සපරගමු දර්ශන - ශ්‍රී පාද ශිලා ලිපි

Wikibooks වෙතින්
                                                                                    පළමු පරිච්ඡේදය- ශ්‍රී පාද ශිලා ලිපි


ශ්‍රී පාදස්ථානය

1. කුරුවිටි කෝරළය

මේ කෝරළයෙහි ශිලා ලිපි හයක්, තඹ සන්නස් එකොළහක්, තුඩපත් ආදී ඓතිහාසික ලිපි විසි දෙකක්, පැරණි පූජණීය ස්ථාන පහලොහක්, පැරණි ගල්ගුහා තෙලෙසක් හා සම්බුදුරදුන් සමනල ගල මත සිය සිරිපා සටහන පිහිටුවීම ගැණ තොරතුරු ඇතුලත් සපරගමුවෙන් පිට පිහිටි ශිලා ලිපි තුනක් ද, ශීර්ෂපාඨ වශයෙන් ගෙණ සවිස්තර ලෙස විවේචනය කර ඇත. ශ්‍රී ශාක්‍ය මුණීන්ද්‍රයන් වහන්සේගේ පා පහසින් පවිත්‍ර වූ මෙම ඓතිහාසික සිද්ධස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි හත්දහස් තුන්සිය හැටක් උස සමන්තකූට පර්වත මස්ථකයෙහි පිහිටා ඇත. ස්වදේශිකයන්ගේ හා විදේශිකයන්ගේ සම්මානයට හා වර්‍ණනාවට භාජන වූ මේ හා සමාන වෙන එකද තැනක් මිනිස්ලොව නැත, එසේ ම මෙය සපරගමුවේ තිබෙන ප්‍රාග් ඉතිහාසය හා සම්බන්ධ ස්ථාන කීපය අතුරෙන් එකකි.

සිරිපා වැඳි ලාංකික රජවරු

සම්මා සම්බුදු රදුන්ගේ මේ සිරිපා සටහන වැඳ පූජොපහාර දැක්වූ සිංහල නරපතීන් අතර වට්ට ගාමිනී අභය (ක්‍රිස්තු පූර්ව 29-17) සිව්වැනි මිහිඳු (956-972) ශ්‍රී සඞඝබොධි විජයබාහු (1059-1114) මහා පරාක්‍රමභාහු (1153-1186) කීර්ති ශ්‍රී නිශ්ශඞක (1187-1196) කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු (1236-1271) බෝසත් විජයබාහු (1232-1236) ශ්‍රී සඞඝබොධි( හයවැනි ) පරාක්‍රමබාහු(1410-1468) වීරවික්‍රම (වික්‍රමබාහු -1542?) දෙවැනි විමලධර්මසූරිය (1687-1767) ශ්‍රී විජය රාජසිංහ (1739-1747) කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) හා රාජාධි රාජසිංහ (1780-1798) යන නරපතීන්ගේ නම් ග්‍රන්ථාරූඨ වී ඇත. එළාර රජුගේ විසි මහා යෝධයන්ගෙන් එකකු වූ දීඝජන්තු යොධයා, වජිරා කුමරිය හා දෙව ප්‍රතිරාජ ඇමතියා ද, සිරිපා වැඳ එහි දියුණුව සඳහා කටයුතු කළ නායක - නායිකාවන් ලෙස ඉතිහාස ගත වී තිබේ.

දුටුගැමුණු (ක්‍රිස්තු පූර්ව 101-77) රජු රට එක සේසත් කිරීමට මත්තෙන් තමා දුන් දුග්ගත දානයක් වැළඳූ මළයදෙව මාහිමියන් ප්‍රධාන රහතන් වහන්සේලා නවසියය වැඩ සිටියේ සමන් කුළු පව්වෙහි බව තමා දන්නා නිසා සිරිපා වැඳීමට ගිය ත් නො ගිය ත් මේ ස්ථානය ගැන දුටුගැමුණු රජු ද දැන සිටි බවට නම් කිසිම සැකයක් නැත.

ශ්‍රී පාද ලාංඤ්ඡනය

ශ්‍රී පාද ලාංඤ්ඡනය

එළාර දීඝජන්තු යෝධයා මේ ස්ථානයට (ආකාශ චෛත්‍යයට ) රතු සේද රෙද්දක් පිදූ බව මනෝරථ පූරණී නමැති පාළි ග්‍රන්ථයෙහි කියා ඇත. ආකාශ චෛත්‍යය තන නම නිතුපත්පාන ( තිරියායි ) ගිරිගඬු වෙහෙරටත් කියන නමුත් හින්දු වරුන්ගේ ආගමික සම්බන්ධය ඇති ආකාශ චෛත්‍යය ශ්‍රී පාද ස්ථානය නිසා මේ වස්ත්‍රය පුදන්නට ඇත්තේ සිරිපා සටහනටම වියයුතුය . ද්‍රවිඩ හින්දුවරු පාසටහනට රතු රෙදි පිදීම මේ දක්වාම කරගෙන එන චාරිත්‍රයකි.

