සස දා විවරණය-විවරණය iv
151
අන්වය : –– හිරු සයුරු තෝ අත්නෙන් කෙමෙන් නැඟී දිසි. දිගු වමිය නිල් පට අතුරින් පළ කළ මිණි කැට වන්.
පදාර්ථට : –– සූර්ය තෙමේ සාගර ජලාන්තරයෙන් ක්රතමයෙන් ඉස්සී පෙනිණ. දිශා නමැති කාන්තාව නීල පටාන්තරයෙන් ප්රතකාශ කළා වූ මණි දර්පණයක් වැන්නැ.
විස්තර : –– නිල් සයුරු පිට නිල් පටක් වැන්නැ. ඉන් නැඟෙන හිර නිල් පටක් අතුරින් එළියට ගනු ලබන කැට පතක් වැන්නැ.
විවරණය 207
මේ උපමානයට සිරි රහල්හු ද පරෙවි අස්නෙහි ලා බුහුමන් කෙරෙති.
‘පෙර දිග’ ඟන දිවයුරු රන් දපණ තල
ගත රළ ‘තින් දලනිදු වසන ‘තින් නිල
නෙතැ නිඳි දැහැ සිහි කැරැ තුනුරුවන් බල
ලැගි නිවෙසින් නැඟැ සිටැ කර පිය සසල’
ටිප්පණී: –– 1. දිසි –– ‘රක්’ ආදි උභය පද ‘දිස්’ ධාතුයෙන් වූ අතීත ආඛ්යපත යි. 2. සයුරු තෝ අත්නෙන් –– පිටපත් ‘සයුරු අත්නෙන්’ යන්න පාඨය කොටැ ‘සාගර ජලාභ්යින්තරයෙන්’ යන අරුත දෙයි. ‘තෝ’ යන්න හැළුණු බවට සැක නැති. 3. මිණි කැට –– කැට (දර්පණ) දෙ වගෙකි, ලොහො කැට, මිණි කැට යැ යි. ලොහො පතක් මැදැ ඔප් නඟා ගත් කලැ එහි දු පිළිබිඹු පෙනේ. ඒ යැ ලොහො කැට නම්.
‘බලත් ලොහො දපණ තල ගෙනැ තම වුවන.
යන තන්හි සඳහන් වූයේ මේ යැ. මිණි කැට කදායෙන් (වීදුරුයෙන්) හෝ පළිඟුයෙන් හෝ කැරෙන්නෙකි. සිරි රහලුන් පරෙවි අස්නෙහි ගත්තේ ලොහො කැට යි.
152
අන්වය : –– ගිරි රජහි පැහැ රද යොත ගෙනැ දිගුහි හළ ගන රන් අහස් පත් මෙන්, හිරු, නිල් අඹරෝරට නැඟි.
පදාර්ථන : –– පර්වත රාජයා විසින් ප්රුහාරාජි නමැති යොක්ත්ර)ය ගෙනැ දිශායෙහි හළුවා වූ ඝන ස්වර්ණි ආකාශ පත්රියක් මෙන්, සූර්ය තෙමේ, නිලාමබරොදරයට නැඟුණේ යැ.
208 සස දා
විස්තර : –– උදය පර්වතය රජෙකි. හිරු, ඔහු විසින් අහසට යවන ලද්දා වූ අහස් පතයි. එයට ගැනැණේ හිරින් මැ ඇදී සිටි කාන්ති රාජිය නමැති යොත යි.
‘පෙර ගිරි නිරිඳු පැහැ සර දිගු රැහැන ගෙන
හළ නිල ‘ඹරෙහි ගන රන ‘හස් පතක් මෙන
බබළන ළ හිරු මොහොතක් මුනි ගුණ මෙනෙන
සිහි කැරැ නැමැඳැ සෙද යාගන් ගුවනතින’
යැ යි සිරි රහල්හු ද මේ අරුත හෙඳින් වටහාගත් බව පරෙවි අස්නෙහි ලා දක්වති.
ටිප්පණී: –– 1. පැහැරද –– ප්රතහාරාජි. ලණුවක් මෙන් ඇදුණු රශ්මිය පැහැ රද යි. උදයැ සූර්යා කෙරෙන් යොත් මෙන් ඇදුණු රැස් පෙනේ. 2. යොත –– යොතන්නට (ඔතන්නට) බඳින්නට ගැනෙනුයේ යොත් නමි. 3. ගිරි රජහු –– ‘පෙර ගිරි රජහු’යි යෙදියැ යුතු තැනි. දෙසක් ගැනැ සඳහන් වන විටැ නිකම් මැ ‘රජු’ යැ යි කිව ද ගැනෙනුයේ එ රට රජ යැ. එ මෙන් උදය වර්නණයෙහි ලා ‘ගිරි රජ’ යැ යි කී කලැ ගත යුත්තේ උදය ගිරි රජ යි. කවි සමයයෙහි හිරු උදය ගිරින් මෑත් වැ පෙනේ. අවර ගිරින් ඈත් වැ සැඟැවේ. 4. අහස් පත්–– ‘සරුංගල’ යනු දැන් වහරෙහි එන නම යි. 5. අඹරෝරට–– අඹර + ඔවුරු = අඹරොවුරු = අඹරෝරු. ‘ඔවුරු’ යනු හෙළුයෙහි කුක්ෂි පර්යාය යි. ‘සොහොවුරු’ ‘පියොවුරු’ ‘හියොවුරු’ යනාදි තන්හි දු ඒ පෙනේ.
153
අන්වය : –– විල් කල්, බිඟු වැළ බැම ලේ හුටු කැරැ, වා, මඳ පුල් උපුල් නෙත් ලා, රිවි පියා බැලූ එව්.
උදා වැනුම්.
විවරණය 209
පදාර්ථ : ––තඩාග නැමැති කාන්තා තොමෝ, භෘඞ්ගාවලී නමැති භ්රෑ ලෙඛාව ලීලොපෙත කොටැ, වට කොටැ, මඳක් පිපුණා වූ උත්පල නමැති නෙත්ර ය මෙහෙයා, සූර්ය නමැති වල්ලභයා බැලූ වැන්නි යැ.
උදය වර්ණලනා යැ.
විස්තර: –– උදය උපුල් පිපීගෙනැ එන බවද, බිඟුන් පෙළ බැඳැ එහි හැසිරෙන බව ද මෙයින් කියවිණැ.
උපුල් තුන් වගෙකි. නිල්, රත්,හෙළ යැ යි. අවිශෙෂයෙන් උපුල් යැ යි කී කලැ ගැනෙනුයේ නිල් වෙසෙස යි.
නිලුපුල් පිපෙන වේලාව ගැනැ කවි සමය බෙදී සිටී. හෙළ කිවියන් එය උදයැ පිපෙන සේ සැලැකූ හ යි කියැ යුතු. ඔවුනතරැ සක්විති වූ කුමාරදාසයෝ ––
‘ඉන්දීවරස්යසන්තරමෙතදස්යාත
නෙත්රෝත්පලස්යා්පි යතො හිමාංශොඃ
තවිෂොපි නෛකං සහතෙ මුඛාඛ්යි -
මාක්රපම්යෙ තස්ථාවපරං ශශාඞ්කම්’
යනුයෙන් නිලුපුල් සඳ රැසින් හැකිළෙන බව ඉඳුරා කියති.
[ ඉන්දීවරස්යඳ –– නිලුපුලෙහි ද, අස්යාඃම නෙත්රු උත්පනස්ය අපි –– මැය ගේ නෙත් උපුලෙහි ද, එතත් අන්තරම් –– මේ වෙනස යි. යත් –– කිමෙක් ද යත්:-, එකම් හිමාංශොඃ තවීෂඃ අපි න සහතෙ –– එකෙක් සඳු ගේ කැලුම් ද නො ඉවසයි. අපරම් මුඛ අඛ්යතම් ශශාඞ්කම් ආක්රරම්ය , තස්ථෞ අනෙක මුඛ යැ යන නම් ඇති සඳු මැඬැගෙනැ සිටියේයැ. මුව සඳෙහි මැ පිහිටිය ද නෙත් උපුල් නො හැකිළෙති යි කී සේ යැ. ]
210 සස දා
‘පියත සුනිල් නෙත –– සුරතොට පැහැ පුර පියන්
තරඟිනුලැඟි නිලිපුල් –– තඹුරු උඩුහුරු ලද වන්’
යනුයෙන් පරාක්රිමබාහු නරෙශ්වරයෝ (දාවල්) දිය කෙළි වනන්නාහු පිපුණු නිලුපුල් ඇති ලෙසක් සලකති. හෙළ කිවියන් නිලුපුල් දාවල් පිපෙන සේ සැලැකූ බවට මෙයින් බැහැරැ දෙස් නුවුව මනා යැ.
දඹ දිවැ කිවියන් ගේ හැඟුම් මෙයට වෙනස් බවෙක් පෙනේ. කවි සමයය හඳුන්වා-දී කවි ලෝකයා තමනට ගැති කළ රාජශෙඛරයෝ මෙ සේ කියති: ––
‘සතො’ පි ක්රිායාර්ථකස්යාෙනිබන්ධනං –– තද්ය ථා : ––
දිවා නීලොත්පලානාමවිකාසඃ’ ––
[ සතඃ අපි –– ඇත්තා වූ ද, ක්රියයාර්ථැස්යත –– ක්රි-යාර්ථ්යා ගේ, අනිබන්ධනං –– නොගැනීම (කවි සමයයෙකි.) තත් යථා : ––හේ කෙසේ ද යත හොත් : ––, දිවා ––දාවල්, නීල උත්පලානං –– නිලුපුලන් ගේ, අවිකාසඃ –– නොපිබිදීමයි. ]
ස්වභාව වශයෙන් සිද්ධ වන නමුදු දාවල් නිලුපුල් පිපීම කවි සමයට නොඑකඟ බව මෙයින් නිශ්චය වශයෙන් කියන ලද්දේ යැ.
මාඝයන් ගේ කියමනෙකිනුදු ප්රීභාතයෙහි නිලුපුල් නිඳන්නට සැරැසෙන බව හැඟැවෙයි.
‘ලුලිතනයනතාරාඃ ක්ෂාමවක්ත්රෙ න්දුබිම්බා රජනය ඉව නිද්රාරක්ලාන්තනීලොත්පලාක්ෂාඃ තිමිරමිව දධානඃ ස්රං්සිනඃ කෙශපාශා - නවනිපතිගෘහෙහ්යොස යාන්ත්ය මූර්වාරවධ්වඃ’ ‘ලුලිතනයනතාරාඃ –– ලුලිත වූ ඇස් තරු ඇත්තාහු, ක්ෂාම වක්ත්ර: ඉන්දු බිම්බාඃ –– ම්ලාන වූ මුහුණු සිසි බිඹු ඇත්තාහු, නිද්රානක්ලාන්ත නීලොත්පල අක්ෂඃ –– නිනදෙන්
විවරණය 211
(හැකිළීමෙන් ) ක්ලාන්ත වූ නිලුපුල් ඇස් ඇත්තාහු, ස්රාසිනඃ කෙශපාශාඃ තිමිරං ඉව දධානාඃ –– ලිහුණු කෙස් වැටි අඳුර මෙන් දරන්නාහු, රජනයඃ ඉව –– රාත්රීනන් මෙන්, අමූඃ වාරවධ්වඃ –– මේ වෙසඟනෝ, අවනිපති ගෘභෙභ්යඃත –– රජ ගෙවලින්, යාන්ති –– නික්මෙත්. ]
උදය පැමිණෙත් මැ රැය ද වෙසඟන ද රජ ගෙන් නික් මැ යේ. රැය ක්ලාන්ත නීලොත්පල ඇත්තේ යැ. වෙසඟන ක්ලාන්ත අක්ෂි ඇත්තී යැ. මෙ තෙක් පිපී සිටැ දැන් හැකිළීගෙනැ එන බැවින්, නීලොත්පල ක්ලාන්ත යැ, නිඳි බරින් අක්ෂි ක්ලාන්ත යැ.
මෙහිනු දු නිලුපුල් උදය හැකිළෙන බව මැ සූචිත යැ.
සස දා කාරයන් පිපීගෙනැ එන නිලුපුල් ගත් බවට සැක නැති. බැම ලේ හුටු කැරැ වටා නෙත් ලෑමත් නිලුපුල් හැකිළීමත් කවුරු සමයත් ද ?
ටිප්පණී: –– 1. හුටු කැරැ –– ‘ලීලොපෙත කොටැ’ යනු පුරාණ සන්න යි. සකුයෙහි ‘හෘෂ්’ ධාතු ප්රී තියෙන් ලොම් කෙළින් සිටැවීමෙහි යෙදේ. එයින් වන අතීත කෘදන්ත නාමය ‘භෘෂ්ට’ යනු යි. 2. බැලූ එව් –– සියලු පිටපත් ‘බැලුවනෙව්’ යනු මැ දෙයි. ‘බැලුවියක මෙනි’ යනු සන්න යි. නොයෙක් තන්හි මේ ‘වනෙව්’ යනු ‘වැනි’ යන අරුත දෙන්නට ගැනුණු සේ පෙනේ. 3. මඳ පුල් –– පිපීම තව මැ සම්පූර්ණෙ නුවූ හෙයිනි. ප්රේනමය හඟවා බලන ළඳ ද නෙත අයනුයේ මඳ කොටැ යැ.
154
අන්වය : –– බමර වැළ බැසැ පුල් තඹුරින් නැඟී බමත. රිවි ඉසි කර අග දිගු කැරැ, සුමුගින් අක් මල් ගත් වන්.
212 සස දා
පදාර්ථැ : –– භ්ර්මාරාවලිය අවතීර්ණට වැ උද්ගත වැ භ්රගමණය කරත් මැ, සූර්ය නමැති සෘෂි තෙමේ, කරාග්රනය දික් කොටැ, සමුද්ගයෙන් අක්ෂ මාලාව ගත්තකු වැන්නේ යැ.
විස්තර : –– උදය පියුම් පිපේ. බමර වැළ රොන් ගැන්මට පියුමට බැසැ එයින් නැඟී බමත්, මඳ වැ පිපුණු පියුම සුමුගක් (කරඬුවක්) වැනි යැ. පෙළට නැඟුණු බමර වැළ එයින් ගැනුණු ජප මාලාව වැනි යැ. සූර්යා ඍෂියෙකි. මේ ඔහු ගේ ජප මාලාව යැ. ඔහු එය ගත්තේ ඔහු ගේ කරාග්රරය දික් කිරීමෙනි.
ටිප්පණී: –– 1. කර’ග –– කර + අග. ‘කර’ යනු රශ්මියට ද හස්තයට ද නම් වේ. ‘රශ්මිය නමැති හස්තය’ යැ යි අරුත් ගත යුතු. ‘කර’ යනු මෙහි ශ්ලෙෂ යි. 2. අක් මල් –– 87 වැන්නෙහි මෙයට ‘මතුරු වැළ’ යැ යි කියැවිණ. බෞද්ධයෝ ‘නව ගුණ වැළ’ යන නමින් මෙය ගනිති. නව බුදු ගුණ ජප කරන්නට යෙදෙන හෙයිනි.
155
අන්වය : –– එ කල් පිළිවෙත් සරු මහරු මහ සඟ වත් කැරැ, ඉහි රැස් වැ, පිළිවෙළින් නැමැදැ සිටි ඉක්බ්ත්තෙන් –– (අනතුරු පැදිය හා සබඳි.)
පදාර්ථළ : –– එ සමයෙහි ප්ර(තිපත්තිසාර වූ මහාර්හ වූ මහා සඞ්ඝයා, වත් සපයා, එක් වැ රැස් වී, පරිපාටියෙන් වැඳ සිටි ඉක්බිති –– (අනන්තර පද්යෙය හා සම්බන්ධ යි.)
