සව් සත් දම් වාදය - සව් සත් දම් වාදය iii
‘සට කපට කළෝතතින් රා බොමින් මත්ව තෝලා පිට පට ගසවා මේ පොල් ගසේ බන්දවාලා පිට මැදට දුසින් විස්සක් තිහක්වත් දෙවාලා කට මැත හරවා ලන්නේ නොවේ දැයි කියාලා’
‘භිත්ති යාඵ කට රැකගෙන නිකා ඉදින්’
තවද මෙහි පහත දක්වන ලද පෙර කී මීරිපැන්නේ කිවිඳුහු කළ කව් දෙකේ ජනෙල් කියාද බන්දේරු කියාද රබන් කියාද තිබෙන්නේ සිංහලෙනැයි අපට නොහැගෙයි. ඉදින් ඒ පර බසකින් සිංහලට යොදාගත් තත්සම හෝ තත්භව මෝ වචන නම් ‘පෙබරවාරි’ යන වචනෙත් එසේ මැයි දත යුතුයි.
ඒ ගෙයි බිත් දොර හා ජනෙල් උඵසුනුත් ඈ යන්තමින් තව්තිසා ඒ දෙව් ලෝ අතරෙන් එ බෙන්තරට පත් පායක් විලස්නෙන් සුරන් මේ ලෙව්හි බලනා දනන් ගේ මන නෙත් ගන්නා දිවා රෑ නිතින් සැදෙව් ඒ මැදුරේ රියන් දසටකින් යුත් වු බුදුන් ගේ රුවක්
- මේ ‘ලා’ පස සිංහල ව්යාරකරණ පොතේ දක්වා නැත. ඔය කියන්නා සේ ව්යාදකරණ පොතේ දැක්වු ප්රවත්යයම සැලකීම යුතු වී නම් ‘තෝලා’ යන තන්හි ‘ලා’ වරද වේ මය. තවද ‘තෝලා’ කියා ගුත්තිල කාව්යාලදි පොත් වල නැතත් ව්ය්වහාරයන් යුතු යයි පෙනෙය්-එහෙත් ගුත්තිල කාව්යත කර්තෘ ආදි ව්යතක්තයන්ගේ පොත්පත්හි පවා ඇති අදර විබතින් යෙදු ‘දී’ ප්රයත්යේය කෙසේ වරද වේද?
‘බන්දේරු’ සමගින් ‘රබන්’ බෙර දවුල් සක් වස් නලා පිම්බ වා කෝලාහල පවත්වමින් පුද සිරිත් දක්වා නෙකෝතුහ ලා දුම් දීලා සුවඳින් සදොල් තගර ඈ ඉස්වා ලදැ පස් මලු ත් දල්වාලා පහනුත් නොයෙක් සිය ගණන් දුල්නා වෙමින් එක්හෙ ලී
‘ජනෙල්’ කි පර පස ද සිහලට නගා දද දන
ජනෙල් කියත ත්
සිහල බස යස වදන් ඇත මේ ජනෙල්
යයි කිව් වදනට ත්
සිහල දන්නා දනෝ බන්දේරු යයි
නො කියති කොඩියට ත්
කහල ගොඩ කුණු අවුස්සා දැන් දුලි
නැගුනේ ඔඵවට ත්
ප්රංනගි හටනාදි කාව්ය යන්හි ‘ජනෙල්’ ‘ජනරාල්’ යන මේ වචනය සේනාධිපති අත්ථගයෙහි කියා ඇති සෙයින් ජනෙල් යනු ‘කවුඵ දොර’ට අව්යටක්ත ව්යතවහාර ය යි දතයුතු යි.
‘බන්දේරු’ කියා මෙකී වචනය තුර්ඨර විසේසයකට සිතා කීවා නම් ඔබඳු අත්ථීි ඇති සිංහල වචනයක් හෝ පර භාෂාවක වචනයක් හෝ නැත. ‘බදිරිඤඤ’ ය යි කියා වීණා විසේසයකට නමක් ප්රංහගි භාෂාවේ ඇත. එම භාෂාවේ ද ‘බන්දේර’ කියන්නේ කොඩියටයි. මේ ‘බන්දේරු’ කිව්වේ කොඩියට ය යි නාමාවලියේ දැක් වු නම් දුටුවේ නැතුවා හේමයි. අව්යවක්ත ව්යාවහාරයෙන් ගෑණු පවා ‘කොඩි’ මිස බන්දේරු නො කියති.
ලකර සඳ සද නොදත් කොග්ගල පවෙහි බිය නැති එතව් සා නෙපර බස් හෙඵ බසෙහි නොයෙදෙත් තබව සදවසයෙන් දෙ සා එවර තමැදුරු මීරිපැන්නේ කිවිගෙ බස යුතු පර ප සා ගෙනැර දැක්වු කල නොසොල්මන් ලෙස ඉදින් දැන් කුද ග සා
මේ තැනැත්තාගේ ගුරුන්ගේ කීම් මෙලෙස කළ ගෝලයා ගේ කීම් කියනුම කවරේද? යලිත් වැඩිදුර පරීක්ෂා නොකරම මේ දසවෙනි ශාස්ත්රාවලංකාර පත්ර්යේ කොග්ගල කිව් වරදින් යුතු වදන් ඇතියෙන් ඉන් එකක් මෙහි දක්වමි.
“නරි වෙස් ගත්ලෙස කෙසරිඳුගේ නැති හපන්කමක් ගත්තේ මන්දෑව”
හිවල කියා සිය බසෙහිම වදනක් තුබුන නුදුටු කොග්ගල මහ නා දෙමල බසින් ‘නරි’ කියා තුබුන එක් වදනම ගත්තේ කොයි ලෙසි නා සිහල සදන් බොහො තිබෙද්දි පරබස යොදමින් පරනට නිගා දෙ නා තුමුල හිවල් වෙස් ගත්තහු කවුරුද කියන්න සුදනෙනි කර කරැ නා
‘භිත්ති යාඵ අග මුල දැන නිකා ඉදින්’
“සිංහල ව්යාසකරණ ශාස්ත්රනයෙහි පුර්වව ක්රිනයා කරන්නහුට ආධාරත්වහයෙහි කර්මශ විභක්ති හා එම ක්රිදයාවට දී යන ප්ර ත්යාය ද අභිමතැය් නියම කළා මිස ආධාර විබක්තිය ලගදී ප්ර ත්යයක් යොදන්නට නිසිව නියමයක් කළ බවක් පෙනෙන්නට නැති නිසා ‘මසේදී’ යන තැනදී ප්රනත්යනය හරි නැතැයි කියා තිබෙන්නා-මේ ඇද කියන තැනැත්තා ම අදර විබතින් දී ප්රනත්යනය යොදා තිබෙන බැව් මෙහි පහත දක්වන ලද ශාස්ත්රා්ලංකාරයෙහි හවෙනි පත්රබයේ 48 වෙනි පිටේ ඇති කව් පදය බලනු. ‘වණ ගණන ගතින්නා වු ගණන් සත් කෙමේදි’
මේ ලෙස තමාම ත් ඇසැර මේ බලා වා කිවු කව්හී තිබෙත ත් අඳුරු රුදු දුරු වේ වා මෝහ දෝසෙන් යු ත් නෙතු ලෙඩ නො වේ වා අඳුරු පටලින් වැසුනි මොහු නෙ ත් මසකි හැම කල් වාස වේ වා
ගුත්තිල කාව්යුයෙන් ගෙන හැර මෙහි පහත දක්වන කව්හි ‘සමයේදී’ ‘මගදී’ කියා තිබෙන්නේ අදර විබතින් වු ‘දී’ පස යයි ඉගෙණ ගනීවා’
සිල් රැක දන්දී දී පෙර වයිරෙන් බැ දී ක්යු ප් මුනි සමයේ දී විදිනට බුදුන් මග දී පින් කළ රගයේ දී දුනුවායන් යෙ දී කිව්ව වෙනවෙන ම සිතු පැහැ දී අහෝ දහමක් සිතේ නොරැ දී
පෙරකී මීරිපැන්නේ කිවිඳුහු විසින් කරණ ලද කව් කීපයක ම මේ ‘දී’ ප්රැත්යිය ආධාර විභත් අන්තයෙහි යොදා තිබෙන්නා ඔහු ද ගුත්තිල කාව්ය කර්තෘහුද මෙසේ දී ප්රකත්යවය යෙදුවේ රංචාගොඩ ලමයාගෙන් දෝහෝ පත්තිනි කයියක් දෙකක් බලාගෙන දෝහෝ නොදැනේ. මේ ආදී කාරණා පරීක්ෂා කළ තැන පමුනන්ට ගිය දෙවොල් ඉසේ කඩා වැටුනා සේම ඔය ඇද කියන තැනැත්තා හා ඔහුගේ ගුරුන්නාන්සේත් වරදට පැමිණෙන බැව් මෝහ අන්ධේකාරයෙන් ගහන නොවී නම් දැන්වත් නොපෙනේද? ‘කට රැකුනා නම් නොම දනිති ගොන්කම’ කියා තිබෙතත් අපි එසේ නොකියමු.
“කට රැකුනා නම් නොදනිති අමන කම”
මේ ඇද කියන තැනැත්තාගේ ගුරුන්නාන්සේ ගේ කීමුත් මේ බලනු.
‘පිරි මහ කුඵණෙන් යුත් ලෝතුමා බෝ මුලේදී පිරි වර සමගින් ආ මාර දෙව්පුත් දිනීමෙන් පිරි සිදු බුදු බැව් ලත් ඒ සසින් මේ මහත්වු පිරි ය සුබ මඟුල් වේවා වඩා සෙත් සලස්වා’
පෝසත් වු මුදලිදුනේ නුඹ වහන්සේ ගේ යසස් කල් ලකල්
ලෝකුස් හි පඞුවන් ගෙ දිව් රග යෙහෙන් සිත් වු නිතින්
නස්නවය්
දාසක් දී හැර ගත් දයෙක් සෙ යටහත් ඉල්වීම් දැන් ඒ මගේ
යාපත් වු කුඵණෙන් අනේ සිදු කළොත් මේ මෝසමේ දී
සෙදින්
‘භිත්ති යාඵ මේ දැක දැක නිකා ඉඳින්’
‘රූණු රටට මම දීලා ඉලව්වේ’ යයි රංචාගොඩ පුංචාවි කී කාව්යාණනුසාරයෙන් ‘එලා ගන්න මෙන් සව් සත් දම් වාදයෙන් මෙ අපි ඔන්න’ කියා ක්රිකයාකාරක සම්බන්ධ්යක් ඔය ඇද කියන්නා පසුගිය මාසේ ශාස්ත්රාකලංකාරේ ප්රකසිඞ කළ කවියක යොදාලා තිබෙන හැටි මේ බලනු. ‘මා දීලා’ යයි කර්මව විබත් කිවමනා තන්හි ‘මම දීලා’ යයි පෙරවිබත් යෙදු අනුසාරයෙන් ‘අපි එලාගන්න මෙන්’ කිව් තැන ‘අපි’ කී පෙර විබත් ‘අප’ යයි කර්මනයෙහි යොදන්නට නිසි බැව් උගනීවා.