ශ්‍රී පාද ශිලා ලිපි

ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැණීමට පැමිණ එහි දියුණුව සඳහා ක්‍රියා කළ රජවරුන් විසින් පිහිටුවන ශිලා ඉපිවලින් මේ තාක් සොයාගෙන තිබෙන ගණන දහයකි. ඒයින් දෙකක් සිරිසඟබෝ (1) විජයබා රජුගේය.අටක් කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ ය. දෙවෙනි පැරකුම්බා රජු විසින් සිරිපා මළුවේ හෝ ඒ අසල පිහිටුවන ලද ශිලා ස්ථම්භය ( අත්තානි කණුව ) සෙවීමට තාමත් උත්සාහ කර නැත.

පැරණි අයිතිය අහෝසි කිරීම සඳහා අළුතෙන් බලය අල්ලාගත් අය ඒ ඒ තැන්වල තිබෙන පැරණි ලිපි-ලේඛන ආදිය විනාශ කර දැමීම කොතැනකත් කෙරෙණ සිරිතකි..

//22//

//23//

//24//

//25//

අකුරු කෙටු පාන

ත්‍රිසිංහලය එක සේසත් කොට රජ පැමිණි ප්‍රතා පවත් නරවීරයකු විසින් ඉර - හඳ හාම පමුණු කොට ශාසනාන්තර්ධානය දක්වා මේ ව්‍යවස්ථා උල්ලංඝනය නොකරණ සේ මතු ඇතිවන පාලකයන්ට ද ඔවා දී පිහිටුවන ලද, අකුරු කෙටූ පාන නමින් ගම්වාසීන් අතර හැඳින්වෙන මේ රාජකීය ලේඛනය සන්ක්ලයින් නැමැති තේවත්තක් මැද අක්කර කාලක වන ලැහැබක් තුල අට ලෝදහම අනුව නරපතියකුගේ තබා කිසියම් නරයෙකුගේ හව් හරණක් නැති ව විනාශ මුඛය දෙසට ගමන් කරණ බව පෙනේ.

සිරිසඟබෝ විජයබාරජුගේ නියෝගය ලෙස ගිලීමළේ හා අඹගමුවේ පිහිටුවා ඇති මේ සන්නස් දෙක ආරක්ෂා කිරීමත් ශ්‍රී පාද පද්මයට පුදා ඇති ඒ විහාර ගම් වලින් ලැබෙන ආදායම සිරිපා මළුවේ හා වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමත් කවර රජය කින් හෝ ඉටුවිය යුතු යුතුකමකි.

අඹගමු ශිලාලිපිය - 1096 - E- Z

අඹගමු ශිලාලිපිය - 1096 - E- Z

01. සිරිවත් අපිරියත් ලෙව්
02. ඉකුත් ගුණ මුළින් උතුරත් මුළු ද
03. ඔදිවුහි අන්කැත්කුල පාමිලි කළ
04. රිවුහු අන්වයැ (ඔකාව)ස් (රජ) පරපුරෙන් බට
05. කැත් උසභ අහාසලමෙවන් මහරජපාට (වඑ) ම
06. කුලෙන් සමදෑ (දෙව්ගොන්) රැජනෑ කුසි (නි පිදැ ඈපාම
07. හයා සිරිවාන්දෑ පිළිවෙළස රජවැ මිණිවුටුනෙන් පැහැ
08. යු ලොව්තුරා බිසෙස්නෙන් බිසෙස් (වූලක්දි) වූ පොළො මෙහෙසු
09. රුන් පරපුරට 1 තටිකක් (බ)න්ද්‍රවූ තුමා ස(ර)ණ නියරසින්නන්
10. රජ මුන්දුනැ සොස් වූ සාහතෙදින් හිරුපැළ කෙවින් 2 මෙහෙසු
11. රුදළ දැපින් 3 උවිඳු රජ විරිතින් සුරින්දු (පබන්ද) දෙනෙත් දිනිසුර
12. න් සත් (සෙතින් කිති) සුරු පැනැස (රි) න් සුරගුර සොමි ගුණෙන් නි (ස)
13. යුරු රූසරින් ක (න්ද) ප් කුළුණු සරින් බෝසත් දුනු සහ වුටුනු රජ බරණ කිර
14. ණ වු ජු) රුදුරු (තුල තල) අරා තුමා තුණු කප්තරුමින් නොමින් තන් රුවින් දන් (ව)
15. තුරෙන් නන් දෙසත් ප (තළෙ) මුළු දිළිඳු (සි) ත් සයුරු පුරමින් මුළු ලෙව්හු ප
16. තළෙ යස පබඳ ඇති තුමා සිරින් (ලක් දිව් පහයා) නන් නන් දෙසෙහිර
17. ජුන් වටන අසිරි (පඬුරු ) සිරින් දවහ පිරෙනැ රජ ගෙදොරෙහි දසනා
18. වන් පැරකුම් සිරින් සිරිලකට (යසඵළ) වූ (තුනුරුවනට පුද ඇජරන)

