ට නි රි ඳු සඳා ඒ නුවර ට තෙරිඳු උදායී මෙ ලෙස ට මු නිඳු යොදා ලී වඩින ට” 112 සඳකිඳුරු දා කව් සන්නය

දිනිඳු උදා වූ විලසට - හිරු උදා වූ පරිද්දෙන්, නිරිඳු සඳා - සුදොවුන් රජු සඳහා, ඒ නුවරට - ඒ කිඹුල්වත් පුරයට, උදායී තෙරිඳු - උදායී ස්ථවීරෝත්තමයා, මෙ ලෙසට - මේ පරිද්දෙන්, වඩිනට - වැඩීම පිණිස, මුනිඳු - මුනිරජු, යොදා ලී - යෙදවී ය,

218

අඟුමගදින් - අංගමගධ යන දෙරටින්, සඟරහතුන් - රහත් සඬ්ඝයා, මුනිසක් - මුනි උතුමා,

219

තුට -තුෂ්ටියෙන්, (සතුටින්) සැට යොදුනක් - යොදුන් සැටක් වූ,

220

දන්වන දහසින - දන්වන අදහසින්,

221

සදවා ලූ - පිළියෙළ කරවූ, පා - පාත්රොය, පිඬු - පිණ්ඩයෙන් (අහරින්) සකසේ - සකස් කොට, දිනි - දුන්නේ ය.

222

පිඬුපා - පිණ්ඩ පාත්රූය, (ආහාර සහිත පාත්ර්ය) වළඳන මිස - වැළදීම හැර, තැනකට - අන්යඩ ස්ථානයකට, වඩීනු- වඩින්නේ,

223

නිරිඳුන - රජතුමනි,

224

පහසුයි. 113 සඳකිඳුරු දා කව් සන්නය 225

එ මැ පා - එ ම පාත්ර්ය, මුදු අහරින් - මෘදු ආහාරයෙන්,

226

පා පෙරදැරි කොටැ හරිමින් - පාත්රටය පෙරටු කොට යවමින්,

227

පෙරට - ඉදිරියට, දිනි - දුන්නේ ය.

228

සක කුල නර පවර - ශාක්ය වංශික රජවරු.

229

නුඟ අරම - නිග්රොසධාරාමය, නොයෙක සිරිනා - නොයෙක් අලංකාරයෙන්, සදවා - සරසවා, පිරිවරිනා - (පිරිවරින් x ආ) පිරිවර සමඟ වැඬියා වූ, වැස්වූ - වාසය කර වූහ.

230

කැත්කුල - ක්ෂත්රිාය සමූහයා, අද - මේ දිනයෙහි, නො - වැඳි කල - නො වැන්ද කල්හි, නපුරු - නරක ය, (නපුරු x අද, නපුර ද,)

231

රජ සැපතැ - රාජ්යප සම්පත්තියෙහි, සගබාල ය - ඉතා ළදරු ය. ඉනුත් බාල ය - එයින් ද බාලයෝ වම්හ. 232

ඌන ය - අඩුවක්, හේ - හෙ තෙමේ, මානය නො කොටැ - මානය නො කර,

114 සඳකිඳුරු දා කව් සන්නය

233

සුහුරු ය - මාමා ය නොහොත් මස්සිනා ය, බාලේ - බාල කාලයෙහි, එසේ වුව - එසේ වුවත්, ඔහු වැඳුම් - ඔහුට වැඳීම, අඟුරු ය - ගුරු නො වේ, අගෞරවයෙනි,

234

වැඩකරු ය - යහපත කරන්නෙකි. අබිරු ය - බියසුලු ගති නැත්තා ය, එ විටත් - ඒ බුදු වන කල්හිත්, නිගරු ය - පහත් ය,

235

ඔහු - ඒ ශාක්යු රජහු, ඉවතා - අහකට වී,

236

සකකුලැ - ශාක්යු කුලයෙහි,

237

එ එජ රැස - ඒ රජ සමූහයා ගේ, මන් බිඳැ - මානය භග්න කොට, නොවලස - වහා,

238

යමා පෙළහර - යමක ප්රා තිහාය්ය්් ය, දක්වත් - දක්වන කල්හි, කුල්මත් වෙමින් - ප්රීයතියෙන් මත් ව, කුහුලට පැමිණ,

239

හිමි - ස්වාමීනි, පාතඹර - පාද පද්මය, කාළදේවල තවසර - කාළදේවල නම් තාපසයාණන් ගේ, සිරසෙහි - හිසෙහි,

                                                                                                                     115

සඳකිඳුරු දා කව් සන්නය

240

සිත් පාහන් කැර - සිත පැහැදීම කොට,

241

යමා මහ පෙළහර - යමක මහා ප්රාදතිහාය්ය් ය, පෙම්බර - ප්රෙ මයෙන් හාර වූ,

242

දැඩිමන් කැත්නිකර - තද මානයෙන් යුත් ක්ෂත්රි්ය සමූහයා, දළසුන් සපුන් යුර - දළ සිඳුණු සර්පයන් මෙන්,

243

නබින් - අහසින්, එක් සිත් වෙමින් - එක් සිතක් ඇති ව,

244

අසිරියත් පෙන්නා - ආශ්චය්ය් පයයත් දක්වා, පොකුරුවැසි වස්වන්නා - පොකුරු වැසි වර්ෂ ණය කරවනු සමඟ ම, පසන්නා - ප්රකසන්නවූ, ළගන්නා - සිත් ගන්නාවූ, මහිම - අනුභාවය, ආශ්චය්ය්-ක් ය,

245, 246

එ අසමින් - එය ශ්රයවණය කරමින්, නරසී - නරසිංහ (මනුෂ්යව ශ්රෙනෂ්ඨ) වූ, මහ ඉසී- මහා සෘෂීන් වහන්සේ, බවයෙන් වැසී සිටි - අන්ය( භවයෙන් වැසී සිටියා වූ, තොපට - නුඹලාට, එයින් - ඒ හෙතුවෙන්, එ කිසි - ඒ කිසිවක්, නො දැනෙයි - නො දැනේ ය යි, කියමින් - පවසා, සකනිකර - ශාක්යි සමූහයා, සතොසී කැරැ - සන්තෝෂ කොට, වෙසතුරුදා - වෙස්සන්තරජාතකය, නොලසී - වහා,


116 සඳකිඳුරු දා කව් සන්නය

247 නැත - නැත හොත්, පවරා - ආරාදනා කොට,

248

නෑයන් බෝගමට - බොහෝ නෑයන් ඉන්නා ගමට, උවමට - උපමාවට. කොළො - කළහ,

249

පන දා - පසු දිනයෙහි, උදෑසන පත - උදය කාලය පැමිණි කල්හි, පා සිවුරු - පාත්රිය සහ සිවුරු, වදින - ප්රමවිෂ්ට වන, වාසලේ - දොරටුවෙහි,