‘එලා ගත් නාමෙන් අපි කී ඇද යුතු කවි ගොතමි න්නේ එලා ගන්න බැරිය සිතා කොග්ගල යති උඩ පැ න්නේ මුලාවෙන්ට වෙයි සකි බැඵවොත් කව් පද ගෑනු න්නේ බලා ගන්න නුඹේ සිලුත් පිරිහිලා මයි ය න්නේ’
‘භිත්ති යාඵ වැරදේවි නිකා ඉඳින්’
දැනට රංචාගොඩ ළමයා හා උගත් ස්ත්රිනය පවා ඇද කියන්නේ මේ ‘දි’ යනාදි ව්ය්ක්තයින් විසින් දක්වන ලද නිදොස් බස් වලට නොවැ. ඔය ඇද කියන්නාගේ කව් වලට වඩා කව්රුත් දනිත්-මෙන්න එහෙනම්-අහංගම සිඟාරක්කාරගේ දොංචාති ඔහාට කිව් ඇදක්.
කොග්ගල උන්නාන්සේ ගේ කීමක්. ‘තෙන තෙන දිගු ලියන්ගේ තෙද කොකුම් කලල ගැ ල්වු මන පින වත තුනු රුසිරෙන් මලවි දෙවියකු තු ල්වු දෙන දන යෙන් කිසි කලෙකත් අඩු නොව සුවිපු ල්වු දින දින දින අග මුදලිදු සිරි විඳ මන ක ල්වු’ ‘එක තින තද ගිමන් නසා ගත පමුණන සිගිල් සුව ට බව දැන අපි කතුන් පවා ගෙන තවරණ වෙර සුණුකො ට නොම දැන තතු තෙදට කොකුම් උපමා කළ මහණ නිව ට සමගින කරනා වාදෙන් පල කිම මේ පඬිදනන ට
‘භිත්ති යාඵ මේ දැකලා නිකා ඉඳින්’
නැවත ද සිංහල ව්යාකකරණ පොතේ නොදැක් වු ප්ර ත්ය’යක් නිසා ‘දි’ වරද නම් ජාතක පොතේ ‘ගෙවලැ’ කී තැන ‘වලැ’ යන ප්ර්ත්යඔයක් සිංහල ව්යාතකරණ පොතේ නොදැක්වු සෙයින් ඒ වරද ම වේ. *එමෙන් ම ‘වත්මන් අනාරූ නොවෙන්ව හොත අනදරින් අදරින් හොත අන් සබඳහට විදහන් විදි නම්; මෙහි අ, ඒ, අන්නේ, අන්නෑ, අව්, උ, පයරුසි’ යයි කියා තිබෙන නියමයෙහි නොදැක්වු ‘ඉන්’ ප්ර ත්යඋයක් ඔය ඇද කියන්නා විසින්ම ඒ ඇද කියා තිබෙන පත් ඉරුවේ ම විදි කිරියට යොදා තිබෙන්නා මේ බලනු.
‘භිත්ති යාඵවේ බැරි නම් නිකා ඉඳින්’ ඇයි
ඉදින් මේ ‘ඉදින්’ කී බසෙහි යුතු පසද නොවැරදිවා සේම ‘මසේ දී’ කි තන්හි එහි යුතු ප්රේත්යකයත් නොවැරදි සෙයින්
‘භිත්ති යාඵ මෝඩ නොවී නිකා ඉඳින්’
තවද අලුත් සිදත් සඟරා වර්ණීනා කර්තෘහු විසින් ‘මහද’ යනාදි මුල කවේ ‘කරනෙම්’ යන ක්රිියා පදයට ‘I have composed’ යයි අත්ව්න්න දැක්වුයේ වරද ය යි ශාස්ත්රා ලංකාරයේ ඔය ඇද කියන්නා කියා තිබෙතත් සිදත් සඟරා වර්ණීනා කර්තෘහු විසින් ඉංග්රීතසි භාෂාවට සෑහෙන ලෙස ඒ වචනය
- මේ ‘වල’ යන පස කොග්ගල විසින් යොදා තිබෙන හැටි ශාස්ත්රාසලංකාරේ 74 වෙනි පිටේ ‘කව් ශ්ලොවල දෝෂ’ කී තැන බලනු.
යොදා යලිත් සිය බසින් ‘කරනෙමි’ ය යි ඇති ශබ්දයේ අර්ත්වා-‘shall compose’ යයි පහත දැක්වු තැන අච්චු ගැසීමේ වරදකින් shall යන වචනය ඇරිලා තිබෙනවා ය යි එම පොතේ ම 244 වෙනි පත් ඉරුවේ,
(‘Page i. line 5 n. for compose read shall compose’) යි.
දක්වා තිබෙද්දිත්-තවද එම පොතේ ම 192 වෙනි පත් ඉරුවේ කරන්නෙමි, I shall do-note that කරන්නෙමි යයිද 128 වෙනි පත් ඉරුවේ ‘කරනෙම් විබත් මල්දම්’ කී තැන එහි පදාර්ත්වියන් දැක්වු 91 වෙනි පත් ඉරුවේ ‘shall treat’ යයි ද කියා තිබෙද්දීත් මේ කිව්වේ මුසාවාදයක් නොවේ ද?
‘භිත්ති යාඵ බොරු නොදොඩා නිකා ඉඳින්’
මේන් බය නැති ඇද සොයන්නාට ඇදවෙලා තිබෙන හැටියක්.
තමා වරදස නොදිස්නේ මොනරිඳු යනාදී මෙකී යුග ප ද අමා කව් සිඵමිණෙන් හා යලි මියුරු සන්දෙස් පොතින් සිඳ බි ඳ දමා සිදතෙහි පෙන්නු බැව් නොම දැනම හපනෙක් ලොපාත්මක ද මෙමා දැක්වු මෙ පද යුවලම මියුරු සන්දෙසයේ ය කිව්වේ ද
(ඉතිරිවා මතු දක්වන්නෙමු)
‘තමා වරදස නොදිස්නේ මෙරමා දොස් දිස්නේ-කව් සිළුමිණ මොනරිඳු එකල පුල්සලග නවාගනී’- මයුර සන්දෙශය
ශාස්ත්රාඳලංකාරයේ K.Dhammatilaka ගේ කීම් බලනු
අපේ මිත්රාදදීන්ට දන්වන වගනම්
‘අපි කියනවා’ යැයි නමකින් ලිව් තැනැත්තාගේ ලියමනේ දක්වන වරද ගැන ම ලියුම් තුනක් ලැබී තිබෙන බැවින් ඉන් එකක් මතු දක්වන්නෙමු-‘නාටකයා ගේ’ ලියමන ඉතාමත් රළුයි. පරුෂ වදන් ප්රවසිද්ධ කිරීම නොසෑහෙයි-ශාස්ත්රානලංකාර කර්තෘ හට බොහෝ ගර්හා කර තිබෙන බැවින් බියන්විල අමරසේකර ගේ ලියමන ප්රහසිද්ධ කළ නොහැකි බව දන්වමු-සිටිනා මඵවේ උන්නාන්සේ ගේ වරද දැක්වු ලියුම් පහක් ලැබුනා මිස එයාකාර වරදැති කීම් දැක්වීමට අපේ පත්රවය මිඞගු කිරීම නුසුදුසු යයි සිතමු. –‘ගණ’ නමින් ද, යවහන් නමින්ද, ලකර නමින් ද, එව් ලිවුමුත් මේ නිසා ම අච්චු නොගසමු-මුසිලයාට ස්තුති කරමු. යලිත් මේ මුසිල වාදයෙන් මුසිලයා හා ගුරුන් සිහි නොකරපු අයට විනා වෙහෙස අපට කවරේද? D. C. F.Obeyasekara කිවිඳුහුගේ ලියමන් තුනම ලැබුනා. වහාම අච්චු ගසන්නෙමු-සිප්කඩුවේ සුමඞගල උන්නාන්සේ ගේ ලියමන මතු දක්වන්නෙමු- කරතොට, බෝවල, කිරඹ, ගල්ඇටුඹෙ තෙරුන් වහන්සේලා විසින් ‘සසර සරණ’ යනාදී සිලෝව ගැන කියන ලද කීම් ගිහි පැවිදි කිප දෙනෙකුගෙන්ම ලැබුනා. ඉන් කොටසක් මතු දක්වන්නෙමු. මාතර ‘පාදිලි කෙනෙක්’ ගැන ලැබුන ලියමන ඕනෑ කළොත් මතු දක්වන්නෙමු. P.S ගෙන්ද ‘නිසසරන්’ නමකින්ද, PANDIT ගෙන්ද, ‘බලපිටියේ තෙරුන්නාන්සේ’ ගෙන්ද ලැබුනු ලියමන් ඉඩ ප්රකස්ථා ලැබෙන පමණින් ප්ර’සිද්ධ කරන්නෙමු-‘කිරිකිරිවිදාන’ යනාදි කව් ගැන කිව් කවි ලැබුනා. ඉඩ නැත්තෙන් ප්රයසිද්ධ නොකෙළෙමු- ‘කොග්ගල ගැටිස්සි’ ගේ කව් ප්ර්සිද්ධ කිරීමට නොසෑහෙයි. ‘ආම් ඈ’ ගේ ලිවුම් කීපේම ලැබුනා. ප්රපස්ථා ලැබෙන පමණින් අච්චු ගසන්නෙමු.
ශාස්ත්රාබලංකාරයෙන්
‘සව් සත් දම්’ වාදය
ශාස්ත්රාසලංකාරය ප්රවසිද්ධ කරවන මහත්මයා නමටයි.
මහත්මයාණෙනී,
“සව් සත් දම්” වාදය ගැන මෙහි පහත සඳහන් වෙන කාරණා තමුන්නාන්සේ විසින් මසක් පාසා ප්ර සිද්ධ කරවන ශාස්ත්රාවලංකාර නම් පත්ර්යෙහි බහාලන මෙන් ඉල්ලා සිටිමි.