//28//

40. වැලි එකක් සොරගොඩ කොට වැලි එකක් ලියවළ කොටවැලි
41. එකක් බදුලුවනැ කොට වැලි එකක් උදුහො කොටවැල්ලේ පුවක්
42. කළඟ 8 වෙලැබද මකුළුමුල අඹගමුව වැලිගම්පොල උල
43. පනා ඇතුළුවැ මෙතුවාත් තැන් කුසලාත් බො පා
44. කොට මෙයට (*නාළා) රජ්කොල් කැමියන් නො වද්නා
45. කොට දෙරුවනැ දෙකම්තැන් නොවද්නා කොට මගිවපියගි
46. * කුලී මෙලාසි විඩෙ විඩෙ 9 දුන් පඬුරු නොගන්නා කොට
47. ගැල්ගොන් (කිරි*) රි 10 අදනා වැරියන් නො ගන්නා කොට
48. පස්මා දෙසින් ඇතුලත් වරදක් කොට ගම් වන්න වුන්
49. ඇත ගම්භිම් පන්වා දුන්මුත් ගම්වැද නොගන්නා
50. කොට අටතිස් වන්න මතුහවුරුදු පටන් කොට එක්තැන්
51. සමුයෙන් පා වැඳැ ආ මෙකාප්පර වෑදෑරුම් කළුන්න
52. රූබිම් අ (යනනා*) වන්වරැ හක්කගම් කිතුකොළො
53. ඹගලු දෝවු මහකිලිංගම් කිත්ළි දෙටුරමු
54. ක් කඩු (අ.) ගා 11 රක්කමණන් වරැ කුඩසලා කිතු ඇ
55. තුළු වැ මෙතුවාක් සම දරුවන් විසින් මෙ අත්තාන්ණි
56. කණු පෙරැ හැර දෙනු ලදී...... (යෙ බද.)....
57. ...... නවාම් කැම් නාවන් ...... (යලුගම්ගො.)
58. ...... වහන්සෙ කරවනු ලදී.

1. 'තලා ටිකක්'

2. 'පැළ කෙමින්'?
3. 'දැවින්' යි ද කියවිය හැකියි.
4. විසඹ (මිත්‍රත්වය.)වෙනුවත වැරදි යෙදුමකි.
5. මැදින් දින පුර මස් හි විය යුතුයි.
6. 'කැස්සබැ'යි ද කියවිය හැකියි.
7. 'අයසක් - නොහොත් - ඇතසක්- ඇටසන් යිද කියවිය හැකියි.
8. "කළහ,, යි ද කියවිය හැකියි.
9. විසෙ පිසෙ යිද කියවිය හැක.
10.'කිරිගෙරි' විය යුතුයි.
11.'අ*' විය යුතුයි.

ශ්‍රී නිශ්ශඬක මල්ල රජුගේ ශ්‍රී පාද ගල් සන්නස්

නිශ්ශංක මල්ල රජු කලිඟුරටින් පැමිණියෙකි. පියා ජයගෝප රජුය. කුමරෙකුට දාව මහ පැරකුම්බා රජුගේ සොහොයුරියක කුස උපන්නෙකැයි යනු ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයෙකි. තමහට සිහසුන පරපුරෙන් හිමිවූවක් බැව් මොහුගේ ශිලාලිපි කීපයක ම සදහන්ව ඇත්තේ මේ නෑකම පිළිබද ඉගියක් වෙන්ට ද බැරි නැත.

ස්වකීය කෙටි රාජ්‍ය කාලය වූ නවවස තුල පුදුම විදයේ ඇවිදීමකුත්, මහත් වැඩගොඩකුත් කර ඇති බැව් ඔහුගේ ලිපිවලින් පෙනේ. ලක්දිව සමනල ගිරි දුර්ගත්, සිංහ රාජ අඩවිය වැනි වන දුර්ගත්, කීරගල - දුම්හිද වැනි ජල දුර්ගත්, සේරුවිල දිගාමැඬිලි වැනි පංක දුර්ගත් පසු කරමින් ලක්දිව වටා තුන්වරක් පැදකුණු කොට රටවැසියන්ගේ දුක් ගැනවිලි හා අඩුපාඩු සොයා බලා ලක්දිව තත්වය අල්ල පිට තැබු නෙල්ල ගෙඩියක් සේ පැහැදිලි ලෙස දැනගත් බැව් ඔහුගේ ශිලාලිපි වල සදහන් කර ඇත.