250

බික - හික්ෂාව, සපදන් දුහඟ - සපදාන ධූතාඬ්ගය, සිඟු බව - හික්ෂාටනය කළ බව,

251

පිඬුසිඟමන් - හික්ෂායෙහි හැසිරීම, යෙදෙන - යෙදෙන් නේ ය. (සුදුසු වන්නේ ය) යි,

252

දසඹුල් වඩිනු - දස බලයන් වහන්සේ ගේ වැ‍ඩීම,

253

රාහුළමවු - රාහුළ කුමරු ගේ මව (යශොධරාව), විළිවැද - ලජ්ජාවට පැමිණ, ඉසුරු - ඵෙශ්වය්ය්‍ ස (සම්පත්), වැජඹි - විජෘම්හිත වී,

254

පා - පාත්ර ය, බැලු - බැලුවා ය,

117

සඳකිඳුරු දා කව් සන්නය

255

පුර - නගරය, එකලු කෙරෙමින් - එකාලොක කරමින්, දුර - දුර දී, නරසී නමින් - නරසීහ යන නාමයෙන්,

256

අටගයෙකින් - ගාථා අටෙකින්, රූ සිරි - රූපශ්රිනය,

257

සළුව දෑතින් වාවා - සාටකය අත් දෙකින් උසුලා ගෙන, තැතින් - උත්සාහයෙන්, නො සිඟ - සිඟා නො යව, නියතින් - එකාන්තයෙන්,

258

මෙ විතර සඟට - මෙ පමණ සඬ්ඝයාට, රජ පර පුරට -රාජපරම්පරාවට,

259

රද - රාජය, පරපුර සිරිති - පරම්පරායෙහි චාරිත්රරය යි,

260

දිවකුරු මුනි - දීපඬ්කර බුදු රදුන්, කසුප් - කාශ්යාප, මේ මුනි පරපුර යැ - මේ බුද්ධ පරම්පරාව ය,

261

නිතොර - නිරන්තරයෙන්,

262

වේ මැඳැ - වීථී මද්ධ්ය යෙහි, 118 සඳකිඳුරු දා කව් සන්නය

263 නිසි කොට - සුදුසු පරිදි,

264

ඇතුළු පුරයෙහි - අන්තඃ පුරයෙහි,

265

පිරිවර ළඳ - පරිවාර ස්ත්රී න්, වඳිනට යනු කොට - වඳින්නට යන්නට පිළියෙළ කොට. 266

ඇති රඟට - ඇති පරිද්දෙන්,

267

ඉඳිතෙයි - ඉඳිත් ය යි,

268

මවෙතට - මා සමීපයට,

269

පියසුත - ප්රිමය පුත්රය වූ, කරුණා කොට නමුත් - කරුණා උපදවා වත්,

270

සිත කැමැත්තට - සිතේ කැමැති පරිද්දෙන්,

271

පාදා - පාත්ර් ධාතුව, රිවිසඳ දෙපිට කැරැ - හිරු සඳ දෙදෙන දෙ පැත්තට කොට, සුනෙරගිරි - මහා මෙරු පර්වඳවතය,

                                                                                                             119

සඳකිඳුරු දා කව් සන්නය

272

සිරියහන් ගෙය තුළට - සිරි යහන් ගබඩාව ඇතුළට, (නිඳන කාමරයට)

273

රජදු - රාජ දුහිතෘව, බල - බලවත් වූ, දුක් ඉවසූ - දුඃඛය ඉවසූහ, බල - බලව,

274

අසමසම - අසම වූ බුදුවරුනට සම වූ,

275

කසා සළු - කසට පෙවූ සළු, නො බා - බය නැති ව, උතුමඟ - හිස, වැඳි - වැන්දා ය,

276

ඒ සඳ - ඒ කාන්තාව, සඳ - චන්ද්රවයා, සරණට - පිහිට පිණිස, සරණ - පාදය,

277

සිරිපත්ලැ මුව තබමින - ශ්රීස පාදයෙහි මුහුණ තබමින්, රිවි දෙවි - සූය්ය්හ දෙවයා, අතින ගත් - හස්තයෙන් ගත්, රන තඹර - ස්වර්ණෙපද්මයෙන්, සරණත - ශ්රීවපාදය,

278

ඇය සුනිල් යුගසක - ඇය ගේ ඉතා නිල් දෙඇස, ගනරන් පෝරුවෙක - ගන රන් ලෑල්ලෙක, දිනමුක - උදාසනෙහි, පුදන නිලුපුල් වැන්න - පූජා කරන නිල් මහනෙල් බඳු ය.

120 සඳකිඳුරු දා කව් සන්නය

279

සුරත් පා තඹරේ - ඉතා රතු පාද නමැති පියුමෙහි, මුහුලස - කෙස කලාපය, මිදී - මුක්ත ව, ඉසිරේ - ඉහිරෙයි.(එ විට) රන් මිරි වැඩි - ස්වර්ණහ පාදුකාවන්, (රන් පාවහන්), සුනිල්පයියෙකැ - ඉතා නිල් පසිම්බුවෙක්හි, බහන අයුරේ - බහන්නා වූ ආකාරය වේ.

280

පිරි දඟ - පිරුණු කෙණ්ඩා, සන් හුන් පියවියෙන - සන්සිඳුණු ස්වභාවයෙන්,

281, 282

කසා - කාශායයන් (කසට පෙවූ වස්ත්ර ), දැරූ - දැරුවා ය, එ මැ සඳ - එ කල්හි, විකල් බත - විකාල භොජනය, සුගත - සර්ව-ඥයන් වහන්ස, එක් වරු බත - එක්වර බත් ඇත්තියක්, වූවා ය.

283

උසසුන් මහ අසුන් - උස් ආසන මහ ආසනයත්, හැරියෙයි - දුරු කෙළේ ය යි, යනසුන් - යන ප්ර වෘත්තිය, නිබඳ - නිතර, නිසසුන් - නීච ආසනයන්, සෙවියා වේ ද - සේවනය කළා වේ ද?

284

විලවුන - විලෙපනයන් (ඇඟ ‍ගානා දේ),

285

පඬුරු - තෑගි, දැමුවා වෙ ද - ඉවත් කළා වේ ද?


