සඳ කිඳුරු දා කව-සඳකිදුරුදා කව් අවදිය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සඳකිඳුරු දා කව් අවදිය


අපේ පතින් පොතින් වැඩි කොටස ඒවා කළ කතුවරයන් පිළිබඳ වැ හෝ ඒවා කරන ලද අවදිය පිළිබඳ වැ හෝ දත යුතු පවත් එළි පෑදුම් නුවූ ගොඩට අයත් වෙයි. මියුරු අස්න, කොවුල් අස්න. ගිරා අස්න බඳු පොත් කරන ලද්දේ කවර අවදියෙකැ ද යනු අපි ඉඳුරා මැ දැනුමු. එහෙත් එ ගත් කරන ලද්දේ කවුරුන් කවුරුන් විසින් ද යනු තවමැත් පවත්නේ වැසුණු වන මැ යි. අමාවතුරුව, සද්ධර්මරත්නාවලිය වැනි ගත් කළවුන් ගේ නම් අපි සැක හැරැ දනුමු. එහෙත් එ ගත් කැරුණේ කවර අවදියෙකැද යනු තව මැ හරි හැටි පෑයුණේ නැති. මුවදෙව දා කව වැනි, සිකවලඳ විනිස වැනි ගත් පිළිබඳ වැ අපි කිසිත් නො දනුමු.


සඳ කිඳුරු දා කව පිළිබඳ වැ දූ අප දන්නේ අමාවතුරුව පිළිබඳ වැ දන්නා පමණ මැ යි. එ හෙයින් ඊට වැඩි යමක් දක්නට නම් අප ‍විසින් කළ යුත්තේ පොරණ ලකුවන් බිම් කණින්නා සේ බස පිළිබඳ යට ගියාව ‍හාරා අවුස්සා බැලීම යි.


සඳ කිඳුරු දා කව පිළිබඳ පවත් දන්නට අපට අත් වැලක් වෙයි. එහි කතුවරයා පවසන පවත.

‘ රන්ගිරි සිර අසල මල් පලරමින් මනකල තුන් බෝ සැදි විපුල පසිඳු දෙණගමු වෙහෙරැ හැම කල’

වසන පිළිවෙත් සරු සඟ ගණ සමඟැ පියකරු සදහම් දැරූ ගරු සියල් සතරෙහි සුර ඇදුරු යුරු’

පරපුරැති නිකසළ මහ තෙරිඳු විල්ගම්මුළ පර වැඩ පිණිසැ කළ මෙ කව වඩවා දනන් මනදොළ’

යනු යි එහි කතුවරයා පවසන්නේ.



xxii ගත් කතුවරයා තමා පිළිබඳ වැ කියන පවත් මඳ විසින් වත් බොරු යැ යි සැලැකීමට අපට මඳ විසින් වුව ද කරුණු නැත්. එහි වැනුම් විසින් මවන ලද උවම් කිසිත් නැතතේ යි. එයින් අපට දන්නට හැකි පවත් මේ යි.

(1) සඳකිඳුරු දා කව කරන ලද්දේ තෙරිඳු කෙනකුන් විසිනි.

(2) එ තුමෝ නිකම් මැ තෙරිඳු කෙනකුත් නො වැ මහ තෙරිඳු කෙනෙකි.

(3) උන් වහන්සේ විල්ගම්මුළ මහ තෙරිඳු යන නමිනු යි පළ වැ වැඩැ වුසුයේ.

(4) ඔවුන් වහන්සේ සඳකිඳුරු දා කව, කරත් දී වැඩැ වුසුයේ දෙණගමු වෙහෙරේ යි.

(5) ඒ දෙණගමු වෙහෙර වූයේ ‘රන්ගිරි’ යැ යි පසිඳු කන්ද අසලැ යි.

කුරුනෑගල් පුරැ (4) පැරැකුම්බා රජු දවසේ කිත් සිරි මේවන් කැලැණි වෙහෙරේ අදිපති වැ එක් විල්ගම්මුළ හිමි කෙනකුන් වුසු බව:-

‘.......ගඟතළා කරඹ වළාන් පරපුරින් පැමිණි.....නිර්මල වංශ සම්භූත වූ ....... කීර්ති ශ්රීර මේඝවර්ණ රාජාධිරාජ කල්යා.ණි විහාරාධිපති වූ ....... විල්ගම්මුළ මහා ස්ථවීරපාදයන් වහන්සේ ............’ ඈ විසින් සිංහල බෝධිවංශය අවසනැ දක්නට ලැබෙන පුවතින් පළ වෙයි. එ වැකිය එ විල්ගම්මුළ මහ තෙරුන් ගේ මැ යි. මේ විල්ගම්මුළ මහ තෙර හිමියන් ගඟතළා කරඹවළාන් පරපුරින් පැවැතැ ආ බවත්, සිංහල බෝධි වංශය කරන අවදියේ මෙවන් කැලැණි වෙහෙරේ අදිපති වැ සිටි බවත් ඔවුන් වහන්සේ විසින් මැ කියන ලදී. මෙ සඳකිඳුරු දා කව කළ විල්ගම්මුළ හිමියන් මෙ ගත කරත් දී වැඩැ වුසූයේ දෙණගම්. වෙහෙරේ බව මෙහි මැ සදහන් වෙයි.