එසේ ම දකුණු දඹදිවට දෙවරක් ගොස් සටන් කළ බවත්, රාමේශ්වරම ඇතුළු තමා යටතට පත් ප්‍රදේශවල අඩුපාඩු සම්පූර්ණ කොට ආගමික සිද්ධස්ථාන ඇති කළ බවත්, හේ කියයි. මේවායේ තරමක් අතිශයෝක්ති තිබුනත් ඔහු කියු හැම දෙයක්ම කවර තරමකින් හෝ සිදු වී තිබෙන බව නම් සත්‍යෙයකි. මෙතෙක් සොයා ගෙන තිබෙන මොහුගේ ශිලා ලිපි ගණන 29 කි. එයින් 28 ක් ලක්දිවෙත් එකක් දකුණු දඹදිව රාමේශ්වරමෙහිත් තිබේ.

දිවාගුහාව, රම්බාවිහාරය, වාඳුරුප්පේ, පඩුවස් නුවර, අනුරාධපුර, ගන්තලාව, දඹුල්ල, ගිරිතලේ, පොලොන්නරුව සහ බුත්තල අසල කටුගඟ ගල්ගේ යන තන්හි ඔහුගේ පැමිණීම හා විවිධ සිදුවීම් ගැණ ශිලාලිපි තිබෙන නිසා මොහු රටවටා තෙවරක් ගමන් කළ බවට කිසිම සැකයක් නැත.

එසේම දකුණු දඹදිව රාමේශ්වරමෙහිත් ශිලාලිපියක් තිබෙන නිසාත්, ඒ ලිපියෙහි දඹදිව හා ලක්දිව තමා පිළිබද තොරතුරු රාශියක් ඇතුලත්ව තිබෙන නිසාත්, විදේශ කටයුතුද එලෙසම සිදුවුනාට සැකයක් ඇති කිරීමට ඉඩක් නැත. මේ කරුණු ගැණ සලකණ විට ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය කුමක් වුවත් මොහුගේ කියුම් කෙරුම් ඉවත දැමීමට නුපුළුවන.

මෙයින් ලක්දිව ශිලාලිප හතකුත් රාමේශ්වරම් ලිපියෙහිත් තමාගේ සිරිපා ගමන ගැණ විස්තර ලියා ඇත. ලක්දිව පිහිටි ඒ ලිපි හත තිබෙන්නේ සිරිපාමළුව පාමුල පිහිටි දිවාගුහාවේ ලිපි 2, මාගම්පත්තුව වාඳුරුප්පේ ලිපි 1, නැගෙනහිර ගිරුවාපත්තුව රම්බා විහාරයේ ලිපි 1, හෙට්ටිපොල පඬුවස් නුවරෙහි ලිපි 1, බුත්තල අසල කඩුගඟ ගල්ගේ ලිපි 1, සිංහල පත්තුව-ගිරිතලේ ලිපි 1, යන සත් තැනය.

සිරිපා නැඟීම

ඊට ශත වර්ෂයකට කලින් (ක්‍රි:ව: 1096) සිරිපා නැගි සිරිසඟබෝ විජයබාහු රජු මෙන්ම මොහුද රත්නපුරය-එරත්න-ගිලිමලය-පළාබත්ගල හරහා මළුවට නැග පටකොඩි එල්වා රන්-රිදීමල්දම් සහිත නවරුවනින් මළුව සරසා සහ වොටුනු රජබරණින් සැදි සිට ශ්‍රී පාද පද්මය මත නළල තබා වැන්දේය. අනතුරුව රජරට (හැටන්) මාවත දිගේ අඩි 300ක් පමණ බැස සර්වඥයන් වහන්සේ සමනල ගල මත සිරිපා සටහන පිහිටු වීමෙන් පසු දිවා විහරණය කළ ගුහාවට පැමිණ එහි තමාගේ රූ සටහන හා ශිලා ලිපි දෙකකුත් කෙට වූයේය.