‘සව් සත් දම්’ ගණය ගැන කොග්ගල උන්නාන්සේ සහ යතබල සඟරාකරු ද වාදයට පැමිණි තැන් පටන් අද වෙන තුරුම වාදය තීරණය කර ගැනීමට යෝග්ය වු යම් කාරණයක් දෙපක්ෂ යෙන්ද යමෙක් විසින් නොපෙන්වා වැදගැම්මකට නැති බැනුම් දෙඩුම් සහ අහක තිබෙන තවත් කුනු කන්දල් රාසියක් ද ගොඩ ගහගන තමුන්ටවත් අනුන්ටවත් යම් බඳු ප්රගයෝජනයක් ලබා ගත නොහැකි කාරණා රාසියක් පටලවාගන නිස්ඵල මාන්සි ගන්නවා දැකීම ඉතාම කණගාටු උපදවන කාරණයක (සරදම්) වාදය තීරණය කර ඇත්ත බේරා ගැණීමට දෙපක්ෂකයෙන්ම ඔපමණ කාරණා රාසියක් ඕනෑ කරන්නේ ම නැත. පළමු වන් ආරම්භ කළේ මහ කුනුකන්දල් රාසියක් මෙන් ගොඩ ගැහීගන එන ඊර්ෂුයා, ක්රෝ ධ භෙද මාන්නාදි සියල්ලම මද කලකටවත් කොනක තබා අරදග ඇරදමා සරදම බේරාගෙන පෙරැදුරු දෙසු බසින් සරදම් යෙදෙන බැව් තීරණය කර කියම්.
1 සිදත් සඟරාවේ නියමය හැටියට ගුරු ලඝු යනාදී දෙවර්ගතයක අක්ෂ්රයෝ සිංහළ භාෂාවට අයිති වෙනුය- මෙයින් ගුරු නම් දීර්ඝය ශබ්ද සහිත අක්ෂයරයෝ යි-එනම් (දා) ලඝු නම් කෙටි ශබ්ද සහිත අක්ෂ රයෝ යි - එනම් (ද)
2 ගණ ගණන ගනින්නා වු ක්ර මයේදී මාතාක්ෂ රයෝ සඳහන් නොකළ නිසා එම මාතාක්ෂනරයෝ තවත් අක්ෂ රයකට සම්බන්ධස වු කල්හි මාතාක්ෂමරයට සහ සම්බන්ධත වු අක්ෂ රයට ද ගුරු අක්ෂනරය යන නාමය දී තිබෙනවා ය. එනම් දම්
3 ගණයකට ගුරු ලඝු යනාදි ප්ර භෙදයෙන් අක්ෂ රයෝ තුනක් අයිති වෙනවාය-එයින් ගණයකට අයිති අක්ෂඅර වසයෙන් කොයියම් අක්ෂාරයක් වෙන් කළත් ඉතිරිව තිබෙන්නට පුළුවන් ගණ පිලිවෙලට අක්ෂාරයෝ දෙදෙනෙක් පමණක්ය.
4 ගුරු ලඝු යනාදි දෙවර්ගකයක අක්ෂපරයෝ ඇති නිසාත් මෙම දෙවර්ගීයේ අක්ෂදරයෝ තුනකින් ගණයක් සෑදෙන ගණ අටක් පමණ තිබෙන්නට පුළුවන්වා විනා ගණ යොදා තිබෙන මුල් ක්රගමය හැටියට එයට වඩා වැඩි ගණනක් තිබෙන්නටම නුපුළුවන.
5 වචනයක්වත් නාමයක්වත් ගණ වසයෙන් පරික්ෂාරකර බලන කල්හි ළුහු ගුරු වසයෙන් අකුරු තුන තුන බැගින්ම පරීක්ෂාෂ කරණවා මිස එයට වඩා වැඩි ගණනක් ගත නොහැකිය.
6 මාතාක්ෂඩරයෝත් අක්ෂගරයෝ මෙන් කල්පනා කරතොත් ගණේකට අක්ෂ රයෝ තුනේ සිට හය දක්වා ක්රනමයෙන් අයිති වෙන්නට පුළුවන. නුමුත් (8) ගණ ගනින ක්රොමයේදී මාතාක්ෂටරයෝ වෙන අක්ෂ ර හා සම්බන්ධි කර පුර්වායචාර්ඨොවරයෝ ගැන තිබෙන බැවින් ළුහු ගුරු වසයෙන් ගණ ගනින ක්රකමයේදී මාතාක්ෂැරයෝ වෙන්කර අක්ෂබරයෝ මෙන් ගණන් ගත නොහැකිය- ස,ස,ද,-ස,ස,දම්-ස,සව්,දම්,-සව්,සත්,දම් යන මේ ගණ වල පෙනීමට අකුරු තුනේ සිට හය දක්වා ඇතත් ගණ පිලිවෙලට ළුහු ගුරු වසයෙන් අකුරු තුන තුන ම නොවෙයි කියා කවරෙකුට කිය හැකිද?
7 ළුහු ගුරු වසයෙන් ගණේකට අකුරු තුනක්ම අයිති නිසා අකුරු තුනකින් කියවෙන යම් නාමයක් ඇත්නම් එය අටේ ගණේට අයිති ගණේක නම දරන්නට ඕනෑය.
8 ගණයක් ළුහු ගුරු වසයෙන් අක්ෂ රයෝ තුනක් බැවින් ගණේ අක්ෂ රයෝ නම් ළුහු ගුරු වසයෙන් පිහිටි අක්ෂතරයෝ මය.
9 ගණයකින් අක්ෂ රයෝ අඩුකරණවා නම් ළුහු ගුරු වසයෙන් අඩුකරණවා විනා අන්යහවු අන්දාමකින් ගණයෙන් අඩු වෙත තරමට අඩු කරන්නට නුපුළුවන.
10 ගණයකට අක්ෂයර තුනක් නොව ශබ්ද තුනක කියා කල්පනා කරතත් ශබ්ද සඳහාම අක්ෂෂරයෝ පිහිටා තිබෙන නිසා ශබ්දයෙන් විරහිත මාතාක්ෂයරයෝ ගණයකට ඇතුලත් අක්ෂිරයෝ වෙන්නට නුපුළුවන.
මේ කාරණා දහය හොදින් අපක්ෂගවාදී ව තේරුම් ගැනීමට කැමැති කාට නුමුත් “සව් සත් දම්” වාදය ඉතා පහසුවෙන්ම තීරණය කරගන්නට පුළුවන් වේය කියා මට කල්පනා වෙනවාය.
1 තෝමිස් කිව්හු විසින් සසර, සරණ, සව් සත් දම්, කියා පිලිවෙලට යොදා තිබෙන තුන් ගණින් ක්රිමයට පළමුවෙනි ගණේ මුලකුරත් දෙවනි ගණේ මැදකුරත් තුන්වෙනි ගණේ අගකුරත් ගෙන කව් හිමින්ගේ නම යොදන්නට කියා කදිමට හැම දෙනාටම තේරුම් ගන්නට හැකි තරම බේරුම් ඇතුව කියා තිබෙනවා ය-එක ගණේකට අකුරු තුනක් අයිති වෙන බව පොරණැදුරන් ගේ බස් ලෙස අප මෙන්ම තෝමිස් කිවිහුද දැනගන සිටින්නට ඇතුවාට අනුමානයක් නම් නැත-ගණයකට අකුරු තුනකට වඩා වැඩි ගණනක්වත් (සමහරෙක් කියන හැටියට ශබ්ද තුනකට වඩා වැඩි ගණනක්වත්) අයිතිවෙන්නට පුළුවන් බව යමෙක් කියනවා නම් ළුහු ගුරු යන වර්ගම දෙකක අකුරු නොහොත් ශබ්ද තිබෙන නිසා නගණේ, සගණේ, යගණේ, ජගණේ, මගණේ, තගණේ, වගණේ, රගණේ, යනාදි ගණ අටට වඩා
වැඩි ගණනක් තිබෙන්නට ඕනෑය. (4) එසේ විය හැකිය කියන්නා විසිනුදු අටේ ගණේට වඩා මනත් වැඩියෙන් තිබෙන ගණවලට කාර, කාසා යනාදි අමුතු නාමයන්වත් යොදන්නට ඕනෑය-තෝමිස් කිවිහු විසින් ක්රාමයෙන් මේ ගණ තුනේ මුල පටන් යැයි කීවායින් හැගෙන්නේ එහි ගණ තුනක්ම මිස එයට වඩා වැඩි ගණනක්වත් අඩු ගණනක්වත් නැති බවය-පළමුවෙන් ම සසර කී තැනදී එක ගණයක් කෙළවරය කී නිසාවෙන් ම එක ගණයකට අකුරු තුනක් (නොහොත් ශබ්ද තුනක්) බව හඟවා දුන්නාය. (3) එසේ නැතුව ගණයකට අකුරු තුනකට වඩා වැඩි ගණනක් (නොහොත් ශබ්ද තුනකට වඩා වැඩි ගණනක්) අයිතිව තිබෙන්නට පුළුවන් නම් සසරස,සසරසර, සසර සරණ යනාදි තැන් වල නැවතුනත් එක ගණයක්ද වෙන්නට පුලුවන. (6) මේ පිළිවෙල හැටියට හිතුවකටම අකුරු ගනිතොත් තෝමිස් කිවිහුගේ අදහස ඉෂ්ට වෙන්නේම නැත-මෙම පදය ගණ වසයෙන් නොබෙදා වචන වසයෙන් බෙදතොත් බෙදන්නට ඕනෑ මෙ ලෙසය. සසර, සරණ, සව් සත්, දම් අමාවෙන්, සතොස්වා කියායි-මේ බෙදීම හැටියට නොව ඉහත කි ගණ පිළිවෙලට බෙදා පළමුවෙනි ගණේ ගතහොත් සසර යන ළුහුකුරු තුනින් යුක්ත න ගණේ නොහොත් දේව ගණේම ගන්නට ඕනෑය-දෙවෙනි ගණෙත් සරණ යන ළුහු අකුරු තුනින් යුක්ත දේව ගණේමය-පළමුවෙනි සහ දෙවනි ගණ දෙක අකුරු තුන තුනින් යුක්ත නම් තුන් වෙනි ගණේ පමණක් එයට වඩා අකුරු ගණනකින් යුක්තය කියා කල්පනා කළ නොහැකිය. (2) ඉන්නිසා තුන්වෙනි ගණේ නම් සව්, සත් දම් යන ගුරු අකුරු තුනින් යුක්ත භූමි ගණේ නොහොත් ම ගණේය-සව් සත් දම් අෂ්ට ගණේට අයිති කොයි ගණේ ද කියා ඔය පණ්ඩිතයාගෙන් අහනවා නම් භූමි ගණේය නොකියා වෙන කියන්නට තිබෙන නම මොකද? කරකාසා කියාවත් බොරු පලන්නටද? භූමි ගණේ නම් ගුරු තුනකින් යුක්ත ගණයක කියනවා මිස