                                                                                                              121

සඳකිඳුරු දා කව් සන්නය

286

සෙනෙහසින් - ආදරයෙන්, වැන්දඹු වැ - වඳ ස්ත්රි යක් ව, නොකමසින් - ඉවසිය නො හැකි පරිද්දෙන් (බොහෝ සෙයින්), හිමි - ස්වාමීනි, දිගැසින් - ස්ත්රීනන්ගේ,

287

මෙ - මෙය, මහිම ද - ආශ්චය්ය්හිම ද? තිරිසන් අත් බැවිනි - තිරිසන් ආත්ම භාවයෙන්, මමුත් - මා හැර, කෙනකුනි - අන්යරයකු, නො පැතු - ප්රාතථිනා නො කළා ය.

288

නොමිනා - අපමණ ලෙසින්, වනහු - වර්ණුනය කරහු ය.

289

පහළ - ප්රදකාශ, - එ පවත් - ඒ ප්රරවෘත්තිය,

290

ඉකුත් වත් - යටගිය වස්තුව, ගෙනැරැ දක්වා - ගෙන ඇර දක්වයි.

291

බඹදත් - බ්රණහ්මදත්ත නම්, රජසිරි - රාජ්යය සම්පත්,

292

සඳ කිඳුරු ජම්මෙක - සඳ කිඳුරු ජාතියෙක්හි, හිමවත් - පෙදෙසෙක - හිමාලය වන ප්රමදෙශයෙක්හි, රිදි පව්වෙක - රිදී පර්වාතයෙක්හි,


122 සඳකිඳුරු දා කව් සන්නය

293

ගනරන් කුළු දිලි ගිරි මුඳුනතා - ගන රන් කූටයන්ගෙන් බැබැළි පර්වපත මස්තකයන්හි, සිත පිනමින් - සිත සතුටු වෙමින්, නිති - නිරන්තරයෙන්, පතා - පැමිණියා වූ, කන්කලු - හනට මිහිරි, එ වනතා ඒ වන ගැබ, දුට - දුටුවොත්,

294

කළ ගුරු - කළු අගිල්, තුවරල - තගර, තුරුක් - තුරුෂ්ක, දුළ - බබළන, මුහුල - මූනමල්, කුසුම රුක් - මල් ගස් ද, දළ - මහත් වූ, දිගු පුරුක් - දිග පුරුක් ඇති, කළු එළුක් - කළු වූ ද, සුදු වූ ද, උක්ගස්,

295

අවසරා - ඉඩ, තවසරා - තාපසයෝ,

296

වන ගිරි හිසින් - වනයෙහි පර්වරත මුඳුනින්, ගඟුලැලි - දිය ඇලි වලින් ද, සැප පහස් - සුඛස්පර්ශනය, ඇලි - සිහිල් වූ, මඳ පවන් - මන්ද මාරුතයෙන් ද, කමලුපුල් සැදි - නෙලුම් මහ නෙල් වලින් සැදුණ, වනවිලී - වන තටාකයන් ගෙන් ද,

297

කුළින් කුළැ - පර්වනත කූටයෙන් කූටයෙහි, නිල්ගෙලී - මොනරුන් ගෙන් ද, තුරින් තුරැ - ගසින් ගසෙහි, විලිමුව - වඳුරන්ගෙන් හෝ රිළවුන්ගෙන් ද, මිහිලොලී - මී මැස්සන්ගෙන් ද, ගවරැලී - ගව සමූහයා ගෙන් ද,



                                                                                                                123

සඳකිඳුරු දා කව් සන්නය


298

ගොමුවලින් සැදි - ළැහැබ්වලින් සැදුණ, පිපි - පිපුණු, ගිරිනිලී - ගින්නේරිය ගසින් ද, පලවැලින් රැඳි - ඉදුණු ඵලයෙන් යුත්, දිලි - බැබැළුණු, තුරුවැලි - වෘක්ෂ සමූහයෙන් ද, - බැදි අසැ - කැළෑ සමීපයෙහි, නිලින් දිසි - නිල් පාටින් පෙනෙන, කසමලී - කසමල් ගසින් ද, ඉඳි මිදි දෙලින් - ඉඳි මිදිදෙල් යන වෘක්ෂයන් ගෙන් ද, එ වනය - ඒ වනය, දිලි - බැබැළුණේ ය,

299

එන රඟා - එන ආකාරය, කර නඟා - කර උස්සා, වන මිහිවුන් - වන මී හරකුන්, යුගපාදඟා - පා දෙකේ කෙණ්ඩා

300

මඬිමින් - පොඩි කරමින්, බුදිමිනේ - කමින්, වළමින් - වළකමින්,

301

මහතත් උස - විශාලත්වය ද, උස ද, අස්පොව්වන් - අස් පැටවුන්, දිවියන්නේ - දීපීන් ගේ, බලවත් සැටි - ශක්තිමත් ආකාරය, දිවි යන්නේ - ජීවය යන්නේ ය, (පණ යන්නේ ය.)

302

අහස්මී බුදිනා - ආස්මී (තුඹස් වද) කන්නා වූ, වලස් - වලස්හු, නිල්වලස් පොරෝ ගෙනැ - නිල්කම්බිලි පොරොවා ගෙන, නාකින් විලස් - මහල්ලන් ගේ විලාසය, රැපෑ - ගෙන ඇර දැක්වූහ.



124 සඳකිඳුරු දා කව් සන්නය


303

තොලුපතේ - තොල් පෙත්තෙහි, දෙරණතේ - පොළොව,

304

ලියලා - වැඩී, බ‍ඳේ - බැඳුණා වූ, තුරු සෙවණැලි වලැවෘක්ෂව්ඡායාවන්හි, ලියගී - ලයාන්විත ගීතයන්, සැතැපී - විශ්රාාම ගෙන, ඉ‍ඳේ - හිඳ, ලිය ඕවිලි කෙළනා - වැල්වලින් සැදුණ උන්සිල්ලාවල ක්රීාඩා කරන්නා වූ, ලිය කිඳුරෝ - ලතා කින්නරයෝ,

305

බලවතේ - ශක්ති සම්බන්න වූ, මත්ගජ - මත්ත හස්තීහු, රළින් රළ - සමූහයෙන් සමූහය, දිගු - දික් වූ, දළින් දළ - දාඨාවෙන් දාඨාව, කෙළිමතේ - ක්රීයඩා මදයෙන් යුක්ත වූ, මුව - මුවෝ, මුළින් මුළ - සමූහයෙන් සමූහය, දොළින් දොළ - දොළින් දොළට ගොස්,

306

කලදෝ රන් කුළුවලැ - රිදී රන් ගිර මුඳුන්වල, සුරිදෝ - දෙවියෝ, එහි දෝ වැදැ - එහි ආලොකය වැදී, වොරඳිනේ - බබළන්නේ ය, නෙත දෝ සිත - ඇස ද සිත ද,