එයින් එකක සහ වොටුනු රජබරණින් සැදී තමා සිරිපා වැන්ද ආකාරයත්, ඒ පිළිබද විස්තරයත් ලියා තිබේ. අනික් ලිපියෙහි තමා රජ පැමිණි නව වැනි අවුරුද්දේ නවවැනි මාසේ (ක්‍රි:ව:1196) දුරුතු මස පුර පසළොස්වකද සිරිපා වැන්ද පිළිවෙළත්, මහ විජයබාහු රජු පුදා ශත වර්ෂයකින් පසු කුසලාන් (විහාරමල පාළු) ව ආ අඹගමුව-කෙසෙල්ගමුව-ගිලීමළේ-බඹරබටුව ආදි සිරිපා සතු විහාරගම්වලට කිසිවෙකුටත් අවුලක් වියවුලක් නොකළ හැකි පරිදි අයිතිය තහවුරු කර දීමත් සදහන් කර ඇත.

තමාගේ මේ සිරිපා ගමන ගැන දිවා ගුහාවෙහි ඇති විස්තරයම ලාටරටින් පැමිණි පඩුවස්දෙව් රජුගේ රාජධානිය වූත්, මහ පැරකුම්බා රජුගෙන් පෝෂණය ලැබුවා වූත්, පඬුවස්නුවර ගල් පුවරුවක කොටා තිබේ. මෙය නෘත්‍ය-ගීත-වාද්‍යාදී ක්‍රීඩා බලා වදාරණ ශිලාසනයක් බව එහිම ලියා ඇත. මේ ලිපියෙන් සපරගමු මගින් නැග රජරට මගින් බැස දිවාගුහාවෙහිත් එතැනින් සැතපුම් 24ක් පහතින් පිහිටි නිශ්ශංකමල්ල ලෙනෙහිත් ගිමන් හැර අඹගමුව-ගම්පල හරහා පොලොන්නරුවට යන අතර මග පිහිටි පඬුවස් නුවර පවත්වන ලද රාජකීය උත්සවයකටද සහභාගී වු බැව් පෙනේ.

ශ්‍රී නිශ්ශංක මල්ලව රජරුව සහිත දිවා ගුහා ලිපිය 32 IMG

ලිපිය දිග අඟල් 10 යි, පළල අඟල් 9 යි, පේළි 7 යි, රූල් අතර කොටා ඇති අකුරක ප්‍රමාණය අඟල් 1 1/2 යි, ලිපියෙහි උඩ කොටසෙහි රජරුවත්, යට කොටසෙහි මේ සෙල් ලිපියත් කොටා තිබේ.

1. නිශ්ශං 2. ක පරාක්‍රමබා 3. හු චක්‍රවර්තී 4. ස්වාමීන්වාන් 5.සේ පද ලසදා 6.වැඳ බැසසිටි 7. නියායි

දෙවන සිවා ගුහා ශිලාලිපිය - 1196 - A.S.C

දෙවැනි ශිලා ලිපිය

මේ ලිපිය දිග අඩි 5 අඟල් 6 යි. පළල අඩි 1 අඟල් 10 යි. පේළි 14 යි. රූල් අතර කොටා ඇති අකුරක ප්‍රමාණය අඟල් 1.5 යි .අකුරු ගෙවී තිබෙන තැන් තිත් වලින් ලකුණු කර ඇත.

1. ශ්‍රී විරුදරාජ වීර වෙශ්යාභුජඟ නිශ්ශංක ලංකේ (ශ්වර කාලීඟච) ක්‍ර වර්තීන් වහන්සේ

2. සිරිලක එක්සත් කොටැ ... .. .. .. .. .. .. .. .. ...

3-5. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. .. ..

6. .. .. බැවින් යුද්ධාභාශයෙන් .. .. දඹදිව වැඩිකල්හි .. .. ..

7. හස්ත්‍යාශ්වාදී අය ද සොලීරටින් එවු පඬුරු ද ගෙනැ දෙවකුල මෙදී කුලාහාර නැගි නන්දෙසෙනා ආ

8. දිළිඳුන් සිත් පුරා දී නිශ්ශන්කෙශ්වරයා යන දේවාලයක් ද නංවා ලග්දිවු වැඩ තුන රජයෙහි නො

9. එක්තන්හිද කාලිඟරට පාඩි රට සොලීරටද සත්‍ර නංවා නොඑක්යාචකයන් .. .. .. රන්ව

10. ළන් රිදී වලන් දන්දී නවවනු නවයැ පුණුපොහොයැ සමනොළ වැඩ*** .. .. .. .. .. (පසුව)

11. ණි රජතමාලායෙන්ද නවරත්නයෙන්ද මළුව සදා සහ වොටුනු රජබරණින් සැදී වැන්ද .. .. .. ..

12. පූර්වරාජයන් දවස් අපවත් වූ මෙහි බද පලමු කුසලාන්ව ආ අඹගමු කෙ .. .. .. .. .. .. .. .. .. .. .. ..