වෙන කියන්නට තිබෙන්නේ මොකද? ගුරු නම් සව්, සත්, දම් කියා මිස වෙන බෙදන්නට පුළුවන් මොන අන්දමටද? ද යන්න තනිකර ගුරක් වේද? සත්තකටම නැත-ඉබේට පඬිකම ගන්නට පුළුවන්නම් මේ දේවල් වෙන්නට පුළුවන්වා විනා එසේ නුපුළුවන් නම් මේ දේවල් ද සිද්ධ වෙන්නට බැරි දේවල් ම ය-‘සසර සරණ සව් සත් දම්’ යන මේ ගණ තුන පිළිවෙලට පිහිටුවා එක එක ගණයක් බැගින් එක එක අක්ෂනරයක් මෙන් කල්පනා කර සසර යන පළමුවෙනි ගණේ ළුහු අක්ෂගර තුන වෙනුවට එක ළුහු අක්ෂමරයකුත් සරණ යන දෙවනි ගණේ ළුහු අක්ෂයර තුන වෙනුවට එක ළුහු අක්‍ෂරයකුත් සව් සත් දම් යන තුන්වෙනි ගණේ ගුරු අක්ෂෙර තුන වෙනුවට එක ගුරකුත් පිළිවෙලින් පිහිටුවා බැලුවාම ළුහු, ළුහු, ගුරු, යනාදි පිළිවෙලට වායු ගණේ නොහොත් ස ගණේ සෑදෙනවාය-මේ අන්දමට බැලුවත් අගකුර නරකයි කීවා කියා ධම්මරතන කීවා වඩාම වැරදිත් නැත-සියපින් කී වැරැද්දට තෝමිස් කිවිහු ගැලවුනා ඇත-ඒ කොයි හැටි නුමුත් පිළිවෙල නොවරදවා තෝමිස් කිවිහු කී පරිද්දෙන්ම පළමුවෙන් කී සසර යන දේව ගණේ අකුරු තුනෙන් මුලට තිබෙන ස යන්න අඩු කරනවා නම් (9) තවත් ඒ ගණේ ඉතිරිව තිබෙන්නට පුළුවන් (3) ගණයකට අකුරු තුනක් නිසා ගණයක් සම්පුර්ණට කිරීමට අපාඩු සර යන අකුරු දෙක පමණක් ය-එමෙන්ම දෙවනු-කී සරණ යන දේව ගණේ අකුරු තුනෙන් මැද තිබෙන ර යන්න අඩු කරනවා නම් තවත් ඒ ගණේ ඉතිරිව තිබෙන්නට පුළුවන් ගණයක් සම්පුර්ණ කිරීමට අපාඩු ස න යන අකුරු දෙක පමණක් ය-නුමුත් තුන්වෙනි කි ‘සව් සත් දම්’ නම් භූමි ගණේ අගකුර ගන්නට කියා තිබෙන නිසාත් ගණයකට අකුරු තුනක්ම අයිති නිසාත් (3) පළමුවෙනි දෙවෙනි ‘සසර සරණ’ කි තැන්වලදීත් අකුරු තුන තුනින්ම එක එක අක්ෂගරය වෙන් කරමින් ගත් නිසාත් අග ගණේ අග තිබෙන
මාතාක්ෂාරය ගන්නට කියා කිවිහු විසින් ගන්නට නියම කර තිබෙන්නේ නම් දම් යන්න ම ය-කොග්ගල උන්නාන්සේ ‘ම්’ යන්න අකුරක් මෙන් වෙන්කර ගන්නට නොහැකි බව කොපමණ කාරණා නිදශිත වසයෙන් ගෙනහැර දක්වා ඔප්පු කළත් සඟරා කරු ‘ම්’ යන්න අකුරක් වෙන්නට පුළුවන් බව බොහොම කාරණා ගෙනහැර දක්වා පෙන්වා දුන්නත් මේ දෙපාර්ශවයේම කීම් සැබෑ නුමුත් මේ කාරණයට නම් එයින් කිසිම ඵලයක් ඇත්තේ ම නැත-වණ අකුරු අක්ෂ ර යනාදිය අකුරු නොව ශබ්ද මය කියා සමහර දෙන කියන හැටියට ඒත්තු ගනිතත් ගණේ අකුරු වණ නොහොත් ශබ්ද ගුරු ලඝු වසයෙන් ම පවතින බව තවම ස්ථිරවම පවතිනවා ය-(සව් සත් දම්) භූමි ගණේ නො වේ ය කියා ඔය අළුත් ශාස්ත්රරයෙන් ඔප්පු කරන්නට පුළුවන් නම් එහි ගුරු අකුරු තුනක් නොවේ ය කියා ඔය සඟරා කරුවන් ගේ කීම මෝඩයෙක්වත් සැබැයි කියාපි නම් මීරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ ගේ කීම වරද බව ප්රාකාශ වෙනවා ඇත-මට ටිකක් ඉක්මන් වෙලා වැරදුනා සැබෑ ය කියන එක ගුරුකමට කොපමණ ඔබිනා කීමක්ද? ඊශ්වරයා ගේ නෙත් තුනෙන් එකක් කන කරන්නට කියා තෝමිස් කිවිහු කිව් වචනය පෙරලාගෙන යතලබ සඟරා කතරැ ගණේශ්වරයාගේ නෙතක් කන කළාට ඊශ්වරයා ගේ නෙතක් අඩු වේද? ‘සව් සත් දම්’ යන භූමි ගණයෙන් ‘ව්’ යන්න පමණක් අඩුකළා ම ඉතිරි සව්, සත්, ද යන අකුරු වලිනුත් වෙන ගණයක් සෑදෙනවා මිස සසර සරණ යන තැන්වලදී වාගේ ගණයක් සෑදෙන්නට අපොහොසත් තරමට අකුරු දෙකක් ඉතුරු නුනේ මන්ද? ම් යන්න වෙන් කළ නමුත් ම ගණය න ගණය වුණා මිස අඩු නුනකොට වෙන ස්ථාන වලදී කෙලෙස නුමුත් මෙතැන දී ම් යන්න සම්පුර්ණ් අක්ෂ රයක් නොවන බව නොතේරෙන්නේ කොයි අමනයාටද? තෝමිස් කිවිහු මේ මේ ගණ වලින් අක්ෂකර ගන්ට කියා වරද්දවා ගත්ත කිම සඟරාකරුට හරිගස්සන්නට පුළුවන් දෙයක්ද?-සඟුන්ගේ බස් හිරළුවෝ දන්නවා ය. කියනකොට ගණෙන් එක අක්ෂදරයක
කියාපුවා ම අක්ෂයර තුනෙන් එකක් බව නොදන්නේ මන්ද? (නොබෝ කලකට ඉහත දී ලුසා සහ අගිලියා කියා අමනයෝ දෙදෙනෙක් ගල්කිස්ස සමීපයේ සිටියාලු. ඔවුන් දෙදෙන එකතුව සොරකම් කළ කෙසෙල් කැනක් ඉදෙන තුරු වළලා තබා දෙතුන් දවසක් පසුවෙන අතර එය ඉදී තිබෙන බව පළමුවෙනි වර ලුසාට දැන ගන්නට ලැබී ඒ බව දැනුම් දීමට තමන් මිත්රවයා සොයා යන විට ඔහු මද්යටපාන ශාලාවක බොහෝ දෙනෙකු පිරිවරාගෙන සිටින බව දැක ස්වකීය මිත්රයයාට පමණක් අභිප්රාරව හඟවන අදහසින් යහළුව, අර බඩුවෙන් ඇවිරියක් ඉදිලා යයි කීයේය- මේ කීමට ඔහුගේ මිත්රුයා කෝපව ඇයි බොල ලුසෝ ඔහොම කීවේ කියා ඇසු විට, (ඇයි මම කෙසෙල් කැනක විත්තියක් වත් මතක්කළා දැ යි කීය) ඉදුන අර බඩුවෙන් ඇවිරියකැ යි කීවාම කෙසෙල් කැන බව හැගෙතොත් අර වණෙන් එකකැයි කී කල අක්ෂෙර තුනකින් එකක් බව නොහැගෙන්නේ ඉහත කී ගල්කිස්සේ අමනයාට පමණක්ය.
2 ‘සසර සරණ සව් සත් දම්’ යන ගණ තුනෙන් පිළිවෙලට පෙර මැද අද යනාදී ක්රසමයෙන් අකුරු තුනක් ගෙන එයින් කව් හිමින් ගේ නම සාදන්නට කියා තිබෙනවාය-ගණයකට (3) අක්ෂගර තුනක් ඒ නම් ගුරු ලඝු වසයෙන් අක්ෂරර තුනක් අයිති වෙන නිසා ගණ තුනකට ගුරු ලඝු වසයෙන් අක්ෂඅර නවයක් අයිති වෙන්නට ඕනෑමය. මේ පිළිවෙල හැටියට ගුරු ලඝු වසයෙන් තිබෙන අක්ෂටර නවයෙන් අක්ෂලර තුනක් වෙන් කළොත් (9) ගුරු ලඝු වසයෙන්ම අක්ෂනර තුනක් කිවිහුගේ කීම හැටියට වෙන් වෙන්නට ඕනෑය-ගුරු ලඝු වසයෙන් අක්ෂතර තුනක් පිළිවෙලට ලියනවා නම් ඒ අක්ෂෂර තුනෙන් (3) ගණයක් සෑදෙන්නට ඕනෑමය-වෙන් කළ හැකි අක්ෂඅර තුන නම් ස, ර, දම්,- මෙයින් වායු ගණය සෑදෙනවා ය-නුමුත් යතලබ සඟරාකරුගේ කීමේ හැටියට එකී වෙන් කළ අක්ෂමර තුනෙන් සරම් යන නම සෑදෙනවා සැබෑ නම් එම නාමයට ගණ පිළිවෙලට අක්ෂනර තුනක් අයිති වෙන්නට ඕනෑය-අක්ෂෂර තුනක් අයිති වේ නම් (7) එය ගණයක
නාමයක් දරන්ට ඕනෑ බව කව්රුත් දනිති-ඉන් නිසා සරම් අක්ෂ්ර තුනක් නම් එය අපට ගණේට අයිති කොයි ගණේද කියා යතලබ සඟරාකරු කියාදුන්නාවේ-අළුත් සිදතක් සෑදුවොත් විනා තිබෙන එකෙන් නම් මීට උත්තරයක් දෙන්ට නොහැකිය-(4) සරම් ගණයක් නොවේ නම් අකුරු තුනක් නැත කීවාමය-අකුරු තුනක් සරම් යන නමේ නැතුවා නම් ‘ම්’ යන්න අකුරක් බව ඔප්පු කිරීමෙන් ඇති ප්ර යෝජන කවරේද? අකුරු තුනකින් අඩංගු නුවු නමක් සෑදීමට තුන්පලකින් අකුරු තුනක් ගන්නට කී අමනකම දැන්වත් පැහැදිලි ලෙස නොතේරේ ද?