විස්තර : –– උපාසක ගෘහයට යාමට සඞ්ඝයා රැස් වූහ. ඔහු සග මහලු පිළිවෙළින් අවුත් බුදුන් වැඳැ සිටිය හ.
පුරාණ සන්නයෙහි අන්වය ලෙස ගැනුණේ මෙපමණෙකි : ––
විවරණය 213
‘එ කල් පිළිවෙත් සරු මහරු මහ සඟ වත් කැරැ එහි රැස් වැ පිළිවෙළ නැමැඳැ සිටිය ඉක්බිත්තෙන්.’
සන්නය මෙ සේ යැ : –
‘එ සමයෙහි ප්රබතිපත්ති සාර වූ මහාරභ වූ මහා භික්ෂු සඞ්ඝ තෙමේ වත් පිළිවෙත් කොටැ එක් වැ රාශිභූත වැ සග මහලු පිළිවෙළ නො ඉක්මැ පටිපාටියෙන් බුදුන් ප්ර ණාමය කොටැ සිටි අනන්තරයෙන්.’
මෙ තැනින් පෙළ නඟා ගැන්ම එ තරම් සුකර නො වේ. ‘එක් වැ’ යනු සඳහා අන්වයයට ගැනුණේ ‘එහි’ යනු යි. ‘සග මහලු පිළිවෙළ නො ඉක්මැ පටිපාටියෙන්’ යන අරුත දෙන්නට ‘පිළිවෙළ’ යනු මැ ගැනිණ.
ටිප්පණී: –– 1. වත් කැරැ –– සෙනසුන් වත් සපයා. සඟුන් වසන තැන උන් ගේ සෙනසුන යි. සකුයෙහි ‘ශයනාසන’ යනු වෙයි. ‘නිඳන හිඳින් තැන’ යනු අරුති. බැහැරැ යන බිකුන් විසින් හුන් තැන පිරිසුදු කොටැ සකස් කොටැ යා යුත්තේ යැ. 2. පිළිවෙත් සරු –– බුදුන් නියම කළ සික නො බිඳැ විසීම පිළිවෙත් (ප්රැතිපත්ති) නමි. ඒ භික්ෂූන් ගේ පිළිවෙත් සාර යැ. 3. මහරු –– මහ (පිදුම) අරනුයේ (එළවනුයේ) මහරු යි. සකුයෙහි ‘මහාර්හ’ යනු වෙයි මහයට (පූජාවට) අර්හ (සුදුසු) වූයේ මහාර්හ යි.
156
අන්වය : –– අප දිය බප් දැනැ සිරි පා බා පිටත් වත් පුල් පියුම් එ පිළිගත්; රොන්, රන් සුනු මෙන්, ගත් විසුළ.
පදාර්ථජ : –– අප ගේ ජගත් ස්වාමියා ශ්රී පාදය බහා ප්රගස්ථිත වත් මැ ඵුල්ල පද්මය එය පිළිගත්තේ යැ; රේණු ස්වර්ණ චූර්ණ මෙන්, ශරීරයෙහි පැතිරිණ.
214 සස දා
විස්තර : –– මහ ගැට තැනෙකි.
කල් දැනැ අප දිය බත් සිරි පා බා පඬුත් පුල් ‘පියුම් එ පිළගත්’
යනු අන්වයයට ගන්නා පුරාණ සන්නය ––
ප්ර වාරණයට එළැඹෙන කලැ යි දැනැ අප ගේ ජගද් හාපයා හෙවත් ජගත් සවාමියා ශ්රීර පාද වින්යා ස කොටැ හෙවත් පද සා ගමනින් ප්රතස්ථිත වූ කල්හි ප්ර්බුද්ධ පද්මය තෙමේ ඒ ශ්රීය පාදය පිළිගත’
යන අරුත දෙයි. ගැටය ‘පඩුත්’ යන්නෙහි යැ. ‘ප්රථස්ථිත වූ කල්හි’ යන අර්ථුය දෙන්නට ඒ නොසමති. ‘ප’ යන්න ‘ව’ යන්නට හරවා ‘වඩුත්’ යැ යි කියුව ද අර්ථනය නො පිරේ. ‘වඩ’ ධාතුයෙහි ප්රටස්ථානාර්ථුයක් (පිටත් වීම් අරුතක්) නැති හෙයිනි. අප මෙ සේ කියුව ද 157 වැනි ගියේ ‘වැඩි’ යන්නට පුරාණ සන්නය දෙනුයේ ‘නික්මිණි’ යන අරුත යි. ‘පිටත්වත්’ යන්න අපි හෙළූමු. හෙළුයෙහි පටන්- ගැනුම් අරුත්හි ‘පට’ ධාතුවෙක් වෙයි. ගමන පටන් - ගැනීමටත් එය යෙදියැ හැකි නම් ‘පටුත්’ යන ආවස්ථික කෘදන්ත නිපාතය මෙ තැනට යෙදේ. එ කලැ ගීය, ––
‘කල් දැන ‘ප දිය බප් - සිරි පා බා පටුත් පුල්
පියුම් එ පිළිගත් ගත් - විසුළ රොන් රන් සුනු මෙන්’
යැ යි වේ. විමැසියැ යුතු.
ටිප්පණී: –– 1. දිය බප් –– 48 වැනනෙහි ‘දිය බප්’ යන්න ‘ජගද්භාප තෙමේ හෙවත් ජගත්පණ්ඩිත තෙමේ’ යන අරුත දුන් පුරාණ සන්නය,
“ භාප ඉත්යු්ක්තෙ විද්වාන්” යනු නිඝණ්ඩු යි’
යන්නෙන් ප්ර මාන වාක්ය ද ගත්හ. මෙහි වනාහි ‘ජගත්ස්වාමි’ යන අරුත ගනී. නිඝණ්ඩු වාක්‍ත්යක් නො දෙයි. ප්ර සිද්ධ සංස්කෘත කෝෂවලැ ‘භාප’ යන්නෙක් නො පෙනේ.
විවරණය 215
තෙලිඟු බසින් ගැනුණු ‘බාපු’ යන්නෙක් දෙමළෙහි ස්වාම්යකර්ථ ය දෙන්නට යෙදේ. ‘බාප්පු’ යන්නෙනුදු උත්තමාර්ථහයෙක් පැවැසෙයි. රොමක ක්රෛහස්තවයන් ගේ ශාසන නායකයාණන් ( Pope හඟවන්නට යෙදෙනුයේ ද මේ ‘බාප්පු යන්න යැ. 2. ගත් –– ‘ගතැ’ යන්නට සමාන යැ. ආධාරාර්ථයය දෙන්නට දෙ වැනි විබත ද යෙදේ. මෙහි මැ 50 වැන්නෙහි ‘එ කල්’ යනු ‘එ කලැ’ යනු හා සම කෑරිණ.
157
අන්වය : –– මුනිඳු සඳු දැඟුම් රුවන් මෙර සිරි උසුලත්, සහ සඟ, පබළ ගිර සිරි පාමින් පිළිවෙළින් වැඩි.
පදාර්ථර : –– මුනීන්ද්රැ චන්ද්ර යා ජඞ්ගම රත්න මෙරුයෙහි ශ්රීසය දරත් මැ, සඞ්ඝ සමූහයා, ප්රිවාල පර්වුත ශ්රීරය ප්රරකාශ කෙරෙමින්, පරිපාටියෙන් ගමන් කළ හ.
විස්තර: –– වඩනා බුදුහු ගමන් ගත් රුවන් මෙර වැන්නැ වඩනා සඟහු ගමන් ගත් ප්ර:වාල පර්ව–ත වැන්නෝ යැ.
ටිප්පණී : –– 1. දැඟුම් –– ජඞ්ගම. සකුයෙහි ‘ජඞ්ගම’ යනු ‘ගම්’ (යාමෙහි) ධාතුයෙන් වූයේ යැ. ‘යන’ (එක තැනැ නොසිටින) යනු අරුති. විරුද්ධාර්ථරය ලැබෙනුයේ ‘ස්ථාවර’ යනුයෙනි. සිංහලයෙහි නිකම් නො සිටියැ හැකි බවට ‘දඟ’ යනු නමෙකි. 2. රුවන් මෙර –– මේරු පර්වටත රත්නමය යැ යනු කවි සමය යි. ස්වර්ණුමය යැ යනු ද එක් මතයෙකි. එ හෙයින් රන් මෙර –– කනා මෙර- යනාදිය ද එයට නමි. 3. සහ සඟ –– ‘සඞ්ඝ’ යනු මැ සමූහවාචී යැ. බෞද්ධ භික්ෂූන් සමඟි වැ සමූහ වැ වසන හෙයින් ඔවුනට ‘සඞ්ඝ’ යනු විශෙෂ නාමයෙක් වියැ. සිංහලයෙහි ‘සඟ’ යනු විශෙෂයෙන් බෞද්ධ භික්ෂූහුට නමෙක් වේ. ‘සඞ්ඝයා’ යි කීකලැ එකකු ගැන්ම ද සිංහලයට හුරු යැ. එ හෙයින් සඟහු - සඟන්
216 විවරණය
යනාදිය බහ්වර්ථවය දීමට යෙදේ. මෙහි පළමු වැනි ‘සඟ’ යනු භික්ෂූ පර්යාය යි. දෙවැන්න සමූහ පර්යාය යි. එ හෙයින් පුරාණ සන්නය ‘භික්ෂූ සඞ්ඝ තෙමේ’ යන අර්ථනය දෙයි. පිටපත්හි ‘සහ සඟ’ යනු යැ මෙ තන්හි එනුයේ. 4. වැඩි –– ‘නික්මිණි’ යනු යැ මෙයට පුරාණ සන්නය දෙන අරුත.
158
අන්වය : –– සහස්රස් සිය රස් හකුළුවා, ගන රන් සත් සිරි දෙමින් නුබ තෙලේ රඳනා, ලොවැසි බැලූ.
පදාර්ථඳ : –– සහස්රසරශ්මිහු ස්වකීය රශ්මි සඞකුවිතකෙටැ, ඝන ස්වර්ණ ච්ජත්රස ශ්රී්ය ප්රැකාශ කෙරෙමින් නහස්ථලයෙහි රඤ්ජමාන වනු, ලෝක වාසීහු නැරැඹූහ.
විස්තර : –– බුදුන් කෙරෙහි ගෞරවයෙන් සූර්යා ස්වකීය රශ්මිය හකුළුවාගෙනැ ආකාශයෙහි අඛණ්ඩ වැ බැබැළුණේ යැ. එ හෙයින් හේ ගන රනින් කැරුණු ජත්රෙයක් මෙන් වී යැ.
ටිප්පණී: –– 1. ලොවැසි –– ‘ලොවැසියෝ’ යැ යි කියැ යුතු තැනි. කවි භාෂායෙහි නාමයෙන් විබත් නො ගෙනැ මැ බහුවචන උක්තය වැ සිටුනා සැටි මෙහි පෙනේ.
159
අන්වය : –– මහ පිසැ සකස් කැරැ, නන් කුසුමන් ඇරැ ඉසිමින්, හිම පවන්, පෙරටු කැරැ පා වැටමට, දිවූ වන්.
පදාර්ථක : –– මාර්ග ය හැමඳැ සකස් කොටැ, නානාවිධ කුසුමයන් පමුණුවා විකිණි
කෙරෙමින්, ශීතල මාරුතය තෙමේ, පළමු වැනි වැ පාද සෙවාව සඳහා, දිවුවා වැන්නේ යැ.
විවරණය 217
විස්තර : –– බුදුන් මඟට බට කලැ, සිසිල් මද පවනක් නැඟී අවුත්, මඟ පිසැ සකස් කොටැ, මල් ඉසිති යි යෙති.
ටිප්පණී: –– 1. පෙරටු කැරැ –– අනෙකකු අවුත් ඒ සේවාව කරන්නට පෙරෑ 2. හිම පවන් –– මෙහි ‘හිම’ යනු ගිතලාර්ථවය දෙන්නට යෙදිණ. 3. පා වැටමට –– මෙහි ‘වැටම’ නම් උපසථානය යි. වට + උම් = වැටුම්. වැටුම් + අට = වැටුමට = වැටමට.
160
අන්වය : –– මහ වෙලෙ. මිහි තෙලේ පොද දල හිසැ, රජ පබඳ ඔබා, නුඹ වසා, නිල් වියන්, එව් වහා වතළ.
පදාර්ථී : –– මහා වලාහක තෙමේ, මහී තලයෙහි සීකර සිඤ්චනය කොටැ, රජඃ ප්රයබන්ධය මර්දනය කොටැ, ආකාශය වසා, නීල විතානයක් මෙන්, ක්ෂණයෙහි ව්යා ප්ත වී යැ.
ටිප්පණී: –– 1. ඔබා –– ‘ඔබ’ ධාතුව මැඬුම්හි ද වැෙට්. ‘රජ පබඳ’ ඔබනු නම් දුලි නැඟීම වැළැක්වීම යි. ඒ සඳහා කළ යුතු බිමැ දිය ඉසීම යැ. 2. රජ පබඳ –– ‘රජ’ (රජස්) යනු දුහුලියට නමි. නොකඩ වැ පවත්නේ ‘පබඳ’ (ප්ර බන්ධ) නමි. 3. පොද දල –– පිටපත්හි එනුයේ ‘පොද ජල’ යනු යි. ‘දල දර’ යනාදි තන්හි ජලාර්ථලයෙහි ‘දල’ යනු මැ යෙදුණු හෙයින් මෙහි දු එයට ඉඩ දෙන ලදි. 4. වතළ වහා –– වහා වතළ. වහා පැතුරුණේ යැ. පිටපත්හි මේ සඳහා එනුයේ ‘හොතත’ යනු යැ. සන්නය ‘ක්ෂණයෙහි ව්යාහප්ත වී’ යන අර්ථ්ය දෙයි. පෙළ සන්නය හා සැසඳෙන ලෙසක් නොදක්නමෝ ‘වතළ වහා’ යන්න ගතුමු. ‘වහා විතත’ යන්න ගන්නට සිතුණ ද ‘විතත’ යනු හෙළුවට නුහුරු වන හෙයින් පැකුළුණම්හ. ‘වහා’ යන තන්හි ‘ව’ යන්න වෙනුවට කොම්බුව ලියැවෙනු නොබැරි යැ. ‘වහා චිතත’ යනු ‘හොතත’ වන්නට තවත් කළ යුත්තේ ‘වි’ යන්න හෙළීම පමණෙකි.
522 – H
218 සස දා
අන්වය : –– එ දා සැණ කෙළි නැටුම් ලිය ගි නන් පුද දැකැ අසුර සුර නා තමන් සිය ලෙව් ඉසුරේ දොළ හළ.
පදාර්ථි : –– ඒ දිනයෙහි ක්ෂණ ක්රී ඩා ද නෘත්යද ද ලයාන්විත ගීත ද නානා පූජා ද දැකැ, අසුරයෝ ද සුරයෝ ද නාගයෝ ද, තමන් ගේ ස්වකීය ලෝක සම්පත්තියෙහි දොහලය හළුවාහු යැ.
විස්තර : –– සුරාසුර - නාග ලොකවලැ ඓශ්චර්යය එ දා එ තන්හි වූ සැණ කෙළි නැටුම් ලිය ගි පුද යනාදියට පැරැදුණු බව යැ මෙයින් කියැවුණේ.
