සමාජ ප්‍රගමනය හා ආගමික සංස්ථා

Wikibooks වෙතින්

සමාජයක් යනු හුදු මිනිසුන් පිරිසක්ය යන සංකල්පය බැහැර වුනේ අදක ඊයෙක නොවේ. මිනිසුන් පිරිසක් සමාජයක් බවට පත්වන යාන්ත්‍රනයේ අනිවාර්ය අංගයක් ලෙස සමාජ අනුකලනය හෙවත් සාමූහික සවිඥානය හදුන්වන්න පුලුවන්. එවන් වූ සාමූහික සවිඥානය සමාජය තුල නගාසිටුවනු වස් පටන්ගැන්මේ සිටම දරදිය ඇදි අසමසම සමාජ සංස්ථාවක් ලෙස ආගම කටයුතු කරනවා. අනෙක් අතට වේගයෙන් වෙනස්වන වර්තමාන සමාජ ක්‍රමය විසින් අංගවිකල තත්වයට ඇදදැමීමට සැරසෙන සමාජ සංස්ථාවන් අතරේද ආගම ඉහලින්ම ලයිස්තු ගත වෙනවා. තත්වය කෙසේ වුවත්,යහපත් සමාජයක් කරා නැවත යන ගමනේදී ආගමට සමාජයේ නිසි තැන ලබාදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්.


ආගමක් ලෙසට ගතහැකි ඇදහිලි රටාවකින් තොර සමාජයක බිහිවීම මෙන්ම පැවැත්මත් සිදුවිය නොහැක්කක් බවට තර්කයක් නැහැ. හෙවනැල්ලත් මගහැරෙන තරමේ වේගයකින් දුවන මිනිස් සන්තානයෙන් ආගම දහම වාශ්ප වී යන්නේ හොරා වැට පනින්නත් කලිනුයි. විවෘත ආර්ථිකයත් සමග ඇති වු සමාජ විපර්යාසය එතෙක් වු සමාජ හරපද්ධතීන්ගේ කොදු නාරටි කඩා දැමීමට සමත් වුනුබව නොරහසකි.මුදල් මත ලිස්සා යන සමාජ ක්‍රමය ආගම් රහිත සමාජයක් බිහිකිරිමට අර අදින්නේ ගෙරිමස් බෙල්ලේ එල්ලාගෙන කන කය මිස සිත නැති මසැස නැති වානිජ සමාජයක් බිහි කිරීමට එයින් තිඹිරිගෙය සාදන බව හොදාකාරවම දන්නා නිසයි.


වැල යන අත එසේ වුවද ඒ අතටම මැස්සත් ගසනවාද යන්න සිහිණුවන ඇති මිනිසුන් ලෙස දෙවරක් සිතා බැලිය යුත්තක්.ආගම් පිරිහුනු සමාජය තුල මතුවන අනිවාර්ය ගැටළුව වන්නේ මිනිසා තවදුරටත් මිනිසෙක්ම ද යන්නයි.අවශේෂ සත්ව කොටස් අතරින් උසස්ම සත්වයා යැයි අපිම කියා ගන්නා අපි තුල අඩු තරමේ ගහක් ගලක් කෙරෙහිවත් විශ්වාසයක් නැත්නම් එතැන තවදුරටත් උත්තරීතර මනුසතාගේ ෆොසිල හෝ ශේෂව ඇති ද යන්න කල්පනා කර බැලිය යුතුයි.අභාග්‍යය වන්නේ රජයන දුරාචාරය අබියස දැස් අද‍ලෙස බලාසිටිනවා හැර වෙන කලහැකි දෙයක් නැතිවෙන එකයි.පින් පව්ගැන අවබෝධයෙන් සද්භාවයෙන් පින් කිරිම කෙසේවෙතත් පරලොවට බියෙන් පව් නොකර සිටීම පවා එවැනි සසාජයක් තුල දක්නට නොලැබීම අභාග්‍යයට හේතුව යි.

තත්වය තවදුරටත් උඩුදුවන්නේ ආගමික වාත්සල්‍යයෙන් ගැහෙන පංචස්කන්ධයන් තුල සංසරණය වන රැදිරය කැකැරී ගිය කලටයි.සැබැ ආගමික හරයන් සෝදාපාළු වී ගිය සමාජය හරහා පටු අරමුනු ඉටුකර ගැනීමට වෙරදරනවුන් සතු ලාබම අවිය බවට ආගම පත් වී හමාර බව කනගාටුවෙන් වුවත් පිළිගන්න සිදුවෙනවා.

ආගම දහමට වන්දනාමාන කිරීම තුලින් වක්‍රව සමාජයට වැදුම් පිදුම් කල අපි එයම එවියක් කිරිමට සුදානම් වන්නේ ද? කාගේ හෝ කොතැනක හෝ වරදක් සිදු වීඇති බව නිසැකයි.කලයුතු හොදම දේ වන්නේ නැවතත් මුල සිට පටන් ගැනීමයි.ආගම දහම මත ගොඩනැගුනු සමාජ පැවැත්ම රදා පවතින්නේද ඒ මතම බව සිහියේ තබාගෙන කටයුතු කිරීම ඊට පිළියමයි.සෝදාපාළු වී ඇති ආගමික විශ්වාසයන් උඩුගංබලා යැවීම තුලින් එකී සමාජ ප්‍රතිසංවිධානය කිරීම කල් නැරම සිදුවිය යුත්තක් වන්නේ ඒ නිසයි.

එස්.ඩබ්.කේ.ඩයස් - AR/54202 - 3522 - SINH 2105