(ඉතිරිවා ලබන මාසේ)
ධම්මරක්ඛිත ජයබාහු
කොළඹ ශාස්ත්රාබලංකාරය ප්ර සිද්ධ කරවන මහත්මයා නමටයි
මහත්මයාණෙනී,
මේ ලියුම තමුන්නාන්සේ ප්රකසිද්ධ කරන පත්රදයෙහි අච්චු ගස්වන මෙන් ඉල්ලමි.
මෙසේ අමුඛ්යු වශයෙන් වර්ණස ශබ්දයෙන් ළුහු ගුරු කියු තැන් දැක සමහර අල්පශ්රැ්ත කෙනෙක් මේ ශබ්දයෙහි අර්ත්ථ් මෙ පමණක් මය, හල් නොකිය හැක්කේ මැ යි තකා ‘සව් සත් දම්’ කියු මේ ගණයෙහි අග වණට ‘ම්’ යන්න නොගෙන (දම්) යන ගුර ම ගතයුතු ය යි කියාත් මෙහි අප විසින් පළමුවෙන් දැක්වු උදාහරණ තේරුම් ගත් කවරෙකුටත් එහි අසාර බැව් හැගේ මැ යි කියාත් යතලබ සඟරාකරු කීය-මෙයින් පළමුවෙන් දැක්වු උදාහරණ වලින් තේරුම් යන්නේ වර්ණක ශබ්දය නොයෙක් අර්ත්ථ්වල වැටෙන බව පමණයි. එතකොට ‘සව් සත් දම්’ ගණේ අග වණ කී තැන්හි වර්ණ ශබ්දයේ අර්ත්ථව ගුරක් නොවේය. හලක් මය යන බවට කාරණා නොදක්වා නිකම් ම වර්ණථ ශබ්දයේ නොයෙක් අර්ත්ථය ගෙන හැර දැක්වු පමණතින් අල්පශ්රැතගේ කීමේ අසාර බව හැගෙන්නේ නැත-කවිහුගේ අභිප්රාැය
(සරම්) යන නමත් සාදන්නට ය- ඉන් නිසා ඒ අභිප්රාිවට හෙවත් (සරම්) යන නමට යොග්ය් ලෙස වර්ණ් ශබ්දයෙන් ගුර නොව ‘ම්’ යන්න ම හැගෙනවා ය කියත් නම් ඒත් නොවිමසීමෙන් කියන කීමක් ම ය-කාරණා කවරේද? ‘සව් සත් දම්’ යන ගණේ අග වණය කීවාම ‘ම්’ යන්න ම හැගෙනවා නම් කිවිහුගේ අභිප්රාගය ලෙස (සරම්) නිසා ‘සව් සත් දම්’ යන ගණේ අග වණය කීවාම ‘ම්’ යන්න ම හැගෙනවා නම් ‘ශ්ලොකයේ මුල් තුන් ගණයේ පෙර මැදග වණන් හැඟවු නාමය නිසා ඉපදී තිබෙන වාදය ගැන කාරණා මදක් කියන්නෙමු-කීවා වැරැදිය. මක් නිසාද? (සරම්) යන නාමය ‘සව් සත් දම්’ යන ගණේ අග වණ ‘ම්’ යන්නම යි කියා නියම කර ගැන්මට කාරණාවක්ව තිබෙන නිසා ඒ නාමය ගැන යම් සංකාවක් තිබෙන්නට බැරිය-සංකාවක් නැති තැන වාදයක් ඉපිද තිබෙන්නටත් නුපුළුවන- ‘සව් සත් දම්’ යන ගණේ අග වණය කීවාම ගණය සඳහන් කළ නිසාම ගුරු නොගෙන අල් මයන්න ගන්නා යමෙක් ‘සින්ධළවමානෙහි රණංපවිසිස්සාමි’ කී තැන්හි රණං ශබ්දයෙන්ද සින්ධසව ශබ්දය ලුණු නොව අශ්වයා ම ය යි හඟවා දුන් බව කොහෙත්ම හිතට නොගෙන ලුණු ම ගෙනෙන මෙනැ යි මින්මතු තේරුම් කර දෙන්ට වෑයම් කරන්නෙමු- මේ තුන් ගෙණේහි ගණය හසුකළ බැවින් ළුහු ගුරු ම ගත යුතු යයි සමහරු කියති. ඒත් නොවිමසීමෙන් හෝ ශාස්ත්රුතත්ව නොදැන්මෙන් හෝ කියන බසෙක් ම ය. මෙහි ගෙණෙ යනු ආධාර වචනයයි.
කාලිදාසගේ ශ්ලොකයකි.
‘සවේ වර්ණාො දීර්ඝානයස්යාං විශ්රානමඃස්යාුත් පාදෙ පාදෙ විද්වද් ච්‍ැාොනෛදර්වීණාවාර්ණආ ව්යානඛ්යායතාසාවිද්යුෙත්මාලා’
මෙහි ‘යස්යාංම’ යනු ආධාර වචන ය යි එහි පිහිටි සියලුම වර්ණස ගුරු ය යි කාලිදාස කියා තිබෙන්නා. ‘ගෙණෙ’ යනු ආධාර වචනය නිසා ළුහු ගුරු ම ගතයුතු ය’යි යන කීම ‘නොවිමසීමෙන් හෝ ශාස්ත්රා තත්ව නොදැන්මෙන් හෝ කියන බසෙක් ම ය’යි යතලබ සඟරාකරු
කියා තිබෙන්නා. ඉතින් මේ කීම් දෙකෙන් කොයි එක සැබෑද? යන බව යතලබ සඟරාව කරපු පණ්ඩිතොත්තමයා ට ම නොහැඟුනා නම් ‘යස්ංාාව’ කියා යසට කාලිදාස සප්තමි හෙවත් ආධාර විභක්තියෙන් දැක්වු ශබ්දය වරදවා ‘යස්යක’ කියා යසට ශෂ්ටි විභක්තියෙන් දැක්වුයේ මක් නිසාද? ඇලපිලි බින්දු වලට නියම අච්චු අකුරු නැති නිසාවද්ද? ඔය ඡන්දයයෙනුත් දොස් පෙනෙන බව කල්පනා නුනා ය කියා සිතන්නටම බැරිය. මේ තුන් ගණයෙහි පිහිටි පුර්ව වු මධ්ය් වු අපර වු තුන්කුරිනැ යි කවර හෙයින් නොකිය හැකිද? ළුහු ගුරු හඟවා දෙන්ට කැමති නම් කිය හැකි ම ය.
‘ආධාරයක් කියා එහි මුල මැද අග කීවොත් ඒ ආධාරය බෙදා භාග වශයෙන් ම ගතයුතුද? මෙන්න මේ ඉර 0------0---------0 ආධාරයක් ය කියමු. මෙහි මුල මැද අග කීවොත් මේ ඉර හෙවත් ආධාරය සමභාග දෙකකට නොබෙදා මැද මේ ය යි නියමකර ගන්නේ කෙසේද? ‘එසේ ගැන්මක් ලොක ශාස්ත්ර- උභය ව්යනවහාරයෙහිම නොපෙනේ’ කීවේ විමසීමෙන් හෝ ශාස්ත්ර තත්ව දැන්මෙන් හෝ කිවු බසෙක් ම වෙන්නට ඇත.
වර්ණම ශබ්දයා මුඛ්යෙ වශයෙන් ස්වර ද තත් සහිත රහිත ව්ය ඤ්ජන ද හෙවත් පණකුරු හා ගතකුරු කියා ම ය’ ඒ කොතැන්හිද යත්?
‘ම්ය්රස්තජභ්නගෛර් ලානෛතර්’ මෙහි විභක්ත්යතන්ත වචන, 2 එහි වර්ණ ම්, ය, ර යනාදි ය.
‘එහිර් දශහිර් අක්ෂජරෛ’ මේ පාදයේ වචන 3 ඒවායේ වර්ණද ඒ, යනාදිය ය.
‘යවහන් සතරකුරෙන්’මෙහි වචන 2, එහි වර්ණය’ ව, හ, න්, යනාදි වර්ණය.
‘සසර සරණ සව් සත් දම් අමාවෙන් සතොස්වා’ කියා වචන 5 ක් තිබෙන්නා. ඒවායේ වර්ණ් ස, ස, ර, ස, ර,
ණ, ස, ව්, ස, ත්, ද, ම් යනාදි වර්ණ යි- මෙ සේ වචනය කියා එක්කාසු කරපු වර්ණ වලටද එක්කෝ වගන්තියක පංගුවල් ය කියා එක්කාසු කරන ලද වචන වලට ද ව්යාදකරණ ක්ර මයෙන් එක්කරන ලද වර්ණ සහ වචනය කියා කියනවා ය-මෙහි වර්ණු ශබ්දයෙන් පනකුරු සහ ගතකුරු හැගේ. 2. ‘වර්ණ ශබ්දය අමුඛ්ය වසයෙන් ළුහු ගුරු හිත් වැටේ ම ය’ ඒ කොතැන්හි ද යත්?
‘ම්යත රස් ත ජග් න ගෛර් ලාන් තෛර්’-මේ පාදයේ වර්ණම 8.
එ හිර් ද ශ හිර් අක්ෂ් රෛ’ - මෙහි වර්ණද 8.
‘ය ව හ න් ස ත ර කු රෙ න්’ මෙහි වර්ණර 8.
ස ස ර, ස ර ණ සව් සත් දම්, අමාවෙන්, සතොස්වා, - වර්ණ් 15
පද්ය්න් ගේ ප්රසමාණ බැලීම විප්රඅකාරයක 1 වර්ණ8 ගණනින් මේ ‘සසර’ ආදී ශ්ලොක ගාදයේ ප්රපමාණ බලනවා නම් එහි වර්ණණ 15 ක් තිබෙන්නා.
2 වර්ණ. තුන තුන බැගින් ගෙන ප්රහමාණ බැලීම ය-වර්ණි තුනකට ගොඩක් ය කියමු නම් මේ පාදය ගොඩවල් පහකින් සෑදී තිබෙන්නා-මෙ සේ වර්ණග තුන තුන බැගින් එක්කර ගත් ගොඩකට ගණයක් ය කියනවා ය-මේ ශ්ලොක පාදයේ (සසර) කියා එක ගණයක (සරණ) කියා එකෙක (සව් සත් දම්) කියා එකෙක. (අමාවෙන්) යනු එකෙක (සතොස්වා) කියා එකෙක පාදය ගණ පහකින් තීන්දු වී තිබෙන්නා- ඉතින් මෙයින් තේරුම් යන්නේ ගණ ශබ්දය ළුහු ගුරු වර්ණෙ තුනකට කියන වෙනින් නමක් ය- එතකොට (සව් සත් දම්) යන මේ ගණයෙහි අග වණය කීවාම එහි තේරුම (සව් සත් දම්) යන මේ ගුරු වර්ණ තුනෙහි අග වණය කීවාම ‘ම්’ යන්න ගන්නට බැරි එක ළුහු අකුරක් වත් ගුරු අකුරක් වත් නොවෙන නිසා ය-ගණය කියා එක් කරන ලද වචන වලට එක්කෝ වචන පංගු වලට ගණ ක්රිමයෙන් හෙවත් ඡන්දකස් ක්රනමයෙන් එක් කරන ලද වදනය නොහොත් වචන පංගු ය කියනවා ය.