ටිප්පණී : –– 1. සැණ කෙළි –– ක්ෂණ ක්රී ඩා. සකුයෙහි ‘ක්ෂණ’ යනු ‘ඊක්ෂණ’ (බැල්ම) යන්නෙන් වූයේ යැ යි කියති. එ හෙයින් බැලීමට (ඇස හැරීමට) යන තරම් සුළු කාලය ‘ක්ෂණ’ නම් වේ. දින නියමයක් ඇති වැ කැරෙන උත්සවයට ද මේ නම යෙදේ. හෙළුයෙහි වනාහි දින නියම උත්සවය ‘සැණ’ නම් වේ. මොහොතට ‘කණ’ ‘සැණ’ යන දෙ නම මැ යෙදේ. 2. ලිය ගී –– සකුයෙහි ‘ලය’ නම් නෘත්යු - ගීත - වාද් නයන් ගේ එකතාන ස්වරූප වූ සාම්යනය යි. තාන නම් තාලයයි. ‘ලය’ යනු හෙළුයෙහි ‘ලිය’ වෙයි. ලයයෙන් යුක්ත වූ ගිතය ‘ලිය ගී’ නමි. 3. සුර සුර නා –– නාම ප්රිකෘතිය මැ පළමු වන විබත් බුහුබස ගත් සේ යෙදුණු තැනි.
162
අන්වය : –– ඉති මහ පෙළහර කෙරෙමින් ගොයුම් හිමියා වඩුතු, සස්නේ පහන් එ උවස් දන් සඳ වඩා, –– (අනතුරු පැදිය හා සබඳි.)
විවරණය 219
පදාර්ථ : –– මෙ සේ මහා ප්රාගතිහාර්ය දක්වමින් ගෞතම ස්වාමිහු පැමිණි කල්හි, ශාසනයෙහි ප්ර–සන්න වූ ඒ උපාසක තෙමේ දනච්ඡන්දය දියුණු කොටැ, –– (අනන්තර පද්යවය හා සම්බන්ධ යි.)
ටිප්පණී: –– 1. වඩුතු –– ‘වඩනා කල්හි’ යනු පුරාණ යන්න යි. නො යෙදේ. වඩනා කල්හි මඟැ දී මැ කවර දන් දීමෙක් ද? 2. දන් සඳ –– දන් අදහස. දන් දීමට ඇති කැමැත්ත. පිටපත්හි මේ ‘සඳ’ යන්නට පසු වැ තව ද අකුරෙක් පෙනේ. ඇතැමෙකැ ඒ ‘හා’ යන්න යි. ඇතැමෙකැ ‘ගා’ යන්න යි. හළුමු.
163
අන්වය : –– පිනි රස බොදුනින් යුත් නන් වතුන් සපයා, සහ සමඟ සැහැ නා වඩා හිඳුවා, එ එළැවී.
පදාර්ථ : –– ප්රුණීත රස භොජනයෙන් යුක්ත වූ නානාවිධ වස්තූන් සම්පාදනය කොටැ, සඞ්ඝයා සමඟ ශාක්ය නායකයා ඇතුළු කොටැ අසුන් ගන්වා, එය පිළිගැනිවී යැ.
විස්තර : –– අවුල් තැනෙකි. ‘නන් වතුන්’ යන්නට සන්නය ‘අනෙකවිධ වූ දානොපකරණ වස්තු’ යන අරුත දෙයි. එහි පෙළ ‘නන් දන් වතුන්’ යනු වී ද යනු විමැසියැ යුත්තෙකි.
පිටපත් ‘එළමින්’ යන්නක් ගෙනැ ‘ඒ දාන ද්රතව්යව එළැවූයේ යැ’ යන අරුත පවසයි. (ඇතැම් පිටපතෙකැ ‘ළ’ ‘මි’ දෙ අකුර අතරෙහි ‘ව’ යන්නෙක් පසු වැ හෙළන ලද්දේ යැ.ඇපි ‘එ එළැවි’ යනු පාඨය කොටැ ගතුම්හ.)
ටිප්පණී: –– 1.පිනි –– දැන් වහරෙහි දු මේ ලැබේ. ‘මාළු පින්න’ යනාදි තන්හි යැ. 2. සැහැ නා –– ශාක්යා වංශයට නායක වන බැවින් බුදුනට මේ නමි. පිටපත්හි ‘හැස නා’
220 සස දා
යනු පෙනේ. ලියන්නන්ගේ වණ පෙරැළියෙකැ යි සැලැකියැ හැකි. 3. වඩා හිඳුවා –– මෙහි ‘වඩා’ යනු ‘ගෙට ඇතුළු කරවා’ යන අර්ථිය දෙන්නට යෙදිණ. 4. එළැවී –– ඉදිරියට පැමිණැවී.
164
අන්වය : –– සලමුතු පුල් පියුම් මැද රඳනා හස් රජ මෙන්, එ දා, සමුනි මුනි රජ ඔහු හට මහ කුලුණු කෙළෙ.
පදාර්ථජ : –– නිශ්චල වූ ඵුල්ල පද්මයන් මධ්යෙයෙහි බබළන්නා වූ හංස රාජයා මෙන්, එ දවස්, මුනීන් සහිත වූ මුනි රාජ තෙමේ ඔහු හට මහා කරුණා කෙළේ යැ.
ටිප්පණී: –– 1. සලමුතු –– සල (සෙලැවීම) මුතුයේ (හළුයේ) සලමුතු යි. ‘නිශ්චල වැ හුන්’ යන අරුත දෙන්නට යෙදිණි. එහි සඟහු නිසල පියුම් මෙන් වැඩැ හුන් හ. 2. හස රජ ––බුදුහු පියුම් මැදැ හස රජ මෙන් සඟුන් මැදැ වැඩැ හුන් හ. 3. මහ කුලුණු කෙළෙ –– දන් වැළැඳු බව මේ කී සැටි යැ. බුදුන් එ දන් පිළිගෙනැ වැළැඳීම උපාසකයාට මහා කරුණාව දැක්වීමෙකි. 4. සමුනි මුනි රජ –– පුරාණ සන්නයෙහි ‘එ මුනි රජ’ යන්නට ‘එ මුනීන් හා මුනි රාජයා’ යන අරුත දෙන ලද.
165
අන්වය : –– යළි, නෙ ගුණ නදන් බුදුපාමොක් මහ සඟනට අනැඟි පිරිකර දෙවා, නන් විසිතුරු පුද කරත්, –– (අනතුරු පැදිය හා සබඳී.)
පදාර්ථෙ : –– නැවැතැ, අනෙකගු - ණ - නිධාන වූ බුද්ධප්රනමුඛ මහා සඞ්ඝයාට අනර්ඝ වූ පරිෂ්කාර දී, නා නා විචිත්රැ පූජා කරන කල්හි, –– (අනන්තර පද්යූය හා සම්බන්ධ යි.)
ටිප්පණී: –– 1. නදන් –– නිධානයට මේ හෙළුයෙහි නමෙකි. ‘නිදන්’ යනු යැ දැන් වහරෙහි එනුයේ. 2. බුදු පාමොක් –– බුදුන් පාමොක් (ප්ර්මුඛ –– පළමු වැනි ) වූයේ
විවරණය 221
යමකුනට ද ඔහු බුදුපාමොක්හු. 3. ෙදවා –– ‘දෙ’ (දීමෙහි’) ධාතුව ‘බල’ ආදි ගණ ද ‘බස්’ආදි ගණද වෙයි. ‘බල’ ආදි වු තන්හි ධාතු ප්රරත්ය ය දෙක මැදැ ‘ව’ වෙයි. දෙවා - දෙවති -දෙවී- දෙවු. මෙහි ‘ව’ යන්න ප්ර යුක්තාර්ථැය නො දේ. දේ- දෙති- දිනි- දුනි- යනු යැ ‘බස්’ ආදි වූ තන්හි වරනැඟිල්ල. 4. අනැඟි –– ‘අනඟි’ යනුත් පාඨ යි. අගුව –– (මිල නියමය) නොවනුයේ යමෙක්හි ද ඒ අනඟු. අනඟු මැ අනැඟි. ‘අඟු’ යන තන්හි නොවන අනුනාසිකත්වයෙක් ‘අනඟු’ යන තන්හි කෙසේ වීද ? මේ සිංහල රීතියෙකි. ප්ර්කෘතියෙහි නැති අනුනාසිකත්වයෙක් සමාසයෙහි ඇතැම් විටැ පැමිණේ.
මහත් වූ අගුව යමෙක් හි ද ඒ මහඟු.
එක් වූ අග (කෙළවර) යමෙක්හිද ඒ එකඟ.
වියෙහි ලද විලඳ.
බොහෝ ළද බොළඳ.
දුකින් ලැබියැ යුතු බල යමෙකැ ද ඒ දුඹුල්.
5. පිරිකර –– පරිෂ්කාර. ශ්ර්මණයනට වුව මනා සිවුරු ආදිය. පිරිකර අටෙකි. තුන් සිවුර, පටිය, පාත්රරය, පෙරහන, ඉදි කටුව, කරය.
166
අන්වය : –– එතර, බෝ සත් සස් කැරැ ගඟ හිස් අළ රන් පා පෑ, හිරු නිල් අඹුරින් කෙමෙන් අවරන් පත්.
පදාර්ථ් : –– එ විටැ, බෝධිසත්ත්වයා සත්යාක්රියයා කොටැ ගඟ හිසට හළුවා වූ ස්වර්ණෙ පාත්ර්ය දක්වා, සූර්ය තෙමේ නීලාම්බරයෙන් ක්රයමයෙන් අපරාන්තයට පැමිණියේ යැ.
විස්තර : –– අපරාන්තයට පැමිණෙන කලැ සූර්යයා රන් වන් (රතු) වූ බව යැ මේ කියැවුණේ. සුජාතාවන් කිරි
222 සස දා
පිඬු ලා පිළිගැන් වූ රන් පය බෝධිසත්ත්වයෝ නෙරඤ්ජරා නදියෙහි උඩු හොයට යැවූ හ. ඒ වේළෙහි සූර්යයා ඒ හළ රන් පයෙහි ආකාරය දැක්වී යැ.
ටිප්පණී: –– 1. එතර –– සුජාතාවන් ගේ කිරි පිඬු පිළිගත් දවස් 2. ගඟ හිස’ළ –– ගඟ හිස් අළ. ගඟ හිස්හි (හිසට ) හළුවා වු. මෙහි ගඟ හිස් නම් ගඟ පටන් - ගන්නා දෙස යි. ‘අළ’ යනු ‘හළ’ යන්නෙහි ‘හ’ ලෝපයෙන් වූයේ යැ. 3. සස් කැරැ –– මෙහි ‘සස්’ නම් සත්ය‘ක්රි යා යැ. සත්ය වූවක් හෝ සත්යන වන්නට සිටියක් හෝ සඳහන් කොටැ යම් කිසිවක් සිදු වනු සේ පැතීම සස් (සත්යසක්රිකයා) නමි. ‘මම බුදු වෙම් නම් මේ රන් පය උටු ගං බලා යේ වා, නො වෙම් නම් යටි ගං බලා යේ වා’ යනු යැ එදා බෝසතුන් කළ සස්. 4. අවරන් –– අපරාන්තය. අපර (බස්නාහිරි) දිශායෙහි කෙළවර යැ අපරාන්ත නම්. හෙළුයෙහි ‘අවරන්’ යනුවෙයි. ‘අවරත්’ වියැ යුතු සේ නො පෙනේ ද ? පෙනෙ යි. එහෙත් පුරාතන මහා ශූරයෝ ‘අවරන්’ යනු වෙනස් නො කළ හැකි සේ යෙදූ හ.
‘සිතු මින් සෙ යි න් සි රි දු න් එ හිමි න් ව ඳි නේ කිහ මින් ග ම න් සු මු ගන් මින් මන් න ඳි නේ නුබ මින් ගොසි න් අ ව ර න් ගිරි වන් ස ඳි නේ නුබ මින් යෙ මි න් ගෙ උ ය න් ව ඳි මින් ල ගි නේ’
(මයුර )
167
අන්වය : –– හිරු, අත් ගිරි රජ සිළු මිණි සිරි අතරක් රැපෑ, අවරන් විලැ හී, මිණිමුතු තඹුරැ සිරි ගත්.
පදාර්ථත : –– සූර්ය තෙමේ, අස්ත පර්වත නමැති රාජයා ගේ ශිඛා මාණික්යි ශ්රී්ය ඇසිල්ලක් ප්ර–කාශ කොටැ, අපරාන්ත තටාකයෙහි වැටී, ප්රකබුද්ධ තාමරසයෙකැ ශ්රීයය ගත්තේ යැ.
විවරණය 223
ටිප්පණී: –– 1. රැපෑ –– ඇරැපෑ. ඇරැ යන්නෙහි අර්ථපය ‘ඉදිරියට ගෙනැ’ යනු යි. ‘පෑ’ යනු ‘දක්වා’ යන අරුත දෙයි. 2. අතරක් –– ‘ඉතා සුළු කාලයක්’ යන අර්ථකය දෙන්නෙකි. ‘අතුරු’ නම් අතරෙහි වන කාලය යි. කටයුතු දෙකක් අතරෙහි දී යම්තම් ලැබෙන ඉඩය මෙහි අතුරු නමි. 3. අවරන් විලැ –– ‘අවරන් සයුරු විලැ’ යැ යි කියැ යුතු තැනි. ‘විලැ’ යි යි ජලාශය වාචි නාමයක් ගැනුණු හෙයින් ‘අවරන්’ යනු කී පමණෙකින් මැ එහි වූ ජලාශය ගැනේ.
168 අන්වය: –– නවා ගැන්මට රුකැ කර දිගු කැරැ හුන් සිකි. හිරු ගිය හොයි සැඟැ අවර දික් බලන අඳුරු වන්.
පදාර්ථව : –– නවා තැන් ගැනීම පිණිසැ වෘක්ෂයෙහි දී ග්රීයවාව දීර්ඝ කොටැ හුන්නා වූ මයුර තෙමේ,සුර්යා ගියේ දොහෝ යි සැඟැවී අවර දිශාව බලන්නා වූ අනධකාරය වැන්නේ යැ.
විස්තර : –– ගසෙහි ලැගීමට පැමිණැ මොනරා අවර දිශාව බලා කර දිගු කොටැගෙනැ හිඳී. මොනරා අඳුරු කැටියක් වැනි යැ.ගසෙහි ලැගැ හුන් හෙයින් සැඟැවුණු සේ සැලැකේ. සූර්යා අවරෙහි හෝ වේ නම් එ තෙක් මැ අඳුරට නිදහසෙක් නැති. එ හෙයින් සතුරා එ තැනිනුත් ගියේ දැයි පිරික්සීම අඳුරට සුදුසු මැ යැ.
ටිප්පණී : –– 1. නවා –– නිවාසය. නැවැතීම. ‘නිවහ’ යනු නිවාසයට නමි. නිවහ = නවහ = නවා. 2. සැඟැ –– ‘සඟ’ (මුවා වීමෙහි ) ධාතු යි. දැන් වැහැරැවෙනුයේ මේ ධාතුයෙන් ප්රහයුක්ත විෂයයෙහි ‘ව’ විකරණය වැ නිපන් ‘සඟව’ යනු මැ යැ. එ හෙයින් එ කලැ ‘සැඟැ’ යනු මේ කලැ ‘සැඟැවී’ වෙයි. ක්ෂයාර්ථනයෙහි ‘ගෙ’ ධාතුවට ලැබුයේ ද මේ දශාව මැ යි. එ කලැ ‘ගෙයි’ යනු සඳහා මෙ කලැ ‘ගෙවෙයි’ යනු මැ යෙදේ.
224 සස දා
169
අන්වය : –– දනා මන, පුරුද්දන් හැරැ නව යොනන් දෙසැ මෙන්,බිඟු කැල, පියුමන් දැහැ, වන මලට යාගත්.