13. තැන් පෙර පරිද්දෙන් සිටුවාදී මෙතුවාක් තැනට කාත් විසින් උද්ධරණයක් නොකරනු කොට .. .. .. .. .. ..

14. ලෙඛනයයි .

පඬුවස්නුවර ශිලාසන ලිපිය

පඬුවස්නුවර ශිලාසන ලිපිය - 1196- A.S.C //IMG//

මෙහි දිග උඩි 5 අඟල් 3 කි. පළලත් එපමණය . රූල් අතර ඇති අකුරක ප්‍රමාණය අඟල් 11 කි. එක පැත්තක පේලි 7 බැගින් ඇත. ලිපිය කියවන්නේ වමේ සිට දකුණට වටේයි . තමාගේ සිරිපා ගමන ගැණ දිවාගුහා ලිපියෙහි ඇතුළත් කරුණු එලෙසම බැව් නත්‍ය ගීත වද්‍යදිය බැලීමට වැඩ සිටි ශිලාසනය බැව් අවසානයේ දක්වා ඇත. මෙහි සඳහන් වන ක්‍රීඩා උත්සවය බැලූවේ මේ ලිපිය මැද කොටා තිඛෙන නෙළුම් මල උඩ වැඩහිඳ විය යුතුය. මේ රජුගේ රාජ්‍ය කාලය නවවසකි. සිරිපා වැන්දේ නව වැනි අවුරුද්දේ නව වැනි මාසයේ (පුර පසළොස්වක ) අන්තිම දවසේය. සමනල මුදුන හා පොළෙන්නරුව අතර ඇති දුර ප්‍රමාණයත් රාජකීය ගමනට ගතවන කාලයත් , මේ ලිපිය කොටා තිඛෙන කාලසීමාවත් , රාජුගේ රාජ්‍ය කාලය ත් ගැණ සලකා බලනවිට මෙය මොහුගේ අවසාන ලිපියත් , අවසාන වන්දනා ගමණත් වීමට ඉඩ ඇත.

01. ශ්‍රී විරුදරජ වීර වෙශ්‍යාභූජන නිශ්ශංක ලංකේශ්වර කාලිඟ චක්‍ර වර්තීන් වහන්සෙ සිරිලක එක්සත් කොටැ රන්රුවන් අදී බොහො වස්තූදී අනාථයන් සනාථ කොටැ අවුරුදු පතා පස්තුලා භාරයක් දී දුඃඛජීවිකා හෙයින් කැති අඩ ද පිසම්බුරුවත

02. ද හැර ලක්දිව තුන්යලක් පැදකුණු කොටැ ගම් නියම්ගම් රාජධානිද නොඑක්වූ සිඞ්ස්ථානද ගිරිදුර්ග වනදුර්ග ජලදුර්ග පංකදුර්ග අතම්බුලූ පතක් සෙ බලා ගැනියක් ද අනැගිරුවනකුදු ගෙන යන කලැ කුමක්දැයි නොව්වා

03. රත නියායෙන් නිශ්කණ්ඩක කොටැ සෙමෙහි තබා ද්වන්ද යුද්ධාශායෙන් පාඞ්රට දෙවරෙකැ වැඩිකල්හි භය පත්වූ පාඞ්්‍යරාජයන් එවූ රාජකන්‍යාවන්ද හස්ත්‍යශ්වාදි අයද සොලීරටින් එවූ පඩු

04. රුද ගෙනැ නැගී නන්දෙසෙනා මුළු දිලින්දුන් සිත්පුරා නිශ්ශංක පු ර යන දෙවාලයක්ද නංවා ලක්දිවු වැ ඩැ තුන්රජයෙහි නොඑක් තන්හි ද කලි

05. ගරට පාඪීරට සොලීරට ද ගත්‍ර ණංවා නො එක් යාචකයන්ට ඉචඡා භොජන රන්වළන් රිදී වළන්ද න් දී නවවනු නවය පුණුපො

06. හොයැ සමනොළ වැඩැ විසිතුරු ප ට වැරැලි නංවා ස්වණ රජතා මාල්‍යයෙන්ද නවරත්නයෙන්ද මළු ව සදා සඟ වුටුනු රජවරණි

07. න් සැදි පදලෂ හොබා වැඳැ නෘත්‍ය ගිත වා»දි නොඑ ක් ක්‍රීඩා බලා වදාර න ශිලාසනයයි.