ම්ය රස්ත යනාදි ශ්ලෝකයෙහි ද යවහන් යනාදි කවෙහි ද නියම කළ ලෙස ‘සව් සත් දම්’ යන මේ වර්ණෙ හයේ අග වණය කීවා නම් ම් යන්න හැගෙනවා ඇත. සරදම්
පැණ ගුරු යුරු පඬි පෙර විසු ලක ප සය ලගු ගුරු පත පෙල පළ කළ යුතු ලෙ සය එම ගුරු කම හැර බිනු තිර නැති බ සය අප ගුරු වර හට එම ගැන කිම දො සය
රැකලා කෙවුළු ලීසිට තැළුවා සෙමි න තෙපලා තිබුනු පද දම් රම් යති රුව න පෙරලා ‘කෙවුල් ලි’ යසිට බිණු එම වද න අගලා පවර නැණ දන බණවති අගු න
පාලාත මන්ත්රිද ගේ ජොහානස් අල්විස්
පසුගිය මාසේ අපේ පත්රරයේ ප්රලසිද්ධ කිරීමට එවන්නට යෙදුන සමහර ගී පා්ඨාපදියෙහි කීප කීප තැන් වලදී පුරාණ කාලේ පටන් අද දක්වාම සිවුරු ඇරපු අයවලුන්ට ව්යීවහාර කරන නාමයක් ගෙනහැර දක්වා තිබෙන හෙයින් එ කී නාමය බටුවන්තුඩාවේ පණ්ඩිත මහත්මයාට වේදනා උපදවන තරමේ බැනීමක් කොට ඒත්තු වී අච්චු කන්තෝරුවේ මුලාදෑනියා ඉදිරියේ පැමිණිලි කර සිටිය නිසා මින් ඉදිරියට යමෙකු ගේ හිතට වේදනා උපදවන අන්දමේ බැනීමක් අපේ පත්ර යේ අච්චුගැසීමට අවසර නැති වග මෙයින් දැනගත යුතු යි.
යතලබ සඟරාවෙන්.
ජුනි මස ශාස්ත්රාරලංකාර පත්රඅයේ යතලබ සඟරාව ගැන කියා තිබුන කාරණා වලටයි.
මේ චීප වාසීන් අතරේ මාගධාදි තුන් භාෂාවෙන් ලියු ධර්මල ව්යාීකරණාදි පොත් බොහෝ තිබෙන බවත් ඒ නොදන්නවුන් සඳහා යතලබ සඟරා නම් පවුරුනක්
කරන බවත් දක්වා ඇත-මේ භාෂා ශාස්ත්රො නොදත්තවුන් ගේ දැන්ම සඳහා නම් මෙයින් ගෙන මේ ප්රශකරණය සංග්රුහ කරන බව කාට නුමුත් ඊර්ෂියා ක්රොනධාදිය නැත්නම් වඩා නුවණ නැතත් හැගේ. යම් සේ බාලාවබොධන බාලාවතාර යන නම් වලින් සංස්කෘත ව්යාාකරණ මාගධ ව්යා්කරණ යයි. කියාඅනාගතාවෙක්ෂබනයෙන් හැගේද? එසේම යතලබ සඟරා යන නමිනුත් අනාගතාවෙක්ෂනනයෙන් එහි සංග්රරහ වෙන දෙය මේ මේ ය යි හැගේමය- ‘මේ ලංකා වීපයෙහි යනාදීන් ඔවුන් සඳහා නුවණ පමණින්’යනු දක්වා දැක්වු හේතුන් නිසා අතික්රාෙන්තාවෙක්ෂවනයෙනුත් මෙහි යථාලාභ දෙය මේ මේ ය යි හැගේ.
මෙසේ අග මුල සම්බන්ධෙ නොබලා වරද කියනවානම් කවරකට වරද කියන්ට බැරිද? එ නම් චතුස්සත්යන යයි කී කල චතු සතරය සත්යන සිහියෙන් වුයේය. මෙසේ චතුස්සංඛ්යාවව සිහියෙන් වුයේද-තවද බාලාවබොධන යයි කී කල බාල ළමා හෝ නුවණ මද හෝ අය ය, අවබෝධන දැන්මට කාරණා යි-බාලයන් ගේ අවබෝධනයට හේතු මිස සංස්කෘත ව්යාරකරණ බවක් මෙහි කොහෙත්ම කියා නැත- මෙබඳු වරද කීම ළමා අය අතරේ සෙල්ලමට මිස වෙන අන්ද-මකින් කියන බවත් කවදාවත් ඇසුවේ නැත-තවද ‘කොග්ගල උන්නාන්සේ’ ය යි කී කල කොක්, කොක්කු ය, ගල, පර්වවතය; ඉතින් කොක්කු වැසි පර්වයතය උන්නාන්සේ ද? මෙ වැනි පිස්සු යමෙක් කථා කෙරේ නම් ඔහුට කුමක් කරමුද? මේ ඉහත කී බාලාවබොධනාදී නාමයෝ නිවරද නම් යතලබ සඟරා ද එසේයි-ඒ වරද නම් මේත් එසේමය.
‘ප්ර ථග්වීස්තීණීම් එකත්රො පසංහාරස්සංග්රාහ’ යී ද සම්යමක් සමන්තත් ශ්රැපහ්යථතෙනෙනෙති සංග්රසහ යී ද සංග්රාහ ශබ්දයෙහි විග්රීහයි. ‘සඟරා නම් හකුළුවා බනන ලද්දෙකැ’යි යතලබ සඟරාකරු කීය. හේ විරුද්ධාර්ත්වනයි. හකුළුවා බනන ලද්දක් නම් සංගීති’ යි. මෙ සේ කියා තිබෙන්නාග මීට උත්තර
එකක් කර කිව් සභිය සඟරා දෙසද රුත් පෙරැදුරෝ
නොවසැ කි
දෙකක් යයි නුනුවණින් හැබ ඒ යෙදුවේ ජයගන්ට
බොරුව කි
ටිකක් වත් හිරි ඔතප් නැයෙන් මොකක්වත් නැත
නුඹට නොකියැ කි
සැකක් නැත මේ බලාපන් තව වැඩි වැඩිය උඩ
නොපැන නුඹ ස කි
සංගීති හකුළුවා බනන ලද්දෙක් නම් සඟරාත් එතෙක් මය. පස් විස්සත් විසිපහත් යම් සේ ඒකාරාත්ථීි ද? එසේම මේ සංගීති සංග්රවහ ශබ්දත් ඒකාත්ථීතයහ. හ බව විනය අටුවාදී බොහෝ පොත් වල පෙනෙන්නා-තුන්වෙනි සංගායනාව ගැනම බෝධිවංශයෙහි සංගීති කියාද දීපවංසයෙහි සංගහ කියාද තිබෙන බව හම් ගාථා අර්ධ දෙකින් බලනු.
‘සාතීස්සථෙර රවිනාගමිතා විකාසං සංගිති වාරුනලිනී අපිදස්සිතාමෙ’ ‘නවමාසෙන නිඨාසි තතියො සංගහො අයං’
තවද අමරසිංහ ටීකායෙහි ‘සංක්ෂිපෙත ග්රහහ්ය’නෙත නානාස්ථානෙ විප්රමකිණා අත්ථීතව්රැඨඞ්යඅනත අනෙනසංග්රාහ’ නොයෙක් තැන විසුරුණා වු අත්ථීමයෝ මේ කරණකොට ගෙන සංක්ෂපයෙන් කියනු ලැබෙත්නුයි සංග්රමහ නම් වේ. ව්රැඞ්යුනෙත යනු ව්රැගඞ භාශාත්ථීක යන ධාතුයි.
එහි අක්රොංස පරිභව ද බෙහෙවින් තිබුණි. ඒ අපි පිළි නොගනිමු. එකට එකද නොකරමු-එසේ කල නිකරුණේ පරුස බසින් බැන්නවුන් කරා ම ඒ බැනීම් උඩු සුළඟට දැමු දුලි රැසක් දැම්මහු කරාම සෙයින් පැමිණෙන බව මෙයින් දන්නේය-බුදුන් රජගහ වේළුවන වෙහෙර වැඩ වසන කාලෙක අකෙකා සකභාරවාජ නම් බමුණෙක් තමා බෑ භාරවාජගුප්ත බමුණා සස්න පැවදි වී ය යි කිපියේ බුදුන් කරා එළඹ ‘ඔටුයෙහි ගොණෙහි යනාදි දසවතින්’ ආකෝසා කෙළෙ ‘මුඩු මහණ දන්නෙම් වේද යනාදීන්’ පරිභාසා ද
කෙළේ මෙසේ පැවති කල බුදුහුද බමුණ තා ගෙට නෑ ඈ අමුත්තෝ එද්ද? ඔවුන් සඳහා කැය බිය යුතු දෑ සපයයි දැයි විතාළෝ ගොයුම, කිසි කලෙක එහි ඔවුන් සඳහා කැය බිය යුතු දැත් සපයමි යි කීය. ඉදින් බමුණු ඔවුහු පිළිනොගත්තු නම් කෙසේ දැයි විතාළෝ-මේ අපට ම වෙයි කීය. බමුණ එසේම ආකෝසා රොස් දබර නොකරන අපට ආකෝසාරෝස දබර කෙරෙහිය, යන යමෙක් ඇද්ද? ඒ අපි පිළි නොගනුම්හ. තටම වේ-බමුණ යමෙක් තෙමේ ආකෝසාරෝස දබර කෙරේද? මේ තෙමේ සමග ආකෝසාදිය බුදියි, එකට එක කෙරේ ය යි කියනු ලැබේ-ඒ අපි තා හා සමග නොබුදිමු. එකට එක නොකරමු. බමුණ තටම වෙයි වදාළෝ ඒවමාදී අකෙකාසක භාරවාජ සුත්ර. යි. D.A.S.B.P මේ ලක්දිවේ දන නැණැත් කරනෙම් සිතාලා මිපත් සුරෑජර සදිස් බටුවන්තුඩාවේ ඒ සත් කිවිදුන්ගේ දෙපා වැද අත් මුදුන් දී මේ පත් දෙමින් පතුරුවන්නට යය් යදින්නේ
සව් සත් දම් වාදය ගැන කොග්ගල උන්නාන්සේ විසින් මුලාවෙන් කියා ශාස්ත්රාාලංකාර පත්රායේ නොබෝදා ප්රනසිද්ධ කළ කියමන් ගැනයි.