පදාර්ථම : –– ජනයා ගේ සිත, පරිචිතයන් හැරැ අභිනව යුවතියන් දෙසට (යන්නා) සේ, භෘඞ්ග සමූහ තෙමේ, පද්මයන් හැරැ අරණ්යය කුසුමයට ගියේ යැ.
විස්තර : –– සවසට පියුම් හැකිළේ. භෘඞ්ගයෝ ඒ කලැ එය හැරැ වන මලට යෙති. මිනිසුන් ගේ සිත් පුරුදු ගැහැනුන් හැරැ අලුත් තරුණියන් දෙසට යන්නා වැන්නැ.
‘පු ලා කමල මුවරඳ පිණිසැ වැසි දිනා ම ලා ගියෙන් දද රද මෙරද වැදැගෙනා ලො ලා වෙමින් බමරුන් තම වෙතට එනා බ ලා වෙනේ ලිය ගත මල් මුවිනි සිනා’
යැ යි සිරි රහල් හු බමරුන් ගේ මේ නොමනා සිරිතට වන ලියන් ලවා සෙවති.
ටිප්පණී: –– 1. යාගත් –– මෙහි ‘යා’ යනු ‘යා’ ගමන්හි දයින් වූ පූර්ව ක්රිපයා නිපාත යි. එය හා ‘ගන්’ ධාතුව හා එක් වීමෙන් ‘යාගන්’ යන සංග්රහහ ධාතුව නිපදී. 2. යොන –– යුවති (තරුණි) යන අරුත දෙන්නට පෙරැ හෙළුයෙහි යෙදුණේ මේ යැ. මෑතෙකැ දී ‘යෝන’ යනු යෙදෙන්නට වී යැ.
‘සත් සතුටු වත් නොපටු සිත් වඩති යෝනෝ’ (මයුර)
‘දද යෝන හා එ දවස’ (කව්සේකර)
170
අන්වය : –– දවස් ඉඳු, රුදු අවර ගිරි මත් වරණ අරා දැමූ සුරත් මුව පට විලසින්, සඳ පැහැ පතළ. විවරණය 225
පදාර්ථ් : –– දිවසෙන්ද්රයයා විසින්’ මහත් වූ අවර පර්වත නමැති මත්ත හස්තියාට ආරූඪ වැ, දමන ලද්දා වූ අතිරක්ත මුඛ පටයේ ආකාරයෙන්, සන්ධ්යා ප්රතභාව ව්යා ප්ත වී යැ.
ටිප්පණී: –– 1. දවසිඳු –– දවස් + ඉඳු. මේ දිනිඳු යන්නට සමාන යැ. සූර්යයාට නමි. 2. මුව පට –– ඇතුන් ගේ කුඹ මත සිටැ මුඛය වසා - ලූ වස්තුය මුව පට යි. සැරැසිල්ලෙකි.
‘අඩ සඳ රන් බුබුළු ලකුළු විසිතුරු මුව පට බඳිමින’
(නව කුස දා)
171
අන්වය : –– පැදුම්තම කඳ උතුළ,පැළ සඳ පැහැ හිවි ගුවන්, පසැ නව තඹ වතුරු ඔත දලනිදු පළ පුවළ හළ.
පදාර්ථඔ : –– ප්රාඋචීනයෙහි තමඃස්කන්ධය ඉතුරුණා වූ, පශ්චිමයෙහි සන්ධ්යාම ප්රරභාව ගැවැසුණා වු ගගනය (තෙමේ,) පර්ශ්වයෙකැ අභිනව තාම්රව ප්රශවාහය වන්නා වූ ජලනිධිහු ගේ ව්යුක්ත වූ ප්රෙඪීය දුරු කෙළේ යැ.
විස්තර : –– අහසෙහි එක් පසක් අඳුර නිසා කළු යැ අනෙක් පස සැඳැ පැහැය නිසා රතු යැ. එ හෙයින් ඒ එක් පසෙකැ නිල් දිය ද අනෙක් පසෙහි ගලා ගිය අලුත් මඬ දිය ද ඇති මුහුද වැන්නැ.
මේ නම් කුමාරදාසයන් කල් තබා මැ දුටු අරුතෙකි.
‘සන්ධ්යායා ච පරිරුද්ධමග්රාතො වාසරස්යධ විගමෙ ඝනං තමඃ භාති සින්ධූජලහින්නමෙකතඃ ප්රා වෘෂීව සලිලං පයොනිධෙඃ
[ වාසරස්යෘ විගමෙ –– දිනයා ගේ පහ වැ යාමෙහි, අග්රරතඃ සන්ධ්යවයා ච පරිරුද්ධම් –– ඉදිරියෙහි සන්ධ්යාරව විසිනුදු වළකන ලද්දා වූ, ඝනං තමඃ –– ඝන වූ අන්ධකාරය තෙමේ, 226 සස දා
ප්රානවෘෂී –– වැසි කල්හි, එකතඃ –– එක් පසෙකින්, සින්ධු ජල හින්නම් –– නදී ජලයෙන් හින්න වූ, පයොනිධෙඃ සලිලං ඉව –– සාගරයා ගේ ජලය මෙන්, භාති –– හොබී. ]
ටිප්පණී: –– 1. උතුළ –– ‘උතුර’ දයින් වූයේ යැ. 2. පැදුම් –– නැඟෙනහිරි දෙසට නමි. ‘පැදුමැ’ යි කියැ යුතු තැනි. 3. පැළ –– බටහිරි දෙසට නමි. ‘පැළැ’ යි කියැ යුතු තැනි. 4. හිවි –– අකර්ම ක ‘හුව’ (ගැවැසීමෙහි) දයින් වූයේ යැ. ‘හුව’ ධාතු උස් වීමෙහි දු වැටේ. 5. පසැ –– පිටපත්හි ‘පසෙ’ යනු එයි. 6. නව තඹ වතුරු ––අලුත් වැස්සෙන් මඬ වු දිය පහර. මඬ පැහැය ද තඹ පැහැය ද සම යැ. 7. පළ –– ස්ඵුට (ව්යාුක්ත වැ පෙනෙන.) 8. පුවළ හළ –– ‘ප්රෞසඪීය දුරු කෙළේ යැ’ යි කී කලැ හැඟෙනුයේ පැරැදැවූ බව යි.
172
අන්වය : –– සහතර - තරු- සඳ - පැහැ - අඳරින් හිවි ගුවන් ලෝ රුක් කුසුම් - පලු - නිල් - පත්නෙන් සැදු වන එව්.
පදාර්ථ : –– සප්ර-භතාරකා –– සන්ධ්යාැ –– ප්රනභාන්ධකාරයෙන් ගැවැසුණා වූ ගගනය, ලෝක නමැති වෘක්ෂය කුසුම පල්ලව- නීල -පත්ර යෙන් සැරැසුවා වූ ලෙස මැ සිටි වැනි යැ.
විස්තර : –– අන්ධකාරයෙන් ගැවැසුණා වූ ආකාශය ලෝක නමැති වෘක්ෂයේ නිල් කොළින් ගැවැසුණා වැනි යැ. එක් පසෙකැ තව මැ නො නැසී පවත්නා සන්ධ්යාො ප්රණභාව ලෝ රුකෙහි දළු මෙන් දිසෙයි. සඳ කැලුම් එහි මල් වැනි යැ.
ගුවන ලෝ රුකෙහි කුසුම - පල්ලව - නීලපත්රෙයෙන් සැදු සැටියේ පවත්නා වැනි යැ, වෙනසක් නුවූ සැටි යැ.
ටිප්පණී: –– 1. සහතර - තරු - සඳ - පැහැ - අඳරින් –– තර සහ වූයේ යමෙක් ද හේ සහතර. සහතර ද හෙ මැ තරු ද හෙ මැ නුයි සහතරතරු සඳෙහි පැහැ සඳපැහැ. සහතරතරු ද සඳපැහැ ද අඳර ද සහතරතරු - සඳපැහැඅඳර.
විවරණය 227
ඉන් සහතරතුරු සඳ පැහැඅඳරින්. 2. සැදු වෙනව් –– සැදු වන එව්. මේ ‘වන’ යන්නෙහි අර්ථ ය මැනැවින් වටහාගත යුත්තේ යැ. දැනුදු වහරෙහි මේ එයි. උපන් වන මැ –– සිටි වන මැ –– යනාදි තන්හි උපන් සැටියට මැ –– සිටි සැටියට මැ –– යැ යි කියුව ද අරුත නොවෙනසි. ‘එව්’ යනුත් ‘වන’ යනුත් එකාර්ථ නො වේ ද? ‘උපන් වන මැ මෙන් ඉන්නේ’ යැ යි කියූ කලැ ගත යුත්තේ ‘උපන් සැටියේ යම් සේ ඉඳී ද එ මෙන් ඉන්නේ’ යන අරුත යි. පුරාණ සන්නය ‘සජ්ජිත වූවාක් මෙනි’ යන අරුත දෙයි. ‘සජ්ජිත වූ’ යන අරුත දෙන්නට ‘සැදු’ යනු නොපොහොසති. ‘සැදි’ ‘සැදුණු’ යන දෙකින් එකෙක් නම් පොහොසති. ‘වනෙව්’ යන්නෙහි’ ගැටය ඉනුදු නො ලිහේ. 3. කුසුම් - පලු- නිල්- පත්නෙත් –– නිල් වූයේ ද එ මැ පත් වුයේ ද එ මැ නිල්පත්. කුසුම් ද පලු ද නිල්පත් ද කුසුම්පලුනිල්පත්. එයින් කුසුම්පලු - නිල්පත්- නෙන්.
173
අන්වය : –– ඒ සඳා කිරි සයුරු සිලිලත්නි නැඟි පුන් සඳ නුබ හඹා, නැබ පියුම් හරණින් දනා නෙත් ගත්.
පදාර්ථ : –– ඒ කාලයෙහි ක්ෂිර සාගර සලිලාන්තරයෙන් නැගුණා වූ පූර්ණ චන්ද්ර තෙමේ, ආකාශාරූඪ නාභිපද්මාකාරයෙන් ජනයා ගේ ඇස් ගත්තේ යැ.
විස්තර : –– අහස නිල් හෙයින් විෂ්ණුහු වැන්නැ, එ මැදැ වූ සඳ මඬල විෂ්ණුහු ගේ නැබ පියුම වැන්නැ.
ටිප්පණී: –– 1. සිලිලත්නි –– ඇතැම් පිටපත් ‘සිලිලත්’ යනු ද ඇතැමෙක් ‘සලිලන්’ යනු ද පාඨය කෙරෙයි. සියල්ල ‘ක්ෂීර සාගර ජලාභ්යවන්තරයෙහි’ යන අර්ථසය දෙයි. 2. පුන් සඳ –– පිටපත් ‘සඳ’ යන්න පාඨය කොටැ
228 සස දා
‘පූර්ණ චන්ද්රැ තෙමේ’ යැ යි අරුත් පවසයි. 3. හඹා –– ‘සපයා හෙවත් ආරූඨ වැ, යන අරුත යැ පුරාණ සන්නය දෙනුයේ.
174
අන්වය : –– නුබ දෙරණ අත් රැසින් පුරා දිසි සුපුන් සඳ, විමල් කිරි මුහුදු මැදැ පළ පිඬු විලස් පෑ.
පදාර්ථළ : –– ආකාශය ද පෘථිවිය ද අතර රශ්මියෙන් පුරවා දෘශ්යපමාන වූ සම්පූර්ණ චන්ද්ර තෙමේ, නිර්ම ල ක්ෂිර සමුද්රෘ මධ්යායෙහි ව්යනක්ත වූ ඵෙණ පිණ්ඩ විලාසය දැක්වි යැ.
විස්තර : –– අහසත් පොළොවත් අතරෙහි සඳ රැස් පිරි සිටි කලැ. ඒ කිරි මුහුද මෙන් වේ. අහස් මුදුනෙහි වූ පුන් සඳ කිරි මුහුද මැදැ පෙණ කැටියක් මෙන් වෙයි.
175
අන්වය : –– එ සඳැ, යුගඳුරු ගිරි මුදුන් ලකළ ළ හිරු විලසින්, උවස් අස්න අරා, මුනි රජ වැහැප් බැබැළි.
පදාර්ථර: –– ඒ කාලයෙහි, යුගන්ධර පර්වත මස්තකය අලඞ්කෘත කළා වූ අභිනව සූර්යයා ගේ විලාසයෙන්, උපාසකාසනාරූඪ වැ, සර්වඥ රාජොත්තම තෙමේ, විරාජමාන වී යැ.
ටිප්පණී: –– 1. උවස්සන –– උවස් අස්න. උපාසකයා විසින් පනවන ලද ආසනය. 2. මුනි රජ වැහැප් –– ‘වැහැප්’ (වෘෂභ) යනු මෙහි උත්තම පර්යාය යි. සිංහ- ව්යාවඝ්ර– - වාරණ - හංස - යනාදිය ද උත්තම පර්යාය වේ. 3. බැබැළී –– මෙහි ‘බබළ’ ධාතු ‘බල’ ආදි පර පද යි.
විවරණය 229
176
අන්වය : –– සහසැස්, සොම්නසැ ගැලෙමිනි, මුනිඳු දෙසෙහි නැමෙම්නි. පැදුම් දෙසට අරකට සැහී සිටැගත්.
පදාර්ථ : –– සහස්රා ක්ෂ තෙමේ, සන්තොෂයෙහි ගිලෙමින්, මුනින්ද්රඋයා ගේ දීශාවට නැමෙමින්, ප්රුවීන දිශාවට ආරක්ෂා පිණිසැ සාහසික වැ සිටගත්තේයැ.
විස්තර : –– බෞද්ධ සමයයෙහි එන පරිදි ශක්රසයා දිශාධිපතියෙක් නො වේ. චාතුර්ම්භාරජජික ත්රියස්ත්රිංෂශත් යන දිව්යා ලෝක දෙකට මැ අධිපති යැ. ධෘතරාෂ්ට්රෙ විරෑඪ විරූපාක්ෂ වෛශ්රරවණ යන සතර වරම්හු යැ සිවු දිගට අධිපතියෝ. සංස්කෘත කවි සමයයෙහි වනාහි,
‘ඉන්ද්රොමවහ්නිඃපිතෘපතිර්නෛරෘතො වරුණො මරුත් කුවෙර ඊශඃ පතයඃ පූර්වාදිනාං දිශාං ක්රනමාත්’
යනුයෙන් පූර්වාදි අෂ්ට දිශාවට ක්ර්මයෙන් ඉන්ද්රු, අග්නි, යම්, නෛරෘත, වරුණ, වායු,කුවෙර, ඊශ යන මොවුන් අධිපති බව කියැවිණ. ඒ මතයෙන් ඉන්ද්රා, යම, වරුණ, කුවෙර යන මොහු යැ සතර මහ දිගට අධිපතියෝ. සස දා කාරයෝ කවි සමයයට අනුවැ යෙති.
ටිප්පණී : –– 1. සහසැස් –– සහසක් ඇස් වනුයේ යමකු හට ද හේ සහසැස්. ශක්රරයා. ඔහු සහසැස් වූ පරිදි මුවදෙව් දා විවරණයේ 88 වැනි ගීයට ලියූ 4 වැනි ටිප්පණීය බලා දන්නේ යැ.
177
අන්වය : –– ඉක්බිති, දකණ දසට එක් මැති යම දෙවි දෙවි ගණ යුත් වැ, උවදුරු දුරින් දුරැ ලා, රැකවල් ගත්.
පදාර්ථ : –– අනතුරු වැ, දක්ෂිණ දිශාවට අසහායාමාත්යව වූ යම දෙව තෙමේ. දෙව සමූහයා යුක්ත වැ, උපද්රණව දුරින් දුරු කොටැ, ආරක්ෂා ගත්තේ යැ.