//39//

සිරිපා ගමන සඳහන් ශිලා ලිපි අට

කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ සිරිපා වැඳීම ගැන කොටා ඇති ශිලා ලිපි අටෙන් දිවාගුහා ලිපි දෙකත් ,සිරිපා වැඳ සිය රජ දහනට යන අතරමඟ පිහිටි පඬුවස්නුවර ලිපියත් , දකුණු දකුණුදඹදිව රාමෙශ්වරමෙහි තිබෙන ලිපියත් , යන ලේඛන සතර පුවරු ලිපි හා විස්තර , සහිතව මෙ තෙකින් නිමියේ යි. මා ගම පත්තුවේ පිහිටි වාඳුරුප්පේ ලිපියත් , නැගෙණහිර ගිරිවා පත්තුවේ රම්බා විහාර ලිපියත් ,බදුලු බුත්තල අසල කටුගහ ගල්ගේ ලිපියත් , පොළොන්නරු සිංහල පත්තුවේ ගිරිතලේ ලිපියත් , මේ රජු සිරිපා වැඳී බැව් සඳහන් කර ඇති ඉතිරි ලිපි සතර බැව් සැළකිය යුතුය.

ලක්දිව තවත් සිරිපා සටහන්

ශිලා ථුපය යට

බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලංකාවට වැඩමවා ඉර්ධියෙන් පෙරළා දඹදිව වඩින ගමනේ අන්තිමට ලංකා පොළොව පහසලද තැන ලජ්ජිතිස්ස (ක්‍රි:පු:119-110) රජු විසින් ශිලා ථුපයක් කරවන ලද බවත් , මෙය පිහිටා තිබෙන්නේ අනුරාධපුර මහා ථූපයෙන් නැගෙනහිර දෙස බවත් මහා වංශයෙහි හා දීප වංශයෙහි සඳහන්ව තිබේ.

පොළොන්නරු යුගයෙහි ලියන ලද මහාබෝධිවංශ ගැටපදයෙහි ; "කකුසඳ බුදුන් රුවන්මළුයෙනුත් , කෝනාගම බුදුන් සුදසුන් මළුයෙනුත් , කස්සප බුදුන් සොම්නස් මළුයෙනුත් , ගෞතම බුදුන් සිලාචේතිය නම් තැනෙනුත් පෙරළා දඹදිව වැඩියහ, , යි විස්තර වෙයි. එහිම " හේ දැන් සතර බුදුන් පදලස පැදුම් දෙසෙ මඟ සෑනන්හි " යි එම ශිලාථුපය පිහිටි තැන තවදුරටත් පහදා දී ඇත. පාහියන් (ක්‍රි:ව: 412) චීන භික්ෂුන් වහන්සේද අභයගිරි විහාරානුගත ශිලාථුපය යට පා සටහන් තිබෙන බව කියයි. අනුරපුර මහ සෑයට ආසන්න ශ්‍රී පාද ලාංඡනයක් තිබෙන බවත්, එය වසා ලජ්ජිතිස්ස රජු විසින් ගොඩ නංවන ලද ශිලාථූපය පාහියන් චීන භික්ෂුන් වහන්සේ ලක්දිවට පැමිණි කාලයෙහි අභයගිරි විහාරායත්තක ව පැවති බවත් මෙයින් හැඟේ. සම්මා සම්බුදුන් වහන්සේ මිහින්තලයට වැඩමවා එහි මහ සලසෑය ගොඩ නැංවූ තැන පා සටහනක් තැබූ බැව් පූජාවලිය කියයි.මිශ්‍රක පර්වතය පාමුල ඇති චෛත්‍යය පාසටහන පිහිටි තැන කළ මහ සළසෑය ලෙස සලකති.