xxiii

‘දෙණගමු’ යන නමින් පසිඳු තැන් කීපයෙකි. ඉන් තුන්පළෙක් මෙහි දැක්වේ. එයින් එක් තැනෙක් සපරගමු පෙදෙසේ ද, තවත් තැනෙක් දඹුලු පෙදෙසේ ද, අනෙක් තැනෙක් කුරුනෑගල් පියසේ ද වෙයි. සපරගමු පියෙසැ ‘රන්මලය’ නම් කඳු බිමක් ඇතත් එ පියෙසේ දෙණගමුව ඇත්තේ එ කඳු බිම අසලැ නො වේ. දඹුලු ගලට පසු කලෙකැ ‘රන් ගිරිය’ යන නම වහර වූ බව අසන්නට ලැබේ. ‘කිත්සිරි නිස්සංක මල්ල’ රජු දඹුලු ගල් ලෙනට ස්වර්ණ ගිරි ගුහා යන නම දුන් බවෙක් එහි. එ රජු ගේ මැ සෙල් ලිපියෙක්හි සඳහන් වෙයි. එ තන් සිටැ දඹුල්ල ‘රන්ගිරි දඹුල්ලැ’ යි ද, දඹුලු ගල ‘රන්ගිරිය’ යැ යිද පසිදු වන්නට ඇති. කුරුනෑගල් පියෙසේ වූ දෙණගමුව අසැ ‘රුවන් ගිරියක්’ මිසැ රන් ගිරියක් වූ බවෙක් දන්නට නැති. එ හෙයින් මෙ විල්ගම්මුළ මහ තෙරිඳුන් සඳහන ‘දෙණගමු වෙහෙර’ දඹුලු පියෙසේ වූ එක වියැ යුතු යැ යි සැලැකියැ හැකි යි.

මේ දෙණගමු වෙහෙරේ විල්ගම්මුළ මහ තෙරිඳුන්, ‘කීර්ති ශ්රීව මේඝවර්ණ රාජාධිරාජ කල්යාේණි විහාරාධිපති වූ...........විල්ගම්මුළ මහාස්ථවීර පාදයන් වහන්සේ’ ත් දෙ තැනෙක්හි දෙ අවදියෙකැ වැඩැවුසූ දෙදෙනා වහන්සේ කෙනෙක් ද, එ සේ නැත් නම් දෙ අවදියෙකැ දෙ තැනෙක්හි වුසු එක් කෙනකුන් වහන්සේ ද යනු විසඳා දැන්ම අප විසින් කට යුතු වෙයි. කෙ සේ හෝ දෙ දෙනා වහන්සේ මැ මහ තෙරවරයන් වූ බව ‘මහ තෙරිඳු (විල්ගම්මුළ, ස.කි.දා) යන්නෙනුත් ‘විල්ගම්මුළ මහා ස්ථවීර පාදයන් වහන්සේ’ (සි.බො.ව) යන්නෙනුත් පළ වෙයි. දෙ දෙනා වහන්සේ මැ පිවිතුරු ගොත් ඇතියවුන් වූ බව ‘පරපුරැති නිකසළ’ (ස.කි.දා) යන්නෙන් ද, ‘නිර්මල වංශ සම්භූතවූ’ (සි.බෝ.ව) යන්නෙන් ද පැවැසෙයි.

කිත්සිරි මේවන් රජ මහ කැලැණි වෙහෙරේ අදිපති විල්ගම්මුළ මහ තෙර කෙනකුන් එ වෙහෙරේ පිරියමක් කැරැවූ බව :-

ශ්රීු බුද්ධ වර්ෂ එක්වා දහස් අටසිය සත්යා සහවුරුද්දක් ගිය කල ශ්රී්මත් ගඟතළා කරඹවළාන් පරපුරෙන් පැමිණි, ශ්රීිවන්ත විල්ගම්මුළ මාහිමි............ දස වැනි අලගක්කෝනාර නම් අමාත්යෝවතමයාණන් උපස්ථම්භ කරවා ගෙනැ මුල පටන්


xxiv

කරවා ............................ පුදවා වදාළ සේක. මතු ඇති වන බන්ධු පරම්පරාවේ ගතාර පිරිවෙන් සිටි තැනන් විසිනුත් ..............................................ඈ විසින් දැක්වෙන කිත් සිරි මේවන් කැලැණි සෙල් ලිපියෙන් පළ වෙයි. මෙ පිරියම කැරැවු විල්ගම්මුළ මාහිමියනුත් පළමු සිංහල බෝධි වංශයේ සඳහන් වන ‘විල්ගම්මුළ මහා ස්ථවීර පාදයන් වහන්සේ’ත් දෙදෙනා වහන්සේ කෙනෙක් ද, නැත් නම් එක් කෙ‍නකුන් වහන්සේ මැ ද යනුත් අප විසින් විසදා දත යුතු වෙයි.

