සස දා විවරණය-විවරණය iii
101
අන්වය : –– හෙළ වැලි පළ මළු අතුරේ වගළ සේ කුසුම්, කිරි අණවැ අරද රඳනා පබළු අකරැ සිරි සැරැහී.
පදාර්ථන : –– ධවල වලුකා ව්ය ප්ත වූ මාලාකාන්තාරයෙහි විකිර්ණී වූ ශෙඵාලිකා කුසුමයෝ තුමු, ක්ෂිරාර්ණවවයෙහි නිරන්තරයෙන් රඤ්ජමාන වූ ප්රාවාලාඞ්කුරයෙහි ශොභාව අලඞ්කෘත කෙළේ යැ.
විස්තර : –– සුදු වැළි අතුළ මළුව කිරි මුහුද වැනි යැ. යටිකුරු වැ හුණු සේපාලිකා මලෙහි නටු රතු වන හෙයින් පබළු දළු වැනි යැ.
164 සස දා
ටිප්පණී: ––1. වහළ ––‘වගුරු’ දයින් වූ අතීත කෘදන්ත නාම යි. 2. සේ –– සේපාලිකාවට නම් වන සේ පෙනේ. සියලු පිටපත් ‘සෝ’ යනු මැ දෙයි. 3. කිරණවැ ––‘කිරි අණවු’ යනු කිරි මුහුදට නමි. අණවු (අර්ණදව) නම් සාගරය යි. සියලු පිටපත් ‘කිරණව්වෙ’ යනු මැ දෙ යි. 4. සැරැහී –– මෙයින් සේපාලික් මල් නටු පබළු දළුවට ද වඩා හොබනා බව හැඟැවිණ.
102
අන්වය : –– සුපුල් කුමුදොරැ බිඟු මුළු ලග සියල් විල්, සඳ සස ලේ සුදු නිල් පෑ එහි පතළ වන් පෑ.
පදාර්ථෑ : –– සුඵුල්ල වූ කුමුදෝදරයෙහි භෘඞ්ග සමූහයන් ලග්න වූ සකල තඬාගය තෙමේ, චන්ද්රණයා ගේ ද ශශලෙඛාව ගේ ද ශුග්ර නීල ප්රනභාව එ තන්හි ව්යගප්ත වූ ආකාරය දැක්වී.
විස්තර: –– කුමුදු උදරය ‘සඳ සුදු පෑ පතළ වන් පෑ’ එහි ‘ලග බිඟු මුළු සස ලේ නිල් පෑ පතළ වන් පැ.’
ටිප්පණී: –– 1. කුමුදොරැ –– කුමුදු (හෙළ මානෙල්) මලෙහි ඇතුළතැ. කුමුදු + ඔවුරු = කුමුදොවුරු = කුමුදෝරු. ‘කුමුදු + උදර’ යන තන්හි ‘කුමුදෝර’ යනු වු සේ යැ පෙර අප දුටුයේ. වැරැදි දැක්මෙකි. ‘ඔවුරු’ යනු හෙළුයෙහි උදරාර්ථ ය ද කොෂාථිය ද දෙයි. හියොවුරු - පියොවුරු - සොහොවුරු - යනාදි තන්හි ඒ ස්ව රූපයෙන් මැ පෙනේ. ‘ඔවුරු’ යන තන්හි ‘වු’ ලොප් වැ පූර්ව ස්වරය දීර්ඝ වීමෙන් ‘ඕරු’ යනු වෙයි. දමෝරු –– ලඹෝරු –– තඹරෝරු –– මැඳුරෝරු –– යනාදියෙහි ද සි ද්ධිය මේ නයින් සලකන්නේ යැ.
103
අන්වය : –– මදමත් කොවුල් සර, අලුයමැ සුර ගඳබ කැන් වසම් රා ගී ගයමින් මුනි රජ පොබයන්න වන්.
විවරණය 165
පදාර්ථ : –– මදමත්ත වූ කොකිලයා ගේ ස්වරය (කෙබඳු ද යත්: ––) ප්රීභාත කාලයෙහි දිව්ය ගාන්ධර්ව සමූහයා විෂම රාග ගායනය කෙරෙමින් සරවඥ රාජයා ප්රිබුද්ධ කරන්නාක් මෙනි.
විස්තර : –– පිටපත්හි පෙළ එනුයේ මෙ තෙක් පමණ යැ සන්නයෙන් පෙළ අවුළා ගී බඳින්නට වන්නවුන් කලකිරුණු සේ යැ. මෙ තෙක් ගී බඳින්නට ගොස් ඔවුන් කළ අවුල සුළු පටු නො වේ. ඔවුනට පින් සිදු වන්නට දැන් අපි අවසර ඇත්තම්හ.
ටිප්පණී: –– 1. මදමත් –– මදයෙන් මත් වූ. අඹ දළු ආදිය කා කොවුලා මත් වැ මිහිරි හඞ නඟයි. 2. ගඳඹ –– ගන්ධර්ව. දිව්යී ගායකයෝ මෙ නමින් ගැනෙති. 3. වසම්රා ගී –– සම නොවන්නා වූ රාගයෙන් යුත් ගීතිකා. සංගීතයෙහි ශබ්ද ප්රඟක්ර මය රාග නමි. සයෙකි. සංගීතකාරයෝ එය නන් අයුරින් දක්වත්. (1) භෛරව, (2) කෞශික, (3) හින්දොල , (4) දීපක, (5) ශ්රී රාග, (6) මේඝ යනු එක් ක්‍ප්මයෙකි. (1) ශ්රීකරාග, (2) වසන්ත (3) පඤ්චම (4) භෛරව (5) මේඝ (6) නටනාරායණ යනු තවත් ක්ර මයෙකි. (1) මාලව (2) මල්ලාර (3) ශ්රීයරාග (4) වසන්ත (5) හිල්ලොල (6) කර්‍දොට යැ යි අනෙකුදු ක්රචමයෙක් වෙයි.
104
අන්වය : –– ගන බොල් සිසිල් හිම කල් දස දිගු හක කැරැ පැලැඹෙමින් එත සරා කල් හිම ඇලින් හිකිළෑ ගිය වන්.
සරා උතු
පදාර්ථ : –– සාන්ද්රහ වූ බහල වූ ශීතල වූ හිම කාලය දශ දිශාව සම්බාධ කොටැ විජෘම්භණය කෙරෙමින් එන කල්හි ශරත් කාලය තෙමේ අතිශීතලයෙන් සංකුචිත වැ ගියා වැනි යැ.
ශරදෘතුව යි.
166 විවරණය
ටිප්පණී : –– 1. ගන බොල් සිහිල් –– සිසිලෙහි අධික බව හඟවන්නට ‘ගන’ ‘බොල්’ යන වෙසෙසුන් දෙක මැ යෙදිණ. අතිශයින් මැ ශීතල වූ යනු අර්ථන යි. 2. හිම කල් –– හෙමන්ත කාලය. 3. හිමැලින් ––හිම ඇලින්. හිමයෙහි (තුෂාරයෙහි) ඇල් බව (ශීතල බව) කරණ කොටැගෙනැ හෙමන්ත කාලයෙහි හිම වෙයි. පෙණ හිම (Snow) යැ, ගල් හිම (Ice) යැ යි හිම වෙසෙස් දෙකකි. හිමයට අසු වූයේ හැකිළී යෙයි. මේ ද්විවිධ වූ මැ හිමයා ගේ ඇල ‘හිමැල’ නමි. පිටපත්හි එනුයේ ‘මෙ මෙහෙලින්’ යනු යි. ‘ශීතයෙන් යැ යි අරුත් පැවැසීණ. (මහ + ඇලින්) ‘මැහැලින්’ යැ යි ගත ‘මහත් ශීතයෙන්’ යැ යි අරුත් දියැ හැකි.
105
අන්වය : –– බොල් කඹල් පෙරෙවැ, කොකුම් අඟරා ගල්වා, පියතම අත් ඉහිල් නො කැරැ වැලලත, හිම කල් සැපැත්.
පදාර්ථන: –– බොල් කඹල් පෙරෙවැ, කොකුම් අඟරා ගල්වා, පියතම අත් ඉහිල් නො කැරැ වැලලත, හිම කල් සැපත්.
විස්තර : –– හෙමන්ත කාලයෙහි ශීතලය අධික බැවින් ඝන කම්බිලි පෙරැවියැ යුත්තේ යැ: කුංකුම අඞ්ගරාග ගැල්වියැ යුත්තේ යැ; වැලැඳැ - ගත්තා වූ ප්රිැයතමාවන් ගේ හස්තය, එ කලැ බුරුල් කරන්නට ඉඩ දැයැ හැකි නො වේ.
ටිප්පණී : –– 1. අඟරා –– අඞ්ගරාග. ඇඟෙහි ගල්වනු ලබන සඳුන් ආදිය. සිසිල පිණිසැ නම් සඳුන් ද උණුසුම පිණිසැ නම් කොකුම් ද ගල්වනු වෙයි. 2. පියතම –– ප්රිසයතමාව. අතිශයින් ප්රි ය වූ තැනැත්තිය. ප්රිදයතමයා යැ යි අතිශයින් ප්රිමය වූ තැනැත්තා ද ගත හැකි වේ. 3. වැලලත –– වැලලීම නම් වැලැඳැ - ගැනීම යි. වැල් මෙන් සිරුරැ වට අත් යවා බඳනා හෙයින් ‘වැලැඳීම්’ නමුදු වේ.
විවරණය 167
‘වැලලවා ගෙලෙහි - උරිනුසුළා පියොවුරන් සිඟු වලඟට මා වූ - වහලුදු නොහැඟියෝ හා’
යන තන්හි කුස දා කාරයෝ ‘වැලල’ යනු ආලිඞ්ගනාර්ථනයෙහි යොදති.
106
අන්වය : –– හිම් පළ හෙළ අළු තවර කැරැ ගිරි මෙහෙසුරු, දොඹ කොඳ කුසුම් පුදමින්, මුනිඳු සිරි පා වැඳි එව්.
පදාර්ථ : –– තුෂාර නමැති ව්යැක්ත වූ ධවල වූ හස්මය වර්චනය කොටැ, පර්වත නමැති මහෙශ්වර තෙමේ, පුන්නාග කුන්ද කුසුමයන් පූජා කෙරෙමින්, මුනීද්රමයා ගේ ශ්රීි පාදය වැන්දක්හු වැන්නේ යැ.
විස්තර: –– හෙමන්ත කාලයෙහි පර්වත මස්තකයෙහි හිම වැටෙන බව ද ගස් කොඳ ගස් මල් ගන්නා බව ද මෙයින් කියැවිණි.
ටිප්පණී : –– 1. හිම –– මෙ නම් පෙණ හිම යැ. 2. අළු –– මහෙශ්වරයා ගතෙහි අළු තවරාගනු සිරිති. ඔහු අදයන්නෝ ද ඒ සිරිත අදත් කෙරෙත්. 3. කොඳ – කුන්ද. සමන් වැනි මල් ගන්නා ගස් වෙසෙසෙකි.
107
අන්වය: –– ළහිරු රසනෙන් බිඳී විහිරුණු ගන බඳ හිම, ඔහු අසුන් දැවැ යත කුර සුන් ගුවන් සුනු වන්.
පදාර්ථ : –– තරුණ සූර්ය රශ්මියෙන් හින්න වැ විකිණී වූ ඝන බද්ධ තුෂාරය තෙමේ, (කෙබඳු ද යත් : ––) ඔහි ගේ රථාශ්වයන් ධාවනය කරන කල්හි බුරවුර්ණිත වු ආකාශ චූර්ණ වැන්නැ.
168 සස දා
විස්තර : –– ඝන වැ බැඳුණා වූ පෙණ හිම උදය සූර්ය රශ්මියෙන් බිඳී විහිරී යයි. එ කලැ ඒ, අහස්හි දිවෙන්නා වූ සූර්යයා ගේ රථාශ්වයන් ගේ කුරින් සුනු වූ අහස් කුඩු වැනි වෙයි.
ටිප්පණී: –– 1. දැවැ යත –– ‘දාවහන’ යනු යැ පිටපත්හි එන පාඨයත ‘ධාවනය කරන්නා වූ’ යනු සන්නයෙහි එන අරුත.
108
අන්වය : –– සළලු දෙනෙ, කළුවැල් දුම් දුන් තුඟු යහන් යුත් ගබ ගෙහි. බුලත් එක් ලමඟ ඉඟුරින්, රිසි සේ කල් හළ.
පදාර්ථඑ : –– සලීල ජන තෙමේ. කලාගුරු ධූප දුන්නා වූ උත්තුඞ්ග ශයන යුක්ත වූ ගර්භ ගෘහයෙහි, තාම්බුල හා එක් වූ ලවඞ්ග - ශෲඞ්ගිවෙරයෙන්, රුචි වූ පරිද්දෙන් දවස් යැවී.
විස්තර : –– හෙමන්ත කාලයෙහි ක්රීවඩාසක්ත ජනයෝ ඇතුළු ගබඩාවෙකැ දවස් යවති. එහි කළු අගිලින් දුම් දෙති, යහන් උස් කොටැ පිළියෙළ කෙරෙති,කරාබු නැටිද ඉඟුරු ද සහිත කොටැ බුලත් කති.
ශීතලය මර්දනය කොටැ දවස් යවන පරිදි යැ මේ.
ටිප්පණී: –– 1. ගබ ගෙහි –– ඇතුළතැ කැරුණු ගේ ‘ගබගේ’ නමි. ගබ ගෙට සුළං වැදීම අඩු බැවින් එහි උණුසුම රැකේ. 2. තුඟු යහන් –– උස් වූ ශයනය ද උණුසු රකී. 3. ලමඟිඟුරින් –– ලමඟ ද ඉඟුරු ද ලමඟිඟුරු. ඉන් ලමඟිඟුරින් ‘ලමඟ’ (ලවඞ්ග) යනු කරාබු නැටියට නමි. 4. දෙනෙ –– ජන තෙමේ. බහ්වර්ථන වුව ද ‘එ’ විඛත ගත් හෙයින් එකාන්ත එකවචන යි.