307

දඟ ගසා - වෙළුම් ගසා ගෙන, සිත බයානක වූ - සිතට බිය උපදවන්නා වූ, තද රොසා වූ - තදින් කුපිත වූ, ගිනි විස - ගිනි වැනි විස ඇති, දුට - දර්ශ‍නය කළ හොත් බයාදික වැ - බිය වැඩි වී,

308

සබරුන් - වැද්දන්, වල් ගනිතී - වලග ගනිත් ය යි, සෙමරුන් - සෙමෙර මුවන්, ගවරුන් - ගවර නම් සතුන්,

125 සඳකිඳුරු දා කව් සන්නය

309

අනතහී - (අනත x අහි) අනන්තනාගයා, නො මැ නැහී - මරණයට පත් නො වී, වත්දහසින් - මුඛ දහසින්, විලසින් - විලාසයෙන්, නඳුනුයනෙහි සිරි ගත් - නන්දන උයනෙහි ශොභාව ගත්තා වූ,

310

දඬැ - වනයෙහි, නොහොත් දඩයමෙහි, යන ලෙද - යන ආකාරය,

311

කළුදෑපිළි - (කසට පෙවීමෙන්) කළුපාට වූ වස්ත්රෙ, අඩයටිය - හෙල්ල හෝ තෝමරය පාරා වළල්ල - එ නම් වටකුරු ආයුධය, (චක්ර‍ ආයුධය)

312

මුව දඩෙහි - මුව දඩයමෙහි, මුවහසර - මුවන් ගේ සඤ්චාරය,

313

එ කලදෝපව් වැසි - ඒ රිදී පර්වටතයෙහි වසන්නා වූ, වැසි - වසින්නා වූ, සාරමසැ - මාස සතරෙහි, එහි මැ වැසි - ඒ පර්වතයෙහි ම විසූ හ.

314

ගිම් සාරමසැ - ග්රීහෂ්ම මාස සතරෙහි, එ පවු අස - ඒ පර්වයතය සමීපයෙහි,

315

සඳුන් හර - හඳුන් අරටු, සියල් තුනු - සකල ශරීරයෙහි,



126 සඳකිඳුරු දා කව් සන්නය

316

මල්පට - මල් වස්ත්රර, ලියෝවිලි - වැල් උන්සිල්ලා, නද මිහිරි කොට - නාදය මධුර කොට,

317

හෝළවැල්ලේ - ඔයේ අලුත් වැල්ලෙහි, දිසි පෙනෙන, සඳුන් තුරු සෙවණැල්ලේ - සඳුන් රුක් ඡායාවෙහි, මඳනල සිහි‍ල්ලේ - මද සුළඟින් සිතල වූ, කුසුම්තිල්ලේ - මල් ඇති‍රියෙහි,

318

පැලැඳි දම් - පැලැන්දා වූ දාමය (වැල), ඉඳුනිල් බරණ - ඉන්ද්ර නීල ආභරණයක්.

319

සපුපෙත්තෙන් - සපු මල් පෙතිවලින්, දොඹ කැකුළු - දොඹ මල් පොහොට්ටු, ගෙලෙ - ග්රීවවායෙහි, මුතු අබරණෙව් - මුක්තාභරණයක් මෙන්,

320

අඹ මුකුළු - අඹ මල් පොහොට්ටු, පැහැදුල් - කාන්ති යෙන් බැබැළුණ, උදක් මුතුහර තුල් - පිරිසිදු මුතුවැල් මෙන්, මල්දම් - මල් මාලා,

321

හෝවළකට - ඔයේ වළකට,

322

රිදී පට වන් - රිදී තහඩුවක් වැනි, වස් කුළලක් - බට නළාවක්,

                                                                                                                  127

සඳකිඳුරු දා කව් සන්නය 323

රඟනට - නටන්නට,

324

මහරි මල්දම් - මහරි මලින් කළ දාමයක්. (මාරා මල් මාලාවක්) හෙළා - පහත් කොට.

325

වස් කුළල් නාදේ - බට නළා නාදය, ගීතනාදේ - ගී නාදයට, එහි නාදේ - එහි හඬ, ඉන් වැඩි මනා දේ - එයින් අධික තර දෙයක්, - අසනු නැත - අසන්නේ නැත.

326

රතත්තල - රතු හස්තලයන්, ලෙලවා - ලීලොපෙත කොට, රඟන රඟ - නටන ආකාරය, ලොල - ලොල් බව, නෙත් ලත් පල - ඇස් ලැබූ ප්ර යොජනය,

327

ඉඳුවරින් බර මුහුල - මහනෙල් මලින් බර වූ කෙස කලාප - යෙන් ද, තුන්හිරින් බැබැළුණු කර - ඉරිතුනින් දිළුණු ග්රීාවායෙන් ද, පියවුරින් සැදි උර - පයෝදරයෙන් සැදුණ ළයෙන් ද යුත්, ඇය රුවට - ඇයගේ රූපයට, සුරඟන - දිව්යාෙඬ්ගනාව, දුරින් දුර - දුරිනුත් දුරු වෙයි.

328

නිලුපුල් පෙති නෙත් - නිල් මහනෙල් පෙති වැනි ඇසින් ද, බඳුවද සුරති ලවන - බඳුවද සුරති ලවන - බඳුවද මල් වැනි ඉතා රතු තොලින් ද, මුතුවැල වන් දති - මුතු වැනි දතින් ද යුත්, මොවුන් දුට - මේ කිඳුරඟනන් දර්ශඋනය කළ හොත්,

128 සඳකිඳුරු දා කව් සන්නය

329

වත සුපිපි පියුමෙකි - මුහුණ මනා ව පිපුණු පද්මයෙකි, නෙත සුනිල් මිණි යුවලෙකි - ඇස් ඉතා නිල් පාට මැණික් දෙකෙකි, ගත ගනරන්රුවෙකි - ශරීරය අමිශ්ර රනින් කළ රූපයෙකි, වනත - වර්ණනනය කරතොත්, නත මුත් - අනන්තයා මිස, කවුරු හැකි වෙති - කවුරු සමථි වෙත් ද?

330

ගී නාදේ අනු වැ - ගිත නාදයට අනුව, පාදේ - පාදය, තබමින්- පිහිටුවමින්, බේදේ දැනැ - නෘත්යව ‍ෙභදය දැන ගෙන,

331

පතළ නද - පැතිර ගිය නාදය, මනදොළ - චිත්තාශාවක්, කන්තල - කන්පෙති, වනැ ඇත් රැළ - වනයෙහි හස්ති සමූහයා, සිටි වන මැ - සිටි ගමන් ම,

332

සවන් - කන්,කඳුළු - කඳුළෙන්, මුව මුළු - මුව සමූහයා,

333

සාමුව - ශාඛාමෘගයෝ (වඳුරෝ නොහොත් රිළවූ), තුරුසාවලැ - වෘක්ෂ ශාඛාවන්හි, නිසල වැ - නිශ්චල ව,

334

ලිහිණි ගණ - පක්ෂි සමූහයා, පියා විදමින - පියාපත් දිග ඇර ගනිමින්.