කිවි දන පැසසුම් ලත් ඒ තොමිස් නම් මහත්මා කළ පොතෙහි ‘සරම්’ නම් යු විලස් යුත් නොවේ යය් දමු රුවන මුලාවෙන් කී බසත් දැන් සැබෑ මැය් සත නොදැන කියන්නේ එක්කෙනෙක් කොග්ගලැය් නම්
පරුස බැණ නොහික්මුම් කම් පපා ලක් මුළු ල්ලේ සරුප නොවන බැව් කී කල්හි දාමෙන් විපු ල්ලේ පිළිතුරු ලෙස අන්නෑවන් කියාලා වික ල්ලේ හැර දමමුව දැන් ඒවා කියන්නේ මෙ ක ල්ලේ
තවද තියකුරු ගණයක කීවේ ගුරුළුහුන් ගේ නියම වසයෙන්ය-වර්ණය ශබ්දය ඔවුන් කෙරෙහිද වැටෙන බැව් ‘සර්වෙනවණී’ දීර්ඝානයස්ය යනාදීන් යතලබ සඟරාවේ දක්වන ලදි. ‘යවහන්’ සතර කුරය යි ස්වර රහිත අක්ෂ්රයෝ කියන ලද්දාහුය. ඒ බැව් යතලබ සඟරාවෙහි ම ආදයොතිතා-ලියවණණා ’ යනාදීන් බොහෝ උදාහරණ වලින් දක්වන ලදි. එ බැවින් ඒ ආචාර්යක බස් නිර්දෝස බැව්ද අල් අකුරු වර්ණ යන් බවද එයින් ම හැගේ. නොයෙක් හෙදවු අත්ථීරයන්හි පවත්නා ‘වර්ණ.‘ ශබ්දයෙන් ළුහු ගුරුම කියන්ට බොහෝ තැත්කරන සත් නොදත් කොග්ගල උන්නාන්සේ මේ බලාවා.
වණ සඳ නෙකරුත් බැව් නැද්ද දැන්වත් හැගෙ න්නේ දැනදැන ම මුසා බස් බෝම ඇයි මේ කිය න්නේ ගතවන අකුරක් වේ මැයි සිතන්නටත් යෙහෙ න්නේ සුවිරුත රුවනාරේ බස් ම සැහේ ය ස න්නේ
නොයෙක වණ බෙය ගෙනැර දැක්වු කලත් ළුහු ගුරුම යි ගනි න්නේ කිමෙක තියකුරු ගෙණෙක ‘යවහන්’ සතර කුරකී තතු නොද න්නේ මෙදෙක වත් තතු ලෙයින් දැනුමට ලකුණුමිණ සිරසේ බදි න්නේ නොයෙන තද බද මෝඩ වස්දොස් එයින් යෙත් දුරුවී සොඳි න්නේ
කව් සත සඳසත වියරණ තොරතුරු නොදැන කමක් නැති බොරු දොඩ නා පව් කරනට විලිබිරු දෙක නැතිවම නිබඳ පරුස තෙපුලින් බන නා ලෙව් පඬි දනනට මුසවායෙන් ගරහන කොග්ගල එ මහණ නිති නා පව් දුකු දුරහැර රකිනට දකුණතැ තබා පසිති පොත ආවඩ නා
තවද මාගේ මිත්රො ත්තම ‘ආම් අඃ’ විසින් මැයි මාසේ යතලබ සඟරාවේ සත් ලෙසින් දක්වන ලද නිදසුන් බලා කොග්ගල උන්නාන්සේ පිළිතුරු දෙන්න, වඩා බැරි නම් ‘පංචවණ්ණා යථාචක්ඛු ජබබ ණණා නාසිකා තථා’ යන සුබොධාලංකාර කීමේ ‘චකඛු’ ශබ්දයෙහි වර්ණන පස ද නාසිකා ශබ්දයෙහි වර්ණී හයද කාව්යා’දශියෙන් දැක්වු ‘කාංචි’ ශබ්දයෙහි නාසිකා මධ්ය් උභය පාර්ශවයෙහි සිටි සිව් වණද ‘පාන්ඩයා’ කී තැන අට වණ ද මේ මේ යයි දැනගෙන වණ බෙය කොග්ගල යති කියාවා
දරුණු ලෙස මුලා රා කෝප ලබ්බෙන් බොමි න්නේ කරුණු නොසලකා කී මුත් තුබු බස්හි ස න්නේ සරණු ලබ මෙකල්හීවත් අසා මේ වද න්නේ කියනු නොහැකි නම් සත් සේ මතින් ඇය් නට න්නේ
අන්ද මන්ද වී දසකුර දැකලා අග පතගා සඳ පොත ස න්නේ කින්ද එ බස අත තතු නොම දැන දැන් උමතු වුණා සේ දොඩව න්නේ අන්ද ම නොම දැන විනයේ සිවුරරෙන් කඩක් කලා දැම්මා වැ න්නේ මන්ද ඉතින්වත් ඔය ලෙස නැසුමට බාහන්තේ බලි නොර න්නේ
නවත් වන්ට බෙල්ලේ ඉන හැඩමත කඩක් කපා සිවුරෙන් හැර ලා වමත් අතට දොකොනම ඇදලාගෙන නොලිසෙන ලෙස තරයේ පට ලා තවත් කරපු වාදයක ලෙසින් ලා රා ලබ්බක් දකුණත එල් ලා පවත් ලෙසින් මේ බලිය අඹාලා යාගය කර දොස හැරපල් ලා
‘වන’ දසයත් නොදැන මා මුස වී ස න්නේ ගෙන බලමින් නොහැදින තතු වෙසෙසි න්නේ දෙන නෙකුමතු බස් දොස් වැඩි නොවමි න්නේ දැන කළහොත් මෙම බලියෙන් දුරුව න්නේ
ආම් අඃ විසින් කියන ලද ‘ආමාකෙමනෙකරිවෙ’ ඉගෙණද ඔය මහා මෝඩකම දුරුකෙරේවා! තිග්ගභිතය හුදෙකලා අක්ෂසරයක් වන බැව් දශවීධ ව්යකඤජනය දැක්වු ගයෙහි ‘ගරුක ලහුකංච නිග්ගගිතං’ කී පදයෙන්ද බාලාවතාරයෙහි වර්ණන ව්යගවධාන දැක්වු ‘මංඅහාසි’ යන පදයෙන් ද පළමු දක්වන ලද දෞර්ව සිංහාදී වචන වලින්ද දැනගත්තාම හරි ආකාරයෙන් හැගේ. අකාරාදිය හා එක් වුණාට වරද නැති බැව් අපිමත් දැක්වුමු. ඒකාක්ෂයර පාදාදිය අනුස්වාර විසර්ජනීය යෙදීමෙන් දූෂ්යඅ නොවන බැව් සභිතෝපචාරාදිය දැනගත් කල හැගේමැයි. ‘සින්ධ්වමානෙහි’ යනාදිය ව්ය වහාරයට අවිරුඞ ලෙස අර්ත්ව ගැනීමට මුත් වැරැද්දක් හරිගස්සන පිණිස නොවේය. ‘සරම්’ නම වැරදුනේ නැත.
මෙසේ බිදුහත එක වණෙක් ම ය පැවසු සඳ පිළිතුරු නො දී ලෙසේ උමතුව දොඩන මිනිසෙක් කටට ආ පමණක් යෙ දී දොසේ එහි දුරු කරන පිණිසත් එ ගය දසවියදුන් බැ දී ඉසේ සිට කණ මුලට දප කළ කල ම යයි ඔය එඩි බි දී
තවද ‘අපි කියනවා’ යයි ශාස්ත්රාදලංකාරේ 46 වෙනි පිටේ කොග්ගල කියා තිබුණි. ඒ කීම මෙලෙසයි.
මෙතුවක් කල් පසුවී හපන්කම තබන් ඒ අත් වැනුම් කාරයා හිතුවක් කාර කමය් කෙළේ දද දනන් හා එක්ව සාදා පොතක් තතු දක්වා එහි දෝසවල් වල වෙනත් නෙක් අත් වැනුම් හී තිබු මතු ඔක්කෝටම පේන මෙන් කියනවා කීමෙන් අපිත් කව් සොලෝ
මෙහි වරද සලකා ශාස්ත්රාිලංකාරේ 59 වෙනි පිටේ මෙලෙස අප විසින් කියන ලද්දේයි. පබඳ මෙම සත් වෙනි සොලෝවේ ‘කියනවා’ ය යි යෙදු කිරි යේ ‘අපි’ ද ‘මතු’ යන දෙබස එකතුව යෙදුන කල වේ මැයි නොසරි යේ මසදකරු අරුතෙහි අනා කල් බුහු බසින් යෙදුව නම් සරි යේ මෙයද නොම දැන වාදයට කව් සදාගන නටනවා සිරි යේ
මීට කොග්ගල විසින් ශාස්ත්රාගලංකාරේ 72 වෙනි පිටේ මෙසේ පිළිතුරු දෙන ලද්දේ ය . “කියනවා” යයි යෙදුවේ ක්රිෙයාවෙකැයි ඔහු තේරුම් ගත්තේ වී නමුත් මගේ කල්පනාව එසේ නොවේ ය. ඒ ගැන මගේ කල්පනාව නම් “කියන” කථනය කරන්නා වූ ‘වා’ වචනයෝ යි යනු යි” මේ ශ්ලොකයෙහි එක වාක්යථ සම්බන්ධන වූ අග දෙපදේ මොහු ගේ කල්පනාව ලෙසම පද යෝජනා කොට බලමු. එනම් “එහි නෙක් අත්වැනුම් හි තුබූ දෝසවල් වල තතු දක්වා ඔක්කෝටම පේන ගමන් කව් සොලෝ කිමෙන් අපිත් මතු කථනය කරන වචනයෝ යි”
මෙහි ‘අපි’ යනු පෙර විබත් ය. ‘වචනයෝ යනුත් පෙර විබත් ය. ඉතින් මේ දෙදෙන විශෙෂණ සම්බන්ධ’යි. එකල අපි යන්නෙහි අත්ථි නම් කථනය කරන වචනයෝ හෝ කිමෙක් ද කීවොත්? අපි, යනු යි. ඉතින් මේ නානා ප්රරකාර නිදරු බොරු ප්ර යෝග කරන K. Dahammetillake යන මේ නම් ඇත්තා පස් කඳකින් යුත් පුද්ගලයෙක් නොව කථනය කරන වචනයෝ වෙලා තිබෙන්නා ! අනේ ක්රිකයා කාරක සම්බන්ධර දන්නවා නම් මෙයාකාර මුසාවාද නො කියයි!. ක්රිරයා කාරක සම්බන්ධු නොදන්නෝ කවුරුන් හා සමාන දැ යි පූවාචාරීන් ගේ බසින් බලනු.