විවරණය 169
109 අන්වය : –– සොමි, සිනිඳු රෙසෙන් පියන් ළේ බඳ තද මැසි මෙන්, හිම කල්, සිහිල්නෙන් සප් කැළ දළ දප් හළ.
පදාර්ථර : –– සෝමයා, ස්නිග්ධ රශ්මියෙන් ප්රිැයාවන් ගේ හෘදයයෙහි බද්ධ වූ ස්තබ්ධ වූ අමර්ෂහය (හළුවා) මෙන්, හෙමන්ත කාලය තෙමේ, ශීතලය කරණ කොටැගෙනැ සර්ප සමූහයා ගේ දෘඪ දර්පය දුරු කෙළේ යැ.
විස්තර : –– ඒ කාලයෙහි පුරුෂයා කෙරෙහි විරුද්ධ වූ ප්රි යාවන් ගේ තද සිත චන්ද්රරයා ගේ සිනිඳු වූ රශ්මිය නිසා මර්දනය වියැ; සර්පයන් ගේ විෂ වේගය ශීතලය නිසා මර්දනය වියැ.
හෙමන්ත කාලයෙහි විරුද්ධ වූ ද හිමිනඹුවන් තද සිත හැරැ සමඟි වන බව ද සර්පයන් ගේ මද සිඳෙන බව ද මේ කී සැටි යි.
ටිප්පණී: –– 1. සොමි –– සෝමයා. චන්ද්රයයා දෝහෝ නොහොත් මෘදු ගුණ ඇති පුරුෂයා. 2. රෙසෙන් –– රසයෙන්. චන්ද්ර යා තමා ගේ සිනිඳු වූ රශ්මියෙන් ප්රිායාවන් ගේ අමර්ෂ.ය දුරු කෙරේ. හිම කාලයෙහි සිනිඳු සඳ රැස් නිසා ප්රිියාවනට බලවත් රාග උපදි. ඔහි සිත මෙළෙක් කොටැගෙනැ සැමියනට ළං වෙති. මෘදු ගුණවත් පුරුෂයා තමා ගේ ශඞ්ගාර රසයෙන් ප්රි්යාවන් ගේ සිත්හි විරෝධය නිවයි. 3. මැසි –– අමර්ෂ්ය. විරෝධය. ‘මර්ෂු’ නම් සහනය ය –– ඉවැසිල්ල යි. එ හෙයින් ‘අමර්ෂස’ නම් සහනය යි –– නොඉවැසිල්ලයි –– විරොධය යි. පුරුෂයා අන් අතෙකැ ඇස් හෙළීම් ආදිය කළ කලැ ප්රිගයාව ගේ සිත්හි අමෂර්ය ඇති වේ. පිටපත්හි එනුයේ ‘රුසි’ යනු මැ හි. ‘අමර්ෂමය’ යනු මැ යැ දෙන ලද අර්ථයය. රොෂාර්ථලයෙහි ‘රුසි’ යන්නක් යෙදෙන බවෙක් නො පෙනේ.ඉදින් යෙදේ නම් සන්න කාරයනට එක් වරැ මැ සඳහන් වනුයේ
170 සස දා
‘රොෂය’ යන අර්ථනය යි. ‘අමර්ෂ්ය’ යන අරුත මැ දුන් හෙයින් මෙ තන්හි කවි ප්රායොගය ප්රවසිද්ධ වූ ‘මැසි’ යන්න මැ බව සලකා - ගත හැකි.
110
අන්වය : –– සැළැලියෝ ළ හිරු රස් කොකුමන් වෙරැ රැඳු; තිරසන් ගොදුරු නිසන් වැ රිසි සෙ තැවී තොස පත්.
පදාර්ථ : –– සලීලාවෝ තරුණ සූර්ය රශ්මි නමැති කුඞ්කුමයන් ශරීරයෙහි වර්චනය කළ හ. තිරශ්චීනයෝ (තුමු) ගොචරයෙහි නිඃසඥ වැ (සඳයන් නැති වැ) රුචි පරිදි තප්ත වැ තොෂයට පැමිණිය හ.
විස්තර : –– තරුණ ස්ත්රී නට උදය අව්ව අතිශයින් ප්රිඃය වූ බවත්, තිරිසනුන් ගොදුරු ද නො සලකා අව්ව තැපැ සතුටු බවත් මේ කී පරිදි යි.
ටිප්පණී: –– 1. රැඳු –– මෙහි ‘රඳ’ ධාතු රඟ පෙවීමෙහි (වර්ණ්වත් කිරීමෙහි) වැටේ. ඒ ‘බල’ ආදි ගණ යි. 2. තිරසන් –– ප්ර කෘති රූපය මැ ප්ර ථම විභක්ති බහුවචනය සේ යෙදූ තැනි. ‘තිරසන්’ යන මෙහි දෙ වන ස්වරය පූර්ව රූප ගැන්මෙනි වත්මන් වහරයෙහි එන ‘තිරිසන්’ යනු වූයේ. 3. නිසන් –– සන් (සංඥාව - දැනීම) නොවනුයේ යමකුට ද හේ නිසන්.
111 අන්වය : –– බිඟු, හිම බොල් පවන් බියෙන් එව්, නුබ යා හළ එ කල් පරපුටුනට සර පරවනුවට වර දින් එව්.
තිසුල්.
පදාර්ථන : –– භෘඞ්ග තෙමේ, ශීතල බහල මාරුත භීතියෙන් මෙන්, නභොයාත්රව හළුයේ යැ. ඒ කාලය තෙමේ, පරපුෂ්ටයනට ස්වර ත්යාීගයට අවසර දුන්නා වැන්නේ යැ. ත්රිනශූල යි.
විවරණය 171
විස්තර: –– හෙමන්තයෙහි බිඟුන් අහස් ගමන් නැවැත්වූ බවද කොවුලන් නාද නොකළ බව ද මෙ සේ කියන ලද.
ටිප්පණී: –– 1. නුබ යා –– නුබෙහි (අහයෙහි) යා (යාත්රා්ව - ගමන) නුබ යා. ‘යා’ යනු ධාතු රූපය මැ භාව ක්රිැයානාමය වැ සිටි තැනි. මර - පහර - හඬ - දප් - කොබ- ලබ - ලඹ - යනාදිය ද පිරික්සන්නේ යැ. 2. පරපුටුනට –– පරා විසින් පුස්නා ලද්දේ පරපුටු. කොවුල් බිජු වට කැවිඩිය විසින් රැක්ක මනා හෙයින් කොවුලාට මේ නමි. 3. එ කල් –– ඒ හෙමන්ත කාලය. ‘දින්’ යන්නෙන් උක්ත යි. 4. පරවනුවට –– අත්හරිනු පිණිසැ. විරල යෙදුමෙකි. කුස දා කාරයෝ ද ‘පරව’ යනු ත්යාලගාර්ථඩයෙහි යොදති. 5. දිනෙව් –– දින් එව්. ආඛ්යාමතයට පර වැ ‘එව්’ නිපාතය යෙදුනු සැටි සලකන්යනේ යැ. 6. වර –– අවසර. Licence. 7. තිසුල් –– මේ ත්රිනශූල නම් දුෂ්කර බන්ධන විශේෂයෙකි.
මෙහි මහත් දුෂ්කරත්වයෙක් නැති. දෙ වැනි පයෙහි මැදැ වූ ‘පය’ යන්න තුන් වැනි සිවු වැනි පාවලැ මුල ‘කුර කිරීමත් එ දෙ පා අග එළිය තිබීමත් කෙබඳු දුෂ්කරත්වයෙක් ද ?
112
අන්වය : –– නිහරනි හර, කල් මන නමන නල හමු වත, දප තද මද, සර හසර කල් හඟිමින්, ඉහි පත.
ඈ ඇමැඩි.
172 සස දා
පදාර්ථි : ––නිහාරයෙන් සාර වූ (ද) කාන්තාව ගේ සිත නමන්නා වූ (ද) මාරුතය සම්මුඛ වත් මැ, දර්පය දැඩි වූ අනඞ්ග තෙමේ. ශර සඤ්වාර කාලය අවබොධ කෙරෙමින් එක් වැ පැමිණියේ යැ.
ආද්යා ම්රෙ ඩිත යි.
විස්තර : –– හේමන්ත මාරුතය පින්නෙන් සාර යැ. ස්ත්රීකන් ගේ දැඩි වූ ද සිත පුරුෂයා කෙරෙහි නමන්නේ යැ. එ නම් අනඞ්ගයා ගේ හී හැසිරැවීමට (විදීමට) ඉතා හොඳ කාලය යි. ඒ බව දැනැ අනඞ්ගයා ඒ හේමන්ත මාරුතය සමඟ මැ පැමිණියේ යැ.
හිම කල්හි සිහිල් සුළඟ නිසා බලවත් රාග උපදනා බව හැඟැවිණ.
කල් මන නමන මාරුතයක් මාඝයනට ද පෙනුණු බඳු යැ.
‘ප්රනවසතඃ සුතරාමුදකම්පය – ද්විදලකන්දලකම්පනලාලිතඃ නමයති ස්ම වනාහි මනස්විනී – ජනමනොනමනො ඝනමාරුතඃ’
[ විදාල - කන්දල - කම්පන - ලාලිතඃ –– පිපුණු කඳුළු මල් කම්පිත කිරීමෙන් උපස්කෘත වූ, මනස්විනී - ජන - මනො - නමනඃ මානිනී ජනයා ගේ මන නමන්නා වූ, ඝන මාරුතඃ –– මෙඝ මරුතය තෙමේ, වනානි නමයති ස්ම––වනයන් නැමුයේ යැ. ප්රදවසතඃ –– ප්රයවාසීන්, සුතරම් –– එකාන්තයෙන් උදකම්පයත් –– උද්වෙජනය කෙළේ යැ. ]
ටිප්පණී: –– 1. නියරනි –– නීහාරයෙන්. තුෂාරයෙන්. ‘නිහර’ යනු මෙහි පෙණ හිමට නමි. 2. ඉඟි –– ‘සමඟ’ (එක් වැ) යන අරුත්හි නිපාත යි. කුමක් ඉහි ද? නල ඉහි.
විවරණය 173
(මාරුතය සමඟ) 3. හසර –– හිසිරීම. සඤ්චාරය. 4. ඈ ඇමැඩි –– ආද්යා ම්රෙතඩිත යි. ආම්රෙ ඩිත නම් එක මැ දෙ තුන් වර කීම යි. ආදියෙහි (පටන් - ගැන්මෙහි) වූ ආම්රොඩිතය ආද්යමම්රෙ ඩිත යි. (ආදි + ආම්රෙරඩිත.) මේ ගීයෙහි එක් එක් පයෙහි ආදියෙහි වූ අකුරු තුන යළිදු කියැවිණ.
නිහර නිහර ...........................
මනන මනන ............................
පතද පතද ............................
සරහ සරහ ..............................
යන විසිනි.
113
අන්වය : –– දෙනෙ, එ කල් , දිමුතු මුතු හර හැරැ, කොකුම් කෙසරු හැරැ ලග පැහැ රන්වනුන් සැසඟින්, ඇල් නොවිඳියේ.
පදාර්ථැ : –– ජන තෙමේ,ඒ කාලයෙහි දීප්තිමත් මුක්තා හාරය දුරැ කොටැ, කුඞ්කුම කෙසර සාරයෙහි ලග්න වූ ප්රදභාව ස්වර්ණි වර්ණද වූවන් ගේ සංසර්ගුයෙන්, ශීතලය නොවින්දේ යැ.
විස්තර : –– ජනයෝ එ කලැ ශීතයෙන් පීඩා නොවින්දෝ යැ. කවර හෙයින් ද? ශරීරය උණුසුම් කොටැ පැවැත්වූ ස්වර්ණා වර්ණැ ස්ත්රීකන් ගේ සංසර්ග වූ හෙයිනි. ඒ ස්ත්රීුහු කෙසේ සිරුරු උණුසුම් කොටැ - ගත්තාහු ද ? මුතු හර හැරැ කොකුම් රෙණු කෂාය අඞ්ගරාගය ආලෙප කොටැ ගැන්මෙනි.
මුතු ශීත යැ. කොකුම් උෂ්ණ යැ.
ටිප්පණී: –– හැරැ –– ‘හාරයෙහි’ යනු යැ පුරාණ සන්නයෙහි මෙයට දෙන ලද අර්ථ ය. නො යෙදේ. ‘කොකුම් කෙසරු හර’ නම් කොකුම් රෙණු කෂාය කොටැ පිළියෙළ කරන ලද විලෙපනය යි. මෙය කියති රාජශෙඛරයො ––
174 සස දා
‘ස්ත්රි යඃ ප්ර කෘති පිත්තලාඃ ක්වථිතකුඞ්කුමාලෙපනෛර් නිතම්බඵලකස්තනස්ථලභුජොරුමූලාදිහිඃ ඉහාභිනවයෞවනාඃ සකලරාත්රිකසංශෙල්ෂිතෛර් යරන්ති ශිශිරජ්වරාරතිමතීව පෘථවිමපි’
[ ඉහ –– මෙහි, ප්ර්කෘතිපිත්තලාඃ අභිනවයෞවනාඃ ස්ත්රිකයඃ –– ප්රුකෘතියෙන් පිත්තාධික වූ අභිනව යෞවනයෙන් යුක්ත වූ ස්ත්රීංහූ, ක්වථීතකුඞ්කුමලෙපනෛඃ නිතම්බඵල ––කස්තනස්ථලභුජඋරුමුල ආදිහිඃ–– කෂාය කරන ලද කුඞ්කුමාලෙපන ඇති නිතඹ තල තන තල බාහු ඌරු මුල ආදියෙන්, සකලරාත්රිෙසංශ්ලෙෂිතෛඃ –– මුළු රෑ වැලැඳැ -ගැනීම කරණ කොටැ ගෙනැ, අතීව්පෘථවීං අපි ශිශිරජ්වර අරතිම් –– ඉතා මහත් වූ ද ශිශිර ජ්වර අරතිය හරන්ති –– දුරු කෙරෙත්.]