මහ ඇලෙක්සැන්ඩර් රජු ග්‍රීක් ක්‍රිස්තු පූර්ව 323
ශ්‍රී මේඝවර්ණ රජු ග්‍රීක් ක්‍රි:ව: 1 වන ශත වර්ෂය
පාහියන් භික්ෂුන් වහන්සේ චීන ක්‍රි:ව: 412
වජිර බොධි භික්ෂුන් වහන්සේ චීන ක්‍රි:ව: 7 වැනි ශතවර්ෂය
හියුන් සියෑන් චීන ක්‍රි:ව: 594 - 664 වැනි ශතවර්ෂය
ඉට්සිං චීන 673 ශතවර්ෂය
මණි මෙබලෙයි කර්තෘ සුලෙයිමාන් අරාබි ක්‍රි:ව: 851
රාජගෙබර ඉන්දියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
මුරාරි ඉන්දියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
ප්‍රහ්ලාදන ඉන්දියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
අනර්ඝරාඝව ඉන්දියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
මහානාමන් ඉන්දියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
ඉබන් බුර්දාද්බෙ පර්සියන් ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
ටිෂින් හුවෝ චීන ක්‍රි:ව: 9 වැනි ශතවර්ෂය
චාඕජුතුවා -------------- ක්‍රි:ව: 10 වැනි ශතවර්ෂය
අබුසෙයාද් හසාන් පර්සියන් ක්‍රි:ව: 911
ඉබන් බටුවා පර්සියන් ක්‍රි:ව: 1325
මාර්කෝ පෝලෝ වැනිස් --------------
මාරිගොනෝලා වැනිස් ක්‍රි:ව: 1349
ජෝන් මැන්ඩ්විල් ඉංග්‍රීසි --------------
ඔඩෝරිස් ටුලන්ටයින් ඉංග්‍රීසි ක්‍රි:ව: 1286 - 1331
චෙන් හෝ හා පේයි සිං චීන ක්‍රි:ව: 1411
ඔඩාරොඩෝ බාර්බොසරා පෘතුග්‍රීසි --------------
වාසා බාර්බෝසා පෘතුග්‍රීසි --------------
රොබර්ට් නොක්ස් ඉංග්‍රීසි ක්‍රි:ව: 1660 - 1679
රුබෙයිරෝ පෘතුග්‍රීසි --------------
ගැස්පා කොරයා පෘතුග්‍රීසි --------------
කස්තන් හේදා -------------- --------------
පෘ ක්වෙරොස් පෘතුග්‍රීසි --------------
ජිනකාලමලිනී කර්තෘ සියම් ක්‍රි:ව: 1517
ක්රිස්ටෝර්පල් ලැග්නන් ජර්මන් 16 වැනි ශතවර්ෂය
ජෝන් ඩේවි ඉංග්‍රීසි ක්‍රි:ව: 1821
අප්හැම් ඉංග්‍රීසි ක්‍රි:ව: 1829
ඇමර්සන් ටැනන්ට් ඉංග්‍රීසි --------------
පිෂෙයර් පඬිවරයා ප්‍රංශ --------------
ඇලන් වෝල්වර්ස් පඬිවරයා ඉංග්‍රීසි --------------
විල්මර්ට් හෝර්වන් ආණ්ඩුකාර තැන ඉංග්‍රීසි ක්‍රි:ව: 1837 පෙබ්‍ර : 23
විලියම් ස්කීන් පඬිවරයා ඉංග්‍රීසි ක්‍රි:ව: 1870

මහ ඇලෙක් සැන්ඩර් රජු

මේ රජ ක්‍රිස්තු පූර්ව 323 දී මහ ගිරි දඹේ ගල් පඩි කප්පවා යකඩ දම්වැල් සවිකර සිරිපා මළුවට නැංගේය. මෙහි ඇත්තේ ආදම්ගේ පාසටහනය යන හැගීම උඩ මොහුගේ සිරිපා ගමන සිදුවන්නට ඇතැයි අෂ්රාජ් නමැති පර්සියානු කවියා කියයි.

පාහියන් චීන භික්ෂුන් වහන්සේ

ක්‍රි:ව: 412 දී ලක්දිවට පැමිණි මේ භික්ෂුන් වහන්සේ ලක්දිව කඳු ගැටයක් මත පා සටහනක් ඇති බව මිස එහි ගිය බවක් නොකියයි."පොකි" නම් වූ ආදිම මිනිසාගේ පාසටහන ලක්දිව කඳු මුදුනක ඇති බව චීනුන්ගේ පාරම්පරික විශ්වාසය නිසා මොහුගේ අදහසද එයම වෙන්ට ත් පුළුවන.අවුරුදු ලක්ෂ ගණනකට පෙර සපරගමුවේ විසූ මානව සමාජයක පාශානි භූත ඇට කටු මැණික් ඉල්ලම් තුල තිබී සම්බවන නිසා මේ මිනිසුන් ගැණ ආදියෙහි සිටම චීනුන් අතර පැවති යම් කිසි කටකථාවක් අනුව මේ විශ්වාසය ඇති වුනා විය හැකියි.

අරාබි ජාතික සුලෙයිමාන්

මොහු ක්‍රි:ව: 851 දී බැග්ඩෑඩ් නුවර කාලිප් වරුන් යටතේ පැවති කාලයෙහි සිය දේශාටන ගමන ආරම්භ කළ බව පෙනේ. මොහු ලංකාව සිරන්ඩිප් (සිංහල ද්වීපය) යන නමිනු ත්, ශ්‍රීපාද කන්ද අල්රුහුන් (රෝහණ පර්වතය) යන නමිනු ත් හඳුන්වයි. පාරාදීසයෙන් පහකරන ලද 'ආදම් , කන්දක ජීවත්වු බව ත් ඒ අතර 'ඒවා' සම්බවු බවත් මේ පාසටහන ආදම්ගේ බවත් මුස්ලිම් වරුන්ගේ විශ්වාසයයි.