335

මින් කැල - මත්ස්ය් සමූහයා, ඉපිල ඉපිල - මතු මතු වෙවී, නො සලා - නො සොල්වා,

                                                                                                                 129

සඳකිඳුරු දා කව් සන්නය

336

බරතයැ වූ රඟට - හරත නම් නාට්ය ශාස්ත්ර යෙහි වූ පරිද්දෙන්,

337

දන සුන් - ජනයාගෙන් හිස් වූ,

338

පියසන් - පාද ශබ්දය, (පා හඬ),

339

රුසිරෙකි - රූප ශොභාවෙකි, ලැබුම් හැකි වේ - ලැබීම පුළුවන් වේ ද?

340

අනුරාග - ඇල්ම, ඉවත් වී - අහක් වීය.

341 ‍ හීයක් - ඊතලයක්, ඇද ඇරැ - සෘජු කොට, (වංක බව හැර) බමා - කරකවා, දැතිවරැ කවා - දැතිවරෙහි (පුඬ්ඛයෙහි) අල්වා, උර පුරා - උරය පුරවා (දකුණු උරහිසට ළං කොට‍), තර කොට - ස්ථිර කොට, (තද කොට),

342

බෝසත් - බොධිසත්ත්වයෝ, ඉවසිය හැකි නො වෙත් - ඉවසීමට සමත් නො වෙති. එ යින් - එ හෙයින්,



130 සඳකිඳුරු දා කව් සන්නය

343

සබඳ පිය බඳිනේ - යහළු ප්රි ය ශරීරයක් ඇත්තිය, ආයු ඇති වැද - ආයුස ඇතිවත්, හී පහරැ තදිනේ - ඊ පහරේ තද කම නිසා.

අකල් මරණෙක් - අකාල මරණයෙක්.

344

නෑලේ - නො ඇලෙයි, වැහෙන - වැගිරෙන්නා වූ, ගලන - ගලන්නා වූ, සිලිලේ වැනි - ජලය වැනි ය.

345

කකියා ගිය - හුණු ව පැසි ගියා වූ, තණ - තෘණයන්,

346

මඳින් මඳ - ටිකින් ටික, බඳ - ශරීරයෙහි බල - ශක්තිය, සෙදින් - ශීඝ්ර යෙන් (වහා), වියොදුක් - වියොගදුඃඛය (වෙන් වීමේ දුක), තදින් තද - තදිනුත් තද ය (ඉතා තද ය) පණ - ප්රා-ණය, ලෙදින් ලෙද - ලෙශයෙන් ලෙශය (ටිකින් ටික),

347

උදක් - තනිකර, පණ ලොබිනා - ප්රා-ණ ආශාවෙන්, අඬතෙයි නො සිත - අඬත් ය යි නො සිතව, වියොවිනා - වෙන් වීමෙන්, සැලැකෙයි - සලකනු ලැබේ. (කල්පනා කරනු ලැබේ).

348

වනතුරු - වනය තුළ, සනහා - සනසා, ගනු ද ගන්නහු ද?


                                                                                                          131

සඳකිඳුරු දා කව් සන්නය

349

සිවුමැලි - සුකුමාර වූ, පත් සිහි මුළාවෙන් - පැමිණි සිහි මුළාව නිසා, පෙරැළී ගත් - පෙරැළුණේ ය.

350

විත් කෑ නියා - ඊ පහර ලැබූ බව,

351

ගීනද පමා වී - ගීත නාදය ප්රවමාද විය, විසමා කාරණ කිමැයි - විෂම වූ කාරණ කිම් දැයි, හොත් ඔහු ළඟට මා වැද හොත්තා වූ ඔහුගේ සමීපයට ම , ගොසින් - ගොස්. නහමා - බලා, මුසපත් වි යැ - මුර්ඡාවට පැමිණියා ය.

352

සසලේ - චඤ්චල වූවා ය. වලේ - වනයෙහි,

353

දුකකුත් වන - දුකක් ද වන්නේ ය, වන දෙකක් කරමින් - වනය දෙකක් කරමින්, (වනය, දෙවනත් කරමින්), වන සෝ - පැමිණි ශොකය, කියන්නට වන - කීමට පටන් ගත්තා ය.

354

මෙළේ ය යි - මරණයට පත් වී ය යි,

355

අඬන්නට නො යෙදෙයි - ඇඬීමට යුතු නො වෙයි. (ඇඬීමට කරුණෙක් නැත)

132 සඳකිඳුරු දා කව් සන්නය

356

ලොබ ලා - ආසා කොට, මෙ වලා - මෙ වනයට බරණැසැ - බාරාණසී නගරයෙහි, 357

පුරඟන - අන්තඃපුර ස්ත්රීුහු,

358


නො කර - නො කරව, මේ කය - මේ ශරීරය, නාකය සැපත මෙන් - දිව්ය ලොකයේ සම්පත්තිය මෙන්, රජසිරි - රාජ්ය සම්පත්තිය,

359

සොර වන - හොරා වන්නේ ය යි,

360

අවන්නට - සාප කරන්නට, පටන් ගතු - පටන් ගත්හ.

361

විද්දේ - විද්දෙහි ය, පෙරැ බඳ - පූර්වට ජාතියෙහි බඳනා ලද.

362

සහසා - සාහසික වූ, නො වැ ලසා - නො පමා ව, වනසා - විනාශ කෙරේ වා,

363

මියැ ගොස් - මැරී ගොසින්, නිරා වැද - නරකයට පැමිණ කප් දහස් - කල්ප දහසක්,

                                                                                                                133

සඳකිඳුරු දා කව් සන්නය

364

කළ දෑ කුමන්දා - කළ වැඩය කිමෙක් ද? වදි වා - පිවිසේ වා,

365

පිය සුතන - ප්රි ය දරුවන්, කාගේ - කවරකුගෙන් වත්, යමයා ගේ පුරට - නිරයට, වේගේ - වේගයෙන්, වන්නොත් - පැමුණුණ හොත්,

366

නිරා කරදර - නිරයෙහි දුක්,

367

වියරු හුණුවක - පිස්සු වැටුණ තැනැත්තියක, පිටැ හුණු වරලසින් - පිටෙහි වැටුණ කෙශකලාපයෙන්, ඇවිලි අවමින් - දෙස් (සාප) නඟමින්,