කුඞ්කුම කෙසර සාරය කොහි ආලෙප කරනු ලැබේ ද යනු මෙහි මැ සඳයනි. 2. ලග –– පිටපත්හි නොඑන්නෙකි මේ. ‘කොකම් කෙසුරු හර –– කුඞ්කුම කෙසර හාරයෙහි සක්ත වූ’ යැ යි අරුත් පැවැසිණ. ‘සක්ත වූ’ යන අර්ථවය දෙන්නට පදයක් පෙළින් නොගැනුණු හෙයින් මුල් සකසුවෝ ‘සත්’ යන්නක් අතින් හෙළූ හ. ‘ලග’ යනු මනාතර යැ යි හඟුම්හ.
114
අන්වය: –– වමියෝ, එ කල් පියුම් නළ මැලෑ සිසි දු දැකැ, නිසැක වැ ළෙන් තුටුවෝ, දැපුණු සිත් දැපුණට හළ. හිම උතු.
පදාර්ථු : –– කාන්තාවෝ, ඒ කාලයෙහි පද්ම නාලයන් ද මලාන වූ චන්ද්රරයා ද බලා, නිශ්ශංක වැ සිතින් තුෂ්ට වූවෝ, දර්පිත චිත්තය දර්පණයට හළුවාහු යැ.
හෙමන්ත ඍතු යි.
විවරණය 175
විස්තර : –– හෙමන්ත කාලයෙහි පියුමෙහි ද ශෙෂවනුයේ නාලය (දඬුව) පමණෙකි. සඳ ද මැලැවුණේ යැ. ළඳුනට එ හෙයින් සැකැයෙක් නැති. කවර සැකයෙක් ද? තමන් ගේ මුහුණු හා සෞන්දර්යෙන් තරග කරන්නට නිසි අනෙකෙක් වෙයි යන සැකය යි. සිටියේ පියුමත් සඳත් පමණ යැ. දැන් එකෙකැ ඉතිරි වැ ඇත්තේ දඬුව පමණෙකි. අනෙක මිලාන වූ සේ යැ. අන් කවරෙක් නම් කරග කෙරේ ද ? මෙය සලකත් ළඳුන් ගේ දර්පය (ආඩම්බරය) වැඩිණ. ඔහු ඒ ආඩම්බර හිත දර්පණයට (කැට පතට) යැවුවෝ යැ. මහත් දප් වැඩි සිතින් සිය මුහුණ කැට පතෙහි බැලූ ය හි යූ සේ යැ.
‘ එ කල් වමියෝ පියුම් තල මැලැසි දැක නිසැක වැ ළෙන් තුටුවෝ දැපුණට දැපුණු සිත් හළ’
යනු යැ පිටපත්හි එන අන්වයය.
‘ එ සමයෙහි කාන්තාවෝ පිනවන්නා වූ පද්මය ද මලානික වැ ගිය චන්ද්ර යා නිරීක්ෂණය කොටැ , ශඞ්කා රහිත වැ සිතින් තුෂ්ට වූවෝ, දර්පණයට පෞඪ වූ චිත්තය හළුවාහු යි,
යනු යැ සන්නය.
ටිප්පණී: ––1. පියුම් නළ –– පියුම් දඬු දුට හ යි කීමෙන් හැඟැවෙනුයේ පියුම් නුදුටු බව යි. හෙමන්තයෙහි පියුම් නැති. පද්මයන් නාලාවශෙෂ වන පරිදි රාජශෙඛරයෝ කියති .
‘නාලවශෙෂාබ්ජලතාස්විදානීං
විලාසවාපීෂු න යාති දෘෂ්ටිඃ’
[ ඉදානීං –– දැන්, නාලඅවශෙෂඅබ්ජලතාසු –– නාලයන් පමණක් ඉතිරි වූ පියුම් ලිය ඇති, විලාසවැපීෂු –– කෙළි වැව්වලට, දෘෂ්ටි : –– ඇස, න යාති නො යේ.] 2. මැලෑ ––
176 සස දා
මිලාන් වූ. මැලැවී ගිය. ‘මලා’ ධාතු යි. මලා - මලති - මලෑ - මැලෑ. ‘මැලෑ සිසි ද දැකැ’ යන කොටස සදහා සන්නයෙහි ලියැවුණේ ‘මැලැසි දැක’ යනු යි. ලියන්නන් ගේ විකාරයෙකි. තමන් ලියන්නේ කිමෙක් දැ යි ඔහු නො දත් හ. ‘සි’ යනු දෙකක් කුමට දැයි එක් ‘සි’ යන්නක් හළ හ. ‘දැක’ යන්නක් විනා ‘දදැක’ යන්නෙක් වේ දැයි ‘ද’ යන්න නැසූ හ. මොවුන්ගේ මේ මහා විකාරය කරණ කොටැගෙනැ ෂඩ්භාෂා පරමෙශ්වර ශ්රීය රහුලයෝ පවා මුළා නුවුවෝ ද යනු පිරික්සියැ යුතු යැ.
‘විසින් තන විල සි
දෙසියෙන් ලකළ නොමැල සි’
යනු ඔවුන් ගේ යෙදුමෙකි. ‘නොමැලසි’ යන්නට සිරි දම්රම්හු ‘ම්ලාන නුවූ’ යැ යි අරුත් බෙණෙති. මිලානාර්ථ් යෙහි ‘මැලසි’ යන්නෙක් ලැබේ ද ?
115
අන්වය : –– සහළ රැස් උණු සිලිලුදු ලෙවන් මන ගත, පුරුණු බැණැ දුකු හරණ, හිම සම සිහිල් කල් පත්.
පදාර්ථබ : –– ජ්වල්ත අඞ්ගාර රාශිය ද උෂ්ණ සලිලය ද ලෝක වාසීන් ගේ සිත් ගත්තා වූ , පුරාණ (කථා) කියා දුක් දුරු කරන්නා වූ , හෙමන්තය හා සමාන වූ ශිශිර කාලය පැමිණියේ යැ.
විස්තර : –– ඉක්බිති පැමිණියේ ශිශිර කාලය යි. ඒ ගුණ යෙන් හෙමන්තය හා සමාන යැ. එ කලැ ගිනි තැපීම ද උණු දිය ද ජනයා ගේ සිත් ගනී. කාලයේ ගුණය නිසා ඇති වන දුක ඔහි පුරාණ කථා කියමින් දුරු කෙරෙති.
ටිප්පණී: –– 1. පුරුණු –– පුරාණ කථා. අෂ්ටායදශ පුරාණයෙන් ගැනුණු කථා නොහොත් මුඛපරම්පරාගත පැරැණි කථා. 2. දුකු –– ඍතුව පිළිබඳ විෂමත්වය නිසා ඇති වන
විවරණය 117
කායික චෛතසික දුඃඛය ‘උත්කණ්ඨ දුඃඛය’ යැ යි පුරාණ සන්නය කියය. ‘උත්කණ්ඨ’ යනු පිටපත්හි එනුයේ ‘ලත්කණ්ඨ’ යන ලෙසිනි. 3. හිම සම –– බොහෝ ගුණයෙන් හෙමන්ත ශිශිර කාල දෙක සමාන යැ.
‘පඤ්වර්තවො හෙමන්තශිශිරයොඃ සමාසෙන’
යැයි පුරාතනයෝ හෙමන්ත ශිශිර දෙක එකක් කොටැ ගෙනැ ඍතු පසෙකැ යි කී හ. එ හෙයින් කවීහු, හෙමන්ත ඍතුව ගිය බවක් වත් නො කියා, ශිශිර ඍතුව පැමිණි බව කියති.
116
අන්වය : –– ඇල් කලට කල් සලකුණු වන් ලොත් මල් දැකැ,හිමින් අත් ඉහිල් නොවන කල් හැඟැ, කල් තොසින් සිඹී.
පදාර්ථන : –– ශිශිර කාලයට කල්ය විහ්නයක් වැනි වූ ලොධ්රහ කුසුමය දැකැ, ස්වාමීන් ගේ හස්තය ශිථිල නොවන්නා වූ කාලය (යැ යි) අවාබෝධ කොටැ කාන්තා කොමෝ තොෂයෙන් චුම්බනය කළා යැ.
විස්තර : –– ශිශිර කාලයෙහි විශෙෂ ලක්ෂණ කිහිපයෙක් වේ. ලොත් මල් පිපීම එකෙකි. අධික ශීතලය නිසා එ කලැ සැමියෝ වැලැඳි අත ළිහිල් නො කෙරෙති.
ටිප්පණී: –– 1. කල් සලකුණු –– ‘කාල විහ්නයක්’ යැ යි පුරාණ සන්නය කියති. ‘ඇල් කල්’ ‘කල් හැඟැ’ යන දෙ තනිහි දු කාලාර්ථලයෙහි මැ ‘කල්’ යනු යොදා මෙහි දු එ සේ කළ කලැ කවිත්වය කිලිටි වෙයි. එ හෙයින් ‘කල්යදවිහ්න’ යනු මනාතර යැ.
178 සස දා
117
අන්වය : –– සියල් රසාලෙහි. සිසිල් හුණු වත, හිරු මලෑයෙන් හැරැ, රස්, මේ අසිරූ කෙළෙ හොයි ලෙව් සැකි.
පදාර්ථර :–– සකල රසාතලයෙහි සලිලය උෂ්ණ වත් වැ, සූර්යයා මලාන වූ හෙයින් (ඔහු) දුරු කොටැ, රශ්මිය තෙමේ, මේඝය ආශ්රූය කෙළේ දොහොයි ලෝකයා ශඞ්කිත වී.
විස්තර : –– ශිශිර කාලයෙහි සූර්යා මලාන වන බව ද ගං හෝ වැව් පොකුණු ආදියෙහි ජලය උණුසුම් වන බව ද මේ කි සැටි යි.
සූර්යයා මිලාන වූ කලැ ඔහු ගේ රශ්මින් ලජ්ජිත වැ මේඝය ආශ්රවය කරන්නට ගියා වැන්නැ.
මෙ තන්හි මේඝය කියැවුණු සේ නොමැනැවැ යි හැඟේ. ශිශිර කාලයට මේඝ වර්ණ නය් කවි සම්මත් නොවන හෙයිනි.
ටිප්පණී : –– 1. මැලෑයෙන් –– ‘මලින්’ යනු යැ පිටපත්හි එනුයේ. සන්නය ‘මිලාන හෙයින්’ යන් අරුත දෙයි.
118
අන්වය : –– සියල් දියත් සිහිලින් මැ නිමියක් සේ වත, රිවි දු පවා, තැවීමට, ගිනි දිගු වන් වී.
පදාර්ථී : –– සකල ජගත ශීතලයෙන් මැ නිර්මිත වූවාක් මෙන් වන කල්හි සූර්යයා ද පවා, තප්ත වීම පිණිසැ, අග්නි දිශාවට ගියාක්හු මෙන් වී යැ.
විස්තර : –– කෙජොමය සූර්යයාට පවා දැනන තරම් ශීතලය එ කල්හි වූ සේ යැ. කවර හෙයින් ද? සූර්යා ගිනි තැපීමට දෝ ගිනි කොනට (ගිනි තිබෙන දෙසට ) ගිය හෙයිනි. විවරණය 179
ශිශිර කාලයෙහි හිරු ගිනි කොනට බර වැ හැසිරෙන බව යැ මෙයින් කියැවුණේ.
ටිප්පණී: –– 1. ගිනි දිගු –– අරුත් දෙකක් දෙන්නට මේ යෙදිණ. එකෙක් නම් අග්නි දිශාව ( South – East) යනු යි. අනෙක නම් ‘ගිනි තිබෙන අත’ යනු යි. දිශාව ‘අග්නි’ නම් වනුයේ ගිනි දෙවියො එ දෙසට ඉසුරු වන හෙයිනි.
119
අන්වය් : –– හුණු බොජුන් වළඳා, වෙරැ බොල් කසා ගල්වා, රතු වතුන් හැඳැ, අඹුන් උරැ ලා, හිමින් මන තිළි.
පදාර්ථ : –– උෂ්ණ භොජන අනුභව කොටැ, ශරීරයෙහි බහල හරිද්රානලෙපනය කොටැ, රක්ත වස්ත්රජයන් පරිධානය කොටැ, ප්රිදයාවන් වක්ෂස්හි බහා වල්ලභයන් ගේ සිත සතුටු වී යැ.
විස්තර : –– ශීත මරදනය කරන අයුරු යැ මෙයින් කියැ වුණේ.
ටිප්පණී : –– 1. බොල් ––‘බහල කොටැ’ (ඝන වැ සිටුනා සේ) යන අරුත යැ ගත යුතු. 2. රතු වතුන් –– හලන්ත නපුංසක ලිඞ්ග නාම බෙහෙවින් ගනුයේ ‘අන්’ විබත යි. රුකත් - මනන් - දුමන් - තලන් - යනාදිය නිදර්ශන යි. ‘ත්’ අන්ත ‘ස්’ අන්ත නාම ‘උන්’ විබත ගන්නා බවෙක් පෙනේ. අතුන් - (සිවු) සසුන්- යනාදිය නිදසුනි. 3. උරැලා –– උරෙහි (ළය මතැ) ලීම නම් ආලිඞ්ගනය කිරීම යි. (වැලැඳැ - ගැනීම යි.)
120
අන්වය : –– සැඬ උතුරු මරු,සිහිල් කල් ඇලින් නොස හනේ, ලොළ වන ලෙස් වෙවුලුම් පෑ, දසැ දසැ ගුගුළ වන්.