ක්රි්යාකාරක සම්බන්ධං යෙන ජානන්ති මානවාඃ පසුහිස්සහංත තුල්යාඃක ක්ෂු රශාගවිවර්ජිතෛඃ
කි රි ය කරු සබඳ නොහඟින තැනැ ත්තෝ ස රි ය ගොනුන් හා කුරඟින් වියු ත්තෝ මි රි ය කර පැවසූ මෙ විලස උග ත්තෝ බැරි ය වාද සමඟින් ඔය නොද ත්තෝ
‘මෙ වියරණ සත්හි’ වනාදී ශ්ලෝකයෙහි පිරෙ ත් යන ඒ කිරිය නොයෙදෙයි වණෙක් යනු හා සබඳ වී ය ලි ත් යෙදෙනට එතැන දැක්වූ ගණන් යනු කතුනොමදා වී කි සි ත් වියරණ සතර තොරතුරු නොදැන තව සිහි අඩුද වී මැලි ත් නො දැන් ඇද කියන්නේ කිවි මනෙහි දැඬි ලොබද වී මා විසින් කියන ලද
‘මෙම වියරණ සත්හි ගත් වණන් ගේ ගණන් කිවි තැනෙහි විසි වණෙක් දැක්වූ ගණන් සත් තියාගෙන් බිදු වණෙක නොවී නම් ඇස් කෙසේවත් පිරෙන්දෝ තව කරුණු බොහෝමස් සත් කෙමෙන් කිය යුත්වූ
යන මේ ශ්ලොකයෙහි ක්රි යාකරක සම්බන්ධ ය විසි වණක් දැක්වූ ගණන් නොපිරෙත් ද ක්රි යා දැනගත්ත කොග්ගල; විසි වණෙක් කි එකක් බහු වචනය වෙන්ට පුළුවන් හැටි දැනගන්නට ඕනෑනම්-
දා දොස් මල විසි න මෝරා දොස් වැඩීමේ න වැනසෙත් නොදහමි න කෙනෙක් රජ සොර සතුරු බියයෙ න
යන මේ කාව්යොශෙඛරයේ පදයෙහි කෙනෙක් වැනසෙත් කී තැන බලන්න. මෙසේ දැන්වත් ව්යායකරණ ඉගෙන ගෙන වාද කරන්න.
‘නොපවසත’ යනු බහු වචන ය යි කොග්ගල කීවා
නොපව සා අත යන මේ සඳවත් ඇදින ගන්නට බැරිව ඉඳග න බු හු බ සා මේ තමයි සිතමින් වරද කීවේ කිමෙක උඩ පැ න මෙමලෙසා නිදොසත් දොසැයි කි දමුරුවන වදන ම සැබෑ මෙ න නොව ලසා බොරු දොඩා හනිකට වැටෙයි උඩුකුරු කකුළු විලසි න
ඉතින් මේ වාදය කරන්නට උගන්නාලා ලකර සඳ ස ඳ
එයින් මතු වාදය කළොත් හැකි මෙ තතු හඟවා ලන්ව සොඳ ලෙ ද
මෙයින් පිළිතුරු දෙතෝතින් යලි වලානේ යති සඳු ගෙ පද වැ ඳ
සෙදිත් උගතොත් හොඳයි කිරිය කරු සබදවත් මඳ ම ඳ
ශාස්ත්රි ලංකාරයෙහි 72 වැනි පිටේ නවවෙනි පෙලෙන් පවන් ගෙන තවද ඔය පුබන්ධස කතෘ විසින් - පෙ-නුව ණැත්තවුන්ට හගවා නවතිමි’ මෙසේ දක්වා තිබෙන සියල්ලම බොරු ය. ඒ බව කාටත් හැඟේ. පැ න් න ලෙස අතුර බුන්නෙන් නොයිඳ ග ස ද න් න සතර විතරින් බැනදා කව් රැ ස බි න් න බොරු වූවෙන් තව කියන බොරු ව ස මෙ න් න ඹහොම මහණුන්හට දහම් ය ස
න මුණ්ඩකෙ න සමණො අබ්භුතො කලිකං භණං ඉච්ජා ලොභසමාපනේනා කිං භවිස්සතී සීල ධ්රණත වෘතාදියෙන් විරහිත වූ බොරු කියන්නාවූ පුද්ගල තෙම හිස මුඩු පමණෙකින් මහණෙක් නම් නො වේ. සම්ප්රවප්ත අරමුෙණහි මගධවසයෙන් ද අසම්ප්රාෙප්ත අරමුණු පැතීම් වසයෙන් ද යුක්ත වූයේ කෙසේ නම් මහණෙක් වේ ද?
ඒ මහණ නම් නොවෙයි.
‘යො බාලො’ යනාදීන් ‘-මුසා බ්රැනති තංජඤ්ඤ වසලොඉති’ යනු දැන් කාට හොබීදැයි ලෝ වැසි තෙමේ බලාවා.
D.C.F.Obeyadekara’ ‘සව් ලෙව්’ යනාදී බටුවන්තුඩාවේ කිවිදුහු කි ශ්ලොකයට කොග්ගල උන්නාන්සේ විසින් අදරරුත බුහුබස’ යනාදීන් කියන ලද දොසට උත්තර.
අදරරුත මේ ‘තිසසරන’ යනු නොවේ කතුරුතැ කතු විබත් මි ස අඳුරු මිස රෑ යන අරුතකුත් නො වේ මය විමසුවොත් තතු ලෙ ස එවර රකුසන් බොහෝ හා මිස එකෙක් හා සම නොවේ සත් ලෙ ස අඳුරු නම් නොම යද්ද ලෙව් නෙත් හට බියෙන් උන් නැසී නොවල ස Pandit. ‘පැණ ගුරු යුරු’ ඈ කිවියෙහි ලක නැ ති ය වෙන බොරු සරසා ගෙතුවා විලි නැ ති ය වෙන ගුරු එහුවද පබදෙක් කිසි නැතිය දැන හරු සැක ඉන් පැමිණෙන දොස නැ ති ය
රැකලා කෙවුල් ලිය සිට තැළුවා සෙමි න තෙපලා තුබුණු බව කරෙතාට යති විසි න නුමුලා වම කියති ඔහු අතවැසි යති න මෙකලා නුඔ කියනු කිම එ ලෙස නොම ව න
විමුලා කරන වාදෙට නැතුවෙන් ස රිය ගොතලා කිවත් බොරුවෙන් දැන් මේ හ රිය පෙරලා සදන් ‘ආමාකේම නෙක රි’ය තෙපලා තිබෙන නිදසුන ගන්නට බැ රිය
ආම් අඃ. මිතුරු මන කොඳ පුබුදු කරවන සරද පිරි සඳ මඬල එකසු ත සතුරු කිවි ගජ මිහිඳු සරි බටුවන් තුඩාවේ කිවිතුමා වෙ ත මිතුරු නුඔ ගොස් මෙ පත දී බැති සිතින් වැද යුග සරණ සියප ත පතුරු වන මෙත් කියව යතලබ සඟරෙ මේ කව ටිකද නොනැව ත
දවසෙක එක්ත රා කී සඳ ඔහු මෙ සේ
අඩු කුල අයෙක් නුදු රා සිනාසී මා නොල සේ
අවුදින් මා ක රා අඩුකුල අයට සේ
මෙ ලෙස පැවසිය කනට කොඳු රා ගැරහුමෙන් කොද අපට වෙසෙ සේ
හිමිසදිනි පුවත ර අඩු කුල අයට ය ම්
ලක තුළ පතක පළක ර ලැබුණොත් බසක් ගැරහු ම්
ගොවි කුලෙහි පැණස ර නසා තම ගුණ ද ම්
දනට ගැරහුම් පෙනෙත් නොවිත ර මහත් වනසට යෙදෙති නොවහි ම්
එ දැක දැක ඔබ හැ ම මෙබදු ගුණයෙන් යු ත්
නිසල වැ ඉදිනු දැන් කි ම අඩුකුල බැවින් එ දනො ත්
ඔවුන් ගේ ගැරහු ම අප එඩි මැඩී ය ත්
අසා නොසනමු ඔහොම අපා හැ ම සිතා රොස් බස් කියා ගරහ ත්
අපට කළ ගැරහු ම පරයමින් කෙස රා
අසා කීවේ නොසැහැ ම ජයගන්ට සෙද නොව රා
අඩු කුල උඩඟුක ම කසල ගත තව රා
තියා නොමවේද තගෙන් එවිස ම පොරණ ආවා වැන්න ඌ රා
එබවප ලොවුතු රා ඉන් සකි ගැරහුමෙ න
මුනිඳු දිවසින් ඉද්රග රා සිනාවන් මිස’පට වෙ න
දැක කළ එවිත රා දුකෙක් නම් නැත ව න
සබඳ නෑසිද බණෙන් සොඳු රා පැවසූ සද සගතොසින් මෙලෙසි න
නොදැන සත මොනව ට එබසින් පහත් න්වී
ගැරහුමෙන් ජය ගැනුම ට ඔහුගෙ තද මන් සු න්වී
කරන තරන් විට වා ට මඳක් තව ල න්වී
කෙලෙසදැයි දැන් කිවොත් එනිව ට ඉතා සතුට්න් මෙලෙස දැන් වී
මෙ ලෙස ගරහන ස ඳ ඔබ බස සැබෑ ම ය
නොතැවී ඉඳින ඔය ලෙ ද මෙ අප අඩුකුල දා ම ය
ගොවි කුලයට මෙ ස ඳ හීන බස් කී ම ය
‘අනේ විලි මන් කිසිත් නැතිව ද එයින් දෙ ලොවම අවැඩ වේ මය
නොදැරු යම් කිසිම බලයක් මෙ ලොතු ලේ
ළදරු වන් ගැඬුම මයි කරන ලොකු බ ලේ
සොඳුරු සිප් නොදත් අවිදුන්ට අඩු කු ලේ
නිසරු බස් කීමවද තිබෙන විදු බෙ ලේ
මාතර ප්රිස. සිංහ
පසුගිය මාසේ පත්රරයේ 18 වැනි පිටේ 12 වෙනි පෙලේ ‘බැරි වදන්’ කි තන්හි ‘බැරිවද දැන’ කියා දැ -21 වෙනි පිටේ ‘විභක්ති’ කියා ද-එම පිටේ 28 වෙනි පෙලේ ‘විභත්’ කී තන්හි ‘විබත්’ කියා ද සලකනු.