230 සස දා
ටිප්පණී : –– 1. රැකවල් –– කවල් නම් රැක්ම යි රැ කැරෙන කවල් රැකවල් යැ. මෑතෙකැ දී මේ කවර රැක්මට වුව ද යෙදෙන්නට වි. 2. ඉක්බිති ––එක්බිතු = (‘තු’ යන්නෙහි ස්වරය පෙර රූ ගැනීමෙන්) එක්බිති = (‘එ’යන්න පර රූ ගැනීමෙන්) ඉක්බිති. ව්ය ඤ්ජන ද්වයයෙකින් ව්ය2වහි. වැ සිටි ස්වරයක් පර රූ ගැන්ම ඉතා විරල යැ. පෙරැ මැ ‘එක්බිති’ යනු යෙදුණේ එක මැ බිතින් (හිත්තියෙන්) වෙන් වූ ගෙවලට යැ. ගෙවල් දෙකක් අතර එක මැ හිත්තිය වේ. නම්, මෙ ගෙට ඒ එක්බිති ද එ ගෙට මේ එක්බ්ති ද වේ. ඒ දෙ ගෙය අතරෙහි වෙන අතරෙක් නැති. මේ අර්ථඑය බැලීමෙන් පසු වැ ‘එක්බිති’ යනු අනන්තරාර්ථ යෙහි නිපාතයක් ලෙස ද යෙදෙන්නට වි යැ. 3. එක මැති –– එක ඇමැති. වෙන සමාන අමාත්යලයකු නැති හෙයින් හේ එක මැති යැ. කා හට ඇමැති ද ? බෞද්ධ සමයයෙහි නම් සතර වරම්මු ශක්රවයා ගේ ඇමැත්තෝ යැ. මෙහිලා ශක්රියා පෙර දිගට ඇමැති වූයෙන් රජ නො පෙනේ. මහ රජ මැ පෙර දිගට ද අධිපති වැ සිටි සේ සැලැකියැ හැකි. 4. යම දෙවි–– දක්ෂිණ දිශාධිපති දෙවයා. හේ පිතෲනට අධිපති යැ. මෙහි ‘පිතෘ’ නමින් මියැ ගියාහු ගැනෙති. යම ඔවුනට අධිපති වෙයි. මළහු ගේ ශරීරයෙන් වෙන් වූ ප්රා ණය පළමු කොටැ යමයා වෙතට යෙයි. යමා ගේ චිත්ර ගුප්ත නම් පොතා ( Recorder ) ඔහු ගේ අග්රවසන්ධානී නම් පොතෙහි ලැයැවුණු පරිදි ඒ ප්රා ණයා ගේ චරිතය කියවයි. එයට අනුවැ යම තෙමේ තමා ගේ විනිශ්චයය කෙරේ. එයිනි ඒ ප්රාිණය දිව්යට ලෝකයට හෝ පීතෘ ලෝකයට හෝ දඬුවම් පිණිසැ යැවෙනුයේ. මෙ සේ ධර්මණධිකරණය කරන හෙයිනි යමයාට ‘ධර්මස’ ‘ධර්මපරාජ’ යනාදි නම් වනුයේ. මරණය කරන්නේ යැ යන අර්ථොයෙන් යමයාට ‘මෘත්යුක’ ‘කාල’ ‘අන්තක’ යනාදි නම් ද වෙයි. හේ රතු වත් හැඳැ, හැසැ කිරුළක් පැලැඳ, එක් අතෙකින්
විවරණය 231
පාශයක් (මල මුඩුවක්) ද අනෙක් අතින් දණ්ඩයක් ද ගෙනැ, මහිෂයකු පිටැ නැඟී එයි. මැරෙන්නහුගේ ප්රා’ණය අසු කොටැ ගැන්මට යැ පාශය. දණ්ඩය (දඬුව) අධිකරණ ලක්ෂණය යි. පාශයක් ඇති හෙයින් ‘පාශින්’ නාමය ද අඬු දරන හෙයින් ‘දණ්ඩධර’ නාමය ද ඔහුට යෙදේ. 5. දෙවි ගණ යුත් වැ –– මෙහි ‘දෙවි ගණ’ නම් පිතෘ දෙව සමූහයා යැ. පිටපත්හි එනුයේ ‘දෙවි ගණ යුත්’ යනු පමණ යැ. සන්නය ‘දිව්යැ සමූහයා යුක්ත වැ’ යන අර්ථ්ය මැ දෙයි.
178
අන්වය : –– පෙරැ මැ බුදුන් දස්, දෙස්නේ පහන් සිත් ඇති, සහබල දරුණු වරුණු වරුණු පැළ දිග වසා සිටැගත්.
පදාර්ථව : –– ආදියෙහි මැ බුදුනට දාස වූ, (ධර්ම) දෙශනායෙහි ප්රගසන්න චිත්තය ඇත්තා වූ සේනාව සහිත වූ දරුණ වූ වරුණ තෙමේ පශ්චිම දශාව රැකැ සිටැගත්තේයැ.
ටිප්පණී: ––1. පෙරැ මැ බුදුන් දස් –– වරුණ දෙවයා පෙරැ මැ බණ අසා බුදුනට දාස වූ බවෙක් මෙ සේ කියැවිණ. ඉන්ද්රාුදීහු එ සේ නුවු හු ද ? මේ විශෙෂණය අසථානප්රෙයුක්ත සේ යැ. ‘බුදුන්’ යන බහුවචන රූපය ද චින්ත්යණ යි. 2. ඇති –– පිටපත්හි මේ නො එයි. ‘පහන් සිත්’ යන පෙළට ‘ප්රයසන්න වූ සිත් ඇති’ යැ යි අරුත් පැවැසිණ. 3. දරුණු –– දාරුණ ! වීම බෞද්ධොපාසකත්වයට නොහොබනා හෙයින් දෝ පුරාණ සන්නය ‘ශත්රෑනනට භයඞ්කර වූ’ යැ යි පරිකථා කෙරෙයි. 4. වරුණු –– වරුණ දෙවයා. පශ්චිම දිශාධිපති ලෝකපාලයා. වෛදික දෙවයන් අතරෙහි වරුණ තෙමේ අතිපුරානයෙකි. සාමාන්යණ වශයෙන් ඔහු වෙදයෙහි සඳහන් වනුයේ මිත්රණයා හා සමඟ යැ. මිත්ර් දිවා භාගය ද වරුණ රාත්රිශ භාගය ද පාලනය කෙරේ.
232 සස දා
වරුණයා වෙන් වැ සඳහන් නොවන්නේ ද නො වේ. ඇතැම් තන්හි වරුණ පරම දෙවෙශ්වරයා ලෙස ද සැලැකේ. වෙදයෙහි සඳහන් නුවුව ද වරුණ තෙමේ සාගරයට අධිපති දෙවයා (Neptune) ලෙස ද වර්ණිත යැ. ජෛනයෝ වනාහි වරුණයා වර්තමාන අවසර්පිණියෙහි විසි වැනි අර්හත්හු ගේ දාසයකු කොටැ සලකත්. මේ සැලැකිල්ල ‘පෙරැ මැ බුදුන් දස්’ යැ යි කීමට හේතු වී දැයි විමැසියැ යුතු. 5. වසා –– සතුරනට ළං වන්නට ඉඩක් නොතබා.
179
අන්වය : –– වෙසවුණු, සහපිරිවර කුරිරු මරු අව ද නොබිය මෙනෙන්, තියුණු අවියෙන්, උතුරු දිගුහි බැසැ සිටියේ.
පදාර්ථ : –– වෛශ්රේවණ තෙමේ, පරිවාර සහිත ක්රෑවර මාරයා පැමිණිය ද අභීත වූ චිත්තයෙන්, තික්ෂණායුධයෙන් (යුක්ත වැ,) උත්තර දිශායෙහි අවතීර්ණි වැ සිටියේ යැ.
ටිප්පණී : –– 1. නොබිය මෙනෙන් –– ‘මෙනෙන් නො මැ බිය’ යන පාඨය ගන්නා පුරාණ සන්නය ‘සිතින්’ භය නො වැ’ යන අරුත දෙයි. 2. අව ද –– පුරාණ සන්නය ‘අව’ යන්න පමණක් පෙළට ගෙනැ ‘අව ද’ යන අරුත දෙයි. 3. කුරිරු –– පිටපත් ‘කුරු’ යන්නට ‘ක්රෑයර වූ’ යන අරුත බෙණෙයි. 4. වෙසවුණු –– වෛශ්ර්වණයා. උත්තර දිශා පාලකයා. ‘කුවෙර’ යනු දු නමි. හේ විශ්රණවස්හු ගේ පුත්ර යා යැ. එ හෙයිනි ‘වෛශ්රෙවණ’ නාමය වූයේ. නපුරු වූ වෙරයක් (ශරීරයක්) ඇති හෙයින් ඔහුට ‘කුවෙර’ යන නාමය ද වූයේ යැ. ඔහුට පා තුනෙකි. දත් අටෙකි. රාවණයා ගේ දෙටු බෑ වූ හේ තෙමේ මලුට පැරැදැ හිමාලයයට පලාගොස් අලකායෙහි වසන්නට වී යැ. එහි දී කෛලාසවාසි මහෙශ්වරයාට මිත්ර වූයේ යැ. ඔහුට වඩා ධනවතෙක් මුළු ලෙව්හි නැති. අක්ෂය්යෙ නව මහා නිධානයක් ඔහුට වෙති යි යෙති. රාක්ෂසයකු වුව ද
විවරණය 233
බමුණෝ ඔහු දෙව ගණයෙහි ලා දකිති. 5. තියුණ’වියෙන් –– තියුණු අවියෙන්. මෙහි ‘අවියෙන්’ යනු උප ලක්ෂණ යි. ‘මහ පෙරහරින් ගියේ’ යන තනහි මෙනි. ‘අවියෙන් යුතු වැ’ යනු අර්ථක යි.
180
අන්වය : –– එක් ඇඟිලිත් නඟා මුළු ලෝ අලු කරත් වත් මහ බඹ, මුනිඳු වෙත් වත් රිවි හමුයේ කදෝ වත්.
පදාර්ථව : –– එක් ඇඟිල්ලක් ද ඔසොවා සකල ලෝකය ආලෝක කරත් (හොත්) පොහොසත් වූ මහාබ්ර–හ්ම (තෙමේ,) සර්වඥයා ගේ සමිපයෙහි වත් මැ, සූර්යා ගේ අභිමුඛයෙහි ඛද්යෝතයක්හු වැන්නැ.
විස්තර : –– සර්වඥයෝ මහ බඹුට වඩා සුවහස් ගුණයෙකින් ආලෝකවත්හු යැ. එ හෙයිනි ඔවුන් ඉදිරියෙහි මහ බඹු නොබබළනුයේ.
ටිප්පණී: –– 1. එකැ ‘ඟිලිත –– සියලු පිටපත් ‘එකැඟිලින්’ යන්න ගෙනැ ‘එකාඞ්ගුලියක්’ යන අරුත දෙයි. වරද පැහැදිලි යැ. ‘එක් ඇඟිල්ලක් පවා’ යන අරුත යැ ගත යුතු. ‘දු’ නිපාතය අවශ්යප යි. එකැඟිලි + දු = එකැඟිල්ත්. 2. වත් –– (1) ‘සමර්ථු (2) ‘වන කල්හි’ (3) ‘වැනි’ යන අරුත් තුන මැ පිළිවෙළින් දෙන්නට මේ පදය මේ පැදියෙහි යෙදිණ. 3. කදෝ –– ඛද්යෝතයා. කණමැදිරියා. ‘ඛ’ නම් ආකාශය යි. ඛයෙහි (අහසෙහි) ද්යො තනය (දිලිහිම) කරනුයේ ඛද්යො‘ත යි. මේ සූර්යයාට ද කදෝ පැණියාට ද එක සේ නම් වෙයි. ‘කදෝ’ යන්නට එ බඳු අභාග්ය්යෙක් නැති.
181
අන්වය : –– වෙන් - මෙහෙසුරන් නැමැ, හිමි සරණ නිය රැස් පතරැ ගැවැසි සිටුතු, සිය කල් මුළා වැ බැලූ.
234 සස දා
පදාර්ථ : –– විෂ්ණුමහෙශ්වරයන් නමස්කාර කොටැ, ස්වාමිහු ගේ චරණ නඛ රශ්මි ප්රථසරයෙහි ගිලී සිටින කල්හි, ස්වකීය කාන්තාවෝ මුඪ වැ බැලවෝ යැ.
විස්තර : –– විෂ්ණු නිල් යැ. මහෙශ්වරයා සුදු යැ. මේ දෙ දෙනා මැ සහාර්ය වැ අවුත් බුදුන් වැඳැ ඒ බුදුන් ගේ පාදයෙහි නිය රැස්හි ගැලී සිටුත්, දෙ දෙනා මැ එක සේ සුදු වැ පෙනෙත්. එ කලැ ඔවුන් ගේ භර්යාවෝ –– ලක්ෂ්මී පාර්වතී දෙ දෙන - සැමියන් හැඳිනැගත නොහැකි වැ, භ්රාදන්ත වැ බලත්.
මහ පැරැකුම්බාවෝ වනාහි කුස රජුන් ගේ කීර්තියෙහි ගැලී සුදු වූ විෂ්ණුහු කමලාව විසින් හැඳිනැගන්නා ලද පරිදි කියති.
‘ඔහු යෙසෙන් තිනෙන් - විලසුසුලත් උවිඳු බඳ
විමලුදුළයුවළනුව - නින් සඳ දුරැ ලූ කමල්’
ටිප්පණී: –– 1. නැමැ –– මෙ තන්හි නම (නැමීමෙහි) ධාතු ‘බස්’ ආදි ගණ අත් පද යි. එ හෙයින් ‘නැමි’ යනු මෙන් වැ ‘නැමැ’ යනු දු පූර්ව ක්රි යා නිපාත වෙයි. 2. ගැවැසී –– සරණ නිය රැස් එ තන්හි පිරී සිටී. වෙන් - මෙහෙසුරන් බුදුන් සිරි පා වඳුත් ඒ සරණ නිය රැසින් වැසී යෙති. එ සේ වූ කලැ ඔහු සරණ නිය රැස් පතරේ ගැවැසුණාහු නම් වෙති. මෙහි ‘ගවස’ ධාතු ‘රක්’ ආදි අත් පදයි. 3. වෙන්මෙහෙසුරන් –– වෙන් ද මෙහෙසුරුද වෙන් මෙහෙසුරුහු. උන් වෙන් මෙහෙසුරන්. ‘වෙන් මෙහෙසුරුහු. උන් වෙන් මෙහෙසුරන්. ‘වෙන් මෙහෙසුරු’ යනු යැ පුරාණ සන්නයට ගැනුණේ. එ පමණෙකින් විරිත නො රැකේ. 4. සිය කල් – ස්වකිය කාන්තාවෝ. තමන් ගේ ප්රිරයාවෝ. ‘කල්’ යන ප්රුකෘතිය මැ ප්ර ථම විභක්ති බහුවචන රූපය ගෙනැ සිටිසේ යෙදුනු තැනි.
විවරණය 235
182
අන්වය : –– හලවි, මත්වළ දැහැ, මත් නාලාගිරි කිරිඳු පළ පුවළ වෙළපා මෙන්, දසබලහු පා වැඳියෙ.
පදාර්ථි : –– හලායුධ තෙමේ. මත්තාවස්ථාව හැරැ, මත්ත වූ නාලාගිරි කරීන්ද්රයා ගේ ව්යවක්ත වූ ප්රෞුඩීය විඩම්බනය කෙරෙමින් මෙන්, දශබලයා ගේ පාදය වැන්දේ යැ.