180 සස දා
පදාර්ථෙ : –– චණ්ඩ වූ උත්තර දිශා මාරුතය තෙමේ, ශීතය කරණ කොටැගෙනැ ක්ෂමා නොකරන්නේ, ලුලිත වූ වනාකාරයෙන් කම්පාව දක්වා, දිශායෙහි දිශායෙහි හඬා ඇවිද්දයක් වැන්නැ.
විස්තර : –– ශිශිර කාලයෙහි උතුරු දිගින් සැඬ සුළං හමන බව මේ කියූ සැටි යි.
ඒ සුළඟට පවා ශීතලය ඉවැසියැ නොහිකි වූ සැටි යැ. වනය කම්පිත වන කල්හි පෙනෙනුයේ ඒ සුළඟ ශීතයෙන් වෙවුලන සැටි යැ.
ටිප්පණී: ––1. නොසහනේ –– පිටපත්හි එනුයේ ‘සහනේ’ යනු මැ යැ. ‘ක්ෂමා කොටැ - ගත නොහී’ යැ යි අරුත් පැවැසුණු හෙයින් ‘නො’ යන්න අවශ්ය් බව පෙනෙයි. එහෙත් මේ අර්ථැය ‘නොසහනේ’ යන වර්තමාන කෘදන්ත නාමයට කියැවූණක් ලෙස නො පෙනේ. 2. ලොල –– සන්නය ‘නිශ්වල වූ’ යන අරුත මැ දෙයි.
121
අන්වය : –– බමර කොවුල් මල් පලු පිරිවරින් වසතිඳු දැකැ, අදරින් ඔවස් දී, හිම සිසිල් කල් ගිය වන්.
සිසිර උතු.
පදාර්ථඋ : –– භෘඞ්ග කෝකිල පුෂ්ප පල්ලව පරිවාරයෙන් වසන්ත රාජයා නරඹා, ආදරයෙන් අවකාස දී, හෙමන්ත ශිශිර ඍතු ගියා වැන්නැ.
ශිශිර ඍතු යි.
විස්තර : –– ඍතු දෙක මැ එක් වරැ ගිය සේ කීමෙනුදු එ දෙක එකක් ලෙස සැලැකුණු බව හැඟ වූ හු. වසන්ත රාජයාට පළමු ඔහු ගේ පිරිවර පැමිණි හෙයින්, එන්නේ කවරෙක් ද යනු දැනැ, ‘හිම සිසිල්’ අවකාශ කොටැ ගියේ යැ.
විවරණය 181
වසන්ත ලක්ෂණ කාලිදාසයෝ ද කියති.
‘කුසුමජන්ම තතොනවපල්ලවාඃ තදනු ෂට්පද - කොකිල - කුජිතම්’
[ කුසුමජන්ම –– කුසුම් උපත යැ. තතඃ –– ඉක්බිති, නවපල්ලවාඃ –– ළපලු යැ, තත් අනු –– එයට අනුවැ, ෂට්පද - කොකිල - කූජිතම් –– සපු කොවුල් කිල්ම යැ. ]
ටිප්පණී : –– 1. පිරිවරින් –– ‘දැකැ’ යන්නට කරණ යි. වසතිඳු එන බව දුරැ දී මැ දක්නට හේතු වූයේ පිරිවර යි. 2. දැකැ –– සන්නයෙහි ‘නිරීක්ෂණය කොටැ’ යන්නක් ඇත ද එයට සුදුසු පදයක් පෙළින් නොගැනුණ බව පිටපත් දක්වයි. එ හෙයින් ‘දැකැ’ යනු හෙළන ලදි. 3. අදරින් –– ඍතු රාජයා වන බැවින් වසන්තයට මහත් ගෞරවයෙන් අවකාස දීම සුදුසු යැ.
122
අන්වය : –– සිරි සර වසත් කල්, නෙ නිරිඳුනට සත් නංගා බිසෙවු දෙවමින්, ලෝ එක මඟුල් මඬු කැරැ, පත්.
පදාර්ථ් : –– ශ්රී, සාර වූ වසන්ත කාලය තෙමේ, අනෙක නරෙන්ද්ර යනටඡත්රන නංවා අභිෂෙක කරවමින්, ලෝකය එක මඞගල මණ්‍ඩප කොටැ, පැමිණියේ යැ.
විස්තර : –– වසන්ත කාලයෙහි දී රාජාභිෂෙක බෙහෙවින් කැරෙන බව ද , අප්ර:මාණ ශ්රී– විභූකිය කරණ කොටැගෙනැ ලෝකය එක මැ මඟුල් මඬුවක් මෙන් වන බව ද, මෙයින් පැවැසිණ.
123
අන්වය : –– සහයුරු මල් මලැ සිඳුවර කුසුම් හරැ ලග වසත් සිරි, අත් පඬුරට කුරව කුරව කුසුම් ගෙනැ, එහි පත.
182 සස දා
පදාර්ථක : –– සහකාර කුසුම නමැති මාල්යරයෙහි ද සින්ධුවාර කුසුම නමැති හාරයෙහි ද ලග්න වූ වසන්ත ශ්රී තොමෝ, හස්ත ප්රා්භෘතයට කුරවක කුසුමයන් ඇරැ - එ තන්හි පැමිණියා යැ.
විස්තර : –– වසන්ත ශොභා නමැති ශ්රීු කාන්තාව ජේතවනාරාමයට පැමිණියා යැ. නිකම් මැ පැමිණියා නො වේ. අත් පඬුරු පිණිසැ කුරවක මල් ද ගෙනැ ආවා යැ. ඇය ගේ මාල්යමය මී අඹ මල් යැ, මුතුහර නික මල් යැ.
වසන්ත කාලයට අඹ නික කුරවක යන මල් ඇති වන බව කී සැටි යි.
ටිප්පණී : –– 1. සහයුරු මල් මලැ –– පුරාණ සන්නය ‘සහයුරු මල් වලා’ යන්නට ‘සහකාර පුෂ්ප නමැති වලග ඇති’ යන අරුත දෙයි. ඇතැම් පිටතෙකැ ‘වල’ යනු ‘වලා’ යැ යි ද ඇතැමෙකැ ‘වලග’ යනු ‘වලඟ’ යි ද සිටී. ඒ එකකුදු ගැළැපෙන බවෙක් නො පෙනේ. ‘මල්’ යනු මස්තක මාල්ය යට ද කිරීටයට ද නම් වේ. කුමක් වුව ද මෙහි යෙදෙයි. ‘සහයුරු’ යනු මී අඹයට නමි. 2. සිඳුවර ................හරැ ––
‘වෙතැ නික මල් මහරු මුතු ලැලි ලකළ පියකරු’
(කව්සේකර)
යනුයෙන් සිරි රහල්හු ද නික මල් මුතුහර වැනි බව කී හු. 3. කුරව –– ‘කුරව’ ‘කුරවක’ යන දෙ නම මැ සමානාර්ථ– යි. රතු මල් ඇති රුක් වෙසෙසෙකි. 4. අත් පඬුරට –– යමකු දක්නට යන කලැ සිස’තින් නො ගොස් පඬුරු කොටැ දීමට සුදුසු දැයෙක් අතෙහි ගෙනැ යනු ලැබේ ද ඒ යැ අත් පඞුරු නම්.
විවරණය 183
124
අන්වය: –– කිසල් සුපුල් මල් අවල වජඹනා නා තුර, මුනි සරණ නිය රස් මුදුන්හි තබා පලන් වන්.
පදාර්ථහ : –– කිසලයන් (ද) සුඵුල්ල කුසුමයන් (ද) ආකුල වූ විජෘම්භමාණ වූ නාග ද්රැමයෝ (තුමූ,) සර්වඥයා ගේ වරණය (ද) නඛ රශ්මිය (ද) මස්තකයෙහි පිහිටුවා පැලැඳැ ගත්තවුන් වැන්නෝ යැ.
විස්තර : –– වසන්ත කාලයෙහි නා ගස් දළුයෙන් ද පිපුණු මලන් ද ආකුල යැ. දළු බුදුන් ගේ පතුල් පැහැ ද මල් නිය පැහැ ද ඇත්තේ යැ. එ හෙයින් නා ගස් බුදුන් ගේ පතුලුත් නියත් මුදුනෙහි තබා පැලැඳැගත් බඳු යැ.
පුරාණ සන්නය ‘සුපුල්මල් කිසල් අවල’ යැ යි අන්වයය ගනී. ප්රාතිලොමක්රුමාලඞ්කාරයක් ඇත ද , එ සේ යෙදීම, සිතා බලා අරුත් සැඟැවීමක් බඳු යැ.
ටිප්පණී : ––1. කිසල් –– සකුයෙහි කිශල - කිශලය - කිසල - කිසලය - යන සතර මැ දළුවට නමි. 2. වජඹනා ––‘වජඹ’ ධාතු ‘දෘශ්ය්මාන වීම’ යැ ‘ශොභා ප්රුදර්ශනය’ යැ යනාදි අර්ථ– ද ඇත්තේ යැ.
125 අන්වය : –– එහි හෝ තුරු, විරා අරී සැසැඟින් රුසිරු කුසුම් ලෙස්නෙන් සියරා බැහැරි කළ වන්, වැජැඹි.
පදාර්ථ : –– එහි අශොක වෘක්ෂයෝ (තුමු,) විතරාග වූ ආර්යයන් ගේ සංසර්ග ය කරණ කොටැගෙනැ, රුචිර වූ කුසුමාකාරයෙන් ස්වකීය රාගය බාහ්ය කළවුන් මෙන්, විජෘම්භිත වූ හ.
184 සස දා
විස්තර : –– ඒ ජේතවන විහිරයෙහි එ කලැ සුපිපි හෝපලු ගස් වී යැ. රතු මල් නිකුත් කොටැ සිටි ඒ හෝපලු ගස් ද තමන් ගේ රාගය බැහැරැ කොටැ සිටි වැනිනැ. රාගය බැහැරැ කිරීමට එහි බලවත් වහලෙක් ලැබේ. එ නම් චීතරාග වූ ආර්යයන් ගේ (රහතන් ගේ) ආශ්රලයය යි.
ටිප්පණී: ––1. විරා –– විගත වූ (පහ වූ ) රා (රාගය–– ලොභය ) යමකු ගේ ද හේ විරා. රහත් වූවාහු මෙ නමින් ගැනෙති. 2. අරී –– ආර්ය . උත්තම. පූජ්යහ. බෞද්ධ සමයයෙහි සතර මඟ සතර ඵලයෙන් කුමකට වුව ද පැමිණියේ ආර්ය නමි. එ හෙයින් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙති. 3. සැසැඟින් –– සසඟ + ඉන් = සැසැඟින්. 4. සියරා ––මෙහි ‘රා’ (රාග) යනු අරුත් දෙකක් දෙයි. එකෙක් නම් ලොභය යි. අනෙක රක්ත වර්ණවය යි. අශොක වෘක්ෂයෝ සැබැවින් මැ රාගය (රක්ත වර්ණයය) බැහැරැ කොටැ සිටියාහු යැ. පිටතට ඇදී පිපී සිටි මල් රත් පැහැ වන හෙයිනි. එ රාගය (ලොභය) බැහැරැ කොටැ සිටුමක් වැන්නැ.
126
අන්වය : –– වසත් රජ කල් සහළා දකුණු මැර, මල ගලැ සඳුන් තුරැ නී පියුම් රොන්හි ගැවැසී, හැමී.
පදාර්ථල : –– වසන්ත රාජයා ගේ ප්රියය සුහෘත් වූ දක්ෂිණ මාරුතය තෙමේ, මලය පර්වතයෙහි වූ වන්දන වෘක්ෂයෙහි (ද) නදී පද්ම රෙණුයෙහි ද මිශ්ර වැ, හමළෙ යැ.
විස්තර : –– වසන්ත කාලයෙහි සුළඟ දකුණු දෙසින් හමන බව මෙ සේ කී හ. සඳුන් ගස්හී ගැසී, නදී දියෙහි වැදී, පියුම් රොන්හි හැනී එන හෙයින් සුළගෙහි මාර්දව සෞරභ්යස ශෛත්ය් යන ගුණත්රෙයය ඇති වෙයි.
ටිප්පණී: –– 1. කල් –– කල්යඇ. ප්රිනය 2. සහළා –– සුහෘත් (යහළු) අර්ථපයෙහි ‘සහළා’ යනු වෙයි.
විවරණය 185
‘පියුම් පිටැ සිටැ සරණ සහළා’ –– (ගුත්තිලය) ‘පැසී නැමි කරල් රත් හැල් සහළාන’ –– (සැළ) ‘සහළා වන රඹා’ –– (කව්සේකර)
යනාදි තන්හි ‘සහළ’ යනු ඒ අරුත දෙයි. 3. මල ගලැ –– කවි සමයයෙහි සඳුන් වනුයේ මලය පර්වතයෙහි මැ යි. දකුණු දඹදිවැ මලවරයේ (Malabar) පශ්චිම සමුද්රම තීරයෙහි වූ යේ මලය පර්වතය යි (Western Ghats.) ඒ සඳුන් තුරින් ගැවැසි ගත්තේ යැ. 4. නී පියුම් –– නදී පද්ම. ගඟෙහි සාමාන්යෙ වශයෙන් පියුම් නො වේ. එහෙත් ඇතැ යි කීමට කවි සමයයෙන් අවසර ඇති.
127
අන්වය : –– බිඟු මුමනැ සහඟුම් නල ලොළ ඇසළ මල් කැන්, පහා සිවු කන් ලඹ දුන් රන් රසු කලබ මෙන් හෙබි.
පදාර්ථ : –– භෘඞ්ග නාදය කරණ කොටැ ගෙනැ සඝොෂවූ අනල ලුලිත තිලක පුෂ්පස්තබකයෝ තුමු ප්රා්සාද චතුෂ්කොණයෙහි අවලම්බිත වූ ස්වර්ණෙ කිඞ්කිණික කලාප මෙන් ශොභිත වූ හු.