368

අස් වැසිලිය බසින් - සැනැසිලි වචනවලින්, කිඳුරඟන - කින්නර අඬ්ගනාවෙනි,

369

ඉඳුවර පෙති සදිසි - මහනෙල් මල් පෙති සමාන වූ, දිගු පුළුලැති සුනිල් නෙති - දිග පළල ඇති ඉතා නිල් ඇස් ඇත්තා වූ, වත සඳ මඬල යුති - මුහුණ චන්ද්රප මණ්ඩලය වැනි වූ, අග මෙහෙසින්කමට - අග්රත මහීෂිකා තනතුරට,

370

බලවති - බලවත් ය. රුති සැප - කැමැති සැප,


134 සඳකිඳුරු දා කව් සන්නය 371

මියන පමණක් මුත් - මැරීම පමණක් මිස, (මැරෙනවා මිස)

372

පිළිබඳ සිත - ප්රූතිබද්ධ චිත්තය, (තදින් බැඳුණ සිත),

373

අත දවන බඳනක් ලෙද - අත දවන්නා වූ භාජනයක් මෙන් ඇරැපි - දුරු කෙළේ ය.

374

කීවා - කියන ලද, කන්නලවූ - යාච්ඤා වචනයන්, නො වැකී - නො ගෑවිණ.

375

තාලිස්තුවරලා - තලිස් පතුරු සහ නගරයන්, නො වලා - නො වළකා, මෙ වලා - මේ වනයෙහි, මෙ කලා - මේ ස්ත්රිනය, විඳිද - විඳියි ද,

376

එකකු - එකක්හු, සමඟ වැ - සමඟි වී, ඉදු වැ - සෘජු ව, (අවඬ්ක ව), දිවිහිම් - ජීවිතය කෙළවර කොට,

377

යෙහෙන - සුවසේ (උවදුරු නැති ව),

378

ලෙදින් ලෙද ගෙනැ ගොස් - ටිකින් ටික ගෙන ගොසින්,

                                                                                                                    135

සඳකිඳුරු දා කව් සන්නය

379

ලෝ පල් සුරන් - ලොකය රකින දෙවියන්, දසතැ - දස අතෙහි.

380

විදි සැර - විද්දා වූ ඊය, හියපත් මුවෙන් - ඊය පැමිණි මුඛ යෙන්, වැම්මෙන ලේ හැලි - වැගිරෙන ලේ ධාරාවන්. වලපින - විලාප කියන, නෙත් දියෙන් - ඇස් ජලයෙන්. (කඳුළින්),

381

බඳ කොමළතින් - බද්ධ වූ (බැඳුණු) මොළොක් අතින් යුක්ත ව, සිප - චුම්බනය කොට, මුව මී - මුඛ මධුව, මන පිනා - සිත සතුටු ව, පියා සැප විඳ - ප්රිබය සැප වින්දනය කොට, ලපසඳ - ස‍ඳෙහි ලපය, පාපියා - පව්කරුවා,

382

සිහිලැල්ලේ යා - සිහිල් ගුණ ඇත්තා වූ, දිසි ගඟුලැල් - ලේ ය - දෘශ්යැමාන වූ ගඟුල් ඇල්ලෙහි, කෙළැ - ක්රී ඩා කොට, මඳ පවනැල්ලේ යා - මඳ සුළං ඇති, තුරු සෙවණැල්ලේ ය - රුක් සෙවණැල්ලෙහි, මල්පෙති - තිල්ලේ යා - මල්පෙති ඇතිරි ඇති, වැල්ලේ ය - වැලි මත්තෙහි, නුඹ සහ - නුඹ සමඟ, ලොල්ලේ ය - ලොල් බැවින්, උන් මට - උන්නා වූ මට, දැන් - මෙ කල්හි, ළතැවුල්ලේ යා - සිතේ තැවීම් ය.


383

වන - වනයෙහි, සුපුල් වන - මනා ව පිපෙන, උපුල් කඩා ගෙනැ - මහනෙල්මල් කඩා ගෙන, කනැ ලා - මල් මාලාවන් කරෙහි යොදා, එ කල් - ඒ කාලයෙහි,



136 සඳකිඳුරු දා කව් සන්නය

නිමල් මෙ නුඹ සහ - නිර්මාල වූ මේ ඔබ සමඟ, විපුල් වන සැප - ‍මහත් වන සැපය, විඳි - වින්දා වූ, සිහිල් සෙවණැ උන් මට - සීතල සෙවණෙහි උන්නා වූ මා හට, මේ තැවුල් වන - මේ තැවීම් වන්නේ ය.

384

ගලැ ගා කලල් වන එහි - ගලෙහි ගා මඬ වන්නා වූ එහි නඳුන් අමුකපුරු ලා - යහපත් අමුකපුරු බහා, සිහිල් වන එ දුන් ගතින් - සීතල වන්නා වූ එය දුන් ශරීරයෙන්, සමහම් විඳැ - එකතු වීමේ සැපය වින්දනනය කොට, මඟුල් වන වැදුන් - මඬ්ගල වනයට වැදී උන්නා වූ, මේ තැවුල් වන - මේ තැවීම වන්නේ ය, කිම - හේතු කවරේ ද?

385

සමඟ පෙම් බැඳැ - සාමග්රීර ප්රෙනමය බන්ධනය කොට, ඉඳින දිනේ - ඉන්නා වූ කාලයෙහි, වෑවෙම් දෝ - ඉවසම් ද?

386

සිහිලස සුවඳ හමන - සිහිල් සුවඳ පැතිරෙන්නා වූ, ලියමඬුලු වලා - ලතාමණ්ඩප වල, ගිමන සතපා - ග්රීනෂ්මය දුරු කොට, ලොබ වලා - ආශා කොට, උනිමු - උන්නෙමු, එ වන - ඒ වනයෙහි, මෙ සඳැ තැවුලිය - මෙ කල්හි තැවීම, වලා ළැවුගිනි සෙ - චණ්ඩ වූ ළැවුගින්නක් මෙනි, හිමි සමඟ වලා - ස්වාමියා සමඟ එක් වී,

387

සුද්දේ උබයකුල යුතු - පිරිසුදු මවුපිය දෙපරපුරයෙන් යුක්ත වූ, පසිද්දේ - ප්රාසිද්ධ වූ , වද්දේ විනා - ‍(වද්දේ - වත් + දේ) යුතු දෙය මිස, නොවද්දේ - (නො වත්+දේ) නුසුදුසු දෙය, විද්දේ - විදීම කෙළේ, බැද්දේ - වනයෙහි, ලුද්දේ - ලුබ්ධ වූ (ඇලුණා වූ), වැද්දේ කියනු යුතු - වැද්දෙකැයි කීමට සුදුසු වූ,


                                                                                                       137

සඳකිඳුරු දා කව සන්නය

388

මුවතඹරැ මී - මුඛ නමැති පියුමෙහි මී පැණි, පෙවී - පානය කරවී ය. වියෝගින්නෙන් - වෙන් වීමේ දුක නමැති ගින්නෙන්, ළම - හෘදය ය, තැවී - තැවුණේ ය, ඉරණම - දෛවය, (නියමය),

389

පල වැල රස - ඵලා ඵලයන් ගේ රසය, ලියගී - ලයාන්විත ගීතයන්, ගෙළ -ග්රී-වාව, ළම - හෘදය ය.