සිංහල බෝධිවංශයෙහි සඳහන් වන කුරුනෑගල් පූරේ (4) පැරැකුම්බා රජු සිහසුන් පත් වූයේ සක වසින් එක් දහස් දෙසිය සතලිස් සත් (1247) වැන්නේ බව එ රජු දවසැ මැ කරන ලද දළදා සිරිතේ සඳහන් වෙයි. (සක.1247 - කි.ව. 1325/6) කිත්සිරි මේවන් රජමහ කැලැණි වෙහෙරේ පිරියම බුදුන් පිරිනිව් වසින් එක් දහස් අටසිය සැත්තෑ සය (1876) වැන්නේ කැරුණු බව එ පවත් පළ කරන සෙල් ලිපියෙහි සඳහන් වෙයි. (බු.ව. 1876 - කි.ව. 1333/4) එ මෙ දෑතුරෙහි ගෙවි ඇත්තේ අට වසෙකි. (4) පැරැකුම්බා රජු විල්ගම්මුළ මහ තෙරුන් හට සිංහල බෝධි වංශය කරන සේ ඇරියුම් කෙළේ රජ තන් පත් වූ ගමන් මැ නො වියැ හැකි යි. එක්කෝ ඉන් මඳ කලකට පසු කැලැණි වෙහෙර වැඳැ පුදා ගන්නට ගිය ගමනෙක්හි හෝ වියැ හැකි. එ අතින් බලන විටැ සිංහල බෝධි වංශයෙහි සඳහන් වන ‘විල්ගම්මුළ මහාස්ථවීර පාදයන් වහන්සේ’ත් කිත්සිරි මේවන් කැලැණි සෙල් ලිපියෙහි සඳහන් වන ‘ශ්රියවන්ත විල්ගම්මුළ මාහිමි තෙරුන් වහසේත්’ එක් මැ තැනන් වහන්සේ කෙ‍නකුන් බව පෙනෙයි. සඳකිඳුරු දා කවේ ගම් නම් සඳහන සිංහල බෝධි වංශයේ එ සඳහන හා එක් අයුරු වෙයි. එ සලකුණින් සිංහල බෝධි වංශය කළ විල්ගම්මුළ මහ තෙරුන් කිත්සිරි මේවන් රජමහ කැලණි වෙහෙරේ අදිපති වන්නට පළමු දෙණගමු වෙහෙරේ වැඩැ වැඩැ වසනට ඇති යි අඩමාන විසින් සැලැකියැ හැකි යි.

‘තර්කව්යාවකරණ ඡන්දෝනිඝණ්ටු ජ්යෝයතිෂය යනාදි බාහිර ශාස්ත්රමයෙහි හා සූත්රා්භිධර්මවිනය සංඛයාත පිටකත්රැය ධර්මපාරාවාරපාර ප්රා ප්ත විල්ගම්මුළ මහා ස්ථවීරාචාරීන් වහන්සේ’ යන්න ‘විමුක්ති සංග්රාහය’ නැමැති පොතේ අගැ සඳහන් වෙයි.



xxv

එ සඳහන් විල්ගම්මුළ මහාස්ථවීරයන් වහන්සේත් මොවුන් වහන්සේ-එ නම් ‘සිංහල බෝධි වංශය’ කළ විල්ගම්මුළ මහා ස්ථවීරයන් වහන්සේ-මැ වන සේකැයි අප සලකතොත් ‘ශාසනාවතාර’ නම් වූ නිකාය සංග්රථහයෙහි ‘සාහිත්යප විල්ගම්මුළ’ යන්නෙන් සැඳැහෙනුත් අන් කෙනෙකුන් වහන්සේ නො වන බව පෙනෙයි. පත් පොත් බොහෝ ගණනක් කළ පඬි කෙනකුත් වෙසෙසීමේ දී ‘සාහිත්යම’ යන්න යෙදීම සුදුසු වෙයි. එ හා මැ තවත් ‘ විල්ගම්මුළ’ පරපුරේ තෙරුන් සිටි බව ද එ අනුවැ සලකන්නට හැකි වෙයි.