විස්තර : –– ඇසළ මල් රසු වැනි යැ. මල් ඇතුළෙහි බිඟුහු වෙති. ඔහු හඬ නඟත්. මල් ද සුළඟින් ලෙළ දෙයි. එ කලැ රසු දැල් ලෙළ දෙමින් හඬ නඟන්නා වැනි වේ.
ටිප්පණී : –– 1. මුමන –– ‘මුනු මුනු’ ගෑම. හඬ නැඟීම. ‘මුමුන’ ධාතු යි. 2. පහා –– මේ යැ පුරාණ ප්රනකෘතිය. මෑතෙකැ දී ‘පහ’ යන්නට පෙරැළිණ. 3. සිවුකන් –– ‘කන්’ ‘කොන්’ යනු සමානාර්ථඔ යි. එ හෙයින් ‘සිවු කන්’ යන්නෙහි අරුත ‘සතර කොනෙහි’ යනු යි.
522 - G
186 සස දා
128
අන්වය : –– එහි, සුපුල් පලා තුරු, අතුරු නො බෙදී, උදු වී සැකින් උදු වී ඇස් ලූ පොතල්න නුළු කැරැ, බිජී.
පදාර්ථ : –– එ තන්හි, සුඵුල්ල වූ පලාශ ද්රැුමයෝ, අන්තර හෙදය නොවීම කරණ කොටැගෙනැ, මාංසයෙකැ යි කියා ශඞ්කායෙන් කෙළින් වී බැලූ ශෘගාලයන් වඤ්චිත කොටැ, භ්රාකජිත වූ හු.
විස්තර : –– ඒ ජේතවනයෙහි පිපුණු කෑල ගස් සිවලුන් රැවැටී යැ. කෑල මල් මස් කැටි මෙන් එල්ලෙයි. සිවල්ලු රැවැටී කෙළින් වැ බලති.
පිටපත්හි අන්වයය ලෙස ගැනුණේ, ––
‘එහි සුපුල් පලා තුරු අතුරු නො බෙදි උද වී සැකින් ඇස් ලූ පොතල්න නුළු කැරැ බිජී’
යනු යි.
‘ඒ ජේතවනොද්යා නයෙහි සුපුෂ්පිතත වූ පලාශ ද්රැකම තෙමේ හෙවත් කෑල ගස් තෙමේ අන්තර හෙදයක් නො කොටැ කුසුම ජාතියෙකැ යි නො සිතා මාංසයෙකැ යි කියා ශඞ්කායෙන් ඇස් මෙහෙයා බැලූ ශෲලයන් වඤ්චිත කොටැ හෙබී’
යනු එහි ආ අර්ථක කථනය යි. මුද්රිූත පුස්තකය ‘මාංසයෙකැ යි කීයා’ යන්නට අනතුරු කොටැ ‘උද්ගතවී’ යන්නකුදු දෙයි. අප අතට පත් පිටපත්හි ඒ නො එයි. එහෙත් සුදුසු යැ එ හෙයින් ඒ සඳහා ද ‘උදු වී’ යන්නක් පෙළෙහි හෙළූමු.
ටිප්පණී: ––1. පලා තුරු –– පලාශ වෘක්ෂ. කෑල ගස් ‘පල’ යනු සකුයෙහි ‘මාංස’ (Flesh) යන අර්ථය ඇත්තේ යැ. 1. අතුරු නො බෙදී –– කෑල මල් යැ මස් යැ යන වෙනස
විවරණය 187
නො වී. 3. උදු වී –– ඍජු වී. කෙළින් වි. 4. පොතල්න –– පොතලුන්. සිවලුන්. ‘පොතල්’ යනු හෙළුයෙහි සිවලාට නමි.
‘කැණහිල්, කොට, කොරටු,
මුවදුත් හා පොතල්, තඹු,
සිවල්, සිගලුදු සම වේ.’
යනු රුවන් මලි. 4. උදු වී –– මාංසයෙකැ කියා. ‘උදු යනු මසට නම් වන සේයැ. දෙම්ළුවයෙහි ‘උද්දෛ’ යනු මාංස නාමයෙකි. සකුයෙහි ‘උද්ඝස’ යනු ඒ අරුත දෙයි. පුරාණ සන්නය ‘උද වී’ යන්න ගෙනැ ‘මාංසයෙකැ යි කියා’ යන අරුත බෙණෙයි.
129
අන්වය : ––එහි දෙ පසෙහි හිසැ කැකුළු රඳනා සපු තුරු, වසතිඳු මුනිඳු පුදට දැල්වූ පහන් රුන් වන් !
පදාර්ථැ : –– එයි උභය පාර්ශ්වයෙහි ශීර්ෂවයෙහි කුඞ්මල රඤ්ජමාන වූ චම්පක ද්‍ැූ මයෝ තුමු, වසන්ත රාජයා විසින් මුනීන්ද්රී පූජාවට ජ්වලිත කරන ලද්දා වූ ප්රදදීප වෘක්ෂයන් වැන්නෝ යැ.
විස්තර : –– සපු කැකුළු සැබැවින් මැ පහන් සැළු වැනි යැ.එ හෙයින් දහස් ගණන් කැකුළු ඇති සපු රුක පහන් රුකක් වැනි යැ යනු යෙදෙයි. මහාකවි කුමාරදාසයෝ ඒ බව කල් තබා මැ දුට හ.
‘රූපං විතෙනුර්නවකුඞ්මලඪ්යාත වෘක්ෂා මනොඥද්යුරකි චම්පකාඛ්යාඃන න්යාෂස්තා වසන්තස්යය වනස්ථලීහිඃ සහස්රාසීපා ඉව දීපවෘක්ෂාඃ
188 සස දා
[ නවකුඞ්මලආඪ්යාඃී –– අලුත් කැකුළින් අඪ්යැ වූ. චම්පක ආඛ්යාඃ වෘක්ෂාඃ චම්පක යැ යන නම් ඇති වෘක්ෂයෝ, වසන්තස්ය –– වසන්තය හට, වනස්ථලීහිඃ ––වනස්ථලීන් විසින්, න්යනස්තාඃ –– තබන ලද්දා වූ , සහස්රල දීපාඃ –– දහස් ගණන් පහන් ඇති, දීප වෘක්ෂාඃ ඉව –– දිපවෘක්ෂයන් මෙන්,මනොඥද්යු ති –– සිත්කලු වූ ශොභා ඇති, රූපං –– රූපය, විතෙනුඃ –– පැතිරැවූ හූ. ]
පිටපත්හි ‘පසැ’ යනු මා පෙෙන්. විරිත නොනසිනු පතා ‘පසෙහි’ යනු ගතුම්හ.
‘එහි දෙ පසැ කැකුළු –– රඳනා හිසැ සපු තුරු’ යැ යි ගත, දෙ වන පය අග ලුහුව ගුරු කොටැ ගිණිය හැකි බැවින් ‘හිසැ’ යනු මැ රඳවනු ද නොබැරි යැ.
130
අන්වය : –– හාත්පසින් රඳනා පුල් ගිහිණි කිණිහිරි විස්සම්, මුනිඳු පුදැ අද මවාහළ රන් වියන එව්.
පදාර්ථර : –– සමස්ත පාර්ශ්වයෙන් රඤ්ජමාන වන්නා වූ ඵුල්ල වූ ගහන වූ කර්ණිකාර පුෂ්පයෝ තුමු, විශ්වකර්මමයා. මුනීද්ර පූජාව පිණිසැ මවාලූවා වූ ස්වර්ණ් විතානයක් වැනිනැ.
විස්තර : –– කිණිහිරි මල් පිපී සියලු දිශායෙහි හැසී ගැවැසී සිටී. ඒ විස්සම්හු විසින් මවන ලද රන් වියනක් වැනි යැ. එ තරම් සිත් කලු රන් වියනක් මෙ ලොවැ කම් කරුවකු විසින් නො කළ හැකි වන බව හඟවනු පිණිසැ යැ විස්සම්හු අදනා ලදුයේ.
‘මවාහළ’ යනු වෙනුවට පිටපත්හි ආයේ ‘මුවා කළ’ යනු යැ. ‘මවා ලූ’ යැ යි අරුත් පැවැසිණ. ‘මුවා කළ’ යනු හැරැ ‘මවාහළ’ යනු ගැන්ම කෙබඳු අපරාධයෙක් ද?
විවරණය 189
131
අන්වය : –– එහි, සුපිපි පියෙලෙහි රොන් ඇස් බඳ ද, තහත මදනි මත් මුව, පියල් නුඟි හා, පවන් උමුව මද යාගන්.
කවළු බැඳුමි.
පදාර්ථබ : –– එහි , සුපුෂ්පිත වූ ප්රිොයාලයෙහි රෙණුන් අක්ෂින් බන්ධනය කළ ද, අනවරතයෙන් මදයෙන් මත්ත වූ මෘග තෙමේ, ප්රුගල්භ වූ අනුගතාව හා සමඟ, පවනොන්මුඛ වැ සෙමෙන් ගමන් ගත්තේ යැ.
කවාට බන්ධන යි.
විස්තර : –– ප්රි.යාල පුෂ්පයෙන් රොන් වැඟී මුවා ගේ ඇස්හි හී මඟ පෙනීම ද වළකී. එහෙත් මත් වූ මුව තෙමේ මුව දෙන ද හා එක් වැ පවන් ඉදිරියට සෙමෙන් යෙයි.
මුවන් ගේ මද වසත් කල්හි නැගේ. එ කලැ දාහය ද ඇති වන හෙයින් මුවෝ පවන ඉදිරියට ගමන් කෙරෙති. පවන් ඇඟෙහි පහරවාගෙනැ දාහය නිවනු සඳයා යැ.
මහාකවි කාලිදාසයන් විසින් අඳනා ලද සිතුවමෙකි.
‘මෘගාඃප්රිායාලද්රැමමමඤ්ජරීණාං රජඃකණෛර්විඝනිතදෘෂ්ටිපාතාඃ මාදෝද්ධතාඃප්රිත්යපනිලං විවෙරු – වර්නස්ථලීර්මරර්මපරපත්රවමොක්ෂඃ
[ මෘගාඃ –– මුවෝ, ප්රි යාලද්රැැමමඤ්ජරීණාං රජඃකණෛඃ විඝනිතදෘෂ්ටිපාතඃ – ප්රිඃයාල වෘක්ෂ මඤ්ජරීන් ගේ රොන් සුනුයෙන් වළකන ලද බැලුම් හෙළුම් ඇත්තාහු ද, මද උද්ධතඃ –– මදයෙන් ඔසොවන ලද්දාහු, මර්මෙරපත්රි මොක්ෂාඃ –– මුරුමුරු හඬින් කොළ හැළුම් ඇති –– වනස්ථ ලිඃ –– වනතලාවන්හි, ප්රොතිඅනිලං–– පවන් උමුව වැ, විචෙරුඃ –– යාගත් හ. ]
190 සස දා
ටිප්පණී: –– 1. පියලෙහි –– ප්රි,යාලයෙහි. ‘ප්රිකයාල’ නම් රුක්හි. 2. ඇස් බඳ ද –– මෙහි ඇස් බැඳීම නම් රොන් ඇස්හි හී පෙනීම වැළැක්වීම යි. 3. පියලෙහි –– පියල් + එහි. මේ ‘එහි’ යනු යැ අන්වයයෙහි මුලට ගැනුණේ. එහි = ඒ ජේතවනයෙහි. පුරාණ සන්නය ‘පියල්’ + ඉහි යනු ‘පියලෙහි’ යැ යි සන්ධි කොටැ, ‘ඉහි’ යනු ‘හා’ යන්න හා එක් කොටැ - ලා ‘නුගි හා ඉහි’ යන්නට ‘මෘගාඞ්ගනාව හා එක් වැ’ යැ යි අරුත් පවසයි. නො යෙ දේ. ‘පියල් + ඉහි’ යන්නෙන් වියැ හික්කේ ‘පියලිහි’ යනු යැ. 4. නුගි –– ‘නුගිය’ යන්නෙහි ‘ය’ කාර ලෝපයෙන් වියැ. ‘නුගිය’ යනු ද ‘අනුගිය’ යන්නෙහි ‘අ’ කාර ලෝපයෙන් වූයේ යැ. අනුවැ ගිය තැනැත්තී ‘අනුගිය’ නම් වෙයි. පුරුෂයාට අනුකූල වැ පවත්නා ස්ත්රී මේ නමට සුදුසු යැ. 5. තහත –– අනවරතාර්ථඅයෙහි නිපාත යි. ‘තවත’ යනු යැ පිටපත්හි එනුයේ. 6. උමුව –– උයවන ලද (උද්ගත කරන ලද) මුව ඇති වැ. ප්රපකෘති සංග්ර හ (සමාස) නිපාත යි.අව්යතයීභාව සමාස යනු පුරාතනයන් දුන් නමි. ව්යාපකරණ විවරණයෙහි 373 වැනි පිට බලන්නේ යැ. 7. කවළු බැඳුම් –– කවාට බන්ධන. කවුළුවෙකැ ආකාර ඇති කොටැ, බඳනු ලබන හෙයින් මේ නමි.
ස පි පි පියලෙහි රො නැ ස් බ ඳ ද නු ගි හා ත හ ත නි ම ත් ප ව නු මුව මඳ යා ග ත්
මෙහි මැද කවළුව වෙයි. දෙ වැනි පය කවළුවට පැමිණැ උඩෙළිය දිගේ ගොස් නැවැතැ පෙළට බසී. තුන් වැනි පිය කවළුවට පැමීණැ යටෙළියට බැසැ ගොස්
විවරණය 191
නැවැතැ පෙළට නඟී. මෙහි ‘පියලෙහි’ යනු පළමු වන දෙ වන දෙ පළට ද ‘මුව මද’ යනු තෙ වන සිවු වන දෙ පෙළට ද සාධාරණය වැ සිටී හෙයිනැ මෙය දුෂ්කර බන්ධනයක් වූයේ.
132
අන්වය : –– වසත් කල් වනන් අනඟ සර පස ලක් කළ; යළ කල් - සබඳ කල්නට නන් මනකල් යහ බඩ අළ.
එකසර.
පදාර්ථන : –– වසන්ත කාලය තෙමේ විරහීන් අනඞ්ගයා ගේ ශර පඤ්චකයට ලක්ෂ්යන කෙළේ යැ; තව ද, කාන්ත - සම්බන්ධ වූ කාන්තයනට නානාවිධ වූ මනොඥ වූ සුඛ භාණ්ඩ එළැවී යැ.
එකස්වර යි.
විස්තර : –– වසන්තය වියුක්ත වූවනට වස වූ බව ද සංයුක්ත වූවනට රස වූ බව ද මේකී සැටි යැ.
ටිප්පණී: ––1. වනන් –– වියොග වූ ස්ත්රීස - පුරුෂයන් 2. සර පස –– කාමය නිසා උපදනා ––
‘උන්මාදනස්තාපනශ්ච ශොෂණස්තම්භනස්තථා සම්මොහනශ්ච කාමස්යශ බාණඃ පඤ්ච ප්රවකීර්තිතාඃ’
යනුයෙන් පුරාතනයන් කී (1) උන්මාදන හෙවත් උමතු වීම, (2) තාපන හෙවත් තැවීම. (3) ශොෂණ හෙවත් වියැළීම, (4) ස්තම්භන හෙවත් ටැඹක් මෙන් වීම, (5) සම්මොහන හෙවත් අත්යෙථීයෙන් මුළා වීම යන මේ අවස්ථා පස යැ අනඞ්ගයා ගේ ශර පඤ්චකය නම්. කවි සමයයෙහි එක් එක් ශරය එක් එක් මලෙකි. පියුම්, හෝපලු, අඹ,මලිගිය, නිලුපුල් යන මේ යැ. 3. යහ -බඬ –– යහය (සුවය) පිණිසැ වැටෙන (බඬු) යහ බඬ යැ.
192 සස දා
4. අළ –– ‘අර’ (ඉදිරිපත් කිරීමෙහි) දයින් වී. 5. කල් -පබඳ –– කල (කාන්තාව) සබඳ වූ කල් (කාන්තයා) කල්සබඳ යැ. කලු (කාන්තයා) සබඳ කොටැ ඇති කල (කාන්තාව) ද කල්සබඳ යැ. මෙහි දෙ පස මැ ගැනෙති. 6. කල්නට –– කාන්ත කාන්තා යන දෙ පක්ෂයට මැ. 7. එකසර –– එකස්වර නම් දුෂ්කර බන්ධනය යි. මෙහි යෙදුණේ එක මැ ස්වරය යි. ඒ කිමෙක් ද ?
133
අන්වය : –– සර විසිතුරා සදා රඳන පුල් පොකුරු කුසුම්, නරතුරු සුර අසුර කැන් පිදු සත් සිරි දිරී.
පදාර්ථැ : –– සරසිය විසිතුරු කොටැ සරයා රඳන්නා වූ ඵුල්ල වූ පුෂ්කර කුසුමයෝ තුමු, නිරන්තරයෙන් දිව්යි සුර සමූහයන් පූජා කළා වූ ජත්රෂයන් ගේ ශ්රීමය ඉසිළී යැ.
විස්තර : –– පිටපත්හි ගැනුණු අන්වය මේ යැ: ––
‘සරා සැදි විසිතුරු රඳනා පුල් පොකුරු කුසුම් නරතුරු සුර අසුර කැන් පිදු සත් සිරි දිරි.’
‘සරා සැදි’ යන්නට ‘සරස්සජ්ජිත කොටැ’ යැ යි අරුත් පැවැසිණ. ‘විසිතුරු’ යන්නට දෙන ලද්දේ ‘විචිතු වැ හෙවත් නානාවිධ වැ’ යන අරුත යි.නො යෙදේ. ‘සැදි’ ‘විසිතුරු’ යන පූර්ව ක්රිනයා නිපාත වියරණ නයින් නිපැදැවියැ හැකි නොවේ.
ටිප්පණී: –– 1. සුර අසුර කැන් –– බොහෝ පියුම් වූ බව හඟවන්නට යැ මෙය ගන්නා ලද්දේ. 2. දිරී –– ‘දර’ ධාතු මෙහි ‘බම’ ආදි ගණ යි. 3. සර –– විලට ද (සරසී) පියුමට ද (සාරස) මේ නමි; ‘සරා’ යැ යි නො සිටී. 4. සදා –– සජ්ජිත කොටැ. සරහා. ‘සරා’ යනු යෙදිණි නම් යහතර යැ. 5. විසිතුරා –– විසින් (විචිත්රඳ) කිරීම අර්ථැයෙහි ‘විසිතුර’ යනු ධාතු යි. විචිත්රි කිරීම නම් නානාවිධ කිරීම යැ.
විවරණය 193
අන්වය : –– පොකුරු අකුරු තුඞු ලග හස කැල, වසතිඳුහු තෝ කෙළියේ විල් අඹුවන් ගත් දල අර යතුර වන්.
පදාර්ථඹ : –– පුෂ්කරාඞ්කුරයන් තුණ්ඩයෙහි ලග්න වූ හංස සමූහය (කෙබඳු ද යත්: ––) වසන්ත රාජයා ගේ ජල ක්රී්ඩායෙහි විල් නමැති කාන්තාවන් ගත්තා වූ ජල ධාරා යන්තු බඳු යැ.
විස්තර : –– හංසයා නෙළුම්’ දළුව තුඬින් ගෙනැ සිටී. නළයක් මෙන් වූ ඒ දළුයෙහි අගින් දිය වැහෙන කලැ මුළු හංසයා මැ ජල ධාරා යන්ත්රදයක් (දිය විදින නළයක් මෙන්) පෙනේ. ජල ධාරා යන්ත්ර්යෙහි බඳ මහත් යැ, ජල නාලය සිහින් යැ.
ටිප්පණී: ––1. දල දර යතුරු –– මෙ බඳු යන්තුයක් දැන් කරනැවියෝ යොදති. Spray. ප්රුභූන් ස්නානය කරන කලැ වාරාඞ්ගනාවෝ නානාකාරයෙන් සේවය කෙරෙති. ඇතැමෙක් ජල යන්ත්රභ ගෙනැ ප්රලභූන් ගේ ඇඟට දිය විඳිති.
135
අන්වය : –– පසස්නදා එ මුනි සස්නෙහි දෙතා තුටු වසතිඳු, සියා,නන් සිරින් සැරැහී එහි සිටි වන්.
උතු වැනුම්.
පදාර්ථන : –– ප්රුශංසන දායක වූ ඒ සරවඥ ශාසනයෙහි අත්යිර්ථෝයෙන් තුෂ්ට වූ වසන්ත රාජ තෙමේ, සතතයෙන්, නානාශ්රීනන් විභූෂිත වැ එහි සිටියක්හු වැන්නේ යැ.
ඍතු වර්ණ න යි.
194 සස දා
ටිප්පණී: ––1. දෙතා ––‘ඉතා’ යන්නට සමාන අරුත් ඇති සංග්රතහ නිපාතයෙකි. දෙ තරම්. ද්විගුණිත. 2. පසස්නදා –– පසස්න දෙනුයේ පසස්නදා. කළ යහපතට සුදුසු සේ පැසැස්ම ‘පසස්න’ (ප්රාශංසන) නම් වේ. බුද්ධ ශාසනයෙහි වනාහි ඒ නොඅඩු වැ ලැබේ. වසන්තයා ගේ යහපත් පැවැතුම් ගැනැ ද ජේතවනයෙහි මහත් පැසැසුම් ඇති වූවාට සැක නැති. එ හෙයිනි වසන්තයාට එහි ‘සියා සැරැහී’ සිටින්නට රිසි උපන්නේ. 3. සියා –– සියහ. සතතාර්ථෙයෙහි නිපාත යි. 4. උතු වැනුම් –– ඍතු වර්ණ.නය යැයි කියූ නමුත් වසත ගෙවුණු බවක් නො කී හ. මතු පැවැසෙන පුවත වසත් කල්හි දී සිදු වූ හෙයිනි.
136
අන්වය : –– එ කල් මුනිඳු දම් අසන්නසින් එක් පුඟුලෙක් එක් දහක් මහ දනා හා ඉහි දේනා එළැඹි.
පදාර්ථ : –– ඒ කාලයෙහි මුනින්ද්රන ධර්මෙ ශ්ර්වණාභිලාෂයෙන් එක් පුද්ගලයෙක් එක් දවසක් මහා ජනයා හා එක් වැ ජේතවනයට උපස්ථිත වූයේ යැ.
විස්තර : –– පිටපත්හි එනුයේ ––
‘එ කල් මුනිඳු දම් අසන්නසින් වරෙක් දහක් මහ දනා හා ඉහි එක් පුඟුලෙක්’
යනු පමණෙකි. ‘එක් පුඟුලෙක්’ යන්නට ‘එක පුද්ගලයෙක්’ යැ යි අරුත් පවසා ‘ජෙතවනයට උපස්ථිත වි’ යැ යි අධිකයෙක් ද දැක්විණ. ඒ අරුත හා සැසැඳෙන්නෙක් පෙළෙහි නොආයේ යැ. ‘දේනා එළැඹී’ යනු එ හෙයින් එක් කරන ලද.
ටිප්පණී: –– 1. අසන්නසින් –– අසනු + අසින්. අසන රිසියෙන්. කුස දායෙහි ‘සනහන්නසින්’ යන්නට ‘ස්නානාධ්යා්ශයයෙන්’ යැ යි අරුත් පැවැසිණ. 2. එක් දහක් ––
විවරණය 195
එක් දවසක්. පිටපත් ‘වරෙක් දහක්’ යනු දෙයි. වැරැදිමෙකැ යි හැඟේ. කව් සිළු මිණි කුසදායෙහි ––
‘වියෙක් දහක් ඔහු - මතුරු යෙදී ගුරු වරන්
ඉහි මැති සක් සිමිඳියේ - අනේ සිරි සර විඳියේ’
යන තන්හි දු ‘එක් දහක්’ යනු මැ යෙදිණ. 3. හා ඉහි –– ‘ඉහි’ යන්නට සියලු තන්හි අරුත් පැවැසුණේ ‘එක් වැ’ යන්නෙනි. මේ කවීහු ‘හා’ යන්න ද සමඟ ‘ඉහි’ යනු යොදති. 4. දේනා එළැඹි –– සන්නය මේ දෙ පදය නො දෙයි. ‘ජේතවනයට උපස්ථිත වි’ යන අර්ථ ය පමණක් දෙයි. අර්ථසය සුදුසු වන සේ පෙළ හෙළාගන්නා ලදි.
137
අන්වය : –– මිණි දැදිරි නෙ මල් ඇඳිලි තුරු සා අතින් ගෙනැ, අවැසි කරණින් සිටුනා, මන කල් වසත් සිරි දිටි.
පදාර්ථ : –– පිපුණා වූ නානාවිධ පුෂ්පඤ්ජලි වෘක්ෂ ශාඛා නමැති හස්තයෙන් අරා, උපාසිකා කරණයෙන් සිටුනා වූ, මනොඥ වූ වසන්ත ශ්රීලය දුටුයේ යැ.
විස්තර : –– වසන්ත ශොභාව සිරි කත යැ. ඇය ගේ අත් රුක් අතු යැ. ඕ, රුක් අතු අතින් නොයෙක් මල් දොහොත් ගෙනැ, උපාසිකාවක ලෙසින් සිටින්නී යැ.
ටිප්පණී: –– 1. මිණි දැදිරි –– මල් කොපුව පිපුරුණු. පිපුණු. කොපුව පිපිරූ කලැ මල පිපෙයි. ‘දදුරු’ ධාතු පිපිරීමෙහි (දෙදරා - යාමෙහි) වැටේ. මේ ‘දෙදර’ යි ද සිටී. 2. මල් ඇඳිලි –– අතුල් දෙක එක් කළ කල්හි ඒ ඇඳිලි නම් වේ. මෙ තන්හි ගැනණේ ඔළොස්සෙකැ (Bowl) හැඩයට එක් කළ අතුල් දෙක යි. පුදන්නට මල් ගෙනැ යනුයේ එයිනි. ‘මල් දොත’ යනු දැන් වහර යි. 3. කරණින් –– ‘කරණ’ යනු මෙහි ‘ක්රිමයාව’ යන අරුත දෙයි.විශෙෂයෙන් පූජන ක්රිඒයාව කරණ නාමයෙන් ගැනේ.
196 සස දා
අන්වය : –– මුනි වරන් පිරිසුදු ගුණ හැඟැවුමැ පිල් වනු වන්, වෙසෙසින් හොබනා, විසිතුරු, එ මළු සිරි බැලී.
පදාර්ථම : –– සර්වඥ වරයන් ගේ පරිශුද්ධ වූ ගුණයන් ප්රිකාශකිරීමෙහි චිහ්න පත්ර බඳු වූ, විශෙෂයෙන් ශොභමාන වන්නා වූ, විචිත්රඅ වූ, ඒ මාලක ශ්රීඒය නරැඹී යැ.
විස්තර : –– ඒ මළුව බුදුන් ගේ ගුණ පිරිසුදු බව හඟවන්නා වූ සටහන් පතක් බඳු යැ. සුදු වැලි අතුරා මඳ වූ ද කුණක් නොසිටුනා ලෙස ඇමැඳැ පිරිසුදු කරන ලද බව යැ මෙයින් හැඟැවුණේ.
ටිප්පණී: –– 1. පිල් වනු –– ‘චිහ්න පත්රර’ යනු සන්න යි. ‘වනු’ යනු හෙළුයෙහි පත්රමයට නමි. ඒ ‘වැනි’ යැ යි ද සිටී. වනු මැ වැනි ‘පලා වැන්න’ යනාදි තන්හි පත්රත (පර්ණ.) අර්ථ–යෙහි ‘වැනි’ යනු පෙනේ. ‘පිල්’ යනු චිහ්නාර්ථායෙහි යෙදුණු බව පෙනේ. පිරික්සියැ යුතු තැනෙකි.
139
අන්වය : –– එහි වෙරඳනා පහන් තුරු නරතුරු දියුණු කළ වන්, මහණ ගණ, මුනිඳු නැමැඳැ දිටි.
පදාර්ථේ : –– එහි විරාජමාන වන්නා වූ ප්රුදීප ද්රැැමයන් නිරන්තරයෙන් ද්විගුණ කළාක් බඳු වැ, ශ්ර මණ ගණයා, මුනීන්ද්රැයා වැඳැ සිටිනු දුටුයේ යැ.
විස්තර , –– දොහොත් මුදුන් දී සිටි ශ්රණමණ තෙමේ පහන් රුකක් වැනි යැ මුදුන් දුන් දොහොත පහන් සිළුව වැනි වන හෙයිනි. ශ්රාමණ සමූයන් එ සේ දොහොත් මුදුන් දී සිටි කලැ, වෙහෙරෙහි සැබැවින් මැ වූ පහන් රුක් අතුරු නො තබා දියුණු කළ සේ වෙයි.
විවරණය 197
‘එහි රඳනා පාන තුරු නරතුරු දියුණු කළ වන් මහණ ගණ මුනිඳු සිටුන දුටු’
යනු පමණෙකි පිටපත්හි එන අන්වයයට ගැනුණේ.
ඒ ජේතවන විහාරයෙහි විරාජමාන වූ ප්ර දීප ද්රැ මයන් නිරන්තරයෙන් දියුණු කළාක් බඳු වූ ශ්රවමණ ගණයා මුනීන්ද්ර යන් ප්රණාමය කොටැ සිටිවුන් නිරීක්ෂණය කෙළේ’
යනු යැ සන්නය. ‘විරාජමාන වූ’ යැ යි අරුත් පැවැසුණු හෙයින් පෙළෙහි ‘වොරඳනා’ යනු වූ බව සලකාගත හැකි. ‘ප්ර ණාමය කොටැ’ යන අරුත දෙන්නට පෙළෙහි යෙදුණු ‘නැමැඳැ’ යනු හැළි - ගිය සේ ද සිති යැ හැකි.
ටිප්පණී: –– 1. වොරඳනා –– පිටපත්හි එනුයේ ‘රඳනා’ යනු යැ. ‘විරාජමාන වූ’ යනු සන්න යි. පෙළෙහි ‘වො’ යන්න හැළුණු බවට ඒ දෙසි. 2. පහන් තුරු –– පිටපත්හි එනුයේ ‘පාන තුරු’ යනු මැ යැ.
140
අන්වය : –– මෙ ඈ නන් වතුන් මැඟැ මැඟැ පිරිස් ඉහි ගොස්, මුනිඳු සදහම් අමරස රිසි සේ පී ළෙන් තිළි –– (අනතුරු ගීය හා සබඳි.)
පදාර්ථඅ : –– මේ ආදි නානා වස්තූන් බලබලා පර්ෂ ද හා එක් වැ ගොස් මුනීන්ද්රසයා ගේ සද්ධර්මප නමැති අමෘත රස කැමැති පරිදි බී සිතින් සතුටු වැ –– (අනන්තර පද්ය ය හා සමබන්ධ යි.)
ටිප්පණී: –– 1. මැඟැ –– ‘මඟ’ (බැලුම්හි’) ධාතු ‘බල’ ආදි ද ‘රක්’ ආදි ද වේ. ‘මැඟැ’ යනු ‘රක්’ ආදි ගණ ධාතුයෙන් වූයේ යැ. 2. පී –– දැන් වහයෙහි ‘බී’ යනු එයි. 3. තිළී –– ‘තිළ’ (සතුටු වීමෙහි) ධාතු යි. ‘රක්’ ආදි ගණ ආත්මනෙ පද යි. තිළේ - තිළෙති - තිළිණි, තිළි - තිළුණු තිළි.
198 සස දා
අන්වය : –– යළි, එ වැළහත් වැ, සෑසී සිරි සරණ නැමැ පන දවස් දන් දෙමි යි තම සිය නිවෙස් පැවැරී.
පදාර්ථි : –– නැවැතැ, හේ තෙමේ ආසන්න වැ, ශාක්යැ සිංහයා ගේ ශ්රී. වරණය වැඳැ, පුනර්දිනයෙහි දානය දෙමි යි තමා ගේ ස්වකීය නිවාසය ප්රනවාරණය කෙළෙ යැ.
ටිප්පණී: –– 1. වැළහත් වැ –– සමීපාර්ථණයෙහි ‘වැළයත්’ යනු වෙයි. මෑතෙකැ දී ‘වැළත්’ යනු යෙදෙන්නට වියැ. ‘වැළැතැ තෙරුන්’ යනාදි තන්හි ‘වැළතැ’ යනු ‘ඊළඟ’ යන අර්ථවය දෙයි. 2. පැවැරී –– කැමැත්ත ප්රිකාශ කෙළේ යැ. Offered’. ‘පවර’ ධාතු සකමර්කද යි. ‘පැවැරී’ යන්නට කර්මතය වනුයේ ‘නිවෙස්’ යන්න යි. 3. තම සිය නිවෙස් –– තම නිවෙස් නම් සිය නිවෙස් නො වේ ද ? ‘තම’ යි කී කලැ යළි ‘සිය’ යන්නකුත් වුවු මනා ද ? ‘නිවෙස්’ නම් වසන තැන යි. කා අයත් වුව ද, තමා වසන තැන තම නිවෙස් යැ. තමා වසන තැන තමාට මැ අයත් නම් ඒ බව හැඟවීමට ‘තම සිය නිවෙස්’ යැ යි කියුව මනා වෙයි.
142
අන්වය: –– නෙමිණිමුවා, මුළු ලෙව් මනනුවන් බඳ සුදම් සබ මෙන් හොබනා රුවන් මඬුවක්, හෙ, කැරැවී.
පදාර්ථර : –– අනෙකමණිමය වූ , සකල ලෝකයා ගේ මනොනයනයන් බැන්දා වු සුධර්මා් සභාව මෙන් ශොභන වූ රත්න මණ්ඩපයක්, හේ. තැනැවි යැ.
විස්තර : –– කෙබඳු වූ රුවන් මඬුවෙක් ද යනු අනතුරු ගී පසින් කියැවේ. ඒ ගී පස මැ මෙහි ‘රුවන් මඞුවක්’ යන්නට වෙසෙසුන් කොටැයොදාගත යුතු.
විවරණය 199
ටිප්පණී: –– 1. නෙමිණිමුවා –– නේ වූ මිණි නෙමිණි. නෙමිණියෙන් මවන ලද නෙමිණිමුවා. 2. සුදම් සබ –– ශක්ර යා ගේ සුධර්මාන නම් දිව්යන සභාව. එ තරම් සිත් කලු තැනක් වෙන නැති යි යෙති. 3. හෙ –– ඒ උපාසක තෙමේ.
143
අන්වය : –– නන් අබරණින් සැදි සිවු බිතැ අලෙවු රූනෙන්, පුද නහමන අසින් අද වන් සුර ලෝ සදිසි වන්නා –– (142 වැන්නෙහි ‘රුවන් මඬුවක්’ යන්න හා සබඳි. )
පදාර්ථා : –– නානාභරණයෙන් සජ්ජිත වූ සතර හිත්තියෙහි ආලෙඛ්යඬ රූපයන් කරණ කොටැගෙනැ, පූජාවලොකනය කරන අධ්යාසශයයෙන් මෙන් අවුත් වන්නා වූ දිව්ය: සමූහයා හා සමාන වන්නා වූ –– (‘රත්න මණ්ඩපයක්’ යැ යි සමබන්ධ කරන්නේයැ.)
විස්තර : –– ඒ රුවන් මඬුයෙහි සතර බිතෙහි රූප අඳනා ලද්දේ යැ. නානාභරණ විභූෂිත වූවන් ගේ රූප යැ. ඒ රූප දුටු කලැ බුද්ධ පූජා දකින්නට දෙවියන් අවුත් සිටිති යි හැඟේ.
ටිප්පණී: –– 1. ආෙලවු –– අඳින ලද. 2. නහමන –– ‘නහම’ (බැලුම්හි) ධාතු යි. 3. අසින් –– ‘අස්’ යනු ‘අධ්යාරශය’ යන අරුත් ඇත්තේ යැ. 4. සුර ලෝ –– මෙහි ‘ලෝ’ (ලෝක) යනු සමූහ පර්යා යි. 5. සදිසි වන්නා –– සාදෘශ්ය වන්නා වූ. ‘සදිසි වන’ යනු යැ සාමාන්ය් ව්ය වහාරයට හුරු. එහෙත් ‘වූ’ යන්නෙන් සබඳ වන කල්හි (වන්නා වූ යැ යි), ‘වන්නා යනු මැ යෙදේ. විශෙෂණය පර කොටැ යෙදු කල්හි මෙ සේ විබත් ගෙනැ සිටුනු යෙදෙයි.
සදිසි වන රුවන් මඬුවක් කැරැවී
රුවන් මඬුන් මඬුවක් සදිසි වන්නා කැරැවි
200 සස දා
144
අන්වය : –– ලඹ - මුතු - වැළ ලෙළ - කන - දද මරා වියනින, දල දර නරතුරු විදු බඳ ෙම් කැල අවුලන්නා –– (142 වැන්නෙහි ‘රුවන් මඬුවක්’ යන්න හා සබඳි.)
පදාර්ථා : –– අවලම්බිත - මුක්තාවලී වූ ලූලිත - කනක ධවජ වූ මරකත විතානය කරණ කොටැ ගෙනැ ජල ධාරා නිරන්තර වූ විද්යු-ද්බද්ධ වූ මේඝ සමූහය ආකුල කරන්නා වූ –– (‘රත්න මණ්ඩපයක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ.)
විස්තර : –– රුවන් මඬුයෙහි වියන මරකත වර්ණ (නිල්) යැ. වියනෙහි එල්ලූ මුතු වැළ වෙයි. ලෙළ දෙනනා වු රන් දද වෙයි. නිල් හෙයින් වියන වලා කුළු රැසක් වැන්නු මුතු වැළ වැහෙන දිය දහර වැන්නැ. ලෙළ දෙන රන් දද විදු ලිය වැන්නැ.
ටිප්පණී: –– 1. ලඹමුතුවැළ –– මුතුයෙන් කළ වැළ මුතුවැළ. ලඹ වූ මුතුවැළ යමෙක්හි ද ඒ ලඹමුතුවැළ. 2. ලෙළකනදද –– කනායෙන් කළ දද කනදද. ලෙළ වූ ‘ලෙළ කන දද යමෙක්හි ද ඒ ලෙළකනදද. පිටපත්හි අන්වයයට ‘ලෙළකන දද පෙළ’ යැ යි ගැනුණ ද ‘ලූලිත වූ කනක ධ්වජ ඇති’ යන්න යැ දෙන ලද අර්ථකය. 3. විදු බඳ –– පිටපත්හි ‘විදු බිඳු’ යන පෙළට ‘විද්යුමද්රාජිබද්ධ වූ’ යන අරුත පැවැසිණ. 4. මේ කලැ –– මහ මඬුවෙකැ බඳ වියන වන හෙයින් එක් මේඝයක් නො වැ මේඝ සමූහයක් වැනි වේ. අවුල්න්නා –– ‘අවුල’ යනු ධාතුව කොටැ ගන්නා ලද බව පෙනේ.
145
අන්වය : –– මිනි බිමැ දිසි වැටුපු සහස්න පිළිබිඹුනෙන්, විසුළ සපු කුසුම් මෙන්, දිය නෙත් නුළු කරන්න - (‘රුවන් මඬුවක්’ යනු හා සබඳි. )
විවරණය 201
පදාර්ථව : –– මණි භූමියෙහි දෘෂ්ට වූ ප්රවදීප සහස්රුයන් ගේ ප්රපතිබිම්බයන් කරණ කොටැගෙනැ, විකීර්ණ වූ චම්පක කුසුමයන් මෙන්, ලෝකයා ගේ නෙත්රොයන් වඤ්චිත කරන්නා වූ –– (‘රත්න මණ්ඩපයක්’ යැ යි සම්බන්ධ කරන්නේ යැ. )
විස්තර : –– ඒ මඬුයෙහි දහස් ගණන් පහන් දල්වන ලද්දේ යැ. බිමැ මිණියෙන් කරන ලද හෙයින් පහන් පිළිබිඹු එහි පෙනේ. ඒ පහන් පිළිබිඹු නො වැ, විසුරුවන ලද සපු කුසුම යැ යි දනෝ රැවැටෙති.
ටිප්පණී: –– 1. සහන්න –– ‘සුවහස්න’ යන පාඨය ගන්නා පිටපත් ‘සහසුයන් ගේ’ යැ යි අරුත් පවසයි.
146
අන්වය : –– අතුළ - පියවිළි - කුමුදු - ඉළු, පුන් - කලස - හස, ගඳ - දුම් - බිඟු මහලින්, මිණිමුතු තළා තළනා –– (‘රුවන් මඬුවක්’ යන්න හා සබඳි.)
පදාර්ථහ : –– ආස්තරණය කරන ලද පාද පට නමැති කුමුද වන ඇති, පූර්ණහ කලස නමැති හංසයන් ඇති, සුගන්ධ ධූප නමැති භෘංගයන් ඇති මහා තලය කරණ කොටැගෙනැ, සුපුෂ්පිත තඩාගයට පහර දෙන්නා වූ –– (‘රත්න මණ්ඩපයක්’ යැ යි සම්බන්ධ කරන්නෝ යැ.)
විස්තර : –– ඒ මඬුයෙහි මහල් තලයෙහි අතුරන ලද සුදු පිය විළිය කුමුදු වනයක් වැනි යැ, තන්හි තන්හි තබන ලද පුන් කලස හංසයන් වැනියැ නැඟෙන සුවඳ දුම් කඳ බමර මුළු වැනි යැ. එ හෙයින් ඒ මහල් තලය පිපුණු විලක් පරදවයි.
ටිප්පණී: –– 1. පියවිළි –– පියට (පයට) ලන පිළි පියවිළි නමි. 2. කුමුදිළු –– කුමුදු + ඉළු. ‘ඉළු’ යනු වන පර්යාය යි. 3. මහලින් –– මෙහි මහල් නම් ගෙ බිම යි. (Floor.) 4. තළනා –– ‘පරදවන’ යන අරුත දෙන්නට යෙදිණ. තළනුයේ තැළෙන්නහු පරදවයි.
202 සස දා
147 අන්වය : –– මහ සවු අසුන් මැදැ දසබල පැලැඟි පැලැගින්, තුරු පතර මැදැ රඳනා සිසි බිඹු පුවළ පානා –– (‘රුවන් මඬුවක්’ යනු හා සබඳි.)
කුලක. පදාර්ථ : –– මහා ශ්රා වකාසන මධ්යුයෙහි දශබලයාට සුදුසු වූ පර්යඞ්කය කරණ කොටැගෙනැ තාරකා සමූහ මධ්ය–යෙහි රඤ්ජමාන වූ චන්ද්රක බිම්බයාගේ ප්රෞකඪීය ප්රූකාශ කරන්නා වූ –– (‘රත්න මණ්ඩපයක්’ යන්න හා සම්බන්ධ කරන්නේයැ.) කුලක යි. විස්තර: –– වටා මහ සව්වනට පැනැවූ අසුන් තාරකා වැනි යැ. මැදැ බුදුනට පැනැවූ මහ අස්න සඳ වැනියැ. ටිප්පණී: –– 1. මහ සවු අසුන් –– ‘මහ සව්වන් අසුන්’ යනු යැ පිටපත්හි එනුයේ. එය ගත විරිත නසී. 2. පැලැඟි –– ‘සුදුසු’ යන අරුත දෙන්නෙකි. 3. පැලැගින් –– ‘පලග’ යනු අස්නට නමි. සකුයෙහි ‘පල්යසඞ්ක’ යනු ද පාළියෙහි ‘පල්ලඞ්ක’ යනු ද එයි. පලග + ඉන් = පලගින් = පැලගින්. බොහෝ පිටපත්හි එනුයේ ‘පලහින්’ යනු යි. 4. පතර –– සමූහය. පිටපත්හි ‘පත’ යනු එයි. සන්නය ‘සමූහයා’ යන අරුත දෙයි. ඒ අරුත්හි ‘පත’ යන්නෙක් නො වේ. 5. පුවළ –– එඩිය. ආඩම්බරය. 6. කුලක ––එක් වාක්යහයක් පද්යක සතරකට වැඩි ගණනෙකින් යුතු වූ කලැ එයට ‘කුලක’ යනු නමි. මේ ගීයෙන් අවසන් වූ වැකිය ඇරැඹුණේ 142 වැන්නෙනි.
‘ද්වාභ්යානන්තු යුග්මකංඥෙයං ත්රි භිඃ
ශෙලාකෛර්විශෙෂකම්
චතුර්භිස්තු කලාපං ස්යානත්තදුර්ධ්වං කුලකං මතම්’
විවරණය 203
[ ද්වාභ්යංංතු –– දෙකෙකින් වනාහි, යුග්මකංඥෙයං –– යුග්මකය දත යුත්තේ යැ. ත්රියභඃ ශ්ලොකෛඃ –– තුන් සිලොවෙකින්, විශෙෂකම් –– විශෙෂකය (වන්නේ යැ.) චතුරුභඃ තු ––සතරෙකින් වනාහි, කලාපං ස්යාශත් –– කලාපය වන්නේයැ. තත් ඌර්ධ්වං –– ඉන් ඉහළ, කුලකං මතම් –– කුලකය දන්නා ලදි. ]
එක් පැදියෙන් මැ වැකිය කෙළවර වේ නම් ඒ ‘මුක්තක’ නමි.
148
අන්වය : –– ඉති පුද සරහත, එ උවස් අවිදු සිඳුමට පෙරටු කැරැ නිම්ත් පෑ, එ රෑ තම රිළු ගිවි එව්.
පදාර්ථම : –– මෙ සේ පූජා සරහන කල්හි, ඒ උපාසකයා අවිද්යාමව නැසීමට පළමු කොටැ නිමිති දක්වා, ඒ රාත්රිජය ගේ අන්ධකාර සමූහය ක්ෂය වූවාක් වැනි යැ.
විස්තර : –– උපාසකයා මඬුව සැරැසීම ආදිය කරන කල්හි එ දා රවෑ අඳුරු රැස ක්ෂය වී යැ. ඒ කුමක් වැනි ද ? බුදු බන අසා ඒ උපාසකයා ගේ අවිද්යා ව සිඳෙන බවට පෙර නිමිති දැක්වූවා වැනි යැ.
ටිප්පණී: –– 1. උවස් –– ‘උවසු’ ‘උවස්’ යන දෙක මැ යෙදෙයි. ‘සිතු’ ‘සිත්’ යන දෙක මෙනි. උවසනුයේ (උපවාසය කරනුයේ) උවසු. ‘උ’ පූර්ව ‘වස’ ධාතු යි.
‘තපනොදයමාරහ්ය යාමාෂ්ටකමභොජනම්
උපවාස ඉතිඛ්යාහතඃ ..............................’
යනු යැ ස්මෘති ශාස්තුයෙහි එනුයේ.
[ තපන උදයං ආරභ්යු –– සූර්යොදයයෙහි සිටැ, යාම අෂ්ටකං ––අට යමක්, අභොජනම් –– (ආහාර) නොවැළඳීම. උපවැසඃ ඉති –– උපවාස යැ යි, ඛ්යායතඃ කියන ලදි. ]
204 සස දා
අවසින් අටින් කොටසෙක් හෙවත් හෝරා තුනෙන් යාම නම් වේ. එ යෙහින් අෂ්ට යාමයක් අභොජන වීම නම් පුරා දවසක් අහරින් වැළැකීම යැ. 2. අවිදු ––අවිද්යාම ව. නොදැන්ම මොහය චතුස්සත්යයය නොදැනීම අවිද්යා ව යි. අවිද්යාඅව සිඳීම නම් එය දැනීම යි. 3. ගිවි එව් –– ක්ෂය වූ වැනි. ‘ගිවි’ යනු ‘ගෙ’ (ක්ෂය වීමෙහි) දයින් වූ අතීත ආඛ්යාිත යි. ‘ගෙ’ ධාතු අකර්මවක යි. ‘රක්’ ආදි ආත්මනෙ පද යි. ගේ –– ගෙති ––ගිණි, ගිවි –– ගුණු, ගිවි. ප්රායුක්ත විෂයයෙහි ‘ව’ වී ‘ගෙව’ යනු වෙයි. දැන් වහරෙහි එනුයේ මේ ‘ගෙව’ යන්න යි. පිටපත්හි ගීවී - ගිවී යන ඈ විසින් මේ විවිධ වැ එයි: ‘එව්’ යන්නෙක් නො එයි. එහෙත් සන්නය ‘ක්ෂයට පැමැණියාක් වැනි’ යන අරුත මැ දෙයි. ‘තම රිළු නිමිත් පෑ ගී වී’ යැ යි ගත හොත් ‘අන්ධකාර සමූහය නිමිත්ත ප්රවකාශ කළා වැනි වී’ යැ යි අරුත් පැවැසියැ හැකි. ආකාරාර්ථකයෙහි ‘ගී’ යන්නෙක් හෙළුයෙහි වේ. එ සේ ගනුත් හොත් ‘එව්’ යන්නක් නුවුව මනා යැ. 4. රිළු –– සමූයාර්ථ.යෙහි යෙදෙන්නෙකි.
149
අන්වය : –– රිවි හිමිහු කෙරෙන් ආ අලු නල සිකිහු දකිමින්, විල් අඹුවෝ,සතොසින් තරඟ අත නඟා රඟ ඔත වන්.
පදාර්ථන : –– සූර්යා නමැති සුවාමියා සමීපයෙන් ආවා වූ ප්රිභාත මාරුත නමැති සඛීහු දැකැ, තුඩාග නමැති කාන්තාවෝ, සන්තෝෂයෙන් තරඞ්ග නමැති හස්තයන් උස් කොටැ නැටුවවුන් වැන්නෝ යැ.
විස්තර : –– උදයැ සුළඟ පැමිණි කලැ විල්හි තරඟ නැඟුණු බව කී සේ යැ.
රිවි හිමිහු දැකැ විලඹුන් රවඟෝනා ලෙසක් සිරි රහල්හූ ද කියති. පරෙවි අස්නෙහි ––
විවරණය 205
‘දිගු කැ ර තරඟ අත් බැමැ බමර බැම නිතින් ඉ ඳු ව ර නුවන’යා හස කැරැ තඹර වතින් සියක ර හිමිහු දැකැ රඟනෙව් විලඹු මතින් ම මුතු ර එ සඳැ වඩනේ මැනැවි ගුවනතින්’
ටිප්පණී: –– 1. අලු නල –– ‘අලු’ යනු මෙහි උදය කාලය හඟවන්නට යෙදිණ.
‘අලුයෙහි කුමරහු .................................නැඟි සඳැ’
යන තන්හි ගුරුළු ගොමිහු දු උදය කාලාර්ථ.යෙහි ‘අලු’ යනු යොදති. 2. සිකිහු –– දැන් වහරෙහි එනුයේ ‘සකි’ යනු යි. 3. රඟ ඔත –– නැටුම් බැහූ හ. ‘ඔත’ යනු ‘ඕ’ දයින් වූ අතීත බහුවචන ආඛ්යාථත යි. එකවචනයෙහි දු මේ රූපය ලැබේ. ‘ඕ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. ඔවී - ඔවිති - ඔති - ඔතු. ඔති - ඔතු- යන දෙ තන්හි මැ අන්ත්යහ ස්වර ලෝපයෙන් ‘ඔත්’ යනු ද, යළි, ‘අ’ වීමෙන් ‘ඔත’ යනු ද වෙයි. 4. තරඟත නඟා –– පිටපත්හි මේ පාඨය නැති වැ මැ ‘තරඞ්ග නමැති හස්තය උද්ගත කොටැ’ යන අර්ථිය පවසන ලද්දේ යැ.
150
අන්වය : –– තඹසිළු, කම් වමියන් ළෙහි පහළ අත සෙ, පිය සන් දී, කනැ ඔත රත් යවුල් මෙන්, පළ රැවු කෙළේ.
පදාර්ථ : –– තාම්රසවූඩ තෙමේ, කාම කාන්තාවන් ගේ හෘදයයෙහි පහරන (ගසන) ලද්දා වූ හස්තය මෙන්, පක්ෂ ප්රේහාර දී, කර්ණයයෙහි ගැසූ තප්ත අයඃශුල පරිද්දෙන්, ස්ඵුට නාද කෙළේ යැ.
විස්තර : –– උදයැ කුකුළා අත් තටු දෙක තදින් ගසා, පැහැදිලි කොටැ හඬ නගයි. කාන්තයන් ගේ දෘඪ ග්ර හණයෙහි සැනැසෙන්නා වු කාමුක ස්ත්රී නට කුකුළන් පියා
206 සස දා
පත් ගැසීම ළයට අත් පහරක් දෙන්නා වැනි යැ. හඬ නැඟීම, කනෙහි ගිනි ගෙනැ දිලියෙන යවුල ගසන්නා වැනි යැ.එ කෙණෙහි පුරුෂයන් හැරැ නැඟී යා යුතු හෙයිනි.
ටිප්පණී: –– 1. කම් වමියන් –– කාම කාන්තාවන්. කාමය (කැමැත්ත) වූ පරිදි පුරුෂයන් කී තැනට යන ස්ත්රී1න්. අභිසාරිකාවන්. ඔහු රෑ පුරුෂයන් කරා යෙති. කුකුළන් හඬ ලන්නා මැ වහා නැගී පුරුෂයන් හැරැ පලා යත්. එ සේ යන්නට විම ඔවුන්ට මහත් වේදනා උපදවයි, එ හෙයිනැ කුකුළන් පියා පැහැරීම ඔවුන් ගේ ළයට දෙන අත් පහරක් වැනි වනුයේ, කුකුළන් හැඬැලීම කනෙහි ගසන රත් යවුල වැනි වනුයේ. සන්නයෙහි ‘කම් වම්යන්’ යන්නට නිකම් මැ කාන්තාවන්ගේ යැ යි අරුත් පැවැසිණ. 2. පහළ’ත සෙ ––‘අත පහළා සේ’ යැ යි කියැ යුතු නැති. සිංහල සම්ප්ර ද්රවයයට මේ අවිරුද්ධ යැ.3. පිය සන් –– පක්ෂස්වන. පක්ෂ නාද 4. කනොත ––කනැ ඔත. කනෙහි බැහූ. මෙහි ‘ඔත’ යනු අතීත කෘදන්ත නාම යි. 5. පළ –– ස්ඵුට. ව්යහක්ත. පැහැදිලි. කුකුළා ගේ හඬ පැහැදිලි යැ. 6. තඹසිළු –– තාම්ර්වුඩ. තඹ වන් වූ සිළුව වනුයේ යමකුට ද හේ තඹසිළු. මෙහි ‘සිළු’ නම් කර මල යි.