390

වලැ - වනයෙහි, වැස - වාසය කොට, ඔය වතුරෙන් - කුඩා ගංගාවෙක ජලප්රලහාරය හේතු කොට ගෙන, වෙන් වූ වෙන් වූහ. සියකුලැ - ස්වකීය කුලයෙහි ම, සත් සියක් වස - සත් සිය වර්ෂ යක්, උන් - ඔවුන් දෙදෙන, ඇඬු කලැ - ඇඬූ කල්හි, හිමි - ස්වාමීනි, පණ ගිය - ප්රාඔණය ගියා වූ,

391

වේසක් නො වී - වෙහෙසක් (කරදරයක්) නො වී, දාසක් - අවුරුදු දහසක්, මේ සක් නුදුටු කලැ - මෙය ශක්රමයා නුදුටු කල්හි,

392

විගසෙක - ඉක්මනින්, කළ - කරන ලද, මඳක් - ස්වල්ප - යක් වූ, පෙර අකුසලෙක් - පූර්විපාපයෙක්, විද - වුයේ ද, විසුවද - වාසය කළත්, පල දෙතී - විපාක දෙත් ය යි. අත් පිටැ - ප්ර ත්ය ක්ෂවශයෙන්, සොඳ - යහපත් සේ, දුටු හෙයින් - දක්නා ලද නිසා, සැක හළෙමි - සැක දුරු කෙළෙමි,




138 සඳකිඳුරු දා කව් සන්නය

393

මෙ වලා - මේ වනයෙහි, උසේ කුළින් කුළ - උස් වූ පර්වළත මුඳුනින් පර්ව-ත මුඳුනට, බැසැ නැ‍ඟෙමින් - බසිමින් නඟිමින්, පණනලා - ප්රා‍ණවාතය,

394

ලපසඳ - ස‍ඳෙහි ලපය, සමඟ වලා - සමඟි වී, සෙවණැලි ලිය මඬුලුවලා - සෙවණැල්ලෙන් යුත් ලතාමණ්ඩපවල, නොහොත් සෙවණැලිවල ද ලතා මණ්ඩපවල ද මෙ වලා - මේ වනයෙහි, තනි ව ලා - තනි වී ලා,

395

ළෙයි - හෘදයෙහි, සැලි, සැලී - ගැහි ගැහී, පසක් තෙදැති - ප්රමත්ය,ක්ෂ තෙජස ඇති, නැතක් - අප්ර,මාණ වූ, කන්නලවුබස් - යාච්ඤා වචන, (අ‍ඳෝනා)

396

වියෝවක් නූ - වෙන් වීමක් නො වූ, මැදහත් - මද්ධ්ය ස්ථ (පක්ෂභජන නැති ව), මිහිකත් තමා - මහී - කාන්තාව තොමෝ ම,

397

ඉරි දෙවියන්ට - සූය්ය්් දිව්යණරාජයන් හට, මිසක් - හැර,

398

විතර විනම් - පමණකට වී නම්, මෙනේ දුක් - සිතෙහි දුක, උසුලන්ට හැකි - ඉසිලීමට පුළුවන, කතර නො යෙමි - දුරකට නො යෙමි, පතර කෙරෙම් - ප්රකසිද්ධ කරමි,


                                                                                                              139

සඳකිඳුරු දා කව් සන්නය

399

මන පිනමිනේ - සිත සතුටු වෙමින්, සුරඟන - දිව්යනඬ්ගනාවන්, නිසැකිනේ - සැක නැති ව, තුරැ තුරැ - වෘක්ෂයක් පාසා, වන දෙවියනේ - වනයට අරක් ගත් දෙවියනි, සැනැසෙමි - සැනැසීමක් ලබමි.

400

රනේ රස මෙනේ - රන් සහ රසදිය මෙන්, සෙනේ - ස්නේහය (ආදරය), රසපහසේ - රස ස්පර්ශෙයෙන්, පැසී - එකකු ව, වෙනේ - වනයෙහි,

401

වරඟන - උතුම් ස්ත්රීසන්, අප ගෙන - අප පාවා ගෙන, සමඟ වැසැ - එක් ව වාසය කොට,

402

වහසින් නෙත් කඳුළු හැලි - වැගිරීමෙන් ඇස් කඳුළු ධාරා, නන් සිදු විදුදරන්නේ - නොයෙක් සිද්ධ විද්යාෙ ධරයන් ගේ, මහිම - ආනුභාවය,

403

වැහැරි සිවුරු - රුක් පට්ටාවලින් කළ චීවරයන් (වාකචීවර), සා නිවන - බඩගින්න නිවන්නාවූ, එ හිරි ඔතප් යුතු - ඒ ලජ්ජා භය දෙකින් යුක්ත වූ, බිහිරි නූවොත් - බිහිරි වී නැත හොත්, සවන - කනට, නෑසෙද - නො ඇසෙයි ද?

404

මනසක් - සිතින් ඇසින්, දුක් වනි - දුක් වන්නේ ය. (පැමුණුණේ ය.) නුවන් - ඇස්, ලද්දායින් - ලැබීමෙන්, පල කිමෙකැ - ප්රඇයෝජනය කිමෙක් ද?


140 සඳකිඳුරු දා කව් සන්නය

405

කෙකිනි වැ උපන - කොක් දෙනක් ව උපන්නා වූ, මින් ලෙසින - මත්ස්ය යකු වශයෙන්, (මත්ස්යා වේශයෙන්), සුරකල් කෙළේ - දිව්යයකාන්තාවක කරන ලද්දේ,

406

මසිතු - මාගේ සිතට, උපදෙසක් - උපදෙශයක්. කිය - කියව,

407

විරහදුක් - හිමියාගෙන් වෙන් වීමේ දුක, සැපපහස - සුඛස්පර්ශයය, පඬුපුල්සල - පාණ්ඩුකම්බල ශෛලය,

408

අතඹුල් ලෙස - හස්තාමලකයක් මෙන්, දසඹුල් බව - දසබලභාවය, (බුදුබව), කෙනකුන් මහිමෙන් ද - කෙ‍නකුගේ අනුභාවයෙන් ද?, සුහුඹුල් - මහත් වූ, පැතුමෙන් ද ප්රා ර්ථ නය කළ හෙයින් ද? කිම් ද - කවරේ ද?