‘ෂඩ්භාෂාපරමේශ්වර ත්රිපපිටකවාගිශ්වර ශ්රීඅ රාජගුරු ගලතුරුමුළ මහා ස්වාමිපාදයන් ගේ ප්ර ධාන ශිෂ්යව වූ ශ්රීු පරාක්රතමබාහු විල්ගම්මුළ මහාථෙර සාමීන් විසින්’ සූර්ය ශතක සන්නය කළ බව එහි අගැ සඳහන් වෙයි. මේ මහ තෙර සාමීන් පළමු සඳහන් ‘විල්ගම්මුළ මහා ස්ථවීරයන් වහන්සේ’ මැ වියැ හැකි ද යනු අප විසින් සලකා බැලියැ යුතු වෙයි. විල්ගම්මුළෑ තෙරුන් කිත්සිරි මේවන් රජ මහ කැලැණි වෙහෙරේ අදිපතියන් වීම පරපුරින් වන උරුමයක් හෙයින් මේ ‘විල්ගම්මුළ’ මහා ථෙර සාමිනූත් එහි අදිපති වැ වුසු බවට නම් සැකයෙක් නැති. එහෙත් මොවුන් වහන්සේ තමන් සඳහන අයුර ඔවුන් වහන්සේ තමන් සැඳැහූ අයුරින් ඉඳුරා වෙනස් වේ. උන් වහන්සේ තම පරපුරත් තම කතුන් වදාළා මිසැ තමන් වහන්සේ ගේ හෝ තම ඇජරාණන් වහන්සේ ගේ හෝ නමක් නො වදාළහ. මුන් වහන්සේ ‘ශ්රී් පරාක්රමමබාහු’ යැ යි තමන් වහන්සේ ගේ නමත් ‘ගලතුරුමුළ මහා ස්වාමීපාදයන් වහන්සේ’ යැයි සිය ඇජරාණන් ගේ පෙළත් සඳහන් සේකි. එ මඳවාට ‘ෂඩ්භාෂා පරමේශ්වර, ත්රිඇපිටක වාගිශ්වර ශ්රීර රාජගුරු’ යි ඇජරාණන් ගේ වෙසෙස් බව ද සඳහන සේකි. එ එක් වැ මැ තමන් වහන්සේ එහෙවූ ගලතුරුමුළ මහා ස්වාමි පාදයන් ගේ ‘ප්රිධාන’ ශිෂ්ය බව ද වදාරන සේකි. එ ඇජරාණන් ගේ තවත් සිසුන් වූ බව ඉන් මැ පළ වෙයි. පළමු සඳහන් විල්ගම්මුළ මහ තෙරිඳුන් හට පළ වීම පිණිසැ මෙ පමණට අනුන් ගේ එළියෙක් ඇවැසි නො වි. ගලපාත වෙහෙරට අදිපති වූ - මංගල සහ රජු ගේ සොවුරු මල් - මහ නෙත් පාමුළ දීපංකර හිමියන් හික්මුණේ ද ගලතුරුමුළ මහ තෙරුන් ගෙන් බව වෘත්ත මාලාඛ්යා ව සඳහයි (28) පමේ විල්ගම්මුළ හිමියන් ඒ ගලතුරුමුළ හිමියන් කෙරේ වැඩැ වුසු බව වුත්තමාලා සන්දේස සතකයෙහි සඳහන් වෙයි (42. 45).



xxvi

‘සරසිගාම මුල මහා සාමිනෝ භාගිනෙය්යන භූතේන ගතාරාහීධාන උපතපස්සිනා’ යි වුත්තමාලාව ගතාරා පිරුවන්හි අනුනායක හිමියන් විසින් කරන ලද බවත්, ඔවුන් වහන්ලාසේ විල්ගම්මුළ හිමියන් ගේ බෑනා වන බවත් එහි මැ සඳහන් වෙයි. එ සතකයෙහි ඇති :-

‘සබ්බාදේසප්පහුතාගතබුධමධුපා සේවනාධාරභූතේ සීලක්ඛන්ධස්සුගන්ඩේ සකුල සරසිජේ සඬ්ඝරාජාරවින්දේ පූරෙත්වා සුප්පතිට්ඨං ජිනවචනමධුං සඬ්ගහෙත්වා වසන්තෝ පුඤ්ඤාධාරෝ ගතාරා ස උපයති සදා හංසපෝතෝ පතීතෝ (58)

යන්න බලා එ දවසැ ‘විල්ගම්මුළ’ මහ තෙරුන් සඟ රජු වැ සිටි බවත්, එ සඟ රජු ගේ බෑන වූ ‘ගතාරා’ නම් අනුනායක හිමියන් ඔවුන් වහන්සේ කෙරේ හික්මුණු බවත් අයෙක් සලකති.

ගතාරා පිරුවන්හි උප ඇදුරු හිමියන් සහ රජු ගෙන් දහම් දැනැ ඉගෙනැ හික්මී වසන බව නම් එහි සඳහන් වෙයි. එහෙත් ඒ සහ එජ තනතුර විල්ගම්මුළ හිමියන් දරන බවෙක් හෝ දැරූ බවෙක් හෝ එහි සඳහන් නො වෙයි. ගතාරා පිරුවන්හි උප ඇදුරු හිමියන් විල්ගම්මුළ මහ තෙරුනට බෑන බව ඇත්ත යි. එ හිමියන් සඟ රජු කෙරේ හික්මුණු බවත් ඇත්ත යි. එ දෙ පවත මැ වුත්තමාලායේ සඳහන් වෙයි. එහෙත් විල්ගම්මුළ, නමින් සහ රජ කෙනකුන් වැඩැ සිටි බවෙක් එ ගතේ කිසිදු තැනෙකැ දක්නට නැති.

දෑති ගම් පුරේ ‘ගාම වාසී’ සෙනසුන්හි පැවිදි උතුමන් සඳහන එ උපතවුසාණෝ :-

1. උපලන්තරමූල මහාථවීරෝ (42)

2. සේනාපතිමූල ථෙරෝ (43)


xxvii

3. මහානෙත්තපාසාදමූලෝරු ථෙරෝ (44)

4. සරෝගාමමූලවහ ථෙරෝ (45) යැ යි, ගලතුරුමුළ, සෙනෙවි මුළ, මහනෙත්පාමුළ, විල්ගම්මුළ යන සිවු ගණයේ පැවිද්දන් සඳහන් කොටැ :-

1. වනරතන මහාදි‍ෙත්රෙපාදෝ විරාජේ (47)

2. සෝ ධම්මකිත්තික මහාථවීරෝ විහාති (48)

3. දස්සේසි සාරභුවනේකභුජෝරුථෙරෝ (49)

යි වන වැසි මහ තෙරුන් සඳහන් කෙරෙති. ඉක්බිති යි සඟ රජු වැනීම පටන් ගැනෙන්නේ. ඒ සඟ රජු ‘විල්ගම්මුළ’ හිමි කෙනකුන් බවෙක් එහි නො පැවැසෙයි. ගම් වැසි පැවිද්දන් ගේ නම් වැළේ මුලට මැ ගලතුරුමුළ හිමියන්ගේ නම යොදා සිවු වැන්නට ‘විල්ගම්මුළ’ හිමි කෙනකුන් ගේ නම යෙදීමෙන් මැ පෙනෙයි සඟ රජ තනතුර හිමියන් නො දැරූ බව.

‘ෂඩ්භාෂාපරමේශ්වර, ත්රිනපිටකවාගිශ්වර ශ්රීර රාජගුරු ගලතුරුමුළ මහා ස්වාමිපාදයන් ගේ ප්රසධාන ශිෂ්ය වූ ශ්රීි පරාක්රීමබාහු විල්ගම්මුළ හොථෙර සාමීන් විසිනි...........’ යැ යි සූර්ය ශතක සන්නයේ අගැ සඳහන් වන ‘ගලතුරුමුළ, විල්ගම්මුළ දෙදෙනා වහන්සේ මෙ වුත්තමාලායේ සඳහන් වන දෙදෙනා වහන්සේ මෑ බව මින් පෙනේ. එ තරම් ආටෝපයට තමන් විසින් මැ සඳහන ලද සිය ඇජරාණන් සිටියැ දී ශ්රී පරාක්රෝමබාහු විල්ගම්මුළ මහ තෙරුන් සඟ රජ බවක් විතාරති යි අපි කවර දෙසක් බසක් සලකා අදහමු ද? ‘ගතාරා’ යනු පිරිවෙනෙකැ නමක් මිසැ පැවිද්දකු ගේ නමෙක් නො වේ. ඒ බව පළමු මැ සැඳැහුණු විල්ගම්මුළ හිමියන් ගේ සෙල් ලිපියෙහි සඳහන් වන :-

‘ ............... මතු ඇති වන බන්ධු පරම්පරාවේ ගතාරා පිරිවෙන් සිටි තැනන් විසිනුත් ...............’

යන්නෙන් පළ වේ.

ගතාරා පිරිවෙන් වැසි උපතපසුන් ගේ ‘චුත්තමාලාව’ පෙන්වන්නේ ඔවුන් වහන්සේ ගේ දැනීම එ වකට පැවැත්තේ නුමු කළ වන මැ බව යි.


xxviii


තිසර අස්නේ ‘දැතිගම් පුරැ’ යි සඳහන් දැතිගම වුත්තමාල‍ායේ සඳහන් වන්නේ ‘ජාතිගාම’ (1) යන්නෙනි. ‘දැති’ යනු හි පගිළියට නමෙකි. ‘දත්’ වැනි කවර දැයටත් ‘දැති’ යන්න වහරේ එයි. ඊයේ ‘පගිළියට’ කියන ‘දැති’ යන්න ධර්මකීර්ති හිමියන් පෙළ බසට නැඟුයේ ‘පුඬ්ඛ’ යන්නෙනි. එ හෙයින් ‘දැතිගම’ යනු මහාවංසයෙහි සඳහන් වන්නේ ‘පුඬ්ඛගාම’ යන්නෙනු යි. ‘පුඬ්ඛ’ යනු පෙරැ හෙළ වහරේ ආයේ ‘දැත්ත’ යනුවෙනි.‘පුඬ්ඛ’ යන්නට ‘දැත්ත’ යැයි ජාතක කථාවෙක්හි දී අරුත් දී ඇති බවක් පඬි හිමිපාණ කෙ‍නකුන් ගෙන් අසන්නට ලැබුණු බවක් පොරණ ලකු සෙනරත් පරණ විතාන ඇදුරු තුමෝ පොරණලකු විත්තියෙකැ (1952) සඳහන් කරති. එහෙත් ඒ කොහි දැයි නො දක්වති. ජාතක කතා නො බැලුවාට ගුරුළු ගෝමී උවසුවාණන් විමැසූ විටැ :-

‘එ ශරයන් .................තලයෙන් තලුදු, දඬියෙන් දඬුදු, පත්කඩින් පත් කඩ දූ, දැත්තෙන් දැතිදු....................’

‘නාරාව දැත්තේ රත් හුයක් බැඳැ එක් කෙසෙල් ගසකට විද්ද.’

‘.............හීය ගොස් පළමු විදි හීයෙහි හී දැත්තෙහි පැහැරැ නවතා පියා ..........’ (ධ.ප්ර..232.234 පිටු)

මේ ‘ජාතිගාමප්පුරම්භා’ (1) යන යෙදුමෙන් මැ පෙනී යයි ගතාරාහිධාන උපතපස්සි තුමන් ගේ දැනීම ‘වුත්තමාලාව’ කරත් දී නුමු කොටැ පැවැති බව.

එ සෙයින් මැ එ උපතපසුන් සිය මයිල් විල්ගම් මුළ හිමියන් ගේ පර පුරේ පඬි කෙනකුන් විසින් කරන ලද සඳ කිඳුරු දා කව ද, එ සෙයින් මැ එ පරපුරේ ඇදුරන් විසින් වෙසෙසින් සෙවුනා ලද කවු සිළුමිණි කුසදා කව ද සිය පබ‍ුඳේ දී ගුරු කොට ගත් බව පෙනේ.

‘ඳනන් රැඳී සිල්වත් නිවන් පුර දොර සල්වත්’ (ස.කි. 9)

යන තැනැ ‘නිවන් පුර දොර සල් වත්’ යනු



xxix

‘සායං පුරි සිව පුරුත්තම ගන්තුකාම පාණෝපවිස්සමදදේක.විසාල සාලා’ (වු.14) යැයි සඳහන් වෙයි.

‘සරද ගන කුළු වන් තුගු පහ පෙළ ලකුළු වන්’ (ස. කි.13) යනු මැයි:-

විසාලම්බරස්මිං නිරාලම්බ මානා ධරායෝ තරන්තා සමන්තා ජලන්තා යහිං සාරදේ නීරදාලිව නිච්චං ථීරා නේකපාසාදකූටා ජලන්ති (වු.5)

යන්නෙන් ද කියැවෙන්නේ.

‘එහි පහ තුඟු යටග බද ලෙළ දද පවන් මඟ උරගුන් ගෙනැ වලග නො යා හි ගැවසෙන ගුරුළු රඟ’ (ස.කි. 17)

‘තුඬ්ගයට්ඨිසිඛරේසු බන්ධිතා මන්ද වාත වලිතා ධජාවලී නාගවාස පුථු යටඨී පන්නගේ ගණ්හිතුන ගරුළාව උග්ගතා’ (වු.63)

යන දෙකින් මැ දෙන්නේ එක් අරුත යි.

වුත්ත මාලායේ :-

භූපත්ථටාතපජලප්පටිබිම්බිතානි තබ්බිථියං උහයපස්සනුබද්ධකේතු නිච්චං පවාළනදිමුද්ධනි කීළ මානා නානාවිධා ජලවරාව විරෝචයන්ති (6)

යනු, 107 – AI


xxx


සඳ කිඳුරු දා කවේ :- ‘බැඳි නන් දද යටග පතළ අවුවෙහි පුර මඟ පිළිබිඹුන් දිසි රඟ කෙළින මින් කැල වැනි පබළ ගඟ’ (ස.කි. 18)

යන්න මැයි.

මෙ ද සමයා බලනු යෙදේ :- අ. ‘නළඟන විදුලි වත් ඉඳු නිල් මිණි කෙවෙනි යුත් පහ ගන කුළු දිලෙත්

   		 එ දුටු ගෙමියුරු සතුටු නද            දෙත්’(ස. කි.19)

‘රංගපත්තවනිතා විරප්පහා දුන්දුහිස්සරපයෝධරස්සරා ඉන්දනීලමණි වායනිරදා ගෙහ මෝරනිකරං පමෝදයුං’ (වු.75)

(කෙළේ තුටු මතඟන රඟ ඔත විදු වැද ගැජුම් ගෙනෙ ඉඳුනිල් මිණි විමන් එ පුරේ සිකි කැන් විමන් (ක.සි.i .16)

ආ: ‘පිළිමිණි බිතැ දිමුත් නළු පිළිබිඹු කෙ වැනි යත් සුර ලොවිනි මෙහි වුත් ඔවුන් සහ නටන නළු මුළු යුත්’ (ස.කි. 20)

තතීථග්ගරංගේ අහිනච්චමානේ ආදාසකුඩ්ඩේ පටිබිම්බ රූපා ආගම්ම නාකා පටිපක්ඛභූතා හුත්වා නටන්තා සුරනාටිකාව (වු. 76)


xxxi

(ර‍ඟොත මතඟනක පුරැ පිළිබිඹුනි දිස්නා පිළිමිණි ගෙ පිළිමල් වැ නස්නා දිවසරන් කැන් (ක.සි.1. 18.)

ඇ: ‘එ පුරෙහි වෙසෙසිනා අඟනෝ ලාලි කෙළිනා ඇසි පිය නො හෙළනා ස‍ඳෙහි සුඟන වූ යැ සොඳිනා’ (ස.කි. 22)

‘සස්සිරිකවරරාජධානියං සාරහෙණ්ඩුකනිකීළනේ රතා තත්ථ තත්ථ වනිකා විරාජිතා අච්ජරා ‘ව නිමිසේහි තං ඛණේ’ (වු. 67)

(නෙත නිසලසරන් විලස්හි පිළිබෙදුමසක් නො තිබී කෙළිතු ලාලී ලිය ගී ගතෙපුර කතන. (ක.සි. i . 25)

‘දොරැ දෙරැ සිටි කදලි තුරු සෙවණවලැ මනකලි කුමරු කෙළැ කෙළැ වැලි බොලද තෙපලින් ගනිති සිතිවිලි’ (ස.කි. 23)

‘යය්මිං සදා හාසුරතෝරණේසු ආබද්ධරම්භාකධජාවලිනං ඡායාසු බිම්බේසු නිකිළයන්ති බාලාතපාපජ්ජිතවජ්ජිතේසු’ (වු.65)

මෙහි දී ‘ඇයි’ ‘වුත්තමාලා’ කරුවන්ටත් සඳකිඳුරු දා කව නැතිවාට කව් සිළුමිණ කුස දා කවේ ගී අනුවැ යනු බැරි දැයි නැ‍ඟෙන පැනයෙක් වේ නම් ඒ විසඳනු සඳහා යි ‘දොරැ දොරැ’ ඈ ගීය දක්වන ලද්දේ.

ඒ දැක්වුණු නිදසුන් විමසා බලන විටැ පෙනෙයි. ‘ගතාරාභිධාන’ උපතපසුනට සඳ කිඳුරු දා කව ගුරු පොතක් වූ බව. එය සාහිත්යි විල්ගම්මුළ හිමියන් විසින් මැ කැරුණත්. එ‍ සේ නැති වැ එ උපතපසුන්


xxxii


මයිල් ‘ශ්රීර පරාක්රූම බාහු’ විල්ගම්මුළ හිමියන් විසින් කැරුණත් වුත්ත මාලා සතකයට පැරැණි වේ මැ යි. මෙහි, එ නම් සඳ කිඳුරු දා කවේ කතු නිදසුනින් පෙනෙන්නේ නම් මෙය සිංහල බෝධි වංශය කළ විල්ගම්මුළ හිමියන් විසින් එයට ද පළමු කළ බව යි. ඒ දැනට පසෙකැ තිබියේවා. මෙහි දී ඇවැසි වන්නේ මෙය වුත්තමාලා සතකයට වැඩි මහලු බව දැක්ම පමණ යි. ඒ කුමට ද?

මෙ පො‍ත කියවා බැලූ කිසි දන කෙනකුන් තරාදිය තිබියැ දි අතින් බඩු කිරා බලා බර පමණ පවසන්නවුන් මෙන් මෙ ද සතළොස් වන (කිතුනු) සිය වසේ දී කරන ලද පබ‍ඳෙකැයි කියන කී ම නිකම් අනන් මනන් බිණිමක් බව පෙන්නීමට යි. සතළොස් වන (කිතුනු) සිය වස නම් ක්රි : ව: 1700 ටත් 1800 ටත් අතරැ සියත් අවුරුද්ද යි. එ අවදියේ දී ‘විල්ගම්මුළ’ යන නමින් පසිදු මහ තෙරිඳු කෙනකුන් සිටි බවක් තිබා ‘කවර මුළෙකැ’ මහ තෙරිඳු කෙනකුන් හෝ සිටි බවෙක් පෙනෙන්නට නැති. අප යම් කිසි නිගමනයකට බැසැ තිරණයක් ඉදිරි පත් කරන විටැ වෙසෙසින් දැක්වියැ යුතු වන්නේ නිදසුන් සහිත කරුණු යි. ඒ මිසැ ‘කාටත් වැටැ හෙනු ඇති’ ‘සක් සුදක් සේ පෙනෙයි’ ‘අසුවල් මත දැන් හුළංවී හමාරයි’ ඈ විසින් නිකම් මිග දෙඩුම් කළාට යම් කිසි පැනයක් විසැඳීමට එයින් සිදුවන වැඩෙක් නැති.

‘මෙන්නැ මේ වදන්, මේ යෙදුම් වහරට අයේ සතළොස් වන සිය වසේ දී යි. ඉන් පෙරැ. එ වදනින් යෙදුමෙන් පළ කරන අරුත් අඟවන ලද්දේ මෙ අයුරුනි’ ඈ විසින් නිදසුන් ඇරැ පෑව හොත් සඳ කිඳුරු දා කව සතළොස් වන සිය වසට අයත් සේ සලකනු හැකි වෙයි. ඒ මිසැ නිකම් බෑවෙමින් දොඩන මිග බස් අසා එය එ සේයි පිළිගන්නෝ පිට රටින් සිංහල උගත් ‍දනන් කෙරේ. මුත් උපතින් සිය බස උරුම වූ සිංහලයන් කෙරේ නො වෙත්. දහ හත් වන (කිතුනු) සිය වසෙහි දී ලක් දිවේ පාත රට පියෙස් ලන්දේසි දනන් ගේ ද, උඩ රට පියෙස් වඩුග නායක්කරයන් ගේ ද, යාපනය දෙමළ දනන් ගේ හා ලන්දේසි දනන් ගේ ද ඇසුරේ පැවැත්තේ යි. ඒ අවදියේ සිය බසෙහි වියත් වහර යට පත් වී යම්තම් ගැමි වහරේ අමු සිංහලය රැකී පැවැත්තේ යි. සකුවේ නටබුනුත් අඬ පණ වූ මගදයත් අසරින් ගොඩනඟා ගන්නා ලද අවතාර සිංහලයෙකි ලිවවීමෙහි දී වහරට ගන්නා ලද්දේ. වන්නම් පැදිවලැ දක්නට ලැබෙන්නේ අන්න ඒ බස යි.


xxxiii

සක්වල නොයෙක් දුක් ශැමක් නොවදින්ට පුන් සඳ ලෙසට මගෙ උවනත බබලන්ට තුන් ලොව සතුන් හට මතු අග රජ වන්ට මන් කල පින් ශැම දෙවියෝ ඇර ගන්ට (අ.ව)

බෝධි සච්චරිතය මුලට ගෙන රාජ වල්ලිය පාලියෙන් ආදි කව් පොත් තුනක පද ගෙණ මහහිනික්මන් පාලියෙන් බුඬවන්සය අනාගත සහ යසෝධර වත පාලියෙන් මෙ දැන් මුනි රජ පිරිනිවන් සහ ධාතු විසිරෙත් නිමවමින් (මහ.බ)

ඔන්න ඔය හැටි යි එ කියන සිය වසේ ‘ගිරන්ද බාසාව’! එ අවදියේ දී දක්නට ලැබෙන වෙසෙස් ලකුණෙක් නම් ණ, න, ල, ළ, යන අකුරු වහර වියවුල් වැ පැවැතීම යි. අලගිය වන්න මුකවෙට්ටි රාලහාමින් ගේ අවදියේ අවසන තෙක් මැ එ වහර නො කෙලෙසී පැවැත්තේ යි. සඳ කිඳුරු දා කවේ එ වහර රැකී පවත්නා බව පෙනේ. එ හෙයින් දහහත් වන සිය වසට පෙරැ මෙ ගත පබඳ කරන ලද බව සැලැකියැ හැකි යි. දහහත් වන සිය වසේ දී තබා සිය බස ආයේ පෑදෙන්නට පටන් ගත් අටළොස් වන (කිතුනු) සිය වසේ දීත් මේ වහර එළි පැදුම් වූයේ නැති. එ හෙයින් කිසි පඬු කෙනෙක් සකු මගද දෙබස ඇසිරින් අමුතු ණ, න, ල, ළ වහරක් මවා ගත්හ. උන් හිටි ගමන් බුදු වන්නා සේ බස පිළිවිදිනු රිසියෝ තමනට අවුලක් වැ පෙනෙන අකුරු බෑමේ දොළෙකින් පෙළෙන්නට වූහ. එ හෙයින් සිය බස් වහර මෙතෙක් දු සුදුසු පරිදි එළි පෑදුම් නුවු බව කියැ හැකි යි. සඳ කිඳුරු දා කව පබඳ කොටැ ඇත්තේ බස එ පමණ දුරට කෙලෙසෙන්නට පළමු යි.

උගත් කම එකෙකි. කිවියාව අනෙකෙකි. තෙවළාව දැන්ම එකෙකි, වත් පිළිවෙත් සරු බව අනෙකෙකි. අන්න එ හැටි යි උගත් කමේත් කිවි බවහිත් ඇති වෙසෙසත්. සාහිත්ය විල්ගම්මුළ හිමියන් ගේ සිංහල බෝධි වංශය මගද පොතෙකැ අනුවාදයෙකි. එ හෙයින් එහි දැක්වෙන කිවියාවේත් සඳ කිඳුරු දා කවේ. පිළිබිඹු වැ පෙනෙන කිවියාවේත් මඳ මඳ වෙනස් කම් දක්නට ලැබෙනු ඇති.

ලුණෙහි ලූ මසුන් ගේ පැසීමේ පමණට පදම් කරන ලද කුළු සිරිඟර රසට ඇබ්බැහි වූවනට සඳ කිඳුරු දා කව පාළු සේ පෙනෙනු ඇති.


xxxiv

‘පියනත් වැල් වත් මිණි කැලුමලු විමනෝර වත් පහළඟනන් සහා මිහි කපුරු දුම් දුම් ලේ’ (ක.සි. මි. 1-23) යන්න වැන්නක් හෝ, සියුමැලි ගතැ කොමළ වදිනෙව විරඟ ඇහැ තුළ ඇදැ වැලැඳැ මන දොළ පිරි රිසි ලෙසැ අවල කෙළි කෙළ (ක.සේ) යන ජාතියේ එකක් හෝ, ‘ර ත් සර කැකුළකට තුඩ දී හසෙක් මොළ සි ත් සඟ තොසින් සෙද විදහා පුබුදු කළ ප ත් නූ අනඟ රස අඟනකට කැරැ ලොළ ම ත් සලෙළකු ගිය වැනි අවල කෙළි කෙළ’ (ප. අ)

යන වගේ එකක් හෝ සඳ කිඳුරු දා කවේ දක්නට නො ලැබෙනු ඇති. එ පමණෙකින් අපට හැකි ද එය සතළොස් වන (කිතුනු) සිය වසේ කව් ගොඩට හෙළන්නට?

ඇයි ත දි නා තුඹස් බිඳැ නො වි ලස් බු දි නා අහස් මී ඉඳැ වලස් ඉ ඳි නා පොරෝ ගෙනැ නිල් පලස් සෙදිනා රැපෑ නාකින් ‍ විලස් (3020)

යන විදියේ පැබැඳුම් විසිතුරු රැසැයුම් නො වෙයි ද?

අ ත ක්  බෝ සතු ගෙ ළෙයි තබමින් 	    විමසා 

ම ඳ ක් සැලි සැලී පණ නල තිබෙන නිසා ප ස ක් තෙ දැති දෙවියන් යදිමින් නො ලසා නැතක් කන්නළව් බස් පවසයි මෙ ලෙසා (395) යනු

‘තබා වටොරැ හිස් ඔබා ළමැදැ මොළො කත්ල හිද නො වැහැ බමතැලැළැ ඉති ගත් වලප් පබවත්’ (ක.සි. මි 13-27)

යන්නට එ තරම් මැ බාල ද?


රැ. තෙන්නකෝන්