ටිප්පණී : –– 1. දසබලහු –– ‘හස්තින් දශ දෙනකු ගේ බල හා සම වූ බුදුන් ගේ කාය බලය ද දශබල වේ මැ යැ.දශ ස්ථානයෙක්හි අකම්ප්ය් වූ ඥාන බල ද දශබල වේ මැ යි. කි සේ යැ යත් : ––
“කාළාවකං ච ගඞ්ගෙය්යංල පණ්ඩරං තම්බ පිඞ්ගලං
ගන්ධ මඞ්ගල හෙමං උපොසථ ඡද්දන්තිමේදස”
යි දක්වන ලද හස්ති කුලයෙහි ආදී “කාලාවක” නම් ප්රකකෘති එක් එක් හස්තියෙක් මධ්යකම පුරුෂයන් දස දෙනක්හට බල ඇත්තේ යැ. කාළාවක හස්තීන් දස දෙනක්හට බල ඇත්තේ යැ ගඞ්ගෙය්යඩ කුලයෙහි එක් ඇතෙක් .................... (මේ නයින් වැඩි වැ ගොස්) ................ පෞෂථයන් දස දෙනක්හට බල ඇත්තේ යැ ෂඩ්දන්ත කුලයෙහි එක් ඇතෙක්. ඔහු ප්රහකෘති හස්ති ගණනායෙන් කෝටි සහස්ර්යක් ඇත්නට බල ඇත්තාහ. මේ යැ නාරායණ බල නම්. මේ බුදුන් ගේ කාය බල යි.
‘මෙ බල බාහිර වන බැවිනුදු තිර්යග්ගතයන් හා සාධාරණය වන බැවිනිදු මෙයින් දුඃඛ ක්ෂය නොවන බැවිනුදු කාය බල මෙහි ගෘහීත නො වෙයි. ඥාන බල මැ ගෘහීත වේ. එහි ඥාන බල නම් කවරැ යත්: –– ස්ථානාස්ථාන දන්නා නුවණ, කාලත්රීය වර්ති වූ කර්මඥ සමාදානයන් ගේ යථාභූත විපාක දන්නා නුවණ, සර්වත්රතගාමිනී වූ ප්රනතිපත්ති දන්නා
236 සස දා
නුවණ, අනෙක ධාතු නානා ධාතු ලෝක දන්නා නුවණ, සතුන් ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ, ඔවුන් ගේ මැ ඉන්ද්රිිය පරාවරතා දන්නා නුවණ, ධ්යානන - විමොක්ෂ - සමාධි - සමාපත්තීන් ගේ සංක්ලෙශ ව්යතවදාන ව්යුධස්ථාන දන්නා නුවණ, පූර්වෙනිවාස දන්නා නුවණ, සතුන් ගේ ව්යුමති උත්පත්ති දන්නා නුවණ, ආශ්රවවක්ෂය දන්නා නුවණ, යන මේ දශවිධ ඥාන බල යි.’
(ගුරුළුගෝමි)
විස්තර කැමැත්තවුන් විසින් ධර්මනප්රෂදීපිකායෙහි 32 වැනි පිට බැලියැ යුත්තේ යැ. 2. හලවි –– හලක් (නඟුලක්) අවි වූයේ යමකු හට ද හේ හලවී. බලභද්ර යාට නමි. (කාව්ය ශෙඛර විවරණයෙහි ‘බල’ යන්නට ලියූ ටිප්පණිය බලන්නේ යැ.) බලයා ගේ අවිය (ආයුධය) හලෙකි (නඟුලෙකි.) 3. නාලාගිරි කිරිඳු –– නාලාගිරි (නම්) කරීන්ද්ර)යා (ඇත් රජ.) කිරි + ඉඳු = කිරිඳු. කරක් (අතක්) ඇති හෙයින් ඇතා ‘කිරි’ නමි. නාලාගිරි නම් දෙව්දතුන් විසින් බුදුන් මරන්නට මෙහෙයවන ලද ඇතා යැ. හේ පසු ධනපාල නම් වී යැ. විස්තර කථාව බුත්සරණ බලා දන්නේ යැ 4. වෙළපා –– යම් කිසිවකුහු ගේ අයුරක් අන් කිසිවක්හු විසින් පෑම වෙළැපීම නමි.
183
අන්වය : ––එ වැනි සවැනි රූ බලා තෙරට නොමැ පත් ගණ දෙවි, සහස් ඇස් පතා, එ දෙවි සිරි පා වැඳි එව්.
පදාර්ථා : –– එ බඳු වූ සර්වඥයා ගේ රූපය නරඹා (කෙළවරට) නොපැමිණියා වූ ගණ දෙව තෙමේ, සහස්ර නෙත්රා ප්රාෑර්ථෙනය කොටැ, ඒ දෙවයා ගේ ශ්රීමපාදය වැන්දක්හු වැන්නේ යැ.
විස්තර : –– බුදු රුව ඇස් දෙකෙකින් බලා නිමැවියැ නොහැකි බව දැනැ, ගණ දෙවයා ඇස් දහසක් පතා බුදුන් වැන්දා බඳු යැ.
විවරණය 237
ටිප්පණී : –– 1. එ වැනි –– සර්වඥ රූපය ආශ්චර්යාවහ බව –– අසාධාරණ බව –– හඟවන්නට මේ යෙදිණ. 2. එ දෙවි –– ඒ දේවයා ගේ. විශුද්ධි දෙව සඞ්ඛ්යා:යෙහි වැටෙන හෙයින් බුදුහු ද දෙවි වෙති. 3. ගණ දෙවි –– ඊශ්වරයා ගේ පුත්රඛයෙකි. නුවණ ඇත්තවුන් කෙරෙහි අග්ර යැ. ඒ බව හඟවනන්නට මැ හේ ඇත් හිසක් ඇත්තේ යැ. ඊශ්වරයා ගේ පරිවාරයෙහි වූවෝ ‘ගණ’ නමි වෙති. ඔවුනට අධිපති වන බැවින් ගණ දෙවි, ගණපති, ගණිඳු, ගණිසුරු, යනාදි නම් ඔහුට වෙයි. හේ වින කරන්නෙකි. එ හෙයින් සකුයෙහි ඔහුට ‘විඝ්නෙශ්වර’ යන නම ද වෙයි. හේ වින කරන්නේ මැ නො වේ. හරින්නේ ද වෙයි. එ හෙයින් සකල කාර්යාරම්භයෙහි ‘ශ්රීි ගණෙශාය නමඃ’ යන ඈ විසින් ඔහුට නමස්කාරය කැරෙයි.
184
අන්වය : –– යළි, අනත, පුළුල් පණ පෙළ විදහා යුග අතැ ඇලැළැ දිවැගත් කිරි සයුරේ රළ පෑ දිවී.
පදාර්ථ් : –– ඉක්බිති, අනන්ත තෙමේ, පෘථුල ඵණ පංක්තිය විහිදුවා; යුගාන්තයෙහි ආලොලිත වැ දිවැගත්තා වූ ක්ෂීර සාගරයෙහි මහා තරඞ්ග දක්වා දිවූයේ යැ.
විස්තර : –– අනන්තයා සුදු යැ. එ හෙයිනි කිරි සයුරේ රළ පෙළ මැ ගැනුණේ.
ටිප්පණී : –– 1. අනත –– අනන්ත නම් වූ නාග රාජයා. හේ මහා මෙරුව වටා සත් පටක් දරණ ලාගෙනැ හොවිති යි ඇතැම් සැදැහැවත්තු අදහති. පුරාණ කථායෙහි හේ දහසක් පෙණ මඬුලු ඇති මහ නයෙකි. ඉන් එක් පෙණ මඬුල්ලෙක් මැ මුළු මහ පොළොව දරා සිටී. විෂ්ණු අනන්තයා ගේ හොගාවලියෙහි හොවී. කාලය දක්වන්නට පුරාතන කවීන් විසින් මවන ලද්දෙකි අනන්තයා, එ හෙයිනි අනන්ත
238 සස දා
නාමය. ‘කාල’ යනු දු ඔහුට මැ නමෙකි. මහා කාල නාග රාජයා යැ යි පොත්හි සඳහන් වන්නේ හේ යැ. 2. කිරි සයුරේ –– ශ්වෙත ද්වීපයෙහි වූ හ යි සැලැකෙන සාගරය යි. සුරාසුරයෝ මන්දර පර්වතය බහා මෙය ඇළැලූහ. එයින් චතුර්දශ රත්නයන් පහළ වූහයි යෙති . 3. යුගතැ –– යුග අතැ. යුග කෙළවරැ. පොළොවෙහි මුළු වයස කෘත, ත්රෙ.තා, ද්වාපර, කලි ය යි යුග සතරකට බෙදේ. සිවු වැනි යුගය කෙළවරැ දී ලොව නස්නේ යැ. එ කලැ මුහුදු කැලැඹී ඒ මේ අත දිවෙන්නට වෙයි. දැන් පවත්නේ කලි යුගය යි.
185
අන්වය : –– කඳ කුමර, සුගතිඳුහු වැඳැ, එක් පස්හි, පියුම් උපුල කලබ බඳ රන් ඇගෑහි සිරින් බිජී.
පදාර්ථෑ : –– ස්කන්ද කුමාර තෙමේ, සුගතෙන්ද්රවයා වැඳැ, එක් පාර්ශ්වයෙක්හි. පද්මොත්පල කලාප බද්ධ වූ ඇගෑවෙකැ ශ්රී,යෙන් බැබළිණි.
විස්තර : –– කඳ කුමර රන්වන් සිරුරු ඇත්තේ යැ ඔහුට මුහුණු සයෙකි.නෙත් දොළොසෙකි. අත් ද දොළොසෙකි. බුදුන් වැඳැ එකත්පස වැ දොහොත් මුදුන් දී සිටි කල්හි හේ පියුම් කලබ උපුල් කලබ බැඳි රන් ඇගෑඩක් මෙන් වේ. මුහුණු සය පියුම් මෙන් ද නෙත් දොළොස උපුල් මෙන් ද පෙනේ. මුදුන් දුන් දොහොත් පහන් සිළු වැනි යැ.
එ දා බුදුන් වඳින්නට සස දා කාරයන් විසින් ගෙන්වන ලද්දෝ බෙහෙවින් මැ බමුණු දෙවිවරු යැ.
ටිප්පණී: –– 1. ඇගෑහි –– සන්න කාරයෝ ‘ඇගෑ’ යන්නට ‘අර්ඝිකා’ යැ යි මැ අරුත් පවසති.එහෙත් සංස්කෘතයෙහි ‘අර්ඝිකා’ යන්නක් ඇති බවෙක් නො පෙනේ.
විවරණය 239
පාලියෙහි නම් ‘අග්ඝිකා’ යන්නෙක් වෙයි. කිමෙක්ද, මේ ඇගෑ නම් ? ‘මල් ඇගෑ පහන් ඇගෑ’ යැ යි නොයෙක් තන්හි යෙදුණු හෙයින් ඇගෑ යටත් පිරිසෙයින් දෙකක් ඇති බව පෙනේ. කඳ කුමරු බුදුන් වැඳැ නැඟී දොහොත් මුදුන් දි සිටි කලැ ඇගෑවක් වැනි වී යැ යි කීයෙන් ඇගෑවෙකැ හැඩය මඳක් සලකාගත හැකි වේ. කුළුණක් මෙන් කෙළින් සිටුවා මලින් හෝ පහනින් හෝ සරසන්නට කැරුණක් වියැ යුතු යැ ඇගෑව. මලින් සැරැසුණේ මල් ඇගෑ යැ, පහනින් සැරැසුණේ පහන් ඇගෑ යැ. මෙහි දෙකින් මුසු වූවක් ගැනුණු සේ යැ. 2. කඳ කුමර –– ඊශ්වරයා ගේ දෙටු පුත් යැ. තාරක නම් ලඪකෙශ්වරයා නසනු පිණිසැ බ්රැහ්මයා ගේ මෙහෙයීමෙන් ඊශ්වරයාට උපන් පුත් යැ යි පුරාණ කථා කියයි. ලඞ්කායෙහි මැ උපන්නෙකැ. තමනට කළ නොහැකි වූ තාරක වධයට දඹදිව් වැස්සන් විසින් ඔහු හවුල් කැරැගන්නා ලද හයි සලකන්නෝ ද වෙති. ලක් දිවැ කතරගමයා ද දඹදිවැ කඳ කුමරුවා ද එකතු කොටැ - ගැන්මෙන් අවුලක් වූ සේ ද ගත හැකි. කඳ කුමරුට හිස් සයෙකි, අත් දොළොසෙකි. ඔහු ගේ වාහනය මොනරෙකි, ධ්වජය කුකුළෙකි.
186
අන්වය : එ දා එ තන් පත් දෙවි මඹ නා ගුරුළු, න කැන් මුදුනැ රැඳි බඳ ඇඳිලි, විල්හි තඹුරු කුරු මෙන් සැදී.
පදාර්ථ : –– එ දවස්හි ඒ ස්ථානයෙහි පැමිණියා වු දිව්යි බ්ර හ්ම නාග ගරුඬ සමූහයන් ගේ මස්තකයෙහි රැඳුණා වූ බඳනා ලද අඤ්ජලීහු, තඩාගයෙහි තාමරස කෝරනයක් මෙන් සජ්ජිත වූ හ.
විස්තර : –– දිව්යූ - බ්ර හ්ම - නාග- ගරුඩ සමූහයෝ දොහොත් මුදුන් දී සිටි. නිල් ෙකහෙ ඇති බැවින් මුදුන් පෙළ විල් පිටක් වැනි වේ.එ මතැ බඳ දොහොත් නෙළුම් කැකැළු වැනිවේ.
240 සස දා
ටිප්පණී : –– 1. නා –– මෙහි දිව්යට නාගයෝ ගැනුණ හ. නාග තෙමේ කශ්යපපයා ගේ බිරියක් වූ කද්රා.ව ගේ පුතු යැ. ඔහු ගේ පරපුර යැ මේ දිව්ය. නාගයෝ. 2. ගුරුළු ––කශ්යුපයා ගේ තව ද බිරියක වූ විනතාව ගේ පුත් ගරුඬ නම් වී. කද්රැක විනතා යන සපත්තීන් දෙ දෙනා ගේ වාදයක් නිසා ඔවුන් ගේ පුත්තු පරම වෛරී වූ හූ. 3. කුරු –– කොරක ,කුඩ්මල. කැකුළු.
187
අන්වය : –– එ තර එ බදු රජ, ඇඳි වන් එ මහ පිරිස් මන සොළොස් අයුරින් දැනැ, පළ බඹ ගොසින් මෙ වී.
පදාර්ථ් : –– තදනන්තර වැ ඒ බුද්ධ රාජ තෙමේ ඇන්දාක් වැනි වූ ඒ මහත් පර්ෂ්ද ගේ චිත්තය ෂොඩශාකාරයෙන් අවබෝධ කොටැ, ව්ය ක්ත වූ බ්රහහ්ම ඝොෂයෙන් මෙය කීයේ යැ.
ටිප්පණී: –– 1. ඇඳි වන් –– සිතියමෙකැ ඇන්දාක් වැනි වූ. පිරිසෙහි නිශ්චල නිශ්ශබ්ද භාවය මෙයින් ඇඟැවිණ. එහි අතකුදු සොළවන්නෙක් නැති. බසක් බණන්නෙක් නැති. 2. පළ බඹ ගොසින් –– බ්රැහ්ම ඝොෂය ඉතා පිරිසුදු වැ ව්ය්ක්ත වැ ඇසෙන්නේ ල. බුදුන් ගේ හඬ ද බඹ හඬ වැන්නැ. බ්රකහ්ම ඝොෂයෙහි අඞ්ග අටක් වෙති යි කියති.
‘විස්සට්ඨ මඤ්ජු විඤ්ඤෙය්යා ස්වණීයා පසාරිණො, බින්දු නින්නාද ගම්භීරමෙවමට්ඨඞ්ගිකො සරො’
යනුයෙන් විඍෂ්ට, මඤ්ජු විඥෙය. ශ්රබවණිය,ප්රනසාරි, බින්දු, නිනාද, ගම්භීර යැ යි ඒ අට අඟ දැක්විණ. 3. සොළොස් අයුරින් –– බුදුහු බණ දෙසන්නට පෙරැ අසන්නවුන් ගේ සිත් සොළොස් ආකාරයෙකින් විමසා බලති. (1) ආශාය, (2) අනුසය, (3) චරිත, (4) අධිමුත්ති, (5) හබ්බ, (6)
විවරණය 241
අහබ්බ, (7) අප්පරජක්ඛ, (8) මහාරජක්ඛ, (9) තික්ඛින්ද්රි(ය, (10) මුදින්ද්රි1ය, (11) ස්වාකාර, (12) ද්වාකාර, (13) සුවිඤ්ඤාපය, (14) දුවිඤ්ඤාපය, (15) පරලොකවජ්ජභයදස්සවි, (16) නපරලොකවජ්ජභයදස්සාවි යන මේ යැ ඒ සොළොස් අයුර.
188 අන්වය : –– ත දුන් මෙ දන්හි හුදු සිත පිරිසුදු කර. යදියහට සිය මසුදු දෙනු පෙරැ පඬුවනුදු සර දම්.
පදාර්ථෙ : –– තා දුන්නා වූ මේ දානයෙහි හුදක් චිත්තය පරිශුද්ධ කරව. යාචකයා හට ස්වකීය, මාංසය වුව ද දීම පූර්ව පණ්ඩිතයන් ගේ ද චාරිත්රත ධර්මක යි.
ටිප්පණී: –– 1. හුදු සිත පිරිසුදු කර –– සිත පිරිසුදු කිරීම පමණක් කරව. මෙහි ‘පමණක්’ යන අරුත ආයේ ‘හුදු’ යන්නෙනි. ‘සිත පිරිසුදු බව මුත් අනෙකක් නො කරව්’ යි යූ සේ යැ. 2. පඬුවනුදු ...............මසුදු...... –– දෙ තන්හි යෙදුණු ‘දු’ නිපාතයා ගේ අරුත් දෙකෙකි. ‘පඬුවනුදු’ යන තන්හි ‘දු’ යනු දීම තගේ ද පඬුවන් ගේ ද සමාන ධර්මය බව හඟවයි. Also. ‘මසුදු’ යන තන්හි ‘දු’ යනු අවශෙෂ වස්තු පමණක් නො වැ ස්වකීය මාංසය පවා පුරාතන පණිඩිතයන් දුන් බව ඔවුන් ගේ විශෙෂ ධර්ම යක් බව පළ කෙරෙයි. Even. 3. යදියහට –– යදියා + හට, හ්රයස්ව සන්ධියෙකි. 4. සර දම් –– ‘චිරාගත ධර්මොයෙකි හෙවත් ප්රයවෙණි ධර්මනයෙකි’යනු පුරාණ සන්නය දෙන අරුති. ‘සර’ යනු චිරාර්ථ ය ද නොදෙන්නේ නො වේ. ‘සෙරෙනා’ යනාදි තන්හි මෙහි දු ඒ යෙදිණ.
189 අවන්ය: –– එ උවස්. එ දම් දෙස්න අසා, මුදුනේ අත් බැඳැ, හෙ පෙර කල් පවත් කෙසේ, දියැ හිමියා අයැදි යැ.
242 සස දා
පදාර්ථෙ: –– ඒ උපාසක තෙමේ, ඒ ධර්මහ දෙශනාව අසා, ‘ඒ පූර්ව කාල ප්රරවෘත්තිය කෙසේ දැ’ යි ලෝක ස්වාමියාට ආයාචනය කෙළේ යැ.
ටිප්පණී : –– 1. දියැ හිමියා –– ලෝකයෙහි ස්වාමියා.
190
අන්වය : –– මුනි රජ, එ අයදනෙන්, අනේ විනේ දන වැඩ සඳහා, මෙ ඉකුත් වත්, සී විලස්නෙන් පැවැසී.
පදාර්ථව : –– මුනි රාජ තෙමේ, ඒ ආයාචනයෙන්, අනෙක විනෙය ජනයනට අභිවෘද්ධිය පිණිසැ, මේ අතික්රාීන්ත වස්තුව, සිංහ විලාසයෙන් ප්රඩකාශ කෙළේ යැ.
විස්තර : –– 1. ඉකුත්වත් –– පසු ගිය පුවත. යට ගිය දවසැ සිදු වූ දෑ. 2. සි විලස්නෙන් –– විශාරද වැ. අභීත වැ.
191
අන්වය : –– සුර සපුව හා එකහස් අනත සිරි සර පවර බරණැස් නම් පුරෙක් පෙරැ දඹදිව්හි වී.
පදාර්ථස: –– දිව්ය සම්පත්තිය හා එකාකාර වූ අනන්ත ශ්රී සාර වූ බාරාණසී නම් ප්ර්වර වූ පුරයෙක් අතීතයෙහි ජම්බුද්වීපයෙහි වූයේ යැ.
විස්තර : –– පිටපත්හි මේ ඉතා අවුල් වැ එන්නෙකි.
‘අනත සිරි සරා සුර සපුව හා එකහස් පවර බරණැස් පුරයක් පෙර දඹදිව්හි වී’
යනු යැ අන්වයයට පිටපත්හි ගැනුණේ. පද ගත සන්නයට අනතුරු වැ ––
විවරණය 243
‘ස්වාම්යරමාත්යනස්වරාෂ්ට්රසඤ්ව දුර්ගුකොශෞ බලං සුහෘත් එතාඃ ප්රමකෘතයස්සප්ත සප්තාඞ්ගං රාජ්යසමුව්යුතෙ’
යන ශ්ලොකය පෙනේ. මෙයින් කළ යුතු පරි කථාවකට සුදුසු එක ද පදයෙක් අන්වයයෙහි හෝ සන්නයෙහි හෝ නොආයේ යැ.
ටිප්පණී: –– 1. එකහස් –– එක් වූ (සමාන වූ ) හස් (ආකාරය) යමෙක්හි ද ඒ එකහස්. ආකාරාර්ථ යෙහි ‘හස්’ සදෙක් හෙළුයෙහි වෙයි. රුවන් මලෙහි එක් තැනෙකැ ––
‘හස් සඳ ගොයමැ ලකුණේ ළිහිණි වෙසෙසෙක්හි දු වේ’
යැ යි ද, තවත් තැනෙකැ ––
‘හස් සද දද වෙසෙස්හි දු පිළි රූහී සස්හි ද වේ.
යැ යි ද කියැවිණ. එක් කොටැ ගත් කලැ (1) ශස්යස, (2) ලක්ෂණ , (3) හංස යැ යි අර්ථ තුනක් ‘හස්’ සදෙහි ඇති සේ යැ. ‘ලක්ෂණ’ ‘පිළි රූ’ දෙක එකෙකැ යි ගත හැකි. මුද්රා් (Seal) වාචි ‘හස්’ සදෙක් ද වෙයි. එ ද හංසාර්ථ යෙන් මැ වෙයි. ආකාරර්ථ ය එනුයේ ලක්ෂණාර්ථ්යට අනුවැ යැ.
192
අන්වය : –– එහි පිළිමිණිනි බඳ තුඟු මහ පවුරු, මුදුන්හි පත් හිර සඳ පියනෙක සිරින් සරහා බිජී.
පදාර්ථ : –– එහි ස්ඵටික මණියෙන් බඳනා ලද උස් වූ මහත් වූ ප්රාතකාරය තෙමේ, මස්තකයෙහි පැමිණියා වූ සූර්යයා ද චන්ද්රඳයා ද පිධානයෙකැ ආකාරයෙන් භූෂණය කොටැ බැබැළිණි.
විස්තර : –– එහි පවුර කො තරම් උස් ද කො තරම් මහත් ද යත හොත් හිරු එහි පැමිණි කලැ පවුර මතැ යෙදු පියනක් වැනි වෙයි. සඳ පැමිණි කලැ පෙනෙනුයේ ද පියනක් මෙනි.
244 සස දා
ටිප්පණී : –– 1. පිළිමිණිනි –– ‘පිළිමිණි’ යනු යැ පිටපත්හි එනුයේ. 2. සරහා –– සියලු පිටපත් ‘සමහා’ යන්න මැ පාඨය කොටැ - ගනී, ‘භූෂණය කොටැ’ යන්න මැ අරුත කොටැ දෙයි.
193
අන්වය: –– ඒ පුරේ රුදු පහා අසන් සඳ රිවි බිඹු, තුඟු සිඟු ලග රිදී රන් හිර වරණ තොර නො බෙදා බිජී.
පදාර්ථ : –– ඒ පුරයෙහි මහත් වූ ප්රාොසාදයට ආසන්න වූ චන්ද්රන සූර්ය බිම්බයෝ, උත්තුඞ්ග ශෘඞ්ගයෙහි ලග්න වූ රජත ස්වර්ණ ආතපත්රයන් ගේ විශෙෂයක් වෙනස් කොටැ නො පෙන්වා, බැබැළුණෝ යැ.
විස්තර: –– සඳ ප්රාවසාද මස්තකයට පැමිණි කල්හි ප්රායසාදයෙහි කොතට යෙදු රිදී කුඩයක් සේ පෙනේ. හිරු අවුත් සිටි කලැ පෙනෙනුයේ රන් කුඩයක් සේ යැ.
ටිප්පණී : –– 1. පහා –– මේ යැ පුරාණ ප්ර කෘතිය. මෑතෙකැ දී ‘පහ’ යි ද යෙදෙන්නට වියැ. 2. හිරවරණ –– හිරට අවරණ (ආවරණය –– වැස්ම) හිරවරණ. හිර අවුරනුයේ ‘හිරවරණ’ යි ගත නො යෙදෙයි. එහි ‘ණ’ යන්නට අවසර නොවන හෙයිනි. හිර අවරනුයේ ‘හිරවුරු’ වියැ යුතු. 3. තොර නො බෙදා –– ‘තොර’ නම් වෙනස යි. වෙනස පළ කොටැ දක්වා නම්, ඒ තොර බෙදනුයේ නමැ. වෙනස පළ කොටැ නො දක්වා නම්, සම වැ පෙනේ නම්, ඒ තොර නොබෙදනුයේ නමැ.
194
අන්වය : –– නරතුරින් ‘නල ලොල දද, මහ වේ සලැ මුළු මිණි මින් ඇස්ලා නුබැ සරන දද සිය වන්.
විවරණය 245
පදාර්ථන : –– නිරන්තරයෙන් අනිල ලුලිත වූ ධ්වජයෝ (තුමු,) මහා වීථි ආපණයෙහි රැස් කරන ලද මණි නමැති මත්ස්ය යන් බලා අහස්යි හැසිරෙන පක්ෂී ශතයන් (සිය ගණන්) වැන්නෝ යැ.
විස්තර : –– නුවරැ අහසෙහි කොඩි ගැවැසුණේ යැ. සුළඟට කොඩි ලෙළ දෙන කලැ කුරුල්ලන් පියා හඹන්නා සේ පෙනේ. මහා වීථියෙහි ආපණයන්හි ගොඩ ගසන ලද මැණික් දැකැ මසුනැ යි සිතා අහන්හි හැසිරෙන කුරුල්ලනැ යි කියැ හැකි.
ටිප්පණී : –– 1. දද සිය –– ද්විජ ශතයන්. සකුයෙහි ‘ද්විජ’ යනු පක්ෂියාට ද නමෙකි. (ද්වි’) දෙ වරක් (ජ) උපන්නේ ද්විජ යි. පක්ෂියා පළමු කොටැ බිජු වටක් වැ මවු කුසින් උපදී. ඉක්බිති කුරුලු පැටියකු වැ බිජුවටින් උපදී. 2. සලැ –– ආපණයෙහි. දැන් වහරෙහි යෙදෙනුයේ ‘පිල්’ යන්න හා එක් වැ. ‘සල්පිල්’ යන්න යි. 3. මුළු –– ‘රැස් වූ’ යන අරුත දෙන්නට යෙදිණ. 4. ඇස්ලා –– බලා. ඇස්ලිම නම් බැලීම යි. නාමයක්ට පර වැ යෙදුණු ‘ල’ ධාතුයෙන් හෙළුයෙහි බොහෝ සංග්රවය ධාතු ඇති වේ. අත්ල - පියල -වළල- වැලල - යනාදිය ද විමසන්නේ යැ.
195
අන්වය : –– වර අඟනෝ, පින් - පියොවුරු - බර - පුළුලු - කුළු - මැද සිවුමෙන්, විසිතුරු වතුන පවතුන් කියෙලූවන්.
පදාර්ථන : –– උත්තමාඞ්ගනාවෝ තුමු, පීන - පයොධර - භාර - පෘථුල - ශ්රෝණි - මධ්යන - සෞක්ෂ්ම්ය යෙන්, විචිත්රු වස්තූන් ගේ ප්ර වෘත්තීන් ප්ර කාශ කළවුන් වැන්නෝ යැ.
විස්තර : –– එ නුවරැ ස්ත්රීඞන් ගේ පයොධර ඉතා මහත්’යැ උකුළු ඉතා පළල් යැ, ඉඟ සියුම් (සිහින්) යැ. එ හෙයින් ඔහු, ප්රලමාණයෙන් විචිත්රත වෟ (නානාවිධ වූ) වස්තූන් ගේ ආකාරය පාන්නවුන් වැනි වෙති.
246 සස දා
මහ පැරැකුම්බාවෝ මේ අරුත අන් ලෙසෙකින් කීහ.
‘දුට පියොවුරු දුවන් - මහ පතරෙහි මැ මුත් බඹ
සියුම් කැමැ නො පොහොති යි - දිය බඳ සඳ විහිදි මැද.’
එහි අරුත් සිරි රහල්හු ද වනති.
‘ම න හ ර පුළුලුකුළු පියොවුරු බරන් දැක
මෙ හෙ ව ර සියුම් බඹ නොපහළ වනැ යි සැක
හැ ම ව ර ‘ඟනන් මැද පෙදෙසින් නොලැබු සෙක
පු ර’ තුර සරන අඟනන බල සකි නොයෙනක’
ටිප්පණී : –– 1. පින් - පියොවුරු -බර- පුළුලුකුළු - මැද - සිවුමෙන් –– පින් වූයේ ද එ මැ පියොවුරු වූයේ ද එ මැ පින්පියොවුරු. පින්පියොවුරෙහි බර පින්පියොවුරු බර. පුළුල් වූයේ ද එ මැ උකුළු වූයේ ද පුළුලුකුළු. මැදෙහි සිවුම මැදසිවුම. පින්පියොවුරුබර ද පුළුලුකුළු ද මැද සිවුම ද පින්පියොවුරුබරපුළුලුකුළුමැදසිවුම. ඉන් පින්පියොවුරුබරපුළුලුකුළුමැදසිවුමෙන්. හෙළුවට නුහුරු සමාසයෙකි. එහි දු ‘පුළුලුකුළු’ යනු නො ගැළැපේ. ‘පින් පියොවුරු බරින් උකුළු පුළුලින් මැද සිවුමෙන්’ යැ යි පැවැසියැ යුතු තැනි. සමස් කළ ද යෙදියැ යුතු.
‘පින්පියොවුරුබරු –– කුළු පුළුල්මැදසිවුමෙන්’
යන ලෙසට යැ. හෙළුවට ඉතා මැ හුරු වනුයේ මෙ බඳු තැන් සමාස නො කොටැ යෙදුම යැ.
‘පින් පියොවුරු බරින් උකුළු පුළුලින් මැද සිවුමෙන්’
යන අයුරනි. 2. කියෙලූ- ‘කියොල’(හැඟැවීමෙහි) ධාතුයි.3. පවතුන් –– ප්රඅවෘත්තීන්. ‘පවත්’ නාමයට ‘උන්’ විබත යෙදීමෙන් ‘පවතුන්’ වෙයි. ‘පැවැතීම’ යන අරුත ද මෙයින් ගත හැකි යැ. ‘පවත්’ ධාතුවට භාවයෙහි උන්’ පස මේ නයින් යෙදුණු සේ සැලැකීමෙනි. පවතුන් = විවරණය 247
ප්රරවර්තනය. ‘දෙස්’ ධාතුවට ‘උන්’ පස වී ‘දෙසුන්’ යනු වේ. ‘දෙසුම්’ ‘දෙසුන්’ යන දෙක එකාර්ථව වුව ද දෙ ලෙසෙකින් නිපන් දෙ සදෙකි. ‘පැවැතුම්’ ‘පවතුන්’ යන දෙක ද එ බඳු යැ. 4. විසිතුරු –– විචිත්රු. නානාවිධ. එකාකාර නොවන්නාවු. එකෙක් සියලු අතින් මහත් වැ පිරී සිටියේ යැ. එකෙක් පළල් වැ පැතිරී සිටියේ යැ. අනෙෙකක් ඉතා සිහින් වැ සිටියේ යැ. කො තරම් විසිතුරු ද ?
196
අන්වය : –– ඒ පුරේ හයන් කුර සුන් රජ පබඳ නැඟී සුර පුර ඇඳිරි කරත, සුර කැන් බලා විස්මු.
පදාර්ථස : –– ඒ පුරයෙහි අශ්වයන් ගේ ඛුරයන් චූර්ණර කළා වූ රජඃ ප්ර.භන්ධය ඉහළ ගොස් දිව්ය පුරය අන්ධකාර කරත් මැ දිව්යි සමූහයෝ බලා විස්මයයට පැමිණිය හ.
විස්තර : –– ඒ තරම් අශ්වයෝ එහි වූ හ. උන් ගේ කුරින් නැඟුණු දුහුලි දෙව් ලොවට ගොස් එය ඇඳිරි කෙරෙයි. එය දුටු දෙවියො ද විස්මයයට පැමිණෙති.
සුර කැන් කවර හෙයින් විස්මු ද යනු මෙහි නො හැගවිණ. අශ්වයන් බොහෝ බව දැනැ විස්මූහු ද ?
ටිප්පණී: –– 1. රජ පබඳ –– රජ (රජස්) නම් දුහුලිය යි. ප්රකබන්ධ වැ –– එකට බැඳි –– නොකඩ වැ –– පවත්නේ පබඳ යි. 2. කුර –– මේ ‘සුන්’ යන්නට කතෘ යි. රජ පබද සුන් කෙළේ කුර යි. 3. ඇඳිරි –– ඇඳුරු මැ ඇඳිරි. ස්වාර්ථක තද්ධිත යි. 4. විස්මු –– ‘විස්ම’ ධාතුයි. පිටපත්හි එනුයේ ‘විසළු’ ‘විසුළු’ යනු යි.
197
අන්වය : –– පුර යොනන් විලස් ඉසිරි කා දස් බව් නොකෙළෙ ? තිලෝ දිය ලද මල්සර සිය කැමැ අවසර නො ලද.
248 සස දා
පදාර්ථ : –– පුර යුවතීන් ගේ විලාප ඓශ්චර්යය (තෙමේ) කා නම් දාස භාවයෙහි නො පැමිණැවී ද ? ත්රිපලොක ජය ලද්දා වූ කුසුමවාණ තෙමේ ස්වකීය කාර්යයෙහි අවසරයක් නොලද්දේ යැ.
විස්තර : –– ඒ පුරයෙහි යුවතීහු අසමාන රූප සෞන්දර්යයෙන් යුක්තයෝ යැ. උන් දක්නා සියල්ලෝ උන් කෙරෙහි මහත් ආශාව උපදවති. එ නම් අනඬ්ගයා විසින් ස්වකීය කුසුම ශරයෙකින් විදිනු ලැබීම යි. ඉතින් ඒ යුවතීන් දුටුදුටුවවුන් විදින්නට ගිය කලැ අනඪිගයාට කවර නම් අවසරයක් කවර නම් විටෙකැ ලැබේ ද? අනඞ්ග තෙමේ මැ ඒ යුවතීන් ගේ දාස භාවයට පැමිණියේ යැ. එහෙත් ඒ අනඞ්ගයා මුළු තන් ලොව මැ දිනුවෙකි. තුන් ලොව මැ දිනුවකු ඒ යුවතීනට දාස වන කලැ අන් කවරෙක් නම් දාස නො වේ ද?
අනඞ්ගයා තුන් ලොව දිනූ පරිදි අන්ය්යෝ ද කීහු.
‘න කඨොරං නවා තීක්ෂණමායුධං පුෂ්පධන්වනඃ තථාපි ජිතමෙවාසීදමුනා භුවනත්ර යම්’
[ පුෂ්පධන්වනඃ –– මල්දුන්නා ගේ, ආයුධං –– අවිය, න කඨොරං –– නොදැඩි යැ, නවා තීක්ෂ්ණං –– තියුණු හෝ නො වේ. තථා අපි –– එහෙත්, අමුනා –– මොහු විසින්, භුවනත්රභයම් –– ලෝ තුන, ජිතං එව ආසීත් –– දිනන ලද්දේ මැ වී. ]
තුන් ලොවැ අනඪගයා ගෙන් මැඬුණෝ කෙබන්දෝ ද යනු හර්තෘහරිහු විසිතුරු ලෙස කියති.
‘ශම්භුස්වයම්භුහරයො හර ණෙක්ෂණානං
යෙනාක්රි යන්ත සතතං ගෘහකුම්හදාසාඃ වාචාමගොචරචරිත්ර විචිත්රිමතාය තස්මෛ නමො භගවෙත මකරධ්වජාය’
විවරණය 249
[ යෙන ––යම්ක්හු විසින්, ශම්භු - ස්වයම්භු - හරයඃ –– මෙහෙසුරු - මහබඹ - වෙන්හු, සතතං –– නිරතුරු, හරිණ- ඊක්ෂණානාං –– මියුලැසියන් ගේ, ගෘහකුම්භදාසාඃ –– ගෙයි කළ දසුන්, ආක්රිරයන්ත –– කරන ලද්දෝ ද, වාචාං අගොචර චරිත්රඃ විචිත්රිුතාය –– වචනයනට අවිෂය වූ චරිත්රභයෙන් විසිතුරු වූ, භගවතේ ––භගවත් වූ, තස්මෛ මකරධ්වජාය –– ඒ මුවරදදාට, නමඃ අස්තු –– නමකර වේ වා.
ටිප්පණී: –– 1. නොකෙළෙ –– පිටපත් මේ පාඨය මැ ගෙනැ ‘නො පමුණුවා ද’ යන අරුත දෙයි. 2. විලසිසිරි –– විලස් ඉසිරි. ‘ඉසිරි’ නම් ඓශ්වර්යය යි. ඊශ්වර භාවය යි. නොහොත් සම්පත්තිය යි. ඉසුරු මැ ඉසිරි. ස්වාර්ථය තද්ධිත යි. 3. කා දස් බව් –– ‘කා දස් බැවැ’ යන්නට සමාන යැ 4. සිය කැමැ –– ස්වකීය කර්මායෙහි (කාර්යයෙහි.) අනඞ්ගයා ගේ කාර්යයෙහි අවසරයක් ලැබෙන්නට නම් විදීම නැවැත්වියැ යුතු යැ. එ ‘පුර යොනන්’ නිසා විදිම නවත්වනු වෙනුවට තවතවද වැඩි වූයේ යැ. ඉතින් කවර අවසරයෙක්ද ?
198
අන්වය : –– එ පුරේ නන් රුවන් විමන් මෙරදින් රැඳි ගෙ සිකි කැන්, නොයෙක් වෙස්නෙන් මහ දනා කුහුල් එළැවි.
පදාර්ථ : –– ඒ පුරයෙහි නානා රත්නමය වූ විමානයන් ගේ මරීචියෙන් රඤ්ජිත වූ ගෘහ මයුර සමූහ (තෙමේ,) නානා වෙශයෙන් මහා ජනයා ගේ කුතුහලය ඇති කෙළේ යැ.
විස්තර : –– රත් මිණි ගෙ මෙරද රැඳි මොනරා රත් වැ පෙනේ. හෙළ මිණි ගෙ මෙරදින් හේ සුදු වෙයි. සෙස්සෙහිදු මෙ මැ නය යි. රතු මොනරුන් සුදු මොනරුන් පෙනෙන්නට වූ කලැ කවරකු ගේ නම් කුහුල නො නඟී ද?
522 – I
250 සස දා
ටිප්පණී : –– 1. රැඳි ––රඟ පොවන ලද. වර්ණ වක් කරන ලද. 2. ගෙ සිකි කැන් කුහුල් එළැවී –– ප්රාසණ සමූහවාචි ‘කැන්’ යන හා ‘එළැවී’ යන එකවචන ආඛ්යාකතය හා ගැළැපේ ද ? ගැළැපෙයි. කවර හෙයින් ද ? මෙහි ගැනුණේ එක් එක් මොනරා විසින් වෙන් වෙන් වැ කැරෙන කාර්යයෙක් නො වේ. සියල්ලන් එක් වැ, කැරෙන්නෙකි. මෙ තැනැ මොනරා නිල් යැ; එයින් කිසි කුහුලෙක් නො වේ. එ තැනැ මොනරා රතු ය; එයින් මඳ කුහුලෙක් නැඟේ. තව තැනෙකැ මොනරා සුදු යැ. එයින් කුහුල් වැඩේ. මෙ සේ මොනර සමූහයා මැ සැලැකීමෙනි කුහුල සැබැවින් වැඩෙනුයේ. 3. කුහුල් –– දැකීමේ –– විමැසීමේ ––පිරික්සීමේ –– කැමැත්ත යැ ‘කුහුල්’ නම්. සකුයයෙහි ‘කුතුහල’ යනු වෙයි. 5. එළැවී –– ‘ඇති කෙළේ’ යනු අර්ථල යි.
199
අන්වය: –– දිගු විල්, දිය කෙළියැ ලොල් කල් වුවනතනෙත - පියොවුරින්, පියුම උපුල හස සපන් දියුණු කැරැ පෑ.
පදාර්ථර : –– දීර්ඝිකා (තොමෝ,) ජල ක්රීුඩායෙහි ලොල වූ කාන්තාවන් ගේ වක්ත්රර - නෙත්රල - පයොධරයන් කරණ කොටැගෙනැ, පද්මොත්පල හංස සම්පත්තිය ද්විගුණ කොටැ දැක්වු.
විස්තර : –– ගෙ විලෙහි පියුම් ද නිලුපුල් ද හංසයෝ ද වෙති. පුර ස්ත්රීොන් විලෙහි දිය කෙළනා කලැ ඒ සියල්ලන් දෙගුණ වූ සේ පෙනේ, ගැහැනු මුහුණු නිසා පියුම් වැඩි වැ පෙනෙයි, ඇස් නිසා නිලුපුල් දියුණු වැ දිසෙයි, පියොවුරු නිසා හස්සු ද්විගුණ වැ පළ වෙති.
ටිප්පණී: –– 1. වුවනත - නෙත - පියොවුරින් –– වුව - නත ද නෙත ද පියොවුර ද වුවනතනෙතපියොවුරු. ඉන් වුවනතනෙතපියොවුරින්. හලන්ත වූ ‘වූවනත්’ ‘නෙත්’
විවරණය 251
යන තැන සමාසයෙහි ‘අ’ කාරාන්ත වැ සිටි සේ සලකන්නේ යැ. ‘පියුමුපුල් හස්’ යනු ‘පියුමුපුලහස’ යි මෙහි මැ සිටියේ යැ. 2. සපත් –– සම්පත්තිය. විභූතිය. සමෘද්ධ භාවය. පිටපත්හි බෙහෙවින් මැ එනුයේ ‘සෙරෙන්’ යන පාඨය යි - එකෙකැ ‘සෙරන්’ යනු එයි. එකෙක් ‘රෙන්’ යන්නට පසු වැ ‘ස’ යන්නක් එක් කළ බවක් දක්වයි. සියල්ලෙහි ‘සම්පත්තිය’ යන්න මැ අරුත සේ දෙන ලද. 3. දිගු විල් –– පළලට වඩා දිග ඇති විල දිගු විල් නමි. සකයෙහි ‘දීර්ඝිකා’ යනු වෙයි.
‘ශතෙන ධනුර්භිඃ පුෂ්කරිණි, ත්රි භිර් දීර්ඝිකා,චතුර්භිර්
ද්‍ෙශතාණඃ, පඤ්චහිස්තඩාගඃ
යනුයෙන් වශිෂ්ඨයෝ පොකුණු, දිගු විල්, දොණු, තළා යන සතරෙහි වෙනස දක්වති. ‘දුනු’ සියයෙකින් පොකුණ ද තුන් සියයෙකින් දිගු විල ද සිවු සියයෙකින් දොණුව ද පන් සියයෙකින් තළාව ද වෙයි’ යනු අරුති. දුන්නෙක් නම් සතර රියනෙකි.
200
අන්වය : –– උයන්හි කෙළනා මියුල් අඟනෝ, පුර වමියන් සනහන්නසින් රුකුළ අත, පලු අසක්නෙන් නැරැඹූ.
පදාර්ථස : –– උද්යානනයෙහි ක්රී ඩා කරන්නා වූ මෘගාඞ්ගනාවෝ තුමු, පුර වනිතාවන් විසින් සිරුර පිරි මඳින අදහසින් දිගු කරන ලද්දා වූ හස්තය, පල්ලවාශඞ්කායෙන් බැලූහ.
විස්තර : –– මුව දෙන්නු උයන්හි කෙළිති. පුරඟනෝ ඔවුන් ගේ ඇඟ පිරිමඳිනා අටියෙන් අත දිගු කෙරෙති. මුව’ඟනෝ ඒ කන්නට සුදුසු දළුවෙකැ යි සැක කොටැ බලති.
ගැහැනුන් ගේ අත් දළුවක් මෙන් රතු බව ද කොමළ බව ද මෙ සේ හැඟැවිණ.
252 සස දා
‘අතු ලේ පෑ තම නව තඹ පලු වැනි
අස ලේ කැරැ ලද මුවඟන එ සඳිනි
සස ලේ දිගු නෙත් යෙහෙළිය සමඟිනි
එ කලේ මැනැ බැලු අඟානෝ වෙසෙසිනි’
යැ යි සිරි රහල්හු දු ගැහැනු අත් ‘නව තඹ පලු වැනි’ බව කියත්.
ටිප්පණී: –– 1. රුකුළ –– ‘රුකුර’ දයින් වූ අතීත කෘදන්ත නාම යි. දිගු කිරීමෙහි ‘රුකුර’ ධාතුව යෙදෙන බව යැ මෙ තැනින් පළ වනුයේ. 2. සනහන්නසින් –– සනහනු අසින්. මෙ තන්හි සැනැහීම නම් ඇඟ පිරිමැඳීම යි. සිත නිවනු පිණිසැ කැරෙන හෙයින් ඒ සැනැහීමෙකි. 3. අසක්නෙන් –– ‘අසක්’ නම් සැකය යි. සකුයෙහි ‘ආශඞ්කි’ යනු ද මේ අරුක දෙයි.