409

දහසක් නුවණැසින් - දහසක් නුවණ නමැති ඇසින්, ඇසිල්ලෙකැ - වහා, සඳපව්වට - චන්ද්රනපර්වණතයට.

410

වෙර - ශරීරයට, මළ වෙස් ගෙනැ වැතිර - මැරුණු වේසය ගෙන වැතිරි ( දිග ඇදි) හිඳ,

411

සොම්නසිනි මත් වූ - සතුටින් මත් වූ, සිරිමත් වූ - ශොභා ඇති,

                                                                                                                   141

සඳකිඳුරු දා කව් සන්නය

412

සුරරදිනි - දිව්ය රාජයාණනි, නුඹ - ඔබතුමා, අමාපැන් - අමාතජලය, කුසල් අත් බැඳ - අත්හි බැඳ ගෙන හෙවත් ආත්මයෙහි බැඳ ගෙන, කෙළේ - කෙළෙහි ය,

413

බෝකල් - බොහෝ කාලයක්, දකිනා කල් - දකිනා තුරු,

414

මගෙ ළෙහි - මාගේ හෘදයෙහි, වියෝගිනි - වියෝග ගින්න, තිදසග ගනි - දෙව්ලෝ කෙළවරට ගන්නේ ය. (ඇවිලෙන්නේ ය), බට - බිමට බැස්සොත්, නුඹෙ කුලුණඹින් - ඔබ ගේ කරුණාජලයෙන්, නිවි ගියෙ - එය නිවී ගියේ, දැනී - දැන් ය,

415

සුරිඳුනා - සුරෙන්ද්රණනාථයා, (සක්රජු), සිටිත - සිටින කල්හි,

416

මෙ වක් පටනා - අද පටන්, තැනකට - වෙන ස්ථානය කට,

417

සරනා - හැසිරෙන්නා වූ, සමඟවාසය - සාමග්රී වාසය, (සමඟියෙන් විසීම), යෙහෙනා - සුවසේ,

418

පහසුයි.


142 සඳකිඳුරු දා කව් සන්නය


419

උවදුරු බෝ යැ - උපද්රනවයෝ බොහෝ ය, ඉන් - එ හෙයින්.

420

ගං හිස්වලැ - ගංගා මුඳුන් වල, මනා - යහපත් වූ, තෙවුනා - බබළන්නා වූ,

421

ඉන්ට තැන් - ඉඳීමට සුදුසු ස්ථානය, හිමිසඳිනා - ස්වාමි චන්ද්රායාණනි, (හිමිතුමනි),

422

විසිනා - පරීක්ෂා කොට, යසිනා - යසසින් (සම්පත්තියෙන්) යුක්ත ව,

423

වියොවුන්ට නිති විදිනා - වෙන් වූවනට නිතර විදින්නා වූ, මන්මදහට දිනා - මන්මථයා (අනංගයා) ජයගෙන නඳිනා - සතුටින්, ඉඳිනු - ඉඳීම පිණිස,

424

පහසුයි,

425

මහරද - මහරජතුමනි, එදි විදි - ඒ කාලයෙහි විද්දා වූ, දිවසැතියන් මැඳා - දිවැස් ඇත්තන් මද්ධ්ය,යෙහි, අනුරුත් තෙරිඳු - අනුරුද්ධ ස්ථවිරතුමා, වේ දා - වේ ද,

                                                                                                                143

සඳකිඳුරු දා කව් සන්නය


426

රද - රජුනි, යෙහෙළිය - ලේළිය (සූණිසාව), ලොවුතුරා බුදු වූ - ලොකොත්තර බුදුබවට පැමිණි,

427

කිඳුරු දා -කින්නර ජාතකය, කුළු ගන්වා - මුඳුන් ගන්වා,

428

මෙ දහම් අනුසසින් - මේ ධර්මෙයේ අනුභාවයෙන්, ඉසුරු - සම්පත්,

429

සසිරි - ශ්රී සහිත වූ (ශොභාසහිත වූ) , දුසිරි - දුශ්චරිතයන්, සග පවග සිරි - සවර්ගි අපවර්ග‍සම්පත්, (දෙව් සැප සහ නිවන් සැප),

430

සිතැඟි - සිතෙහි අදහස්, සිතුමිණෙකි - චින්තාමාණික්ය යෙකි, (සිතු පැතු සැප දෙන මැණිකෙකි),

431

රන් ගිරි සිර අසල - රන්ගිරි මුඳුන වැනි වූ නොහොත් රන් ගිරි කන්ද සමීපයෙහි වූ, මල් පලරමින් මනකල - පුෂ්පාරාම, ඵලාරාමයෙන් මනෝඥ වූ, තුන් බෝ සැදි - තුන් බෝධියෙන් සැදුණා වූ, විපුල - මහත් වූ, හැමකල පසිඳු - සියලු කල්හි ප්රලසිද්ධ වූ, දෙනගමු වෙහෙරැ - දෙනගමු විහාරයෙහි,



144 සඳකිඳුරු දා කව් සන්නය

432

පිළිවෙත් සරු - ප්රදතිපත්තියෙන් සාර වූ, පියකරු සඟ ගණ සමඟ - ප්රිවයඞ්කර භික්ෂු සමූහයා සමඟ, වසන - වසන්නා වූ, ගරු සදහම් දැරු - ගරු සද්ධර්ම්ය දැරුවා වූ, සියල් සතරෙහි සුර ඇදුරු යුරු - සකල ශාස්ත්ර්යෙහි සුරා චාය්ය්ම් යා (බෘහස්පතී) වැනි වූ,

433

නිකසළ පර පුරැති - පිරිසුදු පරම්පරා ඇති, විල්ගම්මුළ මහතෙරිඳු - විල්ගම්මුළ මහාස්ථවිරතුමා විසින්, පරවැඩ පිණිස කළ - පරාථිය සඳහා කරනලද්දා වූ, මෙ කව් - මේ කාව්යණය, දනන් මන දොළ - ජනයන් ගේ චිත්තාශාව, වඩවා - වර්ධනය කෙරේ වා,

434

පුරා - පූරණය කොට, බිය සසරා - භය උදපවන සංසාරයට,

"https://si.wikibooks.org/w/index.php?title=සඳ_කිඳුරු_දා_කව-සන්නය_ii&oldid=4976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි